Pali BJTරාජා සන්දි සුත්තඤ්ච ගිහීවූපසමෙන ච, දදෙ චීවරාවසථං පරියාපුණවාචනෙති.
Sinhala BJTරාජාගාර යැ ආසන්‍දි යැ සුත්ත යැ ගිහි (වෙය්‍යාවච්ච) යැ වූපසමය යැ (ආහාර) දාන යැ චීවර යැ ආවස්ථ යැ පරියාපුණ්න යැ වාචන යැ යි.
Pali BJT6. ආරාමවග්ගො
Sinhala BJT6. ආරාමවර්‍ගය
Pali BJT4. 6. 1.
Sinhala BJT4. 6. 1.
Pali BJTපඨමසික්ඛාපදං
Sinhala BJTපළමු සිකපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ ගාමකාවාසෙ එකචීවරා චීවරකම්මං කරොන්ති. භික්ඛුනියො අනාපුච්ඡා ආරාමං පවිසිත්වා යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමිංසු. භික්ඛූ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති:: “කථං හි නාම: භික්ඛුනියො අනාපුච්ඡා ආරාමං පවිසිස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ, භික්ඛුනියො අනාපුච්ඡා ආරාමං පවිසන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම: භික්ඛවෙ භික්ඛුනියො අනාපුච්ඡා ආරාමං පවිසිස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු::
Sinhala BJT1. එ සමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩැවෙසෙති. එ සමයෙහි වනාහි බොහෝ භික්‍ෂූහු ගම්බද අවසෙක්හි එක් සිවුරක් ඇතියාහු සිවුරුකම් කෙරෙත්. මෙහෙණෝ නො පිළිවිසැ අරමට පිවිස ඒ භික්‍ෂූන් වෙත එළඹියහ. භික්‍ෂූහු ලමුකොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ නො පිළිවිසැ අරමට පිවිසියාහු දැ” යි … සැබෑද මහණෙනි, මෙහෙණෝ නො පිළිවිසැ අරමට පිවිසෙත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ නො පිළිවිසැ අරමට පිවිසියාහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී අනාපුච්ඡා ආරාමං පවිසෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් නො පිළිවිසැ අරමට පිවිසේ නම් පචිති වේ” යයි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛුනීනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේත් භාග්‍යවතුන් විසින් මෙහෙණන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT2. තෙන ඛො පන සමයෙන තෙ භික්ඛූ තම්හා ආවාසා පක්කමිංසු. භික්ඛුනියො “අය්යා පක්කන්තා”ති ආරාමං නාගමිංසු{1} අථ ඛො තෙ භික්ඛූ පුනදෙව තං ආවාසං පච්චාගච්ඡිංසු. භික්ඛුනියො ‘අය්යා ආගතා’ති ආපුච්ඡා ආරාමං පවිසිත්වා යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා තෙ භික්ඛූ අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො තා භික්ඛුනියො තෙ භික්ඛූ එතදවොචුං:: “කිස්ස තුම්හෙ භගිනියො ආරාමං නෙව සම්මජ්ජිත්ථ. න පානීයං පරිභොජනීයං උපට්ඨාපිත්ථා”ති. භගවතා අය්යා සික්ඛාපදං පඤ්ඤත්තං{2} හොති “න අනාපුච්ඡා ආරාමො පවිසිතබ්බො”ති. තෙන මයං න ආගමිම්හාති. භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- අනුජානාමි භික්ඛවෙ සන්තං භික්ඛුං ආපුච්ඡා ආරාමං පවිසිතුං.” එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු::
Sinhala BJT2. එ සමයෙහි වනාහි ඒ භික්‍ෂූහු ඒ අවසින් බැහැරැ ගියහ. මෙහෙණෝ ආර්‍ය්‍යයෝ බැහැරැ ගියාහ යි අරමට නො පැමිණියහ. එකල්හි ඒ භික්‍ෂූහු යළිත් ඒ අවසට පෙරළා ආහ. මෙහෙණෝ ආර්‍ය්‍යයෝ ආවාහ යි පිළිවිසැ අරමට පිවිස ඒ භික්‍ෂූන් වෙත එළඹියහ. එළැඹැ ඒ භික්‍ෂූන් වැඳ එකත් පසෙකැ සිටියහ. එකත් පසෙකැ සිටියාවූ ඒ මෙහෙණන්ට ඒ භික්‍ෂූහු මෙය කීහු: ‘බුහුනෙනි, තෙපි කුමක් හෙයින් අරම නො මැ හැමදූහු ද? පැන් හා පිරිබෝදිය නො මැ එළවා තැබූහු දැ’යි. ආර්‍ය්‍යයෙනි, භාග්‍යවතුන් විසින් ‘නො පිළිවිසැ අරමට නො පිවිසියයුතු’ යැ යි සිකපදයෙක් පනවන ලදී. එහෙයින් අපි නො පැමිණියම්හ යි. භාග්‍යවතුන්ට තෙල කරුණ ඇරොජූහු … ‘මහණෙනි, ඇති මහණක්හු පිළිවිසැ අරමට පිවිසෙන්නට අනුදනිමි’යි. මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී සන්තං භික්ඛුං අනාපුච්ඡා ආරාමං පවිසෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් ඇති මහණක්හු නො පිළිවිසැ අරමට පිවිසේ නම් පචිති වේ” යයි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛුනීනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේත් භාග්‍යවතුන් විසින් මෙහෙණන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT3. තෙන ඛො පන සමයෙන තෙ භික්ඛූ තම්හා ආවාසා පක්කමිත්වා පුනදෙව තං ආවාසං පච්චාගච්ඡිංසු. භික්ඛුනියො – “අය්යා පක්කන්තා”ති අනාපුච්ඡා ආරාමං පවිසිංසු. තාසං කුක්කුච්චං අහොසි භගවතා සික්ඛාපදං පඤ්ඤත්තං “න සන්තං භික්ඛුං අනාපුච්ඡා ආරාමො පවිසිතබ්බො”ති. මයඤ්චම්හා සන්තං භික්ඛුං අනාපුච්ඡා ආරාමං පවිසිම්හා. කච්චිනුඛො මයං පාචිත්තියං ආපත්තිං ආපන්නාති. භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු::
Sinhala BJT3. එසමයෙහි වනාහි ඒ භික්‍ෂූහු ඒ අවසින් බැහැරැ ගොස් නැවතත් ඒ මැ අවසට පෙරළා ආහ. මෙහෙණෝ ආර්‍ය්‍යයෝ බැහැරැ ගියාහු යයි නො පිළිවිසැ අරමට පිවිසියහ. ඒ මෙහෙණන්ට කුකුසෙක් විය, භාග්‍යවතුන් විසින් ‘ඇති මහණක්හු නො පිළිවිසැ අරමට නො පිවිසියයුතු ය’යි සිකපදයෙක් පනවන ලදී. අපි ඇති මහණක්හු නො පිළිවිසැ අරමට පිවිසියෙමු. කිම? අපි පචිති ඇවැතට පැමිණියමෝ දැ යි. භාග්‍යවතුන්ට තෙල කරුණ ඇරොජූහු. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මේ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූසේක. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී ජානං සභික්ඛුකං ආරාමං අනාපුච්ඡා පවිසෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් දැන දැන මහණුන් සහිත අරමකට නො පිළිවිසැ පිවිසේ නම් පචිති වේ” යයි.
Pali BJT4. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT4. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණිය යි.
Pali BJTජානාති නාම: සාමං වා ජානාති අඤ්ඤෙ වා තස්සා ආරොචෙන්ති තෙ වා ආරොචෙන්ති.
Sinhala BJTජානාති නම්: තොමෝ හෝ දනියි. අන්හු හෝ ඇයට ඇරොජති. ඔහු හෝ ඇරොජත්.
Pali BJTසභික්ඛුකො ආරාමො නාම: යත්ථ භික්ඛූ රුක්ඛමූලෙපි වසන්ති.
Sinhala BJTසභික්ඛුක ආරාම නම්: යම් තැනෙක රුක්මුලෙක්හු දු මහණෝ වෙසෙත් ද ඒ අරම.
Pali BJTඅනාපුච්ඡා ආරාමං පවිසෙය්යාති: භික්ඛුං වා සාමණෙරං වා ආරාමිකං වා අනාපුච්ඡා පරික්ඛිත්තස්ස ආරාමස්ස පරික්ඛෙපං අතික්කාමෙන්තියා ආපත්ති පාචිත්තියස්ස. අපරික්ඛිත්තස්ස ආරාමස්ස උපචාරං ඔක්කමන්තියා ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඅනාපුච්ඡා ආරාමං පවිසෙය්‍ය: මහණක්හු හෝ හෙරණක්හු හෝ ආරාමිකයක්හු හෝ නො පිළිවිසැ පිරිකෙව් කළ අරම්හි පරික්‍ෂේපය ඉක්මවන්නියට පචිති ඇවැත් වෙයි. නො පිරිකෙව් කළ අරම්හි උවසරට බසින්නියට පචිති ඇවැත් වේ.
Pali BJTසභික්ඛුකෙ සභික්ඛුකසඤ්ඤා සන්තං භික්ඛුං අනාපුච්ඡා ආරාමං පවිසති ආපත්ති පාචිත්තියස්ස. සභික්ඛුකෙ වෙමතිකා සන්තං භික්ඛුං අනාපුච්ඡා ආරාමං පවිසති ආපත්ති දුක්කටස්ස. සභික්ඛුකෙ අභික්ඛුකසඤ්ඤා සන්තං භික්ඛුං අනාපුච්ඡා ආරාමං පවිසති අනාපත්ති:.
Sinhala BJTභික්‍ෂුසහිතයෙහි භික්‍ෂුසහිත සංඥා ඇතියා ඇති මහණක්හු නො පිළිවිසැ අරමට පිවිසේ නම් පචිති ඇවැත් වෙයි. භික්‍ෂුසහිතයෙහි විමති ඇතියා ඇති මහණක්හු නො පිළිවිසැ අරමට පිවිසේ නම් දුකුළා ඇවැත් වෙයි. භික්‍ෂුසහිතයෙහි භික්‍ෂුරහිතසංඥා ඇතියා ඇති මහණක්හු නො පිළිවිසැ අරමට පිවිසේ නම් ඇවැත් නැති.
Pali BJTඅභික්ඛුකෙ සභික්ඛුකසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අභික්ඛුකෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අභික්ඛුකෙ අභික්ඛුකසඤ්ඤා අනාපත්ති:.
Sinhala BJTභික්‍ෂුරහිතයෙහි භික්‍ෂුසහිතසංඥා ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. භික්‍ෂුසහිතයෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වේ. භික්‍ෂු රහිතයෙහි භික්‍ෂුරහිතසංඥා ඇතියා නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: සන්තං භික්ඛුං ආපුච්ඡා පවිසති අසන්තං භික්ඛුං අනාපුච්ඡා පවිසති සීසානුලොකිකා{1} ගච්ඡති, යත්ථ භික්ඛුනියො සන්නිපතිතා හොන්ති, තත්ථ ගච්ඡති ආරාමෙන මග්ගො හොති, ගිලානාය ආපදාසු උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඇති මහණක්හු පිළිවිසැ පිවිසේ නම්, නැති මහණක්හු නො පිළිවිසැ පිවිසේ නම්, හිස අනුව බලමින් යේ නම්, යම් තැනෙකැ මෙහෙණෝ රැස්වූවාහු වෙත් ද එහි යේ නම්. අරම්හි මඟ වේ නම්, ගිලන්වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTපඨමසික්ඛාපදං.
Sinhala BJTපළමු සිකපද යි.
Pali BJT4. 6. 2.
Sinhala BJT4. 6. 2.
Pali BJTදුතියසික්ඛාපදං
Sinhala BJTදෙවන සිකපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා මහාවනෙ විහරති කූටාගාර සාලායං. තෙන ඛො පන සමයෙන ආයස්මතො උපාලිස්ස උපජ්ඣායො ආයස්මා කප්පිතකො සුසානෙ විහරති. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියානං භික්ඛුනීනං මහනත්තරා{1} භික්ඛුනී කාලකතා{2} හොති. ඡබ්බග්ගියා භික්ඛුනියො තං භික්ඛුනිං නීහරිත්වා ආයස්මතො කප්පිතකස්ස විහාරස්ස අවිදූරෙ ඣාපෙත්වා ථූපං කත්වා ගන්ත්වා තස්මිං ථූපෙ රොදන්ති. අථ ඛො ආයස්මා කප්පිතකො තෙන සද්දෙන උබ්බාළ්හො තං ථූපං භින්දිත්වා පකිරෙසි. ඡබ්බග්ගියා භික්ඛුනියො “ඉමිනා කප්පිතකෙන අම්හාකං අය්යාය ථූපො භින්නො, හන්ද නං ඝාතෙමා”ති, මන්තෙසුං. අඤ්ඤතරා භික්ඛුනී ආයස්මතො උපාලිස්ස එතමත්ථං ආරොචෙසි. ආයස්මා උපාලි ආයස්මතො කප්පිතකස්ස එතමත්ථං ආරොචෙසි. අථ ඛො ආයස්මා කප්පිතකො විහාරා නික්ඛමිත්වා නිලීනො අච්ඡි. අථ ඛො ඡබ්බග්ගියා භික්ඛුනියො යෙනායස්මතො කප්පිතකස්ස විහාරො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මතො කප්පිතකස්ස විහාරං පාසාණෙහි ච ලෙඩ්ඩූහි ච ඔත්ථරාපෙත්වා මතො කප්පිතකොති පක්කමිංසු.
Sinhala BJT1. එ සමයෙහි භාග්‍යවත් බුදුහු විසල්පුරැ මහවෙනෙහි කුළාරහල්හි වැඩැවෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උපාලි තෙරුන්ගේ උපාද්ධ්‍යාය වූ ආයුෂ්මත් කප්පිතක තෙරණුවෝ සොහොනෙහි වෙසෙති. එසමයෙහි වනාහි සවග මෙහෙණන් අතුරෙහි මහතෙර වූ මෙහෙණ තොමෝ කලුරිය කළා වෙයි. සවග මෙහෙණෝ ඒ මෙහෙණ ගෙන ගොස් ආයුෂ්මත් කප්පිතක තෙරුන්ගේ විහාරයට නුදුරෙහි දවා තුඹක් කොට ගොස් ඒ තුඹ ළඟැ හඬත්. එකල්හි ආයුෂ්මත් කප්පිතක තෙරණුවෝ ඒ ශබ්දයෙන් පීඩිත වූවාහු ඒ තුඹ බිඳ විසුරුවාලූහ. සවග මෙහෙණෝ “මේ කප්පිතකයා විසින් අපගේ ආර්‍ය්‍යාවගේ තුඹ බිඳින ලදී. එබැවින් ඔහු නසාලම්හ” යි මන්ත්‍රණය කළාහු යැ. එක්තරා මෙහෙණක් ආයුෂ්මත් උපාලි තෙරුන්ට තෙල කරුණ ඇරොජූහ. ආයුෂ්මත් උපාලි තෙරණුවෝ ආයුෂ්මත් කප්පිතක තෙරුන්ට තෙල කරුණ ඇරොජූහ. එකල්හි ආයුෂ්මත් කප්පිතක තෙරණුවෝ වෙහෙරින් නික්ම සැඟවී හුන්හ. එකල්හි සවග මෙහෙණෝ ආයුෂ්මත් කප්පිතක තෙරුන්ගේ විහාරයට එළඹියහ. එළැඹැ ආයුෂ්මත් කප්පිතක තෙරුන්ගේ විහාරය පහණින් ද කැටින් ද වතුරුවා කප්පිතක මෙළේ යැ යි බැහැරැ ගියහ.
Pali BJT2. අථ ඛො ආයස්මා කප්පිතකො තස්සා රත්තියා අච්චයෙන පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය වෙසාලිං පිණ්ඩාය පාවිසි. අද්දසංසු ඛො ඡබ්බග්ගියා භික්ඛුනියො ආයස්මන්තං කප්පිතකං පිණ්ඩාය චරන්තං. දිස්වාන එවමාහංසු: “අයං කප්පිතකො ජීවති. කො නු ඛො අම්හාකං මන්තං සංහරී”ති. අස්සොසුං ඛො ඡබ්බග්ගියා භික්ඛුනියො “අය්යෙන කිර උපාලිනා අම්හාකං මන්තො සංහටො”ති. තා ආයස්මන්තං උපාලිං අක්කොසිංසු “කථං හි නාම: අයං කාසාවටො මලමජ්ජනො නිහීනජච්චො අම්හාකං මන්තං සංහරිස්සතී”ති.
Sinhala BJT2. ඉක්බිති ආයුෂ්මත් කප්පිතක තෙරණුවෝ ඒ රැය ඇවෑමෙන් පෙරවරුහි හැඳ පෙරවැ පා සිවුරු ගෙන විසල්පුරට පිඬු පිණිස පිවිසියහ. සවග මෙහෙණෝ පිඬු පිණිස හැසිරෙන ආයුෂ්මත් කප්පිතක තෙරුන් දැක මෙසේ කීහු. “මේ කප්පිතක තෙමේ ජීවත් වෙයි, කවරෙක් අපගේ මන්ත්‍රණය ගෙන ගියේ දැ”යි. සවග මෙහෙණෝ “ආර්‍ය්‍ය උපාලි තෙරුන් විසින් අපගේ මන්ත්‍රණය ගෙන යන ලදැ” යි ඇසූහු. ඔහු ආයුෂ්මත් උපාලි තෙරුන්ට ආක්‍රෝශ කළහ: කෙසේ නම් මේ කසාවට (කහවත් හැඳ) නැහැවිකම් කළ මලහරන නිහීනජාති ඇතියේ අපගේ මන්ත්‍රණය ගෙන ගියේ දැ” යි.
Pali BJT3. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති:: “කථං හි නාම: ඡබ්බග්ගියා භික්ඛුනියො අය්යං උපාලිං අක්කොසිස්සන්තී”ති. -පෙ- සච්චං කිර භික්ඛවෙ ඡබ්බග්ගියා භික්ඛුනියො උපාලිං අක්කොසන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම: භික්ඛවෙ ඡබ්බග්ගියා භික්ඛුනියො උපාලිං අක්කොසිස්සන්තීති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු::
Sinhala BJT3. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණෝ උපාලි ආර්‍ය්‍යන්ට ආක්‍රෝශ කොළෝ” දැ යි. … සැබෑ ද මහණෙනි, සවග මෙහෙණෝ උපාලිහට ආක්‍රෝශ කෙරෙත් දැ යි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, සවග මෙහෙණෝ උපාලිහට ආක්‍රෝශ කළෝ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි, … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී භික්ඛුං අක්කොසෙය්ය වා පරිභාසෙය්ය වා, පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් මහණක්හට ආක්‍රෝශ කෙරේ නම් හෝ බිය එළවා නම් හෝ පචිති වේ” යයි.
Pali BJT4. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT4. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTභික්ඛුන්ති: උපසම්පන්නං.
Sinhala BJTභික්ඛුං: උපසපනක්හු.
Pali BJTඅක්කොසෙය්ය වාති: දසහි වා අක්කොසවත්ථූහි අක්කොසති එතෙසං වා අඤ්ඤතරෙන ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඅක්කෝසෙය්‍යවා: දශආක්‍රොශවස්තුවෙන් හෝ ඔවුනතුරෙන් එක්තරයකින් හෝ ආක්‍රෝශ කෙරේ නම් පචිති ඇවැත් වෙයි.
Pali BJTපරිභාසෙය්ය වාති: භයං උපදංසෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTපරිභාසෙය්‍ය වා: බිය දක්වා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඋපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤා අක්කොසති වා පරිභාසති වා ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ වෙමතිකා අක්කොසති වා පරිභාසති වා ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤා අක්කොසති වා පරිභාසති වා, ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඋපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියා ආක්‍රෝශ කෙරේ නම් හෝ බය දක්වා නම් හෝ පචිති ඇවැත් වෙයි, උපසපනක්හු කෙරෙහි විමති ඇතියා ආක්‍රෝශ කෙරේ නම් හෝ බිය දක්වා නම් හෝ පචිති ඇවැත් වෙයි, උපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියා ආක්‍රෝශ කෙරේ නම් හෝ බිය දක්වා නම් හෝ පචිති ඇවැත් වේ.
Pali BJTඅනුපසම්පන්නං අක්කොසති වා පරිභාසති වා ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤා ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅනුපසපනක්හට ආක්‍රෝශ කෙරේ නම් හෝ බිය දක්වා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අත්ථපුරෙක්ඛාරාය ධම්මපුරෙක්ඛාරාය අනුසාසනිපුරෙක්ඛාරාය උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඅර්‍ත්‍ථය පෙරටු කොට කියන්නියට, ධර්‍මය පෙරටු කොට කියන්නියට, අනුශාසනය පෙරටු කොට කියන්නියට, උම්මත්තිකාවට … ආදි කම්මිකාවට ඇවැත් නැති.
Pali BJTදුතියසික්ඛාපදං.
Sinhala BJTදෙවන සිකපද යි.
Pali BJT4. 6. 3.
Sinhala BJT4. 6. 3.
Pali BJTතතියසික්ඛාපදං
Sinhala BJTතෙවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං - තෙන ඛො පන සමයෙන චණ්ඩකාළී භික්ඛුනී භණ්ඩනකාරිකා හොති කලහකාරිකා විවාදකාරිකා භස්සකාරිකා සඞ්ඝෙ අධිකරණකාරිකා. ථුල්ලනන්දා භික්ඛුනී තස්සා කම්මෙ කයිරමානෙ{1} පටික්කොසෙති. තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දා භික්ඛුනී ගාමකං අගමාසි කෙනචිදෙව කරණීයෙන. අථ ඛො භික්ඛුනිසඞ්ඝො “ථුල්ලනන්දා භික්ඛුනී පක්කන්තා”ති චණ්ඩකාළිං භික්ඛුනිං ආපත්තියා අදස්සනෙ උක්ඛිපි. ථුල්ලනන්දා භික්ඛුනී ගාමකෙ තං කරණීයං තීරෙත්වා පුනදෙව සාවත්ථිං පච්චාගඤ්ඡි.{2} චණ්ඩකාළී භික්ඛුනී ථුල්ලනන්දාය භික්ඛුනියා ආගච්ඡන්තියා නෙව ආසනං පඤ්ඤපෙසි. න පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික්ඛිපි න පච්චුග්ගන්ත්වා පත්තචීවරං පටිග්ගහෙසි. න පානීයෙන ආපුච්ඡි. ථුල්ලනන්දා භික්ඛුනී චණ්ඩකාළිං භික්ඛුනිං එතදවොච:
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදානයි – එසමයෙහි වනාහි චණ්ඩකාළී භික්‍ෂුණී තොමෝ ඩබරකරන්නී කලහකරන්නී විවාදකරන්නී දොඩමළුකම් කරන්නී සඞ්ඝයා කෙරෙහි අධිකරණ කරන්නී වෙයි. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ඇයට කර්‍ම කරනු ලබන කල්හි පටහැණි වැ කරුණු කියයි, එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ කිසියම් ඇවැසි කටයුත්තකින් ගමකට ගියා යැ. එකල්හි භික්‍ෂුණීසඞ්ඝ තෙමේ ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ බැහැරැ ගියා යැ යි චණ්ඩකාළී භික්‍ෂුණියට ඇවැත් නො දැක්මෙහි උකෙව්නීකම් කෙළේ යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ගමෙහි ඒ ඇවැසි කටයුත්ත තීරණය කොට නැවැතත් සැවැතට පෙරළා අවු යැ. චණ්ඩකාළී භික්‍ෂුණී තොමෝ එන්නා වූ ථුල්ලනන්‍දා භික්‍ෂුණියට අසුන් නො මැ පැනවූ යැ. පාදෝනාදිය දෙවූ පා තබන පුටුව නො දෙවූ පාතබන පුටුව නො මැ එළවා තැබූ යැ. පෙර ගමන් කොට පා සිවුරු නො පිළිගතු යැ. පැනින් නො පිළිවුසූ යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ චණ්ඩකාළී භික්‍ෂුණියට මෙය කිවු යැ:
Pali BJT“කිස්ස ත්වං අය්යෙ මයි ආගච්ඡන්තියා නෙව ආසනං පඤ්ඤාපෙසි න පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික්ඛිපි. න පච්චුග්ගන්ත්වා පත්තචීවරං පටිග්ගහෙසි. න පානීයෙන ආපුච්ඡී”ති. “එවං හෙතං අය්යෙ හොති යථා තං අනාථායා”ති. “කිස්ස පන ත්වං අය්යෙ අනාථා”ති. “ඉමා මං අය්යෙ භික්ඛුනියො අයං අනාථා අප්පඤ්ඤාතා නත්ථි ඉමිස්සා කාචි පටිවත්තාති{1} ආපත්තියා අදස්සනෙ උක්ඛිපිංසූ”ති. ථුල්ලනන්දා භික්ඛුනී “බාලා එතා අබ්යත්තා එතා නෙතා ජානන්ති කම්මං වා කම්මදොසං වා කම්මවිපත්තිං වා කම්මසම්පත්තිං වාති චණ්ඩීකතා ගණං පරිභාසි.
Sinhala BJTආර්‍ය්‍යාවෙනි, තෝ කුමක් හෙයින් මා එන කල්හි අසුන් නොමැ පැනවූ, පා දෝනාදිය දෙවූ පා තබන පුටුව නො දෙවූ පා තබන පුටුව නො මැ එළවා තැබුව, පෙර ගමන් කොට පා සිවුරු නො පිළිගතුව, පැනින් නො පිළිවුසුව යි. ආර්‍ය්‍යාවෙනි, මෙය මෙසේ මැ යි. පිළිසරණ නැතියකට මෙනි. ආර්‍ය්‍යාවෙනි, තෝ කුමක් හෙයින් පිළිසරණ නැතියෙහි ද? ආර්‍ය්‍යාවෙනි, මේ භික්‍ෂුණීහු “මෝ තොමෝ පිළිසරණ නැතියකැ අප්‍රසිද්ධ යැ, මැය පිළිබඳ වැ කිසියම් පටහැණි ව කියන්නියක් නැතැ” යි ඇවැත් නො දැක්මෙහි උකෙව්නීකම් කළහ යි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ මෙව්හු බාලයෝ යැ, මෙව්හු අවියත්හු යැ, මෙව්හු කර්‍මය හෝ කර්‍මදෝෂය හෝ කර්‍මවිපත්තිය හෝ කර්‍මසම්පත්තිය හෝ නො දනිති යි කළසැඬබව ඇත්තී ගණයා තැති ගැන්වූ යැ.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම: අය්යා ථුල්ලනන්දා චණ්ඩීකතා ගණං පරිභාසිස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී චණ්ඩීකතා ගණං පරිභාසීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම: භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී චණ්ඩීකතා ගණං පරිභාසිස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු::
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ කළ සැඬබව ඇත්තී ගණයා තැතිගැන්වූ” දැ යි … සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා මෙහෙණ කළ සැඬබව ඇත්තී ගණයා තැතිගැන්වූ දැ යි, සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා මෙහෙණ කළ සැඬබව ඇත්තී ගණයා තැතිගැන්වූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී චණ්ඩීකතා ගණං පරිභාසෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් කළ සැඬබව ඇත්තී ගණයා තැති ගන්වා නම් පචිති වේ” යි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTචණ්ඩීකතා නාම: කොධනා වුච්චති.
Sinhala BJTචණ්ඩිකතා නම්: කෝධනාව කියනු ලැබෙයි.
Pali BJTගණො නාම: භික්ඛුනී සඞ්ඝො වුච්චති.
Sinhala BJTගණ නම්: මෙහෙණසඟ කියනු ලැබෙයි.
Pali BJTපරිභාසෙය්යාති: බාලා එතා අබ්යත්තා එතා, නෙතා ජානන්ති කම්මං වා කම්මදොසං වා කම්මවිපත්තිං වා කම්මසම්පත්තිං වාති පරිභාසති ආපත්ති පාචිත්තියස්ස. සම්බහුලා භික්ඛුනියො වා එකභික්ඛුනිං{2} වා අනුපසම්පන්නං වා පරිභාසති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTපරිභාසෙය්‍ය: මෙව්හු බාලයෝ යැ මෙව්හු අවියත්හු යැ මෙව්හු කර්‍මය හෝ කර්‍මදෝෂය හෝ කර්‍ම විපත්තිය හෝ කර්‍ම සම්පත්තිය හෝ නො දනිති යි තැතිගන්වා නම් පචිති ඇවැත් වෙයි. බොහෝ මෙහෙණන්ට හෝ එක් මෙහෙණකට හෝ අනුපසපනකට හෝ තැති ගන්වා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අත්ථපුරෙක්ඛාරාය ධම්මපුරෙක්ඛාරාය අනුසාසනිපුරෙක්ඛාරාය උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඅර්‍ත්‍ථය පෙරටු කොට කියන්නියට, ධර්‍මය පෙරටු කොට කියන්නියට, අනුශාසනය පෙරටු කොට කියන්නියට, උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTතතියසික්ඛාපදං.
Sinhala BJTතෙවන සිකපදයි.
Pali BJT4. 6. 4.
Sinhala BJT4. 6. 4.
Pali BJTචතුත්ථසික්ඛාපදං
Sinhala BJTසිවුවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො බ්රාහ්මණො භික්ඛුනියො නිමන්තෙත්වා භොජෙසි. භික්ඛුනියො භුත්තාවී පවාරිතා ඤාතිකුලානි ගන්ත්වා එකච්චා භුඤ්ජිංසු එකච්චා පිණ්ඩපාතං ආදාය අගමංසු. අථ ඛො සො බ්රාහ්මණො පටිවිස්සකෙ එතදවොච: “භික්ඛුනියො මයා අය්යා සන්තප්පිතා. එථ තුම්හෙපි සන්තප්පෙස්සාමී”ති. තෙ එවමාහංසු “කිං ත්වං අය්යෙ අම්හෙ සන්තප්පෙස්සසි. යාපි තයා නිමන්තිතා තාපි අම්හාකං ඝරානි ආගන්ත්වා එකච්චා භුඤ්ජිංසු එකච්චා පිණ්ඩපාතං ආදාය අගමංසූති.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා බමුණෙක් මෙහෙණන් පවරා වැළඳවී යැ. වළඳා අවසන් කළ පැවරූ මෙහෙණෝ නෑ කුලයනට ගොස් ඇතැම් කෙනෙක් වැළඳූහ. ඇතැම් කෙනෙක් පිණ්ඩපාතය ගෙන ගියහ. එකල්හි ඒ බමුණු අසල්වැසියනට මෙය කී යැ. ආර්‍ය්‍යයෙනි, මා විසින් මෙහෙණෝ සතප්පනලදහ. තෙපිදු එවු සතප්පවන්නෙමි. ඔහු මෙසේ කීහු: ආර්‍ය්‍යය, කිම තෝ අප සතප්පවන්නෙයි ද? තා විසින් යම් මෙහෙණ කෙනෙක් පවරන ලදහු ද, ඔහු දු අපගේ ගෙවලට අවුත් ඇතැම් කෙනෙක් වැළඳූහ. ඇතැම් කෙනෙක් පිණ්ඩපාතය ගෙන ගියහ යි.
Pali BJT2. අථ ඛො සො බ්රාහ්මණො උජ්ඣායති ඛීයති විපාචෙති: “කථං හි නාම: භික්ඛුනියො අම්හාකං ඝරෙ භුඤ්ජිත්වා අඤ්ඤත්ර භුඤ්ජිස්සන්ති න චාහං පටිබලො යාවදත්ථං දාතු”න්ති. අස්සොසුං ඛො භික්ඛුනියො තස්ස බ්රාහ්මණස්ස උජ්ඣායන්තස්ස ඛීයන්තස්ස විපාචෙන්තස්ස. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති:: “කථං හි නාම: භික්ඛුනියො භුත්තාවී පවාරිතා අඤ්ඤත්ර භුඤ්ජිස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනියො භුත්තාවී පවාරිතා අඤ්ඤත්ර භුඤ්ජන්තී”ති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා කථං හි නාම: භික්ඛවෙ භික්ඛුනියො භුත්තාවී පවාරිතා අඤ්ඤත්ර භුඤ්ජිස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු::
Sinhala BJT2. එකල්හි ඒ බමුණු ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි: “කෙසේ නම් මෙහෙණෝ අපගේ ගෙහි වළඳා අන් තැනෙකැ වැළඳූහු ද? මම සෑහෙන පමණ දෙන්නට ප්‍රතිබල නො වෙම්” දැයි. භික්‍ෂුණීහු, ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ බමුණගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් වළඳා අවසන් කළ පැවරූ මෙහෙණෝ අන් තැනෙකැ වැළඳූහු දැ” යි. සැබෑද මහණෙනි, වළඳා අවසන් කළ පැවරූ මෙහෙණෝ අන්තැනෙකැ වළඳත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් වළඳා අවසන් කළ පැවරූ මෙහෙණෝ අන් තැනෙකැ වැළඳූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේද මහණෙනි මෙහෙණෝ මේ සික පදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී නිමන්තිතා වා පවාරිතා වා ඛාදනීයං වා භොජනීයං වා ඛාදෙය්ය වා භුඤ්ජෙය්ය වා පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් නිමතනලද්දී හෝ පවරන ලද්දී හෝ කෑ යුත්තක් හෝ බිදියයුත්තක් හෝ කා නම් බුදී නම් හෝ පචිති වේ” යයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරනලද භික්‍ෂුණි යි.
Pali BJTනිමන්තිතා නාම: පඤ්චන්නං භොජනානං අඤ්ඤතරෙන භොජනෙන නිමන්තිතා.
Sinhala BJTනිමන්තිතා නම්: පස් බොජුන් අතුරෙන් එක්තරා බොජුනෙකින් නිමතන ලද්දී යැ.
Pali BJTපවාරිතා නාම: අසනං පඤ්ඤායති භොජනං පඤ්ඤායති හත්ථපාසෙ ඨිතා අභිහරති පටික්ඛෙපො පඤ්ඤායති.
Sinhala BJTපවාරිතා නම්: අඩාළ කළ බොජුන පැනෙයි, පැවරීමට නො පොහෝනා බොජුන පැනෙයි, අත්පස සිටියා වෙයි, කයින් එළවයි, ප්‍රතික්‍ෂේපය පැනේ.
Pali BJTඛාදනීයං නාම: පඤ්චභොජනානි යාගුං යාමකාලිකං සත්තාහකාලිකං යාවජීවිකං ඨපෙත්වා අවසෙසං ඛාදනීයං නාම:.
Sinhala BJTඛාදනීය නම්: පස්බොජුන, හඹු යාමකාලිකය සත්තාහකාලිකය යාවජීවකය තබා සෙස්ස ඛාදනීය නම් වේ.
Pali BJTභොජනීයං නාම: පඤ්ච භොජනානි. ඔදනො කුම්මාසො සත්තු මච්ඡො මංසං.
Sinhala BJTභෝජනීය නම්: පස් බොජුනැ: බත් යැ කොමු යැ අත්සුණු යැ දියමස් යැ ගොඩමස් යැ.
Pali BJTඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාචිත්තියස්ස.{*}
Sinhala BJTකන්නෙමි බුදින්නෙමි යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
Pali BJTයාමකාලිකං සත්තාහකාලිකං යාවජීවිකං ආහාරත්ථාය පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTයාමකාලිකය, සත්තාහකාලිකය, යාවජීවකය අහර පිණිස පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: නිමන්තිතා අප්පවාරිතා යාගුං පිවති, සාමිකෙ අපලොකෙත්වා භුඤ්ජති යාමකාලිකං සත්තාහකාලිකං යාවජීවිකං සති පච්චයෙ පරිභුඤ්ජති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTනිමතන ලද්දී නො පවරන ලද්දී හඹු බෝ නම්, හිමියන් පිළිවිසැ වළඳා නම්, යාමකාලිකය, සත්තාහකාලිකය, යාවජීවකය කරුණක් ඇති කල්හි වළඳා නම්, ඇවැත් නැත. උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTචතුත්ථසික්ඛාපදං.
Sinhala BJTසිවුවන සිකපද යි.
Pali BJT4. 6. 5.
Sinhala BJT4. 6. 5.
Pali BJTපඤ්චමසික්ඛාපදං
Sinhala BJTපස්වන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා භික්ඛුනී සාවත්ථියං අඤ්ඤතරිස්සා විසිඛාය පිණ්ඩාය චරමානා යෙන අඤ්ඤතරං කුලං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො තෙ මනුස්සා තං භික්ඛුනිං භොජෙත්වා එතදවොචුං:: “අඤ්ඤාපි අය්යෙ භික්ඛුනියො ආගච්ඡන්තූ”ති. අථ ඛො සා භික්ඛුනී “කථං හි නාම:{1} භික්ඛුනියො නාගච්ඡෙය්යු”න්ති භික්ඛුනියො උපසඞ්කමිත්වා එතදවොච: “අමුකස්මිං, අය්යෙ ඔකාසෙ වාළා සුනඛා චණ්ඩො බලිවද්දො චික්ඛල්ලො ඔකාසො, මා ඛො තත්ථ අගමිත්ථාති. අඤ්ඤතරාපි භික්ඛුනී තස්සා විසිඛාය පිණ්ඩාය චරමානා යෙන තං කුලං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො තෙ මනුස්සා තං භික්ඛුනිං භොජෙත්වා එතදවොචුං: “කිස්ස අය්යෙ භික්ඛුනියො න ආගච්ඡන්තී”ති.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා මෙහෙණක් සැවැතැ එක්තරා වීථියෙකැ පිඬු පිණිස හැසිරෙන්නී එක්තරා කුලයක් වෙත එළඹියා යැ. එළැඹැ පැන වූ අසුනෙහි හුනු යැ. එකල්හි ඒ මිනිස්සු ඒ මෙහෙණ වළඳවා මෙය කීහු: “ආර්‍ය්‍යාවෙනි, අන් මෙහෙණෝ ද එත්වා” යි. එකල්හි ඒ මෙහෙණ කෙසේ නම් මෙහෙණෝ නො එන්නාහු දැ යි මෙහෙණන් වෙත එළැඹැ මෙය කිවූ යැ. “ආර්‍ය්‍යාවෙනි, අසුවල් පෙදෙසෙහි ව්‍යාලශුනකයෝ යැ, සැඩ ගොන් යැ, මඬපියෙස් යැ. එහි නහමක් යව යි. එක්තරා මෙහෙණක් තොමෝත් ඒ වීථියෙහි පිඬු පිණිස හැසිරෙන්නී ඒ කුලය වෙත එළඹියා යැ. එළැඹැ පැනවූ අසුනෙහි හුනු යැ. එකල්හි ඒ මිනිස්සු ඒ මෙහෙණ වළඳවා මෙය කීහු: “ආර්‍ය්‍යාවෙනි, කුමක් හෙයින් මෙහෙණෝ නො එත් දැ” යි.
Pali BJT2. අථ ඛො සා භික්ඛුනී තෙසං මනුස්සානං එතමත්ථං ආරොචෙසි. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති:: “කථං හි නාම: භික්ඛුනී කුලං මච්ඡරායිස්සතී”ති. -පෙ- සච්චං කිර භික්ඛවෙ, භික්ඛුනී කුලං මච්ඡරායතීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා. -පෙ- කථං හි නාම: භික්ඛවෙ භික්ඛුනී කුලං මච්ඡරායිස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු::
Sinhala BJT2. එකල්හි ඒ මෙහෙණ ඒ මිනිසුන්හට තෙල කරුණ ඇරොජූ යැ. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණ, කුලය කෙරෙහි මසුරුකම් කළා දැ” යි … සැබෑද මහණෙනි, මෙහෙණ, කුලය කෙරෙහි මසුරුකම් කෙරේ දැයි, සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණ, කුලය කෙරෙහි මසුරුකම් කළා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී කුලමච්ඡරිනී අස්ස පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් වනාහි කුල මසුරුකම් කරනසුලු වූවා වේ නම් පචිති වේ” යයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTකුලං නාම: චත්තාරි කුලානි. ඛත්තිය කුලං බ්රාහ්මණ කුලං වෙස්සකුලං සුද්දකුලං.
Sinhala BJTකුල නම්: ක්‍ෂත්‍රියකුල යැ, බ්‍රාහ්මණකුල යැ වෛශ්‍යකුල යැ ශුද්‍රකුල යැ යි කුල සතරෙකි.
Pali BJTමච්ඡරිනී අස්සාති: “කථං භික්ඛුනියො නාගච්ඡෙය්යුන්ති. භික්ඛුනීනං සන්තිකෙ කුලස්ස අවණ්ණං භණති{1} ආපත්ති පාචිත්තියස්ස. කුලස්ස වා සන්තිකෙ භික්ඛුනීනං අවණ්ණං භණති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTමච්ඡරිනී අස්ස: කෙසේ මෙහෙණෝ නො එන්නාහු දැ යි මෙහෙණන් වෙත කුලය පිළිබඳ නුගුණ කියා නම් පචිති ඇවැත් වෙයි. කුලය වෙත හෝ මෙහෙණන් පිළිබඳ නුගුණ කියා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: කුලං න මච්ඡරායන්තී සන්තං යෙව ආදීනවං ආචික්ඛති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTකුලයට මසුරුකම් නො කරන්නී ඇති මැ දොසක් කියා නම්, ඇවැත් නැත. උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTපඤ්චමසික්ඛාපදං.
Sinhala BJTපස්වන සිකපද යි.
Pali BJT4. 6. 6.
Sinhala BJT4. 6. 6.
Pali BJTඡට්ඨසික්ඛාපදං
Sinhala BJTසවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛුනියො ගාමකාවාසෙ වස්සං වුත්ථා සාවත්ථිං අගමංසු. භික්ඛුනියො තා භික්ඛුනියො එතදවොචුං:: “කත්ථය්යායො වස්සං වුත්ථා කච්චි ඔවාදො ඉද්ධො අහොසී”ති. නත්ථ’ය්යෙ, තත්ථ භික්ඛූ, කුතො ඔවාදො ඉද්ධො භවිස්සතීති. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති:: “කථං හි නාම: භික්ඛුනියො අභික්ඛුකෙ ආවාසෙ වස්සං වසිස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනියො අභික්ඛුකෙ ආවාසෙ වස්සං වසන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම: භික්ඛවෙ භික්ඛුනියො අභික්ඛුකෙ ආවාසෙ වස්සං වසිස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු::
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි බොහෝ මෙහෙණෝ ගම්බද අවසෙක්හි වස් වැස නිමියාහු සැවැතට ගියාහු යැ. මෙහෙණෝ ඒ මෙහෙණන්ට මෙය කීහු: ආර්‍ය්‍යාවෝ නො තැන්හි වස් වැස සිටියාහු ද? කිම, අවවාද සමෘද්ධ වී දැ යි. ආර්‍ය්‍යාවෙනි, එහි භික්‍ෂූහු නැත. කොතැනින් අවවාද සමෘද්ධ වන්නේ ද? යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ භික්‍ෂූන් රහිත ආවාසයෙහි වස්වුසූහු දැ”යි. … සැබෑද මහණෙනි, මෙහෙණෝ භික්‍ෂූන් රහිත ආවාසයෙහි වස් වසත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ භික්‍ෂූන් රහිත ආවාසයෙහි වස් වුසූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද වනාහි මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී අභික්ඛුකෙ ආවාසෙ වස්සං වසෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් භික්‍ෂූන් රහිත ආවාසයෙහි වස් වසා නම් පචිති වේ” ය යි.
Pali BJT2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT2. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTඅභික්ඛුකො ආවාසො නාම: න සක්කා හොති ඔවාදාය වා සංවාසාය වා ගන්තුං.
Sinhala BJTඅභික්ඛුක ආවාස නම්: සදහම් ඇසීම පිණිස හෝ පොහෝ පවුරුණු පිළිවිසීම පිණිස හෝ යන්නට නො හැක්කේ වෙයි.
Pali BJTවස්සං වසිස්සාමීති සෙනාසනං පඤ්ඤපෙති පානීයං පරිභොජනීයං උපට්ඨපෙති{2} පරිවෙණං සම්මජ්ජති ආපත්ති දුක්කටස්ස. සහ අරුණුග්ගමනා ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTවස් වසන්නෙමි යි සෙනසුන් පනවා නම් පැන් පිරිබෝදිය එළවා තබා නම් පිරිවෙන හමදී නම් දුකුළා ඇවැත් වෙයි. අරුණ නැගීම සමග පචිති ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: වස්සූපගතා භික්ඛූ පක්කන්තා වා හොන්ති විබ්භන්තා වා කාලකතා වා පක්ඛසඞ්කන්තා වා ආපදාසු උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTවස් එළැඹුණු භික්‍ෂූහු බැහැරැ ගියාහු හෝ උපැවිදිවූවාහු හෝ කලුරිය කළාහු හෝ තීර්‍ත්‍ථ්‍යායතනයකට ගියාහු හෝ වෙත් නම්, ආපදායෙහි, උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTඡට්ඨසික්ඛාපදං.
Sinhala BJTසවන සිකපද යි.
Pali BJT4. 6. 7.
Sinhala BJT4. 6. 7.
Pali BJTසත්තමසික්ඛාපදං.
Sinhala BJTසත්වන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛුනියො ගාමකාවාසෙ වස්සං වුත්ථා සාවත්ථිං අගමංසු. භික්ඛුනියො තා භික්ඛුනියො එතදවොචුං:: “කත්ථය්යායො වස්සං වුත්ථා කත්ථ{1} භික්ඛුසඞ්ඝො පවාරිතො”ති. න මයං අය්යෙ භික්ඛුසඞ්ඝං පවාරෙමාති. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති:: “කථං හි නාම: භික්ඛුනියො වස්සං වුත්ථා භික්ඛුසඞ්ඝං නප්පවාරෙස්සන්තී”ති. -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛු යො වස්සං වුත්ථා භික්ඛුසඞ්ඝං නප්පවාරෙන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා. -පෙ- කථං හි නාම: භික්ඛවෙ භික්ඛුනියො වස්සං වුත්ථා භික්ඛුසඞ්ඝං නප්පවාරෙස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු::
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි බොහෝ මෙහෙණෝ ගම්බද අවසෙක්හි වස් වැස සිටියාහු සැවැතට ගියාහු ය. මෙහෙණෝ ඒ මෙහෙණන්ට මෙය කීහු: ආර්‍ය්‍යාවෝ කොතැන්හි වස් වැස නිමියාහු ද, කොතැන්හි භික්‍ෂුසඞ්ඝ තෙමේ පවරනලද්දේ දැ යි. ආර්‍ය්‍යාවෙනි, අපි භික්‍ෂුසඞ්ඝයා නො පවරමු, යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පවරත්: “කෙසේ නම් මෙහෙණෝ වස් වැස නිමියාහු භික්‍ෂුසඞ්ඝයා නො පැවැරූහු දැ” යි. … සැබෑද මහණෙනි, මෙහෙණෝ වස් වැස නිමියාහු භික්‍ෂුසඞ්ඝයා නො පවරත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ වස් වැස නිමියාහු භික්‍ෂුසඞ්ඝයා නො පැවැරූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී වස්සං වුත්ථා උභතො සඞ්ඝෙ තීහි ඨානෙහි නප්පවාරෙය්ය දිට්ඨෙන වා සුතෙන වා පරිසංකාය වා පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් වස් වැස නිමියාහු දෙසඟුන් කෙරෙහි දැකීමෙන් හෝ ඇසීමෙන් හෝ සැකයෙන් හෝ (යන) තුන් කරුණෙන් නො පවරා නම් පචිති වේ” යයි.
Pali BJT2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT2. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTවස්සං වුත්ථා නාම: පුරිමං වා තෙමාසං පච්ඡිමං වා තෙමාසං වුත්ථා උභතොසඞ්ඝෙ තීහි ඨානෙහි නප්පවාරෙස්සාමි දිට්ඨෙන වා සුතෙන වා පරිසඞ්කාය වාති ධුරං නික්ඛිත්තමත්තෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTවස්සං වුත්‍ථා නම්: පළමු තෙමස හෝ පැසුළු තෙමස හෝ වැස නිමියාහු දෙසඟුන් කෙරෙහි දැකීමෙන් හෝ ඇසීමෙන් හෝ සැකයෙන් හෝ යන තුන් කරුණෙන් නො පවරන්නෙමි යි ධුරනික්‍ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: සති අන්තරායෙ පරියෙසිත්වා න ලභති, ගිලානාය ආපදාසු උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඅනාපත්ති: අනතුරක් ඇති කල්හි, සොයා නො ලබා නම්, ගිලන් වූවාට ආපදායෙහි, උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTසත්තමසික්ඛාපදං.
Sinhala BJTසත්වන සිකපද යි.
Pali BJT4. 6. 8.
Sinhala BJT4. 6. 8.
Pali BJTඅට්ඨමසික්ඛාපදං
Sinhala BJTඅටවන සිකපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛුනූපස්සයං උපසඞ්කමිත්වා ඡබ්බග්ගියා භික්ඛුනියො ඔවදන්ති. භික්ඛුනියො ඡබ්බග්ගියා භික්ඛුනියො එතදවොචුං: “එථ’ය්යෙ ඔවාදං ගමිස්සාමා”ති. යම්පි මයං අය්යෙ ගච්ඡෙය්යාම ඔවාදස්ස කාරණා අය්යා ඡබ්බග්ගියා ඉධෙව අම්හෙ{1} ඔවදන්තීති. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම: ඡබ්බග්ගියා භික්ඛුනියො ඔවාදං න ගච්ඡිස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ ඡබ්බග්ගියා භික්ඛුනියො ඔවාදං න ගච්ඡන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම: භික්ඛවෙ ඡබ්බග්ගියා භික්ඛුනියො ඔවාදං න ගච්ඡිස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT1. එ සමයෙහි භාග්‍යවත් බුදුහු ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වතැ නුගඅරම්හි වැඩවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණෝ මෙහෙණ වරට එළැඹැ සවග මෙහෙණන්ට අවවාද කෙරෙති. මෙහෙණෝ සවග මෙහෙණන්ට මෙය කීහු: ආර්‍ය්‍යාවෙනි, එවු, අවවාදයට යම්හයි. ආර්‍ය්‍යාවෙනි, අපි යම් තැනකටදු අවවාද හේතුවෙන් යන්නමෝ නම් සවග ආර්‍ය්‍යයෝ මෙහි මැ අපට අවවාද කෙරෙති යි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණෝ අවවාදයට නො ගියාහු දැ” යි … සැබෑද මහණෙනි, සවග මෙහෙණෝ අවවාදයට නො යෙත් දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, සවග මෙහෙණෝ අවවාදයට නො ගියාහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී ඔවාදාය වා සංවාසාය වා න ගච්ඡෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් ගරුදහම් ඇසීම පිණිස හෝ පොහෝපවුරුණු පිළිවිසීම පිණිස හෝ නො යේ නම් පචිති වේ” යයි.
Pali BJT2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT2. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරනලද භික්‍ෂුණි යි.
Pali BJTඔවාදො නාම: අට්ඨ ගරුධම්මා.
Sinhala BJTඕවාද නම්: අෂ්ට ගරුධර්‍මයෝ යැ.
Pali BJTසංවාසා නාම: එකකම්මං එකුද්දෙසො සමසික්ඛතා. ඔවාදාය වා සංවාසාය වා න ගච්ඡිස්සාමීති ධුරං නික්ඛිත්තමත්තෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTසංවාස නම්: ඒකකර්‍ම යැ, ඒකෝද්දේශ යැ, සමශික්‍ෂතා යැ, ගරුදහම් ඇසීම පිණිස හෝ පොහෝ පවුරුණු පිළිවිසීම පිණිස හෝ නො යන්නෙමි යි ධුරනික්‍ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: සති අන්තරායෙ, පරියෙසිත්වා දුතියිකං භික්ඛුනිං න ලභති, ගිලානාය ආපදාසු උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඅනතුරක් ඇති කල්හි, සොයා දෙවැනි මෙහෙණක නො ලබා නම්, ගිලන්වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTඅට්ඨමසික්ඛාපදං.
Sinhala BJTඅටවන සිකපද යි.
Pali BJT4. 6. 9.
Sinhala BJT4. 6. 9.
Pali BJTනවමසික්ඛාපදං
Sinhala BJTනවවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික්ඛුනියො උපොසථම්පි න පුච්ඡන්ති ඔවාදම්පි න යාචන්ති. භික්ඛූ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම: භික්ඛුනියො උපොසථම්පි න පුච්ඡිස්සන්ති ඔවාදම්පි න යාචිස්සන්තී”ති, -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනියො උපොසථම්පි න පුච්ඡන්ති ඔවාදම්පි න යාචන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම: භික්ඛවෙ භික්ඛුනියො උපොසථම්පි න පුච්ඡිස්සන්ති ඔවාදම්පි න යාචිස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ පොහොය ද නො පිළිවිසිති. අවවාදය ද නො යදිත්. භික්‍ෂුහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ පොහොයත් නො පිළිවුසූහු ද? අවවාදයත් නො යැදූහු දැ යි … සැබෑද මහණෙනි, මෙහෙණෝ පොහොයත් නො පිළිවිසිත් ද අවවාදත් නො යදිත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ පොහොයත් නො පිළිවුසූහු ද? අවවාදයත් නො යැදූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“අන්වද්ධමාසං භික්ඛුනියා භික්ඛුසඞ්ඝතො ද්වෙ ධම්මා පච්චාසිංසිතබ්බා – උපොසථපුච්ඡකඤ්ච ඔවාදූපසංකමනඤ්ච තං අතික්කාමෙන්තියා පාචිත්තිය”න්ති.
Sinhala BJT“අඩමසක් පාසා මෙහෙණක විසින් භික්‍ෂුසඞ්ඝයා වෙතින් පොහොය පිළිවිසීම ද අවවාදය පිණිස එළඹීම දැ යි දෙදහම්හු බලාපොරොත්තු විය යුත්තාහ. එය ඉක්මවන්නියට පචිති වේ” යයි.