Pali BJT58. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො එවං වදෙති “සන්ති ඉධෙකච්චෙ චණ්ඩාලා වෙණා නෙසාදා රථකාරා පුක්කුසා”ති භණති ආපත්ති වාචාය වාචාය දුක්කටස්ස.
Sinhala BJT58. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ (මෙසේ) කියයි: “මෙහි ඇතැම් කෙනෙක් සැඩොල්හු කුළුපොත්තෝ වැද්දෝ සොම්මරහු පුප්සඬුවෝ වෙති’ යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
Pali BJT59. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො එවං වදෙති “සන්ති ඉධෙකච්චෙ ඛත්තියා බ්රාහ්මණා”ති භණති ආපත්ති වාචාය වාචාය දුක්කටස්ස.
Sinhala BJT59. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ (මෙසේ) කියයි: “මෙහි ඇතැම් කෙනෙක් ක්‍ෂත්‍රියයෝ බ්‍රාහ්මණයෝ වෙති” යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
Pali BJT60. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො එවං වදෙති: “සන්ති ඉධෙකච්චෙ අවකණ්ණකා ජවකණ්ණකා ධනිට්ඨකා සවිට්ඨකා කුලවඩ්ඪකා”ති භණති -පෙ- “සන්ති ඉධෙකච්චෙ බුද්ධරක්ඛිතා ධම්මරක්ඛිතා සඞ්ඝරක්ඛිතා”ති භණති -පෙ- “සන්ති ඉධෙකච්චෙ කොසියා භාරද්වාජා”ති භණති -පෙ- “සන්ති ඉධෙකච්චෙ ගොතමා මොග්ගල්ලානා කච්චානා වාසිට්ඨා”ති භණති -පෙ- “සන්ති ඉධෙකච්චෙ කොට්ඨකා පුප්ඵඡඩ්ඩකා”ති භණති -පෙ- “සන්ති ඉධෙකච්චෙ කස්සකා වාණිජා ගොරක්ඛා”ති භණති -පෙ- “සන්ති ඉධෙකච්චෙ නළකාරා කුම්භකාරා පෙසකාරා චම්මකාරා නහාපිතා”ති භණති -පෙ- “සන්ති ඉධෙකච්චෙ මුද්දිකා ගණකා ලෙඛකා”ති භණති -පෙ- “සන්ති ඉධෙකච්චෙ කුට්ඨිකා ගණ්ඩිකා කිලාසිකා සොසිකා අපමාරිකා”ති භණති -පෙ- “සන්ති ඉධෙකච්චෙ මධුමෙහිකා”ති භණති -පෙ-
Sinhala BJT60. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ (මෙසේ) කියයි: “මෙහි ඇතැම් කෙනෙක් අවකණ්ණ ජවකණ්ණ දනිටු සවිටු කුලවඩු වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් බුදුරැකි දම්රැකි සඟරැකි වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් කෝසිය භාරද්වාජ වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් ගෞතම මෞද්ගල්‍යාන කාත්‍යායන වාශිට්ඨ වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් තක්‍ෂක පුප්සඩු වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් ගොවියෝ වෙළෙඳෝ ගෙරිරක්නෝ වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් කුළුපොතු කුඹල් පෙහෙර සොම්මරු නැහැවි වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් මුද්‍රික ගණක ලේඛක වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් කුෂ්ට ගණ්ඩ කිලාස ශ්වාස අපස්මාර ඇත්තෝ වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් මධුමෙහික වෙති”යි බෙණේ නම් ...
Pali BJT“සන්ති ඉධෙකච්චෙ අතිදීඝා අතිරස්සා අතිකණ්හා අච්චොදාතා”ති භණති -පෙ- “සන්ති ඉධෙකච්චෙ නාතිදීඝා නාතිරස්සා නාතිකණ්හා නාච්චොදාතා”ති භණති -පෙ- “සන්ති ඉධෙකච්චෙ රාගපරියුට්ඨිතා දොසපරියුට්ඨිතා මොහපරියුට්ඨිතා”ති භණති -පෙ- “සන්ති ඉධෙකච්චෙ වීතරාගා වීතදොසා වීතමොහා”ති භණති -පෙ- “සන්ති ඉධෙකච්චෙ පාරාජිකං අජ්ඣාපන්නාති භණති -පෙ- දුබ්භාසිතං අජ්ඣාපන්නා”ති භණති -පෙ- “සන්ති ඉධෙකච්චෙ සොතාපන්නා”ති භණති -පෙ- “සන්ති ඉධෙකච්චෙ ඔට්ඨා මෙණ්ඩා ගොණා ගද්රභා තිරච්ඡානගතා නෙරයිකා, නත්ථි තෙසං සුගති දුග්ගතියෙව තෙසං පාටිකඞ්ඛා”ති භණති ආපත්ති වාචාය වාචාය දුක්කටස්ස.
Sinhala BJT“මෙහි ඇතැම් කෙනෙක් ඉතා උස් ඉතා මිටි ඉතා කළු ඉතා සුදු වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් ඉතා නො උස් ඉතා නො මිටි ඉතා නො කළු ඉතා නො සුදු වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් රාගයෙන් මැඩුණෝ ද්වේෂයෙන් මැඩුණෝ මෝහයෙන් මැඩුණෝ වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් වීතරාගී වීතද්වේෂී වීතමෝහී වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් පරිජි අවන්හු ... දුබැසි අවන්හු වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් සෝවන් වූවෝ වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් ඔටු බැටළු ගොන් ගදුබු තිරිසන් නිරිසත් වෙති. ඔවුනට සුගති නැති ඔවුනට දුගති මැ කැමැති විය යුතු”යැයි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
Pali BJT61. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො එවං වදෙති “සන්ති ඉධෙකච්චෙ පණ්ඩිතා ව්යත්තා මෙධාවිනො{1} බහුස්සුතා ධම්මකථිකා, නත්ථි තෙසං දුග්ගති, සුගතියෙව තෙසං පාටිකඞ්ඛා”ති භණති ආපත්ති වාචාය වාචාය දුක්කටස්ස.
Sinhala BJT61. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ (මෙසේ) කියයි: “මෙහි ඇතැම් කෙනෙක් පණ්ඩිත ව්‍යක්ත නැණැති බහුශ්‍රුත ධර්‍මකථික වෙති, ඔවුනට දුගති නැති ඔවුනට සුගති මැ කැමැති විය යුතු” යැයි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
Pali BJT62. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො එවං වදෙති “යෙ නූන චණ්ඩාලා වෙණා නෙසාදා රථකාරා පුක්කුසා”ති භණති ආපත්ති වාචාය වාචාය දුක්කටස්ස.
Sinhala BJT62. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ (මෙසේ) කියයි: “යම් කෙනෙක් එකැතින් සැඩොල් කුළුපොතු වැදි සොම්මර පුප්සඩු වෙති” යි බෙණේ නම් දුකුළා ඇවැත් වෙයි.
Pali BJT63. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො එවං වදෙති, “යෙ නූන පණ්ඩිතා ව්යත්තා මෙධාවිනො බහුස්සුතා ධම්මකථිකා”ති භණති ආපත්ති වාචාය වාචාය දුක්කටස්ස.
Sinhala BJT63. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ (මෙසේ) කියයි: “යම් කෙනෙක් එකැතින් පණ්ඩිත ව්‍යක්ත නැණැති බහුශ්‍රුත ධර්‍මකථික වෙති” යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
Pali BJT64. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො එවං වදෙති, “න මයං චණ්ඩාලා වෙණා නෙසාදා රථකාරා පුක්කුසා”ති භණති -පෙ- “න මයං පණ්ඩිතා ව්යත්තා මෙධාවිනො බහුස්සුතා ධම්මකථිකා නත්ථම්හාකං දුග්ගති සුගතියෙව අම්හාකං පාටිකඞ්ඛා”ති භණති ආපත්ති වාචාය වාචාය දුක්කටස්ස.
Sinhala BJT64. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ මෙසේ කියයි: “ඇපි සැඩොල්හු කුළුපොත්තෝ වැද්දෝ සොම්මරහු පුප්සඩුවෝ නො වම්හ”යි බෙණේ නම් ... “ඇපි පණ්ඩිතයෝ ව්‍යක්තයෝ නැණැතියෝ බහුශ්‍රැතයෝ ධර්‍මකථිකයෝ නො වම්හ. අපට දුගති නැති අපට සුගති මැ කැමැති විය යුතු” යැයි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
Pali BJT65. උපසම්පන්නො අනුපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන හීනං වදෙති -පෙ- හීනෙන උක්කට්ඨං වදෙති -පෙ- උක්කට්ඨෙන හීනං වදෙති -පෙ- උක්කට්ඨෙන උක්කට්ඨං වදෙති පණ්ඩිතං බ්යත්තං මෙධාවිං බහුස්සුතං ධම්මකථිකං, පණ්ඩිතොසි ව්යත්තොසි මෙධාවීසි බහුස්සුතොසි ධම්මකථිකොසි නත්ථි තුය්හං දුග්ගති සුගතියෙව තුය්හං පාටිකඞ්ඛා”ති භණති ආපත්ති වාචාය වාචාය දුක්කටස්ස.
Sinhala BJT65. උපසපනෙක් අනුපසනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ හීනභාවයෙන් හීනයකුහට කියයි ... හීනභාවයෙන් උත්කෘෂ්ටයකුහට කියයි ... උත්කෘෂ්ටභාවයෙන් හීනයකුහට කියයි ... උත්කෘෂ්ටභාවයෙන් උත්කෘෂ්ටයකුහට (මෙසේ) කියයි: පණ්ඩිතයකුට ව්‍යක්තයකුට නැණැතියකුට බහුශ්‍රැතයකුට ධර්‍මකථිකයකුට “පණ්ඩිතයෙහි ව්‍යක්තයෙහි නැණැතියෙහි බහුශ්‍රැතයෙහි ධර්‍මකථිකයෙහි, තට දුගති නැති, තට සුගති මැ කැමැති විය යුතු”යැ යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
Pali BJT66. උපසම්පන්නො අනුපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො එවං වදෙති “සන්ති ඉධෙකච්චෙ චණ්ඩාලා වෙණා නෙසාදා රථකාරා පුක්කුසා”ති භණති -පෙ- සන්ති ඉධෙකච්චෙ පණ්ඩිතා ව්යත්තා මෙධාවිනො බහුස්සුතා ධම්මකථිකා, නත්ථි තෙසං දුග්ගති සුගතියෙව තෙසං පාටිකඞ්ඛා”ති භණති ආපත්ති වාචාය වාචාය දුක්කටස්ස.
Sinhala BJT66. උපසපනෙක් අනුපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ මෙසේ කියයි: “මෙහි ඇතැම් කෙනෙක් සැඩොල් කුළුපොතු වැදි සොම්මර පුප්සඬු වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් පණ්ඩිත ව්‍යක්ත නැණැති බහුශ්‍රුත ධර්‍මකථික වෙති, ඔවුනට දුගති නැති, ඔවුනට සුගති මැ කැමැති විය යුතු”යැ යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
Pali BJT67. උපසම්පන්නො අනුපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො එවං වදෙති “යෙ නූන චණ්ඩාලා වෙණා නෙසාදා රථකාරා පුක්කුසා”ති භණති -පෙ- “යෙ නූන පණ්ඩිතා ව්යත්තා මෙධාවිනො බහුස්සුතා ධම්මකථිකා”ති භණති ආපත්ති වාචාය වාචාය දුක්කටස්ස.
Sinhala BJT67. උපසපනෙක් අනුපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ මෙසේ කියයි: “යම් කෙනෙක් එකැතින් සැඩොල් කුළුපොතු වැදි සොම්මර පුප්සඬු වෙති”යි බෙණේ නම් ... යම් කෙනෙක් එකැතින් පණ්ඩිත ව්‍යක්ත නැණැති බහුශ්‍රුත ධර්‍මකථික වෙති”යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
Pali BJT68. උපසම්පන්නො අනුපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො එවං වදෙති, “න මයං චණ්ඩාලා වෙණා නෙසාදා රථකාරා පුක්කුසා”ති භණති -පෙ- “න මයං පණ්ඩිතා ව්යත්තා මෙධාවිනො බහුස්සුතා ධම්මකථිකා, නත්ථම්හාකං දුග්ගති සුගතියෙව අම්හාකං පාටිකඞ්ඛා”ති භණති ආපත්ති වාචාය වාචාය දුක්කටස්ස.
Sinhala BJT68. උපසපනෙක් අනුපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ මෙසේ කියයි: “අපි සැඩොල්හු කුළුපොත්තෝ වැද්දෝ සොම්මරු පුප්සඬුවෝ නො වම්හ’යි බෙණේ නම් ... ඇපි පණ්ඩිතයෝ ව්‍යක්තයෝ නැණැතියෝ බහුශ්‍රැතයෝ ධර්‍මකථිකයෝ නො වම්හ, අපට දුගති නැති, අපට සුගති මැ කැමැති විය යුතු”යැ යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
Pali BJT69. උපසම්පන්නො උපසම්පන්නං න ඛුංසෙතුකාමො න වම්භෙතුකාමො න මඞ්කුකත්තුකාමො, දවකම්යාතා හීනෙන හීනං වදෙති චණ්ඩාලං වෙණං නෙසාදං රථකාරං පුක්කුසං, “චණ්ඩාලොසි, වෙණොසි, නෙසාදොසි, රථකාරොසි, පුක්කුසොසී”ති භණති ආපත්ති වාචාය වාචාය දුබ්භාසිතස්ස.
Sinhala BJT69. උපසපනෙක් උපසපනක්හු නො හෙළා දකිනු කැමැත්තේ නො ගරහනු කැමැත්තේ නො මකු කරනු කැමැත්තේ කෙලි රිසියෙන් හීනජාතිවචනයෙන් හීනයකුහට (මෙසේ) කියයි: සැඬොලකුට කුළුපොත්තකුට වැද්දකුට සොම්මරකුට පුප්සඬුවකුට ‘සැඬොලෙහි කුළුපොත්තෙහි වැද්දෙහි සොම්මරයෙහි පුප්සඬුයෙහි’යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුබැසි ඇවැත් වෙයි.
Pali BJT70. උපසම්පන්නො උපසම්පන්නං න ඛුංසෙතුකාමො න වම්භෙතුකාමො න මඞ්කුකත්තුකාමො දවකම්යාතා හීනෙන උක්කට්ඨං වදෙති ඛත්තියං බ්රාහ්මණං, “චණ්ඩාලොසි වෙනොසි නෙසාදොසි රථකාරොසි පුක්කුසොසී”ති භණති ආපත්ති වාචාය වාචාය දුබ්භාසිතස්ස.
Sinhala BJT70. උපසපනෙක් උපසපනක්හු නො හෙළා දකිනු කැමැත්තේ නො ගරහනු කැමැත්තේ නො මකු කරනු කැමැත්තේ කෙලි රිසියෙන් හීනජාතිවචනයෙන් උත්කෘෂ්ට ජාතිකයකුහට මෙසේ කියයි: ක්‍ෂත්‍රියයකුට බ්‍රාහ්මණයකුට ‘සැඩොලෙහි කුළුපොත්තෙහි වැද්දෙහි සොම්මරයෙහි පුප්සඬුයෙහි’යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුබැසි ඇවැත් වෙයි.
Pali BJT71. උපසම්පන්නො උපසම්පන්නං න ඛුංසෙතුකාමො න වම්භෙතුකාමො න මඞ්කුකත්තුකාමො, දවකම්යාතා උක්කට්ඨෙන හීනං වදෙති චණ්ඩාලං වෙණං නෙසාදං රථකාරං පුක්කුසං “ඛත්තියොසි බ්රාහ්මණොසී”ති භණති ආපත්ති වාචාය වාචාය දුබ්භාසිතස්ස.
Sinhala BJT71. උපසපනෙක් උපසපනක්හු නො හෙළා දකිනු කැමැත්තේ නො ගරහනු කැමැත්තේ නො මකු කරනු කැමැත්තේ කෙලි රිසියෙන් උත්කෘෂ්ට ජාතිවචනයෙන් හීන ජාතිකයකුහට මෙසේ කියයි: සැඬොලකුට කුළුපොත්තකුට වැද්දකුට සොම්මරකුට පුප්සඬුවකුට ‘ක්‍ෂත්‍රියයෙහි බ්‍රාහ්මණයෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුබැසි ඇවැත් වෙයි.
Pali BJT72. උපසම්පන්නො උපසම්පන්නං න ඛුංසෙතුකාමො න වම්භෙතුකාමො න මඞ්කුකත්තුකාමො, දවකම්යාතා උක්කට්ඨෙන උක්කට්ඨං වදෙති ඛත්තියං බ්රාහ්මණං “ඛත්තියොසි බ්රාහ්මණොසී”ති භණති. ආපත්ති වාචාය වාචාය දුබ්භාසිතස්ස.
Sinhala BJT72. උපසපනෙක් උපසපනක්හු නො හෙළා දකිනු කැමැත්තේ නො ගරහනු කැමැත්තේ නො මකු කරනු කැමැත්තේ කෙලි රිසියෙන් උත්කෘෂ්ටජාතිවචනයෙන් උත්කෘෂ්ටජාතිකයකුහට මෙසේ කියයි; ක්‍ෂත්‍රියකුට බ්‍රාහ්මණයකුට ‘ක්‍ෂත්‍රියෙහි බ්‍රාහ්මණයෙහි’ යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුබැසි ඇවැත් වේ.
Pali BJT73. උපසම්පන්නො උපසම්පන්නං න ඛුංසෙතුකාමො න වම්භෙතුකාමො න මඞ්කුකත්තුකාමො, දවකම්යාතා හීනෙන හීනං වදෙති -පෙ- හීනෙන උක්කට්ඨං වදෙති -පෙ- උක්කට්ඨෙන හීනං වදෙති -පෙ- උක්කට්ඨෙන උක්කට්ඨං වදෙති පණ්ඩිතං ව්යත්තං මෙධාවිං බහුස්සුතං ධම්මකථිකං, “පණ්ඩිතොසි ව්යත්තොසි මෙධාවීසි බහුස්සුතොසි ධම්මකථිකොසි නත්ථි තුය්හං දුග්ගති, සුගතියෙව තුය්හං පාටිකඞ්ඛා”ති භණති ආපත්ති වාචාය වාචාය දුබ්භාසිතස්ස.
Sinhala BJT73. උපසපනෙක් උපසපනක්හු නො හෙළා දකිනු කැමැත්තේ නො ගරහනු කැමැත්තේ නො මකු කරනු කැමැත්තේ කෙලි රිසියෙන් හීනත්‍වයෙන් හීනයකුහට මෙසේ කියයි ... හීනත්‍වයෙන් උත්කෘෂ්ටයකුහට (මෙසේ) කියයි; ... උත්කෘෂ්ටත්‍වයෙන් හීනයකුහට (මෙසේ) කියයි; … උත්කෘෂ්ටත්‍වයෙන් උත්කෘෂ්ටයකුහට මෙසේ කියයි; පණ්ඩිතයකුට ව්‍යක්තයකුට නැණැතියකුට බහුශ්‍රැතයකුට ධර්‍මකථිකයකුට “පණ්ඩිතයෙහි ව්‍යක්තයෙහි නැණැතියෙහි බහුශ්‍රැතයෙහි ධර්‍මකථිකයෙහි තට දුගති නැති තට සුගති මැ කැමැති විය යුතු”යැ යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුබැසි ඇවැත් වෙයි.
Pali BJT74. උපසම්පන්නො උපසම්පන්නං න ඛුංසෙතුකාමො න වම්භෙතුකාමො න මඞ්කුකත්තුකාමො, දවකම්යතා එවං වදෙති, “සන්ති ඉධෙකච්චෙ චණ්ඩාලා වෙණා නෙසාදා රථකාරා පුක්කුසා”ති භණති -පෙ- “සන්ති ඉධෙකච්චෙ පණ්ඩිතා ව්යත්තා මෙධාවිනො බහුස්සුතා ධම්මකථිකා, නත්ථි තෙසං දුග්ගති සුගතියෙව තෙසං පාටිකඞ්ඛා”ති භණති ආපත්ති වාචාය වාචාය දුබ්භාසිතස්ස.
Sinhala BJT74. උපසපනෙක් උපසපනක්හු නො හෙළා දකිනු කැමැත්තේ නො ගරහනු කැමැත්තේ නො මකු කරනු කැමැත්තේ කෙලි රිසියෙන් මෙසේ කියයි: “මෙහි ඇතැම් කෙනෙක් සැඬොල්හු කුළුපොත්තෝ වැද්දෝ සොම්මරහු පුප්සඩුවෝ වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් පණ්ඩිතයෝ ව්‍යක්තයෝ නැණැතියෝ බහුශ්‍රැතයෝ ධර්‍මකථිකයෝ වෙති. ඔවුනට දුගති නැති, ඔවුනට සුගති මැ කැමැති විය යුතු”යැ යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුබැසි ඇවැත් වෙයි.
Pali BJT75. උපසම්පන්නො උපසම්පන්නං න ඛුංසෙතුකාමො න වම්භෙතුකාමො න මඞ්කුකත්තුකාමො, දවකම්යතා එවං වදෙති, “යෙ නූන චණ්ඩාලා වෙණා නෙසාදා රථකාරා පුක්කුසා”ති භණති -පෙ- “යෙ නූන පණ්ඩිතා ව්යත්තා මෙධාවිනො බහුස්සුතා ධම්මකථිකා”ති භණති ආපත්ති වාචාය වාචාය දුබ්භාසිතස්ස.
Sinhala BJT75. උපසපනෙක් උපසපනක්හු නො හෙළා දකිනු කැමැත්තේ නො ගරහනු කැමැත්තේ නො මකු කරනු කැමැත්තේ කෙලි රිසියෙන් මෙසේ කියයි: “යම් කෙනෙක් එකැතින් සැඬොල්හු කුළුපොත්තෝ වැද්දෝ සොම්මරහු පුප්සඩුවෝ වෙති”යි බෙණේ නම් ... යම් කෙනෙක් එකැතින් පණ්ඩිතයෝ ව්‍යක්තයෝ නැණැතියෝ බහුශ්‍රැතයෝ ධර්‍මකථිකයෝ වෙති” යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුබැසි ඇවැත් වෙයි.
Pali BJT76. උපසම්පන්නො උපසම්පන්නං න ඛුංසෙතුකාමො න වම්භෙතුකාමො න මඞ්කුකත්තුකාමො, දවකම්යතා එවං වදෙති, “න මයං චණ්ඩාලා වෙණා නෙසාදා රථකාරා පුක්කුසා”ති භණති -පෙ- “න මයං පණ්ඩිතා ව්යත්තා මෙධාවිනො බහුස්සුතා ධම්මකථිකා, නත්ථම්හාකං දුග්ගති, සුගතියෙව අම්හාකං පාටිකඞ්ඛා”ති භණති ආපත්ති වාචාය වාචාය දුබ්භාසිතස්ස.
Sinhala BJT76. උපසපනෙක් උපසපනක්හු නො හෙළා දකිනු කැමැත්තේ නො ගරහනු කැමැත්තේ නො මකු කරනු කැමැත්තේ කෙලි රිසියෙන් මෙසේ කියයි: “ඇපි සැඬොල්හු කුළුපොත්තෝ වැද්දෝ සොම්මරහු පුප්සඩුවෝ නො වම්හ”යි බෙණේ නම් ... ඇපි පණ්ඩිතයෝ ව්‍යක්තයෝ නැණැතියෝ බහුශ්‍රැතයෝ ධර්‍මකථිකයෝ නො වම්හ. අපට දුගති නැති, අපට සුගති මැ කැමැති විය යුතු” යැ යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුබැසි ඇවැත් වෙයි.
Pali BJT77. උපසම්පන්නො අනුපසම්පන්නං න ඛුංසෙතුකාමො න වම්භෙතුකාමො න මඞ්කුකත්තුකාමො දවකම්යතා හීනෙන හීනං වදෙති -පෙ- හීනෙන උක්කට්ඨං වදෙති -පෙ- උක්කට්ඨෙන හීනං වදෙති -පෙ- උක්කට්ඨෙන උක්කට්ඨං වදෙති පණ්ඩිතං ව්යත්තං මෙධාවිං බහුස්සුතං ධම්මකථිකං, “පණ්ඩිතොසි ව්යත්තොසි, මෙධාවීසි බහුස්සුතොසි ධම්මකථිකොසි, නත්ථි තුය්හං දුග්ගති. සුගතියෙව තුය්හං පාටිකඞ්ඛා”ති භණති ආපත්ති වාචාය වාචාය දුබ්භාසිතස්ස.
Sinhala BJT77. උපසපනෙක් අනුපසපනක්හු නො හෙළා දකිනු කැමැත්තේ නො ගරහනු කැමැත්තේ නො මකු කරනු කැමැත්තේ කෙලි රිසියෙන් හීනයකුට හීනත්‍වයෙන් (මෙසේ) කියයි: ... උත්කෘෂ්ටයකුහට හීනත්‍වයෙන් (මෙසේ) කියයි ... හීනයකුහට උත්කෘෂ්ටත්‍වයෙන් (මෙසේ) කියයි ... උත්කෘෂ්ටයකුහට උත්කෘෂ්ටත්‍වයෙන් (මෙසේ) කියයි: පණ්ඩිතයකුට ව්‍යක්තයකුට නැණැතියකුට බහුශ්‍රැතයකුට ධර්‍මකථිකයකුට “පණ්ඩිතයෙහි ව්‍යක්තයෙහි නැණැතියෙහි බහුශ්‍රැතයෙහි ධර්‍මකථිකයෙහි තට දුගති නැති, තට සුගති මැ කැමැති විය යුතු යැ යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුබැසි ඇවැත් වෙයි.
Pali BJT78. උපසම්පන්නො අනුපසම්පන්නං න ඛුංසෙතුකාමො න වම්භෙතුකාමො න මඞ්කුකත්තුකාමො දවකම්යතා එවං වදෙති, “සන්ති ඉධෙකච්චෙ චණ්ඩාලා වෙණා නෙසාදා රථකාරා පුක්කුසා”ති භණති -පෙ- “සන්ති ඉධෙකච්චෙ පණ්ඩිතා ව්යත්තා මෙධාවිනො බහුස්සුතා ධම්මකථිකා, නත්ථි තෙසං දුග්ගති සුගතියෙව තෙසං පාටිකඞ්ඛාති භණති ආපත්ති වාචාය වාචාය දුබ්භාසිතස්ස.
Sinhala BJT78. උපසපනෙක් අනුපසපනක්හු නො හෙළා දකිනු කැමැත්තේ නො ගරහනු කැමැත්තේ නො මකු කරනු කැමැත්තේ කෙලි රිසියෙන් මෙසේ කියයි: “මෙහි ඇතැම් කෙනෙක් සැඬොල් කුළුපොතු වැදි සොම්මර පුප්සඩු වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් පණ්ඩිත ව්‍යක්ත නැණැති බහුශ්‍රුත ධර්‍මකථික වෙති. ඔවුනට දුගති නැති. ඔවුනට සුගති මැ කැමැති විය යුතු” යැ යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුබැසි ඇවැත් වෙයි.
Pali BJT79. උපසම්පන්නො අනුපසම්පන්නං න ඛුංසෙතුකාමො න වම්භෙතුකාමො න මඞ්කුකත්තුකාමො දවකම්යතා එවං වදෙති, “යෙ නූන චණ්ඩාලා වෙණා නෙසාදා රථකාරා පුක්කුසා”ති භණති -පෙ- “යෙ නූන පණ්ඩිතා ව්යත්තා මෙධාවිනො බහුස්සුතා ධම්මකථිකා”ති භණති ආපත්ති වාචාය වාචාය දුබ්භාසිතස්ස.
Sinhala BJT79. උපසපනෙක් අනුපසපනක්හු නො හෙළා දකිනු කැමැත්තේ නො ගරහනු කැමැත්තේ නො මකුකරනු කැමැත්තේ කෙලි රිසියෙන් මෙසේ කියයි: “යම් කෙනෙක් එකැතින් සැඬොල් කුළුපොතු වැදි සොම්මර පුප්සඩු වෙති”යි බෙණේ නම් ... “යම් කෙනෙක් එකැතින් පණ්ඩිත ව්‍යක්ත නැණැති බහුශ්‍රුත ධර්‍මකථික වෙති”යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුබැසි ඇවැත් වෙයි.
Pali BJT80. උපසම්පන්නො අනුපසම්පන්නං න ඛුංසෙතුකාමො න වම්භෙතුකාමො න මඞ්කුකත්තුකාමො දවකම්යතා එවං වදෙති, “න මයං චණ්ඩාලා වෙණා නෙසාදා රථකාරා පුක්කුසා”ති භණති -පෙ- “න මයං පණ්ඩිතා ව්යත්තා මෙධාවිනො බහුස්සුතා ධම්මකථිකා නත්ථම්හාකං දුග්ගති සුගතියෙව අම්හාකං පාටිකඞ්ඛා”ති භණති ආපත්ති වාචාය වාචාය දුබ්භාසිතස්ස.
Sinhala BJT80. උපසපනෙක් අනුපසපනක්හු නො හෙළා දකිනු කැමැත්තේ නො ගරහනු කැමැත්තේ නො මකු කරනු කැමැත්තේ කෙලි රිසියෙන් මෙසේ කියයි: “ඇපි සැඬොල්හු කුළුපොත්තෝ වැද්දෝ සොම්මරහු පුප්සඩුවෝ නො වම්හ”යි බෙණේ නම් ... “ඇපි පණ්ඩිතයෝ ව්‍යක්තයෝ නැණැතියෝ බහුශ්‍රැතයෝ ධර්‍මකථිකයෝ නො වම්හ, අපට දුගති නැති. අපට සුගති මැ කැමැති විය යුතු යැ”යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුබැසි ඇවැත් වේ.
Pali BJT81. අනාපත්ති: අත්ථපුරෙක්ඛාරස්ස ධම්මපුරෙක්ඛාරස්ස අනුසාසනිපුරෙක්ඛාරස්ස උම්මත්තකස්ස ඛිත්තචිත්තස්ස වෙදනට්ටස්ස{1} ආදිකම්මිකස්සාති.
Sinhala BJT81. අර්‍ත්‍ථය පෙරටු කොට කියන්නහුට, ධර්‍මය පෙරටු කොට කියන්නහුට, අනුශාසනය පෙරටු කොට කියන්නහුට, උම්මත්තකහට වික්‍ෂිප්තචිත්තහට වේදනාර්ත්තහට ආදිකාර්මිකහට ඇවැත් නැති.
Pali BJTඔමසවාදසික්ඛාපදං දුතියං.
Sinhala BJTදෙවෙනි ඔමසවාද ශික්‍ෂාපද යි.
Pali BJT6. 1. 3.
Sinhala BJT6. 1. 3.
Pali BJTපෙසුඤ්ඤසික්ඛාපදං
Sinhala BJTපෙසුඤ්ඤ ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛූනං භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං පෙසුඤ්ඤං උපසංහරන්ති. ඉමස්ස සුත්වා අමුස්ස අක්ඛායන්තී ඉමස්ස භෙදාය. අමුස්ස සුත්වා ඉමස්ස අක්ඛායන්ති අමුස්ස භෙදාය තෙන අනුප්පන්නානි චෙව භණ්ඩනානි උප්පජ්ජන්ති, උප්පන්නානි ච භණ්ඩනානි භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තන්ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛූනං භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං පෙසුඤ්ඤං උපසංහරිස්සන්ති ඉමස්ස සුත්වා අමුස්ස අක්ඛායිස්සන්ති ඉමස්ස භෙදාය, අමුස්ස සුත්වා ඉමස්ස අක්ඛායිස්සන්ති අමුස්ස භෙදාය. තෙන අනුප්පන්නානි චෙව භණ්ඩනානි උප්පජ්ජන්ති උප්පන්නානි ච භණ්ඩනානි භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තන්තීති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්හි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු උපන් භණ්ඩන (කලහ පෙරටු බිණුම්) ඇති උපන් කලහ ඇති විවාදයට පැමිණි මහණුන්හට පෙහෙසුන් බස් එළවත්. මොහුගෙන් අසා මොහුගේ බිඳීමට ඔහුට කියත්. ඔහුගෙන් අසා ඔහුගේ බිඳීමට මොහුට කියත්. එයින් නූපන් භණ්ඩනයෝ ද උපදිත්. උපන් භණ්ඩනයෝ ද බහුලබවට විපුලබවට වැටෙත්. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති. නුගුණ කියති. දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු උපන් භණ්ඩන කලහ ඇති විවාදයට පැමිණි මහණුන්හට පෙහෙසුන්බස් එළවූහු ද, මොහුගෙන් අසා මොහුගේ බිඳීමට ඔහුට කීහු ද, ඔහුගෙන් අසා ඔහුගේ බිඳීමට මොහුට කීහු ද, එයින් නූපන් භණ්ඩනයෝ ද උපදිත්. උපන් භණ්ඩනයෝ ද බහුල බවට විපුල බවට වැටෙත්”යැයි.
Pali BJT2. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “සච්චං කීර තුම්හෙ භික්ඛවෙ භික්ඛූනං භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං පෙසුඤ්ඤං උපසංහරථ ඉමස්ස සුත්වා අමුස්ස අක්ඛායථ ඉමස්ස භෙදාය, අමුස්ස සුත්වා ඉමස්ස අක්ඛායථ අමුස්ස භෙදාය. තෙන අනුප්පන්නානි චෙව භණ්ඩනානි උප්පජ්ජන්ති උප්පන්නානි ච භණ්ඩනානි භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තන්තීති. “සච්චං භගවා, විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා භික්ඛූනං භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං පෙසුඤ්ඤං උපසංහරිස්සථ ඉමස්ස සුත්වා අමුස්ස අක්ඛායිස්සථ ඉමස්ස භෙදාය, අමුස්ස සුත්වා ඉමස්ස අක්ඛායිස්සථ අමුස්ස භෙදාය, තෙන අනුප්පන්නානි චෙව භණ්ඩනානි උප්පජ්ජන්ති. උප්පන්නානි ච භණ්ඩනානි භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තන්ති. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්යොභාවාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ.
Sinhala BJT2. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්හට මෙ කරුණ දැන්වූහ ... සැබෑ ද මහණෙනි, තෙපි උපන් භණ්ඩන කලහ ඇති විවාදයට පැමිණි මහණුන්හට පෙහෙසුන් බස් එළවවු ද? මොහුගෙන් අසා මොහුගේ බිඳීමට ඔහුට කියවු ද? ඔහුගෙන් අසා ඔහුගේ බිඳීමට මොහුට කියවු ද? එයින් නූපන් භණ්ඩනයෝ ද උපදිත්. උපන් භණ්ඩනයෝ ද බහුල බවට විපුල බවට වැටෙත් යැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි උපන් භණ්ඩන කලහ ඇති විවාදයට පැමිණි මහණුන්හට පෙහෙසුන් බස් එළවූවහු ද? මොහුගෙන් අසා මොහුගේ බිඳීමට ඔහුට කීවහු ද? ඔහුගෙන් අසා ඔහුගේ බිඳීමට මොහුට කීවහු ද, එයින් නූපන් භණ්ඩනයෝ ද උපදිත්. උපන් භණ්ඩනයෝත් බහුල බවට විපුල බවට වැටෙත්. හිස්පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ ප්‍රසන්නයන්ගේ අතිරේක ප්‍රසාදයට හෝ නො වේ ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු;
Pali BJT“භික්ඛුපෙසුඤ්ඤෙ පාචිත්තිය”න්ති.
Sinhala BJTමහණුන්ගේ පෙහෙසුන් බස්හි පචිති ඇවැත් වේ යයි.
Pali BJT3. පෙසුඤ්ඤං නාම: ද්වීහාකාරෙහි පෙසුඤ්ඤං හොති. පියකම්යස්ස වා භෙදාධිප්පායස්ස වාති. දසහාකාරෙහි පෙසුඤ්ඤං උපසංහරති ජාතිතොපි නාමතොපි ගොත්තතොපි කම්මතොපි සිප්පතොපි ආබාධතොපි ලිඞ්ගතොපි කිලෙසතොපි ආපත්තිතොපි අක්කොසතොපි.
Sinhala BJT3. පෙසුඤ්ඤ නම්: දෙ අයුරෙකින් පෙහෙසුන් වෙයි. ප්‍රිය භාවය කැමැත්තාහට හෝ බිඳුවන අදහස ඇතියාහට හෝ යි. දස අයුරෙකින් පෙහෙසුන් බස් එළවයි. ජාතියෙනුදු නාමයෙනුදු ගෝත්‍රයෙනුදු කර්‍මයෙනුදු ශිල්පයෙනුදු ආබාධයෙනුදු ලිඞ්ගයෙනුදු ක්ලේශයෙනුදු ආපත්තියෙනුදු ආක්‍රොශයෙනුදු යි.
Pali BJT4. ජාති නාම: ද්වෙ ජාතියො හීනා ච ජාති උක්කට්ඨා ච ජාති. හීනා නාම ජාති: චණ්ඩාලජාති වෙණජාති නෙසාදජාති රථකාරජාති පුක්කුසජාති, එසා හීනා නාම ජාති. උක්කට්ඨා නාම ජාති: ඛත්තියජාති බ්රාහ්මණජාති. එසා උක්කට්ඨා නාම ජාති -පෙ-
Sinhala BJT4. ජාති නම්: ජාති දෙකෙකි, හීන ජාති ද උත්කෘෂ්ට ජාති දැ යි. හීන ජාති නම්: සැඬොල්ජාති යැ කුළුපොතුජාති යැ වැදිජාති යැ සොම්මරජාති යැ පුප්සඬුජාති යි. තෙල හීනජාති නම. උත්කෘෂ්ට ජාති නම්: ක්‍ෂත්‍රිය ජාති යැ බ්‍රාහ්මණ ජාති යි. තෙල උත්කෘෂ්ට ජාති නමු ...
Pali BJT5. අක්කොසො නාම: ද්වෙ අක්කොසා හීනො ච අක්කොසො උක්කට්ඨො ච අක්කොසො. හීනො නාම අක්කොසො: ඔට්ඨොසි මෙණ්ඩොසි ගොණොසි ගද්රභොසි තිරච්ඡානගතොසි නෙරයිකොසි නත්ථි තුය්හං සුගති දුග්ගතියෙව තුය්හං පාටිකඞ්ඛාති. යකාරෙන වා භකාරෙන වා කාටකොටචිකාය වා, එසො හීනො නාම අක්කොසො, උක්කට්ඨො නාම අක්කොසො: පණ්ඩිතොසි ව්යත්තොසි මෙධාවීසි බහුස්සුතොසි ධම්මකථිකොසි නත්ථි තුය්හං දුග්ගති; සුගතියෙව තුය්හං පාටිකඞ්ඛාති, එසො උක්කට්ඨො නාම අක්කොසො.
Sinhala BJT5. ආක්‍රෝශ නම්: ආක්‍රෝශ දෙකෙකි හීනආක්‍රෝශ ද උත්කෘෂ්ට ආක්‍රෝශ දැ යි. හීනාක්‍රෝශ නම්: ඔටුයෙහි මැඬයෙහි ගොන්හි ගදුබුයෙහි තිරිසන්ගියෙහි නිරිසත්හි තට සුගති නැති, තට දුගති මැ කැමැති වියයුතු යි, යකාරභකාරයන් යොදා කරන ආක්‍රෝශ යැ කාටකෝටචිකායෙන් (ස්ත්‍රී පුරුෂ නිමිත්ත කරුණු කොට) කරන ආක්‍රෝශ යි. තෙලෙ හීනාක්‍රෝශ නම. උත්කෘෂ්ටාක්‍රෝශ නම්: පණ්ඩිතයෙහි ව්‍යක්තයෙහි නැණැතියෙහි බහුශ්‍රැතයෙහි ධර්‍මකථිකයෙහි තට දුගති නැති තට සුගති මැ කැමැති වියයුතු යි. තෙලෙ උත්කෘෂ්ටාක්‍රෝශ නමි.
Pali BJT6. උපසම්පන්නො උපසම්පන්නස්ස සුත්වා උපසම්පන්නස්ස පෙසුඤ්ඤං උපසංහරති “ඉත්ථන්නාමො තං ‘චණ්ඩාලො වෙණො නෙසාදො රථකාරො පුක්කුසොති භණතී”ති. ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT6. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුට “මෙ නම් ඇතියේ තට සැඬොල් යැ කුළුපොතු යැ වැදි යැ සොම්මර යැ පුප්සඩු යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT7. උපසම්පන්නො උපසම්පන්නස්ස සුත්වා උපසම්පන්නස්ස පෙසුඤ්ඤං උපසංහරති. “ඉත්ථන්නාමො තං ඛත්තියො බ්රාහ්මණොති භණතී”ති. ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT7. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුට “මෙ නම් ඇතියේ තට ක්‍ෂත්‍රිය යැ බ්‍රාහ්මණ යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT8. උපසම්පන්නො උපසම්පන්නස්ස සුත්වා උපසම්පන්නස්ස පෙසුඤ්ඤං උපසංහරති “ඉත්ථන්නාමො තං අවකණ්ණකො ජවකණ්ණකො ධනිට්ඨකො සවිට්ඨකො කුලවඩ්ඪකොති භණතී”ති. ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT8. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුට මෙ නම් ඇතියේ තට අවකණ්ණක යැ ජවකණ්ණක යැ ධනිට්ඨක යැ සවිට්ඨක යැ කුලවඩ්ඪක යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT9. උපසම්පන්නො උපසම්පන්නස්ස සුත්වා උපසම්පන්නස්ස පෙසුඤ්ඤං උපසංහරති “ඉත්ථන්නාමො තං බුද්ධරක්ඛිතො ධම්මරක්ඛිතො සඞ්ඝරක්ඛිතොති භණතී”ති. ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT9. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුට “මෙ නම් ඇතියේ තට බුද්ධරක්‍ෂිත යැ ධර්‍මරක්‍ෂිත යැ සඞ්ඝරක්‍ෂිත යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT10. උපසම්පන්නො උපසම්පන්නස්ස සුත්වා උපසම්පන්නස්ස පෙසුඤ්ඤං උපසංහරති “ඉත්ථන්නාමො තං කොසියො භාරද්වාජොති භණතී”ති ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT10. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුට මෙ නම් ඇතියේ තට කෝසිය යැ භාරද්වාජ යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT11. උපසම්පන්නො උපසම්පන්නස්ස සුත්වා උපසම්පන්නස්ස පෙසුඤ්ඤං උපසංහරති “ඉත්ථන්නාමො තං ‘ගොතමො මොග්ගල්ලානො කච්චානො වාසෙට්ඨොති භණතී”ති. ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT11. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුට මෙ නම් ඇතියේ තට ගොතම යැ මොග්ගල්ලාන යැ කච්චාන යැ වාසෙට්ඨ යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT12. උපසම්පන්නො උපසම්පන්නස්ස සුත්වා උපසම්පන්නස්ස පෙසුඤ්ඤං උපසංහරති “ඉත්ථන්නාමො තං කොට්ඨකො පුප්ඵඡඩ්ඩකොති භණතී”ති. ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT12. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුට මෙ නම් ඇතියේ තට කොට්ඨක යැ පුප්ඵඡඩ්ඪක යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT13. උපසම්පන්නො උපසම්පන්නස්ස සුත්වා උපසම්පන්නස්ස පෙසුඤ්ඤං උපසංහරති “ඉත්ථන්නාමො තං කස්සකො වාණිජො ගොරක්ඛොති භණතී”ති. ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT13. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුහට “මෙ නම් ඇතියේ තට කර්‍ෂක යැ වාණිජ යැ ගෝරක්‍ෂකයැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT14. උපසම්පන්නො උපසම්පන්නස්ස සුත්වා උපසම්පන්නස්ස පෙසුඤ්ඤං උපසංහරති “ඉත්ථන්නාමො තං නළකාරො කුම්භකාරො පෙසකාරො චම්මකාරො නහාපිතොති භණතී”ති. ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT14. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුහට “මෙ නම් ඇතියේ තට නළකාර යැ කුම්භකාර යැ පේසකාර යැ චම්මකාර යැ නහාපිත යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT15. උපසම්පන්නො උපසම්පන්නස්ස සුත්වා උපසම්පන්නස්ස පෙසුඤ්ඤං උපසංහරති “ඉත්ථන්නාමො තං මුද්දිකො ගණකො ලෙඛකොති භණතී”ති ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT15. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනක්හට “මෙ නම් ඇතියේ තට මුද්දික යැ ගණක යැ ලේඛක යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT16. උපසම්පන්නො උපසම්පන්නස්ස සුත්වා උපසම්පන්නස්ස පෙසුඤ්ඤං උපසංහරති “ඉත්ථන්නාමො තං කුට්ඨිකො ගණ්ඩිකො කිලාසිකො සොසිකො අපමාරිකොති භණතීති. ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT16. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනක්හට මෙනම් ඇතියේ තට කුට්ඨික යැ ගණ්ඩික යැ කිලාසික යැ සොසික යැ අපමාරික යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT17. උපසම්පන්නො උපසම්පන්නස්ස සුත්වා උපසම්පන්නස්ස පෙසුඤ්ඤං උපසංහරති “ඉත්ථන්නාමො තං මධුමෙහිකොති භණතී”ති ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT17. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනක්හට “මෙ නම් ඇතියේ තට මධුමෙහික යැ යි බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT18. උපසම්පන්නො උපසම්පන්නස්ස සුත්වා උපසම්පන්නස්ස පෙසුඤ්ඤං උපසංහරති “ඉත්ථන්නාමො තං අතිදීඝො අතිරස්සො අතිකණ්හො අච්චොදාතොති භණතී”ති. ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT18. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනක්හට “මෙ නම් ඇතියේ තට අතිදීර්‍ඝ යැ අතිභ්‍රස්ව යැ අතිකෘෂ්ණ යැ අත්‍යවදාත යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT19. උපසම්පන්නො උපසම්පන්නස්ස සුත්වා උපසම්පන්නස්ස පෙසුඤ්ඤං උපසංහරති “ඉත්ථන්නාමො තං නාතිදීඝො නාතිරස්සො නාතිකණ්හො නාච්චොදාතොති භණතී”ති. ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT19. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනක්හට “මෙ නම් ඇතියේ තට නාතිදීර්‍ඝ යැ නාතිභ්‍රස්ව යැ නාතිකෘෂ්ණ යැ නාත්‍යවදාත යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT20. උපසම්පන්නො උපසම්පන්නස්ස සුත්වා උපසම්පන්නස්ස පෙසුඤ්ඤං උපසංහරති “ඉත්ථන්නාමො තං රාගපරියුට්ඨිතො දොසපරියුට්ඨිතො මොහපරියුට්ඨිතොති භණතී”ති ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT20. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුහට “මෙ නම් ඇතියේ තට රාගපර්‍ය්‍යුත්‍ථිත යැ ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත යැ මෝහපර්‍ය්‍යුත්‍ථිත යැයි බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT21. උපසම්පන්නො උපසම්පන්නස්ස සුත්වා උපසම්පන්නස්ස පෙසුඤ්ඤං උපසංහරති “ඉත්ථන්නාමො තං වීතරාගො වීතදොසො වීතමොහොති භණතී”ති. ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT21. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනක්හට “මෙ නම් ඇතියේ තට වීතරාග යැ වීතද්වේෂ යැ වීතමෝහ යැ යි බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT22. උපසම්පන්නො උපසම්පන්නස්ස සුත්වා උපසම්පන්නස්ස පෙසුඤ්ඤං උපසංහරති “ඉත්ථන්නාමො තං පාරාජිකං අජ්ඣාපන්නො සඞ්ඝාදිසෙසං අජ්ඣාපන්නො ථුල්ලච්චයං අජ්ඣාපන්නො පාචිත්තියං අජ්ඣාපන්නො පාටිදෙසනීයං අජ්ඣාපන්නො දුක්කටං අජ්ඣාපන්නො දුබ්භාසිතං අජ්ඣාපන්නොති භණතී”ති. ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT22. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනක්හට “මෙ නම් ඇතියේ තට පරිජි අවනැ සඟවෙසෙස් අවනැ තුලසි අවනැ පචිති අවනැ පිළිදෙස්නී අවනැ දුකුළා අවනැ දුබැසි අවනැ යි බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT23. උපසම්පන්නො උපසම්පන්නස්ස සුත්වා උපසම්පන්නස්ස පෙසුඤ්ඤං උපසංහරති “ඉත්ථන්නාමො තං සොතාපන්නොති භණතී”ති. ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT23. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනක්හට “මෙ නම් ඇතියේ තට සෝතාපන්නයෙකැ යි බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT24. උපසම්පන්නො උපසම්පන්නස්ස සුත්වා උපසම්පන්නස්ස පෙසුඤ්ඤං උපසංහරති “ඉත්ථන්නාමො තං ඔට්ඨො මෙණ්ඩො ගොණො ගද්රභො තිරච්ඡානගතො නෙරයිකො නත්ථි තස්ස සුගති, දුග්ගතියෙව තස්ස පාටිකඞ්ඛාති භණතී”ති ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT24. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනක්හට “මෙ නම් ඇතියේ තට ඔටු යැ මැඬ යැ ගොන් යැ ගදුබු යැ තිරිසන්ගියෙ යැ නිරිසත් යැ තට සුගති නැත, තට දුගති මැ කැමැති වියයුතු යැයි බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT25. උපසම්පන්නො උපසම්පන්නස්ස සුත්වා උපසම්පන්නස්ස පෙසුඤ්ඤං උපසංහරති “ඉත්ථන්නාමො තං පණ්ඩිතො ව්යත්තො මෙධාවී බහුස්සුතො ධම්මකථිකො නත්ථි තස්ස දුග්ගති සුගතියෙව තස්ස පාටිකඞ්ඛාති භණතී”ති. ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT25. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනක්හට “මෙ නම් ඇතියේ තට පණ්ඩිත යැ ව්‍යක්ත යැ මේධාවී යැ බහුශ්‍රුත යැ ධර්‍මකථික යැ තට දුගති නැති තට සුගති මැ කැමැති විය යුතු යැ යි බෙණේ යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT26. උපසම්පන්නො උපසම්පන්නස්ස සුත්වා උපසම්පන්නස්ස පෙසුඤ්ඤං උපසංහරති “ඉත්ථන්නාමො සන්ති ඉධෙකච්චෙ චණ්ඩාලා වෙණා නෙසාදා රථකාරා පුක්කුසාති භණති න සො අඤ්ඤං භණති තඤ්ඤෙව භණතී”ති ආපත්ති වාචාය වාචාය දුක්කටස්ස.
Sinhala BJT26. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනක්හට “මෙ නම් ඇතියේ “මෙහි ඇතැම් සැඬොල් කෙනෙක් කුළුපොතු කෙනෙක් වැදි කෙනෙක් සොම්මර කෙනෙක් පුප්සඬු කෙනෙක් වෙතියි බෙණේ නම් හේ අනෙකකුට නො බෙණේ තට මැ බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
Pali BJT27. උපසම්පන්නො උපසම්පන්නස්ස සුත්වා උපසම්පන්නස්ස පෙසුඤ්ඤං උපසංහරති “ඉත්ථන්නාමො ‘සන්ති ඉධෙකච්චෙ ඛත්තියා බ්රාහ්මණාති භණති න සො අඤ්ඤං භණති තඤ්ඤෙව භණතී”ති. ආපත්ති වාචාය වාචාය දුක්කටස්ස.
Sinhala BJT27. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනක්හට “මෙ නම් ඇතියේ මෙහි ඇතැම් ක්‍ෂත්‍රිය කෙනෙක් බ්‍රාහ්මණ කෙනෙක් වෙති යි බෙණේ නම් හේ අනෙකකුට නො බෙණේ, තට මැ බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
Pali BJT28. උපසම්පන්නො උපසම්පන්නස්ස සුත්වා උපසම්පන්නස්ස පෙසුඤ්ඤං උපසංහරති “ඉත්ථන්නාමො සන්ති ඉධෙකච්චෙ පණ්ඩිතා ව්යත්තා මෙධාවිනො බහුස්සුතා ධම්මකථිකා නත්ථි තෙසං දුග්ගති සුගතියෙව තෙසං පාටිකඞ්ඛාති භණති න සො අඤ්ඤං භණති තඤ්ඤෙව භණතී”ති. ආපත්ති වාචාය වාචාය දුක්කටස්ස.
Sinhala BJT28. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනක්හට “මෙ නම් ඇතියේ මෙහි ඇතැම් පණ්ඩිත කෙනෙක් ව්‍යක්ත කෙනෙක් මේධාවී කෙනෙක් බහුශ්‍රුත කෙනෙක් ධර්‍මකථික කෙනෙක් වෙති ඔවුනට සුගති මැ කැමැති වියයුතු යැ යි බෙණේ නම් හේ අනෙකකුට නො බෙණේ තට මැ බෙණේ” යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
Pali BJT29. උපසම්පන්නො උපසම්පන්නස්ස සුත්වා උපසම්පන්නස්ස පෙසුඤ්ඤං උපසංහරති “ඉත්ථන්නාමො යෙ නූන චණ්ඩාලා වෙණා නෙසාදා රථකාරා පුක්කුසාති භණති න සො අඤ්ඤං භණති තඤ්ඤෙව භණතී”ති. ආපත්ති වාචාය වාචාය දුක්කටස්ස.
Sinhala BJT29. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුහට “මෙ නම් ඇතියේ යම් කෙනෙක් ඒකාන්තයෙන් සැඬොල්හු කුළුපොත්තෝ වැද්දෝ සොම්මරහු පුප්සඩුහු යැ යි බෙණේ නම් හේ අනෙකකුට නො බෙණේ තට මැ බෙණේ” යයි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
Pali BJT30. උපසම්පන්නො උපසම්පන්නස්ස සුත්වා උපසම්පන්නස්ස පෙසුඤ්ඤං උපසංහරති “ඉත්ථන්නාමො -පෙ- යෙ නූන පණ්ඩිතා ව්යත්තා මෙධාවිනො බහුස්සුතා ධම්මකථිකා නත්ථි තෙසං දුග්ගති සුගතියෙව තෙසං පාටිකඞ්ඛාති{1} භණති න සො අඤ්ඤං භණති තඤ්ඤෙව භණතී”ති ආපත්ති වාචාය වාචාය දුක්කටස්ස.
Sinhala BJT30. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුහට “මෙ නම් ඇතියේ ... යම් කෙනෙක් ඒකාන්තයෙන් පණ්ඩිතයෝ ව්‍යක්තයෝ මේධාවීහු බහුශ්‍රැතයෝ ධර්‍මකථිකයෝ වෙද්ද, ඔවුනට දුගති නැති, ඔවුනට සුගති මැ කැමැති වියයුතු යැයි බෙණේ නම් හේ අනෙකකුට නො බෙණේ තට මැ බෙණේ” යයි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
Pali BJT31. උපසම්පන්නො උපසම්පන්නස්ස සුත්වා උපසම්පන්නස්ස පෙසුඤ්ඤං උපසංහරති “ඉත්ථන්නාමො න මයං චණ්ඩාලා වෙණා නෙසාදා රථකාරා පුක්කුසාති භණති න සො අඤ්ඤං භණති තඤ්ඤෙව භණතී”ති ආපත්ති වාචාය වාචාය දුක්කටස්ස.
Sinhala BJT31. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුහට “මෙ නම් ඇතියේ ඇපි සැඬොල්හු කුළුපොත්තෝ වැද්දෝ සොම්මරහු පුප්සඩුහු නො වම්හ යි බෙණේ ද හේ අනෙකකුට නො බෙණේ, තට මැ බෙණේ” යයි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
Pali BJT32. උපසම්පන්නො උපසම්පන්නස්ස සුත්වා උපසම්පන්නස්ස පෙසුඤ්ඤං උපසංහරති “ඉත්ථන්නාමො න මයං පණ්ඩිතා ව්යත්තා මෙධාවිනො බහුස්සුතා ධම්මකථිකා නත්ථම්හාකං දුග්ගති සුගතියෙව අම්හාකං පාටිකඞ්ඛාති භණති න සො අඤ්ඤං භණති තඤ්ඤෙව භණතී”ති ආපත්ති වාචාය වාචාය දුක්කටස්ස.
Sinhala BJT32. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුහට “මෙ නම් ඇතියේ ඇපි පණ්ඩිතයෝ ව්‍යක්තයෝ මේධාවීහු බහුශ්‍රැතයෝ ධර්‍මකථිකයෝ නො වම්හ අපට දුගති නැති, අපට සුගති මැ කැමැති වියයුතු යැයි බෙණේ ද, හේ අනෙකකුට නො බෙණේ. තට මැ බෙණේ” යයි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
Pali BJT33. උපසම්පන්නො උපසම්පන්නස්ස සුත්වා උපසම්පන්නස්ස පෙසුඤ්ඤං උපසංහරති ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT33. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුහට පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT34. උපසම්පන්නො උපසම්පන්නස්ස සුත්වා අනුපසම්පන්නස්ස පෙසුඤ්ඤං උපසංහරති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT34. උපසපනෙක් උපසපනකුගෙන් අසා අනුපසපනකුහට පෙහෙසුන් එළවා නම් දුකුළා ඇවැත් වෙයි.
Pali BJT35. උපසම්පන්නො අනුපසම්පන්නස්ස සුත්වා උපසම්පන්නස්ස පෙසුඤ්ඤං උපසංහරති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT35. උපසපනෙක් අනුපසපනකුගෙන් අසා උපසපනකුහට පෙහෙසුන් එළවා නම් දුකුළා ඇවැත් වෙයි.
Pali BJT36. උපසම්පන්නො අනුපසම්පන්නස්ස සුත්වා අනුපසම්පන්නස්ස පෙසුඤ්ඤං උපසංහරති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT36. උපසපනෙක් අනුපසපනකුගෙන් අසා අනුපසපනකුහට පෙහෙසුන් එළවා නම් දුකුළා ඇවැත් වෙයි.
Pali BJT37. අනාපත්ති න පියකම්යස්ස න භෙදාධිප්පායස්ස උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJT37. ප්‍රියභාවය නොකැමැතියාහට ද බිඳුවන අදහස නැතියාහට ද උම්මත්තකයාහට ද ආදිකම්මිකයාහට ද ඇවැත් නැති.
Pali BJTපෙසුඤ්ඤසික්ඛාපදං තතියං.
Sinhala BJTතෙවැනි පෙසුඤ්ඤශික්‍ෂාපද යි.
Pali BJT6. 1. 4.
Sinhala BJT6. 1. 4.
Pali BJTපදසොධම්මසික්ඛාපදං
Sinhala BJTපදසෝධම්ම ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ උපාසකෙ පදසොධම්මං වාචෙන්ති. උපාසකා භික්ඛූසු අගාරවා අප්පතිස්සා අසභාගවුත්තිකා විහරන්ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ උපාසකෙ පදසොධම්මං වාචෙස්සන්ති, උපාසකා භික්ඛූසු අගාරවා අප්පතිස්සා අසභාගවුත්තිකා විහරිස්සන්තීති.{1}
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්හි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි සවග මහණහු උවසුවනට පද විසින් එක් වැ ධර්‍මය කියවති. උවසුවෝ භික්‍ෂූන් කෙරෙහි ගරු නැති වැ බුහුමන් නැති වැ විසම පැවැතුම් ඇති වැ වෙසෙති. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ද ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු උවසුවනට පද විසින් ධර්‍මය කියැවූහු ද, උවසුවෝ භික්‍ෂූන් කෙරෙහි ගරු නැති වැ බුහුමන් නැති වැ විසම පැවතුම් ඇති වැ වෙසෙන්නාහ” යි.
Pali BJT2. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ උපාසකෙ පදසොධම්මං වාචෙථ, උපාසකා භික්ඛූසු අගාරවා අප්පතිස්සා අසභාගවුත්තිකා විහරන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා උපාසකෙ පදසොධම්මං වාචෙස්සථ, උපාසකා භික්ඛූසු අගාරවා අප්පතිස්සා අසභාගවුත්තිකා විහරිස්සන්ති. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්යොභාවාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්හට මෙකරුණ දැන්වූහ ... සැබෑ ද මහණෙනි, තෙපි උවසුවනට පද විසින් එක් වැ ධර්‍මය කියවහු ද උවසුවෝ භික්‍ෂූන් කෙරෙහි ගරු නැති වැ බුහුමන් නැති වැ විසම පැවතුම් ඇති වැ වෙසෙන්නාහයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූහ ... “කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි උවසුවනට පද විසින් ධර්‍මය කියවූහු ද උවසුවෝ භික්‍ෂූන් කෙරෙහි ගරු නැති වැ බුහුමන් නැති වැ විසම පැවැතුම් ඇති වැ වෙසෙන්නාහ. හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ ප්‍රසන්නයන්ගේ අතිරේක ප්‍රසාදයට හෝ නොවේ ... මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු අනුපසම්පන්නං පදසො ධම්මං වාචෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් අනුපසපනක්හට පද විසින් ධර්‍මය කියවා නම් පචිති වේ” යයි.
Pali BJT3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති. අනුපසම්පන්නො නාම: භික්ඛුඤ්ච භික්ඛුනිඤ්ච ඨපෙත්වා අවසෙසො අනුපසම්පන්නො නාම.
Sinhala BJT3. යෝපන: යම් යම්බඳු ... භික්ඛු ... මෙතෙම මෙ අරුතෙහි ලා අදහස් කරනලද භික්‍ෂු යි. අනුපසම්පන්න නම්: මහණ ද මෙහෙණ ද තබා අවශේෂ වූයේ අනුපසම්පන්න නම් වේ.
Pali BJTපදසො නාම: පදං අනුපදං අන්වක්ඛරං අනුබ්යඤ්ජනං. පදං නාම: එකතො පට්ඨපෙත්වා එකතො ඔසාපෙන්ති. අනුපදං නාම: පාටෙක්කං පට්ඨපෙත්වා එකතො ඔසාපෙන්ති. අන්වක්ඛරං නාම: රූපං අනිච්චන්ති වුච්චමානො රූති{2} ඔපාතෙති. අනුබ්යඤ්ජනං නාම: රූපං අනිච්චන්ති වුච්චමානො වෙදනා අනිච්චාති සද්දං නිච්ඡාරෙති. යඤ්ච පදං යඤ්ච අනුපදං යඤ්ච අන්වක්ඛරං යඤ්ච අනුබ්යඤ්ජනං සබ්බමෙතං පදසො{3} නාම.
Sinhala BJTපදසො නම්: පද යැ අනුපද යැ අන්‍වක්‍ෂර යැ අනුව්‍යඤ්ජන යි. පද නම්: එක් වැ පටන් ගෙනැ එක් වැ නිමවති. අනුපද නම්: වෙන වෙන පටන් ගෙනැ එක් වැ නිමවති. අන්‍වක්ඛර නම්: “රූපං අනිච්චං”යී කියනු ලබන්නේ ‘රූ’ යි එක් වැ කියා නිමව යි. අනුබ්‍යඤ්ජන නම්: “රූපං අනිච්චං” යි කියනු ලබන්නේ ‘වේදනා අනිච්චා’යි ශබ්දය නිකුත් කෙරෙයි, යම් පදයෙකුදු යම් අනුපදයෙකුදු යම් අන්‍වක්‍ෂරයෙකුදු යම් අනුව්‍යඤ්ජනයෙකුදු වේ ද මේ හැම පදසො නම් වේ.
Pali BJTධම්මො නාම: බුද්ධභාසිතො සාවකභාසිතො ඉසිභාසිතො දෙවතාභාසිතො{4} අත්ථූපසංහිතො, ධම්මූපසංහිතො.
Sinhala BJTධම්ම නම්: බුද්ධභාෂිත යැ ශ්‍රාවකභාෂිත යැ ඍෂිභාෂිත යැ දේවභාෂිත යැ අර්‍ත්‍ථොපසංහිත යැ ධර්මොපසංහිත යි.
Pali BJTවාචෙය්යාති පදෙන වාචෙති, පදෙ පදෙ ආපත්ති පාචිත්තියස්ස. අක්ඛරාය වාචෙති, අක්ඛරක්ඛරාය ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTවාචෙය්‍ය නම්: පදයෙන් කියවා නම් පෙදෙහි පෙදෙහි පචිති ඇවැත් වෙයි. අක්‍ෂරයෙන් කියවා නම් අකුරෙහි අකුරෙහි පචිති ඇවැත් වේ.
Pali BJTඅනුපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී පදසොධම්මං වාචෙති ආපත්ති පාචිත්තියස්ස. අනුපසම්පන්නෙ වෙමතිකො පදසොධම්මං වාචෙති ආපත්ති පාචිත්තියස්ස. අනුපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී පදසොධම්මං වාචෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඅනුපසපනක්හු කෙරෙහි අනුපසපනැ යි සන් ඇතියේ පද විසින් ධර්‍මය කියවා නම් පචිති ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ පද විසින් ධර්‍මය කියවා නම් පචිති ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි උපසපනැ යි සන් ඇතියේ පද විසින් ධර්‍මය කියවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඋපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස, උපසම්පන්නෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. උපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTඋපසපනක්හු කෙරෙහි අනුපසපනැ යි සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි උපසපනැ යි සන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: එකතො උද්දිසාපෙන්තො, එකතො සජ්ඣායං කරොන්තො, යෙභුය්යෙන පගුණං ගන්ථං භණන්තං ඔපාතෙති, ඔසාරෙන්තං ඔපාතෙති, උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTඑක් වැ උදෙසවා ගනුයේ නම්, එක් වැ හදාරනුයේ නම්, බෙහෙවින් පුහුණු ග්‍රන්‍ථයක් කියන්නහු අනු වැ කියා නම්, උසුරුවන්නහු අනු වැ කියා නම්, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTපදසොධම්මසික්ඛාපදං චතුත්ථං.
Sinhala BJTසිව්වැනි පදසෝධම්මශික්‍ෂාපද යි.
Pali BJT6. 1. 5.
Sinhala BJT6. 1. 5.
Pali BJTසහසෙය්යසික්ඛාපදං
Sinhala BJTසහසෙය්‍ය ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා ආළවියං විහරති අග්ගාළවෙ චෙතියෙ. තෙන ඛො පන සමයෙන උපාසකා ආරාමං ආගච්ඡන්ති ධම්මසවණාය.{1} ධම්මෙ භාසිතෙ ථෙරා භික්ඛූ යථාවිහාරං ගච්ඡන්ති. නවකා භික්ඛූ තත්ථෙව උපට්ඨානසාලායං උපාසකෙහි සද්ධිං මුට්ඨස්සතී අසම්පජානා නග්ගා විකූජමානා කාකච්ඡමානා සෙය්යං කප්පෙන්ති. උපාසකා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති, “කථං හි නාම භදන්තා මුට්ඨස්සතී අසම්පජානා නග්ගා විකූජමානා කාකච්ඡමානා සෙය්යං කප්පෙස්සන්තීති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං උපාසකානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම භික්ඛූ අනුපසම්පන්නෙන සහසෙය්යං කප්පෙස්සන්තීති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු අළවුපුරැ අග්ගාළව සෑයෙහි වැඩැ වෙසෙති. එසමයෙහි උවසුවෝ බණ ඇසීමට ආරාමයට පැමිණෙති. බණ දෙසූ කල්හි ස්ථවිර භික්‍ෂූහු තමන්තමන්ගේ විහාරයට යෙති. නවක භික්‍ෂූහු එහි මැ උවටන්හල්හි උවසුවන් හා සමග මුළාසිහි ඇති වැ මනා නුවණ නැති වැ නග්න වැ නන් දොඩමින් නැහැ හඬවමින් ශයනය කෙරෙත්. උවසුවෝ ලමු කොට සිතති. නුගුණ පවසති දොස් පතුරුවත්: “කෙසේ නම් වහන්දෑ මුළාසිහි ඇති වැ මනා නුවණ නැති වැ නග්න වැ නන් දොඩමින් නැහැ හඬවමින් ශයනය කොළෝ”දැ යි. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ උවසුවන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු යැ. යම් භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් භික්‍ෂූහු අනුපසපනක්හු සමග එක් වැ ශයනය කොළෝදැ”යි.
Pali BJT2. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛූ අනුපසම්පන්නෙන සහසෙය්යං කප්පෙන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තෙ භික්ඛවෙ, මොඝපුරිසා අනුපසම්පන්නෙන සහසෙය්යං කප්පෙස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ දැන් වූහ ... සැබෑ ද මහණෙනි, භික්‍ෂූහු අනුපසපනක්හු සමග එක් වැ ශයනය කෙරෙද්දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් මහණෙනි, ඒ හිස් පුරුෂයෝ අනුපසපනක්හු සමග එක් වැ ශයනය කොළෝ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙ යි ... මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු අනුපසම්පන්නෙන සහසෙය්යං කප්පෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් අනුපසපනක්හු සමග එක් වැ ශයනය කරන්නේ නම් පචිති වේ” යැයි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේත් භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT3. අථ ඛො භගවා ආළවියං යථාභිරන්තං විහරිත්වා යෙන කොසම්බී තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන කොසම්බි තදවසරි. තත්ර සුදං භගවා කොසම්බියං විහරති බදරිකාරාමෙ. භික්ඛූ ආයස්මන්තං රාහුලං එතදවොචුං භගවතා ආවුසො රාහුල සික්ඛාපදං පඤ්ඤත්තං න අනුපසම්පන්නෙන සහසෙය්යා කප්පෙතබ්බාති, සෙය්යං, ආවුසො රාහුල ජානාහීති. අථ ඛො ආයස්මා රාහුලො සෙය්යං අලභමානො වච්චකුටියං{2} සෙය්යංකප්පෙසි. අථ ඛො භගවා රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය යෙන වච්චකුටි තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා උක්කාසි. ආයස්මාපි රාහුලො උක්කාසි. කො එත්ථාති අහං භගවා රාහුලොති. කිස්ස ත්වං රාහුල ඉධ නිසින්නොසීති. අථ ඛො ආයස්මා රාහුලො භගවතො එතමත්ථං ආරොචෙසි.
Sinhala BJT3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අළවුපුරැ කැමැති තාක් කල් වැස කොසඹෑ නුවරට චාරිකාවෙහි නික්මුණු සේක. පිළිවෙළින් සැරි සරනුවෝ කොසඹෑ නුවර යම් තැනෙක ද එතනට පැමිණි සේක. භාග්‍යවතුන් වහන්සේ ඒ කොසඹෑපුරැ ඩෙබර අරමෙහි වසන සේක. භික්‍ෂූහු ආයුෂ්මත් රාහුලයනට මේ කීහු: ‘ඇවැත්නි, රාහුලයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් අනුපසපනක්හු සමඟ එක් වැ ශයනය නො කළයුතු යැ යි සිකපද පනවන ලද. ඇවැත්නි, රාහුලයෙනි, හෝනා තැනක් දනුව යි. එකල්හි ආයුෂ්මත් රාහුල හෝනා තැනක් නොලබන්නේ වස්කිළියෙහි ශයනය කෙළේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ පසොස්සල්හි නැඟී සිට වස්කිළියට එළැඹි සේක. එළැඹැ උකැසිසේක. ආයුෂ්මත් රාහුල ද උකැසී ය. මෙහි කවරෙක්දැ යි? භාග්‍යවතුන් වහන්ස, මම රහල්මි. රාහුල කුමකට තෙපි මෙහි හුන්නවු ද? එකල්හි ආයුෂ්මත් රාහුල භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ දැන්වී ය.
Pali BJT4. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. “අනුජානාමි භික්ඛවෙ අනුපසම්පන්නෙන දිරත්තතිරත්තං සහසෙය්යං කප්පෙතුං”, එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT4. එකල්හි භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණෙහි ලා තෙල අවසරයෙහි ලා දැහැමි බණ වදාරා මහණුන් ඇමතූසේක. මහණෙනි, අනුපසපනක්හු සමග දෙතුන් රැයක් එක් වැ ශයනය කරන්නට අනුදනිමි. මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු.
Pali BJT“යො පන භික්ඛු අනුපසම්පන්නෙන උත්තරිං{1} දිරත්තතිරත්තං සහසෙය්යං කප්පෙය්ය, පාචිත්තිය”න්ති.
Sinhala BJTයම් මහණෙක් අනුපසපනක්හු සමග දෙතුන් රැයකින් මත්තෙහි එක්වැ ශයනය කරන්නේ නම් පචිති වේ.
Pali BJT5. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති. අනුපසම්පන්නො නාම: භික්ඛුං ඨපෙත්වා අවසෙසො අනුපසම්පන්නො නාම. උත්තරිං දිරත්තතිරත්තන්ති අතිරෙකදිරත්තතිරත්තං. සහාති: එකතො. සෙය්යා නාම: සබ්බච්ඡන්නා සබ්බපරිච්ඡන්නා යෙභුය්යෙනච්ඡන්නා යෙභුය්යෙන පරිච්ඡන්නා. සෙය්යං කප්පෙය්යාති චතුත්ථෙ දිවසෙ අත්ථඞ්ගතෙ සූරියෙ, අනුපසම්පන්නෙ නිපන්නෙ, භික්ඛු නිපජ්ජති ආපත්ති පාචිත්තියස්ස. භික්ඛු නිපන්නෙ අනුපසම්පන්නො නිපජ්ජති ආපත්ති පාචිත්තියස්ස. උභො වා නිපජ්ජන්ති ආපත්ති පාචිත්තියස්ස. උට්ඨහිත්වා පුනප්පුනං නිපජ්ජන්ති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT5. යෝපන: යම් යම්බඳු ..... භික්ඛු ........... මෙතෙම මෙ අරුතෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි. අනුපසම්පන්න නම්: භික්‍ෂූහු තබා අවශේෂ වූයේ අනුපසපන් නම් වේ. උත්තරිං දිරත්තතිරත්තං යනු: අයිරා දෙතුන් රැයක්. සහ යනු: එක් වැ. සෙය්‍යා නම්: හැම පිළිසන් යැ, හැම පසින් පිළිසන් යැ, බෙහෙවින් පිළිසන් යැ, බෙහෙවින් හැම පසින් පිළිසන් යැ. සෙය්‍යං කප්පෙය්‍ය යනු: සතර වන දිනයෙහි හිරු අස්තයට ගිය කල්හි අනුපසපනක්හු හොත් කල්හි මහණ නිදා නම් පචිති ඇවැත් වෙයි. මහණහු හොත් කල්හි අනුපසපන නිදා නම් පචිති ඇවැත් වෙයි. දෙදෙනා මැ හෝ හොවිත් නම් පචිති ඇවැත් වෙයි. නැඟිට පුන පුනා හොවිත් නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅනුපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී උත්තරිං දිරත්තතිරත්තං සහසෙය්යං කප්පෙති ආපත්ති පාචිත්තියස්ස. අනුපසම්පන්නෙ වෙමතිකො උත්තරිං දිරත්තතිරත්තං සහසෙය්යං කප්පෙති ආපත්ති පාචිත්තියස්ස. අනුපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී උත්තරිං දිරත්තතිරත්තං සහසෙය්යං කප්පෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඅනුපසපනක්හු කෙරෙහි අනුපසපනැයි සන් ඇතියේ දෙතුන් රැයකින් මත්තෙහි එක් වැ ශයනය කෙරේ නම් පචිති ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ දෙතුන් රැයකින් මත්තෙහි එක්වැ ශයනය කෙරේ නම් පචිති ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි උපසපනැයි සන් ඇතියේ දෙතුන් රැයකින් මත්තෙහි එක් වැ ශයනය කෙරේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTඋපඩ්ඪච්ඡන්නෙ උපඩ්ඪපරිච්ඡන්නෙ, ආපත්ති දුක්කටස්ස. උපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. උපසම්පන්නෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. උපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTඅඩක් පිළිසන් වූයෙහි, අඩක් අවටින් පිළිසන් වූයෙහි, දුකුළා ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපනැයි සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. උපසපනක්හු කෙරෙහි උපසපනැයි සන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: ද්වෙ තිස්සො රත්තියො වසති, ඌනකද්වෙතිස්සො රත්තියො වසති, ද්වෙ රත්තියො වසිත්වා තතියාය රත්තියා පුරාරුණා නික්ඛමිත්වා පුන වසති, සබ්බඅච්ඡන්නෙ සබ්බඅපරිච්ඡන්නෙ{2} යෙභුය්යෙන අච්ඡන්නෙ, යෙභුය්යෙන අපරිච්ඡන්නෙ, අනුපසම්පන්නෙ නිපන්නෙ භික්ඛු නිසීදති, භික්ඛු නිපන්නෙ අනුපසම්පන්නො නිසීදති උභො වා නිසීදන්ති, උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTදෙතුන් රැයක් වෙසේ නම්, උනු දෙතුන් රැයක් වෙසේ නම්, දෙරැයක් වැස තෙවන රැයෙහි අරුණට පෙරැ නික්ම නැවත වෙසේ නම්, හැම නොසන් වූයෙහි, හැම නො පිළිසන් වූයෙහි, බෙහෙවින් නො සන් වූයෙහි, බෙහෙවින් නොපිළිසන් වූයෙහි නම්, අනුපසපනක්හු හොත් කල්හි භික්‍ෂුතෙමේ හිඳී නම්, භික්‍ෂූහු හොත් කල්හි අනුපසපන් වූයේ හිඳී නම්, දෙදෙනාම හෝ හිඳිත් නම්, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTපඨමසහසෙය්යසික්ඛාපදං පඤ්චමං.
Sinhala BJTපස්වැනි පඨමසහසෙය්‍යශික්‍ෂාපද යි.
Pali BJT6. 1. 6.
Sinhala BJT6. 1. 6.
Pali BJTදුතියසහසෙය්යසික්ඛාපදං
Sinhala BJTදුතියසහසෙය්‍ය ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා අනුරුද්ධො කොසලෙසු ජනපදෙසු{1} සාවත්ථිං ගච්ඡන්තො සායං අඤ්ඤතරං ගාමං උපගඤ්ඡි.{2} තෙන ඛො පන සමයෙන තස්මිං ගාමකෙ{3} අඤ්ඤතරිස්සා ඉත්ථියා ආවසථාගාරං පඤ්ඤත්තං හොති. අථ ඛො ආයස්මා අනුරුද්ධො යෙන සා ඉත්ථි තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තං ඉත්ථිං එතදවොච: “සචෙ තෙ භගිනි අගරු වසෙය්යාම එකරත්තං ආවසථාගාරෙති”. වසෙය්යාථ භන්තෙති. අඤ්ඤෙපි අද්ධිකා යෙන සා ඉත්ථි තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා තං ඉත්ථිං එතදවොචුං: “සචෙ තෙ අය්යෙ අගරු වසෙය්යාම එකරත්තං ආවසථාගාරෙති”. එසො ඛො අය්යො සමණො පඨමං උපගතො, සචෙ සො අනුජානාති වසෙය්යාථාති අථ ඛො තෙ අද්ධිකා යෙනායස්මා අනුරුද්ධො තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා ආයස්මන්තං අනුරුද්ධං එතදවොචුං: “සචෙ තෙ භන්තෙ අගරු වසෙය්යාම එකරත්තං ආවසථාගාරෙ”ති. වසෙය්යාථ ආවුසොති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවත්හි ජේතවන නම් අනේ පිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ කොසොල් දනව්හි සිට සැවැතට යන්නාහු සවසැ එක්තරා ගමකට එළැඹියහ. එසමයෙහි ඒ ගම්හි එක්තරා ස්ත්‍රියක විසින් විසුම්හලෙක් පිහිටුවන ලද්දේ වෙයි. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ඒ ස්ත්‍රිය වෙතැ එළැඹැ ඇයට මෙය කීහ: ‘ඉදින් බුහුන, තොපට බරෙක් නො වේ නම් එක් රැයක් විසුම්හල්හි වසන්නම්හ’යි. වසනු මැනැවැ වහන්ස. අන්‍ය වූ ද මගියෝ ඇය වෙතැ එළැඹියහ. එළැඹැ ඒ ස්ත්‍රියට මෙය කීහු. ‘ඉදින් ආර්‍ය්‍යාවෙනි, තොපට බරෙක් නො වේ නම් එක් රැයක් විසුම්හල්හි වසන්නම් හ’යි. තෙල ආර්‍ය්‍ය වූ ශ්‍රමණයෝ පළමු කොට එළැඹියහ. ‘ඉදින් ඔබ අනුදනිත් නම් වසන්නහු යැයි කිවු යැ. එකල්හි ඒ මගියෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වෙතැ එළැඹියහ. එළැඹැ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්හට මෙය කීහු. ‘ඉදින් වහන්ස, තොපට බරෙක් නො වේ නම් එක් රැයක් විසුම්හල්හි වසන්නම්හ’යි. ඇවැත්නි. වසන්නහු යැ.
Pali BJT2. අථ ඛො සා ඉත්ථි ආයස්මන්තෙ අනුරුද්ධෙ සහදස්සනෙන පටිබද්ධචිත්තා අහොසි. අථ ඛො සා ඉත්ථි යෙනායස්මා අනුරුද්ධො තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වා ආයස්මන්තං අනුරුද්ධං එතදවොච: “අය්යො භන්තෙ ඉමෙහි මනුස්සෙහි ආකිණ්ණො න ඵාසු විහරිස්සති. සාධාහං භන්තෙ අය්යස්ස මඤ්චකං අබ්භන්තරං පඤ්ඤපෙය්යන්ති.{4} අධිවාසෙසි ඛො ආයස්මා අනුරුද්ධො තුණ්හීභාවෙන. අථ ඛො සා ඉත්ථි ආයස්මතො අනුරුද්ධස්ස මඤ්චකං අබ්භන්තරං පඤ්ඤපෙත්වා{5} අලඞ්කතප්පටියත්තා ගන්ධගන්ධිනී යෙනායස්මා අනුරුද්ධො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං අනුරුද්ධං එතදවොච: “අය්යො භන්තෙ අභිරූපො දස්සනීයො පාසාදිකො අහඤ්චම්හි අභිරූපා දස්සනීයා පාසාදිකා, සාධාහං භන්තෙ අය්යස්ස පජාපති භවෙය්ය”න්ති. එවං වුත්තෙ ආයස්මා අනුරුද්ධො තුණ්හී අහොසි. දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො සා ඉත්ථි ආයස්මන්තං අනුරුද්ධං එතදවොච: “අය්යො භන්තෙ අභිරූපො දස්සනීයො පාසාදිකො, අහඤ්චම්හි අභිරූපා දස්සනීයා පාසාදිකා, සාධු භන්තෙ අය්යො මඤ්චෙව පටිච්ඡතු, සබ්බඤ්ච සාපතෙය්ය”න්ති. තතියම්පි ඛො ආයස්මා අනුරුද්ධො තුණ්හී අහොසි.
Sinhala BJT2. එකල්හි ඒ ස්ත්‍රී තොමෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් කෙරෙහි දක්නා හා මැ පිළිබඳ සිත් ඇත්තී වූ යැ. එකල්හි ඒ ස්ත්‍රී ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වෙත එළැඹියා ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්හට මෙය කිවු යැ. ස්වාමීනි, ආර්‍ය්‍යයෝ මේ මිනිසුන් හා ගැවසුණහු පහසු සේ නො වසන්නාහ. මැනැවැ ස්වාමීනි, මම ආර්‍ය්‍යයනට ඇතුළුගබැ හැඳක් පනවම් දැයි. ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ තූෂ්ණීම්භාවයෙන් ඉවසූහ. එකල්හි ඒ ස්ත්‍රී ආයුෂ්මත් අනුරුද්ධ තෙරුනට ඇතුළුගබැ හැඳක් පනවා අබරණ ලා සැරසුණී සුවඳින් සුවඳවත් වූවා ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වෙත එළැඹියා යැ. එළැඹැ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් හට “ස්වාමීනි, ආර්‍ය්‍යයෝ අභිරූපයහ, දර්‍ශනීයහ, ප්‍රාසාදිකයහ, මම ද අභිරූප වෙමි දර්‍ශනීය වෙමි ප්‍රාසාදික වෙමි, ස්වාමීනි, මම ආර්‍ය්‍යයනට ප්‍රජාපතිවූම් නම් මැනැවැ”යි කිවු යැ. මෙසේ කී කල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ නිහඬ වූහ. දෙවන වට ද ... තෙවනවට ද ඒ ස්ත්‍රී ආයුෂ්මත් අනුරුද්ධ තෙරුනට “ස්වාමීනි, ආර්‍ය්‍යයෝ අභිරූපයහ, දර්‍ශනීයයහ, ප්‍රාසාදිකයහ, මම ද අභිරූප වෙමි දර්‍ශනීය වෙමි ප්‍රාසාදික වෙමි, ස්වාමීනි, ආර්‍ය්‍යයෝ මා ද මුළු සම්පත්තිය ද පිළිගනිත්ව”යි කිවු යැ. තෙවන වට ද ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ නිහඬ වූහ.
Pali BJT3. අථ ඛො සා ඉත්ථි සාටකං නික්ඛිපිත්වා ආයස්මතො අනුරුද්ධස්ස පුරතො චඞ්කමතිපි තිට්ඨතිපි නිසීදතිපි සෙය්යම්පි කප්පෙති. අථ ඛො ආයස්මා අනුරුද්ධො ඉන්ද්රියානි ඔක්ඛිපිත්වා තං ඉත්ථිං නෙව ඔලොකෙසි නපි ආලපි. අථ ඛො සා ඉත්ථි “අච්ඡරියං වත භො, අබ්භුතං වත භො, බහූ මෙ මනුස්සා සතෙනපි සහස්සෙනපි පහිණන්ති. අයං පන සමණො මයා සාමං යාචියමානො න ඉච්ඡති මඤ්චෙව පටිච්ඡිතුං සබ්බඤ්ච සාපතෙය්ය”න්ති සාටකං නිවාසෙත්වා ආයස්මතො අනුරුද්ධස්ස පාදෙසු සිරසා නිපතිත්වා ආයස්මන්තං අනුරුද්ධං එතදවොච: “අච්චයො මං භන්තෙ අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං යාහං එවමකාසිං. තස්සා මෙ භන්තෙ අය්යො අච්චයං අච්චයතො පතිගණ්හාතු{1} ආයතිං සංවරායා”ති. “තග්ඝ තං{2} භගිනි අච්චයො අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං යා ත්වං එවමකාසි, යතො ච ඛො ත්වං භගිනි අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොසි, තං තෙ මයං පතිගණ්හාම. වුද්ධි හෙසා භගිනි අරියස්ස විනයෙ යො අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොති ආයතිං{3} සංවරං ආපජ්ජතීති.
Sinhala BJT3. එකල්හි ඒ ස්ත්‍රී සළුව බහා තබා ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් පෙරටුයෙහි සක්මන් කරයි. සිටියි, හිඳියි, ශයනය ද කරයි. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ඉඳුරන් පහතට හෙළා එ මාගම නො මැ බැලූහ. නො ද බිණූහ. එකල්හි ඒ ස්ත්‍රී “භවත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකැ, භවත්නි, ඒකාන්තයෙන් අද්භූතයෙකැ, බොහෝ වූ මේ මිනිස්සු මට සියයෙනුදු දහසිනුදු පඬුරු එවත්: මේ ශ්‍රමණයෝ කලි මා විසින් තමා මැ යදිනු ලබන්නාහු මා ද මුළු සම්පත්තියද පිළිගන්නට නො කැමැති වෙති”යි සළුව හැඳ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් පා මුල්හි හිසින් වැටී ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් හට මෙය කිවු යැ. “ස්වාමීනි, යම්බඳු මම් මෙසේ කළම් ද බාලබවට අනුරූප වැ මූඪබවට අනුරූප වැ අදක්‍ෂබවට අනුරූප වැ වරද ඒ මා ඉක්ම ගියේ වන. ස්වාමීනි, ඒ මාගේ වරද වරද විසින් මතු සංවරය පිණිස ආර්‍ය්‍යයෝ පිළිගනිත්ව’යි. බුහුන, යම්බඳු තෙපි මෙසේ කළවුද, එකැනින් බාලබවට අනුරූප වැ මූඪබවට අනුරූප වැ අදක්‍ෂබවට අනුරූප වැ වරද ඒ තොප ඉක්ම ගියේ වන. යම් හෙයකින් බුහුන, තෙපි වරද වරද විසින් දැක ධර්‍ම වූ පරිද්දෙන් පිළියම් කරවු ද, තොප ගේ ඒ වරද ඇපි පිළිගනුම්හ. බුහුන, යමෙක් වරද වරද විසින් දැක ධර්‍ම වූ පරිද්දෙන් පිළියම් කෙරේ ද, මතු සංවරයට පැමිණේ ද, මේ වනාහි ශාසනයෙහි වැඩීමෙක් මැ යි.
Pali BJT4. අථ ඛො සා ඉත්ථි තස්සා රත්තියා අච්චයෙන ආයස්මන්තං අනුරුද්ධං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙත්වා සම්පවාරෙත්වා ආයස්මන්තං අනුරුද්ධං භුත්තාවිං ඔනීතපත්තපාණිං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො තං ඉත්ථිං ආයස්මා අනුරුද්ධො ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. අථ ඛො සා ඉත්ථි ආයස්මතා අනුරුද්ධෙන ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා ආයස්මන්තං අනුරුද්ධං එතදවොච. අභික්කන්තං භන්තෙ අභික්කන්තං භන්තෙ සෙය්යථාපි භන්තෙ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛන්තීති එවමෙවං අය්යෙන අනුරුද්ධෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භන්තෙ තං භගවන්තං{4} සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසිකං මං අය්යො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJT4. එකල්හි ඒ ස්ත්‍රී තොමෝ එරැය ඉක්මීමෙන් පසු ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් ප්‍රණීත වූ කෑයුතු දෙයින් බිදිය යුතු දෙයින් සියතින් සතප්වා මොනවට පවරා වළඳා නිමවූ පාත්‍රයෙන් බැහැර කළ අත් ඇති ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් සකසා වැඳ එකත්පස් වැ හින. ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයෝ එකත්පස් වැ හුන් එ මාගමට දැහැමි බණින් මොනවට කරුණු දැක්වූහ. මොනවට කරුණු ගැන්වූහ. මොනවට තෙද ගැන්වූහ. මොනවට සතුටු කැරැවූහ. එකල්හි ඒ ස්ත්‍රී තොමෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් විසින් දැහැමි බණින් මොනවට කරුණු දක්වන ලද්දී මොනවට කරුණු ගන්වන ලද්දී මොනවට තෙද ගන්වන ලද්දී මොනවට සතුටු කරවන ලද්දී ආයුෂ්මත් අනුරුද්ධ තෙරුනට මෙය කිවු යැ, “ඉතා මැනවැ ස්වාමීනි, ඉතා මැනැවැ ස්වාමීනි. යම්සේ යටිහුරු කරන ලද්දක් උඩුහුරු කරන්නේ හෝ වේ ද, පිළිසන්වූවක් විවෘත කරන්නේ හෝ වේද, මං මුළා වූවකුට මඟ කියාපාන්නේ හෝ වේ ද, ඇස් ඇතියෝ රූප දකිත්ව යි අඳුරෙහි තෙල්පහනක් දරන්නේ හෝ වේ ද, එසේ මැ ආර්‍ය්‍ය අනුරුද්ධයන් විසින් නොයෙක් කරුණෙන් ධර්‍මය ප්‍රකාශ කරන ලද්දේ වෙයි. ස්වාමීනි, මම බුදුන් ද දහම් ද බික්සඟන ද සරණ කොට යමි. ආර්‍ය්‍ය තෙමේ අද පටන් දිවිහිම් කොට සරණ ගිය උවැසියක කොට මා දරාව”යි කිවු යැ.