Pali BJTයො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJTයො පන යනු: යමෙක් යම් බඳුයෙක් ... භික්ඛු යනු: ... මේ තෙම මේ අර්‍ත්‍ථයෙහි ‘භික්ඛු’ යයි අදහස් කරන ලද්දේ යි.
Pali BJTතථාරූපෙසු සෙනාසනෙසූති: එවරූපෙසු සෙනාසනෙසු.
Sinhala BJTතථාරූපෙසු සේනාසනේසු යනු: මෙබඳු සෙනසුන්හි.
Pali BJTඅප්පටිසංවිදිතං නාම: පඤ්චන්නං පටිසංවිදිතං එතං අප්පටිසංවිදිතං නාම. ආරාමං ආරාමූපචාරං ඨපෙත්වා පටිසංවිදිතං එතම්පි{3} අප්පටිසංවිදිතං නාම.
Sinhala BJTඅප්පටිසංවිදිත නම්: පස් සහදැමින් අතුරෙන් කිසිවකු යවා දන්වන ලද්දේ යැ. තෙල අප්පටිසංවිදිත නම. ආරාමය ආරාමොපචාරය තබා (හැරපියා) (අතරමග දුටු හෝ ගමට පැමිණි මහණහට) දන්වන ලද්දේ යැ. තෙල දැන්වීම ද අප්පටිසංවිදිත නම.
Pali BJTපටිසංවිදිතං නාම: යො කොචි ඉත්ථි වා පුරිසො වා ආරාමං ආරාමූපචාරං ආගන්ත්වා ආරොචෙති ඉත්ථන්නාමස්ස කුලස්ස{1} භන්තෙ ඛාදනීයං වා භොජනීයං වා ආහරිස්සතීති{2}. සචෙ සාසඞ්කං හොති, සාසඞ්කන්ති ආචික්ඛිතබ්බං. සචෙ සප්පටිභයං හොති, සප්පටිභයන්ති ආචික්ඛිතබ්බං සචෙ හොතු භන්තෙ ආහරීයිස්සතීති භණති. චොරා වත්තබ්බා මනුස්සා ඉධූපචරන්ති අපසක්කථාති. යාගුයා පටිසංවිදිතෙ තස්සා පරිවාරො ආහරීයති එතං පටිසංවිදිතං නාම. භත්තෙන පටිසංවිදිතෙ තස්ස පරිවාරො ආහරීයති එතං පටිසංවිදිතං නාම. ඛාදනීයෙන පටිසංවිදිතෙ තස්ස පරිවාරො ආහරීයති එතං පටිසංවිදිතං නාම. කුලෙන පටිසංවිදිතෙ යො තස්මිං කුලෙ මනුස්සො ඛාදනීයං වා භොජනීයං වා ආහරති එතං පටිසංවිදිතං නාම. ගාමෙන පටිසංවිදිතෙ යො තස්මිං ගාමෙ මනුස්සො ඛාදනීයං වා භොජනීයං වා ආහරති එතං පටිසංවිදිතං නාම. පූගෙන පටිසංවිදිතෙ යො තස්මිං පූගෙ මනුස්සො ඛාදනීයං වා භොජනීයං වා ආහරති එතං පටිසංවිදිතං නාම.
Sinhala BJTපටිසංවිදිත නම්: යම්කිසි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ආරාමයට ආරාමොපචාරයට අවුත් වහන්ස, මෙනම් කුලයෙන් ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ ගෙන එන්නේ යයි ආරොචන කෙරේ ද ඉදින් (ආරාමය) සැක සහිත වේ නම් ‘සැක සහිත යැ’ කිවයුතු යැ. ඉදින් ප්‍රතිභය සහිත වේ නම් ‘ප්‍රතිභය සහිත යැ’ යි කිව යුතු යැ. ඉදින් වහන්ස වේවා, ‘ගෙනෙන්නෙ’ යැයි කියා ද ‘මිනිස්සු මෙහි අසල හැසිරෙති ‘පහව යව’ යි සොරුනට කිවයුතු යැ. කැඳින් ආරොචන කළ කල්හි එහි පරිවාර (කැවුම් බත් ආදිය) ගෙන එනු ලැබෙ ද, තෙල පටිසංවිදිත නම. ඛාද්‍යයෙන් ආරොචන කළ කල්හි එහි පිරිවර ගෙන එනු ලැබේද, තෙල පටිසංවිදිත නම. කුලයක් විසින් ආරොචන කළ කල්හි එකුලයෙහි යම් මනුෂ්‍යයෙක් ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ ගෙන ඒ ද, තෙල පටිසංවිදිත නම. ගමෙකින් පටිසංවේදන කළ කල්හි එගම යම් මිනිසෙක් ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ ගෙන ඒ ද, තෙල පටිසංවිදිත නම. සමාගමෙකින් ප්‍රතිසංවිදිත කල්හි එ සමාගමයෙහි යම් මිනිසෙක් ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ ගෙන ඒ ද තෙල පටිසංවිදිත නම් වේ.
Pali BJT7. ඛාදනීයං නාම: පඤ්ච භොජනානි යාමකාලිකං සත්තාහකාලිකං යාවජීවිකං ඨපෙත්වා අවසෙසං ඛාදනීයං නාම.
Sinhala BJT7. ඛාදනීය නම්: පඤ්චභෝජනයෝ යි. යාවකාලිකය සත්තාහකාලිකය යාවජීවිකය තබා (හැර) සෙස්ස ඛාදනීය නම.
Pali BJTභොජනීයං නාම: පඤ්ච භොජනානි ඔදනො කුම්මාසො සත්තු මච්ඡො මංසං.
Sinhala BJTභෝජනීය නම්: පඤ්චභෝජනයෝ යි. බත් යැ කොමු යැ අත්සුණු යැ දියමස් යැ ගොඩමසි.
Pali BJTඅජ්ඣාරාමො නාම: පරික්ඛිත්තස්ස ආරාමස්ස අන්තො ආරාමො අපරික්ඛිත්තස්ස උපචාරො.
Sinhala BJTඅජ්ඣාරාම නම්: පිරිකෙව් කරන ලද ආරාමයෙහි ඇතුළු අරමි. පිරිකෙව් නො කරනලද්දෙහි උපචාරය යි.
Pali BJTඅගිලානො නාම: සක්කොති පිණ්ඩාය චරිතුං.
Sinhala BJTඅගිලාන නම්: පිඬුසිඟා යන්නට හැකි වූයේ ය.
Pali BJTගිලානො නාම: න සක්කොති පිණ්ඩාය චරිතුං.
Sinhala BJTගිලාන නම්: පිඬුසිඟායන්නට නො හැකියේ ය.
Pali BJTඅප්පටිසංවිදිතං අගිලානො ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාටිදෙසනීයස්ස.
Sinhala BJTනො ගිලන් වැ අප්පටිසංවිදිතය කමී බුදිමී පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පාටිදේසනීය ඇවැත් වේ.
Pali BJTඅප්පටිසංවිදිතෙ අප්පටිසංවිදිතසඤ්ඤී ඛාදනීයං වා භොජනීයං වා අජ්ඣාරාමෙ සහත්ථා පටිග්ගහෙත්වා අගිලානො ඛාදති වා භුඤ්ජති වා ආපත්ති පාටිදෙසනීයස්ස. අප්පටිසංවිදිතෙ වෙමතිකො ඛාදනීයං වා භොජනීයං වා අජ්ඣාරාමෙ සහත්ථා පටිග්ගහෙත්වා අගිලානො ඛාදති වා භුඤ්ජති වා ආපත්ති පාටිදෙසනීයස්ස. අප්පටිසංවිදිතෙ පටිසංවිදිතසඤ්ඤී ඛාදනීයං වා භොජනීයං වා අජ්ඣාරාමෙ සහත්ථා පටිග්ගහෙත්වා අගිලානො ඛාදති වා භුඤ්ජති වා ආපත්ති පාටිදෙසනීයස්ස.
Sinhala BJTඅප්පටිසංවිදිතයෙහි අප්පටිසංවිදිතසංඥා ඇති වැ ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ ආරාමය තුළ දී සියතින් පිළිගෙන නො ගිලන් වැ කා නම් හෝ බුදී නම් හෝ පාටිදේසනීය ඇවැත් වෙයි. අප්පටිසංවිදිතයෙහි විමති ඇති වැ ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ ආරාමය තුළ දී සියතින් පිළිගෙන නො ගිලන් වැ කා නම් හෝ බුදී නම් හෝ පාටිදේසනීය ඇවැත් වෙයි. අප්පටිසංවිදිතයෙහි පටිසංවිදිතසංඥා ඇති වැ ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ ආරාමය තුළ දී සියතින් පිළිගෙන නො ගිලන් වැ කා නම් හෝ බුදී නම් හෝ පාටිදේසනීය ඇවැත් වෙයි.
Pali BJTයාමකාලිකං සත්තාහකාලිකං යාවජීවිකං ආහාරත්ථාය පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTයාමකාලිකය සත්තාහකාලිකය යාවජීවිකය ආහාර පිණිස පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි දුකුළා ඇවැත් වේ.
Pali BJTපටිසංවිදිතෙ අප්පටිසංවිදිතසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. පටිසංවිදිතෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. පටිසංවිදිතෙ පටිසංවිදිතසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTපටිසංවිදිතයෙහි අප්පටිසංවිදිතසංඥා ඇත්තේ දුකුළා ඇවැත් වෙයි. පටිසංවිදිතයෙහි විමති ඇතියේ දුකුළා ඇවැත් වෙයි. පටිසංවිදිතයෙහි පටිසංවිදිතසංඥා ඇතියේ ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: පටිසංවිදිතෙ, ගිලානස්ස පටිසංවිදිතෙ වා ගිලානස්ස වා සෙසකං භුඤ්ජති, බහාරාමෙ පටිග්ගහෙත්වා අන්තො ආරාමෙ පරිභුඤ්ජති, තත්ථ ජාතකං මූලං වා තචං වා පත්තං වා පුප්ඵං වා ඵලං වා පරිභුඤ්ජති, යාමකාලිකං සත්තාහකාලිකං යාවජීවිකං සති පච්චයෙ පරිභුඤ්ජති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTඅනාපත්ති: පටිසංවිදිතයෙහි, ගිලනාට පටිසංවිදිතයෙහි හෝ ගිලනාගේ හෝ අවශේෂය වළඳා නම් අරමින් පිටත්හි පිළිගෙන ඇතුළු අරම්හි දී වළඳා නම්, ඒ අරම්හි උපන් මුල් හෝ පොතු හෝ පත් හෝ මල් හෝ පල හෝ වළඳා නම්, ප්‍රත්‍යය ඇති කල්හි යාමකාලිකය, සත්තාහකාලිකය යාවජීවිකය වළඳා නම් (ඔවුනට) උම්මතකයාට, ආදිකාර්මිකහට ඇවැත් නැති.
Pali BJTචතුත්ථපාටිදෙසනීයං.
Sinhala BJTසතරවැනි පාටිදේසනීය යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඅඤ්ඤාතිකාය වොසාසං - සෙඛ ආරඤ්ඤකෙන ච, පාටිදෙසනීයා චත්තාරො - සම්බුද්ධෙන පකාසිතා,
Sinhala BJTනො නෑ මෙහෙණක අතින් ඇතුළුගම දී සියතින් බොජුන් පිළිගැනීමෙන් වූ ඇවැත යැ. ඇතුළුගම මෙහෙණක මෙහෙයවද්දී වැළදීමෙන් වූ ඇවැත යැ. සෙඛසම්මතකුලයෙහි සියතින් බොජුන් පිළිගෙන වැළදීමෙන් වූ ඇවැත යැ. සාසඞ්ක සෙනසුන්හි සියතින් බොජුන් පිළිගෙන වැළදීමෙන් වූ ඇවැත යැ යන මේ සතර පාටිදේසනීය ශික්‍ෂාවෝ සම්බුදුරදුන් විසින් වදාරන ලදහ.
Pali BJTඋද්දිට්ඨා ඛො ආයස්මන්තො චත්තාරො පාටිදෙසනීයා ධම්මා. තත්ථායස්මන්තෙ පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා දුතියම්පි පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා තතියම්පි පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා පරිසුද්ධෙත්ථායස්මන්තො තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමීති.
Sinhala BJTඇවැත්නි, සතර පාටිදේසනීයධර්‍මයෝ උදෙසන ලදහ. එහි ලා ආයුෂ්මතුන් පුළුවුස්මි, කිම පිරිසුදු වවුද? දෙවනවට ද පුළුවුස්මි කිම පිරිසුදු වවුද? තෙවන වට ද පුළුවුස්මි කිම පිරිසුදු වවුද? මෙහි ලා ආයුෂ්මත්හු පරිශුද්ධයහ. එහෙයින් තූෂ්ණීම්භූත වවු, තෙල කරුණ මෙසේ ධරමි’යි.
Pali BJTපාටිදෙසනීයා නිට්ඨිතං{1}.
Sinhala BJTපාටිදේසනීය ශික්‍ෂා නිමි.
Pali BJT8.
Sinhala BJT8.
Pali BJTසෙඛියකණ්ඩො
Sinhala BJTසේඛිය කාණ්ඩය
Pali BJTඉමෙ ඛො පනායස්මන්තො සෙඛියා ධම්මා උද්දෙසං ආගච්ඡන්ති.
Sinhala BJTආයුෂ්මත්නි, මේ සේඛිය ධර්‍මයෝ උදෙසීමට පැමිණෙත්.
Pali BJTපරිමණ්ඩලවග්ගො
Sinhala BJTපරිමණ්ඩල වර්‍ගය
Pali BJT8. 1. 1.
Sinhala BJT8. 1. 1.
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ පුරතොපි පච්ඡතොපි ඔලම්බෙන්තා නිවාසෙන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. “කථං හි නාම සමණා සක්යපුත්තියා පුරතොපි පච්ඡතොපි ඔලම්බෙන්තා නිවාසෙස්සන්ති සෙය්යථාපි ගිහී කාමභොගිනො”ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු ඉදිරිපසිනුදු පසුපසිනුදු එල්වමින් හඳිත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ කාමභෝගී ගිහියන් මෙන් ඉදිරිපසිනුදු පසුපසිනිදු එල්වමින් හැන්දාහු” දැ යි.
Pali BJT2. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ පුරතොපි පච්ඡතොපි ඔලම්බෙන්තා නිවාසෙස්සන්තී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා{1} භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා ඡබ්බග්ගියෙ භික්ඛූ පටිපුච්ඡි. සච්චං කිර තුම්හෙ භික්ඛවෙ පුරතොපි පච්ඡතොපි ඔලම්බෙන්තා නිවාසෙථාති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා පුරතොපි පච්ඡතොපි ඔලම්බෙන්තා නිවාසෙස්සථ, නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්තිශබ්දය) ඇසූහු, යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු ඉදිරිපසිනුදු පසුපසිනුදු එල්වනුවන් වැ හඳනාහු” දැ යි. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහු. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මෙඅවසරයෙහි ලා දැහැමි කථා කොට භික්‍ෂු සඞ්ඝයා රැස් කරවා සවග මහණුන් පිළිවිසූසේකැ” සැබෑ ද මහණෙනි, තෙපි ඉදිරිපසිනුදු පසුපසිනුදු එල්වනුවන් වැ හඳිවු දැ” යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... හිස් පුරුෂයෙනි, කෙසේ නම් තෙපි ඉදිරිපසිනුදු පසුපසිනුදු එල්වනුවන් වැ හැන්දහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
Pali BJT“පරිමණ්ඩලං නිවාසෙස්සාමීති සික්ඛා කරණීයා”ති.
Sinhala BJT“පිරිමඬුලු කොට හඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJT3. පරිමණ්ඩලං නිවාසෙතබ්බං නාභිමණ්ඩලං ජාණුමණ්ඩලං පටිච්ඡාදෙන්තෙන. යො අනාදරියං පටිච්ච පුරතො වා පච්ඡතො වා ඔලම්බෙන්තො නිවාසෙති, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT3. නැබමඬල දණමඬල වසන්නහු විසින් පිරිමඬුලු කොට හැන්ද යුතු යි, යමෙක් අනාදරිය පිණිස ඉදිරිපසින් හෝ පසුපසින් හෝ එල්වමින් හඳී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච, අසතියා, අජානන්තස්ස, ගිලානස්ස, ආපදාසු, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදායෙහි, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTපඨමසික්ඛාපදං.
Sinhala BJTප්‍රථම ශික්‍ෂාපද යි.
Pali BJT8. 1. 2.
Sinhala BJT8. 1. 2.
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ පුරතොපි පච්ඡතොපි ඔලම්බෙන්තා පාරුපන්ති -පෙ-
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ අනේපිඬුසිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු ඉදිරිපසිනුදු පසුපසිනුදු එල්වමින් පොරවත් ...
Pali BJT“පරිමණ්ඩලං පාරුපිස්සාමීති සික්ඛා කරණීයා”ති.
Sinhala BJT“පිරිමඬුලු කොට පොරවන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJT2. පරිමණ්ඩලං පාරුපිතබ්බං උභො කණ්ණෙ සමං කත්වා පාරුපන්තෙන{1} යො අනාදරියං පටිච්ච පුරතො වා පච්ඡතො වා ඔලම්බෙන්තො පාරුපති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT2. පොරවන්නහු විසින් දෙකොන සම කොට පිරිමඬුලු කොට පෙරැවිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස ඉදිරිපසින් හෝ පසුපසින් හෝ එල්වමින් පොරවා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච අසතියා අජානන්තස්ස. ගිලානස්ස, ආපදාසු, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදායෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTදුතියසික්ඛාපදං.
Sinhala BJTද්විතීය ශික්‍ෂාපද යි.
Pali BJT8. 1. 3.
Sinhala BJT8. 1. 3.
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ කායං විවරිත්වා අන්තරඝරෙ ගච්ඡන්ති -පෙ-
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති, එසමයෙහි සවග මහණහු කය විවර කොට ඇතුළුගමෙහි යෙත් ...
Pali BJT“සුපටිච්ඡන්නො අන්තරඝරෙ ගමිස්සාමීති සික්ඛා කරණීයා”ති.
Sinhala BJT“සුපිළිසන් වැ ඇතුළුගමෙහි යන්නෙමි යි හික්මියැයුතු” යි.
Pali BJT2. සුප්පටිච්ඡන්නෙන අන්තරඝරෙ ගන්තබ්බං. යො අනාදරියං පටිච්ච කායං විවරිත්වා අන්තරඝරෙ ගච්ඡති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT2. සුපිළිසන් වූවහු විසින් ඇතුළුගමෙහි යායුතු යි. යමෙක් අනාදරිය පිණිස කය විවර කොට ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච, අස්සතියා, අජානන්තස්ස, ගිලානස්ස, ආපදාසු, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දත්තහුට, ගිලනහුට, ආපදායෙහි, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTතතියසික්ඛාපදං.
Sinhala BJTතෘතීය ශික්‍ෂාපද යි.
Pali BJT8. 1. 4.
Sinhala BJT8. 1. 4.
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ කායං විවරිත්වා අන්තරඝරෙ නිසීදන්ති -පෙ-
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති, එසමයෙහි සවග මහණහු කය විවර කොට ඇතුළුගමෙහි හිඳිත් ...
Pali BJT“සුපටිච්ඡන්නො අන්තරඝරෙ නිසීදිස්සාමීති සික්ඛා කරණීයා”ති.
Sinhala BJT“සුපිළිසන් වැ ඇතුළුගමෙහි හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJT2. සුප්පටිච්ඡන්නෙන අන්තරඝරෙ නිසීදිතබ්බං. යො අනාදරියං පටිච්ච කායං විවරිත්වා අන්තරඝරෙ නිසීදති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT2. සුපිළිසන් වූවහු විසින් ඇතුළුගමෙහි හිඳි යැ යුතු. යමෙක් අනදර නිසා කය විවර කොට ගෙන අතුරුගෙයෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච, අසතියා, අජානන්තස්ස, ගිලානස්ස, වාසූපගතස්ස, ආපදාසු, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතයහට, ආපදාවෙහි, උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTචතුත්ථසික්ඛාපදං.
Sinhala BJTචතුර්‍ත්‍ථ ශික්‍ෂාපද යි.
Pali BJT8. 1. 5.
Sinhala BJT8. 1. 5.
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ හත්ථම්පි පාදම්පි කීළාපෙන්තා අන්තරඝරෙ ගච්ඡන්ති -පෙ-
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු අත ද පා ද කෙළවමින් ඇතුළුගමෙහි යෙත් ...
Pali BJT“සුසංවුතො අන්තරඝරෙ ගමිස්සාමීති සික්ඛා කරණීයා”ති.
Sinhala BJT“මොනවට සංවර වැ ඇතුළුගමෙහි යන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJT2. සුසංවුතෙන අන්තරඝරෙ ගන්තබ්බං. යො අනාදරියං පටිච්ච හත්ථං වා පාදං වා කීළාපෙන්තො අන්තරඝරෙ ගච්ඡති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT2. මොනවට සංවර වූවහු විසින් ඇතුළුගමෙහි යායුතු යි. යමෙක් අනාදරිය පිණිස අත හෝ පා හෝ කෙළවමින් ඇතුළු ගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච, අසතියා, අජානන්තස්ස, ගිලානස්ස, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTපඤ්චම සික්ඛාපදං.
Sinhala BJTපඤ්චම ශික්‍ෂාපද යි.
Pali BJT8. 1. 6.
Sinhala BJT8. 1. 6.
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ හත්ථම්පි පාදම්පි කීළාපෙන්තා අන්තරඝරෙ නිසීදන්ති -පෙ-
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු අත ද පා ද කෙළවමින් ඇතුළුගම්හි හිඳිත් ...
Pali BJT“සුසංවුතො අන්තරඝරෙ නිසීදිස්සාමීති සික්ඛා කරණීයා”ති.
Sinhala BJT“මොනවට සංවර වැ ඇතුළුගමෙහි හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJT2. සුසංවුතෙන අන්තරඝරෙ නිසීදිතබ්බං. යො අනාදරියං පටිච්ච හත්ථං වා පාදං වා කීළාපෙන්තො අන්තරඝරෙ නිසීදති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT2. මොනවට සංවර වූවහු විසින් ඇතුළුගමෙහි හිඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස අත හෝ පා හෝ කෙළවමින් ඇතුළු ගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJT3. අනාපත්ති: අසඤ්චිච්ච, අසතියා, අජානන්තස්ස, ගිලානස්ස, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT3. නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTඡට්ඨ සික්ඛාපදං.
Sinhala BJTෂෂ්ඨ ශික්‍ෂාපද යි.
Pali BJT8. 1. 7.
Sinhala BJT8. 1. 7.
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ තහං තහං ඔලොකෙන්තා අන්තරඝරෙ ගච්ඡන්ති -පෙ-
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු තැනැ තැනැ බලමින් ඇතුළුගමෙහි යෙත් ...
Pali BJT“ඔක්ඛිත්තචක්ඛූ අන්තරඝරෙ ගමිස්සාමීති සික්ඛා කරණීයා”ති.
Sinhala BJT“යටැ හෙළු ඇස් ඇති වැ ඇතුළුගමෙහි යන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJT2. ඔක්ඛිත්තචක්ඛුනා අන්තරඝරෙ ගන්තබ්බං යුගමත්තං පෙක්ඛන්තෙන. යො අනාදරියං පටිච්ච තහං තහං ඔලොකෙන්තො අන්තරඝරෙ ගච්ඡති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT2. වියදඬු පමණ බලන්නහු විසින් යටැ හෙලූ ඇස් ඇති වැ ඇතුළුගමෙහි යා යුතු යි. යමෙක් අනාදරිය පිණිස තැනැ තැනැ බලමින් ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච, අසතියා, අජානන්තස්ස, ගිලානස්ස, ආපදාසු, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදායෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTසත්තම සික්ඛාපදං.
Sinhala BJTසප්තම ශික්‍ෂාපද යි.
Pali BJT8. 1. 8.
Sinhala BJT8. 1. 8.
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ තහං තහං ඔලොකෙන්තා අන්තරඝරෙ නිසීදන්ති -පෙ-
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි සවග මහණහු තැනැ තැනැ බලමින් ඇතුළුගමෙහි හිඳිත් ...
Pali BJT“ඔක්ඛිත්තචක්ඛූ අන්තරඝරෙ නිසීදිස්සාමීති සික්ඛා කරණීයා”ති.
Sinhala BJT“යටැ හෙළු ඇස් ඇති වැ ඇතුළුගමෙහි හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJT2. ඔක්ඛිත්තචක්ඛුනා අන්තරඝරෙ නිසීදිතබ්බං යුගමත්තං පෙක්ඛන්තෙන, යො අනාදරියං පටිච්ච තහං තහං ඔලොකෙන්තො අන්තරඝරෙ නිසීදති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT2. වියදඬු පමණ බලන්නහු විසින් යටැ හෙළු ඇස් ඇති වැ ඇතුළුගමෙහි හිඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස තැනැ තැනැ බලමින් ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJT3. අනාපත්ති: අසඤ්චිච්ච, අසතියා, අජානන්තස්ස, ගිලානස්ස, ආපදාසු, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT3. නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදායෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTඅට්ඨමසික්ඛාපදං.
Sinhala BJTඅෂ්ටම ශික්‍ෂාපද යි.
Pali BJT8. 1. 9.
Sinhala BJT8. 1. 9.
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ උක්ඛිත්තකාය අන්තරඝරෙ ගච්ඡන්ති -පෙ-
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි සවග මහණහු ඔසවන ලද සිවුරින් යුතු වැ ඇතුළුගමෙහි යෙත් ...
Pali BJT“න උක්ඛිත්තකාය අන්තරඝරෙ ගමිස්සාමීති සික්ඛා කරණීයා”ති.
Sinhala BJT“ඔසවන ලද සිවුරෙන් යුතු වැ ඇතුළුගමෙහි නො යන්නෙමි යි හික්මිය යුතු” යි.
Pali BJT2. න උක්ඛිත්තකාය අන්තරඝරෙ ගන්තබ්බං. යො අනාදරියං පටිච්ච එකතො වා උභතො වා උක්ඛිපිත්වා අන්තරඝරෙ ගච්ඡති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT2. ඔසවනලද සිවුරෙන් යුතු වැ ඇතුළුගමෙහි නො යා යුතු යි. යමෙක් අනාදරිය පිණිස එක්පසින් හෝ දෙපසින් හෝ (සිවුර) ඔසවා ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච, අසතියා, අජානන්තස්ස, ගිලානස්ස, ආපදාසු, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTනවමසික්ඛාපදං.
Sinhala BJTනවම ශික්‍ෂාපද යි.
Pali BJT8. 1. 10.
Sinhala BJT8. 1. 10.
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ උක්ඛිත්තකාය අන්තරඝරෙ නිසීදන්ති. -පෙ-
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු ඔසවන ලද සිවුරින් යුතු වැ ඇතුළුගමෙහි හිඳිත් ...
Pali BJT“න උක්ඛිත්තකාය අන්තරඝරෙ නිසීදිස්සාමීති සික්ඛා කරණීයා”ති.
Sinhala BJT“ඔසවන ලද සිවුරෙන් යුතු වැ ඇතුළුගමෙහි නො හිඳින්නෙමි යි හික්මියයුතු” යි.
Pali BJT2. න උක්ඛිත්තකාය අන්තරඝරෙ නිසීදිතබ්බං. යො අනාදරියං පටිච්ච එකතො වා උභතො වා උක්ඛිපිත්වා අන්තරඝරෙ නිසීදති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT2. ඔසවනලද සිවුරෙන් යුතු වැ ඇතුළුගමෙහි නො හිඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස එක්පසින් හෝ දෙපසින් හෝ (සිවුර) ඔසවා ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච, අසතියා, අජානන්තස්ස, ගිලානස්ස, වාසූපගතස්ස, ආපදාසු, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතයහට, ආපදාවෙහි, ඇවැත් නැත. උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTදසමසික්ඛාපදං.
Sinhala BJTදශම ශික්‍ෂාපද යි.
Pali BJTපරිමණ්ඩලවග්ගො පඨමො.
Sinhala BJTපළමුවන පරිමණ්ඩල වර්‍ග යි.
Pali BJTඋජ්ජග්ඝිකවග්ගො
Sinhala BJTඋජ්ජග්ඝික වර්‍ගය
Pali BJT8. 2. 1.
Sinhala BJT8. 2. 1.
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ මහාහසිතං හසන්තා අන්තරඝරෙ ගච්ඡන්ති -පෙ-
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු මහසිනා සෙමින් ඇතුළුගමෙහි යෙත් ...
Pali BJT“න උජ්ජග්ඝිකාය අන්තරඝරෙ ගමිස්සාමීති සික්ඛා කරණීයා”ති.
Sinhala BJT“මහසිනායෙන් යුතු වැ ඇතුළුගමෙහි නො යන්නෙමි යි හික්මියැ යුතු” යි.
Pali BJT2. න උජ්ජග්ඝිකාය අන්තරඝරෙ ගන්තබ්බං. යො අනාදරියං පටිච්ච මහාහසිතං හසන්තො අන්තරඝරෙ ගච්ඡති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT2. මහසිනායෙන් යුතු වැ ඇතුළුගමෙහි නො යායුතු යි. යමෙක් අනාදරිය පිණිස මහසිනා සෙමින් ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච, අසතියා, අජානන්තස්ස, ගිලානස්ස, හසනීයස්මිං වත්ථුස්මිං මිහිතමත්තං කරොති, ආපදාසු, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, සිනාසිය යුතු වස්තුවෙහි මඳසිනා පමණක් කරන්නහුට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTපඨම සික්ඛාපදං.
Sinhala BJTප්‍රථම ශික්‍ෂාපද යි.
Pali BJT8. 2. 2.
Sinhala BJT8. 2. 2.
Pali BJT1. සාවත්ථිනිදානං - තෙන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ මහාහසිතං හසන්තා අන්තරඝරෙ නිසීදන්ති -පෙ-
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි - එසමයෙහි සවග මහණහු මහසිනා සෙමින් ඇතුළුගමෙහි හිඳිත් ...
Pali BJT“න උජ්ජග්ඝිකාය අන්තරඝරෙ නිසීදිස්සාමීති සික්ඛා කරණීයා”ති.
Sinhala BJT“මහසිනායෙන් යුතු වැ ඇතුළුගමෙහි නො හිඳින්නෙමි යි හික්මියැ යුතු යැ” යි.
Pali BJT2. න උජ්ජග්ඝිකාය අන්තරඝරෙ නිසීදිතබ්බං. යො අනාදරියං පටිච්ච මහාහසිතං හසන්තො අන්තරඝරෙ නිසීදති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT2. මහසිනායෙන් යුතු වැ ඇතුළුගමෙහි නො හිඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස මහසිනා සෙමින් ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසඤ්චිච්ච, අසතියා, අජානන්තස්ස, ගිලානස්ස, හසනීයස්මිං වත්ථුස්මිං මිහිතමත්තං කරොති, ආපදාසු, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, සිනාසිය යුතු වස්තුවෙහි මඳසිනා පමණක් කරන්නහුට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTදුතිය සික්ඛාපදං.
Sinhala BJTද්විතීය ශික්‍ෂාපද යි.
Pali BJT8. 2. 3.
Sinhala BJT8. 2. 3.
Pali BJT1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ උච්චාසද්දං මහාසද්දං කරොන්තා අන්තරඝරෙ ගච්ඡන්ති -පෙ-
Sinhala BJT1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු උස්හඬ මහහඬ කෙරෙමින් ඇතුළුගමෙහි යෙත් ...