Pali BJTඅඤ්ඤත්ර තථාරූපප්පච්චයාති: ඨපෙත්වා තථාරූපප්පච්චයං.
Sinhala BJTඅඤ්ඤත්‍ර තථාරූපප්පච්චයා: එබඳු කරුණක් තබා;
Pali BJTඋය්යුත්තෙ උය්යුත්තසඤ්ඤී දස්සනාය ගච්ඡති. අඤ්ඤත්ර තථාරූපප්පච්චයා, ආපත්ති පාචිත්තියස්ස. උය්යුත්තෙ වෙමතිකො දස්සනාය ගච්ඡති අඤ්ඤත්ර තථාරූපප්පච්චයා ආපත්ති පාචිත්තියස්ස. උය්යුත්තෙ අනුය්යුත්තසඤ්ඤී දස්සනාය ගච්ඡති අඤ්ඤත්ර තථාරූපප්පච්චයා ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTහැරපියා යුදයට නික්මුණු සෙන්හි යුදයට නික්මුණු සන් ඇතියේ එබඳු කරුණක් තබා දැකීමට යේ නම් පචිති ඇවැත් වෙයි. යුදයට නික්මුණු සෙන්හි විමති ඇතියේ එබඳු කරුණක් තබා දැකීමට යේ නම් පචිති ඇවැත් වෙයි. යුදයට නික්මුණු සෙන්හි යුදයට නො නික්මුණු සන් ඇතියේ එබඳු කරුණක් තබා දැකීමට යේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTඑකමෙකං දස්සනාය ගච්ඡති ආපත්ති දුක්කටස්ස. යත්ථ ඨිතො පස්සති ආපත්ති දුක්කටස්ස. දස්සනූපචාරං විජහිත්වා පුනප්පුනං පස්සති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඑකක් එකක්හු දැකීමට යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙකැ සිටියේ බලා නම් දුකුළා ඇවැත් වෙයි. දසුන් උවසර හැරපියා පුනපුනා බලා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනුය්යුත්තෙ උය්යුත්තසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අනුය්යුත්තෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අනුය්යුත්තෙ අනුය්යුත්තසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTයුදයට නො නික්මුණු සෙන්හි යුදයට නික්මුණු සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. යුදයට නො නික්මුණු සෙන්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. යුදයට නො නික්මුණු සෙන්හි යුදයට නොනික්මුණු සන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: ආරාමෙ ඨිතො පස්සති, භික්ඛුස්ස ඨිතොකාසං වා නිසින්නොකාසං වා නිපන්නොකාසං වා ආගච්ඡති පටිපථං ගච්ඡන්තො පස්සති තථාරූපප්පච්චයා ආපදාසු උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTඅරම්හි සිටියේ බලා නම්, මහණක්හු සිටි තැනට හෝ හුන් තැනට හෝ හොත් තැනට හෝ පැමිණේ නම්, පෙරමගට යන්නේ දකී නම්, එබඳු කරුණකින් නම්, ඇවැත් නැති ආපදාවෙහි, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTඋය්යුත්තසෙනාසික්ඛාපදං අට්ඨමං.
Sinhala BJTඅටවැනි උය්‍යුත්තසේනා ශික්‍ෂාපද යි.
Pali BJT6. 5. 9.
Sinhala BJT6. 5. 9.
Pali BJTසෙනාවාසසික්ඛාපදං
Sinhala BJTසේනාවාස ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සතිකරණීයෙ සෙනං ගන්ත්වා අතිරෙකතිරත්තං සෙනාය වසන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා සෙනාය වසිස්සන්ති අම්හාකම්පි අලාභා අම්හාකම්පි දුල්ලද්ධං යෙ මයං ආජීවස්ස හෙතු පුත්තදාරස්ස කාරණා සෙනාය පටිවසාමා”ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු කරණී ඇති කල්හි සෙනාවට ගොස් අයිරා තුන් රැයක් සේනායෙහි වසති. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ සේනායෙහි වුසූහු ද? යම්බඳු ඇපි දිවෙල් හේතුයෙන් අඹුදරුවන්ගේ කාරණයෙන් සේනායෙහි වසමු නම් එබඳු අපට ද අලාභයෙකැ, එබඳු අප විසිනුදු දුකසේ ලැබිය යුත්තෙකැ”යි.
Pali BJT2. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ අතිරෙකතිරත්තං සෙනාය වසිස්සන්තී”ති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ අතිරෙකතිරත්තං සෙනාය වසථාති සච්චං භගවා විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා අතිරෙකතිරත්තං සෙනාය වසිස්සථ නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ.
Sinhala BJT2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහ. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් සවග මහණහු අයිරා තුන් රැයක් සේනායෙහි වුසූහු” දැයි ... සැබෑ ද මහණෙනි තෙපි අයිරා තුන් රැයක් සේනායෙහි වසවු දැ යි. සැබෑ වැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු විගැරහු ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි අයිරා තුන් රැයක් සේනායෙහි වුසුවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නොවෙයි ... මෙසේ ද මහණෙනි! මේ සිකපදය උදෙසවු:
Pali BJT“සියා ච තස්ස භික්ඛුනො කොචිදෙව පච්චයො සෙනං ගමනාය දිරත්තතිරත්තං තෙන භික්ඛුනා සෙනාය වසිතබ්බං තතො මෙ උත්තරිං වසෙය්ය පාචිත්තියන්ති.
Sinhala BJTයම් ඒ මහණක්හට සෙනාවට යාම පිණිස කිසියම් කරුණක් වන්නේ නම් ඒ මහණහු විසින් දෙතුන් රැයක් සේනායෙහි විසිය යුතුයි. ඉදින් ඉන් මත්තෙහි වෙසේ නම් පචිති වේ යැයි.
Pali BJT3. සියා ච තස්ස භික්ඛුනො කොචිදෙව පච්චයො සෙනං ගමනායාති: සියා පච්චයො සියා කරණීයං.
Sinhala BJT3. සියා ච තස්ස භික්ඛුනෝ කෝචිදේව පච්චයො සේනං ගමනාය: කරුණෙක් වන්නේ යැ කළයුත්තෙක් වන්නේ යි.
Pali BJTදිරත්තතිරත්තං තෙන භික්ඛුනා සෙනාය වසිතබ්බන්ති: ද්වෙ තිස්සො රත්තියො වසිතබ්බං.
Sinhala BJTදිරත්තතිරත්තං තෙන භික්ඛුනා සේනාය වාසිතබ්බං; දෙතුන් රැයෙක් විසිය යුතු යි.
Pali BJTතතො චෙ උත්තරිං වසෙය්යාති: චතුත්ථෙ දිවසෙ අත්ථඞ්ගතෙ සූරියෙ සෙනාය වසති ආපත්ති පාචිත්තියස්ස. අතිරෙකතිරත්තෙ අතිරෙකසඤ්ඤී සෙනාය වසති ආපත්ති පාචිත්තියස්ස. අතිරෙකතිරත්තෙ වෙමතිකො සෙනාය වසති ආපත්ති පාචිත්තියස්ස. අතිරෙකතිරත්තෙ ඌනකසඤ්ඤී සෙනාය වසති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTතතො චෙ උත්තරිං වසෙය්‍ය: සතරවන දිනයෙහි හිරු අත්ගල් ගිය කලැ සේනායෙහි වෙසේ නම් පචිති ඇවැත් වෙයි. වැඩි තුන් රැයෙහි අයිරා සන් ඇතියේ සේනායෙහි වෙසේ නම් පචිති ඇවැත් වෙයි. අයිරා තුන් රැයෙහි විමති ඇතියේ සේනායෙහි වෙසේ නම් පචිති ඇවැත් වෙයි. වැඩි තුන් රැයෙහි අඩුය යන සංඥා ඇතියේ සේනායෙහි වෙසේ නම් පචිති ඇවැත් වේ.
Pali BJT4. ඌනකතිරත්තෙ අතිරෙකසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. ඌනකතිරත්තෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. ඌනකතිරත්තෙ ඌනකසඤ්ඤී අනාපත්ති.
Sinhala BJT4. උනුතුන්රැයෙහි අයිරා සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. උනුතුන්රැයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. උනුතුන්රැයෙහි උනුසන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJT5. අනාපත්ති: ද්වෙ තිස්සො රත්තියො වසති ඌනක ද්වෙ තිස්සො රත්තියො වසති ද්වෙ රත්තියො වසිත්වා තතියාය රත්තියා පුරාරුණා නික්ඛමිත්වා පුන වසති, ගිලානො වසති, ගිලානස්ස කරණීයෙන වසති, සෙනාය වා පටිසෙනාය රුද්ධා{1} හොති, කෙනචි පිළිබුද්ධො හොති, ආපදාසු, උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJT5. දෙතුන් රැයක් වෙසේ නම්, උනු දෙතුන්රැයක් වෙසේ නම්, දෙරැයක් වැස තෙවන රැය අරුණට පළමු නික්මැ යළි වෙසේ නම්, ගිලන් වැ වෙසේ නම්, ගිලනක්හුගේ කළයුත්තෙකින් වෙසේ නම්, සේනාව විසින් ප්‍රතිවිරුද්ධ සේනාව වළහන ලද්දී හෝ වේ නම්, කිසිවකුදු විසිනුදු වළහන ලද්දේ වේ නම්, ආපදාවෙහි උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTසෙනාවාස සික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTනවවැනි සේනාවාස ශික්‍ෂාපද යි.
Pali BJT6. 5. 10.
Sinhala BJT6. 5. 10.
Pali BJTඋය්යොධිකසික්ඛාපදං
Sinhala BJTඋය්‍යෝධික ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ දිරත්තතිරත්තං සෙනාය වසමානා උය්යොධිකම්පි බලග්ගම්පි සෙනාබ්යූහම්පි අනීකදස්සනම්පි ගච්ඡති. අඤ්ඤතරොපි ඡබ්බග්ගියො භික්ඛු උය්යොධිකං ගන්ත්වා කණ්ඩෙන පටිවිද්ධො හොති. මනුස්සා තං භික්ඛුං පස්සිත්වා{2} උප්පණ්ඩෙසුං කච්චි භන්තෙ සුයුද්ධං අහොසි කති තෙ ලක්ඛානි ලද්ධානීති. සො භික්ඛු තෙහි මනුස්සෙහි උප්පණ්ඩියමානො මඞ්කු අහොසි.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි සවග මහණෝ දෙතුන් රැයක් සේනායෙහි වසනුවෝ රණබිමට ද බලසෙන් ගණිනා තැනට ද සෙන් කඳවුරු බැඳි තැනට ද ඇණි දැකුමට ද යෙති. එක්තරා සවග මහණෙක් රණබිමට ගොස් ඊයෙන් විදින ලදුයේ වෙයි. මිනිස්සු එ මහණ දැකැ වෙළපූහ. “කිමෙක් ද? ස්වාමීනි! මනා යුද්ධයෙක් වී ද? නුඹ වහන්දෑ විසින් කෙතෙක් ලක්හු ලබන ලදහු දැ යි හේ මහණ තෙමේ ඒ මිනිසුන් විසින් වෙළපනු ලබන්නේ මකු විය.
Pali BJT2. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. “කථං හි නාම සමණා සක්යපුත්තියා උයොධිකං දස්සනාය ආගච්ඡිස්සන්ති අම්හාකම්පි අලාභා අම්හාකම්පි දුල්ලද්ධං යෙ මයං ආජීවස්ස හෙතු පුත්තදාරස්ස කාරණා උය්යොධිකං ආගච්ඡාමා”ති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ උය්යොධිකං දස්සනාය ගච්ඡිස්සන්තී”ති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ උය්යොධිකං දස්සනාය ගච්ඡථාති. සච්චං භගවා විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා උය්යොධිකං දස්සනාය ගච්ඡිස්සථ, නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ.
Sinhala BJT2. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ රණබිම බැලීම පිණිස ආවෝ ද? යම් බඳු ඇපි දිවෙල් හේතුයෙන් අඹුදරුවන්ගේ කාරණයෙන් රණබිමට යමු නම් එබඳු අපට ද අලාභයෙකැ, එබඳු අප විසිනුදු දුකසේ ලැබිය යුත්තෙකැ”යි. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු මැ යි. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති නුගුණ පවසති දොස් පතුරුවත්. “කෙසේ නම් සවග මහණෝ රණබිම දැකීම පිණිස ගියෝ” දැ යි ... සැබෑ ද මහණෙනි! තෙපි රණබිම දැකීම පිණිස යවු දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස! භාග්‍යවත් බුදුහු විගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි! තෙපි රණබිම දැකීම පිණිස ගියහු ද? හිස් පුරුෂයෙනි! මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද වනාහි මහණෙනි! මේ සිකපදය උදෙසවු.
Pali BJTදිරත්තතිරත්තං චෙ භික්ඛු සෙනාය වසමානො උය්යොධිකං වා බලග්ගං වා සෙනාබ්යූහං වා අනීකදස්සනං වා ගච්ඡෙය්ය පාචිත්තියන්ති.
Sinhala BJTඉදින් මහණෙක් දෙතුන්රැයක් සේනායෙහි වසන්නේ රණබිමට හෝ බලසෙන් ගණින තැනට හෝ සෙන් කඳවුරු බැඳි තැනට හෝ ඇණි දැකුමට හෝ යන්නේ නම් පචිති වේ යැයි.
Pali BJT3. දිරත්තතිරත්තං චෙ භික්ඛු සෙනාය වසමානොති ද්වෙ තිස්සො රත්තියො වසමානො.
Sinhala BJT3. දිරත්තතිරත්තං චෙ භික්ඛු සේනාය වසමානෝ; දෙතුන් රැයක් වසන්නේ;
Pali BJTඋය්යොධිකං නාම: යත්ථ සම්පහාරො දිය්යති.{1}
Sinhala BJTඋය්‍යෝධික නම්: යම් තැනෙකැ සම්ප්‍රහාරය දෙනු ලැබේ ද?
Pali BJTබලග්ගං නාම: එත්තකා හත්ථි එත්තකා අස්සා එත්තකා රථා එත්තකා පත්තී.
Sinhala BJTබලග්ග නම්: මෙතෙක් ඇත්තු යැ, මෙතෙක් අස්හු යැ, මෙතෙක් රියහු යැ මෙතෙක් පාබළ යැ.
Pali BJTසෙනාබ්යූහං නාම: ඉතො හත්ථි හොන්තු ඉතො අස්සා හොන්තු ඉතො රථා හොන්තු ඉතො පත්ති හොන්තු.
Sinhala BJTසේනාබ්‍යුහ නම්: මෙහි ඇත්තු වෙත්වා, මෙහි අස්හු වෙත්වා, මෙහි රියහු වෙත්වා මෙහි පාබලහු වෙත්වා.
Pali BJTඅනීකං නාම: හත්ථානීකං අස්සානීකං රථානීකං පත්තානීකං තයො හත්ථි පච්ඡිමං හත්ථානීකං තයො අස්සා පච්ඡිමං අස්සානීකං තයො රථා පච්ඡිමං රථානීකං චත්තාරො පුරිසා සරහත්ථා පච්ඡිමං පත්තානීකං.
Sinhala BJTඅණික නම්: ඇත් ඇණි යැ අස් ඇණි යැ රිය ඇණි යැ පාබළ ඇණි යැ තුන් ඇත්හු පැසුළු ඇත් ඇණි යැ තුන් අස්හු පැසුළු අස් ඇණි යැ තුන් රියහු පැසුළු රිය ඇණි යැ අවි ගත් අත් ඇති සිවු පුරිස්හු පැසුළු පාබළ ඇණිය යි.
Pali BJTදස්සනාය ගච්ඡති ආපත්ති දුක්කටස්ස. යත්ථ ඨිතො පස්සති ආපත්ති පාචිත්තියස්ස. දස්සනූපචාරං විජහිත්වා පුනප්පුනං පස්සති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTදැකීම පිණිස යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙකැ සිටියේ බලා නම් පචිති ඇවැත් වෙයි. දසුන් උවසර හැරැපියා පුන පුනා බලා නම් පචිති ඇවැත් වේ.
Pali BJT5. එකමෙකං දස්සනාය ගච්ඡති ආපත්ති දුක්කටස්ස. යත්ථ ඨිතො පස්සති ආපත්ති දුක්කටස්ස. දස්සනූපචාරං විජහිත්වා පුනප්පුනං පස්සති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT5. එකක් එකක්හු දැකීම පිණිස යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙකැ සිටියේ බලා නම් දුකුළා ඇවැත් වෙයි. දසුන් උවසර හැරැපියා පුන පුනා බලා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJT6. අනාපත්ති: ආරාමෙ ඨිතො පස්සති භික්ඛුස්ස ඨිතොකාසං වා නිසින්නොකාසං වා නිපන්නොකාසං වා ආගන්ත්වා සම්පහාරො දීයති, පටිපථං ගච්ඡන්තො පස්සති, සති කරණීයෙ ගන්ත්වා පස්සති, ආපදාසු උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJT6. අරම්හි සිටියේ දකී නම්, මහණක්හු සිටි තැනට හෝ හුන් තැනට හෝ හොත් තැනට හෝ අවුත් පහර දෙනු ලැබේ නම්, පෙර මඟට යන්නේ දකී නම්, කරණී ඇති කල්හි ගොස් බලා නම්, ආපදායෙහි, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTඋය්යොධික සික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTදසවැනි උය්‍යෝධිකශික්‍ෂාපද යි.
Pali BJTඅචෙලකවග්ගො පඤ්චමො.
Sinhala BJTපඤ්චම අචෙලකවර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඅචෙලකං උය්යොජඤ්ච සභොජනං දුවෙ රහො සභත්තකඤ්ච භෙසජ්ජං උය්යුත්තං සෙනුය්යොධිකන්ති.{1}
Sinhala BJTඅචේලක යැ උය්‍යෝජන යැ සභෝජන යැ පඨම–දුතිය රහෝ නිසජ්ජ දෙක යැ බොජුන් සහිත චාරිත්ත යැ බෙහෙත් නිසා පැන වූ මහානාම සිඛ යැ උය්‍යුත්ත සේනා වාස යැ සේනා වාස යැ උය්‍යෝධික සිඛපදය ද වේ.
Pali BJTසුරාපානවග්ගො
Sinhala BJTසුරාපාන වර්‍ගය
Pali BJT6. 6. 1.
Sinhala BJT6. 6. 1.
Pali BJTසුරාපානසික්ඛාපදං
Sinhala BJTසුරාපාන ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා චෙතියෙසු චාරිකං චරමානො යෙන භද්දවතිකා තෙන පායාසි. අද්දසංසු ඛො ගොපාලකා පසුපාලකා කස්සකා පථාවිනො භගවන්තං දූරතොව ආගච්ඡන්තං, දිස්වාන භගවන්තං එතදවොචුං. මා ඛො භන්තෙ භගවා අම්බතිත්ථං අගමාසි, අම්බතිත්ථෙ භන්තෙ ජටිලස්ස අස්සමෙ නාගො පටිවසති ඉද්ධිමා ආසිවිසො ඝොරවිසො. සො භගවන්තං මා විහෙඨෙසී”ති. එවං වුත්තෙ භගවා තුණ්හී අහොසි. දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො ගොපාලකා පසුපාලකා කස්සකා පථාවිනො භගවන්තං එතදවොචුං: “මා ඛො භන්තෙ භගවා අම්බතිත්ථං අගමාසි, අම්බතිත්ථෙ භන්තෙ ජටිලස්ස අස්සමෙ නාගො පටිවසති ඉද්ධිමා ආසිවිසො ඝොරවිසො. සො භගවන්තං මා විහෙඨෙසී”ති. තතියම්පි ඛො භගවා තුණ්හී අහොසි.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු චේතිය දනවුහි සැරි සරනුවෝ භද්දවතිකා නම් ග්‍රාමයට වැඩවදාළෝ. ගවපාලකයෝ පශුපාලකයෝ කර්‍ෂකයෝ මාර්ගිකයෝ වඩනා භාග්‍යවතුන් දුරැ දී ම දුටුහ. දැක භාග්‍යවතුන්හට තෙල කීහු. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අම්බතීර්‍ත්‍ථයට නහමක් වඩනා සේක්වා. වහන්ස! අම්බතීර්‍ත්‍ථයෙහි ජටිලයාගේ අසපුවෙහි ඍද්ධිමත් වූ ආශීවිෂ ඇති ඝොරවිෂ ඇති නාගයෙක් වෙසෙයි. හේ භාග්‍යවතුන් නහමක් වෙහෙසාව” යි. මෙසේ කී කල්හි බුදුහු නිහඬ වූහු. දෙවනවටදු ... තෙවනවටදු ගවපාලකයෝ පශුපාලකයෝ කර්‍ෂකයෝ මාර්ගිකයෝ භාග්‍යවතුන්හට මෙය කීහු. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අම්බතීර්‍ත්‍ථයට නහමක් වඩනා සේක්වා, වහන්ස, අම්බතීර්‍ත්‍ථයෙහි ජටිලයාගේ අසපුවෙහි ඍද්ධිමත් වූ ආශීවිෂ ඇති ඝොරවිෂ ඇති නාගයෙක් වෙසෙයි. හේ භාග්‍යවතුන් නහමක් වෙහෙසාව” යි. තෙවනවටදු බුදුහු නිහඬ වූහු.
Pali BJT2. අථ ඛො භගවා අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන භද්දවතිකා තදවසරි, තත්රසුදං භගවා භද්දවතිකායං විහරති. අථ ඛො ආයස්මා සාගතො යෙන අම්බතිත්ථකස්ස{1}. ජටිලස්ස අස්සමො තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වා අග්යාගාරං පවිසිත්වා තිණසන්ථාරකං පඤ්ඤාපෙත්වා නිසීදි පල්ලඞ්කං ආභුජිත්වා උජුංකායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. අථ ඛො{2} සො නාගො ආයස්මන්තං සාගතං පවිට්ඨං දිස්වාන දුක්ඛී{3} දුම්මනො පධූපායි. ආයස්මාපි සාගතො පධූපායි. අථ ඛො සො නාගො මක්ඛං අසහමානො පජ්ජලි. ආයස්මාපි සාගතො තෙජොධාතුං සමාපජ්ජිත්වා පජ්ජලි. අථ ඛො ආයස්මා සාගතො තස්ස නාගස්ස තෙජසා තෙජං පරියාදියිත්වා යෙන භද්දවතිකා තෙනුපසඞ්කමි. අථ ඛො භගවා භද්දවතිකායං යථාභිරන්තං විහරිත්වා යෙන කොසම්බී තෙන චාරිකං පක්කාමි. අස්සොසුං ඛො කොසම්බිකා උපාසකා අය්යො කිර සාගතො අම්බතිත්ථිකෙන නාගෙන සද්ධිං සඞ්ගාමෙසීති.
Sinhala BJT2. ඉක්බිති භාග්‍යවත් බුදුහු පිළිවෙළින් සැරි සරනුවෝ භද්දවතිකා නම් ග්‍රාමයට වැඩමකළහ. බුදුහු ඒ භද්දවතිකායෙහි වැඩැවෙසෙති. එකල්හි ආයුෂ්මත් සාගත ස්ථවිර තෙමේ අම්බතීර්‍ත්‍ථයෙහි ජටිලයාගේ අසපුවට එළැඹියේ යැ. එළැඹැ ගිනිහල්ගෙට පිවිස තණ ඇතිරියක් පනවා පලඟ බැඳ උඩුකය ඉදීව තබා කමටහනට අබිමුව කොට සිහි එළවා හුන්නේ යි. එකල්හි ඒ නාගයා පිවිසි ආයුෂ්මත් සාගත තෙරුන් දැක දුකට පැමිණියේ නො සතුටු වූයේ දුමාලී යැ. ආයුෂ්මත් සාගත ස්ථවිර තෙමේත් දුමාලී යැ. එකල්හි ඒ නාගයා ක්‍රෝධය නො ඉවසන්නේ දිලිහී ගියේ යැ. ආයුෂ්මත් සාගත ස්ථවිර තෙමේත් තේජෝධාතුවට සමවැද දිලිහී ගියේ යි. ඉක්බිති ආයුෂ්මත් සාගත ස්ථවිර තෙමේ ඒ නාගයාගේ තෙද (තමාගේ) තෙදින් මැඩැගෙන භද්දවතිකා ග්‍රාමයට එළැඹියේ යි. ඉක්බිති භාග්‍යවත් බුදුහු භද්දවතිකායෙහි කැමැතිතාක් විහරණය කොට කොසඹෑනුවර බලා සැරි සැරූහු කොසඹෑනුවරැ වූ උවසුවෝ “ආර්‍ය්‍ය සාගතස්ථවිර තෙමේ අඹතොටැ නාගයා හා සමඟ යුද කෙළේ යැ” යි ඇසූහු.
Pali BJT3. අථ ඛො භගවා අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන කොසම්බී තදවසරි. අථ ඛො කොසම්බිකා උපාසකා භගවතො පච්චුග්ගමනං කරිත්වා යෙනායස්මා සාගතො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මන්තං සාගතං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො කොසම්බිකා උපාසකා ආයස්මන්තං සාගතං එතදවොචුං: “කිං භන්තෙ අය්යානං දුල්ලභඤ්ච මනාපඤ්ච කිං පටියාදෙමා”ති. එවං වුත්තෙ ඡබ්බග්ගියා භික්ඛූ කොසම්බිකෙ උපාසකෙ එතදවොචුං: “අත්ථාවුසො කාපොතිකා නාම පසන්නා භික්ඛූනං දුල්ලභා ච මනාපා ච, තං පටියාදෙථා”ති. අථ ඛො කොසම්බිකා උපාසකා ඝරෙ ඝරෙ කාපොතිකං පසන්නං පටියාදෙත්වා ආයස්මන්තං සාගතං පිණ්ඩාය චරන්තං{1} දිස්වාන ආයස්මන්තං සාගතං එතදවොචුං: “පිවතු භන්තෙ අය්යො සාගතො කාපොතිකං පසන්නං, පිවතු භන්තෙ අය්යො සාගතො කාපොතිකං පසන්න”න්ති. අථ ඛො ආයස්මා සාගතො ඝරෙ ඝරෙ කාපොතිකං පසන්නං පිවිත්වා නගරම්හා නික්ඛමන්තො නගරද්වාරෙ පරිපති.
Sinhala BJT3. ඉක්බිති බුදුහු පිළිවෙළින් සැරි සරනුවෝ කොසඹෑ නුවරට වැඩම කළහ. එකල්හි කොසඹෑ නුවර උවසුවෝ භාග්‍යවතුන්හට පෙරැගමන් කොට ආයුෂ්මත් සාගත තෙරුන් වෙත එළැඹියහ. එළැඹැ ආයුෂ්මත් සාගත තෙරුන් සකසා වැඳ එකත්පසෙකැ සිටියහ. එකත්පසෙකැ සිටියා වූ කොසඹෑනුවර උවසුවෝ ආයුෂ්මත් සාගත තෙරුන්ට තෙල කීහු: “වහන්ස, ආර්‍ය්‍යයන්හට කිමෙක් දුර්‍ලභත් වේ ද? මනවඩන්නේත් වේ ද? කුමක් පිළියෙළ කරමෝ” දැ යි. මෙසේ කී කල්හි සවග මහණහු කොසඹෑ නුවර උවසුවනට තෙල කීහු: “ඇවැත්නි, මහණුන්හට දුර්‍ලභ වූත් මනවඩන්නා වූත් කාපෝතිකා නම් සුරාමණ්ඩයෙක් ඇති, එය පිළියෙළ කරව”යි. එකල්හි කොසඹෑනුවර උවසුවෝ ගෙයක් පාසා කාපෝතිකා සුරා මණ්ඩය පිළියෙළ කොට ආයුෂ්මත් සාගත තෙරුන් පිඬු පිණිස හැසිරෙන්නවුන් දැක ආයුෂ්මත් සාගත තෙරුන්ට මෙය කීහු: “වහන්ස, ආර්‍ය්‍ය සාගත තෙමේ කාපොතිකාසුරාමණ්ඩය පානය කෙරේවා” වහන්ස, සාගත ආර්‍ය්‍යයන් වහන්සේ කාපොතිකාසුරාමණ්ඩය පානය කෙරෙත්වා” යි. එකල්හි ආයුෂ්මත් සාගත තෙමේ ගෙයක් පාසා කාපොතිකාසුරාමණ්ඩය පානය කොට නුවරින් නික්මෙනුයේ නුවර දොරැ වැටුණේ යි.
Pali BJT4. අථ ඛො භගවා සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං නගරම්හා නික්ඛමන්තො අද්දස ආයස්මන්තං සාගතං නගරද්වාරෙ පරිපතිතං{2} දිස්වාන භික්ඛූ ආමන්තෙසි: “ගණ්හථ භික්ඛවෙ සාගත”න්ති. “එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පටිසුණිත්වා ආයස්මන්තං සාගතං ආරාමං නෙත්වා යෙන භගවා තෙන සීසං කත්වා නිපාතෙසුං. අථ ඛො ආයස්මා සාගතො පරිවත්තිත්වා යෙන භගවා තෙන පාදෙ කරිත්වා සෙය්යං කප්පෙසි. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “නනු භික්ඛවෙ පුබ්බෙ සාගතො තථාගතෙ සගාරවො අහොසි සප්පතිස්සො”ති.
Sinhala BJT4. ඉක්බිති භාග්‍යවත් බුදුහු බොහෝ භික්‍ෂූන් සමග නුවරින් නික්මෙනුවෝ නුවරදොරැ වැටුණු ආයුෂ්මත් සාගත තෙරුන් දුටුහ. දැකැ වදාරා “මහණෙනි, සාගතයා ගනුව” යි මහණුන් ඇමැතූහ. එසේ යැ වහන්සැ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්හට පිළිවදන් දී ආයුෂ්මත් සාගත තෙරුන් ආරාමයට ගෙන ගොස් භාග්‍යවතුන් දෙසට හිස කොට හොවා තැබූහු. එකල්හි ආයුෂ්මත් සාගත පෙරැළී භාග්‍යවතුන් දිසාවට පාදිගු කොට ශයනය කෙළේ යැ. එකල්හි බුදුහු මහණුන් ඇමැතූහ: “මහණෙනි, සාගත මහණ තථාගතයන් කෙරෙහි ගරු සහිත වූයේ බුහුමන් සහිත වූයේ නො වේ” දැ යි.
Pali BJTඑවං භන්තෙ.
Sinhala BJTඑසේ යැ වහන්ස,
Pali BJT“අපි නු ඛො භික්ඛවෙ සාගතො එතරහි තථාගතෙ සගාරවො සප්පතිස්සො”ති.
Sinhala BJTමහණෙනි, සාගත මහණ දැන් වූ කලි තථාගතයන් කෙරෙහි ගරු සහිත වූයේ බුහුමන් සහිත වූයේ වේ දැ යි.
Pali BJTනොහෙතං භන්තෙ.
Sinhala BJTතෙල කරුණ නො වේ මැ යි වහන්ස,
Pali BJTනනු භික්ඛවෙ සාගතො අම්බතිත්ථිකෙන නාගෙන සද්ධිං සඞ්ගාමෙසීති.
Sinhala BJTමහණෙනි, සාගත මහණ අම්බතීර්‍ත්‍ථයෙහි වැසි නාගයා සමඟ යුද කෙළේ නො වේ දැ යි.
Pali BJTඑවං භන්තෙ.
Sinhala BJTඑසේ යැ වහන්ස,
Pali BJTඅපි නු ඛො භික්ඛවෙ සාගතො එතරහි පහොති නාගෙන දෙඩ්ඪුහෙනාපි{1} සද්ධිං සඞ්ගාමෙතුන්ති.
Sinhala BJTදැන් වූ කලි මහණෙනි, සාගතමහණ දියබරණක්හු සමඟ වත් යුද කරනට සමර්‍ත්‍ථ වේ දැ යි.
Pali BJTනොහෙතං භන්තෙ.
Sinhala BJTතෙල කරුණ නො වේ මැ යි වහන්ස,
Pali BJTඅපි නු ඛො භික්ඛවෙ තං පාතබ්බං යං පිවිත්වා විසඤ්ඤී අස්සාති.
Sinhala BJTමහණෙනි, යමක් පානය කොට විසංඥ වේ නම් එය පානය කළයුතු වේ දැ යි.
Pali BJTනොහෙතං භන්තෙ.
Sinhala BJTතෙල කරුණ නොවේ මැ යි වහන්ස,
Pali BJTඅනනුච්ඡවියං භික්ඛවෙ සාගතස්ස අනනුලොමිකං අප්පතිරූපං අස්සාමණකං අකප්පියං අකරණීයං: කථං හි නාම භික්ඛවෙ සාගතො මජ්ජං පිවිස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJTමහණෙනි, සාගත මහණහට මෙය නො සීහෙන්නෙකැ, නො අනුලෝමෙකැ නො සුදුස්සෙකැ, නො මහණකමෙකැ, නො කැපයෙකැ නො කළයුත්තෙකි. කෙසේ නම් මහණෙනි, සාගත මහණ මත්පැන් පානය කෙළේ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJTසුරාමෙරයපානෙ පාචිත්තියන්ති.
Sinhala BJTරහමෙර බීමෙහි පචිති වේ යැ යි.
Pali BJT5. සුරා නාම: පිට්ඨසුරා පූවසුරා ඔදනසුරා{2} කිණ්ණපක්ඛිත්තා සම්භාරසංයුත්තා.
Sinhala BJT5. සුරා නම්: පිට්ඨසුරා යැ පූවසුරා යැ ඕදනියසුරා යැ කිණණපක්ඛිත්තසුරා යැ සම්භාරසංයුත්තසුරා යි.
Pali BJTමෙරයො නාම: පුප්ඵාසවො ඵලාසවො මධ්වාසවො ගුළාසවො සම්භාරසංයුත්තො.
Sinhala BJTමේරය නම්: පුප්ඵාසව යැ ඵලාසව යැ මධවාසව යැ ගුළාසව යැ සම්භාර සංයුත්ත යි.
Pali BJTපිවෙය්යාති: අන්තමසො කුසග්ගෙනපි පිවති, ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTපිචෙය්‍ය: යටත් පිරිසෙයින් කුසතණගිනුදු පානය කෙරේ නම් පචිති ඇවැත් වේ.
Pali BJT6. මජ්ජෙ මජ්ජසඤ්ඤී පිවති ආපත්ති පාචිත්තියස්ස. මජ්ජෙ වෙමතිකො පිවති ආපත්ති පාචිත්තියස්ස. මජ්ජෙ අමජ්ජසඤ්ඤී පිවති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT6. මද්‍යයෙහි මද්‍යසංඥා ඇතියේ පානය කෙරේ නම් පචිති ඇවැත් වෙයි. මද්‍යයෙහි විමති ඇතියේ පානය කෙරේ නම් පචිති ඇවැත් වෙයි. මද්‍යයෙහි අමද්‍ය සංඥා ඇතියේ පානය කෙරේ නම් පචිති ඇවැත් වේ.
Pali BJT7. අමජ්ජෙ මජ්ජසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අමජ්ජෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අමජ්ජෙ අමජ්ජසඤ්ඤී අනාපත්ති.
Sinhala BJT7. අමද්‍යයෙහි මද්‍යසංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අමද්‍යයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අමද්‍යයෙහි අමද්‍ය සංඥා ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJT8. අනාපත්ති: අමජ්ජඤ්ච හොති මජ්ජවණ්ණං මජ්ජගන්ධං මජ්ජරසං තං පිවති, සූපසම්පාකෙ මංසසම්පාකෙ තෙලසම්පාකෙ ආමලකඵාණිතෙ අමජ්ජං අරිට්ඨං පිවති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJT8. මද්‍යවර්‍ණය ඇති මද්‍යගන්‍ධය ඇති මද්‍යසාරය ඇති (යම්) අමද්‍යයෙක් වේ ද එය පානය කෙරේ නම්, සූපසම්පාකයෙහි මංසසම්පාකයෙහි තෙලසම්පාකයෙහි ඇඹුල්පැණියෙහි මද්‍ය නො වූ අරිෂ්ටය පානය කෙරේ නම්, ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTසුරාපානසික්ඛාපදං පඨමං.
Sinhala BJTපළමුවැනි සුරාපාන ශික්‍ෂාපද යි.
Pali BJT6. 6. 2.
Sinhala BJT6. 6. 2.
Pali BJTඅඞ්ගුලිපතොදක සික්ඛාපදං
Sinhala BJTඅඞ්ගුලිපතෝදක ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සත්තරසවග්ගියං භික්ඛුං අඞ්ගුලිපතොදකෙන හාසෙසුං. සො භික්ඛු උත්තන්තො අනස්සාසකො කාලමකාසි. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛුං අඞ්ගුලිපතොදකෙන හාසෙස්සන්තී”ති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ භික්ඛුං අඞ්ගුලිපතොදකෙන හාසෙථා’ති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා භික්ඛුං අඞ්ගුලිපතොදකෙන හාසෙස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර අනේපිඬුසිටුහුගේ ජේතවන නම් වූ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු සතළොස්වගැ මහණක්හු ඇඟිල්ලෙන් ගිරිති කැවීමෙන් සිනා ගැන්වූහ. ඒ මහණ මහ සිනායෙන් මිරිකුණේ හුස්ම හිර වූයේ කලුරිය කෙළේ යැ. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු මහණක්හු ඇඟිල්ලෙන් ගිරිති කැවීමෙන් සිනා ගැන්වූහු” දැ යි ... සැබෑද මහණෙනි, තෙපි මහණක්හු ඇඟිල්ලෙන් ගිරිති කැවීමෙන් සිනා ගන්වවු දැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි තෙපි මහණක්හු ඇඟිල්ලෙන් ගිරිති කැවීමෙන් සිනා ගැන්වූවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... තවද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
Pali BJTඅඞ්ගුලිපතොදකෙ පාචිත්තියන්ති.
Sinhala BJTඇඟිල්ලෙන් ගිරිති කැවීම නිමිතිකොට පචිති වේ යයි.
Pali BJT2. අඞ්ගුලිපතොදකො නාම:{1} උපසම්පන්නො උපසම්පන්නං හස්සාධිප්පායො{2} කායෙන කායං ආමසති. ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී අඞ්ගුලිපතොදකෙන හාසෙති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ වෙමතිකො අඞ්ගුලිපතොදකෙන හාසෙති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී අඞ්ගුලිපතොදකෙන හාසෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT2. අඞ්ගුලිපතෝදක නම්: උපසපනෙක් උපසපනක්හු කෙළිරිසි ඇති වැ කයින් කය පහසා නම් පචිති ඇවැත් වෙයි. උපසපන්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ ඇඟිල්ලෙන් ගිරිති කැවීමෙන් සිනහ දනවා නම් පචිති ඇවැත් වෙයි. උපසපන්හු කෙරෙහි විමති ඇතියේ ඇඟිල්ලෙන් ගිරිති කැවීමෙන් සිනහ දනවා නම් පචිති ඇවැත් වෙයි. උපසපන්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ ඇඟිල්ලෙන් ගිරිති කැවීමෙන් සිනහ දනවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTකායෙන කායපටිබද්ධං ආමසති ආපත්ති දුක්කටස්ස. කායපටිබද්ධෙන කායං ආමසති, ආපත්ති දුක්කටස්ස. කායපටිබද්ධෙන කායපටිබද්ධං ආමසති ආපත්ති දුක්කටස්ස. නිස්සග්ගියෙන කායං ආමසති ආපත්ති දුක්කටස්ස. නිස්සග්ගියෙන කායපටිබද්ධං ආමසති ආපත්ති දුක්කටස්ස. නිස්සග්ගියෙන නිස්සග්ගියං ආමසති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTකයින් කයපිළිබැදියක් පහසා නම් දුකුළා ඇවැත් වෙයි. කය පිළි බද්දෙන් කය පහසා නම් දුකුළා ඇවැත් වෙයි. කය පිළිබද්දෙන් කය පිළිබැදියක් පහසා නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් කය පහසා නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් කය පිළිබැදියක් පහසා නම් දුකුළා ඇවැත්වෙයි. නිසැගියෙන් නිසැගියක් පහසා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනුපසම්පන්නං කායෙන කායං ආමසති ආපත්ති දුක්කටස්ස.{3} අනුපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅනුපසපනක්හු කයින් කය පහසා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: න හස්සාධිප්පායො, සති කරණීයෙ ආමසති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTකෙළනා රිසි නැතියේ නම්, කරණී ඇති කල්හි පහසා නම්, ඇවැත් නැති. උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTඅඞ්ගුලිපතොදක සික්ඛාපදං දුතියං.
Sinhala BJTදෙවැනි අඞ්ගුලිපතෝදක ශික්‍ෂාපද යි.
Pali BJT6. 6. 3.
Sinhala BJT6. 6. 3.
Pali BJTහස්සධම්මසික්ඛාපදං
Sinhala BJTහස්සධම්ම ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සත්තරසවග්ගියා භික්ඛූ අචිරවතියා නදියා උදකෙ කීළන්ති. තෙන ඛො පන සමයෙන රාජා පසෙනදි කොසලො මල්ලිකාය දෙවියා සද්ධිං උපරිපාසාදවරගතො හොති, අද්දසා ඛො රාජා පසෙනදි කොසලො සත්තරසවග්ගියෙ භික්ඛූ අචිරවතියා නදියා උදකෙ කීළන්තෙ දිස්වාන මල්ලිකං දෙවිං එතදවොච: “එතෙ තෙ මල්ලිකෙ අරහන්තො උදකෙ කීළන්තී”ති. නිස්සංසයං ඛො මහාරාජ භගවතා සික්ඛාපදං අපඤ්ඤත්තං තෙ වා භික්ඛූ අප්පකතඤ්ඤුනොති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙරැ වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සතළොස් වග මහණහු අචිරවතී නදියෙහි දිය කෙළිති. එසමයෙහි පසේනදි කොසොල් රජ මල්ලිකා දේවිය සමඟ මතුමහලට ගියේ වෙයි. පසේනදි කොසොල් රජ අචිරවතී නදියෙහි දිය කෙළින සතළොස් වග මහණුන් දුටුවේ ය. දැකැ මල්ලිකා දේවියට තෙල කී යැ: “මල්ලිකාවෙනි, තොපගේ තෙලෙ රහත්හු ජලක්‍රීඩා කෙරෙති යි. මහරජ, නිසැකයෙන් මැ භාග්‍යවතුන් වහන්සේ විසින් සිකපද නො පනවන ලද්දේ වන. ඒ භික්‍ෂූහු ද සිකපද පනවන ලද බව නො දන්නෝ හෝ වෙතැ යි.
Pali BJT2. අථ ඛො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස{1} එතදහොසි: කෙන නු ඛො අහං උපායෙන භගවතො ච න ආරොචෙය්යං භගවා ච ජානෙය්ය ඉමෙ භික්ඛූ උදකෙ කීළිතාති. අථ ඛො රාජා පසෙනදි කොසලො සත්තරසවග්ගියෙ භික්ඛූ පක්කොසාපෙත්වා තෙසං{2} මහන්තං ගුළපිණ්ඩං අදාසි “ඉමං භන්තෙ ගුළපිණ්ඩං භගවතො දෙථා”ති. සත්තරසවග්ගියා භික්ඛූ තං ගුළපිණ්ඩං ආදාය යෙන භගවා තෙනුපසඞ්කමිංසු උපසඞ්කමිත්වා භගවන්තං එතදවොචුං: “ඉමං භන්තෙ ගුළපිණ්ඩං රාජා පසෙනදි කොසලො භගවතො දෙතී”ති. කහං පන තුම්හෙ භික්ඛවෙ රාජා අද්දසාති. අචිරවතියා නදියා භගවා උදකෙ කීළන්තෙති. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා උදකෙ කීළිස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. ඉක්බිති පසේනදි කොසොල් රජහට තෙල සිත විය. “මම් මේ මහණුන් දිය කෙළියෙහි යෙදුණු බව භාග්‍යවතුන් වහන්සේට නො දන්වන්නෙම් කවර නම් උපායෙකින් උන්වහන්සේත් මෙය දැනගන්නා සේක්” දැ යි. එකල්හි පසේනදි කොසොල් රජ තෙමේ සතළොස් වග මහණුන් කැඳවා “වහන්ස, මේ ගුළපිඬ භාග්‍යවතුන් වහන්සේට දෙනු මැනැවැ” යි ඔවුනට මහත් ගුළපිඬක් දුන්නේ යි. සතළොස්වග මහණහු ඒ ගුළපිඬ රැගෙන භාග්‍යවතුන් වහන්සේ වෙතැ එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහු. “වහන්ස, මේ ගුළපිඬ පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට දේ” යැ යි. මහණෙනි, රජ තෙමේ තොප කොහි දී දිටී දැ යි. භාග්‍යවතුන් වහන්ස: අචිරවතී නදියෙහි දිය කෙළනා කල්හි යැ. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි දිය කෙළියහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
Pali BJTඋදකෙ හස්සධම්මෙ{3} පාචිත්තියන්ති.
Sinhala BJTදියෙහි කෙළෙනා සැහැවියෙහි පචිති වේ ය යි.
Pali BJT3. උදකෙ හසධම්මො නාම: උපරිගොප්ඵකෙ උදකෙ හස්සාධිප්පායො නිමුජ්ජති වා උම්මුජ්ජති වා පලවති{4} වා ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT3. උදකෙ හස්සධම්ම නම්: ගොප් ඇටයෙන් මතු දියෙහි කෙළනා රිසි ඇති වැ ගැලේ නම් හෝ නැඟේ නම් හෝ පිහිනා නම් හෝ පචිති ඇවැත් වේ.
Pali BJTඋදකෙ හස්සධම්මෙ හස්සධම්මසඤ්ඤී ආපත්ති පාචිත්තියස්ස. උදකෙ හස්සධම්මෙ වෙමතිකො ආපත්ති පාචිත්තියස්ස. උදකෙ හස්සධම්මෙ අහසධම්මසඤ්ඤී ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTදිය කෙළනා සැහැවියෙහි කෙළනා සැහැවි සන් ඇතියේ නම් පචිති ඇවැත් වෙයි. දිය කෙළනා සැහැවියෙහි විමති ඇතියේ නම් පචිති ඇවැත් වෙයි. දිය කෙළනා සැහැවියෙහි නො කෙළනා සැහැවි සන් ඇතියේ නම් පචිති ඇවැත් වෙයි.
Pali BJTහෙට්ඨා ගොප්ඵකෙ උදකෙ කීළති ආපත්ති දුක්කටස්ස. උදකෙ නාවාය කීළති ආපත්ති දුක්කටස්ස. හත්ථෙන වා පාදෙන වා කට්ඨෙන වා කඨලාය වා උදකං පහරති{1} ආපත්ති දුක්කටස්ස. භාජනගතං උදකං වා කඤ්ජිකං වා ඛීරං වා තක්කං වා රජනං වා පස්සාවං වා චික්ඛල්ලං වා කීළති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTගොප්ඇටයෙන් යටැ දියෙහි කෙළනේ නම් දුකුළා ඇවැත් වෙයි. දියෙහි නැවෙකැ කෙළනේ නම් දුකුළා ඇවැත් වෙයි. අතින් හෝ පයින් හෝ කැටින් හෝ කැබිලිත්තෙන් හෝ දියට පහරදෙන්නේ නම් දුකුළා ඇවැත් වෙයි. බඳුනෙහි වූ දිය හෝ කැඳ හෝ කිරි හෝ මෝරු හෝ රඳන් හෝ මූ හෝ මඩ හෝ කෙළනේ නම් දුකුළා ඇවැත් වෙයි.
Pali BJTඋදකෙ අහස්සධම්මෙ හස්සධම්මසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. උදකෙ අහස්සධම්මෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. උදකෙ අහස්සධම්මෙ අහස්සධම්මසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTදියෙහි නො කෙළනා සැහැවියෙහි කෙළනා සැහැවිසන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. දියෙහි නො කෙළනා සැහැවියෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. දියෙහි නො කෙළනා සැහැවියෙහි නො කෙළනා සැහැවිසන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: න හස්සාධිප්පායො, සති කරණීයෙ උදකං ඔතරිත්වා නිමුජ්ජති වා උම්මුජ්ජති වා පලවති වා, පාරං ගච්ඡන්තො නිමුජ්ජති වා උම්මුජ්ජති වා පලවති වා ආපදාසු උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTනො කෙළනා රිසි ඇතියේ නම්, කරණී ඇති කල්හි දියට බැස ගැලේ නම් හෝ නැඟේ නම් හෝ පිහිනා නම් හෝ, පරතෙරට යමින් ගැලේ නම් හෝ නැඟේ නම් හෝ පිහිනා නම් හෝ, ආපදාවෙහි ඇවැත් නොවේ. උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTහස්සධම්ම සික්ඛාපදං තතියං.
Sinhala BJTතෙවැනි හස්සධම්ම ශික්‍ෂාපද යි.
Pali BJT6. 6. 4.
Sinhala BJT6. 6. 4.
Pali BJTඅනාදරිය සික්ඛාපදං
Sinhala BJTඅනාදරිය ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා ඡන්නො අනාචාරං ආචරති. භික්ඛූ එවමාහංසු: “මා ආවුසො ඡන්න එවරූපං අකාසි නෙතං කප්පතී”ති. සො අනාදරියං පටිච්ච කරොතියෙව. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථඤ්හි නාම ආයස්මා ඡන්නො අනාදරියං කරිස්සතී”ති -පෙ- සච්චං කිර ත්වං ඡන්න අනාදරියං කරොසීති. සච්චං භගවා, විගරහි බුද්ධො භගවා -පෙ- “කථං හි නාම ත්වං මොඝපුරිස අනාදරියං කරිස්සසි, නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි ආයුෂ්මත් ඡන්නස්ථවිර තෙමේ පනත් විකුම් කෙරෙයි භික්‍ෂූහු මෙසේ කීහු: “ඇවැත් ඡන්නයෙනි, මෙබන්දක් නහමක් කරන්නැ, තෙල නො කැප යැ” යි. හෙ අනදර බව පිණිස කෙරේ මැ යි. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරවත්: “කෙසේ නම් ආයුෂ්මත් ඡන්න ස්ථවිර තෙමේ අනදරබව කෙළේ දැ” යි ... සැබෑද ඡන්න, තෙපි අනදර බව කරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරැහූ ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි අනදර බව කළහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJTඅනාදරියෙ පාචිත්තියන්ති.
Sinhala BJTඅනදරබව කිරීමෙහි පචිති වේ යයි.
Pali BJT2. අනාදරියං නාම: ද්වෙ අනාදරියානි: පුග්ගලානාදරියඤ්ච ධම්මානාදරියඤ්ච,
Sinhala BJT2. අනාදරිය නම්: අනාදරිය දෙකෙකි: පුද්ගලානාදරිය ද ධර්‍මානාදරිය දැ යි.
Pali BJTපුග්ගලානාදරියං නාම: උපසම්පන්නෙන පඤ්ඤත්තෙන වුච්චමානො “අයං උක්ඛිත්තො වා{1} වම්භිතො වා ගරහිතො වා, ඉමස්ස වචනං අකතං භවිස්සතී”ති අනාදරියං කරොති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTපුද්ගලානාදරිය නම්: “උපසපනක්හු, විසින් පනවන ලද සිකපදයෙකින් කියනු ලබන්නේ “මෙතෙම උක්ඛිත්තයෙකැ යි හෝ අවමන් ලද්දෙකැ යි හෝ ගැරහුම් ලද්දෙකැ යි හෝ වෙයි. මොහුගේ වචනය නො කළයුතු වන්නේ” ය යි අනදරබව කෙරේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTධම්මානාදරියං නාම: උපසම්පන්නෙන පඤ්ඤත්තෙන වුච්චමානො “කථායං නස්සෙය්ය වා විනස්සෙය්ය වා අන්තරධායෙය්ය වා” තං වා න සික්ඛිතුකාමො අනාදරියං කරොති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTධර්‍මානාදරිය නම්: උපසපනක්හු, විසින් පනවන ලද සිකපදයෙකින් කියනු ලබන්නේ “මේ ධර්‍මය කෙසේ නැසෙන්නේ හෝ වැනසෙන්නේ හෝ අතුරුදන් වන්නේ හෝ වේ” දැ යි ඒ පනවන ලදුයෙහි නො හික්මෙනු කැමැත්තේ අනදරබව කෙරේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTඋපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී අනාදරියං කරොති, ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ වෙමතිකො අනාදරියං කරොති, ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී අනාදරියං කරොති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඋපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ අනදරබව කෙරේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ අනදරබව කෙරේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ අනදරබව කෙරේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTඋපසම්පන්නෙන{2} අපඤ්ඤත්තෙන වුච්චමානො ඉදං න සල්ලෙඛාය න ධුතාය{3} න පාසාදිකතාය න අපචයාය න විරියාරම්භාය සංවත්තතීති අනාදරියං කරොති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඋපසපනක්හු විසින් නො පනවන ලද්දෙකින් (සූත්‍රයෙහි හෝ අභිධර්‍මයෙහි හෝ ආයෙකින්) කියනු ලබන්නේ “මෙය සලේපැවැත්මට කෙලෙස් කැපීමට පැහැදුම් එළවීමට නිවනට වැර ඇරැඹුමට නො පවතී” ය යි අනදරබව කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනුපසම්පන්නෙන පඤ්ඤත්තෙන වා අපඤ්ඤත්තෙන වා වුච්චමානො ඉදං න සල්ලෙඛාය න ධුතාය න පාසාදිකතාය න අපචයාය න විරියාරම්භාය සංවත්තතීති අනාදරියං කරොති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅනුපසපනක්හු විසින් පනවන ලද්දෙකින් හෝ නොපනවන ලද්දෙකින් හෝ කියනු ලබන්නේ “මෙය සලේපැවැත්මට කෙලෙස් කැපීමට පැහැදුම් එළවීමට නිවනට වැර ඇරඹුමට නො පවතී” ය යි අනදරබව කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනුපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅනුපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනාපත්ති: එවං අම්හාකං ආචරියානං උග්ගහො පරිපුච්ඡාති භණති, උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTඅපගේ ගුරුවරුන්ගේ උගැන්ම අර්‍ත්‍ථකථනය මෙසේ යැ යි බෙණේ නම් ඇවැත් නො වේ. උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTඅනාදරියසික්ඛාපදං චතුත්ථං
Sinhala BJTසිව්වැනි අනාදරිය ශික්‍ෂාපද යි.
Pali BJT6. 6. 5.
Sinhala BJT6. 6. 5.
Pali BJTභිංසාපනක සික්ඛාපදං
Sinhala BJTභිංසාපනක ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සත්තරසවග්ගියෙ භික්ඛූ භිංසාපෙන්ති. තෙ භිංසාපියමානා රොදන්ති. භික්ඛූ එවමාහංසු: “කිස්ස තුම්හෙ ආවුසො රොදථා”ති? ඉමෙ ආවුසො ඡබ්බග්ගියා භික්ඛූ අම්හෙ භිංසාපෙන්තීති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛුං භිංසාපෙස්සන්තීති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ භික්ඛුං භිංසාපෙථාති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- “කථං හි නාම තුම්හෙ මොඝපුරිසා භික්ඛුං භිංසාපෙස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු සතළොස්වග මහණුන් බිය ගන්වති. ඔහු බිය ගන්වනු ලබන්නාහු හඬති. භික්‍ෂූහු මෙසේ කීහු: “කුමකට ඇවැත්නි, තෙපි හඬවු” දැ යි. ඇවැත්නි, මේ සවග මහණහු අප බිය ගන්වති යි. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණෝ මහණක්හු බිය ගැන්වූහු” දැ යි ... සැබෑද? මහණෙනි, තෙපි මහණක්හු බිය ගන්වහු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි තෙපි මහණක්හු බිය ගැන්වූවහු ද, හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේත් මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJTයො පන භික්ඛු භික්ඛුං භිංසාපෙය්ය පාචිත්තියන්ති.
Sinhala BJTයම් මහණෙක් මහණක්හු බිය ගන්වා නම් පචිති වේ ය යි.
Pali BJT2. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති. භික්ඛුන්ති: අඤ්ඤං භික්ඛුං.
Sinhala BJT2. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි. භික්ඛුං: අන් මහණක්හු:
Pali BJTභිංසාපෙය්යාති උපසම්පන්නො උපසම්පන්නං භිංසාපෙතුකාමො රූපං වා සද්දං වා ගන්ධං වා රසං වා ඵොට්ඨබ්බං වා උපසංහරති. භායෙය්ය වා සො න වා භායෙය්ය ආපත්ති පාචිත්තියස්ස. චොරකන්තාරං වා වාළකන්තාරං වා පිසාචකන්තාරං වා ආචික්ඛති, භායෙය්ය වා සො න වා භායෙය්ය ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTහිංසාපෙය්‍ය: උපසපනෙක් උපසපනක්හු බිය ගන්වනු කැමැත්තේ රූපයක් හෝ ශබ්දයක් හෝ ගන්‍ධයක් හෝ රසයක් හෝ ස්ප්‍රෂ්ටව්‍යයක් හෝ එළවයි. හේ බිය වේ නම් හෝ නො බිය වේ නම් හෝ පචිති ඇවැත් වෙයි. සොරකතරක් හෝ වල්කතරක් හෝ නොමිනිස් කතරක් හෝ කියයි. හේ බිය වේ නම් හෝ නො බිය වේ නම් හෝ පචිති ඇවැත් වේ.
Pali BJTඋපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී භිංසාපෙති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ වෙමතිකො භිංසාපෙති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී භිංසාපෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඋපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ බියගන්වා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ බියගන්වා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ බියගන්වා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅනුපසම්පන්නං භිංසාපෙතුකාමො රූපං වා සද්දං වා රසං වා ඵොට්ඨබ්බං වා උපසංහරති භායෙය්ය වා සො න වා භායෙය්ය ආපත්ති දුක්කටස්ස. චොරකන්තාරං වා වාලකන්තාරං වා පිසාචකන්තාරං වා ආචික්ඛති භායෙය්ය වා සො න වා භායෙය්ය ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅනුපසපනක්හු බියගන්වනු කැමැත්තේ රූපයක් හෝ ශබ්දයක් හෝ ගන්‍ධයක් හෝ රසයක් හෝ ස්ප්‍රෂ්ටව්‍යයක් හෝ එළවයි. හේ බිය වේ නම් හෝ නො බිය වේ නම් හෝ දුකුළා ඇවැත් වෙයි. සොරකතරක් හෝ වල්කතරක් හෝ නොමිනිස් කතරක් හෝ කියා ද හේ බිය වේ නම් හෝ නො බිය වේ නම් හෝ දුකුළා ඇවැත් වේ.