Pācittiya

Expiation Rules

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 2901-3000 න් 4249

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඅඤ්ඤදත්ථිකෙ අඤ්ඤදත්ථිකසඤ්ඤා අඤ්ඤං චෙතාපෙති නිස්සග්ගියං පාචිත්තියං. අඤ්ඤදත්ථිකෙ වෙමතිකා අඤ්ඤං චෙතාපෙති නිස්සග්ගියං පාචිත්තියං. අඤ්ඤදත්ථිකෙ අනඤ්ඤදත්ථිකසඤ්ඤා අඤ්ඤං චෙතාපෙති නිස්සග්ගියං පාචිත්තියං. නිස්සට්ඨං පටිලභිත්වා යථාදානෙ උපනෙතබ්බං.
Sinhala BJTඅනෙකෙක් සඳහා දෙන ලද්දෙහි අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වෙයි. අනෙකක් සඳහා දෙන ලද්දෙහි විමති ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වෙයි, අනෙකක් සඳහා දෙන ලද්දෙහි අනෙකක් සඳහා නො දෙන ලද සන් ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වේ, නිසැජු දැය පිළිලැබ දෙන ලද පරිදි එළවිය යුතු යි.
Pali BJTඅනඤ්ඤදත්ථිකෙ අඤ්ඤදත්ථිකසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අනඤ්ඤදත්ථිකෙ වෙමතිකා, ආපත්ති දුක්කටස්ස. අනඤ්ඤදත්ථිකෙ අනඤ්ඤදත්ථිකසඤ්ඤා අනාපත්ති.
Sinhala BJTඅනෙකෙක් සඳහා නො දෙන ලද්දෙහි අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනෙකක් සඳහා නො දෙන ලද්දෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනෙකෙක් සඳහා නො දෙන ලද්දෙහි අනෙකක් සඳහා නො දෙන ලද සන් ඇතියා නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: සෙසකං උපනෙති, සාමිකෙ අපලොකෙත්වා උපනෙති, ආපදාසු, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඉතිරි වූවක් එළවා නම්, හිමියන් පිළිවිසැ එළවා නම් ඇවැත් නැත. ආපදායෙහි, උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTදසමසික්ඛාපදං.
Sinhala BJTදසවන සිකපද යි.
Pali BJT3. 11.
Sinhala BJT3. 11.
Pali BJTඑකාදසමසික්ඛාපදං
Sinhala BJTඑකොළොස්වන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දා භික්ඛුනී බහුස්සුතා හොති භාණිකා විසාරදා පට්ටා ධම්මිං කථං කාතුං. අථ ඛො රාජා පසෙනදි කොසලො සීතකාලෙ මහග්ඝං කම්බලං පාරුපිත්වා යෙන ථුල්ලනන්දා භික්ඛුනී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ථුල්ලනන්දං භික්ඛුනිං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො රාජානං පසෙනදිං කොසලං ථුල්ලනන්දා භික්ඛුනී ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. අථ ඛො රාජා පසෙනදි කොසලො ථුල්ලනන්දාය භික්ඛුනියා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො ථුල්ලනන්දං භික්ඛුනිං එතදවොච: “වදෙය්යාසි අය්යෙ යෙන අත්ථො”ති. සචෙ මෙ ත්වං මහාරාජ දාතුකාමොසි ඉමං කම්බලං දෙහීති. අථ ඛො රාජා පසෙනදි කොසලො ථුල්ලනන්දාය භික්ඛුනියා කම්බලං දත්වා උට්ඨායාසනා ථුල්ලනන්දං භික්ඛුනිං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී බොහෝ ඇසූපිරූ තැන් ඇත්තී පිරිවැහු බණදහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කියන්නට අග්‍රවූවා වෙයි, එකල්හි ප්‍රසේනජිත් කෝශල රජතෙමේ ශිතකාලයෙහි මහඇඟි පලසක් පොරවා ථුල්ලනන්‍දා භික්‍ෂුණිය වෙත එළැඹියේ යැ. එළැඹ ථුල්ලනන්‍දා භික්‍ෂුණිය සකසා වැඳ එකත්පසෙකැ හුන්නේ යැ. එකත් පසෙකැ හුන්නාවූ මැ ප්‍රසේනජිත් කෝශල රජහට ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ දැහැමි කථායෙන් මොනවට කරුණු දැක්වූ යැ. මොනවට කරුණු ගැන්වූ යැ. මොනවට තෙද ගැන්වූ යැ, මොනවට සතුටු කරවූ යැ, එකල්හි ප්‍රසේනජිත් කෝශල රජ තෙමේ ථුල්ලනන්‍දා භික්‍ෂුණිය විසින් දැහැමි කථායෙන් මොනවට කරුණු දක්වන ලදුයේ මොනවට කරුණු ගන්වන ලදුයේ මොනවට තෙදගන්වන ලදුයේ මොනවට සතුටු කරවන ලදුයේ ථුල්ලනන්‍දා භික්‍ෂුණියට “ආර්‍ය්‍යාවෙනි, යමෙකින් ප්‍රයෝජනයෙක් වේ නම් කියන්නැ” යි මෙය කීයැ. ඉදින් මහරජ, දෙනුකැමැත්තෙහි නම් මේ පලස මට දෙන්නැ යි කිවූ යැ. එකල්හි ප්‍රසේනජිත් කෝශල රජතෙමේ ථුල්ලනන්‍දා භික්‍ෂුණියට පලස දී හුනස්නෙන් නැගිට ථුල්ලනන්‍දා භික්‍ෂුණිය සකසා වැඳ පැදකුණු කොට ගියේ යි.
Pali BJT2. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “මහිච්ඡා ඉමා භික්ඛුනියො අසන්තුට්ඨා. කථං හි නාම රාජානං කම්බලං විඤ්ඤාපෙස්සන්තී”ති. අස්සොසුං ඛො භික්ඛුනියො තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා ථුල්ලනන්දා රාජානං කම්බලං විඤ්ඤාපෙස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී රාජානං කම්බලං විඤ්ඤාපෙස්සතීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී රාජානං කම්බලං විඤ්ඤාපෙස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “මේ භික්‍ෂුණීහු මහත් ගිජුකම් ඇතියාහු යැ, ලදදැයින් නො සතුටුවන්නාහු යැ, කෙසේ නම් රජහුගෙන් පලසක් විනවූහුදැ” යි, භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්ද) ඇසූහු මැ යි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍ය ථුල්ලනන්‍දා රජුගෙන් පලසක් විනවූ දැ” යි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී රජහුගෙන් පලසක් විනවූ දැ යි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී රජහුගෙන් පලසක් විනවූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“ගරුපාපුරණං{1} පන භික්ඛුනියා චෙතාපෙන්තියා චතුක්කංසපරමං චෙතාපෙතබ්බං, තතො චෙ උත්තරිං{2} චෙතාපෙය්ය නිස්සග්ගියං පාචිත්තිය”න්ති.
Sinhala BJTගරු පොරෝනයක් විනවන මෙහෙණක විසින් සොළොස්කහවණුවක් පරම කොට ඇතියක් විනවිය යුතුයි. ඉදින් ඉන් මත්තෙහි විනවා නම් නිසඟි පචිති වේ යැයි.
Pali BJT3. ගරුපාවුරණං නාම: යං කිඤ්චි සීතකාලෙ පාපුරණං:
Sinhala BJT3. ගරුපාපුරණ නම්: ශිතකාලයෙහි යම් කිසි පොරෝනයක්;
Pali BJTචෙතාපෙන්තියාති: විඤ්ඤාපෙන්තියා.
Sinhala BJTචේතාපෙන්තියා: විනවන්නිය විසින්;
Pali BJTචතුක්කංසපරමං චෙතාපෙතබ්බන්ති: සොළසකහාපණග්ඝනකං චෙතාපෙතබ්බං.
Sinhala BJTචතුක්කංසපරමං චේතාපේතබ්බං: සොළොස් කහවණුවක් අගය ඇතියක් විනවිය යුතු යි.
Pali BJTතතො චෙ උත්තරි චෙතාපෙය්යාති: තතුත්තරිං විඤ්ඤාපෙති පයොගෙ දුක්කටං. පටිලාභෙන නිස්සග්ගියං හොති. නිස්සජ්ජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා එකභික්ඛුනියා වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජ්ජිතබ්බං -පෙ- “ඉදං මෙ අය්යෙ ගරුපාපුරණං අතිරෙකචතුක්කංසපරමං චෙතාපිතං නිස්සග්ගියං ඉමාහං සඞ්ඝස්ස නිස්සජාමීති” -පෙ- දදෙය්යාති -පෙ- දදෙය්යුන්ති -පෙ- අය්යාය දම්මීති.
Sinhala BJTතතො චෙ උත්තරිං චේතාපෙය්‍ය: ඉන් මත්තෙහි විනවා නම් පියෝහි දුකුළා වෙයි. ප්‍රතිලාභයෙන් නිසැඟි වෙයි. සඟනට හෝ ගණයාහට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතු යි. මෙසේ ද මහණෙනි, නිසැජිය යුතු යි ... ආර්‍ය්‍යාවෙනි, අයිරා සොළොස් කහවණුවක් පරම කොට ඇති මේ ගරු පොරෝනය මා විසින් විනවන ලදු වැ නිසැඟි විය. මම මෙය සඟනට නිසජමි” යි ... දෙන්නේ යැ ... දෙන්නාහුයැ ... ආර්‍ය්‍යාවට දෙමි යි.
Pali BJTඅතිරෙකචතුක්කංසෙ අතිරෙකසඤ්ඤා චෙතාපෙති නිස්සග්ගියං පාචිත්තියං. අතිරෙකචතුක්කංසෙ වෙමතිකා චෙතාපෙති නිස්සග්ගියං පාචිත්තියං. අතිරෙකචතුක්කංසෙ ඌනකසඤ්ඤා චෙතාපෙති නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJTඅයිරා සොළොස් කහවණුයෙහි අයිරාසන් ඇතියා විනවා නම් නිසඟි පචිති වෙයි. අයිරා සොළොස් කහවණුයෙහි විමති ඇතියා විනවා නම් නිසඟි පචිති වෙයි, අයිරා සොළොස් කහවණුයෙහි උනුසන් ඇතියා විනවා නම් නිසඟි පචිති වෙයි.
Pali BJTඌනකචතුක්කංසෙ අතිරෙකසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. ඌනකචතුක්කංසෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. ඌනකචතුක්කංසෙ ඌනකසඤ්ඤා{3} අනාපත්ති.
Sinhala BJTඋනු සොළොස් කහවණුයෙහි අයිරාසන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. උනුසොළොස් කහවණුයෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. උනුසොළොස් කහවණුයෙහි උනුසන් ඇතියා නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: චතුක්කංසපරමං චෙතාපෙති. ඌනකචතුක්කංස පරමං චෙතාපෙති, ඤාතකානං, පවාරිතානං, අඤ්ඤස්සත්ථාය, අත්තනො ධනෙන, මහග්ඝං චෙතාපෙතුකාමස්ස අප්පග්ඝං චෙතාපෙති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTසොළොස් කහවණු පරම කොට ඇතියක් විනවා නම්, උනුසොළොස් කහවණු පරම කොට ඇතියක් විනවා නම්, නෑයන් ගෙන්, පැවරූවන්ගෙන්, අනෙකක්හු සඳහා නම්, තමාගේ ධනයෙන්, මහඇඟියක් විනවනු කැමැතියහුගෙන් මඳ අගය ඇතියක් විනවා නම් ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTඑකාදසමසික්ඛාපදං.
Sinhala BJTඑකොළොස්වන සිකපද යි.
Pali BJT3. 12.
Sinhala BJT3. 12.
Pali BJTද්වාදසමසික්ඛාපදං
Sinhala BJTදොළොස්වන සිකපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දා භික්ඛුනී බහුස්සුතා හොති භාණිකා විසාරදා පට්ටා ධම්මිං කථං කාතුං. අථ ඛො රාජා පසෙනදි කොසලො උණ්හකාලෙ මහග්ඝං ඛොමං පාරුපිත්වා යෙන ථුල්ලනන්දා භික්ඛුනී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ථුල්ලනන්දං භික්ඛුනිං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො රාජානං පසෙනදිං කොසලං ථුල්ලනන්දා භික්ඛුනී ධම්මියා කථාය සන්දස්සෙසි, සමාදපෙසි. සමුත්තෙජෙසි, සම්පහංසෙසි. අථ ඛො රාජා පසෙනදි කොසලො ථුල්ලනන්දාය භික්ඛුනියා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො ථුල්ලනන්දං භික්ඛුනිං එතදවොච: “වදෙය්යාසි අය්යෙ යෙන අත්ථො”ති. සචෙ මෙ ත්වං මහාරාජ දාතුකාමොසි, ඉමං ඛොමං දෙහීති. අථ ඛො රාජා පසෙනදි කොසලො ථුල්ලනන්දාය භික්ඛුනියා ඛොමං දත්වා උට්ඨායාසනා ථුල්ලනන්දං භික්ඛුනිං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJT1. එසමයෙහි බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති, එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ බොහෝ ඇසූපිරූතැන් ඇත්තී පිරිවැහු බණදහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කියන්නට අග්‍රවූවා වෙයි. එකල්හි ප්‍රසේනජිත් කෝශල රජ තෙමේ උෂ්ණකාලයෙහි මහඇඟි කොමු පිළියක් පෙරෙවගෙන ථුල්ලනන්‍දා භික්‍ෂුණිය වෙත එළැඹියේ යැ. එළැඹැ ථුල්ලනන්‍දා භික්‍ෂුණිය සකසා වැඳ එකත් පසෙකැ හුන්නා වූ ප්‍රසේනජිත් කෝශල රජහට ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ දැහැමි කථායෙන් මොනවට කරුණු දැක්වූ යැ. මොනවට කරුණු ගැන්වූ යැ. මොනවට තෙද ගැන්වූ යැ, මොනවට සතුටු කරවූ යැ, එකල්හි ප්‍රසේනජිත් කෝශල රජ තෙමේ ථුල්ලනන්‍දා භික්‍ෂුණිය විසින් දැහැමි කථායෙන් මොනවට කරුණු දක්වන ලදුයේ මොනවට කරුණු ගන්වන ලදුයේ මොනවට තෙදගන්වන ලදුයේ මොනවට සතුටු කරවන ලදුයේ ථුල්ලනන්‍දා භික්‍ෂුණියට “ආර්‍ය්‍යාවෙනි, යමෙකින් ප්‍රයෝජනක් වේ නම් කියන්නැ” යි මෙය කීයැ, ඉදින් මහරජ දෙනු කැමැත්තෙහි නම් මේ කොමු පිළිය මට දෙන්නැ යි කිවූ යැ. එකල්හි ප්‍රසේනජිත් කෝශල රජු ථුල්ලනන්‍දා භික්‍ෂුණියට කොමු පිළිය දී හුනස්නෙන් නැගිට ථුල්ලනන්‍දා භික්‍ෂුණිය සකසා වැඳ පැදකුණු කොට ගියේ යි.
Pali BJT2. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “මහිච්ඡා ඉමා භික්ඛුනියො අසන්තුට්ඨා. කථං හි නාම රාජානං ඛොමං විඤ්ඤාපෙස්සන්තීති”. අස්සොසුං ඛො භික්ඛුනියො තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා ථුල්ලනන්දා රාජානං ඛොමං විඤ්ඤාපෙස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී රාජානං ඛොමං විඤ්ඤාපෙසීති. සච්චං භගවා.
Sinhala BJT2. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “මේ භික්‍ෂුණීහු මහත් ගිජුකම් ඇතියාහු යැ. ලද දෙයින් නො සතුටු වූවාහු යැ. කෙසේ නම් රජහුගෙන් කොමු පිළියක් විනවූහු” දැ යි, භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු මැ යි, යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍ය ථුල්ලනන්‍දා රජහුගෙන් කොමු පිළියක් විනවූ” දැ යි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී රජහුගෙන් කොමු පිළියක් විනවූ දැ යි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස,
Pali BJTවිගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී රාජානං ඛොමං විඤ්ඤාපෙස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJTභාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණීහු රජහුගෙන් කොමු පිළියක් විනවූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“ලහුපාවුරණං{1} පන භික්ඛුනියා චෙතාපෙන්තියා අඩ්ඪතෙය්යකංසපරමං චෙතාපෙතබ්බං. තතො චෙ උත්තරිං චෙතාපෙය්ය නිස්සග්ගියං පාචිත්තිය”න්ති.
Sinhala BJT“ලුහු පොරෝනයක් විනවන මෙහෙණක විසින් දසකහවණුවක් පරම කොට ඇතියක් විනවිය යුතුයි. ඉදින් ඉන් මත්තෙහි විනවා නම් නිසඟි පචිති වේ” යයි.
Pali BJT3. ලහුපාපුරණං නාම: යං කිඤ්චි උණ්හකාලෙ පාපුරණං.
Sinhala BJT3. ලහුපාපුරණ නම්: උෂ්ණකාලයෙහි යම් කිසි පොරෝනයක්.
Pali BJTචෙතාපෙන්තියාති: විඤ්ඤාපෙන්තියා.
Sinhala BJTචේතෝපෙන්තියා: විනවන්නිය විසින්.
Pali BJTඅඩ්ඪතෙය්යකංසපරමං චෙතාපෙතබ්බන්ති: දසකහාපණග්ඝනකං චෙතාපෙතබ්බං.
Sinhala BJTඅඩ්ඪතෙය්‍යකංසපරමං චේතෝපේතබ්බං: දසකහවණු අගය ඇතියක් විනවිය යුතු යි.
Pali BJTතතො චෙ උත්තරිං චෙතාපෙය්යාති: තතුත්තරිං විඤ්ඤාපෙති පයොගෙ දුක්කටං. පටිලාභෙන නිස්සග්ගියං හොති. නිස්සජ්ජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා එකභික්ඛුනියා වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජ්ජිතබ්බං -පෙ- “ඉදං මෙ අය්යෙ ලහුපාපුරණං අතිරෙකඅඩ්ඪතෙය්යකංසපරමං චෙතාපිතං නිස්සග්ගියං, ඉමාහං සඞ්ඝස්ස නිස්සජාමී”ති -පෙ- දදෙය්යාති -පෙ- දදෙය්යුන්ති -පෙ- අය්යාය දම්මීති.
Sinhala BJTතතො චෙ උත්තරිං චේතාපෙය්‍ය: ඉන් මත්තෙහි විනවා නම් පියෝහි දුකුළා වෙයි. ප්‍රතිලාභයෙන් නිසැඟි වෙයි. සඟනට හෝ ගණයාහට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතු යි. මෙසේ ද මහණෙනි, නිසැජිය යුතු යි ... ආර්‍ය්‍යාවෙනි, අයිරා දස කහවණුවක් පරම කොට ඇති මේ ලුහු පොරෝනය මා විසින් විනවන ලදු වැ නිසැඟි විය. මම මෙය සඟනට නිසජමි” යි ... දෙන්නේ යැ ... දෙන්නාහු යැ ... ආර්‍ය්‍යාවට දෙමි යි.
Pali BJTඅතිරෙකඅඩ්ඪතෙය්යකංසෙ අතිරෙකසඤ්ඤා චෙතාපෙති නිස්සග්ගියං පාචිත්තියං. අතිරෙකඅඩ්ඪතෙය්යකංසෙ වෙමතිකා චෙතාපෙති නිස්සග්ගියං පාචිත්තියං. අතිරෙකඅඩ්ඪතෙය්යකංසෙ ඌනකසඤ්ඤා චෙතාපෙති නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJTඅයිරා දසකහවණුයෙහි අයිරාසන් ඇතියා විනවා නම් නිසඟි පචිති වෙයි. අයිරා දසකහවණුයෙහි විමති ඇතියා විනවා නම් නිසඟි පචිති වෙයි. අයිරා දසකහවණුයෙහි උනුසන් ඇතියා විනවා නම් නිසඟි පචිති වෙයි.
Pali BJTඌනකඅඩ්ඪතෙය්යකංසෙ අතිරෙකසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. ඌනකඅඩ්ඪතෙය්යකංසෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. ඌනකඅඩ්ඪතෙය්යකංසෙ ඌනකසඤ්ඤා අනාපත්ති.
Sinhala BJTඋනු දසකහවණුයෙහි අයිරාසන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. උනු දසකහවණුයෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. උනු දසකහවණුයෙහි උනුසන් ඇතියා නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: අඩ්ඪතෙය්යකංසපරමං චෙතාපෙති, ඌනකඅඩ්ඪතෙය්යකංසපරමං චෙතාපෙති, ඤාතකානං, පවාරිතානං, අඤ්ඤස්සත්ථාය, අත්තනො ධනෙන, මහග්ඝං චෙතාපෙතුකාමස්ස අප්පග්ඝං චෙතාපෙති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTදසකහවණු පරම කොට ඇතියක් විනවා නම්, උනු දස කහවණු පරම කොට ඇතියක් විනවා නම්, නෑයන්ගෙන්, පැවරූවන්ගෙන්, අනෙකක්හු සඳහා නම්; තමාගේ ධනයෙන්, මහඇඟියක විනවනු කැමැතියහුගෙන් මඳ අගය ඇතියක් විනවා නම්; ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTද්වාදසමසික්ඛාපදං.
Sinhala BJTදොළොස්වන සිකපද යි.
Pali BJTතෙසං උද්දානං:
Sinhala BJTඔවුන්ගේ උද්දානය:
Pali BJTපත්තං අකාලකාලඤ්ච - පරිවත්තෙ ච විඤ්ඤපෙ චෙතාපෙත්වා අඤ්ඤදත්ථි - සඞ්ඝිකඤ්ච මහාජනී සඤ්ඤාචිකා පුග්ගලිකා - චතුක්කංසඩ්ඪතෙය්යකාති.
Sinhala BJTපත්ත යැ අකාල කාල යැ පරිවත්ත යැ විඤ්‍ඤාපන යැ චේතාපන යැ අඤ්‍ඤදත්‍ථික යැ සඞ්ඝික යැ මහාජනික යැ සඤ්‍ඤාවික යැ පුග්‍ගලිකැ යැ චතුක්‍කංස (පරම) යැ අඩ්ඪතෙය්‍ය (කංසපරම) යැ යි.
Pali BJTඋද්දිට්ඨා ඛො අය්යායො තිංසනිස්සග්ගියා පාචිත්තියා ධම්මා. තත්ථාය්යායො පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා. දුතියම්පි පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා. තතියම්පි පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා. පරිසුද්ධෙත්ථාය්යායො තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමීති.
Sinhala BJTආර්‍ය්‍යාවෙනි, තිස් නිසඟි පචිති ධම්හු උදෙසන ලදහු මැ යි, එහිලා ආර්‍ය්‍යාවන් පිළිවිසිමි. කිම පිරිසුදුවහු ද? දෙවනවට දු පිළිවිසිමි. කිම පිරිසුදුවහු ද? තෙවනවට දු පිළිවිසිමි, කිම පිරිසුදුවහු ද? ආර්‍ය්‍යාවෝ මෙහි ලා පිරිසුදුහ, එහෙයින් නිහඬයහ, මෙසේ මෙය දරමි යි.
Pali BJTනිස්සග්ගියා නිට්ඨිතා{1}
Sinhala BJTනිසැඟීහු නිමියහ.
Pali BJT4. පාචිත්තිය ඛණ්ඩං
Sinhala BJT4. පාචිත්තිය කාණ්ඩය
Pali BJT1. ලසුණවග්ගො
Sinhala BJT1. ලසුනවර්‍ගය
Pali BJT4. 1. 1.
Sinhala BJT4. 1. 1.
Pali BJTපඨමසික්ඛාපදං
Sinhala BJTපළමු සිකපදය
Pali BJTඉමෙ ඛො පනය්යායො ඡසට්ඨිසතා පාචිත්තියා ධම්මා උද්දෙසං ආගච්ඡන්ති.
Sinhala BJTආර්‍ය්‍යාවෙනි, මේ එක්සිය සසැටක් පචිති ධර්‍මයෝ උදෙසීමට පැමිණෙත්.
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරෙන උපාසකෙන භික්ඛුනිසඞ්ඝො ලසුනෙන පවාරිතො හොති. යාසං අය්යානං ලසුනෙන අත්ථො අහං ලසුනෙනාති. ඛෙත්තපාලො ච ආණත්තො හොති. සචෙ හි භික්ඛුනියො ආගච්ඡන්ති. එකෙකාය{1} භික්ඛුනියා ද්වෙ තයො භණ්ඩිකෙ දෙහීති. තෙන ඛො පන සමයෙන සාවත්ථියං උස්සවො හොති. යථාභතං ලසුනං පරික්ඛයං අගමාසි. භික්ඛුනියො තං උපාසකං උපසඞ්කමිත්වා එතදවොචුං. “ලසුනෙන ආවුසො අත්ථො”ති. නත්ථාය්යෙ{2} යථාභතං ලසුණං පරික්ඛීණං ඛෙත්තං ගච්ඡථාති. ථුල්ලනන්දා භික්ඛුනී ඛෙත්තං ගන්ත්වා න මත්තං ජානිත්වා බහුං ලසුණං හරාපෙසි{3}. ඛෙත්තපාලො උජ්ඣායති ඛීයති විපාචෙති: “කථං හි නාම භික්ඛුනියො න මත්තං ජානිත්වා බහුං ලසුනං හරාපෙස්සන්තී”ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි එක්තරා උවසුවකු විසින් භික්‍ෂුණී සඞ්ඝ තෙමේ ලුහුනෙන් පවරන ලද්දේ වෙයි. යම් ආර්‍ය්‍යා කෙනෙකුන්ට ලුහුනෙන් ප්‍රයෝජන වේ නම් මම ලුහුනෙන් (පවරමි) යි. ඉදින් මෙහෙණෝ පැමිණෙත් නම් එක් එක් මෙහෙණකට දෙතුන් ලුහුනු පොකුරක් දෙවයි කෙත්පල් තෙමේත් අණවන ලද්දේ වෙයි. එසමයෙහි වනාහි සැවැතෙහි උත්සවයෙක් වෙයි. ගෙනවුත් තුබූ ලුහුනු නිමාවට ගියේ යැ. මෙහෙණෝ ඒ උවසු වෙත එළැඹැ ඇවැත, ලුහුනෙන් ප්‍රයෝජන වේ යයි, තෙල කරුණ කීහු. නැත ආර්‍ය්‍යාවෙනි, ගෙනවුත් තුබූ ලුහුනු අවසන් විය. කෙතට යනු මැනැවැ යි. ථුල්ලනන්‍දා භික්‍ෂුණී කෙතට ගොස් පමණ නොදැන බොහෝ ලුහුනු ගෙන්වා ගතු යැ. කෙත්පල් තෙමේ ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි: “කෙසේ නම් මෙහෙණෝ පමණ නොදැන බොහෝ ලුහුනු ගෙන්වා ගත්තු දැ”යි.
Pali BJT2. අස්සොසුං ඛො භික්ඛුනියො තස්ස ඛෙත්තපාලස්ස උජ්ඣායන්තස්ස ඛීයන්තස්ස විපාචෙන්තස්ස. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා ථුල්ලනන්දා න මත්තං ජානිත්වා බහුං ලසුනං හරාපෙස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී න මත්තං ජානිත්වා බහුං ලසුනං හරාපෙසීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා. -පෙ- කථං හි නාම භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී න මත්තං ජානිත්වා බහුං ලසුණං හරාපෙස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි.
Sinhala BJT2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන. ඒ කෙත්පල්හුගේ (අකීර්ති ශබ්දය) ඇසූහු යි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා පමණ නො දැන බොහෝ ලුහුනු ගෙන්වා ගතු දැ යි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී පමණ නො දැන බොහෝ ලුහුනු ගෙන්වා ගතු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී පමණ නො දැන බොහෝ ලුහුනු ගෙන්වා ගතු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... දැහැමි කථා කොට මහණුන් ඇමතූහ.
Pali BJT3. භූතපුබ්බං භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී අඤ්ඤතරස්ස බ්රාහ්මණස්ස පජාපති අහොසි. තිස්සො ච ධීතරො නන්දා නන්දවතී සුන්දරීනන්දා. අථ ඛො භික්ඛවෙ සො බ්රාහ්මණො කාලං කත්වා අඤ්ඤතරං හංසයොනිං උපපජ්ජි. තස්ස සබ්බසොවණ්ණමයා පත්තා අහෙසුං. සො තාසං එකෙකං පත්තං දෙති.
Sinhala BJT3. මහණෙනි, පෙරැවූවක් කියමි. ථුල්ලනන්‍දා භික්‍ෂුණී එක්තරා බමුණක්හුගේ අඹු වූ යැ. නන්‍දා යැ නන්‍දවතී යැ සුන්‍දරීනන්‍දා යැයි දියණියෝ තිදෙනෙක් ද වූහ. එකල්හි මහණෙනි, ඒ බමුණු තෙමේ කලුරිය කොට එක්තරා හංසයෝනියෙකැ උපන්නේ යැ. ඔහුගේ පියාපත් සියල්ල රන්මුවා විය. හෙතෙමේ ඔවුනට එක් එක් පියාපතක් දෙයි.
Pali BJTඅථ ඛො භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී අයං හංසො අම්හාකං එකෙකං පත්තං දෙතීති තං හංසරාජං{1} ගහෙත්වා නිප්පත්තං අකාසි. තස්ස පුන ජායමානා පත්තා සෙතා සම්පජ්ජිංසු. තදාපි භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී අතිලොභෙන සුවණ්ණා පරිහීනා. ඉදානි ලසුනා පරිහායිස්සතීති.
Sinhala BJTඑකල්හි මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ මේ හංස තෙමේ අපට එක් එක් පියාපතක් දේ යයි ඒ හංසරාජයා අල්වාගෙන පියාපත් නැතියක්හු කළා යැ. ඔහුගේ යළි හටගන්නා පියාපත්හු සුදු වැ හටගත්හ. එදා ද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ අතිලෝභයෙන් රනින් පිරිහිණ. දැන් ලුහුනෙන් පිරිහේ යයි.
Pali BJT‘යං ලද්ධං තෙන තුට්ඨබ්බං - අතිලොභො හි පාපකො හංසරාජං ගහෙත්වාන - සුවණ්ණා පරිහායථා’ති.
Sinhala BJT“යමක් ලද නම් එයින් තුටුවිය යුතු යි. අතිලෝභය වනාහි ලාමක යැ. හස්රජහු අල්වාගෙන රනින් පිරිහිණැ” යි.
Pali BJTඅථ ඛො භගවා ථුල්ලනන්දං භික්ඛුනිං අනෙකපරියායෙන විගරහිත්වා දුභරතාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ ථුල්ලනන්‍දා භික්‍ෂුණියට නොයෙක් කරුණෙන් ගරහා දුබරබැව්හි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී ලසුනං ඛාදෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් ලුහුනු කා නම් පචිති වේ” යයි.
Pali BJT4. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT4. යා පන: යම්, යම්බඳු ... භික්ඛුණී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
Pali BJTලසුනං නාම: මාගධකං{2} වුච්චති. ඛාදිස්සාමීති පතිගණ්හාති, ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTලසුන නම්: මගදරට උපනැ යි කියනු ලැබෙයි. කන්නෙමැයි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
Pali BJTලසුනෙ ලසුනසඤ්ඤා ඛාදති ආපත්ති පාචිත්තියස්ස. ලසුනෙ වෙමතිකා ඛාදති ආපත්ති පාචිත්තියස්ස. ලසුනෙ අලසුනසඤ්ඤා ඛාදති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTලුහුනෙහි ලුහුනු සන් ඇතියා කා නම් පචිති ඇවැත් වෙයි. ලුහුනෙහි විමති ඇතියා කා නම් පචිති ඇවැත් වෙයි, ලුහුනෙහි නො ලුහුනු සන් ඇතියා කා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅලසුනෙ ලසුනසඤ්ඤා ආපත්ති{3} දුක්කටස්ස. අලසුනෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අලසුනෙ අලසුන සඤ්ඤා අනාපත්ති.
Sinhala BJTනො ලුහුනෙහි ලුහුනු සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි, නො ලුහුනෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො ලුහුනෙහි නො ලුහුනු සන් ඇතියා නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: පලණ්ඩුකෙ භඤ්ජනකෙ හරීතකෙ චාපලසුනෙ{4} සූපසම්පාකෙ මංසසම්පාකෙ තෙලසම්පාකෙ සාළවෙ උත්තරිභඞ්ගෙ උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTහෙළ ලුහුනෙහි, සෑ ලුහුනෙහි, පලාවන් ලුහුනෙහි, මිදුළු නැති ලුහුනෙහි, සූපසම්පාකයෙහි, මංසසම්පාකයෙහි, තෙල සම්පාකයෙහි, ගිවුළු සාලවයෙහි, අවුළුපත්හි, ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTපඨමසික්ඛාපදං{5}.
Sinhala BJTපළමු සිකපද යි.
Pali BJT4. 1. 2.
Sinhala BJT4. 1. 2.
Pali BJTදුතියසික්ඛාපදං
Sinhala BJTදෙවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛුනියො සම්බාධෙ ලොමං සංහරාපෙත්වා අචිරවතියා නදියා වෙසියාහි සද්ධිං නග්ගා එකතිත්ථෙ නහායන්ති. වෙසියා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො සම්බාධෙ ලොමං සංහරාපෙස්සන්ති සෙය්යථාපි ගිහී කාමභොගිනියොති”.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මෙහෙණෝ පිළිසන් පියෙසෙහි ලොම් හරවා අචිරවතී නදියෙහි වෙසඟනන් සමග නග්න වැ එක් තොටෙහි ස්නානය කෙරෙත්. වෙසඟනෝ ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ ගෘහී කාමභෝගීන් මෙන් පිළිසන් පියෙසෙහි ලොම් හැරැවූහු”දැ යි.
Pali BJT2. අස්සොසුං ඛො භික්ඛුනියො තාසං වෙසියානං උජ්ඣායන්තීනං ඛීයන්තීනං විපාචෙන්තීනං. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛුනියො සම්බාධෙ ලොමං සංහරාපෙස්සන්තී”ති. -පෙ- සච්චං කිර භික්ඛවෙ ඡබ්බග්ගියා භික්ඛුනියො සම්බාධෙ ලොමං සංහරාපෙන්තීති, සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ ඡබ්බග්ගියා භික්ඛුනියො සම්බාධෙ ලොමං සංහරාපෙස්සන්ති, නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු.
Sinhala BJT2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ වෙසඟනන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සවග මෙහෙණෝ පිළිසන් පියෙසෙහි ලොම් හැරැවූහු දැ”යි ... සැබෑ ද මහණෙනි, සවග මෙහෙණෝ පිළිසන් පියෙසෙහි ලොම් හරවත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, සවග මෙහෙණෝ පිළිසන් පියෙසෙහි ලොම් හැරැවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී සම්බාධෙ ලොමං සංහරාපෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් පිළිසන් පියෙසෙහි ලොම් හරවා නම් පචිති වේ” යයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
Pali BJTසම්බාධො නාම: උභො උපකච්ඡකා මුත්තකරණං.
Sinhala BJTසම්බාධ නම්: දෙ කිසිල්ල යැ මූත්‍රකරණ යි.
Pali BJTසංහරාපෙය්යාති: එකම්පි ලොමං සංහරාපෙති ආපත්ති පාචිත්තියස්ස. බහුකෙපි ලොමෙ සංහරාපෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTසංහරාපෙය්‍ය: එක්ලොමකුදු හරවා නම් පචිති ඇවැත් වෙයි. බොහෝ වූ ද ලොම් හරවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: ආබාධපච්චයා උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTආබාධප්‍රත්‍යයෙන්, ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTදුතියසික්ඛාපදං.
Sinhala BJTදෙවන සිකපද යි.
Pali BJT4. 1. 3.
Sinhala BJT4. 1. 3.
Pali BJTතතියසික්ඛාපදං.
Sinhala BJTතෙවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ද්වෙ භික්ඛුනියො අනභිරතියා පීළිතා ඔවරකං පවිසිත්වා තලඝාතකං කරොන්ති. භික්ඛුනියො තෙන සද්දෙන උපධාවිත්වා තා භික්ඛුනියො එතදවොචුං: “කිස්ස තුම්හෙ අය්යෙ පුරිසෙහි{1} සද්ධිං සම්පදුස්සථාති. න මයං අය්යෙ පුරිසෙන සද්ධිං සම්පදුස්සාමාති. භික්ඛුනීනං එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි දෙ මෙහෙණ කෙනෙක් අනභිරතියෙන් පීඩිත වූවාහු ගබට පිවිස තලඝාතකය කෙරෙති. භික්‍ෂුණීහු ඒ ශබ්දයෙන් දිවැ අවුත් ඒ මෙහෙණන්ට “ආර්‍ය්‍යාවෙනි, තෙපි කුමකට පුරුෂයන් සමග දූෂ්‍යවහුදැ”යි කීහු. ආර්‍ය්‍යාවෙනි, අපි පුරුෂයන් සමග නො ම දූෂ්‍යවම්හ යි. මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූහු.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො තලඝාතකං කරිස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනියො තලඝාතකං කරොන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනියො තලඝාතකං කරිස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ තලඝාතකය කොළෝදැ”යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ තලඝාතකය කෙරෙද්දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ තලඝාතකය කළෝ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“තලඝාතකෙ පාචිත්තිය”න්ති.
Sinhala BJT“තලඝාතකයෙහි පචිති වේ” යයි.
Pali BJT3. තලඝාතකං නාම: සම්ඵස්සං සාදියන්ති අන්තමසො උප්පලපත්තෙනපි මුත්තකරණෙ පහාරං දෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT3. තලඝාතක නම්: පහස ඉවසන්නී යටත් පිරිසෙයින් උපුල් පතිනුදු මූත්‍ර කරණයෙහි පහර දේ නම් පචිති ඇවැත් වෙයි.
Pali BJTඅනාපත්ති: ආබාධපච්චයා උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTආබාධප්‍රත්‍යයෙන්, ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTතතියසික්ඛාපදං.
Sinhala BJTතෙවන සිකපද යි.
Pali BJT4. 1. 4.
Sinhala BJT4. 1. 4.
Pali BJTචතුත්ථසික්ඛාපදං
Sinhala BJTසතරවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා පුරාණරාජොරොධා භික්ඛුනීසු පබ්බජිතා හොති. අඤ්ඤතරා භික්ඛුනී අනභිරතියා පීළිතා යෙන සා භික්ඛුනී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං භික්ඛුනිං එතදවොච: “රාජා ඛො අය්යෙ තුම්හෙ චිරාචිරං ගච්ඡති කථං තුම්හෙ ධාරෙථා”ති. ජතුමට්ටකෙන{1} අය්යෙති. කිං එතං අය්යෙ, ජතුමට්ටකන්ති. අථ ඛො සා භික්ඛුනී තස්සා භික්ඛුනියා ජතුමට්ටකං ආචික්ඛි. අථ ඛො සා භික්ඛුනී ජතුමට්ටකං ආදියිත්වා ධොවිතුං විස්සරිත්වා එකමන්තං ඡඩ්ඩෙසි. භික්ඛුනියො මක්ඛිකාහි සම්පරිකිණ්ණං පස්සිත්වා එවමාහංසු “කස්සිදං කම්මන්ති” සා එවමාහ මය්හිදං කම්මන්ති.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි පෙරැ ගිහි බැව්හි රජහුගේ ඇතොවුරෙහි වූ එක්තරා ස්ත්‍රියක් මෙහෙණන් කෙරෙහි පැවිදි වූවා වෙයි. එක්තරා මෙහෙණක් අනභිරතියෙන් පෙළුණී ඒ මෙහෙණ වෙත එළැඹියා යැ. එළැඹැ ඒ මෙහෙණහට “ආර්‍ය්‍යාවෙනි, රජ තෙමේ වනාහි කලින් කල තොප වෙතට පැමිණෙයි. තෙපි කෙසේ ඉවසා දරව් දැ යි” තෙල කරුණ කිවු යැ. ආර්‍ය්‍යාවෙනි, ජතුමට්ටකයෙනි. ආර්‍ය්‍යාවෙනි, තෙල ජතුමට්ටකය කිමෙක් දැ යි. එකල්හි ඒ මෙහෙණ ඒ මෙහෙණහට ජතුමට්ටකය පැහැදිලි කොට කිවු යැ. එකල්හි ඒ මෙහෙණ ජතුමට්ටකය (ප්‍රයෝජනයට) ගෙන දොවන්නට නො සිහි කොට එකත්පසෙක දැමූ යැ. මෙහෙණෝ මැස්සන්ගෙන් හාත්පසින් ගැවසි ගන්නා ලද්ද දැක “මේ කාගේ කාර්‍ය්‍යයක්දැ”යි කීහු. ඕ තොමෝ මෙය මාගේ කාර්‍ය්‍යයෙකැ යි කිවු යැ.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනී ජතුමට්ටකං ආදියිස්සතී”ති. -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනී ජතුමට්ටකං ආදියීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා. -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනී ජතුමට්ටකං ආදියිස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු.
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් ජතුමට්ටකය (ප්‍රයෝජනයට) ගතුදැ”යි ... “සැබෑද මහණෙනි, මෙහෙණක් ජතුමට්ටකය (ප්‍රයෝජනයට) ගතුදැ” යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... “කෙසේ නම් මහණෙනි මෙහෙණක් ජතුමට්ටකය ගතු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා”
Pali BJT“ජතුමට්ටකෙ පාචිත්තිය”න්ති.
Sinhala BJT“ජතුමට්ටකයෙහි පචිති වේ” යැ යි.
Pali BJT3. ජතුමට්ටකං නාම: ජතුමයං කට්ඨමයං පිට්ඨමයං මත්තිකාමයං.
Sinhala BJT3. ජතුමට්ටක නම්: ලහමුවා යැ, දැවමුවා යි පිටි මුවා යැ මැටිමුවා යැ.
Pali BJTආදියෙය්යාති: සම්ඵස්සං සාදියන්ති අන්තමසො උප්පලපත්තම්පි මුත්තකරණං පවෙසෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTආදියෙය්‍ය: පහස ඉවසන්නී යටත් පිරිසෙයින් උපුල් පතකුදු මූත්‍ර කරණයට පිවිස්වා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: ආබාධපච්චයා{2} උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTආබාධප්‍රත්‍යයෙන්, ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTචතුත්ථසික්ඛාපදං.
Sinhala BJTසතරවන සිකපද යි.
Pali BJT4. 1. 5.
Sinhala BJT4. 1. 5.
Pali BJTපඤ්චමසික්ඛාපදං
Sinhala BJTපස්වන සිකපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. අථ ඛො මහාපජාපති ගොතමී යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා අධොවාතෙ අට්ඨාසි. “දුග්ගන්ධො භගවා මාතුගාමො”ති. අථ ඛො භගවා ආදියන්තු ඛො භික්ඛුනියො උදකසුද්ධිකන්ති, මහාපජාපතිං ගොතමිං ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. අථ ඛො මහාපජාපති ගොතමී භගවතා ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු ශාක්‍යජනපදයෙහි කිඹුල්වත් පුරැ නුගඅරම්හි වැඩැවෙසෙති. එකල්හි මහාප්‍රජාපතී ගෞතමී තොමෝ භාග්‍යවතුන් වෙත එළැඹියා යැ. එළැඹැ භාග්‍යවතුන් සකසා වැඳ “භාග්‍යවතුන් වහන්ස, මාගම දුගඳයැ”යි යටි සුළඟෙහි සිටියා යැ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “භික්‍ෂුණීහු උදකශුද්ධිකය ගනිත්ව”යි. මහාප්‍රජාපතී ගෞතමියට දැහැමි කථායෙන් මොනවට කරුණු දැක්වූ සේක. මොනවට කරුණු ගැන්වූ සේක. මොනවට තෙද ගැන්වූ සේක. මොනවට සතුටු කරවූ සේක. එකල්හි මහාප්‍රජාපතී ගෞතමී තොමෝ භාග්‍යවතුන් විසින් දැහැමි කථාවෙන් මොනවට කරුණු දක්වන ලද්දී මොනවට කරුණු ගන්වන ලද්දී මොනවට තෙද ගන්වන ලද්දී මොනවට සතුටු කරවන ලද්දී භාග්‍යවතුන් සකසා වැඳ පැදකුණු කොට ගියා යැ.
Pali BJT2. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. “අනුජානාමි භික්ඛවෙ භික්ඛුනීනං උදකසුද්ධික”න්ති. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා භික්ඛුනී භගවතා උදකසුද්ධිකා අනුඤ්ඤාතාති අතිගම්භීරං උදකසුද්ධිකං ආදියන්තී මුත්තකරණෙ වණං අකාසි. අථ ඛො සා භික්ඛුනී භික්ඛුනීනං එතමත්ථං ආරොචෙසි.
Sinhala BJT2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූ සේක. “මහණෙනි, මෙහෙණන්හට උදකශුද්ධිකය අනුදනිමි”යි. එසමයෙහි එක්තරා මෙහෙණෙක් භාග්‍යවතුන් විසින් උදකශුද්ධිකය අනුදැන වදාරන ලදැ යි ඉතා ගැඹුරට උදකශුද්ධිකය ගන්නී මූත්‍ර කරණයෙහි වණයක් කළා යැ. එකල්හි ඒ මෙහෙණ මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූ යැ.
Pali BJT3. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: කථං හි නාම භික්ඛුනී අතිගම්භීරං උදකසුද්ධිකං ආදියිස්සතී”ති. -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනී අතිගම්භීරං උදකසුද්ධිකං ආදියීති.{1} සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනී අතිගම්භීරං උදකසුද්ධිකං ආදියිස්සති, නෙතං භික්ඛවෙ අප්පසන්නානං පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT3. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් ඉතා ගැඹුරට උදක ශුද්ධිකය ගතු” දැ යි ... සැබෑද මහණෙනි, මෙහෙණක් ඉතා ගැඹුරට උදක ශුද්ධිකය ගතු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණක් ඉතා ගැඹුරට උදක ශුද්ධිකය ගතු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“උදකසුද්ධිකං පන භික්ඛුනියා ආදියමානාය ද්වඞ්ගුලපබ්බපරමං ආදාතබ්බං. තං අතික්කාමෙන්තියා පාචිත්තිය”න්ති.
Sinhala BJT“උදක ශුද්ධිකය ගනු බලන මෙහෙණ විසින් දෙ ඇඟිලි දෙපුරුකක් පරම කොට ගත යුතු යි. එය ඉක්මවන්නියට පචිති වේ” යැයි.
Pali BJT4. උදකසුද්ධිකං නාම: මුත්තකරණස්ස ධොවනා වුච්චති.
Sinhala BJT4. උදකශුද්ධික නම්: මූත්‍රකරණය පිළිබඳ දෙවීම කියනු ලැබේ.
Pali BJTආදියමානායාති:{2} ධොවන්තියා.
Sinhala BJTආදියමානාය: දෙවන්නිය විසින්:
Pali BJTද්වඞ්ගුලපබ්බපරමං ආදාතබ්බන්ති: ද්වීසු අඞ්ගුලීසු ද්වෙ පබ්බපරමා ආදාතබ්බා.
Sinhala BJTද්වඞ්ගුලපබ්බපරමං ආදාතබ්බං: දෙ ඇඟිල්ලෙහි දෙ පුරුකක් පරම කොට ගත යුතු යි.
Pali BJTතං අතික්කාමෙන්තියාති: සම්ඵස්සං සාදියන්ති අන්තමසො කෙසග්ගමත්තම්පි අතික්කාමෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTතං අතික්කාමෙන්තියා: පහස ඉවසන්නී යටත් පිරිසෙයින් කෙසගක් පමණකුදු ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅතිරෙකද්වඞ්ගුලපබ්බෙ අතිරෙකසඤ්ඤා ආදියති ආපත්ති පාචිත්තියස්ස. අතිරෙකද්වඞ්ගුලපබ්බෙ වෙමතිකා ආදියති ආපත්ති පාචිත්තියස්ස. අතිරෙකද්වඞ්ගුලපබ්බෙ ඌනකසඤ්ඤා ආදියති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඅයිරා දෙඇඟිලි දෙපුරුකෙහි අයිරා සන් ඇතියා ගනී නම් පචිති ඇවැත් වෙයි. අයිරා දෙඇඟිලි දෙපුරුකෙහි විමති ඇතියා ගනී නම් පචිති ඇවැත් වෙයි. දෙඇඟිලි දෙපුරුකෙහි උනුසන් ඇතියා ගනී නම් පචිති ඇවැත් වේ.
Pali BJTඌනකද්වඞ්ගුලපබ්බෙ අතිරෙකසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. ඌනකද්වඞ්ගුලපබ්බෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. ඌනකද්වඞ්ගුලපබ්බෙ ඌනකසඤ්ඤා අනාපත්ති.
Sinhala BJTඋනු දෙඇඟිලි දෙපුරුකෙහි අයිරා සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. උනු දෙඇඟිලි දෙපුරුකෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. උනු දෙඇඟිලි දෙපුරුකෙහි උනු සන් ඇතියා නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: ද්වඞ්ගුලපබ්බපරමං ආදියති, ඌනකද්වඞ්ගුලපබ්බපරමං ආදියති, ආබාධපච්චයා, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTදෙඇඟිලි දෙපුරුකක් පරම කොට ගනී නම්, උනු දෙඇඟිලි දෙපුරුකක් පරම කොට ගනී නම්, ආබාධප්‍රත්‍යයයෙන්, අවැත් නොවේ. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTපඤ්චමසික්ඛාපදං.
Sinhala BJTපස්වන සිකපද යි.
Pali BJT4. 1. 6.
Sinhala BJT4. 1. 6.
Pali BJTඡට්ඨසික්ඛාපදං
Sinhala BJTසවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ආරොහන්තො{1} නාම මහාමත්තො භික්ඛූසු පබ්බජිතො හොති. තස්ස පුරාණදුතියිකා භික්ඛුනීසු පබ්බජිතා හොති. තෙන ඛො පන සමයෙන සො භික්ඛු තස්සා භික්ඛුනියා සන්තිකෙ භත්තවිස්සග්ගං කරොති. අථ ඛො සා භික්ඛුනී තස්ස භික්ඛුනො භුඤ්ජන්තස්ස පානීයෙන ච විධූපනෙන ච උපතිට්ඨිත්වා අච්චාවදති. අථ ඛො සො භික්ඛු තං භික්ඛුනිං අපසාදෙති.{2} “මා භගිනි එවරූපං අකාසි. නෙතං කප්පතී”ති. පුබ්බෙ මං ත්වං එවඤ්ච එවඤ්ච කරොසි. ඉදානි එත්තකං න සහසීති පානීයථාලකං මත්ථකෙ ආසුම්භිත්වා විධූපනෙන පහාරං අදාසි.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ආරෝහන්ත නම් මහාමාත්‍රයෙක් මහණුන් කෙරෙහි පැවිදි වූයේ වෙයි. ඔහුගේ පැරැණි අඹු මෙහෙණන් කෙරෙහි පැවිදි වූවා වෙයි. එසමයෙහි වනාහි ඒ මහණ තෙමේ එ මෙහෙණ වැළතෙහි බත්කිස කෙරෙයි. එකල්හි ඒ මෙහෙණ වළඳන ඒ මහණහට පැනින් ද තල්වැටින් පවන් සැළීමෙන් ද (උවටැන් කරමින්) වෙතැ සිට (පැවිදි සිරිත) ඉක්මවා (පස්කම් සැපමුසු) වදන් බෙණෙයි. එකල්හි ඒ මහණ තෙමේ එ මෙහෙණහට “බුහුන, මෙබන්දක් නහමක් කරව, මෙය නො කැපයැ”යි අප්‍රසාදය පළ කළේ යැ. පෙරැ තෝ මට මෙසේත් මෙසේත් කෙරෙහි, දැන් මෙවිචරකුත් නො ඉවසහි යැ යි පැන්තලිය හිසමතැ වත් කොට තල්වැටින් පහර දුන්නා යැ.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනී භික්ඛුස්ස පහාරං දස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනී භික්ඛුස්ස පහාරං අදාසීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනී භික්ඛුස්ස පහාරං දස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් මහණක්හට පහර දුන්නාදැ”යි ... සැබෑද මහණෙනි, මෙහෙණක් මහණක්හට පහර දුන්නා දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි මෙහෙණක් මහණක්හට පහරදුන්නාද මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී භික්ඛුස්ස භුඤ්ජන්තස්ස පානීයෙන වා විධූපනෙන වා උපතිට්ඨෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් වළඳන මහණක්හට පැනින් හෝ තල්වැටින් හෝ යුතු වැ වෙතැ එළැඹැ සිටී නම් පචිති වේ”යයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.