Pali BJTභික්ඛුස්සාති: අඤ්ඤස්ස භික්ඛුස්ස.
Sinhala BJTභික්ඛුස්ස; අන් මහණක්හුගේ;
Pali BJTපත්තො නාම: ද්වෙ පත්තා අයොපත්තො මත්තිකා පත්තො.
Sinhala BJTපත්ත නම්: යපයැ මැටිපයැ යි දෙපයෙකි.
Pali BJTචීවරං නාම: ඡන්නං චීවරානං අඤ්ඤතරං චීවරං විකප්පනුපගංපච්ඡිමං.
Sinhala BJTචීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන් එක්තරා විකපුන් පොහෝනා පැසුළු සිවුරක්;
Pali BJTනිසීදනං නාම: සදසං වුච්චති.
Sinhala BJTනිසීදන නම්: දාවලු සහිත නිසීදන යැ යි කියනු ලැබේ.
Pali BJTසූචිඝරං නාම: සසූචිකං වා අසූචිකං වා.
Sinhala BJTසූචිඝර නම්: හිදි සහිත වූ හෝ හිදි රහිත වූ හෝ,
Pali BJTකායබන්ධනං නාම: ද්වෙ කායබන්ධනානි පට්ටිකා සූකරන්තකං.
Sinhala BJTකායබන්‍ධන නම්: පට්ටිකා යැ සූකරන්තක යැ යි දෙ කාබානෙකි.
Pali BJTඅපනිධෙය්යාති{2}: සයං අපනිධෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඅපනිධෙය්‍ය: තෙමේ සඟවා නම් පචිති ඇවැත් වෙයි.
Pali BJTඅපනිධාපෙය්යාති{3}: අඤ්ඤං ආණාපෙති ආපත්ති පාචිත්තියස්ස. සකිං ආණත්තො බහුකම්පි අපනිධෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඅපනිධාපෙය්‍ය: අනෙකක්හු අණවා නම් පචිති ඇවැත් වෙයි. වරක් අණවන ලදුයේ බොහෝ වරකුදු සඟවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅන්තමසො හසාපෙක්ඛොපීති: කීළාධිප්පායො.
Sinhala BJTඅන්තමසෝ හස්සාපේඛො යනු කෙළිරිසි ඇතියේ.
Pali BJTඋපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී පත්තං වා චීවරං වා නිසීදනං වා සූචිඝරං වා කායබන්ධනං වා අපනිධෙති වා අපනිධාපෙති වා අන්තමසො හසාපෙක්ඛොපි ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ වෙමතිකො -පෙ- උපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී පත්තං වා චීවරං වා නිසීදනං වා සූචිඝරං වා කායබන්ධනං වා අපනිධෙති වා අපනිධාපෙති වා අන්තමසො හසාපෙක්ඛොපි ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඋපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ යටත් පිරිසෙයින් කෙළිරිසි ඇතියේ නමුදු පාත්‍රයක් හෝ සිවුරක් හෝ නිසීදනයක් හෝ හිදිගුළාවක් හෝ කාබානක් හෝ සඟවා නම් හෝ සඟවවා නම් හෝ පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ ... උපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ යටත් පිරිසෙයින් කෙළිරිසි ඇතියේ නමුදු පාත්‍රයක් හෝ සිවුරක් හෝ නිසීදනයක් හෝ හිඳිගුළාවක් හෝ කාබානක් හෝ සඟවා නම් හෝ සඟවවා නම් හෝ පචිති ඇවැත් වේ.
Pali BJTඅඤ්ඤං පරික්ඛාරං අපනිධෙති වා අපනිධාපෙති වා අන්තමසො හස්සාපෙඛොපි ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නස්ස පත්තං වා චීවරං වා අඤ්ඤං වා පරික්ඛාරං අපනිධෙති වා අපනිධාපෙති වා අන්තමසො හස්සාපෙඛොපි ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTයටත් පිරිසෙයින් කෙළිරිසි ඇතියේ නමුදු අන් පිරිකරක් සඟවා නම් හෝ සඟවවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. යටත් පිරිසෙයින් කෙළිරිසි ඇතියේ නමුදු අනුපසපනක්හුගේ පයක් හෝ සිවුරක් හෝ අන් පිරිකරක් හෝ සඟවා නම් හෝ සඟවවා නම් හෝ දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනුපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅනුපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: න හස්සාධිප්පායො දුන්නික්ඛිත්තං පටිසාමෙති ධම්මිං කථං{1} කථෙත්වා දස්සාමෙති පටිසාමෙති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTකෙළිඅදහස් නැතියේ නම්, නො මනාසේ තබන ලද්දක් තැන්පත් කෙරේ නම්, දැහැමි කථා කොට දෙන්නෙමැ යි තැන්පත් කෙරේ නම් ඇවැත් නො වේ. උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTචීවරපනිධානසික්ඛාපදං දසමං.
Sinhala BJTදසවැනි චීවරාපනිධාන ශික්‍ෂාපද යි.
Pali BJTසුරාපානවග්ගො ඡට්ඨො.
Sinhala BJTසවැනි සුරාපාන වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසුරා අඞ්ගුලි හාසො ච අනාදරියඤ්ච භිංසනං ජොති නහාන දුබ්බණ්ණං සාමං අපනිධෙන චාති.
Sinhala BJTසුරාපාන යැ අඞ්ගුලිපතෝදක යැ, භාස්සධම්ම යැ, අනාදරිය යැ, භිංසාපනක යැ, ජෝති යැ, නහාන යැ, දුබ්බණ්ණකරණ යැ, චීවරාපනිධාන සිකපදය සමග විකප්පනය ද වෙයි.
Pali BJTසප්පාණකවග්ගො
Sinhala BJTසප්පාණක වර්‍ගය
Pali BJT6. 7. 1.
Sinhala BJT6. 7. 1.
Pali BJTසඤ්චිච්චපාණසික්ඛාපදං
Sinhala BJTසඤ්චිච්චපාණ ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා උදායී ඉස්සාසො හොති, කාකා චස්ස අමනාපා හොන්ති සො කාකෙ විජ්ඣිත්වා විජ්ඣිත්වා සීසං ඡින්දිත්වා සූලෙ පටිපාටියා ඨපෙසි. භික්ඛූ එවමාහංසු: කෙනිමෙ ආවුසො කාකා ජීවිතා වොරොපිතාති. මයා ආවුසො අමනාපා මෙ කාකාති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: කථං හි නාම උදායී සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙස්සතීති -පෙ- සච්චං කිර ත්වං උදායි සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙසීති. සච්චං භගවා විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම ත්වං මොඝපුරිස සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උදායී දුනුවායෙක් වෙයි. කපුටුවෝ ඔහුට අමනාප වෙති. හේ කපුටුවන් විද විද හිස සිඳ හුලෙහි පිළිවෙළින් තැබී යැ. භික්‍ෂූහු මෙසේ කීහු: ඇවැත්නි කවරක්හු විසින් මේ කපුටුවෝ දිවියෙන් තොර කරන ලද්දාහු දැ යි. ඇවැත්නි, මා විසින් මට කපුටුවෝ අමනාපයෝ යි. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් උදායී තෙරණුවෝ දැනැ දැනැ සතක්හු දිවියෙන් තොර කළෝ”දැ යි. ... සැබෑ ද උදායී, තෙපි දැනැදැනැ සතක්හු දිවියෙන් තොර කළහු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ. ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි දැනැදැනැ සතක්හු දිවියෙන් තොර කළහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි මෙසේ මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් දැනදැන සතක්හු දිවියෙන් තොර කරන්නේ නම් පචිති වේ” යි.
Pali BJT2. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT2. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTසඤ්චිච්චාති: ජානන්තො සඤ්ජානන්තො චෙච්ච අභිවිතරිත්වා වීතික්කමො.
Sinhala BJTසඤ්චිච්ච: දන්නේ මැනැවින් දන්නේ සිතා මෙහෙයා විකුම් කිරීම යි.
Pali BJTපාණො නාම: තිරච්ඡානගතපාණො වුච්චති.
Sinhala BJTපාණ නම්: තිරිසන් ගිය සතෙකැ යි කියනු ලැබෙයි.
Pali BJTජීවිතා වොරොපෙය්යාති: ජීවිතින්ද්රියං උපච්ඡින්දති උපරොධෙති සන්තතිං විකොපෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTජීවිතා චෝරොපෙය්‍ය: ජීවිතේන්‍ද්‍රිය සිඳලා නම් වළහා නම් සන්තතිය විකෝපනය කෙරේ නම් පචිති ඇවැත් වේ.
Pali BJT3. පාණෙ පාණසඤ්ඤී ජීවිතා වොරොපෙති ආපත්ති පාචිත්තියස්ස. පාණෙ වෙමතිකො ජීවිතා වොරොපෙති ආපත්ති දුක්කටස්ස. පාණෙ අප්පාණසඤ්ඤී ජීවිතා වොරොපෙති{1} අනාපත්ති.
Sinhala BJT3. සතක්හු කෙරෙහි සතෙකැ යි සන් ඇතියේ දිවියෙන් තොර කෙරේ නම් පචිති ඇවැත් වෙයි. සතක්හු කෙරෙහි විමති ඇතියේ දිවියෙන් තොර කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. සතක්හු කෙරෙහි සතෙකැ යි සන් නැතියේ දිවියෙන් තොර කෙරේ නම් ඇවැත් නැති.
Pali BJT4. අප්පාණෙ පාණසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අප්පාණෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අප්පාණෙ අප්පාණසඤ්ඤී අනාපත්ති.
Sinhala BJT4. නො සතක්හු කෙරෙහි සතෙකැයි සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො සතක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො සතක්හු කෙරෙහි නො සතෙකැ යි සන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJT5. අනාපත්ති: අසඤ්චිච්ච, අස්සතියා, අජානන්තස්ස, න මරණාධිප්පායස්ස, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT5. නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට මරණ අදහස් නැතියහුට, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTසඤ්චිච්චපාණ සික්ඛාපදං{2} පඨමං.
Sinhala BJTපළමුවැනි සඤ්චිච්චපාණ ශික්‍ෂාපද යි.
Pali BJT6. 7. 2.
Sinhala BJT6. 7. 2.
Pali BJTසප්පාණකසික්ඛාපදං
Sinhala BJTසප්පාණක ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ජානං සප්පාණකං උදකං පරිභුඤ්ජන්ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ ජානං සප්පාණකං උදකං පරිභුඤ්ජිස්සන්තී”ති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ ජානං සප්පාණකං උදකං පරිභුඤ්ජථාති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා ජානං සප්පාණකං උදකං පරිභුඤ්ජිස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි සවග මහණහු දැනැදැනැ පණුවන් සහිත ජලය පරිභෝග කෙරෙති යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු දැනැදැනැ පණුවන් සහිත ජලය පරිභෝග කළාහු දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි දැනැදැනැ පණුවන් සහිත ජලය පරිභෝග කරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු නොයෙක් අයුරින් ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි දැනැදැනැ පණුවන් සහිත ජලය පරිභෝග කළහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු ජානං සප්පාණකං උදකං පරිභුඤ්ජෙය්ය පාචිත්තියන්ති.”
Sinhala BJT“යම් මහණෙක් දැනැදැනැ පණුවන් සහිත ජලය පරිභෝග කරන්නේ නම් පචිති වේ” යි.
Pali BJT2. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති. ජානාති නාම: සාමං වා ජානාති අඤ්ඤෙ වා තස්ස ආරොචෙන්ති. සප්පාණකන්ති ජානන්තො පරිභොගෙන මරිස්සන්තීති ජානන්තො පරිභුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT2. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි. ජානාති නම්: තෙමේ හෝ දනී. අන්හු හෝ ඔහුට ඇරොජත්. පණුවන් සහිත යැ යි දන්නේ පරිභෝගයෙන් මැරෙති යි දන්නේ පරිභෝග කෙරේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTසප්පාණකෙ සප්පාණකසඤ්ඤී පරිභුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස. සප්පාණකෙ වෙමතිකො පරිභුඤ්ජති ආපත්ති දුක්කටස්ස. සප්පාණකෙ අප්පාණක සඤ්ඤී පරිභුඤ්ජති අනාපත්ති.
Sinhala BJTපණුවන් සහිතයෙහි පණුවන් සහිතය යන සන් ඇතියේ පරිභෝග කෙරේ නම් පචිති ඇවැත් වෙයි. පණුවන් සහිතයෙහි විමති ඇතියේ පරිභෝග කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. පණුවන් සහිතයෙහි පණුවන් රහිතය යන සන් ඇතියේ පරිභෝග කෙරේ නම් ඇවැත් නැති.
Pali BJTඅප්පාණකෙ සප්පාණකසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අප්පාණකෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අප්පාණකෙ අප්පාණකසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTපණුවන් රහිතයෙහි පණුවන් සහිතය යන සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. පණුවන් රහිතයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. පණුවන් රහිතයෙහි පණුවන් රහිතය යන සන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: අප්පාණකන්ති ජානන්තො{1}, පරිභොගෙන න මරිස්සන්තීති ජානන්තො පරිභුඤ්ජති, උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTපණුවන් රහිත යැ යි දන්නේ නම්, පරිභෝගයෙන් නො මැරෙති යි දන්නේ නම්, ඇවැත් නො වේ. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTසප්පාණකසික්ඛාපදං දුතියං.
Sinhala BJTදෙවෙනි සප්පාණක ශික්‍ෂාපද යි.
Pali BJT6. 7. 3.
Sinhala BJT6. 7. 3.
Pali BJTඋක්කොටන සික්ඛාපදං
Sinhala BJTඋක්කෝටන ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ජානං යථාධම්මං නිහතාධිකරණං පුනකම්මාය උක්කොටෙන්ති, අකතං කම්මං දුක්කතං කම්මං පුන කාතබ්බං කම්මං අනිහතං දුන්නිහතං පුන නිහනිතබ්බන්ති, යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ ජානං යථාධම්මං නිහතාධිකරණං පුනකම්මාය උක්කොටෙස්සන්තී”ති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ ජානං යථාධම්මං නිහතාධිකරණං පුනකම්මාය උක්කොටෙථාති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා ජානං යථාධම්මං නිහතාධිකරණං පුනකම්මාය උක්කොටෙස්සථ නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු ධර්‍ම වූ පරිද්දෙන් සන්සිඳුවන ලද අධිකරණය දැනැදැනැ යළි කරනු පිණිස මතු කරලති. “කර්‍මය නො කරන ලදැ යැ, කර්‍මය නපුරු කොට කරන ලද යැ, කර්‍මය යළි කළයුතු යැ, නො සන් හිඳුවන ලද යැ, නපුරු කොට සන්හිඳුවන ලද යැ, යළි සන්හිඳවිය යුතු” යැ යි. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු ධර්‍ම වූ පරිද්දෙන් සන්හිඳුවන ලද අධිකරණය දැනැදැනැ යළි කරනු පිණිස මතු කොළෝ” දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි ධර්‍ම වූ පරිද්දෙන් සන්සිඳුවන ලද අධිකරණය දැනැ දැනැ යළි කරනු පිණිස මතු කරහු දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු නොයෙක් අයුරින් ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි ධර්‍ම වූ පරිද්දෙන් සන්සිඳුවන ලද අධිකරණය දැනැදැනැ යළි කරනු පිණිස මතු කළහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු ජානං යථාධම්මං නිහතාධිකරණං පුන කම්මාය උක්කොටෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් ධර්‍ම වූ පරිද්දෙන් සන්සිඳුවන ලද අධිකරණයක් දැනැ දැනැ යළි කරනු පිණිස මතු කරලන්නේ නම් පචිති වේ” යි.
Pali BJT2. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT2. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTජානාති නාම: සාමං වා ජානාති, අඤ්ඤෙ වා තස්ස ආරොචෙන්ති, සො වා ආරොචෙති.
Sinhala BJTජානාති නම්: තෙමේ හෝ දනී, අන්හු හෝ ඔහුට ඇරොජත් හෙතෙමේ හෝ ඇරොජයි.
Pali BJTයථාධම්මං නාම: ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන කතං, එතං යථාධම්මං නාම.
Sinhala BJTයථාධම්ම නම්: ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් කරන ලද්ද යැ. මේ යැ යථාධම්ම නම්;
Pali BJTඅධිකරණං නාම: චත්තාරි අධිකරණානි විවාදාධිකරණං අනුවාදාධිකරණං ආපත්තාධිකරණං කිච්චාධිකරණං.
Sinhala BJTඅධිකරණ නම්: විවාදාධිකරණ යැ අනුවාදාධිකරණ යැ ආපත්තාධිකරණයැ කිච්චාධිකරණ යැ යි අධිකරණ සතරෙකි.
Pali BJTපුනකම්මාය උක්කොටෙය්යාති: අකතං කම්මං දුක්කතං කම්මං පුනකාතබ්බං කම්මං අනිහතං දුන්නිහතං පුන නිහනිතබ්බන්ති ජානන්තො{1} උක්කොටෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTපුනකම්මාය උක්කොටෙය්‍ය: කර්‍මය නො කරන ලද යැ කර්‍මය නපුරු කොට කරන ලද යැ කර්‍මය යළි කළ යුතු යැ නො සන්හිඳු වන ලද යැ නපුරු කොට සන්හිඳුවන ලද යැ යළි සන්හිඳවිය යුතු යැ යි දනිමින් මතුකරා නම් පචිති ඇවැත් වේ.
Pali BJTධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී උක්කොටෙති ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ වෙමතිකො උක්කොටෙති ආපත්ති දුක්කටස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී උක්කොටෙති අනාපත්ති.
Sinhala BJTදැහැමිකම්හි දැහැමිකමෙක යන සන් ඇතියේ මතු කරලා නම් පචිති ඇවැත් වෙයි. දැහැමිකම්හි විමති ඇතියේ මතු කරලා නම් දුකුළා ඇවැත් වෙයි. දැහැමිකම්හි නො දැහැමිකමෙක යන සන් ඇතියේ මතු කරලා නම් ඇවැත් නැති.
Pali BJTඅධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTනො දැහැමිකම්හි දැහැමිකමෙක යන සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි නො දැහැමිකමෙක යන සන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: අධම්මෙන වා වග්ගෙන වා න කම්මාරහස්ස වා කම්මං කතන්ති ජානන්තො උක්කොටෙති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTඅධර්‍මයෙන් හෝ ව්‍යග්‍රයෙන් හෝ කර්‍මාර්‍හ නොවනුවක්හට හෝ කර්‍ම කරන ලදැ යි දන්නේ මතුකරලා නම් ඇවැත් නො වේ. උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTඋක්කොටනසික්ඛාපදං තතියං.
Sinhala BJTතුන්වැනි උක්කෝටනශික්‍ෂාපද යි.
Pali BJT6. 7. 4.
Sinhala BJT6. 7. 4.
Pali BJTදුට්ඨුල්ලසික්ඛාපදං
Sinhala BJTදුට්ඨුල්ල ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා උපනන්දො සක්යපුත්තො සඤ්චෙතනිකං සුක්කවිස්සට්ඨිං ආපත්තිං ආපජ්ජිත්වා භාතුනො සද්ධිවිහාරිකස්ස භික්ඛුනො ආරොචෙසි: අහං ආවුසො සඤ්චෙතනිකං සුක්කවිස්සට්ඨිං ආපත්තිං ආපන්නො මා කස්සචි ආරොචෙහීති. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සඤ්චෙතනිකං සුක්කවිස්සට්ඨිං ආපත්තිං ආපජ්ජිත්වා සඞ්ඝං තස්සා ආපත්තියා පරිවාසං යාචි. තස්ස සඞ්ඝො තස්සා ආපත්තියා පරිවාසං අදාසි. සො පරිවසන්තො තං භික්ඛුං පස්සිත්වා එතදවොච: “අහං ආවුසො සඤ්චෙතනිකං සුක්කවිස්සට්ඨිං ආපත්තිං ආපජ්ජිත්වා සඞ්ඝං තස්සා ආපත්තියා පරිවාසං යාචිං, තස්ස මෙ සඞ්ඝො තස්සා ආපත්තියා පරිවාසං අදාසි සොහං පරිවසාමි, වෙදියාමහං ආවුසො වෙදියතීති මං ආයස්මා ධාරෙතූ”ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩැ වෙසෙත්. එසමයෙහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර දැනැ දැනැ සුක්විසැටි ඇවැතකට පැමිණ බෑයාගේ සද්ධිවිහාරික භික්‍ෂුහට ඇරොජී යැ: ඇවැත්නි මම දැනැ දැනැ සුක්විසැටි ඇවැතකට පැමිණියෙමි, කිසිවක්හට නහමක් ඇරොජ යි. එසමයෙහි වනාහි එක්තරා මහණෙක් දැනැ දැනැ සුක්විසැටි ඇවැතකට පැමිණ සඞ්ඝයාගෙන් ඒ ඇවැතට පිරිවෙස් යැදී යැ. සඞ්ඝ තෙමේ ඔහුට ඒ ඇවැතට පිරිවෙස් දුන්නේ යැ. හේ පිරිවසනුයේ එමහණහු දැකැ මෙය කී යැ: “ඇවැත්නි, මම දැනැ දැනැ සුක්විසැටි ඇවැතකට පැමිණ සඞ්ඝයාගෙන් ඒ ඇවැතට පිරිවෙස් යැදීමි. සඞ්ඝ තෙමේ ඒ මාහට ඒ ඇවැතට පිරිවෙස් දුන්නේ යැ. හේ මම පිරිවසමි. ඇවැත්නි, මම දනිමි. මා දනී යැ යි ආයුෂ්මත් තෙමේ දරාව යි.
Pali BJT2. කිං නු ඛො ආවුසො යො අඤ්ඤොපි ඉමං ආපත්තිං ආපජ්ජති සොපි එවං කරොතීති. එවමාවුසොති. අයං ආවුසො ආයස්මා උපනන්දො සක්යපුත්තො සඤ්චෙතනිකං සුක්කවිස්සට්ඨිං ආපත්තිං ආපජ්ජිත්වා සො මෙ ආරොචෙසි මා කස්සචි ආරොචෙහීති. කිම්පන ත්වං ආවුසො පටිච්ඡාදෙසීති. එවමාවුසොති. අථ ඛො සො භික්ඛු භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති:
Sinhala BJT2. කිමෙක් ද? ඇවැත්නි, අන් යමෙකුත් මේ ඇවැතට පැමිණේ නම් හෙතෙමේත් මෙසේ කෙරේ දැ යි. ඇවැත්නි, එසේ යැ. ඇවැත්නි, මේ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර දැනැ දැනැ සුක්විසැටි ඇවැතකට පැමිණ හේ කිසිවක්හට නහමක් ඇරොජ යි මට දැන්වී යැ. කිමෙක් ද? ඇවැත්නි, තෙපි පිළිසන් කරවූ දැ යි. ඇවැත්නි, එසේ යැ. එකල්හි ඒ මහණ මහණුන්හට තෙල කරුණ දැන්වී යැ. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරවත්:
Pali BJT“කථං හි නාම භික්ඛු භික්ඛුස්ස ජානං දුට්ඨුල්ලං ආපත්තිං පටිච්ඡාදෙස්සතී”ති -පෙ- සච්චං කිර ත්වං භික්ඛු භික්ඛුස්ස ජානං දුට්ඨුල්ලං ආපත්තිං පටිච්ඡාදෙසීති. සච්චං, භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම ත්වං මොඝපුරිස භික්ඛුස්ස ජානං දුට්ඨුල්ලං ආපත්තිං පටිච්ඡාදෙස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT“කෙසේ නම් මහණෙක් මහණක්හුගේ දුළුල් ඇවැතක් දැනදැන පිළිසන් කෙළේ” දැ යි ... සැබෑ ද මහණ, තෙපි මහණක්හුගේ දුළුල් ඇවැතක් දැනැ දැනැ පිළිසන් කරවු දැ යි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහු ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි මහණක්හුගේ දුළුල් ඇවැතක් දැනැ දැනැ පිළිසන් කළහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු භික්ඛුස්ස ජානං දුට්ඨුල්ලං ආපත්තිං පටිච්ඡාදෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් මහණක්හුගේ දුළුල් ඇවැතක් දැනැ දැනැ පිළිසන් කරන්නේ නම් පචිති වේ” ය යි.
Pali BJT3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති. භික්ඛුස්සාති: අඤ්ඤස්ස භික්ඛුස්ස. ජානාති නාම: සාමං වා ජානාති, අඤ්ඤෙ වා තස්ස ආරොචෙන්ති, සො වා ආරොචෙති. දුට්ඨුල්ලා නාම: ආපත්ති චත්තාරි ච පාරාජිකානි තෙරස ච සඞ්ඝාදිසෙසා. පටිච්ඡාදෙය්යාති: ඉමං ජානිත්වා චොදෙස්සන්ති සාරෙස්සන්ති ඛුංසෙස්සන්ති වම්භෙස්සන්ති මඞ්කුකරිස්සන්ති නාරොචෙස්සාමීති ධුරං නික්ඛිත්තමත්තෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි. භික්ඛුස්ස: අන් මහණක්හුගේ, ජානාති නම්: තෙමේ හෝ දනී, අන්හු හෝ ඔහුට ඇරොජත්. හෙතෙමේ හෝ ඇරොජයි. දුට්ඨුල්ල නම්: සතර පරිජි හා තෙළෙස් සඟ වෙසෙස් හා ඇවැති. පටිච්ඡාදෙය්‍ය; මෙ කරුණ දැන සොයන්නාහ සිහිකරවන්නාහ හෙළා දක්නාහ, ගරහන්නාහ, මකුකරන්නාහ, නො ඇරොජන්නෙමැ යි ධුරය බහා තැබූ කෙණෙහි පචිති ඇවැත් වේ.
Pali BJTදුට්ඨුල්ලාය ආපත්තියා දුට්ඨුල්ලාපත්තිසඤ්ඤී පටිච්ඡාදෙති ආපත්ති පාචිත්තියස්ස. දුට්ඨුල්ලාය ආපත්තියා වෙමතිකො පටිච්ඡාදෙති ආපත්ති දුක්කටස්ස. දුට්ඨුල්ලාය ආපත්තියා අදුට්ඨුල්ලාපත්තිසඤ්ඤී පටිච්ඡාදෙති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTදුළුල් ඇවැතෙහි දුළුල් ඇවැත් සන් ඇතියේ පිළිසන් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. දුළුල් ඇවැතෙහි විමති ඇතියේ පිළිසන් කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. දුළුල් ඇවැතෙහි නො දුළුල් ඇවැත්සන් ඇතියේ පිළිසන් කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅදුට්ඨුල්ලං ආපත්තිං පටිච්ඡාදෙති ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නස්ස දුට්ඨුල්ලං වා අදුට්ඨුල්ලං වා අජ්ඣාචාරං පටිච්ඡාදෙති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTනො දුළුල් ඇවැතක් පිළිසන් කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හුගේ දුළුල් වූ හෝ නො දුළුල් වූ හෝ අධ්‍යාචාරයක් පිළිසන් කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅදුට්ඨුල්ලාය ආපත්තියා දුට්ඨුල්ලාපත්තිසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අදුට්ඨුල්ලාය ආපත්තියා වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අදුට්ඨුල්ලාය ආපත්තියා අදුට්ඨුල්ලාපත්තිසඤ්ඤී ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTනො දුළුල් ඇවැතෙහි දුළුල් ඇවැත්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දුළුල් ඇවැතෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දුළුල් ඇවැතෙහි නො දුළුල් ඇවැත්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: “සඞ්ඝස්ස භණ්ඩනං වා කලහො වා විග්ගහො වා විවාදො වා භවිස්සතීති නාරොචෙති, සඞ්ඝභෙදො වා සඞ්ඝරාජි වා භවිස්සතීති නාරොචෙති, අයං කක්ඛලො ඵරුසො ජීවිතන්තරායං වා බ්රහ්මචරියන්තරායං වා කරිස්සතීති නාරොචෙති. අඤ්ඤෙ පතිරූපෙ භික්ඛූ අපස්සන්තො නාරොචෙති, නඡාදෙතුකාමො නාරොචෙති, පඤ්ඤායිස්සති සකෙන කම්මෙනාති නාරොචෙති, උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTසඞ්ඝයාගේ භණ්ඩනයෙක් හෝ කලහයෙක් හෝ විග්‍රහයෙක් හෝ විවාදයෙක් හෝ වන්නේ යැ යි නො ඇරොජා නම්, සඞ්ඝභේදය හෝ සඞ්ඝරාජිය හෝ වන්නේ යැ යි නො ඇරොජා නම්, මෙතෙමේ කර්‍කශ යැ පරුෂ යැ දිවියට අනතුරු හෝ බඹසරට අනතුරු හෝ කරන්නේ යැ යි නො ඇරොජා නම් අන් සුදුසු මහණුන් නො දක්නේ නො ඇරොජා නම්, නො වසනු කැමැත්තේ නො ඇරොජා නම්, සිය කැමින් පැනෙන්නේ යැයි නො ඇරොජා නම් ඇවැත් නො වේ. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTදුට්ඨුල්ලසික්ඛාපදං චතුත්ථං
Sinhala BJTසතරවැනි දුට්ඨුල්ල ශික්‍ෂාපදයි.
Pali BJT6. 7. 5.
Sinhala BJT6. 7. 5.
Pali BJTඌනවීසතිවස්සසික්ඛාපදං
Sinhala BJTඌනවීසතිවස්ස ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන රාජගහෙ සත්තරසවග්ගියා දාරකා සහායකා හොන්ති. උපාලිදාරකො තෙසං පාමොක්ඛො හොති. අථ ඛො උපාලිස්ස මාතාපිතූනං එතදහොසි: “කෙන නු ඛො උපායෙන උපාලි අම්හාකං අච්චයෙන සුඛඤ්ච ජීවෙය්ය න ච කිලමෙය්යා”ති. අථ ඛො උපාලිස්ස මාතාපිතූනං එතදහොසි: “සචෙ ඛො උපාලි ලෙඛං සික්ඛෙය්ය එවං ඛො උපාලි අම්හාකං අච්චයෙන සුඛඤ්ච ජීවෙය්ය න ච කිලමෙය්යා”ති. අථ ඛො උපාලිස්ස මාතාපිතූනං එතදහොසි: “සචෙ ඛො උපාලි ලෙඛං සික්ඛිස්සති අඞ්ගුලියො දුක්ඛා භවිස්සන්ති. සචෙ ඛො උපාලි ගණනං සික්ඛෙය්ය එවං ඛො උපාලි අම්හාකං අච්චයෙන සුඛඤ්ච ජීවෙය්ය න ච කිලමෙය්යා”ති. අථ ඛො උපාලිස්ස මාතාපිතූනං එතදහොසි: “සචෙ ඛො උපාලි ගණනං සික්ඛිස්සති උරස්ස දුක්ඛො භවිස්සති. සචෙ ඛො උපාලි රූපං සික්ඛෙය්ය එවං ඛො උපාලි අම්හාකං අච්චයෙන සුඛඤ්ච ජීවෙය්ය න ච කිලමෙය්යා”ති. අථ ඛො උපාලිස්ස මාතාපිතූනං එතදහොසි: “සචෙ ඛො උපාලි රූපං සික්ඛිස්සති අක්ඛීනි දුක්ඛා භවිස්සන්ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහ නුවරැ කලන්‍දක නිවාප නම් වේළුවනයෙහි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි රජගහ නුවරැ සතළොස්වග දරුවෝ යහළුවෝ වෙති. උපාලි දරු ඔවුන්ගේ ප්‍රමුඛයා වෙයි. එකල්හි උපාලිහුගේ මාපියනට මෙ සිත විය: “කි නම් උපායෙකින් උපාලි තෙමේ අපගේ ඇවෑමෙන් සැපසේ දිවි වටන්නේත් නො මිරිකෙන්නේත් වේ දැ යි. එකල්හි උපාලිහුගේ මාපියනට මෙ සිත විය: ඉදින් උපාලි තෙමේ ලෙඛනයෙහි හික්මෙන්නේ නම් මෙසේ උපාලි තෙමේ අපගේ ඇවෑමෙන් සැපසේ දිවි වටන්නේත් නො මිරිකෙන්නේත් වෙයි. එකල්හි උපාලිහුගේ මාපියනට මේ සිත විය: ඉදින් උපාලි තෙමේ ලෙඛනයෙහි හික්මෙන්නේ නම් ඇඟිලි රිදෙයි. ඉදින් උපාලි තෙමේ ගණිතයෙහි හික්මෙන්නේ නම් මෙසේ උපාලි තෙමේ අපගේ ඇවෑමෙන් සැපසේ දිවි වටන්නේත් නො මිරිකෙන්නේත් වෙයි. ඉක්බිති උපාලිහුගේ මාපියනට මෙ සිත විය: ඉදින් උපාලි තෙමේ ගණිතයෙහි හික්මෙන්නේ නම් ළයට දුක් වන්නේයැ. ඉදින් උපාලි තෙමේ රූපසූත්‍රයෙහි හික්මෙන්නේ නම් මෙසේ උපාලි තෙමේ අපගේ ඇවෑමෙන් සැපසේ දිවි වටන්නේත් නො මිරිකෙන්නේත් වෙයි. එකල්හි උපාලිහුගේ මාපියනට මෙසිත විය: ඉදින් උපාලි තෙමේ රූපසූත්‍රයෙහි හික්මෙන්නේ නම් ඇස් රිදෙයි.
Pali BJT2. ඉමෙ ඛො සමණා සක්යපුත්තියා සුඛසීලා සුඛසමාචාරා සුභොජනානි භුඤ්ජිත්වා නිවාතෙසු සයනෙසු සයන්ති. සචෙ ඛො උපාලි සමණෙසු සක්යපුත්තියෙසු පබ්බජෙය්ය එවං ඛො උපාලි අම්හාකං අච්චයෙන සුඛඤ්ච ජීවෙය්ය න ච කිලමෙය්යාති. අස්සොසි ඛො උපාලිදාරකො මාතාපිතූනං ඉමං කථාසල්ලාපං. අථ ඛො උපාලිදාරකො යෙන තෙ දාරකා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ දාරකෙ එතදවොච: “එථ මයං අය්යා සමණෙසු සක්යපුත්තියෙසු පබ්බජිස්සාමා”ති. සචෙ ඛො ත්වං අය්ය පබ්බජිස්සසි එවං මයම්පි පබ්බජිස්සාමාති.
Sinhala BJT2. මේ ශ්‍රමණශාක්‍යපුත්‍රයෝ වනාහි සුවසැහැවි ඇතියෝ සැප පැවතුම් ඇතියෝ මනා බොජුන් වළඳා සිසිල් යහන්හි සැතැපෙත්. ඉදින් උපාලි තෙම ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් කෙරෙහි පැවිදි වන්නේ නම් මෙසේ උපාලි තෙමේ අපගේ ඇවෑමෙන් සැපසේ දිවි වටන්නේත් නො මිරිකෙන්නේත් වෙයි. උපාලි දරු තෙමේ මාපියන්ගේ මේ කතාබහ ඇසුයේ යි. ඉක්බිති උපාලි දරු තෙමේ ඒ (යහළු) දරුවන් වෙතැ එළඹියේ යැ. එළැඹැ ඒ දරුවනට මෙය කී යැ: “එව සගයෙනි ඇපි ශ්‍රමණ ශාක්‍යපුත්‍රයන් කෙරෙහි පැවිදි වම්හ” යි. ඉදින් සගය තෙපි පැවිදි වන්නහු නම් මෙසේ ඇපිදු පැවිදි වම්හ යි.
Pali BJT3. අථ ඛො තෙ දාරකා එකමෙකස්ස මාතාපිතරො උපසඞ්කමිත්වා එතදවොචුං: “අනුජානාථ මං අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති. අථ ඛො තෙසං දාරකානං මාතාපිතරො සබ්බෙපි මෙ දාරකා සමානච්ඡන්දා කල්යාණාධිප්පායා”ති අනුජානිංසු. තෙ භික්ඛූ උපසඞ්කමිත්වා පබ්බජ්ජං යාචිංසු. තෙ භික්ඛූ පබ්බාජෙසුං උපසම්පාදෙසුං. තෙ රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය රොදන්ති: යාගුං දෙථ භත්තං දෙථ ඛාදනීයං දෙථාති, භික්ඛූ එවමාහංසු. ආගමෙථ ආවුසො යාව රත්ති විභායති.{1} සචෙ යාගු භවිස්සති පිවිස්සථ සචෙ භත්තං භවිස්සති භුඤ්ජිස්සථ. සචෙ ඛාදනීයං භවිස්සති ඛාදිස්සථ. නො චෙ භවිස්සති යාගු වා භත්තං වා ඛාදනීයං වා පිණ්ඩාය චරිත්වා භුඤ්ජිස්සථාති. එවම්පි ඛො තෙ භික්ඛූ භික්ඛූහි වුච්චමානා රොදන්තෙව{2} යාගුං දෙථ භත්තං දෙථ ඛාදනීයං දෙථාති. සෙනාසනං ඌහදන්තිපි උම්මිහන්තිපි. අස්සොසි ඛො භගවා රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය දාරකසද්දං. සුත්වාන ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “කින්නුඛො සො ආනන්ද දාරකසද්දො”ති. අථ ඛො ආයස්මා ආනන්දො භගවතො එතමත්ථං ආරොචෙසි.
Sinhala BJT3. ඉක්බිති ඒ දරුවෝ එකිනෙකාගේ මාපියන් වෙතැ එළැඹැ මෙය කීහු: “ගිහිගෙයින් නික්මැ සස්නෙහි පැවිදිවීමට මට අනුදනුව” යි එකල්හි ඒ දරුවන්ගේ මාපියෝ මේ හැම දරුවෝ මැ සමසඳැතියෝ කලණ අදහස්ඇතියෝ යැ යි අනුදත්හ. ඔහු මහණුන් වෙතැ එළැඹැ පැවිද්ද යැදූහ. භික්‍ෂූහු ඔවුන් පැවිදි කළහ, උපසපන් කළහ. ඔහු රෑ පසොස්සල්හි (අලුයම) නැගිට හඬත්: “හඹු දෙව, බත් දෙව, කෑයුතුදැය දෙව” යි. භික්‍ෂූහු මෙසේ කීහු: ඇවැත්නි, පහන් වන තෙක් පොරොත්තු වවු, ඉදින් හඹුවන්නේ නම් පානය කරන්නහු යැ, ඉදින් බත් වන්නේ නම් වළඳන්නහු යැ, ඉදින් කෑයුතුදැය වන්නේ නම් කන්නහු යැ. ඉදින් හඹු හෝ බත් හෝ කෑයුතුදැය නො වන්නේ නම් පිඬු පිණිස හැසිරැ වළඳන්නහු යැ යි. මෙසේ මහණුන් විසින් කියනු ලබන්නා වූ ඒ භික්‍ෂූහු “හඹු දෙව, බත් දෙව, කෑයුතුදැය දෙව” යි හඬත් මැ යි. සෙනසුනැ මල පැහැරීම ද කෙරෙති. සුලුදිය පහකිරීම ද කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේ රෑ පසොස්සල්හි නැඟිට දරුහඬ අසා ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ඇමැතූසේකැ කිමෙක් ද ආනන්‍ද, ඒ දරුහඬැ යි. එකල්හි ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ භාග්‍යවතුන් හට තෙල කරුණ දැන්වී යැ.
Pali BJT4. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛු සඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූ පටිපුච්ඡි. සච්චං කිර භික්ඛවෙ භික්ඛූ ජානං ඌනවීසතිවස්සං පුග්ගලං උපසම්පාදෙන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තෙ භික්ඛවෙ මොඝපුරිසා ජානං ඌනවීසතිවස්සං පුග්ගලං උපසම්පාදෙස්සන්ති. ඌනකවීසති වස්සො භික්ඛවෙ පුග්ගලො අක්ඛමො හොති සීතස්ස උණ්හස්ස ජිඝච්ඡාය පිපාසාය ඩංසමකසවාතාතපසිරිංසප සම්ඵස්සානං දුරුත්තානං දුරාගතානං වචනපථානං උප්පන්නානං සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිප්පානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරාණං අනධිවාසක ජාතිකො හොති. වීසතිවස්සොව ඛො භික්ඛවෙ පුග්ගලො ඛමො හොති සීතස්ස උණ්හස්ස -පෙ- පාණහරානං අධිවාසකජාතිකො හොති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මෙඅවසරයෙහි ලා බික්සඟන රැස් කරවා මහණුන් පුළුවුත් සේකැ: සැබෑ ද මහණෙනි, භික්‍ෂූහු දැනැ දැනැ උනුවිසිවස් ඇති පුඟුලක්හු උපසපන් කරවද්දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් මහණෙනි, ඒ හිස් පුරුෂයෝ දැනැදැනැ උනුවිසිවස් ඇති පුඟුලක්හු උපසපන් කොළෝ දැ යි. මහණෙනි, උනුවිසිවස් ඇති පුඟුල් තෙමේ සිහිලස උණුසුම සාගිනි පවස නො ඉවසන්නෙක් වෙයි. ඩැහැමැසි මදුරු වා හිරුරැස් දිග්දෑ පහස ද දුබැසි දුවදනා වදන්මග ද සිරිරි පිළිබැඳි උපන් නො සිහිය හැකි බහල තියුණු රළු නො මිහිරි නො මනවඩන දිවි හරන වෙයිනුදු නො ඉවසන සැහැවි ඇති වෙයි මහණෙනි, විසිවස් ඇති පුඟුල් තෙමේ වනාහි සිහිලස උණුසුම ... ඉවසන්නෙක් වෙයි. දිවිහරන වෙයිනුදු ඉවසන සැහැවි වෙයි. මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... මහණෙනි මෙසේ මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු ජානං ඌනවීසතිවස්සං පුග්ගලං උපසම්පාදෙය්ය සො ච පුග්ගලො අනුපසම්පන්නො තෙ ච භික්ඛූ ගාරය්හා ඉදං තස්මිං පාචිත්තියන්ති.”
Sinhala BJT“යම් මහණෙක් දැනැ දැනැ උනු විසිවස් පුඟුලක්හු උපසපන් කරවා නම් ඒ පුද්ගල ද අනුපසපන් වූයේ වෙයි. ඒ භික්‍ෂූහු ද ගැරහිය යුත්තෝ යැ, ඒ උපාධ්‍යායයා කෙරෙහි මේ පචිති ඇවැත් වේ” යි.
Pali BJT5. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති. ජානාති නාම: සාමං වා ජානාති අඤ්ඤෙ වා තස්ස ආරොචෙන්ති, සො වා ආරොචෙති. ඌනවීසතිවස්සො නාම: අප්පත්තවීසතිවස්සො.
Sinhala BJT5. යො පන: යම් යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි. ජානාති නම්: තෙමේ හෝ දනී. අන්හු හෝ ඔහුට ඇරොජත්. හෙතෙමේ හෝ ඇරොජයි. ඌනවීසතිවස්ස නම්: නො පත් විසිවස් ඇතියේ යි.
Pali BJTඋපසම්පාදෙස්සාමීති ගණං වා ආචරියං වා පත්තං වා චීවරං වා පරියෙසති සීමං වා සම්මන්නති, ආපත්ති දුක්කටස්ස. ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි දුක්කටා. කම්මවාචාපරියොසානෙ උපජ්ඣායස්ස ආපත්ති පාචිත්තියස්ස. ගණස්ස ච ආචරියස්ස ච ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඋපසපන් කරවන්නෙමියි ගණයා හෝ ඇජරක්හු හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඥප්තියෙහි දුකුළායෙක් වෙයි. දෙකම් වදනින් දෙ දුකුළායෙක් වෙයි. කම්වදන් අවසන්හි වත්හිමිහට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරහටද දුකුළා ඇවැත් වේ.
Pali BJTඌනවීසතිවස්සෙ ඌනවීසතිවස්සසඤ්ඤී උපසම්පාදෙති ආපත්ති පාචිත්තියස්ස. ඌනවීසතිවස්සෙ වෙමතිකො උපසම්පාදෙති ආපත්ති දුක්කටස්ස. ඌනවීසතිවස්සෙ පරිපුණ්ණවීසතිවස්සසඤ්ඤී උපසම්පාදෙති අනාපත්ති.
Sinhala BJTඋනුවිසිවස් ඇතියහු කෙරෙහි උනුවිසිවසැයි සන් ඇතියේ උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. උනුවිසිවස් ඇතියහු කෙරෙහි විමති ඇතියේ උපසපන් කරවා නම් දුකුළා ඇවැත් වෙයි. උනු විසිවස් ඇතියහු කෙරෙහි පිරිපුන් විසිවසැයි සන් ඇතියේ උපසපන් කරවා නම් ඇවැත් නැති.
Pali BJTපරිපුණ්ණවීසතිවස්සෙ ඌනවීසතිවස්සසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. පරිපුණ්ණවීසතිවස්සෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. පරිපුණ්ණවීසතිවස්සෙ පරිපුණ්ණවීසතිවස්සසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTපිරිපුන් විසිවස් ඇතියහු කෙරෙහි උනුවිසිවසැයි සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. පිරිපුන් විසිවස් ඇතියහු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. පිරිපුන් විසිවස් ඇතියහු කෙරෙහි පිරිපුන් විසිවසැයි සන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: ඌනවීසතිවස්සං පරිපුණ්ණවීසතිවස්සසඤ්ඤී උපසම්පාදෙති පරිපුණ්ණවීසතිවස්සං පරිපුණ්ණවීසතිවස්සසඤ්ඤී උපසම්පාදෙති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTඋනු විසිවස් ඇතියක්හු පිරිපුන් විසිවසැයි සන් ඇතියේ උපසපන් කරවා නම්, පිරිපුන් විසිවස් ඇතියක්හු පිරිපුන් විසිවසැයි සන් ඇතියේ උපසපන් කරවා නම් ඇවැත් නො වේ. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTඌනවීසතිවස්සසික්ඛාපදං පඤ්චමං.
Sinhala BJTපස් වැනි ඌනවීසතිවස්ස ශික්‍ෂාපද යි.
Pali BJT6. 7. 6.
Sinhala BJT6. 7. 6.
Pali BJTථෙය්යසත්ථසික්ඛාපදං
Sinhala BJTථෙය්‍යසත්‍ථ ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො සත්ථො රාජගහා පටියාලොකං ගන්තුකාමො හොති. අඤ්ඤතරො භික්ඛු තෙ මනුස්සෙ එතදවොච: “අහම්පායස්මන්තෙහි සද්ධිං ගමිස්සාමී”ති. මයං ඛො භන්තෙ සුඞ්කං පරිහරිස්සාමාති. පජානාථාවුසොති. අස්සොසුං ඛො කම්මිකා සත්ථො කිර සුඞ්කං පරිහරිස්සතීති. තෙ මග්ගෙ පරියුට්ඨිංසු. අථ ඛො තෙ කම්මිකා තං සත්ථං ගහෙත්වා අච්ඡින්දිත්වා තං භික්ඛුං එතදවොචුං: “කිස්ස ත්වං භන්තෙ ජානං ථෙය්යසත්ථෙන සද්ධිං ගච්ඡසීති පළිබුද්ධිත්වා මුඤ්චිංසු. අථ ඛො සො භික්ඛු සාවත්ථිං ගන්ත්වා භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති:
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි එක්තරා ගැල් සාත්තුවෙක් රජගහ නුවරින් පැසුළුදිගට යනු කැමැත්තේ වෙයි. එක්තරා මහණෙක් ඒ මිනිසුන්හට මෙය කී යැ. “මමද ඇවතුන් සමග යන්නෙමැ” යි. ස්වාමීනි, ඇපි වනාහි සුංවත් වළහා යන්නම්හ, ඇවැත්නි, දනුවයි. අයකැමියෝ වනාහි සාත්තුවෙන් සුංවත් වළහා යන්නේ යැ යි ඇසූහු. ඔවුහු මගෙහි නැඟී සිටියහ. ඉක්බිති ඒ කැමියෝ ඒ සාත්තුව ගෙනැ අසිඳ එමහණහට මෙය කීහු: “කුමකට ස්වාමීනි, නුඹ වහන්දැ දැනැදැනැ සොරසාත්තුවක් සමග යනදෑ දැ යි වද දී මුදාහළහ. ඉක්බිති ඒ මහණ සැවැතට ගොස් මහණුන්හට තෙල කරුණ දැන්වී යැ. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරවත්:
Pali BJT“කථං හි නාම භික්ඛු ජානං ථෙය්යසත්ථෙන සද්ධිං සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජිස්සතී”ති. -පෙ- සච්චං කිර ත්වං භික්ඛු ජානං ථෙය්යසත්ථෙන සද්ධිං සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජසීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම ත්වං මොඝපුරිස ජානං ථෙය්යසත්ථෙන සද්ධිං සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජිස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන, භික්ඛවෙ, ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT“කෙසේ නම් මහණෙක් දැනැ දැනැ සොරසාත්තුවක් සමග බැණ ගෙනැ එක් වැ අදන්මගට පිළිපන්නේ” දැ යි ... සැබෑ ද මහණ, තෙපි දැනැ දැනැ සොරසාත්තුවක් සමග බැණගෙනැ එක් වැ අදන්මඟට පිළිපන්හු දැ යි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ. කෙසේ නම් හිස් පුරුෂය, තෙපි දැනැ දැනැ සොරසාත්තුවක් සමග බැණගෙනැ එක් වැ අදන්මඟට පිළිපන්හු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු ජානං ථෙය්යසත්ථෙන සද්ධිං සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජෙය්ය අන්තමසො ගාමන්තරම්පි පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් දැනැ දැනැ සොරසාත්තුවක් සමඟ බැණගෙනැ එක් වැ අදන්මඟට–යටත් පිරිසෙයින් අන් ගමකටදු පිළිපදනේ නම් පචිති වේ” ය යි.
Pali BJT2. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති. ජානාති නාම: සාමං වා ජානාති, අඤ්ඤෙ වා තස්ස ආරොචෙන්ති, සො වා ආරොචෙති. ථෙය්යසත්ථො නාම: චොරා කතකම්මා වා හොන්ති අකතකම්මා වා, රාජානං වා ථෙය්යං ගච්ඡන්ති සුඞ්කං වා පරිහරන්ති. සද්ධින්ති: එකතො. සංවිධායාති: “ගච්ඡාම ආවුසො ගච්ඡාම භන්තෙ, ගච්ඡාම භන්තෙ, ගච්ඡාම ආවුසො. අජ්ජ වා හිය්යො වා පරෙ වා ගච්ඡාමාති සංවිදහති ආපත්ති දුක්කටස්ස. අන්තමසො ගාමන්තරම්පීති: කුක්කුටසම්පාතෙ ගාමෙ ගාමන්තරෙ ගාමන්තරෙ ආපත්ති පාචිත්තියස්ස. අගාමකෙ අරඤ්ඤෙ අද්ධයොජනෙ අද්ධයොජනෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT2. යො පන; යම් යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි. ජානාති නම්: තෙමේ හෝ දනී. අන්හු හෝ ඔහුට ඇරොජත්, හෙතෙමේ හෝ ඇරොජයි. ථෙය්‍යසත්‍ථ නම්: කළසොරකම් ඇත්තා වූ හෝ නො කළ සොරකම් ඇත්තා වූ හෝ සොරු වෙති. සොරකමට රජහු වෙතැ හෝ යෙති. සුංවත් හෝ වළහා යෙත්. සද්ධිං: එක් වැ. සංවිධාය: යමු ඇවැත්නි, යම්හ ස්වාමීනි, යම්හ ස්වාමීනි, යම්හ ඇවැත්නි, අද හෝ හෙට හෝ අනිද්දා හෝ යම්හ යි සංවිධාන කෙරේ නම් දුකුළා ඇවැත් වේ. අන්තමසෝ ගාමන්තරම්පි: කුකුළුගමන් ඇති ගමෙහි නම් ගමතුරෙහි ගමතුරෙහි පචිති ඇවැත් වෙයි. ගමක් නො වන ආරණ්‍යයෙහි නම් අඩයොදුනෙහි අඩයොදුනෙහි පචිති ඇවැත් වේ.
Pali BJTථෙය්යසත්ථෙ ථෙය්යසත්ථසඤ්ඤී සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජති අන්තමසො ගාමන්තරම්පි ආපත්ති පාචිත්තියස්ස. ථෙය්යසත්ථෙ වෙමතිකො සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජති අන්තමසො ගාමන්තරම්පි ආපත්ති දුක්කටස්ස. ථෙය්යසත්ථෙ අථෙය්යසත්ථසඤ්ඤී සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජති අන්තමසො ගාමන්තරම්පි අනාපත්ති.
Sinhala BJTසොරසාත්තුවෙහි සොරසාත්තුසන් ඇතියේ බැණගෙනැ එක් වැ අදන්මඟට යටත්පිරිසෙයින් අන් ගමකටදු පිළිපදනේ නම් පචිති ඇවැත් වෙයි. සොරසාත්තුවෙහි විමති ඇතියේ බැණගෙනැ එක් වැ අදන්මඟට යටත් පිරිසෙයින් අන්ගමකටදු පිළිපදනේ නම් පචිති ඇවැත් වෙයි. සොරසාත්තුවෙහි නො සොරසාත්තුසන් ඇතියේ බැණගෙනැ එක් වැ අදන්මඟට යටත් පිරිසෙයින් අන්ගමකටදු පිළිපදනේ නම් ඇවැත් නැති.
Pali BJTභික්ඛු සංවිදහති මනුස්සා න සංවිදහන්ති ආපත්ති දුක්කටස්ස. අථෙය්යසත්ථෙ ථෙය්යසත්ථසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අථෙය්යසත්ථෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අථෙය්යසත්ථෙ අථෙය්යසත්ථසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTමහණ සංවිධාන කෙරේ නම් මිනිස්සු සංවිධාන නො කෙරෙත් නම් දුකුළා ඇවැත් වෙයි. නො සොරසාත්තුයෙහි සොරසාත්තුයෙක යන සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො සොරසාත්තුයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො සොරසාත්තුයෙහි නො සොරසාත්තුයෙක යන සන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: අසංවිදහිත්වා ගච්ඡති මනුස්සා සංවිදහන්ති භික්ඛු න සංවිදහති, විසඞ්කෙතෙන ගච්ඡති, ආපදාසු උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTසංවිධාන නො කොට යේ නම්, මිනිස්සු සංවිධාන කෙරෙත් නම් මහණ සංවිධාන නො කෙරේ නම්, කාලවිසඞ්කෙතයෙන් යේ නම් ඇවැත් නො වේ. ආපදාවෙහි, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTථෙය්යසත්ථසික්ඛාපදං ඡට්ඨං.
Sinhala BJTසවැනි ථෙය්‍යසත්‍ථ ශික්‍ෂාපද යි.
Pali BJT6. 7. 7.
Sinhala BJT6. 7. 7.
Pali BJTසංවිධානසික්ඛාපදං
Sinhala BJTසංවිධාන ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු කොසලෙසු ජනපදෙ සාවත්ථිං ගච්ඡන්තො අඤ්ඤතරෙන ගාමද්වාරෙන අතික්කමති. අඤ්ඤතරා ඉත්ථි සාමිකෙන සහ භණ්ඩිත්වා ගාමතො නික්ඛමිත්වා තං භික්ඛුං පස්සිත්වා එතදවොච: “කහං භන්තෙ, අය්යො ගමිස්සතීති. සාවත්ථිං ඛො අහං භගිනි ගමිස්සාමීති. අහම්පය්යෙන සද්ධිං ගමිස්සාමීති. එය්යාසි භගිනීති. අථ ඛො තස්සා ඉත්ථියා සාමිකො ගාමතො නික්ඛමිත්වා මනුස්සෙපුච්ඡි, “අපාය්යා,{1} එවරූපිං ඉත්ථිං පස්සෙය්යාථා”ති. එසා අය්ය, පබ්බජිතෙන සහ ගච්ඡතීති. අථ ඛො සො පුරිසො අනුබන්ධිත්වා තං භික්ඛුං ගහෙත්වා ආකොටෙත්වා මුඤ්චි. අථ ඛො සො භික්ඛු අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ පධූපෙන්තො නිසීදි. අථ ඛො සා ඉත්ථි තං පුරිසං එතදවොච: “නාය්යො සො භික්ඛු මං නිප්පාතෙසි; අපි ච අහමෙව තෙන භික්ඛුනා සද්ධිං ගච්ඡාමි. අකාරකො සො භික්ඛු ගච්ඡ නං ඛමාපෙහීති.” අථ ඛො සො පුරිසො තං භික්ඛුං ඛමාපෙසි.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි සිටැ සැවැතට යන්නේ එක්තරා ගම්දොරක් ඉක්මවයි. එක්තරා ස්ත්‍රියක් තොමෝ සැමියා සමග ඩබර කොට ගමින් නික්මැ එමහණ දැකැ මෙය කිවු යැ. “ස්වාමීනි, ආර්‍ය්‍යයෝ කොහි වඩිත්” දැ යි, බුහුන මම වනාහි සැවැතට යන්නෙමි” යි. “මම ද ආර්‍ය්‍යයන් සමඟ යන්නෙමැ” යි. “එන්නැ බුහුනැ” යි. එකල්හි ඒ ස්ත්‍රියගේ සැමියා ගමින් නික්මැ මිනිසුන් පිළිවිසී යැ. සගයෙනි, මෙබඳු ස්ත්‍රියක දක්නහු දැයි. ආර්‍ය්‍යය, තෙල මාගම පැවිද්දකු සමඟ යේ යැ යි. එකල්හි ඒ පුරුෂ තෙමේ ලුහුබැඳ එමහණ ගෙනැ අකොළා මුදාලී යැ. ඉක්බිති ඒ මහණ එක්තරා රුක්මුලෙකැ (තමාට මැ) අවමන් කරමින් හුන්නේ යැ. එකල්හි ඒ ස්ත්‍රී තොමෝ ඒ පුරුෂයාට මෙය කිවු යැ. “ආර්‍ය්‍ය වූ මේ භික්‍ෂු තෙමේ මා ගෙනැ නො ආයේ යැ, වැළිදු මම මැ ඒ මහණහු සමඟ යමි. ඒ මහණ අකාරක යැ. යා, එ මහණහු කමාකරව යි. එකල්හි ඒ පුරුෂ තෙමේ එමහණහු කමා කැරැවී.
Pali BJT2. අථ ඛො සො භික්ඛු සාවත්ථිං ගන්ත්වා භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. “කථං හි නාම භික්ඛු මාතුගාමෙන සද්ධිං සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජිස්සතී”ති. -පෙ- සච්චං කිර ත්වං භික්ඛු මාතුගාමෙන සද්ධිං සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජසීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම ත්වං මොඝපුරිස මාතුගාමෙන සද්ධිං සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජිස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. ඉක්බිති ඒ මහණ සැවැතට ගොස් තෙල කරුණ මහණුන්හට දැන්වී යැ. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති දොස් පතුරුවත්: “කෙසේ නම් මහණෙක් මාගමක සමඟ බැණ ගෙනැ එක් වැ අදන්මඟට පිළිපන්නේ” දැ යි ... සැබෑ ද මහණ, තෙපි මාගමක සමඟ බැණගෙනැ එක් වැ අදන්මඟට පිළිපන්නහු දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ. ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි මාගමක සමඟ බැණගෙනැ එක් වැ අදන්මඟට පිළිපන්නහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු මාතුගාමෙන සද්ධිං සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජෙය්ය අන්තමසො ගාමන්තරම්පි පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් මාගමක සමඟ බැණ ගෙනැ එක් වැ අදන්මගට – යටත් පිරිසෙයින් අන් ගමකට දු – පිළිපදනේ නම් පචිති වේ” යයි.
Pali BJT3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති:.… අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTමාතුගාමො නාම: මනුස්සිත්ථි න යක්ඛී න පෙතී න තිරච්ඡානගතා විඤ්ඤූ පටිබලා සුභාසිතදුබ්භාසිතං දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආජානිතුං.
Sinhala BJTමාතුගාම නම්: මිනිස් ඉතිරි යැ. යකින්නක් නො වෙයි. ප්‍රෙතියක් නො වෙයි. තිරිසන් ගිය මාගමක් නො වේ. සුබැසි දුබැසි දුළුල් නො දුළුල් තෙපුල් දැන ගන්නට පිළිවන් දැනුමැතියා යි.
Pali BJTසද්ධින්ති: එකතො.
Sinhala BJTසද්ධිං: එක් වැ.
Pali BJTසංවිධායාති: ගච්ඡාම භගිනි, ගච්ඡාම අය්ය, ගච්ඡාම අය්ය, ගච්ඡාම භගිනි, අජ්ජ වා හිය්යො වා පරෙ වා ගච්ඡාමාති සංවිදහති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTසංවිධාය: යම්හ බුහුන, යම්හ ආර්‍ය්‍යය, යම්හ ආර්‍ය්‍යය, යම්හ බුහුන, අද හෝ හෙට හෝ අනිද්දා හෝ යම්හ යි සංවිධාන කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅන්තමසො ගාමන්තරම්පීති: කුක්කුටසම්පාතෙ ගාමෙ ගාමන්තරෙ ගාමන්තරෙ ආපත්ති පාචිත්තියස්ස. අගාමකෙ අරඤ්ඤෙ අද්ධයොජනෙ අද්ධයොජනෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඅන්තමසෝ ගාමන්තරම්පි: කුකුළුගමන් ඇති ගමෙහි නම් ගමතුරෙහි ගමතුරෙහි පචිති ඇවැත් වෙයි. ගමක් නො වන අරන්හි නම් අඩ යොදුනෙහි අඩ යොදුනෙහි පචිති ඇවැත් වේ.
Pali BJTමාතුගාමෙ මාතුගාමසඤ්ඤී සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජති අන්තමසො ගාමන්තරම්පි ආපත්ති පාචිත්තියස්ස. මාතුගාමෙ වෙමතිකො සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජති අන්තමසො ගාමන්තරම්පි ආපත්ති පාචිත්තියස්ස. මාතුගාමෙ අමාතුගාමසඤ්ඤී සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජති අන්තමසො ගාමන්තරම්පි ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTමාගම කෙරෙහි මාගමක යන සන් ඇතියේ බැණ ගෙනැ එක් වැ අදන් මඟට යටත් පිරිසෙයින් අන්ගමකට දු – පිළිපදනේ නම් පචිති ඇවැත් වෙයි. මාගම කෙරෙහි විමති ඇතියේ බැණගෙනැ එක් වැ අදන්මඟට යටතින් අන් ගමකට දු – පිළිපදනේ නම් පචිති ඇවැත් වෙයි. මාගම කෙරෙහි නො මාගම් සන් ඇතියේ බැණගෙනැ එක් වැ අදන්මඟට යටතින් අන්ගමකට දු, පිළිපදනේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTභික්ඛු සංවිදහති මාතුගාමො න සංවිදහති ආපත්ති දුක්කටස්ස. යක්ඛියා වා පෙතියා පණ්ඩකෙන වා තිරච්ඡානගතමනුස්සවිග්ගහිත්ථියා වා සද්ධිං සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජති අන්තමසො ගාමන්තරම්පි ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTමහණ සංවිධාන කෙරේ නම් මාගම සංවිධාන නො කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. යකින්නක හෝ ප්‍රේතියක හෝ පණ්ඩකයකු හෝ තිරිසන් ගිය මිනිස් සිරිරි දරන ඉතිරියක හෝ සමඟ බැණගෙනැ එක් වැ අදන්මඟට – යටත්පිරිසෙයින් අන්ගමකට දු – පිළිපදනේ නම් නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅමාතුගාමෙ මාතුගාමසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අමාතුගාමෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අමාතුගාමෙ අමාතුගාමසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTනො මාගම්හි මාගම්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො මාගම්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො මාගම්හි නො මාගම්සන් ඇති යේ නම් ඇවැත් නැති.