Pācittiya

Expiation Rules

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 4101-4200 න් 4249

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT2. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්ඛුනී යි.
Pali BJTඉත්ථාලංකාරො නාම: සීසූපගො ගීවූපගො හත්ථූපගො පාදූපගො කටූපගො.
Sinhala BJTඉත්‍ථාලඞ්කාර නම්: හිසැ පළඳනා යැ, ගෙල පළඳනා යැ, අත්පළඳනා යැ, පා පළඳනා යැ, කටී පළඳනා යි.
Pali BJTධාරෙය්යාති: සකිම්පි ධාරෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTධාරෙය්‍ය යනු: වරකුදු දරා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: ආබාධපච්චයා උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඅනාපත්ති: ආබාධ හේතුයෙන් ඇවැත් නැති. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTචතුත්ථසික්ඛාපදං.
Sinhala BJTසතර වැනි ශික්‍ෂාපද යි.
Pali BJT4. 9. 5.
Sinhala BJT4. 9. 5.
Pali BJTපඤ්චම සික්ඛාපදං
Sinhala BJTපස්වන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛුනියො ගන්ධවණ්ණකෙන නහායන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො ගන්ධවණ්ණකෙන නහායිස්සන්ති සෙය්යථාපි ගිහී කාමභොගිනියො”ති. අස්සොසුං ඛො භික්ඛුනියො තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛුනියො ගන්ධවණ්ණකෙන නහායිස්සන්තී”ති. -පෙ- සච්චං කිර භික්ඛවෙ, ඡබ්බග්ගියා භික්ඛුනියො ගන්ධවණ්ණකෙන නහායන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා. -පෙ- කථං හි නාම භික්ඛවෙ, ඡබ්බග්ගියා භික්ඛුනියො ගන්ධවණ්ණකෙන නහායිස්සන්ති. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT1. සැවැත්නිදාන යි – එසමයෙහි සවග මෙහෙණහු සුවඳින් හා පැහැගන්වන දැයින් යුතු වැ ස්නාන කෙරෙති. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහී කාමභෝගිනීන් මෙන් ගන්‍ධවර්‍ණකයෙන් ස්නාන කළාහු දැ”යි. මෙහෙණහු ඒ ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන මිනිසුන්ගේ බස් ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අල්පේච්ඡ වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණහු ගන්‍ධවර්‍ණකයෙන් ස්නාන කළාහු දැ”යි ... සැබෑ ද මහණෙනි, සවග මෙහෙණහු ගන්‍ධවර්‍ණකයෙන් ස්නාන කෙරෙත් ලැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරැහූ ... “කෙසේ නම් මහණෙනි, සවග මෙහෙණහු ගන්‍ධවර්‍ණකයෙන් ස්නාන කළාහු ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී ගන්ධවණ්ණකෙන නහායෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් ගන්‍ධවර්‍ණකයෙන් ස්නාන කෙරේ නම් පචිති ඇවැත් වේ” යයි.
Pali BJT2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT2. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්ඛුනී යි.
Pali BJTගන්ධො නාම: යො කොචි ගන්ධො.
Sinhala BJTගන්‍ධ නම්: යම් කිසි ගඳෙකි.
Pali BJTවණ්ණකං නාම: යං කිඤ්චි වණ්ණකං.
Sinhala BJTවණ්ණක නම්: යම් කිසි වර්‍ණයෙකි.
Pali BJTනහායෙය්යාති: නහායති. පයොගෙ දුක්කටං, නහානපරියොසානෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTනහායෙය්‍ය යනු: ස්නාන කෙරෙයි. ප්‍රයෝගයෙහි දුකුළා ඇවැත් වෙයි. ස්නාන කෙළවර පචිති ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: ආබාධප්පච්චයා උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඅනාපත්ති: ආබාධ හේතුයෙන් ඇවැත් නැත. උමතු වූවාට ... ආදිකම්මික වූවාට ඇවැත් නැති.
Pali BJTපඤ්චමසික්ඛාපදං.
Sinhala BJTපස්වැනි ශික්‍ෂාපද යි.
Pali BJT4. 9. 6.
Sinhala BJT4. 9. 6.
Pali BJTඡට්ඨසික්ඛාපදං
Sinhala BJTසවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛුනියො වාසිතකෙන පිඤ්ඤාකෙන නහායන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො වාසිතකෙන පිඤ්ඤාකෙන නහායිස්සන්ති සෙය්යථාපි ගිහී කාමභොගිනියො”ති. අස්සොසුං ඛො භික්ඛුනියො තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛුනියො වාසිතකෙන පිඤ්ඤාකෙන නහායිස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ, ඡබ්බග්ගියා භික්ඛුනියො වාසිතකෙන පිඤ්ඤාකෙන නහායන්තීති.
Sinhala BJT1. සැවැත්නිදාන යි – එසමයෙහි සවග මෙහෙණහු සුවඳ කැවූ තල මුරුවටයෙන් ස්නාන කෙරෙති. මිනිස්සු අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහීකාමභෝගිනීන් මෙන් සුවඳ කැවූ තලමුරුවටයෙන් ස්නාන කළාහු දැ”යි. මෙහෙණහු අවමන් කොට සිතන නුගුණ කියන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ බස් ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අල්පේච්ඡ වූවාහු ... ඔහු අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණහු සුවඳ කැවූ තලමුරුවටයෙන් ස්නාන කළාහු දැ”යි ... සැබෑ ද මහණෙනි, සවග මෙහෙණහු සුවඳ කැවූ තලමුරුවටයෙන් ස්නාන කෙරෙත් ලැයි.
Pali BJTසච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ, ඡබ්බග්ගියා භික්ඛුනියො වාසිතකෙන පිඤ්ඤාකෙන නහායිස්සන්ති. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJTසැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරැහූ ... මහණෙනි, කෙසේ නම් සවග මෙහෙණහු සුවඳ කැවූ තලමුරුවටයෙන් ස්නාන කළාහු ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මහණෙනි මෙහෙණහු, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී වාසිතකෙන පිඤ්ඤාකෙන නහායෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් සුවඳ කැවූ තලමුරුවටයෙන් ස්නාන කෙරේ නම් පචිති ඇවැත් වේ” යයි.
Pali BJT2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT2. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්ඛුනී යි.
Pali BJTවාසිතකං නාම: යං කිංචි ගන්ධවාසිතකං.
Sinhala BJTවාසිතක නම්: යම් කිසි සුවඳකවන ලද්දකි.
Pali BJTපිඤ්ඤාකං නාම: තිලපිට්ඨං වුච්චති.
Sinhala BJTපිඤ්ඤාක නම්: තලපිටි යයි කියනු ලැබේ.
Pali BJTනහායෙය්යාති නහායති. පයොගෙ දුක්කටං, නහානපරියොසානෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTනහායෙය්‍ය යනු: ස්නාන කෙරෙයි. ප්‍රයෝගයෙහි දුකුළා ඇවැත් වෙයි. ස්නාන කෙළවර පචිති ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: ආබාධප්පච්චයා පකතිපිඤ්ඤාකෙන නහායති උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඅනාපත්ති: ආබාධ හේතුයෙන් ඇවැත් නැත. පියවි මුරුවටයෙන් ස්නාන කෙරේ ද, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTඡට්ඨසික්ඛාපදං.
Sinhala BJTසවැනි ශික්‍ෂාපද යි.
Pali BJT4. 9. 7.
Sinhala BJT4. 9. 7.
Pali BJTසත්තමසික්ඛාපදං
Sinhala BJTසත්වන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික්ඛුනියො භික්ඛුනියා උම්මද්දාපෙන්තිපි පරිමද්දාපෙන්තිපි. මනුස්සා විහාරචාරිකං ආහිණ්ඩන්තා පස්සිත්වා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො භික්ඛුනියා උම්මද්දාපෙස්සන්තිපි පරිමද්දාපෙස්සන්තිපි සෙය්යථාපි ගිහීකාමභොගිනියො”ති. අස්සොසුං ඛො භික්ඛුනියො තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො භික්ඛුනියා උම්මද්දාපෙස්සන්තිපි පරිමද්දාපෙස්සන්ති පී”ති. -පෙ- සච්චං කිර භික්ඛවෙ, භික්ඛුනියො භික්ඛුනියා උම්මද්දාපෙන්ති පි පරිමද්දාපෙන්ති පීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා. -පෙ- කථං හි නාම භික්ඛවෙ, භික්ඛුනියො භික්ඛුනියා උම්මද්දාපෙස්සන්ති පි පරිමද්දාපෙස්සන්ති පි. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT1. සැවැත්නිදාන යි – එසමයෙහි මෙහෙණහු මෙහෙණක ලවා ඇඟ ඉලීම ද කරවති, සම්බාහන ද කරවත්. මිනිස්සු විහාරචාරිකා කරන්නාහු දැක අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහී කාමභෝගිනීන් මෙන් මෙහෙණක ලවා ඇඟ ඉලීම ද, සම්බාහන ද කරවූහු දැ යි. මෙහෙණහු අවමන් කොට සිතන නුගුණ කියන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ බස් ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අල්පේච්ඡ වූවාහුද ඔහු අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු මෙහෙණක ලවා ඇඟ ඉලීම ද සම්බාහන ද කරවූහු දැ”යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණහු මෙහෙණක ලවා ඇඟ ඉලීම ද සම්බාහන ද කරවත් ලැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරැහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණහු මෙහෙණක ලවා ඇඟ ඉලීම ද සම්බාහන ද කරවූහු දැ යි. මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මහණෙනි මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී භික්ඛුනියා උම්මද්දාපෙය්ය වා පරිමද්දාපෙය්ය වා පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් මෙහෙණක ලවා ඇඟ ඉලීම කරවන්නී නම් හෝ සම්බාහන කරවන්නී නම් හෝ පචිති ඇවැත් වේ” යයි.
Pali BJT2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT2. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්‍ෂුණී යි.
Pali BJTභික්ඛුනියාති: අඤ්ඤාය භික්ඛුනියා.
Sinhala BJTභික්ඛුනියා යනු: අන් මෙහෙණක ලවා.
Pali BJTඋම්මද්දාපෙය්ය වා ති: උබ්බට්ටාපෙති{1} ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඋම්මද්දාපෙය්‍ය වා යනු: ඇඟ උළවා නම් පචිති ඇවැත් වෙයි.
Pali BJTපරිමද්දාපෙය්ය වා ති: සම්බාහාපෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTපරිමද්දාපෙය්‍ය වා යනු: සම්බාහන කරවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: ගිලානාය, ආපදාසු, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඅනාපත්ති: ගිලන් වූවාට ද ආපදායෙහි ද උමතු වූවාට ද ... ආදිකම්මික වූවාට ද ඇවැත් නැති.
Pali BJTසත්තමසික්ඛාපදං.
Sinhala BJTසත්වැනි ශික්‍ෂාපද යි.
Pali BJT4. 9. 8-10.
Sinhala BJT4. 9. 8-10.
Pali BJTඅට්ඨම-නවම-දසමසික්ඛාපදං
Sinhala BJTඅට–නව–දසවන සිකපද
Pali BJT1. සාවත්ථිනිදානං - තෙන ඛො පන සමයෙන භික්ඛුනියො සික්ඛමානාය උම්මද්දාපෙන්තිපි පරිමද්දාපෙන්තිපි -පෙ- සාමණෙරාය උම්මද්දාපෙන්තිපි පරිමද්දාපෙන්තිපි. -පෙ- ගිහීනියා උම්මද්දාපෙන්තිපි පරිමද්දාපෙන්තිපි. මනුස්සා විහාරචාරිකං ආහිණ්ඩන්තා පස්සිත්වා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො ගිහීනියා උම්මද්දාපෙස්සන්තිපි පරිමද්දාපෙස්සන්තිපි සෙය්යථාපි ගිහී කාමභොගිනියො”ති. අස්සොසුං ඛො භික්ඛුනියො තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: කථං හි නාම භික්ඛුනියො ගිහීනියා උම්මද්දාපෙස්සන්තිපි, පරිමද්දාපෙස්සන්තිපී”ති. -පෙ- සච්චං කිර භික්ඛවෙ, භික්ඛුනියො ගිහීනියා උම්මද්දාපෙන්තිපි පරිමද්දාපෙන්තිපීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ, භික්ඛුනියො ගිහීනියා උම්මද්දාපෙන්තිපි පරිමද්දාපෙන්තිපි. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT1. සැවැත්නිදාන යි – එසමයෙහි මෙහෙණහු ශික්‍ෂමාණාවක ලවා ඇඟ ඉළීම ද කරවති. සම්බාහන ද කරවත් ... හෙරැණියක ලවා ඇඟ ඉළීම ද කරවති. සම්බාහන ද කරවත් ... ගෘහිණියක ලවා ඇඟ ඉළීම ද කරවති. සම්බාහන ද කරවත්. මිනිස්සු විහාරචාරිකා කරන්නාහු දැක අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහීකාමභෝගිනීන් මෙන් ගෘහිණියක ලවා ඇඟ ඉළීම ද සම්බාහන ද කරවූහු දැ” යි. මෙහෙණහු අවමන් කොට සිතන නුගුණ කියන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ බස් ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අල්පෙච්ඡ වූවාහු ... ඔහු අවමන් කොට සිතති, නුගුණ කියති. දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහී කාමභෝගිනීන් මෙන් ගෘහිණියක ලවා ඇඟ ඉළීම ද සම්බාහන ද කරවූහු දැ” යි ... “සැබෑ ද මහණෙනි, මෙහෙණහු ගෘහිණියක ලවා ඇඟ ඉළීම ද සම්බාහන ද කරවත් ලැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරැහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණහු ගෘහිණිය ලවා ඇඟ ඉළීම ද සම්බාහන ද කරවූහු ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී සික්ඛමානාය -පෙ- සාමණෙරාය -පෙ- ගිහීනියා උම්මද්දාපෙය්ය වා පරිමද්දාපෙය්ය වා, පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් ශික්‍ෂමානාවක ... හෙරණියක ... ගෘහිණියක ලවා ඇඟ ඉළීම කරවන්නී නම් හෝ සම්බාහන කරවන්නී නම් හෝ පචිති ඇවැත් වේ” යයි.
Pali BJT2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT2. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්ඛුනී යි.
Pali BJTසික්ඛමානා නාම: ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛා.
Sinhala BJTසික්ඛමානා නම්: දෑවුරුද්දක් සවැදෑරුම් ධර්‍මයෙහි හික්මුණු ශික්‍ෂා ඇත්තී.
Pali BJTසාමණෙරා නාම: දසසික්ඛාපදිකා.
Sinhala BJTසාමණේරා නම්: දශ ශික්‍ෂාපද ඇත්තී.
Pali BJTගිහිනී නාම: අගාරිනී වුච්චති.
Sinhala BJTගිහීනි නම්: ගෘහිණී කියනු ලැබේ.
Pali BJTඋම්මද්දාපෙය්ය වාති: උබ්බට්ටාපෙති, ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඋම්මද්දාපෙය්‍ය වා යනු: ඇඟ ඉළීම කරවානම් පචිති ඇවැත් වෙයි.
Pali BJTපරිමද්දාපෙය්ය වාති: සම්බාහාපෙති, ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTපරිමද්දාපෙය්‍ය වා යනු: සම්බාහන කරවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: ගිලානාය ආපදාසු උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඅනාපත්ති: ගිලන් වූවාට ද ආපදායෙහි ද උමතු වූවාට ද ... ආදිකම්මික වූවාට ද ඇවැත් නැති.
Pali BJTඅට්ඨම නවම දසම සික්ඛාපදානි.
Sinhala BJTඅට–නව–දසවැනි ශික්‍ෂාපද යි.
Pali BJT4. 9. 11.
Sinhala BJT4. 9. 11.
Pali BJTඑකාදසමසික්ඛාපදං
Sinhala BJTඑකොළොස්වන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික්ඛුනියො භික්ඛුස්ස පුරතො අනාපුච්ඡා ආසනෙ නිසීදන්ති. භික්ඛූ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො භික්ඛුස්ස පුරතො අනාපුච්ඡා ආසනෙ නිසීදිස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ, භික්ඛුනියො භික්ඛුස්ස පුරතො අනාපුච්ඡා ආසනෙ නිසීදන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ, භික්ඛුනියො භික්ඛුස්ස පුරතො අනාපුච්ඡා ආසනෙ නිසීදිස්සන්ති. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT1. සැවැත්නිදාන යි – එසමයෙහි මෙහෙණහු මහණකු ඉදිරියෙහි නො විචාරා අසුන්හි හිඳගනිති. මහණහු අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු මහණකු ඉදිරියෙහි නො විචාරා අසුන්හි හුන්හු දැ”යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණහු මහණක්හු පෙරට වැ නො විචාරා අසුන්හි හිඳිත් ලැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරැහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණහු මහණක්හු පෙරට වැ නො විචාරා අසුන්හි හුන්හු ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී භික්ඛුස්ස පුරතො අනාපුච්ඡා ආසනෙ නිසීදෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් මහණක්හු පෙරට වැ නො විචාරා අස්නෙකැ හිඳගන්නී නම් පචිති ඇවැත් වේ” යයි.
Pali BJT2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT2. යා පන යනු : යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්ඛුනී යි.
Pali BJTභික්ඛුස්ස පුරතොති: උපසම්පන්නස්ස පුරතො.
Sinhala BJTභික්ඛුස්ස පුරතො යනු: උපසපනක්හු පෙරට වැ.
Pali BJTඅනාපුච්ඡාති: අනපලොකෙත්වා.
Sinhala BJTඅනුපුච්ඡා යනු: අපලෝකන නො කොට.
Pali BJTආසනෙ නිසීදෙය්යාති: අන්තමසො ඡමායපි නිසීදති, ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTආසනෙ නිසීදෙය්‍ය යනු: යටත් පිරිසෙයින් බිම ද හිඳී නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅනාපුච්ඡිතෙ අනාපුච්ඡිතසඤ්ඤා ආසනෙ නිසීදති, ආපත්ති පාචිත්තියස්ස. අනාපුච්ඡිතෙ වෙමතිකා ආසනෙ නිසීදති, ආපත්ති පාචිත්තියස්ස. අනාපුච්ඡිතෙ ආපුච්ඡිතසඤ්ඤා ආසනෙ නිසීදති, ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTනො විචාළ කල්හි නො විචාළ සංඥා ඇති වැ අස්නෙහි හිඳී නම් පචිති ඇවැත් වෙයි. නො විචාළ කල්හි විමති ඇති වැ අස්නෙහි හිඳී නම් පචිති ඇවැත් වෙයි. නො විචාළ කල්හි විචාළ සංඥා ඇති වැ අස්නෙහි හිඳී නම් පචිති ඇවැත් වෙයි.
Pali BJTආපුච්ඡිතෙ අනාපුච්ඡිතසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. ආපුච්ඡිතෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. ආපුච්ඡිතෙ ආපුච්ඡිතසඤ්ඤා අනාපත්ති:.
Sinhala BJTවිචාළ කල්හි නො විචාළ සංඥා ඇති වී නම් දුකුළා ඇවැත් වෙයි. විචාළ කල්හි විමති ඇති වී නම් දුකුළා ඇවැත් වෙයි. විචාළ කල්හි විචාළ සංඥා ඇති වී නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: ආපුච්ඡා ආසනෙ නිසීදති, ගිලානාය, ආපදාසු උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඅනාපත්ති: විචාරා අස්නෙහි හිඳී ද ගිලන් වූවාට ද ආපදායෙහි ද උමතු වූවාට ද ... ආදිකම්මික වූවාට දඇවැත් නැති.
Pali BJTඑකාදසමසික්ඛාපදං.
Sinhala BJTඑකොළොස්වැනි ශික්‍ෂාපද යි.
Pali BJT4. 9. 12.
Sinhala BJT4. 9. 12.
Pali BJTද්වාදසමසික්ඛාපදං
Sinhala BJTදොළොස්වන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික්ඛුනියො අනොකාසකතං භික්ඛුං පඤ්හං පුච්ඡන්ති. භික්ඛූ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො අනොකාසකතං භික්ඛුං පඤ්හං පුච්ඡිස්සන්තී”ති. -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනියො අනොකාසකතං භික්ඛුං පඤ්හං පුච්ඡන්තී”ති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම, භික්ඛවෙ භික්ඛුනියො අනොකාසකතං භික්ඛුං පඤ්හං පුච්ඡිස්සන්ති. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT1. සැවැත්නිදාන යි – එසමයෙහි මෙහෙණහු අවකාශ නො කළ මහණහු අතින් පැන පුළුවුස්ති. මහණහු අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු නො කළ අවකාශ ඇති මහණහු අතින් පැන පිළිවිසියාහු දැ”යි ... ‘සැබෑ ද මහණෙනි, මෙහෙණහු නො කළ අවකාශ ඇති මහණහු අතින් පැන පුළුවුසිත් ලැ’යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරැහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණහු නො කළ අවකාශ ඇති මහණහු අතින් පැන පිළිවිසියාහු ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී අනොකාසකතං භික්ඛුං පඤ්හං පුච්ඡෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් නො කළ අවකාශ ඇති මහණක්හු අතින් පැන පුළුවුස්නී නම් පචිති ඇවැත් වේ” යයි.
Pali BJT2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT2. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්ඛුනී යි.
Pali BJTඅනොකාසකතන්ති: අනාපුච්ඡා.
Sinhala BJTඅනෝකාසකතං යනු: නො විචාරා.
Pali BJTභික්ඛුන්ති: උපසම්පන්නං.
Sinhala BJTභික්ඛුං යනු: උපසපනක්හු.
Pali BJTපඤ්හං පුච්ඡෙය්යාති: සුත්තන්තෙ ඔකාසං කාරාපෙත්වා විනයං වා අභිධම්මං වා පුච්ඡති ආපත්ති පාචිත්තියස්ස. විනයෙ ඔකාසං කාරාපෙත්වා සුත්තන්තං වා අභිධම්මං වා පුච්ඡති ආපත්ති පාචිත්තියස්ස. අභිධම්මෙ ඔකාසං කාරාපෙත්වා සුත්තන්තං වා විනයං වා පුච්ඡති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTපඤ්හං පුච්ඡෙය්‍ය යනු: සූත්‍රාන්තයෙහි අවකාශ කරවා විනය හෝ අභිධර්‍මය හෝ පුළුවුසි නම් පචිති ඇවැත් වෙයි. විනයෙහි අවකාශ කරවා සූත්‍රාන්තය හෝ අභිධර්‍මය හෝ පුළුවුසී නම් පචිති ඇවැත් වෙයි. අභිධර්‍මයෙහි අවකාශ කරවා සූත්‍රාන්තය හෝ විනය හෝ පුළුවුසී නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅනාපුච්ඡිතෙ අනාපුච්ඡිතසඤ්ඤා පඤ්හං පුච්ඡති ආපත්ති පාචිත්තියස්ස. අනාපුච්ඡිතෙ වෙමතිකා පඤ්හං පුච්ඡති ආපත්ති පාචිත්තියස්ස. අනාපුච්ඡිතෙ ආපුච්ඡිතසඤ්ඤා පඤ්හං පුච්ඡති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඅවකාශ නො කළ කල්හි අවකාශ නො කළ සංඥා ඇති වැ පැන පුළුවුසී නම් පචිති ඇවැත් වෙයි. අවකාශ නො කළ කල්හි විමති ඇති වැ පැන පුළුවුසී නම් පචිති ඇවැත් වෙයි. අවකාශ නො කළ කල්හි අවකාශ කළ සංඥා ඇතිවැ පැන පුළුවුසී නම් පචිති ඇවැත් වෙයි.
Pali BJTආපුච්ඡිතෙ අනාපුච්ඡිතසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. ආපුච්ඡිතෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. ආපුච්ඡිතෙ ආපුච්ඡිතසඤ්ඤා අනාපත්ති.
Sinhala BJTඅවකාශ කළ කල්හි අවකාශ නො කළ සංඥා ඇති වී නම් දුකුළා ඇවැත් වෙයි. අවකාශ කළ කල්හි විමති ඇති වී නම් දුකුළා ඇවැත් වෙයි. අවකාශ කළ කල්හි අවකාශ කළ සංඥා ඇති වී නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: ඔකාසං කාරාපෙත්වා පුච්ඡති, අනොදිස්ස ඔකාසං කාරාපෙත්වා යත්ථ කත්ථචි පුච්ඡති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඅනාපත්ති: අවකාශ කරවා පුළුවුසී ද, අවධි නො කොට, අවකාශ කරවා යම් කිසි තැනෙක පුළුවුසී ද, උමතු වූවාට ද ... ආදි කම්මික වූවාට ද ඇවැත් නැති.
Pali BJTදසමසික්ඛාපදං.
Sinhala BJTදොළොස්වැනි ශික්‍ෂාපද යි.
Pali BJT4. 9. 13.
Sinhala BJT4. 9. 13.
Pali BJTතෙරසමසික්ඛාපදං
Sinhala BJTතෙළෙස්වන සිකපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා භික්ඛුනී අසඞ්කච්චිකා{1} ගාමං පිණ්ඩාය පාවිසි. තස්සා රථිකාය වාතමණ්ඩලිකා සඞ්ඝාටියො උක්ඛිපිංසු. මනුස්සා උක්කුට්ඨිං අකංසු සුන්දරා අය්යාය ථනූදරාති{2}. සා භික්ඛුනී තෙහි මනුස්සෙහි උප්පණ්ඩියමානා මඞ්කු අහොසි. අථ ඛො සා භික්ඛුනී උපස්සයං ගන්ත්වා භික්ඛුනීනං එතමත්ථං ආරොචෙසි. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. “කථං හි නාම භික්ඛුනී අසඞ්කච්චිකා ගාමං පවිසිස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ, භික්ඛුනී අසඞ්කච්චිකා ගාමං පාවිසීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ, භික්ඛුනී අසඞ්කච්චිකා ගාමං පවිසිස්සති. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවෙසෙති. එසමයෙහි එක්තරා මෙහෙණක් සඞ්කච්චිකා (සැට්ටය) රහිත වැ පිඬු පිණිස ගමට වන. වීථියෙහි වාසුළි ඇගේ සඟළ සිවුරු නඟාලී යැ. මිනිස්සු ආර්‍ය්‍යාවගේ පයෝධර හා උදරය සුන්‍දර යැ යි ඔල්වරසන් නැඟූහ. ඒ මෙහෙණ ඒ මිනිසුන් විසින් කෙළිකවට කරනු ලබන්නී මකු වූ ය. ඉක්බිති ඒ මෙහෙණ මෙහෙණවරට ගොස් මෙහෙණන්ට තෙල කරුණ දැන්වූ. යම් ඒ මෙහෙණ කෙනෙක් අල්පේච්ඡ වූවාහු ... ඔහු අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණ සඞ්කච්චිකා රහිත වැ ගමට පිවිසියා දැ”යි. –පෙ– සැබෑ ද මහණෙනි, මෙහෙණක් සඞ්කච්චිකා රහිත වැ ගමට පිවිසියා දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරැහූව ... කෙසේ නම් මහණෙනි, මෙහෙණක් සඞ්කච්චිකා රහිත වැ ගමට පිවිසියා ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී අසඞ්කච්චිකා ගාමං පවිසෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් සඞ්කච්චිකා රහිත වැ ගම් වදී නම් පචිති ඇවැත් වේ” යයි.
Pali BJT2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT2. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්ඛුනී යි.
Pali BJTඅසඞ්කච්චිකාති: විනා සංකච්චිකං.
Sinhala BJTඅසඞ්කච්චිකා යනු: සඞ්කච්චිකාව නැති වැ.
Pali BJTසඞ්කච්චිකා නාම:{3} අධක්ඛකං උබ්භනාභි තස්ස පටිච්ඡාදනත්ථාය.
Sinhala BJTසඞ්කච්චිකා නම්: අකු ඇටින් යට, නාභියෙන් උඩ. එය වසනු සඳහා.
Pali BJTගාමං පවිසෙය්යාති: පරික්ඛිත්තස්ස ගාමස්ස පරික්ඛෙපං අතික්කාමෙන්තියා ආපත්ති පාචිත්තියස්ස. අපරික්ඛිත්තස්ස ගාමස්ස උපචාරං ඔක්කමන්තියා ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTගාමං පවිසෙය්‍ය යනු: පිරිකෙව් කරන ලද ගම්හි පිරිකෙව් ඉක්මවන්නියට පචිති ඇවැත් වෙයි. පිරිකෙව් නොකළ ගම්හි උපචාරයට බැසගන්නියට පචිති ඇවැත්වෙ යි.
Pali BJTඅනාපත්ති: අච්ඡින්නචීවරිකාය, නට්ඨචීවරිකාය, ගිලානාය, අසතියා, අජානන්තියා, ආපදාසු, උම්මත්තිකාය ආදිකම්මිකායාති.
Sinhala BJTඅනාපත්ති: අසිඳැගත් සිවුරු ඇතියාට, නට සිවුරු ඇතියාට, ගිලන් වූවාට, නොසිහියෙන් ගියාට, නොදන්නියට, ආපදායෙහි, උමතු වූවාට, ... ආදිකම්මික වූවාට ද ඇවැත් නැති.
Pali BJTතෙරසමසික්ඛාපදං.
Sinhala BJTතෙළෙස් වැනි ශික්‍ෂාපද යි.
Pali BJTඡත්තූපාහනවග්ගො නවමො.
Sinhala BJTනවවැනි ඡත්තුපාහන වර්‍ග යි.
Pali BJTඋද්දිට්ඨා ඛො අය්යායො ඡසට්ඨිසතා පාචිත්තියා ධම්මා. තත්ථාය්යායො පුච්ඡාමි –කච්චිත්ථ පරිසුද්ධා. දුතියම්පි පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා. තතියම්පි පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා. පරිසුද්ධෙත්ථාය්යායො. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමීති.
Sinhala BJTආර්‍ය්‍යාවෙනි, එක්සිය සසැටක් පාචිත්තිය ධර්‍මයෝ උදෙසන ලදහ. එහි ලා ආර්‍ය්‍යාවන් පුළුවුස්මි. කිම පිරිසුදු වූහු ද? දෙවනවට ද පුළුවුස්මි. කිම පිරිසුදු වූහු ද? තෙවනවට ද පුළුවුස්මි. කිම පිරිසුදු වූහු ද? මෙහිලා ආර්‍ය්‍යාවෝ පිරිසුදු වෙති. එහෙයින් තූෂ්ණිම්භූතයහ. තෙල මෙසේ ධරමි’යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඡත්තං යානඤ්ච සඞ්ඝාණි ලඞ්කාරා ගන්ධ පිඤ්ඤකා භික්ඛුනී සික්ඛමානා ච සාමණෙරා ගිහීනියා අනාපුච්ඡා අනොකාසා අසඞ්කච්චිකාය තෙරසා’ති.
Sinhala BJTඡත්‍ර යැ යාන යැ සඞ්ඝාණි යැ අලඞ්කාර යැ ගන්‍ධපිඤ්ඤාක යැ භික්ඛුනී සික්ඛමානා සාමණේරා ගිගීනී සම්බන්‍ධ උම්මද්දන පරිමද්දන ශික්‍ෂා යැ අනාපුච්ඡා යැ අනෝකාස යැ අසඞ්කච්චිකා යි ශික්‍ෂා තෙළෙසකි.
Pali BJTවග්ගුද්දානං:
Sinhala BJTවර්‍ග උද්දානය:
Pali BJTලසුනං අන්ධකාරඤ්ච නග්ගා තුවට්ඨිකෙන ච චින්තාරාම ගබ්භිනී ච කුමාරි ඡත්තුපාහනාති.
Sinhala BJTලසුන යැ අන්‍ධකාර ය: නග්න යැ තුවට්ටක යැ චිත්තාරාම යැ ගබ්භිනී යැ කුමාරී යැ ඡත්තූපාහන යි.
Pali BJTඛුද්දකං නිට්ඨිතං.
Sinhala BJTඛුද්දකය නිමි.
Pali BJT5. පාටිදෙසනීයා
Sinhala BJT5. පාටිදේසනීය
Pali BJTපඨමපාටිදෙසනීයසික්ඛාපදං
Sinhala BJTපළමු පිළිදෙස්නී සිකපදය
Pali BJTඉමෙ ඛො පනාය්යායො අට්ඨ පාටිදෙසනීයා ධම්මා උද්දෙසං ආගච්ඡන්ති:
Sinhala BJTආර්‍ය්‍යාවෙනි, මේ අෂ්ටපාටිදේසනීය ධර්‍මයෝ උදෙසීමට පැමිණෙත්.
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛුනියො සප්පිං විඤ්ඤාපෙත්වා භුඤ්ජන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො සප්පිං විඤ්ඤාපෙත්වා භුඤ්ජිස්සන්ති. කස්ස සම්පන්නං න මනාපං, කස්ස සාදුං න රුච්චතී”ති. අස්සොසුං ඛො භික්ඛුනියො තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛිය්යන්තානං විපාචෙන්තානං.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි සවග මෙහෙණෝ ගිතෙල් විනවා වළඳත්. මිනිස්සු ලමුකොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් මෙහෙණෝ ගිතෙල් විනවා වැළඳූහු දැ”යි. කවරකුහට මිහිරිදැය නො මැනැවි ද, කවරකුහට රසවත්දැය නො රුස්නේ දැ යි. භික්‍ෂුණීහු ලමුකොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්‍තති ශබ්දය) ඇසූහු.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: – “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛුනියො සප්පිං විඤ්ඤාපෙත්වා භුඤ්ජිස්සන්තී”ති -පෙ- සච්චං කිර, භික්ඛවෙ, ඡබ්බග්ගියා, භික්ඛුනියො සප්පිං විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ ඡබ්බග්ගියා භික්ඛුනියො සප්පිං විඤ්ඤාපෙත්වා භුඤ්ජිස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු.
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමුකොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් සවග මෙහෙණෝ ගිතෙල් විනවා වැළඳූහුදැ” යි ... සැබෑද මහණෙනි සවග මෙහෙණෝ ගිතෙල් විනවා වළඳත්දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි සවග මෙහෙණෝ ගිතෙල් විනවා වැළඳූහුද. මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නොවෙයි ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
Pali BJT“යා පන භික්ඛුනී සප්පිං විඤ්ඤාපෙත්වා භුඤ්ජෙය්ය, පටිදෙසෙතබ්බං තාය භික්ඛුනියා – ගාරය්හං අය්යෙ ධම්මං ආපජ්ජිං අසප්පායං පාටිදෙසනීයං තං පටිදෙසෙමීති.
Sinhala BJTයම් මෙහෙණක් ගිතෙල් විනවා වළඳා නම් ඒ මෙහෙණ විසින් ආර්‍ය්‍යාවෙනි ගැරහිය යුතුවූ නුසුදුසුවූ පිළිදෙස්නට නිසි ඇවතකට පැමිණියෙමි. එය පිළිදෙසමි යි පටිදේසනා කළයුතුයි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛුනීනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේත් භාග්‍යවතුන් විසින් මෙහෙණන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT3. තෙන ඛො පන සමයෙන භික්ඛුනියො ගිලානා හොන්ති. ගිලානපුච්ඡිකා භික්ඛුනියො ගිලානා භික්ඛුනියො එතදවොචුං: “කච්චි අය්යෙ ඛමනීයං කච්චි යාපනීය”න්ති. “පුබ්බෙ මයං, අය්යෙ සප්පිං විඤ්ඤාපෙත්වා භුඤ්ජාම. තෙන නො ඵාසු හොති. ඉදානි පන භගවතා පටික්ඛිත්තන්ති කුක්කුච්චායන්තා න විඤ්ඤාපෙම. තෙන නො න ඵාසු හොතී”ති. -පෙ- භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “අනුජානාමි භික්ඛවෙ ගිලානාය භික්ඛුනියා සප්පිං විඤ්ඤාපෙත්වා භුඤ්ජිතුං”. එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු.
Sinhala BJT3. එසමයෙහි මෙහෙණෝ ගිලන්වූවාහු වෙති. ගිලනුන් පුළුවුස්නා මෙහෙණෝ ගිලන් මෙහෙණන්හට තෙල කරුණ කීහු. “කිමෙක්ද ආර්‍ය්‍යාවෙනි ඉවසියහැකිද යැපිය හැකිදැ” යි. “ආර්‍ය්‍යාවෙනි ඇපි පෙරැ ගිතෙල් විනවා වළඳමු. එයින් අපට පහසු වෙයි. දැන් වනාහි භාග්‍යවතුන් විසින් පිළිකෙව් කරන ලදැයි කුකුස්කරන්නමෝ නො විනවමු. එයින් අපට පහසු නො වේයැ” යි. තෙල කරුණ භාග්‍යවතුන්හට ඇරොජූහ ... මහණෙනි ගිලන් මෙහෙණහට ගිතෙල් විනවා බුදින්නට අනුදනිමි. මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
Pali BJTයා පන භික්ඛුනී අගිලානා සප්පිං විඤ්ඤාපෙත්වා භුඤ්ජෙය්ය පටිදෙසෙතබ්බං තාය භික්ඛුනියා ගාරය්හං අය්යෙ ධම්මං ආපජ්ජිං අසප්පායං පාටිදෙසනීයං තං පටිදෙසෙමීති.
Sinhala BJTයම් මෙහෙණක් නොගිලන්වූවා ගිතෙල් විනවා වළඳා නම් ඒ මෙහෙණ විසින් ආර්‍ය්‍යාවෙනි ගැරහියයුතු වූ නුසුදුසු වූ පිළිදෙස්නට නිසි ඇවැතකට පැමිණියෙමි, එය පිළිදෙසමියි.
Pali BJT4. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT4. යා පන යනු: යම් යම්බඳු ... භික්ඛුනී යනු ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද මෙහෙණ යි.
Pali BJTඅගිලානා නාම: යස්සා විනා සප්පිනා ඵාසු හොති. ගිලානා නාම: යස්සා විනා සප්පිනා න ඵාසු හොති. සප්පි නාම: ගොසප්පි වා අජිකා සප්පි වා මාහිසං වා සප්පි{1}. යෙසං මංසං කප්පති තෙසං සප්පි.
Sinhala BJTඅගිලානා නම්: යමකට ගිතෙලින් වෙන්වැ පහසු වේ නම් හෝ යැ. ගිලානා නම්: යමකට ගිතෙලින් වෙන්වැ පහසු නො වේ නම් හෝ යැ. සප්පි නම්: ගව ගිතෙල් හෝ එළු ගිතෙල් හෝ මිහි ගිතෙල් හෝ යි. යම් කෙනෙකුන්ගේ මස් කැප නම් ඔවුන්ගේ ගිතෙල් යැ.