Pācittiya

Expiation Rules

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 1-100 න් 4249

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTවිනයපිටකෙ
Sinhala BJTවිනයපිටකයෙහි
Pali BJTපාචිත්තියපාළි
Sinhala BJTපාචිත්තියපාළි
Pali BJTභික්ඛුවිභඞ්ගො
Sinhala BJTභික්‍ෂුවිභඞ්ගය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස.
Sinhala BJTඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා
Pali BJTපාචිත්තියකණ්ඩො
Sinhala BJTපාචිත්තිය කාණ්ඩය
Pali BJTඉමෙ ඛො පනායස්මන්තො ද්වෙනවුති පාචිත්තියා ධම්මා උද්දෙසං ආගච්ඡන්ති.
Sinhala BJTආයුෂ්මත්නි, මේ දෙඅනූ පචිති ඇවැත්හු උදෙසීමට පැමිණෙත්.
Pali BJTමුසාවාදවග්ගො
Sinhala BJTමුසාවාද වර්‍ගය
Pali BJT6. 1. 1.
Sinhala BJT6. 1. 1.
Pali BJTමුසාවාදසික්ඛාපදං
Sinhala BJTමුසාවාද ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන හත්ථකො සක්යපුත්තො වාදක්ඛිත්තො හොති. සො තිත්ථියෙහි සද්ධිං සල්ලපන්තො අවජානිත්වා පටිජානාති. පටිජානිත්වා අවජානාති, අඤ්ඤෙනඤ්ඤං පටිචරති. සම්පජානමුසා භාසති. සඞ්කෙතං කත්වා විසංවාදෙති. තිත්ථියා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: කථං හි නාම හත්ථකො සක්යපුත්තො අම්හෙහි සද්ධිං සල්ලපන්තො අවජානිත්වා පටිජානිස්සති පටිජානිත්වා අවජානිස්සති, අඤ්ඤෙනඤ්ඤං පටිචරිස්සති, සම්පජානමුසා භාසිස්සති, සඞ්කෙතං කත්වා විසංවාදෙස්සතී”ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි සැහැදරු වූ හත්‍ථක මහණ වාදයෙන් (පරවාදීන් වෙත) මෙහෙයන ලදුයේ වෙයි. හේ තොටුවන් සමග සල්ලාප කරනුයේ අවමන් කොට ගිවිසගනියි. ගිවිසගෙන අවමන් කරයි, අනෙකෙකින් අනෙකක් වසාදමයි. දැන දැන ම මුසා බෙණෙයි. සලකුණු කොට වරද්දාපියයි. තොටුවෝ ලමු කොට සිතති. නුගුණ කියති. දොස් පතුරුවත්: කෙසේ නම් සැහැදරු හත්‍ථක මහණ අප හා සල්ලාප කරනුයේ අවමන් කොට ගිවිස ගත්තේ ද, ගිවිසගෙන අවමන් කෙළේ ද, අනෙකෙකින් අනෙකක් වසා දැම්මේ ද, දැන දැන බොරු කීවේ ද, සලකුණු කොට වරද්දාපී දැ”යි.
Pali BJT2. අස්සොසුං ඛො භික්ඛූ තෙසං තිත්ථියානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං අථ ඛො තෙ භික්ඛූ යෙන හත්ථකො සක්යපුත්තො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා හත්ථකං සක්යපුත්තං එතදවොචුං. “සච්චං කිර ත්වං ආවුසො හත්ථක, තිත්ථියෙහි සද්ධිං සල්ලපන්තො අවජානිත්වා පටිජානාසි, පටිජානිත්වා අවජානාසි, අඤ්ඤෙනඤ්ඤං පටිචරසි, සම්පජානමුසා භාසසි, සඞ්කෙතං කත්වා විසංවාදෙසී”ති. එතෙ ඛො ආවුසො තිත්ථියා නාම යෙන කෙනචි ජෙතබ්බා, නෙව තෙසං ජයො දාතබ්බොති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා සන්තුට්ඨා ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා,{1} තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම හත්ථකො සක්යපුත්තො තිත්ථියෙහි සද්ධිං සල්ලපන්තො අවජානිත්වා පටිජානිස්සති, පටිජානිත්වා අවජානිස්සති, අඤ්ඤෙනඤ්ඤං පටිචරිස්සති, සම්පජානමුසා භාසිස්සති, සඞ්කෙතං කත්වා විසංවාදෙස්සතී”ති.
Sinhala BJT2. භික්‍ෂූහු ලමුකොට සිතන්නා වූ නුගුණ කියන්නා වූ දොස් පතුරුවන්නා වූ ඒ තොටුවන්ගේ (වචනය) ඇසූහ. එකල්හි ඒ භික්‍ෂූහු සැහැදරු හත්‍ථක මහණ තෙම යම්තැනෙක ද එතෙනට එළැඹියාහු යැ. එළැඹැ හත්‍ථක මහණහට තෙල වචනය කීහු: “සැබෑද ඇවැත්නි හත්‍ථකයෙනි, තෙපි තොටුවන් හා සමග කතාබහ කරනුවහු අවමන් කොට ගිවිසගනිවු ද, ගිවිසගෙන අවමන් කරවු ද අනෙකෙකින් අනෙකක් වසා දමවු ද, දන්නේ ම බොරු කියවු ද, සලකුණු කොට වරද්දාපියවු දැ යි. ඇවැත්නි, තෙල තොටුවෝ වනාහි යම්කිසි අයුරෙකින් දිනිය යුතු වෙත්, ඔවුනට දිනුමෙක් නො දිය යුතු මැ යි යම් භික්‍ෂු කෙනෙක් අපිස්වූවාහු සතොස්ගුණ ඇත්තාහු ලජ්ජී වූවාහු කුකුස් ඇත්තාහු ශික්‍ෂාකාමීහු වෙද්ද, ඔවුහු ලමු කොට සිතති. නුගුණ කියති. දොස් පතුරුවත්: “කෙසේ නම් සැහැදරු හත්‍ථක මහණ තොටුවන් හා සමග සල්ලාප කරනුයේ අවමන් කොට ගිවිස ගත්තේ ද, ගිවිසගෙන අවමන් කෙළේ ද, අනෙකෙකින් අනෙකක් වසා දැම්මේ ද දැන දැන බොරු කීවේ ද, සලකුණු කොට වරද්දා පී දැ”යි.
Pali BJT3. අථ ඛො තෙ භික්ඛූ හත්ථකං සක්යපුත්තං අනෙකපරියායෙන විගරහිත්වා{1} භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා හත්ථකං සක්යපුත්තං පටිපුච්ඡි. “සච්චං කිර ත්වං හත්ථක, තිත්ථියෙහි සද්ධිං සල්ලපන්තො අවජානිත්වා පටිජානාසි, පටිජානිත්වා අවජානාසි, අඤ්ඤෙනඤ්ඤං පටිචරසි, සම්පජානමුසා භාසසි, සඞ්කෙතං කත්වා විසංවාදෙසී”ති. සච්චං භගවාති. විගරහි බුද්ධො භගවා අනනුච්ඡවියං මොඝපුරිස, අනනුලොමිකං අප්පතිරූපං අස්සාමණකං අකප්පියං අකරණීයං කථං හි නාම ත්වං මොඝපුරිස, තිත්ථියෙහි සද්ධිං සල්ලපන්තො අවජානිත්වා පටිජානිස්සසි, පටිජානිත්වා අවජානිස්සසි, අඤ්ඤෙනඤ්ඤං පටිචරිස්සසි, සම්පජානමුසා භාසිස්සසි, සඞ්කෙතං කත්වා විසංවාදෙස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්යොභාවාය අථඛ්වෙතං මොඝපුරිස, අප්පසන්නානං චෙව අප්පසාදාය පසන්නානං ච එකවචානං අඤ්ඤථත්තායාති.
Sinhala BJT3. එකල්හි ඒ භික්‍ෂූහු සැහැදරු හත්‍ථක මහණහට නොයෙක් කරුණෙන් වෙසෙසින් ගරහා භාග්‍යවතුන්හට තෙල කරුණ සැලකළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහි ලා මේ අවසරයෙහි ලා බික්සඟුන් රැස් කරවා සැහැදරු හත්‍ථක මහණහු පුළුවුත්සේක: “සැබෑද හත්‍ථකයෙනි, තෙපි තොටුවන් හා සමග සල්ලාප කරනුවහු අවමන් කොට ගිවිසගනිවු ද, ගිවිසගෙන අවමන් කරවු ද, අනෙකෙකින් අනෙකක් වසාපියවු ද, දැන දැන බොරු කියවු ද, සලකුණු කොට වරද්දාපියවු දැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්සැයි. භාග්‍යවත් බුදුහු (කුලුණු සිතින්) වෙසෙසින් ගැරහූහ: හිස් පුරුෂය, (තොප විසින් මේ කරන ලද්ද) නොනිසි යැ නො අනුලොම් යැ නුසුදුසු යැ, නොමහණකම් යැ නො කැප යැ නො කළයුතු මැ යි. “හිස්පුරුෂය, කෙසේ නම් තෙපි තොටුවන් හා සමග කතාබහ කරනුවහු අවමන් කොට ගිවිසගත්හු ද, ගිවිසපියා අවමන් කළහු ද, අනෙකෙකින් අනෙකක් වසාපියවු ද දැන දැන බොරු කිවූ ද, සලකුණු කොට වරද්දාපීහු ද, හිස් පුරුෂය, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ ප්‍රසන්නයන්ගේ අතිරේක ප්‍රසාදයට හෝ නො වේ මැ යි. හිස් පුරුෂය, මෙකරුණු වැලිත් අප්‍රසන්නයන්ගේ අප්‍රසාදයටත් ප්‍රසන්නයන් අතරෙහිදු ඇතැමුන්ගේ වෙනස් බවටත් වැටේ මැ යි.
Pali BJT4. අථ ඛො භගවා තං භික්ඛුං අනෙකපරියායෙන විගරහිත්වා දුභරතාය දුප්පොසතාය මහිච්ඡතාය අසන්තුට්ඨියා සඞ්ගණිකාය කොසජ්ජස්ස අවණ්ණං භාසිත්වා අනෙකපරියායෙන සුභරතාය සුප්පොසතාය අප්පිච්ඡස්ස සන්තුට්ඨස්ස සල්ලෙඛස්ස ධුතස්ස පාසාදිකස්ස අපචයස්ස විරියා රම්හස්ස වණ්ණං භාසිත්වා භික්ඛූනං තදනුච්ඡවිකං තදනුලොමිකං ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි, තෙන හි භික්ඛවෙ භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤාපෙස්සාමි දස අත්ථවසෙ පටිච්ච: සඞ්ඝසුට්ඨුතාය සඞ්ඝඵාසුතාය, දුම්මඩකූනං පුග්ගලානං නිග්ගහාය, පෙසලානං භික්ඛූනං ඵාසුවිහාරාය, දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය, සම්පරායිකානං ආසවානං පටිඝාතාය, අප්පසන්නානං පසාදාය පසන්නානං භිය්යොභාවාය, සද්ධම්මට්ඨිතියා, විනයානුග්ගහාය. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT4. එකල්හි භාග්‍යවතුන් වහන්සේ එමහණහට නොයෙක් කරුණෙන් වෙසෙසින් ගරහා දුබරබැව්හි දුපුස්නා බැව්හි මහිස් බැව්හි නොසතුටු බැව්හි මුළුබැඳගැනුම්හි අලසබැව්හි නුගුණ වදාරා නොයෙක් කරුණෙන් සුබරබැව්හි සුපුස්නාබැව්හි අපිස්බැව්හි සතුටුබැව්හි සලේපැවැතුම්හි කෙලෙස් කැපුම්හි පැහැදුම්හි නිවනෙහි වැරඇරැඹුම්හි ගුණ වදාරා මහණුන්හට එයට සරිලන එයට අනුලොම් වන දැහැමි බණ වදාරා මහණුන් අමතා වදාළසේක. එකරුණෙන් මහණෙනි, මහණුන්හට කරුණු දසයක් පිණිස සිකපද පනවන්නෙමි. (එනම්) සඟුන්ගේ මනා පිළිගැනුම, සඟුන්ගේ පහසු බව, දුසිල් පුඟුලනට නිගැන්ම, සුසිල් මහණුන් ගේ පහසු විසුම, මෙලෝ ගැහැට වැළකීම, පරලෝ ගැහැට වැනැසීම, නො පැහැදුණවුන්ගේ පැහැදීම, පැහැදුණවුන්ගේ අයිරා පැහැදීම, සසුන් පැවැත්ම, විනයට රැකුල්දීම පිණිස යැ. මෙසේත් මහණෙනි, මේ ශික්‍ෂාපදය උදෙසවු
Pali BJT“සම්පජාන මුසාවාදෙ පාචිත්තිය”න්ති.
Sinhala BJT“දැන දැන මුසා බිණීමෙහි පචිති ඇවැත් වේ” යයි.
Pali BJT5. සම්පජාන මුසාවාදො නාම: විසංවාදනපුරෙක්ඛාරස්ස වාචා ගිරා, ව්යප්පථො, වචීභෙදො, වාචසිකා විඤ්ඤත්ති, අට්ඨ අනරියවොහාරා: අදිට්ඨං දිට්ඨං මෙති, අසුතං සුතං මෙති, අමුතං මුතං මෙති, අවිඤ්ඤාතං විඤ්ඤාතං මෙති, දිට්ඨං අදිට්ඨං මෙති, සුතං අසුතං මෙති , මුතං අමුතං මෙති, විඤ්ඤාතං අවිඤ්ඤාතං මෙති.
Sinhala BJT5. සම්පජාන මුසාවාද නම්: රැවටීම පෙරටු කොට ඇතියහුගේ වාචා යැ ගිරා යැ වාක්පථ යැ වාග්භේද යැ වාග්විඥප්ති යැ. අදිට්ඨය මා විසින් දිට්ඨ (දක්නා ලද යැ) අසුතය මා විසින් සුත (අසන ලද) යැ, අමුතය මා විසින් මුත (විඳුනා ලද) යැ අවිඤ්ඤාත ය මා විසින් විඤ්ඤාත (දන්නා ලද) යැ දිට්ඨය මා විසින් අදිට්ඨ (නොදක්නා ලද) යැ සුතය මා විසින් අසුත (නො අසන ලද) යැ මුතය මා විසින් අමුත (නො විඳුනා ලද) යැ විඤ්ඤාතය මා විසින් අවිඤ්ඤාත (නොදන්නා ලද) ය යන අට අනරිය බැවහරහු යි.
Pali BJTඅදිට්ඨං නාම: න චක්ඛුනා දිට්ඨං. අස්සුතං නාම: න සොතෙන සුතං. අමුතං නාම: න ඝානෙන ඝායිතං, න ජිව්හාය සායිතං, න කායෙන ඵුට්ඨං. අවිඤ්ඤාතං නාම: න මනසා විඤ්ඤාතං. දිට්ඨං නාම: චක්ඛුනා දිට්ඨං. සුතං නාම: සොතෙන සුතං. මුතං නාම: ඝානෙන ඝායිතං, ජිව්හාය සායිතං, කායෙන ඵුට්ඨං. විඤ්ඤාතං නාම: මනසා විඤ්ඤාතං.
Sinhala BJTඅදිට්ඨ නම්: ඇසින් නො දක්නා ලද යැ. අසුත නම්: කනින් නො අසන ලද යැ. අමුත නම්: නැහැයෙන් ඉව කොට නො ගන්නා ලද යැ, දිවෙන් රස නො විඳින ලද යැ කයින් නො පහස්නා ලද යැ. අවිඤ්ඤාත නම්: මනසින් නො දන්නා ලද යැ. දිට්ඨ නම්: ඇසින් දක්නා ලද යැ. සුත නම්: කනින් අසන ලද යැ. මුත නම්: නැහැයෙන් ඉව කොට ගන්නා ලද යැ දිවෙන් රසවිඳින ලද යැ කයින් පහස්නා ලද යැ. විඤ්ඤාත නම්: මනසින් දන්නාලද යැ.
Pali BJTතීහාකාරෙහි අදිට්ඨං දිට්ඨං මෙති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස: පුබ්බෙවස්ස හොති මුසා භණිස්සන්ති, භණන්තස්ස හොති මුසා භණාමීති, භණිතස්ස හොති මුසා මයා භණිතන්ති.
Sinhala BJTඅදෘෂ්ටය මා විසින් දෘෂ්ට යැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති වෙයි; පළමු කොට ම ඒ පුඟුල්හට බොරු කියන්නෙමැ යි සිත් වෙයි, කියන්නාහට බොරු කියමි යි සිත් වෙයි, කීවහුට මා විසින් බොරු කියන ලදැ යි සිත් වෙයි.
Pali BJTචතූහාකාරෙහි අදිට්ඨං දිට්ඨං මෙති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස: පුබ්බෙවස්ස හොති මුසා භණිස්සන්ති, භණන්තස්ස හොති මුසා භණාමීති, භණිතස්ස හොති මුසා මයා භණිතන්ති, විනිධාය දිට්ඨිං.
Sinhala BJTඅදෘෂ්ටය මා විසින් දෘෂ්ට යැ යි දැන දැන බොරු කියන්නාහට සතර අයුරෙකින් පචිති වෙයි: පළමු කොට ම ඒ පුඟුල්හට ලබ්ධිය තබා බොරු කියන්නෙමැයි සිත් වෙයි, කියන්නාහට බොරු කියමි යි සිත් වෙයි, කීවහුට මා විසින් බොරු කියන ලදැ යි සිත් වෙයි.
Pali BJTපඤ්චහාකාරෙහි අදිට්ඨං දිට්ඨං මෙති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස, පුබ්බෙවස්ස හොති මුසා භණිස්සන්ති, භණන්තස්ස හොති මුසා භණාමීති, භණිතස්ස හොති මුසා මයා භණිතන්ති, විනිධාය දිට්ඨිං, විනිධාය ඛන්තිං.
Sinhala BJTඅදෘෂ්ටය මා විසින් දෘෂ්ට යැ යි දැන දැන බොරු කියන්නාහට පස් අයුරෙකින් පචිති වෙයි: පළමු කොට ම ඒ පුඟුල්හට ලබ්ධිය පිහිටුවා ඉවසීම තබා, බොරු කියන්නෙමැයි සිත් වෙයි, කියන්නාහට බොරු කියමියි සිත් වෙයි, කීවහුට මා විසින් බොරු කියන ලදැ යි සිත් වෙයි.
Pali BJTඡහාකාරෙහි අදිට්ඨං දිට්ඨං මෙති සම්පජාන මුසා භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස: පුබ්බෙවස්ස හොති මුසා භණිස්සන්ති භණන්තස්ස හොති මුසා භණාමීති, භණිතස්ස හොති මුසා මයා භණිතන්ති, විනිධාය දිට්ඨිං, විනිධාය ඛන්තිං, විනිධාය රුචිං.
Sinhala BJTඅදෘෂ්ටය මා විසින් දෘෂ්ටයැ යි දැන දැන බොරු කියන්නාහට සඅයුරෙකින් පචිති වෙයි; පළමු කොට ම ඒ පුඟුල්හට ලබ්ධිය තබා, ඉවසීම තබා, රුචිය තබා බොරු කියන්නෙමැයි සිත් වෙයි, කියන්නාහට බොරු කියමි යි සිත් වෙයි, කීවහුට මා විසින් බොරු කියන ලදැ යි සිත් වෙයි.
Pali BJTසත්තහාකාරෙහි අදිට්ඨං දිට්ඨං මෙති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස: පුබ්බෙවස්ස හොති මුසා භණිස්සන්ති, භණන්තස්ස හොති මුසා භණාමීති, භණිතස්ස හොති මුසා මයා භණිතන්ති, විනිධාය දිට්ඨිං, විනිධාය ඛන්තිං, විනිධාය රුචිං, විනිධාය භාවං.
Sinhala BJTඅදෘෂ්ටය මා විසින් දෘෂ්ට යැ යි දැන දැන බොරු කියන්නාහට සත් අයුරෙකින් පචිති වෙයි: පළමු කොට ම ඒ පුඟුල්හට ලබ්ධිය පිහිටුවා ඉවසීම තබා රුචිය තබා, අදහස තබා බොරු කියන්නෙමැයි සිත් වෙයි, කියන්නාහට බොරු කියමියි සිත් වෙයි, කීවාහට මා විසින් බොරු කියන ලදැයි සිත් වෙයි.
Pali BJTතීහාකාරෙහි අස්සුතං සුතං මෙති -පෙ- අමුතං මුතං මෙති -පෙ- අවිඤ්ඤාතං විඤ්ඤාතං මෙති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස, පුබ්බෙවස්ස හොති මුසා භණිස්සන්ති, භණන්තස්ස හොති මුසා භණාමීති, භණිතස්ස හොති මුසා මයා භණිතන්ති.
Sinhala BJTඅශ්‍රැතය මා විසින් ශ්‍රැත යැ යි ... අමුතය මා විසින් මුත යැ යි ... අවිඥාතය මා විසින් විඥාත යැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති වෙයි: පළමු කොට ම ඒ පුඟුල්හට බොරු කියන්නෙමැයි සිත් වෙයි. කියන්නාහට බොරු කියමැයි සිත් වෙයි. කීවාහට මා විසින් බොරු කියන ලදැ යි සිත් වෙයි.
Pali BJTචතූහාකාරෙහි -පෙ- පඤ්චහාකාරෙහි -පෙ- ඡහාකාරෙහි -පෙ- සත්තහාකාරෙහි අසුතං සුතං මෙති -පෙ- අමුතං මුතං මෙති -පෙ- අවිඤ්ඤාතං විඤ්ඤාතං මෙති සම්පජාන මුසා භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස: පුබ්බෙවස්ස හොති මුසා භණිස්සන්ති, භණන්තස්ස හොති මුසා භණාමීති, භණිතස්ස හොති මුසා මයා භණිතන්ති, විනිධාය දිට්ඨිං, විනිධාය ඛන්තිං, විනිධාය රුචිං, විනිධාය භාවං.
Sinhala BJTසතර අයුරෙකින් ... පස් අයුරෙකින් ... ස අයුරෙකින් ... අශ්‍රැතය මා විසින් ශ්‍රැත යැ යි, අමුතය මා විසින් මුත යැ යි ... අවිඥාතය මා විසින් විඥාත යැ යි දැන දැන බොරු කියන්නාහට සත් අයුරෙකින් පචිති වෙයි: පළමු කොට ම ඒ පුඟුල්හට ලබ්ධිය බහාතබා, ඉවසීම තබා, රුචිය පිහිටුවා අදහස තබා බොරු කියන්නෙමැයි සිත් වෙයි. කියන්නාහට බොරු කියමියි සිත් වෙයි, කීවා හට මා විසින් බොරු කියන ලදැයි සිත් වෙයි.
Pali BJTතීහාකාරෙහි අදිට්ඨං දිට්ඨඤ්ච මෙ සුතඤ්චාති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස -පෙ- තීහාකාරෙහි අදිට්ඨං දිට්ඨඤ්ච මෙ මුතඤ්චාති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස -පෙ- තීහාකාරෙහි අදිට්ඨං දිට්ඨඤ්ච මෙ විඤ්ඤාතඤ්චාති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස: -පෙ- තීහාකාරෙහි අදිට්ඨං දිට්ඨඤ්ච මෙ සුතඤ්ච මුතඤ්චාති -පෙ- තීහාකාරෙහි අදිට්ඨං දිට්ඨඤ්ච මෙ සුතඤ්ච විඤ්ඤාතඤ්චාති -පෙ- තීහාකාරෙහි අදිට්ඨං දිට්ඨඤ්ච මෙ සුතඤ්ච මුතඤ්ච විඤ්ඤාතඤ්චාති සම්පජාන මුසා භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස -පෙ-
Sinhala BJTඅදෘෂ්ටය මා විසින් දෘෂ්ට ද ශ්‍රැත දැ යි දැන දැන බොරු කියන්නා හට තුන් අයුරෙකින් පචිති වෙයි: ... අදෘෂ්ටය මා විසින් දෘෂ්ට ද මුත දැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති වෙයි ... අදෘෂ්ටය මා විසින් දෘෂ්ට ද විඥාත දැ යි දැන දැන බොරු කියන්නා හට තුන් අයුරෙකින් පචිති වෙයි ... අදෘෂ්ටය මා විසින් දෘෂ්ට ද ශ්‍රැත ද මුත දැයි තුන් අයුරෙකින් ... අදෘෂ්ටය මා විසින් දෘෂ්ට ද ශ්‍රැත ද විඥාත දැ යි තුන් අයුරෙකින් ... අදෘෂ්ටය මා විසින් දෘෂ්ට ද ශ්‍රැත ද මුත ද විඥාත දැයි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති වේ.
Pali BJTතීහාකාරෙහි අස්සුතං සුතඤ්ච මෙ මුතඤ්චාති -පෙ- තීහාකාරෙහි අසුතං සුතඤ්ච මෙ විඤ්ඤාතඤ්චාති -පෙ- තීහාකාරෙහි අසුතං සුතඤ්ච මෙ දිට්ඨඤ්චාති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස. -පෙ- තීහාකාරෙහි අසුතං සුතඤ්ච මෙ මුතඤ්ච විඤ්ඤාතඤ්චාති -පෙ- තීහාකාරෙහි අසුතං සුතඤ්ච මෙ මුතඤ්ච දිට්ඨඤ්චාති -පෙ- තීහාකාරෙහි අසුතං සුතඤ්ච මෙ මුතඤ්ච විඤ්ඤාතඤ්ච දිට්ඨඤ්චාති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස -පෙ-
Sinhala BJTඅශ්‍රැතය මා විසින් ශ්‍රැත ද මුත දැ යි තුන් අයුරෙකින් ... අශ්‍රැතය මා විසින් ශ්‍රැත ද විඥාත දැ යි තුන් අයුරෙකින් ... අශ්‍රැතය මා විසින් ශ්‍රැත ද දෘෂ්ට දැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති වෙයි. අශ්‍රැතය මා විසින් ශ්‍රැත ද මුත ද විඥාත දැ යි තුන් අයුරෙකින් ... අශ්‍රැතය මා විසින් ශ්‍රැත ද මුත ද දෘෂ්ට දැ යි තුන් අයුරෙකින් ... අශ්‍රැතය මා විසින් ශ්‍රැත ද මුත ද විඥාත ද දෘෂ්ට ද යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති වේ. ...
Pali BJTතීහාකාරෙහි අමුතං මුතඤ්ච මෙ විඤ්ඤාතඤ්චාති -පෙ- තීහාකාරෙහි අමුතං මුතඤ්ච මෙ දිට්ඨඤ්චාති -පෙ- තීහාකාරෙහි අමුතං මුතඤ්ච මෙ සුතඤ්චාති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස -පෙ- තීහාකාරෙහි අමුතං මුතඤ්ච මෙ විඤ්ඤාතඤ්ච දිට්ඨඤ්චාති -පෙ- තීහාකාරෙහි අමුතං මුතඤ්ච මෙ විඤ්ඤාතඤ්ච සුතඤ්චාති -පෙ- තීහාකාරෙහි අමුතං මුතඤ්ච මෙ විඤ්ඤාතඤ්ච දිට්ඨඤ්ච සුතඤ්චාති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස -පෙ-
Sinhala BJTඅමුතය මා විසින් මුත ද විඥාත දැ යි තුන් අයුරෙකින් ... අමුතය මා විසින් මුත ද දෘෂ්ට දැයි තුන් අයුරෙකින් ... අමුතය මා විසින් මුත ද ශ්‍රැත දැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති ඇවැත් වෙයි ... අමුතය මා විසින් මුත ද විඥාත ද දෘෂ්ට දැ යි තුන් අයුරෙකින් ... අමුතය මා විසින් මුත ද විඥාත ද ශ්‍රැත දැ යි තුන් අයුරෙකින් ... අමුතය මා විසින් මුත ද විඥාත ද දෘෂ්ට ද ශ්‍රැත දැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති වේ. ...
Pali BJTතීහාකාරෙහි අවිඤ්ඤාතං විඤ්ඤාතඤ්ච මෙ දිට්ඨඤ්චාති -පෙ- තීහාකාරෙහි අවිඤ්ඤාතං විඤ්ඤාතඤ්ච මෙ සුතඤ්චාති -පෙ- තීහාකාරෙහි අවිඤ්ඤාතං විඤ්ඤාතඤ්ච මෙ මුතඤ්චාති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස -පෙ- තීහාකාරෙහි අවිඤ්ඤාතං විඤ්ඤාතඤ්ච මෙ දිට්ඨඤ්ච සුතඤ්චාති -පෙ- තීහාකාරෙහි අවිඤ්ඤාතං විඤ්ඤාතඤ්ච මෙ දිට්ඨඤ්ච මුතඤ්චාති -පෙ- තීහාකාරෙහි අවිඤ්ඤාතං විඤ්ඤාතඤ්ච මෙ දිට්ඨඤ්ච සුතඤ්ච මුතඤ්චාති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස: -පෙ-
Sinhala BJTඅවිඥාතය මා විසින් විඥාත ද දෘෂ්ට දැ යි තුන් අයුරෙකින් ... අවිඥාතය මා විසින් විඥාත ද ශ්‍රැත දැයි තුන් අයුරෙකින් ... අවිඥාතය මා විසින් විඥාත ද මුත දැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති වෙයි. ... අවිඥාතය මා විසින් විඥාත ද දෘෂ්ට ද ශ්‍රැත දැ යි ... අවිඥාතය මා විසින් විඥාත ද දෘෂ්ට ද මුත දැ යි තුන් අයුරෙකින් ... අවිඥාතය මා විසින් විඥාත ද දෘෂ්ට ද ශ්‍රැත ද මුත දැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති වේ ...
Pali BJTතීහාකාරෙහි දිට්ඨං අදිට්ඨං මෙති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස: පුබ්බෙවස්ස හොති මුසා භණිස්සන්ති, භණන්තස්ස හොති මුසා භණාමීති, භණිතස්ස හොති මුසා මයා භණිතන්ති. චතූහාකාරෙහි -පෙ- පඤ්චහාකාරෙහි -පෙ- ඡහාකාරෙහි -පෙ- සත්තහාකාරෙහි දිට්ඨං අදිට්ඨති මෙති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස: පුබ්බෙවස්ස හොති මුසා භණිස්සන්ති, භණන්තස්ස හොති මුසා භණාමීති, භණිතස්ස හොති මුසා මයා භණිතන්ති, විනිධාය දිට්ඨිං විනිධාය ඛන්තිං, විනිධාය රුචිං, විනිධාය භාවං.
Sinhala BJTදෘෂ්ටය මා විසින් අදෘෂ්ට යැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති වේ: පළමුකොට ම ඒ පුඟුල් හට බොරු කියන්නෙමැයි සිත් වෙයි. කියන්නාහට බොරු කියමැයි සිත් වෙයි. කීවාහට මා විසින් බොරු කියන ලදැයි සිත් වෙයි. සතර අයුරෙකින් ... පස් අයුරෙකින් ... ස අයුරෙකින් .. දෘෂ්ටය මා විසින් අදෘෂ්ට යැ යි දැන දැන බොරු කියන්නාහට සත් අයුරෙකින් පචිති වෙයි. පළමුකොට ම ඒ පුඟුල්හට ලබ්ධිය තබා, ඉවසීම තබා, රුචිය තබා, අදහස තබා බොරු කියන්නෙමැයි සිත් වෙයි. කියන්නාහට බොරු කියමැයි සිත් වෙයි. කීවාහට මා විසින් බොරු කියන ලදැයි සිත් වෙයි.
Pali BJTතීහාකාරෙහි සුතං අසුතං මෙති -පෙ- මුතං අමුතං මෙති -පෙ- විඤ්ඤාතං අවිඤ්ඤාතං මෙති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස: පුබ්බෙවස්ස හොති මුසා භණිස්සන්ති, භණන්තස්ස හොති මුසා භණාමීති, භණිතස්ස හොති මුසා මයා භණිතන්ති. චතූහාකාරෙහි -පෙ- පඤ්චහාකාරෙහි -පෙ- ඡහාකාරෙහි -පෙ- සත්තහාකාරෙහි සුතං අසුතං මෙති -පෙ- මුතං අමුතං මෙති -පෙ- විඤ්ඤාතං අවිඤ්ඤාතං මෙති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස: පුබ්බෙවස්ස හොති මුසා භණිස්සන්ති, භණන්තස්ස හොති මුසා භණාමීති, භණිතස්ස හොති මුසා මයා භණිතන්ති, විනිධාය දිට්ඨිං, විනිධාය ඛන්තිං, විනිධාය රුචිං, විනිධාය භාවං.
Sinhala BJTශ්‍රැතය මා විසින් අශ්‍රැත යැ යි ... මුතය මා විසින් අමුත යැ යි ... විඥාතය මා විසින් අවිඥාත යැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති වේ. පළමු කොට ඒ පුඟුල්හට බොරු කියන්නෙමැයි සිත් වෙයි. කියන්නාහට බොරු කියමැයි සිත් වෙයි. කීවාහට මා විසින් බොරු කියන ලදැයි සිත් වෙයි. සතර අයුරෙකින් ... පස් අයුරෙකින් ... සඅයුරෙකින් ... ශ්‍රැතය මා විසින් අශ්‍රැත යැ යි ... මුතය මා විසින් අමුත යැ යි ... විඥාතය මා විසින් අවිඥාත යැ යි දැන දැන බොරු කියන්නා හට සත් අයුරෙකින් පචිති ඇවැත් වෙයි: පළමුකොට ම ඒ පුඟුල්හට ලබ්ධිය තබා, ඉවසීම තබා, රුචිය තබා අදහස තබා බොරු කියන්නෙ මැයි සිත් වෙයි. කියන්නාහට බොරු කියමැයි සිත් වෙයි. කීවාහට මා විසින් බොරු කියනලදැයි සිත් වෙයි.
Pali BJTතීහාකාරෙහි දිට්ඨං සුතං මෙති -පෙ- තීහාකාරෙහි දිට්ඨං මුතං මෙති -පෙ- තීහාකාරෙහි දිට්ඨං විඤ්ඤාතං මෙති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස: -පෙ- තීහාකාරෙහි දිට්ඨං සුතඤ්ච මෙ මුතඤ්චාති -පෙ- තීහාකාරෙහි දිට්ඨං සුතඤ්ච මෙ විඤ්ඤාතඤ්චාති -පෙ- තීහාකාරෙහි දිට්ඨං සුතඤ්ච මෙ මුතඤ්ච විඤ්ඤාතඤ්චාති සම්පජාන මුසා භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස: -පෙ-
Sinhala BJTදෘෂ්ටය මා විසින් ශ්‍රැත යැ යි තුන් අයුරෙකින් ... දෘෂ්ටය මා විසින් මුත යැ යි තුන් අයුරෙකින් ... දෘෂ්ටය මා විසින් විඥාත යැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති ඇවැත් වෙයි. ... දෘෂ්ටය මා විසින් ශ්‍රැත ද මුත දැ යි තුන් අයුරෙකින් ... දෘෂ්ටය මා විසින් ශ්‍රැත ද විඥාත දැ යි තුන් අයුරෙකින් ... දෘෂ්ටය මා විසින් ශ්‍රැත ද මුත ද විඥාත දැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති ඇවැත් වේ: ...
Pali BJTතීහාකාරෙහි සුතං මුතං මෙති -පෙ- තීහාකාරෙහි සුතං විඤ්ඤාතං මෙති -පෙ- තීහාකාරෙහි සුතං දිට්ඨං මෙති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස: -පෙ- තීහාකාරෙහි සුතං මුතඤ්ච මෙ විඤ්ඤාතඤ්චාති -පෙ- තීහාකාරෙහි සුතං මුතඤ්ච මෙ දිට්ඨඤ්චාති -පෙ- තීහාකාරෙහි සුතං මුතඤ්ච මෙ විඤ්ඤාතඤ්ච දිට්ඨඤ්චාති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස -පෙ-.
Sinhala BJTශ්‍රැතය මා විසින් මුත යැ යි තුන් අයුරෙකින් ... ශ්‍රැතය මා විසින් විඥාත යැ යි තුන් අයුරෙකින් ... ශ්‍රැතය මා විසින් දෘෂ්ට යැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති ඇවැත් වෙයි. ... ශ්‍රැතය මා විසින් මුත ද විඥාත දැ යි තුන් අයුරෙකින් ... ශ්‍රැතය මා විසින් මුත ද දෘෂ්ට දැ යි තුන් අයුරෙකින් ... ශ්‍රැතය මා විසින් මුත ද විඥාත ද දෘෂ්ට දැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති ඇවැත් වේ ...
Pali BJTතීහාකාරෙහි මුතං විඤ්ඤාතං මෙති -පෙ- තීහාකාරෙහි මුතං දිට්ඨං මෙති -පෙ- තීහාකාරෙහි මුතං සුතං මෙති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස -පෙ- තීහාකාරෙහි මුතං විඤ්ඤාතඤ්ච මෙ දිට්ඨඤ්චාති -පෙ- තීහාකාරෙහි මුතං විඤ්ඤාතඤ්ච මෙ සුතඤ්චාති -පෙ- තීහාකාරෙහි මුතං විඤ්ඤාතඤ්ච මෙ දිට්ඨඤ්ච සුතඤ්ච සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස -පෙ-.
Sinhala BJTමුතය මා විසින් විඥාත යැ යි තුන් අයුරෙකින් ... මුතය මා විසින් දෘෂ්ට යැ යි තුන් අයුරෙකින් ... මුතය මා විසින් ශ්‍රැත යැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති ඇවැත් වෙයි. ... මුතය මා විසින් විඥාත ද දෘෂ්ට දැ යි තුන් අයුරෙකින් ... මුතය මා විසින් විඥාත ද ශ්‍රැත දැ යි තුන් අයුරෙකින් ... මුතය මා විසින් විඥාත ද දෘෂ්ට ද ශ්‍රැත දැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති ඇවැත් වේ ...
Pali BJTතීහාකාරෙහි විඤ්ඤාතං දිට්ඨං මෙති -පෙ- තීහාකාරෙහි විඤ්ඤාතං සුතං මෙති -පෙ- තීහාකාරෙහි මුතං මෙති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස -පෙ- තීහාකාරෙහි විඤ්ඤාතං දිට්ඨඤ්ච මෙ සුතඤ්චාති -පෙ- තීහාකාරෙහි විඤ්ඤාතං දිට්ඨඤ්ච මෙ මුතඤ්චාති -පෙ- තීහාකාරෙහි විඤ්ඤාතං දිට්ඨඤ්ච මෙ සුතඤ්ච මුතඤ්චාති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස -පෙ-
Sinhala BJTවිඥාතය මා විසින් දෘෂ්ට යැ යි තුන් අයුරෙකින් ... විඥාතය මා විසින් ශ්‍රැත යැ යි තුන් අයුරෙකින් ... විඥාතය මා විසින් මුත යැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති ඇවැත් වෙයි ... විඥාතය මා විසින් දෘෂ්ට ද ශ්‍රැත දැ යි තුන් අයුරෙකින් ... විඥාතය මා විසින් දෘෂ්ට ද මුත දැ යි තුන් අයුරෙකින් ... විඥාතය මා විසින් දෘෂ්ට ද ශ්‍රැත ද මුත දැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති ඇවැත් වේ. ...
Pali BJTතීහාකාරෙහි දිට්ඨෙ වෙමතිකො දිට්ඨං නො කප්පෙති, දිට්ඨං නස්සරති, දිට්ඨං පමුට්ඨො{1} හොති දිට්ඨං මෙ සුතඤ්චාති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස -පෙ- දිට්ඨං මෙ සුතඤ්ච මුතඤ්ච විඤ්ඤාතඤ්චාති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස -පෙ- සුතෙ වෙමතිකො සුතං නො කප්පෙති සුතං නස්සරති සුතං පමුට්ඨො හොති -පෙ- මුතෙ වෙමතිකො මුතං නො කප්පෙති මුතං නස්සරති මුතං පමුට්ඨො{1} හොති -පෙ- තීහාකාරෙහි විඤ්ඤාතෙ වෙමතිකො විඤ්ඤාතං නො කප්පෙති විඤ්ඤාතං නස්සරති විඤ්ඤාතං පමුට්ඨො හොති විඤ්ඤාතඤ්ච මෙ දිට්ඨඤ්චාති -පෙ- විඤ්ඤාතං පමුට්ඨො හොති විඤ්ඤාතඤ්ච මෙ සුතඤ්චාති -පෙ- විඤ්ඤාතං පමුට්ඨො හොති විඤ්ඤාතඤ්ච මෙ මුතඤ්චාති -පෙ- විඤ්ඤාතං පමුට්ඨො හොති විඤ්ඤාතඤ්ච මෙ දිට්ඨඤ්ච සුතඤ්චාති -පෙ- විඤ්ඤාතං පමුට්ඨො{1} හොති විඤ්ඤාතඤ්ච මෙ දිට්ඨඤ්ච සුතඤ්ච මුතඤ්චාති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස, පුබ්බෙවස්ස හොති මුසා භණිස්සන්ති, භණන්තස්ස හොති මුසා භණාමීති, භණිතස්ස හොති මුසා මයා භණිතන්ති.
Sinhala BJTදෘෂ්ටයෙහි විමති ඇතියේ දෘෂ්ටය නො ද අදහයි. දෘෂ්ටය නො සිහි කරයි. දෘෂ්ටයෙහි ප්‍රමෘෂ්ට වෙයි. දෘෂ්ටය මා විසින් ශ්‍රැත දැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති වේ. ... දෘෂ්ටය මා විසින් ශ්‍රැත ද මුත ද විඥාත දැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති ඇවැත් වේ. ... ශ්‍රැතයෙහි විමති ඇතියේ ශ්‍රැතය නො ද අදහයි. ශ්‍රැතය නො සිහි කරයි. ශ්‍රැතයෙහි ප්‍රමෘෂ්ට වෙයි. ... මුතයෙහි විමති ඇතියේ මුතය නො ද අදහයි. මුතය නො සිහි කරයි. මුතයෙහි ප්‍රමෘෂ්ට වෙයි. ... තුන් අයුරෙකින් විඥාතයෙහි විමති ඇතියේ විඥාතය නො ද අදහයි. විඥාතය නො සිහි කරයි. විඥාතයෙහි ප්‍රමෘෂ්ට වෙයි. මා විසින් විඥාත ද දෘෂ්ට දැ යි ... විඥාතයෙහි ප්‍රමෘෂ්ට වෙයි. මා විසින් විඥාත ද ශ්‍රැත දැ යි ... විඥාතයෙහි ප්‍රමෘෂ්ට වෙයි. මා විසින් විඥාත ද මුත දැ යි ... විඥාතයෙහි ප්‍රමෘෂ්ට වෙයි. මා විසින් විඥාත ද දෘෂ්ට ද ශ්‍රැත දැ යි ... විඥාතයෙහි ප්‍රමෘෂ්ට වෙයි. මා විසින් විඥාත ද දෘෂ්ට ද ශ්‍රැත ද මුත දැ යි දැන දැන බොරු කියන්නාහට පචිති ඇවැත් වේ: කැලම ඔහුට බොරු කියන්නෙමැයි සිත් වෙයි. කියන්නාහට බොරු කියමැයි සිත් වෙයි. කීවාහට මා විසින් බොරු කියන ලදැ යි සිත් වෙයි.
Pali BJTචතූහාකාරෙහි -පෙ- පඤ්චහාකාරෙහි -පෙ- ඡහාකාරෙහි -පෙ- සත්තහාකාරෙහි -පෙ- විඤ්ඤාතං පමුට්ඨො හොති විඤ්ඤාතඤ්ච මෙ දිට්ඨඤ්ච සුතඤ්ච මුතඤ්චාති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස, පුබ්බෙවස්ස හොති මුසා භණිස්සන්ති, භණන්තස්ස හොති මුසා භණාමීති, භණිතස්ස හොති මුසා මයා භණිතන්ති, විනිධාය දිට්ඨිං, විනිධාය ඛන්තිං, විනිධාය රුචිං, විනිධාය භාවං.
Sinhala BJTසතර අයුරෙකින් ... පස් අයුරෙකින් ... සඅයුරෙකින් ... සත් අයුරෙකින් ... විඥාතයෙහි ප්‍රමෘෂ්ට වෙයි. මා විසින් විඥාත ද දෘෂ්ට ද ශ්‍රැත ද මුත දැ යි දැන දැන බොරු කියන්නාහට පචිති ඇවැත් වේ: කැල ම ඔහුට ලබ්ධිය තබා, ඉවසීම තබා, රුචිය පිහිටුවා අදහස තබා බොරු කියන්නෙමැයි සිත්වෙයි. කියන්නාහට බොරු කියමැයි සිත් වෙයි, කීවාහට මා විසින් බොරු කියන ලදැයි සිත් වෙයි.
Pali BJTඅනාපත්ති: දවා භණති, රවා භණති. දවා භණති නාම: සහසා භණති. රවා භණති නාම: අඤ්ඤං භණිස්සාමීති අඤ්ඤං භණති, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJTලාහෙළා බෙණේ නම්, පැකිල බෙණේ නම්, ඇවැත් නැති: ලාහෙළා බිණීම නම් යුහුවැ කීම යි. පැකිලැ බිණීම නම් අනෙකක් කියන්නෙමැයි අනෙකක් කීම යි. උන්මත්තකයහුට ද, ආදිකාර්මිකයහුට ද ඇවැත් නැති.
Pali BJTමුසාවාදසික්ඛාපදං පඨමං.
Sinhala BJTපළමුවැනි මුසාවාද ශික්‍ෂාපද යි.
Pali BJT6. 1. 2.
Sinhala BJT6. 1. 2.
Pali BJTඔමසවාදසික්ඛාපදං
Sinhala BJTඔමසවාද ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ පෙසලෙහි භික්ඛූහි සද්ධිං භණ්ඩෙන්ති,{1} පෙසලෙ භික්ඛූ ඔමසන්ති; ජාතියාපි නාමෙනපි ගොත්තෙනපි කම්මෙනපි සිප්පෙනපි ආබාධෙනපි ලිඞ්ගෙනපි කිලෙසෙනපි ආපත්තියාපි හීනෙනපි අක්කොසෙන ඛුංසෙන්ති වම්භෙන්ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ පෙසලෙහි භික්ඛූහි සද්ධිං භණ්ඩන්තා පෙසලෙ භික්ඛූ ඔමසිස්සන්ති: ජාතියාපි නාමෙනපි ගොත්තෙනපි කම්මෙනපි සිප්පෙනපි ආබාධෙනපි ලිඞ්ගෙනපි කිලෙසෙනපි ආපත්තියාපි හීනෙනපි අක්කොසෙන ඛුංසෙස්සන්ති වම්භෙස්සන්තී”ති
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් වූ, අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එකල්හි සවග මහණහු ප්‍රියශීල භික්‍ෂූන් සමග ඩබර කරමින් ප්‍රියශීල භික්‍ෂූන් (රළුබස් නමැති හුල් වලින් විනි විදිත්) විද බෙණෙත්: ජාතියෙනුදු නාමයෙනුදු ගෝත්‍රයෙනුදු කර්‍මයෙනුදු ශිල්පයෙනුදු ආබාධයෙනුදු ලිඞ්ගයෙනුදු ක්ලේශයෙනුදු ආපත්තියෙනුදු හීන වූ ආක්‍රෝශයෙනුදු ආක්‍රෝශ කෙරෙත් ගරහත්. යම් භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔවුහු ලමු කොට සිතති. නුගුණ පවසති දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු ප්‍රියශීල භික්‍ෂූන් සමග ඩබර කරමින් ප්‍රියශීල භික්‍ෂූන්හට ඝටා බෙණෙත් ද, ජාතියෙනුදු නාමයෙනුදු ගෝත්‍රයෙනුදු කර්‍මයෙනුදු ශිල්පයෙනුදු ආබාධයෙනුදු ලිඞ්ගයෙනුදු ක්ලේශයෙනුදු ආපත්තියෙනුදු හීන වූ ආක්‍රොශයෙනුදු ආක්‍රෝශ කෙරෙත් ද, ගරහත් දැ”යි.
Pali BJT2. අථ ඛො තෙ භික්ඛූ ඡබ්බග්ගියෙ භික්ඛූ අනෙකපරියායෙන විගරහිත්වා භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ පෙසලෙහි භික්ඛූහි සද්ධිං භණ්ඩෙන්තා පෙසලෙ භික්ඛූ ඔමසථ: ජාතියාපි -පෙ- හීනෙනපි අක්කොසෙන ඛුංසෙථ වම්භෙථාති.
Sinhala BJT2. එකල්හි ඒ භික්‍ෂූහු සවග මහණුන්හට නොයෙක් කරුණෙන් වෙසෙසින් ගරහා භාග්‍යවතුන්හට තෙල කරුණ සැලකළහ. ... සැබෑද මහණෙනි, තෙපි ප්‍රියශීල භික්‍ෂූන් සමග ඩබර කරමින් ප්‍රියශීල භික්‍ෂූන්හට ඝටාබණනහු ද, ජාතියෙනුදු ... හීන වූ ආක්‍රෝශයෙනුදු ආක්‍රෝශ කරවු ද, ගරහවු දැ යි.
Pali BJTසච්චං, භගවාති.
Sinhala BJTසැබැව භාග්‍යවතුන් වහන්ස,
Pali BJTවිගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා පෙසලෙහි භික්ඛූහි සද්ධිං භණ්ඩෙන්තා පෙසලෙ භික්ඛූ ඔමසිස්සථ: ජාතියාපි -පෙ- හීනෙනපි අක්කොසෙන ඛුංසෙස්සථ වම්භෙස්සථ. නෙතං මොඝ පුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි.
Sinhala BJTභාග්‍යවත් බුදුහු වෙසෙසින් ගැරහූහ ..., “හිස් පුරුෂයෙනි, කෙසේ නම් තෙපි ප්‍රියශීල භික්‍ෂූන් සමග ඩබර කරමින් ප්‍රියශීල භික්‍ෂූන්හට ඝටා බෙණෙවු ද, ජාතියෙනුදු ... හීන වූ ආක්‍රෝශයෙනුදු ආක්‍රෝශ කරවු ද, ගරහවු දැ”යි. හිස්පුරුෂයෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ ... නො වේ යැ යි වෙසෙසින් ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමැතූහ.
Pali BJT3. භූතපුබ්බං භික්ඛවෙ, තක්කසිලායං අඤ්ඤතරස්ස බ්රාහ්මණස්ස නන්දිවිසාලො නාම බලිවද්දො{2} අහොසි. අථ ඛො, භික්ඛවෙ, නන්දිවිසාලො බලිවද්දො තං බ්රාහ්මණං එතදවොච: “ගච්ඡ ත්වං බ්රාහ්මණ සෙට්ඨිනා සද්ධිං සහස්සෙන අබ්භුතං කරොහි, මය්හං බලිවද්දො සකටසතං අතිබද්ධං පවට්ටෙස්සතී”ති. අථ ඛො භික්ඛවෙ සො බ්රාහ්මණො සෙට්ඨිනා සද්ධිං සහස්සෙන අබ්භුතං අකාසි, “මය්හං බලිවද්දො සකටසතං අතිබද්ධං පවට්ටෙස්සතී”ති. අථඛො භික්ඛවෙ සො බ්රාහ්මණො සකටසතං අතිබන්ධිත්වා නන්දිවිසාලං බලිවද්දං යොජෙත්වා එතදවොච: “අඤ්ජ{3} කූට, වහස්සු කූටා”ති. අථ ඛො, භික්ඛවෙ, නන්දිවිසාලො බලිවද්දො තත්ථෙව අට්ඨාසි. අථ ඛො භික්ඛවෙ සො බ්රාහ්මණො සහස්සෙන පරාජිතො පජ්ඣායි.
Sinhala BJT3. මහණෙනි, මේ පෙර වූ දැයෙකි: තක්සලායෙහි එක්තරා බමුණකුට නන්‍දිවිසාල නම් වෘෂභයෙක් විය. එකල්හි මහණෙනි, නන්‍දිවිශාල වෘෂභ එබමුණුහට තෙල බස කී ය. බමුණ, තෝ යා, සිටුහු සමග දහසෙකින් පරදු තබව, “මාගේ වෘෂභ තෙමේ එකට බැඳි ගැල් සියයක් (පෙරැගැල තුබූ තැනට පසුගැල) අදනේ යැ”යි. ඉක්බිති මහණෙනි, එබමුණු සිටුහු සමග දහසෙකින් පරදු තැබී ය. “මාගේ වෘෂභ එකට බැඳි ගැල් සියයක් අදනේ යැ යි”. ඉක්බිති මහණෙනි, එබමුණු ගැල් සියයක් එකට බැඳ නන්‍දිවිසාල ගවයා යොදාලා අදු කුළ, උසුල කුළැ යි කී ය. එකල්හි මහණෙනි, නන්‍දිවිශාල බලීවර්ද තෙමේ එහි ම සිටියේ ය. එකල්හි මහණෙනි, එබමුණු දහසෙකින් පැරදුණේ (දොම්නසින්) සිතමින් සිටියේ ය.
Pali BJT4. අථඛො භික්ඛවෙ නන්දිවිසාලො බලිවද්දො තං බ්රාහ්මණං එතදවොච: “කිස්ස ත්වං බ්රාහ්මණ, පජ්ඣායසී”ති. තථාහි පනාහං භො තයා සහස්සෙන පරාජිතොති. කිස්ස පන මං ත්වං බ්රාහ්මණ අකූටං කූටවාදෙන පාපෙසි. ගච්ඡ ත්වං බ්රාහ්මණ සෙට්ඨිනා සද්ධිං ද්වීහි සහස්සෙහි අබ්භුතං කරොහි “මය්හං බලිවද්දො සකටසතං අතිබද්ධං පවට්ටෙස්සතීති. මා ච මං අකූටං කූටවාදෙන පාපෙසී”ති. අථ ඛො භික්ඛවෙ සො බ්රාහ්මණො සෙට්ඨිනා සද්ධිං ද්වීහි සහස්සෙහි අබ්භුතං අකාසි. “මය්හං බලිවද්දො සකටසතං අතිබද්ධං පවට්ටෙස්සතී”ති.
Sinhala BJT4. එකල්හි නන්‍දිවිසාල වෘෂභ තෙමේ එබමුණුහට බමුණ, තෙපි කුමකට සිතිවිලිපර වැ සිටියාව යි. තෙල කී ය. භවත, මම තා විසින් දහසෙකින් පරදවන ලදුයෙම් ද එහෙයිනැයි කී ය. බමුණ, කුමකට තෙපි නො කුළු මා කුළෙහි යන බසින් (අවමනට) පමුණුවාලූහු ද, යව බමුණ, තෙපි සිටුහු සමග දෙදහසෙකින් පරදු තබව, “මාගේ වෘෂභ එකට බැඳි ගැල් සියයක් අදනේ යැ”යි. නො කුළු මා කුළෙහි යන බසින් නො ද (අවමනට) පමුණුවාලව යි කී ය. එකල්හි මහණෙනි ඒ බමුණු සිටුහු සමඟ දෙදහසෙකින් පරදු තැබී ය; ‘මාගේ වෘෂභ එකට බැඳි ගැල් සියයක් අදනේ යැ’යි
Pali BJT5. අථ ඛො භික්ඛවෙ සො බ්රාහ්මණො සකටසතං අතිබන්ධිත්වා නන්දිවිසාලං බලිවද්දං යොජෙත්වා{1} එතදවොච – “අඤ්ජ, භද්ර, වහස්සු, භද්රා”ති. අථ ඛො, භික්ඛවෙ, නන්දිවිසාලො බලිවද්දො සකටසතං අතිබද්ධං පවට්ටෙසි.
Sinhala BJT5. ඉක්බිති මහණෙනි, ඒ බමුණු ගැල් සියයක් එකට බැඳ නන්‍දිවිසාල ගවයා යොදාලා “අදු භද්‍රය, උසුල භද්‍රය”යි මෙසේ කී ය. එකල්හි ම මහණෙනි, නන්‍දිවිසාල වෘෂභ එකට බැඳි ගැල් සියය ඇදලී ය.
Pali BJT6. “මනාපමෙව භාසෙය්ය නාමනාපං කුදාචනං මනාපං භාසමානස්ස ගරුම්භාරං උදබ්බහී, ධනඤ්ච නං අලාභෙසි, තෙන චත්තමනො අහූ”ති.
Sinhala BJT6. මනවඩන බස් ම කියන්නේ ය, කිසි කලෙක අමනාපබස් නො කියන්නේ ය, මනාප බස් බණන්නහුගේ මහත් බර ඉසිලී ය, ඔහු ලවා ධනය ද ලබවාලී ය, එයින් සතුටු සිතැත්තේ ද වී”යැයි.
Pali BJT“තදාපි මෙ භික්ඛවෙ අමනාපා ඛුංසනා වම්භනා. කිමඞ්ග පන එතරහි මනාපා භවිස්සති ඛුංසනා වම්භනා නෙතං, භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJTඑදවස් මහණෙනි, හෙළා දැකීම ගැරහීම මට අමනාප වී යැ. දැන් හෙළාදැකීම ගැරහීම මනාප වෙතියි කියනු කිම? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ ... නො වේ. මහණෙනි, මෙසේ මේ සිකපදය ද උදෙසවු:
Pali BJT“ඔමසවාදෙ පාචිත්තිය”න්ති.
Sinhala BJTඔමසවාදයෙහි පචිති වේයයි.
Pali BJT7. ඔමසවාදො නාම: දසහි ආකාරෙහි ඔමසති: ජාතියාපි නාමෙනපි ගොත්තෙනපි කම්මෙනපි සිප්පෙනපි ආබාධෙනපි ලිඞ්ගෙනපි කිලෙසෙනපි ආපත්තියාපි අක්කොසෙනපි.
Sinhala BJT7. ඔමසවාද නම්: දස අයුරෙකින් ඝටා බෙණෙයි: ජාතියෙනුදු නාමයෙනුදු ගෝත්‍රයෙනුදු කර්‍මයෙනුදු ශිල්පයෙනුදු ආබාධයෙනුදු ලිඞ්ගයෙනුදු ක්ලේශයෙනුදු ආපත්තියෙනුදු ආක්‍රෝශයෙන දැ යි.
Pali BJTජාති නාම: ද්වෙ ජාතියො, හීනා ච ජාති උක්කට්ඨා ච ජාති, හීනා නාම ජාති: චණ්ඩාලජාති වෙණජාති නෙසාදජාති රථකාරජාති, පුක්කුසජාති. එසා හීනා නාම ජාති. උක්කට්ඨා නාම ජාති: ඛත්තියජාති බ්රාහ්මණජාති. එසා උක්කට්ඨා නාම ජාති.
Sinhala BJTජාති නම්: හීන ජාති ද උත්කෘෂ්ට ජාති දැ යි ජාති දෙකෙකි. හීන ජාති නම්; සැඬොල් ජාති යැ කුළුපොතු ජාති යැ වැදි ජාති යැ සොම්මර ජාති යැ පුප්සඩු ජාති යි. තෙල හීන ජාති වෙයි. උත්කෘෂ්ට ජාති නම්: ක්‍ෂත්‍රිය ජාති යැ බ්‍රාහ්මණ ජාති යි. තෙල උත්කෘෂ්ට ජාති නම.
Pali BJTනාමං නාම: ද්වෙ නාමානි, හීනඤ්ච නාමං උක්කට්ඨඤ්ච නාමං . හීනං නාම නාමං: අවකණ්ණකං ජවකණ්ණකං ධනිට්ඨකං සවිට්ඨකං කුලවඩ්ඪකං, තෙසු තෙසු වා පන ජනපදෙසු ඔඤාතං අවඤ්ඤාතං හීළිතං පරිභූතං අචිත්තීකතං, එතං හීනං නාම නාමං. උක්කට්ඨං නාම නාමං: බුද්ධප්පටිසඤ්ඤූත්තං ධම්මපටිසඤ්ඤුත්තං සඞ්ඝපටිසඤ්ඤුත්තං, තෙසු තෙසු වා පන ජනපදෙසු අනොඤාතං අනවඤ්ඤාතං අහීළිතං අපරිභූතං චිත්තීකතං, එතං උක්කට්ඨං නාම නාමං.
Sinhala BJTනාම නම්: හීන නාම හා උත්කෘෂ්ටනාම හා නාම දෙකෙකි. හීන නාම නම්: අවකණ්ණක යැ ජවකණ්ණක යැ, ධනිට්ඨක යැ, සවිට්ඨක යැ, කුලවඩ්ඩක යි. ඒ ඒ දනවු හි පහත් කොට දන්නා ලද අවමන් කොට දන්නා ලද පිළිකුල් කරන ලද පරිභව කරන ලද ගරු නො කරන ලද හෝ නාම යි. තෙල හීන නාම වෙ යි. උත්කෘෂ්ට නාම නම්: බුද්ධ ප්‍රතිසංයුක්ත වූ ධර්‍මප්‍රතිසංයුක්ත වූ සඞ්ඝප්‍රතිසංයුක්ත වූ නාම හෝ ඒ ඒ දනවුහි පහත් කොට නොදන්නාලද අවමන් කොට නොදන්නා ලද පිළිකුල් නො කරනලද පරිභව නො කරන ලද ගරු කරන ලද හෝ නාම යි. තෙල උත්කෘෂ්ටනාම නම.
Pali BJT10. ගොත්තං නාම: ද්වෙ ගොත්තානි, හීනඤ්ච ගොත්තං උක්කට්ඨඤ්ච ගොත්තං. හීනං නාම ගොත්තං: කොසියගොත්තං භාරද්වාජගොත්තං, තෙසු තෙසු වා පන ජනපදෙසු ඔඤාතං අවඤ්ඤාතං හීළිතං පරිභූතං අචිත්තීකතං, එතං හීනං නාම ගොත්තං. උක්කට්ඨං නාම ගොත්තං: ගොතමගොත්තං මොග්ගල්ලානගොත්තං කච්චානගොත්තං, වාසෙට්ඨගොත්තං, තෙසු තෙසු වා පන ජනපදෙසු අනොඤ්ඤාතං අනවඤ්ඤාතං අහීළිතං අපරිභූතං චිත්තීකතං, එතං උක්කට්ඨං නාම ගොත්තං.
Sinhala BJT10. ගොත්ත නම්: හීන ගෝත්‍රය හා උත්කෘෂ්ට ගෝත්‍රය හා ගෝත්‍ර දෙකෙකි. හීන ගෝත්‍ර නම්: කෝසිය ගෝත්‍ර යැ භාරද්වාජ ගෝත්‍ර යැ හෝ ඒ ඒ දනව්හි පහත් කොට දන්නා ලද අවමන් කොට දන්නා ලද පිළිකුල් කරන ලද පරිභව කරන ලද ගරු නොකරන ලද හෝ ගෝත්‍ර යි, තෙල හීන ගෝත්‍ර නම් වෙයි. උත්කෘෂ්ට ගෝත්‍ර නම්: ගොතම ගෝත්‍ර යැ මොග්ගල්ලාන ගෝත්‍ර යැ කච්චාන ගෝත්‍ර යැ වාසෙට්ඨ ගෝත්‍ර යැ හෝ ඒ ඒ දනව්හි පහත් කොට නොදන්නා ලද අවමන් කොට නොදන්නා ලද පිළිකුල් නො කරන ලද පරිභව නො කරන ලද ගරු කරන ලද හෝ ගෝත්‍ර යි. තෙල උත්කෘෂ්ට ගෝත්‍ර නම් වෙයි.
Pali BJT11. කම්මං නාම: ද්වෙ කම්මානි: හීනඤ්ච කම්මං උක්කට්ඨඤ්ච කම්මං. හීනං නාම කම්මං: කොට්ඨකකම්මං පුප්ඵඡඩ්ඩකකම්මං, තෙසු තෙසු වා පන ජනපදෙසු ඔඤාතං අවඤ්ඤාතං හීළිතං පරිභූතං අචිත්තීකතං, එතං හීනං නාම කම්මං. උක්කට්ඨං නාම කම්මං: කසි වණිජ්ජා, ගොරක්ඛා, තෙසු තෙසු වා පන ජනපදෙසු අනොඤාතං අනවඤ්ඤාතං අහීළිතං අපරිභූතං චිත්තීකතං. එතං උක්කට්ඨං නාම කම්මං.
Sinhala BJT11. කම්ම නම්: හීන කර්‍මය හා උත්කෘෂ්ට කර්‍මය හා කර්‍ම දෙකෙකි. හීන කර්‍ම නම්: තක්‍ෂක කර්‍ම යැ, පුප්සඩු කර්‍ම යැ හෝ ඒ ඒ දනවුහි පහත් කොට දන්නා ලද අවමන් කොට දන්නා ලද පිළිකුල් කරන ලද පරිභව කරන ලද ගරු නො කරන ලද හෝ කර්‍ම යි. තෙල හීන කර්‍ම නම් වෙයි. උත්කෘෂ්ට කර්‍ම නම්; කෘෂි වණික් ගෝරක්‍ෂ යැ හෝ ඒ ඒ දනව්හි පහත් කොට නො දන්නා ලද අවමන් කොට නොදන්නා ලද පිළිකුල් නොකරන ලද පරිභව නොකරන ලද ගරුකරන ලද හෝ කර්‍ම යි. තෙල උත්කෘෂ්ට කර්‍ම නම් වෙයි.
Pali BJT12. සිප්පං නාම: ද්වෙ සිප්පානි, හීනඤ්ච සිප්පං උක්කට්ඨඤ්ච සිප්පං හීනං නාම සිප්පං: නළකාරසිප්පං කුම්භකාරසිප්පං පෙසකාරසිප්පං චම්මකාරසිප්පං නහාපිතසිප්පං, තෙසු තෙසු වා ජනපදෙසු ඔඤාතං අවඤ්ඤාතං හීළිතං පරිභූතං අචිත්තීකතං. එතං හීනං නාම සිප්පං. උක්කට්ඨං නාම සිප්පං. මුද්දා ගණනා ලෙඛා, තෙසු තෙසු වා පන ජනපදෙසු අනොඤාතං අනවඤ්ඤාතං අහීළිතං අපරිභූතං චිත්තීකතං, එතං උක්කට්ඨං නාම සිප්පං.
Sinhala BJT12. සිප්ප නම්: හීන ශිල්ප හා උත්කෘෂ්ට ශිල්ප හා ශිල්ප දෙකෙකි. හීනශිල්ප නම්: නළකාර ශිල්ප යැ, කුම්භකාර ශිල්ප යැ පෙෂකාර ශිල්ප යැ, චම්මකාර ශිල්ප යැ, නහාපිත ශිල්ප යැ හෝ ඒ ඒ දනව්හි පහත් කොට දන්නාලද අවමන් කොට දන්නා ලද පිළිකුල් කරන ලද පරිභව කරන ලද, ගරු නොකරන ලද හෝ ශිල්ප යි. තෙල හීන ශිල්ප වෙයි. උත්කෘෂ්ට ශිල්ප නම්: මුද්‍රා යැ ගණනා යැ ලේඛා යැ හෝ ඒ ඒ දනව්හි පහත් කොට නොදන්නා ලද අවමන් කොට නොදන්නා ලද පිළිකුල් නො කරන ලද පරිභව නො කරන ලද ගරු කරන ලද හෝ ශිල්ප යි. තෙල උත්කෘෂ්ට ශිල්ප වෙයි.
Pali BJT13. සබ්බෙපි ආබාධා හීනා, අපි ච මධුමෙහො ආබාධො උක්කට්ඨො.
Sinhala BJT13. සියලු ම ආබාධයෝ හීනයහ. එහෙත් මධුමෙහාබාධය උත්කෘෂ්ට යි.
Pali BJT14. ලිඞ්ගං නාම: ද්වෙ ලිඞ්ගානි, හීනඤ්ච ලිඞ්ගං උක්කට්ඨඤ්ච ලිඞ්ගං. හීනං නාම ලිඞ්ගං: අතිදීඝං අතිරස්සං අතිකණ්හං අච්චොදාතං, එතං හීනං නාම ලිඞ්ගං. උක්කට්ඨං නාම ලිඞ්ගං: නාතිදීඝං නාතිරස්සං නාතිකණ්හං, නාච්චොදාතං, එතං උක්කට්ඨං නාම ලිඞ්ගං.
Sinhala BJT14. ලිඞ්ග නම්: හීනලිඞ්ගය හා උත්කෘෂ්ට ලිඞ්ගය හා ලිඞ්ග දෙකෙකි. හීන ලිඞ්ග නම්: ඉතා දිගු යැ ඉතා මිටි යැ ඉතා කළු යැ ඉතා සුදු යැ තෙල හීන ලිඞ්ග වෙයි. උත්කෘෂ්ට ලිඞ්ග නම්: ඉතා නොදිගු යැ ඉතා නොමිටි යැ ඉතා නොකළු යැ ඉතා නොසුදු යැ. තෙල උත්කෘෂ්ට ලිඞ්ග වෙයි.
Pali BJT15. සබ්බෙපි කිලෙසා හීනා.
Sinhala BJT15. සියලු ම ක්ලේශයෝ හීනයහ.
Pali BJT16. සබ්බාපි ආපත්තියො හීනා. අපි ච සොතාපත්තිසමාපත්ති උක්කට්ඨා.
Sinhala BJT16. සියලු ම ආපත්තතීහු හීනයහ. එහෙත් සෝතාපත්ති සමාපත්ති උත්කෘෂ්ට යි.
Pali BJT17. අක්කොසො නාම: ද්වෙ අක්කොසා හීනො ච අක්කොසො උක්කට්ඨො ච අක්කොසො. හීනො නාම අක්කොසො: ඔට්ඨොසි, මෙණ්ඩොසි, ගොණොසි, ගද්රභොසි, තිරච්ඡානගතොසි, නෙරයිකොසි; නත්ථී තුය්හං සුගති, දුග්ගතියෙව තුය්හං පාටිකඞ්ඛාති, යකාරෙන වා භකාරෙන වා, කාටකොටචිකාය වා, එසො හීනො නාම අක්කොසො. උක්කට්ඨො නාම අක්කොසො: පණ්ඩිතොසි, ව්යත්තොසි මෙධාවීසි බහුස්සුතොසි ධම්මකථිකොසි, නත්ථි තුය්හං දුග්ගති, සුගතියෙව තුය්හං පාටිකඞ්ඛාති, එසො උක්කට්ඨො නාම අක්කොසො.
Sinhala BJT17. අක්කෝස නම් : හීනාක්‍රෝශය හා උත්කෘෂ්ටාක්‍රෝශය හා ආක්‍රෝශ දෙකෙකි. හීනාක්‍රෝශ නම්: ඔටුයෙහි, මැඬයෙහි, ගොන්හි, ගදුබුයෙහි තිරිසන්ගියෙහි, නිරිසත්හි තට සුගතියෙක් නැත, තා විසින් දුගතිය ම කැමැති විය යුතු, යකාරයෙන් ද හකාරයෙන් ද යුතු කොට කරන ආක්‍රෝශ යැ. කාටකෝටචිකායෙන් (ස්ත්‍රී පුරුෂ නිමිත් සූචක වචනයෙන්) කරන ආක්‍රෝශ යි. තෙල හීනාක්‍රෝශ වෙයි. උත්කෘෂ්ටාක්‍රෝශ නම්: පණ්ඩිතයෙහි, ව්‍යක්තයෙහි, මේධාවියෙහි, බහුශ්‍රැතයෙහි, ධර්‍ම කථිකයෙහි, තට දුගතියෙක් නැති. තා විසින් සුගතිය ම කැමැති විය යුතු, තෙල උත්කෘෂ්ටාක්‍රෝශ වෙයි.
Pali BJT18. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන හීනං වදෙති, චණ්ඩාලං වෙණං නෙසාදං රථකාරං පුක්කුසං “චණ්ඩාලොසි වෙනොසි නෙසාදොසි, රථකාරොසි, පුක්කුසොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT18. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ හීනජාතියෙන් හීනජාතිකයකුහට (මෙසේ) කියයි. සැඬොලකුට, කුළුපොත්තකුට වැද්දකුට සොම්මරයකුට, පුප්සඬුවකුට ‘සැඩොලෙහි, කුළුපොත්තෙහි, වැද්දෙහි, සොම්මරයෙහි, පුප්සඬුවෙහි’යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති වෙයි.
Pali BJT19. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන උක්කට්ඨං වදෙති, ඛත්තියං බ්රාහ්මණං “චණ්ඩාලොසි වෙනොසි නෙසාදොසි රථකාරොසි පුක්කුසොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT19. උපසපනෙක්, උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ හීන ජාතියෙන් උත්කෘෂ්ට ජාතිකයකුට (මෙසේ) කියයි: ක්‍ෂත්‍රියකුට, බ්‍රාහ්මණයකුට, සැඬොලෙහි, කුළුපොත්තෙහි, වැද්දෙහි, සොම්වරයෙහි, පුප්සඬුයෙහි’යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT20. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන හීනං වදෙති, චණ්ඩාලං වෙණං නෙසාදං රථකාරං පුක්කුසං “ඛත්තියොසි, බ්රාහ්මණොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT20. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ උත්කෘෂ්ට ජාතියෙන් හීන ජාතිකයකු හට (මෙසේ) කියයි; සැඬොලකුට, කුළුපොත්තකුට, වැද්දකුට, සොම්මරයකුට, පුප්සඬුවකුට ‘ක්‍ෂත්‍රියෙහි බ්‍රාහ්මණයෙහි’යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT21. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන උක්කට්ඨං වදෙති, ඛත්තියං බ්රාහ්මණං “ඛත්තියොසි බ්රාහ්මණොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT21. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ තෙද රහිත කරනු කැමැත්තේ උත්කෘෂ්ට ජාතියෙන් උත්කෘෂ්ට ජාතිකයකුට (මෙසේ) කියයි: ක්‍ෂත්‍රියකුට බ්‍රාහ්මණයකුට ‘ක්‍ෂත්‍රියෙහි, බ්‍රාහ්මණයෙහි’ යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති වෙයි.
Pali BJT22. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන හීනං වදෙති, අවකණ්ණකං ජවකණ්ණකං ධනිට්ඨකං සවිට්ඨකං කුලවඩ්ඪකං, “අවකණ්ණකොසි ජවකණ්ණකොසි ධනිට්ඨකොසි සවිට්ඨකොසි කුලවඩ්ඪකොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT22. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ, ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ හීන නාමයෙන් හීනනාමියකුහට (මෙසේ) කියයි. අවකනකුට ජවකනකුට දනිටුවකුට සවිටුවකුට, කුලවඩුවකුට ‘අවකනහි, ජවකනහි, දනිටුහි, සවිටුයෙහි, කුලවඩුයෙහි’යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT23. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන උක්කට්ඨං වදෙති බුද්ධරක්ඛිතං ධම්මරක්ඛිතං සඞ්ඝරක්ඛිතං “අවකණ්ණකොසි, ජවකණ්ණකොසි ධනිට්ඨකොසි සවිට්ඨකොසි, කුලවඩ්ඪකොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT23. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ, හීන නාමයෙන් උත්කෘෂ්ට නාමිකයකුට (මෙසේ) කියයි: බුදුරැකියකුට, දම්රැකියකුට, සඟරැකියකුට ‘අවකනහි, ජවකනහි දනිටුයෙහි, සවිටුයෙහි, කුලවඩුයෙහි’යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT24. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන හීනං වදෙති අවකණ්ණකං ජවකණ්ණකං ධනිට්ඨකං සවිට්ඨකං කුලවඩ්ඪකං, “බුද්ධරක්ඛිතොසි, ධම්මරක්ඛිතොසි සඞ්ඝරක්ඛිතොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT24. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකුකරනු කැමැත්තේ උත්කෘෂ්ට නාමයෙන් හීනනාමිකයකුට (මෙසේ) කියයි: අවකනකුට, ජවකනකුට දනිටුවකුට සවිටුවකුට, කුලවඩුවකුට ‘බුදුරැකියෙහි, දම්රැකියෙහි, සඟරැකියෙහි’යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT25. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන උකට්ඨං වදෙති බුද්ධරක්ඛිතං ධම්මරක්ඛිතං සඞ්ඝරක්ඛිතං, “බුද්ධරක්ඛිතොසි, ධම්මරක්ඛිතොසි සඞ්ඝරක්ඛිතොසී”ති භණති ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT25. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ, උත්කෘෂ්ට නාමයෙන් උත්කෘෂ්ට නාමිකයකුහට (මෙසේ) කියයි: බුදුරැකියකුට, දම්රැකියකුට, සඟරැකියකුට ‘බුදුරැකියෙහි, දම්රැකියෙහි, සඟරැකියෙහි’යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT26. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන හීනං වදෙති කොසියං භාරද්වාජං, “කොසියොසි භාරද්වාජොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT26. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ හීන ගෝත්‍රයෙන් හීනගෝත්‍රිකයකුට (මෙසේ) කියයි: කෝසියකුට, භාරද්වාජයකුට, ‘කෝසියයෙහි, භාරද්වාජයෙහි’යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති වෙයි.
Pali BJT27. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන උක්කට්ඨං වදෙති ගොතමං මොග්ගල්ලානං කච්චානං වාසෙට්ඨං “කොසියොසි භාරද්වාජොසී”ති භණති ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT27. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ, හීන ගෝත්‍රයෙන් උත්කෘෂ්ට ගෝත්‍රිකයකුට (මෙසේ) කියයි: ගෝතමයකුට මොග්ගල්ලානයකුට කච්චායනයකුට වාසෙට්ඨයකුට ‘කෝසියයෙහි භාරද්වාජයෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT28. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන හීනං වදෙති, කොසියං භාරද්වාජං “ගොතමොසි මොග්ගල්ලානොසි කච්චානොසි වාසිට්ඨොසී”ති{1} භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT28. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ උත්කෘෂ්ට ගෝත්‍රයෙන් හීන ගෝත්‍රිකයකුට (මෙසේ) කියයි: කෝසියකුට භාරද්වාජයකුට ‘ගෝතමයෙහි මොග්ගල්ලානයෙහි කච්චායනයෙහි වාසෙට්ඨයෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT29. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන උක්කට්ඨං වදෙති, ගොතමං මොග්ගල්ලානං කච්චානං වාසෙට්ඨං “ගොතමොසි මොග්ගල්ලානොසි කච්චානොසි වාසෙට්ඨොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT29. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ උත්කෘෂ්ට ගෝත්‍රයෙන් උත්කෘෂ්ට ගෝත්‍රිකයකුට (මෙසේ) කියයි: ගෝතමයකුට, මොග්ගල්ලානයකුට, කච්චායනයකුට වාසෙට්ඨයකුට ‘ගෝතමයෙහි, මොග්ගල්ලානයෙහි, කච්චානයෙහි වාසෙට්ඨයෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT30. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන හීනං වදෙති කොට්ඨකං පුප්ඵඡඩ්ඩකං “කොට්ඨකොසි, පුප්ඵඡඩ්ඩකොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT30. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ, හීනකර්‍මයෙන් හීනකාර්මිකයකුහට (මෙසේ) කියයි: තක්‍ෂකයකුට, පුප්සඬුවකුට ‘තක්‍ෂකයෙහි පුප්සඬුයෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT31. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන උක්කට්ඨං වදෙති, කස්සකං වාණිජං ගොරක්ඛං “කොට්ඨකොසි, පුප්ඵඡඩ්ඩකොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT31. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ හීනකර්‍මයෙන් උත්කෘෂ්ට කාර්මිකයකුහට (මෙසේ) කියයි: ගොවියකුට, වෙළෙඳකුට, ගෙරිරක්නකුට ‘තක්‍ෂකයෙහි පුප්සඬුවෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT32. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන හීනං වදෙති, කොට්ඨකං පුප්ඵඡඩ්ඩකං “කස්සකොසි වාණිජොසි ගොරක්ඛොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT32. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ උත්කෘෂ්ට කර්‍මයෙන් හීන කාර්මිකයකුහට (මෙසේ) කියයි: තක්‍ෂකයකුට පුප්සඬුවකුට, ‘ගොවියෙහි, වෙළෙඳෙහි, ගෙරිරක්නෙහි’යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT33. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන උක්කට්ඨං වදෙති කස්සකං වාණිජං ගොරක්ඛං “කස්සකොසි වාණිජොසි ගොරක්ඛොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT33. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ උත්කෘෂ්ට කර්‍මයෙන් උත්කෘෂ්ට කාර්මිකයකුහට (මෙසේ) කියයි: ගොවියකුට වෙළෙඳකුට ගෙරිරක්නකුට ‘ගොවියෙහි වෙළෙඳෙහි ගෙරිරකිනෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT34. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන හීනං වදෙති නළකාරං කුම්භකාරං පෙසකාරං චම්මකාරං නහාපිතං “නළකාරොසි කුම්භකාරොසි පෙසකාරොසි චම්මකාරොසි නහාපිතොසී”ති භණති ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT34. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ හීන ශිල්පයෙන් හීන ශිල්පියකුහට (මෙසේ) කියයි: කුළුපොතුවකුට කුඹලකුට පෙහෙරකුට සොම්මරකුට කරනැවෑමියකුට ‘කුළුපොත්තෙහි කුඹලෙහි පෙහෙරෙහි සොම්මරෙහි කරනැවෑමියෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT35. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන උක්කට්ඨං වදෙති මුද්දිකං ගණකං ලෙඛකං “නළකාරොසි කුම්භකාරොසි පෙසකාරොසි චම්මකාරොසි නහාපිතොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT35. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ හීන ශිල්පයෙන් උත්කෘෂ්ට ශිල්පියකුහට (මෙසේ) කියයි: මුද්‍රිකයකුට ගණකයකුට ලේඛකයකුට ‘කුළුපොත්තෙහි, කුඹලෙහි පෙහෙරෙහි සොම්මරෙහි කරනැවෑමියෙහි’යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT36. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන හීනං වදෙති නළකාරං කුම්භකාරං පෙසකාරං චම්මකාරං නහාපිතං “මුද්දිකොසී ගණකොසි ලෙඛකොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT36. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ උත්කෘෂ්ට ශිල්පයෙන් හීන ශිල්පියකුහට (මෙසේ) කියයි: කුළුපොත්තකුට, කුඹලකුට, පෙහෙරකුට සොම්මරකුට කරනැවෑමියකුට ‘මුද්‍රිකයෙහි ගණකයෙහි ලේඛකයෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT37. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන උක්කට්ඨං වදෙති: මුද්දිකං ගණකං ලෙඛකං “මුද්දිකොසි ගණකොසි ලෙඛකොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT37. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ උත්කෘෂ්ට ශිල්පයෙන් උත්කෘෂ්ට ශිල්පියකුහට (මෙසේ) කියයි: මුද්‍රිකයකුට ගණකයකුට ලේඛකයකුට ‘මුද්‍රිකයෙහි ගණකයෙහි ලේඛකයෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT38. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන හීනං වදෙති කුට්ඨිකං ගණ්ඩිකං කිලාසිකං සොසිකං අපමාරිකං “කුට්ඨිකොසි ගණ්ඩිකොසි කිලාසිකොසි සොසිකොසි අපමාරිකොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT38. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ හීනාබාධයෙන් හීනා බාධිකයකුහට (මෙසේ) කියයි: කුෂ්ටිකයකුට ගණ්ඩිකයකුට කිලාසිකයකුට ශ්වාසිකයකුට අපස්මාරිකයකුට ‘කුෂ්ටිකයෙහි ගණ්ඩිකයෙහි කිලාසිකයෙහි ශ්වාසිකයෙහි අපස්මාරිකයෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT39. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන උක්කට්ඨං වදෙති මධුමෙහිකං “කුට්ඨිකොසි ගණ්ඩිකොසි කිලාසිකොසි සොසිකොසි අපමාරිකොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT39. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ හීනාබාධයෙන් උත්කෘෂ්ටාබාධිකයකුහට (මෙසේ) කියයි: මධුමෙහිකයකුට, ‘කුෂ්ටිකයෙහි, ගණ්ඩිකයෙහි, කිලාසිකයෙහි ශ්වාසිකයෙහි අපස්මාරිකයෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT40. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන හීනං වදෙති කුට්ඨිකං ගණ්ඩිකං කිලාසිකං සොසිකං අපමාරිකං “මධුමෙහිකොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT40. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ උත්කෘෂ්ටාබාධයෙන් හීනාබාධිකයකුහට (මෙසේ) කියයි: කුෂ්ඨිකයකුට ගණ්ඩිකයකුට කිලාසිකයකුට ශ්වාසිකයකුට අපස්මාරිකයකුට ‘මධුමෙහිකයෙහි’යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT41. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන උක්කට්ඨං වදෙති මධුමෙහිකං “මධුමෙහිකොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT41. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකුකරනු කැමැත්තේ උත්කෘෂ්ටාබාධයෙන් උත්කෘෂ්ටාබාධිකයකුහට (මෙසේ) කියයි: මධුමෙහිකයකුට ‘මධුමෙහිකයෙහි’යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT42. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන හීනං වදෙති අතිදීඝං අතිරස්සං අතිකණ්හං අච්චොදාතං “අතිදීඝොසි අතිරස්සොසි අතිකණ්හොසි අච්චොදාතොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT42. උපසපනෙක් උපසපනක්හු හෙළාදකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ හීනලිඞ්ගයෙන් හීනලිඞ්ගිකයකුහට (මෙසේ) කියයි: ඉතාදිගුවකුට, ඉතා මිට්ටකුට, ඉතා කළුවකුට ඉතා සුද්දකුට ‘ඉතා දිගුයෙහි ඉතා මිටියෙහි ඉතා කළුයෙහි ඉතා සුදුයෙහි’යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT43. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන උක්කට්ඨං වදෙති, නාතිදීඝං නාතිරස්සං නාතිකණ්හං නාච්චොදාතං “අතිදීඝොසි අතිරස්සොසි අතිකණ්හොසි අච්චොදාතොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT43. උපසපනෙක් උපසපනක්හු හෙළාදකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ හීනලිඞ්ගයෙන් උත්කෘෂ්ටලිඞ්ගිකයකුහට (මෙසේ) කියයි: ඉතා නොදිගුවකුට ඉතා නොමිටියකුට ඉතා නොකළුවකුට ඉතා නොසුදුවකුට ‘ඉතා දිගුයෙහි ඉතා මිටියෙහි ඉතා කළුයෙහි ඉතා සුදුයෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT44. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන හීනං වදෙති අතිදීඝං අතිරස්සං අතිකණ්හං අච්චොදාතං “නාතිදීඝොසි නාතිරස්සොසි නාතිකණ්හොසි, නාච්චොදාතොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT44. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ උත්කෘෂ්ට ලිඞ්ගයෙන් හීනලිඞ්ගිකයකුහට (මෙසේ) කියයි: ඉතා දිගුවකුට ඉතා මිටියකුට ඉතා කළුවකුට ඉතා සුදුවකුට ‘ඉතා නොදිගුයෙහි ඉතා නොමිටියෙහි ඉතා නොකළුයෙහි ඉතා නොසුදුයෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති වෙයි.
Pali BJT45. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන උක්කට්ඨං වදෙති, නාතිදීඝං නාතිරස්සං නාතිකණ්හං නාච්චොදාතං “නාතිදීඝොසි නාතිරස්සොසි නාතිකණ්හොසි නාච්චොදාතොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT45. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ උත්කෘෂ්ට ලිඞ්ගයෙන් උත්කෘෂ්ට ලිඞ්ගිකයකුහට (මෙසේ) කියයි: ඉතා නොදිගුවකුට ඉතා නොමිටියකුට ඉතා නො කළුවකුට ඉතා නොසුදුවකුට ‘ඉතා නොදිගුයෙහි ඉතා නොමිටියෙහි ඉතා නොකළුයෙහි ඉතා නොසුදුයෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT46. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන හීනං වදෙති, රාගපරියුට්ඨිතං දොසපරියුට්ඨිතං මොහපරියුට්ඨිතං “රාගපරියුට්ඨිතොසි දොසපරියුට්ඨිතොසි මොහපරියුට්ඨිතොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT46. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ හීන ක්ලේශයෙන් හීන ක්ලේශිකයකුහට (මෙසේ) කියයි: රාගයෙන් මඩනා ලද්දකුට ද්වේෂයෙන් මඩනා ලද්දකුට මෝහයෙන් මඩනා ලද්දකුට ‘රාගයෙන් මඩනා ලද්දෙහි ද්වේෂයෙන් මඩනා ලද්දෙහි මෝහයෙන් මඩනා ලද්දෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT47. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන උක්කට්ඨං වදෙති වීතරාගං වීතදොසං වීතමොහං “රාගපරියුට්ඨිතොසි දොසපරියුට්ඨිතොසි මොහපරියුට්ඨිතොසී”ති භණති ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT47. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ හීන ක්ලේශයෙන් උත්කෘෂ්ට නික්ලේශිකයකුහට (මෙසේ) කියයි: වීතරාගියකුට වීතද්වේශිකයකුට වීතමෝහියකුට ‘රාගයෙන් මඩනා ලද්දෙහි ද්වේෂයෙන් මඩනා ලද්දෙහි, මෝහයෙන් මඩනා ලද්දෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT48. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන හීනං වදෙති රාගපරියුට්ඨිතං දොසපරියුට්ඨිතං මොහපරියුට්ඨිතං “වීතරාගොසි වීතදොසොසි වීතමොහොසී”ති භණති ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT48. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ උත්කෘෂ්ට නික්ලේශ භාවයෙන් හීන ක්ලේශිකයකුහට (මෙසේ) කියයි: රාගයෙන් මඩනා ලද්දකුට ද්වේෂයෙන් මඩනා ලද්දකුට මෝහයෙන් මඩනා ලද්දකුට ‘වීතරාගියෙහි වීතද්වේෂියෙහි වීතමෝහයෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT49. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන උක්කට්ඨං වදෙති වීතරාගං වීතදොසං වීතමොහං, “වීතරාගොසි වීතදොසොසි, වීතමොහොසී”ති භණති ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT49. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ උත්කෘෂ්ටභාවයෙන් උත්කෘෂ්ටයකුහට (මෙසේ) කියයි: වීතරාගියකුට වීතද්වේෂිකයකුට වීතමෝහියකුට ‘වීතරාගියෙහි වීතද්වේෂියෙහි වීතමෝහියෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT50. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන හීනං වදෙති පාරාජිකං අජ්ඣාපන්නං සඞ්ඝාදිසෙසං අජ්ඣාපන්නං ථුල්ලච්චයං අජ්ඣාපන්නං පාචිත්තියං අජ්ඣාපන්නං පාටිදෙසනීයං අජ්ඣාපන්නං දුක්කටං අජ්ඣාපන්නං දුබ්භාසිතං අජ්ඣාපන්නං “පාරාජිකං අජ්ඣාපන්නොසි සඞ්ඝාදිසෙසං අජ්ඣාපන්නොසි ථුල්ලච්චයං අජ්ඣාපන්නොසි පාචිත්තියං අජ්ඣාපන්නොසි පාටිදෙසනීයං අජ්ඣාපන්නොසි දුක්කටං අජ්ඣාපන්නොසි දුබ්භාසිතං අජ්ඣාපන්නොසී”ති භණති ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT50. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ හීනාපත්තියෙන් හීනාපත්තිකයකුහට (මෙසේ) කියයි: පරිජි අවනකුට සඟවෙසෙස් අවනකුට තුලැසි අවනකුට පචිති අවනකුට පිළිදෙස්නී අවනකුට දුකුළා අවනකුට දුබැසි අවනකුට ‘පරිජි අවන්හි සඟ වෙසෙස් අවන්හි තුලැසි අවන්හි පචිති අවන්හි පිළිදෙස්නී අවන්හි දුකුළා අවන්හි දුබැසි අවන්හි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT51. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන උක්කට්ඨං වදෙති, සොතාපන්නං “පාරාජිකං අජ්ඣාපන්නොසි -පෙ- දුබ්භාසිතං අජ්ඣාපන්නොසී”ති භණති ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT51. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ හීනාපත්තියෙන් උත්කෘෂ්ටාපත්තිකයකුහට (මෙසේ) කියයි: සෝවන් වූවකුට ‘පරිජි අවන්හි ... දුබැසි අවන්හි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT52. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන හීනං වදෙති පාරාජිකං අජ්ඣාපන්නං -පෙ- දුබ්භාසිතං අජ්ඣාපන්නං, “සොතාපන්නොසී”ති භණති ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT52. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ උත්කෘෂ්ට සෝතාපත්තියෙන් හීනාපත්තිකයකුහට (මෙසේ) කියයි: පරිජි අවනකුට ... දුබැසි අවනකුට ‘සෝවන් වෙහි’යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT53. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන උක්කට්ඨං වදෙති සොතාපන්නං “සොතාපන්නොසී”ති භණති ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT53. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ උත්කෘෂ්ට ආපත්තියෙන් උත්කෘෂ්ට ආපත්තිකයකුහට (මෙසේ) කියයි: සෝවන් වූවකුට ‘සෝවන් වෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT54. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන හීනං වදෙති ඔට්ඨං මෙණ්ඩං ගොණං ගද්රභං තිරච්ඡානගතං නෙරයිකං “ඔට්ඨොසි මෙණ්ඩොසි ගොණොසි ගද්රභොසි තිරච්ඡානගතොසි නෙරයිකොසි නත්ථි තුය්හං සුගති දුග්ගතියෙව තුය්හං පාටිකඞ්ඛා”ති භණති ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT54. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ තෙද රහිත කරනු කැමැත්තේ හීනාක්‍රෝෂයෙන් හීන වූවකුහට (මෙසේ) කියයි: ඔටුවකුට බැටළුවකුට ගොනකුට ගදුබුවකුට තිරිසන්ගියකුට නිරිසතකුට ‘ඔටුයෙහි බැටළුයෙහි ගොන්හි ගදුබුයෙහි තිරිසන්ගියහි නිරිසත්හි තට සුගති නැති තට දුගතිය මැ කැමැති විය යුතු’යැයි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT55. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන උක්කට්ඨං වදෙති පණ්ඩිතං ව්යත්තං මෙධාවිං බහුස්සුතං ධම්මකථිකං “ඔට්ඨොසි මෙණ්ඩොසි ගොණොසි ගද්රභොසි තිරච්ඡානගතොසි නෙරයිකොසි, නත්ථි තුය්හං සුගති දුග්ගතියෙව තුය්හං පාටිකඞ්ඛා”ති භණති ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT55. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ හීන වූ ආක්‍රෝෂයෙන් උත්කෘෂ්ටයකුහට (මෙසේ) කියයි: පණ්ඩිතයකුට ව්‍යක්තයකුට නැණැතියකුට බහුශ්‍රැතයකුට ධර්‍මකථිකයකුට “ඔටුයෙහි බැටළුයෙහි ගොන්හි ගදුබුයෙහි තිරිසන්ගියහි නිරිසත්හි තට සුගති නැති තට දුගතිය මැ කැමැති විය යුතු” යැයි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT56. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන හීනං වදෙති, ඔට්ඨං මෙණ්ඩං ගොණං ගද්රභං තිරච්ඡානගතං නෙරයිකං “පණ්ඩිතොසි ව්යත්තොසි, මෙධාවීසි බහුස්සුතොසි ධම්මකථිකොසි නත්ථි තුය්හං දුග්ගති සුගතියෙව තුය්හං පාටිකඞ්ඛා”ති භණති ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT56. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ උත්කෘෂ්ට වූ ආක්‍රෝෂයෙන් හීනයකු හට, (මෙසේ) කියයි: ඔටුවකුට මැඬකුට ගොනකුට ගදුබුවකුට තිරිසන්ගියකුට නිරිසතකුට “පණ්ඩිතයෙහි ව්‍යක්තයෙහි නැණැතියෙහි බහුශ්‍රැතයෙහි ධර්‍මකථිකයෙහි, තට දුගති නැති තට සුගති මැ කැමැති විය යුතු යැ” යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
Pali BJT57. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන උක්කට්ඨං වදෙති පණ්ඩිතං ව්යත්තං මෙධාවිං බහුස්සුතං ධම්මකථිකං “පණ්ඩිතොසි බ්යත්තොසි මෙධාවීසි බහුස්සුතොසි ධම්මකථිකොසි, නත්ථි තුය්හං දුග්ගති, සුගතියෙව තුය්හං පාටිකඞ්ඛාති භණති ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
Sinhala BJT57. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ උත්කෘෂ්ට වූ ආක්‍රෝශයෙන් උත්කෘෂ්ටයකුහට (මෙසේ) කියයි: පණ්ඩිතයකුට ව්‍යක්තයකුට නැණැතියකුට බහුශ්‍රැතයකුට ධර්‍මකථිකයකුට “පණ්ඩිතයෙහි ව්‍යක්තයෙහි නැණැතියෙහි බහුශ්‍රැතයෙහි ධර්‍මකථිකයෙහි, තට දුගති නැති. තට සුගතිය මැ කැමැති විය යුතු” යැයි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.