Pācittiya

Expiation Rules

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 1001-1100 න් 4249

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTන සයනිඝරෙ සයනිඝරසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. න සයනිඝරෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. න සයනිඝරෙ න සයනිඝරසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTනො යහන්ගෙයි යහන්ගෙයෙකැ යන සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො යහන්ගෙයි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො යහන්ගෙයි නො යහන්ගෙයෙකැ යන සන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: මහල්ලකෙ ඝරෙ පිට්ඨසඞ්ඝාටස්ස හත්ථපාසං අවිජහිත්වා නිසීදති, ඛුද්දකෙ ඝරෙ පිට්ඨිවංසං අනතික්කමිත්වා නිසීදති, භික්ඛු දුතියො හොති උභො නික්ඛන්තා හොන්ති, උභො වීතරාගා න සයනිඝරෙ, උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTමහත් යහන්ගෙයි දොරබාවෙහි අත්පස නො හැරපියා හිඳී නම්, කුඩා යහන්ගෙයි ගෙමැද නො ඉක්මවා හිඳී නම්, මහණක්හු දෙවැනි කොට ඇතියේ වේ නම්, දෙදෙන නික්මුණාහු වෙත් නම්, දෙදෙන පහකළ රාගඇතියෝ නම්, නො යහන්ගෙයි නම්, ඇවැත්නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTසභොජන සික්ඛාපදං තතියං.
Sinhala BJTතෙවැනි සභෝජන ශික්‍ෂාපදයි.
Pali BJT6. 5. 4.
Sinhala BJT6. 5. 4.
Pali BJTපඨමරහොනිසජ්ජ සික්ඛාපදං
Sinhala BJTපඨමරහෝනිසජ්ජ ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා උපනන්දො සක්යපුත්තො සහායස්ස{1} ඝරං ගන්ත්වා තස්ස පජාපතියා සද්ධිං රහො පටිච්ඡන්නෙ ආසනෙ නිසජ්ජං කප්පෙසි{2}. අථ ඛො සො පුරිසො උජ්ඣායති ඛීයති විපාචෙති. “කථං හි නාම අය්යො උපනන්දො මය්හං පජාපතියා සද්ධිං රහො පටිච්ඡන්නෙ ආසනෙ නිසජ්ජං කප්පෙස්සතී”ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ අනේපිඬු සිටුහු ගේ ජේතවන නම් අරම්හි වැඩ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර යහළුවාගේ ගෙට ගොස් ඔහුගේ ඇඹේණිය සමඟ නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ හුන්නේ යැ. එකල්හි ඒ පුරුෂ තෙමේ ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි. “කෙසේ නම් ආර්‍ය්‍ය උපනන්‍ද මාගේ ඇඹේණිය සමග නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ හිඳීම කරන්නේ” දැයි.
Pali BJT2. අස්සොසුං ඛො භික්ඛූ තස්ස පුරිසස්ස උජ්ඣායන්තස්ස ඛීයන්තස්ස විපාචෙන්තස්ස. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. “කථං හි නාම ආයස්මා උපනන්දො සක්යපුත්තො මාතුගාමෙන සද්ධිං රහො පටිච්ඡන්නෙ ආසනෙ නිසජ්ජං කප්පෙස්සතී”ති -පෙ- සච්චං කිර ත්වං උපනන්ද මාතුගාමෙන සද්ධිං රහො පටිච්ඡන්නෙ ආසනෙ නිසජ්ජං කප්පෙසීති. සච්චං, භගවා, විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම ත්වං මොඝපුරිස මාතුගාමෙන සද්ධිං රහො පටිච්ඡන්නෙ ආසනෙ නිසජ්ජං කප්පෙස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ.
Sinhala BJT2. භික්‍ෂූහු ලමුකොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ පුරුෂයාගේ (අකීර්තිශබ්දය) ඇසූහු. යම් ඒ භික්‍ෂූ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර මාගමක සමග නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ හිඳීම කෙළේ” දැයි .... “සැබෑ ද උපනන්‍දයෙනි, තෙපි මාගමක සමග නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ නිසද්‍යා කළවු දැයි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂය! තෙපි මාගමක සමග නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ හුන්නහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද වනාහි මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJTයො පන භික්ඛු මාතුගාමෙන සද්ධිං රහො පටිච්ඡන්නෙ ආසනෙ නිසජ්ජං කප්පෙය්ය පාචිත්තියන්ති.
Sinhala BJTයම් මහණෙක් මාගමක සමග නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ නිසද්‍යා කරන්නේ නම් පචිති වේ යයි.
Pali BJT3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT3. යො පන: යම් යම්බඳු ... භික්ඛු: ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTමාතුගාමො නාම: මනුස්සිත්ථි න යක්ඛී න පෙතී න තිරච්ඡානගතා අන්තමසො තදහුජාතාපි දාරිකා පගෙව මහත්තරී.
Sinhala BJTමාතුගාම නම්: මිනිස්මාගම යි. යකිනි නො වෙයි. ප්‍රේතී නො වෙයි. තිරිසන්ගිය මාගම නො වෙයි. යටත් පිරිසෙයින් එදවස උපන්නා වූ ද දැරිය යි. වැඩිහිටියක ගැන කියනුම කවරේ ද?
Pali BJTසද්ධින්ති: එකතො.
Sinhala BJTසද්ධිං: එක්වැ;
Pali BJTරහො නාම: චක්ඛුස්ස රහො සොතස්ස රහො. චක්ඛුස්සරහො නාම: න සක්කා හොති. අක්ඛිං වා නිඛණීයමානෙ භමුකං වා උක්ඛිපීයමානෙ සීසං වා උක්ඛිපීයමානෙ පස්සිතුං. සොතස්ස රහො නාම: න සක්කා හොති පකති කථා සොතුං.
Sinhala BJTරහෝ නම්: ඇසට නො හමු යැ, කනට නො හමු යැ, ඇසට නො හමුව නම්; ඇස හෝ කසනු ලබන කල්හි බැම හෝ නඟනු ලබන කල්හි හිස හෝ ඔසවනු ලබන කල්හි බලන්නට නො හැකි වෙයි. කනට නො හමුව නම්; පියවිබස් අසන්නට නො හැකි වෙයි.
Pali BJTපටිච්ඡන්නං නාම: ආසනං කුඩ්ඩෙන{1} වා කවාටෙන වා කිලඤ්ජෙන වා සාණිපාකාරෙන වා රුක්ඛෙන වා ථම්භෙන වා කොත්ථලියා{2} වා, යෙන කෙනචි පටිච්ඡන්නං හොති.
Sinhala BJTපටිච්ඡන්න නම්: අසුන භිත්තියෙන් හෝ කවුළුයෙන් දොපියනින් හෝ කළාල යෙන් හෝ කඩතුරායෙන් හෝ රුකින් හෝ ටැඹෙන් හෝ කොතැලියෙන් හෝ යම් කිසිවෙකින් පිළිසන් වූයේ වෙයි.
Pali BJTනිසජ්ජං කප්පෙය්යාති: මාතුගාමෙ නිසින්නෙ භික්ඛු උපනිසින්නො වා හොති උපනිපන්නො වා ආපත්ති පාචිත්තියස්ස. භික්ඛු නිසින්නෙ මාතුගාමො උපනිසින්නො වා හොති උපනිපන්නො වා ආපත්ති පාචිත්තියස්ස. උභො වා නිසින්නා හොන්ති උභො වා නිපන්නා ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTනිසජ්ජං කප්පෙය්‍ය: මාගම හුන් කල්හි මහණ වෙතැ හුන්නේ හෝ වෙතැ හොත්තේ හෝ වේ නම් පචිති ඇවැත් වෙයි. මහණ හුන් කල්හි මාගම වෙතැ හුන්නේ හෝ වෙතැ හොත්තේ හෝ වේ නම් පචිති ඇවැත් වෙයි. දෙදෙන මැ හුන්නාහු වෙත් නම් හෝ දෙදෙන මැ හොත්තාහු වෙත් නම් හෝ පචිති ඇවැත් වේ.
Pali BJTමාතුගාමෙ මාතුගාමසඤ්ඤී රහො පටිච්ඡන්නෙ ආසනෙ නිසජ්ජං කප්පෙති ආපත්ති පාචිත්තියස්ස. මාතුගාමෙ වෙමතිකො රහො පටිච්ඡන්නෙ ආසනෙ නිසජ්ජං කප්පෙති ආපත්ති පාචිත්තියස්ස. මාතුගාමෙ අමාතුගාමසඤ්ඤී රහො පටිච්ඡන්නෙ ආසනෙ නිසජ්ජං කප්පෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTමාගම කෙරෙහි මාගමක යන සන් ඇතියේ නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ හිඳී නම් පචිති ඇවැත් වෙයි. මාගම කෙරෙහි විමති ඇතියේ නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ හිඳී නම් පචිති ඇවැත් වෙයි. මාගම කෙරෙහි නො මාගමකයන සන් ඇතියේ නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ නිසද්‍යා කෙරේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTයක්ඛියා වා පෙතියා වා පණ්ඩකෙන වා තිරච්ඡානගත{1} මනුස්සවිග්ගහිත්ථියා වා සද්ධිං රහො පටිච්ඡන්නෙ ආසනෙ නිසජ්ජං කප්පෙති, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTයකින්නක සමග හෝ ප්‍රේතියක සමග හෝ පණ්ඩකයක්හු සමඟ හෝ තිරිසන්ගිය මිනිස්සිරිරි දරන ඉතිරියක සමඟ හෝ නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ නිසද්‍යා කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅමාතුගාමෙ මාතුගාමසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අමාතුගාමෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අමාතුගාමෙ අමාතුගාමසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTනො මාගම කෙරෙහි මාගමක යන සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නොමාගම කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නොමාගම කෙරෙහි නොමාගමක යන සන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: යො කොචි විඤ්ඤූපුරිසො දුතියො හොති තිට්ඨති න නිසීදති, අරහොපෙක්ඛො අඤ්ඤවිහිතො නිසීදති, උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTයම් කිසිදු දැනුමැති පිරිමි දෙවැන්නෙක් වේ නම්, සිටී නම් නො හිඳී නම්, නොරඹුරෙහි, ලෝකාස්වාදරති නැතියේ නම්, අනෙකක් කරනුයේ හිඳී නම් ඇවැත් නැති උම්මත්තකය හට ආදිකම්මිකය හට ඇවැත් නැති.
Pali BJTපඨමරහොනිසජ්ජ සික්ඛාපදං{2} චතුත්ථං.
Sinhala BJTසිව්වැනි පඨමරහෝනිසජ්ජ ශික්‍ෂාපද යි.
Pali BJT6. 5. 5.
Sinhala BJT6. 5. 5.
Pali BJTදුතිය රහොනිසජ්ජ සික්ඛාපදං.
Sinhala BJTදුතියරහෝ නිසජ්ජ ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා උපනන්දො සක්යපුත්තො සහායකස්ස ඝරං ගන්ත්වා තස්ස පජාපතියා සද්ධිං එකො එකාය රහො නිසජ්ජං කප්පෙසි. අථ ඛො සො පුරිසො උජ්ඣායති ඛීයති විපාචෙති. “කථං හි නාම අය්යො උපනන්දො මය්හං පජාපතියා සද්ධිං එකො එකාය රහො නිසජ්ජං කප්පෙස්සතී”ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර එකලා වූයේ යහළුවාගේ ගෙට ගොස් ඔහුගේ එකලා වූ ඇඹේණිය සමඟ නොරඹුරෙහි නිසද්‍යා කෙළේ යැ. එකල්හි ඒ පුරුෂ තෙමේ ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි: “කෙසේ නම් ආර්‍ය උපනන්‍ද එකලා වූයේ මාගේ එකලා වූ ඇඹේණිය සමග නොරඹුරෙහි නිසද්‍යා කෙළේ” දැයි.
Pali BJT2. අස්සොසුං ඛො භික්ඛූ තස්ස පුරිසස්ස උජ්ඣායන්තස්ස ඛීයන්තස්ස විපාචෙන්තස්ස. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම ආයස්මා උපනන්දො සක්යපුත්තො මාතුගාමෙන සද්ධිං එකො එකාය රහො නිසජ්ජං කප්පෙස්සතීති. -පෙ- සච්චං කිර ත්වං උපනන්ද මාතුගාමෙන සද්ධිං එකොඑකාය රහො නිසජ්ජං කප්පෙසීති. සච්චං භගවා, විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම ත්වං මොඝපුරිස මාතුගාමෙන සද්ධිං එකො එකාය රහො නිසජ්ජං කප්පෙස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පාසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ.
Sinhala BJT2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ පුරුෂයාගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහ. යම් භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර එකලා වූයේ එකලා වූ මාගමක සමග නොරඹුරෙහි නිසද්‍යා කෙළේ” දැයි ... “සැබෑ ද උපනන්‍දයෙනි, තෙපි එකලා වැ එකලා වූ මාගමක සමග නොරඹුරෙහි නිසද්‍යා කළහු දැයි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ සේක ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි එකලා වැ එකලා වූ මාගමක සමඟ නොරඹුරෙහි නිසද්‍යා කළහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන් ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු.
Pali BJTයො පන භික්ඛු මාතුගාමෙන සද්ධිං එකො එකාය රහො නිසජ්ජං කප්පෙය්ය පාචිත්තියන්ති.
Sinhala BJTයම් මහණෙක් එකලා වූයේ එකලා වූ මාගමක සමග නොරඹුරෙහි නිසද්‍යා කරන්නේ නම් පචිති වේ යැයි.
Pali BJT3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT3. යො පන: යම් යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTමාතුගාමො නාම: මනුස්සිත්ථි න යක්ඛී න පෙතී න තිරච්ඡානගතා විඤ්ඤූ පටිබලා සුභාසිතදුබ්භාසිතං දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආජානිතුං.
Sinhala BJTමාතුගාම නම්: මිනිස්මාගම යි, යකිනි නො වෙයි, ප්‍රේතී නො වෙයි, තිරිසන්ගිය මාගම නො වෙයි. සුබැසි දුබැසි දුළුල් නො දුළුල් තෙපුල් දන්නට ප්‍රතිබල දැනුමැත්තී යි.
Pali BJTසද්ධින්ති: එකතො.
Sinhala BJTසද්ධිං: එක් වැ
Pali BJTඑකො එකායාති: භික්ඛු චෙව හොති මාතුගාමො ච.
Sinhala BJTඒකෝ ඒකාය: මහණ ද වෙයි, මාගම ද වෙයි.
Pali BJTරහො නාම: චක්ඛුස්ස රහො සොතස්ස රහො චක්ඛුස්ස රහො නාම: න සක්කා හොති අක්ඛිං වා නිඛණීයමානෙ භමුකං වා උක්ඛිපීයමානෙ සීසං වා උක්ඛිපීයමානෙ පස්සිතුං. සොතස්සරහො නාම: න සක්කා හොති පකති කථා සොතුං.
Sinhala BJTරහෝ නම්: ඇසට නො හමු යැ, කනට නො හමු යැ, ඇසට නො හමුව නම්: ඇස හෝ කසනු ලබන කල්හි බැම හෝ නඟනු ලබන කල්හි හිස හෝ ඔසවනු ලබන කල්හි බලන්නට නො හැකි වෙයි. කනට නො හමුව නම්: පියවිබස් අසන්නට නො හැකි වෙයි.
Pali BJTනිසජ්ජං කප්පෙය්යාති: මාතුගාමෙ නිසින්නෙ භික්ඛු උපනිසින්නො වා හොති උපනිපන්නො වා ආපත්ති පාචිත්තියස්ස. භික්ඛු නිසින්නෙ මාතුගාමො උපනිසින්නො වා හොති උපනිපන්නො වා ආපත්ති පාචිත්තියස්ස. උභො වා නිසින්නා හොන්ති උභො වා නිපන්නා, ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTනිසජ්ජං කප්පෙය්‍ය: මාගම හුන් කල්හි මහණ වෙතැ හුන්නේ හෝ වෙතැ හොත්තේ හෝ වේ නම් පචිති ඇවැත් වෙයි. මහණ හුන් කල්හි මාගම වෙතැ හුන්නී හෝ වෙතැ හොත්තී හෝ වේ නම් පචිති ඇවැත් වෙයි. දෙදෙන මැ හුන්නා හු හෝ දෙදෙන මැ හොත්තාහු හෝ වෙත් නම් පචිති ඇවැත් වේ.
Pali BJTමාතුගාමෙ මාතුගාමසඤ්ඤී එකො එකාය රහො නිසජ්ජං කප්පෙති ආපත්ති පාචිත්තියස්ස. මාතුගාමෙ වෙමතිකො එකො එකාය රහො නිසජ්ජං කප්පෙති ආපත්ති පාචිත්තියස්ස. මාතුගාමෙ අමාතුගාමසඤ්ඤී එකො එකාය රහො නිසජ්ජං කප්පෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTමාගමකෙරෙහි මාගමක යන සන් ඇතියේ එකලා වූයේ එකලා වූවක සමඟ නොරඹුරෙහි හිඳී නම් පචිති ඇවැත් වෙයි. මාගම කෙරෙහි විමති ඇතියේ එකලා වූයේ එකලා වූවක සමග නොරඹුරෙහි හිඳී නම් පචිති ඇවැත් වෙයි. මාගමක කෙරෙහි නොමාගම් සන් ඇතියේ එකලා වූයේ එකලා වූවක සමඟ නොරඹුරෙහි හිඳීම කෙරේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTයක්ඛියා වා පෙතියා වා පණ්ඩකෙන වා තිරච්ඡානගතමනුස්සවිග්ගහිත්ථියා වා සද්ධිං එකො එකාය රහො නිසජ්ජං කප්පෙති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඑකලා වූයේ එකලා වූ යකින්නක හෝ ප්‍රේතියක හෝ පණ්ඩකයක්හු හෝ තිරිසන්ගිය මිනිස් සිරිරි දරන ඉතිරියක හෝ සමඟ නොරඹුරෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅමාතුගාමෙ මාතුගාමසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අමාතුගාමෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අමාතුගාමෙ අමාතුගාමසඤ්ඤී, අනාපත්ති.
Sinhala BJTනොමාගම කෙරෙහි මාගමක යන සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නොමාගම කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො මාගම කෙරෙහි නොමාගමක යන සන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: යො කොචි විඤ්ඤූ පුරිසො දුතියො හොති තිට්ඨති න නිසීදති අරහො පෙක්ඛො අඤ්ඤවිහිතො නිසීදති. උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTයම් කිසිදු දැනුමැති පිරිමි දෙවැන්නෙක් වේ නම්, සිටී නම්, නො හිඳී නම්, නොරඹුරෙහි, ලෝකාස්වාදරතියක් නැතියේ නම්, අනෙකක් කරනුයේ හිඳී නම් ඇවැත් නැත. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTදුතිය රහොනිසජ්ජ සික්ඛාපදං පඤ්චමං.
Sinhala BJTපස්වැනි දුතිය රහෝනිසජ්ජ ශික්‍ෂාපද යි.
Pali BJT6. 5. 6.
Sinhala BJT6. 5. 6.
Pali BJTචාරිත්ත සික්ඛාපදං.
Sinhala BJTචාරිත්ත ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මතො උපනන්දස්ස සක්යපුත්තස්ස උපට්ඨාකකුලං ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං භත්තෙන නිමන්තෙසි. අඤ්ඤෙපි භික්ඛූ භත්තෙන නිමන්තෙසි, තෙන ඛො පන සමයෙන ආයස්මා උපනන්දො සක්යපුත්තො පුරෙභත්තං කුලානි පයිරුපාසති. අථ ඛො තෙ භික්ඛූ තෙ මනුස්සෙ එතදවොචුං; “දෙථාවුසො භත්ත”න්ති. ආගමෙථ භන්තෙ යාව අය්යො උපනන්දො ආගච්ඡතීති, දුතියම්පි ඛො තෙ භික්ඛූ -පෙ- තතියම්පි ඛො තෙ භික්ඛූ තෙ මනුස්සෙ එතදවොචුං: “දෙථාවුසො භත්තං පුරෙ කාලො අතික්කමතී”ති. යම්පි මයං භන්තෙ භත්තං කරිම්හා අය්යස්ස උපනන්දස්ස කාරණා ආගමෙථ භන්තෙ යාව අය්යො උපනන්දො ආගච්ඡතීති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහ නුවරැ කලන්‍දක නිවාප නම් වූ වේළුවනයෙහි වැඩැ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයාගේ උපස්ථායක කුලය ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයහට බතින් පැවැරී යැ. අන්‍ය භික්‍ෂූනුදු බතින් පැවැරී යැ. එසමයෙහි වනාහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර පෙරබත්හි කුලයන් ඇසිරි කෙරෙයි. එකල්හි ඒ භික්‍ෂූහු ඒ මිනිසුනට මෙය කීහු; ‘ඇවැත්නි, බත් දෙව’ යි. ස්වාමීනි, ආර්‍ය්‍ය උපනන්‍ද වහන්දැ පැමිණෙන තාක් පොරොත්තු වනු මැනැවැ යි. දෙවන වට දු ඒ භික්‍ෂූහු ... තෙවන වට දු ඒ භික්‍ෂූහු ඒ මිනිසුනට මෙය කීහු. “ඇවැත්නි! බත් දෙවු, පෙරවරු ඉක්මැ යේ යැ යි ස්වාමීනි, ඇපි යම් හෙයෙකින් ආර්‍ය්‍ය උපනන්‍ද හිමිහු කරුණු කොට ගෙන බත කළමෝ ද? එහෙයින් ආර්‍ය්‍ය උපනන්‍ද වහන්දැ පැමිණෙන තාක් වහන්ස, පොරොත්තුවනු මැනැවැයි.
Pali BJT2. අථ ඛො ආයස්මා උපනන්දො සක්යපුත්තො පුරෙභත්තං කුලානි පයිරුපාසිත්වා දිවා ආගඤ්ඡි{1}. භික්ඛූ න චිත්තරූපං භුඤ්ජිංසු. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. කථං හි නාම ආයස්මා උපනන්දො සක්යපුත්තො නිමන්තිතො සභත්තො සමානො පුරෙභත්තං කුලෙසු චාරිත්තං ආපජ්ජිස්සතීති -පෙ- සච්චං කිර ත්වං උපනන්ද නිමන්තිතො සභත්තො සමානො පුරෙභත්තං කුලෙසු චාරිත්තං ආපජ්ජසීති. සච්චං භගවා විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම ත්වං මොඝපුරිස නිමන්තිතො සභත්තො සමානො පුරෙභත්තං කුලෙසු චාරිත්තං ආපජ්ජිස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ.
Sinhala BJT2. ඉක්බිති ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර පෙරබත්හි කුලයන් ඇසිරි කොට දහවල්හි පැමිණියේ යැ. භික්‍ෂූහු සිත්සේ නො වැළඳූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්; “කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර නිමතන ලදුයේ බොජුන් සහිත වූයේ මැ පෙරබත්හි කුලයන්හි හැසිරීමට පැමිණියේ” දැ යි ... සැබෑද උපනන්‍දයෙනි, තෙපි නිමතන ලදුයෙහි බොජුන් සහිත වූයෙහි මැ පෙරබත්හි කුලයන්හි හැසිරීමට පැමිණියෙහි දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ සේක ... කෙසේ නම් හිස් පුරුෂය! තෙපි නිමතන ලදුයෙහි බොජුන් සහිත වූයෙහි මැ පෙරබත්හි කුලයන්හි හැසිරීමට පැමිණියෙහි ද? හිස් පුරුෂය! මෙය අප්‍රසන්නගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි! මේ සිකපදය උදෙසවු.
Pali BJTයො පන භික්ඛු නිමන්තිතො සභත්තො සමානො පුරෙභත්තං කුලෙසු චාරිත්තං ආපජ්ජෙය්ය පාචිත්තියන්ති.
Sinhala BJTයම් මහණෙක් පවරන ලදුයේ බොජුන් සහිත වූයේ මැ පෙරබත්හි කුලයන්හි හැසිරීමට පැමිණෙන්නේ නම් පචිති වේ ය යි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේත් භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT3. තෙන ඛො පන සමයෙන ආයස්මතො උපනන්දස්ස සක්යපුත්තස්ස උපට්ඨාකකුලං සඞ්ඝස්ස අත්ථාය ඛාදනීයං පාහෙසි. “අය්යස්ස උපනන්දස්ස දස්සෙත්වා සඞ්ඝස්ස දාතබ්බ”න්ති. තෙන ඛො පන සමයෙන ආයස්මා උපනන්දො සක්යපුත්තො ගාමං පිණ්ඩාය පවිට්ඨො හොති. අථ ඛො තෙ මනුස්සා ආරාමං ගන්ත්වා භික්ඛූ පුච්ඡිංසු:– “කහං භන්තෙ අය්යො උපනන්දො”ති. එසාවුසො ආයස්මා උපනන්දො සක්යපුත්තො ගාමං පිණ්ඩාය පවිට්ඨොති. ඉදං, භන්තෙ ඛාදනීයං අය්යස්ස උපනන්දස්ස දස්සෙත්වා සඞ්ඝස්ස දාතබ්බන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං{2} තෙන හි භික්ඛවෙ පටිග්ගහෙත්වා නික්ඛිපථ යාව උපනන්දො ආගච්ඡතීති.
Sinhala BJT3. එසමයෙහි වනාහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයාගේ උපස්ථායකකුලයෙක් සඞ්ඝයාගේ ප්‍රයෝජනය පිණිස “ආර්‍ය්‍ය උපනන්‍ද තෙරුනට දක්වා සඟනට දියයුතු” යැයි කෑ යුතු දැය එවී යැ. එසමයෙහි වනාහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර ගමට පිඬු පිණිස පිවිසියේ වෙයි. එකල්හි ඒ මිනිස්සු ආරාමයට ගොස් “ස්වාමීනි, ආර්‍ය්‍ය උපනන්‍ද වහන්දැ කොහි” දැයි මහණුන් පිළිවිසියහ. ඇවැත්නි, තෙලෙ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර ගමට පිඬු පිණිස පිවිසියේ යි. ස්වාමීනි, මේ කෑයුතු දැය ආර්‍ය්‍ය උපනන්‍ද වහන්දෑහට දක්වා සඟනට දිය යුතු යි. තෙල කරුණ භාග්‍යවතුන්හට දැන්වූහ. එසේ නම් මහණෙනි, උපනන්‍ද පැමිණෙන තුරු පිළිගෙන තැන්පත් කොට තබවු.
Pali BJT4. අථ ඛො ආයස්මා උපනන්දො සක්යපුත්තො භගවතා පටික්ඛිත්තං පුරෙභත්තං කුලෙසු චාරිත්තං ආපජ්ජිතුන්ති. පච්ඡාභත්තං කුලානි පයිරුපාසිත්වා දිවා පක්කාමි, ඛාදනීයං උස්සාදියිත්ථ{1}. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: කථං හි නාම ආයස්මා උපනන්දො සක්යපුත්තො පච්ඡාභත්තං කුලෙසු චාරිත්තං ආපජ්ජිස්සතීති -පෙ- සච්චං කිර ත්වං උපනන්ද පච්ඡාභත්තං කුලෙසු චාරිත්තං ආපජ්ජසීති. සච්චං භගවා, විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම ත්වං මොඝපුරිස පච්ඡාභත්තං කුලෙසු චාරිත්තං ආපජ්ජිස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ.
Sinhala BJT4. ඉක්බිති ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර පෙරබත්හි කුලයන්හි හැසිරීම භාග්‍යවතුන් විසින් ප්‍රතික්‍ෂේප කරණ ලදැ යි පසුබත්හි කුලයන් ඇසිරි කොට දහවල්හි පෙරළා පැමිණියේ යි. කෑ යුතු දැය පෙරළා ගෙනැ ගියහ. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර පසුබත්හි කුලයන්හි හැසිරීමට පැමිණියේ” දැ යි ... සැබෑද උපනන්‍ද, තෙපි පසුබත්හි කුලයන්හි හැසිරීමට පැමිණියවු දැ යි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස! භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය, තෝ පසුබත්හි කුලයන්හි හැසිරීමට පැමිණියෙහි ද? හිස් පුරුෂය! මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි! මේ සිකපදය උදෙසවු.
Pali BJTයො පන භික්ඛු නිමන්තිතො සභත්තො සමානො පුරෙභත්තං වා පච්ඡාභත්තං වා කුලෙසු චාරිත්තං ආපජ්ජෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJTයම් මහණෙක් නිමතන ලදුයේ බොජුන් සහිත වූයේ මැ පෙරබත්හි හෝ පසු බත්හි කුලයන්හි හැසිරීමට පැමිණේ නම් පචිති වේ යැ යි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේත් භාග්‍යවතුන් විසින් මේ සිකපදය භික්‍ෂූන්හට පනවන ලද්දේ වෙයි.
Pali BJT5. තෙන ඛො පන සමයෙන භික්ඛූ චීවරදානසමයෙ කුක්කුච්චායන්තා කුලානි න පයිරුපාසන්ති. චීවරං පරිත්තං උප්පජ්ජති. භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- අනුජානාමි භික්ඛවෙ චීවරදානසමයෙ කුලානි පයිරුපාසිතුං. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ.
Sinhala BJT5. එසමයෙහි භික්‍ෂූහු සිවුරු දෙන සමයෙහි කුකුස් කරන්නාහු කුලයන් ඇසිරි නො කෙරෙති. මඳ සිවුරෙක් උපදී. තෙල කරුණ භාග්‍යවතුන්හට දැන්වූහ ... “මහණෙනි! සිවුරු දෙන සමයෙහි කුලයන් ඇසිරි කරන්නට අනුදනිමි.” මෙසේ ද මහණෙනි! මේ සිකපදය උදෙසවු.
Pali BJTයො පන භික්ඛු නිමන්තිතො සභත්තො සමානො පුරෙභත්තං වා පච්ඡාභත්තං වා කුලෙසු චාරිත්තං ආපජ්ජෙය්ය අඤ්ඤත්ර සමයා පාචිත්තියං. තත්ථායං සමයො චීවරදානසමයො අයං තත්ථ සමයොති.
Sinhala BJTයම් මහණෙක් නිමන්ත්‍රණ ලදුයේ බොජුන් සහිත වූයේ මැ සුදුසු සමය තබා පෙරබත්හි හෝ පසුබත්හි කුලයන්හි හැසිරීමට පැමිණේ නම් පචිති වේ. එහි මේ සුදුසු සමය යි, සිවුරු දෙන සමය යැ, මේ එහි සුදුසු සමය යි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේ භාග්‍යවතුන් විසින් මේ සිකපදය භික්‍ෂූන්හට පනවන ලද්දේ වෙයි.
Pali BJT6. තෙන ඛො පන සමයෙන භික්ඛූ චීවරකම්මං කරොන්ති. අත්ථො ච හොති සූචියාපි සුත්තෙනපි සත්ථකෙනපි. භික්ඛූ කුක්කුච්චායන්තා කුලානි න පයිරුපාසන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- අනුජානාමි භික්ඛවෙ චීවරකාරසමයෙ කුලානි පයිරුපාසිතුං. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ.
Sinhala BJT6. එසමයෙහි භික්‍ෂූහු සිවුරුකම් කෙරෙති. හිදියෙනුදු හුයෙනුදු සැතිනුදු ප්‍රයෝජන වෙයි. භික්‍ෂූහු කුකුසනුවෝ කුලයන් ඇසිරි නො කෙරෙති. තෙල කරුණ භාග්‍යවතුන්හට දැන්වූහ ... “මහණෙනි! සිවුරු කරන සමයෙහි කුලයන් ඇසිරි කරන්නට අනුදනිමි.” මෙසේ ද මහණෙනි! මේ සිකපදය උදෙසවු.
Pali BJTයො පන භික්ඛු නිමන්තිතො සභත්තො සමානො පුරෙභත්තං වා පච්ඡාභත්තං වා කුලෙසු චාරිත්තං ආපජ්ජෙය්ය අඤ්ඤත්ර සමයා පාචිත්තියං තත්ථායං සමයො චීවරදානසමයො, චීවරකාරසමයො අයං තත්ථ සමයොති.
Sinhala BJTයම් මහණෙක් නිමන්ත්‍රණ ලදුයේ බොජුන් සහිත වූයේ මැ සුදුසු සමය තබා පෙර බත්හි හෝ පසුබත්හි කුලයන්හි හැසිරීමට පැමිණේ නම් පචිති වේ. එහි මේ සුදුසු සමය යි. සිවුරු දෙන සමය යැ සිවුරු කරන සමය යැ. මේ එහි සුදුසු සමය යි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේත් භාග්‍යවතුන් විසින් මේ සිකපදය භික්‍ෂූන්හට පනවන ලද්දේ වෙයි.
Pali BJT7. තෙන ඛො පන සමයෙන භික්ඛූ ගිලානා හොන්ති අත්ථො ච හොති භෙසජ්ජෙහි. භික්ඛූ කුක්කුච්චායන්තා කුලානි න පයිරුපාසන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- අනුජානාමි භික්ඛවෙ සන්තං භික්ඛුං ආපුච්ඡා කුලානි පයිරුපාසිතුං. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ.
Sinhala BJT7. එසමයෙහි වනාහි භික්‍ෂූහු ගිලන්වූවෝ වෙති. බෙහෙදින් ප්‍රයෝජන වෙයි. භික්‍ෂූහු කුකුස්කරනුවෝ කුලයන් ඇසිරි නො කෙරෙති. තෙල කරුණ භාග්‍යවතුන් හට දැන්වූහ ... “මහණෙනි, ඇති මහණක්හු පිළිවිසැ කුලයන් ඇසිරි කරන්නට අනුදනිමි.” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු.
Pali BJTයො පන භික්ඛු නිමන්තිතො සභත්තො සමානො සන්තං භික්ඛුං අනාපුච්ඡා පුරෙභත්තං වා පච්ඡාභත්තං වා කුලෙසු චාරිත්තං ආපජ්ජෙය්ය, අඤ්ඤත්ර සමයා, පාචිත්තියං, තත්ථායං සමයො: චීවරදානසමයො චීවරකාරසමයො, අයං තත්ථ සමයොති.
Sinhala BJTයම් මහණෙක් නිමතන ලදුයේ බොජුන් සහිත වූයේ මැ සුදුසු සමය තබා ඇති මහණක්හු නො පිළිවිසැ පෙරබත්හි හෝ පසුබත්හි හෝ කුලයන්හි හැසිරීමට පැමිණේ නම් පචිති වේ. එහි මේ සුදුසු සමය යි: සිවුරු දෙන සමය යැ සිවුරු කරන සමය යැ, මේ එහි සුදුසු සමය යි.
Pali BJT8. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT8. යො පන: යම් යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTනිමන්තිතො නාම: පඤ්චන්නං භොජනානං අඤ්ඤතරෙන භොජනෙන නිමන්තිතො.
Sinhala BJTනිමන්තිත නම්: පස් බොජුනෙන් එක්තරා බොජුනෙකින් නිමතන ලදුයේ;
Pali BJTසභත්තො නාම: යෙන නිමන්තිතො තෙන සභත්තො.
Sinhala BJTසහත්ත නම්: යමෙකින් නිමන්තන ලදුයේ නම් එයින් බොජුන් සහිත වූයේ;
Pali BJTසන්තං නාම: භික්ඛුං සක්කා හොති ආපුච්ඡා පවිසිතුං. අසන්තං නාම භික්ඛුං න සක්කා හොති ආපුච්ඡා පවිසිතුං.
Sinhala BJTසන්ත භික්ඛු නම්: පිළිවිසැ පිවිසෙන්නට හැකියේ වෙයි. අසන්ත භික්ඛු නම්: පිළිවිසැ පිවිසෙන්නට නො හැකියේ වෙයි.
Pali BJTපුරෙභත්තං නාම: යෙන නිමන්තිතො තං අභුත්තාවී.
Sinhala BJTපුරේභත්ත නම්: යමකින් නිමන්ත්‍රණ කරන ලදුයේ නම් එය නො වැළඳූයේ,
Pali BJTපච්ඡාභත්තං නාම: යෙන නිමන්තිතො තං අන්තමසො අරුණුග්ගමනෙපි{1} භුත්තං හොති.
Sinhala BJTපචඡාභත්ත නම්: යමකින් නිමන්ත්‍රණ කරන ලදුයේ නම් යටත් පිරිසෙයින් අරුණ නැඟීමෙහිදු වළඳන ලදුයේ වෙයි.
Pali BJTකුලං නාම: චත්තාරි කුලානි ඛත්තියකුලං බ්රාහ්මණකුලං වෙස්සකුලං සුද්දකුලං.
Sinhala BJTකුල නම්: ක්‍ෂත්‍රියකුල යැ බ්‍රාහ්මණකුල යැ වෛශ්‍යකුල යැ ශුද්‍ර කුල යැයි කුල සතරෙකි.
Pali BJTකුලෙසු චාරිත්තං ආපජ්ජෙය්යාති: අඤ්ඤස්ස ඝරූපචාරං ඔක්කමන්තස්ස ආපත්ති දුක්කටස්ස. පඨමං පාදං උම්මාරං අතික්කාමෙති ආපත්ති දුක්කටස්ස. දුතියං පාදං අතික්කාමෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTකුලෙසු චාරිත්තං ආපජ්ජෙය්‍ය යනු: අනෙකක්හුගේ ගෘහොපචාරයට බස්නාහට දුකුළා ඇවැත් වෙයි. පළමු පය එළිපත ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි. දෙවන පය ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅඤ්ඤත්ර සමයාති: ඨපෙත්වා සමයං.
Sinhala BJTඅඤ්ඤත්‍ර සමයා; සුදුසු සමය තබා,
Pali BJTචීවරදානසමයො නාම: අනත්ථතෙ කඨිනෙ වස්සානස්ස පච්ඡිමො මාසො. අත්ථතෙ කඨිනෙ පඤ්චමාසා.
Sinhala BJTචීවරදාන සමය නම්: කෙළින් නො අතුළ කල්හි වසන්හි පැසුළු මස යි, කෙළින් අතුළ කල්හි පස් මස යි.
Pali BJTචීවරකාරසමයො නාම: චීවරෙ කයිරමානෙ.
Sinhala BJTචීවරකාර සමය නම්: සිවුරක් කරනු ලබන කල්හි.
Pali BJTනිමන්තිතෙ නිමන්තිතසඤ්ඤී සන්තං භික්ඛුං අනාපුච්ඡා පුරෙභත්තං වා පච්ඡාභත්තං වා කුලෙසු චාරිත්තං ආපජ්ජති, අඤ්ඤත්ර සමයා ආපත්ති පාචිත්තියස්ස. නිමන්තිතෙ වෙමතිකො සන්තං භික්ඛුං අනාපුච්ඡා පුරෙභත්තං වා පච්ඡාභත්තං වා කුලෙසු චාරිත්තං ආපජ්ජති අඤ්ඤත්ර සමයා ආපත්ති පාචිත්තියස්ස. නිමන්තිතෙ අනිමන්තිතසඤ්ඤී සන්තං භික්ඛුං අනාපුච්ඡා පුරෙභත්තං වා පච්ඡාභත්තං වා කුලෙසු චාරිත්තං ආපජ්ජති අඤ්ඤත්ර සමයා, ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTනිමතන ලදුයෙහි නිමතනලද සන් ඇතියේ විද්‍යමාන මහණක්හු නො පිළිවිසැ සුදුසු සමය තබා පෙරබත්හි හෝ පසුබත්හි හෝ කුලයන්හි හැසිරීමට පැමිණේ නම් පචිති ඇවැත් වෙයි. නිමතන ලදුයෙහි විමති ඇතියේ විද්‍යමාන මහණක්හු නො පිළිවිසැ සුදුසු සමය තබා පෙරබත්හි හෝ පසු බත්හි හෝ කුලයන්හි හැසිරීමට පැමිණේ නම් පචිති ඇවැත් වෙයි. නිමතන ලදුයෙහි නො නිමතනලද සන් ඇතියේ විද්‍යමාන මහණක්හු නො පිළිවිසැ සුදුසු සමය තබා පෙරබත්හි හෝ පසුබත්හි හෝ කුලයන්හි හැසිරීමට පැමිණේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅනිමන්තිතෙ නිමන්තිතසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අනිමන්තිතෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අනිමන්තිතෙ අනිමන්තිතසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTනො නිමතන ලදුයෙහි නිමතනලද සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො නිමතන ලදුයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො නිමතන ලදුයෙහි නො නිමතනලද සන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: සමයෙ සන්තං භික්ඛුං ආපුච්ඡා පවිසති, අසන්තං භික්ඛුං අනාපුච්ඡා පවිසති, අඤ්ඤස්ස ඝරෙන මග්ගො හොති, ඝරූපචාරෙන මග්ගො හොති, අන්තරාරාමං ගච්ඡති, භික්ඛුනූපස්සයං ගච්ඡති, තිත්ථියසෙය්යං ගච්ඡති, පටික්කමනං ගච්ඡති, භත්තියඝරං ගච්ඡති, ආපදාසු උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTසුදුසු සමයෙහි ඇති මහණක්හු පිළිවිසැ පිවිසේ නම්, නැති මහණක්හු නො පිළිවිසැ පිවිසේ නම් අනෙකක්හුගේ ගෙයින් මග වේ නම්, ගෙහි උවසරින් මග වේ නම්, අන් අරමකට යේ නම්, මෙහෙණවරකට යේ නම්, තීර්‍ත්‍ථක සෙනසුනකට යේ නම්, අසුන්හලට යේ නම්, බොජුන් දෙන ගෙට යේ නම්, ආපදාවෙහි ඇවැත් නොවේ, උම්මත්තකය හට ආදිකම්මිකය හට ඇවැත් නැති.
Pali BJTචාරිත්තසික්ඛාපදං ඡට්ඨං.
Sinhala BJTසවැනි චාරිත්තශික්‍ෂාපද යි.
Pali BJT6.5. 7.
Sinhala BJT6.5. 7.
Pali BJTමහානාමසික්ඛාපදං
Sinhala BJTමහානාම ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. තෙන ඛො පන සමයෙන මහානාමස්ස සක්කස්ස භෙසජ්ජං උස්සන්නං හොති. අථ ඛො මහානාමො සක්කො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො මහානාමො සක්කො භගවන්තං එතදවොච: “ඉච්ඡාමහං භන්තෙ සඞ්ඝං චතුමාසං{1} භෙසජ්ජෙන පවාරෙතුන්ති. සාධු සාධු මහානාම තෙන හි ත්වං මහානාම සඞ්ඝං චතුමාසං භෙසජ්ජෙන පවාරෙහීති. භික්ඛූ කුක්කුච්චායන්තා නාධිවාසෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “අනුජානාමි භික්ඛවෙ චතුමාසප්පච්චයපවාරණං{2} සාදියිතුන්ති.{3}
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු ශාක්‍යජනපදයෙහි කිඹුල්වත් නුවරැ නුගඅරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි මහානාම ශාක්‍යයනට බෙහෙත් බහුල වෙයි. එකල්හි මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වෙතැ එළැඹියේ යැ. එළැඹැ භාග්‍යවතුන් සකසා වැඳ එකත් පසෙකැ හුන්නේ යැ. එකත් පසෙකැ හුන්නා වූ මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන්හට මෙය කීයැ: “ස්වාමීනි, මම සඟනට සිවුමස මුළුල්ලෙහි බෙහෙදින් පවරන්නට කැමැත්තෙමි” යි මැනැවි මැනැවි මහානාම, එසේ නම් මහානාම තෙපි සඟනට සිවුමස මුළුල්ලෙහි බෙහෙදින් පවරව යි භික්‍ෂූහු කුකුස්ඇතියාහු නො ඉවසත්. භාග්‍යවතුන් හට තෙල කරුණ දැන්වූහ ... “මහණෙනි, සිවුමසකට ගිලන්පස පැවරීම ඉවසන්නට අනුදනිමි” යි.
Pali BJT2. තෙන ඛො පන සමයෙන භික්ඛූ මහානාමං සක්කං පරිත්තං භෙසජ්ජං විඤ්ඤාපෙන්ති. තථෙව මහානාමස්ස සක්කස්ස භෙසජ්ජං උස්සන්නං හොති. දුතියම්පි ඛො මහානාමො සක්කො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො මහානාමො සක්කො භගවන්තං එතදවොච: “ඉච්ඡාමහං භන්තෙ සඞ්ඝං අපරම්පි චතුමාසං භෙසජ්ජෙන පවාරෙතු”න්ති. “සාධු සාධු මහානාම තෙන හි ත්වං මහානාම, සඞ්ඝං අපරම්පි චතුමාසං භෙසජ්ජෙන පවාරෙහීති. භික්ඛූ කුක්කුච්චායන්තා නාධිවාසෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “අනුජානාමි භික්ඛවෙ පුන පවාරණම්පි සාදියිතු”න්ති.
Sinhala BJT2. එසමයෙහි වනාහි භික්‍ෂූහු මහානාම ශාක්‍යයන්ගේ මඳ බෙහෙදක් විනවත්. එපරිද්දෙන් මැ මහානාම ශාක්‍යයහට බෙහෙත් බහුල වෙයි. දෙවනවටදු මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වෙතැ එළැඹියේ යැ. එළැඹැ භාග්‍යවතුන් සකසා වැඳ එකත් පසෙකැ හුන්නේ යැ. එකත් පසෙකැ හුන් මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් හට මෙය කී යැ: “ස්වාමීනි, මම අනෙකුදු සිවුමසක් මුළුල්ලෙහි සඟහු බෙහෙදින් පවරන්නට කැමැත්තෙමි” යි මැනැවි මැනැවි මහානාමයෙනි! එසේ වී නම් මහානාමයෙනි, තෙපි අනෙකුදු සිවුමසක් මුළුල්ලෙහි සඟහු බෙහෙදින් පවරව යි. භික්‍ෂූහු කුකුස්කරනුවෝ නො ඉවසත්. භාග්‍යවතුන් හට තෙල කරුණු දැන්වූහ ... “මහණෙනි, වටාලා පැවරීමකුදු ඉවසන්නට අනුදනිමි” යි.
Pali BJT3. තෙන ඛො පන සමයෙන භික්ඛූ මහානාමං සක්කං පරිත්තඤ්ඤෙව භෙසජ්ජං විඤ්ඤාපෙන්ති. තථෙව මහානාමස්ස සක්කස්ස භෙසජ්ජං උස්සන්නං හොති. තතියම්පි ඛො මහානාමො සක්කො යෙන භගවා තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො මහානාමො සක්කො භගවන්තං එතදවොච: “ඉච්ඡාමහං භන්තෙ සඞ්ඝං යාවජීවං භෙසජ්ජෙන පවාරෙතු”න්ති. සාධු සාධු මහානාම තෙන හි ත්වං මහානාම සඞ්ඝං යාවජීවං භෙසජ්ජෙන පවාරෙහීති. භික්ඛූ කුක්කුච්චායන්තා නාධිවාසෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “අනුජානාමි භික්ඛවෙ නිච්චපවාරණම්පි සාදියිතු”න්ති.
Sinhala BJT3. එසමයෙහි භික්‍ෂූහු මහානාම ශාක්‍යයාගෙන් මඳ වූ ම බෙහෙත් විනවත්. එපරිද්දෙන් මැ මහානාම ශාක්‍යයහට බෙහෙත් බහුල වෙයි. තෙවනවටදු මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වෙතැ එළැඹියේ යැ. එළැඹැ භාග්‍යවතුන් සකසා වැඳ එකත් පසෙකැ හුන්නේ යැ. එකත් පසෙකැ හුන් මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් හට මෙය කී යැ: “ස්වාමීනි, මම දිවිහිමියෙන් සඟහු බෙහෙදින් පවරන්නට කැමැත්තෙමි” යි මැනැවි මැනැවි මහානාමයෙනි, එසේ වී නම් මහානාමයෙනි, තෙපි දිවිහිමියෙන් සඟහු බෙහෙදින් පවරව යි. භික්‍ෂූහු කුකුස්ඇත්තෝ නො ඉවසත්. භාග්‍යවතුන් හට තෙල කරුණ දැන්වූහ ... “මහණෙනි! නිති පැවරීම ද ඉවසන්නට අනුදනිමි” යි.
Pali BJT4. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ දුන්නිවත්ථා හොන්ති දුප්පාරුතා අනාකප්පසම්පන්නා. මහානාමො සක්කො වත්තා හොති. “කිස්ස තුම්හෙ භන්තෙ දුන්නිවත්ථා දුප්පාරුතා අනාකප්පසම්පන්නා නනු නාම පබ්බජිතෙන සුනිවත්තෙන භවිතබ්බං සුපාරුතෙන ආකප්පසම්පන්නෙනා”ති. ඡබ්බග්ගියා භික්ඛූ මහානාමෙ සක්කෙ උපනන්ධිංසු. අථ ඛො ඡබ්බග්ගියානං භික්ඛූනං එතදහොසි. කෙන නුඛො මයං උපායෙන මහානාමං සක්කං මඞ්කුකරෙය්යාමාති. අථ ඛො ඡබ්බග්ගියානං භික්ඛූනං එතදහොසි: “මහානාමෙන ඛො ආවුසො සක්කෙන සඞ්ඝො භෙසජ්ජෙන පවාරිතො. හන්ද මයං ආවුසො මහානාමං සක්කං සප්පිං විඤ්ඤාපෙමා”ති.
Sinhala BJT4. එසමයෙහි වනාහි සවග මහණහු නොසකස් කොට හැදැ පෙරෙවියාහු නො සරිලන පැවතුම් ඇතියාහු වෙති. මහානාම ශාක්‍ය තෙමේ මෙසේ දොස් නඟා කියන්නේ වෙයි: “වහන්ස, කුමට නුඹවහන්දෑ නො මනා වැ හැදැ පෙරෙවියාහු නො සරිලන පැවැතුම් ඇතියාහු වූ දෑද? පැවිද්දහු විසින් මොනවට හැදැ පෙරෙව ආකල්ප සම්පන්න වියයුතු නොවේ දැ” යි. සවග මහණහු මහානාම ශාක්‍යයන් කෙරෙහි වෙර බැඳියහ. එකල්හි සවග මහණුන්හට මෙසිත විය: “ඇපි කිනම් උපායයෙකින් මහානාම ශාක්‍යයන් මකු කරන්නමෝ දැ” යි. එකල්හි සවග මහණුන්හට මෙසිත විය: “ඇවැත්නි, මහානාම ශාක්‍යයන් විසින් බෙහෙදින් සඞ්ඝයා පවරනලද්දේ යැ, එබැවින් ඇවැත්නි, ඇපි මහානාම ශාක්‍යයන්ගෙන් ගිතෙල් විනවම්හ” යි.
Pali BJT5. අථ ඛො ඡබ්බග්ගියා භික්ඛූ යෙන මහානාමො සක්කො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා මහානාමං සක්කං එතදවොචුං: “දොණෙන ආවුසො සප්පිනා අත්ථො”ති. අජ්ජන්හො භන්තෙ ආගමෙථ. මනුස්සා වජං ගතා සප්පිං ආහරිතුං. කාලං{1} හරිස්සථාති.{2}
Sinhala BJT5. ඉක්බිති සවග මහණහු මහානාම ශාක්‍යයන් වෙතැ එළැඹියහ. එළැඹැ මහානාම ශාක්‍යයන්ට මෙය කීහු: “ඇවැත්නි, ගිතෙල් ද්‍රෝණයකින් ප්‍රයෝජන වේ” යයි. ස්වාමීනි, අද දවස පොරොත්තු වනු මැනැවි, මිනිස්සු ගිතෙල් ගෙනැ එන්නට ගොවුදට ගියහ. කල් ගනු මැනැවැයි.
Pali BJTදුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො ඡබ්බග්ගියා භික්ඛූ මහානාමං සක්කං එතදවොචුං: “දොණෙන ආවුසො සප්පිනා අත්ථො”ති. අජ්ජන්හො භන්තෙ ආගමෙථ මනුස්සා වජං ගතා සප්පිං ආහරිතුං කාලං භරිස්සථාති. කිං පන තයා ආවුසො අදාතුකාමෙන පවාරිතෙන යං ත්වං පවාරෙත්වා න දෙසී”ති.
Sinhala BJTදෙවනවටදු ... තෙවනවටදු සවග මහණහු මහානාම ශාක්‍යයන්ට මෙය කීහු: “ඇවැත්නි, ගිතෙල් දොණයකින් ප්‍රයෝජන වේ” යැයි. ස්වාමීනි, අද දවස පොරොත්තු වනු මැනැවි, මිනිස්සු ගිතෙල් ගෙන එන්නට ගොවුදට ගියහ. කල් ගනු මැනැවැයි. ඇවැත්නි, තෙපි යමක් පවරා නො දෙවු නම් නො දෙනු කැමැති තොප විසින් පවරන ලද්දෙන් කවර වැඩෙක් වේ දැයි.
Pali BJT6. අථ ඛො මහානාමො සක්කො උජ්ඣායති ඛීයති විපාචෙති: කථං හි නාම භදන්තා අජ්ජන්හො භන්තෙ ආගමෙථාති වුච්චමානා නාගමෙස්සන්තීති. අස්සොසුං ඛො භික්ඛූ මහානාමස්ස සක්කස්ස උජ්ඣායන්තස්ස ඛීයන්තස්ස විපාචෙන්තස්ස. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ මහානාමෙන සක්කෙන – අජ්ජන්හො භන්තෙ ආගමෙථාති වුච්චමානා නාගමෙස්සන්තීති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ මහානාමෙන සක්කෙන අජ්ජන්හො භන්තෙ ආගමෙථාති වුච්චමානා නාගමෙථාති. සච්චං භගවා, විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා මහානාමෙන සක්කෙන අජ්ජන්හො භන්තෙ ආගමෙථාති වුච්චමානා නාගමෙස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ –
Sinhala BJT6. ඉක්බිති මහානාම ශාක්‍ය ලමු කොට සිතයි. නුගුණ පවසයි. දොස් පතුරුවයි. “කෙසේ නම් හිමිවරු ස්වාමීනි, අද දවස පොරොත්තුවනු මැනැවැයි කියනු ලබන්නාහු පොරොත්තු නො වූහු” දැයි. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන මහානාම ශාක්‍යයන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු යම් භික්‍ෂු කෙනෙක් අපිස්වූවාහු ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරවත්. “කෙසේ නම් සවග මහණහු මහානාම ශාක්‍යයන් විසින් “ස්වාමීනි, අද දවස පොරොත්තු වනු මැනැවැ”යි කියනු ලබන්නාහු පොරොත්තු නො වූහුදැ”යි ... සැබෑ ද මහණෙනි, තෙපි මහානාම ශාක්‍යයන් විසින් “ස්වාමීනි, අද දවස පොරොත්තු වනු මැනැවැ”යි කියනු ලබන්නාහු පොරොත්තු නොවවුදැයි සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි තෙපි මහානාම ශාක්‍යයන් විසින් “ස්වාමීනි, අද දවස පොරොත්තු වනු මැනැවැ”යි කියනු ලබන්නාහු පොරොත්තු නො වූවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන් ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු.
Pali BJTඅගිලානෙන භික්ඛුනා චතුමාසප්පච්චයපවාරණා සාදිතබ්බා අඤ්ඤත්ර පුන පවාරණාය, අඤ්ඤත්ර නිච්චපවාරණාය තතො චෙ උත්තරිං සාදියෙය්ය පාචිත්තියන්ති.
Sinhala BJTනො ගිලන් මහණහු විසින් සිවුමසකට ගිලන්පසයෙන් පැවරීම ඉවසිය යුතු යි. වටාලා සිවුමසකට පැවරීම තබා නිති පැවැරීම තබා ඉදින් ඉන් මත්තෙහි ඉවසන්නේ නම් පචිති වේ යැයි.
Pali BJT7. අගිලානෙන භික්ඛුනා චතුමාසප්පච්චයපවාරණා සාදිතබ්බාති:, ගිලානපච්චයපවාරණා සාදිතබ්බා.
Sinhala BJT7. අගිලානෙන භික්ඛුනා චාතුමාසප්පච්චයපවාරණා සාදිතබ්බා: ගිලන්පසයෙන් පැවැරීම ඉවසිය යුතු යි.
Pali BJTපුනපවාරණාපි සාදිතබ්බාති: යදා ගිලානො භවිස්සාමි, තදා විඤ්ඤාපෙස්සාමීති.
Sinhala BJTපුන පවාරණාපි සාදිතබ්බා: යම් දිනෙකැ ගිලනෙකිම් වන්නෙම් නම් එදිනැ විනවන්නෙමි යි;
Pali BJTනිච්චපවාරණාපි සාදිතබ්බාති: යදා ගිලානො භවිස්සාමි, තදා විඤ්ඤාපෙස්සාමීති.
Sinhala BJTනිච්චපවාරණාපි සාදිතබ්බා: යම් දිනෙක ගිලනෙකිම් වන්නෙම් නම් එදිනැ විනවන්නෙමැයි:
Pali BJTතතො චෙ උත්තරි සාදියෙය්යාති: අත්ථි පවාරණා භෙසජ්ජපරියන්තා න රත්තිපරියන්තා, අත්ථි පවාරණා රත්තිපරියන්තා න භෙසජ්ජපරියන්තා, අත්ථි පවාරණා භෙසජ්ජපරියන්තා ච රත්තිපරියන්තා ච, අත්ථි පවාරණා නෙව භෙසජ්ජපරියන්තා න රත්තිපරියන්තා.
Sinhala BJTතතො චෙ උත්තරිං සාදියෙය්‍ය; බෙහෙත් පිරියත් කොට ඇති රෑ පිරියත් කොට නැති පැවැරීමෙක් ඇත, රෑ පිරියත් කොට ඇති බෙහෙත් පිරියත් කොට නැති පැවැරීමෙක් ඇත, බෙහෙතුත් පිරියත් කොට ඇති රෑත් පිරියත් කොට ඇති පැවැරීමෙක් ඇත, බෙහෙතුත් පිරියත් කොට නො මැති රෑත් පිරියත් කොට නැති පැවැරීමෙක් ඇති.
Pali BJTභෙසජ්ජපරියන්තා නාම: භෙසජ්ජානි පරිග්ගහිතානි හොන්ති එත්තකෙහි භෙසජ්ජෙහි පවාරෙමීති. රත්තිපරියන්තා නාම: රත්තියො පරිග්ගහිතායො හොන්ති එත්තකාසු{1} රත්තීසු පවාරෙමීති. භෙසජ්ජපරියන්තා ච රත්තිපරියන්තා ච නාම: භෙසජ්ජානි ච පරිග්ගහිතානි හොන්ති රත්තියො ච පරිග්ගහිතායො හොන්ති එත්තකෙහි භෙසජ්ජෙහි එත්තකාසු රත්තීසු පවාරෙමීති. නෙව භෙසජ්ජ පරියන්තා න රත්තිපරියන්තා නාම: භෙසජ්ජානි ච අපරිග්ගහිතානි හොන්ති, රත්තියො ච අපරිග්ගහිතායො හොන්ති.
Sinhala BJTභේසජ්ජ පරියන්ත නම්: මෙතෙක් බෙහෙදින් පවරමැයි බෙහෙත්හු සලකා ගන්නා ලද්දහු වෙති. රත්තිපරියන්ත නම්: මෙතෙක් රාත්‍රීන්හි පවරමැයි රාත්‍රීහු සලකා ගන්නා ලද්දහු වෙති. භේසජ්ජපරියන්ත හා රත්තිපරියන්ත නම්: මෙතෙක් බෙහෙදින් මෙතෙක් රාත්‍රීන්හි පවරමැයි බෙහෙතුත් සලකා ගන්නා ලද්දාහු වෙති. රාත්‍රීහුත් සලකා ගන්නා ලද්දාහු වෙති. නේව භේසජ්ජපරියන්ත න රත්තිපරියන්ත නම්: බෙහෙතුත් නො සලකා ගන්නා ලද්දාහු වෙති, රාත්‍රීහුත් නො සලකා ගන්නා ලද්දාහු වෙති.
Pali BJTභෙසජ්ජපරියන්තෙ යෙහි භෙසජ්ජෙහි පවාරිතො හොති, තානි භෙසජ්ජානි ඨපෙත්වා අඤ්ඤානි භෙසජ්ජානි විඤ්ඤාපෙති ආපත්ති පාචිත්තියස්ස. රත්තිපරියන්තෙ යාසු රත්තීසු පවාරිතො හොති තා රත්තියො ඨපෙත්වා අඤ්ඤාසු රත්තීසු විඤ්ඤාපෙති ආපත්ති පාචිත්තියස්ස. භෙසජ්ජපරියන්තෙ ච රත්තිපරියන්තෙ යෙහි භෙසජ්ජෙහි පවාරිතො හොති, තානි භෙසජ්ජානි ඨපෙත්වා යාසු රත්තීසු පවාරිතො හොති තා රත්තියො ඨපෙත්වා අඤ්ඤානි භෙසජ්ජානි අඤ්ඤාසු රත්තීසු විඤ්ඤාපෙති ආපත්ති පාචිත්තියස්ස. නෙව භෙසජ්ජපරියන්තෙ න රත්ති පරියන්තෙ අනාපත්ති.
Sinhala BJTබෙහෙත් පිරියත්හි: යම් බෙහෙතකින් පවරන ලද්දේ වේ නම් ඒ බෙහෙත් තබා අන් බෙහෙත් විනවා නම් පචිති ඇවැත් වෙයි. රෑපිරියත්හි: යම් රාත්‍රීන්හි පවරන ලද්දේ වේ නම් ඒ රාත්‍රීන් තබා අන්‍ය රාත්‍රීන්හි විනවා නම් පචිති ඇවැත් වෙයි. බෙහෙත් පිරියත්හි හා රෑපිරියත්හි: යම් බෙහෙතකින් පවරන ලද්දේ වේ නම් ඒ බෙහෙත් තබා යම් රාත්‍රීන්හි පවරන ලද්දේ වේ නම් ඒ රාත්‍රීන් තබා අන් බෙහෙත් අන්‍ය රාත්‍රීන්හි විනවා නම් පචිති ඇවැත් වේ. බෙහෙත් පිරියතක් නො මැති කල්හි රෑ පිරියතක් නැති කල්හි ඇවැත් නැති.
Pali BJTන භෙසජ්ජෙන කරණීයෙ{2} භෙසජ්ජං විඤ්ඤාපෙති ආපත්ති පාචිත්තියස්ස. අඤ්ඤෙන භෙසජ්ජෙන කරණීයෙන අඤ්ඤං භෙසජ්ජං විඤ්ඤාපෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTබෙහෙතින් කරණී නැති කල්හි බෙහෙත් විනවා නම් පචිති ඇවැත් වෙයි. අන් බෙහෙතකින් කරණී ඇති කල්හි අන් බෙහෙතක් විනවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTතතුත්තරි තතුත්තරිසඤ්ඤී භෙසජ්ජං විඤ්ඤාපෙති ආපත්ති පාචිත්තියස්ස. තතුත්තරි වෙමතිකො භෙසජ්ජං විඤ්ඤාපෙති ආපත්ති පාචිත්තියස්ස. තතුත්තරි න තතුත්තරිසඤ්ඤී භෙසජ්ජං විඤ්ඤාපෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඉන් මත්තෙහි ඉන් මතු සන් ඇතියේ බෙහෙත් විනවා නම් පචිති ඇවැත් වෙයි. ඉන් මත්තෙහි විමති ඇතියේ බෙහෙත් විනවා නම් පචිති ඇවැත් වෙයි. ඉන් මත්තෙහි ඉන් මතු සන් නැතියේ බෙහෙත් විනවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTන තතුත්තරි තතුත්තරිසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. න තතුත්තරි වෙමතිකො ආපත්ති දුක්කටස්ස. න තතුත්තරි න තතුත්තරිසඤ්ඤී, අනාපත්ති.
Sinhala BJTඉන් මතු නො වූයෙහි ඉන් මතු සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. ඉන් මතු නො වූයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. ඉන් මතු නො වූයෙහි ඉන්මතු සන් නැතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: යෙහි භෙසජ්ජෙහි පවාරිතො හොති තානි භෙසජ්ජානි විඤ්ඤාපෙති යාසු රත්තීසු පවාරිතො හොති තාසු රත්තීසු විඤ්ඤාපෙති ඉමෙහි තයා භෙසජ්ජෙහි පවාරිතම්හා අම්හාකඤ්ච ඉමිනා ච ඉමිනා ච භෙසජ්ජෙන අත්ථොති ආචික්ඛිත්වා විඤ්ඤාපෙති, යාසු රත්තීසු තයා පවාරිතම්හා තායො ච රත්තියො අවීතිවත්තා{3} අම්හාකඤ්ච භෙසජ්ජෙන අත්ථොති ආචික්ඛිත්වා විඤ්ඤාපෙති, ඤාතකානං පවාරිතානං අඤ්ඤස්සත්ථාය අත්තනො ධනෙන උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTයම් බෙහෙතකින් පවරන ලද්දේ නම් ඒ බෙහෙත් විනවා නම්, යම් රාත්‍රීන්හි පවරන ලද්දේ නම් ඒ රාත්‍රීන්හි විනවා නම්, තොප විසින් මේ බෙහෙතින් පවරන ලදු වම්හ අපට ද මේ මේ බෙහෙතින් ප්‍රයෝජන යැයි කියා විනවා නම්, තොප විසින් යම් රාත්‍රීන්හි පවරන ලදුමෝ නම් ඒ රාත්‍රීහුත් නො ඉක්මැ ගියෝ නම් අපට ද බෙහෙතින් ප්‍රයෝජන යැයි කියා විනවා නම්, නෑයන්ගෙන් නම්, පැවැරූවන්ගෙන් නම්, අනෙකක්හු සඳහා නම්, තමාගේ ධනයෙන් නම් ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTමහානාම සික්ඛාපදං සත්තමං.
Sinhala BJTසත්වැනි මහානාම ශික්‍ෂාපදයි.
Pali BJT6. 5. 8.
Sinhala BJT6. 5. 8.
Pali BJTඋය්යුත්තසෙනාසික්ඛාපදං
Sinhala BJTඋය්‍යුත්තසේනා ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන රාජා පසෙනදි කොසලො සෙනාය අබ්භුය්යාතො හොති. ඡබ්බග්ගියා භික්ඛූ උය්යුත්තං සෙනං දස්සනාය අගමංසු. අද්දසා ඛො රාජා පසෙනදි කොසලො ඡබ්බග්ගියෙ භික්ඛූ දූරතොව ආගච්ඡන්තෙ දිස්වාන පක්කොසාපෙත්වා එතදවොච: “කිස්ස තුම්හෙ භන්තෙ ආගතත්ථා”ති මහාරාජානං මයං දට්ඨුකාමාති. “කිං භන්තෙ මං දිට්ඨෙන යුද්ධාභිනන්දිං, නනු භගවා පස්සිතබ්බො”ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර අනේපිඬුසිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි ප්‍රසේනජිත් කෝශල රජ තෙමේ (රිපුසෙන් ඉදිරියට යන්නෙමැයි නුවරින්) සෙන් සමග නික්මුණේ වෙයි. සවග මහණහු යුදයට නික්මුණු සෙන් දකිනු පිණිස ගියහ. ප්‍රසේනජිත් කෝශල රජ එන්නා වූ සවග මහණුන් දුරැදී මැ දුටුයේ යි. දැකැ කැඳවා මෙය කී යැ: “කුමකට ස්වාමීනි, නුඹවහන්දැ ආදෑ දැයි. ඇපි මහරජහු දකිනු කැමැතියම්හ යි. “ස්වාමීනි, යුදයට රිසි දක්වන මා දැකීමෙන් කවර වැඩෙක් ද? භාග්‍යවතුන් වහන්සේ දැකිය යුතු සේක් නො වෙත්” දැයි.
Pali BJT2. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා උය්යුත්තං සෙනං දස්සනාය ආගච්ඡිස්සන්ති අම්හාකම්පි අලාභා අම්හාකම්පි දුල්ලද්ධං යෙ මයං ආජීවස්ස හෙතු පුත්තදාරස්ස කාරණා සෙනාය ආගච්ඡාමා”ති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ උය්යුත්තං සෙනං දස්සනාය ගච්ඡිස්සන්තී”ති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ උය්යුත්තං සෙනං දස්සනාය ගච්ඡථාති සච්චං භගවා විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා උය්යුත්තං සෙනං දස්සනාය ගච්ඡිස්සථ නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ.
Sinhala BJT2. මිනිස්සු ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් ශ්‍රමණශාක්‍යපුත්‍රයෝ යුදයට නික්මුණු සෙන් දකිනු පිණිස පැමිණියෝ ද? යම්බඳු ඇපි දිවෙල් හේතුයෙන් අඹුදරුවන්ගේ කාරණයෙන් සෙන් හමුවට යන්නමෝ නම් එබඳු අපට ද අලාභයෙකැ එබඳු අප විසිනුදු දුකසේ ලැබිය යුත්තෙකැ”යි. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහ. යම් භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු යුදයට නික්මුණු සෙන් දකිනු පිණිස පැමිණියෝ දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි යුදයට නික්මුණු සෙන් දකිනු පිණිස යවු දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි යුදයට නික්මුණු සෙන් දකිනු පිණිස පැමිණියහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJTයො පන භික්ඛු උය්යුත්තං සෙනං දස්සනාය ගච්ඡෙය්ය පාචිත්තියන්ති.
Sinhala BJTයම් මහණෙක් යුදයට නික්මුණු සෙන් දකිනු පිණිස යන්නේ නම් පචිති වේ යයි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT3. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො මාතුලො සෙනාය ගිලානො හොති . සො තස්ස භික්ඛුනො සන්තිකෙ දූතං පාහෙසි: “අහං හි සෙනාය ගිලානො ආගච්ඡතු භදන්තො ඉච්ඡාමි භදන්තස්ස ආගත”න්ති. අථ ඛො තස්ස භික්ඛුනො එතදහොසි. “භගවතා භික්ඛූනං{1} සික්ඛාපදං පඤ්ඤත්තං හොති{2} න උය්යුත්තං සෙනං දස්සනාය ගන්තබ්බ”න්ති. අයඤ්ච මෙ මාතුලො සෙනාය ගිලානො කථන්නු ඛො මයා පටිපජ්ජිතබ්බන්ති භගවතො එතමත්ථං ආරොචෙසි. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. “අනුජානාමි භික්ඛවෙ තථාරූපප්පච්චයා සෙනං ගන්තුං.” එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ.
Sinhala BJT3. එසමයෙහි වනාහි එක්තරා මහණක්හු ගේ මයිලණු කෙනෙක් සේනායෙහි ගිලන් වූවාහු වෙති. හේ එමහණහු වෙත දූතයකු එවී යැ. “මම වනාහි සේනායෙහි ගිලන්වීමි, වහන්සේ වඩනා සේක්වා, ඔබගේ පැමිණීම කැමැත්තෙමැ” යි. එකල්හි එමහණට මෙ සිත විය: “යුදයට නික්මුණු සෙන් දැකීමට නො යායුතු යැයි භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට සිකපද පනවන ලද්දේ වෙයි. මේ මාගේ මයිලණුවෝ ද සේනායෙහි ගිලන් වූවාහු වෙති. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දෝ හෝ” යි. භාග්‍යවතුන් හට තෙල කරුණ දැන්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමැතූ සේකැ. “මහණෙනි! එබඳු කරුණක් ඇති කල්හි සෙන් හමුවට යන්නට අනුදනිමි.” මෙසේ ද මහණෙනි! මේ සිකපදය උදෙසවු:
Pali BJTයො පන භික්ඛු උය්යුත්තං සෙනං දස්සනාය ගච්ඡෙය්ය, අඤ්ඤත්ර තථාරූපප්පච්චයා පාචිත්තියන්ති.
Sinhala BJTයම් මහණෙක් එබඳු කරුණක් තබා යුදයට නික්මුණු සෙන් දකිනු පිණිස යේ නම් පචිති වේ යයි.
Pali BJT4. යො පනාති යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT4. යො පන: යම් යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTඋය්යුත්තා නාම: සෙනා ගාමතො නික්ඛමිත්වා නිවිට්ඨා වා හොති. පයාතා වා.
Sinhala BJTඋය්‍යුත්තා නම්: සෙන් ගමින් නික්ම කඳවුරු බැඳ සිටියා හෝ ගියා හෝ වෙයි.
Pali BJTසෙනා නාම: හත්ථි අස්සා රථා පත්තී. ද්වාදසපුරිසො හත්ථි තිපුරිසො අස්සො චතුපුරිසො රථො චත්තාරො පුරිසා සරහත්ථා පත්ති. දස්සනාය ගච්ඡති ආපත්ති දුක්කටස්ස. යත්ථ ඨිතො පස්සති ආපත්ති පාචිත්තියස්ස. දස්සනූපචාරං විජහිත්වා පුනප්පුනං පස්සති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTසේනා නම්: ඇත් අස් රිය පාබලයැ, දොළොස් පුරුෂ කෙනකුන් ඇති ඇතෙකැ. තුන් පුරුෂ කෙනකුන් ඇති අසෙකැ. සිව් පුරුෂ කෙනකුන් ඇති රියෙකැ දුනු හී ගත් අත් ඇති පුරුෂයෝ සතර දෙනෙකැ යන මේ පත්ති (පාබළ) නමු. දැකීමට යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙකැ සිටියේ බලා නම් පචිති ඇවැත් වෙයි. දසුන් උවසර හැරපියා පුන පුනා බලා නම් පචිති ඇවැත් වේ.