Pali BJTදූපධාරිතෙනාති: අඤ්ඤථා උපධාරිතෙන.
Sinhala BJTදූපධාරිතෙන: අන් පරිද්දෙකින් දරන ලදුයෙන්.
Pali BJTපරන්ති: උපසම්පන්නං උජ්ඣාපෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTපරං: උපසපනක ලමුකොට සිතවා නම් පචිති ඇවැත් වෙයි.
Pali BJTඋපසම්පන්නාය උපසම්පන්නසඤ්ඤා උජ්ඣාපෙති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නාය වෙමතිකා උජ්ඣාපෙති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නාය අනුපසම්පන්නසඤ්ඤා උජ්ඣාපෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඋපසපනක කෙරෙහි උපසපන්සන් ඇතියා ලමු කොට සිතවා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි විමති ඇතියා ලමු කොට සිතවා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි අනුපසපන්සන් ඇතියා ලමු කොට සිතවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅනුපසම්පන්නං උජ්ඣාපෙති ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය උපසම්පන්නසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය අනුපසම්පන්නසඤ්ඤා ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅනුපසපනක ලමු කොට සිතවා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි උපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි අනුපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඋම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTඅට්ඨමසික්ඛාපදං.
Sinhala BJTඅටවන සිකපද යි.
Pali BJT4. 2. 9.
Sinhala BJT4. 2. 9.
Pali BJTනවමසික්ඛාපදං
Sinhala BJTනවවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික්ඛුනියො අත්තනො භණ්ඩකං අපස්සන්තියො චණ්ඩකාළිං භික්ඛුනිං එතදවොචුං: “අපාය්යෙ අම්හාකං භණ්ඩකං පස්සෙය්යාසී”ති. චණ්ඩකාළී භික්ඛුනී උජ්ඣායති ඛීයති විපාචෙති: “අහමෙව නූන චොරී, අහමෙව නූන අලජ්ජිනී” යා අය්යායො{1} අත්තනො භණ්ඩකං අපස්සන්තියො තා මං එවමාහංසු: “අපය්යෙ අම්හාකං භණ්ඩකං පස්සෙය්යාසී”ති. සචාහං අය්යෙ තුම්හාකං භණ්ඩකං ගණ්හාමි අස්සමණී හොමි බ්රහ්මචරියා චවාමි නිරයං උපපජ්ජාමි, යා පන මං අභූතෙන එවමාහ සාපි අස්සමණී හොතු බ්රහ්මචරියා චවතු නිරයං උපපජ්ජතූති.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ තමාගේ බඩු නො දක්නාහු චණ්ඩකාලී මෙහෙණට “ආර්‍ය්‍යාවෙනි, අපගේ බඩු දක්නෙහි”දැ යි මෙය කීහු. චණ්ඩකාළී මෙහෙණ ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි: යම් ආර්‍ය්‍යා කෙනෙක් තමාගේ බඩු නො දක්නාහු ද, ඔහු මට “ආර්‍ය්‍යාවෙනි, අපගේ බඩු දක්නෙහි” දැ යි මෙසේ කීහු යැ. මම් මැ ඒකාන්තයෙන් සෙරකිම් වෙම් ද, මම් මැ ඒකාන්තයෙන් ලජ්ජා නැතියකිම් වෙම් ද, ඉදින් ආර්‍ය්‍යාවෙනි, තොපගේ බඩු ගනිම් නම් නො මෙහෙණකිම් වෙමි. බඹසරින් ගිලිහෙමි, නිරයෙහි උපදිමි. යමක් වනාහි අභූතයෙන් මා හට මෙසේ කිවු ද, ඕ තොමෝත් නො මෙහෙණක් වේවා, බඹසරින් ගිලිහේවා, නිරයෙහි උපදීවා යි.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා චණ්ඩකාළී අත්තානම්පි පරම්පි නිරයෙනපි බ්රහ්මචරියෙනපි අභිසපිස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ චණ්ඩකාළී භික්ඛුනී අත්තානම්පි පරම්පි නිරයෙනපි බ්රහ්මචරියෙනපි අභිසපතීති,{2} සච්චං භගවා, විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ, චණ්ඩකාළී භික්ඛුනී අත්තානම්පි පරම්පි නිරයෙනපි බ්රහ්මචරියෙනපි අභිසපිස්සති. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍ය චණ්ඩකාළී තොමෝ තමාට ද මෙරමාට ද නිරයෙනුදු බඹසරිනුදු හැවූ”දැ යි ... සැබෑද මහණෙනි, චණ්ඩකාළී මෙහෙණ තමාට ද මෙරමාට ද නිරයෙනුදු බඹසරිනුදු හවා දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, චණ්ඩකාළී මෙහෙණ තමාට ද මෙරමාට ද නිරයෙනුදු බඹසරිනුදු හැවූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය මෙසේ උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී අත්තානං වා පරං වා නිරයෙන වා බ්රහ්මචරියෙන වා අභිසපෙය්ය පාචිත්තියන්ති.
Sinhala BJT“යම් මෙහෙණක් තමාහට හෝ මෙරමා හට හෝ නිරයයෙන් හෝ බඹසරින් හෝ හවා නම් පචිති වේ” යයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTඅත්තානන්ති: පච්චත්තං.
Sinhala BJTඅත්තානං: තමා කෙරෙහි.
Pali BJTපරන්ති: උපසම්පන්නං. නිරයෙන වා බ්රහ්මචරියෙන වා අභිසපති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTපරං: උපසපනකට නිරයයෙන් හෝ බඹසරින් හෝ හවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඋපසම්පන්නාය උපසම්පන්නසඤ්ඤා නිරයෙන වා බ්රහ්මචරියෙන වා අභිසපති{3} ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නාය වෙමතිකා නිරයෙන වා බ්රහ්මචරියෙන වා අභිසපති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නාය අනුපසම්පන්නසඤ්ඤා නිරයෙන වා බ්රහ්මචරියෙන වා අභිසපති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඋපසපනක කෙරෙහි උපසපන්සන් ඇතියා නිරයයෙන් හෝ බඹසරින් හෝ හවා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි විමති ඇතියා නිරයයෙන් හෝ බඹසරින් හෝ හවා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි අනුපසපන්සන් ඇතියා නිරයයෙන් හෝ බඹසරින් හෝ හවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTතිරච්ඡානයොනියා වා පෙත්තිවිසයෙන වා මනුස්සදොභග්ගෙන වා අභිසපති ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නං අභිසපති ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය උපසම්පන්නසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය අනුපසම්පන්නසඤ්ඤා ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTතිරශ්චීන යෝනියෙන් හෝ ප්‍රේතවිෂයයෙන් හෝ මනුෂ්‍ය දෞර්‍භාග්‍යයෙන් හෝ හවා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනකට හවා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි උපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි අනුපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අත්ථපුරෙක්ඛාරාය, ධම්මපුරෙක්ඛාරාය, අනුසාසනිපුරෙක්ඛාරාය උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඅර්‍ත්‍ථය පෙරටු කොට කියන්නියට, ධර්‍මය පෙරටු කොට කියන්නියට, අනුශාසනය පෙරටු කොට කියන්නියට, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTනවමසික්ඛාපදං.
Sinhala BJTනවවන සිකපද යි.
Pali BJT4. 2. 10.
Sinhala BJT4. 2. 10.
Pali BJTදසමසික්ඛාපදං
Sinhala BJTදසවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන චණ්ඩකාළී භික්ඛුනී භික්ඛුනීහි සද්ධිං භණ්ඩිත්වා අත්තානං වධිත්වා වධිත්වා රොදති. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා චණ්ඩකාළී අත්තානං වධිත්වා වධිත්වා රොදිස්සතී”ති. -පෙ- සච්චං කිර භික්ඛවෙ, චණ්ඩකාළී භික්ඛුනී අත්තානං වධිත්වා වධිත්වා රොදතීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ, චණ්ඩකාළී භික්ඛුනී අත්තානං වධිත්වා වධිත්වා රොදිස්සති. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි චණ්ඩකාළී මෙහෙණ මෙහෙණන් සමග කලහ කොට තමාට පැහැරැ පැහැරැ හඬයි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ආර්‍ය්‍ය චණ්ඩකාළී තමාට පැහැරැ පැහැරැ හැඬූ”දැ යි. ... සැබෑද මහණෙනි, චණ්ඩකාළී මෙහෙණ තමාට පැහැරැ පැහැර හැඬූ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, චණ්ඩකාළී මෙහෙණ තමාට පැහැරැ පැහැරැ හැඬූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී අත්තානං වධිත්වා වධිත්වා රොදෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් තමාට පැහැරැ පැහැරැ හඬා නම් පචිති වේ” යයි.
Pali BJT2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTඅත්තානන්ති: පච්චත්තං.
Sinhala BJTඅත්තානං: තමා කෙරෙහි.
Pali BJTවධති{1} රොදති ආපත්ති පාචිත්තියස්ස. වධති න රොදති ආපත්ති දුක්කටස්ස. රොදති න වධති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTපහරා නම් හඬා නම් පචිති ඇවැත් වෙයි. පහරා නො හඬා නම් දුකුළා ඇවැත් වෙයි. හඬා නම් නො පහරා නම් දුකුළා ඇවැත් වෙයි.
Pali BJTඅනාපත්ති: ඤාතිබ්යසනෙන වා භොගබ්යසනෙන වා රොගබ්යසනෙන වා ඵුට්ඨා රොදති න වධති උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඥාතිව්‍යසනයෙන් හෝ භෝගව්‍යසනයෙන් හෝ රොගව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දී හඬා නම් නො පහරා නම්, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTදසමසික්ඛාපදං.
Sinhala BJTදසවන සිකපද යි.
Pali BJTඅන්ධකාරවග්ගො{2} දුතියො.
Sinhala BJTද්විතීය අන්‍ධකාර වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඅන්ධකාරෙ පටිච්ඡන්නෙ අජ්ඣොකාසෙ සිඞ්ඝාටකෙ, ද්වෙ නාපුච්ඡා විකාලෙ ච දුග්ගහී නිරයෙ වධීති.
Sinhala BJTරත්තන්‍ධකාර යැ පටිච්ඡන්න යැ අජ්ඣොකාස යැ සිඞ්ඝාටක යැ අනාපුච්ඡා දෙක යැ විකාල යැ දුග්ගහිත යැ නිරය යැ වධ යැ යි.
Pali BJT3. නග්ගවග්ගො
Sinhala BJT3. නග්නවර්‍ගය
Pali BJT4. 3. 1.
Sinhala BJT4. 3. 1.
Pali BJTපඨමසික්ඛාපදං
Sinhala BJTපළමු සිකපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛුනියො අචිරවතියා නදියා වෙසියාහි සද්ධිං නග්ගා එකතිත්ථෙ නහායන්ති. වෙසියා තා භික්ඛුනියො උප්පණ්ඩෙසුං: “කින්නු ඛො නාම තුම්හාකං අය්යෙ දහරානං දහරානං{1} බ්රහ්මචරියං චිණ්ණෙන. නනු නාම කාමා පරිභුඤ්ජිතබ්බා. යදා ජිණ්ණා භවිස්සථ තදා බ්රහ්මචරියං චරිස්සථ. එවඤ්ච{2} තුම්හාකං උභො අත්ථා පරිග්ගහිතා භවිස්සන්තී”ති භික්ඛුනියො වෙසියාහි උප්පණ්ඩියමානා මඞ්කූ{3} අහෙසුං. අථ ඛො තා භික්ඛුනියො උපස්සයං ගන්ත්වා භික්ඛුනීනං එතමත්ථං ආරොචෙසුං. භික්ඛුනියො භික්ඛූනං එතමත්ථං ආරොචෙසුං. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: තෙන හි භික්ඛවෙ භික්ඛුනීනං සික්ඛාපදං පඤ්ඤාපෙස්සාමි දස අත්ථවසෙ පටිච්ච සඞ්ඝසුට්ඨුතාය -පෙ- විනයානුග්ගහාය. එවඤ්ච පන භික්ඛවෙ, භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි බොහෝ මෙහෙණෝ අචිරවතී නදියෙහි වෙසඟනන් සමඟ නග්න වැ එක් තොටැ ස්නානය කෙරෙති. වෙසඟනෝ ඒ මෙහෙණන්හට කෙළිකවට කම් කළහ: “ආර්‍ය්‍යාවෙනි, ඉතා තරුණ වූ තොපට බඹසර පුරුදු කිරීමෙන් කිනම් ප්‍රයෝජනයක් ද? කාමයෝ පරිභෝග කළ යුත්තෝ නො වෙත් ද? යම් කලෙකැ මහලුවූවෝ වන්නාහු නම් එකල්හි බඹසර හැසිරෙවු. මෙසේ වනාහි තොප විසින් දෙ කරුණ මැ අයත් කොට ගන්නා ලද්දේ වන්නේ” යැ යි. වෙසඟනන් විසින් කෙළි කවට කම් කරනු ලබන මෙහෙණෝ මකුවූහු. එකල්හි ඒ මෙහෙණෝ මෙහෙණවරට ගොස් මෙහෙණන්ට තෙල කරුණු ඇරොජූහ. මෙහෙණෝ මහණුන්ට තෙල කරුණ ඇරොජූහ. මහණෝ භාග්‍යවතුන්ට තෙල කරුණු ඇරොජූහු. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසර යෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූසේක: එසේ නම් මහණෙනි, මෙහෙණන්ට දස කරුණක් පිණිස සිකපද පනවන්නෙමි. සඞ්ඝයාගේ මනා පිළිගැන්ම පිණිස යැ ... විනයට රුකුල් පිණිස යැ මෙසේ මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී නග්ගා නහායෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් නග්න වැ ස්නාන කෙරේ නම් පචිති වේ” යයි.
Pali BJT2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
Pali BJTනග්ගා නහායෙය්යාති: අනිවත්ථා වා අපාරුතා වා නහායති පයොගෙ දුක්කටං. නහානපරියොසානෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTනග්ගා නහායෙය්‍ය: නො හඳනා ලද්දී හෝ නො පොරවන ලද්දී හෝ ස්නාන කෙරේ නම් පියෝහි දුකුළා ඇවැත් වෙයි. සැනැහුම් පරියතැ පචිති ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අච්ඡින්නචීවරිකාය වා නට්ඨචීවරිකාය{4} ආපදාසු උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඅසිඳැගත් සිවුරු ඇතියාට නට සිවුරු ඇතියාට ආපදායෙහි, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTපඨමසික්ඛාපදං.
Sinhala BJTපළමු සිකපද යි.
Pali BJT4. 3. 2.
Sinhala BJT4. 3. 2.
Pali BJTදුතියසික්ඛාපදං
Sinhala BJTදෙවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භගවතා භික්ඛුනීනං උදක සාටිකා අනුඤ්ඤාතා හොති. ඡබ්බග්ගියා භික්ඛුනියො භගවතා උදකසාටිකා අනුඤ්ඤාතාති අප්පමාණිකායො උදකසාටිකායො ධාරෙන්ති{5} පුරතොපි පච්ඡිතොපි ආකඩ්ඪන්තා{6} ආහිණ්ඩන්ති.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙහෙණන්ට දියසළුව අනුදන්නා ලද්දේ වෙයි. සවග මෙහෙණෝ භාග්‍යවතුන් වහන්සේ විසින් දියසළුව අනුදන්නා ලදැ යි පමණ ඉක්ම වූ දියසළු දරත්, ඉදිරිපසිනුදු පසුපසිනුදු අදිමින් ඇවිදිත්.
Pali BJT2’ යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛුනියො අප්පමාණිකායො උදකසාටිකායො ධාරෙස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ ඡබ්බග්ගියා භික්ඛුනියො අප්පමාණිකායො උදකසාටිකායො ධාරෙන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා. -පෙ- කථං හි නාම භික්ඛවෙ, ඡබ්බග්ගියා භික්ඛුනියො අප්පමාණිකායො උදකසාටිකායො ධාරෙස්සන්ති, නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණෝ පමණ ඉක්ම වූ දියසළු දැරූහු”දැ යි ... සැබෑ ද මහණෙනි, සවග මෙහෙණෝ පමණ ඉක්ම වූ දියසළු දරත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, සවග මෙහෙණෝ පමණ ඉක්ම වූ දියසළු දැරූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“උදකසාටිකම්පන භික්ඛුනියා කාරයමානාය පමාණිකා කාරෙතබ්බා තත්රිදං පමාණං – දීඝසො චතස්සො විදත්ථියො සුගතවිදත්ථියා තිරියං ද්වෙ විදත්ථියො. තං අතික්කාමෙන්තියා ඡෙදනකං පාචිත්තිය”න්ති.
Sinhala BJT“දියසළුවක් කරවනු ලබන මෙහෙණක විසින් පමණ ඇති වැ කැරැවිය යුතු යි. එහි මේ පමණ යැ: දිගින් සුගත් වියතින් සිවු වියතෙක. සරසින් දෙවියතෙකි, එ පමණ ඉක්මවන්නියට සිඳැලීමෙන් පසු දෙසිය යුතු ඇවැත් වේ”යයි.
Pali BJT3. උදකසාටිකා{1} නාම: යාය නිවත්ථා{2} නහායති,
Sinhala BJT3. උදකසාටිකා නම්: යමෙකින් හඳනා ලද්දී සනහා නම් හෝ යැ.
Pali BJTකාරයමානායාති: කරොන්තියා වා කාරාපෙන්තියා වා. පමාණිකා කාරෙතබ්බා, තත්රිදං පමාණං: දීඝසො චතස්සො විදත්ථිථියො සුගතවිදත්ථියා තිරියං ද්වෙ විදත්ථියො, තං අතික්කාමෙත්වා කරොති වා කාරාපෙති වා පයොගෙ දුක්කටං. පටිලාභෙන ඡින්දිත්වා පාචිත්තියං දෙසෙතබ්බං.
Sinhala BJTකාරයමානාය: කරන්නිය විසින් හෝ කරවන්නිය විසින් හෝ පමණ ඇති වැ කැරැවිය යුතු යි. එහි මේ පමණ යැ: දිගින් සුගත් වියතින් සිවු වියතෙක. සරසින් දෙවියතෙකි. එපමණ ඉක්ම වා කෙරේ නම් හෝ කරවා නම් හෝ පියෝහි දුකුළා වෙයි. පිළිලැබීමෙන් සිඳැ පචිති දෙසිය යුතු.
Pali BJTඅත්තනා විප්පකතං අත්තනා පරියොසාපෙති ආපත්ති පාචිත්තියස්ස. අත්තනා විප්පකතං පරෙහි පරියොසාපෙති ආපත්ති පාචිත්තියස්ස. පරෙහි විප්පකතං අත්තනා පරියොසාපෙති ආපත්ති පාචිත්තියස්ස. පරෙහි විප්පකතං පරෙහි පරියොසාපෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTතමා විසින් නිමාම් නො කරන ලද්ද තොමෝ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. තමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද තොමෝ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅඤ්ඤස්සත්ථාය කරොති වා කාරාපෙති වා ආපත්ති දුක්කටස්ස. අඤ්ඤෙන කතං පටිලභිත්වා පරිභුඤ්ජති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTමෙරමා සඳහා කෙරේ නම් හෝ කරවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. මෙරමා විසින් කරන ලද්දක් පිළිලැබ පිරිබෝ කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: පමාණිකං කරොති, ඌනකං කරොති, අඤ්ඤෙන කතං පමාණාතික්කන්තං පටිලභිත්වා ඡින්දිත්වා පරිභුඤ්ජති, විතානං වා භුමත්ථරණං{3} වා සාණිපාකාරං වා භිසිං වා බිබ්බොහනං වා කරොති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTපමණ ඇති කොට කෙරේ නම්, උනු කොට කෙරේ නම්, මෙරමා විසින් කරන ලද පමණ ඉක්මවූවක් පිළිලැබ සිඳපියා පිරිබෝ කෙරේ නම්, වියනක් හෝ බුමුතුරුණක් හෝ කඩතුරාවක් හෝ බිස්සක් හෝ මාවුලාවක් හෝ කෙරේ නම්, ඇවැත් නො වෙයි. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTදුතියසික්ඛාපදං.
Sinhala BJTදෙවන සිකපදයි.
Pali BJT4. 3. 3.
Sinhala BJT4. 3. 3.
Pali BJTතතියසික්ඛාපදං
Sinhala BJTතෙවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන අඤ්ඤතරිස්සා භික්ඛුනියා මහග්ඝෙ චීවරදුස්සෙ චීවරං දුක්කතං{1} හොති දුස්සිබ්බිතං. ථුල්ලනන්දා භික්ඛුනී තං භික්ඛුනිං එතදවොච: “සුන්දරං ඛො ඉදං තෙ අය්යෙ චීවරදුස්සං චීවරඤ්ච ඛො දුක්කටං දුස්සිබ්බිත”න්ති. විසිබ්බෙමි{2} අය්යෙ සිබ්බෙස්සසීති{3}. ආමය්යෙ සිබ්බෙස්සාමීති{4}. අථ ඛො සා භික්ඛුනී තං චීවරං විසිබ්බෙත්වා ථුල්ලනන්දාය භික්ඛුනියා අදාසි. ථුල්ලනන්දා භික්ඛුනී සිබ්බෙස්සාමි සිබ්බෙස්සාමීති නෙව සිබ්බෙති{5} න සිබ්බාපනාය උස්සුක්කං කරොති. අථ ඛො සා භික්ඛුනී භික්ඛුනීනං එතමත්ථං ආරොචෙසි.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා මෙහෙණකගේ මාඇඟි සිවුරු පිළියෙන් සිවුරෙක් නො මනා කොට කරන ලද්දේ නො මනා කොට ගෙත්තම් කරන ලද්දේ වෙයි. ථුල්ලනන්‍දා භික්‍ෂුණී එ මෙහෙණට මෙය කිවුයැ. “ආර්‍ය්‍යාවෙනි, තොපගේ මේ සිවුරු පිළිය සොඳුරු එහෙත් සිවුර නො මනා කොට කරන ලද්දේ නො මනා කොට ගෙත්තම් කරන ලද්දේ මැ”යි. ආර්‍ය්‍යාවෙනි, ගෙත්තම් හරනෙමි. ගෙත්තම් කෙරෙහි දැ යි. එසේ යැ ආර්‍ය්‍යාවෙනි, ගෙත්තම් කරන්නෙමි යි. එකල්හි ඒ මෙහෙණ ඒ සිවුර ගෙත්තම් හැරැ ථුල්ලනන්‍දා භික්‍ෂුණියට දුනු යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී “ගෙත්තම් කරන්නෙමි ගෙත්තම් කරන්නෙමි” යි නොම ගෙත්තම් කරයි. ගෙත්තම් කරැවීම පිණිස වෑයම් නො කරයි. එකල්හි ඒ මෙහෙණ මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූ යැ.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා ථුල්ලනන්දා භික්ඛුනියා චීවරං විසිබ්බාපෙත්වා නෙව සිබ්බෙස්සති න සිබ්බාපනාය උස්සුක්කං කරිස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ, ථුල්ලනන්දා භික්ඛුනී භික්ඛුනියා චීවරං විසිබ්බාපෙත්වා නෙව සිබ්බෙති න සිබ්බාපනාය උස්සුක්කං කරොතීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ, ථුල්ලනන්දා භික්ඛුනී භික්ඛුනියා චීවරං විසිබ්බාපෙත්වා නෙව සිබ්බෙස්සති නසිබ්බාපනාය උස්සුක්කං කරිස්සති. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ මෙහෙණකගේ සිවුරක් ගෙත්තම් හරවා නො මැ ගෙත්තම් කළා ද? ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කළා”දැ යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී මෙහෙණකගේ සිවුරක් ගෙත්තම් හරවා නොමැ ගෙත්තම් කෙරේ ද? ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී මෙහෙණකගේ සිවුරක් ගෙත්තම් හරවා නොමැ ගෙත්තම් කළා ද? ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කළා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී භික්ඛුනියා චීවරං විසිබ්බෙත්වා වා විසිබ්බාපෙත්වා වා සා පච්ඡා අනන්තරායිකිනී නෙව සිබ්බෙය්ය න සිබ්බාපනාය උස්සුක්කං කරෙය්ය අඤ්ඤත්ර චතූහපඤ්චාහා පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් මෙහෙණකගේ සිවුරක් ගෙත්තම් හැරැ හෝ ගෙත්තම් හරවා හෝ පසුවැ අනතුරක් නැත්තී සිවුදිනක් පස්දිනක් තබා නො මැ ගෙත්තම් කෙරේ නම් ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ නම් පචිති වේ”යැ යි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTභික්ඛුනියාති: අඤ්ඤාය භික්ඛුනියා.
Sinhala BJTභික්ඛුනියා: අන් මෙහෙණකගේ.
Pali BJTචීවරං නාම: ඡන්නං චීවරානං අඤ්ඤතරං චීවරං.
Sinhala BJTචීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන් එක්තරා සිවුරෙකි.
Pali BJTවිසිබ්බෙත්වාති: සයං විසිබ්බෙත්වා.
Sinhala BJTවිසිබ්බෙත්‍වා: තොමෝ ගෙත්තම් හැරැ.
Pali BJTවිසිබ්බාපෙත්වාති: අඤ්ඤං විසිබ්බාපෙත්වා.
Sinhala BJTවිසිබ්බාපෙත්‍වා: මෙරමා ලවා ගෙත්තම් හරවා.
Pali BJTසා පච්ඡා අනන්තරායිකිනීති: අසති අන්තරායෙ.
Sinhala BJTසා පච්ඡා අනන්තරායිකිනී: අනතුරක් නැති කල්හි.
Pali BJTනෙව සිබ්බෙය්යාති: න සයං සිබ්බෙය්ය.
Sinhala BJTනේව සිබ්බෙය්‍ය: තොමෝ ගෙත්තම් නො කරන්නේ යැ.
Pali BJTන සිබ්බාපනාය උස්සුක්කං කරෙය්යාති: න අඤ්ඤං ආණාපෙය්ය.
Sinhala BJTන සිබ්බාපනාය උස්සුක්කං කරෙය්‍ය: මෙරමාහට නො අණවන්නේ යැ.
Pali BJTඅඤ්ඤත්ර චතූහපඤ්චාහාති: ඨපෙත්වා චතූහපඤ්චාහං නෙව සිබ්බෙස්සාමි න සිබ්බාපනාය උස්සුක්කං කරිස්සාමීති ධුරං නික්ඛිත්තමත්තෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඅඤ්ඤත්‍ර චතූහපඤ්චාහං: සිවු දිනක් පස් දිනක් තබා නො මැ ගෙත්තම් කරන්නෙමි. ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කරන්නෙ මි යි ධුරනික්‍ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.
Pali BJTඋපසම්පන්නාය උපසම්පන්නසඤ්ඤා චීවරං විසිබ්බෙත්වා වා විසිබ්බාපෙත්වා වා සා පච්ඡා අනන්තරායිකිනී නෙව සිබ්බෙති න සිබ්බාපනාය උස්සුක්කං කරොති අඤ්ඤත්ර චතූහපඤ්චාහා ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නාය වෙමතිකා චීවරං විසිබ්බෙත්වා වා විසිබ්බාපෙත්වා වා සා පච්ඡා අනන්තරායිකිනී නෙව සිබ්බෙති න සිබ්බාපනාය උස්සුක්කං කරොති අඤ්ඤත්ර චතූහපඤ්චාහා ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නාය අනුපසම්පන්නසඤ්ඤා චීවරං විසිබ්බෙත්වා වා විසිබ්බාපෙත්වා වා සා පච්ඡා අනන්තරායිකිනී නෙව සිබ්බෙති න සිබ්බාපනාය උස්සුක්කං කරොති අඤ්ඤත්ර චතූහපඤ්චාහා ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඋපසපනක කෙරෙහි උපසපන් සන් ඇතියා සිවුරක් ගෙත්තම් හැරැ හෝ ගෙත්තම් හරවා හෝ ඕ තොමෝ පසුවැ අනතුරක් නැත්තී සිවු දිනක් පස් දිනක් තබා නොමැ ගෙත්තම් කෙරේ නම් ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි විමති ඇතියා සිවුරක් ගෙත්තම් හැරැ හෝ ගෙත්තම් හරවා හෝ ඕ තොමෝ පසු වැ අනතුරක් නැත්තී සිවුදිනක් පස්දිනක් තබා නො මැ ගෙත්තම් කෙරේ නම් ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි අනුපසපන් සන් ඇතියා සිවුරක් ගෙත්තම් හැරැ හෝ ගෙත්තම් හරවා හෝ ඕ තොමෝ පසු වැ අනතුරක් නැත්තී සිවුදිනක් පස්දිනක් තබා නො මැ ගෙත්තම් කෙරේ නම් ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅඤ්ඤං පරික්ඛාරං විසිබ්බෙත්වා වා විසිබ්බාපෙත්වා වා සා පච්ඡා අනන්තරායිකිනී නෙව සිබ්බති න සිබ්බාපනාය උස්සුක්කං කරොති අඤ්ඤත්ර චතූහපඤ්චාහා ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නා චීවරං වා අඤ්ඤං වා පරික්ඛාරං විසිබ්බෙත්වා වා විසිබ්බාපෙත්වා වා සා පච්ඡා අනන්තරායිකිනී නෙව සිබ්බෙති න සිබ්බාපනාය උස්සුක්කං කරොති අඤ්ඤත්ර චතූහපඤ්චාහා ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය උපසම්පන්නසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය අනුපසම්පන්නසඤ්ඤා ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅන් පිරිකරක් ගෙත්තම් හැරැ හෝ ගෙත්තම් හරවා හෝ ඕ තොමෝ පසු වැ අනතුරක් නැත්තී සිවුදිනක් පස්දිනක් තබා නො මැ ගෙත්තම් කෙරේ නම් ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනකගේ සිවුරක් හෝ අන්පිරිකරක් හෝ ගෙත්තම් හැරැ හෝ ගෙත්තම් හරවා හෝ ඕ තොමෝ පසු වැ අනතුරක් නැත්තී සිවු දිනක් පස් දිනක් තබා නො මැ ගෙත්තම් කෙරේ නම් ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි උපසපන් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි අනුපසපන් සන් ඇතියා නම් දුකුළා ඇවත් වේ.
Pali BJTඅනාපත්ති: සති අන්තරායෙ, පරියෙසිත්වා න ලභති, කරොන්තී චතූහපඤ්චාහං අතික්කාමෙති, ගිලානාය, ආපදාසු, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඅනතුරක් ඇති කල්හි, සොයා නො ලබා නම්, කරන්නී සිවු දිනක් පස් දිනක් ඉක්මවා නම්, ඇවැත් නැත. ගිලන්වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTතතියසික්ඛාපදං.
Sinhala BJTතෙවන සිකපද යි.
Pali BJT4. 3. 4.
Sinhala BJT4. 3. 4.
Pali BJTචතුත්ථසික්ඛාපදං
Sinhala BJTසතරවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික්ඛුනියො භික්ඛුනීනං හත්ථෙ චීවරං නික්ඛිපිත්වා සන්තරුත්තරෙන ජනපදචාරිකං පක්කමන්ති, තානි චීවරානි චිරං නික්ඛිත්තානි කණ්ණකිතානි හොන්ති. තානි භික්ඛුනියො ඔතාපෙන්ති. භික්ඛුනියො තා භික්ඛුනියො එතදවොචුං: “කස්සිමානි අය්යෙ චීවරානි කණ්ණකිතානීති”. අථ ඛො තා භික්ඛුනියො භික්ඛුනීනං එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ මෙහෙණන් අතැ සිවුරු තබා හඳනය සහිත උතුරුසඟ සිවුරෙන් යුතු වැ දනවුසැරි සැරීමට යෙති. ඒ සිවුරු බොහෝ කල් බහා තබන ලද්දාහු හටගත් පුස් ඇතියාහු වෙති. ඒ සිවුරු මෙහෙණෝ වියළවත්. මෙහෙණෝ ඒ මෙහෙණන්ට “ආර්‍ය්‍යාවෙනි, හටගත් පුස් ඇති මේ සිවුරු කවරක්හුගේදැ”යි තෙල කරුණු කීහු. එකල්හි ඒ මෙහෙණෝ මහණුන්ට තෙල කරුණ ඇරොජූහු.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො භික්ඛුනීනං හත්ථෙ චීවරං නික්ඛිපිත්වා සන්තරුත්තරෙන ජනපදචාරිකං පක්කමිස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ, භික්ඛුනියො භික්ඛුනීනං හත්ථෙ චීවරං නික්ඛිපිත්වා සන්තරුත්තරෙන ජනපදචාරිකං පක්කමන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ, භික්ඛුනියො භික්ඛුනීනං හත්ථෙ චීවරං නික්ඛිපිත්වා සන්තරුත්තරෙන ජනපදචාරිකං පක්කමිස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. කෙසේ නම් මෙහෙණෝ මෙහෙණන් අතැ සිවුරු තබා හඳනය සහිත උතුරු සඟ සිවුරෙන් යුතු වැ දනවු සැරිසැරීමට ගියාහු දැ”යි. සැබෑද මහණෙනි, මෙහෙණෝ මෙහෙණන් අතැ සිවුරු තබා හඳනය සහිත උතුරු සඟ සිවුරෙන් යුතු වැ දනවු සැරිසැරීමට යෙද්දැ” යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ මෙහෙණන් අතැ සිවුරු තබා හඳනය සහිත උතුරු සඟ සිවුරෙන් යුතු වැ දනවු සැරිසැරීමට ගියාහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී පඤ්චාහිකං සඞ්ඝාටිචාරං{1} අතික්කාමෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් පස්දිනක් සිවුරු පිරිවැටුම ඉක්මවා නම් පචිති වේ” යයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මො තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
Pali BJTපඤ්චාහිකං සඞ්ඝාටිචාරං අතික්කාමෙය්යාති: පඤ්චමං දිවසං පඤ්චචීවරානි නෙව නිවාසෙති න පාරුපති න ඔතාපෙති පඤ්චමං දිවසං අතික්කාමෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTපඤ්චාහිකං සඞ්ඝාටිචාරං අතික්කාමෙය්‍ය: පස්වන දිනයෙහි සිවුරුපස නොම හඳී නම් නො මැ පොරවා නම් නො මැ වියළා නම් පස්වන දිනය ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTපඤ්චාහාතික්කන්තෙ අතික්කන්තසඤ්ඤා ආපත්ති පාචිත්තියස්ස. පඤ්චාහාතික්කන්තෙ වෙමතිකා ආපත්ති පාචිත්තියස්ස. පඤ්චාහාතික්කන්තෙ අනතික්කන්තසඤ්ඤා ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTපස්දිනය ඉක්මගිය කල්හි ඉක්මගිය සන් ඇතියා නම් පචිති ඇවැත් වෙයි. පස්දිනය ඉක්මගිය කල්හි විමති ඇතියා නම් පචිති ඇවැත් වෙයි. පස්දිනය ඉක්මගිය කල්හි නො ඉක්මගිය සන් ඇතියා නම් පචිති ඇවැත් වේ.
Pali BJTපඤ්චාහානතික්කන්තෙ{2} අතික්කන්තසඤ්ඤා, ආපත්ති දුක්කටස්ස. පඤ්චාහානතික්කන්තෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. පඤ්චාහානතික්කන්තෙ අනතික්කන්තසඤ්ඤා අනාපත්ති.
Sinhala BJTපස් දිනය නො ඉක්මගිය කල්හි ඉක්මගිය සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පස්දිනය නො ඉක්මගිය කල්හි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පස්දිනය නො ඉක්මගිය කල්හි නො ඉක්මගිය සන් ඇතියා නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: පඤ්චමං දිවසං පඤ්ච චීවරානි නිවාසෙති වා පාරුපති වා ඔතාපෙති වා, ගිලානාය, ආපදාසු උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTපස්වන දිනයෙහි සිවුරු පස හඳී නම් හෝ පොරවා නම් හෝ වියළා නම් හෝ, ඇවැත් නැත. ගිලන් වූවාට ආපදායෙහි උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTචතුත්ථසික්ඛාපදං.
Sinhala BJTසතරවන සිකපද යි.
Pali BJT4. 3. 5.
Sinhala BJT4. 3. 5.
Pali BJTපඤ්චමසික්ඛාපදං
Sinhala BJTපස්වන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා භික්ඛුනී පිණ්ඩාය චරිත්වා අල්ලචීවරං පත්ථරිත්වා විහාරං පාවිසි. අඤ්ඤතරා භික්ඛුනී තං චීවරං පාරුපිත්වා ගාමං පිණ්ඩාය පාවිසි. සා නික්ඛමිත්වා භික්ඛුනියො පුච්ඡි: “අපය්යෙ මය්හං චීවරං පස්සෙය්යාථා”ති. භික්ඛුනියො තස්සා භික්ඛුනියා එතමත්ථං ආරොචෙසුං. අථ ඛො සා භික්ඛුනී උජ්ඣායති ඛිය්යති විපාචෙති: “කථං හි නාම භික්ඛුනී මය්හං චීවරං අනාපුච්ඡා පාරුපිස්සතී”ති. අථ ඛො සා භික්ඛුනී භික්ඛුනීනං එතමත්ථං ආරොචෙසි.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි එක්තරා මෙහෙණක් පිඬුපිණිස හැසිරැ තෙත් සිවුර විදහා වෙහෙරට පිවිසියා යැ. එක්තරා මෙහෙණක් ඒ සිවුර පෙරෙව ගමට පිඬුපිණිස පිවිසියා යැ. ඕ තොමෝ (වෙහෙරින්) නික්ම “ආර්‍ය්‍යාවෙනි මාගේ සිවුර දුටුවහු දැ” යි මෙහෙණන් පිළිවුසූ යැ. මෙහෙණෝ ඒ මෙහෙණට තෙල කරුණ ඇරොජූහු. ඉක්බිති ඒ මෙහෙණ ලමුකොට සිතයි; නුගුණ පවසයි, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් මාගේ සිවුර නො පිළිවිසැ පෙරවූ දැ” යි. එකල්හි ඒ මෙහෙණ මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූ යැ.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනී භික්ඛුනියා චීවරං අනාපුච්ඡා පාරුපිස්සතී”ති. -පෙ- සච්චං කිර භික්ඛවෙ, භික්ඛුනී භික්ඛුනියා චීවරං අනාපුච්ඡා පාරුපති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ, භික්ඛුනී භික්ඛුනියා චීවරං අනාපුච්ඡා පාරුපිස්සතී”ති. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමුකොට සිතති නුගුණ පවසති දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් මෙහෙණකගේ සිවුරක් නො පිළිවිසැ පෙරවූ දැ”යි ... සැබෑද මහණෙනි, මෙහෙණක් මෙහෙණකගේ සිවුරක් නොපිළිවිසැ පෙරවූදැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණක් මෙහෙණක ගේ සිවුරක් නො පිළිවිසැ පෙරවූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී චීවරසඞ්කමනීයං ධාරෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් යළි දියයුතු සිවුරක් ධරා නම් පචිති වේ” යයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTචීවරසඞ්කමනීයං නාම: උපසම්පන්නාය පඤ්චන්නං චීවරානං අඤ්ඤතරං චීවරං. තස්සා වා අදින්නං තං වා අනාපුච්ඡා නිවාසෙති වා පාරුපති වා ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTචීවරසංකමනීය නම්: උපසපනකගේ සිවුරුපස අතුරෙන් එක්තරා සිවුරෙකි. ඇය විසින් නො දුන් හෝ ඇය නො පිළිවිසැ හෝ හඳී නම් හෝ පොරවා නම් හෝ පචිති ඇවැත් වේ.
Pali BJTඋපසම්පන්නාය උපසම්පන්නසඤ්ඤා චීවරසඞ්කමනීයං ධාරෙති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නාය වෙමතිකා චීවරසඞ්කමනීයං ධාරෙති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නාය අනුපසම්පන්නසඤ්ඤා චීවරසඞ්කමනීයං ධාරෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඋපසපනක කෙරෙහි උපසපන් සන් ඇතියා යළි දියයුතු සිවුරක් ධරා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි විමති ඇතියා යළි දිය යුතු සිවුරක් ධරා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි අනුපසපන් සන් ඇතියා යළි දියයුතු සිවුරක් ධරා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅනුපසම්පන්නාය චීවරසඞ්කමනීයං ධාරෙති ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය උපසම්පන්නසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය අනුපසම්පන්නසඤ්ඤා ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅනුපසපනකගේ යළි දියයුතු සිවුරක් ධරා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි උපසපන් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි අනුපසපන් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: සා වා දෙති, තං වා ආපුච්ඡා නිවාසෙති වා පාරුපති වා, අච්ඡින්නචීවරිකාය, නට්ඨචීවරිකාය, ආපදාසු, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඕ මැ දේ නම් හෝ ඇය පිළිවිසැ හෝ හඳී නම් පොරවා නම්, අසිඳගත් සිවුරු ඇතියාට (ඇවැත් නොවෙයි), නට සිවුරු ඇතියාට, ආපදායෙහි, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTපඤ්චමසික්ඛාපදං.
Sinhala BJTපස්වන සිකපද යි.
Pali BJT4. 3. 6.
Sinhala BJT4. 3. 6.
Pali BJTඡට්ඨසික්ඛාපදං
Sinhala BJTසවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දාය භික්ඛුනියා උපට්ඨාකකුලං ථුල්ලනන්දං භික්ඛුනිං එතදවොච: “භික්ඛුනිසඞ්ඝස්ස අය්යෙ චීවරං දස්සාමාති. ථුල්ලනන්දා භික්ඛුනී තුම්හෙ බහුකිච්චා බහුකරණීයාති අන්තරායං අකාසි. තෙන ඛො පන සමයෙන තස්ස කුලස්ස ඝරං ඩය්හති, තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා ථුල්ලනන්දා අම්හාකං{1} දෙය්යධම්මං අන්තරායං කරිස්සති උභයෙනම්හා{2} පරිහීනා{3} භොගෙහි ච පුඤ්ඤෙන චා”ති.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්ඛුනිය ගේ උපස්ථායක කුලය ථුල්ලනන්‍දා භික්‍ෂුණියට මෙය කීයැ. “ආර්‍ය්‍යාවෙනි, මෙහෙණ සඟනට සිවුරක් දෙන්නෙමු” යි. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ තෙපි බොහෝ කිස ඇතියහ. බොහෝ ඇවැසි කටයුතු ඇතියහ යි අනතුරු කළා යැ. එ සමයෙහි වනාහි ඒ කුලයාගේ ගෙය දැවෙයි. ඔහු ලමුකොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ අපගේ පිදියයුතු වස්තුවට අනතුරු කළා ද? අපි භෝගයෙන් ද පිනෙන් දැ යි දෙපසින් පිරිහුණම්හ”යි.
Pali BJT2. අස්සොසුං ඛො භික්ඛුනියො තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා ථුල්ලනන්දා ගණස්ස චීවරලාභං අන්තරායං කරිස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ, ථුල්ලනන්දා භික්ඛුනී ගණස්ස චීවරලාභං අන්තරායං අකාසීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී ගණස්ස චීවරලාභං අන්තරායං කරිස්සති. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමුකොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ ගණයාගේ චීවරලාභයට අනතුරු කළා දැ”යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී ගණයාගේ චීවරලාභයට අනතුරු කළා දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී ගණයාගේ චීවරලාභයට අනතුරු කළා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී ගණස්ස චීවරලාභං අන්තරායං කරෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් ගණයාගේ චීවරලාභයට අනතුරු කෙරේ නම් පචිති වේ” යයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මො තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණියයි.
Pali BJTගණො නාම: භික්ඛුනිසඞ්ඝො වුච්චති.
Sinhala BJTගණ නම්: භික්‍ෂුණී සංඝයා කියනු ලැබේ.
Pali BJTචීවරං නාම: ඡන්නං චීවරානං අඤ්ඤතරං චීවරං විකප්පනූපගපච්ඡිමං,{4}
Sinhala BJTචීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන් එක්තරා විකැපීමට සුදුසු පැසුළු සිවුර යි.
Pali BJTඅන්තරායං කරෙය්යාති: කථං ඉමෙ චීවරං දදෙය්යුන්ති{5} අන්තරායං කරොති ආපත්ති පාචිත්තියස්ස. අඤ්ඤං පරික්ඛාරං අන්තරායං කරොති ආපත්ති දුක්කටස්ස. සම්බහුලානං භික්ඛුනීනං වා එකභික්ඛුනියා වා අනුපසම්පන්නාය වා චීවරං වා අඤ්ඤං වා පරික්ඛාරං අන්තරායං කරොති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅන්තරායං කරෙය්‍ය: කෙසේ මොහු සිවුරක් දෙන්නාහු දැ යි අනතුරු කෙරේ නම් පචිති ඇවැත් වෙයි. අන් පිරිකරකට අනතුරු කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. බොහෝ මෙහෙණන්ගේ හෝ එක් මෙහෙණකගේ හෝ අනුපසපනකගේ හෝ චීවරලාභයට හෝ අන්‍යපරිෂ්කාරලාභයට හෝ අනතුරු කෙර් නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: ආනිසංසං දස්සෙත්වා නිවාරෙති උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඅනුසස් දක්වා වළකා නම්, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.