Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච -පෙ- ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTනවමසික්ඛාපදං.
Sinhala BJTනවම ශික්‍ෂාපද යි.
Pali BJT8. 6. 10.
Sinhala BJT8. 6. 10.
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ආවුධපාණිස්ස{1} ධම්මං දෙසෙන්ති -පෙ-
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ අවිගත් අත් ඇති නො ගිලන්හට දහම් දෙසත් ...
Pali BJTන ආයුධපාණිස්ස අගිලානස්ස ධම්මං දෙසිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“අවිගත් අත් ඇති නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJT2. ආයුධං නාම: චාපො කොදණ්ඩො.
Sinhala BJT2. ආයුධ නම්: දුනු යැ දුනුවෙසෙස් යැ.
Pali BJTන ආවුධපාණිස්ස අගිලානස්ස ධම්මො දෙසෙතබ්බො. යො අනාදරියං පටිච්ච ආවුධපාණිස්ස අගිලානස්ස ධම්මං දෙසෙති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅවිගත් අත් ඇති නො ගිලන්හට දහම් නො දෙසියයුතු යි. යමෙක් අනාදරිය පිණිස අවිගත් අත් ඇති නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච, අසතියා, අජානන්තස්ස, ගිලානස්ස, ආපදාසු, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදායෙහි ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTදසමසික්ඛාපදං.
Sinhala BJTදශම ශික්‍ෂාපද යි.
Pali BJTසුරුසුරුවග්ගො ඡට්ඨො.
Sinhala BJTසවන සුරුසුරු වර්‍ග යි.
Pali BJTපාදුකවග්ගො
Sinhala BJTපාදුකා වර්‍ගය
Pali BJT8. 7. 1.
Sinhala BJT8. 7. 1.
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ පාදුකාරූළ්හස්ස ධම්මං දෙසෙන්ති. -පෙ-
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණෝ පයැ ලූ මිරිවැඩි ඇත්තාහට දහම් දෙසති ...
Pali BJTන පාදුකාරූළ්හස්ස අගිලානස්ස ධම්මං දෙසිස්සාමීති සික්ඛාකරණීයා”ති.
Sinhala BJT“පයැ ලූ මිරිවැඩි ඇති නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJT2. න පාදුකාරූළ්හස්ස අගිලානස්ස ධම්මො දෙසෙතබ්බො, යො අනාදරියං පටිච්ච අක්කන්තස්ස වා පටිමුක්කස්ස වා ඔමුක්කස්ස වා අගිලානස්ස ධම්මං දෙසෙති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT2. පයැ ලූ මිරිවැඩි ඇති නො ගිලන්හට දහම් නො දෙසි ය යුතු යි. යමෙක් අනාදරිය පිණිස ඇක්මවූ හෝ ලාසිටි හෝ අඩක් ලාසිටි හෝ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච -පෙ- ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTපඨමසික්ඛාපදං.
Sinhala BJTප්‍රථම ශික්‍ෂාපදයි.
Pali BJT8. 7. 2.
Sinhala BJT8. 7. 2.
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ උපාහනාරූළ්හස්ස ධම්මං දෙසෙන්ති. -පෙ-
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ පයැ ලූ වහන් ඇත්තාහට දහම් දෙසත් ...
Pali BJTන උපාහනාරූළ්හස්ස අගිලානස්ස ධම්මං දෙසිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“පයැ ලූ වහන් ඇති නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJT2. න උපාහනාරූළ්හස්ස අගිලානස්ස ධම්මො දෙසෙතබ්බො. යො අනාදරියං පටිච්ච අක්කන්තස්ස වා පටිමුක්කස්ස වා ඔමුක්කස්ස වා අගිලානස්ස ධම්මං දෙසෙති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT2. පයැ ලූ වහන් ඇති නො ගිලන්හට දහම් නො දෙසිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස ඇක්මවූ හෝ ලාසිටි හෝ අඩක් ලාසිටි හෝ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJT3. අනාපත්ති: අසඤ්චිච්ච -පෙ- ආදිකම්මිකස්සාති.
Sinhala BJT3. නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTදුතියසික්ඛාපදං.
Sinhala BJTද්විතීය ශික්‍ෂාපද යි.
Pali BJT8. 7. 3.
Sinhala BJT8. 7. 3.
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ යානගතස්ස ධම්මං දෙසෙන්ති. -පෙ-
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ යානයෙහි හුන්නාහට දහම් දෙසති ...
Pali BJTන යානගතස්ස අගිලානස්ස ධම්මං දෙසිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“යානයෙහි හුන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJT2. යානං නාම: වය්හං රථො සකටං සන්දමානිකා සිවිකා පාටඞ්කී.
Sinhala BJT2. යාන නම්: වයහ යැ රථ යැ ශකට යැ ස්‍යන්‍දමානිකා යැ සිවිකා යැ පාටඞ්කීය යී.
Pali BJTන යානගතස්ස අගිලානස්ස ධම්මො දෙසෙතබ්බො. යො අනාදරියං පටිච්ච යානගතස්ස අගිලානස්ස ධම්මං දෙසෙති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTයානයෙහි හුන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස යානයෙහි හුන්නා වූ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච -පෙ- ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTතතියසික්ඛාපදං.
Sinhala BJTතෘතීය ශික්‍ෂාපද යි.
Pali BJT8. 7. 4.
Sinhala BJT8. 7. 4.
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සයනගතස්ස ධම්මං දෙසෙන්ති -පෙ-
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ යහන්හි හොත්තාහට දහම් දෙසත් ...
Pali BJTන සයනගතස්ස අගිලානස්ස ධම්මං දෙසිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“යහන්හි හොත්තා වූ නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJT2. න සයනගතස්ස අගිලානස්ස ධම්මො දෙසෙතබ්බො. යො අනාදරියං පටිච්ච අන්තමසො ඡමායපි නිපන්නස්ස සයනගතස්ස අගිලානස්ස ධම්මං දෙසෙති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT2. යහනෙහි හොත්තා වූ නො ගිලන්හට දහම් නො දෙසිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස යටත් පිරිසෙයින් බිමෙහි දු හොත්තා වූ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJT3. අනාපත්ති: අසඤ්චිච්ච -පෙ- ආදිකම්මිකස්සාති.
Sinhala BJT3. නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTචතුත්ථසික්ඛාපදං.
Sinhala BJTචතුර්‍ත්‍ථ ශික්‍ෂාපද යි.
Pali BJT8. 7. 5.
Sinhala BJT8. 7. 5.
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ පල්ලත්ථිකාය නිසින්නස්ස ධම්මං දෙසෙන්ති -පෙ-
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ අකවටු අවුළුවා හුන්නාහට දහම් දෙසත් ...
Pali BJTන පල්ලත්ථිකාය නිසින්නස්ස අගිලානස්ස ධම්මං දෙසිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“අකවටු අවුළුවා හුන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJT2. න පල්ලත්ථිකාය නිසින්නස්ස අගිලානස්ස ධම්මො දෙසෙතබ්බො. යො අනාදරියං පටිච්ච හත්ථපල්ලත්ථිකාය වා දුස්සපල්ලත්ථිකාය වා නිසින්නස්ස අගිලානස්ස ධම්මං දෙසෙති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT2. අකවටු අවුළුවා හුන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස අත්අකවටුවෙන් හෝ වත්අකවටුවෙන් හෝ හුන්නා වූ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJT3. අනාපත්ති: අසඤ්චිච්ච -පෙ- ආදිකම්මිකස්සාති.
Sinhala BJT3. නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTපඤ්චමසික්ඛාපදං.
Sinhala BJTපඤ්චම ශික්‍ෂාපද යි.
Pali BJT8. 7. 6.
Sinhala BJT8. 7. 6.
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ වෙඨිතසීසස්ස ධම්මං දෙසෙන්ති -පෙ-
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ හිස මතු වෙළා සිටියහුට දහම් දෙසත් ...
Pali BJTන වෙඨිතසීසස්ස අගිලානස්ස ධම්මං දෙසිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“හිස වෙළා සිටි නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJT2. වෙඨිතසීසො නාම: කෙසන්තං න දස්සාපෙත්වා වෙඨිතො හොති.
Sinhala BJT2. වෙඨිතසීස නම්: කෙස්කොන් නො දක්වාවෙළන ලදුයේ වෙයි.
Pali BJTන වෙඨිතසීසස්ස අගිලානස්ස ධම්මො දෙසෙතබ්බො. යො අනාදරියං පටිච්ච වෙඨිතසීසස්ස අගිලානස්ස ධම්මං දෙසෙති, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTහිස වෙළා සිටි නො ගිලන්හට දහම් නො දෙසිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස හිස වෙළා සිටි නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච, අසතියා, අජානන්තස්ස, ගිලානස්ස, කෙසන්තං විවරාපෙත්වා දෙසෙති, ආපදාසු, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට නො සිහියෙන් කරන්නහුට නො දන්නහුට ගිලනහුට කෙස්කොන් විවරවා දෙසා නම් ඇවැත් නැති. ආපදායෙහි, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTඡට්ඨසික්ඛාපදං.
Sinhala BJTෂෂ්ඨ ශික්‍ෂාපද යි.
Pali BJT8. 7. 7.
Sinhala BJT8. 7. 7.
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ඔගුණ්ඨිතසීසස්ස ධම්මං දෙසෙන්ති -පෙ-
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ හිස වසා පෙරෙවියහට දහම් දෙසත් ...
Pali BJTන ඔගුණ්ඨිතසීසස්ස අගිලානස්ස ධම්මං දෙසිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“හිස වසා පෙරෙවි නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJTඔගුණ්ඨිතසීසො නාම: සසීසං පාරුතො වුච්චති.
Sinhala BJTඔගුණ්ඨිතසීස නම්: හිස සහිත පෙරෙවියේ කියනු ලැබෙයි.
Pali BJT2. න ඔගුණ්ඨිතසීසස්ස අගිලානස්ස ධම්මො දෙසෙතබ්බො. යො අනාදරියං පටිච්ච ඔගුණ්ඨිතසීසස්ස අගිලානස්ස ධම්මං දෙසෙති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT2. හිස වසා පෙරෙවි නො ගිලන්හට දහම් නො දෙසිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස හිස වසා පෙරෙවි නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච, අසතියා, අජානන්තස්ස, ගිලානස්ස, සීසං විවරාපෙත්වා දෙසෙති, ආපදාසු උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට නො සිහියෙන් කරන්නහුට නො දන්නහුට ගිලනහුට හිස විවර කරවා දෙසා නම්, ඇවැත් නැති. ආපදායෙහි, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTසත්තමසික්ඛාපදං.
Sinhala BJTසප්තම ශික්‍ෂාපද යි.
Pali BJT8. 7. 8.
Sinhala BJT8. 7. 8.
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ඡමාය නිසීදිත්වා ආසනෙ නිසින්නස්ස ධම්මං දෙසෙන්ති. -පෙ-
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ බිමෙහි හිඳ අස්නෙහි හුන්නහුට දහම් දෙසත් ...
Pali BJTන ඡමායං නිසීදිත්වා ආසනෙ නිසින්නස්ස අගිලානස්ස ධම්මං දෙසෙස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“බිමැ හිඳ අස්නෙහි හුන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJT2. න ඡමායං නිසීදිත්වා ආසනෙ නිසින්නස්ස අගිලානස්ස ධම්මො දෙසෙතබ්බො. යො අනාදරියං පටිච්ච ඡමායං නිසීදිත්වා ආසනෙ නිසින්නස්ස අගිලානස්ස ධම්මං දෙසෙති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT2. බිමැ හිඳ අස්නෙහි හුන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස බිමැ හිඳ අස්නෙහි හුන්නා වූ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච -පෙ- ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTඅට්ඨමසික්ඛාපදං.
Sinhala BJTඅෂ්ටම ශික්‍ෂාපද යි.
Pali BJT8. 7. 9.
Sinhala BJT8. 7. 9.
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ නීචෙ ආසනෙ නිසීදිත්වා උච්චෙ ආසනෙ නිසින්නස්ස ධම්මං දෙසෙන්ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ නීචෙ ආසනෙ නිසීදිත්වා උච්චෙ ආසනෙ නිසින්නස්ස ධම්මං දෙසෙස්සන්තී”ති. -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ නීචෙ ආසනෙ නිසීදිත්වා උච්චෙ ආසනෙ නිසින්නස්ස ධම්මං දෙසෙථාති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා. -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා නීචෙ ආසනෙ නිසීදිත්වා උච්චෙ ආසනෙ නිසින්නස්ස ධම්මං දෙසෙස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නහුට දහම් දෙසත්, යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණෝ මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නහුට දහම් දෙසූහු” දැ යි. ... සැබෑ ද මහණෙනි, තෙපි මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නහුට දහම් දෙසවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නහුට දහම් දෙසවු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූහු.
Pali BJT2. භූතපුබ්බං භික්ඛවෙ බාරාණසියං අඤ්ඤතරස්ස ඡපකස්ස පජාපති ගබ්භිනී අහොසි. අථ ඛො භික්ඛවෙ සා ඡපකී තං ඡපකං එතදවොච. ගබ්භිනීම්හි අය්යපුත්ත ඉච්ඡාමි අම්බං ඛාදිතු”න්ති. නත්ථි අම්බො{1} අකාලො අම්බස්සාති. සචාහං{2} න ලභිස්සාමි මරිස්සාමීති. තෙන ඛො පන සමයෙන රඤ්ඤො අම්බො ධුවඵලො හොති. අථ ඛො භික්ඛවෙ සො ඡපකො යෙන සො අම්බො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං අම්බං අභිරූහිත්වා නිලීනො අච්ඡි.
Sinhala BJT2. මහණෙනි, පෙරැ වූවක් කියමි: බරණැස් නුවරැ එක්තරා සැඩොලක්හුගේ අඹුව ගැබිනි වූ යැ. එකල්හි මහණෙනි, ඒ සැඩොලී තොමෝ ඒ සැඩොල්හට මෙය කිවු යැ. ‘හිමිපුත, ගැබිනියක් වෙමි, අඹ කන්නට කැමැත්තෙමු’ යි, අඹ නැති. අඹ පිළිබඳ කාලය නො වෙයි, ඉදින් මම නො ලබම් නම් මැරෙමි යි. එසමයෙහි වනාහි රජුගේ අඹරුක නිතිපල ඇතියේ වෙයි. එකල්හි මහණෙනි, ඒ සැඩොල් තෙමේ ඒ අඹරුක වෙතැ එළඹියේ යැ. එළැඹැ ඒ අඹරුකට නැග සැඟවී හුන්නේ යි.
Pali BJT3. අථ ඛො භික්ඛවෙ රාජා පුරොහිතෙන බ්රාහ්මණෙන සද්ධිං යෙන සො අම්බො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා උච්චෙ ආසනෙ නිසීදිත්වා මන්තං පරියාපුණාති. අථ ඛො භික්ඛවෙ තස්ස ඡපකස්ස එතදහොසි. යාව අධම්මිකො අයං රාජා යත්ර හි නාම උච්චෙ ආසනෙ නිසීදිත්වා මන්තං පරියාපුණිස්සති. අයඤ්ච බ්රාහ්මණො අධම්මිකො යත්ර හි නාම නීචෙ ආසනෙ නිසීදිත්වා උච්චෙ ආසනෙ නිසින්නස්ස මන්තං වාචෙස්සති. අහඤ්චම්හි අධම්මිකො යොහං ඉත්ථියා කාරණා රඤ්ඤො අම්බං අවහරාමි. සබ්බමිදං චමරිගතන්ති{3} තත්ථෙව පරිපති.
Sinhala BJT3. ඉක්බිති මහණෙනි, රජ තෙමේ පෙරෙවි බමුණා සමග ඒ අඹරුක වෙතැ එළැඹියේ යැ. එළැඹැ උස් අස්නෙහි හිඳ මන්ත්‍ර පිරිවහයි. එකල්හි මහණෙනි, ඒ සැඩොල්හට මෙ සිත විය. යමෙක් උස් අස්නෙහි හිඳ මන්ත්‍ර පිරිවහා නම් මේ රජ තෙමේ කැලැ මැ නො දැහැමි යැ. යමෙක් මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නාහට මන්ත්‍ර හදාරවා නම් මේ බමුණු තෙමේත් නො දැහැමි යැ. යම්බඳු මම අඹුවගේ කරුණෙන් රජහුගේ අඹ සොරකම් කරම් නම් ඒ මමත් නො දැහැමි වෙමි, මේ මුළු ලොව මැ නො දැහැමිකමින් අවුල් වී යැ යි එහි මැ වැටුණේ යි.
Pali BJT“උභො අත්ථං න ජානන්ති උභො ධම්මං න පස්සරෙ, යො චායං මන්තං වාචෙති යො චාධම්මෙන’ධීයති.
Sinhala BJTයමෙකුත් මොහුට මන්ත්‍ර හදාරවා ද, යමෙකුත් අධර්‍මයෙන් හදාරා ද මේ දෙදෙන මැ අර්‍ත්‍ථය නො දනිති, ධර්‍මය නො බලත්.
Pali BJTසාලීනං ඔදනො භුත්තො සුචිමංසූපසෙචනො තස්මා ධම්මෙ න වත්තාමි ධම්මො අරියෙහි වණ්ණිතො.
Sinhala BJT(මා විසින් රජහුගේ) පිරිසුදු රසමසවුළෙන් යුතු හැල්බත වළඳන ලදී. එහෙයින් (බඩවියත තකා) ධර්‍මයෙහි නො පවතිමි. මේ ධර්‍මය ආර්‍ය්‍යන් විසින් පසස්නා ලදැ යි (දනිමි).
Pali BJTධිරත්ථු තං ධනලාභං යසලාභඤ්ච බ්රාහ්මණ, යා වුත්ති විනිපාතෙන අධම්මචරණෙන වා.
Sinhala BJTබමුණ, (මෙසේ නො දැහැමින් ලත්) තාගේ යශෝලාභයට ද ධනලාභයට ද (මතු) අවාහි හෙන සේ අධර්‍මචරණයෙන් (දැන්) පැවැති දිවෙලට ද නින්‍දා වේවා.
Pali BJTපරිබ්බජ මහාබ්රහ්මෙ පචන්තඤ්ඤෙපි පාණිනො මා ත්වං අධම්මො ආචරිතො අස්මා කුම්භමිවාභිදා”ති.
Sinhala BJTමහබමුණ, (මෙදෙසින්) නැගී යා, සෙසු සත්තු ද පිසති, (කති). හැසිරෙන ලද මේ අධර්‍මය තෙමේ තා ගලින් කළයක් මෙන් නහමක් බිඳීවා.
Pali BJT4. තදාපි මෙ භික්ඛවෙ අමනාපා නීචෙ ආසනෙ නිසීදිත්වා උච්චෙ ආසනෙ නිසින්නස්ස මන්තං වාචෙතුං. කිමඞ්ග පන එතරහි න අමනාපා භවිස්සති නීචෙ ආසනෙ නිසීදිත්වා උච්චෙ ආසනෙ නිසින්නස්ස ධම්මං දෙසෙතුං. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT4. එදා දු මහණෙනි, මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නහුට මන්ත්‍ර හදාරවනු මට මනාප නො වෙයි. මෙකල්හි වනාහි මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නහුට දහම් දෙසනු මනාප නො වනු කියනුම කිම? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJTන නීචෙ ආසනෙ නිසීදිත්වා උච්චෙ ආසනෙ නිසින්නස්ස අගිලානස්ස ධම්මං දෙසිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නා වූ නො ගිලන් හට දහම් නො දෙසන්නෙමියි හික්මියැ යුතු” යි.
Pali BJT5. න නීචෙ ආසනෙ නිසීදිත්වා උච්චෙ ආසනෙ නිසින්නස්ස අගිලානස්ස ධම්මො දෙසෙතබ්බො. යො අනාදරියං පටිච්ච නීචෙ ආසනෙ නිසීදිත්වා උච්චෙ ආසනෙ නිසින්නස්ස අගිලානස්ස ධම්මං දෙසෙති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT5. මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසි ය යුතු යි. යමෙක් අනාදරිය පිණිස මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නා වූ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච -පෙ- ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTනවමසික්ඛාපදං.
Sinhala BJTනවම ශික්‍ෂාපද යි.
Pali BJT8. 7. 10.
Sinhala BJT8. 7. 10.
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ඨිතා නිසින්නස්ස ධම්මං දෙසෙන්ති. -පෙ-
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ සිටියාහු හුන්නහුට දහම් දෙසත් ...
Pali BJTන ඨිතො නිසින්නස්ස අගිලානස්ස ධම්මං දෙසිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“සිටියෙම් හුන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJT2. න ඨිතෙන නිසින්නස්ස අගිලානස්ස ධම්මො දෙසෙතබ්බො. යො අනාදරියං පටිච්ච ඨිතො නිසින්නස්ස අගිලානස්ස ධම්මං දෙසෙති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT2. සිටියහු විසින් හුන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසි ය යුතු යි. යමෙක් අනාදරිය පිණිස සිටියේ හුන්නා වූ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJT3. අනාපත්ති: අසඤ්චිච්ච -පෙ- ආදිකම්මිකස්සාති.
Sinhala BJT3. නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTදසමසික්ඛාපදං.
Sinhala BJTදශම ශික්‍ෂාපද යි.
Pali BJT8. 7. 11.
Sinhala BJT8. 7. 11.
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ පච්ඡතො ගච්ඡන්තා පුරතො ගච්ඡන්තස්ස ධම්මං දෙසෙන්ති. -පෙ-
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ පසු වැ යන්නාහු පෙරටු වැ යන්නහුට දහම් දෙසත් ...
Pali BJTන පච්ඡතො ගච්ඡන්තො පුරතො ගච්ඡන්තස්ස අගිලානස්ස ධම්මං දෙසිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“පසු වැ යන්නෙම් පෙරටු වැ යන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJT2. න පච්ඡතො ගච්ඡන්තෙන පුරතො ගච්ඡන්තස්ස අගිලානස්ස ධම්මො දෙසෙතබ්බො. යො අනාදරියං පටිච්ච පච්ඡතො ගච්ඡන්තො පුරතො ගච්ඡන්තස්ස අගිලානස්ස ධම්මං දෙසෙති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT2. පසු වැ යන්නහු විසින් පෙරටු වැ යන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසි ය යුතු යි. යමෙක් අනාදරිය පිණිස පසු වැ යන්නේ පෙරටු වැ යන්නා වූ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJT3. අනාපත්ති: අසඤ්චිච්ච -පෙ- ආදිකම්මිකස්සාති.
Sinhala BJT3. නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTඑකාදසමසික්ඛාපදං.
Sinhala BJTඒකාදශ ශික්‍ෂාපද යි.
Pali BJT8. 7. 12.
Sinhala BJT8. 7. 12.
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ උප්පථෙන ගච්ඡන්තා පථෙන ගච්ඡන්තස්ස ධම්මං දෙසෙන්ති. -පෙ-
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ නො මගින් යන්නාහු මගින් යන්නහුට දහම් දෙසත් ...
Pali BJTන උප්පථෙන ගච්ඡන්තො පථෙන ගච්ඡන්තස්ස අගිලානස්ස ධම්මං දෙසිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“නො මගින් යන්නෙම් මගින් යන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJT2. න උප්පථෙන ගච්ඡන්තෙන පථෙන ගච්ඡන්තස්ස අගිලානස්ස ධම්මො දෙසෙතබ්බො. යො අනාදරියං පටිච්ච උප්පථෙන ගච්ඡන්තො පථෙන ගච්ඡන්තස්ස අගිලානස්ස ධම්මං දෙසෙති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT2. නො මගින් යන්නහු විසින් මගින් යන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසි ය යුතු යි. යමෙක් අනාදරිය පිණිස නො මගින් යන්නේ මගින් යන්නා වූ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච -පෙ- ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTද්වාදසමසික්ඛාපදං.
Sinhala BJTද්වාදශ ශික්‍ෂාපද යි.
Pali BJT8. 7. 13.
Sinhala BJT8. 7. 13.
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ඨිතා උච්චාරම්පි පස්සාවම්පි කරොන්ති -පෙ-
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ සිටියාහු මහවටන ද සුළුවටන ද කෙරෙත් ...
Pali BJTන ඨිතො අගිලානො උච්චාරං වා පස්සාවං වා කරිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“සිටියෙම් නො ගිලන් වැ මහවටන් හෝ සුළුවටන් හෝ නො කරන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJT2. න ඨිතෙන අගිලානෙන උච්චාරො වා පස්සාවො වා කාතබ්බො. යො අනාදරියං පටිච්ච ඨිතො අගිලානො උච්චාරං වා පස්සාවං වා කරොති, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT2. සිටියා වූ නො ගිලන්හු විසින් මහවටන් හෝ සුළුවටන් හෝ නො කළ යුතු යි. යමෙක් අනාදරිය පිණිස සිටියේ නො ගිලන් වැ මහවටන් හෝ සුළුවටන් හෝ කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච -පෙ- ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTතෙරසමසික්ඛාපදං.
Sinhala BJTත්‍රයොදශ ශික්‍ෂාපද යි.
Pali BJT8. 7. 14.
Sinhala BJT8. 7. 14.