Pali BJTචණ්ඩී නාම: කොධනා වුච්චති.
Sinhala BJTචණ්ඩී නම්: කිපෙනසුලු වූවා කියන ලැබෙයි.
Pali BJTසොකවස්සා නාම: පරෙසං දුක්ඛං උප්පාදෙති සොකං ආවිසති.
Sinhala BJTසෝකවස්සා නම්: මෙරමාහට දුක් උපදවයි, සෝ පිවිස්වයි.
Pali BJTසික්ඛමානා නාම: ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛා.
Sinhala BJTසික්ඛමානා නම්: දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇතියා යැ.
Pali BJTවුට්ඨාපෙය්යාති: උපසම්පාදෙය්ය.
Sinhala BJTවුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.
Pali BJTවුට්ඨාපෙස්සාමීති ගණං වා ආචරිනිං වා පත්තං වා චීවරං වා පරියෙසති සීමං වා සම්මන්නති ආපත්ති දුක්කටස්ස. ඤත්තියා දුක්කටං ද්වීහි කම්මවාචාහි දුක්කටා. කම්මවාචා පරියොසානෙ උපජ්ඣායාය ආපත්ති පාචිත්තියස්ස. ගණස්ස ච ආචරිනියා ච ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඋපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් දුකුළා වෙති. කම් වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරට ද දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අජානන්තී වුට්ඨාපෙති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTනො දන්නී උපසපන් කරවා නම් ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTනවමසික්ඛාපදං.
Sinhala BJTනවවන සිකපද යි.
Pali BJT4. 8. 10.
Sinhala BJT4. 8. 10.
Pali BJTදසමසික්ඛාපදං
Sinhala BJTදසවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දා භික්ඛුනී මාතාපිතූහිපි සාමිකෙනපි අනනුඤ්ඤාතං සික්ඛමානං වුට්ඨාපෙති. මාතාපිතරොපි සාමිකොපි උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා ථුල්ලනන්දා අම්හෙහි අනනුඤ්ඤාතං සික්ඛමානං වුට්ඨාපෙස්සතී”ති. අස්සොසුං ඛො භික්ඛුනියො මාතාපිතූනම්පි සාමිකස්සපි උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. “කථං හි නාම අය්යා ථුල්ලනන්දා මාතාපිතූහිපි සාමිකෙනපි අනනුඤ්ඤාතං සික්ඛමානං වුට්ඨාපෙස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ, ථුල්ලනන්දා භික්ඛුනී මාතාපිතූහිපි සාමිකෙනපි අනනුඤ්ඤාතං සික්ඛමානං වුට්ඨාපෙතීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ, ථුල්ලනන්දා භික්ඛුනී මාතාපිතූහිපි සාමිකෙනපි අනනුඤ්ඤාතං සික්ඛමානං වුට්ඨාපෙස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ දෙමාපියන් විසිනුදු හිමියා විසිනුදු නො අනුදත් සික්මනුවක උපසපන් කරවයි. දෙමාපියෝ ද හිමියා ද ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ අප විසින් නො අනුදත් සික්මනුව උපසපන් කරවූ දැ”යි. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන දෙමාපියන්ගේ ද හිමියාගේ ද (අකීර්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ දෙමාපියන් විසිනුදු හිමියා විසිනුදු නො අනුදත් සික්මනුව උපසපන් කරවූ” දැ යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ දෙමාපියන් විසිනුදු හිමියා විසිනුදු නො අනුදත් සික්මනුව උපසපන් කරවා දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ දෙමාපියන් විසිනුදු හිමියා විසිනුදු නො අනුදත් සික්මනුව උපසපන් කරවූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී මාතාපිතූහි වා සාමිකෙන වා අනනුඤ්ඤාතං සික්ඛමානං වුට්ඨාපෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT “යම් මෙහෙණක් දෙමාපියන් විසින් හෝ හිමියා විසින් හෝ නො අනුදත් හික්මනුව උපසපන් කරවා නම් පචිති වේ” යයි.
Pali BJT2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTමාතාපිතරො නාම: ජනකා වුච්චන්ති.
Sinhala BJTමාතාපිතරො නම්: ජනකයෝ කියනු ලැබෙත්.
Pali BJTසාමිකො නාම: යෙන පරිග්ගහිතා හොති.
Sinhala BJTසාමික නම්: යමක්හු විසින් පරිගෘහිත වෙයි.
Pali BJTඅනනුඤ්ඤාතාති: අනාපුච්ඡා.
Sinhala BJTඅනනුඤ්ඤාතා: නො පිළිවිසැ.
Pali BJTසික්ඛමානා නාම: ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛා.
Sinhala BJTසික්ඛමානා නම්: දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇතියා යැ.
Pali BJTවුට්ඨාපෙය්යාති: උපසම්පාදෙය්ය.
Sinhala BJTවුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.
Pali BJTවුට්ඨාපෙස්සාමීති ගණං වා ආචරිනිං වා පත්තං වා චීවරං වා පරියෙසති සීමං වා සම්මන්නති ආපත්ති දුක්කටස්ස. ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි දුක්කටා. කම්මවාචාපරියොසානෙ උපජ්ඣායාය ආපත්ති පාචිත්තියස්ස. ගණස්ස ච ආචරිනියා ච ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඋපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඥප්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරට ද දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අජානන්තී වුට්ඨාපෙති, අපලොකෙත්වා වුට්ඨාපෙති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTනො දන්නී උපසපන් කරවා නම්, පිළිවිසැ උපසපන් කරවා නම් ඇවැත් නැත, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTදසමසික්ඛාපදං.
Sinhala BJTදසවන සිකපද යි.
Pali BJT4. 8. 11.
Sinhala BJT4. 8. 11.
Pali BJTඑකාදසමසික්ඛාපදං
Sinhala BJTඑකොළොස්වන සිකපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දා භික්ඛුනී “සික්ඛමානං වුට්ඨාපෙස්සාමී”ති ථෙරෙ භික්ඛූ සන්නිපාතෙත්වා පහූතං ඛාදනීයං භොජනීයං පස්සිත්වා “න තාවාහං අය්යා සික්ඛමානං වුට්ඨාපෙස්සාමී”ති ථෙරෙ භික්ඛූ උය්යොජෙත්වා දෙවදත්තං කොකාලිකං කටමොරකතිස්සකං ඛණ්ඩදෙවියා පුත්තං සමුද්දදත්තං සන්නිපාතෙත්වා සික්ඛමානං වුට්ඨාපෙසි. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා ථුල්ලනන්දා පාරිවාසිකඡන්දදානෙන සික්ඛමානං වුට්ඨාපෙස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී පාරිවාසිකඡන්දදානෙන සික්ඛමානං වුට්ඨාපෙසීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී පාරිවාසිකඡන්දදානෙන සික්ඛමානං වුට්ඨාපෙස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:–
Sinhala BJT1. එසමයෙහි වනාහි භාග්‍යවත් බුදුහු රජගහ නුවරැ කලන්‍දකනිවාප නම් වේළුවන වෙහෙරෙහි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ හික්මනුවක උපසපන් කරවන්නෙමි යි ස්ථවිර භික්‍ෂූන් රැස් කරවා බොහෝ කෑ යුතු බිදිය යුතු දෑ බලා “ආර්‍ය්‍යාවෙනි, එතෙක් මම හික්මනුව උපසපන් නො කරවන්නෙමි”යි ස්ථවිර භික්‍ෂූන් නඟා යවා දේවදත්ත යැ කෝකාලිකයැ කටමොරකතිස්ස යැ ඛණ්ඩදෙවි පුත්‍ර යැ සමුද්දදත්ත යැ (යන මොවුන්) රැස් කරවා හික්මනුව උපසපන් කරවූ යැ. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ පිරිවෙස් සැඳ දීමෙන් හික්මනුව උපසපන් කරවූ දැ”යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ පිරිවෙස් සැඳ දීමෙන් හික්මනුව උපසපන් කරවූ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ පිරිවෙස් සැඳ දීමෙන් හික්මනුව උපසපන් කරවූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී පාරිවාසිකඡන්දදානෙන සික්ඛමානං වුට්ඨාපෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් පිරිවෙස් සැඳ දීමෙන් සික්මනුවක උපසපන් කරවා නම් පචිති වේ” යයි.
Pali BJT2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJT3. පාරිවාසිකඡන්දදානෙනාති: වුට්ඨිතාය පරිසාය.
Sinhala BJT3. පාරිවාසිකඡන්‍දදානෙන: පිරිස නැගිටි කල්හි.
Pali BJTසික්ඛමානා නාම: ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛා.
Sinhala BJTසික්ඛමානා නම්: දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇතියා යැ.
Pali BJTවුට්ඨාපෙය්යාති: උපසම්පාදෙය්ය.
Sinhala BJTවුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.
Pali BJTවුට්ඨාපෙස්සාමීති ගණං වා ආචරිනිං වා පත්තං වා චීවරං වා පරියෙසති සීමං වා සම්මන්නති ආපත්ති දුක්කටස්ස. ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි දුක්කටා. කම්මවාචාපරියොසානෙ උපජ්ඣායාය ආපත්ති පාචිත්තියස්ස. ගණස්ස ච ආචරිනියා ච ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඋපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම්වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහටද ඇජරට ද දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අවුට්ඨිතාය පරිසාය වුට්ඨාපෙති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTපිරිස නො නැගිටි කල්හි උපසපන් කරවා නම් ඇවැත් නැත, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTඑකාදසමසික්ඛාපදං.
Sinhala BJTඑකොළොස්වන සිකපද යි.
Pali BJT4. 8. 12.
Sinhala BJT4. 8. 12.
Pali BJTද්වාදසමසික්ඛාපදං
Sinhala BJTදොළොස්වන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික්ඛුනියො අනුවස්සං වුට්ඨාපෙන්ති, උපස්සයො න සම්මති. මනුස්සා විහාරචාරිකං ආහිණ්ඩන්තා පස්සිත්වා උජ්ඣායන්ති{1} ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො අනුවස්සං වුට්ඨාපෙස්සන්ති, උපස්සයො න සම්මතී”ති. අස්සොසුං ඛො භික්ඛුනියො තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ වසක් පාසා උපසපන් කරවත්. මෙහෙණවර නො පොහෝනේ වෙයි. විහාරචාරිකායෙහි හැසිරෙන මිනිස්සු දැක ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ වසක් පාසා උපසපන් කරවූහු ද, මෙහෙණවර නො පොහෝනේ”යි. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො අනුවස්සං වුට්ඨාපෙස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ, භික්ඛුනියො අනුවස්සං වුට්ඨාපෙන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා. -පෙ- කථං හි නාම භික්ඛවෙ, භික්ඛුනියො අනුවස්සං වුට්ඨාපෙස්සන්ති. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ වසක් පාසා උපසපන් කරවූහුදැ”යි ... සැබෑද මහණෙනි, මෙහෙණෝ වසක් පාසා උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ වසක් පාසා උපසපන් කරවූහු ද. මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී අනුවස්සං වුට්ඨාපෙය්ය, පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් වසක් පාසා උපසපන් කරවා නම් පචිති වේ” යයි.
Pali BJT3. යා පනාති: යා, යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTඅනුවස්සන්ති: අනුසංවච්ඡරං.
Sinhala BJTඅනුවස්සං: වසක් පාසා.
Pali BJTවුට්ඨාපෙය්යාති: උපසම්පාදෙය්ය.
Sinhala BJTවුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.
Pali BJTවුට්ඨාපෙස්සාමීති ගණං වා ආචරිනිං වා පත්තං වා චීවරං වා පරියෙසති, සීමං වා සම්මන්නති ආපත්ති දුක්කටස්ස. ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි දුක්කටා. කම්මවාචාපරියොසානෙ උපජ්ඣායාය ආපත්ති පාචිත්තියස්ස. ගණස්ස ච ආචරිනියා ච ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඋපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඥප්තියෙන් දුකුළා වෙයි. දෙකම්වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරට ද දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: එකන්තරිකං වුට්ඨාපෙති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඑක්වසක් අතරැ තබා උපසපන් කරවා නම් ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTද්වාදසමසික්ඛාපදං.
Sinhala BJTදොළොස්වන සිකපද යි.
Pali BJT4. 8. 13.
Sinhala BJT4. 8. 13.
Pali BJTතෙරසමසික්ඛාපදං
Sinhala BJTතෙළෙස්වන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික්ඛුනියො එකං වස්සං ද්වෙ වුට්ඨාපෙන්ති. උපස්සයො තථෙව න සම්මති. මනුස්සා විහාරචාරිකං ආහිණ්ඩන්තා පස්සිත්වා තථෙව උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. “කථං හි නාම භික්ඛුනියො එකං වස්සං ද්වෙ වුට්ඨාපෙස්සන්ති. උපස්සයො තථෙව න සම්මතී”ති. අස්සොසුං ඛො භික්ඛුනියො තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම භික්ඛුනියො එකං වස්සං ද්වෙ වුට්ඨාපෙන්තීති සච්චං කිර භික්ඛවෙ භික්ඛුනියො එකං වස්සං ද්වෙ වුට්ඨාපෙන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනියො එකං වස්සං ද්වෙ වුට්ඨාපෙස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි මෙහෙණෝ එක්වසැ දෙදෙනකුන් උපසපන් කරවත්. මෙහෙණවර එසේම නො පොහෝනේ වෙයි. විහාරචාරිකායෙහි හැසිරෙන මිනිස්සු දැක එසේ මැ ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් මෙහෙණෝ එක්වසැ දෙදෙනකුන් උපසපන් කරවූහු ද? මෙහෙණවර එසේ මැ නො පොහෝනේ යැ යි. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ එක්වසැ දෙදෙනකුන් උපසපන් කරවූහුදැ”යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ එක්වසැ දෙදෙනකුන් උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ එක්වසැ දෙදෙනෙකුන් උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී එකං වස්සං ද්වෙ වුට්ඨාපෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් එක්වසැ දෙදෙනකුන් උපසපන් කරවා නම් පචිති වේ” යයි.
Pali BJTයා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJTයා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTඑකං වස්සන්ති: එකං සංවච්ඡරං.
Sinhala BJTඒකං වස්සං: එක්වසැ.
Pali BJTද්වෙ වුට්ඨාපෙය්යාති: ද්වෙ උපසම්පාදෙය්ය.
Sinhala BJTද්වෙ වුට්ඨාපෙය්‍ය: දෙදෙනකුන් උපසපන් කරවයි.
Pali BJTද්වෙ වුට්ඨාපෙස්සාමීති ගණං වා ආචරිනිං වා පත්තං වා චීවරං වා පරියෙසති, සීමං වා සම්මන්නති, ආපත්ති දුක්කටස්ස. ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි දුක්කටා. කම්මවාචාපරියොසානෙ උපජ්ඣායාය ආපත්ති පාචිත්තියස්ස. ගණස්ස ච ආචරිනියා ච ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTදෙදෙනකුන් උපසපන් කරවන්නෙමැ යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඥප්තියෙන් දුකුළා වෙයි. දෙකම්වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරට ද දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: එකං වුට්ඨාපෙති, උම්මත්තිකාය එකං වස්සං -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඑක්වසැ එකක උපසපන් කරවා නම් ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTතෙරසමසික්ඛාපදං.
Sinhala BJTතෙළෙස්වන සිකපද යි.
Pali BJTකුමාරීභූතවග්ගො අට්ඨමො.
Sinhala BJTඅට වැනි කුමාරීභූතවර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTකුමාරි ද්වෙ ච සඞ්ඝෙන ද්වාදසා සම්මතෙන ච අලං චීවර ද්වෙ වස්සං සංසට්ඨා සාමිකෙන ච පරිවාසිකානුවස්සං දුවෙ වුට්ඨාපනෙන චා’ති.
Sinhala BJTකුමාරීභූත දෙසිඛ යැ සඞ්ඝසම්මත යැ ඌනද්වාදසවස්ස යැ අසම්මත යැ අලංතාව යැ චීවර යැ ද්වේවස්ස යැ සංසට්ඨ යැ (වර්‍ගය වේ.) සාමිකය සමග පාරිවාසික යැ අනුවස්ස යැ ද්වේවුට්ඨාපනසිඛයෙන් දැ යි.
Pali BJT9. ඡත්තූපාහනවග්ගො
Sinhala BJT9. ඡත්තුපාහනවර්‍ගය
Pali BJT4. 9. 1.
Sinhala BJT4. 9. 1.
Pali BJTපඨමසික්ඛාපදං
Sinhala BJTපළමු සිකපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛුනියො ඡත්තූපාහනං ධාරෙන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො ඡත්තූපාහනං ධාරෙස්සන්ති සෙය්යථාපි ගිහී කාමභොගිනියො”ති! අස්සොසුං ඛො භික්ඛුනියො තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛුනියො ඡත්තූපාහනං ධාරෙස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ, ඡබ්බග්ගියා භික්ඛුනියො ඡත්තූපාහනං ධාරෙන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ, ඡබ්බග්ගියා භික්ඛුනියො ඡත්තූපාහනං ධාරෙස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මෙහෙණහු ඡත්‍ර හා වහන් ධරති. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහී කාමභෝගිනීන් මෙන් ඡත්‍ර හා වහන් ධැරූහු දැ”යි. මෙහෙණහු ඒ ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන මිනිසුන්ගේ බස් ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අල්පෙච්ඡ වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණහු ගිහී කාමභෝගිනීන් මෙන් ඡත්‍ර හා වහන් ධැරූහු දැ”යි ... සැබෑ ද මහණෙනි, සවග මෙහෙණහු ඡත්‍ර හා වහන් ධරත් ලැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගර්‍හා කළහ ... මහණෙනි, “කෙසේ නම් සවග මෙහෙණහු ඡත්‍ර හා වහන් ධැරූහු දැ”යි. මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී ඡත්තූපාහනං ධාරෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක ඡත්‍ර හා වහන් ධරා නම් පචිති වේ” යයි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛුනීනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTභාග්‍යවතුන් විසින් මෙසේත් මේ සිකපදය මෙහෙණන්ට පනවන ලද්දේ වෙයි.
Pali BJT2. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා භික්ඛුනී ගිලානා හොති. තස්සා විනා ඡත්තූපාහනා{1} න ඵාසු හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- අනුජානාමි භික්ඛවෙ ගිලානාය භික්ඛුනියා ඡත්තූපාහනං.” එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. එසමයෙහි එක්තරා මෙහෙණක් ගිලන් වූවා වෙයි. ඇයට ඡත්‍ර හා වහන් නැති වැ පහසු නො වෙයි. භාග්‍යවතුන්ට මෙකරුණ දැන්වූහ ... “මහණෙනි, ගිලන් මෙහෙණට ඡත්‍ර හා වහන් අනුදනිමි”. මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී අගිලානා ඡත්තූපාහනං ධාරෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් නො ගිලන්වැ ඡත්‍ර හා වහන් ධරා නම් පචිති වේ” යයි.
Pali BJT3. යා පනාති: යා, යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති:
Sinhala BJT3. යාපන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTඅගිලානා නාම: යස්සා විනා ඡත්තූපාහනං ඵාසු හොති.
Sinhala BJTඅගිලානා නම්: යමකට ඡත්‍ර හා වහන් නැති වැ පහසු වේ ද ඕ තොමෝ ය.
Pali BJTගිලානා නාම: යස්සා විනා ඡත්තූපාහනං න ඵාසු හොති.
Sinhala BJTගිලානා නම්: යමකට ඡත්‍ර හා වහන් නැති වැ පහසු නො වේ ද ඕ තොමෝ ය.
Pali BJTඡත්තං නාම: තීණි ඡත්තානි සෙතච්ඡත්තං කිලඤ්ජච්ඡත්තං පණ්ණච්ඡත්තං මණ්ඩලබද්ධං සලාකබද්ධං.
Sinhala BJTඡත්ත නම්: මඩු බැඳි ලහබැඳි සේසත යැ, කළාල්සත යැ, පත්සතැ යි ඡත්‍ර තුනෙකි.
Pali BJTධාරෙය්යාති: සකිම්පි ධාරෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTධාරෙය්‍ය යනු : වරකුදු ධරා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅගිලානා අගිලානසඤ්ඤා ඡත්තූපාහනං ධාරෙති ආපත්ති පාචිත්තියස්ස. අගිලානා වෙමතිකා ඡත්තූපාහනං ධාරෙති ආපත්ති පාචිත්තියස්ස. අගිලානා ගිලානසඤ්ඤා ඡත්තූපාහනං ධාරෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTනො ගිලන් වූවා නො ගිලන් සන් ඇති වැ ඡත්‍ර හා වහන් ධරා නම් පචිති ඇවැත් වෙයි. නො ගිලන් වූවා විමති ඇති වැ ඡත්‍ර හා වහන් ධරා නම් පචිති ඇවැත් වෙයි. නො ගිලන් වූවා ගිලන් සන් ඇති වැ ඡත්‍ර හා වහන් ධරා නම් පචිති ඇවැත් වෙයි.
Pali BJTඡත්තං ධාරෙති න උපාහනං ආපත්ති දුක්කටස්ස. උපාහනං ධාරෙති න ඡත්තං ආපත්ති දුක්කටස්ස. ගිලානා අගිලානසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. ගිලානා වෙමතිකා ආපත්ති දුක්කටස්ස. ගිලානා ගිලානසඤ්ඤා අනාපත්ති:.
Sinhala BJTඡත්‍ර ධරා නම් වහන් නො ධරා නම් දුකුළා ඇවැත් වෙයි. වහන් ධරා නම් ඡත්‍ර නො ධරා නම් දුකුළා ඇවැත් වෙයි. ගිලන් වූවා නො ගිලන් සන් ඇත්තී දුකුළා ඇවැත් වෙයි. ගිලන් වූවා විමති ඇත්තී දුකුළා ඇවැත් වෙයි. ගිලන් වූවා ගිලන් සන් ඇත්තී ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: ගිලානාය ආරාමෙ ආරාමූපචාරෙ ධාරෙති ආපදාසු උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඅනාපත්ති: ගිලන් වූවාට ද ආරාමයෙහි ආරාමූපචාරයෙහි ධරා නම් ඇයට ද ආපදායෙහි ද උම්මත්තිකාවට ද. ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTපඨමසික්ඛාපදං.
Sinhala BJTපළමු වැනි ශික්‍ෂාපද යි.
Pali BJT4. 9. 2.
Sinhala BJT4. 9. 2.
Pali BJTදුතියසික්ඛාපදං
Sinhala BJTදෙවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛුනියො යානෙන යායන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො යානෙන යායිස්සන්ති, සෙය්යථාපි ගිහී කාමභොගිනියො”ති. අස්සොසුං ඛො භික්ඛුනියො තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛුනියො යානෙන යායිස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ ඡබ්බග්ගියා භික්ඛුනියො යානෙන යායිස්සන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා. -පෙ- කථං හි නාම භික්ඛවෙ ඡබ්බග්ගියා භික්ඛුනියො යානෙන යායිස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT1. සැවැත්නිදාන යි – එසමයෙහි සවග මෙහෙණහු යානයෙන් යෙති. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහී කාමභෝගිනීන් මෙන් යානයෙන් ගියාහු දැ”යි. මෙහෙණහු ඒ ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන මිනිසුන්ගේ බස් ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණහු යානයෙන් ගියාහු දැ”යි ... සැබෑ ද මහණෙනි, සවග මෙහෙණහු යානයෙන් යෙත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරැහූ ... මහණෙනි, කෙසේ නම් සවග මෙහෙණහු යානයෙන් ගියාහු ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ ... මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී යානෙන යායෙය්ය, පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් යානයෙන් යේ නම් පචිති ඇවැත් වේ”යයි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛුනීනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTභාග්‍යවතුන් විසින් මෙසේත් මේ ශික්‍ෂාපදය මෙහෙණන්ට පනවන ලද වෙයි.
Pali BJT2. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා භික්ඛුනී ගිලානා හොති න සක්කොති පදසා ගන්තුං -පෙ- භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “අනුජානාමි භික්ඛවෙ ගිලානාය භික්ඛුනියා යානං” එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. එසමයෙහි එක්තරා මෙහෙණක් ගිලන් වූවා වෙයි. පයින් යන්නට නො හැකි වෙයි. භාග්‍යවතුන්ට මෙකරුණ දැන්වූහ ... මහණෙනි, ගිලන් මෙහෙණට යානය අනුදනිමි. මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී අගිලානා යානෙන යායෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් නො ගිලන් වැ යානයෙන් යේ නම් පචිති ඇවැත් වේ” යයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු: ... මෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අභිප්‍රේත භික්‍ෂුණි යි.
Pali BJTඅගිලානා නාම: සක්කොති පදසා ගන්තුං.
Sinhala BJTඅගිලාන නම්: පයින් යන්නට හැකි වෙයි.
Pali BJTගිලානා නාම: න සක්කොති පදසා ගන්තුං.
Sinhala BJTගිලාන නම්: පයින් යන්නට නොහැකි වෙයි.
Pali BJTයානං නාම: වය්හං රථො සකටං සන්දමානිකා සිවිකා පාටඞ්කී.
Sinhala BJTයාන නම්: වය්හ යැ රථ යැ ශකට යැ ස්‍යන්‍දමානිකා යැ සිවිකා යැ පාටඞ්ක යි.
Pali BJTයායෙය්යාති: සකිම්පි යානෙන යායති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTයායෙය්‍ය යනු: වරකුදු යානයෙන් යේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅගිලානා අගිලානසඤ්ඤා යානෙන යායති ආපත්ති පාචිත්තියස්ස. අගිලානා වෙමතිකා යානෙන යායති ආපත්ති පාචිත්තියස්ස. අගිලානා ගිලානසඤ්ඤා යානෙන යායති ආපත්ති පාචිත්තියස්ස. ගිලානා අගිලානසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. ගිලානා වෙමතිකා ආපත්ති දුක්කටස්ස. ගිලානා ගිලානසඤ්ඤා අනාපත්ති:.
Sinhala BJTනො ගිලන් වූවා නොගිලන් සන් ඇති වැ යානයෙන් යේ නම් පචිති ඇවැත් වෙයි. නො ගිලන් වූවා විමති ඇති වැ යානයෙන් යේ නම් පචිති ඇවැත් වෙයි. නොගිලන් වූවා ගිලන්සන් ඇති වැ යේ නම් පචිති ඇවැත් වෙයි. ගිලන් වූවා නොගිලන් සන් ඇති වැ යේ නම් දුකුළා ඇවැත් වෙයි. ගිලන් වූවා විමති ඇති වැ යේ නම් දුකුළා ඇවැත් වෙයි. ගිලන් වූවා ගිලන් සන් ඇති වැ යේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: ගිලානාය ආපදාසු උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඅනාපත්ති: ගිලන් වූවාට ද ආපදායෙහි ද උමතු වූවාට ද ... ආදිකම්මික වූවාට ද ඇවැත් නැති.
Pali BJTදුතියසික්ඛාපදං.
Sinhala BJTදෙවැනි ශික්‍ෂාපද යි.
Pali BJT4. 9. 3.
Sinhala BJT4. 9. 3.
Pali BJTතතියසික්ඛාපදං
Sinhala BJTතුන්වන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා භික්ඛුනී අඤ්ඤතරිස්සා ඉත්ථියා කුලූපිකා හොති. අථ ඛො සා ඉත්ථි තං භික්ඛුනිං එතදවොච. “හන්දය්යෙ ඉමං සඞ්ඝාණිං අමුකාය නාම ඉත්ථියා දෙහී”ති. අථ ඛො සා භික්ඛුනී “සචාහං පත්තෙන ආදාය ගමිස්සාමි{1} විස්සරො මෙ භවිස්සතීති පටිමුඤ්චිත්වා අගමාසි. තස්සා රථියාය{2} සුත්තකෙ ඡින්නෙ විප්පකිරියිංසු. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො සඞ්ඝාණිං ධාරෙස්සන්ති සෙය්යථාපි ගිහී කාමභොගිනියො”ති.{*} සා භික්ඛුනී තෙහි මනුස්සෙහි උප්පණ්ඩියමානා මඞ්කු අහොසි. අථ ඛො සා භික්ඛුනී උපස්සයං ගන්ත්වා භික්ඛුනීනං එතමත්ථං ආරොචෙසි. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම: භික්ඛුනී සඞ්ඝාණිං ධාරෙස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනී සඞ්ඝාණිං ධාරෙස්සති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනී සඞ්ඝාණිං ධාරෙස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT1. සැවැත්නිදාන යි – එසමයෙහි එක්තරා මෙහෙණක් එක්තරා ස්ත්‍රියකට කුලුපග වෙයි. එසද ඒ ස්ත්‍රී ඒ මෙහෙණට තෙල කරුණ කිව: “ඉඳ ආර්‍ය්‍යාවෙනි, මේ සඞ්ඝාණිය (කටී පලඳනාව) අසුවල් ස්ත්‍රියට දෙව”යි එසඳ ඒ මෙහෙණ ඉදින් මම පාත්‍රයෙන් ගෙන යන්නෙම් නම් මට නො සිහි වන්නේ යයි පැළඳගෙන ගියා යැ. වීථියෙහි දී එහි හුය සිඳුණු කල්හි මිණි විසිරිණ. මිනිස්සු ලමු කොට සිතති නුගුණ පවසති දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහී කාමභෝගිනීන් මෙන් සඞ්ඝාණිය ධැරූහු දැ”යි. ඒ මෙහෙණ ඒ මිනිසුන් විසින් කෙළිකවට කරනු ලබන්නී මකු වූයැ. ඉක්බිති ඒ මෙහෙණ මෙහෙණවරට ගොස් මෙහෙණන්ට තෙල කරුණ දැන්වූ යැ. යම් ඒ මෙහෙණ කෙනෙක් අල්පේච්ඡ වූවාහු ... ඔහු ලමු කොට සිතති නුගුණ පවසති දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් සඞ්ඝාණිය දැරූ දැ”යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණක් සඞ්ඝාණිය දැරූ ලැ’යි. සැබෑ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගර්‍හා කළහ ... මහණෙනි, කෙසේ නම් මෙහෙණක් සඞ්ඝාණිය දැරූ ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ ... මහණෙනි මෙහෙණහු, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී සඞ්ඝාණිං ධාරෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් සඞ්ඝාණිය ධරා නම් පචිති ඇවැත් වේ” යයි.
Pali BJT2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT2. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්ඛුනී යි.
Pali BJTසඞ්ඝාණි නාම: යා කාචි කටූපිකා.
Sinhala BJTසඞ්ඝාණි නම්: යම් කිසි කටී පලඳනාවකි.
Pali BJTධාරෙය්යාති: සකිම්පි ධාරෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTධාරෙති යනු: වරකුදු ධරා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: ආබාධප්පච්චයා, කටිසුත්තකං ධාරෙති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඅනාපත්ති: ආබාධ හේතුයෙන් කටීසූත්‍ර ධරා නම් ඇවැත් නැත. උමතුවූවාට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTතතියසික්ඛාපදං.
Sinhala BJTතුන්වැනි ශික්‍ෂාපද යි.
Pali BJT4. 9. 4.
Sinhala BJT4. 9. 4.
Pali BJTචතුත්ථසික්ඛාපදං
Sinhala BJTසතරවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛුනියො ඉත්ථාලඞ්කාරං ධාරෙන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො ඉත්ථාලඞ්කාරං ධාරෙස්සන්ති සෙය්යථාපි ගිහී කාමභොගිනියො”ති. අස්සොසුං ඛො භික්ඛුනියො තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛුනියො ඉත්ථාලඞ්කාරං ධාරෙස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ ඡබ්බග්ගියා භික්ඛුනියො ඉත්ථාලඞ්කාරං ධාරෙස්සන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා. -පෙ- කථං හි නාම භික්ඛවෙ ඡබ්බග්ගියා භික්ඛුනියො ඉත්ථාලඞ්කාරංධාරෙස්සන්ති. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT1. සැවැත්නිදාන යි – එසමයෙහි සවග මෙහෙණහු ස්ත්‍රී අලඞ්කාර ධරති. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහී කාමභෝගිනීන් මෙන් ස්ත්‍රී අලංකාර දැරූහු දැ”යි. මෙහෙණහු ඒ ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන මිනිසුන්ගේ බස් ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අල්පේච්ඡ වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණහු ස්ත්‍රී අලංකාර දැරූහු දැ”යි ... සැබෑ ද මහණෙනි, සවග මෙහෙණහු ස්ත්‍රී අලංකාර දරත්ලැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. බුදුහු ගැරැහූ ... මහණෙනි, කෙසේ නම් සවග මෙහෙණහු ස්ත්‍රී අලංකාර දැරූහු ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී ඉත්ථාලඞ්කාරං ධාරෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් ස්ත්‍රී අලංකාර දරා නම් පචිති ඇවැත් වේ” යි.