Pācittiya

Expiation Rules

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 301-400 න් 4249

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT62. අනාපත්ති: උපසම්පන්නස්ස භූතං ආරොචෙති, ආදිකම්මිකස්සාති.
Sinhala BJT62. උපසපනක්හට ඇති උතුරුමිනිස්දහමක් ඇරොජා නම් ඇවැත් නැත, ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTභූතාරොචනසික්ඛාපදං අට්ඨමං.
Sinhala BJTඅටවැනි භූතාරෝචන ශික්‍ෂාපද යි.
Pali BJT6. 1. 9.
Sinhala BJT6. 1. 9.
Pali BJTදුට්ඨුල්ලාරොචනසික්ඛාපදං
Sinhala BJTදුට්ඨුල්ලාරෝචන ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා උපනන්දො සක්යපුත්තො ඡබ්බග්ගියෙහි භික්ඛූහි සද්ධිං භණ්ඩනකතො හොති. සො සඤ්චෙතනිකං සුක්කවිස්සට්ඨිං ආපත්තිං ආපජ්ජිත්වා සඞ්ඝං තස්සා ආපත්තියා පරිවාසං යාචි. තස්ස සඞ්ඝො තස්සා ආපත්තියා පරිවාසං අදාසි.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි වනාහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර තෙමේ සවග මහණුන් සමඟ කලහ කළේ වෙයි. හෙතෙම දැන දැන සුකුරුමිදීම් ඇවතකට පැමිණ සඟුන් ගෙන් ඒ ඇවතට පිරිවෙස් යැදී. සඞ්ඝ තෙමේ ඔහුට ඒ ඇවතට පිරිවෙස් දුන්නේ යි.
Pali BJT2. තෙන ඛො පන සමයෙන සාවත්ථියං අඤ්ඤතරස්ස පූගස්ස සඞ්ඝභත්තං හොති. සො පරිවසන්තො භත්තග්ගෙ ආසනපරියන්තෙ නිසීදි. ඡබ්බග්ගියා භික්ඛූ තෙ උපාසකෙ එතදවොචුං: “එසො ආවුසො ආයස්මා උපනන්දො සක්යපුත්තො තුම්හාකං සම්භාවිතො කුලූපගො{1} යෙනෙව හත්ථෙන සද්ධාදෙය්යං භුඤ්ජති තෙනෙව හත්ථෙන උපක්කමිත්වා අසුචිං මොචෙසි. සො සඤ්චෙතනිකං සුක්කවිස්සට්ඨිං ආපත්තිං ආපජ්ජිත්වා සඞ්ඝං තස්සා ආපත්තියා පරිවාසං යාචි. තස්ස සඞ්ඝො තස්සා ආපත්තියා පරිවාසං අදාසි . සො පරිවසන්තො ආසනපරියන්තෙ නිසින්නො”ති.
Sinhala BJT2. එසමයෙහි සැවැතෙහි එක්තරා සමූහයකගේ සඟබතෙක් වෙයි. හෙ පිරිවසමින් භක්තග්‍රයෙහි අසුන් පිරියත්හි හුන්නේ යැ. සවග මහණහු ඒ උවසුවනට මෙය කීහු: ඇවැත්නි, තෙල ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍ය පුත්‍ර තෙමේ තොප විසින් සම්භාවනා කරන ලද කුලූපගයෙකි. යම්බඳු මැ අතෙකින් සැදැහැයෙන් දුන් දෙය වළඳා ද, එබඳු මැ අතින් උපක්‍රම කොට අශුචි මිදුවේ යැ. හේ සංචේතනික සුක්කවිස්සට්ඨි ඇවැතකට පැමිණ සඟුන්ගෙන් ඒ ඇවැතට පිරිවෙස් යැදී. සඞ්ඝ තෙමේ ඔහුට ඒ ඇවැතට පිරිවෙස් දුන්නේ යැ. හේ පිරිවසමින් අසුන් පිරියත්හි හුන්නේ යි.
Pali BJT3. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛුස්ස දුට්ඨුල්ලං ආපත්තිං අනුපසම්පන්නස්ස ආරොචෙස්සන්තී”ති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ භික්ඛුස්ස දුට්ඨුල්ලං ආපත්තිං අනුපසම්පන්නස්ස ආරොචෙථාති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා භික්ඛුස්ස දුට්ඨුල්ලං ආපත්තිං අනුපසම්පන්නස්ස ආරොචෙස්සථ, නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT3. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලාමක කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සවග මහණහු මහණක්හුගේ දුළුල් ඇවැතක් අනුපසපනක්හට දැන්වූහු දැ යි ... සැබෑද මහණෙනි, තෙපි මහණක්හුගේ දුළුල් ඇවැතක් අනුපසපනක්හට දන්වහු ද? සැබැව භාග්‍යවතුනි, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස්පුරුෂයෙනි, තෙපි මහණක්හුගේ දුළුල් ඇවැතක් අනුපසපනක්හට දැන්වූවහු ද? හිස්පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මෙසේ ද වනාහි මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු භික්ඛුස්ස දුට්ඨුල්ලං ආපත්තිං අනුපසම්පන්නස්ස ආරොචෙය්ය අඤ්ඤත්ර භික්ඛුසම්මුතියා{2} පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් මහණක්හුගේ දුළුල් ඇවැතක් අනුපසපනක්හට භික්‍ෂුසම්මුතියෙන් තොර වැ ඇරොජා නම් පචිති වේ” යයි.
Pali BJT4. යොපනාති: යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති. භික්ඛුස්සාති අඤ්ඤස්ස භික්ඛුස්ස. දුට්ඨුල්ලා නාම ආපත්ති චත්තාරි ච පාරාජිකානි, තෙරස ච සඞ්ඝාදිසෙසා. අනුපසම්පන්නො නාම භික්ඛුඤ්ච භික්ඛුනිඤ්ච ඨපෙත්වා අවසෙසො අනුපසම්පන්නො නාම. ආරොචෙය්යාති ආරොචෙති{3} ඉත්ථියා වා පුරිසස්ස වා ගහට්ඨස්ස වා පබ්බජිතස්ස වා.
Sinhala BJT4. යො පන: යම්, යම්බඳු ... භික්ඛු: ... මෙතෙම මේ අරුතෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි. භික්ඛුස්ස: අන් මහණක්හුගේ. දුට්ඨුල්ලා නාම ආපත්ති: සතර පරිජි ද තෙළෙස් සඟ වෙසෙස් ද. අනුපසම්පන්න නම්: භික්‍ෂුහු ද භික්‍ෂුණිය ද තබා අවශේෂ වූයේ අනුපසම්පන්න නමි. ආරෝචෙය්‍ය: ස්ත්‍රියකට හෝ පුරුෂයකුට හෝ ගෘහස්ථයකුට හෝ පැවිද්දකුට හෝ දන්වයි.
Pali BJTඅඤ්ඤත්ර භික්ඛුසම්මුතියාති ඨපෙත්වා භික්ඛුසම්මුතිං. අත්ථි භික්ඛුසම්මුති ආපත්තිපරියන්තා න කුලපරියන්තා, අත්ථි භික්ඛුසම්මුති කුලපරියන්තා න ආපත්තිපරියන්තා අත්ථි භික්ඛුසම්මුති ආපත්තිපරියන්තා ච කුලපරියන්තා ච, අත්ථි භික්ඛු සම්මුති නෙව ආපත්තිපරියන්තා න කුලපරියන්තා.
Sinhala BJTඅඤ්ඤත්‍ර භික්ඛු සම්මුතියා: භික්‍ෂු සම්මුතිය හැරැ පියා ඇවැත් පිරියත් කොට ඇති කුලපිරියත් කොට නැති භික්‍ෂු සම්මුතියෙක් ඇත, කුලපිරියත් කොට ඇති ඇවැත් පිරියත් කොට නැති භික්‍ෂු සම්මුතියෙක් ඇත, ඇවැත් පිරියත් කොට ද කුල පිරියත් කොට ද ඇති භික්‍ෂු සම්මුතියෙක් ඇත. ඇවැත් පිරියත් කොට නොමැති කුලපිරියත් කොට නැති භික්‍ෂු සම්මුතියෙක් ඇති.
Pali BJTආපත්තිපරියන්තා නාම ආපත්තියො පරිග්ගහිතායො හොන්ති එත්තකාහි ආපත්තීහි ආරොචෙතබ්බොති.{1} කුලපරියන්තා නාම කුලානි පරිග්ගහිතානි හොන්ති එත්තකෙසු කුලෙසු ආරොචෙතබ්බොති. ආපත්තිපරියන්තා ච කුලපරියන්තා ච නාම ආපත්තියො ච පරිග්ගහිතායො හොන්ති කුලානි ච පරිග්ගහිතානි හොන්ති එත්තකාහි ආපත්තීහි එත්තකෙසු කුලෙසු ආරොචෙතබ්බොති. නෙව ආපත්තිපරියන්තා න කුලපරියන්තා නාම ආපත්තියො ච අපරිග්ගහිතායො හොන්ති කුලානි ච අපරිග්ගහිතානි හොන්ති එත්තකාහි ආපත්තීහි එත්තකෙසු කුලෙසු ආරොචෙතබ්බොති.
Sinhala BJTආපත්තිපරියන්ත නම්: මෙතෙක් ඇවැතින් ඇරොජිය යුතු යැ යි ආපත්තීහු සලකා ගන්නා ලද්දාහු වෙති. කුලපරියන්ත නම්: මෙතෙක් කුලයන්හි ඇරොජියයුතු යැ යි කුලයෝ සලකා ගන්නා ලද්දාහු වෙති. ආපත්ති පරියන්ත හා කුලපරියන්ත නම්: මෙතෙක් ඇවැතින් මෙතෙක් කුලයන්හි ඇරොජිය යුතු යැ යි ආපත්තීහු ද කුලයෝ ද සලකාගන්නා ලද්දාහු වෙති. නොම ආපත්ති පරියන්ත හා නො ද කුලපරියන්ත නම්: මෙතෙක් ඇවැතින් මෙතෙක් කුලයන්හි ඇරොජිය යුතු යැ යි ආපත්තීහු ද කුලයෝ ද නො ද සලකාගන්නා ලද්දාහු වෙති.
Pali BJTආපත්තිපරියන්තෙ යා ආපත්තියො පරිග්ගහිතායො හොන්ති තා ආපත්තියො ඨපෙත්වා අඤ්ඤාහි ආපත්තීහි ආරොචෙති, ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTආපත්තිපර්‍ය්‍යන්තයෙහි යම් ඇවැත් කෙනෙක් සලකාගන්නා ලද්දාහු වෙද් ද ඒ ඇවැත් තබා අනෙක් ඇවැත්වලින් ඇරොජා නම් පචිති ඇවැත් වේ.
Pali BJTකුලපරියන්තෙ යානි කුලානි පරිග්ගහිතානි හොන්ති තානි කුලානි ඨපෙත්වා අඤ්ඤෙසු කුලෙසු ආරොචෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTකුලපර්‍ය්‍යන්තයෙහි යම් බඳු කුල කෙනෙක් සලකාගන්නා ලද්දාහු වෙද්ද, ඒ කුලයන් තබා අන්‍ය කුලයන්හි ඇරොජා නම් පචිති ඇවැත් වේ.
Pali BJTආපත්තිපරියන්තෙ ච කුලපරියන්තෙ ච යා ආපත්තියො පරිග්ගහිතායො හොන්ති, තා ආපත්තියො ඨපෙත්වා යානි කුලානි පරිග්ගහිතානි හොන්ති තානි කුලානි ඨපෙත්වා අඤ්ඤාහි ආපත්තීහි අඤ්ඤෙසු කුලෙසු ආරොචෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTආපත්තිපර්‍ය්‍යන්තයෙහි ද කුලපර්‍ය්‍යන්තයෙහි ද යම් ඇවැත් කෙනෙක් සලකාගන්නා ලද්දාහු වෙද්ද, ඒ ඇවැත් තබා යම් කුල කෙනෙක් සලකා ගන්නා ලද්දාහු වෙද්ද, ඒ කුලයන් තබා අනෙක් ඇවැත්වලින් අන්‍යකුලයන්හි ඇරොජා නම් පචිති ඇවැත් වේ.
Pali BJTනෙව ආපත්තිපරියන්තෙ න කුලපරියන්තෙ අනාපත්ති.
Sinhala BJTආපත්තිපර්‍ය්‍යන්තයක් නොමැති කල්හි කුලපර්‍ය්‍යන්තයක් නැති කල්හි ඇවැත් නැති.
Pali BJTදුට්ඨුල්ලාය ආපත්තියා දුට්ඨුල්ලාපත්තිසඤ්ඤී අනුපසම්පන්නස්ස ආරොචෙති, අඤ්ඤත්ර භික්ඛුසම්මුතියා, ආපත්ති පාචිත්තියස්ස. දුට්ඨුල්ලාය ආපත්තියා වෙමතිකො අනුපසම්පන්නස්ස ආරොචෙති අඤ්ඤත්ර භික්ඛුසම්මුතියා ආපත්ති පාචිත්තියස්ස. දුට්ඨුල්ලාය ආපත්තියා අදුට්ඨුල්ලාපත්තිසඤ්ඤී අනුපසම්පන්නස්ස ආරොචෙති අඤ්ඤත්ර භික්ඛුසම්මුතියා ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTදුළුල් ඇවැතෙහි දුළුල් ඇවැත්සන් ඇතියේ භික්‍ෂු සම්මුතියෙන් තොර වැ අනුපසපනක්හට ඇරොජා නම් පචිති ඇවැත් වේ. දුළුල් ඇවැතෙහි විමති ඇතියේ භික්‍ෂු සම්මුතියෙන් තොර වැ අනුපසපනක්හට ඇරොජා නම් පචිති ඇවැත් වේ. දුළුල් ඇවැතෙහි නොදුළුල් ඇවැත්සන් ඇතියේ භික්‍ෂුසම්මුතියෙන් තොර වැ අනුපසපනක්හට ඇරොජා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅදුට්ඨුල්ලං ආපත්තිං ආරොචෙති ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නස්ස දුට්ඨුල්ලං වා අදුට්ඨුල්ලං වා අජ්ඣාචාරං ආරොචෙති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTනොදුළුල් ඇවැතක් ඇරොජා නම් දුකුළා ඇවැත් වේ. අනුපසපනක්හුගේ දුළුල් හෝ නොදුළුල් හෝ අධ්‍යාචාරයක් ඇරොජා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅදුට්ඨුල්ලාය ආපත්තියා දුට්ඨුල්ලාපත්තිසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අදුට්ඨුල්ලාය ආපත්තියා වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අදුට්ඨුල්ලාය ආපත්තියා අදුට්ඨුල්ලාපත්තිසඤ්ඤී ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTනොදුළුල් ඇවැතෙහි නොදුළුල් ඇවැත්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දුළුල් ඇවැතෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නොදුළුල් ඇවැතෙහි නොදුළුල් ඇවැත්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති වත්ථුං ආරොචෙති නො ආපත්තිං, ආපත්තිං ආරොචෙති නො වත්ථුං, භික්ඛුසම්මුතියා, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJTආපත්තිය නො වැ වස්තුව ඇරොජා නම්, වස්තුව නොවැ ආපත්තිය ඇරොජා නම්, භික්‍ෂූසම්මුතියෙන් ඇරොජා නම්, ඇවැත් නැත. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTනවමං දුට්ඨුල්ලාරොචනසික්ඛාපදං
Sinhala BJTනවවැනි දුට්ඨුල්ලාරෝචන ශික්‍ෂාපද යි.
Pali BJT6. 1. 10.
Sinhala BJT6. 1. 10.
Pali BJTපඨවීඛණනසික්ඛාපදං
Sinhala BJTපඨවිඛණන ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා ආළවියං විහරති අග්ගාළවෙ චෙතියෙ. තෙන ඛො පන සමයෙන ආළවකා{1} භික්ඛූ නවකම්මං කරොන්තා පඨවිං{2} ඛණන්තිපි ඛණාපෙන්තිපි. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා පඨවිං ඛණිස්සන්තිපි ඛණාපෙස්සන්තිපි, එකින්ද්රියං සමණා සක්යපුත්තියා ජීවං විහෙඨෙස්සන්තී”ති.{3} අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු අළවු පුරැ අග්ගාළව සෑයෙහි වැඩැ වෙසෙති. එසමයෙහි අළවු පුරැ නිවැසි භික්‍ෂූහු නවාම් කරනුවෝ පොළොව කැණීම ද කෙරෙති, කැණවීම ද කෙරෙත්, මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ පොළොව කැණූහු ද? කැණවූහු ද? ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ ඒකින්‍ද්‍රිය ජීවය පෙළූහු”දැ යි ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) භික්‍ෂූහු ඇසූහු.
Pali BJT2. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: කථං හි නාම ආළවකා භික්ඛූ පඨවිං ඛණිස්සන්තිපි ඛණාපෙස්සන්තිපීති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ පඨවිං ඛණථාපි ඛණාපෙථාපීති{4}. සච්චං භගවා, විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා පඨවිං ඛණිස්සථපි ඛණාපෙස්සථාපි{5} ජීවසඤ්ඤිනො හි මොඝපුරිසා මනුස්සා පඨවියා. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති දොස් පතුරුවත්: “කෙසේ නම් අළවුපුරැ නිවැසි භික්‍ෂූහු පොළොව කැණූහු ද? කැණවූහු”දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි පොළොව කණිවු ද? කණවවු ද? සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි පොළොව කැණූහු ද? කැණවූහු ද? හිස් පුරුෂයෙනි, මිනිස්සු පොළොවෙහි ජීවසංඥා ඇතියෝ යැ. හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද වනාහි මහණෙනි මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු පඨවිං ඛණෙය්ය වා ඛණාපෙය්ය වා, පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් පොළොව කණින්නේ නම් හෝ කණවන්නේ නම් හෝ පචිති වේ” ය යි.
Pali BJT3. යො පනාති යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTපඨවී නාම ද්වෙ පඨවියො ජාතා ච පඨවී අජාතා ච පඨවී, ජාතා නාම පඨවී සුද්ධපංසු සුද්ධමත්තිකා අප්පපාසාණා අප්පසක්ඛරා අප්පකඨලා අප්පමරුම්බා අප්පවාලිකා යෙභුය්යෙන පංසු{1} යෙභුය්යෙන මත්තිකා. අදඩ්ඪාපි වුච්චති ජාතා පඨවී, යොපි පංසුපුඤ්ජො වා මත්තිකාපුඤ්ජො වා අතිරෙකචාතුමාසං ඔවට්ඨො සොපි{2} වුච්චති ජාතා පඨවී. අජාතා නාම පඨවී සුද්ධපාසාණා සුද්ධසක්ඛරා සුද්ධකඨලා සුද්ධමරුම්බා සුද්ධවාලිකා අප්පපංසු අප්පමත්තිකා යෙභුය්යෙන පාසාණා යෙභුය්යෙන සක්ඛරා යෙභුය්යෙන කඨලා යෙභුය්යෙන මරුම්බා යෙභුය්යෙන වාලිකා දඩ්ඪාපි වුච්චති අජාතා පඨවී. යොපි පංසුපුඤ්ජො වා මත්තිකාපුඤ්ජො වා ඔමකචාතුමාසං ඔවට්ඨො සොපි අයම්පි වුච්චති අජාතා පඨවී.
Sinhala BJTපඨවි නම් ජාත පෘථිවිය ද අජාත පෘථිවිය දැ යි පෘථිවීහු දෙදෙනෙකි. ජාතපෘථිවි නම්: හුදු පස් ඇති හුදු මැටි ඇති මඳ පහණැති මඳ හකුරැති මඳකැබිලිති ඇති මඳ කැටහකුරැති මඳ වැලි ඇති බෙහෙවින් පස් ඇති බෙහෙවින් මැටි ඇති නොදැවුණු ද පොළොව ජාතපඨවි යයි කියනු ලැබේ. යම් පස් රැසෙක් හෝ මැටිරැසෙක් හෝ අයිරා සිවුමසක් මුළුල්ලෙහි වැස්සෙන් තෙමීගියේ වේ ද, හෙද ජාතපෘථිවි යයි කියනු ලැබේ. අජාතපෘථිවි නම්: හුදුපහණැති හුදුහකුරැති හුදුකැබිලිති ඇති හුදු කැටහකුරැති හුදුවැලි ඇති මඳපස් ඇති මඳ මැටි ඇති බෙහෙවින් පහණැති බොහෙවින් හකුරැති බෙහෙවින් කැබිලිති ඇති බෙහෙවින් කැටහකුරැති බෙහෙවින් වැලි ඇති දැවුණුදු පොළොව අජාතපඨවි යයි කියනු ලැබේ. යම් පස් රැසෙක් හෝ මැටි රැසෙක් හෝ අඩු සිවුමසක් වැස්සෙන් තෙමීගියේ වේ ද, හෙ ද අජාතපෘථිවි යයි කියනු ලැබේ.
Pali BJTඛණෙය්යාති සයං ඛණති ආපත්ති පාචිත්තියස්ස. ඛණාපෙය්යාති අඤ්ඤං ආණාපෙති, ආපත්ති පාචිත්තියස්ස. සකිං ආණත්තො බහුකම්පි ඛණති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඛණෙය්‍ය: තෙමේ කණී ද, පචිති ඇවැත් වේ. ඛණාපෙය්‍ය: අනෙකකු අණවා ද පචිති ඇවැත් වේ. වරක් ඇණවූයේ බොහෝ වරක් කණී ද පචිති ඇවැත් වේ.
Pali BJTපඨවියා පඨවිසඤ්ඤී ඛණති වා ඛණාපෙති වා, භින්දති වා භෙදාපෙති වා දහති වා දහාපෙති වා ආපත්ති පාචිත්තියස්ස. පඨවියා වෙමතිකො ඛණති වා ඛණාපෙති වා භින්දති වා භෙදාපෙති වා දහති වා දහාපෙති වා ආපත්ති දුක්කටස්ස. පඨවියා අපඨවිසඤ්ඤී ඛණති වා ඛණාපෙති වා භින්දති වා භෙදාපෙති වා දහති වා දහාපෙති වා අනාපත්ති.
Sinhala BJTපොළොවෙහි පොළෝ සන් ඇතියේ කණී ද කණවා ද බිඳී ද බිඳුවා ද දවා ද දවවා ද, පචිති ඇවැත් වේ. පොළොවෙහි විමති ඇතියේ කණී ද කණවා ද බිඳී ද බිඳුවා ද දවා ද දවවා ද, දුකුළා ඇවැත් වේ. පොළොවෙහි නො පොළෝ සන් ඇතියේ කණී ද කණවා ද බිඳී ද බිඳුවා ද දවා ද දවවා ද, ඇවැත් නැති.
Pali BJTඅපඨවියා පඨවිසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අපඨවියා වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අපඨවියා අපඨවිසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTනො පොළොවෙහි පොළෝසන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. නො පොළොවෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. නො පොළොවෙහි නො පොළෝසන් ඇති යේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: “ඉමං ජාන, ඉමං දෙහි, ඉමං ආහර, ඉමිනා අත්ථො, ඉමං කප්පියං කරොහීති භණති, අසඤ්චිච්ච අසතියා, අජානන්තස්ස උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTමෙය දනු ව, මෙය දෙව, මෙය ගෙනෙව, මෙයින් වැඩෙකි, මෙය කැප කරවයි බෙණේ ද, නො සිතා (බිඳින්නහුට) නො සිහියෙන් (අනෙකක් කරන්නාහට), නො දන්නාහට උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTපඨවීඛණනසික්ඛාපදං
Sinhala BJTදසවැනි පඨවිඛණන ශික්‍ෂාපද යි
Pali BJTමුසාවාදවග්ගො පඨමො.
Sinhala BJTප්‍රථම මුසාවාද වර්‍ගය යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTමුසා ඔමසපෙසුඤ්ඤං, පදසෙය්යාය වෙ දුවෙ,{3} අඤ්ඤත්ර විඤ්ඤුනා භූතා දුට්ඨුල්ලාපත්ති ඛණෙනචා’ති.{4}
Sinhala BJTමුසාවාද යැ ඔමසවාද යැ පෙසුඤ්ඤ යැ පදසෝධම්ම යැ සහසෙය්‍ය දෙක යැ විඥයක්හු නැති වැ ධම්ම දේසනා යැ භූතාරෝචන යැ දුට්ඨුල්ලාරෝචන යැ පඨවිඛණන යි.
Pali BJTභූතගාමවග්ගො
Sinhala BJTභූතගාම වර්‍ගය
Pali BJT6. 2. 1.
Sinhala BJT6. 2. 1.
Pali BJTභූතගාමසික්ඛාපදං
Sinhala BJTභූතගාම ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා ආළවියං විහරති අග්ගාළවෙ චෙතියෙ. තෙන ඛො පන සමයෙන ආළවකා භික්ඛූ නවකම්මං කරොන්තා රුක්ඛං ඡින්දන්තිපි ඡෙදාපෙන්තිපි. අඤ්ඤතරොපි ආළවකො භික්ඛු රුක්ඛං ඡින්දති. තස්මිං රුක්ඛෙ අධිවත්ථා දෙවතා තං භික්ඛුං එතදවොච. “මා භන්තෙ අත්තනො භවනං කත්තුකාමො මය්හං භවනං ඡින්දීති. සො භික්ඛු අනාදියන්තො ඡින්දියෙව තස්සා ච දෙවතාය දාරකස්ස බාහුං ආකොටෙසි. අථ ඛො තස්ස, දෙවතාය එතදහොසි. ‘යංන්නූනාහං ඉමං භික්ඛුං ඉධෙව ජීවිතා වොරොපෙය්ය’න්ති. අථ ඛො තස්සා දෙවතාය එතදහොසි. න ඛො මෙතං පතිරූපං යාහං ඉමං භික්ඛුං ඉධෙව ජීවිතා වොරොපෙය්යං, යන්නූනාහං භගවතො එතමත්ථං ආරොචෙය්ය’න්ති. අථ ඛො සා දෙවතා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතො එතමත්ථං ආරොචෙසි.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු අළවුපුරැ අග්ගාළව සෑයෙහි වැඩ වෙසෙති. එසමයෙහි අළවු රට වැසි භික්‍ෂූහු නවාම් කරනුවෝ රුක් සිඳීම ද සිඳු වීම ද කෙරෙති. එක්තරා අළවු වැසි මහණෙක් ද රුකක් සිඳියි. එරුක්හි අරක්ගත් දේවතා තොමෝ එමහණහට මෙය කිවුය: වහන්ස, තමාට නිවෙස්නක් කරනු කැමැති වැ මාගේ නිවෙස්න නහමක් සිඳිනු මැනැවැ යි. එ මහණ (ඇයගේ බස) නො ගන්නේ සින්දේ යැ. එදෙව්දූගේ දරුවාගේ බාහුව ද සින්දේ යි. එකල්හි ඒ දෙව්දුවට තෙල සිත විය: “යම් හෙයෙකින් මම් මේ මහණහු මෙහි දී මැ දිවියෙන් තොර කරන්නෙම් නම් යෙහෙකැ යි” එකෙණෙහි ම ඇයට තෙල සිත වී: “යම් හෙයෙකින් මම මේ මහණහු මෙහි දී මැ දිවියෙන් තොර කරන්නෙම් නම් තෙල කරුණ මට නුසුදුසු මැ යි. මම තෙල කරුණ භාග්‍යවතුන්හට දන්වන්නෙම් නම් යෙහෙකැ යි. එකල්හි ඒ දෙව්දූ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක ද එතැනට එළැඹියා ය. එළැඹැ භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූ ය.
Pali BJT“සාධු සාධු දෙවතෙ සාධු ඛො ත්වං දෙවතෙ තං භික්ඛුං ජීවිතා න වොරොපෙසි. සචජ්ජ ත්වං දෙවතෙ, තං භික්ඛුං ජීවිතා වොරොපෙය්යාසි බහුඤ්ච ත්වං දෙවතෙ අපුඤ්ඤං පසවෙය්යාසි. ගච්ඡ ත්වං දෙවතෙ අමුකස්මිං ඔකාසෙ රුක්ඛො විවිත්තො තස්මිං උපගච්ඡාති.”
Sinhala BJTමැනැවි මැනැවි දෙව්දුව, තෙපි එමහණහු දිවියෙන් තොර නො කළහු මනා මැ යි. ඉදින් දෙව්දුව, තෙපි අද එමහණහු දිවියෙන් තොර කරවු නම් බොහෝ පව් උපදවා ගන්නහු ය. යා දෙව්දුව, තෙපි අසුවල් පෙදෙසෙහි හිස් රුකෙක් වෙයි එහි එළැඹෙව යි.
Pali BJT2. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම සමණා සක්යපුත්තියා රුක්ඛං ඡින්දිස්සන්ති පි ඡෙදාපෙස්සන්ති පි එකින්ද්රියං සමණා සක්යපුත්තියා ජීවං විහෙඨෙස්සන්තී”ති{1}. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති කථං හි නාම ආළවකා භික්ඛූ රුක්ඛං ඡින්දිස්සන්තිපි ඡෙදාපෙස්සන්තිපීති -පෙ-
Sinhala BJT2. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ශ්‍රමණශාක්‍යපුත්‍රයෝ රුක් සිඳීමත් සිඳවීමත් කරන්නාහු ද, ශ්‍රමණශාක්‍යපුත්‍රයෝ ඒකින්‍ද්‍රියජීවය පෙළන්නාහු දැ යි. ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) භික්‍ෂූහු ඇසූහු ය. යම් භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමුකොට සිතති නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් අළවු වැසි භික්‍ෂූහු රුක් සිඳීමත් සිඳවීමත් කොළෝ ද, …
Pali BJTඅථ ඛො භගවා -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ රුක්ඛං ඡින්දථාපි ඡෙදාපෙථාපීති’. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා රුක්ඛං ඡින්දිස්සථාපි ඡෙදාපෙස්සථාපි, ජීවසඤ්ඤිනො හි මොඝපුරිසා මනුස්සා රුක්ඛස්මිං. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ “සැබෑ ද මහණෙනි, තෙපි රුක් සිඳීමත් සිඳවීමත් කරවු ද? සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූසේක. … කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි රුක් සිඳීමත් සිඳවීමත් කළහු ද, හිස් පුරුෂයෙනි, මිනිස්සු රුක්හි ජීවය ඇතැ යි යන හැඟීම් ඇතියෝ යි. එහෙයින් හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි … මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
Pali BJT“භූතගාම පාතබ්යතාය පාචිත්තිය”න්ති.
Sinhala BJT“භූතගාමපාතව්‍යාතායෙහි පචිති වේ” යයි
Pali BJT3. භූතගාමො නාම: පඤ්ච බීජජාතානි- මූලබීජං ඛන්ධබීජං ඵළුබීජං අග්ගබීජං බීජබීජමෙව{1} පඤ්චමං.
Sinhala BJT3. භූතගාම නම්: පඤ්චබීජජාතයෝ යි. මූලබීජ යැ, ඛන්‍ධබීජ යැ, එළුබීජ යැ, අග්ගබීජ යැ හා පස්වැනි බීජබීජ යි.
Pali BJTමූලබීජං නාම: හලිද්දි සිඞ්ගිවෙරං වචං{2} වචත්ථං අතිවිසං{3} කටුකරොහිණී උසීරං භද්දමූත්තකං යානි වා පනඤ්ඤානිපි අත්ථි මූලෙ ජායන්ති මූලෙ සඤ්ජායන්ති එතං මූලබීජං නාම.
Sinhala BJTමූලබීජ නම්: කහ යැ ඉඟුරු යැ වදකසා යැ හෙළවදකසා යැ ඉවද යැ කුළුරෑණ යැ සුවඳහොට යැ වම්මුතු යැ, තව ද අන්‍ය වූ ද යම්බඳු බීජජාතයෙක් මුලෙහි උපදී ද මුලෙහි හටගනී ද මේ (හැම) මූලබීජ නම් වෙයි.
Pali BJTඛන්ධබීජං නාම: අස්සත්ථො නිග්රොධො පිලක්ඛො උදුම්බරො කච්ඡකො කපිත්ථනො, යානි වා පනඤ්ඤානිපි අත්ථි ඛන්ධෙ ජායන්ති ඛන්ධෙ සඤ්ජායන්ති, එතං ඛන්ධබීජං නාම.
Sinhala BJTඛන්‍ධබීජ නම්: ඇහැටු යැ නුග යැ පුලිල යැ දිඹුල් යැ කලහ යැ ගිවුළු යැ, තවද අන්‍ය වූ ද යම්බඳු බීජජාතයෙක් කඳෙහි උපදී ද කඳෙහි හටගනී ද මේ (හැම) ඛන්‍ධබීජ නම් වෙයි.
Pali BJTඵළුබීජං නාම: උච්ඡු වෙළු නළො යානි වා පනඤ්ඤානිපි අත්ථි පබ්බෙ ජායන්ති පබ්බෙ සඤ්ජායන්ති එතං ඵළුබීජං නාම.
Sinhala BJTඑළුබීජ නම්: උගු යැ හුණ යැ බට යැ, තව ද අන්‍ය වූ ද යම්බඳු බීජජාතයෙක් පුරුකෙහි උපදී ද පුරුකෙහි හටගනී ද මේ (හැම) එළුබීජ නම් වෙයි.
Pali BJTඅග්ගබීජං නාම: අජ්ජකං{4} ඵණිජ්ජකං{5} හිරිවෙරං යානි වා පනඤ්ඤානිපි අත්ථි අග්ගෙ ජායන්ති අග්ගෙ සඤ්ජායන්ති එතං අග්ගබීජං නාම.
Sinhala BJTඅග්ගබීජ නම්: අඳුතලා යැ මුරුවා යැ හිරිවේරි යැ තවද අන්‍ය වූ ද යම්බඳු බීජජාතයෙක් අගෙහි (කරටියෙහි) උපදී ද අගෙහි හටගනී ද මේ (හැම) අග්ගබීජ නම් වෙයි.
Pali BJTබීජබීජං නාම: පුබ්බණ්ණං අපරණ්ණං යානි වා පනඤ්ඤානිපි අත්ථි බීජෙ ජායන්ති බීජෙ සඤ්ජායන්ති එතං බීජබීජං නාම.
Sinhala BJTබීජබීජ නම්: හැල් වී ඈ පුබ්බන්න යැ මුඟු උඳු ඈ අපරන්න යැ තවද අන්‍ය වූ ද යම්බඳු බීජජාතයෙක් ඇටයෙහි උපදී ද ඇටයෙහි හටගනී ද මේ (හැම) බීජබීජ නම් වේ.
Pali BJTබීජෙ බීජසඤ්ඤී ඡින්දති වා ඡෙදාපෙති වා භින්දති වා භෙදාපෙති වා පචති වා පචාපෙති වා ආපත්ති පාචිත්තියස්ස. බීජෙ වෙමතිකො ඡින්දති වා ඡෙදාපෙති වා භින්දති වා භෙදාපෙති වා පචති වා පචාපෙති වා ආපත්ති දුක්කටස්ස. බීජෙ අබීජසඤ්ඤී ඡින්දති වා ඡෙදාපෙති වා, භින්දති වා භෙදාපෙති වා පචති වා පචාපෙති වා අනාපත්ති.
Sinhala BJTබීජයෙහි බීජසංඥා ඇතියේ සිඳුනේ හෝ සිඳුවන්නේ හෝ බිඳුනේ හෝ බිඳුවන්නේ හෝ පිසන්නේ හෝ පිසවන්නේ හෝ පචිති ඇවැත් වෙයි. බීජයෙහි විමති ඇතියේ සිඳුනේ හෝ සිඳුවන්නේ හෝ බිඳුනේ හෝ බිඳුවන්නේ හෝ පිසන්නේ හෝ පිසවන්නේ හෝ දුකුළා ඇවැත් වේ. බීජයෙහි නො බීජුසන් ඇතියේ සිඳුනේ හෝ සිඳුවන්නේ හෝ බිඳුනේ හෝ බිඳුවන්නේ හෝ පිසන්නේ හෝ පිසවන්නේ හෝ ඇවැත් නැති.
Pali BJTඅබීජෙ බීජසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අබීජෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අබීජෙ අබීජසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTබීජ නොවූයෙහි බීජසංඥා ඇතියේ දුකුළා ඇවැත් වේ. බීජ නොවූයෙහි විමති ඇතියේ දුකුළා ඇවැත් වේ. බීජ නොවූයෙහි අබීජසංඥා ඇතියේ ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: ඉමං ජාන ඉමං දෙහි, ඉමං ආහර ඉමිනා අත්ථො ඉමං කප්පියං කරොහීති භණති අසඤ්චිච්ච අස්සතියා අජානන්තස්ස උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTමෙය දනුව, මෙය දෙව, මෙය ගෙනෙව, මෙයින් වැඩෙකි, මෙය කැපකරව යි බෙණේ නම් ඔහුට ද නො සිතා කරන්නහුට ද නො සිහියෙන් කරන්නහුට ද නො දන්නහුට ද උම්මත්තකයහට ද ආදි කම්මිකයාහට ද ඇවැත් නැති.
Pali BJTභූතගාමසික්ඛාපදං පඨමං.
Sinhala BJTපළමුවැනි භූතගාම ශික්‍ෂාපදය යි.
Pali BJT6. 2. 2.
Sinhala BJT6. 2. 2.
Pali BJTඅඤ්ඤවාදකසික්ඛාපදං
Sinhala BJTඅඤ්ඤවාදක ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා ඡන්නො අනාචාරං ආචරිත්වා සඞ්ඝමජ්ඣෙ ආපත්තියා අනුයුඤ්ජියමානො අඤ්ඤෙනඤ්ඤං පටිචරති කො ආපන්නො කිං ආපන්නො කිස්මිං ආපන්නො කථං ආපන්නො කං භණථ කිං භණථාති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති කථං හි නාම ආයස්මා ඡන්නො සඞ්ඝමජ්ඣෙ ආපත්තියා අනුයුඤ්ජියමානො අඤ්ඤෙනඤ්ඤං පරිචරිස්සති කො ආපන්නො කිං ආපන්නො කිස්මිං ආපන්නො කථං ආපන්නො කං භණථ කිං භණථාති -පෙ- සච්චං කිර ත්වං ඡන්න සඞ්ඝමජ්ඣෙ ආපත්තියා අනුයුඤ්ජියමානො අඤ්ඤෙනඤ්ඤං පටිචරසි, කො ආපන්නො කිං ආපන්නො කිස්මිං ආපන්නො කථං ආපන්නො කං භණථ කිං භණථාති. සච්චං භගවා, විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම ත්වං මොඝපුරිස සඞ්ඝමජ්ඣෙ ආපත්තියා අනුයුඤ්ජියමානො අඤ්ඤෙනඤ්ඤං පටිචරිස්සසි කො ආපන්නො කිං ආපන්නො කිස්මිං ආපන්නො කථං ආපන්නො කං භණථ කිං භණථාති. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. තෙන හි භික්ඛවෙ සඞ්ඝො ඡන්නස්ස භික්ඛුනො අඤ්ඤවාදකං රොපෙතු. එවඤ්ච පන භික්ඛවෙ රොපෙතබ්බං බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු කොසඹෑ නුවරැ ඝෝෂිතාරාමයෙහි වැඩවෙසෙති. එසමයෙහි ආයුෂ්මත් ඡන්න තෙමේ අනාචාරයෙහි හැසිරැ සඟමැද ඇවැතින් අනුයෝගවතට නංවනු ලබන්නේ ‘කවරෙක් අවන්නේ ද? කවර ඇවතට පැමිණියෙම් ද? කිනම් වස්තුවෙක්හි ඇවතට පැමිණි යෙම් ද? කෙසේ ඇවැතට පැමිණියෙම් ද? කවරක්හට බෙණෙවු ද? කුමක් බෙණෙවු දැ’යි අනෙකකින් අනෙකක් වසාලයි. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු දොස් නඟති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ආයුෂ්මත් ඡන්න සඟමැද ඇවතින් අනුයෝගවතට නංවනු ලබන්නේ ‘කවරෙක් අවන්නේ ද? කවර ඇවතට පැමිණියෙම් ද? කිනම් වස්තුවෙක්හි ඇවතට පැමිණියෙම් ද? කෙසේ ඇවතට පැමිණියෙම් ද? කවරක්හට බෙණෙවු ද? කුමක් බෙණෙවු දැ’යි අනෙකකින් අනෙකක් වසාලී ද … කිම සැබෑ ද, ඡන්න තෙපි සඟමැද ඇවතින් අනුයෝගවතට නංවනු ලබන්නහු ‘ කවරෙක් අවන්නේ ද? කවර ඇවතට පැමිණියෙම් ද? කිනම් වස්තුවෙක්හි ඇවතට පැමිණියෙම් ද? කෙසේ පැමිණියෙම් ද? කවරක්හට බෙණෙහු ද? කුමක් බෙණෙවු දැ’යි අනෙකකින් අනෙකක් වසාලවූ ද. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ … කෙසේ නම් හිස්පුරුෂය, තෙපි සඟමැදහි ඇවතින් අනුයෝගවතට නංවනු ලබන්නහු ‘ කවරෙක් අවන්නේ ද? කවර ඇවතට පැමිණියෙම් ද? කිනම් වස්තුවෙක්හි පැමිණියෙම් ද? කෙසේ පැමිණියෙම් ද? කවරක්හට බෙණෙවු ද? කුමක් බෙණෙවු දැ’යි. අනෙකකින් අනෙකක් වසාලූවහු ද, හිස්පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි … ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූහ. ඒ කරුණෙන් ම මහණෙනි, සඞ්ඝ තෙමේ ඡන්න භික්‍ෂූහට අඤ්ඤවාදක සම්මුතිය පිහිටුවාවා. මෙසේ ද මහණෙනි, පිහිටුවාලිය යුත්තී ය, ප්‍රතිබල වූ ව්‍යක්ත වූ මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
Pali BJT2. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො අයං ඡන්නො භික්ඛු සඞ්ඝමජ්ඣෙ ආපත්තියා අනුයුඤ්ජියමානො අඤ්ඤෙනඤ්ඤං පටිචරති යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඡන්නස්ස භික්ඛුනො අඤ්ඤවාදකං රොපෙය්ය එසා ඤත්ති.
Sinhala BJT2. වහන්ස, සඞ්ඝයා මාගේ වචනය අසාවා, මේ ඡන්න මහණ සඟමැද ඇවතින් අනුයෝග වතට නංවනු ලබන්නේ අනෙකකින් අනෙකක් වසාලයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සංඝයා ඡන්න මහණහට අඤ්ඤවාදක සම්මුතිය පිහිටුවන්නේ යැ. මේ ඤත්තිය යි.
Pali BJT3. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො අයං ඡන්නො භික්ඛු සඞ්ඝමජ්ඣෙ ආපත්තියා අනුයුඤ්ජියමානො අඤ්ඤෙනඤ්ඤං පටිචරති සඞ්ඝො ඡන්නස්ස භික්ඛුනො අඤ්ඤවාදකං රොපෙති, යස්සායස්මතො ඛමති ඡන්නස්ස භික්ඛුනො අඤ්ඤවාදකස්ස රොපනා සො තුණ්හස්ස යස්ස නක්ඛමති සො භාසෙය්ය. රොපිතං සඞ්ඝෙන ඡන්නස්ස භික්ඛුනො අඤ්ඤවාදකං, ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමීති.
Sinhala BJT3. වහන්ස, සඞ්ඝයා මාගේ (වචනය) අසාවා, මේ ඡන්න මහණ සඟමැද ඇවැතින් අනුයෝගවතට නංවනු ලබන්නේ අනෙකකින් අනෙකක් වසාලයි. සඞ්ඝයා ඡන්න මහණට අඤ්ඤවාදක සම්මුතිය පිහිටුවාල යි. යම් ආයුෂ්මත් කෙනකුන්ට ඡන්න භික්‍ෂුහට අඤ්ඤවාදකා රෝපණය රුස්නේ නම් හේ නිහඬ වන්නේ යැ, යමක්හට නො රුස්නේ නම් හේ කියන්නේ යැ, සංඝයා විසින් ඡන්න මහණහුට අඤ්ඤවාදකය පිහිටුවන ලදි. සඞ්ඝයාට රුස්නේ යැ. එහෙයින් නිහඬ වී මෙසේ මෙය දරමි යි.
Pali BJT4. අථ ඛො භගවා ආයස්මන්තං ඡන්නං අනෙකපරියායෙන විගරහිත්වා දුභරතාය{1} -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT4. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ඡන්න මහණහු නොයෙක් කරුණෙන් ගරහා දුබර බැව්හි … මෙසේ ද වනාහි මහණෙනි මේ සිකපදය උදෙසවු.
Pali BJT“අඤ්ඤවාදකෙ පාචිත්තිය”න්ති.
Sinhala BJT“අන්‍යවාදයෙහි පචිති වේ” යයි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විසින් මේ සිකපදය භික්‍ෂූන් හට මෙසේත් පනවන ලද්දේ වෙයි.
Pali BJT5. තෙන ඛො පන සමයෙන ආයස්මා ඡන්නො සඞ්ඝමජ්ඣෙ ආපත්තියා අනුයුඤ්ජියමානො අඤ්ඤෙනඤ්ඤං පටිචරන්තො ආපත්තිං ආපජ්ජිස්සාමීති තුණ්හීභූතො සඞ්ඝං විහෙසෙති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති කථං හි නාම ආයස්මා ඡන්නො සඞ්ඝමජ්ඣෙ ආපත්තියා අනුයුඤ්ජියමානො තුණ්හී භූතො සඞ්ඝං විහෙසෙස්සතීති -පෙ- සච්චං කිර ත්වං ඡන්න සඞ්ඝමජ්ඣෙ ආපත්තියා අනුයුඤ්ජියමානො තුණ්හීභූතො සඞ්ඝං විහෙසෙසීති. සච්චං භගවා, විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම ත්වං මොඝපුරිස සඞ්ඝමජ්ඣෙ ආපත්තියා අනුයුඤ්ජියමානො තුණ්හීභූතො සඞ්ඝං විහෙසෙස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. තෙන හි භික්ඛවෙ සඞ්ඝො ඡන්නස්ස භික්ඛුනො විහෙසකං රොපෙතු. එවඤ්ච පන භික්ඛවෙ රොපෙතබ්බං. බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො.
Sinhala BJT5. එසමයෙහි වනාහි ආයුෂ්මත් ඡන්න මහණ සඟමැද ඇවැතින් අනුයෝගවතට නංවනු ලබන්නේ අනෙකෙකින් අනෙකක් වසාලමින් ඇවතට පැමිණෙන්නෙමි යි නිහඬ වැ සඞ්ඝයා වෙහෙසයි. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ආයුෂ්මත් ඡන්න තෙමේ සඟමැද ඇවැතින් අනුයෝගවතට නංවනු ලබන්නේ නිහඬ වැ සඞ්ඝයා වෙහෙසී ද … සැබෑ ද ඡන්නයෙනි, තෙපි සඟමැද ඇවැතින් අනුයෝගවතට නංවනු ලබන්නහු නිහඬ වැ සඞ්ඝයා වෙහෙසවු ද? සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ. … කෙසේ නම් හිස් පුරුෂය, තෙපි සඟමැද ඇවැතින් අනුයෝගවතට නංවනු ලබන්නහු නිහඬ වැ සඞ්ඝයා වෙහෙසවු ද? හිස්පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූහු. එසේ නම් මහණෙනි, සඞ්ඝයා ඡන්න මහණහට විහෙසකය පිහිටුවාවා. මෙසේ ද මහණෙනි, පිහිටුවිය යුතු යි. ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සංඝයා දැන්විය යුත්තේ යි.
Pali BJT6. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො අයං ඡන්නො භික්ඛු සඞ්ඝමජ්ඣෙ ආපත්තියා අනුයුඤ්ජියමානො තුණ්හීභූතො සඞ්ඝං විහෙසෙති, යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඡන්නස්ස භික්ඛුනො විහෙසකං රොපෙය්ය එසා ඤත්ති.
Sinhala BJT6. ස්වාමීනි, සඞ්ඝයා මාගේ වචනය අසාවා. මේ ඡන්න මහණ සඟමැද ඇවැතින් අනුයෝග වතට නංවනු ලබන්නේ නිහඬ වැ සඞ්ඝයා වෙහෙසයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝයා ඡන්න මහණහට විහෙසකය පිහිටුවන්නේ යැ මේ ඥප්තිය යි.
Pali BJT7. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො අයං ඡන්නො භික්ඛු සඞ්ඝමජ්ඣෙ ආපත්තියා අනුයුඤ්ජියමානො තුණ්හීභූතො සඞ්ඝං විහෙසෙති, සඞ්ඝො ඡන්නස්ස භික්ඛුනො විහෙසකං රොපෙති, යස්සායස්මාතො ඛමති ඡන්නස්ස භික්ඛුනො විහෙසකස්ස රොපනා සො තුණ්හස්ස යස්ස නක්ඛමති සො භාසෙය්ය. රොපිතං සඞ්ඝෙන ඡන්නස්ස භික්ඛුනො විහෙසකං, ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී එවමෙතං ධාරයාමීති.
Sinhala BJT7. ස්වාමීනි, සඞ්ඝයා මාගේ වචනය අසාවා. මේ ඡන්න මහණ සඟමැද ඇවැතින් අනුයෝග වතට නංවනු ලබන්නේ නිහඬ වැ සඞ්ඝයා වෙහෙසයි. සඞ්ඝයා ඡන්න මහණහට විහෙසකය පිහිටුවාලයි. ඡන්න භික්‍ෂුහට විහෙසකාරෝපණය යම් ආයුෂ්මත් කෙනකුන්ට රුස්නේ නම් හේ නිහඬ වන්නේ යැ. යමක්හට නො රුස්නේ නම් හේ කියන්නේ යැ සඞ්ඝයා විසින් ඡන්න මහණහට විහෙසකය පිහිටුවන ලදි. සඞ්ඝයාට රුස්නේ යැ. එහෙයින් නිහඬ වී. තෙල මෙසේ දරමි යි.
Pali BJT8. අථ ඛො භගවා ආයස්මන්තං ඡන්නං අනෙකපරියායෙන විගරහිත්වා දුභරතාය ….. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT8. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ඡන්නහට නොයෙක් කරුණෙන් ගරහා දුබරබැව්හි … මෙසේ ද මහණෙනි මේ සික පදය උදෙසවු.
Pali BJT“අඤ්ඤවාදකෙ විහෙසකෙ පාචිත්තිය”න්ති.
Sinhala BJT“අනෙකක් කීමෙහි ද වෙහෙසීමෙහි ද පචිති වේ” යයි.
Pali BJT9. අඤ්ඤවාදකො නාම: සඞ්ඝමජ්ඣෙ වත්ථුස්මිං වා ආපත්තියා වා අනුයුඤ්ජියමානො තං න කථෙතුකාමො තං න උග්ඝාටෙතුකාමො{1} අඤ්ඤෙනඤ්ඤං පටිචරති, කො ආපන්නො කිං ආපන්නො කිස්මිං ආපන්නො කථං ආපන්නො කං භණථ කිං භණථාති, එසො අඤ්ඤවාදකො නාම.
Sinhala BJT9. අඤ්ඤවාදක නම්: සඟමැද වස්තුවෙකින් හෝ ඇවැතෙකින් හෝ අනුයෝගවතට නංවනු ලබන්නේ එය නො කියනු කැමැත්තේ එය නො හෙළි කරනු කැමැත්තේ “කවරෙක් අවන්නේ ද? කවර ඇවතට පැමිණියෙම් ද? කිනම් වස්තුවෙක්හි අවන්නෙම් ද? කෙසේ අවන්නෙම් ද? කවරක්හට බෙණෙවු ද? කුමක් බෙණෙවු දැ යි අනෙකෙකින් අනෙකක් වසාලයි. මේ යැ අඤ්ඤවාදක නම්.
Pali BJTවිහෙසකො නාම: සඞ්ඝමජ්ඣෙ වත්ථුස්මිං වා ආපත්තියා වා අනුයුඤ්ජියමානො තං න කථෙතුකාමො තං න උග්ඝාටෙතුකාමො{2} තුණ්හීභූතො සඞ්ඝං විහෙසෙති එසො විහෙසකො නාම.
Sinhala BJTවිහෙසක නම්: සඟමැද වස්තුවෙකින් හෝ ඇවැතෙකින් හෝ අනුයෝගවතට නංවනු ලබන්නේ එය නො කියනු කැමැත්තේ එය නො හෙළි කරනු කැමැත්තේ නිහඬ වැ සඞ්ඝයා වෙහෙසයි. මේ යැ විහෙසක නම්.
Pali BJTආරොපිතෙ අඤ්ඤවාදකෙ සඞ්ඝමජ්ඣෙ වත්ථුස්මිං වා ආපත්තියා වා අනුයුඤ්ජියමානො තං න කථෙතුකාමො තං න උග්ඝාටෙතුකාමො අඤ්ඤෙනඤ්ඤං පටිචරති කො ආපන්නො කිං ආපන්නො කිස්මිං ආපන්නො කථං ආපන්නො කං භණථ කිං භණථාති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅන්‍යවාදක කර්‍මය නො නැඟූ කල්හි සඟමැද වස්තුවකින් හෝ ඇවැතෙකින් හෝ අනුයෝගවතට නංවනු ලබන්නේ එය නො කියනු කැමැත්තේ එය නො හෙළිකරනු කැමැත්තේ “කවරෙක් අවන්නේ ද? කවර ඇවතට පැමිණියෙම් ද? කිනම් වස්තුවෙක්හි පැමිණියෙම් ද? කෙසේ පැමිණියෙම් ද? කවරක්හට බෙණෙවු ද? කුමක් බෙණෙවු දැ යි අනෙකෙකින් අනෙකක් වසාලයි නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTආරොපිතෙ විහෙසකෙ සඞ්ඝමජ්ඣෙ වත්ථුස්මිං වා ආපත්තියා වා අනුයුඤ්ජියමානො තං න කථෙතුකාමො තං න උග්ඝාටෙතුකාමො තුණ්හීභූතො සඞ්ඝං විහෙසෙති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTවිහෙසක කර්‍මය නො නැඟූ කල්හි සඟමැද වස්තුවෙකින් හෝ ඇවැතෙකින් හෝ අනුයෝගවතට නංවනු ලබන්නේ එය නො කියනු කැමැත්තේ එය නො හෙළි කරනු කැමැත්තේ නිහඬ වැ සඞ්ඝයා වෙහෙසා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTරොපිතෙ අඤ්ඤවාදකෙ සඞ්ඝමජ්ඣෙ වත්ථුස්මිං වා ආපත්තියා වා අනුයුඤ්ජියමානො තං න කථෙතුකාමො තං න උග්ඝාටෙතුකාමො අඤ්ඤෙනඤ්ඤං පටිචරති කො ආපන්නො කිං ආපන්නො කිස්මිං ආපන්නො කථං ආපන්නො කං භණථ කිං භණථාති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඅන්‍යවාදකකර්‍මය නැඟූ කල්හි සඟමැද වස්තුවෙකින් හෝ ඇවැතෙකින් හෝ අනුයෝගවතට නංවනු ලබන්නේ එය නො කියනු කැමැත්තේ එය නො හෙළි කරනු කැමැත්තේ “කවරෙක් අවන්නේ ද? කවර ඇවැත් අවන්නෙම් ද? කිනම් වස්තුවෙක්හි අවන්නෙම් ද? කෙසේ අවන්නෙම් ද? කවරක්හට බෙණෙවු ද? කුමක් බෙණෙවු දැ”යි අනෙකෙකින් අනෙකක් වසාලයි නම් පචිති ඇවැත් වේ.
Pali BJTරොපිතෙ විහෙසකෙ සඞ්ඝමජ්ඣෙ වත්ථුස්මිං වා ආපත්තියා වා අනුයුඤ්ජියමානො තං න කථෙතුකාමො තං න උග්ඝාටෙතුකාමො තුණ්හීභූතො සඞ්ඝං විහෙසෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTවිහෙසක කර්‍මය නැඟූ කල්හි සඟමැද වස්තුවෙකින් හෝ ඇවැතෙකින් හෝ අනුයෝගවතට නංවනු ලබන්නේ එය නො කියනු කැමැත්තේ එය නො හෙළි කරනු කැමැත්තේ නිහඬ වැ සඞ්ඝයා වෙහෙසා නම් පචිති ඇවැත් වේ.
Pali BJTධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී අඤ්ඤවාදකෙ විහෙසකෙ ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ වෙමතිකො අඤ්ඤවාදකෙ විහෙසකෙ ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී අඤ්ඤවාදකෙ විහෙසකෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍ම සංඥා ඇතියේ අනෙකක් කීමෙහි වෙහෙසකිරීමෙහි පචිති ඇවැත් වේ. ධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ අනෙකක් කීමෙහි වෙහෙස කිරීමෙහි පචිති ඇවැත් වේ. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියේ අනෙකක් කීමෙහි වෙහෙස කිරීමෙහි පචිති ඇවැත් වේ.
Pali BJT16. අධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT16. අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJT17. අනාපත්ති: අජානන්තො පුච්ඡති, ගිලානො වා න කථෙති, සඞ්ඝස්ස භණ්ඩනං වා කලහො වා විග්ගහො වා විවාදො වා භවිස්සතීති න කථෙති, සඞ්ඝභෙදො වා සඞ්ඝරාජි{1} වා භවිස්සතීති න කථෙති, අධම්මෙන වා වග්ගෙන වා න කම්මාරහස්ස වා කම්මං කරිස්සතීති න කථෙති, උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJT17. නො දන්නේ විචාරා නම්, ගිලන් වැ හෝ නො කියා නම්, සඞ්ඝයාගේ භණ්ඩනයෙක් හෝ කලහයෙක් හෝ විග්‍රහයෙක් හෝ විවාදයෙක් හෝ වන්නේ යැ යි නො කියා නම්, සඞ්ඝභේදය හෝ සඞ්ඝරාජිය හෝ වන්නේ යැ යි නො කියා නම්, අධර්‍මයෙන් හෝ ව්‍යග්‍රයෙන් හෝ අකර්මාර්හයාට හෝ කර්‍මය කරන්නේ යැ යි නො කියා නම්, ඇවැත් නැත. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTඅඤ්ඤවාදකසික්ඛාපදං දුතියං.
Sinhala BJTදෙවැනි අඤ්ඤවාදකශික්‍ෂාපදය යි.
Pali BJT6. 2. 3.
Sinhala BJT6. 2. 3.
Pali BJTඋජ්ඣාපනකසික්ඛාපදං
Sinhala BJTඋජ්ඣාපන ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා දබ්බො මල්ලපුත්තො සඞ්ඝස්ස සෙනාසනඤ්ච පඤ්ඤාපෙති{2} භත්තානි ච උද්දිසති. තෙන ඛො පන සමයෙන මෙත්තියභුම්මජකා{3} භික්ඛූ නවකා චෙව හොන්ති අප්පපුඤ්ඤා ච යානි සඞ්ඝස්ස ලාමකානි සෙනාසනානි තානි තෙසං පාපුණන්ති ලාමකානි ච භත්තානි. තෙ ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං භික්ඛූ උජ්ඣාපෙන්ති, ඡන්දාය දබ්බො මල්ලපුත්තො සෙනාසනං පඤ්ඤාපෙති ඡන්දාය ච භත්තානි උද්දිසතීති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති කථං හි නාම මෙත්තියභුම්මජකා භික්ඛූ ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං භික්ඛූ උජ්ඣාපෙස්සන්තීති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ දබ්බං මල්ලපුත්තං භික්ඛූ උජ්ඣාපෙථාති. සච්චං භගවා, විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා දබ්බං මල්ලපුත්තං භික්ඛූ උජ්ඣාපෙස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහ නුවරැ කලන්‍දක නිවාප නම් වූ වේළුවනයෙහි වැඩවෙසෙති. එසමයෙහි ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍ර තෙරණුවෝ සඞ්ඝයාට සෙනසුන් ද පනවති. බත් උදෙසීම ද කරති. එකල්හි මෙත්තිය භුම්මජක භික්‍ෂූහු නවක ද මඳපිනැති ද වෙති. සඞ්ඝයාගේ යම්බඳු ලමුසෙනසුන් වෙත් නම් ඒ සෙනසුන් ද ලමුබත් ද ඔවුනට පැමිණෙත්. එව්හු ආයුෂ්මත් දබ්බමල්ල පුත්‍ර තෙරණුවනට ‘ඡන්‍දාගතියෙන් දබ්බමල්ල පුත්‍ර තෙරණුවෝ සෙනසුන් පනවති. ඡන්‍දාගතියෙන් බත් ද උදෙසති’ යි භික්‍ෂූන් ලවා ලමු කොට සිතවත්. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් මෙත්තිය භුම්මජක භික්‍ෂූහු ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍ර තෙරණුවන් භික්‍ෂූන් ලවා ලමු කොට සිතවූහු දැ යි … සැබෑ ද මහණෙනි, තෙපි දබ්බමල්ල පුත්‍රයහට භික්‍ෂූන් ලවා ලමු කොට සිතවහු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ … කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි දබ්බමල්ල පුත්‍රයහට භික්‍ෂූන් ලවා ලාමක කොට සිතවූවහු ද, හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මේ සික පදය උදෙසවු:
Pali BJT“උජ්ඣාපනකෙ පාචිත්තිය”න්ති.
Sinhala BJT“ලමු කොට සිතැවීමෙහි පචිති වේ” යයි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේත් මේ සිකපදය භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූනට පනවන ලද්දේ වෙයි.
Pali BJT2. තෙන ඛො පන සමයෙන මෙත්තියභුම්මජකා භික්ඛූ භගවතා උජ්ඣාපනකං පටික්ඛිත්තන්ති. එත්තාවතා භික්ඛූ සොස්සන්තීති භික්ඛූනං සාමන්තා ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං ඛීයන්ති ‘ඡන්දාය දබ්බො මල්ලපුත්තො සෙනාසනං පඤ්ඤාපෙති, ඡන්දාය ච භත්තානි උද්දිසතී’ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: කථං හි නාම මෙත්තියභුම්මජකා භික්ඛූ ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං ඛීයිස්සන්තීති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ දබ්බං මල්ලපුත්තං ඛීයථාති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා දබ්බං මල්ලපුත්තං ඛීයිස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. එසමයෙහි මෙත්තියභුම්මජක භික්‍ෂූහු ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ලමු කොට සිතැවීම පිළිකෙව් කරන ලදැ යි මෙපමණකින් භික්‍ෂූහු අසන්නාහ’යි භික්‍ෂූන්ගේ වැළතෙහි ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍ර තෙරණුවන්ට ‘ඡන්‍දාගතියෙන් දබ්බමල්ලපුත්‍ර තෙමේ සෙනසුන් පැනවීම ද බත් උදෙසීම ද කෙරේ’යයි නුගුණ පවසති. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් මෙත්තිය භුම්මජක භික්‍ෂූහු ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍ර තෙරණුවන්ට නුගුණ පැවසූහු දැ යි, ... සැබෑ ද මහණෙනි, තෙපි දබ්බමල්ලපුත්‍රහට නුගුණ පවසහු දැ යි, සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ … කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි දබ්බමල්ලපුත්‍රයහට නුගුණ පැවැසූවහු දැ? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJT“උජ්ඣාපනකෙ ඛීයනකෙ පාචිත්තිය”න්ති.
Sinhala BJT“ලමු කොට සිතැවීමෙහි නුගුණ පැවැසීමෙහි පචිති වේ” යයි.
Pali BJT3. උජ්ඣාපනකං නාම: උපසම්පන්නං සඞ්ඝෙන සම්මතං සෙනාසනපඤ්ඤාපකං වා භත්තුද්දෙසකං වා යාගුභාජකං වා ඵලභාජකං වා ඛජ්ජභාජකං වා අප්පමත්තකවිස්සජ්ජකං වා අවණ්ණං කත්තුකාමො අයසං කත්තුකාමො මඞ්කුකත්තුකාමො උපසම්පන්නං උජ්ඣාපෙති වා ඛීයති වා ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT3. උජ්ඣාපනක නම්: සෙනසුන් පනවන්නකු කොට හෝ බත් උදෙසන්නකු කොට හෝ හඹු බෙදන්නකු කොට හෝ පලතුරු බෙදන්නකු කොට හෝ කැවිලි බෙදන්නකු කොට හෝ මඳදැයක් බෙදාලන්නකු කොට හෝ සඟහු විසින් සම්මත කරන ලද උපසපනක්හු යැ. ගරහනු කැමැතියේ අයස දනවනු කැමැතියේ මකුකරනු කැමැතියේ උපසපන්නක්හු ලමු කොට සිතවා නම් හෝ නුගුණ පවසා නම් හෝ පචිති ඇවැත් වේ.
Pali BJTධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී උජ්ඣාපනකෙ ඛීයනකෙ ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ වෙමතිකො උජ්ඣාපනකෙ ඛීයනකෙ ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී උජ්ඣාපනකෙ ඛීයනකෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTදැහැමිකම්හි ධර්‍මකර්‍මසංඥා ඇති යේ ලමු කොට සිතවාලීමෙහි නුගුණ පැවැසීමෙහි පචිති ඇවැත් වේ. දැහැමිකම්හි විමති ඇතියේ ලමු කොට සිතැවීමෙහි නුගුණ පැවසීමෙහි පචිති ඇවැත් වේ. දැහැමිකම්හි අධර්‍මකර්‍ම සංඥා ඇතියේ ලමුකොට සිතැවීමෙහි නුගුණ පැවසීමෙහි පචිති ඇවැත් වේ.
Pali BJTඅනුපසම්පන්නං උජ්ඣාපෙති වා ඛීයති වා ආපත්ති දුක්කටස්ස. උපසම්පන්නං සඞ්ඝෙන අසම්මතං සෙනාසනපඤ්ඤාපකං වා භත්තුද්දෙසකං වා යාගුභාජකං වා ඵලභාජකං වා ඛජ්ජභාජකං වා අප්පමත්තකවිස්සජ්ජකං වා අවණ්ණං කත්තුකාමො අයසං කත්තුකාමො මඞ්කුකත්තුකාමො උපසම්පන්නං වා අනුපසම්පන්නං වා උජ්ඣාපෙති වා ඛීයති වා ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅනුපසපනක්හු ලමු කොට සිතවා නම් හෝ නුගුණ පවසා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. සෙනසුන් පනවන්නකු කොට හෝ බත් උදෙසන්නකු කොට හෝ හඹු බෙදන්නකු කොට හෝ පලතුරු බෙදන්නකු කොට හෝ කැවිලි බෙදන්නකු කොට හෝ මඳදැයක් බෙදාලන්නකු කොට හෝ සඟහු විසින් සම්මත නො කරන ලද උපසපනක්හු ගරහනු කැමැතියේ අයස දනවනු කැමැතියේ මකු කරනු කැමැතියේ උපසපනක්හු ලවා හෝ අනුපසපනක්හු ලවා හෝ ලමු කොට සිතවා නම් හෝ නුගුණ පවසා නම් හෝ දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනුපසම්පන්නං සඞ්ඝෙන සම්මතං වා අසම්මතං වා සෙනාසනපඤ්ඤාපකං වා භත්තුද්දෙසකං වා යාගුභාජකං වා ඵලභාජකං වා ඛජ්ජභාජකං වා අප්පමත්තකවිස්සජ්ජකං වා අවණ්ණං කත්තුකාමො අයසං කත්තුකාමො මඞ්කුකත්තුකාමො උපසම්පන්නං වා අනුපසම්පන්නං වා උජ්ඣාපෙති වා ඛීයති වා ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTසෙනසුන් පනවන්නකු කොට හෝ බත් උදෙසන්නකු කොට හෝ හඹු බෙදන්නකු කොට හෝ පලතුරු බෙදන්නකු කොට හෝ කැවිලි බෙදන්නකු කොට හෝ මදදැයක් බෙදාලන්නකු කොට හෝ සඟහු විසින් සම්මත කරන ලද්දා වූ හෝ සම්මත නො කරන ලද්දාවූ හෝ අනුපසපනක්හු ගරහනු කැමැතියේ අයස දනවනු කැමැතියේ මකු කරනු කැමැතියේ උපසපනක්හු ලවා හෝ අනුපසපනක්හු ලවා හෝ ලමු කොට සිතවා නම් හෝ නුගුණ පවසා නම් හෝ දුකුළා ඇවැත් වේ.
Pali BJTඅධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකො, ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTනො දැහැමිකම්හි දැහැමිකමෙක යන සංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි නො දැහැමිකමෙක යන සංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: පකතියා ඡන්දා දොසා මොහා භයා කරොන්තං උජ්ඣාපෙති වා ඛීයති වා, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJTප්‍රකෘතියෙන් ඡන්‍දයෙන් ද්වේෂයෙන් භයෙන් මෝහයෙන් කරන්නහු ලමු කොට සිතවා නම් හෝ (ඔහුගේ) නුගුණ පවසා නම් හෝ (ඇවැත් නැති) උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTඋජ්ඣාපනසික්ඛාපදං තතියං.
Sinhala BJTතෙවන උජ්ඣාපනක ශික්‍ෂාපදයි.
Pali BJT6. 2. 4.
Sinhala BJT6. 2. 4.
Pali BJTපඨමසෙනාසනසික්ඛාපදං
Sinhala BJTපඨමසේනාසන ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භික්ඛූ හෙමන්තිකෙ කාලෙ අජ්ඣොකාසෙ සෙනාසනං පඤ්ඤාපෙත්වා කායං ඔතාපෙන්තා කාලෙ ආරොචිතෙ තං පක්කමන්තා නෙව උද්ධරිංසු, න උද්ධරාපෙසුං. අනාපුච්ඡා පක්කමිංසු, සෙනාසනං ඔවට්ඨං හොති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති, කථං හි නාම භික්ඛූ අජ්ඣොකාසෙ සෙනාසනං පඤ්ඤාපෙත්වා තං පක්කමන්තා නෙව උද්ධරිස්සන්ති න උද්ධරාපෙස්සන්ති අනාපුච්ඡා පක්කමිස්සන්ති සෙනාසනං ඔවට්ඨන්ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛූ අජ්ඣොකාසෙ -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි භික්‍ෂූහු හිමත් කල්හි එළිමහන්හි සෙනසුන් පනවා සිරිර තවන්නෝ කල් දැන්වූ කල්හි බැහැරැ යන්නාහු ඒ සෙනසුන් නොමැ ගෝපන කළහ, නොද ගෝපන කැරැවූහ, නොවිචාරා බැහැරැ ගියහ. සෙනසුන (හිමවැස්සෙන්) තෙත් වූයේ වෙයි. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් භික්‍ෂූහු එළිමහන්හි සෙනසුන් පනවා බැහැර යන්නාහු එය නොම ගෝපන කළෝ ද නො ද ගෝපන කැරැවූවෝ ද, නොවිචාරා බැහැරැ ගියෝ ද සෙනසුන (හිම වැස්සෙන්) තෙමිණැ යි. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ. … සැබෑද? මහණෙනි, භික්‍ෂූහු එළිමහනෙහි … මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු සඞ්ඝිකං මඤ්චං වා පීඨං වා භිසිං වා කොච්ඡං වා අජ්ඣොකාසෙ සන්ථරිත්වා වා සන්ථරාපෙත්වා වා තං පක්කමන්තො නෙව උද්ධරෙය්ය න උද්ධරාපෙය්ය අනාපුච්ඡං වා ගච්ඡෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් සඟසතු ඇඳක් හෝ පුටුවක් හෝ බිස්සක් හෝ බඳවෙළුමක් හෝ එළිමහනෙහි අතුරා හෝ අතුරුවා හෝ බැහැරැ යන්නේ එය නොමැ තැම්පත් කරන්නේ නම් හෝ නොද තැන්පත් කරවන්නේ නම් හෝ නොවිචාරා යන්නේ නම් හෝ පචිති වේ” යයි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ මේ සිකපදය ද භික්‍ෂූනට පනවන ලද්දේ වේ.
Pali BJT2. තෙන ඛො පන සමයෙන භික්ඛූ අජ්ඣොකාසෙ වසිත්වා කාලස්සෙව සෙනාසනං අභිහරන්ති. අද්දසා ඛො භගවා තෙ භික්ඛූ කාලස්සෙව සෙනාසනං අතිහරන්තෙ. දිස්වා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. අනුජානාමි භික්ඛවෙ අට්ඨමාසෙ අවස්සිකසඞ්කෙතෙ මණ්ඩපෙ වා රුක්ඛමූලෙ වා යත්ථ කාකා වා කුලලා වා න ඌහදන්ති තත්ථ සෙනාසනං නික්ඛිපිතුන්ති.
Sinhala BJT2. එසමයෙහි වනාහි භික්‍ෂූහු එළිමහනෙහි වැස කල්තබා මැ සෙනසුන ගෙන යති. භාග්‍යවතුන් වහන්සේ කල්තබා මැ සෙනසුන ගෙන යන ඒ භික්‍ෂූන් දුටු සේකැ. දැක මෙකරුණෙහි ලා මෙ ප්‍රකරණයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූ සේක: “මහණෙනි, හිමත් ගිමන් නොවසින ලකුණු ඇති අටමස්හි යම් තෙනෙකැ කවුඩුවෝ හෝ උකුස්සෝ හෝ මල පහ නො කෙරෙත් නම් එවන් මඩුවෙකැ හෝ රුප්පයෙකැ හෝ සෙනසුන බහා තබන්නට අනුදනිමි” යි.
Pali BJT3. යො පනාති: යො යාදිසො….… භික්ඛූති….… අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT3. යො පන: යම්, යම්බඳු … භික්ඛු … මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTසඞ්ඝිකං නාම: සඞ්ඝස්ස දින්නං හොති පරිච්චත්තං.
Sinhala BJTසඞ්ඝික නම්: සඟනට දෙන ලද්දෙක් පරිත්‍යාගයෙක් වෙයි.
Pali BJTමඤ්චො නාම: චත්තාරො මඤ්චා මසාරකො, බුන්දිකාබද්ධො, කුළීරපාදකො, ආහච්චපාදකො.
Sinhala BJTමඤ්ච නම්: මසාරක යැ බුන්‍දිකාබද්ධ යැ කුලීරපාදක යැ ආහච්චපාදක යැ යි සිවු ඇඳෙකි.
Pali BJTපීඨං නාම: චත්තාරි පීඨානි මසාරකං, බුන්දිකාබද්ධං කුළීරපාදකං ආහච්චපාදකං.
Sinhala BJTපීඨ නම්: මසාරක යැ බුන්‍දිකාබද්ධ යැ කුලීරපාදක යැ ආහච්චපාදක යැ යි සිවු පුටුවෙකි.