Pācittiya

Expiation Rules

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 2001-2100 න් 4249

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT“අප්පසද්දො අන්තරඝරෙ ගමිස්සාමීති සික්ඛා කරණීයා”ති.
Sinhala BJT“අල්පශබ්ද ඇතියෙම් ඇතුළුගමෙහි යන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJT2. අප්පසද්දෙන අන්තරඝරෙ ගන්තබ්බං. යො අනාදරියං පටිච්ච උච්චාසද්දං මහාසද්දං කරොන්තො අන්තරඝරෙ ගච්ඡති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT2. අල්පශබ්දයෙන් යුතු වැ ඇතුළුගමෙහි යායුතු යි. යමෙක් අනාදරිය පිණිස උස්හඬ මහහඬ කෙරෙමින් ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච, අසතියා, අජානන්තස්ස, ගිලානස්ස, ආපදාසු, උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTතතිය සික්ඛාපදං.
Sinhala BJTතෘතීය ශික්‍ෂාපද යි.
Pali BJT8. 2. 4.
Sinhala BJT8. 2. 4.
Pali BJTසාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ උච්චාසද්දං මහාසද්දං කරොන්තා අන්තරඝරෙ නිසීදන්ති. -පෙ-
Sinhala BJTශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු උස්හඬ මහහඬ කෙරෙමින් ඇතුළුගමෙහි හිඳිත් ...
Pali BJTඅප්පසද්දො අන්තරඝරෙ නිසීදිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“අල්පශබ්ද ඇතියෙම් ඇතුළුගමෙහි හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJTඅප්පසද්දෙන අන්තරඝරෙ නිසීදිතබ්බං, යො අනාදරියං පටිච්ච උච්චාසද්දං මහාසද්දං කරොන්තො අන්තරඝරෙ නිසීදති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅල්පශබ්දයෙන් යුතු වැ ඇතුළුගමෙහි හිඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස උස්හඬ මහහඬ කෙරෙමින් ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච -පෙ- ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTචතුත්ථ සික්ඛාපදං.
Sinhala BJTචතුර්‍ත්‍ථ ශික්‍ෂාපද යි.
Pali BJT8. 2. 5.
Sinhala BJT8. 2. 5.
Pali BJTසාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ කායප්පචාලකං අන්තරඝරෙ ගච්ඡන්ති කායං ඔලම්බෙන්තා -පෙ-
Sinhala BJTශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු කය එල්වමින් කය සල සලා ඇතුළුගමෙහි යෙත් ...
Pali BJTන කායප්පචාලකං අන්තරඝරෙ ගමිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“කය සලමින් ඇතුළුගමෙහි නො යන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJTන කායප්පචාලකං අන්තරඝරෙ ගන්තබ්බං. කායං පග්ගහෙත්වා ගන්තබ්බං. යො අනාදරියං පටිච්ච කායප්පචාලකං අන්තරඝරෙ ගච්ඡති කායං ඔලම්බෙන්තො, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTකය සලමින් ඇතුළුගමෙහි නො යා යුතු යි. කය නිසල කොට ඍජු වැ තබා යායුතු යි. යමෙක් අනාදරිය පිණිස කය එල්වමින් කය සල සලා ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච -පෙ- ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTපඤ්චම සික්ඛාපදං.
Sinhala BJTපඤ්චම ශික්‍ෂාපද යි.
Pali BJT8. 2. 6.
Sinhala BJT8. 2. 6.
Pali BJTසාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ කායප්පචාලකං අන්තරඝරෙ නිසීදන්ති කායං ඔලම්බෙන්තා -පෙ-
Sinhala BJTශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු කය එල්වමින් කය සල සලා ඇතුළුගමෙහි හිඳිත් ...
Pali BJTන කායප්පචාලකං අන්තරඝරෙ නිසීදිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“කය සල සලා ඇතුළුගමෙහි නො හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJTන කායප්පචාලකං අන්තරඝරෙ නිසීදිතබ්බං. කායං පග්ගහෙත්වා නිසීදිතබ්බං. යො අනාදරියං පටිච්ච කායප්පචාලකං අන්තරඝරෙ නිසීදති කායං ඔලම්බෙන්තො ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTකය සලමින් ඇතුළුගමෙහි නො හිඳියයුතු යි. කය නිසල කොට ඍජු වැ තබා හිඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස කය එල්වමින් කය සොලවමින් ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච, අසතියා, අජානන්තස්ස, ගිලානස්ස, වාසූපගතස්ස, ආපදාසු, උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතයහට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTඡට්ඨ සික්ඛාපදං.
Sinhala BJTෂෂ්ඨ ශික්‍ෂාපද යි.
Pali BJT8. 2. 7.
Sinhala BJT8. 2. 7.
Pali BJTසාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ බාහුප්පචාලකං අන්තරඝරෙ ගච්ඡන්ති, බාහුං ඔලම්බෙන්තා -පෙ-
Sinhala BJTශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු බාහුව එල්වමින් බාහුව සල සලා ඇතුළුගමෙහි යෙත් ...
Pali BJTන බාහුප්පචාලකං අන්තරඝරෙ ගමිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“අත් සල සලා ඇතුළුගමෙහි නො යන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJTන බාහුප්පචාලකං අන්තරඝරෙ ගන්තබ්බං. බාහුං පග්ගහෙත්වා ගන්තබ්බං. යො අනාදරියං පටිච්ච බාහුප්පචාලකං අන්තරඝරෙ ගච්ඡති බාහුං ඔලම්බෙන්තො ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTබාහුව සලමින් ඇතුළුගමෙහි නො යායුතු යි. බාහුව නිසල කොට තබා යා යුතු යි. යමෙක් අනාදරිය පිණිස බාහුව එල්වමින් බාහුව සලමින් ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච -පෙ- ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTසත්තමසික්ඛාපදං.
Sinhala BJTසප්තම ශික්‍ෂාපද යි.
Pali BJT8. 2. 8.
Sinhala BJT8. 2. 8.
Pali BJTසාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ බාහුප්පචාලකං අන්තරඝරෙ නිසීදන්ති බාහුං ඔලම්බෙන්තා -පෙ-
Sinhala BJTශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණහු අත් එල්වමින් ඇතුළුගමෙහි හිඳිත් ...
Pali BJTන බාහුප්පචාලකං අන්තරඝරෙ නිසීදිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“අත් සල සලා ඇතුළුගමෙහි නො හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJTන බාහුප්පචාලකං අන්තරඝරෙ නිසීදිතබ්බං. බාහුං පග්ගහෙත්වා නිසීදිතබ්බං. යො අනාදරියං පටිච්ච බාහුප්පචාලකං අන්තරඝරෙ නිසීදති බාහුං ඔලම්බෙන්තො ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTබාහුව සල සලා ඇතුළුගමෙහි නො හිඳියයුතු යි. බාහුව නිසල කොට තබා හිඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස බාහුව එල්වමින් බාහුව සලමින් ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච, අසතියා, අජානන්තස්ස, ගිලානස්ස, වාසූපගතස්ස, ආපදාසු, උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතහට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTඅට්ඨමසික්ඛාපදං.
Sinhala BJTඅෂ්ටම ශික්‍ෂාපද යි.
Pali BJT8. 2. 9.
Sinhala BJT8. 2. 9.
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සීසප්පචාලකං අන්තරඝරෙ ගච්ඡන්ති සීසං ඔලම්බෙන්තා -පෙ-
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණහු හිස එල්වමින් හිස සල සලා ඇතුළුගමෙහි යෙත් ...
Pali BJTන සීසප්පචාලකං අන්තරඝරෙ ගමිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“හිස සල සලා ඇතුළුගමෙහි නො යන්නෙමි යි හික්මියැ යුතු”.
Pali BJT2. න සීසප්පචාලකං අන්තරඝරෙ ගන්තබ්බං. සීසං පග්ගහෙත්වා ගන්තබ්බං. යො අනාදරියං පටිච්ච සීසප්පචාලකං අන්තරඝරෙ ගච්ඡති සීසං ඔලම්බෙන්තො ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT2. හිස සලමින් ඇතුළුගමෙහි නො යායුතු යි. හිස නිසල කොට ඍජු වැ තබා යායුතු යි. යමෙක් අනාදරිය පිණිස හිස එල්වමින් හිස සලමින් ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJT3. අනාපත්ති: අසඤ්චිච්ච -පෙ- ආදිකම්මිකස්සාති.
Sinhala BJT3. නො සිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTනවමසික්ඛාපදං.
Sinhala BJTනවම ශික්‍ෂාපද යි.
Pali BJT8. 2. 10.
Sinhala BJT8. 2. 10.
Pali BJTසාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සීසප්පචාලකං අන්තරඝරෙ නිසීදන්ති සීසං ඔලම්බෙන්තා -පෙ-
Sinhala BJTශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු හිස එල්වමින් හිස සල සලා ඇතුළුගමෙහි හිඳිත් ...
Pali BJTන සීසප්පචාලකං අන්තරඝරෙ නිසීදිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“හිස සල සලා ඇතුළුගමෙහි නො හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJTන සීසප්පචාලකං අන්තරඝරෙ නිසීදිතබ්බං. සීසං පග්ගහෙත්වා නිසීදිතබ්බං. යො අනාදරියං පටිච්ච සීසප්පචාලකං අන්තරඝරෙ නිසීදති සීසං ඔලම්බෙන්තො ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTහිස සල සලා ඇතුළුගමෙහි නො හිඳියයුතු යි. හිස නිසල කොට ඍජු වැ තබා හිඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස හිස එල්වමින් හිස සලමින් ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච, අසතියා, අජානන්තස්ස, ගිලානස්ස, වාසූපගතස්ස ආපදාසු උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතහට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTදසම සික්ඛාපදං.
Sinhala BJTදශම ශික්‍ෂාපද යි.
Pali BJTඋජ්ජග්ඝිකවග්ගො දුතියො.
Sinhala BJTදෙවන උජ්ජග්ඝික වර්‍ග යි.
Pali BJTඛම්භකතවග්ගො
Sinhala BJTඛම්භකත වර්‍ගය
Pali BJT8. 3. 1.
Sinhala BJT8. 3. 1.
Pali BJTතෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ඛම්භකතා අන්තරඝරෙ ගච්ඡන්ති -පෙ-
Sinhala BJTඑසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් වූ, අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි සවග මහණහු උකුළෙහි තැබූ අත් ඇති වැ ඇතුළුගමෙහි යෙත් ...
Pali BJTන ඛම්භකතො අන්තරඝරෙ ගමිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“උකුළෙහි තැබූ අත් ඇතියෙම් ඇතුළුගමෙහි නො යන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJTන ඛම්භකතෙන අන්තරඝරෙ ගන්තබ්බං. යො අනාදරියං පටිච්ච එකතො වා උභතො වා ඛම්භං කත්වා අන්තරඝරෙ ගච්ඡති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඋකුළෙහි තැබූ අතින් යුතු වැ ඇතුළුගමෙහි නො යායුතු යි. යමෙක් අනාදරිය පිණිස එක් පසින් හෝ දෙපසින් හෝ උකුළෙහි අත් තබා ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති - අසඤ්චිච්ච -පෙ- ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට ... උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTපඨමසික්ඛාපදං.
Sinhala BJTප්‍රථම ශික්‍ෂාපද යි.
Pali BJT8. 3. 2.
Sinhala BJT8. 3. 2.
Pali BJTසාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ඛම්භකතා අන්තරඝරෙ නිසීදන්ති -පෙ-
Sinhala BJTශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු උකුළෙහි තැබූ අත් ඇති වැ ඇතුළුගමෙහි හිඳිත් ...
Pali BJTන ඛම්භකතො අන්තරඝරෙ නිසීදිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“උකුළෙහි තැබූ අත් ඇතියෙම් ඇතුළුගමෙහි නො හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJTන ඛම්භකතෙන අන්තරඝරෙ නිසීදිතබ්බං. යො අනාදරියං පටිච්ච එකතො වා උභතො වා ඛම්භං කත්වා අන්තරඝරෙ නිසීදති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඋකුළෙහි තැබූ අත් ඇති වැ ඇතුළුගමෙහි නො හිඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස එක් පසින් හෝ දෙ පසින් හෝ උකුළෙහි අත් තබා ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච අසතියා අජානන්තස්ස ගිලානස්ස වාසූපගතස්ස ආපදාසු උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතහට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTදුතියසික්ඛාපදං.
Sinhala BJTද්විතීය ශික්‍ෂාපද යි.
Pali BJT8. 3. 3.
Sinhala BJT8. 3. 3.
Pali BJTසාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සසීසං පාරුපිත්වා අන්තරඝරෙ ගච්ඡන්ති -පෙ-
Sinhala BJTශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු හිස සහිත වැ පෙරෙවැ ඇතුළුගමෙහි යෙත් ...
Pali BJTන ඔගුණ්ඨිතො අන්තරඝරෙ ගමිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“හිස වසා පෙරෙවැ ඇතුළුගමෙහි නො යන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJTන ඔගුණ්ඨිතෙන අන්තරඝරෙ ගන්තබ්බං. යො අනාදරියං පටිච්ච සසීසං පාරුපිත්වා අන්තරඝරෙ ගච්ඡති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTහිස වසා පෙරෙවැ ඇතුළුගමෙහි නො යායුතු යි. යමෙක් අනාදරිය පිණිස හිස වසා පෙරෙවැ ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච -පෙ- ආදිකම්මිකස්සාති.
Sinhala BJTනොසිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTතතියසික්ඛාපදං.
Sinhala BJTතෘතීය ශික්‍ෂාපද යි.
Pali BJT8. 3. 4.
Sinhala BJT8. 3. 4.
Pali BJTසාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සසීසං පාරුපිත්වා අන්තරඝරෙ නිසීදන්ති -පෙ-
Sinhala BJTශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු හිස සහිත වැ පෙරෙ වැ ඇතුළුගමෙහි හිඳිත් ...
Pali BJTන ඔගුණ්ඨිතො අන්තරඝරෙ නිසීදිස්සාමීති සික්ඛා කරණීයා’ති.
Sinhala BJT“හිස වසා පෙරෙවැ ඇතුළුගමෙහි නො හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJTන ඔගුණ්ඨිතෙන අන්තරඝරෙ නිසීදිතබ්බං. යො අනාදරියං පටිච්ච සසීසං පාරුපිත්වා අන්තරඝරෙ නිසීදති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTහිස වසා පෙරවැ ඇතුළුගමෙහි නො හිඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස හිස වසා පෙරවැ ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච අසතියා අජානන්තස්ස ගිලානස්ස වාසූපගතස්ස ආපදාසු උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතහට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTචතුත්ථ සික්ඛාපදං.
Sinhala BJTචතුර්‍ත්‍ථ ශික්‍ෂාපද යි.
Pali BJT8. 3. 5.
Sinhala BJT8. 3. 5.
Pali BJTසාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ උක්කුටිකාය අන්තරඝරෙ ගච්ඡන්ති -පෙ-
Sinhala BJTශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු උළුලුයෙන් ඇතුළුගමෙහි යෙත් ...
Pali BJT“න උක්කුටිකාය අන්තරඝරෙ ගමිස්සාමීති සික්ඛා කරණීයා”ති.
Sinhala BJT“ඇතුළුගමෙහි උළුලුයෙන් නො යන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJTන උක්කුටිකාය අන්තරඝරෙ ගන්තබ්බං. යො අනාදරියං පටිච්ච උක්කුටිකාය අන්තරඝරෙ ගච්ඡන්ති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඋළුලුයෙන් ඇතුළුගමෙහි නො යායුතු යි. යමෙක් අනාදරිය පිණිස ඇතුළුගමෙහි උළුලුයෙන් යේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච -පෙ- ආදිකම්මිකස්ස.
Sinhala BJTනො සිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTපඤ්චම සික්ඛාපදං.
Sinhala BJTපඤ්චම ශික්‍ෂාපද යි.
Pali BJT8. 3. 6.
Sinhala BJT8. 3. 6.
Pali BJTසාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ පල්ලත්ථිකාය අන්තරඝරෙ නිසීදන්ති -පෙ-
Sinhala BJTශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු අකවටු ඇවිළීමෙන් ඇතුළුගමෙහි ...
Pali BJT“න පල්ලත්ථිකාය අන්තරඝරෙ නිසීදිස්සාමීති සික්ඛා කරණීයා”ති.
Sinhala BJT“අකවටු ඇවිළීමෙන් ඇතුළුගමෙහි නො හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJTන පල්ලත්ථිකාය අන්තරඝරෙ නිසීදිතබ්බං. යො අනාදරියං පටිච්ච හත්ථපල්ලත්ථිකාය වා දුස්සපල්ලත්ථිකාය වා අන්තරඝරෙ නිසීදති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅකවටු ඇවිළීමෙන් ඇතුළුගමෙහි නො හිඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස අතින් අකවටු ඇවිළීමෙන් හෝ පිළියෙන් අකවටු ඇවිළීමෙන් හෝ ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච අසතියා අජානන්තස්ස ගිලානස්ස වාසූපගතස්ස ආපදාසු උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතහට, ආපදායෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTඡට්ඨ සික්ඛාපදං.
Sinhala BJTෂෂ්ඨ ශික්‍ෂාපද යි.
Pali BJT8. 3. 7.
Sinhala BJT8. 3. 7.
Pali BJTසාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ අසක්කච්චං පිණ්ඩපාතං පටිගණ්හන්ති ඡඩ්ඩෙතුකාමා විය -පෙ-
Sinhala BJTශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු බැහැරැ දමනු කැමැතියන් මෙන් නො සකසා (සිහි නො එළවා) පිඬුවා පිළිගනිත් ...
Pali BJT“සක්කච්චං පිණ්ඩපාතං පටිග්ගහෙස්සාමීති සික්ඛා කරණීයා”ති.
Sinhala BJT“සිහි එළවා පිඬුවා පිළිගන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJTසක්කච්චං පිණ්ඩපාතො පටිග්ගහෙතබ්බො. යො අනාදරියං පටිච්ච අසක්කච්චං පිණ්ඩපාතං පටිගණ්හාති ඡඩ්ඩෙතුකාමො විය ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTසකසා පිඬුවා පිළිගතයුතු යි. යමෙක් අනාදරිය පිණිස බැහැරැ දමනු කැමැතියකු මෙන් නො සකසා පිඬුවා පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච -පෙ- ආදිකම්මිකස්සාති.
Sinhala BJTනොසිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTසත්තමසික්ඛාපදං.
Sinhala BJTසප්තම ශික්‍ෂාපද යි.
Pali BJT8. 3. 8.
Sinhala BJT8. 3. 8.
Pali BJTසාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ තහං තහං ඔලොකෙන්තා පිණ්ඩපාතං පටිගණ්හන්ති ආකිරන්තෙපි අතික්කන්තෙපි{1} න ජානන්ති -පෙ-
Sinhala BJTශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු තැනැ තැනැ බලමින් පිඬුවා පිළිගනිත්. (පිඬුවා) දෙන කල්හි දු පිඬුවා දී ඉක්ම යන කල්හි දු නො දනිත් ...
Pali BJT“පත්තසඤ්ඤී පිණ්ඩපාතං පටිග්ගහෙස්සාමීති සික්ඛා කරණීයා”ති.
Sinhala BJT“පාත්‍රගත සංඥී වැ පිඬුවා පිළිගන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJTපත්තසඤ්ඤිනා පිණ්ඩපාතො පටිග්ගහෙතබ්බො. යො අනාදරියං පටිච්ච තහං තහං ඔලොකෙන්තො පිණ්ඩපාතං පටිගණ්හාති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTපාත්‍රගත සංඥා ඇතියහු විසින් පිඬුවා පිළිගත යුතු යි. යමෙක් අනාදරිය පිණිස තැනැ තැනැ බලමින් පිඬුවා පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච -පෙ- ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට ... ආදිකකම්මිකහට ඇවැත් නැති.
Pali BJTඅට්ඨමසික්ඛාපදං.
Sinhala BJTඅෂ්ටම ශික්‍ෂාපද යි.
Pali BJT8. 3. 9.
Sinhala BJT8. 3. 9.
Pali BJTසාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ පිණ්ඩපාතං පටිගණ්හන්තා සූපඤ්ඤෙව බහුං පටිගණ්හන්ති -පෙ-
Sinhala BJTශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු පිඬුවා පිළිගන්නෝ සූප මැ බොහෝ කොට පිළිගනිත් ...
Pali BJT“සමසූපකං පිණ්ඩපාතං පටිග්ගහෙස්සාමීති සික්ඛා කරණීයා”ති.
Sinhala BJT“බත සතරවන කොටසින් නො වැඩි සූප ඇති වැ පිණ්ඩපාතය පිළින්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJTසූපො නාම: ද්වෙ සූපා මුග්ගසූපො මාසසූපො හත්ථහාරියො. සමසූපකො පිණ්ඩපාතො පටිග්ගහෙතබ්බො. යො අනාදරියං පටිච්ච සූපඤ්ඤෙව බහුං පටිගණ්හාති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTසූප නම්: අතින් ගෙන යා හැකි මුද්ගසූප යැ මාසසූප යැ යි සූප දෙකෙකි. සමසූපක පිණ්ඩපාතය පිළිගත යුතු යි. යමෙක් අනාදරිය පිණිස සූප මැ බොහෝ කොට පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.