Mahāvagga

Great Division

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 801-900 න් 2799

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT69. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සීමාය සීමං අජ්ඣොත්ථරන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “යෙසං භික්ඛවෙ, සීමා පඨමං සම්මතා, තෙසං තං කම්මං ධම්මිකං අකුප්පං ඨානාරහං. යෙසං භික්ඛවෙ, සීමා පච්ඡා සම්මතා, තෙසං තං කම්මං අධම්මිකං කුප්පං අට්ඨානාරහං. න භික්ඛවෙ සීමාය සීමා අජ්ඣොත්ථරිතබ්බා. යො අජ්ඣොත්ථරෙය්ය, ආපත්ති දුක්කටස්සා. අනුජානාමි භික්ඛවෙ, සීමං සම්මන්නන්තෙන සීමන්තරිකං ඨපෙත්වා සීමං සම්මන්නිතු”න්ති.
Sinhala BJT69. එකල්හි සවග භික්‍ෂූහු සීමාවෙන් සීමාව යටපත් කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, යම් කෙනකුන් විසින් පළමු කොට සීමාවක් සම්මත කරණ ලද ද, ඔවුන්ගේ ඒ කර්‍මය ධාර්මික වේ. බැහැර කළ යුතු බවට නො පැමිණේ. කාරණයට සුදුසු වේ. මහණෙනි, යම් කෙනකුන් විසින් පසු ව සීමාවක් සම්මත කරණ ලද ද, ඔවුන්ගේ ඒ කර්‍මය ධාර්මික නො වේ. බැහැර කළ යුතු බවට පැමිණේ. කාරණයට සුදුසු නො වේ. මහණෙනි, සීමාවෙන් සීමාව යටපත් නො කළ යුතු ය. යමෙක් යටපත් කරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, සීමාවක් සම්මත කරන්නහු විසින් සීමාවට අතරක් තබා සීමා සම්මත කරන්නට අනුදනිමි.”
Pali BJT70. අථ ඛො භික්ඛූනං එතදහොසි: “කති නු ඛො උපොසථා?”ති? භගවතො එතමත්ථං ආරොචෙසුං. “ද්වෙ මෙ භික්ඛවෙ, උපොසථා චාතුද්දසිකො ච පණ්ණරසිකො ච. ඉමෙ ඛො භික්ඛවෙ, ද්වෙ උපොසථා”ති.
Sinhala BJT70. එකල්හි භික්‍ෂූන්ට “උපෝසථයෝ කෙතෙක් දැ?” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, චාතුද්දසිකය පණ්ණරසිකය යි උපෝසථයෝ දෙදෙනෙකි. මහණෙනි, මේ උපෝසථයෝ දෙදෙන වෙති.”
Pali BJT71. අථ ඛො භික්ඛූනං එතදහොසි: “කති නු ඛො උපොසථකම්මානී?”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “චත්තාරිමානි භික්ඛවෙ, උපොසථකම්මානි – අධම්මෙන වග්ගං උපොසථකම්මං, අධම්මෙන සමග්ගං උපොසථකම්මං. ධම්මෙන වග්ගං උපොසථකම්මං, ධම්මෙන සමග්ගං උපොසථකම්ම”න්ති.
Sinhala BJT71. එකල්හි භික්‍ෂූන්ට “උපෝසථකර්‍ම කෙතෙක් දැ?” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මේ උපෝසථ කර්‍ම, අධර්‍මයෙන් වර්‍ග වූ උපෝසථකර්‍මය, අධර්‍මයෙන් සමගි වූ උපෝසථ කර්‍මය, ධර්‍මයෙන් වර්‍ග වූ උපෝසථ කර්‍මය, ධර්‍මයෙන් සමගි වූ උපෝසථ කර්‍මය යි සතරෙ කි.”
Pali BJT72. “තත්ර භික්ඛවෙ, යමිදං{1} අධම්මෙන වග්ගං උපොසථකම්මං, න භික්ඛවෙ, එවරූපං උපොසථකම්මං, කාතබ්බං. න ච මයා එවරූපං උපොසථකම්මං අනුඤ්ඤාතං.”
Sinhala BJT72. “මහණෙනි, ඒ උපෝසථ කර්‍මයන් අතුරෙහි යම් මේ අධර්‍මයෙන් වර්‍ග වූ උපෝසථකර්‍මයෙක් වේ ද, මහණෙනි, එබඳු වූ උපෝසථ කර්‍මය නො කළ යුතු ය. මා විසින් එබඳු වූ උපෝසථකර්‍මයෙක් නො අනුදන්නා ලද ය.”
Pali BJT73. “තත්ර භික්ඛවෙ, යමිදං අධම්මෙන සමග්ගං උපොසථකම්මං, න භික්ඛවෙ, එවරූපං උපොසථකම්මං කාතබ්බං. න ච මයා එවරූපං උපොසථකම්මං අනුඤ්ඤාතං”.
Sinhala BJT73. “මහණෙනි, ඒ උපෝසථ කර්‍මයන් අතුරෙහි යම් මේ අධර්‍මයෙන් සමගි වූ උපෝසථකර්‍මයෙක් වේ ද, මහණෙනි, එබඳු වූ උපෝසථකර්‍මය නො කළ යුතු ය. මා විසින් එබඳු වූ උපෝසථකර්‍මයෙක් නො අනුදන්නා ලද ය.”
Pali BJT74. “තත්ර භික්ඛවෙ, යමිදං ධම්මෙන වග්ගං උපොසථකම්මං, න භික්ඛවෙ, එවරූපං උපොසථකම්මං කාතබ්බං. න ච මයා එවරූපං උපොසථකම්මං අනුඤ්ඤාතං.”
Sinhala BJT74. “මහණෙනි, ඒ උපෝසථකර්‍මයන් අතුරෙහි යම් මේ ධර්‍මයෙන් වර්‍ග වූ උපෝසථකර්‍මයෙක් වේ ද, මහණෙනි, එබඳු වූ උපෝසථකර්‍මය නො කළ යුතු ය. මා විසින් එබඳු උපෝසථකර්‍මයෙක් නො අනුදන්නා ලද ය.”
Pali BJT75. “තත්ර භික්ඛවෙ, යමිදං ධම්මෙන සමග්ගං උපොසථකම්මං, එවරූපං භික්ඛවෙ, උපොසථකම්මං කාතබ්බං. එවරූපඤ්ච මයා උපොසථකම්මං අනුඤ්ඤාතං. තස්මාතිහ භික්ඛවෙ, ‘එවරූපං උපොසථකම්මං කරිස්සාම යදිදං ධම්මෙන සමග්ග’න්ති, එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බ”න්ති.
Sinhala BJT75. “මහණෙනි, ඒ උපෝසථකර්‍මයන් අතුරෙහි යම් මේ ධර්‍මයෙන් සමගි වූ උපෝසථකර්‍මයෙක් වේ ද, මහණෙනි, එබඳු වූ උපෝසථකර්‍මය කළ යුතු ය. මා විසින් අනුදන්නා ලද්දේ එබඳු උපෝසථකර්‍මයෙකි. මහණෙනි, එහෙයින් ‘මේ ශාසනයෙහි යම් මේ ධර්‍මයෙන් සමගි වූ උපෝසථ කර්‍මයෙක් වේ ද, එබඳු වූ උපෝසථකර්‍මය කරන්නෙමු’ යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු ම ය.”
Pali BJT76. අථ ඛො භික්ඛූනං එතදහොසි: “කති නු ඛො පාතිමොක්ඛුද්දෙසා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “පඤ්චිමෙ භික්ඛවෙ, පාතිමොක්ඛුද්දෙසා. – නිදානං උද්දිසිත්වා අවසෙසං සුතෙන සාවෙතබ්බං. අයං පඨමො පාතිමොක්ඛුද්දෙසො.”
Sinhala BJT76. එකල්හි භික්‍ෂූන්ට “පාතිමොක්ඛුද්දෙසයෝ කෙතෙක් දැ” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මේ පාතිමොක්ඛුද්දෙසයෝ පසෙකි. නිදානය උදෙසා සෙස්ස ශ්‍රැතියෙන් ඇස්විය යුතු ය. මේ පළමුවන පාමොක්උදෙසීම වේ.”
Pali BJT77. “නිදානං උද්දිසිත්වා චත්තාරි පාරාජිකානි උද්දිසිත්වා අවසෙසං සුතෙන සාවෙතබ්බං. අයං දුතියො පාතිමොක්ඛුද්දෙසො.”
Sinhala BJT77. “නිදානය උදෙසා සතර පරිජි උදෙසා සෙස්ස ශ්‍රැතියෙන් ඇස්විය යුත්තේ ය. මේ දෙවන පාමොක්උදෙසීම වේ.”
Pali BJT78. “නිදානං උද්දිසිත්වා චත්තාරි පාරාජිකානි උද්දිසිත්වා තෙරස සඞ්ඝාදිසෙසෙ උද්දිසිත්වා අවසෙසං සුතෙන සාවෙතබ්බං. අයං තතියො පාතිමොක්ඛුද්දෙසො.”
Sinhala BJT78. “නිදානය උදෙසා සතර පරිජි උදෙසා තෙළෙස් සඟවෙසෙස් උදෙසා සෙස්ස ශ්‍රැතියෙන් ඇස්විය යුතු ය. මේ තෙවන පාමොක් උදෙසීම වේ.”
Pali BJT79. “නිදානං උද්දිසිත්වා චත්තාරි පාරාජිකානි උද්දිසිත්වා තෙරස සඞ්ඝාදිසෙසෙ උද්දිසිත්වා ද්වෙ අනියතෙ උද්දිසිත්වා අවසෙසං සුතෙන සාවෙතබ්බං. අයං චතුත්ථො පාතිමොක්ඛුද්දෙසො.”
Sinhala BJT79. නිදානය උදෙසා සතරපරිජි උදෙසා තෙළෙස් සඟවෙසෙස් උදෙසා අනියත දෙක උදෙසා සෙස්ස ශ්‍රැතියෙන් ඇස්විය යුතු ය. මේ සිවුවන පාමොක් උදෙසීම වේ.”
Pali BJT80. “විත්ථාරෙනෙව පඤ්චමො. ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච පාතිමොක්ඛුද්දෙසා”ති
Sinhala BJT80. “විස්තර වශයෙන් ම පාමොක් දෙසීම පස්වන උද්දේසය යි. මහණෙනි, මේ පාමොක් උදෙසීම් පසය.”
Pali BJT81. තෙන ඛො පන සමයෙන භික්ඛූ “භගවතා සංඛිත්තෙන පාතිමොක්ඛුද්දෙසො අනුඤ්ඤාතො ති සබ්බකාලං සංඛිත්තෙන පාතිමොක්ඛං උද්දිසන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, සඞ්ඛිත්තෙන පාතිමොක්ඛං උද්දිසිතබ්බං. යො උද්දිසෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT81. එකල්හි භික්‍ෂූහු “භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් පාමොක් උදෙසීම අනුදන්නා ලදැ” යි හැම කල්හි සැකෙවින් පාමොක් උදෙසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සැකෙවින් පාමොක් නො උදෙසිය යුතු ය. යමෙක් උදෙසන්නේ නම් දුකුළා ඇවැත් වේ.”
Pali BJT82. තෙන ඛො පන සමයෙන කොසලෙසු ජනපදෙසු අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සවරභයං{1} අහොසි. භික්ඛූ නාසක්ඛිංසු විත්ථාරෙන පාතිමොක්ඛං උද්දිසිතුං. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, සති අන්තරායෙ සඞ්ඛිත්තෙන පාතිමොක්ඛං උද්දිසිතුන්ති.”
Sinhala BJT82. එකල්හි කොසොල් දනව්වෙහි එක්තරා ආවාසයෙක එ දවස පොහොයෙහි වනවැසි මිනිසුන්ගෙන් බියෙක් වූයේ ය. භික්‍ෂූහු විස්තර වශයෙන් පාමෙක් උදෙසන්නට අපොහොසත් වූහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අන්තරායයක් ඇති කල්හි සැකෙවින් පාමොක් උදෙසන්නට අනුදනිමි.”
Pali BJT83. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ අසතීපි අන්තරායෙ සඞ්ඛිත්තෙන පාතිමොක්ඛං උද්දිසන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ අසති අන්තරායෙ සංඛිත්තෙන පාතිමොක්ඛං උද්දිසිතබ්බං. යො උද්දිසෙය්ය, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ සති අන්තරායෙ සඞ්ඛිත්තෙන පාතිමොක්ඛං උද්දිසිතුං. තත්රිමෙ අන්තරායා:- රාජන්තරායො චොරන්තරායො අග්යන්තරායො උදකන්තරායො මනුස්සන්තරායො අමනුස්සන්තරායො වාළන්තරායො සිරිංසපන්තරායො ජීවිතන්තරායො බ්රහ්මචරියන්තරායො{2}. අනුජානාමි භික්ඛවෙ, එවරූපෙසු අන්තරායෙසු සංඛිත්තෙන පාතිමොක්ඛං උද්දිසිතුං, අසති අන්තරායෙ විත්ථාරෙනා”ති.
Sinhala BJT83. එකල්හි සවග භික්‍ෂූහු අන්තරායයක් නැති කල්හි ද සැකෙවින් පාමොක් උදෙසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අන්තරායයක් නැති කල්හි සැකෙවින් පාමෙක් නො උදෙසිය යුතු ය. යමෙක් උදෙසන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, අන්තරායයක් ඇති කල්හි සැකෙවින් පාමොක් උදෙසන්නට අනුදනිමි. එහි මේ අන්තරායයෝ ය – රජුගෙන් වන අන්තරාය, සොරුන්ගෙන් වන අන්තරාය, ගින්නෙන් වන අන්තරාය, ජලයෙන් වන අන්තරාය, මිනිසුන්ගෙන් වන අන්තරාය, අමනුෂ්‍යයන්ගෙන් වන අන්තරාය, චණ්ඩමෘගයන්ගෙන් වන අන්තරාය, සර්‍පයන්ගෙන් වන අන්තරාය, ජීවිතයට වන අන්තරාය, බ්‍රහ්ම චර්‍ය්‍යයට වන අන්තරායය යි. මහණෙනි, මෙබඳු අන්තරායයක් ඇති කල්හි සැකෙවින් පාමොක් උදෙසන්නට ද, අන්තරායයක් නැති කල්හි විස්තර වශයෙන් උදෙසන්නට ද අනුදනිමි” යි.
Pali BJT84. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සඞ්ඝමජ්ඣෙ අනජ්ඣිට්ඨා ධම්මං භාසන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ සඞ්ඝමජ්ඣෙ අනජ්ඣිට්ඨෙන ධම්මො භාසිතබ්බො. යො භාසෙය්ය, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ, ථෙරෙන භික්ඛුනා සාමං වා ධම්මං භාසිතුං. පරං වා අජ්ඣෙසිතු”න්ති.
Sinhala BJT84. එකල්හි සවග භික්‍ෂූහු ආරාධනා නො කරණ ලද්දාහු සඟ මැද දහම් දෙසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ආරාධනා තො කරණ ලද්දහු විසින් සඟ මැද දහම් නො දෙසිය යුතු ය. යමෙක් දෙසන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, ස්ථවිර භික්‍ෂුහු විසින් තමන් හෝ දහම් දෙසන්නට නැතහොත් අනුන්ට හෝ ආරාධනා කරන්නට අනුදනිමි” යි.
Pali BJT85. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සඞ්ඝමජ්ඣෙ අසම්මතා විනයං පුච්ඡන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, සඞ්ඝමජ්ඣෙ අසම්මතෙන විනයො පුච්ඡිතබ්බො. යො පුච්ඡෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ, සඞ්ඝමජ්ඣෙ සම්මතෙන විනයං පුච්ඡිතුං.”
Sinhala BJT85. එකල්හි සවග භික්‍ෂූහු සඟ මැද සම්මත නො කරණ ලද්දාහු විනය විචාරත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සම්මත නො කරණ ලද්දහු විසින් සඟ මැද විනය නො විචාළ යුතු ය. යමෙක් විචාරන්නේ නම් දුකුළා ඇවැත් වේ. මහණෙනි, සම්මත කරණ ලද්දාහු විසින් සඟ මැද විනය විචාරන්නට අනුදනිමි” යි.
Pali BJT86. “එවඤ්ච පන භික්ඛවෙ, සම්මන්නිතබ්බො: අත්තනා වා අත්තානං සම්මන්නිතබ්බං. පරෙන වා පරො සම්මන්නිතබ්බො.
Sinhala BJT86. “මහණෙනි, මෙසේ සම්මත කළ යුතු ය. තමන් විසින් හෝ තෙමේ සම්මත කළ යුතු ය. අනිකකු විසින් අනෙකෙක් සම්මත කළ යුතු” ය.
Pali BJT87. “කථඤ්ච අත්තනා වා අත්තානං සම්මන්නිතබ්බං? බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො -
Sinhala BJT87. “තමන් විසින් තමා කෙසේ සම්මත කළ යුතු ද? ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන් විය යුතු” ය.
Pali BJT“සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො: යදි සඞ්ඝස්ස පත්තකල්ලං, අහං ඉත්ථන්නාමං විනයං පුච්ඡෙය්ය’න්ති. එවං අත්තනාව අත්තානං සම්මන්නිතබ්බං.”
Sinhala BJT“ස්වාමීනි, සඞ්ඝ තොමෝ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, මම මෙ නම් ඇත්තහු විනය විචාරන්නෙමි’ යි මෙසේ තමන් විසින් හෝ තමා සම්මත කළ යුතු” ය.
Pali BJT88. කථඤ්ච පරෙන පරො සම්මන්නිතබ්බො? බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT88. “අනෙකෙකු විසින් අනෙකෙක් කෙසේ සම්මත කළ යුතු ද? ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන් විය යුතු ය:
Pali BJT“සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, ඉත්ථන්නාමො ඉත්ථන්නාමං විනයං පුච්ඡෙය්යා ති. එවං පරෙන වා පරො{1} සම්මන්නිතබ්බො”ති.
Sinhala BJT“ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණ කල් ඇත්තේ නම්, මෙ නම් ඇත්තේ මේ නම් ඇත්තහු විනය විචාරන්නේ ය යි මෙසේ අනෙකෙකු විසින් අනෙකෙක් සම්මත කළ යුතු ය.”
Pali BJT89. තෙන ඛො පන සමයෙන පෙසලා භික්ඛූ සඞ්ඝමජ්ඣෙ සම්මතා විනයං පුච්ඡන්ති. ඡබ්බග්ගියා භික්ඛූ ලභන්ති ආඝාතං. ලභන්ති අප්පච්චයං. වධෙන තජ්ජෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, සඞ්ඝමජ්ඣෙ සම්මතෙනපි පරිසං ඔලොකෙත්වා පුග්ගලං තුලයිත්වා විනයං පුච්ඡිතු”න්ති.
Sinhala BJT89. එකල්හි පේශල භික්‍ෂූහු සම්මත කරණ ලද්දාහු සඟ මැද විනය විචාරත්. සවග භික්‍ෂූහු ක්‍රෝධ කෙරෙත්. නො සතුටු වෙත්. වධයෙන් තර්‍ජනය කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සම්මතය ලද්දහු විසිනු දු පිරිස බලා පුද්ගලයාගේ පමණ සලකා සඟ මැද විනය විචාරන්නට අනුදනිමි” යි.
Pali BJT90. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සඞ්ඝමජ්ඣෙ අසම්මතා විනයං විස්සජ්ජෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, සඞ්ඝමජ්ඣෙ අසම්මතෙන විනයො විස්සජ්ජෙතබ්බො. යො විස්සජ්ජෙය්ය, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ, සඞ්ඝමජ්ඣෙ සම්මතෙන විනයං විස්සජ්ජෙතුං.”
Sinhala BJT90. එකල්හි සවග භික්‍ෂූහු සම්මත නො කරණ ලද්දාහු සඟ මැද විනය විසඳත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සම්මත නො කරණ ලද්දහු විසින් සඟ මැද විනය නො විසඳිය යුතු ය. යමෙක් විසඳන්නේ නම් දුකුළාඇවැත් වේ. මහණෙනි, සම්මතය ලද්දහු විසින් සඟ මැද විනය විසඳන්නට අනුදනිමි” යි
Pali BJT91. “එවඤ්ච පන භික්ඛවෙ, සම්මන්නිතබ්බො{2} - අත්තනා වා අත්තානං සම්මන්නිතබ්බං. පරෙන වා පරො සම්මන්නිතබ්බො.
Sinhala BJT91. “මහණෙනි, මෙසේ සම්මත කළ යුතු ය. තමන් විසින් තමා සම්මත කළ යුතු ය. අනෙකකු විසින් අනෙකෙක් සම්මත කළ යුතු ය.
Pali BJT92. “කථඤ්ච අත්තනා වා අත්තානං සම්මන්නිතබ්බං? බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT92. “තමන් විසින් තමා කෙසේ සම්මත කළ යුතු ද? ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු ය:
Pali BJT“සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, අහං ඉත්ථන්නාමෙන විනයං පුට්ඨො විස්සජ්ජෙය්යන්ති.’ එවං අත්තනා වා අත්තානං සම්මන්නිතබ්බං.”
Sinhala BJT“ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, මම මෙ නම් ඇත්තහු විසින් විනය විචාරණ ලද්දෙම් විසඳන්නෙමි යි මෙසේ තමන් විසින් තමා සම්මත කළ යුතු ය.
Pali BJT93. “කථඤ්ච පරෙන වා පරො සම්මන්නිතබ්බො? බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT93. “අනෙකෙකු විසින් අනෙකෙක් කෙසේ සම්මත කළ යුතු ද? ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂූනමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු ය:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො යදි සඞ්ඝස්ස පත්තකල්ලං ඉත්ථන්නාමො ඉත්ථන්නාමෙන විනයං පුට්ඨො විස්සජ්ජෙය්යාති’ එවං පරෙන වා පරො සම්මන්නිතබ්බො”ති.
Sinhala BJT“ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, මෙ නම් ඇත්තේ මෙ නම් ඇත්තහු විසින් විනය විචාරණ ලද්දේ විසඳන්නේ ය යි මෙසේ අනෙකෙකු විසින් අනෙකෙක් සම්මත කළ යුතු ය.”
Pali BJT94. තෙන ඛො පන සමයෙන පෙසලා භික්ඛූ සඞ්ඝමජ්ඣෙ සම්මතා විනයං විස්සජ්ජෙන්ති. ඡබ්බග්ගියා භික්ඛූ ලභන්ති ආඝාතං. ලභන්ති අප්පච්චයං. වධෙන තජ්ජෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ සඞ්ඝමජ්ඣෙ සම්මතෙනපි පරිසං ඔලොකෙත්වා පුග්ගලං තුලයිත්වා විනයං විස්සජ්ජෙතු”න්ති.
Sinhala BJT94. එකල්හි පේශල භික්‍ෂූහු සම්මත කරණ ලද්දාහු සඟ මැද විනය විසඳත්. සවග භික්‍ෂූහු ක්‍රෝධ කෙරෙත්. නො සතුටු වෙත්. වධයෙන් තර්‍ජනය කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සම්මතය ලද්දහු විසින් ද සඟ මැද පිරිස බලා පුද්ගලයා ගැණ සලකා විනය විසඳන්නට අනුදනිමි” යි.
Pali BJT95. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ අනොකාසකතං භික්ඛුං ආපත්තියා චොදෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, අනොකාසකතො භික්ඛු ආපත්තියා චොදෙතබ්බො. යො චොදෙය්ය, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ, ඔකාසං කාරාපෙත්වා ආපත්තියා චොදෙතුං – කරොතු ආයස්මා{3} ඔකාසං අහං තං වත්තුකාමො”ති.
Sinhala BJT95. එකල්හි සවග භික්‍ෂූහු අවකාශ නො කළ භික්‍ෂුහට ඇවැතින් චෝදනා කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අවකාශ නො කළ භික්‍ෂුහට ඇවැතින් චෝදනා නො කළ යුතු ය. යමෙක් චෝදනා කරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, ‘ආයුෂ්මත් තෙමේ මට අවකාශ කෙරේවා. මම ඔබට කියනු කැමැත්තෙමි’ යි අවකාශ කරවා ඇවැතින් චෝදනා කරන්නට අනුදනිමි” යි.
Pali BJT96. තෙන ඛො පන සමයෙන පෙසලා භික්ඛූ. ඡබ්බග්ගියෙ භික්ඛූ ඔකාසං කාරාපෙත්වා ආපත්තියා චොදෙන්ති. ඡබ්බග්ගියා භික්ඛූ ලභන්ති ආඝාතං ලභන්ති අප්පච්චයං. වධෙන තජ්ජෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, කතෙපි ඔකාසෙ පුග්ගලං තුලයිත්වා ආපත්තියා චොදෙතු”න්ති.
Sinhala BJT96. එකල්හි පේශල භික්‍ෂූහු අවසර ලබා සවග භික්‍ෂූන්ට ඇවැතින් චෝදනා කෙරෙත්. සවග භික්‍ෂූහු ක්‍රෝධ කෙරෙත්. නො සතුටු වෙත්. වධයෙන් තර්‍ජනය කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අවසර දුන් කල්හි ද පුද්ගලයා ගැණ සලකා චෝදනා කරන්නට අනුදනිමි” යි.
Pali BJT97. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ “පුරම්හාකං පෙසලා භික්ඛූ ඔකාසං කාරාපෙන්තී”ති පටිගච්චෙව සුද්ධානං භික්ඛූනං අනාපත්තිකානං අවත්ථුස්මිං අකාරණෙ ඔකාසං කාරාපෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, සුද්ධානං භික්ඛූනං අනාපත්තිකානං අවත්ථුස්මිං අකාරණෙ ඔකාසො කාරාපෙතබ්බො. යො කාරාපෙය්ය, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ, පුග්ගලං තුලයිත්වා ඔකාසං කාරාපෙතු”න්ති.{1}
Sinhala BJT97. එකල්හි සවග භික්‍ෂූහු “නොබෝ කලකින් අපට (චෝදනා කරණු පිණිස) පේශල භික්‍ෂූහු අවකාශ කරවත්” යි පළමු කොට ම ඇවැත් රහිත වූ පිරිසිදු භික්‍ෂූන්ට (චෝදනා) වස්තුවක් නැති කල්හි නිකරුණෙහි අවකාශ කරවත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ඇවැත් රහිත පිරිසිදු භික්‍ෂූන්ට වස්තුවක් නැති කල්හි නිකරුණෙහි (චෝදනා කිරීමට) අවකාශ නො කරවිය යුතු ය. යමෙක් අවකාශ කරවන්නේ නම් දුකුළාඇවැත් වේ. මහණෙනි, පුද්ගලයා සලකා අවකාශ කරන්නට අනුදනිමි” යි.
Pali BJT98. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සඞ්ඝමජ්ඣෙ අධම්මකම්මං කරොන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, අධම්මකම්මං{2} කාතබ්බං. යො කරෙය්ය ආපත්ති දුක්කටස්සා”ති. කරොන්තියෙව අධම්මකම්මං. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, අධම්මකම්මෙ කයිරමානෙ පටික්කොසිතු”න්ති.
Sinhala BJT98. එකල්හි සවග භික්‍ෂූහු සඟමැද අධර්‍මකර්‍ම කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අධර්‍මකර්‍ම නො කළ යුතු ය. යමෙක් කරන්නේ නම්, දුකුළාඇවැත් වේ.” අධර්‍මකර්‍ම කෙරෙත් ම ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අධර්‍මකර්‍ම කරණු ලබන කල්හි වළකාලන්නට අනුදනිමි” යි
Pali BJT99. තෙන ඛො පන සමයෙන පෙසලා භික්ඛූ ඡබ්බග්ගියෙහි භික්ඛූහි අධම්මකම්මෙ කයිරමානෙ පටික්කොසන්ති. ඡබ්බග්ගියා භික්ඛූ ලභන්ති ආඝාතං. ලභන්ති අප්පච්චයං, වධෙන තජ්ජෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, දිට්ඨිම්පි ආවීකාතු”න්ති. තෙසංයෙව සන්තිකෙ දිට්ඨිං ආවීකරොන්ති. ඡබ්බග්ගියා භික්ඛූ ලභන්ති ආඝාතං. ලභන්ති අප්පච්චයං, වධෙන තජ්ජෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, චතූහි පඤ්චහි පටික්කොසිතුං, ද්වීහි තීහි දිට්ඨිං ආවීකාතුං, එකෙන අධිට්ඨාතුං – න මෙතං ඛමතී”ති.
Sinhala BJT99. එකල්හි පේශල භික්‍ෂූහු සවග භික්‍ෂූන් අධර්‍මකර්‍ම කරණු ලබන කල්හි වළකාලත්. සවග භික්‍ෂූහු ක්‍රෝධ කෙරෙත්. නො සතුටු වෙත්. වධයෙන් තර්‍ජනය කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දෘෂ්ටිය ද ප්‍රකාශ කරන්නට අනුදනිමි.” ඔවුන් වෙත ම දෘෂ්ටිය ප්‍රකාශ කෙරෙත්. සවග භික්‍ෂූහු ක්‍රෝධ කෙරෙත්. නොසතුටු වෙත්. වධයෙන් තර්‍ජනය කෙරෙත්, භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ‘ඒ අධර්‍මකර්‍ම මට රුචි නො වේ’ යි සිවු දෙනකුන් විසින් පස් දෙනකුන් විසින් වළකාලන්නට ද, දෙදෙනකුන් විසින් තුන් දෙනකුන් විසින් දෘෂ්ටිය ප්‍රකාශ කරන්නට ද, එකකු විසින් ‘මෙය මට රුචි නො වේ ය’ යි ඉටන්ට ද අනුදනිමි” යි.
Pali BJT100. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සඞ්ඝමජ්ඣෙ පාතිමොක්ඛං උද්දිසමානා{3} සඤ්චිච්ච න සාවෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, පාතිමොක්ඛුද්දෙසකෙන සඤ්චිච්ච න සාවෙතබ්බං. යො න සාවෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT100. එකල්හි සවග භික්‍ෂූහු සඟ මැද පාමොක් උදෙසන්නාහු දාන දැන නො අස්වත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පාමොක් උදෙසන්නහු විසින් දැන දැන නො ඇස්විය යුතු නො වේ. යමෙක් නො අස්වන්නේ නම්, දුකුළාඇවැත් වේ.”
Pali BJT101. තෙන ඛො පන සමයෙන ආයස්මා උදායී සඞ්ඝස්ස පාතිමොක්ඛුද්දෙසකො හොති කාකස්සරකො. අථ ඛො ආයස්මතො උදායිස්ස එතදහොසි: “භගවතා පඤ්ඤත්තං පාතිමොක්ඛුද්දෙසකෙන සාවෙතබ්බ”න්ති, අහඤ්චම්හි කාකස්සරකො. කථන්නු ඛො මයා පටිපජ්ජිතබ්බ”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, පාතිමොක්ඛුද්දෙසකෙන වායමිතුං – කථං සාවෙය්ය න්ති. වායමන්තස්ස අනාපත්තී”ති.
Sinhala BJT101. එකල්හි ආයුෂ්මත් උදායිස්ථවිර තෙමේ සඞ්ඝයාගේ පාතිමොක්ඛුද්දෙසක වූයේ කවුඩුහඬ ඇත්තේ වේ. ඉක්බිති ආයුෂ්මත් උදායි ස්ථවිරයන් වහන්සේට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පාමොක් උදෙසන්නහු විසින් ඇස්විය යුතු ය’යි පණවන ලද්දේ ය. මම ද කවුඩු හඬ ඇත්තේ වෙමි. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ?” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පාතිමොක්ඛුද්දෙසකයා විසින් ‘කෙසේ අස්වන්නෙම් දැ’යි උත්සාහ කරන්නට අනුදනිමි. උත්සාහ කරන්නාහට ඇවැත් නො වේ.”
Pali BJT102. තෙන ඛො පන සමයෙන දෙවදත්තො සගහට්ඨාය පරිසාය පාතිමොක්ඛං උද්දිසති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, සගහට්ඨාය පරිසාය පාතිමොක්ඛං උද්දිසිතබ්බං. යො උද්දිසෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT102. එකල්හි දේවදත්ත තෙමේ ගිහියන් සහිත පිරිසෙහි පාමොක් උදෙසයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ගිහියන් සහිත පිරිසෙහි පාමොක් නො උදෙසිය යුතු ය. යමෙක් උදෙසන්නේ නම්, දුකුළාඇවැත් වේ.”
Pali BJT103. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සඞ්ඝමජ්ඣෙ අනජ්ඣිට්ඨා පාතිමොක්ඛං උද්දිසන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, සඞ්ඝමජ්ඣෙ අනජ්ඣිට්ඨෙන පාතිමොක්ඛං උද්දිසිතබ්බං. යො උද්දිසෙය්ය, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ, ‘ථෙරාධිකං{1} පාතිමොක්ඛ’න්ති.”
Sinhala BJT103. එකල්හි සවග භික්‍ෂූහු සඟ මැද ආරාධනා නො කරණ ලද්දාහු පාමොක් උදෙසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ආරාධනා නො කරණ ලද්දාහු විසින් සඟ මැද පාමොක් නො උදෙසිය යුතු ය. යමෙක් උදෙසන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, පාමොක් උදෙසීම ‘සඞ්ඝස්ථවිරයන් අයත් ය’ යි අනුදනිමි.”
Pali BJTඅඤ්ඤතිත්ථියභාණවාරං නිට්ඨිතං
Sinhala BJTඅන්‍යතීර්‍ත්‍ථකභාණවාරය නිමි.
Pali BJT1. අථ ඛො භගවා රාජගහෙ යථාභිරත්තං විහරිත්වා යෙන චොදනාවත්ථු, තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන චොදනාවත්ථු, තදවසරි. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්මිං ආවාසෙ සම්බහුලා භික්ඛූ විහරන්ති. තත්ථ ථෙරො භික්ඛු බාලො හොති අව්යත්තො. සො න ජානාති උපොසථං වා උපොසථකම්මං වා පාතිමොක්ඛං වා පාතිමොක්ඛුද්දෙසං වා.
Sinhala BJT1. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කැමැති තාක් වැඩ වාසය කොට චෝදනාවත්‍ථු නගරය බලා වැඩි සේක. පිළිවෙළින් චාරිකා කරණ සේක් චෝදනාවත්‍ථු නගරයට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ ඒ චෝදනාවත්‍ථුනගරයෙහි වැඩ වාසය කරත්. එකල්හි එහි එක්තරා ආවාසයෙක බොහෝ භික්‍ෂූහු වාසය කරති. එහි වැසි ස්ථවිර භික්‍ෂූ තෙමේ අඥ ය. අව්‍යක්ත ය. හෙ තෙමේ උපෝසථය හෝ උපෝසථකර්‍මය හෝ පාතිමොක්ඛය හෝ පාතිමොක්ඛුද්දෙසය හෝ නො දනි යි.
Pali BJT2. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි: “භගවතා පඤ්ඤත්තං ‘ථෙරාධිකං පාතිමොක්ඛ’න්ති, අයඤ්ච අම්හාකං ථෙරො බාලො අව්යත්තො. න ජානාති උපොසථං වා උපොසථකම්මං වා පාතිමොක්ඛං වා පාතිමොක්ඛුද්දෙසං වා. කථන්නු ඛො අම්හෙහි පටිපජ්ජිතබ්බ?”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, යො තත්ථ භික්ඛු ව්යත්තො පටිබලො, තස්සාධෙය්යං පාතිමොක්ඛ”න්ති.
Sinhala BJT2. එහි වැසි අනික් භික්‍ෂූන්ට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පාතිමොක්ඛය සඞ්ඝස්ථවිරයන් අයත්” යි පණවන ලද්දේ ය. අපගේ මේ ස්ථවිර තෙමේත් අඥ ය. අව්‍යක්ත ය. උපෝසථය හෝ උපෝසථ කර්‍මය හෝ පාතිමොක්ඛය හෝ පාතිමොක්ඛුද්දෙසය හෝ නො දනි යි. මෙහි ලා අප විසින් කෙසේ පිළිපැදිය යුතු දැ”? යි සිත් විය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, එහි ව්‍යක්ත වූ ප්‍රතිබල මහණෙක් වෙසේ නම්, පාතිමොක්ඛය ඔහු අයත් ය යි අනුදනිමි” යි.
Pali BJT3. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා භික්ඛූ විහරන්ති බාලා අව්යත්තා. තෙ න ජානන්ති උපොසථං වා උපොසථකම්මං වා පාතිමොක්ඛං වා පාතිමොක්ඛුද්දෙසං වා. තෙ ථෙරං අජ්ඣෙසිංසු: “උද්දිසතු භන්තෙ, ථෙරො පාතිමොක්ඛ”න්ති. සො එවමාහ. “න මෙ ආවුසො, වත්තතී”ති. දුතියං ථෙරං අජ්ඣෙසිංසු: “උද්දිසතු භන්තෙ, ථෙරො පාතිමොක්ඛ”න්ති. සොපි එවමාහ: “න මෙ ආවුසො වත්තතී”ති. තතියං ථෙරං අජ්ඣෙසිංසු: උද්දිසතු භන්තෙ ථෙරො පාතිමොක්ඛ”න්ති. සොපි එවමාහ: “න මෙ ආවුසො වත්තතී”ති. එතෙනෙව උපායෙන යාව සඞ්ඝනවකං අජ්ඣෙසිංසු: “උද්දිසතු ආයස්මා පාතිමොක්ඛ”න්ති. සොපි එවමාහ: “න මෙ භන්තෙ, වත්තතී”ති.
Sinhala BJT3. එකල්හි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි අඥ වූ අව්‍යක්ත වූ බොහෝ භික්‍ෂූහු වාසය කෙරෙත්. ඔහු උපෝසථය හෝ උපෝසථ කම්මය හෝ පාතිමොක්ඛය හෝ පාතිමොක්ඛුද්දෙසය හෝ නො දනිත්. ඔහු, “ස්වාමීනි, ස්ථවිර තෙමේ පාතිමොක්ඛය උදෙසාවා” යි තෙරුන්ට ආරාධනා කළහ. ස්ථවිර තෙමේ “ඇවැත්නි, මට ප්‍රගුණ නැතැ” යි කී ය. දෙවන තෙරුන්ට ද “ස්වාමීනි, ස්ථවිර තෙමේ පාතිමොක්ඛය උදෙසාවා” යි ආරාධනා කළහ. ඒ ස්ථවිර තෙමේ ද “ඇවැත්නි, මට ප්‍රගුණ නැතැ” යි කී ය. “ස්ථවිර තෙමේ පාතිමොක්ඛය උදෙසාවා” යි තෙවන තෙරුන්ට ද ආරාධනා කළහ. ඒ ස්ථවිර තෙමේත් “ඇවැත්නි, මට ප්‍රගුණ නැතැ” යි කී ය. මේ ක්‍රමයෙන් සඞ්ඝනවකයා තෙක් “ආයුෂ්මත් තෙමේ පාතිමොක්ඛය උදෙසාවා” යි ආරාධනා කළහ. හෙතෙමේ ද “ස්වාමීනි, මට ප්‍රගුණ නැතැ” යි කී ය.
Pali BJT4. භගවතො එතමත්ථං ආරොචෙසුං. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා භික්ඛූ විහරන්ති බාලා අබ්යත්තා. තෙ න ජානන්ති උපොසථං වා උපොසථකම්මං වා පාතිමොක්ඛං වා පාතිමොක්ඛුද්දෙසං වා. තෙ ථෙරං අජ්ඣෙසන්ති: ‘උද්දිසතු භන්තෙ, ථෙරො පාතිමොක්ඛ’න්ති. සො එවං වදෙති. ‘න මෙ ආවුසො වත්තතී’ති. දුතියම්පි{1} ථෙරං අජ්ඣෙසන්ති: “උද්දිසතු භන්තෙ, ථෙරො පාතිමොක්ඛ’න්ති. සොපි එවං වදෙති: ‘න මෙ ආවුසො වත්තතී”ති. තතියම්පි{2} ථෙරං අජ්ඣෙසන්ති: ‘උද්දිසතු භන්තෙ, ථෙරො පාතිමොක්ඛ’න්ති. සොපි එවං වදෙති: ‘න මෙ ආවුසො වත්තතී’ති. එතෙනෙව උපායෙන යාව සඞ්ඝනවකං අජ්ඣෙසන්ති: ‘උද්දිසතු ආයස්මා පාතිමොක්ඛ’න්ති. සොපි එවං වදෙති: ‘න මෙ භන්තෙ, වත්තතී’ති.
Sinhala BJT4. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි අඥ වූ අව්‍යක්ත වූ බොහෝ භික්‍ෂූහු වාසය කෙරෙත්. ඔහු උපෝසථය හෝ උපෝසථකර්‍මය හෝ පාතිමොක්ඛය හෝ පාතිමොක්ඛුදදේසය හෝ නො දනිත්. ඔහු ‘ස්වාමීනි, පාතිමොක්ඛය උදෙසාවා’ යි තෙරුන්ට ආරාධනා කෙරෙත්. ඒ ස්ථවිර තෙමේ ‘ඇවැත්නි, මට ප්‍රගුණ නැතැ’ යි කියයි. “ස්වාමීනි, ස්ථවිර තෙමේ පාතිමොක්ඛය උදෙසාවා’ යි දෙවන තෙරුන්ට ද ආරාධනා කෙරෙත්. හෙතෙමේ ද ‘ඇවැත්නි, මට ප්‍රගුණ නැතැ’ යි කියයි. තෙවන තෙරුන්ට ද ‘ස්වාමීනි, ස්ථවිර තෙමේ පාතිමොක්ඛය උදෙසාවා’ යි ආරාධනා කෙරෙත්. හෙ තෙමේත් ‘ඇවැත්නි, මට ප්‍රගුණ නැතැ” යි කියයි. මේ ක්‍රමයෙන් සඞ්ඝනවකයා තෙක් ‘ආයුෂ්මත් තෙමේ පාතිමොක්ඛය උදෙසාවා’ යි ආරාධනා කෙරෙත්. හෙ තෙමේත් ‘ස්වාමීනි, මට ප්‍රගුණ නැතැ’ යි කියයි.
Pali BJT“තෙහි භික්ඛවෙ, භික්ඛූහි එකො භික්ඛු සාමන්තා ආවාසා සජ්ජුකං පාහෙතබ්බො: ‘ගච්ඡාවුසො සංඛිත්තෙන වා විත්ථාරෙන වා පාතිමොක්ඛං පරියාපුණිත්වා{1} ආගච්ඡා” ති.
Sinhala BJT“මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් ‘ඇවැත්නි, සැකෙවින් හෝ විස්තර වශයෙන් හෝ පාතිමොක්ඛය ප්‍රගුණ කොට එව’ යි එක් මහණෙක් එදා ම එනු පිණිස සමීප ආවාසයකට යැවිය යුතු” යි.
Pali BJT5. අථ ඛො භික්ඛූනං එතදහොසි: “කෙන නු ඛො පාහෙතබ්බො?”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ථෙරෙන භික්ඛුනා භික්ඛූනං ආණාපෙතු”න්ති. ථෙරෙන ආණත්තා නවා භික්ඛූ න ගච්ඡන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, ථෙරෙන ආණත්තෙන අගිලානෙන න ගන්තබ්බං. යො න ගච්ඡෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT5. එකල්හි භික්‍ෂූන්ට “කවරකු විසින් (මහණෙක්) යැවිය යුතු දැ?” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ස්ථවිරභික්‍ෂූහු විසින් නවක මහණකුට අණ කරන්ට අනුදනිමි” යි. තෙරුන් විසින් අණ කරණ ලද නවක භික්‍ෂූහු නො යත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, තෙරුන් විසින් අණ කරණ ලද නො ගිලන් වූවහු නො යා යුතු නො වේ. යමෙක් නො යන්නෙන් නම් දුකුළා ඇවැත් වේ.”
Pali BJT6. අථ ඛො භගවා චොදනාවත්ථුස්මිං යථාභිරන්තං විහරිත්වා පුනදෙව රාජගහං පච්චාගඤ්ඡි. තෙන ඛො පන සමයෙන මනුස්සා භික්ඛූ පිණ්ඩාය චරන්තෙ පුච්ඡන්ති: “කතමී භන්තෙ පක්ඛස්සා?”ති. භික්ඛූ එවමාහංසු: “න ඛො මයං ආවුසො ජානාමා”ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “පක්ඛගණනමත්තමම්පි ‘මෙ සමණා සක්යපුත්තියා න ජානන්ති. කිම්පනිමෙ අඤ්ඤං කිඤ්චි කල්යාණං ජානිස්සන්තී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, පක්ඛගණනං උග්ගහෙතු”න්ති. අථ ඛො භික්ඛූනං එතදහොසි: “කෙන නු ඛො පක්ඛගණනා උග්ගහෙතබ්බා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, සබ්බෙහෙව පක්ඛගණනං උග්ගහෙතු”න්ති.
Sinhala BJT6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චෝදනාවත්‍ථු නගරයෙහි කැමැති තාක් වාසය කොට නැවත රජගහනුවරට පෙරළා වැඩිසේක. එකල්හි මිනිස්සු පිඬු සිඟා යන භික්‍ෂූන්ගෙන් “ස්වාමීනි, අද පක්‍ෂය පිළිබඳ කවර දින දැ?” යි විචාරත්. එවිට භික්‍ෂූහු “ඇවැත්නි, අපි නො දනිමු” යි කීහ. මිනිස්සු “මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ පක්‍ෂය ගිණිම් පමණකුත් නො දන්නෝ ය. කිම? මොහු අන් කිසි යහපතක් දනිත් දැ?” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පක්‍ෂ ගිණීම ඉගෙණ ගන්නට අනුදනිමි” යි. එකල්හි “භික්‍ෂූන්ට කවරකු විසින් පක්‍ෂ ගිණීම උගත යුත්තේ දැ? යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සියල්ලන් විසින් ම පක්‍ෂ ගිණීම ඉගෙණ ගන්නට අනුදනිමි” යි.
Pali BJT7. තෙන ඛො පන සමයෙන මනුස්සා භික්ඛූ පිණ්ඩාය චරන්තෙ පුච්ඡන්ති: “කීවතිකා භන්තෙ භික්ඛූ”ති. භික්ඛූ එවමාහංසු “න ඛො මයං ආවුසො ජානාමා”ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “අඤ්ඤමඤ්ඤම්පි ‘මෙ සමණා සක්යපුත්තියා න ජානන්ති. කිම්පනිමෙ අඤ්ඤං කිඤ්චි කල්යාණං ජානිස්සන්තී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, භික්ඛූ ගණෙතු”න්ති. අථ ඛො භික්ඛූනං එතදහොසි: “කදා නු ඛො භික්ඛූ ගණෙතබ්බා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, තදහුපොසථෙ නාමග්ගෙන{2} ගණෙතුං සලාකං වා ගාහෙතු”න්ති.
Sinhala BJT7. එකල්හි මිනිස්සු පිඬු සිඟා යන භික්‍ෂූන්ගෙන් “ස්වාමීනි, වෙහෙර වැසි භික්‍ෂූහු කොපමණ දැ? යි විචාරත්. (එවිට) භික්‍ෂූහු ‘ඇවැත්නි, අපි නො දනිමු යි” කියත්. මිනිස්සු ඒ අසා “මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ උනුන් ගැණ වත් නො දනිත්. කිම? මොහු අන් කිසි යහපතක් දනිත් දැ?” යි අවමන් කෙරෙත්. ගරහත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, භික්‍ෂූන් ගණින්නට අනුදනිමි” යි. එකල්හි භික්‍ෂූන්ට “කවදා නම් භික්‍ෂූන් ගිණිය යුතු දැ?” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට “මෙය සැළකළහ. “මහණෙනි, එදවස පොහොයෙහි නම් වශයෙන් ගණින්නට හෝ කුසපත් ගැන්වීමෙන් ගණින්නට හෝ අනුදනිමි” යි.
Pali BJT8. තෙන ඛො පන සමයෙන භික්ඛූ අජානන්තා අජ්ජුපොසථොති දූරං ගාමං{3} පිණ්ඩාය චරන්ති. තෙ උද්දිස්සමානෙපි පාතිමොක්ඛෙ ආගච්ඡන්ති. උද්දිට්ඨමත්තෙපි ආගච්ඡන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ආරොචෙතුං අජ්ජුපොසථො”ති. අථ ඛො භික්ඛූනං එතදහොසි: “කෙන නු ඛො ආරොචෙතබ්බො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ථෙරෙන භික්ඛුනා කාලවතො ආරොචෙතු”න්ති.
Sinhala BJT8. එකල්හි භික්‍ෂුහු “අද පොහොය” යි නො දන්නෝ දුර (ඈත) ගමට පිඬු සිඟා යත්. ඔහු පාමොක් උදෙසනු ලබන කල්හි ද එත්. උදෙසූ ඇසිල්ලෙහි ද එත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ‘අද පොහොය’ යි දන්වන්නට අනුදනිමි” යි. “කවරෙකු විසින් දැන්විය යුතු දැ?” යි භික්‍ෂූන්ට සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, ස්ථවිර භික්‍ෂූහු විසින් කල් ඇති ව තිබිය දී දන්වන්නට අනුදනිමි” යි.
Pali BJT9. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො ථෙරො කාලවතො නස්සරති. භගවතො එතමත්ථං ආරොචෙසුං. අනුජානාමි භික්ඛවෙ, භත්තකාලෙපි ආරොචෙතු”න්ති. භත්තකාලෙපි නස්සරති.{4} භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, යං කාලං සරති, තං කාලං ආරොචෙතු”න්ති.
Sinhala BJT9. එකල්හි එක්තරා ස්ථවිර නමක් කල් ඇති ව තිබිය දී එය සිහි නො කරයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, බත් කාලයෙහි දන්වන්නට අනුදනිමි” යි. බත් කාලයෙහි ද දන්වන්නට සිහි නො කරයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, යම් කාලයක සිහි කෙරේ ද, එකල්හි දන්වන්නට අනුදනිමි” යි
Pali BJT10. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්මිං ආවාසෙ උපොසථාගාරං උක්ලාපං හොති. ආගන්තුකා භික්ඛූ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛූ උපොසථාගාරං න සම්මජ්ජිස්සන්තී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, උපොසථාගාරං සම්මජ්ජිතු”න්ති. අථ ඛො භික්ඛූනං එතදහොසි: “කෙන නු ඛො උපොසථාගාරං සම්මජ්ජිතබ්බ”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ථෙරෙන භික්ඛුනා නවං භික්ඛුං ආණාපෙතු”න්ති. ථෙරෙන ආණත්තා නවා භික්ඛූ න සම්මජ්ජන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, ථෙරෙන ආණත්තෙන අගිලානෙන න සම්මජ්ජිතබ්බං. යො න සම්මජ්ජෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT10. එකල්හි එක්තරා ආවාසයෙක උපෝසථාගාරය කුණුකසළින් යුක්ත ව පවතී. ආගන්තුක භික්‍ෂූහු “කෙසේ නම් ආවාසයෙහි වසන භික්‍ෂූහු පොහොය ගෙය නො හමදින්නාහු දැ?” යි පරිභව කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, උපෝසථාගාරය හමදින්නට අනුදනිමි” යි. එකල්හි “කා විසින් උපෝසථාගාරය හැමදිය යුතු දැ? “යි භික්‍ෂූන්ට සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ස්ථවිර භික්‍ෂූහු විසින් නවක භික්‍ෂූහුහට අණ කරන්නට අනුදනිමි.” ස්ථවිර භික්‍ෂුහු විසින් අණ කරණ ලද නවකභික්‍ෂූහු (උපෝසථාගාරය) නො හමදිත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ස්ථවිර භික්‍ෂුහු විසින් අණ කරණ ලද නො ගිලන් මහණහු විසින් (උපෝසථාගාරය) නො හැමදිය යුතු නො වේ. යමෙක් නො හමදින්නේ නම්, දුකුළා ඇවැත් වේ” යි.
Pali BJT11. තෙන ඛො පන සමයෙන උපොසථාගාරෙ ආසනං අපඤ්ඤත්තං හොති. භික්ඛූ ඡමායං නිසීදන්ති. ගත්තානිපි චීවරානිපි පංසුකිතානි හොන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ උපොසථාගාරෙ ආසනං පඤ්ඤාපෙතු”න්ති. අථ ඛො භික්ඛූනං එතදහොසි: “කෙන නු ඛො උපොසථාගාරෙ ආසනං පඤ්ඤපෙතබ්බ?”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ථෙරෙන භික්ඛුනා නවං භික්ඛුං ආණාපෙතු”න්ති. ථෙරෙන ආණත්තා නවා භික්ඛූ න පඤ්ඤාපෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ ථෙරෙන ආණත්තෙන අගිලානෙන න පඤ්ඤාපෙතබ්බං. යො න පඤ්ඤාපෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT11. එකල්හි උපෝසථාගාරයෙහි අසුන් නො පණවන ලද්දේ වේ. භික්‍ෂූහු බිම හිඳිත්. සිරුරුත් සිවුරුත් පසින් තැවරුණේ වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, උපෝසථාගාරයෙහි අසුන් පණවන්නට අනුදනිමි. එකල්හි “කා විසින් උපෝසථාගාරයෙහි අසුන් පැණවිය යුතු දැ?” යි භික්‍ෂූන්ට සිත් වි ය. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ස්ථවිර භික්‍ෂූහු විසින් නවක භික්‍ෂූහු හට අණ කරන්නට අනුදනිමි” යි. තෙරුන් විසින් අණ කරණ ලද නවක භික්‍ෂූහු (අසුන්) නො පණවත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, තෙරුන් විසින් අණ කරණ ලද නො ගිලන්හු විසින් (අසුන්) නො පැණවිය යුතු නො වේ. යමෙක් නො පණවන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
Pali BJT12. තෙන ඛො පන සමයෙන උපොසථාගාරෙ පදීපො න හොති. භික්ඛූ අන්ධකාරෙ කායම්පි චීවරම්පි අක්කමන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, උපොසථාගාරෙ පදීපං කාතු”න්ති. අථ ඛො භික්ඛූනං එතදහොසි: “කෙන නු ඛො උපොසථාගාරෙ පදීපො කාතබ්බො?”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ථෙරෙන භික්ඛුනා නවං භික්ඛුං ආණාපෙතු”න්ති. ථෙරෙන ආණත්තා නවා භික්ඛූ නප්පදීපෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, ථෙරෙන ආණත්තෙන අගිලානෙන නප්පදීපෙතබ්බො, යො නප්පදීපෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT12. එකල්හි උපෝසථාගාරයෙහි පහන් දැල්වීමෙක් නො වේ. භික්‍ෂූහු අඳුරෙහි (උනුන්ගේ) සිරුරු ද සිවුරු ද පාගත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, උපෝසථාගාරයෙහි පහන් දල්වන්නට අනුදනිමි.” එවිට “කා විසින් උපෝසථාගාරයෙහි පහන් දැල්විය යුතු දැ?” යි භික්‍ෂූන්ට සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, තෙරුන් විසින් එය නවක භික්‍ෂුහුහට අණ කරන්ට අනුදනිමි.” තෙරුන් විසින් අණවන ලද නවක භික්‍ෂූහු පහන් නො දල්වත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, තෙරුන් විසින් අණ කරණ ලද නො ගිලන්හු විසින් පහන් නො දැල්විය යුතු නො වේ. යමෙක් නො දල්වන්නේ නම්, දුකුළාඇවැත් වේ.”
Pali BJT13. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්මිං ආවාසෙ ආවාසිකා භික්ඛූ නෙව පානීයං උපට්ඨාපෙන්ති. න පරිභොජනීයං උපට්ඨාපෙන්ති. ආගන්තුකා භික්ඛූ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආවාසිකා භික්ඛූ නෙව පානීයං උපට්ඨාපෙස්සන්ති? න පරිභොජනීයං උපට්ඨාපෙස්සන්තී?”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, පානීයං පරිභොජනීයං උපට්ඨාපෙතු”න්ති. අථ ඛො භික්ඛූනං එතදහොසි: “කෙන නු ඛො පානීයං පරිභොජනීයං උපට්ඨාපෙතබ්බ?”න්ති.
Sinhala BJT13. එකල්හි එක්තරා ආවාසයෙක ආවාසයෙහි වසන භික්‍ෂූහු පැන් නො තබත්. පරිභෝගයට ගන්නා දිය නො තබත්. ආගන්තුක භික්‍ෂූහු “කෙසේ නම් ආවාසික භික්‍ෂූහු පැන් නො තබන්නාහු ද? පරිභෝගයට ගන්නා දිය නො තබන්නාහු දැ?” යි අවමන් කෙරෙ ති. ගරහති. දොස් කියති. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පැන් ද පරිභෝගයට ගන්නා දිය ද තබන්නට අනුදනිමි” යි. “එකල්හි භික්‍ෂූන්ට කවරෙකු විසින් පැන්, පරිභෝගයට ගන්නා දිය තැබිය යුතු දැ? යි සිත් විය.
Pali BJTභගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ථෙරෙන භික්ඛුනා නවං භික්ඛුං ආණාපෙතු”න්ති. ථෙරෙන ආණත්තා නවා භික්ඛූ න උපට්ඨාපෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, ථෙරෙන ආණත්තෙන අගිලානෙන න උපට්ඨාපෙතබ්බං. යො න උපට්ඨාපෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ස්ථවිර භික්‍ෂූහු විසින් නවක භික්‍ෂූහුහට අණ කරන්නට අනුදනිමි.” තෙරුන් විසින් අණ කරණ ලද නවක භික්‍ෂූහු (පැන් හා දිය ද) නො තබත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. ‘මහණෙනි, තෙරුන් විසින් අණ කරණ ලද නො ගිලන්හු විසින් පැන් හා පරිභෝගයට ගන්නා දිය නො තැබිය යුතු නො වේ. යමෙක් නො තබන්නේ නම්, දුකුළා ඇවැත් වේ” යි.
Pali BJT14. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ බාලා අබ්යත්තා දිසංගමිකා ආචරියුපජ්ඣායෙ න ආපුච්ඡිංසු{1}. භගවතො එතමත්ථං ආරොචෙසුං. “ඉධ පන භික්ඛවෙ, සම්බහුලා භික්ඛූ බාලා අබ්යත්තා දිසංගමිකා ආචරියුපජ්ඣායෙ න ආපුච්ඡන්ති{2}, තෙ භික්ඛවෙ, ආචරියුපජ්ඣායෙහි පුච්ඡිතබ්බා – කහං ගමිස්සථ? කෙන සද්ධිං ගමිස්සථා?”ති.
Sinhala BJT14. එකල්හි අඥ වූ අව්‍යක්ත වූ බොහෝ භික්‍ෂූහු පිටිසර දනවු බලා යන්නාහු ආචාර්‍ය්‍යෝපාදධ්‍යයායයන් නො විචාළාහු ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මෙහි අඥ වූ අව්‍යක්ත වූ බොහෝ භික්‍ෂූහු පිටිසර බලා යන්නාහු ආචාර්‍ය්‍යෝපාදධ්‍යයායයන් නො විචාරති. මහණෙනි, ආචාර්‍ය්‍යෝපාදධ්‍යයායයන් විසින් ‘කො තැන්හි යන්නහු ද? කවරකු සමග යන්නහු දැ ” යි ඒ අන්තේවාසික සද්ධිවිහාරිකයෝ විචාළ යුත්තාහු ය.”
Pali BJT15. “තෙ චෙ භික්ඛවෙ, බාලා අබ්යත්තා අඤ්ඤෙ බාලෙ අබ්යත්තෙ අපදිසෙය්යුං, න භික්ඛවෙ, ආචරියුපජ්ඣායෙහි අනුජානිතබ්බා. අනුජානෙය්යුං චෙ, ආපත්ති දුක්කටස්ස. තෙ ච{3} භික්ඛවෙ, බාලා අබ්යත්තා අනනුඤ්ඤාතා ආචරියුපජ්ඣායෙහි ගච්ඡෙය්යුං චෙ, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT15. “මහණෙනි, ඉදින් අඥ වූ අව්‍යක්ත වූ ඔහු (එසේ ම) අඥ වූ අව්‍යක්ත වූ අන් මහණුන් දක්වන්නාහු නම්, මහණෙනි, ආචාර්‍ය්‍යෝපාදධ්‍යයායයන් විසින් ඔහු නො අනුදැනිය යුතු ය. ඉදින් අනුදන්නාහු නම්, දුකුළා ඇවැත් වේ. මහණෙනි, ආචාර්‍ය්‍යෝපාදධ්‍යයායයන් විසින් නො අනුදන්නා ලද අඥ වූ අව්‍යක්ත වූ ඔහු යන්නාහු නම්, දුකුළාඇවැත් වේ.”
Pali BJT16. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ සම්බහුලා භික්ඛූ විහරන්ති බාලා අබ්යත්තා. තෙ න ජානන්ති උපොසථං වා උපොසථකම්මං වා පාතිමොක්ඛං වා පාතිමොක්ඛුද්දෙසං වා. තත්ථ අඤ්ඤො භික්ඛු ආගච්ඡති බහුස්සුතො ආගතාගමො ධම්මධරො විනයධරො මාතිකාධරො පණ්ඩිතො බ්යත්තො මෙධාවී ලජ්ජී කුක්කුච්චකො සික්ඛාකාමො. තෙහි භික්ඛවෙ, භික්ඛූහි සො භික්ඛු සඞ්ගහෙතබ්බො අනුග්ගහෙතබ්බො උපලාපෙතබ්බො උපට්ඨාපෙතබ්බො චුණ්ණෙන මත්තිකාය දන්තකට්ඨෙන මුඛොදකෙන. නො චෙ සඞ්ගණ්හෙය්යුං අනුග්ගණ්හෙය්යුං උපලාපෙය්යුං උපට්ඨාපෙය්යුං චුණ්ණෙන මත්තිකාය දන්තකට්ඨෙන මුඛොදකෙන, ආපත්ති දුක්කටස්ස.”
Sinhala BJT16. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක අඥ වූ අව්‍යක්ත වූ බොහෝ භික්‍ෂූහු වාසය කරත්, ඔහු උපෝසථය හෝ උපෝසථකර්‍මය හෝ පාතිමොක්ඛය හෝ පාතිමොක්ඛුද්දෙසය හෝ නො දනිත්. එ තැනට බොහෝ ඇසූ පිරූ තැන් ඇති දත්ආගම ඇති ධර්‍මධර වූ විනයධර වූ උභයමාතෘකාධර වූ නුවණැත්තා වූ ව්‍යක්ත වූ විදසුන්නුවණැති පව් කිරීමෙහි ලජ්ජා ඇති කුකුස් ඇති ශික්‍ෂාකාමී වූ අන් භික්‍ෂුනමක් එයි. මහණෙනි, ඒ ආවාසික භික්‍ෂූන් විසින් ඒ භික්‍ෂූතෙමේ (ඇඟ ගානා) සුණුයෙන් මැටි යෙන් දැහැටියෙන් මුව දෝනාදියෙන් සංග්‍රහ කළ යුතු ය. අනුග්‍රහ කළ යුතු ය. ප්‍රිය වචනයෙන් කතා කළ යුතු ය. උපස්ථාන කළ යුතු ය. ඉදින් සුණුයෙන් මැටියෙන් දැහැටියෙන් මුවදෝනා දියෙන් සංග්‍රහ නො කරන්නාහු නම්, අනුග්‍රහ නො කරන්නාහු නම්, ප්‍රිය වචනයෙන් නො කතා කරන්නාහු නම්, උපස්ථාන නො කරන්නාහු නම්, දුකුළාඇවැත් වේ.”
Pali BJT17. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා භික්ඛූ විහරන්ති බාලා අබ්යත්තා. තෙ න ජානන්ති උපොසථං වා උපොසථකම්මං වා පාතිමොක්ඛං වා පාතිමොක්ඛුද්දෙසං වා. තෙහි භික්ඛවෙ, භික්ඛූහි එකො භික්ඛු සාමන්තා ආවාසා සජ්ජුකං පාහෙතබ්බො: “ගච්ඡාවුසො සංඛිත්තෙන වා විත්ථාරෙන වා පාතිමොක්ඛං පරියාපුණිත්වා ආගච්ඡා”ති. එවඤ්චෙතං ලභෙථ, ඉච්චෙතං කුසලං. නො චෙ ලභෙථ, තෙහි භික්ඛවෙ, භික්ඛූහි සබ්බෙහෙව යත්ථ ජානන්ති උපොසථං වා උපොසථකම්මං වා පාතිමොක්ඛං වා පාතිමොක්ඛුද්දෙසං වා, සො ආවාසො ගන්තබ්බො . නො චෙ ගච්ඡෙය්යුං, ආපත්ති දුක්කටස්ස.”
Sinhala BJT17. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි අඥ වූ අව්‍යක්ත වූ බොහෝ භික්‍ෂූහු වාසය කරත්. ඔහු උපෝසථය හෝ උපෝසථකර්‍මය හෝ පාතිමොක්ඛය හෝ පාතිමොක්ඛුද්දෙසය හෝ නො දනිත්. මහණෙනි, ඒ ආවාසික භික්‍ෂූන් විසින් ‘ඇවැත්නි, යව. සැකෙවින් හෝ විස්තර වශයෙන් හෝ පාතිමොක්ඛය ප්‍රගුණ කොට එව’ යි එක් භික්‍ෂු නමක් සමීප විහාරයකට එදවස ම එනු පිණිස යැවිය යුතු ය. මෙය මෙසේ ලබන්නහු නම්, එය යහපත් ය. නො ලබන්නහු නම්, මහණෙනි, ඒ සියලු භික්‍ෂූන් විසින් උපෝසථය හෝ උපෝසථකම්මය හෝ පාතිමොක්ඛය හෝ පාතිමොක්ඛුද්දෙසය හෝ යම් තැනක වැසි භික්‍ෂූහු දනිත් ද, ඒ ආවාසයට යා යුතු ය. නො යන්නාහු නම්, දුකුළාඇවැත් වේ.”
Pali BJT18. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ සම්බහුලා භික්ඛූ වස්සං වසන්ති බාලා අබ්යත්තා. තෙ න ජානන්ති උපොසථං වා උපොසථකම්මං වා පාතිමොක්ඛං වා පාතිමොක්ඛුද්දෙසං වා. තෙහි භික්ඛවෙ, භික්ඛූහි එකො භික්ඛු සාමන්තා ආවාසා සජ්ජුකං පාහෙතබ්බො: “ගච්ඡාවුසො සංඛිත්තෙන වා විත්ථාරෙන වා පාතිමොක්ඛං පරියාපුණිත්වා ආගච්ඡා”ති. එවඤ්චෙතං ලභෙථ, ඉච්චෙතං කුසලං. නො චෙ ලභෙථ, එකො භික්ඛු සත්තාහකාලිකං පාහෙතබ්බො: ‘ගච්ඡාවුසො සංඛිත්තෙන වා විත්ථාරෙන වා පාතිමොක්ඛං පරියාපුණිත්වා ආගච්ඡා’ති. එවඤ්චෙතං ලභෙථ, ඉච්චෙතං කුසලං. නො චෙ ලභෙථ, න භික්ඛවෙ, තෙහි භික්ඛූහි තස්මිං ආවාසෙ වස්සං වසිතබ්බං. වසෙය්යුං චෙ, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT18. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක අඥ වූ අව්‍යක්ත වූ බොහෝ භික්‍ෂූහු වස් වෙසෙත්. ඔහු උපෝසථය හෝ උපෝසථකර්‍මය හෝ පාතිමොක්ඛය හෝ පාතිමොක්ඛුද්දෙසය හෝ නො ද නිත්. මහණෙනි, එහි වැසි භික්‍ෂූන් විසින් ‘ඇවැත්නි, යව, සැකෙවින් හෝ විස්තර වශයෙන් හෝ පාතිමොක්ඛය පුහුණු කොට එව’ යි සමීපවිහාරයකට භික්‍ෂු නමක් එ දවසම එනු පිණිස යැවිය යුතු ය. මෙය මෙසේ ලබන්නෝ නම්, එය යහපත් ය. ඉදින් නො ලබන්නේ නම්, ඇවැත්නි, යව, සැකෙවින් හෝ විස්තර වශයෙන් හෝ පාතිමොක්ඛය පුහුණු කොට එව’ යි එක් භික්‍ෂුනමක් සත් දවසකට කල් නියම කොට යැවිය යුතු ය. එය මෙසේ ලබන්නහු නම්, ඒ යහපත් ය. ඉදින් නො ලබන්නහු නම්, මහණෙනි, ඒ භික්‍ෂූන් ඒ ආවාසයෙහි වස් නො විසිය යුතු ය. ඉදින් වසන්නෝ නම්, දුකුළාඇවැත් වේ.”
Pali BJT19. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි. “සන්නිපතථ භික්ඛවෙ, සඞ්ඝො උපොසථං කරිස්සතී”ති. එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච: “අත්ථි භන්තෙ, භික්ඛු ගිලානො. සො අනාගතො”ති. “අනුජානාමි භික්ඛවෙ, ගිලානෙන භික්ඛුනා පාරිසුද්ධිං දාතුං. එවඤ්ච පන භික්ඛවෙ දාතබ්බා: තෙන ගිලානෙන භික්ඛුනා එකං භික්ඛුං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: පාරිසුද්ධිං දම්මි. පාරිසුද්ධිං මෙ හර. පාරිසුද්ධිං මෙ ආරොචෙහී”ති. කායෙන විඤ්ඤාපෙති, වාචාය විඤ්ඤාපෙති, කායෙන වාචාය විඤ්ඤාපෙති, දින්නා හොති පාරිසුද්ධි. න කායෙන විඤ්ඤාපෙති, න වාචාය විඤ්ඤාපෙති, න කායෙන වාචාය විඤ්ඤාපෙති, න දින්නා හොති පාරිසුද්ධි. එවඤ්චෙතං ලභෙථ, ඉච්චෙතං කුසලං. නො චෙ ලභෙථ, සො භික්ඛවෙ, ගිලානො භික්ඛු මඤ්චෙන වා පීඨෙන වා සඞ්ඝමජ්ඣෙ ආනෙත්වා උපොසථො කාතබ්බො. සචෙ භික්ඛවෙ, ගිලානුපට්ඨාකානං භික්ඛූනං එවං හොති: “සචෙ ඛො මයං ගිලානං ඨානා චාවෙස්සාම, ආබාධො වා අභිවඩ්ඪිස්සති. කාලකිරියා වා භවිස්සතී’ති, න භික්ඛවෙ, ගිලානො ඨානා චාවෙතබ්බො. සඞ්ඝෙන තත්ථ ගන්ත්වා උපොසථො කාතබ්බො. නත්වෙව වග්ගෙන සඞ්ඝෙන උපොසථො කාතබ්බො. කරෙය්ය චෙ, ආපත්ති දුක්කටස්ස”.
Sinhala BJT19. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, රැස් වවු. සඞ්ඝතෙමේ පොහොය කරන්නේ ය” යි භික්‍ෂූන් ඇමතූ සේක. මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් “ස්වාමීනි, එක් ගිලන් මහණෙක් ඇත්තේ ය. හෙතෙමේ නො ආයේ” යි භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේ ය. “මහණෙනි ගිලන් භික්‍ෂුහු විසින් පාරිශුද්ධිය දෙන්නට අනුදනිමි. මහණෙනි, ඒ මෙසේ දිය යුතු ය. ඒ ගිලන් මහණහු විසින් එක් මහණකු වෙතට ගොස් උතුරුසඟසිවුර එකස් කොට පොරොවා උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳ ‘පාරිශුද්ධිය දෙමි. මාගේ පාරිශුද්ධිය ගෙණ යව, මාගේ පාරිශුද්ධිය සඞ්ඝයාට දන්වාලව’ යි මෙසේ කිය යුතු වන්නේ ය. මෙය කයින් හඟවා ද, වචනයෙන් හඟවා ද, කය වචන දෙකින් හඟවා ද, (එකල) පාරිශුද්ධිය දෙන ලද්දී වේ. කයින් නො හඟවා ද, වචනයෙන් නො හඟවා ද, කයින් හා වචනයෙන් නො හඟවා ද, පාරිශුද්ධිය නො දෙන ලද්දී වේ. මෙය මෙසේ ලබන්නහු නම්, ඒ යහපත් ය. ඉදින් නො ලබන්නහු නම්, මහණෙනි, ඒ ගිලන් මහණහු ඇඳකින් හෝ පුටුවකින් හෝ සඞ්ඝයා මධ්‍යයට ගෙණවුත් පොහොය කළ යුතු ය. මහණෙනි, ඉදින් ග්ලානෝපස්ථායක භික්‍ෂූන්ට ‘ඉදින් අපි ගිලනහු හුන් තැනින් ඉවත් කරන්නෙමු නම්, ආබාධය හෝ වැඩෙන්නේ ය. කලුරිය කිරීම හෝ වන්නේ ය” යි අදහස් වේ ද, මහණෙනි, ගිලන් තෙමේ හුන් තැනින් නො ඉවත් කළ යුතු ය. සඞ්ඝයා එ තැනට ගොස් පොහොය කළ යුතු ය. වර්‍ග වූ සඞ්ඝයා විසින් පොහොය නො කළ යුතු ම ය. කරන්නේ නම් දුකුළාඇවැත් වේ” යි.
Pali BJT20. “පාරිසුද්ධිහාරකො චෙ භික්ඛවෙ, දින්නාය පාරිසුද්ධියා තත්ථෙව පක්කමති, අඤ්ඤස්ස දාතබ්බා පාරිසුද්ධි. පාරිසුද්ධිහාරකො චෙ භික්ඛවෙ, දින්නාය පාරිසුද්ධියා තත්ථෙව විබ්භමති, කාලං කරොති, සාමණෙරො පටිජානාති, – සික්ඛං පච්චක්ඛාතකො පටිජානාති, අන්තිමවත්ථුං අජ්ඣාපන්නකො පටිජානාති, උම්මත්තකො පටිජානාති, ඛිත්තචිත්තො පටිජානාති, වෙදනාට්ටො පටිජානාති, ආපත්තියා අදස්සනෙ උක්ඛිත්තකො පටිජානාති, ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛිත්තකො පටිජානාති, පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛිත්තකො පටිජානාති, පණ්ඩකො පටිජානාති, ථෙය්යසංවාසකො පටිජානාති, තිත්ථියපක්කන්තකො පටිජානාති, තිරච්ඡානගතො පටිජානාති, මාතුඝාතකො පටිජානාති, පිතුඝාතකො පටිජානාති, අරහන්තඝාතකො පටිජානාති, භික්ඛුනිදූසකො පටිජානාති, සඞ්ඝභෙදකො පටිජානාති, ලොහිතුප්පාදකො පටිජානාති, උභතොබ්යඤ්ජනකො පටිජානාති, අඤ්ඤස්ස දාතබ්බා පාරිසුද්ධි”.
Sinhala BJT20. “මහණෙනි, ඉදින් පාරිශුද්ධිය ගෙණ එන මහණ තෙමේ පාරිශුද්ධිය දුන් කල්හි (සඟ මැදට නො පැමිණ) එහි දී ම කොතැන්හි හෝ යේ ද, (එකල) පාරිශුද්ධිය අනෙකෙකුට දිය යුතු ය. මහණෙනි, පාරිශුද්ධිය ගෙණ එන මහණ තෙමේ ඉදින් පාරිශුද්ධිය දුන් කල්හි එහි දී ම සිවුරු හරී ද, කලුරිය කෙරේ ද, ‘මම හෙරණෙක්මි’ යි පිළිණ කෙරේ ද, ‘ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානය කෙළෙමි’ යි පිළිණ කෙරේ ද, ‘අන්තිම වස්තුවට පැමිණියෙමි’ යි පිළිණ කෙරේ ද ‘උමතු වූවෙක්මි’ යි පිළිණ කෙරේ ද, ‘වික්‍ෂිප්ත සිත් ඇත්තෙමි’ යි පිළිණ කෙරේ ද, ‘වේදනාවෙන් පෙළෙන්නෙමි’ යි පිළිණ කෙරේ ද, ‘ඇවැත් නො දැක්මෙහි උත්ක්‍ෂේපණීය කර්‍මයෙන් බැහැර කරණ ලද්දෙමි’ යි පිළිණ කෙරේ ද ‘ඇවැතට පිළියම් නො කිරීමෙහි උත්ක්‍ෂේපණීය කර්‍මයෙන් බැහැර කරණ ලද්දෙමි’ යි පිළිණ කෙරේ ද, ‘ලාමක දෘෂ්ටිය අත් නො හැරීමෙහි උත්ක්‍ෂේපණීය කර්‍මයෙන් බැහැර කරණ ලද්දෙමි’ යි පිළිණ කෙරේ ද, ‘පණ්ඩකයෙක්මි’ යි පිළිණ කෙරේ ද, “ථෙය්‍යසංවාසකයෙකිමි’ යි පිළිණ කෙරේ ද, තිත්‍ථියපක්කන්තකයෙක්මි’යි පිළිණ කෙරේ ද, ‘තිරිසන් ගියෙක්මි’ යි පිළිණ කෙරේ ද, ‘මාතෘඝාතකයෙක්මි’ යි පිළිණ කෙරේ ද, ‘පිතෘඝාතකයෙක්මි’ යි පිළිණ කෙරේ ද, ‘අරහන්තඝාතකයෙක්මි’ යි පිළිණ කෙරේ ද, “භික්ඛුණි දූසකයෙක්මි’ යි පිළිණ කෙරේ ද, ‘සඞ්ඝභේදකයෙක්මි’ යි පිළිණ කෙරේ ද, ‘ලොහිතුප්පාදකයෙක්මි” යි පිළිණකෙරේ ද, ‘උභතොබ්‍යඤ්ජනකයෙක්මි” යි පිළිණ කෙරේ ද, එකල අනෙකෙකුට පාරිශුද්ධිය දිය යුතු ය.”
Pali BJT21. “පාරිසුද්ධිහාරකො චෙ භික්ඛවෙ, දින්නාය පාරිසුද්ධියා අන්තරාමග්ගෙ පක්කමති, අනාහටා හොති පාරිසුද්ධි. පාරිසුද්ධිහාරකො චෙ, භික්ඛවෙ, දින්නාය පාරිසුද්ධියා අන්තරාමග්ගෙ විබ්භමති, -පෙ- උභතොබ්යඤ්ජනකො පටිජානාති, අනාහටා හොති පාරිසුද්ධි.”
Sinhala BJT21. “මහණෙනි, ඉදින් පාරිශුද්ධිය ගෙණ එන මහණ තෙමේ පාරිශුද්ධිය දුන් කල්හි අතරමග දී බැහැර යේ ද, පාරිශුද්ධිය නො ගෙණෙන ලද්දී වේ. මහණෙනි, ඉදින් පාරිශුද්ධිය ගෙණ එන මහණ තෙමේ පාරිශුද්ධිය දුන් කල්හි අතරමග දී සිවුරු හරී ද, කලුරිය කෙරේ ද, – පෙ – ‘උභතෝබ්‍යඤ්ජනකයෙමි’ යි පිළිණ කෙරේ ද, පාරිශුද්ධිය නො ගෙණෙන ලද්දී වේ.”
Pali BJT22. “පාරිසුද්ධිහාරකො චෙ භික්ඛවෙ, දින්නාය පාරිසුද්ධියා සඞ්ඝප්පත්තො පක්කමති, ආහටා හොති පාරිසුද්ධි. පාරිසුද්ධිහාරකො චෙ භික්ඛවෙ, දින්නාය පාරිසුද්ධියා සඞ්ඝප්පත්තො විබ්භමති, කාලං කරොති, -පෙ- උභතොබ්යඤ්ජනකො පටිජානාති, ආහටා හොති පාරිසුද්ධි.”
Sinhala BJT22. “මහණෙනි, ඉදින් පාරිශුද්ධිය ගෙණ එන මහණ තෙමේ පාරිශුද්ධිය දුන් කල්හි සඞ්ඝයා වෙතට පැමිණියේ බැහැර යේ ද, පාරිශුද්ධිය ගෙණෙන ලද්දී වේ. මහණෙනි, ඉදින් පාරිශුද්ධිය , ගෙණ එන මහණ තෙමේ පාරිශුද්ධිය දුන් කල්හි සඞ්ඝයා වෙතට පැමිණියේ සිවුරු හරී ද, කලුරිය කෙරේ ද, – පෙ – “උභතොබ්‍යඤ්ජනකයෙමි’ යි පිළිණ කෙරේ ද, පාරිශුද්ධිය ගෙණෙන ලද්දී වේ.”
Pali BJT23. “පාරිසුද්ධිහාරකො චෙ භික්ඛවෙ, දින්නාය පාරිසුද්ධියා සඞ්ඝප්පත්තො සුත්තො න ආරොචෙති, පමත්තො න ආරොචෙති, සමාපන්නො න ආරොචෙති, ආහටා හොති පාරිසුද්ධි. පාරිසුද්ධිහාරකස්ස අනාපත්ති.”
Sinhala BJT23. “මහණෙනි, ඉදින් පාරිශුද්ධිය ගෙණ එන මහණ තෙමේ පාරිශුද්ධිය දුන් කල්හි සඞ්ඝයා වෙතට පැමිණියේ නිදි ගත්තේ නො සැළකෙරේ ද, ප්‍රමත්ත වූයේ නො සැළකෙරේ ද, සමාධියට සමවන්නේ නො සැළ කෙරේ ද, පාරිශුද්ධිය ගෙණෙන ලද්දී වේ. පාරිශුද්ධිය ගෙණ ආවහුට ඇවැත් නො වේ.”
Pali BJT24. “පාරිසුද්ධිහාරකො චෙ භික්ඛවෙ, දින්නාය පාරිසුද්ධියා සඞ්ඝප්පත්තො සඤ්චිච්ච න ආරොචෙති. ආහටා හොති පාරිසුද්ධි. පාරිසුද්ධිහාරකස්ස ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT24. “මහණෙනි, ඉදින් පාරිශුද්ධිහාරක තෙමේ පාරිශුද්ධිය දුන් කල්හි සඞ්ඝයා වෙතට පැමිණියේ දැන දැන නො සැළකෙරේ ද, පාරිශුද්ධිය ගෙණෙන ලද්දී වේ. පාරිශුද්ධිහාරකයාහට දුකුළාඇවැත් වේ.”
Pali BJT25. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “සන්නිපතථ භික්ඛවෙ, සඞ්ඝො කම්මං කරිස්සතී”ති. එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච: “අත්ථි භන්තෙ භික්ඛු ගිලානො, සො අනාගතො”ති. “අනුජානාමි භික්ඛවෙ, ගිලානෙන භික්ඛුනා ඡන්දං දාතුං. එවඤ්ච පන භික්ඛවෙ, දාතබ්බො: තෙන ගිලානෙන භික්ඛුනා එකං භික්ඛුං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිම්පග්ගහෙත්වා එවමස්ස වචනීයො: ‘ඡන්දං දම්මි, ඡන්දං මෙ හර, ඡන්දං මෙ ආරොචෙහී’ති. කායෙන විඤ්ඤාපෙති, වාචාය විඤ්ඤාපෙති, කායෙන වාචාය විඤ්ඤාපෙති, දින්නො හොති ඡන්දො. න කායෙන විඤ්ඤාපෙති, න වාචාය විඤ්ඤාපෙති, න කායෙන වාචාය විඤ්ඤාපෙති, න දින්නො හොති ඡන්දො. එවඤ්චෙතං ලභෙථ, ඉච්චෙතං කුසලං. නො චෙ ලභෙථ, සො, භික්ඛවෙ, ගිලානො භික්ඛු මඤ්චෙන වා පීඨෙන වා සඞ්ඝමජ්ඣෙ ආනෙත්වා කම්මං කාතබ්බං. සචෙ භික්ඛවෙ, ගිලානුපට්ඨාකානං භික්ඛූනං එවං හොති: ‘සචෙ ඛො මයං ගිලානං ඨානා චාවෙස්සාම, ආබාධො වා අභිවඩ්ඪිස්සති කාලංකිරියා වා භවිස්සතී’ති. න භික්ඛවෙ, ගිලානො ඨානා චාවෙතබ්බො. සඞ්ඝෙන තත්ථ ගන්ත්වා කම්මං කාතබ්බං. නත්වෙව වග්ගෙන සඞ්ඝෙන කම්මං කාතබ්බං. කරෙය්ය චෙ, ආපත්ති දුක්කටස්ස.”
Sinhala BJT25. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, සඞ්ඝ තෙමේ කර්‍ම කරන්නේ ය, රැස් වවු” යි භික්‍ෂූන් ඇමතූ සේක. මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් තෙමේ “ස්වාමීනි, ගිලන් මහණෙක් ඇත්තේ ය, ඒ මහණ නො ආයේ” යි භාග්‍යවතුන් වහන්සේට සැළකළේ ය. “මහණෙනි, ගිලන් මහණහු විසින් ඡන්‍දය දෙන්නට අනුදනිමි. මහණෙනි, එය මෙසේ දිය යුතු ය: ඒ ගිලන් මහණහු එක් මහණෙකු වෙතට පැමිණ උතුරු සඟ සිවුර එකස් කොට පොරොවා උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳ ‘ඡන්‍දය දෙමි. මාගේ ඡන්‍දය ගෙණ යව, මාගේ ඡන්‍දය සැළකරව’ යි මෙසේ කිය යුතු වන්නේ ය. මෙය කයින් හඟවා ද, වචනයෙන් හඟවා ද, කයින් හා වචනයෙන් හඟවා ද, ඡන්‍දය දෙන ලද්දේ වේ. කයින් නො හඟවා ද, වචනයෙන් නො හඟවා ද, කයින් හා වචනයෙන් නො හඟවා ද, ඡන්‍දය නො දෙන ලද්දේ වේ. මෙය මෙසේ ලබන්නහු නම්, එය යහපත් ය. ඉදින් නො ලබන්නහු නම්, මහණෙනි, ඒ ගිලන් මහණ ඇඳකින් හෝ පුටුවකින් හෝ සඟමැදට පමුණුවා කර්‍මය කළ යුතු ය. මහණෙනි, යම් ලෙසකින් ග්ලානෝපස්ථායක භික්‍ෂූන්ට ‘ඉදින් අපි ගිලනහු හුන් තැනින් ඉවත් කරන්නෙමු නම්, ආබාධය හෝ වැඩෙන්නේ ය, කලුරිය කිරීම හෝ වන්නේ ය’ යි සිත් වේ නම්, මහණෙනි, ගිලන් මහණ තෙමේ හුන් තැනින් ඉවත් නො කළ යුතු ය. සඞ්ඝයා එ තැනට ගොස් කර්‍මය කළ යුතු ය. වර්‍ග වූ සඞ්ඝයා විසින් කර්‍ම නො කට යුතු ම ය. කරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
Pali BJT26. “ඡන්දහාරකො චෙ භික්ඛවෙ, දින්නෙ ඡන්දෙ තත්ථෙව පක්කමති, අඤ්ඤස්ස දාතබ්බො ඡන්දො. ඡන්දහාරකො චෙ භික්ඛවෙ, දින්නෙ ඡන්දෙ තත්ථෙව විබ්භමති, කාලං කරොති, සාමණෙරො පටිජානාති, සික්ඛං පච්චක්ඛාතකො පටිජානාති, අන්තිමවත්ථුං අජ්ඣාපන්නකො පටිජානාති, උම්මත්තකො පටිජානාති, ඛිත්තචිත්තො පටිජානාති, වෙදනාට්ටො පටිජානාති, ආපත්තියා අදස්සනෙ උක්ඛිත්තකො පටිජානාති, ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛිත්තකො පටිජානාති, පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛිත්තකො පටිජානාති, පණ්ඩකො පටිජානාති, ථෙය්යසංවාසකො පටිජානාති, තිත්ථියපක්කන්තකො පටිජානාති, තිරච්ඡානගතො පටිජානාති, මාතුඝාතකො පටිජානාති, පිතුඝාතකො පටිජානාති, අරහන්තඝාතකො පටිජානාති, භික්ඛුනිදූසකො පටිජානාති, සඞ්ඝභෙදකො පටිජානාති, ලොහිතුප්පාදකො පටිජානාති, උභතොබ්යඤ්ජනකො පටිජානාති, අඤ්ඤස්ස දාතබ්බො ඡන්දො.”
Sinhala BJT26. ‘මහණෙනි, ඉදින් ඡන්‍දය ගෙණ එන මහණ තෙමේ ඡන්‍දය දුන් කල්හි එ තැන දී ම බැහැර යේ ද, (එකල) අනෙකෙකුට ඡන්‍දය දිය යුතු ය. මහණෙනි, ඉදින් ඡන්‍දහාරක තෙමේ ඡන්‍දය දුන් කල්හි එහි දී ම සිවුරු හරී ද, කලුරිය කෙරේ ද, ‘හෙරණෙක්මි’ යි පිළිණ කෙරේ ද, ‘ශික්‍ෂාප්‍රත්‍යඛ්‍යානය කෙළෙමි’ යි පිළිණ කෙරේ ද, ‘අන්තිමවස්තුවට පැමිණියෙක්මි” යි පිළිණ කෙරේ ද, ‘උමතු වූවෙක්මි” යි පිළිණ කෙරේ ද, ‘වික්‍ෂිප්ත සිත් ඇත්තෙක්මි’ යි පිළිණ කෙරේ ද, ‘වේදනාවෙන් පීඩිතයෙමි’ යි පිළිණ කෙරේ ද, ‘ඇවැත් නො දැක්මෙහි උත්ක්‍ෂේපණීයකර්‍මයෙන් බැහැර කරණ ලද්දෙමි” යි පිළිණ කෙරේ ද, ‘ඇවැතට පිළියම් නො කිරීමෙහි උත්ක්‍ෂේපණීයකර්‍මයෙන් බැහැර කරණ ලද්දෙමි’ යි පිළිණ කෙරේ ද, ‘ලාමක දෘෂ්ටිය අත් නො හැරීමෙහි උත්ක්‍ෂේපණීයකර්‍මයෙන් බැහැර කරණ ලද්දෙමි” යි පිළිණ කෙරේ ද, ‘පණ්ඩකයෙක්මි’ යි පිළිණ කෙරේ ද, ‘ථෙය්‍යසංවාසකයෙක්මි” යි පිළිණ කෙරේ ද ‘තිර්‍ත්‍ථයපක්කන්තකයෙක්මි” යි පිළිණ කෙරේ ද, ‘තිරිසන් ගතයෙක්මි” යි පිළිණ කෙරේ ද, ‘මාතෘඝාතකයෙක්මි’ යි පිළිණ කෙරේ ද, ‘පිතෘඝාතකයෙක්මි’ යි පිළිණ කෙරේ ද, ‘අරහන්තඝාතකයෙක්මි” යි පිළිණ කෙරේ ද, “භික්ඛුණීදූසකයෙක්මි’ යි පිළිණ කෙරේ ද, ‘සඞ්ඝභේදකයෙක්මි’ යි පිළිණ කෙරේ ද, ලොහිතුප්පාදකයෙක්මි’ යි පිළිණ කෙරේ ද ‘උභතොබ්‍යඤ්ජනකයෙක්මි’ යි පිළිණ කෙරේ ද, (එකල) අනෙකෙකුට ඡන්‍දය දිය යුතු ය.”
Pali BJT27. “ඡන්දහාරකො චෙ, භික්ඛවෙ, දින්නෙ ඡන්දෙ අන්තරාමග්ගෙ පක්කමති, අනාහටො හොති ඡන්දො. ඡන්දහාරකො චෙ භික්ඛවෙ, දින්නෙ ඡන්දෙ අන්තරාමග්ගෙ විබ්භමති, කාලං කරොති, -පෙ- උභතොබ්යඤ්ජනකො පටිජානාති, අනාහටො හොති ඡන්දො.”
Sinhala BJT27. “මහණෙනි, ඉදින් ඡන්‍දහාරක තෙමේ ඡන්‍දය දුන් කල්හි අතරමග දී බැහැර යේ ද, ඡන්‍දය නො ගෙණෙන ලද්දේ වේ. මහණෙනි, ඉදින් ඡන්‍දහාරක තෙමේ ඡන්‍දය දුන් කල්හි අතරමග දී සිවුරු හරී ද, කලුරිය කෙරේ ද, –පෙ– ‘උභතොබ්‍යඤ්ජනකයෙක්මි’ යි පිළිණ කෙරේ ද, ඡන්‍දය නො ගෙණෙන ලද්දේ වේ.”
Pali BJT28. “ඡන්දහාරකො චෙ භික්ඛවෙ, දින්නෙ ඡන්දෙ සඞ්ඝප්පත්තො පක්කමති, ආහටො හොති ඡන්දො. ඡන්දහාරකො චෙ භික්ඛවෙ, දින්නෙ ඡන්දෙ සඞ්ඝප්පත්තො විබ්භමති, කාලං කරොති, -පෙ- උභතොබ්යඤ්ජනකො පටිජානාති, ආහටො හොති ඡන්දො.”
Sinhala BJT28. “මහණෙනි, ඉදින් ඡන්‍දහාරක තෙමේ ඡන්‍දය දුන් කල්හි සඟ මැදට පැමිණියේ බැහැර යේ ද, ඡන්‍දය ගෙණෙන ලද්දේ වේ. මහණෙනි, ඉදින් ඡන්‍දහාරක තෙමේ ඡන්‍දය දුන් කල්හි සඟ මැදට පැමිණියේ සිවුරු හරී ද, කලුරිය කෙරේ ද –පෙ– ‘උභතෝබ්‍යඤ්ජනක වෙමි’ යි පිළිණ කෙරේ ද ඡන්‍දය ගෙණෙන ලද්දේ වේ.”
Pali BJT29. “ඡන්දහාරකො චෙ භික්ඛවෙ, දින්නෙ ඡන්දෙ සඞ්ඝප්පත්තො සුත්තො න ආරොචෙති, පමත්තො න ආරොචෙති, සමාපන්නො න ආරොචෙති, ආහටො හොති ඡන්දො. ඡන්දහාරකස්ස අනාපත්ති.”
Sinhala BJT29. “මහණෙනි, ඉදින් ඡන්‍දහාරක තෙමේ ඡන්‍දය දුන් කල්හි සඟ මැදට පැමිණියේ නිදි ගත්තේ නො සැළකෙරේ ද, ප්‍රමත්ත වූයේ නො සැළකෙරේ ද, සමාධියට සමවන්නේ නො සැළකෙරේ ද, ඡන්‍දය ගෙණෙන ලද්දේ වේ. ඡන්‍දහාරකයාහට ඇවැත් නො වේ.”
Pali BJT30. “ඡන්දහාරකො චෙ භික්ඛවෙ, දින්නෙ ඡන්දෙ සඞ්ඝප්පත්තො සඤ්චිච්ච න ආරොචෙති, ආහටො හොති ඡන්දො. ඡන්දහාරකස්ස ආපත්ති දුක්කටස්ස. අනුජානාමි, භික්ඛවෙ, තදහුපොසථෙ පාරිසුද්ධිං දෙන්තෙන ඡන්දම්පි දාතුං, සන්ති සඞ්ඝස්ස කරණීය”න්ති.
Sinhala BJT30. “මහණෙනි, ඉදින් ඡන්‍දහාරක තෙමේ ඡන්‍දය දුන් කල්හි සඟ මැදට පැමිණියේ දැන දැන නො සැළකෙරේ ද, ඡන්‍දය ගෙනෙන ලද්දේ වේ. ඡන්‍දහාරකයාහට දුකුළාඇවැත් වේ. මහණෙනි, එදවස පොහොයෙහි පාරිශුද්ධිය දෙන්නහු විසින් ‘සඞ්ඝයාට කට යුතු ඇත්තේ ය’ යි ඡන්‍දය ද දෙන්නට අනුදනිමි.”
Pali BJT31. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරං භික්ඛුං තදහුපොසථෙ ඤාතකා ගණ්හිංසු. භගවතො එතමත්ථං ආරොචෙසුං: “ඉධ පන භික්ඛවෙ, භික්ඛුං තදහුපොසථෙ ඤාතකා ගණ්හන්ති. තෙ ඤාතකා භික්ඛූහි එවමස්සු වචනීයා: “ඉඞ්ඝ තුම්හෙ ආයස්මන්තො ඉමං භික්ඛුං මුහුත්තං මුඤ්චථ, යාවායං භික්ඛු උපොසථං කරොතී’ති. එවඤ්චෙතං ලභෙථ, ඉච්චෙතං කුසලං. නො චෙ ලභෙථ, තෙ ඤාතකා භික්ඛූහි එවමස්සු වචනීයා: ‘ඉඞ්ඝ තුම්හෙ ආයස්මන්තො මුහුත්තං එකමන්තං හොථ, යාවායං භික්ඛු පාරිසුද්ධිං දෙතී’ති. එවඤ්චෙතං ලභෙථ, ඉච්චෙතං කුසලං. නො චෙ ලභෙථ, තෙ ඤාතකා භික්ඛූහි එවමස්සු වචනීයා: ‘ඉඞ්ඝ තුම්හෙ ආයස්මන්තො ඉමං භික්ඛුං මුහුත්තං නිස්සීමං නෙථ, යාව සඞ්ඝො උපොසථං කරොතී’ති. එවඤ්චෙතං ලභෙථ, ඉච්චෙතං කුසලං. නො චෙ ලභෙථ, නත්ථෙව වග්ගෙන සඞ්ඝෙන උපොසථො කාතබ්බො. කරෙය්ය චෙ,{1} ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT31. එකල්හි නෑයෝ එදවස පොහොයෙහි එක්තරා මහණෙකු අල්ලා ගත්හ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මෙහි නෑයෝ එදවස පොහොයෙහි මහණෙකු අල්ලා ගණිත්. භික්‍ෂූන් විසින් ඒ නෑයන්ට ‘ආයුෂ්මත්නි, තෙපි මේ මහණ තෙමේ යම් තාක් පොහොය කෙරේ ද, ඒ තාක් මේ මහණහු මොහොතකට මුදවු” දැ යි කිය යුතු ය. මෙය මෙසේ ලබන්නහු නම්, ඒ යහපත් ය. ඉදින් නො ලබන්නහු නම්, භික්‍ෂූන් විසින් “ආයුෂ්මත්නි, තෙපි මේ මහණ තෙමේ යම් තාක් පාරිශුද්ධිය දේ ද, ඒ තාක් මොහොතක් පසෙකට වවු’ දැ යි ඒ නෑයන්ට කිය යුතු ය. මෙය මෙසේ ලබන්නහු නම්, ඒ යහපත් ය. ඉදින් නො ලබන්නහු නම්, භික්‍ෂූන් විසින් ‘ආයුෂ්මත්නි, තෙපි සඞ්ඝ තෙමේ යම් තාක් පොහොය කෙරේ ද, ඒ තාක් මේ මහණහු මොහොතකට සීමාවෙන් බැහැරට ගෙණ යවු’ දැයි ඒ නෑයන්ට කිය යුතු ය. මෙය මෙසේ ලබන්නහු නම්, ඒ යහපත් ය. ඉදින් නො ලබන්නහු නම්, වර්‍ග වූ සඞ්ඝයා විසින් පොහොය නො කට යුතු ම ය. කරන්නේ නම්, දුකුළාඇවැත් වේ.”
Pali BJT32. “ඉධ පන භික්ඛවෙ, භික්ඛුං තදහුපොසථෙ රාජානො ගණ්හන්ති, -පෙ- චොරා ගණ්හන්ති -පෙ- ධුත්තා ගණ්හන්ති -පෙ- භික්ඛුපච්චත්ථිකා ගණ්හන්ති. තෙ භික්ඛුපච්චත්ථිකා භික්ඛූහි එවමස්සු වචනීයා: ‘ඉඞ්ඝ තුම්හෙ ආයස්මන්තො ඉමං භික්ඛුං මුහුත්තං මුඤ්චථ, යාවායං භික්ඛු උපොසථං කරොතී’ති. එවඤ්චෙතං ලභෙථ, ඉච්චෙතං කුසලං. නො චෙ ලභෙථ, තෙ භික්ඛුපච්චත්ථිකා භික්ඛූහි එවමස්සු වචනීයා: ‘ඉඞ්ඝ තුම්හෙ ආයස්මන්තො මුහුත්තං එකමන්තං හොථ, යාවායං භික්ඛු පාරිසුද්ධිං දෙතී’ති. එවඤ්චෙතං ලභෙථ, ඉච්චෙතං කුසලං. නො චෙ ලභෙථ, තෙ භික්ඛුපච්චත්ථිකා භික්ඛූහි එවමස්සු වචනීයා: ‘ඉඞ්ඝ තුම්හෙ ආයස්මන්තො ඉමං භික්ඛුං මුහුත්තං නිස්සීමං නෙථ, යාව සඞ්ඝො උපොසථං කරොතී’ති. එවඤ්චෙතං ලභෙථ, ඉච්චෙතං කුසලං. නො චෙ ලභෙථ, නත්වෙව වග්ගෙන සඞ්ඝෙන උපොසථො කාතබ්බො. කරෙය්ය චෙ, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT32. “මහණෙනි, මෙහි එදවස පොහොයෙහි රජහු මහණෙකු අල්ලා ගණිත් – සොරු අල්ලා ගණිත් – ධූර්‍තයෝ අල්ලා ගණිත් – පසමිතුරු මහණෝ අල්ලා ගණිත්. භික්‍ෂූන් විසින් ‘ආයුෂ්මත්නි, තෙපි මේ මහණ තෙමේ යම් තාක් පොහොය කෙරේ ද, ඒ තාක් මේ මහණහු මොහොතකට මුදවුදැ’ යි ඒ පසමිතුරු මහණුන්ට කිය යුතු ය. මෙය මෙසේ ලබන්නහු නම්, ඒ යහපත් ය. ඉදින් නො ලබන්නහු නම්, භික්‍ෂූන් විසින් ‘ආයුෂ්මත්නි, තමුන්නාන්සේලා, මේ මහණ තෙමේ යම් තාක් පාරිශුද්ධිය දේ ද, ඒ තාක් මොහොතකට පසෙකට වවු’ දැ යි ඒ පසමිතුරු මහණුන්ට කිය යුතු ය. මෙය මෙසේ ලබන්නහු නම්, ඒ යහපත් ය. ඉදින් නො ලබන්නහු නම්, භික්‍ෂූන් විසින් ‘ආයුෂ්මත්නි, සඞ්ඝ තෙමේ යම් තාක් පොහොය කෙරේ ද, ඒ තාක් මේ මහණහු මොහොතකට සීමාවෙන් බැහැරට ගෙණ යවු” දැ යි පසමිතුරු මහණුන්ට කිය යුතු ය. මෙය මෙසේ ලබන්නහු නම්, ඒ යහපත් ය. ඉදින් නො ලබන්නහු නම්, සඞ්ඝයා වර්‍ග ව පොහොය නො කට යුතු ම ය. කරන්නේ නම්, දුකුළාඇවැත් වේ.”
Pali BJT33. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “සන්නිපතථ භික්ඛවෙ. අත්ථි සඞ්ඝස්ස කරණීය”න්ති. එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච: “අත්ථි භන්තෙ, ගග්ගො නාම භික්ඛු උම්මත්තකො, සො අනාගතො”ති.
Sinhala BJT33. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, රැස් වවු, සඞ්ඝයාට කට යුතු ඇතැ’යි භික්‍ෂූන් ඇමතූ සේක. මෙසේ වදාළ කල්හි (එහි සිටි) එක්තරා මහණෙක් “ස්වාමීනි, ගග්ග නම් භික්‍ෂු තෙමේ උමතු වූයේ වේ, හෙ තෙමේ මෙහි නො ආයේ? යි භාග්‍යවතුන් වහන්සේට සැළකළේ ය.
Pali BJT34. “ද්වෙ ‘මෙ, භික්ඛවෙ, උම්මත්තකා: අත්ථි භික්ඛු{2} උම්මත්තකො සරතිපි උපොසථං, නපි සරති, සරතිපි සඞ්ඝකම්මං, නපි සරති, අත්ථි නෙව සරති. ආගච්ඡතිපි උපොසථං, නපි ආගච්ඡති, ආගච්ඡතිපි සඞ්ඝකම්මං, නපි ආගච්ඡති. අත්ථි නෙව ආගච්ඡති.”
Sinhala BJT34. “මහණෙනි, උමතු වූවෝ මොහු දෙදෙනෙක් වෙති: උපෝසථය සිහි කරන්නාවූ ද, සිහි නො කරන්නා වු ද, සඞ්ඝකර්‍මය සිහි කරන්නා වූ ද, සිහි නො කරන්නා වූ ද, උමතු මහණෙක් ඇත. (එකතින්) සිහි නොම කරන්නෙක් ද ඇත. උපෝසථයට එන්නාවූ ද, නො එන්නා වූ ද, සඞ්ඝකර්‍මයට එන්නා වූ ද, නො එන්නා වූ ද, උමතු මහණෙක් ඇත. (එකතින්) නොම එන්නෙක් ද ඇත.”
Pali BJT35. “තත්ර භික්ඛවෙ, ය්වායං උම්මත්තකො සරතිපි, උපොසථං න පි සරති, සරතිපි සඞ්ඝකම්මං, නපි සරති, ආගච්ඡතිපි උපොසථං, නපි ආගච්ඡති, ආගච්ඡති පි සඞ්ඝකම්මං න පි ආගච්ඡති. අනුජානාමි, භික්ඛවෙ, එවරූපස්ස උම්මත්තකස්ස උම්මත්තකසම්මුත්තිං දාතුං. එවඤ්ච පන භික්ඛවෙ, දාතබ්බා. බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT35. “මහණෙනි, ඔවුන් දෙදෙනා අතුරෙහි යම් ඒ උන්මත්තකයෙක් උපෝසථය සිහි කෙරේ ද, සිහි නො කෙරේ ද, සඞ්ඝකර්‍මය සිහි කෙරේ ද, සිහි නො කෙරේ ද, උපෝසථයට ඒ ද, නො ඒ ද, සඞ්ඝකර්‍මයට ඒ ද, නො ඒ ද, මහණෙනි, මෙබඳු වූ උන්මත්තකයාහට උම්මත්තකසම්මුතිය දෙන්ට අනුදනිමි. මහණෙනි, මෙසේ ඒ දිය යුතු ය. ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් (පළමු කොට) සඞ්ඝයාට දැන්විය යුතු ය:
Pali BJT36. “සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො. ගග්ගො භික්ඛු උම්මත්තකො සරතිපි උපොසථං නපි සරති, සරතිපි සඞ්ඝකම්මං නපි සරති, ආගච්ඡති පි උපොසථං නපි ආගච්ඡති, ආගච්ඡතිපි සඞ්ඝකම්මං නපි ආගච්ඡති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ගග්ගස්ස භික්ඛුනො උම්මත්තකස්ස උම්මත්තකසම්මුතිං දදෙය්ය. සරෙය්ය වා ගග්ගො භික්ඛු උපොසථං න වා සරෙය්ය, සරෙය්ය වා සඞ්ඝකම්මං න වා සරෙය්ය, ආගච්ඡෙය්ය වා උපොසථං, න වා ආගච්ඡෙය්ය, ආගච්ඡෙය්ය වා සඞ්ඝකම්මං, න වා ආගච්ඡෙය්ය. සඞ්ඝො සහ වා ගග්ගෙන විනා වා ගග්ගෙන උපොසථං කරෙය්ය. සඞ්ඝකම්මං කරෙය්ය. එසා ඤත්ති.”
Sinhala BJT36. “ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ගර්‍ග භික්‍ෂු තෙමේ උන්මත්තක වේ. උපෝසථය සිහි කරන්නේ ද, සිහි නො කරන්නේ ද වේ. සඞ්ඝකර්‍මය සිහි කරන්නේ ද, සිහි නො කරන්නේ ද වේ. උපෝසථයට එන්නේ ද, නො එන්නේ ද වේ. සඞ්ඝකර්‍මයට එන්නේ ද, නො එන්නේ ද වේ. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ උමතු වූ ගර්‍ගභික්‍ෂුනමට “ගර්‍ගභික්‍ෂු තෙමේ උපෝසථය සිහි කරන්නේ හෝ සිහි නො කරන්නේ හෝ සඞ්ඝකර්‍මය සිහි කරන්නෙන් හෝ සිහි නො කරන්නේ හෝ උපෝසථයට එන්නේ හෝ නො එන්නේ හෝ සඞ්ඝකර්‍මයට එන්නේ හෝ නො එන්නේ හෝ වේවා” යි උම්මත්තකසම්මුතිය දෙන්නේ ය. සඞ්ඝ තෙමේ ගර්‍ගභික්‍ෂුනම සමග හෝ ගර්‍ගභික්‍ෂුනම හැර හෝ පොහොය කරන්නේ ය. සඞ්ඝකර්‍ම කරන්නේ ය. මේ දැන්වීම ය.”
Pali BJT37. “සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො. ගග්ගො භික්ඛු උම්මත්තකො සරතිපි උපොසථං, නපි සරති, සරතිපි සඞ්ඝකම්මං නපි සරති, ආගච්ඡතිපි උපොසථං නපි ආගච්ඡති, ආගච්ඡතිපි සඞ්ඝකම්මං නපි ආගච්ඡති. සඞ්ඝො ගග්ගස්ස භික්ඛුනො උම්මත්තකස්ස උම්මත්තකසම්මුතිං දෙති, සරෙය්ය වා ගග්ගො භික්ඛු උපොසථං න වා සරෙය්ය, සරෙය්ය වා සඞ්ඝකම්මං න වා සරෙය්ය, ආගච්ඡෙය්ය වා උපොසථං න වා ආගච්ඡෙය්ය, ආගච්ඡෙය්ය වා සඞ්ඝකම්මං න වා ආගච්ඡෙය්ය. සඞ්ඝො සහ වා ගග්ගෙන විනා වා ගග්ගෙන උපොසථං කරිස්සති. සඞ්ඝකම්මං කරිස්සති. යස්සායස්මතො ඛමති ගග්ගස්ස භික්ඛුනො උම්මත්තකස්ස උම්මත්තකසම්මුතියා දානං, සරෙය්ය වා ගග්ගො භික්ඛු උපොසථං න වා සරෙය්ය, සරෙය්ය වා සඞ්ඝකම්මං න වා සරෙය්ය, ආගච්ඡෙය්ය වා උපොසථං න වා ආගච්ඡෙය්ය, ආගච්ඡෙය්ය වා සඞ්ඝකම්මං න වා ආගච්ඡෙය්ය. සඞ්ඝො සහ වා ගග්ගෙන විනා වා ගග්ගෙන උපොසථං කරිස්සති. සඞ්ඝකම්මං කරිස්සති. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.”
Sinhala BJT37. “ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ගර්‍ගභික්‍ෂු තෙමේ උන්මත්තක වේ. උපෝසථය සිහි කරන්නේ ද සිහි නො කරන්නේ ද, සඞ්ඝකර්‍මය සිහි කරන්නේ ද, සිහි නො කරන්නේ ද, උපෝසථයට එන්නේ ද, නො එන්නේ ද, සඞ්ඝකර්‍මයට එන්නේ ද, නො එන්නේ ද වේ. සඞ්ඝ තෙමේ උමතු වූ ගර්‍ගභික්‍ෂුනමට ‘ගර්‍ගභික්‍ෂු තෙමේ උපෝසථය සිහි කරන්නේ හෝ සිහි නො කරන්නේ හෝ සඞ්ඝකර්‍මය සිහි කරන්නේ හෝ සිහි නො කරන්නේ හෝ උපෝසථයට එන්නේ හෝ නො එන්නේ හෝ සඞ්ඝකර්‍මයට එන්නේ හෝ නො එන්නේ හෝ වේවා” යි උම්මත්තකසම්මුතිය දෙයි. සඞ්ඝ තෙමේ ගර්‍ගභික්‍ෂුනම සමග හෝ ගර්‍ගභික්‍ෂුනම හැර හෝ පොහොය කරන්නේ ය. සඞ්ඝකර්‍ම කරන්නේ ය. යම් ආයුෂ්මතෙකුහට උමතු වූ ගර්‍ගභික්‍ෂුනමට – උපෝසථය සිහි කරන්නේ හෝ සිහි නො කරන්නේ හෝ සඞ්ඝකර්‍ම සිහි කරන්නේ හෝ සිහි නො කරන්නේ හෝ උපෝසථයට එන්නේ හෝ නො එන්නේ හෝ සඞ්ඝකර්‍මයට එන්නේ හෝ නො එන්නේ හෝ වේවා” යි සඞ්ඝතෙමේ ගර්‍ගභික්‍ෂුනම සමග හෝ ගර්‍ගභික්‍ෂුනම හැර හෝ පොහොය කරන්නේ ය. සඞ්ඝකර්‍ම කරන්නේ ය” යි උම්මත්තකසම්මුතිය දීම රුචි වේ නම්, හෙ තෙමේ තුෂ්ණිම්භූත වේවා. යමෙකුට රුචි නො වේ නම්, හෙ තෙමේ කියාවා.”
Pali BJT38. “දින්නා සඞ්ඝෙන ගග්ගස්ස භික්ඛුනො උම්මත්තකස්ස උම්මත්තකසම්මුති, සරෙය්ය වා ගග්ගො භික්ඛු උපොසථං න වා සරෙය්ය, සරෙය්ය වා සඞ්ඝකම්මං න වා සරෙය්ය ආගච්ඡෙය්ය වා උපොසථං න වා ආගච්ඡෙය්ය, ආගච්ඡෙය්ය වා සඞ්ඝකම්මං න වා ආගච්ඡෙය්ය. සඞ්ඝො සහ වා ගග්ගෙන විනා වා ගග්ගෙන උපොසථං කරිස්සති. සඞ්ඝකම්මං කරිස්සති. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJT38 “සඞ්ඝයා විසින් උමතු වූ ගර්‍ගභික්‍ෂුනම ‘උපෝසථය සිහි කරන්නේ හෝ සිහි නො කරන්නේ හෝ සඞ්ඝකර්‍මය සිහි කරන්නේ හෝ සිහි නො කරන්නේ හෝ උපෝසථයට එන්නේ හෝ නො එන්නේ හෝ සඞ්ඝකර්‍මයට එන්නේ හෝ නො එන්නේ හෝ වේවා” යි සඞ්ඝ තෙමේ ගර්‍ගභික්‍ෂුනම සමග හෝ ගර්‍ගභික්‍ෂුනම හැර හෝ පොහොය කරන්නේ ය, සඞ්ඝකර්‍ම කරන්නේ ය” යි උම්මත්තකසම්මුතිය දෙන ලද්දී ය. සඞ්ඝයාට ඒ රුචි වේ. එහෙයින් තුෂ්ණිම්භූත වේ. මෙය මෙසේ දරමි”
Pali BJT39. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ චත්තාරො භික්ඛූ විහරන්ති. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි: “භගවතා පඤ්ඤත්තං ‘උපොසථො කාතබ්බො’ති. මයඤ්චම්හා චත්තාරො ජනා, කථන්නු ඛො අම්හෙහි උපොසථො කාතබ්බො”ති? භගවතො එතමත්ථං ආරොචෙසුං: “අනුජානාමි භික්ඛවෙ, චතුන්නං පාතිමොක්ඛං උද්දිසිතු”න්ති.
Sinhala BJT39. එකල්හි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවුනමක් භික්‍ෂූහු වාසය කෙරෙත්. ඉක්බිති ඒ භික්‍ෂූන්ට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘උපෝසථය කළ යුතු ය’ යි පණවන ලද්දේ ය. අපි දු සිවුනමක් වෙමු. (එහෙයින්) අප විසින් කෙසේ නම් උපෝසථය කට යුතු දැ” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සිවු දෙනාට පාමොක් උදෙසන්නට අනුදනිමි” යි.
Pali BJT40. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ තයො භික්ඛූ විහරන්ති. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි: “භගවතා අනුඤ්ඤාතං චතුන්නං පාතිමොක්ඛං උද්දිසිතුං. මයඤ්චම්හා තයො ජනා. කථන්නු ඛො අම්හෙහි උපොසථො කාතබ්බො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං: “අනුජානාමි භික්ඛවෙ, තිණ්ණං පාරිසුද්ධිඋපොසථං කාතුං. එවඤ්ච පන භික්ඛවෙ, කාතබ්බො. බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන තෙ භික්ඛූ ඤාපෙතබ්බා:-
Sinhala BJT40. එකල්හි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි තෙනමක් භික්‍ෂූහු වෙසෙති. ඉක්බිති ඒ භික්‍ෂූන්ට “භාග්‍යවතුන් වහන්සේ විසින් සිවු දෙනාට පාමොක් උදෙසීම අනුදන්නා ලද්දේ ය. අපි දු තිදෙනෙක් වම්හ. කෙසේ නම් අප විසින් උපෝසථය කළ යුතු දැ” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, තිදෙනාට පාරිසුද්ධි උපෝසථය කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ ඒ කළ යුතු ය. ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් ඒ භික්‍ෂූන්ට දැන්විය යුතු ය:–
Pali BJT41. “සුණන්තු මෙ ආයස්මන්තා,{1} අජ්ජුපොසථො (පණ්ණරසො). යදායස්මන්තානං පත්තකල්ලං, මයං (අඤ්ඤමඤ්ඤං) පාරිසුද්ධිඋපොසථං කරෙය්යාමා’ති. ථෙරෙන භික්ඛුනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිම්පග්ගහෙත්වා තෙ භික්ඛූ එවමස්සු වචනීයා: ‘පරිසුද්ධො අහං ආවුසො, පරිසුද්ධො ති මං ධාරෙථ. පරිසුද්ධො අහං ආවුසො, පරිසුද්ධො ති මං ධාරෙථ. පරිසුද්ධො අහං, ආවුසො; පරිසුද්ධො ති මං ධාරෙථා’ති.
Sinhala BJT41. ‘ආයුෂ්මත්හු මාගේ වචනය අසත්වා. අද පොහොය පසළොස්වක වේ. ඉදින් ආයුෂ්මතුන්ට පැමිණි කල් ඇත්තේ නම්, අපි එක්එක්කෙනා පාරිසුද්ධි උපෝසථය කරන්නෙමු’ යි. ඉන් පසු ස්ථවිර භික්‍ෂුනම විසින් උතුරු සඟසිවුර එකස් කොට පොරොවා උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳ ‘ඇවැත්නි, මම පිරිසිදු වෙමි. එහෙයින් මා පිරිසිදු ය යි දරවු. ඇවැත්නි, මම පිරිසිදු වෙමි. මා පිරිසිදු ය යි දරවු. ඇවැත්නි, මම පිරිසිදු වෙමි. මා පිරිසිදු ය යි දරවු’ යි ඒ භික්‍ෂූහු මෙසේ කිය යුතු වන්නාහු ය.
Pali BJT42. “නවකෙන භික්ඛුනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා, උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිම්පග්ගහෙත්වා තෙ භික්ඛූ එවමස්සු වචනීයා: ‘පරිසුද්ධො අහං භන්තෙ, පරිසුද්ධොති මං ධාරෙථ. පරිසුද්ධො අහං භන්තෙ, පරිසුද්ධොති මං ධාරෙථ. පරිසුද්ධො අහං භන්තෙ, පරිසුද්ධොති මං ධාරෙථා’ති.
Sinhala BJT42. “නවක භික්‍ෂූනම විසින් උතුරුසඟ සිවුර එකස් කොට පොරොවා උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳ ‘ස්වාමීනි, මම පිරිසිදු වෙමි. මා පිරිසිදු ය යි දරණු මැනවි. ස්වාමීනි, මම පිරිසිදු වෙමි, මා පිරිසිදු ය යි දරණු මැනවි. ස්වාමීනි, මම පිරිසිදු වෙමි. මා පිරිසිදු ය යි දරණු මැනැවැ’ යි ඒ භික්‍ෂූහු මෙසේ කිය යුතු වන්නාහු ය.”
Pali BJT43. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ ද්වෙ භික්ඛූ විහරන්ති. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි: “භගවතා අනුඤ්ඤාතං චතුන්නං පාතිමොක්ඛං උද්දිසිතුං. තිණ්ණන්නං පාරිසුද්ධි උපොසථං කාතුං. මයඤ්චම්හා ද්වෙ ජනා. කථන්නු ඛො අම්හෙහි උපොසථො කාතබ්බො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ද්වින්නං පාරිසුද්ධි උපොසථං කාතුං. එවඤ්ච පන භික්ඛවෙ, කාතබ්බො:- ථෙරෙන භික්ඛුනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිම්පග්ගහෙත්වා නවො භික්ඛු එවමස්ස වචනීයො: ‘පරිසුද්ධො අහං ආවුසො, පරිසුද්ධොති මං ධාරෙහි. පරිසුද්ධො අහං ආවුසො, පරිසුද්ධොති මං ධාරෙහි. පරිසුද්ධො අහං ආවුසො, පරිසුද්ධොති මං ධාරෙහී”ති.
Sinhala BJT43. එකල්හි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි දෙ නමක් භික්‍ෂූහු වාසය කරත්. ඉක්බිති ඒ භික්‍ෂූන්ට “භාග්‍යවතුන් වහන්සේ විසින් සිවු දෙනාට පාමොක් උදෙසන්ටත් තිදෙනාට පාරිසුද්ධි උපෝසථය කරන්ටත් අනුදන්නා ලද්දේ ය. අපි දෙදෙනෙක් වම්හ. අප විසින් කෙසේ නම් උපෝසථය කළ යුතු දැ” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දෙදෙනාට පාරිසුද්ධිඋපෝසථය කරන්නට අනුදනිමි. මහණෙනි, ඒ මෙසේ කළ යුතු ය: ස්ථවිරභික්‍ෂුනම විසින් උතුරුසඟසිවුර එකස් කොට පොරොවා උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳ ‘ඇවැත්නි, මම පිරිසිදු වෙමි. මා පිරිසිදු ය යි දරන්න. ඇවැත්නි, මම පිරිසිදු වෙමි. මා පිරිසිදු ය යි දරන්න. ඇවැත්නි, මම පිරිසිදු වෙමි. මා පිරිසිදු ය යි දරන්නැ” යි නවක භික්‍ෂුනමට කිය යුතු ය.
Pali BJT44. “නවකෙන භික්ඛුනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිම්පග්ගහෙත්වා ථෙරො භික්ඛු එවමස්ස වචනීයො: ‘පරිසුද්ධො අහම්භන්තෙ, පරිසුද්ධොති මං ධාරෙථ. පරිසුද්ධො අහම්භන්තෙ, පරිසුද්ධොති මං ධාරෙථ. පරිසුද්ධො අහං, භන්තෙ, පරිසුද්ධොති මං ධාරෙථා”ති.
Sinhala BJT44. නවක භික්‍ෂුනම විසින් උතුරුසඟසිවුර එකස් කොට පොරොවා උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳ ‘ස්වාමීනි, මම පිරිසිදු වෙමි. මා පිරිසිදු ය යි දරණු මැනවි. ස්වාමීනි, මම පිරිසිදු වෙමි. මා පිරිසිදු ය යි දරණු මැනවි. ස්වාමීනි, මම පිරිසිදු වෙමි. මා පිරිසිදු ය යි දරණු මැනවැ’ යි ස්ථවිර භික්‍ෂුනමට කිය යුතු ය.”
Pali BJT45. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ එකො භික්ඛු විහරති. අථ ඛො තස්ස භික්ඛුනො එතදහොසි: “භගවතා අනුඤ්ඤාතං චතුන්නං පාතිමොක්ඛං උද්දිසිතුං. තිණ්ණං පාරිසුද්ධි උපොසථං කාතුං. ද්වින්නං පාරිසුද්ධි උපොසථං කාතුං. අහඤ්චම්හි එකකො. කථන්නු ඛො මයා උපොසථො කාතබ්බො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT45. එකල්හි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි එක් භික්‍ෂු නමක් වෙසෙයි. ඉක්බිති ඒ භික්‍ෂුනමට “භාග්‍යවතුන් වහන්සේ විසින් සිවු දෙනාට පාමොක් උදෙසන්නට, තිදෙනාට පාරිසුද්ධි උපෝසථය කරන්නට, දෙදෙනාට පාරිසුද්ධි උපෝසථය කරන්නට, අනුදන්නා ලද්දේ ය. මම එකලා වෙමි. මා විසින් කෙසේ නම් උපෝසථය කළ යුතු දැ” යි සිත් විය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.
Pali BJT46. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ එකො භික්ඛු විහරති, තෙන භික්ඛවෙ, භික්ඛුනා යත්ථ භික්ඛූ පටික්කමන්ති උපට්ඨාන සාලාය වා මණ්ඩපෙ වා රුක්ඛමූලෙ වා සො දෙසො{1} සම්මජ්ජිත්වා පානීයං පරිභොජනීයං උපට්ඨාපෙත්වා ආසනං පඤ්ඤපෙත්වා පදීපං කත්වා නිසීදිතබ්බං. සචෙ අඤ්ඤෙ භික්ඛූ ආගච්ඡන්ති, තෙහි සද්ධිං උපොසථො කාතබ්බො නො චෙ ආගච්ඡන්ති, අජ්ජ මෙ උපොසථොති අධිට්ඨාතබ්බො. නො චෙ අධිට්ඨහෙය්ය, ආපත්ති දුක්කටස්ස.”
Sinhala BJT46. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි එක් භික්‍ෂුනමක් වෙසෙයි. මහණෙනි, ඒ භික්‍ෂූනම විසින් යම් උපස්ථානශාලාවෙක හෝ මණ්ඩපයෙක්හි හෝ රුක්මුලෙක්හි හෝ භික්‍ෂූහු රැස් වෙත් ද ඒ පෙදෙස හැමද පැන් හා පරිභෝගයට ගන්නා දිය එළවා අසුන් පණවා පහන් දල්වා හිඳිය යුතු ය. ඉදින් අන් මහණහු එහි එත් ද, ඔවුන් සමග පොහොය කළ යුතු ය. ඉදින් නො එත් නම් ‘අද මාගේ පොහොය’ යි ඉටිය යුතු ය. ඉදින් නො ඉටන්නේ නම්, ඔහුට දුකුළාඇවැත් වේ.”
Pali BJT47. තත්ර භික්ඛවෙ, යත්ථ චත්තාරො භික්ඛූ විහරන්ති, න එකස්ස පාරිසුද්ධිං ආහරිත්වා තීහි පාතිමොක්ඛං උද්දිසිතබ්බං. උද්දිසෙය්යුං චෙ, ආපත්ති දුක්කටස්ස. තත්ර භික්ඛවෙ, යත්ථ තයො භික්ඛූ විහරන්ති, න එකස්ස පාරිසුද්ධිං ආහරිත්වා ද්වීහි පාරිසුද්ධි උපොසථො කාතබ්බො. කරෙය්යුං චෙ, ආපත්ති දුක්කටස්ස. තත්ර භික්ඛවෙ, යත්ථ ද්වෙ භික්ඛූ විහරන්ති, න එකස්ස පාරිසුද්ධිං ආහරිත්වා එකෙන අධිට්ඨාතබ්බො. අධිට්ඨහෙය්ය චෙ, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT47. “මහණෙනි, එහි යම් තැනෙක්හි සිවුනමක් භික්‍ෂූහු වෙසෙත් ද, එක් නමකගේ පාරිසුද්ධිය ගෙණවුත් තෙනමක් විසින් පාමොක් නො උදෙසිය යුතු ය. ඉදින් උදෙසන්නාහු නම්, ඔවුනට දුකුළාඇවැත් වේ. මහණෙනි, එහි යම් තැනෙක්හි තෙනමක් භික්‍ෂුහු වෙසෙත් ද, එක්නමකගේ පාරිසුද්ධිය ගෙණවුත් දෙනමක් විසින් පාරිසුද්ධි උපෝසථය නො කළ යුතු ය. ඉදින් කරන්නාහු නම්, ඔවුනට දුකුළා ඇවැත් වේ. මහණෙනි, එහි යම් තැනෙක්හි දෙ නමක් භික්‍ෂූහු වෙසෙත් ද, එක් නමකගේ පාරිසුද්ධිය ගෙණවුත් එක් නමක් විසින් නො ඉටිය යුතු ය. ඉටන්නේ නම් දුකුළාඇවැත් වේ.”
Pali BJT48. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු තදහුපොසථෙ ආපත්තිං ආපන්නො හොති. අථ ඛො තස්ස භික්ඛුනො එතදහොසි: “භගවතා පඤ්ඤත්තං ‘න සාපත්තිකෙන උපොසථො කාතබ්බො’ති. අහඤ්චම්හි ආපත්තිං ආපන්නො. කථන්නු ඛො මයා පටිපජ්ජිතබ්බ?”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT48. එකල්හි එක්තරා මහණෙක් එදවස පොහොයෙහි ඇවැතකට පැමිණියේ වේ. එවිට ඒ මහණහුට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ඇවැත් සහිත මහණහු විසින් පොහොය නො කට යුතු ය’ යි පණවන ලද්දේ ය. මම ද ඇවැතකට පැමිණියෙම් වෙමි. මා විසින් කෙසේ නම් පිළිපැදිය යුතු දැ” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.
Pali BJT49. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු තදහුපොසථෙ ආපත්තිං ආපන්නො හොති. තෙන භික්ඛවෙ, භික්ඛුනා එකං භික්ඛුං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: ‘අහං ආවුසො, ඉත්ථන්නාමං ආපත්තිං ආපන්නො, තං පටිදෙසෙමී’ති. තෙන වත්තබ්බො, ‘පස්සසී’ති. ‘ආම පස්සාමී’ති. ‘ආයතිං සංවරෙය්යාසී”ති.
Sinhala BJT49. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ එදවස පොහොයෙහි ඇවැතකට පැමිණියේ වේ. මහණෙනි, ඒ භික්‍ෂූනම විසින් එක් මහණකු වෙතට පැමිණ උතුරු සඟසිවුර එකස් කොට පොරොවා උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳ ‘ඇවැත්නි, මම මෙනම් ඇවැතට පැමිණියේ වෙමි. එය දෙසමි” යි මෙසේ කිය යුතු ය. ඒ ඇවැත පිළිගන්නා මහණහු විසින් ‘ඒ ඇවැත දක්නෙහි දැ’ යි කිය යුතු ය. ඇවැත දෙසන මහණහු විසින් ‘එසේ ය දකිමි’ යි කිය යුතු ය. ඇවැත පිළිගන්නා මහණහු විසින් ‘ඉදිරියෙහි සංවර වෙව’ යි කිය යුතු ය.”
Pali BJT50. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු තදහුපොසථෙ ආපත්තියා වෙමතිකො හොති. තෙන භික්ඛවෙ, භික්ඛුනා එකං භික්ඛුං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: ‘අහං ආවුසො, ඉත්ථන්නාමාය ආපත්තියා වෙමතිකො, යදා නිබ්බෙමතිකො භවිස්සාමි, තදා තං ආපත්තිං පටිකරිස්සාමී’ති වත්වා උපොසථො කාතබ්බො. පාතිමොක්ඛං සොතබ්බං. නත්වෙව තප්පච්චයා උපොසථස්ස අන්තරායො කාතබ්බො”ති.
Sinhala BJT50. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ එ දවස පොහොයෙහි ඇවැතෙහි විමති ඇත්තේ වේ. මහණෙනි, ඒ මහණහු විසින් එක් මහණෙකු වෙත ගොස් උතුරුසඟසිවුර එකස් කොට පොරොවා උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳ ‘ඇවැත්නි, මම මෙනම් ඇවැතෙහි විමති ඇත්තේ වෙමි. යම් කලෙක විමති නැත්තෙම් වන්නෙම් ද, එකල්හි ඒ ඇවැතට පිළියම් කරන්නෙමි’ යි කිය යුතු වන්නේ ය. කියා පොහොය කළ යුතු ය. පාමොක් ඇසිය යුතු ය. ඒ හේතුවෙන් උපෝසථයට අන්තරාය නො කළ යුතු ම ය”.
Pali BJT51. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සභාගං ආපත්තිං දෙසෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, සභාගා ආපත්ති දෙසෙතබ්බා. යො දෙසෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT51. එකල්හි සවග මහණෝ සමාන ඇවැත් දෙසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සමාන ඇවැත් නො දෙසිය යුතු ය. යමෙක් දෙසන්නේ නම්, දුකුළාඇවැත් වේ.”
Pali BJT52. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සභාගං ආපත්තිං පටිග්ගණ්හන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, සභාගා ආපත්ති පටිග්ගහෙතබ්බා. යො පටිග්ගණ්හෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT52. එකල්හි සවග මහණෝ සමාන ඇවැත් පිළිගණිත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සමාන ඇවැත් නො පිළිගත යුතු ය. යමෙක් පිළිගන්නේ නම්, දුකුළාඇවැත් වේ.”
Pali BJT53. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු පාතිමොක්ඛෙ උද්දිස්සමානෙ ආපත්තිං සරති. අථ ඛො තස්ස භික්ඛුනො එතදහොසි: “භගවතා පඤ්ඤත්තං ‘න සාපත්තිකෙන උපොසථො කාතබ්බො’ති. අහඤ්චම්හි ආපත්තිං ආපන්නො. කථන්නු ඛො මයා පටිපජ්ජිතබ්බ”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT53. එකල්හි එක්තරා මහණෙක් තෙමේ පාමොක් උදෙසනු ලබන කල්හි ඇවැත සිහි කෙරෙයි. ඉක්බිති ඒ භික්‍ෂුනමට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ඇවැත් ඇත්තහු විසින් පොහොය නො කළ යුතු ය’ යි පණවන ලද්දේ ය. මම ද ඇවැතකට පැමිණියෙම් වෙමි. මා විසින් කෙසේ නම් පිළිපැදිය යුතු දැ” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.
Pali BJT54. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු පාතිමොක්ඛෙ උද්දිස්සමානෙ ආපත්තිං සරති. තෙන භික්ඛවෙ, භික්ඛුනා සාමන්තො භික්ඛු එවමස්ස වචනීයො: “අහං ආවුසො, ඉත්ථන්නාමං ආපත්තිං ආපන්නො. ඉතො වුට්ඨහිත්වා තං ආපත්තිං පටිකරිස්සාමී’ති වත්වා උපොසථො කාතබ්බො. පාතිමොක්ඛං සොතබ්බං. නත්වෙව තප්පච්චයා උපොසථස්ස අන්තරායො කාතබ්බො.”
Sinhala BJT54. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ පාමොක් උදෙසනු ලබන කල්හි ඇවැත සිහි කරයි. මහණෙනි, ඒ මහණහු විසින් ලඟ සිටි මහණහුට ‘ඇවැත්නි, මම මෙනම් ඇවැතට පැමිණියෙම් වෙමි, මෙතැනින් නැගිට ඒ ඇවැතට පිළියම් කරන්නෙමි” යි මෙසේ කිය යුතු වන්නේ ය. එසේ කියා පොහොය කළ යුතු ය. පාමොක් ඇසිය යුතු ය. ඒ හේතු වෙන් උපෝසථයට අන්තරායයක් නො කළ යුතු ම ය.”
Pali BJT55. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු පාතිමොක්ඛෙ උද්දිස්සමානෙ ආපත්තියා වෙමතිකො හොති. තෙන භික්ඛවෙ, භික්ඛුනා සාමන්තො භික්ඛු එවමස්ස වචනීයො: ‘අහං ආවුසො ඉත්ථන්නාමාය ආපත්තියා වෙමතිකො. යදා නිබ්බෙමතිකො භවිස්සාමි, තදා තං ආපත්තිං පටිකරිස්සාමී’ති වත්වා උපොසථො කාතබ්බො, පාතිමොක්ඛං සොතබ්බං. නත්වෙව තප්පච්චයා උපොසථස්ස අන්තරායො කාතබ්බො”ති.
Sinhala BJT55. “මහණෙනි, මෙහි පාමොක් දෙසනු ලබන කල්හි මහණ තෙමේ ඇවැතෙහි විමති ඇත්තේ වේ. මහණෙනි, ඒ භික්‍ෂුනම විසින් ලඟ සිටි මහණහුට ‘ඇවැත්නි, මම මෙනම් ඇවැතෙහි විමති ඇත්තෙම් වෙමි. යම් කලෙක්හි විමති නැත්තෙම් වන්නෙම් ද, එකල්හි ඒ ඇවැතට පිළියම් කරන්නෙමි’ යි මෙසේ කිය යුතු වන්නේ ය. කියා පොහොය කළ යුතු ය. පාමොක් ඇසිය යුතු ය. ඒ හේතුවෙන් උපෝසථයට අන්තරායයක් නො කළ යුතු ම ය.”
Pali BJT56. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සබ්බො සඞ්ඝො සභාගං ආපත්තිං ආපන්නො හොති. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි: “භගවතා පඤ්ඤත්තං ‘න සභාගා ආපත්ති දෙසෙතබ්බා. න සභාගා ආපත්ති පටිග්ගහෙතබ්බා’ති . අයඤ්ච සබ්බො සඞ්ඝො සභාගං ආපත්තිං ආපන්නො. කථන්නු ඛො අම්හෙහි පටිපජ්ජිතබ්බ”න්ති? භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT56. එකල්හි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සියලු සඞ්ඝ තෙමේ සමාන ඇවැතකට පැමිණියේ වේ. ඉක්බිති ඒ භික්‍ෂූන්ට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘සමාන ඇවැත නො දෙසිය යුතු ය. සමාන ඇවැත නො පිළිගත යුතු ය’ යි පණවන ලද්දේ ය. මේ සියලු සඞ්ඝ තෙමේ ද සමාන ඇවැතකට පැමිණියේ වේ. අප විසින් කෙසේ නම් පිළිපැදිය යුතු දැ” යි මේ සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.
Pali BJT57. “ඉධ පන භික්ඛවෙ, අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සබ්බො සඞ්ඝො සභාගං ආපත්තිං ආපන්නො හොති. තෙහි භික්ඛවෙ, භික්ඛූහි එකො භික්ඛු සාමන්තා ආවාසා සජ්ජුකං පාහෙතබ්බො: ‘ගච්ඡාවුසො, තං ආපත්තිං පටිකරිත්වා ආගච්ඡ. මයං තෙ සන්තිකෙ ආපත්තිං පටිකරිස්සාමා’ති. එවඤ්චෙතං ලභෙථ, ඉච්චෙතං කුසලං. නො චෙ ලභෙථ, බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT57. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සියලු සඞ්ඝ තෙමේ සමාන ඇවැතකට පැමිණියේ වේ. මහණෙනි, ඒ මහණුන් විසින් සමීපවිහාරයකට එක් මහණෙක් තෙමේ එ දවස එනු පිණිස ‘ඇවැත්නි, යව. ඒ ඇවැතට පිළියම් කොට එව. අපි ඔබගේ හමුවෙහි ඇවැතට පිළියම් කරන්නෙමු’ යි යැවිය යුතු ය. මෙය මෙසේ ලබන්නහු නම්, ඒ යහපත් ය. ඉදින් නො ලබන්නහු නම්, ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝයාට දැන් විය යුතු ය:–
Pali BJT58. “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං සබ්බො සඞ්ඝො සභාගං ආපත්තිං ආපන්නො. යදා අඤ්ඤං භික්ඛුං සුද්ධං අනාපත්තිකං පස්සිස්සති, තදා තස්ස සන්තිකෙ තං ආපත්තිං පටිකරිස්සතී”ති වත්වා උපොසථො කාතබ්බො, පාතිමොක්ඛං උද්දිසිතබ්බං. නත්වෙව තප්පච්චයා උපොසථස්ස අන්තරායො කාතබ්බො.
Sinhala BJT58. “ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ‘මේ සියලු සඞ්ඝ තෙමේ සමාන ඇවැතකට පැමිණියේ වේ. යම් කලෙක ඇවැත් නැති පිරිසිදු අන් මහණකු දක්නේ ද, එකල්හි ඔහු වෙත ඒ ඇවැතට පිළියම් කරන්නේ ය” යි කියා පොහොය කළ යුතු ය. පාමොක් උදෙසිය යුතු ය. ඒ හේතුවෙන් උපෝසථයට අන්තරායයක් නො කළ යුතු ම ය.