Pali BJTඅනුපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅනුපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJT6. අනාපත්ති: න භිංසාපෙතුකාමො රූපං වා සද්දං වා ගන්ධං වා රසං වා ඵොට්ඨබ්බං වා උපසංහරති චොරකන්තාරං වා වාලකන්තාරං වා පිසාචකන්තාරං වා ආචික්ඛති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJT6. නො බියගන්වනු කැමැත්තේ රූපයක් හෝ ශබ්දයක් හෝ ගන්‍ධයක් හෝ රසයක් හෝ ස්ප්‍රෂ්ටව්‍යයක් හෝ එළවා නම්, සොරකතරක් හෝ වල් කතරක් හෝ නො මිනිස් කතරක් හෝ කියා නම්, ඇවැත් නො වේ. උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTභිංසාපනකසික්ඛාපදං පඤ්චමං.
Sinhala BJTපස්වැනි හිංසාපනකශික්‍ෂාපද යි.
Pali BJT6. 6. 6.
Sinhala BJT6. 6. 6.
Pali BJTජොතිසික්ඛාපදං
Sinhala BJTජෝති ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා භග්ගෙසු විහරති සුංසුමාරගිරෙ භෙසකලාවනෙ මිගදායෙ. තෙන ඛො පන සමයෙන භික්ඛූ හෙමන්තිකෙ කාලෙ අඤ්ඤතරං මහන්තං සුසිරකට්ඨං ජොතිං සමාදහිත්වා විසිබ්බෙසුං. තස්මිං ච සුසිරෙ කණ්හසප්පො අග්ගිනා සන්තත්තො නික්ඛමිත්වා භික්ඛූ පරිපාතෙසි, භික්ඛූ තහං තහං උපධාවිංසු. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛූ ජොතිං සමාදහිත්වා විසිබ්බෙස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛූ ජොතිං සමාදහිත්වා විසිබ්බෙන්තී”ති, සච්චං භගවා විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තෙ භික්ඛවෙ මොඝපුරිසා ජොතිං සමාදහිත්වා විසිබ්බෙස්සන්ති”, නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු භග්ග ජනවියෙහි සුංසුමාරගිරි නම් නුවරැ මිගදාය නම් වූ භේසකලාවනයෙහි වැඩැවෙසෙති. එසමයෙහි භික්‍ෂූහු හිමත්කල්හි එක්තරා මහත් බෙණය සහිත දරකඩකට ගිනි දල්වා තැපූහු. ඒ බෙණෙහි දු කළුනයෙක් ගින්නෙන් තැවුණේ නික්මැ මහණුන් ලුහුබැඳී යැ. භික්‍ෂූහු තන්හි තන්හි දිවූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරවත්: “කෙසේ නම් භික්‍ෂූහු ගිනි දල්වා තැපූහු” දැ යි ... සැබෑද මහණෙනි, භික්‍ෂූහු ගිනි දල්වා තපිත් දැ යි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි ඒ හිස් පුරුෂයෝ ගිනි දල්වා තැපූහු ද, මහණෙනි, මෙය අප්‍රසන්නගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJTයො පන භික්ඛු විසිබ්බනාපෙඛො ජොතිං සමාදහෙය්ය වා සමාදහාපෙය්ය වා පාචිත්තියන්ති.
Sinhala BJTයම් මහණෙක් තපිනු කැමැත්තේ ගිනි දල්වා නම් හෝ දල්වවා නම් හෝ පචිති වේ ය යි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේත් භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT2. තෙන ඛො පන සමයෙන භික්ඛූ ගිලානා හොන්ති. ගිලානපුච්ඡකා භික්ඛූ ගිලානෙ භික්ඛූ එතදවොචුං: “කච්චාවුසො ඛමනීයං කච්චියාපනීය”න්ති, පුබ්බෙ මයං ආවුසො ජොතිං සමාදහිත්වා විසිබ්බෙම, තෙන නො ඵාසු හොති, ඉදානි පන භගවතා පටික්ඛිත්තන්ති කුක්කුච්චායන්තා න විසිබ්බෙම, තෙන නො න ඵාසු හොතී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- අනුජානාමි භික්ඛවෙ ගිලානෙන භික්ඛුනා ජොතිං සමාදහිත්වා වා සමාදහාපෙත්වා වා විසිබ්බෙතුං”
Sinhala BJT2. එසමයෙහි භික්‍ෂූහු ගිලන්වූවාහු වෙති. ගිලනුන් පුළුවුස්නා මහණහු ගිලන් මහණුන්ට මෙය කීහු: “කිම ඇවැත්නි, සිහිය හැකි ද? කිම යැපිය හැකි” දැ යි ඇවැත්නි, පෙරැ ඇපි ගිනි දල්වා තපිමු. එයින් අපට පහසු වෙයි. දැන් වූ කලි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රතික්‍ෂිප්ත යැ යි කුකුස් කරන්නමෝ නො තපිම්හ, එයින් අපට පහසු නො වෙයි. භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහ ... “මහණෙනි, ගිලන් මහණහු විසින් ගිනි දල්වා හෝ දල්වවා හෝ තපින්නට අනුදනිමි.”
Pali BJTඑවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJTමෙසේ ද මහණෙනි, මේ සිකපද උදෙසවු:
Pali BJTයො පන භික්ඛු අගිලානො විසිබ්බනාපෙක්ඛො ජොතිං සමාදහෙය්ය වා සමාදහාපෙය්ය වා පාචිත්තියන්ති.
Sinhala BJTයම් මහණෙක් නො ගිලන් වැ තප්‍නාකැමැත්තේ ගිනි දල්වා නම් හෝ දල්වවා නම් හෝ පචිති වේ ය යි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේත් භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT3. තෙන ඛො පන සමයෙන භික්ඛූ පදීපෙපි ජොතිකෙපි ජන්තාඝරෙපි කුක්කුච්චායන්ති, භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “අනුජානාමි භික්ඛවෙ තථාරූපප්පච්චයා ජොතිං සමාදහිතුං සමාදහාපෙතුං,” එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT3. එසමයෙහි භික්‍ෂූහු පහන් දැල්වීමෙහි දු ගිනිදැල්වීමෙහි දු ගිනිහල් ගෙහි දු කුකුස් කෙරෙත්. භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහ ... “මහණෙනි, එබඳු කරුණක් ඇති කල්හි ගිනි දල්වන්නට අනුදනිමි.” තවද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
Pali BJTයො පන භික්ඛු අගිලානො විසිබ්බනාපෙඛො ජොතිං සමාදහෙය්ය වා සමාදහාපෙය්ය වා අඤ්ඤත්ර තථාරූපප්පච්චයා පාචිත්තියන්ති.
Sinhala BJTයම් මහණෙක් නො ගිලන් වැ එබඳු කරුණක් තබා තප්‍නා කැමැත්තේ ගිනි දල්වා නම් හෝ දල්වවා නම් හෝ පචිති වේ ය යි.
Pali BJT4. යොපනාති: යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT4. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTඅගිලානො නාම: යස්ස විනා අග්ගිනා ඵාසු හොති.
Sinhala BJTඅගිලාන නම්: යමක්හට ගින්නෙන් තොර වැ පහසු වේ නම් හේ යැ.
Pali BJTගිලානො නාම: යස්ස විනා අග්ගිනා න ඵාසු හොති.
Sinhala BJTගිලාන නම්: යමක්හට ගින්නෙන් තොර වැ පහසු නො වේ නම් හේ යැ.
Pali BJTවිසිබ්බනාපෙඛොති: තප්පිතුකාමො.
Sinhala BJTවිසිබ්බනාපේඛෝ: තපිනු කැමැත්තේ,
Pali BJTජොති නාම: අග්ගි වුච්චති.
Sinhala BJTජෝති නම්: ගිනි යැ යි කියනු ලැබේ.
Pali BJTසමාදහෙය්යාති: සයං සමාදහති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTසමාදහෙය්‍ය: තෙමේ දල්වා නම් පචිති ඇවැත් වේ.
Pali BJTසමාදහාපෙය්යාති: අඤ්ඤං ආණාපෙති ආපත්ති පාචිත්තියස්ස, සකිං ආණත්තො බහුකම්පි සමාදහති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTසමාදහාපෙය්‍ය: අනෙකක්හු අණවා නම් පචිති ඇවැත් වේ. වරක් අණවන ලදුයේ බොහෝ වරකුදු දල්වා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅඤ්ඤත්ර තථා රූපප්පච්චයාති: ඨපෙත්වා තථාරූපප්පච්චයං.
Sinhala BJTඅඤ්ඤත්‍ර තථාරූපප්පච්චයා; එබඳු කරුණක් තබා.
Pali BJTඅගිලානො අගිලානසඤ්ඤී විසිබ්බනාපෙක්ඛො ජොතිං සමාදහති වා සමාදහාපෙති වා අඤ්ඤත්ර තථාරූපප්පච්චයා ආපත්ති පාචිත්තියස්ස. අගිලානො වෙමතිකො විසිබ්බනාපෙඛො ජොතිං සමාදහති වා සමාදහාපෙති වා අඤ්ඤත්ර තථාරූපප්පච්චයා ආපත්ති පාචිත්තියස්ස. අගිලානො ගිලානසඤ්ඤී විසිබ්බනාපෙඛො ජොතිං සමාදහති වා සමාදහාපෙති වා අඤ්ඤත්ර තථාරූපප්පච්චයා ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTනො ගිලනෙක් නො ගිලන් සන් ඇති වැ තපිනු කැමැත්තේ එබඳු කරුණක් තබා ගිනි දල්වා නම් හෝ දල්වවා නම් හෝ පචිති ඇවැත් වෙයි. නො ගිලනෙක් විමති ඇති වැ තපිනු කැමැත්තේ එබඳු කරුණක් තබා ගිනි දල්වා නම් හෝ දල්වවා නම් හෝ පචිති ඇවැත් වෙයි. නො ගිලනෙක් ගිලන් සන් ඇති වැ තපිනු කැමැත්තේ එබඳු කරුණක් තබා ගිනි දල්වා නම් හෝ දල්වවා නම් හෝ පචිති ඇවැත් වේ.
Pali BJTපටිලාතං උක්ඛිපති ආපත්ති දුක්කටස්ස. ගිලානො අගිලානසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. ගිලානො වෙමතිකො ආපත්ති දුක්කටස්ස. ගිලානො ගිලානසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTදැවී වැටුණු ගිනි පෙනෙලි ඔසවා තබා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. ගිලනෙක් නො ගිලන් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. ගිලනෙක් විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. ගිලනෙක් ගිලන් සන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති ගිලානස්ස අඤ්ඤෙන කතං විසිබ්බෙති වීතච්චිකඞ්ගාරං විසිබ්බෙති පදීපෙ ජොතිකෙ ජන්තාඝරෙ තථාරූපප්පච්චයා ආපදාසු උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTගිලනාහට, අනෙකක්හු විසින් කළ ගින්නක් තපී නම්, ගිනිදැලින් තොර අඟුරු තපී නම්, පහන් දැල්වීමෙහි නම්, (පාත්‍රපචනාදියට) දැල්වීමෙහි නම්, ගිනිහල්ගෙහි නම්, එබඳු අන් කරුණක් ඇති කල්හි නම්, ඇවැත් නො වේ. ආපදාවෙහි උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTජොතිසික්ඛාපදං ඡට්ඨං.
Sinhala BJTසවැනි ජෝති ශික්‍ෂාපද යි.
Pali BJT6. 6. 7.
Sinhala BJT6. 6. 7.
Pali BJTනහානසික්ඛාපදං
Sinhala BJTනහාන ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන භික්ඛූ තපොදෙ නහායන්ති. අථ ඛො{1} රාජා මාගධො සෙනියො බිම්බිසාරො සීසං නහායිස්සාමීති තපොදං ගන්ත්වා යාව අය්යා නහායන්තීති එකමන්තං පතිමානෙසි. භික්ඛූ යාව සමන්ධකාරා නහායිංසු. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො විකාලෙ සීසං නහායිත්වා නගරද්වාරෙ ථකිතෙ බහිනගරෙ වසිත්වා කාලස්සෙව අසම්භින්නෙන විලෙපනෙන යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො රාජානං මාගධං සෙනියං බිම්බිසාරං භගවා එතදවොච: “කිස්ස ත්වං මහාරාජ කාලස්සෙව ආගතො අසම්භින්නෙන විලෙපනෙනා”ති. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො භගවතො එතමත්ථං ආරොචෙසි.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහ නුවරැ කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි භික්‍ෂූහු තපෝදයෙහි ස්නාන කෙරෙත්. එකල්හි මගධේශ්වර වූ ශ්‍රේණිය බිම්බිසාර රජතෙමේ හිස සෝධා නහන්නෙමැ යි තපෝදයට ගොස් ආර්‍ය්‍යයන් සනහා නිමාවන තෙක් එකත් පසෙකැ සාපේක්‍ෂක වැ සිටියේ ය. භික්‍ෂූහු අඳුරු වැටෙන තුරු ස්නානය කළහ. එකල්හි මගධේශ්වර වූ ශ්‍රේණිය බිම්බිසාර රජ විකල්හි හිස් සෝධා නහා නුවරැ දොර වැසූ කල්හි බිහිනුවරැ වැසැ උදෑසන මැ නො මැකිවිලෙවුනෙන් යුතු වැ භාග්‍යවතුන් වහන්සේ වෙතැ එළඹියේ යි. එළඹැ බුදුන් වැඳ එකත් පසෙකැ හුන්නේ යැ. භාග්‍යවතුන් වහන්සේ එකත් පසෙකැ හුන් මගධේශ්වර ශ්‍රේණිය බිම්බිසාර රජහට තෙල වදාළ සේක: “මහරජ, තෙපි උදෑසන මැ නොමැකි විලෙවුනෙන් යුතු වැ කුමකට අවු” දැ යි. එකල්හි මගධේශ්වර වූ ශ්‍රේණිය බිම්බිසාර රජ තෙමේ භාග්‍යවතුන්හට තෙල කරුණ සැලකෙළේ යැ.
Pali BJT2. අථ ඛො භගවා රාජානං මාගධං සෙනියං බිම්බිසාරං ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො භගවතා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූ පටිපුච්ඡි. සච්චං කිර භික්ඛවෙ භික්ඛූ රාජානම්පි පස්සිත්වා න මත්තං ජානිත්වා නහායන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තෙ භික්ඛවෙ මොඝපුරිසා රාජානම්පි පස්සිත්වා න මත්තං ජානිත්වා නහායිස්සන්ති, නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ –
Sinhala BJT2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මගධේශ්වර වූ ශ්‍රේණිය බිම්බිසාර රජහු දැහැමි කථායෙන් මොනවට කරුණු දැක්වූ සේක. මොනවට කරුණු ගැන්වූ සේක. මොනවට තෙද ගැන්වූ සේක. මොනවට සතුටු කරවූ සේකි. එකල්හි මගධේශ්වර වූ ශ්‍රේණිය බිම්බිසාර රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථායෙන් මොනවට කරුණු දක්වන ලදුයේ මොනවට කරුණු ගන්වන ලදුයේ මොනවට තෙද ගන්වන ලදුයේ මොනවට සතුටු කරවන ලදුයේ හුනස්නෙන් නැගැ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට නික්ම ගියේ යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහි ලා මේ අවසරයෙහි ලා බික්සඟන රැස් කරවා මහණුන් පුළුවුත්සේක. සැබෑ ද මහණෙනි, භික්‍ෂූහු රජහු දු දැක පමණ නො දැනැ සනහද්දැ යි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ඒ හිස් පුරුෂයෝ රජහුදු දැක පමණ නො දැනැ සනැහූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJTයො පන භික්ඛු ඔරෙනද්ධමාසං නහායෙය්ය, පාචිත්තියන්ති.
Sinhala BJTයම් මහණෙක් නෑ දින පටන් අඩමසක් නො පිරුණු සඳ සනහා නම් පචිති වේ ය යි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේ භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT3. තෙන ඛො පන සමයෙන භික්ඛූ උණ්හසමයෙ පරිළාහසමයෙ කුක්කුච්චායන්තා න නහායන්ති සෙදගතෙන ගත්තෙන සයන්ති චීවරම්පි සෙනාසනම්පි දුස්සති. භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “අනුජානාමි භික්ඛවෙ උණ්හසමයෙ පරිළාහසමයෙ ඔරෙනද්ධමාසං නහායිතුං” එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT3. එසමයෙහි භික්‍ෂූහු උෂ්ණසමයෙහි පරිදාහසමයෙහි කුකුස් කරන්නාහු නො සනහත්. ඩහවැකුණු සිරුරෙන් යුතු වැ හොවිත්. සිවුර ද සෙනසුන ද කිලිටි වෙයි. භාග්‍යවතුන්හට තෙල කරුණ සැලකළහ. ... “මහණෙනි, උෂ්ණසමයෙහි පරිදාහසමයෙහි අඩමසෙකින් මෙපිට නහන්නට අනුදනිමි” මහණෙනි, මෙසේත් මේ සිකපදය උදෙසවු:
Pali BJTයො පන භික්ඛු ඔරෙනද්ධමාසං නහායෙය්ය අඤ්ඤත්ර සමයා පාචිත්තියං. තත්ථායං සමයො දියඩ්ඪො මාසො සෙසො ගිම්හානන්ති වස්සානස්ස පඨමො මාසො ඉච්චෙතෙ අඩ්ඪතෙය්ය මාසා උණ්හසමයො පරිළාහසමයො, අයං තත්ථ සමයොති.
Sinhala BJTයම් මහණෙක් සුදුසුසමය තබා අඩමසෙකින් මොබ නහන්නේ නම් පචිති වේ. එහි මේ සුදුසු සමය යි: ග්‍රීෂ්ම මාසයන් අතුරින් ඉතිරිවැ සිටි යෙළමස යැ. වස්සාන ඍතුව පිළිබඳ පළමු මස යැ යි මෙසේ මේ අඩුතුන් මසෙකි, උෂ්ණසමය යැ පරිදාහ සමය යි. මේ එහි සුදුසු සමය යි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT4. තෙන ඛො පන සමයෙන භික්ඛූ ගිලානා හොන්ති ගිලානපුච්ඡකා භික්ඛූ ගිලානෙ භික්ඛූ එතදවොචුං: “කච්චාවුසො ඛමනීයං කච්චි යාපනීයන්ති. පුබ්බෙ මයං ආවුසො ඔරෙනද්ධමාසං නහායාම තෙන නො ඵාසු හොති. ඉදානි පන භගවතා පටික්ඛිත්තන්ති කුක්කුච්චායන්තා න නහායාම තෙන නො න ඵාසු හොතී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “අනුජානාමි භික්ඛවෙ ගිලානෙන භික්ඛුනා ඔරෙනද්ධමාසං නහායිතුං.” එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT4. එසමයෙහි වනාහි භික්‍ෂූහු ගිලන් වූවාහු වෙති. ගිලනුන් පුළුවුස්නා භික්‍ෂූහු ගිලන් මහණුන්ට මෙය කීහු: “කිම ඇවැත්නි, සිහිය හැකි ද? කිම යැපිය හැකි දැ යි. ඇවැත්නි, පෙරැ ඇපි අඩමසෙකින් මොබ සනහම්හ. එයින් අපට පහසු වෙයි. දැන් වනාහි භාග්‍යවතුන් විසින් ප්‍රතික්‍ෂිප්ත යැ යි කුකුස් කරන්නමෝ නො සනහම්හ. එයින් අපට පහසු නො වේ යැ” යි භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ. “මහණෙනි, ගිලන් මහණහු විසින් අඩමසෙකින් මොබ නහන්නට අනුදනිමි.” මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
Pali BJTයො පන භික්ඛු ඔරෙනද්ධමාසං නහායෙය්ය අඤ්ඤත්ර සමයා,පාචිත්තියං. තත්ථායං සමයො දියඩ්ඪො මාසො සෙසො ගිම්හානන්ති වස්සානස්ස පඨමො මාසො ඉච්චෙතෙ අඩ්ඪතෙය්ය මාසා උණ්හසමයො පරිළාහසමයො ගිලානසමයො, අයං තත්ථ සමයොති.
Sinhala BJTයම් මහණෙක් සුදුසු සමය තබා අඩමසෙකින් මොබ සනහා නම් පචිති වේ. එහි මේ සුදුසු සමය යි; ගිමන් සිවු මස අතුරින් ඉතිරිව සිටි යෙළ මස යැ වසන් සෙමෙහි පළමු මස යැ යි මෙසේ තෙල අඩු තුන් මස් උෂ්ණසමය යැ පරිදාහසමය යැ. ගිලානසමය යි. මේ එහි සුදුසු සමය යි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT5. තෙන ඛො පන සමයෙන භික්ඛූ නවකම්මං කත්වා කුක්කුච්චායන්තා න නහායන්ති තෙ සෙදගතෙන ගත්තෙන සයන්ති චීවරම්පි සෙනාසනම්පි දුස්සති භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “අනුජානාමි භික්ඛවෙ කම්මසමයෙ ඔරෙනද්ධමාසං නහායිතුං”. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT5. එසමයෙහි වනාහි භික්‍ෂූහු නවාම් කොට කුකුස් කරන්නාහු නො සනහත්. ඩහවැකුණු සිරුරෙන් යුතු වැ හොවිත්. සිවුර ද සෙනසුන ද කිලිටි වෙයි. භාග්‍යවතුන්හට තෙල කරුණ සැලකළහ. ... “මහණෙනි, කර්‍මාන්තසමයෙහි අඩමසෙකින් මොබ සනහන්නට අනුදනිමි” මෙසේ මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJTයො පන භික්ඛු ඔරෙනද්ධමාසං නහායෙය්ය අඤ්ඤත්ර සමයා පාචිත්තියං තත්ථායං සමයො දියඩ්ඪො මාසො සෙසො ගිම්හානන්ති වස්සානස්ස පඨමො මාසො ඉච්චෙතෙ අඩ්ඪතෙය්ය මාසා උණ්හසමයො පරිළාහසමයො ගිලානසමයො කම්මසමයො, අයං තත්ථ සමයොති.
Sinhala BJTයම් මහණෙක් සුදුසු සමය තබා අඩමසෙකින් මොබ සනහා නම් පචිති වේ. එහි මේ සුදුසු සමය යි: ගිමන් සිවුමසින් ඉතිරි වැ සිටි යෙළමස යැ වසන් සිවුමස පළමු මස යැ. මෙසේ තෙල දෙමස් අඩ මස උෂ්ණසමය යැ පරිදාහසමය යැ ගිලානසමය යැ කර්‍ම සමය යි මේ එහි සුදුසු සමය යි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT6. තෙන ඛො පන සමයෙන භික්ඛූ අද්ධානං ගන්ත්වා කුක්කුච්චායන්තා න නහායන්ති. තෙ සෙදගතෙන ගත්තෙන සයන්ති චීවරම්පි සෙනාසනම්පි දුස්සති, භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “අනුජානාමි භික්ඛවෙ අද්ධානගමනසමයෙ ඔරෙනද්ධමාසං නහායිතුං.” එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT6. එසමයෙහි වනාහි භික්‍ෂූහු දුරුමඟ ගොස් කුකුස් කරන්නාහු නො සනහති. ඩහවැකුණු කයින් යුතු වැ හොවිත්. සිවුර ද සෙනසුන ද කිලිටි වෙයි. භාග්‍යවතුන්හට තෙල කරුණ සැලකළහ. ... “මහණෙනි, දුරුමග යන කල්හි අඩමසෙකින් මොබ සනහන්නට අනුදනිමි”. මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
Pali BJTයො පන භික්ඛු ඔරෙනද්ධමාසං නහායෙය්ය අඤ්ඤත්ර සමයා පාචිත්තියං තත්ථායං සමයො දියඩ්ඪො මාසො සෙසො ගිම්හානන්ති වස්සානස්ස පඨමො මාසො ඉච්චෙතෙ අඩ්ඪතෙය්යමාසා උණ්හසමයො පරිළාහසමයො ගිලානසමයො කම්මසමයො අද්ධානගමනසමයො, අයං තත්ථ සමයොති.
Sinhala BJTයම් මහණෙක් සුදුසු සමය තබා අඩමසෙකින් මොබ සනහා නම් පචිති වේ. එහි මේ සුදුසු සමය යි. ගිමන් සිවු මස පිළිබඳ වූ සෙසු එක්මස් අඩමස යැ වසන් සිවුමස පිළිබඳ වූ පළමු මස යැ. මෙසේ මේ දෙමස් අඩමස උෂ්ණසමය යැ පරිදාහසමය යැ, ගිලානසමය යැ කර්‍මාසමය යැ අද්ධාන ගමන සමය යි. මේ එහි සුදුසු සමය යි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT7. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ අජ්ඣොකාසෙ චීවරකම්මං කරොන්තා සරජෙන වාතෙන ඔකිණ්ණා හොන්ති දෙවො ච ථොකං ථොකං ඵුසායති භික්ඛූ කුක්කුච්චායන්තා න නහායන්ති, කිලින්නෙන ගත්තෙන සයන්ති. චීවරම්පි සෙනාසනම්පි දුස්සති. භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “අනුජානාමි භික්ඛවෙ වාතවුට්ඨිසමයෙ ඔරෙනද්ධමාසං නහායිතුං.” එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT7. එසමයෙහි වනාහි බොහෝ භික්‍ෂූහු එළිමහනෙහි සිවුරුකම් කරන්නාහු දුහුවිලි සහිත සුළඟින් වැකුණාහු වෙති. වැස්ස ද මඳින් මඳ වැටෙයි. භික්‍ෂූහු කුකුස්කරන්නාහු නො සනහත්, තෙත් වූ කයින් යුතු වැ හොවිත්. සිවුර ද සෙනසුන ද කිලිටි වෙයි. භාග්‍යවතුන්හට තෙල කරුණ සැලකළහ. ... “මහණෙනි, වැසි සුළං සමයෙහි අඩමසෙකින් මොබ සනහන්නට අනුදනිමි.” මෙසේ මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJTයො පන භික්ඛු ඔරෙනද්ධමාසං නහායෙය්ය අඤ්ඤත්ර සමයා පාචිත්තියං. තත්ථායං සමයො: දියඩ්ඪො මාසො සෙසො ගිම්හානන්ති වස්සානස්ස පඨමො මාසො ඉච්චෙතෙ අඩ්ඪතෙය්යමාසා උණ්හසමයො පරිළාහසමයො ගිලානසමයො කම්මසමයො අද්ධානගමනසමයො වාතවුට්ඨිසමයො අයං තත්ථ සමයො”ති.
Sinhala BJTයම් මහණෙක් සුදුසු සමය තබා අඩමසින් මොබ සනහා නම් පචිති වේ. එහි මේ සුදුසු සමය යි: ගිමන් සිවුමසින් ඉතිරි වැ සිටි යෙළ මස යැ. වසන් සිවුමස්හි පළමු මස යැ. මෙසේ මේ දෙමස් අඩමස උෂ්ණසම යැ පරිදාහසමය යැ, ගිලානසමය යැ කම්මසමය යැ අද්ධාන ගමන සමය යැ වාතවුට්ඨිසමය යි. මේ එහි සුදුසු සමය යි.
Pali BJT8. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT8. යො පන යම් යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහිලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTඔරෙනද්ධමාසන්ති: ඌනකද්ධමාසං.
Sinhala BJTඔරෙනද්ධමාසං: යනු උනු අඩමසක්,
Pali BJTනහායෙය්යාති: චුණ්ණෙන වා මත්තිකාය වා නහායති පයොගෙ{1} පයොගෙ දුක්කටං. නහානපරියොසානෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTනහායෙය්‍ය යනු සුන්නෙන් හෝ මැටියෙන් හෝ සනහා නම් පියෝහි දුකුළා වෙයි. සනහන අවසන්හි පචිති ඇවැත් වේ.
Pali BJTඅඤ්ඤත්ර සමයාති: ඨපෙත්වා සමයං.
Sinhala BJTඅඤ්ඤත්‍ර සමයා: සුදුසු සමය තබා,
Pali BJTඋණ්හසමයො නාම: දියඩ්ඪො මාසො සෙසො ගිම්හානං.{2}
Sinhala BJTඋණ්හසමය නම්: ගිමන් සිවුමස අතුරින් ඉතිරිවැ සිටි යෙළ මස යැ,
Pali BJTපරිළාහසමයො නාම: වස්සානස්ස පඨමො මාසො ඉච්චෙතෙ අඩ්ඪතෙය්ය මාසා උණ්හසමයො පරිළාහසමයොති නහායිතබ්බං.
Sinhala BJTපරිළාහසමය නම්: වැසි සිවුමස පිළිබඳ පළමු මස යැ, මෙසේ තෙල දෙමස් අඩමස උෂ්ණසමයැ පරිදාහසම යැ යි ස්නාන කළ යුතු යි.
Pali BJTගිලානසමයො නාම: යස්ස විනා නහානෙන ඵාසු හොති. ගිලානසමයොති නහායිතබ්බං.
Sinhala BJTගිලානසමය නම්: යමක්හට නෑමෙන් තොර වැ පහසු නො වේ නම් ගිලානසමයැ යි සැනහිය යුතු යි.
Pali BJTකම්මසමයො නාම: අන්තමසො පරිවෙනම්පි සම්මට්ඨං හොති කම්මසමයොති නහායිතබ්බං.
Sinhala BJTකම්මසමය නම්: යටත් පිරිසෙයින් පිරිවෙන ද හමදනා ලද්දේ වේ නම් කම්මසමයැ යි සැනහිය යුතු යි.
Pali BJTඅද්ධානගමනසමයො නාම: අද්ධයොජනං ගච්ඡිස්සාමීති නහායිතබ්බං ගච්ඡන්තෙන නහායිතබ්බං ගතෙන නහායිතබ්බං.
Sinhala BJTඅද්ධානගමනසමය නම් : අඩයොත්නක් යෙමි යි සැනහිය යුතු, යන්නහු විසින් සැනහිය යුතු, ගියාහු විසින් සැනහිය යුතු යි.
Pali BJTවාතවුට්ඨිසමයො නාම: භික්ඛූ සරජෙන වාතෙන ඔකිණ්ණා හොන්ති ද්වෙ වා තීණි වා උදකඵුසිතානි කායෙ නිපතිතානි හොන්ති වාතවුට්ඨිසමයොති නහායිතබ්බං.
Sinhala BJTවාතවුට්ඨීසමය නම් : භික්‍ෂූහු දුහුවිලි සහිත සුළඟින් වැකුණාහු වෙද්ද, දෙතුන් දිය පොදෙක් සිරුරෙහි වැටුණේ හෝ වේ ද, වාතවුට්ඨිසම යැ යි සැනහිය යුතු යි.
Pali BJTඌනකද්ධමාසෙ ඌනකසඤ්ඤී අඤ්ඤත්ර සමයා නහායති ආපත්ති පාචිත්තියස්ස. ඌනකද්ධමාසෙ වෙමතිකො අඤ්ඤත්ර සමයා නහායති ආපත්තිපාචිත්තියස්ස. ඌනකද්ධමාසෙ අතිරෙකසඤ්ඤී අඤ්ඤත්ර සමයා, නහායති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඋනු අඩමස්හි උනු සන් ඇතියේ සුදුසු සමය තබා සනහා නම් පචිති ඇවැත් වෙයි. උනු අඩමස්හි විමති ඇතියේ සුදුසු සමය තබා සනහා නම් පචිති ඇවැත් වෙයි. උනු අඩමස්හි අයිරා සන් ඇතියේ සුදුසු සමය තබා සනහා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅතිරෙකද්ධමාසෙ ඌනකසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අතිරෙකද්ධමාසෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අතිරෙකද්ධමාසෙ අතිරෙකසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTඅයිරා අඩමස්හි උනු සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අයිරා අඩමස්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි, අයිරා අඩමස්හි අයිරා සන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: සමයෙ අද්ධමාසං නහායති, අතිරෙකද්ධමාසං නහායති, සති කරණීයෙ උදකං ඔතරිත්වා නහායති, පාරං ගච්ඡන්තො නහායති, සබ්බපච්චන්තිමෙසු ජනපදෙසු ආපදාසු උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTසුදුසු සමයෙහි නම්, අඩමසකට වරක් සනහා නම්, අයිරා අඩමසෙකින් සනහා නම්, කරුණු ඇති කල්හි දියට බැස සනහා නම්, පරතෙරට යමින් සනහා නම් ඇවැත් නො වේ. සියලු පසල්දනව්හි, ආපදායෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTනහානසික්ඛාපදං සත්තමං.
Sinhala BJTසත්වැනි නහාන ශික්‍ෂාපද යි.
Pali BJT6. 6. 8.
Sinhala BJT6. 6. 8.
Pali BJTදුබ්බණ්ණකරණසික්ඛාපදං
Sinhala BJTදුබ්බණ්ණකරණ ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ ච පරිබ්බාජකා ච සාකෙතා සාවත්ථිං අද්ධානමග්ගප්පටිපන්නා හොන්ති. අන්තරාමග්ගෙ චොරා නික්ඛමිත්වා තෙ අච්ඡින්දිංසු. සාවත්ථියා රාජභටා නික්ඛමිත්වා තෙ චොරෙ සභණ්ඩෙ ගහෙත්වා භික්ඛූනං සන්තිකෙ දූතං පාහෙසුං: “ආගච්ඡන්තු භදන්තා සකං සකං චීවරං සඤ්ජානිත්වා ගණ්හන්තූ”ති. භික්ඛූ න සඤ්ජානන්ති තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භදන්තා අත්තනො අත්තනො චීවරං න සඤ්ජානන්තී”ති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් වූ, අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි බොහෝ භික්‍ෂුහු ද පරිව්‍රාජකයෝ ද සාකේතයෙන් සැවැතට යන අදන්මගට පිළිපන්නාහු වෙති. අතරැ මඟැ සොරු නික්මැ ඔවුන් ඇසිඳගත්හ. රාජපුරුෂයෝ සැවැතින් නික්මැ ගොස් බඩු සහිත ඒ සොරුන් අල්වා ගෙන භික්‍ෂූන් වෙතැ දූතයකු යැවූහු: “පින්වතුන් වහන්සේ එත්වා, තමන් තමන් සතු සිවුරු හැඳිනැ ගනිත්වා,” යි. භික්‍ෂූහු නො හඳුනති. ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් වහන්දැ තමන් තමන් සතු සිවුරු නො හඳුනද්දැ”යි. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේහට තෙල කරුණ සැලකළාහු ය.
Pali BJT2. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූනං තදනුච්ඡවිකං තදනුලොමිකං ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: තෙන හි භික්ඛවෙ භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤාපෙස්සාමි දස අත්ථවසෙ පටිච්ච, සඞ්ඝසුට්ඨුතාය, සඞ්ඝඵාසුතාය -පෙ- සද්ධම්මට්ඨිතියා විනයානුග්ගහාය. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණෙහි ලා තෙල අවසරයෙහි ලා බික්සඟන රැස් කරවා මහණුන්හට එයට සරිලන එයට අනුලොම් වන දැහැමි කථා කොට මහණුන් ඇමතූසේක. එහෙයින් මහණෙනි, කරුණු දසයක් පිණිස මහණුන්හට සිකපද පනවන්නෙමි. (එනම්) සඞ්ඝයාගේ මනා පිළිගැනුම පිණිස සඞ්ඝයාගේ පහසුබව පිණිස ... සසුන් පැවැත්ම පිණිස විනයට රුකුල් දීම පිණිස යි. මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
Pali BJTනවං පන භික්ඛුනා චීවරලාභෙන තිණ්ණං දුබ්බණ්ණකරණානං අඤ්ඤතරං දුබ්බණ්ණකරණං ආදාතබ්බං නීලං වා කද්දමං වා කාලසාමං වා, අනාදා චෙ භික්ඛු තිණ්ණං දුබ්බණ්ණකරණානං අඤ්ඤතරං දුබ්බණ්ණකරණං නවං චීවරං පරිභුඤ්ජෙය්ය පාචිත්තියන්ති.
Sinhala BJT“අලුත් සිවුරක් ලත් මහණහු විසින් නිල් හෝ මඩ හෝ කළු හෝ යන තෙවැදෑරුම් දුර්වර්‍ණ කිරීම් අතුරෙන් එක්තරා දුර්වර්‍ණ කිරීමෙක් ගත යුත්තේ යි. ඉදින් මහණ තෙවැදෑරුම් දුර්වර්‍ණ කිරීම් අතුරෙන් එක්තරා දුර්වර්‍ණ කිරීමක් නොගෙන අළුත් සිවුරක් පරිභෝග කෙරේ නම් පචිති වේ” යි.
Pali BJT3. නවං නාම: අකතකප්පං වුච්චති.
Sinhala BJT3. නව නම්: කප්බිඳු නො තැබූ සිවුර කියනු ලැබෙයි.
Pali BJTචීවරං නාම: ඡන්නං චීවරානං අඤ්ඤතරං චීවරං.
Sinhala BJTචීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන් එක්තරා සිවුරෙකි.
Pali BJTතිණ්ණං දුබ්බණ්ණකරණානං අඤ්ඤතරං දුබ්බණ්ණකරණං ආදාතබ්බන්ති: අන්තමසො කුසග්ගෙනපි ආදාතබ්බං.
Sinhala BJTතිණ්‍ණං දුබ්බණ්ණකරණානං අඤ්ඤතරං දුබ්බණ්ණකරණං ආදාතබ්බං; යටත් පිරිසෙයින් කුසතණගිනුදු (කප්බිඳු) තැබීම කළ යුතු.
Pali BJTනීලං නාම: ද්වෙ නීලානි කංසනීලං පලාසනීලං.
Sinhala BJTනීල නම්: කංසනීල (යමල) යැ පලාසනීල (කොළපැහැ) යැයි දෙනිලෙකි.
Pali BJTකද්දමො නාම: ඔදකො වුච්චති.
Sinhala BJTකද්දම නම්: දියමඩැ යි කියනු ලැබෙයි.
Pali BJTකාළසාමං නාම: යං කිඤ්චි කාළකං.
Sinhala BJTකාළසාම නම්: යම් කිසි කළු පැහැයක්:
Pali BJTඅනාදා චෙ භික්ඛු තිණ්ණං දුබ්බණ්ණකරණානං අඤ්ඤතරං දුබ්බණ්ණකරණන්ති: අන්තමසො කුසග්ගෙනපි අනාදියිත්වා තිණ්ණං දුබ්බණ්ණකරණානං අඤ්ඤතරං දුබ්බණ්ණකරණං නවං චීවරං පරිභුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඅනාදා චෙ භික්ඛූ දුබ්බණ්ණ කරණානං අඤ්ඤතරං දුබ්බණ්ණකරණං යනු යටත් පිරිසෙයින් කුසතණගිනුදු තෙ වැදෑරුම් දුර්වර්‍ණ කිරීම් අතුරෙන් එක්තරා දුර්වර්‍ණ කිරීමක් නො කොට අලුත් සිවුරක් පරිභෝග කෙරේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅනාදින්නෙ අනාදින්නසඤ්ඤී පරිභුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස අනාදින්නෙ වෙමතිකො පරිභුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස. අනාදින්නෙ ආදින්නසඤ්ඤී පරිභුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස. ආදින්නෙ අනාදින්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. ආදින්නෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. ආදින්නෙ ආදින්නසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTකප් බිඳු නො දුන් කල්හි නුදුන් සන් ඇතිවැ පරිභෝග කෙරේ නම් පචිති ඇවැත් වෙයි. කප්බිඳු නුදුන් කල්හි විමති ඇතිවැ පරිභෝග කෙරේ නම් පචිති ඇවැත් වෙයි. කප් බිඳු නො දුන් කල්හි දුන් සන් ඇතිවැ පරිභෝග කෙරේ නම් පචිති ඇවැත් වේ. කප්බිඳු දුන් කල්හි නො දුන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. කප්බිඳු දුන් කල්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. කප් බිඳු දුන් කල්හි දුන් සන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: ආදියිත්වා පරිභුඤ්ජති, කප්පො නට්ඨො හොති කප්පකතොකාසො ජිණ්ණො හොති, කප්පකතෙන අකප්පකතං සංසිබ්බිතං හොති, අග්ගලෙ{1} අනුවාතෙ පරිභණ්ඩෙ උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTකප්බිඳු ගෙන පරිභෝග කෙරේ නම්, කප් බිඳු නැසුණේ වී නම්, කප් බිඳු කළ තැන දිරා ගියේ වී නම්, කප් බිඳු තබන ලද්ද හා කප් බිඳු නො තබන ලද්දක් හිවන ලදුයේ වී නම් ඇවැත් නො වේ. මැඩිල්ලෙහි දිගනුවායෙහි සරසනුවායෙහි උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTදුබ්බණ්ණකරණසික්ඛාපදං අට්ඨමං.
Sinhala BJTඅටවැනි දුබ්බණ්ණකරණ ශික්‍ෂාපද යි.
Pali BJT6. 6. 9.
Sinhala BJT6. 6. 9.
Pali BJTවිකප්පනසික්ඛාපදං
Sinhala BJTවිකප්පන ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා උපනන්දො සක්යපුත්තො භාතුනො සද්ධිවිහාරිකස්ස භික්ඛුනො සාමං චීවරං විකප්පෙත්වා අපච්චුද්ධාරකං{1} පරිභුඤ්ජති අථ ඛො සො භික්ඛු භික්ඛූනං එතමත්ථං ආරොචෙසි: “අයං ආවුසො ආයස්මා උපනන්දො සක්යපුත්තො මය්හං සාමං චීවරං{2} විකප්පෙත්වා අප්පච්චුද්ධාරණං පරිභුඤ්ජතී”ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා උපනන්දො සක්යපුත්තො භික්ඛුස්ස සාමං චීවරං විකප්පෙත්වා අපච්චුද්ධාරකං පරිභුඤ්ජිස්සතීති -පෙ- සච්චං කිර ත්වං උපනන්ද භික්ඛුස්ස සාමං චීවරං විකප්පෙත්වා අපච්චුද්ධාරකං පරිභුඤ්ජසීති. සච්චං භගවා විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම ත්වං මොඝපුරිස භික්ඛුස්ස සාමං චීවරං විකප්පෙත්වා අපච්චුද්ධාරකං පරිභුඤ්ජිස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර බෑයාගේ සද්ධිවිහාරික භික්‍ෂුහට තමා මැ සිවුරක් විකපා නොපසුදුරා පරිභොහ කෙරෙයි. එකල්හි ඒ මහණ මහණුන්හට තෙල කරුණ දැන්වී යැ: “ඇවැත්නි, මේ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර මාහට තමා මැ සිවුරක් විකපා නො පසුදුරා පරිභොහ කෙරේ” ය යි. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර මහණක්හට තමා මැ සිවුරක් විකපා නො පසුදුරා පරිභෝග කෙළේ” දැයි ... සැබෑ ද, උපනන්‍ද, තෙපි මහණක්හට තමා මැ සිවුරක් විකපා නො පසුදුරා පරිභොහ කරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි මහණක්හට තමා මැ සිවුරක් විකපා නො පසුදුරා පරිභොහ කළහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි! මෙසේ මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු භික්ඛුස්ස වා භික්ඛුනියා වා සික්ඛමානාය වා සාමණෙරස්ස වා සාමණෙරියා වා සාමං චීවරං විකප්පෙත්වා අපච්චුද්ධාරකං පරිභුඤ්ජෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් මහණක්හට හෝ මෙහෙණක්හට හෝ සික්මනුවක්හට හෝ හෙරණකුහට හෝ හෙරණකහට හෝ තෙමේ සිවුරක් විකපා නො පසුදුරා පරිභෝග කෙරේ නම් පචිති වේ” යයි.
Pali BJT2. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT2. යො පන: යම් යම්බඳු ... භික්ඛු ... මෙ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTභික්ඛුස්සාති: අඤ්ඤස්ස භික්ඛුස්ස.
Sinhala BJTභික්ඛුස්ස: අන් මහණක්හට.
Pali BJTභික්ඛුනී නාම: උභතොසඞ්ඝෙ උපසම්පන්නා.
Sinhala BJTභික්ඛුනී නම්: දෙසඟුන් කෙරෙහි උපසපන් වූවා.
Pali BJTසික්ඛමානා නාම: ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිත සික්ඛා.
Sinhala BJTසික්ඛමානා නම්: දෙවසක් සදහම්හි හික්මුණු සික ඇත්තී.
Pali BJTසාමණෙරො නාම: දසසික්ඛාපදිකො.
Sinhala BJTසාමණේර නම්: දස සිකපද ඇතියේ.
Pali BJTසාමණෙරී නාම: දසසික්ඛාපදිකා.
Sinhala BJTසාමණෙරී නම්: දස සිකපද ඇත්තී.
Pali BJTසාමන්ති: සයං විකප්පෙත්වා.
Sinhala BJTසමං; තෙමේ විකපා
Pali BJTචීවරං නාම: ඡන්නං චීවරානං අඤ්ඤතරං චීවරං විකප්පනුපගං පච්ඡිමං{3}.
Sinhala BJTචීවර නම්: ස වැදෑරුම් සිවුරු අතුරෙන් එක්තරා විකපුන් පොහෝනා පැසුළු සිවුරක්.
Pali BJTවිකප්පනා නාම ද්වෙ විකප්පනා: සම්මුඛා විකප්පනා ච පරම්මුඛා විකප්පනා ච.
Sinhala BJTවිකප්පනා නම්: හමුයෙහි විකප්පනා යැ, නොහමුයෙහි විකප්පනා යි විකප්පනා දෙකෙකි.
Pali BJTසම්මුඛාවිකප්පනා නාම: ඉමං චීවරං තුය්හං විකප්පෙමි ඉත්ථන්නාමස්ස ති.
Sinhala BJTසම්මුඛා විකප්පනා නම්: මේ සිවුර තොපට හෝ මෙනම් අතියහුට හෝ විකපමි.
Pali BJTපරම්මුඛාවිකප්පනා නාම: ඉමං චීවරං විකප්පනත්ථාය තුය්හං දම්මීති. ... තෙන වත්තබ්බො –කො තෙ මිත්තො වා සන්දිට්ඨො වාති. ඉත්ථන්නාමො ච ඉත්ථන්නාමො චාති. තෙන වත්තබ්බො. අහං තෙසං දම්මි, තෙසං සන්තකං පරිභුඤ්ජ වා විස්සජ්ජෙහි වා යථාපච්චයං වා කරොහීති.
Sinhala BJTපරම්මුඛා විකප්පනා නම්: මේ සිවුර විකපුන් සඳහා තොපට දෙමැ යි. කවරෙක් තාගේ මිතුරු හෝ දුටුමිතුරු හෝ වේ දැ යි ඔහු විසින් කිය යුත්තේ යි. මෙනම් ඇතියේ ද මෙනම් ඇතියේ දැ යි ඔහු විසින් කිය යුත්තේ යි. මම ඔවුනට දෙමි, ඔවුන් සතු වූව පරිභෝග හෝ කරව, දීම හෝ කරව, රිසියෙන්නක් හෝ කරව යි.
Pali BJTඅපච්චුද්ධාරණං නාම: තස්ස වා අදින්නං, තස්ස වා අවිස්සසන්තො පරිභුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස. අපච්චුද්ධාරකෙ අපච්චුද්ධාරණසඤ්ඤී පරිභුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස. අපච්චුද්ධාරකෙ වෙමතිකො පරිභුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස. අපච්චුද්ධාරකෙ පච්චුද්ධාකසඤ්ඤී පරිභුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඅපච්චුද්ධාරක නම්: ඔහුට නො දෙන ලද්ද හෝ ඔහුට අවිස්වසින් හෝ පරිභෝග කෙරේ නම් පචිති ඇවැත් වෙයි. නො කළ පසුදුරුණෙහි නො කළ පසුදුරුණු සන් ඇතියේ පරිභෝග කෙරේ නම් පචිති ඇවැත් වෙයි. නො කළ පසුදුරුණෙහි විමති ඇතියේ පරිභෝග කෙරේ නම් පචිති ඇවැත් වෙයි. නො කළ පසුදුරුණෙහි කළ පසුදුරුණු සන් ඇතියේ පරිභෝග කෙරේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅධිට්ඨෙති වා විස්සජ්ජෙති වා ආපත්ති දුක්කටස්ස. පච්චුද්ධාරකෙ අපච්චුද්ධාරකසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. පච්චුද්ධාරකෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. පච්චුද්ධාරකෙ පච්චුද්ධාරකසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTඉටා නම් හෝ විසඳා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. කළ පසුදුරුණෙහි නො කළ පසුදුරුණු සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. කළ පසුදුරුණෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. කළ පසුදුරුණෙහි කළ පසුදුරුණු සන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: සො වා දෙති තස්ස වා විස්සසන්තො පරිභුඤ්ජති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTහෙතෙමේ දෙයි හෝ, ඔහු කෙරෙහි විස්වස් කරමින් පරිභෝග කෙරෙයි හෝ ඇවැත් නො වේ. උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTවිකප්පන සික්ඛාපදං නවමං.
Sinhala BJTනවවැනි විකප්පනශික්‍ෂාපද යි.
Pali BJT6. 6. 10.
Sinhala BJT6. 6. 10.
Pali BJTචීවරාපනිධාන සික්ඛාපදං
Sinhala BJTචීවරාපනිධාන ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ, තෙන ඛො පන සමයෙන සත්තරසවග්ගියා භික්ඛූ අසන්නිහිත පරික්ඛාරකා{1} හොන්ති. ඡබ්බග්ගියා භික්ඛූ සත්තරසවග්ගියානං භික්ඛූනං පත්තම්පි චීවරම්පි අපනිධෙන්ති, සත්තරසවග්ගියා භික්ඛූ ඡබ්බග්ගියෙ භික්ඛූ එතදවොචුං: “දෙථාවුසො අම්හාකං පත්තම්පි චීවරම්පී”ති. ඡබ්බග්ගියා භික්ඛූ හසන්ති. තෙ රොදන්ති. භික්ඛූ එවමාහංසු: “කිස්ස තුම්හෙ ආවුසො රොදථාති”. ඉමෙ ආවුසො ඡබ්බග්ගියා භික්ඛූ අම්හාකං පත්තම්පි චීවරම්පි අපනිධෙන්තී”ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර ජේතවන නම්වූ, අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සතළොස් වග මහණහු නො තැන්පත් කළ පිරිකර ඇතියේ වෙති. සවග මහණහු සතළොස්වග මහණුන්ගේ පා ද සිවුරු ද සඟවති. සතළොස් වග මහණහු සවග මහණුන්ට තෙල කීහු: “ඇවැත්නි, අපගේ පාත්‍ර ද සිවුරු ද දෙව” යි. සවග මහණෝ සිනා සෙති. ඔහු හඬත්. භික්‍ෂූහු මෙසේ කීහු: “ඇවැත්නි, තෙපි කුමකට හඬවු” දැ යි ඇවැත්නි, මේ සවග මහණෝ අපගේ පාත්‍ර ද සිවුරු ද සඟවති යයි.
Pali BJT2. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛූනං පත්තම්පි චීවරම්පි අපනිධෙස්සන්තී”ති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ භික්ඛූනං පත්තම්පි චීවරම්පි අපනිධෙථාති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා භික්ඛූනං පත්තම්පි චීවරම්පි අපනිධෙස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු මහණුන් ගේ පාත්‍ර ද සිවුරු ද සැඟවූහු” දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි මහණුන්ගේ පාත්‍ර ද සිවුරු ද සඟවවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි මහණුන්ගේ පාත්‍ර ද සිවුරු ද සැඟවූවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු භික්ඛුස්ස පත්තං වා චීවරං වා නිසීදනං වා සූචිඝරං වා කායබන්ධනං වා අපනිධෙය්ය වා අපනිධාපෙය්ය වා අන්තමසො හස්සාපෙක්ඛො පි{1} පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් යටත් පිරිසෙයින් කෙළිරිසියේ නමුදු මහණක්හුගේ පයක් හෝ සිවුරක් හෝ නිසීදනයක් හෝ හිදිගුළාවක් හෝ කාබානක් හෝ සඟවන්නේ නම් හෝ සඟවවන්නේ නම් පචිති වේ” යයි.
Pali BJT3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT3. යො පන: යම්, යම්බඳු ... භික්ඛූ ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.