Pali BJTඡට්ඨසික්ඛාපදං.
Sinhala BJTසවන සිකපද යි.
Pali BJT4. 3. 7.
Sinhala BJT4. 3. 7.
Pali BJTසත්තමසික්ඛාපදං
Sinhala BJTසත්වන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික්ඛුනිසඞ්ඝස්ස අකාලචීවරං උප්පන්නං හොති. අථ ඛො භික්ඛුනිසඞ්ඝො තං චීවරං භාජෙතුකාමො සන්නිපති. තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දාය භික්ඛුනියා අන්තෙවාසී භික්ඛුනියො{1} පක්කන්තා හොන්ති. ථුල්ලනන්දා භික්ඛුනී තා භික්ඛුනියො එතදවොච: “අය්යෙ භික්ඛුනියො පක්කන්තා න තාව චීවරං භාජීයිස්සතී”ති{2} ධම්මිකං චීවරවිභඞ්ගං පටිබාහි{3}. භික්ඛුනියො න තාව චීවරං භාජීයිස්සතීති පක්කමිංසු{4} ථුල්ලනන්දා භික්ඛුනී අන්තෙවාසිභික්ඛුනීසු{5} ආගතාසු තං චීවරං භාජාපෙසි.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි මෙහෙණ සඟනට නො කල් සිවුරෙක් උපන්නේ වෙයි. එකල්හි මෙහෙණසඟහු එ සිවුර බෙදනු කැමැති වැ රැස්වූහ. එසමයෙහි ථුල්ලනන්‍දා භික්‍ෂුණියගේ අතැවැසි මෙහෙණෝ බැහැර ගියාහු වෙති. ථුල්ලනන්‍දා භික්‍ෂුණී ඒ මෙහෙණන්ට මෙය කිවු යැ. “ආර්‍ය්‍යාවෙනි මෙහෙණෝ බැහැර ගියාහු යැ. (එන) තෙක් සිවුර නො බෙදන්නේ යැයි දැහැමි සිවුරු බෙදීම වැළැක්වූ යැ. මෙහෙණෝ එතෙක් සිවුරු නො බෙදන්නේ යැ යි බැහැර ගියාහු යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී අතැවැසි මෙහෙණන් පැමිණි කල්හි ඒ සිවුර බෙදවූ යැ.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා ථුල්ලනන්දා ධම්මිකං චීවරවිභඞ්ගං පටිබාහිස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ, ථුල්ලනන්දා භික්ඛුනී ධම්මිකං චීවරවිභඞ්ගං පටිබාහීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී ධම්මිකං චීවරවිභඞ්ගං පටිබාහිස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමුකොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ දැහැමි සිවුරු බෙදීම වැළැක්වූ දැ”යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී දැහැමි සිවුරු බෙදීම වැළැක්වූ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී දැහැමි සිවුරු බෙදීම වැළැක් වූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී ධම්මිකං චීවරවිභඞ්ගං පටිබාහෙය්ය, පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් දැහැමි සිවුරු බෙදීම වළක්වා නම් පචිති වේ” යයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරනලද භික්‍ෂුණියි.
Pali BJTධම්මිකො නාම චීවරවිභඞ්ගො: සමග්ගො භික්ඛුනිසඞ්ඝො සන්නිපතිත්වා භාජෙති.
Sinhala BJTධම්මිකචීවර විභංග නම්: සමග වූ මෙහෙණසඟහු රැස්වී බෙදති.
Pali BJTපටිබාහෙය්යාති: කථං ඉදං{6} චීවරං න භාජෙය්යාති{7} පටිබාහති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTපටිබාහෙය්‍ය: කෙසේ මේ සිවුර බෙදා දැයි වළක්වා නම් පචිති ඇවැත් වේ.
Pali BJTධම්මිකෙ ධම්මිකසඤ්ඤා පටිබාහති ආපත්ති පාචිත්තියස්ස. ධම්මිකෙ වෙමතිකා පටිබාහති ආපත්ති දුක්කටස්ස. ධම්මිකෙ අධම්මිකසඤ්ඤා පටිබාහති අනාපත්ති.
Sinhala BJTදැහැමියෙහි දැහැමිසන් ඇතියා වළක්වා නම් පචිති ඇවැත් වෙයි. දැහැමියෙහි විමති ඇතියා වළක්වා නම් දුකුළා ඇවැත් වෙයි. දැහැමියෙහි නොදැහැමිසන් ඇතියා වළක්වා නම් ඇවැත් නැති.
Pali BJTඅධම්මිකෙ ධම්මිකසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අධම්මිකෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අධම්මිකෙ අධම්මිකසඤ්ඤා අනාපත්ති.
Sinhala BJTනො දැහැමියෙහි දැහැමිසන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමියෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමියෙහි නො දැහැමිසන් ඇතියා නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: ආනිසංසං දස්සෙත්වා පටිබාහති උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඅනුසස් දක්වා වළක්වා නම්, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTසත්තමසික්ඛාපදං.
Sinhala BJTසත්වන සිකපද යි.
Pali BJT4. 3. 8.
Sinhala BJT4. 3. 8.
Pali BJTඅට්ඨමසික්ඛාපදං
Sinhala BJTඅටවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දා භික්ඛුනී නටානම්පි නට්ටකානම්පි{1} ලඞ්ඝිකානම්පි{2} සොකසායිකානම්පි{3} කුම්භථූණිකානම්පි{4} සමණචීවරං දෙති මය්හං පරිසතිං{5} වණ්ණං භාසථාති. නටාපි නට්ටකාපි ලඞ්ඝිකාපි සොකසායිකාපි කුම්භථූණිකාපි ථුල්ලනන්දාය භික්ඛුනියා පරිසතිං වණ්ණං භාසන්ති: “අය්යා ථුල්ලනන්දා බහුස්සුතා භාණිකා විසාරදා පට්ටා ධම්මිං කථං කාතුං. දෙථ අය්යාය කරොථ අය්යායා”ති.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ “මාගේ ගුණ පිරිස්හි කියවයි නටවන්නන්ට ද නටන්නන්ට ද පනින්නන්ට ද ඉඳුරුදැලියන්ට ද කළකිඩියරුන්ට ද මහණ සිවුරු දෙයි. නටවන්නෝ ද නටන්නෝ ද පනින්නෝ ද ඉඳුරුදැලියෝ ද කළකිඩියරු ද ථුල්ලනන්‍දා භික්‍ෂුණියගේ ගුණ පිරිස්හි කියති: “ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ බොහෝ ඇසූ පිරූතැන් ඇත්තී පිරිවැහූ බණදහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කරන්නට අග්‍රවූවා වෙයි. ආර්‍ය්‍යාවට දෙවු. ආර්‍ය්‍යාවහට (සත්කාර) කරවයි.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා ථුල්ලනන්දා අගාරිකස්ස සමණචීවරං දස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ, ථුල්ලනන්දා භික්ඛුනී අගාරිකස්ස සමණචීවරං දෙතීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ, ථුල්ලනන්දා භික්ඛුනී අගාරිකස්ස සමණචීවරං දස්සති. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමුකොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ ගිහියකුට මහණසිවුරු දුනු දැ”යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී ගිහියකුට මහණ සිවුරු දේ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී ගිහියකුට මහණසිවුරු දුනු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත් වා:
Pali BJT“යා පන භික්ඛුනී අගාරිකස්ස වා පරිබ්බාජකස්ස වා පරිබ්බාජිකාය වා සමණචීවරං දදෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් ගිහියකුට හෝ පිරිවැජියකුට හෝ පිරිවැජිනියකට හෝ මහණසිවුරු දේ නම් පචිති වේ” යයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණියි.
Pali BJTඅගාරිකො නාම: යො කොචි අගාරං අජ්ඣාවසති.
Sinhala BJTඅගාරික නම්: ගෙහි වෙසෙන යම් කිසිවෙක්.
Pali BJTපරිබ්බාජකො නාම: භික්ඛුඤ්ච සාමණෙරඤ්ච ඨපෙත්වා යො කොචි පරිබ්බාජකසමාපන්නො.
Sinhala BJTපරිබ්බාජක නම්: මහණ ද හෙරණ ද තබා පිරිවැජිබවට පැමිණි යම් කිසිවෙකි.
Pali BJTපරිබ්බාජිකා නාම: භික්ඛුනිඤ්ච සික්ඛමානඤ්ච සාමණෙරිඤ්ච ඨපෙත්වා යා කාචි පරිබ්බාජිකසමාපන්නා.
Sinhala BJTපරිබ්බාජිකා නම්: මෙහෙණ ද හික්මනුව ද හෙරැණිය ද තබා පිරිවැජි බවට පැමිණි යම් කිසිවක.
Pali BJTසමණචීවරං නාම: කප්පකතං වුච්චති. දෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTසමණචීවර නම්: කප්බින්‍දු ඔබනලද සිවුර කියනු ලැබේ. දේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: මාතාපිතුන්නං{6} දෙති තාවකාලිකං දෙති උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTමවුපියන්ට දේ නම්, තව්කැලි කොට දේ නම්, ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTඅට්ඨමසික්ඛාපදං.
Sinhala BJTඅටවන සිකපද යි.
Pali BJT4. 3. 9.
Sinhala BJT4. 3. 9.
Pali BJTනවමසික්ඛාපදං
Sinhala BJTනවවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දාය භික්ඛුනියා උපට්ඨාකකුලං ථුල්ලනන්දං භික්ඛුනිං එතදවොච: “සචෙ මයං අය්යෙ සක්කොම භික්ඛුනීසඞ්ඝස්ස චීවරං දස්සාමා”ති. තෙන ඛො පන සමයෙන වස්සං වුත්ථා භික්ඛුනියො චීවරං භාජෙතුකාමා සන්නිපතිංසු. ථුල්ලනන්දා භික්ඛුනී තා භික්ඛුනියො එතදවොච: “ආගමෙථ අය්යෙ, අත්ථි භික්ඛුනිසඞ්ඝස්ස චීවරපච්චාසාති. භික්ඛුනියො ථුල්ලනන්දං භික්ඛුනිං එතදවොචුං: ගච්ඡය්යෙ{1} තං චීවරං ජානාහීති. ථුල්ලනන්දා භික්ඛුනී යෙන තං කුලං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ මනුස්සෙ එතදවොච: “දෙථාවුසො භික්ඛුනිසඞ්ඝස්ස චීවර”න්ති. න මයං අය්යෙ සක්කොම භික්ඛුනිසඞ්ඝස්ස චීවරං දාතුන්ති. ථුල්ලනන්දා භික්ඛුනී භික්ඛුනීනං එතමත්ථං ආරොචෙසි.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණියගේ උපස්ථායක කුලය ථුල්ලනන්‍දා භික්‍ෂුණියට මෙය කී යැ: “ආර්‍ය්‍යාවෙනි, ඉදින් අපි හැකියමෝ නම් මෙහෙණ සඟනට සිවුරක් දෙම් හ” යි. එ සමයෙහි වස්වැස නිමවූ මෙහෙණෝ සිවුරු බෙදනු කැමැත්තාහු රැස්වූහ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී ඒ මෙහෙණන්ට මෙය කිවු යැ: “ආර්‍ය්‍යාවෙනි පොරොත්තු වවු; මෙහෙණසඟනට චීවරප්‍රත්‍යාශාව ඇතැ” යි. මෙහෙණෝ ථුල්ලනන්‍දා භික්‍ෂුණියට මෙය කීහු: ආර්‍ය්‍යාවෙනි, “යව ඒ සිවුර දනුව” යි. ථුල්ලනන්‍දා භික්‍ෂුණී ඒ කුලය වෙත එළඹියා ය. එළැඹැ ඒ මිනිසුන්ට මෙය කිවු යැ: ඇවැත්නි, “මෙහෙණ සඟනට සිවුරක් දෙව” යි. “ආර්‍ය්‍යාවෙනි, අපි මෙහෙණ සඟනට සිවුරක් දෙන්නට නො හැකියම්හ” යි. ථුල්ලනන්‍දා භික්‍ෂුණී මෙහෙණන්හට තෙල කරුණ ඇරොජූ යැ.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා ථුල්ලනන්දා දුබ්බලචීවරපච්චාසාය චීවරකාලසමයං අතික්කාමෙස්සතී”ති. -පෙ- සච්චං කිර භික්ඛවෙ, ථුල්ලනන්දා භික්ඛුනී දුබ්බලචීවරපච්චාසාය චීවරකාලසමයං අතික්කාමෙසීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ, ථුල්ලනන්දා භික්ඛුනී දුබ්බලචීවරපච්චාසාය චීවරකාලසමයං අතික්කාමෙස්සති. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ සිවුරක් ලබන දුබල රිසියෙන් චීවරකාලසමය ඉක්මවූ දැ”යි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී සිවුරක් ලබන දුබල රිසියෙන් චීවරකාලසමය ඉක්මවූ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී සිවුරක් ලබන දුබල රිසියෙන් චීවරකාල සමය ඉක්ම වූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත් වා:
Pali BJT“යා පන භික්ඛුනී දුබ්බලචීවරපච්චාසාය චීවරකාලසමයං අතික්කාමෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් තොමෝ සිවුරක් ලබන දුබල රිසියෙන් චීවර කාලසමය ඉක්මවා නම් පචිති වේ” යයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී: ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTදුබ්බලචීවරපච්චාසා නාම: සචෙ මයං සක්කොම දස්සාම කරිස්සාමාති වාචා භින්නා හොති.
Sinhala BJTදුබ්බලචීවරපච්චාසා නම්: ඉදින් අපි හැකියමෝ නම් දෙන්නමු කරන්නමු යි වාග් භේද කළා වෙයි.
Pali BJTචීවරකාලසමයො නාම: අනත්ථතෙ කඨිනෙ වස්සානස්ස පච්ඡිමො මාසො, අත්ථතෙ කඨිනෙ පඤ්ච මාසා.
Sinhala BJTචීවරකාලසමය නම්: කෙළින් නො අතුළ කල්හි වස්සානය පිළිබඳ පැසුළුමස යැ. කෙළින් අතුළ කල්හි පස්මස යි.
Pali BJTචීවරකාලසමයං අතික්කාමෙය්යාති: අනත්ථතෙ කඨිනෙ වස්සානස්ස පච්ඡිමං දිවසං අතික්කාමෙති ආපත්ති පාචිත්තියස්ස. අත්ථතෙ කඨිනෙ කඨිනුද්ධාරදිවසං අතික්කාමෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTචීවරකාලසමයං අතික්කාමෙය්‍ය: කෙළින් නො අතුළ කල්හි වස්සානය පිළිබඳ පැසුළු දවස ඉක්මවා නම් පචිති ඇවැත් වෙයි. කෙළින් අතුළ කල්හි කෙළින් උදුරන දවස ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTදුබ්බලචීවරෙ දුබ්බලචීවරසඤ්ඤා චීවරකාලසමයං අතික්කාමෙති ආපත්ති පාචිත්තියස්ස. දුබ්බලචීවරෙ වෙමතිකා චීවරකාලසමයං අතික්කාමෙති ආපත්ති දුක්කටස්ස. දුබ්බලචීවරෙ අදුබ්බලචීවරසඤ්ඤා චීවරකාලසමයං අතික්කාමෙති අනාපත්ති.
Sinhala BJTදුබල සිවුරෙහි දුබල සිවුරුසන් ඇතියා චීවරකාලසමය ඉක්මවා නම් පචිති ඇවැත් වෙයි. දුබල සිවුරෙහි විමති ඇතියා චීවරකාලසමය ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි. දුබල සිවුරෙහි නො දුබල සිවුරුසන් ඇතියා චීවරකාලසමය ඉක්මවා නම් ඇවැත් නැති.
Pali BJTඅදුබ්බලචීවරෙ දුබ්බලචීවරසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අදුබ්බලචීවරෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අදුබ්බලචීවරෙ අදුබ්බලචීවරසඤ්ඤා අනාපත්ති.
Sinhala BJTනො දුබල සිවුරෙහි දුබල සිවුරු සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො දුබල සිවුරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො දුබල සිවුරෙහි නො දුබල සිවුරුසන් ඇතියා නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති ආනිසංසං දස්සෙත්වා නිවාරෙති{1} උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඅනුසස් දක්වා වළක්වා නම්, උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTනවමසික්ඛාපදං.
Sinhala BJTනවවන සිකපද යි.
Pali BJT4. 3. 10.
Sinhala BJT4. 3. 10.
Pali BJTදසමසික්ඛාපදං
Sinhala BJTදසවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන අඤ්ඤතරෙන උපාසකෙන සඞ්ඝං උද්දිස්ස විහාරො කාරාපිතො හොති. සො තස්ස විහාරස්ස මහෙ උභතො සඞ්ඝස්ස අකාලචීවරං දාතුකාමො හොති. තෙන ඛො පන සමයෙන උභතො සඞ්ඝස්ස කඨිනං අත්ථතං හොති. අථ ඛො සො උපාසකො සඞ්ඝං උපසඞ්කමිත්වා කඨිනුද්ධාරං යාචි, භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ කඨිනං උද්ධරිතුං” එවඤ්ච පන භික්ඛවෙ උද්ධරිතබ්බං, බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා උවසුවකු විසින් සඞ්ඝයා උදෙසා විහාරයෙක් කරවන ලද්දේ වෙයි. හෙ තෙමේ ඒ විහාර පූජෝත්සවයෙහි දෙ සඟුන්හට අයල් සිවුරක් දෙනු කැමැතියේ වෙයි. එසමයෙහි වනාහි දෙ සඟුන් විසින් කඨිනය අතුරන ලද්දේ වෙයි. එකල්හි ඒ උවසු මේ සඞ්ඝයා වෙතැ එළැඹැ කඨින ඉදිරීම යැදී යැ. භාග්‍යවතුන්හට තෙල කරුණ ඇරොජූහු. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමැතූ සේක. ‘මහණෙනි, කඨිනය උදුරන්නට අනුදනිමි’ මෙසේ ද මහණෙනි, ඉදිරිය යුතුයි. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝයා දැන්විය යුත්තේ යි.
Pali BJT2. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො කඨිනං උද්ධරෙය්ය එසා ඤත්ති.
Sinhala BJT2. ස්වාමීනි, සඞ්ඝයා මවදන් අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝයා කඨිනය උදුරන්නේ යැ. මේ ඥප්ති යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො, සඞ්ඝො කඨිනං උද්ධරති යස්සායස්මතො ඛමති කඨිනස්ස උබ්භාරො{2} සො තුණ්හස්ස යස්ස නක්ඛමති සො භාසෙය්ය. උබ්භතං සඞ්ඝෙන කඨිනං ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී එවමෙතං ධාරයාමීති.
Sinhala BJTස්වාමීනි සඞ්ඝයා ම වදන් අසාවා. සඞ්ඝයා කඨිනය උදුරයි. යම් ආයුෂ්මත් කෙනකු කඨිනය ඉදිරීම රුස්නේ නම් හෙ නිහඬ වන්නේ යැ. යමක්හට නො රුස්නේ නම් හෙ කියන්නේ යැ. සඞ්ඝයා විසින් කඨින උදුරන ලදී. සඞ්ඝයාට රුස්නේ යැ. එහෙයින් නිහඬයහ. මෙසේ මෙය දරමි යි.
Pali BJT3. අථ ඛො සො උපාසකො භික්ඛුනිසඞ්ඝං උපසඞ්කමිත්වා කඨිනුද්ධාරං යාචි. ථුල්ලනන්දා භික්ඛුනී චීවරං අම්හාකං භවිස්සතීති. කඨිනුද්ධාරං පටිබාහි. අථ ඛො සො උපාසකො උජ්ඣායති ඛීයති විපාචෙති: කථං හි නාම භික්ඛුනියො අම්හාකං කඨිනුද්ධාරං න දස්සන්තීති. අස්සොසුං ඛො භික්ඛුනියො තස්ස උපාසකස්ස උජ්ඣායන්තස්ස ඛීයන්තස්ස
Sinhala BJT3. ඉක්බිති ඒ උවසු මෙහෙණසඟුන් වෙතැ එළැඹැ කඨින ඉදිරීම යැදී යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී සිවුර අපට වන්නේ යයි කඨින ඉදිරීම වැළැක්වූ යැ. එකල්හි ඒ උවසු ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි: “කෙසේ නම් මෙහෙණෝ අපට කඨින ඉදිරීම නො දුන්නු දැ” යි. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ උවසුවාගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු.
Pali BJT4. විපාචෙන්තස්ස. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා ථුල්ලනන්දා ධම්මිකං කඨිනුද්ධාරං පටිබාහිස්සතීති -පෙ- සච්චං කිර භික්ඛවෙ, ථුල්ලනන්දා භික්ඛුනී ධම්මිකං කඨිනුද්ධාරං පටිබාහීති, සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ, ථුල්ලනන්දා භික්ඛුනී ධම්මිකං කඨිනුද්ධාරං පටිබාහිස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT4. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත් “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ දැහැමි වූ කඨින ඉදිරීම වැළැක්වූ” දැ යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී දැහැමි වූ කඨින ඉදිරීම වැළැක් වූ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී දැහැමි වූ කඨින ඉදිරීම වැළැක්වූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී ධම්මිකං කඨිනුද්ධාරං පටිබාහෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් දැහැමි වූ කඨින ඉදිරීම වළක්වා නම් පචිති වේ” යයි.
Pali BJT5. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT5. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී: ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTධම්මිකො නාම කඨිනුද්ධාරො: සමග්ගො භික්ඛුනිසඞ්ඝො සන්නිපතිත්වා උද්ධරති.
Sinhala BJTධම්මිකකඨිනුද්ධාර නම්: සමඟ වූ මෙහෙණ සඟහු රැස්වී උදුරති.
Pali BJTපටිබාහෙය්යාති: කථං ඉදං කඨිනං උද්ධරෙය්යාති{1} පටිබාහති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTපටිබාහෙය්‍ය: කෙසේ මේ කඨින උදුරන්නේ දැ යි වළක්වා නම් පචිති ඇවැත් වේ.
Pali BJTධම්මිකෙ ධම්මිකසඤ්ඤා පටිබාහති ආපත්ති පාචිත්තියස්ස. ධම්මිකෙ වෙමතිකා පටිබාහති ආපත්ති දුක්කටස්ස. ධම්මිකෙ අධම්මිකසඤ්ඤා පටිබාහති අනාපත්ති.
Sinhala BJTදැහැමියෙහි දැහැමි සන් ඇතියා වළක්වා නම් පචිති ඇවැත් වෙයි. දැහැමියෙහි විමති ඇතියා වළක්වා නම් දුකුළා ඇවැත් වෙයි. දැහැමියෙහි නො දැහැමිසන් ඇතියා වළක්වා නම් ඇවැත් නැති.
Pali BJTඅධම්මිකෙ ධම්මිකසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අධම්මිකෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අධම්මිකෙ අධම්මිකසඤ්ඤා අනාපත්ති.
Sinhala BJTනො දැහැමියෙහි දැහැමිසන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමියෙහි විමති ඇතියා නම් දුකුළා ඇවත් වෙයි. නො දැහැමියෙහි නො දැහැමිසන් ඇතියා නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: ආනිසංසං දස්සෙත්වා පටිබාහති උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති .
Sinhala BJTඅනුසස් දක්වා වළක්වා නම්, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTදසමසික්ඛාපදං.
Sinhala BJTදසවන සිකපද යි.
Pali BJTනග්ගවග්ගො තතියො.
Sinhala BJTතෘතීය නග්න වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTනග්ගොදකං විසිබ්බෙත්වා - පඤ්චාහසංකමානීයං ගණවිභඞ්ග සමණං - දුබ්බලං කඨිනෙන{2} චාති.
Sinhala BJTනග්ග යැ උදක (සාටිකා) යැ විසිබ්බන යැ පඤ්චාහික යැ (චීවර) සඞ්කමනීය යැ ගණ යැ (චීවර) විභඞ්ග යැ සමණ (චීවර) යැ දුබ්බල යැ කඨිනයෙන් දැ යි.
Pali BJT4. තුවට්ටවග්ගො
Sinhala BJT4. තුවට්ටවර්‍ගය
Pali BJT4. 4. 1.
Sinhala BJT4. 4. 1.
Pali BJTපඨමසික්ඛාපදං
Sinhala BJTපළමු සිකපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භික්ඛුනියො ද්වෙ එකමඤ්චෙ තුවට්ටෙන්ති. මනුස්සා විහාරචාරිකං ආහිණ්ඩන්තා පස්සිත්වා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො ද්වෙ එකමඤ්චෙ තුවට්ටෙස්සන්ති සෙය්යථාපි ගිහී කාමභොගිනියො”ති! අස්සොසුං ඛො භික්ඛුනියො තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි මෙහෙණෝ දෙදෙනෙක් එක් ඇඳෙහි එක් වැ හොවිත්. මිනිස්සු විහාරචාරිකායෙහි ඇවිදින්නාහු දැක ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ දෙදෙනෙක් ගෘහී කාමභෝගිනියන් මෙන් එක් ඇඳෙහි එක් වැ හොත්හු දැ”යි. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො ද්වෙ එකමඤ්චෙ තුවට්ටෙස්සන්තී”ති. -පෙ- සච්චං කිර භික්ඛවෙ, භික්ඛුනියො ද්වෙ එකමඤ්චෙ තුවට්ටෙස්සන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ, භික්ඛුනියො ද්වෙ එකමඤ්චෙ තුවට්ටෙස්සන්ති. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ දෙදෙනෙක් එක් ඇඳෙහි එක් වැ හොත්හු දැ”යි. … සැබෑද මහණෙනි, මෙහෙණෝ දෙදෙනෙක් එක් ඇඳෙහි එක් වැ හොවිත් දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ දෙදෙනෙක් එක් ඇඳෙහි එක් වැ හොත්හු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසෙත්වා:
Pali BJT“යා පන භික්ඛුනියො ද්වෙ එකමඤ්චෙ තුවට්ටෙය්යුං පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණෝ දෙදෙනෙක් එක් ඇඳෙහි එක් වැ හොවිත් නම් පචිති වේ” යයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනියොති: උපසම්පන්නායො වුච්චන්ති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනියො: උපසපන් වූවෝ කියනු ලැබෙත්.
Pali BJTද්වෙ එකමඤ්චෙ තුවට්ටෙය්යුන්ති: එකාය නිපන්නාය අපරා නිපජ්ජති ආපත්ති පාචිත්තියස්ස. උභො වා නිපජ්ජන්ති ආපත්ති පාචිත්තියස්ස. උට්ඨහිත්වා පුනප්පුනං නිපජ්ජන්ති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTද්වෙ ඒකමඤ්චෙ තුවට්ටෙය්‍යුං: එකක හොත් කල්හි අනෙකක් හොවී නම් පචිති ඇවැත් වෙයි. දෙදෙන මැ හොවිත් නම් පචිති ඇවැත් වෙයි, නැඟිට පුන පුනා හොවිත් නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: එකාය නිපන්නාය අපරා නිසීදති උභො වා නිසීදන්ති උම්මත්තිකානං -පෙ- ආදිකම්මිකානන්ති.”
Sinhala BJTඑකෙකු හොත් කල්හි අනෙකක් හිඳී නම්, දෙදෙන මැ හිඳිත් නම්, උම්මත්තිකාවනට … ආදිකම්මිකාවනට ඇවැත් නැති.
Pali BJTපඨමසික්ඛාපදං නිට්ඨිතං
Sinhala BJTපළමු සිකපදයි.
Pali BJT8. 6. 3.
Sinhala BJT8. 6. 3.
Pali BJTදුතියසික්ඛාපදං
Sinhala BJTදෙවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික්ඛුනියො ද්වෙ එකත්ථරණපාපුරණා{1} තුවට්ටෙන්ති. මනුස්සා විහාරචාරිකං ආහිණ්ඩන්තා පස්සිත්වා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො ද්වෙ එකත්ථරණපාපුරණා තුවට්ටෙස්සන්ති සෙය්යථාපි ගිහී කාමභොගිනියො”ති අස්සොසුං ඛො භික්ඛුනියො තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ දෙදෙනෙක් එක් මැ ඇතිරි පොරෝනා ඇති වැ හොවිත්. මිනිස්සු විහාරචාරිකායෙහි ඇවිදින්නාහු දැක ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් මෙහෙණෝ දෙදෙනෙක් එක් මැ ඇතිරි පොරෝනා ඇති වැ ගෘහීකාමභෝගිනියන් මෙන් හොත්හු” දැයි. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො ද්වෙ එකත්ථරණපාපුරණා තුවට්ටෙස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ, භික්ඛුනියො ද්වෙ එකත්ථරණපාපුරණා තුවට්ටෙන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා. -පෙ- කථං හි නාම භික්ඛවෙ, භික්ඛුනියො ද්වෙ එකත්ථරණපාපුරණා තුවට්ටෙස්සන්ති. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් මෙහෙණෝ දෙදෙනෙක් එක් මැ ඇතිරි පොරෝනා ඇති වැ හොත්හු දැ” යි. … සැබෑ ද මහණෙනි, මෙහෙණෝ දෙදෙනෙක් එක් මැ ඇතිරි පොරෝනා ඇති වැ හොවිත් දැ යි, සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ දෙදෙනෙක් එක් මැ ඇතිරි පොරෝනා ඇති වැ හොත්හු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසෙත්වා:
Pali BJT“යා පන භික්ඛුනියො ද්වෙ එකත්ථරණපාපුරණා තුවට්ටෙය්යුං පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණෝ දෙදෙනෙක් එකක් මැ ඇතිරි පොරෝනා ඇති වැ හොවිත් නම් පචිති වේ” ය යි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනියොති උපසම්පන්නායො වුච්චන්ති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනියො: උපසපන්වූවෝ කියනු ලැබෙත්.
Pali BJTද්වෙ එකත්ථරණපාපුරණා තුවට්ටෙය්යුන්ති: තඤ්ඤෙව අත්ථරිත්වා තඤ්ඤෙව පාරුපන්ති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTද්වෙ ඒකත්‍ථරණපාපුරණා තුවට්ටෙය්‍යුං: එය මැ අතුරා එය මැ පොරවත් නම් පචිති ඇවැත් වේ.
Pali BJTඑකත්ථරණපාපුරණෙ එකත්ථරණපාපුරණසඤ්ඤා තුවට්ටෙන්ති ආපත්ති පාචිත්තියස්ස. එකත්ථරණපාපුරණෙ වෙමතිකා තුවට්ටෙන්ති ආපත්ති පාචිත්තියස්ස. එකත්ථරණපාපුරණෙ නානත්ථරණපාවුරණසඤ්ඤා තුවට්ටෙන්ති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඒකාස්තරණප්‍රාවරණයෙහි ඒකාස්තරණප්‍රාවරණසංඥා ඇතියාහු එක් වැ හොවිත් නම් පචිති ඇවැත් වෙයි. ඒකාස්තරණප්‍රාවරණයෙහි විමති ඇතියාහු එක් වැ හොවිත් නම් පචිති ඇවැත් වෙයි. ඒකාස්තරණ ප්‍රාවරණයෙහි නානාස්තරණප්‍රාවරණසංඥා ඇතියාහු එක් වැ හොවිත් නම් පචිති ඇවැත් වේ.
Pali BJTඑකත්ථරණෙ නානාපාපුරණෙසඤ්ඤා{1} ආපත්ති දුක්කටස්ස. නානත්ථරණෙ එකපාපුරණසඤ්ඤා{2} ආපත්ති දුක්කටස්ස. නානත්ථරණපාපුරණෙ එකත්ථරණපාපුරණසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. නානත්ථරණපාපුරණෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. නානත්ථරණපාපුරණෙ නානත්ථරණපාපුරණසඤ්ඤා අනාපත්ති.
Sinhala BJTඒකාස්තරණයෙහි නානාප්‍රාවරණසංඥා ඇතියාහු නම් දුකුළා ඇවැත් වෙයි. නානාස්තරණයෙහි ඒකප්‍රාවරණසංඥා ඇතියාහු නම් දුකුළා ඇවැත් වෙයි. නානාස්තරණප්‍රාවරණයෙහි එකාස්තරණප්‍රාවරණ සංඥා ඇතියාහු නම් දුකුළා ඇවැත් වෙයි. නානාස්තරණප්‍රාවරණයෙහි විමති ඇතියාහු නම් දුකුළා ඇවැත් වෙයි. නානාස්තරණප්‍රාවරණයෙහි නානාස්තරණප්‍රාවරණසංඥා ඇතියාහු නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: වවත්ථානං දස්සෙත්වා නිපජ්ජන්ති, උම්මත්තිකානං -පෙ- ආදිකම්මිකානන්ති.
Sinhala BJTඅතරක් දක්වා හොවිත් නම් ඇවැත් නොවේ. උම්මත්තිකාවනට … ආදිකම්මිකාවනට ඇවැත් නැති.
Pali BJTදුතියසික්ඛාපදං.
Sinhala BJTදෙවන සිකපද යි.
Pali BJT4. 4. 3.
Sinhala BJT4. 4. 3.
Pali BJTතතියසික්ඛාපදං
Sinhala BJTතෙවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දා භික්ඛුනී බහුස්සුතා හොති භාණිකා විසාරදා පට්ටා ධම්මිං කථං කාතුං. භද්දාපි කාපිලානී{1} බහුස්සුතා හොති භාණිකා විසාරදා පට්ටා ධම්මිං කථං කාතුං උළාරසම්භාවිතා. මනුස්සා අය්යා භද්දා කාපිලානී බහුස්සුතා භාණිකා විසාරදා පට්ටා ධම්මිං කථං කාතුං උළාරසම්භාවිතාති, භද්දං කාපිලානිං පඨමං පයිරුපාසිත්වා පච්ඡා ථුල්ලනන්දං භික්ඛුනිං පයිරුපාසන්ති. ථුල්ලනන්දා භික්ඛුනී ඉස්සාපකතා “ඉමා කිර අප්පිච්ඡා සන්තුට්ඨා පවිවිත්තා අසංසට්ඨා යා ඉමා සඤ්ඤත්තිබහුලා විඤ්ඤත්තිබහුලා විහරන්තී”ති භද්දාය කාපිලානියා පුරතො චඞ්කමතිපි තිට්ඨතිපි නිසීදතිපි සෙය්යම්පි කප්පෙති. උද්දිසතිපි උද්දිසාපෙතිපි සජ්ඣායම්පි කරොති.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ බොහෝ ඇසූපිරූතැන් ඇත්තී පිරිවැහූ බණදහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කරන්නට අග්‍රවූවා වෙයි. භද්‍රා කාපිලානී තොමෝත් බොහෝ ඇසූපිරූතැන් ඇත්තී පිරිවැහූ බණදහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කරන්නට අග්‍රවූවා උදාර පුද්ගලයන් විසින් සම්භාවිත වූවා වෙයි. මිනිස්සු ආර්‍ය්‍යා භද්‍රා කාපිලානී තොමෝ බොහෝ ඇසූපිරූතැන් ඇත්තී පිරිවැහූ බණ දහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කියන්නට අග්‍රවූවා උදාර පුද්ගලයන් විසින් සම්භාවිත වූවා යැයි භද්‍රා කාපිලානිය පළමු කොට පර්‍ය්‍යුපාසනය කොට පසුවැ ථුල්ලනන්‍දා භික්‍ෂුණිය පර්‍ය්‍යුපාසනය කෙරෙත්. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ඊර්‍ෂ්‍යාවෙන් මඩනා ලද්දී “මොහු වනාහි අපිස්වූවාහු සන්තුෂ්ට වූවාහු ප්‍රවිවික්ත වූවාහු අමිශ්‍ර වූවාහුය. යම්බඳු මොහු හැඟවීම් බහුල කොට ඇතියාහු විනවීම් බහුල කොට ඇතියාහු වෙසෙද්දැයි භද්‍රා කාපිලානියගේ ඉදිරියෙහි සක්මන් ද කෙරෙයි, සිටීමද කෙරෙයි, හිඳීම ද කෙරෙයි, ශයනය ද කෙරෙයි, උදෙසීම ද කෙරෙයි, උදෙසවා ගැනීම ද කෙරෙයි, හැදෑරීම ද කෙරෙයි.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා ථුල්ලනන්දා අය්යාය භද්දාය කාපිලානියා සඤ්චිච්ච අඵාසුං කරිස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී භද්දාය කාපිලානියා සඤ්චිච්ච අඵාසුං කරොතීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ, ථුල්ලනන්දා භික්ඛුනී භද්දාය කාපිලානියා සඤ්චිච්ච අඵාසුං කරිස්සති. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ ආර්‍ය්‍යා භද්‍රා කාපිලානියහට දැනැදැනැ අපහසු බව කළා දැයි … සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා මෙහෙණ භද්‍රා කාපිලානියහට දැන දැන අපහසු බව කෙරේදැයි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ භද්‍රා කාපිලානියහට දැනැදැනැ අපහසුබව කළා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසෙත්වා:
Pali BJT“යා පන භික්ඛුනී භික්ඛුනියො සඤ්චිච්ච අඵාසුං කරෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් මෙහෙණකට දැනැ දැනැ අපහසුබව කෙරේ නම් පචිති ඇවැත් වේ” ය යි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
Pali BJTභික්ඛුනියාති: අඤ්ඤාය භික්ඛුනියා.
Sinhala BJTභික්ඛුනියා: අන් මෙහෙණකට.
Pali BJTසඤ්චිච්චාති: ජානන්තී සඤ්ජානන්ති චෙච්ච අභිවිතරිත්වා වීතික්කමො.
Sinhala BJTසඤ්චිච්ච: දන්නී මොනවට දන්නී සිතා නිසැක සිත මෙහෙයවා ව්‍යතික්‍රමයැ.
Pali BJTඅඵාසුං කරෙය්යාති: ඉමිනා ඉමිස්සා අඵාසු භවිස්සතීති අනාපුච්ඡා පුරතො චඞ්කමති වා තිට්ඨති වා නිසීදති වා සෙය්යං වා කප්පෙති උද්දිසති වා උද්දිසාපෙති වා සජ්ඣායං වා කරොති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඅඵාසුං කරෙය්‍ය: මෙයින් මැයහට අපහසුවෙක් වන්නේ යැයි නො පිළිවිසැ ඉදිරියෙහි සක්මන් කෙරේ නම් හෝ සිටී නම් හෝ හිඳී නම් හෝ ශයනය කෙරේ නම් හෝ උදෙසා නම් හෝ උදෙසවා නම් හෝ හැදෑරීම කෙරේ නම් හෝ පචිති ඇවැත් වේ.
Pali BJTඋපසම්පන්නාය උපසම්පන්නසඤ්ඤා සඤ්චිච්ච අඵාසුං කරොති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නාය වෙමතිකා සඤ්චිච්ච අඵාසුං කරොති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නාය අනුපසම්පන්නසඤ්ඤා සඤ්චිච්ච අඵාසුං කරොති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඋපසපනක කෙරෙහි උපසපන්සන් ඇතියා දැනැදැනැ අපහසු බව කෙරේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි විමති ඇතියා දැනදැන අපහසුබව කෙරේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි අනුපසපන්සන් ඇතියා දැනැදැනැ අපහසු බව කෙරේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅනුපසම්පන්නාය සඤ්චිච්ච අඵාසුං කරොති ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය උපසම්පන්නසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය අනුපසම්පන්නසඤ්ඤා ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅනුපසපනකහට දැනැදැනැ අපහසුබව කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි උපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි අනුපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: න අඵාසුං කත්තුකාමා, ආපුච්ඡා පුරතො චඞ්කමති වා තිට්ඨති වා නිසීදති වා සෙය්යං වා කප්පෙති උද්දිසති වා උද්දිසාපෙති වා සජ්ඣායං වා කරොති උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඅපහසුබව නො කරනු කැමැත්තී නම්, පිළිවිසැ ඉදිරියෙහි සක්මන් කෙරේ නම් හෝ සිටී නම් හෝ හිඳී නම් හෝ ශයනය කෙරේ නම් හෝ උදෙසා නම් හෝ උදෙස්වා නම් හෝ හැදෑරීම කෙරේ නම් ඇවැත් නැත. උම්මත්තිකාවට … ආදිකම්මිකාවට … ඇවැත් නැති.
Pali BJTතතියසික්ඛාපදං.
Sinhala BJTතෙවන සිකපද යි.
Pali BJT4. 4. 4.
Sinhala BJT4. 4. 4.
Pali BJTචතුත්ථසික්ඛාපදං
Sinhala BJTසතරවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං - තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දා භික්ඛුනී දුක්ඛිතං සහජීවිනිං නෙව උපට්ඨෙති න උපට්ඨාපනාය උස්සුක්කං කරොති.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ දුකටපත් සහජීවනියහට නොමැ උවැටන් කෙරෙයි. උවැටන් කැරැවීමට උත්සාහ නො කෙරෙයි.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා ථුල්ලනන්දා දුක්ඛිතං සහජීවිනිං නෙව උපට්ඨෙස්සති න උපට්ඨාපනාය උස්සුක්කං කරිස්සතී”ති. -පෙ- සච්චං කිර භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී දුක්ඛිතං සහජීවිනිං නෙව උපට්ඨෙති න උපට්ඨාපනාය උස්සුක්කං කරොතීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා. -පෙ- කථං හි නාම භික්ඛවෙ, ථුල්ලනන්දා භික්ඛුනී දුක්ඛිතං සහජීවිනිං නෙව උපට්ඨෙස්සති න උපට්ඨාපනාය උස්සුක්කං කරිස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ දුකටපත් සහජීවිනියහට නොමැ උවැටන් කළා ද? උවැටන් කැරැවීමට උත්සාහ නො කළා” දැයි … සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ දුකටපත් සහජීවනියහට නො මැ උවැටන් කෙරේද? උවැටන් කැරැවීමට උත්සාහ නො කෙරේදැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ දුකටපත් සහජීවනියහට නොමැ උවැටන් කළා ද? උවැටන් කැරැවීමට උත්සාහ නො කළා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී දුක්ඛිතං සහජීවිනිං නෙව උපට්ඨෙය්ය න උපට්ඨාපනාය උස්සුක්කං කරෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් තොමෝ දුකටපත් සහජීවනියට නො මැ උවැටන් කෙරේ නම් උවැටන් කැරැවීමට උත්සාහ නො කෙරේ නම් පචිති වේ” ය යි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී: … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTදුක්ඛිතා නාම: ගිලානා වුච්චති.
Sinhala BJTදුක්ඛිතා නම්: ගිලනැයි කියනු ලැබෙයි.
Pali BJTසහජීවිනී නාම: සද්ධිවිහාරිනී වුච්චති.
Sinhala BJTසහජීවනී නම්: සද්ධිවිහාරිනී කියනු ලැබෙයි.
Pali BJTනෙව උපට්ඨෙය්යාති: න සයං උපට්ඨෙය්ය.
Sinhala BJTනේව උපට්ඨෙය්‍ය: තොමෝ උවැටන් නො කෙරෙයි.
Pali BJTන උපට්ඨාපනාය උස්සුක්කං කරෙය්යාති: න අඤ්ඤං ආණාපෙය්ය. නෙව උපට්ඨෙස්සාමි න උපට්ඨාපනාය උස්සුක්කං කරිස්සාමීති ධුරං නික්ඛිත්තමත්තෙ ආපත්ති පාචිත්තියස්ස. අන්තෙවාසිනිං වා අනුපසම්පන්නං වා නෙව උපට්ඨෙති න උපට්ඨාපනාය උස්සුක්කං කරොති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTන උපට්ඨාපනාය උස්සුක්කං කරෙය්‍ය: මෙරමාහට නො අණවයි. නොමැ උවැටන් කරන්නෙමි උවැටන් කැරැවීමට උත්සාහ නො කරන්නෙමි යි ධුරනික්‍ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වෙයි. අතැවැසිනියකට හෝ අනුපසපනකහට හෝ නොමැ උවැටන් කෙරේ නම් උවැටන් කැරැවීමට උත්සාහ නො කෙරේ නම් දුකුළා ඇවැත් වේ.