Pācittiya

Expiation Rules

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 2501-2600 න් 4249

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTසත්ථුසාසනෙනාති: ජිනසාසනෙන බුද්ධසාසනෙන.
Sinhala BJTසත්‍ථුසාසනෙන: ජිනසාසනයෙන්, බුද්ධසාසනයෙන්.
Pali BJTඅනාදරො නාම: සඞ්ඝං වා ගණං වා පුග්ගලං වා කම්මං වා නාදියති.
Sinhala BJTඅනාදර නම්: සඞ්ඝයා හෝ ගණයා හෝ පුද්ගලයා හෝ කර්‍මය හෝ නො ගනී.
Pali BJTඅප්පතිකාරො නාම: උක්ඛිත්තො අනොසාරිතො.
Sinhala BJTඅප්පතිකාර නම්: උඛෙව්නීකම් කරන ලදුයේ සඞ්ඝයාට ඇතුළත් නො කරන ලද්දේ යි.
Pali BJTඅකතසහායො නාම: සමානසංවාසකා භික්ඛූ වුච්චන්ති සහායා සො තෙහි සද්ධිං නත්ථි තෙන වුච්චති අකතසහායොති.
Sinhala BJTඅකතසහාය නම්: සමාන සංවාසක භික්‍ෂුහු සහායයෝ යැයි කියනු ලැබෙති. හේ ඔවුන් සමග නැති. එහෙයින් අකතසහාය යැයි කියනු ලැබේ.
Pali BJTතමනුවත්තෙය්යාති: යංදිට්ඨිකො සො හොති යංඛන්තිකො යංරුචිකො සාපි තංදිට්ඨිකා හොති තං ඛන්තිකා තං රුචිකා.
Sinhala BJTතමනුවත්තෙය්‍ය: ඒ උඛෙව්නීකම් කළ මහණ තෙමේ යම්බඳු දෘෂ්ටි ඇතියෙක් යම්බඳු ඉවසීම් ඇතියෙක් යම්බඳු රුචි ඇතියෙක් වේ නම් ඒ මෙහෙණ තොමෝත් එබඳු දෘෂ්ටි ඇත්තී එබඳු ඉවසීම් ඇත්තී එබඳු රුචි ඇත්තී වෙයි.
Pali BJTසා භික්ඛුනීති: යා සා උක්ඛිත්තානුවත්තිකා භික්ඛුනී.
Sinhala BJTසා භික්ඛුනී: යම් මෙහෙණක් උඛෙව්නීකම් කළ මහණහු අනුවැ වැටේ නම් ඒ මෙහෙණ යි.
Pali BJTභික්ඛුනීහීති: අඤ්ඤාහි භික්ඛුනීහි යා පස්සන්ති යා සුණන්ති තාහි වත්තබ්බා. එසො ඛො අය්යෙ භික්ඛු සමග්ගෙන සඞ්ඝෙන උක්ඛිත්තො ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන අනාදරො අප්පතිකාරො අකතසහායො මාය්යෙ එතං භික්ඛුං අනුවත්තී”ති. දුතියම්පි වත්තබ්බා -පෙ- තතියම්පි වත්තබ්බා -පෙ- සචෙ පටිනිස්සජ්ජති ඉච්චෙතං කුසලං නො චෙ පටිනිස්සජ්ජති ආපත්ති දුක්කටස්ස. සුත්වා න වදන්ති ආපත්ති දුක්කටස්ස. සා භික්ඛුනී සඞ්ඝමජ්ඣම්පි ආකඩ්ඪිත්වා වත්තබ්බා, එසො ඛො අය්යෙ භික්ඛු සමග්ගෙන සඞ්ඝෙන උක්ඛිත්තො ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන අනාදරො අප්පතිකාරො අකතසහායො මාය්යෙ එතං භික්ඛුං අනුවත්තී’ති. දුතියම්පි වත්තබ්බා - තතියම්පි වත්තබ්බා - සචෙ පටිනිස්සජ්ජති, ඉච්චෙතං කුසලං නො චෙ පටිනිස්සජ්ජති, ආපත්ති දුක්කටස්ස. සා භික්ඛුනී සමනුභාසිතබ්බා.
Sinhala BJTභික්ඛුනීහි: අන් මෙහෙණන් විසින්; යම් මෙහෙණ කෙනෙක් දකිත් නම් යම් මෙහෙණ කෙනෙක් අසත් නම් ඔවුන් විසින් “ආර්‍ය්‍යාවෙනි තෙල මහණ තෙමේ වනාහි ධර්‍මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් සමඟ සඟහු විසින් උඛෙව්නීකම් කරන ලද්දෙකැ, අනදරබව ඇතියෙකැ, පිළියම් නැතියෙකැ. නො කළ සහාය බව ඇතියෙකි. ආර්‍ය්‍යාවෙනි තෙල මහණහු අනුවැ නහමක් වැටේව” යි. කිය යුත්තී ය. දෙවනවටදු කිය යුත්තී යැ ... තෙවනවටදු කියයුත්තී යැ ... ඉදින් (එය) දුරැලන්නී නම් තෙල දුරැලීම මැනැවි. ඉදින් නො දුරැලන්නී නම් දුකුළා ඇවැත් වෙයි. අසා නො කියත් නම් දුකුළා ඇවැත් වෙයි. එ මෙහෙණ සඟ මැදට ඇදපියා කිය යුත්තී යැ. “ආර්‍ය්‍යාවෙනි තෙල මහණ තෙමේ වනාහි ධර්‍මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් සමඟ සඟහු විසින් උඛෙව්නීකම් කරන ලද්දෙකැ, අනදර බව ඇතියෙකැ, පිළියම් නැතියෙකැ, නො කළ සහාය බව ඇතියෙකි. ආර්‍ය්‍යාවෙනි තෙල මහණහු අනුවැ නහමක් වැටේව” යි. දෙවනවටදු කිය යුත්තී යැ – තෙවනවටදු කිය යුත්තී යැ – ඉදින් දුරැලන්නී නම් තෙල දුරැලීම මැනැවි. ඉදින් නො දුරැලන්නී නම් දුකුළා ඇවැත් වෙයි. එ මෙහෙණ සමනුභාෂණකර්‍ම කළ යුත්තී යැ.
Pali BJTඑවඤ්ච පන භික්ඛවෙ සමනුභාසිතබ්බා. ව්යත්තාය භික්ඛුනියා පටිබලාය සඞ්ඝො ඤාපෙතබ්බො.
Sinhala BJTමෙසේ ද වනාහි මහණෙනි සමනුභාෂණකර්‍ම කළ යුත්තී යැ. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
Pali BJTසුණාතු මෙ අය්යෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමා භික්ඛුනී සමග්ගෙන සඞ්ඝෙන උක්ඛිත්තං භික්ඛුං ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන අනාදරං අප්පතිකාරං අකතසහායං තමනුවත්තති, සා තං වත්ථුං නප්පටිනිස්සජ්ජති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුනිං සමනුභාසෙය්ය තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය එසා ඤත්ති.
Sinhala BJTආර්‍ය්‍යාවෙනි සඞ්ඝ තෙමේ මාවදන් අසාවා. මේ මෙනම් ඇති මෙහෙණ ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් සමඟ සඟහු විසින් උඛෙව්නීකම් කළ අනදරබව ඇති පිළියම් රහිත වූ නො කළ සහාය බව ඇති මහණක්හු අනුවැ වැටෙයි, ඕ තොමෝ ඒ වස්තුව නො දුරැලයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ මෙනම් ඇති මෙහෙණහට ඒ වස්තුව දුරැලීම පිණිස සමනුභාෂණකර්‍ම කරන්නේ යැ. මේ ඥප්තිය යි.
Pali BJTසුණාතු මෙ අය්යෙ සඞ්ඝො අයං ඉත්ථන්නාමා භික්ඛුනී සමග්ගෙන සඞ්ඝෙන උක්ඛිත්තං භික්ඛුං ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන අනාදරං අප්පතිකාරං අකතසහායං තමනුවත්තති. සා තං වත්ථුං නප්පටිනිස්සජ්ජති සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුනිං සමනුභාසති තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය, යස්සා අය්යාය ඛමති ඉත්ථන්නාමාය භික්ඛුනියා සමනුභාසනා තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය. සා තුණ්හස්ස යස්ස නක්ඛමති සා භාසෙය්ය දුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි -පෙ- සමනුභට්ඨා සඞ්ඝෙන ඉත්ථන්නාමා භික්ඛුනී තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමීති.
Sinhala BJTආර්‍ය්‍යාවෙනි සඞ්ඝ තෙමේ මා වදන් අසාවා. මේ මෙනම් ඇති මෙහෙණ තොමෝ ධර්‍මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් සමඟ සඟහු විසින් උඛෙව්නීකම් කළ අනදරබව ඇති පිළියම් රහිත වූ නො කළ සහායබව ඇති මහණක්හු අනුවැ වැටෙයි. ඕ තොමෝ වස්තුව නො දුරැලැයි. සඞ්ඝ තෙමේ මෙ නම් ඇති මෙහෙණහට ඒ වස්තුව දුරැලීම පිණිස සමනුභාෂණකර්‍ම කරයි. ඒ වස්තුව දුරැලීම පිණිස මෙනම් ඇති මෙහෙණහට සමනුභාෂණකර්‍ම කිරීම යම් ආර්‍ය්‍යාවකහට රුස්නේ නම් ඕ තොමෝ නිහඬ වේවා. යමක හට නො රුස්නේ නම් ඕ තොමෝ කියාවා. දෙවනවටදු තෙල කරුණ කියමි ... තෙවනවටදු තෙල කරුණ කියමි ... සඞ්ඝයා විසින් මෙනම් ඇති මෙහෙණ ඒ වස්තුව දුරැලීම පිණිස සමනුභාෂණකර්‍ම කරන ලද්දී යැ. සඞ්ඝයාහට රුස්නේ යැ, එහෙයින් නිහඬ වෙයි. මෙසේ මෙය දරමි යි.
Pali BJTඤත්තියා දුක්කටං ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා කම්මවාචා පරියොසානෙ ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJTඥප්තියෙන් දුකුළා යැ. දෙ කම්වදනින් තුලැසි යැ. කම්වදන් පිරියතැ පරිජි ඇවැත් වේ.
Pali BJTඅයම්පීති: පුරිමායො උපාදාය වුච්චති.
Sinhala BJTඅයම්පි: පළමු පරිජි වූ මෙහෙණන් ගෙන කියනු ලැබෙයි.
Pali BJTපාරාජිකා හොතීති: සෙය්යථාපි නාම පුථුසිලා ද්වෙධා භින්නා අප්පටිසන්ධිකා හොති එවමෙව භික්ඛුනී යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජන්තී, අස්සමණී හොති අසක්යධීතා තෙන වුච්චති පාරාජිකා හොතීති.
Sinhala BJTපාරාජිකා හොති: යම්සේ දෙකට බිඳුණු මහත් ගලෙක් යළි නො ගැළපිය හැකි වේ ද, එසේ මැ මෙහෙණ තොමෝ තුන්යළ තෙක් සමනුභාෂණකර්‍ම කිරීමෙන් නො දුරැලන්නී නම් නො මෙහෙණක් වූවා සැහැදුවක් වූවා වෙයි. එහෙයින් “පාරාජිකා හොති” යි කියනු ලැබේ.
Pali BJTඅසංවාසාති: සංවාසො නාම: එකකම්මං එකුද්දෙසො සමසික්ඛතා, එසො සංවාසො නාම. සො තාය සද්ධිං නත්ථි, තෙන වුච්චති අසංවාසාති.
Sinhala BJTඅසංවාසා; සංවාස නම් එක්වැ විනයකර්‍ම කිරීම යැ, එක් වැ පාමොක් උදෙසීම යැ, සමසික ඇති බව යි, තෙලෙ සංවාස නම් වේ. ඒ සංවාසය තෙමේ ඇය සමග නැති, එහෙයින් අසංවාසා යි කියනු ලැබේ.
Pali BJTධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා නප්පටිනිස්සජ්ජති ආපත්ති පාරාජිකස්ස. ධම්මකම්මෙ වෙමතිකා නප්පටිනිස්සජ්ජති, ආපත්ති පාරාජිකස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා නප්පටිනිස්සජ්ජති ආපත්ති පාරාජිකස්ස. අධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTදැහැමිකම්හි දැහැමිකම් සන් ඇතියා නො දුරැලා නම් පරිජි ඇවැත් වෙයි. දැහැමිකම්හි විමති ඇතියා නො දුරැලා නම් පරිජි ඇවැත් වෙයි. දැහැමිකම්හි නො දැහැමිකම්සන් ඇතියා නො දුරැලා නම් පරිජි ඇවැත් වෙයි. නො දැහැමිකම්හි දැහැමිකම්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි නො දැහැමිකම්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි.
Pali BJTඅනාපත්ති: අසමනුභාසන්තියා පටිනිස්සජ්ජන්තියා උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTසමනුභාෂණකර්‍ම නො කරන්නියට දුරැලන්නියට උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTතතියපාරාජිකං නිට්ඨිතං.
Sinhala BJTතෘතීය පාරාජිකය නිමි.
Pali BJT1. 4.
Sinhala BJT1. 4.
Pali BJTචතුත්ථපාරාජිකං
Sinhala BJTචතුර්‍ත්‍ථ පාරාජිකය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛුනියො අවස්සුතා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස හත්ථගහණම්පි සාදියන්ති සඞ්ඝාටිකණ්ණගහණම්පි සාදියන්ති, සන්තිට්ඨන්තිපි. සල්ලපන්තිපි සඞ්කෙතම්පි ගච්ඡන්ති. පුරිසස්සපි අබ්භාගමනං සාදියන්ති. ඡන්නම්පි අනුපවිසන්ති{1} කායම්පි තදත්ථාය උපසංහරන්ති, එතස්ස අසද්ධම්මස්ස පතිසෙවනත්ථාය.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එකල්හි වනාහි සවග මෙහෙණෝ රාගයෙන් තෙත්වූවාහු රාගයෙන් තෙත් වූ පිරිමි පුඟුලක්හුගේ අත් ගැන්ම ද ඉවසති. සඟළකොන් ගැන්ම ද ඉවසති, වැළතට පැමිණ ද සිටිති. සල්ලාප ද කෙරෙති, සලකුණු කළ තැනට ද යෙති, තමන් වෙතට පිරිම්නියක්හුගේ පැමිණීම ද ඉවසති, පිළිසන් තැනට ද පිවිසෙති, තෙල මෙවුන්දම් සෙවුනා පිණිස ඔහු සඳහා (තමන්ගේ) ශරීරය ද එළවත්.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති, “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛුනියො අවස්සුතා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස හත්ථගහණම්පි සාදියිස්සන්ති. සඞ්ඝාටිකණ්ණගහණම්පි සාදියිස්සන්ති. සන්තිට්ඨිස්සන්තිපි. සල්ලපිස්සන්තිපි. සඞ්කෙතම්පි ගච්ඡිස්සන්ති. පුරිසස්සපි අබ්භාගමනං සාදියිස්සන්ති. ඡන්නම්පි අනුපවිසිස්සන්ති. කායම්පි තදත්ථාය උපසංහරිස්සන්ති, එතස්ස අසද්ධම්මස්ස පතිසෙවනත්ථායාති -පෙ- සච්චං කිර භික්ඛවෙ ඡබ්බග්ගියා භික්ඛුනියො අවස්සුතා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස හත්ථගහණම්පි සාදියන්ති. සඞ්ඝාටිකණ්ණගහණම්පි සාදියන්ති. සන්තිට්ඨන්තිපි. සල්ලපන්තිපි සඞ්කෙතම්පි ගච්ඡන්ති. පුරිසස්සපි අබ්භාගමනං සාදියන්ති. ඡන්නම්පි අනුපවිසන්ති. කායම්පි තදත්ථාය උපසංහරන්ති, එතස්ස අසද්ධම්මස්ස පතිසෙවනත්ථායාති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ-
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණෝ රාගයෙන් තෙත්වූවාහු රාගයෙන් තෙත් වූ පිරිමි පුඟුලක්හුගේ අත් ගැන්මත් ඉවසූහු ද? සඟළ කොන් ගැන්මත් ඉවසූහු ද? වැළතට පැමිණ සිටීමත් කොළෝ ද? සල්ලාපත් කොළෝ ද? සලකුණු කළ තැනටත් ගියෝ ද? තමන් වෙතට පිරිම්නියක්හුගේ පැමිණීමත් ඉවසූ ද? පිළිසන් තැනටත් පිවිසියෝ ද? තෙල මෙවුන්දම් සෙවුනා පිණිස ඔහු සඳහා ශරීරයත් එළවූහු දැයි. ... සැබෑ ද මහණෙනි සවග මෙහෙණෝ රාගයෙන් තෙත් වූවාහු රාගයෙන් තෙත් වූ පිරිමි පුඟුලක්හුගේ අත් ගැන්මත් ඉවසත් ද? සඟළකොන් ගැන්මත් ඉවසත් ද? වැළතට පැමිණ සිටීමත් කෙරෙත් ද? සල්ලාපත් කෙරෙත් ද? සලකුණු කළ තැනටත් යෙත් ද? තමන් වෙතට පිරිම්නියක්හුගේ පැමිණීමත් ඉවසත් ද? පිළිසන් තැනටත් පිවිසෙත් ද? තෙල මෙවුන්දම් සෙවුනා පිණිස ඔහු සඳහා ශරීරයත් එළවත් දැයි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ...
Pali BJTකථං හි නාම භික්ඛවෙ ඡබ්බග්ගියා භික්ඛුනියො අවස්සුතා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස හත්ථගහණම්පි සාදියිස්සන්ති සඞ්ඝාටිකණ්ණගහණම්පි සාදියිස්සන්ති සන්තිට්ඨිස්සන්තිපි සල්ලපිස්සන්තිපි සඞ්කෙතම්පි ගච්ඡිස්සන්ති. පුරිසස්සපි අබ්භාගමනං සාදියිස්සන්ති. ඡන්නම්පි අනුපවිසිස්සන්ති, කායම්පි තදත්ථාය උපසංහරිස්සන්ති එතස්ස අසද්ධම්මස්ස පතිසෙවනත්ථාය. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු.
Sinhala BJTකෙසේ නම් සවග මෙහෙණෝ රාගයෙන් තෙත් වූවාහු රාගයෙන් තෙත් වූ පිරිමි පුඟුලක්හුගේ අත් ගැන්මත් ඉවසූහු ද? සඟළකොන් ගැන්මත් ඉවසූහු ද? වැළතට පැමිණ සිටීමත් කොළෝ ද? සල්ලාපත් කොළෝ ද? සලකුණු කළ තැනටත් ගියෝ ද? තමන් වෙතට පිරිම්නියක්හුගේ පැමිණීමත් ඉවසූහු ද? පිළිසන් තැනටත් පිවිසියෝ ද? තෙල මෙවුන්දම් සෙවුනා පිණිස ඔහු සඳහා ශරීරයත් එළවූහු ද? මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
Pali BJTයා පන භික්ඛුනී අවස්සුතා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස හත්ථගහණං වා සාදියෙය්ය සඞ්ඝාටිකණ්ණගහණං වා සාදියෙය්ය සන්තිට්ඨෙය්ය වා සල්ලපෙය්ය වා සංකෙතං වා ගච්ඡෙය්ය පුරිසස්ස වා අබ්භාගමනං සාදියෙය්ය ඡන්නං වා අනුපවිසෙය්ය කායං වා තදත්ථාය උපසංහරෙය්ය එතස්ස අසද්ධම්මස්ස පතිසෙවනත්ථාය අයම්පි පාරාජිකා හොති අසංවාසා අට්ඨවත්ථුකාති.
Sinhala BJTයම් මෙහෙණක් රාගයෙන් තෙත්වූවාහු රාගයෙන් තෙත් වූ පිරිමි පුඟුලක්හුගේ අත් ගැන්ම හෝ ඉවසන්නී නම් සඟළකොන් ගැන්ම හෝ ඉවසන්නී නම් වැළැතට පැමිණ සිටින්නී නම් හෝ සල්ලාප හෝ කරන්නී නම් සලකුණු කළ තැනට හෝ යන්නී නම් තමා වෙතට පිරිම්නියක්හුගේ පැමිණීම හෝ ඉවසන්නී නම් පිළිසන් තැනට හෝ පිවිසෙන්නී නම් තෙල මෙවුන්දම් සෙවුනා පිණිස ඔහු සඳහා ශරීරය හෝ එළවන්නී නම් මෝ තොමෝ පරිජි වූවා සහවාසයට නො නිසි වූවා වෙයි – අට්ඨවත්‍ථුකා යැ.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTඅවස්සුතා නාම: සාරත්තා අපෙක්ඛවතී පටිබද්ධචිත්තා.
Sinhala BJTඅවස්සුතා නම්: (කායසංසර්‍ගරාගයෙන්) මොනොවට රත් වූ (පිරිම්නියක්හු කෙරෙහි) අපේක්‍ෂායෙන් යුක්ත වූ පිළිබඳ සිත් ඇත්තී යැ.
Pali BJTඅවස්සුතො නාම: සාරත්තො අපෙක්ඛවා පටිබද්ධචිත්තො.
Sinhala BJTඅවස්සුත නම්: (කායසංසර්‍ගරාගයෙන්) මොනොවට රත් වූ (මාගමක කෙරෙහි) අපේක්‍ෂායෙන් යුක්ත වූ පිළිබඳ සිත් ඇත්තේ යැ.
Pali BJTපුරිසපුග්ගලො නාම: මනුස්සපුරිසො, න යක්ඛො න පෙතො න තිරච්ඡානගතො විඤ්ඤූ පටිබලො කායසංසග්ගං සමාපජ්ජිතුං.
Sinhala BJTපුරිසපූග්ගල නම්: මිනිස් පිරිම්නියෙකි. යක්‍ෂයෙක් නො වෙයි. ප්‍රේතයෙක් නො වෙයි. තිරිසන්ගියෙක් නො වේ. කායසංසර්‍ගයට සමවදින්නට දැනුමැති ප්‍රතිබලයෙකි.
Pali BJTහත්ථගහණං වා සාදියෙය්යාති: හත්ථො නාම: කප්පරං උපාදාය යාව අග්ගනඛා, එතස්ස අසද්ධම්මස්ස පතිසෙවනත්ථාය උබ්භක්ඛකං අධොජාණුමණ්ඩලගහණං{1} සාදියති ආපත්ති ථුල්ලච්චයස්ස.
Sinhala BJTහත්‍ථගහණං වා සාදියෙය්‍ය: හත්‍ථ නම් වැළමිට පටන් නිය අග තෙක් යැ. තෙල මෙවුන්දම් සෙවුනා පිණිස අකුඇටෙන් මතු දණමඬලෙන් යටැ ගැන්ම ඉවසා නම් තුලැසි ඇවැත් වේ.
Pali BJTසඞ්ඝාටිකණ්ණගහණං වා සාදියෙය්යාති: එතස්ස අසද්ධම්මස්ස පතිසෙවනත්ථාය නිවත්ථං වා පාරුතං වා ගහණං සාදියති ආපත්ති ථුල්ලච්චයස්ස.
Sinhala BJTසඞ්ඝාටිකණ්ණගහණං වා සාදිසෙය්‍ය: තෙල මෙවුන්දම් සෙවුනා පිණිස හැඳිවත හෝ පොරෝනාව හෝ ගැන්ම ඉවසා නම් තුලැසි ඇවැත් වේ.
Pali BJTසන්තිට්ඨෙය්ය වාති: එතස්ස අසද්ධම්මස්ස පතිසෙවනත්ථාය පුරිසස්ස හත්ථපාසෙ තිට්ඨති ආපත්ති ථුල්ලච්චයස්ස.
Sinhala BJTසන්තිටෙඨය්‍ය වා: තෙල මෙවුන්දම් සෙවුනා පිණිස පිරිම්නියක් හුගේ වැළතෙහි සිටී නම් තුලැසි ඇවැත් වේ.
Pali BJTසල්ලපෙය්ය වාති: එතස්ස අසද්ධම්මස්ස පතිසෙවනත්ථාය පුරිසස්ස හත්ථපාසෙ ඨිතා සල්ලපති ආපත්ති ථුල්ලච්චයස්ස.
Sinhala BJTසල්ලපෙය්‍ය වා: තෙල මෙවුන්දම් සෙවුනා පිණිස පිරිම්නියක්හුගේ වැළතෙහි සිටියා කතාබහ කෙරේ නම් තුලැසි ඇවැත් වේ.
Pali BJTසංකෙතං වා ගච්ඡෙය්යාති: එතස්ස අසද්ධම්මස්ස පතිසෙවනත්ථාය පුරිසෙන ඉත්ථන්නාමං ඔකාසං ආගච්ඡාති වුත්තා ගච්ඡති පදෙ පදෙ ආපත්ති දුක්කටස්ස. පුරිසස්ස හත්ථපාසං ඔක්කන්තමත්තෙ ආපත්ති ථුල්ලච්චයස්ස.
Sinhala BJTසංකෙතං වා ගච්ඡෙය්‍ය: තෙල මෙවුන්දම් සෙවුනා පිණිස පිරිම්නියක්හු විසින් ‘මෙ නම් ඇති පෙදෙසට එව’යි කියන ලද්දී යා නම් පියෙහි පියෙහි දුකුළා ඇවැත් වෙයි. පිරිම්නියාගේ අත්පසට පැමිණි කෙණෙහි තුලැසි ඇවැත් වේ.
Pali BJTපුරිසස්ස වා අබ්භාගමනං සාදියෙය්යාති: එතස්ස අසද්ධම්මස්ස පතිසෙවනත්ථාය පුරිසස්ස අබ්භාගමනං{1} සාදියති ආපත්ති දුක්කටස්ස. හත්ථපාසං ඔක්කන්තමත්තෙ ආපත්ති ථුල්ලච්චයස්ස.
Sinhala BJTපුරිසස්ස වා අබ්භාගමනං සාදියෙය්‍ය: තෙල මෙවුන්දම් සෙවුනා පිණිස තමා වෙතට පිරිම්නියක්හුගේ පැමිණීම ඉවසා නම් දුකුළා ඇවැත් වෙයි. අත්පසට පැමිණි කෙණෙහි තුලැසි ඇවැත් වේ.
Pali BJTඡන්නං වා අනුපවිසෙය්යාති: එතස්ස අසද්ධම්මස්ස පතිසෙවනත්ථාය යෙන කෙනචි පටිච්ඡන්නං ඔකාසං පවිට්ඨමත්තෙ ආපත්ති ථුල්ලච්චයස්ස.
Sinhala BJTඡන්නං වා අනුපවිසෙය්‍ය: තෙල මෙවුන්දම් සෙවුනා පිණිස යම් කිසිවකිනුදු පිළිසන් පියෙසකට පිවිසි කෙණෙහි තුලැසි ඇවැත් වේ.
Pali BJTකායං වා තදත්ථාය උපසංහරෙය්යාති: එතස්ස අසද්ධම්මස්ස පතිසෙවනත්ථාය පුරිසස්ස හත්ථපාසෙ ඨිතා කායං උපසංහරති ආපත්ති ථුල්ලච්චයස්ස.
Sinhala BJTකායං වා තදත්‍ථාය උපසංහරෙය්‍ය: තෙල මෙවුන්දම් සෙවුනා පිණිස පිරිම්නියක්හුගේ වැළැතෙහි සිටියා ශරීරය එළවා නම් තුලැසි ඇවැත් වේ.
Pali BJTඅයම්පීති: පුරිමායො උපාදාය වුච්චති.
Sinhala BJTඅයම්පි: පළමු පරිජි වූ මෙහෙණන් ගෙනැ කියනු ලැබෙයි.
Pali BJTපාරාජිකා හොතීති: සෙය්යථාපි නාම තාලො මත්ථකච්ඡින්නො අභබ්බො පුන විරූළ්හියා එවමෙව භික්ඛුනී අට්ඨමං වත්ථුං පරිපූරෙන්තී අස්සමණී හොති අසක්යාධීතා, තෙන වුච්චති පාරාජිකා හොතීති.
Sinhala BJTපාරාජිකා හොති: යම් සේ මුදුන්සුන් තල්රුකෙක් යළි වැඩුමට නො නිසි වේද, එසේ මැ මෙහෙණ අටවැනි වස්තුව පුරවන්නී නො මෙහෙණක් වූවා නො සැහැ දුවක් වූවා වෙයි. එහෙයින් පාරාජිකා හොති යැයි කියනු ලැබේ.
Pali BJTඅසංවාසාති: සංවාසො නාම: එකකම්මං එකුද්දෙසො සමසික්ඛතා එසො සංවාසො නාම. සො තාය සද්ධිං නත්ථි, තෙන වුච්චති අසංවාසාති.
Sinhala BJTඅසංවාසා: සංවාස නම් එක් වැ විනයකර්‍ම කිරීම යැ. එක් වැ පාමොක් උදෙසීම යැ, සමසික ඇති බව යි, තෙලෙ සංවාස නම් වේ. ඒ සංවාස ඇය සමග නැති, එහෙයින් අසංවාසා යැයි කියනු ලැබේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච අසතියා අජානන්තියා අසාදියන්තියා උම්මත්තිකාය ඛිත්තචිත්තාය වෙදනට්ටාය ආදිකම්මිකායාති.
Sinhala BJTනො සිතා කරන්නියට නො සිහියෙන් කරන්නියට නො දන්නියට නො ඉවසන්නියට උම්මත්තිකාවට ක්‍ෂිප්තචිත්තාවට වේදනාර්තාවට අදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTචතුත්ථපාරාජිකං නිට්ඨිතං.
Sinhala BJTචතුර්‍ත්‍ථ පාරාජිකය නිමි.
Pali BJT4. උද්දිට්ඨා ඛො අය්යායො අට්ඨපාරාජිකා ධම්මා. යෙසං භික්ඛුනී අඤ්ඤතරං වා අඤ්ඤතරං වා ආපජ්ජිත්වා න ලභති භික්ඛුනීහි සද්ධිං සංවාසං යථා පුරෙ තථා පච්ඡා, පාරාජිකා හොති අසංවාසා. තත්ථාය්යායො පුච්ඡාමි, කච්චිත්ථ පරිසුද්ධා දුතියම්පි පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා. තතියම්පි පුච්ඡාමි. කච්චිත්ථ පරිසුද්ධා. පරිසුද්ධෙත්ථාය්යායො{2} තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමීති.
Sinhala BJT4. ආර්‍ය්‍යාවෙනි අට පරිජි ඇවැත්හු උදෙසන ලදහු මැ යි. මෙහෙණක් තොමෝ යම් පරිජි කෙනකුන් අතුරෙන් එක්තරා එක්තරා ඇවැතකට පැමිණ මෙහෙණන් සමඟ සංවාසය නො ලබා ද, පෙරැ යම් සේ නම් පසු වැ එසේ සංවාසය නැත්තී පරිජි වූවා වෙයි. එහි ලා ආර්‍ය්‍යාවන් පිළිවිසිමි. කිම පිරිසුදුවහු ද? දෙවනවටදු පිළිවිසිමි, කිම පිරිසුදුවහු ද? තෙවනවටදු පිළිවිසිමි, කිම පිරිසුදුවහු ද? මෙහි ලා ආර්‍ය්‍යාවෝ පිරිසුදු හ. එහෙයින් නිහඬ වෙති. මෙසේ මෙය දරමි යි.
Pali BJTපාරාජිකකණ්ඩො නිට්ඨිතො.
Sinhala BJTපාරාජික කාණ්ඩය නිමියේ යි.
Pali BJT2. සත්තරසකං
Sinhala BJT2. සඞ්ඝාදිසේසකාණ්ඩය
Pali BJT2. 1.
Sinhala BJT2. 1.
Pali BJTපඨමසඞ්ඝාදිසෙසො
Sinhala BJTප්‍රථම සඞ්ඝාදිශේෂය
Pali BJTඉමෙ ඛො පනාය්යායො සත්තරස සඞ්ඝාදිසෙසා ධම්මා උද්දෙසං ආගච්ඡන්ති.
Sinhala BJTආර්‍ය්‍යාවෙනි, මේ සතළොස් සඞ්ඝාදිසෙසධර්‍මයෝ උදෙසීමට පැමිණෙත්.
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො උපාසකො භික්ඛුනීසඞ්ඝස්ස උද්දොසිතං{1} දත්වා කාලකතො හොති. තස්ස ද්වෙ පුත්තා හොන්ති, එකො අස්සද්ධො අප්පසන්නො එකො සද්ධො පසන්නො, තෙ පෙත්තිකං සාපතෙය්යං විභජිංසු. අථ ඛො සො අස්සද්ධො අප්පසන්නො සද්ධං පසන්නං එතදවොච, අම්හාකං උද්දොසිතො, තං භාජෙමාති. එවං වුත්තෙ සො සද්ධො පසන්නො තං අස්සද්ධං අප්පසන්නං එතදවොච. “මාය්යො එවං අවච අම්හාකං පිතුනා භික්ඛුනිසඞ්ඝස්ස දින්නො”ති. දුතියම්පි ඛො සො අස්සද්ධො අප්පසන්නො තං සද්ධං පසන්නං එතදවොච: අම්හාකං උද්දොසිතො තං භාජෙමා”ති. දුතියම්පි සො සද්ධො පසන්නො තං අස්සද්ධං අප්පසන්නං එතදවොච: “මාය්යො එවං අවච “අම්හාකං පිතුනා භික්ඛුනිසඞ්ඝස්ස දින්නො”ති, තතියම්පි ඛො සො අස්සද්ධො අප්පසන්නො තං සද්ධං පසන්නං එතදවොච: “අම්හාකං උදොසිතො, තං භාජෙමාති. අථ ඛො සො සද්ධො පසන්නො සචෙ මය්හං භවිස්සති අහම්පි භික්ඛුනිසඞ්ඝස්ස දස්සාමීති තං අස්සද්ධං අප්පසන්නං එතදවොච භාජෙමාති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එකල්හි එක්තරා උපාසකයෙක් මෙහෙණසඟනට බඩුහලක් දී කලුරිය කෙළේ වෙයි. ඔහුට දෙපුත් කෙනෙක් වෙති. එකෙක් (බුදුසසුන්හි) සැදැහැ නැතියේ නො පහන් යැ. එකෙක් සැදැහැ ඇතියේ පහන් යැ. ඔහු පිය සතු ධනය බෙදූහු. එකල්හි ඒ සැදැහැ නැති නො පහන් පුත් ඒ සැදැහැ ඇති පහන් පුත්හට මෙය කීයැ: “අපගේ බඩුහලෙක් වෙයි. එය බෙදමු” යැයි. මෙසේ කී කල්හි ඒ සැදැහැ ඇති පහන්වූයේ ඒ සැදැහැ නැති නො පහන්වූවහුට මෙය කීයැ: “ආර්‍ය්‍ය තෙමේ මෙසේ නහමක් කියාවා: අපගේ පියහු විසින් මෙහෙණ සඟනට දෙන ලද්දේ” යැයි. දෙවනවටදු ඒ සැදැහැ නැති නො පහන්වූයේ ඒ සැදැහැ ඇති පහන්වූවහුට මෙය කීයැ; “අපගේ බඩුහලෙක් වෙයි. එය බෙදමු” යැයි. දෙවනවටදු ඒ සැදැහැ ඇති පහන්වූයේ ඒ සැදැහැ නැති නො පහන්වූවහුට මෙය කීයැ: “ආර්‍ය්‍ය තෙමේ මෙසේ නහමක් කියාවා: අපගේ පියහු විසින් මෙහෙණ සඟනට දෙන ලද්දේ” යැයි. තෙවනවටදු ඒ සැදැහැ නැති නොපහන්වූයේ ඒ සැදැහැ ඇති පහන්වූවහුට මෙය කීයැ: “අපගේ බඩුහලෙක් වෙයි. එය බෙදමු” යැයි. එකල්හි ඒ සැදැහැ ඇති පහන්වූයේ “ඉදින් මාහට වන්නේ නම් මමද මෙහෙණ සඟනට දෙන්නෙමැ” යි ඒ සැදැහැ නැති නොපහන්වූවහුට ‘බෙදම්හ’ යි කීයැ.
Pali BJT2. අථ ඛො සො උද්දොසිතො තෙහි භාජීයමානො තස්ස අස්සද්ධස්ස අප්පසන්නස්ස පාපුණි.{2} අථ ඛො සො අස්සද්ධො අප්පසන්නො භික්ඛුනියො උපසඞ්කමිත්වා එතදවොච: “නික්ඛමථය්යෙ අම්හාකං උද්දොසිතො”ති. එවං වුත්තෙ ථුල්ලනන්දා භික්ඛුනී තං පුරිසං එතදවොච: “මාය්යො එවං අවච, තුම්හාකං පිතුනා භික්ඛුනිසඞ්ඝස්ස දින්නොති, දින්නො න දින්නොති වොහාරිකෙ මහාමත්තෙ පුච්ඡිංසු. මහාමත්තා එවමාහංසු: කො අය්යෙ ජානාති භික්ඛුනිසඞ්ඝස්ස දින්නොති එවං වුත්තෙ ථුල්ලනන්දා භික්ඛුනී තෙ මහාමත්තෙ එතදවොච. අපිනාය්යා{3} තුම්හෙහි දිට්ඨං වා සුතං වා සක්ඛිං ඨපයිත්වා දානං දීයමානන්ති. අථ ඛො තෙ මහාමත්තා සච්චං ඛො අය්යා ආහාති තං උද්දොසිතං භික්ඛුනි සඞ්ඝස්ස අකංසු.
Sinhala BJT2. ඉක්බිති ඔවුන් විසින් බෙදනු ලබන ඒ බඩුහල ඒ සැදැහැ නැති නොපහන්වූවහුට පැමිණියේයැ, එකල්හි ඒ සැදැහැ නැති නොපහන්වූයේ මෙහෙණන් වෙත එළැඹැ තෙල කීයැ: “ආර්‍ය්‍යාවෙනි නික්මෙවු, බඩුහල අපගේ යැ” යි. මෙසේ කී කල්හි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ඒ පුරුෂයාහට තෙල කිවූ යැ: ආර්‍ය්‍ය තෙමේ මෙසේ නහමක් කියාවා, තොපගේ පියහු විසින් මෙහෙණ සඟනට දෙන ලද්දේ” යැයි. දෙන ලද ද නො දෙන ලද ද දැයි අධිකරණ මහාමාත්‍රයන් පිළිවිසියහ. මහාමාත්‍රයෝ මෙසේ කීහු: “ආර්‍ය්‍යාවෙනි මෙහෙණ සඟනට දෙන ලදැයි කවරෙක් දනී” දැයි. මෙසේ කී කල්හි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ඒ මහාමාත්‍රයන්හට මෙය කිවු යැ: “ආර්‍ය්‍යයෙනි තොප විසින් සාක්‍ෂ්‍ය තබාගෙන දෙනු ලබන දානයෙක් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේ” දැයි. එකල්හි ඒ මහාමාත්‍රයෝ ‘ආර්‍ය්‍යාව සැබැවක් කියා’යැයි ඒ බඩුහල මෙහෙණ සඟන සතු කළහ.
Pali BJT3. අථ ඛො සො පුරිසො පරාජිතො උජ්ඣායති ඛීයති විපාචෙති: “අස්සමණියො ඉමා මුණ්ඩා වන්ධකිනියො. කථං හි නාම අම්හාකං උද්දොසිතං අච්ඡින්දාපෙන්තී”ති. ථුල්ලනන්දා භික්ඛුනී මහාමත්තානං එතමත්ථං ආරොචෙසි, මහාමත්තා තං පුරිසං දණ්ඩාපෙසුං. අථ ඛො සො පුරිසො දණ්ඩිතො භික්ඛුනූපස්සයස්ස අවිදූරෙ ආජීවකසෙය්යං කාරාපෙත්වා ආජීවකෙ උය්යොජෙසි. එතා{1} භික්ඛුනියො අච්චාවදථාති. ථුල්ලනන්දා භික්ඛුනී මහාමත්තානං එතමත්ථං ආරොචෙසි. මහාමත්තා තං පුරිසං බන්ධාපෙසුං. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “පඨමං භික්ඛුනියො උද්දොසිතං අච්ඡින්දාපෙසුං, දුතියං{2} දණ්ඩාපෙසුං තතියං{3} බන්ධාපෙසුං, ඉදානි ඝාතාපෙස්සන්තී”ති. අස්සොසුං ඛො භික්ඛුනියො තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං.
Sinhala BJT3. ඉක්බිති ඒ පුරුෂ තෙම පැරැදුණේ ලමු කොට සිතයි. නුගුණ පවසයි, දොස් පතුරුවයි: “කෙසේ නම් මේ මුඩු වඳ නො මෙහෙණෝ අපගේ බඩුහල අසිඳගත්හුදැ”යි. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ මහාමාත්‍රයනට තෙල කරුණ දැන්වූ යැ. මහාමාත්‍රයෝ ඒ පුරුෂයහට දඩ ගැස්සූහ. එකල්හි ඒ පුරුෂ තෙමේ දඩ ගසන ලදුයේ මෙහෙණවරට නුදුරු තන්හි ආජීවක සෙනස්නක් කරවා ‘තෙල මෙහෙණන්හට ආක්‍රෝශ කරවු’ යැයි ආජීවිකයන් නඟා යැවී යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ තෙල කරුණ මහාමාත්‍රයන්හට දැන්වූ යැ. මහාමාත්‍රයෝ ඒ පුරුෂයා දඟගෙහි ලැවූහ. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “මෙහෙණහු පළමු කොට බඩුහල අසිඳගත්හ, දෙවනුවැ දඩගැස්සූහ, තෙවනුවැ දඟගෙහි ලැවූහ. දැන් මරවන්නාහ” යි. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන එ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු.
Pali BJT4. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම අය්යා ථුල්ලනන්දා උස්සයවාදිකා විහරිස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී උස්සයවාදිකා විහරතීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී උස්සයවාදිකා විහරිස්සති, නෙතං භික්ඛවෙ අප්පසන්නානං පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු.
Sinhala BJT4. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති. දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍ය ථුල්ලනන්‍දා තොමෝ අධිකරණ කරන්නී වුසූ” දැයි ... සැබෑ ද මහණෙනි ථුල්ලනන්‍දා තොමෝ භික්‍ෂුණී තොමෝ අධිකරණ කරන්නී වෙසේ දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ අධිකරණ කරන්නී වුසූ ද, මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නොවෙයි ... මෙසේ මහණෙනි මෙහෙණහු මේ සිකපදය උදෙසත්වා:
Pali BJTයා පන භික්ඛුනී උස්සයවාදිකා විහරෙය්ය ගහපතිනා වා ගහපතිපුත්තෙන වා දාසෙන වා කම්මකරෙන{4} වා අන්තමසො සමණපරිබ්බාජකෙනාපි, අයං භික්ඛුනී පඨමාපත්තිකං ධම්මං ආපන්නා නිස්සාරණීයං සඞ්ඝාදිසෙසන්ති.
Sinhala BJTයම් මෙහෙණක් ගැහැවියකු හෝ ගැහැවිපුතකු හෝ දසකු හෝ කම්කරුවකු හෝ යටත්පිරිසෙයින් මහණ පිරිවැජියකුදු සමග අධිකරණ කරන්නී වෙසේ නම් මේ මෙහෙණ පළමු (විකුම්කෙණෙහි මැ) පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතුවූ සඟවෙසෙස් ඇවැතට පැමිණියා වේ යැයි.
Pali BJT5. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT5. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණීයයි.
Pali BJTඋස්සයවාදිකා නාම: අට්ටකාරිකා වුච්චති,
Sinhala BJTඋස්සයවාදිකා නම්: අට්ටකාරිකා කියනු ලැබෙයි.
Pali BJTගහපති නාම: යො කොචි අගාරං අජ්ඣාවසති.
Sinhala BJTගහපති නම්: යම් කිසිවෙක් ගිහිගෙයි වෙසේ ද (හේ යැ.)
Pali BJTගහපතිපුත්තො නාම: යෙ කොචි{1} පුත්තභාතරො.
Sinhala BJTගහපතිපුත්ත නම්: යම්කිසි දරුවන් හා බෑයන් ඇත්තෙකි.
Pali BJTදාසො නාම: අන්තො .... ජාතො ධනක්කිතො කරමරානීතො .
Sinhala BJTදාස නම්: අන්තොජාත යැ ධනක්කීත යැ කරමරානීත යි.
Pali BJTකම්මකරො: නාම: භතකො ආභතකො.
Sinhala BJTකම්මකර නම්: හතක යැ ආහතක යි.
Pali BJTසමණපරිබ්බාජකො නාම: භික්ඛුඤ්ච භික්ඛුනිඤ්ච සික්ඛමානඤ්ච සාමණෙරඤ්ච සාමණෙරිඤ්ච ඨපෙත්වා යො කොචි පරිබ්බාජකසමාපන්නො.
Sinhala BJTසමණපරිබ්බාජක නම්: මහණ ද මෙහෙණ ද සික්මනුව ද හෙරණ ද හෙරැණිය ද තබා යම් කිසි පිරිවැජිබවට පැමිණියෙකි.
Pali BJTඅට්ටං කරිස්සාමීති දුතියං වා පරියෙසති ගච්ඡති වා ආපත්ති දුක්කටස්ස. එකස්ස ආරොචෙති ආපත්ති දුක්කටස්ස. දුතියස්ස ආරොචෙති ආපත්ති ථුල්ලච්චයස්ස. අට්ටපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJTඅධිකරණයක් කරන්නෙ මැ යි දෙවැන්නකු සොයා නම් හෝ යේ නම් හෝ දුකුළා ඇවැත් වෙයි. එකක්හට ඇරොජා නම් දුකුළා ඇවැත් වෙයි. දෙවැන්නකුට ඇරොජා නම් ථුලැසි ඇවැත් වෙයි. අධිකරණය අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTපඨමාපත්තිකන්ති: සහවත්ථජ්ඣාචාරා{2} ආපජ්ජති අසමනුභාසනාය.
Sinhala BJTපඨමාපත්තිකං: වස්තුව්‍යතික්‍රමණය සමඟ මැ පැමිණෙයි, සමනුභාෂණකර්‍මයෙන් නො වේ.
Pali BJTනිස්සාරණීයන්ති: සඞ්ඝම්හා නිස්සාරීයති.
Sinhala BJTනිස්සාරණීයං: සඟහු කෙරෙන් නෙරනු ලබයි.
Pali BJTසඞ්ඝාදිසෙසන්ති: සඞ්ඝොව තස්සා ආපත්තියා මානත්තං දෙති මූලාය පටිකස්සති අබ්භෙති, න සම්බහුලා න එකා භික්ඛුනී, තෙන වුච්චති සඞ්ඝාදිසෙසොති{3} තස්ස චෙව ආපත්තිනිකායස්ස නාමකම්මං අධිවචනං තෙනපි වුච්චති සඞ්ඝාදිසෙසොති.
Sinhala BJTසඞ්ඝාදිසේසො: සඞ්ඝ තෙමේ මැ ඒ ඇවැතට මානත දෙයි, මූලාය පටිකස්සන කර්‍ම කෙරෙයි, අබ්භාන කර්‍ම කෙරෙයි, කැඳවයි, සම්බහුලයෝ නො වෙති. එක් මෙහෙණක් ද නො වෙයි. එහෙයින් සඞ්ඝාදිසේස යැයි කියනු ලැබෙයි. ඒ ආපත්ති සමූහයට මැ නාමකර්‍ම යැ අධිවචන යි. එයිනුදු සඞ්ඝාදිසේස යැයි කියනු ලැබේ.
Pali BJTඅනාපත්ති: මනුස්සෙහි ආකඩ්ඪීයමානා ගච්ඡති, රක්ඛං{4} යාචති අනොදිස්ස ආචික්ඛති උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTමිනිසුන් විසින් අදනා ලබන්නී යා නම්, රැකවරණය යදී නම් නො උදෙසා කියා නම් ඇවැත් නො වේ, උම්මත්තිකාවහට ... අදිකම්මිකාවහට ඇවැත් නැති.
Pali BJTපඨමසඞ්ඝාදිසෙසො{*}{5}
Sinhala BJTප්‍රථම සඞ්ඝාදිශේෂ යි.
Pali BJT2. 2.
Sinhala BJT2. 2.
Pali BJTදුතියසඞ්ඝාදිසෙසො
Sinhala BJTද්‍විතීය සඞ්ඝාදිශේෂය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන වෙසාලියං අඤ්ඤතරස්ස ලිච්ඡවිස්ස පජාපති අතිචාරිනී{6} හොති. අථ ඛො සො ලිච්ඡවි තං ඉත්ථිං එතදවොච: “සාධු විරමාහි අනත්ථං ඛො තෙ කරිස්සාමී”ති. එවම්පි සා වුච්චමානා නාදියි. තෙන ඛො පන සමයෙන වෙසාලියා{7} ලිච්ඡවිගණො සන්නිපතිතො හොති කෙනචිදෙව කරණීයෙන. අථ ඛො සො ලිච්ඡවි තෙ ලිච්ඡවී{8} එතදවොච: “එකං මෙ අය්යො ඉත්ථිං අනුජානාථා”ති. කා නාම සාති. මය්හං පජාපති අතිචරති, තං ඝාතෙස්සාමීති. පජානාහීති.{9}
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි විසල්පුරැ එක්තරා ලිච්ඡවියකුගේ භාර්‍ය්‍යා තොමෝ ඉක්මවා හැසිරෙන්නී වෙයි, එකල්හි ඒ ලිච්ඡවි තෙමේ ඒ ස්ත්‍රියට මෙය කීයැ: “මැනැවි විරමණය වව, තාහට නපුරක් කරන්නෙමැ” යි, මෙසේත් කියනු ලබන්නී නො පිළිගතු. එසමයෙහි වනාහි විසල්පුරැ ලිච්ඡවි ගණයා කිසියම් කටයුත්තක් හේතු කොට ගෙන රැස්වූයේ වෙයි. එකල්හි ඒ ලිච්ඡවි තෙමේ ඒ ලිච්ඡවීනට මෙය කීයැ: “ආර්‍ය්‍යයෙනි, එක් ස්ත්‍රියක මාහට අනුදනුව” යි. හෝ නම් කවර යැ? මාගේ භාර්‍ය්‍යාව ඉක්මවා හැසිරෙයි. ඇය නසා ලන්නෙමැයි, දනුව යි (කීයැ.)
Pali BJT2. අස්සොසි ඛො සා ඉත්ථි “සාමිකො කිර මං ඝාතෙතුකාමො”ති. වරභණ්ඩං ආදාය සාවත්ථිං ගන්ත්වා තිත්ථියෙ උපසඞ්කමිත්වා පබ්බජ්ජංයාචි. තිත්ථියා න ඉච්ඡිංසු පබ්බාජෙතුං. භික්ඛුනියො උපසඞ්කමිත්වා පබ්බජ්ජං යාචි, භික්ඛුනියො පි න ඉච්ඡිංසු පබ්බාජෙතුං. ථුල්ලනන්දං භික්ඛුනිං උපසඞ්කමිත්වා භණ්ඩකං දස්සෙත්වා පබ්බජ්ජං යාචි, ථුල්ලනන්දා භික්ඛුනී භණ්ඩකං ගහෙත්වා පබ්බාජෙසි.
Sinhala BJT2. ඒ ස්ත්‍රී තොමෝ ‘සැමියා මා නසාලනු කැමැත්තේ ලැ’යි ඇසූයැ, වරබඩු රැගෙන සැවැතට ගොස් තොටුවන් වෙත එළඹ පැවිද්ද යැදූ යැ, තොටුවෝ පැවිදි කරවන්නට නො කැමැති වූහු. මෙහෙණන් වෙත එළඹ පැවිද්ද යැදූ යැ. මෙහෙණෝත් පැවිදි කරවන්නට නො කැමැති වූහු, ථුල්ලනන්‍දා භික්‍ෂුණිය වෙත එළඹ බඩුපොදිය දක්වා පැවිද්ද යැදූ යැ, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ බඩුපොදිය ගෙන පැවිදි කරවූ යැ.
Pali BJT3. අථ ඛො සො ලිච්ඡවි තං ඉත්ථිං පරියෙසන්තො{1} සාවත්ථිං ගන්ත්වා භික්ඛුනීසු පබ්බජිතං දිස්වාන යෙන රාජා පසෙනදී කොසලො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා රාජානං පසෙනදිං කොසලං එතදවොච: “පජාපති මෙ දෙව වරභණ්ඩං ආදාය සාවත්ථිං අනුප්පත්තා තං දෙවො අනුජානාතූ”ති. තෙන හි භණෙ විචිනිත්වා ආචික්ඛාති දිට්ඨා දෙව භික්ඛුනීසු පබ්බජිතාති. සචෙ භණෙ භික්ඛුනීසු පබ්බජිතා න සා ලබ්භා කිඤ්චි කාතුං, ස්වාක්ඛාතො ධම්මො{2} චරතු බ්රහ්මචරියං සම්මාදුක්ඛස්ස අන්තකිරියායාති.
Sinhala BJT3. ඉක්බිති ඒ ලිච්ඡවි තෙමේ ඒ ස්ත්‍රිය සොයන්නේ සැවැතට ගොස් මෙහෙණන් කෙරෙහි පැවිදිවූවහු දැක පසේනදි කොසොල් රජු වෙත එළඹියේ යැ, එළඹ පසේනදි කොසොල් රජුහට මෙය කීයැ: “දේවයෙනි, භාර්‍ය්‍යාව වරබඩු රැගෙන සැවැතට පැමිණියා යැ, දේවතෙමේ ඇය අනුදනීව” යි, එසේ නම් කොළෙනි, සොයා කියවයි. දේවයෙනි, මෙහෙණන් කෙරෙහි පැවිදිවූවා දක්නා ලද්දී යැ. ඉදින් කොළෙනි, මෙහෙණන් කෙරෙහි පැවිදි වූ නම් ඕතොමෝ කිසිවක් කරන්නට නො ලබන්නී යැ, ධර්‍මය ස්වාඛ්‍යාත යැ, මැනැවින් දුක් කෙළවර කිරීම පිණිස බඹසර කෙරේව යි.
Pali BJT4. අථ ඛො සො ලිච්ඡවි උජ්ඣායති ඛීයති විපාචෙති: “කථං හි නාම භික්ඛුනියො චොරිං පබ්බාජෙස්සන්තී”ති. අස්සොසුං ඛො භික්ඛුනියො තස්ස ලිච්ඡවිස්ස උජ්ඣායන්තස්ස ඛීයන්තස්ස විපාචෙන්තස්ස.
Sinhala BJT4. එකල්හි ඒ ලිච්ඡවි තෙමේ ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි: “කෙසේ නම් මෙහෙණෝ සෙරක පැවිදි කරවූහු දැ” යි. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ ලිච්ඡවිහුගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු.
Pali BJT5. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා ථුල්ලනන්දා චොරිං පබ්බාජෙස්සතී”ති? -පෙ- සච්චං කිර භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී චොරිං පබ්බාජෙසීති? සච්චං භගවා විගරහි බුද්ධො භගවා -පෙ- “කථං හි නාම භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී චොරිං පබ්බාජෙස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු.
Sinhala BJT5. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ සෙරක පැවිදි කරවූ” දැයි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණිය සෙරක පැවිදි කරවූදැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණිය සෙරක පැවිදි කරවු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන් ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය මෙසේ උදෙසත්වා:
Pali BJTයා පන භික්ඛුනී ජානං චොරිං වජ්ඣං විදිතං අනපලොකෙත්වා රාජානං වා සඞ්ඝං වා ගණං වා පූගං වා සෙණිං වා අඤ්ඤත්ර කප්පා වුට්ඨාපෙය්ය අයම්පි භික්ඛුනී පඨමාපත්තිකං ධම්මං ආපන්නා නිස්සාරණීයං සඞ්ඝාදිසෙසන්ති.
Sinhala BJTයම් මෙහෙණක් තොමෝ දැනැ දැනැ වධයට සුදුසු වූ (එසේ) දන්නා ලද්දා වූ සෙරක රජහු හෝ සඟහු හෝ ගණයා හෝ මුළුව හෝ ශ්‍රේණිය හෝ නො පිළිවිසැ පෙර පැවිදි වූවක තබා උපසපන් කරවා නම් මේ මෙහෙණ තොමෝත් පළමු (විකුම් කෙණෙහි මැ) පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟවෙසෙස් ඇවැතට පැමිණියා වේ යැයි.
Pali BJT6. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT6. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණිය යි.
Pali BJTජානාති නාම: සාමං වා ජානාති අඤ්ඤෙ වා තස්සා ආරොචෙන්ති, සා වා ආරොචෙති.
Sinhala BJTජානාති නම්: තොමෝ හෝ දනී, අන්හු හෝ ඇයට ඇරොජත්, ඕතොමෝ හෝ ඇරොජයි.
Pali BJTචොරී නාම: යා පඤ්චමාසකං වා අතිරෙකපඤ්චමාසකං වා අග්ඝනකං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියති, එසා චොරී නාම.
Sinhala BJTචෝරී නම්: යමක් පස්මස්සක් හෝ අයිරා පස්මස්සක් හෝ අගනා නුදුන් දැයක් සොරසිතින් ගනී නම් මෝ තොමෝ සෙර නමු.
Pali BJTවජ්ඣා නාම: යං කම්මං{1} කත්වා වජ්ඣප්පත්තා හොති.
Sinhala BJTවජ්ඣා නම්: යම් කර්‍මයක් කොට වධයට සුදුසු වූවා වෙයි.
Pali BJTවිදිතා නාම: අඤ්ඤෙහි මනුස්සෙහි ඤාතා හොති වජ්ඣා එසාති.
Sinhala BJTවිදිතා නම්: සෙසු මිනිසුන් විසින් ‘මෝ තොමෝ වධයට සුදුසු වූවා’ යැයි දන්නා ලද්දී වෙයි.
Pali BJTඅනපලොකෙත්වාති: අනාපුච්ඡා.
Sinhala BJTඅනපලෝකෙත්‍වා: නො පිළිවිසැ,
Pali BJTරාජා නාම: යත්ථ රාජා අනුසාසති, රාජා අපලොකෙතබ්බො.
Sinhala BJTරාජ නම්: යම් තැනෙක රජෙක් අනුශාසනය කෙරේ නම් රජතෙමේ පිළිවිසිය යුත්තේ යැ.
Pali BJTසඞ්ඝො නාම: භික්ඛුනිසඞ්ඝො වුච්චති, භික්ඛුනිසඞ්ඝො අපලොකෙතබ්බො.
Sinhala BJTසඞ්ඝ නම්: භික්‍ෂුණීසඞ්ඝයා කියනු ලැබෙයි. භික්‍ෂුණීසඞ්ඝ තෙමේ පිළිවිසිය යුත්තේ යැ.
Pali BJTගණො නාම: යත්ථ ගණො අනුසාසති, ගණො අපලොකෙතබ්බො.
Sinhala BJTගණ නම්: යම් තැනෙක (මල්ලගණාදි) ගණයෙක් අනුශාසනය කෙරේ නම් ගණයා පිළිවිසිය යුත්තේ යැ.
Pali BJTපූගො නාම: යත්ථ පූගො අනුසාසති, පූගො අපලොකෙතබ්බො.
Sinhala BJTපූග නම්: යම් තැනෙක පුඤ්‍ඤ කාරකාදි මුළුවෙක් අනුශාසනය කෙරේ නම් මුළුව පිළිවිසිය යුත්තේ යැ.
Pali BJTසෙණි නාම: යත්ථ සෙණි අනුසාසති, සෙණි අපලොකෙතබ්බො.
Sinhala BJTසෙණී නම්: යම් තැනෙක ගන්‍ධිකාදි ශ්‍රේණියෙක් අනුශාසනය කෙරේ නම් ශ්‍රේණිය පිළිවිසිය යුත්තේ යි.
Pali BJTඅඤ්ඤත්ර කප්පාති: ඨපෙත්වා කප්පං, කප්පං නාම: ද්වෙ කප්පානි, තිත්ථියෙසු වා පබ්බජිතා හොති අඤ්ඤාසු වා භික්ඛුනීසු පබ්බජිතා අඤ්ඤත්ර කප්පා වුට්ඨාපෙස්සාමීති ගණං වා ආචරිනිං වා පත්තං වා චීවරං වා පරියෙසති සීමං වා සම්මන්නති, ආපත්ති දුක්කටස්ස. ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා, කම්මවාචාපරියොසානෙ උපජ්ඣායාය ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ගණස්ස ච ආචරිනියා ච ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅඤ‍්‍ඤත්‍ර කප්‍පා: කැප බවට ගියක තබා කප්ප නම්: දෙ කැපයෙකි තොටුවන් කෙරෙහි හෝ පැවිදිවූවා වෙයි, අන් මෙහෙණන් කෙරෙහි හෝ පැවිදිවූවා වෙයි, කැපබවට ගියක තබා උපසපන් කරවන්නෙ මැයි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාවක් හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි, ඥප්තියෙන් දුකුළා යැ දෙකම් වදනින් තුලැසි යැ, කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණහට සඟවෙසෙස් ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරහට දුකුළා ඇවැත් වේ.
Pali BJTඅයම්පීති: පුරිමං{1} උපාදාය වුච්චති.
Sinhala BJTඅයම්‍පි: පළමු සඟවෙසෙස් අවනක ගෙන කියනු ලැබෙයි.
Pali BJTපඨමාපත්තිකන්ති: සහවත්ථජ්ඣාචාරා ආපජ්ජති අසමනුභාසනාය.
Sinhala BJTපඨමාපත්‍තිකං: වස්තුව්‍යතික්‍රමණය සමග මැ පැමිණෙයි, සමනුභාෂණ කර්‍මයෙන් නො වෙයි.
Pali BJTනිස්සාරණීයන්ති: සඞ්ඝම්හා නිස්සාරීයති.
Sinhala BJTනිස්‍සාරණීයං: සඟහු කෙරෙන් නෙරනු ලබයි.
Pali BJTසඞ්ඝාදිසෙසොති: සඞ්ඝොව තස්සා ආපත්තියා මානත්තං දෙති මූලාය පටිකස්සති අබ්භෙති න සම්බහුලා න එකා භික්ඛුනී තෙන වුච්චති සඞ්ඝාදිසෙසොති. තස්ස චෙව ආපත්තිනිකායස්ස නාමකම්මං අධිවචනං, තෙනපි වුච්චති සඞ්ඝාදිසෙසොති.
Sinhala BJTසඞ්ඝාදිසේසො: සඞ්ඝ තෙමේ මැ ඒ ඇවැතට මානත දෙයි, මූලාය පටිකස්සනය කෙරෙයි, අබ්භාන කර්‍ම කෙරෙයි. සම්බහුලයෝ නො වෙති, එක් මෙහෙණක් ද නො වෙයි, එහෙයින් සඞ්ඝාදිසේස යැයි කියනු ලැබෙයි, ඒ ආපත්ති සමූහයට මැ නාමකර්‍ම යැ අධිවචන යි. එයිනුදු සඞ්ඝාදිසේස යැයි කියනු ලැබේ.
Pali BJTචොරියා චොරිසඤ්ඤා අඤ්ඤත්ර කප්පා වුට්ඨාපෙති ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. චොරියා වෙමතිකා අඤ්ඤත්ර කප්පා වුට්ඨාපෙති ආපත්ති දුක්කටස්ස.{2} චොරියා අචොරිසඤ්ඤා අඤ්ඤත්ර කප්පා වුට්ඨාපෙති, අනාපත්ති. අචොරියා චොරිසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අචොරියා වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අචොරියා අචොරිසඤ්ඤා අනාපත්ති.
Sinhala BJTසෙරක කෙරෙහි සෙරකැයි සන් ඇතියා කැපබවට ගියක තබා උපසපන් කරවා නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, සෙරක කෙරෙහි විමති ඇතියා කැපබවට ගියක තබා උපසපන් කරවා නම් දුකුළා ඇවැත් වෙයි, සෙරක කෙරෙහි නො සෙර සන් ඇතියා කැපබවට ගියක තබා උපසපන් කරවා නම් ඇවැත් නැති, නො සෙර කෙරෙහි සෙරකැයි සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි, නො සෙර කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි, නො සෙර කෙරෙහි නො සෙර සන් ඇතියා නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: අජානන්තී වුට්ඨාපෙති, අපලොකෙත්වා වුට්ඨාපෙති, කප්පකතං{3} වුට්ඨාපෙති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTනො දන්නී උපසපන් කරවා නම්, පිළිවිසැ උපසපන් කරවා නම්, කැපබවට ගියක උපසපන් කරවා නම්, ඇවැත් නො වේ, උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවහට ඇවැත් නැති.
Pali BJTදුතියසඞ්ඝාදිසෙසො
Sinhala BJTද්විතීය සඞ්ඝාදිශේෂ යි.
Pali BJT2. 3.
Sinhala BJT2. 3.
Pali BJTතතියසඞ්ඝාදිසෙසො
Sinhala BJTතෘතීය සංඝාදිශේෂය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භද්දාය කාපිලානියා අන්තෙවාසිකා{4} භික්ඛුනී භික්ඛුනීහි සද්ධිං භණ්ඩිත්වා ගාමකං{5} ඤාතිකුලං අගමාසි. භද්දා කාපිලානී තං භික්ඛුනිං අපස්සන්තී භික්ඛුනියො පුච්ඡි, “කහං ඉත්ථන්නාමා, න දිස්සතී”ති. භික්ඛුනීහි සද්ධිං අය්යෙ භණ්ඩිත්වා න දිස්සතීති. අම්මා අමුකස්මිං ගාමකෙ2 එතිස්සා ඤාතිකුලං, තත්ථ ගන්ත්වා විචිනථාති. භික්ඛුනියො තත්ථ ගන්ත්වා තං භික්ඛුනිං පස්සිත්වා එතදවොචු: “කිස්ස ත්වං අය්යෙ එකිකා ආගතා, කච්චිසි අප්පධංසිතා”ති, අප්පධංසිතාම්හි{6} අය්යෙති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති, එසමයෙහි වනාහි භද්‍රා කාපිලානියගේ අතැවැසි මෙහෙණක් මෙහෙණන් සමග ඩබර කොට ගම්බද නෑකුලයකට ගියා යැ. භද්‍රා කාපිලානී තොමෝ එ මෙහෙණ නො දක්නී මෙහෙණන් පිළිවුසූ යැ. “මෙනම් ඇත්තී කොහිදැයි නො දක්නා ලැබේ” යැයි. ආර්‍ය්‍යාවෙනි, මෙහෙණන් සමග ඩබර කොට නො දක්නා ලැබේ යැයි. මෑණිවරුනි, අසුවල් ගමෙහි මැයගේ නෑ කුලයෙක් වෙයි. එහි ගොස් සොයා බලව යි කිවු යැ. මෙහෙණෝ එහි ගොස් එ මෙහෙණ දැක මෙය කීහු. “ආර්‍ය්‍යාවෙනි, තෝ කුමකට හුදෙකලා වැ අවු ද? කිම නො නසනලදු දැයි, ආර්‍ය්‍යාවෙනි, නො නසන ලදුයෙම් වෙමැයි (කිවුයැ.)
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම භික්ඛුනී එකා ගාමන්තරං ගච්ඡිස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනී එකා ගාමන්තරං ගච්ඡතීති, සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනී එකා ගාමන්තරං ගච්ඡිස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු.
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා අන්ගමකට ගියා” දැයි ... ... සැබෑ ද මහණෙනි, මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා අන්ගමකට යා දැයි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ “කෙසේ නම් මහණෙනි, මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා අන්ගමකට ගියා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි, ... මෙසේ ද වනාහි මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
Pali BJTයා පන භික්ඛුනී එකා ගාමන්තරං ගච්ඡෙය්ය අයම්පි භික්ඛුනී පඨමාපත්තිකං ධම්මං ආපන්නා නිස්සාරණීයං සඞ්ඝාදිසෙසන්ති.
Sinhala BJTයම් මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා අන් ගමකට යා නම් මේ මෙහෙණ තොමෝත් පළමු (විකුම් කෙණෙහි මැ) පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟවෙසෙස් ඇවැතට පැමිණියා වේ යැයි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛුනීනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේ මේ සිකපදය භාග්‍යවතුන් විසින් මෙහෙණන්හට පනවන ලද්දේ වෙයි.
Pali BJT3. තෙන ඛො පන සමයෙන ද්වෙ භික්ඛුනියො සාකෙතා සාවත්ථිං{1} අද්ධානමග්ගප්පටිපන්නා හොන්ති, අන්තරාමග්ගෙ නදී තරිතබ්බා හොති. අථ ඛො තා භික්ඛුනියො නාවිකෙ උපසඞ්කමිත්වා එතදවොචුං, “සාධු නො ආවුසො තාරෙථා”ති. නාය්යෙ, සක්කා උභො එකතො සකිං තාරෙතුන්ති එකො එකං උත්තාරෙසි, උත්තිණ්ණො උත්තිණ්ණං දූසෙසි, අනුත්තිණ්ණො අනුත්තිණ්ණං දූසෙසි. තා පච්ඡා සමාගන්ත්වා පුච්ඡිංසු. කච්චිසි අය්යෙ අප්පධංසිතාති, පධංසිතම්හි අය්යෙ ත්වං පන අය්යෙ අප්පධංසිතාති, පධංසිතම්හි, අය්යෙති.
Sinhala BJT3. එසමයෙහි මෙහෙණෝ දෙදෙනෙක් සාකේතයෙන් සැවැතට (යනු පිණිස) අදන්මඟට පිළිපන්නාහු වෙති, අතරැමඟෙහි නදියක් තරණය කළ යුතු වෙයි, එකල්හි ඒ මෙහෙණෝ නැවියන් වෙත එළැඹ මෙය කීහු, “ඇවැත්නි, අප එතර කරවන්නහු නම් මැනැවැ” යි, ආර්‍ය්‍යාවෙනි, දෙදෙන එක්වැ වරකට එතර කරවන්නට නො හැක්කැයි. එකෙක් එකක එතර කැරැවීයැ. එතර වූයේ එතර වූවහු දූෂණය කෙළේ යැ, එතර නො වූයේ එතර නො වූවහු දූෂණය කෙළේ යි, ඔහු පසුවැ එකතු වැ පිළිවුසූහු. කිම, ආර්‍ය්‍යාවෙනි, නො නසන ලද දැයි, ආර්‍ය්‍යාවෙනි, නසන ලදුයෙම් වෙමි, ආර්‍ය්‍යාවෙනි, තෙපි නො නසන ලද්දවු දැයි, ආර්‍ය්‍යාවෙනි, නසන ලදුයෙම් වෙමි යි කිවු යැ.
Pali BJT4. අථ ඛො තා භික්ඛුනියො සාවත්ථිං ගන්ත්වා භික්ඛුනීනං එතමත්ථං ආරොචෙසුං: යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනී එකා නදීපාරං ගච්ඡිස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනී එකා නදීපාරං ගච්ඡතීති, සච්චං භගවා. විගරහි බුද්ධො භගවා. -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනී එකා නදීපාරං ගච්ඡිස්සතීති නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
Sinhala BJT4. ඉක්බිති ඒ මෙහෙණෝ සැවැතට ගොස් මෙහෙණන්හට තෙල කරුණ සැලකළහ. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා (ගඟෙකින් එතෙරට) ගියා” දැයි ... සැබෑ ද මහණෙනි, මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා ගඟෙකින් එතෙරට යා දැයි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... “කෙසේ නම් මහණෙනි, මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා ගඟෙකින් එතෙරට ගියා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි, ... මෙසේ මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
Pali BJTයා පන භික්ඛුනී එකා වා ගාමන්තරං ගච්ඡෙය්ය, එකා වා නදීපාරං ගච්ඡෙය්ය අයම්පි භික්ඛුනී පඨමාපත්තිකං ධම්මං ආපන්නා නිස්සාරණීයං සඞ්ඝාදිසෙසන්ති.
Sinhala BJTයම් මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා අන්ගමකට යා නම් හෝ හුදෙකලා වූවා ගඟෙකින් එතෙරට යා නම් මේ මෙහෙණ තොමෝත් පළමු (විකුම් කෙණෙහි මැ) පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟවෙසෙස් ඇවැතට පැමිණියා වේ යැයි.