Pācittiya

Expiation Rules

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 901-1000 න් 4249

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTවිකාලභොජනසික්ඛාපදං
Sinhala BJTවිකාලභොජන ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන රාජගහෙ ගිරග්ගසමජ්ජො හොති. සත්තරසවග්ගියා භික්ඛූ ගිරග්ගසමජ්ජං දස්සනාය අගමංසු, මනුස්සා සත්තරසවග්ගියෙ භික්ඛූ පස්සිත්වා නහාපෙත්වා විලිම්පෙත්වා භොජෙත්වා ඛාදනීයං අදංසු. සත්තරසවග්ගියා භික්ඛූ ඛාදනීයං ආදාය ආරාමං ගන්ත්වා ඡබ්බග්ගියෙ භික්ඛූ එතදවොචුං: “හන්දාවුසො{1} ඛාදනීයං ඛාදථා”ති. “කුතො තුම්හෙහි ආවුසො ඛාදනීයං ලද්ධන්ති”. සත්තරසවග්ගියා භික්ඛූ ඡබ්බග්ගියානං භික්ඛූනං එතමත්ථං ආරොචෙසුං. කිම්පන තුම්හෙ ආවුසො විකාලෙ භොජනං භුඤ්ජථාති. එවමාවුසොති. ඡබ්බග්ගියා භික්ඛූ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. “කථං හි නාම සත්තරසවග්ගියා භික්ඛූ විකාලෙ භොජනං භුඤ්ජිස්සන්තීති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහ නුවරැ කලන්‍දකනිවාප නම් වූ වේළුවන අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි රජගහ නුවරැ ගිරග්ගසමජ්ජ නම් නෘත්‍යයෙක් වෙයි. සප්තරස වර්ග්ගීය භික්‍ෂූහු ගිරග්ගසමජ්ජ නම් නෘත්‍යය බැලීමට ගියහ. මිනිස්සු සප්තරස වර්ග්ගීය භික්‍ෂූන් දැකැ නහවා විලෙවුන් ගල්වා වළඳවා කෑයුතු දෑ දුන්හ. සප්තරස වර්ග්ගීය භික්‍ෂූහු කෑයුතු දෑ ගෙනැ ආරාමයට ගොස් ෂඩ්වර්ග්ගීය භික්‍ෂූන්හට මෙය කීහු. ගනිවු ඇවැත්නි, කෑ යුතු දෑ වළඳන්නැ යි. ඇවැත්නි, තොප විසින් කොයින් කෑ යුතු දෑ ලබන ලද දැයි. සප්තරස වර්ග්ගීය භික්‍ෂූහු ෂඩ්වර්ග්ගීය භික්‍ෂූන්හට මෙකරුණ දැන්වූහ. කිමෙක් ද ඇවැත්නි, තෙපි විකාලයෙහි බොජුන් වළඳවු දැයි. එසේ යැ ඇවැත්නි. සවග මහණහු ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් සප්තරස වර්ග්ගීය භික්‍ෂූහු විකල්හි බොජුන් වැළඳූහු දැ” යි
Pali BJT2. අථ ඛො ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛූනං එතමත්ථං ආරොචෙසුං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සත්තරසවග්ගියා භික්ඛූ විකාලෙ භොජනං භුඤ්ජිස්සන්තී”ති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ විකාලෙ භොජනං භුඤ්ජථා’ති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- “කථං හි නාම තුම්හෙ මොඝපුරිසා විකාලෙ භොජනං භුඤ්ජිස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ.
Sinhala BJT2. එකල්හි සවග මහණහු භික්‍ෂූන්හට මෙකරුණ දැන්වූහ. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්: “කෙසේ නම් සප්තරස වර්ග්ගීය භික්‍ෂූහු විකල්හි බොජුන් වැළඳූහු දැයි ... සැබෑද මහණෙනි, තෙපි විකාලයෙහි බොජුන් වළඳවු දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි තෙපි විකල්හි බොජුන් වැළඳූහු දැයි. හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... තව ද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු.
Pali BJTයො පන භික්ඛු විකාලෙ ඛාදනීයං වා භොජනීයං වා ඛාදෙය්ය වා භුඤ්ජෙය්ය වා පාචිත්තියන්ති.
Sinhala BJTයම් මහණෙක් විකාලයෙහි කෑයුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ කා නම් හෝ බුදී නම් හෝ පචිති වේ යැයි.
Pali BJT3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT3. යො පන: යම් යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහිලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTවිකාලො නාම: මජ්ඣන්හිකෙ වීතිවත්තෙ යාව අරුණුග්ගමනා.
Sinhala BJTවිකාල නම්: මද්දහන ඉක්මැ ගිය කල්හි අරුණ නැගීම දක්වා.
Pali BJTඛාදනීයං නාම: පඤ්චභොජනානි යාමකාලිකං සත්තාහකාලිකං යාවජීවිකං ඨපෙත්වා අවසෙසං ඛාදනීයං නාම.
Sinhala BJTඛාදනීය නම්: පස් බොජුන් ද යාමකාලිකය ද සප්තාහ කාලිකය ද යාවජීවිකය ද තබා සෙසු දෑ ඛාදනීය නම් වේ.
Pali BJTභොජනීයං නාම: පඤ්ච භොජනානි ඔදනො කුම්මාසො සත්තු මච්ඡො මංසං. ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTභෝජනීය නම්: බත් යැ, කොමු යැ, අත්සුණු යැ, දියමස් යැ, ගොඩමස් යැ යන පස් බොජුනි. කන්නෙමි වළඳන්නෙමැයි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
Pali BJTවිකාලෙ විකාලසඤ්ඤී ඛාදනීයං වා භොජනීයං වා ඛාදති වා භුඤ්ජති වා ආපත්ති පාචිත්තියස්ස. විකාලෙ වෙමතිකො ඛාදනීයං වා භොජනීයං වා ඛාදති වා භුඤ්ජති වා ආපත්ති පාචිත්තියස්ස. විකාලෙ කාලසඤ්ඤී ඛාදනීයං වා භොජනීයං වා ඛාදති වා භුඤ්ජති වා, ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTවිකාලයෙහි විකාලසංඥා ඇතියේ කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ කා නම් හෝ බුදී නම් හෝ පචිති ඇවැත් වෙයි. විකාලයෙහි විමති ඇති යේ කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ කා නම් හෝ බුදී නම් හෝ පචිති ඇවැත් වෙයි. විකාලයෙහි කාලසංඥා ඇතියේ කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ කා නම් හෝ බුදී නම් හෝ පචිති ඇවැත් වේ.
Pali BJTයාමකාලිකං සත්තාහකාලිකං යාවජීවිකං ආහාරත්ථාය පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTයාමකාලිකය සත්තාහකාලිකය යාවජීවිකය අහර පිණිස පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි දුකුළා ඇවැත් වේ.
Pali BJTකාලෙ විකාලසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. කාලෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. කාලෙ කාලසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTකාලයෙහි විකාලසංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. කාලයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. කාලයෙහි කාලසංඥා ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: යාමකාලිකං සත්තාහකාලිකං යාවජීවිකං සතිපච්චයෙ පරිභුඤ්ජති, උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTයාමකාලිකය සත්තාහකාලිකය යාවජීවිකය කරුණක් ඇති කල්හි වළඳා නම්, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTවිකාලභොජනසික්ඛාපදං සත්තමං.
Sinhala BJTසත්වැනි විකාලභොජන ශික්‍ෂාපදයි.
Pali BJT6. 4. 8.
Sinhala BJT6. 4. 8.
Pali BJTසන්නිධිකාරකසික්ඛාපදං.
Sinhala BJTසන්නිධිකාර ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මතො ආනන්දස්ස උපජ්ඣායො ආයස්මා බෙල්ලට්ඨිසීසො{1} අරඤ්ඤෙ විහරති. සො පිණ්ඩාය චරිත්වා සුක්ඛකුරං ආරාමං හරිත්වා සුක්ඛාපෙත්වා නික්ඛිපති. යදා ආහාරෙන අත්ථො හොති තදා උදකෙන තෙමෙත්වා තෙමෙත්වා පරිභුඤ්ජති{2}. චිරෙන ගාමං පිණ්ඩාය පවිසති. භික්ඛූ ආයස්මන්තං බෙලට්ඨසීසං එතදවොචුං: කිස්ස{3} ත්වං ආවුසො චිරෙන ගාමං පිණ්ඩාය පවිසසීති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ගේ උපාධ්‍යාය වූ ආයුෂ්මත් බෙල්ලට්ඨිසීස තෙරණුවෝ ආරණ්‍යයෙහි වෙසෙති. උන්වහන්සේ පිඬු පිණිස හැසිරැ සූප ව්‍යඤ්ජනයෙන් නො මුසු බත් ආරාමයට ගෙනැ ගොස් වියළවා තබති. යම් දිනෙකැ අහරින් ප්‍රයෝජන වේ ද, එදින දියෙන් තෙම තෙමා වළඳති. බොහෝ කලෙකින් පිඬු පිණිස ගමට පිවිසෙති. භික්‍ෂූහු ආයුෂ්මත් බෙල්ලට්ඨිසීස තෙරුන්ට මෙය කීහු: ඇවැත්නි බෙල්ලට්ඨිසීසයෙනි, කුමකට තෙපි බොහෝ කලෙකින් පිඬු පිණිස ගමට පිවිසෙවු දැයි.
Pali BJT2. අථ ඛො ආයස්මා බෙල්ලට්ඨිසීසො භික්ඛූනං එතමත්ථං ආරොචෙසි: කිම්පන ත්වං ආවුසො සන්නිධිකාරකං භොජනං භුඤ්ජසී”ති? එවමාවුසොති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම ආයස්මා බෙල්ලට්ඨිසීසො සන්නිධිකාරකං භොජනං භුඤ්ජිස්සති -පෙ- සච්චං කිර ත්වං බෙල්ලට්ඨිසීස, සන්නිධිකාරකං භොජනං භුඤ්ජසීති? සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- “කථං හි නාම ත්වං බෙල්ලට්ඨිසීස, සන්නිධිකාරකං භොජනං භුඤ්ජිස්සසි නෙතං බෙල්ලට්ඨිසීස, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. එකල්හි ආයුෂ්මත් බෙල්ලට්ඨිසීස තෙරණුවෝ භික්‍ෂූන්හට තෙල කරුණ දැන්වූහ. කිමෙක් ද? ඇවැත්නි, තෙපි තැන්පත් කොට තැබූ බොජුන් වළඳහු දැ යි. එසේ යැ ඇවැත්නි, යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආයුෂ්මත් බෙල්ලට්ඨිසීස තෙරණුවෝ තැන්පත් කොට තැබූ බොජුන් වැළඳූහු දැ” යි ... සැබෑද බෙල්ලට්ඨිසීස, තෙපි තැන්පත් කොට තැබූ බොජුන් වළඳවු දැ යි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් බෙල්ලට්ඨිසීස, තෙපි තැන්පත් කොට තැබූ බොජුන් වැළඳුවහු ද? බෙල්ලට්ඨිසීස, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු සන්නිධිකාරකං ඛාදනීයං වා භොජනීයං වා ඛාදෙය්ය වා භුඤ්ජෙය්ය වා පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් තැන්පත් කොට තැබූ කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ කා නම් හෝ බුදී නම් හෝ පචිති වේ” යයි.
Pali BJT3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTසන්නිධිකාරකං නාම: අජ්ජපටිග්ගහිතං අපරජ්ජු.{1}
Sinhala BJTසන්නිධිකාරක නම්: අද පිළිගත් ආමිසය අන් දිනකට තැබීම යි.
Pali BJTඛාදනීයං නාම: පඤ්ච භොජනානි යාමකාලිකං සත්තාහකාලිකං යාවජීවිකං ඨපෙත්වා අවසෙසං ඛාදනීයං නාම.
Sinhala BJTඛාදනීය නම්: පස් බොජුන් ද යාමකාලිකය ද සත්තාහකාලිකය ද යාවජීවිකය ද තබා සෙසු දෑ ඛාදනීය නම් වේ.
Pali BJTභොජනීයං නාම: පඤ්ච භොජනානි ඔදනො කුම්මාසො සත්තු මච්ඡො මංසං ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTභෝජනීය නම්: බත් යැ කොමු යැ අත්සුණු යැ දියමස් යැ ගොඩමස් යැ යන පස් බොජුනි. කන්නෙමි වළඳන්නෙමැ යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරගලායෙහි පරගලායෙහි පචිති ඇවැත් වේ.
Pali BJTසන්නිධිකාරකෙ සන්නිධිකාරකසඤ්ඤී ඛාදනීයං වා භොජනීයං වා ඛාදති වා භුඤ්ජති වා ආපත්ති පාචිත්තියස්ස. සන්නිධිකාරකෙ වෙමතිකො ඛාදනීයං වා භොජනීයං වා ඛාදති වා භුඤ්ජති වා ආපත්ති පාචිත්තියස්ස. සන්නිධිකාරකෙ අසන්නිධිකාරකසඤ්ඤී ඛාදනීයං වා භොජනීයං වා ඛාදති වා භුඤ්ජති වා ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTතැන්පත් කොට තබන ලදුයෙහි තැන්පත් කොට තැබූ සන් ඇතියේ කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ කා නම් හෝ බුදී නම් හෝ පචිති ඇවැත් වෙයි. තැන්පත් කොට තබන ලදුයෙහි විමති ඇතියේ කෑයුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ කා නම් හෝ බුදී නම් හෝ පචිති ඇවැත් වෙයි. තැන්පත් කොට තබන ලදුයෙහි නො තැන්පත් කොට තැබූ සන් ඇතියේ කෑයුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ කා නම් හෝ බුදී නම් හෝ පචිති ඇවැත් වේ.
Pali BJTයාමකාලිකං සත්තාහකාලිකං යාවජීවිකං ආහාරත්ථාය පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTයාමකාලිකය, සත්තාහකාලිකය, යාවජීවිකය අහර පිණිස පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරගලායෙහි පරගලායෙහි දුකුළා ඇවැත් වේ.
Pali BJTඅසන්නිධිකාරකෙ සන්නිධිකාරකසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අසන්නිධිකාරකෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අසන්නිධිකාරකෙ අසන්නිධිකාරකසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTනො තැන්පත් කොට තබන ලදුයෙහි තැන්පත් කොට තැබූ සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො තැන්පත් කොට තබන ලදුයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො තැන්පත් කොට තබන ලදුයෙහි නො තැන්පත් කොට තැබූසන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: යාවකාලිකං යාවකාලෙ නිදහිත්වා භුඤ්ජති යාමකාලිකං යාමෙ නිදහිත්වා භුඤ්ජති, සත්තාහකාලිකං සත්තාහං නිදහිත්වා භුඤ්ජති. යාවජීවිකං සති පච්චයෙ පරිභුඤ්ජති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTයාවකාලිකය යාවකාලයෙහි තැන්පත් කොට තබා වළඳා නම් යාමකාලිකය යාමකාලයෙහි තැන්පත් කොට තබා වළඳා නම් සත්තාහකාලිකය සත්දිනක් තැන්පත් කොට තබා වළඳා නම් යාවජීවිකය කරුණක් ඇති කල්හි වළඳා නම් ඇවැත් නැත. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTසන්නිධිකාරකසික්ඛාපදං අට්ඨමං.
Sinhala BJTඅටවැනි සන්නිධිකාරක ශික්‍ෂාපද යි.
Pali BJT6. 4. 9.
Sinhala BJT6. 4. 9.
Pali BJTපණීතභොජනසික්ඛාපදං.
Sinhala BJTපණීතභෝජන ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ පණීත භොජනානි අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා පණීතභොජනානි අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජිස්සන්ති, කස්ස සම්පන්නං න මනාපං කස්ස සාදු{1} න රුච්චතීති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ පණීතභොජනානි අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජිස්සන්තීති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ පණීතභොජනානි අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජථාති. සච්චං භගවා, විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා, පණීතභොජනානි අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජිස්සථ, නෙතං මොඝපුරිසා, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුහේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු පිණීබොජුන් තමා පිණිස විනවා වළඳත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ පිණීබොජුන් තමා පිණිස විනවා වැළඳූහු දැ” යි කවරකුහට මිහිරිදැය නො මැනවිද? කවරකුහට රසවත්දැය නො රුස්නේ දැ යි. භික්‍ෂූහු ලමු කොට සිතන, නුගුණ පවසන, දොස් පතුරුවන, ඒ මිනිසුන් ගේ (අකීර්ත්තිශබ්ද) ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සවග මහණහු පිණීබොජුන් තමා පිණිස විනවා වැළඳූහු දැ යි ... සැබෑද මහණෙනි, තෙපි පිණීබොජුන් තමා පිණිස විනවා වැළඳූහු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි පිණීබොජුන් තමා පිණිස විනවා වැළඳූහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන් ගේ ප්‍රසාය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJT“යානි ඛො පන තානි පණීතභොජනානි, සෙය්යථිදං: සප්පි නවනීතං තෙලං මධු ඵාණිතං මච්ඡො මංසං ඛීරං දධි. යො පන භික්ඛු එවරූපානි පණීතභොජනානි අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම්බඳු ඒ පිණීබොජුන් එනම්:– ගිතෙල්, වෙඬරු, තෙල්, මී, උක්සකුරු, දියමස්, ගොඩමස්, කිරි, දී, යන එබඳු වූ පිණීබොජුන් යම් මහණෙක් තමා පිණිස විනවා වළඳන්නේ නම් පචිති වේ” යයි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT2. තෙන ඛො පන සමයෙන භික්ඛූ ගිලානා හොන්ති. ගිලානපුච්ඡකා භික්ඛූ ගිලානෙ භික්ඛූ එතදවොචුං: කච්චි ආවුසො ඛමනීයං කච්චි යාපනීය”න්ති. පුබ්බෙ මයං ආවුසො පණීතභොජනානි අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජාම තෙන නො ඵාසු හොති ඉදානි පන භගවතා පටික්ඛිත්තන්ති කුක්කුච්චායන්තා න විඤ්ඤාපෙම තෙන නො න ඵාසු හොතීති. භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. අනුජානාමි භික්ඛවෙ ගිලානෙන භික්ඛුනා පණීතභොජනානි අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජිතුං” එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. එසමයෙහි වනාගි භික්‍ෂූහු ගිලන් වෙති. ගිලනුන් පුළුවුස්නා භික්‍ෂූහු ගිලන් භික්‍ෂූන්ට මෙය කීහු: “කිම ඇවැත්නි, ඉවසිය හැකි ද යැපිය හැකි දැ” යි. “ඇවැත්නි, ඇපි පෙරැ පිණීබොජුන් තමා පිණිස විනවා වළඳම්හ. එයින් අපට පහසු වෙයි. දැන් වූ කලි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රතික්‍ෂේප කරන ලදැ යි කුකුස් කරනුවෝ නො විනවම්හ. එයින් අපට පහසු නො වේ. භාග්‍යවත්හට මෙකරුණ දැන්වූහ. එකල් හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූසේක. “මහණෙනි, ගිලන් මහණහු විසින් පිණීබොජුන් තමා පිණිස විනවා වළඳන්නට අනුදනිමි” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු;
Pali BJT“යානි ඛො පන තානි පණීතභොජනානි සෙය්යථිදං: සප්පි නවනීතං තෙලං මධු ඵාණිතං මච්ඡො මංසං ඛීරං දධි. යො පන භික්ඛු එවරූපානි පණීතභොජනානි අගිලානො අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම්බඳු ඒ පිණීබොජුන් එනම්: ගිතෙල්, වෙඬරු, තෙල්, මී, උක් සකුරු, දියමස්, ගොඩමස්, කිරි දී යන එබඳු වූ පිණීබොජුන් යම් මහණෙක් නොගිලන් වැ තමා පිණිස විනවා වළඳන්නේ නම් පචිති වේ” යයි.
Pali BJT3. යානි ඛො පන තානි පණීතභොජනානීති: සප්පි නාම: ගොසප්පි වා අජිකාසප්පි වා මාහිසං{1} වා සප්පි යෙසං මංසං කප්පති තෙසං සප්පි. නවනීතං නාම: තෙසඤ්ඤෙව නවනීතං. තෙලං නාම: තිලතෙලං සාසපතෙලං මධුකතෙලං එරණ්ඩතෙලං වසාතෙලං. මධු නාම: මක්ඛිකා මධු. ඵාණිතං නාම: උච්ඡුම්හා නිබ්බත්තං. මච්ඡො නාම: ඔදකො{2} වුච්චති. මංසං නාම: යෙසං මංසං කප්පති තෙසං මංසං. ඛීරං නාම: ගොඛීරං වා අජිකාඛීරං වා මාහිසං වා ඛීරං, යෙසං මංසං කප්පති තෙසං ඛීරං. දධි නාම: තෙසඤ්ඤෙව දධි.
Sinhala BJT3. යානි ඛො පන තානි පණීතභෝජනානි: සප්පි නම් එළඟිතෙල් හෝ එළුගිතෙල් හෝ මිහිගිතෙල් හෝ යැ. යම් කෙනකුන්ගේ මස් කැප නම් ඔවුන්ගේ ගිතෙල. නවනීත නම්: ඔවුන්ගේ මැ වෙඬරු. තෙල නම්: තලතෙල්, අබතෙල්, මීතෙල්, එරඬුතෙල්, වුරුණුතෙල. මධු නම්: මීමැසි මී. ඵාණිත නම්: උක්ගසින් නිපදවනලද යැ. මච්ඡ නම්: දියෙහි හටගත් මසැ යි කියනු ලැබේ. මංස නම්: යම් කෙනකුන්ගේ මස් කැප නම් ඔවුන් ගේ මස. ඛීර නම්: එළකිරි හෝ එළුකිරි හෝ මීකිරි හෝ යි, යම් කෙනකුන්ගේ මස් කැප නම් ඔවුන් ගේ කිරි. දධි නම්: ඔවුන් ගේ මැ දිහි.
Pali BJTයො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJTයො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTඑවරූපානි පණීතභොජනානීති: තථාරූපානි පණීතභොජනානි.
Sinhala BJTඑවරූපානි පණීතභෝජනානි: එබඳු වූ පිණීබොජුන්.
Pali BJTඅගිලානො නාම: යස්ස විනා පණීතභොජනානි{3} ඵාසු හොති.
Sinhala BJTඅගිලාන නම්: යමකුහට පිණීබොජුනෙන් වෙන් වැ පහසු වේ නම් හේ යැ.
Pali BJTගිලානො නාම: යස්ස විනා පණීතභොජනා න ඵාසු හොති.
Sinhala BJTගිලාන නම්: යමකුහට පිණීබොජුනෙන් වෙන් වැ පහසු නො වේ නම් හේ යැ.
Pali BJTඅගිලානො අත්තනො අත්ථාය විඤ්ඤාපෙති පයොගෙ{4} දුක්කටං. පටිලාභෙන භුඤ්ජිස්සාමීති පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTනොගිලන් වූයේ තමා පිණිස විනවා නම් පියෝහි දුකුළා ඇවැත් වෙයි. ලැබීමෙන් වළඳන්නෙමැ යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරගලායෙහි පරගලායෙහි පචිති ඇවැත් වේ.
Pali BJTඅගිලානො අගිලානසඤ්ඤී පණීතභොජනානි අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස. අගිලානො වෙමතිකො පණීතභොජනානි අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජති, ආපත්ති පාචිත්තියස්ස. අගිලානො ගිලානසඤ්ඤී පණීතභොජනානි අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTනොගිලන් වූයේ නොගිලන් සන් ඇති වැ පිණීබොජුන් තමා පිණිස විනවා වළඳා නම් පචිති ඇවැත් වෙයි. නොගිලන් වූයේ විමති ඇති වැ පිණීබොජුන් තමා පිණිස විනවා වළඳා නම් පචිති ඇවැත් වෙයි. නොගිලන් වූයේ ගිලන්සන් ඇති වැ පිණීබොජුන් තමා පිණිස විනවා වළඳා නම් පචිති ඇවැත් වේ.
Pali BJTගිලානො අගිලානසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. ගිලානො වෙමතිකො ආපත්ති දුක්කටස්ස. ගිලානො ගිලානසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTගිලන් වූයේ නොගිලන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. ගිලන් වූයේ විමති ඇති යේ නම් දුකුළා ඇවැත් වෙයි. ගිලන් වූයේ ගිලන්සන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: ගිලානස්ස ගිලානො හුත්වා විඤ්ඤාපෙත්වා අගිලානො භුඤ්ජති, ගිලානස්ස සෙසකං භුඤ්ජති ඤාතකානං පවාරිතානං අඤ්ඤස්සත්ථාය අත්තනො ධනෙන උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTගිලනාහට, ගිලන් වැ විනවා නොගිලන් වූයේ වළඳා නම්, ගිලනාගේ ඉතිරිදැය වළඳා නම් නෑයන්ගේ නම් පැවැරුණුවන්ගේ නම් මෙරමා පිණිස නම් තමන්ගේ ධනයෙන් නම් ඇවැත් නැත. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTපණීතභොජනසික්ඛාපදං නවමං.
Sinhala BJTනව වැනි පණීතභෝජන ශික්‍ෂාපද යි.
Pali BJT6. 4. 10.
Sinhala BJT6. 4. 10.
Pali BJTදන්තපොනසික්ඛාපදං.
Sinhala BJTදන්තපොන ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සබ්බපංසුකූලිකො සුසානෙ විහරති සො මනුස්සෙහි දීයමානං න ඉච්ඡති පටිග්ගහෙතුං සුසානෙපි රුක්ඛමූලෙපි උම්මාරෙපි අය්යවොසාටිතකානි{1} සාමං ගහෙත්වා පරිභුඤ්ජති මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛු අම්හාකං අය්යවොසාටිතකානි සාමං ගහෙත්වා පරිභුඤ්ජිස්සති. ථෙරොයං භික්ඛු වඨරො මනුස්සමංසං මඤ්ඤෙ ඛාදතී”ති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති; “කථං හි නාම භික්ඛු අදින්නං මුඛද්වාරං ආහාරං ආහරිස්සතී”ති -පෙ- සච්චං කිර ත්වං භික්ඛු අදින්නං මුඛද්වාරං ආහාරං ආහරසීති. සච්චං භගවා, විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම ත්වං මොඝපුරිස, අදින්නං මුඛද්වාරං ආහාරං ආහරිස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු විසල් පුරැ කුළාරහල්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි එක්තරා මහණෙක් සර්‍වපාංශුකූලික වූයේ සොහොනෙහි වෙසෙයි. හෙතෙම මිනිසුන් විසින් දෙනු ලබන්නක් පිළිගන්නට නො කැමැති වෙයි. සොහිනෙහි දු රුක්මුලෙහි දු එළිපත්තෙහි දු මළගිය නෑයන් උදෙසා තබන පිඬු තෙමේ මැ ගෙනැ වළඳ යි. මිනිස්සු ලාමක කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මේ මහණ අපගේ මළගිය නෑයන් උදෙසා තබන පිඬු තෙමේ මැ ගෙනැ වැළඳී”දැ යි. මේ මහණ තර වට සිරිරි ඇතියෙක. මිනීමස් කතීයි හඟිමු. භික්‍ෂූහු ලාමක කොට සිතන, නුගුණ පවසන, දොස් පතුරුවන, ඒ මිනිසුන්ගේ (අකීර්ත්තිශබ්දය) ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලාමක කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මහණෙක් නො පිළිගත් අහරක් පරගලා කෙළේ දැ” යි ... සැබෑද මහණ, තෙපි නො පිළිගත් අහරක් පරගලා කරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි නො පිළිගත් අහරක් පරගලා කළහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු අදින්නං මුඛද්වාරං ආහාරං ආහරෙය්ය, පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් නො පිළිගත් අහරක් ගලබිලයට ගන්නේ නම් පචිති වේ” යයි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේත් භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT2. තෙන ඛො පන සමයෙන භික්ඛූ උදකදන්තපොනෙ කුක්කුච්චායන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛු ආමන්තෙසි. “අනුජානාමි භික්ඛවෙ උදකදන්තපොනං සාමං ගහෙත්වා පරිභුඤ්ජිතුං.” එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. එසමයෙහි වනාහි භික්‍ෂූහු දැහැටු පැන්හි කුකුස් කරති. භාග්‍යවත්හට මෙකරුණ දැන්වූහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතූසේක. “මහණෙනි, නො පිළිගන්වන ලද දැහැටුපැන් තෙමේ මැ ගෙනැ වළඳන්නට අනුදනිමි”. මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු අදින්නං මුඛද්වාරං ආහාරං ආහරෙය්ය අඤ්ඤත්ර උදකදන්තපොනා පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් දැහැටු පැන් තබා නො පිළි ගන්වන ලද අහරක් ගලබිලයට ගන්නේ නම් පචිති වේ” යයි.
Pali BJT3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTඅදින්නං නාම: අප්පටිග්ගහිතකං වුච්චති. දින්නං නාම: කායෙන වා කායපටිබද්ධෙන වා නිස්සග්ගියෙන වා දෙන්තෙ හත්ථපාසෙ ඨිතො කායෙන වා කායපටිබද්ධෙන වා පතිගණ්හාති එතං දින්නං නාම.
Sinhala BJTඅදින්න නම්: නො පිළිගන්වනලද්දැ යි කියනු ලැබේ. දින්න නම්: කයින් හෝ කය පිළිබද්දෙන් හෝ නිසැගියෙන් හෝ දෙන කල්හි අත්පසැ සිටියේ කයින් හෝ කය පිළිබද්දෙන් හෝ පිළිගනී නම් තෙලෙ දෙනලද්ද නම් වේ.
Pali BJTආහාරො නාම: උදකදන්තපොනං ඨපෙත්වා යං කිඤ්චි අජ්ඣොහරණීයං එසො ආහාරො නාම.
Sinhala BJTආහාර නම්: දැහැටු පැන් තබා යම් කිසි පරගලා කළයුතු දැයෙකි, මේ යැ ආහාර නම්.
Pali BJTඅඤ්ඤත්ර උදකදන්තපොනාති: ඨපෙත්වා උදකදන්තපොනං. ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස, අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඅඤ්ඤත්‍ර උදකදන්ත පොනා: දැහැටු පැන් තබා කන්නෙමි බුදින්නෙමි යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරගලායෙහි පරගලායෙහි පචිති ඇවැත් වේ.
Pali BJTඅපටිග්ගහිතකෙ අපටිග්ගහිතකසඤ්ඤී අදින්නං මුඛද්වාරං ආහාරං ආහරති{1} අඤ්ඤත්ර උදකදන්තපොනා ආපත්ති පාචිත්තියස්ස. අපටිග්ගහිතකෙ වෙමතිකො අදින්නං මුඛද්වාරං ආහාරං ආහරති අඤ්ඤත්ර උදකදන්තපොනා ආපත්ති පාචිත්තියස්ස. අපටිග්ගහිතකෙ පටිග්ගහිතකසඤ්ඤී අදින්නං මුඛද්වාරං ආහාරං ආහාරෙති, අඤ්ඤත්ර උදකදන්තපොනා, ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTනො පිළිගත් දැයෙහි නො පිළිගත්සන් ඇතියේ දැහැටු පැන් තබා නොදුන් අහරක් ගලබිලයට ගනී නම් පචිති ඇවැත් වෙයි. නො පිළිගත් දැයෙහි විමති ඇතියේ දැහැටු පැන් තබා නො දුන් අහරක් ගලබිලයට ගනී නම් පචිති ඇවැත් වෙයි. නො පිළිගත් දැයෙහි පිළිගත්සන් ඇතියේ දැහැටු පැන් තබා නො දුන් අහරක් ගලබිලයට ගනී නම් පචිති ඇවැත් වේ.
Pali BJTපටිග්ගහිතකෙ අපටිග්ගහිතකසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. පටිග්ගහිතකෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. පටිග්ගහිතකෙ පටිග්ගහිතකසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTපිළිගත් දැයෙහි නො පිළිගත්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. පිළිගත් දැයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. පිළිගත් දැයෙහි පිළිගත්සන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: උදකදන්තපොනෙ චත්තාරි මහාවිකටානි{2} සති පච්චයෙ අසති කප්පියකාරකෙ සාමං ගහෙත්වා පරිභුඤ්ජති, උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTදැහැටු පැන්හි, සතර මහාවිකටයන් කැපකරුවකු නැති සඳ කරුණක් ඇති කල්හි තෙමේ මැ ගෙනැ වළඳා නම් ඇවැත් නැත. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTදන්තපොනසික්ඛාපදං දසමං.
Sinhala BJTදසවැනි දන්තපොන ශික්‍ෂාපද යි.
Pali BJTභොජනවග්ගො චතුත්ථො.
Sinhala BJTචතුර්‍ත්‍ථ භෝජනවර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උදානය:
Pali BJTපිණ්ඩො ගණං පරං පූවං, ද්වෙ ච වුත්තා පවාරණා විකාලෙ සන්නිධී ඛීරං දන්තපොනෙන තෙ දසාති.
Sinhala BJTආවසථපිණ්ඩ යැ ගණභෝජන යැ පරම්පරභෝජන යැ කාණමාතු යැ පඨමපවාරණ දුතියපවාරණ දෙක යැ විකාලභොජන යැ සන්නිධිකාරක යැ පණීතභෝජන යැ දන්තපෝනය සමඟ වදාළ ඒ සිකපද දශයෙකි.
Pali BJTඅචෙලකවග්ගො
Sinhala BJTඅචේලක වර්‍ගය
Pali BJT6. 5. 1.
Sinhala BJT6. 5. 1.
Pali BJTඅචෙලකසික්ඛාපදං.
Sinhala BJTඅචේලක ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස ඛාදනීයං උස්සන්නං හොති. අථ ඛො ආයස්මා ආනන්දො භගවතො එතමත්ථං ආරොචෙසි තෙනහානන්ද විඝාසාදානං පූවං දෙහීති. එවං භන්තෙති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුණිත්වා විඝාසාදෙ පටිපාටියා නිසීදාපෙත්වා එකෙකං පූවං දෙන්තො අඤ්ඤතරිස්සා පරිබ්බාජිකාය එකං මඤ්ඤමානො ද්වෙ පූවෙ අදාසි. සාමන්තා පරිබ්බාජිකායො තං පරිබ්බාජිකං එතදවොචුං. “ජාරො තෙ එසො සමණො”ති. න මෙ සො සමණො ජාරො, එකං මඤ්ඤමානො ද්වෙ පූවෙ අදාසීති දුතියම්පි ඛො .… තතියම්පි ඛො ආයස්මා ආනන්දො එකෙකං පූවං දෙන්තො තස්සායෙව පරිබ්බාජිකාය එකං මඤ්ඤමානො ද්වෙ පූවෙ අදාසි. සාමන්තා පරිබ්බාජිකායො තං පරිබ්බාජිකං එතදවොචුං. “ජාරො තෙ එසො සමණො”ති. “න මෙසො සමණො ජාරො එකං මඤ්ඤමානො ද්වෙ පූවෙ අදාසීති. ජාරො න ජාරොති භණ්ඩිංසු.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු විසල් පුර මහවෙනෙහි කුළාර හල්හි වැඩැවෙසෙති, එසමයෙහි වනාහි සඟනට කැවිලි බහුල වූයේ වෙයි, එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ. එසේ වී නම් ආනන්‍දයෙනි, ඉඳුල් කන්නවුනට කැවුම් දෙව යි. එසේ යැ වහන්සැ යි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන්ට පිළිවදන් දී ඉඳුල් කන්නවුන් පිළිවෙළින් හිඳුවා එක් එක් කැවුමක් දෙන්නාහු එක්තරා පිරිවැජියකට එකෙකැ යි හඟිමින් දෙ කැවුමක් දුන්හ. අවට පිරිවැජිනියෝ එපිරිවැජිනියට මෙය කීහු. “තෙල මහණ තීගේ සොර සැමි දැ”යි තෙල මහණ මාගේ සොර සැමි නො වෙයි, එකෙකැ යි හඟිමින් දෙ කැවුමක් දුන් වනැ යි. දෙවනවට ද ... තෙවනවට ද ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ එක් එක් කැවුමක් දෙන්නෝ එ මැ පිරිවැජිනියට එකෙකැ යි හඟිමින් දෙ කැවුමක් දුන්හ, අවට පිරිවැජිනියෝ එපිරිවැජිනියට මෙය කීහු: “තෙල මහණ තීගේ සොරසැමි දැ”යි තෙල මහණ මාගේ සොරසැමි නො වෙයි, එකෙකැ යි හඟිමින් දෙ කැවුමක් දුන් වනැ යි. සොරසැමි යැ නො සොරසැමි” යැ යි ඩබර කළහ.
Pali BJT2. අඤ්ඤතරොපි ආජීවිකො පරිවෙසනං අගමාසි. අඤ්ඤතරො භික්ඛු පහූතෙන සප්පිනා ඔදනං මද්දිත්වා තස්ස ආජීවකස්ස මහන්තං පිණ්ඩං අදාසි. අථ ඛො සො ආජීවිකො තං පිණ්ඩං ආදාය අගමාසි. අඤ්ඤතරො ආජීවිකො තං ආජීවිකං එතදවොච. “කුතො තයා ආවුසො පිණ්ඩො ලද්ධො”ති. තස්සාවුසො සමණස්ස ගොතමස්ස මුණ්ඩගහපතිකස්ස පරිවෙසනාය ලද්ධොති. අස්සොසුං ඛො උපාසකා තෙසං ආජීවිකානං ඉමං කථාසල්ලාපං. අථ ඛො තෙ උපාසකා යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ උපාසකා භගවන්තං එතදවොචුං. “ඉමෙ භන්තෙ තිත්ථියා අවණ්ණකාමා බුද්ධස්ස අවණ්ණකාමා ධම්මස්ස අවණ්ණකාමා සඞ්ඝස්ස, සාධු භන්තෙ අය්යා තිත්ථියානං සහත්ථා න දදෙය්යුන්ති. අථ ඛො භගවා තෙ උපාසකෙ ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. අථ ඛො තෙ උපාසකා භගවතා ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමිංසු.
Sinhala BJT2. එක්තරා ආජීවකයෙක් ද දන් වළඳන තැනට ගියේ ය. එක්තරා මහණෙක් බොහෝ වූ ගිතෙලින් බත් හනා මහත් පිඬුවක් ඒ ආජීවකයාට දුන්නේ යැ. එකල්හි ඒ ආජීවක තෙමේ ඒ බත් පිඬුව රැගෙන ගියේ යි. එක්තරා ආජීවකයෙක් ඒ ආජීවකයාට මෙය කී යැ. “ඇවැත්නි, තා විසින් පිඬු කොයින් ලබන ලද” දැ යි ඇවැත්නි, ඒ මුඬුගැහැවි මහණගොයුම්හුගේ දන් වළඳනා තෙනින් ලදිමි, උවසුවෝ ඒ ආජීවකයන්ගේ මේ කථාසල්ලාපය ඇසූහු, එකල්හි ඒ උවසුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වැඳ එකත් පසෙකැ හුන්හු. එකත් පසෙකැ හුන් ඒ උවසුවෝ භාග්‍යවතුන්හට මෙය කීහු. “ස්වාමීනි, මේ අන්තොටුවෝ බුදුනට ගරහනු කැමැතියෝ දහමට ගරහනු කැමැතියෝ සඟනට ගරහනු කැමැතියෝ යි. ස්වාමීනි, ආර්‍ය්‍යයෝ අන්තොටුවනට සියතින් යමක් නො දෙන්නහු නම් මැනැවැ යි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ දැහැමි කථායෙන් ඒ උවසුවනට (දෙලෝවැඩ) මොනවට දැක්වූ සේක. (කුසල්දහම්හි) සමාදන් කරවූ සේක. මොනවට තෙද ගැන්වූ සේක, මොනවට සතුටු කරවූ සේකි. එකල්හි ඒ උවසුවෝ භාග්‍යවතුන් විසින් දැහැමි කථායෙන් මොනවට දක්වන ලදුවෝ මොනවට සමාදන් කරවන ලදුවෝ මොනවට තෙද ගන්වන ලදුවෝ මොනවට සතුටු කරවන ලදුවෝ හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් සකසා වැඳ පැදකුණු කොට ගියහ.
Pali BJT3. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. තෙන හි භික්ඛවෙ භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤාපෙස්සාමි, දස අත්ථවසෙ පටිච්ච සඞ්ඝසුට්ඨුතාය -පෙ- සද්ධම්මට්ඨිතියා විනයානුග්ගහාය. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූ සේක. එසේ වී නම් මහණෙනි, කරුණු දසයක් පිණිස මහණුන්හට සිකපද පනවන්නෙමි. සඟුන්ගේ මනා පිළිගැනුම, සඟුන්ගේ පහසුබව ... සසුන් පැවැත්ම, විනයට රුකුල් දීම පිණිස යැ. මෙසේත් මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු අචෙලකස්ස වා පරිබ්බාජකස්ස වා පරිබ්බාජිකාය වා සහත්ථා ඛාදනීයං වා භොජනීයං වා දදෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් නිවටක්හට හෝ පිරිවැජියකුට හෝ පිරිවැජියකට හෝ සියතින් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ දෙන්නේ නම් පචිති වේ” යයි.
Pali BJT4. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති. අචෙලකො නාම: යො කොචි පරිබ්බාජක සමාපන්නො නග්ගො. පරිබ්බාජකො නාම: භික්ඛුඤ්ච සාමණෙරඤ්ච ඨපෙත්වා යො කොචි පරිබ්බාජකසමාපන්නො. පරිබ්බාජිකා නාම: භික්ඛුනිඤ්ච සික්ඛමානඤ්ච සාමණෙරිඤ්ච ඨපෙත්වා යා කාචි පරිබ්බාජිකසමාපන්නා. ඛාදනීයං නාම: පඤ්චභොජනානි උදකදන්තපොනං ඨපෙත්වා අවසෙසං ඛාදනීයං නාම.
Sinhala BJT4. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි; අචේලක නම්: යම් කිසි පිරිවැජිබවට පැමිණි නිරිවතෙකි. පරිබ්බාජික නම් මහණ ද හෙරණ ද තබා යම් කිසි පිරිවැජිබවට පැමිණියෙකි. පරිබ්බාජිකා නම්: මෙහෙණ ද සික්මනුව ද හෙරැණිය ද තබා යම් කිසි පිරිවැජිබවට පැමිණියකි. ඛාදනීය නම්: පස් බොජුන් දැහැටු පැන් තබා අවශේෂය ඛාදනීය නම් වෙයි.
Pali BJTභොජනීයං නාම: පඤ්චභොජනානි ඔදනො කුම්මාසො සත්තු මච්ඡො මංසං. දදෙය්යාති: කායෙන වා කායපටිබද්ධෙන වා නිස්සග්ගියෙන වා දෙති, ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTභෝජනීය නම්: බත් යැ කොමුපිඬු යැ අත්සුණු යැ දියමස් යැ ගොඩ මස් යැ යන පස්බොජුනි. දදෙය්‍ය: කයින් හෝ කයපිළිබද්දෙන් හෝ නිසැගියෙන් හෝ දේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTතිත්ථියෙ තිත්ථියසඤ්ඤී සහත්ථා ඛාදනීයං වා භොජනීයං වා දෙති ආපත්ති පාචිත්තියස්ස. තිත්ථියෙ වෙමතිකො සහත්ථා ඛාදනීයං වා භොජනීයං වා දෙති ආපත්ති පාචිත්තියස්ස. තිත්ථියෙ අතිත්ථියසඤ්ඤී සහත්ථා ඛාදනීයං වා භොජනීයං වා දෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTතීර්‍ත්‍ථකයා කෙරෙහි තීර්‍ත්‍ථකසංඥා ඇතියේ සියතින් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ දේ නම් පචිති ඇවැත් වෙයි. තීර්‍ත්‍ථකයා කෙරෙහි විමති ඇතියේ සියතින් කෑයුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ දේ නම් පචිති ඇවැත් වෙයි. තීර්‍ත්‍ථකයා කෙරෙහි අතීර්‍ත්‍ථකසංඥා ඇතියේ සියතින් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ දේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTඋදකදන්තපොනං දෙති ආපත්ති දුක්කටස්ස. අතිත්ථියෙ තිත්ථියසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අතිත්ථියෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අතිත්ථියෙ අතිත්ථියසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTදැහැටු පැන් දේ නම් දුකුළා ඇවැත් වෙයි. අතීර්‍ත්‍ථකයා කෙරෙහි තීර්‍ත්‍ථකසංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අතීර්‍ත්‍ථකයා කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අතීර්‍ත්‍ථකයා කෙරෙහි අතීර්‍ත්‍ථකසංඥා ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: දාපෙති න දෙති උපනික්ඛිපිත්වා දෙති බාහිරාලෙපං දෙති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTදෙවා නම් නො දේ නම් වෙතැ තබා දේ නම් බැහැරී ගැල්වීමක් දේ නම් ඇවැත් නැත, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTඅචෙලක සික්ඛාපදං පඨමං.
Sinhala BJTඅචේලක ශික්‍ෂාපදය නිමි.
Pali BJT6. 5. 2.
Sinhala BJT6. 5. 2.
Pali BJTඋය්යොජනසික්ඛාපදං
Sinhala BJTඋය්‍යෝජන ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා උපනන්දො සක්යපුත්තො භාතුනො සද්ධිවිහාරිකං භික්ඛුං එතදවොච: “එහාවුසො ගාමං පිණ්ඩාය පවිසිස්සාමා”ති. තස්ස අදාපෙත්වා උය්යොජෙසි “ගච්ඡාවුසො න මෙ තයා සද්ධිං කථා වා නිසජ්ජා වා ඵාසු හොති එකකස්ස මෙ කථා වා නිසජ්ජා වා ඵාසු හොතී”ති. අථ ඛො සො භික්ඛු උපකට්ඨෙ කාලෙ නාසක්ඛි පිණ්ඩාය චරිතුං පටික්කමනෙපි භත්තවිස්සග්ගං න සම්භාවෙසි ඡින්නභත්තො අහොසි.
Sinhala BJT1. එසමයෙහි භගවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර බෑයාගේ සද්ධිවිහාරික භික්‍ෂුහට මෙය කී යැ. “එව ඇවැත්නි, ගමට පිඬු පිණිස පිවිසෙම්හ” යි, ඔහුට නො දෙවා නඟා යැවී යැ: “යා ඇවැත්නි, තොප සමඟ බිණීම හෝ හිඳීම හෝ මට පහසු නො වෙයි, එකලා වූ මට බිණීම හෝ හිඳීම හෝ පහසු වේ” යයි. එකල්හි ඒ මහණ වළඳන වේලා එළඹැ සිටි කල්හි පිඬු පිණිස හැසිරෙන්නට නො හැකි වූයේ යැ. අසුන්හලෙහි දු බත්කිස නො හඹා ගත්තේ යැ සුන්බත් විය.
Pali BJT2. අථ ඛො සො භික්ඛු ආරාමං ගන්ත්වා භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති, විපාචෙන්ති “කථං හි නාම ආයස්මා උපනන්දො සක්යපුත්තො භික්ඛුං එහාවුසො ගාමං පිණ්ඩාය පවිසිස්සාමාති තස්ස අදාපෙත්වා උය්යොජෙස්සතී”ති -පෙ- සච්චං කිර ත්වං උපනන්ද භික්ඛුං එහාවුසො ගාමං පිණ්ඩාය පවිසිස්සාමාති තස්ස අදාපෙත්වා උය්යොජෙසීති”ති. “සච්චං භගවා, විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම ත්වං මොඝපුරිස භික්ඛුං එහාවුසො ගාමං පිණ්ඩාය පවිසිස්සාමාති තස්ස අදාපෙත්වා උය්යොජෙස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. ඉක්බිති ඒ මහණ ආරාමයට ගොස් මහණුන්ට තෙල කරුණ දැන්වී යැ. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර “එව ඇවැත්නි, ගමට පිඬු පිණිස පිවිසෙම්හ” යි, මහණක්හට කියා ඔහුට (යමක්) නො දෙවා නඟා යැවී” දැ යි ... සැබෑ ද උපනන්‍දයෙනි, තෙපි “එව ඇවැත්නි, ගමට පිඬු පිණිස පිවිසෙම්හ” යි, මහණක්හට කියා ඔහුට නො දෙවා නඟා යැවූ දැ”යි, ... සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු නොයෙක් අයුරින් ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය: තෙපි “එව ඇවැත්නි, ගමට පිඬු පිණිස පිවිසෙම්හ” යි, කියා ඔහුට නො දෙවා නඟා යැවූහුද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු භික්ඛුං එහාවුසො ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසිස්සාමාති තස්ස දාපෙත්වා වා අදාපෙත්වා වා උය්යොජෙය්ය ගච්ඡාවුසො න මෙ තයා සද්ධිං කථා වා නිසජ්ජා වා ඵාසු හොති එකකස්ස මෙ කථා වා නිසජ්ජා වා ඵාසු හොතී ති. එතදෙව පච්චයං කරිත්වා අනඤ්ඤං පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් මහණක්හට “එව ඇවැත්නි, ගමට හෝ නියම්ගමට හෝ පිඬු පිණිස පිවිසෙම්හ” යි බැණ ඔහුට දෙවා හෝ නො දෙවා හෝ “යා ඇවැත්නි, තොප සමග බිණීම හෝ හිඳීම හෝ මට පහසු නො වෙයි, එකලා වූ මට බිණීම හෝ හිඳීම හෝ පහසු වේ” යයි අන් කරුණක් නො වැ මෙය මැ කරුණු කොට ගෙන නඟා යවන්නේ නම් පචිති වේ” යයි.
Pali BJT3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති. භික්ඛුන්ති: අඤ්ඤං භික්ඛුං. එහාවුසො ගාමං වා නිගමං වාති: ගාමොපි නිගමොපි නගරම්පි ගාමො චෙව නිගමොච.
Sinhala BJT3. යො පන: යම් යම්බඳු ... භික්ඛු: ... මෙ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි. භික්ඛුං: අන් මහණක්හු. ඒහාවුසෝ ගාමං වා නිගමං වා: ගම ද නියම්ගම ද නගරය ද ගමත් වේ නියම්ගමත් වේ.
Pali BJTතස්ස දාපෙත්වාති: යාගුං වා භත්තං වා ඛාදනීයං වා භොජනීයං වා දාපෙත්වා.
Sinhala BJTතස්ස දාපෙත්‍වා: හඹු හෝ බත් හෝ කෑයුතු දැයක් හෝ බිඳිය යුතු දැයක් හෝ දෙවා,
Pali BJTඅදාපෙත්වාති: න කිඤ්චි දාපෙත්වා.
Sinhala BJTඅදාපෙත්‍වා: කිසිවක් නො දෙවා.
Pali BJTඋය්යොජෙය්යාති: මාතුගාමෙන සද්ධිං හසිතුකාමො කීළිතුකාමො රහො නිසීදිතුකාමො අනාචාරං ආචරිතුකාමො එවං වදෙති: “ගච්ඡාවුසො න මෙ තයා සද්ධිං කථා වා නිසජ්ජා වා ඵාසු හොති, එකකස්ස මෙ කථා වා නිසජ්ජා වා ඵාසු හොතී”ති, උය්යොජෙති ආපත්ති දුක්කටස්ස. දස්සනූපචාරං වා සවනූපචාරං වා විජහන්තස්ස ආපත්ති දුක්කටස්ස. විජහිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඋය්‍යෝජෙය්‍ය: මාගමක සමග සෙනු කැමැත්තේ කෙළිනු කැමැත්තේ නොරඹුරෙහි හිඳිනු කැමැත්තේ නොසිරිත්හි හැසිරෙනු කැමැත්තේ මෙසේ කියා: “යා ඇවැත්නි! තෝ සමග බිණීම හෝ හිඳීම හෝ මට පහසු නො වෙයි, එකලා වූ මට බිණීම හෝ හිඳීම පහසු වේ” යැයි නඟා යවා නම් දුකුළා ඇවැත් වෙයි; දසුන් උවසර හෝ සවන් උවසර හෝ හරින්නහුට දුකුළා ඇවැත් වෙයි. හළ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJTඑතදෙව පච්චයං කරිත්වා අනඤ්ඤන්ති: න අඤ්ඤොකොචි පච්චයො හොති උය්යොජෙතුං.
Sinhala BJTඒතදෙවපච්චයං කරිත්‍වා අනඤ්ඤං: නඟා යවන්නට අන් කිසිදු කරුණෙක් නො වේ.
Pali BJTඋපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී උය්යොජෙති ආපත්ති පාචිත්තියස්ස . උපසම්පන්නෙ වෙමතිකො උය්යොජෙති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී උය්යොජෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඋපසපනක්හු කෙරෙහි උපසපනෙකැයි සංඥා ඇතියේ නඟා යවා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නඟා යවා නම් පචිති ඇවැත් වෙයි. උපසපන්නක්හු කෙරෙහි අනුපසපෙනෙකැයි සංඥා ඇතියේ නඟා යවා නම් පචිති ඇවැත් වේ.
Pali BJTකලිසාසනං ආරොපෙති ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නං උය්යොජෙති ආපත්ති දුක්කටස්ස. කලිසාසනං ආරොපෙති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඑරෙහි බස් නඟා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු නඟා යවා නම් දුකුළා ඇවැත් වෙයි. එරෙහි බස් නඟා නම් දුකුළා ඇවැත් වෙයි.
Pali BJTඅනුපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඅනුපසපනක්හු කෙරෙහි උපසපනෙකැයි සංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි, අනුපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි.
Pali BJTඅනාපත්ති: උභො එකතො න යාපෙස්සාමාති උය්යොජෙති, මහග්ඝං භණ්ඩං පස්සිත්වා ලොභධම්මං උප්පාදෙස්සතීති උය්යොජෙති, මාතුගාමං පස්සිත්වා අනභිරතිං උප්පාදෙස්සතීති උය්යොජෙති, ගිලානස්ස වා ඔහීයකස්ස වා විහාරපාලස්ස වා යාගුං වා භත්තං වා ඛාදනීයං වා භොජනීයං වා නීහරාති උය්යොජෙති, න අනාචාරං ආචරිතුකාමො සති කරණීයෙ උය්යොජෙති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTදෙදෙන එක් වැ නො යැපෙන්නම්හ යි නඟා යවා නම් මාඇඟි බඩුවක් දැකැ ගිජුකම උපදවන්නේ යයි නඟා යවා නම්, මාගමක දැකැ උකටළිය උපදවන්නේ යැයි නඟා යවා නම්, ගිලනුනට හෝ නැවතී සිටින්නහුට හෝ වෙහෙර රක්නහුට හෝ හඹු හෝ බත් හෝ කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ ගෙන යව යි නඟා යවා නම්, නො සිරිත්හි නො හැසිරෙනු කැමැත්තේ කරුණක් ඇති කල්හි නඟා යවා නම් ඇවැත්නැති, උම්මතත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTඋය්යොජනසික්ඛාපදං දුතියං.
Sinhala BJTදෙවෙනි උය්‍යෝජන ශික්‍ෂාපද යි.
Pali BJT6. 5. 3.
Sinhala BJT6. 5. 3.
Pali BJTසභොජන සික්ඛාපදං
Sinhala BJTසභෝජන ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා උපනන්දො සක්යපුත්තො සහායස්ස ඝරං ගන්ත්වා තස්ස පජාපතියා සද්ධිං සයනිඝරෙ නිසජ්ජං කප්පෙසි. අථ ඛො සො පුරිසො යෙනායස්මා උපනන්දො සක්යපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො පුරිසො පජාපතිං එතදවොච. “දෙහය්යස්ස{1} භික්ඛ”න්ති. අථ ඛො සා ඉත්ථි ආයස්මතො උපනන්දස්ස සක්යපුත්තස්ස භික්ඛං අදාසි අථ ඛො සො පුරිසො ආයස්මන්තං උපනන්දං සත්යපුත්තං එතදවොච: “ගච්ඡථ භන්තෙ යතො අය්යස්ස භික්ඛා දින්නා”ති. අථ ඛො සා ඉත්ථී සල්ලක්ඛෙත්වා පරියුට්ඨිතො අයං පුරිසොති ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං එතදවොච. “නිසීදථ භන්තෙ මා අගමිත්ථා”ති. දුතියම්පි ඛො සො පුරිසො -පෙ- තතියම්පි ඛො සො පුරිසො ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං එතදවොච: “ගච්ඡථ භන්තෙ යතො අය්යස්ස භික්ඛා දින්නා”ති. තතියම්පි ඛො සා ඉත්ථි ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං එතදවොච: “නිසීදථ භන්තෙ මා අගමිත්ථා”ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර යහළුවක්හුගේ ගෙට ගොස් ඔහුගේ අඹුව සමග යහන්ගෙයි හිඳීම කෙළේයැ. එකල්හි ඒ පුරුෂ තෙමේ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍ය පුත්‍රයා වෙත එළැඹියේයැ, එළැඹ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයා සකසා වැඳ එකත්පසෙකැ හුන්නේ යැ, එකත් පසෙකැ හුන් ඒ පුරුෂ තෙමේ ‘ආර්‍ය්‍යයහට (වහන්දෑට) භික්‍ෂාව දෙව’ යි අඹුවට කී යැ. ඉක්බිති ඒ ස්ත්‍රී තොමෝ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයහට භික්‍ෂාව දුන්නී යැ, එකල්හි ඒ පුරුෂ තෙමේ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයහට මෙය කී ය. “ආර්‍ය්‍යයහට භික්‍ෂාව දෙනලද හෙයින් වහන්ස, වඩින්නැ” යි. එකල්හි ඒ ස්ත්‍රීතොමෝ “මේ පුරුෂ රාගපර්‍ය්‍යුත්‍ථිත” යැයි සලකා ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයහට මෙය කිවුය; “වැඩ හිඳින්න වහන්ස, නහමක් වඩින්නැ” යි. දෙවනවටදු ඒ පුරුෂ තෙමේ ... තෙවනවට දු ඒ පුරුෂ තෙමේ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයහට මෙය කී ය: “ආර්‍ය්‍යයහට භික්‍ෂාව දෙන ලද හෙයින් වහන්ස, වඩින්නැ” යි. තෙවනවටදු ඒ ස්ත්‍රී තොමෝ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයහට මෙය කිවු ය: “වැඩ හිඳින්නැ වහන්ස, නහමක් වඩින්නැ” යි.
Pali BJT2. අථ ඛො සො පුරිසො නික්ඛමිත්වා භික්ඛූ උජ්ඣාපෙසි. “අයං භන්තෙ අය්යො උපනන්දො මය්හං පජාපතියා සද්ධිං සයනිඝරෙ නිසින්නො සො මයා උය්යොජියමානො න ඉච්ඡති. ගන්තුං බහුකිච්චා මයං බහුකරණීයා”ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා උපනන්දො සක්යපුත්තො සභොජනෙ කුලෙ අනුපඛජ්ජ නිසජ්ජං කප්පෙස්සතී”ති -පෙ- සච්චං කිර ත්වං උපනන්ද සභොජනෙ කුලෙ අනුපඛජ්ජ නිසජ්ජං කප්පෙසීති සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම ත්වං මොඝපුරිස සභොජනෙ කුලෙ අනුපඛජ්ජ නිසජ්ජං කප්පෙස්සසි, නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ.
Sinhala BJT2. ඉක්බිති ඒ පුරුෂ තෙමේ නික්මැ මහණුන් (හමුයෙහි) දොස් පැවැරී යැ: “ස්වාමීනි, මේ ආර්‍ය උපනන්‍ද තෙමේ මාගේ අඹුව සමග යහන්ගෙයි හුන්නේ යැ, හේ මා විසින් නඟා යවනු ලබන්නේ යන්නට නො කැමැති වෙයි, ඇපි බොහෝ කිස ඇතියම්හ. බොහෝ කරණී ඇති යම්හ”යි. යම් ඒ භික්‍ෂූ කෙනෙක් අපිස්වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්, “කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර තෙමේ අඹුසැමියුවළ සහිත කුලයෙකැ ඇතුළට වැද හිඳීම කෙළේ දැ යි ... සැබෑද උපනන්‍ද, තෝ අඹුසැමියුවළ සහිත කුලයෙකැ ඇතුළට වැද හිඳීම කෙළෙහි දැයි. සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු නොයෙක් අයුරින් ගැරහූහ. ... කෙසේ නම් හිස් පුරුෂය! තෝ අඹුසැමියුවළ සහිත කුලයෙකැ ඇතුළට වැද හිඳීම කෙළෙහි ද? හිස් පුරුෂය මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නොවෙයි. ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු.
Pali BJT“යො පන භික්ඛු සභොජනෙ කුලෙ අනුපඛජ්ජ නිසජ්ජං කප්පෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJTයම් මහණෙක් අඹුසැමියුවළ සහිත කුලයෙකැ ඇතුළට වැද හිඳීම කරන්නේ නම් පචිති වේ යැයි.
Pali BJT3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT3. යො පන: යම් යම්බඳු ... භික්ඛු: ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTසභොජනං නාම කුලං: ඉත්ථි චෙව හොති පුරිසො ච ඉත්ථි ච පුරිසො ච උභො අනික්ඛන්තා හොන්ති උභො අවීතරාගා.
Sinhala BJTසභෝජන කුල නම්: ස්ත්‍රී තොමෝත් වෙයි. පුරුෂ තෙමේත් වෙයි. ස්ත්‍රිය ද පුරුෂයා දැයි දෙදෙන (ගෙයින්) නො නික්මුණෝ වෙති. දෙදෙන නො පහකළ රාග ඇතියෝ ද වෙත්.
Pali BJTඅනුපඛජ්ජාති අනුපවිසිත්වා.
Sinhala BJTඅනුපඛජ්ජ: ඇතුළට පිවිසැ,
Pali BJTනිසජ්ජං කප්පෙය්යාති: මහල්ලකෙ ඝරෙ පිට්ඨසඞ්ඝාටස්ස හත්ථපාසං විජහිත්වා නිසීදති ආපත්ති පාචිත්තියස්ස. ඛුද්දකෙ ඝරෙ පිට්ඨිවංසං අතික්කමිත්වා නිසීදති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTනිසජ්ජං කප්පෙය්‍ය: මහත් යහන්ගෙයකැ දොරබාවෙහි (දෙරියන්වියත්) අත්පස හැරපියා හිඳී නම් පචිති ඇවැත් වෙයි. කුඩා යහන්ගෙයකැ ගෙමැද ඉක්මවා හිඳී නම් පචිති ඇවැත් වේ.
Pali BJTසයනිඝරෙ සයනිඝරසඤ්ඤී සභොජනෙ කුලෙ අනුපඛජ්ජ නිසජ්ජං කප්පෙති ආපත්ති පාචිත්තියස්ස. සයනිඝරෙ වෙමතිකො සභොජනෙ කුලෙඅනුපඛජ්ජ නිසජ්ජං කප්පෙති ආපත්ති පාචිත්තියස්ස. සයනිඝරෙ න සයනිඝරසඤ්ඤී සභොජනෙ කුලෙ අනුපඛජ්ජ නිසජ්ජං කප්පෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTයහන්ගෙයි යහන්ගෙයෙකැ යන සන් ඇතියේ අඹුසැමියුවළ සහිත කුලයෙකැ ඇතුළට වැදහිඳීම කෙරේ නම් පචිති ඇවැත් වෙයි. යහන්ගෙයි විමති ඇතියේ අඹුසැමියුවළ සහිත කුලයෙකැ ඇතුළට වැද හිඳීම කෙරේ නම් පචිති ඇවැත් වෙයි. යහන්ගෙයි යහන්ගෙයෙකැ යන සන් නැතියේ අඹුසැමියුවළ සහිත කුලයෙකැ ඇතුළට වැද හිඳීම කෙරේ නම් පචිති ඇවැත් වෙයි.