Mahāvagga

Great Division

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 701-800 න් 2799

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT14. මගධෙසු පඤ්ච ආබාධා, එකො රාජා ච අඞ්ගුලි {3}, මාගධො ච අනුඤ්ඤාසි කාරා ලිඛි කසාහතො.
Sinhala BJT14. මගදදනව්වෙහි පඤ්ච ආබාධයන්ගෙන් මැඩුනවුන් පැවිදි උපසපන් නො කිරීම, රාජභටයන් පැවිදි නො කිරීම, අඟුල්මල් සොරු පිළිබඳ පුවත, බිම්සරරජු කළ තහනම, සිරගෙය බිඳ පලා ගිය – රජයේ ලියාතැබූ– කස පහර කෑ සොරුන් පැවිදි නො කිරීම යන මේ ද වෙයි.
Pali BJT15. ලක්ඛණා ඉණාදාසා ච{4} භණ්ඩුකො උපාලි අහි, සද්ධං කුලං කණ්ටකො ච{5} ආහුන්දරිකමෙව ච.
Sinhala BJT15. ලකුණු කෙටූ සොරුන් – නය ගැතියන් – දාසයන් පැවිදි නො කිරීම, භණ්ඩුකර්‍මය අනුදැනීම, (විසි වස් නො පිරුණු) සප්තදශවර්‍ගිකයන්ගේ උපසම්පදාප්‍රතික්‍ෂේපය, අහිවාතකරෝගීකුලයෙන් පැවිදි වීම, අහිවාතක රෝගයෙන් මිය ගියවුන් ඇති ශ්‍රද්ධාවත්කුලයෙන් පැවිදි වීම, කණ්ටකපැවිද්ද, ආහුන්‍දරිකවස්තුව යන මේ ද වෙයි.
Pali BJT16. වත්ථුම්හි දාරකො සික්ඛා, විහරන්ති ච කින්නු ඛො, සබ්බං මුඛං උපජ්ඣායෙ අපලාළනකණ්ටකො {6}.
Sinhala BJT16. නිස සමාදන් ව විසිය යුතු නො විසිය යුතු කාලය, පැවිද්ද, සිකපද අනුදැනීම, ගරු බුහුමන් නැති ව විසීම, දඬුවම් කිම් දැ යි පිළිවිසීම, සියලු සඞ්ඝාරාමය ඇවිරීම, මුඛද්වාරිකවස්තුව, උපාද්ධ්‍යායයන් නො විචාරා ඇවිරීම, තමන්ට නතු කර ගැණීම, කණ්ටකහෙරණහු කණ්ටකී හෙරණිය දූෂිත කිරීම යන මේ ද වේ.
Pali BJT17. පණ්ඩකො ථෙය්යපක්කන්තො, අහි ච මාතරං පිතා, අරහන්තභික්ඛුනීභෙදා රුහිරෙන ච බ්යඤ්ජනං.
Sinhala BJT17-18. පණ්ඩක – ථෙය්‍යසංවාසක – නාග–මාතෘඝාතක–පිතෘඝාතක – අරහන්තඝාතක – භික්ඛුණීදූසක – සඞ්ඝභේදක – ලෝහිතුප්පාදක – උභතෝ බ්‍යඤ්ජනකයන් පැවිදි උපසපන් නො කිරීම, සිවුරෙන් මුදා ලීම, අනුපජ්ඣායක– සඞ්ඝ – ගණ – පණ්ඩකාදි උපජ්ඣාය උපසම්පදාප්‍රතික්‍ෂේපය, අපත්තක – අචීවරක – අපත්ත අචීවරක උපසම්පදා ප්‍රතික්‍ෂේපය, පිරුළෙන් ගත් පාත්‍රය – චීවරය – පාත්‍රචීවරය ගෙණ උපසපන් නො කිරීම යන මේ ද වේ.
Pali BJT18. අනුපජ්ඣායසඞ්ඝෙන, ගණපණ්ඩක’පත්තකො {7}, අචීවරං තදුභයං යාචිතෙනපි යෙ තයො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT19. හත්ථා පාදා හත්ථපාදා කණ්ණා නාසා තදූභයං, අඞ්ගුලී අළකණ්ඩරං ඵණං ඛුජ්ජඤ්ච වාමනං.
Sinhala BJT19. අත් – පා – අත්පා – කන් – නාස් – කන් නාස් – ඇඟිලි – මාපටඇඟිලි – මහනහර කැපූවන් හා ඵණහත්‍ථක – බුජ්ජ – වාමනයන් පැවිදි නො කිරීම ද වේ.
Pali BJT20. ගලගණ්ඩී ලක්ඛණා චෙව{8} කසාලිඛිත සීපදී {9}, පාප පරිසදූසී ච කාණකුණී{10} තථෙව ච.
Sinhala BJT20. ගලගණ්ඩික – ලක්ඛණාහත – කසාහත – ලිඛිතක – සීපදි – පාපරෝගී – පරිසදූසක – කාණ – කුණී යන මොවුන් පැවිදි නො කිරීම ද වේ.
Pali BJT21. ඛඤ්ජං පක්ඛහතඤ්චෙ ව සඤ්ඡින්නඉරියාපථං, ජරාන්ධමූගබධිරං අන්ධමූගඤ්ච යං තහිං.
Sinhala BJT21. ඛඤ්ජ– පක්ඛහත – ජින්නිරියාපථ – ජරාදුබ්බල – අන්‍ධ–මූග – බධිර – අන්‍ධ මූගයන් පැවිදි නො කිරීම ද වේ.
Pali BJT22. අන්ධබධිරං යං වුත්තං මූගබධිරමෙව ච, අන්ධමූගබධිරඤ්ච අලජ්ජීනඤ්ච නිස්සයං.
Sinhala BJT22. අන්‍ධබධිර – මූගබධිර – අන්‍ධමූගබධිරයන් පැවිදි නො කිරීම, අලජ්ජින්ට නිස නො දීම ද වේ.
Pali BJT23. වත්ථබ්බං ච තථාද්ධානං යාචමානෙන පෙක්ඛනා, ආගච්ඡතු{11} විවාදෙන්ති එකූපජ්ඣායෙන කස්සපො.
Sinhala BJT23. අලජ්ජීන්ගෙන් නිස නො ගැණීම, අදන්මග දී නිස නො ගැණීම, ග්ලානෝපස්ථායකයන් නිස නො ගැණීම, ආරණ්‍යක භික්‍ෂූන්ගේ නිඃශ්‍රයාපේක්‍ෂාව, ආනන්‍දස්ථවිරානුශ්‍රාවණය, ඒකෝපාද්ධ්‍යානුශ්‍රාවණවිවාදය, කුමාරකාශ්‍යපපොපසම්පදාව යන මේ කථා ද වෙයි.
Pali BJT24. දිස්සන්ති උපසම්පන්නා ආබාධෙහි ච පීළිතා, අනනුසිට්ඨා විත්ථන්ති{12} තත්ථෙව අනුසාසනා.
Sinhala BJT24-25. පඤ්චාබාධයන්ගෙන් පෙළුනු උපසම්පන්නයෝ දක්නා ලැබෙත්. අනුශාසනා නො කරණ ලද්දෝ තැති ගණිත්. උන් පිළිබඳ අනුශාසනය, සඟ මැදින් බැහැරට ගෙණ අනුශාසනා කිරීම, බාල – අසම්මත අනුශාසනා ප්‍රතික්‍ෂේපය, අනුශාසකයන් උපසම්පදාපේක්‍ෂකයන් හා එක් ව පැමිණීම, උපසම්පදායාචනය, සිවු නිස කීම, එකලා ව නො යෑම, උක්ඛිත්තකයන් තිදෙන යන මොහු ද වෙත්.
Pali BJT25. සඞ්ඝෙපි ච අථො බාලො{13} අසම්මතා ච{14} එකතො, උල්ලුම්පතූපසම්පදා, නිස්සයො එකකො තයොති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTඉමම්හි ඛන්ධකෙ වත්ථු එකසතං ද්වාසත්තති.
Sinhala BJTමේ ඛන්‍ධකයෙහි වස්තු එක්සියදෙසැත්තෑවකි.{*}
Pali BJTමහාක්ඛන්ධකො උද්දානං නිට්ඨිතං.
Sinhala BJTමහාක්ඛන්‍ධකයෙහි උද්දානය (වස්තුනාමාවලිය) නිමි.
Pali BJT2.
Sinhala BJT2.
Pali BJTඋපොසථක්ඛන්ධකං.
Sinhala BJTඋපෝසථක්ඛන්‍ධකය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා චාතුද්දසෙ පණ්ණරසෙ අට්ඨමියා ච පක්ඛස්ස සන්නිපතිත්වා ධම්මං භාසන්ති. තෙ මනුස්සා උපසඞ්කමන්ති ධම්මසවණාය. තෙ ලභන්ති අඤ්ඤතිත්ථියෙසු පරිබ්බාජකෙසු පෙමං. ලභන්ති පසාදං, ලභන්ති අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා පක්ඛං.
Sinhala BJT1. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ රජගහනුවර සමීපයෙහි වූ ගිජුකුළුපව්වෙහි වසන සේක. එසමයෙහි අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ තුදුස්වක්හි ද පසළොස්වක්හි ද පක්‍ෂයේ අටවක්හි ද එක් තැන් වී දහම් (කටයුතු නො කටයුතු) කියා දෙත්. මිනිස්සු ඒ දහම් ඇසීමට ඔවුන් වෙත යත්. ඔහු අන්‍යතීර්‍ත්‍ථකපරිව්‍රාජකයන් කෙරෙහි ප්‍රේමය ලබත්. පැහැදීම ලබත්. අන්‍යතීර්‍ත්‍ථකපරිව්‍රාජකයෝ පක්‍ෂබල ලබත්.
Pali BJT2. අථ ඛො රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “එතරහි ඛො අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා චාතුද්දසෙ පණ්ණරසෙ අට්ඨමියා ච පක්ඛස්ස සන්නිපතිත්වා ධම්මං භාසන්ති. තෙ මනුස්සා උපසඞ්කමන්ති ධම්මසවණාය. තෙ ලභන්ති අඤ්ඤතිත්ථියෙසු පරිබ්බාජකෙසු පෙමං. ලභන්ති පසාදං. ලභන්ති අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා පක්ඛං. යන්නූන අය්යාපි චාතුද්දසෙ පණ්ණරසෙ අට්ඨමියා ච පක්ඛස්ස සන්නිපතෙය්යු”න්ති.
Sinhala BJT2. එකල්හි එකලා වූ සිත එකඟ කොට සිටි මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජහට “දැන් අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ තුදුස්වක්හි පසළොස්වක්හි පක්‍ෂයේ අටවක්හි රැස් වී ධර්‍මය කියා දෙත්. ඒ මිනිස්සු ඒ දහම් ඇසීමට ඔවුන් වෙත යත්. එයින් ඔහු අන්‍යතීර්‍ත්‍ථකපරිව්‍රාජකයන් කෙරෙහි ප්‍රේමය ලබත්. පැහැදීම ලබත්. අන්‍යතීර්‍ත්‍ථකපරිව්‍රාජකයෝ පක්‍ෂබල ලබත්. අපගේ ආර්‍ය්‍යයන් වහන්සේලා ත් තුදුස්වක්හි පසළොස්වක්හි පක්‍ෂයේ අටවක්හි රැස් වන්නාහු නම්, වැඩෙක් වන්නේ ය” යි සිත් වි ය.
Pali BJT3. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො යෙන භගවා, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො භගවන්තං එතදවොච:-
Sinhala BJT3. ඉක්බිති මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ, භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන්නා වූ මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේ ය:
Pali BJT4. “ඉධ මය්හං භන්තෙ, රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: ‘එතරහි ඛො අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා චාතුද්දසෙ පණ්ණරසෙ අට්ඨමියා ච පක්ඛස්ස සන්නිපතිත්වා ධම්මං භාසන්ති. තෙ මනුස්සා උපසඞ්කමන්ති ධම්මසවණාය. තෙ ලභන්ති අඤ්ඤතිත්ථියෙසු පරිබ්බාජකෙසු පෙමං. ලභන්ති පසාදං. ලභන්ති අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා පක්ඛං. යන්නූන අය්යාපි චාතුද්දසෙ පණ්ණරසෙ අට්ඨමියා ච පක්ඛස්ස සන්නිපතෙය්යු’න්ති. සාධු භන්තෙ, අය්යාපි චාතුද්දසෙ පණ්ණරසෙ අට්ඨමියා ච පක්ඛස්ස සන්නිපතෙය්යු”න්ති.
Sinhala BJT4. “ස්වාමීනි, මෙහි එකලා ව සිත එකඟ කොට සිටි මට, ‘දැන් අන්‍යතීර්‍ත්‍ථකපරිව්‍රාජකයෝ තුදුස්වක්හි පසළොස්වක්හි පක්‍ෂයේ අටවක්හි රැස් වී (මිනිසුන්ට) යුතු අයුතුකම් කියා දෙති. මිනිස්සු ඒ ඇසීමට ඔවුන් කරා යන්නෝ ය. එයින් ඔහු අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයන් කෙරෙහි ප්‍රේමය ලබත්. පැහැදීම ලබත්. අනන්‍යතීර්‍ත්‍ථකපරිව්‍රාජකයෝ පක්‍ෂබල ලබත්. අප ගේ ආර්‍ය්‍යයන් වහන්සේලා ත් තුදුස්වක්හි පසළොස්වක්හි පක්‍ෂයේ අටවක්හි රැස් වන්නෝ නම්, වැඩෙක් වන්නේ ය’ යි සිත් වි ය. ‘ස්වාමීනි, ආර්‍ය්‍යයන් වහන්සේලා ත් තුදුස්වක්හි පසළොස්වක්හි පක්‍ෂයේ අටවක්හි රැස් වන්නාහු නම් යහපතැ” යි රජ තෙමේ සැළකෙළේ ය.
Pali BJT5. අථ ඛො භගවා රාජානං මාගධං සෙනියං බිම්බිසාරං ධම්මියා කථාය සන්දෙස්සෙසි සමාදපෙසි. සමුත්තෙජෙසි. සම්පහංසෙසි. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො භගවතා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJT5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජුට දැහැමි කතාවෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. තියුණු කරවූහ. සතුටු කරවූහ. භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමිකතාවෙන් කරණු දක්වනලද සමාදන් කරවනලද තියුණු කරවනලද සතුටු කරවනලද මගධේශ්වර වූ සේනියබිම්බිසාරරජ තෙමේ හුනස්නෙන් නැඟිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.
Pali BJT6. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ, චාතුද්දසෙ පණ්ණරසෙ අට්ඨමියා ච පක්ඛස්ස සන්නිපතිතු”න්ති.
Sinhala BJT6. අනතුරු ව භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, තුදුස්වක්හි පසළොස්වක්හි පක්‍ෂයේ අටවක්හි රැස් වන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJT7. තෙන ඛො පන සමයෙන භික්ඛූ “භගවතා අනුඤ්ඤාතං{1} චාතුද්දසෙ පණ්ණරසෙ අට්ඨමියා ච පක්ඛස්ස සන්නිපතිතු”න්ති චාතුද්දසෙ පණ්ණරසෙ අට්ඨමියා ච පක්ඛස්ස සන්නිපතිත්වා තුණ්හී නිසීදන්ති. තෙ මනුස්සා උපසඞ්කමන්ති ධම්මසවණාය. තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා චාතුද්දසෙ පණ්ණරසෙ අට්ඨමියා ච පක්ඛස්ස සන්නිපතිත්වා තුණ්හී නිසීදිස්සන්ති සෙය්යථාපි මූගසූකරා?{2} නනු නාම සන්නිපතිතෙහි ධම්මො භාසිතබ්බො?”ති.
Sinhala BJT7. එකල්හි භික්‍ෂූහු “භාග්‍යවතුන් වහන්සේ විසින් තුදුස්වක්හි පසළොස්වක්හි පක්‍ෂයේ අටවක්හි රැස් වන්නට අනුදන්නාලදැ” යි තුදුස්වක්හි පසළොස්වක්හි පක්‍ෂයේ අටවක්හි රැස් වී නිශ්ශබ්ද ව හිඳිත්, මිනිස්සු දහම් ඇසීමට ඒ භික්‍ෂූන් වෙත පැමිණෙත්. ඒ මිනිස්සු “කෙසේ නම් ශ්‍රමණශාක්‍යපුත්‍රයෝ තුදුස්වක්හි පසළොස්වක්හි පක්‍ෂයේ අටවක්හි රැස්ව ගොළු ඌරන් මෙන් නො බැණ හිඳිත් ද? රැස් වූවන් විසින් දහම් දෙසිය යුතු නො වේ දැ?” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්,
Pali BJT8. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT8. භික්‍ෂූහු බණන දොඩන දොස් කියන ඒ මිනිසුන්ගේ බැණුම් දෙඩුම් ඇසූහ. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ බව සැළකළහ.
Pali BJT9. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ, චාතුද්දසෙ පණ්ණරසෙ අට්ඨමියා ච පක්ඛස්ස සන්නිපතිත්වා ධම්මං භාසිතු”න්ති.
Sinhala BJT9. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි, මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, තුදුස්වක්හි පසළොස්වක්හි පක්‍ෂයේ අටවක්හි රැස් වී දහම් දෙසන්නට අනුදනිමි” යි.
Pali BJT10. අථ ඛො භගවතො රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “යන්නූනාහං යානි මයා භික්ඛූනං පඤ්ඤත්තානි සික්ඛාපදානි, තානි නෙසං පාතිමොක්ඛුද්දෙසං අනුජානෙය්යං. සො නෙසං භවිස්සති උපොසථකම්ම”න්ති.
Sinhala BJT10. ඉන් පසු එකලා ව විවේකයෙන් වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේට “මා විසින් භික්‍ෂූන්ට යම් සිකපද කෙනෙක් පණවනලද ද, ඒ සිකපද ඔවුන්ට පාමොක් උදෙසීම් කොට අනුදන්නෙම් නම්, යෙහෙක. ඒ පාමෙක් උදෙසීම ඔවුන්ට පෙහෙවස්කම් වන්නේ ය” යි අදහස් වි ය.
Pali BJT11. අථ ඛො භගවා සායණ්හසමයං පතිසල්ලානා වුට්ඨිතො එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “ඉධ මය්හං භික්ඛවෙ, රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: ‘යන්නූනාහං යානි මයා භික්ඛූනං පඤ්ඤත්තානි සික්ඛාපදානි, තානි නෙසං පාතිමොක්ඛුද්දෙසං අනුජානෙය්යං, සො නෙසං භවිස්සති උපොසථකම්ම’න්ති. අනුජානාමි භික්ඛවෙ, පාතිමොක්ඛං උද්දිසිතුං. එවඤ්ච පන භික්ඛවෙ, උද්දිසිතබ්බං. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:-
Sinhala BJT11. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස්කාලයෙහි පලසමවතින් නැගී සිටි සේක් මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, මෙහි එකලා වූ පලසමවතින් යුක්ත වූ මට ‘මා විසින් භික්‍ෂූන්ට යම් සිකපද කෙනෙක් පණවනලද ද, ඒ සිකපද මම ඔවුන්ට පාමොක් උදෙසීම් කොට අනුදන්නෙම් නම් යෙහෙක. එය ඔවුන්ට පෙහෙවස්කම් වන්නේ ය’ යි සිත් වි ය. මහණෙනි, පාමොක් උදෙසන්නට අනුදනිමි. එය මෙසේ උදෙසිය යුතු ය. ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂූනමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු ය:
Pali BJT12. “සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො,{3} යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො උපොසථං කරෙය්ය. පාතිමොක්ඛං උද්දිසෙය්ය. කිං සඞ්ඝස්ස පුබ්බකිච්චං. පාරිසුද්ධිං ආයස්මන්තො ආරොචෙථ. පාතිමොක්ඛං උද්දිසිස්සාමි. තං සබ්බෙව සන්තා සාධුකං සුණොම. මනසි කරොම. යස්ස සියා ආපත්ති, සො ආවීකරෙය්ය. අසන්තියා ආපත්තියා තුණ්හී භවිතබ්බං. තුණ්හීභාවෙන ඛො පනායස්මන්තෙ පරිසුද්ධා ති වෙදිස්සාමි. යථා ඛො පන පච්චෙකපුට්ඨස්ස වෙය්යාකරණං හොති, එවමෙවං එවරූපාය පරිසාය යාවතතියං අනුසාවිතං හොති. යො පන භික්ඛු යාව තතියං අනුස්සාවියමානෙ සරමානො සන්තිං ආපත්තිං නාවීකරෙය්ය, සම්පජානමුසාවාදස්ස හොති. සම්පජානමුසාවාදො ඛො පනායස්මන්තො අන්තරායිකො ධම්මො වුත්තො භගවතා. තස්මා සරමානෙන භික්ඛුනා ආපන්නෙන විසුද්ධාපෙක්ඛෙන සන්තී ආපත්ති ආවීකාතබ්බා. ආවීකතා හිස්ස ඵාසු හොතී”ති.
Sinhala BJT12. “සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝයාට කල් පැමිණියේ නම්, සඞ්ඝ තෙමේ පොහොය කරන්නේ ය. පාමොක් උදෙසන්නේ ය. සඞ්ඝයාගේ පූර්‍වකෘත්‍යය කිම? ආයුෂ්මතුනි, පිරිසිදුබව සැළකරවු. පාමොක් උදෙසන්නෙමි. ඒ පාමොක් මේ පිරිසෙහි වූ අපි සියලු දෙන ම මනා කොට අසමු. මෙනෙහි කරමු. යමකුට ඇවැතෙක් වේ නම්, හෙ තෙමේ එය කියන්නේ ය. ඇවැත් නැති කල්හි නිශ්ශබ්ද විය යුතු ය. නිශ්ශබ්ද වීමෙන් ආයුෂ්මතුන් පිරිසිදුහ යි දැන ගන්නෙමි. යම් සේ වෙන් වෙන් කොට විචාරණ ලද්දහුගේ (මා විචාරන්නේ ය යි දැන) විචාළ දෑ කීමෙක් වේ ද, එපරිද්දෙන් ම මෙබඳු පිරිස්හි තෙවනවර තෙක් අස්වන ලද්දේ වේ. යම් මහණෙක් තෙමේ තෙවනවර තෙක් අස්වනු ලබන කල්හි තමා කෙරෙහි ඇති ඇවැත සිහිපත් කරමින් ප්‍රකාශ නො කෙරේ නම්, සම්පජානමුසාවාදය වේ. ආයුෂ්මතුනි, සම්පජානමුසාවාදය අන්තරායකාරධර්‍මයෙකැ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. එහෙයින් ඇවැතට පැමිණියා වූ, ඒ ඇවැත සිහිපත් කරන්නා වූ, පිරිසිදුබව බලාපොරොත්තු වන්නා වූ, භික්‍ෂූහු විසින් ඇති ඇවැත කිය යුතු ය. ඒ එසේ ම ය. ප්‍රකාශ කිරීම හේතු කොට ඒ ඕහට පහසු වෙයි.
Pali BJT13. “පාතිමොක්ඛ”න්ති ආදිමෙතං මුඛමෙතං පමුඛමෙතං කුසලානං ධම්මානං. තෙන වුච්චති “පාතිමොක්ඛ”න්ති.
Sinhala BJT13. “පාතිමෝක්ඛං” යනු මේ සංවරසීලය තෙමේ ‘පාති’ සඞ්ඛ්‍යාත කුශලධර්‍මයන්ට (මොක්ඛ=) ආදි වේ. මේ මුඛය වේ. මේ ප්‍රධාන වේ. එහෙයින් “පාතිමෝක්ඛං” යි කියනු ලැබේ.
Pali BJT14. “ආයස්මන්තො”ති පියවචනමෙතං. ගරුවචනමෙතං. සගාරව සප්පතිස්සවාධිවචනමෙතං “ආයස්මන්තො”ති.
Sinhala BJT14. “ආයස්මන්තෝ” යනු ප්‍රියවචනයෙකි. ගරුවචනයෙකි. අවවාද පිළිගන්නවුන්ට ගෞරව කළ යුත්තන් ඇසුරු කළවුන්ට නමෙකි. එහෙයින් ‘ආයස්මන්තෝ” යි කියනු ලැබේ.
Pali BJT15. “උද්දිසිස්සාමී”ති ආචික්ඛිස්සාමි. දෙසිස්සාමි.{1} පඤ්ඤපෙස්සාමි. පට්ඨපෙස්සාමි. විවරිස්සාමි. විභජිස්සාමි. උත්තානී කරිස්සාමි.{2} පකාසිස්සාමි.
Sinhala BJT15. “උද්දිසිස්සාමි” යන්නෙහි – කියන්නෙමි, දෙසන්නෙමි, පණවන්නෙමි, තබන්නෙමි, විවෘත කරන්නෙමි, බෙදන්නෙමි, ප්‍රකට කරන්නෙමි, ප්‍රකාශ කරන්නෙමි යන අර්‍ත්‍ථයි.
Pali BJT16. “තං” ති පාතිමොක්ඛං වුච්චති.
Sinhala BJT16. “තං” යි ප්‍රාතිමෝක්‍ෂය කියනු ලැබේ.
Pali BJT17. “සබ්බෙව සන්තා” ති යාවතිකා තස්සා පරිසාය ථෙරා ච නවා ච මජ්ඣිමා ච, එතෙ වුච්චන්ති සබ්බෙව සන්තා ති.
Sinhala BJT17. “සබ්බේව සන්තා” යනු ඒ සඟපිරිසෙහි ස්ථවිර නවක මධ්‍යම යම් පමණ භික්‍ෂූහු වෙත් ද, තෙල පැවිද්දෝ “සබ්බේව සන්තා” යි කියනු ලැබෙත්.
Pali BJT18. “සාධුකං සුණොමා” ති අට්ඨිකත්වා{3} මනසි කත්වා සබ්බචෙතසා{4} සමන්නාහරාම.
Sinhala BJT18. “සාධුකං සුණොම” යන්නෙහි – අර්‍ත්‍ථවත් කොට මෙනෙහි කොට මුළු හිතින් සලකමු යන අර්‍ත්‍ථයි.
Pali BJT19. “මනසි කරොමා” ති එකග්ගචිත්තා අවික්ඛිත්තචිත්තා අවිසාහටචිත්තා නිසාමෙම.
Sinhala BJT19. “මනසි කරෝම” යන්නෙහි – ප්‍රයෝජන සලකා මෙනෙහි කොට මුළු හිතින් මනා කොට ගණිමු යන අර්‍ත්‍ථයි.
Pali BJT20. “යස්ස සියා ආපත්තී” ති ථෙරස්ස වා නවස්ස වා මජ්ඣිමස්ස වා පඤ්චන්නං වා ආපත්තික්ඛන්ධානං අඤ්ඤතරා ආපත්ති. සත්තන්නං වා ආපත්තික්ඛන්ධානං අඤ්ඤතරා ආපත්ති.
Sinhala BJT20. “යස්ස සියා ආපත්ති” යන්නෙහි අර්‍ත්‍ථ නම් – තෙරනමකට හෝ නවකයකුට හෝ මධ්‍යමයකුට හෝ පඤ්චාපත්තිස්කන්‍ධයන් අතුරෙන් එක්තරා ඇවැතක් හෝ සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් එක්තරා ඇවැතක් වී නම් යනුයි.
Pali BJT21. “සො ආවීකරෙය්යා” ති සො දෙසෙය්ය, සො විවරෙය්ය, සො උත්තානිං කරෙය්ය, සො පකාසෙය්ය සඞ්ඝමජ්ඣෙ වා ගණමජ්ඣෙ වා එකපුග්ගලෙ වා.
Sinhala BJT21. “සො ආවීකරෙය්‍ය” යන්නෙහි අර්‍ත්‍ථ නම – ඒ භික්‍ෂු තෙමේ සඞ්ඝයා මැද හෝ ගණයා මැද හෝ එක් පුද්ගලයකු ඉදිරියෙහි හෝ දෙසන්නේ ය. ඒ භික්‍ෂු තෙමේ විවෘත කරන්නේ ය. ඒ භික්‍ෂු තෙමේ ප්‍රකට කරන්නේ ය. ඒ භික්‍ෂු තෙමේ ප්‍රකාශ කරන්නේ ය යනුයි.
Pali BJT22. “අසන්තී නාම ආපත්තී” අනජ්ඣාපන්නා වා හොති, ආපජ්ජිත්වා වා වුට්ඨිතා.
Sinhala BJT22. “අසන්තී නාම ආපත්ති” යනු, නො පැමිණියා වූ හෝ පැමිණ නැගී සිටියා වූ හෝ ඇවැතයි.
Pali BJT23. “තුණ්හී භවිතබ්බං” ති අධිවාසෙතබ්බං, න බ්යාහරිතබ්බං.
Sinhala BJT23. “තුණ්හී භවිතබ්බං” යනු ඉවසිය යුතු ය. කතා නො කළ යුතු ය යනුයි.
Pali BJT24. “පරිසුද්ධා ති වෙදිස්සාමී”ති ජානිස්සාමි. ධාරෙස්සාමි.
Sinhala BJT24. ‘පරිසුද්ධා ති වේදිස්සාමි” යනු දන්නෙමි, දරන්නෙමි යනුයි.
Pali BJT25. “යථා ඛො පන පච්චෙකපුට්ඨස්ස වෙය්යාකරණං හොතී” ති යථා එකෙන එකො පුට්ඨො බ්යාකරෙය්ය, එවමෙව{5} තස්සා පරිසාය ජානිතබ්බං මං පුච්ඡතී ති. එවරූපා නාම පරිසා භික්ඛුපරිසා වුච්චති.
Sinhala BJT25. “යථා ඛො පන පච්චේකපුට්ඨස්ස වෙය්‍යාකරණං හොති” යනු යම් සේ එකකු විසින් වෙන් වශයෙන් එකෙක් විචාරණ ලද්දේ වෙන් වශයෙන් ප්‍රකාශ කරන්නේ ද, එපරිද්දෙන් ඒ පිරිසෙහි හුන් සාපත්තික භික්‍ෂුහු විසින් “මා විචාරන්නේ ය” යි දත යුතු ය. මෙබඳු පිරිස නම් භික්ඛු පිරිස කියනු ලැබේ.
Pali BJT26. “යාවතතියං අනුසාවිතං හොතී” ති සකිම්පි අනුසාවිතං හොති. දුතියම්පි අනුසාවිතං හොති. තතියම්පි අනුසාවිතං හොති.
Sinhala BJT26. “යාවත්තියං අනුසාවිතං හොති” යනු එකවරකුත් අස්වන ලද්දේ වේ. දෙවනු ද අස්වන ලද්දේ වේ. තෙවනු ද අස්වන ලද්දේ වේ යනුයි.
Pali BJT27. “සරමානො” ති ජානමානො සඤ්ජානමානො.
Sinhala BJT27. “සරමානෝ” යනු දන්නේ, මනා කොට දන්නේ යනුයි.
Pali BJT28. “සන්තී නාම ආපත්ති” අජ්ඣාපන්නා වා හොති. ආපජ්ජිත්වා වා අවුට්ඨිතා.
Sinhala BJT28. “සන්තී නාම ආපත්ති” යනු පැමිණියා වූ හෝ පැමිණ නො නැගී සිටියා වූ හෝ ඇවැතයි.
Pali BJT29. “නාවීකරෙය්යා” ති න දෙසෙය්ය. න විවරෙය්ය. න උත්තානී කරෙය්ය, න පකාසෙය්ය සඞ්ඝමජ්ඣෙ වා ගණමජ්ඣෙ වා එකපුග්ගලෙ වා.
Sinhala BJT29. ‘නාවීකරෙය්‍ය” යනු සඞ්ඝයා මැද හෝ ගණයා මැද හෝ එක් පුද්ගලයකු වෙත හෝ නො දෙසන්නේ ය, විවෘත නො කරන්නේ ය, ප්‍රකට නො කරන්නේ ය, ප්‍රකාශ නො කරන්නේ ය යනුයි.
Pali BJT30. “සම්පජානමුසාවාදස්ස හොතී” ති. සම්පජානමුසාවාදෙ{1} කිං හොති? දුක්කටං හොති.
Sinhala BJT30. “සම්පජානමුසාවාදස්ස හොති” මෙහි දැන දැන. බොරු කීමෙහි කිනම් ඇවැතක් වේ ද? දුකුළා ඇවැත් වේ.
Pali BJT31. “අන්තරායිකො ධම්මො වුත්තො භගවතා”ති. කිස්ස අන්තරායිකො? පඨමස්ස ඣානස්ස අධිගමාය අන්තරායිකො. දුතියස්ස ඣානස්ස අධිගමාය අන්තරායිකො. තතියස්ස ඣානස්ස අධිගමාය අන්තරායිකො. චතුත්ථස්ස ඣානස්ස අධිගමාය අන්තරායිකො. ඣානානං විමොක්ඛානං සමාධීනං සමාපත්තීනං නෙක්ඛම්මානං නිස්සරණානං පවිවෙකානං කුසලානං ධම්මානං අධිගමාය අන්තරායිකො.
Sinhala BJT31. “අන්තරායිකො ධම්මේ වුත්තො භගවතා.” මෙහි කුමකට අන්තරායකර වේ ද? ප්‍රථමධ්‍යානය ලැබීමට අන්තරායකර වේ. ද්විතීයධ්‍යානය ලැබීමට අන්තරායකර වේ. තාතීයධ්‍යානය ලැබීමට අන්තරායකර වේ. චතුර්‍ත්‍ථධ්‍යානය ලැබීමට අන්තරායකර වේ. ධ්‍යාන– විමොක්ඛ– සමාධි– සමාපත්ති– නෙක්ඛම්ම– නිස්සරණ– පවිවේක යන මේ කුශලධර්‍ම ලැබීමට අන්තරයාකර වේ.
Pali BJT32. “තස්මා” ති තංකාරණා.
Sinhala BJT32. “තස්මා” – ‘ඒ හේතුවෙන්’ යනුයි.
Pali BJT33. “සරමානෙනා” ති ජානමානෙන සඤ්ජානමානෙන.
Sinhala BJT33. “සරමානෙන” – දන්නහු විසින්, මනා කොට දන්නහු විසින් යනුයි.
Pali BJT34. “විසුද්ධාපෙක්ඛෙනා” ති වුට්ඨාතුකාමෙන විසුජ්ඣිතුකාමෙන.
Sinhala BJT34. “විසුද්ධාපෙක්ඛන” – නැගී සිටිනු කැමැත්තහු විසින් – ඇවැතින් පිරිසිදු වනු කැමැත්තහු විසින් යනුයි.
Pali BJT35. “සන්තී නාම ආපත්ති” අජ්ඣාපන්නා වා හොති, ආපජ්ජිත්වා වා අවුට්ඨිතා.
Sinhala BJT35. “සන්තී නාම ආපත්ති” යනු පැමිණියා වූ හෝ පැමිණ නො නැගී සිටියා වූ හෝ ඇවැතයි.
Pali BJT36. “ආවීකාතබ්බා” ති ආවීකාතබ්බා සඞ්ඝමජ්ඣෙ වා ගණමජ්ඣෙ වා එකපුග්ගලෙ වා.
Sinhala BJT36. “ආවීකාතබ්ඛා” – සඞ්ඝයා මැද හෝ ගණයා මැද හෝ එක් පුද්ගලයකු වෙත හෝ ප්‍රකාශ කළ යුතු ය යනුයි.
Pali BJT37. “ආවීකතා හිස්ස ඵාසු හොතී” ති. කිස්ස ඵාසු හොති? පඨමස්ස ඣානස්ස අධිගමාය ඵාසු හොති. දුතියස්ස ඣානස්ස අධිගමාය ඵාසු හොති. තතියස්ස ඣානස්ස අධිගමාය ඵාසු හොති, චතුත්ථස්ස ඣානස්ස අධිගමාය ඵාසු හොති. ඣානානං විමොක්ඛානං සමාධීනං සමාපත්තීනං නෙක්ඛම්මානං නිස්සරණානං පවිවෙකානං කුසලානං ධම්මානං අධිගමාය ඵාසු හොතී ති.
Sinhala BJT37. “ආවීකතා හිස්ස ඵාසු හොති” මෙහි කුමකට පහසු වේ ද? ප්‍රථමධ්‍යානය ලැබීමට පහසු වේ. ද්විතීයධ්‍යානය ලැබීමට පහසු වේ. තෘතීයධ්‍යානය ලැබීමට පහසු වේ. චතුර්‍ත්‍ථධ්‍යානය ලැබීමට පහසු වේ. ධ්‍යානවිමොක්ඛ– සමාධි– සමාපත්ති – නෙක්ඛම්ම – නිස්සරණ – පවිවේක – යන මේ කුශලධර්‍ම ලැබීමට පහසු වේ.
Pali BJT38. තෙන ඛො පන සමයෙන භික්ඛූ “භගවතා පාතිමොක්ඛුද්දෙසො අනුඤ්ඤාතො” ති දෙවසිකං පාතිමොක්ඛං උද්දිසන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, දෙවසිකං පාතිමොක්ඛං උද්දිසිතබ්බං. යො උද්දිසෙය්ය, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ, උපොසථෙ පාතිමොක්ඛං උද්දිසිතු”න්ති.
Sinhala BJT38. එකල්හි භික්‍ෂූහු “භාග්‍යවතුන් වහන්සේ විසින් පාමොක් උදෙසීම අනුදන්නා ලදැ” යි දින පතා පාමොක් උදෙසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දින පතා පාමොක් නො උදෙසිය යුතු ය. යමෙක් උදෙසන්නේ නම්; දුකුළාඇවැත් වේ. මහණෙනි, පොහෝ දිනයෙහි පාමොක් උදෙසන්නට අනුදනිමි.”
Pali BJT39. තෙන ඛො පන සමයෙන භික්ඛූ “භගවතා උපොසථෙ පාතිමොක්ඛුද්දෙසො අනුඤ්ඤාතො” ති පක්ඛස්ස තික්ඛත්තුං පාතිමොක්ඛං උද්දිසන්ති චාතුද්දසෙ පණ්ණරසෙ අට්ඨමියා ච පක්ඛස්ස. භගවතො එතමත්ථං ආරොචෙසුං. න භික්ඛවෙ පක්ඛස්ස තික්ඛත්තුං පාතිමොක්ඛං උද්දිසිතබ්බං. යො උද්දිසෙය්ය, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ, සකිං පක්ඛස්ස චාතුද්දසෙ වා පණ්ණරසෙ වා පාතිමොක්ඛං උද්දිසිතු”න්ති.
Sinhala BJT39. එකල්හි භික්‍ෂූහු “භාග්‍යවතුන් වහන්සේ විසින් උපෝසථදිනයෙහි පාමොක් උදෙසීම අනුදන්නාලදැ” යි තුදුස්වක්හි ද පසළොස්වක්හි ද පක්‍ෂයේ අටවක්හි දැ යි පක්‍ෂයට තෙවරක් පාමොක් උදෙසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පක්‍ෂයට තෙවරක් පාමොක් නො උදෙසිය යුතු ය. යමෙක් උදෙසන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, පක්‍ෂයකට වරක් – තුදුස්වක්හි හෝ පසළොස්වක්හි හෝ පාමෙක් උදෙසන්නට අනුදනිමි”.
Pali BJT40. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ යථාපරිසාය පාතිමොක්ඛං උද්දිසන්ති සකාය සකාය පරිසාය. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, යථාපරිසාය පාතිමොක්ඛං උද්දිසිතබ්බං සකාය සකාය පරිසාය. යො උද්දිසෙය්ය, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ, සමග්ගානං උපොසථකම්ම”න්ති.
Sinhala BJT40. එකල්හි සවග භික්‍ෂූහු පිරිස් අනු ව සිය සිය පිරිස්හි පාමොක් උදෙසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පිරිස් අනු ව සිය සිය පිරිස්හි පාමොක් නො උදෙසිය යුතු ය. යමෙක් උදෙසන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, සමගි වූවන්ගේ පෙහෙවස් කර්‍මය අනුදනිමි”.
Pali BJT41. අථ ඛො භික්ඛූනං එතදහොසි: “භගවතා පඤ්ඤත්තං සමග්ගානං උපොසථකම්මන්ති. කිත්තාවතා නු ඛො සාමග්ගි හොති යාවතා එකාවාසො? උදාහු සබ්බා පුථුවී”ති?{1} භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, එත්තාවතා සාමග්ගී යාවතා එකාවාසො”ති.
Sinhala BJT41. එකල්හි භික්‍ෂූන්ට “භාග්‍යවතුන් වහන්සේ විසින් සමගි වූවන්ට පෙහෙවස්කම් අනුදන්නා ලද්දේ ය. සමගිය කෙතෙක් ද? එක් ආවාසයක් තෙක් ද? නොහොත් මුළුපොළොව දැ?” යි සිත් විය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, (සීමාවට රැස් වූ) ඒකාවාසය යම් තාක් ද සමගිය එපමණ ය යි අනුදනිමි”.
Pali BJT42. තෙන ඛො පන සමයෙන ආයස්මා මහාකප්පිනො රාජගහෙ විහරති මද්දකුච්ඡිම්හි මිගදායෙ. අථ ඛො ආයස්මතො මහාකප්පිනස්ස රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “ගච්ඡෙය්යං වාහං උපොසථං? න වා ගච්ඡෙය්යං? ගච්ඡෙය්යං වාහං සඞ්ඝකම්මං? න වා ගච්ඡෙය්යං? අථ ඛ්වාහං විසුද්ධො පරමාය විසුද්ධියා”ති.
Sinhala BJT42. එකල්හි ආයුෂ්මත් මහාකප්පින ස්ථවිරයන් වහන්සේ රජගහනුවර මිගදාය නම් මද්දකුච්ඡියෙහි වැඩ වසති. එහි එකලා ව විවේකයෙන් හුන් ආයුෂ්මත් මහාකප්පින ස්ථවිරයන් වහන්සේට “මම පොහොය කිරීමට යන්නෙම් ද? නො යන්නෙම් ද? සඞ්ඝකර්‍මයට යන්නෙම් ද? නො යන්නෙම් ද? ගියත් නොගියත් මම උතුම් වූ පිරිසිදු බැවින් පිරිසිදුබැව් ඇත්තේ වෙමි” යි සිත් වි ය.
Pali BJT43. අථ ඛො භගවා ආයස්මතො මහාකප්පිනස්ස චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය – සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං{2} වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙව ගිජ්ඣකූටෙ පබ්බතෙ අන්තරහිතො මද්දකුච්ඡිස්මිං මිගදායෙ ආයස්මතො මහාකප්පිනස්ස පමුඛෙ{3} පාතුරහොසි. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. ආයස්මාපි ඛො මහාකප්පිනො භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං මහාකප්පිනං භගවා එතදවොච:
Sinhala BJT43. එකල්හි භාග්‍යවතුන් වහන්සේ තම සිතින් ආයුෂ්මත් මහාකප්පින ස්ථවිරයන් වහන්සේගේ සිත දැන බලවත් පුරුෂයෙක් තෙමේ හැකිළූ, අතක් යම් සේ දිගු කරන්නේ වේ ද, දිගු කළ අතක් යම් සේ හකුළන්නේ වේ ද, එපරිද්දෙන් (ඉතා වහා) ගිජුකුළුපව්වෙහි අතුරුදහන් වූසේක් මෘගදාය නම් වූ මද්දකුච්ජියෙහි ආයුෂ්මත් මහාකප්පින ස්ථවිරයන් වහන්සේගේ ඉදිරියෙහි පහළ වූ සේක. පැණවූ අසුනෙහි වැඩ හුන් සේක. ආයුෂ්මත් මහාකප්පින ස්ථවිරයන් වහන්සේ ද භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක හුන්සේක. පසෙක හුන් ආයුෂ්මත් මහාකප්පින ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:–
Pali BJT44. “නනු තෙ කප්පින, රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි? ගච්ඡෙය්යං වාහං උපොසථං? න වා ගච්ඡෙය්යං? ගච්ඡෙය්යං වාහං සඞ්ඝකම්මං? න වා ගච්ඡෙය්යං? අථ ඛ්වාහං විසුද්ධො පරමාය විසුද්ධියා”ති? “එවං, භන්තෙ”. “තුම්හෙ චෙ බ්රාහ්මණා උපොසථං න සක්කරිස්සථ, න ගරු කරිස්සථ, න මානෙස්සථ, න පූජෙස්සථ, අථ කො චරහි උපොසථං සක්කරිස්සති? ගරු කරිස්සති? මානෙස්සති? පූජෙස්සති? ගච්ඡ ත්වං, බ්රාහ්මණ, උපොසථං. මා නො අගමාසි. ගච්ඡෙව සඞ්ඝකම්මං මා නො අගමාසී”ති. “එවම්භන්තෙ”ති ඛො ආයස්මා මහාකප්පිනො භගවතො පච්චස්සොසි.
Sinhala BJT44. “කප්පිනය, එකලා ව විවේකයෙන් හුන් ඔබට ‘මම පොහොය කිරීමට යන්නෙම් දෝ හෝ නො යන්නෙම් දෝ හෝ සඞ්ඝකර්‍මයට යන්නෙම් දො හෝ නො යන්නෙම් දෝ – ගියත් නො ගියත් මම උතුම් පිරිසිදු බැවින් පිරිසිදු වූයේ වෙමි’ යි මෙබඳු සිතක් වූයේ නො වේ දැ” යි. “ස්වාමීනි, එසේ ය” යි කී කල්හි “රහත් වූ තෙපි උපෝසථයට සත්කාර නො කරන්නහු නම්, ගරු නො කරන්නහු නම්, නො පුදන්නහු නම්, එකල්හි කවරෙක් උපෝසථයට සත්කාර කරන්නේ ද? ගරු කරන්නේ ද? බුහුමන් කරන්නේ ද? පුදන්නේ ද? බ්‍රාහ්මණය, උපෝසථයට යව. නො යන්නෙහි නො ව. සඞ්ඝකර්‍මයට යව. නො යන්නෙහි නො ව” යි වදාළ සේක. ආයුෂ්මත් මහාකප්පින ස්ථවිරයන් වහන්සේ “ස්වාමීනි, එසේ ය” යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.
Pali BJT45. අථ ඛො භගවා ආයස්මන්තං මහාකප්පිනං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙව මද්දකුච්ඡිම්හි මිගදායෙ ආයස්මතො මහාකප්පිනස්ස පමුඛෙ අන්තරහිතො ගිජ්ඣකූටෙ පබ්බතෙ පාතුරහොසි.
Sinhala BJT45. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහාකප්පින ස්ථවිරයන් වහන්සේට දැහැමිකතාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා බලවත් පුරුෂයෙක් තෙමේ හැකිළූ අතක් යම් සේ දිගු කරන්නේ වේ ද, දිගු කළ අතක් යම් සේ හකුළන්නේ වේ ද, එපරිද්දෙන් මිගදාය නම් මද්දකුච්ජියෙහි ආයුෂ්මත් මහාකප්පින ස්ථවිරයන් වහන්සේගේ ඉදිරියෙහි අතුරුදහන් වූ සේක් ගිජුකුළුපව්වෙහි පහළ වූ සේක.
Pali BJT46. අථ ඛො භික්ඛූනං එතදහොසි: “භගවතා පඤ්ඤත්තං එත්තාවතා සාමග්ගි යාවතා එකාවාසො ති. කිත්තාවතා නු ඛො එකාවාසො හොතී?”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, සීමං සම්මන්නිතුං. එවං ච පන භික්ඛවෙ, සම්මන්නිතබ්බා. පඨමං නිමිත්තා කිත්තෙතබ්බා – පබ්බතනිමිත්තං පාසාණනිමිත්තං වනනිමිත්තං රුක්ඛනිමිත්තං, මග්ගනිමිත්තං වම්මිකනිමිත්තං නදීනිමිත්තං උදකනිමිත්තං. නිමිත්තෙ කිත්තෙත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT46. එකල්හි භික්‍ෂූන්ට “භාග්‍යවතුන් වහන්සේ විසින් ඒකවාසය යම් තාක් ද, සමගිය ඒ තාක් ය යි පණවන ලදී. කොපමණකින් ඒකවාසය වේ දැ” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. උන්වහන්සේ (මෙසේ වදාළසේක). “මහණෙනි, සීමාව සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ සම්මත කළ යුතු ය. පබ්බත නිමිත්ත– පාසාණ නිමිත්ත– වන නිමිත්ත– රුක්ඛ නිමිත්ත– මග්ග නිමිත්ත– වම්මික නිමිත්ත– නදී නිමිත්ත (යන මේ) නිමිති පළමු කොට කීර්‍තනය කළ යුතු ය. නිමිති කීර්‍තනය කොට ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන් විය යුත්තේ ය.
Pali BJT47. “සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො. යාවතා සමන්තා නිමිත්තා කිත්තිතා, යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො එතෙහි නිමිත්තෙහි සීමං සම්මන්නෙය්ය සමානසංවාසං එකූපොසථං එසා ඤත්ති.”
Sinhala BJT47. “ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. හාත්පස යම් පමණ නිමිති කීර්‍තනය කරණ ලද ද, ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ මේ නිමිතිවලින් සමානසංවාස වූ ඒකූපෝසථ වූ සීමාවක් සම්මත කරන්නේ ය. මේ දැන්වීම ය.”
Pali BJT“සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො. යාවතා සමන්තා නිමිත්තා කිත්තිතා, සඞ්ඝො එතෙහි නිමිත්තෙහි සීමං සම්මන්නති සමානසංවාසං එකූපොසථං. යස්සායස්මතො ඛමති එතෙහි නිමිත්තෙහි සීමාය සම්මුති{1} සමානසංවාසාය එකූපොසථාය, සො තුණ්හස්ස යස්ස නක්ඛමති, සො භාසෙය්ය. සම්මතා සීමා සඞ්ඝෙන එතෙහි නිමිත්තෙහි සමානසංවාසා එකූපොසථා. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJT“ස්වාමීනි, සඞ්ඝ තෙම් මාගේ වචනය අසාවා. හාත්පස යම් පමණ නිමිති කීර්‍තනය කරණ ලද ද, සඞ්ඝ තෙමේ මේ නිමිතිවලින් සමාන සංවාස වූ ඒකූපෝසථ වූ සීමාවක් සම්මත කරයි. යම් ආයුෂ්මතෙකුහට මේ නිමිතිවලින් සමාන සංවාස වූ ඒකූපෝසථ වූ සීමාව සම්මත කිරීම රුචි වේ නම්, හෙ තෙමේ තුෂ්ණිම්භූත වේවා. යමකුහට රුචි නො වේ නම්, හෙතෙමේ කියාවා. සඞ්ඝයා විසින් මේ නිමිතිවලින් සමාන සංවාස වූ ඒකූපෝසථ වූ සීමාව සම්මත කරණ ලද්දී ය. සඞ්ඝයාට එය රුචි වේ. එහෙයින් තුෂ්ණීම්භූත වේ. මෙය මෙසේ දරමි” යි.
Pali BJT48. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ “භගවතා සීමාසම්මුති අනුඤ්ඤාතා”ති – අතිමහතියො සීමායො සම්මන්නන්ති චතුයොජනිකාපි පඤ්චයොජනිකාපි ඡයොජනිකාපි. භික්ඛූ උපොසථං ආගච්ඡන්තා උද්දිසමානෙපි පාතිමොක්ඛෙ ආගච්ඡන්ති. උද්දිට්ඨමත්තෙපි ආගච්ඡන්ති. අන්තරාපි පරිවසන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ අතිමහතී සීමා සම්මන්නිතබ්බා, චතුයොජනිකා වා පඤ්චයොජනිකා වා ඡයොජනිකා වා. යො සම්මන්නෙය්ය, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ, තියොජනපරමං සීමං සම්මන්නිතු”න්ති.
Sinhala BJT48. එකල්හි සවග භික්‍ෂූහු – ‘භාග්‍යවතුන් වහන්සේ විසින් සීමා සම්මත කිරීම අනුදන්නා ලදැ” යි සිවු යොදුන් පමණ වූ ද පස් යොදුන් පමණ වූ ද සයොදුන් පමණ වූ ද ඉතා මහත් සීමා සම්මත කරත්. භික්‍ෂූහු උපෝසථයට එන්නෝ පාමොක් උදෙසනු ලබන කල්හි ද එත්. පාමොක් උදෙසූ ඇසිල්ලෙහි ද එත්. අතර ද රැඳෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සිවු යොදුන් පමණ වූත් පස් යොදුන් පමණ වූත් සයොදුන් පමණ වූත් ඉතා මහත් සීමා සම්මත නො කට යුතු ය. යමෙක් සම්මත කරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, තුන් යොදුන පරම කොට ඇති සීමා සම්මත කිරීමට අනුදනිමි” යි.
Pali BJT49. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ නදීපාරං සීමං{2} සම්මන්නන්ති. උපොසථං ආගච්ඡන්තා භික්ඛූපි වුය්හන්ති. පත්තාපි වුය්හන්ති. චීවරානිපි වුය්හන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, නදීපාරං සීමා සම්මන්නිතබ්බා. යො සම්මන්නෙය්ය, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි, භික්ඛවෙ, යත්ථස්ස ධුව නාවා වා ධුව සෙතු වා, එවරූපං නදීපාරසීමං සම්මන්නිතු”න්ති.
Sinhala BJT49. එකල්හි සවග භික්‍ෂූහු නදිය මැදි කොට දෙගංඉවුරෙහි සීමා සම්මත කෙරෙත්, උපෝසථයට එන්නා වූ භික්‍ෂූහු ද (ගඟදියෙන්) ගසා ගෙණ යනු ලැබෙත්. පාත්‍ර ද ගසා ගෙණ යනු ලැබේ. සිවුරු ද ගසා ගෙණ යනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, නදිය යට කොට සිටි සීමා සම්මත නො කළ යුතු ය. යමෙක් සම්මත කරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, යම් තැනෙක නිතර හැසිරෙණ නැවක් හෝ නිතර තිබෙන හෙයක් හෝ වන්නේ ද, එබඳු වූ නදීපාර සීමාව සම්මත කරන්නට අනුදනිමි” යි.
Pali BJT50. තෙන ඛො පන සමයෙන භික්ඛූ අනුපරිවෙණියං පාතිමොක්ඛං උද්දිසන්ති. අසඞ්කෙතෙන ආගන්තුකා භික්ඛූ න ජානන්ති: “කත්ථ වා අජ්ජුපොසථො කරීයිස්සතී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, අනුපරිවෙණියං පාතිමොක්ඛං උද්දිසිතබ්බං අසඞ්කෙතෙන. යො උද්දිසෙය්ය, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ, උපොසථාගාරං සම්මන්නිත්වා උපොසථං කාතුං, යං සඞ්ඝො ආකඞ්ඛති විහාරං වා අඩ්ඪයොගං වා පාසාදං වා හම්මියං වා ගුහං වා. එවඤ්ච පන භික්ඛවෙ, සම්මන්නිතබ්බං. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT50. එකල්හි භික්‍ෂූහු පිරිවෙණක් (=පන්සලක්) පාසා සීමා ලකුණු නො කොට පාමොක් උදෙසත්. ආගන්තුක භික්‍ෂූහු “අද උපෝසථය කො තැන්හි කරණු ලැබේ දැ” යි නො දනිත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ලකුණු නො තබා පිරිවෙණක් පාසා පාමොක් නො උදෙසිය යුතු ය. යමෙක් උදෙසන්නේ නම් දුකුළා ඇවැත් වේ. මහණෙනි, සඞ්ඝ තෙමේ වෙහෙරක් හෝ ගුරුළුපියාපත් වැනි පියසි ඇති ගෙයක් හෝ පහයක් හෝ සඳලු සහිත ගෙයක් හෝ ගුහාවක් හෝ කැමැති නම්, විහාරාදි එබඳු ගෙයක් පොහෝගෙයක් කොට සම්මත කර පොහොය කරන්නට අනුදනිමි. මහණෙනි, එය මෙසේ සම්මත කළ යුතු ය. ව්‍යක්ත ප්‍රතිකාල භික්‍ෂුනමක් විසින් සඞ්ග තෙමේ (පළමු කොට) දැන්විය යුතු ය:
Pali BJT51. “සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමං විහාරං උපොසථාගාරං සම්මන්නෙය්ය. එසා ඤත්ති.”
Sinhala BJT51. “සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝයාට පැමිණ කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ මෙ නම් විහාරය පොහෝගෙයක් කොට සම්මත කරන්නේ ය. මේ දැන්වීම යි.”
Pali BJT“සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමං විහාරං උපොසථාගාරං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස විහාරස්ස උපොසථාගාරස්ස සම්මුති, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.”
Sinhala BJT“සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙ නම් විහාරය පොහෝගෙයක් කොට සම්මත කරයි. යම් ආයුෂ්මතෙකුහට මෙ නම් විහාරයාගේ උපෝසථාගාරසම්මුතිය රුචි වේ නම්, හෙ තෙමේ තුෂ්ණිම්භූත වේවා. යමකුට රුචි නො වේ නම්, හෙ තෙමේ කියාවා.‘
Pali BJT“සම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො විහාරො උපොසථාගාරං. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJT“සඞ්ඝයා විසින් මෙ නම් විහාරය උපෝසථාගාරයක් කොට සම්මත කරණ ලද්දේ ය. සඞ්ඝයාට රුචි වේ. එහෙයින් නිශ්ශබ්ද වේ. මෙය මෙසේ දරමි” යි.
Pali BJT52. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්මිං ආවාසෙ ද්වෙ උපොසථාගාරානි සම්මතානි හොන්ති. භික්ඛූ උභයත්ථ සන්නිපතන්ති “ඉධ උපොසථො කරීයිස්සති. ඉධ උපොසථො කරීයිස්සතී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, එකස්මිං ආවාසෙ ද්වෙ උපොසථාගාරානි සම්මන්නිතබ්බානි. යො සම්මන්නෙය්ය, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ, එකං සමූහනිත්වා{1} එකත්ථ උපොසථං කාතුං. එවඤ්ච පන භික්ඛවෙ, සමූහන්තබ්බං. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT52. එකල්හි එක්තරා ආවාසයෙක පොහෝ ගෙවල් දෙකක් සම්මත කරණ ලද්දේ ය. භික්‍ෂූහු “මෙහි පොහොය කරණු ලබන්නේ ය. මෙහි පොහොය කරණු ලබන්නේ ය” යි දෙ තැන්හි රැස් වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, එක ආවාසයෙක පොහෝ ගෙවල් දෙකක් සම්මත නො කළ යුතු ය. යමෙක් සම්මත කරන්නේ නම්, දුකුළා ඇවැත් වේ. මහණෙනි, එක් පොහෝගෙයක් උදුරා එක් තැනෙක පොහොය කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ ඉදිරිය යුතු ය. ව්‍යක්ත ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන් විය යුතු ය:
Pali BJT53. “සුණාතු මෙ, භන්තෙ, සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමං උපොසථාගාරං සමූහනෙය්ය එසා ඤත්ති.
Sinhala BJT53. “සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට කල් පැමිණියේ නම්, සඞ්ඝ තෙමේ මෙ නම් ඇති පොහෝගෙය උදුරන්නේ ය. මේ දැන්වීම යි.”
Pali BJTසුණාතු මෙ භන්තෙ, සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමං උපොසථාගාරං සමූහන්ති.{2} යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස උපොසථාගාරස්ස සමුග්ඝාතො, සො තුණ්හස්ස. යස්ස න ක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJT“සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙ නම් ඇති පොහෝගෙය උදුරාලයි. යම් ආයුෂ්මතෙකුහට මෙ නම් ඇති පොහෝගෙය උදුරාලීම රුචි වේ නම්, හෙ තෙමේ තුෂ්ණීම්භූත වේවා. යමෙකුට රුචි නො වේ නම් හෙ තෙමේ කියාවා.”
Pali BJTසමූහතං සඞ්ඝෙන ඉත්ථන්නාමං උපොසථාගාරං. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJT“සඞ්ඝයා විසින් මෙ නම් ඇති පොහෝගෙය උදුරණ ලද්දේ ය. සඞ්ඝයාට රුචි වේ. එහෙයින් තුෂ්ණිම්භූත වේ. මෙය මෙසේ දරමි” යි.
Pali BJT54. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්මිං ආවාසෙ අතිඛුද්දකං උපොසථාගාරං සම්මතං හොති. තදහුපොසථෙ මහාභික්ඛුසඞ්ඝො සන්නිපතිතො හොති. භික්ඛූ අසම්මතාය භූමියා නිසින්නා පාතිමොක්ඛං අස්සොසුං. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි: “භගවතා පඤ්ඤත්තං උපොසථාගාරං සම්මන්නිත්වා උපොසථො කාතබ්බො ති. මයඤ්චම්හ අසම්මතාය භූමියා නිසින්නා පාතිමොක්ඛං අස්සොසුම්හා{1}. කතො නු ඛො අම්හාකං උපොසථො? අකතො නු ඛො?”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT54. එකල්හි එක්තරා ආවාසයෙක ඉතා කුඩා වූ පොහෝගෙයක් සම්මත කරණ ලද්දේ ය. එදවස පොහෝදිනයෙහි මහාභික්‍ෂුසඞ්ඝ තෙමේ රැස් වූයේ වේ. භික්‍ෂූහු සම්මත නො කළ බිම හුන්නාහු පාමොක් උදෙසුම් ඇසූහ. එකල්හි ඒ භික්‍ෂූන්ට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පොහෝගෙයක් සම්මත කොට පොහොය කළ යුතු ය’ යි පණවන ලද්දේ ය. අපි ද සම්මත නො කළ බිම හුන්නමෝ පාමොක් උදෙසීම් ඇසූමු. (එහෙයින්) අප විසින් පොහොය කරණ ලද්දේ ද? නො කරණ ලද්දේ දැ?” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.
Pali BJT“සම්මතාය වා භික්ඛවෙ, භූමියා නිසින්නො{2} අසම්මතාය වා යතො පාතිමොක්ඛං සුණාති, කතොවස්ස උපොසථො. තෙන හි භික්ඛවෙ, සඞ්ඝො යාවමහන්තං උපොසථපමුඛං{3} ආකඞ්ඛති, තාවමහන්තං උපොසථපමුඛං සම්මන්නතු. එවඤ්ච පන භික්ඛවෙ, සම්මන්නිතබ්බං: පඨමං නිමිත්තා කිත්තෙතබ්බා{4}. නිමිත්තෙ කිත්තෙත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT“මහණෙනි, සම්මත කළ බිම හෝ සම්මත නො කළ බිම හෝ හුන්නේ පාමොක් උදෙසීම් අසා ද ඒ භික්‍ෂුහු විසින් පොහොය කරණ ලද්දේ ම වේ. මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ යම් පමණ මහත් වූ උපෝසථාගාර ආලින්‍දයක් කැමැති වේ නම් එ පමණ මහත් වූ උපෝසථාගාරආලින්‍දයක් සම්මත කෙරේවා. මහණෙනි, මෙසේ සම්මත කළ යුතු ය: පළමු කොට නිමිති කීර්‍තනය කළ යුතු ය. නිමිති කීර්‍තනය කොට ව්‍යක්ත ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය:
Pali BJT55. “සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො. යාවතා සමන්තා නිමිත්තා කිත්තිතා, යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො එතෙහි නිමිත්තෙහි උපොසථපමුඛං සම්මන්නෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT55. “ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. යම් පමණ හාත්පස නිමිති කීර්‍තනය කරණ ලද ද, සඞ්ඝයාට කල් පැමිණියේ නම්, සඞ්ඝ තෙමේ මේ නිමිතිවලින් උපෝසථගාරආලින්‍දයක් සම්මත කරන්නේ ය මේ දැන්වීම ය.”
Pali BJT“සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො. යාවතා සමන්තා නිමිත්තා කිත්තිතා, සඞ්ඝො එතෙහි නිමිත්තෙහි උපොසථපමුඛං සම්මන්නති. යස්සායස්මතො ඛමති එතෙහි නිමිත්තෙහි උපොසථපමුඛස්ස සම්මුති, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJT“ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. යම් පමණ හාත්පස නිමිති කීර්‍තනය කරණ ලද ද, සඞ්ඝ තෙමේ මේ නිමිති වලින් උපෝසථාගාරආලින්‍දයක් සම්මත කරයි. යම් ආයුෂ්මතෙකුහට මේ නිමිතිවලින් උපෝසථාගාරආලින්‍දයාගේ සම්මුතිය රුචි වේ නම් හෙ තෙමේ තුෂ්ණීම්භූත වේවා. යමෙකුට රුචි නො වේ නම්, හෙ තෙමේ කියාවා.
Pali BJT“සම්මතං සඞ්ඝෙන එතෙහි නිමිත්තෙහි උපොසථපමුඛං. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJT“සඞ්ඝයා විසින් මේ නිමිතිවලින් උපෝසථාගාරආලින්‍දයෙක් සම්මත කරණ ලද්දේ ය. සඞ්ඝයාට රුචි වේ. එහෙයින් තුෂ්ණිම්භූත වේ. මෙය මෙසේ දරමි” යි.
Pali BJT56. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ නවකා භික්ඛූ පඨමතරං සන්නිපතිත්වා “න තාව ථෙරා ආගච්ඡන්තී”ති පක්කමිංසු. උපොසථො විකලො{5} අහොසි. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, තදහුපොසථෙ ථෙරෙහි භික්ඛූහි පඨමතරං සන්නිපතිතු”න්ති.
Sinhala BJT56. එකල්හි එක්තරා ආවාසයෙක එ දවස පොහොයෙහි නවක භික්‍ෂූහු පළමු කොට රැස් වී “ස්ථවිරයන් වහන්සේලා ඒ තාක් නො එත්” යි නික්ම ගියහ. උපෝසථය අසම්පූර්‍ණ වූයෝ ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. උන්වහන්සේ “මහණෙනි, එ දවස පොහොයෙහි පළමු කොට ස්ථවිරභික්‍ෂූන් රැස් වීමට අනුදනිමි” යි.
Pali BJT57. තෙන ඛො පන සමයෙන රාජගහෙ සම්බහුලා ආවාසා සමානසීමා හොන්ති. තත්ථ භික්ඛූ විවදන්ති: “අම්හාකං ආවාසෙ උපොසථො කරීයතු. අම්හාකං ආවාසෙ උපොසථො කරීයතූ”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “ඉධ පන භික්ඛවෙ, සම්බහුලා ආවාසා සමානසීමා හොන්ති. තත්ථ භික්ඛූ විවදන්ති: ‘අම්හාකං ආවාසෙ උපොසථො කරීයතු. අම්හාකං ආවාසෙ උපොසථො කරීයතූ’ති. තෙහි භික්ඛවෙ, භික්ඛූහි සබ්බෙහෙව එකජ්ඣං සන්නිපතිත්වා උපොසථො කාතබ්බො. යත්ථ වා පන ථෙරො භික්ඛු විහරති{6}, තත්ථ සන්නිපතිත්වා උපොසථො කාතබ්බො, නත්වෙව වග්ගෙන සඞ්ඝෙන උපොසථො කාතබ්බො. යො කරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT57. එකල්හි රජගහනුවර සම්මත සීමා ඇති බොහෝ ආවාසයෝ වෙති. ඒ ආවාසයන්හි වැසි භික්‍ෂූහු “අපගේ ආවාසයෙහි පොහොය කරණු ලැබේවා. අපගේ ආවාසයෙහි පොහොය කරණු ලැබේවා” යි විවාද කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මෙහි සමාන සීමා ඇති බොහෝ ආවාසයෝ වෙති. එහි වැසි භික්‍ෂූහු ‘අපගේ ආවාසයෙහි පොහොය කරණු ලැබේවා. අපගේ ආවාසයෙහි පොහොය කරණු ලැබේවා’ යි විවාද කෙරෙත්. මහණෙනි, ඒ සියලු භික්‍ෂූන් විසින් ම එක් තැනෙක්හි රැස් වී පොහොය කළ යුතු ය. ස්ථවිර භික්‍ෂු තෙමේ යම් ආවාසයෙක වෙසේ නම්, එ තැනට රැස් වී පොහොය කළ යුතු ය. වර්‍ග වූ සඞ්ඝයා විසින් පොහොය නො කළ යුත්තේ ම ය. යමෙක් කරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
Pali BJT58. තෙන ඛො පන සමයෙන ආයස්මා මහාකස්සපො අන්ධකවින්දා රාජගහං උපොසථං ආගච්ඡන්තො අන්තරාමග්ගෙ නදිං තරන්තො මනං වූළ්හො අහොසි. චීවරානිස්ස අල්ලානි. භික්ඛූ ආයස්මන්තං මහාකස්සපං එතදවොචුං: “කිස්ස තෙ ආවුසො චීවරානි අල්ලානී?”ති. “ඉදාහං ආවුසො අන්ධකවින්දා රාජගහං උපොසථං ආගච්ඡන්තො අන්තරාමග්ගෙ නදිං තරන්තො මනම්හි වූළ්හො. තෙන මෙ චීවරානි අල්ලානී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “යා සා භික්ඛවෙ, සඞ්ඝෙන සීමා සම්මතා සමානසංවාසා එකූපොසථා, සඞ්ඝො තං සීමං තිචීවරෙන අවිප්පවාසං සම්මන්නතු. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බා: ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT58. එකල්හි ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ අන්‍ධකවින්‍ද විහාරයෙන් රජගහ නුවරට උපෝසථය පිණිස එන්නාහු අතරමග දී නදියකින් එතෙර වනසේක් මදකින් ජලයෙන් ගසාගෙණ යන ලද්දෝ වූහ. (එයින්) උන්වහන්සේගේ සිවුරු තෙමුණේ ය. එකල්හි භික්‍ෂූහු ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේට “ඇවැත්නි, නුඹවහන්සේගේ සිවුරු කුමක් හෙයින් තෙමුනේ දැ?” යි ඇසූහ. “ඇවැත්නි, මම මෙහි අන්‍ධකවින්‍දවිහාරයේ සිට රජගහනුවර වේළුවනයට උපෝසථය පිණිස එන්නෙම් අතරමග ගඟෙන් එතෙර වන්නෙම් ජලයෙන් මදකින් ගසා ගෙණ යන ලද්දෙමි. එයින් මගේ සිවුරු තෙමුනේ ය” යි කීහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සඞ්ඝයා විසින් සමානසංවාස වූ ඒකූපෝසථ වූ යම් ඒ සීමාවක් සම්මත කරණ ලද ද සඞ්ඝතෙමේ ඒ සීමාව තුන් සිවුරෙන් අවිප්පවාසය යි{*} සම්මත කෙරේවා. මහණෙනි, ඒ මෙසේ සම්මත කළ යුතු ය. ව්‍යක්ත ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන් විය යුත්තේ ය:”
Pali BJT59. “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යා සා සඞ්ඝෙන සීමා සම්මතා සමානසංවාසා එකූපොසථා, යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො තං සීමං තිචීවරෙන අවිප්පවාසං සම්මන්නෙය්ය. එසා ඤත්ති.”
Sinhala BJT59. “සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝයා විසින් සමානසංවාස වූ ඒකුපෝසථ වූ යම් ඒ සීමාවක් සම්මත කරණ ලද ද, ඉදින් සඞ්ඝයාහට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ ඒ සීමාව තුන් සිවුරෙන් අවිප්පවාස ය යි සම්මත කරන්නේ ය. මේ දැන්වීම ය.
Pali BJT“සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො යා සා සඞ්ඝෙන සීමා සම්මතා සමාන සංවාසා එකූපොසථා, සඞ්ඝො තං සීමං තිචීවරෙන අවිප්පවාසං සම්මන්නති. යස්සායස්මතො ඛමති එතිස්සා සීමාය තිචීවරෙන අවිප්පවාසාය{1} සම්මුති, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය. සම්මතා සා සීමා සඞ්ඝෙන තිචීවරෙන අවිප්පවාසා{2} ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එව මෙතං ධාරයාමී”ති.
Sinhala BJT“සඞ්ඝතෙමේ මාගේ වචනය අසාවා: සඞ්ඝයා විසින් සමානසංවාස වූ ඒකුපෝසථ වූ යම් ඒ සීමාවක් සම්මත කරණ ලද ද, සඞ්ඝ තෙමේ ඒ සීමාව තුන්සිවුරෙන් අවිප්පපවාසය යි සම්මත කරයි. යම් ආයුෂ්මතෙකුහට තුන්සිවුරෙන් අවිප්පවාසසම්මුතිය රුචි වේ නම්, හෙතෙමේ තුෂ්ණීම්භූත වේවා. යමෙකුට රුචි නො වේ නම්, හෙ තෙමේ කියාවා. සඞ්ඝයා විසින් තුන්සිවුරෙන් ආවිප්පවාසය ඇති ඒ සීමාව සම්මත කරණ ලද්දී ය. සඞ්ඝයාට එය රුචි වේ. එහෙයින් තුෂ්ණිම්භූත වේ. මෙය මෙසේ දරමි” යි.
Pali BJT60. තෙන ඛො පන සමයෙන භික්ඛූ “භගවතා තිචීවරෙන අවිප්පවාසසම්මුති අනුඤ්ඤාතා”ති අන්තරඝරෙ චීවරානි නික්ඛිපන්ති. තානි චීවරානි නස්සන්තිපි ඩය්හන්තිපි උන්දූරෙහිපි ඛජ්ජන්ති. භික්ඛූ දුච්චොළා හොන්ති ලූඛචීවරා. භික්ඛූ එවමාහංසු: “කිස්ස තුම්හෙ ආවුසො, දුච්චොළා ලූඛචීවරා?”ති. “ඉධ මයං ආවුසො භගවතා තිචීවරෙන අවිප්පවාස සම්මුති අනුඤ්ඤාතාති අන්තරඝරෙ චීවරානි නික්ඛිපිම්හා . තානි චීවරානි නට්ඨානිපි. දඩ්ඪානිපි. උන්දූරෙහිපි ඛායිතානි. තෙන මයං දුච්චොළා ලූඛචීවරා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “යා සා භික්ඛවෙ, සඞ්ඝෙන සීමා සම්මතා සමානසංවාසා එකූපොසථා, සඞ්ඝො තං සීමං තිචීවරෙන අවිප්පවාසං සම්මන්නතු ඨපෙත්වා ගාමඤ්ච ගාමූපචාරඤ්ච. එවඤ්ච පන භික්ඛවෙ, සම්මන්නිතබ්බා. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT60. එකල්හි භික්‍ෂූහු “භාග්‍යවතුන් වහන්සේ විසින් තුන් සිවුරෙන් අවිප්පවාසය පිළිබඳ සම්මුතිය අනුදන්නා ලදැ” යි ගම තුළ සිවුරු බහා තබත්. (එයින්) ඒ චීවරයෝ නැසෙත්. ගින්නෙන් දැවෙත්. මීයන් විසිනු දු කැවෙත්. භික්‍ෂූහු අපිරිසිදු සිවුරු ඇත්තෝ රළු සිවුරු ඇත්තෝ වෙති. භික්‍ෂූහු “ඇවැත්නි, තෙපි කුමක් නිසා අපිරිසිදු සිවුරු ඇත්තෝ රළු සිවුරු ඇත්තෝ වහු දැ” යි ඇසූහ. “ඇවැත්නි, මෙහි අපි ‘භාග්‍යවතුන් වහන්සේ විසින් තුන්සිවුරෙන් අවිප්පවාසසම්මුතිය අනුදන්නා ලදැ’යි ගම තුළ සිවුරු බහා තැබුවෙමු. (එයින්) ඒ චීවරයෝ නැසුනාහ. (ගින්නෙන්) දැවුනාහ. මීයන් විසිනුත් කැවුනාහ. අපි අපිරිසිදු සිවුරු ඇත්තෝ රළු සිවුරු ඇත්තෝ වූම්හ” යි කීහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සඞ්ඝයා විසින් සමානසංවාස වූ ඒකූපෝසථ වූ යම් සීමාවක් සම්මත කරණ ලද ද, සඞ්ඝ තෙමේ ඒ සීමාව තුන් සිවුරෙන් අවිප්පවාසය ඇත්තක් කොට, ගම ද ගාමූපචාරය ද හැර, සම්මත කෙරේවා. මහණෙනි, ඒ මෙසේ සම්මත කළ යුතු ය. ව්‍යක්ත ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය:
Pali BJT61. “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: යා සා සඞ්ඝෙන සීමා සම්මතා සමානසංවාසා එකූපොසථා, යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො තං සීමං තිචීවරෙන අවිප්පවාසං සම්මන්නෙය්ය ඨපෙත්වා ගාමඤ්ච ගාමූපචාරඤ්ච. එසා ඤත්ති.”
Sinhala BJT61. ‘ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: සඞ්ඝයා විසින් සමානසංවාස වූ ඒකූපෝසථ වූ යම් ඒ සීමාවක් සම්මත කරණ ලද ද, ඉදින් සඞ්ඝයාහට කල් පැමිණියේ නම්, සඞ්ග තෙමේ ඒ සීමාව තුන් සිවුරෙන් අවිප්පවාස ඇත්තක් කොට ගමත් ගාමූපචාරයත් හැර සම්මත කරන්නේ ය. මේ දැන්වීම ය.”
Pali BJT“සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො: යා සා සඞ්ඝෙන සීමා සම්මතා සමානසංවාසා එකූපොසථා, සඞ්ඝො තං සීමං තිචීවරෙන අවිප්පවාසං සම්මන්නති ඨපෙත්වා ගාමඤ්ච ගාමූපචාරඤ්ච. යස්සායස්මතො ඛමති එතිස්සා සීමාය තිචීවරෙන අවිප්පවාසාය සම්මුති ඨපෙත්වා ගාමඤ්ච ගාමූපචාරඤ්ච, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.”
Sinhala BJT“ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝයා විසින් සමාන සංවාස වූ ඒකූපෝසථ වූ යම් ඒ සීමාවක් සම්මත කරණ ලද ද, සඞ්ඝ තෙමේ ඒ සීමාව තුන් සිවුරෙන් අවිප්පවාස ඇත්තක් කොට ගමත් ගාමුපචාරයත් හැර සම්මත කරයි. යම් ආයුෂ්මතෙකුහට ගමත් ගාමූපචාරයත් හැර තුන් සිවුරෙන් අපිප්පවාසය ඇති ඒ සීමාවගේ සම්මුතිය රුචි වේ නම්, හෙ තෙමේ තුෂ්ණිම්භූත වේවා. යමෙකුට රුචි නො වේ නම්, හෙතෙමේ කියාවා.”
Pali BJT“සම්මතා සා සීමා සඞ්ඝෙන තිචීවරෙන අවිප්පවාසා ඨපෙත්වා ගාමඤ්ච ගාමූපචාරඤ්ච. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJT“සඞ්ඝයා විසින් ගමත් ගාමූපචාරයත් හැර තුන් සිවුරෙන් අවිප්පවාසය ඇති ඒ සීමාව සම්මත කරණ ලද්දී ය. සඞ්ඝයාහට රුචි වේ. එහෙයින් තුෂ්ණීම්භූත වේ. මෙය මෙසේ දරමි” යි.
Pali BJT62. “සීමං භික්ඛවෙ, සම්මන්නන්තෙන පඨමං සමානසංවාසසීමා{1} සම්මන්නිතබ්බා. පච්ඡා තිචීවරෙන අවිප්පවාසො සම්මන්නිතබ්බො. සීමං භික්ඛවෙ, සමූහනන්තෙන පඨමං තිචීවරෙන අවිප්පවාසො සමූහන්තබ්බො. පච්ඡා සමානසංවාසසීමා සමූහන්තබ්බා. එවඤ්ච පන භික්ඛවෙ තිචීවරෙන අවිප්පවාසො සමූහන්තබ්බො: ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:-
Sinhala BJT62. මහණෙනි, සීමාවක් සම්මත කරන්නහු විසින් පළමු කොට සමානසංවාසසීමාව සම්මත කළ යුතු ය. පසු ව තුන් සිවුරෙන් අවිප්පවාසය සම්මත කළ යුතු ය. මහණෙනි, සීමාවක් උදුරන්නහු විසින් පළමු කොට තුන් සිවුරෙන් අවිප්පවාසය ඉදිරිය යුතු ය. පසු ව සමානසංවාසසීමාව ඉදිරිය යුතු ය. මහණෙනි, තුන්සිවුරෙන් අවිප්පවාසය මෙසේ ඉදිරිය යුතු ය: ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු ය:
Pali BJT63. “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: යො සො සඞ්ඝෙන තිචීවරෙන අවිප්පවාසො සම්මතො, යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො තං තිචීවරෙන අවිප්පවාසං සමූහනෙය්ය. එසා ඤත්ති.”
Sinhala BJT63. “ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: සඞ්ඝයා විසින් යම් ඒ තුන් සිවුරෙන් අවිප්පවාසයෙක් සම්මත කරණ ලද ද, සඞ්ඝයාහට කල් පැමිණියේ නම්, සඞ්ඝ තෙමේ ඒ තුන් සිවුරෙන් අවිප්පවාසය උදුරන්නේ ය. මේ දැන්වීම ය.”
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යො සො සඞ්ඝෙන තිචීවරෙන අවිප්පවාසො සම්මතො, සඞ්ඝො තං තිචීවරෙන අවිප්පවාසං සමූහන්ති. යස්සායස්මතො ඛමති එතස්ස තිචීවරෙන අවිප්පවාසස්ස සමුග්ඝාතො, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.”
Sinhala BJT“ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: සඞ්ඝයා විසින් යම් ඒ තුන් සිවුරෙන් අවිප්පවාසයෙක් සම්මත කරණ ලද්දේ ද, සඞ්ඝ තෙමේ ඒ තුන් සිවුරෙන් අවිප්පවාසය උදුරාලයි. යම් ආයුෂ්මතෙකුහට මේ තුන් සිවුරෙන් අවිප්පවාසයාගේ උදුරාලීම රුචි වේ නම්, හෙ තෙමේ තුෂ්ණීම්භූත වේවා. යමෙකුහට රුචි නො වේ නම්, හෙ තෙමේ කියාවා.”
Pali BJT“සමූහතො සො සඞ්ඝෙන තිචීවරෙන අවිප්පවාසො. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJT“සඞ්ඝයා විසින් ඒ තුන් සිවුරෙන් අවිප්පවාසය උදුරණ ලද්දේ ය. සඞ්ඝයාහට කැමැති වේ. එහෙයින් තුෂ්ණීම්භූත වේ. මෙය මෙසේ දරමි” යි.
Pali BJT64. “එවඤ්ච පන භික්ඛවෙ, සමානසංවාසසීමා{2} සමූහන්තබ්බා: ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:-
Sinhala BJT64. “මහණෙනි, මෙසේ සමානසංවාසසීමාව ඉදිරිය යුතු ය: ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු ය: “ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝයා විසින් යම් ඒ සමානසංවාස ඒකූපෝසථසීමාවක් සම්මත කරණ ලද ද, ඉදින් සඞ්ඝයාහට කල් පැමිණියේ නම්, සඞ්ඝ තෙමේ ඒ සමානසංවාසඒකූපෝසථසීමාව උදුරන්නේ ය. මේ දැන්වීම ය.”
Pali BJT“සුණාතු මෙ, භන්තෙ, සඞ්ඝො. යා සා සඞ්ඝෙන සීමා සම්මතා සමානසංවාසා එකූපොසථා, යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො තං සීමං සමූහනෙය්ය සමානසංවාසං එකූපොසථං. එසා ඤත්ති.”
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: යා සා සඞ්ඝෙන සීමා සම්මතා සමානසංවාසා එකූපොසථා, සඞ්ඝො තං සීමං සමූහන්ති සමානසංවාසං එකූපොසථං. යස්සායස්මතො ඛමති එතිස්සා සීමාය සමානසංවාසාය එකූපොසථාය සමුග්ඝාතො, සො තුණ්හස්ස යස්ස නක්ඛමති, සො භාසෙය්ය.”
Sinhala BJT“ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝයා විසින් යම් ඒ සමානසංවාසඒකූපෝසථසීමාවක් සම්මත කරණ ලද ද, සඞ්ඝ තෙමේ ඒ සමානසංවාසඒකූපෝසථසීමාව උදුරාලයි. යම් ආයුෂ්මතෙකුට මේ සමාන සංවාසඑකූපෝසථසීමාවගේ උදුරාලීම රුචි වේ ද, හෙතෙමේ තුෂ්ණීම්භූත වේවා. යමෙකුට රුචි නො වේ නම්, හෙ තෙමේ කියාවා.
Pali BJT“සමූහතා සා සීමා සඞ්ඝෙන සමානසංවාසා එකූපොසථා. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJT“සඞ්ඝයා විසින් ඒ සමානසංවාසඒකූපෝසථසීමාව උදුරණ ලද්දී ය. සඞ්ඝයාට රුචි වේ. එහෙයින් තුෂ්ණීම්භූත වේ. මෙය මෙසේ දරමි” යි.
Pali BJT65. “අසම්මතාය භික්ඛවෙ, සීමාය අට්ඨපිතාය යං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරති, යා තස්ස වා ගාමස්ස ගාමසීමා, නිගමස්ස වා නිගමසීමා, අයං තත්ථ සමානසංවාසා එකූපොසථා.”
Sinhala BJT65. “මහණෙනි, සීමාවක් සම්මත නො කළ කල්හි නො පිරිසිඳි කල්හි යම් ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කොට වාසය කෙරේ ද, ඒ ගම පිළිබඳ යම් ගාමසීමාවක් හෝ නියම්ගම පිළිබඳ යම් නිගමසීමාවක් හෝ වේ ද, මේ එහි සමානසංවාසඒකූපෝසථසීමාව” යි.
Pali BJT66. “අගාමකෙ චෙ භික්ඛවෙ, අරඤ්ඤෙ සමන්තා සත්තබ්භන්තරා, අයං තත්ථ සමානසංවාසා එකූපොසථා.”
Sinhala BJT66. “මහණෙනි, ගම් නො වූ වනයෙහි හාත්පස සතරවටින් අබ්භන්තර{*} සතක් වේ ද, මේ එහි සමානසංවාස ඒකූපෝසථසීමාව ය.”
Pali BJT67. “සබ්බා භික්ඛවෙ, නදී අසීමා. සබ්බො සමුද්දො අසීමො. සබ්බො ජාතස්සරො අසීමො. නදියා වා භික්ඛවෙ, සමුද්දෙ වා ජාතස්සරෙ වා යං මජ්ඣිමස්ස පුරිසස්ස සමන්තා උදකුක්ඛෙපා, අයං තත්ථ සමානසංවාසා එකූපොසථා”ති.
Sinhala BJT67. “මහණෙනි, සියලු නදිය සීමාව නො වෙයි. සියලු මුහුද සීමාව නො වේ. සියලු ජාතස්සරය (ඉබේ ඇති වූ විල) සීමාව නො වේ. මහණෙනි, නදියෙක හෝ මුහුදෙහි හෝ ජාතස්සරයෙක හෝ යම් පෙදෙසක් මධ්‍යමපුරුෂයාගේ හාත්පස දිය ඉසීමෙන් පිරිසිඳේ ද, මේ උදකුක්ඛේපය එහි සමානසංවාසඒකූපෝසථසීමා ය.”
Pali BJT68. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සීමාය සීමං සම්භින්දන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “යෙසං භික්ඛවෙ සීමා පඨමං සම්මතා තෙසං තං කම්මං ධම්මිකං අකුප්පං ඨානාරහං. යෙසං භික්ඛවෙ, සීමා පච්ඡා සම්මතා, තෙසං තං කම්මං අධම්මිකං කුප්පං අට්ඨානාරහං. න භික්ඛවෙ, සීමාය සීමා සම්භින්දිතබ්බා. යො සම්භින්දෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT68. එකල්හි සවග භික්‍ෂූහු සීමාවෙන් සීමාව බිඳිත්. (මිශ්‍ර කරත්). භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, යම් කෙනෙකුන් විසින් පළමු කොට සීමාවක් සම්මත කරණ ලද ද, ඔවුන්ගේ ඒ කර්‍මය ධාර්මික වේ. බැහැර කළයුතු බවට නො පැමිණේ. කරුණට සුදුසු වේ. මහණෙනි, යම් කෙනකුන් විසින් පසු ව සීමාවක් සම්මත කරණ ලද ද, ඔවුන්ගේ ඒ කර්‍මය ධාර්මික නො වේ. බැහැර කළ යුතු බවට පැමිණේ. කරුණට සුදුසු නො වේ. මහණෙනි, සීමාවෙන් සීමාව නො බිඳිය යුතු ය. යමෙක් බිඳින්නේ නම්, දුකුළා ඇවැත් වේ.