Pali BJT6. 8. 10.
Sinhala BJT6. 8. 10.
Pali BJTඡන්දංඅදත්වාගමනසික්ඛාපදං
Sinhala BJTඡන්‍දංඅදත්‍වාගමන ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සඞ්ඝො සන්නිපතිතො හොති කෙනචිදෙව කරණීයෙන. ඡබ්බග්ගියා භික්ඛූ චීවරකම්මං කරොන්තා එකස්ස ඡන්දං අදංසු. අථ ඛො සඞ්ඝො යස්සත්ථාය සන්නිපතිතො තං කම්මං කරිස්සාමීති ඤත්තිං ඨපෙසි. අථ ඛො සො භික්ඛු එවමෙවිමෙ එකමෙකස්ස කම්මං කරොන්ති. කස්ස තුම්හෙ කම්මං කරිස්සථාති ඡන්දං අදත්වා උට්ඨායාසනා පක්කාමි.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සඞ්ඝයා කිසියම් කරුණෙකින් රැස් වූයේ වෙයි. සවග මහණහු සිවුරුකම් කරන්නෝ එකක්හට ඡන්‍දය දුන්හු. එකල්හි සඞ්ඝයා යමක්හු සඳහා රැස් වූයේ නම් ඒ කර්‍මය කරන්නෙමැ යි ඥප්තිය තැබී යැ. එකල්හි ඒ මහණ මෙපරිද්දෙන් මැ මොහු එකක් එකක්හට කර්‍ම කෙරෙති. තෙපි කවරක්හට කර්‍ම කරන්නහු දැයි ඡන්‍දය නො දී හුනස්නෙන් නැඟිට ගියේ යි.
Pali BJT2. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම භික්ඛු සඞ්ඝෙ විනිච්ඡයකථාය වත්තමානාය ඡන්දං අදත්වා උට්ඨායාසනා පක්කමිස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛු සඞ්ඝෙ විනිච්ඡයකථාය වත්තමානාය ඡන්දං අදත්වා උට්ඨායාසනා පක්කමසීති, සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම ත්වං මොඝපුරිස සඞ්ඝෙ විනිච්ඡයකථාය වත්තමානාය ඡන්දං අදත්වා උට්ඨායාසනා පක්කමිස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මහණෙක් සඟමැද විනිශ්චය කථාවක් පවත්නා කල්හි ඡන්‍දය නො දී හුනස්නෙන් නැඟිට ගියේ”දැ යි ... සැබෑ ද මහණ තෝ සඟමැද විනිශ්චයකථාවක් පවත්නා කල්හි ඡන්‍දය නො දී හුනස්නෙන් නැඟිට යෙහි දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි සඟ මැද විනිශ්චය කථාවක් පවත්නා කල්හි ඡන්‍දය නො දී හුනස්නෙන් නැඟිට ගියහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන් ගේ ප්‍රසාදය පිණිස හො නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු සඞ්ඝෙ විනිච්ඡයකථාය වත්තමානාය ඡන්දං අදත්වා උට්ඨායාසනා පක්කමෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් සඟමැද විනිශ්චය කථාවක් පවත්නා කල්හි ඡන්‍දය නො දී හුනස්නෙන් නැඟිටැ බැහැරැ යන්නේ නම් පචිති වේ” යැ යි.
Pali BJT3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTසඞ්ඝෙ විනිච්ඡයකථා නාම: වත්ථු වා ආරොචිතං හොති අවිනිච්ඡිතං, ඤත්ති වා ඨපිතා හොති කම්මවාචා වා විප්පකතා.{1}
Sinhala BJTසඞ්ඝේ විනිච්ඡයකථා නම්: වස්තුව ආරෝචනය කරන ලද්දේ හෝ විනිශ්චය නො කරන ලද්දේ හෝ වෙයි. ඥප්තිය තබන ලද හෝ කම්වදන් නො නිමියේ හෝ වෙයි.
Pali BJTඡන්දං අදත්වා උට්ඨායාසනා පක්කමෙය්යාති: කථං ඉදං කම්මං කුප්පං අස්ස වග්ගං අස්ස න කරෙය්යාති ගච්ඡති ආපත්ති දුක්කටස්ස. පරිසාය හත්ථපාසං විජහන්තස්ස ආපත්ති දුක්කටස්ස. විජහිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඡන්‍දං අදත්වා උට්ඨායාසනා පක්කමෙය්‍ය: කෙසේ මේ කර්‍මය කෝප්‍ය වන්නේ ද ව්‍යග්‍ර වන්නේ ද නො කරන්නේ දැ යි යේ නම් දුකුළා ඇවැත් වෙයි. පිරිසෙන් අත්පස හරනාහට දුකුළා ඇවැත් වෙයි. හළ කල්හි පචිත් ඇවැත් වේ.
Pali BJT4. ධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී ඡන්දං අදත්වා උට්ඨායාසනා පක්කමති ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ වෙමතිකො ඡන්දං අදත්වා උට්ඨායාසනා පක්කමති ආපත්ති දුක්කටස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී ඡන්දං අදත්වා උට්ඨායාසනා පක්කමති අනාපත්ති.
Sinhala BJT4. දැහැමිකම්හි දැහැමිකම්සන් ඇතියේ ඡන්‍දය නො දී හුනස්නෙන් නැඟිට බැහැරැ යේ නම් පචිති ඇවැත් වෙයි. දැහැමිකම්හි විමති ඇතියේ ඡන්‍දය නො දී හුනස්නෙන් නැඟිට බැහැර යේ නම් දුකුළා ඇවැත් වෙයි. දැහැමිකම්හි නො දැහැමිකම්සන් ඇතියේ ඡන්‍දය නො දී හුනස්නෙන් නැඟිට බැහැරැ යේ නම් ඇවැත් නැති.
Pali BJT5. අධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී අනාපත්ති.
Sinhala BJT5. නො දැහැමිකම්හි දැහැමිකම් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි නො දැහැමිකම් සන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJT6. අනාපත්ති: සඞ්ඝස්ස භණ්ඩනං වා කලහො වා විග්ගහො වා විවාදො වා භවිස්සතීති ගච්ඡති. සඞ්ඝභෙදො වා සඞ්ඝරාජි වා භවිස්සතීති ගච්ඡති අධම්මෙන වා වග්ගෙන වා න කම්මාරහස්ස වා කම්මං කරිස්සතීති ගච්ඡති, ගිලානො වා ගච්ඡති, ගිලානස්ස කරණීයෙන වා ගච්ඡති උච්චාරෙන වා පස්සාවෙන වා පීළිතො ගච්ඡති, න කම්මං කොපෙතුකාමො පුන පච්චාගමිස්සාමීති ගච්ඡති, උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJT6. සඞ්ඝයාගේ භණ්ඩනයෙක් හෝ කලහයෙක් හෝ විග්‍රහයෙක් හෝ විරුද්ධවාදයෙක් හෝ වන්නේ යැ යි යේ නම්, සඞ්ඝභේදය හෝ සඞ්ඝරාජිය හෝ වන්නේ යැ යි යේ නම්, අධර්‍මයෙන් හෝ ව්‍යග්‍රයෙන් හෝ කර්‍මාර්‍හ නොවනුවක්හට කර්‍ම කරන්නේ යැ යි හෝ යේ නම්, ගිලන් වැ හෝ යේ නම්, ගිලනක්හුගේ කළයුත්තෙකින් හෝ යේ නම්, මහවටනින් හෝ සුළුවටනින් හෝ පෙළෙනුයේ යේ නම් කර්‍මය කෝප්‍ය කරනු කැමැත්තක් නැතියේ යළි පෙරළා එන්නෙමැ යි යේ නම් (ඇවැත් නොවේ), උම්මත්තකයහට ආදිකම්මියහට ඇවැත් නැති.
Pali BJTඡන්දංඅදත්වාගමනසික්ඛාපදං දසමං.
Sinhala BJTදසවැනි ඡන්‍දංඅදත්‍වාගමන ශික්‍ෂාපද යි.
Pali BJT6. 8. 11.
Sinhala BJT6. 8. 11.
Pali BJTදබ්බසික්ඛාපදං
Sinhala BJTදබ්බ ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා දබ්බො මල්ලපුත්තො සඞ්ඝස්ස සෙනාසනඤ්ච පඤ්ඤපෙති භත්තානි ච උද්දිසති. සො චායස්මා දුබ්බලචීවරො හොති. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස එකං චීවරං උප්පන්නං හොති. අථ ඛො සඞ්ඝො තං චීවරං ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස අදාසි . ඡබ්බග්ගියා භික්ඛූ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. “යථාසන්ථුතං භික්ඛූ සඞ්ඝිකං ලාභං පරිණාමෙන්තී”ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහ නුවරැ කලන්‍දකනිවාස නම් වේළුවන අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍ර සඞ්ඝයාහට සෙනසුනුදු පනවයි. බතුදු උදෙසයි. ඒ ආයුෂ්මත් තෙමේත් දුබල සිවුරු ඇතියේ වෙයි. එසමයෙහි වනාහි සඞ්ඝයාහට එක් සිවුරක් උපන්නේ වෙයි. එකල්හි සඞ්ඝයා ඒ සිවුර ආයුෂ්මත් දබ්බමල්ල පුත්‍රයහට දුන්නේ යැ. එකල්හි සවග මහණහු ලමු කොට සිතති නුගුණ පවසති දොස් පතුරුවත්: “භික්‍ෂූහු විශ්වස්ත පරිද්දෙන් සඞ්ඝික ලාභය පිරිනමති” යි.
Pali BJT2. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ සමග්ගෙන සඞ්ඝෙන චීවරං දත්වා පච්ඡා ඛීයනධම්මං ආපජ්ජිස්සන්තී”ති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ සමග්ගෙන සඞ්ඝෙන චීවරං දත්වා පච්ඡා ඛීයනධම්මං ආපජ්ජථා’ති. සච්චං භගවා විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා සමග්ගෙන සඞ්ඝෙන චීවරං දත්වා පච්ඡා ඛීයනධම්මං ආපජ්ජිස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවාහු ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු සමග්‍ර සඞ්ඝයා හා එක්වැ සිවුරු දී පසු වැ ගරහන බවට පැමිණියෝ දැ” යි ... සැබෑ ද මහණෙනි, තෙපි සමග්‍ර සඞ්ඝයා හා එක්වැ සිවුරු දී පසු වැ ගරහන බවට පැමිණෙවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ. ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි සමග්‍ර සඞ්ඝයා හා එක් වැ සිවුරු දී පසු වැ ගරහන බවට පැමිණියහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු සමග්ගෙන සඞ්ඝෙන චීවරං දත්වා පච්ඡා ඛීයනධම්මං ආපජ්ජෙය්ය යථාසන්ථුතං භික්ඛූ සඞ්ඝිකං ලාභං පරිණාමෙන්තීති පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් සමග්‍ර සඞ්ඝයා හා එක් වැ සිවුරු දී භික්‍ෂූහු විශ්වස්තපරිද්දෙන් සඞ්ඝිකලාභය පිරිණමත් යයි පසු වැ ගරහන බවට පැමිණේ නම් පචිති වේ” යයි.
Pali BJT3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT3. යො පන; යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTසමග්ගො නාම: සඞ්ඝො සමානසංවාසකො සමානසීමායං ඨිතො.
Sinhala BJTසමග්ග නම්: සමානසංවාසක වූ සමාන සීමායෙහි සිටි සඞ්ඝ තෙමේ යි.
Pali BJTචීවරං නාම: ඡන්නං චීවරානං අඤ්ඤතරං චීවරං විකප්පනුපගං පච්ඡිමං.
Sinhala BJTචීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන් එක්තරා විකපුන් පොහෝනා පැසුළු සිවුරක්.
Pali BJTදත්වාති: සයං දත්වා.
Sinhala BJTදත්‍වා: තෙමේ දී.
Pali BJTයථාසන්ථුතං නාම: යථාමිත්තතා යථාසන්දිට්ඨතා යථාසම්භත්තතා යථාසමානුපජ්ඣායකතා යථාසමානාචරියකතා.
Sinhala BJTයථාසන්‍ථුත නමු: මිතුරුබව ඇති පරිදි දුටු මිතුරුබව ඇති පරිදි දැඩි මුතුරු බව ඇති පරිදි සමාන උපාධ්‍යාය බව ඇති පරිදි සමාන ඇදුරු බව ඇති පරිදි.
Pali BJTසඞ්ඝිකං නාම: සඞ්ඝස්ස දින්නං හොති පරිච්චත්තං.
Sinhala BJTසඞ්ඝික නම්: සඟනට දෙන ලද්දක් පරිත්‍යක්තයෙක් වෙයි.
Pali BJTලාභො නාම: චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා අන්තමසො චුණ්ණපිණ්ඩොපි දන්තකට්ඨම්පි දසිකසුත්තම්පි{1},
Sinhala BJTලාභ නම්: චීවර යැ පිණ්ඩපාත යැ ශයනාසන යැ ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාර යැ, යටත් පිරිසෙයින් සුණු පිඬු ද දැහැටු ද දහවලුහුය ද.
Pali BJTපච්ඡා ඛීයනධම්මං ආපජ්ජෙය්යාති: උපසම්පන්නස්ස සඞ්ඝෙන සම්මතස්ස සෙනාසනපඤ්ඤාපකස්ස වා භත්තුද්දෙසකස්ස වා යාගුභාජකස්ස වා ඵලභාජකස්ස වා ඛජ්ජභාජකස්ස වා අප්පමත්තකවිස්සජ්ජකස්ස වා චීවරං දින්නෙ ඛීයති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTපච්ඡා ඛීයනධම්මං ආපජ්ජෙය්‍ය; සඞ්ඝයා විසින් සම්මත වූ උපසපන් වූ සෙනසුන් පනවන්නකුහට හෝ බත් උදෙසන්නකුහට හෝ හඹු බෙදන්නකුහට හෝ පලතුරු බෙදන්නකුහට හෝ කැවිලි බෙදන්නකුහට හෝ මඳදැයක් බෙදා ලන්නකුහට හෝ සිවුරක් දුන් කල්හි ගරහා නම් පචිති ඇවැත් වේ.
Pali BJTධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී චීවරං දින්නෙ ඛීයති ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ වෙමතිකො චීවරං දින්නෙ ඛීයති ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී චීවරං දින්නෙ ඛීයති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTදැහැමිකම්හි දැහැමිකම්සන් ඇතියේ සිවුරක් දුන් කල්හි ගරහා නම් පචිති ඇවැත් වෙයි. දැහැමිකම්හි විමති ඇතියේ සිවුරක් දුන් කල්හි ගරහා නම් පචිති ඇවැත් වෙයි. දැහැමිකම්හි නො දැහැමිකම්සන් ඇති යේ සිවුරක් දුන් කල්හි ගරහා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅඤ්ඤං පරික්ඛාරං දින්නෙ ඛීයති ආපත්ති දුක්කටස්ස. උපසම්පන්නස්ස සඞ්ඝෙන අසම්මතස්ස සෙනාසනපඤ්ඤාපකස්ස වා භත්තුද්දෙසකස්ස වා යාගුභාජකස්ස වා ඵලභාජකස්ස වා ඛජ්ජභාජකස්ස වා අප්පමත්තකවිස්සජ්ජකස්ස වා චීවරං වා අඤ්ඤං වා පරික්ඛාරං දින්නෙ ඛීයති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅන් පිරිකරක් දුන් කල්හි ගරහා නම් දුකුළා ඇවැත් වෙයි. සඞ්ඝයා විසින් සම්මත නො වූ උපසපන් වූ සෙනසුන් පනවන්නකුහට හෝ බත් උදෙසන්නකුහට හෝ හඹු බෙදන්නකුහට හෝ පලතුරු බෙදන්නකුහට හෝ කැවිලි බෙදන්නකුහට හෝ මඳ දැයක් බෙදාලන්නකුහට හෝ සිවුරක් හෝ අන් පිරිකරක් හෝ දුන් කල්හි ගරහා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනුපසම්පන්නස්ස සඞ්ඝෙන සම්මතස්ස වා අසම්මතස්ස වා සෙනාසනපඤ්ඤාපකස්ස වා භත්තුද්දෙසකස්ස වා යාගුභාජකස්ස වා ඵලභාජකස්ස වා ඛජ්ජභාජකස්ස වා අප්පමත්තකවිස්සජ්ජකස්ස වා චීවරං වා අඤ්ඤං වා පරික්ඛාරං දින්නෙ ඛීයති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTසඞ්ඝයා විසින් සම්මත වූ හෝ සම්මත නො වූ හෝ අනුපසපනක් වූ සෙනසුන් පනවන්නකුහට හෝ බත් උදෙසන්නකුහට හෝ හඹු බෙදන්නකුහට හෝ පලතුරු බෙදන්නකුහට හෝ කැවිලි බෙදන්නකුහට හෝ මඳ දැයක් බෙදා ලන්නකුහට හෝ සිවුරක් හෝ අන් පිරිකරක් හෝ දුන් කල්හි ගරහා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTනො දැහැමිකම්හි දැහැමිකම් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නොදැහැමිකම්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි නොදැහැමිකම් සන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: පකතියා ඡන්දා දොසා මොහා භයා කරොන්තං ක්වත්ථො තස්ස දින්නෙන ලද්ධාපි විනිපාතෙස්සති න සම්මා උපනෙස්සතීති ඛීයති, උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTප්‍රකෘතියෙන් ඡන්‍දයෙන් ද්වේෂයෙන් මෝහයෙන් භයෙන් කරන්නහුට, ඔහුට දුන් දැයින් කවර වැඩෙක් ද, ලැබ ද නසාපියන්නේ යැ, මොනවට නො එළවන්නේ යැ යි ගරහා නම් ඇවැත් නො වේ. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTදබ්බසික්ඛාපදං{1} එකාදසමං.
Sinhala BJTඑකොළොස්වැනි දබ්බ ශික්‍ෂාපද යි.
Pali BJT6. 8. 12.
Sinhala BJT6. 8. 12.
Pali BJTපරිණාමනසික්ඛාපදං
Sinhala BJTපරිණාමන ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සාවත්ථියං අඤ්ඤතරස්ස පූගස්ස සඞ්ඝස්ස සචීවරභත්තං පටියත්තං හොති, භොජෙත්වා චීවරෙන අච්ඡාදෙස්සාමාති. අථ ඛො ඡබ්බග්ගියා භික්ඛූ යෙන සො පූගො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා තං පූගං එතදවොචුං: “දෙථාවුසො ඉමානි චීවරානි ඉමෙසං භික්ඛූන”න්ති. න මයං භන්තෙ දස්සාම අම්හාකං සඞ්ඝස්ස අනුවස්සං{2} සචීවරභික්ඛා පඤ්ඤත්තාති. බහූ ආවුසො සඞ්ඝස්ස දායකා බහූ සඞ්ඝස්ස භද්දානි.{3} ඉමෙ තුම්හෙ නිස්සාය තුම්හෙ සම්පස්සන්තා ඉධ විහරන්ති. තුම්හෙ චෙ ඉමෙසං න දස්සථ අථ කො චරහි ඉමෙසං දස්සති. දෙථාවුසො ඉමානි චීවරානි ඉමෙසං භික්ඛූනන්ති. අථ ඛො සො පූගො ඡබ්බග්ගියෙහි භික්ඛූහි නිප්පීළියමානො යථාපටියත්තං චීවරං ඡබ්බග්ගියානං භික්ඛූනං දත්වා සඞ්ඝං භත්තෙන පරිවිසි. යෙ තෙ භික්ඛූ ජානන්ති සඞ්ඝස්ස සචීවරභත්තං පටියත්තං න ච ජානන්ති ඡබ්බග්ගියානං භික්ඛූනං දින්නන්ති. තෙ එවමාහංසු “ඔණොජෙථාවුසො, සඞ්ඝස්ස චීවර”න්ති. නත්ථි භන්තෙ යථාපටියත්තං චීවරං. අය්යා ඡබ්බග්ගියා අය්යානං ඡබ්බග්ගියානං පරිණාමෙසුන්ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සැවැතැ එක්තරා මුළුවක් විසින් සඟනට සිවුරු සහිත බතෙක් පිළියෙළ කරන ලද්දේ වෙයි. වළඳවා සිවුරු පුදම්හ යි. එකල්හි සවග මහණහු ඒ මුළුව වෙතැ එළැඹියහ. එළැඹැ එ මුළුවට මෙය කීහු: ඇවැත්නි, මේ සිවුරු මේ මහණුන්හට දෙවයි. ස්වාමීනි, ඇපි නො දෙම්හ. අප විසින් අවුරුද්දක් පාසා සඟනට සිවුරු සහිත බතෙක් පනවන ලද්දේ වෙයි. ඇවැත්නි, සඟනට දායකයෝ බොහෝ යැ, සඟනට ලාභමුඛයෝ බොහෝ යැ, මොහු තොප නිසා තොප බලමින් මෙහි වෙසෙති. ඉදින් තෙපි මොවුනට නො දෙන්නහු නම් වැළි කවරෙක් මොවුනට දෙන්නේ ද? ඇවැත්නි, මේ සිවුරු මේ මහණුන්හට දෙවු. එකල්හි ඒ මුළුව සවග මහණුන් විසින් පෙළනු ලබන්නේ පිළියෙළ කළ තාක් සිවුරු සවග මහණුන්හට දී සඞ්ඝයා බතින් වැළැඳවී යැ. යම් ඒ භික්‍ෂු කෙනෙක් සඟනට සිවුරු සහිත බතෙක් පිළියෙළ කරන ලදැ යි දනිද්ද, සවග මහණුන්හට දෙන ලදැ යි නො ද දනිද්ද, ඔහු ඇවැත්නි, සඟනට සිවුරු පුදව යි මෙසේ කීහු. නැත ස්වාමීනි, සවග හිමිවරු පිළියෙළ කළ තාක් සිවුරු සවග හිමිවරුනට පිරිනැමවූහු යි.
Pali BJT2. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ ජානං සඞ්ඝිකං ලාභං පරිණතං පුග්ගලස්ස පරිණාමෙස්සන්ති” -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ ජානං සඞ්ඝිකං ලාභං පරිණතං පුග්ගලස්ස පරිණාමෙථාති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා ජානං සඞ්ඝිකං ලාභං පරිණතං පුග්ගලස්ස පරිණාමෙස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු පිරිනමන ලද සඞ්ඝික ලාභය දැනැදැනැ පුඟුලක්හට පිරිනැමූහු”දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි පිරිනමන ලද සඞ්ඝික ලාභය දැනැදැනැ පුඟුලක්හට පිරිනමවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි පිරිනමන ලද සඞ්ඟික ලාභය දැන දැනැ පුඟුලක්හට පිරිනැමුවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු ජානං සඞ්ඝිකං ලාභං පරිණතං පුග්ගලස්ස පරිණාමෙය්ය, පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් පිරිනමන ලද සඞ්ඝික ලාභය දැනැ දැනැ පුඟුලක්හට පිරිනමන්නේ නම් පචිති වේ”යයි.
Pali BJT3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT3. යො පන: යම්, යම්බඳු ... භික්ඛූ ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTජානාති නාම: සාමං වා ජානාති අඤ්ඤෙ වා තස්ස ආරොචෙන්ති සො වා ආරොචෙති.
Sinhala BJTජානාති නම්: තෙමේ හෝ දනී. අන්හු හෝ ඔහුට ඇරොජත් – හෙතෙමේ හෝ ඇරොජයි.
Pali BJTසඞ්ඝිකං නාම: සඞ්ඝස්ස දින්නං හොති පරිච්චත්තං.
Sinhala BJTසඞ්ඝික නම්: සඟනට දෙන ලද්දෙක් පරිත්‍යක්තයෙක් වෙයි.
Pali BJTලාභො නාම: චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා අන්තමසො චුණ්ණපිණ්ඩොපි දන්තකට්ඨම්පි දසිකසුත්තම්පි.
Sinhala BJTලාභ නම්: චීවර යැ පිණ්ඩපාත යැ ශයනාසන යැ ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාර යැ. යටත් පිරිසෙයින් සුණුපිඬු ද දැහැටු ද දහවලුහුය ද,
Pali BJTපරිණතං නාම: දස්සාම කරිස්සාමාති වාචා භින්නා හොති තං පුග්ගලස්ස පරිණාමෙති ආපත්ති පාචිත්තියස්ස. පරිණතෙ පරිණතසඤ්ඤී පුග්ගලස්ස පරිණාමෙති ආපත්ති පාචිත්තියස්ස. පරිණතෙ වෙමතිකො පුග්ගලස්ස පරිණාමෙති ආපත්ති දුක්කටස්ස. පරිණතෙ අපරිණතසඤ්ඤී පුග්ගලස්ස පරිණාමෙති අනාපත්ති.
Sinhala BJTපරිණත නම්: දෙම්හ කරම්හ යි වාක් බිඳින ලද වෙයි. එය පුඟුලක්හට පිරිනමා නම් පචිති ඇවැත් වෙයි. පිරිනැමුණෙහි පිරිනැමුණු සන් ඇතියේ පුඟුලක්හට පිරිනමා නම් පචිති ඇවැත් වෙයි. පිරිනැමුණෙහි විමති ඇතියේ පුඟුලක්හට පිරිනමා නම් දුකුළා ඇවැත් වෙයි. පිරිනැමුණෙහි නො පිරිනැමුණු සන් ඇතියේ පුඟුලක්හට පිරිනමා නම් ඇවැත් නැති.
Pali BJTසඞ්ඝස්ස පරිණතං අඤ්ඤසඞ්ඝස්ස වා චෙතියස්ස වා පරිණාමෙති ආපත්ති දුක්කටස්ස. චෙතියස්ස පරිණතං අඤ්ඤචෙතියස්ස වා සඞ්ඝස්ස වා ගණස්ස වා{1} පුග්ගලස්ස වා පරිණාමෙති ආපත්ති දුක්කටස්ස. පුග්ගලස්ස පරිණතං අඤ්ඤපුග්ගලස්ස වා සඞ්ඝස්ස වා ගණස්ස වා චෙතියස්ස වා පරිණාමෙති ආපත්ති දුක්කටස්ස. අපරිණතෙ පරිණතසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අපරිණතෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අපරිණතෙ අපරිණතසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTසඟනට පිරිනැමුණක් අන් සඟනට හෝ සෑයට හෝ පිරිනමා නම් දුකුළා ඇවැත් වෙයි. සෑයට පිරිනැමුණක් අන්සෑයකට හෝ සඟනට හෝ ගණයට හෝ පුඟුලක්හට හෝ පිරිනමා නම් දුකුළා ඇවැත් වෙයි. පුඟුලක්හට පිරිනැමුණක් අන් පුඟුලක්හට හෝ සඟනට හෝ ගණයාට හෝ සෑයට හෝ පිරිනමා නම් දුකුළා ඇවැත් වෙයි. නො පිරිනැමුණෙහි පිරිනැමුණු සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො පිරිනැමුණෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො පිරිනැමුණෙහි නො පිරිනැමුණු සන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: කත්ථ දෙමාති පුච්ඡියමානො යත්ථ තුම්හාකං දෙය්යධම්මො පරිභොගං වා ලභෙය්ය පටිසඞ්ඛාරං වා ලභෙය්ය චිරට්ඨිතිකො වා අස්ස යත්ථ වා පන තුම්හාකං චිත්තං පසීදති තත්ථ දෙථාති භණති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTකොයට දෙමු දැ යි පුළුවුස්නා ලබන්නේ යම් තැනෙකැ තොපගේ දිය යුතු වත් පරිභෝග හෝ ලබන්නේ නම් පිළිසකර හෝ ලබන්නේ නම් තිරකල් පැවැත්මෙක් හෝ වන්නේ නම් යම් තැනෙකැ වනාහි තොපගේ සිත පහදී නම් හෝ එයට දෙව යි බෙණේ නම් ඇවැත් නො වේ, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTපරිණාමනසික්ඛාපදං ද්වාදසමං.
Sinhala BJTදොළොස්වැනි පරිණාමන ශික්‍ෂාපද යි.
Pali BJTසහධම්මිකවග්ගො අට්ඨමො.
Sinhala BJTඅෂ්ටම සහධම්මික වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසහධම්ම විවණ්ණඤ්ච - මොහාපනං පහාරකං තලසත්ති අමූලඤ්ච - සඤ්චිච්ච ච උපස්සුති පටිබාහනඡන්දඤ්ච - දබ්බඤ්ච පරිණාමනන්ති.
Sinhala BJTසහධම්මික යැ විවර්‍ණ සංඛ්‍යාත විලේඛන යැ මෝහන යැ පහාර යැ තලසත්තික යැ අමූලක යැ සඤ්විච්ච යැ උපස්සුති යැ කම්ම පටිබාහන යැ ඡන්‍දං අදත්‍වා ගමන යැ දබ්බ යැ පරිණාමන සිඛය දැ යි.
Pali BJTරාජවග්ගො
Sinhala BJTරාජ වර්‍ගය
Pali BJT6. 9. 1.
Sinhala BJT6. 9. 1.
Pali BJTරාජන්තෙපුරසික්ඛාපදං
Sinhala BJTරාජන්තෙපුර ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන රාජා පසෙනදි කොසලො උය්යානපාලං ආණාපෙසි ගච්ඡ භණෙ උය්යානං සොධෙහි උය්යානං ගමිස්සාමාති.{1} එවං දෙවාති ඛො සො උය්යානපාලො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස පටිස්සුත්වා උය්යානං සොධෙන්තො අද්දස භගවන්තං අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසින්නං, දිස්වාන යෙන රාජා පසෙනදි කොසලො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා රාජානං පසෙනදිං කොසලං එතදවොච: “සුද්ධං ද්වෙ උය්යානං අපි ච භගවා තත්ථ නිසින්නො”ති. හොතු භණෙ මයං භගවන්තං පයිරුපාසිස්සාමාති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි ප්‍රසේනජිත් කෝශල රාජ තෙමේ උයන්පල්ලාට ‘යව කොලෙනි, උයනට යන්නෙමි උයන ශෝධනය කරව’යි අණ කෙළේ යැ. ‘එසේ යැ දේවයෙනි’යි ඒ උයන්පල් තෙමේ ප්‍රසේනජිත් කෝශල රාජයාහට පිළිවදන් දී උයන ශෝධනය කරන්නේ එක්තරා රුක්මුලෙකැ වැඩැහුන් භාග්‍යවතුන් දිටී. දැකැ ප්‍රසේනජිත් කෝශල රාජයා වෙතැ එළැඹියේ යැ. එළැඹැ ප්‍රසේනජිත් කෝශලරාජයාහට මෙය කී යැ. දේවයෙනි, උයන ශෝධනය කරන ලදි. තවද භාග්‍යවතුන් වහන්සේ වැඩැහුන් සෙයෙකැ යි. වේවා, බල, ඇපි භාග්‍යවතුන් පර්‍ය්‍යුපාසන කරම්හ යි.
Pali BJT2. අථ ඛො රාජා පසෙනදි කොසලො උය්යානං ගන්ත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො උපාසකො භගවන්තං පයිරුපාසන්තො නිසින්නො හොති. අද්දසා ඛො රාජා පසෙනදි කොසලො තං උපාසකං භගවන්තං පයිරුපාසන්තං නිසින්නං, දිස්වාන භීතො අට්ඨාසි. අථ ඛො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස එතදහොසි, නාරහතායං පුරිසො පාපො හොතුං යථා භගවන්තං පයිරුපාසතීති. යෙන භගවා තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. අථ ඛො සො උපාසකො භගවතො ගාරවෙන රාජානං පසෙනදිං කොසලං නෙව අභිවාදෙසි න පච්චුට්ඨාසි. අථ ඛො රාජා පසෙනදි කොසලො අනත්තමනො අහොසි, “කථං හි නාමායං පුරිසො මයි ආගතෙ නෙව අභිවාදෙස්සති න පච්චුට්ඨෙස්සතී”ති. අථ ඛො භගවා රාජානං පසෙනදිං කොසලං අනත්තමනං විදිත්වා රාජානං පසෙනදිං කොසලං එතදවොච, “එසො ඛො මහාරාජ උපාසකො බහුස්සුතො ආගතාගමො කාමෙසු වීතරාගො”ති.
Sinhala BJT2. ඉක්බිති ප්‍රසේනජිත් කෝශල රාජ තෙමේ උයනට ගොස් භාග්‍යවතුන් වෙතැ එළැඹියේ යැ. එසමයෙහි වනාහි එක්තරා උවසුවෙක් භාග්‍යවතුන් පර්‍ය්‍යුපාසන කරමින් හුන්නේ වෙයි. ප්‍රසේනජිත් කෝශල රාජ තෙමේ භාග්‍යවතුන් ඇසිරිකරමින් හුන් ඒ උවසුවා දිටි. දැකැ බියපත් වැ සිටියේ යි. එකල්හි ප්‍රසේනජිත් කෝශල රජහට මෙ සිත විය: මේ පුරුෂ තෙමේ යම් හෙයකින් භාග්‍යවතුන් ඇසිරි කෙරේ ද, එහෙයින් ලාමක වන්නට නො සුදුස්සෙකැ යි භාග්‍යවතුන් වෙතැ එළැඹියේ යැ. එළැඹැ භාග්‍යවතුන් සකසා වැඳ එකත් පසෙකැ හුන්නේ යැ. එකල්හි ඒ උවසු තෙමේ භාග්‍යවතුන්හට ගෞරවයෙන් ප්‍රසේනජිත් කෝශල රාජයා නො මැ වැන්දේ යැ. හුනස්නෙන් නො නැඟ සිටියේ යැ. එකල්හි ප්‍රසේනජිත් කෝශල රාජ තෙමේ නො සතුටු විය: “කෙසේ නම් මේ පුරුෂ තෙමේ මා ආ කල්හි නො මැ වැන්දේ ද? නො නැඟ සිටියේ”දැ යි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ප්‍රසේනජිත් කෝශල රාජයා නො සතුටුවූවහු දැනැ ප්‍රසේනජිත් කෝශල රාජයාහට මෙය වදාළසේ කැ. මහරජ තෙල උවසු බහුශ්‍රැතයෙකැ ආගතාගමයෙකැ කාමයෙහි වීතරාගයෙකැ යි.
Pali BJT3. අථ ඛො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස එතදහොසි, නාරහතායං උපාසකො ඔරකො හොතුං, භගවාපි ඉමස්ස වණ්ණං භාසතීති. තං උපාසකං එතදවොච: “වදෙය්යාසි උපාසක යෙන අත්ථො”ති. සුට්ඨු දෙවාති. අථ ඛො භගවා රාජානං පසෙනදිං කොසලං ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. අථ ඛො රාජා පසෙනදි කොසලො භගවතා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJT3. ඉක්බිති ප්‍රසේනජිත් කෝශල රාජයාහට මෙ සිත විය: මේ උවසු ලාමක වන්නට නො නිසි යැ, භාග්‍යවතුන් වහන්සේත් මොහුගේ ගුණ වනන සේකැ යි ඒ උවසුවාට මෙය කී යැ: උවුසුව, යමෙකින් වැඩෙක් වේ නම් කියන්නෙහි යැ යි යහපති දේවයෙනි යි (හේ කීය) එකල්හි භාග්‍යවතුන් වහන්සේ ප්‍රසේනජිත් කෝශල රාජයාට දැහැමි කථායෙන් මොනවට කරුණු දැක්වූ සේකැ, මොනවට කරුණු ගැන්වූ සේකැ, මොනවට තෙද ගැන්වූ සේකැ, මොනවට සතුටු කැරවූ සේකි. එකල්හි ප්‍රසේනජිත් කෝශලරාජ තෙමේ භාග්‍යවතුන් විසින් දැහැමි කථායෙන් මොනවට කරුණු දක්වන ලදුයේ මොනවට කරුණු ගන්වන ලදුයේ මොනවට තෙද ගන්වන ලදුයේ මොනවට සතුටු කරවන ලදුයේ හුනස්නෙන් නැඟිට භාග්‍යවතුන් සකසා වැඳ පැදකුණු කොට ඉවත් වැ ගියේ යි.
Pali BJT4. තෙන ඛො පන සමයෙන රාජා පසෙනදි කොසලො උපරිපාසාදවරගතො හොති. අද්දසා ඛො රාජා පසෙනදි කොසලො තං උපාසකං රථිකාය ඡත්තපාණිං ගච්ඡන්තං. දිස්වාන පක්කොසාපෙත්වා එතදවොච: “ත්වං කිර උපාසක බහුස්සුතො ආගතාගමො, සාධු උපාසක අම්හාකං ඉත්ථාගාරං ධම්මං වාචෙහී”ති. යම්පාහං{1} දෙව ජානාමි අය්යානං වාහසා, අය්යාව දෙවස්ස ඉත්ථාගාරං ධම්මං වාචෙස්සන්තීති. අථ ඛො රාජා පසෙනදි කොසලො සච්චං ඛො උපාසකො ආහාති යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි, එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: “සාධු භන්තෙ භගවා එකං භික්ඛුං ආණාපෙතු, යො අම්හාකං ඉත්ථාගාරං ධම්මං වාචෙස්සතී”ති. අථ ඛො භගවා රාජානං පසෙනදිං කොසලං ධම්මියා කථාය සන්දස්සෙසි -පෙ-. පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJT4. එසමයෙහි වනාහි ප්‍රසේනජිත් කෝශලරාජ තෙමේ මතු මහල් තලයට පැමිණියේ වෙයි. ප්‍රසේනජිත් කෝශල රාජ තෙමේ වීථියෙහි කුඩගත් අත් ඇති වැ යන්නා වූ ඒ උවසුවා දිටි. දැකැ කැඳවා මෙය කී යැ. උවසුව, තෙපි බහුශ්‍රුත වව ආගතාගම ඇත්තව, මැනැවැ උවසුව; අපගේ ඇතොවුරට බණ උගන්වව යි. දේවයෙනි, මම යමක් දනිම් නම් එය ද ආර්‍ය්‍යයන් කරුණු කොට ගෙන වෙයි. ආර්‍ය්‍යයෝ මැ දේවයන්ගේ ඇතොවුරට බණ උගන්වන්නාහ යි. එකල්හි ප්‍රසේනජිත් කෝශල රාජ තෙමේ ‘සැබැවක් මැ උවසු කියා යැ යි භාග්‍යවතුන් වෙතැ එළැඹියේ යැ. එළැඹැ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙකැ හුන්නේ යැ. එකත් පසෙකැ හුන්නා මැ වූ ප්‍රසේනජිත් කෝශලරාජ තෙමේ භාග්‍යවතුන්හට මෙය කී යැ: ස්වාමීනි, යමෙක් අපගේ ඇතොවුරට ධර්‍මය උගන්වන්නේ නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු එක් මහණක්හු අණවන සේක් නම් මැනැවැ’යි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ප්‍රසේනජිත් කෝශල රාජයා දැහැමි කථායෙන් මොනවට කරුණු දැක්වූසේකැ ... පැදකුණු කොට ඉවත් වැ ගියේ යි.
Pali BJT5. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි, තෙන හා’නන්ද රඤ්ඤො ඉත්ථාගාරං ධම්මං වාචෙහීති. එවං භන්තෙති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා{2} කාලෙන කාලං පවිසිත්වා රඤ්ඤො ඉත්ථාගාරං ධම්මං වාචෙති. අථ ඛො ආයස්මා ආනන්දො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යෙන රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන රාජා පසෙනදි කොසලො මල්ලිකාය දෙවියා සද්ධිං සයනගතො හොති. අද්දසා ඛො මල්ලිකා දෙවී ආයස්මන්තං ආනන්දං දූරතොව ආගච්ඡන්තං, දිස්වාන සහසා වුට්ඨාසි. පීතකමස්සා{3} දුස්සං පභස්සිත්ථ. අථ ඛො ආයස්මා ආනන්දො තතොව පටිනිවත්තිත්වා ආරාමං ගන්ත්වා භික්ඛූනං එතමත්ථං ආරොචෙසි.
Sinhala BJT5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ඇමතූ සේකැ. එසේ නම් ආනන්‍දයෙනි, රජහුගේ ඇතොවුරට බණ උගන්වවයි. එසේ යැ වහන්සැ යි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන්හට පිළිවදන් දී කලින් කල පිවිස රජහුගේ ඇතොවුරට බණ උගන්වති. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ පෙරවරු හැඳ පෙරෙවැ පාසිවුරු ගෙනැ ප්‍රසේනජිත් කෝශල රාජයාගේ මැදුරට එළැඹියහ. එසමයෙහි වනාහි පසේනදි කොසොල් රජ මල්ලිකා දේවිය සමග ශයනගත වූයේ වෙයි. මල්ලිකා දේවී ආයුෂ්මත් අනඳ තෙරුන් දුරින් ම එනුවන් දැකැ යුහු වැ නැගී සිටියා යැ. ඇයගේ රන්වන් සළුව ගිලිහිණ, එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ එයින් මැ නැවැතී ආරාමයට ගොස් මහණුන්හට තෙල කරුණ දැන්වූහ.
Pali BJT6. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. “කථං හි නාම ආයස්මා ආනන්දො පුබ්බෙ අප්පටිසංවිදිතො රඤ්ඤො අන්තෙපුරං පවිසිස්සතී’ති -පෙ-. සච්චං කිර ත්වං ආනන්ද පුබ්බෙ අප්පටිසංවිදිතො රඤ්ඤො අන්තෙපුරං පවිසසීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා. -පෙ- කථං හි නාම ත්වං ආනන්ද පුබ්බෙ අප්පටිසංවිදිතො රඤ්ඤො අන්තෙපුරං පවිසිස්සසි. නෙතං ආනන්ද අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි.
Sinhala BJT6. යම් මහණ කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් පෙරැ නො දන්වාලු ආයුෂ්මත් අනඳ තෙරණුවෝ රජහුගේ ඇතොවුරට පිවිසියාහු”දැ යි ... සැබෑ ද ආනන්‍දයෙනි, තෙපි පෙරැ නො දන්වන ලද්දහු රජහුගේ ඇතොවුරට පිවිසියහු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ .. කෙසේ නම් ආනන්‍දයෙනි, තෙපි පෙරැ නො දන්වන ලද්දාහු රජහුගේ ඇතොවුරට පිවිසියහු ද? ආනන්‍දයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූහු.
Pali BJT7. දස ඉමෙ භික්ඛවෙ ආදීනවා රාජන්තෙපුරප්පවෙසනෙ, කතමෙ දස: ඉධ භික්ඛවෙ රාජා මහෙසියා සද්ධිං නිපන්නො{1} හොති, තත්ථ භික්ඛු පවිසති, මහෙසී වා භික්ඛුං දිස්වා සිතං පාතුකරොති, භික්ඛු වා මහෙසිං දිස්වා සිතං පාතුකරොති. තත්ථ රඤ්ඤො එවං හොති. “අද්ධා ඉමෙසං කතං වා කරිස්සන්ති වා”ති. අයං භික්ඛවෙ පඨමො ආදීනවො රාජන්තෙපුරප්පවෙසනෙ.
Sinhala BJT7. මහණෙනි, රජහුගේ ඇතොවුරට පිවිසීමෙහි මේ ආදීනවයෝ දස දෙනෙකි. කවර දස දෙනෙක් ද යත්: මෙහි මහණෙනි, රජ තෙමේ මෙහෙසිය සමඟ හොත්තේ වෙයි. එහි මහණෙක් පිවිසෙයි. මෙහෙසිය හෝ මහණහු දැකැ සිනා පහළ කෙරෙයි. මහණ හෝ මෙහෙසිය දැකැ සිනා පහළ කෙරෙයි. එහි ලා රජහට මෙබඳු සිතෙක් වෙයි. එකැතින් මොවුන් විසින් ව්‍යතික්‍රම කරන ලදැ යි හෝ කරන්නහු හෝ වෙති යි. මහණෙනි, මේ රජහුගේ ඇතොවුරට පිවිසීමෙහි පළමුවන ආදීනව යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ රාජා බහුකිච්චො බහුකරණීයො අඤ්ඤතරං ඉත්ථිං ගන්ත්වා නස්සරති, සා තෙන ගබ්භං ගණ්හාති{2}, තත්ථ රඤ්ඤො එවං හොති. “න ඛො ඉධ අඤ්ඤො කොචි පවිසති, අඤ්ඤත්ර පබ්බජිතෙන. සියා නු ඛො පබ්බජිතස්ස කම්ම”න්ති, අයං භික්ඛවෙ දුතියො ආදීනවො රාජන්තෙපුරප්පවෙසනෙ.
Sinhala BJTතවද මහණෙනි, බොහෝ කිස ඇති බොහෝ කරණී ඇති රජ තෙමේ එක්තරා ස්ත්‍රියක වෙතැ ගොස් නො සිහි කෙරෙයි ඕ තොමෝ ඔහු කරණ කොට ගෙනැ ගැබ් ගනී. එහි ලා රජහට මෙසේ සිත් වෙයි. මෙහි පැවිද්දකු තබා අන් කිසිවෙක් නො පිවිසෙයි. පැවිද්දාගේ කර්‍මයෙක් වන්නේ හො යි. මහණෙනි, රජහුගේ ඇතොවුරට පිවිසීමෙහි මේ දෙවන ආදීනව යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ රඤ්ඤො අන්තෙපුරෙ අඤ්ඤතරං රතනං නස්සති. තත්ථ රඤ්ඤො එවං හොති. –“න ඛො ඉධ අඤ්ඤො කොචි පවිසති, අඤ්ඤත්ර පබ්බජිතෙන. සියා නුඛො පබ්බජිතස්ස කම්ම”න්ති, අයං භික්ඛවෙ තතියො ආදීනවො රාජන්තෙපුරප්පවෙසනෙ.
Sinhala BJTතවද මහණෙනි, රජහුගේ ඇතොවුරෙහි එක්තරා මිණිරුවනෙක් නස්සී. එහිලා රජහට මෙසේ සිත් වෙයි. මෙහි පැවිද්දකු තබා අන් කිසිවෙක් නො පිවිසෙයි, පැවිද්දාගේ කර්‍මයෙක් වන්නේ හො යි. මහණෙනි, රජහුගේ ඇතොවුරට පිවිසීමෙහි මේ තෙවන ආදීනව යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ රඤ්ඤො අන්තෙපුරෙ අබ්භන්තරා ගුය්හමන්තා බහිද්ධා සම්භෙදං ගච්ඡන්ති. තත්ථ රඤ්ඤො එවං හොති. “න ඛො ඉධ අඤ්ඤො කොචි පවිසති, අඤ්ඤත්ර පබ්බජිතෙන. සියා නු ඛො පබ්බජිතස්ස කම්ම”න්ති. අයං භික්ඛවෙ චතුත්ථො ආදීනවො රාජන්තෙපුරප්පවෙසනෙ.
Sinhala BJTතවද මහණෙනි, රජහුගේ ඇතොවුරෙහි ඇතුළත් වූ සැඟැවුණු රහස්හු පිටත්හි සම්භේදයට යෙති. එහි ලා රජහට මෙසේ සිත් වෙයි. මෙහි පැවිද්දකු තබා අන් කිසිවෙක් නො පිවිසෙයි. පැවිද්දාගේ කර්‍මයෙක් වන්නේ හො යි. මහණෙනි, රජහුගේ ඇතොවුරට පිවිසීමෙහි මේ සතරවන ආදීනව යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ රඤ්ඤො අන්තෙපුරෙ පුත්තො වා පිතරං පත්ථෙති, පිතා වා පුත්තං පත්ථෙති, තෙසං එවං හොති. “න ඛො ඉධ අඤ්ඤො කොචි පවිසති, අඤ්ඤත්ර පබ්බජිතෙන, සියා නු ඛො පබ්බජිතස්ස කම්ම”න්ති. අයං භික්ඛවෙ පඤ්චමො ආදීනවො රාජන්තෙපුරප්පවෙසනෙ.
Sinhala BJTතවද මහණෙනි, රජහුගේ ඇතොවුරෙහි පුත්‍රයා හෝ පියහු (නසන්නට) කැමැති වෙයි. පියා හෝ පුත්හු (නසන්නට) කැමැති වෙයි. ඔවුනට මෙසේ සිත් වෙයි. මෙහි පැවිද්දකු තබා අන් කිසිවෙක් නො පිවිසෙයි. පැවිද්දාගේ කර්‍මයෙක් වන්නේ හො යි. මහණෙනි, රජහුගේ ඇතොවුරට පිවිසීමෙහි මේ පස්වන ආදීනව යි.
Pali BJTපුන චපරං, භික්ඛවෙ රාජා නීචට්ඨානියං උච්චෙ ඨානෙ ඨපෙති, යෙසං තං අමනාපං තෙසං එවං හොති. “රාජා ඛො පබ්බජිතෙන සංසට්ඨො. සියා නු ඛො පබ්බජිතස්ස කම්ම”න්ති. අයං භික්ඛවෙ ඡට්ඨො ආදීනවො රාජන්තෙපුරප්පවෙසනෙ.
Sinhala BJTතවද මහණෙනි, රජ තෙමේ පහත්තන්හි සිටියහු උසස් තන්හි තබයි. එය යම් කෙනකුන්හට නො මැනැවි නම් ඔවුන්ට මෙසේ සිත් වෙයි. රජ තෙමේ වනාහි පැවිද්දහු සමඟ හැනී සිටියේ යැ. පැවිද්දාගේ කර්‍මයෙක් වන්නේ හො යි. මහණෙනි, රජහුගේ ඇතොවුරට පිවිසීමෙහි මේ සවන ආදීනව යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ රාජා උච්චට්ඨානියං නීචෙ ඨානෙ ඨපෙති. යෙසං තං අමනාපං තෙසං එවං හොති. “රාජා ඛො පබ්බජිතෙන සංසට්ඨො, සියා නු ඛො පබ්බජිතස්ස කම්ම”න්ති. අයං භික්ඛවෙ සත්තමො ආදීනවො රාජන්තෙපුරප්පවෙසනෙ.
Sinhala BJTතවද මහණෙනි, රජ තෙමේ උසස් තන්හි සිටියහු පහත් තන්හි තබයි. එය යම් කෙනකුන්හට නො මැනැවි නම් ඔවුනට මෙසේ සිත් වෙයි. රජ තෙමේ වනාහි පැවිද්දහු සමඟ හැනී සිටියේ යැ, පැවිද්දාගේ කර්‍මයෙක් වන්නේ හො යි. මහණෙනි, රජහුගේ ඇතොවුරට පිවිසීමෙහි මේ සත්වන ආදීනව යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ රාජා අකාලෙ සෙනං උය්යොජෙති. යෙසං තං අමනාපං තෙසං එවං හොති, “රාජා ඛො පබ්බජිතෙන සංසට්ඨො සියා නු ඛො පබ්බජිතස්ස කම්ම”න්ති. අයං භික්ඛවෙ අට්ඨමො ආදීනවො රාජන්තෙපුරප්පවෙසනෙ.
Sinhala BJTතවද මහණෙනි, රජ තෙමේ නො කල්හි සෙන් (යුදයට) නඟා යවයි. එය යම් කෙනකුන්හට නො මැනැවි නම් ඔවුනට මෙසේ සිත් වෙයි: රජතෙමේ වනාහි පැවිද්දහු සමඟ හැනී සිටියේ යැ. පැවිද්දාගේ කර්‍මයෙක් වන්නේ හො යි. මහණෙනි, රජහුගේ ඇතොවුරට පිවිසීමෙහි මේ අටවැනි ආදීනව යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ රාජා කාලෙ සෙනං උය්යොජෙත්වා අන්තරාමග්ගතො නිවත්තාපෙති, යෙසං තං අමනාපං තෙසං එවං හොති. “රාජා ඛො පබ්බජිතෙන සංසට්ඨො, සියා නු ඛො පබ්බජිතස්ස කම්ම”න්ති. අයං භික්ඛවෙ නවමො ආදීනවො රාජන්තෙපුරප්පවෙසනෙ.
Sinhala BJTතවද මහණෙනි, රජතෙමේ කල්හි සෙන් නඟා යවා අතරමඟින් නවත්වාලයි. එය යම් කෙනකුන්හට නො මැනැවි නම් ඔවුනට මෙසේ සිත් වෙයි. රජ තෙමේ වනාහි පැවිද්දහු සමඟ හැනී සිටියේ යැ. පැවිද්දාගේ කර්‍මයෙක් වන්නේ හො යි. මහණෙනි, රජහුගේ ඇතොවුරට පිවිසීමෙහි මේ නවවන ආදීනව යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ රඤ්ඤො රාජන්තෙපුරං හත්ථිසම්මද්දං අස්සසම්මද්දං රථසම්මද්දං රජනීයානි{1} රූපසද්දගන්ධරසඵොට්ඨබ්බානි යානි න පබ්බජිතස්ස සාරුප්පානි, අයං භික්ඛවෙ දසමො ආදීනවො රාජන්තෙපුරප්පවෙසනෙ. ඉමෙ ඛො භික්ඛවෙ දස ආදීනවා රාජන්තෙපුරප්පවෙසනෙ.
Sinhala BJTතවද මහණෙනි, රජහුගේ ඇතොවුරෙහි ඇත්ගැටුම් අස්ගැටුම් රියගැටුම් පැවිද්දහුට නො නිසි රාගයට කරුණු වූ රූ හඬ ගඳ රස පහස්හු වෙති. මහණෙනි, රජහුගේ ඇතොවුරට පිවිසීමෙහි මේ දසවන ආදීනව යි. මහණෙනි, මොහු වනාහි රජහුගේ ඇතොවුරට පිවිසීමෙහි දස ආදීනවයෝ යි.
Pali BJT8. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං අනෙකපරියායෙන විගරහිත්වා දුභරතාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නොයෙක් කරුණෙන් ආයුෂ්මත් අනඳ තෙරුන් ගරහා දුබරබව පිණිස ... මෙසේ මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස{2} අනික්ඛන්තරාජකෙ අනීභතරතනකෙ{3} පුබ්බෙ අප්පටිසංවිදිතො ඉන්දඛීලං අතික්කාමෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් පෙර නොදන්වන ලද්දේ රජු නික්ම නොගිය කල්හි මෙහෙසිය නික්ම නො ගිය කල්හි මුදුනෙහි බිසෙස් කළ ක්‍ෂත්‍රිය රජක්හුගේ යහන් ගෙයි එළිපත ඉක්මවා නම් පචිති වේ” යැ යි.
Pali BJT9. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT9. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTඛත්තියො නාම: උභතො සුජාතො හොති මාතිතො ච පිතිතො ච සංසුද්ධගහණිකො, යාවසත්තමා පිතාමහයුගා අක්ඛිත්තො අනුපකුට්ඨො ජාතිවාදෙන.
Sinhala BJTඛත්තිය නම් – මවුපසින් හා පියපසින් හා දෙපසින් මොනොවට දුනුයේ ද පිරිසිදු මවුකුස ඇතියේ ද සත්වන කුලපරවිටිය තෙක් ජාතිවාදයෙන් බැහැර නො කරන ලදුයේ ද අවමන් නො කරන ලදුයේ ද වෙයි.
Pali BJTමුද්ධාවසිත්තො නාම: ඛත්තියාභිසෙකෙන අභිසිත්තො හොති.
Sinhala BJTමුද්ධාවසිත්ත නම්: ක්‍ෂත්‍රියාභිෂේකයෙන් අභිෂික්ත වූයේ වෙයි.
Pali BJTඅනික්ඛන්තරාජකෙති: රාජා සයනිඝරා අනික්ඛන්තො හොති.
Sinhala BJTඅනික්ඛන්තරාජකෙ: රජ තෙමේ යහන්ගෙයින් නො නික්මුණේ වෙයි.
Pali BJTඅනීහතරතනකෙති: මහෙසී සයනිඝරා අනික්ඛන්තා හොති. උභො වා අනික්ඛන්තා හොන්ති.
Sinhala BJTඅනීභතරතනකෙ: මෙහෙසී තොමෝ යහන් ගෙයින් නො නික්මුණී වෙයි. දෙදෙන මැ හෝ නො නික්මුණාහු වෙත්.
Pali BJTපුබ්බෙ අප්පටිසංවිදිතොති: පුබ්බෙ අනිමන්තිතො.{1}
Sinhala BJTපුබ්බේ අප්පටිසංවිදිතො: පෙරැ නිමන්ත්‍රණ නොකරන ලදුයේ,
Pali BJTඉන්දඛීලො නාම: සයනිඝරස්ස උම්මාරො වුච්චති.
Sinhala BJTඉන්‍දඛීල නම්: යහන් ගෙයි එළිපත කියනු ලැබෙයි.
Pali BJTසයනිඝරං නාම: යත්ථ කත්ථචි රඤ්ඤො සයනං පඤ්ඤත්තං හොති අන්තමසො සාණිපාකාරපරික්ඛිත්තම්පි.
Sinhala BJTසයනිඝර නම්: යම් කිසි තැනෙකැ රජහට යහනෙක් පනවන ලද වේ ද යටත්පිරිසෙයින් කඩතුරාවෙකින් වට කරන ලද්දෙකුත් වේ ද (එය යි).
Pali BJTඉන්දඛීලං අතික්කාමෙය්යාති: පඨමං පාදං උම්මාරං අතික්කාමෙති ආපත්ති දුක්කටස්ස. දුතියං පාදං අතික්කාමෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඉන්‍දඛීලං අතික්කාමෙය්‍ය: පළමු පිය එළිපත ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි. දෙවන පිය ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅප්පටිසංවිදිතෙ අප්පටිසංවිදිතසඤ්ඤී ඉන්දඛීලං අතික්කාමෙති ආපත්ති පාචිත්තියස්ස. අප්පටිසංවිදිතෙ වෙමතිකො ඉන්දඛීලං අතික්කාමෙති ආපත්ති පාචිත්තියස්ස. අප්පටිසංවිදිතෙ පටිසංවිදිතසඤ්ඤී ඉන්දඛීලං අතික්කාමෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTනො දන්වන ලදුයෙහි නො දන්වනලද සන් ඇතියේ එළිපත ඉක්මවා නම් පචිති ඇවැත් වෙයි. නො දන්වනලදුයෙහි විමති ඇතියේ එළිපත ඉක්මවා නම් පචිති ඇවැත් වෙයි. නො දන්වන ලදුයෙහි දන්වන ලද සන් ඇතියේ එළිපත ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTපටිසංවිදිතෙ අප්පටිසංවිදිතසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. පටිසංවිදිතෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. පටිසංවිදිතෙ පටිසංවිදිතසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTදන්වන ලදුයෙහි නො දන්වන ලද සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. දන්වන ලදුයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. දන්වන ලදුයෙහි දන්වන ලද සන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති පටිසංවිදිතෙ න ඛත්තියො හොති, න ඛත්තියාභිසෙකෙන අභිසිත්තො හොති, රාජා වා{2} සයනිඝරා නික්ඛන්තො හොතිමහෙසී වා1 සයනිඝරා නික්ඛන්තා හොති. උභො වා නික්ඛන්තා ච හොන්ති, න සයනිඝරෙ උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTදන්වන ලදුයෙහි, ක්‍ෂත්‍රියයෙක් නො වේ නම්, ක්‍ෂත්‍රියාභිෂේකයෙන් අභිෂික්තයෙක් නො වේ නම්, රජතෙමේ හෝ යහන්ගෙයින් නික්මුණේ වේ නම්, මෙහෙසී තොමෝ හෝ යහන්ගෙයින් නික්මුණි වේ නම්, දෙදෙන මැ හෝ නික්මුණෝ වෙත් නම්, නො යහන්ගෙයි නම්, (ඇවැත්නො වේ) උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTරාජන්තෙපුරසික්ඛාපදං පඨමං.{3}
Sinhala BJTපළමුවැනි රාජන්තෙපුර ශික්‍ෂාපදයි.
Pali BJT6. 9. 2.
Sinhala BJT6. 9. 2.
Pali BJTරතනසික්ඛාපදං
Sinhala BJTරතන ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අචිරවතියා නදියා නහායති. අඤ්ඤතරොපි බ්රාහ්මණො පඤ්චසතානං ථවිකං ථලෙ නික්ඛිපිත්වා අචිරවතියා නදියා නහායිත්වා{1} විස්සරිත්වා අගමාසි. අථ ඛො සො භික්ඛු තස්සායං බ්රාහ්මණස්ස ථවිකා මා ඉධ නස්සිති අග්ගහෙසි. අථ ඛො සො බ්රාහ්මණො සරිත්වා තුරිතතුරිතො{2} ආධාවිත්වා තං භික්ඛුං එතදවොච: අපි මෙ භො ථවිකං පස්සෙය්යාසීති. හන්ද බ්රාහ්මණාති අදාසි. අථ ඛො තස්ස බ්රාහ්මණස්ස එතදහොසි. කෙන නු ඛො අහං උපායෙන ඉමස්ස භික්ඛුනො පුණ්ණපත්තං න දදෙය්යන්ති. න මෙ භො පඤ්චසතානි සහස්සං මෙති පලිබුද්ධිත්වා මුඤ්චි.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි එක්තරා මහණෙක් අචිරවතී නදියෙහි ස්නාන කෙරෙයි. එක්තරා බමුණෙකුදු පන්සියයෙකින් පිරි පියැල්ලක් ගොඩබිමැ බහා තබා අචිරවතී නදියෙහි නහා නො සිහි කොට ගියේ යැ. එකල්හි එ මහණ ඒ බමුණාගේ මේ පියැල්ල මෙහි නහමක් නසීව යි ගත්තේ යැ. එකල්හි ඒ බමුණා සිහි කොට වෙළෙවි වෙළෙවි වැ දිවැ අවුත් එමහණහට ‘පින්වත, මාගේ පියැල්ල දක්නෙහි දැ’ යි මෙය කී යැ. ඉඳ බමණැයි දින. එකල්හි එ බමණහට මෙසිත විය; මම කිනම් උපායෙකින් මෙ මහණහට පූර්‍ණ පත්‍රය (සියයට පහ) නො දෙන්නෙම් දැ යි. පින්වත, මාගේ පන්සියයෙක් නො වෙයි. මාගේ දහසෙකැ යි වද දී මුදාලී යැ.
Pali BJT2. අථ ඛො සො භික්ඛු ආරාමං ගන්ත්වා භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති, “කථං හි නාම භික්ඛු රතනං උග්ගහෙස්සතී”ති -පෙ- සච්චං කිර ත්වං භික්ඛු රතනං උග්ගහෙසීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම ත්වං මොඝපුරිස රතනං උග්ගහෙස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. ඉක්බිති ඒ මහණ ආරාමයට ගොස් මහණුන්හට තෙල කරුණ දැන්වී යැ. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මහණෙක් රත්නයක් පිළිගත්තේ” දැ යි ... සැබෑ ද මහණ, තෙපි රත්නයක් පිළි ගත්තු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි රත්නයක් පිළිගත්තහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ මහණෙනි, මේ සිකපදය උදෙසවු.
Pali BJT“යො පන භික්ඛු රතනං වා රතනසම්මතං වා උග්ගණ්හෙය්ය වා උග්ගණ්හාපෙය්ය වා, පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් රත්නයක් හෝ රත්න සම්මතයක් හෝ ගන්නේ නම් හෝ ගන්වන්නේ නම් හෝ පචිති වේ” යයි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේ භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT3. තෙන ඛො පන සමයෙන සාවත්ථියා උස්සවො හොති, මනුස්සා අලඞ්කතපටියත්තා උය්යානං ගච්ඡන්ති. විසාඛාපි මිගාරමාතා අලංකතප්පටියත්තා උය්යානං ගමිස්සාමීති ගාමතො නික්ඛමිත්වා “ක්යාහං කරිස්සාමි උය්යානං ගන්ත්වා යන්නූනාහං භගවන්තං පයිරුපාසෙය්ය”න්ති ආභරණං ඔමුඤ්චිත්වා උත්තරාසඞ්ගෙන භණ්ඩිකං බන්ධිත්වා දාසියා අදාසි, “හන්ද ජෙ ඉමං භණ්ඩිකං ගණ්හාහී”ති. අථ ඛො විසාඛා මිගාරමාතා යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො විසාඛං මිගාරමාතරං භගවා ධම්මියා කථාය සන්දස්සෙසි, සමාදපෙසි. සමුත්තෙජෙසි සම්පහංසෙසි. අථ ඛො විසාඛා මිගාරමාතා භගවතා ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො සා දාසී තං භණ්ඩිකං විස්සරිත්වා අගමාසි. භික්ඛූ පස්සිත්වා භගවතො එතමත්ථං ආරොචෙසුං තෙන හි භික්ඛවෙ උග්ගහෙත්වා නික්ඛිපථාති.
Sinhala BJT3. එසමයෙහි වනාහි සැවැතෙහි උත්සවයෙක් වෙයි. මිනිස්සු අබරණ ලා සැරසුණාහු උයනට යෙති. විශාඛා මිගාරමාතෘ තොමෝත් අබරණ ලා සැරසුණී උයනට යන්නෙමැ යි ගමින් නික්ම මම උයනට ගොස් කුමක් කෙරෙම් ද? යම් හෙයකින් මම භාග්‍යවතුන් වහන්සේ පර්‍ය්‍යුපාසන කරන්නෙම් නම් යෙහෙකැ යි අබරණ මුදාපියා උතුරු සළුවෙන් පොදියක් බැඳ “ඉඳ කෙල්ල! මේ පොදිය ගනුව”යි දස්සට දින. ඉක්බිති විශාඛා මිගාරමාතෘ තොමෝ භාග්‍යවතුන් වෙතැ එළැඹියා යැ. එළැඹැ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙකැ හුන්නී යැ. භාග්‍යවතුන් වහන්සේ එකත් පසෙක හුන් මිගාරමාතෘ වූ විසාඛාව දැහැමි කථායෙන් මොනවට කරුණු දැක්වූ සේකැ මොනවට කරුණු ගැන්වූ සේකැ, මොනවට තෙද ගැන්වූ සේකැ මොනවට සතුටු කැරවූ සේකි. ඉක්බිති මිගාරමාතෘ විසාඛා තොමෝ භාග්‍යවතුන් විසින් මොනවට කරුණු දක්වන ලදුවා මොනවට කරුණු ගන්වන ලදුවා මොනවට තෙද ගන්වන ලදුවා මොනවට සතුටු කරවන ලදුවා හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් සකසා වැඳ පැදකුණු කොට ඉවත් වැ ගියා යැ. එකල්හි ඒ දාසී තොමෝ ඒ පොදිය නො සිහි කොට ගියා යැ. භික්‍ෂූහු දැකැ භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහු. එසේ නම් මහණෙනි, රැගෙනැ තැන්පත් කොට තබව යි.
Pali BJT4. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. අනුජානාමි භික්ඛවෙ රතනං වා රතනසම්මතං වා අජ්ඣාරාමෙ වා උග්ගහෙත්වා වා උග්ගහාපෙත්වා වා නික්ඛිපිතුං යස්ස භවිස්සති සො හරිස්සතීති. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමැතූසේකැ. “මහණෙනි, රත්නයක් හෝ රත්නසම්මතයක් හෝ ඇතුළු අරමෙහි හෝ ඇතුළු අවසෙහි හෝ රැගෙනැ හෝ ගන්වා ගෙනැ හෝ ‘මේ යමක්හුගේ වන්නේ නම් හේ ගෙනැයන්නේ යැ යි නඟා තැබීමට අනුදනිමි.” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු රතනං වා රතනසම්මතං වා අඤ්ඤත්ර අජ්ඣාරාමා වා, උග්ගණ්හෙය්ය වා උග්ගණ්හාපෙය්ය වා පාචිත්තිය”න්ති.
Sinhala BJTයම් මහණෙක් රත්නයක් හෝ රත්නසම්මතයක් හෝ ඇතුළු අරම හෝ අවස හෝ තබා ගන්නේ නම් හෝ ගන්වන්නේ නම් හෝ පචිති වේ යැයි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT5. තෙන ඛො පන සමයෙන කාසීසු ජනපදෙ අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස කම්මන්තගාමො හොති. තෙන ච ගහපතිනා අන්තෙවාසී ආණත්තො හොති, සචෙ භදන්තා ආගච්ඡන්ති භත්තං කරෙය්යාසීති. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ කාසීසු ජනපදෙ චාරිකං චරමානා යෙන අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස කම්මන්තගාමො තෙනුපසඞ්කමිංසු. අද්දසා ඛො සො පුරිසො තෙ භික්ඛූ දූරතොව ආගච්ඡන්තෙ, දිස්වාන යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තෙ භික්ඛූ අභිවාදෙත්වා එතදවොච. අධිවාසෙන්තු භන්තෙ අය්යා ස්වාතනාය ගහපතිනො භත්තන්ති. අධිවාසෙසුං ඛො තෙ භික්ඛූ තුණ්හීභාවෙන. අථ ඛො සො පුරිසො තස්සා රත්තියා අච්චයෙන පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා කාලං ආරොචාපෙත්වා අඞ්ගුලිමුද්දිකං ඔමුඤ්චිත්වා තෙ භික්ඛූ භත්තෙන පරිවිසිත්වා අය්යා භුඤ්ජිත්වා ගච්ඡන්තු, අහම්පි කම්මන්තං ගමිස්සාමීති අඞ්ගුලිමුද්දිකං විස්සරිත්වා අගමාසි. භික්ඛූ පස්සිත්වා සචෙ මයං ගමිස්සාම නස්සිස්සතායං අඞ්ගුලිමුද්දිකාති තත්ථෙව අච්ඡිංසු. අථ ඛො සො පුරිසො කම්මන්තා ආගච්ඡන්තො තෙ භික්ඛූ පස්සිත්වා එතදවොච: “කිස්ස භන්තෙ අය්යා ඉධෙව අච්ඡන්තී”ති. අථ ඛො තෙ භික්ඛූ තස්ස පුරිසස්ස එතමත්ථං ආරොචෙත්වා සාවත්ථිං ගන්ත්වා භික්ඛූනං එතමත්ථං ආරොචෙසුං. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT5. එසමයෙහි වනාහි කාසී ජනපදයෙහි අනේපිඬු ගැහැවිහුගේ කර්‍මාන්ත ග්‍රාමයෙක් වෙයි. ඒ ගැහැවි විසිනුදු අතැවැසි අණවන ලද්දේ වෙයි, ඉදින් හිමිවරු පැමිණෙත් නම් බත් (පිළියෙළ) කරන්නෙහි ය යි, එසමයෙහි වනාහි බොහෝ භික්‍ෂූහු කාසි ජනපදයෙහි සැරිසරණුවෝ අනේපිඬු ගැහැවිහුගේ කමත්ගමට එළැඹියහ. ඒ පුරුෂ තෙමේ දුර දී මැ එන්නා වූ ඒ මහණුන් දිට. දැකැ ඒ මහණුන් වෙතැ එළැඹියේ යැ. එළැඹැ ඒ මහණුන් සකසා වැඳ මෙය කී යැ. ස්වාමීනි, ආර්‍ය්‍යයෝ සෙට දවස පිණිස ගැහැවිහුගේ බත ඉවසත්වයි. ඒ භික්‍ෂූහු තූෂ්ණිම්භාවයෙන් ඉවසූහ. එකල්හි ඒ පුරුෂ තෙමේ එරැය ඇවෑමෙන් කෑ යුතු බුදිය යුතු පිණි දැය පිළිළෙ කරවා කල් දන්වා ඇඟිලිමුදුව මුදාපියා ඒ මහණුන් බතින් වළඳවා ආර්‍ය්‍යයෝ වළඳා නිමවා යෙත්වා මම ද කමතට යන්නෙමි යි ඇඟිලිමුදුව නො සිහි කොට ගියේ යැ. භික්‍ෂූහු දැකැ ඉදින් ඇපි යන්නෙමු නම් මේ ඇඟිලිමුදුව නැසෙන්නේ යැ යි එහි මැ හුන්හු. ඉක්බිති ඒ පුරුෂ තෙමේ කමතින් එන්නේ ඒ මහණුන් දැකැ මෙය කී යැ. කුමකට ස්වාමීනි” ආර්‍ය්‍යයෝ මෙහි මැ හිඳිද්දැ යි. එකල්හි ඒ භික්‍ෂූහු ඒ පුරුෂයහට තෙල කරුණ සැල කොට සැවැතට ගොස් මහණුන්හට තෙල කරුණ දැන්වූහු. භික්‍ෂූහු භාග්‍යවතුන්හට කරුණ දැන්වූහු.
Pali BJT6. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. “අනුජානාමි භික්ඛවෙ රතනං වා රතනසම්මතං වා අජ්ඣාරාමෙ වා අජ්ඣාවසථෙ වා උග්ගහෙත්වා වා උග්ගහාපෙත්වා වා නික්ඛිපිතුං යස්ස භවිස්සති සො හරිස්සතී”ති. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූ සේකැ. “මහණෙනි, ඇතුළු අරමෙහි හෝ ඇතුළුගෙහි හෝ රත්නයක් හෝ රත්න සම්මතයක් හෝ රැගෙනැ හෝ ගන්වාගෙනැ හෝ මේ යමක්හුගේ වන්නේ නම් හේ රැගෙන යන්නේ යැ යි නඟා තැබීමට අනුදනිමි” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු රතනං වා රතනසම්මතං වා, අඤ්ඤත්ර අජ්ඣාරාමා වා අජ්ඣාවසථා වා උග්ගණ්හෙය්ය වා උග්ගණ්හාපෙය්ය වා පාචිත්තියං, රතනං වා පන භික්ඛුනා රතනසම්මතං වා අජ්ඣාරාමෙ වා අජ්ඣාවසථෙ වා උග්ගහෙත්වා වා උග්ගහාපෙත්වා{1} වා නික්ඛිපිතබ්බං, යස්ස භවිස්සති සො හරිස්සතීති. අයං තත්ථ සාමීචීති.
Sinhala BJTයම් මහණෙක් ඇතුළු අරම හෝ ඇතුළුගෙය හෝ හැර රත්නයක් හෝ රත්නසම්මතයක් හෝ ගන්නේ නම් හෝ ගන්වන්නේ නම් හෝ පචිති වේ. මහණහු විසින් ඇතුළු අරමෙහි හෝ ඇතුළුගෙයි හෝ රත්නයක් හෝ රත්නසම්මතයක් හෝ රැගෙන හෝ ගන්වා ගෙනැ හෝ යමක්හුගේ වන්නේ නම් හෝ ගෙනැයන්නේ යැ යි නඟා තැබිය යුතු යි මේ එහි අනුධර්‍මතා යි.
Pali BJT7. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT7. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTරතනං නාම: මුත්තා මණි වෙළුරියො සඞ්ඛො සිලා පවාළං රජතං ජාතරූපං ලොහිතඞ්කො මසාරගල්ලං.
Sinhala BJTරතන නම්: මුතු යැ මිණි යැ වෙරළුමිණි යැ සක් යැ මුංවන්සල යැ පබළු යැ රිදී යැ පියුම්රාමිණි යැ මැසිරිගල් යැ.
Pali BJTරතනසම්මතං නාම: යං මනුස්සානං උපභොගපරිභොගං එතං රතනසම්මතං නාම.
Sinhala BJTරතනසම්මත නම්: යම් වතෙක් මිනිසුන්ගේ උපභෝග පරිභෝග නම් තෙලෙ රතනසම්මත නම් වේ.
Pali BJTඅඤ්ඤත්ර අජ්ඣාරාමා වා අජ්ඣාවසථා වාති: ඨපෙත්වා අජ්ඣාරාමං අජ්ඣාවසථං.
Sinhala BJTඅඤ්ඤත්‍ර අජ්ඣාරාමා වා අජ්ඣාවස්ථා වා: අධ්‍යාරාමය අධ්‍යාවසථය තබා;
Pali BJTඅජ්ඣාරාමො නාම: පරික්ඛිත්තස්ස ආරාමස්ස අන්තො ආරාමො, අපරික්ඛිත්තස්ස උපචාරො.
Sinhala BJTඅධ්‍යාරාමය නම් පරික්‍ෂිප්ත ආරාමයාගේ ඇතුළු අරම යැ, අපරික්‍ෂිප්තයාගේ උපචාරය යි.
Pali BJTඅජ්ඣාවසථො නාම: පරික්ඛිත්තස්ස ආවසථස්ස අන්තො ආවසථො. අපරික්ඛිත්තස්ස උපචාරො.
Sinhala BJTඅධ්‍යාවසථය නම්: පරික්‍ෂිප්ත ආවසථයාගේ ඇතුළු ආවාස යැ අපරික්‍ෂිප්තයාගේ උපචාරය යි.