Pācittiya

Expiation Rules

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 2801-2900 න් 4249

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඅනාපත්ති: අකාලචීවරං කාලචීවරසඤ්ඤා භාජාපෙති, කාලචීවරං කාලචීවරසඤ්ඤා භාජාපෙති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඅකාලචීවරය කාලචීවරයැ යි සන් ඇතියා බෙදවා නම්, කාලචීවරය කාලචීවරයැ යි සන් ඇතියා බෙදවා නම්, උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවහට ඇවැත් නැති.
Pali BJTදුතියසික්ඛාපදං.
Sinhala BJTදෙවන සිකපද යි.
Pali BJT3. 3.
Sinhala BJT3. 3.
Pali BJTතතියසික්ඛාපදං
Sinhala BJTතෙවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දා භික්ඛුනී අඤ්ඤතරාය භික්ඛුනියා සද්ධිං චීවරං පරිවත්තෙත්වා පරිභුඤ්ජති{1}. අථ ඛො සා භික්ඛුනී තං චීවරං සංහරිත්වා{2} නික්ඛිපි. ථුල්ලනන්දා භික්ඛුනී තං භික්ඛුනිං එතදවොච: “යන්තෙ අය්යෙ මයා සද්ධිං චීවරං පරිවත්තිතං කහං තං චීවර”න්ති. අථ ඛො සා භික්ඛුනී තං චීවරං නීහරිත්වා ථුල්ලනන්දාය භික්ඛුනියා දස්සෙසි. ථුල්ලනන්දා භික්ඛුනී තං භික්ඛුනිං එතදවොච: “හන්දය්යෙ තුය්හං චීවරං, ආහර මෙ තං චීවරං. යං තුය්හං තුය්හමෙවෙතං යං මය්හං මය්හමෙවෙතං. ආහර මෙතං සකං පච්චාහරා”ති අච්ඡින්දි. අථ ඛො සා භික්ඛුනී භික්ඛුනීනං එතමත්ථං ආරොචෙසි.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදානයි – එසමයෙහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ එක්තරා මෙහෙණක හා සමග සිවුරක් පරිවර්‍තනය කොට පිරිබෝ කරයි. එකල්හි ඒ මෙහෙණ තොමෝ ඒ සිවුර හකුළා බහා තැබූ යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ඒ මෙහෙණහට මෙය කිවු යැ. “ආර්‍ය්‍යාවෙනි, තා විසින් මා සමග යම් සිවුරෙක් පරිවර්‍තනය කරන ලද ද, ඒ සිවුර කොහිදැ” යි. එකල්හි ඒ මෙහෙණ තොමෝ ඒ සිවුර බැහැරට ගෙන ථුල්ලනන්‍දා භික්‍ෂුණිය හට දැක්වූ යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ එ මෙහෙණහට මෙය කිවුයැ. “ආර්‍ය්‍යාවෙනි, තාගේ සිවුර ගනුව. මාගේ තෙල සිවුර ගෙනෙව. යම් සිවුරක් තාගේ නම් ඒ සිවුර තාහට මැයි. යම් සිවුරෙක් මාගේ නම් ඒ සිවුර මාහට මැයි. මාගේ තෙල සිවුර ගෙනෙව. සිය සිවුර පෙරළා ගනුව” යි අසිඳගත්තු යැ. එකල්හි ඒ මෙහෙණ තොමෝ මෙහෙණන්හට තෙල කරුණ සැලකළාය.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති, “කථං හි නාම අය්යා ථුල්ලනන්දා භික්ඛුනියා සද්ධිං චීවරං පරිවත්තෙත්වා අච්ඡින්දිස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී භික්ඛුනියා සද්ධිං චීවරං පරිවත්තෙත්වා අච්ඡින්දීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී භික්ඛුනියා සද්ධිං චීවරං පරිවත්තෙත්වා අච්ඡින්දිස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු.
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්, “කෙසේ නම් ආර්‍ය්‍ය ථුල්ලනන්‍දා තොමෝ මෙහෙණක හා සමග සිවුරක් පරිවර්‍තනය කොට අසිඳගත්තුදැ” යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ මෙහෙණක හා සමග සිවුරක් පරිවර්‍තනය කොට අසිඳගත්තුදැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ මෙහෙණක හා සමග සිවුරක් පරිවර්‍තනය කොට අසිඳගත්තුද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
Pali BJTයා පන භික්ඛුනී භික්ඛුනියා සද්ධිං චීවරං පරිවත්තෙත්වා සා පච්ඡා එවං වදෙය්ය හන්දය්යෙ තුය්හං චීවරං, ආහර මෙ තං චීවරං, යං තුය්හං තුය්හමෙවෙතං යං මය්හං මය්හමෙවෙතං, ආහර මෙතං චීවරං සකං පච්චාහරාති අච්ඡින්දෙය්ය වා අච්ඡින්දාපෙය්ය වා නිස්සග්ගියං පාචිත්තියන්ති.
Sinhala BJTයම් මෙහෙණක් තොමෝ මෙහෙණක හා සමග සිවුරක් පිරිවැටුම් කොට පසු වැ මෙසේ කියන්නී ද “ආර්‍ය්‍යාවෙනි, තාගේ සිවුර ගනුව, මාගේ තෙල සිවුර ගෙනෙව, යම් සිවුරෙක් තාගේ නම් ඒ සිවුර තාහටමැ යි. යම් සිවුරෙක් මාගේ නම් ඒ සිවුර මාහටමැ යි. මාගේ තෙල සිවුර ගෙනෙව සිය සිවුර පෙරළා ගනුව” යි මෙසේ කියා අසිඳ ගනී නම් හෝ අසිඳ ගන්වා නම් හෝ නිසඟි පචිති වේ යැයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණිය යි.
Pali BJT4. භික්ඛුනියා සද්ධින්ති: අඤ්ඤාය භික්ඛුනියා සද්ධිං.
Sinhala BJT4. භික්ඛුනියා සද්ධිං: අන් මෙහෙණක හා සමග,
Pali BJTචීවරං නාම: ඡන්නං චීවරානං අඤ්ඤතරං චීවරං විකප්පනුපගං පච්ඡිමං.{1}
Sinhala BJTචීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙහි යටත් පිරිසෙයින් විකැපුමට සුදුසු වූ එක්තරා සිවුරෙකි.
Pali BJTපරිවත්තෙත්වාති: පරිත්තෙන වා විපුලං විපුලෙන වා පරිත්තං.
Sinhala BJTපරිචත්තෙත්‍වා: කුඩා දැයෙකින් මහත් දැයක් හෝ මහත් දැයෙකින් කුඩා දැයක් හෝ යැ.
Pali BJTඅච්ඡින්දෙය්යාති: සයං අච්ඡින්දති නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJTඅච්ඡින්‍දෙය්‍ය: තොමෝ අසිඳ ගනී නම් නිසැඟි පචිති වේ.
Pali BJTඅච්ඡින්දාපෙය්යාති: අඤ්ඤං ආණාපෙති ආපත්ති දුක්කටස්ස. සකිං ආණත්තා බහුකම්පි අච්ඡින්දති නිස්සග්ගියං හොති. නිස්සජ්ජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා එකභික්ඛුනියා වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජ්ජිතබ්බං -පෙ- ඉදං මෙ අය්යෙ චීවරං භික්ඛුනියා සද්ධිං පරිවත්තෙත්වා අච්ඡින්දිතං{2} නිස්සග්ගියං ඉමාහං සඞ්ඝස්ස නිස්සජාමීති -පෙ- දදෙය්යාති -පෙ- දදෙය්යුන්ති -පෙ- අය්යාය දම්මීති.
Sinhala BJTඅච්ඡින්‍දාපෙය්‍ය: අනෙකක්හට අණවා නම් දුකුළා ඇවැත් වෙයි. එක් යළක් අණවන ලද්දී බොහෝ දැයකුත් අසිඳ ගනී නම් නිසැඟි පචිති වේ. සඟනට හෝ ගණයාට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතුයි. මෙසේ ද වනාහි මහණෙනි, නිසැජිය යුතුයි ... ආර්‍ය්‍යාවෙනි, මා විසින් මේ සිවුර මෙහෙණක හා සමග පිරිවැටුම් කොට අසිඳ ගන්නා ලද්දේ නිසැඟි විය. මම මෙය සඟනට නිසජමි ... දෙන්නේ යැ ... දෙන්නාහු යැ ... ආර්‍ය්‍යාවහට දෙමියි.
Pali BJTඋපසම්පන්නාය උපසම්පන්නසඤ්ඤා චීවරං පරිවත්තෙත්වා අච්ඡින්දති වා අච්ඡින්දාපෙති වා නිස්සග්ගියං පාචිත්තියං. උපසම්පන්නාය වෙමතිකා චීවරං පරිවත්තෙත්වා අච්ඡින්දති වා අච්ඡින්දාපෙති වා නිස්සග්ගියං පාචිත්තියං. උපසම්පන්නාය අනුපසම්පන්නසඤ්ඤා චීවරං පරිවත්තෙත්වා අච්ඡින්දති වා අච්ඡින්දාපෙති වා නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJTඋපසපනක කෙරෙහි උපසපන් සන් ඇතියා සිවුරක් පිරිවැටුම් කොට අසිඳැ ගනී නම් හෝ අසිඳැ ගන්වා නම් හෝ නිසැඟි පචිති වෙයි. උපසපනක කෙරෙහි විමති ඇතියා සිවුරක් පිරිවැටුම් කොට අසිඳැ ගනී නම් හෝ අසිඳැ ගන්වා නම් හෝ නිසැඟි පචිති වෙයි. උපසපනක කෙරෙහි අනුපසපන් සන් ඇතියා සිවුරක් පිරිවැටුම් කොට අසිඳැ ගනී නම් හෝ අසිඳැ ගන්වා නම් හෝ නිසැඟි පචිති වේ.
Pali BJTඅඤ්ඤං පරික්ඛාරං පරිවත්තෙත්වා අච්ඡින්දති වා අච්ඡින්දාපෙති වා ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය සද්ධිං චීවරං වා අඤ්ඤං වා පරික්ඛාරං පරිවත්තෙත්වා අච්ඡින්දති වා අච්ඡින්දාපෙති වා ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය උපසම්පන්නසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය අනුපසම්පන්නසඤ්ඤා ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅන් පිරිකරක් පිරිවැටුම් කොට අසිඳැ ගනී නම් හෝ අසිඳැ ගන්වා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක සමග සිවුරක් හෝ අන් පිරිකරක් පිරිවැටුම් කොට අසිඳැ ගනී නම් හෝ අසිඳැ ගන්වා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි උපසපන් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි අනුපසපන් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: සා වා දෙති, තස්සා වා විස්සසෙන්තී{3}. ගණ්හාති උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඕතොමෝ හෝ දේ නම්, ඇය කෙරෙහි විස්වස් ඇත්තී හෝ ගනී නම්, ඇවැත් නැත. උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවහට ඇවැත් නැති.
Pali BJTතතියසික්ඛාපදං.
Sinhala BJTතෙවන සිකපදයි.
Pali BJT3. 4.
Sinhala BJT3. 4.
Pali BJTචතුත්ථසික්ඛාපදං
Sinhala BJTසතරවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දා භික්ඛුනී ගිලානා හොති. අථ ඛො අඤ්ඤතරො උපාසකො යෙන ථුල්ලනන්දා භික්ඛුනී තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වා ථුල්ලනන්දං භික්ඛුනිං එතදවොච “කිං තෙ අය්යෙ අඵාසු, කිං ආහරීයතූ”ති. සප්පිනා මෙ ආවුසො අත්ථොති. අථ ඛො සො උපාසකො අඤ්ඤතරස්ස ආපණිකස්ස ඝරා කහාපණස්ස සප්පිං ආහරිත්වා ථුල්ලනන්දාය භික්ඛුනියා අදාසි. ථුල්ලනන්දා භික්ඛුනී{1} “න මෙ ආවුසො සප්පිනා අත්ථො, තෙලෙන මෙ අත්ථො”ති. අථ ඛො සො උපාසකො යෙන සො ආපණිකො තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වා තං ආපණිකං එතදවොච “න කිරය්යො අය්යාය සප්පිනා අත්ථො තෙලෙන අත්ථො. හන්ද තෙ සප්පිං, තෙලං මෙ දෙහී”ති. සචෙ මයං අය්යො වික්කීතං භණ්ඩං පුන ආදියිස්සාම{2} කදා අම්හාකං භණ්ඩං වික්කායිස්සති. සප්පිස්ස කයෙන සප්පි හටං. තෙලස්ස කයං ආහර, තෙලං හරිස්සසීති. අථ ඛො සො උපාසකො උජ්ඣායති ඛීයති විපාචෙති: “කථං හි නාම අය්යා ථුල්ලනන්දා අඤ්ඤං විඤ්ඤාපෙත්වා අඤ්ඤං විඤ්ඤාපෙසීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී අඤ්ඤං විඤ්ඤාපෙත්වා අඤ්ඤං විඤ්ඤාපෙස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදානයි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ගිලන් වූවා වෙයි. එකල්හි එක්තරා උවසුවෙක් ථුල්ලනන්‍දා භික්‍ෂුණිය වෙත එළැඹියේ යැ. එළැඹ ථුල්ලනන්‍දා භික්‍ෂුණියහට මෙය කීයැ. “ආර්‍ය්‍යාවෙනි, ඔබට කිනම් අඵාසුවෙක්ද? ඔබට කුමක් ගෙන එනු ලබනු මනාදැයි. ඇවැත, මට ගිතෙලින් ප්‍රයෝජන වෙයි. එකල්හි ඒ උවසු තෙමේ එක්තරා වෙළෙඳක්හුගේ ගෙයින් කහවණුවක ගිතෙල් ගෙනවුත් ථුල්ලනන්‍දා භික්‍ෂුණියහට දුන්නේ යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ “ඇවැත, මට ගිතෙලින් ප්‍රයෝජන නොවේ, මට තල තෙලෙන් ප්‍රයෝජන වේ” යැයි (කිවුයැ.) එකල්හි ඒ උවසු තෙමේ ඒ වෙළෙඳා වෙත එළැඹියේ යැ. එළැඹැ ඒ වෙළෙඳහට මෙය කීයැ. “ආර්‍ය්‍යය, ආර්‍ය්‍යාවහට ගිතෙලෙන් ප්‍රයෝජන නොවේ ල, තලතෙලෙන් ප්‍රයෝජන වේල, ඔබගේ ගිතෙල් ගන්නැ, මට තලතෙල් දෙන්නැ” යි. “ආර්‍ය්‍යය, ඉදින් අපි විකුණන ලද බඩු යළි ගන්නෙමු නම් කෙදිනෙක අපගේ බඩු විකිණෙන්නේ ද? ගිතෙල් මිලයෙන් ගිතෙල් ගෙනයන ලදී. තලතෙල් මිල ගෙනෙව. (එකල්හි) තලතෙල් ගෙන යන්නේ යැ යි. එකල්හි ඒ උවසු තෙමේ ලමු කොට සිතයි. නුගුණ පවසයි, දොස් පතුරුවයි. “කෙසේ නම් ආර්‍ය්‍ය ථුල්ලනන්‍දා තොමෝ අනෙකක් විනවා අනෙකක් විනවූදැ”යි ... “සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ අනෙකක් විනවා අනෙකක් විනවූදැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ අනෙකක් විනවා අනෙකක් විනවූදැ” යි. මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
Pali BJTයා පන භික්ඛුනී අඤ්ඤං විඤ්ඤාපෙත්වා අඤ්ඤං විඤ්ඤාපෙය්ය නිස්සග්ගියං පාචිත්තියන්ති.
Sinhala BJTයම් මෙහෙණක් අනෙකක් විනවා (ඉන්) අනෙකක් විනවා නම් නිසඟි පචිති වේ යයි.
Pali BJT2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT2. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණිය යි.
Pali BJTඅඤ්ඤං විඤ්ඤාපෙත්වාති: යං කිඤ්චි විඤ්ඤාපෙත්වා.
Sinhala BJTඅඤ්ඤං විඤ්ඤාපෙත්‍වා: යම් කිසිවක් විනවා,
Pali BJTඅඤ්ඤං විඤ්ඤාපෙය්යාති: තං ඨපෙත්වා අඤ්ඤං විඤ්ඤාපෙති පයොගෙ දුක්කටං. පටිලාභෙන නිස්සග්ගියං හොති. නිස්සජ්ජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා එකභික්ඛුනියා වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජ්ජිතබ්බං -පෙ- ඉදං මෙ අය්යෙ අඤ්ඤං විඤ්ඤාපෙත්වා අඤ්ඤං විඤ්ඤාපිතං, නිස්සග්ගියං. ඉමාහං සඞ්ඝස්ස නිස්සජාමීති -පෙ- දදෙය්යාති -පෙ- දදෙය්යුන්ති -පෙ- අය්යාය දම්මීති.
Sinhala BJTඅඤ්ඤං විඤ්ඤාපෙය්‍ය: එය තබා අනෙකක් විනවා නම් පියෝහි දුකුළා වෙයි. ප්‍රතිලාභයෙන් නිසඟි වෙයි. සඟනට හෝ ගණයාට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතුයි. මෙසේ ද වනාහි මහණෙනි නිසැජිය යුතු යි ... ආර්‍ය්‍යාවෙනි, මා විසින් අනෙකක් විනවා (ඉන්) අනෙකක් විනවන ලදී. (එහෙයින්) මෙය නිසැඟි විය. මම මෙය සඟනට නිසජමි” යි ... දෙන්නේ යැ ... දෙන්නාහු යැ ... ආර්‍ය්‍යාවහට දෙමි යි.
Pali BJTඅඤ්ඤෙ අඤ්ඤසඤ්ඤා අඤ්ඤං විඤ්ඤාපෙති නිස්සග්ගියං පාචිත්තියං. අඤ්ඤෙ වෙමතිකා අඤ්ඤං විඤ්ඤාපෙති නිස්සග්ගියං පාචිත්තියං. අඤ්ඤෙ අනඤ්ඤසඤ්ඤා අඤ්ඤං විඤ්ඤාපෙති නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJTඅනෙකෙක්හි අන්සන් ඇතියා අනෙකක් විනවා නම් නිසඟි පචිති වෙයි. අනෙකෙක්හි විමති ඇතියා අනෙකක් විනවා නම් නිසඟි පචිති වෙයි. අනෙකෙක්හි නො අන්සන් ඇතියා අනෙකක් විනවා නම් නිසඟි පචිති වෙයි.
Pali BJTඅනඤ්ඤෙ අඤ්ඤසඤ්ඤා අනඤ්ඤං විඤ්ඤාපෙති ආපත්ති දුක්කටස්ස. අනඤ්ඤෙ වෙමතිකා අනඤ්ඤං විඤ්ඤාපෙති, ආපත්ති දුක්කටස්ස. අනඤ්ඤෙ අනඤ්ඤසඤ්ඤා අනාපත්ති.
Sinhala BJTනො අනෙකෙක්හි අන්සන් ඇතියා නො අනෙකක් විනවා නම් දුකුළා ඇවැත් වෙයි. නො අනෙකෙක්හි විමති ඇතියා නො අනෙකක් විනවා නම් දුකුළා ඇවැත් වෙයි. නො අනෙකෙක්හි නො අන්සන් ඇතියා ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: තඤ්ඤෙව විඤ්ඤාපෙති අඤ්ඤඤ්ච විඤ්ඤාපෙති. ආනිසංසං දස්සෙත්වා විඤ්ඤාපෙති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඑයම විනවා නම්, අනෙකකුත් විනවා නම්, අනුසස් දක්වා විනවා නම් ඇවැත් නැත. උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවහට ඇවැත් නැති.
Pali BJTචතුත්ථසික්ඛාපදං.
Sinhala BJTසතරවන සිකපදයි.
Pali BJT3. 5.
Sinhala BJT3. 5.
Pali BJTපඤ්චමසික්ඛාපදං
Sinhala BJTපස්වන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දා භික්ඛුනී ගිලානා හොති. අථ ඛො අඤ්ඤතරො උපාසකො යෙන ථුල්ලනන්දා භික්ඛුනී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ථුල්ලනන්දං භික්ඛුනිං එතදවොච කච්චි අය්යෙ ඛමනීයං කච්චි යාපනීය”න්ති. න මෙ ආවුසො ඛමනීයං න යාපනීයන්ති. අමුකස්ස අය්යෙ ආපණිකස්ස ඝරෙ කහාපණං නික්ඛිපිස්සාමි. තතො යං ඉච්ඡෙය්යාසි තං ආහරාපෙය්යාසීති. ථුල්ලනන්දා භික්ඛුනී අඤ්ඤතරං සික්ඛමානං ආණාපෙසි, ගච්ඡ සික්ඛමානෙ අමුකස්ස ආපණිකස්ස ඝරා කහාපණස්ස තෙලං ආහරාති. අථ ඛො සා සික්ඛමානා තස්ස ආපණිකස්ස ඝරා කහාපණස්ස තෙලං ආහරිත්වා ථුල්ලනන්දාය භික්ඛුනියා අදාසි. ථුල්ලනන්දා භික්ඛුනී එවමාහ න මෙ සික්ඛමානෙ තෙලෙන අත්ථො සප්පිනා මෙ අත්ථොති. අථ ඛො සා සික්ඛමානා යෙන සො ආපණිකො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තං ආපණිකං එතදවොච: “න කිර ආවුසො අය්යාය තෙලෙන අත්ථො සප්පිනා අත්ථො හන්ද තෙ තෙලං, සප්පිං මෙ දෙහීති. සචෙ මයං අය්යෙ වික්කීතං භණ්ඩං පුන ආදියිස්සාම කදා අම්හාකං භණ්ඩං වික්කායිස්සති. තෙලස්ස කයෙන තෙලං හටං. සප්පිස්ස කයං ආහර සප්පිං හරිස්සතීති.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදානයි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ගිලන් වූවා වෙයි. එකල්හි එක්තරා උවසුවෙක් ථුල්ලනන්‍දා භික්‍ෂුණිය වෙත එළැඹියේ යැ. එළැඹැ ථුල්ලනන්‍දා භික්‍ෂුණියට “කිම ආර්‍ය්‍යාවෙනි, ඉවසිය හැකි ද? කිම යැපියහැකිදැ” යි මෙය කීයැ. “ඇවැත, මට ඉවසිය නො හැකියැ, යැපිය නො හැකියැ” යි. ආර්‍ය්‍යාවෙනි, අසුවල් වෙළෙඳාගේ ගෙහි කහවණුවක් තබන්නෙමි, එයින් යමක් කැමැත්තෙහිනම් එය ගෙන්වාගන්නේ යැයි. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ, “යා සික්මනුව, අසුවල් වෙළෙඳාගේ ගෙයින් කහවණුවකට තලතෙල් ගෙනෙව” යි එක්තරා සික්මනුවකට ඇණවූයැ. එකල්හි ඒ සික්මනු තොමෝ ඒ වෙළෙන්දාගේ ගෙයින් කහවණුවකට තලතෙල් ගෙනවුත් ථුල්ලනන්‍දා භික්‍ෂුණියට දුන්නායැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සික්මනුව, “මට තලතෙලෙන් ප්‍රයෝජන නොවෙයි, මට ගිතෙලෙන් ප්‍රයෝජන වේයයි” (කිවුයැ.) එකල්හි ඒ සික්මනු තොමෝ ඒ වෙළෙඳා වෙත එළැඹියා යැ. එළැඹැ ඒ වෙළෙඳහට මෙය කිවු යැ. “ඇවැත, ආර්‍ය්‍යාවහට තල තෙලෙන් ප්‍රයෝජන නොවේල, ගිතෙලෙන් ප්‍රයෝජන වේල, ඔබගේ තලතෙල් ගන්නැ, මට ගිතෙල් දෙන්නැ” යි. “ආර්‍ය්‍යාවෙනි, ඉදින් අපි විකුණන ලද බඩු යළි ගන්නෙමු නම් කෙදිනෙකැ අපගේ බඩු විකිණෙන්නේද? තල තෙල් මිලයෙන් තලතෙල් ගෙන යන ලදී. ගිතෙල් මිල ගෙනෙව. (එකල්හි) ගිතෙල් ගෙන යන්නේයැයි.
Pali BJT2. අථ ඛො සා සික්ඛමානා රොදන්තී අට්ඨාසි. භික්ඛුනියො තං සික්ඛමානං එතදවොචුං: “කිස්ස ත්වං සික්ඛමානෙ රොදසී”ති. අථ ඛො සා සික්ඛමානා භික්ඛුනීනං එතමත්ථං ආරොචෙසි. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා ථුල්ලනන්දා අඤ්ඤං චෙතාපෙත්වා අඤ්ඤං චෙතාපෙස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී අඤ්ඤං චෙතාපෙත්වා අඤ්ඤං චෙතාපෙසීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී අඤ්ඤං චෙතාපෙත්වා අඤ්ඤං චෙතාපෙස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු.
Sinhala BJT2. එකල්හි ඒ සික්මනු තොමෝ හඬමින් සිටියා යැ, මෙහෙණෝ ඒ සික්මනුවහට මෙය කීහු. “සික්මනුව, කුමකට තෝ හඬහිදැ” යි. එකල්හි ඒ සික්මනු තොමෝ මෙහෙණන්හට තෙල කරුණ දැන්වූය. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්, “කෙසේ නම් ආර්‍ය්‍ය ථුල්ලනන්‍දා තොමෝ අනෙකක් දන්වාලා අනෙකක් දැන්වූදැ” යි. ... සැබෑද මහණෙනි ථුල්ලනන්‍දා භික්‍ෂුණීතොමෝ අනෙකක් දන්වාලා අනෙකක් දැන්වූදැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ අනෙකක් දන්වාලා අනෙකක් දැන්වූදැයි. මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
Pali BJTයා පන භික්ඛුනී අඤ්ඤං චෙතාපෙත්වා අඤ්ඤං චෙතාපෙය්ය නිස්සග්ගියං පාචිත්තියන්ති.
Sinhala BJTයම් මෙහෙණක් තොමෝ අනෙකක් දන්වාලා (ඉන්) අනෙකක් දන්වා නම් හෝ නිසඟි පචිති වේ යැයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණිය යි.
Pali BJTඅඤ්ඤං චෙතාපෙත්වාති: යං කිඤ්චි චෙතාපෙත්වා.
Sinhala BJTඅඤ්ඤං චෙතාපෙත්‍වා: යම් කිසිවක් දන්වාලා;
Pali BJTඅඤ්ඤං චෙතාපෙය්යාති: තං ඨපෙත්වා අඤ්ඤං චෙතාපෙති පයොගෙ දුක්කටං, පටිලාභෙන නිස්සග්ගියං හොති. නිස්සජ්ජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා එකභික්ඛුනියා වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජ්ජිතබ්බං -පෙ- ඉදං මෙ අය්යෙ අඤ්ඤං චෙතාපෙත්වා අඤ්ඤං චෙතාපිතං නිස්සග්ගියං. ඉමාහං සඞ්ඝස්ස නිස්සජාමීති -පෙ- දදෙය්යාති -පෙ- දදෙය්යුන්ති -පෙ- අය්යාය දම්මීති.
Sinhala BJTඅඤ්ඤං චේතාපෙය්‍ය: එය තබා අනෙකක් දන්වා නම් පියෝහි දුකුළා වෙයි. ප්‍රතිලාභයෙන් නිසැඟි වෙයි. සඟනට හෝ ගණයාට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතුයි. මෙසේ ද වනාහි මහණෙනි නිසැජිය යුතුයි ... ආර්‍ය්‍යාවෙනි, මා විසින් අනෙකක් දන්වාලා (ඉන්) අනෙකක් දන්වන ලදී, මෙය නිසැඟි විය. මම මෙය සඟනට නිසජමි යි ... දෙන්නේ යැ ... දෙන්නාහු යැ ... ආර්‍ය්‍යාවහට දෙමියි.
Pali BJTඅඤ්ඤෙ අඤ්ඤසඤ්ඤා අඤ්ඤං චෙතාපෙති නිස්සග්ගියං පාචිත්තියං අඤ්ඤෙ වෙමතිකා අඤ්ඤං චෙතාපෙති නිස්සග්ගියං පාචිත්තියං. අඤ්ඤෙ අනඤ්ඤසඤ්ඤා අඤ්ඤං චෙතාපෙති නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJTඅනෙකෙක්හි අන්සන් ඇතියා අනෙකක් දන්වා නම් නිසඟි පචිති වෙයි. අනෙකෙක්හි විමති ඇතියා අනෙකක් දන්වා නම් නිසඟි පචිති වෙයි. අනෙකෙක්හි නො අන්සන් ඇතියා අනෙකක් දන්වා නම් නිසඟි පචිති වෙයි.
Pali BJTඅනඤ්ඤෙ අඤ්ඤසඤ්ඤා අනඤ්ඤං චෙතාපෙති ආපත්ති දුක්කටස්ස. අනඤ්ඤෙ වෙමතිකා අනඤ්ඤං චෙතාපෙති ආපත්ති දුක්කටස්ස. අනඤ්ඤෙ අනඤ්ඤසඤ්ඤා අනාපත්ති.
Sinhala BJTනො අනෙකෙක්හි අන්සන් ඇතියා නො අනෙකක් දන්වා නම් දුකුළා ඇවැත් වෙයි. නො අනෙකෙක්හි විමති ඇතියා නො අනෙකක් දන්වා නම් දුකුළා ඇවැත් වෙයි. නො අනෙකෙක්හි හි නො අන්සන් ඇතියා නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: තඤ්ඤෙව චෙතාපෙති අඤ්ඤඤ්ච චෙතාපෙති, ආනිසංසං දස්සෙත්වා චෙතාපෙති උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඑය මැ දන්වා නම්, අනෙකකුත් දන්වා නම්, අනුසස් දක්වා දන්වා නම් ඇවැත් නැත. උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවහට ඇවැත් නැති.
Pali BJTපඤ්චමසික්ඛාපදං.
Sinhala BJTපස්වන සිකපදය නිමි.
Pali BJT3. 6.
Sinhala BJT3. 6.
Pali BJTඡට්ඨසික්ඛාපදං
Sinhala BJTසවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන උපාසකා භික්ඛුනිසඞ්ඝස්ස චීවරත්ථාය ඡන්දකං සංහරිත්වා{1} අඤ්ඤතරස්ස පාවාරිකස්ස ඝරෙ පරික්ඛාරං නික්ඛිපිත්වා භික්ඛුනියො උපසඞ්කමිත්වා එතදවොචුං: “අමුකස්ස අය්යෙ පාවාරිකස්ස ඝරෙ චීවරත්ථාය පරික්ඛාරො නික්ඛිත්තො තතො චීවරං ආහරාපෙත්වා භාජෙථා”ති. භික්ඛුනියො තෙන පරික්ඛාරෙන භෙසජ්ජං චෙතාපෙත්වා පරිභුඤ්ජිංසු. උපාසකා ජානිත්වා උජ්ඣායන්ති ඛීයන්ති, විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන සඞ්ඝිකෙන අඤ්ඤං චෙතාපෙස්සන්තී”ති.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදානයි – එසමයෙහි උවසුවෝ මෙහෙණ සඟනගේ සිවුරු පිණිස මෙරමා සැඳ හා රිසි දනවා ගත් පිරිකරක් එක්තරා පිළීවෙළෙඳක්හුගේ ගෙහි තබා මෙහෙණන් වෙත එළැඹැ මෙයකීහු. “ආර්‍ය්‍යාවෙනි, අසුවල් පිළීවෙළෙඳහුගේ ගෙහි සිවුරු පිණිස පිරිකරෙක් තබනලදී. එයින් සිවුරු ගෙන්වාගෙන බෙදා ගනු මැනැ වැ” යි. මෙහෙණෝ ඒ පිරිකරින් බෙහෙත් මිලදී ගන්වා වැළඳූහ. උවසුවෝ දැන ලමු කොට සිතති, නුගුණ පවසති දොස් පතුරුවත්. “කෙසේ නම් මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් සඟසතු පිරිකරින් අනෙකක් මිල දී ගැන්වූහු දැ” යි.
Pali BJT2. අස්සොසුං ඛො භික්ඛුනියො තෙසං උපාසකානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන සඞ්ඝිකෙන අඤ්ඤං චෙතාපෙස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනියො අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන සඞ්ඝිකෙන අඤ්ඤං චෙතාපෙන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනියො අඤ්ඤුදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන සඞ්ඝිකෙන අඤ්ඤං චෙතාපෙස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු.
Sinhala BJT2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරු වන ඒ උවසුවන්ගේ (අකීර්තිශබ්දය) ඇසූහු මැ යි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් සඟසතු පිරිකරින් අනෙකක් මිල දී ගැන්වූහු දැ” යි. සැබෑද මහණෙනි මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් සඟසතු පිරිකරින් අනෙකක් මිල දී ගන්වත්දැ” යි. ... සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් සඟසතු පිරිකරින් අනෙකක් මිල දී ගැන්වූහු දැ”යි. මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
Pali BJTයා පන භික්ඛුනී අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන සඞ්ඝිකෙන අඤ්ඤං චෙතාපෙය්ය නිස්සග්ගියං පාචිත්තියන්ති.
Sinhala BJTයම් මෙහෙණක් තොමෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් සඟසතු පිරිකරින් අනෙකක් මිල දී ගන්වා නම් නිසඟි පචිති වේ යයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණිය යි.
Pali BJTඅඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙනාති: අඤ්ඤස්සත්ථාය දින්නෙන:
Sinhala BJTඅඤ්ඤදත්‍ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤද්දිසිකෙන: අනෙකක් සඳහා දුන්;
Pali BJTසඞ්ඝිකෙනාති: සඞ්ඝස්ස න ගණස්ස න එකභික්ඛුනියා.
Sinhala BJTසඞ්ඝිකෙන: සඟනට යැ ගණයාහට නො වෙයි. එක් මෙහෙණකට නො වේ.
Pali BJTඅඤ්ඤං චෙතාපෙය්යාති: යං අත්ථාය දින්නං තං ඨපෙත්වා අඤ්ඤං චෙතාපෙති පයොගෙ දුක්කටං. පටිලාභෙන නිස්සග්ගියං හොති. නිස්සජ්ජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා එකභික්ඛුනියා වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජ්ජිතබ්බං -පෙ- ඉදං මෙ අය්යෙ අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන සඞ්ඝිකෙන අඤ්ඤං චෙතාපිතං නිස්සග්ගියං. ඉමාහං සඞ්ඝස්ස නිස්සජාමීති -පෙ- දදෙය්යාති -පෙ- දදෙය්යුන්ති -පෙ- අය්යාය දම්මීති.
Sinhala BJTඅඤ්ඤං චේතාපෙය්‍ය: යමක් සඳහා දෙන ලදද, එය තබා අනෙකක් මිලදී ගන්වා නම් පියෝහි දුකුළා වෙයි. ප්‍රතිලාභයෙන් නිසැඟි වෙයි. සඟනට හෝ ගණයාට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතුයි. මෙසේ ද වනාහි මහණෙනි, නිසැජිය යුතු යි ... ආර්‍ය්‍යාවෙනි, අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් සඟසතු පිරිකරින් මා විසින් අනෙකක් මිලදී ගන්වන ලදී. මෙය නිසැඟි විය. මම මෙය සඟනට නිසජමි යි ... දෙන්නේ යැ ... දෙන්නාහු යැ ... ආර්‍ය්‍යාවහට දෙමියි.
Pali BJTඅඤ්ඤදත්ථිකෙ අඤ්ඤදත්ථිකසඤ්ඤා අඤ්ඤං චෙතාපෙති නිස්සග්ගියං පාචිත්තියං. අඤ්ඤදත්ථිකෙ වෙමතිකා අඤ්ඤං චෙතාපෙති නිස්සග්ගියං පාචිත්තියං. අඤ්ඤදත්ථිකෙ අනඤ්ඤදත්ථිකසඤ්ඤා අඤ්ඤං චෙතාපෙති නිස්සග්ගියං පාචිත්තියං. නිස්සට්ඨං පටිලභිත්වා යථාදානෙ උපනෙතබ්බං.
Sinhala BJTඅනෙකක් සඳහා දෙන ලද්දෙහි අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වෙයි, අනෙකක් සඳහා දෙනලද්දෙහි විමති ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වෙයි. අනෙකක් සඳහා දෙන ලද්දෙහි නො අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා අනෙකක් මිලදී ගන්වානම් නිසඟි පචිති වෙයි. නිසැජුදැයක් පිළිලැබ දෙනලද පරිදි එළවිය යුතු යි.
Pali BJTඅනඤ්ඤදත්ථිකෙ අඤ්ඤදත්ථිකසඤ්ඤා, ආපත්ති දුක්කටස්ස. අනඤ්ඤදත්ථිකෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අනඤ්ඤදත්ථිකෙ අනඤ්ඤදත්ථිකසඤ්ඤා අනාපත්ති.
Sinhala BJTනො අනෙකක් සඳහා දෙන ලද්දෙහි අනෙකක් සඳහා දෙනලද සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො අනෙකක් සඳහා දෙන ලද්දෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො අනෙකක් සඳහා දෙන ලද්දෙහි නො අනෙකක් සඳහා දෙනලද සන් ඇතියා නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: සෙසකං උපනෙති, සාමිකෙ අපලොකෙත්වා උපනෙති, ආපදාසු, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඉතිරිවූවක් (අනෙකක් සඳහා) එළවා නම්, හිමියන් පිළිවිසැ එළවා නම් ඇවැත් නැත. ආපදායෙහි, උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවහට ඇවැත් නැති.
Pali BJTඡට්ඨසික්ඛාපදං.
Sinhala BJTසවන සිකපදය නිමි.
Pali BJT3. 7.
Sinhala BJT3. 7.
Pali BJTසත්තමසික්ඛාපදං
Sinhala BJTසත්වන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන උපාසකා භික්ඛුනී සඞ්ඝස්ස චීවරත්ථාය ඡන්දංකං සඞ්ඝරිත්වා අඤ්ඤතරස්ස පාවාරිකස්ස ඝරෙ පරික්ඛාරං නික්ඛිපිත්වා භික්ඛුනියො උපසඞ්කමිත්වා එතදවොචුං: අමුකස්ස අය්යෙ පාවාරිකස්ස ඝරෙ චීවරත්ථාය පරික්ඛාරො නික්ඛිත්තො, තතො චීවරං ආහරාපෙත්වා භාජෙථා”ති. භික්ඛුනියො තෙන ච පරික්ඛාරෙන සයම්පි යාචිත්වා භෙසජ්ජං චෙතාපෙත්වා පරිභුඤ්ජිංසු. උපාසකා ජානිත්වා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන සඞ්ඝිකෙන සඤ්ඤාචිකෙන{1} අඤ්ඤං චෙතාපෙස්සන්තී”ති. -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනියො අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන සඞ්ඝිකෙන සඤ්ඤාචිකෙන1 අඤ්ඤං චෙතාපෙන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනියො අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන සඞ්ඝිකෙන සඤ්ඤාචිකෙන අඤ්ඤං චෙතාපෙස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදානයි – එ සමයෙහි වනාහි උවසුවෝ මෙහෙණ සඟනගේ සිවුරු පිණිස මෙරමා සැඳ හා රිසි දනවා ගත් පිරිකරක් එක්තරා පිළීවෙළෙඳක්හුගේ ගෙහි තබා මෙහෙණන් වෙත එළැඹැ මෙය කීහ. “ආර්‍ය්‍යාවෙනි, අසුවල් පිළීවෙළෙඳහුගේ ගෙහි සිවුරු පිණිස පිරිකරෙක් තබන ලදී, එයින් සිවුරු ගෙන්වාගෙන බෙදාගනු මැනැවැ” යි. මෙහෙණෝ ඒ පිරිකරිනුදු තුමූ මැ ඉල්වා ගෙන බෙහෙත් මිලයට ගන්වා වැළඳූහ. උවසුවෝ දැන ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වා ගත් සඟ සතු පිරිකරින් අනෙකක් මිල දී ගැන්වූ හු දැ” යි ... සැබෑද මහණෙනි, මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වා ගත් සඟසතු පිරිකරින් අනෙකක් මිල දී ගන්වත් දැ” යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වා ගත් සඟසතු පිරිකරින් අනෙකක් මිල දී ගැන්වූහු දැ යි. මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
Pali BJTයා පන භික්ඛුනී අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන සඞ්ඝිකෙන සඤ්ඤාචිකෙන අඤ්ඤං චෙතාපෙය්ය නිස්සග්ගියං පාචිත්තියන්ති.
Sinhala BJTයම් මෙහෙණක් තොමෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වාගත් සඟසතු පිරිකරින් අනෙකක් මිල දී ගන්වා නම් නිසඟිපචිති වේ යයි.
Pali BJT2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT2. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණිය යි.
Pali BJTඅඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙනාති: අඤ්ඤස්සත්ථාය දින්නෙන.
Sinhala BJTඅඤ්ඤදත්‍ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤද්දිසිකෙන: අනෙකක් සඳහා දුන්;
Pali BJTසංඝිකෙනාති: සඞ්ඝස්ස න ගණස්ස න එකභික්ඛුනියා.
Sinhala BJTසඞ්ඝිකෙන: සඟනට යැ, ගණයාහට නො වෙයි. එක් මෙහෙණකට නො වේ,
Pali BJTසඤ්ඤාචිකෙනාති: සයං යාචිත්වා.
Sinhala BJTසඤ්ඤාවිකෙන: තමා විසින් ඉල්වාගත්:
Pali BJTඅඤ්ඤං චෙතාපෙය්යාති: යං අත්ථාය දින්නං තං ඨපෙත්වා අඤ්ඤං චෙතාපෙති පයොගෙ දුක්කටං. පටිලාභෙන නිස්සග්ගියං හොති, නිස්සජ්ජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා එකභික්ඛුනියා වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජ්ජිතබ්බං -පෙ- ඉදං මෙ අය්යෙ අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන සඞ්ඝිකෙන සඤ්ඤාචිකෙන අඤ්ඤං චෙතාපිතං නිස්සග්ගියං, ඉමාහං සඞ්ඝස්ස නිස්සජාමීති -පෙ- දදෙය්යුන්ති -පෙ- අය්යාය දම්මීති.
Sinhala BJTඅඤ්ඤං චේතාපෙය්‍ය: යමක් සඳහා දෙන ලද ද, එය තබා අනෙකක් මිලදී ගන්වා නම් පියෝහි දුකුළා වෙයි, ප්‍රතිලාභයෙන් නිසැඟි වෙයි. සඟනට හෝ ගණයාහට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතුයි. මෙසේ ද වනාහි මහණෙනි, නිසැජිය යුතුයි ... ආර්‍ය්‍යාවෙනි, අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වා ගත් සඟසතු පිරිකරින් මා විසින් අනෙකක් මිල දී ගන්වන ලදී. මෙය නිසැඟිවිය. මම මෙය සඟනට නිසජමියි ... දෙන්නේ යැ ... දෙන්නාහු යැ ... ආර්‍ය්‍යාවහට දෙමියි.
Pali BJTඅඤ්ඤදත්ථිකෙ අඤ්ඤදත්ථිකසඤ්ඤා අඤ්ඤං චෙතාපෙති නිස්සග්ගියං පාචිත්තියං. අඤ්ඤදත්ථිකෙ වෙමතිකා අඤ්ඤං චෙතාපෙති නිස්සග්ගියං පාචිත්තියං. අඤ්ඤදත්ථිකෙ අනඤ්ඤදත්ථිකසඤ්ඤා අඤ්ඤං චෙතාපෙති නිස්සග්ගියං පාචිත්තියං. නිස්සට්ඨං පටිලභිත්වා යථාදානෙ උපනෙතබ්බං.
Sinhala BJTඅනෙකෙක් සඳහා දෙන ලද්දෙහි අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වෙයි, අනෙකක් සඳහා දෙන ලද්දෙහි විමති ඇතියා අනෙකක් මිලදී ගන්වානම් නිසඟි පචිති වෙයි. අනෙකක් සඳහා දෙනලද්දෙහි නො අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වෙයි. නිසැජුදැය පිළිලැබ දෙන ලද පරිදි එළවිය යුතුයි.
Pali BJTඅනඤ්ඤදත්ථිකෙ අඤ්ඤදත්ථිකසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අනඤ්ඤදත්ථිකෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අනඤ්ඤදත්ථිකෙ අනඤ්ඤදත්ථිකසඤ්ඤා අනාපත්ති.
Sinhala BJTනො අනෙකක් සඳහා දෙන ලද්දෙහි අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො අනෙකක් සඳහා දෙන ලද්දෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො අනෙකක් සඳහා දෙනලද්දෙහි නො අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: සෙසකං උපනෙති, සාමිකෙ අපලොකෙත්වා උපනෙති, ආපදාසු, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඉතිරිවූවක් එළවානම්, හිමියන් පිළිවිසැ එළවා නම්, ඇවැත් නැත. ආපදායෙහි, උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවහට ඇවැත් නැති.
Pali BJTසත්තමසික්ඛාපදං.
Sinhala BJTසත්වන සිකපදයි.
Pali BJT3. 8.
Sinhala BJT3. 8.
Pali BJTඅට්ඨමසික්ඛාපදං
Sinhala BJTඅටවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස පූගස්ස පරිවෙණවාසිකා භික්ඛුනියො යාගුයා කිලමන්ති. අථ ඛො සො පූගො භික්ඛුනීනං යාගු අත්ථාය ඡන්දකං සංහරිත්වා අඤ්ඤතරස්ස ආපණිකස්ස ඝරෙ පරික්ඛාරං නික්ඛිපිත්වා භික්ඛුනියො උපසඞ්කමිත්වා එතදවොච: “අමුකස්ස අය්යෙ ආපණිකස්ස ඝරෙ යාගු අත්ථාය පරික්ඛාරො නික්ඛිත්තො තතො තණ්ඩුලං ආහරාපෙත්වා යාගුං පචාපෙත්වා පරිභුඤ්ජථා”ති. භික්ඛුනියො තෙන පරික්ඛාරෙන භෙසජ්ජං චෙතාපෙත්වා පරිභුඤ්ජිංසු. අථ ඛො සො පූගො ජානිත්වා උජ්ඣායති ඛීයති විපාචෙති: “කථං හි නාම භික්ඛුනියො අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන මහාජනිකෙන අඤ්ඤං චෙතාපෙස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනියො අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන මහාජනිකෙන අඤ්ඤං චෙතාපෙන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනියො අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන මහාජනිකෙන අඤ්ඤං චෙතාපෙස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි එක්තරා මුළුවක්හුගේ පිරිවෙන් වැසි මෙහෙණෝ හුළුකැනින් මිරිකෙත්. එකල්හි ඒ මුළුව මෙහෙණන්ගේ හුළුකැන් පිණිස මෙරමා සඳ හා රිසි දනවා ගත් පිරිකරක් එක්තරා වෙළඳක්හුගේ ගෙහි තබා මෙහෙණන් වෙත එළඹැ මෙය කී යැ: ආර්‍ය්‍යාවෙනි, අසුවල් වෙළඳහුගේ ගෙහි හුළුකැන් පිණිස පිරිකරෙක් තබන ලදී. එයින් සහල් ගෙන්වාගෙන හුළුකැන් පිසවා වළඳනු මැනැවැ යි. මෙහෙණෝ ඒ පිරිකරින් බෙහෙත් මිලදී ගන්වා වැළඳූහ. එකල්හි ඒ මුළුව දැන ලමුකොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි. “කෙසේ නම් මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් ගණසතු පිරිකරින් අනෙකක් මිල දී ගැන්වූහු දැ” යි ... සැබෑද මහණෙනි, මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් ගණසතු පිරිකරින් අනෙකක් මිල දී ගන්වත් දැ” යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් ගණසතු පිරිකරින් අනෙකක් මිල දී ගැන්වූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන මහාජනිකෙන අඤ්ඤං චෙතාපෙය්ය නිස්සග්ගියං පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් තොමෝ අනෙකක් උදෙසා දුන් ගණසතු පිරිකරින් අනෙකක් මිල දී ගන්වා නම් නිසඟි පචිති වේ” යයි.
Pali BJT2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTඅඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙනාති: අඤ්ඤස්සත්ථාය දින්නෙන.
Sinhala BJTඅඤ්ඤදත්‍ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤදදිසිකෙන: අනෙකක් සඳහා දුන්
Pali BJTමහාජනිකෙනාති: ගණස්ස න සඞ්ඝස්ස න එකභික්ඛුනියා.
Sinhala BJTමහාජනිකෙන: ගණහට යැ සඟනට නො වෙයි, එක් මෙහෙණකට නො වේ.
Pali BJTඅඤ්ඤං චෙතාපෙය්යාති: යං අත්ථාය දින්නං, තං ඨපෙත්වා අඤ්ඤං චෙතාපෙති පයොගෙ දුක්කටං. පටිලාභෙන නිස්සග්ගියං හොති, නිස්සජ්ජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා එකභික්ඛුනියා වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජ්ජිතබ්බං -පෙ- ඉදං මෙ අය්යෙ අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන මහාජනිකෙන අඤ්ඤං චෙතාපිතං නිස්සග්ගියං ඉමාහං සඞ්ඝස්ස නිස්සජාමීති -පෙ- දදෙය්යාති -පෙ- දදෙය්යුන්ති -පෙ- අය්යාය දම්මීති.
Sinhala BJTඅඤ්ඤං චේතාපෙය්‍ය: යමක් සඳහා දෙනලද ද, එය තබා අනෙකක් මිලදී ගන්වා නම් පියෝහි දුකුළා වෙයි. ප්‍රතිලාභයෙන් නිසැඟි වෙයි. සඟනට හෝ ගණයාට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතු යි. මෙසේ ද වනාහි මහණෙනි, නිසැජිය යුතු යි ... ආර්‍ය්‍යාවෙනි, අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් ගණසතු පිරිකරින් මා විසින් අනෙකක් මිල දී ගන්වන ලදී, මෙය නිසැඟි විය. මම මෙය සඟනට නිසජමි යි ... දෙන්නේ යැ ... දෙන්නාහු යැ ... ආර්‍ය්‍යාවට දෙමි යි.
Pali BJTඅඤ්ඤදත්ථිකෙ අඤ්ඤදත්ථිකසඤ්ඤා අඤ්ඤං චෙතාපෙති නිස්සග්ගියං පාචිත්තියං. අඤ්ඤදත්ථිකෙ වෙමතිකා අඤ්ඤං චෙතාපෙති නිස්සග්ගියං පාචිත්තියං. අඤ්ඤදත්ථිකෙ අනඤ්ඤදත්ථිකසඤ්ඤා අඤ්ඤං චෙතාපෙති නිස්සග්ගියං පාචිත්තියං. නිස්සට්ඨං පටිලභිත්වා යථාදානෙ උපනෙතබ්බං.
Sinhala BJTඅනෙකක් සඳහා දෙන ලද්දෙහි අනෙකක් සඳහා දෙනලද සන් ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වෙයි. අනෙකක් සඳහා දෙන ලද්දෙහි විමති ඇතියා අනෙකක් මිල දී ගන්වා නම් නිසඟි පචිති වෙයි. අනෙකක් සඳහා දෙන ලද්දෙහි නො අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා අනෙකක් මිල දී ගන්වා නම් නිසැඟි පචිති වෙයි. නිසැජූ දැය පිළිලැබ දෙන ලද පරිදි එළවිය යුතු යි.
Pali BJTඅනඤ්ඤදත්ථිකෙ අඤ්ඤදත්ථිකසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අනඤ්ඤදත්ථිකෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අනඤ්ඤදත්ථිකෙ අනඤ්ඤදත්ථිකසඤ්ඤා අනාපත්ති.
Sinhala BJTඅනෙකක් සඳහා නො දෙන ලද්දෙහි අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනෙකක් සඳහා නො දෙන ලද්දෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනෙකක් සඳහා නො දෙන ලද්දෙහි අනෙකක් සඳහා නො දෙන ලද සන් ඇතියා නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: සෙසකං උපනෙති, සාමිකෙ අපලොකෙත්වා උපනෙති, ආපදාසු, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඉතිරිවූවක් එළවා නම්, හිමියන් පිළිවිසැ එළවා නම්, ඇවැත් නැත. ආපදායෙහි, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTඅට්ඨමසික්ඛාපදං.
Sinhala BJTඅටවන සිකපදය.
Pali BJT3. 9.
Sinhala BJT3. 9.
Pali BJTනවමසික්ඛාපදං
Sinhala BJTනවවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස පූගස්ස පරිවෙණවාසිකා භික්ඛුනියො යාගුයා කිලමන්ති. අථ ඛො සො පූගො භික්ඛුනීනං යාගු අත්ථාය ඡන්දකං සංහරිත්වා අඤ්ඤතරස්ස ආපණිකස්ස ඝරෙ පරික්ඛාරං නික්ඛිපිත්වා භික්ඛුනියො උපසඞ්කමිත්වා එතදවොච: “අමුකස්ස අය්යෙ ආපණිකස්ස ඝරෙ යාගු අත්ථාය පරික්ඛාරො නික්ඛිත්තො. තතො තණ්ඩුලං{1} ආහරාපෙත්වා යාගුං පචාපෙත්වා පරිභුඤ්ජථා”ති. භික්ඛුනියො තෙන ච පරික්ඛාරෙන සයම්පි යාචිත්වා භෙසජ්ජං චෙතාපෙත්වා පරිභුඤ්ජිංසු. සො පූගො ජානිත්වා උජ්ඣායති ඛීයති විපාචෙති: “කථං හි නාම භික්ඛුනියො අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන මහාජනිකෙන සඤ්ඤාචිකෙන අඤ්ඤං චෙතාපෙස්සන්තී”ති. -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනියො අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන මහාජනිකෙන සඤ්ඤාචිකෙන අඤ්ඤං චෙතාපෙන්තී”ති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනියො අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන මහාජනිකෙන සඤ්ඤාචිකෙන අඤ්ඤං චෙතාපෙස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි එක්තරා මුළුවක්හුගේ පිරිවෙන් වැසි මෙහෙණෝ හුළුකැනින් මිරිකෙත්. එකල්හි ඒ මුළුව මෙහෙණන්ගේ හුළුකැන් පිණිස මෙරමා සඳ හා රිසි දනවා ගත් පිරිකරක් එක්තරා වෙළෙඳක්හුගේ ගෙහි තබා මෙහෙණන් වෙත එළැඹැ මෙය කී යැ. ආර්‍ය්‍යාවෙනි, අසුවල් වෙළෙඳාගේ ගෙහි හුළු කැන් පිණිස පිරිකරෙක් තබනලදී. එයින් සහල් ගෙන්වා හුළුකැන් පිසවා වළඳනු මැනැවැ” යි. මෙහෙණෝ ඒ පිරිකරිනුදු තුමූ මැ ඉල්වා බෙහෙත් මිල දී ගන්වා වැළඳූහ. ඒ මුළුව දැන ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි. “කෙසේ නම් මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් ගණසතු පිරිකරින් අනෙකක් මිල දී ගැන්වූහු දැ” යි ... සැබෑද මහණෙනි, මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා ඉල්වාගත් ගණසතු පිරිකරින් අනෙකක් මිල දී ගන්වත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වා ගත් ගණසතු පිරිකරින් අනෙකක් මිල දී ගැන්වූහු දැ යි, මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන මහාජනිකෙන සඤ්ඤාචිකෙන අඤ්ඤං චෙතාපෙය්ය නිස්සග්ගියං පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වාගත් ගණසතු පිරිකරින් අනෙකක් මිලදී ගන්වා නම් නිසඟිපචිති වේ” යයි.
Pali BJT2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTඅඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙනාති: අඤ්ඤස්සත්ථාය දින්නෙන.
Sinhala BJTඅඤ්ඤදත්‍ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤදදිසිකෙන: අනෙකක් සඳහා දුන්.
Pali BJTමහාජනිකෙනාති: ගණස්ස න සඞ්ඝස්ස න එකභික්ඛුනියා.
Sinhala BJTමහාජනිකෙන: ගණයාහට යැ, සඟනට නො වෙයි, එක් මෙහෙණකට නො වේ.
Pali BJTසඤ්ඤාචිකෙනාති: සයං යාචිත්වා.
Sinhala BJTසඤ්ඤාවිකෙන: තමා විසින් ඉල්වා ගත්.
Pali BJTඅඤ්ඤං චෙතාපෙය්යාති: යං අත්ථාය දින්නං තං ඨපෙත්වා අඤ්ඤං චෙතාපෙති පයොගෙ දුක්කටං. පටිලාභෙන නිස්සග්ගියං හොති. නිස්සජ්ජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා එකභික්ඛුනියා වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජ්ජිතබ්බං -පෙ- ඉදං මෙ අය්යෙ අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන මහාජනිකෙන සඤ්ඤාචිකෙන අඤ්ඤං චෙතාපිතං නිස්සග්ගියං. ඉමාහං සඞ්ඝස්ස නිස්සජ්ජාමී”ති -පෙ- දදෙය්යාති -පෙ- දදෙය්යුන්ති -පෙ- අය්යාය දම්මීති.
Sinhala BJTඅඤ්ඤංචේතාපෙය්‍ය: යමක් සඳහා දෙන ලද ද, එය තබා අනෙකක් මිලදී ගන්වා නම් පියෝහි දුකුළා වෙයි. ප්‍රතිලාභයෙන් නිසැඟි වෙයි. සඟනට හෝ ගණයාහට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතු යි. මෙසේද මහණෙනි, නිසැජිය යුතු යි ... ආර්‍ය්‍යාවෙනි, අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වා ගත් ගණසතු පිරිකරින් මා විසින් අනෙකක් මිලදී ගන්වන ලදී. මෙය නිසැඟි විය. මම මෙය සඟනට නිසජමි යි ... දෙන්නේ යැ ... දෙන්නාහු යැ ... ආර්‍ය්‍යාවට දෙමි යි.
Pali BJTඅඤ්ඤදත්ථිකෙ අඤ්ඤදත්ථිකසඤ්ඤා අඤ්ඤං චෙතාපෙති නිස්සග්ගියං පාචිත්තියං. අඤ්ඤදත්ථිකෙ වෙමතිකා අඤ්ඤං චෙතාපෙති නිස්සග්ගියං පාචිත්තියං. අඤ්ඤදත්ථිකෙ අනඤ්ඤදත්ථිකසඤ්ඤා අඤ්ඤං චෙතාපෙති නිස්සග්ගියං පාචිත්තියං, නිස්සට්ඨං පටිලභිත්වා යථාදානෙ උපනෙතබ්බං.
Sinhala BJTඅනෙකක් සඳහා දෙන ලද්දෙහි අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වෙයි, අනෙකක් සඳහා දෙනලද්දෙහි විමති ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වෙයි, අනෙකක් සඳහා දෙන ලද්දෙහි නො අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වේ. නිසැජු දැය පිළිලැබ දෙන ලද පරිදි එළවිය යුතු යි.
Pali BJTඅනඤ්ඤදත්ථිකෙ අඤ්ඤදත්ථිකසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අනඤ්ඤදත්ථිකෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අනඤ්ඤදත්ථිකෙ අනඤ්ඤදත්ථිකසඤ්ඤා අනාපත්ති.
Sinhala BJTඅනෙකක් සඳහා නො දෙනලද්දෙහි අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනෙකක් සඳහා නොදෙන ලද්දෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනෙකක් සඳහා නො දෙනලද්දෙහි අනෙකක් සඳහා නො දෙන ලද සන් ඇතියා නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: සෙසකං උපනෙති, සාමිකෙ අපලොකෙත්වා උපනෙති, ආපදාසු, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඉතිරි වූවක් එළවා නම්, හිමියන් පිළිවිසැ එළවා නම් ඇවැත් නැත. ආපදායෙහි, උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTනවමසික්ඛාපදං.
Sinhala BJTනවවන සිකපද යි.
Pali BJT3. 10.
Sinhala BJT3. 10.
Pali BJTදසමසික්ඛාපදං
Sinhala BJTදසවන සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දා භික්ඛුනී බහුස්සුතා හොති භාණිකා විසාරදා පට්ටා ධම්මිං කථං{1} කාතුං. බහූ මනුස්සා ථුල්ලනන්දං භික්ඛුනිං පයිරුපාසන්ති. තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දාය භික්ඛුනියා පරිවෙණං උද්ද්රියති{2}. මනුස්සා ථුල්ලනන්දං භික්ඛුනිං එතදවොචුං: “කිස්සිදං තෙ අය්යෙ පරිවෙණං උද්ද්රියතී”ති. නත්ථාවුසො දායකා නත්ථි කාරකාති. අථ ඛො තෙ මනුස්සා ථුල්ලනන්දාය භික්ඛුනියා පරිවෙණත්ථාය ඡන්දකං සංහරිත්වා ථුල්ලනන්දාය භික්ඛුනියා පරික්ඛාරං අදංසු. ථුල්ලනන්දා භික්ඛුනී තෙන ච පරික්ඛාරෙන සයම්පි යාචිත්වා භෙසජ්ජං චෙතාපෙත්වා පරිභුඤ්ජි. මනුස්සා ජානිත්වා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා ථුල්ලනන්දා අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන පුග්ගලිකෙන සඤ්ඤාචිකෙන අඤ්ඤං චෙතාපෙස්සතී”ති. -පෙ- සච්චං කිර භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන පුග්ගලිකෙන සඤ්ඤාචිකෙන අඤ්ඤං චෙතාපෙතීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන පුග්ගලිකෙන සඤ්ඤාචිකෙන අඤ්ඤං චෙතාපෙස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ බොහෝ ඇසූපිරූ තැන් ඇත්තී පිරිවැහු බණදහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කියන්නට අග්‍රවූවා වෙයි. බොහෝ මිනිස්සු ථුල්ලනන්‍දා භික්‍ෂුණිය ඇසිරි කෙරෙති. එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණියගේ පිරිවෙන බිඳ වැටෙයි, මිනිස්සු ථුල්ලනන්‍දා භික්‍ෂුණියට “ආර්‍ය්‍යාවෙනි, ඔබගේ මේ පිරිවෙන කුමක් හෙයින් බිඳවැටේ” දැ යි මෙය කීහු. ඇවැත්නි, දායකයෝ නැතියහ. කාරකයෝ නැතියහයි. එකල්හි ඒ මිනිස්සු ථුල්ලනන්‍දා භික්‍ෂුණියගේ පිරිවෙන පිණිස (මෙරමා) සඳ හා රිසි දනවා පිරිකරක් ථුල්ලනන්‍දා භික්‍ෂුණියට දුන්හු. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ඒ පිරිකරිනුදු තොමෝ මැ යැද බෙහෙත් මිල දී ගන්වා වැළඳූ යැ. මිනිස්සු දැනැ ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වා ගත් පුඟුල්සතු පිරිකරින් අනෙකක් මිල දී ගැන්වූ දැ” යි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වාගත් පුඟුල්සතු පිරිකරින් අනෙකක් මිලදී ගන්වා දැ යි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වාගත් පුඟුල්සතු පිරිකරින් අනෙකක් මිල දී ගැන්වූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන පුග්ගලිකෙන සඤ්ඤාචිකෙන අඤ්ඤං චෙතාපෙය්ය නිස්සග්ගියං පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසාදුන් තමා විසින් ඉල්වාගත් පුඟුල්සතු පිරිකරින් අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වේ” යයි.
Pali BJT2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT2. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTඅඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙනාති: අඤ්ඤස්සත්ථාය දින්නෙන,
Sinhala BJTඅඤ්ඤදත්‍ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන: අනෙකක් සඳහා දුන්.
Pali BJTපුග්ගලිකෙනාති: එකාය භික්ඛුනියා න සඞ්ඝස්ස න ගණස්ස.
Sinhala BJTපුග්ගලිකෙන: එක් මෙහෙණකට යැ, සඟනට නො වෙයි, ගණයාහට නො වේ.
Pali BJTසඤ්ඤාචිකෙනාති: සයං යාචිත්වා.
Sinhala BJTසඤ්ඤාවිකෙන: තමා විසින් ඉල්වා ගත්.
Pali BJTඅඤ්ඤං චෙතාපෙය්යාති: යං අත්ථාය දින්නං තං ඨපෙත්වා අඤ්ඤං චෙතාපෙති පයොගෙ දුක්කටං. පටිලාභෙන නිස්සග්ගියං හොති. නිස්සජ්ජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා එකභික්ඛුනියා වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජ්ජිතබ්බං -පෙ- “ඉදං මෙ අය්යෙ අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන පුග්ගලිකෙන සඤ්ඤාචිකෙන අඤ්ඤං චෙතාපිතං නිස්සග්ගියං ඉමාහං සඞ්ඝස්ස නිස්සජාමී”ති -පෙ- දදෙය්යාති -පෙ- අය්යාය දම්මීති.
Sinhala BJTඅඤ්ඤං චේතාපෙය්‍ය: යමක් සඳහා දෙන ලද ද, එය තබා අනෙකක් මිලදී ගන්වා නම් පියෝහි දුකුළා වෙයි. ප්‍රතිලාභයෙන් නිසැඟි වෙයි. සඟනට හෝ ගණයාහට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතු යි, මෙසේ ද මහණෙනි, නිසැජිය යුතු යි ... ආර්‍ය්‍යාවෙනි, අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වාගත් පුඟුල් සතු පිරිකරින් මා විසින් අනෙකක් මිලදී ගන්වන ලදී, මෙය නිසැඟි විය. මම මෙය සඟනට දෙමි යි ... දෙන්නේ යැ ... දෙන්නාහු යැ ... ආර්‍ය්‍යාවට දෙමි යි.