Pācittiya

Expiation Rules

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 2201-2300 න් 4249

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT8. 5. 5.
Sinhala BJT8. 5. 5.
Pali BJTසාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ කබළාවච්ඡෙදකං භුඤ්ජන්ති -පෙ-
Sinhala BJTශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු ආලෝපය සිඳ සිඳ වළඳත් ...
Pali BJTන කබළාවච්ඡෙදකං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණීයා.
Sinhala BJT“ආලෝපය කඩ කඩා නො වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJTන කබළාවච්ඡෙදකං භුඤ්ජිතබ්බං. යො අනාදරියං පටිච්ච කබළාවච්ඡෙදකං භුඤ්ජති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTආලෝපය සිඳ සිඳ නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස ආලෝපය සිඳ සිඳ වළඳා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච අසතියා අජානන්තස්ස ගිලානස්ස ඛජ්ජකෙ ඵලාඵලෙ උත්තරිභඞ්ගෙ ආපදාසු උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට නො සිහියෙන් කරන්නහුට නො දන්නහුට ගිලනහුට කැවිලියෙහි, පලවැළෙහි, අවුළුපත්හි, ආපදායෙහි, ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTපඤ්චමසික්ඛාපදං.
Sinhala BJTපඤ්චම ශික්‍ෂාපද යි.
Pali BJT8. 5. 6.
Sinhala BJT8. 5. 6.
Pali BJTසාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ අවගණ්ඩකාරකං භුඤ්ජන්ති -පෙ-
Sinhala BJTශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු හකුපුරා ගෙනැ වළඳත් ...
Pali BJTන අවගණ්ඩකාරකං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණීයා.
Sinhala BJT“පිඬු කොපුලැ රැස්කොට නො වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJTන අවගණ්ඩකාරකං භුඤ්ජිතබ්බං. යො අනාදරියං පටිච්ච එකතො වා උභතො වා ගණ්ඩං කත්වා භුඤ්ජති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTහකු පුරා ගෙනැ නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස එක්පසින් හෝ දෙපසින් හෝ හකු පුරා ගෙනැ වළඳා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච, අසතියා, අජානන්තස්ස, ගිලානස්ස, ඛජ්ජකෙ{1}, ඵලාඵලෙ, ආපදාසු, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, කැවිලියෙහි, පලවැළෙහි, ආපදායෙහි ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTඡට්ඨසික්ඛාපදං.
Sinhala BJTෂෂ්ඨ ශික්‍ෂාපද යි.
Pali BJT8. 5. 7.
Sinhala BJT8. 5. 7.
Pali BJTසාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ හත්ථනිද්ධුනකං භුඤ්ජන්ති -පෙ-
Sinhala BJTශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු අත් සල සලා වළඳත් ...
Pali BJTන හත්ථනිද්ධුනකං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“අත් සලසලා නො වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJTන හත්ථනිද්ධුනකං භුඤ්ජිතබ්බං. යො අනාදරියං පටිච්ච හත්ථනිද්ධුනකං භුඤ්ජති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅත් සලසලා නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස අත් සලසලා වළඳා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච, අසතියා, අජානන්තස්ස, ගිලානස්ස, කචවරං ඡඩ්ඩෙන්තො හත්ථං නිද්ධුනාති, ආපදාසු, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, කසළ ඉවත ලමින් අත ගසාදමා නම්, ආපදායෙහි ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTසත්තමසික්ඛාපදං.
Sinhala BJTසප්තම ශික්‍ෂාපද යි.
Pali BJT8. 5. 8.
Sinhala BJT8. 5. 8.
Pali BJTසාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සිත්ථාවකාරකං භුඤ්ජන්ති -පෙ-
Sinhala BJTශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු බත්හුළු විසුරුවමින් වළඳත්.
Pali BJTන සිත්ථාවකාරකං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“බත්හුළු ඉසැ ඉසැ නො වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJTන සිත්ථාවකාරකං භුඤ්ජිතබ්බං. යො අනාදරියං පටිච්ච සිත්ථාවකාරකං භුඤ්ජති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTබත්හුළු විසුරුවමින් නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස බත්හුළු විසුරුවමින් වළඳා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච, අසතියා, අජානන්තස්ස, ගිලානස්ස, කචවරං ඡඩ්ඩෙන්තො සිත්ථං ඡඩ්ඪියති,{1} ආපදාසු, උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති .
Sinhala BJTනො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, කසළ ඉවතලමින් බත්හුළු ඉවත ලනු ලැබේ නම්, ආපදායෙහි ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTඅට්ඨමසික්ඛාපදං.
Sinhala BJTඅෂ්ටම ශික්‍ෂාපද යි.
Pali BJT8. 5. 9.
Sinhala BJT8. 5. 9.
Pali BJTසාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ජිව්හානිච්ඡාරකං භුඤ්ජන්ති -පෙ-
Sinhala BJTශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු දිව නෙරනෙරා වළඳත් ...
Pali BJTන ජිව්හානිච්ඡාරකං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“දිව නෙරනෙරා නො වළඳන්නෙමියි හික්මියැ යුතු” යි.
Pali BJTන ජිව්හානිච්ඡාරකං භුඤ්ජිතබ්බං. යො අනාදරියං පටිච්ච ජිව්හානිච්ඡාරකං භුඤ්ජති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTදිව නෙර නෙරා නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස දිව නෙර නෙරා වළඳා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච, අසතියා, අජානන්තස්ස, ගිලානස්ස, ආපදාසු, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදායෙහි ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTනවමසික්ඛාපදං.
Sinhala BJTනවම ශික්‍ෂාපද යි.
Pali BJT8. 5. 10.
Sinhala BJT8. 5. 10.
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ චපුචපුකාරකං භුඤ්ජන්ති -පෙ-
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු චපුචපු හඬ කෙරෙමින් වළඳති.
Pali BJTන චපුචපුකාරකං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“චපුචපු හඬ කෙරෙමින් නො වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJT2. න චපුචපුකාරකං භුඤ්ජිතබ්බං. යො අනාදරියං පටිච්ච චපුචපුකාරකං භුඤ්ජති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT2. චපුචපු හඬ කෙරෙමින් නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස චපු චපු හඬ කෙරෙමින් වළඳා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJT3. අනාපත්ති: අසඤ්චිච්ච, අසතියා, අජානන්තස්ස, ගිලානස්ස, ආපදාසු, උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJT3. නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදායෙහි ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTදසමසික්ඛාපදං.
Sinhala BJTදශම ශික්‍ෂාපද යි.
Pali BJTකබළවග්ගො පඤ්චමො.
Sinhala BJTපස්වන කබළ වර්‍ග යි.
Pali BJTසුරුසුරුවග්ගො
Sinhala BJTසුරුසුරු වර්‍ගය
Pali BJT8. 6. 1.
Sinhala BJT8. 6. 1.
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරෙන බ්රාහ්මණෙන සඞ්ඝස්ස පයොපානං පටියත්තං හොති. භික්ඛූ සුරුසුරුකාරකං ඛීරං පිවන්ති. අඤ්ඤතරො නටපුබ්බකො භික්ඛු එවමාහ. “සබ්බායං{1} මඤ්ඤෙ සඞ්ඝො සීතීකතො”ති{2}. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම භික්ඛු සඞ්ඝං ආරබ්භ දවං කරිස්සතී”ති -පෙ- සච්චං කිර ත්වං භික්ඛු සඞ්ඝං ආරබ්භ දවං අකාසීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම ත්වං මොඝපුරිස සඞ්ඝං ආරබ්භ දවං කරිස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. “න භික්ඛවෙ බුද්ධං වා ධම්මං වා සඞ්ඝං වා ආරබ්භ දවො කාතබ්බො. යො කරෙය්ය ආපත්ති දුක්කටස්සා”ති. අථ ඛො භගවා තං භික්ඛුං අනෙකපරියායෙන විගරහිත්වා දුභරතාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු කොසඹෑ නුවරැ ඝෝෂිතාරාමයෙහි වැඩැ වෙසෙති. එසමයෙහි එක්තරා බමුණක්හු විසින් සඟනට කිරිපැනෙක් පිළියෙළ කරන ලද්දේ වෙයි. භික්‍ෂූහු සුරුසුරු හඬ කෙරෙමින් කිරි බොත්. එක්තරා නළුවිරූ මහණෙක් මෙසේ කී යැ: මේ සියලු සඞ්ඝ තෙමේ ශීතයෙන් වෙවුළන ලද්දේ යැ යි හඟිමි යි. යම් ඒ භික්‍ෂූ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත් “කෙසේ නම් මහණ තෙමේ සඟහු ඇරැබැ කෙළිකවට කම් කෙළේ” දැ යි ... සැබෑ ද මහණ තෝ සඟහු ඇරැබැ කෙළිකවට කම් කෙළේ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය තෝ සඟහු ඇරැබැ කෙළිකවටකම් කෙළෙහි ද? හිස් පුරුෂය මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමැතුහු. “මහණෙනි, බුදුන් හෝ ධර්‍මය හෝ සඞ්ඝයා හෝ ඇරැබැ කෙළිකවටකම් නො කළයුතු යි. යමෙක් කරන්නේ නම් දුකුළා ඇවැත් වේ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එමහණහට නොයෙක් කරුණෙන් ගරහා දුබරබැව් පිණිස ... මෙසේ ද වනාහි මහණෙනි මේ සිකපදය උදෙසවු:
Pali BJTන සුරුසුරුකාරකං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“සුරුසුරු හඬ කෙරෙමින් නො වළඳන්නෙමියි හික්මියැ යුතු” යි.
Pali BJT2. න සුරුසුරුකාරකං භුඤ්ජිතබ්බං. යො අනාදරියං පටිච්ච සුරුසුරුකාරකං භුඤ්ජති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT2. සුරුසුරු හඬ කෙරෙමින් නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස සුරුසුරු හඬ කෙරෙමින් වළඳා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච -පෙ- ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTපඨමසික්ඛාපදං.
Sinhala BJTප්‍රථම ශික්‍ෂාපදයි.
Pali BJT8. 6. 2.
Sinhala BJT8. 6. 2.
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ හත්ථනිල්ලෙහකං භුඤ්ජන්ති. -පෙ-
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ අත ලොවමින් වළඳත් ...
Pali BJTන හත්ථනිල්ලෙහකං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“අත ලොවමින් නො වළඳන්නෙමි යි හික්මියයුතු යැ” යි.
Pali BJT2. න හත්ථනිල්ලෙහකං භුඤ්ජිතබ්බං. යො අනාදරියං පටිච්ච හත්ථනිල්ලෙහකං භුඤ්ජති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT2. අත ලොවමින් නො වැළැඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස අත ලොවමින් වළඳා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච, අසතියා, අජානන්තස්ස, ගිලානස්ස, ආපදාසු, උම්මත්තකස්ස. ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTදුතියසික්ඛාපදං.
Sinhala BJTද්විතීය ශික්‍ෂාපද යි.
Pali BJT8. 6. 3.
Sinhala BJT8. 6. 3.
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ පත්තනිල්ලෙහකං භුඤ්ජන්ති -පෙ-
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ පාත්‍රය ලොවමින් වළඳත් ...
Pali BJTන පත්තනිල්ලෙහකං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“පාත්‍රය ලොවමින් නො වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJT2. න පත්තනිල්ලෙහකං භුඤ්ජිතබ්බං. යො අනාදරියං පටිච්ච පත්තනිල්ලෙහකං භුඤ්ජති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT2. පාත්‍රය ලොවමින් නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස පාත්‍රය ලොවමින් වළඳා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච, අස්සතියා, අජානන්තස්ස, ගිලානස්ස, පරිත්තකෙ සෙසෙ එකතො සඞ්කඩ්ඪිත්වා නිල්ලෙහිත්වා භුඤ්ජති, ආපදාසු, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, මඳ දැයෙහි, ඉතිරියෙහි එක් කොට ඇද ලෙවැ වළඳා නම්, අවැත් නැති. ආපදායෙහි, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTතතියසික්ඛාපදං.
Sinhala BJTතෘතීය ශික්‍ෂාපද යි.
Pali BJT8. 6. 4.
Sinhala BJT8. 6. 4.
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ඔට්ඨනිල්ලෙහකං භුඤ්ජන්ති -පෙ-
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ තොල් ලොවමින් වළඳත් ...
Pali BJTන ඔට්ඨනිල්ලෙහකං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“තොල් ලොවමින් නො වළඳන්නෙමියි හික්මියැ යුතු” යි.
Pali BJT2. න ඔට්ඨනිල්ලෙහකං භුඤ්ජිතබ්බං. යො අනාදරියං පටිච්ච ඔට්ඨනිල්ලෙහකං භුඤ්ජති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT2. තොල් ලොවමින් නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස තොල් ලොවමින් වළඳා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච -පෙ- ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTචතුත්ථසික්ඛාපදං.
Sinhala BJTචතුර්‍ත්‍ථ ශික්‍ෂාපද යි.
Pali BJT8. 6. 5.
Sinhala BJT8. 6. 5.
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා භග්ගෙසු විහරති සුසුමාරගිරෙ භෙසකලාවනෙ මිගදායෙ. තෙන ඛො පන සමයෙන භික්ඛූ කොකනදෙ{1} පාසාදෙ සාමිසෙන හත්ථෙන පානීයථාලකං පටිගණ්හන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම සමණා සක්යපුත්තියා සාමිසෙන හත්ථෙන පානීයථාලකං පටිග්ගහෙස්සන්ති සෙය්යථාපි ගිහී කාමභොගිනො”ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු භගු ජනපදයෙහි සුංසුමාර ගිරියෙහි භෙසකලාවන නම් මුව වෙනෙහි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි භික්‍ෂූහු කොකනද පහයෙහි ඉඳුල් සහිත අතින් පැන්මලාව පිළිගනිත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස්පතුරුවත්: කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ කාමභෝගී ගිහියන් මෙන් ඉඳුල් සහිත අතින් පැන්මලාව පිළිගත්තු දැ යි.
Pali BJT2. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම භික්ඛූ සාමිසෙන හත්ථෙන පානීයථාලකං පටිග්ගහෙස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛූ සාමිසෙන හත්ථෙන පානීයථාලකං පටිගණ්හන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තෙ භික්ඛවෙ මොඝපුරිසා සාමිසෙන හත්ථෙන පානීයථාලකං පටිග්ගහෙස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්තිශබ්දය) ඇසූහු මැ යි. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් භික්‍ෂූහු ඉඳුල් සහිත අතින් පැන්මලාව පිළිත්තු” දැ යි ... සැබෑද මහණෙනි, භික්‍ෂූහු ඉඳුල් සහිත අතින් පැන්මලාව පිළිගනිද්දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ඒ හිස් පුරුෂයෝ ඉඳුල් සහිත අතින් පැන්මලාව පිළිගත්තු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද වනාහි මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJTන සාමිසෙන හත්ථෙන පානීයථාලකං පටිග්ගහෙස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“ඉඳුල් සහිත අතින් පැන්මලාව නො පිළිගන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJT3. න සාමිසෙන හත්ථෙන පානීයථාලකො පටිග්ගහෙතබ්බො. යො අනාදරියං පටිච්ච සාමිසෙන හත්ථෙන පානීයථාලකං පටිග්ගණ්හාති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT3. ඉඳුල් සහිත අතින් පැන්මලාව නො පිළිගත යුතු යි. යමෙක් අනාදරිය පිණිස ඉඳුල් සහිත අතින් පැන්මලාව පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච, අසතියා, අජානන්තස්ස, ගිලානස්ස, ධොවිස්සාමීති වා ධොවාපෙස්සාමීති වා පටිගණ්හාති, ආපදාසු, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, දොවන්නෙමි යි හෝ දොවවන්නෙමි යි හෝ පිළිගනී නම් ඇවැත් නැති. ආපදායෙහි, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTපඤ්චමසික්ඛාපදං.
Sinhala BJTපඤ්චම ශික්‍ෂාපද යි.
Pali BJT8. 6. 6.
Sinhala BJT8. 6. 6.
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා භග්ගෙසු විහරති සුංසුමාරගිරෙ භෙසකලාවනෙ මිගදායෙ. තෙන ඛො පන සමයෙන භික්ඛූ කොකනදෙ පාසාදෙ සසිත්ථකං පත්තධොවනං අන්තරඝරෙ ඡඩ්ඩෙන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. “කථං හි නාම සමණා සක්යපුත්තියා සසිත්ථකං පත්තධොවනං අන්තරඝරෙ ඡඩ්ඩෙස්සන්ති සෙය්යථාපි ගිහී කාමභොගිනො”ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු භගු ජනපදයෙහි සුංසුමාරගිරියෙහි භෙසකලාවන නම් මුවවෙනෙහි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි භික්‍ෂූහු කොකනද පහයෙහි බත්හුළු සහිත පාදෙවූ දිය ඇතුළුගෙහි දමත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත් “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ කාමභෝගී ගිහියන් මෙන් බත්හුළු සහිත පාදෙවූ දිය ඇතුළුගෙහි දැමූහු” දැ යි.
Pali BJT2. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. “කථං හි නාම භික්ඛූ සසිත්ථකං පත්තධොවනං අන්තරඝරෙ ඡඩ්ඩෙස්සන්ති ති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛූ සසිත්ථකං පත්තධොවනං අන්තරඝරෙ ඡඩ්ඩෙන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තෙ භික්ඛවෙ මොඝපුරිසා සසිත්ථකං පත්තධොවනං අන්තරඝරෙ ඡඩ්ඩෙස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්තිශබ්දය) ඇසූහු මැ යි. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවති, “කෙසේ නම් භික්‍ෂූහු බත්හුළු සහිත පා දෙවූ දිය අතුරුගෙහි දැමූහු දැ යි ... සැබෑ ද මහණෙනි, භික්‍ෂූහු බත්හුළු සහිත පා දෙවූ දිය ඇතුළුගෙහි දමද්දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි ඒ හිස් පුරුෂයෝ බත්හුළු සහිත පා දෙවූ දිය ඇතුළුගෙහි දැමූහු ද? මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJTන සසිත්ථකං පත්තධොවනං අන්තරඝරෙ ඡඩ්ඪෙස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“බත්හුළු සහිත පා දෙවූ දිය ඇතුළුගෙහි නො දමන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJT3. න සසිත්ථකං පත්තධොවනං අන්තරඝරෙ ඡඩ්ඪෙතබ්බං. යො අනාදරියං පටිච්ච සසිත්ථකං පත්තධොවනං අන්තරඝරෙ ඡඩ්ඩෙති, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT3. බත්හුළු සහිත පා දෙවූ දිය ඇතුළුගෙහි නො දැමිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස බත්හුළු සහිත පා දෙවූ දිය ඇතුළුගෙහි දමාපියා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච, අසතියා, අජානන්තස්ස, ගිලානස්ස, උද්ධරිත්වා වා භින්දිත්වා වා පටිග්ගහෙ වා{1} නීහරිත්වා වා ඡඩ්ඩෙති, ආපදාසු, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, උදුරා හෝ බිඳ හෝ පඩික්කමෙහි හෝ බැහැරැ කොට හෝ දමාපියා නම් ඇවැත් නැති. ආපදායෙහි, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTඡට්ඨසික්ඛාපදං.
Sinhala BJTෂෂ්ඨ ශික්‍ෂාපද යි.
Pali BJT8. 6. 7.
Sinhala BJT8. 6. 7.
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ඡත්තපාණිස්ස ධම්මං දෙසෙන්ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ ඡත්තපාණිස්ස ධම්මං දෙසෙස්සන්තී”ති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ ඡත්තපාණිස්ස ධම්මං දෙසෙථාති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා ඡත්තපාණිස්ස ධම්මං දෙසෙස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ සත්ගත් අත් ඇත්තාහට දහම් දෙසත්. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණෝ සත්ගත් අත් ඇත්තාහට දහම් දෙසූහු” දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි සත්ගත් අත් ඇත්තාහට දහම් දෙසවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි සත්ගත් අත් ඇත්තාහට දහම් දෙසුවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJTන ඡත්තපාණිස්ස ධම්මං දෙසෙස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“සත්ගත් අත් ඇත්තාහට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT2. තෙන ඛො පන සමයෙන භික්ඛූ ඡත්තපාණිස්ස ගිලානස්ස ධම්මං දෙසෙතුං කුක්කුච්චායන්තා න දෙසෙන්ති.{1} මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. “කථං හි නාම සමණා සක්යපුත්තියා ඡත්තපාණිස්ස ගිලානස්ස ධම්මං න දෙසෙස්සන්තී”ති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි “අනුජානාමි භික්ඛවෙ ඡත්තපාණිස්ස ගිලානස්ස ධම්මං දෙසෙතුං”. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. එසමයෙහි වනාහි භික්‍ෂූහු සත්ගත් අත් ඇති ගිලන්හට දහම් දෙසන්නට කුකුසනුවෝ නො දෙසත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ සත්ගත් අත් ඇති ගිලන්හට දහම් නො දෙසූහු” දැ යි. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්තිශබ්දය) ඇසූහු මැයි. එකල්හි ඒ භික්‍ෂූහු තෙල කරුණ භාග්‍යවතුන්හට දැන්වූහු. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමැතූසේකැ. “මහණෙනි, සත්ගත් අත් ඇති ගිලන්හට දහම් දෙසන්නට අනුදනිමි.” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJTන ඡත්තපාණිස්ස අගිලානස්ස ධම්මං දෙසෙස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“සත්ගත් අත් ඇති නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJT3. ඡත්තං නාම: තීණි ඡත්තානි සෙතච්ඡත්තං කිලඤ්ජච්ඡත්තං පණ්ණච්ඡත්තං මණ්ඩල බද්ධං සලාකබද්ධං.
Sinhala BJT3. ඡත්ත නම්: මඬුලුබැඳි ලහබැඳි සේසත යැ කළාල්සත යැ පත්සතැ යි සත් තුනෙකි.
Pali BJTධම්මො නාම: බුද්ධභාසිතො සාවකභාසිතො ඉසිභාසිතො දෙවතාභාසිතො අත්ථූපසඤ්හිතො ධම්මූපසංහිතො.
Sinhala BJTධම්ම නම්: බුද්ධභාෂිත යැ ශ්‍රාවකභාෂිත යැ ඍෂිභාෂිත යැ දේවභාෂිත යැ අර්‍ත්‍ථොපසංහිත යැ ධර්මොපසංහිත යි.
Pali BJTදෙසෙය්යාති: පදෙන දෙසෙති පදෙ පදෙ ආපත්ති දුක්කටස්ස. අක්ඛරාය දෙසෙති අක්ඛරක්ඛරාය ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTදේසෙය්‍ය: පදයෙන් දෙසා නම් පෙදෙහි පෙදෙහි දුකුළා ඇවැත් වෙයි, අක්‍ෂරයෙන් දෙසා නම් අකුරෙහි අකුරෙහි දුකුළා ඇවැත් වේ.
Pali BJTන ඡත්තපාණිස්ස අගිලානස්ස ධම්මො දෙසෙතබ්බො. යො අනාදරියං පටිච්ච ඡත්තපාණිස්ස අගිලානස්ස ධම්මං දෙසෙති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTසත්ගත් අත් ඇති නො ගිලන්හට දහම් නො දෙසිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස සත්ගත් අත් ඇති නො ගිලන් හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච, අසතියා, අජානන්තස්ස, ගිලානස්ස, ආපදාසු, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ඇවැත් නැති. ආපදායෙහි, උම්මත්තකයහට, ආදිකම්මික හට ඇවැත් නැති.
Pali BJTසත්තමසික්ඛාපදං.
Sinhala BJTසප්තම ශික්‍ෂාපද යි.
Pali BJT8. 6. 8.
Sinhala BJT8. 6. 8.
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ දණ්ඩපාණිස්ස ධම්මං දෙසෙන්ති -පෙ-
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ දඬුගත් අත් ඇත්තාහට දහම් දෙසත් ...
Pali BJTන දණ්ඩපාණිස්ස අගිලානස්ස ධම්මං දෙසෙස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“දඬුගත් අත් ඇති නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJT2. දණ්ඩො නාම: මජ්ඣිමස්ස පුරිසස්ස චතුහත්ථො දණ්ඩො. තතො උක්කට්ඨො අදණ්ඩො, ඔමකො අදණ්ඩො.
Sinhala BJT2. දණ්ඩ නම්: බලමැදුම් පිරිම්නියක්හුගේ සිවුරියන් පමණ ඇති දඬු යි. ඉන් උකැටි වූයේ නො දඬ යි. ඔමු වූයේ නො දඬ යි.
Pali BJTන දණ්ඩපාණිස්ස අගිලානස්ස ධම්මො දෙසෙතබ්බො. යො අනාදරියං පටිච්ච දණ්ඩපාණිස්ස අගිලානස්ස ධම්මං දෙසෙති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTදඬුගත් අත්ඇති නො ගිලන්හට දහම් නො දෙසි ය යුතු යි. යමෙක් අනාදරිය පිණිස දඬුගත් අත් ඇති නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච -පෙ- ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTඅට්ඨමසික්ඛාපදං.
Sinhala BJTඅෂ්ටම ශික්‍ෂාපද යි.
Pali BJT8. 6. 9.
Sinhala BJT8. 6. 9.
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සත්ථපාණිස්ස ධම්මං දෙසෙන්ති -පෙ-
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ කඩු කාල්ගත් අත් ඇත්තාහට දහම් දෙසත් ...
Pali BJTන සත්ථපාණිස්ස අගිලානස්ස ධම්මං දෙසිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“කඩුකාල් ආදි ශස්ත්‍ර ගත් අත් ඇති නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJT2. සත්ථං නාම: එකතොධාරං උභතොධාරං පහරණං.
Sinhala BJT2. සත්‍ථ නම්: එක් පසින් මුවාත ඇති දෙපසින් මුවාත ඇති අවි යැ.
Pali BJTන සත්ථපාණිස්ස අගිලානස්ස ධම්මො දෙසෙතබ්බො. යො අනාදරියං පටිච්ච සත්ථපාණිස්ස අගිලානස්ස ධම්මං දෙසෙති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTකඩුකාල් ආදි ශස්ත්‍ර ගත් අත් ඇති නො ගිලන්හට දහම් නො දෙසිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස කඩුකාල් ආදි ශස්ත්‍ර ගත් අත් ඇති නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.