Pali BJTපුරිසො නාම: මනුස්සපුරිසො න යක්ඛො න පෙතො න තිරච්ඡානගතො විඤ්ඤූ පටිබලො සන්තිට්ඨිතුං සල්ලපිතුං.
Sinhala BJTපුරිස නම්: මිනිස් පිරිම්නියෙකි, යක්‍ෂයෙක් නො වෙයි. ප්‍රේතයෙක් නො වෙයි. තිරිසන්ගියෙක් නො වෙයි. වෙතැ සිටින්නට සල්ලාප කරන්නට දැනුමැති ප්‍රතිබලයෙකි.
Pali BJTසද්ධින්ති: එකතො.
Sinhala BJTසද්ධිං: එක් වැ.
Pali BJTඑකෙනෙකාති: පුරිසො චෙව හොති භික්ඛුනී ච.
Sinhala BJTඑකෙනෙකා: පිරිම්නියෙක් ද වෙයි. මෙහෙණක් ද වෙයි.
Pali BJTසන්තිට්ඨෙය්යවාති: පුරිසස්ස හත්ථපාසෙ තිට්ඨති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTසන්තිට්ඨෙය්‍ය වා: පිරිම්නියක්හුගේ අත්පසැ සිටී නම් පචිත් ඇවැත් වෙයි.
Pali BJTසල්ලපෙය්යවාති: පුරිසස්ස හත්ථපාසෙ ඨිතා සල්ලපති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTසල්ලපෙය්‍ය වා: පිරිම්නියක්හුගේ අත්පසැ සිටියා සල්ලාප කෙරේ නම් පචිති ඇවැත් වෙයි.
Pali BJTහත්ථපාසං විජහිත්වා සන්තිට්ඨති වා සල්ලපති වා ආපත්ති දුක්කටස්ස. යක්ඛෙන වා පෙතෙන වා පණ්ඩකෙන වා තිරච්ඡානගතමනුස්සවිග්ගහෙන වා සද්ධිං සන්තිට්ඨති වා සල්ලපති වා ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅත්පස හැරැපියා වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ දුකුළා ඇවැත් වෙයි. යක්‍ෂයකු හෝ ප්‍රේතයකු හෝ පණ්ඩකයකු හෝ තිරිසන් ගිය මිනිස් සිරිරි ඇතියක්හු හෝ සමඟ වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: යො කොචි විඤ්ඤූ දුතියො හොති අරහොපෙක්ඛා අඤ්ඤවිහිතා සන්තිට්ඨති වා සල්ලපති වා උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTයම් කිසි දැනුමැති දෙවැන්නෙක් වේ නම්, නොරඹුරෙහි රිසි ඇතියා අන්‍යවිහිත වැ වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ ඇවැත් නො වේ. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTදුතියසික්ඛාපදං.
Sinhala BJTදෙවන සිකපද යි.
Pali BJT4. 2. 3.
Sinhala BJT4. 2. 3.
Pali BJTතතියසික්ඛාපදං
Sinhala BJTතෙවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භද්දාය කාපිලානියා අන්තෙවාසීභික්ඛුනියා ඤාතකො පුරිසො ගාමකා සාවත්ථිං අගමාසි කෙනචිදෙව කරණීයෙන. අථ ඛො සා භික්ඛුනී භගවතා පටික්ඛිත්තං පටිච්ඡන්නෙ ඔකාසෙ පුරිසෙන සද්ධිං එකෙනෙකා සන්තිට්ඨිතුං සල්ලපිතුන්ති තෙනෙව පුරිසෙන සද්ධිං අජ්ඣොකාසෙ එකෙනෙකා සන්තිට්ඨතිපි සල්ලපතිපි.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි භද්‍රාකාපිලානියගේ අතැවැසි මෙහෙණකගේ ඥාති පුරුෂයෙක් කිසියම් ඇවැසි කටයුත්තක් පිණිස ගමින් සැවැතට පැමිණියේ යැ. එකල්හි ඒ මෙහෙණ හුදෙකලා වූවා පිළිසන් පියසෙක්හි හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් සල්ලාප කිරීමත් භාග්‍යවතුන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලදැ යි හුදෙකලා වූවා හුදෙකලා වූ ඒ පිරිම්නියා සමග මැ එළිමහන්හි වෙතැ සිටීම ද කෙරෙයි. සල්ලාප ද කෙරෙයි.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනී අජ්ඣොකාසෙ පුරිසෙන සද්ධිං එකෙනෙකා සන්තිට්ඨිස්සතිපි සල්ලපිස්සතිපී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනී අජ්ඣොකාසෙ පුරිසෙන සද්ධිං එකෙනෙකා සන්තිට්ඨතිපි සල්ලපතිපීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා. -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනී අජ්ඣොකාසෙ පුරිසෙන සද්ධිං එකෙනෙකා සන්තිට්ඨිස්සතිපි සල්ලපිස්සතිපි. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්, “කෙසේ නම් මෙහෙණක් තොමෝ එළිමහන්හි හුදෙකලා වූවා හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කළා ද සල්ලාපත් කළා දැයි ... සැබෑද මහණෙනි, මෙහෙණක් එළිමහන්හි හුදෙකලා වූවා හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කෙරේද සල්ලාපත් කෙරේ දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණක් තොමෝ එළිමහන්හි හුදෙකලා වූවා හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කළාද සල්ලාපත් කළා දැ යි ... මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී අජ්ඣොකාසෙ පුරිසෙන සද්ධිං එකෙනෙකා සන්තිට්ඨෙය්ය වා සල්ලපෙය්ය වා පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් එළිමහන්හි හුදෙකලා වූවා හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ පචිති වේ” යයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTඅජ්ඣොකාසො නාම: අප්පටිච්ඡන්නො හොති කුඩ්ඩෙන වා කවාටෙන වා කිලඤ්ජෙන වා සාණිපාකාරෙන වා රුක්ඛෙන වා ථම්භෙන වා කොත්ථලියා වා යෙන කෙනචි අප්පටිච්ඡන්නො හොති.
Sinhala BJTඅජ්ඣොකාස නම්: බිතුයෙන් හෝ කවුළුවෙන් හෝ කළාලින් හෝ කඩතුරා පවුරෙන් හෝ රුකින් හෝ ටැඹින් හෝ කොතැලියෙන් හෝ යම් කිසිවකින් නො පිළිසන් වූ පියසෙක් වෙයි.
Pali BJTපුරිසො නාම: මනුස්සපුරිසො, න යක්ඛො න පෙතො න තිරච්ඡානගතො විඤ්ඤූ පටිබලො සන්තිට්ඨිතුං සල්ලපිතුං.
Sinhala BJTපුරිස නම්: මිනිස් පිරිම්නියෙකි, යක්‍ෂයෙක් නො වෙයි, ප්‍රේතයෙක් නො වෙයි. තිරිසන්ගියෙක් නො වෙයි. වෙතැ සිටින්නට සල්ලාප කරන්නට දැනුමැති ප්‍රතිබලයෙකි.
Pali BJTසද්ධින්ති: එකතො.
Sinhala BJTසද්ධිං: එක්වැ;
Pali BJTඑකෙනෙකාති: පුරිසො චෙව හොති භික්ඛුනී ච.
Sinhala BJTඑකෙනෙකා: පිරිම්නියෙක් ද වෙයි. මෙහෙණක් ද වෙයි.
Pali BJTසන්තිට්ඨෙය්යවාති: පුරිසස්ස හත්ථපාසෙ තිට්ඨති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTසන්තිට්ඨෙය්‍ය වා: පිරිම්නියක්හුගේ අත්පසැ සිටීනම් පචිත් ඇවැත් වෙයි.
Pali BJTසල්ලපෙය්යවාති: පුරිසස්ස හත්ථපාසෙ ඨිතා සල්ලපති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTසල්ලපෙය්‍ය වා: පිරිම්නියක්හුගේ අත්පසෙහි සිටියා සල්ලාප කෙරේ නම් පචිති ඇවැත් වෙයි.
Pali BJTහත්ථපාසං විජහිත්වා සන්තිට්ඨති වා සල්ලපති වා ආපත්ති දුක්කටස්ස. යක්ඛෙන වා පෙතෙන වා පණ්ඩකෙන වා තිරච්ඡාගතමනුස්සවිග්ගහෙන වා සද්ධිං සන්තිට්ඨති වා සල්ලපති වා ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅත්පස හැරැපියා වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ දුකුළා ඇවැත් වෙයි. යක්‍ෂයකු හෝ ප්‍රේතයකු හෝ පණ්ඩකයකු හෝ තිරිසන්ගිය මිනිස් සිරිරි ඇතියක්හු හෝ සමඟ වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: යො කොචි විඤ්ඤූ දුතියො හොති, අරහොපෙක්ඛා, අඤ්ඤවිහිතා සන්තිට්ඨති වා සල්ලපති වා, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTයම් කිසි දැනුමැති දෙවැන්නෙක් වේ නම්, නො රඹුරෙහි රිසි ඇතියා, අන්‍යවිහිත වැ වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ ඇවැත් නො වේ. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTතතියසික්ඛාපදං.
Sinhala BJTතෙවන සිකපද යි.
Pali BJT4. 2. 4.
Sinhala BJT4. 2. 4.
Pali BJTචතුත්ථසික්ඛාපදං
Sinhala BJTසතරවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දා භික්ඛුනී රථියායපි{1} බ්යූහෙපි සිඞ්ඝාටකෙපි පුරිසෙන සද්ධිං එකෙනෙකා සන්තිට්ඨතිපි සල්ලපතිපි නිකණ්ණිකම්පි ජප්පෙති දුතියිකම්පි භික්ඛුනිං උය්යොජෙති.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ මාවේහි ද කොවේහි ද සිවුමංසලෙහි ද හුදෙකලා වූවා හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කෙරෙයි. සල්ලාපත් කෙරෙයි. කන්මුලැ කෙඳිරීමත් කෙරෙයි. දෙවන මෙහෙණක නඟා යැවීමත් කෙරෙයි.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා ථුල්ලනන්දා රථියායපි බ්යූහෙපි සිඞ්ඝාටකෙපි පුරිසෙන සද්ධිං එකෙනෙකා සන්තිට්ඨිස්සතිපි සල්ලපිස්සතිපි නිකණ්ණිකම්පි ජප්පස්සෙති{2} දුතියිකම්පි භික්ඛුනිං උය්යොජෙස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී රථියායපි බ්යූහෙපි සිඞ්ඝාටකෙපි පුරිසෙන සද්ධිං එකෙනෙකා සන්තිට්ඨතිපි සල්ලපතිපි නිකණ්ණිකම්පි ජප්පෙති දුතියිකම්පි භික්ඛුනිං උය්යොජෙතීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා. -පෙ- කථං හි නාම භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී රථියායපි බ්යූහෙපි සිඞ්ඝාටකෙපි පුරිසෙන සද්ධිං එකෙනෙකා සන්තිට්ඨිස්සතිපි සල්ලපිස්සතිපි නිකණ්ණිකම්පි ජප්පෙස්සති. දුතියිකම්පි භික්ඛුනිං උය්යොජෙස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්, “කෙසේ නම් ආර්‍ය ථුල්ලනන්‍දා මාවේහි දු කොවේහි දු සිවුමංසලෙහි දු හුදෙකලා වූවා හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කළා ද? සල්ලාපත් කළා ද? කන්මුලැ කෙඳිරීමත් කළා ද? දෙවන මෙහෙණක නඟා යැවීමත් කළා දැයි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී මාවේහි දු කොවේහි දු සිවුමංසලෙහි දු හුදෙකලා වූවා හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කෙරේ ද, සල්ලාපත් කෙරේ ද, කන්මුලැ කෙඳිරීමත් කෙරේ ද, දෙවන මෙහෙණක නගා යැවීමත් කෙරේ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී මාවේහි දු කොවේහි දු සිව්මංසලෙහි දු හුදෙකලා වූවා හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කළාද? සල්ලාපත් කළා ද? කන්මුලැ කෙඳිරීමත් කළා ද? දෙවන මෙහෙණක නඟා යැවීමත් කළා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
Pali BJT“යා පන භික්ඛුනී රථියාය වා බ්යූහෙ වා සිඞ්ඝාටකෙ වා පුරිසෙන සද්ධිං එකෙනෙකා සන්තිට්ඨෙය්ය වා සල්ලපෙය්ය වා නිකණ්ණිකං වා ජප්පෙය්ය දුතියිකං වා භික්ඛුනිං උය්යොජෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් මාවේහි හෝ කොවේහි හෝ සිවුමංසලෙහි හෝ හුදෙකලා වූවා හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ කන්මුලැ කොඳුරා නම් හෝ දෙවන මෙහෙණක නඟා යවා නම් හෝ පචිති වේ” යයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTරථියා{3} නාම: රච්ඡා වුච්චති.
Sinhala BJTරථියා නම්: වීථිය කියනු ලැබෙයි.
Pali BJTබ්යූහං නාම: යෙනෙව පවිසන්ති තෙනෙව නික්ඛමන්ති.
Sinhala BJTබ්‍යුහ නම්: යම් මඟකින් මැ පිවිසෙත් ද ඒ මඟින් මැ නික්මෙත්.
Pali BJTසිඞ්ඝාටකො නාම: චච්චරං වුච්චති.
Sinhala BJTසිඞ්ඝාටක නම්: සිවුමංසල කියනු ලැබෙයි.
Pali BJTපුරිසො නාම: මනුස්සපුරිසො න යක්ඛො න පෙතො න තිරච්ඡානගතො විඤ්ඤූ පටිබලො සන්තිට්ඨිතුං සල්ලපිතුං.
Sinhala BJTපුරිස නම්: මිනිස් පිරිම්නියෙකි. යක්‍ෂයෙක් නො වෙයි. ප්‍රේතයෙක් නො වෙයි. තිරිසන්ගියෙක් නො වෙයි. වෙතැ සිටින්නට සල්ලාප කරන්නට දැනුමැති ප්‍රතිබලයෙකි.
Pali BJTසද්ධින්ති: එකතො.
Sinhala BJTසද්ධිං: එක්වැ:
Pali BJTඑකෙනෙකාති: පුරිසො චෙව හොති භික්ඛුනී ච.
Sinhala BJTඑකෙනෙකා: පිරිම්නියෙක් ද වෙයි. මෙහෙණක් ද වෙයි.
Pali BJTසන්තිට්ඨෙය්ය වාති: පුරිසස්ස හත්ථපාසෙ තිට්ඨති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTසන්තිට්ඨෙය්‍ය වා: පිරිම්නියක්හුගේ අත්පසැ සිටී නම් පචිති ඇවැත් වෙයි.
Pali BJTසල්ලපෙය්ය වාති: පුරිසස්ස හත්ථපාසෙ ඨිතා සල්ලපති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTසල්ලපෙය්‍ය වා: පිරිම්නියක්හුගේ අත්පසැ සිටියා සල්ලාප කෙරේ නම් පචිති ඇවැත් වෙයි.
Pali BJTනිකණ්ණිකං වා ජප්පෙය්යාති: පුරිසස්ස උපකණ්ණකෙ ආරොචෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTනිකණ්ණිකං වා ජප්පෙය්‍ය: පිරිම්නියක්හුගේ කන්මුලැ අරොජා නම් පචිති ඇවැත් වෙයි.
Pali BJTදුතියිකං වා භික්ඛුනිං උය්යොජෙය්යාති: අනාචාරං ආචරිතුකාමා දුතියිකම්පි{1} භික්ඛුනිං උය්යොජෙති ආපත්ති දුක්කටස්ස. දස්සනූපචාරං වා සවණූපචාරං වා විජහන්තියා ආපත්ති දුක්කටස්ස. විජහිතෙ ආපත්ති පාචිත්තියස්ස. හත්ථපාසං විජහිත්වා සන්තිට්ඨති වා සල්ලපති වා ආපත්ති දුක්කටස්ස. යක්ඛෙන වා පෙතෙන වා පණ්ඩකෙන වා තිරච්ඡානගතමනුස්සවිග්ගහෙන වා සද්ධිං සන්තිට්ඨති වා සල්ලපති වා ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTදුතියිකං වා භික්ඛුනිං උය්‍යෝජෙය්‍ය: අනාචාරයෙහි හැසිරෙනු කැමැත්තී දෙවන මෙහෙණකුදු නඟා යවා නම් දුකුළා ඇවැත් වෙයි. දසුන් උවසර හෝ සවන් උවසර හෝ හැරැපියන කල්හි දුකුළා ඇවැත් වෙයි. හැරැපූ කල්හි පචිති ඇවැත් වෙයි. අත්පස හැරැපියා වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ දුකුළා ඇවැත් වෙයි. යක්‍ෂයකු හෝ ප්‍රේතයකු හෝ පණ්ඩකයකු හෝ තිරිසන් ගිය මිනිස් සිරිරි ඇතියක්හු හෝ සමඟ වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති යො කොචි විඤ්ඤූ දුතියො හොති, අරහොපෙක්ඛා, අඤ්ඤවිහිතා සන්තිට්ඨති වා සල්ලපති වා, න අනාචාරං ආචරිතුකාමා, සතකරණීයෙ දුතියිකං භික්ඛුනිං උය්යොජෙති උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTයම් කිසි දැනුමැති දෙවැන්නෙක් වේ නම්, නො රඹුරෙහි රිසි ඇතියා අන්‍යවිහිත වැ වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ අනාචාරයෙහි නො හැසිරෙනු කැමැතියා ඇවැසි කටයුත්තක් ඇති කල්හි දෙවන මෙහෙණක නඟා යවා නම්, ඇවැත් නැත. උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවහට ඇවැත් නැති.
Pali BJTචතුත්ථසික්ඛාපදං.
Sinhala BJTසතරවන සිකපදය යි.
Pali BJT4. 2. 5.
Sinhala BJT4. 2. 5.
Pali BJTපඤ්චමසික්ඛාපදං
Sinhala BJTපස්වන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා භික්ඛුනී අඤ්ඤතරස්ස කුලස්ස කුලූපිකා හොති නිච්චභත්තිකා. අථ ඛො සා භික්ඛුනී පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යෙන තං කුලං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආසනෙ නිසීදිත්වා සාමිකෙ අනාපුච්ඡා පක්කාමි. තස්ස කුලස්ස දාසී ඝරං සම්මජ්ජන්තී තං ආසනං භාජනන්තරිකාය පක්ඛිපි. මනුස්සා තං ආසනං අපස්සන්තා තං භික්ඛුනිං එතදවොචුං. කහං තං අය්යෙ ආසනන්ති. නාහං තං ආවුසො ආසනං පස්සාමීති. දෙථය්යෙ{2} තං ආසනන්ති පරිභාසිත්වා නිච්චභත්තකං{3} උච්ඡින්දිංසු{4}. අථ ඛො තෙ මනුස්සා ඝරං සොධෙන්තො තං ආසනං භාජනන්තරිකාය පස්සිත්වා තං භික්ඛුනිං ඛමාපෙත්වා නිච්චභත්තකං පට්ඨපෙසුං.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා මෙහෙණක් තොමෝ එක්තරා කුලයක්හුගේ නිතිබත් වළඳන කුලූපිකාවක් වෙයි. එකල්හි ඒ මෙහෙණ තොමෝ පෙරවරුයෙහි හැඳ පෙරවැ පාසිවුරු ගෙන ඒ කුලය වෙතැ එළඹියා යැ. එළැඹැ අස්නෙහි හිඳ හිමියන් නො පිළිවිසැ බැහැර ගියා යැ. ඒ කුලයෙහි දාසී තොමෝ හමදින්නී ඒ අසුන බඳුන් අතුරෙයි බහාලූ යැ. මිනිස්සු ඒ අසුන නො දක්නාහු එ මෙහෙණහට “ආර්‍ය්‍යාවෙනි, ඒ අසුන කොහිදැ” යි කීහු. ඇවැත්නි, මම ඒ අසුන නොදකිමියි. ‘ආර්‍ය්‍යාවෙනි, ඒ අසුන දෙව’යි තැතිගන්වා නිතිබත සිඳැලූහ. එකල්හි ඒ මිනිස්සු ගෙය ශුද්ධකරන්නාහු ඒ අසුන බඳුන් අතුරෙහි දැක එ මෙහෙණ කමාකරවා නිතිබත (යළි) තැබූහු.
Pali BJT2. අථ ඛො සා භික්ඛුනී භික්ඛුනීනං එතමත්ථං ආරොචෙසි. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම භික්ඛුනී පුරෙභත්තං කුලානි උපසඞ්කමිත්වා ආසනෙ නිසීදිත්වා සාමිකෙ අනාපුච්ඡා පක්කමිස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනී පුරෙභත්තං කුලානි උපසඞ්කමිත්වා ආසනෙ නිසීදිත්වා සාමිකෙ අනාපුච්ඡා පක්කාමීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනී පුරෙභත්තං කුලානි උපසඞ්කමිත්වා ආසනෙ නිසීදිත්වා සාමිකෙ අනාපුච්ඡා පක්කමිස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. ඉක්බිති ඒ මෙහෙණ තොමෝ මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූහ. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති. දොස් පතුරුවත්, “කෙසේ නම් මෙහෙණක් පෙරබත්හි කුලයන් වෙත එළඹැ අසුනෙක්හි හිඳ හිමියන් නො පිළිවිසැ බැහැර ගියා දැ”යි ... සැබෑද මහණෙනි මෙහෙණක් පෙරබත්හි කුලයන් වෙතැ එළඹැ අසුනෙක්හි හිඳ හිමියන් නො පිළිවිසැ බැහැර ගියා දැ යි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි මෙහෙණක් පෙරබත්හි කුලයන් වෙතැ එළඹැ අසුනෙක්හි හිඳ හිමියන් නො පිළිවිසැ බැහැර ගියා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී පුරෙභත්තං කුලානි උපසඞ්කමිත්වා ආසනෙ නිසීදිත්වා සාමිකෙ අනාපුච්ඡා පක්කමෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් පෙරබත්හි කුලයන් වෙතැ එළැඹැ අසුනෙක්හි හිඳ හිමියන් නො පිළිවිසැ බැහැර යා නම් පචිති වේ” යයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTපුරෙභත්තං නාම: අරුණුග්ගමනං උපාදාය යාව මජ්ඣන්තිකා.
Sinhala BJTපුරේභත්ත නම්: අරුණ නැඟීම පටන් මද්දහන තෙක්.
Pali BJTකුලං නාම: චත්තාරි කුලානි ඛත්තියකුලං බ්රාහ්මණකුලං වෙස්සකුලං සුද්දකුලං,
Sinhala BJTකුල නම්: ක්‍ෂත්‍රිය කුල යැ බ්‍රාහ්මණ කුල යැ වෛශ්‍ය කුලයැ ශුද්‍ර කුල යැ යි කුල සතරෙකි.
Pali BJTඋපසඞ්කමිත්වාති: තත්ථ ගන්ත්වා.
Sinhala BJTඋපසඞ්කමිත්‍වා: එහි ගොස්.
Pali BJTආසනං නාම: පල්ලඞ්කස්ස ඔකාසො වුච්චති.
Sinhala BJTආසන නම්: පලඟෙක්හි අවකාශය කියනු ලැබෙයි.
Pali BJTනිසීදිත්වාති: තස්මිං නිසීදිත්වා.
Sinhala BJTනිසීදිත්‍වා: එහි හිඳ.
Pali BJTසාමිකෙ අනාපුච්ඡා පක්කමෙය්යාති: යො තස්මිං කුලෙ මනුස්සො විඤ්ඤූ තං අනාපුච්ඡා අනොවස්සකං අතික්කාමෙන්තියා ආපත්ති පාචිත්තියස්ස. අජ්ඣොකාසෙ උපචාරං අතික්කාමෙන්තියා ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTසාමිකෙ අනාපුච්ඡා පක්කමෙය්‍ය: ඒ කුලයෙහි දැනුමැති යම් මිනිසෙක් වේ නම් ඔහු නො පිළිවිසැ නිසවත ඉක්මවන්නියට පචිති ඇවැත් වෙයි. එළිමහනෙහි උවසර ඉන්මවන්නියට පචිති ඇවැත්වේ.
Pali BJTඅනාපුච්ඡිතෙ අනාපුච්ඡිතසඤ්ඤා පක්කමති ආපත්ති පාචිත්තියස්ස. අනාපුච්ඡිතෙ වෙමතිකා පක්කමති ආපත්ති පාචිත්තියස්ස. අනාපුච්ඡිතෙ ආපුච්ඡිතසඤ්ඤා පක්කමති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTනො පිළිවිසියෙහි නො පිළිවිසි සන් ඇතියා බැහැරැ යේ නම් පචිති ඇවැත් වෙයි. නො පිළිවිසියෙහි විමති ඇතියා බැහැරැ යේ නම් පචිති ඇවැත් වෙයි. නො පිළිවිසියෙහි පිළිවිසි සන් ඇතියා බැහැර යේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTපල්ලඞ්කස්ස අනොකාසෙ ආපත්ති දුක්කටස්ස. ආපුච්ඡිතෙ අනාපුච්ඡිතසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. ආපුච්ඡිතෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. ආපුච්ඡිතෙ ආපුච්ඡිතසඤ්ඤා අනාපත්ති.
Sinhala BJTපලඟෙක අනවකාශයෙහි දුකුළා ඇවැත් වෙයි. පිළිවිසියෙහි නො පිළිවිසිසන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිළිවිසියෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිළිවිසියෙහි පිළිවිසි සන් ඇතියා නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: ආපුච්ඡා ගච්ඡති, අසංහාරිමෙ, ගිලානාය ආපදාසු උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTපිළිවිසැ යා නම්, නො ගෙනැ යා හැකි අස්නෙහි නම්, ඇවැත් නැත. ගිලන් වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTපඤ්චමසික්ඛාපදං.
Sinhala BJTපස්වන සිකපදය යි.
Pali BJT4. 2. 6.
Sinhala BJT4. 2. 6.
Pali BJTඡට්ඨසික්ඛාපදං
Sinhala BJTසවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දා භික්ඛුනී පච්ඡාභත්තං කුලානි උපසඞ්කමිත්වා සාමිකෙ අනාපුච්ඡා ආසනෙ අභිනිසීදති පි අභිනිපජ්ජති පි. මනුස්සා ථුල්ලනන්දං භික්ඛුනිං හිරීයමානා ආසනෙ නෙව අභිනිසීදන්ති, න අභිනිපජ්ජන්ති, මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම අය්යා ථුල්ලනන්දා පච්ඡාභත්තං කුලානි උපසඞ්කමිත්වා සාමිකෙ අනාපුච්ඡා ආසනෙ අභිනිසීදිස්සති පි අභිනිපජ්ජිස්සතිපී”ති.
Sinhala BJT1. ශ්‍රාවස්ති නිදානයි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ පසුබතැ කුලයන් වෙතැ එළැඹැ හිමියන් නො පිළිවිසැ අසුනෙහි හිඳීම ද කෙරෙයි. වැදහොවීම ද කෙරෙයි. මිනිස්සු ථුල්ලනන්‍දා භික්‍ෂුණියගෙන් ලජ්ජිත වෙන්නාහු අසුනෙහි නොමැ හිඳිත්. නොමැ හොවිත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ පසුබතැ කුලයන් වෙතැ එළැඹැ හිමියන් නො පිළිවිසැ අසුනෙහි හිඳීම කළා ද? වැදහොවීම කළා දැ යි.
Pali BJT2. අස්සොසුං ඛො භික්ඛුනියො තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම අය්යා ථුල්ලනන්දා පච්ඡාභත්තං කුලානි උපසඞ්කමිත්වා සාමිකෙ අනාපුච්ඡා ආසනෙ අභිනිසීදිස්සති පි අභිනිපජ්ජිස්සතිපී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී පච්ඡාභත්තං කුලානි උපසඞ්කමිත්වා සාමිකෙ අනාපුච්ඡා ආසනෙ අභිනිසීදති පි අභිනිපජ්ජතිපීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී පච්ඡාභත්තං කුලානි උපසඞ්කමිත්වා සාමිකෙ අනාපුච්ඡා ආසනෙ අභිනිසීදිස්සතිපි අභිනිපජ්ජස්සති පි, නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ පසුබතැ කුලයන් වෙතැ එළැඹැ හිමියන් නො පිළිවිසැ අසුනෙහි හිඳීමත් කළා ද? වැදහොවීමත් කළා දැ යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ පසුබතැ කුලයන් වෙතැ එළැඹැ හිමියන් නො පිළිවිසැ අසුනෙහි හිඳීමත් කෙරේද? වැද හොවීමත් කෙරේ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... “කෙසේ නම් මහණෙනි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ පසුබතැ කුලයන් වෙතැ එළඹැ හිමියන් නො පිළිවිසැ අසුනෙහි හිඳීමත් කළාද? වැද හොවීමත් කළා දැ යි. මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී පච්ඡාභත්තං කුලානි උපසඞ්කමිත්වා සාමිකෙ අනාපුච්ඡා ආසනෙ අභිනිසීදෙය්ය වා අභිනිපජ්ජෙය්ය වා පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් පසුබතැ කුලයන් වෙතැ එළැඹැ හිමියන් නො පිළිවිසැ අසුනෙහි හිඳීනම් හෝ වැද හොවී නම් හෝ පචිති වේ”යයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTපච්ඡාභත්තං නාම: මජ්ඣන්තිකෙ වීතිවත්තෙ යාව අත්ථඞ්ගතෙ සූරියෙ.
Sinhala BJTපච්ඡාභත්ත නම්, මද්දහන ඉක්මගිය කල්හි හිරු අවරට යන තෙක්.
Pali BJTකුලං නාම: චත්තාරි කුලානි ඛත්තියකුලං බ්රාහ්මණකුලං වෙස්සකුලං සුද්දකුලං.
Sinhala BJTකුල නම්: ක්‍ෂත්‍රියකුල යැ බ්‍රාහ්මණකුල යැ වෛශ්‍යකුල යැ ශුද්‍රකුල යැ යි කුල සතරෙකි.
Pali BJTඋපසඞ්කමිත්වාති: තත්ථ ගන්ත්වා.
Sinhala BJTඋපසඞ්කමිත්‍වා: එහි ගොස්.
Pali BJTසාමිකෙ අනාපුච්ඡාති: යො තස්මිං කුලෙ මනුස්සො සාමිකො දාතුං තං අනාපුච්ඡා.
Sinhala BJTසාමිකෙ අනාපුච්ඡා: ඒ කුලයෙහි දෙන්නට හිමි යම් මිනිසෙක් වේ නම් ඔහු නො පිළිවිසැ.
Pali BJTආසනං නාම: පල්ලඞ්කස්ස ඔකාසො වුච්චති.
Sinhala BJTආසන නම්: පලඟෙක්හි අවකාශය කියනු ලැබෙයි.
Pali BJTඅභිනිසීදෙය්යාති: තස්මිං අභිනිසීදති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඅභිනිසීදෙය්‍ය: එහි හිඳී නම් පචිති ඇවැත් වෙයි.
Pali BJTඅභිනිපජ්ජෙය්යාති: තස්මිං අභිනිපජ්ජති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT[need trans?]
Pali BJTඅනාපුච්ඡිතෙ අනාපුච්ඡිතසඤ්ඤා ආසනෙ අභිනිසීදති වා අභිනිපජ්ජති වා ආපත්ති පාචිත්තියස්ස. අනාපුච්ඡිතෙ වෙමතිකා ආසනෙ අභිනිසීදති වා අභිනිපජ්ජති වා ආපත්ති පාචිත්තියස්ස. අනාපුච්ඡිතෙ ආපුච්ඡිතසඤ්ඤා ආසනෙ අභිනිසීදති වා අභිනිපජ්ජති වා ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTනො පිළිවිසියෙහි නො පිළිවිසි සන් ඇතියා අසුනෙහි හිඳී නම් හෝ වැද හොවී නම් පචිති ඇවැත් වෙයි. නො පිළිවිසියෙහි විමති ඇතියා අසුනෙහි හිඳී නම් හෝ වැද හොවී නම් හෝ පචිති ඇවැත් වෙයි. නො පිළිවිසියෙහි පිළිවිසි සන් ඇතියා අසුනෙහි හිඳී නම් හෝ වැද හොවී නම් හෝ පචිති ඇවැත් වේ.
Pali BJTපල්ලඞ්කස්ස අනොකාසෙ ආපත්ති දුක්කටස්ස. ආපුච්ඡිතෙ අනාපුච්ඡිතසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. ආපුච්ඡිතෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. ආපුච්ඡිතෙ ආපුච්ඡිතසඤ්ඤා අනාපත්ති.
Sinhala BJTපලඟෙක අවකාශයෙහි දුකුළා ඇවැත් වෙයි. පිළිවිසියෙහි නො පිළිවිසි සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිළිවිසියෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිළිවිසියෙහි පිළිවිසි සන් ඇතියා නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: ආපුච්ඡා ආසනෙ අභිනිසීදති වා අභිනිපජ්ජති වා ධුවපඤ්ඤත්තෙ, ගිලානාය, ආපදාසු, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTපිළිවිසි අසුනෙහි හිඳී නම් හෝ වැද හොවී නම් හෝ ඇවැත් නැති. නිති පැනවූයෙහි, ගිලන් වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTඡට්ඨසික්ඛාපදං.
Sinhala BJTසවන සිකපද යි.
Pali BJT4. 2. 7.
Sinhala BJT4. 2. 7.
Pali BJTසත්තමසික්ඛාපදං
Sinhala BJTසත්වන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛුනියො කොසලෙසු ජනපදෙ සාවත්ථිං ගච්ඡන්තියො සායං අඤ්ඤතරං ගාමං උපගන්ත්වා අඤ්ඤතරං බ්රාහ්මණකුලං උපසඞ්කමිත්වා ඔකාසං යාචිංසු. අථ ඛො සා බ්රාහ්මණී තා භික්ඛුනියො එතදවොච “ආගමෙථ අය්යෙ යාව බ්රාහ්මණො ආගච්ඡතී”ති. භික්ඛුනියො යාව බ්රාහ්මණො ආගච්ඡතීති සෙය්යං සන්ථරිත්වා එකච්චා නිසීදිංසු, එකච්චා නිපජ්ජංසු, අථ ඛො සො බ්රාහ්මණො රත්තිං ආගන්ත්වා තං බ්රාහ්මණිං එතදවොච, කා ඉමාති. භික්ඛුනියො අය්යාති. නික්කඩ්ඪ{1} ඉමා මුණ්ඩා වන්ධකිනියොති ඝරතො නික්කඩ්ඪාපෙසි.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි බොහෝ මෙහෙණෝ කොසොල් දනව්වෙහි සිට සැවැතට යන්නාහු සවස එක්තරා ගමකට පැමිණ එක්තරා බමුණු කුලයක් වෙතැ එළැඹැ ඉඩක් ඉල්ලූහ. එකල්හි ඒ බැමිණි ඒ මෙහෙණන්ට “ආර්‍ය්‍යාවෙනි බමුණා එන තෙක් ඉවසවයි කිවු යැ. මෙහෙණෝ බමුණා එන තෙක් ශයනය අතුරා ඇතැම්හු හුන්හ. ඇතැම්හු හොත්හ. එකල්හි ඒ බමුණු රෑ අවුත් එබැමිණිට මොහු කවුරුදැ යි කී යැ. ආර්‍ය්‍යය, මෙහෙණෝ යැ. මේ මුඩු වඳලියන් ඇදදමවයි ගෙයින් ඇදදැමවී යැ.
Pali BJT2. අථ ඛො තා භික්ඛුනියො සාවත්ථිං ගන්ත්වා භික්ඛුනීනං එතමත්ථං ආරොචෙසුං. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො විකාලෙ කුලානි උපසඞ්කමිත්වා සාමිකෙ අනාපුච්ඡා සෙය්යං සන්ථරිත්වා අභිනිසීදිස්සන්තිපි අභිනිපජ්ජිස්සන්තිපී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ, භික්ඛුනියො විකාලෙ කුලානි උපසඞ්කමිත්වා සාමිකෙ අනාපුච්ඡා සෙය්යං සන්ථරිත්වා අභිනිසීදන්තිපි අභිනිපජ්ජන්තිපී”ති සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- “කථං හි නාම භික්ඛවෙ භික්ඛුනියො විකාලෙ කුලානි උපසඞ්කමිත්වා සාමිකෙ අනාපුච්ඡා සෙය්යං සන්ථරිත්වා අභිනිසීදිස්සන්තිපි අභිනිපජ්ජිස්සන්තිපි. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. ඉක්බිති ඒ මෙහෙණෝ සැවැතට ගොස් මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූහ. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ විකාලයෙහි කුලයන් වෙතැ එළැඹැ හිමියන් නො පිළිවිසැ ශය්‍යාව අතුරා හිඳීමත් කළෝ ද? වැද හොවීමත් කළෝ දැ යි ... සැබෑද මහණෙනි, මෙහෙණෝ විකාලයෙහි කුලයන් වෙතැ එළැඹැ හිමියන් නො පිළිවිසැ ශය්‍යාව අතුරා හිඳීමත් කෙරෙත් ද? වැද හොවීමත් කෙරෙත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි මෙහෙණෝ විකාලයෙහි කුලයන් වෙතැ එළැඹැ හිමියන් නො පිළිවිසැ ශය්‍යාව අතුරා හිඳීමත් කළෝ ද? වැද හොවීමත් කළෝ ද? මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
Pali BJT“යා පන භික්ඛුනී විකාලෙ කුලානි උපසඞ්කමිත්වා සාමිකෙ අනාපුච්ඡා සෙය්යං සන්ථරිත්වා වා සන්ථරාපෙත්වා වා අභිනිසීදෙය්ය වා අභිනිපජ්ජෙය්ය වා පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් විකාලයෙහි කුලයන් වෙතැ එළැඹැ හිමියන් නො පිළිවිසැ ශය්‍යාව අතුරා හෝ අතුරුවා හෝ හිඳී නම් හෝ වැද හොවී නම් හෝ පචිති ඇවැත් වේ” යයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTවිකාලො නාම: අත්ථඞ්ගතෙ සූරියෙ යාව අරුණුග්ගමනා.
Sinhala BJTවිකාල නම්: හිරු අවරට ගිය කල්හි අරුණ නැඟීම තෙක්.
Pali BJTකුලං නාම: චත්තාරි කුලානි ඛත්තියකුලං බ්රාහ්මණකුලං වෙස්සකුලං සුද්දකුලං.
Sinhala BJTකුල නම්: ක්‍ෂත්‍රියකුල යැ බ්‍රාහ්මණකුල යැ වෛශ්‍යකුල යැ ශුද්‍රකුල යැ යි කුල සතරෙකි.
Pali BJTඋපසඞ්කමිත්වාති: තත්ථ ගන්ත්වා.
Sinhala BJTඋපසඞ්කමිත්‍වා: එහි ගොස්.
Pali BJTසාමිකෙ අනාපුච්ඡාති: යො තස්මිං කුලෙ මනුස්සො සාමිකො දාතුං තං අනාපුච්ඡා.
Sinhala BJTසාමිකෙ අනාපුච්ඡා: ඒ කුලයෙහි දෙන්නට හිමි යම් මිනිසෙක් වේ නම් ඔහු නො පිළිවිසැ.
Pali BJTසෙය්යං නාම: අන්තමසො පණ්ණසන්ථාරොපි.
Sinhala BJTසෙය්‍ය නම්: යටත් පිරිසෙයින් කොළ ඇතිරියකුත්.
Pali BJTසන්ථරිත්වාති: සයං සන්ථරිත්වා.
Sinhala BJTසන්‍ථරිත්‍වා: තොමෝ අතුරා.
Pali BJTසන්ථරාපෙත්වාති: අඤ්ඤං සන්ථරාපෙත්වා.
Sinhala BJTසන්‍ථරාපෙත්‍වා: මෙරමා ලවා අතුරුවා.
Pali BJTඅභිනිසීදෙය්යාති: තස්මිං අභිනිසීදති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඅභිනිසීදෙය්‍ය: එහි හිඳී නම් පචිති ඇවැත් වෙයි.
Pali BJTඅභිනිපජ්ජෙය්යාති: තස්මිං අභිනිපජ්ජති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඅභිනිපජ්ජෙය්‍ය: එහි වැද හොවී නම් පචිති ඇවැත් වෙයි.
Pali BJTඅනාපුච්ඡිතෙ අනාපුච්ඡිතසඤ්ඤා සෙය්යං සන්ථරිත්වා වා සන්ථරාපෙත්වා වා අභිනිසීදති වා අභිනිපජ්ජති වා ආපත්ති පාචිත්තියස්ස. අනාපුච්ඡිතෙ වෙමතිකා සෙය්යං සන්ථරිත්වා වා සන්ථරාපෙත්වා වා අභිනිසීදති වා අභිනිපජ්ජති වා ආපත්ති පාචිත්තියස්ස. අනාපුච්ඡිතෙ ආපුච්ඡිතසඤ්ඤා සෙය්යං සන්ථරිත්වා වා සන්ථරාපෙත්වා වා අභිනිසීදති වා අභිනිපජ්ජති වා ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTනො පිළිවිසියෙහි නො පිළිවිසිසන් ඇතියා ශය්‍යාව අතුරා හෝ අතුරුවා හෝ හිඳී නම් හෝ වැද හොවී නම් හෝ පචිති ඇවැත් වෙයි. නො පිළිවිසියෙහි විමති ඇතියා ශය්‍යාව අතුරා හෝ අතුරුවා හෝ හිඳී නම් හෝ වැද හොවී නම් හෝ පචිති ඇවැත් වෙයි. නො පිළිවිසියෙහි පිළිවිසිසන් ඇතියා ශය්‍යාව අතුරා හෝ අතුරුවා හෝ හිඳී නම් හෝ වැද හොවී නම් හෝ පචිති ඇවැත් වේ.
Pali BJTආපුච්ඡිතෙ අනාපුච්ඡිතසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. ආපුච්ඡිතෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. ආපුච්ඡිතෙ ආපුච්ඡිතසඤ්ඤා අනාපත්ති.
Sinhala BJTපිළිවිසියෙහි නො පිළිවිසිසන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිළිවිසියෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිළිවිසියෙහි පිළිවිසියන් ඇතියා නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: ආපුච්ඡා සෙය්යං සන්ථරිත්වා වා සන්ථරාපෙත්වා වා අභිනිසීදති වා අභිනිපජ්ජති වා, ගිලානාය, ආපදාසු, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTපිළිවිසැ ශය්‍යාව අතුරා හෝ අතුරුවා හෝ හිඳී නම් හෝ වැද හොවී නම් හෝ, ඇවැත් නැත. ගිලන්වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTසත්තමසික්ඛාපදං.
Sinhala BJTසත්වන සිකපදයි.
Pali BJT4. 2. 8.
Sinhala BJT4. 2. 8.
Pali BJTඅට්ඨමසික්ඛාපදං
Sinhala BJTඅටවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භද්දාය කාපිලානියා අන්තෙවාසී භික්ඛුනී{1} භද්දං කාපිලානිං සක්කච්චං උපට්ඨෙති. භද්දා කාපිලානී භික්ඛුනියො එතදවොච: “අයං මං, අය්යෙ භික්ඛුනී සක්කච්චං උපට්ඨෙති ඉමිස්සාහං චීවරං දස්සාමී”ති. අථ ඛො සා භික්ඛුනී දුග්ගහිතෙන දූපධාරිතෙන පරං උජ්ඣාපෙසි: “අහං කිර අය්යෙ අය්යං න සක්කච්චං උපට්ඨෙමි, න කිර මෙ අය්යා චීවරං දස්සතී”ති.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි භද්‍රා කාපිලානියගේ අතැවැසි මෙහෙණක් තොමෝ භද්‍රා කාපිලානියට සකසා උවටැන් කෙරෙයි. භද්‍රා කාපිලානී තොමෝ මෙහෙණන්ට “ආර්‍ය්‍යාවෙනි, මේ මෙහෙණ මට සකසා උවටැන් කෙරෙයි. මැයට මම සිවුරක් දෙන්නෙමි”යි මෙය කිවු යැ. එකල්හි ඒ මෙහෙණ වරදවා ගන්නා ලදුයෙන් වරදවා දරන ලදුයෙන් මෙරමා ලමු කොට සිතවු යැ. ආර්‍ය්‍යාවෙනි, මම වනාහි ආර්‍ය්‍යාවහට සකසා උවටැන් නො කෙරෙම් ල, ආර්‍ය්‍යා තොමෝ මට සිවුරක් නො දෙන්නී ලැ යි.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනී දුග්ගහිතෙන දූපධාරිතෙන පරං උජ්ඣාපෙස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනී දුග්ගහිතෙන දූපධාරිතෙන පරං උජ්ඣාපෙසීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනී දුග්ගහිතෙන දූපධාරිතෙන පරං උජ්ඣාපෙස්සති.” නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් තොමෝ වරදවා ගන්නා ලදුයෙන් වරදවා දරන ලදුයෙන් මෙරමා ලමු කොට සිතවු”දැ යි ... සැබෑද මහණෙනි, මෙහෙණක් තොමෝ වරදවා ගන්නා ලදුයෙන් මෙරමා ලමු කොට සිතවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණක් තොමෝ වරදවා ගන්නා ලදුයෙන් වරදවා දරන ලදුයෙන් මෙරමා ලමු කොට සිතවු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණහු මේ සිකපදය මෙසේ උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී දුග්ගහිතෙන දූපධාරිතෙන පරං උජ්ඣාපෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් වරදවා ගන්නා ලදුයෙන් වරදවා දරන ලදුයෙන් මෙරමා ලමු කොට සිතවා නම් පචිති වේ” යයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුණී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTදුග්ගහිතෙනාති: අඤ්ඤථා ගහිතෙන.
Sinhala BJTදුග්ගහිතෙන: අන් පරිද්දෙකින් ගන්නා ලදුයෙන්,