Pācittiya

Expiation Rules

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 501-600 න් 4249

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උදානය:
Pali BJTභූතං අඤ්ඤාය උජ්ඣායං, පක්කමන්තෙන තෙ දුවෙ පුබ්බෙ නික්කඩ්ඪනා’හච්චද්වාරං සප්පාණකෙන’චාති.
Sinhala BJTභූතගාම යැ අඤ්ඤවාදකය සමඟ උජ්ඣාපනක යැ බැහැරැ යන්නහු කරණකොට ගෙන පැනවූ ඒ පඨම–දුතිය සේනාසන දෙක යැ (පූර්‍වොපගත) අනුපඛජ්ජ යැ නික්කඩ්ඪන යැ (ආහච්චපාදක) වේහාසකුටි යැ (ද්වාරකෝස) මහල්ලකවිහාර යැ සප්පාණක යි.
Pali BJTභික්ඛුනොවාද වග්ගො
Sinhala BJTභික්ඛුනෝවාද වර්‍ගය
Pali BJT6. 3. 1.
Sinhala BJT6. 3. 1.
Pali BJTඔවාදසික්ඛාපදං
Sinhala BJTඕවාද ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ථෙරා භික්ඛූ භික්ඛුනියො ඔවදන්තා ලාභිනො හොන්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. අථ ඛො ඡබ්බග්ගියානං භික්ඛූනං එතදහොසි: එතරහි ඛො ආවුසො ථෙරා භික්ඛූ භික්ඛුනියො ඔවදන්තා ලාභිනො හොන්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං, හන්දාවුසො මයම්පි භික්ඛුනියො ඔවදාමාති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි ස්ථවිර භික්‍ෂූහු මෙහෙණන්හට ඔවා දෙන්නාහු චීවර යැ පිණ්ඩපාත යැ ශයනාසනය යැ ග්ලාන ප්‍රත්‍යය භෛෂජ්‍ය යැ යන පරිෂ්කාරයන් ලබන්නාහු වෙති. එකල්හි සවග මහණුන්හට මෙසිත විය: ඇවැත්නි, මෙකල ස්ථවිර භික්‍ෂූහු මෙහෙණන්හට ඔවා දෙන්නාහු චීවර යැ පිණ්ඩපාත යැ ශයනාසනය යැ ග්ලානප්‍රත්‍යයභෛෂජ්‍ය යැ යන පරිෂ්කාරයන් ලබන්නාහු වෙති. එහෙයින් ඇවැත්නි, අපිදු මෙහෙණන්හට ඔවා දෙම්හ යි.
Pali BJT2. අථ ඛො ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛුනියො උපසඞ්කමිත්වා එතදවොචුං: “අම්හෙපි භගිනියො උපසඞ්කමථ මයම්පි ඔවදිස්සාමා”ති. අථ ඛො තා භික්ඛුනියො යෙන ඡබ්බග්ගියා භික්ඛූ තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ඡබ්බග්ගියෙ භික්ඛූ අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. අථ ඛො ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛුනීනං පරිත්තඤ්ඤෙව ධම්මිං කථං කත්වා දිවසං තිරච්ඡානකථාය වීතිනාමෙත්වා උය්යොජෙසුං ‘ගච්ඡථ භගිනියො’ති.
Sinhala BJT2. එකල්හි සවග මහණහු මෙහෙණන් වෙත එළඹැ මෙය කීහු: නැගණියනි, අප වෙත ද එළඹෙවු. ඇපිදු ඔවා දෙම්හ යි. එකල්හි ඒ මෙහෙණහු සවග මහණුන් වෙත එළැඹියහ. එළැඹැ සවග මහණුන් සකසා වැඳ එකත් පසෙකැ හුන්හු. එකල්හි සවග මහණහු මෙහෙණන් හට මඳ වූ මැ දැහැමි කථා කොට තිරශ්චීන කථායෙන් දවස ගෙවා “යව නැගණියනි” යි නඟා යැවූහු.
Pali BJT3. අථ ඛො තා භික්ඛුනියො යෙන භගවා තෙනුපසඞ්කමිංසු උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො තා භික්ඛුනියො භගවා එතදවොච: කච්චි භික්ඛුනියො ඔවාදො ඉද්ධො අහොසී’ති. කුතො භන්තෙ ඔවාදො ඉද්ධො භවිස්සති අය්යා ඡබ්බග්ගියා පරිත්තඤ්ඤෙව ධම්මිං කථං කත්වා දිවසං තිරච්ඡානකථාය වීතිනාමෙත්වා උය්යොජෙසුන්ති.
Sinhala BJT3. එකල්හි ඒ භික්‍ෂුණීහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙකැ සිටියාහු යැ. එකත්පසෙකැ සිටියා වූ ඒ භික්‍ෂුණීන්හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක: කිමෙක් ද මෙහෙණනි, අවවාදය සමෘද්ධ වී දැ යි? වහන්ස, කිසෙයින් ඔවා සමෘද්ධ වන්නේ ද සවග වහන්දෑ මඳ වූ මැ දැහැමි කථා කොට තිරශ්චීන කථායෙන් දවස ගෙවා නඟා යැවූහු යයි.
Pali BJT4. අථ ඛො භගවා තා භික්ඛුනියො ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. අථ ඛො තා භික්ඛුනියො භගවතා ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමිංසු.
Sinhala BJT4. එකල්හි භාග්‍යවතුන් වහන්සේ දැහැමි කථායෙන් එ මෙහෙණන්හට මොනොවට කරුණු දැක්වූසේක. මොනොවට කරුණු ගැන්වූ සේක. මොනොවට තෙද ගැන්වූසේක. මොනොවට සතුටු කරවූසේක. එකල්හි ඒ මෙහෙණහු භාග්‍යවතුන් විසින් දැහැමි කථායෙන් මොනොවට කරුණු දක්වන ලද්දාහු මොනොවට කරුණු ගන්වන ලද්දාහු මොනොවට තෙද ගන්වන ලද්දාහු මොනොවට සතුටු කරවන ලද්දාහු භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට නික්මැ ගියහ.
Pali BJT5. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා ඡබ්බග්ගියෙ භික්ඛූ පටිපුච්ඡි: සච්චං කිර තුම්හෙ භික්ඛවෙ භික්ඛුනීනං පරිත්තඤ්ඤෙව ධම්මිං කථං කත්වා දිවසං තිරච්ඡානකථාය වීතිනාමෙත්වා උය්යොජෙථාති.
Sinhala BJT5. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ ප්‍රකරණයෙහි ලා බික්සඟන රැස් කරවා සවග මහණුන් පුළුවුත්සේක: සැබෑ ද මහණෙනි, තෙපි මෙහෙණන්හට මඳ වූ මැ දැහැමි කථා කොට තිරශ්චීන කථායෙන් දවස ගෙවා නඟා යවහු දැ යි.
Pali BJTසච්චං භගවා.
Sinhala BJTසැබැව භාග්‍යවතුන් වහන්ස,
Pali BJTවිගරහි බුද්ධො භගවා -පෙ-
Sinhala BJTභාග්‍යවත් බුදුහු ගැරහූහ …
Pali BJT“කථං හි නාම තුම්හෙ මොඝපුරිසා භික්ඛුනීනං පරිත්තඤ්ඤෙව ධම්මිං කථං කත්වා දිවසං තිරච්ඡානකථාය වීතිනාමෙත්වා උය්යොජෙස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. අනුජානාමි භික්ඛවෙ භික්ඛුනොවාදකං සම්මන්නිතුං එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො පඨමං භික්ඛු යාචිතබ්බො. යාචිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො.
Sinhala BJTකෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි මෙහෙණන්හට මඳ වූ මැ දැහැමි කථා කොට තිරශ්චීන කථායෙන් දවස ගෙවා නඟා යැවූහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූ සේක. “මහණෙනි, භික්ඛුනෝවාදක සම්මුතිය කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසෙයින් සම්මත කටයුතු: පළමු වැ මහණ අයැදියැ යුතු. අයැදැ ව්‍යක්ත වූ ප්‍රතිබල වූ භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
Pali BJT6. “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං භික්ඛුනොවාදකං සම්මන්නෙය්ය එසා ඤත්ති.
Sinhala BJT6. “වහන්ස, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. ඉදින් සඞ්ඝයාහට පැමිණිකල් ඇතියේ නම් සඞ්ඝ තෙමේ මෙනම් මහණහු භික්ඛුනෝවාදක කොට සම්මත කරන්නේ යැ තෙල ඥප්ති යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං භික්ඛුනොවාදකං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො භික්ඛුනොවාදකස්ස සම්මති. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය. දුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මවදන් අසාවා, සඞ්ඝ තෙමේ මෙනම් මහණහු භික්ඛුනෝවාදක කොට සම්මත කරයි. මෙනම් මහණහට භික්ඛුනෝවාදක සම්මුතිය යම් ආයුෂ්මත් කෙනකුන් රුස්නේ නම් හෙ නිහඬ වන්නේ යැ. යමක්හට නො රුස්නේ නම් හෙ කියන්නේ යැ. දෙවනවට ද තෙල කරුණ කියමි. … තෙවනවට ද තෙල කරුණ කියමි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං භික්ඛුනොවාදකං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො භික්ඛුනොවාදකස්ස සම්මති.{1} සො තුණ්හස්ස යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මවදන් අසාවා, සඞ්ඝ තෙමේ මෙනම් මහණහු භික්ඛුනෝවාදක කොට සම්මත කරයි. මෙනම් මහණහට භික්ඛුනෝවාදක සම්මුතිය යම් ආයුෂ්මත් කෙනකුන් රුස්නේ නම් හෙ නිහඬ වන්නේ යැ. යමක්හට නො රුස්නේ නම් හෙ කියන්නේ යි.
Pali BJTසම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු භික්ඛුනොවාදකො ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඞ්ඝයා විසින් මෙනම් මහණ භික්ඛුනෝවාදකයෙකැ යි සම්මත කරන ලද්දේ යැ. සඞ්ඝයාහට රුස්නේ යැ. එහෙයින් තුෂ්ණිම්භාවය වේ. මෙසේ මෙය දරමි” යි.
Pali BJT7. අථ ඛො භගවා ඡබ්බග්ගියෙ භික්ඛූ අනෙකපරියායෙන විගරහිත්වා දුභරතාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT7. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවග මහණුන්හට නොයෙක් කරුණෙන් ගරහා දුභරතායෙහි … තවද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු අසම්මතො භික්ඛුනියො ඔවදෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් අසම්මත වූයේ මෙහෙණන්හට ඔවා දෙන්නේ නම් පචිති වේ” යයි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේ භාග්‍යවතුන් විසින් මේ සිකපදය භික්‍ෂූන්හට පණවන ලද්දේ වෙයි.
Pali BJT8. තෙන ඛො පන සමයෙන ථෙරා භික්ඛූ සම්මතා භික්ඛුනියො ඔවදන්තා තථෙව ලාභිනො හොන්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. අථ ඛො ඡබ්බග්ගියානං භික්ඛූනං එතදහොසි: එතරහි ඛො ආවුසො ථෙරා භික්ඛූ සම්මතා භික්ඛුනියො ඔවදන්තා තථෙව ලාභිනො හොන්ති චීවරපිණ්ඩපාතසෙනාසන-ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. හන්දාවුසො, මයම්පි නිස්සීමං ගන්ත්වා අඤ්ඤමඤ්ඤං භික්ඛුනොවාදකං සම්මන්නිත්වා භික්ඛුනියො ඔවදාමාති.
Sinhala BJT8. එසමයෙහි වනාහි සම්මත වූ ස්ථවිර භික්‍ෂූහු මෙහෙණන්හට ඔවා දෙන්නාහු එපරිද්දෙන් මැ චීවර යැ පිණ්ඩපාත යැ ශයනාසන යැ ග්ලානප්‍රත්‍යයභෛෂජ්‍ය යැ යන පරිෂ්කාරයන් ලබන්නාහු වෙති. එකල්හි සවග මහණුන්හට මෙසිත විය: ඇවැත්නි, මෙකල්හි සම්මත වූ ස්ථවිරභික්‍ෂූහු මෙහෙණන්හට ඔවා දෙන්නාහු එපරිද්දෙන් මැ චීවර යැ පිණ්ඩපාත යැ ශයනාසන යැ ග්ලානප්‍රත්‍යයභෛෂජ්‍ය යැ යන පරිෂ්කාරයන් ලබන්නෝ වෙති. “එහෙයින් ඇවැත්නි, ඇපිදු සීමාවෙන් බැහැරට ගොස් එකිනෙකා මෙහෙණ ඔවා දෙන්නකු සම්මත කොට මෙහෙණන්හට ඔවා දෙම්හ” යි.
Pali BJT9. අථ ඛො ඡබ්බග්ගියා භික්ඛූ නිස්සීමං ගන්ත්වා අඤ්ඤමඤ්ඤං භික්ඛුනොවාදකං සම්මන්නිත්වා භික්ඛුනියො උපසඞ්කමිත්වා එතදවොචුං: “මයම්පි භගිනියො සම්මතා අම්හෙපි උපසඞ්කමථ මයම්පි ඔවදිස්සාමා”ති. අථ ඛො තා භික්ඛුනියො යෙන ඡබ්බග්ගියා භික්ඛූ තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ඡබ්බග්ගියෙ භික්ඛූ අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. අථ ඛො ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛුනීනං පරිත්තඤ්ඤෙව ධම්මිං කථං කත්වා දිවසං තිරච්ඡානකථාය වීතිනාමෙත්වා උය්යොජෙසුං: ‘ගච්ඡථ භගිනියො’ති.
Sinhala BJT9. එකල්හි සවග මහණහු සීමාවෙන් බැහැරට ගොස් එකිනෙකා මෙහෙණ ඔවා දෙන්නකු සම්මත කොට මෙහෙණන් වෙත එළැඹැ මෙය කීහු: නැඟණියනි, ඇපිදු සම්මතයම්හ. අප වෙත ද එළැඹෙවු, අපිදු ඔවා දෙම්හ යි. එකල්හි ඒ මෙහෙණහු සවග මහණුන් වෙත එළැඹියහ. එළැඹැ සවග මහණුන් සකසා වැඳ එකත්පසෙකැ හුන්හු. එකල්හි සවග මහණහු මෙහෙණන්හට මඳ වූ මැ දැහැමි කථා කොට තිරශ්චීනකථායෙන් දවස ගෙවා “යව නැගණියනැ” යි නඟා යැවූහු.
Pali BJT10. අථ ඛො තා භික්ඛුනියො යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො තා භික්ඛුනියො භගවා එතදවොච: “කච්චි භික්ඛුනියො ඔවාදො ඉද්ධො අහොසී”ති. “කුතො භන්තෙ ඔවාදො ඉද්ධො භවිස්සති, අය්යා ඡබ්බග්ගියා පරිත්තඤ්ඤෙව ධම්මිං කථං කත්වා දිවසං තිරච්ඡානකථාය වීතිනාමෙත්වා උය්යොජෙසුන්ති. අථ ඛො භගවා තා භික්ඛුනියො ධම්මියා කථාය සන්දස්සෙසි -පෙ- පදක්ඛිණං කත්වා පක්කමිංසු.
Sinhala BJT10. එකල්හි ඒ මෙහෙණහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹැ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙකැ සිටියාහු ය. එකත්පසෙකැ සිටියා වූ එමෙහෙණන්හට භාග්‍යවතුන් වහන්සේ කිමෙක් ද මෙහෙණනි, අවවාදය සමෘද්ධ වී දැ යි වදාළසේක. ස්වාමීනි, කොයින් අවවාදය සමෘද්ධ වන්නේ ද? සවග හිමිවරු මඳ වූ මැ දැහැමි කථා කියා තිරශ්චීන කථායෙන් දවස ගෙවා නඟා යැවූහු යැ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ මෙහෙණන්හට දැහැමි කථායෙන් මොනවට කරුණු දැක්වූසේක … පැදකුණු කොට නික්ම ගියහ.
Pali BJT11. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා ඡබ්බග්ගියෙ භික්ඛූ පටිපුච්ඡි: සච්චං කිර තුම්හෙ භික්ඛවෙ භික්ඛුනීනං පරිත්තඤ්ඤෙව ධම්මිං කථං කත්වා දිවසං තිරච්ඡානකථාය වීතිනාමෙත්වා උය්යොජෙථා”ති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා භික්ඛුනීනං පරිත්තඤ්ඤෙව ධම්මිං කථං කත්වා දිවසං තිරච්ඡානකථාය වීතිනාමෙත්වා උය්යොජෙස්සථ නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJT11. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මේ අවසරයෙහි ලා බික්සඟන රැස්කරවා සවග මහණුන් පුළුවුත් සේක: “සැබෑ ද මහණෙනි, තෙපි මෙහෙණන්හට මඳ වූ මැ දැහැමි කථා කොට තිරශ්චීනකථායෙන් දවස ගෙවා නඟා යවහු දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූහ … කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි මෙහෙණන් හට මඳ වූ මැ දැහැමි කථා කොට තිරශ්චීනකථායෙන් දවස ගෙවා නඟා යැවූහු ද, හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූසේක.
Pali BJT12. අනුජානාමි භික්ඛවෙ අට්ඨහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං භික්ඛුනොවාදකං සම්මන්නිතුං. සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා{1} වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. උභයානි ඛො පනස්ස පාතිමොක්ඛානි විත්ථාරෙන ස්වාගතානි හොන්ති සුවිභත්තානි සුප්පවත්තීනි සුවිනිච්ඡිතානි සුත්තසො අනුබ්යඤ්ජනසො. කල්යාණවාචො හොති කල්යාණවාක්කරණො. යෙභුය්යෙන භික්ඛුනීනං පියො හොති මනාපො. පටිබලො හොති භික්ඛුනියො ඔවදිතුං. න ඛො පනෙතං භගවන්තං උද්දිස්ස පබ්බජිතාය කාසායවත්ථවසනාය ගරුධම්මං අජ්ඣාපන්නපුබ්බො හොති. වීසතිවස්සො වා හොති අතිරෙකවීසතිවස්සො වා. අනුජානාමි භික්ඛවෙ ඉමෙහි අට්ඨහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං භික්ඛුනොවාදකං සම්මන්නිතුන්ති.
Sinhala BJT12. මහණෙනි, අටඟින් යුතු මහණක්හු භික්ඛුනෝවාදක කොට සම්මත කරන්නට අනුදනිමි. සිල් ඇතියේ වේ ද, ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත වැ ආචාරගෝචරසම්පන්න වැ අල්පමාත්‍ර වූ වරදෙහි බියදක්නා සුලු වැ වෙසේ ද, (ඒ ඒ සිකපද) සමාදන් වැ ශික්‍ෂාපදයන්හි හික්මේ ද, පෙළදහම දරන (ළෙහි) පෙළදහම රැස් කොට තබා ගත් බහුශ්‍රැතයෙක් වේ ද මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ යම් ධර්‍ම කෙනෙක් (අර්‍ත්‍ථසම්පත්තියෙන්) සාර්‍ත්‍ථක වූ (බ්‍යඤ්ජන සම්පත්තියෙන්) සව්‍යඤ්ජන වූ සර්‍වපරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය මොනවට පවසත් නම් එබඳු ධර්‍මයෝ ඔහු විසින් බොහෝ කොට අසනලද්දාහු වෙති. දරන ලද්දාහු වෙති. වචනයෙන් පුහුණු කරන ලද්දාහු සිතින් කොටස් විසින් සිතන ලද්දාහු නුවණින් මොනවට පුහුණු කරන ලද්දාහු වෙති. තවද ඔහු විසින් උභයප්‍රාතිමෝක්‍ෂයෝ විස්තර විසින් (උභතෝ විභඞ්ග විසින්) මොනවට බෙදන ලදු වැ මොනවට පුහුණු කරන ලදු වැ (ඛන්‍ධකපරිවාර) සූත්‍ර විසින් අනුව්‍යඤ්ජන විසින් (අටුවා විසින්) මොනවට විනිශ්චය කරන ලදු වැ මැනැවින් දන්නා ලද්දාහු වෙති. කලණබස් ඇතියේ මිහිරි හඬ ඇතියේ වේ ද බෙහෙවින් මෙහෙණන්හට ප්‍රිය වූ මන වඩන්නෙක් වේ ද මෙහෙණන් හට ඔවා දෙන්නට ප්‍රතිබලයෙක් වේ ද, තෙල භාග්‍යවතුන් උදෙසා පැවිදි වූ කහවත් දරන්නියක කෙරෙහි ගරුධර්‍මයකට නො අවන් විරූයෙක් වේ ද විසිවස් ඇතියෙක් හෝ අයිරා විසිවස් ඇතියෙක් හෝ වේ ද මහණෙනි, මේ අටඟින් යුතු මහණහු මෙහෙණ ඔවා දෙන්නකු කොට සම්මත කරන්නට අනුදනිමි යි.
Pali BJT13. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT13. යො පන යනු: යම්, යම් බඳු … භික්ඛූ යනු … මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTඅසම්මතො නාම: ඤත්තිචතුත්ථෙන කම්මෙන අසම්මතො.
Sinhala BJTඅසම්මත නම්: ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙන් සම්මත නො වූයේ යි.
Pali BJTභික්ඛුනියො නාම: උභතො සඞ්ඝෙ උපසම්පන්නා.
Sinhala BJTභික්ඛුනීහු නම්: දෙසඟුන් කෙරෙහි උපසපන් වූවාහු යි.
Pali BJTඔවදෙය්යාති: අට්ඨහි ගරුධම්මෙහි ඔවදති ආපත්ති පාචිත්තියස්ස. අඤ්ඤෙන ධම්මෙන ඔවදති ආපත්ති දුක්කටස්ස. එකතො උපසම්පන්නං ඔවදති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඕවදෙය්‍ය යනු: අෂ්ට ගරුධර්‍මයෙන් අවවාද කෙරේ නම් පචිති ඇවැත් වෙයි. අන්‍ය ධර්‍මයෙකින් අවවාද කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි, එක් පසෙකැ (භික්‍ෂුණී සඞ්ඝයා කෙරෙහි) උපසපන් මෙහෙණකට ඔවා දේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJT14. තෙන සම්මතෙන භික්ඛුනා පරිවෙණං සම්මජ්ජිත්වා පානීයං පරිභොජනීයං උපට්ඨාපෙත්වා ආසනං පඤ්ඤපෙත්වා දුතියං ගහෙත්වා නිසීදිතබ්බං. භික්ඛුනීහි තත්ථ ගන්ත්වා තං භික්ඛුං අභිවාදෙත්වා එකමන්තං නිසීදිතබ්බං. තෙන භික්ඛුනා පුච්ඡිතබ්බා සමග්ගත්ථ{2} භගිනියොති. සචෙ සමග්ගාම්හාය්යාති.{3} භණන්ති. වත්තන්ති භගිනියො අට්ඨ ගරුධම්මාති. සචෙ වත්තන්තාය්යාති{4} භණන්ති එසො භගිනියො ඔවාදොති නිය්යාදෙතබ්බො{5} සචෙ න වත්තන්තාය්යාති භණන්ති ඔසාරෙතබ්බා.
Sinhala BJT14. සම්මත වූ ඒ මහණහු විසින් පිරිවෙන හැමද, පියයුතු වූ ද පිරිබෝ කළයුතු වූ ද දිය එළවා තබා අසුනක් පනවා දෙවැන්නකු ගෙන හිඳිය යුතු. මෙහෙණන් විසින් එහි ගොස් එමහණහු සකසා වැඳ එකත් පසෙකැ හිඳිය යුතු. එ මහණහු විසින් නැඟණියනි, හැම දෙන මැ අවු දැ යි පිළිවිසිය යුත්තාහ. ඉදින් ආර්‍ය්‍යයෙනි, ඇපි හැම දෙනමෝ පැමිණියම්හ යි බෙණෙත් නම් නැඟණියනි, අෂ්ටගරුධර්‍මයෝ පුහුණු වැ පවතිද්දැ යි පිළිවිසියයුත්තාහ. ඉදින් ආර්‍ය්‍යයෙනි, පුහුණු වැ පවතිත් යයි බෙණෙත් නම් නැඟණියනි, තෙලෙ අවවාද යැ යි පවරා දිය යුතු යැ. ආර්‍ය්‍යයෙනි, පුහුණු වැ නො පවතිත් යයි බෙණෙත් නම් පෙළ කියා දියයුතු යැ.
Pali BJT15. වස්සසතූපසම්පන්නාය භික්ඛුනියා තදහුපසම්පන්නස්ස භික්ඛුනො අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං කාතබ්බං අයම්පි ධම්මො සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයො. න භික්ඛුනියා අභික්ඛුකෙ ආවාසෙ වස්සං වසිතබ්බං අයම්පි ධම්මො සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයො. අන්වද්ධමාසං භික්ඛුනියා භික්ඛුසඞ්ඝතො ද්වෙ ධම්මා පච්චාසිංසිතබ්බා උපොසථපුච්ඡකඤ්ච ඔවාදූපසඞ්කමනඤ්ච අයම්පි ධම්මො -පෙ- වස්සං වුත්ථාය භික්ඛුනියා උභතො සඞ්ඝෙ තීහි ඨානෙහි පවාරෙතබ්බං දිට්ඨෙන වා සුතෙන වා පරිසඞ්කාය වා අයම්පි ධම්මො -පෙ- ගරු ධම්මං අජ්ඣාපන්නාය භික්ඛුනියා උභතො සඞ්ඝෙ පක්ඛමානත්තං චරිතබ්බං අයම්පි ධම්මො -පෙ- ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛාය සික්ඛමානාය උභතො සඞ්ඝෙ උපසම්පදා පරියෙසිතබ්බා අයම්පි ධම්මො -පෙ- න භික්ඛුනියා කෙනචි පරියායෙන භික්ඛු අක්කොසිතබ්බො පරිභාසිතබ්බො අයම්පි ධම්මො -පෙ- අජ්ජතග්ගෙ ඔවටො භික්ඛුනීනං භික්ඛූසු වචනපථො අනොවටො භික්ඛූනං භික්ඛුනීසු වචනපථො අයම්පි ධම්මො සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයොති.
Sinhala BJT15. උපසපන් සියවස් ඇති මෙහෙණ විසින් එදවසැ උපසපන් මහණහට සකසා වැඳීම දැක හුනස්නෙන් නැගීසිටීම ඇඳිලි බැඳීම සාමීචිකර්‍ම කළයුතු යැ, මේ ධර්‍මය ද සත්කාර ගරුකාර මානන පූජා කොට යව්දිව් නො ඉක්ම වියැ යුත්තේ යි. මෙහෙණ විසින් (මෙහෙණවරින් අඩ යොදුනක් ඇතුළත ඔවා දෙන) මහණුන් නැති වෙහෙරෙහි වස් නො විසියයුතු ය. මේ ධර්‍මය ද සත්කාර ගරුකාර මානන පූජා කොට යව්දිව් නො ඉක්ම වියැයුත්තේ ය. මෙහෙණ විසින් අඩමසක් පාසා භික්‍ෂුසඞ්ඝයා වෙතින් පොහෝ පිළිවිසුම ද අවවාදයට එළඹීම දැ යි යන දෙදහම් කැමැතිවිය යුතු යැ. මේ ධර්‍මය ද … වස් වැස නිම වූ මෙහෙණ විසින් දෙසඟුන් කෙරෙහි දෘෂ්ට විසින් හෝ ශ්‍රැත විසින් හෝ පරිසඞ්කා විසින් හෝ යන තුන් කරුණෙන් පැවරියයුතු යැ. මේ ධර්‍මය ද … ගරුධර්‍මයකට (සඟවෙසෙස් ඇවතකට) පැමිණි මෙහෙණ විසින් දෙසඟුන් කෙරෙහි පක්‍ෂමානත පිරියයුතු යැ. මේ ධර්‍මය ද … දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සික ඇති ශික්‍ෂමානාවක විසින් දෙසඟුන් කෙරෙහි උපසපුව කැමැති විය යුතු යැ. මේ ධර්‍මය ද … මෙහෙණ විසින් මහණහට කිසිදු කරුණෙකින් ආක්‍රෝශ නො කළ යුතු යැ. අවමන් නො කළ යුතු යැ. මේ ධර්‍මය ද … අද පටන් කොට මහණුන් කෙරෙහි (ඔවා අනුසස් විසින්) මෙහෙණන්ගේ වචනපථය වාරිත යැ මෙහෙණන් කෙරෙහි මහණුන්ගේ වචනපථය අවාරිත යැ. මේ ධර්‍මය ද සත්කාර ගරුකාර මානන පූජා කොට යව්දිව් නො ඉක්ම විය යුත්තේ යි.
Pali BJT16. සචෙ සමග්ගාම්හය්යාති භණන්තං අඤ්ඤං ධම්මං භණති ආපත්ති දුක්කටස්ස. සචෙ වග්ගම්හය්යාති භණන්තං අට්ඨ ගරුධම්මෙ භණති ආපත්ති දුක්කටස්ස. ඔවාදං අනීයාදෙත්වා අඤ්ඤං ධම්මං භණති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT16. ඉදින් ආර්‍ය්‍යයෙනි, අපි සමගි වූම්හ යි කියන්නියට අන්‍ය ධර්‍මයක් බෙණේ නම් දුකුළා ඇවැත් වෙයි. ඉදින් ආර්‍ය්‍යයෙනි, අපි ව්‍යග්‍ර වූම්හ යි කියන්නියට අෂ්ටගරුධර්‍මයන් බෙණේ නම් දුකුළා ඇවැත් වෙයි. (නැඟණියනි, මේ ඔවා යැ යි) අවවාද නො කියා අන්‍ය ධර්‍මයක් බෙණේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJT17. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී වග්ගං භික්ඛුනිසඞ්ඝං වග්ගසඤ්ඤී ඔවදති ආපත්ති පාචිත්තියස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී වග්ගං භික්ඛුනීසඞ්ඝං වෙමතිකො ඔවදති ආපත්ති පාචිත්තියස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී වග්ගං භික්ඛුනිසඞ්ඝං සමග්ගසඤ්ඤී ඔවදති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT17. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍ම සංඥා ඇතියේ ව්‍යග්‍ර වූ භික්‍ෂුණී සඞ්ඝයාට ව්‍යග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි. අධර්‍ම කර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියේ ව්‍යග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට විමති ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියේ ව්‍යග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට සමග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වේ.
Pali BJT18. අධම්මකම්මෙ වෙමතිකො වග්ගං භික්ඛුනිසඞ්ඝං වග්ගසඤ්ඤී ඔවදති ආපත්ති පාචිත්තියස්ස. අධම්මකම්මෙ වෙමතිකො වග්ගං භික්ඛුනිසඞ්ඝං වෙමතිකො ඔවදති ආපත්ති පාචිත්තියස්ස. අධම්මකම්මෙ වෙමතිකො වග්ගං භික්ඛුනිසඞ්ඝං සමග්ගසඤ්ඤී ඔවදති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT18. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ ව්‍යග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට ව්‍යග්‍ර සංඥා ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ ව්‍යග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට විමති ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ ව්‍යග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට සමග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වේ.
Pali BJT19. අධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී වග්ගං භික්ඛුනිසඞ්ඝං වග්ගසඤ්ඤී ඔවදති ආපත්ති පාචිත්තියස්ස. අධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී වග්ගං භික්ඛුනිසඞ්ඝං වෙමතිකො ඔවදති ආපත්ති පාචිත්තියස්ස. අධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී වග්ගං භික්ඛුනිසඞ්ඝං සමග්ගසඤ්ඤී ඔවදති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT19. අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ ව්‍යග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට ව්‍යග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ ව්‍යග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට විමති ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ ව්‍යග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට සමග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වේ.
Pali BJT20. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී සමග්ගං භික්ඛුනිසඞ්ඝං වග්ගසඤ්ඤී ඔවදති ආපත්ති පාචිත්තියස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී සමග්ගං භික්ඛුනිසඞ්ඝං වෙමතිකො ඔවදති ආපත්ති පාචිත්තියස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී සමග්ගං භික්ඛුනිසඞ්ඝං සමග්ගසඤ්ඤී ඔවදති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT20. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණී සඞ්ඝයාට ව්‍යග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි. අධර්‍ම කර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට විමති ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට සමග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වේ.
Pali BJT21. අධම්මකම්මෙ වෙමතිකො සමග්ගං භික්ඛුනිසඞ්ඝං වග්ගසඤ්ඤී ඔවදති ආපත්ති පාචිත්තියස්ස. අධම්මකම්මෙ වෙමතිකො සමග්ගං භික්ඛුනිසඞ්ඝං වෙමතිකො ඔවදති ආපත්ති පාචිත්තියස්ස. අධම්මකම්මෙ වෙමතිකො සමග්ගං භික්ඛුනීසඞ්ඝං සමග්ගසඤ්ඤී ඔවදති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT21. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට ව්‍යග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට විමති ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට සමග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වේ.
Pali BJT22. අධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී සමග්ගං භික්ඛුනිසඞ්ඝං වග්ගසඤ්ඤී ඔවදති ආපත්ති පාචිත්තිස්ස. අධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී සමග්ගං භික්ඛුනිසඞ්ඝං වෙමතිකො ඔවදති ආපත්ති පාචිත්තියස්ස. අධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී සමග්ගං භික්ඛුනීසඞ්ඝං සමග්ගසඤ්ඤී ඔවදති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT22. අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට ව්‍යග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට විමති ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට සමග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වේ.
Pali BJT23. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී වග්ගං භික්ඛුනීසඞ්ඝං වග්ගසඤ්ඤී ඔවදති ආපත්ති දුක්කටස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී වග්ගං භික්ඛුනීසඞ්ඝං වෙමතිකො ඔවදති -පෙ- සමග්ගසඤ්ඤී ඔවදති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT23. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියේ ව්‍යග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට ව්‍යග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් දුකුළා ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියේ ව්‍යග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට විමති ඇති වැ ඔවා දේ නම් … සමග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJT24. ධම්මකම්මෙ වෙමතිකො වග්ගං භික්ඛුනීසඞ්ඝං වග්ගසඤ්ඤී ඔවදති -පෙ- වෙමතිකො ඔවදති -පෙ- සමග්ගසඤ්ඤී ඔවදති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT24. ධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ ව්‍යග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට ව්‍යග්‍ර සංඥා ඇති වැ ඔවා දේ නම් … විමති ඇති වැ ඔවා දේ නම් … සමග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJT25. ධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී වග්ගං භික්ඛුනිසඞ්ඝං වග්ගසඤ්ඤී ඔවදති -පෙ- වෙමතිකො ඔවදති -පෙ- සමග්ගසඤ්ඤී ඔවදති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT25. ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ ව්‍යග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට ව්‍යග්‍ර සංඥා ඇති වැ ඔවා දේ නම් … විමති ඇති වැ ඔවා දේ නම් … සමග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJT26. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී සමග්ගං භික්ඛුනිසඞ්ඝං වග්ගසඤ්ඤී ඔවදති -පෙ- වෙමතිකො ඔවදති -පෙ- සමග්ගසඤ්ඤී ඔවදති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT26. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට ව්‍යග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් … විමති ඇති වැ ඔවා දේ නම් … සමග්‍ර සංඥා ඇති වැ ඔවා දේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJT27. ධම්මකම්මෙ වෙමතිකො සමග්ගං භික්ඛුනීසඞ්ඝං වග්ගසඤ්ඤී ඔවදති -පෙ- වෙමතිකො ඔවදති -පෙ- සමග්ගසඤ්ඤී ඔවදති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT27. ධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට ව්‍යග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් … විමති ඇති වැ ඔවා දේ නම් … සමග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJT28. ධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී සමග්ගං භික්ඛුනිසඞ්ඝං වග්ගසඤ්ඤී ඔවදති ආපත්ති දුක්කටස්ස. ධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී සමග්ගං භික්ඛුනිසඞ්ඝං වෙමතිකො ඔවදති ආපත්ති දුක්කටස්ස. ධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී සමග්ගං භික්ඛුනිසඞ්ඝං සමග්ගසඤ්ඤී ඔවදති අනාපත්ති.
Sinhala BJT28. ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට ව්‍යග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් දුකුළා ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට විමති ඇති වැ ඔවා දේ නම් දුකුළා ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට සමග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් ඇවැත් නැති.
Pali BJT29. අනාපත්ති: උද්දෙසං දෙන්තො පරිපුච්ඡං දෙන්තො ඔසාරෙහි අය්යාති වුච්චමානො ඔසාරෙති පඤ්හං පුච්ඡති පඤ්හං පුට්ඨො කථෙති අඤ්ඤස්සත්ථාය භණන්තං භික්ඛුනියො සුණන්ති සික්ඛමානාය සාමණෙරාය{1} උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJT29. (අටගුරුදම්පෙළ) උදෙසන්නේ නම් (ගරුදම්පෙළෙහි) අටුවා බණන්නේ නම්, ආර්‍ය්‍යයෙනි, බණන්නැ යි කියනු ලබන්නේ බෙණේ නම්, පිළිවිසී නම්, පැන පුළුවුස්නා ලදුයේ කියා නම්, මෙරමා සඳහා බණ දෙසන්නහුගෙන් මෙහෙණෝ අසත් නම්, සික්මනුවකට හෙරැණියකට නම් ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTඔවාදසික්ඛාපදං පඨමං.
Sinhala BJTපළමුවැනි ඕවාද ශික්‍ෂාපද යි.
Pali BJT6. 3. 2.
Sinhala BJT6. 3. 2.
Pali BJTඅත්ථඞ්ගතසික්ඛාපදං
Sinhala BJTඅත්‍ථඞ්ගත ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ථෙරා භික්ඛූ භික්ඛුනියො ඔවදන්ති පරියායෙන. තෙන ඛො පන සමයෙන ආයස්මතො චූළපන්ථකස්ස පරියායො හොති භික්ඛුනියො ඔවදිතුං. භික්ඛුනියො එවමාහංසු: “න දානි අජ්ජ ඔවාදො ඉද්ධො භවිස්සති තඤ්ඤෙවදානි උදානං අය්යො චුල්ලපන්ථකො පුනප්පුනං භණිස්සතීති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි ස්ථවිර භික්‍ෂූහු පිළිවෙළින් මෙහෙණන්හට ඔවා දෙති. එසමයෙහි මෙහෙණන්හට ඔවා දෙන්නට ආයුෂ්මත් චුල්ලපන්‍ථක තෙරුන්ගේ වාරය වෙයි. භික්‍ෂුණීහු මෙසේ කීහු: “අද නම් අවවාදය සමෘද්ධ නො වන්නේ යැ. ආර්‍ය්‍ය චුල්ලපන්‍ථක තෙරණුවෝ ඒ උදානය මැ දැනුදු පුනපුනා කියන්නාහ” යි.
Pali BJT2. අථ ඛො තා භික්ඛුනියො යෙනායස්මා චුල්ලපන්ථකො තෙනුපසඞ්කමිංසු උපසඞ්කමිත්වා ආයස්මන්තං චුල්ලපන්ථකං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තා භික්ඛුනියො ආයස්මා චුල්ලපන්ථකො එතදවොච:
Sinhala BJT2. එකල්හි ඒ භික්‍ෂුණීහු ආයුෂ්මත් චුල්ලපන්‍ථක තෙරුන් වෙත එළැඹියහ. එළැඹැ ආයුෂ්මත් චුල්ලපන්‍ථක තෙරුන් සකසා වැඳ එකත් පසෙකැ හුන්හු. එකත්පසෙකැ හුන්නා වූ ඒ මෙහෙණන්හට ආයුෂ්මත් චුල්ලපන්‍ථක තෙරුණුවෝ තෙල කීහ:
Pali BJT‘සමග්ගත්ථ භගිනියො’ති.
Sinhala BJTනැඟණියනි, (තෙපි) හැම දෙන මැ මෙහි අවු දැ යි.
Pali BJTසමග්ගාම්හාය්යාති.
Sinhala BJTආර්‍ය්‍යයන් වහන්ස, හැම දෙනමෝ මෙහි ආම්හ යි.
Pali BJTවත්තන්ති භගිනියො අට්ඨ ගරුධම්මාති.
Sinhala BJTනැඟණියනි, අෂ්ටගරුධර්‍මයෝ (තොප කෙරෙහි) පවතිත් දැ යි.
Pali BJTවත්තන්තාය්යාති.
Sinhala BJTආර්‍ය්‍යයන් වහන්ස, (අප කෙරෙහි) පවතිත් යයි.
Pali BJTඑසො භගිනියො ඔවාදොති නීයාදෙත්වා ඉමං උදානං පුනප්පුනං අභාසි.
Sinhala BJTනැඟණියනි, “තෙල අවවාද ය” යි පවසා මේ උදානය පුන පුනා කීහ:
Pali BJT“අධිචෙතසො අප්පමජ්ජතො මුනිනො මොනපථෙසු සික්ඛතො සොකා න භවන්ති තාදිනො උපසන්තස්ස සදා සතීමතො”ති.
Sinhala BJT‘රාත්පලසිතින් යුතු නො පමා වූ මෝනසංඛ්‍යාතඥානයෙන් හික්මුණු තාදී වූ (රාගාදි ව්‍යපශමයෙන්) උපශාන්ත වූ ස්මෘතිමත් වූ ක්‍ෂීණාශ්‍රව මුනිහට ශෝකයෝ හැම කල්හි නො වන්නාහ” යි.
Pali BJT3. භික්ඛුනියො එවමාහංසු: “නනු අවොචුම්හා න දානි අජ්ජ ඔවාදො ඉද්ධො භවිස්සති තඤ්ඤෙවදානි උදානං අය්යා චුල්ලපන්ථකො පුනප්පුනං භණිස්සතී”ති{1}. අස්සොසි ඛො ආයස්මා චුල්ලපන්ථකො තාසං භික්ඛුනීනං ඉමං කථාසල්ලාපං. අථ ඛො ආයස්මා චුල්ලපන්ථකො වෙහාසං අබ්භුග්ගන්ත්වා ආකාසෙ අන්තලික්ඛෙ චඞ්කමති’පි තිට්ඨති’පි නිසීදති’පි සෙය්යම්පි කප්පෙති ධූමායතිපි පජ්ජලතිපි අන්තරධායතිපි තඤ්ඤෙව{2} උදානං භණති අඤ්ඤඤ්ච බහුං බුද්ධවචනං.
Sinhala BJT3. මෙහෙණහු මෙසේ කීහු: “අද නම් අවවාදය සමෘද්ධ නො වන්නේ යැ. දැන් ඒ උදානය මැ ආර්‍ය්‍ය චුල්ලපන්‍ථක තෙරුණුවෝ පුන පුනා බෙණෙතැ යි (ඇපි) නො කීවමෝ ද?” ආයුෂ්මත් චුල්ලපන්‍ථක තෙරුණුවෝ ඒ මෙහෙණන්ගේ මේ කථා සල්ලාපය ඇසූහ. එකල්හි ආයුෂ්මත් චුල්ලපන්‍ථක තෙරුණුවෝ අහසට පැන අන්තරීක්‍ෂාවකාශයෙහි සක්මන් ද කෙරෙති, සිටීම ද කෙරෙති, හිඳීම ද කෙරෙති, ශයනය ද කෙරෙති, දුමාලීම ද කෙරෙති, දිලිහීම ද කෙරෙති, අදර්‍ශනයට ද යෙති. එම උදානයත් සෙසු බොහෝ බුද්ධවචනත් බෙණෙත්.
Pali BJTභික්ඛුනියො එවමාහංසු “අච්ඡරියං වත භො අබ්භුතං වත භො න වත නො ඉතො පුබ්බෙ ඔවාදො එවං ඉද්ධො භූතපුබ්බො යථා අය්යස්ස චූළපන්ථකස්සාති.
Sinhala BJTමෙහෙණහු මෙසේ කීහු: “භවත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍ය ය. භවත්නි, ඒකාන්තයෙන් අද්භූත යි. ආර්‍ය්‍ය චුල්ලපන්‍ථක තෙරුණුවන්ගේ මෙන් මෙබඳු අවවාදයෙක් අපහට මෙයින් පෙරැ නොවී යැ මෙබඳු සමෘද්ධියක් නො වූ විරී යැ යි.
Pali BJT4. අථ ඛො ආයස්මා චුල්ලපන්ථකො තා භික්ඛුනියො යාව සමන්ධකාරා ඔවදිත්වා උය්යොජෙසි: “ගච්ඡථ භගිනියො”ති. අථ ඛො තා භික්ඛුනියො නගරද්වාරෙ ථකිතෙ{3} බහිනගරෙ වසිත්වා කාලස්සෙව නගරං පවිසන්ති මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති; “අබ්රහ්මචාරිනියො ඉමා භික්ඛුනියො ආරාමෙ භික්ඛූහි සද්ධිං වසිත්වා ඉදානි නගරං පවිසන්තී”ති.
Sinhala BJT4. එකල්හි ආයුෂ්මත් චුල්ලපන්‍ථක තෙරුණුවෝ ඒ මෙහෙණන් අඳුරු වැටෙන තාක් ඔවා දී ‘යවු නැඟණියනැ’ යි නඟා යැවූහ. එකල්හි ඒ මෙහෙණහු නුවරැ දොර වැසූ කල්හි බිහිනුවරැ වැස උදෑසන මැ නුවරට පිවිසෙති. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “මේ මෙහෙණහු අබ්‍රහ්මචාරිණීහ, අරම්හි මහණුන් හා සමඟ වැස දැන් නුවරට පිවිසෙත්” යයි.
Pali BJT5. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති කථං හි නාම ආයස්මා චුල්ලපන්ථකො අත්ථඞ්ගතෙ සූරියෙ භික්ඛුනියො ඔවදිස්සතීති -පෙ- සච්චං කිර ත්වං චුල්ලපන්ථක අත්ථඞ්ගතෙ සූරියෙ භික්ඛුනියො ඔවදසීති.
Sinhala BJT5. ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) භික්‍ෂූහු ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ආයුෂ්මත් චුල්ලපන්‍ථකයෝ හිරු අත්ගල (බැස) ගියකල්හි මෙහෙණන්හට ඔවා දෙත් දැ යි … සැබෑද චුල්ලපන්‍ථක, තෙපි හිරු බැස ගිය කල්හි මෙහෙණන්හට ඔවා දෙවු දැ යි.
Pali BJTසච්චං භගවා.
Sinhala BJTසැබැවැ භාග්‍යවතුන් වහන්ස,
Pali BJTවිගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම ත්වං චුල්ලපන්ථක අත්ථඞ්ගතෙ සූරියෙ භික්ඛුනියො ඔවදිස්සසි, නෙතං චුල්ලපන්ථක අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJTභාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් චුල්ලපන්‍ථක, තෙපි හිරු අවරටගිය කල්හි මෙහෙණන්හට ඔවා දෙවු ද? චුල්ලපන්‍ථක, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ මහණෙනි, මේ සික පදය උදෙසවු:
Pali BJT“සම්මතොපි චෙ භික්ඛු අත්ථඞ්ගතෙ සුරියෙ භික්ඛුනියො ඔවදෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“ඉදින් සම්මත වූ ද මහණ හිරු අස්තයට ගිය කල්හි මෙහෙණන්හට ඔවා දෙන්නේ නම් පචිති වේ” යයි.
Pali BJT6. සම්මතො නාම: ඤත්තිචතුත්ථෙන කම්මෙන සම්මතො.
Sinhala BJT6. සම්මත නම්: ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙන් සම්මත යැ.
Pali BJTඅත්ථඞ්ගතෙ සූරියෙති: ඔග්ගතෙ සූරියෙ.
Sinhala BJTඅත්‍ථඞ්ගතෙ සුරියෙ: හිරු බට කල්හි.
Pali BJTභික්ඛුනී නාම: උභතො සඞ්ඝෙ උපසම්පන්නා.
Sinhala BJTභික්ඛුනී නම්: දෙ සඟුන් කෙරෙහි උපසපන් වූවා.
Pali BJTඔවදෙය්යාති: අට්ඨහි වා ගරුධම්මෙහි අඤ්ඤෙන වා ධම්මෙන ඔවදති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඕවදෙය්‍ය: ගරුදම් අටින් හෝ අන් දහමෙකින් හෝ ඔවා දේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅත්ථඞ්ගතෙ අත්ථඞ්ගතසඤ්ඤී ඔවදති ආපත්ති පාචිත්තියස්ස. අත්ථඞ්ගතෙ වෙමතිකො ඔවදති ආපත්ති පාචිත්තියස්ස. අත්ථඞ්ගතෙ අනත්ථඞ්ගතසඤ්ඤී ඔවදති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTහිරු අස්තයට ගිය කල්හි අස්තඞ්ගතසංඥා ඇතියේ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි. අස්තඞ්ගතයෙහි විමති ඇතියේ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි, අස්තඞ්ගතයෙහි අස්තඞ්ගතසංඥා නැතියේ ඔවා දේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTඑකතො උපසම්පන්නාය ඔවදති ආපත්ති දුක්කටස්ස. අනත්ථඞ්ගතෙ අත්ථඞ්ගතසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අනත්ථඞ්ගතෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අනත්ථඞ්ගතෙ අනත්ථඞ්ගතසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTඑකත්පසෙකැ (මෙහෙණසඟුන් කෙරෙහි) උපසපන් වූවකට ඔවා දේ නම් දුකුළා ඇවැත් වෙයි. අනස්තඞ්ගතයෙහි අස්තඞ්ගතසංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි, අනස්තඞ්ගතයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. අනස්තඞ්ගතයෙහි අනස්තඞ්ගතසංඥා ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: උද්දෙසං දෙන්තො පරිපුච්ඡං දෙන්තො ඔසාරෙහි අය්යාති වුච්චමානො ඔසාරෙති පඤ්හං පුච්ඡති පඤ්හං පුට්ඨො කථෙති අඤ්ඤස්සත්ථාය භණන්තං භික්ඛුනියො සුණන්ති සික්ඛමානාය සාමණෙරාය උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJT(අට ගරු දම් පෙළ) උදෙසන්නේ නම්, (ගරුදම්පෙළෙහි) අටුවා බණන්නේ නම්; ආර්‍ය්‍යයෙනි, බණන්නැ’යි කියනු ලබන්නේ කියා නම් පැන පිළිවිසී නම්, පැන පුළුවුස්නා ලදුයේ කියා නම්, මෙරමා සඳහා දෙසන්නහුගෙන් මෙහෙණහු අසත් නම්, හික්මනුවකට, හෙරැණියකට කියා නම් ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTඅත්ථඞ්ගත සික්ඛාපදං දුතියං
Sinhala BJTදෙවැනි අත්‍ථඞ්ගත ශික්‍ෂාපද යි.
Pali BJT6. 3. 3.
Sinhala BJT6. 3. 3.
Pali BJTභික්ඛුනූපස්සයසික්ඛාපදං
Sinhala BJTභික්ඛුනූපස්සය ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛුනූපස්සයං උපසඞ්කමිත්වා ඡබ්බග්ගියා භික්ඛුනියො ඔවදන්ති. භික්ඛුනියො ඡබ්බග්ගියා භික්ඛුනියො එතදවොචුං: එථය්යෙ{1} ඔවාදං ගමිස්සාමාති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු ශාක්‍යජනපදයෙහි කිඹුල්වත් නුවරැ නිග්‍රෝධාරාමයෙහි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු මෙහෙණවරට එළැඹැ සවග මෙහෙණන්හට ඔවා දෙති. භික්‍ෂුණීහු සවග මෙහෙණන්හට තෙල කීහු: ආර්‍ය්‍යාවෙනි, එවු අවවාදයට යම්හ යි.
Pali BJTයම්පි මයං අය්යෙ ගච්ඡෙය්යාම ඔවාදස්ස කාරණා අය්යා ඡබ්බග්ගියා ඉධෙව අම්හෙ ඔවදන්තීති.
Sinhala BJTආර්‍ය්‍යාවෙනි, යම් තෙනකට ඔවා කරුණෙන් ඇපි යන්නෙමු ද සවග මහණහු මෙහි ම අපට ඔවා දෙති යි කිවු ය.
Pali BJTභික්ඛුනියො උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛුනියො ඔවාදං න ගච්ඡිස්සන්ති”ති.{2}
Sinhala BJTභික්‍ෂුණීහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සවග මෙහෙණහු අවවාදයට නො යන්නාහු දැ’ යි.
Pali BJT2. අථ ඛො තා භික්ඛුනියො භික්ඛූනං එතමත්ථං ආරොචෙසුං: යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛුනූපස්සයං උපසඞ්කමිත්වා භික්ඛුනියො ඔවදිස්සන්තීති -පෙ-
Sinhala BJT2. එකල්හි ඒ මෙහෙණහු මහණුන්හට තෙල කරුණ දැන්වූහ. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සවග මහණහු මෙහෙණවරට එළැඹැ මෙහෙණන්හට ඔවා දුන්නු දැ යි …
Pali BJTසච්චං කිර තුම්හෙ භික්ඛවෙ භික්ඛුනූපස්සයං උපසඞ්කමිත්වා භික්ඛුනියො ඔවදථාති.
Sinhala BJTසැබෑ ද මහණෙනි, තෙපි මෙහෙණවරට එළැඹැ මෙහෙණන්හට ඔවා දෙවු දැ යි.
Pali BJTසච්චං භගවා.
Sinhala BJTසැබැවැ භාග්‍යවතුන් වහන්ස.
Pali BJTවිගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා භික්ඛුනූපස්සයං උපසඞ්කමිත්වා භික්ඛුනියො ඔවදිස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJTභාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි මෙහෙණවරට එළැඹැ මෙහෙණන්හට ඔවා දුන්නහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු භික්ඛුනූපස්සයං උපසඞ්කමිත්වා භික්ඛුනියො ඔවදෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් මෙහෙණවරට එළැඹැ මෙහෙණන්හට ඔවා දෙන්නේ නම් පචිති වේ” යයි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTභාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය මෙසේ පනවන ලද්දේ වෙයි.
Pali BJT3. තෙන ඛො පන සමයෙන මහාපජාපති ගොතමී ගිලානා හොති. ථෙරා භික්ඛූ යෙන මහාපජාපති ගොතමී තෙනුපසඞ්කමිංසු උපසඞ්කමිත්වා මහාපජාපතිං ගොතමිං එතදවොචුං: “කච්චි තෙ ගොතමී,{1} ඛමනීයං කච්චි යාපනීයන්ති.
Sinhala BJT3. එසමයෙහි වනාහි මහාප්‍රජාපතී ගෞතමී ගිලන් වූවා වෙයි. ස්ථවිරභික්‍ෂූහු මහාප්‍රජාපතී ගෞතමිය වෙත එළැඹියාහු ය. එළැඹැ “කිම ගෞතමිය, කිම තොපට ඉවසිය හැකි ද? කිම යැපිය හැකි” දැ යි තෙල කීහු.
Pali BJTන මෙ අය්යා, ඛමනීයං න යාපනීයං ඉඞ්ඝය්යා, ධම්මං දෙසෙථාති.
Sinhala BJTආර්‍ය්‍යවරුනි, මට ඉවසිය නො හැකි යැ. යැපිය නො හැකි යි, ආර්‍ය්‍යවරු දහම් දෙසන්නාහු නම් මැනැවැ යි කිවු ය.
Pali BJTන භගිනි කප්පති භික්ඛුනූපස්සයං උපසඞ්කමිත්වා භික්ඛුනියො ධම්මං දෙසෙතුන්ති කුක්කුච්චායන්තා න දෙසෙසුං.
Sinhala BJT“නැඟණියනි, මෙහෙණවරට එළැඹැ මෙහෙණන්හට දහම් දෙසන්නට නො කැපැ යි” කුකුස් කරනුවෝ (දහම්) නො දෙසූහු.
Pali BJT4. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යෙන මහාපජාපති ගොතමී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා මහාපජාපතිං ගොතමිං එතදවොච: “කච්චි තෙ ගොතමි ඛමනීයං කච්චි යාපනීයන්ති”?
Sinhala BJT4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරවැ පාසිවුරු ගෙන මහාප්‍රජාපතී ගෞතමිය වෙත එළැඹැ පැනවූ අස්නෙහි වැඩහුන්සේක. වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේ කිම ගෞතමිය, තොපට ඉවසිය හැකි ද? යැපිය හැකි දැ යි තෙල වදාළසේක.
Pali BJTපුබ්බෙ මෙ භන්තෙ ථෙරා භික්ඛූ ආගන්ත්වා ධම්මං දෙසෙන්ති. තෙන මෙ ඵාසු හොති. ඉදානි පන භගවතා පටික්ඛිත්තන්ති කුක්කුච්චායන්තා න දෙසෙන්ති, තෙන මෙ න ඵාසු හොතීති.
Sinhala BJTස්වාමීනි, පෙරැ ස්ථවිරභික්‍ෂූහු අවුත් මට දහම් දෙසති. එයින් මට පහසු වෙයි. දැන් වූ කලි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රතික්‍ෂිප්ත යැ යි කුකුස් කරනුවෝ නො දෙසත්. එයින් මට පහසු නො වේ යැ යි කිවු ය.
Pali BJT5. අථ ඛො භගවා මහාපජාපතිං ගොතමිං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමි. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: අනුජානාමි භික්ඛවෙ භික්ඛුනූපස්සයං උපසඞ්කමිත්වා ගිලානං භික්ඛුනිං ඔවදිතුං. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගෞතමියට දැහැමි කථායෙන් මොනවට කරුණු දක්වා මොනවට කරුණු ගන්වා මොනවට තෙද ගන්වා මොනවට සතුටු කරවා හුනස්නෙන් නැඟිට වැඩිසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූසේක. “මහණෙනි, මෙහෙණවරට එළැඹැ ගිලන් මෙහෙණට ඔවා දෙන්නට අනුදනිමි” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු භික්ඛුනූපස්සයං උපසඞ්කමිත්වා භික්ඛුනියො ඔවදෙය්ය අඤ්ඤත්ර සමයා පාචිත්තියං, තත්ථායං සමයො ගිලානා හොති භික්ඛුනී, අයං තත්ථ සමයො”ති.
Sinhala BJT“යම් මහණෙක් සුදුසු සමය තබා මෙහෙණවරට එළැඹැ මෙහෙණන් හට ඔවා දෙන්නේ නම් පචිති වේ. එහි මේ සුදුසු සමය යි. මෙහෙණක් ගිලන් වූවා වේ නම් මේ එහි සුදුසු සමය යි.”
Pali BJT6. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT6. යෝපන: යම්, යම් බඳු … භික්ඛු … මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTභික්ඛුනූපස්සයො නාම: යත්ථ භික්ඛුනියො එකරත්තම්පි වසන්ති:
Sinhala BJTභික්ඛුනූපස්සය: යම් තෙනෙකැ මෙහෙණහු එක් රැයකුදු වසද්ද එතෙන යි.
Pali BJTඋපසඞ්කමිත්වාති: තත්ථ ගන්ත්වා.
Sinhala BJTඋපසඞ්කමිත්‍වා: එහි ගොස්.
Pali BJTභික්ඛුනී නාම: උභතො සඞ්ඝෙ උපසම්පන්නා.
Sinhala BJTභික්ඛුනී නම්: දෙසඟුන් කෙරෙහි උපසපන් වූවා.
Pali BJTඔවදෙය්යාති: අට්ඨහි ගරුධච්චෙහි ඔවදති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඕවදෙය්‍ය: අෂ්ට ගරුධර්‍මයෙන් ඔවා දේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅඤ්ඤත්ර සමයාති: ඨපෙත්වා සමයං.
Sinhala BJTඅඤ්ඤත්‍රසමයා: සුදුසු සමය තබා.
Pali BJTගිලානා නාම: භික්ඛුනී න සක්කොති ඔවාදාය වා සංවාසාය වා ගන්තුං.
Sinhala BJTගිලානා නම්: මෙහෙණක් අවවාදයට හෝ සහවාසයට හෝ යන්නට නො හැකි වූවා යි.
Pali BJTඋපසම්පන්නාය උපසම්පන්නසඤ්ඤී භික්ඛුනූපස්සයං උපසඞ්කමිත්වා අඤ්ඤත්ර සමයා ඔවදති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නාය වෙමතිකො භික්ඛුනූපස්සයං උපසඞ්කමිත්වා අඤ්ඤත්ර සමයා ඔවදති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නාය අනුපසම්පන්නසඤ්ඤී භික්ඛුනූපස්සයං උපසඞ්කමිත්වා අඤ්ඤත්ර සමයා ඔවදති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඋපසපනක කෙරෙහි උපසපන්සන් ඇතියේ සුදුසු සමය තබා මෙහෙණවරට එළැඹැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි, උපසපනක කෙරෙහි විමති ඇතියේ සුදුසු සමය තබා මෙහෙණවරට එළැඹැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි, උපසපනක කෙරෙහි අනුපසපන්සන් ඇතියේ සුදුසු සමය තබා මෙහෙණවරට එළැඹැ ඔවා දේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅඤ්ඤෙන ධම්මෙන ඔවදති ආපත්ති දුක්කටස්ස. එකතො උපසම්පන්නාය ඔවදති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅන්‍යධර්‍මයෙකින් ඔවා දේ නම් දුකුළා ඇවැත් වෙයි, මෙහෙණ සඟුන් කෙරෙහි උපසපන්වූවකට ඔවා දේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනුපසම්පන්නාය උපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය අනුපසම්පන්නසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTඅනුපසපනක කෙරෙහි උපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. අනුපසපනක කෙරෙහි අනුපසපන්සන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: සමයෙ උද්දෙසං දෙන්තො පරිපුච්ඡං දෙන්තො ඔසාරෙහි අය්යාති වුච්චමානො ඔසාරෙති පඤ්හං පුච්ඡති පඤ්හං පුට්ඨො කථෙති අඤ්ඤස්සත්ථාය භණන්තං භික්ඛුනියො සුණන්ති සික්ඛමානාය සාමණෙරාය, උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTසුදුසු සමයෙහි (අට ගරු දම්පෙළ) උදෙසන්නේ නම්, (ගරුදම් පෙළෙහි) අටුවා බණන්නේ නම් ආර්‍ය්‍යයෙනි, බණන්නැ’යි කියනු ලබන්නේ බෙණේ නම් පැන පිළිවිසී නම් පැන පුළුවුස්නා ලදුයේ කියා නම් මෙරමා සඳහා දෙසන්නහුගෙන් මෙහෙණහු අසත් නම් ඇවැත් නැති, සික්මනුවකට හෙරැණියකට උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.