Pali BJTභික්ඛුස්සාති: උපසම්පන්නස්ස.
Sinhala BJTභික්ඛුස්ස: උපසපනක්හට.
Pali BJTභුඤ්ජන්තස්සාති: පඤ්චන්නං භොජනානං අඤ්ඤතරං භොජනං භුඤ්ජන්තස්ස.
Sinhala BJTභුඤ්ජන්තස්ස: පස් බොජුනෙන් එක්තරා බොජුනක් වළඳන්නාහට.
Pali BJTපානීයං නාම: යං කිඤ්චි පානීයං.
Sinhala BJTපානීය නම්: යම්කිසි පියයුතු දැයක්.
Pali BJTවිධූපනං නාම: යා කාචි වීජනී{1}
Sinhala BJTවිධූපන නම්: යම්කිසි විජනියක්.
Pali BJTඋපතිට්ඨෙය්යාති: හත්ථපාසෙ තිට්ඨති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඋපතිට්ඨෙය්‍ය: අත්පසැ සිටී නම් පචිත් ඇවැත් වෙයි.
Pali BJTඋපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤා පානීයෙන වා විධූපනෙන වා උපතිට්ඨති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ වෙමතිකා පානීයෙන වා විධූපනෙන වා උපතිට්ඨති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤා පානීයෙන වා විධූපනෙන වා උපතිට්ඨති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඋපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියා පැනින් හෝ විජනියෙන් හෝ යුතු වැ වෙතැ සිටී නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියා පැනින් හෝ විජනියෙන් හෝ යුතු වැ වෙතැ සිටී නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියා පැනින් හෝ විජනියෙන් හෝ යුතු වැ වෙතැ සිටී නම් පචිති ඇවැත් වේ.
Pali BJTහත්ථපාසං විජහිත්වා උපතිට්ඨති ආපත්ති දුක්කටස්ස. ඛාදනීයං ඛාදන්තස්ස උපතිට්ඨති ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නස්ස උපතිට්ඨති ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤා ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅත්පස හැරැපියා වෙතැ සිටී නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු වෙතැ සිටී නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක් කෙරෙහි උපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: දෙති දාපෙති, අනුපසම්පන්නං ආණාපෙති උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTදේ නම්, දෙවා නම්, අනුපසපනක්හු අණවා නම්, ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTඡට්ඨසික්ඛාපදං.
Sinhala BJTසවන සිකපද යි.
Pali BJT4. 1. 7.
Sinhala BJT4. 1. 7.
Pali BJTසත්තමසික්ඛාපදං
Sinhala BJTසත්වන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික්ඛුනියො සස්සකාලෙ ආමකධඤ්ඤං විඤ්ඤාපෙත්වා නගරං අතිහරන්ති. ද්වාරට්ඨානෙ දෙථාය්යෙ භාගන්ති පලිබුද්ධිත්වා{2} මුඤ්චිංසු. අථ ඛො තා භික්ඛුනියො උපස්සයං ගන්ත්වා භික්ඛුනීනං එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ අස්වනු කල්හි අමු ධාන්‍යය විනවා නුවරට ගෙන එති. (නුවරැ) දොරටුතන්හි ආර්‍ය්‍යාවෙනි, කොටසක් දෙවුයැ යි හිරිහැර කොට මුදාලූහ. එකල්හි ඒ මෙහෙණෝ මෙහෙණවරට ගොස් මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූහු.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො ආමකධඤ්ඤං විඤ්ඤාපෙස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනියො ආමකධඤ්ඤං විඤ්ඤාපෙන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා, -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනියො ආමකධඤ්ඤං විඤ්ඤාපෙස්සන්ති, නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ අමු ධාන්‍යය විනවූහු” දැයි ... “සැබෑද මහණෙනි, මෙහෙණෝ අමු ධාන්‍යය වින වත්”දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ අමු ධාන්‍යය විනවහුද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී ආමකධඤ්ඤං විඤ්ඤාපෙත්වා වා විඤ්ඤාපෙත්වා වා{1} භජ්ජිත්වා වා භජ්ජාපෙත්වා වා කොට්ටෙත්වා වා කොට්ටාපෙත්වා වා පචිත්වා වා පචාපෙත්වා වා භුඤ්ජෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් තොමෝ අමු ධාන්‍යය විනවා හෝ විනවවා හෝ බැද හෝ බදවා හෝ කොටා හෝ කොටවා හෝ පිසැ හෝ පිසවා හෝ වළඳා නම් පචිති ඇවැත් වේ” යයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
Pali BJTආමකධඤ්ඤං නාම: සාලි වීහි යවො ගොධුමො කඞ්ගු වරකො කුද්රූසකො.
Sinhala BJTආමකධඤ්ඤ නම්: හැල් යැ වී යැ යව යැ තිරිඟු ය කඞ්ගු යැ වරා යැ අමු යැ.
Pali BJTවිඤ්ඤාපෙත්වාති: සයං විඤ්ඤාපෙත්වා.
Sinhala BJTවිඤ්ඤාපෙත්‍වා: තමා විසින් විනවා.
Pali BJTවිඤ්ඤපාපෙත්වාති: අඤ්ඤං විඤ්ඤාපාපෙත්වා{2}.
Sinhala BJTවිඤ්ඤපාපෙත්‍වා: මෙරමා ලවා විනවවා.
Pali BJTභජ්ජිත්වාති: සයං භජ්ජිත්වා.
Sinhala BJTභජ්ජිත්‍වා: තෙමේ බැද.
Pali BJTභජ්ජාපෙත්වාති: අඤ්ඤං භජ්ජාපෙත්වා.
Sinhala BJTභජ්ජාපෙත්‍වා: මෙරමා ලවා බදවා.
Pali BJTකොට්ටෙත්වාති: සයං කොට්ටෙත්වා.
Sinhala BJTකොට්ටෙත්‍වා: තෙමේ කොටා.
Pali BJTකොට්ටාපෙත්වාති: අඤ්ඤං කොට්ටාපෙත්වා.
Sinhala BJTකොට්ටාපෙත්‍වා: මෙරමා ලවා කොටවා.
Pali BJTපචිත්වාති: සයං පචිත්වා.
Sinhala BJTපචිත්‍වා: තෙමේ පිසැ.
Pali BJTපචාපෙත්වාති: අඤ්ඤං පචාපෙත්වා. භුඤ්ජිස්සාමීති පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTපචාපෙත්‍වා: මෙරමා ලවා පිසවා. බුදින්නෙමැ යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: ආබාධපච්චයා අපරණ්ණං විඤ්ඤාපෙති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTආබාධ ප්‍රත්‍යයෙන්, (මුං උඳු ඈ) අපරණ්ණයක් විනවා නම්, ඇවැත් නො වේ. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTසත්තමසික්ඛාපදං.
Sinhala BJTසත්වන සිකපදය.
Pali BJT4. 1. 8.
Sinhala BJT4. 1. 8.
Pali BJTඅට්ඨමසික්ඛාපදං
Sinhala BJTඅටවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො බ්රාහ්මණො නිබ්බිට්ඨරාජභටො තඤ්ඤෙව භටපථං යාචිස්සාමීති සීසං නහායිත්වා භික්ඛුනූපස්සයං උපනිස්සාය{1} රාජකුලං ගච්ඡති. අඤ්ඤතරා භික්ඛුනී කටාහෙ වච්චං කත්වා තිරොකුඩ්ඩෙ ඡඩ්ඩෙන්තී තස්ස බ්රාහ්මණස්ස මත්ථකෙ ආසුම්භි. අථ ඛො සො බ්රාහ්මණො උජ්ඣායති ඛීයති විපාචෙති: “අස්සමණියො ඉමා මුණ්ඩා වන්ධකිනියො{2} කථං හි නාම ගූථකටාහං මත්ථකෙ ආසුම්භිස්සන්ති. ඉමාසං උපස්සයං ඣාපෙස්සාමී”ති උම්මුකං{3} ගහෙත්වා උපස්සයං පවිසති. අඤ්ඤතරො උපාසකො උපස්සයා නික්ඛමන්තො අද්දස තං බ්රාහ්මණං උම්මුකං ගහෙත්වා උපස්සයං පවිසන්තං. දිස්වාන තං බ්රාහ්මණං එතදවොච “කිස්ස ත්වං භො උම්මුකං ගහෙත්වා උපස්සයං පවිසසී”ති. ඉමා මං භො මුණ්ඩා වන්ධකිනියො ගූථකටාහං මත්ථකෙ ආසුම්භිංසු. ඉමාසං උපස්සයං ඣාපෙස්සාමීති. ගච්ඡ භො බ්රාහ්මණ මඞ්ගලං එතං සහස්සං ලච්ඡසි තඤ්ච භටපථන්ති. අථ ඛො සො බ්රාහ්මණො සීසං නහායිත්වා රාජකුලං ගන්ත්වා සහස්සං අලත්ථ තඤ්ච භටපථං.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා බමුණෙක් බැළයට සේවා කරන රාජභටයෙක් වූයේ ඒ භටමාර්‍ගය මැ ඉල්වන්නෙමැ යි හිස දොවා සනහා මෙහෙණවරට සමීපමාර්‍ගයෙන් රජගෙදරට යෙයි. එක්තරා මෙහෙණක් කබලෙක්හි වස කිස කොට බිතුයෙන් ඔබ්බෙහි දමාපියන්නී ඒ බමුණාගේ හිස මත්තෙහි හෙලූ යැ. එකල්හි ඒ බමුණු ලමු කොට සිතයි. නුගුණ පවසයි. දොස් පතුරුවයි. “මේ මුඬු වඳලියෝ වූ නො මෙහෙණෝ කෙසේ නම් වසුරු බඳුනක් හිසමත්තෙහි හෙලූහු ද? මොවුන්ගේ අසපුව දවන්නෙමැ යි ගිනිහුලක් ගෙනැ අසපුවට පිවිසෙයි. එක්තරා උවසුවෙක් මෙහෙණවරින් නික්මෙන්නේ ගිනිහුලක් ගෙනැ මෙහෙණවරට පිවිසෙන ඒ බමුණා දිටී. දැකැ එ බමුණුහට “පින්වත තෝ කුමකට ගිනිහුලක් ගෙනැ මෙහෙණවරට පිවිසෙහි”දැ යි කී යැ. පින්වත මේ මුඩු වඳගැහැණු වසුරු බඳුනක් මා මත්තෙහි හෙලූහ. මොවුන්ගේ මෙහෙණවර දවාලන්නෙමි යි. පින්වත් බමුණ යා තෙලෙ මඟුල් යැ. දහසක් ද ඒ භටමාර්‍ගය ද ලබනෙහි යැ යි. එකල්හි ඒ බමුණු තෙමේ හිස දොවා නහා රජගෙදරට ගොස් දහසක් ද ඒ භටමාර්‍ගය ද ලැබී.
Pali BJT2’ අථ ඛො සො උපාසකො උපස්සයං පවිසිත්වා භික්ඛුනීනං එතමත්ථං ආරොචෙත්වා පරිභාසි. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනී{4} උච්චාරං තිරොකුඩ්ඩෙ ඡඩ්ඩෙස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනී උච්චාරං තිරොකුඩ්ඩෙ ඡඩ්ඩෙසීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනියො උච්චාරං තිරොකුඩ්ඩෙ ඡඩ්ඩෙස්සති නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. ඉක්බිති ඒ උවසු මෙහෙණවරට පිවිස මෙහෙණන් හට තෙල කරුණ ඇරොජා (යළි මෙබන්දක් නො කරන්නැ යි) බියගැන්වී යැ. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෙක් තොමෝ මල භිත්තියෙන් පිටත්හි දමාපූ දැ” යි ... සැබෑ ද මහණෙනි මෙහෙණක් මල භිත්තියෙන් පිටත්හි දමාපියද්දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි මෙහෙණක් මල භිත්තියෙන් පිටත්හි දමාපූද? මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී උච්චාරං වා පස්සාවං වා සඞ්කාරං වා විඝාසං වා තිරොකුඩ්ඩෙ වා තිරොපාකාරෙ වා ඡඩ්ඩෙය්ය වා ඡඩ්ඩාපෙය්ය වා පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් මල හෝ මූ හෝ කසළ හෝ ඉඳුල් හෝ භිත්තියෙන් පිටතැ හෝ පවුරෙන් පිටතැ හෝ දමාපියා නම් හෝ දමාපියවා නම් හෝ පචිති වේ” යයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
Pali BJTඋච්චාරො නාම: ගූථො වුච්චති.
Sinhala BJTඋච්චාර නම්: ගුථය කියනු ලැබෙයි.
Pali BJTපස්සාවො නාම: මුත්තං වුච්චති.
Sinhala BJTපස්සාව නම්: මූත්‍ර කියනු ලැබෙයි.
Pali BJTසඞ්කාරං නාම: කචවරං වුච්චති.
Sinhala BJTසඞ්කාර නම්: කසළ කියනු ලැබෙයි.
Pali BJTවිඝාසං නාම: චලකානි වා අට්ඨිකානි වා උච්චිට්ඨොදකං වා.
Sinhala BJTවිඝාස නම්: සප හෝ ඇට හෝ ඉඳුල්දිය හෝ යැ.
Pali BJTකුඩ්ඩො නාම: තයො කුඩ්ඩා ඉට්ඨකාකුඩ්ඩො සිලාකුඩ්ඩො දාරුකුඩ්ඩො.
Sinhala BJTකුඩ්ඩ නම්: ගඩොළු බිතු යැ සෙල් බිතු යැ දැව බිතු යැයි බිතු තුනෙකි.
Pali BJTපාකාරො නාම: තයො පාකාරා ඉට්ඨකාපාකාරො සිලාපාකාරො දාරුපාකාරො.
Sinhala BJTපාකාර නම්: ගඩොළු පවුරු යැ සෙල් පවුරු යැ දැව පවුරු යැයි පවුරු තුනෙකි.
Pali BJTතිරොකුඩ්ඩෙති: කුඩ්ඩස්ස පරතො.
Sinhala BJTතිරොකුඩ්ඩෙ: බිතුයෙන් ඔබ්බෙහි;
Pali BJTතිරොපාකාරෙති: පාකාරස්ස පරතො.
Sinhala BJTතිරො පාකාරෙ: පවුරෙන් ඔබ්බෙහි;
Pali BJTඡඩ්ඩෙය්යාති: සයං ඡඩ්ඩෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඡඩ්ඩෙය්‍ය: තෙමේ දමාපියා නම් පචිති ඇවැත් වෙයි.
Pali BJTඡඩ්ඩාපෙය්යාති: අඤ්ඤං ආණාපෙති ආපත්ති දුක්කටස්ස. සකිං ආණත්තා බහුකම්පි ඡඩ්ඩෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඡඩ්ඩාපෙය්‍ය: මෙරමා අණවා නම් දුකුළා ඇවැත් වෙයි. වරක් අණවන ලද්දී බොහෝ වරකුදු දමාපියා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: ඔලොකෙත්වා ඡඩ්ඩෙති, අවලඤ්ජෙ ඡඩ්ඩෙති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTබලා දමාපියා නම්, යනෙන මඟක් නැති තන්හි දමාපියා නම්, ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති,
Pali BJTඅට්ඨමසික්ඛාපදං.
Sinhala BJTඅටවන සිකපදය යි.
Pali BJT4. 1. 9.
Sinhala BJT4. 1. 9.
Pali BJTනවමසික්ඛාපදං
Sinhala BJTනවවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස බ්රාහ්මණස්ස භික්ඛුනූපස්සයං නිස්සාය යවඛෙත්තං හොති. භික්ඛුනියො උච්චාරම්පි පස්සාවම්පි සඞ්කාරම්පි විඝාසම්පි හරිතෙ{1} ඡඩ්ඩෙන්ති. අථ ඛො සො බ්රාහ්මණො උජ්ඣායති ඛීයති විපාචෙති: “කථං හි නාම භික්ඛුනියො අම්හාකං යවඛෙත්තං දූසෙස්සන්තී”ති.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා බමුණක්හුගේ යව කෙතෙක් මෙහෙණවරක් ඇසිරි කොට වෙයි. මෙහෙණෝ මල ද මූ ද කසළ ද ඉඳුල් ද නිල්වන් ගොයමෙහි දමාපියති. එකල්හි ඒ බමුණු ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුව යි. “කෙසේ නම් මෙහෙණෝ අපගේ යවකෙත දූෂණය කළාහු”දැ යි.
Pali BJT2. අස්සොසුං ඛො භික්ඛුනියො තස්ස බ්රාහ්මණස්ස උජ්ඣායන්තස්ස ඛීයන්තස්ස විපාචෙන්තස්ස. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො උච්චාරම්පි පස්සාවම්පි සඞ්කාරම්පි විඝාසම්පි හරිතෙ ඡඩ්ඩෙස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනියො උච්චාරම්පි පස්සාවම්පි සඞ්කාරම්පි විඝාසම්පි හරිතෙ ඡඩ්ඩෙන්තීති. සච්චං භගවා විගරහි බුද්ධො භගවා. -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනියො උච්චාරම්පි පස්සාවම්පි සඞ්කාරම්පි විඝාසම්පි හරිතෙ ඡඩ්ඩෙස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ බමුණාගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු මැයි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහුද ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ මල ද මූ ද ඉඳුල් ද නිල්වන් ගොයමෙහි දමාපූහු දැ”යි ... සැබෑද මහණෙනි, මෙහෙණෝ මල ද මූ ද කසළ ද ඉඳුල් ද නිල්වන් ගොයමෙහි දමා දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ මල ද මූ ද කසළ ද ඉඳුල් ද නිල්වන් ගොයමෙහි දමාපූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී උච්චාරං වා පස්සාවං වා සඞ්කාරං වා විඝාසං වා හරිතෙ ඡඩ්ඩෙය්ය වා ඡඩ්ඩාපෙය්ය වා, පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් මල හෝ මූ හෝ කසළ හෝ ඉඳුල් හෝ නිල්වන් ගොයමෙහි දමාපියා නම් හෝ දමවාපියා නම් හෝ පචිති වේ” යයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනී ති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
Pali BJTඋච්චාරො නාම: ගූථො වුච්චති.
Sinhala BJTඋච්චාර නම්: ගූථ ය කියනු ලැබෙයි.
Pali BJTපස්සාවො නාම: මුත්තං වුච්චති.
Sinhala BJTපස්සාව නම්: මූත්‍ර කියනු ලැබෙයි.
Pali BJTසඞ්කාරං නාම: කචවරං වුච්චති.
Sinhala BJTසඞ්කාර නම්: කසළ කියනු ලැබෙයි.
Pali BJTවිඝාසං නාම: චලකානි වා අට්ඨිකානි වා උච්චිට්ඨොදකං වා.
Sinhala BJTවිඝාස නම්: සප හෝ ඇට හෝ ඉඳුල්දිය හෝ යැ.
Pali BJTහරිතං නාම: පුබ්බන්නං අපරන්නං යං මනුස්සානං උපභොගපරිභොගං රොපිමං .
Sinhala BJTහරිත නම්: යම් දැයෙක් මිනිසුන්ගේ උපභෝග පරිභෝගයට රෝප ය කරන ලදද (ඒ) පූර්‍වාන්න යැ අපරාන්න යැ යි.
Pali BJTඡඩ්ඩෙය්යාති: සයං ඡඩ්ඩෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඡඩ්ඩෙය්‍ය: තොමෝ දමාපියා නම් පචිති ඇවැත් වෙයි.
Pali BJTඡඩ්ඩාපෙය්යාති: අඤ්ඤං ආණාපෙති ආපත්ති දුක්කටස්ස. සකිං ආණත්තා බහුකම්පි ඡඩ්ඩෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඡඩ්ඩාපෙය්‍ය: මෙරමාහට අණවා නම් දුකුළා ඇවැත් වෙයි. වරක් අණවන ලද්දී බොහෝ වරකුදු දමාපියා නම් පචිති ඇවැත් වේ.
Pali BJTහරිතෙ හරිතසඤ්ඤා ඡඩ්ඩෙති වා ඡඩ්ඩාපෙති වා ආපත්ති පාචිත්තියස්ස. හරිතෙ වෙමතිකා ඡඩ්ඩෙති වා ඡඩ්ඩාපෙති වා ආපත්ති පාචිත්තියස්ස. හරිතෙ අහරිතසඤ්ඤා ඡඩ්ඩෙති වා ඡඩ්ඩාපෙති වා ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTනිල්වනෙහි නිල්වන් සන් ඇතියා දමාපියා නම් හෝ දමවාපියා නම් හෝ පචිති ඇවැත් වෙයි. නිල්වනෙහි විමති ඇතියා දමාපියා නම් හෝ දමවාපියා නම් හෝ පචිති ඇවැත් වෙයි. නිල්වනෙහි නො නිල්වන් සන් ඇතියා දමාපියා නම් හෝ දමවාපියා නම් හෝ පචිති ඇවැත් වේ.
Pali BJTඅහරිතෙ හරිතසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අහරිතෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අහරිතෙ අහරිතසඤ්ඤා අනාපත්ති.
Sinhala BJTනො නිල්වනෙහි නිල්වන් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො නිල්වනෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො නිල්වනෙහි නො නිල්වන් සන් ඇතියා නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: ඔලොකෙත්වා ඡඩ්ඩෙති, සාමිකෙ අපලොකෙත්වා ඡඩ්ඩෙති{1}, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTහැරැ දමන ලද කෙතෙහි දමාපියා නම්, හිමියන් පිළිවිසැ දමාපියා නම් ඇවැත් නොවේ, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTනවමසික්ඛාපදං.
Sinhala BJTනවවන සිකපද යි.
Pali BJT4. 1. 10.
Sinhala BJT4. 1. 10.
Pali BJTදසමසික්ඛාපදං
Sinhala BJTදසවන සිකපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන රාජගහෙ ගිරග්ගසමජ්ජො හොති. ඡබ්බග්ගියා භික්ඛුනියො ගිරග්ගසමජ්ජං දස්සනාය අගමංසු. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො නච්චම්පි ගීතම්පි වාදිතම්පි දස්සනාය ආගච්ඡිස්සන්ති සෙය්යථාපි ගිහීකාමභොගිනියො”ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහ නුවරැ වේළුවන නම් කලන්‍දක නිවාපයෙහි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි රජගහ නුවරැ ගිරග නැටුමෙක් වෙයි. සවග මෙහෙණෝ ගිරග නැටුම දකිනු පිණිස ගියහ. මිනිස්සු ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් මෙහෙණෝ ගෘහී කාමභෝගිනීන් මෙන් නැටුම් ද ගැයුම් ද වැයුම් ද දකිනු පිණිස ආවාහු දැ”යි.
Pali BJT2. අස්සොසුං ඛො භික්ඛුනියො තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛුනියො නච්චම්පි ගීතම්පි වාදිතම්පි දස්සනාය ගච්ඡිස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ ඡබ්බග්ගියා භික්ඛුනියො නච්චම්පි ගීතම්පි වාදිතම්පි දස්සනාය ගච්ඡන්තී”ති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා. -පෙ- කථං හි නාම භික්ඛවෙ ඡබ්බග්ගියා භික්ඛුනියො නච්චම්පි ගීතම්පි වාදිතම්පි දස්සනාය ගච්ඡිස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු මැයි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්, “කෙසේ නම් සවග මෙහෙණෝ නැටුම් ද ගැයුම් ද වැයුම් ද දකිනු පිණිස ගියාහු දැ”යි. ... සැබෑද මහණෙනි, සවග මෙහෙණෝ නැටුම් ද ගැයුම් ද වැයුම් ද දකිනු පිණිස යෙද්දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, සවග මෙහෙණෝ නැටුම් ද ගැයුම් ද වැයුම් ද දකිනු පිණිස ගියාහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද, මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
Pali BJT“යා පන භික්ඛුනී නච්චං වා ගීතං වා වාදිතං වා දස්සනාය ගච්ඡෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් නටනු හෝ ගයනු හෝ වයනු හෝ දකිනු පිණිස යා නම් පචිති වේ” යයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
Pali BJTනච්චං නාම: යං කිඤ්චි නච්චං.
Sinhala BJTනච්ච නම්: යම් කිසි නැටීමක්.
Pali BJTගීතං නාම: යං කිඤ්චි ගීතං.
Sinhala BJTගීත නම්: යම් කිසි ගැයීමක්.
Pali BJTවාදිතං නාම: යං කිඤ්චි වාදිතං.
Sinhala BJTවාදිත නම්: යම් කිසි වැයීමක්.
Pali BJTදස්සනාය ගච්ඡති ආපත්ති දුක්කටස්ස. යත්ථ ඨිතා පස්සති වා සුණාති වා ආපත්ති පාචිත්තියස්ස. දස්සනූපචාරං විජහිත්වා පුනප්පුනං පස්සති වා සුණාති වා ආපත්ති පාචිත්තියස්ස. එකමෙකං දස්සනාය ගච්ඡති ආපත්ති දුක්කටස්ස. යත්ථ ඨිතා පස්සති වා සුණාති වා ආපත්ති පාචිත්තියස්ස. දස්සනූපචාරං විජහිත්වා පුනප්පුනං පස්සති වා සුණාති වා ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTදකිනු පිණිස යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙකැ සිටියා දකී නම් හෝ අසා නම් හෝ පචිති ඇවැත් වෙයි. දසුන් උවසර හැරැපියා පුන පුනා දකී නම් හෝ අසා නම් හෝ පචිති ඇවැත් වෙයි. එකක් එකක් දකිනු පිණිස යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙකැ සිටියා දකී නම් හෝ අසා නම් හෝ පචිති ඇවැත් වෙයි. දසුන් උවසර හැරැපියා පුන පුනා දකී නම් හෝ අසා නම් හෝ පචිති ඇවැත් වේ.”
Pali BJTඅනාපත්ති: ආරාමෙ ඨිතා පස්සති වා සුණාති වා භික්ඛුනියා ඨිතොකාසං වා නිසින්නොකාසං වා නිපන්නොකාසං වා ආගන්ත්වා නච්චන්ති වා ගායන්ති වා වාදෙන්ති වා පටිපථං ගච්ඡන්තී පස්සති වා සුණාති වා සති කරණීයෙ ගන්ත්වා පස්සති වා සුණාති වා, ආපදාසු, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඅරමෙහි සිටියා දකී නම් හෝ අසා නම් හෝ, මෙහෙණක්හු සිටි තෙනට හෝ හුන්තෙනට හෝ හොත්තෙනට හෝ අවුත් නටත් නම් හෝ ගයත් නම් හෝ වයත් නම් හෝ, පෙරැමග යන්නී දකී නම් හෝ අසා නම් හෝ, ඇවැසි කරුණක් ඇති කල්හි ගොස් දකී නම් හෝ අසා නම් හෝ ඇවැත් නැත. ආපදායෙහි, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTදසමසික්ඛාපදං.
Sinhala BJTදසවන සිකපද යි.
Pali BJTලසුනවග්ගො පඨමො.
Sinhala BJTප්‍රථම ලසුන වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTලසුනං සංහරෙ ලොමං - තලඝට්ටඤ්ච සුද්ධිකං, භුඤ්ජන්තාම කධඤ්ඤෙන - ද්වෙ විඝාසෙන දස්සනාති.
Sinhala BJTලසුන යැ ලෝමසංහරණ යැ තලඝාතක යැ ජතුමට්ටක යැ උදක සුද්ධික යැ ආමකධඤ්ඤ ය සමඟ භුඤ්ජන්ත යැ විඝාස දෙක යැ දස්සන යැ යි.
Pali BJT2. අන්ධකාරවග්ගො
Sinhala BJT2. අන්‍ධකාරවර්‍ගය
Pali BJT4. 2. 1.
Sinhala BJT4. 2. 1.
Pali BJTපඨමසික්ඛාපදං
Sinhala BJTපළමුවන සිකපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භද්දාය කාපිලානියා අන්තෙවාසීභික්ඛුනියා{1} ඤාතකො පුරිසො ගාමකා සාවත්ථිං අගමාසි කෙනචිදෙව කරණීයෙන. අථ ඛො සා භික්ඛුනී තෙන පුරිසෙන සද්ධිං රත්තන්ධකාරෙ අප්පදීපෙ එකෙනෙකා සන්තිට්ඨතිපි සල්ලපතිපි.
Sinhala BJT1. එ සමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි භද්‍රාකාපිලානියගේ අතැවැසි මෙහෙණකගේ ඥාති පුරුෂයෙක් තෙමේ කිසියම් ඇවැසි කටයුත්තක් පිණිස ගමින් සැවැතට පැමිණියේ යැ. එකල්හි ඒ මෙහෙණ තොමෝ හුදෙකලා වූ ඒ පිරිම්නියා සමග පහනක් නැති රෑ අඳුරෙහි හුදෙකලා වූවා වෙතැ සිටීම ද කෙරෙයි. සල්ලාප ද කෙරෙයි.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනී රත්තන්ධකාරෙ අප්පදීපෙ පුරිසෙන සද්ධිං එකෙනෙකා සන්තිට්ඨිස්සතිපි සල්ලපිස්සතිපී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනී රත්තන්ධකාරෙ අප්පදීපෙ පුරිසෙන සද්ධිං එකෙනෙකා සන්තිට්ඨතිපි සල්ලපතිපීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනී රත්තන්ධකාරෙ අප්පදීපෙ පුරිසෙන සද්ධිං එකෙනෙකා සන්තිට්ඨිස්සතිපි සල්ලපිස්සතිපි. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්, “කෙසේ නම් මෙහෙණක් තොමෝ පහනක් නැති රෑ අඳුරෙහි හුදෙකලා වූවා හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කළා ද? සල්ලාපත් කළා දැ”යි ... සැබෑද මහණෙනි, මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා පහනක් නැති රෑ අඳුරෙහි හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කෙරේද? සල්ලාපත් කෙරේ දැයි සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා පහනක් නැති රෑ අඳුරෙහි හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කළාද? සල්ලාපත් කළාද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී රත්තන්ධකාරෙ අප්පදීපෙ පුරිසෙන සද්ධිං එකෙනෙකා සන්තිට්ඨෙය්ය වා සල්ලපෙය්ය වා පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් හුදෙකලාවූවා පහනක් නැති රෑ අඳුරෙහි හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ පචිති වේ” යයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTරත්තන්ධකාරෙති: ඔග්ගතෙ{2} සූරියෙ.
Sinhala BJTරත්තන්‍ධකාරෙ: හිරු අවරට ගිය කල්හි.
Pali BJTඅප්පදීපෙති: අනාලොකෙ.
Sinhala BJTඅප්පදීපෙ: එළියක් නැති.
Pali BJTපුරිසො නාම: මනුස්සපුරිසො, න යක්ඛො න පෙතො න තිරච්ඡානගතො විඤ්ඤූ පටිබලො සන්තිට්ඨිතුං සල්ලපිතුං.
Sinhala BJTපුරිස නම්: මිනිස් පිරිම්නියෙකි. යකෙක් නොවෙයි. ප්‍රේතයෙක් නොවෙයි. තිරිසන් ගියෙක් නොවෙයි. වෙතැ සිටින්නට සල්ලාප කරන්නට දැනුමැති ප්‍රතිබලයෙකි.
Pali BJTසද්ධින්ති: එකතො.
Sinhala BJTසද්ධිං: එක්වැ.
Pali BJTඑකෙනෙකාති: පුරිසො චෙව හොති භික්ඛුනී ච.
Sinhala BJTඑකෙනෙකා: පුරුෂයෙක් ද වෙයි. මෙහෙණක් ද වෙයි.
Pali BJTසන්තිට්ඨෙය්යවාති: පුරිසස්ස හත්ථපාසෙ තිට්ඨති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTසන්තිට්ඨෙය්‍ය වා: පිරිම්නියක්හුගේ අත්පසැ සිටී නම් පචිති ඇවැත් වේ.
Pali BJTසල්ලපෙය්යවාති: පුරිසස්ස හත්ථපාසෙ ඨිතා සල්ලපති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTසල්ලපෙය්‍ය වා: පිරිම්නියක්හුගේ අත්පසැ සිටියා සල්ලාප කෙරේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTහත්ථපාසං විජහිත්වා සන්තිට්ඨති වා සල්ලපති වා ආපත්ති දුක්කටස්ස. යක්ඛෙන වා පෙතෙන වා පණ්ඩකෙන වා තිරච්ඡානගතමනුස්සවිග්ගහෙන වා සද්ධිං සන්තිට්ඨති වා සල්ලපති වා ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅත්පස හැරපියා වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ දුකුළා ඇවැත් වෙයි. යක්‍ෂයකු හෝ ප්‍රේතයකු හෝ පණ්ඩකයකු හෝ තිරිසන් ගිය මිනිස් සිරිරි ඇතියක්හු හෝ සමග වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: යො කොචි විඤ්ඤූ දුතියො හොති, අරහොපෙක්ඛා අඤ්ඤවිහිතා සන්තිට්ඨති වා සල්ලපති වා උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTයම් කිසි දැනුමැති දෙවැන්නෙක් වේ නම්, නොරඹුරෙහි රිසි නැතියා, අන්‍යවිහිත වූවා වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ ඇවැත් නොවේ. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTපඨමසික්ඛාපදං.
Sinhala BJTපළමුවන සිකපද යි.
Pali BJT4. 2. 2.
Sinhala BJT4. 2. 2.
Pali BJTදුතියසික්ඛාපදං
Sinhala BJTදෙවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භද්දාය කාපිලානියා අන්තෙවාසීභික්ඛුනියා{1} ඤාතකො පුරිසො ගාමකා සාවත්ථිං අගමාසි කෙනචිදෙව කරණීයෙන. අථ ඛො සා භික්ඛුනී භගවතා පටික්ඛිත්තං රත්තන්ධකාරෙ අප්පදීපෙ පුරිසෙන සද්ධිං එකෙනෙකා සන්තිට්ඨිතුං සල්ලපිතුන්ති තෙනෙව පුරිසෙන සද්ධිං පටිච්ඡන්නෙ ඔකාසෙ එකෙනෙකා සන්තිට්ඨතිපි සල්ලපතිපි.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි භද්‍රාකාපිලානියගේ අතැවැසි මෙහෙණකගේ ඥාති පුරුෂයෙක් තෙමේ කිසියම් ඇවැසි කටයුත්තක් පිණිස ගමින් සැවැතට පැමිණියේ යැ. එකල්හි ඒ මෙහෙණ තොමෝ හුදෙකලා වූවා පහනක් නැති රෑ අඳුරෙහි හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටින්නට සල්ලාප කරන්නට භාග්‍යවතුන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලදැයි එම පිරිම්නියා සමග පිළිසන් පියෙසෙක්හි හුදෙකලා වූවා වෙතැ සිටීම ද කෙරෙයි. සල්ලාපද කෙරෙයි.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනී පටිච්ඡන්නෙ ඔකාසෙ පුරිසෙන සද්ධිං එකෙනෙකා සන්තිට්ඨිස්සතිපි සල්ලපිස්සතිපී”ති. -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනී පටිච්ඡන්නෙ ඔකාසෙ පුරිසෙන සද්ධිං එකෙනෙකා සන්තිට්ඨතිපි සල්ලපතිපීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනී පටිච්ඡන්නෙ ඔකාසෙ පුරිසෙන සද්ධිං එකෙනෙකා සන්තිට්ඨිස්සතිපි සල්ලපිස්සතිපි. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්: “කෙසේ නම් හුදෙකලා වූ මෙහෙණක් තොමෝ පිළිසන් පියෙසෙක්හි හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කළාද සල්ලාපත් කළාදැ”යි ... සැබෑ ද මහණෙනි, හුදෙකලා වූ මෙහෙණක් තොමෝ පිළිසන් පියෙසෙක්හි හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කළාද සල්ලාපත් කළාදැයි. සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණක් පිළිසන් තැනක පිරිමියකු සමග එකලා ව සිටින්නී ද, සල්ලාපත් කරන්නී ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී පටිච්ඡන්නෙ ඔකාසෙ පුරිසෙන සද්ධිං එකෙනෙකා සන්තිට්ඨෙය්ය වා සල්ලපෙය්ය වා පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් තොමෝ පිළිසන් පියසෙක්හි හුදෙකලා වූ පිරිම්නියක්හු සමග හුදෙකලා වූවා වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ පචිති වේ” යයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTපටිච්ඡන්නො නාම: ඔකාසො කුඩ්ඩෙන වා කවාටෙන වා කිලඤ්ජෙන වා සාණිපාකාරෙන වා රුක්ඛෙන වා ථම්භෙන වා කොත්ථලියා{1} වා යෙන කෙනචි පටිච්ඡන්නො හොති.
Sinhala BJTපටිච්ඡන්න නම්: බිතුයෙන් හෝ කවුළුයෙන් හෝ කළාලින් හෝ කඩතුරා පවුරෙන් හෝ රුකින් හෝ ටැඹින් කොතැල්ලකින් හෝ යම් කිසිවෙකින් පිළිසන් වූ පියෙසෙක් වෙයි.