Pācittiya

Expiation Rules

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 3801-3900 න් 4249

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඡට්ඨසික්ඛාපදං
Sinhala BJTසවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික්ඛුනියො පරිපුණ්ණද්වාදසවස්සං ගිහීගතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු අසික්ඛිතසික්ඛං වුට්ඨාපෙන්ති. තා බාලා හොන්ති අබ්යත්තා. න ජානන්ති කප්පියං වා අකප්පියං වා. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ-
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ පිරිපුන් දොළොස් වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති, පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවති. ඔහු නො දැනුමැති අව්‍යක්තයෝ වෙති. කැපය හෝ නො කැපය හෝ නො දනිත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ...
Pali BJTතා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො පරිපුණ්ණද්වාදසවස්සං ගිහීගතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු අසික්ඛිතසික්ඛං වුට්ඨාපෙස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ, භික්ඛුනියො පරිපුණ්ණද්වාදසවස්සං ගිහීගතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු අසික්ඛිතසික්ඛං වුට්ඨාපෙන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා. -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනියො පරිපුණ්ණද්වාදසවස්සං ගිහීගතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු අසික්ඛිතසික්ඛං වුට්ඨාපෙස්සන්ති. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. “අනුජානාමි භික්ඛවෙ, පරිපුණ්ණද්වාදසවස්සාය ගිහීගතාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛාසම්මුතිං දාතුං” එවඤ්ච පන භික්ඛවෙ, දාතබ්බා: තාය පරිපුණ්ණද්වාදසවස්සාය ගිහීගතාය සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා භික්ඛුනීනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිම්පග්ගහෙත්වා එවමස්ස වචනීයො: අහං අය්යෙ ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය අය්යාය පරිපුණ්ණද්වාදසවස්සා ගිහීගතා සඞ්ඝං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛා සම්මුතිං යාචාමීති. දුතියම්පි යාචිතබ්බා - තතියම්පි යාචිතබ්බා - බ්යත්තාය භික්ඛුනියා පටිබලාය සඞ්ඝො ඤාපෙතබ්බො.
Sinhala BJTඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවූහු දැ”යි. ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූ සේක. ‘මහණෙනි, පිරිපුන් දොළොස්වස් ඇති පිරිම්නියක්හු අතරට ගියකට දෙවසක් සැවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දෙන්නට අනුදනිමි’යි. මෙසේ ද වනාහි මහණෙනි, දියයුතු යැ. ඒ පිරිපුන් දොළොස්වස් ඇති පිරිම්නියක්හු අතරට ගියක විසින් සඞ්ඝයා වෙත එළැඹ උතුරුසඟසිවුර එකස් කොට මෙහෙණන්ගේ පා වැඳ උළුලුයෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ යැ: ආර්‍ය්‍යාවෙනි, මෙ නම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි වූ පිරිපුන් දොළොස් වස් ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ මෙ නම් ඇති මම සඞ්ඝයාගෙන් දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය යදිමි යි. දෙවන වටදු යැදිය යුතුයැ. තෙවනවට දු යැදිය යුතුයැ. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
Pali BJT2. සුණාතු මෙ අය්යෙ, සඞ්ඝො අයං ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය අය්යාය පරිපුණ්ණද්වාදසවස්සා ගිහීගතා සඞ්ඝං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛාසම්මුතිං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමාය පරිපුණ්ණද්වාදසවස්සාය ගිහීගතාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛාසම්මුතිං දදෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT2. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. මෙනම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි වූ පිරිපුන් දොළොස් වස් ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ මෙ නම් ඇති මෝ තොමෝ සඞ්ඝයාගෙන් දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂා සම්මුතිය යදියි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් පිරිපුන් දොළොස්වස් ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ මෙ නම් ඇත්තියට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂා සම්මුතිය දෙන්නේ යැ. මේ ඥප්ති යැ.
Pali BJTසුණාතු මෙ අය්යෙ සඞ්ඝො අයං ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය අය්යාය පරිපුණ්ණද්වාදසවස්සා ගිහීගතා සඞ්ඝං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛාසම්මුතිං යාචති. සඞ්ඝො ඉත්ථන්නාමාය පරිපුණ්ණද්වාදසවස්සාය ගිහීගතාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛාසම්මුතිං දෙති. යස්සා අය්යාය ඛමති ඉත්ථන්නාමාය පරිපුණ්ණද්වාදසවස්සාය ගිහීගතාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛාසම්මුතියා දානං සා තුණ්හස්ස, යස්සා නක්ඛමති සා භාසෙය්ය. දින්නා සඞ්ඝෙන ඉත්ථන්නාමාය පරිපුණ්ණද්වාදසවස්සාය ගිහීගතාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛාසම්මුති. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමීති.
Sinhala BJTආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. මෙනම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි වූ පිරිපුන් දොළොස්වස් ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ මෙ නම් ඇති මෝතොමෝ සඞ්ඝයාගෙන් දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂා සම්මුතිය යදියි. සඞ්ඝ තෙමේ පිරිපුන් දොළොස්වස් ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ මෙ නම් ඇත්තියට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දෙයි. පිරිපුන් දොළොස්වස් ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ මෙ නම් ඇත්තියට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂා සම්මුතිය දීම යම් ආර්‍ය්‍යාවකට රුස්නේ නම් ඕතොමෝ නිහඬවන්නී යැ. යමකට නො රුස්නේ නම් ඕතොමෝ කියන්නී යැ. සඞ්ඝයා විසින් පිරිපුන් දොළොස්වස් ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ මෙ නම් ඇත්තියට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දෙන ලද්දී යැ. සඞ්ඝයාට රුස්නේ යැ. එහෙයින් නිහඬයහ. මෙය මෙසේ දරමියි.
Pali BJTසා පරිපුණ්ණද්වාදසවස්සා ගිහීගතා එවං වදෙහීති වත්තබ්බා: “පාණාතිපාතා වෙරමණිං ද්වෙ වස්සානි අවීතික්කම්මසමාදානං සමාදියාමි -පෙ- විකාලභොජනා වෙරමණිං ද්වෙ වස්සානි අවීතික්කම්මසමාදානං සමාදියාමීති. අථ ඛො භගවා තා භික්ඛුනියො අනෙකපරියායෙන විගරහිත්වා දුභරතාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJTපිරිපුන් දොළොස්වස් ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ ඕ තොමෝ මෙසේ කියව යි කිය යුත්තී යැ. දෙවසක් පණිවායෙන් වැළකීම නො ඉක්ම වියයුතු සමාදානයක් කොට සමාදන් වෙමි ... දෙවසක් විකල් බොජුනෙන් වැළකීම නො ඉක්මවිය යුතු සමාදානයක් කොට සමාදන් වෙමියි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මෙහෙණන්ට නොයෙක් කරුණෙන් ගරහා දුබරබැව්හි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී පරිපුණ්ණද්වාදසවස්සං ගිහීගතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු අසික්ඛිතසික්ඛං වුට්ඨාපෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවා නම් පචිති වේ”යයි.
Pali BJT3. යා පනාති යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTපරිපුණ්ණද්වාදසවස්සා නාම: පත්තද්වාදසවස්සා.
Sinhala BJTපරිපුණ්ණද්වාදසවස්සා නම්: පැමිණි දොළොස්වස් ඇතියා යැ.
Pali BJTගිහීගතා නාම: පුරිසන්තරගතා වුච්චති.
Sinhala BJTගිහීගතා නම්: පිරිම්නියක්හු අතරට ගියා කියනු ලැබෙයි.
Pali BJTද්වෙ වස්සානීති: ද්වෙ සංවච්ඡරානි.
Sinhala BJTද්වෙ වස්සානි: දෑවුරුද්දක්.
Pali BJTඅසික්ඛිතසික්ඛා නාම: සික්ඛා වා න දින්නා හොති, දින්නා වා සික්ඛා කුපිතා.
Sinhala BJTඅසික්ඛිතසික්ඛා නම්: ශික්‍ෂාව නො දෙන ලද්දී හෝ වෙයි; දෙන ලද ශික්‍ෂාව කෝප්‍ය වූවා හෝ වේ.
Pali BJTවුට්ඨාපෙය්යාති: උපසම්පාදෙය්ය.
Sinhala BJTවුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.
Pali BJTවුට්ඨාපෙස්සාමීති ගණං වා ආචරිනිං වා පත්තං වා චීවරං වා පරියෙසති. සීමං වා සම්මන්නති, ආපත්ති දුක්කටස්ස. ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි දුක්කටා. කම්මවාචාපරියොසානෙ උපජ්ඣායාය ආපත්ති පාචිත්තියස්ස. ගණස්ස ච ආචරිනියා ච ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඋපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ සිවුරක් හෝ සොයා නම්, සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම්වදනින් දෙ දුකුළා වෙයි. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරමෙහෙණට ද දුකුළා ඇවැත් වේ.
Pali BJTධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා වුට්ඨාපෙති ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ වෙමතිකා වුට්ඨාපෙති ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා වුට්ඨාපෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි විමති ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා{1} ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: පරිපුණ්ණද්වාදසවස්සං ගිහීගතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛං වුට්ඨාපෙති උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTපිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවා නම් ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTඡට්ඨසික්ඛාපදං.
Sinhala BJTසවන සිකපද යි.
Pali BJT4. 7. 7.
Sinhala BJT4. 7. 7.
Pali BJTසත්තමසික්ඛාපදං
Sinhala BJTසත්වන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික්ඛුනියො පරිපුණ්ණද්වාදසවස්සං ගිහීගතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛං සඞ්ඝෙන අසම්මතං වුට්ඨාපෙන්ති. භික්ඛුනියො එවමාහංසු: “එථ සික්ඛමානා, ඉමං ජානාථ, ඉමං දෙථ, ඉමං ආහරථ, ඉමිනා අත්ථො, ඉමං කප්පියං කරොථා”ති. තා එවමාහංසු: “න මයං අය්යෙ සික්ඛමානා. භික්ඛුනියො මයන්ති.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නො කරනලද පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවත්. භික්‍ෂුණීහු මෙසේ කීහු: “එවු හික්මනුවෙනි, මෙය දනිවු. මෙය දෙවු. මෙය ගෙන එවු. මෙයින් ප්‍රයෝජන යැ. මෙය කැපකරවු” යි. ඔහු මෙසේ කීහු: ආර්‍ය්‍යාවෙනි, අපි හික්මනුවෝ නො වම්හ. අපි මෙහෙණෝ වම්හ යි.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම: භික්ඛුනියො පරිපුණ්ණද්වාදසවස්සං ගිහීගතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛං සඞ්ඝෙන අසම්මතං වුට්ඨාපෙස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ, භික්ඛුනියො පරිපුණ්ණද්වාදසවස්සං ගිහීගතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛං සඞ්ඝෙන අසම්මත්තං වුට්ඨාපෙස්සන්තීති. -පෙ- සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ, භික්ඛුනියො පරිපුණ්ණද්වාදසවස්සං ගිහීගතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛං සඞ්ඝෙන අසම්මතං වුට්ඨාපෙන්තීති. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා -පෙ- ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. “අනුජානාමි භික්ඛවෙ, පරිපුණ්ණද්වාදසවස්සාය ගිහීගතාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛාය වුට්ඨානසම්මුතිං දාතුං”. එවඤ්ච පන භික්ඛවෙ, දාතබ්බා: තාය පරිපුණ්ණද්වාදසවස්සාය ගිහීගතාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛාය සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා භික්ඛුනීනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිම්පග්ගහෙත්වා එවමස්ස වචනීයො: අහං අය්යෙ ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය අය්යාය පරිපුණ්ණද්වාදසවස්සා ගිහීගතා ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛා සඞ්ඝං වුට්ඨානසම්මුතිං යාචාමීති. දුතියම්පි යාචිතබ්බා - තතියම්පි යාචිතබ්බා - බ්යත්තාය භික්ඛුනියා පටිබලාය සඞ්ඝො ඤාපෙතබ්බො.
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නො කරනලද පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවූහු දැ”යි. ... සැබෑද මහණෙනි, මෙහෙණෝ පිරිපුන් දොළොස් වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නො කරනලද පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ පිරිපුන් දොළොස්වස් ඇති, දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නො කරනලද පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූසේක. ‘මහණෙනි, පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියකට වුට්ඨාන සම්මුතිය දෙන්නට අනුදනිමි’යි. මෙසේ ද මහණෙනි, දිය යුතු යැ. පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියාවූ ඇය විසින් සඞ්ඝයා වෙත එළැඹැ උතුරුසඟසිවුර එකස් කොට මෙහෙණන්ගේ පා වැඳ උළුලුයෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ යැ: ආර්‍ය්‍යාවෙනි, මෙනම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි වූ පිරිපුන් දොළොස් වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියාවූ මෙනම් ඇති මම සඞ්ඝයාගෙන් වුට්ඨාන සම්මුතිය යදිමි යි. දෙවනවට දු යැදිය යුතු යැ. තෙවනවට දු යැදිය යුතු යැ. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය.
Pali BJT3. සුණාතු මෙ අය්යෙ සඞ්ඝො අයං ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය අය්යාය පරිපුණ්ණ ද්වාදසවස්සා ගිහීගතා ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛා සඞ්ඝං වුට්ඨානසම්මුතිං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමාය පරිපුණ්ණ ද්වාදසවස්සාය ගිහීගතාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛාය වුට්ඨානසම්මුතිං දදෙය්ය එසා ඤත්ති.
Sinhala BJT3. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා: මෙනම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි වූ පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ මෙනම් ඇති මෝ තොමෝ සඞ්ඝයාගෙන් වුට්ඨාන සම්මුතිය යදියි. ඉදින් සඞ්ඝයාහට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියාවූ මෙනම් ඇත්තියට වුට්ඨාන සම්මුතිය දෙන්නේය. මේ ඥප්ති යැ.
Pali BJTසුණාතු මෙ අය්යෙ සඞ්ඝො අයං ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය අය්යාය පරිපුණ්ණද්වාදසවස්සා ගිහීගතා ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛා සඞ්ඝං වුට්ඨානසම්මුතිං යාචති. සඞ්ඝො ඉත්ථන්නාමාය පරිපුණ්ණද්වාදසවස්සාය ගිහීගතාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛාය වුට්ඨානසම්මුතිං දෙති, යස්සා අය්යාය ඛමති ඉත්ථන්නාමාය පරිපුණ්ණද්වාදසවස්සාය ගිහීගතාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛාය වුට්ඨානසම්මුතියා දානං, සා තුණ්හස්ස, යස්සා නක්ඛමති සා භාසෙය්ය. දින්නා සඞ්ඝෙන ඉත්ථන්නාමාය පරිපුණ්ණද්වාදසවස්සාය ගිහීගතාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛාය වුට්ඨානසම්මුති. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමීති.
Sinhala BJTආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. මෙනම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි වූ පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ මෙනම් ඇති මෝ තොමෝ සඞ්ඝයාගෙන් වුට්ඨාන සම්මුතිය යදියි. සඞ්ඝ තෙමේ පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියාවූ මෙනම් ඇත්තියට වුට්ඨාන සම්මුතිය දෙයි. පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියාවූ මෙනම් ඇත්තියට වුට්ඨාන සම්මුතිය දීම යම් ආර්‍ය්‍යාවකට රුස්නේ නම් ඕ තොමෝ නිහඬ වන්නී යැ. යමකට නො රුස්නේ නම් ඕතොමෝ කියන්නී යැ. සඞ්ඝයා විසින් පිරිපුන් දොළොස් වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ මෙනම් ඇත්තියට වුට්ඨාන සම්මුතිය දෙන ලද්දී යැ. සඞ්ඝයාට රුස්නේය. එහෙයින් නිහඬයහ. මෙසේ මෙය දරමි යි.
Pali BJTඅථ ඛො භගවා තා භික්ඛුනියො අනෙකපරියායෙන විගරහිත්වා දුභරතාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙභික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මෙහෙණන්ට නොයෙක් කරුණෙන් ගරහා දුබරබැව්හි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී පරිපුණ්ණද්වාදසවස්සං ගිහීගතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛං සඞ්ඝෙන අසම්මතං වුට්ඨාපෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නො කරනලද පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවානම් පචිතිවේ” යයි.
Pali BJT4. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT4. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහිලා අදහස්කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTපරිපුණ්ණද්වාදසවස්සා නාම: පත්තද්වාදසවස්සා.
Sinhala BJTපරිපුණ්ණද්වාදසවස්සා නම්: පැමිණි දොළොස්වස් ඇතියා යැ.
Pali BJTගිහීගතා නාම: පුරිසන්තරගතා වුච්චති.
Sinhala BJTගිහීගතා නම්: පිරිම්නියක්හු අතරට ගියා කියනු ලැබෙයි.
Pali BJTද්වෙ වස්සානීති: ද්වෙ සංවච්ඡරානි.
Sinhala BJTද්වෙ වස්සානි: දෑවුරුද්දක්.
Pali BJTසික්ඛිතසික්ඛා නාම: ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛා.
Sinhala BJTසික්ඛිතසික්ඛා නම්: සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇතියා යැ.
Pali BJTඅසම්මතා නාම: ඤත්තිදුතියෙන කම්මෙන වුට්ඨානසම්මුති න දින්නා හොති.
Sinhala BJTඅසම්මතා නම්: ඤත්තිදුතියකර්‍මයෙන් වුට්ඨානසම්මුතිය නො දෙන ලදුවා වෙයි.
Pali BJTවුට්ඨාපෙය්යාති: උපසම්පාදෙය්ය.
Sinhala BJTවුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.
Pali BJTවුට්ඨාපෙස්සාමීති ගණං වා ආචරිනිං වා පත්තං වා චීවරං වා පරියෙසති, සීමං වා සම්මන්නති ආපත්ති දුක්කටස්ස. ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි දුක්කටා. කම්මවාචාපරියොසානෙ උපජ්ඣායාය ආපත්ති පාචිත්තියස්ස. ගණස්ස ච ආචරිනියා ච ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඋපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම්, සීමාව හෝ සම්මත කරවා නම් දුකුළා ඇවැත් වෙයි. ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම්වදනින් දුකුළා දෙකක් වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාට ද ඇජරට ද දුකුළා ඇවැත් වේ.
Pali BJTධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා වුට්ඨාපෙති ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ වෙමතිකා වුට්ඨාපෙති ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා වුට්ඨාපෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි විමති ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: පරිපුණ්ණද්වාදසවස්සං ගිහීගතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛං සඞ්ඝෙන සම්මතං වුට්ඨාපෙති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTපිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත කරන ලද පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවා නම් ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTසත්තමසික්ඛාපදං.
Sinhala BJTසත්වන සිකපද යි.
Pali BJT4. 7. 8.
Sinhala BJT4. 7. 8.
Pali BJTඅට්ඨමසික්ඛාපදං
Sinhala BJTඅටවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දා භික්ඛුනී සහජීවිනිං වුට්ඨාපෙත්වා ද්වෙ වස්සානි නෙව අනුග්ගණ්හාති න අනුග්ගණ්හාපෙති. තා බාලා හොන්ති අබ්යත්තා. න ජානන්ති කප්පියං වා අකප්පියං වා. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා ථුල්ලනන්දා සහජීවිනිං වුට්ඨාපෙත්වා ද්වෙ වස්සානි නෙව අනුග්ගණ්හිස්සති, න අනුග්ගණ්හාපෙස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ, ථුල්ලනන්දා භික්ඛුනී සහජීවිනිං වුට්ඨාපෙත්වා ද්වෙ වස්සානි නෙව අනුග්ගණ්හාති, න අනුග්ගණ්හාපෙතීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා. -පෙ- කථං හි නාම භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී සහජීවිනිං වුට්ඨාපෙත්වා ද්වෙ වස්සානි නෙව අනුග්ගණ්හිස්සති, න අනුග්ගණ්හාපෙස්සති. නෙතං, භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එ සමයෙහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සහජීවිනියක උපසපන් කරවා දෙවසක් නො මැ අනුග්‍රහ කෙරෙයි. නො මැ අනුග්‍රහ කරවයි. ඔහු නො දැනුමැති අව්‍යක්තයෝ වෙති. කැපය හෝ නො කැපය හෝ නො දනිත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ සහජීවිනියක උපසපන් කරවා දෙවසක් නො මැ අනුග්‍රහ කළා ද, නො මැ අනුග්‍රහ කරවූ දැ”යි. ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සහජීවිනියක උපසපන් කරවා දෙවසක් නො මැ අනුග්‍රහ කෙරේ ද, නො මැ අනුග්‍රහ කරවා දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සහජීවිනියක උපසපන් කරවා දෙවසක් නො මැ අනුග්‍රහ කළා ද, නො මැ අනුග්‍රහ කරවූ ද, මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී සහජීවිනිං වුට්ඨාපෙත්වා ද්වෙ වස්සානි නෙව අනුග්ගණ්හෙය්ය න අනුග්ගණ්හාපෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් සහජීවිනියක උපසපන් කරවා දෙවසක් නො මැ අනුග්‍රහ කෙරේ නම් නො මැ අනුග්‍රහ කරවා නම් පචිති වේ”යයි.
Pali BJT2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTසහජීවිනී නාම: සද්ධිවිහාරිනී වුච්චති.
Sinhala BJTසහජීවිනී නම්: සද්ධිවිහාරිනිය කියනු ලැබෙයි.
Pali BJTවුට්ඨාපෙත්වාති උපසම්පාදෙත්වා.
Sinhala BJTවුට්ඨාපෙත්‍වා: උපසපන් කරවා.
Pali BJTද්වෙ වස්සානීති: ද්වෙ සංවච්ඡරානි.
Sinhala BJTද්වෙ වස්සානි: දෑවුරුද්දක්.
Pali BJTනෙව අනුග්ගණ්හෙය්යාති: න සයං අනුග්ගණ්හෙය්ය උද්දෙසෙන පරිපුච්ඡාය ඔවාදෙන අනුසාසනියා.
Sinhala BJTනේව අනුග්ගණෙහය්‍ය: තොමෝ උද්දේශයෙන් පරිපුච්ඡායෙන්, අවවාදයෙන් අනුසාසනයෙන් නො මැ අනුග්‍රහ කරයි.
Pali BJTඅනුග්ගණ්හාපෙය්යාති: න අඤ්ඤං ආණාපෙය්ය ද්වෙ වස්සානි නෙව අනුග්ගණ්හිස්සාමි න අනුග්ගණ්හාපෙස්සාමීති ධුරං නික්ඛිත්තමත්තෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTන අනුග්ගණහාපෙය්‍ය: මෙරමාහට නො අණවයි. දෙවසක් නො මැ අනුග්‍රහ කරන්නෙමි, අනුග්‍රහ නො කරවන්නෙමි යි ධුරනික්‍ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: සති අන්තරායෙ, පරියෙසිත්වා න ලභති, ගිලානාය ආපදාසු උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඅනතුරක් ඇති කල්හි, සොයා නො ලබා නම්, ගිලන්වූවාට, ආපදායෙහි ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTඅට්ඨමසික්ඛාපදං.
Sinhala BJTඅටවන සිකපද යි.
Pali BJT4. 7. 9.
Sinhala BJT4. 7. 9.
Pali BJTනවමසික්ඛාපදං
Sinhala BJTනවවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික්ඛුනියො වුට්ඨාපිතං පවත්තිනිං ද්වෙ වස්සානි නානුබන්ධන්ති. තා බාලා හොන්ති අබ්යත්තා න ජානන්ති කප්පියං වා අකප්පියං වා, යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො වුට්ඨාපිතං පවත්තිනිං ද්වෙ වස්සානි නානුබන්ධිස්සන්තී”ති. -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනියො වුට්ඨාපිතං පවත්තිනිං ද්වෙ වස්සානි නානුබන්ධන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනියො වුට්ඨාපිතං පවත්තිනිං ද්වෙ වස්සානි නානුබන්ධිස්සන්ති. නෙතං, භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ උපසපන් කැරැවූ උවදෑ මෙහෙණ දෙවසක් උවටැන් නො කෙරෙති. ඔහු නො දැනුමැති අව්‍යක්තයෝ වෙති. කැපය හෝ නොකැපය හෝ නො දනිත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ උපසපන් කැරැවූ උවදෑ මෙහෙණ දෙවසක් උවැටන් නො කරවූහු දැ”යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ උපසපන් කැරැවූ උවදෑ මෙහෙණ දෙවසක් උවැටන් නො කෙරෙත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ උපසපන් කැරැවූ උවදෑ මෙහෙණ දෙවසක් උවටැන් නො කළහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී වුට්ඨාපිතං පවත්තිනිං ද්වෙ වස්සානි නානුබන්ධෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් උපසපන් කැරැවූ උවදෑ මෙහෙණ දෙවසක් උවටැන් නො කෙරේ නම් පචිති වේ”යයි.
Pali BJT2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJT3. වුට්ඨාපිතන්ති: උපසම්පාදිතං.
Sinhala BJT3. වුට්ඨාපිතං: උපසපන් කරවන ලද.
Pali BJTපවත්තිනී නාම: උපජ්ඣායා වුච්චති.
Sinhala BJTපවත්තිනී නම්: උවදෑ මෙහෙණ කියනු ලැබෙයි.
Pali BJTද්වෙ වස්සානීති: ද්වෙ සංවච්ඡරානි.
Sinhala BJTද්වෙ වස්සානි: දෑවුරුද්දක්.
Pali BJTනානුබන්ධෙය්යාති: න උපට්ඨහෙය්ය.{1} ද්වෙ වස්සානි නානුබන්ධිස්සාමීති ධුරං නික්ඛිත්තමත්තෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTනානුඛන්‍ධෙය්‍ය: උවටැන් නො කරයි. දෙවසක් උවටැන් නො කරන්නෙමි යි ධුරනික්‍ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: උපජ්ඣායා බාලා වා හොති අලජ්ජිනී වා, ගිලානාය, ආපදාසු උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඋවැදෑ මෙහෙණ නො දැනුමැතියක හෝ ලජ්ජා නැතියක හෝ වේ නම්, ගිලන්වූවාට, ආපදායෙහි ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTනවමසික්ඛාපදං.
Sinhala BJTනවවන සිකපද යි.
Pali BJT4. 7. 10.
Sinhala BJT4. 7. 10.
Pali BJTදසමසික්ඛාපදං
Sinhala BJTදසවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දා භික්ඛුනී සහජීවිනිං වුට්ඨාපෙත්වා නෙව වූපකාසෙසි.{2} න වූපකාසාපෙති. සාමිකො අග්ගහෙසි. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා ථුල්ලනන්දා සහජීවිනිං වුට්ඨාපෙත්වා නෙව වූපකාසෙස්සති න වූපකාසාපෙස්සති, සාමිකො අග්ගහෙසි, සචායං භික්ඛුනී පක්කන්තා අස්ස න ච සාමිකො ගණ්හෙය්යා”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ, ථුල්ලනන්දා භික්ඛුනී සහජීවිනිං වුට්ඨාපෙත්වා නෙව වූපකාසෙසි, න වූපකාසාපෙසි, සාමිකො අග්ගහෙසීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ, ථුල්ලනන්දා භික්ඛුනී සහජීවිනිං වුට්ඨාපෙත්වා නෙව වූපකාසෙස්සති, න වූපකාසාපෙස්සති, සාමිකො අග්ගහෙසි. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සහජීවිනියක උපසපන් කරවා නො මැ ගෙනැ ගියා යැ. (ගෙනැ යන්නට) මෙරමාහට නො ඇණවූ යැ. සැමියා අල්වා ගත්තේ යැ. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති. දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ සහජීවිනියක උපසපන් කරවා නො මැ ගෙනැ ගියා ද, මෙරමාහට නො ඇණවූ ද, සැමියා අල්වා ගත්තේ ද. ඉදින් මේ මෙහෙණ තොමෝ බැහැරට ගියා නම් සැමියා නො අල්වා ගන්නේ යැ”යි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සහජීවිනියක උපසපන් කරවා නො මැ ගෙනැ ගියා ද, මෙරමාහට නො ඇණවූ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සහජීවිනියක උපසපන් කරවා නො මැ ගෙනැ ගියා ද, මෙරමාහට නො ඇණවූ ද. සැමියා අල්වා ගත්තේ ද. මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී සහජීවිනිං වුට්ඨාපෙත්වා නෙව වූපකාසෙය්ය න වූපකාසාපෙය්ය අන්තමසො ඡප්පඤ්චයොජනානිපි පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් සහජීවිනියක උපසපන් කරවා යටත් පිරිසෙයින් සපස් යොත්නකුදු නො මැ ගෙනැ යා නම් මෙරමාහට නො අණවා නම් පචිති වේ”ය යි.
Pali BJT2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
Pali BJTසහජීවිනිං නාම: සද්ධිවිහාරිනී වුච්චති.
Sinhala BJTසහජීවිනී නම්; සද්ධිවිහාරිනී කියනු ලැබෙයි.
Pali BJTවුට්ඨාපෙත්වාති: උපසම්පාදෙත්වා.
Sinhala BJTවුට්ඨාපෙත්‍වා: උපසපන් කරවා,
Pali BJTනෙව වූපකාසෙය්යාති: න සයං වූපකාසෙය්ය.
Sinhala BJTනේව වූපකාසෙය්‍ය: තොමෝ නො මැ ගෙනැ යයි.
Pali BJTන වූපකාසාපෙය්යාති: න අඤ්ඤං ආණාපෙය්ය.
Sinhala BJTන වූපකාසාපෙය්‍ය: මෙරමාහට නො අණවයි.
Pali BJTනෙව වූපකාසෙස්සාමි න වූපකාසාපෙස්සාමි අන්තමසො ඡප්පඤ්චයොජනානිපීති ධුරං නික්ඛිත්තමත්තෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTයටත්පිරිසෙයින් සපස් යොත්නකුදු නො මැ ගෙනැ යන්නෙමි, මෙරමාහට නො අණවන්නෙමි යි ධුර නික්‍ෂෙපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: සති අන්තරායෙ, පරියෙසිත්වා දුතියිකං භික්ඛුනිං න ලභති, ගිලානාය ආපදාසු උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඅනතුරක් ඇති කල්හි සොයා දෙවන මෙහෙණක නො ලබා නම් ඇවැත් නැත. ගිලන් වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTදසමසික්ඛාපදං.
Sinhala BJTදසවන සිකපද යි.
Pali BJTගබ්භිනිවග්ගො සත්තමො.
Sinhala BJTසත්වැනි ගබ්භිනී වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTගබ්භිං පායන්තිං ඡ ධම්මෙ අසම්මතූනද්වාදස පරිපුණ්ණඤ්ච සංඝෙන සහ වුට්ඨා ඡපඤ්ච ච
Sinhala BJTගබ්භිනී යැ, පායන්තී යැ ඡධම්ම යැ අසම්මත යැ ඌනද්වාදස යැ පරිපුණ්ණ (ද්වාදස) යැ සඞ්ඝ යැ සහජීවිනී යැ වුට්ඨාපිත යැ ඡපඤ්ච යෝජන යැ යි.
Pali BJT8. කුමාරීභූතවග්ගො
Sinhala BJT8. කුමාරිභූතවර්‍ගය
Pali BJT4. 8. 1.
Sinhala BJT4. 8. 1.
Pali BJTපඨමසික්ඛාපදං
Sinhala BJTපළමු සිකපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භික්ඛුනියො ඌනවීසතිවස්සං කුමාරීභුතං වුට්ඨාපෙන්ති. තා අක්ඛමා හොන්ති සීතස්ස උණ්හස්ස ජිඝච්ඡාය පිපාසාය ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං දුරුත්තානං දුරාගතානං වචනපථානං උප්පන්නානං සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිප්පානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අනධිවාසකජාතිකා හොන්ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි මෙහෙණෝ උනුවිසිවස් ඇති හෙරැණිය උපසපන් කරවති. ඔහු සිහිලස උණුසුම සාගිනි පවස නො සිහිය හැකියෝ වෙති. ඩැහැමැසි මදුරු වා හිරු රැස් දිග්දෑ පහස ද දුබැසි දුවදනා වදන්මග ද සිරිරි පිළිබැඳි වැ උපන් නො සිහිය හැකි බහල තියුණු රළු නො මිහිරි නො මනවඩන දිවිහරන වෙයිනුදු නො ඉවසන සුල්ලෝ වෙත්.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො ඌනවීසතිවස්සං කුමාරීභූතං වුට්ඨාපෙස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනියො ඌනවීසතිවස්සං කුමාරීභුතං වුට්ඨාපෙන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනියො ඌනවීසතිවස්සං කුමාරීභූතං වුට්ඨාපෙස්සන්ති. ඌනවීසතිවස්සා භික්ඛවෙ, කුමාරීභූතා අක්ඛමා හොති සීතස්ස උණ්හස්ස -පෙ- පාණහරානං අනධිවාසකජාතිකා හොති. වීසතිවස්සා ච ඛො භික්ඛවෙ කුමාරීභූතා ඛමා හොති සීතස්ස උණ්හස්ස -පෙ- පාණහරානං අධිවාසිකජාතිකා හොති. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ උනුවිසිවස් ඇති හෙරැණියක උපසපන් කරවූහු දැ”යි. ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ උනුවිසිවස් ඇති, හෙරැණියක උපසපන් කරවත් දැ යි ... සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ උනුවිසිවස් ඇති, හෙරැණියක උපසපන් කරවූහු ද? මහණෙනි, උනුවිසිවස් ඇති හෙරැණිය සිහිලස උණුසුම ... දිවිහරන (වෙයිනුදු) නො ඉවසනසුලු වූවා වෙයි. මහණෙනි, විසිවස් ඇති හෙරැණිය සිහිලස උණුසුම ... දිවිහරන (වෙයිනුදු) ඉවසන සුලු වූවා ද වෙයි. මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී ඌනවීසතිවස්සං කුමාරීභුතං වුට්ඨාපෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් උනුවිසිවස් ඇති හෙරැණියක උපසපන් කරවා නම් පචිති වේ”යයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම් බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTඌනවීසතිවස්සා නාම: අප්පත්තවීසතිවස්සා.
Sinhala BJTඌනවීසතිවස්සා නම්: නො පත් විසිවස් ඇතියා යැ.
Pali BJTකුමාරීභූතා නාම: සාමණෙරී වුච්චති.
Sinhala BJTකුමාරිභූතා නම්: හෙරැණිය කියනු ලැබේ.
Pali BJTවුට්ඨාපෙය්යාති: උපසම්පාදෙය්ය.
Sinhala BJTවුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.
Pali BJTවුට්ඨාපෙස්සාමීති ගණං වා ආචරිනිං වා පත්තං වා චීවරං වා පරියෙසති, සීමං වා සම්මන්නති, ආපත්ති දුක්කටස්ස. ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි දුක්කටා. කම්මවාචාපරියොසානෙ උපජ්ඣායාය ආපත්ති පාචිත්තියස්ස. ගණස්ස ච ආචරිනියා ච ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඋපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් දුකුළා වෙති. කම් වදන් පිරියතැ උවදෑ මෙහෙණහට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරහටද දුකුළා ඇවැත් වේ.
Pali BJTඌනවීසතිවස්සාය ඌනවීසතිවස්සසඤ්ඤා වුට්ඨාපෙති ආපත්ති පාචිත්තියස්ස. ඌනවීසතිවස්සාය වෙමතිකා වුට්ඨාපෙති ආපත්ති දුක්කටස්ස. ඌනවීසතිවස්සාය පරිපුණ්ණසඤ්ඤා වුට්ඨාපෙති අනාපත්ති.
Sinhala BJTඋනු විසිවස් ඇතියා කෙරෙහි උනු විසිවස් සන් ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. උනු විසිවස් ඇතියා කෙරෙහි විමති ඇතියා උපසපන් කරවා නම් දුකුළා ඇවැත් වෙයි. උනු විසිවස් ඇතියා කෙරෙහි පිරිපුන් සන්ඇතියා උපසපන් කරවා නම් ඇවැත් නැති.
Pali BJTපරිපුණ්ණවීසතිවස්සාය ඌනවීසතිවස්සාති සඤ්ඤා ආපත්ති දුක්කටස්ස. පරිපුණ්ණවීසතිවස්සාය වෙමතිකා ආපත්ති දුක්කටස්ස. පරිපුණ්ණවීසතිවස්සාය පරිපුණ්ණසඤ්ඤා අනාපත්ති.
Sinhala BJTපිරිපුන් විසිවස් ඇතියා කෙරෙහි උනු විසිවස් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිරිපුන් විසිවස් ඇතියා කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිරිපුන් විසිවස් ඇතියා කෙරෙහි පිරිපුන් සන් ඇතියා නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: ඌනවීසතිවස්සං පරිපුණ්ණසඤ්ඤා වුට්ඨාපෙති, පරිපුණ්ණවීසතිවස්සං පරිපුණ්ණසඤ්ඤා වුට්ඨාපෙති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඋනු විසිවස් ඇතියක පිරිපුන් සන් ඇතියා උපසපන් කරවා නම්, පිරිපුන් විසිවස් ඇතියක පිරිපුන් සන් ඇතියා උපසපන් කරවා නම්, ඇවැත් නොවේ. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTපඨමසික්ඛාපදං.
Sinhala BJTපළමු සිකපද යි.
Pali BJT4. 8. 2.
Sinhala BJT4. 8. 2.
Pali BJTදුතියසික්ඛාපදං
Sinhala BJTදෙවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික්ඛුනියො පරිපුණ්ණවීසතිවස්සං කුමාරීභූතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු අසික්ඛිතසික්ඛං වුට්ඨාපෙන්ති. තා බාලා හොන්ති අබ්යත්තා, න ජානන්ති කප්පියං වා අකප්පියං වා. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො පරිපුණ්ණවීසතිවස්සං කුමාරීභුතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු අසික්ඛිතසික්ඛං වුට්ඨාපෙස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනියො පරිපුණ්ණවීසතිවස්සං කුමාරීභුතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු අසික්ඛිතසික්ඛං වුට්ඨාපෙන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනියො පරිපුණ්ණවීසතිවස්සං කුමාරීභූතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු අසික්ඛිතසික්ඛං වුට්ඨාපෙස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා -පෙ- ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. “අනුජානාමි භික්ඛවෙ අට්ඨාරසවස්සාය කුමාරීභුතාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛාසම්මුතිං දාතුං.” එවඤ්ච පන භික්ඛවෙ දාතබ්බා: තාය අට්ඨාරසවස්සාය කුමාරීභුතාය සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා භික්ඛුනීනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිම්පග්ගහෙත්වා එවමස්ස වචනීයො: අහං අය්යෙ ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය අය්යාය අට්ඨාරසවස්සා කුමාරීභූතා සඞ්ඝං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛාසම්මුතිං යාචාමීති. දුතියම්පි යාචිතබ්බා - තතියම්පි යාචිතබ්බා - බ්යත්තාය භික්ඛුනියා පටිබලාය සඞ්ඝො ඤාපෙතබ්බො.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි නොහික්මුණු සිඛ ඇති හෙරැණියක උපසපන් කරවති. ඔහු නොදැනුමැති අව්‍යක්තයෝ වෙති. කැපය හෝ නොකැපය හෝ නො දනිත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති; දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ පිරිපුන් විසිවස් ඇති සවැදෑරුම් දහම්හි නොහික්මුණු සිඛ ඇති හෙරැණියක උපසපන් කරවූහු දැ”යි. ... සැබෑද මහණෙනි, මෙහෙණෝ පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි නොහික්මුණු සිඛ ඇති හෙරැණියක උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි නොහික්මුණු සිඛ ඇති හෙරැණියක උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූ සේක. “මහණෙනි, අටළොස් වස් ඇති හෙරැණියකට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දෙන්නට අනුදනිමි’. මෙසේ ද වනාහි මහණෙනි, දිය යුතු යැ. ඒ අටළොස් වස් ඇති හෙරැණිය විසින් සඞ්ඝයා වෙත එළැඹැ උතුරුසඟ සිවුර එකස් කොට මෙහෙණන්ගේ පා වැඳ උළුලුයෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කිය යුතු වන්නේ යැ: ආර්‍ය්‍යාවෙනි, මෙ නම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි වූ අටළොස් වස් ඇති හෙරණි වූ මෙනම් ඇති මම සඞ්ඝයාගෙන් දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය යදිමියි. දෙවනවට දු යැදිය යුතු යැ. තෙවනවට දු යැදිය යුතු යැ. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
Pali BJT2. සුණාතු මෙ අය්යෙ සඞ්ඝො අයං ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය අය්යාය අට්ඨාරසවස්සා කුමාරීභූතා සඞ්ඝං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛාසම්මුතිං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමාය අට්ඨාරසවස්සාය කුමාරීභුතාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛාසම්මුතිං දදෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT2. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝතෙමේ මවදන් අසාවා. මෙනම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහිවූ අටළොස් වස් ඇති හෙරැණිවූ මෙනම් ඇති මෝ තොමෝ සඞ්ඝයාගෙන් දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය යදියි. ඉදින් සඞ්ඝයාහට පැමිණිකල් ඇත්තේ නම් සඞ්ඝතෙමේ අටළොස් වස් ඇති මෙනම් ඇති හෙරැණියට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දෙන්නේ යැ. මේ ඥප්ති යි.
Pali BJT3. සුණාතු මෙ අය්යෙ සඞ්ඝො, අයං ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය අය්යාය අට්ඨාරසවස්සා කුමාරීභූතා සඞ්ඝං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛාසම්මුතිං යාචති. සඞ්ඝො ඉත්ථන්නාමාය අට්ඨාරසවස්සාය කුමාරීභුතාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛාසම්මුතිං දෙති. යස්සා අය්යාය ඛමති ඉත්ථන්නාමාය අට්ඨාරසවස්සාය කුමාරීභුතාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛාසම්මුතියා දානං. සා තුණ්හස්ස. යස්සා නක්ඛමති සා භාසෙය්ය. දින්නා සඞ්ඝෙන ඉත්ථන්නාමාය අට්ඨාරසවස්සාය කුමාරීභුතාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛාසම්මුති. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමීති.
Sinhala BJT3. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. මෙනම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි වූ අටළොස් වස් ඇති හෙරැණි වූ මෙනම් ඇති මෝ තොමෝ සඞ්ඝයාගෙන් දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය යදියි. සඞ්ඝ තෙමේ අටළොස් වස් ඇති මෙනම් ඇති හෙරැණියහට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දෙයි. අටළොස් වස් ඇති මෙනම් ඇති හෙරැණියට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දීම යම් ආර්‍ය්‍යාවකට රුස්නේ නම් ඕ තොමෝ නිහඬවන්නී යැ, යමකට නොරුස්නේ නම් ඕ තොමෝ කියන්නී යැ. සඞ්ඝයා විසින් අටළොස් වස් ඇති මෙනම් ඇති හෙරණියට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දෙන ලද්දී යැ. සඞ්ඝයාට රුස්නේයැ. එහෙයින් නිහඬය හ. මෙසේ මෙය දරමි යි.
Pali BJT4. සා අට්ඨාරසවස්සා කුමාරීභූතා එවං වදෙහීති වත්තබ්බා: පාණාතිපාතා වෙරමණිං ද්වෙ වස්සානි අවීතික්කම්මසමාදානං සමාදියාමි -පෙ- විකාලභොජනා වෙරමණිං ද්වෙ වස්සානි අවීතික්කම්මසමාදානං සමාදියාමීති. අථ ඛො භගවා තා භික්ඛුනියො අනෙකපරියායෙන විගරහිත්වා දුභරතාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු: –
Sinhala BJT4. අටළොස් වස් ඇති ඒ හෙරැණිය මෙසේ කියවයි කියයුත්තී යැ. දෙවසක් පණිවායෙන් වැළකීම නො ඉක්මවිය යුතු සමාදානයක් කොට සමාදන් වෙමි ... දෙවසක් විකල් බොජුනෙන් වැළකීම නො ඉක්මවිය යුතු සමාදානයක් කොට සමාදන් වෙමි යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මෙහෙණන්ට නොයෙක් අයුරින් ගරහා දුබරබැව්හි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී පරිපුණ්ණ වීසතිවස්සං කුමාරීභුතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු අසික්ඛිතසික්ඛං වුට්ඨාපෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි නොහික්මුණු සිඛ ඇති හෙරැණියක උපසපන් කරවා නම් පචිති වේ”යයි.
Pali BJT5. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT5. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරනලද භික්‍ෂුණි යි.
Pali BJTපරිපුණ්ණවීසතිවස්සා නාම: පත්තවීසතිවස්සා.
Sinhala BJTපරිපුණ්ණවීසතිවස්සා නම්: පැමිණි විසිවස් ඇතියා යැ.