Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණිය යි.
Pali BJTකිස්මිඤ්චිදෙව අධිකරණෙති: අධිකරණං නාම චත්තාරි අධිකරණානි: විවාදාධිකරණං අනුවාදාධිකරණං ආපත්තාධිකරණං කිච්චාධිකරණං.
Sinhala BJTකිස්මිඤ්චිදේව අධිකරණෙ: අධිකරණ නම් විවාදාධිකරණ යැ අනුවාදාධිකරණ යැ ආපත්තාධිකරණ යැ කිච්චාධිකරණයැ යි සතර අධිකරණයෙකි.
Pali BJTපච්චාකතා නාම: පරාජිතා වුච්චති.
Sinhala BJTපච්චාකතා නම්: පැරැදගියා කියනු ලැබේ.
Pali BJTකුපිතා අනත්තමනාති: අනභිරද්ධා ආහතචිත්තා ඛිලජාතා.
Sinhala BJTකුපිතා අනත්තමනා: නො ඇලුණී හැපුණු සිත් ඇත්තී හටගත් (පිළිසූ) හුල්ඇත්තී,
Pali BJTඑවං වදෙය්යාති: ඡන්දගාමිනියො ච භික්ඛුනියො දොසගාමිනියො ච භික්ඛුනියො මොහගාමිනියො ච භික්ඛුනියො භයගාමිනියො ච භික්ඛුනියොති.
Sinhala BJTඑවං වදෙය්‍ය: භික්‍ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ, භික්‍ෂුණීහු ද්වේෂයෙනුදු අගතියට ගියාහු යැ, භික්‍ෂුණීහු මෝහයෙනුදු අගතියට ගියාහු යැ, භික්‍ෂුණීහු භයෙනුදු අගතියට ගියාහු යැ යි.
Pali BJTසා භික්ඛුනීති: යා සා එවං වාදිනී භික්ඛුනී.
Sinhala BJTසා භික්ඛුනී: යමක් මෙසේ කියනු සුළු නම් ඒ මෙහෙණ යැ.
Pali BJTභික්ඛුනීහීති: අඤ්ඤාහි භික්ඛුනීහි. යා පස්සන්ති යා සුණන්ති තාහි වත්තබ්බා, “මාය්යෙ කිස්මිඤ්චිදෙව අධිකරණෙ පච්චාකතා කුපිතා අනත්තමනා එවං අවච, ඡන්දගාමිනියො ච භික්ඛුනියො -පෙ- භයගාමිනියො ච භික්ඛුනියො”ති. අය්යා ඛො ඡන්දාපි ගච්ඡෙය්ය දොසාපි ගච්ඡෙය්ය මොහාපි ගච්ඡෙය්ය භයාපි ගච්ඡෙය්යාති: දුතියම්පි වත්තබ්බා -පෙ- තතියම්පි වත්තබ්බා -පෙ- සචෙ පටිනිස්සජ්ජති ඉච්චෙතං කුසලං. නො චෙ පටිනිස්සජ්ජති ආපත්ති දුක්කටස්ස. සුත්වා න වදන්ති ආපත්ති දුක්කටස්ස. සා භික්ඛුනී සඞ්ඝමජ්ඣම්පි ආකඩ්ඪිත්වා වත්තබ්බා, “මාය්යෙ කිස්මිඤ්චිදෙව අධිකරණෙ පච්චාකතා කුපිතා අනත්තමනා එවං අවච, ඡන්දගාමිනියො ච භික්ඛුනියො -පෙ- භයගාමිනියො ච භික්ඛුනියො”ති. අය්යා ඛො ඡන්දාපි ගච්ඡෙය්ය -පෙ- භයාපි ගච්ඡෙය්යාති. දුතියම්පි වත්තබ්බා -පෙ- තතියම්පි වත්තබ්බා -පෙ- සචෙ පටිනිස්සජ්ජති ඉච්චෙතං කුසලං: නො චෙ පටිනිස්සජ්ජති ආපත්ති දුක්කටස්ස. සා භික්ඛුනී සමනුභාසිතබ්බා. එවඤ්ච පන භික්ඛවෙ සමනුභාසිතබ්බා. ව්යත්තාය භික්ඛුනියා පටිබලාය සඞ්ඝො ඤාපෙතබ්බො.
Sinhala BJTභික්‍ඛුනීහි: අන් මෙහෙණන් විසින්; යම් කෙනෙක් දකිත් නම් යම් කෙනෙක් අසත් නම් ඔවුන් විසින් “ආර්‍ය්‍යාවෙනි, කිසියම් අධිකරණයෙක්හි පැරැදගියා කිපියා නො සියමන් වූවා භික්‍ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ … භික්‍ෂුණීහු භයෙනුදු අගතියට ගියාහු යැ යි මෙසේ නහමක් කියන්නැ, ආර්‍ය්‍යාව වනාහි ඡන්‍දයෙනුදු අගතියට යන්නී යැ, ද්වේෂයෙනුදු අගතියට යන්නී යැ, මෝහයෙනුදු අගතියට යන්නී යැ, භයෙනුදු අගතියට යන්නී යැ” යි කිය යුත්තී යැ. දෙවනවට දු කියයුත්තී යැ ... තෙවනවට දු කියයුත්තී ය ... ඉදින් දුරැලා නම් මෙසේ තෙල දුරැලීම මැනැවි, ඉදින් නො දුරැලා නම් දුකුළා ඇවැත් වෙයි, අසා නො කියත් නම් දුකුළා ඇවැත් වෙයි. එ මෙහෙණ සඟමැදට දු ඇද කියයුත්තී යැ, “ආර්‍ය්‍යාවෙනි, කිසියම් අධිකරණයෙක්හි පැරැදගියා කිපියා නො සියමන් වූවා භික්‍ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ … භික්‍ෂුණීහු භයෙනුදු අගතියට ගියාහු යැ යි මෙසේ නහමක් කියන්නැ, ආර්‍ය්‍යාව වනාහි ඡන්‍දයෙනුදු අගතියට යන්නී යැ, ... භයෙනුදු අගතියට යන්නීයැ” යි. දෙවනවට දු කියයුත්තී යැ ... තෙවනවට දු කියයුත්තී යැ ... ඉදින් දුරැලා නම් මෙසේ තෙල දුරැලීම මැනැවි. ඉදින් නො දුරැලා නම් දුකුළා ඇවැත් වෙයි. එ මෙහෙණ සමනුභාෂණ කර්‍ම කළයුත්තී යැ, මෙසේ ද මහණෙනි; සමනුභාෂණ කර්‍ම කළයුත්තී යැ, ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්‍ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
Pali BJT“සුණාතු මෙ අය්යෙ සඞ්ඝො අයං ඉත්ථන්නාමා භික්ඛුනී කිස්මිඤ්චිදෙව අධිකරණෙ පච්චාකතා කුපිතා අනත්තමනා එවං වදෙති ඡන්දගාමිනියො ච භික්ඛුනියො -පෙ- භයගාමිනියො ච භික්ඛුනියොති. සා තං වත්ථුං නප්පටිනිස්සජ්ජති යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුනිං සමනුභාසෙය්ය තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය එසා ඤත්ති.
Sinhala BJT“ආර්‍ය්‍යාවෙනි, සඞ්‍ඝ තෙමේ මවදන් අසාවා, මේ මෙනම් ඇති මෙහෙණ කිසියම් අධිකරණයෙක්හි පැරැදගියා කිපියා නො සියමන් වූවා භික්‍ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ … භික්‍ෂුණීහු භයෙනුදු අගතියට ගියාහු යැ යි මෙසේ කියයි. ඕ තොමෝ ඒ වස්තුව නො දුරැලයි, ඉදින් සඟනට පැමිණි කල් ඇත්තේ නම් සඞ්‍ඝ තෙමේ ඒ වස්තුව දුරැලීම පිණිස මෙනම් ඇති මෙහෙණට සමනුභාෂණ කර්‍ම කරන්නේ යැ, මේ ඥප්ති යි.
Pali BJTසුණාතු මෙ අය්යෙ සඞ්ඝො අයං ඉත්ථන්නාමා භික්ඛුනී කිස්මිඤ්චිදෙව අධිකරණෙ පච්චාකතා කුපිතා අනත්තමනා එවං වදෙති ඡන්දගාමිනියො ච භික්ඛුනියො -පෙ- භයගාමිනියො ච භික්ඛුනියොති සා තං වත්ථුං නප්පටිනිස්සජ්ජති සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුනිං සමනුභාසති තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය, යස්සා අය්යාය ඛමති ඉත්ථන්නාමාය භික්ඛුනියා සමනුභාසනා, තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය. සා තුණ්හස්ස යස්සා නක්ඛමති සා භාසෙය්ය දුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි -පෙ- සමනුභට්ඨා සඞ්ඝෙන ඉත්ථන්නාමා භික්ඛුනී තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමීති.
Sinhala BJTආර්‍ය්‍යාවෙනි, සඞ්‍ඝ තෙමේ මවදන් අසාවා, මේ මෙනම් ඇති මෙහෙණ කිසියම් අධිකරණයෙක්හි පැරැදගියා කිපියා නො සියමන් වූවා “භික්‍ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ … භික්‍ෂුණීහු භයෙනුදු අගතියට ගියාහු යැ” යි මෙසේ කියයි, ඕ තොමෝ ඒ වස්තුව නො දුරැලයි, සඞ්‍ඝ තෙමේ ඒ වස්තුව දුරැලීම පිණිස මෙනම් ඇති මෙහෙණහට සමනුභාෂණ කර්‍ම කරයි. ඒ වස්තුව දුරැලීම පිණිස මෙනම් ඇති මෙහෙණට සමනුභාෂණ කර්‍මය යම් ආර්‍ය්‍යාවකට රුස්නේ නම් ඕ තොමෝ නිහඬ වන්නී යැ, යමකට නො රුස්නේ නම් ඕ තොමෝ කියන්නී යැ, දෙවනවට දු තෙල කරුණ කියමි ... තෙවනවට දු තෙල කරුණ කියමි ... සඞ්‍ඝයා විසින් ඒ වස්තුව දුරැලීම පිණිස මෙනම් ඇති මෙහෙණ සමනුභාෂණ කර්‍ම කරන ලද්දී යැ, සඟනට රුස්නේ යැ, එහෙයින් නිහඬයහ. මෙසේ මෙය දරමි යි.
Pali BJTඤත්තියා දුක්කටං ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා. කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. සඞ්ඝාදිසෙසං අජ්ඣාපජ්ජන්තියා ඤත්තියා දුක්කටං ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා පටිප්පස්සම්භන්ති.
Sinhala BJTඥප්තියෙන් දුකුළා යැ, දෙකම් වදනින් තුලැසි යැ, කම්වදන් පිරියතැ සඟවෙසෙස් ඇවැත් වෙයි, සඟවෙසෙස් ඇවදියට ඥප්තියෙහි දුකුළා ද දෙකම්වදනෙහි තුලැසි ද සන්හිඳෙත්.
Pali BJTඅයම්පීති: පුරිමායො උපාදාය වුච්චති.
Sinhala BJTඅයම්පි: පළමු මෙහෙණන් ගෙනැ කියනු ලැබෙයි.
Pali BJTයාවතතියකන්ති: යාව තතියං සමනුභාසනාය ආපජ්ජති න සහවත්ථජ්ඣාචාරා.
Sinhala BJTයාවත්‍තියකං: තුන් යළ තෙක් සමනුභාෂණයෙන් පැමිණෙයි, වස්තුව්‍යතික්‍රමණය සමඟ මැ නො වේ.
Pali BJTනිස්සාරණීයන්ති: සඞ්ඝම්හා නිස්සාරීයති.
Sinhala BJTනිස්සාරණීයං: ... සඟහු කෙරෙන් නෙරනු ලැබෙයි.
Pali BJTසඞ්ඝාදිසෙසොති: -පෙ- තෙනපි වුච්චති සඞ්ඝාදිසෙසොති.
Sinhala BJTසඞ්ඝාදිසේසො: ... එයිනුදු සඞ්ඝාදිසේස යැ යි කියනු ලැබේ.
Pali BJTධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා නප්පටිනිස්සජ්ජති ආපත්ති සඞ්ඝාදිසෙස්ස. ධම්මකම්මෙ වෙමතිකා නප්පටිනිස්සජ්ජති ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා නප්පටිනිස්සජ්ජති ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJTධර්‍ම කර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇත්තී නො දුරැලා නම් සඟවෙසෙස් ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි විමති ඇත්තී නො දුරැලා නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇත්තී නො දුරැලා නම් සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTඅධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇත්තී නම් දුකුළා ඇවැත් වෙයි, අධර්‍මකර්‍මයෙහි විමති ඇත්තී නම් දුකුළා ඇවැත් වෙයි, අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇත්තී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසමනුභාසන්තියා, පටිනිස්සජ්ජන්තියා, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති .
Sinhala BJTසමනුභාෂණකර්‍ම නො කරන්නියට, දුරැලන්නියට, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTඅට්ඨමසඞ්ඝාදිසෙසො.
Sinhala BJTඅෂ්ටම සඞ්ඝාදිශේෂ යි.
Pali BJT2. 9.
Sinhala BJT2. 9.
Pali BJTනවමසඞ්ඝාදිසෙසො
Sinhala BJTනවම සඞ්ඝාදිශේෂය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දාය භික්ඛුනියා අන්තෙවාසිකා භික්ඛුනියො සංසට්ඨා විහරන්ති පාපාචාරා පාපසද්දා පාපසිලොකා භික්ඛුනිසඞ්ඝස්ස විහෙසිකා අඤ්ඤමඤ්ඤිස්සා වජ්ජප්පටිච්ඡාදිකා.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණියගේ ඇතැවැසි භික්‍ෂුණීහු (ගෘහකාර්‍ය්‍යාදීන්හි) මුසුවූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස් ඇතියාහු ලමු දිවෙල් ඇතියාහු මෙහෙණසඟනට වෙහෙසන්නාහු අනන්මනන් වරද වසාලන්නාහු වෙසෙති.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො සංසට්ඨා විහරිස්සන්ති. පාපාචාරා පාපසද්දා පාපසිලොකා භික්ඛුනිසඞ්ඝස්ස විහෙසිකා අඤ්ඤමඤ්ඤිස්සා වජ්ජපටිච්ඡාදිකා”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනියො සංසට්ඨා විහරන්ති පාපාචාරා පාපසද්දා පාපසිලොකා භික්ඛුනිසඞ්ඝස්ස විහෙසිකා අඤ්ඤමඤ්ඤිස්සා වජ්ජපටිච්ඡාදිකාති. සච්චං භගවා, විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනියො සංසට්ඨා විහරිස්සන්ති පාපාචාරා පාපසද්දා පාපසිලොකා භික්ඛුනිසඞ්ඝස්ස විහෙසිකා අඤ්ඤමඤ්ඤිස්සා වජ්ජපටිච්ඡාදිකාති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් භික්‍ෂුණීහු මුසු වූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස් ඇතියාහු ලමු දිවෙල් ඇතියාහු මෙහෙණ සඟනට වෙහෙසන්නාහු අනන්මනන් වරද වසාලන්නාහු වුසූහුදැ” යි ... සැබෑ ද මහණෙනි, භික්‍ෂුණීහු මුසු වූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස් ඇතියාහු ලමු දිවෙල් ඇතියාහු මෙහෙණ සඟනට වෙහෙසන්නාහු අනන්මනන් වරද වසාලන්නාහු වෙසෙද්ද? සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, භික්‍ෂුණීහු මුසුවූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතු ගොස් ඇතියාහු ලමු දිවෙල් ඇතියාහු මෙහෙණ සඟනට වෙහෙසන්නාහු අනන්මනන් වරද වසාලන්නාහු වුසූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණහු මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“භික්ඛුනියො පනෙව සංසට්ඨා විහරන්ති පාපාචාරා පාපසද්දා පාපසිලොකා භික්ඛුනිසඞ්ඝස්ස විහෙසිකා අඤ්ඤමඤ්ඤිස්සා වජ්ජපටිච්ඡාදිකා, තා භික්ඛුනියො භික්ඛුනීහි එවමස්සු වචනීයා, භගිනියො ඛො සංසට්ඨා විහරන්ති පාපාචාරා පාපසද්දා පාපසිලොකා භික්ඛුනි සඞ්ඝස්ස විහෙසිකා අඤ්ඤමඤ්ඤිස්සා වජ්ජපටිච්ඡාදිකා විවිච්චථය්යෙ විවෙකඤ්ඤෙව භගිනීනං සඞ්ඝො වණ්ණෙතීති. එවඤ්ච තා භික්ඛුනියො භික්ඛුනීහි වුච්චමානා තථෙව පග්ගණ්හෙය්යුං, තා භික්ඛුනියො භික්ඛුනීහි යාවතතියං සමනුභාසිතබ්බා තස්ස පටිනිස්සග්ගාය, යාව තතියඤ්චෙ සමනුභාසියමානා තං පටිනිස්සජ්ජෙය්යුං ඉච්චෙතං කුසලං නො චෙ පටිනිස්සජ්ජෙය්යුං ඉමාපි භික්ඛුනියො යාවතතියකං ධම්මං ආපන්නා නිස්සාරණීයං සඞ්ඝාදිසෙස”න්ති.
Sinhala BJT“භික්‍ෂුණීහු (මිථ්‍යාජීව ඇතැයි) අකීර්ති ශබ්ද මුසු වූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස් ඇතියාහු (නොනිසි, කායවචී කර්‍මයන්) ඇතියාහු මෙහෙණසඟනට වෙහෙසන්නාහු අනන් මනන් වරද වසාලන්නාහු වෙසෙත් නම් ඒ භික්‍ෂුණීන්ට (අන්) මෙහෙණන් විසින් මෙසේ කියයුතු යැ. “බුහුනෝ මැ මුසු වූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස් ඇතියාහු ලමු දිවෙල් ඇතියාහු මෙහෙණ සඟනට වෙහෙසන්නාහු වෙසෙති. ආර්‍ය්‍යාවෙනි, (මුසුවීමෙන්) වෙන් වවු. බුහුනන්ගේ විවේකය මැ සඞ්‍ඝ තෙමේ වර්‍ණනා කෙරේ යැ යි. මෙසේත් ඒ භික්‍ෂුණීහු (අන්) මෙහෙණන් විසින් කියනු ලබන්නාහු එසේ මැ දැඩි වැ ගත්තාහු නම් ඒ භික්‍ෂුණීන්ට මෙහෙණන් විසින් එය දුරැලීම පිණිස තුන් යළ තෙක් සමනුභාෂණ කර්‍ම කළයුතු යැ. ඉදින් තුන් යළ තෙක් සමනුභාෂණකර්‍ම කරනු ලබන්නාහු එය දුරැලන්නාහු නම් මෙසේ තෙල දුරැලීම මැනැවි. ඉදින් නො දුරැලන්නාහු නම් මේ මෙහෙණන් තුන් යළ අවසන්හි පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟවෙසෙස් ඇවැතට පැමිණියාහු වෙති” යි.
Pali BJT3. භික්ඛුනියො පනෙවාති: උපසම්පන්නායො වුච්චන්ති.
Sinhala BJT3. භිකඛුනියො පනෙච: උපසපන්හු යැ යි කියනු ලැබෙති,
Pali BJTසංසට්ඨා විහරන්තීති, සංසට්ඨා නාම: අනනුලොමිකෙන කායිකවාචසිකෙන සංසට්ඨා විහරන්ති.
Sinhala BJTසංසට්ඨා විහරන්ති: සංසට්ඨා නම්: පැවිදියනට අනුලොම් නො වන කාවිසිබුහුටිකමින් මුසු වූවාහු වෙසෙත්.
Pali BJTපාපාචාරාති: පාපකෙන ආචාරෙන සමන්නාගතා.
Sinhala BJTපාපාචාරා: ලාමක ආචාරයෙන් සමන්‍වාගත වූවාහු.
Pali BJTපාපසද්දාති: පාපකෙන කිත්තිසද්දෙන අබ්භුග්ගතා.
Sinhala BJTපාපසද්දා: ලාමක කිර්තිශබ්දයෙන් උස්වැ පැනනැංගාහු.
Pali BJTපාපසිලොකාති: පාපකෙන මිච්ඡාජීවෙන ජීවිකං{1} කප්පෙන්ති.
Sinhala BJTපාපසිලෝකා: ලාමක මිථ්‍යාජීවයෙන් දිවි වටති.
Pali BJTභික්ඛුනිසඞ්ඝස්ස විහෙසිකාති: අඤ්ඤමඤ්ඤිස්සා කම්මෙ කයිරමානෙ පටික්කොසන්ති.
Sinhala BJTභිකඛුනීසඞ්ඝසස්ස විහෙසිකා: අනන්මනන් කර්‍ම කරන කල්හි ප්‍රතික්‍ෂේප කෙරෙති,
Pali BJTඅඤ්ඤමඤ්ඤිස්සා වජ්ජප්පටිච්ඡාදිකාති: අඤ්ඤමඤ්ඤිස්සා{2} වජ්ජං පටිච්ඡාදෙන්ති.
Sinhala BJTඅඤ්ඤමඤ්ඤිස්‍සා වජ්ජපටිච්ඡාදිකා: අනන් මනන් වරද වසාලත්,
Pali BJT4. තා භික්ඛුනියොති: යා තා සංසට්ඨා භික්ඛුනියො.
Sinhala BJT4. තා භිකඛුනියො: මුසුවූ යම් ඒ මෙහෙණ කෙනෙක්.
Pali BJTභික්ඛුනීහීති: අඤ්ඤාහි භික්ඛුනීහි. යා පස්සන්ති යා සුණන්ති තාහි වත්තබ්බා, භගිනියො ඛො සංසට්ඨා විහරන්ති පාපාචාරා පාපසද්දා පාපසිලොකා භික්ඛුනිසඞ්ඝස්ස විහෙසිකා අඤ්ඤමඤ්ඤිස්සා වජ්ජපටිච්ඡාදිකා. විවිච්චථය්යෙ විවෙකඤ්ඤෙව භගිනීනං සඞ්ඝො වණ්ණෙතීති. දුතියම්පි වත්තබ්බා - තතියම්පි වත්තබ්බා - සචෙ පටිනිස්සජ්ජන්ති ඉච්චෙතං කුසලං, නො චෙ පටිනිස්සජ්ජන්ති ආපත්ති දුක්කටස්ස. සුත්වා න වදන්ති ආපත්ති දුක්කටස්ස. තා භික්ඛුනියො සඞ්ඝමජ්ඣම්පි ආකඩ්ඪිත්වා වත්තබ්බා, භගිනියො ඛො සංසට්ඨා විහරන්ති පාපාචාරා පාපසද්දා පාපසිලොකා භික්ඛුනිසඞ්ඝස්ස විහෙසිකා අඤ්ඤමඤ්ඤිස්සා වජ්ජපටිච්ඡාදිකා විවිච්චථය්යෙ. විවෙකඤ්ඤෙව භගිනීනං සඞ්ඝො වණ්ණෙතීති. දුතියම්පි වත්තබ්බා- තතියම්පි වත්තබ්බා- සචෙ පටිනිස්සජ්ජන්ති ඉච්චෙතං කුසලං නො චෙ පටිනිස්සජ්ජන්ති ආපත්ති දුක්කටස්ස. තා භික්ඛුනියො සමනුභාසිතබ්බා, එවඤ්ච පන භික්ඛවෙ සමනුභාසිතබ්බා ව්යත්තාය භික්ඛුනියා පටිබලාය සඞ්ඝො ඤාපෙතබ්බො.
Sinhala BJTභික්‍ඛුනීහි: අන් මෙහෙණන් විසින් යම් කෙනෙක් දකිත් නම් යම් කෙනෙක් අසත් නම් ඔවුන් විසින් කියයුත්තාහු යැ, “බුහුනෝ මැ මුසු වූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස ඇතියාහු ලමු දිවෙල් ඇතියාහු මෙහෙණ සඟනට වෙහෙසන්නාහු අනන් මනන් වරද වසාලන්නාහු වෙසෙති, ආර්‍ය්‍යාවෙනි, (මුසු වීමෙන්) වෙන් වවු, බුහුනන්ගේ විවේකය මැ සඞ්‍ඝ තෙමේ වර්‍ණනා කෙරේ යැ” යි, දෙවන වට දු කියයුත්තාහු යැ ... තෙවනවට දු කියයුත්තාහු යැ ... ඉදින් දුරැලත් නම් මෙසේ තෙල දුරැලීම මැනැවි, ඉදින් නො දුරැලත් නම් දුකුළා ඇවැත් වෙයි, අසා නො කියත් නම් දුකුළා ඇවැත් වෙයි. ඒ භික්‍ෂුණීහු සඟමැදට දු ඇද කියයුත්තාහු යැ. “බුහුනෝ මැ මුසු වූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස ඇතියාහු ලමු දිවෙල් ඇතියාහු මෙහෙණ සඟනට වෙහෙසන්නාහු අනන්මනන් වරද වසාලන්නාහු වෙසෙති, ආර්‍ය්‍යාවෙනි, (මුසු වීමෙන්) වෙන් වවු. බුහුනන්ගේ විවේකය මැ සඞ්‍ඝ තෙමේ වර්‍ණනා කෙරේ යැ” යි, දෙවනවට දු කියයුත්තාහු යැ ... තෙවනවට දු කියයුත්තාහු යැ, ... ඉදින් දුරැලත් නම් මෙසේ තෙල දුරැලීම මැනැවි, ඉදින් නො දුරැලත් නම් දුකුළා ඇවැත් වෙයි. ඒ භික්‍ෂුණීහු සමනුභාෂණකර්‍ම කළයුත්තාහු යැ, මෙසේ ද මහණෙනි, සමනුභාෂණකර්‍ම කළයුත්තාහු යැ, ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්‍ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
Pali BJT5. සුණාතු මෙ අය්යෙ සඞ්ඝො ඉත්ථන්නාමා ච ඉත්ථන්නාමා ච භික්ඛුනියො සංසට්ඨා විහරන්ති පාපාචාරා පාපසද්දා පාපසිලොකා භික්ඛුනිසඞ්ඝස්ස විහෙසිකා අඤ්ඤමඤ්ඤිස්සා වජ්ජප්පටිච්ඡාදිකා තා තං වත්ථුං නප්පටිනිස්සජ්ජන්ති යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමඤ්ච ඉත්ථන්නාමඤ්ච භික්ඛුනියො සමනුභාසෙය්ය තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය එසා ඤත්ති.
Sinhala BJT5. ආර්‍ය්‍යාවෙනි, සඞ්‍ඝ තෙමේ මවදන් අසාවා. මෙ නම් ඇති ද මෙ නම් ඇති ද භික්‍ෂුණීහු මුසු වූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස ඇතියාහු ලමු දිවෙල් ඇතියාහු මෙහෙණි සඟනට වෙහෙසන්නාහු අනන්මනන් වරද වසාලන්නාහු වෙසෙති. ඔව්හු ඒ වස්තුව නො දුරැලති. ඉදින් සඟනට පැමිණිකල් ඇත්තේ නම් සඞ්‍ඝ තෙමේ ඒ වස්තුව දුරැලීම පිණිස මෙ නම් ඇති ද මෙ නම් ඇති ද මෙහෙණන්ට සමනුභාෂණකර්‍ම කරන්නේ යැ, මේ ඥප්ති යැ.
Pali BJT6. සුණාතු මෙ අය්යෙ සඞ්ඝො ඉත්ථන්නාමා ච ඉත්ථන්නාමා ච භික්ඛුනියො සංසට්ඨා විහරන්ති පාපාචාරා පාපසද්දා පාපසිලොකං භික්ඛුනිසඞ්ඝස්ස විහෙසිකා අඤ්ඤමඤ්ඤිස්සා වජ්ජපටිච්ඡාදිකා, තා තං වත්ථුං නප්පටිනිස්සජ්ජන්ති සඞ්ඝො ඉත්ථන්නාමඤ්ච ඉත්ථන්නාමඤ්ච භික්ඛුනියො සමනුභාසති තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය, යස්සා අය්යාය ඛමති ඉත්ථන්නාමාය ච ඉත්ථන්නාමාය ච භික්ඛුනීනං සමනුභාසනා තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය. සා තුණ්හස්ස, යස්සා නක්ඛමති සා භාසෙය්ය, දුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි -පෙ- සමනුභට්ඨා සඞ්ඝෙන ඉත්ථන්නාමා ච ඉත්ථන්නාමා ච භික්ඛුනියො තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමීති.
Sinhala BJT6. ආර්‍ය්‍යාවෙනි, සඞ්‍ඝ තෙමේ මවදන් අසාවා, මෙ නම් ඇති ද මෙ නම් ඇති ද භික්‍ෂුණීහු මුසු වූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස ඇතියාහු ලමු දිවෙල් ඇතියාහු මෙහෙණ සඟනට වෙහෙසන්නාහු අනන්මනන් වරද වසාලන්නාහු වෙසෙති. එවුහු ඒ වස්තුව නො දුරැලති. සඞ්‍ඝ තෙමේ ඒ වස්තුව දුරැලීම පිණිස මෙ නම් ඇති ද මෙ නම් ඇති ද මෙහෙණන්ට සමනුභාෂණකර්‍ම කෙරෙයි. ඒ වස්තුව දුරැලීම පිණිස මෙ නම් ඇති ද මෙ නම් ඇති ද මෙහෙණන්ට සමනුභාෂණකර්‍මය යම් ආර්‍ය්‍යාවකට රුස්නේ නම් ඕ තොමෝ නිහඬ වන්නී ය. යමකට නො රුස්නේ නම් ඕ තොමෝ කියන්නී යැ, දෙවනවට දු තෙල කරුණ කියමි ... තෙවනවට දු තෙල කරුණ කියමි ... සඞ්‍ඝයා විසින් ඒ වස්තුව දුරැලීම පිණිස මෙ නම් ඇති ද මෙ නම් ඇති ද භික්‍ෂුණීහු සමනුභාෂණ කර්‍ම කරන ලදහු යැ. සඟනට රුස්නේ යැ. එහෙයින් නිහඬයහ. මෙසේ මෙය දරමි යි.
Pali BJT7. ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා. කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. සඞ්ඝාදිසෙසං අජ්ඣාපජ්ජන්තීනං ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා පටිප්පස්සම්භන්ති, ද්වෙ තිස්සො එකතො සමනුභාසිතබ්බා. තතුත්තරිං න සමනුභාසිතබ්බා.
Sinhala BJT7. ඥප්තියෙන් දුකුළා යැ, දෙකම්වදනින් තුලැසි යැ, කම්වදන් පිරියතැ සඟවෙසෙස් ඇවැත් වෙයි. සඟවෙසෙස් අවනියට ඥප්තියෙහි දුකුළා ද දෙකම්වදනෙහි තුලැසි ද සන්සිඳෙයි. දෙතුන් දෙනෙක් එකට සමනුභාෂණකර්‍මකළ යුත්තාහු යැ, ඉන් මත්තෙහි සමනුභාෂණකර්‍ම නො කළ යුත්තාහු යි.
Pali BJT8. ඉමාපි භික්ඛුනියොති: පුරිමායො උපාදාය වුච්චන්ති.
Sinhala BJT8. ඉමාපි භිකඛුනියො: පළමු මෙහෙණන් ගෙනැ කියනු ලැබෙති.
Pali BJTයාවතතියකන්ති: යාවතතියං සමනුභාසනාය ආපජ්ජන්ති, න සහවත්ථජ්ඣාචාරා.
Sinhala BJTයාවත්‍තියකං: තුන් යළ තෙක් සමනුභාෂණයෙන් පැමිණෙති. වස්තු ව්‍යතික්‍රමණය සමඟ මැ නො වෙත්.
Pali BJTනිස්සාරණීයන්ති: සඞ්ඝම්හා නිස්සාරීයති.
Sinhala BJTනිස්සාරණීයං: සඟහු කෙරෙන් නෙරනු ලබයි.
Pali BJTසඞ්ඝාදිසෙසොති: -පෙ- තෙනපි වුච්චති සඞ්ඝාදිසෙසොති.
Sinhala BJTසඞ්ඝාදිසේසො: ... එයිනුදු සඞ්ඝාදිසේස යැ යි කියනු ලැබේ.
Pali BJTධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා නප්පටිනිස්සජ්ජන්ති ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ධම්මකම්මෙ වෙමතිකා නප්පටිනිස්සජ්ජන්ති ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා නප්පටිනිස්සජ්ජන්ති ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJTධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියාහු නො දුරැලත් නම් සඟ වෙසෙස් ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි විමති ඇතියාහු නො දුරැලත් නම් සඟවෙසෙස් ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියාහු නො දුරැලත් නම් සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTඅධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියාහු නම් දුකුළා ඇවැත් වෙයි, අධර්‍මකර්‍මයෙහි විමති ඇතියාහු නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියාහු නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසමනුභාසන්තීනං පටිනිස්සජ්ජන්තීනං උම්මත්තිකානං ඛිත්තචිත්තානං, වෙදනට්ඨානං, ආදිකම්මිකානන්ති.
Sinhala BJTසමනුභාෂණකර්‍ම නො කරන්නියට, දුරැලන්නියට, උම්මත්තිකාවට, ක්‍ෂිප්තචින්‍තාවට වේදනාර්‍තාවට අදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTනවමසඞ්ඝාදිසෙසො
Sinhala BJTනවම සඞ්ඝාදිශේෂ යි.
Pali BJT2. 10.
Sinhala BJT2. 10.
Pali BJTදසම සඞ්ඝාදිසෙසො
Sinhala BJTදශම සඞ්ඝාදිශේෂය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දා භික්ඛුනී සඞ්ඝෙන{1} සමනුභට්ඨා භික්ඛුනියො එවං වදෙති, සංසට්ඨාව අය්යෙ තුම්හෙ විහරථ මා තුම්හෙ නානා විහරිත්ථ සන්ති සඞ්ඝෙ අඤ්ඤාපි භික්ඛුනියො එවාචාරා එවංසද්දා එවංසිලොකා භික්ඛුනිසඞ්ඝස්ස විහෙසිකා අඤ්ඤමඤ්ඤිස්සා වජ්ජපටිච්ඡාදිකා තා සඞ්ඝො න කිඤ්චි ආහ. තුම්හඤ්ඤෙව{2} සඞ්ඝො උඤ්ඤාය පරිභවෙන අක්ඛන්තියා වෙභස්සා{3} දුබ්බල්යා එවමාහ. භගිනියො ඛො සංසට්ඨා විහරන්ති පාපාචාරා පාපසද්දා පාපසිලොකා භික්ඛුනිසඞ්ඝස්ස විහෙසිකා අඤ්ඤමඤ්ඤිස්සා වජ්ජපටිච්ඡාදිකා විවිච්චථය්යෙ. විවෙකඤ්ඤෙව භගිනීනං සඞ්ඝො වණ්ණෙතීති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සඞ්‍ඝයා විසින් සමනුභාෂණකර්‍ම කරන ලද මෙහෙණන්හට මෙසේ කියයි. “ආර්‍ය්‍යාවෙනි, තෙපි මුසු වූවාහු මැ වාසය කරවු. තෙපි වෙන් වැ නහමක් වාසය කරවු. මෙබඳු පැවැතුම් ඇති මෙබඳු කිතුගොස් ඇති මෙබඳු දිවෙල් ඇති මෙහෙණසඟනට වෙහෙසන්නා වූ අනන්මනන් වරද වසාලන්නාවූ අන්‍ය භික්‍ෂුණීහු ද සඞ්‍ඝයා කෙරෙහි වෙති. සඞ්‍ඝ තෙමේ ඔවුනට කිසිවක් නො කියයි. සඞ්‍ඝ තෙමේ තොපට මැ හෙලා දැකීමෙන් ද අවමන් කිරීමෙන් ද නො ඉවසීමෙන් ද කටමැත දෙඩීමෙන් ද (තොපගේ මැ) දුබල බැවින් ද මෙසේ කියයි. “බුහුනෝ මැ මුසු වූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස් ඇතියාහු ලමු දිවෙල් ඇතියාහු මෙහෙණසඟනට වෙහෙසන්නාහු අනන්මනන් වරද වසාලන්නාහු වෙති. ආර්‍ය්‍යාවෙනි, වෙන් වවු. බුහුනන්ගේ විවේකය මැ සඞ්‍ඝ තෙමේ වර්‍ණනා කෙරේ” යැ යි.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා ථුල්ලනන්දා සඞ්ඝෙන සමනුභට්ඨා භික්ඛුනියො එවං වක්ඛති “සංසට්ඨාව අය්යෙ තුම්හෙ විහරථ, මා තුම්හෙ නානා විහරිත්ථ සන්ති සඞ්ඝෙ අඤ්ඤාපි භික්ඛුනියො එවාචාරා එවංසද්දා -පෙ- විවිච්චථය්යෙ විවෙකඤ්ඤෙව භගිනීනං සඞ්ඝො වණ්ණෙතී”ති. අථ ඛො තා භික්ඛුනියො භික්ඛූනං එතමත්ථං ආරොචෙසුං භික්ඛු උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ථුල්ලනන්දා භික්ඛුනී සඞ්ඝෙන සමනුභට්ඨා භික්ඛුනියො එවං වක්ඛති සංසට්ඨාව අය්යෙ තුම්හෙ විහරථ මා තුම්හෙ නානා විහරිත්ථ සන්ති සඞ්ඝෙ අඤ්ඤාපි භික්ඛුනියො එවාචාරා එවංසද්දා -පෙ- විවිච්චථය්යෙ විවෙකඤ්ඤෙව භගිනීනං සඞ්ඝො වණ්ණෙතී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍ය ථුල්ලනන්‍දා තොමෝ සඞ්‍ඝයා විසින් සමනුභාෂණකර්‍ම කරන ලද මෙහෙණන්ට “ආර්‍ය්‍යාවෙනි, තෙපි මුසු වූවාහු මැ වාසය කරවු. තෙපි වෙන් වැ නහමක් වාසය කරවු. මෙබඳු පැවැතුම් ඇති මෙබඳු කිතුගොස් ඇති ... අන්‍ය භික්‍ෂුණීහු ද සඞ්‍ඝයා කෙරෙහි වෙති, ආර්‍ය්‍යාවෙනි, වෙන් වවු, බුහුනන්ගේ විවේකය මැ සඞ්‍ඝ තෙමේ වර්‍ණනා කෙරේ යැ යි මෙසේ කිවුදැ”යි. එකල්හි ඒ භික්‍ෂුණීහු මහණුන්ට තෙල කරුණ ඇරොජූහු. භික්‍ෂූහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සඞ්‍ඝයා විසින් සමනුභාෂණකර්‍ම කරන ලද මෙහෙණන්ට ආර්‍ය්‍යාවෙනි, තෙපි මුසු වූවාහු මැ වාසය කරවු. තෙපි වෙන් වැ නහමක් වාසය කරවු, මෙබඳු පැවැතුම් ඇති මෙබඳු කිතුගොස් ඇති ... අන්‍ය භික්‍ෂුණීහු ද සඞ්‍ඝයා කෙරෙහි වෙති, ආර්‍ය්‍යාවෙනි, වෙන් වවු, බුහුනන්ගේ විවේකය මැ සඞ්‍ඝ තෙමේ වර්‍ණනා කෙරේ යැ යි මෙසේ කිවු” ද? එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්ට තෙල කරුණ ඇරොජූහු.
Pali BJT3. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූ පටිපුච්ඡි, සච්චං කිර භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුණී සඞ්ඝෙන සමනුභට්ඨා භික්ඛුනියො එවං වදෙති “සංසට්ඨාව අය්යෙ තුම්හෙ විහරථ මා තුම්හෙ නානා විහරිත්ථ සත්ති සඞ්ඝෙ අඤ්ඤාපි භික්ඛුනියො එවාචාරා එවංසද්දා -පෙ- විවිච්චථය්යෙ විවෙකඤ්ඤෙව භගිනීනං සඞ්ඝො වණ්ණෙතී”ති.
Sinhala BJT3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා භික්‍ෂුසඞ්‍ඝයා රැස්කරවා භික්‍ෂූන් පිළිවුසූ සේක. සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සඞ්‍ඝයා විසින් සමනුභාෂණකර්‍ම කරන ලද මෙහෙණන්ට “ආර්‍ය්‍යාවෙනි, තෙපි මුසු වූවාහු මැ වාසය කරවු. තෙපි වෙන් වැ නහමක් වාසය කරවු. මෙබඳු පැවැතුම් ඇති මෙබඳු කිතුගොස් ඇති ... අන්‍ය භික්‍ෂුණීහු ද සඞ්‍ඝයා කෙරෙහි වෙති, ආර්‍ය්‍යාවෙනි, වෙන් වවු: බුහුනන්ගේ විවේකය මැ සඞ්‍ඝ තෙමේ වර්‍ණනා කෙරේ” යැ යි මෙසේ කියා ද?
Pali BJTසච්චං භගවා, විගරහි බුද්ධො භගවා -පෙ- “කථං හි නාම භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී සඞ්ඝෙන සමනුභට්ඨා භික්ඛුනියො එවං වක්ඛති සංසට්ඨාව අය්යෙ තුම්හෙ විහරථ මා තුම්හෙ නානා විහරිත්ථ සන්ති සඞ්ඝෙ අඤ්ඤාපි භික්ඛුනියො එවාචාරා එවංසද්දා -පෙ- විවිච්චථය්යෙ විවෙකඤ්ඤෙව භගිනීනං සඞ්ඝො වණ්ණෙතී”ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJTසැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සඞ්‍ඝයා විසින් සමනුභාෂණකර්‍ම කරන ලද මෙහෙණන්ට “ආර්‍ය්‍යාවෙනි, තෙපි මුසුවූවාහු මැ වාසය කරවු. තෙපි වෙන් වැ නහමක් වාසය කරවු. මෙබඳු පැවැතුම් ඇති මෙබඳු කිතුගොස් ඇති ... අන්‍ය භික්‍ෂුණීහු ද සඞ්‍ඝයා කෙරෙහි වෙති. ආර්‍ය්‍යාවෙනි, වෙන් වවු බුහුනන්ගේ විවේකය මැ සඞ්‍ඝ තෙමේ වර්‍ණනා කෙරේ” යැ යි මෙසේ කිවු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJTයා පන භික්ඛුනී එවං වදෙය්ය “සංසට්ඨාව අය්යෙ තුම්හෙ විහරථ මා තුම්හෙ නානා විහරිත්ථ සන්ති සඞ්ඝෙ අඤ්ඤාපි භික්ඛුනියො එවාචාරා එවංසද්දා එවංසිලොකා භික්ඛුනිසඞ්ඝස්ස විහෙසිකා අඤ්ඤමඤ්ඤිස්සා වජ්ජප්පටිච්ඡාදිකා තා සඞ්ඝො න කිඤ්චි ආහ. තුම්හඤ්ඤෙව සඞ්ඝො උඤ්ඤාය පරිභවෙන අක්ඛන්තියා වෙභස්සා දුබ්බල්යා එවමාහ: භගිනියො ඛො සංසට්ඨා විහරන්ති පාපාචාරා පාපසද්දා පාපසිලොකා භික්ඛුනිසඞ්ඝස්ස විහෙසිකා අඤ්ඤමඤ්ඤිස්සා වජ්ජපටිච්ඡාදිකා, විවිච්චථය්යෙ. විවෙකඤ්ඤෙව භගිනීනං සඞ්ඝො වණ්ණෙතී”ති.
Sinhala BJTයම් මෙහෙණක් තොමෝ මෙසේ කියා නම් “ආර්‍ය්‍යාවෙනි, තෙපි මුසුවූවාහු මැ වාසය කරවු. තෙපි වෙන් වැ නහමක් වාසය කරවු, මෙබඳු ලමු පැවැතුම් ඇති මෙවැනි ලමු කිතුගොස ඇති මෙබඳු ලමු දිවෙල් ඇති මෙහෙණි සඟනට වෙහෙස කරන්නා වූ අනන්මන වරද වසාලන්නා වූ අන්‍ය භික්‍ෂුණීහු ද සඞ්‍ඝයා කෙරෙහි වෙති, සඞ්‍ඝ තෙමේ ඔවුනට කිසිවක් නො කිය යි. සඞ්‍ඝ තෙමේ තොපට මැ හෙළා දැකීමෙන් ද අවමන් කිරීමෙන් ද නො ඉවසීමෙන් ද කටමැත දෙඩීමෙන් (සිය බලය පාමින්) ද (තොපගේ මැ) දුබල බැවින් ද මෙසේ කියයි. “බුහුනෝ මැ මුසුවූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස් ඇතියාහු ලමු දිවෙල් ඇතියාහු මෙහෙණ සඟනට වෙහෙස කරන්නාහු අනන්මන වරද වසාලන්නාහු වෙසෙත්මැ යි. ආර්‍ය්‍යාවෙනි, වෙන්වවු. බුහුනන්ගේ විවේකය මැ සඞ්‍ඝ තෙමේ වර්‍ණනා කෙරේයැ යි.
Pali BJTසා භික්ඛුනී භික්ඛුනීහි එවමස්ස වචනීයා: “මාය්යෙ, එවං අවච සංසට්ඨාව අය්යෙ තුම්හෙ විහරථ, මා තුම්හෙ නානා විහරිත්ථ, සන්ති සඞ්ඝෙ අඤ්ඤාපි භික්ඛුනියො එවාචාරා එවංසද්දා එවංසිලොකා භික්ඛුනිසඞ්ඝස්ස විහෙසිකා අඤ්ඤමඤ්ඤිස්සා වජ්ජපටිච්ඡාදිකා තා සඞ්ඝො න කිඤ්චි ආහ, තුම්හඤ්ඤෙව සඞ්ඝො උඤ්ඤාය පරිභවෙන අක්ඛන්තියා වෙභස්සා දුබ්බල්යා එවමාහ. භගිනියො ඛො සංසට්ඨා විහරන්ති පාපාචාරා පාපසද්දා පාපසිලොකා භික්ඛුනිසඞ්ඝස්ස විහෙසිකා අඤ්ඤමඤ්ඤිස්සා වජ්ජපටිච්ඡාදිකා, විවිච්චථය්යෙ. විවෙකඤ්ඤෙව භගිනීනං සඞ්ඝො වණ්ණෙතී”ති, එවඤ්ච සා භික්ඛුනී භික්ඛුනීහි වුච්චමානා තථෙව පග්ගණ්හෙය්ය, සා භික්ඛුනී භික්ඛුනීහි යාවතතියං සමනුභාසිතබ්බා තස්ස පටිනිස්සග්ගාය. යාවතතියඤ්චෙ සමනුභාසියමානා තං පටිනිස්සජ්ජෙය්ය ඉච්චෙතං කුසලං, නො චෙ පටිනිස්සජ්ජෙය්ය අයම්පි භික්ඛුනී යාවතතියකං ධම්මං ආපන්නා නිස්සාරණීයං සඞ්ඝාදිසෙස’න්ති.
Sinhala BJTඒ මෙහෙණ (අන්) මෙහෙණන් විසින් මෙසේ කිවයුතු වන්නීයැ, “ආර්‍ය්‍යාවෙනි, මෙසේ නහමක් කියව, ආර්‍ය්‍යාවෙනි, තෙපි මුසුවූවාහු ම වාසය කරවු. තෙපි වෙන් වැ නහමක් වාසය කරවු. මෙබඳු ලමු පැවැතුම් ඇති මෙබඳු ලමු කිතුගොස් ඇති මෙබඳු ලමු දිවෙල් ඇති මෙහෙණසඟනට වෙහෙස කරන්නාවූ අනන්මන වරද වසාලන්නා වූ අන්‍ය භික්‍ෂුණීහු ද සඞ්‍ඝයා කෙරෙහි වෙති. සඞ්‍ඝ තෙමේ ඔවුනට කිසිවක් නො කියයි. සඞ්‍ඝ තෙමේ තොපට මැ හෙළා දැකීමෙන් ද අවමන් කිරීමෙන් ද නො ඉවසීමෙන් ද කටමැත දෙඩීමෙන් ද (තොපගේ මැ) දුබල බැවින් ද මෙසේ කියයි. බුහුනෝ මැ මුසුවූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස් ඇතියාහු ලමු දිවෙල් ඇතියාහු මෙහෙණ සඟනට වෙහෙස කරන්නාහු අනන්මන වරද වසාලන්නාහු වෙසෙත් මැ යි. ආර්‍ය්‍යාවෙනි, වෙන් වවු. බුහුනන්ගේ මැ විවේකය සඞ්‍ඝ තෙමේ වර්‍ණනා කෙරේ යැ යි. මෙසේත් (අන්) මෙහෙණන් විසින් කියනු ලබන්නා වූ ඒ මෙහෙණ එසේ මැ දැඩි වැ ගන්නී නම් (අන්) මෙහෙණන් විසින් ඒ මෙහෙණ තුන් යළ තෙක් ඒ වස්තුව දුරැලීම පිණිස සමනුභාෂණකර්‍ම කළයුත්තී යැ. ඉදින් තුන් යළ තෙක් සමනුභාෂණකර්‍ම කරනු ලබන්නී එය දුරැ ලා නම් මෙසේ තෙල දුරැලීම මැනැවි. ඉදින් නො දුරැලා නම් මෙහෙණ තොමෝ තුන් යළ අවසන්හි පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟ වෙසෙස් ඇවැතට පැමිණියා වේ යැයි.
Pali BJT4. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT4. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස්කරන ලද භික්‍ෂුණිය යි.
Pali BJTඑවං වදෙය්ය: සංසට්ඨාව අය්යෙ තුම්හෙ විහරථ මා තුම්හෙ නානා විහරිත්ථ සන්ති සඞ්ඝෙ අඤ්ඤාපි භික්ඛුනියො එවාචාරා එවංසද්දා එවංසිලොකා, භික්ඛුනිසඞ්ඝස්ස විහෙසිකා අඤ්ඤමඤ්ඤිස්සා වජ්ජප්පටිච්ඡාදිකා, තා සඞ්ඝො න කිඤ්චි ආහ තුම්හඤ්ඤෙව සඞ්ඝො.
Sinhala BJTඑවං වදෙය්‍ය: ආර්‍ය්‍යාවෙනි, තෙපි මුසුවූවාහු මැ වාසය කරවු. තෙපි නහමක් වෙන් වැ වාසය කරවු, මෙබඳු ලමු පැවැතුම් ඇති මෙබඳු ලමු කිතුගොස් ඇති මෙබඳු ලමු දිවෙල් ඇති මෙහෙණ සඟනට වෙහෙස කරන්නා වූ අනන්මන වරද වසාලන්නා වූ අන්‍ය භික්‍ෂුණීහු ද සඞ්‍ඝයා කෙරෙහි වෙති. සඞ්‍ඝ තෙමේ ඔවුනට කිසිවක් නො කියයි. සඞ්‍ඝ තෙමේ තොපට මැ (කියයි).
Pali BJTඋඤ්ඤායාති: අවඤ්ඤාය පරිභවෙනාති: පාරිභව්යතාය{1} අක්ඛන්තියාති: කොපෙන. වෙභස්සාති: විභස්සිකතාය{2}. දුබ්බල්යාති: අපක්ඛතාය{3}. එවමාහ භගිනියො ඛො සංසට්ඨා විහරන්ති පාපාචාරා පාපසද්දා පාපසිලොකා භික්ඛුනිසඞ්ඝස්ස විහෙසිකා අඤ්ඤමඤ්ඤිස්සා වජ්ජපටිච්ඡාදිකා. විවිච්චථය්යෙ. විවෙකඤ්ඤෙව භගිනීනං සඞ්ඝො වණ්ණෙතීති.
Sinhala BJTඋඤ්‍ඤාය: අවඥායෙන්; පරිභවෙන: පිරිබැව් බැවින්; අක්‍ඛන්‍තියා: කෝපයෙන්; වෙභස්සා: බලය පවසන කටමැත දෙඩීමෙන්; දුබ්බල්‍යා: අපක්‍ෂතායෙන්; මෙසේ කියයි. බුහුනෝ මැ මුසුවූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස් ඇතියාහු ලමු දිවෙලි ඇතියාහු මෙහෙණ සඟනට වෙහෙස කරන්නාහු අනන්මන වරද වසාලන්නාහු වෙසෙත් මැයි. ආර්‍ය්‍යාවෙනි වෙන්වවු, බුහුනන්ගේ මැ විවේකය සඞ්‍ඝ තෙමේ වර්‍ණනා කෙරේ යැ යි.
Pali BJTසා භික්ඛුනීති: යා සා එවං වාදිනී භික්ඛුනී.
Sinhala BJTසා භික්ඛුනී; යමක් මෙසේ කියනුසුලු නම් ඒ මෙහෙණ යි.
Pali BJTභික්ඛුනීහීති: අඤ්ඤාහි භික්ඛුනීහි, යා පස්සන්ති යා සුණන්ති තාහි වත්තබ්බා: “මාය්යෙ එවං අවච සංසට්ඨාව අය්යෙ තුම්හෙ විහරථ. මා තුම්හෙ නානා විහරිත්ථ සන්ති සඞ්ඝෙ අඤ්ඤාපි භික්ඛුනියො -පෙ- විවිච්චථය්යෙ විවෙකඤ්ඤෙව භගිනීනං සඞ්ඝො වණ්ණෙතී”ති. දුතියම්පි වත්තබ්බා -පෙ- තතියම්පි වත්තබ්බා -පෙ- සචෙ පටිනිස්සජ්ජති ඉච්චෙතං කුසලං, නො චෙ පටිනිස්සජ්ජති ආපත්ති දුක්කටස්ස. සුත්වා න වදන්ති ආපත්ති දුක්කටස්ස. සා භික්ඛුනී සඞ්ඝමජ්ඣම්පි ආකඩ්ඪිත්වා වත්තබ්බා මාය්යෙ එවං අවච සංසට්ඨාව අය්යෙ තුම්හෙ විහරථ මා තුම්හෙ නානා විහරිත්ථ සන්ති සඞ්ඝෙ අඤ්ඤාපි භික්ඛුනියො -පෙ- විවිච්චථය්යෙ විවෙකඤ්ඤෙව භගිනීනං සඞ්ඝො වණ්ණෙතීති. දුතියම්පි වත්තබ්බා -පෙ- තතියම්පි වත්තබ්බා -පෙ- සචෙ පටිනිස්සජ්ජති ඉච්චෙතං කුසලං නො චෙ පටිනිස්සජ්ජති ආපත්ති දුක්කටස්ස. සා භික්ඛුනී සමනුභාසිතබ්බා එවඤ්ච පන භික්ඛවෙ සමනුභාසිතබ්බා ව්යත්තාය භික්ඛුනියා පටිබලාය සඞ්ඝො ඤාපෙතබ්බො.
Sinhala BJTභික්‍ඛුනීහි: අන් මෙහෙණන් විසින්; යම් කෙනෙක් දකිත් නම් යම් කෙනෙක් අසත් නම්, ඔවුන් විසින් කිය යුත්තී යැ, ආර්‍ය්‍යාවෙනි, මෙසේ නහමක් කියව, ආර්‍ය්‍යාවෙනි, තෙපි මුසුවූවාහු මැ වාසය කරවු, තෙපි වෙන් වැ නහමක් වාසය කරවු, සඞ්‍ඝයා කෙරෙහි අන්‍ය භික්‍ෂුණීහු ද වෙති ... ආර්‍ය්‍යාවෙනි, වෙන් වවු. බුහුනන්ගේ විවේකය මැ සඞ්‍ඝ තෙමේ වර්‍ණනා කෙරේ යැ යි. දෙවනවටදු කිය යුත්තී යැ. තෙවනවට දු කිය යුත්තී යැ. ඉදින් දුරැලා නම් මෙසේ තෙල දුරැලීම මැනැවි. ඉදින් නො දුරැලා නම් දුකුළා ඇවැත් වෙයි. අසා නො කියත් නම් දුකුළා ඇවැත් වෙයි. ඒ මෙහෙණ තොමෝ සඟමැදට දු ඇදපියා කිය යුත්තී යැ. ආර්‍ය්‍යාවෙනි, මෙසේ නහමක් කියව, “ආර්‍ය්‍යාවෙනි, තෙපි මුසුවූවාහු මැ වාසය කරවු, තෙපි නාමක් වෙන් වැ වාසය කරවු. සඞ්‍ඝයා කෙරෙහි අන්‍ය භික්‍ෂුණීහු ද වෙති ... ආර්‍ය්‍යාවෙනි, වෙන්වවු, බුහුනන්ගේ විවේකය මැ සඞ්‍ඝ තෙමේ වර්‍ණනා කෙරේ යැ යි, දෙවනවට දු කිය යුත්තීයැ ... තෙවනවට දු කිය යුත්තී යැ, ඉදින් දුරැලා නම් මෙසේ තෙල දුරැලීම මැනැවි, ඉදින් නො දුරැලා නම් දුකුළා ඇවැත් වෙයි. ඒ මෙහෙණ තොමෝ සමනුභාෂණකර්‍ම කළ යුත්තී යැ. මෙසේ ද වනාහි මහණෙනි ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්‍ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
Pali BJT5. සුණාතු මෙ අය්යෙ සඞ්ඝො අයං ඉත්ථන්නාමා භික්ඛුනී සඞ්ඝෙන සමනුභට්ඨා භික්ඛුනියො එවං වදෙති: සංසට්ඨාව අය්යෙ තුම්හෙ විහරථ මා තුම්හෙ නානා විහරිත්ථ සන්ති සඞ්ඝෙ අඤ්ඤාපි භික්ඛුනියො එවාචාරා එවංසද්දා එවංසිලොකා භික්ඛුනිසඞ්ඝස්ස විහෙසිකා අඤ්ඤමඤ්ඤිස්සා වජ්ජපටිච්ඡාදිකා තා සඞ්ඝො න කිඤ්චි ආහ. තුම්හඤ්ඤෙව සඞ්ඝො උඤ්ඤාය පරිභවෙන අක්ඛන්තියා වෙභස්සා දුබ්බල්යා එවමාහ: “භගිනියො ඛො සංසට්ඨා විහරන්ති පාපාචාරා පාපසද්දා පාපසිලොකා භික්ඛුනිසඞ්ඝස්ස විහෙසිකා අඤ්ඤමඤ්ඤිස්සා වජ්ජපටිච්ඡාදිකා, විවිච්චථය්යෙ විවෙකඤ්ඤෙව භගිනීනං සඞ්ඝො වණ්ණෙතී”ති. සා තං වත්ථුං නප්පටිනිස්සජ්ජති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුනිං සමනුභාසෙය්ය තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය එසා ඤත්ති.
Sinhala BJT5. ආර්‍ය්‍යාවෙනි, සඞ්‍ඝ තෙමේ මවදන් අසාවා. මෙ නම් ඇති මෙහෙණ තොමෝ සඞ්‍ඝයා විසින් සමනුභාෂණකර්‍ම කරන ලද්දී මෙහෙණක් හට මෙසේ කියයි. “ආර්‍ය්‍යාවෙනි තෙපි මුසුවූවාහු මැ වාසය කරවු. තෙපි නහමක් වෙන් වැ වාසය කරවු, මෙබඳු ලමු පැවැතුම් ඇති මෙබඳු ලමු කිතුගොස් ඇති මෙබඳු දිවෙලි ඇති මෙහෙණ සඟනට වෙහෙස කරන්නා වූ අනන්මන වරද වසා ලන්නා වූ අන්‍ය භික්‍ෂුණීහු ද සඞ්‍ඝයා කෙරෙහි වෙති, සඞ්‍ඝ තෙමේ ඔවුනට කිසිවක් නො කියයි, සඞ්‍ඝ තෙමේ තොපට මැ හෙළා දැකීමෙන් ද අවමන් කිරීමෙන් ද නො ඉවසීමෙන් ද කටමැත දෙඩීමෙන් ද (තොපගේ මැ) දුබල බැවින් ද මෙසේ කියයි. “බුහුනෝ මැ මුසුවූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස් ඇතියාහු ලමු දිවෙලි ඇතියාහු මෙහෙණ සඟනට වෙහෙස කරන්නාහු අනන්මන වරද වසාලන්නාහු වෙසෙත් මැයි. බුහුනන්ගේ විවේකය මැ සඞ්‍ඝ තෙමේ වර්‍ණනා කෙරේ” යැ යි. ඕ තොමෝ ඒ වස්තුව නො දුරැල යි, ඉදින් සඞ්‍ඝයා හට පැමිණිකල් ඇත්තේ නම් සඞ්‍ඝ තෙමේ මෙ නම් ඇති මෙහෙණහට ඒ වස්තුහුගේ දුරැලීම පිණිස සමනුභාෂණකර්‍ම කරන්නේ යැ. මේ ඥප්තිය යි.
Pali BJT6. සුණාතු මෙ අය්යෙ සඞ්ඝො, අයං ඉත්ථන්නාමා භික්ඛුනී සඞ්ඝෙන සමනුභට්ඨා භික්ඛුනියො එවං වදෙති: සංසට්ඨාව අය්යෙ තුම්හෙ විහරථ මා තුම්හෙ නානා විහරිත්ථ සන්ති සඞ්ඝෙ අඤ්ඤාපි භික්ඛුනියො එවාචාරා එවංසද්දා එවංසිලොකා භික්ඛුනිසඞ්ඝස්ස විහෙසිකා අඤ්ඤමඤ්ඤිස්සා වජ්ජපටිච්ඡාදිකා තා සඞ්ඝො න කිඤ්චි ආහ. තුම්හඤ්ඤෙව සඞ්ඝො උඤ්ඤාය පරිභවෙන අක්ඛන්තියා වෙභස්සා දුබ්බල්යා එවමාහ: “භගිනියො ඛො සංසට්ඨා විහරන්ති පාපාචාරා පාපසද්දා පාපසිලොකා, භික්ඛුනිසඞ්ඝස්ස විහෙසිකා අඤ්ඤමඤ්ඤිස්සා වජ්ජපටිච්ඡාදිකා විවිච්චථය්යෙ විවෙකඤ්ඤෙව භගිනීනං සඞ්ඝො වණ්ණෙතී”ති. සා තං වත්ථුං නප්පටිනිස්සජ්ජති. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුනිං සමනුභාසති තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය. යස්සා අය්යාය ඛමති ඉත්ථන්නාමාය භික්ඛුනියා සමනුභාසනා තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය, සා තුණ්හස්ස යස්සා නක්ඛමති සා භාසෙය්ය. දුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි -පෙ- සමනුභට්ඨා සඞ්ඝෙන ඉත්ථන්නාමා භික්ඛුනී තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමීති.
Sinhala BJT6. ආර්‍ය්‍යාවෙනි, සඞ්‍ඝ තෙමේ මවදන් අසාවා, මෙ නම් ඇති මෙහෙණ තොමෝ සඞ්‍ඝයා විසින් සමනුභාෂණකර්‍ම කරන ලද්දී මෙහෙණන් හට මෙසේ කියයි, “ආර්‍ය්‍යාවෙනි, තෙපි මුසුවූවාහු මැ වාසය කරවු. තෙපි නහමක් වෙන් වැ වාසය කරවු. මෙබඳු ලමු පැවැතුම් ඇති මෙබඳු ලමු කිතුගොස් ඇති මෙබඳු දිවෙලි ඇති මෙහෙණ සඟනට වෙහෙස කරන්නා වූ අනන්මන වරද වසාලන්නා වූ අන්‍ය භික්‍ෂුණීහු ද සඞ්‍ඝයා කෙරෙහි වෙති, සඞ්‍ඝ තෙමේ ඔවුනට කිසිවක් නො කියයි, සඞ්‍ඝ තෙමේ තොපට මැ හෙළා දැකීමෙන් ද අවමන් කිරීමෙන් ද නො ඉවසීමෙන් ද කටමැත දෙඩීමෙන් ද (තොපගේ මැ) දුබල බැවින් ද මෙසේ කියයි. “බුහුනෝ මැ මුසුවූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස් ඇතියාහු ලමු දිවෙලි ඇතියාහු මෙහෙණ සඟනට වෙහෙස කරන්නාහු අනන්මන වරද වසාලන්නාහු වෙසෙති මැයි. ආර්‍ය්‍යාවෙනි, වෙන් වවු, බුහුනන්ගේ විවේකය මැ සඞ්‍ඝ තෙමේ වර්‍ණනා කෙරේ” යැ යි. ඕ තොමෝ ඒ වස්තුව නො දුරැල යි, සඞ්‍ඝ තෙමේ මෙ නම් ඇති මෙහෙණහට ඒ වස්තුහුගේ දුරැලීම පිණිස සමනුභාෂණකර්‍ම කෙරෙයි, යම් ආර්‍ය්‍යාවකට මෙ නම් ඇති මෙහෙණහට ඒ වස්තුහුගේ දුරැලීම පිණිස සමනුභාෂණය රුස්නේ නම් ඕ තොමෝ නිහඬ වන්නී යැ. යමක් හට නො රුස්නේ නම් ඕ තොමෝ කියන්නී යැ, දෙවනවට දු තෙල කරුණ කියමි ... තෙවනවට දු තෙල කරුණ කියමි ... මෙ නම් ඇති මෙහෙණ තොමෝ ඒ වස්තුහුගේ දුරැලීම පිණිස සඞ්‍ඝයා විසින් සමනුභාෂණකර්‍ම කරන ලද්දී යැ. සඞ්‍ඝයාහට රුස්නේ යැ, එහෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි යි.
Pali BJT7. ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා, කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. සඞ්ඝාදිසෙසං අජ්ඣාපජ්ජන්තියා ඤත්තියා දුක්කටං ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා පටිප්පස්සම්භන්ති.
Sinhala BJT7. ඥප්තියෙන් දුකුළා යැ, දෙකම් වදනින් තුලැසි යැ, කම්වදන් පිරියතැ, සඟවෙසෙස් ඇවැත් වෙයි, සඟවෙසෙස් ඇත්තිය හට ඥප්තියෙහි දුකුළා ද දෙකම්වදනෙහි තුලැසිහු ද සන්සිඳෙත්.
Pali BJT8. අයම්පීති: පුරිමායො උපාදාය වුච්චති.
Sinhala BJT8. අයම්පි: පළමු මෙහෙණන් ගෙන කියනු ලැබෙ යි.
Pali BJTයාවතතියකන්ති: යාවතතියං සමනුභාසනාය ආපජ්ජති න සහවත්ථජ්ඣාචාරා.
Sinhala BJTයාවත්‍තියකං: තුන් යළ තෙක් සමනුභාෂණකර්‍මයෙන් ඇවැදී. වස්තුව්‍යතික්‍රමණය සමඟ මැ නො වේ.
Pali BJTනිස්සාරණීයන්ති: සඞ්ඝම්හා නිස්සාරීයති.
Sinhala BJTනිස්සාරණීයං: සඞ්ඝයා කෙරෙන් නෙරනු ලබයි.
Pali BJTසඞ්ඝාදිසෙසොති: සඞ්ඝොව තස්සා ආපත්තියා මානත්තං දෙති මූලාය පටිකස්සති අබ්භෙති න සම්බහුලා න එකා භික්ඛුනී, තෙන වුච්චති සඞ්ඝාදිසෙසොති. තස්ස චෙව ආපත්තිනිකායස්ස නාමකම්මං අධිවචනං තෙනපි වුච්චති සඞ්ඝාදිසෙසොති.
Sinhala BJTසඞ්ඝාදිසේසො: සඞ‍්ඝ තෙමේ මැ ඒ ඇවැතට මානත දෙයි, මුලට අදියි, අබ්භාන කර්‍ම කෙරෙයි, ගණයා නො වෙ යි, එක් මෙහෙණක් නො වේ. එහෙයින් සඞ්ඝාදිසේස යැයි කියනු ලැබෙ යි, ඒ ආපත්ති සමූහයට මැ නාම කර්‍ම යැ, අධිවචන යි. එයිනුදු සඞ්ඝාදිසේස යැයි කියනු ලැබේ.
Pali BJTධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා නප්පටිනිස්සජ්ජති ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ධම්මකම්මෙ වෙමතිකා නප්පටිනිස්සජ්ජති ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා නප්පටිනිස්සජ්ජති ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJTධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇත්තී නො දුරැලා නම් සඟවෙසෙස් ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි විමති ඇත්තී නො දුරැලා නම් සඟවෙසෙස් ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇත්තී නො දුරැලා නම් සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTඅධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇත්තී නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇත්තී නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇත්තී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසමනුභාසන්තියා පටිනිස්සජ්ජන්තියා උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTසමනුභාෂණකර්‍ම නො කරන්නියට, දුරැලන්නියට, උම්මත්තිකාව හට ... ආදිකම්මිකාවහට ඇවැත් නැති.
Pali BJTදසමසඞ්ඝාදිසෙසං
Sinhala BJTදශම සඞ්ඝාදිශේෂ නිමි.
Pali BJT9. උද්දිට්ඨා ඛො අය්යායො සත්තරසසඞ්ඝාදිසෙසා ධම්මා නව පඨමාපත්තිකා අට්ඨ යාවතතියකා, යෙසං භික්ඛුනී අඤ්ඤතරං වා අඤ්ඤතරං වා ආපජ්ජති තාය{1} භික්ඛුනියා උභතො සඞ්ඝෙ පක්ඛමානත්තං චරිතබ්බං. චිණ්ණමානත්තා භික්ඛුනී{2} යත්ථ සියා වීසතිගණො භික්ඛුනිසඞ්ඝො තත්ථ සා භික්ඛුනී අබ්භෙතබ්බා. එකායපි චෙ ඌනො. වීසතිගණො භික්ඛුනිසඞ්ඝො තං භික්ඛුනිං අබ්භෙය්ය සා ච භික්ඛුනී අනබ්භිතා තා ච භික්ඛුනියො ගාරය්හා අයං තත්ථ සාමීචි. තත්ථඅය්යායො පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා, දුතියම්පි පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා, තතියම්පි පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා. පරිසුද්ධෙත්ථාය්යායො, තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමීති.
Sinhala BJT9. ආර්‍ය්‍යාවෙනි, ප්‍රථමාපත්‍තික නව දෙනෙක් ද යාවතතියක අට දෙනෙක් දැයි සතළොස් සඟවෙසෙස් ධම්හු උදෙසන ලදහු මැ යි. යම් සඟවෙසෙසුන් අතුරෙහි මෙහෙණ තොමෝ එක්තරා එක්තරා ඇවතකට හෝ අවදී ද, ඒ මෙහෙණ විසින් දෙ සඟුන් කෙරෙහි පක්‍ෂමානතෙහි හැසිරිය යුතු යි. හසළ මානත ඇති මෙහෙණ තොමෝ යම් තැනෙකැ විංශතිගණයා ඇති භික්‍ෂුණීසඞ්‍ඝ තෙමේ වන්නේ ද ඒ මෙහෙණ තොමෝ අබ්භාන කළ යුත්තීය. එක්නමකගෙනුදු උනු වූ විංශති ගණයා ඇති භික්‍ෂුණීසඞ්‍ඝ තෙමේ ඒ මෙහෙණ අබ්භාන කරන්නේ නම් ඒ මෙහෙණ තොමෝත් අබ්භාන නො කරන ලදුවා මැ වෙයි. ඒ භික්‍ෂුණීහු ද ගැරහිය යුත්තාහු යැ. මේ එහි ලා (පිළිපැදිය යුතු) සාමීචිය යි. එහි ලා ආර්‍ය්‍යාවන් පිළිවිසමි, කිම පිරිසිදුවහු ද? දෙවනවට දු පිළිවිසමි, කිම පිරිසිදුවහු ද? තෙවනවට දු පිළිවිසමි, කිම: පිරිසිදුවහු ද? ආර්‍ය්‍යාවෝ මෙහි ලා පිරිසුදු හ, එහෙයින් නිහඬයහ. මෙසේ මෙය දරමි යි.
Pali BJTතෙසං උද්දානං:
Sinhala BJTඔවුන්ගේ උද්දානය:
Pali BJTඋස්සයං චොරී ගාමන්තං උක්ඛිත්තං ඛාදනෙන ච කිනෙත කුපිතා කිස්මිඤ්චි සංසට්ඨුඤ්ඤාය තෙ දසාති{3}.
Sinhala BJTඋස්සය (වාදිකා) යැ චෝරී යැ ගාමන්තර යැ ඛාදනය සමග උක්‍ඛිත්‍තා යැ ‘කිං තෙ’ යැ කුපිතා යැ කිස්මිඤචි යැ සංසට්ඨා යැ උඤ්‍ඤා යැ යි ඒ සිකපද දශයෙකි.
Pali BJTසත්තරසකං නිට්ඨිතං.
Sinhala BJTශප්ත දශකය නිමියේ ය.
Pali BJT3. නිස්සග්ගියා
Sinhala BJT3. නිසඟිපචිති
Pali BJT3. 1.
Sinhala BJT3. 1.
Pali BJTපඨම සික්ඛාපදං
Sinhala BJTපළමු සිකපදය
Pali BJTඉමෙ ඛො පනය්යායො තිංස නිස්සග්ගියා පාචිත්තියා ධම්මා උද්දෙසං ආගච්ඡන්ති.
Sinhala BJTආර්‍ය්‍යාවෙනි මේ තිස් නිසඟි පචිති ධර්‍මයෝ උදෙසීමට පැමිණෙත්.
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛුනියො බහූ පත්තෙ සන්නිචයං කරොන්ති. මනුස්සා විහාරචාරිකං ආහිණ්ඩන්තා පස්සිත්වා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති, “කථං හි නාම භික්ඛුනියො බහූ පත්තෙ සන්නිචයං කරිස්සන්ති පත්තවාණිජ්ජං{1} වා භික්ඛුනියො කරිස්සන්ති ආමන්තිකාපණං වා පසාරෙස්සන්තී”ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මෙහෙණෝ බොහෝ පාත්‍ර රැස් කෙරෙති. මිනිස්සු විහාරචාරිකාවෙහි හැසිරෙන්නාහු දැක ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් භික්‍ෂුණීහු බොහෝ පාත්‍ර රැස් කොළෝ ද, භික්‍ෂුණීහු පාත්‍ර වෙළඳාමක් හෝ කොළෝ ද, බඳුන්වෙළඳ හලක් හෝ විවෘත කොළෝ” දැ යි.
Pali BJT2. අස්සොසුං ඛො භික්ඛුනියො තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛුනියො පත්තසන්නිචයං කරිස්සන්තී”ති -පෙ- “සච්චං කිර භික්ඛවෙ ඡබ්බග්ගියා භික්ඛුනියො පත්තසන්නිචයං කරොන්තී”ති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- “කථං හි නාම භික්ඛවෙ ඡබ්බග්ගියා භික්ඛුනියො පත්තසන්නිචයං කරිස්සන්ති.” නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු.
Sinhala BJT2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු මැයි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් සවග මෙහෙණෝ පාත්‍ර රැස් කොළෝ” දැයි ... “සැබෑ ද මහණෙනි, සවග මෙහෙණෝ පාත්‍ර රැස් කෙරෙද්දැ” යි, සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... “කෙසේ නම් මහණෙනි සවග මෙහෙණෝ පාත්‍ර රැස් කොළෝදැ”යි. මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
Pali BJTයා පන භික්ඛුනී පත්තසන්නිචයං කරෙය්ය නිස්සග්ගියං පාචිත්තියන්ති.
Sinhala BJTයම් මෙහෙණක් තොමෝ පාත්‍ර රැස් කෙරේ නම් නිසඟි පචිති වේ යයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණිය යි.
Pali BJTපත්තො නාම: ද්වෙ පත්තා අයොපත්තො මත්තිකාපත්තො. තයො පත්තස්ස වණ්ණා උක්කට්ඨො පත්තො මජ්ඣිමො පත්තො ඔමකො පත්තො. උක්කට්ඨො නාම පත්තො: අඩ්ඪාළ්හකොදනං ගණ්හාති චතුභාගං ඛාදනං තදුපියඤ්ච{2} ව්යඤ්ජනං. මජ්ඣිමො නාම පත්තො: නාලිකොදනං ගණ්හාති චතුභාගං ඛාදනං තදුපියඤ්ච ව්යඤ්ජනං. ඔමකො නාම පත්තො: පත්ථොදනං ගණ්හාති චතුභාගං ඛාදනං තදුපියඤ්ච ව්යඤ්ජනං. තතො උක්කට්ඨො අපත්තො ඔමකො අපත්තො.
Sinhala BJTපත්ත නම්: යමුවාපය මැටිමුවාපයැයි දෙ පාත්‍රයෙකි. උත්කෘෂ්ට පාත්‍ර යැ මධ්‍යම පාත්‍ර යැ ඔමක පාත්‍ර යැයි පාත්‍රය පිළිබඳ ප්‍රමාණ තුනෙකි. උත්කෘෂ්ට පාත්‍රය නම් මගද නැළියෙන් දෙ නැළියක බත් ද ඉන් සිවු වැනි කොටසක් පමණ වූ මුද්ග සූපය ද එයට සරිලන ව්‍යඤ්ජනය ද ගන්නේ වෙයි. මාධ්‍යම පාත්‍රය නම් නැළියක බත් ද ඉන් සිවුවැනි කොටසක් පමණ වූ මුද්ගසූපය ද එයට සරිලන ව්‍යඤ්ජනය ද ගන්නේ වෙයි. ඔමක පාත්‍රය නම් අඩ නැළියක බත් ද ඉන් සිවුවැනි කොටසක් පමණ වූ මුද්ගසූපය ද එයට සරිලන ව්‍යඤ්ජනය ද ගන්නේ වෙයි. ඒ උත්කෘෂ්ට පාත්‍රයෙන් උත්කෘෂ්ට වූයේ අපාත්‍රය වෙයි. (ඒ ඔමක පාත්‍රයෙන්) ඔමක වූයේ අපාත්‍රය වේ.
Pali BJTසන්නිචයං කරෙය්යාති: අනධිට්ඨිතො අවිකප්පිතො.
Sinhala BJTසන්නිචයං කරෙය්‍ය: නො ඉටු නො විකැපූ පය යි.
Pali BJTනිස්සග්ගියො හොතීති: සහඅරුණුග්ගමනා නිස්සග්ගියො හොති. නිස්සජ්ජිතබ්බො සඞ්ඝස්ස වා ගණස්ස වා එකභික්ඛුනියා වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජ්ජිතබ්බො. තාය භික්ඛුනියා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛුනීනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිම්පග්ගහෙත්වා එවමස්සවචනීයො. “අයං මෙ අය්යෙ පත්තො රත්තාතික්කන්තො නිස්සග්ගියො, ඉමාහං සඞ්ඝස්ස නිස්සජ්ජාමීති. නිස්සජිත්වා ආපත්ති දෙසෙතබ්බා. බ්යත්තාය භික්ඛුනියා පටිබලාය ආපත්ති පටිග්ගහෙතබ්බා. නිස්සට්ඨපත්තො දාතබ්බො.
Sinhala BJTනිස්‍සග්‍ගියො හොති: අරුණ නැඟීම සමඟ නිසැඟි වෙයි. සඞ්ඝයාට හෝ ගණයාට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතුයි. මෙසේ ද වනාහි මහණෙනි, නිසැජිය යුතුයි. ඒ මෙහෙණ විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟසිවුර එකස් කොට වැඩිමහලු මෙහෙණන්ගේ පා වැඳ උත්කුටුකයෙන් හිඳ ඇඳිලි බැඳ “ආර්‍ය්‍යාවෙනි, මාගේ මේ පාත්‍රය රැයක් ඉක්ම ගියේ නිසැඟි විය. මම මෙය සඞ්ඝයාට නිසජමි” යි මෙසේ කිය යුතු වන්නේ යැ. නිසැජැ ඇවැත් දෙසිය යුතුයි. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් ඇවැත් පිළිගත යුතුයි. නිසැජූ පය දිය යුතුයි.
Pali BJTසුණාතු මෙ අය්යෙ සඞ්ඝො, අයං පත්තො ඉත්ථන්නාමාය භික්ඛුනියා නිස්සග්ගියො සඞ්ඝස්ස නිස්සට්ඨො යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉමං පත්තං ඉත්ථන්නාමාය භික්ඛුනියා දදෙය්යාති.
Sinhala BJTආර්‍ය්‍යාවෙනි, සඞ්ඝතෙමේ මවදන් අසාවා. මෙනම් ඇති මෙහෙණගේ මේ පාත්‍රය තෙමේ නිසැඟි වූයේ සඞ්ඝයාට නිසඳන ලද්දේ යැ. ඉදින් සඟනට පැමිණි කල් ඇත්තේ නම් මේ පාත්‍රය සඞ්ඝ තෙමේ මෙ නම් ඇති මෙහෙණහට දෙන්නේ යැයි.
Pali BJTතාය භික්ඛුනියා සම්බහුලා භික්ඛුනියො උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛුනීනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජ්ලිමපග්ගහෙත්වා එවමස්සු වචනීයා “අයං මෙ අය්යායො පත්තො රත්තාතික්කන්තො නිස්සග්ගියො ඉමාහං අය්යානං නිස්සජාමී”ති. නිස්සජ්ජිත්වා ආපත්ති දෙසෙතබ්බා. ව්යත්තාය භික්ඛුනියා පටිබලාය ආපත්ති පටිග්ගහෙතබ්බා නිස්සට්ඨපත්තො දාතබ්බො.
Sinhala BJTඒ මෙහෙණ විසින් බොහෝ මෙහෙණන් වෙත එළඹ උතුරුසඟසිවුර එකස් කොට වැඩිමහලු මෙහෙණන්ගේ පා වැඳ උත්කුටුකයෙන් හිඳ, “ආර්‍ය්‍යාවෙනි, මාගේ මේ පාත්‍රය රැයක් ඉක්මගියේ නිසඟි විය. මම මෙය ආර්‍ය්‍යාවනට නිසජමි” යි මෙසේ කියයුතු වන්නාහ. නිසැජැ ඇවැත් දෙසිය යුතුයි. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් ඇවැත් පිළිගත යුතුයි. නිසැජූ පය දිය යුතුයි.
Pali BJTසුණාතු මෙ අය්යායො අයං පත්තො ඉත්ථන්නාමාය භික්ඛුනියා නිස්සග්ගියො අය්යානං නිස්සට්ඨො යදි අය්යානං පත්තකල්ලං අය්යායො ඉමං පත්තං ඉත්ථන්නාමාය භික්ඛුනියා දදෙය්යුන්ති.
Sinhala BJTආර්‍ය්‍යාවෝ, මා වදන් අසත්වා. මෙ නම් ඇති මෙහෙණගේ මේ පාත්‍රය තෙමේ නිසැඟි වූයේ ආර්‍ය්‍යාවනට නිසඳන ලද්දේ යැ. ඉදින් ආර්‍ය්‍යාවනට පැමිණි කල් ඇත්තේ නම් ආර්‍ය්‍යාවෝ මේ පාත්‍රය මෙ නම් ඇති මෙහෙණහට දෙන්නාහු නම් මැනැවැ යි.
Pali BJTතාය භික්ඛුනියා එකං භික්ඛුනිං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයා: “අයං මෙ අය්යෙ පත්තො රත්තාතික්කන්තො නිස්සග්ගියො, ඉමාහං අය්යාය නිස්සජාමී”ති. නිස්සජිත්වා ආපත්ති දෙසෙතබ්බා. තාය භික්ඛුනියා ආපත්ති පටිග්ගහෙතබ්බා. නිස්සට්ඨපත්තො දාතබ්බො ඉමං පත්තං අය්යාය දම්මීති.
Sinhala BJTඒ මෙහෙණ විසින් එක් මෙහෙණක වෙත එළඹ උතුරුසඟසිවුර එකස් කොට උත්කුටුකයෙන් හිඳ ඇඳිලි බැඳ “ආර්‍ය්‍යාවෙනි, මාගේ මේ පාත්‍රය තෙමේ රැයක් ඉක්මගියේ නිසැඟි විය. මම මෙය ආර්‍ය්‍යාවහට නිසජමි” යි මෙසේ කියයුතු වන්නී යැ. නිසැජැ ඇවැත් දෙසිය යුතුයි. ඒ මෙහෙණ විසින් ඇවැත් පිළිගත යුතුයි. මේ පාත්‍රය ආර්‍ය්‍යාවහට දෙමියි නිසැජූ පය දිය යුතුයි.
Pali BJTරත්තාතික්කන්තෙ අතික්කන්තසඤ්ඤා, නිස්සග්ගියං පාචිත්තියං. රත්තාතික්කන්තෙ වෙමතිකා නිස්සග්ගියං පාචිත්තියං. රත්තාතික්කන්තෙ අනතික්කන්තසඤ්ඤා නිස්සග්ගියං පාචිත්තියං. අනධිට්ඨිතෙ අධිට්ඨිතසඤ්ඤා නිස්සග්ගියං පාචිත්තියං. අවිකප්පිතෙ විකප්පිතසඤ්ඤා නිස්සග්ගියං පාචිත්තියං, අවිස්සජ්ජිතෙ විස්සජ්ජිතසඤ්ඤා නිස්සග්ගියං පාචිත්තියං. අනට්ඨෙ නට්ඨසඤ්ඤා නිස්සග්ගියං පාචිත්තියං. අවිනට්ඨෙ විනට්ඨසඤ්ඤා -පෙ- අභින්නෙ භින්නසඤ්ඤා -පෙ- අවිලුත්තෙ විලුත්තසඤ්ඤා නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJTරැය ඉක්ම ගිය කල්හි ඉක්ම ගිය සන් ඇතියා නම් නිසැඟි පචිති වෙයි. රැය ඉක්ම ගිය කල්හි විමති ඇතියා නම් නිසැඟි පචිති වෙයි. රැය ඉක්ම ගිය කල්හි නො ඉක්ම ගිය සන් ඇතියා නම් නිසැඟි පචිති වෙයි. නො ඉටූ කල්හි ඉටූ සන් ඇතියා නම් නිසැඟි පචිති වෙයි. නො විකැපූ කල්හි විකැපූ සන් ඇතියා නම් නිසැඟි පචිති වෙයි. නො හළ කල්හි හළ සන් ඇතියා නම් නිසැඟි පචිති වෙයි. නො නට කල්හි නට සන් ඇතියා නම් නිසැඟි පචිති වෙයි. නො නැසුණු කල්හි නැසුණු සන් ඇතියා නම් නිසැඟි පචිති වෙයි. නො බුන් කල්හි බුන් සන් ඇතියා නම් නිසැඟි පචිති වෙයි. නො පැහැරැ ගත් කල්හි පැහැරැ ගත් සන් ඇතියා නම් නිසැඟි පචිති වේ.
Pali BJTනිස්සග්ගියං පත්තං අනිස්සජිත්වා පරිභුඤ්ජති ආපත්ති දුක්කටස්ස. රත්තානතික්කන්තෙ අතික්කන්තසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. රත්තානතික්කන්තෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. රත්තානතික්කන්තෙ අනතික්කන්තසඤ්ඤා අනාපත්ති.
Sinhala BJTනිසැඟි පය නො නිසැජැ වළඳා නම් දුකුළා ඇවැත් වෙයි. රැය නො ඉක්ම ගිය කල්හි ඉක්ම ගිය සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. රැය නො ඉක්ම ගිය කල්හි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. රැය නො ඉක්ම ගිය කල්හි නො ඉක්ම ගිය සන් ඇතියා නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: අන්තො අරුණං{1} අධිට්ඨෙති විකප්පෙති විස්සජ්ජෙති නස්සති විනස්සති භිජ්ජති අච්ඡින්දිත්වා ගණ්හන්ති විස්සාසං ගණ්හන්ති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTඅරුණ තුළ ඉටා නම්, විකපා නම්, හැරැපියා නම්, නැසේ නම්, වැනැසේ නම්, බිඳේ නම්, අසිඳැ ගනිත් නම්, විස්වස් වැ ගනිත් නම්, උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවහට ඇවැත් නැති.
Pali BJTතෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛුනියො නිස්සට්ඨපත්තං න දෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ නිස්සට්ඨපත්තො න දාතබ්බො යා න දදෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJTඑසමයෙහි වනාහි සවග මෙහෙණෝ නිසැජූ පය නො දෙත්. භාග්‍යවත්හට මෙ කරුණ සැලකළහ. “මහණෙනි, නිසැජූ පය නො දිය යුතු නො වෙයි. යම් මෙහෙණක් නො දේ නම් දුකුළා ඇවැත් වේ” යැ යි.
Pali BJTපඨමසික්ඛාපදං.
Sinhala BJTපළමු සිකපද යි.
Pali BJT3. 2.
Sinhala BJT3. 2.
Pali BJTදුතියසික්ඛාපදං
Sinhala BJTදෙවැනි සිකපදය
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛුනියො ගාමකාවාසෙ වස්සං වුත්ථා{2} සාවත්ථිං අගමංසු වත්තසම්පන්නා ඉරියාපථසම්පන්නා දුච්චොළා ලූඛචීවරා. උපාසකා තා භික්ඛුනියො පස්සිත්වා ඉමා භික්ඛුනියො වත්තසම්පන්නා ඉරියාපථසම්පන්නා දුච්චොළා ලූඛචීවරා, ඉමා භික්ඛුනියො අච්ඡින්නා භවිස්සන්තීති භික්ඛුනිසඞ්ඝස්ස අකාලචීවරං අදංසු. ථුල්ලනන්දා භික්ඛුනී අම්හාකං කඨිනං අත්ථතං කාලචීවරන්ති අධිට්ඨහිත්වා භාජාපෙසි. උපාසකා තා භික්ඛුනියො පස්සිත්වා එතදවොචුං. අපය්යාහි චීවරං ලද්ධන්ති. න මයං ආවුසො චීවරං ලභාම අය්යා ථුල්ලනන්දා{3} අම්හාකං කඨිනං අත්ථතං කාලචීවරන්ති අධිට්ඨහිත්වා භාජාපෙසීති. උපාසකා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම අය්යා ථුල්ලනන්දා අකාලචීවරං කාලචීවරන්ති අධිට්ඨහිත්වා භාජාපෙස්සතී”ති.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදානයි – එසමයෙහි බොහෝ මෙහෙණෝ ගම්බද අවසෙක්හි වස්වැස නිමියාහු වත් සපන් වූවාහු ඉරියවු සපන් වූවාහු දිරූ සිවුරු ඇත්තාහු රළු සිවුරු ඇත්තාහු සැවැතට ගියහ. උවසුවෝ ඒ මෙහෙණන් දැක මේ භික්‍ෂුණීහු වත්සපන්හ. ඉරියවු සපන්හ. දිරූ සිවුරු ඇතියහ. රළු සිවුරු ඇතියහ, මේ භික්‍ෂුණීහු අසිඳගතුවෝ වන්නාහයි මෙහෙණ සඟනට නො කල් සිවුරු දුන්හ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ අප විසින් කඨිනය අතුරන ලදී. (එබැවින්) කාලචීවරයැ යි ඉටා බෙදූ යැ. උවසුවෝ ඒ මෙහෙණන් දැක “ආර්‍ය්‍යාවන් විසින් සිවුරු ලබන ලදදැ”යි, මෙය කීහු. ඇවැත්නි, අපි සිවුරු නො ලබම්හ. ආර්‍ය්‍ය ථුල්ලනන්‍දා තොමෝ අප විසින් කඨිනය අතුරන ලද යැ. කාලචීවරයැ යි ඉටා බෙදවාලූ යැ යි මෙය කීහු. උවසුවෝ ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් ආර්‍ය්‍ය ථුල්ලනන්‍දා තොමෝ අකාලචීවරය කාලචීවරයැ යි ඉටා බෙදවූදැ” යි.
Pali BJT2. අස්සොසුං ඛො භික්ඛුනියො තෙසං උපාසකානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. “කථං හි නාම අය්යා ථුල්ලනන්දා අකාලචීවරං කාලචීවරන්ති අධිට්ඨහිත්වා භාජාපෙස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී අකාලචීවරං කාලචීවරන්ති අධිට්ඨහිත්වා භාජාපෙසීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී අකාලචීවරං කාලචීවරන්ති අධිට්ඨහිත්වා භාජාපෙස්සති නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු.
Sinhala BJT2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ උවසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු මැයි, යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍ය ථුල්ලනන්‍දා තොමෝ අකාලචීවරය කාලචීවරයැ යි ඉටා බෙදවූ” දැ යි ... සැබෑද මහණෙනි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ අකාලචීවරය කාලචීවරයැ යි ඉටා බෙදවූ දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙ, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ අකාලචීවරය කාලචීවරයැ යි ඉටා බෙදවූ දැ යි. මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
Pali BJTයා පන භික්ඛුනී අකාලචීවරං කාලචීවරන්ති අධිට්ඨහිත්වා භාජාපෙය්ය නිස්සග්ගියං පාචිත්තියන්ති.
Sinhala BJTයම් මෙහෙණක් තොමෝ අකාලචීවරය කාලචීවරයැ යි ඉටා බෙදවා නම් නිසඟි පචිති වේ යයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණිය යි.
Pali BJTඅකාලචීවරං නාම: අනත්ථතෙ කඨිනෙ එකාදසමාසෙ උප්පන්නං අත්ථතෙ කඨිනෙ සත්තමාසෙ උප්පන්නං කාලෙපි ආදිස්ස දින්නං එතං අකාලචීවරං නාම.
Sinhala BJTඅකාලචීවර නම්: කෙළින් නො අතුළ කල්හි එකොළොස් මස තුළ උපන්නේ ද කෙළින් අතුළ කල්හි සත්මස තුළ උපන්නේ ද වෙයි. කාලයෙහිදු උදෙසා දෙන ලද තෙල සිවුර අකාලචීවර නම් වේ.
Pali BJTඅකාලචීවරං කාලචීවරන්ති අධිට්ඨහිත්වා භාජාපෙති පයොගෙ දුක්කටං පටිලාභෙන නිස්සග්ගියං හොති නිස්සජ්ජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා එකභික්ඛුනියා වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජ්ජිතබ්බං -පෙ- ඉදං මෙ අය්යෙ අකාලචීවරං කාලචීවරන්ති අධිට්ඨහිත්වා භාජාපිතං නිස්සග්ගියං ඉමාහං සඞ්ඝස්ස නිස්සජ්ජාමීති -පෙ- දදෙය්යාති -පෙ- දදෙය්යුන්ති -පෙ- අය්යාය දම්මීති.
Sinhala BJTඅකාලචීවරය කාලචීවරයැ යි ඉටා බෙදවා නම් පියෝහි දුකුළා වෙයි. පිළිලැබීමෙන් නිසැඟි වේ. සඟනට හෝ ගණයාහට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතුයි. මෙසේ ද වනාහි මහණෙනි, නිසැජිය යුතුයි ... ආර්‍ය්‍යාවෙනි, මේ අකාල චීවරය කාලචීවරයැ යි ඉටා මා විසින් බෙදවන ලදී. (එහෙයින්) මෙය නිසැඟි විය. මම මෙය සඟනට නිසජමි ... දෙන්නේ යැ ... දෙන්නාහු යැ ... ආර්‍ය්‍යාවට දෙමි යි.
Pali BJTඅකාලචීවරෙ අකාලචීවරසඤ්ඤා කාලචීවරන්ති අධිට්ඨහිත්වා භාජාපෙති නිස්සග්ගියං පාචිත්තියං. අකාලචීවරෙ වෙමතිකා කාලචීවරන්ති අධිට්ඨහිත්වා භාජාපෙති ආපත්ති දුක්කටස්ස. අකාලචීවරෙ කාලචීවරසඤ්ඤා කාලචීවරන්ති අධිට්ඨහිත්වා භාජාපෙති අනාපත්ති.{1} කාලචීවරෙ අකාලචීවරසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. කාලචීවරෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. කාලචීවරෙ කාලචීවරසඤ්ඤා අනාපත්ති.
Sinhala BJTඅකාලචීවරයෙහි අකාලචීවරයැ යි සන් ඇතියා කාලචීවරයැ යි ඉටා බෙදවා නම් නිසැඟි පචිති වෙයි. අකාලචීවරයෙහි විමති ඇතියා කාලචීවරයැ යි ඉටා බෙදවා නම් දුකුළා ඇවැත් වෙයි. අකාලචීවරයෙහි කාලචීවරයැ යි සන් ඇතියා කාලචීවරයැ යි ඉටා බෙදවා නම් ඇවැත් නැති. කාලචීවරයෙහි අකාලචීවරයැ යි සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. කාලචීවරයෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වේ. කාලචීවරයෙහි කාලචීවරයැ යි සන් ඇතියා නම් ඇවැත් නැති.