Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ හරිතෙ උච්චාරම්පි පස්සාවම්පි ඛෙළම්පි කරොන්ති -පෙ-
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ නිල් තණ ආදියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළ ගැසීම ද කෙරෙත් ...
Pali BJTන හරිතෙ අගිලානො උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“නො ගිලන් වූයෙම් නිල් තණ ආදියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළ ගැසීම හෝ නො කරන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJT2. න හරිතෙ අගිලානෙන උච්චාරො වා පස්සාවො වා ඛෙළො වා කාතබ්බො. යො අනාදරියං පටිච්ච හරිතෙ අගිලානො උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරොති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT2. නො ගිලන්හු විසින් නිල් තණආදියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළ ගැසීම හෝ නො කළ යුතු යි. යමෙක් අනාදරිය පිණිස නො ගිලන් වැ නිල් තණ ආදියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළ ගැසීම හෝ කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJT3. අනාපත්ති: අසඤ්චිච්ච, අසතියා, අජානන්තස්ස, ගිලානස්ස, අප්පහරිතෙ කතො හරිතං ඔත්ථරති, ආපදාසු, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT3. නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, නො නිල්තණ ආදියෙහි කරන ලද දැයෙක් නිල් තණ වතුරුවා නම්, ආපදායෙහි, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTචුද්දසමසික්ඛාපදං.
Sinhala BJTචතුර්‍දශ ශික්‍ෂාපද යි.
Pali BJT8. 7. 15.
Sinhala BJT8. 7. 15.
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ උදකෙ උච්චාරම්පි පස්සාවම්පි ඛෙළම්පි කරොන්ති, මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. “කථං හි නාම සමණා සක්යපුත්තියා උදකෙ උච්චාරම්පි පස්සාවම්පි ඛෙළම්පි කරිස්සන්ති සෙය්යථාපි ගිහී කාමභොගිනො”ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණෝ දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළ ගැසීම ද කෙරෙත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ කාමභෝගී ගිහියන් මෙන් දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළ ගැසීම ද කොළෝ” දැ යි.
Pali BJT2. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ උදකෙ උච්චාරම්පි පස්සාවම්පි ඛෙළම්පි කරිස්සන්තී”ති. -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ උදකෙ උච්චාරම්පි පස්සාවම්පි ඛෙළම්පි කරොථාති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා උදකෙ උච්චාරම්පි පස්සාවම්පි ඛෙළම්පි කරිස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්‍තතිශබ්දය) ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණෝ දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළ ගැසීම ද කොළෝ” දැ යි. ... සැබෑ ද මහණෙනි, තෙපි දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළ ගැසීම ද කරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළ ගැසීම ද කළහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJTන උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“දියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළගැසීම හෝ නො කරන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT3. තෙන ඛො පන සමයෙන ගිලානා භික්ඛූ උදකෙ උච්චාරම්පි පස්සාවම්පි ඛෙළම්පි කාතුං කුක්කුච්චායන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. “අනුජානාමි භික්ඛවෙ ගිලානෙන භික්ඛුනා උදකෙ උච්චාරම්පි පස්සාවම්පි ඛෙළම්පි කාතුං” එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT3. එසමයෙහි ගිලන් වූ මහණෝ දියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළගැසීම ද කරන්නට කුකුසත්. භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහු. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමැතූසේකැ. “මහණෙනි, ගිලන් මහණහු විසින් දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළගැසීම ද කරන්නට අනුදනිමි”. මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJTන උදකෙ අගිලානො උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“නො ගිලන්වූයෙම් දියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළ ගැසීම හෝ නො කරන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJT4. න උදකෙ අගිලානෙන උච්චාරො වා පස්සාවො වා ඛෙළො වා කාතබ්බො. යො අනාදරියං පටිච්ච උදකෙ අගිලානො උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරොති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT4. නො ගිලන්හු විසින් දියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළ ගැසීම හෝ නො කළයුතු යි. යමෙක් අනාදරිය පිණිස නො ගිලන් වැ දියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළ ගැසීම හෝ කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච, අසතියා, අජානන්තස්ස, ගිලානස්ස, ථලෙ කතො උදකං ඔත්ථරති, ආපදාසු, උම්මත්තකස්ස, ඛිත්තචිත්තස්ස, වෙදනට්ටස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ගොඩබිමැ කරන ලද දැයෙක් ජලය වතුරුවා නම්, ඇවැත් නැත. ආපදායෙහි, උම්මත්තකයහට, ක්‍ෂිප්තචිත්තයහට, වේදනාර්‍තයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTපණ්ණරසමසික්ඛාපදං.
Sinhala BJTපඤ්චදශ ශික්‍ෂාපද යි.
Pali BJTපාදුකවග්ගො සත්තමො.
Sinhala BJTසත්වන පාදුකාවර්‍ග යි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJT‘පරිමණ්ඩලං පටිච්ඡන්නං සුසංවුතොක්ඛිත්තචක්ඛුනා උක්ඛිත්තුජ්ජග්ඝිකප්පසද්දො තයො චෙව පචාලනා
Sinhala BJTපරිමණ්ඩල යැ සුපටිච්ඡන්න යැ සුසංවුත යැ ඔක්ඛිත්තචක්ඛුසිඛය සමග උක්ඛිත්තකාය යැ උජ්ජග්ඝිකාය යැ අප්පසද්‍ද යැ කායප්පචාලක - බාහුප්පචාලක - සීසප්පචාලක යන තිදෙන ද,
Pali BJTඛම්හ ඔගුණ්ඨිතා චෙව කුටිපල්ලත්ථිකාය ච, සක්කච්චං පත්තසඤ්ඤී ච සමසූපසමතිත්තිකං.
Sinhala BJTඛම්භකත යැ ඔගුණ්ඨිත යැ උක්කුටිකාය යැ පල්ලත්‍ථිකාය සිඛය සමග සක්කච්ච යැ පත්තසඤ්ඤි යැ සමසූපක යැ සමතිත්තිකය ද,
Pali BJTසක්කච්චං පත්තයසඤ්ඤි ච සපදාන සමසූපකං, ථූපතො ච පටිච්ඡන්නං විඤ්ඤත්තුජ්ඣානසඤ්ඤිනා.
Sinhala BJTසක්කච්ච යැ පත්තසඤ්ඤ යැ සපදාන යැ සමසූපක යැ ථූපතෝ සිඛය ද පටිච්ඡන්න යැ උජ්ඣානසඤ්ඤිසිඛය සමග විඤ්ඤත්තිය ද.
Pali BJTන මහන්තං මණ්ඩලං ද්වාරං සබ්බං හත්ථං න බ්යාහරරෙ, උක්ඛෙපො ඡෙදනං ගණ්ඩං ධුනං සිත්ථාවකාරකං.
Sinhala BJTනාතිමහන්ත යැ පරිමණ්ඩල යැ මුඛද්වාරය යැ සබ්බහත්‍ථ යැ බ්‍යාහරණ යැ පිණ්ඩුකෙඛපක යැ කබලාවච්ඡේදක යැ අවගණ්ඩකාරක යැ හත්‍ථනිද්ධුක යැ සිත්‍ථාවකාරක ය ද,
Pali BJTජිව්හානිච්ඡාරකං චෙව වපුස්සුරු සුරෙන ච, හත්ථො පත්තො ච ඔට්ඨො ච සාමිසඤ්ච සසිත්ථකං.
Sinhala BJTජිව්හානිච්ඡාරක යැ චපුචපුකාරක යැ සුරුසුරුකාරකය සමග හත්‍ථනිල්ලෙහක යැ පත්තිනිල්ලෙහක යැ ඔට්ඨනිල්ලෙහක යැ සාමිස යැ සසිත්‍ථකය ද,
Pali BJTඡත්තපාණිස්ස සද්ධම්මං න දෙසෙන්ති තථාගතා, ඉච්චෙව දණ්ඩපාණිස්ස සත්ථආයුධපාණිනං.
Sinhala BJTතථාගතවරයෝ ඡත්තපාණියහට සදහම් නො දෙසත්, දණ්ඩපාණිහට ද සත්‍ථපාණිහට ද ආයුධපාණිහට ද මෙසෙයින් මැ නො දෙසත්,
Pali BJTපාදුකොපාහනා චෙව යානා සෙය්යගතස්ස ච, පල්ලත්ථිකා නිසින්නස්ස වෙඨිතොගුණ්ඨිතස්ස ච
Sinhala BJTපාදුකා - උපාහනාරූඪයහට ද යාන - සයනගතයහට ද පල්ලත්‍ථිකා නිසින්නයහට ද වෙඨිත - ඔගුණ්ඨිතසීසයහට ද නො දෙසත්.
Pali BJTඡමා නීචාසනෙ ඨානං පච්ඡතො උප්පථෙන ච. ඨිතකෙන න කාතබ්බං හරිතෙ උදකම්හි චාති.
Sinhala BJTබිමැ හා මිටිඅස්නෙහි හුන්නහු විසින් ද සිටියහු විසින් ද පසු වැ යන්නහු විසින් ද නො මගින් යන්නහු විසින් ද දහම් නො දෙසිය යුතු යැ. නිල්තණ ආදියෙහි හා දියෙහි (මළ මූ ඈ) නො කළ යුතු යි.
Pali BJTතෙසං වග්ගානං උද්දානං:
Sinhala BJTඒ වර්‍ගයන්ගේ උද්දානය:
Pali BJTපරිමණ්ඩලං උජ්ජගසි ඛම්භං සක්කච්චමෙව ච, කබළාසුරු සුරූ චෙව පාදුකෙන ච සත්තමාති.
Sinhala BJTපරිමණ්ඩල යැ උජ්ජග්ඝික යැ ඛම්භකත යැ සක්කචච්ච යැ කබළ යැ සුරුසුරු යැ සත්වන පාදුකාවර්‍ගයෙන් දැ යි.
Pali BJTපඤ්ඤත්තා අතිදෙවෙන ගොතමෙන යස්සසිනා, සාවකෙ සික්ඛනත්ථාය පඤ්චසත්තති සෙඛියාති.
Sinhala BJTඅතිදේව වූ ගෞතම යශස්වීන් විසින් ශ්‍රාවකයන් හික්මවනු පිණිස පන්සැත්තෑ සේඛිය ධර්‍මයෝ පනවන ලදහු යි.
Pali BJTඋද්දිට්ඨා ඛො ආයස්මන්තො සෙඛියා ධම්මා. තත්ථායස්මන්තෙ පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා. දුතියම්පි පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා. තතියම්පි පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා. පරිසුද්ධෙත්ථායස්මන්තො තස්මා තුණ්හී එවමෙතං ධාරයාමීති.
Sinhala BJTආයුෂ්මත්නි, සේඛියා ධර්‍මයෝ උදෙසන ලදහු. එහි ලා ආයුෂ්මතුන් පුලුවුස්මි, කීම පිරිසුදුවහු ද? දෙවනවට දු පුලුවුස්මි, කීම පිරිසුදුවහු ද? තෙවනවට දු පුලුවුස්මි, කිම පිරිසිදුවහු ද? මෙහි ලා ආයුෂ්මත්හු පිරිසුදුහ. එහෙයින් නිහඬයහ. මෙසේ මෙය දරමි.
Pali BJTසෙඛියා.
Sinhala BJTසේඛියධර්‍මයෝ යි.
Pali BJTඉමෙ ඛො පනායස්මන්තො සත්ත අධිකරණසමථා ධම්මා උද්දෙසං ආගච්ඡන්ති.
Sinhala BJTආයුෂ්මත්නි, මේ සප්ත අධිකරණශමථධර්‍මයෝ උදෙසීමට පැමිණෙත්.
Pali BJT1. උප්පන්නුප්පන්නානං අධිකරණානං සමථාය වූපසමාය සම්මුඛාවිනයො දාතබ්බො, සතිවිනයො දාතබ්බො, අමූළ්හවිනයො දාතබ්බො, පටිඤ්ඤාය කාරෙතබ්බං, යෙභුය්යසිකා, තස්සපාපිය්යසිකා{1}, තිණවත්ථාරකොති.
Sinhala BJT1. උපනුපන් (විවාදාදි) අධිකරණයන්ගේ ශමනය පිණිස ව්‍යුපශමය පිණිස සම්මුඛාවිනය දියයුත්තේ යැ, සතිවිනය දියයුත්තේ යැ, අමූළ්හවිනය දියයුත්තේ යැ, ප්‍රතිඥායෙන් කැරැවිය යුතු යැ, යේභුය්‍යසිකා යැ, තස්සපාපිය්‍යසිකා යැ, තිණවත්‍ථාරක යි.
Pali BJT2. උද්දිට්ඨා ඛො ආයස්මන්තො සත්ත අධිකරණසමථා ධම්මා. තත්ථායස්මන්තෙ පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා. දුතියම්පි පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා. තතියම්පි පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා. පරිසුද්ධෙත්ථායස්මන්තො තස්මා තුණ්හී එවමෙතං ධාරයාමීති.
Sinhala BJT2. ආයුෂ්මත්නි, සප්ත අධිකරණශමථධර්‍මයෝ උදෙසන ලදහ. එහි ලා ආයුෂ්මතුන් පුලුවුස්මි, කිම පිරිසුදුවහු ද? දෙවනවටදු පුලුවුස්මි, කිම පිරිසුදුවහු ද? තෙවනවටදු පුලුවුස්මි, කිම පිරිසුදුවහු ද? මෙහි ලා ආයුෂ්මත්හු පිරිසුදුහ. එහෙයින් නිහඬයහ. මෙසේ මෙය දරමි.
Pali BJTඅධිකරණසමථා.
Sinhala BJTඅධිකරණශමථයෝ යි.
Pali BJT3. උද්දිට්ඨං ඛො ආයස්මන්තො නිදානං, උද්දිට්ඨා චත්තාරො පාරාජිකා ධම්මා. උද්දිට්ඨා තෙරස සඞ්ඝාදිසෙසා ධම්මා. උද්දිට්ඨා ද්වෙ අනියතා ධම්මා. උද්දිට්ඨා තිංස නිස්සග්ගියා පාචිත්තියා ධම්මා. උද්දිට්ඨා ද්වෙ නවුති පාචිත්තියා ධම්මා. උද්දිට්ඨා චත්තාරො පාටිදෙසනීයා ධම්මා. උද්දිට්ඨා සෙඛියා ධම්මා. උද්දිට්ඨා සත්ත අධිකරණසමථා ධම්මා. එත්තකං තස්ස භගවතො සුත්තාගතං සුත්තපරියාපන්නං අන්වද්ධමාසං උද්දෙසං ආගච්ඡති, තත්ථ සබ්බෙහෙව සමග්ගෙහි සම්මොදමානෙහි අවිවදමානෙහි සික්ඛිතබ්බන්ති.
Sinhala BJT3. ආයුෂ්මත්නි, නිදානය උදෙසන ලදී. සතර පාරාජිකධර්‍මයෝ උදෙසන ලදහ, තෙළෙස් සඞ්‍ඝාදිසේස ධර්‍මයෝ උදෙසන ලදහ. දෙ අනියත ධර්‍මයෝ උදෙසන ලදහ. තිස් නිස්සග්ගියපාචිත්තිය ධර්‍මයෝ උදෙසන ලදහ. දෙඅනූ පාචිත්තිය ධර්‍මයෝ උදෙසන ලදහ. සතර පාටිදේසනීය ධර්‍මයෝ උදෙසන ලදහ. සේඛිය ධර්‍මයෝ උදෙසන ලදහ. සප්ත අධිකරණසමථ ධර්‍මයෝ උදෙසන ලදහ. ඒ භාග්‍යවතුන්ගේ සූත්‍රසංඛ්‍යාත භික්‍ෂුවිභඞ්ගයෙහි ආවා වූ භික්‍ෂුවිභඞ්ගයට ඇතුළත් වූ මෙතෙක් (සිඛ) අඩමසක් පාසා උදෙසීමට පැමිණෙයි. සමග වූ සතුටු වන විවාද නො කරන හැමදෙනා විසින් මැ එහි ලා හික්මියැ යුතු යි.
Pali BJTභික්ඛුවිභඞ්ගො{2} නිට්ඨිතො.
Sinhala BJTභික්ඛුවිභඞ්ය නිමියේ යි.
Pali BJTවිනයපිටකෙ
Sinhala BJTවිනයපිටකයෙහි
Pali BJTපාචිත්තියපාළි
Sinhala BJTපාචිත්තියපාළි
Pali BJTභික්ඛුනීවිභඞ්ගො
Sinhala BJTභික්‍ෂුණීවිභඞ්ගය
Pali BJT1. පාරාජිකකණ්ඩො
Sinhala BJT1. පාරාජිකකාණ්ඩය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
Sinhala BJTඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා
Pali BJT1. 1.
Sinhala BJT1. 1.
Pali BJTපඨමපාරාජිකං
Sinhala BJTපළමුවන පරිජිය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සාළ්හො මිගාරනත්තා භික්ඛුනිසඞ්ඝස්ස විහාරං කත්තුකාමො හොති. අථ ඛො සාළ්හො මිගාරනත්තා භික්ඛුනියො උපසඞ්කමිත්වා එතදවොච: ඉච්ඡාමහං අය්යෙ භික්ඛුනීසඞ්ඝස්ස විහාරං කාතුං, දෙථ මෙ නවකම්මිකං භික්ඛුනින්ති. තෙන ඛො පන සමයෙන චතස්සො භගිනියො භික්ඛුනීසු පබ්බජිතා හොන්ති නන්දා නන්දවතී සුන්දරීනන්දා ථුල්ලනන්දාති. තාසු සුන්දරීනන්දා භික්ඛුනී තරුණපබ්බජිතා හොති,{1} අභිරූපා දස්සනීයා පාසාදිකා පණ්ඩිතා ව්යත්තා මෙධාවිනී දක්ඛා අනලසා, තත්රූපායාය වීමංසාය සමන්නාගතා අලං කාතුං අලං සංවිධාතුං. අථ ඛො භික්ඛුනිසඞ්ඝො සුන්දරීනන්දං භික්ඛුනිං සම්මන්නිත්වා සාළ්හස්ස මිගාරනත්තුනො නවකම්මිකං අදාසි. තෙන ඛො පන සමයෙන සුන්දරීනන්දා භික්ඛුනී සාළ්හස්ස මිගාරනත්තුනො නිවෙසනං අභික්ඛණං ගච්ඡති. වාසිං දෙථ ඵරසුං{2} දෙථ කුඨාරිං දෙථ කුද්දාලං,{3} දෙථ නිඛාදනං දෙථාති. සාළ්හොපි මිගාරනත්තා භික්ඛුනූපස්සයං අභික්ඛණං ගච්ඡති කතාකතං ජානිතුං. තෙ අභිණ්හදස්සනෙන පටිබද්ධචිත්තා අහෙසුං. අථ ඛො සාළ්හො මිගාරනත්තා සුන්දරීනන්දං භික්ඛුනිං දූසෙතුං ඔකාසං අලභමානො එතදෙවත්ථාය භික්ඛුනිසඞ්ඝස්ස භත්තං අකාසි. අථ ඛො සාළ්හො මිගාරනත්තා භත්තග්ගෙ ආසනං පඤ්ඤපෙන්තො එත්තිකා භික්ඛුනියො අය්යාය සුන්දරීනන්දාය බුඩ්ඪතරාති එකමන්තං ආසනං පඤ්ඤාපෙසි, එත්තිකා නවකතරාති එකමන්තං ආසනං පඤ්ඤාපෙසි, පටිච්ඡන්නෙ ඔකාසෙ නිකූටෙ සුන්දරීනන්දාය භික්ඛුනියා ආසනං පඤ්ඤාපෙසි. යථා ථෙරා භික්ඛුනියො ජානෙය්යුං නවකානං භික්ඛුනීනං සන්තිකෙ නිසින්නාති, නවකාපි භික්ඛුනියො ජානෙය්යුං ථෙරානං භික්ඛුනීනං සන්තිකෙ නිසින්නාති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවරැ අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙරෙහි වැඩැවසන සේකැ. එසමයෙහි සාළ්හ මිගාරනප්තෘ තෙමේ භික්‍ෂුණීසඞ්ඝයාහට වෙහෙරක් කරනු කැමැත්තේ වෙයි. එකල්හි සාළ්හ මිගාරනප්තෘ තෙමේ මෙහෙණන් වෙත එළැඹැ තෙල කී යැ. “ආර්‍ය්‍යාවෙනි, මම භික්‍ෂුණී සඞ්ඝයාහට වෙහෙරක් කරනු කැමැත්තෙමි, මාහට නවකම් විදහන මෙහෙණක දෙනුමැනැව’ යි. එසමයෙහි වනාහි නන්‍දා යැ නන්‍දවතී යැ සුන්‍දරීනන්‍දා යැ ථුල්ලනන්‍දා යැ යි සතර බුහුන කෙනෙක් මෙහෙණන් කෙරෙහි පැවිදි වූවාහු වෙති. ඔවුනතුරෙන් සුන්‍දරීනන්‍දා භික්‍ෂුණී තොමෝ තුරුණුවියෙහි පැවිදිවූවා වෙයි. විශිෂ්ට රූ ඇත්තී දැකුම්කලු වූවා පැහැදුම් එළවන්නී පණ්ඩිත වූවා ව්‍යක්ත වූවා නුවණැති වූවා දක්‍ෂ වූවා අනලස් වූවා වෙයි. ඒ ඒ කර්‍මවිෂයෙහි උපාය වූ කළයුතු කම්හි විමසුම් නුවණින් යුතු වූවා ඒ ඒ කර්‍ම කරන්නට ද සංවිධාන කරන්නට ද සමර්‍ත්‍ථ වූවා වෙයි. ඉක්බිති භික්‍ෂුණීසඞ්ඝ තෙමේ සුන්‍දරීනන්‍දා භික්‍ෂුණිය සම්මත කොට සාළ්හ මිගාරනප්තෘ හට නවකැමියක කොට දුන්නේ යැ. එසමයෙහි වනාහි සුන්‍දරීනන්‍දා භික්‍ෂුණී තොමෝ සාළ්හ මිගාරනප්තෘහුගේ නිවෙසට නිතර නිතර යයි. ‘වෑයක් දෙව, පොරොවක් දෙව, කෙටේරියක් දෙව, උදැල්ලක් දෙව, නියනක් දෙව’ යි, සාළ්හ මිගාරනප්තෘ තෙමේත් කළදැය නො කළ දැය දැනගන්නට මෙහෙණවරට නිතර නිතර යයි. ඔහු දෙදෙන නිතර නිතර දැක්මෙන් පිළිබඳ සිත් ඇතියෝ වූහු. එකල්හි සාළ්හ මිගාරනප්තෘ තෙමේ සුන්‍දරීනන්‍දා භික්‍ෂුණිය දූෂණය කරන්නට අවසරයක් නො ලබන්නේ තෙල කරුණ මැ සඳහා භික්‍ෂුණීසඞ්ඝයාට බතක් (පිළියෙළ) කෙළේ යැ. එකල්හි සාළ්හ මිගාරනප්තෘ තෙමේ භක්තාග්‍රයෙහි අසුන් පනවන්නේ මෙතෙක් භික්‍ෂුණීහු ආර්‍ය්‍යා සුන්‍දරීනන්‍දාවට වැඩිමහලු හයි එකත්පසෙකැ අසුන් පැනැවීයැ. මෙතෙක් දෙනා නවක තරහයි එකත්පසෙකැ අසුන් පැනැවී යැ. ස්ථවිර භික්‍ෂුණීහු (ඕතොමෝ) නවක භික්‍ෂුණීන්ගේ සමීපයෙහි හිනැයි යම්සේ දන්නාහු නම් නවක භික්‍ෂුණී හුදු (ඕතොමෝ) ස්ථවිර භික්‍ෂුණීන්ගේ සමීපයෙහි හිනැයි යම්සේ දන්නාහු නම් එසේ සුන්‍දරීනන්‍දා මෙහෙණහට පිළිසන් අගුකොන් පෙදෙසෙකැ අසුනක් පැනවී යැ.
Pali BJT2. අථ ඛො සාළ්හො මිගාරනත්තා භික්ඛුනිසඞ්ඝස්ස කාලං ආරොචාපෙසි, කාලො අය්යෙ නිට්ඨිතං භත්තන්ති. සුන්දරීනන්දා භික්ඛුනී සල්ලක්ඛෙත්වා න බහුකතො සාළ්හො මිගාරනත්තා භික්ඛුනිසඞ්ඝස්ස භත්තං අකාසි. මං සො දූසෙතුකාමො, සචාහං ගමිස්සාමි විස්සරො මෙ භවිස්සතීති අන්තෙවාසිනිං{1} භික්ඛුනිං ආණාපෙසි, ගච්ඡ මෙ පිණ්ඩපාතං නීහර, යො ච{2} මං පුච්ඡති, ගිලානාති පටිවෙදෙහීති. එවං අය්යෙති ඛො සා භික්ඛුනී සුන්දරීනන්දාය භික්ඛුනියා පච්චස්සොසි.
Sinhala BJT2. ඉක්බිති සාළ්හ මිගාරනප්තෘ තෙමේ “ආර්‍ය්‍යාවෙනි, බත (පිළියෙළ කොට) නිමවන ලදී, (එයට) සුදුසු කලැ’යි භික්‍ෂුණී සඞ්ඝයාහ කල් දැන්වීයැ. සුන්‍දරීනන්‍දා භික්‍ෂුණි තොමෝ (නුවණින්) සලකා “සාළ්හ මිගාරනප්තෘ තෙමේ කළ බුහුමන් ඇතියේ භික්‍ෂුණී සඞ්ඝයාහට බත පිළියෙළ නො කෙළේ යැ. හේ මා දූෂණය කරනු කැමැත්තේ වෙයි. ඉදින් මම යන්නෙම් නම් මාගේ විප්‍රකාර ශබ්දය වන්නේ” යි අතැවැසි මෙහෙණකට ඇණවූයැ: යා, මා හට පිණ්ඩපාතය ගෙනැ එව, යමෙකුත් මා ගැන පිළිවිසී නම් ගිලනැයි (ඔහුට) දන්වාලව යි. එසේ යැ ආර්‍ය්‍යාවෙනි යි ඒ මෙහෙණ සුන්‍දරීනන්‍දා මෙහෙණට පිළිවදන් දුන්නා යැ.
Pali BJT3. තෙන ඛො පන සමයෙන සාළ්හො මිගාරනත්තා බහිද්වාරකොට්ඨකෙ ඨිතො හොති සුන්දරීනන්දං භික්ඛුනිං පටිපුච්ඡන්තො “කහං අය්යෙ අය්යා සුන්දරීනන්දා”ති. කහං අය්යෙ අය්යා සුන්දරීනන්දා”ති එවං වුත්තෙ සුන්දරීනන්දාය භික්ඛුනියා අන්තෙවාසිනී භික්ඛුනී සාළ්හං මිගාරනත්තාරං එතදවොච ගිලානා ආවුසො පිණ්ඩපාතං නීහරිස්සාමීති. අථ ඛො සාළ්හො මිගාරනත්තා යම්පාහං අත්ථාය භික්ඛුනීසඞ්ඝස්ස භත්තං අකාසිං, අය්යාය සුන්දරීනන්දාය කාරණාති. මනුස්සෙ ආණාපෙත්වා භික්ඛුනීසඞ්ඝං භත්තෙන පරිවිසථාති වත්වා යෙන භික්ඛුනූපස්සයො තෙනුපසඞ්කමි.
Sinhala BJT3. එසමයෙහි සාළ්හ මිගාරනප්තෘ තෙමේ බිහිදොර කොටුයෙහි සුන්‍දරීනන්‍දා මෙහෙණ පිළිවිසිමින් සිටියේ වෙයි: “ආර්‍ය්‍යාවෙනි, ආර්‍ය්‍යා සුන්‍දරීනන්‍දා කොහි ද? ආර්‍ය්‍යාවෙනි, ආර්‍ය්‍යා සුන්‍දරීනන්‍දා කොහි” දැයි. මෙසේ කී කල්හි සුන්‍දරීනන්‍දා මෙහෙණගේ අතැවැසි මෙහෙණ තොමෝ සාළ්හ මිගාරනප්තෘහට තෙල කිවු යැ: “ඇවැත, ගිලන් යැ පිණ්ඩපාතය ගෙන යන්නෙමි’ යි. එකල්හි සාළ්හ මිගාරනප්තෘ තෙමේ යමක සඳහා මම මෙහෙණසඟනට බත (පිළියෙළ) කෙළෙම් ද (ඒ) සුන්‍දරීනන්‍දා ආර්‍ය්‍යාව සඳහා යී මිනිසුන් අණවා බතින් මෙහෙණසඟන වළඳවවු’ යි කියා මෙහෙණවර වෙතැ එළැඹියේ යැ.
Pali BJT4. තෙන ඛො පන සමයෙන සුන්දරීනන්දා භික්ඛුනී බහාරාමකොට්ඨකෙ ඨිතා හොති සාළ්හං මිගාරනත්තාරං පතිමානෙන්තී, අද්දසා ඛො සුන්දරීනන්දා භික්ඛුනී සාළ්හං මිගාරනත්තාරං දූරතොව ආගච්ඡන්තං දිස්වාන උපස්සයං පවිසිත්වා සසීසං පාරුපිත්වා මඤ්චකෙ නිපජ්ජි. අථ ඛො සාළ්හො මිගාරනත්තා යෙන සුන්දරීනන්දා භික්ඛුනී තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා සුන්දරීනන්දං භික්ඛුනිං එතදවොච: කින්තෙ අය්යෙ අඵාසු කිස්ස නිපන්නාසීති. එවඤ්හෙතං ආවුසො හොති යා අනිච්ඡන්තං{3} ඉච්ඡතීති. ක්යාහං තං අය්යෙ න ඉච්ඡිස්සාමි. අපිචාහං ඔකාසං න ලභාමි තං දූසෙතුන්ති. අවස්සුතො අවස්සුතාය සුන්දරීනන්දාය භික්ඛුනියා කායසංසග්ගං සමාපජ්ජි.
Sinhala BJT4. එසමයෙහි සුන්‍දරීනන්‍දා භික්‍ෂුණී තොමෝ සාළ්හ මිගාරනප්තෘහු බලාපොරොත්තු වන්නී අරමැ පවුරෙන් පිටතැ සිටියා වෙයි. සුන්‍දරීනන්‍දා භික්‍ෂුණී තොමෝ සාළ්හ මිගාරනප්තෘහු එන්නහු දුර දී මැ දැකැ මෙහෙණවරට පිවිස හිස සහිත වැ පෙරෙවැ ඇඳෙහි හොත්තා යැ. එකල්හි සාළ්හ මිගාරනප්තෘ තෙමේ සුන්‍දරීනන්‍දා මෙහෙණ වෙතැ එළඹියේ යැ. එළැඹ සුන්‍දරීනන්‍දා මෙහෙණට තෙල කී යැ: “ආර්‍ය්‍යාවෙනි, ඔබට අපහසු කිමැ, කුමට හෝ වී” දැයි. ඇවැත්නි, තෙල නො රිසියකු කැමැති වන්නකුට සේ යැයි, ආර්‍ය්‍යාවෙනි, කිම මම තොප නො කැමැතියෙම් ද? වැළිදු මම දූෂණයට අවකාශ නො ලබමි යි කා සසඟරායෙන් තෙත් වූයේ කා සසඟරායෙන් තෙත්වූ සුන්‍දරීනන්‍දා මෙහෙණ හා කායසංසර්‍ගයට පැමිණියේ යි.
Pali BJT5. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා භික්ඛුනී ජරාදුබ්බලා චරණගිලානා සුන්දරීනන්දාය භික්ඛුනියා අවිදූරෙ නිසින්නා{4} හොති. අද්දසා ඛො සා භික්ඛුනී සාළ්හං මිගාරනත්තාරං අවස්සුතං අවස්සුතාය සුන්දරීනන්දාය භික්ඛුනියා කායසංසග්ගං සමාපජ්ජන්තං, දිස්වාන උජ්ඣායති ඛිය්යති විපාචෙති: “කථං හි නාම අය්යා සුන්දරීනන්දා අවස්සුතා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස කායසංසග්ගං සාදියිස්සතීති.
Sinhala BJT5. එසමයෙහි එක්තරා මෙහෙණක් ජරායෙන් දුබලවූවා ගිලන්පා ඇතියා සුන්‍දරීනන්‍දා මෙහෙණට නුදුරුතන්හි උන්නා වෙයි. ඒ මෙහෙණ රාගයෙන් තෙත් වූ සාළ්හ මිගාරනප්තෘහු රාගයෙන් තෙත් වූ සුන්‍දරීනන්‍දා මෙහෙණ හා කායසංසර්‍ගයට සමවදනහු දුටුවා යැ. දැකැ ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි “කෙසේ නම් රාගයෙන් තෙත්වූ සුන්‍දරීනන්‍දා ආර්‍ය්‍යා තොමෝ රාගයෙන් තෙත් වූ පිරිම්නියක්හුගේ කායසංසර්‍ගය ඉවසූ” දැයි.
Pali BJT6. අථ ඛො සා භික්ඛුනී භික්ඛුනීනං එතමත්ථං ආරොචෙසි: යා තා භික්ඛුනියො අප්පිච්ඡා සන්තුට්ඨා ලජ්ජිනියො කුක්කුච්චිකා සික්ඛාකාමා තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. “කථං හි නාම අය්යා සුන්දරීනන්දා අවස්සුතා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස කායසංසග්ගං සාදියිස්සතී”ති අථ ඛො තා භික්ඛුනියො භික්ඛූනං එතමත්ථං ආරොචෙසුං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා සන්තුට්ඨා ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සුන්දරීනන්දා භික්ඛුනී අවස්සුතා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස කායසංසග්ගං සාදියිස්සතී”ති. අථ ඛො තෙ භික්ඛූ{1} භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT6. ඉක්බිති ඒ මෙහෙණ මෙහෙණන්හට තෙල කරුණ දැන්වූ යැ. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ සතොස් ගුණැති යෝ ලජ්ජනියෝ හටගත් කුකුස් ඇතියෝ ශික්‍ෂාකාමිනියෝ වෙද්ද ඔහු තුමූ ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවති: “කෙසේ නම් සුන්‍දරීනන්‍දා ආර්‍ය්‍යා තොමෝ රාගයෙන් තෙත්වූවා රාගයෙන් තෙත් වූ පිරිම්නියක්හුගේ කායසංසර්‍ගය ඉවසූ”දැයි. එකල්හි ඒ මෙහෙණෝ මහණුන් හට තෙල කරුණ දැන්වූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ සතොස් ගුණැතියෝ ලජ්ජා ඇතියෝ හටගත් කුකුස් ඇත්තෝ ශික්‍ෂාකාමීහු වෙද්ද, ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත් “කෙසේ නම් සුන්‍දරීනන්‍දා භික්‍ෂුණී තොමෝ රාගයෙන් තෙත්වූවා රාගයෙන් තෙත් වූ පිරිම්නියක්හුගේ කායසංසර්‍ගය ඉවසූ” දැයි. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්හට තෙල කරුණ සැලකළහ.
Pali BJT7. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූ පටිපුච්ඡි: සච්චං කිර භික්ඛවෙ සුන්දරීනන්දා භික්ඛුනී අවස්සුතා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස කායසංසග්ගං සාදියිතී{2}. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා අනනුච්ඡවියං{3} භික්ඛවෙ සුන්දරීනන්දාය භික්ඛුනියා අනනුලොමිකං අප්පතිරූපං අස්සාමණකං අකප්පියං අකරණීයං. “කථං හි නාම භික්ඛවෙ සුන්දරීනන්දා භික්ඛුනී අවස්සුතා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස කායසංසග්ගං සාදියිස්සතීති නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්යොභාවාය, අථඛ්වෙතං භික්ඛවෙ අප්පසන්නානං චෙව අප්පසාදාය පසන්නානඤ්ච එකච්චානං අඤ්ඤථත්තායාති. අථ ඛො භගවා සුන්දරීනන්දං භික්ඛුනිං අනෙකපරියායෙන විගරහිත්වා දුභරතාය දුප්පොසතාය මහිච්ඡතාය අසන්තුට්ඨියා{4} සඞ්ගණිකාය කොසජ්ජස්ස අවණ්ණං භාසිත්වා අනෙකපරියායෙන සුභරතාය සුප්පොසතාය අප්පිච්ඡස්ස{5} සන්තුට්ඨස්ස සල්ලෙඛස්ස ධුතස්ස පාසාදිකස්ස අපචයස්ස වීරියාරම්භස්ස වණ්ණං භාසිත්වා භික්ඛූනං තදනුච්ඡවිකං තදනුලොමිකං ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි.
Sinhala BJT7. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා භික්‍ෂු සඞ්ඝයා රැස්කරවා භික්‍ෂූන් පිළිවුසූ සේකැ සැබෑද මහණෙනි: සුන්‍දරීනන්‍දා මෙහෙණ රාගයෙන් තෙත් වූවා රාගයෙන් තෙත්වූ පිරිම්නියක්හුගේ කායසංසර්‍ගය ඉවසූ දැයි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ. මහණෙනි, සුන්‍දරීනන්‍දා මෙහෙණ විසින් කරන ලද්ද නො සුදුසු යැ, නො අනුලොම් යැ, නො නිසි යැ, නො මහණකම් යැ, නො කැප යැ, නො කළයුතු යැ. “කෙසේ නම් මහණෙනි රාගයෙන් තෙත් වූ සුන්‍දරීනන්‍දා මෙහෙණ රාගයෙන් තෙත්වූ පිරිම්නියක්හුගේ කායසංසර්‍ගය ඉවසූ” දැයි. මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ ප්‍රසන්නයන්ගේ අතිරේක ප්‍රසාදය පිණිස හෝ නො වේ මැයි. මහණෙනි හුදෙක් මේ වනාහි අප්‍රසන්නයන්ගේ අප්‍රසාදය පිණිස ද ප්‍රසන්නයන් කෙරෙනුදු ඇතැම් කෙනෙකුන්ගේ වෙනස්බව පිණිස ද (කරුණු) වේ මැයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සුන්‍දරීනන්‍දා මෙහෙණට නොයෙක් කරුණෙන් ගරහා දුබරබැව්හි දුපුස්නා බැව්හි මහත් ගිජුබැව්හි නො සතුටුබැව්හි මුළුබැඳගැනුම්හි අලසබැව්හි නුගුණ වදාරා නොයෙක් කරුණෙන් සුබරබැව්හි සුපුස්නා බැව්හි අපිස්බැව්හි සතුටුබැව්හි සලේපැවැතුම්හි කෙලෙස් කැපුම්හි පැහැදුම් එළවීමෙහි නිවනෙහි වැර ඇරඹුම්හි ගුණ වදාරා මහණුන්හට එයට සරිලන එයට අනුලොම්වන දැහැමි කථා කොට මහණුන් ඇමතූසේකැ:
Pali BJT8. තෙන හි භික්ඛවෙ භික්ඛුනීනං සික්ඛාපදං පඤ්ඤාපෙස්සාමි දස අත්ථවසෙ පටිච්ච: සඞ්ඝසුට්ඨුතාය සඞ්ඝඵාසුතාය දුම්මඞ්කූනං භික්ඛුනීනං නිග්ගහාය පෙසලානං භික්ඛුනීනං ඵාසුවිහාරාය දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය සම්පරායිකානං ආසවානං පටිඝාතාය අප්පසන්නානං{6} පසාදාය පසන්නානං භිය්යොභාවාය සද්ධම්මට්ඨිතියා විනයානුග්ගහාය. එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු.
Sinhala BJT8. එහෙයින් මහණෙනි, මෙහෙණන්හට දසකරුණක් පිණිස සිකපද පනවන්නෙමි. සඟුන්ගේ මනා පිළිගැනුම, සඟුන්ගේ පහසු බව, දුසිල්පුඟුලනට නිගැන්ම, සුසිල් මහණුන්ගේ පහසු විසුම, මෙලෝ ගැහැට වළකාලීම, පරලෝ ගැහැට වැනසීම, නො පැහැදුනවුන්ගේ පැහැදීම, පැහැදුනවුන්ගේ අයිරා පැහැදීම, සසුන් පැවැත්ම, විනයට රුකුල්දීම පිණිස යැ. මහණෙනි, මෙසේත් මේ සිකපදය මෙහෙණෝ උදෙසත්වා:
Pali BJTයා පන භික්ඛුනී අවස්සුතා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස අධක්ඛකං උබ්භජාණුමණ්ඩලං ආමසනං වා පරාමසනං වා ගහණං වා ඡුපනං වා පටිපීළනං වා සාදියෙය්ය, අයම්පි පාරාජිකා හොති අසංවාසා, උබ්භජාණුමණ්ඩලිකාති.
Sinhala BJTයම් මෙහෙණක් රාගයෙන් තෙත්වූවා රාගයෙන් තෙත් වූ පිරිම්නියක්හුගේ අකුඇටයෙන් යටැ දණමඬලෙන් මතු ආමර්‍ශනය හෝ පරාමර්‍ශනය හෝ ග්‍රහණය හෝ ස්පර්‍ශමාත්‍රය හෝ ප්‍රතිපීඩනය හෝ ඉවසා නම් මෝ තොමෝත් පරිජිවූවා සහවාසයට නො නිසි වූවා වෙයි, උඛ්හජාණුමණ්ඩලිකා යැ.
Pali BJT9. යා පනාති: යා යාදිසා යථායුත්තා යථාජච්චා යථානාමා යථාගොත්තා යථාසීලා යථාවිහාරිනී යථාගොචරා ථෙරා වා නවා වා මජ්ඣිමා වා, එසා වුච්චති යා පනාති.
Sinhala BJT9. යා පන: යම් යම්බඳු, යම්බඳු යෙදීම් ඇති යම්බඳු ජාති ඇති යම්බඳු නම් ඇති යම්බඳු ගෝත්‍ර ඇති යම්බඳු සැහැවි ඇති යම්බඳු විහරණ ඇති යම්බඳු පැවැතුම් ඇති ස්ථවිර වූවක් හෝ නවක වූවක් හෝ මධ්‍යම වූවක් හෝ වෙයි නම්, මෝ තොමෝ යා පන යැයි කියනු ලැබේ.
Pali BJTභික්ඛුනීති: භික්ඛකාති{1} භික්ඛුනී, භික්ඛාචරියං අජ්ඣූපගතාති භික්ඛුනී භින්නපටධරාති භික්ඛුනී සමඤ්ඤාය භික්ඛුනී පටිඤ්ඤාය භික්ඛුනී එහිභික්ඛුනීති භික්ඛුනී තීහි සරණගමනෙහි උපසම්පන්නාති භික්ඛුනී භද්රා භික්ඛුනී සාරා භික්ඛුනී සෙඛා භික්ඛුනී අසෙඛා භික්ඛුනී සමග්ගෙන උභතොසඞ්ඝෙන ඤත්තිචතුත්ථෙන කම්මෙන අකුප්පෙන ඨානාරහෙන උපසම්පන්නාති භික්ඛුනී, තත්ර යායං භික්ඛුනී සමග්ගෙන උභතොසඞ්ඝෙන ඤත්තිචතුත්ථෙන කම්මෙන අකුප්පෙන ඨානාරහෙන උපසම්පන්නා අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJTභික්ඛුනී: සිඟානුයි භික්ඛුනී යැ, පිඬු සිඟා පැමිණියා නුයි භික්ඛුනී යැ, බුන් පිළි දරානුයි භික්ඛුනී යැ, බැවහරයෙන් භික්ඛුනී යැ, පිළින කිරීමෙන් භික්ඛුනී යැ, එව මෙහෙණැයි භික්ඛුනී යැ, තුන් සරණ ගමනින් උපසපන්වූවා නුයි භික්ඛුනී යැ. (ශීලාදීන්) භද්‍ර වූවා නුයි භික්ඛුනී යැ, (ශීලාදීන්) සාරවූවා නුයි භික්ඛුනී යැ, හික්මෙනුයි භික්ඛුනී යැ. (මත්තෙහි හික්මිය යුත්තක් නැතිවන බැවින්) අශෛක්‍ෂ වූවා නුයි භික්ඛුනී යැ, සමග වූ දෙ සඟුන් විසින් අකෝප්‍ය වූ ශාස්තෘශාසනාර්‍හ වූ ඥප්තිචතුර්‍ත්‍ථ කර්‍මයෙන් උපසපන් කරන ලද නුයි භික්ඛුනී යැ, එහි යම් මේ මෙහෙණක් සමග වූ දෙසඟුන් විසින් අකෝප්‍ය වූ ශාස්තෘශාසනාර්‍හ වූ ඥප්ති චතුර්‍ත්‍ථකර්‍මයෙන් උපසපන් කරන ලද නම් මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස්කරන ලද භික්‍ෂුණි යි.
Pali BJTඅවස්සුතා නාම: සාරත්තා අපෙක්ඛවතී{2} පටිබද්ධචිත්තා.
Sinhala BJTඅවස්සුතා නම්: (කායසංසර්‍ගරාගයෙන්) මොනොවට රත්වූ (පිරිම්නියක් හු කෙරෙහි) අපේක්‍ෂායෙන් යුක්ත වූ පිළිබඳ සිත් ඇත්තී යැ.
Pali BJTඅවස්සුතො නාම: සාරත්තො අපෙක්ඛවා පටිබද්ධචිත්තො.
Sinhala BJTඅවස්සුත නම්: (කායසංසර්‍ගරාගයෙන්) මොනොවට රත්වූ (මාගමකකෙරෙහි) අපේක්‍ෂායෙන් යුක්ත වූ පිළිබඳ සිත් ඇත්තේ යැ.
Pali BJTපුරිසපුග්ගලො නාම: මනුස්සපුරිසො, න යක්ඛො න පෙතො න තිරච්ඡානගතො විඤ්ඤූ පටිබලො කායසංසග්ගං සමාපජ්ජිතුං.
Sinhala BJTපුරිසපුග්ගල නම්: මිනිස් පිරිම්නියෙකි, යකෙක් නො වෙයි, ප්‍රේතයෙක් නො වෙයි, තිරිසන්ගියෙක් නො වෙයි, කායසංසර්‍ගරාගයට පැමිණෙන්නට දැනුමැති ප්‍රතිබලයෙකි.
Pali BJTඅධක්ඛකන්ති: හෙට්ඨක්ඛකං.
Sinhala BJTඅධක්ඛකං: අකුඇටයෙන් යටැ.
Pali BJTඋබ්භජාණුමණ්ඩලන්ති: උපරිජාණුමණ්ඩලං.
Sinhala BJTඋබ්හජාණුමණ්ඩලං: දණමඬලෙන් මත්තෙහි.
Pali BJTආමසනං නාම: ආමට්ඨමත්තං.
Sinhala BJTආමසන නම්: පිරිමැදීම් පමණ යැ.
Pali BJTපරාමසනං නාම: ඉතොචිතො ච සඤ්චොපනං.
Sinhala BJTපරාමසන නම්: ඔබ මොබ පිරිමැදීම යැ.
Pali BJTගහණං නාම: ගහිතමත්තං.
Sinhala BJTගහණ නම් ගැනීම් පමණ යැ.
Pali BJTඡුපනං නාම: ඵුට්ඨමත්තං.
Sinhala BJTඡුපන නම්: පහැසීම් පමණ යැ.
Pali BJTපටිපීළනං වා සාදියෙය්යාති: අඞ්ගං ගහෙත්වා නිප්පීළනං සාදියති.
Sinhala BJTපතිපීළනං වා සාදිසෙය්‍ය: අවයවයක් ගෙන දැඩිවැ පෙළීම ඉවසයි.
Pali BJTඅයම්පීති පුරිමායො උපාදාය වුච්චති.
Sinhala BJTඅයම්පි: පළමු පරිජි වූ මෙහෙණන් ගෙනැ කියනු ලැබෙයි.
Pali BJTපාරාජිකා හොතීති: සෙය්යථාපි නාම පුරිසො සීසච්ඡින්නො අභබ්බො තෙන සරීරබන්ධනෙන ජීවිතුං, එවමෙව භික්ඛුනී අවස්සුතා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස අධක්ඛකං උබ්භජාණුමණ්ඩලං ආමසනං වා පරාමසනං වා ගහණං වා ඡුපනං වා පටිපීළනං වා සාදියන්තී අස්සමණී හොති අසක්යධීතා. තෙන වුච්චති පාරාජිකා හොතීති.
Sinhala BJTපාරාජිකා හොති: යම්සේ හිස සුන් පුරුෂයෙක් ඒ සිරිරිබැම්මෙන් දිවිවටන්නට අභව්‍ය වේද, එසේ මැ රාගයෙන් තෙත් වූ මෙහෙණක් රාගයෙන් තෙත් වූ පිරිම්නියක්හුගේ අකුඇටෙන් යටැ දණමඬලෙන් මතු ආමර්‍ශනය හෝ පරාමර්‍ශනය හෝ ග්‍රහණය හෝ ස්පර්‍ශමාත්‍රය හෝ ප්‍රතිපීඩනය හෝ ඉවසන්නී නම් නො මෙහෙණක් වූවා නො සැහැදුවක් වූවා වෙයි. එහෙයින් පාරාජිකා හොති යැයි කියනු ලැබේ.
Pali BJTඅසංවාසාති: සංවාසො නාම එකකම්මං එකුද්දෙසො සමසික්ඛතා එසො සංවාසො නාම. සො තාය සද්ධිං නත්ථි, තෙන වුච්චති අසංවාසාති.
Sinhala BJTඅසංවාසා: සංවාස නම් එක්වැ විනයකර්‍ම කිරීම යැ, එක්වැ පාමොක් උදෙසීම යැ, සමසික ඇතිබව යි, තෙලෙ සංවාස නම් වේ. ඒ සංවාසය ඇය සමග නැති, එහෙයින් (ඕ) අසංවාසා යැයි කියනු ලැබේ.
Pali BJTඋභතො අවස්සුතෙ අධක්ඛකං උබ්භජාණුමණ්ඩලං කායෙන කායං ආමසති ආපත්ති පාරාජිකස්ස. කායෙන කායපටිබද්ධං ආමසති ආපත්ති ථුල්ලච්චයස්ස. කායපටිබද්ධෙන කායං ආමසති ආපත්ති ථුල්ලච්චයස්ස. කායපටිබද්ධෙන කායපටිබද්ධං ආමසති ආපත්ති දුක්කටස්ස. නිස්සග්ගියෙන කායං ආමසති ආපත්ති දුක්කටස්ස. නිස්සග්ගියෙන කායපටිබද්ධං ආමසති ආපත්ති දුක්කටස්ස. නිස්සග්ගියෙන නිස්සග්ගියං ආමසති ආපත්ති දුක්කටස්ස. උබ්භක්ඛකං අධොජාණුමණ්ඩලං කායෙන කායං ආමසති ආපත්ති ථුල්ලච්චයස්ස. කායෙන කායපටිබද්ධං ආමසති ආපත්ති දුක්කටස්ස. කායපටිබද්ධෙන කායං ආමසති ආපත්ති දුක්කටස්ස. කායපටිබද්ධෙන කායපටිබද්ධං ආමසති ආපත්ති දුක්කටස්ස. නිස්සග්ගියෙන කායං ආමසති ආපත්ති දුක්කටස්ස. නිස්සග්ගියෙන කායපටිබද්ධං ආමසති ආපත්ති දුක්කටස්ස. නිස්සග්ගියෙන නිස්සග්ගියං ආමසති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT(මෙහෙණකගේ හා පිරිම්නියක්හුගේ) දෙදෙනාගේ රාගයෙන් තෙත් වූ බව ඇති කල්හි අකුඇටෙන් යටැ දණමඬලෙන් මතු කයින් කය පිරිමදී නම් පරිජි ඇවැත් වෙයි. කයින් කය පිළිබැඳියක් පිරිමදී නම් තුලැසි ඇවැත් වෙයි. කය පිළිබැඳියෙකින් කය පිරිමදී නම් තුලැසි ඇවැත් වෙයි. කය පිළිබැඳියෙකින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් කයපිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් නිසැගියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, අකුඇටෙන් මතු දණමඬලෙන් යටැ කයින් කය පිරිමදී නම් තුලැසි ඇවැත් වෙයි. කයින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. කය පිළිබැඳියෙකින් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. කය පිළිබැඳියෙකින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් නිසැගියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඑකතො අවස්සුතෙ අධක්ඛකං උබ්භජාණුමණ්ඩලං කායෙන කායං ආමසති ආපත්ති ථුල්ලච්චයස්ස. කායෙන කායපටිබද්ධං ආමසති ආපත්ති දුක්කටස්ස. කායපටිබද්ධෙන කායං ආමසති ආපත්ති දුක්කටස්ස. කායපටිබද්ධෙන කායපටිබද්ධං ආමසති ආපත්ති දුක්කටස්ස. නිස්සග්ගියෙන කායං ආමසති ආපත්ති දුක්කටස්ස. නිස්සග්ගියෙන කායපටිබද්ධං ආමසති ආපත්ති දුක්කටස්ස. නිස්සග්ගියෙන නිස්සග්ගියං ආමසති ආපත්ති දුක්කටස්ස. උබ්භක්ඛකං අධොජාණුමණ්ඩලං කායෙන කායං ආමසති ආපත්ති දුක්කටස්ස. කායෙන කායපටිබද්ධං ආමසති ආපත්ති දුක්කටස්ස. කායපටිබද්ධෙන කායං ආමසතිආපත්ති දුක්කටස්ස. කායපටිබද්ධෙන කායපටිබද්ධං ආමසති ආපත්ති දුක්කටස්ස. නිස්සග්ගියෙන කායං ආමසති ආපත්ති දුක්කටස්ස. නිස්සග්ගියෙන කායපටිබද්ධං ආමසති ආපත්ති දුක්කටස්ස. නිස්සග්ගියෙන නිස්සග්ගියං ආමසති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඑකක්හුගේ (මෙහෙණකගේ) රාගයෙන් තෙත් වූ බව ඇති කල්හි අකුඇටෙන් යටැ දණමඬලෙන් මතු කයින් කය පිරිමදී නම් තුලැසි ඇවැත් වෙයි, කයින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. කය පිළිබැඳියෙකින් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, කය පිළිබැඳියෙකින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, නිසැගියෙන් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් නිසැගියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. අකුඇටෙන් මතු දණමඬලෙන් යටැ කයින් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. කයින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, කය පිළිබැඳියෙකින් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, කය පිළිබැඳියෙකින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, නිසැගියෙන් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, නිසැගියෙන් නිසැගියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඋභතො අවස්සුතෙ යක්ඛස්ස වා පෙතස්ස වා පණ්ඩකස්ස වා තිරච්ඡානගතමනුස්සවිග්ගහස්ස වා අධක්ඛකං උබ්භජාණුමණ්ඩලං කායෙන කායං ආමසති ආපත්ති ථුල්ලච්චයස්ස. කායෙන කායපටිබද්ධං ආමසති ආපත්ති දුක්කටස්ස. කායපටිබද්ධෙන කායපටිබද්ධං ආමසති ආපත්ති දුක්කටස්ස. කායපටිබද්ධෙන කායපටිබද්ධං ආමසති ආපත්ති දුක්කටස්ස. නිස්සග්ගියෙන කායං ආමසති ආපත්ති දුක්කටස්ස. නිස්සග්ගියෙන කායපටිබද්ධං ආමසති ආපත්ති දුක්කටස්ස. නිස්සග්ගියෙන නිස්සග්ගියං ආමසති ආපත්ති දුක්කටස්ස. උබ්භක්ඛකං අධොජාණුමණ්ඩලං කායෙන කායං ආමසති ආපත්ති දුක්කටස්ස. කායෙන කායපටිබද්ධං ආමසති ආපත්ති දුක්කටස්ස. කායපටිබද්ධෙන කායං ආමසති ආපත්ති දුක්කටස්ස. කායපටිබද්ධෙන කායපටිබද්ධං ආමසති ආපත්ති දුක්කටස්ස. නිස්සග්ගියෙන කායං ආමසති ආපත්ති දුක්කටස්ස. නිස්සග්ගියෙන කායපටිබද්ධං ආමසති ආපත්ති දුක්කටස්ස. නිස්සග්ගියෙන නිස්සග්ගියං ආමසති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTදෙදෙනාගේ රාගයෙන් තෙත් වූ බව ඇති කල්හි යක්‍ෂයකුගේ හෝ ප්‍රේතයකුගේ හෝ පණ්ඩයකුගේ හෝ තිරිසන්ගිය මිනිස් සිරුර දැරුවකුගේ හෝ අකුඇටෙන් යටැ දණමඬලෙන් මතු කයින් කය පිරිමදී නම් තුලැසි ඇවැත් වෙයි. කයින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. කය පිළිබැඳියෙකින් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. කය පිළිබැඳියෙකින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, නිසැගියෙන් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, නිසැගියෙන් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් නිසැගියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. අකුඇටෙන් මතු දණමඬලෙන් යටැ කයින් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, කයින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, කය පිළිබැඳියෙකින් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, කය පිළිබැඳියෙකින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, නිසැගියෙන් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, නිසැගියෙන් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් නිසැගියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඑකතො අවස්සුතෙ අධක්ඛකං උබ්භජාණුමණ්ඩලං කායෙන කායං ආමසති ආපත්ති දුක්කටස්ස. කායෙන කායපටිබද්ධං ආමසති,ආපත්ති දුක්කටස්ස. කායපටිබද්ධෙන කායං ආමසති ආපත්ති දුක්කටස්ස. කායපටිබද්ධෙන කායපටිබද්ධං ආමසති ආපත්ති දුක්කටස්ස. නිස්සග්ගියෙන කායං ආමසති ආපත්ති දුක්කටස්ස. නිස්සග්ගියෙන කායපටිබද්ධං ආමසති ආපත්ති දුක්කටස්ස. නිස්සග්ගියෙන නිස්සග්ගියං ආමසති ආපත්ති දුක්කටස්ස. උබ්භක්ඛකං අධොජාණුමණ්ඩලං කායෙන කායං ආමසති ආපත්ති දුක්කටස්ස. කායෙන කායපටිබද්ධං ආමසති, ආපත්ති දුක්කටස්ස. කායපටිබද්ධෙන කායං ආමසති ආපත්ති දුක්කටස්ස. කායපටිබද්ධෙන කායපටිබද්ධං ආමසති ආපත්ති දුක්කටස්ස. නිස්සග්ගියෙන කායං ආමසති ආපත්ති දුක්කටස්ස. නිස්සග්ගියෙන කායපටිබද්ධං ආමසති ආපත්ති දුක්කටස්ස. නිස්සග්ගියෙන නිස්සග්ගියං ආමසති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඑකක්හුගේ (මෙහෙණකගේ) රාගයෙන් තෙත් වූ බව ඇති කල්හි අකුඇටෙන් යටැ දණමඬලෙන් මතු කයින් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. කයින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, කය පිළිබැඳියෙකින් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. කය පිළිබැඳියෙකින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් නිසැගියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. අකුඇටෙන් මතු දණමඬලෙන් යටැ කයින් කය පිරිමදී නම් දුකුළාඇවැත් වෙයි. කයින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. කය පිළිබැඳියෙකින් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, කය පිළිබැඳියෙකින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, නිසැගියෙන් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, නිසැගියෙන් නිසැගියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච, අසතියා, අජානන්තියා, අසාදියන්තියා, උම්මත්තිකාය, ඛිත්තචිත්තාය, වෙදනට්ටාය, ආදිකම්මිකායාති.
Sinhala BJTනො සිතා කරන්නියට නො සිහියෙන් කරන්නියට නො දන්නියට නො ඉවසන්නියට උම්මත්තිකාවට ක්‍ෂිප්තචිත්තාවට වේදනාර්තාවට අදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTපඨමපාරාජිකං නිට්ඨිතං{1}
Sinhala BJTප්‍රථම පාරාජිකය නිමි.
Pali BJT1. 2.
Sinhala BJT1. 2.
Pali BJTදුතියපාරාජිකං
Sinhala BJTද්වීතිය පාරාජිකය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සුන්දරීනන්දා භික්ඛුනී සාළ්හෙන මිගාරනත්තුනා ගබ්භිනී හොති . යාව ගබ්භො තරුණො අහොසි තාවච්ඡාදෙසි. පරිපක්කෙ ගබ්භෙ විබ්භමිත්වා විජායි. භික්ඛුනියො ථුල්ලනන්දං භික්ඛුනිං එතදවොචුං. සුන්දරීනන්දා ඛො අය්යෙ අචිරවිබ්භන්තා විජාතා. කච්චි නො සා භික්ඛුනීයෙව සමානා ගබ්භිනීති. එවං අය්යෙති. කිස්ස පන ත්වං අය්යෙ ජානං පාරාජිකං ධම්මං අජ්ඣාපන්නං භික්ඛුනිං නෙවත්තනා පටිචොදෙසි, න ගණස්ස ආරොචෙසීති. යො එතිස්සා අවණ්ණො මය්හෙසො අවණ්ණො, යා එතිස්සා අකිත්ති, මය්හෙසා අකිත්ති, යො එතිස්සා අයසො මය්හෙසො අයසො, යො එතිස්සා අලාභො මය්හෙසො අලාභො, ක්යාහං අය්යෙ අත්තනො අවණ්ණං අත්තනො අකිත්තිං අත්තනො අයසං අත්තනො අලාභං පරෙසං ආරොචෙස්සාමීති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති, එසමයෙහි වනාහි සුන්‍දරීනන්‍දා භික්‍ෂුණී තොමෝ සාළ්හ මිගාරනප්තෘහු කරණ කොටගෙන ගැබිනි වූවා වෙයි. යම්තාක් ගැබ තුරුණු වී ද, ඒ තාක් සැඟවූ යැ. ගැබ මුහුකුරා ගිය කල්හි සිවුරු හැරපියා වැදූ යැ. භික්‍ෂුණීහු ථුල්ලනන්‍දා මෙහෙණට මෙය කීහු. “ආර්‍ය්‍යාවෙනි, සුන්‍දරීනන්‍දා තොමෝ සිවුරු හැරැලූ නොබෝ කල් ඇත්තී වැදූ යැ. කිම ඕ තොමෝ මෙහෙණක වූවා මැ ගැබිනි වූවා නො වේ ද? එසේ යැ ආර්‍ය්‍යාවෙනි, කුමකට වනාහි ආර්‍ය්‍යාවෙනි, තෙපි පරිජි ඇවැතට පැමිණි මෙහෙණක තමා දැනැ දැනැ නොමැ චෝදනා කරහු ද? ගණයාට නො දැන්වූහු” දැයි. මැයට යම් අගුණයෙක් වේ නම් ඒ අගුණය මාහට යැ, මැයට යම් නින්‍දායෙක් වේ නම් ඒ නින්‍දාව මා හට යැ, මැයට යම් පරිවාරවිපත්තියෙක් වේ නම් ඒ පරිවාර විපත්තිය මාහට යැ, මැයට යම් අලාභයෙක් වේ නම් ඒ අලාභය මාහට යැ, කිම ආර්‍ය්‍යාවෙනි, මම තමාගේ අගුණය තමාගේ නින්‍දාව තමාගේ පරිවාරවිපත්තිය තමාගේ අලාභය මෙරමා හට දන්වන්නෙම් දැයි.
Pali BJT2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම අය්යා ථුල්ලනන්දා ජානං පාරාජිකං ධම්මං අජ්ඣාපන්නං භික්ඛුනිං නෙවත්තනා පටිචොදෙස්සති න ගණස්ස ආරොචෙස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී ජානං පාරාජිකං ධම්මං අජ්ඣාපන්නං භික්ඛුනිං නෙවත්තනා පටිචොදෙසි. න ගණස්ස ආරොචෙසීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී ජානං පාරාජිකං ධම්මං අජ්ඣාපන්නං භික්ඛුනිං නෙවත්තනා පටිචොදෙස්සති. න ගණස්ස ආරොචෙස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු.
Sinhala BJT2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ පරිජි ඇවැතට පැමිණි මෙහෙණක තමා දැනැ දැනැ නොම චෝදනා කළා ද? ගණයාට නො දැන් වූ දැ” යි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා තොමෝ පරිජි ඇවැතට පැමිණි මෙහෙණක තමා දැනැ දැනැ නොමැ චෝදනා කෙරේ ද? ගණයාට නො දන්වා දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු විගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා මෙහෙණ පරිජි ඇවැතට පැමිණි මෙහෙණක තමා දැනැ දැනැ නොම චෝදනා කළා ද? ගණයාට නො දැන් වූ ද? මහණෙනි මෙය අප්‍රසන්නයන් ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද වනාහි මහණෙනි මේ සිකපදය මෙහෙණෝ උදෙසත්වා:
Pali BJTයා පන භික්ඛුනී ජානං පාරාජිකං ධම්මං අජ්ඣාපන්නං භික්ඛුනිං නෙවත්තනා පටිචොදෙය්ය න ගණස්ස ආරොචෙය්ය, යදා ච සා ඨිතා වා අස්ස චුතා වා නාසිතා වා අවස්සටා වා, සා පච්ඡා එවං වදෙය්ය: පුබ්බෙවාහං අය්යෙ අඤ්ඤාසිං එතං භික්ඛුනිං එවරූපා ච එවරූපා ච සා භගිනීති නො ච ඛො අත්තනා පටිචොදෙස්සං න ගණස්ස ආරොචෙස්සන්ති. අයම්පි පාරාජිකා හොති අසංවාසා වජ්ජප්පටිච්ඡාදිකාති.
Sinhala BJTයම් මෙහෙණක් පරිජි ඇවැතට පැමිණි මෙහෙණකට තමා දැනැ දැනැ නො මැ චෝදනා කෙරේ නම් ගණයාට නො ඇරොජා නම්, යම් කලෙකුදු ඕ තොමෝ සිටියා හෝ කලුරිය කළා හෝ නැසුණා හෝ (තීර්‍ත්‍ථායතනයකට) ගියා හෝ වන්නී ද, පසුවැ ඕ තොමෝ “ආර්‍ය්‍යාවෙනි, පෙරැ මැ මම ඒ බුහුන මෙබඳු ද මෙබඳු ද වූය යි තෙල මෙහෙණ දතිමි. වැළිදු තොමෝ නො මැ චෝදනා කෙරෙම් මැ යැ ගණයාට නො ඇරොජම්මැ” යැයි මෙසේ කියා නම් මෝ තොමෝත් පරිජි වූවා සහවාසයට නො නිසි වූවා වෙයි, වජ්ජපටිච්ඡාදිකා යැ.
Pali BJT3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී: ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස්කරන ලද භික්ඛුනී ය යි.
Pali BJTජානාති නාම: සාමං වා ජානාති, අඤ්ඤෙ වා තස්සා ආරොචෙන්ති, සා වා ආරොචෙති.
Sinhala BJTජානාති නම් තොමෝ හෝ දනී, අන්හු හෝ ඇයට දන්වත්, ඕ තොමෝ හෝ දන්වයි.
Pali BJTපාරාජිකං ධම්මං අජ්ඣාපන්නන්ති: අට්ඨන්නං පාරාජිකානං අඤ්ඤතරං පාරාජිකං අජ්ඣාපන්නං.
Sinhala BJTපාරාජිකං ධම්මං අජ්ඣාපන්නං; අටවැදෑරුම් පරිජි අතුරෙන් එක්තරා පාරාජිකයකට අවනක:
Pali BJTනෙවත්තනා පටිචොදෙය්යාති: න සයං චොදෙය්ය.
Sinhala BJTනේවත්තනා පටිවෝදෙය්‍ය: තොමෝ චෝදනා නො කරන්නී යැ.
Pali BJTන ගණස්ස ආරොචෙය්යාති: න අඤ්ඤාසං භික්ඛුනීනං ආරොචෙය්ය.
Sinhala BJTන ගණස්ස ආරෝචෙය්‍ය: අන් මෙහෙණන් හට නො දන්වන්නී යැ.
Pali BJTයදා ච සා ඨිතා වා අස්ස චුතා වාති: ඨිතා නාම සලිඞ්ගෙ ඨිතා වුච්චති. චුතා නාම: කාලකතා{1} වුච්චති. නාසිතා නාම: සයං වා විබ්භන්තා හොති අඤ්ඤෙහි වා නාසිතා, අවසටා නාම: තිත්ථායතනං සඞ්කන්තා වුච්චති.
Sinhala BJT‘යදා ච සා ඨිතා වා අස්ස චුතාවා’ යනාදි තන්හි ඨිතා නම්: ස්වලිඞ්ගයෙහි (ශ්‍රමණවේශයෙහි) සිටියා කියනු ලැබෙයි. චුතා නම්; කලුරිය කළා කියනු ලැබෙයි. නාසිතා නම්: තොමෝ හෝ සිවුරු හැරැපූවා වෙයි, අනුන් විසින් හෝ සිවුරු හරවන ලද්දී වෙයි, අවසටා නම්, තීර්‍ත්‍ථායතනයකට සංක්‍රාන්ත වූවා කියනු ලැබේ.
Pali BJTසා පච්ඡා එවං වදෙය්ය: පුබ්බෙවාහං අය්යෙ අඤ්ඤාසිං එතං භික්ඛුනිං එවරූපා ච එවරූපා ච සා භගිනීති.
Sinhala BJTසා පච්ඡා එවං වදෙය්‍ය: ආර්‍ය්‍යාවෙනි, පෙරැ මැ මම ඒ බුහුන මෙබඳු ද මෙබඳු ද වූය යි තෙල මෙහෙණ දතිමි.
Pali BJTනො ච ඛො අත්තනා පටිචොදෙස්සන්ති: න සයං වා චොදෙස්සං.
Sinhala BJTනො ච ඛො අත්තනා පටිවෝදෙස්සන්ති: (මම) තොමෝ හෝ චෝදනා නො කරන්නෙමි.
Pali BJTන ගණස්ස ආරොචෙස්සන්ති: න අඤ්ඤාසං භික්ඛුනීනං ආරොචෙස්සං.
Sinhala BJTන ගණස්ස ආරොචෙස්සං: අන් මෙහෙණන්හට නො දන්වන්නෙමි.
Pali BJTඅයම්පීති: පුරිමායො උපාදාය වුච්චති.
Sinhala BJTඅයම්පි: පළමු පරිජි වූ මෙහෙණන් ගෙනැ කියනු ලැබෙයි.
Pali BJTපාරාජිකා හොතීති: සෙය්යථාපි නාම පණ්ඩුපලාසො බන්ධනා පවුත්තො{2} අභබ්බො හරිතත්තාය එවමෙව භික්ඛුනී ජානං පාරාජිකං ධම්මං අජ්ඣාපන්නං භික්ඛුනිං නෙවත්තනා පටිචොදෙස්සාමි න ගණස්ස ආරොචෙස්සාමීති ධුරං නික්ඛිත්තමත්තෙ අස්සමණී හොති අසක්යධීතා තෙන වුච්චති පාරාජිකා හොතීති.
Sinhala BJTපාරාජිකා හොති: යම් සේ තුවටුයෙන් ගිලිහුණු පඬුවන් කොළයක් නිල්වන් බවට නො නිසි වේ ද, එසේ මැ මෙහෙණක් පරිජි ඇවැතකට පැමිණි මෙහෙණක තමා දැනැ දැනැ නොම චෝදනා කරන්නෙමි, ගණයාට නො දන්වන්නෙමැ යි ධුරය බහා තැබූ මතුයෙහි නො මෙහෙණක් වූවා නො සැහැ දුවක් වූවා වෙයි. එහෙයින් පාරාජිකා හොති යි කියනු ලැබේ.
Pali BJTඅසංවාසාති: සංවාසො නාම: එකකම්මං එකුද්දෙසො සමසික්ඛතා එසො සංවාසො නාම. සො තාය සද්ධිං නත්ථි තෙන වුච්චති අසංවාසාති.
Sinhala BJTඅසංවාසා: සංවාස නම් එක් වැ විනයකර්‍ම කිරීම යැ. එක්වැ පාමොක් උදෙසීම යැ, සමසික ඇතිබව යි, තෙලෙ සංවාස නම් වේ. ඒ සංවාසය ඇය සමග නැති, එහෙයින් අසංවාසා යි කියනු ලැබේ.
Pali BJTඅනාපත්ති: සඞ්ඝස්ස භණ්ඩනං වා කලහො වා විග්ගහො වා විවාදො වා භවිස්සතීති නාරොචෙති, සඞ්ඝභෙදො වා සඞ්ඝරාජි වා භවිස්සතීති නාරොචෙති, අයං කක්ඛළා ඵරුසා ජීවිතන්තරායං වා බ්රහ්මචරියන්තරායං වා කරිස්සතීති නාරොචෙති, අඤ්ඤා පතිරූපා භික්ඛුනියො අපස්සන්තී නාරොචෙති, නච්ඡාදෙතුකාමා නාරොචෙති, පඤ්ඤායිස්සති සකෙන කම්මෙනාති නාරොචෙති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
Sinhala BJTසඞ්ඝයාගේ භණ්ඩනයෙක් හෝ කලහයෙක් හෝ විග්‍රහයෙක් හෝ විරුද්ධවාදයෙක් හෝ වන්නේ යැයි නො ඇරොජා නම්, සඞ්ඝභේදය හෝ සඞ්ඝරාජිය හෝ වන්නේ යැයි නො ඇරොජා නම්, මෝ තොමෝ කැකුළු යැ. පරුෂ යැ දිවියට අනතුරු හෝ බඹසරට අනතුරු හෝ කරන්නී යැයි නො ඇරොජා නම්, අන් සුදුසු මෙහෙණක් නො දක්නී නො ඇරොජා නම්, නො වසනු කැමැත්තී නො ඇරොජා නම්, සිය කැමින් පළට වන්නී යැයි නො ඇරොජා නම් උම්මත්තිකාවට ... අදිකම්මිකාවට ඇවැත් නැති.
Pali BJTදුතියපාරාජිකං නිට්ඨිතං.
Sinhala BJTද්විතීය පාරාජික නිමි.
Pali BJT1. 3.
Sinhala BJT1. 3.
Pali BJTතතියපාරාජිකං
Sinhala BJTතෘතීය පාරාජිකය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දා භික්ඛුනී සමග්ගෙන සඞ්ඝෙන උක්ඛිත්තං අරිට්ඨං භික්ඛුං ගද්ධබාධිපුබ්බං අනුවත්තති. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම අය්යා ථුල්ලනන්දා{1} සමග්ගෙන සඞ්ඝෙන උක්ඛිත්තං අරිට්ඨං භික්ඛුං ගද්ධබාධිපුබ්බං අනුවත්තිස්සතී”ති. -පෙ- සච්චං කිර භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී සමග්ගෙන සඞ්ඝෙන උක්ඛිත්තං අරිට්ඨං භික්ඛුං ගද්ධබාධිපුබ්බං අනුවත්තතීති. සච්චං භගවා, විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී සමග්ගෙන සඞ්ඝෙන උක්ඛිත්තං අරිට්ඨං භික්ඛුං ගද්ධබාධිපුබ්බං අනුවත්තිස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති, එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්ඛුනී තොමෝ සමග සඟහු විසින් උඛෙව්නීකම් කළ ගිජුපැටිකුලෙහි උපන් අරිට්ඨ මහණහු අනුව වැටෙයි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සමග සඟහු විසින් උඛෙව්නීකම් කළ ගිජුපැටිකුලෙහි උපන් අරිට්ඨ මහණහු අනුව වැටුනි දැයි ... සැබෑද මහණෙනි! ථුල්ලනන්‍දා මෙහෙණ සමග සඟහු විසින් කළ උඛෙව්නීකම් ඇති ගිජුපැටිකුලෙහි උපන් අරිට්ඨ මහණහු අනුව වැටේ දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා මෙහෙණ සමග සඟහු විසින් උඛෙව්නීකම් කළ ගිජුපැටිකුලෙහි උපන් අරිට්ඨ මහණහු අනුව වැටුණී ද? මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද වනාහි මහණෙනි මේ සිකපදය මෙහෙණෝ උදෙසත්වා:
Pali BJTයා පන භික්ඛුනී සමග්ගෙන සඞ්ඝෙන උක්ඛිත්තං භික්ඛුං ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන අනාදරං අප්පතිකාරං අකතසහායං තමනුවත්තෙය්ය. සා භික්ඛුනී භික්ඛුනීහි එවමස්ස වචනීයා: එසො ඛො අය්යෙ, භික්ඛු සමග්ගෙන සඞ්ඝෙන උක්ඛිත්තො ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන අනාදරො අප්පතිකාරො අකතසහායො මාය්යෙ එතං භික්ඛුං අනුවත්තීති. එවඤ්ච සා භික්ඛුනී භික්ඛුනීහි වුච්චමානා තථෙව පග්ගණ්හෙය්ය. සා භික්ඛුනී භික්ඛුනීහි යාවතතියං සමනුභාසිතබ්බා තස්ස පටිනිස්සග්ගාය. යාවතතියඤ්චෙ සමනුභාසියමානා තං පටිනිස්සජ්ජෙය්ය, ඉච්චෙතං කුසලං, නො චෙ පටිනිස්සජ්ජෙය්ය, අයම්පි පාරාජිකා හොති අසංවාසා. උක්ඛිත්තානුවත්තිකාති.
Sinhala BJTයම් මහණෙක් ධර්‍මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් සමග සඟහු විසින් උඛෙව්නීකම් කළ අනදරබව ඇති පිළියම් රහිත වූ නො කළ සහායබව ඇති එ මහණහු අනුව වැටේ නම් මෙහෙණන් විසින් එ මෙහෙණ තොමෝ මෙසේ කිය යුතු වන්නී යැ. “ආර්‍ය්‍යාවෙනි තෙල මහණ තෙමේ වනාහි ධර්‍මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් සමග සඟහු විසින් උඛෙව්නීකම් කරන ලද්දෙක. අනදරබව ඇතියෙකැ, පිළියම් නැතියෙකැ, නො කළ සහායබව ඇතියෙකි. ආර්‍ය්‍යාවෙනි තෙල මහණහු අනුවැ නහමක් වැටේව” යි. මෙසේත් මෙහෙණන් විසින් කියනු ලබන ඒ මෙහෙණ එසේ මැ දැඩි වැ වෑයම් කරන්නී නම් මෙහෙණන් විසින් එ මෙහෙණ එදිටු දුරැලනු පිණිස තුන් යළ තෙක් සමනුභාෂණකර්‍ම කළ යුත්තී යැ, එදිටු දුරැලනු පිණිස තුන් යළ තෙක් සමනුභාෂණකර්‍ම කරනු ලබන්නී එය දුරැලන්නී නම් තෙල දුරැලීම මැනැවි. ඉදින් නො දුරැලන්නී නම් මෝ තොමෝත් පරිජිවූවා සහවාසයට නො නිසි වූවා වෙයි ... උක්ඛිත්තානුවත්තිකා යැ.
Pali BJT2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
Sinhala BJT2. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි ය යි.
Pali BJTසමග්ගො නාම: සඞ්ඝො සමානසංවාසකො සමානසීමායං ඨිතො.
Sinhala BJTසමග්ග නම්: සමාන සංවාසක සඞ්ඝ තෙමෙ සමාන සීමායෙහි සිටියේ වෙයි.
Pali BJTඋක්ඛිත්තො නාම: ආපත්තියා අදස්සනෙ වා අප්පටිකම්මෙ වා දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ වා උක්ඛිත්තො.
Sinhala BJTඋක්ඛිත්ත නම්: ඇවැත නො දැක්මෙහි හෝ පිළියම් නො කිරීමෙහි හෝ (ලමුදිට්හ) නො දුරැලීමෙහි හෝ උකෙච්නී කම් කරන ලද්දේ යි.
Pali BJTධම්මෙන විනයෙනාති: යෙන ධම්මෙන යෙන විනයෙන.
Sinhala BJTධම්මෙන විනයෙන: යම් ධර්‍මයෙකින් යම් විනයෙකින්,