Pācittiya

Expiation Rules

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 3901-4000 න් 4249

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTකුමාරීභූතා නාම: සාමණෙරී වුච්චති.
Sinhala BJTකුමාරිභූතා නම්: හෙරැණිය කියනු ලැබෙයි.
Pali BJTද්වෙ වස්සානීති: ද්වෙ සංවච්ඡරානි.
Sinhala BJTද්වේවස්සානි: දෑවුරුද්දක්.
Pali BJTඅසික්ඛිතසික්ඛා නාම: සික්ඛා වා න දින්නා හොති දින්නා වා සික්ඛා කුපිතා.
Sinhala BJTඅසික්ඛිතසික්ඛා නම්: ශික්‍ෂාව නො දෙන ලද්දී හෝ වෙයි. දෙන ලද ශික්‍ෂාව කෝප්‍ය වූවා හෝ වේ.
Pali BJTවුට්ඨාපෙය්යාති: උපසම්පාදෙය්ය.
Sinhala BJTවුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.
Pali BJTවුට්ඨාපෙස්සාමීති ගණං වා ආචරිනිං වා පත්තං වා චීවරං වා පරියෙසති, සීමං වා සම්මන්නති ආපත්ති දුක්කටස්ස. ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි දුක්කටා. කම්මවාචාපරියොසානෙ උපජ්ඣායාය ආපත්ති පාචිත්තියස්ස. ගණස්ස ච ආචරිනියා ච ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඋපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණහට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරහට ද දුකුළා ඇවැත් වේ.
Pali BJTධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා වුට්ඨාපෙති ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ වෙමතිකා වුට්ඨාපෙති ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා වුට්ඨාපෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි විමති ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍ම සංඥා ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වේ. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියානම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: පරිපුණ්ණවීසතිවස්සං කුමාරීභුතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛං වුට්ඨාපෙති උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTපිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති හෙරැණියක උපසපන් කරවා නම් ඇවැත් නො වේ. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTදුතියසික්ඛාපදං.
Sinhala BJTදෙවන සිකපද යි.
Pali BJT4. 8. 3.
Sinhala BJT4. 8. 3.
Pali BJTතතියසික්ඛාපදං
Sinhala BJTතෙවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික්ඛුනියො පරිපුණ්ණවීසතිවස්සං කුමාරීභුතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛං සඞ්ඝෙන අසම්මතං වුට්ඨාපෙන්ති. භික්ඛුනියො එවමාහංසු. “එථ සික්ඛමානා, ඉමං ජානාථ, ඉමං දෙථ, ඉමං ආහරථ, ඉමිනා අත්ථො, ඉමං කප්පියං කරොථා”ති. තා එවමාහංසු: “න මයං අය්යෙ සික්ඛමානා භික්ඛුනියො මයන්ති.”
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි මෙහෙණෝ පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නොකරන ලද හෙරණියක උපසපන් කරවති. මෙහෙණෝ මෙසේ කීහු: ‘එවු හික්මනුවෙනි, මෙය දනිවු, මෙය දෙවු, මෙය ගෙනඑවු, මෙයින් ප්‍රයෝජන යැ, මෙය කැප කරවු’යි. ඔහු මෙසේ කීහු: ආර්‍ය්‍යාවෙනි, අපි හික්මනුවෝ නො වම්හ. අපි මෙහෙණෝ වම්හ යි.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම: භික්ඛුනියො පරිපුණ්ණවීසතිවස්සං කුමාරීභුතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛං සඞ්ඝෙන අසම්මතං වුට්ඨාපෙස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනියො පරිපුණ්ණවීසතිවස්සං කුමාරීභුතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛං සඞ්ඝෙන අසම්මතං වුට්ඨාපෙන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනියො පරිපුණ්ණවීසතිවස්සං කුමාරීභුතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛං සඞ්ඝෙන අසම්මතං වුට්ඨාපෙස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා -පෙ- ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. “අනුජානාමි භික්ඛවෙ පරිපුණ්ණවීසතිවස්සාය කුමාරීභුතාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛාය වුට්ඨානසම්මුතිං දාතුං”. එවඤ්ච පන භික්ඛවෙ දාතබ්බා: තාය පරිපුණ්ණවීසතිවස්සාය කුමාරීභුතාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛාය සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා භික්ඛුනීනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො “අහං අය්යෙ, ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය අය්යාය පරිපුණ්ණවීසතිවස්සා කුමාරීභූතා ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛා සඞ්ඝං වුට්ඨානසම්මුතිං යාචාමී”ති. දුතියම්පි යාචිතබ්බා - තතියම්පි යාචිතබ්බා - බ්යත්තාය භික්ඛුනියා පටිබලාය සඞ්ඝො ඤාපෙතබ්බො –
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නොකරනලද හෙරණියක උපසපන් කරවූහු දැ”යි. ... සැබෑද මහණෙනි, මෙහෙණෝ පිරිපුන් විසිවස් ඇති, දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නොකරනලද හෙරණියක උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ පිරිපුන් විසිවස් ඇති, දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නොකරනලද හෙරණියක උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූසේක. ‘මහණෙනි, පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති හෙරණියට වුට්ඨාන සම්මුතිය දෙන්නට අනුදනිමි’යි. මෙසේ ද වනාහි මහණෙනි, දිය යුතු යැ. පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති ඒ හෙරණිය විසින් සඞ්ඝයා වෙත එළැඹැ උතුරුසඟ සිවුර එකස් කොට මෙහෙණන්ගේ පා වැඳ උළුලුයෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ යැ: ආර්‍ය්‍යාවෙනි, මෙනම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි වූ පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති හෙරණිය වූ මෙනම් ඇති මම සඞ්ඝයාගෙන් වුට්ඨාන සම්මුතිය යදිමි යි. දෙවනවට දු යැදිය යුතු යැ. තෙවනවට දු යැදිය යුතු යැ. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
Pali BJT3. සුණාතු මෙ අය්යෙ සඞ්ඝො අයං ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය අය්යාය පරිපුණ්ණවීසතිවස්සා කුමාරීභූතා ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛා සඞ්ඝං වුට්ඨානසම්මුතිං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමාය පරිපුණ්ණවීසතිවස්සාය කුමාරීභුතාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛාය වුට්ඨානසම්මුතිං දදෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT3. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා: මෙනම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි වූ පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති හෙරණි වූ මෙනම් ඇති මෝ තොමෝ සඞ්ඝයාගෙන් වුට්ඨාන සම්මුතිය යදියි. ඉදින් සඞ්ඝයාහට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ පිරිපුන් විසිවස් ඇති සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති මෙනම් ඇති හෙරණියට වුට්ඨාන සම්මුතිය දෙන්නේ යැ. මේ ඥප්ති යි.
Pali BJT4. සුණාතු මෙ අය්යෙ සඞ්ඝො අයං ඉත්ථන්නාමාය අය්යාය පරිපුණ්ණවීසතිවස්සා කුමාරීභූතා ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛා සඞ්ඝං වුට්ඨානසම්මුතිං යාචති. සඞ්ඝො ඉත්ථන්නාමාය පරිපුණ්ණවීසතිවස්සාය කුමාරීභුතාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛාය වුට්ඨානසම්මුතිං දෙති. යස්සා අය්යාය ඛමති ඉත්ථන්නාමාය පරිපුණ්ණවීසතිවස්සාය කුමාරීභුතාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛාය වුට්ඨානසම්මුතියා දානං, සා තුණ්හස්ස, යස්සා නක්ඛමති සා භාසෙය්ය. දින්නා සඞ්ඝෙන ඉත්ථන්නාමාය පරිපුණ්ණවීසතිවස්සාය කුමාරීභුතාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛාය වුට්ඨානසම්මුති, ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමීති.
Sinhala BJT4. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. මෙනම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි වූ පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති හෙරණි වූ මෙනම් ඇති මෝ තොමෝ සඞ්ඝයාගෙන් වුට්ඨාන සම්මුතිය යදියි. සඞ්ඝ තෙමේ පිරිපුන් විසි වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති මෙනම් ඇති හෙරණියට වුට්ඨාන සම්මුතිය දෙයි. පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති මෙනම් ඇති හෙරණියට වුට්ඨාන සම්මුතිය දීම යම් ආර්‍ය්‍යාවකට රුස්නේ නම් ඕ තොමෝ නිහඬවන්නී යැ. යමකට නො රුස්නේ නම් ඕ තොමෝ කියන්නී යැ. සඞ්ඝයා විසින් පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති මෙනම් ඇති හෙරණියට වුට්ඨාන සම්මුතිය දෙන ලද්දී යැ. සඞ්ඝයාට රුස්නේ යැ. එහෙයින් නිහඬයහ. මෙසේ මෙය දරමි යි.
Pali BJT5. අථ ඛො භගවා තා භික්ඛුනියො අනෙකපරියායෙන විගරහිත්වා දුභරතාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මෙහෙණන්ට නොයෙක් අයුරින් ගරහා දුබරබැව්හි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී පරිපුණ්ණවීසතිවස්සං කුමාරීභුතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛං සඞ්ඝෙන අසම්මතං වුට්ඨාපෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සංඝයා විසින් සම්මත නොකරනලද හෙරණියක උපසපන් කරවා නම් පචිති වේ”යයි.
Pali BJT6. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT6. යා පන: යම්, යම්බඳු .. භික්ඛුනී .. මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහිලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTපරිපුණ්ණවීසතිවස්සා නාම: පත්තවීසතිවස්සා.
Sinhala BJTපරිපුණ්ණවීසතිවස්සා නම්: පැමිණි විසිවස් ඇතියා යැ.
Pali BJTකුමාරීභූතා නාම: සාමණෙරා වුච්චති.
Sinhala BJTකුමාරීභූතා නම්: හෙරණිය කියනු ලැබෙයි.
Pali BJTද්වෙ වස්සානීති: ද්වෙ සංවච්ඡරානි.
Sinhala BJTද්වේවස්සානි: දෑවුරුද්දක්.
Pali BJTසික්ඛිතසික්ඛා නාම: ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛා.
Sinhala BJTසික්ඛිතසික්ඛා නම්: සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇතියා යැ.
Pali BJTඅසම්මතා නාම: ඤත්තිදුතියෙන කම්මෙන වුට්ඨානසම්මුති න දින්නා හොති.
Sinhala BJTඅසම්මතා නම්: ඤත්තිදුතිය කර්‍මයෙන් වුට්ඨාන සම්මුතිය නොදෙන ලද්දී වෙයි.
Pali BJTවුට්ඨාපෙය්යාති: උපසම්පාදෙය්ය.
Sinhala BJTවුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.
Pali BJTවුට්ඨාපෙස්සාමීති: ගණං වා ආචරිනිං වා පත්තං වා චීවරං වා පරියෙසති, සීමං වා සම්මන්නති, ආපත්ති දුක්කටස්ස. ඤත්තියා දුක්කටං ද්වීහි කම්මවාචාහි දුක්කටා. කම්මවාචාපරියොසානෙ උපජ්ඣායාය ආපත්ති පාචිත්තියස්ස. ගණස්ස ච ආචරිනියා ච ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඋපසපන් කරවන්නෙමැ යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහටද ඇජරහටද දුකුළා ඇවැත් වේ.
Pali BJTධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා වුට්ඨාපෙති ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ වෙමතිකා වුට්ඨාපෙති ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා වුට්ඨාපෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි විමති ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: පරිපුණ්ණවීසතිවස්සං කුමාරීභුතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛං සඞ්ඝෙන සම්මතං වුට්ඨාපෙති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTපිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත කරනලද හෙරණියක උපසපන් කරවා නම් ඇවැත් නො වේ. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTතතියසික්ඛාපදං.
Sinhala BJTතෙවන සිකපද යි.
Pali BJT4. 8. 4.
Sinhala BJT4. 8. 4.
Pali BJTචතුත්ථසික්ඛාපදං
Sinhala BJTසතරවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික්ඛුනියො ඌනද්වාදස වස්සා වුට්ඨාපෙන්ති. තා බාලා හොන්ති අබ්යත්තා න ජානන්ති කප්පියං වා අකප්පියං වා. සද්ධිවිහාරිනියොපි බාලා හොන්ති අබ්යත්තා න ජානන්ති කප්පියං වා අකප්පියං වා. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො ඌනද්වාදසවස්සා වුට්ඨාපෙස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනියො ඌනද්වාදසවස්සා වුට්ඨාපෙන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනියො ඌනද්වාදසවස්සා වුට්ඨාපෙස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි උනු දොළොස්වස් ඇති මෙහෙණෝ උපසපන් කරවත්. ඔහු නොදැනුමැති අව්‍යක්තයෝ වෙති. කැපය හෝ නොකැපය හෝ නො දනිති. සද්ධිවිහාරිනීහු ද නො දැනුමැති අව්‍යක්තයෝ වෙති. කැපය හෝ නො කැපය හෝ නො දනිත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් උනු දොළොස්වස් ඇති මෙහෙණෝ උපසපන් කරවූහු දැ”යි. ... සැබෑද මහණෙනි, උනු දොළොස්වස් ඇති මෙහෙණෝ උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, උනුදොළොස්වස් ඇති මෙහෙණෝ උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී ඌනද්වාදසවස්සා වුට්ඨාපෙය්ය, පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් උනු දොළොස්වස් ඇතියා උපසපන් කරවා නම් පචිති වේ”යයි.
Pali BJT2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTඌනද්වාදසවස්සා නාම: අප්පත්තද්වාදසවස්සා.
Sinhala BJTඌනද්වාදසවස්සා නම්: නොපත් දොළොස්වස් ඇතියා යැ.
Pali BJTඋට්ඨාපෙය්යාති: උපසම්පාදෙය්ය.
Sinhala BJTවුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.
Pali BJTවුට්ඨාපෙස්සාමීති ගණං වා ආචරිනිං වා පත්තං වා චීවරං වා පරියෙසති සීමං වා සම්මන්නති ආපත්ති දුක්කටස්ස. ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි දුක්කටා. කම්මවාචාපරියොසානෙ උපජ්ඣායාය ආපත්ති පාචිත්තියස්ස. ගණස්ස ච ආචරිනියා ච ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඋපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරහට ද දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: පරිපුණ්ණද්වාදසවස්සා වුට්ඨාපෙති උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTපිරිපුන් දොළොස්වස් ඇතියා උපසපන් කරවා නම් ඇවැත් නො වේ. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTචතුත්ථසික්ඛාපදං.
Sinhala BJTසතරවන සිකපද යි.
Pali BJT4. 8. 5.
Sinhala BJT4. 8. 5.
Pali BJTපඤ්චමසික්ඛාපදං
Sinhala BJTපස්වෙනි සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික්ඛුනියො පරිපුණ්ණද්වාදසවස්සා සඞ්ඝෙන අසම්මතා වුට්ඨාපෙන්ති. තා බාලා හොන්ති අබ්යත්තා න ජානන්ති කප්පියං වා අකප්පියං වා. සද්ධිවිහාරිනියොපි බාලා හොන්ති අබ්යත්තා න ජානන්ති කප්පියං වා අකප්පියං වා.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි පිරිපුන් දොළොස්වස් ඇති මෙහෙණෝ සඞ්ඝයා විසින් සම්මත නොකරන ලදුවෝ උපසපන් කරවත්. ඔහු නොදැනුමැති අව්‍යක්තයෝ වෙති. කැපය හෝ නො කැපය හෝ නො දනිති. සද්ධිවිහාරිනීහුද නො දැනුමැති අව්‍යක්තයෝ වෙති. කැපය හෝ නො කැපය හෝ නො දනිත්.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම: භික්ඛුනියො පරිපුණ්ණද්වාදසවස්සා සඞ්ඝෙන අසම්මතා වුට්ඨාපෙස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනියො පරිපුණ්ණද්වාදසවස්සා සඞ්ඝෙන අසම්මතා වුට්ඨාපෙන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනියො පරිපුණ්ණද්වාදසවස්සා සඞ්ඝෙන අසම්මතා වුට්ඨාපෙස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි “අනුජානාමි භික්ඛවෙ පරිපුණ්ණද්වාදසවස්සාය භික්ඛුනියා වුට්ඨාපනසම්මුතිං දාතුං”. එවඤ්ච පන භික්ඛවෙ දාතබ්බා. තාය පරිපුණ්ණද්වාදසවස්සාය භික්ඛුනියා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛුනීනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: අහං අය්යෙ ඉත්ථන්නාමා පරිපුණ්ණද්වාදසවස්සා භික්ඛුනී සඞ්ඝං වුට්ඨාපනසම්මුතිං යාචාමී”ති. දුතියම්පි යාචිතබ්බා - තතියම්පි යාචිතබ්බා. සා භික්ඛුනී සඞ්ඝෙන පරිච්ඡින්දිතබ්බා{1} “බ්යත්තායං{2} භික්ඛුනී ලජ්ජිනී”ති. සචෙ බාලා ච හොති අලජ්ජිනී{3} න දාතබ්බා. සචෙ බාලා හොති ලජ්ජිනී{4} න දාතබ්බා. සචෙ බ්යත්තා හොති අලජ්ජිනී න දාතබ්බා. සචෙ බ්යත්තා ච හොති ලජ්ජිනී ච දාතබ්බා. එවඤ්ච පන භික්ඛවෙ දාතබ්බා. බ්යත්තාය භික්ඛුනියා පටිබලාය සඞ්ඝො ඤාපෙතබ්බො –
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති; දොස් පතුරුවත්: “කෙසේ නම් පිරිපුන් දොළොස්වස් ඇති මෙහෙණෝ සඞ්ඝයා විසින් සම්මත නොකරන ලදුවෝ උපසපන් කරවූහු දැ”යි. ... සැබෑද මහණෙනි, පිරිපුන් දොළොස් වස් ඇති මෙහෙණෝ සඞ්ඝයා විසින් සම්මත නොකරන ලදුවෝ උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, පිරිපුන් දොළොස්වස් ඇති මෙහෙණෝ සඞ්ඝයා විසින් සම්මත නොකරන ලදුවෝ උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූසේක. මහණෙනි, පිරිපුන් දොළොස්වස් ඇති මෙහෙණට වුට්ඨාපන සම්මුතිය දෙන්නට අනුදනිමි. මෙසේ ද වනාහි මහණෙනි, දිය යුතු යැ: පිරිපුන් දොළොස්වස් ඇති ඒ මෙහෙණ විසින් සඞ්ඝයා වෙත එළැඹැ උතුරුසඟ සිවුර එකස් කොට වැඩිමහලු මෙහෙණන්ගේ පා වැඳ උළුලුයෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කිය යුතු වන්නේ යැ: ආර්‍ය්‍යාවෙනි, පිරිපුන් දොළොස්වස් ඇති මෙනම් ඇති මම මෙහෙණසඟනගෙන් වුට්ඨාපන සම්මුතිය යදිමි යි. දෙවනවට දු යැදිය යුතු යැ. තෙවනවට දු යැදිය යුතු යැ. ඒ මෙහෙණ තොමෝ මෙහෙණ සඟන විසින් පිරික්සිය යුත්තී යැ. මේ මෙහෙණ තොමෝ ව්‍යක්ත වූවා ද ලජ්ජිනී වූවාදැ යි. ඉදින් නො දැනුමැති වූවා ද අලජ්ජිනී වූවා ද වේ නම් නො දිය යුත්තී යැ. ඉදින් නො දැනුමැති වූවා ද ලජ්ජිනී වූවා ද වේ නම් නො දිය යුත්තී යැ. ඉදින් ව්‍යක්ත වූවා ද අලජ්ජිනී වූවා ද වේ නම් නොදිය යුත්තී යැ. ඉදින් ව්‍යක්ත වූවා ද ලජ්ජිනී වූවා ද වේ නම් දිය යුත්තී යැ. මෙසේ ද වනාහි මහණෙනි, දියයුතු යැ. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
Pali BJT3. සුණාතු මෙ අය්යෙ සඞ්ඝො අයං ඉත්ථන්නාමා පරිපුණ්ණද්වාදසවස්සා භික්ඛුනී සඞ්ඝං වුට්ඨාපනසම්මුතිං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමාය පරිපුණ්ණද්වාදසවස්සාය භික්ඛුනියා වුට්ඨාපනසම්මුතිං දදෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT3. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ ම වදන් අසාවා: පිරිපුන් දොළොස්වස් ඇති මෙ නම් ඇති මෝ තොමෝ භික්‍ෂුණී සඞ්ඝයාගෙන් වුට්ඨාපන සම්මුතිය යදියි. ඉදින් සඞ්ඝයාහට පැමිණිකල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ පිරිපුන් දොළොස් වස් ඇති මෙනම් ඇති මෙහෙණට වුට්ඨාපන සම්මුතිය දෙන්නේ යැ. මේ ඥප්ති යි.
Pali BJT4. සුණාතු මෙ අය්යෙ සඞ්ඝො අයං ඉත්ථන්නාමා පරිපුණ්ණද්වාදසවස්සා භික්ඛුනී සඞ්ඝං වුට්ඨාපනසම්මුතිං යාචති. සඞ්ඝො ඉත්ථන්නාමාය පරිපුණ්ණද්වාදසවස්සාය භික්ඛුනියා වුට්ඨාපනසම්මුතිං දෙති. යස්සා අය්යාය ඛමති ඉත්ථන්නාමාය පරිපුණ්ණද්වාදසවස්සාය භික්ඛුනියා වුට්ඨාපනසම්මුතියා දානං, සා තුණ්හස්ස, යස්සා නක්ඛමති සා භාසෙය්ය. දින්නා සඞ්ඝෙන ඉත්ථන්නාමාය පරිපුණ්ණද්වාදසවස්සාය භික්ඛුනියා වුට්ඨාපනසම්මුති. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී එවමෙතං ධාරයාමීති.
Sinhala BJT4. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. පිරිපුන් දොළොස්වස් ඇති මේ මෙනම් ඇති මෙහෙණ සඞ්ඝයාගෙන් වුට්ඨාපන සම්මුතිය යදියි. සඞ්ඝ තෙමේ පිරිපුන් දොළොස්වස් ඇති මෙ නම් මෙහෙණට වුට්ඨාපන සම්මුතිය දෙයි. පිරිපුන් දොළොස්වස් ඇති මෙ නම් මෙහෙණට වුට්ඨාපන සම්මුතිය දීම යම් ආර්‍ය්‍යාවකට රුස්නේ නම් ඕ තොමෝ නිහඬ වන්නී යැ. යමකට නො රුස්නේ නම් ඕ තොමෝ කියන්නී යැ. සඞ්ඝයා විසින් පිරිපුන් දොළොස් වස් ඇති මෙනම් ඇති මෙහෙණට වුට්ඨාපන සම්මුති දෙනලද්දී යැ. සඞ්ඝයාට රුස්නේ යැ. එහෙයින් නිහඬ ය. මෙසේ මෙසේ දරමි යි.
Pali BJT5. අථ ඛො භගවා තා භික්ඛුනියො අනෙකපරියායෙන විගරහිත්වා දුභරතාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මෙහෙණන්ට නොයෙක් අයුරින් ගරහා දුබරබැව්හි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී පරිපුණ්ණද්වාදසවස්සා සඞ්ඝෙන අසම්මතා වුට්ඨාපෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් තොමෝ පිරිපුන් දොළොස් වස් ඇතියා සඞ්ඝයා විසින් සම්මත නොකරනලද්දී උපසපන් කරවා නම් පචිති වේ”ය යි.
Pali BJT6. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT6. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTපරිපුණ්ණ ද්වාදසවස්සා නාම: පත්තද්වාදසවස්සා.
Sinhala BJTපරිපුණ්ණද්වාදසවස්සා නම්: පැමිණි දොළොස්වස් ඇතියා යැ.
Pali BJTඅසම්මතා නාම: ඤත්තිදුතියෙන කම්මෙන වුට්ඨාපනසම්මුති න දින්නා හොති.
Sinhala BJTඅසම්මතා නම්: ඤත්තිදුතිය කර්‍මයෙන් වුට්ඨාපන සම්මුති නො දෙනලද්දි වේ.
Pali BJTවුට්ඨාපෙය්යාති: උපසම්පාදෙය්ය.
Sinhala BJTවුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.
Pali BJTවුට්ඨාපෙස්සාමීති ගණං වා ආචරිනිං වා පත්තං වා චීවරං වා පරියෙසති, සීමං වා සම්මන්නති, ආපත්ති දුක්කටස්ස. ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි දුක්කටා. කම්මවාචාපරියොසානෙ උපජ්ඣායාය ආපත්ති පාචිත්තියස්ස. ගණස්ස ච ආචරිනියා ච ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඋපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාට ද ඇජරහට ද දුකුළා ඇවැත් වේ.
Pali BJTධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා වුට්ඨාපෙති ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ වෙමතිකා වුට්ඨාපෙති ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා වුට්ඨාපෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි විමති ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: පරිපුණ්ණද්වාදසවස්සා සඞ්ඝෙන සම්මතා වුට්ඨාපෙති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTපිරිපුන් දොළොස්වස් ඇතියා සඞ්ඝයා විසින් සම්මත කරනලද්දී උපසපන් කරවා නම් ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTපඤ්චමසික්ඛාපදං.
Sinhala BJTපස්වන සිකපද යි.
Pali BJT4. 8. 6.
Sinhala BJT4. 8. 6.
Pali BJTඡට්ඨසික්ඛාපදං
Sinhala BJTසවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන චණ්ඩකාළී භික්ඛුනී භික්ඛුනිසඞ්ඝං උපසඞ්කමිත්වා වුට්ඨාපනසම්මුතිං යාචි{1}. අථ ඛො භික්ඛුනිසඞ්ඝො චණ්ඩකාළිං භික්ඛුනිං පරිච්ඡින්දිත්වා “අලං තාව තෙ අය්යෙ වුට්ඨාපිතෙනා”ති වුට්ඨාපනසම්මුතිං න අදාසි. චණ්ඩකාළී භික්ඛුනී සාධූති පටිස්සුණි. තෙන ඛො පන සමයෙන භික්ඛුනිසඞ්ඝො අඤ්ඤාසං භික්ඛුනීනං වුට්ඨාපනසම්මුතිං දෙති. චණ්ඩකාළී භික්ඛුනී උජ්ඣායති ඛීයති විපාචෙති: “අහමෙව නූන බාලා, අහමෙව නූන අලජ්ජිනී; යං සඞ්ඝො අඤ්ඤාසං භික්ඛුනීනං වුට්ඨාපනසම්මුතිං දෙති, මය්හමෙව න දෙතී”ති.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි චණ්ඩකාළී භික්‍ෂුණී තොමෝ මෙහෙණ සඟන වෙතැ එළැඹැ වුට්ඨාපන සම්මුතිය යැදූ යැ. එකල්හි මෙහෙණ සඟ තෙමේ චණ්ඩකාළී භික්‍ෂුණිය පිරිසිඳ “ආර්‍ය්‍යාවෙනි, වුට්ඨාපන සම්මුතිය දීමෙන් තිට කම් නැතැ” යි වුට්ඨාපන සම්මුතිය නො දුන්නේ යැ. චණ්ඩකාළී භික්‍ෂුණී තොමෝ මැනැවැයි පිළිවදන් දුනු යැ. එසමයෙහි වනාහි මෙහෙණසඟ තෙමේ අන් මෙහෙණන්ට වුට්ඨාපන සම්මුතිය දෙයි. චණ්ඩකාළී භික්‍ෂුණී තොමෝ ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි. “මම් මැ එකැතින් බාලයෙම් ද, මම් මැ එකැතින් අලජ්ජිනියෙම් ද, යම් හෙයෙකින් සඞ්ඝ තෙමේ අන් මෙහෙණන්ට වුට්ඨාපනසම්මුතිය දේ ද, මට මැ නො දේ දැ”යි.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා චණ්ඩකාළී අලං තාව තෙ අය්යෙ වුට්ඨාපිතෙනා’ති වුච්චමානා සාධූති පටිස්සුණිත්වා පච්ඡා ඛීයනධම්මං ආපජ්ජිස්සතී’ති -පෙ- සච්චං කිර භික්ඛවෙ චණ්ඩකාළී භික්ඛුනී අලං තාව තෙ අය්යෙ වුට්ඨාපිතෙනාති වුච්චමානා සාධූති පටිස්සුණිත්වා පච්ඡා ඛීයනධම්මං ආපජ්ජිති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ චණ්ඩකාළී භික්ඛුනී අලං තාව තෙ අය්යෙ වුට්ඨාපිතෙනාති වුච්චමානා සාධූති පටිස්සුණිත්වා පච්ඡා ඛීයනධම්මං ආපජ්ජිස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා චණ්ඩකාළී තොමෝ ‘ආර්‍ය්‍යාවෙනි, වුට්ඨාපනසම්මුතිය දීමෙන් තොපට කම් නැතැ’යි කියනු ලබන්නී මැනැවැයි පිළිවදන් දී පසුවැ නුගුණ පවසන සැහැවියට පැමිණියාදැ”යි ... සැබෑද මහණෙනි, චණ්ඩකාළී භික්‍ෂුණී තොමෝ ‘ආර්‍ය්‍යාවෙනි, වුට්ඨාපනසම්මුතිය දීමෙන් තොපට කම් නැතැ’යි කියනු ලබන්නී මැනැවැයි පිළිවදන් දී පසුවැ නුගුණ පවසන සැහැවියට පැමිණියා දැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, චණ්ඩකාළී භික්‍ෂුණී තොමෝ ‘ආර්‍ය්‍යාවෙනි, වුට්ඨාපනසම්මුතිය දීමෙන් තිට කම් නැතැ’යි කියනු ලබන්නී මැනැවැයි පිළිවදන් දී පසුවැ නුගුණ පවසන සැහැවියට පැමිණියා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී අලං තාව තෙ අය්යෙ වුට්ඨාපිතෙනාති වුච්චමානා සාධූති පටිස්සුණිත්වා පච්ඡා ඛීයනධම්මං ආපජ්ජෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් තොමෝ ‘ආර්‍ය්‍යාවෙනි, වුට්ඨාපන සම්මුතිය දීමෙන් තොපට කම් නැතැ’යි කියනු ලබන්නී මැනැවැයි පිළිවදන් දී පසුවැ නුගුණ පවසන සැහැවියට අවදී නම් පචිති වේ”ය යි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTඅලං තාව තෙ අය්යෙ වුට්ඨාපිතෙනාති: අලං තාව තෙ අය්යෙ උපසම්පාදිතෙන. සාධූති පටිස්සුණිත්වා පච්ඡා ඛීයනධම්මං ආපජ්ජති, ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඅලං තාව තෙ අය්‍යෙ වුට්ඨාපිතෙන: ආර්‍ය්‍යාවෙනි, උපසපන් කැරැවීමෙන් තොපට කම් නැති. මැනැවැයි පිළිවදන් දී පසුවැ නුගුණ පවසන සැහැවියට පැමිණේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: පකතියා ඡන්දා දොසා මොහා භයා කරොන්තං ඛීයති උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTප්‍රකෘතියෙන් ඡන්‍දයෙන් ද්වේෂයෙන් මෝහයෙන් භයෙන් කරන්නහුට නුගුණ පවසා නම් ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTඡට්ඨසික්ඛාපදං.
Sinhala BJTසවන සිකපද යි.
Pali BJT4. 8. 7.
Sinhala BJT4. 8. 7.
Pali BJTසත්තමසික්ඛාපදං
Sinhala BJTසත්වන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා සික්ඛමානා ථුල්ලනන්දං භික්ඛුනිං උපසඞ්කමිත්වා උපසම්පදං යාචි. ථුල්ලනන්දා භික්ඛුනී තං සික්ඛමානං “සචෙ මෙ ත්වං අය්යෙ චීවරං දස්සසි, එවාහන්තං වුට්ඨාපෙස්සාමී”ති වත්වා නෙව වුට්ඨාපෙති, න වුට්ඨාපනාය උස්සුක්කං කරොති. අථ ඛො සා සික්ඛමානා භික්ඛුනීනං එතමත්ථං ආරොචෙසි.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා සික්මනුවක් තොමෝ ථුල්ලනන්‍දා භික්‍ෂුණිය වෙතැ එළැඹැ උපසපුව යැදූ යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ඒ සික්මනුවට “ආර්‍ය්‍යාවෙනි, ඉදින් තෙපි මා හට සිවුරක් දෙන්නහු නම් මම තොප උපසපන් කරවන්නෙමැ”යි මෙසේ කියා නොමැ උපසපන් කරවයි. උපසපන් කැරැවීම පිණිස වෑයම් නො කරයි. එකල්හි ඒ සික්මනු තොමෝ මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූ යැ.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා ථුල්ලනන්දා සික්ඛමානං සචෙ මෙ ත්වං අය්යෙ චීවරං දස්සසි එවාහන්තං වුට්ඨාපෙස්සාමීති වත්වා නෙව වුට්ඨාපෙස්සති, න වුට්ඨාපනාය උස්සුක්කං කරිස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී සික්ඛමානං “සචෙ මෙ ත්වං අය්යෙ චීවරං දස්සසි එවාහන්තං වුට්ඨාපෙස්සාමීති වත්වා නෙව වුට්ඨාපෙති, න වුට්ඨාපනාය උස්සුක්කං කරොතී”ති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී සික්ඛමානං “සචෙ මෙ ත්වං අය්යෙ චීවරං දස්සසි එවාහන්තං වුට්ඨාපෙස්සාමී”ති වත්වා නෙව වුට්ඨාපෙස්සති න වුට්ඨාපනාය උස්සුක්කං කරිස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ සික්මනුවට ආර්‍ය්‍යාවෙනි, ඉදින් තෙපි මාහට සිවුරක් දෙන්නහු නම් මම තොප උපසපන් කරවන්නෙමැ යි මෙසේ කියා නොමැ උපසපන් කරවූ ද, උපසපන් කැරැවීම පිණිස වෑයම් නො කළා දැ”යි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සික්මනුවකට ආර්‍ය්‍යාවෙනි, ඉදින් තෙපි මාහට සිවුරක් දෙන්නහු නම් මම තොප උපසපන් කරවන්නෙමැ යි මෙසේ කියා නො මැ උපසපන් කරවා ද, උපසපන් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සික්මනුවකට ආර්‍ය්‍යාවෙනි, ඉදින් තෙපි මාහට සිවුරක් දෙන්නහු නම් මම තොප උපසපන් කරවන්නෙමැ යි මෙසේ කියා නො මැ උපසපන් කරවූ ද, උපසපන් කැරැවීම පිණිස වෑයම් නො කළා ද, මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී සික්ඛමානං සචෙ මෙ ත්වං අය්යෙ චීවරං දස්සසි එවාහන්තං වුට්ඨාපෙස්සාමීති වත්වා පච්ඡා සා අනන්තරායිකිනී නෙව වුට්ඨාපෙය්ය න වුට්ඨාපනාය උස්සුක්කං කරෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් සික්මනුවකට ‘ආර්‍ය්‍යාවෙනි, ඉදින් තෙපි මා හට සිවුරක් දෙන්නහු නම් මම තොප උපසපන් කරවන්නෙමැ යි මෙසේ කියා පසුවැ ඕතොමෝ අනතුරක් නැත්තී නොමැ උපසපන් කරවා නම් උපසපන් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ නම් පචිති වේ” ය යි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTසික්ඛමානා නාම: ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛා.
Sinhala BJTසික්ඛමානා නම්, දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇතියා යැ.
Pali BJTසචෙ මෙ ත්වං අය්යෙ චීවරං දස්සසි එවාහන්තං වුට්ඨාපෙස්සාමීති: එවාහන්තං උපසම්පාදෙස්සාමි.
Sinhala BJTසචෙ මෙ ත්‍වං අය්‍යෙ චීවරං දස්සසි එවාහන්තං වුට්ඨාපෙස්සාමි: මෙසේ මම තා උපසපන් කරවන්නෙමි.
Pali BJTසා පච්ඡා අනන්තරායිකිනීති: අසති අන්තරායෙ.
Sinhala BJTසා පච්ඡා අනත්තරායිකීනි: අනතුරක් නැති කල්හි,
Pali BJTනෙව වුට්ඨාපෙය්යාති: න සයං වුට්ඨාපෙය්ය.
Sinhala BJTනේව වුට්ඨාපෙය්‍ය: නොමැ උපසපන් කරවයි.
Pali BJTන වුට්ඨාපනාය උස්සුක්කං කරෙය්යාති: න අඤ්ඤං ආණාපෙය්ය. නෙව වුට්ඨාපෙස්සාමි න වුට්ඨාපනාය උස්සුක්කං කරිස්සාමීති ධුරං නික්ඛිත්තමත්තෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTන වුට්ඨාපනාය උස්සුක්කං කරෙය්‍ය: මෙරමාහට නො අණවයි. නොමැ උපසපන් කරවන්නෙමි, උපසපන් කරවීමට වෑයම් නො කරන්නෙමි යි ධුරනික්‍ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: සති අන්තරායෙ පරියෙසිත්වා න ලභති, ගිලානාය ආපදාසු උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඅනතුරක් ඇති කල්හි, සොයා නොලබා නම්, ගිලන්වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTසත්තමසික්ඛාපදං.
Sinhala BJTසත්වන සිකපද යි.
Pali BJT4. 8. 8.
Sinhala BJT4. 8. 8.
Pali BJTඅට්ඨමසික්ඛාපදං
Sinhala BJTඅටවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා සික්ඛමානා ථුල්ලනන්දං භික්ඛුනිං උපසඞ්කමිත්වා උපසම්පදං යාචි. ථුල්ලනන්දා භික්ඛුනී තං සික්ඛමානං{1} “සචෙ මං{2} ත්වං අය්යෙ ද්වෙ වස්සානි අනුබන්ධිස්සසි එවාහන්තං වුට්ඨාපෙස්සාමීති වත්වා නෙව වුට්ඨාපෙති න වුට්ඨාපනාය උස්සුක්කං කරොති. අථ ඛො සා සික්ඛමානා භික්ඛුනීනං එතමත්ථං ආරොචෙසි.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා හික්මනුවක් තොමෝ ථුල්ලනන්‍දා භික්‍ෂුණිය වෙතැ එළැඹැ උපසපුව යැදූ යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ඒ හික්මනුවට “ආර්‍ය්‍යාවෙනි, ඉදින් තෙපි දෙවසක් මට උවටැන් කරන්නහු නම් මම තොප උපසපන් කරවන්නෙමැ”යි මෙසේ කියා නොමැ උපසපන් කරවයි. උපසපන් කැරැවීම පිණිස වෑයම් නො කරයි. එකල්හි ඒ හික්මනු තොමෝ මෙහෙණන්ට තෙල කරුණ අරොජූ යැ.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා ථුල්ලනන්දා සික්ඛමානං සචෙ මං ත්වං අය්යෙ ද්වෙ වස්සානි අනුබන්ධිස්සසි එවාහන්තං වුට්ඨාපෙස්සාමීති වත්වා නෙව වුට්ඨාපෙස්සති න වුට්ඨාපනාය උස්සුක්කං කරිස්සතීති -පෙ- සච්චං කිර භික්ඛවෙ, ථුල්ලනන්දා භික්ඛුනී සික්ඛමානං සචෙ මං ත්වං අය්යෙ ද්වෙ වස්සානි අනුබන්ධිස්සසි එවාහන්තං වුට්ඨාපෙස්සාමීති වත්වා නෙව වුට්ඨාපෙති න වුට්ඨාපනාය උස්සුක්කං කරොතීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී සික්ඛමානං සචෙ මං ත්වං අය්යෙ ද්වෙ වස්සානි අනුබන්ධිස්සසි එවාහන්තං වුට්ඨාපෙස්සාමීති: වත්වා නෙව වුට්ඨාපෙස්සති. න වුට්ඨාපනාය උස්සුක්කං කරිස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ හික්මනුවකට ආර්‍ය්‍යාවෙනි, ඉදින් තෙපි දෙවසක් මට උවැටන් කරන්නහු නම් මම තොප උපසපන් කරවන්නෙමැ යි මෙසේ කියා නොම උපසපන් කරවූ ද? උපසපන් කැරැවීම පිණිස වෑයම් නො කළා” දැ යි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ හික්මනුවකට ආර්‍ය්‍යාවෙනි, ඉදින් තෙපි දෙවසක් මට උවැටන් කරන්නහු නම් මම තොප උපසපන් කරවන්නෙමැ යි මෙසේ කියා නොමැ උපසපන් කරවා ද? උපසපන් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ හික්මනුවකට ආර්‍ය්‍යාවෙනි, ඉදින් තෙපි දෙවසක් මට උවැටන් කරන්නහු නම් මම තොප උපසපන් කරවන්නෙමැ යි මෙසේ කියා නොමැ උපසපන් කරවූ ද? උපසපන් කැරැවීම පිණිස වෑයම් නො කළා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී සික්ඛමානං සචෙ මං ත්වං අය්යෙ ද්වෙ වස්සානි අනුබන්ධිස්සසි එවාහන්තං වුට්ඨාපෙස්සාමීති වත්වා සා පච්ඡා අනන්තරායිකිනී නෙව වුට්ඨාපෙය්ය න වුට්ඨාපනාය උස්සුක්කං කරෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් තොමෝ හික්මනුවකට ආර්‍ය්‍යාවෙනි, ඉදින් තෙපි දෙවසක් මට උවැටන් කරන්නහු නම් මම තොප උපසපන් කරවන්නෙමැ යි මෙසේ කියා ඕ තොමෝ පසුවැ අනතුරක් නැත්තී නොමැ උපසපන් කරවා නම් උපසපන් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ නම් පචිති වේ”ය යි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTසික්ඛමානා නාම: ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛා.
Sinhala BJTසික්ඛමානා නම්: දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇතියා යැ.
Pali BJTසචෙ මං ත්වං අය්යෙ ද්වෙ වස්සානි අනුබන්ධිස්සසීති: ද්වෙ සංවච්ඡරානි උපට්ඨහිස්සසි.
Sinhala BJTසචෙ මෙ ත්‍වං අය්‍යෙ ද්වෙ වස්සානි අනුබන්‍ධිස්සසි: දෙවසක් උවැටන් කරන්නෙහි නම්.
Pali BJTඑවාහන්තං වුට්ඨාපෙස්සාමීති: එවාහන්තං උපසම්පාදෙස්සාමි.
Sinhala BJTඑවාහන්තං වුට්ඨාපෙස්සාමි: මෙසේ මම තොප උපසපන් කරන්නෙමි.
Pali BJTසා පච්ඡා අනන්තරායිකිනීති: අසති අන්තරායෙ.
Sinhala BJTසා පච්ඡා අනත්තරායිකීනි: අනතුරක් නැති කල්හි.
Pali BJTනෙව වුට්ඨාපෙය්යාති: න සයං වුට්ඨාපෙය්ය.
Sinhala BJTනේව වුට්ඨාපෙය්‍ය: තොමෝ නොමැ උපසපන් කරවයි.
Pali BJTන වුට්ඨාපනාය උස්සුක්කං කරෙය්යාති: න අඤ්ඤං ආණාපෙය්ය නෙව වුට්ඨාපෙස්සාමි න වුට්ඨාපනාය උස්සුක්කං කරිස්සාමීති ධුරං නික්ඛිත්තමත්තෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTන වුට්ඨාපනාය උස්සුක්කං කරෙය්‍ය: මෙරමාහට නො අණවයි. නොමැ උපසපන් කරවන්නෙමි, උපසපන් කරවීමට වෑයම් නො කරන්නෙමි යි ධුරනික්‍ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: සති අන්තරායෙ පරියෙසිත්වා න ලභති, ගිලානාය උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඅනතුරක් ඇති කල්හි, සොයා නො ලබා නම් ඇවැත් නැත. ගිලන්වූවාට, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTඅට්ඨමසික්ඛාපදං.
Sinhala BJTඅටවන සිකපද යි.
Pali BJT4. 8. 9.
Sinhala BJT4. 8. 9.
Pali BJTනවමසික්ඛාපදං
Sinhala BJTනවවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දා භික්ඛුනී පුරිසසංසට්ඨං කුමාරකසංසට්ඨං චණ්ඩිං සොකවස්සං සික්ඛමානං{1} වුට්ඨාපෙති. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා ථුල්ලනන්දා පුරිසසංසට්ඨං කුමාරකසංසට්ඨං චණ්ඩිං සොකාවස්සං සික්ඛමානං වුට්ඨාපෙස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී පුරිසසංසට්ඨං කුමාරකසංසට්ඨං චණ්ඩිං සොකාවස්සං සික්ඛමානං වුට්ඨාපෙසීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී පුරිසසංසට්ඨං කුමාරකසංසට්ඨං චණ්ඩිං සොකවස්සං සික්ඛමානං වුට්ඨාපෙස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ පිරිම්නියක්හු හා හැනීගිය කුමරුවන් හා හැනීගිය සැඬ වූ සෝ දනවන හික්මනුවක උපසපන් කරවයි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය ථුල්ලනන්‍දා තොමෝ පිරිම්නියක්හු හා හැනීගිය කුමරුවන් හා හැනීගිය සැඬ වූ සෝ දනවන හික්මනුවක උපසපන් කරවූ දැ”යි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ පිරිම්නියක්හු හා හැනීගිය කුමරුවන් හා හැනී ගිය සැඬ වූ සෝ දනවන හික්මනුවක උපසපන් කරවූ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ පිරිම්නියක්හු හා හැනීගිය කුමරුවන් හා හැනීගිය සැඬ වූ සෝ දනවන හික්මනුවක උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී පුරිසසංසට්ඨං කුමාරකසංසට්ඨං චණ්ඩිං සොකවස්සං සික්ඛමානං වුට්ඨාපෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක්, පිරිම්නියක්හු හා හැනීගිය කුමරුවන් හා හැනීගිය සැඬවූ සෝ දනවන හික්මනුවක උපසපන්කරවා නම් පචිති වේ” යයි.
Pali BJT2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTපුරිසො නාම: පත්තවීසතිවස්සො.
Sinhala BJTපුරිස නම්: පැමිණි විසිවස් ඇතියේ යැ.
Pali BJTකුමාරකො නාම: අප්පත්තවීසතිවස්සො.
Sinhala BJTකුමාරක නම්: නො පැමිණි විසිවස් ඇතියේ යැ.
Pali BJTසංසට්ඨා නාම: අනනුලොමිකෙන කායිකවාචසිකෙන සංසට්ඨා.
Sinhala BJTසංසට්ඨා නම්: අනුලොම් නො වූ කායික වාචසිකයෙන් මුසුවූවා යැ.