Pali BJTඅනාපත්ති: අසංවිදහිත්වා ගච්ඡති, මාතුගාමො සංවිදහති භික්ඛු න සංවිදහති, විසඞ්කෙතෙන ගච්ඡති, ආපදාසු උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTසංවිධාන නො කොට යේ නම්, මාගම සංවිධාන කෙරේ නම් මහණ සංවිධාන නො කෙරේ නම්, කාලවිසඞ්කෙතයෙන් යේ නම්, ආපදාවෙහි, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTසංවිධානසික්ඛාපදං සත්තමං.
Sinhala BJTසත්වැනි සංවිධාන ශික්‍ෂාපද යි.
Pali BJT6. 7. 8.
Sinhala BJT6. 7. 8.
Pali BJTඅරිට්ඨසික්ඛාපදං
Sinhala BJTඅරිට්ඨ ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අරිට්ඨස්ස නාම භික්ඛුනො ගද්ධබාධිපුබ්බස්ස එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං හොති, “තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා යෙමෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායාති”. අස්සොසුං ඛො සම්බහුලා භික්ඛූ “අරිට්ඨස්ස කිර නාම භික්ඛුනො ගද්ධබාධිපුබ්බස්ස එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා යෙමෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායා”ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි ගිජුලිහිණියන් මැරූ කුලෙහි උපන් අරිට්ඨ නම් මහණහට මෙබඳු ලමු දිට්හයෙක් උපන්නේ වෙයි. “භාග්‍යවතුන් විසින් යම් මේ අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අනතුරු පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමි” යි. බොහෝ භික්‍ෂූහු ගිජුලිහිණියන් මැරූ කුලෙහි උපන් අරිට්ඨ නම් මහණහට භාග්‍යවතුන් විසින් යම් මේ අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අනතුරු පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ යි මෙබඳු ලමු දිට්හයෙක් උපනැයි ඇසූහු.
Pali BJT2. අථ ඛො තෙ භික්ඛූ යෙන අරිට්ඨො භික්ඛු ගද්ධබාධිපුබ්බො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා අරිට්ඨං භික්ඛුං ගද්ධබාධිපුබ්බං එතදවොචුං: “සච්චං කිර තෙ ආවුසො අරිට්ඨ, එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං,– තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා යෙමෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා, තෙ පටිසෙවතො නාලං අන්තරායායාති. එවං බ්යා ඛො අහං ආවුසො, භගවතා ධම්මං දෙසිතං ආජානාමි “යථා යෙමෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායා”ති. මා ආවුසො අරිට්ඨ, එවං අවච. මා භගවන්තං අබ්භාචික්ඛි. න හි සාධු භගවතො අබ්භක්ඛානං{1}. න හි භගවා එවං වදෙය්ය. අනෙකපරියායෙන ආවුසො අරිට්ඨ, අන්තරායිකා ධම්මා අන්තරායිකා වුත්තා භගවතා අලඤ්ච පන තෙ පටිසෙවතො අන්තරායාය: අප්පස්සාදා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා ආදීනවො එත්ථ භිය්යො. අට්ඨිකඞ්ඛලූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා, ආදීනවො එත්ථ භිය්යො, මංසපෙසූපමා කාමා වුත්තා භගවතා -පෙ- තිණුක්කූපමා කාමා වුත්තා භගවතා- අඞ්ගාරකාසූපමා කාමා වුත්තා භගවතා- සුපිනකූපමා කාමා වුත්තා භගවතා- යාචිතකූපමා කාමා වුත්තා භගවතා- රුක්ඛඵලූපමා කාමා වුත්තා භගවතා- අසිසූනූපමා කාමා වුත්තා භගවතා- සත්තිසූලූපමා කාමා වුත්තා භගවතා-සප්පසිරූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා ආදීනවො එත්ථ භිය්යොති.
Sinhala BJT2. ඉක්බිති ඒ භික්‍ෂූහු ගද්ධාබාධිපුබ්බ (ගිජු ලිහිණියන් මැරූ කුලෙහි උපන්) අරිට්ඨ නම් මහණහු වෙතැ එළැඹියහ. එළැඹැ ගද්ධාබාධිපුබ්බ අරිට්ඨ නම් මහණහට මෙය කීහු. සැබෑ ද ඇවැත්නි අරිට්ඨයෙනි, භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අනතුරු පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ යි මෙබඳු ලාමක දෘෂ්ටියක් තොපට උපන්නේ ද? භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අනතුරු පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසෙයින් ඇවැත්නි, භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමි, ඇවැත්නි අරිට්ඨයෙනි, මෙසේ නහමක් කියව, භාග්‍යවතුන්හට නහමක් නුගුණ කියව, භාග්‍යවතුන් හට නුගුණකීම නො මනා මැ යි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරන සේක් මැ යි. ඇවැත්නි අරිට්ඨයෙනි, භාග්‍යවතුන් විසින් නොයෙක් කරුණෙන් අන්තරායකර ධර්‍මයෝ අන්තරායකරහ යි වදාරන ලද යැ. තව ද ඒ ධර්‍මයන් සෙවුනාහට අනතුරු පිණිස සමර්‍ත්‍ථ වෙත් මැ යි. කාමයෝ අල්පාස්වාද ඇතියහ බොහෝ දුක් ඇතියහ බොහෝ දැඩි ආයාස ඇතියහ. මෙහි ආදීනවය බෙහෙවැ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද. බොහෝ දුක් ඇති බොහෝ දැඩි ආයාස ඇති කාමයෝ ඇටසැකිලි බන්දහ මෙහි ආදීනවය බෙහෙවැ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද. කාමයෝ මස් වැදැලි බන්දහ ... භාග්‍යවතුන් විසින් වදාරන ලද. කාමයෝ තණහුලක් බන්දහ ... භාග්‍යවතුන් විසින් වදාරන ලද. කාමයෝ අඟුරුවළක් බන්දහ ... භාග්‍යවතුන් විසින් වදාරන ලද. කාමයෝ සිහිනයක් බන්දහ ... භාග්‍යවතුන් විසින් වදාරන ලද. කාමයෝ පිරුළින් අළදැයක් බන්දහ ... භාග්‍යවතුන් විසින් වදාරන ලද. කාමයෝ රුක්පල බන්දහ ... භාග්‍යවතුන් විසින් වදාරන ලදහ. කාමයෝ අසිසූනා බන්දහ ... භාග්‍යවතුන් විසින් වදාරන ලද. කාමයෝ ශක්තිශුල බන්දහ ... භාග්‍යවතුන් විසින් වදාරන ලද. බොහෝ දුක් ඇති බොහෝ දැඩි ආයාස ඇති කාමයෝ සර්‍ප ශිර්‍ෂ බන්දහ. මෙහි ආදීනවය බෙහෙවැ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද්දේ යැ.
Pali BJT3. එවම්පි ඛො අරිට්ඨො භික්ඛු ගද්ධබාධිපුබ්බො තෙහි භික්ඛූහි වුච්චමානො තථෙව තං පාපකං දිට්ඨිගතං ථාමසා පරාමස්ස{1} අභිනිවිස්ස වොහරති “එවං ව්යාඛො අහං ආවුසො, භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා යෙ මෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායාති. යතො ච ඛො තෙ භික්ඛූ නාසක්ඛිංසු අරිට්ඨං භික්ඛුං ගද්ධබාධිපුබ්බං එතස්මා පාපකා දිට්ඨිගතා විවෙචෙතුං. අථ ඛො තෙ භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT3. මෙසේ ද වනාහි ගද්ධබාධිපුබ්බ අරිට්ඨ මහණ ඒ භික්‍ෂූන් විසින් කියනු ලබන්නේ එසේ මැ ඒ ලාමකදෘෂ්ටිය දැඩිසේ අල්වා ගෙනැ (එයට) බැසැගෙනැ බැවහර කෙරෙයි. “භාග්‍යවතුන් විසින් යම් මේ අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ ඇවැත්නි, භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ” යි. ඒ භික්‍ෂූහු වනාහි ගිජුලිහිණියන් මැරූ කුලෙහි උපන් අරිට්ඨ මහණහු තෙල ලමු දිට්හයෙන් වෙන් කරන්නට යම් හෙයකින් නොහැකිවූහු ද එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වෙතැ එළැඹියහ. එළැඹ භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහු.
Pali BJT4. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා අරිට්ඨං භික්ඛුං ගද්ධබාධිපුබ්බං පටිපුච්ඡි. සච්චං කිර තෙ අරිට්ඨ එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං, තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි, යථා යෙමෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායාති. එවං ව්යාඛො අහං භන්තෙ, භගවතා ධම්මං දෙසිතං ආජානාමි, යථා යෙමෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායාති. කස්ස නු ඛො නාම ත්වං මොඝපුරිස, මයා එවං ධම්මං දෙසිතං ආජානාසි. නනු මයා මොඝපුරිස අනෙකපරියායෙන අන්තරායිකා ධම්මා අන්තරායිකා වුත්තා, අලඤ්ච පන තෙ පටිසෙවතො අන්තරායාය. අප්පස්සාදා කාමා වුත්තා මයා බහුදුක්ඛා බහූපායාසා ආදීනවො එත්ථ භිය්යො, අට්ඨිකඞ්කලූපමා කාමා වුත්තා මයා -පෙ- මංසපෙසූපමා කාමා වුත්තා මයා- තිණුක්කූපමා කාමා වුත්තා මයා- අඞ්ගාරකාසූපමා කාමා වුත්තා මයා- සුපිනකූපමා කාමා වුත්තා මයා- යාචිතකූපමා කාමා වුත්තා මයා- රුක්ඛඵලූපමා කාමා වුත්තා මයා- අසිසූනූපමා කාමා වුත්තා මයා- සත්තිසූලූපමා කාමා වුත්තා මයා- සප්පසිරූපමා කාමා වුත්තා මයා බහුදුක්ඛා බහුපායාසා ආදීනවො එත්ථ භිය්යො.
Sinhala BJT4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා බික්සඟන රැස්කරවා ගිජුලිහිණියන් මැරූ කුලෙහි උපන් අරිට්ඨ මහණහු පිළිවුසූ සේකැ. සැබෑ ද අරිට්ඨය, භාග්‍යවතුන් විසින් යම් මේ අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ යි මෙබඳු ලමු දිට්හයෙක් තාහට උපන්නේ දැ යි. භාග්‍යවතුන් විසින් යම් මේ අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසෙයින් ස්වාමීනි, භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමි. හිස් පුරුෂය, තෙපි මා විසින් කවරක්හට නම් එසේ ධර්‍මය දෙසන ලදැ යි දනිහු ද? හිස් පුරුෂය, මා විසින් නොයෙක් කරුණෙන් අන්තරායකර ධර්‍මයෝ අන්තරාය කරහ යි වදාරන ලද්දාහු නො වෙද්ද? තවද ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස සමර්‍ත්‍ථ නො වෙද්ද? කාමයෝ අල්පාස්වාදයහ. බොහෝ දුක් ඇතියහ. බොහෝ දැඩි ආයාස ඇතියහ. මෙහි ආදීනවය බෙහෙවැ යි මා විසින් වදාරන ලද. කාමයෝ ඇටසැකිල්ලක් බන්දහ ... මා විසින් වදාරන ලද. කාමයෝ මස් වැදැල්ලක් බන්දහ ... මා විසින් වදාරන ලද. කාමයෝ තණහුලක් බන්දහ ... මා විසින් වදාරන ලද. කාමයෝ අඟුරුවළක් බන්දහ ... මා විසින් වදාරන ලද. කාමයෝ සිහිනයක් බන්දහ ... මා විසින් වදාරන ලද. කාමයෝ පිරුළු අළදැයක් බන්දහ ... මා විසින් වදාරන ලද. කාමයෝ රුක්පල බන්දහ ... මා විසින් වදාරන ලද. කාමයෝ අසිසුනා බන්දහ ... මා විසින් වදාරන ලද. කාමයෝ ශක්තිශූල බන්දහ ... මා විසින් වදාරන ලද. බොහෝ දුක් ඇති බොහෝ දැඩි ආයාස ඇති කාමයෝ සර්‍පශීර්‍ෂ බන්දහ මෙහි ආදීනවය බෙහෙවැ යි මා විසින් වදාරන ලද්දේ යි.
Pali BJT5. අථ ච පන ත්වං මොඝපුරිස, අත්තනා දුග්ගහිතෙන අම්හෙ චෙව අබ්භාචික්ඛසි, අත්තානඤ්ච ඛණසි, බහුඤ්ච අපුඤ්ඤං පසවසි. තං හි තෙ මොඝපුරිස, භවිස්සති දීඝරත්තං අහිතාය දුක්ඛාය, නෙතං මොඝපුරිස, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT5. එතෙකුදු වුවත් හිස් පුරුෂය, තෙපි තමා විසින් නපුරු කොට ගන්නා ලද දිට්හයෙන් අපට ද නුගුණ කියව, තමා ද සැරූ ගුණ ඇතියව, බොහෝ අකුසල් ද රැස් කරව, හිස් පුරුෂය, එය බලත් තා හට දිගුරැයක් අහිත පිණිස දුක් පිණිස වන්නේ යැ, හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු.
Pali BJT“යො පන භික්ඛු එවං වදෙය්ය, තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා යෙමෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායාති, සො භික්ඛු භික්ඛූහි එවමස්ස වචනීයො, මා ආයස්මා එවං අවච, මා භගවන්තං අබ්භාචික්ඛි, නහි සාධු භගවතො අබ්භක්ඛානං, නහි භගවා එවං වදෙය්ය, අනෙකපරියායෙන ආවුසො, අන්තරායිකා ධම්මා අන්තරායිකා වුත්තා භගවතා අලඤ්ච පන තෙ පටිසෙවතො අන්තරායායාති. එවඤ්ච පන සො භික්ඛු භික්ඛූහි වුච්චමානො තථෙව පග්ගණ්හෙය්ය සො භික්ඛු භික්ඛූහි යාවතතියං සමනුභාසිතබ්බො තස්ස පටිනිස්සග්ගාය. යාවතතියං චෙ සමනුභාසියමානො තම්පටිනිස්සජ්ජෙය්ය ඉච්චෙතං කුසලං, නො චෙ පටිනිස්සජ්ජෙය්ය පාචිත්තියන්ති.
Sinhala BJT“භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ යි යම් මහණෙක් මෙසේ කියන්නේ නම් ඒ මහණ මහණුන් විසින් ඇවැත්නි, මෙසේ නහමක් කියව, භාග්‍යවතුන්හට නහමක් නුගුණ කියව භාග්‍යවතුන් හට නුගුණ කීම නො මැනැවි, භාග්‍යවත් තෙමේ මෙසේ නො මැ වදාරන්නේ යැ, ඇවැත්නි නොයෙක් කරුණෙන් අන්තරායකර ධර්‍මයෝ අන්තරායකරහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද. ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස සමර්‍ත්‍ථ වෙත් මැ යි මෙසේ කිය යුත්තෙක් වන්නේ යැ. මෙසේ ද වනාහි ඒ මහණ මහණුන් විසින් කියනු ලබන්නේ එසේ මැ දැඩි වැ ගන්නේ නම් ඒ මහණ මහණුන් විසින් ඒ දිට්හය හැරැපීම පිණිස තුන්යළ තෙක් සමනුභාසන කර්‍ම කළ යුත්තෙක් වෙයි. ඉදින් තුන්යළ තෙක් සමනුභාසනර්‍ම කරනු ලබන්නේ ඒ දිට්හය හැරැපියන්නේ නම් මෙසේ තෙල හැරැපීම මැනැවි. ඉදින් නො හැරැපියන්නේ නම් පචිති වේ” යයි.
Pali BJT6. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT6. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTඑවං වදෙය්යාති: තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි, යථා යෙමෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායා”ති.
Sinhala BJTඑවං වදෙය්‍ය: භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ යි.
Pali BJTසො භික්ඛූති: යො සො එවංවාදී භික්ඛු.
Sinhala BJTසො භික්ඛු: යමෙක් මෙසේ කියන සුලු නම් ඒ මහණ තෙමේ;
Pali BJTභික්ඛූහීති: අඤ්ඤෙහි භික්ඛූහි; යෙ පස්සන්ති යෙ සුණන්ති තෙහි වත්තබ්බො මා ආයස්මා එවං අවච මා භගවන්තං අබ්භාචික්ඛි, න හි සාධු භගවතො අබ්භක්ඛානං නහි භගවා එවං වදෙය්ය, අනෙකපරියායෙන ආවුසො අන්තරායිකා ධම්මා අන්තරායිකා වුත්තා භගවතා, අලඤ්ච පන තෙ පටිසෙවතො අන්තරායායාති. දුතියම්පි වත්තබ්බො තතියම්පි වත්තබ්බො. සචෙ පටිනිස්සජ්ජති ඉච්චෙතං කුසලං නො චෙ පටිනිස්සජ්ජති ආපත්ති දුක්කටස්ස. සුත්වා න වදන්ති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTභික්ඛූහි: අන් මහණුන් විසින්; යම් කෙනෙක් දකිත් නම් යම් කෙනෙක් අසත් නම් ඔවුන් විසින් ඇවැත්නි, මෙසේ නහමක් කියව, භාග්‍යවතුන්හට නහමක් නුගුණ කියව, භාග්‍යවතුන්හට නුගුණ කීම නො මැනැවි. භාග්‍යවත් තෙමේ මෙසේ නො වදාරන්නෙ යැ, ඇවැත්නි, නොයෙක් කරුණෙන්, අන්තරායකර ධර්‍මයෝ අන්තරායකරහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද. ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස සමර්‍ත්‍ථ වෙත් මැ යි කියයුත්තේ යැ. දෙවනවටදු කියයුත්තේ යැ. තෙවන වටදු කිය යුත්තේ යි. ඉදින් හැරැ පියා නම් මෙසේ තෙල හැරපීම මැනැවි. ඉදින් නො හැරැපියා නම් දුකුළා ඇවැත් වෙයි. අසා නො කියත් නම් දුකුළා ඇවැත් වේ.
Pali BJT7. සො භික්ඛු සඞ්ඝමජ්ඣම්පි ආකඩ්ඪිත්වා වත්තබ්බො මා ආයස්මා එවං අවච, මා භගවන්තං අබ්භාචික්ඛි, න හි සාධු භගවතො අබ්භක්ඛානං න හි භගවා එවං වදෙය්ය, අනෙකපරියායෙන ආවුසො අන්තරායිකා ධම්මා අන්තරායිකා වුත්තා භගවතා. අලඤ්ච පන තෙ පටිසෙවතො අන්තරායායාති. දුතියම්පි වත්තබ්බො තතියම්පි වත්තබ්බො, සචෙ පටිනිස්සජති ඉච්චෙතං කුසලං, නො චෙ පටිනිස්සජති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT7. ඒ මහණ සඟමැදට බහා ගෙනැ ඇවැත්නි, මෙසේ නහමක් කියව භාග්‍යවතුන්හට නහමක් නුගුණ කියව, භාග්‍යවතුන්හට නුගුණ කීම නො මැනැවි. භාග්‍යවත් තෙමේ මෙසේ නො මැ වදාරන්නෙ යැ, ඇවැත්නි, නොයෙක් කරුණෙන් අන්තරායකර ධර්‍මයෝ අන්තරායකරහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද. ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස සමර්‍ත්‍ථ වෙත් මැ යි කිය යුත්තේ යැ, දෙවනවටදු කිය යුත්තේ යැ, තෙවනවට දු කිය යුත්තේ යි. ඉදින් හැරැපියා නම් මෙසේ තෙල හැරැපීම මැනැවි. ඉදින් නො හැරපියා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJT8. සො භික්ඛු සමනුභාසිතබ්බො{1}, එවඤ්ච පන භික්ඛවෙ සමනුභාසිතබ්බො. බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො.
Sinhala BJT8. ඒ මහණ මහණුන් විසින් සමනුභාසන කර්‍ම කළයුත්තේ යැ. මෙසේ ද වනාහි මහණෙනි, සමනුභාසන කර්‍ම කළයුත්තේ යැ, ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝයා දැන්විය යුත්තේ යි.
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉත්ථන්නාමස්ස භික්ඛුනො එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා යෙමෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායාති. සො තං දිට්ඨිං න පටිනිස්සජ්ජති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං සමනුභාසෙය්ය තස්සා දිට්ඨියා පටිනිස්සග්ගාය, එසා ඤත්ති.
Sinhala BJTස්වාමීනි, සඞ්ඝයා මවදන් අසාවා, මෙනම් ඇති මහණහට මෙබඳු ලාමක දෘෂ්ටියෙක් උපන. “භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ” යි. හෙ ඒ දෘෂ්ටි නො හැරැපියයි. ඉදින් සඞ්ඝයාහට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝයා මෙනම් ඇති මහණහට ඒ දෘෂ්ටි හැරැපීම පිණිස සමනුභාසන කර්‍ම කරන්නෙ යැ. මේ ඥප්තිය යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉත්ථන්නාමස්ස භික්ඛුනො එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා යෙමෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායාති. සො තං දිට්ඨිං න පටිනිස්සජ්ජති, සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං සමනුභාසති තස්සා දිට්ඨියා පටිනිස්සග්ගාය. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො සමනුභාසනා තස්සා දිට්ඨියා පටිනිස්සග්ගාය, සො තුණ්හස්ස යස්ස නක්ඛමති සො භාසෙය්ය. දුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි, යථා යෙමෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායාති . සො තං දිට්ඨිං නප්පටිනිස්සජ්ජති. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං සමනුභාසති තස්සා දිට්ඨියා පටිනිස්සග්ගාය. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො සමනුභාසනා තස්සා දිට්ඨියා පටිනිස්සග්ගාය සො තුණ්හස්ස යස්ස නක්ඛමති සො භාසෙය්ය.
Sinhala BJTස්වාමීනි, සඞ්ඝයා මවදන් අසාවා, මෙනම් ඇති මහණහට මෙබඳු ලාමක දෘෂ්ටියෙක් උපන. “භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ යි. හෙ ඒ දෘෂ්ටි නො හැරැපියා යි. සඞ්ඝයා මෙනම් ඇති මහණහට ඒ දෘෂ්ටි හැරැපීම පිණිස සමනුභාසන කර්‍ම කරයි. මෙනම් ඇති මහණහුගේ ඒ දෘෂ්ටි හැරැපීම පිණිස සමනුභාසන කර්‍මය යම් ආයුෂ්මත් නමක්හට රුස්නේ නම් හේ නිහඬ වන්නේ යැ, යමක්හට නො රුස්නේ නම් හෙ කියන්නේ යි. දෙවනවට දු තෙල කරුණ කියමි ... තෙවනවට දු තෙල කරුණ කියමි. වහන්ස, සඞ්ඝයා මවදන් අසාවා, මෙනම් ඇති මහණහට මෙබඳු ලාමක දෘෂ්ටියෙක් උපන. “භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ” යි. හෙ ඒ දෘෂ්ටි නො හැරැපියයි. සඞ්ඝයා මෙනම් ඇති මහණහට ඒ දෘෂ්ටි හැරැපීම පිණිස සමනුභාසන කර්‍ම කරයි. මෙනම් ඇති මහණහුගේ ඒ දෘෂ්ටි හැරැපීම පිණිස සමනුභාසන කර්‍මය යම් ආයුෂ්මත් නමක්හට රුස්නේ නම් හේ නිහඬ වන්නෙ යැ, යමක්හට නො රුස්නේ නම් හේ කියන්නේ යි.
Pali BJTසමනුභට්ඨො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු තස්සා දිට්ඨියා පටිනිස්සග්ගාය. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඞ්ඝයා විසින් මෙනම් ඇති මහණ ඒ දෘෂ්ටි හැරැපීම පිණිස සමනුභාසන කර්‍ම කරන ලදුයේ යැ. සඞ්ඝයාහට රුස්නේ යැ. එහෙයින් නිහඬ වන්නෙ යි. මෙසේ මෙය දරමි.
Pali BJT9. ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි ද්වෙ දුක්කටා, කම්මවාචාපරියොසානෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT9. ඥප්තියෙහි දුකුළායෙකි. දෙ කම් වදනින් දෙ දුකුළායෙකි. කම්වදන් අවසන්හි පචිති ඇවැත් වේ.
Pali BJTධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී නප්පටිනිස්සජ්ජති, ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ වෙමතිකො නප්පටිනිස්සජ්ජති ආපත්ති පාචිත්තියස්ස ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී නප්පටිනිස්සජ්ජති, ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTදැහැමිකම්හි දැහැමිකම්සන් ඇතියේ නො හැරැපියා නම් පචිති ඇවැත් වෙයි. දැහැමිකම්හි විමති ඇතියේ නො හැරපියා නම් පචිති ඇවැත් වෙයි. දැහැමිකම්හි නො දැහැමිකම්සන් ඇතියේ නො හැරැපියා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTනො දැහැමිකම්හි දැහැමිකම්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි නො දැහැමිකම්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: අසමනුභාසන්තස්ස පටිනිස්සජ්ජන්තස්ස, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.{1}
Sinhala BJTසමනුභාසන කර්‍ම නො කළහුට, (ලබ්ධිය) හැරැපියන්නහුට උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTඅරිට්ඨසික්ඛාපදං අට්ඨමං.
Sinhala BJTඅටවැනි අරිට්ඨ ශික්‍ෂාපද යි.
Pali BJT6. 7. 9.
Sinhala BJT6. 7. 9.
Pali BJTඋක්ඛිත්තසම්භොගසික්ඛාපදං
Sinhala BJTඋක්ඛිත්තසම්භෝග ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ජානං තථාවාදිනා අරිට්ඨෙන භික්ඛුනා අකටානුධම්මෙන තං දිට්ඨිං අප්පටිනිස්සට්ඨෙන සද්ධිං සම්භුඤ්ජන්තිපි සංවසන්තිපි සහාපි සෙය්යං කප්පෙන්ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ ජානං තථාවාදිනා අරිට්ඨෙන භික්ඛුනා අකටානුධම්මෙන තං දිට්ඨිං අප්පටිනිස්සට්ඨෙන සද්ධිං සම්භුඤ්ජිස්සන්තිපි සංවසිස්සන්තිපි සහාපි සෙය්යං කප්පෙස්සන්තී”ති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ, ජානං තථාවාදිනා අරිට්ඨෙන භික්ඛුනා අකටානුධම්මෙන තං දිට්ඨිං අප්පටිනිස්සට්ඨෙන සද්ධිං සම්භුඤ්ජථාපි සංවසථාපි සහාපි සෙය්යං කප්පෙථාති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා, ජානං තථාවාදිනා අරිට්ඨෙන භික්ඛුනා අකටානුධම්මෙන තං දිට්ඨිං අප්පටිනිස්සට්ඨෙන සද්ධිං සම්භුඤ්ජිස්සථාපි සංවසිස්සථාපි සහාපි සෙය්යං කප්පෙස්සථ. නෙතං මොඝපුරිසා, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේ පිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු එසේ මැ කියන ඒ ලබ්ධිය නො හළ ඔසාරණය නො කළ අරිට්ඨ මහණහු සමඟ දැනැ දැනැ සම්භෝග ද කෙරෙති, විනයකර්‍ම ද කෙරෙති, එක් වැ ශයනය ද කෙරෙත්. යම් භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු දැනැ දැනැ එසේ මැ කියන ඒ ලබ්ධිය නො හළ ඔසාරණය නො කළ අරිට්ඨ මහණහු සමඟ සම්භෝගත් කොළෝ ද විනයකර්‍මත් කොළෝ ද එක් වැ ශයනයත් කොළෝ” දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි දැනැදැනැ එසේ මැ කියන ඒ ලබ්ධිය නො හළ ඔසාරණය නො කළ අරිට්ඨ මහණහු සමඟ සම්භෝගත් කරවු ද විනයකර්‍මත් කරවු ද එක් වැ ශයනයත් කරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ. ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි දැනැ දැනැ එසේ මැ කියන ඒ ලබ්ධිය නො හළ ඔසාරණය නො කළ අරිට්ඨ මහණහු සමඟ සම්භෝගත් කළහු ද විනයකර්‍මත් කළහු ද එක් වැ ශයනයත් කළහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේ ද වනාහි මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු ජානං තථාවාදිනා භික්ඛුනා අකටානුධම්මෙන තං දිට්ඨිං අප්පටිනිස්සට්ඨෙන සද්ධිං සම්භුඤ්ජෙය්ය වා සංවසෙය්ය වා සහවාසෙය්යං කප්පෙය්ය, පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් දැනැ දැන එසේ මැ කියන ඒ දෘෂ්ටි නො හළ ඔසාරණය නො කළ මහණක්හු සමඟ සම්භෝග කරන්නේ නම් හෝ විනයකර්‍ම කරන්නේ නම් හෝ එක් වැ ශයනය කරන්නේ නම් හෝ පචිති වේ” යයි.
Pali BJT2. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT2. යො පන; යම් යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහිලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTජානාති නාම: සාමං වා ජානාති, අඤ්ඤෙ වා තස්ස ආරොචෙන්ති. සො වා ආරොචෙති.
Sinhala BJTජානාති නම්: තෙමේ හෝ දනී. අන්හු හෝ ඔහුට ඇරොජත් හෙතෙමේ හෝ ඇරොජයි.
Pali BJTතථාවාදිනාති: තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා යෙ මෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායාති එවං වාදිනා.
Sinhala BJTතථාවාදිනා: භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ යි මෙසේ කියන්නාවූ;
Pali BJTඅකටානුධම්මො නාම: උක්ඛිත්තො අනොසාරිතො.
Sinhala BJTඅකටානුධම්ම නම්: උකෙච්නීකම් කරන ලදුයේ–ඔසාරණය නො කරන ලදුයේ යි.
Pali BJTතං දිට්ඨිං අප්පටිනිස්සට්ඨෙන සද්ධින්ති එතං දිට්ඨිං අප්පටිනිස්සට්ඨෙන සද්ධිං.
Sinhala BJTතං දිට්ඨිං අප්පටිනිස්සට්ඨෙන සද්ධිං: තෙල දෘෂ්ටි නො හැරැපියන ලදහු සමඟ;
Pali BJTසම්භුඤ්ජෙය්ය වාති: සම්භොගො නාම ද්වෙ සම්භොගා ආමිසසම්භොගො ච ධම්මසම්භොගො ච. ආමිසසම්භොගො නාම: ආමිසං දෙති වා පතිගණ්හාති වා ආපත්ති පාචිත්තියස්ස. ධම්මසම්භොගො නාම: උද්දිසති වා උද්දිසාපෙති වා, පදෙන උද්දිසති වා උද්දිසාපෙති වා, පදෙ පදෙ ආපත්ති පාචිත්තියස්ස. අක්ඛරාය උද්දිසති වා උද්දිසාපෙති වා අක්ඛරක්ඛරාය ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTසම්භුඤ්ජෙය්‍ය වා සම්භෝග නම්: සම්භෝගයෝ දෙදෙනෙකි ආමිස සම්භෝගය ද ධම්ම සම්භෝගය දැයි. ආමිසසම්භෝග නම්: ආමිෂයක් දේ නම් හෝ පිළිගනී නම් හෝ පචිති ඇවැත් වේ. ධම්මසම්භෝග නම්: උදෙසා නම් හෝ උදෙසවා නම් හෝ, පදයෙන් උදෙසා නම් හෝ උදෙසවා නම් හෝ පෙදෙහි පෙදෙහි පචිති ඇවැත් වෙයි. අක්‍ෂරයෙන් උදෙසා නම් හෝ උදෙසවා නම් හෝ අකුරෙහි අකුරෙහි පචිති ඇවැත් වේ.
Pali BJTසංවසෙය්ය වාති: උක්ඛිත්තකෙන සද්ධිං උපොසථං වා පවාරණං වා සඞ්ඝකම්මං වා කරොති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTසංවසෙය්‍ය වා: උකෙච්නීකම් කරන ලද්දක්හු සමඟ පොහොය හෝ පවුරුණු හෝ සඟකම් හෝ කෙරේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTසහ වා සෙය්යං කප්පෙය්යාති: එකච්ඡන්නෙ උක්ඛිත්තකෙ නිපන්නෙ භික්ඛු නිපජ්ජති, ආපත්ති පාචිත්තියස්ස. භික්ඛු නිපන්නෙ උක්ඛිත්තකො නිපජ්ජති ආපත්ති පාචිත්තියස්ස. උභො වා නිපජ්ජන්ති ආපත්ති පාචිත්තියස්ස. උට්ඨහිත්වා පුනප්පුනං නිපජ්ජන්ති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTසහ වා සෙය්යං කප්පෙය්‍ය: එක් සෙවින්නෙහි උක්ඛිත්තකයා හොත් කල්හි මහණ හො වී නම් පචිති ඇවැත් වෙයි. මහණ හොත් කල්හි උක්ඛිත්තකයා හො වී නම් පචිති ඇවැත් වෙයි. දෙදෙන ම හෝ හොවිත් නම් පචිති ඇවැත් වෙයි. නැඟිට පුන පුනා හොවිත් නම් පචිති ඇවැත් වේ.
Pali BJTඋක්ඛිත්තකෙ උක්ඛිත්තකසඤ්ඤී සම්භුඤ්ජති වා සංවසති වා සහ වා සෙය්යං කප්පෙති ආපත්ති පාචිත්තියස්ස. උක්ඛිත්තකෙ වෙමතිකො සම්භුඤ්ජති වා සංවසති වා සහ වා සෙය්යං කප්පෙති ආපත්ති දුක්කටස්ස. උක්ඛිත්තකෙ අනුක්ඛිත්තකසඤ්ඤී සම්භුඤ්ජති වා සංවසති වා සහ වා සෙය්යං කප්පෙති අනාපත්ති.
Sinhala BJTඋක්ඛිත්තකයා කෙරෙහි උකෙච්නීකම් කළ සන් ඇතියේ සම්භෝග කෙරේ නම් හෝ විනයකර්‍ම කෙරේ නම් හෝ එක් වැ ශයනය හෝ කෙරේ නම් පචිති ඇවැත් වෙයි. උක්ඛිත්තකයා කෙරෙහි විමති ඇතියේ සම්භෝග කෙරේ නම් හෝ විනයකර්‍ම කෙරේ නම් හෝ එක් වැ ශයනය හෝ කෙරේ නම් හෝ දුකුළා ඇවැත් වෙයි. උක්ඛිත්තකයා කෙරෙහි උකෙච්නීකම් නො කළ සන් ඇතියේ සම්භෝග කෙරේ නම් හෝ විනයකර්‍ම කෙරේ නම් හෝ එක් වැ ශයනය හෝ කෙරේ නම් හෝ ඇවැත් නැති.
Pali BJTඅනුක්ඛිත්තකෙ උක්ඛිත්තකසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අනුක්ඛිත්තකෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අනුක්ඛිත්තකෙ අනුක්ඛිත්තකසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTඋකෙච්නීකම් නො කළහු කෙරෙහි උකෙච්නීකම් කළ සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. උකෙච්නී කම් නො කළහු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. උකෙච්නීකම් නො කළහු කෙරෙහි උකෙච්නීකම් නො කළ සන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: අනුක්ඛිත්තොති ජානාති, උක්ඛිත්තො ඔසාරිතොති ජානාති, තං දිට්ඨිං පටිනිස්සට්ඨොති ජානාති, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJTඋකෙච්නීකම් නො කෙළෙකැ යි දනී නම්, උකෙච්නීකම් කරන ලදු වැ ඔසාරණය කරන ලද්දෙකැයි දනී නම්, ඒ දෘෂ්ටි හැරැපියන ලද්දේ කැ යි දනී නම්, උම්මත්තකයහට ආදිකම්මිකයහට, ඇවැත් නැති.
Pali BJTඋක්ඛිත්තසම්භොගසික්ඛාපදං නවමං.
Sinhala BJTනවවැනි උක්ඛිත්තසම්භෝග ශික්‍ෂාපද යි.
Pali BJT6. 7. 10.
Sinhala BJT6. 7. 10.
Pali BJTකණ්ටකසික්ඛාපදං
Sinhala BJTකණ්ටක ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන කණ්ටකස්ස නාම සමණුද්දෙසස්ස එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං හොති, “තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා යෙමෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායා”ති. අස්සොසුං ඛො සම්බහුලා භික්ඛූ කණ්ටකස්ස නාම කිර සමණුද්දෙසස්ස එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා යෙමෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායා”ති. අථ ඛො තෙ භික්ඛූ යෙන කණ්ටකො සමණුද්දෙසො තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා කණ්ටකං සමණුද්දෙසං එතදවොචුං: “සච්චං කිර තෙ ආවුසො කණ්ටක එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා යෙ මෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායා”ති. එවංබ්යාඛො අහං භන්තෙ, භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා යෙ මෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායා”ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි කණ්ටක නම් හෙරණහට මෙබඳු ලාමක දෘෂ්ටියෙක් උපන්නේ වෙයි. “භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ” යි. බොහෝ භික්‍ෂූහු කණ්ටක නම් හෙරණහට මෙබඳු ලාමකදෘෂ්ටියෙක් උපනැයි ඇසූහු. “භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ” යි. එකල්හි ඒ භික්‍ෂූහු කණ්ටක හෙරණහු වෙත එළැඹියහ. එළැඹැ කණ්ටක හෙරණහට මෙය කීහු. සැබෑ ද ඇවැත් කණ්ටකය, තොපට මෙබඳු ලාමක දෘෂ්ටියෙක් උපන්නේ ද? “භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමි” යි. භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසෙයින් ස්වාමීනි, භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමි.
Pali BJT2. මා ආවුසො කණ්ටක, එවං අවච මා භගවන්තං අබ්භාචික්ඛි න හි සාධු භගවතො අබ්භක්ඛානං. න හි භගවා එවං වදෙය්ය අනෙකපරියායෙන ආවුසො කණ්ටක, අන්තරායිකා ධම්මා අන්තරායිකා වුත්තා භගවතා අලඤ්ච පන තෙ පටිසෙවතො අන්තරායාය, අප්පස්සාදා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා ආදීනවො එත්ථ භිය්යො, අට්ඨිකඞ්ඛලූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා ආදීනවො එත්ථ භිය්යො -පෙ-
Sinhala BJT2. ඇවැත් කණ්ටකය, මෙසේ නහමක් කියව, භාග්‍යවතුන්හට නහමක් නුගුණ කියව, භාග්‍යවතුන්හට නුගුණ කීම නො මැනැවි. භාග්‍යවත් තෙමේ මෙසේ නො මැ වදාරන්නේ යැ. ඇවැත්නි කණ්ටකය, නොයෙක් කරුණෙන් අන්තරායකර ධර්‍මයෝ අන්තරායකරහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලදහ. ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස සමර්‍ත්‍ථ වෙත් මැයි. කාමයෝ අල්පාස්වාද ඇතියහ. බොහෝ දුක් ඇතියහ. බොහෝ දැඩි ආයාස ඇතියහ, මෙහි ආදීනවය බෙහෙවැ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද. බොහෝ දුක් ඇති බොහෝ දැඩි ආයාස ඇති කාමයෝ ඇට සැකිල්ලක් බන්දහ මෙහි ආදීනවය බෙහෙවැ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද. ...
Pali BJTසප්පසිරූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා ආදීනවො එත්ථ භිය්යොති. එවම්පි ඛො කණ්ටකො සමණුද්දෙසො තෙහි භික්ඛූහි වුච්චමානො තථෙව තං පාපකං දිට්ඨිගතං ථාමසා පරාමස්ස අභිනිවිස්ස වොහරති, එවංව්යාඛො අහං භන්තෙ, භගවතා ධම්මං දෙසිතං ආජානාමි “යථා යෙ මෙ අන්තරායිකා ධම්මා වුත්තා{1} භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායා”ති.
Sinhala BJTබොහෝ දුක් ඇති බොහෝ දැඩි ආයාස ඇති කාමයෝ සර්‍ප ශීර්‍ෂ බන්දහ. මෙහි ආදීනවය බෙහෙවැ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද. මෙසේ ද වනාහි කණ්ටක හෙරණ ඒ භික්‍ෂූන් විසින් කියනු ලබන්නේ එසේ මැ ඒ ලාමක දෘෂ්ටිය දැඩිසේ අල්වාගෙනැ (එයට) බැසැගෙනැ බැවහර කෙරෙයි. “භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ ස්වාමීනි, භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ” යි.
Pali BJT3. යතො ච ඛො තෙ භික්ඛූ නාසක්ඛිංසු කණ්ටකං සමණුද්දෙසං එතස්මා පාපකා දිට්ඨිගතා විවෙචෙතුං, අථ ඛො තෙ භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා කණ්ටකං සමණුද්දෙසං පටිපුච්ඡි. සච්චං කිර තෙ කණ්ටක, එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං, “තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා යෙමෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායා”ති. “එවං ව්යා ඛො අහම්භන්තෙ, භගවතා ධම්මං දෙසිතං ආජානාමි. “යථා යෙමෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායා”ති.
Sinhala BJT3. ඒ භික්‍ෂූහු කණ්ටක හෙරණහු තෙල ලාමකදෘෂ්ටියෙන් වෙන් කරන්නට යම් හෙයකින් නො හැකිවූහු ද, එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වෙතැ එළැඹියහ. එළැඹැ භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා බික්සඟන රැස් කරවා කණ්ටක හෙරණහු පුළුවුත් සේකැ. සැබෑ ද කණ්ටකය, තොපට මෙබඳු ලාමකදෘෂ්ටියක් උපන්නේ ද? “භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය දනිමැ” යි. භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසෙයින් ස්වාමීනි, භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමි.
Pali BJT4. කස්ස නු ඛො නාම ත්වං මොඝපුරිස, මයා එවං ධම්මං දෙසිතං ආජානාසි? නනු මයා මොඝපුරිස, අනෙකපරියායෙන අන්තරායිකා ධම්මා අන්තරායිකා වුත්තා. අලඤ්ච පන තෙ පටිසෙවතො අන්තරායාය, අප්පස්සාදා කාමා වුත්තා මයා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො, අට්ඨිකඞ්කලූපමා කාමා වුත්තා මයා -පෙ- සප්පසිරූපමා කාමා වුත්තා මයා බහුදුක්ඛා බහුපායාසා ආදීනවො එත්ථ භිය්යො, අථ ච පන ත්වං මොඝපුරිස, අත්තනා දුග්ගහිතෙන අම්හෙ චෙව අබ්භාචික්ඛසි අත්තානඤ්ච ඛණසි බහුඤ්ච අපුඤ්ඤං පසවසි, තංහි තෙ මොඝපුරිස, භවිස්සති දීඝරත්තං අහිතාය දුක්ඛාය. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි, තෙන හි භික්ඛවෙ සඞ්ඝො කණ්ටකං සමණුද්දෙසං නාසෙතු. එවඤ්ච පන භික්ඛවෙ නාසෙතබ්බො. “අජ්ජතග්ගෙ තෙ ආවුසො කණ්ටක, න චෙව සො භගවා සත්ථා අපදිසිතබ්බො. යම්පි චඤ්ඤෙ සමණුද්දෙසා ලභන්ති භික්ඛූහි සද්ධිං දිරත්තතිරත්තං සහසෙය්යං සාපි තෙ නත්ථි චර පරෙ{2} විනස්සා”ති. අථ ඛො සඞ්ඝො කණ්ටකං සමණුද්දෙසං නාසෙසි.
Sinhala BJT4. හිස් පුරුෂය, තෙපි මා විසින් කවරක්හට නම් එසේ ධර්‍මය දෙසන ලදැ යි දනිවු ද? හිස් පුරුෂය, මා විසින් නොයෙක් කරුණෙන් අන්තරායකර ධර්‍මයෝ අන්තරායකරහ යි දෙසන ලද්දහු නො වෙද්ද? තව ද ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස සමර්‍ත්‍ථ නො වෙද්ද? කාමයෝ අල්පාස්වාද ඇතියහ. බොහෝ දුක් ඇතියහ. බොහෝ දැඩි ආයාස ඇතියහ. මෙහි ආදීනවය බෙහෙවැ යි මා විසින් වදාරන ලද යැ. කාමයෝ ඇටසැකිල්ලක් බන්දහ යි මා විසින් දෙසන ලද ... බොහෝ දුක් ඇති බොහෝ දැඩි ආයාස ඇති කාමයෝ සර්‍පශීර්‍ෂ බන්දහ. මෙහි ආදීනවය බෙහෙවැ යි මා විසින් දෙසන ලද. එතෙකුදු වුවත් හිස් පුරුෂය, තෙපි තමා විසින් නපුරු කොට ගන්නා ලද දෘෂ්ටියෙන් අපට ද නුගුණ කියව, තමා ද සැරූ ගුණ අතියව. බොහෝ පව් ද රැස් කරහි. හිස් පුරුෂය, එය බලත් තොපට දිගුරැයක් අහිත පිණිස දුක් පිණිස වන්නේ යැ. හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමැතූ සේකැ. එකරුණෙන් මැ මහණෙනි, සඞ්ඝතෙමේ කණ්ටක හෙරණහු (දණ්ඩකර්‍මනාසනායෙන්) නසාවා. මෙසේ ද මහණෙනි, නැසිය යුත්තේ යි. “ඇවැත්නි කණ්ටකය, අද පටන් කොට ඒ භාග්‍යවත් තෙමේ තොප ශාස්තෘ යැ යි නොම කියා යුත්තේ යැ. අන් හෙරණහු මහණුන් සමග යම් දෙතුන්රැයක් එක් වැ ශයනය ලබත් නම් ඒ එක් වැ ශයන ද තට නැති, මමතා නැත්තව, බැහැරැ යා, නො දැක්මට යව” යි. ඉක්බිති සඞ්ඝ තෙමේ කණ්ටක හෙරණහු නැසී යැ.
Pali BJT5. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ජානං තථානාසිතං කණ්ටකං සමණුද්දෙසං උපලාපෙන්තිපි උපට්ඨාපෙන්තිපි සම්භුඤ්ජන්තිපි සහාපි සෙය්යං කප්පෙන්ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති, “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ ජානං තථා නාසිතං කණ්ටකං සමණුද්දෙසං උපලාපෙස්සන්තිපි උපට්ඨාපෙස්සන්තිපි සම්භුඤ්ජිස්සන්තිපි සහාපි සෙය්යං කප්පෙස්සන්තී”ති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ, ජානං තථා නාසිතං කණ්ටකං සමණුද්දෙසං උපලාපෙථාපි උපට්ඨාපෙථාපි සම්භුඤ්ජථාපි සහාපි සෙය්යං කප්පෙථාති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා, ජානං තථා නාසිතං කණ්ටකං සමණුද්දෙසං උපලාපෙස්සථාපි උපට්ඨාපෙස්සථාපි සම්භුඤ්ජිස්සථාපි සහාපි සෙය්යං කප්පෙස්සථ. නෙතං මොඝපුරිසා, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT5. එසමයෙහි වනාහි සවග මහණහු දැනැ දැනැ එසේ නසන ලද කණ්ටක හෙරණහු නැළවීම ද කෙරෙති. උවටැන් කරවා ගැනීම ද කෙරෙති. සම්භෝග ද කෙරෙති, එක් වැ ශයනය ද කෙරෙති. යම් භික්‍ෂූ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරවත්: “කෙසේ නම් සවග මහණහු දැනැ දැනැ එසේ නසන ලද කණ්ටක හෙරණහු නැළවීමත් කොළෝ ද උවැටන් කරවා ගැනීමත් කොළෝ ද සම්භෝගත් කොළෝ ද එක් වැ ශයනයත් කොළෝ” දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි දැනැ දැනැ එසේ නසන ලද කණ්ටක හෙරණහු නැළවීමත් කරවූ ද උවැටන් කරවා ගැනීමත් කරවු ද සම්භෝගත් කරවුද එක් වැ ශයනයත් කරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි දැනැ දැනැ එසේ නසන ලද කණ්ටක හෙරණහු නැළවීමත් කළහු ද උවැටන් කරවා ගැනීමත් කළහු ද සම්භෝගත් කළහු ද එක් වැ ශයනයත් කළහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු
Pali BJT“සමණුද්දෙසොපි චෙ එවං වදෙය්ය, තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා යෙමෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායාති සො සමණුද්දෙසො භික්ඛූහි එවමස්ස වචනීයො, මා ආවුසො සමණුද්දෙස, එවං අවච මා භගවන්තං අබ්භාචික්ඛි න හි සාධු භගවතො අබ්භක්ඛානං, න හි භගවා එවං වදෙය්ය. අනෙකපරියායෙන ආවුසො සමණුද්දෙස, අන්තරායිකා ධම්මා අන්තරායිකා වුත්තා භගවතා අලඤ්ච පන තෙ පටිසෙවතො අන්තරායායාති. එවඤ්ච පන සො සමණුද්දෙසො භික්ඛූහි වුච්චමානො තථෙව පග්ගණ්හෙය්ය, සො සමණුද්දෙසො භික්ඛූහි එවමස්ස වචනීයො. අජ්ජතග්ගෙ තෙ ආවුසො සමණුද්දෙස, න චෙව සො භගවා සත්ථා අපදිසිතබ්බො. යම්පි චඤ්ඤෙ සමණුද්දෙසා ලභන්ති භික්ඛූහි සද්ධිං දිරත්තතිරත්තං සහසෙය්යං සාපි තෙ නත්ථි චර පරෙ විනස්සාති. යො පන භික්ඛු ජානං තථා නාසිතං සමණුද්දෙසං උපලාපෙය්ය වා උපට්ඨාපෙය්ය වා සම්භුඤ්ජෙය්ය වා සහ වා සෙය්යං කප්පෙය්ය, පාචිත්තිය”න්ති.
Sinhala BJT“හෙරණකුදු “භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අනතුරු පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ” යි මෙසේ කියන්නේ නම් ඒ හෙරණ මහණුන් විසින් “ඇවැත් හෙරණ, මෙසේ නහමක් කියව, භාග්‍යවතුන්හට නහමක් නුගුණ කියව, භාග්‍යවතුන්හට නුගුණකීම නො මැනැවි, භාග්‍යවත් තෙමේ මෙසේ නො මැ වදාරන්නෙ යැ, ඇවැත් හෙරණ, නොයෙක් කරුණෙන් අන්තරායකර ධර්‍මයෝ අන්තරායකරහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද. ඒ ධර්‍මයන් සෙවුනාහට අනතුරු පිණිස සමර්‍ත්‍ථ වෙත් මැ යි, මෙසේ කියයුත්තෙක් වන්නේ යැ. මෙසේ ද වනාහි ඒ හෙරණ මහණුන් විසින් කියනු ලබන්නේ එසේ මැ දැඩි වැ ගන්නේ නම් ඒ හෙරණ මේ මහණුන් විසින් “ඇවැත, හෙරණ, අද පටන් කොට ඒ භාග්‍යවත් තෙමේ තාගේ ශාස්තෘ යැ යි නො මැ කිය යුත්තේ යැ, අන් හෙරණෝ මහණුන් සමඟ යම් දෙතුන් රැයකුදු එක් වැ ශයනය ලබත් නම් ඒ එක් වැ ශයනය ද තොපට නැති. මමතා නැත්තව, බැහැරැ යා, නො දැක්මට යව යි මෙසේ කියයුත්තෙක් වන්නේ යැ. යම් මහණෙක් දැනැ දැනැ එසේ නසන ලද හෙරණක්හු නළවන්නේ නම් හෝ උවටැන් කරවා ගන්නේ නම් හෝ සම්භෝග කරන්නේ නම් හෝ එක් වැ ශයනය කරන්නේ නම් හෝ පචිති වේ” යයි.
Pali BJT6. සමණුද්දෙසො නාම: සාමණෙරො වුච්චති.
Sinhala BJT6. සමණුද්දෙස නම්: හෙරණැ යි කියනු ලැබේ.
Pali BJTඑවං වදෙය්යාති: තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා යෙමෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායාති. සො සමණුද්දෙසොති යො සො එවං වාදී සමණුද්දෙසො;
Sinhala BJTඑවං වදෙය්‍ය: භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ යි. සො සමණුද්දෙසො: යමෙක් මෙසේ කියන සුලු නම් ඒ හෙරණ තෙමේ;
Pali BJTභික්ඛූහීති: අඤ්ඤෙහි භික්ඛූහි. යෙ පස්සන්ති යෙ සුණන්ති තෙහි වත්තබ්බො ම, ආවුසො සමණුද්දෙස, එවං අවච මා භගවන්තං අබ්භාචික්ඛි න හි සාධු භගවතො අබ්භක්ඛානං න හි භගවා එවං වදෙය්ය, අනෙකපරියායෙන ආවුසො සමණුද්දෙස, අන්තරායිකා ධම්මා අන්තරායිකා වුත්තා භගවතා අලඤ්ච පන තෙ පටිසෙවතො අන්තරායායාති. දුතියම්පි වත්තබ්බො, තතියම්පි වත්තබ්බො. -පෙ- සචෙ පටිනිස්සජ්ජති ඉච්චෙතං කුසලං, නො චෙ පටිනිස්සජ්ජති සො සමණුද්දෙසො භික්ඛූහි එවමස්ස වචනීයො: “අජ්ජතග්ගෙ තෙ ආවුසො සමණුද්දෙස, න චෙව සො භගවා සත්ථා අපදිසිතබ්බො යම්පි චඤ්ඤෙ සමණුද්දෙසා ලභන්ති භික්ඛූහි සද්ධිං දිරත්තතිරත්තං සහසෙය්යං සාපි තෙ නත්ථි චර පිරෙ විනස්සාති.
Sinhala BJTභික්ඛූහි: අන් මහණුන් විසින් යම් කෙනෙක් දකිත් නම් යම් කෙනෙක් අසත් නම් ඔවුන් විසින් “ඇවැත් හෙරණ, මෙසේ නහමක් කියව, භාග්‍යවතුන්හට නහමක් නුගුණ කියව, භාග්‍යවතුන්හට නුගුණ කීම නො මැනැවි. භාග්‍යවත් තෙමේ මෙසේ නො මැ වදාරන්නේ යැ, ඇවැත් හෙරණ, නොයෙක් කරුණෙන්, භාග්‍යවතුන් විසින් අන්තරායකර ධර්‍මයෝ අන්තරායකරහ යි වදාරන ලද. ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස සමර්‍ත්‍ථ වෙත් මැ යි කියයුත්තේ යැ. දෙවනවට දු කියයුත්තේ යැ, තෙවනවට දු කිය යුත්තේ යි ... ඉදින් හැරැපියා නම් මෙසේ තෙල හැරැපීම මැනැවි. ඉදින් නො හැරැපියා නම් ඒ හෙරණ මහණුන් විසින් “ඇවැත් හෙරණ, අද පටන් කොට ඒ භාග්‍යවත් තෙමේ තොපගේ ශාස්තෘ යැ යි නො මැ කිය යුත්තේ ය. අන් හෙරණහු මහණුන් සමඟ යම් දෙතුන් රැයකුදු එක් වැ ශයනය ලබත් නම් ඒ එක් වැ ශයනය ද තොපට නැති, මමතා නැත්තව, බැහැරැ යා, නො දැක්මට යව යි.
Pali BJTයො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJTයො පන: යම්බඳු ... භික්ඛු ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂූ යි.
Pali BJTජානාති නාම: සාමං වා ජානාති අඤ්ඤෙ වා තස්ස ආරොචෙන්ති. සො වා ආරොචෙති.
Sinhala BJTජානාති නම්: තෙමේ හෝ දනී. අන්හු හෝ ඔහුට ඇරොජත් හෙතෙමේ හෝ ඇරොජයි.
Pali BJTතථා නාසිතන්ති: එවං නාසිතං.
Sinhala BJTතාථානාසිතං: එසේ නසන ලද;
Pali BJTසමණුද්දෙසො නාම: සාමණෙරො වුච්චති,
Sinhala BJTසමණුද්දෙස නම්: හෙරණැ යි කියනු ලැබේ.
Pali BJTඋපලාපෙය්ය වාති: තස්ස පත්තං වා චීවරං වා උද්දෙසං වා පරිපුච්ඡං වා දස්සාමීති උපලාපෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඋපලාපෙය්‍ය වා; ඔහට පාත්‍රයක් හෝ සිවුරක් හෝ උදෙසීමක් හෝ පිළිවිසීමක් හෝ දෙන්නෙමැ යි නළවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඋපට්ඨාපෙය්ය වාති: තස්ස චුණ්ණං වා මත්තිකං වා දන්තකට්ඨං වා මුඛොදකං වා සාදියති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඋපට්ඨාපෙය්‍ය වා; ඔහුගේ සුණු හෝ මැටි හෝ දැහැටු හෝ මුව දෝනාදිය හෝ ඉවසා නම් පචිති ඇවැත් වේ.
Pali BJTසම්භුඤ්ජෙය්ය වාති: සම්භොගො නාම: ද්වෙ සම්භොගා ආමිසසම්භොගො ච ධම්මසම්භොගො ච. ආමිසසම්භොගො නාම: ආමිසං දෙති වා පතිගණ්හාති වා ආපත්ති පාචිත්තියස්ස. ධම්මසම්භොගො නාම: උද්දිසති වා උද්දිසාපෙති වා, පදෙන උද්දිසති වා උද්දිසාපෙති වා පදෙ පදෙ ආපත්ති පාචිත්තියස්ස. අක්ඛරාය උද්දිසති වා උද්දිසාපෙති වා අක්ඛරක්ඛරාය ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTසම්භූඤ්ජෙය්‍ය වා: සම්භෝග නම්; සම්භෝගයෝ දෙදෙනෙකි. ආමිස සම්භෝගය ද ධම්ම සම්භෝගය දැ යි. ආමිසසම්භෝග නම්: ආමිසයක් දේ නම් හෝ පිළිගනී නම් හෝ පචිති ඇවැත් වේ. ධම්ම සම්භෝග නම් උදෙසා නම් හෝ උදෙසවා නම් හෝ පදයෙන් උදෙසා නම් හෝ උදෙසවා නම් හෝ පෙදෙහි පෙදෙහි පචිති ඇවැත් වෙයි. අක්‍ෂරයෙන් උදෙසා නම් හෝ උදෙසවා නම් හෝ අකුරෙහි අකුරෙහි පචිති ඇවැත් වේ.
Pali BJTසහ වා සෙය්යං කප්පෙය්යාති: එකච්ඡන්නෙ නාසිතකෙ සමණුද්දෙසෙ නිපන්නෙ භික්ඛු නිපජ්ජති ආපත්ති පාචිත්තියස්ස. භික්ඛු නිපන්නෙ නාසිතකො සමණුද්දෙසො නිපජ්ජති ආපත්ති පාචිත්තියස්ස. උභො වා නිපජ්ජන්ති ආපත්ති පාචිත්තියස්ස. උට්ඨහිත්වා පුනප්පුනං නිපජ්ජති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTසහ වා සෙය්යං කප්පෙය්‍ය: එක් සෙවින්නෙහි නැසූ හෙරණක්හු හොත් කල්හි මහණ හො වී නම් පචිති ඇවැත් වෙයි. මහණහු හොත් කල්හි නැසූ හෙරණ හො වී නම් පචිති ඇවැත් වෙයි. දෙදෙන මැ හෝ හොවිත් නම් පචිති ඇවැත් වෙයි. නැඟිට පුන පුනා හොවිත් නම් පචිති ඇවැත් වේ.
Pali BJTනාසිතකෙ නාසිතකසඤ්ඤී උපලාපෙති වා උපට්ඨාපෙති වා සම්භුඤ්ජති වා සහ වා සෙය්යං කප්පෙති ආපත්ති පාචිත්තියස්ස. නාසිතකෙ වෙමතිකො උපලාපෙති වා උපට්ඨාපෙති වා සම්භුඤ්ජති වා සහ වා සෙය්යං කප්පෙති ආපත්ති දුක්කටස්ස. නාසිතකෙ අනාසිතකසඤ්ඤී උපලාපෙති වා උපට්ඨාපෙති වා සම්භුඤ්ජති වා සහ වා සෙය්යං කප්පෙති අනාපත්ති.
Sinhala BJTනැසුවහු කෙරෙහි නැසුණු සන් ඇතියේ නළවා නම් හෝ උවටැන් කරවා ගනී නම් හෝ සම්භෝග කෙරේ නම් හෝ එක් වැ ශයනය කෙරේ නම් හෝ පචිති ඇවැත් වෙයි. නැසුවහු කෙරෙහි විමති ඇතියේ නළවා නම් හෝ උවටැන් කරවා ගනී නම් හෝ සම්භෝග කෙරේ නම් හෝ එක් වැ ශයනය කෙරේ නම් හෝ දුකුළා ඇවැත් වේ. නැසුවහු කෙරෙහි නො නැසුණු සන් ඇතියේ නළවා නම් හෝ උවටැන් කරවා ගනී නම් හෝ සම්භෝග කෙරේ නම් හෝ එක් වැ ශයනය කෙරේ නම් හෝ ඇවැත් නැති.
Pali BJTඅනාසිතකෙ නාසිතකසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අනාසිතකෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අනාසිතකෙ අනාසිතකසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTනො නැසුවහු කෙරෙහි නැසුණු සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො නැසුවහු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො නැසුවහු කෙරෙහි නො නැසුණු සන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: අනාසිතකොති ජානාති, තං දිට්ඨිං පටිනිස්සට්ඨොති ජානාති, උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො නැසුවෙකැ යි දනී නම්, ඒ දෘෂ්ටිය හැරැපුවෙකැ යි දනී නම්, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTකණ්ටකසික්ඛාපදං දසමං.
Sinhala BJTදසවැනි කණ්ටක ශික්‍ෂාපද යි.
Pali BJTසප්පාණකවග්ගො සත්තමො
Sinhala BJTසප්තම සප්පාණක වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උදානය:
Pali BJTසඤ්චිච්චවධසප්පාණං - උක්කොටං දුට්ඨුල්ලඡාදනං, ඌනවීසතිසත්ථඤ්ච{1} - සංවිධානං අරිට්ඨකං, උක්ඛිත්තං කණ්ටකං චෙව - දසසික්ඛාපදා ඉමෙති.
Sinhala BJTසඤ්චිච්චපාණ යැ සප්පාණක යැ උක්කෝටන යැ දුට්ඨුල්ල යැ ඌනවීසතිවස්ස යැ ථෙය්‍යසත්‍ථ යැ සංවිධාන යැ අරිට්ඨ යැ උක්ඛිත්තසම්භෝග යැ කණ්ටක ය දැ යි මේ සිකපදයෝ දස දෙනෙකි.
Pali BJTසහධම්මිකවග්ගො
Sinhala BJTසහධම්මික වර්‍ගය
Pali BJT6. 8. 1.
Sinhala BJT6. 8. 1.
Pali BJTසහධම්මිකසික්ඛාපදං
Sinhala BJTසහධම්මික ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා ඡන්නො අනාචාරං ආචරති. භික්ඛූ එවමාහංසු. “මාවුසො ඡන්න, එවරූපං අකාසි නෙතං කප්පතී”ති. සො එවං වදෙති. “න තාවාහං ආවුසො, එතස්මිං සික්ඛාපදෙ සික්ඛිස්සාමි යාව න අඤ්ඤං භික්ඛුං ව්යත්තං විනයධරං පරිපුච්ඡාමී”ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු කොසඹෑ නුවරැ ඝෝෂිතාරාමයෙහි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි ආයුෂ්මත් ඡන්නයෝ අනාචාරයෙහි හැසිරෙති. භික්‍ෂූහු මෙසේ කීහු. “ඇවැත්නි, ඡන්නයෙනි, මෙබන්දක් නහමක් කරව, මෙය නො කැප”යැ යි. හේ මෙසේ කියයි. “ඇවැත්නි, මම යම්තාක් ව්‍යක්ත වූ විනයධර වූ අන් මහණක්හු පිළිවිසිම් ද, ඒ තාක් තෙල සිකපදයෙහි නො හික්මෙන්නෙමි”යි.
Pali BJT2. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. “කථං හි නාම ආයස්මා ඡන්නො භික්ඛූහි සහධම්මිකං වුච්චමානො එවං වක්ඛති, න තාවාහං, ආවුසො එතස්මිං සික්ඛාපදෙ සික්ඛිස්සාමි යාව න අඤ්ඤං භික්ඛුං ව්යත්තං විනයධරං පරිපුච්ඡාමී”ති. -පෙ- සච්චං කිර ත්වං ඡන්න, භික්ඛූහි සහධම්මිකං වුච්චමානො එවං වදෙසි. “න තාවාහං ආවුසො, එතස්මිං සික්ඛාපදෙ සික්ඛිස්සාමි යාව න අඤ්ඤං භික්ඛුං ව්යත්තං විනයධරං පරිපුච්ඡාමී”ති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම ත්වං මොඝපුරිස, භික්ඛූහි සහධම්මිකං වුච්චමානො එවං වක්ඛසි, “න තාවාහං ආවුසො, එතස්මිං සික්ඛාපදෙ සික්ඛිස්සාමි යාව න අඤ්ඤං භික්ඛුං ව්යත්තං විනයධරං පරිපුච්ඡාමී”ති. නෙතං මොඝපුරිස, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආයුෂ්මත් ඡන්නයෝ භික්‍ෂූන් විසින් පැනවූ සිකපදයෙන් කියනු ලබන්නෝ මෙසේ කීහු ද “ඇවැත්නි, මම යම් තාක් ව්‍යක්ත විනයධර අන් මහණක්හු පිළිවිසිම් ද, ඒ තාක් තෙල සිකපදයෙහි නො හික්මෙන්නෙමැ”යි ... සැබෑ ද ඡන්නයෙනි, තෙපි භික්‍ෂූන් විසින් පැනවූ සිකපදයෙන් කියනු ලබන්නහු මෙසේ කියා ද, “ඇවැත්නි, මම යම් තාක් ව්‍යක්ත විනයධර අන් මහණක්හු පිළිවිසිම් ද, ඒ තාක් තෙල සිකපදයෙහි නො හික්මෙන්නෙමැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි භික්‍ෂූන් විසින් පැනවූ සිකපදයෙන් කියනු ලබන්නහු මෙසේ කීහු ද? “ඇවැත්නි මම යම් තාක් ව්‍යක්ත විනයධර අන් මහණක්හු පිළිවිසිම් ද, ඒ තාක් තෙල සිකපදයෙහි නො හික්මෙන්නෙමැ”යි. හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු භික්ඛූහි සහධම්මිකං වුච්චමානො එවං වදෙය්ය න තාවාහං ආවුසො, එතස්මිං සික්ඛාපදෙ සික්ඛිස්සාමි යාව න අඤ්ඤං භික්ඛුං ව්යත්තං විනයධරං පරිපුච්ඡාමීති පාචිත්තියං. සික්ඛමානෙන භික්ඛවෙ, භික්ඛුනා අඤ්ඤාතබ්බං පරිපුච්ඡිතබ්බං පරිපඤ්හිතබ්බං. අයං තත්ථ සාමීචී”ති.
Sinhala BJT“යම් මහණෙක් භික්‍ෂූන් විසින් පැනවූ සිකපදයෙන් කියනු ලබන්නේ ඇවැත්නි, මම යම් තාක් ව්‍යක්ත විනයධර අන්‍ය මහණක්හු පිළිවිසිම් ද, ඒ තාක් තෙල සිකපදයෙහි නො හික්මෙන්නෙමැ”යි මෙසේ කියන්නේ නම් පචිති වේ. මහණෙනි, හික්මෙන මහණහු විසින් දතයුතු යැ පිළිවිසිය යුතු යැ සිතිය යුතු යි. මේ එහි අනුධර්‍මතා යි.”
Pali BJT3. යො පනාති: යො යාදිසො භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTභික්ඛූහීති: අඤ්ඤෙහි භික්ඛූහි.
Sinhala BJTභික්ඛූහි; අන්‍ය භික්‍ෂූන් විසින්;
Pali BJTසහධම්මිකං නාම: යං භගවතා පඤ්ඤත්තං සික්ඛාපදං එතං සහධම්මිකං නාම. තෙන වුච්චමානො.
Sinhala BJTසහධම්මික නම්: භාග්‍යවතුන් වහන්සේ විසින් පනවන ලද යම් සිකපදයෙක් වේ නම් මෙය සහධම්මික නම් වේ. එයින් කියනු ලබන්නේ;
Pali BJTඑවං වදෙය්යාති:{1} න තාවාහං ආවුසො, එතස්මිං සික්ඛාපදෙ සික්ඛිස්සාමි යාව න අඤ්ඤං භික්ඛුං ව්යත්තං විනයධරං පරිපුච්ඡාමීති පණ්ඩිතං ව්යත්තං මෙධාවිං බහුස්සුතං ධම්මකථිකං පරිපුච්ඡාමීති භණති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඑවං වදෙය්‍ය: ඇවැත්නි, මම යම් තාක් ව්‍යක්ත වූ විනයධර වූ අන්‍ය භික්‍ෂුනමක් පිළිවිසිම් ද, ඒ තාක් තෙල සිකපදයෙහි නො හික්මෙන්නෙ මැ යි. පණ්ඩිත වූ ව්‍යක්ත වූ නුවණැති වූ බහුශ්‍රුත වූ ධර්‍මකථිකයක්හු පිළිවිසිමැ යි බෙණේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTඋපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී එවං වදෙති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ වෙමතිකො එවං වදෙති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී එවං වදෙති, ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඋපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ මෙසේ කියා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ මෙසේ කියා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ මෙසේ කියා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅපඤ්ඤත්තෙන වුච්චමානො ඉදං න සල්ලෙඛාය න ධුතාය න පාසාදිකතාය න අපචයාය න විරියාරම්භාය සංවත්තතීති එවං වදෙති “න තාවාහං ආවුසො, එතස්මිං සික්ඛාපදෙ සික්ඛිස්සාමි යාව න අඤ්ඤං භික්ඛුං ව්යත්තං විනයධරං පණ්ඩිතං මෙධාවිං බහුස්සුතං ධම්මකථිකං පරිපුච්ඡාමී”ති භණති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT(ප්‍රඥප්ත ශික්‍ෂාපද තබා) සූත්‍රාභිධර්‍මයෙන් කියනු ලබන්නේ මෙය සලේ පැවැත්මට කෙලෙස් කැපීමට පැහැදුම් එළවීමට නිවනට වැරඇරැඹුමට නො පවතී යැ යි මෙසේ කියයි. ඇවැත්නි, මම යම් තාක් ව්‍යක්ත වූ විනයධර වූ පණ්ඩිත වූ නුවණැති වූ බහුශ්‍රුත ධර්‍මකථික අන්‍ය භික්‍ෂුනමක් පිළිවිසිම් ද, ඒ තාක් තෙල සිකපදයෙහි නො හික්මෙන්නෙ මැ යි බෙණේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනුපසම්පන්නෙන පඤ්ඤත්තෙන වා අපඤ්ඤත්තෙන වා වුච්චමානො ඉදං න සල්ලෙඛාය න ධුතාය න පාසාදිකතාය න අපචයාය න විරියාරම්භාය සංවත්තතීති එවං වදෙති, “න තාවාහං ආවුසො, එතස්මිං සික්ඛාපදෙ සික්ඛිස්සාමි යාව න අඤ්ඤං භික්ඛු, ව්යත්තං විනයධරං පණ්ඩිතං මෙධාවිං බහුස්සුතං ධම්මකථිකං පරිපුච්ඡාමී”ති භණති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅනුපසපනක්හු විසින් පනවන ලද සිකපදයෙන් හෝ සූත්‍රාභිධර්‍මයෙන් හෝ කියනු ලබන්නේ මෙය සලේ පැවැත්මට කෙලෙස් කැපීමට පැහැදුම් එළවීමට නිවනට වැර ඇරැඹුමට නො පවතී යැ යි මෙසේ කියයි. “ඇවැත්නි, මම යම් තාක් ව්‍යක්ත වූ විනයධර වූ පණ්ඩිත වූ නුවණැති බහුශ්‍රුත ධර්‍මකථික අන්‍ය භික්‍ෂුනමක් පිළිවිසිම් ද, ඒ තාක් තෙල සිකපදයෙහි නො හික්මෙන්නෙමැ”යි බෙණේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනුපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅනුපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTසික්ඛමානෙනාති: සික්ඛිතුකාමෙන.
Sinhala BJTසික්ඛමානෙන යනු: හික්මෙනු කැමැත්තහු විසින්;
Pali BJTඅඤ්ඤාතබ්බන්ති: ජානිතබ්බං.
Sinhala BJTඅඤ්ඤාතබ්බං: දතයුතු යැ;
Pali BJTපරිපුච්ඡිතබ්බන්ති: ඉදං භන්තෙ කථං ඉමස්ස ක්වත්ථොති.
Sinhala BJTපරිපුච්ඡිතබ්බං යනු වහන්ස මෙය කෙසේ ද? මෙහි අර්‍ත්‍ථය කුමක් දැ යි.
Pali BJTපරිපඤ්හිතබ්බන්ති: චින්තෙතබ්බං තුලයිතබ්බං.
Sinhala BJTපරිපඤ්හිතබ්බං යනු සිතිය යුතු යැ, තුලනය කළ යුතු යි,
Pali BJTඅයං තත්ථ සාමීචීති: අයං තත්ථ අනුධම්මතා.
Sinhala BJTඅයං තත්‍ථ සාමීචි යනු මේ එහි අනුධර්‍මතා යි.
Pali BJTඅනාපත්ති: ජානිස්සාමි සික්ඛිස්සාමීති භණති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTදන්නෙමි හික්මෙන්නෙමැ යි බෙණේ නම් ඇවැත් නැත. උම්මත්තක හට, ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTසහධම්මිකසික්ඛාපදං පඨමං.
Sinhala BJTපළමුවැනි සහධම්මික ශික්‍ෂාපද යි.
Pali BJT6. 8. 2.
Sinhala BJT6. 8. 2.
Pali BJTවිලෙඛනසික්ඛාපදං
Sinhala BJTවිලේඛන ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භගවා භික්ඛූනං අනෙකපරියායෙන විනයකථං කථෙති විනයස්ස වණ්ණං භාසති, විනයපරියත්තියා වණ්ණං භාසති ආදිස්ස ආදිස්ස ආයස්මතො උපාලිස්ස වණ්ණං භාසති. භික්ඛූ “භගවා ඛො අනෙකපරියායෙන විනයකථං කථෙති විනයස්ස වණ්ණං භාසති විනයපරියත්තියා වණ්ණං භාසති ආදිස්ස ආදිස්ස ආයස්මතො උපාලිස්ස වණ්ණං භාසති හන්ද මයං ආවුසො ආයස්මතො උපාලිස්ස සන්තිකෙ විනයං පරියාපුණාමා”ති තෙ ච බහූ භික්ඛූ ථෙරා ච නවා ච මජ්ඣිමා ච ආයස්මතො උපාලිස්ස සන්තිකෙ විනයං පරියාපුණන්ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි භාග්‍යවත්හු නොයෙක් අයුරින් විනයකථා කෙරෙති, විනයෙහි ගුණ පවසති, විනය වනපොත් කිරීමෙහි අනුසස් පවසති, පුනපුනා ආයුෂ්මත් උපාලි තෙරුන්ගේ ගුණ පවසත්. භික්‍ෂූහු “භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් විනයකථාව කරන සේක, විනයෙහි ගුණ පවසන සේක, විනය වනපොත් කිරීමෙහි අනුසස් දෙසන සේක, පුනපුනා ආයුෂ්මත් උපාලි තෙරුන්ගේ ගුණ පවසන සේක, එබැවින් ඇවැත්නි, ඇපි ආයුෂ්මත් උපාලි තෙරුන්ගේ සමීපයෙහි විනය පිරිවහම්හ’ යි කීහු. ස්ථවිර නවක මධ්‍යම ඒ බොහෝ භික්‍ෂූහු ආයුෂ්මත් උපාලි තෙරුන් සමීපයෙහි විනය පිරිවහති.
Pali BJT2. අථ ඛො ඡබ්බග්ගියානං භික්ඛූනං එතදහොසි: “එතරහි ඛො ආවුසො බහූ භික්ඛූ ථෙරා ච නවා ච මජ්ඣිමා ච ආයස්මතො උපාලිස්ස සන්තිකෙ විනයං පරියාපුණන්ති සචෙ ඉමෙ විනයෙ පකතඤ්ඤුනො භවිස්සන්ති අම්හෙ යෙනිච්ඡකං යදිච්ඡකං යාවතිච්ඡකං{1} ආකඩ්ඪිස්සන්ති පරිකඩ්ඪිස්සන්ති, හන්ද මයං ආවුසො විනයං විවණ්ණෙමා”ති. අථ ඛො ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛූ උපසඞ්කමිත්වා එවං වදෙන්ති: “කිං පනිමෙහි ඛුද්දානුඛුද්දකෙහි සික්ඛාපදෙහි උද්දිට්ඨෙහි යාවදෙව කුක්කුච්චාය විහෙසාය විලෙඛාය සංවත්තන්තී”ති.
Sinhala BJT2. එකල්හි සවග මහණුන්හට තෙල සිත විය: මෙකල්හි ඇවැත්නි, ස්ථවිර නවක මධ්‍යම බොහෝ භික්‍ෂූහු ආයුෂ්මත් උපාලි තෙරුන් සමීපයෙහි විනය පිරිවහති. ඉදින් මොහු විනයෙහි දැනුමැතියෝ වන්නාහු නම් අප රිසිතෙනකට රිසිසේ රිසිතාක් අදනාහ, ඔබ මොබ අදනාහ. එබැවින් ඇවැත්නි, ඇපි විනය ගරහම්හ යි. එකල්හි සවග මහණහු මහණුන් වෙතැ එළැඹැ මෙසේ කියත්: “මේ කුඩා ඉතා කුඩා සිකපද උදෙසීමෙන් කවර වැඩෙක් ද? හුදෙක් කුකුස් පිණිස වෙහෙස පිණිස සැක පිණිස වැටෙති යි.
Pali BJT3. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ විනයං විවණ්ණෙස්සන්තී”ති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ, විනයං විවණ්ණෙථාති. සච්චං, භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා විනයං විවණ්ණෙස්සථ. නෙතං මොඝපුරිසා, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT3. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු විනය ගරහත් දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි විනය ගරහවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ” ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි විනය ගරහවු ද? හිස් පුරුෂයෙනි, තෙල අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු පාතිමොක්ඛෙ උද්දිස්සමානෙ එවං වදෙය්ය කිං පනිමෙහි ඛුද්දානුඛුද්දකෙහි සික්ඛාපදෙහි උද්දිට්ඨෙහි, යාවදෙව කුක්කුච්චාය විහෙසාය විලෙඛාය සංවත්තන්තීති සික්ඛාපදවිවණ්ණකෙ පාචිත්තිය”න්ති.
Sinhala BJT“පාමොක් උදෙසනු ලබන කල්හි යම් මහණෙක් “මේ කුඩා අනුකුඩා සිකපද උදෙසීමෙන් කවර වැඩෙක් ද හුදෙක් කුකුස් පිණිස වෙහෙස පිණිස සැක පිණිස වැටෙති” යි මෙසේ කියන්නේ නම් සිකපද ගැරහීමෙහි පචිති වේ” යි.
Pali BJT4. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT4. යො පන යනු: යම්බඳු ... භික්ඛු යනු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTපාතිමොක්ඛෙ උද්දිස්සමානෙති: උද්දිසන්තෙ වා උද්දිසාපෙන්තෙ වා සජ්ඣායං වා කරොන්තෙ.
Sinhala BJTපාතිමොක්ඛේ උද්දිස්සමානෙ යනු උදෙසන කල්හි හෝ උදෙසවන කල්හි හෝ හැදෑරීම කරන කල්හි හෝ,
Pali BJTඑවං වදෙය්යාති: කිං පනිමෙහි ඛුද්දානුඛුද්දකෙහි සික්ඛාපදෙහි උද්දිට්ඨෙහි යාවදෙව කුක්කුච්චාය විහෙසාය විලෙඛාය සංවත්තන්තීති යෙ ඉමං පරියාපුණන්ති තෙසං කුක්කුච්චං හොති විහෙසා හොති විලෙඛා හොති. “යෙ ඉමං න පරියාපුණන්ති තෙසං කුක්කුච්චං න හොති විහෙසා න හොති විලෙඛා න හොති. අනුද්දිට්ඨං ඉදං වරං අනුග්ගහිතං ඉදං වරං අපරියාපුණිතං{1} ඉදං වරං, අධාරිතං ඉදං වරං විනයො වා අන්තරධායතු, ඉමෙ වා භික්ඛූ අපකතඤ්ඤුනො හොන්තූ”ති උපසම්පන්නස්ස විනයං විවණ්ණෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඑවං වදෙය්‍ය යනු උදෙසන ලද මේ කුඩා අනුකුඩා සිකපදවලින් කවර වැඩෙක් ද? හුදෙක් කුකුස් පිණිස වෙහෙස පිණිස සැක පිණිස වැටෙති. යම් කෙනෙක් මෙය පිරිවහත් නම් ඔවුනට කුකුස් වෙයි. වෙහෙස වෙයි. සැක වෙයි. යම් කෙනෙක් මෙය නො පිරිවහත් නම් ඔවුනට කුකුස් නො වෙයි. වෙහෙස නො වෙයි. සැක නො වෙයි. මෙය නො උදෙසන ලද නම් මැනැවැ. මෙය නො ඉගෙන ගනු ලද නම් මැනැවැ, මෙය නො පිරිවහන ලද නම් මැනැවැ, මෙය නො දරන ලද නම් මැනැවි. විනය හෝ අතුරුදන් වේවා. මේ භික්‍ෂූහු හෝ නො දනුමැතියෝ වෙත්ව යි උපසපනක්හට විනය ගරහා නම් පචිති ඇවැත් වේ.
Pali BJT5. උපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී විනයං විවණ්ණෙති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ වෙමතිකො විනයං විවණ්ණෙති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී විනයං විවණ්ණෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT5. උපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ විනය ගරහා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ විනය ගරහා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ විනය ගරහා නම් පචිති ඇවැත් වේ.
Pali BJT6. අඤ්ඤං ධම්මං විවණ්ණෙති ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නස්ස විනයං වා අඤ්ඤං වා ධම්මං විවණ්ණෙති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT6. අන් දහමක් ගරහා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හට විනය හෝ අන් දහමක් හෝ ගරහා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJT7. අනුපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT7. අනුපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.