Mahāvagga

Great Division

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 2789 segments

පෙන්වන කොටස් 1901-2000 න් 2789

6. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ කළ සිවුර රැගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුරු ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනුද්ධාරයට පැමිණේ ඒ මහණහුට භික්‍ෂූන් සමග කඨිනුද්ධාරය වේ. (6)
සමාදායඡක්කය නිමි.
1. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුර ගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (1)
2. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුර ගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (2)
3. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුර ගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (3)
[ආදාය තිකය 1.]
4. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුර ගෙණ “පෙරළා නො එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (4)
5. අතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුර ගෙණ “පෙරළා නො එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (5)
6. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුර ගෙණ “පෙරළා නො එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (6)
(ආදාය තිකය 2.)
7. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ (එන්නෙමි යි හෝ නො එන්නෙමි යි හෝ) නො ඉටීමෙන් සිවුර ගෙණ බැහැර යෙයි. ඒ මහණහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඒ “මහණහුට පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (7)
8. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ නො ඉටීමෙන් සිවුර ගෙණ බැහැර යෙයි. ඒ මහණහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඒ මහණහුට “පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (8)
9. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ නො ඉටීමෙන් සිවුර ගෙණ බැහැර යෙයි. ඒ මහණහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඒ මහණහුට “පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (9)
(ආදාය තිකය 3.)
10. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුර ගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (10)
11. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුර ගෙණ “පෙරළා එන්නෙමි” යි. බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (11)
12. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි සිවුර ගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (12)
13. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි සිවුර ගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුර ඇති ඒ මහණ තෙමේ “ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ල” යි අසයි. ඒ මහණහුට ඇසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (13)
14. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුරු ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනයාගේ ඉදිරීම තෙක් බැහැර කල් ඉක්මවයි. ඒ මහණහුට සීමාව ඉක්ම යෑම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (14)
15. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි සිවුර ගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුරු ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනුද්ධාරයට පැමිණේ. ඒ මහණහුට භික්‍ෂූන් සමග කඨිනුද්ධාරය වේ. (15)
(ආදාය ඡක්කය යි.)
(ආදාය පසළොස්වර නිමි.)
16. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුර රැගෙණ බැහැර යෙයි. –පෙ– (ආදායවාරය සේ විස්තර කට යුතු ය.)
[සමාදාය පසළොස්වර පෙය්‍යාලමෙන් දතයුතු.]
17. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ කළ සිවුර ගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි. මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (සමාදායවාරය සේ විස්තර කට යුතු ය.)
[විප්පකතආදාය පසළොස්වර පෙය්‍යාලමෙන් දතයුතු.]
1. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර ගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි. මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (1)
2. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (2).
3. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි. මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (3)
(විප්පකතසමාදායතිකය 1.)
4. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ “පෙරළා නො එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (4)
5. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ “පෙරළා නො එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (5)
6. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ “පෙරළා නො එන්නෙමි” යි බැහැර යෙයි, බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණතෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (6)
(විප්පකතසමාදායතිකය. 2.)
7. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ නො ඉටීමෙන් බැහැර යෙයි. ඒ මහණහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඒ මහණහුට “පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (7)
8. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ නො ඉටීමෙන් බැහැර යෙයි. ඒ මහණහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඒ මහණහුට “පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (8)
9. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ නො ඉටා බැහැර යෙයි. ඒ මහණහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඒ මහණහුට “පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (9)
(විප්පකතසමාදායතිකය. 3)
10. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (10)
11. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (11)
12. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (12)
13. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුරු ඇති ඒ මහණ තෙමේ “ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ල” යි අසයි. ඒ මහණහුට ඇසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (13)
14. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුරු ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි කඨිනයාගේ ඉදිරීම දක්වා බැහැර කල් ගෙවයි. ඒ මහණහුට සීමාව ඉක්මවීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (14)
15. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුරු ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනුද්ධාරයට පැමිණේ. ඒ මහණහුට භික‍්ෂූන් සමග කඨිනුද්ධාරය වේ. (15)
(විප්පකතසමාදායඡක්කය)
(විප්පකතසමාදාය පසළොස්වර)
ආදායභාණවාරය නිමි.
1. ඇතුරූ කඨින ඇති මහණ තෙමේ සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට (සමීප විහාරයකට) ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරයි. ආසා නො කළ (යම්කිසි) තැනකින්{*} (සිවුරු) ලබයි. ආසාකළ තැනින් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
2. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරයි. ආසා නො කළ තැනකින් (සිවුරු) ලබයි. ආසා කළ තැනින් නො ලබයි. ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
3. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරයි. ආසා නො කළ තැනකින් (සිවුරු) ලබයි. ආසා කළ තැනින් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
4. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. ඒ මහණහුගේ ඒ සිවුරු ලැබීමේ ආසාව සිඳී යයි. ඒ මහණහුට ආසා සිඳීම ඇති කඨිනුද්ධාරය වේ.
5. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුරු ලැබීමේ ආසාවෙන් “පෙරළා නො එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. ආසා නො කළ තැනකින් (සිවුරු) ලබයි. ආසා කළ තැනින් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
6. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා නො එන්නෙමි” යි සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. ආසා නො කළ තැනකින් (සිවුරු) ලබයි. ආසා කළ තැනින් නො ලබයි. ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
7. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා නො එන්නෙමි”යි සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. ආසා නො කළ තැනකින් (සිවුරු) ලබයි. ආසා කළ තැනින් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන්නා වූ ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
8. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා නො එන්නෙමි” යි සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දි ම මේ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. ඒ මහණහුගේ ඒ සිවුරු ලැබීමේ අසාව සිඳී යයි. ඒ මහණහුට ආසා සිඳීම ඇති කඨිනුද්ධාරය වේ.
9. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුරු ලැබීමේ ආසාවෙන් නො ඉටා (නැවත ඊම හෝ නො ඊම මෙනෙහි නො කොට) බැහැර යෙයි. ඒ මහණහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඒ මහණහුට “පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. ආසා නො කළ තැනකින් (සිවුරු) ලබයි. ආසා කළ තැනින් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
10. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුරු ලැබීමේ ආසාවෙන් නො ඉටා බැහැර යෙයි. ඒ මහණහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඒ මහණහුට “පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. ආසා නො කළ තැනකින් (සිවුරු) ලබයි. ආසා කළ තැනින් නො ලබයි. ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
11. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුරු ලැබීමේ ආසාවෙන් නො ඉටා බැහැර යෙයි. ඒ මහණහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඒ මහණහුට “පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. ආසා නො කළ තැනකින් (සිවුරු) ලබයි. ආසා කළ තැනින් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
12. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුරු ලැබීමේ ආසාවෙන් නො ඉටා බැහැර යෙයි. ඒ මහණහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඒ මහණහුට පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. ඒ මහණහුගේ ඒ සිවුරු ලැබීමේ ආසාව සිඳී යයි. ඒ මහණහුට ආසා සිඳීම ඇති කඨිනුද්ධාරය වේ.
අනාසා ද්වාදසකය (අනාසා පිළිබඳ වාර දොළොස නිමි.)
1. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුරු ලැබීමේ ආසාවෙන් “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. අපේක්‍ෂිතස්ථානයෙන් (සිවුරු) ලබයි. අනපේක්‍ෂිතස්ථානයකින් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණෙතමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
2. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුරු ලැබීමේ ආසාවෙන් “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරයි. අපේක්‍ෂිතස්ථානයෙන් (සිවුරු) ලබයි. අනපේක්‍ෂිතස්ථානයකින් නො ලබයි. ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
3. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුරු ලැබීමේ ආසාවෙන් “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරයි. අපේක්‍ෂිතස්ථානයෙන් (සිවුරු) ලබයි. අනපේක්‍ෂිතස්ථානයකින් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
4. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. එ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරයි. ඒ මහණහුගේ ඒ සිවුරු ලැබීමේ ආසාව සිඳී යයි. ඒ මහණහුට ආසා සිඳීම ඇති කඨිනුද්ධාරය වේ.
5. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ “ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ල” යි අසයි. ඒ මහණහුට “යම් හෙයකින් ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ද, මෙහි දී ම මේ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරයි. අපේක්‍ෂිතස්ථානයෙන් (සිවුරු) ලබයි. අනපේක්‍ෂිතස්ථානයකින් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
6. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ල” යි අසයි. ඒ මහණහුට “යම් හෙයකින් ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ද, මෙහි දී ම මේ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. අපේක්‍ෂිතස්ථානයෙන් (සිවුරු) ලබයි. අනපේක්‍ෂිතස්ථානයකින් නො ලබයි. ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
7. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ “ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ල” යි අසයි. ඒ මහණහුට “යම් හෙයකින් ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ද, මෙහි දී ම මේ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි අපේක්‍ෂිතස්ථානයෙන් (සිවුරු) ලබයි. අනපේක්‍ෂිතස්ථානයකින් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණතෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන්නා වූ ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
8. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ “ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ල” යි අසයි. ඒ මහණහුට “යම් හෙයකින් ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ද, මෙහි දී ම මේ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරයි. ඒ මහණහුගේ ඒ සිවුරු ලැබීමේ ආසාව සිඳී යයි. ඒ මහණහුට ආසා සිඳීම ඇති කඨිනුද්ධාරය වේ.
9. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි අපේක්‍ෂිතස්ථානයෙන් (සිවුරු) ලබයි. අනපේක්‍ෂිතස්ථානයකින් නො ලබයි. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුර ඇති ඒ මහණ තෙමේ “ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ල” යි අසයි. ඒ මහණහුට ඇසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
10. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. ඒ මහණහුගේ ඒ සිවුරු ලැබීමේ ආසාව සිඳී යයි. ඒ මහණහුට ආසා සිඳීම ඇති කඨිනුද්ධාරය වේ.
11. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. අපේක්‍ෂිතස්ථානයෙන් (සිවුරු) ලබයි. අනපේක්‍ෂිතස්ථානයකින් නො ලබයි. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුර ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනයාගේ ඉදිරීම තෙක් බැහැර කල් ගෙවයි. ඒ මහණහුට (චීවරකාල) සීමා ඉක්මවීම{*} අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
12. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. අපේක්‍ෂිතස්ථානයෙන් (සිවුරු) ලබයි. අනපේක්‍ෂිතස්ථානයකින් නො ලබයි. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුර ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනුද්ධාරයට පැමිණේ. ඒ මහණහුට (සෙසු) භික්‍ෂූන් සමග කඨිනුද්ධාරය වේ.
ආසාද්වාදසකය (ආසා පිළිබඳ වාර දොළොස) නිමි.
1. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ කිසි යම් කටයුත්තක් සඳහා බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට සිවුරු ආසාව උපදී. ඒ මහණ තෙමේ ඒ සිවුරු ආසාව ඇසුරු කෙරෙයි. අනපේක්‍ෂිතස්ථානයකින් (සිවුරු) ලබයි. අපේක්‍ෂිතස්ථානයෙන් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
2. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ කිසි යම් කටයුත්තක් සඳහා බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට සිවුරු ආසාව උපදී. ඒ මහණ තෙමේ ඒ සිවුරු ආසාව ඇසුරු කෙරෙයි. අනපේක්‍ෂිතස්ථානයකින් (සිවුරු) ලබයි. අපේක්‍ෂිතස්ථානයෙන් නො ලබයි. ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
3. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ කිසි යම් කටයුත්තක් සඳහා බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට සිවුරු ආසාව උපදී. ඒ මහණ තෙමේ ඒ සිවුරු ආසාව ඇසුරු කෙරෙයි. අනපේක්‍ෂිතස්ථානයකින් (සිවුරු) ලබයි. අපේක්‍ෂිතස්ථානයෙන් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි. මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
4. ඇති රූ කඨින ඇති මහණ තෙමේ කිසි යම් කටයුත්තක් සඳහා බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට සිවුරු ආසාව උපදී. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුරු ආසාව ඇසුරු කරන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුරු ආසාව ඇසුරු කෙරෙයි. ඒ මහණහුගේ ඒ සිවුරු ආසාව සිඳී යයි. ඒ මහණහුට ආසා සිඳීම ඇති කඨිනුද්ධාරය වේ.
5. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ කිසියම් කටයුත්තක් සඳහා “පෙරළා නො එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට සිවුරු ආසාව උපදී. ඒ මහණ තෙමේ ඒ සිවුරු ආසාව ඇසුරු කෙරෙයි. අනපේක්‍ෂිතස්ථානයකින් (සිවුරු) ලබයි. අපේක්‍ෂිතස්ථානයෙන් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
6. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ කිසි යම් කටයුත්තක් සඳහා “පෙරළා නො එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට සිවුරු ආසාව උපදී. ඒ මහණ තෙමේ ඒ සිවුරු ආසාව ඇසුරු කෙරෙයි. අනපේක්‍ෂිතස්ථානයකින් (සිවුරු) ලබයි. අපේක්‍ෂිතස්ථානයෙන් නො ලබයි. ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
7. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ කිසි යම් කටයුත්තක් සඳහා “පෙරළා නො එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට සිවුරු ආසාව උපදී. ඒ මහණ තෙමේ ඒ සිවුරු ආසාව ඇසුරු කෙරෙයි. අනපේක්‍ෂිතස්ථානයකින් (සිවුරු) ලබයි. අපේක්‍ෂිතස්ථානයෙන් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
8. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ කිසි යම් කටයුත්තක් සඳහා “පෙරළා නො එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට සිවුරු ආසාව උපදී. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුරු ආසාව ඇසුරු කරන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුරු ආසාව ඇසුරු කෙරෙයි. ඒ මහණහුගේ ඒ සිවුරු ආසාව සිඳී යයි. ඒ මහණහුට ආසා සිඳීම ඇති කඨිනුද්ධාරය වේ.
9. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ කිසි යම් කටයුත්තක් සඳහා නො ඉටා බැහැර යෙයි. ඔහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඔහුට “පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. සීමාවෙන් බැහැර ගියා වූ ඒ මහණහුට චීවරාසාව උපදි. ඒ මහණ තෙමේ ඒ චීවරාසාව ඇසුරු කරයි. අනපේක්‍ෂිතස්ථානයකින් (සිවුරු) ලබයි. අපේක්‍ෂිතස්ථානයෙන් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
10. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ කිසි යම් කටයුත්තක් සඳහා නො ඉටා බැහැර යෙයි. ඔහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඔහුට “පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. සීමාවෙන් බැහැර ගියා වූ ඔහුට චීවරාසාව උපදි. හෙ තෙමේ ඒ චීවරාසාව ඇසුරු කරයි. අනපේක්‍ෂිතස්ථානයකින් (සිවුරු) ලබයි. අපේක්‍ෂිතස්ථානයෙන් නො ලබයි. ඔහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
11. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ කිසි යම් කටයුත්තක් සඳහා නො ඉටා බැහැර යෙයි. ඔහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඔහුට “පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. සීමාවෙන් බැහැර ගියා වූ ඔහුට චීවරාසාව උපදී. හෙ තෙමේ ඒ චීවරාසාව ඇසුරු කරයි. අනපේක්‍ෂිස්ථානයකින් (සිවුරු) ලබයි. අපේක්‍ෂිතස්ථානයෙන් නො ලබයි. ඔහුට “මෙහි දී ම මේ සිවුරු කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. හෙ තෙමේ ඒ සිවුරු කරව යි. ඔහුගේ කරණු ලබන්නා වූ ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
12. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ කිසි යම් කටයුත්තක් සඳහා නො ඉටා බැහැර යෙයි. ඒ මහණහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඒ මහණහුට “පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට සිවුරු ආසාව උපදී. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුරු ආසාව ඇසුරු කරන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුරු ආසාව ඇසුරු කෙරෙයි. ඒ මහණහුගේ ඒ සිවුරු ආසාව සිඳී යෙයි. ඒ මහණහුට ආසා සිඳීම ඇති කඨිනුද්ධාරය වේ.
කරණීය ද්වාදසකය (කටයුතු පිළිබඳ වාර දොළොස නිමි.)
1. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ දිශා යනුයේ සිවුරු කොටස බලාපොරොත්තු වෙමින් බැහැර යෙයි. භික්‍ෂූහු දිශා ගියා වූ ඒ මහණහු “ඇවැත, තෝ කොහි වස් වුසුවෙහි ද? තාගේ සිවුරු කොටස කොහිදැ” යි විචාරත්. ඒ මහණ තෙමේ අසවල් ආවාසයෙහි වස් වුසුවෙමි. මාගේ සිවුරු කොටස එහි ය” යි මෙසේ කියයි. ඒ භික්‍ෂූහු “ඇවැත්නි, යව. ඒ සිවුර ගෙණ එව. අපි මෙහි දී ඔබගේ සිවුර කරන්නෙමු” යි මෙසේ කියත්. ඒ මහණ තෙමේ ඒ ආවාසයට ගොස් “ඇවැත්නි, මාගේ සිවුරු කොටස කොහි දැ” යි භික්‍ෂූන් විචාරයි. ඒ භික්‍ෂූහු “ඇවැත, මේ තාගේ සිවුරු කොටස ය. තෝ කොහි යන්නෙහි දැ” යි මෙසේ කියත්. ඒ මහණ තෙමේ “අසවල් ආවාසයට යන්නෙමි. එහි භික්‍ෂූහු මාගේ සිවුරකරන්නාහු ය” යි මෙසේ කියයි. ඒ භික්‍ෂූහු “ඇවැත, කම් නැත. නො යව. අපි මෙහි දී ඔබගේ සිවුර කරන්නෙමු” යි මෙසේ කියත්. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
2. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ දිශා යනුයේ –පෙ– බැහැර යෙයි. –පෙ– ඒ මහණහුට සනිටුහන අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
3. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ දිශා යනුයේ −පෙ– බැහැර යෙයි. –පෙ– ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
4. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ දිශා යනුයේ සිවුරු කොටස පතමින් බැහැර යෙයි. භික්‍ෂූහු දිශා ගියා වූ ඒ මහණහු “ඇවැත, තෝ කොහි වස් වුසුවෙහි ද? තාගේ සිවුරු කොටස කොහි දැ?” යි විචාරත්. ඒ මහණ තෙමේ “අසවල් ආවාසයෙහි වස් වුසුවෙමි. මාගේ සිවුරු කොටස එහි ය” යි මෙසේ කියයි. ඒ භික්‍ෂූහු “ඇවැත, යව. ඒ සිවුර ගෙණ එව. අපි තාගේ සිවුර මෙහි දි කරන්නෙමු” යි මෙසේ කියත්. ඒ මහණ තෙමේ ඒ ආවාසයට ගොස් “ඇවැත්නි, මාගේ සිවුරු කොටස කොහි දැ?” යි භික්‍ෂූන් විචාරයි. ඒ භික්‍ෂූහු “ඇවැත, තාගේ මේ සිවුරු කොටසැ” යි මෙසේ කියත්. ඒ මහණ තෙමේ ඒ සිවුර ගෙණ ඒ ආවාසයට යෙයි. භික්‍ෂූහු අතරමග දී “ඇවැත, කොහි යන්නෙහි දැ” යි ඔහු විචාරත්. ඒ මහණ තෙමේ “අසවල් ආවාසයට යන්නෙමි. එහි දී භික්‍ෂූහු මාගේ සිවුර කරන්නාහ ය” යි මෙසේ කියයි. ඒ මහණහු “ඇවැත, කම් නැත. නො යව. අපි මෙහි දී ඔබගේ සිවුර කරන්නෙමු” යි මෙසේ කියත්. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නොඑන්නෙමි”යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුරු කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
5. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ දිශා යනුයේ සිවුරු කොටස පතමින් බැහැර යෙයි. භික්‍ෂූහු දිශා ගියා වූ ඒ මහණහු “ඇවැත, තෝ කොහි වස් වුසුවෙ හි ද? තාගේ සිවුරු කොටස කොහි දැ?” යි විචාරත්. ඒ මහණ තෙමේ “අසවල් ආවාසයෙහි වස් වුසුවෙමි. මාගේ සිවුරු කොටස එහි ය” යි මෙසේ කියයි. ඒ භික්‍ෂූහු “ඇවැත, යව. ඒ සිවුර ගෙණ එව. අපි මෙහි දී තාගේ සිවුර කරන්නෙමු” යි මෙසේ කියත්. ඒ මහණ තෙමේ ඒ ආවාසයට ගොස් “ඇවැත, මාගේ සිවුරු කොටස කොහි දැ?” යි භික්‍ෂූන් විචාරත්. ඒ භික්‍ෂූහු “ඇවැත, මේ තාගේ සිවුරු කොටසැ” යි මෙසේ කියත්. ඒ මහණ තෙමේ ඒ සිවුර ගෙණ ඒ ආවාසයට යෙයි. භික්‍ෂූහු අතරමග දි “ඇවැත, කොහි යන්නෙහි දැ?” යි ඒ මහණහු විචාරත්. ඒ මහණ තෙමේ “අසවල් ආවාසයට යන්නෙමි. එහි දී භික්‍ෂූහු මාගේ සිවුර කරන්නාහු ය” යි මෙසේ කියයි. ඒ භික්‍ෂූහු “ඇවැත, කම් නැත. නො යව. අපි මෙහි දී තාගේ සිවුර කරන්නෙමු” යි මෙසේ කියත්. ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
6. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ දිශා යනුයේ –පෙ– බැහැර යෙයි. –පෙ– “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
7. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ දිශා යනුයේ සිවුරු කොටස පතමින් බැහැර යෙයි. භික්‍ෂූහු දිශා ගියා වූ ඒ මහණහු “ඇවැත, තෝ කොහි වස් වුසුවෙහි ද? ඔබගේ සිවුරු කොටස කොහි දැ?” යි විචාරත්. ඒ මහණ තෙමේ “අසවල් ආවාසයෙහි වස් වුසුවෙමි. මාගේ සිවුරු කොටස එහි ය” යි මෙසේ කියයි. ඒ භික්‍ෂූහු “ඇවැත, යව. ඒ සිවුර ගෙණ එව. අපි මෙහි දී තාගේ සිවුර කරන්නෙමු” යි මෙසේ කියත්. ඒ මහණ තෙමේ ඒ ආවාසයට ගොස් “ඇවැත, මාගේ සිවුරු කොටස කොහිදැ?” යි භික්‍ෂූන් විචාරයි. ඒ භික්‍ෂූහු “ඇවැත, මේ ඔබගේ සිවුරු කොටසැ” යි මෙසේ කියත්. ඒ මහණ තෙමේ ඒ සිවුර ගෙණ ඒ ආවාසයට යෙයි. ඒ ආවාසයට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
8. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ දිශා යනුයේ –පෙ – බැහැර යෙයි –පෙ–“මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි. ඒ මහණහුට සනිටුහන අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
9. ඇති රූ කඨින ඇති මහණ තෙමේ දිශා යනුයේ – පෙ– බැහැර යෙයි. –පෙ – “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන්නා වූ ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
අපවිනය නවකය (සිවුරු කොටස අපේක්‍ෂා කිරීම පිළිබඳ වාර නවය) නිමි.
1. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ පහසු විහරණ කැමැත්තේ සිවුර ගෙණ “අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො වන්නේ නම්, අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො වන්නේ නම්, අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො වන්නේ නම්, පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
2. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ පහසු විහරණ කැමැත්තේ සිවුර ගෙණ “අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො වන්නේ නම් අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො වන්නේ නම්, අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො වන්නේ නම්, පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
3. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ පහසු විහරණ කැමැත්තේ සිවුර ගෙණ “අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො වන්නේ නම්, අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො වන්නේ නම්, අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො, වන්නේ නම් පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දි ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන්නා වූ ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.
4. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ පහසු විහරණ කැමැත්තේ සිවුර ගෙණ “අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො වන්නේ නම්, අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො වන්නේ නම්, අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො වන්නේ නම්, පෙරළා එන්නෙමි” යි, බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුර ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනයාගේ ඉදිරීම තෙක් බැහැර කල් ගෙවයි. ඒ මහණහුට සීමාව ඉකුත්වීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.