Pācittiya

Expiation Rules

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 1701-1800 න් 4249

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඋග්ගණ්හෙය්යාති: සයං ගණ්හාති, ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඋග්ගණ්හෙය්‍ය; තෙමේ ගනී නම් පචිති ඇවැත් වේ.
Pali BJTඋග්ගණ්හාපෙය්යාති: අඤ්ඤං ගණ්හාපෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඋග්ගණ්හාපෙය්‍ය; මෙරමා ලවා ගන්වා නම් පචිති ඇවැත් වේ.
Pali BJT8. රතනං වා පන භික්ඛුනා රතනසම්මතං වා අජ්ඣාරාමෙ වා අජ්ඣාවසථෙ වා උග්ගහෙත්වා වා උග්ගහාපෙත්වා වා නික්ඛිපිතබ්බන්ති රූපෙන වා නිමිත්තෙන වා සඤ්ඤාණං කත්වා නික්ඛිපිත්වා ආචික්ඛිතබ්බං යස්ස භණ්ඩං නට්ඨං සො ආගච්ඡතූති. සචෙ තත්ථ ආගච්ඡති, සො වත්තබ්බො ආවුසො කීදිසං තෙ භණ්ඩන්ති. සචෙ රූපෙන වා නිමිත්තෙන වා සම්පාදෙති දාතබ්බං. නො චෙ සම්පාදෙති විචිනාහි ආවුසොති වත්තබ්බො. තම්හා ආවාසා පක්කමන්තෙන යෙ තත්ථ හොන්ති භික්ඛූ පතිරූපා තෙසං හත්ථෙ නික්ඛිපිත්වා පක්කමිතබ්බං. නො චෙ හොන්ති භික්ඛූ පතිරූපා, යෙ තත්ථ හොන්ති ගහපතිකා පතිරූපා තෙසං හත්ථෙ නික්ඛිපිත්වා පක්කමිතබ්බං, අයං තත්ථ සාමීචීති අයං තත්ථ අනුධම්මතා.
Sinhala BJT8. රතනං වා පන භික්ඛුනා රතනසම්මතං වා අජ්ඣාරාමෙ වා අජ්ඣාවසථේ වා උග්ගහෙත්‍වා වා උග්ගහාපෙත්‍වා වා නික්ඛිපිතබ්බං; රූපයෙන් හෝ නිමිත්තෙන් හෝ සලකුණු කොට නඟා තබා කිය යුතු යි: යමක්හුගේ බඩුවෙක් නටුයේ නම් හේ පැමිණේව යි. ඉදින් එහි පැමිණේ නම් ඇවැත්නි, තොපගේ බඩුව කෙබඳු දැ යි හේ කියයුත්තේ යි. ඉදින් රූපයෙන් හෝ නිමිත්තෙන් හෝ සම කොට කියා නම් දිය යුතු යි. ඉදින් සම කොට නො කියා නම් “ඇවැත්නි” සොය යි කිය යුත්තේ යි. ඒ අවසින් ඉවත් වැ යන්නහු විසින් එහි යම් සුදුසු මහණ කෙනෙක් වෙත් නම් ඔවුන්ගේ අතෙහි නඟා තබා ඉවත් වැ යා යුතු යි. ඉදින් සුදුසු මහණ කෙනෙක් නො වෙත් නම් සුදුසු ගැහැවි කෙනෙක් වෙත් නම් ඔවුන්ගේ අතෙහි නඟා තබා ඉවත් වැ යා යුතු යි.
Pali BJTඅයං තත්ථ සාමීචීති අයං තත්ථ අනුධම්මතා.
Sinhala BJTඅයං තත්‍ථ සාමීචි: මේ එහි අනුධර්‍මතා යි.
Pali BJTඅනාපත්ති: රතනං වා රතනසම්මතං වා අජ්ඣාරාමෙ වා අජ්ඣාවසථෙ වා උග්ගහෙත්වා වා උග්ගහාපෙත්වා වා නික්ඛිපති යස්ස භවිස්සති සො හරිස්සතීති. රතනසම්මතං විස්සාසං ගණ්හාති, තාවකාලිකං ගණ්හාති, පංසුකූලසඤ්ඤිස්ස, උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTඇතුළු අරමෙහි හෝ ඇතුළුගෙයි හෝ රත්නයක් හෝ රත්න සම්මතයක් හෝ රැගෙනැ හෝ ගන්වාගෙනැ හෝ යමක්හුගේ වන්නේ නම් හේ රැගෙන යන්නේ යැයි නඟා තබා නම්, රත්න සම්මතයක් විස්වස් වැ ගනී නම් තවුකැලි වැ ගනී නම් ඇවැත් නැති, පංසුකූල සඤ්ඤියහට උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTරතනසික්ඛාපදං දුතියං.
Sinhala BJTදෙවැනි රතන ශික්‍ෂාපද යි.
Pali BJT6. 9. 3.
Sinhala BJT6. 9. 3.
Pali BJTවිකාලෙ ගාමප්පවෙසනසික්ඛාපදං
Sinhala BJTවිකාලෙ ගාමප්පවේසන ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ විකාලෙ ගාමං පවිසිත්වා සභායං නිසීදිත්වා අනෙකවිහිතං තිරච්ඡානකථං කථෙන්ති, සෙය්යථිදං? රාජකථං චොරකථං මහාමත්තකථං සෙනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං යානකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං පුරිසකථං සූරකථං{1} විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපෙතකථං නානත්තකථං ලොකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං ඉති වා. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති, “කථං හි නාම සමණා සක්යපුත්තියා විකාලෙ ගාමං පවිසිත්වා සභායං නිසීදිත්වා අනෙකවිහිතං තිරච්ඡානකථං කථෙස්සන්ති සෙය්යථිදං රාජකථං චොරකථං -පෙ- ඉතිභවාභවකථං ඉති වා. සෙය්යථාපි ගිහී කාමභොගිනොති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු විකාලයෙහි ගමට පිවිස සභායෙහි හිඳ නානා ප්‍රකාර වූ තිරශ්චීනකථා කියති. හේ මෙසේ යැ: රාජකථා යැ චෝරකථා යැ මහාමාත්‍රකථා යැ සේනාකථා යැ භයකථා යැ යුද්ධකථා යැ අන්නකථා යැ පානකථා යැ වස්ත්‍රකථා යැ ශයනකථා යැ මාලාකථා යැ ගන්‍ධකථා යැ ඥාතිකථා යැ යානකථා යැ ග්‍රාමකථා යැ නිගමකථා යැ නගරකථා යැ ජනපදකථා යැ ස්ත්‍රීකථා යැ පුරුෂකථා යැ සූරකථා යැ විශිඛාකථා යැ කුම්භස්ථානකථා යැ පූර්‍වප්‍රේතකථා යැ නානාත්‍වකථා යැ ලෝකාඛ්‍යායිකා යැ සමුද්‍රාඛ්‍යායිකා යැ ඉතිභවාභවකථා යනාදී හු යැ. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවති: “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ විකාලයෙහි ගමට පිවිස සභායෙහි හිඳ කාමභෝගී ගිහියන් මෙන් නානාප්‍රකාර වූ තිරශ්චීනකථා කීහු ද? ඔහු මෙසේ යැ; රාජකථා යැ චෝරකථා යැ ... ඉතිභාවාභවකථා යැ යනාදීහු යි.
Pali BJT2. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති, කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ විකාලෙ ගාමං පවිසිත්වා සභායං නිසීදිත්වා අනෙකවිහිතං තිරච්ඡානකථං කථෙස්සන්ති, සෙය්යථිදං රාජකථං චොරකථං -පෙ- ඉතිභවාභවකථං ඉතිවාති. -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ විකාලෙ ගාමං පවිසිත්වා සභායං නිසීදිත්වා අනෙකවිහිතං තිරච්ඡානකථං කථෙථ, සෙය්යථිදං රාජකථං චොරකථං -පෙ- ඉතිභවාභවකථං ඉති වාති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා විකාලෙ ගාමං පවිසිත්වා සභායං නිසීදිත්වා අනෙකවිහිතං තිරච්ඡානකථං කථෙස්සථ, සෙය්යථිදං රාජකථං චොරකථං -පෙ- ඉතිභවාභවකථං ඉති වා. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්:” කෙසේ නම් සවග මහණෝ විකාලයෙහි ගමට පිවිස සභායෙහි හිඳ නානා ප්‍රකාර වූ තිරශ්චීනකථා කීහු ද? හෙ මෙසේ යැ. රාජකථා යැ චෝරකථා යැ ... ඉතිභවාභවකථා යැ යනාදීහු යි. සැබෑ ද මහණෙනි, තෙපි විකාලයෙහි ගමට පිවිස සභායෙහි හිඳ නානාප්‍රකාර වූ තිරශ්චීනකථා කියවු ද? හෙ මෙසේ යැ. රාජකථා යැ චෝරකථා යැ ... ඉතිභවාභවකථා යැ යනාදීහු යැ. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි විකාලයෙහි ගමට පිවිස සභායෙහි හිඳ නානා ප්‍රකාර වූ තිරශ්චීන කථා කීවාහු ද? ඔහු මෙසේ යැ රාජකථා යැ චෝරකථා යැ ... ඉතිභවාභවකථා යැ යනාදීහු යැ. හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වේ යි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJTයො පන භික්ඛු විකාලෙ ගාමං පවිසෙය්ය පාචිත්තියන්ති.
Sinhala BJTයම් මහණෙක් විකාලයෙහි ගම් වදනේ නම් පචිති වේ ය යි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT3. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ කොසලෙසු ජනපදෙ සාවත්ථිං ගච්ඡන්තා සායං අඤ්ඤතරං ගාමං උපගච්ඡිංසු මනුස්සා තෙ භික්ඛූ පස්සිත්වා එතදවොචුං: “පවිසථ භන්තෙ”ති . අථ ඛො තෙ භික්ඛූ භගවතා පටික්ඛිත්තං විකාලෙ ගාමං පවිසිතුන්ති කුක්කුච්චායන්තා න පාවිසි. චොරා තෙ භික්ඛූ අච්ඡින්දිංසු. අථ ඛො තෙ භික්ඛූ සාවත්ථිං ගන්ත්වා භික්ඛූනං එතමත්ථං ආරොචෙසුං. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. “අනුජානාමි භික්ඛවෙ ආපුච්ඡා විකාලෙ ගාමං පවිසිතුං” එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT3. එසමයෙහි වනාහි බොහෝ භික්‍ෂූහු කොසොල් දනව්වෙහි සිට සැවැතට යන්නාහු සවසැ එක්තරා ගමක් වෙත පැමිණියහ. මිනිස්සු ඒ මහණුන් දැකැ තෙල කීහු: “වහන්ස, පිවිසෙනු මැනැවැ” යි. එකල්හි ඒ භික්‍ෂූහු විකාලයෙහි ගම් වදනට භාග්‍යවතුන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලදැ යි කුකුසනුවෝ නො පිවිසියහ. සොරු ඒ මහණුන් අසිඳගත්හ. එකල්හි ඒ භික්‍ෂූහු සැවැතට ගොස් මහණුන්හට තෙල කරුණ දැන්වූහු. භික්‍ෂූහු භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහු. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූසේකැ. “මහණෙනි, පිළිවිසැ විකාලයෙහි ගම් වදනට අනුදනිමි” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJTයො පන භික්ඛු අනාපුච්ඡා විකාලෙ ගාමං පවිසෙය්ය පාචිත්තියන්ති.
Sinhala BJTයම් මහණෙක් නො පිළිවිසැ විකාලයෙහි ගම් වදනේ නම් පචිති වේ යයි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT4. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු කොසලෙසු ජනපදෙ සාවත්ථිං ගච්ඡන්තො සායං අඤ්ඤතරං ගාමං උපගච්ඡි. මනුස්සා තං භික්ඛුං පස්සිත්වා එතදවොචුං: “පවිසථ භන්තෙ”ති. අථ ඛො සො භික්ඛු භගවතා පටික්ඛිත්තං අනාපුච්ඡා විකාලෙ ගාමං පවිසිතුන්ති කුක්කුච්චායන්තො න පාවිසි. චොරා තං භික්ඛුං අච්ඡින්දිංසු. අථ ඛො සො භික්ඛු සාවත්ථිං ගන්ත්වා භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. “අනුජානාමි භික්ඛවෙ සන්තං භික්ඛුං ආපුච්ඡා විකාලෙ ගාමං පවිසිතුං” එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT4. එසමයෙහි වනාහි එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි සිට සැවැතට යන්නේ සවසැ එක්තරා ගමකට පැමිණියේ යැ. මිනිස්සු එමහණ දැක තෙල කීහු: “වහන්සැ පිවිසෙන්නැ”යි එකල්හි ඒ මහණ නො පිළිවිසැ විකාලයෙහි ගම් වදනට භාග්‍යවතුන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලදැයි කුකුසනුයේ නො පිවිසියේ යැ. සොරු ඒ මහණහු අසිඳගත්හ. එකල්හි ඒ මහණ සැවැතට ගොස් මහණුන්හට තෙල කරුණ දැන්වී යැ. භික්‍ෂූහු භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහු. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමැතූසේකැ. “මහණෙනි, ඇති මහණක්හු පිළිවිසැ විකාලයෙහි ගම් වදින්නට අනුදනිමි” මෙසේ ද මහණෙනි මේ සිකපදය උදෙසවු:
Pali BJTයො පන භික්ඛු සන්තං භික්ඛුං අනාපුච්ඡා විකාලෙ ගාමං පවිසෙය්ය පාචිත්තියන්ති.
Sinhala BJTයම් මහණෙක් ඇති මහණක්හු නො පිළිවැසැ විකාලයෙහි ගම් වදනේ නම් පචිති වේ යයි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT5. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අහිනා දට්ඨො හොති. අඤ්ඤතරො භික්ඛු අග්ගිං ආහරිස්සාමීති ගාමං ගච්ඡති. අථ ඛො සො භික්ඛු භගවතා පටික්ඛිත්තං සන්තං භික්ඛුං අනාපුච්ඡා විකාලෙ ගාමං පවිසිතුන්ති කුක්කුච්චායන්තො න පාවිසි. භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි, “අනුජානාමි භික්ඛවෙ තථාරූපෙ අච්චායිකෙ කරණීයෙ සන්තං භික්ඛුං අනාපුච්ඡා විකාලෙ ගාමං පවිසිතුං” එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ.
Sinhala BJT5. එසමයෙහි වනාහි එක්තරා මහණෙක් සර්‍පයකු විසින් දෂ්ට කරන ලද්දේ වෙයි. එක්තරා මහණෙක් ගිනි ගෙනැ එන්නෙමැ යි ගමට යෙයි. එකල්හි ඒ මහණ ඇති මහණක්හු නො පිළිවිසැ විකාලයෙහි ගමට පිවිසෙන්නට භාග්‍යවතුන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලදැ යි කුකුසනුයේ නො පිවිසියේ යැ. භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමැතූසේකැ. “මහණෙනි, එබඳු අත්‍යායික කාර්‍ය්‍යයක් ඇති කල්හි මහණක්හු නො පිළිවිසැ විකාලයෙහි ගම් වදනට අනු දනිමි” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු
Pali BJTයො පන භික්ඛු සන්තං භික්ඛුං අනාපුච්ඡා විකාලෙ ගාමං පවිසෙය්ය අඤ්ඤත්ර තථාරූපා අච්චායිකා කරණීයා පාචිත්තියන්ති.
Sinhala BJTයම් මහණෙක් එබඳු අත්‍යායික කාර්‍ය්‍යයක් තබා ඇති මහණක්හු නො පිළි විසැ විකාලයෙහි ගම් වදනේ නම් පචිති වේ යයි.
Pali BJT6. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT6. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTසන්තො නාම භික්ඛු: සක්කා හොති ආපුච්ඡා පවිසිතුං.
Sinhala BJTසන්තභික්ඛු නම්: පිළිවිසැ පිවිසෙන්නට සමර්‍ත්‍ථ වෙයි;
Pali BJTඅසන්තො නාම භික්ඛු: න සක්කා හොති ආපුච්ඡා පවිසිතුං.
Sinhala BJTඅසන්ත භික්ඛු නම්: පිළිවිසැ පිවිසෙන්නට අසමර්‍ත්‍ථ වෙයි;
Pali BJTවිකාලො නාම මජ්ඣන්හිකෙ වීතිවත්තෙ යාව අරුණුග්ගමනා.
Sinhala BJTවිකාල නම්: මද්දහන ඉක්මුණු කල්හි අරුණ නැඟීම දක්වා;
Pali BJTගාමං පවිසෙය්යාති: පරික්ඛිත්තස්ස ගාමස්ස පරික්ඛෙපං අතික්කමන්තස්ස ආපත්ති පාචිත්තියස්ස. අපරික්ඛිත්තස්ස ගාමස්ස උපචාරං ඔක්කමන්තස්ස ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTගාමං පවිසෙය්‍ය; පරික්‍ෂිප්ත ග්‍රාමයාගේ පරික්‍ෂේපය ඉක්මවන්නාහට පචිති ඇවැත් වෙයි. අපරික්‍ෂිප්ත ග්‍රාමයාගේ උපචාරයට බස්නාහට පචිති ඇවැත් වේ.
Pali BJTඅඤ්ඤත්ර තථාරූපා අච්චායිකා කරණීයාති: ඨපෙත්වා තථාරූපං අච්චායිකං කරණීයං.
Sinhala BJTඅඤ්ඤත්‍ර තථාරූපා අච්චායිකා කරණීයා: එබඳු අත්‍යායික කාර්‍ය්‍යයක් තබා;
Pali BJTවිකාලෙ විකාලසඤ්ඤී සන්තං භික්ඛුං අනාපුච්ඡා ගාමං පවිසති අඤ්ඤත්ර තථාරූපා අච්චායිකා කරණීයා ආපත්ති පාචිත්තියස්ස. විකාලෙ වෙමතිකො සන්තං භික්ඛුං අනාපුච්ඡා ගාමං පවිසති අඤ්ඤත්ර තථාරූපා අච්චායිකා කරණීයා ආපත්ති පාචිත්තියස්ස. විකාලෙ කාලසඤ්ඤී සන්තං භික්ඛුං අනාපුච්ඡා ගාමං පවිසති අඤ්ඤත්ර තථාරූපා අච්චායිකා කරණීයා ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTවිකල්හි විකල්සන් ඇතියේ එබඳු ඉක්මන් කටයුත්තක් තබා විද්‍යමාන මහණක්හු නො පිළිවිසැ ගම් වදී නම් පචිති ඇවැත් වෙයි. විකල්හි විමති ඇතියේ එබඳු ඉක්මන් කටයුත්තක් තබා ඇති මහණක්හු නො පිළිවිසැ ගම් වදී නම් පචිති ඇවැත් වෙයි. විකල්හි කල්සන් ඇතියේ එබඳු ඉක්මන් කටයුත්තක් තබා ඇති මහණක්හු නො පිළිවිසැ ගම් වදී නම් පචිති ඇවැත් වේ.
Pali BJTකාලෙ විකාලසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. කාලෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. කාලෙ කාලසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTකල්හි විකල්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි, කල්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. කල්හි කල්සන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: තථාරූපෙ අච්චායිකෙ කරණීයෙ සන්තං භික්ඛුං ආපුච්ඡා පවිසති, අසන්තං භික්ඛුං අනාපුච්ඡා පවිසති, අන්තරාරාමං ගච්ඡති, භික්ඛුනූපස්සයං ගච්ඡති, තිත්ථියසෙය්යං ගච්ඡති, පටික්කමනං ගච්ඡති, ගාමෙන මග්ගො හොති, ආපදාසු, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJTඑබඳු ඉක්මන් කටයුත්තක් ඇති කල්හි නම්, විද්‍යමාන මහණක්හු පිළිවිසැ පිවිසේ නම්, නැති මහණක්හු නො පිළිවිසැ පිවිසේ නම්, අන් අරමකට යේ නම්, මෙහෙණවරකට යේ නම්, අන් තොටු සෙනසුනකට යේ නම්, දන් වළඳන තැනට යේ නම්, ගමින් මඟ වේ නම් ඇවැත් නැති. ආපදාවෙහි, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTවිකාලෙ{1} ගාමප්පවිසනසික්ඛාපදං තතියං.
Sinhala BJTතුන්වැනි විකාලෙ ගාමප්පවේසන ශික්‍ෂාපද යි.
Pali BJT6. 9. 4.
Sinhala BJT6. 9. 4.
Pali BJTසූචිඝරසික්ඛාපදං
Sinhala BJTසූචිඝර ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරෙන දන්තකාරෙන භික්ඛූ පවාරිතා හොන්ති යෙසං අය්යානං සූචිඝරෙන අත්ථො අහං සූචිඝරෙනාති. තෙන ඛො පන සමයෙන භික්ඛූ බහූ සූචිඝරෙ විඤ්ඤාපෙන්ති. යෙසං ඛුද්දකා සූචිඝරා තෙ මහන්තෙ සූචිඝරෙ විඤ්ඤාපෙන්ති, යෙසං මහන්තා සූචිඝරා තෙ ඛුද්දකෙ සූචිඝරෙ විඤ්ඤාපෙන්ති, අථ ඛො සො දන්තකාරො භික්ඛූනං බහූ සූචිඝරෙ කරොන්තො න සක්කොති අඤ්ඤං වික්කායිකං භණ්ඩං කාතුං, අත්තනාපි න යාපෙති, පුත්තදාරාපිස්ස{1} කිලමන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති, “කථං හි නාම සමණා සක්යපුත්තියා න මත්තං ජානිත්වා බහූ සූචිඝරෙ විඤ්ඤාපෙස්සන්ති. අයං ඉමෙසං බහූ සූචිඝරෙ කරොන්තො න සක්කොති අඤ්ඤං වික්කායිකං භණ්ඩං කාතුං අත්තනාපි න යාපෙති පුත්තදාරොපිස්ස කිලමන්තීති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත්පුරැ නුගඅරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි එක්තරා දළකම්කරුවකු විසින් භික්‍ෂූහු පවරන ලද්දාහු වෙති. යම් හිමි කෙනකුන්හට හිදිගුළායෙන් ප්‍රයෝජනයෙක් වේ නම් හිදිගුළායෙන් මම පවරමැ යි. එසමයෙහි වනාහි භික්‍ෂුහු බොහෝ හිදිගුළා විනවති. යම් කෙනකුන්හට කුඩා හිදිගුළා වෙත් නම් ඔහු මහත් හිදිගුළා විනවති. යම් කෙනකුන්හට මහත් හිදිගුළා වෙත් නම් ඔහු කුඩා හිදිගුළා විනවත්. එකල්හි ඒ දළකම්කරු තෙමේ මහණුන් හට බොහෝ හිදිගුළා කරනුයේ අන් විකිණිය යුතු බඩුවක් කරන්නට නො හැකි වෙයි. තෙමේත් නො යැපෙයි. ඔහුගේ අඹුදරුවෝත් මිරිකෙත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ පමණ නො දැනැ බොහෝ හිදිගුළා විනවූහු”ද? මෙතෙමේ මොවුනට බොහෝ හිදිගුළා කරනුයේ අන් විකිණිය යුතු බඩුවක් කරන්නට නො හැකි වෙයි. තෙමේත් නො යැපෙයි. මොහුගේ අඹුදරුවෝත් මිරිකෙත්”යයි.
Pali BJT2. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. “කථං හි නාම භික්ඛූ න මත්තං ජානිත්වා බහූ සූචිඝරෙ විඤ්ඤාපෙස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛූ න මත්තං ජානිත්වා බහූ සූචිඝරෙ විඤ්ඤාපෙන්තීති. සච්චං භගවා විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තෙ භික්ඛවෙ මොඝපුරිසා න මත්තං ජානිත්වා බහූ සූචිඝරෙ විඤ්ඤාපෙස්සන්ති, නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. භික්‍ෂූහු ලමුකොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්” කෙසේ නම් භික්‍ෂූහු පමණ නො දැනැ බොහෝ හිදිගුළා විනවූහු දැ යි ... සැබෑ ද මහණෙනි භික්‍ෂූහු පමණ නො දැනැ බොහෝ හිදිගුළා විනවද්දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් මහණෙනි, ඒ හිස් පුරුෂයෝ පමණ නො දැනැ බොහෝ හිදිගුළා විනවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJTයො පන භික්ඛු අට්ඨිමයං වා දන්තමයං වා විසාණමයං වා සූචිඝරං කාරාපෙය්ය භෙදනකං පාචිත්තියන්ති.
Sinhala BJTයම් මහණෙක් ඇටමුවා හෝ දළමුවා හෝ අංමුවා හෝ හිදිගුළාවක් කරවා නම් භේදනක පචිති ඇවැත් වේ යයි.
Pali BJT3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති; -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTඅට්ඨි නාම: යං කිඤ්චි අට්ඨි.
Sinhala BJTඅට්ඨි නම්: යම් කිසි ඇටයෙක්;
Pali BJTදන්තො නාම: හත්ථිදන්තො වුච්චති.
Sinhala BJTදන්ත නම්: ඇත්දතැයි කියනු ලැබේ.
Pali BJTවිසාණං නාම: යං කිඤ්චි විසාණං.
Sinhala BJTවිසාණ නම්: යම් කිසි හඟෙක්;
Pali BJTකාරාපෙය්යාති: කරොති වා කාරාපෙති වා පයොගෙ දුක්කටං. පටිලාභෙන භින්දිත්වා පාචිත්තියං දෙසෙතබ්බං.
Sinhala BJTකාරාපෙය්‍ය කෙරේ නම් හෝ කරවා නම් හෝ පියෝහි දුකුළා වෙයි. ලැබීමෙන් බිඳ පියා පචිති ඇවැත් දෙසිය යුතු.
Pali BJTඅත්තනා විප්පකතං අත්තනා පරියොසාපෙති, ආපත්ති පාචිත්තියස්ස. අත්තනා විප්පකතං පරෙහි පරියොසාපෙති ආපත්ති පාචිත්තියස්ස. පරෙහි විප්පකතං අත්තනා පරියොසාපෙති ආපත්ති පාචිත්තියස්ස. පරෙහි විප්පකතං පරෙහි පරියොසාපෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTතමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. තමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅඤ්ඤස්සත්ථාය කරොති වා කාරාපෙති වා ආපත්ති දුක්කටස්ස. අඤ්ඤෙන කතං පටිලභිත්වා පරිභුඤ්ජති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTමෙරමා සඳහා කෙරේ නම් හෝ කරවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. මෙරමා විසින් කරන ලද්ද ලැබ පරිභෝග කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති ගණ්ඨිකාය{1} අරණිකෙ, වීඨෙ{2}, අඤ්ජනියා, අඤ්ජනිසලාකාය, වාසිජටෙ, උදකපුඤ්ඡනියා, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJTගණ්ඨියෙහි අරණියෙහි (ගිනිගානාදඬුයෙහි) කාබාන් විටුයෙහි අඳුන් තලයෙහි, අඳුන් ලහයෙහි, වෑදඬියෙහි, දියපිස්නෙහි ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTසූචිඝරසික්ඛාපදං චතුත්ථං.
Sinhala BJTසතරවැනි සූවිඝර ශික්‍ෂාපද යි.
Pali BJT6. 9. 5.
Sinhala BJT6. 9. 5.
Pali BJTමඤ්චසික්ඛාපදං
Sinhala BJTමඤ්ච ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා උපනන්දො සක්යපුත්තො උච්චෙ මඤ්චෙ සයති. අථ ඛො භගවා සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං සෙනාසනචාරිකං ආහිණ්ඩන්තො යෙනායස්මතො උපනන්දස්ස සක්යපුත්තස්ස විහාරො තෙනුපසඞ්කමි. අද්දසා ඛො ආයස්මා උපනන්දො සක්යපුත්තො භගවන්තං දූරතොව ආගච්ඡන්තං, දිස්වාන භගවන්තං එතදවොච: ආගච්ඡතු මෙ භන්තෙ භගවා සයනං පස්සතූති. අථ ඛො භගවා තතො ව පටිනිවත්තිත්වා භික්ඛූ ආමන්තෙසි, ආසයතො භික්ඛවෙ මොඝපුරිසො වෙදිතබ්බොති, අථ ඛො භගවා ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං අනෙකපරියායෙන විගරහිත්වා දුභරතාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍ය පුත්‍ර උස් හැඳෙකැ හොවී. එකල්හි භාග්‍යවතුන් වහන්සේ බොහෝ මහණුන් සමග සේනාසන චාරිකායෙහි ඇවිදිනා සේක් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රගේ වෙහෙර වෙතැ එළැඹිසේකි. ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍ය පුත්‍ර දුර දී මැ වඩනා වූ භාග්‍යවතුන් දුටුවේ යි. දැකැ භාග්‍යවතුන්හට මෙය කී යැ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වඩනා සේක්වා මාගේ යහන බලන සේක්ව යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එතැනින් මැ පෙරළා වැඩ මහණුන් ඇමැතූ සේකැ. මහණෙනි ආශ්‍රයස්ථානයෙන් හිස් පුරුෂයා දත යුත්තේ යි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයහට නොයෙක් කරුණෙන් ගරහා දුබරබැව් පිණිස ... මෙසේ ද මහණෙනි මේ සිකපදය උදෙසවු,
Pali BJTනවං පන භික්ඛුනා මඤ්චං වා පීඨං වා කාරයමානෙන අට්ඨඞ්ගුලපාදකං කාරෙතබ්බං සුගතඞ්ගුලෙන අඤ්ඤත්ර හෙට්ඨිමාය අටනියා. තං අතික්කාමයතො ඡෙදනකං පාචිත්තියන්ති.
Sinhala BJT“අළුත් හැඳක් හෝ පුටුවක් හෝ කරවන මහණහු විසින් හැඳවතෙහි යටැ කොටස තබා සුගත් අඟුලෙන් අටඟුල් පා ඇති සේ කැරවිය යුතු යි. එය ඉක්මවන්නාහට ඡේදනක පචිති ඇවැත් වේ”යයි.
Pali BJT2. නවං නාම: කරණං උපාදාය වුච්චති.
Sinhala BJT2. නව නම්: කිරීම නිසා කියනු ලැබේ.
Pali BJTමඤ්චො නාම: චත්තාරො මඤ්චා මසාරකො බුන්දිකාබද්ධො කුළීරපාදකො ආහච්චපාදකො.
Sinhala BJTමඤ්ච නම්: මසාරක යැ බුන්‍දිකාබද්ධ යැ කුළීරපාදක යැ ආහච්චපාදක යැ යි සතර හැඳෙකි.
Pali BJTපීඨං නාම: චත්තාරි පීඨානි මසාරකං බුන්දිකාබද්ධං කුළීරපාදකං ආහච්චපාදකං.
Sinhala BJTපීඨ නම්: මසාරක යැ බුන්‍දිකාබද්ධ යැ කුළීරපාදක යැ ආහච්චපාදක යැ යි සතර පුටුවෙකි.
Pali BJTකාරයමානෙනාති: කරොන්තො වා කාරාපෙන්තො වා.
Sinhala BJTකාරයමානෙන; කරන්නේ හෝ කරවන්නේ හෝ;
Pali BJTඅට්ඨඞ්ගුලපාදකං කාරෙතබ්බං සුගතඞ්ගුලෙන, අඤ්ඤත්ර හෙට්ඨිමාය අටනියාති ඨපෙත්වා හෙට්ඨිමං අටනිං. තං අතික්කාමෙත්වා කරොති වා කාරාපෙති වා, පයොගෙ දුක්කටං. පටිලාභෙන ඡින්දිත්වා පාචිත්තියං දෙසෙතබ්බං.
Sinhala BJTඅට්ඨඞ්ගුලපාදකං කාරෙතබ්බං සුගතඞ්ගුලෙන අඤ්ඤත්‍ර හෙට්ඨිමාය අටනියා: යට හැඳවත තබා; එය ඉක්මවා කෙරේ නම් හෝ කරවා නම් හෝ පියෝහි දුකුළා වේ. ලැබීමෙන් සිඳැ පචිති ඇවැත් දෙසිය යුතු
Pali BJTඅත්තනා විප්පකතං අත්තනා පරියොසාපෙති ආපත්ති පාචිත්තියස්ස. අත්තනා විප්පකතං පරෙහි පරියොසාපෙති ආපත්ති පාචිත්තියස්ස. පරෙහි විප්පකතං අත්තනා පරියොසාපෙති ආපත්ති පාචිත්තියස්ස. පරෙහි විප්පකතං පරෙහි පරියොසාපෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTතමා විසින් නිමාම් නොකරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. තමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නොකරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅඤ්ඤස්සත්ථාය කරොති වා කාරාපෙති වා ආපත්ති දුක්කටස්ස. අඤ්ඤෙන කතං පටිලභිත්වා පරිභුඤ්ජති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTමෙරමා සඳහා කෙරේ නම් හෝ කරවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. මෙරමා විසින් කරන ලද්දක් ලැබ පිරිබෝ කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: පමාණිකං කරොති, ඌනකං කරොති, අඤ්ඤෙන කතං පමාණාතික්කන්තං පටිලභිත්වා ඡින්දිත්වා පරිභුඤ්ජති, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJTපමණින් යුතු කොට කෙරේ නම්, උනු කොට කෙරේ නම්, මෙරමා විසින් කරන ලද පමණ ඉක්මවූවක් ලැබ සිඳ පිරිබෝ කෙරේ නම්, ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTමඤ්චසික්ඛාපදං පඤ්චමං.{1}
Sinhala BJTපස්වැනි මඤ්ච ශික්‍ෂාපද යි.
Pali BJT6. 9. 6.
Sinhala BJT6. 9. 6.
Pali BJTතූලොනද්ධසික්ඛාපදං
Sinhala BJTතුලෝනද්ධ ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ මඤ්චම්පි පීඨම්පි තූලොනද්ධං කාරාපෙන්ති. මනුස්සා විහාරචාරිකං ආහිණ්ඩන්තා පස්සිත්වා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම සමණා සක්යපුත්තියා මඤ්චම්පි පීඨම්පි තූලොනද්ධං කාරාපෙස්සන්ති, සෙය්යථාපි ගිහී කාමභොගිනොති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු හැඳ ද පුටුව ද පුළුන් බහා වළඳනා ලද්දක් කොට කරවති. මිනිස්සු විහාරචාරිකායෙහි ඇවිදිනාහු දැකැ ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ කාමභෝගී ගිහියන් මෙන් හැඳ ද පුටුව ද පුළුන් බහා වළඳනා ලද්දක් කොට කැරැවූහු දැ යි.
Pali BJT2. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති, කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ මඤ්චම්පි පීඨම්පි තූලොනද්ධං කාරාපෙස්සන්තීති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ මඤ්චම්පි පීඨම්පි තූලොනද්ධං කාරාපෙථාති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා මඤ්චම්පි පීඨම්පි තූලොනද්ධං කාරාපෙස්සථ, නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු හැඳ ද පුටුව ද පුළුන් බහා වළඳනා ලද්දක් කොට කැරැවූහු දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි හැඳ ද පුටුව ද පුළුන් බහා වළඳනා ලද්දක් කොට කරවවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු නොයෙක් අයුරින් ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි හැඳ ද පුටුව ද පුළුන් බහා වළඳනා ලද්දක් කොට කැරැවූහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJTයො පන භික්ඛු මඤ්චං වා පීඨං වා තූලොනද්ධං කාරාපෙය්ය උද්දාලනකං පාචිත්තිය”න්ති.
Sinhala BJTයම් මහණෙක් හැඳක් හෝ පුටුවක් හෝ පුළුන් බහා වළඳනා ලද්දක් කොට කරවන්නේ නම් විදැහීම් ඇති පචිති වේ යයි.
Pali BJT3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTමඤ්චො නාම: චත්තාරො මඤ්චා මසාරකො බුන්දිකාබද්ධො කුළීරපාදකො ආහච්චපාදකො.
Sinhala BJTමඤ්ච නම්: මසාරක යැ බුන්‍දිකාබද්ධ යැ කුළීරපාදක යැ ආහච්ච පාදක යැ යි සතර හැඳෙකි.
Pali BJTපීඨං නාම: චත්තාරි පීඨානි මසාරකං බුන්දිකාබද්ධං කුළීරපාදකං ආහච්චපාදකං.
Sinhala BJTපීඨ නම්: මසාරක යැ බුන්‍දිකාබද්ධ යැ කුළීරපාදක යැ ආහච්ච පාදක යැ යි සතර පුටුවෙකි.
Pali BJTතූලං නාම: තීණිතූලානි රුක්ඛතූලං ලතාතූලං පොටකිතූලං.
Sinhala BJTතුල නම්: රුක් පුළුනැ ලියපුළුනැ තණපුළුනැ යි තුන් පුළුනෙකි.
Pali BJTකාරාපෙය්යාති කරොති වා කාරාපෙති වා පයොගෙ දුක්කටං. පටිලාභෙන උද්දාලෙත්වා පාචිත්තියං දෙසෙතබ්බං.
Sinhala BJTකාරාපෙය්‍ය: කෙරේ නම් හෝ කරවා නම් හෝ පියෝහි දුකුළා වේ. ලැබීමෙන් විදැ හෙළා පචිති දෙසිය යුතු යි.
Pali BJTඅත්තනා විප්පකතං අත්තනා පරියොසාපෙති ආපත්ති පාචිත්තියස්ස. අත්තනා විප්පකතං පරෙහි පරියොසාපෙති ආපත්ති පාචිත්තියස්ස. පරෙහි විප්පකතං අත්තනා පරියොසාපෙති ආපත්ති පාචිත්තියස්ස. පරෙහි විප්පකතං පරෙහි පරියොසාපෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTතමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. තමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅඤ්ඤස්සත්ථාය කරොති වා කාරාපෙති වා ආපත්ති දුක්කටස්ස. අඤ්ඤෙන කතං පටිලභිත්වා පරිභුඤ්ජති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTමෙරමා සඳහා කෙරේ නම් හෝ කරවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. මෙරමා විසින් කරන ලද්දක් ලැබ පිරිබෝ කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: ආයොගෙ කායබන්ධනෙ අංසවට්ටකෙ{1} පත්ථවිකාය, පරිස්සාවනෙ බිබ්බොහනං{2} කරොති අඤ්ඤෙන කතං පටිලභිත්වා උද්දාලෙත්වා පරිභුඤ්ජති, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJTආයෝගපට්ටයෙහි, කාබානෙහි, අංසවට්ටකයෙහි, පාත්‍රථවිකායෙහි, පෙරහනෙහි, මාවුලාවක් කෙරේ නම්, මෙරමා විසින් කරන ලද්දක් ලැබැ විදැ හෙළා පිරිබෝ කෙරේ නම් ඇවැත් නැත, උම්මත්තකයහට ආදි කම්මිකයහට ඇවැත් නැති.
Pali BJTතූලොනද්ධසික්ඛාපදං ඡට්ඨං.
Sinhala BJTසවැනි තුලෝනද්ධ ශික්‍ෂාපද යි.
Pali BJT6. 9. 7.
Sinhala BJT6. 9. 7.
Pali BJTනිසීදනසික්ඛාපදං
Sinhala BJTනිසීදන ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භගවතා භික්ඛූනං නිසීදනං අනුඤ්ඤාතං හොති. ඡබ්බග්ගියා භික්ඛූ භගවතා නිසීදනං අනුඤ්ඤාන්ති අප්පමාණිකානි නිසීදනානි ධාරෙන්ති මඤ්චස්සපි පීඨස්සපි පුරතොපි පච්ඡතොපි ඔලම්බෙන්ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති, කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ අප්පමාණිකානි නිසීදනානි ධාරෙස්සන්තීති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ අප්පමාණිකානි නිසීදනානි ධාරෙථාති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා අප්පමාණිකානි නිසීදනානි ධාරෙස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි භාග්‍යවතුන් විසින් මහණුන්හට නිසීදනයෙක් අනුදන්නා ලද්දේ වෙයි. සවග මහණහු භාග්‍යවතුන් විසින් නිසීදනය අනුදන්නා ලදැ යි පමණ ඉක්ම වූ නිසීදනයන් ධරත්. හැඳෙහි දු පුටුවෙහි දු ඉදිරියෙනුදු පස්සෙනුදු එල්බෙත්. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සවග මහණහු පමණ ඉක්මවූ නිසීදනයන් ධැරූහු දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි පමණ ඉක්මවූ නිසීදනයන් ධරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ. ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි පමණ ඉක්මවූ නිසීදනයන් දැරුවහු ද? හිස් පුරුෂයෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙ සිකපදය උදෙසවු:
Pali BJTනිසීදනං පන භික්ඛුනා කාරයමානෙන පමාණිකං කාරෙතබ්බං තත්රිදං පමාණං දීඝසො ද්වෙ විදත්ථියො සුගතවිදත්ථියා තිරියං දියඩ්ඪං. තං අතික්කාමයතො ඡෙදනකං පාචිත්තියන්ති.
Sinhala BJTනිසීදනයක් කරවනු කැමැති මහණහු විසින් පමණින් යුතු කොට කැරැවිය යුතු යි. එහි මේ පමණ යැ: දිගින් සුගත් වියතින් දෙවියතෙකැ සරසින් යෙළවියතෙකි. එය ඉක්මවන්නාහට ඡේදනක පාචිත්තිය ඇවැත් වේ යයි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මෙ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT2. තෙන ඛො පන සමයෙන ආයස්මා උදායී මහාකායො හොති. සො භගවතො පුරතො නිසීදනං පඤ්ඤපෙත්වා සමන්තතො සමඤ්ඡමානො නිසීදි{1}. අථ ඛො භගවා ආයස්මන්තං උදායිං එතදවොච: කිස්ස ත්වං උදායි නිසීදනං පඤ්ඤාපෙත්වා සමන්තතො සමඤ්ඡසි සෙය්යථාපි පුරාණාසිකොට්ඨොති. තථා හි පන භන්තෙ භගවතා භික්ඛූනං අතිඛුද්දකං නිසීදනං අනුඤ්ඤාතන්ති. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි “අනුජානාමි භික්ඛවෙ නිසීදනස්ස දසං{2} විදත්ථිං” එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. එසමයෙහි වනාහි ආයුෂ්මත් උදායී මහත් සිරිරි ඇතියේ වෙයි. හේ භාග්‍යවතුන් පෙරටුයෙහි නිසීදනය පනවා හාත්පසින් අදිමින් හුන්නේ යැ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උදායිහට මෙය වදාළ සේකැ. කුමකට තෙපි උදායි, නිසීදනය පනවා පැරැණි සොම්මරකු මෙන් හාත්පසින් අදනෙහි දැ? යි. ස්වාමීනි, භාග්‍යවතුන් විසින් මහණුන්හට එබඳු ඉතා කුඩා නිසීදනයෙක් අනුදන්නා ලද්දේ මැ නු? ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මෙඅවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමැතූ සේකැ. “මහණෙනි, නිසීදනයාගේ දහවලු වියතක් අනුදනිමි.” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJTනිසීදනං පන භික්ඛුනා කාරයමානෙන පමාණිකං කාරෙතබ්බං තත්රිදං පමාණං, දීඝසො ද්වෙ විදත්ථියො සුගතවිදත්ථියා. තිරියං දියඩ්ඪං, දසා විදත්ථි, තං අතික්කාමයතො ඡෙදනකං පාචිත්තියන්ති.
Sinhala BJTනිසීදනයක් කරවනු කැමැති මහණහු විසින් පමණින් යුතු කොට කැරැවිය යුතු යි. එහි මේ පමණ යැ දිගින් සුගත් වියතින් දෙවියතෙකැ සරසින් යෙළ වියතෙකැ. දහවලුව වියතෙකි. එය ඉක්මවන්නාහට ඡේදනක පචිති වේ යයි.
Pali BJT3. නිසීදනං නාම: සදසං වුච්චති.
Sinhala BJT3. නිසීදන නම්: දහවලු සහිතය කියනු ලැබේ.
Pali BJTකාරයමානෙනාති: කරොන්තො වා කාරාපෙන්තො වා. පමාණිකං කාරෙතබ්බං. තත්රිදං පමාණං දීඝසො ද්වෙ විදත්ථියො සුගතවිදත්ථියා තිරියං දියඩ්ඪං. දසා විදත්ථි තං අතික්කාමෙත්වා කරොති වා කාරාපෙති වා පයොගෙ දුක්කටං. පටිලාභෙන ඡින්දිත්වා පාචිත්තියං දෙසෙතබ්බං.
Sinhala BJTකාරයමානෙන: කරන්නේ හෝ කරවන්නේ හෝ, පමණින් යුතු කොට කැරැවිය යුතු යි. එහි මේ පමණ යැ. දිගින් සුගත් වියතින් දෙවියතෙකැ, සරසින් යෙළ විය තෙකැ, දහවලුව වියතෙකි. එය ඉක්මවා කෙරේ නම් හෝ කරවා නම් හෝ පියෝහි දුකුළා වේ. ලැබීමෙන් සිඳලා පචිති දෙසිය යුතු යි.
Pali BJTඅත්තනා විප්පකතං අත්තනා පරියොසාපෙති ආපත්ති පාචිත්තියස්ස. අත්තනා විප්පකතං පරෙහි පරියොසාපෙති ආපත්ති පාචිත්තියස්ස. පරෙහි විප්පකතං අත්තනා පරියොසාපෙති ආපත්ති පාචිත්තියස්ස, පරෙහි විප්පකතං පරෙහි පරියොසාපෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTතමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. තමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅඤ්ඤස්සත්ථාය කරොති වා කාරාපෙති වා ආපත්ති දුක්කටස්ස. අඤ්ඤෙන කතං පටිලභිත්වා පරිභුඤ්ජති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTමෙරමා සඳහා කෙරේ නම් හෝ කරවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. මෙරමා විසින් කරන ලද්දක් ලැබ පිරිබෝ කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: පමාණිකං කරොති, ඌනකං කරොති, අඤ්ඤෙන කතං පමාණාතික්කන්තං පටිලභිත්වා ඡින්දිත්වා පරිභුඤ්ජති, විතානං වා භූමත්ථරණං වා සාණිපාකාරං වා භිසිං වා බිබ්බොහනං වා කරොති, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJTපමණින් යුතු කොට කෙරේ නම් උනු කොට කෙරේ නම් මෙරමා විසින් කරන ලද පමණ ඉක්මවූවක් ලැබ සිඳලා පිරිබෝ කෙරේ නම්, වියනක් හෝ බුමුතුරුණක් හෝ කඩතුරාවක් හෝ බිස්සක් හෝ මාවුලාවක් හෝ කෙරේ නම්, ඇවැත් නැත. උම්මත්තකයහට ආදි කම්මිකයහට ඇවැත් නැති.
Pali BJTනිසීදනසික්ඛාපදං සත්තමං.
Sinhala BJTසත්වැනි නිසීදන ශික්‍ෂාපද යි.
Pali BJT6. 9. 8.
Sinhala BJT6. 9. 8.
Pali BJTකණ්ඩුප්පටිච්ඡාදිසික්ඛාපදං
Sinhala BJTකණ්ඩුපටිච්ඡාදි ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භගවතා භික්ඛූනං කණ්ඩුප්පටිච්ඡාදි අනුඤ්ඤාතා හොති. ඡබ්බග්ගියා භික්ඛූ භගවතා කණ්ඩුප්පටිච්ඡාදි අනුඤ්ඤාතාති අප්පමාණිකායො කණ්ඩුපටිච්ඡාදියො ධාරෙන්ති, පුරතොපි පච්ඡතොපි ආකඩ්ඪන්තා ආහිණ්ඩන්ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි භාග්‍යවතුන් විසින් මහණුන්හට කස්පිළිසනෙක් අනුදන්නා ලද්දේ වෙයි. සවග මහණහු භාග්‍යවතුන් විසින් කස්පිළිසනෙක් අනුදන්නා ලදැ යි පමණ ඉක්මවූ කස් පිළිසන් දරති. ඉදිරියෙනුදු පස්සෙනුදු අදිමින් ඇවිදිත්. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්:
Pali BJT“කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ අප්පමාණිකායො කණ්ඩුපටිච්ඡාදියො ධාරෙස්සන්තීති” -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ අප්පමාණිකායො කණ්ඩුපටිච්ඡාදියො ධාරෙථාති. සච්චං භගවා, විගරහි බුද්ධො භගවා: -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා අප්පමාණිකායො කණ්ඩුපටිච්ඡාදියො ධාරෙස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT“කෙසේ නම් සවග මහණහු පමණ ඉක්මවූ කස් පිළිසන් දැරුහු දැ යි ... සැබෑද මහණෙනි, තෙපි පමණ ඉක්මවූ කස් පිළිසන් දරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු නොයෙක් අයුරින් ගැරහූහ. ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි පමණ ඉක්මවූ කස් පිළිසන් දැරුවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි මේ සිකපදය උදෙසවු:
Pali BJTකණ්ඩුප්පටිච්ඡාදිං පන භික්ඛුනා කාරයමානෙන පමාණිකා කාරෙතබ්බා තත්රිදං පමාණං, දීඝසො චතස්සො විදත්ථියො සුගතවිදත්ථියා තිරියං ද්වෙ විදත්ථියො තං අතික්කාමයතො ඡෙදනකං පාචිත්තියන්ති.
Sinhala BJTකස්පිළිසනක් කරවනු කැමැති මහණහු විසින් පමණින් යුතු කොට කැරැවිය යුතු යැ. එහි මේ පමණ යැ දිගින් සුගත වියතින් සිවු වියතෙකැ. සරසින් දෙවියතෙකි. එය ඉක්මවන්නාහට ඡේදනක පචිති වේ යයි.
Pali BJT2. කණ්ඩුපටිච්ඡාදි නාම: යස්ස අධොනාභි උබ්භජාණුමණ්ඩලං කණ්ඩු වා පිළකා{1} වා අස්සාවො{2} වා ථුල්ලකච්ඡු වා ආබාධො තස්ස පටිච්ඡාදනත්ථාය.
Sinhala BJT2. කණ්ඩුපටි ඡාදි නම්: යමක්හුගේ නැබෙන් යට දණමඬලෙන් උඩ කැසිල්ලෙක් හෝ පොළෙක් හෝ මලවැහීමෙක් හෝ මහත් කස් ආබාධයෙක් හෝ වේ නම් ඒ ආබාධයාගේ වැසීම පිණිස.
Pali BJTකාරයමානෙනාති: කරොන්තො වා කාරාපෙන්තො වා. පමාණිකා කාරෙතබ්බා: තත්රිදං පමාණං දීඝසො චතස්සො විදත්ථියො සුගතවිදත්ථියා තිරියං ද්වෙ විදත්ථියො. තං අතික්කාමෙත්වා කරොති වා කාරාපෙති වා පයොගෙ දුක්කටං. පටිලාභෙන ඡින්දිත්වා පාචිත්තියං දෙසෙතබ්බං.
Sinhala BJTකාරයමානෙන: කරන්නේ හෝ කරවන්නේ හෝ; පමණින් යුතු කොට කැරැවිය යුතු යි. එහි මේ පමණ යැ දිගින් සුගත් වියතින් සිවු වියතෙකැ. සරසින් දෙවියතෙකි. එය ඉක්මවා කෙරේ නම් හෝ කරවා නම් හෝ පියෝහි දුකුළා වේ. ලැබීමෙන් සිඳලා පචිති දෙසිය යුතු යි.
Pali BJTඅත්තනා විප්පකතං අත්තනා පරියොසාපෙති ආපත්ති පාචිත්තියස්ස. අත්තනා විප්පකතං පරෙහි පරියොසාපෙති ආපත්ති පාචිත්තියස්ස. පරෙහි විප්පකතං අත්තනා පරියොසාපෙති ආපත්ති පාචිත්තියස්ස. පරෙහි විප්පකතං පරෙහි පරියොසාපෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTතමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. තමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅඤ්ඤස්සත්ථාය කරොති වා කාරාපෙති වා ආපත්ති දුක්කටස්ස. අඤ්ඤෙන කතං පටිලභිත්වා පරිභුඤ්ජති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTමෙරමා සඳහා කෙරේ නම් හෝ කරවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. මෙරමා විසින් කරන ලද්දක් ලැබ පරිභෝග කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: පමාණිකං කරොති, ඌනකං කරොති, අඤ්ඤෙන කතං පමාණාතික්කන්තං පටිලභිත්වා ඡින්දිත්වා පරිභුඤ්ජති, විතානං වා භූමත්ථරණං වා සාණිපාකාරං වා භිසිං වා බිබ්බොහනං වා කරොති උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJTපමණින් යුතු කොට කෙරේ නම් උනු කොට කෙරේ නම් මෙරමා විසින් කරන ලද පමණ ඉක්මවූවක් ලැබ සිඳැලා පරිභෝග කෙරේ නම් වියනක් හෝ බුමුතුරුණක් හෝ කඩතුරාවක් හෝ බිස්සක් හෝ මාවුලාවක් හෝ කෙරේ නම්, ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTකණ්ඩුපටිච්ඡාදිසික්ඛාපදං අට්ඨමං.
Sinhala BJTඅටවැනි කණ්ඩුපටිච්ඡාදි ශික්‍ෂාපද යි.
Pali BJT6. 9. 9.
Sinhala BJT6. 9. 9.
Pali BJTවස්සිකසාටිකාසික්ඛාපදං
Sinhala BJTවස්සකාටික ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භගවතා භික්ඛූනං වස්සිකසාටිකා අනුඤ්ඤාතා හොති. ඡබ්බග්ගියා භික්ඛූ භගවතා වස්සිකසාටිකා අනුඤ්ඤාතාති අප්පමාණිකායො වස්සිකසාටිකායො ධාරෙන්ති පුරතොපි පච්ඡතොපි ආකඩ්ඪන්තා ආහිණ්ඩන්ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති, “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ අප්පමාණිකායො වස්සිකසාටිකායො ධාරෙස්සන්තී”ති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ අප්පමාණිකායො වස්සිකසාටිකායො ධාරෙථාති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා අප්පමාණිකායො වස්සික සාටිකායො ධාරෙස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි භාග්‍යවතුන් විසින් මහණුන්හට වැසිසළු අනුදන්නා ලද වෙයි. සවග මහණහු භාග්‍යවතුන් විසින් වැසිසළු අනුදන්නා ලදැ යි පමණ ඉක්මවූ වැසිසළු දරති. ඉදිරියෙනුදු පස්සෙනුදු අදිමින් ඇවිදිත්. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු පමණ ඉක්මවූ වැසිසළු දැරුහු දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි පමණ ඉක්මවූ වැසිසළු දරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ. ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි පමණ ඉක්මවූ වැසිසළු දැරුවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු;
Pali BJTවස්සිකසාටිකං පන භික්ඛුනා කාරයමානෙන පමාණිකා කාරෙතබ්බා. තත්රිදං පමාණං දීඝසො ඡවිදත්ථියො සුගතවිදත්ථියා තිරියං අඩ්ඪතෙය්යා තං අතික්කාමයතො ඡෙදනකං පාචිත්තියන්ති.
Sinhala BJTවැසිසළුවක් කරවනු කැමැති මහණහු විසින් පමණින් යුතු කොට කැරැවිය යුතු යි. එහි මේ පමණ යැ, දිගින් සුගත්වියතින් සවියතෙකැ, සරසින් යෙළ තුන්වියතෙකි. එය ඉක්මවන්නාහට සිඳැලීම් ඇති පචිති වේ යයි.
Pali BJT2. වස්සිකසාටිකා නාම: වස්සානස්ස චතුමාසත්ථාය.
Sinhala BJT2. වස්සාටිකා නම්: වසන්හි සිවුමස පිරිබෝ පිණිස යැ,