Pali BJT“යා පන භික්ඛුනී ආසන්දිං වා පල්ලඞ්කං වා පරිභුඤ්ජෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් දික්හඟළා පුටු හෝ පලඟ හෝ පරිබෝ කෙරේ නම් පචිති වේ” ය යි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
Pali BJTආසන්දි නාම: අතික්කන්තප්පමාණා වුච්චති.
Sinhala BJTආසන්‍දි නම්: ඉක්ම වූ පමණ ඇතියා කියනු ලැබේ.
Pali BJTපල්ලඞ්කො නාම: ආහරිමෙහි වාළෙහි කතො හොති.
Sinhala BJTපල්ලඞ්ක නම්: ඇරැහිඳුවා කළ වග රුවින් කරන ලද්දේ වෙයි.
Pali BJTපරිභුඤ්ජෙය්යාති: තස්මිං අභිනිසීදති වා අභිනිපජ්ජති වා ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTපරිභුඤ්ජෙය්‍ය: එහි වැදහිඳී නම් හෝ වැද හොවී නම් හෝ පචිති ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: ආසන්දියා පාදෙ ඡින්දිත්වා පරිභුඤ්ජති, පල්ලඞ්කස්ස වාළෙ භින්දිත්වා පරිභුඤ්ජති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTදික්හඟළා පුටුවෙහි පා සිඳපියා පරිබෝ කෙරේ නම්, පලඟෙහි වගරූ බිඳපියා පරිබෝ කෙරේ නම්, ඇවැත් නොවේ. උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTදුතියසික්ඛාපදං.
Sinhala BJTදෙවන සිකපද යි.
Pali BJT4. 5. 3.
Sinhala BJT4. 5. 3.
Pali BJTතතියසික්ඛාපදං
Sinhala BJTතෙවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛුනියො සුත්තං කන්තන්ති. මනුස්සා විහාරචාරිකං ආහිණ්ඩන්තා පස්සිත්වා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො සුත්තං කන්තිස්සන්ති සෙය්යථාපි ගිහී කාමභොගිනියො”ති!
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මෙහෙණෝ හූ කටිති. මිනිස්සු විහාරචාරිකාවෙහි ඇවිදින්නාහු දැක ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ ගෘහී කාමභෝගිනියන් මෙන් හූ කැටුහු දැ” යි.
Pali BJT2. අස්සොසුං ඛො භික්ඛුනියො තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛුනියො සුත්තං කන්තිස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ ඡබ්බග්ගියා භික්ඛුනියො සුත්තං කන්තන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා. -පෙ- කථං හි නාම භික්ඛවෙ ඡබ්බග්ගියා භික්ඛුනියො සුත්තං කන්තිස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණෝ හූ කැටූහු දැ” යි. සැබෑද මහණෙනි, සවග මෙහෙණෝ හූ කටිත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, සවග මෙහෙණෝ හූ කැටූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසෙත්වා:
Pali BJT“යා පන භික්ඛුනී සුත්තං කන්තෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් හූ කටී නම් පචිති වේ” ය යි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම් බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTසුත්තං නාම: ඡ සුත්තානි. ඛොමං, කප්පාසිකං කොසෙය්යං කම්බලං සාණං භඞ්ගං.
Sinhala BJTසුත්ත නම්: හූ සයෙකි. කොමුහූ යැ, කපුහූ යැ, නියදහූ යැ, පලස්හූ යැ, හණ හූ යැ, මුසුහූ යැ.
Pali BJTකන්තෙය්යාති: සයං කන්තති පයොගෙ දුක්කටං උජ්ජවුජ්ජවෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTකන්තෙය්‍ය: තොමෝ කටී නම් පියෝහි දුකුළා වෙයි. කැට නග නගා හිද්දෙහි ඔත්කල්හි පචිති ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: කන්තිතසුත්තං කන්තති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTකටින ලද හුයක් කටී නම් ඇවැත් නොවේ. උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTතතියසික්ඛාපදං.
Sinhala BJTතෙවන සිකපද යි.
Pali BJT4. 5. 4.
Sinhala BJT4. 5. 4.
Pali BJTචතුත්ථසික්ඛාපදං
Sinhala BJTසිවුවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික්ඛුනියො ගිහිවෙය්යාවච්චං කරොන්ති. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති:: “කථං හි නාම: භික්ඛුනියො ගිහීවෙය්යාවච්චං කරිස්සන්තී”ති. -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනියො ගිහීවෙය්යාවච්චං කරොන්තීති. “සච්චං භගවා. විගරහි බුද්ධො භගවා. -පෙ- කථං හි නාම:, භික්ඛවෙ භික්ඛුනියො ගිහිවෙය්යාවච්චං කරිස්සන්ති, නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු::
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ ගිහියන් පිළිබඳ වතාවත් කෙරෙති. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ ගිහියන් පිළිබඳ වතාවත් කළාහු දැ” යි. … සැබෑද මහණෙනි, මෙහෙණෝ ගිහියන් පිළිබඳ වතාවත් කෙරෙත් දැ යි … සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි මෙහෙණෝ ගිහියන් පිළිබඳ වතාවත් කළාහුද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසෙත්වා:
Pali BJT“යා පන භික්ඛුනී ගිහීවෙය්යාවච්චං කරෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් ගිහියන් පිළිබඳ වතාවත් කෙරේ නම් පචිති වේ” ය යී.
Pali BJT2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT2. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරනලද භික්‍ෂුණි යි.
Pali BJTගිහී වෙය්යාවච්චං නාම: අගාරිකස්ස යාගුං වා භත්තං වා ඛාදනීයං වා පචති, සාටකං වා වෙඨනං වා ධොවති, ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTගිහීචෙය්‍යාවච්ච නම්: ගිහියකුහට කැඳක් හෝ බතක් හෝ කෑ යුත්තක් හෝ පිසා නම්, සළුවක් හෝ වෙළුමක් හෝ දොවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: යාගුපානෙ සඞ්ඝභත්තෙ චෙතියපූජාය අත්තනො වෙය්යාවච්චකරස්ස යාගුං වා භත්තං වා ඛාදනීයං වා පචති සාටකං වා වෙඨනං වා ධොවති උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTහඹු පීමෙහි සඟබත්හි සෑපිදුමෙහි තමාගේ වතාවත්කරුට කැඳක් හෝ බතක් හෝ කෑ යුත්තක් හෝ පිසා නම්, සළුවක් හෝ වෙළුමක් හෝ දොවා නම් ඇවැත් නො වේ. උම්මත්තිකාවට ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTචතුත්ථසික්ඛාපදං.
Sinhala BJTසිවුවන සිකපද යි.
Pali BJT4. 5. 5.
Sinhala BJT4. 5. 5.
Pali BJTපඤ්චමසික්ඛාපදං
Sinhala BJTපස්වන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා භික්ඛුනී ථුල්ලනන්දං භික්ඛුනිං උපසඞ්කමිත්වා එතදවොච: “එහය්යෙ ඉමං අධිකරණං වූපසමෙහී”ති. ථුල්ලනන්දා භික්ඛුනී සාධූති පටිස්සුණිත්වා{1} නෙව වූපසමෙති න වූපසමාය උස්සුක්කං කරොති. අථ ඛො සා භික්ඛුනී භික්ඛුනීනං එතමත්ථං ආරොචෙසි.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා මෙහෙණක් තොමෝ ථුල්ලනන්‍දා භික්‍ෂුණිය වෙත එළඹැ ‘ආර්‍ය්‍යාවෙනි එව මේ අධිකරණය සන්සිඳව” යි කිවු යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ “මැනවැ” යි ගිවිස නො මැ සන්සිඳුවයි. සන්සිඳුවාලීම පිණිස වෑයම් නො කෙරෙයි. එකල්හි ඒ මෙහෙණ මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූ යැ.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති:: “කථං හි නාම: අය්යා ථුල්ලනන්දා භික්ඛුනියා ‘එහාය්යෙ ඉමං අධිකරණං වූපසමෙහී’ති වුච්චමානා සාධූති පටිස්සුණිත්වා නෙව වූපසමෙස්සති න වූපසමාය උස්සුක්කං කරිස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී භික්ඛුනියා ‘එහය්යෙ, ඉමං අධිකරණං වූපසමෙහී’ති වුච්චමානා සාධූති පටිස්සුණිත්වා නෙව වූපසමෙති න වූපසමාය උස්සුක්කං කරොතීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා. -පෙ- කථං හි නාම: භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී භික්ඛුනියා ‘එහය්යෙ ඉමං අධිකරණං වූපසමෙහී’ති වුච්චමානා සාධූති පටිස්සුණිත්වා නෙව වූපසමෙස්සති න වූපසමාය උස්සුක්කං කරිස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු::
Sinhala BJT2. යම් මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා මෙහෙණක විසින් ‘ආර්‍ය්‍යාවෙනි එව මේ අධිකරණය සන්සිඳව’ යි කියනු ලබන්නී ‘මැනවැ’ යි ගිවිස නො මැ සන්සිඳවූ ද? සන්සිඳවාලීම පිණිස වෑයම් නො කළා දැයි … සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී මෙහෙණක විසින් ‘ආර්‍ය්‍යාවෙනි එව මේ අධිකරණය සන්සිඳවයි කියනු ලබන්නී මැනැවැ යි ගිවිසැ නො මැ සන්සිඳවා ද සන්සිඳවාලීම පිණිස වෑයම් නො කෙරේ දැ’ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … “කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී මෙහෙණක විසින් ‘ආර්‍ය්‍යාවෙනි එව මේ අධිකරණය සන්සිඳව’ යි කියනු ලබන්නී මැනැවැ යි ගිවිසැ නො ම සන්සිඳවු ද සන්සිඳවාලීම පිණිස වෑයම් නො කළා දැ යි. මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසෙත්වා:
Pali BJT”යා පන භික්ඛුනී භික්ඛුනියා එහය්යෙ ඉමං අධිකරණං වූපසමෙහීති වුච්චමානා සාධූති පටිස්සුණිත්වා සා පච්ඡා අනන්තරායිකිනී නෙව වූපසමෙය්ය න වූපසමාය උස්සුක්කං කරෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් මෙහෙණක විසින් ‘ආර්‍ය්‍යාවෙනි එව මේ අධිකරණය සන්සිඳව’ යි කියනු ලබන්නී මැනැවැයි ගිවිසැ පසුවැ අනතුරක් නැත්තී නො මැ සන්සිඳවා නම් සංසිඳවීමට වෑයම් නො කෙරේ නම් පචිති වේ” ය යි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
Pali BJTභික්ඛුනියාති: අඤ්ඤාය භික්ඛුනියා.
Sinhala BJTභික්ඛුනියා: අන් මෙහෙණක විසින්.
Pali BJTඅධිකරණං නාම: චත්තාරි අධිකරණානි. විවාදාධිකරණං අනුවාදාධිකරණං ආපත්තාධිකරණං කිච්චාධිකරණං.
Sinhala BJTඅධිකරණ නම්: විවාදාධිකරණ යැ අනුවාදාධිකරණ යැ ආපත්තාධිකරණ යැ කිච්චාධිකරණ යැ යි සතර අධිකරණයෙකි.
Pali BJTඑහාය්යෙ ඉමං අධිකරණං වූපසමෙහීති: එහය්යෙ ඉමං අධිකරණං විනිච්ඡෙහි.
Sinhala BJTඑහය්‍යෙ ඉමං අධිකරණං වූපසමෙහි: ආර්‍ය්‍යාවෙනි එව මේ අධිකරණය විනිශ්චය කරව.
Pali BJTසා පච්ඡා අනන්තරායිකිනීති: අසති අන්තරායෙ.
Sinhala BJTසා පච්ඡා අන්නතරායිකිනී: අනතුරක් නැති කල්හි.
Pali BJTනෙව වූපසමෙය්යාති: න සයං වූපසමෙය්ය.
Sinhala BJTනේව වූපසමෙය්‍ය: තොමෝ නො සන්සිඳුව යි.
Pali BJTන වූපසමාය උස්සුක්කං කරෙය්යාති: න අඤ්ඤං ආණාපෙය්ය. නෙව වූපසමෙස්සාමි න වූපසමාය උස්සුක්කං කරිස්සාමීති ධුරං නික්ඛිත්තමත්තෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTන වූපසමාය උස්සුක්කං කරෙය්‍ය: මෙරමාහට නො අණවයි. නො මැ සන්සිඳවන්නෙමි, සන්සිඳවාලීම පිණිස වෑයම් නො කරන්නෙමි යි ධුරනික්‍ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.
Pali BJTඋපසම්පන්නාය උපසම්පන්නසඤ්ඤා අධිකරණං නෙව වූපසමෙති න වූපසමාය උස්සුක්කං කරොති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නාය වෙමතිකා අධිකරණං නෙව වූපසමෙති, න වූපසමාය උස්සුක්කං කරොති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නාය අනුපසම්පන්නසඤ්ඤා අධිකරණං නෙව වූපසමෙති න වූපසමාය උස්සුක්කං කරොති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඋපසපනක කෙරෙහි උපසපන්සන් ඇතියා අධිකරණය නො මැ සන්සිඳවා නම් සන්සිඳවාලීම පිණිස වෑයම් නො කෙරේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි විමති ඇතියා අධිකරණය නොමැ සන්ඳුසිවා නම් සන්සිඳවාලීම පිණිස වෑයම් නො කෙරේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි අනුපසපන්සන් ඇතියා නො මැ සන්සිඳවා නම් සන්සිඳවාලීම පිණිස වෑයම් නො කෙරේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅනුපසම්පන්නාය අධිකරණං නෙව වූපසමෙති න වූපසමාය උස්සුක්කං කරොති ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය උපසම්පන්නසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය අනුපසම්පන්නසඤ්ඤා ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅනුපසපනක පිළිබඳ අධිකරණය නො මැ සන්සිඳවා නම් සන්සිඳවාලීම පිණිස වෑයම් නො කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි උපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි අනුපසපන් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: සති අන්තරායෙ, පරියෙසිත්වා න ලභති, ගිලානාය ආපදාසු, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඅනතුරක් ඇති කල්හි, සොයා නො ලබා නම්, ඇවැත් නො වේ. ගිලන් වූවාට ආපදායෙහි, උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTපඤ්චමසික්ඛාපදං.
Sinhala BJTපස්වන සිකපද යි.
Pali BJT4. 5. 6.
Sinhala BJT4. 5. 6.
Pali BJTඡට්ඨසික්ඛාපදං
Sinhala BJTසවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දා භික්ඛුනී නටානම්පි නට්ටකානම්පි ලඞ්ඝකානම්පි සොකසායිකානම්පි කුම්භථූණිකානම්පි සහත්ථා ඛාදනීයං භොජනීයං දෙති, මය්හං පරිසතිං වණ්ණං භාසථාති. නටාපි නට්ටකාපි ලඞ්ඝිකාපි සොකසායිකාපි කුම්භථූණිකාපි ථුල්ලනන්දාය භික්ඛුනියා පරිසතිං වණ්ණං භාසන්ති: “අය්යා ථුල්ලනන්දා බහුස්සුතා භාණිකා විසාරදා පට්ටා ධම්මිං කථං කාතුං. දෙථ අය්යාය කරොථ අය්යායා”ති.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ නටවන්නන්ට ද නටන්නන්ට ද පනින්නන්ට ද ඉඳුරුදැලියන්ට ද කළකිඩියරුන්ට ද පිරිස්හි මාගේ ගුණ කියව යි සියතින් කෑ යුත්තක් හෝ බිදිය යුත්තක් හෝ දෙයි. නටවන්නෝ ද නටන්නෝ ද පනින්නෝ ද ඉඳුරුදැලියෝ ද කළකිඩියරු ද පිරිස්හි ථුල්ලනන්‍දා භික්‍ෂුණියගේ ගුණ කියති. ආර්‍ය්‍ය වූ ථුල්ලනන්‍දා තොමෝ බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තී පිරිවැහූ බණ දහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කියන්නට අග්‍ර වූවා වෙයි. ආර්‍ය්‍යාවට දෙවු ආර්‍ය්‍යාවට (සත්කාර) කරව යි.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති:: “කථං හි නාම: අය්යා ථුල්ලනන්දා අගාරිකස්ස සහත්ථා ඛාදනීයං භොජනීයං දස්සතීති -පෙ- සච්චං කිර භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී අගාරිකස්ස සහත්ථා ඛාදනීයං භොජනීයං දෙතීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම: භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී අගාරිකස්ස සහත්ථා ඛාදනීයං භොජනීයං දස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:.
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා ගිහියකු හට සියතින් කෑ යුත්තක් බිදිය යුත්තක් දුනු දැ” යි. … සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී ගිහියකුහට සියතින් කෑ යුත්තක් බිදිය යුත්තක් දේ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී ගිහියකුහට සියතින් කෑ යුත්තක් බිදිය යුත්තක් දුනු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසෙත්වා:
Pali BJT”යා පන භික්ඛුනී අගාරිකස්ස වා පරිබ්බාජකස්ස වා පරිබ්බාජිකාය වා සහත්ථා ඛාදනීයං වා භොජනීයං වා දදෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් ගිහියකු හට හෝ පිරිවැජියකුහට හෝ පිරිවැජිනියකට හෝ සියතින් කෑ යුත්තක් හෝ බිදිය යුත්තක් හෝ දේ නම් පචිති වේ” යයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී: … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTඅගාරිකො නාම: යො කොචි අගාරං අජ්ඣාවසති.
Sinhala BJTඅගාරික නම්: යම් කිසිවෙක් ගෙහි වෙසෙයි ද (හේ යැ)
Pali BJTපරිබ්බාජකො නාම: භික්ඛුඤ්ච සාමණෙරඤ්ච ඨපෙත්වා යො කොචි පරිබ්බාජකසමාපන්නො.
Sinhala BJTපරිබ්බාජක නම්: මහණ ද හෙරණ ද තබා පිරිවැජි බවට පැමිණි යම් කිසිවෙකි.
Pali BJTපරිබ්බාජිකා නාම: භික්ඛුනිඤ්ච සික්ඛමානඤ්ච සාමණෙරිඤ්ච ඨපෙත්වා යා කාචි පරිබ්බාජිකසමාපන්නා.
Sinhala BJTපරිබ්බාජිකා නම්: මෙහෙණ ද හික්මනුව ද හෙරැණිය ද තබා පිරිවැජි බවට පැමිණි යම් කිසිවක.
Pali BJTඛාදනීයං නාම: පඤ්ච භොජනානි උදකදන්තපොණං ඨපෙත්වා අවසෙසං ඛාදනීයං නාම:.
Sinhala BJTඛාදනීය නම්: පස් බොජුන දිය දැහැටි තබා සෙස්ස ඛාදනීය නම් වේ.
Pali BJTභොජනීයං නාම: පඤ්ච භොජනානි. ඔදනො කුම්මාසො සත්තු මච්ඡො මංසං.
Sinhala BJTභෝජනීය නම්: පස් බොජුනැ, බත් යැ, කොමු යැ, අත්සුණු යැ, දියමස් යැ, ගොඩමස් යැ.
Pali BJTදදෙය්යාති: කායෙන වා කායපටිබද්ධෙන වා නිස්සග්ගියෙන වා දෙති ආපත්ති පාචිත්තියස්ස. උදකදන්තපොණං දෙති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTදදෙය්‍ය: කයින් හෝ කයපිළිබැඳියකින් හෝ නිසැගියෙන් හෝ දේ නම් පචිති ඇවැත් වේ. දිය දැහැටි දේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: දාපෙති න දෙති, උපනික්ඛිපිත්වා දෙති, බාහිරාලොපං{1} දෙති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTදෙවානම්, නො දේ නම්, වෙතැ තබා දේ නම්, බැහැරි පිඬක් දේ නම් උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති. ඇවැත් නො වේ.
Pali BJTඡට්ඨසික්ඛාපදං.
Sinhala BJTසවන සිකපද යි.
Pali BJT4. 5. 7.
Sinhala BJT4. 5. 7.
Pali BJTසත්තමසික්ඛාපදං
Sinhala BJTසත්වන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දා භික්ඛුනී ආවසථචීවරං අනිස්සජිත්වා පරිභුඤ්ජති. අඤ්ඤා උතුනියො භික්ඛුනියො න ලභන්ති. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති:: “කථං හි නාම: අය්යා ථුල්ලනන්දා ආවසථචීවරං අනිස්සජිත්වා පරිභුඤ්ජිස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී ආවසථචීවරං අනිස්සජිත්වා පරිභුඤ්ජතීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම: භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී ආවසථචීවරං අනිස්සජිත්වා පරිභුඤ්ජිස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු::
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී ආවස්ථ චීවරය නො නිසැජැ පිරිබෝ කෙරෙයි. අනෙක් ඔසප්වූ මෙහෙණෝ නො ලබත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍ය ථුල්ලනන්‍දා තොමෝ ආවස්ථචීවරය නොනිසැජැ පිරිබෝ කළා දැ” යි. … සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී ආවස්ථචීවරය නො නිසැජැ පරිබෝ කෙරේ දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී ආවස්ථචීවරය නොනිසැජැ පරිබෝ කළා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා;
Pali BJT”යා පන භික්ඛුනී ආවසථචීවරං අනිස්සජිත්වා පරිභුඤ්ජෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් ආවස්ථචීවරය නොනිසැජැ පරිබෝ කෙරේ නම් පචිති වේ” යයි.
Pali BJT2. යා පනාති: යා යාදිසා -පෙ-භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT2. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTආවසථචීවරං නාම: උතුනියො භික්ඛුනියො පරිභුඤ්ජන්තූති දින්නං හොති.
Sinhala BJTආවස්ථචීවර නම්: ඔසප් වූ මෙහෙණෝ පරිබෝ කෙරෙත්ව යි දෙන ලද්දේ වෙයි.
Pali BJTඅනිස්සජිත්වා පරිභුඤ්ජෙය්යාති: ද්වෙ තිස්සො රත්තියො පරිභුඤ්ජිත්වා චතුත්ථදිවසෙ ධොවිත්වා භික්ඛුනියා වා සික්ඛමානාය වා සාමණෙරාය{2} වා අනිස්සජිත්වා පරිභුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඅනිස්සජිත්‍වා පරිභුඤ්ජෙය්‍ය: දෙතුන් රැයක් පිරිබෝ කොට සිවුවන දිනයෙහි දොවා මෙහෙණකට හෝ හික්මනුවකට හෝ හෙරැණියකට හෝ නොනිසැජැ පරිබෝ කෙරේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅනිස්සජ්ජිතෙ{1} අනිස්සජ්ජිතසඤ්ඤා පරිභුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස. අනිස්සජ්ජිතෙ වෙමතිකා පරිභුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස. අනිස්සජ්ජිතෙ නිස්සජ්ජිතසඤ්ඤා පරිභුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTනොනිසැජූ සිවුරෙහි නොනිසැජූසන් ඇතියා පිරිබෝ කෙරේ නම් පචිති ඇවැත් වෙයි. නොනිසැජූ සිවුරෙහි විමති ඇතියා පිරිබෝ කෙරේ නම් පචිති ඇවැත් වෙයි. නොනිසැජූ සිවුරෙහි නිසැජූසන් ඇතියා පිරිබෝ කෙරේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTනිස්සජ්ජිතෙ අනිස්සජ්ජිතසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. නිස්සජ්ජිතෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. නිස්සජ්ජිතෙ නිස්සජ්ජිතසඤ්ඤා අනාපත්ති:.
Sinhala BJTනිසැජූ සිවුරෙහි නොනිසැජූ සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නිසැජූ සිවුරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වේ. නිසැජූ සිවුරෙහි නිසැජූ සන් ඇතියා නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: නිස්සජ්ජිත්වා පරිභුඤ්ජති, පුනපරියායෙන පරිභුඤ්ජති. අඤ්ඤා උතුනියො භික්ඛුනියො න හොන්ති, අච්ඡින්නචීවරිකාය, නට්ඨචීවරිකාය, ආපදාසු උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTනිසැජැ පිරිබෝ කෙරේ නම්, නැවත පිළිවෙළින් පිරිබෝ කෙරේ නම්, අන් මෙහෙණෝ ඔසප් නොවූවෝ වෙත් නම්, ඇසිඳගත් සිවුරු ඇතියාට, නට සිවුරු ඇතියාට, ඇවැත් නො වේ. ආපදායෙහි, උම්මත්තිකාවට ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTසත්තමසික්ඛාපදං.
Sinhala BJTසත්වන සිකපද යි.
Pali BJT4. 5. 8.
Sinhala BJT4. 5. 8.
Pali BJTඅට්ඨමසික්ඛාපදං
Sinhala BJTඅටවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දා භික්ඛුනී ආවසථං අනිස්සජිත්වා චාරිකං පක්කාමි. තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දාය භික්ඛුනියා ආවසථො ඩය්හති. භික්ඛුනියො එවමාහංසු: “හන්දය්යෙ භණ්ඩකං නීහරාමා”ති. එකච්චා එවමාහංසු: “න මයං අය්යෙ නීහරිස්සාම. යං කිඤ්චි නට්ඨං සබ්බං අව්හෙ අභියුඤ්ජිස්සතී”ති. ථුල්ලනන්දා භික්ඛුනී පුනදෙව තං ආවසථං පච්චාගන්ත්වා භික්ඛුනියො පුච්ඡි. “අපය්යෙ භණ්ඩකං නීහරිත්ථා”ති න මයං අය්යෙ නීහරිම්හාති. ථුල්ලනන්දා භික්ඛුනී උජ්ඣායති ඛීයති විපාචෙති: “කථං හි නාම: භික්ඛුනියො ආවසථෙ ඩය්හමානෙ භණ්ඩකං න නීහරිස්සන්තී”ති.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ආවාසය නොනිසැජැ චාරිකාවට ගියා යැ. එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණියගේ ආවාසය දැවේ. භික්‍ෂුණීහු මෙසේ කීහු: “ආර්‍ය්‍යාවෙනි එසේ නම් බඩු බැහැර කරම්හ” යි. ඇතැම් මෙහෙණ කෙනෙක් “ආර්‍ය්‍යාවෙනි, අපි බැහැර නො කරම්හ. යමක් නැසුණේ නම් (ඒ) සියල්ල අපගෙන් විචාරා” යැ යි මෙසේ කීහු. ථුල්ලනන්‍දා භික්‍ෂුණී නැවත ඒ ආවාසයට පෙරළා අවුත් මෙහෙණන් පිළිවිසූ ය. ආර්‍ය්‍යාවෙනි, බඩු බැහැර කළහු දැ යි. ආර්‍ය්‍යාවෙනි, අපි නො බැහැර කළම්හ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි: “කෙසේ නම් මෙහෙණෝ ආවාසය දැවෙන කල්හි බඩු බැහැර නො කළාහු දැ” යි.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති:: “කථං හි නාම: අය්යා ථුල්ලනන්දා ආවසථං අනිස්සජිත්වා චාරිකං පක්කමිස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී ආවසථං අනිස්සජිත්වා චාරිකං පක්කමීති.{2} සච්චං භගවා. විගරහි බුද්ධො භගවා. -පෙ- කථං හි නාම: භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී ආවසථං අනිස්සජ්ජිත්වා චාරිකං පක්කමිස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු::
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ ආවාසය නො නිසැජැ චාරිකාවට ගියා දැ” යි. … සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී ආවාසය නො නිසැජැ චාරිකාවට ගියා දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී ආවාසය නො නිසැජැ චාරිකාවට ගියා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසෙත්වා:
Pali BJT”යා පන භික්ඛුනී ආවසථං අනිස්සජ්ජිත්වා චාරිකං පක්කමෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් ආවාසය නො නිසැජැ චාරිකාවට යේ නම් පචිති වේ” යයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTආවසථො නාම: කවාටබද්ධො වුච්චති.
Sinhala BJTආවසථ නම්: කවුළු බැඳියේ කියනු ලැබේ.
Pali BJTඅනිස්සජ්ජිත්වා චාරිකං පක්කමෙය්යාති: භික්ඛුනියා වා සික්ඛමානාය වා සාමණෙරාය වා අනිස්සජ්ජිත්වා පරික්ඛිත්තස්ස ආවසථස්ස පරික්ඛෙපං අතික්කාමෙන්තියා ආපත්ති පාචිත්තියස්ස. අපරික්ඛිත්තස්ස ආවසථස්ස උපචාරං අතික්කාමෙන්තියා ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඅනිස්සජ්ජිත්‍වා චාරිකං පක්කමෙය්‍ය: මෙහෙණකට හෝ හික්මනුවකට හෝ හෙරැණියකට හෝ නොනිසැජැ පිරිකෙව් කළ ආවාසයෙහි පරික්‍ෂේපය ඉක්මවන්නියට පචිති ඇවැත් වෙයි. නො පිරිකෙව් කළ ආවාසයෙහි උවසර ඉක්මවන්නියට පචිති ඇවැත් වේ.
Pali BJTඅනිස්සජ්ජිතෙ අනිස්සජ්ජිතසඤ්ඤා පක්කමති ආපත්ති පාචිත්තියස්ස. අනිස්සජ්ජිතෙ වෙමතිකා පක්කමති ආපත්ති පාචිත්තියස්ස. අනිස්සජ්ජිතෙ නිස්සජ්ජිතසඤ්ඤා පක්කමති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTනොනිසැජියෙහි නොනිසැජූ සන් ඇතියා බැහැරැ යේ නම් පචිති ඇවැත් වෙයි. නොනිසැජියෙහි විමති ඇතියා බැහැරැ යේ නම් පචිති ඇවැත් වෙයි. නො නිසැජියෙහි නිසැජූසන් ඇතියා බැහැරැ යේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅකවාටබද්ධං අනිස්සජ්ජිත්වා පක්කමති ආපත්ති දුක්කටස්ස. නිස්සජ්ජිතෙ අනිස්සජ්ජිතසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. නිස්සජ්ජිතෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. නිස්සජ්ජිතෙ නිස්සජ්ජිතසඤ්ඤා අනාපත්ති:.
Sinhala BJTකවුළු නො බැඳියක් නොනිසැජැ බැහැරැ යේ නම් දුකුළා ඇවැත් වෙයි. නිසැජියෙහි නොනිසැජූසන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නිසැජියෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වේ. නිසැජියෙහි නිසැජු සන් ඇතියා නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: නිස්සජ්ජිත්වා පක්කමති සති අන්තරායෙ පරියෙසිත්වා න ලභති, ගිලානාය, ආපදාසු, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTනිසැජැ බැහැරැ යේ නම්, අනතුරක් ඇති කල්හි, සොයා නො ලබා නම්, ඇවැත් නො වේ. ගිලන්වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTඅට්ඨමසික්ඛාපදං.
Sinhala BJTඅටවන සිකපද යි.
Pali BJT4. 5. 9.
Sinhala BJT4. 5. 9.
Pali BJTනවමසික්ඛාපදං
Sinhala BJTනවවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛුනියො තිරච්ඡානවිජ්ජං පරියාපුණන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති:: “කථං හි නාම: භික්ඛුනියො තිරච්ඡානවිජ්ජං පරියාපුණිස්සන්ති සෙය්යථාපි ගිහී කාමභොගිනියොති.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මෙහෙණෝ තිරශ්චීනවිද්‍යා පුහුණු කෙරෙත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේනම් මෙහෙණෝ ගිහීකාමභෝගිනියන් මෙන් තිරශ්චීනවිද්‍යා පුහුණු කළාහු දැ” යි.
Pali BJT2. අස්සොසුං ඛො භික්ඛුනියො තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති:: “කථං හි නාම: ඡබ්බග්ගියා භික්ඛුනියො තිරච්ඡානවිජ්ජං පරියාපුණිස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ, ඡබ්බග්ගියා භික්ඛුනියො තිරච්ඡානවිජ්ජං පරියාපුණන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම: භික්ඛවෙ ඡබ්බග්ගියා භික්ඛුනියො තිරච්ඡානවිජ්ජං පරියාපුණිස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු::
Sinhala BJT2. භික්‍ෂුණීහු ලමුකොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේනම් සවග මෙහෙණෝ තිරශ්චීනවිද්‍යා පුහුණු කළාහු දැ” යි. … සැබෑද මහණෙනි, සවග මෙහෙණෝ තිරශ්චීනවිද්‍යා පුහුණු කෙරෙත් දැ” යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, සවග මෙහෙණෝ තිරශ්චීනවිද්‍යා පුහුණු කළාහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී තිරච්ඡානවිජ්ජං පරියාපුණෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් තිරශ්චීනවිද්‍යා පුහුණු කෙරේ නම් පචිති වේ” යයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
Pali BJTතිරච්ඡානවිජ්ජං{1} නාම: යං කිඤ්චි බාහිරකං අනත්ථසංහිතං.
Sinhala BJTතිරච්ඡානවිජ්ජා නම්: අවැඩින් යුත් බැහැරි යම් කිසිවකි.
Pali BJTපරියාපුණෙය්යාති: පදෙන පරියාපුණාති පදෙ පදෙ ආපත්ති පාචිත්තියස්ස. අක්ඛරාය පරියාපුණාති අක්ඛරක්ඛරාය ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTපරියාපුණෙය්‍ය: පෙදෙන් පුහුණු කෙරේ නම් පෙදෙහි පෙදෙහි පචිති ඇවැත් වෙයි. අකුරින් පුහුණු කෙරේ නම් අකුරෙහි අකුරෙහි පචිති ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: ලෙඛං පරියාපුණාති ධාරණං පරියාපුණාති ගුත්තත්ථාය පරිත්තං පරියාපුණාති උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTලිවීම පුහුණු කෙරේ නම්, දැරීම පුහුණු කෙරේ නම්, ආරක්‍ෂාව පිණිස මන්ත්‍ර පුහුණු කෙරේ නම් ඇවැත් නොවේ. උම්මත්තිකාවට ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTනවමසික්ඛාපදං.
Sinhala BJTනවවන සිකපද යි.
Pali BJT4. 5. 10.
Sinhala BJT4. 5. 10.
Pali BJTදසමසික්ඛාපදං
Sinhala BJTදසවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛුනියො තිරච්ඡානවිජ්ජං වාචෙන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති:: “කථං හි නාම: භික්ඛුනියො තිරච්ඡානවිජ්ජං වාචෙස්සන්ති, සෙය්යථාපි ගිහීකාමභොගිනියො”ති.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මෙහෙණෝ තිරශ්චීන විද්‍යා හදාරවත්. මිනිස්සු ලමුකොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේනම් මෙහෙණෝ ගිහීකාමභෝගිනියන් මෙන් තිරශ්චීනවිද්‍යා හැදෑරැවූහු දැ යි.
Pali BJT2. අස්සොසුං ඛො භික්ඛුනියො තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති:: “කථං හි නාම: ඡබ්බග්ගියා භික්ඛුනියො තිරච්ඡානවිජ්ජං වාචෙස්සන්තී”ති. -පෙ- සච්චං කිර භික්ඛවෙ ඡබ්බග්ගියා භික්ඛුනියො තිරච්ඡානවිජ්ජං වාචෙන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම: භික්ඛවෙ ඡබ්බග්ගියා භික්ඛුනියො තිරච්ඡානවිජ්ජං වාචෙස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු::
Sinhala BJT2. භික්‍ෂුණීහු ලමු කොට සිතන, නුගුණ පවසන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණෝ තිරශ්චීන විද්‍යා හැදෑරැවූහු දැ” යි. … ‘සැබෑද මහණෙනි, සවග මෙහෙණෝ තිරශ්චීන විද්‍යා හදාරවත් දැ’යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, සවග මෙහෙණෝ තිරශ්චීන විද්‍යා හැදෑරැවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී තිරච්ඡානවිජ්ජං වාචෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් තිරශ්චීන විද්‍යා හදාරවා නම් පචිති වේ” යයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම් බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTතිරච්ඡානවිජ්ජං නාම: යං කිඤ්චි බාහිරකං අනත්ථසංහිතං.
Sinhala BJTතිරච්ඡානවිජ්ජා නම්: අවැඩින් යුත් බැහැරි යම්කිසි විද්‍යාවකි.
Pali BJTවාචෙය්යාති: පදෙන වාචෙති පදෙ පදෙ ආපත්ති පාචිත්තියස්ස. අක්ඛරාය වාචෙති අක්ඛරක්ඛරාය ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTවාචෙය්‍ය: පදයෙන් හදාරවා නම් පෙදෙහි පෙදෙහි පචිති ඇවැත් වෙයි. අකුරින් හදාරවා නම් අකුරෙහි අකුරෙහි පචිති ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: ලෙඛං වාචෙති ධාරණං වාචෙති ගුත්තත්ථාය පරිත්තං වාචෙති උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTලිවීම හදාරවා නම්, දැරීම හදාරවා නම්, ආරක්‍ෂාව පිණිස මන්ත්‍ර හදාරවා නම් ඇවැත් නො වේ. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTදසමසික්ඛාපදං.
Sinhala BJTදසවන සිකපද යි.
Pali BJTචිත්තාගාරවග්ගො පඤ්චමො.
Sinhala BJTපඤ්චම චිත්තාගාර වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය: