Pācittiya

Expiation Rules

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 2101-2200 න් 4249

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT3. අනාපත්ති: අසඤ්චිච්ච, අසතියා, අජානන්තස්ස, ගිලානස්ස, රසරසෙ, ඤාතකානං, පවාරිතානං, අඤ්ඤස්සත්ථාය, අත්තනො ධනෙන, ආපදාසු, උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJT3. නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, රසරසයෙහි නම්, නෑයන්ගෙන් නම්, පැවැරියන්ගෙන් නම්, අනෙකක්හු සඳහා නම්, තමසතු ධනයෙන් නම්, ආපදායෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTනවමසික්ඛාපදං.
Sinhala BJTනවම ශික්‍ෂාපද යි.
Pali BJT8. 3. 10.
Sinhala BJT8. 3. 10.
Pali BJTසාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ථූපීකතං පිණ්ඩපාතං පටිගණ්හන්ති -පෙ-
Sinhala BJTශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු තුඹක් මෙන් කොට පිඬුවා පිළිගනිත් ...
Pali BJT“සමතිත්තිකං පිණ්ඩපාතං පටිග්ගහෙස්සාමීති සික්ඛා කරණීයා”ති.
Sinhala BJT“සමසේ පිරීගිය පිඬුවා පිළිගන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJTසමතිත්තිකො පිණ්ඩපාතො පටිග්ගහෙතබ්බො. යො අනාදරියං පටිච්ච ථූපීකතං පිණ්ඩපාතං පටිගණ්හාති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTපයෙහි ඇතුළු මෝවිට සමසේ පිරීගිය පිඬුවා පිළිගත යුතු යි. යමෙක් අනාදරිය පිණිස තුඹක් මෙන් කොට පිඬුවා පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච අසතියා අජානන්තස්ස ආපදාසු උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ආපදායෙහි, උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTදසම සික්ඛාපදං.
Sinhala BJTදශම ශික්‍ෂාපද යි.
Pali BJTඛම්භකතවග්ගො තතියො.
Sinhala BJTතෙවන ඛම්භකත වර්‍ග යි.
Pali BJTසක්කච්චවග්ගො
Sinhala BJTසක්කච්ච වර්‍ගය
Pali BJT8. 4. 1.
Sinhala BJT8. 4. 1.
Pali BJTතෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ අසක්කච්චං පිණ්ඩපාතං භුඤ්ජන්ති අභුඤ්ජිතුකාමා විය -පෙ-
Sinhala BJTඑසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි සවග මහණහු නො වළඳනු කැමැත්තවුන් මෙන් නො සකස් කොට වළඳත් ...
Pali BJTසක්කච්චං පිණ්ඩපාතං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“සකසා පිඬුවා වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJTසක්කච්චං පිණ්ඩපාතො භුඤ්ජිතබ්බො. යො අනාදරියං පටිච්ච අසක්කච්චං පිණ්ඩපාතං භුඤ්ජති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTසිහි එළවා පිඬුවා වැළඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස නො සකසා පිඬුවා වළඳා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච අසතියා අජානන්තස්ස ගිලානස්ස ආපදාසු උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTපඨමසික්ඛාපදං.
Sinhala BJTප්‍රථම ශික්‍ෂාපද යි.
Pali BJT8. 4. 2.
Sinhala BJT8. 4. 2.
Pali BJTසාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ තහං තහං ඔලොකෙන්තා පිණ්ඩපාතං භුඤ්ජන්ති ආකිරන්තෙපි අතික්කන්තෙපි න ජානන්ති -පෙ-
Sinhala BJTශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු තැනැ තැනැ බලමින් පිඬුවා වළඳත්. (පිඬුවා) දෙන කල්හි දු (පිඬුවා දී) ඉක්ම යන කල්හි දු නො දනිත් ...
Pali BJTපත්තසඤ්ඤී පිණ්ඩපාතං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“පාත්‍රගත සංඥී වැ පිඬුවා වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJTපත්තසඤ්ඤිනා පිණ්ඩපාතො භුඤ්ජිතබ්බො. යො අනාදරියං පටිච්ච තහං තහං ඔලොකෙන්තො පිණ්ඩපාතං භුඤ්ජති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTපාත්‍රසංඥීහු විසින් පිඬුවා වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස තැනැ තැනැ බලමින් පිඬුවා වළඳා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච -පෙ- ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTදුතියසික්ඛාපදං.
Sinhala BJTද්විතීය ශික්‍ෂාපද යි.
Pali BJT8. 4. 3.
Sinhala BJT8. 4. 3.
Pali BJTසාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ තහං තහං ඔමසිත්වා පිණ්ඩපාතං භුඤ්ජන්ති -පෙ-
Sinhala BJTශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු තැනැ තැනැ පහසා පිඬුවා වළඳත් ...
Pali BJTසපදානං පිණ්ඩපාතං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“තමා දෙස පටන් පිළිවෙළින් පිඬුවා වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJTසපදානං පිණ්ඩපාතො භුඤ්ජිතබ්බො. යො අනාදරියං පටිච්ච තහං තහං ඔමසිත්වා පිණ්ඩපාතං භුඤ්ජති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅනුපිළිවෙළින් පිඬුවා වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස තැනැ තැනැ පහසා පිඬුවා වළඳා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච අසතියා අජානන්තස්ස ගිලානස්ස අඤ්ඤෙසං දෙන්තො ඔමසති, අඤ්ඤභාජනෙ{1} ආකිරන්තො ඔමසති, උත්තරිභඞ්ගෙ, ආපදාසු උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නොදන්නහුට, ගිලනහුට, අනෙකක්හට දෙනුයේ පහසා නම්, අන්බඳුනෙක්හි ලන්නේ පහසා නම්, අවුළුපත් ගැනීමෙහි නම්, ඇවැත් නැත. ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTතතියසික්ඛාපදං.
Sinhala BJTතෘතීය ශික්‍ෂාපද යි.
Pali BJT8. 4. 4.
Sinhala BJT8. 4. 4.
Pali BJTසාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ පිණ්ඩපාතං භුඤ්ජන්තා සූපඤ්ඤෙව බහුං භුඤ්ජන්ති -පෙ-
Sinhala BJTශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු පිඬුවා වළඳන්නාහු සූප මැ බොහෝ කොට වළඳත් ...
Pali BJTසමසූපකං පිණ්ඩපාතං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“සමසූපක පිඬුවා වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJTසූපො නාම: ද්වෙ සූපො මුග්ගසූපො, මාසසූපො හත්ථහාරියො. සමසූපකො පිණ්ඩපාතො භුඤ්ජිතබ්බො. යො අනාදරියං පටිච්ච සූපඤ්ඤෙව බහුං භුඤ්ජති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTසූප නම්; අතින් ගෙන යා හැකි මුද්ගසූප යැ මාසසූපයැ යි සූප දෙකෙකි. සමසූපක පිඬුවා වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස සූප මැ බොහෝ කොට වළඳා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච අසතියා අජානන්තස්ස ගිලානස්ස රසරසෙ ඤාතකානං පවාරිතානං අත්තනො ධනෙන ආපදාසු උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, රසරසයෙහි නම්, නෑයන්ගෙන් නම්, පැවරූවන්ගෙන් නම්, තම සතු ධනයෙන් නම් ඇවැත් නැත. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTචතුත්ථසික්ඛාපදං.
Sinhala BJTචතුර්‍ත්‍ථ ශික්‍ෂාපද යි.
Pali BJT8. 4. 5.
Sinhala BJT8. 4. 5.
Pali BJTසාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ථූපතො{1} ඔමද්දිත්වා පිණ්ඩපාතං භුඤ්ජන්ති -පෙ-
Sinhala BJTශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු බත මැදතුරෙන් හනා පිඬුවා වළඳත් ...
Pali BJTන ථූපතො ඔමද්දිත්වා පිණ්ඩපාතං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“බත මැදතුරෙන් හනා පිඬුවා නො වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJTන ථූපතො ඔමද්දිත්වා පිණ්ඩපාතො භුඤ්ජිතබ්බො. යො අනාදරියං පටිච්ච ථූපතො ඔමද්දිත්වා පිණ්ඩපාතං භුඤ්ජති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTමැදතුරෙන් හනා පිඬුවා නො වැළඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස මැදතුරෙන් හනා පිඬුවා වළඳා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච අසතියා අජානන්තස්ස ගිලානස්ස පරිත්තකෙ සෙසෙ එකතො සංකඩ්ඪිත්වා ඔමද්දිත්වා භුඤ්ජති, ආපදාසු උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ඉතිරි මඳ දැයෙහි නම්, එකට ඇද හනා වළඳා නම්, ඇවැත් නැත. උම්මත්තකයහට, ආදිකම්මිකයහට, ඇවැත් නැති.
Pali BJTපඤ්චමසික්ඛාපදං.
Sinhala BJTපඤ්චම ශික්‍ෂාපද යි.
Pali BJT8. 4. 6.
Sinhala BJT8. 4. 6.
Pali BJTසාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සූපම්පි බ්යඤ්ජනම්පි ඔදනෙන පටිච්ඡාදෙන්ති භිය්යොකම්යතං උපාදාය -පෙ-
Sinhala BJTශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු වැඩියෙන් ලබනු කැමැත්ත නිසා සූප ද බ්‍යඤ්‍ජන ද බතින් පිළිසන් කෙරෙත් ...
Pali BJTන සූපං වා බ්යඤ්ජනං වා ඔදනෙන පටිච්ඡාදෙස්සාමි භිය්යොකම්යතං උපාදායාති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“වැඩියක් ලබනු කැමැත්ත නිසා සූප හෝ බ්‍යඤ්‍ජන හෝ බතින් පිළිසන් නොකරන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJTන සූපං වා බ්යඤ්ජනං වා ඔදනෙන පටිච්ඡාදෙතබ්බං භිය්යොකම්යතං උපාදාය. යො අනාදරියං පටිච්ච සූපං වා බ්යඤ්ජනං වා ඔදනෙන පටිච්ඡාදෙති භිය්යොකම්යතං උපාදාය ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTවැඩියක් ලබනු කැමැත්ත නිසා සූප හෝ බ්‍යඤ්‍ජන හෝ බතින් පිළිසන් නො කළ යුතු යි. යමෙක් අනාදරිය පිණිස වැඩියක් ලබනු කැමැත්ත නිසා සූප හෝ බ්‍යඤ්‍ජන හෝ බතින් පිළිසන් කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච අසතියා අජානන්තස්ස සාමිකා පටිච්ඡාදෙත්වා දෙන්ති. න භිය්යොකම්යතං උපාදාය, ආපදාසු උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට, නොසිහියෙන් කරන්නහුට, නො දන්නහුට, හිමියෝ පිළිසන් කොට දෙත් නම්, වැඩියක් ලබනු කැමැත්ත නැති කල්හි නම්, ඇවැත් නැත. ආපදාවෙහි, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTඡට්ඨසික්ඛාපදං.
Sinhala BJTෂෂ්ඨ ශික්‍ෂාපද යි.
Pali BJT8. 4. 7.
Sinhala BJT8. 4. 7.
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සූපම්පි ඔදනම්පි අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම සමණා සක්යපුත්තියා සූපම්පි ඔදනම්පි අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජිස්සන්ති කස්ස සම්පන්නං න මනාපං කස්ස සාදුං න රුච්චතී’ති.
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු සූප ද බත් ද තමා පිණිස විනවා ගෙනැ වළඳත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්‍රමණශාක්‍යපුත්‍රයෝ සූප ද බත් ද තමා පිණිස විනවාගෙනැ වැළඳූහු ද? කවරක්හට මිහිරි නො මැනැවි ද? කවරක්හට රසය නො රුස්නේ දැ” යි.
Pali BJT2. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං. විපාචෙන්තානං යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ සූපම්පි ඔදනම්පි අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජිස්සන්තී”ති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ සූපම්පි ඔදනම්පි අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජිස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ [අකිර්‍තතිශබ්දය] ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු සූප ද බත් ද තමා පිණිස විනවාගෙනැ වැළඳූහු දැ” යි ... සැබෑ ද මහණෙනි, තෙපි සූප ද බත් ද තමා පිණිස විනවාගෙනැ වළඳවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... හිස් පුරුෂයෙනි, කෙසේ නම් තෙපි සූප ද බත් ද තමා පිණිස විනවාගෙනැ වැළඳූහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJT“න සූපං වා ඔදනං වා අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජිස්සාමීති සික්ඛා කරණීයා”ති.
Sinhala BJT“සූප හෝ බත් හෝ තමා පිණිස විනවාගෙනැ නො වළඳන්නෙමැ යි හික්මියැ යුතු” යි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේ භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT3. තෙන ඛො පන සමයෙන භික්ඛූ ගිලානා හොන්ති. ගිලානපුච්ඡකා භික්ඛූ ගිලානෙ{1} භික්ඛූ එතදවොචුං: “කච්චාවුසො ඛමනීයං කච්චි යාපනීය”න්ති. පුබ්බෙ මයං ආවුසො සූපම්පි ඔදනම්පි අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජාම. තෙන නො ඵාසු හොති. ඉදානි පන භගවතා පටික්ඛිත්තන්ති කුක්කුච්චායන්තා න විඤ්ඤාපෙම තෙන නො න ඵාසු හොතීති. භික්ඛූ{2} භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛු ආමන්තෙසි. “අනුජානාමි භික්ඛවෙ ගිලානෙන භික්ඛුනා සූපම්පි ඔදනම්පි අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජිතුං” එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT3. එසමයෙහි භික්‍ෂූහු ගිලන්වූවෝ වෙති. ගිලනුන් පුළුවුස්නා මහණහු ගිලනුන්ට මෙය කීහු. ඇවැත්නි, කිම ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? ඇවැත්නි, ඇපි පෙරැ සූප ද බත් ද තමා පිණිස විනවාගෙනැ වළඳම්හ. එහෙයින් අපට පහසු වෙයි. දැන් වූකලි භාග්‍යවතුන් විසින් පිළිකෙව් කරන ලදැ යි කුකුසන්නමෝ නො විනවම්හ. එහෙයින් අපට පහසු නො වෙයි. භික්‍ෂූහු භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහු. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමැතූසේකැ. “මහණෙනි, ගිලන් මහණහු විසින් සූප ද බත් ද තමා පිණිස විනවා ගෙනැ වළඳන්නට අනුදනිමි.” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJT“න සූපං වා ඔදනං වා අගිලානො අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජිස්සාමීති සික්ඛා කරණීයා”ති.
Sinhala BJT“නො ගිලන් වැ සූප හෝ බත් හෝ තමා පිණිස විනවා ගෙනැ නො වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJTන සූපං වා ඔදනං වා අගිලානෙන අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජිතබ්බං. යො අනාදරියං පටිච්ච සූපං වා ඔදනං වා අගිලානො අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTනො ගිලන් වැ සූප හෝ බත් හෝ තමා පිණිස විනවා ගෙනැ නො වැළඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස සූප හෝ බත් හෝ නො ගිලන් වැ තමා පිණිස විනවාගෙනැ වළඳා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච අසතියා අජානන්තස්ස ගිලානස්ස ඤාතකානං පවාරිතානං අඤ්ඤස්සත්ථාය අත්තනො ධනෙන ආපදාසු උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, නෑයන්ගෙන් නම්, පැවැරියන්ගෙන් නම්, අනෙකක්හු සඳහා නම්, තමසතු ධනයෙන් නම්, ඇවැත්, නැත. ආපදායෙහි, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTසත්තමසික්ඛාපදං.
Sinhala BJTසප්තම ශික්‍ෂාපද යි.
Pali BJT8. 4. 8.
Sinhala BJT8. 4. 8.
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ උජ්ඣානසඤ්ඤී පරෙසං පත්තං ඔලොකෙන්ති -පෙ-
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු ලමු කොට සිතන සන් ඇති වැ අනුන්ගේ පාත්‍රය බලත් ...
Pali BJTන උජ්ඣානසඤ්ඤී පරෙසං පත්තං ඔලොකෙස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“කිපිසිත් ඇති වැ අනුන් වළඳන පාත්‍රය නො බලන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJT2. න උජ්ඣානසඤ්ඤිනා පරෙසං පත්තො ඔලොකෙතබ්බො. යො අනාදරියං පටිච්ච උජ්ඣානසඤ්ඤී පරෙසං පත්තං ඔලොකෙති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT2. කිපිසිත් ඇති වැ අනුන් වළඳන පාත්‍රය නො බැලිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස ලමු කොට සිතන සන් ඇතියේ අනුන්ගේ පාත්‍රය බලා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJT3. අනාපත්ති: අසඤ්චිච්ච අසතියා අජානන්තස්ස දස්සාමීති වා දාපෙස්සාමීති වා ඔලොකෙති න උජ්ඣානසඤ්ඤිස්ස ආපදාසු උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJT3. නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, දෙන්නෙමි යි හෝ දෙවන්නෙමි යි හෝ බලා නම්, ලමු කොට සිතන සන් නැත්තහුට, ආපදාවෙහි ඇවැත් නැත, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTඅට්ඨමසික්ඛාපදං.
Sinhala BJTඅෂ්ටම ශික්‍ෂාපද යි.
Pali BJT8. 4. 9.
Sinhala BJT8. 4. 9.
Pali BJTසාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ මහන්තං කබළං කරොන්ති -පෙ-
Sinhala BJTශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු මහත් කොට බත්පිඬු කෙරෙත් ...
Pali BJTනාතිමහන්තං කබළං කරිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“ඉමහත් කොට බත් පිඬු නො කරන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJTනාතිමහන්තො කබළො කාතබ්බො. යො අනාදරියං පටිච්ච මහන්තං කබළං කරොති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඉමහත් කොට බත්පිඬු නො කළ යුතු යි. යමෙක් අනාදරිය පිණිස මහත් කොට බත්පිඬු කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච අසතියා අජානන්තස්ස අගිලානස්ස ඛජ්ජකෙ ඵලාඵලෙ උත්තරිභඞ්ගෙ ආපදාසු උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, කැවිලියෙහි, පලවැළයෙහි, අවුළුපත්හි, ආපදාවෙහි ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTනවමසික්ඛාපදං.
Sinhala BJTනවම ශික්‍ෂාපද යි.
Pali BJT8. 4. 10.
Sinhala BJT8. 4. 10.
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ දීඝං ආලොපං කරොන්ති -පෙ-
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු දිගැටි කොට බත්පිඬු කෙරෙත් ...
Pali BJTපරිමණ්ඩලං ආලොපං කරිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“පිරිමඬුලු කොට බත්පිඬු කරන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJT2. පරිමණ්ඩලො ආලොපො කාතබ්බො. යො අනාදරියං පටිච්ච දීඝං ආලොපං කරොති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT2. පිරිමඬුලු කොට බත්පිඬු කළයුතු යි. යමෙක් අනාදරිය පිණිස දිගැටි කොට බත්පිඬු කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJT3. අනාපත්ති: අසඤ්චිච්ච අසතියා අජානන්තස්ස ගිලානස්ස ඛජ්ජකෙ ඵලාඵලෙ උත්තරිභඞ්ගෙ ආපදාසු උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJT3. නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, කැවිලියෙහි, පලවැළයෙහි, අවුළුපත්හි, ආපදාවෙහි ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTදසමසික්ඛාපදං.
Sinhala BJTදශම ශික්‍ෂාපද යි.
Pali BJTසක්කච්චවග්ගො චතුත්ථො.
Sinhala BJTසතරවන සක්කච්ච වර්‍ග යි.
Pali BJTකබළවග්ගො
Sinhala BJTකබළ වර්‍ගය
Pali BJT8. 5. 1.
Sinhala BJT8. 5. 1.
Pali BJTතෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ අනාහටෙ කබළෙ මුඛද්වාරං විවරන්ති -පෙ-
Sinhala BJTඑසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි සවග මහණහු ආලෝපය නො එළවූ කල්හි මුවදොර විවෘත කෙරෙත් ...
Pali BJTන අනාහටෙ කබළෙ මුඛද්වාරං විවරිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“ආලෝපය නො එළවූ කල්හි මුවදොර විවෘත නො කරන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJTන අනාහටෙ කබළෙ මුඛද්වාරං විවරිතබ්බං. යො අනාදරියං පටිච්ච අනාහටෙ කබළෙ මුඛද්වාරං විවරති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTආලෝපය නො එළවූ කල්හි මුවදොර විවෘත නො කළ යුතු යි. යමෙක් අනාදරිය පිණිස ආලෝපය නො එළවූ කල්හි මුවදොර විවෘත කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච -පෙ- ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTපඨමසික්ඛාපදං.
Sinhala BJTප්‍රථම ශික්‍ෂාපද යි.
Pali BJT8. 5. 2.
Sinhala BJT8. 5. 2.
Pali BJTසාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ භුඤ්ජමානා සබ්බං හත්ථං මුඛෙ පක්ඛිපන්ති -පෙ-
Sinhala BJTශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ වළඳමින් මුළු අත මුවෙහි බහාලත් ...
Pali BJTන භුඤ්ජමානො සබ්බං හත්ථං මුඛෙ පක්ඛිපිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“වළඳමින් මුළු අත මුවෙහි නො බහාලන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJTන භුඤ්ජමානෙන සබ්බො හත්ථො මුඛෙ පක්ඛිපිතබ්බො. යො අනාදරියං පටිච්ච භුඤ්ජමානො සබ්බං හත්ථං මුඛෙ පක්ඛිපති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTවළඳන්නහු විසින් මුළු අත මුවෙහි නො බහා ලිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස වළඳමින් මුළු අත මුවෙහි බහා ලා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච -පෙ- ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTදුතියසික්ඛාපදං.
Sinhala BJTද්විතීය ශික්‍ෂාපද යි.
Pali BJT8. 5. 3.
Sinhala BJT8. 5. 3.
Pali BJTසාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සකබළෙන මුඛෙන බ්යාහරන්ති -පෙ-
Sinhala BJTශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු ආලෝපය සහිත මුවින් බෙණෙත්. ...
Pali BJTන සකබළෙන මුඛෙන බ්යාහරිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“ආලෝපය සහිත මුවින් නො බණන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJTන සකබළෙන මුඛෙන බ්යාහරිතබ්බං. යො අනාදරියං පටිච්ච සකබළෙන මුඛෙන බ්යාහරති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTආලෝපය සහිත මුවින් නො බිණිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස ආලෝපය සහිත මුවින් බෙණේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච -පෙ- ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTතතියසික්ඛාපදං.
Sinhala BJTතෘතීය ශික්‍ෂාපද යි.
Pali BJT8. 5. 4.
Sinhala BJT8. 5. 4.
Pali BJTසාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ පිණ්ඩුක්ඛෙපකං භුඤ්ජන්ති -පෙ-
Sinhala BJTශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු (මුවතුළට) පිඬු දමා ගසමින් වළඳත් ...
Pali BJTන පිණ්ඩුක්ඛෙපකං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණීයා.
Sinhala BJT“පිඬු මියෙහි දමා ගසමින් නො වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJTන පිණ්ඩුක්ඛෙපකං භුඤ්ජිතබ්බං. යො අනාදරියං පටිච්ච පිණ්ඩුක්ඛෙපකං භුඤ්ජති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTපිඬු දමා ගසමින් නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස පිඬු දමා ගසමින් වළඳා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච අසතියා අජානන්තස්ස ගිලානස්ස ඛජ්ජකෙ ඵලාඵලෙ ආපදාසු උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, කැවිලියෙහි, පලවැළෙහි, ආපදායෙහි ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTචතුත්ථසික්ඛාපදං.
Sinhala BJTචතුර්‍ත්‍ථ ශික්‍ෂාපද යි.