Pali BJTභිසි නාම: පඤ්චභිසියො උණ්ණාභිසි{1} චොළභිති වාකභිසි තිණභිසි පණ්ණභිසි.
Sinhala BJTභිසි නම්: උණ්ණාභිසි යැ චොලභිසි යැ වාකභිසි යැ තිණභිසි යැ පණ්ණභිසි යැ යි පස් බිස්සෙකි.
Pali BJTකොච්ඡං නාම: වාකමයං වා උසීරමයං වා මුඤ්ජමයං වා බබ්බජමයං{2} වා අන්තො සංවෙඨෙත්වා බද්ධං හොති.
Sinhala BJTකොච්ඡ නම්: වැහැරිමුවා හෝ සුවඳහොටමුවා හෝ මුදු තණමුවා හෝ බබුස්තණමුවා හෝ ඇතුළතැ මොනවට වෙළා බඳනා ලද්දෙක් වෙයි.
Pali BJTසන්ථරිත්වාති: සයං සන්ථරිත්වා. සන්ථරාපෙත්වාති: අඤ්ඤං සන්ථරාපෙත්වා අනුපසම්පන්නං සන්ථරාපෙති තස්ස පලිබොධො, උපසම්පන්නං සන්ථරාපෙති, සන්ථතස්ස{3} පළිබොධො.
Sinhala BJTසන්‍ථරිත්‍වා: තෙමේ අතුරා. සන්‍ථරාපෙත්‍වා: අනෙකක්හු ලවා අතුරුවා අනුපසපනක්හු ලවා අතුරුවා නම් ඔහුට පළිබෝධ වෙයි. උපසපනක්හු ලවා අතුරුවා නම් අතුරනලද්දහුට පළිබෝධ වෙයි.
Pali BJTතං පක්කමන්තො නෙව උද්ධරෙය්යාති: න සයං උද්ධරෙය්ය: න උද්ධරාපෙය්යාති: න අඤ්ඤං උද්ධරාපෙය්ය. අනාපුච්ඡං වා ගච්ඡෙය්යාති: භික්ඛුං වා සාමණෙරං වා ආරාමිකං වා අනාපුච්ඡා මජ්ඣිමස්ස පුරිසස්ස ලෙඩ්ඩුපාතං අතික්කමන්තස්ස ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTතං පක්කමන්තෝ නේව උද්ධරෙය්‍ය: තෙමේ නො මැ ගෝපන කරන්නේ නම්. න උද්ධරාපෙය්‍ය: අනෙකක්හු ලවා නො ද ගෝපන කරවන්නේ නම්. අනාපුච්ඡං වා ගච්ඡෙය්‍ය: මහණක්හු හෝ හෙරණක්හු හෝ ආරාමිකයක්හු හෝ නො විචාරා මැදුම් පිරිම්නියක්හු කැටක් දමා ලන තන් ඉක්මවන්නාහට පචිති ඇවැත් වේ.
Pali BJT4. සඞ්ඝිකෙ සඞ්ඝිකසඤ්ඤී අජ්ඣොකාසෙ සන්ථරිත්වා වා සන්ථරාපෙත්වා වා තං පක්කමන්තො නෙව උද්ධරෙය්ය න උද්ධරාපෙය්ය අනාපුච්ඡා වා ගච්ඡෙය්ය ආපත්ති පාචිත්තියස්ස. සඞ්ඝිකෙ වෙමතිකො -පෙ- සඞ්ඝිකෙ පුග්ගලිකසඤ්ඤී අජ්ඣොකාසෙ සන්ථරිත්වා වා සන්ථරාපෙත්වා වා තං පක්කමන්තො නෙව උද්ධරෙය්ය න උද්ධරාපෙය්ය අනාපුච්ඡං වා ගච්ඡෙය්ය ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT4. සඟසතුයෙහි සඟසතුසන් ඇතියේ එළිමහනෙහි අතුරා හෝ අතුරුවා හෝ බැහැරැ යන්නේ එය නො මැ ගෝපන කරන්නේ නම් නො ද ගෝපන කරවන්නේ නම් නො විචාරා හෝ යන්නේ නම් පචිති ඇවැත් වේ. සඟසතුයෙහි විමති ඇතියේ … සඟසතුයෙහි පුඟුල්සන් ඇතියේ එළිමහනෙහි අතුරා හෝ අතුරුවා හෝ බැහැරැ යන්නේ එය නො මැ ගෝපන කරන්නේ නම් නො ද ගෝපන කරවන්නේ නම් නො විචාරා හෝ යන්නේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTචිලිමිකං{1} වා උත්තරත්ථරණං වා භුම්මත්ථරණං{2} වා තට්ටිකං වා චම්මඛණ්ඩං වා පාදපුඤ්ඡනිං වා ඵලකපීඨං වා අජ්ඣොකාසෙ සන්ථරිත්වා වා සන්ථරාපෙත්වා වා තං පක්කමන්තො නෙව උද්ධරෙය්ය න උද්ධරාපෙය්ය අනාපුච්ඡං වා ගච්ඡෙය්ය ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTචිලිමිකාවක් හෝ උතුරතුරුණක් හෝ බුමුතුරුණක් හෝ තට්ටිකාවක් හෝ සම්කඩක් හෝ පාපිස්නක් හෝ පුවරුපුටුවක් හෝ එළිමහනෙහි අතුරා හෝ අතුරුවා හෝ බැහැර යන්නේ එය නො මැ ගෝපන කරන්නේ නම් නො ද ගෝපන කරවන්නේ නම් නො විචාරා හෝ යන්නේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTපුග්ගලිකෙ සඞ්ඝිකසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. පුග්ගලිකෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. පුග්ගලිකෙ පුග්ගලිකසඤ්ඤී අඤ්ඤස්ස පුග්ගලිකෙ ආපත්ති දුක්කටස්ස. අත්තනො පුග්ගලිකෙ අනාපත්ති.
Sinhala BJTපුඟුල් සතුයෙහි සඟසතුසන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පුඟුල්සතුයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පුඟුල්සතුයෙහි පුඟුල්සතුසන් ඇතියේ නම් අනෙකක්හුගේ පුඟුල්සතුයෙහි දුකුළා ඇවැත් වේ. තමාගේ පුඟුල් සතුයෙහි ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: උද්ධරිත්වා ගච්ඡති, උද්ධරාපෙත්වා ගච්ඡති, ආපුච්ඡිත්වා{3} ගච්ඡති, ඔතාපෙන්තො ගච්ඡති, කෙනචි පළිබුද්ධං හොති, ආපදාසු උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTඋදුරා යේ නම් උදුරුවා යේ නම් විචාරා යේ නම් වියැළෙන්නට තබමින් යේ නම් කිසිවකිනුදු ගැහැටක් වේ නම් ඔහට ඇවැත් නැත, ආපදාවෙහි ද උම්මත්තකයහට ද ආදිකම්මිකයහට ද ඇවැත් නැති.
Pali BJTපඨමසෙනාසනසික්ඛාපදං චතුත්ථං.
Sinhala BJTසිවුවැනි පඨම සේනාසනශික්‍ෂාපද යි.
Pali BJT6. 2. 5.
Sinhala BJT6. 2. 5.
Pali BJTදුතියසෙනාසනසික්ඛාපදං
Sinhala BJTදුතිය සේනාසන ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සත්තරසවග්ගියා භික්ඛූ සහායකා හොන්ති. තෙ වසන්තාපි එකතොව වසන්ති, පක්කමන්තාපි එකතොව පක්කමන්ති. තෙ අඤ්ඤතරස්මිං සඞ්ඝිකෙ විහාරෙ සෙය්යං සන්ථරිත්වා තං පක්කමන්තා නෙව උද්ධරිංසු. න උද්ධරාපෙසුං. අනාපුච්ඡා පක්කමිංසු. සෙනාසනං උපචිකාහි ඛායිතං හොති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි වනාහි සතළොස්වගැ මහණහු යහළුවෝ වෙති. ඔහු වසන්නෝ ද එකට වෙසෙති. බැහැර යන්නෝ ද එකට බැහැරැ යෙත්. ඔහු එක්තරා සඟසතු වෙහෙරෙක්හි සෙනසුන් අතුරා බැහැර යන්නාහු එය නො මැ ගෝපන කළහ. නො ද ගෝපන කැරැවූහ. නොවිචාරා බැහැරැ ගියහ. සෙනසුන වේයන් විසින් කන ලද්දේ වෙයි.
Pali BJT2. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා.… තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති කථං හි නාම සත්තරසවග්ගියා භික්ඛූ සඞ්ඝිකෙ විහාරෙ සෙය්යං සන්ථරිත්වා තං පක්කමන්තා නෙව උද්ධරිස්සන්ති න උද්ධරාපෙස්සන්ති, අනාපුච්ඡා පක්කමිස්සන්ති සෙනාසනං උපචිකාහි ඛායිතන්ති.... සච්චං කිර භික්ඛවෙ සත්තරසවග්ගියා භික්ඛූ සඞ්ඝිකෙ විහාරෙ සෙය්යං සන්ථරිත්වා තං පක්කමන්තා නෙව උද්ධරිංසු, න උද්ධරාපෙසුං, අනාපුච්ඡා පක්කමිංසු, සෙනාසනං උපචිකාහි ඛායිතන්ති. සච්චං භගවා විගරහි බුද්ධො භගවා…… කථං හි නාම තෙ භික්ඛවෙ මොඝපුරිසා සඞ්ඝිකෙ විහාරෙ සෙය්යං සන්ථරිත්වා තං පක්කමන්තා නෙව උද්ධරිස්සන්ති න උද්ධරාපෙස්සන්ති අනාපුච්ඡා පක්කමිස්සන්ති සෙනාසනං උපචිකාහි ඛායිතං. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය… … එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සතෙළෙ ස්වග මහණහු සඟසතු වෙහෙරෙහි සෙනසුන් අතුරා බැහැරැ යන්නාහු එය නො මැ තැන්පත් කළෝ ද, නොද තැන්පත් කරැවූවෝ ද, නො පිළිවිසැ ගියෝ ද, සෙනසුන වේයන් විසින් කන ලද්දේ යැ යි … සැබෑ ද මහණෙනි, සතළොස් වග මහණහු සඟසතු වෙහෙරෙහි සෙනසුන් අතුරා බැහැරැ යන්නාහු එය නො මැ තැන්පත් කළෝ ද, නොද තැන්පත් කරැවූවෝ ද, නො පිළිවිසැ ගියෝ ද, සෙනසුන වේයන් විසින් කන ලද්දේ දැ යි. සැබෑ වැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, ඒ හිස්පුරුෂයෝ සඟසතු වෙහෙරෙහි සෙනසුන් අතුරා බැහැරැ යන්නාහු නො මැ තැන්පත් කළෝ ද, නොද තැන්පත් කැරැවූවෝ ද, නො පිළිවිසැ ගියෝ ද, සෙනසුන වේයන් විසින් කන ලද්දේ දැ යි. මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු සඞ්ඝිකෙ විහාරෙ සෙය්යං සන්ථරිත්වා වා සන්ථරාපෙත්වා වා තං පක්කමන්තො නෙව උද්ධරෙය්ය න උද්ධරාපෙය්ය අනාපුච්ඡං වා ගච්ඡෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් සඟසතු වෙහෙරෙක්හි සෙනසුන් අතුරා හෝ අතුරුවා හෝ බැහැර යන්නේ එය නො මැ තැන්පත් කරන්නේ නම් නො තැන්පත් කරවන්නේ නම් නො පිළිවිසැ හෝ යන්නේ නම් පචිති වේ” යයි.
Pali BJT3. යො පනාති: යො යාදිසො….… භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT3. යො පන: යම්, යම්බඳු … භික්ඛු: මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTසඞ්ඝිකො නාම: විහාරො සඞ්ඝස්ස දින්නො හොති පරිච්චත්තො.
Sinhala BJTසඞ්ඝික නම්: විහාරය සඟනට දෙන ලද්දෙක් පරිත්‍යක්තයෙක් වෙයි.
Pali BJTසෙය්යං නාම: භිසි චිලිමිකා උත්තරත්ථරණං භුම්මත්ථරණං තට්ටිකා චම්මඛණ්ඩො නිසීදනං පච්චත්ථරණං, තිණසන්ථාරො පණ්ණසන්ථාරො.
Sinhala BJTසෙය්‍ය නම්: බිසි යැ චිලිමිකා යැ උතුරතුරුණු යැ බුමුතුරුණු යැ තට්ටිකා යැ සම්කඩ යැ නිසීදන යැ පසතුරුණු යැ තණඇතිරි යැ පත් ඇතිරි යි.
Pali BJTසන්ථරිත්වාති සයං සන්ථරිත්වා. සන්ථරාපෙත්වාති: අඤ්ඤං සන්ථරාපෙත්වා.
Sinhala BJTසන්‍ථරිත්‍වා: තෙමේ අතුරා. සන්‍ථරාපෙත්‍වා: අනෙකක්හු ලවා අතුරුවා.
Pali BJTතං පක්කමන්තො නෙව උද්ධරෙය්යාති: න සයං උද්ධරෙය්ය.
Sinhala BJTතං පක්කමන්තෝ නේව උද්ධරෙය්‍ය: තෙමේ නො මැ තැන්පත් කරන්නේ නම්.
Pali BJTන උද්ධරාපෙය්යාති: න අඤ්ඤං උද්ධරාපෙය්ය.
Sinhala BJTන උද්ධරෙය්‍ය: අනෙකක්හු ලවා නො තැන්පත් කරවන්නේ නම්.
Pali BJTඅනාපුච්ඡං වා ගච්ඡෙය්යාති: භික්ඛුං වා සාමණෙරං වා ආරාමිකං වා අනාපුච්ඡා පරික්ඛිත්තස්ස ආරාමස්ස පරික්ඛෙපං අතික්කමන්තස්ස ආපත්ති පාචිත්තියස්ස. අපරික්ඛිත්තස්ස ආරාමස්ස උපචාරං අතික්කමන්තස්ස ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඅනාපුච්ඡං වා ගච්ඡෙය්‍ය: මහණක්හු හෝ හෙරණක්හු හෝ ආරාමිකයක්හු හෝ නො පිළිවිසැ පිරිකෙව් කරන ලද අරම්හි පිරිකෙව්ව ඉක්මවන්නාහට පචිති ඇවැත් වේ. නො පිරිකෙව් කරන ලද අරම්හි උවසර ඉක්මවන්නාහට පචිති ඇවැත් වේ.
Pali BJTසඞ්ඝිකෙ සඞ්ඝිකසඤ්ඤී සෙය්යං සන්ථරිත්වා වා සන්ථරාපෙත්වා වා තං පක්කමන්තො නෙව උද්ධරෙය්ය න උද්ධරාපෙය්ය, අනාපුච්ඡං වා ගච්ඡෙය්ය, ආපත්ති පාචිත්තියස්ස. සඞ්ඝිකෙ වෙමතිකො සෙය්යං සන්ථරිත්වා වා සන්ථරාපෙත්වා වා තං පක්කමන්තො නෙව උද්ධරෙය්ය න උද්ධරාපෙය්ය අනාපුච්ඡං වා ගච්ඡෙය්ය ආපත්ති පාචිත්තියස්ස. සඞ්ඝිකෙ පුග්ගලිකසඤ්ඤී සෙය්යං සන්ථරිත්වා වා සන්ථරාපෙත්වා වා තං පක්කමන්තො නෙව උද්ධරෙය්ය න උද්ධරාපෙය්ය අනාපුච්ඡං වා ගච්ඡෙය්ය ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTසඟසතුයෙහි සඟසතුසන් ඇතියේ සෙනසුන් අතුරා හෝ අතුරුවා හෝ බැහැරැ යන්නේ නම් එය නො මැ තැන්පත් කරන්නේ නම් නො තැන්පත් කරවන්නේ නම් නො පිළිවිසැ හෝ යන්නේ නම් පචිති ඇවැත් වේ. සඟසතුයෙහි විමති ඇතියේ සෙනසුන් අතුරා හෝ අතුරුවා හෝ බැහැරැ යන්නේ එය නො මැ තැන්පත් කරන්නේ නම් හෝ නො තැන්පත් කරවන්නේ නම් නො පිළිවිසැ හෝ යන්නේ නම් පචිති ඇවැත් වේ. සඟසතුයෙහි පුඟුල්සන් ඇතියේ සෙනසුන් අතුරා හෝ අතුරුවා හෝ බැහැර යන්නේ එය නො මැ තැන්පත් කරන්නේ නම් නො තැන්පත් කරවන්නේ නම් නො පිළිවිසැ හෝ යන්නේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTවිහාරස්ස උපචාරෙ වා උපට්ඨානසාලායං වා මණ්ඩපෙ වා රුක්ඛමූලෙ වා සෙය්යං සන්ථරිත්වා වා සන්ථරාපෙත්වා වා තං පක්කමන්තො නෙව උද්ධරෙය්ය න උද්ධරාපෙය්ය, අනාපුච්ඡං වා ගච්ඡෙය්ය ආපත්ති දුක්කටස්ස. මඤ්චං වා පීඨං වා විහාරෙ වා විහාරස්ස උපචාරෙ වා උපට්ඨාන සාලායං වා මණ්ඩපෙ වා රුක්ඛමූලෙ වා සන්ථරිත්වා වා සන්ථරාපෙත්වා වා තං පක්කමන්තො නෙව උද්ධරෙය්ය න උද්ධරාපෙය්ය අනාපුච්ඡං වා ගච්ඡෙය්ය ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTවෙහෙරැ උවසරෙහි හෝ උවටැන්හල්හි හෝ මඬුවෙහි හෝ රුක්මුලැ හෝ සෙනසුන් අතුරා හෝ අතුරුවා හෝ බැහැරැ යන්නේ එය නො මැ තැන්පත් කරන්නේ නම් නො තැන්පත් කරවන්නේ නම් නො පිළිවිසැ හෝ යන්නේ නම් දුකුළා ඇවැත් වේ. ඇඳක් හෝ පුටුවක් හෝ වෙහෙරෙහි හෝ වෙහෙරුවසරෙහි හෝ උවටැන්හල්හි හෝ මඬුවෙහි හෝ රුක්මුලැ හෝ අතුරා හෝ අතුරුවා හෝ බැහැර යන්නේ එය නො මැ තැන්පත් කරන්නේ නම් නො තැන්පත් කරවන්නේ නම් නො පිළිවිසැ හෝ යන්නේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTපුග්ගලිකෙ සඞ්ඝිකසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස. පුග්ගලිකෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. පුග්ගලිකෙ පුග්ගලිකසඤ්ඤී අඤ්ඤස්ස පුග්ගලිකෙ ආපත්ති දුක්කටස්ස. අත්තනො පුග්ගලිකෙ අනාපත්ති.
Sinhala BJTපුඟුල් සතුයෙහි සඟසතුසන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පුඟුල්සතුයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පුඟුල්සතුයෙහි පුඟුල්සතුසන් ඇතියේ අනෙකක්හුගේ පුඟුල්සතුයෙහි නම් දුකුළා ඇවැත් වේ. තමාගේ පුඟුල්සතුයෙහි නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: උද්ධරිත්වා ගච්ඡති, උද්ධරාපෙත්වා ගච්ඡති, ආපුච්ඡිත්වා ගච්ඡති, කෙනචි පලිබුද්ධං හොති, සාපෙක්ඛො ගන්ත්වා තත්ථ ඨිතො ආපුච්ඡති, කෙනචි පළිබුද්ධො හොති, ආපදාසු, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJTතැන්පත් කොට යේ නම් තැන්පත් කරවා යේ නම් පිළිවිසැ යේ නම් කිසිවකිනුදු (සෙනසුනට) ගැහැටෙක් වේ නම් අපේක්‍ෂා සහිත වැ ගොස් එහි සිටියේ පිළිවිසී නම් කිසිවකිනුදු ගැහැට ඇතියෙක් වේ නම් ආපදාවෙහි ද, උම්මත්තකයහට ද ආදිකම්මිකයාහට ද ඇවැත් නැති.
Pali BJTදුතියසෙනාසනසික්ඛාපදං පඤ්චමං.
Sinhala BJTපස්වැනි දුතියසේනාසන ශික්‍ෂාපද යි.
Pali BJT6. 2. 6.
Sinhala BJT6. 2. 6.
Pali BJTඅනුපඛජ්ජසික්ඛාපදං
Sinhala BJTඅනුපඛජ්ජ ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ වරසෙය්යායො පළිබුද්ධන්ති.{1} ථෙරා{2} භික්ඛූ වුට්ඨාපෙන්ති. අථ ඛො ඡබ්බග්ගියානං භික්ඛූනං එතදහොසි, කෙන නු ඛො මයං උපායෙන ඉධෙව වස්සං වසෙය්යාමාති.{3} අථ ඛො ඡබ්බග්ගියා භික්ඛූ ථෙරෙ භික්ඛූ අනුපඛජ්ජ සෙය්යං කප්පෙන්ති, යස්ස සම්බාධො භවිස්සති සො පක්කමිස්සතීති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවගමහණහු පෙරටු වැ ගොස් උතුම් සෙනසුන් වළහා සිටිත්. තෙරහු භික්‍ෂූන් (වසගින්) නැගිටුවාලති. එකල්හි සවගමහණුන්හට “කවර උපායෙකින් ඇපි මෙහි මැ වසන්නෙමු දෝ හෝ යි” මෙ සිත විය. එකල්හි සවගමහණහු ‘යමක්හට ගැහැට වන්නේ නම් හේ බැහැරැ යන්නේ’ යැ යි ස්ථවිර භික්‍ෂූන් අතුරෙහි පිවිස ශයනය කෙරෙත්.
Pali BJT2. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ ථෙරෙ භික්ඛූ අනුපඛජ්ජ සෙය්යං කප්පෙස්සන්තී’ති. -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ ථෙරෙ භික්ඛූ අනුපඛජ්ජ සෙය්යං කප්පෙථාති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා ථෙරෙ භික්ඛූ අනුපඛජ්ජ සෙය්යං කප්පෙස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සවගමහණහු ස්ථවිර භික්‍ෂූන් අතුරෙහි පිවිස ශයනය කළාහු දැ යි … සැබෑ ද මහණෙනි, තෙපි ස්ථවිර භික්‍ෂූන් අතුරෙහි පිවිස ශයනය කරන්නාහු දැ යි සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් හිස්පුරුෂයෙනි, තෙපි ස්ථවිර භික්‍ෂූන් අතුරෙහි පිවිස ශයනය කළාහු දැ යි. හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු සඞ්ඝිකෙ විහාරෙ ජානං පුබ්බූපගතං භික්ඛුං අනුපඛජ්ජ සෙය්යං කප්පෙය්ය යස්ස සම්බාධො භවිස්සති සො පක්කමිස්සතීති එතදෙව පච්චයං කරිත්වා අනඤ්ඤං, පාචිත්තිය’න්ති.
Sinhala BJT“යම් මහණෙක් සඟසතු වෙහෙරෙක්හි දැනැ දැනැ පළමු පැමිණි මහණහු අතුරෙහි පිවිස ‘යමක්හට ගැහැට වන්නේ නම් හේ බැහැරැ යන්නේ’ යැ යි අනෙකක් නො වැ මෙය මැ කරුණු කොට ගෙන ශයනය කරන්නේ නම් පචිති වේ” යයි.
Pali BJT3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT3. යො පන: යම්, යම්බඳු … භික්ඛු: … මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTසඞ්ඝිකො නාම: විහාරො සඞ්ඝස්ස දින්නො හොති පරිච්චත්තො.
Sinhala BJTසඞ්ඝික විහාර නම්: සඟනට දෙන ලද්දෙක් පරිත්‍යක්තයෙක් වෙයි.
Pali BJTජානාති නාම: වුද්ධොති ජානාති ගිලානොති ජානාති සඞ්ඝෙන දින්නොති ජානාති.
Sinhala BJTජානාති නම්: වැඩිහිටියෙකැයි දනී, ගිලනෙකැයි දනී, සඟහු විසින් දෙන ලද්දෙකැයි දනී.
Pali BJTඅනුපඛජ්ජාති: අනුපවිසිත්වා. සෙය්යං කප්පෙය්යාති: මඤ්චස්ස වා පීඨස්ස වා පවිසන්තස්ස වා නික්ඛමන්තස්ස වා උපචාරෙ සෙය්යං සන්ථරති වා සන්ථරාපෙති වා ආපත්ති දුක්කටස්ස. අභිනිසීදති වා අභිනිපජ්ජති වා ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඅනුපඛජ්ජ: අතුරෙහි පිවිස. සෙය්‍යං කප්පෙය්‍ය: ඇඳෙක හෝ පුටුවෙකැ හෝ පිවිසෙන්නහුගේ හෝ නික්මෙන්නහුගේ හෝ උවසර සෙනසුනක් අතුරා නම් හෝ අතුරුවා නම් හෝ දුකුළා ඇවැත් වේ. අතුරෙහි හිඳී නම් හෝ අතුරෙහි නිදා නම් හෝ පචිති ඇවැත් වෙයි.
Pali BJTඑතදෙව පච්චයං කරිත්වා අනඤ්ඤන්ති: න අඤ්ඤො කොචි පච්චයො හොති අනුපඛජ්ජ සෙය්යං කප්පෙතුං.
Sinhala BJTඒතදෙව පච්චයං කරිත්වා අනඤ්ඤං: අතුරෙහි පිවිස හොවින්නට අන් කිසිදු කරුණෙක් නැති.
Pali BJTසඞ්ඝිකෙ සඞ්ඝිකසඤ්ඤී අනුපඛජ්ජ සෙය්යං කප්පෙති ආපත්ති පාචිත්තියස්ස. සඞ්ඝිකෙ වෙමතිකො අනුපඛජ්ජ සෙය්යං කප්පෙති ආපත්ති පාචිත්තියස්ස. සඞ්ඝිකෙ පුග්ගලිකසඤ්ඤී අනුපඛජ්ජ සෙය්යං කප්පෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTසඟසතුයෙහි සඟසතුසන් ඇතියේ අතුරෙහි පිවිස ශයනය කෙරේ නම් පචිති ඇවැත් වේ. සඟසතුයෙහි විමති ඇතියේ අතුරෙහි පිවිස ශයනය කෙරේ නම් පචිති ඇවැත් වේ. සඟසතුයෙහි පුඟුල්සතුසන් ඇතියේ අතුරෙහි පිවිස ශයනය කෙරේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTමඤ්චස්ස වා පීඨස්ස වා පවිසන්තස්ස වා නික්ඛමන්තස්ස වා උපචාරං ඨපෙත්වා සෙය්යං සන්ථරති වා සන්ථරාපෙති වා ආපත්ති දුක්කටස්ස. අභිනිසීදති වා අභිනිපජ්ජති වා ආපත්ති දුක්කටස්ස. විහාරස්ස උපචාරෙ වා උපට්ඨානසාලායං වා මණ්ඩපෙ වා රුක්ඛමූලෙ වා අජ්ඣොකාසෙ වා සෙය්යං සන්ථරති වා සන්ථරාපෙති වා ආපත්ති දුක්කටස්ස. අභිනිසීදති වා අභිනිප්පජ්ජති වා ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඇඳෙක හෝ පුටුවෙකැ හෝ පිවිසෙන්නහුගේ හෝ නික්මෙන්නහුගේ හෝ උවසර තබා සෙනසුනක් අතුරා නම් හෝ අතුරුවා නම් හෝ දුකුළා ඇවැත් වේ. අතුරෙහි හිඳී නම් හෝ අතුරෙහි නිදා නම් හෝ දුකුළා ඇවැත් වේ. වෙහෙරැ උවසරෙහි හෝ උවටැන්හල්හි හෝ මඬුවෙක්හි හෝ රුක්මුලෙකැ හෝ එළිමහනෙකැ හෝ සෙනසුනක් අතුරා නම් හෝ අතුරුවා නම් හෝ දුකුළා ඇවැත් වේ. අතුරෙහි හිඳී නම් හෝ අතුරෙහි නිදා නම් හෝ දුකුළා ඇවත් වේ.
Pali BJTපුග්ගලිකෙ සඞ්ඝිකසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස. පුග්ගලිකෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. පුග්ගලිකෙ පුග්ගලිකසඤ්ඤී අඤ්ඤස්ස පුග්ගලිකෙ ආපත්ති දුක්කටස්ස. අත්තනො පුග්ගලිකෙ අනාපත්ති.
Sinhala BJTපුඟුල්සතුයෙහි සඟසතුසන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පුඟුල්සතුයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පුඟුල්සතුයෙහි පුඟුල්සතුසන් ඇතියේ අනෙකක්හුගේ පුඟුල්සතුයෙහි නම් දුකුළා ඇවැත් වේ. තමාගේ පුඟුල්සතුයෙහි නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: ගිලානො පවිසති සීතෙන වා උණ්හෙන වා පීළිතො පවිසති ආපදාසු උම්මත්තකස්ස ආදිකම්මිකස්සා’ති.
Sinhala BJTගිලන් වැ පිවිසේ නම්, ශීතයෙන් හෝ උෂ්ණයෙන් හෝ පීඩිත වැ පිවිසේ නම්, ඇවැත් නැත. ආපදාවෙහි ද උම්මත්තකයහට ද ආදිකම්මිකයාහට ද ඇවැත් නැති.
Pali BJTඅනුපඛජ්ජසික්ඛාපදං ඡට්ඨං.
Sinhala BJTසවැනි අනුපඛජ්ජශික්‍ෂාපදය යි.
Pali BJT6. 2. 7.
Sinhala BJT6. 2. 7.
Pali BJTනික්කඩ්ඪනසික්ඛාපදං
Sinhala BJTනික්කඩ්ඪන ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සත්තරසවග්ගියා භික්ඛූ අඤ්ඤතරං පච්චන්තිමං මහාවිහාරං පටිසංඛරොන්ති ඉධ මයං වස්සං වසිස්සාමාති . අද්දසංසු ඛො ඡබ්බග්ගියා භික්ඛූ සත්තරසවග්ගියෙ භික්ඛූ විහාරං පටිසඞ්ඛරොන්තෙ, දිස්වාන එවමාහංසු: “ඉමෙ ආවුසො සත්තරසවග්ගියා භික්ඛූ විහාරං පටිසඞ්ඛරොන්ති, හන්ද නෙ වුට්ඨාපෙස්සාමා”ති. එකච්චෙ එවමාහංසු: ආගමෙථාවුසො, යාව පටිසඞ්ඛරොන්ති පටිසඞ්ඛතෙ වුට්ඨාපෙස්සාමාති. අථ ඛො ඡබ්බග්ගියා භික්ඛූ සත්තරසවග්ගියෙ භික්ඛූ එතදවොචුං: “උට්ඨෙථාවුසො අම්හාකං විහාරො පාපුණාතී”ති. නනු ආවුසො පටිගච්චෙව{1} ආචික්ඛිතබ්බං, මයඤ්චඤ්ඤං පටිසඞ්ඛරොමාති, නනු ආවුසො සඞ්ඝිකො විහාරොති. ආමාවුසො සඞ්ඝිකො විහාරොති. උට්ඨෙථාවුසො, අම්හාකං විහාරො පාපුණාතී’ති. මහල්ලකො ආවුසො විහාරො. තුම්හෙපි වසථ මයම්පි වසිස්සාමාති. උට්ඨෙථාවුසො අම්හාකං විහාරො පාපුණාතී’ති කුපිතා අනත්තමනා ගීවාය ගහෙත්වා නික්කඩ්ඪන්ති. තෙ නික්කඩ්ඪීයමානා රොදන්ති. භික්ඛූ එවමාහංසු: “කිස්ස තුම්හෙ ආවුසො රොදථා”ති. ඉමෙ ආවුසො ඡබ්බග්ගියා භික්ඛූ කුපිතා අනත්තමනා අම්හෙ සඞ්ඝිකා විහාරා නික්කඩ්ඪන්තීති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සතළොස්වගැ මහණහු මෙහි ඇපි වස් වසන්නම්හ යි එක්තරා පිටිසර මහවෙහෙරක් පිළිසකර කෙරෙති. සවග මහණහු වෙහෙර පිළිසකර කරන සතළොස් වගැ මහණුන් දුටුහු, දැක මෙසේ කීහු: ඇවැත්නි, මේ සතළොස්වගැ මහණහු වෙහෙරක් පිළිසකර කෙරෙති. එකැතින් ඔවුන් නඟා යවම්හ යි. ඇතැම් කෙනෙක් මෙසේ කීහු: ඇවැත්නි, යම්තාක් පිළිසකර කෙරෙත් නම් ඒතාක් බලාපොරොත්තු වවු. පිළිසකර කළ කල්හි නඟා යවම්හ යි. එකල්හි සවගමහණහු සතළොස්වගැ මහණුන්හට මෙය කීහු: “ඇවැත්නි, නැගිටිවු වෙහෙර අපට පැමිණේ ය” යි ඇවැත්නි, කැල මැ කියයුතු නො වේ ද, එසේ වී නම් අපිදු අනෙකක් පිළිසකර කරන්නම්හ යි. ඇවැත්නි, සඟසතු වෙහෙරක් නො වේ ද? එසේ යැ ඇවැත්නි, සඟසතු වෙහෙරකි. නැගිටිවු ඇවැත්නි, වෙහෙර අපට පැමිණෙයි. ඇවැත්නි, වෙහෙර විශාල ය. තෙපි ද වසවු ඇපිදු වසම්හ. නැගිටිවු ඇවැත්නි, වෙහෙර අපට පැමිණේ යැ යි කිපියෝ නො සියමන් වූවෝ ග්‍රීවයෙන් ගෙන ඇද දමත්. ඔහු අදිනු ලබන්නෝ හඬති. භික්‍ෂූහු මෙසේ කීහු: කුමකට තෙපි ඇවැත්නි, හඬවු දැ යි. ඇවැත්නි, මේ සවග මහණහු කිපියෝ නො සියමන් වූවෝ අප සඟසතු වෙහෙරින් ඇද දමති.
Pali BJT2. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා…තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති ‘කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ කුපිතා අනත්තමනා භික්ඛූ සඞ්ඝිකා විහාරා නික්කඩ්ඪිස්සන්තීති සච්චං කිර තුම්හෙ භික්ඛවෙ කුපිතා අනත්තමනා භික්ඛූ සඞ්ඝිකා විහාරා නික්කඩ්ඪථාති. සච්චං භගවා, විගරහි බුද්ධො භගවා… කථං හි නාම තුම්හෙ මොඝපුරිසා කුපිතා අනත්තමනා භික්ඛූ සඞ්ඝිකා විහාරා නික්කඩ්ඪිස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය… එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සවග මහණහු කිපියෝ නො සියමන් වූවෝ මහණුන් සඟසතු වෙහෙරකින් ඇද දැමූහු දැ යි. … සැබෑ ද මහණෙනි, තෙපි කිපියෝ නො සියමන් වූවෝ මහණුන් සඟසතු වෙහෙරින් ඇද දමවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි කිපියෝ නො සියමන් වූවෝ මහණුන් සඟසතු වෙහෙරකින් ඇද දැමූවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද වනාහි මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු භික්ඛුං කුපිතො අනත්තමනො සඞ්ඝිකා විහාරා නික්කඩ්ඪෙය්ය වා නික්කඩ්ඪාපෙය්ය වා පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් කිපියේ නොසියමන් වූයේ මහණක්හු සඟසතු වෙහෙරකින් ඇද දමන්නේ නම් හෝ ඇද දමවන්නේ නම් හෝ පචිති වේ” යයි.
Pali BJT3. යො පනාති: යො යාදිසො.… භික්ඛූති… අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති. භික්ඛුන්ති: අඤ්ඤං භික්ඛුං. කුපිතො අනත්තමනොති: අනභිරද්ධො ආහතචිත්තො ඛිලජාතො.
Sinhala BJT3. යො පන: යම්, යම්බඳු … භික්ඛු … මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි. භික්ඛුං: අන් මහණක්හු. කුපිතෝ අනත්තමනෝ: නො ඇලුණේ හැපුණු සිත් ඇතියේ හටගත් (පිළිඝු) හුල් ඇතියේ.
Pali BJTසඞ්ඝිකො නාම: විහාරො සඞ්ඝස්ස දින්නො හොති පරිච්චත්තො.
Sinhala BJTසඞ්ඝිකවිහාර නම්: සඟනට දෙන ලද්දෙක් පරිත්‍යක්තයෙක් වෙයි.
Pali BJTනික්කඩ්ඪෙය්යාති ගබ්භෙ ගහෙත්වා පමුඛං නික්කඩ්ඪති ආපත්ති පාචිත්තියස්ස. පමුඛෙ ගහෙත්වා බහි නික්කඩ්ඪති ආපත්ති පාචිත්තියස්ස. එකෙන පයොගෙන බහුකෙපි ද්වාරෙ අතික්කාමෙති ආපත්ති පාචිත්තියස්ස. නික්කඩ්ඪාපෙය්යාති: අඤ්ඤං ආණාපෙති ආපත්ති දුක්කටස්ස{1}. සකිං ආණත්තො බහුකෙපි ද්වාරෙ අතික්කාමෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTනික්කඩ්ඪෙය්‍ය: ගර්‍භයෙන් ගෙන අගුදොරට ඇද දමා නම් පචිති ඇවැත් වේ. අගුදොර ගෙන පිටතට ඇද දමා නම් පචිති ඇවැත් වේ. එක් පියොවකින් බොහෝ වූ ද දොරටු ඉක්මවා නම් පචිති ඇවැත් වේ. නික්කඩ්ඪාපෙය්‍ය: මෙරමා අණවා නම් දුකුළා ඇවැත් වේ. වරක් ඇණවුම් ලදුයේ බොහෝ වූ ද දොරටු ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTසඞ්ඝිකෙ සඞ්ඝිකසඤ්ඤී කුපිතො අනත්තමනො නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා ආපත්ති පාචිත්තියස්ස. සඞ්ඝිකෙ වෙමතිකො කුපිතො අනත්තමනො නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා ආපත්ති පාචිත්තියස්ස. සඞ්ඝිකෙ පුග්ගලිකසඤ්ඤී කුපිතො අනත්තමනො නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTසඟසතුයෙහි සඟසතුසන් ඇතියේ කුපිත වැ නො සතුටු වැ ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ පචිති ඇවැත් වේ. සඟසතුයෙහි විමති ඇතියේ කුපිත වැ නො සතුටු වැ ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ පචිති ඇවැත් වේ. සඟසතුයෙහි පුඟුල්සතුසන් ඇතියේ කුපිත වැ නො සතුටු වැ ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ පචිති ඇවැත් වේ.
Pali BJTතස්ස පරික්ඛාරං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා ආපත්ති දුක්කටස්ස. විහාරස්ස උපචාරා වා උපට්ඨානසාලාය වා මණ්ඩපා වා රුක්ඛමූලා වා අජ්ඣොකාසා වා නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා ආපත්ති දුක්කටස්ස. තස්ස පරික්ඛාරං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඔහුගේ පිරිකර ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ දුකුළා ඇවැත් වේ. වෙහෙරෙහි උවසරින් හෝ උවටැන්හලින් හෝ මඩුවෙකින් හෝ රුක්මුලෙකින් හෝ එළිමහනෙකින් හෝ ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ දුකුළා ඇවැත් වේ. ඔහුගේ පිරිකර ඇද දමා නම් හෝ ඇද දමවා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනුපසම්පන්නං විහාරා වා විහාරස්ස උපචාරා වා උපට්ඨානසාලාය වා මණ්ඩපා වා රුක්ඛමූලා වා අජ්ඣොකාසා වා නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා ආපත්ති දුක්කටස්ස. තස්ස පරික්ඛාරං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅනුපසපනක්හු වෙහෙරින් හෝ වෙහෙරැ උවසරින් හෝ උවටැන් හලින් හෝ මඩුවෙකින් හෝ රුක්මුලකින් හෝ එළිමහනෙකින් හෝ ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ දුකුළා ඇවැත් වේ. ඔහුගේ පිරිකර ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ දුකුළා ඇවැත් වේ.
Pali BJTපුග්ගලිකෙ සඞ්ඝිකසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. පුග්ගලිකෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. පුග්ගලිකෙ පුග්ගලිකසඤ්ඤී අඤ්ඤස්ස පුග්ගලිකෙ ආපත්ති දුක්කටස්ස. අත්තනො පුග්ගලිකෙ අනාපත්ති.
Sinhala BJTපුඟුල්සතුයෙහි සඟසතුසන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පුඟුල්සතුයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පුඟුල්සතුයෙහි පුඟුල්සතුසන් ඇතියේ අනෙකක්හුගේ පුඟුල්සතුයෙහි නම් දුකුළා ඇවැත් වේ. තමාගේ පුඟුල්සතුයෙහි නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: අලජ්ජිං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා, තස්ස පරික්ඛාරං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා, උම්මත්තකං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා, තස්ස පරික්ඛාරං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා භණ්ඩනකාරකං ... කලහකාරකං ... විවාදකාරකං ... භස්සකාරකං ... සඞ්ඝෙ අධිකරණකාරකං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා, තස්ස පරික්ඛාරං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා, අන්තෙවාසිකං වා සද්ධිවිහාරිකං වා න සම්මාවත්තන්තං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා තස්ස පරික්ඛාරං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTඅලජ්ජියකු ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ ඔහුගේ පිරිකර ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ උමතුවක්හු ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ ඔහුගේ පිරිකර ඇද දමා නම් හෝ ඇදදමවා නම් හෝ ඩබර කරන්නක්හු … කළහ කරන්නක්හු … විවාද කරන්නක්හු … බහින් බස් වන්නක්හු … සඟහු කෙරෙහි අධිකරණ කරන්නක්හු ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ ඔහුගේ පිරිකර ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ මැනැවින් නො පවත්නා වූ අතැවැස්සක්හු හෝ සද්ධි විහාරිකයක්හු හෝ ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ ඔහුගේ පිරිකර ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ (ඇවැත් නැති) උම්මත්තකයහට ද ආදිකම්මිකයහට ද ඇවැත් නැති.
Pali BJTනික්කඩ්ඪනසික්ඛාපදං සත්තමං.
Sinhala BJTසත්වැනි නික්කඩ්ඪනශික්‍ෂාපදය යි.
Pali BJT6. 2. 8.
Sinhala BJT6. 2. 8.
Pali BJTවෙහාසකුටිසික්ඛාපදං
Sinhala BJTවේහාසකුටි ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ද්වෙ භික්ඛූ සඞ්ඝිකෙ විහාරෙ උපරි වෙහාසකුටියා එකො හෙට්ඨා විහරති, එකො උපරි. උපරිමො භික්ඛු ආහච්චපාදකං මඤ්චං සහසා අභිනිසීදි. මඤ්චපාදො නිපතිත්වා{1} හෙට්ඨිමස්ස භික්ඛුනො මත්ථකෙ අවත්ථාසි. සො භික්ඛු විස්සරමකාසි. භික්ඛූ උපධාවිත්වා තං භික්ඛුං එතදවොචුං: “කිස්ස ත්වං ආවුසො විස්සරමකාසී”ති. අථ ඛො සො භික්ඛු භික්ඛූනං එතමත්ථං ආරොචෙසි.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සඟසතු වෙහෙරෙක්හි මතුමහලින් යුත් කිළියෙකැ දෙමහණ කෙනෙකි. එක් නමෙක් යටැ වෙසෙයි. එක් නමෙක් මතුයෙහි වෙසේ. මතුයෙහි වූ මහණ අටනියෙහි (ඇඳවත) සවිකළ පා ඇති ඇඳෙක යුහුසුලු වැ හුන්නේ යි. ඇඳපා වැටී යටැ හුන් මහණහුගේ මත්තෙහි වැතිරිණි. ඒ මහණ හඬ නැඟීය. භික්‍ෂූහු දිව අවුත් “ඇවැත්නි, තෙපි කුමට හඬ නැඟුවයි එ මහණහට කීහු. එකල්හි ඒ මහණ මහණුන්හට තෙල කරුණු සැලකෙළේ යි.
Pali BJT2. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම භික්ඛු සඞ්ඝිකෙ විහාරෙ උපරි වෙහාසකුටියා ආහච්චපාදකං මඤ්චං සහසා අභිනිසීදිස්සතීති -පෙ- සච්චං කිර ත්වං භික්ඛු සඞ්ඝිකෙ විහාරෙ උපරි වෙහාසකුටියා ආහච්චපාදකං මඤ්චං සහසා අභිනිසීදසීති. සච්චං භගවා, විගරහි බුද්ධො භගවා -පෙ-” කථං හි නාම ත්වං මොඝපුරිස සඞ්ඝිකෙ විහාරෙ උපරි වෙහාස කුටියා ආහච්චපාදකං මඤ්චං සහසා අභිනිසීදිස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් මහණ සඟසතු වෙහෙරෙක්හි මතුමහලින් යුත් කිළියෙකැ අටනියෙහි සවිකළ පා ඇති ඇඳෙක යුහුසුලුව වැ හුන්නේ දැ යි … සැබෑ ද මහණ තෝ සඟසතු වෙහෙරෙක්හි මතුමහලින් යුත් කිළියෙකැ අටනියෙහි සවිකළ පා ඇති ඇඳෙකැ යුහුසුලු වැ හිඳිහි දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් හිස්පුරුෂය, තෝ සඟසතු වෙහෙරෙක්හි මතුමහලින් යුත් කිළියෙකැ අටනියෙහි සවිකළ පා ඇති ඇඳෙකැ යුහුසුලු වැ හුන්නෙහි ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු සඞ්ඝිකෙ විහාරෙ උපරි වෙහාසකුටියා ආහච්චපාදකං මඤ්චං වා පීඨං වා අභිනිසීදෙය්ය වා අභිනිපජ්ජෙය්ය වා පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් සඟසතු වෙහෙරෙකැ මතුමහල් කිළියෙක්හි අටනියෙහි සවිකළ පා ඇති ඇඳෙකැ හෝ පුටුවෙකැ හෝ හිඳින්නේ නම් හෝ නිදන්නේ නම් හෝ පචිති ඇවැත් වේ” යයි.
Pali BJT3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT3. යො පන: යමෙක්, යම් බඳුයෙක් … භික්ඛු: … මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTසඞ්ඝිකො නාම: විහාරො සඞ්ඝස්ස දින්නො හොති පරිච්චත්තො.
Sinhala BJTසඞ්ඝික විහාර නම්: සඟනට දෙන ලද්දෙක් පරිත්‍යක්තයෙක් වෙයි.
Pali BJTවෙහාසකුටි නාම: මජ්ඣිමස්ස පුරිසස්ස අසීසඝට්ටා.
Sinhala BJTවේහාසකුටි නම්: මැදුම් පිරිම්නියක්හුගේ හිස නො ගැටෙන තැනි.
Pali BJTආහච්චපාදකො නාම: මඤ්චො අඞ්ගෙ විජ්ඣිත්වා ඨිතො හොති.
Sinhala BJTආහච්චපාදක නම්: ඇඳ අටනියෙහි විද සවිකොට තබන ලද්දේ වෙයි.
Pali BJTආහච්චපාදකං නාම: පීඨං අඞ්ගෙ විජ්ඣිත්වා ඨිතං හොති.
Sinhala BJTආහච්චපාදක නම්: පුටුව අටනියෙහි විද සවිකොට තබන ලද්දේ වෙයි.
Pali BJTඅභිනිසීදෙය්යාති: තස්මිං අභිනිසීදති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඅභිනිසීදෙය්‍ය: එහි වැද හිඳිනේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅභිනිපජ්ජෙය්යාති: තස්මිං අභිනිපජ්ජති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඅභිනිපජෙජය්‍ය: එහි වැදහෝනේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTසඞ්ඝිකෙ සඞ්ඝිකසඤ්ඤී උපරි වෙහාස කුටියා ආහච්චපාදකං මඤ්චං වා පීඨං වා අභිනිසීදති වා අභිනිපජ්ජති වා, ආපත්ති පාචිත්තියස්ස. සඞ්ඝිකෙ වෙමතිකො -පෙ- සඞ්ඝිකෙ පුග්ගලිකසඤ්ඤී උපරිවෙහාසකුටියා ආහච්චපාදකං මඤ්චං වා පීඨං වා අභිනිසීදති වා අභිනිපජ්ජති වා ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTසඟසතුයෙහි සඟසතු සන් ඇතියේ මතුමහල් කිළියෙහි අටනියෙහි සවිකළ පා ඇති ඇඳෙකැ හෝ පුටුවෙකැ හෝ වැදහිඳී නම් හෝ වැදහොවී නම් හෝ පචිති ඇවැත් වේ. සඟසතුයෙහි විමති ඇතියේ … සඟසතුයෙහි පුඟුල්සන් ඇතියේ මතුමහල් කිළියෙහි අටනියෙහි සවිකළ පා ඇති ඇඳෙකැ හෝ පුටුවෙකැ හෝ වැදහිඳී නම් හෝ වැදහොවී නම් හෝ පචිති ඇවැත් වේ.
Pali BJTපුග්ගලිකෙ සඞ්ඝිකසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. පුග්ගලිකෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. පුග්ගලිකෙ පුග්ගලිකසඤ්ඤී අඤ්ඤස්ස පුග්ගලිකෙ ආපත්ති දුක්කටස්ස. අත්තනො පුග්ගලිකෙ අනාපත්ති.
Sinhala BJTපුඟුල්සතුයෙහි පුඟුල්සතුසන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පුඟුල්සතුයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පුඟුල්සතුයෙහි පුඟුල්සතුසන් ඇතියේ අනෙකක්හුගේ පුඟුල්සතුයෙහි නම් දුකුළා ඇවැත් වේ. තමාගේ පුඟුල්සතුයෙහි නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: අවෙහාසකුටියා සීසඝට්ටාය{1} හෙට්ඨා අපරිභොගං හොති පදරසඤ්චිතං හොති පටාණි දින්නා හොති, තස්මිං ඨිතො ගණ්හාති{2} වා ලග්ගෙති වා උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTමතුමහලක් නැති කිළියෙහි හිසගැටෙන කිළියෙහි යටැ පරිභෝග නො වේ නම් පුවරුවලින් තැනුණෙක් වේ නම් (ඇඳපුටුහි) පාමුදුන ඇණ ලන ලද වේ නම් එහි සිටියේ ගනී නම් හෝ (අනෙකක්) එල්වන්නේ නම් හෝ (ඇවැත් නැති) උම්මත්තකයහට ද ආදිකම්මිකයහට ද ඇවැත් නැති.
Pali BJTවෙහාසකුටිසික්ඛාපදං අට්ඨමං.
Sinhala BJTඅටවැනි වේහාසකුටිශික්‍ෂාපද යි.
Pali BJT6. 2. 9.
Sinhala BJT6. 2. 9.
Pali BJTමහල්ලකවිහාරසික්ඛාපදං
Sinhala BJTමහල්ලක විහාර ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මතො ඡන්නස්ස උපට්ඨාකො මහාමත්තො ආයස්මතො ඡන්නස්ස විහාරං කාරාපෙති. අථ ඛො ආයස්මා ඡන්නො කතපරියොසිතං විහාරං පුනප්පුනං ඡාදාපෙසි.{3} පුනප්පුනං ලෙපාපෙසි.{4} අතිභාරිතො විහාරො පරිපති. අථ ඛො ආයස්මා ඡන්නො තිණඤ්ච කට්ඨඤ්ච සංකඩ්ඪන්තො අඤ්ඤතරස්ස බ්රාහ්මණස්ස යවඛෙත්තං දූසෙසි. අථ ඛො සො බ්රාහ්මණො උජ්ඣායති ඛීයති විපාචෙති: “කථං හි නාම භදන්තා අම්හාකං යවඛෙත්තං දූසෙස්සන්තී”ති. අස්සොසුං ඛො භික්ඛූ තස්ස බ්රාහ්මණස්ස උජ්ඣායන්තස්ස ඛීයන්තස්ස විපාචෙන්තස්ස.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩවෙසෙති. එසමයෙහි ආයුෂ්මත් ඡන්නයන්ගේ උපස්ථායක වූ මහාමාත්‍රයෙක් ආයුෂ්මත් ඡන්නහට වෙහෙරක් කරවයි. එකල්හි ආයුෂ්මත් ඡන්න කළ නිමාම් ඇති වෙහෙර පුන පුනා සෙවෙනි කරැවී. පුන පුනා අලෙව් දෙවී. ඉතා බර වූ වෙහෙර ඇද වැටිණ. එකල්හි ඡන්න තෙමේ තණ ද දර ද ඇද රැස් කරනුයේ එක්තරා බමුණක්හුගේ යව කෙත වැනසී ය. එකල්හි ඒ බමුණු ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි: කෙසේ නම් පින්වත්හු අපගේ යව කෙත වැනැසූ දැ යි භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරු වන ඒ බමුණක්හුගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු.
Pali BJT2. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා ඡන්නො කතපරියොසිතං විහාරං පුනප්පුනං ඡාදාපෙස්සති පුනප්පුනං ලෙපාස්සෙපති අතිභාරිතො විහාරො පරිපතීති -පෙ- සච්චං කිර ත්වං ඡන්න කතපරියොසිතං විහාරං පුනප්පුනං ඡාදාපෙසි පුනප්පුනං ලෙපාපෙසි අතිභාරිතො විහාරො පරිපතීති. සච්චං භගවා, විගරහි බුද්ධො භගවා -පෙ-” කථං හි නාම ත්වං මොඝපුරිස කතපරියොසිතං විහාරං පුනප්පුනං ඡාදාපෙස්සසි පුනප්පුනං ලෙපාපෙස්සසි අතිභාරිතො විහාරො පරිපති. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලාමක කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ආයුෂ්මත් ඡන්න කළ නිමාම් ඇති වෙහෙර පුනපුනා සෙවෙනි කරැවී ද? පුනපුනා ලෙපනය කරැවී ද? ඉතා බර වූ වෙහෙර ඇද වැටිණැ යි … සැබෑ ද? ඡන්න, තෝ කළ නිමාම් ඇති වෙහෙර පුනපුනා සෙවෙනි කරවූයෙහි ද? පුනපුනා ලෙපනය කරවූයෙහි ද? ඉතා බර වූ වෙහෙර ඇද වැටිණැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් හිස් පුරුෂය, තෝ කළ නිමාම් ඇති වෙහෙරක් පුනපුනා සෙවෙනි කරවූයෙහි ද? පුනපුනා ලෙපනය කරවූයෙහි ද? ඉතා බර වූ වෙහෙර ඇද වැටිණ. හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය ට හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJT“මහල්ලකං පන භික්ඛුනා විහාරං කාරයමානෙන යාව ද්වාරකොසා අග්ගලට්ඨපනාය ආලොකසන්ධිපරිකම්මාය ද්වත්තිච්ඡදනස්ස පරියායං අප්පහරිතෙ ඨිතෙන අධිට්ඨාතබ්බං, තතො චෙ උත්තරිං අප්පහරිතෙ පි ඨිතො අධිට්ඨහෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“මහත් වෙහෙරක් කරවන මහණහු විසින් ද්වාරකෝසය දක්වා අගුළු තරවන පිණිස ද, වාකවුළු පිරියම් පිණිස ද (පුනපුනා ලිම්පනය කළ යුතු යි) සෙවින්න පිළිබඳ දෙතුන් පරික්‍ෂේපයක් තෘණ නැති තන්හි සිටියහු විසින් විධාන කළ යුතු යැ. ඉදින් ඒ දෙතුන් පරික්‍ෂේපයකින් මත්තෙහි තෘණ නැති තන්හිදු සිටියේ විධාන කරන්නේ නම් පචිති වේ” යයි.
Pali BJT3. මහල්ලකො නාම: විහාරො සස්සාමිකො වුච්චති. විහාරො නාම: උල්ලිත්තො වා හොති අවලිත්තො වා උල්ලිත්තාවලිත්තො වා.
Sinhala BJT3. මහල්ලක නම්: (කරවා දෙන) හිමියකු ඇති ‘වෙහෙරැ’යි කියනු ලැබේ. විහාර නම්: ඇතුළතැ අලෙව් දුන්නේ හෝ බැහැරැ අලෙව් දුන්නේ හෝ ඇතුළතැ බැහැරැ අලෙව් දුන්නේ හෝ වෙයි.
Pali BJTකාරයමානෙනාති: කරොන්තො වා කාරාපෙන්තො වා.
Sinhala BJTකාරයමානෙන: කරන්නේ හෝ කරවන්නේ හෝ යි.
Pali BJTයාවද්වාරකොසාති: පිට්ඨසඞ්ඝාටස්ස{1} සමන්තා හත්ථපාසා.
Sinhala BJTයාවද්වාරකෝසා: දොරබා අවට අත්පස තෙක්
Pali BJTඅග්ගලට්ඨපනායාති: ද්වාරට්ඨපනාය.
Sinhala BJTඅග්ගලට්ඨපනාය: දොරගුළු තහවුරු වැ පැවැත්ම පිණිස.
Pali BJTආලොකසන්ධිපරිකම්මායාති: වාතපානපරිකම්මාය. සෙතවණ්ණං කාළවණ්ණං ගෙරුකපරිකම්මං මාලාකම්මං ලතාකම්මං මකරදන්තකං පඤ්චපටිකං.
Sinhala BJTආලෝකසන්‍ධිපරිකම්මාය: වාකවුළුහි පිරියම් පිණිස, ශ්වේතවර්‍ණ යැ කාලවර්‍ණ යැ ගෛරික පරිකර්‍ම යැ මාලාකර්‍ම යැ ලතාකර්‍ම යැ මකරදන්තක යැ පඤ්චපටික යැ (කරන්නට වටී).
Pali BJTද්වත්තිච්ඡදනස්ස පරියායං අප්පහරිතෙ ඨිතෙන අධිට්ඨාතබ්බන්ති: හරිතං නාම: පුබ්බණ්ණං අපරණ්ණං. සචෙ හරිතෙ ඨිතො අධිට්ඨාති ආපත්ති දුක්කටස්ස. මග්ගෙන ඡාදෙන්තස්ස ද්වෙ මග්ගෙ අධිට්ඨහිත්වා තතියං මග්ගං ආණාපෙත්වා පක්කමිතබ්බං. පරියායෙන ඡාදෙන්තස්ස ද්වෙ පරියායෙ අධිට්ඨහිත්වා තතියං පරියායං ආණාපෙත්වා පක්කමිතබ්බං.
Sinhala BJTද්වත්තිච්ඡදනස්ස පරියායං අප්පහරිතේ ඨිතෙන අධිට්ඨාතබ්බං: මෙහි හරිත නම්: පූර්‍වාන්න යැ අපරාන්න යි. ඉදින් හරිතයෙහි (තණබිම්හි) සිටියේ විධාන කෙරේ නම් දුකුළා ඇවැත් වේ. ඍජු මාර්‍ගයෙන් සොයන්නහුට (සෙවිලි කරන්නහුට) දෙමගක් විධාන කොට තෙවන මග අණවා බැහැර යා යුතු යි. පරික්‍ෂේපයෙන් සොයන්නහුට දෙ පරියායක් විධාන කොට තෙවන පරියාය අණවා බැහැර යා යුතු යි.
Pali BJTතතො චෙ උත්තරිං අප්පහරිතෙපි ඨිතො අධිට්ඨහෙය්යාති: ඉට්ඨකාය ඡාදෙන්තස්ස ඉට්ඨකිට්ඨකාය{1} ආපත්ති පාචිත්තියස්ස. සිලාය ඡාදෙන්තස්ස සිලාය සිලාය ආපත්ති පාචිත්තියස්ස. සුධාය ඡාදෙන්තස්ස පිණ්ඩෙ පිණ්ඩෙ ආපත්ති පාචිත්තියස්ස. තිණෙන ඡාදෙන්තස්ස කරළෙ කරළෙ ආපත්ති පාචිත්තියස්ස. පණ්ණෙන ඡාදෙන්තස්ස පණ්ණෙ පණ්ණෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTතතො චෙ උත්තරිං අප්පහරිතෙපි ඨිතො අධිට්ඨහෙය්‍ය: උළුයෙන් සොයන්නා (සෙවිලි කරන්නා) හට උළුයෙහි උළුයෙහි පචිති ඇවැත් වේ. ගලින් සොයන්නාහට ගලෙහි ගලෙහි පචිති ඇවැත් වේ. සුන්නෙන් සොයන්නාහට පිඬෙහි පිඬෙහි පචිති ඇවැත් වේ. තෘණයෙන් සොයන්නා හට කැරලියෙහි කැරලියෙහි පචිති ඇවැත් වේ. පර්ණයෙන් සොයන්නා හට පර්ණයෙහි පර්ණයෙහි පචිති ඇවැත් වේ.
Pali BJTඅතිරෙකද්වත්තිපරියායෙ අතිරෙකසඤ්ඤී අධිට්ඨාති ආපත්ති පාචිත්තියස්ස. අතිරෙකද්වත්තිපරියායෙ වෙමතිකො අධිට්ඨාති ආපත්ති පාචිත්තියස්ස. අතිරෙකද්වත්තිපරියායෙ ඌනකසඤ්ඤී අධිට්ඨාති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඅයිරා දෙතුන් පරියාහි අයිරාසන් ඇතියේ විධාන කෙරේ නම් පචිති ඇවැත් වේ. අයිරා දෙතුන් පරියාහි විමති ඇතියේ විධාන කෙරේ නම් පචිති ඇවැත් වේ. අයිරා දෙතුන් පරියාහි උනුසන් ඇතියේ විධාන කෙරේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTඌනකද්වත්තිපරියායෙ අතිරෙකසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. ඌනකද්වත්තිපරියායෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. ඌනකද්වත්තිපරියායෙ ඌනකසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTඋනු දෙතුන් පරියාහි අයිරාසන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. උනු දෙතුන් පරියාහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. උනු දෙතුන් පරියාහි උනුසන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: ද්වත්තිපරියායෙ, ඌනකද්වත්තිපරියායෙ{2}, ලෙණෙ ගුහාය, තිණකුටිකාය අඤ්ඤස්සත්ථාය, අත්තනො ධනෙන වාසාගාරං ඨපෙත්වා සබ්බත්ථ අනාපත්ති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTදෙතුන් පරියාහි, උනු දෙතුන් පරියාහි, ලෙනෙහි, ගුහායෙහි, තණකිළියෙහි මෙරමා සඳහා නම්, සිය ධනයෙන් නම් වසන ගෙය තබා හැම තන්හි ඇවැත් නැති. උම්මත්තකයහට ද ආදිකම්මිකයහට ද ඇවැත් නැති.
Pali BJTමහල්ලකවිහාරසික්ඛාපදං නවමං.
Sinhala BJTනවවැනි මහල්ලකවිහාරශික්‍ෂාපදය යි.
Pali BJT6. 2. 10.
Sinhala BJT6. 2. 10.
Pali BJTසප්පාණකසික්ඛාපදං
Sinhala BJTසප්පාණක ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා ආළවියං විහරති අග්ගාළවෙ චෙතියෙ. තෙන ඛො පන සමයෙන ආළවකා භික්ඛූ නවකම්මං කරොන්තා ජානං සප්පාණකං උදකං තිණම්පි මත්තිකම්පි සිඤ්චන්තිපි සිඤ්චාපෙන්තිපි.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු අළවු නුවරැ අග්ගාලව චෛත්‍යයෙහි වැඩවෙසෙති. එසමයෙහි අළවු නුවරැ වැසි භික්‍ෂූහු නවාම් කරනුවෝ දැන දැන පණුවන් සහිත ජලය තණකොළ වලට ද මැටිවලට ද ඉසීම කෙරෙත් ඉස් වීම ද කරවත්.
Pali BJT2. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආළවකා භික්ඛූ ජානං සප්පාණකං උදකං තිණම්පි මත්තිකම්පි සිඤ්චිස්සන්තිපි සිඤ්චාපෙස්සන්තිපී”ති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ ජානං සප්පාණකං උදකං තිණම්පි මත්තිකම්පි සිඤ්චථා’පි සිඤ්චාපෙථාපීති. සච්චං භගවා, විගරහි බුද්ධො භගවා -පෙ- “කථං හි නාම තුම්හෙ මොඝපුරිසා ජානං සප්පාණකං උදකං තිණම්පි මත්තිකම්පි සිඤ්චිස්සථාපි සිඤ්චාපෙස්සථාපි. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් අළවු නුවරැ වැසි භික්‍ෂූහු දැන දැන පණුවන් සහිත ජලය තණකොළවලට ද මැටිවලට ද ඉසීම කළාහු ද? ඉසීම කැරැවූහු දැ යි. … සැබෑ ද? මහණෙනි, තෙපි දැන දැන පණුවන් සහිත ජලය තණකොළවලට ද මැටිවලට ද ඉසීම කරවු ද? ඉසීම කරවවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරැහූ … කෙසේ නම් හිස් පුරුෂයෙනි තෙපි දැනැ දැනැ පණුවන් සහිත ජලය තණකොළවලට ද මැටිවලට ද ඉසීම කළහු ද? ඉසීම කැරවූවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු ජානං සප්පාණකං උදකං තිණං වා මත්තිකං වා සිඤ්චෙය්ය වා සිඤ්චාපෙය්ය වා පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් දැනැ දැනැ පණුවන් සහිත ජලය තණකොළවලට හෝ මැටිවලට හෝ ඉසින්නේ නම් හෝ ඉස්වන්නේ නම් හෝ පචිති වේ” යයි.
Pali BJT3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT3. යෝපන: යම්, යම් බඳු … භික්ඛු … මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTජානාති නාම{1}: සාමං වා ජානාති අඤ්ඤෙ වා තස්ස ආරොචෙන්ති.
Sinhala BJTජානාති නම්: තෙමේ හෝ දනී. අන්හු හෝ ඔහුට ඇරොජත්.
Pali BJTසිඤ්චෙය්යාති: සයං සිඤ්චති, ආපත්ති පාචිත්තියස්ස. සිඤ්චාපෙය්යාති: අඤ්ඤං ආණාපෙති ආපත්ති පාචිත්තියස්ස. සකිං ආණත්තො බහුකම්පි සිඤ්චති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTසිඤ්චෙය්‍ය: තෙමේ ඉසී නම් පචිති ඇවැත් වේ. සිඤ්චාපෙය්‍ය: අනෙකක්හට අණවා නම් පචිති ඇවැත් වේ. වරක් අණවන ලද්දේ බොහෝ කොට ද ඉසී නම් පචිති ඇවැත් වේ.
Pali BJTසප්පාණකෙ සප්පාණකසඤ්ඤී තිණං වා මත්තිකං වා සිඤ්චති වා සිඤ්චාපෙති වා, ආපත්ති පාචිත්තියස්ස. සප්පාණකෙ වෙමතිකො තිණං වා මත්තිකං වා සිඤ්චති වා සිඤ්චාපෙති වා ආපත්ති දුක්කටස්ස. සප්පාණකෙ අප්පාණකසඤ්ඤී තිණං වා මත්තිකං වා සිඤ්චති වා සිඤ්චාපෙති වා අනාපත්ති.
Sinhala BJTපණුවන් ඇති ජලයෙහි පණුවන් ඇති සන් ඇතියේ තණකොළ වලට ද මැටිවලට ද ඉසී නම් හෝ ඉස්වා නම් හෝ පචිති ඇවැත් වේ. පණුවන් ඇතියෙහි විමති ඇතියේ තණකොළවලට ද මැටිවලට ද ඉසී නම් හෝ ඉස්වා නම් හෝ දුකුළා ඇවැත් වේ. පණුවන් ඇතියෙහි පණුවන් නැති සන් ඇතියේ තණකොළවලට ද මැටිවලට ද ඉසී නම් හෝ ඉස්වා නම් හෝ ඇවැත් නැති.
Pali BJTඅප්පාණකෙ සප්පාණකසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අප්පාණකෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අප්පාණකෙ අප්පාණකසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTපණුවන් නැතියෙහි පණුවන් ඇති සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පණුවන් නැතියෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පණුවන් නැතියෙහි පණුවන් නැති සන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච අසතියා අජානන්තස්ස. උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට ද නො සිහියෙන් කරන්නහුට ද නො දන්නහුට ද උම්මත්තකයහට ද ආදිකම්මිකයහට ද ඇවැත් නැති.
Pali BJTසප්පාණකසික්ඛාපදං දසමං.
Sinhala BJTදසවැනි සප්පාණක ශික්‍ෂාපද යි.
Pali BJTභූතගාමවග්ගො{2} දුතියො.
Sinhala BJTද්විතීය භූතගාම වර්‍ග යි.