Pācittiya

Expiation Rules

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 2601-2700 න් 4249

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛුනීනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේ මේ සිකපදය භාග්‍යවතුන් විසින් මෙහෙණන්හට පනවන ලද්දේ වෙයි.
Pali BJT5. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛුනියො කොසලෙසු ජනපදෙ සාවත්ථිං ගච්ඡන්තා සායං අඤ්ඤතරං ගාමං උපගච්ඡිංසු. තත්ථ අඤ්ඤතරා භික්ඛුනී අභිරූපා හොති දස්සනීයා පාසාදිකා, අඤ්ඤතරො පුරිසො තස්සා භික්ඛුනියා සහදස්සනෙන පටිබද්ධචිත්තො අහොසි.{1} අථ ඛො සො පුරිසො තාසං භික්ඛුනීනං සෙය්යං පඤ්ඤාපෙන්තො තස්සා භික්ඛුනියා සෙය්යං එකමන්තං පඤ්ඤාපෙසි. අථ ඛො සා භික්ඛුනී සල්ලක්ඛෙත්වා පරියුට්ඨිතො අයං පුරිසො සචෙ රත්තිං ආගච්ඡිස්සති විස්සරො මෙ භවිස්සතීති භික්ඛුනියො අනාපුච්ඡා අඤ්ඤතරං කුලං ගන්ත්වා සෙය්යං කප්පෙසි. අථ ඛො සො පුරිසො රත්තිං ආගන්ත්වා තං භික්ඛුනිං ගවෙසන්තො භික්ඛුනියො ඝට්ටෙසි. භික්ඛුනියො තං භික්ඛුනිං අපස්සන්තියො එවමාහංසු, නිස්සංසයං ඛො සා භික්ඛුනී පුරිසෙන සද්ධිං නික්ඛන්තාති. අථ ඛො සා භික්ඛුනී තස්සා රත්තියා අච්චයෙන යෙන තා භික්ඛුනියො තෙනුපසඞ්කමි භික්ඛුනියො තං භික්ඛුනිං එතදවොචුං: කිස්ස ත්වං අය්යෙ පුරිසෙන සද්ධිං නික්ඛන්තාති. නාහං අය්යෙ පුරිසෙන සද්ධිං නික්ඛන්තාති. භික්ඛුනීනං එතමත්ථං ආරොචෙසි.
Sinhala BJT5. එසමයෙහි වනාහි බොහෝ මෙහෙණෝ කොසොල් දනව්වෙහි සිට සැවැතට යන්නාහු සවස එක්තරා ගමකට එළඹියහ. ඔවුනතුරෙහි එක්තරා මෙහෙණෙක් තොමෝ විශිෂ්ට රූ ඇත්තී දැකුම්කලු වූවා පැහැදුම් දනවන්නී වෙයි, එක්තරා පුරුෂයෙක් එ මෙහෙණ දක්නා හා මැ පිළිබඳ සිත් ඇත්තේ විය. එකල්හි ඒ පුරුෂ තෙමේ ඒ මෙහෙණන්හට සෙනසුන් පනවන්නේ ඒ මෙහෙණහට සෙනසුනක් එකත්පසෙකැ පැනවීයැ. එකල්හි ඒ මෙහෙණ තොමෝ ‘මේ පුරුෂ (රාග) පර්‍ය්‍යුත්‍ථි යැ, ඉදින් රැයෙහි එන්නේ නම් මාහට වියරුහඬෙක් වන්නේ යැයි සලකා මෙහෙණන් නො පිළිවිසැ එක්තරා කුලයකට ගොස් ශයනය කළා යැ. එකල්හි ඒ පුරුෂ තෙමේ රැයෙහි අවුත් එ මෙහෙණ සොයන්නේ මෙහෙණන් ගටාලී යැ. මෙහෙණෝ එ මෙහෙණ නො දක්නාහු මෙසේ කීහු, “නිසැකයෙන් මැ ඒ මෙහෙණ තොමෝ පිරිම්නියක්හු සමග නික්මගතු” යැයි, ඉක්බිති ඒ මෙහෙණ තොමෝ එරැය ඇවෑමෙන් ඒ මෙහෙණන් වෙත එළැඹියා යැ. මෙහෙණෝ ඒ මෙහෙණහට මෙය කීහු, ආර්‍ය්‍යාවෙනි, තෝ කුමකට පිරිම්නියක්හු සමග නික්මගතු දැයි, ආර්‍ය්‍යාවෙනි, මම් පිරිම්නියක්හු සමග නො නික්මගතිමි යි මෙහෙණන්හට තෙල කරුණ සැලකළා යැ.
Pali BJT6. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනී එකා රත්තිං විප්පවසිස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනී එකා රත්තිං විප්පවසීති සච්චං භගවා විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනී එකා රත්තිං විප්පවසිස්සති නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT6. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා රැයෙහි වෙන්වැ වුසූ” දැයි ... සැබෑ ද මහණෙනි, මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා රැයෙහි වෙන් වැ වුසූ දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා රැයෙහි වෙන්වැ වුසූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි, ... මෙසේ වනාහි මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
Pali BJTයා පන භික්ඛුනී එකා වා ගාමන්තරං ගච්ඡෙය්ය එකා වා නදීපාරං ගච්ඡෙය්ය එකා වා රත්තිං විප්පවසෙය්ය අයම්පි භික්ඛුනී පඨමාපත්තිකං ධම්මං ආපන්නා නිස්සාරණීයං සඞ්ඝාදිසෙසන්ති.
Sinhala BJTයම් මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා අන්ගමකට යා නම් හෝ හුදෙකලා වූවා ගඟෙකින් එතෙරට යා නම් හෝ හුදෙකලා වූවා රැයෙහි වෙන් වැ වසා නම් හෝ මේ මෙහෙණ තොමෝත් පළමු (විකුම් කෙණෙහි මැ) පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟවෙසෙස් ඇවැතට පැමිණියා වේ යැයි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛුනීනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේ මේ සිකපදය භාග්‍යවතුන් විසින් මෙහෙණන්හට පනවන ලද්දේ වෙයි.
Pali BJT7. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛුනියො කොසලෙසු ජනපදෙ සාවත්ථිං අද්ධානමග්ගප්පටිපන්නා හොන්ති. තත්ථ අඤ්ඤතරා භික්ඛුනී වච්චෙන පීළිතා{1} එකිකා ඔහීයිත්වා{2} පච්ඡා අගමාසි මනුස්සා තං භික්ඛුනිං පස්සිත්වා දූසෙසුං. අථ ඛො සා භික්ඛුනී යෙන තා භික්ඛුනියො තෙනුපසඞ්කමි, භික්ඛුනියො තං භික්ඛුනිං එතදවොචුං: “කිස්ස ත්වං අය්යෙ එකිකා ඔහීනා{3} කච්චිසි අප්පධංසිතාති. පධංසිතාම්හි අය්යෙති.
Sinhala BJT7. එසමයෙහි වනාහි බොහෝ මෙහෙණෝ කොසොල් දනව්වෙහි සිට සැවැතටැ (යනු පිණිස) අදන්මඟට පිළිපන්නාහු වෙති. ඔවුනතුරෙහි එක්තරා මෙහෙණක් තොමෝ මහවටනින් පෙළුණී හුදෙකලා වූවා (ගණයා කෙරෙන්) වෙන්වැ පසු වැ ගියා යැ. මිනිස්සු එ මෙහෙණ දැක දූෂණය කළහ. ඉක්බිති ඒ මෙහෙණ තොමෝ ඒ මෙහෙණන් වෙත එළඹියා යැ, මෙහෙණෝ ඒ මෙහෙණහට මෙය කීහු. “ආර්‍ය්‍යාවෙනි, කුමකට තෝ හුදෙකලා වූවා පසුවූවා ද? කීම! නො නසන ලදු” දැයි, ආර්‍ය්‍යාවෙනි, නසන ලදුයෙම් වෙමැයි (කිවුයැ).
Pali BJT8. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති, “කථං හි නාම භික්ඛුනී එකා ගණම්හා ඔහීයිස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනී එකා ගණම්හා ඔහීයීති සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනී එකා ගණම්හා ඔහීයිස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු.
Sinhala BJT8. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති. දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා ගණයා කෙරෙන් වෙන්වූ දැ” යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා ගණයා කෙරෙන් වෙන්වූ දැයි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා ගණයා කෙරෙන් වෙන්වූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි, ... මෙසේ වනාහි මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
Pali BJTයා පන භික්ඛුනී එකා වා ගාමන්තරං ගච්ඡෙය්ය එකා වා නදීපාරං ගච්ඡෙය්ය එකා වා රත්තිං විප්පවසෙය්ය එකා වා ගණම්හා ඔහීයෙය්ය අයම්පි භික්ඛුනී පඨමාපත්තිකං ධම්මං ආපන්නා නිස්සාරණීයං සඞ්ඝාදිසෙසන්ති.
Sinhala BJTයම් මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා අන්ගමකට යා නම් හෝ හුදෙකලා වූවා ගඟකින් එතෙරට යා නම් හෝ හුදෙකලා වූවා රැයෙහි වෙන් වැ වසා නම් හෝ හුදෙකලා වූවා ගණයා කෙරෙන් වෙන් වේ නම් හෝ මේ මෙහෙණ තොමෝත් පළමු (විකුම් කෙණෙහි මැ) පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟවෙසෙස් ඇවැතට පැමිණියා වේ යැයි.
Pali BJT9. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT9. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි ය යි.
Pali BJTඑකා වා ගාමන්තරං ගච්ඡෙය්යාති: පරික්ඛිත්තස්ස ගාමස්ස පරික්ඛෙපං පඨමං පාදං අතික්කාමෙන්තියා ආපත්ති ථුල්ලච්චයස්ස. දුතියං පාදං අතික්කාමෙන්තියා ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. අපරික්ඛිත්තස්ස ගාමස්ස උපචාරං පඨමං පාදං අතික්කාමෙන්තියා ආපත්ති ථුල්ලච්චයස්ස. දුතියං පාදං අතික්කාමෙන්තියා ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJTඒකා වා ගාමන්තරං ගච්ඡෙය්‍ය: පරික්‍ෂිප්ත ග්‍රාමයාගේ පරික්‍ෂේපය පළමු පයින් ඉක්මවන්නියට තුලැසි ඇවැත් වෙයි, දෙවන පයින් ඉක්මවන්නියට සඟවෙසෙස් ඇවැත් වෙයි, අපරික්‍ෂිප්තග්‍රාමයාගේ උපචාරය පළමු පයින් ඉක්මවන්නියට තුලැසි ඇවැත් වෙයි, දෙවන පයින් ඉක්මවන්නියට සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTඑකා වා නදීපාරං ගච්ඡෙය්යාති: නදී නාම තිමණ්ඩලං පටිච්ඡාදෙත්වා යත්ථ කත්ථචි උත්තරන්තියා භික්ඛුනියා අන්තරවාසකො තෙමියති, පඨමං පාදං උත්තරන්තියා{1} ආපත්ති ථුල්ලච්චයස්ස. දුතියං පාදං උත්තරන්තියා ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJTඒකා වා නදීපාරං ගච්ඡෙය්‍ය: නදී නම් තෙමඬුලු වසා යම් කිසි තැනෙකැ එතර වන්නා වූ මෙහෙණකගේ හඳනාසිවුර තෙමෙනු ලැබේ නම් එය යි, පළමු පියෙන් එතර වන්නියට තුලැසි ඇවැත් වෙයි, දෙවන පියෙන් එතර වන්නියට සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTඑකා වා රත්තිං විප්පවසෙය්යාති: සහ අරුණුග්ගමනා දුතියිකාය භික්ඛුනියා හත්ථපාසං විජහන්තියා ආපත්ති ථුල්ලච්චයස්ස විජහිතෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJTඒකා වා රත්තිං විප්පවසෙය්‍ය: අරුණ නැඟීම සමඟ මැ දෙවැනි මෙහෙණකගේ අත්පස හරින්නියට තුලැසි ඇවැත් වෙයි, හළ කල්හි සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTඑකා වා ගණම්හා ඔහීයෙය්යාති: අගාමකෙ අරඤ්ඤෙ දුතියිකාය භික්ඛුනියා දස්සනූපචාරං වා සවණූපචාරං වා විජහන්තියා ආපත්ති ථුල්ලච්චයස්ස. විජහිතෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJTඒකා වා ගණමහා ඔහීයෙය්‍ය: නො ගම් අරන්හි දෙවැනි මෙහෙණකගේ දසුන්උවසර හෝ සවන්උවසර හෝ හරින්නියට තුලැසි ඇවැත් වෙයි, හළ කල්හි සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTඅයම්පීති: පුරිමායො උපාදාය වුච්චති.
Sinhala BJTඅයම්‍පි: පළමු සඟවෙසෙස් අවන් මෙහෙණන් ගෙනැ කියනු ලැබෙයි.
Pali BJTපඨමාපත්තිකන්ති: සහවත්ථජ්ඣාචාරා ආපජ්ජති අසමනුභාසනාය.
Sinhala BJTපඨමාපත්‍තිකං: වස්තුව්‍යතික්‍රමණය සමග මැ පැමිණෙයි, සමනුභාෂණකර්‍මයෙන් නො වෙයි.
Pali BJTනිස්සාරණීයන්ති: සඞ්ඝම්හා නිස්සාරීයති.
Sinhala BJTනිස්‍සාරණීයං: සඟහු කෙරෙන් නෙරනු ලබයි.
Pali BJTසඞ්ඝාදිසෙසොති -පෙ- තෙනපි වුච්චති සඞ්ඝාදිසෙසොති.
Sinhala BJTසඞ්ඝාදිසේසො: එයිනුදු සඞ්ඝාදිසේස යැයි කියනු ලැබේ.
Pali BJTඅනාපත්ති: දුතියිකා භික්ඛුනී පක්කන්තා වා හොති විබ්භන්තා වා කාලකතා වා පක්ඛසංකන්තා වා, ආපදාසු, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTදෙවැනි මෙහෙණ ගියා හෝ ගිහිවූවා හෝ කලුරිය කළා හෝ තොටුපසට ගියා හෝ වේ නම් ඇවැත් නොවේ. ආපදායෙහි, උම්මත්තිකාවට ... අදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTතතියසඞ්ඝාදිසෙසො
Sinhala BJTතෘතීය සඞ්ඝාදිශේෂ යි.
Pali BJT2. 4.
Sinhala BJT2. 4.
Pali BJTචතුත්ථසඞ්ඝාදිසෙසො
Sinhala BJTචතුර්‍ත්‍ථ සඞ්ඝාදිශේෂය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන චණ්ඩකාළී භික්ඛුනී භණ්ඩනකාරිකා හොති කලහකාරිකා විවාදකාරිකා භස්සකාරිකා සංඝෙ අධිකරණකාරිකා. ථුල්ලනන්දා භික්ඛුනී තස්සා කම්මෙ කයිරමානෙ{2} තෙ පටික්කොසති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි චණ්ඩකාලි භික්‍ෂුණී තොමෝ ඩබර කරන්නී කලහකරන්නී විරුද්ධවාද කරන්නී බහින්බස් වන්නී සඞ්‍ඝයා කෙරෙහි අධිකරණ කරන්නී වෙයි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ඇයට කර්‍ම කරන කල්හි ඔවුනට පටහැණි වැ කරුණු කියයි.
Pali BJTතෙන ඛො පන සමයෙන ථුල්ලනන්දා භික්ඛුනී ගාමකං අගමාසි, කෙනචිදෙව කරණීයෙන. අථ ඛො භික්ඛුනිසඞ්ඝො ථුල්ලනන්දා භික්ඛුනී පක්කන්තාති චණ්ඩකාළිං භික්ඛුනිං ආපත්තියා අදස්සනෙ{1} උක්ඛිපි. ථුල්ලනන්දා භික්ඛුනී ගාමකෙ තං කරණීයං තීරෙත්වා පුනදෙව සාවත්ථිං පච්චාගච්ඡි{2}. චණ්ඩකාළී භික්ඛුනී ථුල්ලනන්දාය භික්ඛුනියා ආගච්ඡන්තියා නෙව ආසනං පඤ්ඤාපෙසි න පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික්ඛිපි. න පච්චුග්ගන්ත්වා පත්තචීවරං පටිග්ගහෙසි න පානීයෙන ආපුච්ඡි. ථුල්ලනන්දා භික්ඛුනී චණ්ඩකාළිං භික්ඛුනිං එතදවොච: “කිස්ස ත්වං අය්යෙ මයි{3} ආගච්ඡන්තියා නෙව ආසනං පඤ්ඤාපෙසි න පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික්ඛිපි, න පච්චුග්ගන්ත්වා පත්තචීවරං පටිග්ගහෙසි, න පානීයෙන ආපුච්ඡී”ති එවං හෙතං අය්යෙ හොති. යථා තං අනාථායාති. කිස්ස පන ත්වං අය්යෙ අනාථාති. ඉමා මං අය්යෙ භික්ඛුනියො අයං අනාථා අප්පඤ්ඤාතා නත්ථි ඉමිස්සා කොචි{4} පටිවත්තාති ආපත්තියා අදස්සනෙ උක්ඛිපිංසූති. ථුල්ලනන්දා භික්ඛුනී බාලා එතා අව්යත්තා එතා, නෙතා ජානන්ති කම්මං වා කම්මදොසං වා කම්මවිපත්තිං වා කම්මසම්පත්තිං වා. මයං ඛො ජානාම කම්මම්පි කම්මදොසම්පි කම්මවිපත්තිම්පි කම්මසම්පත්තිම්පි. මයං ඛො අකතං වා කම්මං කාරෙය්යාම{5} කතං වා කම්මං කොපෙය්යාමාති ලහුං ලහුං භික්ඛුනිසඞ්ඝං සන්නිපාතාපෙත්වා චණ්ඩකාළිං භික්ඛුනිං ඔසාරෙසි.
Sinhala BJTඑසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ කිසියම් ඇවැසි කටයුත්තක් හේතු කොට ගෙන ගමකට ගියා යැ. එකල්හි භික්‍ෂුණී සඞ්‍ඝ තෙමේ ථුල්ලනන්‍දා භික්‍ෂුණිය බැහැර ගියා යැයි චණ්ඩකාලී මෙහෙණහට ඇවැත් හෙයින් නො දැක්මෙහි උත්ක්‍ෂේපණීය කර්‍මය කෙළේයැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ගමෙහි ඒ ඇවැසි කටයුත්ත තීරණය කොට යළිදු සැවැතට පෙරළා පැමිණියා යැ. චණ්ඩකාලී භික්‍ෂුණී තොමෝ එන ථුල්ලනන්‍දා මෙහෙණහට අසුනක් නො මැ පැනවූ යැ. පා දෝනා දිය පාපුටුව පා උලන පුවරුව නො මැ වෙතැ තැබූ යැ. පෙරැගමන් කොට පා සිවුරු නො පිළිගතු. පැනින් නො පිළිවූසු. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ චණ්ඩකාළී මෙහෙණහට මෙය කිවූ යැ: “ආර්‍ය්‍යාවෙනි, තෝ කුමක් හෙයින් මා පැමිණෙන කල්හි අසුනක් නො මැ පැනවුව, පාදෝනාදිය පාපුටුව පා උලන පුවරුව නො මැ වෙත තැබුව, පෙරැ ගමන් කොට පාසිවුරු නො පිළිගතුව, පැනින් නො පිළිවුසුවැ” යි. “ආර්‍ය්‍යාවෙනි, පිළිසරණ නැතියකට යම්සේ නම් එසේ ම මැයට ද වේ” යැයි. ආර්‍ය්‍යාවෙනි, තෝ කුමක් හෙයින් පිළිසරණ නැතියක් වීහි ද? ආර්‍ය්‍යාවෙනි, මේ භික්‍ෂුණීහු “මැය පිළිසරණ නැත්තියක අප්‍රසිද්ධ යැ, මැය පිළිබඳ කිසියම් පටහැණිවැ කියන්නෙක් නැතැ”යි ඇවැත් හෙයින් නො දැක්මෙහි උකෙච්නීකම් කළහ යි. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ “මොව්හු බාල යැ මොව්හු අවියත්හු යැ මොව්හු කර්‍මය හෝ කර්‍මදෝෂය හෝ කර්‍මවිපත්තිය හෝ කර්‍මසම්පත්තිය හෝ නො දනිති, ඇපි වනාහි කර්‍මය ද කර්‍මදෝෂය ද කර්‍මවිපත්තිය ද කර්‍මසම්පත්තිය ද දැනුම්හ, ඇපි වනාහි නො කළ කර්‍මය හෝ කරන්නම්හ, කළ කර්‍මය හෝ කෝපනය කරන්නම්හ” යි යුහු යුහු වැ භික්‍ෂුණී සඞ්‍ඝයා රැස්කරවා ලා චණ්ඩකාලී මෙහෙණ අවසාරණය (යළි ඇතුළත් කිරීම) කැරැවූ යැ.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති, “කථං හි නාම අය්යා ථුල්ලනන්දා සමග්ගෙන සඞ්ඝෙන උක්ඛිත්තං භික්ඛුනිං ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන අනපලොකෙත්වා කාරකසඞ්ඝං අනඤ්ඤාය ගණස්ස ඡන්දං ඔසාරෙස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී සමග්ගෙන සඞ්ඝෙන උක්ඛිත්තං භික්ඛුනිං ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන අනපලොකෙත්වා කාරකසඞ්ඝං අනඤ්ඤාය ගණස්ස ඡන්දං ඔසාරෙසීති. සච්චං භගවා විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී සමග්ගෙන සඞ්ඝෙන උක්ඛිත්තං භික්ඛුනිං ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන අනපලොකෙත්වා කාරකසඞ්ඝං අනඤ්ඤාය ගණස්ස ඡන්දං ඔසාරෙස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් ආර්‍ය්‍ය ථුල්ලනන්‍දා තොමෝ සමඟ සඟහු විසින් ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් උඛෙච්නී කම් කරන ලද මෙහෙණක කාරකසඞ්‍ඝයා නො පිළිවිසැ ගණයාගේ ඡන්‍දය නො දැනැ අවසාරණය කළා” දැයි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සමඟ සඟහු විසින් ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් උඛෙච්නී කම් කරන ලද මෙහෙණක කාරකසඞ්‍ඝයා නො පිළිවිසැ ගණයාගේ ඡන්‍දය නො දැනැ (සඟමැදට) ඇතුළත් කළා දැයි, සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ. ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සමඟ සඟහු විසින් ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් උඛෙච්නී කම් කරන ලද මෙහෙණක කාරකසඞ්‍ඝයා නො පිළිවිසැ ගණයාගේ ඡන්‍දය නො දැනැ ඇතුළත් කළා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... තව ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය මෙසේ උදෙසත්වා.
Pali BJT“යා පන භික්ඛුනී සමග්ගෙන සඞ්ඝෙන උක්ඛිත්තං භික්ඛුනිං ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන අනපලොකෙත්වා කාරකසඞ්ඝං අනඤ්ඤාය ගණස්ස ඡන්දං ඔසාරෙය්ය, අයම්පි භික්ඛුනී පඨමාපත්තිකං ධම්මං ආපන්නා නිස්සාරණීයං සඞ්ඝාදිසෙස”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් තොමෝ සමඟ සඟහු විසින් ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් උඛෙච්නී කම් කරන ලද මෙහෙණක කාරකසඞ්‍ඝයා නො පිළිවිසැ ගණයාගේ ඡන්‍දය නො දැනැ ඇතුළත් කරන්නී නම් මේ මෙහෙණ තොමෝත් පළමු (විකුම් කෙණෙහි මැ) පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟවෙසෙස් ඇවැතට පැමිණියා වේ” යයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණිය යි.
Pali BJTසමග්ගො නාම සඞ්ඝො සමානසංවාසකො සමානසීමායං ඨිතො.
Sinhala BJTසමග්‍ග නම්: සමානසංවාසක වූ සමාන සීමායෙහි සිටි සඞ්‍ඝ තෙමේ යි.
Pali BJTඋක්ඛිත්තා නාම: ආපත්තියා අදස්සනෙ වා අප්පටිකම්මෙ වා අප්පටිනිස්සග්ගෙ වා උක්ඛිත්තා.
Sinhala BJTඋක්ඛිත්තා නම්: ඇවැත් හෙයින් නො දැක්මෙහි හෝ නො පිළියම් කිරීමෙහි හෝ නො බැහැරැ කිරීමෙහි හෝ උකෙච්නී කම් කරන ලද්දී යැ.
Pali BJTධම්මෙන විනයෙනාති: යෙන ධම්මෙන යෙන විනයෙන.
Sinhala BJTධම්මෙන විනයෙන: යම් ධර්‍මයෙකින් යම් විනයයෙකින්.
Pali BJTසත්ථුසාසනෙනාති: ජිනසාසනෙන බුද්ධසාසනෙන.
Sinhala BJTසත්‍ථුසාසනෙන: ජිනශාසනයෙන් බුද්ධශාසනයෙන්.
Pali BJTඅනපලොකෙත්වා කාරකසඞ්ඝන්ති: කම්මකාරකසඞ්ඝං අනාපුච්ඡා.
Sinhala BJTඅනපලෝකෙත්‍වා කාරකසඞ්‍ඝං: කර්‍මය කරන සඟහු නො පිළිවිසැ.
Pali BJTඅනඤ්ඤාය ගණස්ස ඡන්දන්ති: ගණස්ස ඡන්දං අජානිත්වා, ඔසාරෙස්සාමීති ගණං වා පරියෙසති, සීමං වා සම්මන්නති ආපත්ති දුක්කටස්ස. ඤත්තියා දුක්කටං ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJTඅනඤ්ඤාය ගණස්ස ඡන්‍දං: ගණයාගේ ඡන්‍දය නො දැනැ ඇතුළත් කරන්නෙමි යි ගණයා සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි, ඥප්තියෙන් දුකුළා යැ, දෙ කම් වදනින් තුලැසි යැ. කම් වදන් පිරියතැ සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTඅයම්පීති: පුරිමායො උපාදාය වුච්චති.
Sinhala BJTඅයම්පි: පළමු මෙහෙණන් ගෙනැ කියනු ලැබෙයි.
Pali BJTපඨමාපත්තිකන්ති: සහවත්ථජ්ඣාචාරා ආපජ්ජති අසමනුභාසනාය.
Sinhala BJTපඨමාපත්තිකං: වස්තුව්‍යතික්‍රමණය සමඟ මැ පැමිණෙයි, සමනුභාෂණකර්‍මයෙන් නො වෙයි.
Pali BJTනිස්සාරණීයන්ති: සඞ්ඝම්හා නිස්සාරීයති.
Sinhala BJTනිස්සාරණීයං: සඟහු කෙරෙන් නෙරනු ලැබෙයි.
Pali BJTසඞ්ඝාදිසෙසොති -පෙ- තෙනපි වුච්චති සඞ්ඝාදිසෙසොති.
Sinhala BJTසඞ්ඝාදිසේසො: ... එයිනුදු සඞ්ඝාදිසේස යැයි කියනු ලැබේ.
Pali BJTධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා ඔසාරෙති ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ධම්මකම්මෙ වෙමතිකා ඔසාරෙති ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා ඔසාරෙති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. අධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇත්තී ඇතුළත් කෙරේ නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, ධර්‍මකර්‍මයෙහි විමති ඇත්තී ඇතුළත් කෙරේ නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, ධර්‍මකර්‍මයෙහි අධර්‍ම කර්‍මසංඥා ඇත්තී ඇතුළත් කෙරේ නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇත්තී නම් දුකුළා ඇවැත් වෙයි, අධර්‍මකර්‍මයෙහි විමති ඇත්තී නම් දුකුළා ඇවැත් වෙයි, අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇත්තී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: කම්මකාරකසඞ්ඝං{1} අපලොකෙත්වා ඔසාරෙති, ගණස්ස ඡන්දං ජානිත්වා ඔසාරෙති, වත්තෙ වත්තන්තිං ඔසාරෙති අසන්තෙ කම්මකාරකසඞ්ඝෙ ඔසාරෙති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTකර්‍මය කරන සඞ්‍ඝයා පිළිවිසැ ඇතුළත් කෙරේ නම්, ගණයාගේ ඡන්‍දය දැනැ ඇතුළත් කෙරේ නම් වතෙහි වැටෙන්නිය ඇතුළත් කෙරේ නම් කර්‍මය කරන සඞ්‍ඝයා නැති කල්හි ඇතුළත් කෙරේ නම් උම්මත්තිකාවහට ... අදිකම්මිකාවහට ඇවැත් නැති.
Pali BJTචතුත්ථසඞ්ඝාදිසෙසො
Sinhala BJTචතුර්‍ත්‍ථ සඞ්ඝාදිශේෂ යි.
Pali BJT2. 5.
Sinhala BJT2. 5.
Pali BJTපඤ්චමසඞ්ඝාදිසෙසො
Sinhala BJTපඤ්චම සඞ්ඝාදිශේෂය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සුන්දරීනන්දා භික්ඛුනී අභිරූපා හොති දස්සනීයා පාසාදිකා. මනුස්සා භත්තග්ගෙ සුන්දරීනන්දං භික්ඛුනිං පස්සිත්වා අවස්සුතා අවස්සුතාය සුන්දරීනන්දාය භික්ඛුනියා අග්ගමග්ගානි භොජනානි දෙන්ති. සුන්දරීනන්දා භික්ඛුනී යාවදත්ථං භුඤ්ජති, අඤ්ඤා භික්ඛුනියො න චිත්තරූපං ලභන්ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති, එසමයෙහි වනාහි සුන්‍දරීනන්‍දා භික්‍ෂුණී තොමෝ විශිෂ්ට රූ ඇත්තී දැකුම්කලු වූවා පැහැදුම් එළවන්නී වෙයි, මිනිස්සු බතගෙහි සුන්‍දරීනන්‍දා මෙහෙණ දැක රාගයෙන් තෙත් වූවාහු රාගයෙන් තෙත්වූ සුන්‍දරීනන්‍දා මෙහෙණහට උතුම් උතුම් බොජුන් දෙති. සුන්‍දරීනන්‍දා මෙහෙණ තොමෝ රිසියෙන තාක් වළඳයි. අන් මෙහෙණෝ සිත්සේ නො ලබත්.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති, “කථං හි නාම අය්යා සුන්දරීනන්දා අවස්සුතා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස හත්ථතො ඛාදනීයං භොජනීයං සහත්ථා පටිග්ගහෙත්වා ඛාදිස්සති භුඤ්ජිස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ සුන්දරීනන්දා භික්ඛුනී අවස්සුතා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස හත්ථතො ඛාදනීයං භොජනීයං සහත්ථා පටිග්ගහෙත්වා ඛාදති භුඤ්ජතීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ සුන්දරීනන්දා භික්ඛුනී අවස්සුතා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස හත්ථතො ඛාදනීයං භොජනීයං සහත්ථා පටිග්ගහෙත්වා ඛාදිස්සති භුඤ්ජිස්සති, නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු.
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමුකොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍ය සුන්‍දරීනන්‍දා තොමෝ රාගයෙන් තෙත් වූවා රාගයෙන් තෙත් වූ පිරිම්නියක්හුගේ අතින් කෑයුත්තක් බිදිය යුත්තක් සියතින් පිළිගෙන කෑවා ද වැළඳූ දැ” යි ... සැබෑ ද මහණෙනි, සුන්‍දරීනන්‍දා භික්‍ෂුණී තොමෝ රාගයෙන් තෙත් වූවා රාගයෙන් තෙත් වූ පිරිම්නියක්හුගේ අතින් කෑ යුත්තක් බුදිය යුත්තක් සියතින් පිළිගෙන කා ද වළඳා දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, සුන්‍දරීනන්‍දා භික්‍ෂුණී තොමෝ රාගයෙන් තෙත් වූවා රාගයෙන් තෙත් වූ පිරිම්නියක්හුගේ අතින් කෑ යුත්තක් බිදිය යුත්තක් සියතින් පිළිගෙන කෑවා ද වැළඳූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද වනාහි මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
Pali BJTයා පන භික්ඛුනී අවස්සුතා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස හත්ථතො ඛාදනීයං භොජනීයං සහත්ථා පටිග්ගහෙත්වා ඛාදෙය්ය වා භුඤ්ජෙය්ය වා අයම්පි භික්ඛුනී පඨමාපත්තිකං ධම්මං ආපන්නා නිස්සාරණීයං සඞ්ඝාදිසෙස”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් තොමෝ රාගයෙන් තෙත් වූවා රාගයෙන් තෙත් වූ පිරිම්නියක්හුගේ අතින් කෑ යුත්තක් හෝ බිදිය යුත්තක් හෝ සියතින් පිළිගෙනැ කා නම් හෝ වළඳා නම් හෝ මේ මෙහෙණ තොමෝත් පළමු (විකුම් කෙණෙහි මැ) පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟවෙසෙස් ඇවැතට පැමිණියා වේ” යැයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTඅවස්සුතා නාම: සාරත්තා අපෙක්ඛවතී පටිබද්ධචිත්තා.
Sinhala BJTඅවස්සුතා නම්: රාගයෙන් මොනවට රත් වූ (පිරිම්නියක්හු කෙරෙහි) අපේක්‍ෂායෙන් යුක්ත වූ පිළිබඳසිත් ඇත්තී යැ.
Pali BJTඅවස්සුතො නාම: සාරත්තො අපෙක්ඛවා පටිබද්ධචිත්තො.
Sinhala BJTඅවස්සුත නම්: රාගයෙන් මොනොවට රත් වූ (මාගමක කෙරෙහි) අපේක්‍ෂායෙන් යුක්ත වූ පිළිබඳසිත් ඇත්තේ යැ.
Pali BJTපුරිසපුග්ගලො නාම: මනුස්සපුරිසො න යක්ඛො න පෙතො න තිරච්ඡානගතො විඤ්ඤූ පටිබලො සාරජ්ජිතුං.
Sinhala BJTපුරිසපුග්ගල නම්: මිනිස් පිරිම්නියෙකි, යකෙක් නො වෙයි, ප්‍රේතයෙක් නො වෙයි, තිරිසන් ගියෙක් නො වේ, රාගයෙන් ඇලෙන්නට දැනුමැති ප්‍රතිබලයෙකි.
Pali BJTඛාදනීයං නාම: පඤ්චභොජනානි උදකදන්තපොණං ඨපෙත්වා අවසෙසං ඛාදනීයං නාම.
Sinhala BJTඛාදනීය නම්: පස් බොජුන් ද දිය හා දැහැටු ද තබා සෙස්ස ඛාදනීය නම් වේ.
Pali BJTභොජනීයං නාම: පඤ්චභොජනානි ඔදනො කුම්මාසො සත්තු මච්ඡො මංසං, ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පතිගණ්හාති ආපත්ති ථුල්ලච්චයස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJTභෝජනීය නම්: බත් යැ කොමු යැ අත්සුණු යැ දියමස් යැ ගොඩමස් යැ යන පස් බොජුනි, කන්නෙමි බුදින්නෙමි යි පිළිගනී නම් තුලැසි ඇවැත් වෙයි. පරගලායෙහි පරගලායෙහි සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTඅයම්පීති: පුරිමායො උපාදාය වුච්චති.
Sinhala BJTඅයම්පි: පළමු මෙහෙණන් ගෙනැ කියනු ලැබෙයි.
Pali BJTපඨමාපත්තිකන්ති: සහවත්ථජ්ඣාචාරා ආපජ්ජති අසමනුභාසනාය.
Sinhala BJTපඨමාපත්තිකං: වස්තුව්‍යතික්‍රමණය සමඟ මැ පැමිණෙයි, සමනුභාෂණකර්‍මයෙන් නො වෙයි.
Pali BJTනිස්සාරණීයන්ති: සඞ්ඝම්හා නිස්සාරීයති.
Sinhala BJTනිස්සාරණීයං: සඟහු කෙරෙන් නෙරනු ලබයි.
Pali BJTසඞ්ඝාදිසෙසොති: -පෙ- තෙනපි වුච්චති සඞ්ඝාදිසෙසොති. උදකදන්තපොණං පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTසඞ්ඝාදිසේසො: ... එයිනුදු සඞ්ඝාදිසේස යැ යි කියනු ලැබෙයි, දිය හා දැහැටු පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඑකතො අවස්සුතෙ ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති ථුල්ලච්චයස්ස. උදකදන්තපොණං පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඑකක්හු විසින් රාගයෙන් තෙත් වූ කල්හි කන්නෙමි බුදින්නෙමියි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරගලායෙහි පරගලායෙහි තුලැසි ඇවැත් වෙයි. පැන් හා දැහැටු පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඋභතො අවස්සුතෙ යක්ඛස්ස වා පෙතස්ස වා පණ්ඩකස්ස වා තිරච්ඡානගතමනුස්සවිග්ගහස්ස වා හත්ථතො ඛාදනීයං වා භොජනීයං වා{1} ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති ථුල්ලච්චයස්ස. උදකදන්තපොණං පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTදෙදෙනා විසින් රාගයෙන් තෙත් වූ කල්හි යක්‍ෂයකුගේ හෝ ප්‍රේතයකුගේ හෝ පණ‍්‍ඩකයකුගේ හෝ තිර්‍ය්‍යග්ගතමනුෂ්‍ය ශරිරියකුගේ හෝ අතින් කෑ යුත්තක් හෝ බිඳිය යුත්තක් හෝ කන්නෙමි බුදින්නෙමි යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි, පරගලායෙහි පරගලායෙහි තුලැසි ඇවැත් වෙයි, පැන් හා දැහැටු පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඑකතො අවස්සුතෙ ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති දුක්කටස්ස. උදකදන්තපොණං පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඑකක්හු විසින් රාගයෙන් තෙත් වූ කල්හි කන්නෙමි බුදින්නෙමි යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි, පරගලායෙහි පරගලායෙහි දුකුළා ඇවැත් වෙයි, පැන් හා දැහැටු පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: උභතො අනවස්සුතා හොන්ති, අනවස්සුතොති ජානන්තී පතිගණ්හාති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTදෙදෙනා විසින් රාගයෙන් තෙත් නො වූවාහු වෙත් නම්, රාගයෙන් තෙත් නො වූයේ යැ යි දන්නී පිළිගනී නම්, උම්මත්තිකාවට ... අදිකම්මිකාවහට ඇවැත් නැති.
Pali BJTපඤ්චම සඞ්ඝාදිසෙසො
Sinhala BJTපඤ්චම සඞ්ඝාදිශේෂ යි.
Pali BJT2. 6.
Sinhala BJT2. 6.
Pali BJTඡට්ඨසඞ්ඝාදිසෙසො
Sinhala BJTෂෂ්ඨ සඞ්ඝාදිශේෂය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සුන්දරීනන්දා භික්ඛුනී අභිරූපා හොති දස්සනීයා පාසාදිකා, මනුස්සා භත්තග්ගෙ සුන්දරීනන්දං භික්ඛුනිං පස්සිත්වා අවස්සුතා සුන්දරීනන්දාය භික්ඛුනියා අග්ගමග්ගානි භොජනානි දෙන්ති. සුන්දරීනන්දා භික්ඛුනී කුක්කුච්චායන්තී න පතිගණ්හාති. අනන්තරිකා භික්ඛුනී සුන්දරීනන්දං භික්ඛුනිං එතදවොච, “කිස්ස ත්වං අය්යෙ න පතිගණ්හාසී”ති. අවස්සුතා අය්යෙති. ත්වං පනෙය්ය අවස්සුතාති නාහං අය්යෙ අවස්සුතාති. කිං තෙ අය්යෙ එසො පුරිසපුග්ගලො කරිස්සති අවස්සුතො වා අනවස්සුතො වා යතො ත්වං අනවස්සුතා. ඉඞ්ඝය්යෙ යං තෙ එසො පුරිසපුග්ගලො දෙති ඛාදනීයං වා භොජනීයං වා තං ත්වං සහත්ථා පටිග්ගහෙත්වා ඛාද වා භුඤ්ජ වාති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සුන්‍දරීනන්‍දා භික්‍ෂුණී තොමෝ විශිෂ්ට රූ ඇත්තී දැකුම්කලු වූවා ප්‍රසාද එළවන්නී වෙයි, මිනිස්සු බතගෙහි සුන්‍දරීනන්‍දා මෙහෙණ දැක රාගයෙන් තෙත් වූවාහු සුන්‍දරීනන්‍දා මෙහෙණට උතුම් උතුම් බොජුන් දෙති. සුන්‍දරීනන්‍දා භික්‍ෂුණී තොමෝ කුකුසන්නී නො පිළිගනී. අනතුරුවැ හුන් මෙහෙණ සුන්‍දරීනන්‍දා මෙහෙණට මෙය කිවු යැ. “ආර්‍ය්‍යාවෙනි, කුමක් හෙයින් තෙපි නො පිළිගනිවු දැ” යි. ආර්‍ය්‍යාවෙනි, රාගයෙන් තෙත් වූයේ යැ, ආර්‍ය්‍යාවෙනි, තෙපි වනාහි රාගයෙන් තෙත් වූවාහු දැ යි. ‘ආර්‍ය්‍යාවෙනි, මම රාගයෙන් තෙත් නො වූයේමැ’යි. ආර්‍ය්‍යාවෙනි, යම් හෙයෙකින් තෙපි රාගයෙන් තෙත් නො වූවහු නම් තෙල මිනිස් පිරිම්නියා රාගයෙන් තෙත් වූයේ හෝ තෙත් නො වූයේ හෝ තොපට කුමක් කරන්නේ ද? එබැවින් ආර්‍ය්‍යාවෙනි, තෙල මිනිස් පිරිම්නියා කෑ යුතු හෝ බිදිය යුතු හෝ යමක් දේ නම් එය තෙපි සියතින් පිළිගෙන කව හෝ වළඳව හෝ යි.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති, කථං හි නාම භික්ඛුනී එවං වක්ඛති “කිං තෙ අය්යෙ එසො පුරිසපුග්ගලො කරිස්සති අවස්සුතො වා අනවස්සුතො වා යතො ත්වං අනවස්සුතා, ඉඞ්ඝය්යෙ යං තෙ එසො පුරිසපුග්ගලො දෙති ඛාදනීයං වා භොජනීයං වා තං ත්වං සහත්ථා පටිග්ගහෙත්වා ඛාද වා භුඤ්ජවා”ති, -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනී එවං වදෙති, “කිං තෙ අය්යෙ එසො පුරිසපුග්ගලො කරිස්සති අවස්සුතො වා අනවස්සුතො වා යතො ත්වං අනවස්සුතා, ඉඞ්ඝය්යෙ යං තෙ එසො පුරිසපුග්ගලො දෙති ඛාදනීයං වා භොජනීයං වා තං ත්වං සහත්ථා පටිග්ගහෙත්වා ඛාද වා භුඤ්ජ වා”ති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා. -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනී එවං වක්ඛති – “කිං තෙ, අය්යෙ, එසො පුරිසපුග්ගලො කරිස්සති අවස්සුතො වා අනවස්සුතො වා යතො ත්වං අනවස්සුතා ඉඞ්ඝය්යෙ යං තෙ එසො පුරිසපුග්ගලො දෙති ඛාදනීයං වා භොජනීයං වා තං ත්වං සහත්ථා පටිග්ගහෙත්වා ඛාද වා භුඤ්ජවා”ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් තොමෝ ආර්‍ය්‍යාවෙනි, යම් හෙයෙකින් තෙපි රාගයෙන් තෙත් නො වූවහු නම් තෙල මිනිස් පිරිම්නියා රාගයෙන් තෙත් වූයේ හෝ තෙත් නො වූයේ හෝ තොපට කුමක් කරන්නේ ද, එබැවින් ආර්‍ය්‍යාවෙනි, තෙල මිනිස් පිරිම්නියා කෑ යුතු හෝ බිදිය යුතු හෝ යමක් දේ නම් එය තෙපි සියතින් පිළිගෙන කව හෝ වළඳව හෝ යි මෙසේ කිවුදැ” යි ... සැබෑද මහණෙනි, මෙහෙණක් තොමෝ ආර්‍ය්‍යාවෙනි, යම් හෙයෙකින් තෙපි රාගයෙන් තෙත් නො වූවහු නම් තෙල මිනිස් පිරිම්නියා රාගයෙන් තෙත් වූයේ හෝ තෙත් නො වූයේ හෝ තොපට කුමක් කරන්නේ ද, එබැවින් ආර්‍ය්‍යාවෙනි, තෙල මිනිස් පිරිම්නියා කෑ යුතු හෝ බිදිය යුතු යමක් දේ නම් එය තෙපි සියතින් පිළිගෙන කව හෝ වළඳව හෝ යි මෙසේ කිවු ද? සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, “මෙහෙණක් තොමෝ ආර්‍ය්‍යාවෙනි, යම් හෙයෙකින් තෙපි රාගයෙන් තෙත් නො වූවහු නම් තෙල මිනිස් පිරිම්නියා රාගයෙන් තෙත් වූයේ හෝ තෙත් නො වූයේ හෝ තොපට කුමක් කරන්නේ ද, එබැවින් ආර්‍ය්‍යාවෙනි, තෙල මිනිස් පිරිම්නියා කෑ යුතු හෝ බිදිය යුතු යමක් දේ නම් එය තෙපි සියතින් පිළිගෙන කව හෝ වළඳව හෝ” යි මෙසේ කිවු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණහු මේ සිකපදය උදෙසත්වා.
Pali BJT“යා පන භික්ඛුනී එවං වදෙය්ය: කිං තෙ අය්යෙ එසො පුරිසපුග්ගලො කරිස්සති අවස්සුතො වා අනවස්සුතො වා යතො ත්වං අනවස්සුතා, ඉඞ්ඝය්යෙ යං තෙ එසො පුරිසපුග්ගලො දෙති ඛාදනීයං වා භොජනීයං වා තං ත්වං සහත්ථා පටිග්ගහෙත්වා ඛාද වා භුඤ්ජ වාති. අයම්පි භික්ඛුනී පඨමාපත්තිකං ධම්මං ආපන්නා නිස්සාරණීයං සඞ්ඝාදිසෙස”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් “ආර්‍ය්‍යාවෙනි, යම් හෙයෙකින් තෙපි රාගයෙන් තෙත් නො වූවහු නම් තෙල මිනිස් පිරිම්නියා රාගයෙන් තෙත් වූයේ හෝ තෙත් නො වූයේ හෝ තොපට කුමක් කරන්නේ ද, එබැවින් ආර්‍ය්‍යාවෙනි, තෙල මිනිස් පිරිම්නියා කෑ යුතු හෝ බිදිය යුතු යමක් දේ නම් එය තෙපි සියතින් පිළිගෙන කව හෝ වළඳව හෝ” යි මෙසේ කියා නම්, මේ මෙහෙණ තොමෝත් පළමු (විකුම් කෙණෙහි මැ) පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟවෙසෙස් ඇවැතට පැමිණියා වේ” යයි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී වෙයි.
Pali BJTඑවං වදෙය්යාති: කිං තෙ අය්යෙ එසො පුරිසපුග්ගලො කරිස්සති අවස්සුතො වා අනවස්සුතො වා යතො ත්වං අනවස්සුතා, ඉඞ්ඝය්යෙ යං තෙ එසො පුරිසපුග්ගලො දෙති ඛාදනීයං වා භොජනීයං වා තං ත්වං සහත්ථා පටිග්ගහෙත්වා ඛාද වා භුඤ්ජ වාති උය්යොජෙති ආපත්ති දුක්කටස්ස. තස්සා වචනෙන ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ, අජ්ඣොහාරෙ ආපත්ති ථුල්ලච්චයස්ස. භොජනපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJTඑවං වදෙය්‍ය: ආර්‍ය්‍යාවෙනි, යම් හෙයෙකින් තෙපි රාගයෙන් තෙත් නො වූවහු නම් තෙල මිනිස් පිරිම්නියා රාගයෙන් තෙත් වූයේ හෝ තෙත් නො වූයේ හෝ තොපට කුමක් කරන්නේ ද, එබැවින් ආර්‍ය්‍යාවෙනි, තෙල මිනිස් පිරිම්නියා කෑයුතු හෝ බිදිය යුතු හෝ යමක් තොපට දේ නම් එය තෙපි සියතින් පිළිගෙන කව හෝ වළඳව හෝ යි නියෝග කරා නම් දුකුළා ඇවැත් වෙයි, ඇයගේ වචනයෙන් කන්නෙමි බුදින්නෙමි යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරගලායෙහි පරගලායෙහි තුලැසි ඇවැත් වෙයි. බොජුන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTඅයම්පීති: පුරිමායො උපාදාය වුච්චති.
Sinhala BJTඅයම්පි: පළමු මෙහෙණන් ගෙනැ කියනු ලැබෙයි.
Pali BJTපඨමාපත්තිකන්ති: සහවත්ථජ්ඣාචාරා ආපජ්ජති අසමනුභාසනාය.
Sinhala BJTපඨමාපත්තිකං: වස්තුව්‍යතික්‍රමණය සමඟ මැ පැමිණෙයි, සමනුභාෂණ කර්‍මයෙන් නො වෙයි.
Pali BJTනිස්සාරණීයන්ති: සඞ්ඝම්හා නිස්සාරීයති.
Sinhala BJTනිස්සාරණීයං: සඟහු කෙරෙන් නෙරනු ලබයි.
Pali BJTසඞ්ඝාදිසෙසොති: -පෙ- තෙනපි වුච්චති සඞ්ඝාදිසෙසොති.
Sinhala BJTසඞ්ඝාදිසේසො: ... එයිනුදු සඞ්ඝාදිසේස ය යි කියනු ලැබෙයි.
Pali BJTඋදකදන්තපොණං පතිගණ්හාති උය්යොජෙති ආපත්ති දුක්කටස්ස. තස්සා වචනෙන ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTපැන් හා දැහැටු පිළිගනුව යි නියෝග කරා නම් දුකුළා ඇවැත් වෙයි. ඇයගේ වචනයෙන් කන්නෙමි බුදින්නෙමි යි පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඑකතො අවස්සුතෙ, යක්ඛස්ස වා පෙතස්ස වා පණ්ඩකස්ස වා තිරච්ඡානගතමනුස්සවිග්ගහස්ස වා හත්ථතො ඛාදනීයං වා භොජනීයං වා ඛාද වා භුඤ්ජ වාති උය්යොජෙති ආපත්ති දුක්කටස්ස. තස්සා වචනෙන ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති දුක්කටස්ස. භොජනපරියොසානෙ ආපත්ති ථුල්ලච්චයස්ස. උදකදන්තපොණං පතිගණ්හාති උය්යොජෙති, ආපත්ති දුක්කටස්ස. තස්සා වචනෙන ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඑකක්හු විසින් රාගයෙන් තෙත් වූ කල්හි යක්‍ෂයකුගේ හෝ ප්‍රේතයකුගේ හෝ පණ‍්‍ඩකයකුගේ හෝ තිර්‍ය්‍යග්‍ගතමනුෂ්‍ය ශරීරයකුගේ හෝ අතින් කෑ යුත්තක් හෝ බිදිය යුත්තක් හෝ කව හෝ වළඳව හෝ යි නියෝග කරා නම් දුකුළා ඇවැත් වෙයි. ඇයගේ වචනයෙන් කන්නෙමි බුදින්නෙමි යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරගලායෙහි පරගලායෙහි දුකුළා ඇවැත් වෙයි. බොජුන් අවසන්හි තුලැසි ඇවැත් වෙයි. පැන් හා දැහැටු පිළිගනුව යි නියෝග කරා නම් දුකුළා ඇවැත් වෙයි. ඇයගේ වචනයෙන් කන්නෙමි බුදින්නෙමි යි පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අනවස්සුතොති ජානන්තී උය්යොජෙති කුපිතා න පතිගණ්හාතීති උය්යොජෙති කුලානුද්දයතාය න පතිගණ්හාතීති උය්යොජෙති උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTරාගයෙන් තෙත් නො වූයේ යැ යි දන්නී නියෝග කෙරේ නම්, කිපියා නො පිළිගනී යයි නියෝග කෙරේ නම්, කුලය කෙරෙහි අනුකම්පායෙන් නො පිළිගනී යයි නියෝග කෙරේ නම්, උම්මත්තිකාවට ... අදිකම්මිකාවහට ඇවැත් නැති.
Pali BJTඡට්ඨසඞ්ඝාදිසෙසො
Sinhala BJTෂෂ්ඨ සඞ්ඝාදිශේෂ යි.
Pali BJT2. 7.
Sinhala BJT2. 7.
Pali BJTසත්තමසඞ්ඝාදිසෙසො
Sinhala BJTසප්තම සඞ්ඝාදිශේෂය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන චණ්ඩකාළී{1} භික්ඛුනී භික්ඛුනීහි සද්ධිං භණ්ඩිත්වා කුපිතා අනත්තමනා එවං වදෙති බුද්ධං පච්චක්ඛාමි ධම්මං පච්චක්ඛාමි සඞ්ඝං පච්චක්ඛාමි{2} සික්ඛං පච්චක්ඛාමි කින්නුමාව සමණියො යා සමණියො සක්යධීතරො සන්තඤ්ඤාපි සමණියො ලජ්ජිනියො කුක්කුච්චිකා සික්ඛාකාමා තාසාහං සන්තිකෙ බ්රහ්මචරියං චරිස්සාමීති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි චණ්ඩකාළී භික්‍ෂුණී තොමෝ මෙහෙණන් සමග ඩබර කොට කිපියා නො සියමන් (සතුටු) වූවා මෙසේ කියයි “බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ධර්‍මය ප්‍රත්‍යාඛ්‍යාන කරමි, සඞ්ඝයා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, කිම, මෙ මැ ශාක්‍යදුහිතෘ ශ්‍රමණීහු මැ ශ්‍රමණීහු නම් වෙත් ද? ලජ්ජා ඇති කුකුස් ඇති ශික්‍ෂා කැමැති අන්‍ය වූ ශ්‍රමණීහු ද වෙති. මම ඔවුන්ගේ හමුවෙහි බඹසර වෙසෙමැ” යි.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති, “කථං හි නාම අය්යා චණ්ඩකාළී1 කුපිතා අනත්තමනා එවං වක්ඛති” බුද්ධං පච්චක්ඛාමි ධම්මං පච්චක්ඛාමි සඞ්ඝං පච්චක්ඛාමි සික්ඛං පච්චක්ඛාමි කින්නුමාව සමණියො යා සමණියො සක්යධීතරො සන්තඤ්ඤාපි සමණියො ලජ්ජිනියො කුක්කුච්චිකා සික්ඛාකාමා, තාසාහං සන්තිකෙ බ්රහ්මචරියං චරිස්සාමී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ චණ්ඩකාළී භික්ඛුනී කුපිතා අනත්තමනා එවං වදෙති: බුද්ධං පච්චක්ඛාමි -පෙ- කින්නුමාව සමණියො යා සමණියො සක්යධීතරො සන්තඤ්ඤාපි සමණියො ලජ්ජිනියො කුක්කුච්චිකා සික්ඛාකාමා තාසාහං සන්තිකෙ බ්රහ්මචරියං චරිස්සාමීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ චණ්ඩකාළී භික්ඛුනී කුපිතා අනත්තමනා එවං වක්ඛති බුද්ධං පච්චක්ඛාමි ධම්මං පච්චක්ඛාමි සඞ්ඝං පච්චක්ඛාමි සික්ඛං පච්චක්ඛාමි කින්නුමාව සමණියො යා සමණියො සක්යධීතරො සන්තඤ්ඤාපි සමණියො ලජ්ජිනියො කුක්කුච්චිකා සික්ඛාකාමා, තාසාහං සන්තිකෙ බ්රහ්මචරියං චරිස්සාමීති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා චණ්ඩකාළී කිපියා නො සියමන් වූවා බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ධර්‍මය ප්‍රත්‍යාඛ්‍යාන කරමි, සඞ්ඝයා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, කිම, මේ මැ ශාක්‍යදුහිතෘ ශ්‍රමණීහු මැ ශ්‍රමණීහු නම් වෙත් ද? ලජ්ජා ඇති කුකුස් ඇති ශික්‍ෂා කැමැති අන්‍ය වූ ශ්‍රමණීහු ද වෙති. මම ඔවුන්ගේ හමුවෙහි බඹසර වෙසෙමැ යි මෙසේ කිවුදැ” යි ... සැබෑද මහණෙනි, චණ්ඩකාළී භික්‍ෂුණී කිපියා නො සියමන් වූවා බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි ... කිම, මේ ශාක්‍යදුහිතෘ ශ්‍රමණීහු මැ ශ්‍රමණීහු නම් වෙත් ද? ලජ්ජා ඇති කුකුස් ඇති ශික්‍ෂා කැමැති අන්‍ය වූ ශ්‍රමණීහු ද වෙති. මම ඔවුන්ම හමුවෙහි බඹසර වෙසෙමැ යි මෙසේ කියා ද? සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, චණ්ඩකාළී භික්‍ෂුණී කිපියා නො සියමන් වූවා බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ධර්‍මය ප්‍රත්‍යාඛ්‍යාන කරමි, සඞ්ඝයා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කරමි. කිම මේ ශාක්‍ය දුහිතෘ ශ්‍රමණීහු මැ ශ්‍රමණීහු නම් වෙත් ද? ලජ්ජා ඇති කුකුස් ඇති ශික්‍ෂා කැමැති අන්‍ය වූ ශ්‍රමණීහු ද වෙති. මම ඔවුන් හමුවෙහි බඹසර වෙසෙ මැ යි මෙසේ කිවු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි, ... මෙසේ ද මහණෙනි, මෙහෙණහු මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී කුපිතා අනත්තමනා එවං වදෙය්ය බුද්ධං පච්චක්ඛාමි ධම්මං පච්චක්ඛාමි සඞ්ඝං පච්චක්ඛාමි සික්ඛං පච්චක්ඛාමි කින්නුමාව සමණියො යා සමණියො සක්යධීතරො සන්තඤ්ඤාපි සමණියො ලජ්ජිනියො කුක්කුච්චිකා සික්ඛාකාමා තාසාහං සන්තිකෙ බ්රහ්මචරියං චරිස්සාමීති. සා භික්ඛුනී භික්ඛුනීහි එවමස්ස වචනීයා: “මාය්යෙ කුපිතා අනත්තමනා එවං අවච, බුද්ධං පච්චක්ඛාමි ධම්මං පච්චක්ඛාමි සඞ්ඝං පච්චක්ඛාමි සික්ඛං පච්චක්ඛාමි කින්නුමාව සමණියො යා සමණියො සක්යධීතරො සන්තඤ්ඤාපි සමණියො ලජ්ජිනියො කුක්කුච්චිකා සික්ඛාකාමා තාසාහං සන්තිකෙ බ්රහ්මචරියං චරිස්සාමී”ති. අභිරමය්යෙ ස්වාක්ඛාතො ධම්මො චර බ්රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්තකිරියායාති. එවඤ්ච සා භික්ඛුනී භික්ඛුනීහි වුච්චමානා තථෙව පග්ගණ්හෙය්ය සා භික්ඛුනී භික්ඛුනීහි යාවතතියං සමනුභාසිතබ්බා, තස්ස පටිනිස්සග්ගාය. යාවතතියඤ්චෙ සමනුභාසියමානා තං පටිනිස්සජ්ජෙය්ය ඉච්චෙතං කුසලං නො චෙ පටිනිස්සජ්ජෙය්ය අයම්පි භික්ඛුනී යාවතතියකං ධම්මං ආපන්නා නිස්සාරණීයං සඞ්ඝාදිසෙස”න්ති.
Sinhala BJT“යම් මෙහෙණක් තොමෝ කිපියා නො සතුටු වූවා බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ධර්‍මය ප්‍රත්‍යාඛ්‍යාන කරමි, සඞ්ඝයා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කරමි’ කිම ශාක්‍ය දුහිතෘ වූ මේ ශ්‍රමණීහු මැ ශ්‍රමණීහු නම් වෙත් ද? ලජ්ජා ඇති කුකුස් ඇති ශික්‍ෂා කැමැති අන්‍ය වූ ශ්‍රමණීහු ද වෙති, මම ඔවුන් හමුයෙහි බඹසර වෙසෙමැ යි මෙසේ කියා නම් ඒ මෙහෙණ (අන්) මෙහෙණන් විසින් මෙසේ කිය යුතු වන්නී යැ, “ආර්‍ය්‍යාවෙනි, කිපියා නො සියමන් වූවා බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ධර්‍මය ප්‍රත්‍යාඛ්‍යාන කරමි, සඞ්ඝයා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, කිම ශාක්‍යදුහිතෘ වූ ද ?ලජ්ජා ඇති කුකුස් ඇති මේ ශ්‍රමණීහු මැ ශ්‍රමණීහු නම් වෙත් ශික්‍ෂා කැමැති අන්‍ය වූ ශ්‍රමණීහු ද වෙති. මම ඔවුන් හමුයෙහි බඹසර වෙසෙමැයි නහමක් කියන්නැ. ආර්‍ය්‍යාවෙනි, සිත් අලව, ධර්‍මය ස්වාඛ්‍යාත යැ මැනැවින් දුක් කෙළවර කිරීම පිණිස බඹසර වස”යි. මෙසේත් ඒ මෙහෙණ (අන්) මෙහෙණන් විසින් කියනු ලබන්නී එසේ මැ දැඩි වැ ගනී නම් එ මෙහෙණ (අන්) මෙහෙණන් විසින් ඒ දෘෂ්ටිය දුරැලීම පිණිස තුන් යළ තෙක් සමනුභාෂණ කර්‍ම කළයුත්තී යැ, ඉදින් තුන් යළ තෙක් සමනුභාෂණ කර්‍ම කරනු ලබන්නී එය දුරැලා නම් මෙසේ තෙල දුරැලීම මැනැවි, ඉදින් නො දුරැලා නම් මේ මෙහෙණ ද තුන් යළ අවසන්හි පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟවෙසෙස් ඇවැතට පැමිණියා වේ” ය යි.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTකුපිතා අනත්තමනාති: අනභිරද්ධා ආහතචිත්තා ඛිලජාතා.
Sinhala BJTකුපිතා අනත්තමනා: නො ඇලුණී හැපුණු සිත් ඇත්තී හටගත් (පිළිඝු) හුල් ඇත්තී;
Pali BJTඑවං වදෙය්යාති: බුද්ධං පච්චක්ඛාමි ධම්මං පච්චක්ඛාමි සඞ්ඝං පච්චක්ඛාමි සික්ඛං පච්චාචික්ඛාමි. කින්නුමාව සමණියො යා සමණියො සක්යධීතරො සන්තඤ්ඤාපි සමණියො ලජ්ජිනියො කුක්කුච්චිකා සික්ඛාකාමා තාසාහං සන්තිකෙ බ්රහ්මචරියං චරිස්සාමීති.
Sinhala BJTඑවං වදෙය්‍ය: බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ධර්‍මය ප්‍රත්‍යාඛ්‍යාන කරමි, සඞ්ඝයා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, කිම ශාක්‍යදුහිතෘ වූ මේ ශ්‍රමණීහු මැ ශ්‍රමණීහු නම් වෙත් ද? ලජ්ජා ඇති කුකුස් ඇති ශික්‍ෂා කැමැති අන්‍ය වූ ශ්‍රමණීහු ද වෙති. මම ඔවුන් හමුයෙහි බඹසර වෙසෙමැ යි.
Pali BJTසා භික්ඛුනීති: යා සා එවං වාදිනී භික්ඛුනී.
Sinhala BJTසා භික්ඛුනී: යමක් මෙසේ කියනු සුළු නම් ඒ මෙහෙණ යැ.
Pali BJTභික්ඛුනීහීති: අඤ්ඤාහි භික්ඛුනීහි යා පස්සන්ති යා සුණන්ති තාහි වත්තබ්බා: “මාය්යෙ කුපිතා අනත්තමනා එවං අවච, බුද්ධං පච්චක්ඛාමි ධම්මං පච්චක්ඛාමි සඞ්ඝං පච්චක්ඛාමි සික්ඛං පච්චක්ඛාමි කින්නුමාව සමණියො යා සමණියො සක්යධීතරො සන්තඤ්ඤාපි සමණියො ලජ්ජිනියො කුක්කුච්චිකා සික්ඛාකාමා, තාසාහං සන්තිකෙ බ්රහ්මචරියං චරිස්සාමී”ති. අභිරමය්යෙ ස්වාක්ඛාතො ධම්මො චර බ්රහ්මචරියං සම්මාදුක්ඛස්ස අන්තකිරියායා”ති. දුතියම්පි වත්තබ්බා - තතියම්පි වත්තබ්බා - සචෙ පටිනිස්සජ්ජති ඉච්චෙතං කුසලං නො චෙ පටිනිස්සජ්ජති ආපත්ති දුක්කටස්ස. සුත්වා න වදන්ති ආපත්ති දුක්කටස්ස. සා භික්ඛුනී සඞ්ඝමජ්ඣම්පි ආකඩ්ඪිත්වා වත්තබ්බා: “මාය්යෙ කුපිතා අනත්තමනා එවං අවච බුද්ධං පච්චක්ඛාමි ධම්මං පච්චක්ඛාමි සඞ්ඝං පච්චක්ඛාමි සික්ඛං පච්චක්ඛාමි කින්නුමාව සමණියො යා සමණියො සක්යධීතරො සන්තඤ්ඤාපි සමණියො ලජ්ජිනියො කුක්කුච්චිකා සික්ඛාකාමා, තාසාහං සන්තිකෙ බ්රහ්මචරියං චරිස්සාමීති. අභිරමය්යෙ, ස්වාක්ඛාතො ධම්මො චර බ්රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්තකිරියායා”ති. දුතියම්පි වත්තබ්බා -පෙ- තතියම්පි වත්තබ්බා -පෙ- සචෙ පටිනිස්සජ්ජති ඉච්චෙතං කුසලං නො චෙ පටිනිස්සජ්ජති ආපත්ති දුක්කටස්ස. සා භික්ඛුනී සමනුභාසිතබ්බා. එවඤ්ච පන භික්ඛවෙ සමනුභාසිතබ්බා, ව්යත්තාය භික්ඛුනියා පටිබලාය සඞ්ඝො ඤාපෙතබ්බො.
Sinhala BJTභික්‍ඛුනීහි: අන් මෙහෙණන් විසින් යම් කෙනෙක් දකිත් නම් යම් කෙනෙක් අසත් නම් ඔවුන් විසින් “ආර්‍ය්‍යාවෙනි, කිපියා නො සියමන් වූවා බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ධර්‍මය ප්‍රත්‍යාඛ්‍යාන කරමි, සඞ්ඝයා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, කිම ශාක්‍යදුහිතෘ වූ යම් මෙහෙණ කෙනෙක් වෙත් නම් මෙහෙණ මොවුහු මැ ද? හටගත් ලජ්ජා ඇති හටගත් කුකුස් ඇති ශික්‍ෂා කැමැති අන්‍ය වූ මෙහෙණහු ද වෙති, මම ඔවුන් හමුයෙහි බඹසර කරන්නෙමැ යි මෙසේ නහමක් කියන්නැ, ආර්‍ය්‍යාවෙනි, සිත් අලව, ධර්‍මය ස්වාඛ්‍යාත යැ. මැනැවින් දුක් කෙළවර කිරීම පිණිස බඹසර කරව” යි කිය යුත්තී ය, දෙවනවටදු කිය යුත්තී යැ තෙවනවට දු කියයුත්තී ය, ඉදින් දුරැලා නම් මෙසේ තෙල දුරැලීම මැනැවි, ඉදින් නො දුරලා නම් දුකුළා ඇවැත් වෙයි. අසා නො කියත් නම් දුකුළා ඇවැත් වෙයි. එ මෙහෙණ සඟමැදට දු ඇද කියැ යුතු යැ. “ආර්‍ය්‍යාවෙනි, කිපියා නො සියමන් වූවා බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ධර්‍මය ප්‍රත්‍යාඛ්‍යාන කරමි, සඞ්ඝයා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, කිම ශාක්‍යදුහිතෘ වූ යම් මෙහෙණ කෙනෙක් වෙත් නම් මෙහෙණ මොවුහු මැ ද? හටගත් ලජ්ජා ඇති හටගත් කුකුස් ඇති ශික්‍ෂා කැමැති අන්‍ය වූ මෙහෙණහු ද වෙති, මම ඔවුන් හමුයෙහි බඹසර කරන්නෙමැ යි මෙසේ නහමක් කියන්නැ, ආර්‍ය්‍යාවෙනි, සිත් අලව, ධර්‍මය ස්වාඛ්‍යාත යැ, මැනැවින් දුක් කෙළවර කිරීම පිණිස බඹසර කරව” යි. දෙවනවටදු කිය යුතු යැ ... තෙවනවට දු කිය යුත්තී ය, ... ඉදින් දුරැලා නම් මෙසේ තෙල දුරැලීම මැනැවි. ඉදින් නො දුරැලා නම් දුකුළා ඇවැත් වෙයි. එ මෙහෙණ සමනුභාෂණකර්‍ම කළ යුත්තී යැ, මෙසේ ද වනාහි මහණෙනි, සමනුභාෂණකර්‍ම කළ යුත්තී යැ, ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්‍ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
Pali BJT5. සුණාතු මෙ අය්යෙ සඞ්ඝො අයං ඉත්ථන්නාමා භික්ඛුනී කුපිතා අනත්තමනා එවං වදෙති. බුද්ධං පච්චක්ඛාමි ධම්මං පච්චක්ඛාමි සඞ්ඝං පච්චක්ඛාමි සික්ඛං පච්චක්ඛාමි කින්නුමාව සමණියො යා සමණියො සක්යධීතරො සන්තඤ්ඤාපි සමණියො ලජ්ජිනියො කුක්කුච්චිකා සික්ඛාකාමා, තාසාහං සන්තිකෙ බ්රහ්මචරියං චරිස්සාමීති. සා තං වත්ථුං නප්පටිනිස්සජ්ජති, යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුනිං සමනුභාසෙය්ය තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය, එසා ඤත්ති.
Sinhala BJT5. ආර්‍ය්‍යාවෙනි, සඞ්‍ඝ තෙමේ මවදන් අසාවා, මේ මෙනම් ඇති මෙහෙණ කිපියා නො සියමන් වූවා බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ධර්‍මය ප්‍රත්‍යාඛ්‍යාන කරමි, සඞ්ඝයා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, කිම ශාක්‍යදුහිතෘ වූ යම් ශ්‍රමණී කෙනෙක් වෙත් නම් ශ්‍රමණීහු මොවුහු ම ද? හටගත් ලජ්ජා ඇති හටගත් කුකුස් ඇති ශික්‍ෂා කැමැති අන්‍ය වූ ශ්‍රමණීහු ද වෙති, මම ඔවුන් හමුයෙහි බඹසර කරන්නෙමැ යි මෙසේ කියයි. ඕ තොමෝ ඒ වස්තුව නො දුරැලයි. ඉදින් සඟනට පැමිණිකල් ඇත්තේ නම් ඒ වස්තුව සඞ්‍ඝ තෙමේ දුරැලීම පිණිස මෙ නම් ඇති මෙහෙණහට සමනුභාෂණකර්‍ම කරන්නේ යැ, මේ ඥප්තිය යි.
Pali BJT6. සුණාතු මෙ අය්යෙ සඞ්ඝො, අයං ඉත්ථන්නාමා භික්ඛුනී කුපිතා අනත්තමනා එවං වදෙති. බුද්ධං පච්චක්ඛාමි ධම්මං පච්චක්ඛාමි සඞ්ඝං පච්චක්ඛාමි සික්ඛං පච්චක්ඛාමි කින්නුමාව සමණියො යා සමණියො සක්යධීතරො සන්තඤ්ඤාපි සමණියො ලජ්ජිනියො කුක්කුච්චිකා, සික්ඛාකාමා, තාසාහං සන්තිකෙ බ්රහ්මචරියං චරිස්සාමීති. සා තං වත්ථුං නප්පටිනිස්සජ්ජති. සංඝො ඉත්ථන්නාමං භික්ඛුනිං සමනුභාසති තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය. යස්සා අය්යාය ඛමති ඉත්ථන්නාමාය භික්ඛුනියා සමනුභාසනා තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය. සා තුණ්හස්ස, යස්සා නක්ඛමති සා භාසෙය්ය. දුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි -පෙ- සමනුභට්ඨා සඞ්ඝෙන ඉත්ථන්නාමා භික්ඛුනී තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමීති.
Sinhala BJT6. ආර්‍ය්‍යාවෙනි, සඞ්‍ඝ තෙමේ මවදන් අසාවා, මේ මෙනම් ඇති මෙහෙණ කිපියා නො සියමන් වූවා බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ධර්‍මය ප්‍රත්‍යාඛ්‍යාන කරමි, සඞ්ඝයා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, කිම ශාක්‍යදුහිතෘ වු යම් ශ්‍රමණී කෙනෙක් වෙත් නම් ශ්‍රමණීහු මොවුහු ම ද? හටගත් ලජ්ජා ඇති හටගත් කුකුස් ඇති ශික්‍ෂා කැමැති අන්‍ය වූ ශ්‍රමණීහු ද වෙති, මම ඔවුන්ගේ හමුයෙහි බඹසර කරන්නෙමැ යි මෙසේ කියයි. ඕ තොමෝ ඒ වස්තුව නො දුරැලයි, සඞ්‍ඝ තෙමේ ඒ වස්තුව දුරැලීම පිණිස මෙනම් ඇති මෙහෙණට සමනුභාෂණ කර්‍ම කරයි, ඒ වස්තුව දුරැලීම පිණිස මෙනම් ඇති මෙහෙණට සමනුභාෂණ කර්‍මය යම් ආර්‍ය්‍යාවකට රුස්නේ වි නම් ඕ තොමෝ නිහඬ වන්නී යැ, යමකට නො රුස්නේ නම් ඕ තොමෝ කියන්නී යැ, දෙවනවට දු තෙල කරුණ කියමි ... තෙවනවට දු තෙල කරුණ කියමි ... සඞ්‍ඝයා විසින් ඒ වස්තුව දුරැලීම පිණිස මෙනම් ඇති මෙහෙණ තොමෝ සමනුභාෂණ කර්‍ම කරන ලද්දී යැ. සඟනට රුස්නේ යැ, එහෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි යි.
Pali BJT7. ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා, කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. සඞ්ඝාදිසෙසං අජ්ඣාපජ්ජන්තියා ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා පටිප්පස්සම්භන්ති.
Sinhala BJT7. ඥප්තියෙන් දුකුළා යැ, දෙකම් වදනින් තුලැසි යැ, කම්වදන් පිරියතැ සඟවෙසෙස් ඇවැත් වෙයි, සඟවෙසෙසටැ පැමිණියාට ඥප්තියෙහි දුකුළා ද, දෙකම් වදනෙහි තුලැසි ද සන්හිඳෙයි.
Pali BJT8. අයම්පීති: පුරිමායො උපාදාය වුච්චති.
Sinhala BJT8. අයම්පි: පළමු මෙහෙණන් ගෙනැ කියනු ලැබෙයි.
Pali BJTයාවතතියකන්ති: යාවතතියං සමනුභාසනාය ආපජ්ජති. න සහවත්ථජ්ඣාචාරා.
Sinhala BJTයාවතතියකං: තුන් යළ තෙක් සමනුභාෂණයෙන් පැමිණෙයි. වස්තුව්‍යතික්‍රමණය සමඟ මැ නො වේ.
Pali BJTනිස්සාරණීයන්ති: සඞ්ඝම්හා නිස්සාරීයති.
Sinhala BJTනිස්සාරණීයං: සඟහු කෙරෙන් නෙරනු ලබයි.
Pali BJTසඞ්ඝාදිසෙසොති: -පෙ- තෙනපි වුච්චති සඞ්ඝාදිසෙසොති.
Sinhala BJTසඞ්ඝාදිසේසො: ... එයිනුදු සඞ්ඝාදිසේස යැ යි කියනු ලැබේ.
Pali BJTධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා නප්පටිනිස්සජ්ජති ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ධම්මකම්මෙ වෙමතිකා නප්පටිනිස්සජ්ජති ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා නප්පටිනිස්සජ්ජති ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJTධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇත්තී නො දුරැලා නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, ධර්‍මකර්‍මයෙහි විමති ඇත්තී නො දුරැලා නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇත්තී නො දුරැලා නම් සඟවෙසෙස් ඇවැත් වෙයි.
Pali BJTඅධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇත්තී නම් දුකුළා ඇවැත් වෙයි, අධර්‍මකර්‍මයෙහි විමති ඇත්තී නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇත්තී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසමනුභාසන්තියා, පටිනිස්සජ්ජන්තියා, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTසමනුභාෂණකර්‍ම නො කරන්නියට, දුරැලන්නියට, උම්මත්තිකාවට ... අදිකම්මිකාවහට ඇවැත් නැති.
Pali BJTසත්තමසඞ්ඝාදිසෙසො.
Sinhala BJTසප්තම සඞ්ඝාදිශේෂ යි.
Pali BJT2. 8.
Sinhala BJT2. 8.
Pali BJTඅට්ඨමසඞ්ඝාදිසෙසසො
Sinhala BJTඅෂ්ටම සඞ්ඝාදිශේෂය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන චණ්ඩකාලී භික්ඛුනී කිස්මිඤ්චිදෙව අධිකරණෙ පච්චාකතා කුපිතා අනත්තමනා එවං වදෙති: ඡන්දගාමිනියො ච භික්ඛුනියො දොසගාමිනියො ච භික්ඛුනියො, මොහගාමිනියො ච භික්ඛුනියො භයගාමිනියො ච භික්ඛුනියොති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි චණ්ඩකාළී භික්‍ෂුණී තොමෝ කිසියම් අධිකරණයෙක්හි පැරැදගියා කිපියා නො සියමන් වූවා මෙසේ කියයි, “භික්‍ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ. භික්‍ෂුණීහු ද්වේෂයෙනුදු අගතියට ගියාහු යැ, භික්‍ෂුණීහු මෝහයෙනුදු අගතියට ගියාහු යැ භික්‍ෂුණීහු භයයෙනුදු අගතියට ගියාහු යැ” යි.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා චණ්ඩකාළී කිස්මිඤ්චිදෙව අධිකරණෙ පච්චාකතා කුපිතා අනත්තමනා එවං වක්ඛති “ඡන්දගාමිනියො ච භික්ඛුනියො -පෙ- භයගාමිනියො ච භික්ඛුනියොති -පෙ- සච්චං කිර භික්ඛවෙ චණ්ඩකාළී භික්ඛුනී කිස්මිඤ්චිදෙව අධිකරණෙ පච්චාකතා කුපිතා අනත්තමනා එවං වදෙති: ඡන්දගාමිනියො ච භික්ඛුනියො -පෙ- භයගාමිනියො ච භික්ඛුනියො”ති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- “කථං හි නාම භික්ඛවෙ චණ්ඩකාළී භික්ඛුනී කිස්මිඤ්චිදෙව අධිකරණෙ පච්චාකතා කුපිතා අනත්තමනා එවං වක්ඛති: “ඡන්දගාමිනියො ච භික්ඛුනියො -පෙ- භයගාමිනියො ච භික්ඛුනියො”ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා චණ්ඩකාළී තොමෝ කිසියම් අධිකරණයෙක්හි පැරැදගියා කිපියා නො සියමන් වූවා භික්‍ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ … භික්‍ෂුණීහු භයයෙනුදු අගතියට ගියාහු යැ මෙසේ කිවු ද? ... සැබෑ ද මහණෙනි, චණ්ඩකාළී මෙහෙණ කිසියම් අධිකරණයෙක්හි පැරැදගියා කිපියා නො සියමන්වූවා භික්‍ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ … භික්‍ෂුණීහු භයෙනුදු අගතියට ගියාහු යැ යි මෙසේ කියා ද? සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, චණ්ඩකාළී මෙහෙණ කිසියම් අධිකරණයෙක්හි පැරැදගියා කිපියා නො සියමන් වූවා භික්‍ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ … භික්‍ෂුණීහු භයෙනුදු අගතියට ගියාහු යැ යි මෙසේ කිවු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJT“යා පන භික්ඛුනී කිස්මිඤ්චිදෙව අධිකරණෙ පච්චාකතා කුපිතා අනත්තමනා එවං වදෙය්ය: “ඡන්දගාමිනියො ච භික්ඛුනියො දොසගාමිනියො ච භික්ඛුනියො මොහගාමිනියො ච භික්ඛුනියො භයගාමිනියො ච භික්ඛුනියො”ති සා භික්ඛුනී භික්ඛුනීහි එවමස්ස වචනීයා: මාය්යෙ කිස්මිඤ්චිදෙව අධිකරණෙ පච්චාකතා කුපිතා අනත්තමනා එවං අවච, ඡන්දගාමිනියො ච භික්ඛුනියො දොසගාමිනියො ච භික්ඛුනියො මොහගාමිනියො ච භික්ඛුනියො භයගාමිනියො ච භික්ඛුනියො”ති අය්යා ඛො ඡන්දාපි ගච්ඡෙය්ය දොසාපි ගච්ඡෙය්ය මොහාපි ගච්ඡෙය්ය භයාපි ගච්ඡෙය්යාති. එවඤ්ච සා භික්ඛුනී භික්ඛුනීහි වුච්චමානා තථෙව පග්ගණ්හෙය්ය, සා භික්ඛුනී භික්ඛුනීහි යාවතතියං සමනුභාසිතබ්බා, තස්ස{1} පටිනිස්සග්ගාය. යාවතතියඤ්චෙ සමනුභාසියමානා තං පටිනිස්සජ්ජෙය්ය ඉච්චෙතං කුසලං. නො චෙ පටිනිස්සජ්ජෙය්ය අයම්පි භික්ඛුනී යාවතතියකං ධම්මං ආපන්නා නිස්සාරණීයං සඞ්ඝාදිසෙසන්ති.
Sinhala BJT“යම් මෙහෙණක් කිසියම් අධිකරණයෙක්හි පැරැදගියා කිපියා නො සියමන් වූවා භික්‍ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ, භික්‍ෂුණීහු ද්වේෂයෙනුදු අගතියට ගියාහු යැ, භික්‍ෂුණීහු මෝහයෙනුදු අගතියට ගියාහු යැ, භික්‍ෂුණීහු භයෙනුදු අගතියට ගියාහු යැ යි මෙසේ කියා නම් ඒ මෙහෙණ (අන්) මෙහෙණන් විසින් මෙසේ කියයුතු වන්නී යැ, ආර්‍ය්‍යාවෙනි, කිසියම් අධිකරණයෙක්හි පැරැදගියා කිපියා නො සියමන් වූවා භික්‍ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ, භික්‍ෂුණීහු ද්වේෂයෙනුදු අගතියට ගියාහු යැ, භික්‍ෂුණීහු මෝහයෙනුදු අගතියට ගියාහු යැ, භික්‍ෂුණීහු භයෙනුදු අගතියට ගියාහු යැ යි මෙසේ නහමක් කියන්නැ. ආර්‍ය්‍යාව වනාහි ඡන්‍දයෙනුදු අගතියට යන්නී යැ, ද්වේෂයෙනුදු අගතියට යන්නී යැ, මෝහයෙනුදු අගතියට යන්නී යැ, භයෙනුදු අගතියට යන්නී යැ යි. මෙසේත් ඒ මෙහෙණ මෙහෙණන් විසින් කියනු ලබන්නී එසේ මැ දැඩි වැ ගත්තී නම් එ මෙහෙණ මෙහෙණන් විසින් ඒ වස්තුව දුරැලීම පිණිස තුන් යළ තෙක් සමනුභාෂණ කර්‍ම කළ යුත්තී යැ, ඉදින් තුන් යළ තෙක් සමනුභාෂණ කර්‍ම කරනු ලබන්නී ඒ වස්තුව දුරැලා නම් මෙසේ තෙල දුරැලීම මැනැවි, ඉදින් නො දුරැලා නම් මේ මෙහෙණ ද තුන් යළ අවසන්හි පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟවෙසෙස් ඇවැතට පැමිණියා වේ, ය යි.