Pācittiya

Expiation Rules

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 1801-1900 න් 4249

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTකාරයමානෙනාති: කරොන්තො වා කාරාපෙන්තො වා. පමාණිකා කාරෙතබ්බා. තත්රිදං පමාණං දීඝසො ඡවිදත්ථියො සුගතවිදත්ථියා. තිරියං අඩ්ඪතෙය්යා. තං අතික්කාමෙත්වා කරොති වා කාරාපෙති වා, පයොගෙ දුක්කටං. පටිලාභෙන ඡින්දිත්වා පාචිත්තියං දෙසෙතබ්බං.
Sinhala BJTකාරයමානෙන: කරන්නේ හෝ කරවන්නේ හෝ; පමණින් යුතු කොට කැරැවිය යුතු යි. එහි මේ පමණ යැ: දිගින් සුගත්වියතින් සවියතෙකැ. සරසින් යෙළ තුන්වියතෙකි. එය ඉක්මවා කෙරේ නම් හෝ කරවා නම් හෝ පියෝහි දුකුළා වේ. ලැබීමෙන් සිඳැලා පචිති දෙසිය යුතු යි.
Pali BJTඅත්තනා විප්පකතං අත්තනා පරියොසාපෙති ආපත්ති පාචිත්තියස්ස. අත්තනා විප්පකතං පරෙහි පරියොසාපෙති ආපත්ති පාචිත්තියස්ස. පරෙහි විප්පකතං අත්තනා පරියොසාපෙති ආපත්ති පාචිත්තියස්ස. පරෙහි විප්පකතං පරෙහි පරියොසාපෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTතමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. තමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නොකරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි, මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅඤ්ඤස්සත්ථාය කරොති වා කාරාපෙති වා ආපත්ති දුක්කටස්ස. අඤ්ඤෙන කතං පටිලභිත්වා පරිභුඤ්ජති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTමෙරමා සඳහා කෙරේ නම් හෝ කරවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. මෙරමා විසින් කරන ලද්දක් ලැබ පිරිබෝ කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: පමාණිකං කරොති, ඌනකං කරොති අඤ්ඤෙන කතං පමාණාතික්කන්තං පටිලභිත්වා ඡින්දිත්වා පරිභුඤ්ජති, විතානං වා භූමත්ථරණං වා සාණිපාකාරං වා භිසිං වා බිබ්බොහනං වා කරොති, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJTපමණින් යුතු කොට කෙරේ නම්, උනු කොට කෙරේ නම්, මෙරමා විසින් කරන ලද පමණ ඉක්මවූවක් ලැබ සිඳැලා පිරිබෝ කෙරේ නම්, වියනක් හෝ බුමුතුරුණක් හෝ කඩතුරාවක් හෝ බිස්සක් හෝ මාවුලාවක් හෝ කෙරේ නම්, ඇවැත් නැති. උම්මත්තකයහට ආදි කම්මිකයහට ඇවැත් නැති.
Pali BJTවස්සිකසාටිකසික්ඛාපදං නවමං.
Sinhala BJTනවවැනි වස්සිකසාටික ශික්‍ෂාපද යි.
Pali BJT6. 9. 10.
Sinhala BJT6. 9. 10.
Pali BJTනන්දත්ථෙරසික්ඛාපදං
Sinhala BJTනන්‍දත්‍ථේර ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා නන්දො භගවතො මාතුච්ඡාපුත්තො අභිරූපො හොති දස්සනීයො පාසාදිකො චතුරඞ්ගුලොමකො භගවතො.{1} සො සුගතචීවරප්පමාණං චීවරං ධාරෙති: අද්දසංසු ඛො ථෙරා භික්ඛූ ආයස්මන්තං නන්දං දූරතොව ආගච්ඡන්තං. දිස්වා භගවා ආගච්ඡතීති ආසනා උට්ඨහිත්වා{2} තෙ උපගතෙ සඤ්ජානිත්වා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති– කථං හි නාම ආයස්මා නන්දො සුගතචීවරප්පමාණං චීවරං ධාරෙස්සතී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා ආයස්මන්තං නන්දං පටිපුච්ඡි, සච්චං කිර ත්වං නන්ද සුගතචීවරප්පමාණං චීවරං ධාරෙසීති, සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම ත්වං නන්ද සුගතචීවරප්පමාණං චීවරං ධාරෙස්සසි නෙතං නන්ද අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි භාග්‍යවතුන් ගේ සුළුමවගේ පුත්‍ර වූ ආයුෂ්මත් නන්‍දස්ථවිර තෙමේ විශිෂ්ටරූප ඇතියේ දැකුම්කලු වූයේ පැහැදුම් එළවනුයේ භාග්‍යවතුන්හට සතරඟුලෙකින් මිටි වූයේ වෙයි. හේ සුගත්සිවුරුපමණ සිවුරක් දරයි. ස්ථවිර භික්‍ෂූහු දුර දී මැ එන්නාවූ ආයුෂ්මත් නන්‍දතෙරහු දුටුහු දැකැ භාග්‍යවතුන් වහන්සේ වඩනාසේකැ යි හුනස්නෙන් නැගිට ඔහුවෙතැ එළැඹි කල්හි හැඳිනැ ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආයුෂ්මත් නන්‍දස්ථවිර තෙමේ සුගත්සිවුරුපමණ සිවුරක් දැරී දැ යි. භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහු. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්‍දතෙරහු පුළුවුත් සේකැ. සැබෑ ද නන්‍දයෙනි, තෙපි සුගත්සිවුරුපමණ සිවුරක් දරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරැහූහ ... කෙසේ නම් නන්‍දයෙනි, තෙපි සුගත්සිවුරුපමණ සිවුරක් දැරුවහු ද? නන්‍දයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJTයො පන භික්ඛු සුගතචීවරප්පමාණං චීවරං කාරාපෙය්ය අතිරෙකං වා ඡෙදනකං පාචිත්තියං තත්රිදං සුගතස්ස සුගතචීවරප්පමාණං දීඝසො නව විදත්ථියො සුගතවිදත්ථියා තිරියං ඡවිදත්ථියො ඉදං සුගතස්ස සුගතචීවරප්පමාණන්ති.
Sinhala BJTයම් මහණෙන් සුගත්සිවුරුපමණ හෝ අයිරා කොට හෝ සිවුරක් කරවන්නේ නම් ඡේදනක පචිති ඇවැත් වෙයි. එහි මේ සුගත්හුගේ සුගත්සිවුරෙහි පමණ යැ, දිගින් සුගත්වියතින් නවවියතෙකැ, සරසින් සවියතෙකි. මේ සුගතයන්ගේ සුගත් සිවුරෙහි පමණ යි.
Pali BJT2. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT2. යො පන: යම්, යම්බඳු ... භික්ඛු: මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTසුගතචීවරං{3} නාම: දීඝසො නව විදත්ථියො සුගතවිදත්ථියා තිරියං ඡවිදත්ථියො.
Sinhala BJTසුගතවිවර නම්: දිගින් සුගත්වියතින් නවවියතෙකැ, සරසින් සවියතෙකි.
Pali BJTකාරාපෙය්යාති: කරොති වා කාරාපෙති වා පයොගෙ දුක්කටං. පටිලාභෙන ඡින්දිත්වා පාචිත්තියං දෙසෙතබ්බං.
Sinhala BJTකාරාපෙය්‍ය: කෙරේ නම් හෝ කරවා නම් හෝ පියෝහි දුකුළා වේ. ලැබීමෙන් සිඳැලා පචිති දෙසිය යුතු යි.
Pali BJTඅත්තනා විප්පකතං අත්තනා පරියොසාපෙති ආපත්ති පාචිත්තියස්ස. අත්තනා විප්පකතං පරෙහි පරියොසාපෙති ආපත්ති පාචිත්තියස්ස. පරෙහි විප්පකතං අත්තනා පරියොසාපෙති ආපත්ති පාචිත්තියස්ස. පරෙහි විප්පකතං පරෙහි පරියොසාපෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTතමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. තමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅඤ්ඤස්සත්ථාය කරොති වා කාරාපෙති වා ආපත්ති දුක්කටස්ස. අඤ්ඤෙන කතං පටිලභිත්වා පරිභුඤ්ජති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTමෙරමා සඳහා කෙරේ නම් හෝ කරවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. මෙරමා විසින් කරන ලද්දක් ලැබ පිරිබෝ කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: ඌනකං කරොති. අඤ්ඤෙන කතං පටිලභිත්වා ඡින්දිත්වා පරිභුඤ්ජති, විතානං වා භූමත්ථරණං වා සාණිපාකාරං වා භිසිං වා බිබ්බොහනං වා කරොති, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJTඋනු කොට කෙරේ නම් මෙරමා විසින් කරන ලද්දක් ලැබ සිඳැලා පිරිබෝ කෙරේ නම්, වියනක් හෝ බුමුතුරුණක් හෝ කඩතුරාවක් හෝ බිස්සක් හෝ මාවුලාවක් හෝ කෙරේ නම් ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTනන්දත්ථෙරසික්ඛාපදං දසමං.
Sinhala BJTදස වැනි නන්‍දත්‍ථේරශික්‍ෂාපද යි.
Pali BJTරාජවග්ගො{1} නවමො.
Sinhala BJTනවවන රාජවර්‍ගය යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උදානය:
Pali BJTරඤ්ඤො ච රතනං සන්තං සූචි මඤ්චඤ්ච තූලිකං; නිසීදනඤ්ච කණ්ඩු ච වස්සිකං සුගතෙන චාති.
Sinhala BJTරාජන්තෙපුර යැ රතන යැ (සන්ත) විකාලෙ ගාමප්පවේසන යැ සූචීඝර යැ මඤ්ච යැ තුලෝනද්ධ යැ නිසීදන යැ කණ්ඩුපටිච්ඡාදි යැ වස්සිකසාටික යැ [සුගතචීවරය නිසා පැන වූ] නන්‍දත්‍ථේරසිඛයෙන් දැ යි. වර්‍ගය වේ.
Pali BJTවග්ගුද්දානං :
Sinhala BJTවර්ගෝද්දානය:
Pali BJTමුසා භූතඤ්ච ඔවාදො භොජනං චෙලකෙන ච සූරා සප්පාණකා ධම්මා රාජවග්ගෙන තෙ නව
Sinhala BJTමුසාවාද යැ භූතගාම යැ භික්ඛුනෝවාද යැ භෝජන යැ අවෙලකය සමඟ සුරාපාන යැ සප්පාණක යැ සහධම්මික යැ රාජවර්‍ගය සමඟ ඒ වර්‍ග නවයෙකි.
Pali BJTඋද්දිට්ඨා ඛො ආයස්මන්තො ද්වෙනවුති පාචිත්තියා ධම්මා, තත්ථායස්මන්තෙ පුච්ඡාමි, කච්චිත්ථ පරිසුද්ධා, දුතියම්පි පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා, තතියම්පි පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා. පරිසුද්ධෙත්ථායස්මන්තො තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමීති.
Sinhala BJTආයුෂ්මත්නි, දෙඅනූ පාචිත්තිධර්‍මයෝ උදෙසනලදහු මැ යි. එහි ලා ආයුෂ්මතුන් පුළුවුස්මි, කිම පිරිසුදුවහු ද? දෙවනවට දු පුළුවුස්මි, කිම පිරිසුදුවහු ද? තෙවනවට දු පුළුවුස්මි. කිම පිරිසුදුවහු ද? මෙහි ලා ආයුෂ්මත්හු පිරිසුදුහ. එහෙයින් නිහඬයහ. මෙසේ මෙය දරමි.
Pali BJTඛුද්දකං සමත්තං.{2}
Sinhala BJTඛුද්දකය සමාප්ත යි.
Pali BJTපාටිදෙසනීයකණ්ඩො
Sinhala BJTපාටිදේසනීය කාණ්ඩය
Pali BJTඉමෙ ඛො පනායස්මන්තො චත්තාරො පාටිදෙසනීයා ධම්මා උද්දෙසං ආගච්ඡන්ති.
Sinhala BJTආයුෂ්මත්නි, මේ සතර පාටිදේසනීය ධර්‍මයෝ උදෙසීමට පැමිණෙත්.
Pali BJT7. 1.
Sinhala BJT7. 1.
Pali BJTපඨම පාටිදෙසනීය සික්ඛාපදං
Sinhala BJTපළමුවන පාටිදේසනීය ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා භික්ඛුනී සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පටික්කමනකාලෙ අඤ්ඤතරං භික්ඛුං පස්සිත්වා එතදවොච හන්දය්ය භික්ඛං පතිගණ්හාහීති{1}. සුට්ඨු භගිනීති සබ්බෙව අග්ගහෙසි. සා උපකට්ඨෙ කාලෙ නාසක්ඛි පිණ්ඩාය චරිතුං ඡින්නභත්තා අහොසි. අථ ඛො සා භික්ඛුනී දුතියම්පි දිවසං -පෙ- තතියම්පි දිවසං සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පටික්කමනකාලෙ නං භික්ඛුං පස්සිත්වා එතදවොච හන්දය්ය භික්ඛං පතිගණ්හාහීති. සුට්ඨු භගිනීති සබ්බෙව අග්ගහෙසි. සා උපකට්ඨෙ කාලෙ නාසක්ඛි පිණ්ඩාය චරිතුං ඡින්නභත්තා අහොසි.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවරජේතවන’ නම් වූ අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩැ වෙසෙති. එසමයෙහි එක්තරා මෙහෙණක් සැවැත්නුවර පිඬුසිඟා ඇවිද පෙරළා එන කල්හි එක්තරා මහණක්හු දැක මෙසේ කිව. “ආර්‍ය්‍යයෙනි, භික්‍ෂාව පිළිගනු මැනැව” යි. “මැනැවැ නැගණියෙනි” යි සියල්ල මැ ගත්තේ යැ. ඕ වේලා ආසන්න කල්හි පිඬුසිඟා යන්නට නො හැකි වූ, එහෙයින් මැ සුන්බත් වූ යැ. එකල්හි ඒ මෙහෙණ දෙවන දවස්හි දු තුන්වන දවස්හි දු සැවැත්නුවර පිඬුසිඟා ඇවිද පෙරළා එන කල්හි ඒ මහණහු දැක තෙල කිව: “ආර්‍ය්‍යයෙනි, භික්‍ෂාව පිළිගනු මැනැවැ” යි. “මැනැවැ නැගණියෙනි” යි සියල්ල මැ පිළිගත. ඕ වේලා ආසන්න කල්හි පිඬුසිඟා යන්නට නොහැකි වූවා සුන්බත් වූ යැ.
Pali BJT2. අථ ඛො සා භික්ඛුනී චතුත්ථෙ දිවසෙ රථිකාය පවෙධෙන්තී ගච්ඡති. සෙට්ඨි ගහපති රථෙන පටිපථං ආගච්ඡන්තො තං භික්ඛුනිං එතදවොච අපෙහාය්යෙති. සා ඔක්කමන්තී{2} තත්ථෙව පරිපති. සෙට්ඨි ගහපති තං භික්ඛුනිං ඛමාපෙසි ඛමාහාය්යෙ මයා නිපාතිතාති.{3} නාහං ගහපති තයා නිපාතිතා අපි ච අහමෙව දුබ්බලාති. කිස්ස පන ත්වං අය්යෙ දුබ්බලාති. අථ ඛො සා භික්ඛුනී සෙට්ඨිස්ස ගහපතිස්ස එතමත්ථං ආරොචෙසි. සෙට්ඨි ගහපති තං භික්ඛුනිං ඝරං නෙත්වා භොජෙත්වා උජ්ඣායති ඛීයති විපාචෙති “කථං හි නාම භදන්තා භික්ඛුනියා හත්ථතො ආමිසං පටිග්ගහෙස්සන්ති කිච්ඡලාභො මාතුගාමොති.”
Sinhala BJT2. එසඳ ඒ මෙහෙණ සතරවන දවස්හි වීථියෙහි වෙවුළමින් යෙයි. සිටුගැහැවියෙක් රථයෙකින් පෙරමගට එන්නේ ඒ මෙහෙණට මෙය කී: “පහව යා ආර්‍ය්‍යාවෙනි” යි. ඕ බැහැරවන්නී එහි මැ ඇදැවැටුණා යැ. සිටුගැහැවි ඒ මෙහෙණ ක්‍ෂමා කරවී: “කමන්නැ ආර්‍ය්‍යාවෙනි, මා විසින් හෙළනලදු යැ” යි. “ගැහැවියෙනි, මම තොප විසින් නො හෙළන ලදුමු. වැළිත් මම් මැ දුබලයමු” යි. “ආර්‍ය්‍යාවෙනි, තෙපි කවර හෙයින් දුර්‍වල වූ දැ” යි. එකල්හි ඒ මෙහෙණ සිටු ගැහැවියහට තෙල කරුණ දැන්වූ. සිටුගැහැවි ඒ මෙහෙණ ගෙට පමුණුවා වළඳවා “කෙසේ නම් වහන්දෑවරු මෙහෙණ අතින් ආමිෂ පිළිගන්නාහු ද, මාගම දුකසේ ආමිෂ ලබන්නී යැ” යි අවමන් කරයි. අගුණ කියයි, නුගුණ පතුරුවයි.
Pali BJT3. අස්සොසුං ඛො භික්ඛූ තස්ස සෙට්ඨිස්ස ගහපතිස්ස උජ්ඣායන්තස්ස ඛීයන්තස්ස විපාචෙන්තස්ස. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම භික්ඛු භික්ඛුනියා හත්ථතො ආමිසං පටිග්ගහෙස්සතී”ති -පෙ- සච්චං කිර ත්වං භික්ඛු භික්ඛුනියා හත්ථතො ආමිසං පටිග්ගහෙසීති. සච්චං භගවා. ඤාතිකා තෙ භික්ඛු අඤ්ඤාතිකාති. අඤ්ඤාතිකා භගවා. අඤ්ඤාතකො මොඝපුරිස අඤ්ඤාතිකාය න ජානාති පතිරූපං වා අප්පතිරූපං වා සන්තං වා අසන්තං වා. කථං හි නාම ත්වං මොඝපුරිස අඤ්ඤාතිකාය භික්ඛුනියා හත්ථතො ආමිසං පටිග්ගහෙස්සසි නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT3. භික්‍ෂූහු අවමන් කරන අගුණ කියන නුගුණ පතුරුවන ඒ ගැහැවි සිටුහුගේ බස් ඇසූහ. යම් අල්පෙච්ඡ භික්‍ෂු කෙනෙක් ඇද්ද ඔහු “කෙසේ නම් මහණ මෙහෙණක අතින් ආමිෂ පිළිගත්තේ දැ” යි අවමන් කෙරෙති අයුණු කියති නුගුණ පතුරුවති. සැබැව ද මහණ, තෙපි මෙහෙණක අතින් ආමිෂ පිළිගත්තේ දැ’ යි. සැබෑව භාග්‍යවතුන් වහන්සැ’ යි. “මහණ, තොපගේ නෑ මෙහෙණක් ද? නොනෑ මෙහෙණක් දැ?” යි. “නොනෑ මෙහෙණක භාග්‍යවතුන් වහන්සැ” යි. තුච්ඡ පුරුෂය, නොනෑ මහණෙක් නොනෑ මෙහෙණකගේ නිසි බව හෝ නොනිසි බව හෝ ඇති බව හෝ නැති බව හෝ නො දනියි. තුච්ඡපුරුෂය, කෙසේනම් තෙපි නොනෑ මෙහෙණක අතින් ආමිෂ පිළිගත්තාහු දැ? තුච්ඡපුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු අඤ්ඤාතිකාය භික්ඛුනියා අන්තරඝරං පවිට්ඨාය හත්ථතො ඛාදනීයං වා භොජනීයං වා සහත්ථා පටිග්ගහෙත්වා ඛාදෙය්ය වා භුඤ්ජෙය්ය වා පටිදෙසෙතබ්බං තෙන භික්ඛුනා, ගාරය්හං ආවුසො ධම්මං ආපජ්ජිං අසප්පායං පාටිදෙසනීයං තං පටිදෙසෙමී”ති.
Sinhala BJT“යම් මහණෙක් ඇතුළුගමට පිවිසි නොනෑ මෙහෙණක අතින් ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙන කන්නේ නම් හෝ බුදින්නේ නම් හෝ ඒ මහණහු විසින්: ඇවැත්නි, අසත්ප්‍රාය වූ පාටිදේසනීය වූ ගර්‍හනීය වූ ඇවැතකට පැමිණියෙමි. එය පෙරළා දෙසමි” පෙරළා දෙසියයුතු,
Pali BJT4. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT4. යො පන යනු: යමෙක්, යම් බඳුයෙක් ... භික්ඛු යනු: ... මෙ තෙම මේ අර්‍ත්‍ථයෙහි ‘භික්‍ෂු’ යි අභිප්‍රේත යි.
Pali BJTඅඤ්ඤාතිකා නාම: මාතිතො වා පිතිතො වා යාව සත්තමා පිතාමහයුගා අසම්බද්ධා.
Sinhala BJTඅඤ්ඤාතිකා නම්: මව්පසින් හෝ පියපසින් හෝ සත්මුතු යුගය තෙක් අසම්බද්ධ වූවා යි.
Pali BJTභික්ඛුනී නාම: උභතො සඞ්ඝෙ උපසම්පන්නා.
Sinhala BJTභික්ඛුනී නම්: උභතෝසඞ්ඝයා කෙරෙහි උපසපන් වූවා ය.
Pali BJTඅන්තරඝරං නාම: රථිකා බ්යූහං සිඞ්ඝාටකං ඝරං.
Sinhala BJTඅන්තරඝර නම්: වීථි යැ විනිවිද නොගිය වීථි යැ සතරමංසන්‍ධි යැ කුලගේ යි.
Pali BJTඛාදනීයං නාම: පඤ්ච භොජනානි යාමකාලිකං සත්තාහකාලිකං යාවජීවිකං ඨපෙත්වා අවසෙසං ඛාදනීයං නාම.
Sinhala BJTඛාදනීය නම්: පස්බොජුන: යාමකාලික යැ සත්තාහකාලික යැ යාවජීවික යැ යන මේ හැර සෙස්ස ඛාදනීය නම.
Pali BJTභොජනීයං නාම: පඤ්ච භොජනානි ඔදනො කුම්මාසො සත්තු මච්ඡො මංසං, ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස, අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාටිදෙසනීයස්ස.
Sinhala BJTභෝජනීය නම්: පස්බොජුන: ඕදන යැ කොමු යැ අත්සුණු යැ දියමස් යැ, ගොඩමස් යැ. ‘කමි’ යි ‘බුදිමි’ යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.
Pali BJTඅඤ්ඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී අන්තරඝරං පවිට්ඨාය හත්ථතො ඛාදනීයං වා භොජනීයං වා සහත්ථා පටිග්ගහෙත්වා ඛාදති වා භුඤ්ජති වා ආපත්ති පාටිදෙසනීයස්ස. අඤ්ඤාතිකාය වෙමතිකො අන්තරඝරං පවිට්ඨාය හත්ථතො ඛාදනීයං වා භොජනීයං වා සහත්ථා පටිග්ගහෙත්වා ඛාදති වා භුඤ්ජති වා ආපත්ති පාටිදෙසනීයස්ස. අඤ්ඤාතිකාය ඤාතිකසඤ්ඤී අන්තරඝරං පවිට්ඨාය හත්ථතො ඛාදනීයං වා භොජනීයං වා සහත්ථා පටිග්ගහෙත්වා ඛාදති වා භුඤ්ජති වා ආපත්ති පාටිදෙසනීයස්ස.
Sinhala BJTනොනෑ මෙහෙණෙක යන සංඥා ඇති වැ ඇතුළුගමට වන් නොනෑ මෙහෙණක අතින් ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙන කා නම් හෝ බුදී නම් හෝ ‘පාටිදේසනීය’ ඇවැත් වෙයි. විමති ඇති වැ ඇතුළුගමට වන් නොනෑ මෙහෙණ අතින් කෑයුතු හෝ බිදියයුතු දැයක් සියතින් පිළිගෙන කා නම් හෝ බුදී නම් ‘පාටිදේසනීය’ ඇවැත් වෙයි. නෑ මෙහෙණෙක යන සංඥා ඇති වැ ඇතුළුගමට වන් නොනෑ මෙහෙණක අතින් ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙන කා නම් හෝ බුදී නම් හෝ ‘පාටිදේසනීය’ ඇවැත් වෙයි.
Pali BJTයාමකාලිකං සත්තාහකාලිකං යාවජීවිකං ආහාරත්ථාය පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති දුක්කටස්ස එකතො උපසම්පන්නාය හත්ථතො ඛාදනීයං වා භොජනීයං වා ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTයාමකාලිකය සත්තාහකාලිකය යාවජීවිකය ආහාර පිණිස පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි දුකුළා ඇවැත් වෙයි. භික්‍ෂුණීන් කෙරෙහි උපසපන් මෙහෙණක අතින් ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ ‘කමි’ යි ‘බුදිමි’ යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි දුකුළා ඇවැත් වෙයි.
Pali BJTඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. ඤාතිකාය වෙමතිකො ආපත්ති දුක්කටස්ස. ඤාතිකාය ඤාතිකසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTනෑ මෙහෙණෙක අතින් නොනෑ මෙහෙණෙක යන සංඥා ඇති වැ පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. නෑ මෙහෙණෙක අතින් විමති ඇත්තේ දුකුළා ඇවැත් වෙයි. නෑ මෙහෙණෙක අතින් නෑ මෙහෙණෙක යන සංඥා ඇත්තේ අනාපත්ති වේ.
Pali BJTඅනාපත්ති: ඤාතිකාය දාපෙති න දෙති උපනික්ඛිපිත්වා දෙති. අන්තරාරාමෙ, භික්ඛු නූපස්සයෙ, තිත්ථියසෙය්යාය, පටික්කමනෙ, ගාමතො නීහරිත්වා දෙති, යාමකාලිකං සත්තාහකාලිකං යාවජීවිකං සති පච්චයෙ පරිභුඤ්ජාති දෙති, සික්ඛමානාය, සාමණෙරාය උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJTඅනාපත්ති: නෑ මෙහෙණෙක අතින් නම්, අනෙකකු ලවා දෙවවා නම් (තොමෝ) නොදේ නම්, සමීපයෙහි තබා දේ නම්, ආරාමය තුළදී, මෙහෙණවරෙහි, තීර්‍ත්‍ථක අරමෙහි, පෙරළා ඊමෙහි, ගමින් බැහැර කොට දේ නම්, යාමකාලිකය සත්තාහකාලිකය යාවජීවිකය ප්‍රත්‍යය ඇති කල්හි වළඳා යයි දේ නම් සික්ඛමානාවක හෙරණක අතින් ගනී නම් ඇවැත් නො වෙයි. උමතුවහට, ආදිකාර්මිකහට ඇවැත් නැති.
Pali BJTපඨමපාටිදෙසනීය සික්ඛාපදං.
Sinhala BJTපළමුවන පාටිදේසනීය යි.
Pali BJT7. 2.
Sinhala BJT7. 2.
Pali BJTදුතියපාටිදෙසනීය සික්ඛාපදං
Sinhala BJTදෙවන පාටිදේසනීය ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන භික්ඛූ කුලෙසු නිමන්තිතා භුඤ්ජන්ති. ඡබ්බග්ගියා භික්ඛුනියො ඡබ්බග්ගියානං භික්ඛූනං වොසාසන්තියො ඨිතා හොන්ති. ඉධ සූපං දෙථ ඉධ ඔදනං දෙථාති ඡබ්බග්ගියා භික්ඛූ යාවදත්ථං භුඤ්ජන්ති. අඤ්ඤෙ භික්ඛූ න චිත්තරූපං ලභන්ති යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති, “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛුනියො වොසාසන්තියො න නිවාරෙස්සන්තී”ති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ භික්ඛුනියො වොසාසන්තියො න නිවාරෙථාති සච්චං භගවා විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා භික්ඛුනියො වොසාසන්තියො න නිවාරෙස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහනුවර කලන්‍දක නිවාප නම් වූ වේළුවන විහාරයෙහි වැඩවෙසෙති. එසමයෙහි භික්‍ෂූහු කුලයෙහි නිමන්ත්‍රණ කරන ලද්දාහු වළඳති. සවග මෙහෙණහු මෙහි සූප දෙව මෙහි බත් දෙව යි සවග මහණුනට වොසාසන (විධාන) කම් කරමින් සිටියාහු වෙති. සවග මහණහු ඇති තාක් වළඳති. අන් මහණහු සිත්සේ නො ලැබෙති. යම් අල්පේච්ඡ භික්‍ෂූ කෙනෙක් ... ඔහු අවමන් කෙරෙති, නුගුණ කියති, නුගුණ පතුරුවති: “කෙසේ නම් සවග මහණහු වොසාසන කම් කරන මෙහෙණන් නො වළහන්නාහු” දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි වොසාසන කම් කරන මෙහෙණන් නො වළහවූ ලැ” යි. සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් මෝඝපුරුෂයෙනි , තොපි වොසාසන කම් කරන මෙහෙණන් නො වළහවූ ද? හිස් පුරුෂයෙනි, තෙල අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:
Pali BJT“භික්ඛූ පනෙව කුලෙසු නිමන්තිතා භුඤ්ජන්ති තත්ර චෙ සා භික්ඛුනී වොසාසමානරූපා ඨිතා හොති “ඉධ සූපං දෙථ ඉධ ඔදනං දෙථා”ති. තෙහි භික්ඛූහි සා භික්ඛුනී අපසාදෙතබ්බා. අපසක්ක තාව භගිනි, යාව භික්ඛූ භුඤ්ජන්ති. එකස්සපි චෙ{1} භික්ඛුනො නප්පටිභාසෙය්ය තං භික්ඛුනිං අපසාදෙතුං – අපසක්ක තාව භගිනි, යාව භික්ඛූ භුඤ්ජන්තී’ති. පටිදෙසෙතබ්බං තෙහි භික්ඛූහි – ගාරය්හං ආවුසො ධම්මං ආපජ්ජිම්හා අසප්පායං පාටිදෙසනීයං තං පටිදෙසෙමාති.
Sinhala BJT“මහණහු කුලයෙහි නිමන්ත්‍රණ කරන ලද්දාහු වළඳත් ද? ඉදින් එහි ඒ මෙහෙණ “මෙහි සූප දෙව මෙහි බත් දෙව” යි වොසාසන (විධාන) කම් කරන පියවින් සිටියා වේ ද, ඒ මහණුන් විසින් ඒ මෙහෙණ “නැගණියනි, භික්‍ෂූන් වළඳනා තාක් පහව යා” යි පහකළයුත්තී යැ. ඉදින් එක් මහණක්හට ද “නැගණියනි, භික්‍ෂූන් වළඳනා තාක් පහව යා” යි ඒ මෙහෙණ පහ කරන්නට නො වැටහේ නම් ඒ මහණුන් විසින් “ඇවැත්නි, ගැරැහියයුතු අසත්ප්‍රාය වූ පාටිදේසනීය ඇවැතකට පැමිණියම්හ. එය යළි දෙසම්හ” යි පිළිදෙසියයුතු”
Pali BJT2. භික්ඛූ පනෙව කුලෙසු නිමන්තිතා භුඤ්ජන්තීති:{1} කුලං නාම චත්තාරි කුලානි – ඛත්තියකුලං බ්රාහ්මණකුලං වෙස්සකුලං සුද්දකුලං.
Sinhala BJT2. භික්ඛු පනෙව කුලෙසු නිමන්තිතා භුඤ්ජන්ති යනු: කුල නම් සතර කුලයෝ යි: ක්‍ෂත්‍රියකුල යැ බ්‍රාහ්මණකුල යැ වෛශ්‍යකුල යැ ශුද්‍රකුල යි.
Pali BJTනිමන්තිතා භුඤ්ජන්තීති: පඤ්චන්නං භොජනානං අඤ්ඤතරෙන භොජනෙන නිමන්තිතා භුඤ්ජන්ති.
Sinhala BJTනිමන්තිතා භුඤ්ජන්ති යනු: පස් බොජුන් අතුරෙන් එක්තරා බොජුනෙකින් නිමන්ත්‍රණ කරනලද්දහු වළඳති.
Pali BJTභික්ඛුනී නාම: උභතො සඞ්ඝෙ උපසම්පන්නා.
Sinhala BJTභික්ඛුනී නම්: උභතෝසඞ්ඝයා කෙරෙහි උපසපන් වූවා යි.
Pali BJTවොසාසන්තී නාම: යථාමිත්තතා යථාසන්දිට්ඨතා යථාසම්භත්තතා යථාසමානුපජ්ඣායකතා යථාසමානාචරියකතා “ඉධ සූපං දෙථ ඉධ ඔදනං දෙථා”ති. එසා වොසාසන්තී නාම.
Sinhala BJTවොසාසන්ති නම්: මිතුරු බව ඇති සේ දුටුමිතුරුබව ඇති සේ දැඩි මිතුරුබව ඇති සේ සමානෝපාධ්‍යායතා ඇති සේ සමානාචාර්‍ය්‍යතා ඇති සේ “මෙතන්හි සූප දෙව මෙතන්හි බත් දෙව” යි මෝ වොසාසන්ති නම.
Pali BJTතෙහි භික්ඛූහීති: භුඤ්ජමානෙහි භික්ඛූහි.
Sinhala BJTතෙහි භික්ඛුහි යනු: වළඳනා භික්‍ෂූන් විසින්.
Pali BJTසා භික්ඛුනීති: යා සා වොසාසන්තී භික්ඛුනී. තෙහි භික්ඛූහි සා භික්ඛුනී අපසාදෙතබ්බා. ‘අපසක්ක තාව භගිනි යාව භික්ඛූ භුඤ්ජන්තී’ති. එකස්ස චෙ{2} භික්ඛුනො අනපසාදිතො{3} ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාටිදෙසනීයස්ස.
Sinhala BJTසා භික්ඛුනී යනු: ඒ වොසාසන කම් කරන මෙහෙණ යි. ඒ මහණුන් විසින් ඒ මෙහෙණ අපසාදන කළයුත්තී යැ: “නැගැණියනි භික්‍ෂූන් වළඳනා තාක් පහව යා” යි ඉදින් එකද මහණක්හු අපසාදනා නො කළ කල්හි ‘කමි’ ‘බුදිමි’ පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.
Pali BJTඋපසම්පන්නාය උපසම්පන්නසඤ්ඤී වොසාසන්තියා න නිවාරෙති ආපත්ති පාටිදෙසනීයස්ස. උපසම්පන්නාය වෙමතිකො වොසාසන්තියා න නිවාරෙති ආපත්ති පාටිදෙසනීයස්ස. උපසම්පන්නාය අනුපසම්පන්නසඤ්ඤී වොසාසන්තියා න නිවාරෙති, ආපත්ති පාටිදෙසනීයස්ස.
Sinhala BJT‘උපසපනක’ යන සංඥා ඇත්තේ උපසපන් මෙහෙණ විධාන කරන කල්හි නො වළහා නම් පාටිදේසනීය ඇවැත් වෙයි. විමති ඇත්තේ උපසපන් මෙහෙණ විධාන කරන කල්හි නො වළහා නම් පාටිදේසනීය ඇවැත් වෙයි. ‘අනුපසපනක’ යන සංඥා ඇත්තේ උපසපන් මෙහෙණ විධාන කරන කල්හි නො වළහා නම් පාටිදේසනීය ඇවැත් වේ.
Pali BJTඑකතො උපසම්පන්නාය වොසාසන්තියා න නිවාරෙති ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය උපසම්පන්නසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය වෙමතිකො, ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය අනුපසම්පන්නසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTභික්‍ෂුණීසංඝයා කෙරෙහි උපසපන් මෙහෙණ විධාන කරන කල්හි නො වළහා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපන ‘උපසපනක’ යන සංඥා ඇත්තේ දුකුළා ඇවැත් වෙයි. අනුපසපන (විධාන කරන කල්හි) විමති ඇත්තේ දුකුළා ඇවැත් වෙයි. අනුපසපන (විධාන කරන කල්හි) ‘අනුපසපනක’ යන සංඥා ඇත්තේ ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: අත්තනො භත්තං දාපෙති න දෙති, අඤ්ඤස්ස{4} භත්තං දෙති න දාපෙති, යං න දින්නං තං දාපෙති, යත්ථ න දින්නං තත්ථ දාපෙති, සබ්බෙසං සමකං දාපෙති, සික්ඛමානාය{5} වොසාසති, සාමණෙරාය{6} වොසාසති, පඤ්ච භොජනානි ඨපෙත්වා සබ්බත්ථ අනාපත්ති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTඅනාපත්ති: තමාගේ බත දෙවවා ද නො දේ ද, මෙරමාගේ බත දේ ද නො දෙවා ද, යමක් නො දෙනලද නම් එහි දෙවවා ද, යම් තැනක නො දෙන ලද නම් එහි දෙවවා ද, හැමට සම වැ දෙවවා ද, සික්ඛමානාවට විධාන කෙරේ ද, හෙරණියට විධාන කෙරේ ද, පස්බොජුන් තබා හැමතන්හි ඇවැත් නැති. උමතුවූවහුට ආදිකාර්මිකයාට ඇවැත් නැති.
Pali BJTදුතිය පාටිදෙසනීය සික්ඛාපදං.
Sinhala BJTදෙවැනි පාටිදේසනීය යි.
Pali BJT7. 3.
Sinhala BJT7. 3.
Pali BJTතතිය පාටිදෙසනීය සික්ඛාපදං
Sinhala BJTතුන්වැනි පාටිදේසනීය ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සාවත්ථියං අඤ්ඤතරං කුලං උභතො පසන්නං හොති. සද්ධාය වඩ්ඪති භොගෙන හායති. යං තස්මිං කුලෙ උප්පජ්ජති පුරෙභත්තං ඛාදනීයං වා භොජනීයං වා තං සබ්බං භික්ඛූනං විස්සජ්ජෙත්වා අප්පෙකදා අනසිතා අච්ඡන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. “කථං හි නාම සමණා සක්යපුත්තියා න මත්තං ජානිත්වා පටිග්ගහෙස්සන්ති ඉමෙ ඉමෙසං දත්වා අප්පෙකදා අනසිතා අච්ඡන්තී”ති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර අනේපිඬුසිටුහු කරවා දුන් දෙව්රම් වෙහෙරෙහි වැඩවෙසෙති. එසමයෙහි සැවැත් නුවර එක්තරා කුලයක් උවසු උවැසි දෙපසින් පහන් වූයේ වෙයි. සැදැහැයෙන් වැඩෙයි, භෝගයෙන් පිරිහෙයි. ඒ කුලයෙහි පෙරබත් වේලෙහි යම් ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ උපදී ද එ හැම භික්‍ෂූනට විසඳා (බෙදා දී) ඇතැම් දවසෙක නිරාහාර වැ ද හිඳිති. මිනිස්සු අවමන් කෙරෙති, නුගුණ කියති, නුගුණ පතුරුවති: “කෙසේ නම් ශ්‍රමණශාක්‍යපුත්‍රයෝ පමණ නො දැනැ පිළිගන්නාහු ද මොවුනට දී ඇතැම් දවසෙක නිරාහාර වැ ද හිඳිති” යි. භික්‍ෂූහු අවමන් කරන නුගුණ කියන නුගුණ පතුරුවන ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. එසඳ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ දැන්වූහ.
Pali BJT2. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි “අනුජානාමි භික්ඛවෙ යං කුලං{1} සද්ධාය වඩ්ඪති භොගෙන හායති, එවරූපස්ස කුලස්ස ඤත්තිදුතියෙන කම්මෙන සෙඛසම්මුතිං දාතුං” එවඤ්ච පන භික්ඛවෙ දාතබ්බා. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො. –
Sinhala BJT2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ තෙල නිදානයෙහි තෙල කරුණෙහි දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, යම් කුලයක් සැදැහැයෙන් වැඩේ ද භෝගයෙන් පිරිහේ ද මෙවන් කුලයට ඤත්තිදුතිය කර්‍මයෙන් ‘සේඛසම්මුති’ දෙන්නට අනුදනිමි”. මහණෙනි මෙසේ දියයුතු යැ. ප්‍රතිබල සම්‍පන්න ව්‍යක්ත මහණක්හු විසින් සඞ්ඝයා ඥාපන කළ (දැන්විය) යුත්තේ යැ.
Pali BJT3. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො ඉත්ථන්නාමං කුලං සද්ධාය වඩ්ඪති භොගෙන හායති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමස්ස කුලස්ස සෙඛසම්මුතිං දදෙය්ය, එසා ඤත්ති.
Sinhala BJT3. “වහන්ස සඞ්ඝයා මාගේ වචන අසාවා. මෙ නම් කුලය සැදැහැයෙන් වැඩෙයි, භෝගයෙන් පිරිහෙයි. ඉදින් සඞ්ඝයාට ප්‍රාප්තකාල වී නම් සඞ්ඝයා මෙ නම් කුලයට ‘සේඛසම්මුති’ දෙන්නේ යැ. මේ ඥප්ති යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො ඉත්ථන්නාමං කුලං සද්ධාය වඩ්ඪති භොගෙන හායති. සඞ්ඝො ඉත්ථන්නාමස්ස කුලස්ස සෙඛ්සම්මුතිං දෙති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස කුලස්ස සෙඛසම්මුතියා දානං, සො තුණ්හස්ස, යස්ස නක්ඛමති සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝයා මාගේ වචන අසාවා. මෙ නම් කුලය සැදැහැයෙන් වැඩෙයි. භෝගයෙන් පිරිහෙයි. සඞ්ඝයා මෙ නම් කුලයට ‘සේඛසම්මුති’ දෙයි. යම් ආයුෂ්මත් කෙනකුන්ට මෙ නම් කුලයට ‘සේඛසම්මුති’ දීම රිසියෙයි නම්, ඒ ආයුෂ්මත් තුෂ්ණීම්භූත වේවා. යමක්හට නො රිසි යෙයි නම් හේ කියන්නේ යැ.
Pali BJTදින්නා සඞ්ඝෙන ඉත්ථන්නාමස්ස කුලස්ස සෙඛසම්මුති. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී එවමෙතං ධාරයාමීති.
Sinhala BJTසඞ්ඝයා විසින් මෙ නම් කුලයට ‘සේඛසම්මුති’ දෙන ලදු. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් තුෂ්ණීම්භූත වී. තෙල මෙසේ ධරමි” යි
Pali BJTඑවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJTමහණෙනි, මේ ශික්‍ෂාපදය මෙසේ උදෙසවු:
Pali BJTයානි ඛො පන තානි සෙඛසම්මතානි කුලානි යො පන භික්ඛු තථාරූපෙසු සෙඛසම්මතෙසු කුලෙසු ඛාදනීයං වා භොජනීයං වා සහත්ථා පටිග්ගහෙත්වා ඛාදෙය්ය වා භුඤ්ජෙය්ය වා පටිදෙසෙතබ්බං තෙන භික්ඛුනා: ගාරය්හං ආවුසො ධම්මං ආපජ්ජිං අසප්පායං පාටිදෙසනීයං තං පටිදෙසෙමී”ති.
Sinhala BJT“යම් ‘සේඛසම්මත’ කුල කෙනෙක් ඇද්ද, යම් මහණෙක් එබඳු සේඛසම්මත කුලයෙහි ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙනැ කන්නේ නම් හෝ බුදින්නේ නම් හෝ ඒ මහණහු විසින් ඇවැත්නි, නොසරුප් වූ පිළිදෙස්නී වූ ගැරැහිය යුතු ඇවැතකට අවන්මි. එය පිළිදෙසමි’ යි පිළිදෙසියැ යුතු”.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේත් මේ සිකපදය පනවන ලදී.
Pali BJT4. තෙන ඛො පන සමයෙන සාවත්ථියං උස්සවො හොති. මනුස්සා භික්ඛූ නිමන්තෙත්වා භොජෙන්ති. තම්පි ඛො කුලං භික්ඛූ නිමන්තෙසි. භික්ඛූ කුක්කුච්චායන්තා නාධිවාසෙන්ති. පටික්ඛිත්තං භගවතා සෙඛසම්මතෙසු කුලෙසු ඛාදනීයං වා භොජනීයං වා සහත්ථා පටිග්ගහෙත්වා ඛාදිතුං භුඤ්ජිතු”න්ති. තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කින්නුඛො නාම අම්හාකං ජීවිතෙන යං අය්යා අම්හාකං න පතිගණ්හන්තී”ති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT4. එසමයෙහි සැවැත්නුවර උත්සවයෙක් වෙයි. මිනිස්සු භික්‍ෂූන් නිමන්ත්‍රණ කොට වළඳවති. ඒ (සේඛසම්මත) කුලය ද භික්‍ෂූන් නිමන්ත්‍රණ කෙළේ යැ. භික්‍ෂූහු කුකුස් කරන්නාහු “භාග්‍යවතුන් විසින් සේඛසම්මත කුලයෙහි ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙන කන්නට බුදින්නට ප්‍රතික්‍ෂේප කරන ලදැ” යි නො ඉවසති. ඔහු අවමන් කෙරෙති, නුගුණ කියති, නුගුණ පතුරුවති: “යම් හෙයෙකින් ආර්‍ය්‍යයෝ අපගේ නිමන්ත්‍රණ නො පිළිගනිත් නම් අපගේ ජීවිතයෙන් කවර අර්‍ත්‍ථයෙක් දැ” යි. භික්‍ෂූහු ඒ මිනිසුන් අවමන් කරනුවන් නුගුණ කියනුවන්, නුගුණ පතුරනුවන්ගේ බස් ඇසූහ. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ.
Pali BJT5. අථඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. “අනුජානාමි භික්ඛවෙ නිමන්තිතෙන සෙඛසම්මතෙසු කුලෙසු ඛාදනීයං වා භොජනීයං වා සහත්ථා පටිග්ගහෙත්වා ඛාදිතුං භුඤ්ජිතුං” එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT5. එසඳ භාග්‍යවතුන් වහන්සේ තෙල නිදානයෙහි තෙල කරුණෙහි ලා දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමැතූ සේක: “මහණෙනි, නිමන්ත්‍රණ කරන ලදුවහු විසින් සේඛසම්මත කුලයෙහි ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙන කන්නට බුදින්නට අනුදනිමි”. මහණෙනි මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:
Pali BJT“යානි ඛො පන තානි සෙඛසම්මතානි කුලානි. යො පන භික්ඛු තථාරූපෙසු සෙඛසම්මතෙසු කුලෙසු පුබ්බෙ අනිමන්තිතො ඛාදනීයං වා භොජනීයං වා සහත්ථා පටිග්ගහෙත්වා ඛාදෙය්ය වා භුඤ්ජෙය්ය වා පටිදෙසෙතබ්බං තෙන භික්ඛුනා ගාරය්හං ආවුසො ධම්මං ආපජ්ජිං අසප්පායං පාටිදෙසනීයං තං පටිදෙසෙමී”ති.
Sinhala BJT“යම් ඒ සේඛසම්මත කුල කෙනෙක් ඇද්ද යම් මහණෙක් එබඳු සේඛසම්මත කුලයෙහි පෙර නිමන්ත්‍රණ නො කරන ලද්දේ ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙන කා නම් හෝ බුදී නම් හෝ ඒ මහණහු විසින්, ඇවැත්නි, ගැරැහිය යුතු අසත්ප්‍රාය වූ පාටිදේසනීය ඇවැතකට පැමිණියෙමි. එය වෙන් කොට දෙසමි” යි පාටිදේසනා කළ යුතු.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේත් මේ සිකපදය පනවන ලදී.
Pali BJT6. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු තස්ස කුලස්ස කුලූපගො හොති. අථ ඛො සො භික්ඛු පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යෙන තං කුලං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. තෙන ඛො පන සමයෙන සො භික්ඛු ගිලානො හොති. අථ ඛො තෙ මනුස්සා තං භික්ඛුං එතදවොචුං භුඤ්ජථ භන්තෙති. අථ ඛො සො භික්ඛු භගවතා පටික්ඛිත්තං අනිමන්තිතෙන සෙක්ඛසම්මතෙසු කුලෙසු ඛාදනීයං වා භොජනීයං වා සහත්ථා පටිග්ගහෙත්වා ඛාදිතුං භුඤ්ජිතු”න්ති කුක්කුච්චායන්තො න පටිග්ගහෙසි. නාසක්ඛි පිණ්ඩාය චරිතුං ඡින්නභත්තො අහොසි. අථ ඛො සො භික්ඛු ආරාමං ගන්ත්වා භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT6. එසමයෙහි එක්තරා මහණෙක් ඒ කුලයට කුලුපග වෙයි. එසඳ ඒ මහණ පෙරවරුයෙහි හැඳැපෙරෙවැ පාසිවුරු ගෙන ඒ කුලය කරා එළැඹියේ යැ, එළැඹැ පැනවූ අස්නෙහි හින. එසමයෙහි ඒ මහණ ගිලන් වෙයි. එසඳ ඒ මිනිස්සු ඒ මහණහට තෙල කීහ: “වහන්ස ‘වළඳව’ යි එසඳ එ මහණ භාග්‍යවතුන් විසින් “නිමන්ත්‍රණ නො කරන ලදහු විසින් සේඛසම්මත කුලයෙහි ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙන කනු හෝ බුදිනු ප්‍රතික්‍ෂිප්ත යැ” යි කුකුස් කරනුයේ නො පිළිගත. පිඬුසිඟා යන්නට නො හැකි වී. සුන්බත් වී. ඉක්බිති එ මහණ අරමට ගොස් භික්‍ෂුනට තෙල කරුණ දැන්වී. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ.
Pali BJT7. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි “අනුජානාමි භික්ඛවෙ ගිලානෙන භික්ඛුනා සෙඛසම්මතෙසු කුලෙසු ඛාදනීයං වා භොජනීයං වා සහත්ථා පටිග්ගහෙත්වා ඛාදිතුං භුඤ්ජිතුං.”
Sinhala BJT7. එසඳ භාග්‍යවතුන් වහන්සේ තෙල නිදානයෙහි තෙල කරුණෙහි දැහැමි කථා කොට මහණුන් ඇමැතූ සේක: “මහණෙනි, ගිලන් මහණහු විසින් සේඛසම්මත කුලයෙහි ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙන කන්නට බුදින්නට අනුදනිමි”.
Pali BJTඑවඤ්ච පන, භික්ඛවෙ, ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJTමහණෙනි මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:
Pali BJT“යානි ඛො පන තානි සෙඛසම්මතානි කුලානි, යො පන භික්ඛු තථාරූපෙසු සෙඛසම්මතෙසු කුලෙසු පුබ්බෙ අනිමන්තිතො අගිලානො ඛාදනීයං වා භොජනීයං වා සහත්ථා පටිග්ගහෙත්වා ඛාදෙය්ය වා භුඤ්ජෙය්ය වා පටිදෙසෙතබ්බං තෙන භික්ඛුනා: ගාරය්හං ආවුසො ධම්මං ආපජ්ජිං අසප්පායං පාටිදෙසනීයං තං පටිදෙසෙමී”ති.
Sinhala BJT“යම් ඒ සේඛසම්මත කුල කෙනෙක් ඇද්ද, යම් මහණෙක් එබඳු සේඛසම්මත කුලයෙහි පෙර නිමන්ත්‍රණ නො කරන ලද්දේ නො ගිලන් වූයේ ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙන කා නම් හෝ බුදී නම් හෝ ඒ මහණහු විසින් “ඇවැත්නි, ගැරැහිය යුතු අසත්ප්‍රාය වූ පාටිදේසනීය ඇවැතකට පැමිණියෙමි. එය වෙන් කොට දෙසමි” යි පාටිදේසනා කළ යුතු.
Pali BJT8. යානි ඛො පන තානි සෙඛසම්මතානි කුලානීති: සෙක්ඛසම්මතං නාම කුලං යං කුලං සද්ධාය වඩ්ඪති භොගෙන හායති එවරූපස්ස කුලස්ස ඤත්තිදුතියෙන කම්මෙන සෙඛසම්මුති දින්නා හොති.
Sinhala BJT8. යානි ඛො පන සේඛසම්මතානි කුලානි යනු: සේඛසම්මත කුල නම්: යම් කුලයක් ශ්‍රද්ධායෙන් වැඩේ ද, භෝගයෙන් පිරිහේ ද, එබඳු කුලයට ‘ඤත්තිදුතිය’ කර්‍මයෙන් සේඛසම්මුති දෙන ලද වෙයි.
Pali BJTයො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJTයො පන’ යනු: යමෙක් යම්බඳුයෙක් ... ‘භික්‍ඛු’ යනු: ... මේ තෙම මේ අර්‍ත්‍ථයෙහි ‘භික්‍ඛු’ යයි අදහස් කරනලද්දේ යැ.
Pali BJTතථාරූපෙසු සෙක්ඛසම්මතෙසු කුලෙසූති: එවරූපෙසු සෙඛසම්මතෙසු කුලෙසු.
Sinhala BJTතථාරූපෙසූ සේඛසම්මතේසු කුලෙසු යනු: මෙබඳු වූ සෙඛසමමත කුලයෙහි.
Pali BJTඅනිමන්තිතො නාම: අජ්ජතනාය වා ස්වාතනාය වා අනිමන්තිතො ඝරූපචාරං ඔක්කන්තෙ නිමන්තෙති{1} එසො අනිමන්තිතො නාම.
Sinhala BJTඅනිමන්තිත නම්: අද දවසට හෝ සෙට දවසට නිමන්ත්‍රණ නො කරන ලද්දේ යැ. ගෘහොපචාරයට බස්නා කල්හි නිමන්ත්‍රණ කෙරෙද්ද තෙල තැනැත්තේ අනිමන්තිත නම් වෙයි.
Pali BJTනිමන්තිතො නාම: අජ්ජතනාය වා ස්වාතනාය වා නිමන්තිතො ඝරූපචාරං අනොක්කමන්තෙ නිමන්තෙති, එසො නිමන්තිතො නාම.
Sinhala BJTනිමන්තිත නම්: අද දවසට හෝ සෙට දවසට නිමන්ත්‍රණ කරන ලද්දේ යැ. ගෘහොපචාරයට නො පැමිණි කල්හි නිමන්ත්‍රණ කෙරෙද්ද තෙල තැනැත්තේ නිමන්තිත නම් වේ.
Pali BJTඅගිලානො නාම: සක්කොති පිණ්ඩාය චරිතුං.
Sinhala BJTඅගිලාන නම්: පිඬුසිඟා යන්නට හැකි වූයේ වෙයි.
Pali BJTගිලානො නාම: න සක්කොති පිණ්ඩාය චරිතුං.
Sinhala BJTගිලාන නම්: පිඬුසිඟා යන්නට නො හැකි වූයේ ය.
Pali BJTඛාදනීයං නාම: පඤ්ච භොජනානි යාමකාලිකං සත්තාහකාලිකං යාවජීවිකං ඨපෙත්වා අවසෙසං ඛාදනීයං නාම.
Sinhala BJTඛාදනීය නම්: පඤ්චභෝජනයෝ යි. යාමකාලිකය සත්තාහකාලිකය යාවජීවිකය තබා සෙස්ස ඛාදනීය නම.
Pali BJTභොජනීයං නාම: පඤ්ච භොජනානි ඔදනො කුම්මාසො සත්තු මච්ඡො මංසං. අනිමන්තිතො අගිලානො ඛාදනීයං වා භොජනීයං වා ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පතිගණ්හාති, ආපත්ති දුක්කටස්ස . අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාටිදෙසනීයස්ස.
Sinhala BJTභෝජනීය නම්: පඤ්චභෝජනයෝ යැ. බත් යැ කොමු යැ. අත්සුණු යැ. දියමස් යැ. ගොඩමස් යැ. නිමන්ත්‍රණ නො කරන ලද්දේ නො ගිලන් වූයේ ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ ‘කමි’ යි ‘බුදිමි’ යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පාටිදේසනීය ඇවැත් වේ.
Pali BJTසෙඛසම්මතෙ සෙක්ඛසම්මතසඤ්ඤී අනිමන්තිතො අගිලානො ඛාදනීයං වා භොජනීයං වා සහත්ථා පටිග්ගහෙත්වා ඛාදති වා භුඤ්ජති වා ආපත්ති පාටිදෙසනීයස්ස. සෙඛසම්මතෙ වෙමතිකො අනිමන්තිතො අගිලානො ඛාදනීයං වා භොජනීයං වා සහත්ථා පටිග්ගහෙත්වා ඛාදති වා භුඤ්ජති වා ආපත්ති පාටිදෙසනීයස්ස. සෙඛසම්මතෙ අසෙඛසම්මතසඤ්ඤී අනිමන්තිතො අගිලානො ඛාදනීයං වා භොජනීයං වා සහත්ථා පටිග්ගහෙත්වා ඛාදති වා භුඤ්ජති වා ආපත්ති පාටිදෙසනීයස්ස.
Sinhala BJTසේඛසම්මත කුලයෙහි සේඛසම්මත යැ යන සංඥා ඇතියේ නිමන්ත්‍රණ නො කරන ලදු වැ නො ගිලන් වැ ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙන කන්නේ නම් හෝ බුදින්නේ නම් හෝ පාටිදේසනීය ඇවැත් වෙයි. සේඛසම්මතයෙහි විමති ඇතියේ නිමන්ත්‍රණ නො කරන ලදු වැ නො ගිලන්වැ ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙන කන්නේ නම් හෝ බුදින්නේ නම් හෝ පාටිදේසනීය ඇවැත් වෙයි. සේඛසම්මතයෙහි සෙඛසම්මතසංඥා නැතියේ නිමන්ත්‍රණ නො කරන ලදු වැ නො ගිලන් වැ ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙන කන්නේ නම් හෝ බුදින්නේ නම් හෝ පාටිදේසනීය ඇවැත් වෙයි.
Pali BJTයාමකාලිකං සත්තාහකාලිකං යාවජීවිකං ආහාරත්ථාය පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTයාමකාලිකය සත්තාහකාලිකය යාවජීවිකය ආහාර පිණිස පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි දුකුළා ඇවැත් වේ.
Pali BJTඅසෙක්ඛසම්මතෙ සෙඛසම්මතසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අසෙඛසම්මතෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අසෙඛසම්මතෙ අසෙඛසම්මතසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTඅසේඛසම්මතයෙහි සෙඛසම්මතසංඥා ඇතියේ දුකුළා ඇවැත් වෙයි. අසේඛසම්මතයෙහි විමති ඇතියේ දුකුළා ඇවැත් වෙයි. අසේඛසම්මතයෙහි අසේඛසම්මතසංඥා ඇතියේ ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: නිමන්තිතස්ස, ගිලානස්ස, නිමන්තිතස්ස වා ගිලානස්ස වා, සෙසකං භුඤ්ජති, අඤ්ඤෙසං භික්ඛා තත්ථ පඤ්ඤත්තා හොති, ඝරතො නීහරිත්වා දෙන්ති, නිච්චභත්තෙ, සලාකභත්තෙ, පක්ඛිකෙ, උපොසථිකෙ, පාටිපදිකෙ, යාමකාලිකං සත්තාහකාලිකං යාවජීවිකං සති පච්චයෙ පරිභුඤ්ජති දෙති, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJTඅනාපත්ති: නිමන්ත්‍රිතයාහට, ගිලනාහට, නිමන්ත්‍රිතයාගේ හෝ ගිලනාගේ හෝ ශේෂය වළඳනුයේ නම් ඔහුට, එහි අන්‍යයන්ට භික්‍ෂා පනවන ලද වේ ද, ගෘහයෙන් බැහැරැ කොට දෙත් ද එහි නිතිබත්හි, ලහබත්හි, පක්‍ෂයට වරක් දෙන බත්හි, පොහෝබත්හි, පැළවියදවස් දෙන බත්හි, යාමකාලිකය සත්තාහකාලිකය යාවජීවිකය ප්‍රත්‍ය ඇති කල්හි වළඳා නම් දේ නම් ඔහුට, උමතුවූවහුට, ආදිකාර්මිකයාට ඇවැත් නැති.
Pali BJTතතිය පාටිදෙසනීයං
Sinhala BJTතුන්වැනි පාටිදේසනීය යි.
Pali BJT7. 4.
Sinhala BJT7. 4.
Pali BJTචතුත්ථපාටිදෙසනීයසික්ඛාපදං
Sinhala BJTසතරවැනි පාටිදේසනීය ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. තෙන ඛො පන සමයෙන සාකියදාසකා අවරුද්ධා හොන්ති. සාකියානියො ඉච්ඡන්ති ආරඤ්ඤකෙසු සෙනාසනෙසු භත්තං කාතුං. අස්සොසුං ඛො සාකියදාසකා සාකියානියො කිර ආරඤ්ඤකෙසු සෙනාසනෙසු භත්තං කත්තුකාමාති. තෙ මග්ගෙ පරියුට්ඨිංසු. සාකියානියො පණීතං ඛාදනීයං භොජනීයං ආදාය ආරඤ්ඤකං සෙනාසනං අගමංසු. සාකියදාසකා නික්ඛමිත්වා සාකියානියො අච්ඡින්දිංසු ච දූසෙසුඤ්ච. සාකියා නික්ඛමිත්වා තෙ චොරෙ සභණ්ඩෙ{1} ගහෙත්වා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම භදන්තා ආරාමෙ චොරෙ පටිවසන්තෙ නාරොචෙස්සන්තී”ති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං{2} සාකියානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං -පෙ- අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි ශාක්‍යදාසයෝ විරුද්ධ වූවාහු වෙති. සැහැකුල කාන්තාවෝ වනසෙනසුන්හි දනක් දෙන්නට රිසි වෙති. “සැහැකුල කාන්තාවෝ වනසෙනසුන්හි දනක් දෙනු රිසිවූහ ල’ යි ශාක්‍යදාසයෝ ඇසූහ. ඔහු මග අවුරාසිටියහ. සැහැකුල කාන්තාවෝ ප්‍රණීත වූ ඛාද්‍ය භෝජ්‍ය ගෙනැ වනසෙනසුනට ගියහ. සැහැකුල මෙහෙකරුවෝ නික්ම සැහැකුල කාන්තාවන් පැහැර ගත්හ. දූෂණ ද කළහ. ශාක්‍යයෝ නික්ම ඒ බඩු සහිත හොරුන් අල්වාගෙනැ අවමන් කෙරෙති, නුගුණ කියති, නුගුණ පතුරවති: “කිසේ නම් වහන්දැවරු ආරාමයෙහි සොරකු වසනා කල්හි ආරොචන නො කෙරෙත් දැ” යි. භික්‍ෂූහු ඒ අවමන් කරන නුගුණ කියන නුගුණ පතුරුවන ශාක්‍යයන්ගේ බස් ඇසූහ. ... එසඳ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ.
Pali BJT2. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. තෙන හි භික්ඛවෙ භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤපෙස්සාමි දස අත්ථවසෙ පටිච්ච සඞ්ඝසුට්ඨුතාය -පෙ- සද්ධම්මට්ඨිතියා විනයානුග්ගහාය. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. එසඳ භාග්‍යවතුන් වහන්සේ තෙල නිදානයෙහි තෙල කරුණෙහි දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක. එකරුණින් මහණෙනි, දසඅර්‍ත්‍ථ විශේෂයන් පිණිස භික්‍ෂූන්ට ශික්‍ෂාපද පනවන්නෙමි. සඞ්‍ඝයාගේ මනාබව පිණිස යැ ... සද්ධර්‍මස්ථිතිය පිණිස යැ විනයට උපස්ථම්භ පිණිස යි. මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:
Pali BJT“යානි ඛො පන තානි ආරඤ්ඤකානි සෙනාසනානි සාසඞ්කසම්මතානි සප්පටිභයානි. යො පන භික්ඛු තථාරූපෙසු සෙනාසනෙසු විහරන්තො පුබ්බෙ අප්පටිසංවිදිතං ඛාදනීයං වා භොජනීයං වා අජ්ඣාරාමෙ සහත්ථා පටිග්ගහෙත්වා ඛාදෙය්ය වා භුඤ්ජෙය්ය වා, පටිදෙසෙතබ්බං තෙන භික්ඛුනා ගාරය්හං ආවුසො ධම්මං ආපජ්ජිං අසප්පායං පාටිදෙසනීයං තං පටිදෙසෙමී”ති.
Sinhala BJT“යම් ඒ සැක සහිත යැ යි සම්මත වූ ප්‍රතිභය සහිත වූ වන සෙනසුන් කෙනෙක් ඇද්ද, යම් මහණෙක් එබඳු සෙනසුන්හි වාස කරන්නේ පළමු නොදන්වා ගෙනෙන ලද ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ ඇතුළුඅරම්හි දී සියතින් පිළිගෙන කා නම් හෝ බුදී නම් හෝ ඒ මහණහු විසින්: ඇවැත්නි, ගැරැහියැයුතු අසත්ප්‍රාය වූ පාටිදේසනීය ඇවැතකට පැමිණියෙමි. එය වෙන් කොට දෙසමි” යි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේත් මේ ශික්‍ෂාපදය පනවන ලද වේ.
Pali BJT3. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ආරඤ්ඤකෙසු සෙනාසනෙසු ගිලානො හොති . මනුස්සා ඛාදනීයං වා භොජනීයං වා ආදාය ආරඤ්ඤකං සෙනාසනං අගමංසු. අථ ඛො තෙ මනුස්සා තං භික්ඛුං එතදවොචුං භුඤ්ජථ භන්තෙති. අථ ඛො සො භික්ඛු භගවතා පටික්ඛිත්තං ආරඤ්ඤකෙසු සෙනාසනෙසු ඛාදනීයං වා භොජනීයං වා සහත්ථා පටිග්ගහෙත්වා ඛාදිතුං භුඤ්ජිතු”න්ති කුක්කුච්චායන්තො න පටිග්ගහෙසි නාසක්ඛි පිණ්ඩාය චරිතුං ඡින්නභත්තො අහොසි. අථ ඛො සො භික්ඛු භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT3. එසමයෙහි එක්තරා මහණෙක් වනසෙනසුන්හි ගිලන්වූයේ වෙයි. මිනිස්සු ඛාද්‍ය භෝජ්‍ය ගෙන වනසෙනසුනට ගියහ. එසඳ ඒ මිනිස්සු ඒ මහණහට තෙල කරුණ කීහ; “වහන්ස, වළඳව’ යි. එසඳ ඒ මහණ භාග්‍යවතුන් විසින් වනසෙනසුන්හි දී ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙන කනු බුදිනු ප්‍රතික්‍ෂේප කරන ලදැ’ යි කුකුස් කරන්නේ නොපිළිගත. පිඬුසිඟායන්නට නොහැකි විය. සුන්බත් වී. ඉක්බිති ඒ මහණ, තෙල කරුණ මහණුන්ට ආරොචන කළේ. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ.
Pali BJT4. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. “අනුජානාමි භික්ඛවෙ ගිලානෙන භික්ඛුනා ආරඤ්ඤකෙසු සෙනාසනෙසු{1} ඛාදනීයං වා භොජනීයං වා සහත්ථා පටිග්ගහෙත්වා ඛාදිතුං භුඤ්ජිතුං” එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT4. එසඳ භාග්‍යවතුන් වහන්සේ තෙල නිදානයෙහි තෙල කාරණයෙහි දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, ගිලන් මහණහු විසින් වනසෙනසුන්හි දී කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ සියතින් පිළිගෙන කනු බොනු අනුදනිමි”. මහණෙනි මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:
Pali BJT“යානි ඛො පන තානි ආරඤ්ඤකානි සෙනාසනානි සාසඞ්කසම්මතානි සප්පටිභයානි, යො පන භික්ඛු තථාරූපෙසු සෙනාසනෙසු විහරන්තො පුබ්බෙ අප්පටිසංවිදිතං ඛාදනීයං වා භොජනීයං වා අජ්ඣාරාමෙ සහත්ථා පටිග්ගහෙත්වා අගිලානො ඛාදෙය්ය වා භුඤ්ජෙය්ය වා, පටිදෙසෙතබ්බං තෙන භික්ඛුනා: ගාරය්හං ආවුසො ධම්මං ආපජ්ජිං අසප්පායං පාටිදෙසනීයං තං පටිදෙසෙමී”ති.
Sinhala BJT“යම් ඒ සැක සහිත යැ යි සම්මත වූ ප්‍රතිභය සහිත වූ වන සෙනසුන් කෙනෙක් ඇද්ද, යම් මහණෙක් එබඳු සෙනසුන්හි වාස කරන්නේ නො ගිලන් වැ පළමු නො දන්වා ගෙනෙන ලද කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ ඇතුළුඅරම්හි දී සියතින් පිළිගෙන කා නම් හෝ බුදී නම් හෝ ඒ මහණහු විසින් ඇවැත්නි, ගැරැහිය යුතු අසත්ප්‍රාය වූ පාටිදේසනීය ඇවැතකට පැමිණියෙමි. එය වෙන් කොට දෙසමි’ යි පටිදේසනා කළයුතු” යි.
Pali BJT5. යානි ඛො පන තානි ආරඤ්ඤකානි සෙනාසනානීති: ආරඤ්ඤකං නාම: සෙනාසනං පඤ්චධනුසතිකං පච්ඡිමං.
Sinhala BJT5. යානි ඛො පන තානි ආරඤ්ඤකානි සේනාසනානි යනු: ආරණ්‍යක සේනාසන නම්: පශ්චිමය දුනු පන්සියයක් දුර වූයේ යි.
Pali BJTසාසඞ්කං නාම: ආරාමෙ වා{2} ආරාමූපචාරෙ වා චොරානං නිවිට්ඨොකාසො දිස්සති භුත්තොකාසො දිස්සති ඨිතොකාසො දිස්සති නිසින්නොකාසො දිස්සති නිපන්නොකාසො දිස්සති.
Sinhala BJTසාසඞ්ක නම්: ආරාමයෙහි හෝ ආරාමොපචාරයෙහි හෝ සොරුන් පිවිසි තැන් පැනෙයි. බත් බිදිතැන් පැනෙයි. සිටි තැන් පැනෙයි. හුන්තැන් පැනෙයි. වැදහොත් තැන් පැනේ.
Pali BJTසප්පටිභයං නාම: ආරාමෙ වා ආරාමූපචාරෙ වා චොරෙහි මනුස්සා හතා දිස්සන්ති, විලුත්තා දිස්සන්ති ආකොටිතා දිස්සන්ති.
Sinhala BJTසප්පටිභය නම්: ආරාමයෙහි හෝ ආරාමොපචාරයෙහි හෝ සොරුන් විසින් මිනිස්සු නසනලද්දාහු පැනෙති. වොලොගන්නා ලද්දාහු පැනෙති, පහර දෙන ලද්දාහු පැනෙත්.