Mahāvagga

Great Division

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 2789 segments

පෙන්වන කොටස් 901-1000 න් 2789

1. එකල්හි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවුනමක් හෝ වැඩිගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වූහ. “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ.”යි ඔහු නො දත්හ. ඒ භික්‍ෂූහු ධර්‍මය යන කල්පනා ඇත්තෝ විනය යන කල්පනා ඇත්තෝ වර්‍ග වූවාහු සමගි ය යන කල්පනා ඇත්තෝ පොහොය කළාහු ය. පාමොක් උදෙසූහ. ඔවුන් පාමොක් උදෙසනු ලබන කල්හි නැවැත ඉතා බොහෝ වූ අන්‍ය ආවාසිකභික්‍ෂූහු ආහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.
2. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ වූ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඒ භික්‍ෂූහු ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි නො ද නිත්. “ඒ භික්‍ෂූහු ධර්‍මය යන කල්පනා ඇත්තෝ විනය යන කල්පනා ඇත්තෝ වර්‍ග වූවාහු සමගි ය යන කල්පනා ඇත්තෝ පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසනු ලබන කල්හි නැවැත ඉතා බොහෝ වූ අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු එති. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින්, නැවැත පාමොක් උදෙසිය යුතු ය. උදෙසූවන්ට ඇවැත්නො වේ.” 1.
3. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසික භික්‍ෂූහු රැස් වෙත්. ඒ භික්‍ෂූහු ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි නො ද නිත්. “ඒ භික්‍ෂූහු ධර්‍මය යන කල්පනා ඇත්තෝ විනය යන කල්පනා ඇත්තෝ වර්‍ග වූවාහු සමගි ය යන කල්පනා ඇත්තෝ පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසනු ලබන කල්හි නැවැත සමසම වූ ආවාසික භික්‍ෂූහු එති. උදෙසනලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. සෙස්ස ඇසිය යුතු ය. උදෙසූවන්ට ඇවැත් නො වේ.” 2.
4. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසික භික්‍ෂූහු රැස් වෙත්. ඒ භික්‍ෂූහු ‘නො පැමිණි අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු ඇත්තාහ” යි නො දනිත්. “ඒ භික්‍ෂූහු ධර්‍මය යන කල්පනා ඇත්තෝ විනය යන කල්පනා ඇත්තෝ වර්‍ග වූවාහු සමගි ය යන කල්පනා ඇත්තෝ පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසනු ලබන කල්හි නැවැත ඉතා අඩු වූ අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු එති. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. සෙස්ස ඇසිය යුතු ය. උදෙසූවන්ට ඇවැත් නොවේ.” 3.
5. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවුනමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසභික්‍ෂූහු රැස් වෙත්. ඒ භික්‍ෂූහු ‘නො පැමිණි අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු ඇත්තාහ” යි නො දනිත්. “ඒ භික්‍ෂූහු ධර්‍මය යන කල්පනා ඇත්තෝ විනය යන කල්පනා ඇත්තෝ වර්‍ග වූවාහු සමගි ය යන කල්පනා ඇත්තෝ පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි නැවැත ඉතා බොහෝ වූ අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු එති. “මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් නැවැත පාමොක් උදෙසිය යුතු ය. උදෙසූවන්ට ඇවැත් නො වේ.” 4.
6. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ වූ ආවාසික භික්‍ෂූහු රැස් වෙති. ඒ භික්‍ෂූහු ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි නො දනිත්. ඒ භික්‍ෂූහු ධර්‍මය යන කල්පනා ඇත්තෝ විනය යන කල්පනා ඇත්තෝ වර්‍ග වූවාහු සමගි ය යන කල්පනා ඇත්තෝ පොහොය කෙරෙත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි නැවත සමසම වූ අන්‍ය ආවාසිකභික්‍ෂූහු එති. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. ඒ භික්‍ෂූන්ගේ සමීපයෙහි පාරිසුද්ධිය සැළකළ යුතු ය. උදෙසූවන්ට ඇවැත් නො වේ.” 5.
7. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ වූ ආවාසිකභික්‍ෂූහු රැස් වෙති. ඒ භික්‍ෂූහු ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි නො දනිත්. ඒ භික්‍ෂූහු ධර්‍මය යන කල්පනා ඇති ව විනය යන කල්පනා ඇති ව වර්‍ග වූවෝ සමගි ය යන කල්පනා ඇති ව පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි නැවැත අන්‍ය වූ ඉතා ටික දෙනෙක් වූ ආවාසිකභික්‍ෂූහු එති උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධිය සැළකළ යුතු ය. උදෙසූවන්ට ඇවැත් නො වේ.” 6.
8. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවුනමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ වූ ආවාසිකභික්‍ෂූහු රැස් වෙති. ඒ භික්‍ෂුහු “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි නො දනිත්. ඒ භික්‍ෂූහු ධර්‍මය යන කල්පනා ඇති ව විනය යන කල්පනා ඇතිව වර්‍ග වූවෝ සමගි ය යන කල්පනා ඇති ව පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි පිරිස නො නැගී සිටි කල්හි නැවැත අන්‍ය වූ ඉතා ‘බොහෝ වූ ආවාසික භික්‍ෂූහු එත්. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් නැවැත පාමොක් උදෙසිය යුතු ය. උදෙසූවන්ට ඇවැත් නො වේ.” 7. –
9. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසික භික්‍ෂූහු රැස් වෙති. ඒ භික්‍ෂූහු “නො පැමිණි අන්‍ය වූ ආවාසික භික‍්ෂූහු ඇත්තාහ” යි නො දනිත්. ඒ භික්‍ෂූහු ධර්‍මය යන කල්පනා ඇති ව විනය යන කල්පනා ඇති ව වර්‍ග වූවෝ සමගි ය යන කල්පනා ඇති ව පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි පිරිස නො නැගී සිටි කල්හි නැවැත අන්‍ය වූ සමසම වූ ආවාසිකභික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධිය සැළකළ යුතු ය. උදෙසූවන්ට ඇවැත් නො වේ.” 8.
10. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවුනමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ වූ ආවාසික භික්‍ෂූහු රැස් වෙත්. ඒ භික්‍ෂූහු ‘නො පැමිණි අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු ඇත්තාහ” යි නො දනිත්. ඒ භික්‍ෂූහු ධර්‍මය යන කල්පනා ඇති ව විනය යන කල්පනා ඇති ව වර්‍ග වූවාහු සමගිය යන කල්පනා ඇති ව පොහොය කෙරෙත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි පිරිස නො නැගී සිටි කල්හි නැවැත අන්‍ය වූ ඉතා අඩු වූ ආවාසික භික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධිය සැළකළ යුතු ය. උදෙසූවන්ට ඇවැත් නො වේ.” 9.
11. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවුනමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඒ භික්‍ෂූහු ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි නො දනිත්. ධර්‍මය යන කල්පනා ඇති, විනය යන කල්පනා ඇති, වර්‍ග වූ, සමගි ය යන කල්පනා ඇති ඒ භික්‍ෂූහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි ඇතැම් පිරිසක් නැගී සිටි කල්හි නැවැත ඉතා බොහෝ වූ අනන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් නැවැත පාමොක් උදෙසිය යුතු ය. උදෙසූවන්ට ඇවැත් නො වේ.” 10.
12. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ එයට වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ’ යි ඒ භික්‍ෂූහු නො දනිත්. ධර්‍මය යන කල්පනා ඇති, විනය යන කල්පනා ඇති, වර්‍ග වූ, සමගි ය යන කල්පනා ඇති, ඒ භික්‍ෂූහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි පිරිස කොටසක් නැගී සිටි කල්හි නැවැත සමසම වූ අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු එති. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධිය සැළකළ යුතු ය. උදෙසූවන්ට ඇවැත් නො වේ” 11.
13. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවුනමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු ඇත්තාහ” යි ඒ භික්‍ෂූහු නො දනිත්. ධර්‍මය යන කල්පනා ඇති, විනය යන කල්පනා ඇති, වර්‍ග වූ, සමගි ය යන කල්පනා ඇති, ඒ භික්‍ෂූහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි පිරිස කොටසක් නැගී සිටි කල්හි නැවැත ඉතා ටික වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධිය සැළකළ යුතු ය. උදෙසූවන්ට ඇවැත් නො වේ.” 12.
14. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි ඒ භික්‍ෂූහු නො දනිත්. ධර්‍මය යන කල්පනා ඇති, විනය යන කල්පනා ඇති, වර්‍ග වූ, සමගි ය යන කල්පනා ඇති, ඒ භික්‍ෂූහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි පිරිස කොටසක් නැගී සිටි කල්හි නැවැත ඉතා බොහෝ වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් නැවැත පාමොක් උදෙසිය යුතු ය. උදෙසූවන්ට ඇවැත් නො වේ.” 13.
15. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ’ යි ඒ භික්‍ෂූහු නො දනිත්. “ධර්‍මය යන කල්පනා ඇති, විනය යන කල්පනා ඇති, වර්‍ග වූ, සමගි ය යන කල්පනා ඇති, ඒ භික්‍ෂූහු පොහොය කරත්, පාමොක් උදෙසත්, ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි සියලු පිරිස නැගී සිටි කල්හි නැවැත සමසම වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධිය සැළකළ යුතු ය. උදෙසූවන්ට ඇවැත් නො වේ.” 14.
16. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවුනමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ’ යි ඒ භික්‍ෂූහු නො දනිත්. ධර්‍මය යන කල්පනා ඇති, විනය යන කල්පනා ඇති, වර්‍ග වූ, සමගි ය යන කල්පනා ඇති, ඒ භික්‍ෂූහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි සියලු පිරිස නැගී සිටි කල්හි නැවැත ඉතා ටික වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධිය සැළකළ යුතු ය. උදෙසූවන්ට ඇවැත් නො වේ.” 15.
අනාපත්තිපණ්ණරසකය නිමි.
1. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසික භික්‍ෂුහු ඇත්තාහ” යි ඒ භික්‍ෂූහු දනිත්. ධර්‍මය යන කල්පනා ඇති, විනය යන කල්පනා ඇති, වර්‍ග වූ, වර්‍ග ය යන කල්පනා ඇති, ඒ භික්‍ෂූහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසනු ලබන කල්හි නැවැත ඉතා බොහෝ වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් නැවැත පාමොක් උදෙසිය යුතු ය. උදෙසූවන්ට දුකුළාඇවැත් වේ.” 1.
2. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ වූ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. “නො පැමිණි අන්‍ය වූ ආවාසික භික්‍ෂුහු ඇත්තාහ” යි ඒ භික්‍ෂුහු දනිත්. ධර්‍මය යන කල්පනා ඇති, විනය යන කල්පනා ඇති, වර්‍ග වූ, වර්‍ග ය යන කල්පනා ඇති, ඒ භික්‍ෂූහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසනු ලබන කල්හි නැවැත සමසම වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. සෙස්ස ඇසිය යුතු ය. උදෙසූවන්ට දුකුළාඇවැත් වේ.” 2.
3. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ වූ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි ඒ භික්‍ෂූහු දනිත්. ධර්‍මය යන කල්පනා ඇති, විනය යන කල්පනා ඇති, වර්‍ග වූ, වර්‍ග ය යන කල්පනා ඇති, ඒ භික්‍ෂූහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසනු ලබන කල්හි නැවැත ඉතා ටික වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එති. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. සෙස්ස ඇසිය යුතු ය. උදෙසූවන්ට දුකුළාඇවැත් වේ.” 3.
4. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු ඇත්තාහ” යි ඒ භික්‍ෂූහු දනිත්. ධර්‍මය යන කල්පනා ඇති, විනය යන කල්පනා ඇති, වර්‍ග වූ, වර්‍ග ය යන කල්පනා ඇති, ඒ භික්‍ෂූහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි –පෙ– පිරිස නො නැගී සිටි කල්හි –පෙ– පිරිස කොටසක් නැගී සිටි කල්හි –පෙ– සියලු පිරිස නැගී සිටි කල්හි නැවැත ඉතා බොහෝ වූ – පෙ– සමසම වූ –පෙ– ඉතා ටික වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධිය සැළකළ යුතු ය. උදෙසූවන්ට දුකුළාඇවැත් වේ.” 4-15.
වග්ගාවග්ගසඤ්ඤීපණ්ණරසකය නිමි.
1. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවුනමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි ඒ භික්‍ෂූහු දනිත්. ඒ භික්‍ෂූහු ‘අපට පොහොය කිරීම කැප ද? නො කැප දැ?‘ යි විමති ඇත්තෝ පොහොය කරත්, පාමොක් උදෙසත්, ඔවුන් පාමොක් උදෙසනු ලබන කල්හි නැවැත ඉතා බොහෝ වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් නැවත පාමොක් උදෙසිය යුතු ය. උදෙසූවන්ට දුකුළාඇවැත් වේ.” 1.
2. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාකභික්‍ෂූහු ඇත්තාහ” යි ඒ භික්‍ෂූහු දනිත්. ඒ භික්‍ෂූහු ‘අපට පොහොය කිරීම කැප ද? නො කැප දැ?‘ යි විමති ඇත්තෝ පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසනු ලබන කල්හි නැවැත සම සම වූ අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. සෙස්ස ඇසිය යුතු ය උදෙසූවන්ට දුකුළාඇවැත් වේ.” 2.
3. ‘මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ වූ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ’ යි ඒ භික්‍ෂූහු දනිත්. ඒ භික්‍ෂූහු ‘අපට පොහොය කිරීම කැප ද? නො කැප දැ?‘ යි විමති ඇත්තෝ පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසනු ලබන කල්හි ඉතා ටික ගණනක් අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. සෙස්ස ඇසිය යුතු ය. උදෙසූවන්ට දුකුළාඇවැත් වේ.” 3.
4. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ වූ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ’ යි ඒ භික්‍ෂූහු දනිත්. ඒ භික්‍ෂූහු ‘අපට පොහොය කිරීම කැප ද? නො කැප දැ?‘ යි විමති ඇත්තෝ පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි –පෙ– පිරිස නො නැගී සිටි කල්හි –පො– පිරිස කොටසක් නැගී සිටි කල්හි –පෙ– සියලු පිරිස නැගී සිටි කල්හි නැවැත ඉතා බොහෝ ගණනක් –පෙ – සම සම ගණනක් –පෙ– ඉතා ටික ගණනක් අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධිය සැළකළ යුතු ය. උදෙසූවන්ට දුකුළා ඇවැත් වේ.” 4-15.
වෙමතිකපණ්ණරසකය නිමි.
1. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු ඇත්තාහ.’ යි. ඒ භික්‍ෂූහු දනිත්. ඒ භික්‍ෂූහු ‘අපට පොහොය කිරීම කැප ම ය. අපට පොහොය කිරීම නො කැප නො වේ’ යි කුකුසින් මඩනා ලද්දෝ පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසනු ලබන කල්හි නැවැත ඉතා බොහෝ ගණනක් අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු එත්. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් නැවැත පාමොක් උදෙසිය යුතු ය. උදෙසූවන්ට දුකුළාඇවැත් වේ. 1.
2. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. “නො පැමිණි අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු ඇත්තාහ’ යි ඒ භික්‍ෂූහු දනිත්. ඒ භික්‍ෂූහු ‘අපට පොහොය කිරීම කැප ම ය. අපට පොහොය කිරීම නො කැප නො වේ’ යි කුකුසින් මඩනා ලද්දෝ පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසනු ලබන කල්හි නැවත සම සම ගණනක් අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. සෙස්ස ඇසිය යුතු ය. උදෙසූවන්ට දුකුළාඇවැත් වේ.” 2.
3. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ වූ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු ඇත්තාහ” යි ඒ භික්‍ෂූහු දනිත්. ඒ භික්‍ෂූහු ‘අපට පොහොය කිරීම කැප ම ය. අපට පොහොය කිරීම නො කැප නො වේ’ යි කුකුසින් මඩනා ලද්දෝ පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසනු ලබන කල්හි නැවැත ටික ගණනක් අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. සෙස්ස ඇසිය යුතු ය. උදෙසූවන්ට දුකුළාඇවැත් වේ.” 3.
4. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ? යි ඒ භික්‍ෂූහු දනිත්. ඒ භික්‍ෂූහු ‘අපට පොහොය කිරීම කැප ම ය. අපට පොහොය කිරීම නො කැප නො වේ” යි කුකුසින් මඩනා ලද්දෝ පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි –පෙ– පිරිස නො නැගී සිටි කල්හි – පෙ– පිරිස කොටසක් නැගී සිටි කල්හි – පෙ– සියලු පිරිස නැගී සිටි කල්හි නැවැත ඉතා බොහෝ ගණනක් –පෙ– සම සම ගණනක් –පෙ– ඉතා ටික ගණනක් අනන්‍ය වූ ආවාසික භික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධිය සැළකළ යුතු ය. උදෙසූවන්ට දුකුළාඇවැත් වේ.” 4-15.
කුක්කුච්චපකතපණ්ණරසකය නිමි.
1. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසික භික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ’ යි ඒ භික්‍ෂූහු දනිත්. ඒ භික‍්ෂූහු ‘මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ’ යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසනු ලබන කල්හි නැවත ඉතා බොහෝ වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් නැවැත පාමොක් උදෙසිය යුතු ය. උදෙසූවන්ට ථුලසි ඇවැත් (මහවරද) වේ.”
2. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ’ යි ඒ භික්‍ෂූහු දනිත්. ඒ භික්‍ෂූහු ‘මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ’ යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසනු ලබන කල්හි නැවැත සමසම ගණනක් අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. සෙස්ස ඇසිය යුතු ය. උදෙසූ වන්ට ථුලසි ඇවැත් වේ.”
3. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසික භික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ’ යි ඒ භික්‍ෂූහු දනිත්. ඒ භික්‍ෂූහු ‘මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ’ යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පොහොය කෙරෙත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසනු ලබන කල්හි නැවත ඉතා ටික ගණනක් අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. සෙස්ස ඇසිය යුතු ය. උදෙසූවන්ට ථුලසි ඇවැත් වේ.”
4. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු ඇත්තාහ’ යි ඒ භික්‍ෂූහු දනිත්. ඒ භික්‍ෂූහු ‘මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ’ යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි නැවත ඉතා බොහෝ වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් නැවැත පාමොක් උදෙසිය යුතු ය. උදෙසූවන්ට ථුලසි ඇවැත් වේ.
5. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ’ යි ඒ භික්‍ෂූහු දනිත්. ඒ භික්‍ෂූහු ‘මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ’ යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි නැවැත සම සම ගණනක් අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධිය සැළකළ යුතු ය. උදෙසූවන්ට ථුලසි ඇවැත් වේ.”
6. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ’ යි ඒ භික්‍ෂූහු දනිත්. ඒ භික්‍ෂූහු ‘මේ මහණහු නැසෙත් වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ’ යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි නැවැත ඉතා ටික ගණනක් අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධිය සැළකළ යුතු ය. උදෙසූවන්ට ථුලසි ඇවැත් වේ.”
7. ‘මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ’ යි ඒ භික්‍ෂූහු දනිත්. ඒ භික්‍ෂූහු ‘මේ මහණහු නැසෙත් වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ’ යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි පිරිස නො නැගී සිටි කල්හි නැවැත ඉතා වැඩි ගණනක් අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් නැවත පාමොක් උදෙසිය යුතු ය. උදෙසූවන්ට ථුලසි ඇවැත් වේ.”
8. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ’ යි ඒ භික්‍ෂූහු දනිත්. ඒ භික්‍ෂූහු ‘මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා, ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ’ යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි පිරිස නො නැගී සිටි කල්හි නැවැත සමසම ගණනක් අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධිය සැළකළ යුතු ය. උදෙසූවන්ට ථුලසි ඇවැත් වේ.”
9. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු ඇත්තාහ’ යි ඒ භික්‍ෂූහු දනිත්. ඒ භික්‍ෂූහු ‘මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ’ යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි පිරිස නො නැගී සිටි කල්හි නැවැත ඉතා ටික ගණනක් අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධිය සැළකළ යුතු ය. උදෙසූවන්ට ථුලසි ඇවැත් වේ.”
10. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ’ යි ඒ භික්‍ෂූහු දනිත්. ඒ භික්‍ෂූහු ‘මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ’ යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පොහොය කෙරෙත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි පිරිස කොටසක් නැගී සිටි කල්හි නැවැත වැඩි ගණනක් අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු එත්. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් නැවත පාමොක් උදෙසිය යුතු ය. උදෙසූවන්ට ථුලසි ඇවැත් වේ.”
11. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ’ යි ඒ භික්‍ෂූහු දනිත්. ඒ භික්‍ෂූහු ‘මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ’ යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි පිරිස කොටසක් නැගී සිටි කල්හි නැවැත සමසම ගණනක් අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධිය සැළකළ යුතු ය. උදෙසූවන්ට ථුලසි ඇවැත් වේ.”
12. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි ඒ භික‍්ෂූහු දනිත්. ඒ භික්‍ෂූහු ‘මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනෙසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ’ යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පොහොය කෙරෙත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි පිරිස කොටසක් නැගී සිටි කල්හි නැවැත ඉතා ටික ගණනක් අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධිය සැළකළ යුතු ය. උදෙසූවන්ට ථුලසි ඇවැත් වේ.“
13. ‘මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙකු එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ’ යි ඒ භික්‍ෂූහු දනිත්. ඒ භික්‍ෂූහු ‘මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ’ යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි සියලු පිරිස නැගී සිටි කල්හි නැවැත ඉතා බොහෝ වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් නැවත පාමොක් උදෙසිය යුතු ය. උදෙසූවන්ට ථුලසි ඇවැත් වේ.”
14. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ වූ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ’ යි ඒ භික්‍ෂූහු දනිත්. ඒ භික‍්ෂූහු ‘මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ’ යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි සියලු පිරිස නැගී සිටි කල්හි නැවැත සමසම ගණනක් අනන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධිය සැළකළ යුතු ය. උදෙසූවන්ට ථුලසි ඇවැත් වේ.”
15. ‘මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ‘නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ’ යි ඒ භික්‍ෂූහු දනිත්. ඒ භික්‍ෂූහු ‘මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ’ යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පොහොය කරත්. පාමොක් උදෙසත්. ඔවුන් පාමොක් උදෙසූ ඇසිල්ලෙහි සියලු පිරිස නැගී සිටි කල්හි නැවැත ඉතා ටික ගණනක් අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධිය සැළකළ යුතු ය. උදෙසූවන්ට ථූලසි ඇවැත් වේ.”
භේදපුරෙක්ඛාරපණ්ණරසකය නිමි.
පඤ්චවීසතිතිකය{*} නිමි.
1. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩිගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඒ භික්‍ෂූහු ‘අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇතුල් සීමාවට පැමිණෙත්’ යි නො දනිත්. –පෙ– ඒ භික්‍ෂූහු ‘අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇතුල් සීමාවට පැමිණියාහු’ යි නො දනිත්. –පෙ– ඒ භික්‍ෂූහු ඇතුල් සීමාවට පැමිණෙන්නා වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූන් නො දකිත්. –පෙ– ඒ භික්‍ෂූහු ‘අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇතුල් සීමාවට පැමිණෙත්” යි නො අසත්. –පෙ– ඒ භික්‍ෂූහු ‘අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇතුල් සීමාවට පැමිණියාහු’ යි නො අසත්. ආවාසිකයන් හා ආවාසිකයෝ, ක්‍රම විසින් තික එක්සිය පන් සැත්තෑවකි.{*} ආවාසිකයන් හා ආගන්තුකයෝ, ආගන්තුකයන් හා ආවාසිකයෝ, ආගන්තුකයන් හා ආගන්තුකයෝ, පෙය්‍යාලමුඛයෙන් තික සත්සියයෙක් වේ”{*}
2. “මහණෙනි, මෙහි ආවාසික භික්‍ෂූන්ට තුදුස්වක වේ. ආගන්තුක භික්‍ෂූන්ට පසළොස්වක වේ. ඉදින් ආවාසිකයෝ වැඩි වෙත් නම්, ආගන්තුකයන් ආවාසිකයන්ට අනුව පැවතිය යුතු ය. ඉදින් සමසම වෙත් නම්, ආගන්තුකයන් ආවාසිකයන්ට අනුව පැවතිය යුතු ය. ඉදින් ආගන්තුකයෝ වැඩි වෙත් නම්, ආවාසිකයන් ආගන්තුකයන්ට අනුව පැවතිය යුතු ය”.
3. “මහණෙනි, මෙහි ආවාසික භික්‍ෂූන්ට පසළොස්වක වේ. ආගන්තුක භික්‍ෂූන්ට තුදුස්වක වේ. ඉදින් ආවාසිකයෝ වැඩි වෙත් නම්, ආගන්තුකයන් ආවාසිකයන්ට අනුව පැවතිය යුතු ය. ඉදින් සමසම වෙත් නම්, ආගන්තුකයන් ආවාසිකයන්ට අනුව පැවතිය යුතු ය. ඉදින් ආගන්තුකයෝ වැඩි වෙත් නම්, ආවාසිකයන් ආගන්තුකයන්ට අනුව පැවතිය යුතු ය”.
4. “මහණෙනි, මෙහි ආවාසිකභික්‍ෂූන්ට පෑළවිය වේ. ආගන්තුකයන්ට පසළොස්වක වේ. ඉදින් ආවාසිකයෝ වැඩි වෙත් නම්, ආවාසිකයන් විසින් ආගන්තුකයන්ට නො කැමැත්තෙන් සාමග්ගිය නො දිය යුතු ය. ආගන්තුකයන් විසින් සීමාවෙන් බැහැරට ගොස් පොහොය කළ යුතු ය. ඉදින් සමසම වෙත් නම්, ආවාසිකයන් විසින් ආගන්තුකයන්ට නො කැමැත්තෙන් සාමග්ගිය නො දිය යුතු ය. ආගන්තුකයන් විසින් සීමාවෙන් බැහැරට ගොස් පොහොය කළ යුතු ය. ඉදින් ආගන්තුකයෝ වැඩි වෙත් නම්, ආවාසිකයන් විසින් ආගන්තුකයන්ට සාමග්ගිය හෝ දිය යුතු ය සීමාවෙන් බැහැරට හෝ යා යුතු ය.”
5. “මහණෙනි, මෙහි ආවාසිකභික්‍ෂූන්ට පසළොස්වක වේ. ආගන්තුකයන්ට පෑළවිය වේ. ඉදින් ආවාසිකයෝ වැඩි වෙත් නම්, ආගන්තුකයන් විසින් ආවාසිකයන්ට සාමග්ගිය හෝ දිය යුතු ය. සීමාවෙන් බැහැරට හෝ යා යුතු ය. ඉදින් සමසම වෙත් නම්, ආගන්තුකයන් විසින් ආවාසිකයන්ට සාමග්ගිය හෝ දිය යුතු ය. සීමාවෙන් බැහැරට හෝ යා යුතු ය. ඉදින් ආගන්තුකයෝ වැඩි වෙත් නම්, ආගන්තුකයන් විසින් ආවාසිකයන්ට නො කැමැත්තෙන් සාමග්ගිය නො දිය යුතු ය. ආවාසිකයන් විසින් සීමාවෙන් බැහැරට ගොස් පොහොය කළ යුතු ය.”
6. “මහණෙනි, මෙහි ආගන්තුකභික්‍ෂූහු ආවාසිකභික්‍ෂූන්ගේ ආවාසිකයන් වතින් සම්පූර්‍ණ ද අසම්පූර්‍ණ ද යනු හඳුන්වන ලකුණු (ආචාරසණ්ඨානය) ද, නො පෙණෙන ආවාසිකයන් හඳුන්වන ලකුණු ද, ආවාසිකයන් ඇතැ යි හඳුන්වන ලකුණු ද, ආවාසිකයන් හඳුන්වන පිරිකර දැකීම ද, මනා කොට පැණවූ ඇඳ පුටු ද, බිසි හා කන්වැයින් ද මනා කොට එළ වූ පැන් හා පරිභෝග කට යුතු දිය ද, මනා කොට හැමදි පිරිවෙණ ද දකිත්. දැක ‘ආවාසිකභික්‍ෂූහු ඇත් ද නැද්දැ’ යි විමති ඇත්තෝ වෙත්. විමති ඇත්තා වූ ඒ ආගන්තුකභික්‍ෂූහු (ආවාසිකභික්‍ෂූන්) නො සොයත්. නො සොයා පොහොය කරත්. දුකුළාඇවැත් වේ. විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්, සොයා නො දකිත්. නො දැක පොහොය කරත්. ඇවැත් නො වේ. විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා දකිත්. දැක එකතු ව පොහොය කරත්. ඇවැත් නො වේ. විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා දකිත්. දැක වෙන් වෙන් ව පොහොය කරත්. දුකුළාඇවැත් වේ. විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා දකිත්. දැක ‘මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ’ යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පොහොය කරත්. ථුලසි ඇවැත් වේ”
7. “මහණෙනි, මෙහි ආගන්තුකභික්‍ෂූහු ආවාසිකභික්‍ෂූන්ගේ ආචාරසණ්ඨානය ආවාසිකයන්, හඳුන්වන ලකුණු, ආවාසිකයන් ඇතැ යි හඳුන්වන ලකුණු, ආවාසිකයන් හඳුන්වන පිරිකර දැකීම, සක්මන් කරන්නවුන්ගේ පාහඬ, හැදෑරීමේ හඬ, කෑරීම්හඬ, කිවිසිලිහඬ, අසත්. අසා ‘ආවාසික භික්‍ෂූහු ඇත් ද? නැත් දැ’? යි විමති ඇත්තෝ වෙත්. විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු නො සොයත්. නො සොයා පොහොය කරත්, දුකුළාඇවැත් වේ. විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා නො දකිත්. නො දැක පොහොය කරත්. ඇවැත් නො වේ. විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා දකිත්. දැක එකතු ව පොහොය කරත්. ඇවැත් නො වේ. විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා දකිත්. දැක වෙන් වෙන් ව පොහොය කරත්. දුකුළාඇවැත් වේ. විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා දකිත්. දැක ‘මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ’ යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පොහොය කරත්. ථුලසි ඇවැත් වේ”
8. “මහණෙනි, මෙහි ආවාසිකභික්‍ෂූහු ආගන්තුකභික්‍ෂූන්ගේ ආගන්තුක ආකාරය, ආගන්තුක ලක්‍ෂණය, ආගන්තුක නිමිත්ත, ආගන්තුක උද්දේසය, නො හඳුනන පාත්‍රය, නො හඳුනන සිවුර, නො හඳුනන නිසීදනය, පා සේදු තැන්, වැගුරුණු දිය, දකිත්. දැක ‘ආගන්තුක භික්‍ෂූහු ඇත් ද? නැත් දැ?’ යි විමති ඇත්තෝ වෙත්. විමති ඇත්තා වූ ඒ ආවාසික භික්‍ෂූහු (ආගන්තුක භික්‍ෂූන්) නො සොයත්, නො සොයා පොහොය කරත්. දුකුළාඇවැත් වේ. විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්, සොයා නො දකිත්. නො දැක පොහොය කරත්. ඇවැත් නො වේ. විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා දකිත්. දැක එකතු ව පොහොය කරත්. ඇවැත් නො වේ. විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා දකිත්. දැක වෙන් වෙන් ව පොහොය කරත්. දුකුළාඇවැත් වේ. විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා දකිත්. දැක ‘මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ’ යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පොහොය කරත්. ථූලසි ඇවැත් වේ”
9. “මහණෙනි, මෙහි ආවාසිකභික්‍ෂූහු ආගන්තුකභික්‍ෂූන්ගේ ආගන්තුකආකාරය, ආගන්තුකලක්‍ෂණය, ආගන්තුකනිමිත්ත, ආගන්තුකඋද්දේසය, එන්නවුන්ගේ පාහඬ, වහන් ගසා දැමීමේ හඬ, කැරීම් හඬ, කිවිසිලි හඬ අසත්. අසා ‘ආගන්තුකභික්‍ෂූහු ඇත් ද?, නැත් දැ?” යි විමතී ඇත්තාහු වෙත්.” විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු (ආගන්තුක භික්‍ෂූන්) නො සොයත්. නො සොයා පොහොය කරත්. දුකුළාඇවැත් වේ. විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා නො දකිත්. නො දැක පොහොය කරත්. ඇවැත් නො වේ. විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා දකිත්. දැක එකතු ව පොහොය කරත් ඇවැත් නො වේ. විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා දකිත්. දැක වෙන් වෙන් ව පොහොය කරත්. දුකුළාඇවැත් වේ. විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා දකිත්. දැක ‘මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ’ යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පොහොය කරත්. ථුලසි ඇවැත් වේ”
10. “මහණෙනි, මෙහි ආගන්තුකභික්‍ෂූහු දාෂ්ටිවශයෙන් නානාසංවාසක වූ ආවාසික භික්‍ෂූන් දකිත්. ඒ ආගන්තුක භික්‍ෂූහු සමානසංවාසකදෘෂ්ටිය ලබත්. සමානසංවාසකදෘෂ්ටිය ලබා නො විචාරත්. නො විචාරා එකතු ව පොහොය කරත්. ඇවැත් නො වේ. ඒ භික්‍ෂූහු විචාරත්. විචාරා (නානාසංවාසකභාවය) බැහැර නො කෙරෙත්. ඒ දෘෂ්ටිය බැහැර නො කොට එකතු ව පොහොය කරත්. දුකුළාඇවැත් වේ. ඒ භික්‍ෂුහු විචාරත්. විචාරා බැහැර නො කෙරෙත්. බැහැර නො කොට වෙන් වෙන් ව පොහොය කරත්. ඇවැත් නො වේ”
11. “මහණෙනි, මෙහි ආගන්තුකභික්‍ෂූහු සමානසංවාසක වූ ආවාසිකභික්‍ෂූන් දකිත්. ඒ භික්‍ෂූහු නානාසංවාසකදෘෂ්ටිය ලබත්. නානාසංවාසකදෘෂ්ටිය ලබා නො විචාරත්, නො විචාරා එකතු ව පොහොය කරත්. දුකුළාඇවැත් වේ. ඒ භික්‍ෂූහු විචාරත්. විචාරා බැහැර කෙරෙත්. බැහැර කොට වෙන් වෙන් ව පොහොය කරත්. දුකුළාඇවැත් වේ. ඒ භික්‍ෂූහු විචාරත්. විචාරා බැහැර කරත්. බැහැර කොට එකතු ව පොහොය කරත්. ඇවැත් නො වේ”
12 “මහණෙනි, මෙහි ආවාසික භික්‍ෂූහු නානාසංවාසක වූ ආගන්තුකභික්‍ෂූන් දකිත්. ඒ භික්‍ෂූහු සමානසංවාසකදෘෂ්ටිය ලබත්. සමානසංවාසකදෘෂ්ටිය ලබා නො විචාරත්. නො විචාරා එකතු ව පොහොය කරත්. ඇවැත් නො වේ. ඒ භික්‍ෂූහු විචාරත්. විචාරා බැහැර නො කෙරෙත්. බැහැර නො කොට එකතු ව පොහොය කරත්. දුකුළාඇවැත් වේ. ඒ භික්‍ෂූහු විචාරත්. විචාරා බැහැර නො කෙරෙත්. බැහැර නො කොට වෙන් වෙන් ව පොහොය කෙරෙත්. ඇවැත් නා වේ”
13. “මහණෙනි, මෙහි ආවාසිකභික්‍ෂූහු සමානසංවාසක වූ ආගන්තුකභික්‍ෂූන් දකිත්. ඒ භික්‍ෂූහු නානාසංවාසකදෘෂ්ටිය ලබත්. නානාසංවාසකදෘෂ්ටිය ලබා නො විචාරත්. නො විචාරා එකතු ව පොහොය කෙරෙත්. දුකුළාඇවැත් වේ. ඒ භික්‍ෂූහු විචාරත්. විචාරා බැහැර කෙරෙත්. බැහැර කොට වෙන් වෙන් ව පොහොය කෙරෙත්. දුකුළාඇවැත් වේ. ඒ භික්‍ෂූහු විචාරත්. විචාරා බැහැර කෙරෙත්. බැහැර කොට එකතු ව පොහොය කෙරෙත්. ඇවැත් නො වේ”
14. මහණෙනි, එදවස පොහොයෙහි භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් භික්‍ෂූන් රහිත වූ ආවාසයට සඞ්ඝයා හැර අන්තරායයක් නැති ව නො යා යුතු ය.
15. මහණෙනි, එදවස පොහොයෙහි භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් භික්‍ෂූන් රහිත වූ අනාවාසයට සඞ්ඝයාගෙන් තොර ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
16. මහණෙනි, එදවස පොහොයෙහි භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් භික්‍ෂූන් රහිත වූ ආවාසයට හෝ අනාවාසයට සඞ්ඝයාගෙන් තොරව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
17. මහණෙනි, එදවස පොහොයෙහි භික්‍ෂූන් සහිත වූ අනාවාසයෙන් භික්‍ෂූන් රහිත වූ ආවාසයට සඞ්ඝයාගෙන් තොර වූ අන්තරායයක් නැති ව නො යා යුතු ය.
18. මහණෙනි, එදවස පොහොයෙහි භික්‍ෂූන් සහිත වූ අනාවාසයෙන් භික්‍ෂූන් රහිත වූ අනාවාසයට සඞ්ඝයාගෙන් තොර ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
19. මහණෙනි, එදවස පොහොයෙහි භික්‍ෂූන් සහිත වූ අනාවාසයෙන් භික්‍ෂූන් රහිත වූ ආවාසයට හෝ අනාවාසයට සඞ්ඝයාගෙන් තොර ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
20. මහණෙනි, එදවස පොහොයෙහි භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ භික්‍ෂූන් රහිත වූ ආවාසයට සඞ්ඝයාගෙන් තොර ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
21. මහණෙනි, එදවස පොහොයෙහි භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ භික්‍ෂූන් රහිත වූ අනාවාසයට සඞ්ඝයාගෙන් තොර ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
22. මහණෙනි, එදවස පොහොයෙහි භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ භික්‍ෂූන් රහිත වූ ආවාසයට හෝ අනාවාසයට සඞ්ඝයාගෙන් තොර ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
23. මහණෙනි, එදවස පොහොයෙහි යම් තැනෙක නානාසංවාසක වූ භික්‍ෂූහු වසන්නාහු ද, (එබඳු වූ) භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් භික්‍ෂූන් සහිත වූ ආවාසයට සඞ්ඝයාගෙන් තොර ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
24. මහණෙනි, එදවස පොහොයෙහි යම් තැනෙක නානාසංවාසක වූ භික්‍ෂූහු වසන්නාහු ද, (එබඳු වූ) භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් භික්‍ෂූන් සහිත වූ අනාවාසයට සඞ්ඝයාගෙන් තොර ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
25. මහණෙනි, එදවස පොහොයෙහි යම් තැනෙක නානාසංවාසක වූ භික්‍ෂූහු වසන්නාහු ද, (එබඳු වූ) භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් භික්‍ෂූන් සහිත වූ ආවාසයට හෝ අනාවාසයට සඞ්ඝයාගෙන් තොර ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
26. මහණෙනි, එදවස පොහොයෙහි යම් තැනෙක නානාසංවාසක භික්‍ෂූහු වසන්නාහු ද, (එබඳු වූ) භික්‍ෂූන් සහිත වූ අනාවාසයෙන් භික්‍ෂූන් සහිත වූ ආවාසයට සඞ්ඝයාගෙන් තොර ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
27. මහණෙනි, එදවස පොහොයෙහි යම් තැනෙක නානාසංවාසක භික්‍ෂූහු වසන්නාහු ද, (එබඳු වූ) භික්‍ෂූන් සහිත වූ අනාවාසයෙන් භික්‍ෂූන් සහිත වූ අනාවාසයට සඞ්ඝයාගෙන් තොර ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
28. මහණෙනි, එදවස පොහොයෙහි යම් තැනෙක නානාසංවාසක භික්‍ෂූහු වසන්නාහු ද, (එබඳු වූ) භික්‍ෂූන් සහිත වූ අනාවාසයෙන් භික්‍ෂූන් සහිත වූ ආවාසයට හෝ අනාවාසයට හෝ සඞ්ඝයාගෙන් තොර ව අන්තරායයක් නැති’ ව නො යා යුතු ය.
29. මහණෙනි, එදවස පොහොයෙහි යම් තැනෙක නානාසංවාසක භික්‍ෂූහු වසන්නාහු ද, (එබඳු වූ) භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ භික්‍ෂූන් සහිත වූ ආවාසයට සඞ්ඝයාගෙන් තොර ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
30. මහණෙනි, එදවස පොහොයෙහි යම් තැනෙක නානාසංවාසක භික්‍ෂූහු වසන්නාහු ද, (එබඳු වූ) භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ භික්‍ෂූන් සහිත වූ අනාවාසයට සඞ්ඝයාගෙන් තොර ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
31. මහණෙනි, එදවස පොහොයෙහි යම් තැනෙක නානාසංවාසක භික්‍ෂූහු වසන්නාහු ද, (එබඳු වූ) භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ භික්‍ෂූන් සහිත වූ ආවාසයට හෝ අනාවාසයට සඞ්ඝයා ගෙන් තොර ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
32. මහණෙනි, එදවස පොහොයෙහි යම් තැනෙක සමාන සංවාසක භික්‍ෂූහු වසන්නාහු ද, යම් තැනකට “අද ම යන්නට හැක්කෙමි’ යි, දන්නේ ද, භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් එබඳු භික්‍ෂූන් සහිත වූ ආවාසයට යා යුතුය.
33. මහණෙනි, එදවස පොහොයෙහි යම් තැනෙක සමානසංවාසක භික්‍ෂූහු වසන්නාහු ද, යම් තැනකට ‘අද ම යන්නට හැක්කෙමි’ යි දන්නේ ද, භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් (එබඳු) භික්‍ෂූන් සහිත වූ අනාවාසයට –පෙ– භික්‍ෂූන් සහිත වූ ආවාසයට හෝ අනාවාසයට හෝ යා යුතු ය.
34. මහණෙනි, එදවස පොහොයෙහි යම් තැනෙක සමානසංවාසක භික්‍ෂූහු වසන්නාහු ද, යම් තැනකට ‘අද ම යන්නට හැක්කෙමි’ යි දන්නේ ද, භික්‍ෂූන් සහිත වූ අනාවාසයෙන් (එබඳු) භික්‍ෂූන් සහිත වූ ආවාසයට –පෙ– භික්‍ෂූන් සහිත වූ අනාවාසයට –පො– භික්‍ෂූන් සහිත වූ ආවාසයට හෝ අනාවාසයට හෝ යා යුතු ය.
35. මහණෙනි, එදවස පොහොයෙහි යම් තැනෙක සමානසංවාසක භික්‍ෂූහු වසන්නාහු ද, යම් තැනකට ‘අද ම යන්නට හැක්කෙමි’ යි දන්නේ ද, භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ (එබඳු) භික්‍ෂූන් සහිත වූ ආවාසයට –පෙ– භික්‍ෂූන් සහිත වූ අනාවාසයට – පෙ– භික්‍ෂූන් සහිත වූ ආවාසයට හෝ අනාවාසයට හෝ යා යුතු ය.
36. මහණෙනි, මෙහෙණක හුන් පිරිසෙහි පාමොක් නො උදෙසිය යුතු ය. යමෙක් උදෙසන්නේ නම්, දුකුළාඇවැත් වේ.
37. හික්මෙන්නියක – පෙ – නො උදෙසිය යුතු ය. හෙරණකු –පෙ – නො උදෙසිය යුතු ය. හෙරණියක –පෙ– නො උදෙසිය යුතු ය. ශික්‍ෂා අත්හළ එකකු –පෙ– නො උදෙසිය යුතු ය. අන්තිමවස්තුවට පැමිණියකු හුන් පිරිසෙහි පාමොක් නො උදෙසිය යුතු ය යමෙක් උදෙසන්නේ නම්, දුකුළාඅවැත් වේ.
38. ඇවැත් නො දැක්මෙහි බැහැර ලූ එකකු හුන් පිරිසෙහි පාමොක් නො උදෙසිය යුතු ය. යමෙක් උදෙසන්නේ නම්, ධර්‍මය (විනය නීති) යම්සේ ද, එසේ කරවිය යුතු ය.
39. ඇවැතට පිළියම් නො කිරීමෙහි බැහැර ලූ එකකු හුන් පිරිසෙහි –පෙ– ලාමක මිසදිටු අත් නො හැරීමෙහි බැහැර ලූවකු හුන් පිරිසෙහි පාමොක් නො උදෙසිය යුතු ය. යමෙක් උදෙසන්නේ නම්, ධර්‍මය (විනය නීති) පරිදි කරවිය යුතු ය.
40. පණ්ඩකයකු හුන් පිරිසෙහි පාමොක් නො උදෙසිය යුතු ය. යමෙක් උදෙසන්නේ නම්, දුකුළාදෑවැත් වේ.
41. පැවිද්ද සොරකම් කළහු –පෙ– තීර්‍ත්‍ථකයන් කරා ගියකු –පෙ– තිරිසන් ගියකු –පෙ– මවු මැරූවකු –පෙ– පියා මැරූවකු –පෙ– රහතුන් මැරූවකු –පෙ – මෙහෙණන් දූෂණය කළහු –පෙ– සඞ්ඝභේදකයකු –පෙ– ලෝහිතුප්පාදකයකු –පෙ– උභතොඛ්‍යඤ්ජනකයකු හුන් පිරිසෙහි පාමොක් නො උදෙසිය යුතු ය. යමෙක් උදෙසන්නේ නම්, දුකුළාඇවැත් වේ.
42. මහණෙනි, පිරිස නො නැගිටියොත් පාරිවාසිකපාරිසුද්ධිය දීමෙන් පොහොය නො කට යුතු ය.
43. මහණෙනි, සඞ්ඝසාමග්‍රිය හැර අනුපෝසථයෙහි (චාතුද්දසී – පණ්ණරසී නො වන දිනෙක) පොහොය නො කට යුතු ය.
දෙවන උපෝසථක්ඛන්‍ධකය නිමි.
තෙවනබණවර ය.
මේ ඛන්‍ධකයෙහි වස්තු අසූ සයෙකි.
එහි උද්දානය (වස්තු නාමාවලිය) මෙසේ ය:
1. තීර්‍ත්‍ථකයන් බිම්සර රජ රැස් වීමට අනුදැනීම, නිහඬ ව හිඳීම, දහම් දෙසීමට අනුදැනීම, රහසිගත ව සිටීමේ දී උපන් පරිවිතර්‍කය, පාමොක් උදෙසීමට අනුදැනීම, දින පතා පාමොක් උදෙසීම තහනම් කිරීම, පක්‍ෂය කට වරක් පාමොක් උදෙසීමට නියම කිරීම.
2. පිරිස අනු ව පාමොක් උදෙසීම තහනම් කිරීම, සමග ව පාමොක් උදෙසීම, සමගි වන ආකාරය, මද්දකුච්ජිය, සීමාසම්මතය, මහා සීමා සම්මතය තහනම් කිරීම, නදීපාරසීමා සම්මතය තහනම් කිරීම, එය අනුදැනීම, පිරිවෙණක් පාසා පාමොක් උදෙසීම තහනම් කිරීම, එක් සීමාවෙක උපෝසථාගාර දෙකක් සම්මත නො කිරීම, කුඩා උපෝසථාගාර මහත් කර ගැණීම.
3. නවකය, රජගහනුවර අවිප්පවාස සම්මුතිය අනුදැනීම, සීමා සම්මුතිය කරණ කල පළමු ව සමානසංවාස සීමාසම්මුතිය කොට පසු ව අවිප්පවාස සීමා සම්මුතිය කිරීම, සමූහනනය කරණ කල පළමු ව අවිප්පවාසසීමාව උදුරා පසු ව සමානසංවාසසීමාව උද්ධරණය.
4. අසම්මත වූ ගාමසීමාව, නදියෙහි සමුද්‍රයෙහි ජාතස්සරයෙහි උදකොත්ක්‍ෂේපසීමාව, සීමාවෙන් සීමාවක් මිශ්‍ර කොට සීමා සම්මුති තහනම, සීමාවෙන් සීමාව යටපත් කිරීම.