Pali BJT8. අනාපත්ති: න විවණ්ණෙතුකාමො ඉඞ්ඝ තාව{2} සුත්තන්තෙ වා ගාථායො වා අභිධම්මං වා පරියාප්රණස්ස්ර, පච්ඡාපි විනයං පරියාපුණිස්සසීති භණති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJT8. නො ගරහනු කැමැත්තේ දැන් පළමු කොට සූත්‍රාන්තයන් හෝ ගාථා හෝ අභිධර්‍මය හෝ හදාරව පසු වැ විනය ද හදාරවයි බෙණේ නම් ඇවැත් නො වේ. උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTවිලෙඛනසික්ඛාපදං දුතියං.
Sinhala BJTදෙවැනි විලේඛන ශික්‍ෂාපද යි.
Pali BJT6. 8. 3.
Sinhala BJT6. 8. 3.
Pali BJTමොහනසික්ඛාපදං
Sinhala BJTමෝහන ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ අනාචාරං ආචරිත්වා අඤ්ඤාණකෙන ආපන්නාති ජානන්තූති පාතිමොක්ඛෙ උද්දිස්සමානෙ එවං වදෙන්ති. “ඉදානෙව ඛො මයං ජානාම අයම්පි කිර ධම්මො සුත්තාගතො සුත්තපරියාපන්නො අන්වද්ධමාසං උද්දෙසං ආගච්ඡතී”ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ අනේපිඬු සිටුහුගේ ජේතවන අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු පනත් විකුම් කොට නො දැනීමෙන් අවන්හ යි දනිත්වා යි පාමොක් උදෙසනු ලබන කල්හි මෙසේ කියත්; “මේ ශික්‍ෂාපදධර්‍මය ද විනය ශික්‍ෂායෙහි ආයේ යැ විනය ශික්‍ෂායෙහි ඇතුළත් යැ අඩමසක් පාසා උදෙසීමට පැමිණේ යි මෙ දැන් මැ ඇපි දනුම්හ”යි.
Pali BJT2. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ පාතිමොක්ඛෙ උද්දිස්සමානෙ එවං වක්ඛන්ති: ‘ඉදානෙව ඛො මයං ජානාම අයම්පි කිර ධම්මො සුත්තාගතො සුත්තපරියාපන්නො අන්වද්ධමාසං උද්දෙසං ආගච්ඡතී”ති. -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ පාතිමොක්ඛෙ උද්දිස්සමානෙ එවං වදෙථ. ඉදානෙව ඛො මයං ජානාම අයම්පි කිර ධම්මො සුත්තාගතො සුත්තපරියාපන්නො අන්වද්ධමාසං උද්දෙසං ආගච්ඡතී”ති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා පාතිමොක්ඛෙ උද්දිස්සමානෙ එවං වක්ඛථ. “ඉදානෙව ඛො මයං ජානාම අයම්පි කිර ධම්මො සුත්තාගතො සුත්තපරියාපන්නො අන්වද්ධමාසං උද්දෙසං ආගච්ඡතී”ති. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු පාමොක් උදෙසනු ලබන කල්හි මේ ශික්‍ෂාපදධර්‍මය ද විනය ශික්‍ෂායෙහි ආයේ යැ විනය ශික්‍ෂායෙහි ඇතුළත් යැ අඩමසක් පාසා උදෙසීමට පැමිණෙයැ යි මෙ දැන් මැ ඇපි දනුම්හ යි මෙසේ කීහු”ද? ... සැබෑ ද මහණෙනි, තෙපි පාමොක් උදෙසනු ලබන කල්හි මේ ශික්‍ෂාපද ධර්‍මය ද විනය ශික්‍ෂායෙහි ආයේ යැ විනය ශික්‍ෂායෙහි ඇතුළත් යැ අඩමසක් පාසා උදෙසීමට පැමිණෙයැයි මෙ දැන් මැ ඇපි දනුම්හ යි මෙසේ කියවු ද? සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි පාමොක් උදෙසනු ලබන කල්හි මේ ශික්‍ෂාපද ධර්‍මය ද විනය ශික්‍ෂායෙහි ආයේ යැ විනය ශික්‍ෂායෙහි ඇතුළත් යැ අඩමසක් පාසා උදෙසීමට පැමිණෙයැ යි මෙ දැන් මැ ඇපි දනුම්හ යි මෙසේ කියන්නහු ද හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු අන්වද්ධමාසං පාතිමොක්ඛෙ උද්දිස්සමානෙ එවං වදෙය්ය ඉදානෙව ඛො අහං ජානාමි අයම්පි කිර ධම්මො සුත්තාගතො සුත්තපරියාපන්නො අන්වද්ධමාසං උද්දෙසං ආගච්ඡතීති. තඤ්චෙ භික්ඛුං අඤ්ඤෙ භික්ඛූ ජානෙය්යුං නිසින්නපුබ්බං ඉමිනා භික්ඛුනා ද්වත්තික්ඛත්තුං පාතිමොක්ඛෙ උද්දිස්සමානෙ කො පන වාදො භිය්යො න ච තස්ස භික්ඛුනො අඤ්ඤාණකෙන මුත්ති අත්ථි යඤ්ච තත්ථ ආපත්තිං ආපන්නො තඤ්ච යථාධම්මො කාරෙතබ්බො උත්තරිං චස්ස මොහො ආරොපෙතබ්බො තස්ස තෙ ආවුසො අලාභා තස්ස තෙ දුල්ලද්ධං යං ත්වං පාතිමොක්ඛෙ උද්දිස්සමානෙ න සාධුකං අට්ඨිකත්වා{1} මනසිකරොසීති. ඉදං තස්මිං මොහනකෙ පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් අඩමසක් පාසා පාමොක් උදෙසනු ලබන කල්හි මෙසේ කියා නම්; “මෙ දහම ද විනයෙහි ආයේ විනයෙහි ඇතුළු වූයේ අඩ මසක් පාසා උදෙසීමට ඒ ලැ යි මම දැන් මැ දනිමි”යි ඉදින් ඒ මහණ “මේ මහණහු දෙතුන් වරක් පාමොක් උදෙසනු ලබන කල්හි හුන්විරූ”යයි අන් මහණහු දන්නාහු නම් ඒ මහණහට නො දැන්මෙන් මිදීමෙක් නැති, බොහෝ වුව කවර කථා යැ? එහි ලා යම් මැ ඇවැතකට අවනේ නම් ඒ ඇවතින් ධර්‍ම වූ පරිද්දෙන් කැරැවිය යුතු යැ. මත්තෙහි දු ඔහුට ඇවැත, යම් හෙයෙකින් තෙපි පාමොක් උදෙසනු ලබන කල්හි මොනවට වැඩ ඇති කොට මෙනෙහි නො කරවු ද (එහෙයින්) ඒ තොපට අලාභයහ. ඒ තොපට දුක් පිණිස ලද්දෙකැයි මෙසේ මෝහය ආරෝපණය කළ යුතු යැ, මෝහනය කරන ඔහු කෙරෙහි මේ පචිති වේ” යයි.
Pali BJT3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT3. යො පන යනු: යම්, යම්බඳු ... භික්ඛු යනු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTඅන්වද්ධමාසන්ති: අනුපොසථිකං.
Sinhala BJTඅන්‍වද්ධමාසං යනු: පොහෝකිරීමක් (පාමොක් උදෙසීමක්) පාසා
Pali BJTපාතිමොක්ඛෙ උද්දිස්සමානෙති: උද්දිසන්තෙ.
Sinhala BJTපාතිමොක්ඛේ උද්දිස්සම නෙ යනු: උදෙසන කල්හි;
Pali BJTඑවං වදෙය්යාති: අනාචාරං ආචරිත්වා අඤ්ඤාණකෙන ආපන්නොති ජානන්තූති පාතිමොක්ඛෙ උද්දිස්සමානෙ එවං වදෙති ඉදානෙව ඛො අහං ජානාමි අයම්පි කිර ධම්මො සුත්තාගතො සුත්තපරියාපන්නො අන්වද්ධමාසං උද්දෙසං ආගච්ඡතී”ති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඑවං වදෙය්‍ය යනු: පනත් විකුම් කොට නො දැනීමෙන් අවනැ යි දනිත්ව යි පාමොක් උදෙසන කල්හි “මේ ධර්‍මය ද විනයෙහි ආයේ යැ විනයෙහි ඇතුළත් යැ අඩමසක් පාසා උදෙසීමට පැමිණෙයැයි මෙ දැන් මැ මම දනිමි”යි මෙසේ කියා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJT4. තඤ්චෙති: මොහෙතුකාමං භික්ඛුං අඤ්ඤෙ භික්ඛූ ජානෙය්යුං නිසින්නපුබ්බං ඉමිනා භික්ඛුනා ද්වත්තික්ඛත්තුං පාතිමොක්ඛෙ උද්දිස්සමානෙ කො පන වාදො භීයො. න ච තස්ස භික්ඛුනො අඤ්ඤාණකෙන මුත්ති අත්ථි. යඤ්ච තත්ථ ආපත්තිං ආපන්නො තඤ්ච යථාධම්මො කාරෙතබ්බො. උත්තරිං චස්ස මොහො ආරොපෙතබ්බො. එවඤ්ච පන භික්ඛවෙ ආරොපෙතබ්බො. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT4. තඤ්චෙ යනු: මුළා කරනු කැමැති මහණහු – දෙතුන් වරක් පාමොක් උදෙසනු ලබන කල්හි මේ මහණ හුන් විරූ යයි” අන් මහණහු දන්නාහු නම් ඒ මහණහට නො දැනීමෙන් මිදීමෙක් නැත, බොහෝ වරෙකැ වුව කවර කථා යැ. එහි ලා යම් ඇවතකට අවනේ නම් එද ධර්‍ම වූ පරිද්දෙන් කැරැවිය යුතු, මත්තෙහි දු ඔහට මෝහය ආරෝපණය කළ යුත්තේ යි. මහණෙනි මෙසේ ආරෝපණය කළ යුතු යැ, ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණහු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමො භික්ඛු පාතිමොක්ඛෙ උද්දිස්සමානෙ න සාධුකං අට්ඨිං කත්වා මනසි කරොති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො මොහං ආරොපෙය්ය එසා ඤත්ති.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මවදන් අසාවා, මේ මෙනම් ඇති මහණ පාමොක් උදෙසනු ලබන කල්හි මොනවට අර්‍ත්‍ථවත් කොට මෙනෙහි නො කෙරෙයි. ඉදින් සඞ්ඝයාහට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ මෙනම් මහණහට මෝහය ආරෝපණය කරන්නේ යැ තෙල ඥප්ති යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො අයං ඉත්ථන්නාමො භික්ඛු පාතිමොක්ඛෙ උද්දිස්සමානෙ න සාධුකං අට්ඨිං කත්වා මනසිකරොති. සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො මොහං ආරොපෙති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො මොහස්ස ආරොපනා සො තුණ්හස්ස යස්ස නක්ඛමති සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මවදන් අසාවා මේ මෙනම් ඇති මහණ පාමොක් උදෙසනු ලබන කල්හි මොනොවට අර්‍ත්‍ථවත් කොට මෙනෙහි නො කෙරෙයි. සඞ්ඝ තෙමේ මෙනම් මහණහට මෝහය ආරෝපණය කරයි. යම් ආයුෂ්මත්නමක්හට මෙනම් මහණහට මෝහය ආරෝපණය කිරීම රුස්නේ නම් හේ නිහඬ වන්නේ යැ, යමක්හට නො රුස්නේ නම් හේ කියන්නේ යැ.
Pali BJTආරොපිතො සඞ්ඝෙන ඉත්ථන්නාමස්ස භික්ඛුනො මොහො, ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී එවමෙතං ධාරයාමීති.
Sinhala BJTසඞ්ඝයා විසින් මෙනම් ඇති මහණහට මෝහය ආරෝපණය කරන ලද්දේ යැ සංඝයාහට රුස්නේ යැ එහෙයින් නිහඬ යැ, තෙල මෙසේ දරමි යි.
Pali BJTඅනාරොපිතෙ මොහෙ මොහෙති ආපත්ති දුක්කටස්ස. ආරොපිතෙ මොහෙ මොහෙති, ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTමෝහය ආරෝපණය නො කළ කල්හි මුළා කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. මෝහය ආරෝපණය කළ කල්හි මුළා කෙරේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී මොහෙති ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ වෙමතිකො මොහෙති ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී මොහෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTදැහැමිකම්හි දැහැමිකම්සන් ඇති යේ මුළා කෙරේ නම් පචිති ඇවැත් වෙයි. දැහැමිකම්හි විමති ඇති යේ මුළා කෙරේ නම් පචිති ඇවැත් වෙයි. දැහැමිකම්හි නොදැහැමිකම් සන් ඇතියේ මුළා කෙරේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී මොහෙති ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකො මොහෙති ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTනො දැහැමිකම්හි දැහැමිකම්සන් ඇතියේ මුළා කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි විමති ඇතියේ මුළා කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි නො දැහැමිකම්සන් ඇතියේ මුළා කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති න විත්ථාරෙන සුතං හොති, ඌනකද්වත්තික්ඛත්තුං විත්ථාරෙන සුතං හොති, න මොහෙතුකාමස්ස උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTවිස්තර විසින් (පාමොක්) නො අසන ලද නම්, උනු දෙතුන් යළක් විස්තර විසින් අසන ලද නම් (ඇවැත් නො වේ) මුළා නො කරනු කැමැත්තහුට උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTමොහනසික්ඛාපදං තතියං.
Sinhala BJTතෙවැනි මෝහන ශික්‍ෂාපද යි.
Pali BJT6. 8. 4.
Sinhala BJT6. 8. 4.
Pali BJTපහාරසික්ඛාපදං
Sinhala BJTපහාර ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ කුපිතා අනත්තමනා සත්තරසවග්ගියානං භික්ඛූනං පහාරං දෙන්ති. තෙ රොදන්ති. භික්ඛූ එවමාහංසු: “කිස්ස තුම්හෙ ආවුසො රොදථා”ති. ඉමෙ ආවුසො ඡබ්බග්ගියා භික්ඛූ කුපිතා අනත්තමනා අම්හාකං පහාරං දෙන්තීති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි සවග මහණහු කිපියෝ නොසියමන් ඇත්තෝ සතළොස්වගැ මහණුන්හට පහර දෙති. ඔහු හඬත්, භික්‍ෂූහු මෙසේ කීහු: “ඇවැත්නි, තෙපි කුමකට හඬවු” දැ යි ඇවැත්නි, මේ සවග මහණෝ කිපී නොසියමන් වැ අපහට පහර දෙති යි.
Pali BJT2. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ කුපිතා අනත්තමනා භික්ඛූනං පහාරං දස්සන්තීති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ කුපිතා අනත්තමනා භික්ඛූනං පහාරං දෙථාති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා කුපිතා අනත්තමනා භික්ඛූනං පහාරං දස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු කිපියෝ නොසියමන් වූවෝ මහණුන්හට පහර දුන්නු” දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි කිපියාහු නොසියමන් වූවාහු මහණුන්හට පහර දෙවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි කිපියෝ නොසියමන් වූවෝ මහණුන්හට පහර දුන්නහු ද, හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු භික්ඛුස්ස කුපිතො අනත්තමනො පහාරං දදෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් මහණක්හට කිපියේ නොසියමන් වූයේ පහර දෙන්නේ නම් පචිති වේ” යයි.
Pali BJT3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT3. යො පන යනු යම්, යම්බඳු ... භික්ඛු යනු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTභික්ඛුස්සාති: අඤ්ඤස්ස භික්ඛුස්ස.
Sinhala BJTභික්ඛුස්ස යනු අන් මහණක්හට,
Pali BJTකුපිතො අනත්තමනොති: අනභිරද්ධො ආහතචිත්තො ඛිලජාතො.
Sinhala BJTකුපිතෝ අනත්තමනෝ යනු නොසතුටු වූයේ ප්‍රතිඝයෙන් ගැටුණු සිත් ඇතියේ හටගත් පිළිඝුහුල් ඇතියේ,
Pali BJTපහාරං දදෙය්යාති: කායෙන වා කායපටිබද්ධෙන වා නිස්සග්ගියෙන වා අන්තමසො උප්පලපත්තෙනපි පහාරං දෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTපහාරං දදෙය්‍ය යනු කයින් හෝ කය පිළිබද්දෙන් හෝ නිසැගියෙන් හෝ යටත් පිරිසෙයින් උපුල් පතිනුදු පහර දේ නම් පචිති ඇවැත් වේ.
Pali BJT4. උපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී කුපිතො අනත්තමනො පහාරං දෙති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ වෙමතිකො කුපිතො අනත්තමනො පහාරං දෙති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී කුපිතො අනත්තමනො පහාරං දෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT4. උපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ කිපියේ නො සියමන් වූයේ පහර දේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ කිපියේ නොසියමන් වූයේ පහරදේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ කිපියේ නොසියමන් වූයේ පහර දේ නම් පචිති ඇවැත් වේ.
Pali BJT5. අනුපසම්පන්නස්ස කුපිතො අනත්තමනො පහාරං දෙති ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT5. අනුපසපනක්හට කිපියේ නොසියමන් වූයේ පහර දේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපනුසන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJT6. අනාපත්ති: කෙනචි විහෙඨීයමානො මොක්ඛාධිප්පායො පහාරං දෙති, උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJT6. කිසිවකු විසිනුදු වෙහෙසනු ලබන්නේ මිදෙනු කැමැති වැ පහර දේ නම් ඇවැත් නැත. උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTපහාරසික්ඛාපදං චතුත්ථං
Sinhala BJTසිවුවැනි පහාරශික්‍ෂාපද යි.
Pali BJT6. 8. 5.
Sinhala BJT6. 8. 5.
Pali BJTතලසත්තිකසික්ඛාපදං
Sinhala BJTතලසත්තික ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ කුපිතා අනත්තමනා සත්තරසවග්ගියානං භික්ඛූනං තලසත්තිකං උග්ගිරන්ති. තෙ පහාරසමුඤ්චිතා{1} රොදන්ති. භික්ඛූ එවමාහංසු: “කිස්ස තුම්හෙ ආවුසො රොදථා”ති? ඉමෙ ආවුසො ඡබ්බග්ගියා භික්ඛූ කුපිතා අනත්තමනා අම්හාකං තලසත්තිකං උග්ගිරන්තීති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේ පිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙත්. එසමයෙහි වනාහි සවග මහණහු කිපියෝ නොසියමන්වූවෝ සතළොස්වගැ මහණුන්හට තලසැත් නඟා දක්වති. ඔහු පුරුදු පහර එතියි හඟනාහු හඬති. භික්‍ෂූහු මෙසේ කීහු: “ඇවැත්නි, තෙපි කුමකට හඬවු” දැ යි ඇවැත්නි, මේ සවග මහණෝ කිපියෝ නොසියමන්වූවෝ අපහට තලසැත් නඟා දක්වන්නාහ යි.
Pali BJT2. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ කුපිතා අනත්තමනා භික්ඛූනං{1} තලසත්තිකං උග්ගිරිස්සන්තී”ති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ කුපිතා අනත්තමනා භික්ඛූනං තලසත්තිකං උග්ගිරථා’ති සච්චං, භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා කුපිතා අනත්තමනා භික්ඛූනං තලසත්තිකං උග්ගිරිස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු කිපියෝ නො සියමන් වූවෝ මහණුන්හට තලසැත් නඟා දැක්වූහු”දැයි ... සැබෑ ද මහණෙනි, තෙපි කිපියාහු නො සියමන් වූවාහු මහණුන්හට තලසැත් නඟා දක්වවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි කිපියාහු නොසියමන්වූවාහු මහණුන්හට තලසැත් නඟා දැක්වූවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු භික්ඛුස්ස කුපිතො අනත්තමනො තලසත්තිකං උග්ගිරෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් කිපියේ නො සියමන් වූයේ මහණක්හට තලසැත් නඟන්නේ නම් පචිති වේ” යයි.
Pali BJT3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT3. යො පන: යම්, යම්බඳු ... භික්ඛූ ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTභික්ඛුස්සාති: අඤ්ඤස්ස භික්ඛුස්ස.
Sinhala BJTභික්ඛුස්ස: අන් මහණක්හට,
Pali BJTකුපිතො අනත්තමනොති: අනභිරද්ධො ආහතචිත්තො ඛිලජාතො.
Sinhala BJTකුපිතෝ අනත්තමනෝ: නො සතුටු වූයේ ප්‍රතිඝයෙන් හැපුණු සිත් ඇතියේ හටගත් පිළඝුහුල් ඇතියේ,
Pali BJTතලසත්තිකං උග්ගිරෙය්යාති: කායං වා කායපටිබද්ධං වා අන්තමසො උප්පලපත්තම්පි උච්චාරෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTතලසත්තිකං උග්ගිරෙය්‍ය: කය හෝ කය පිළිබද්දක් හෝ යටත් පිරිසෙයින් උපුල්පතකුදු නඟා දක්වා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඋපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී කුපිතො අනත්තමනො තලසත්තිකං උග්ගිරති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ වෙමතිකො කුපිතො අනත්තමනො තලසත්තිකං උග්ගිරති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී කුපිතො අනත්තමනො තලසත්තිකං උග්ගිරති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඋපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ කිපියේ නො සියමන් වූයේ තලසැත් නඟා දක්වා නම් පචිති ඇවැත් වේ. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ කිපියේ නොසියමන් වූයේ තලසැත් නඟා දක්වා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ කිපියේ නොසියමන් වූයේ තලසැත් නඟා දක්වා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅනුපසම්පන්නස්ස කුපිතො අනත්තමනො තලසත්තිකං උග්ගිරති ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅනුපසපනක්හට කිපියේ නොසියමන්වූයේ තලසැත් නඟා දක්වා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: කෙනචි විහෙඨීයමානො මොක්ඛාධිප්පායො තලසත්තිකං උග්ගිරති, උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTකිසිවකු විසිනුදු වෙහෙසනු ලබන්නේ මිදෙනු කැමැති වැ තල සැත් නඟා දක්වා නම් ඇවැත් නැත, උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTතලසත්තිකසික්ඛාපදං පඤ්චමං.
Sinhala BJTපස්වැනි තලසත්තික ශික්‍ෂාපද යි.
Pali BJT6. 8. 6.
Sinhala BJT6. 8. 6.
Pali BJTඅමූලකසික්ඛාපදං
Sinhala BJTඅමූලක ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛුං අමූලකෙන සඞ්ඝාදිසෙසෙන අනුද්ධංසෙන්ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු මහණක්හට අමූලක සඞ්ඝාදිශේෂයෙකින් චෝදනා කරති.
Pali BJT2. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛුං අමූලකෙන සඞ්ඝාදිසෙසෙන අනුද්ධංසෙස්සන්තී”ති. -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ භික්ඛුං අමූලකෙන සඞ්ඝාදිසෙසෙන අනුද්ධංසෙථා”ති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා භික්ඛුං අමූලකෙන සඞ්ඝාදිසෙසෙන අනුද්ධංසෙස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු මහණක් හට අමූලක සඞ්ඝාදිශේෂයෙකින් චෝදනා කොළෝ”දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි මහණක්හට අමූලක සඞ්ඝාදිශේෂයෙකින් චෝදනා කරවු දැ යි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි මහණක්හට අමූලක සඞ්ඝාදිශේෂයෙකින් චෝදනා කළහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු භික්ඛුං අමූලකෙන සඞ්ඝාදිසෙසෙන අනුද්ධංසෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් මහණක්හට අමුල් සඟවෙසෙසකින් චෝදනා කරන්නේ නම් පචිති වේ” යයි.
Pali BJT3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT3. යො පන: යම්, යම්බඳු ... භික්ඛූ ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහිලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTභික්ඛුන්ති: අඤ්ඤං භික්ඛුං.
Sinhala BJTභික්ඛුං: අන් මහණක්හු,
Pali BJTඅමූලකං නාම: අදිට්ඨං අසුතං අපරිසඞ්කිතං.
Sinhala BJTඅමූලක නම්: නො දක්නා ලද්ද යැ නො අසන ලද්ද යැ සැක නො කරන ලද්ද යි.
Pali BJTසඞ්ඝාදිසෙසෙනාති: තෙරසන්නං අඤ්ඤතරෙන.
Sinhala BJTසඞ්ඝාදිසේසෙන: තෙළෙස් සඟවෙසෙසුන් අතුරෙන් එක්තරයෙකින්,
Pali BJTඅනුද්ධංසෙය්යාති: චොදෙති වා චොදාපෙති වා ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඅනුද්ධංසෙය්‍ය: චෝදනා කෙරේ නම් හෝ චෝදනා කරවා නම් හෝ පචිති ඇවැත් වේ.
Pali BJTඋපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී අමූලකෙන සඞ්ඝාදිසෙසෙන අනුද්ධංසෙති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ වෙමතිකො අමූලකෙන සඞ්ඝාදිසෙසෙන අනුද්ධංසෙති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී අමූලකෙන සඞ්ඝාදිසෙසෙන අනුද්ධංසෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඋපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ අමුල් සඟ වෙසෙසෙකින් චෝදනා කෙරේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ අමුල් සඟවෙසෙසෙකින් චෝදනා කරයි නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ අමුල් සඟවෙසෙසෙකින් චෝදනා කෙරේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTආචාරවිපත්තියා වා දිට්ඨිවිපත්තියා වා අනුද්ධංසෙති ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නං අනුද්ධංසෙති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTආචාරවිපත්තියෙකින් හෝ දෘෂ්ටිවිපත්තියෙකින් හෝ චෝදනා කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හට චෝදනා කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනුපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅනුපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: තථාසඤ්ඤී චොදෙති වා චොදාපෙති වා උම්මත්තකස්ස වා ආදිකම්මිකස්සාති.
Sinhala BJTඑසේ සඟවෙසෙස් සන් ඇතියේ චෝදනා කෙරේ නම් හෝ චෝදනා කරවා නම් හෝ ඇවැත් නැත, උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTඅමූලකසික්ඛාපදං ඡට්ඨමං.
Sinhala BJTසවැනි අමූලකශික්‍ෂාපද යි.
Pali BJT6. 8. 7.
Sinhala BJT6. 8. 7.
Pali BJTසඤ්චිච්චසික්ඛාපදං
Sinhala BJTසඤ්විච්ච ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සත්තරසවග්ගියානං භික්ඛූනං සඤ්චිච්ච කුක්කුච්චං උපදහන්ති: “භගවතා ආවුසො සික්ඛාපදං පඤ්ඤත්තං ‘න ඌනවීසතිවස්සො පුග්ගලො උපසම්පාදෙතබ්බො’ති. තුම්හෙ ච ඌනවීසතිවස්සා උපසම්පන්නා කච්චි නො තුම්හෙ අනුපසම්පන්නා”ති. තෙ රොදන්ති, භික්ඛූ එවමාහංසු “කිස්ස තුම්හෙ ආවුසො රොදථා”ති. ඉමෙ ආවුසො ඡබ්බග්ගියා භික්ඛූ අම්හාකං සඤ්චිච්ච කුක්කුච්චං උපදහන්තීති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු සතළොස් වග මහණුන්හට දැනැ දැනැ කුකුස් උපදවති. “ඇවැත්නි, භාග්‍යවතුන් විසින් උනුවිසිවස් ඇති පුඟුල් තෙමේ උපසපන් නො කැරැවිය යුතු යැ යි සිකපදයෙක් පනවන ලදී. තෙපි දු උනුවිසිවස් ඇතියව්හු උපසපන් වූවහු යැ. කිම, තෙපි අනුපසපන්හු”දැ යි. ඔහු හඬත්. භික්‍ෂූහු මෙසේ කීහු: “කුමකට ඇවැත්නි, තෙපි හඬවු”දැ යි. ඇවැත්නි, මේ සවග මහණහු අපට දැනැදැනැ කුකුස් උපදවතැ යි.
Pali BJT2. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති, “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛූනං සඤ්චිච්ච කුක්කුච්චං උපදහිස්සන්තී”ති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ භික්ඛූනං සඤ්චිච්ච කුක්කුච්චං උපදහථාති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා භික්ඛූනං සඤ්චිච්ච කුක්කුච්චං උපදහිස්සථ, නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු මහණුන්හට දැනැදැනැ කුකුස් ඉපැදවූහු”දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි මහණුන්හට දැනැ දැනැ කුකුස් උපදවවු දැ යි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි මහණුන්හට දැනැ දැනැ කුකුස් ඉපැදවූවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු භික්ඛුස්ස සඤ්චිච්ච කුක්කුච්චං උපදහෙය්ය ඉතිස්ස මුහුත්තම්පි අඵාසු භවිස්සතීති එතදෙව පච්චයං කරිත්වා අනඤ්ඤං පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් මහණක්හට ‘මෙයින් මොහුට ඇසිල්ලකුදු නො පහසුවෙක් වන්නේ’යැ යි දැන දැනැ අනෙකක් නො වැ මෙය මැ කරුණු කොට කුකුස් උපදවන්නේ නම් පචිති වේ” යයි.
Pali BJT3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTභික්ඛුස්සාති: අඤ්ඤස්ස භික්ඛුස්ස.
Sinhala BJTභික්ඛුස්ස: අන් මහණක්හට,
Pali BJTසඤ්චිච්චාති: ජානන්තො සඤ්ජානන්තො චෙච්ච අභිවිතරිත්වා වීතික්කමො.
Sinhala BJTසඤ්විච්ච: දන්නේ මැනැවින් දන්නේ සිතා මෙහෙයා විකුම් කිරීම යි.
Pali BJTකුක්කුච්චං උපදහෙය්යාති: ඌනවීසතිවස්සො මඤ්ඤෙ ත්වං උපසම්පන්නො. විකාලෙ මඤ්ඤෙ තයා භුත්තං මජ්ජං මඤ්ඤෙ තයා පීතං මාතුගාමෙන සද්ධිං රහො මඤ්ඤෙ තයා නිසින්නන්ති කුක්කුච්චං උපදහති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTකුක්කුච්චං උපදහෙය්‍ය: තෙපි උනුවිසිවස් ඇති වැ උපසපන් වූහු යි හඟිමි. තොප විකල්හි වළඳන ලදැ යි හඟිම්. තොප මත්පැන් බොන ලදැ යි හඟිම්. තොප නොරඹුරෙහි මාගමක හා හිනැ යි හඟිමැ යි කුකුස් උපදවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඑතදෙව පච්චයං කරිත්වා අනඤ්ඤන්ති: න අඤ්ඤො කොචි පච්චයො හොති කුක්කුච්චං උපදහිතුං.
Sinhala BJTඒතදෙව පච්චයං කරිත්වා අනඤ්ඤං: කුකුස් උපදවන්නට අන් කිසිදු කරුණෙක් නැති.
Pali BJTඋපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී සඤ්චිච්ච කුක්කුච්චං උපදහති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ වෙමතිකො සඤ්චිච්ච කුක්කුච්චං උපදහති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී සඤ්චිච්ච කුක්කුච්චං උපදහති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඋපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ දැනැ දැනැ කුකුස් උපදවා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ දැනැ දැනැ කුකුස් උපදවා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ දැනැ දැනැ කුකුස් උපදවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅනුපසම්පන්නස්ස සඤ්චිච්ච කුක්කුච්චං උපදහති ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅනුපසපනක්හට දැනැ දැනැ කුකුස් උපදවා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: න කුක්කුච්චං උපදහිතුකාමො ඌනවීසතිවස්සො මඤ්ඤෙ ත්වං උපසම්පන්නො විකාලෙ මඤ්ඤෙ තයා භුත්තං මජ්ජං මඤ්ඤෙ තයා පීතං මාතුගාමෙන සද්ධිං රහො මඤ්ඤෙ තයා නිසින්නං ඉඞ්ඝ ජානාහි මා තෙ පච්ඡා කුක්කුච්චං අහොසීති භණති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTකුකුස් නො උපදවනු කැමැත්තේ “තෙපි උනු විසි වස් ඇති වැ උපසපන් වූහු යි හඟිම්, තොප විකල්හි වළඳන ලදැ යි හඟිම්, තොප මත් පැන් බොන ලදැ යි හඟිම්, තොප නොරඹුරෙහි මාගමක සමග හිනැ යි හඟිම්, එබැවින් දනුව, තොපට පසුවැ කුකුසෙක් නහමක් වේව යි බෙණේ නම් ඇවැත් නැත, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTසඤ්චිච්චසික්ඛාපදං සත්තමං.
Sinhala BJTසත්වැනි සඤ්විච්ච ශික්‍ෂාපද යි.
Pali BJT6. 8. 8.
Sinhala BJT6. 8. 8.
Pali BJTඋපස්සුතිසික්ඛාපදං
Sinhala BJTඋපස්සුති ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ පෙසලෙහි භික්ඛූහි සද්ධිං භණ්ඩෙන්ති.{1} පෙසලා භික්ඛූ එවං වදෙන්ති: “අලජ්ජිනො ඉමෙ ආවුසො ඡබ්බග්ගියා භික්ඛූ න සක්කා ඉමෙහි සහ භණ්ඩිතුන්ති. ඡබ්බග්ගියා භික්ඛූ එවං වදෙන්ති. “කිස්ස තුම්හෙ ආවුසො අම්හෙ අලජ්ජිවාදෙන පාපෙථා”ති. “කහං පන තුම්හෙ ආවුසො අස්සුත්ථාති. මයං ආයස්මන්තානං උපස්සුතිං තිට්ඨම්හා”ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු ප්‍රියශීලී භික්‍ෂූන් සමඟ ඩබර කෙරෙති. ප්‍රියශීලී භික්‍ෂූහු මෙසේ කියත්: “ඇවැත්නි මේ සවග මහණහු අලජ්ජීහු යැ, මොවුන් සමඟ ඩබර කරන්නට නොහැකි” යැ යි සවග මහණහු මෙසේ කියත්: “කුමකට ඇවැත්නි, තෙපි අප අලජ්ජීවාදයෙන් පමුණුවවු” දැ යි ඇවැත්නි, තෙපි කොබ සිටැ ඇසුවහු දැ යි. ඇපි ආයුෂ්මතුන්ගේ බස් ඇසෙන තන්හි සිටියම්හ යි.
Pali BJT2. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛූනං භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං උපස්සුතිං තිට්ඨිස්සන්තී”ති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ භික්ඛූනං භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං උපස්සුතිං තිට්ඨථාති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා භික්ඛූනං භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං උපස්සුතිං තිට්ඨිස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්; “කෙසේ නම් සවග මහණහු හටගත් ඩබර ඇති හටගත් කලහ ඇති විරුද්ධවාදයට බැස ගත් මහණුන්ගේ බස් ඇසෙන තන්හි සිටියෝ” දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි හටගත් ඩබර ඇති හටගත් කලහ ඇති විරුද්ධවාදයට බැසගත් මහණුන්ගේ බස් ඇසෙන තන්හි සිටිවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ. කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි හටගත් ඩබර ඇති හටගත් කලහ ඇති විවාදයට බැසගත් මහණුන්ගේ බස් ඇසෙන තන්හි සිටියහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු භික්ඛූනං භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං උපස්සුතිං තිට්ඨෙය්ය යං ඉමෙ භණිස්සන්ති තං සොස්සාමීති එතදෙව පච්චයං කරිත්වා අනඤ්ඤං, පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් හටගත් ඩබර ඇති හටගත් කලහ ඇති විරුද්ධවාදයට පැමිණි මහණුන්ගේ බස් ඇසෙන තන්හි මොහු යමක් බෙණෙත් නම් එය අසන්නෙමැ’යි අනෙකක් නො වැ මෙය මැ කරුණු කොට සිටින්නේ නම් පචිති වේ” යයි.
Pali BJT3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTභික්ඛූනන්ති: අඤ්ඤෙසං භික්ඛූනං.
Sinhala BJTභික්ඛූනං: අන් මහණුන්ගේ.
Pali BJTභණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානන්ති: අධිකරණජාතානං.
Sinhala BJTභණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං: හටගත් අධිකරණ ඇතියවුන්ගේ.
Pali BJTඋපස්සුතිං තිට්ඨෙය්යාති: ඉමෙසං සුත්වා චොදෙස්සාමි සාරෙස්සාමි පටිචොදෙස්සාමි පටිසාරෙස්සාමි මඞ්කුකරිස්සාමීති ගච්ඡති ආපත්ති දුක්කටස්ස. යත්ථ ඨිතො සුණාති ආපත්ති පාචිත්තියස්ස. පච්ඡතො ගච්ඡන්තො තුරිතො ගච්ඡති සොස්සාමීති ආපත්ති දුක්කටස්ස. යත්ථ ඨිතො සුණාති ආපත්ති පාචිත්තියස්ස. පුරතො ගච්ඡන්තො ඔහීයති සොස්සාමීති ආපත්ති දුක්කටස්ස. යත්ථ ඨිතො සුණාති ආපත්ති පාචිත්තියස්ස. භික්ඛුස්ස ඨිතොකාසං වා නිසින්නොකාසං වා නිපන්නොකාසං වා ආගන්ත්වා මන්තෙන්තං උක්කාසිතබ්බං විජානාපෙතබ්බං නො චෙ උක්කාසෙය්ය වා විජානාපෙය්ය වා ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඋපස්සුතිං තිට්ඨෙය්‍ය: මොවුන්ගේ බස් අසා චෝදනා කරන්නෙමි සිහි කරවන්නෙමි නැවැතැ චෝදනා කරන්නෙමි නැවැතැ සිහි කරවන්නෙමි මකු කරන්නෙමැ යි යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙකැ සිටියේ අසා නම් පචිති වෙයි. පසු වැ යන්නේ අසන්නෙමැ යි යුහු වැ යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙක සිටියේ අසා නම් පචිති ඇවැත් වෙයි. පෙරටු වැ යන්නේ අසන්නෙමැ යි පසුබසිමින් එලිඑලී යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙකැ සිටියේ අසා නම් පචිති ඇවැත් වෙයි. මහණක්හුගේ සිටි තැනට හෝ හුන් තැනට හෝ හොත් තැනට හෝ අවුත් මන්ත්‍රණය කරන්නහුට කෑරිය යුතු යැ දැන්විය යුතු යැ. ඉදින් නොකරන්නේ නම් නො දන්වන්නේ නම් හෝ පචිති ඇවැත් වේ.
Pali BJTඑතදෙව පච්චයං කරිත්වා අනඤ්ඤන්ති: න අඤ්ඤො කොචි පච්චයො හොති උපස්සුතිං තිට්ඨිතුං.
Sinhala BJTඒතදෙව පච්චයං කරිත්වා අනඤ්ඤං: බස් ඇසෙන තන්හි සිටින්නහට අන් කිසිදු කරුණෙක් නැත.
Pali BJTඋපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී උපස්සුතිං තිට්ඨති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ වෙමතිකො උපස්සුතිං තිට්ඨති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී උපස්සුතිං තිට්ඨති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඋපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ බස් ඇසෙන තන්හි සිටී නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ බස් ඇසෙන තන්හි සිටී නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ බස් ඇසෙන තන්හි සිටී නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅනුපසම්පන්නස්ස උපස්සුතිං තිට්ඨති ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅනුපසපනක්හුගේ බස් ඇසෙන තන්හි සිටී නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: ඉමෙසං සුත්වා ඔරමිස්සාමි විරමිස්සාමි වූපසමිස්සාමි අත්තානං පරිමොචෙස්සාමීති ගච්ඡති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTමොවුන්ගේ බස් අසා මිදෙන්නෙමි වළකින්නෙමි සන්හිඳින්නෙමි තමා හාත්පසින් මිදෙන්නෙමැ යි යේ නම් ඇවැත් නැත, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTඋපස්සුතිසික්ඛාපදං අට්ඨමං.
Sinhala BJTඅටවැනි උපස්සුති ශික්‍ෂාපද යි.
Pali BJT6. 8. 9.
Sinhala BJT6. 8. 9.
Pali BJTකම්මපටිබාහනසික්ඛාපදං
Sinhala BJTකම්මපටිබාහන ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ අනාචාරං ආචරිත්වා එකමෙකස්ස කම්මෙ කයිරමානෙ පටික්කොසන්ති තෙන ඛො පන සමයෙන සඞ්ඝො සන්නිපතිතො හොති කෙනචිදෙව කරණීයෙන. ඡබ්බග්ගියා භික්ඛූ චීවරකම්මං කරොන්තා එකස්ස ඡන්දං අදංසු. අථ ඛො සඞ්ඝො අයං ආවුසො ඡබ්බග්ගියො භික්ඛු එකකො ආගතො හන්දස්ස මයං කම්මං කරොමාති තස්ස කම්මං අකාසි. අථ ඛො සො භික්ඛු යෙන ඡබ්බග්ගියා භික්ඛූ තෙනුපසඞ්කමි. ඡබ්බග්ගියා භික්ඛූ තං භික්ඛුං එතදවොචුං. “කිං ආවුසො සඞ්ඝො අකාසී”ති? සඞ්ඝො මෙ ආවුසො කම්මං අකාසීති. න මයං ආවුසො එතදත්ථාය ඡන්දං අදම්හ තුය්හං කම්මං කරිස්සතීති. සචෙ ච මයං ජානෙය්යාම තුය්හං කම්මං කරිස්සතීති න මයං ඡන්දං දදෙය්යාමාති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු පනත් විකුම් කොට එකක් එකක්හට කර්‍ම කරනු ලබන කල්හි වළහත්. එසමයෙහි වනාහි කිසියම් කරුණෙකින් සඞ්ඝයා රැස්වූයේ වෙයි. සවග මහණහු සිවුරුකම් කරන්නෝ එකක්හට ඡන්‍දය දුන්හු. එකල්හි සඞ්ඝයා ඇවැත්නි, මේ සවග මහණ එකලා වැ පැමිණියේ යැ. එබැවින් ඇපි මොහුට කර්‍ම කරම්හ යි ඔහට කර්‍ම කෙළේ යැ. එකල්හි එ මහණ සවග මහණුන් වෙතැ එළැඹියේ යැ. සවග මහණහු එ මහණහට මෙය කීහු. ඇවැත්නි, සඞ්ඝයා කුමක් කෙළේ දැයි. ඇවැත්නි, සඞ්ඝයා මාහට කර්‍ම කෙළේ යැ යි. ඇවැත්නි, ඇපි තොපට කර්‍ම කරන්නේ යැ යි තෙල කරුණ සඳහා ඡන්‍දය නුදුම්හ. ඉදින් තොපට කර්‍ම කරන්නේ යැයි ඇපි දන්නමෝ නම් ඇපි ඡන්‍දය නො දෙම්හ යි.
Pali BJT2. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ ධම්මිකානං කම්මානං ඡන්දං දත්වා පච්ඡා ආපජ්ජිස්සන්තී”ති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ ධම්මිකානං කම්මානං ඡන්දං දත්වා පච්ඡා ඛීයනධම්මං ආපජ්ජථාති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා ධම්මිකානං කම්මානං ඡන්දං දත්වා පච්ඡා ඛීයනධම්මං ආපජ්ජිස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු දැහැමි කර්‍මයනට ඡන්‍දය දී පසු වැ ගරහන බවට පැමිණියේ”දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි දැහැමි කර්‍මයනට ඡන්‍දය දී පසු වැ ගරහන බවට පැමිණෙවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි දැහැමි කර්‍මයනට ඡන්‍දය දී පසු වැ ගරහන බවට පැමිණියහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු ධම්මිකානං කම්මානං ඡන්දං දත්වා පච්ඡා ඛීයනධම්මං ආපජ්ජෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් දැහැමි කර්‍මයනට ඡන්‍දය දී පසු වැ ගරහන බවට පැමිණෙන්නේ නම් පචිති වේ”යයි.
Pali BJT3 යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTධම්මිකං නාම කම්මං: අපලොකනකම්මං ඤත්තිකම්මං ඤත්තිදුතියකම්මං ඤත්තිචතුත්ථකම්මං ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන කතං එතං ධම්මිකං නාම කම්මං, ඡන්දං දත්වා ඛීයති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTධම්මික කම්ම නම්: අපලෝකන කර්‍ම යැ ඥප්ති කර්‍ම යැ ඥප්තිද්විතීය කර්‍ම යැ, ඥප්තිචතුර්‍ත්‍ථ කර්‍ම යි. ධර්‍මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් කරන ලද තෙල කර්‍මය ධම්මික නම් වෙයි. ඡන්‍දය දී ගරහා නම් පචිති ඇවැත් වේ.
Pali BJTධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී ඡන්දං දත්වං ඛීයති ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ වෙමතිකො ඡන්දං දත්වා ඛීයති ආපත්ති දුක්කටස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී ඡන්දං දත්වා ඛීයති අනාපත්ති.
Sinhala BJTදැහැමිකම්හි දැහැමිකම්සන් ඇතියේ ඡන්‍දය දී ගරහා නම් පචිති ඇවැත් වෙයි. දැහැමිකම්හි විමති ඇතියේ ඡන්‍දය දී ගරහා නම් දුකුළා ඇවැත් වෙයි. දැහැමිකම්හි නො දැහැමි කම්සන් ඇතියේ ඡන්‍දය දී ගරහා නම් ඇවැත් නැති.
Pali BJTඅධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTනො දැහැමිකම්හි දැහැමිකම්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි නො දැහැමිකම්සන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: අධම්මෙන වා වග්ගෙන වා න කම්මාරහස්ස වා කතන්ති ජානන්තො ඛීයති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTඅධර්‍මයෙන් හෝ ව්‍යග්‍රයෙන් හෝ කර්‍මාර්‍හ නොවනුවක්හට කර්‍ම කරන ලදැ යි දන්නේ ගරහා නම් (ඇවැත් නොවේ), උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTකම්මපටිබාහන සික්ඛාපදං නවමං.
Sinhala BJTනවවැනි කම්මපටිබාහන ශික්‍ෂාපද යි.