අනුපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස.
6. අනාපත්ති: න භිංසාපෙතුකාමො රූපං වා සද්දං වා ගන්ධං වා රසං වා ඵොට්ඨබ්බං වා උපසංහරති චොරකන්තාරං වා වාලකන්තාරං වා පිසාචකන්තාරං වා ආචික්ඛති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
භිංසාපනකසික්ඛාපදං පඤ්චමං.
6. 6. 6.
ජොතිසික්ඛාපදං
1. තෙන සමයෙන බුද්ධො භගවා භග්ගෙසු විහරති සුංසුමාරගිරෙ භෙසකලාවනෙ මිගදායෙ. තෙන ඛො පන සමයෙන භික්ඛූ හෙමන්තිකෙ කාලෙ අඤ්ඤතරං මහන්තං සුසිරකට්ඨං ජොතිං සමාදහිත්වා විසිබ්බෙසුං. තස්මිං ච සුසිරෙ කණ්හසප්පො අග්ගිනා සන්තත්තො නික්ඛමිත්වා භික්ඛූ පරිපාතෙසි, භික්ඛූ තහං තහං උපධාවිංසු. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛූ ජොතිං සමාදහිත්වා විසිබ්බෙස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛූ ජොතිං සමාදහිත්වා විසිබ්බෙන්තී”ති, සච්චං භගවා විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තෙ භික්ඛවෙ මොඝපුරිසා ජොතිං සමාදහිත්වා විසිබ්බෙස්සන්ති”, නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
යො පන භික්ඛු විසිබ්බනාපෙඛො ජොතිං සමාදහෙය්ය වා සමාදහාපෙය්ය වා පාචිත්තියන්ති.
එවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
2. තෙන ඛො පන සමයෙන භික්ඛූ ගිලානා හොන්ති. ගිලානපුච්ඡකා භික්ඛූ ගිලානෙ භික්ඛූ එතදවොචුං: “කච්චාවුසො ඛමනීයං කච්චියාපනීය”න්ති, පුබ්බෙ මයං ආවුසො ජොතිං සමාදහිත්වා විසිබ්බෙම, තෙන නො ඵාසු හොති, ඉදානි පන භගවතා පටික්ඛිත්තන්ති කුක්කුච්චායන්තා න විසිබ්බෙම, තෙන නො න ඵාසු හොතී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- අනුජානාමි භික්ඛවෙ ගිලානෙන භික්ඛුනා ජොතිං සමාදහිත්වා වා සමාදහාපෙත්වා වා විසිබ්බෙතුං”
එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
යො පන භික්ඛු අගිලානො විසිබ්බනාපෙක්ඛො ජොතිං සමාදහෙය්ය වා සමාදහාපෙය්ය වා පාචිත්තියන්ති.
එවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
3. තෙන ඛො පන සමයෙන භික්ඛූ පදීපෙපි ජොතිකෙපි ජන්තාඝරෙපි කුක්කුච්චායන්ති, භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “අනුජානාමි භික්ඛවෙ තථාරූපප්පච්චයා ජොතිං සමාදහිතුං සමාදහාපෙතුං,” එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
යො පන භික්ඛු අගිලානො විසිබ්බනාපෙඛො ජොතිං සමාදහෙය්ය වා සමාදහාපෙය්ය වා අඤ්ඤත්ර තථාරූපප්පච්චයා පාචිත්තියන්ති.
4. යොපනාති: යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
අගිලානො නාම: යස්ස විනා අග්ගිනා ඵාසු හොති.
ගිලානො නාම: යස්ස විනා අග්ගිනා න ඵාසු හොති.
විසිබ්බනාපෙඛොති: තප්පිතුකාමො.
ජොති නාම: අග්ගි වුච්චති.
සමාදහෙය්යාති: සයං සමාදහති ආපත්ති පාචිත්තියස්ස.
සමාදහාපෙය්යාති: අඤ්ඤං ආණාපෙති ආපත්ති පාචිත්තියස්ස, සකිං ආණත්තො බහුකම්පි සමාදහති ආපත්ති පාචිත්තියස්ස.
අඤ්ඤත්ර තථා රූපප්පච්චයාති: ඨපෙත්වා තථාරූපප්පච්චයං.
අගිලානො අගිලානසඤ්ඤී විසිබ්බනාපෙක්ඛො ජොතිං සමාදහති වා සමාදහාපෙති වා අඤ්ඤත්ර තථාරූපප්පච්චයා ආපත්ති පාචිත්තියස්ස. අගිලානො වෙමතිකො විසිබ්බනාපෙඛො ජොතිං සමාදහති වා සමාදහාපෙති වා අඤ්ඤත්ර තථාරූපප්පච්චයා ආපත්ති පාචිත්තියස්ස. අගිලානො ගිලානසඤ්ඤී විසිබ්බනාපෙඛො ජොතිං සමාදහති වා සමාදහාපෙති වා අඤ්ඤත්ර තථාරූපප්පච්චයා ආපත්ති පාචිත්තියස්ස.
පටිලාතං උක්ඛිපති ආපත්ති දුක්කටස්ස. ගිලානො අගිලානසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. ගිලානො වෙමතිකො ආපත්ති දුක්කටස්ස. ගිලානො ගිලානසඤ්ඤී අනාපත්ති.
අනාපත්ති ගිලානස්ස අඤ්ඤෙන කතං විසිබ්බෙති වීතච්චිකඞ්ගාරං විසිබ්බෙති පදීපෙ ජොතිකෙ ජන්තාඝරෙ තථාරූපප්පච්චයා ආපදාසු උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
ජොතිසික්ඛාපදං ඡට්ඨං.
6. 6. 7.
නහානසික්ඛාපදං
1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන භික්ඛූ තපොදෙ නහායන්ති. අථ ඛො{1} රාජා මාගධො සෙනියො බිම්බිසාරො සීසං නහායිස්සාමීති තපොදං ගන්ත්වා යාව අය්යා නහායන්තීති එකමන්තං පතිමානෙසි. භික්ඛූ යාව සමන්ධකාරා නහායිංසු. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො විකාලෙ සීසං නහායිත්වා නගරද්වාරෙ ථකිතෙ බහිනගරෙ වසිත්වා කාලස්සෙව අසම්භින්නෙන විලෙපනෙන යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො රාජානං මාගධං සෙනියං බිම්බිසාරං භගවා එතදවොච: “කිස්ස ත්වං මහාරාජ කාලස්සෙව ආගතො අසම්භින්නෙන විලෙපනෙනා”ති. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො භගවතො එතමත්ථං ආරොචෙසි.
2. අථ ඛො භගවා රාජානං මාගධං සෙනියං බිම්බිසාරං ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො භගවතා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූ පටිපුච්ඡි. සච්චං කිර භික්ඛවෙ භික්ඛූ රාජානම්පි පස්සිත්වා න මත්තං ජානිත්වා නහායන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තෙ භික්ඛවෙ මොඝපුරිසා රාජානම්පි පස්සිත්වා න මත්තං ජානිත්වා නහායිස්සන්ති, නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ –
යො පන භික්ඛු ඔරෙනද්ධමාසං නහායෙය්ය, පාචිත්තියන්ති.
එවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
3. තෙන ඛො පන සමයෙන භික්ඛූ උණ්හසමයෙ පරිළාහසමයෙ කුක්කුච්චායන්තා න නහායන්ති සෙදගතෙන ගත්තෙන සයන්ති චීවරම්පි සෙනාසනම්පි දුස්සති. භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “අනුජානාමි භික්ඛවෙ උණ්හසමයෙ පරිළාහසමයෙ ඔරෙනද්ධමාසං නහායිතුං” එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
යො පන භික්ඛු ඔරෙනද්ධමාසං නහායෙය්ය අඤ්ඤත්ර සමයා පාචිත්තියං. තත්ථායං සමයො දියඩ්ඪො මාසො සෙසො ගිම්හානන්ති වස්සානස්ස පඨමො මාසො ඉච්චෙතෙ අඩ්ඪතෙය්ය මාසා උණ්හසමයො පරිළාහසමයො, අයං තත්ථ සමයොති.
එවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
4. තෙන ඛො පන සමයෙන භික්ඛූ ගිලානා හොන්ති ගිලානපුච්ඡකා භික්ඛූ ගිලානෙ භික්ඛූ එතදවොචුං: “කච්චාවුසො ඛමනීයං කච්චි යාපනීයන්ති. පුබ්බෙ මයං ආවුසො ඔරෙනද්ධමාසං නහායාම තෙන නො ඵාසු හොති. ඉදානි පන භගවතා පටික්ඛිත්තන්ති කුක්කුච්චායන්තා න නහායාම තෙන නො න ඵාසු හොතී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “අනුජානාමි භික්ඛවෙ ගිලානෙන භික්ඛුනා ඔරෙනද්ධමාසං නහායිතුං.” එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
යො පන භික්ඛු ඔරෙනද්ධමාසං නහායෙය්ය අඤ්ඤත්ර සමයා,පාචිත්තියං. තත්ථායං සමයො දියඩ්ඪො මාසො සෙසො ගිම්හානන්ති වස්සානස්ස පඨමො මාසො ඉච්චෙතෙ අඩ්ඪතෙය්ය මාසා උණ්හසමයො පරිළාහසමයො ගිලානසමයො, අයං තත්ථ සමයොති.
එවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
5. තෙන ඛො පන සමයෙන භික්ඛූ නවකම්මං කත්වා කුක්කුච්චායන්තා න නහායන්ති තෙ සෙදගතෙන ගත්තෙන සයන්ති චීවරම්පි සෙනාසනම්පි දුස්සති භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “අනුජානාමි භික්ඛවෙ කම්මසමයෙ ඔරෙනද්ධමාසං නහායිතුං”. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
යො පන භික්ඛු ඔරෙනද්ධමාසං නහායෙය්ය අඤ්ඤත්ර සමයා පාචිත්තියං තත්ථායං සමයො දියඩ්ඪො මාසො සෙසො ගිම්හානන්ති වස්සානස්ස පඨමො මාසො ඉච්චෙතෙ අඩ්ඪතෙය්ය මාසා උණ්හසමයො පරිළාහසමයො ගිලානසමයො කම්මසමයො, අයං තත්ථ සමයොති.
එවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
6. තෙන ඛො පන සමයෙන භික්ඛූ අද්ධානං ගන්ත්වා කුක්කුච්චායන්තා න නහායන්ති. තෙ සෙදගතෙන ගත්තෙන සයන්ති චීවරම්පි සෙනාසනම්පි දුස්සති, භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “අනුජානාමි භික්ඛවෙ අද්ධානගමනසමයෙ ඔරෙනද්ධමාසං නහායිතුං.” එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
යො පන භික්ඛු ඔරෙනද්ධමාසං නහායෙය්ය අඤ්ඤත්ර සමයා පාචිත්තියං තත්ථායං සමයො දියඩ්ඪො මාසො සෙසො ගිම්හානන්ති වස්සානස්ස පඨමො මාසො ඉච්චෙතෙ අඩ්ඪතෙය්යමාසා උණ්හසමයො පරිළාහසමයො ගිලානසමයො කම්මසමයො අද්ධානගමනසමයො, අයං තත්ථ සමයොති.
එවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
7. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ අජ්ඣොකාසෙ චීවරකම්මං කරොන්තා සරජෙන වාතෙන ඔකිණ්ණා හොන්ති දෙවො ච ථොකං ථොකං ඵුසායති භික්ඛූ කුක්කුච්චායන්තා න නහායන්ති, කිලින්නෙන ගත්තෙන සයන්ති. චීවරම්පි සෙනාසනම්පි දුස්සති. භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “අනුජානාමි භික්ඛවෙ වාතවුට්ඨිසමයෙ ඔරෙනද්ධමාසං නහායිතුං.” එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
යො පන භික්ඛු ඔරෙනද්ධමාසං නහායෙය්ය අඤ්ඤත්ර සමයා පාචිත්තියං. තත්ථායං සමයො: දියඩ්ඪො මාසො සෙසො ගිම්හානන්ති වස්සානස්ස පඨමො මාසො ඉච්චෙතෙ අඩ්ඪතෙය්යමාසා උණ්හසමයො පරිළාහසමයො ගිලානසමයො කම්මසමයො අද්ධානගමනසමයො වාතවුට්ඨිසමයො අයං තත්ථ සමයො”ති.
8. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
ඔරෙනද්ධමාසන්ති: ඌනකද්ධමාසං.
නහායෙය්යාති: චුණ්ණෙන වා මත්තිකාය වා නහායති පයොගෙ{1} පයොගෙ දුක්කටං. නහානපරියොසානෙ ආපත්ති පාචිත්තියස්ස.
අඤ්ඤත්ර සමයාති: ඨපෙත්වා සමයං.
උණ්හසමයො නාම: දියඩ්ඪො මාසො සෙසො ගිම්හානං.{2}
පරිළාහසමයො නාම: වස්සානස්ස පඨමො මාසො ඉච්චෙතෙ අඩ්ඪතෙය්ය මාසා උණ්හසමයො පරිළාහසමයොති නහායිතබ්බං.
ගිලානසමයො නාම: යස්ස විනා නහානෙන ඵාසු හොති. ගිලානසමයොති නහායිතබ්බං.
කම්මසමයො නාම: අන්තමසො පරිවෙනම්පි සම්මට්ඨං හොති කම්මසමයොති නහායිතබ්බං.
අද්ධානගමනසමයො නාම: අද්ධයොජනං ගච්ඡිස්සාමීති නහායිතබ්බං ගච්ඡන්තෙන නහායිතබ්බං ගතෙන නහායිතබ්බං.
වාතවුට්ඨිසමයො නාම: භික්ඛූ සරජෙන වාතෙන ඔකිණ්ණා හොන්ති ද්වෙ වා තීණි වා උදකඵුසිතානි කායෙ නිපතිතානි හොන්ති වාතවුට්ඨිසමයොති නහායිතබ්බං.
ඌනකද්ධමාසෙ ඌනකසඤ්ඤී අඤ්ඤත්ර සමයා නහායති ආපත්ති පාචිත්තියස්ස. ඌනකද්ධමාසෙ වෙමතිකො අඤ්ඤත්ර සමයා නහායති ආපත්තිපාචිත්තියස්ස. ඌනකද්ධමාසෙ අතිරෙකසඤ්ඤී අඤ්ඤත්ර සමයා, නහායති ආපත්ති පාචිත්තියස්ස.
අතිරෙකද්ධමාසෙ ඌනකසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අතිරෙකද්ධමාසෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අතිරෙකද්ධමාසෙ අතිරෙකසඤ්ඤී අනාපත්ති.
අනාපත්ති: සමයෙ අද්ධමාසං නහායති, අතිරෙකද්ධමාසං නහායති, සති කරණීයෙ උදකං ඔතරිත්වා නහායති, පාරං ගච්ඡන්තො නහායති, සබ්බපච්චන්තිමෙසු ජනපදෙසු ආපදාසු උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
නහානසික්ඛාපදං සත්තමං.
6. 6. 8.
දුබ්බණ්ණකරණසික්ඛාපදං
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ ච පරිබ්බාජකා ච සාකෙතා සාවත්ථිං අද්ධානමග්ගප්පටිපන්නා හොන්ති. අන්තරාමග්ගෙ චොරා නික්ඛමිත්වා තෙ අච්ඡින්දිංසු. සාවත්ථියා රාජභටා නික්ඛමිත්වා තෙ චොරෙ සභණ්ඩෙ ගහෙත්වා භික්ඛූනං සන්තිකෙ දූතං පාහෙසුං: “ආගච්ඡන්තු භදන්තා සකං සකං චීවරං සඤ්ජානිත්වා ගණ්හන්තූ”ති. භික්ඛූ න සඤ්ජානන්ති තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භදන්තා අත්තනො අත්තනො චීවරං න සඤ්ජානන්තී”ති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
2. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූනං තදනුච්ඡවිකං තදනුලොමිකං ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: තෙන හි භික්ඛවෙ භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤාපෙස්සාමි දස අත්ථවසෙ පටිච්ච, සඞ්ඝසුට්ඨුතාය, සඞ්ඝඵාසුතාය -පෙ- සද්ධම්මට්ඨිතියා විනයානුග්ගහාය. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
නවං පන භික්ඛුනා චීවරලාභෙන තිණ්ණං දුබ්බණ්ණකරණානං අඤ්ඤතරං දුබ්බණ්ණකරණං ආදාතබ්බං නීලං වා කද්දමං වා කාලසාමං වා, අනාදා චෙ භික්ඛු තිණ්ණං දුබ්බණ්ණකරණානං අඤ්ඤතරං දුබ්බණ්ණකරණං නවං චීවරං පරිභුඤ්ජෙය්ය පාචිත්තියන්ති.
3. නවං නාම: අකතකප්පං වුච්චති.
චීවරං නාම: ඡන්නං චීවරානං අඤ්ඤතරං චීවරං.
තිණ්ණං දුබ්බණ්ණකරණානං අඤ්ඤතරං දුබ්බණ්ණකරණං ආදාතබ්බන්ති: අන්තමසො කුසග්ගෙනපි ආදාතබ්බං.
නීලං නාම: ද්වෙ නීලානි කංසනීලං පලාසනීලං.
කද්දමො නාම: ඔදකො වුච්චති.
කාළසාමං නාම: යං කිඤ්චි කාළකං.
අනාදා චෙ භික්ඛු තිණ්ණං දුබ්බණ්ණකරණානං අඤ්ඤතරං දුබ්බණ්ණකරණන්ති: අන්තමසො කුසග්ගෙනපි අනාදියිත්වා තිණ්ණං දුබ්බණ්ණකරණානං අඤ්ඤතරං දුබ්බණ්ණකරණං නවං චීවරං පරිභුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස.
අනාදින්නෙ අනාදින්නසඤ්ඤී පරිභුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස අනාදින්නෙ වෙමතිකො පරිභුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස. අනාදින්නෙ ආදින්නසඤ්ඤී පරිභුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස. ආදින්නෙ අනාදින්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. ආදින්නෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. ආදින්නෙ ආදින්නසඤ්ඤී අනාපත්ති.
අනාපත්ති: ආදියිත්වා පරිභුඤ්ජති, කප්පො නට්ඨො හොති කප්පකතොකාසො ජිණ්ණො හොති, කප්පකතෙන අකප්පකතං සංසිබ්බිතං හොති, අග්ගලෙ{1} අනුවාතෙ පරිභණ්ඩෙ උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
දුබ්බණ්ණකරණසික්ඛාපදං අට්ඨමං.
6. 6. 9.
විකප්පනසික්ඛාපදං
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා උපනන්දො සක්යපුත්තො භාතුනො සද්ධිවිහාරිකස්ස භික්ඛුනො සාමං චීවරං විකප්පෙත්වා අපච්චුද්ධාරකං{1} පරිභුඤ්ජති අථ ඛො සො භික්ඛු භික්ඛූනං එතමත්ථං ආරොචෙසි: “අයං ආවුසො ආයස්මා උපනන්දො සක්යපුත්තො මය්හං සාමං චීවරං{2} විකප්පෙත්වා අප්පච්චුද්ධාරණං පරිභුඤ්ජතී”ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා උපනන්දො සක්යපුත්තො භික්ඛුස්ස සාමං චීවරං විකප්පෙත්වා අපච්චුද්ධාරකං පරිභුඤ්ජිස්සතීති -පෙ- සච්චං කිර ත්වං උපනන්ද භික්ඛුස්ස සාමං චීවරං විකප්පෙත්වා අපච්චුද්ධාරකං පරිභුඤ්ජසීති. සච්චං භගවා විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම ත්වං මොඝපුරිස භික්ඛුස්ස සාමං චීවරං විකප්පෙත්වා අපච්චුද්ධාරකං පරිභුඤ්ජිස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
“යො පන භික්ඛු භික්ඛුස්ස වා භික්ඛුනියා වා සික්ඛමානාය වා සාමණෙරස්ස වා සාමණෙරියා වා සාමං චීවරං විකප්පෙත්වා අපච්චුද්ධාරකං පරිභුඤ්ජෙය්ය පාචිත්තිය”න්ති.
2. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
භික්ඛුස්සාති: අඤ්ඤස්ස භික්ඛුස්ස.
භික්ඛුනී නාම: උභතොසඞ්ඝෙ උපසම්පන්නා.
සික්ඛමානා නාම: ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිත සික්ඛා.
සාමණෙරො නාම: දසසික්ඛාපදිකො.
සාමණෙරී නාම: දසසික්ඛාපදිකා.
සාමන්ති: සයං විකප්පෙත්වා.
චීවරං නාම: ඡන්නං චීවරානං අඤ්ඤතරං චීවරං විකප්පනුපගං පච්ඡිමං{3}.
විකප්පනා නාම ද්වෙ විකප්පනා: සම්මුඛා විකප්පනා ච පරම්මුඛා විකප්පනා ච.
සම්මුඛාවිකප්පනා නාම: ඉමං චීවරං තුය්හං විකප්පෙමි ඉත්ථන්නාමස්ස ති.
පරම්මුඛාවිකප්පනා නාම: ඉමං චීවරං විකප්පනත්ථාය තුය්හං දම්මීති. ... තෙන වත්තබ්බො –කො තෙ මිත්තො වා සන්දිට්ඨො වාති. ඉත්ථන්නාමො ච ඉත්ථන්නාමො චාති. තෙන වත්තබ්බො. අහං තෙසං දම්මි, තෙසං සන්තකං පරිභුඤ්ජ වා විස්සජ්ජෙහි වා යථාපච්චයං වා කරොහීති.
අපච්චුද්ධාරණං නාම: තස්ස වා අදින්නං, තස්ස වා අවිස්සසන්තො පරිභුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස. අපච්චුද්ධාරකෙ අපච්චුද්ධාරණසඤ්ඤී පරිභුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස. අපච්චුද්ධාරකෙ වෙමතිකො පරිභුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස. අපච්චුද්ධාරකෙ පච්චුද්ධාකසඤ්ඤී පරිභුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස.
අධිට්ඨෙති වා විස්සජ්ජෙති වා ආපත්ති දුක්කටස්ස. පච්චුද්ධාරකෙ අපච්චුද්ධාරකසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. පච්චුද්ධාරකෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. පච්චුද්ධාරකෙ පච්චුද්ධාරකසඤ්ඤී අනාපත්ති.
අනාපත්ති: සො වා දෙති තස්ස වා විස්සසන්තො පරිභුඤ්ජති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
විකප්පන සික්ඛාපදං නවමං.
6. 6. 10.
චීවරාපනිධාන සික්ඛාපදං
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ, තෙන ඛො පන සමයෙන සත්තරසවග්ගියා භික්ඛූ අසන්නිහිත පරික්ඛාරකා{1} හොන්ති. ඡබ්බග්ගියා භික්ඛූ සත්තරසවග්ගියානං භික්ඛූනං පත්තම්පි චීවරම්පි අපනිධෙන්ති, සත්තරසවග්ගියා භික්ඛූ ඡබ්බග්ගියෙ භික්ඛූ එතදවොචුං: “දෙථාවුසො අම්හාකං පත්තම්පි චීවරම්පී”ති. ඡබ්බග්ගියා භික්ඛූ හසන්ති. තෙ රොදන්ති. භික්ඛූ එවමාහංසු: “කිස්ස තුම්හෙ ආවුසො රොදථාති”. ඉමෙ ආවුසො ඡබ්බග්ගියා භික්ඛූ අම්හාකං පත්තම්පි චීවරම්පි අපනිධෙන්තී”ති.
2. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛූනං පත්තම්පි චීවරම්පි අපනිධෙස්සන්තී”ති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ භික්ඛූනං පත්තම්පි චීවරම්පි අපනිධෙථාති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා භික්ඛූනං පත්තම්පි චීවරම්පි අපනිධෙස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
“යො පන භික්ඛු භික්ඛුස්ස පත්තං වා චීවරං වා නිසීදනං වා සූචිඝරං වා කායබන්ධනං වා අපනිධෙය්ය වා අපනිධාපෙය්ය වා අන්තමසො හස්සාපෙක්ඛො පි{1} පාචිත්තිය”න්ති.
3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.