Pācittiya

Expiation Rules

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 3401-3500 න් 4249

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඅනාපත්ති: සති අන්තරායෙ පරියෙසිත්වා න ලභති, ගිලානාය ආපදාසු උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඅනතුරක් ඇතිකල්හි, සොයා නො ලබා නම්, ඇවැත් නැත. ගිලනහට ආපදායෙහි, උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTචතුත්ථසික්ඛාපදං.
Sinhala BJTසතරවන සිකපද යි.
Pali BJT4. 4. 5.
Sinhala BJT4. 4. 5.
Pali BJTපඤ්චමසික්ඛාපදං
Sinhala BJTපස්වන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භද්දා කාපිලානී සාකෙතෙ වස්සං උපගතා හොති. සා කෙනචිදෙව කරණීයෙන උබ්බාළ්හා{1} ථුල්ලනන්දාය භික්ඛුනියා සන්තිකෙ දූතං පාහෙසි. “සචෙ මෙ අය්යා ථුල්ලනන්දා උපස්සයං දදෙය්ය ආගච්ඡෙය්යාමහං සාවත්ථි”න්ති. ථුල්ලනන්දා භික්ඛුනී එවමාහ: “ආගච්ඡතු, දස්සාමී”ති. අථ ඛො භද්දා කාපිලානී සාකෙතා සාවත්ථිං අගමාසි. ථුල්ලනන්දා භික්ඛුනී භද්දාය කාපිලානියා උපස්සයං අදාසි. තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දා භික්ඛුනී බහුස්සුතා හොති භාණිකා විසාරදා පට්ටා ධම්මිං කථං කාතුං. භද්දාපි කාපිලානී බහුස්සුතා{2} හොති භාණිකා විසාරදා පට්ටා ධම්මිං කථං කාතුං උළාරසම්භාවිතා. මනුස්සා අය්යා භද්දා කාපිලානී බහුස්සුතා භාණිකා විසාරදා පට්ටා ධම්මිං කථං කාතුං උළාරසම්භාවිතාති භද්දං කාපිලානිං පඨමං පයිරුපාසිත්වා පච්ඡා ථුල්ලනන්දං භික්ඛුනිං පයිරුපාසන්ති. ථුල්ලනන්දා භික්ඛුනී ඉස්සාපකතා “ඉමා කිර අප්පිච්ඡා සන්තුට්ඨා පවිවිත්තා අසංසට්ඨා යා ඉමා සඤ්ඤත්තිබහුලා විඤ්ඤත්තිබහුලා විහරන්තී”ති කුපිතා අනත්තමනා භද්දං කාපිලානිං උපස්සයා නික්කඩ්ඪි.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි භද්‍රා කාපිලානී තොමෝ සාකේතයෙහි වස් එළැඹියා වෙයි. ඕතොමෝ කිසියම් කරුණෙකින් උවදුරට පැමිණියා ථුල්ලනන්‍දා භික්‍ෂුණියගේ සමීපයෙහි දූතයකු යැවූ යැ. “ඉදින් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ මාහට අසපුවක් දෙන්නී නම් මම සැවැතට එන්නෙමි” යි. ථුල්ලනන්‍දා භික්‍ෂුණී ‘පැමිණේවා දෙන්නෙමැ’යි මෙසේ කිවු යැ. ඉක්බිති භද්‍රා කාපිලානී තොමෝ සාකේතයෙන් සැවැතට පැමිණියා යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී භද්‍රා කාපිලානියහට අසපුවක් දුනු යැ. එසමයෙහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී බොහෝ ඇසූපිරූතැන් ඇත්තී පිරිවැහූ බණ දහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කියන්නට අග්‍ර වූවා වෙයි. භද්‍රා කාපිලානී තොමෝත් බොහෝ ඇසූපිරූතැන් ඇත්තී පිරිවැහූ බණ දහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කියන්නට අග්‍ර වූවා උදාර සම්භාවිතවූවා වෙයි. මිනිස්සු ආර්‍ය්‍යා භද්‍රා කාපිලානී තොමෝ බොහෝ ඇසූපිරූතැන් ඇත්තී පිරිවැහූ බණ දහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කියන්නට අග්‍ර වූවා උදාරසම්භාවිතවූවා යයි භද්‍රා කාපිලානිය පළමුව පර්‍ය්‍යුපාසනය කොට පසු වැ ථුල්ලනන්‍දා භික්‍ෂුණිය පර්‍ය්‍යුපාසනය කෙරෙත්. ථුල්ලනන්‍දා භික්‍ෂුණී ඊර්‍ෂ්‍යාවෙන් මඬනා ලද්දී “යම්බඳු මොහු හැඟීවීම් බහුල කොට ඇතියාහු විනවීම් බහුල කොට ඇතියාහු වෙසෙත් ද, මොහු අපිස් ඇතියාහු ල, ලද දෙයින් සතුටු වන්නාහු ල, ප්‍රකර්‍ෂවිවේක ඇතියාහු ල, ගිහියන් හා නොගැටුනාහු ලැ යි, කිපියා නො සියමන් වූවා භද්‍රා කාපිලානිය අසපුවෙන් ඇද දැමූ යැ.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම අය්යා ථුල්ලනන්දා අය්යාය භද්දාය කාපිලානියා උපස්සයං දත්වා කුපිතා අනත්තමනා නික්කඩ්ඪිස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ, ථුල්ලනන්දා භික්ඛුනී භද්දාය කාපිලානියා උපස්සයං දත්වා කුපිතා අනත්තමනා නික්කඩ්ඪිති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා. -පෙ- කථං හි නාම භික්ඛවෙ, ථුල්ලනන්දා භික්ඛුනී භද්දාය කාපිලානියා උපස්සයං දත්වා කුපිතා අනත්තමනා නික්කඩ්ඪිස්සති. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ ආර්‍ය්‍යා භද්‍රා කාපිලානියට අසපුවක් දී කිපියා නොසියමන් වූවා ඇදදැමූ දැ” යි. … සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී භද්‍රා කාපිලානියට අසපුවක් දී කිපියා නො සියමන් වූවා ඇදදැමූ දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී භද්‍රා කාපිලානියට අසපුවක් දී කිපියා නොසියමන් වූවා ඇද දැමූද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී භික්ඛුනියා උපස්සයං දත්වා කුපිතා අනත්තමනා නික්කඩ්ඪෙය්ය වා නික්කඩ්ඪාපෙය්ය වා පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් මෙහෙණකට අසපුවක් දී කිපියා නොසියමන් වූවා ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ පචිති වේ” යැ යි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
Pali BJTභික්ඛුනියාති: අඤ්ඤාය භික්ඛුනියා.
Sinhala BJTභික්ඛුනියා: අන් මෙහෙණකට.
Pali BJTඋපස්සයො නාම: කවාටබද්ධො වුච්චති.
Sinhala BJTඋපස්සය නම්: කවුළු බැඳියේ කියනු ලැබේ.
Pali BJTදත්වාති: සයං දත්වා.
Sinhala BJTදත්‍වා: තොමෝ දී.
Pali BJTකුපිතා අනත්තමනාති: අනභිරද්ධා ආහතචිත්තා ඛිලජාතා.
Sinhala BJTකුපිතා අනත්තමනා: නො ඇලුනී හැනුනු සිතැත්තී හටගත් ක්‍රෝධහුල් ඇත්තී.
Pali BJTනික්කඩ්ඪෙය්යාති: ගබ්භෙ ගහෙත්වා පමුඛං නික්කඩ්ඪති ආපත්ති පාචිත්තියස්ස. පමුඛෙ ගහෙත්වා බහි නික්කඩ්ඪති ආපත්ති පාචිත්තියස්ස. එකෙන පයොගෙන බහුකෙපි ද්වාරෙ අතික්කාමෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTනික්කඩ්ඪෙය්‍ය: ගැබෙහි ගෙනැ අග්දෙරියට ඇද දමානම් පචිති ඇවැත් වෙයි. අග්දෙරියෙහි ගෙනැ බැහැරට ඇද දමා නම් පචිති ඇවැත් වෙයි. එක් පියොවෙකින් බොහෝ වූ ද දොර ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTනික්කඩ්ඪාපෙය්යාති: අඤ්ඤං ආණාපෙති ආපත්ති දුක්කටස්ස.{*} සකිං ආණත්තා බහුකෙපි ද්වාරෙ අතික්කාමෙති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නාය උපසම්පන්නසඤ්ඤා උපස්සයං දත්වා කුපිතා අනත්තමනා නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නාය වෙමතිකා උපස්සයං දත්වා කුපිතා අනත්තමනා නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නාය අනුපසම්පන්නසඤ්ඤා උපස්සයං දත්වා කුපිතා අනත්තමනා නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTනික්කඩ්ඪාපෙය්‍ය: මෙරමා හට අණ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. වරක් අණවන ලද්දී බොහෝ වූ ද දොර ඉක්මවා නම් පචිති ඇවැත් වේ. උපසපනක කෙරෙහි උපසපන්සන් ඇත්තී අසපුවක් දී කිපියා නො සියමන් වූවා ඇදදමා නම් හෝ ඇදදමවා නම් හෝ පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි විමති ඇතියා අසපුවක් දී කිපියා නො සියමන් වූවා ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි අනුපසපන් සන් ඇත්තී අසපුවක් දී කිපියා නො සියමන් වූවා ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ පචිති ඇවැත් වේ.
Pali BJTතස්සා පරික්ඛාරං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා ආපත්ති දුක්කටස්ස. අකවාටබද්ධා නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා ආපත්ති දුක්කටස්ස. තස්සා පරික්ඛාරං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නං කවාටබද්ධා වා අකවාටබද්ධා වා නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා ආපත්ති දුක්කටස්ස. තස්සා පරික්ඛාරං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය උපසම්පන්නසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය අනුපසම්පන්නසඤ්ඤා ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඇයගේ පිරිකර ඇදදමා නම් හෝ ඇද දමවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. කවුළු නො බැඳියකින් ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. ඇයගේ පිරිකර ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කවුළු බැඳියකින් හෝ කවුළු නො බැඳියකින් හෝ ඇද දමා නම් හෝ ඇදදමවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. ඇයගේ පිරිකර ඇදදමා නම් හෝ ඇදදමවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි උපසපන් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි අනුපසපන් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අලජ්ජිනිං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා තස්සා පරික්ඛාරං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා උම්මත්තිකං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා, තස්සා පරික්ඛාරං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා භණ්ඩන කාරිකං කලහකාරිකං -පෙ- විවාදකාරිකං -පෙ- භස්සකාරිකං -පෙ- සඞ්ඝෙ අධිකරණකාරිකං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා තස්සා පරික්ඛාරං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා අන්තෙවාසිනිං වා සද්ධිවිහාරිනිං වා න සම්මාවත්තන්තිං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා තස්සා පරික්ඛාරං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා උම්මත්තිකාය ආදිකම්මිකායාති.
Sinhala BJTඅලජ්ජිනියක ඇදදමා නම් හෝ ඇද දමවා නම් හෝ ඇයගේ පිරිකර ඇද දමානම් හෝ ඇද දමවා නම් හෝ උම්මත්තිකාවක ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ ඇයගේ පිරිකර ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ ඩබරකාරියක … කලහකාරියක … විවාදකාරියක … භස්සකාරියක … සඞ්ඝයා කෙරෙහි අධිකරණ කාරියක ඇදදමා නම් හෝ ඇදදමවා නම් හෝ ඇයගේ පිරිකර ඇද දමා නම් හෝ ඇදදමවා නම් හෝ මොනවට නො පවත්නා අතවැසිනියක හෝ සද්ධිවිහාරිනියක හෝ ඇදදමා නම් හෝ ඇදදමවා නම් හෝ ඇයගේ පිරිකර ඇදදමා නම් හෝ ඇදදමවා නම් හෝ, ඇවැත් නැත. උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTපඤ්චමසික්ඛාපදං.
Sinhala BJTපස්වන සිකපද යි.
Pali BJT4. 4. 6.
Sinhala BJT4. 4. 6.
Pali BJTඡට්ඨසික්ඛාපදං
Sinhala BJTසවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන චණ්ඩකාළී භික්ඛුනී සංසට්ඨා විහරති ගහපතිනාපි ගහපතිපුත්තෙනාපි.{1} යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛිය්යන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා චණ්ඩකාළී සංසට්ඨා විහරිස්සති ගහපතිනාපි ගහපතිපුත්තෙනපී”ති. -පෙ- සච්චං කිර භික්ඛවෙ, චණ්ඩකාළී භික්ඛුනී සංසට්ඨා විහරති ගහපතිනාපි ගහපතිපුත්තෙනාපීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා. -පෙ- කථං හි නාම භික්ඛවෙ, චණ්ඩකාළී භික්ඛුනී සංසට්ඨා විහරිස්සති ගහපතිනාපි ගහපතිපුත්තෙනාපි. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි චණ්ඩකාළී භික්‍ෂුණී ගැහැවියකු හා ද ගැහැවිපුතකු හා ද හැනුනී වෙසෙයි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත් “කෙසේ නම් ආර්‍ය්‍යා චණ්ඩකාළි ගැහැවියකු හා ද ගැහැවිපුතකු හා ද හැනුනී වුසූ දැ” යි. … සැබෑද මහණෙනි, චණ්ඩකාළි භික්‍ෂුණී ගැහැවියකු හා ද ගැහැවිපුතකු හා ද හැනුනී වෙසේ දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, චණ්ඩකාළි භික්‍ෂුණී ගැහැවියකු හා ද ගැහැවිපුතකු හා ද හැනුනී වුසූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී සංසට්ඨා විහරෙය්ය ගහපතිනා වා ගහපතිපුත්තෙන වා සා භික්ඛුනී භික්ඛුනීහි එවමස්ස වචනීයා: “මාය්යෙ සංසට්ඨා විහරි ගහපතිනාපි ගහපතිපුත්තෙනාපි. විවිච්චය්යෙ විවෙකඤ්ඤෙව භගිනියා සඞ්ඝො වණ්ණෙතී”ති. එවඤ්ච සා{1} භික්ඛුනී භික්ඛුනීහි වුච්චමානා තථෙව පග්ගණ්හෙය්ය සා භික්ඛුනී භික්ඛුනීහි යාවතතියං සමනුභාසිතබ්බා තස්ස පටිනිස්සග්ගාය. යාවතතියඤ්චෙ සමනුභාසියමානා තං පටිනිස්සජ්ජෙය්ය ඉච්චෙතං කුසලං. නො චෙ පටිනිස්සජ්ජෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් ගැහැවියකු සමග හෝ ගැහැවිපුතකු සමග හෝ හැනුනී වෙසේ නම් ඒ මෙහෙණ තොමෝ මෙහෙණන් විසින් මෙසේ කියයුතු වන්නී යැ.: “ආර්‍ය්‍යාවෙනි, ගැහැවියකු හා ද ගැහැවිපුතකු හා ද හැනුනී නහමක් වසව. ආර්‍ය්‍යාවෙනි, වෙන්වව, සඞ්ඝයා බුහුනගේ විවේකය මැ වර්‍ණනා කෙරේ යැ” යි. මෙසේ ද ඒ මෙහෙණ තොමෝ මෙහෙණන් විසින් කියනු ලබන්නී එසේ මැ දැඩිවැ ගනී නම් ඒ මෙහෙණ තොමෝ මෙහෙණන් විසින් එය දුරලනු පිණිස තුන්යළ තෙක් සමනුභාෂණ කළ යුත්තී යැ. තුන් යළ තෙක් සමනුභාෂණය කරනු ලබන්නී එය දුරැලා නම් මෙසේ තෙල දුරැලීම මැනවි. ඉදින් නො දුරැලා නම් පචිති වේ” ය යි.
Pali BJT2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT2. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
Pali BJTසංසට්ඨා නාම: අනනුලොමිකෙන කායිකවාචසිකෙන සංසට්ඨා.
Sinhala BJTසංසට්ඨා නම්: අනුලොම් නො වූ කායිකවාචසික ප්‍රයෝගයෙන් හැනුනී යැ.
Pali BJTගහපති නාම: යො කොචි අගාරං අජ්ඣාවසති.
Sinhala BJTගහපති නම්: යම් කිසිවෙක් ගෙයි වෙසේ නම් හේ යැ.
Pali BJTගහපතිපුත්තො නාම: යෙ කෙචි පුත්තභාතරො.{2}
Sinhala BJTගහපතිපුත්ත නම්: යම් කිසි දරුබෑ කෙනෙක්.
Pali BJTසා භික්ඛුනීති: යා සා සංසට්ඨා භික්ඛුනී.
Sinhala BJTසා භික්ඛුනී: ගිහියන් හා හැනීසිටි යම් ඒ මෙහෙණක් තොමෝ යැ.
Pali BJTභික්ඛුනීහීති: අඤ්ඤාහි භික්ඛුනීහි.
Sinhala BJTභික්ඛුනීහි: අන් මෙහෙණන් විසිනි.
Pali BJTයා පස්සන්ති යා සුණන්ති තාහි වත්තබ්බා “මාය්යෙ සංසට්ඨා විහරි ගහපතිනාපි ගහපතිපුත්තෙනපි විවිච්චය්යෙ, විවෙකඤ්ඤෙව භගිනියා සඞ්ඝො වණ්ණෙතී”ති. දුතියම්පි වත්තබ්බා - තතියම්පි වත්තබ්බා සචෙ පටිනිස්සජ්ජති ඉච්චෙතං කුසලං, නො චෙ පටිනිස්සජ්ජති ආපත්ති දුක්කටස්ස. සුත්වා න වදන්ති ආපත්ති දුක්කටස්ස. සා භික්ඛුනී සඞ්ඝමජ්ඣම්පි ආකඩ්ඪිත්වා වත්තබ්බා: “මාය්යෙ සංසට්ඨා විහරි ගහපතිනාපි ගහපතිපුත්තෙනාපි, විවිච්චය්යෙ, විවෙකඤ්ඤෙව භගිනියා සඞ්ඝො වණ්ණෙතීති. දුතියම්පි වත්තබ්බා - තතියම්පි වත්තබ්බා. සචෙ පටිනිස්සජ්ජති ඉච්චෙතං කුසලං, නො චෙ පටිනිස්සජ්ජති ආපත්ති දුක්කටස්ස. සා භික්ඛුනී සමනුභාසිතබ්බා. එවඤ්ච පන භික්ඛවෙ, සමනුභාසිතබ්බා බ්යත්තාය භික්ඛුනියා පටිබලාය සඞ්ඝො ඤාපෙතබ්බො.
Sinhala BJTයම් මෙහෙණ කෙනෙක් දකිත් ද යම් මෙහෙණ කෙනෙක් අසත් ද ඔවුන් විසින් කිය යුතුයැ. ආර්‍ය්‍යාවෙනි, ගැහැවියකු හා ද ගැහැවිපුතකු හා ද හැනුනී නහමක් වසව. ආර්‍ය්‍යාවෙනි, වෙන්වව, සඞ්ඝයා බුහුනගේ විවේකය මැ වර්‍ණනා කෙරේ යැ යි. දෙවනවට දු කිය යුත්තී යැ ... තෙවනවට දු කිය යුත්තී යැ. ඉදින් දුරැලා නම් මෙසේ තෙල දුරැලීම මැනැවි. ඉදින් නො දුරැලා නම් දුකුළා ඇවැත් වෙයි. අසා නො කියත් නම් දුකුළා ඇවැත් වෙයි. ඒ මෙහෙණ සඟමැදට දු ඇද කිය යුත්තී යැ. ආර්‍ය්‍යාවෙනි, ගැහැවියකු හා ද ගැහැවිපුතකු හා ද හැනුනී නහමක් වසව. ආර්‍ය්‍යාවෙනි, වෙන් වව. සඞ්ඝයා බුහුනගේ විවේකය මැ වර්‍ණනා කෙරේ යැ යි. දෙවනවට දු කිය යුත්තී යැ. … තෙවනවට දු කිය යුත්තීයැ. ඉදින් දුරැලා නම් මෙසේ තෙල දුරැලීම මැනවි. ඉදින් නො දුරැලා නම් දුකුළා ඇවැත් වේ. ඒ මෙහෙණ සමනුභාෂණය කළ යුත්තී යැ. මෙසේ ද මහණෙනි, සමනුභාෂණය කළ යුත්තී යැ. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්ඝයා දැන්විය යුත්තේ යි.
Pali BJTසුණාතු මෙ අය්යෙ සඞ්ඝො අයං ඉත්ථන්නාමා භික්ඛුනී සංසට්ඨා විහරති ගහපතිනාපි ගහපතිපුත්තෙනපි, සා තං වත්ථුං නප්පටිනිස්සජ්ජති, යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුනිං මනුභාසෙය්ය තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය එසා ඤත්ති.
Sinhala BJTආර්‍ය්‍යාවෙනි, සඞ්ඝයා මවදන් අසාවා, මේ මෙනම් ඇති මෙහෙණ ගැහැවියා ද ගැහැවිපුතු ද සමඟ හැනීගියා වාසය කෙරෙයි. ඕතොමෝ ඒ වස්තුව නො දුරැලයි. ඉදින් සඟනට පැමිණිකල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ මෙනම් ඇති මෙහෙණහට ඒ වස්තුහුගේ දුරැලීම පිණිස සමනුභාෂණය කරන්නේ යැ. මේ ඥප්ති යි.
Pali BJTසුණාතු මෙ අය්යෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමා භික්ඛුනී සංසට්ඨා විහරති ගහපතිනාපි ගහපතිපුත්තෙනාපි. සා තං වත්ථුං නප්පටිනිස්සජ්ජති. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුනිං සමනුභාසති තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය. යස්සා අය්යාය ඛමති ඉත්ථන්නාමාය භික්ඛුනියා සමනුභාසනා තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය. සා තුණ්හස්ස යස්සා නක්ඛමති සා භාසෙය්ය. දුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි -පෙ- සමනුභට්ඨා සඞ්ඝෙන ඉත්ථන්නාමා භික්ඛුනී තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය, ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමීති.
Sinhala BJTආර්‍ය්‍යාවෙනි සඞ්ඝයා මවදන් අසාවා. මේ මෙනම් ඇති මෙහෙණ ගැහැවියා ද ගැහැවි පුතු ද සමඟ හැනීගියා වාසය කෙරෙයි. ඕතොමෝ ඒ වස්තුව නො දුරැලයි. සඞ්ඝයා මෙනම් ඇති මෙහෙණහට ඒ වස්තුහුගේ දුරැලීම පිණිස සමනුභාෂණය කෙරෙයි. මෙනම් ඇති මෙහෙණහට ඒ වස්තුහුගේ දුරැලීම පිණිස සමනුභාෂණය යම් ආර්‍ය්‍යාවකට රුස්නේ නම් ඕතොමෝ නිහඬ වන්නී යැ, යමකට නො රුස්නේ නම් ඕතොමෝ කියන්නී යැ. දෙවනුවට දු තෙල කරුණ කියමි. … තෙවනවට දු තෙල කරුණ කියමි. … මෙනම් ඇති මෙහෙණ ඒ වස්තුහුගේ දුරැලීම පිණිස සඞ්ඝයා විසින් සමනුභාෂණය කරන ලද්දී යැ. සඟනට රුස්නේ යැ. එහෙයින් නිහඬයහ. මෙසේ මෙය දරමි යි.
Pali BJTඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි දුක්කටා. කම්මවාචාපරියොසානෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඥප්තියෙන් දුකුළා යැ. දෙකම් වදනින් දෙදුකුළා යැ. කම් වදන් පිරියතැ පචිති ඇවැත් වෙයි.
Pali BJTධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා නප්පටිනිස්සජ්ජති ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ වෙමතිකා නප්පටිනිස්සජ්ජති ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා නප්පටිනිස්සජ්ජති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTදැහැමිකම්හි දැහැමිකම් සන් ඇත්තී නො දුරැලා නම් පචිති ඇවැත් වෙයි. දැහැමිකම්හි විමති ඇත්තී නො දුරැලා නම් පචිති ඇවැත් වෙයි. දැහැමිකම්හි නො දැහැමිකම් සන් ඇත්තී නො දුරැලා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTනො දැහැමිකම්හි දැහැමිකම් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි නො දැහැමිකම් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසමනුභාසන්තියා, පටිනිස්සජ්ජන්තියා, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTසමනුභාෂණය නො කරන්නියට, දුරැලන්නියට, උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTඡට්ඨසික්ඛාපදං.
Sinhala BJTසවන සිකපද යි.
Pali BJT4. .4. 7
Sinhala BJT4. .4. 7
Pali BJTසත්තමසික්ඛාපදං
Sinhala BJTසත්වන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික්ඛුනියො අන්තොරට්ඨෙ සාසඞ්කසම්මතෙ සප්පටිභයෙ අසත්ථිකා චාරිකං චරන්ති. ධුත්තා දූසෙන්ති. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො අන්තොරට්ඨෙ සාසඞ්කසම්මතෙ සප්පටිභයෙ අසත්ථිකා චාරිකං චරිස්සන්තී”ති. -පෙ- සච්චං කිර භික්ඛවෙ, භික්ඛුනියො අන්තොරට්ඨෙ සාසඞ්කසම්මතෙ සප්පටිභයෙ අසත්ථිකා චාරිකං චරන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා. -පෙ- කථං හි නාම භික්ඛවෙ, භික්ඛුනියො අන්තොරට්ඨෙ සාසඞ්කසම්මතෙ සප්පටිභයෙ අසත්ථිකා චාරිකං චරිස්සන්ති. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ සැක සහිතැ යි සම්මත වූ ප්‍රතිභය සහිත වූ රටතුළැ ගැල් සාත්තු නැතියාහු චාරිකායෙහි හැසිරෙත්. ධූර්‍තයෝ දූෂණය කෙරෙත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති දොස් පතුරුවත්, “කෙසේ නම් මෙහෙණෝ සැකසහිතැ යි සම්මත වූ ප්‍රතිභය සහිත වූ රටතුළැ ගැල්සාත්තු නැතියාහු චාරිකාවෙහි හැසිරුණාහු දැ” යි. … හැබෑද මහණෙනි, මෙහෙණෝ සැකසහිතැ යි සම්මත වූ ප්‍රතිභය සහිත වූ රටතුළැ ගැල් සාත්තු නැතියාහු හැසිරුණාහු දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ සැකසහිතැ යි සම්මත වූ ප්‍රතිභය සහිත වූ රටතුළැ ගැල්සාත්තු නැතියාහු චාරිකාවෙහි හැසිරුණාහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී අන්තොරට්ඨෙ සාසඞ්කසම්මතෙ සප්පටිභයෙ අසත්ථිකා චාරිකං චරෙය්ය, පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් තොමෝ සැක සහිතැ යි සම්මත වූ ප්‍රතිභය සහිත වූ රට තුළැ ගැල් සාත්තු නැතියා චාරිකායෙහි හැසිරේ නම් පචිති වේ” ය යි.
Pali BJT2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT2. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
Pali BJTඅන්තොරට්ඨෙති: යස්ස විජිතෙ විහරති තස්ස රට්ඨෙ.
Sinhala BJTඅන්තොරට්ඨෙ: යමක්හුගේ රටෙහි වෙසේ නම් ඔහුගේ රටෙහි යැ.
Pali BJTසාසඞ්කං නාම තස්මිං මග්ගෙ චොරානං නිවිට්ඨොකාසො දිස්සති භුත්තොකාසො දිස්සති ඨිතොකාසො දිස්සති නිසින්නොකාසො දිස්සති නිපන්නොකාසො දිස්සති.
Sinhala BJTසාසඞ්ක නම්: එ මඟෙහි සොරුන් වුසූ තැනෙක් පැනෙයි. අහර කිස කළ තැනෙක් පැනෙයි. සිටි තැනෙක් පැනෙයි, හුන් තැනෙක් පැනෙයි. හොත් තැනෙක් පැනේ.
Pali BJTසප්පටිභයං නාම: තස්මිං මග්ගෙ චොරෙහි මනුස්සා හතා දිස්සන්ති විලුත්තා දිස්සන්ති ආකොටිතා දිස්සන්ති.
Sinhala BJTසප්පටිභය නම්: ඒ මඟෙහි සොරුන් විසින් නසන ලද මිනිස්සු පැනෙති. වොලෝ ගන්නා ලද්දාහු පැනෙති. කොළන ලද්දාහු පැනෙති.
Pali BJTඅසත්ථිකා නාම: විනා සත්ථෙන.
Sinhala BJTඅසත්‍ථිකා නම්: ගැල් සාත්තුව හැර.
Pali BJTචාරිකං චරෙය්යාති: කුක්කුටසම්පාදෙ ගාමෙ ගාමන්තරෙ ගාමන්තරෙ ආපත්ති පාචිත්තියස්ස. අගාමකෙ අරඤ්ඤෙ අද්ධයොජනෙ අද්ධයොජනෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTචාරිකං චරෙය්‍ය: කුකුළු ගමන් ඇති ගමෙහි නම් ගමතුරෙහි ගමතුරෙහි පචිති ඇවැත් වෙයි. නො ගම වු අරන්හි අඩයොත්නෙහි අඩයොත්නෙහි පචිති ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: සත්ථෙන සහ ගච්ඡති, ඛෙමෙ අප්පභයෙ ගච්ඡති, ආපදාසු උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTගැල් සාත්තුව සමග යේ නම් ක්‍ෂේම වූ ප්‍රතිභය රහිත වූ ගමෙහි යේ නම් ඇවැත් නැත. ආපදායෙහි උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTසත්තමසික්ඛාපදං.
Sinhala BJTසත්වන සිකපද යි.
Pali BJT4. 4. 8.
Sinhala BJT4. 4. 8.
Pali BJTඅට්ඨමසික්ඛාපදං
Sinhala BJTඅටවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික්ඛුනියො තිරොරට්ඨෙ සාසඞ්කසම්මතෙ සප්පටිභයෙ අසත්ථිකා චාරිකං චරන්ති. ධුත්තා දූසෙන්ති. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො තිරොරට්ඨෙ සාසඞ්කසම්මතෙ සප්පටිභයෙ අසත්ථිකා චාරිකං චරිස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ, භික්ඛුනියො තිරොරට්ඨෙ සාසඞ්කසම්මතෙ සප්පටිභයෙ අසත්ථිකා චාරිකං චරන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා. -පෙ- කථං හි නාම භික්ඛවෙ, භික්ඛුනියො තිරොරට්ඨෙ සාසඞ්කසම්මතෙ සප්පටිභයෙ අසත්ථිකා චාරිකං චරිස්සන්ති. නෙතං, භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි මෙහෙණෝ සැක සහිතයැයි සම්මත වූ ප්‍රතිභය සහිත වූ රටින් පිටතැ ගැල් සාත්තු නැතියාහු චාරිකාවෙහි හැසිරෙත්. ධූර්‍තයෝ දූෂණය කෙරෙත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ සැක සහිතයැයි සම්මත වූ ප්‍රතිභය සහිත වූ රටින් පිටතැ ගැල් සාත්තු නැතියාහු චාරිකාවෙහි හැසිරුණාහු දැ”යි, … සැබෑද මහණෙනි, මෙහෙණෝ සැක සහිතයැයි සම්මත වූ ප්‍රතිභය සහිත වූ රටින් පිටතැ ගැල් සාත්තු නැතියාහු චාරිකාවෙහි හැසිරෙත් දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ සැක සහිතයැ යි සම්මත වූ ප්‍රතිභය සහිත වූ රටින් පිටතැ ගැල් සාත්තු නැතියාහු චාරිකාවෙහි හැසිරුණාහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසෙත්වා:
Pali BJT“යා පන භික්ඛුනී තිරොරට්ඨෙ සාසඞ්කසම්මතෙ සප්පටිභයෙ අසත්ථිකා චාරිකං චරෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් තොමෝ වනාහි සැක සහිතැ යි සම්මත වූ ප්‍රතිභය සහිත වූ රටින් පිටතැ ගැල් සාත්තු නැතියා චාරිකාවෙහි හැසිරේ නම් පචිති වේ” ය යි.
Pali BJT2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT2. යා පන: යම් යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTතිරොරට්ඨෙති: යස්ස විජිතෙ විහරති තං ඨපෙත්වා අඤ්ඤස්ස රට්ඨෙ.
Sinhala BJTතිරොරට්ඨ නම්: යමක්හුගේ රටෙහි වෙසේ නම් එය තබා අනෙකක්හුගේ රටෙහි යැ.
Pali BJTසාසඞ්කං නාම: තස්මිං මග්ගෙ චොරානං නිවිට්ඨොකාසො දිස්සති භුත්තොකාසො දිස්සති ඨිතොකාසො දිස්සති නිසින්නොකාසො දිස්සති,නිපන්නොකාසො දිස්සති.
Sinhala BJTසාසඞ්ක නම්: ඒ මඟෙහි සොරුන් වුසූ තැනෙක් පැනෙයි. අහර කිස කළ තැනෙක් පැනෙයි. සිටි තැනෙක් පැනෙයි. හුන් තැනෙක් පැනෙයි, හොත් තැනෙක් පැනේ.
Pali BJTසප්පටිභයං නාම: තස්මිං මග්ගෙ චොරෙහි මනුස්සා හතා දිස්සන්ති විලුත්තා දිස්සන්ති ආකොටිතා දිස්සන්ති.
Sinhala BJTසප්පටිභය නම්: ඒ මඟෙහි සොරුන් විසින් නැසූ මිනිස්සු පැනෙති, වොලොගන්නා ලද්දාහු පැනෙති. කොළන ලද්දාහු පැනෙත්.
Pali BJTඅසත්ථිකා නාම: විනා සත්ථෙන.
Sinhala BJTඅසත්‍ථිකා නම්: ගැල් සාත්තුව හැරැ.
Pali BJTචාරිකං චරෙය්යාති: කුක්කුටසම්පාදෙ ගාමෙ ගාමන්තරෙ ගාමන්තරෙ ආපත්ති පාචිත්තියස්ස. අගාමකෙ අරඤ්ඤෙ අද්ධයොජනෙ අද්ධයොජනෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTචාරිකං චරෙය්‍ය: කුකුළු ගමන් ඇති ගමෙහි නම් ගමතුරෙහි ගමතුරෙහි පචිති ඇවැත් වෙයි. නොගම් වූ අරන්හි අඩයොත්නෙහි අඩයොත්නෙහි පචිති ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: සත්ථෙන සහ ගච්ඡති, ඛෙමෙ අප්පටිභයෙ ගච්ඡති, ආපදාසු උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTගැල් සාත්තුව සමග යේ නම්, ක්‍ෂේම වූ ප්‍රතිභය රහිත වූ ගමෙහි යේ නම් ඇවැත් නැත. ආපදායෙහි උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTඅට්ඨමසික්ඛාපදං.
Sinhala BJTඅටවන සිකපද යි.
Pali BJT4. .4. 9
Sinhala BJT4. .4. 9
Pali BJTනවමසික්ඛාපදං
Sinhala BJTනවවන සිකපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන භික්ඛුනියො අන්තොවස්සං චාරිකං චරන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛිය්යන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො අන්තොවස්සං චාරිකං චරිස්සන්ති. හරිතානි තිණානි{1} සම්මද්දන්තා එකින්ද්රියං ජීවං විහෙඨෙන්තා බහූ ඛුද්දකෙ පාණෙ සඞ්ඝාතං ආපාදෙන්තා”ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහනුවරැ වේළුවන නම් කලන්‍දක නිවාපයෙහි වැඩවෙසෙති. එසමයෙහි වනාහි මෙහෙණෝ ඇතුළුවසැ චාරිකායෙහි හැසිරෙත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත් “කෙසේ නම් මෙහෙණෝ ඇතුළු වසැ නිල්තණ මඬින්නෝ ඒකෙන්‍ද්‍රිය ජීවය පෙළන්නෝ බොහෝ කුඩා පණුවන් විනාශයට පමුණුවන්නාහු චාරිකායෙහි හැසිරුණාහු දැ” යි.
Pali BJT2. අස්සොසුං ඛො භික්ඛුනියො තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම භික්ඛුනියො අන්තොවස්ස චාරිකං චරිස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ, භික්ඛුනියො අන්තොවස්සං චාරිකං චරන්තී”ති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ, භික්ඛුනියො අන්තොවස්සං චාරිකං චරිස්සන්ති. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ ඇතුළු වසැ චාරිකාවෙහි හැසුරුණාහු දැ” යි … සැබෑද මහණෙනි, මෙහෙණෝ ඇතුළු වසැ චාරිකායෙහි හැසිරෙත් දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ ඇතුළු වසැ චාරිකාවෙහි හැසිරුණාහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJTයා පන භික්ඛුනී අන්තොවස්සං චාරිකං චරෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් තොමෝ ඇතුළු වසැ චාරිකායෙහි හැසිරේ නම් පචිති වේ” ය යි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTඅන්තොවස්සන්ති: පුරිමං වා තෙමාසං පච්ඡිමං වා තෙමාසං අවසිත්වා.
Sinhala BJTඅන්තොවස්සං: පළමු තෙමස හෝ පැසුළු තෙමස හෝ නො වැස.
Pali BJTචාරිකං චරෙය්යාති: කුක්කුටසම්පාතෙ ගාමෙ ගාමන්තරෙ ගාමන්තරෙ ආපත්ති පාචිත්තියස්ස. අගාමකෙ අරඤ්ඤෙ අද්ධයොජනෙ අද්ධයොජනෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTචාරිකං චරෙය්‍ය: කුකුළු ගමන් ඇතිගමෙහි නම් ගමතුරෙහි ගමතුරෙහි පචිති ඇවැත් වෙයි. නොගම් වූ අරන්හි අඩයොත්නෙහි අඩයොත්නෙහි පචිති ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: සත්තාහකරණීයෙන ගච්ඡති, කෙනචි උබ්බාළ්හා ගච්ඡති, ආපදාසු උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTසත්තාහකරණීයයෙන් යේ නම්, කිසිවකු විසින් උවදුරු කරන ලද්දී යේ නම්, ආපදායෙහි උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTනවමසික්ඛාපදං.
Sinhala BJTනවම සිකපද යි.
Pali BJT4. 4. 10.
Sinhala BJT4. 4. 10.
Pali BJTදසමසික්ඛාපදං
Sinhala BJTදසම සිකපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන භික්ඛුනියො තත්ථෙව රාජගහෙ වස්සං වසන්ති තත්ථ හෙමන්තං තත්ථ ගිම්හං. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “ආහුන්දරිකා භික්ඛුනීනං දිසා අන්ධකාරා න ඉමාසං දිසා පක්ඛායන්තී”ති.{1}
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහනුවරැ වේළුවන නම් කලන්‍දකනිවාපයෙහි වැඩවෙසෙති, එසමයෙහි වනාහි මෙහෙණෝ එහි මැ රජගහනුවරැ වස් වෙසෙති. හිමත් සමය එහි යැ ගිමන් සමය එහි යැ. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “මෙහෙණන්ට දිගුහු හකයහ, අඳුරුයහ, මොවුනට දිසාවෝ නො වැටහෙති” යි.
Pali BJT2. අස්සොසුං ඛො භික්ඛුනියො තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. අථ ඛො තා භික්ඛුනියො භික්ඛූනං එතමත්ථං ආරොචෙසුං. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. “තෙන හි භික්ඛවෙ, භික්ඛුනීනං සික්ඛාපදං පඤ්ඤපෙස්සාමි දස අත්ථවසෙ පටිච්ච: සඞ්ඝසුට්ඨුතාය -පෙ- සද්ධම්මට්ඨිතියා විනයානුග්ගහාය. එවඤ්ච පන භික්ඛවෙ, භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු. එකල්හි ඒ මෙහෙණෝ භික්‍ෂූන්ට තෙල කරුණ ඇරොජූහු. භික්‍ෂූහු භාග්‍යවතුන්ට තෙල කරුණ ඇරොජූහු. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මේ අවසරයෙහි ලා දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතූ සේක. එසේ නම් මහණෙනි, මෙහෙණන්හට දස කරුණක් පිණිස සිකපද පනවන්නෙමි. සඞ්ඝයාගේ මනාබව පිණිස යැ … සසුන් තිරකල් පැවැත්ම පිණිස යැ. විනයට රුකුල් පිණිස යැ. මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී වස්සං වුත්ථා චාරිකං න පක්කමෙය්ය අන්තමසො ඡප්පඤ්චයොජනානිපි, පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් තොමෝ වැස නිමවූ වස් ඇතියා යටත් පිරිසෙයින් සපස් යොදුනකුදු චාරිකායෙහි නොයේ නම් පචිති වේ” ය යි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTවස්සං වුත්ථා නාම: පුරිමං වා තෙමාසං පච්ඡිමං වා තෙමාසං වස්සං වුත්ථා චාරිකං න පක්කමිස්සාමි අන්තමසො ඡප්පඤ්ච යොජනානිපීති ධුරං නික්ඛිත්තමත්තෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTවස්සංවුත්‍ථා නම්: පළමු තෙමස හෝ පැසුළු තෙමස හෝ වැස නිමවූ වස් ඇතියා යටත් පිරිසෙයින් සපස් යොදුනකුදු චාරිකායෙහි නො යන්නෙමි යි ධුරනික්‍ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: සති අන්තරායෙ, පරියෙසිත්වා දුතියිකං භික්ඛුනිං න ලභති, ගිලානාය ආපදාසු උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඅනතුරක් ඇති කල්හි, සොයා දෙවන මෙහෙණක නො ලබා නම් ඇවැත් නැත. ගිලන් වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTදසමසික්ඛාපදං.
Sinhala BJTදසවන සිකපද යි.
Pali BJTතුවට්ටවග්ගො චතුත්ථො.
Sinhala BJTචතුර්‍ත්‍ථ තුවට්ට වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසෙය්යත්ථරණාඵාසුකං දුක්ඛිතා උපස්සයෙන ච සංසට්ඨා දුවෙ රට්ඨා අන්තොවස්සෙන චාරිකාති.
Sinhala BJTසෙය්‍ය යැ ඒකත්‍ථරණ යැ අඵාසුක යැ දුක්ඛිත යැ උපස්සය සමඟ සංසට්ඨ යැ අන්තොරට්ඨ – තිරොරට්ඨ දෙක යැ අන්තෝවස්සය සමඟ චාරිකා යැ යි.
Pali BJT5. චිත්තාගාරවග්ගො
Sinhala BJT5. චිත්තාගාරවර්‍ගය
Pali BJT4. 5. 1.
Sinhala BJT4. 5. 1.
Pali BJTපඨමසික්ඛාපදං
Sinhala BJTපළමු සිකපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස උය්යානෙ චිත්තාගාරෙ පටිභානචිත්තං කතං හොති. බහූ මනුස්සා චිත්තාගාරං දස්සනාය ගච්ඡන්ති. ඡබ්බග්ගියාපි භික්ඛුනියො චිත්තාගාරං දස්සනාය අගමංසු. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො චිත්තාගාරං දස්සනාය ගච්ඡිස්සන්ති සෙය්යථාපි ගිහී කාමභොගිනියොති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි වනාහි ප්‍රසේනජිත් කෝශල රාජයාගේ උයනෙහි වූ චිත්‍රාගාරයෙහි ප්‍රතිභාන චිත්‍රයෙක් කරන ලද්දේ වෙයි. බොහෝ මිනිස්සු චිත්‍රාගාරය දැකීම පිණිස යෙති. සවග මෙහෙණෝ ද චිත්‍රාගාරය දැකීම පිණිස ගියාහු ය. … මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ ගෘහී කාමභෝගිනියන් මෙන් චිත්‍රාගාරය දැකීම පිණිස ගියාහු දැ” යි.
Pali BJT2. අස්සොසුං ඛො භික්ඛුනියො තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛුනියො චිත්තාගාරං දස්සනාය ගච්ඡිස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ, ඡබ්බග්ගියා භික්ඛුනියො චිත්තාගාරං දස්සනාය ගච්ඡන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ, ඡබ්බග්ගියා භික්ඛුනියො චිත්තාගාරං දස්සනාය ගච්ඡිස්සන්ති. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. භික්‍ෂුණීහු ලමුකොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණෝ චිත්‍රාගාරය දැකීම පිණිස ගියාහු දැ” යි. … සැබෑද මහණෙනි, සවග මෙහෙණෝ චිත්‍රාගාරය දැකීම පිණිස යෙත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, සවග මෙහෙණෝ චිත්‍රාගාරය දැකීම පිණිස ගියාහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසෙත්වා:
Pali BJT“යා පන භික්ඛුනී රාජාගාරං වා චිත්තාගාරං වා ආරාමං වා උය්යානං වා පොක්ඛරණිං වා දස්සනාය ගච්ඡෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් රාජාගාරයක් හෝ චිත්‍රාගාරයක් හෝ ආරාමයක් හෝ උයනක් හෝ පොකුණක් හෝ දැකීම පිණිස යේ නම් පචිති වේ” යයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTරාජාගාරං නාම: යත්ථ කත්ථචි රඤ්ඤො කීළිතුං රමිතුං කතං හොති.
Sinhala BJTරාජාගාර නම්: යම්කිසි තැනෙකැ රජුට කෙළනට ඇලෙන්නට කරන ලද්දේ වෙයි.
Pali BJTචිත්තාගාරං නාම: යත්ථ කත්ථචි මනුස්සානං කීළිතුං රමිතුං කතං හොති.
Sinhala BJTචිත්තාගාර නම්: යම්කිසි තැනෙකැ මිනිසුනට කෙළනට ඇලෙන්නට කරන ලද්දෙක් වෙයි.
Pali BJTආරාමො නාම: යත්ථ කත්ථචි මනුස්සානං කීළිතුං රමිතුං කතො හොති.
Sinhala BJTආරාම නම්: යම්කිසි තැනෙකැ මිනිසුනට කෙළනට ඇලෙන්නට කරන ලද්දෙක් වෙයි.
Pali BJTඋය්යානං නාම: යත්ථ කත්ථචි මනුස්සානං කීළිතුං රමිතුං කතං හොති.
Sinhala BJTඋය්‍යාන නම්: යම්කිසි තැනෙකැ මිනිසුනට කෙළිනට ඇලෙන්නට කරන ලද්දෙක් වෙයි.
Pali BJTපොක්ඛරණී නාම: යත්ථ කත්ථචි මනුස්සානං කීළිතුං රමිතුං කතා හොති.
Sinhala BJTපොක්ඛරණී නම්: යම්කිසි තැනෙකැ මිනිසුනට කෙළනට ඇලෙන්නට කරනලද්දී වේ.
Pali BJTදස්සනාය ගච්ඡති ආපත්ති දුක්කටස්ස. යත්ථ ඨිතා පස්සති ආපත්ති පාචිත්තියස්ස. දස්සනූපචාරං විජහිත්වා පුනප්පුනං පස්සති, ආපත්ති පාචිත්තියස්ස. එකමෙකං දස්සනාය ගච්ඡති ආපත්ති දුක්කටස්ස. යත්ථ ඨිතා පස්සති ආපත්ති පාචිත්තියස්ස. දස්සනූපචාරං විජහිත්වා පුනප්පුනං පස්සති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTදැකීම පිණිස යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙකැ සිටියා දකී නම් පචිති ඇවැත් වෙයි. දසුන් උවසර හැරැපියා පුනපුනා දකී නම් පචිති ඇවැත් වෙයි. එකක් එකක් දැකීම පිණිස යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙකැ සිටියා දකී නම් පචිති ඇවැත් වෙයි. දසුන් උවසර හැරැපියා පුනපුනා දකී නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: ආරාමෙ ඨිතා පස්සති, ගච්ඡන්තී වා ආගච්ඡන්තී වා පස්සති, සති කරණීයෙ ගන්ත්වා පස්සති, ආපදාසු, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඅරමෙහි සිටියා දකී නම්, යන්නී හෝ එන්නී හෝ දකී නම්, කරණී ඇති කල්හි ගොස් දකී නම්, ඇවැත් නැත. ආපදායෙහි, උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTපඨමසික්ඛාපදං.
Sinhala BJTපළමු සිකපද යි.
Pali BJT4. 5. 2.
Sinhala BJT4. 5. 2.
Pali BJTදුතියසික්ඛාපදං
Sinhala BJTදෙවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික්ඛුනියො ආසන්දිම්පි පල්ලඞ්කම්පි පරිභුඤ්ජන්ති. මනුස්සා විහාරචාරිකං ආහිණ්ඩන්තා පස්සිත්වා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො ආසන්දිම්පි පල්ලඞ්කම්පි පරිභුඤ්ජිස්සන්ති සෙය්යථාපි ගිහී කාමභොගිනියො”ති.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ දික්හඟළා පුටු ද පලඟ ද පරිබෝ කරති. මිනිස්සු විහාරචාරිකාවෙහි ඇවිදින්නාහු දැක ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ ගෘහී කාමභෝගිනියන් මෙන් දික්හඟළා පුටු ද පලඟ ද පරිබෝ කළාහු දැ” යි.
Pali BJT2. අස්සොසුං ඛො භික්ඛුනියො තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො ආසන්දිම්පි පල්ලඞ්කම්පි පරිභුඤ්ජිස්සන්තී”ති. -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනියො ආසන්දිම්පි පල්ලඞ්කම්පි පරිභුඤ්ජන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා. -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනියො ආසන්දිම්පි පල්ලඞ්කම්පි පරිභුඤ්ජිස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. භික්‍ෂුණීහු ලමුකොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහ. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ දික්හඟළා පුටු ද පලඟ ද පරිබෝ කළාහු දැ” යි … සැබෑ ද මහණෙනි, මෙහෙණෝ දික්හඟළා පුටු ද පලඟ ද පරිබෝ කරත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ. … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ දික්හඟළා පුටු ද පලඟ ද පිරිබෝ කළාහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා: