Pali BJT2. අන්වද්ධමාසන්ති: අනුපොසථිකං.
Sinhala BJT2. අනවද්ධමාසං: පොහොයක් පාසා.
Pali BJTඋපොසථො නාම: ද්වෙ උපොසථා ;චාතුද්දසිකො ච පන්නරසිකො ච.
Sinhala BJTඋපෝසථ නම්: තුදුස්වක යැ, පසළොස්වක දැ යි දෙ පොහොයකි.
Pali BJTඔවාදො නාම: අට්ඨගරුධම්මා. උපොසථම්පි න පුච්ඡිස්සාමි ඔවාදම්පි න යාචිස්සාමීති ධුරං නික්ඛිත්තමත්තෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඕවාද නම්: අෂ්ටගරුධර්‍මයෝ යැ. පොහොයත් නොපිළිවිසින්නෙමි. අවවාදයත් නො යදින්නෙමි යි ධුරනික්‍ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: සති අන්තරායෙ, පරියෙසිත්වා දුතියිකං භික්ඛුනිං න ලභති, ගිලානාය, ආපදාසු, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඅනතුරක් ඇති කල්හි, සොයා දෙවන මෙහෙණක නො ලබා නම්, ගිලන් වූවාට, ආපදායෙහි උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTනවමසික්ඛාපදං.
Sinhala BJTනවවන සිකපද යි.
Pali BJT4. 6. 10.
Sinhala BJT4. 6. 10.
Pali BJTදසමසික්ඛාපදං
Sinhala BJTදසවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා භික්ඛුනී පසාඛෙ ජාතං ගණ්ඩං පුරිසෙන සද්ධිං එකෙනෙකා භෙදාපෙසි. අථ ඛො සො පුරිසො තං භික්ඛුනිං දූසෙතුං උපක්කමි. සා විස්සරමකාසි, භික්ඛුනියො උපධාවිත්වා තං භික්ඛුනිං එතදවොචුං: “කිස්ස ත්වං අය්යෙ විස්සරමකාසීති. අථ ඛො සා භික්ඛුනී භික්ඛුනීනං එතමත්ථං ආරොචෙසි.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා මෙහෙණක් (සිරුරැ) යට පෙදෙසැ හටගත් ගඩක් හුදෙකලා වූ පිරිමිනියකු ලවා හුදෙකලා වූවා බිඳවූ යැ. එකල්හි ඒ පුරුෂ තෙමේ ඒ මෙහෙණ දූෂණය කරන්නට වෑයම් කෙළේ යැ. ඕ තොමෝ වියරුහඬක් කළා යැ. මෙහෙණෝ වෙතැ දුවැ අවුත් ඒ මෙහෙණට මෙය කීහු: ආර්‍ය්‍යාවෙනි, කුමක් හෙයින් තෝ වියරුහඬක් කෙළෙහි දැ යි. එකල්හි ඒ මෙහෙණ තොමෝ මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූ යැ.
Pali BJTයා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම: භික්ඛුනී පසාඛෙ ජාතං ගණ්ඩං පුරිසෙන සද්ධිං එකෙනෙකා භෙදාපෙස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනී පසාඛෙ ජාතං ගණ්ඩං පුරිසෙන සද්ධිං එකෙනෙකා භෙදාපෙසීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම:,භික්ඛවෙ භික්ඛුනී පසාඛෙ ජාතං ගණ්ඩං පුරිසෙන සද්ධිං එකෙනෙකා භෙදාපෙස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJTයම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් (සිරුරැ) යට පෙදෙසැ හටගත් ගඬක් හුදෙකලා වූ පිරිමිනියකු ලවා හුදෙකලා වූවා බිඳවූ දැ” යි. … සැබෑද මහණෙනි, මෙහෙණක් (සිරුරැ) යට පෙදෙසැ හටගත් ගඬක් හුදකලා වූ පිරිමිනියකු ලවා හුදෙකලා වූවා බිඳ වූ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණක් තොමෝ (සිරුරැ) යට පෙදෙසැ හටගත් ගඬක් හුදෙකලා වූ පිරිමිනියකු ලවා හුදෙකලා වූවා බිඳවූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී පසාඛෙ ජාතං ගණ්ඩං වා රුහිතං{1} වා අනපලොකෙත්වා සඞ්ඝං වා ගණං වා පුරිසෙන සද්ධිං එකෙනෙකා භෙදාපෙය්ය වා ඵාලාපෙය්ය වා ධොවාපෙය්ය වා ආලිම්පාපෙය්ය වා බන්ධාපෙය්ය වා මොචාපෙය්ය වා පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් (සිරුරැ) යට පෙදෙසැ හටගත් ගඬක් හෝ වණයක් හෝ සඞ්ඝයා හෝ ගණයා හෝ නො පිළිවිසැ හුදෙකලා වූ පිරිමිනියකු ලවා හුදෙකලා වූවා බිඳවා නම් හෝ පළවා නම් හෝ දොවවා නම් හෝ අලෙව් දෙවා නම් හෝ බඳවා නම් හෝ මුදවා නම් හෝ පචිති වේ” යයි.
Pali BJT2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT2. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTපසාඛං නාම: අධොනාභි උබ්භජාණුමණ්ඩලං.
Sinhala BJTපසාඛ නම්: නැබෙන් යට දණමඬලෙන් මතු.
Pali BJTජාතන්ති: තත්ථ ජාතං.
Sinhala BJTජාතං: එහි හටගත්.
Pali BJTගණ්ඩො නාම: යො කොචි ගණ්ඩො.
Sinhala BJTගණ්ඩ නම්: යම්කිසි ගඬෙකි.
Pali BJTරුහිතං නාම: යං කිඤ්චි වණං.{2}
Sinhala BJTරුහිත නම්: යම්කිසි වණයෙකි.
Pali BJTඅනපලොකෙත්වාති අනාපුච්ඡා.
Sinhala BJTඅනපලෝකෙත්‍වා: නො පිළිවිසැ.
Pali BJTසඞ්ඝො නාම: භික්ඛුනිසඞ්ඝො වුච්චති.
Sinhala BJTසඞ්ඝ නම්: භික්‍ෂුණී සඞ්ඝ තෙමේ කියනු ලැබේ.
Pali BJTගණො නාම: සම්බහුලා භික්ඛුනියො වුච්චන්ති.
Sinhala BJTගණ නම්: බොහෝ මෙහෙණෝ කියනු ලැබෙත්.
Pali BJTපුරිසො නාම: මනුස්සපුරිසො. න යක්ඛො න පෙතො න තිරච්ඡානගතො විඤ්ඤූ පටිබලො දූසෙතුං.
Sinhala BJTපුරිස නම්: මිනිස් පිරිම්නියෙකි. යකෙක් නො වෙයි. ප්‍රේතයෙක් නො වෙයි. තිරිසනෙක් නො වෙයි. දූෂණය කරන්නට දැනුමැති ප්‍රතිබලයෙකි.
Pali BJTසද්ධින්ති: එකතො.
Sinhala BJTසද්ධිං: එක් වැ.
Pali BJTඑකෙනෙකාති: පුරිසො චෙව හොති භික්ඛුනී ච.
Sinhala BJTඑකෙනෙකා: පිරිම්නියෙක් ද වෙයි. මෙහෙණක් ද වේ.
Pali BJTභින්දාති ආණාපෙති ආපත්ති දුක්කටස්ස. භින්නෙ ආපත්ති පාචිත්තියස්ස. ඵාලෙහීති ආණාපෙති ආපත්ති දුක්කටස්ස. ඵාලිතෙ ආපත්ති පාචිත්තියස්ස. ධොවාති ආණාපෙති ආපත්ති දුක්කටස්ස. ධොවිතෙ{1} ආපත්ති පාචිත්තියස්ස. ආලිම්පාති ආණාපෙති ආපත්ති දුක්කටස්ස. ලිත්තෙ{2} ආපත්ති පාචිත්තියස්ස. බන්ධාහීති ආණාපෙති ආපත්ති දුක්කටස්ස. බද්ධෙ ආපත්ති පාචිත්තියස්ස. මොචෙහීති ආණාපෙති ආපත්ති දුක්කටස්ස. මුත්තෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT‘බිඳුවයි’ අණ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. බුන් කල්හි පචිති ඇවැත් වෙයි. ‘පළව’යි යි අණ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. පැළුණු කල්හි පචිති ඇවැත් වෙයි. ‘දොවව’යි යි අණ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. දෙවූ කල්හි පචිති ඇවැත් වෙයි. ‘ආලේපනය කරව’යි. අණ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ආලේපනය කළ කල්හි පචිති ඇවැත් වෙයි. ‘බඳුව’ යි අණ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. බැඳි කල්හි පචිති ඇවැත් වෙයි. ‘මුදව’ යි අණ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. මිදුණු කල්හි පචිති ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අපලොකෙත්වා භෙදාපෙති වා ඵාලාපෙති වා ධොවාපෙති වා ආලිම්පාපෙති වා බන්ධාපෙති වා මොචාපෙති වා, යා කාචි විඤ්ඤූ දුතියිකා{3} හොති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTපිළිවිසැ බිඳුවා නම්, හෝ පළවා නම් හෝ දොවවා නම් හෝ ආලේප කරවා නම් හෝ බඳවා නම් හෝ මුදවා නම් හෝ යම්කිසි නුවණැති දෙවැන්නක් වේ නම් ඇවැත් නැත. උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTදසමසික්ඛාපදං.
Sinhala BJTදසවන සිකපද යි.
Pali BJTආරාමවග්ගො ඡට්ඨො.
Sinhala BJTෂෂ්ඨ ආරාම වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTආරාමක්කොස චණ්ඩී ච - භුඤ්ජෙය්ය කුලමච්ඡරී, වස්සපවාරණොවාදා - ද්වෙ ධම්මා පසාඛෙන චාති.
Sinhala BJTආරාම යැ අක්කෝස යැ චණ්ඩිකත යැ භුඤ්ජන යැ කුලමච්ඡරී යැ වස්ස යැ පවාරණ යැ ඕවාද යැ ද්වෙ ධම්ම යැ පාසාඛයෙන් දැ යි වර්‍ගය වේ.
Pali BJT7. ගබ්භිනිවග්ගො
Sinhala BJT7. ගබ්භිනීවර්‍ගය
Pali BJT4. 7. 1.
Sinhala BJT4. 7. 1.
Pali BJTපඨමසික්ඛාපදං
Sinhala BJTපළමු සිකපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භික්ඛුනියො ගබ්භිනිං වුට්ඨාපෙන්ති. සා පිණ්ඩාය චරති.{1} මනුස්සා එවමාහංසු: දෙථ අය්යාය භික්ඛං ගරුභාරා{2} අය්යාති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො ගබ්භිනිං වුට්ඨාපෙස්සන්තී”ති. අස්සොසුං ඛො භික්ඛුනියො තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො ගබ්භිනිං වුට්ඨාපෙස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනියො ගබ්භිනිං වුට්ඨාපෙන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනියො ගබ්භිනිං වුට්ඨාපෙස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එ සමයෙහි වනාහි මෙහෙණෝ ගැබිනිය උපසපන් කරවත්. ඕතොමෝ පිඬු පිණිස හැසිරෙයි. මිනිස්සු මෙසේ කීහු: ආර්‍ය්‍යාවට පිඬු දෙවු, ආර්‍ය්‍යා තොමෝ ගැබ්බර ඇත්තී යැ. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ ගැබිනියක උපසපන් කරවූහු දැ”යි. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ ගැබිනියක උපසපන් කරවූහු දැ”යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ ගැබිනියක උපසපන් කරවත් දැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ ගැබිනියක උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී ගබ්භිනිං වුට්ඨාපෙය්ය, පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් ගැබිනියක උපසපන් කරවා නම් පචිති වේ”යයි.
Pali BJT2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT2. යා පන: යම්, යම් බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTගබ්භිනී නාම: ආපන්නසත්තා වුච්චති.
Sinhala BJTගබ්භිනී නම්: පිළිසිඳගත් දරු ඇත්තී කියනු ලැබේ.
Pali BJTවුට්ඨාපෙය්යාති: උපසම්පාදෙය්ය.
Sinhala BJTවුට්ඨාපෙය්‍ය: උපසපන් කරවන්නේ යැ.
Pali BJTවුට්ඨාපෙස්සාමීති ගණං වා ආචරිනිං වා පත්තං වා චීවරං වා පරියෙසති සීමං වා සම්මන්නති ආපත්ති දුක්කටස්ස. ඤත්තියා දුක්කටං ද්වීහි කම්මවාචාහි දුක්කටා, කම්මවාචා පරියොසානෙ උපජ්ඣායාය ආපත්ති පාචිත්තියස්ස. ගණස්ස ච ආචරිනියා ච ආපත්ති දුක්කටස්ස.{3}
Sinhala BJTඋපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරියක හෝ පාත්‍රය හෝ සිවුරක් හෝ සොයා නම්, සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඥප්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියෙතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජර මෙහෙණට ද දුකුළා ඇවැත් වේ.
Pali BJTගබ්භිනියා ගබ්භිනිසඤ්ඤා වුට්ඨාපෙති, ආපත්ති පාචිත්තියස්ස{4}. ගබ්භිනියා වෙමතිකා වුට්ඨාපෙති ආපත්ති දුක්කටස්ස. ගබ්භිනියා අගබ්භිනිසඤ්ඤා වුට්ඨාපෙති අනාපත්ති.
Sinhala BJTගැබිනිය කෙරෙහි ගැබිනිසන් ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ගැබිනිය කෙරෙහි විමති ඇතියා උපසපන් කරවා නම් දුකුළා ඇවැත් වෙයි. ගැබිනිය කෙරෙහි නො ගැබිනි සන් ඇතියා උපසපන් කරවා නම් ඇවැත් නැති.
Pali BJTඅගබ්භිනියා ගබ්භිනිසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අගබ්භිනියා වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අගබ්භිනියා අගබ්භිනි සඤ්ඤා අනාපත්ති:.
Sinhala BJTනො ගැබිනිය කෙරෙහි ගැබිනිසන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො ගැබිනිය කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො ගැබිනිය කෙරෙහි නො ගැබිනිසන් ඇතියා නම් ඇවැත් නැති.
Pali BJT6. අනාපත්ති: ගබ්භිනිං අගබ්භිනිසඤ්ඤා වුට්ඨාපෙති අගබ්භිනිං අගබ්භිනිසඤ්ඤා වුට්ඨාපෙති උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJT6. ගැබිනිය නො ගැබිනි සන් ඇතියා උපසපන් කරවා නම්, නො ගැබිනිය නො ගැබිනි සන් ඇතියා උපසපන් කරවා නම්, ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTපඨමසික්ඛාපදං.
Sinhala BJTපළමු සිකපද යි.
Pali BJT4. 7. 2.
Sinhala BJT4. 7. 2.
Pali BJTදුතියසික්ඛාපදං
Sinhala BJTදෙවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික්ඛුනියො පායන්තිං වුට්ඨාපෙන්ති. සා පිණ්ඩාය චරති{1}. මනුස්සා එවමාහංසු දෙථ අය්යාය භික්ඛං සදුතියිකා අය්යාති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො පායන්තිං වුට්ඨාපෙස්සන්තී”ති. අස්සොසුං ඛො භික්ඛුනියො තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති, “කථං හි නාම භික්ඛුනියො පායන්තිං වුට්ඨාපෙස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනියො පායන්තිං වුට්ඨාපෙන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනියො පායන්තිං වුට්ඨාපෙස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ කිරිපොවන්නිය උපසපන් කරවති. ඕතොමෝ පිඬු පිණිස හැසිරෙයි. මිනිස්සු මෙසේ කීහු: ‘ආර්‍ය්‍යාවට පිඬු දෙවු, ආර්‍ය්‍යා තොමෝ දෙවැන්නකු ඇත්තී’යැ යි. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ කිරිපොවන්නියක උපසපන් කරවූහු දැ”යි. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ කිරිපොවන්නිය උපසපන් කරවූහු දැ”යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ කිරිපොවන්නිය උපසපන් කරවත් දැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ කිරිපොවන්නිය උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී පායන්තිං වුට්ඨාපෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් කිරි පොවන්නිය උපසපන් කරවා නම් පචිති වේ”යයි.
Pali BJT2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTපායන්තී නාම: මාතා වා හොති ධාති වා.{2}
Sinhala BJTපායන්තී නම්: මව හෝ වෙයි, කිරිමව හෝ වෙයි.
Pali BJTවුට්ඨාපෙය්යාති: උපසම්පාදෙය්ය.
Sinhala BJTවුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.
Pali BJTවුට්ඨාපෙස්සාමීති ගණං වා ආචරිනිං වා පත්තං වා චීවරං වා පරියෙසති සීමං වා සම්මන්නති ආපත්ති දුක්කටස්ස. ඤත්තියා දුක්කටං ද්වීහි කම්මවාචාහි දුක්කටා, කම්මවාචා පරියොසානෙ උපජ්ඣායාය ආපත්ති පාචිත්තියස්ස, ගණස්ස ච ආචරිනියා ච ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඋපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම්, සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඥප්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජර මෙහෙණට ද දුකුළා ඇවැත් වේ.
Pali BJTපායන්තියා පායන්තිසඤ්ඤා වුට්ඨාපෙති ආපත්ති පාචිත්තියස්ස. පායන්තියා වෙමතිකා වුට්ඨාපෙති ආපත්ති දුක්කටස්ස. පායන්තියා අපායන්තිසඤ්ඤා වුට්ඨාපෙති අනාපත්ති:.
Sinhala BJTකිරිපොවන්නිය කෙරෙහි කිරිපොවන්නී සන් ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. කිරිපොවන්නිය කෙරෙහි විමති ඇතියා උපසපන් කරවා නම් දුකුළා ඇවැත් වෙයි. කිරිපොවන්නිය කෙරෙහි කිරිනොපොවන්නීසන් ඇතියා උපසපන් කරවා නම් ඇවැත් නැති.
Pali BJTඅපායන්තියා පායන්තිසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අපායන්තියා වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අපායන්තියා අපායන්තිසඤ්ඤා අනාපත්ති:.
Sinhala BJTකිරිපොවන්නිය කෙරෙහි කිරිපොවන්නී සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. කිරි නො පොවන්නිය කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. කිරි නො පොවන්නිය කෙරෙහි කිරි නො පොවන්නී සන් ඇතියා නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: පායන්තිං අපායන්තිසඤ්ඤා වුට්ඨාපෙති, අපායන්තිං අපායන්තිසඤ්ඤා වුට්ඨාපෙති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTකිරිපොවන්නිය කිරි නො පොවන්නී සන් ඇතියා උපසපන් කරවා නම්, කිරි නො පොවන්නිය කිරි නො පොවන්නී සන් ඇතියා උපසපන් කරවා නම්, ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTදුතියසික්ඛාපදං.
Sinhala BJTදෙවන සිකපද යි.
Pali BJT4. 7. 3.
Sinhala BJT4. 7. 3.
Pali BJTතතියසික්ඛාපදං
Sinhala BJTතෙවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික්ඛුනියො ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු අසික්ඛිතසික්ඛං සික්ඛමානං වුට්ඨාපෙන්ති. තා බාලා හොන්ති අබ්යත්තා. න ජානන්ති කප්පියං වා අකප්පියං වා. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු අසික්ඛිතසික්ඛං සික්ඛමානං වුට්ඨාපෙස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනියො ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු අසික්ඛිතසික්ඛං සික්ඛමානං වුට්ඨාපෙන්තීති. සච්චං භගවා. -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනියො ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු අසික්ඛිතසික්ඛං සික්ඛමානං වුට්ඨාපෙස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා -පෙ- ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි “අනුජානාමි භික්ඛවෙ සික්ඛමානාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛාසම්මුතිං දාතුං”. එවඤ්ච පන භික්ඛවෙ දාතබ්බා. තාය සික්ඛමානාය සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා භික්ඛුනීනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජ්ලිම්පග්ගහෙත්වා එවමස්ස වචනීයො, අහං අය්යෙ ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය අය්යාය සික්ඛමානා සඞ්ඝං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛාසම්මුතිං යාචාමීති. දුතියම්පි යාචිතබ්බා. තතියම්පි යාචිතබ්බා. බ්යත්තාය භික්ඛුනියා පටිබලාය සඞ්ඝො ඤාපෙතබ්බො.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි මෙහෙණෝ දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති හික්මනුව උපසපන් කරවති. ඔහු නො දැනුමැති අව්‍යක්තයෝ වෙති. කැපය හෝ නො කැපය හෝ නො දනිත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති හික්මනුව උපසපන් කරවූහු දැ”යි. ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති හික්මනුව උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති හික්මනුව උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමැතූ සේක. ‘මහණෙනි, හික්මනුවට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දෙන්නට අනුදනිමි’. මෙසේ ද වනාහි මහණෙනි, දියයුතු යැ. ඒ හික්මනුව විසින් සඞ්ඝයා වෙත එළැඹැ උතුරු සඟ සිවුර එකස් කොට මෙහෙණන්ගේ පා වැඳ උළුලුයෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කිය යුතු වන්නේ යැ: ආර්‍ය්‍යාවෙනි, මෙනම් ඇති ආර්‍ය්‍යාවගේ හික්මනු වූ මෙනම් ඇති මම දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය සඞ්ඝයාගෙන් යදිමි යි. දෙවනවට දු යැදිය යුතු යැ. තෙවන වට දු යැදිය යුතු යි. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
Pali BJT2. සුණාතු මෙ අය්යෙ සඞ්ඝො, අයං ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය අය්යාය සික්ඛමානා සඞ්ඝං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛාසම්මුතිං යාචති, යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමාය සික්ඛමානාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛාසම්මුතිං දදෙය්ය, එසා ඤත්ති.
Sinhala BJT2. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. මෙනම් ඇති ආර්‍ය්‍යාවගේ හික්මනු වූ මෙනම් ඇති මෝ තොමෝ සඞ්ඝයාගෙන් දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය යදියි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ මෙනම් ඇති හික්මනුවට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දෙන්නේ යැ. මේ ඤත්ති යි.
Pali BJT“සුණාතු මෙ අය්යෙ සඞ්ඝො, අයං ඉත්ථන්නාමාය අය්යාය සික්ඛමානා සඞ්ඝං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛාසම්මුතිං යාචති, සඞ්ඝො ඉත්ථන්නාමාය සික්ඛමානාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛාසම්මුතිං දෙති. යස්සා අය්යාය ඛමති ඉත්ථන්නාමාය සික්ඛමානාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛාසම්මුතියා දානං, සා තුණ්හස්ස, යස්සා නක්ඛමති සා භාසෙය්ය. දින්නා සඞ්ඝෙන ඉත්ථන්නාමාය සික්ඛමානාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛාසම්මුති, ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී එවමෙතං ධාරයාමීති.
Sinhala BJTආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. මෙනම් ඇති ආර්‍ය්‍යාවගේ හික්මනු වූ මෙනම් ඇති මෝ තොමෝ සඞ්ඝයාගෙන් දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය යදියි. සඞ්ඝ තෙමේ මෙනම් ඇති හික්මනුවට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දෙයි. මෙනම් ඇති හික්මනුවට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දීම යම් ආර්‍ය්‍යාවකට රුස්නේ නම් ඕ තොමෝ නිහඬ වන්නී යැ. යමකට නො රුස්නේ නම් ඕතොමෝ කියන්නී යැ. සඞ්ඝයා විසින් මෙනම් ඇති හික්මනුවට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දෙන ලද්දී යැ. සඞ්ඝයාහට රුස්නේ යැ. එහෙයින් නිහඬයහ. මෙය මෙසේ දරමි”යි.
Pali BJTසා සික්ඛමානා එවං වදෙහීති වත්තබ්බා: පාණාතිපාතා වෙරමණිං ද්වෙ වස්සානි අවීතික්කම්මසමාදානං{1} සමාදියාමි. අදින්නාදානා වෙරමණිං ද්වෙ වස්සානි අවීතික්කම්මසමාදානං සමාදියාමි. අබ්රහ්මචරියා වෙරමණිං ද්වෙ වස්සානි අවීතික්කම්මසමාදානං සමාදියාමි. මුසාවාදා වෙරමණිං ද්වෙ වස්සානි අවීතික්කම්මසමාදානං සමාදියාමි. සුරාමෙරයමජ්ජප්පමාදට්ඨානා වෙරමණිං ද්වෙ වස්සානි අවීතික්කම්මසමාදානං සමාදියාමි. විකාලභොජනා වෙරමණිං ද්වෙ වස්සානි අවීතික්කම්මසමාදානං සමාදියාමීති. අථ ඛො භගවා තා භික්ඛුනියො අනෙකපරියායෙන විගරහිත්වා දුභරතාය -පෙ- එවඤ්චපන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJTඒ හික්මනු තොමෝ මෙසේ කියව යි කිය යුත්තී යැ. පණිවායෙන් වැළකීම දෙවසක් නො ඉක්ම විය යුතු සමාදානයක් කොට සමාදන් වෙමි. අයිනාදනින් වැළකීම දෙවසක් නො ඉක්ම විය යුතු සමාදානයක් කොට සමාදන් වෙමි. අබ්‍රම්සරින් වැළකීම දෙවසක් නො ඉක්ම විය යුතු සමාදානයක් කොට සමාදන් වෙමි. මුසවායෙන් වැළකීම දෙවසක් නො ඉක්ම විය යුතු සමාදානයක් කොට සමාදන් වෙමි. මදයට හා ප්‍රමාදයට කරුණු වූ රහමෙරින් වැළකීම දෙවසක් නො ඉක්ම විය යුතු සමාදානයක් කොට සමාදන් වෙමි. විකල් බොජුනෙන් වැළකීම දෙවසක් නො ඉක්ම විය යුතු සමාදානයක් කොට සමාදන් වෙමි යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මෙහෙණන්ට නොයෙක් කරුණෙන් ගරහා දුබරබැව්හි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු අසික්ඛිතසික්ඛං සික්ඛමානං වුට්ඨාපෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති හික්මනුව උපසපන් කරවා නම් පචිති වේ”යයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
Pali BJTද්වෙ වස්සානීති: ද්වෙ සංවච්ඡරානි.
Sinhala BJTද්වෙ වස්සානි: දෑවුරුද්දක්;
Pali BJTඅසික්ඛිතසික්ඛා නාම: සික්ඛා වා න දින්නා හොති, දින්නා වා සික්ඛා කුපිතා.
Sinhala BJTඅසික්ඛිතසික්ඛා නම්: සික හෝ නො දෙන ලද්දී වෙයි. දෙන ලද සික කිපියා හෝ වෙයි.
Pali BJTවුට්ඨාපෙය්යාති: උපසම්පාදෙය්ය.
Sinhala BJTවුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.
Pali BJTවුට්ඨාපෙස්සාමීති ගණං වා ආචරිනිං වා පත්තං වා චීවරං වා පරියෙසති, සීමං වා සම්මන්නති ආපත්ති දුක්කටස්ස. ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි දුක්කටා, කම්මවාචාපරියොසානෙ උපජ්ඣායාය ආපත්ති පාචිත්තියස්ස. ගණස්ස ච ආචරිනියා ච ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඋපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම්, සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඥප්තියෙන් දුකුළා වෙයි, දෙකම් වදනින් දුකුළා වෙති. කම් වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාට ද ඇජර මෙහෙණට ද දුකුළා ඇවැත් වේ.
Pali BJTධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා වුට්ඨාපෙති ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ වෙමතිකා වුට්ඨාපෙති ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා වුට්ඨාපෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍ම සංඥා ඇත්තී උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි විමති ඇත්තී උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍ම සංඥා ඇත්තී උපසපන් කරවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇත්තී නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇත්තී නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇත්තී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛං සික්ඛමානං වුට්ඨාපෙති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTදෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සික්මනුවක උපසපන් කරවා නම් ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTතතියසික්ඛාපදං.
Sinhala BJTතෙවන සිකපද යි.
Pali BJT4. 7. 4.
Sinhala BJT4. 7. 4.
Pali BJTචතුත්ථසික්ඛාපදං
Sinhala BJTසතරවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික්ඛුනියො ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛං සික්ඛමානං සඞ්ඝෙන අසම්මතං වුට්ඨාපෙන්ති. භික්ඛුනියො එවමාහංසු: “එථ සික්ඛමානා ඉමං ජානාථ, ඉමං දෙථ, ඉමං ආහරථ, ඉමිනා අත්ථො, ඉමං කප්පියං කරොථා”ති. තා එවමාහංසු: “න මයං අය්යෙ සික්ඛමානා භික්ඛුනියො මය”න්ති. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම: භික්ඛුනියො ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛං සික්ඛමානං සඞ්ඝෙන අසම්මතං වුට්ඨාපෙස්සන්තීති -පෙ- සච්චං කිර භික්ඛවෙ, භික්ඛුනියො ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛං සික්ඛමානං සඞ්ඝෙන අසම්මතං වුට්ඨාපෙන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ, භික්ඛුනියො ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛං සික්ඛමානං සඞ්ඝෙන අසම්මතං වුට්ඨාපෙස්සන්ති. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. “අනුජානාමි භික්ඛවෙ, ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛාය සික්ඛමානාය වුට්ඨානසම්මුතිං දාතුං” එවඤ්ච පන භික්ඛවෙ, දාතබ්බා. තාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛාය සික්ඛමානාය සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා භික්ඛුනීනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිම්පග්ගහෙත්වා එවමස්ස වචනීයො: අහං අය්යෙ ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය අය්යාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛා, සික්ඛමානා සඞ්ඝං වුට්ඨානසම්මුතිං යාචාමීති. දුතියම්පි යාචිතබ්බා. තතියම්පි යාචිතබ්බා. බ්යත්තාය භික්ඛුනියා පටිබලාය සඞ්ඝො ඤාපෙතබ්බො.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි මෙහෙණෝ දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නො කරන ලද හික්මනුවක උපසපන් කරවත්. මෙහෙණෝ මෙසේ කීහු: “එවු හික්මනුවෙනි, මෙය දනිවු, මෙය දෙවු, මෙය ගෙන එවු, මෙයින් ප්‍රයෝජන යැ, මෙය කැප කරවු” යයි. ඔහු මෙසේ කීහු: “ආර්‍ය්‍යාවෙනි, අපි හික්මනුවෝ නො වම්හ. අපි මෙහෙණෝ වම්හ”යි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නො කරන ලද හික්මනුවක උපසපන් කරවූහු දැ”යි. ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නො කරන ලද හික්මනුවක උපසපන් කරවද්දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නො කරන ලද හික්මනුවක උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමැතූ සේක. මහණෙනි, දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති හික්මනුවට වුට්ඨානසම්මුතිය දෙන්නට අනුදනිමි. මෙසේ ද වනාහි මහණෙනි, දිය යුතු යැ. දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති ඒ හික්මනුව විසින් සඞ්ඝයා වෙත එළැඹැ උතුරු සඟසිවුර එකස් කොට මෙහෙණන්ගේ පා වැඳ උළුලුයෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කිය යුතු වන්නේ යැ: ආර්‍ය්‍යාවෙනි, මෙනම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති හික්මනු වූ මෙ නම් ඇති මම සඞ්ඝයාගෙන් වුට්ඨානසම්මුතිය යදිමි යි. දෙවනවට දු යැදිය යුතුයැ. තෙවනවට දු යැදිය යුතු යැ. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
Pali BJT2. සුණාතු මෙ අය්යෙ සඞ්ඝො අයං ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය අය්යාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛා සික්ඛමානා සඞ්ඝං වුට්ඨානසම්මුතිං යාචති, යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛාය සික්ඛමානාය වුට්ඨානසම්මුතිං දදෙය්ය, එසා ඤත්ති.
Sinhala BJT2. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. මෙනම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති මෙ නම් ඇති මේ හික්මනු තොමෝ සඞ්ඝයාගෙන් වුට්ඨානසම්මුතිය යදියි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති මෙනම් ඇති හික්මනුවට වුට්ඨානසම්මුතිය දෙන්නේ යැ. මේ ඤත්තී යැ.
Pali BJTසුණාතු මෙ අය්යෙ සඞ්ඝො අයං ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය අය්යාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛා සික්ඛමානා සඞ්ඝං වුට්ඨානසම්මුතිං යාචති, සඞ්ඝො ඉත්ථන්නාමාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛාය සික්ඛමානාය වුට්ඨානසම්මුතිං දෙති. යස්සා අය්යාය ඛමති ඉත්ථන්නාමාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛාය සික්ඛමානාය වුට්ඨානසම්මුතියා දානං. සා තුණ්හස්ස, යස්සා නක්ඛමති සා භාසෙය්ය. දින්නා සඞ්ඝෙන ඉත්ථන්නාමාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛාය සික්ඛමානාය වුට්ඨානසම්මුති. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී එවමෙතං ධාරයාමීති.
Sinhala BJTආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. මෙ නම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති මෙ නම් ඇති මේ හික්මනු තොමෝ සඞ්ඝයාගෙන් වුට්ඨානසම්මුතිය යදියි. සඞ්ඝ තෙමේ දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති මෙ නම් ඇති හික්මනුවට වුට්ඨානසම්මුතිය දෙයි. දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති මෙ නම් ඇති හික්මනුවට වුට්ඨානසම්මුතිය දීම යම් ආර්‍ය්‍යාවකට රුස්නේ නම් ඕ තොමෝ නිහඬ වන්නී යැ. යමකට නො රුස්නේ නම් ඕ තොමෝ කියන්නී යැ. දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති මෙනම් ඇති හික්මනුවට සඞ්ඝයා විසින් වුට්ඨානසම්මුතිය දෙන ලද්දී යැ. සඞ්ඝයාහට රුස්නේ යැ. එහෙයින් නිහඬයහ. මෙය මෙසේ දරමියි.
Pali BJTඅථ ඛො භගවා තා භික්ඛුනියො අනෙකපරියායෙන විගරහිත්වා දුභරතාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මෙහෙණන්ට නොයෙක් කරුණෙන් ගරහා දුබරබැව්හි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛං සික්ඛමානං සඞ්ඝෙන අසම්මතං වුට්ඨාපෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නො කරන ලද හික්මනුවක උපසපන් කරවා නම් පචිති වේ”යයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTද්වෙ වස්සානීති: ද්වෙ සංවච්ඡරානි.
Sinhala BJTද්වෙ වස්සානි: දෑවුරුද්දක්.
Pali BJTසික්ඛිතසික්ඛා නාම: ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛා.
Sinhala BJTසික්ඛිතසික්ඛා නම්: සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇත්තී යැ.
Pali BJTඅසම්මතා නාම: ඤත්ති දුතියෙන කම්මෙන වුට්ඨානසම්මුති න දින්නාහොති.
Sinhala BJTඅසම්මතා නම්: ඥප්ති ද්විතීය කර්‍මයෙන් වුට්ඨානසම්මුතිය නො දෙන ලදුවා වෙයි.
Pali BJTවුට්ඨාපෙය්යාති: උපසම්පාදෙය්ය.
Sinhala BJTවුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.
Pali BJTවුට්ඨාපෙස්සාමීති ගණං වා ආචරිනිං වා පත්තං වා චීවරං වා පරියෙසති සීමං වා සම්මන්නති ආපත්ති දුක්කටස්ස. ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි දුක්කටා. කම්මවාචා පරියොසානෙ උපජ්ඣායාය ආපත්ති පාචිත්තියස්ස. ගණස්ස ච ආචරිනියා ච ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඋපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම්, සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඥප්තියෙන් දුකුළා වෙයි. දෙකම්වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජර මෙහෙණට ද දුකුළා ඇවැත් වේ.
Pali BJTධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා වුට්ඨාපෙති ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ වෙමතිකා වුට්ඨාපෙති ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා වුට්ඨාපෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇත්තී උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි විමති ඇත්තී උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇත්තී උපසපන් කරවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇත්තී නම් දුකුළා ඇවැත් වෙයි, අධර්‍මකර්‍මයෙහි විමති ඇත්තී නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍ම සංඥා ඇත්තී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛං සික්ඛමානං සඞ්ඝෙන සම්මතං වුට්ඨාපෙති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTදෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත කරන ලද හික්මනුවක උපසපන් කරවා නම් ඇවැත් නැති. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTචතුත්ථසික්ඛාපදං.
Sinhala BJTසතරවන සිකපද යි.
Pali BJT4. 7. 5.
Sinhala BJT4. 7. 5.
Pali BJTපඤ්චමසික්ඛාපදං
Sinhala BJTපස්වන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික්ඛුනියො ඌනද්වාදසවස්සං ගිහීගතං වුට්ඨාපෙන්ති. තා අක්ඛමා හොන්ති සීතස්ස උණ්හස්ස ජිඝච්ඡාය පිපාසාය ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං දුරුත්තානං දුරාගතානං වචනපථානං උප්පන්නානං සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිප්පානං{1} ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අනධිවාසකජාතිකා{2} හොන්ති.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ උනු දොළොස්වස් ඇති, පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවති. ඔහු සිහිලස උණුසුම සාගිනි පවස නො සිහිය හැකියෝ වෙති. ඩැහැමැසි මදුරු වා හිරුරැස් දිග්දෑපහස ද දුබැසි දුවදනා වදන්මග ද සිරිරි පිළිබැඳි උපන් නො සිහිය හැකි බහල තියුණු රළු නො මිහිරි නො මනවඩන දිවිහරන වෙයිනුදු නො ඉවසන සුල්ලෝ වෙත්.
Pali BJTයා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම: භික්ඛුනියො ඌනද්වාදසවස්සං ගිහීගතං වුට්ඨාපෙස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ, භික්ඛුනියො ඌනද්වාදසවස්සං ගිහීගතං වුට්ඨාපෙස්සන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ, භික්ඛුනියො ඌනද්වාදසවස්සං ගිහීගතං වුට්ඨාපෙස්සන්ති. ඌනද්වාදසවස්සා හි{3} භික්ඛවෙ, ගිහීගතා අක්ඛමා හොති සීතස්ස උණ්හස්ස ජිඝච්ඡාය පිපාසාය ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං දුරුත්තානං දුරාගතානං වචනපථානං. උප්පන්නානං සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිබ්බානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අනධිවාසිකජාතිකා හොති. ද්වාදසවස්සා ච ඛො භික්ඛවෙ ගිහීගතා ඛමා හොති සීතස්ස උණ්හස්ස ජිඝච්ඡාය පිපාසාය ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං දුරුත්තානං දුරාගතානං වචනපථානං. උප්පන්නානං සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිබ්බානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසිකජාතිකා හොති. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJTයම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ උනු දොළොස්වස් ඇති, පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවූහු දැ”යි. ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ උනුදොළොස් වස් ඇති, පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ උනුදොළොස් වස් ඇති, පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවූහු ද? මහණෙනි, උනුදොළොස් වස් ඇති, පිරිම්නියක්හු අතරට ගියා සිහිලස උණුසුම සාගිනි පවස නො සිහිය හැකියා මැ වෙයි. ඩැහැමැසි මදුරු වා හිරුරැස් දිග්දෑ පහස ද දුබැසි දුවදනා වදන්මග ද සිරිරි පිළිබැඳි උපන් නො සිහිය හැකි බහල තියුණු රළු නො මිහිරි නො මනවඩන දිවිහරන වෙයිනුදු නො ඉවසන සුලුවූවා වෙයි. මහණෙනි, දොළොස්වස් ඇති පිරිම්නියක්හු අතරට ගියා සිහිලස උණුසුම සාගිනි පවස සිහිය හැකියා ද වෙයි. ඩැහැමැසි මදුරු වා හිරුරැස් දිග්දෑ පහස ද දුබැසි දුවදනා වදන්මග ද සිරිරි පිළිබැඳි උපන් නො සිහිය හැකි බහල තියුණු රළු නො මිහිරි නො මනවඩන දිවිහරන වෙයිනුදු ඉවසන සුලු වූවා ද වෙයි. මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී ඌනද්වාදසවස්සං ගිහීගතං වුට්ඨාපෙය්ය, පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් උනුදොළොස්වස් ඇති පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවා නම් පචිති වේ”යයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTඌනද්වාදසවස්සා නාම: අප්පත්තද්වාදසවස්සා.
Sinhala BJTඌනද්වාදසවස්සා නම්: නො පත් දොළොස්වස් ඇතියා.
Pali BJTගිහීගතා නාම: පුරිසන්තරගතා වුච්චති.
Sinhala BJTගිහීගතා නම්: පිරිම්නියක්හු අතරට ගියා කියනු ලැබෙයි.
Pali BJTවුට්ඨාපෙය්යාති: උපසම්පාදෙය්ය.
Sinhala BJTවුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.
Pali BJTවුට්ඨාපෙස්සාමීති ගණං වා ආචරිනිං වා පත්තං වා චීවරං වා පරියෙසති, සීමං වා සම්මන්නති ආපත්ති දුක්කටස්ස. ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි දුක්කටා. කම්මවාචාපරියොසානෙ උපජ්ඣායාය ආපත්ති පාචිත්තියස්ස. ගණස්ස ච ආචරිනියා ච ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඋපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඥප්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරට ද දුකුළා ඇවැත් වේ.
Pali BJTඌනද්වාදසවස්සාය ඌනද්වාදසවස්ස සඤ්ඤා වුට්ඨාපෙති ආපත්ති පාචිත්තියස්ස. ඌනද්වාදසවස්සාය වෙමතිකා වුට්ඨාපෙති ආපත්ති දුක්කටස්ස. ඌනද්වාදසවස්සාය පරිපුණ්ණසඤ්ඤා වුට්ඨාපෙති අනාපත්ති:.
Sinhala BJTඋනුදොළොස්වස් ඇතියා කෙරෙහි උනුදොළොස්වස් සන් ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. උනුදොළොස් වස් ඇතියා කෙරෙහි විමති ඇතියා උපසපන් කරවා නම් දුකුළා ඇවැත් වෙයි. උනුදොළොස්වස් ඇතියා කෙරෙහි පිරිපුන් සන් ඇතියා උපසපන් කරවා නම් ඇවැත් නැති.
Pali BJTපරිපුණ්ණද්වාදසවස්සාය ඌනද්වාදසවස්සසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. පරිපුණ්ණද්වාදසවස්සාය වෙමතිකා ආපත්ති දුක්කටස්ස. පරිපුණ්ණද්වාදසවස්සාය පරිපුණ්ණසඤ්ඤා අනාපත්ති.
Sinhala BJTපිරිපුන් දොළොස්වස් ඇතියා කෙරෙහි උනුදොළොස්වස් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිරිපුන් දොළොස්වස් ඇතියා කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිරිපුන් දොළොස්වස් ඇතියා කෙරෙහි පිරිපුන් සන් ඇතියා නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: ඌනද්වාදසවස්සං පරිපුණ්ණසඤ්ඤා වුට්ඨාපෙති පරිපුණ්ණද්වාදසවස්සං පරිපුණ්ණසඤ්ඤා වුට්ඨාපෙති උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඋනුදොළොස්වස් ඇතියක පිරිපුන් සන් ඇතියා උපසපන් කරවා නම්, පිරිපුන් දොළොස්වස් ඇතියක පිරිපුන් සන් ඇතියා උපසපන් කරවා නම්, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTපඤ්චමසික්ඛාපදං.
Sinhala BJTපස්වන සිකපද යි.
Pali BJT4. 7. 6.
Sinhala BJT4. 7. 6.