Pali BJT5. සො සාමණෙරෙහි අපසාදිතො හත්ථිභණ්ඩෙ අස්සභණ්ඩෙ උපසඞ්කමිත්වා එවං වදෙති: “එථ, මං ආවුසො, දූසෙථා”ති. හත්ථිභණ්ඩා අස්සභණ්ඩා දූසෙසුං. තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “පණ්ඩකා ඉමෙ සමණා සක්යපුත්තියා. යෙ’පි ඉමෙසං න පණ්ඩකා, තෙ’පි පණ්ඩකෙ දූසෙන්ති. එවං ඉමෙ සබ්බෙව අබ්රහ්මචාරිනො ති.”
Sinhala BJT5. සාමණේරයන් විසින් පන්නා දැමූ හෙතෙමේ ඇත්ගොව්වන් අස් ගොව්වන් වෙතට ගොස් “ඇවැත්නි, මා දූෂ්‍ය කරවු” යි කියයි. ඇත් ගොව්වෝ ද අස් ගොව්වෝ ද ඔහු දූෂ්‍ය කළහ. ඔහු “මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ පණ්ඩකයෝ ය. මොවුන් අතුරෙහි යම් ශ්‍රමණශාක්‍යපුත්‍ර කෙනෙක් පණ්ඩක නො වෙත් ද ඔහු ද පණ්ඩකයන් දූෂ්‍ය කෙරෙත්. මෙසේ මොහු සියල්ලෝ ම ලාමක හැසිරීම් ඇත්තෝ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
Pali BJT6. අස්සොසුං ඛො භික්ඛූ තෙසං හත්ථිභණ්ඩානං අස්සභණ්ඩානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “පණ්ඩකො භික්ඛවෙ, අනුපසම්පන්නො න උපසම්පාදෙතබ්බො. උපසම්පන්නො නාසෙතබ්බො”ති. (1)
Sinhala BJT6. භික්‍ෂූහු බණින දොඩන දොස් පවරණ ඒ ඇත්ගොව්වන්ගේ අස්ගොව්වන්ගේ බස් ඇසූහ. ඉක්බිති ඒ භික්‍ෂූහු බුදුරජානන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පණ්ඩක තෙමේ උපසපන් නො වූයේ උපසපන් නො කළ යුතු ය. උපසපන් වූයේ මහණ බැවින් මුදා හළයුතු ය” යි වදාළ සේක. (1)
Pali BJT7. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො පුරාණකුලපුත්තො ඛීණකොලඤ්ඤො සුඛුමාලො හොති. අථ ඛො තස්ස පුරාණකුලපුත්තස්ස ඛීණකොලඤ්ඤස්ස එතදහොසි: “අහං ඛො සුඛුමාලො. න පටිබලො අනධිගතං වා භොගං අධිගන්තුං අධිගතං වා භොගං ඵාතිකාතුං.{1} කෙන නු ඛො අහං උපායෙන සුඛඤ්ච ජීවෙය්යං? න ච කිලමෙය්යං?”ති.
Sinhala BJT7. එකල්හි මවුපිය දෙපසින් නැති වී ගිය කුලපුත්‍රභාවය ඇති සියුමැලි වූ පුරාණ කුලපුත්‍රයෙක් වෙයි. නැසීගිය කුලපුත්බැව් ඇති ඒ පුරාණ කුලපුත්‍රයාහට “මම සියුමැලි වෙමි. නො ලැබූ භෝගයක් ලබන්නට හෝ ලැබූ භෝගයක් දියුණු කරන්නට හෝ සමර්‍ත්‍ථ නො වෙමි. මම කිනම් උපායයකින් සුව සේ ජීවත් වන්නෙම් ද? නො පෙළෙන්නෙම් දැ?” යි මේ සිත් වි ය.
Pali BJT8. අථ ඛො තස්ස පුරාණකුලපුත්තස්ස ඛීණකොලඤ්ඤස්ස එතදහොසි: “ඉමෙ ඛො සමණා සක්යපුත්තියා සුඛසීලා සුඛසමාචාරා සුභොජනානි භුඤ්ජිත්වා නිවාතෙසු සයනෙසු සයන්ති. යන්නූනාහං සාමං පත්තචීවරං පටියාදෙත්වා කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා ආරාමං ගන්ත්වා භික්ඛූහි සද්ධිං සංවසෙය්ය”න්ති.
Sinhala BJT8. නැවත ඔහුට “මේ ශ්‍රමණශාක්‍යපුත්‍රයෝ සැප වූ පැවතුම් ඇත්තෝ ය. සැප වූ හැසිරීම් ඇත්තෝ ය. මනා බොජුන් වළඳා හුළං හැමීම් තැති යහන්හි සයනය කරති. ඉදින්, මම ම පාසිවුරු පිළියෙල කොට කෙස් රැවුල් බැහැර කොට කසාවත් හැඳ ආරාමයට ගොස් භික්‍ෂූන් සමග එක් ව වසන්නෙම් නම්, යෙහෙකැ” යි සිත් වි ය.
Pali BJT9. අථ ඛො සො පුරාණකුලපුත්තො ඛීණකොලඤ්ඤො සාමං පත්තචීවරං පටියාදෙත්වා කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා ආරාමං ගන්ත්වා භික්ඛූ අභිවාදෙති. භික්ඛූ එවමාහංසු “කතිවස්සොසි ත්වං ආවුසො?”ති. “කිං එතං - ‘ආවුසො, “කතිවස්සො නාමා?”ති. “කො පන තෙ ආවුසො, උපජ්ඣායොති?” ති. “කිං එතං ආවුසො, උපජ්ඣායො නාමා?”ති. භික්ඛූ ආයස්මන්තං උපාලිං එතදවොචුං: “ඉඞ්ඝාවුසො උපාලි, ඉමං පබ්බජිතං අනුයුඤ්ජාහී”ති.
Sinhala BJT9. ඉක්බිති නැසීගිය කුලපුත්බැව් ඇති ඒ පුරාණකුලපුත්‍රයා තෙමේ ම පාසිවුරු පිළියෙල කොට කෙස්රැවුල් බැහැර කොට කසාවත් හැඳ ආරාමයට ගොස් භික්‍ෂූන්ට නමස්කාර කරයි. භික්‍ෂූහු “ඇවැත, තෝ කෙතෙක් වස් ඇත්තෙහි දැ?” යි ඇසූහ. “ඇවැත්නි, ‘කතිවස්සෝ’ යන මෙහි තේරුම කිමෙක් දැ?” යි (හෙතෙමේ ඇසී ය.) “ඇවැත, ඔබගේ උපාද්ධ්‍යාය තෙමේ කවරේ ද?” යි භික්‍ෂූන් ඇසූ විට “ඇවැත්නි, උපාද්ධ්‍යාය යන මෙහි තේරුම කිමෙක් දැ?” යි ඇසී ය. භික්‍ෂූහු ආයුෂ්මත් උපාලිස්ථවිරයන් වහන්සේට “ඇවැත්නි, උපාලි ස්ථවිරයෙනි, මේ පැවිද්දහු අතින් කරුණු විචාරණු මැනවැ’ යි කීහ.
Pali BJT10. අථ ඛො සො පුරාණකුලපුත්තො ඛීණකොලඤ්ඤො ආයස්මතා උපාලිනා අනුයුඤ්ජියමානො එතමත්ථං ආරොචෙසි. ආයස්මා උපාලි භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “ථෙය්යසංවාසකො භික්ඛවෙ, අනුපසම්පන්නො න උපසම්පාදෙතබ්බො. උපසම්පන්නො නාසෙතබ්බො. තිත්ථියපක්කන්තකො භික්ඛවෙ, අනුපසම්පන්නො න උපසම්පාදෙතබ්බො. උපසම්පන්නො නාසෙතබ්බො”ති. (2.3)
Sinhala BJT10. ඉක්බිති නැසී ගිය කුලපුත්බැව් ඇති ඒ පුරාණ කුලපුත්‍රතෙමේ ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ විසින් කරුණු විචාරණු ලබන්නේ මේ කාරණය දන්වා සිටියේ ය. ආයුෂ්මත් උපාලි ස්ථවිර තෙමේ භික්‍ෂූන්ට එය දැන්වී ය. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට සැළකළහ. භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, ථෙය්‍යසංවාසක තෙමේ උපසපන් නො වූයේ උපසපන් නො කළ යුතු ය. උපසපන් වූයේ මහණ බැවින් මුදා හැරිය යුතු ය. මහණෙනි, තිත්‍ථියපක්කන්තක තෙමේ උපසපන් නො වූයේ උපසපන් නො කළ යුතු ය. උපසපන් වූයේ මහණ බැවින් මුදා හැරිය යුතු ය” යි වදාළ සේක. (2. 3.)
Pali BJT11. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො නාගො නාගයොනියා අට්ටීයති. හරායති ජිගුච්ඡති. අථ ඛො තස්ස නාගස්ස එතදහොසි: “කෙන නු ඛො අහං උපායෙන නාගයොනියා ච පරිමුච්චෙය්යං? ඛිප්පඤ්ච මනුස්සත්තං පටිලභෙය්යං?”ති. අථ ඛො තස්ස නාගස්ස එතදහොසි: “ඉමෙ ඛො සමණා සක්යපුත්තියා ධම්මචාරිනො සමචාරිනො බ්රහ්මචාරිනො සච්චවාදිනො සීලවන්තො කල්යාණධම්මා. සචෙ ඛො අහං සමණෙසු සක්යපුත්තියෙසු පබ්බජෙය්යං, එවාහං නාගයොනියා ච පරිමුච්චෙය්යං. ඛිප්පඤ්ච මනුස්සත්තං පටිලභෙය්ය”න්ති.
Sinhala BJT11. එකල්හි එක්තරා නාගයෙක් නාගයෝනිය කරණ කොට පෙළෙ යි. ලජ්ජිත වේ. අත්බව පිළිකුල් කෙරෙ යි. ඉක්බිති ඒ නාගයාහට “කිනම් උපායයකින් මම නාගයෝනියෙන් මිදෙන්නෙම් ද? මිනිසත්බවක් වහා ලබන්නෙම් දැ යි” යි සිතෙක් වි ය. නැවත ඒ නාගයාහට “මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ ධර්‍මයෙහි හැසිරෙන්නෝ ය. සම වූ හැසිරීම් ඇත්තෝ ය. සත්‍යවාදීහු ය. සිල්වත් ය. යහපත් ගුණ ඇත්තෝ ය. එහෙයින් මම ශ්‍රමණශාක්‍යපුත්‍රයන් වෙත පැවිදි වන්නෙම් නම්, මෙසේ නාගයෝනියෙන් ද මිදෙන්නෙමි. මිනිසත්බව ද වහා ලබන්නෙමි” යි කල්පනා වි ය.
Pali BJT12. අථ ඛො සො නාගො මාණවකවණ්ණෙන භික්ඛූ උපසඞ්කමිත්වා පබ්බජ්ජං යාචි. තං භික්ඛූ පබ්බාජෙසුං. උපසම්පාදෙසුං. තෙන ඛො පන සමයෙන සො නාගො අඤ්ඤතරෙන භික්ඛුනා සද්ධිං පච්චන්තිමෙ විහාරෙ පටිවසති. අථ ඛො සො භික්ඛු රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය අජ්ඣොකාසෙ චඞ්කමති.
Sinhala BJT12. ඉක්බිති ඒ නාග තෙමේ මාණවකවේශයෙන් භික්‍ෂූන් වෙත පැමිණ පැවිද්ද ඉල්ලී ය. භික්‍ෂූහු ඔහු පැවිදි කළහ. උපසපන් කළහ. එකල්හි, නාග තෙමේ එක්තරා භික්‍ෂුනමක් සමග පිටිසරගමෙක වූ විහාරයෙක්හි වාසය කර යි. එකල ඒ භික්‍ෂු තෙමේ රැ අලුයම නැඟිට එළිමහන් තැනෙක සක්මන් කර යි.
Pali BJT13. අථ ඛො සො නාගො තස්ස භික්ඛුනො නික්ඛන්තෙ විස්සත්ථො නිද්දං ඔක්කමි. සබ්බො විහාරො අහිනා පුණ්ණො. වාතපානෙහි භොගා නික්ඛන්තා හොන්ති. අථ ඛො සො භික්ඛු “විහාරං පවිසිස්සාමී”ති කවාටං පනාමෙන්තො අද්දස සබ්බං විහාරං අහිනා පුණ්ණං. වාතපානෙහි භොගෙ නික්ඛන්තෙ. දිස්වාන භීතො විස්සරමකාසි. භික්ඛූ උපධාවිත්වා තං භික්ඛුං එතදවොචුං: “කිස්ස ත්වං ආවුසො, විස්සරමකාසී?”ති. “අයං ආවුසො, සබ්බො විහාරො අහිනා පුණ්ණො, වාතපානෙහි භොගා නික්ඛන්තා”ති.
Sinhala BJT13. නාග තෙමේ ඒ භික්‍ෂුහු නික්ම ගිය කල්හි සැක නැති ව නින්දට ගියේ ය. සියලු විහාරය නාගයාගෙන් පිරුණේ ය. ජනෙල්කවුළුවලින් දරණවැල් නික්මුනේ ය. එවේලෙහි ඒ භික්‍ෂු තෙමේ “වෙහෙරට පිවිසෙන්නෙමි” යි දොරකවුළුව හරින්නේ නාගයාගෙන් පිරී තුබූ විහාරය හා ජනෙල්කවුළුවලින් නික්මුනු දරණවැල් ද දැක්කේ ය. දැක බියට පැමිණියේ වියරු මහහඬක් කෙළේ ය. භික්‍ෂූහු ලඟට දුව ගොස් ඒ භික්‍ෂුහුගෙන් “ඇවැත, තෙපි කුමකට වියරු හඬක් කළහු දැ?” යි ඇසූහ. “ඇවැත්නි, මුළු වෙහෙර නාගයාගෙන් පිරී තිබේ. ජනෙල් කවුළු වලින් දරණවැල් නික්ම තිබේ ය” යි කී ය.
Pali BJT14. අථ ඛො සො නාගො තෙන සද්දෙන පටිබුජ්ඣිත්වා සකෙ ආසනෙ නිසීදි. භික්ඛූ එවමාහංසු: “කො’සි ත්වං ආවුසො?”ති. “අහම්භන්තෙ, නාගො”ති. “කිස්ස පන ත්වං ආවුසො, එවරූපං අකාසී?”ති.
Sinhala BJT14. ඉක්බිති නාග තෙමේ ඒ හඬින් පිබිද සිය අසුනෙහි හිඳ ගත්තේ ය. භික්‍ෂූහු “ඇවැත, තෝ කවරෙක් වෙහි දැ?” යි ඇසූහ. “ස්වාමීනි, මම නාගයෙක් වෙමි” යි කී ය. “ඇවැත, තෝ කුමකට මෙබන්දක් කෙළෙහි දැ?” යි ඇසූහ.
Pali BJT15. අථ ඛො සො නාගො භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා තං නාගං එතදවොච: “තුම්හෙ ච ඛ්වත්ථ නාගා. අවිරුළ්හිධම්මා ඉමස්මිං ධම්මවිනයෙ. ගච්ඡ ත්වං නාග, තත්ථෙව චාතුද්දසෙ පණ්ණරසෙ අට්ඨමියා ච පක්ඛස්ස උපොසථං උපවස, එවං ත්වං නාගයොනියා ච පරිමුච්චිස්සසි. ඛිප්පඤ්ච මනුස්සත්තං පටිලභිස්සසී”ති.
Sinhala BJT15. ඉක්බිති එ නාගතෙමේ භික්‍ෂූන්ට මේ කාරණය දැන්වී ය. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා (සඟමැද) ඒ නාගයාහට “තෙපි නාගයෝ වහු ය. මේ ශාසනයෙහි නොවැඩෙන ස්වභාව ඇත්තහුය නාගය, තෝ එහි ම යව. තුදුස්වක්හි ද පසළොස්වක්හි ද පක්‍ෂයේ අටවක්හි ද පෙහෙවස් වසව. මෙසේ කල්හි තෝ නාගයෝනියෙන් මිදෙන්නෙහි ය. වහා මිනිසත්බව ද ලබන්නෙහි ය” යි වදාළ සේක.
Pali BJT16. අථ ඛො සො නාගො “අවිරූළ්හිධම්මො කිරාහං ඉමස්මිං ධම්මවිනයෙ”ති දුක්ඛී දුම්මනො අස්සූනි පවත්තයමානො විස්සරං කත්වා පක්කාමි. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “ද්වෙ මෙ භික්ඛවෙ, පච්චයා නාගස්ස සභාවපාතුකම්මාය. යදා ච සජාතියා මෙථුනං ධම්මං පතිසෙවති, යදා ච විස්සත්ථො නිද්දං ඔක්කමති, ඉමෙ ඛො භික්ඛවෙ, ද්වෙ පච්චයා නාගස්ස සභාවපාතුකම්මාය. තිරච්ඡානගතො භික්ඛවෙ, අනුපසම්පන්නො න උපසම්පාදෙතබ්බො, උපසම්පන්නො නාසෙතබ්බො”ති. (4)
Sinhala BJT16. එවිට ඒ නාග තෙමේ “මම මේ ශාසනයෙහි නො වැඩෙන ස්වභාව ඇත්තෙමි” යි දුක් ඇත්තේ නො සතුටු සිත් ඇත්තේ කඳුළු හෙළමින් වියරුහඬක් කොට බැහැර ගියේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, නාගයාගේ ස්වභාවය පහළ කිරීමෙහි මේ කරුණු දෙකක් වේ. යම් කලෙක සැපින්නක හා මෙවුන්දම් සේවනය කෙරේ ද, යම් කලෙක නිසැක ව නින්දට බසී ද යන මෙ දෙක නාගයාගේ ස්වභාවය ප්‍රකට වීමෙහි කරුණු වෙයි. මහණෙනි, තිරිසන් තෙමේ උපසපන් නො වූයේ උපසපන් නො කළ යුතු ය. උපසපන් වූයේ සිවුරු හැරවිය යුතු ය” යි වදාළ සේක. (4)
Pali BJT17. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො මාණවකො මාතරං ජීවිතා වොරොපෙසි. සො තෙන පාපකෙන කම්මෙන අට්ටීයති, හරායති, ජිගුච්ඡති. අථ ඛො තස්ස මාණවකස්ස එතදහොසි: “කෙන නු ඛො අහං උපායෙන ඉමස්ස පාපකස්ස කම්මස්ස{1} නික්ඛන්තිං කරෙය්ය”න්ති. අථ ඛො තස්ස මාණවකස්ස එතදහොසි: “ඉමෙ ඛො සමණා සක්යපුත්තියා ධම්මචාරිනො සමචාරිනො බ්රහ්මචාරිනො සච්චවාදිනො සීලවන්තො කල්යාණධම්මා. සචෙ ඛො අහං සමණෙසු සක්යපුත්තියෙසු පබ්බජෙය්යං, එවාහං ඉමස්ස පාපකස්ස කම්මස්ස නික්ඛන්තිං කරෙය්ය”න්ති.
Sinhala BJT17. එකල්හි එක්තරා මාණවකයෙක් මව මැරී ය. හෙතෙමේ ඒ පව්කම්න් පෙළෙයි. ලජ්ජිත වේ. පිළිකුල් කෙරේ. ඒ අතර ඔහුට “කිනම් උපායයකින් මම මේ පාපකර්‍මයෙන් මිදෙන්නෙම් දැ?” යි සිත් වි ය. එකල ඔහුට “මේ ශ්‍රමණශාක්‍යපුත්‍රයෝ ධර්‍මයෙහි හැසිරෙන්නෝ ය. සම ව හැසිරෙන්නෝ ය. උතුම් හැසිරීම් ඇත්තෝ ය. සත්‍යවාදීහු ය. සිල්වත් ය. යහපත් ගුණ ඇත්තෝ ය. ඉදින් මම මේ ශ්‍රමණශාක්‍යපුත්‍රයන් වෙත පැවිදි වන්නෙම් නම්, මේ පාපකර්‍මයෙන් මිදෙන්නට හැක්කෙමි” යි අදහස් වි ය.
Pali BJT18. අථ ඛො සො මාණවකො භික්ඛූ උපසඞ්කමිත්වා පබ්බජ්ජං යාචි. භික්ඛූ ආයස්මන්තං උපාලිං එතදවොචුං: “පුබ්බෙපි ඛො ආවුසො, උපාලි, නාගො මාණවකවණ්ණෙන භික්ඛූසු පබ්බජිතො. ඉඞ්ඝාවුසො, උපාලි, ඉමං මාණවකං අනුයුඤ්ජාහී”ති.
Sinhala BJT18. එකල්හි ඒ මාණවකතෙමේ භික්‍ෂූන් වෙත ගොස් පැවිද්ද ඉල්ලී ය. භික්‍ෂූහු ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේට “ඇවැත්නි, උපාලි ස්ථවිර තුමනි, පෙර ද නාගයෙක්තෙමේ මාණවකවේශයෙන් අවුත් භික්‍ෂූන් වෙත පැවිදි වූයේ ය. එබැවින් ඇවැත්නි, උපාලි ස්ථවිර තුමනි, මේ මාණවකයාගෙන් කරුණු විචාරණු මැනවැ” යි දැන්වූහ.
Pali BJT19. අථ ඛො සො මාණවකො ආයස්මතා උපාලිනා අනුයුඤ්ජියමානො එතමත්ථං ආරොචෙසි. ආයස්මා උපාලි භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “මාතුඝාතකො භික්ඛවෙ, අනුපසම්පන්නො න උපසම්පාදෙතබ්බො. උපසම්පන්නො නාසෙතබ්බො”ති. (5.)
Sinhala BJT19. ඉක්බිති ඒ මාණවක තෙමේ ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ විසින් කරුණු විචාරණ ලබන්නේ මේ කාරණය කියා සිටියේ ය. ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන්ට එය දැන්වූහ. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට සැළකළහ. “මහණෙනි, මාතෘඝාතක තෙමේ උපසපන් නො වූයේ උපසපන් නො කළ යුතු ය. උපසපන් වූයේ සිවුරු හැරවිය යුතු ය” යි වදාළ සේක. (5.)
Pali BJT20. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො මාණවකො පිතරං ජීවිතා වොරොපෙසි. සො තෙන පාපකෙන කම්මෙන අට්ටීයති, හරායති, ජිගුච්ඡති. අථ ඛො තස්ස මාණවකස්ස එතදහොසි: “කෙන නු ඛො අහං උපායෙන ඉමස්ස පාපකස්ස කම්මස්ස නික්ඛන්තිං කරෙය්ය”න්ති. අථ ඛො තස්ස මාණවකස්ස එතදහොසි: “ඉමෙ ඛො සමණා සක්යපුත්තියා ධම්මචාරිනො සමචාරිනො බ්රහ්මචාරිනො සච්චවාදිනො සීලවන්තො කල්යාණධම්මා. සචෙ ඛො අහං සමණෙසු සක්යපුත්තියෙසු පබ්බජෙය්යං, එවාහං ඉමස්ස පාපකස්ස කම්මස්ස නික්ඛන්තිං කරෙය්ය”න්ති.
Sinhala BJT20. එකල්හි එක්තරා මාණවකයෙක් පියා මැරී ය. හෙතෙමේ ඒ පව්කමින් පෙළේ. ලජ්ජිත වේ. පිළිකුල් කෙරේ. ඒ අතර ඔහුට “කිනම් උපායයෙකින් මම මේ පාපකර්‍මයෙන් මිදෙන්නෙම් දැ?” යි සිත් වි ය. එකල ඔහුට “මේ ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ ධර්‍මයෙහි හැසිරෙන්නෝ ය. සම ව හැසිරෙන්නෝ ය. උතුම් හැසිරීම් ඇත්තෝ ය. සත්‍යවාදීහු ය. සිල්වත් ය. යහපත් ගුණ ඇත්තෝ ය. මම මේ ශ්‍රමණශාක්‍යපුත්‍රීයයන් වෙත පැවිදි වන්නේනම් නම්, මේ පාපකර්‍මයෙන් මිදෙන්නට හැක්කෙමි” යි අදහස් වි ය.
Pali BJT21. අථ ඛො සො මාණවකො භික්ඛූ උපසඞ්කමිත්වා පබ්බජ්ජං යාචි. භික්ඛූ ආයස්මන්තං උපාලිං එතදවොචුං: පුබ්බෙපි ඛො ආවුසො උපාලි නාගො මාණවකවණ්ණෙන භික්ඛූසු පබ්බජිතො. ඉඞ්ඝාවුසො උපාලි, ඉමං මාණවකං අනුයුඤ්ජාහී”ති.
Sinhala BJT21. එකල්හි ඒ මාණවක තෙමේ භික්‍ෂූන් වෙත ගොස් පැවිද්ද ඉල්ලී ය. භික්‍ෂූහු ආයුෂ්මත් උපාලිස්ථවිරයන් වහන්සේට “ඇවැත්නි, උපාලි ස්ථවිර තුමනි, පෙර ද නාගයෙක් තෙමේ මාණවක වේශයෙන් අවුත් භික්‍ෂූන් වෙත පැවිදි වූයේ ය. එබැවින් ඇවැත්නි උපාලි ස්ථවිරතුමනි, මේ මාණවකයාගෙන් කරුණු විචාරණ මැනවැ’යි කීහ.
Pali BJT22. අථ ඛො සො මාණවකො ආයස්මතා උපාලිනා අනුයුඤ්ජියමානො එතමත්ථං ආරොචෙසි. ආයස්මා උපාලි භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. පිතුඝාතකො භික්ඛවෙ, අනුපසම්පන්නො න උපසම්පාදෙතබ්බො. උපසම්පන්නො නාසෙතබ්බො”ති. (6)
Sinhala BJT22. එකල්හි ඒ මාණවක තෙමේ ආයුෂ්මත් උපාලිස්ථවිරයන් වහන්සේ විසින් කරුණු විචාරණ ලබන්නේ ඒ කාරණය දැන්වී ය. ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන්ට ඒ කාරණය දැන්වූහ. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පිතෘඝාතක තෙමේ උපසපන් නො වූයේ උපසපන් නො කළ යුතු ය. උපසපන් වූයේ සිවුරු හැරවිය යුතු ය” යි වදාළ සේක. (6)
Pali BJT23. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ සාකෙතා සාවත්ථිං අද්ධානමග්ගප්පටිපන්නා හොන්ති. අන්තරාමග්ගෙ චොරා නික්ඛමිත්වා එකච්චෙ භික්ඛූ අච්ඡින්දිංසු, එකච්චෙ භික්ඛූ හනිංසු. සාවත්ථියා රාජභටා නික්ඛමිත්වා එකච්චෙ චොරෙ අග්ගහෙසුං. එකච්චෙ චොරා පලායිංසු. යෙ තෙ පලායිංසු. තෙ භික්ඛූසු පබ්බජිංසු. යෙ තෙ ගහිතා, තෙ වධාය ඔනිය්යන්ති.
Sinhala BJT23. එකල්හි බොහෝ භික්‍ෂූහු සාකේත නුවරින් සැවැත්නුවරට යනු පිණිස දීර්‍ඝමාර්‍ගයට පිළිපන්නෝ ය. අතරමග දී සොරු (වනයෙන්) නික්ම අවුත් ඇතැම් භික්‍ෂූන්ගෙන් (පාසිවුරු) පැහැර ගත්හ. ඇතැම් භික්‍ෂූන් නැසූහ. සැවැත්නුවරින් නික්ම ආ රාජභටයෝ ඇතැම් සොරුන් අල්ලා ගත්හ. ඇතැම් සොරු පලා ගියහ. පලා ගිය සොරු භික්‍ෂූන් වෙත පැවිදි වූහ. (රාජභටයන් විසින්) අල්ලා ගත් සොරු වධයට ගෙණ යනු ලැබෙත්.
Pali BJT24. අද්දසංසු ඛො තෙ{1} පලායිත්වා පබ්බජිතා තෙ චොරෙ වධාය ඔනීයමානෙ. දිස්වාන එවමාහංසු: “සාධු ඛො මයං පලායිම්හ. සචජ්ජ{2} මයං ගණ්හීයෙය්යාම.{3} මයම්පි එවමෙව හඤ්ඤෙය්යාමා”ති . භික්ඛූ එවමාහංසු: “කිම්පන තුම්හෙ ආවුසො, අකත්ථා”ති. අථ ඛො තෙ පබ්බජිතා භික්ඛූනං එතමත්ථං ආරොචෙසුං. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “අරහන්තො එතෙ භික්ඛවෙ, භික්ඛූ. අරහන්තඝාතකො භික්ඛවෙ, අනුපසම්පන්නො න උපසම්පාදෙතබ්බො. උපසම්පන්නො නාසෙතබ්බො”ති. (7)
Sinhala BJT24. ඒ පැවිද්දෝ වධයට ගෙණ යනු ලබන ඒ සොරුන් දුටුහු ය. දැක, “අපි පලා ගියෙමු. ඒ යහපත් ය. යම් ලෙසකින් අපිත් අල්ලා ගන්නා ලද්දෙමු නම්, අපිත් අද මෙසේ නසනු ලබන්නෙමු” යි මෙසේ කීහ. භික්‍ෂූහු (ඒ අසා) “ඇවැත්නි, තෙපි කුමක් කළහු දැ?” යි ඇසූහ. එවිට ඒ පැවිද්දෝ භික්‍ෂූන්ට ඒ කාරණය දැන්වූහ. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට එය සැළකළහ. “මහණෙනි, මේ (මරණ ලද) භික්‍ෂූහු රහත්හු වෙති. මහණෙනි, අරහන්තඝාතක තෙමේ උපසපන් නො වූයේ උපසපන් නො කළ යුතු ය. උපසපන් වූයේ ශාසනයෙන් බැහැර කළ යුතු ය” යි වදාළ සේක. (7.)
Pali BJT25. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛුනියො සාකෙතා සාවත්ථිං අද්ධානමග්ගප්පටිපන්නා හොන්ති. අන්තරාමග්ගෙ චොරා නික්ඛමිත්වා එකච්චා භික්ඛුනියො අච්ඡින්දිංසු. එකච්චා භික්ඛුණියො දූසෙසුං. සාවත්ථියා රාජභටා නික්ඛමිත්වා එකච්චෙ චොරෙ අග්ගහෙසුං. එකච්චෙ චොරා පලායිංසු. යෙ තෙ පලායිංසු. තෙ භික්ඛූසු පබ්බජිංසු. යෙ තෙ ගහිතා තෙ වධාය ඔනීයන්ති.
Sinhala BJT25. එ කල්හි බොහෝ මෙහෙණෝ සාකේත නුවරින් සැවැත් නුවරට යනු පිණිස දීර්‍ඝමාර්‍ගයට පිළිපන්නාහ. අතරමග දී සොරු නික්ම අවුත් ඇතැම් මෙහෙණන්ගේ පාසිවුරු පැහැර ගත්හ. ඇතැම් මෙහෙණන් දූෂ්‍ය කළහ. සැවැත් නුවරින් ආ රාජභටයෝ ඇතැම් සොරුන් අල්වා ගත්හ. ඇතැම් සොරු පලා ගියහ. පලා ගිය සොරු භික්‍ෂූන් වෙත පැවිදි වූහ. අල්ලා ගණු ලැබූ සොරු වධයට ගෙණ යනු ලැබෙත්.
Pali BJT26. අද්දසාසුං ඛො තෙ පබ්බජිතා තෙ චොරෙ වධාය ඔනීයමානෙ. දිස්වාන එවමාහංසු: “සාධු ඛො මයං පලායිම්හ. සචජ්ජ මයං ගණ්හීයෙය්යාම, මයම්පි එවමෙව හඤ්ඤෙය්යාමා”ති. භික්ඛූ එවමාහංසු: “කිම්පන තුම්හෙ ආවුසො, අකත්ථා”ති. අථ ඛො තෙ පබ්බජිතා භික්ඛූනං එතමත්ථං ආරොචෙසුං. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “භික්ඛුණීදූසකො භික්ඛවෙ අනුපසම්පන්නො න උපසම්පාදෙතබ්බො. උපසම්පන්නො නාසෙතබ්බො. සඞ්ඝභෙදකො භික්ඛවෙ, අනුපසම්පන්නො න උපසම්පාදෙතබ්බො. උපසම්පන්නො නාසෙතබ්බො. ලොහිතුප්පාදකො භික්ඛවෙ, අනුපසම්පන්නො න උපසම්පාදෙතබ්බො. උපසම්පන්නො නාසෙතබ්බො”ති. (8. 9. 10.)
Sinhala BJT26. ඒ පැවිද්දෝ වධයට ගෙණ යනු ලබන ඒ සොරුන් දුටුවාහු ය. දැක, “අපි පලා ගියෙමු. ඒ යහපත් ය. යම් ලෙසකින් අපිත් අල්ලා ගන්නා ලද්දෙමු නම්, අපිත් අද මෙසේ නසනු ලබන්නෙමු” යි කීහ. භික්‍ෂූහු ඒ අසා “ඇවැත්නි, තෙපි කුමක් කළහුදැ?” යි ඇසූහ. එවිට ඒ පැවිද්දෝ භික්‍ෂූන්ට ඒ කාරණය දැන්වූහ. භික්‍ෂූන් භාග්‍යවතුන් වහන්සේට එය සැළකළහ. “මහණෙනි, භික්ඛුණීදූසක තෙමේ උපසපන් නො වූයේ උපසපන් නො කළ යුතු ය. උපසපන් වූයේ ශාසනයෙන් නෙරපා හැරිය යුතු ය. මහණෙනි, සඞ්ඝභේදක තෙමේ උපසපන් නො වූයේ උපසපන් නො කළ යුතු ය. උපසපන් වූයේ ශාසනයෙන් නෙරපිය යුතු ය. මහණෙනි, ලෝහිතුප්පාදක තෙමේ උපසපන් නො වූයේ උපසපන් නො කළයුතු ය. උපසපන් වූයේ ශාසනයෙන් නෙරපිය යුතු ය.” (8.9.10)
Pali BJT27. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො උභතොබ්යඤ්ජනකො භික්ඛූසු පබ්බජිතො හොති. සො කරොතිපි, කාරාපෙතිපි. භගවතො එතමත්ථං ආරොචෙසුං. “උභතොබ්යඤ්ජනකො භික්ඛවෙ, අනුපසම්පන්නො න උපසම්පාදෙතබ්බො. උපසම්පන්නො නාසෙතබ්බො”ති. (11.)
Sinhala BJT27. එ කල්හි එක්තරා උභතෝබ්‍යඤ්ජනකයෙක් භික්‍ෂූන් වෙත පැවිදි වූයේ වේ. හෙතෙමේ (මෙවුන්දම් සේවනය ද) කරයි. (මෙවුන්දම සේවනය) කරවාත් ගණියි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. උන් වහන්සේ “මහණෙනි, උභතෝබ්‍යඤ්ජනක තෙමේ උපසපන් නො වූයේ උපසපන් නො කළ යුතු ය. උපසපන් වූයේ ශාසනයෙන් නෙරපිය යුතු ය”යි වදාළ සේක. (11)
Pali BJTඅනුපසම්පන්නෙකාදසවත්ථු නිට්ඨිතං.
Sinhala BJTඅනුපසපන් එකොළොස් වත නිමි.
Pali BJT1. තෙන ඛො පන සමයෙන භික්ඛූ අනුපජ්ඣායකං උපසම්පාදෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, අනුපජ්ඣායකො උපසම්පාදෙතබ්බො. යො උපසම්පාදෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති. (1)
Sinhala BJT1. එකල්හි භික්‍ෂූහු උපාද්ධ්‍යායයෙකු නො ගත් හෙරණහු උපසපන් කෙරෙති. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, උපාද්ධ්‍යායයෙකු නොගත් හෙරණ තෙමේ උපසපන් නො කළ යුතු ය. යමෙක් උපසපන් කරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි උන් වහන්සේ වදාළ සේක. (1.)
Pali BJT2. තෙන ඛො පන සමයෙන භික්ඛූ සඞ්ඝෙන උපජ්ඣායෙන උපසම්පාදෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, සඞ්ඝෙන උපජ්ඣායෙන උපසම්පාදෙතබ්බො. යො උපසම්පාදෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති. (2)
Sinhala BJT2. එකල්හි භික්‍ෂූහු සඞ්ඝයා උපාද්ධ්‍යාය කොට උපසපන් කෙරෙති. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සඞ්ඝයා උපාද්ධ්‍යාය කොට උපසපන් නො කළ යුතු ය. යමෙක් උපසපන් කරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි වදාළ සේක. (2.)
Pali BJT3. තෙන ඛො පන සමයෙන භික්ඛූ ගණෙන උපජ්ඣායෙන උපසම්පාදෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, ගණෙන උපජ්ඣායෙන උපසම්පාදෙතබ්බො. යො උපසම්පාදෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති. (3)
Sinhala BJT3. එකල්හි භික්‍ෂූහු ගණයා උපාද්ධ්‍යාය කොට උපසම්පදා කෙරෙති. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ගණයා උපාද්ධ්‍යායා කොට උපසපන් නො කළ යුතු ය. යමෙක් උපසපන් කරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි වදාළ සේක. (3.)
Pali BJT4. තෙන ඛො පන සමයෙන භික්ඛූ පණ්ඩකූපජ්ඣායෙන උපසම්පාදෙන්ති. -පෙ- ථෙය්යසංවාසකූපජ්ඣායෙන උපසම්පාදෙන්ති. - තිත්ථියපක්කන්තකූපජ්ඣායෙන උපසම්පාදෙන්ති. - තිරච්ඡානගතූපජ්ඣායෙන උපසම්පාදෙන්ති. - මාතුඝාතකූපජ්ඣායෙන උපසම්පාදෙන්ති - පිතුඝාතකූපජ්ඣායෙන උපසම්පාදෙන්ති - අරහන්තඝාතකූපජ්ඣායෙන උපසම්පාදෙන්ති - භික්ඛුණීදූසකූපජ්ඣායෙන උපසම්පාදෙන්ති - සඞ්ඝභෙදකූපජ්ඣායෙන උපසම්පාදෙන්ති - ලොහිතුප්පාදකූපජ්ඣායෙන උපසම්පාදෙන්ති - උභතොබ්යඤ්ජන-කූපජ්ඣායෙන උපසම්පාදෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT4. එකල්හි භික්‍ෂූහු පණ්ඩකයා උපාද්ධ්‍යාය කොට ගෙණ උපසපන් කෙරෙති. –පෙ– ථෙය්‍යසංවාසකයා උපාද්ධ්‍යාය කොට ගෙණ උපසපන් කෙරෙති. – තිත්‍ථියපක්කන්තකය උපාද්ධ්‍යාය කොට ගෙණ උපසපන් කෙරෙති. – තිරච්ඡානගතයා උපාද්ධ්‍යාය කොට ගෙණ උපසපන් කෙරෙති – මාතෘඝාතකයා උපාද්ධ්‍යාය කොට ගෙණ උපසපන් කෙරෙති. – පිතෘඝාතකයා උපාද්ධ්‍යාය කොට ගෙණ උපසපන් කෙරෙති. – අරහන්තඝාතකයා උපාද්ධ්‍යාය කොට ගෙණ උපසපන් කෙරෙති. – භික්ඛුණීදූසකයා උපාද්ධ්‍යාය කොට ගෙණ උපසපන් කෙරෙති. – සඞ්ඝභේදකයා උපාද්ධ්‍යාය කොට ගෙණ උපසපන් කෙරෙති. – ලෝහිතුප්පාදකයා උපාද්ධ්‍යාය කොට ගෙණ උපසපන් කෙරෙති. – උභතෝබ්‍යඤ්ජනකයා උපාද්ධ්‍යාය කොට ගෙණ උපසපන් කෙරෙති. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.
Pali BJT5. “න භික්ඛවෙ, පණ්ඩකූපජ්ඣායෙන උපසම්පාදෙතබ්බො. -පෙ- න{1} ථෙය්යසංවාසකූපජ්ඣායෙන උපසම්පාදෙතබ්බො. - න තිත්ථියපක්කන්තකූපජ්ඣායෙන උපසම්පාදෙතබ්බො. - න තිරච්ඡානගතූපජ්ඣායෙන උපසම්පාදෙතබ්බො - න මාතුඝාතකූපජ්ඣායෙන උපසම්පාදෙතබ්බො. - න පිතුඝාතකූපජ්ඣායෙන උපසම්පාදෙතබ්බො. - න අරහන්තඝාතකූපජ්ඣායෙන උපසම්පාදෙතබ්බො. - න භික්ඛුණීදූසකූපජ්ඣායෙන උපසම්පාදෙතබ්බො. - න සඞ්ඝභෙදකූපජ්ඣායෙන උපසම්පාදෙතබ්බො. - න ලොහිතුප්පාදකූපජ්ඣායෙන උපසම්පාදෙතබ්බො. - න උභතොබ්යඤ්ජනකූපජ්ඣායෙන උපසම්පාදෙතබ්බො. යො උපසම්පාදෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති. (4-14)
Sinhala BJT5. “මහණෙනි, පණ්ඩකයා උපාද්ධ්‍යාය කොට ගෙණ උපසපන් නො කළ යුතු ය. –පෙ – ථෙය්‍යසංවාසකයා උපාද්ධ්‍යාය කොට ගෙණ, – තිත්‍ථියපක්කන්තකයා උපාද්ධ්‍යාය කොට ගෙණ, – තිරච්ඡානගතයා උපාද්ධ්‍යාය කොට ගෙණ, – මාතුඝාතකයා උපාද්ධ්‍යාය කොට ගෙණ, – පිතුඝාතකයා උපාද්ධ්‍යාය කොට ගෙණ, – අරහන්තඝාතකයා උපාද්ධ්‍යාය කොට ගෙණ, – භික්ඛුණීදූසකයා උපාද්ධ්‍යාය කොට ගෙණ, – සඞ්ඝභේදකයා උපාද්ධ්‍යාය කොට ගෙණ, – ලෝහිතුප්පාදකයා උපාද්ධ්‍යාය කොට ගෙණ, – උභතෝබ්‍යඤ්ජනකයා උපාද්ධ්‍යාය කොට ගෙණ උපසපන් නො කළ යුතු ය. යමෙක් උපසපන් කරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි වදාළ සේක. (4-14.)
Pali BJT6. තෙන ඛො පන සමයෙන භික්ඛූ අපත්තකං උපසම්පාදෙන්ති. හත්ථෙසු පිණ්ඩාය චරන්ති. මනුස්සා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “සෙය්යථාපි තිත්ථියා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, අපත්තකො උපසම්පාදෙතබ්බො. යො උපසම්පාදෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති. (15.)
Sinhala BJT6. එකල්හි භික්‍ෂූහු පාත්‍රය නැත්තහු උපසපන් කෙරෙති. (පාත්‍රය නැත්තෝ) අත්වලින් පිඬු සිඟා හැසිරෙති. මිනිස්සු “(මොහු) තීර්‍ත්‍ථකයන් වැනිය” යි අවමන් කෙරෙති. නින්‍දා කෙරෙති දොස් කියති. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පාත්‍රය නැත්තෙක් උපසපන් නො කළ යුතු ය. යමෙක් උපසපන් කරන්නේ නම්, දුකුළා ඇවැත් වේ”සි වදාළ සේක. (15.)
Pali BJT7. තෙන ඛො පන සමයෙන භික්ඛූ අචීවරකං උපසම්පාදෙන්ති. නග්ගා පිණ්ඩාය චරන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “සෙය්යථාපි තිත්ථියා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, අචීවරකො උපසම්පාදෙතබ්බො. යො උපසම්පාදෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති. (16)
Sinhala BJT7. එකල්හි භික්‍ෂූහු සිවුරු නැත්තනු උපසපන් කෙරෙති. (ඔහු) නග්න ව පිඬු සිඟා යති. මිනිස්සු “(මොහු) තීර්‍ත්‍ථකයන් වැනි ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සිවුරු නැත්තේ උපසපන් නො කළ යුතු ය. යමෙක් උපසපන් කරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි වදාළ සේක. (16.)
Pali BJT8. තෙන ඛො පන සමයෙන භික්ඛූ අපත්තචීවරකං උපසම්පාදෙන්ති. නග්ගා හත්ථෙසු පිණ්ඩාය චරන්ති. මනුස්සා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “සෙය්යථාපි තිත්ථියා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, අපත්තචීවරකො උපසම්පාදෙතබ්බො. යො උපසම්පාදෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති. (17)
Sinhala BJT8. එකල්හි භික්‍ෂූහු පාසිවුරු නැත්තනු උපසපන් කෙරෙති. (ඔහු) නග්න ව අතින් පිඬු සිඟා යති. “මිනිස්සු (මොහු) තීර්‍ත්‍ථකයන් මෙනැ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්, භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. උන්වහන්සේ “මහණෙනි, පාසිවුරු නැත්තෝ උපසපන් නො කළ යුතු ය. යමෙක් උපසපන් කරන්නේ නම්, දුකුළා ඇවැත් වේ” යි වදාළ සේක. (17.)
Pali BJT9. තෙන ඛො පන සමයෙන භික්ඛූ යාචිතකෙන පත්තෙන උපසම්පාදෙන්ති. උපසම්පන්නෙ පත්තං පටිහරන්ති. හත්ථෙසු පිණ්ඩාය චරන්ති. මනුස්සා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “සෙය්යථාපි තිත්ථියා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, යාචිතකෙන පත්තෙන උපසම්පාදෙතබ්බො. යො උපසම්පාදෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති. (18)
Sinhala BJT9. එකල්හි භික්‍ෂූහු පිරුළු ගත් පාත්‍රය ඇත්තහු උපසපන් කෙරෙති. උපසපන් වූ කල්හි පාත්‍රය නැවැත ගෙණ යත්, (ඔහු) අතින් පිඬු සිඟා යති. මිනිස්සු “(මොහු) තීර්‍ත්‍ථකයන් මෙනැ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ඉල්ලා ගත් පාත්‍රය ඇත්තේ උපසපන් නො කළ යුතු ය. යමෙක් උපසපන් කරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි වදාළ සේක. (18.)
Pali BJT10. තෙන ඛො පන සමයෙන භික්ඛූ යාචිතකෙන චීවරෙන{1} උපසම්පාදෙන්ති. උපසම්පන්නෙ චීවරං පටිහරන්ති. නග්ගා පිණ්ඩාය චරන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති, විපාචෙන්ති: “සෙය්යථාපි තිත්ථියා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, යාචිතකෙන චීවරෙන උපසම්පාදෙතබ්බො. යො උපසම්පාදෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති. (19)
Sinhala BJT10. එකල්හි භික්‍ෂූහු පිරුළු ගත් සිවුරු ඇත්තහු උපසපන් කෙරෙති. උපසපන් වූ කල්හි සිවුර නැවත ගෙණ යත්. නග්න ව පිඬු සිඟා යති. මිනිස්සු “(මොහු) තීර්‍ත්‍ථකයන් මෙනැ’ යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පිරුළු ගත් සිවුරු ඇත්තෝ උපසපන් නො කළ යුතු ය. යමෙක් උපසපන් කරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි වදාළ සේක. (19.)
Pali BJT11. තෙන ඛො පන සමයෙන භික්ඛූ යාචිතකෙන පත්තචීවරෙන උපසම්පාදෙන්ති. උපසම්පන්නෙ පත්තචීවරං පටිහරන්ති. නග්ගා හත්ථෙසු පිණ්ඩාය චරන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “සෙය්යථාපි තිත්ථියා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, යාචිතකෙන පත්තචීවරෙන උපසම්පාදෙතබ්බො. යො උපසම්පාදෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති. (20)
Sinhala BJT11. එකල්හි භික්‍ෂූහු පිරුළු ගත් පාසිවුරු ඇත්තහු උපසපන් කෙරෙත්. උපසපන් කල්හි පාසිවුරු නැවැත ගෙණ යත්. නග්න ව අතින් පිඬු සිඟා යති. මිනිස්සු “(මොහු) තීර්‍ත්‍ථකයන් මෙනැ”යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ඉල්ලා ගත් පාසිවුරු ඇත්තේ උපසපන් නො කළ යුතු ය. යමෙක් උපසපන් කරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි වදාළ සේක. (20.)
Pali BJTන උපසම්පාදෙතබ්බෙකවීසතිවාරං{2} නිට්ඨිතං.
Sinhala BJTඋපසපන් නො කළ යුතු විසි වර නිමි.
Pali BJT1. තෙන ඛො පන සමයෙන භික්ඛූ හත්ථච්ඡින්නං පබ්බාජෙන්ති. -පෙ- පාදච්ඡින්නං පබ්බාජෙන්ති. - හත්ථපාදච්ඡින්නං පබ්බාජෙන්ති. කණ්ණච්ඡින්නං පබ්බාජෙන්ති. නාසච්ඡින්නං පබ්බාජෙන්ති. කණ්ණනාසච්ඡින්නං පබ්බාජෙන්ති. අඞ්ගුලිච්ඡින්නං පබ්බාජෙන්ති. - අළච්ඡින්නං පබ්බාජෙන්ති. කණ්ඩරච්ඡින්නං පබ්බාජෙන්ති. - ඵණහත්ථකං පබ්බාජෙන්ති. - ඛුජ්ජං පබ්බාජෙන්ති. - වාමනං පබ්බාජෙන්ති. - ගලගණ්ඩිං පබ්බාජෙන්ති. - ලක්ඛණාහතං පබ්බාජෙන්ති. - කසාහතං පබ්බාජෙන්ති. - ලිඛිතකං{1} පබ්බාජෙන්ති - සීපදිං පබ්බාජෙන්ති. - පාපරොගිං පබ්බාජෙන්ති. - පරිසදූසකං පබ්බාජෙන්ති. - කාණං පබ්බාජෙන්ති. - කුණිං පබ්බාජෙන්ති. - ඛඤ්ජං පබ්බාජෙන්ති. - පක්ඛහතං පබ්බාජෙන්ති. - ඡින්නිරියාපථං පබ්බාජෙන්ති. - ජරාදුබ්බලං පබ්බාජෙන්ති. - අන්ධං පබ්බාජෙන්ති. - මූගං පබ්බාජෙන්ති. - බධිරං පබ්බාජෙන්ති. - අන්ධමූගං පබ්බාජෙන්ති. - අන්ධබධිරං පබ්බාජෙන්ති. - මූගබධිරං පබ්බාජෙන්ති. -පෙ- අන්ධමූගබධිරං පබ්බාජෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT1. එකල්හි භික්‍ෂූහු කැපූ අත් ඇත්තහු පැවිදි කරති. පෙ – කැපූ පා ඇත්තහු පැවිදි කරති. – කැපූ අත්පා ඇත්තහු පැවිදි කරති. – කැපූ කන් ඇත්තහු පැවිදි කරති. – කැපූ නාසය ඇත්තහු පැවිදි කරති. – කැපූ කන් නාස් ඇත්තහු පැවිදි කරති. – කැපූ ඇඟිලි ඇත්තහු පැවිදි කරති. – කැපූ මාපට ඇඟිලි ඇත්තහු පැවිදි කරති. – කැපූ මහනහර ඇත්තහු පැවිදි කරති. – පෙණය වැනි අත් ඇත්තහු පැවිදි කරති. – කුදු වූවහු පැවිදි කරති. – මිටි වූවහු පැවිදි කරති. – ගලගණ්ඩරෝගය ඇත්තහු පැවිදි කරති. – කෙටූ ලකුණු ඇත්තහු පැවිදි කරති. – කසවලින් තළනලද්දහු පැවිදි කරති. – රජ යෙහි ලියා තබනලද්දහු පැවිදි කරති. – බරවාරෝග ඇත්තහු පැවිදි කරති. – නිතර පවත්නා පාපරෝග ඇත්තාහු පැවිදි කරති. – විරූප බැවින් පිරිස දූෂණය කරන්නහු පැවිදි කරති. – එක් ඇසක් (පමණක්) ඇත්තහු පැවිදි කරති. – වක් වූ අත්පා ඇඟිලි ඇත්තහු පැවිදි කරති. – කොර වූවහු පැවිදි කරති. – එක් අතක් හෝ පයක් හෝ සිරුරු අඩක් හෝ නැසුනහු පැවිදි කරති. – පිළා පැවිදි කරති. – ජරාවෙන් දුබල වූවහු පැවිදි කරති. – අන්‍ධයා පැවිදි කරතී. – ගොළුවා පැවිදි කරති. – බිහිරා පැවිදි කරති. – අඳගොළුවා පැවිදි කරති. – අඳබිහිරා පැවිදි කරති. – ගොළුබිහිරා පැවිදි කරති. – පෙ – අඳගොළුබිහිරා පැවිදි කරති. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.
Pali BJT2. “න භික්ඛවෙ, හත්ථච්ඡින්නො පබ්බාජෙතබ්බො. -පෙ- න පාදච්ඡින්නො පබ්බාජෙතබ්බො. - න හත්ථපාදච්ඡින්නො පබ්බාජෙතබ්බො. - න කණ්ණච්ඡින්නො පබ්බාජෙතබ්බො. - න නාසච්ඡින්නො පබ්බාජෙතබ්බො. - න කණ්ණනාසච්ඡින්නො පබ්බාජෙතබ්බො. - න අඞ්ගුලිච්ඡින්නො පබ්බාජෙතබ්බො. - න අළච්ඡින්නො පබ්බාජෙතබ්බො - න කණ්ඩරච්ඡින්නො පබ්බාජෙතබ්බො. - න ඵණහත්ථකො පබ්බාජෙතබ්බො. - න ඛුජ්ජො පබ්බාජෙතබ්බො. - න වාමනො පබ්බාජෙතබ්බො. - න ගලගණ්ඩී පබ්බාජෙතබ්බො. - න ලක්ඛණාහතො පබ්බාජෙතබ්බො. - න කසාහතො පබ්බාජෙතබ්බො. - න ලිඛිතකො පබ්බාජෙතබ්බො. - න සීපදී පබ්බාජෙතබ්බො. - න පාපරොගී පබ්බාජෙතබ්බො. - න පරිසදූසකො පබ්බාජෙතබ්බො. - න කාණො පබ්බාජෙතබ්බො. - න කුණී පබ්බාජෙතබ්බො. - න ඛඤ්ජො පබ්බාජෙතබ්බො. - න පක්ඛහතො පබ්බාජෙතබ්බො. - න ඡින්නිරියාපථො පබ්බාජෙතබ්බො. - න ජරාදුබ්බලො පබ්බාජෙතබ්බො. - න අන්ධො පබ්බාජෙතබ්බො. - න මූගො පබ්බාජෙතබ්බො. - න බධිරො පබ්බාජෙතබ්බො. - න අන්ධමූගො පබ්බාජෙතබ්බො. - න අන්ධබධිරො පබ්බාජෙතබ්බො. - න මූගබධිරො පබ්බාජෙතබ්බො. - න අන්ධමූගබධිරො පබ්බාජෙතබ්බො. යො පබ්බාජෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT2. මහණෙනි, කැපූ අත් ඇත්තේ පැවිදි නො කළ යුතු ය. – පෙ – කැපූ පා ඇත්තේ පැවිදි නො කළ යුතු ය. – කැපූ අත්පා ඇත්තේ පැවිදි නො කළ යුතු ය. – කැපූ කන් ඇත්තේ පැවිදි නො කළ යුතු ය. – කැපූ නාස් ඇත්තේ පැවිදි නො කළ යුතු ය. – කැපූ කන්නාස් ඇත්තේ පැවිදි නො කළ යුතු ය. – කැපූ ඇඟිලි ඇත්තේ පැවිදි නො කළ යුතු ය. – කැපූ මාපට ඇඟිලි ඇත්තේ පැවිදි නො කළ යුතු ය. – කැපූ මහනහර ඇත්තේ පැවිදි නො කළ යුතු ය. – පෙණය වැනි අත් ඇත්තේ පැවිදි නො කළ යුතු ය. – කුදා පැවිදි නො කළ යුතු ය. – මිට්ටා පැවිදි නො කළ යුතු ය. – ගලගණ්ඩරෝගය ඇත්තේ පැවිදි නො කළ යුතු ය. – ලකුණු කෙටූයේ පැවිදි නො කළ යුතු ය. – කසයෙන් පැහැරුණේ පැවිදි නො කළ යුතු ය. – රජයෙහි ලියා තැබුයේ පැවිදි නො කළ යුතු ය. – බරවාරෝග ඇත්තේ පැවිදි නො කළ යුතු ය. – පාපරෝග ඇත්තේ පැවිදි නො කළ යුතු ය. – පිරිස් දූෂණය කරන්නේ පැවිදි නො කළ යුතු ය. – එකැස් ඇත්තේ පැවිදි නො කළ යුතු ය. – වක් වූ අත්පා ඇත්තේ පැවිදි නො කළ යුතු ය. – කොර වූයේ පැවිදි නො කළ යුතු ය – එක් අතක් හෝ එක් පයක් හෝ සිරුර අඩක් හෝ නැසුනේ පැවිදි නො කළ යුතු ය. – පිළා පැවිදි නො කළ යුතු ය. – ජරාවෙන් දුබල වූයේ පැවිදි නො කළ යුතු ය. – අන්‍ධයා පැවිදි නො කළ යුතු ය. – ගොළුවා පැවිදි නො කළ යුතු ය. – බිහිරා පැවිදි නො කළ යුතු ය. – අඳගොළුවා පැවිදි නො කළ යුතු ය. – අඳබිහිරා පැවිදි නො කළ යුතු ය. – ගොළුබිහිරා පැවිදි නො කළ යුතු ය. – පෙ – අඳගොළුබිහිරා පැවිදි නො කළ යුතු ය. යමෙක් පැවිදි කරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි වදාළ සේක.
Pali BJTනපබ්බාජෙතබ්බද්වත්තිංසවාරො නිට්ඨිතං.
Sinhala BJTපැවිදි නො කළ යුතු දෙතිස් වාරය නිමි.
Pali BJTදායජ්ජභාණවාරං නිට්ඨිතං නවමං.
Sinhala BJTනවවන දායාද බණවර නිමි.
Pali BJT1. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ අලජ්ජීනං නිස්සයං දෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ අලජ්ජීනං නිස්සයො දාතබ්බො. යො දදෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති. තෙන ඛො පන සමයෙන භික්ඛූ අලජ්ජීනං නිස්සාය වසන්ති. තෙපි න චිරස්සෙව අලජ්ජිනො හොන්ති පාප භික්ඛූ{1}. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ අලජ්ජීනං නිස්සාය වත්ථබ්බං. යො වසෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT1. එකල්හි සවග භික්‍ෂූහු අලජ්ජීන්ට නිස දෙති. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අලජ්ජීන්ට නිස නො දිය යුතු ය. යමෙක් දෙන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි වදාළ සේක. එකල්හි භික්‍ෂූහු අලජ්ජීන් නිසා වසති. ඔහු ද නොබෝ දිනකින් ම අලජ්ජි වූ ලාමක භික්‍ෂූහු වෙති. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අලජ්ජීන් නිසා නො විසිය යුතු ය. යමෙක් වසන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි වදාළ සේක.
Pali BJT2. අථ ඛො භික්ඛූනං එතදහොසි: “භගවතා පඤ්ඤත්තං ‘න අලජ්ජීනං නිස්සයො දාතබ්බො, න අලජ්ජීනං නිස්සාය වත්ථබ්බ’න්ති. කථන්නු ඛො මයං ජානෙය්යාම ලජ්ජිං වා අලජ්ජිං වා{2}”ති? භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ චතූහපඤ්චාහං ආගමෙතුං යාව භික්ඛුසභාගතං{3} ජානාමී”ති.
Sinhala BJT2. එකල්හි භික්‍ෂූන්ට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘අලජ්ජීන්ට නිස නො දිය යුතු ය. අලජ්ජීන් නිසා නො විසිය යුතු ය’ යි නියම කරණ ලද්දේ ය. අපි ‘(මෙ තෙමේ) ලජ්ජී හෝ වේ ද? අලජ්ජී හෝ වේ දැ’? යි කෙසේ නම් දන්නෙමු දැ?” යි අදහස් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. උන්වහන්සේ “මහණෙනි, යම් තාක් භික්‍ෂූන් හා ශීලාදිසභාගත්‍වය දනිම් ද, ඒ තාක් (සිටිමියි) සතර පස් දිනක් බලාපොරොත්තු වන්නට අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT3. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු කොසලෙසු ජනපදෙසු{4} අද්ධානමග්ගප්පටිපන්නො හොති. අථ ඛො තස්ස භික්ඛුනො එතදහොසි: “භගවතා පඤ්ඤත්තං ‘න අනිස්සිතෙන වත්ථබ්බ’න්ති. අහඤ්චම්හි නිස්සයකරණීයො අද්ධානමග්ගප්පටිපන්නො, කථන්නු ඛො මයා පටිපජ්ජිතබ්බ”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, අද්ධානමග්ගප්පටිපන්නෙන භික්ඛුනා නිස්සයං අලභමානෙන අනිස්සිතෙන වත්ථු”න්ති.
Sinhala BJT3. එකල්හි එක්තරා භික්‍ෂුනමක් කොසොල්දනව්වෙහි අදන්මගට පිළිපන්නේ ය. එකල්හි ඒ භික්‍ෂුහට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘නිස නැති ව නො විසිය යුතු ය’ යි නියම කරණ ලද්දේ ය. මමත් කට යුතු නිස ඇත්තේ අදන්මගට පිළිපන්නේ වෙමි. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. ‘මහණෙනි, අදන්මගට පිළිපන්, නිස නො ලබන්නාවූ මහණහු විසින් නිස නැතු ව වසන්නට අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT4. තෙන ඛො පන සමයෙන ද්වෙ භික්ඛූ කොසලෙසු ජනපදෙ අද්ධානමග්ගප්පටිපන්නා හොන්ති. තෙ අඤ්ඤතරං ආවාසං උපගච්ඡිංසු. තත්ථ එකො භික්ඛු ගිලානො හොති. අථ ඛො තස්ස ගිලානස්ස භික්ඛුනො එතදහොසි: “භගවතා පඤ්ඤත්තං ‘න අනිස්සිතෙන වත්ථබ්බ’න්ති. අහඤ්චම්හි නිස්සයකරණීයො ගිලානො. කථන්නු ඛො මයා පටිපජ්ජිතබ්බ?”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ ගිලානෙන භික්ඛුනා නිස්සයං අලභමානෙන අනිස්සිතෙන වත්ථු”න්ති.
Sinhala BJT4. එකල්හි භික්‍ෂූහු දෙනමක් කොසොල්දනව්වෙහි අදන්මගට පිළිපන්නෝ වෙත්. ඔහු එක්තරා ආවාසයකට ගියහ. ඔවුනතුරෙන් එක් නමක් ගිලන් වෙයි. ඒ ගිලන් භික්‍ෂුහට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘නිස නැති ව නො විසිය යුතු ය’ යි පණවන ලද්දේ ය. මමත් කට යුතු නිස ඇති ගිලනෙක් වෙමි. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ?”යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ගිලන්, නිස නො ලබන, භික්‍ෂූහු විසින් නිස නැති ව වසන්නට අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT5. අථ ඛො තස්ස ගිලානුපට්ඨාකස්ස භික්ඛුනො එතදහොසි: “භගවතා පඤ්ඤත්තං ‘න අනිස්සිතෙන වත්ථබ්බ’න්ති. අහඤ්චම්හි නිස්සයකරණීයො. අයඤ්ච භික්ඛු ගිලානො. කථන්නු ඛො මයා පටිපජ්ජිතබ්බ”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ ගිලානුපට්ඨාකෙන භික්ඛුනා නිස්සයං අලභමානෙන යාචියමානෙන අනිස්සිතෙන වත්ථු”න්ති.
Sinhala BJT5. එකල්හි ඒ ගිලානෝපස්ථායකභික්‍ෂුහට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘නිස නැති ව නො විසිය යුතු ය’ යි පණවන ලදී. මමත් නිස කට යුත්තෙක් වෙමි. මේ මහණ ද ගිලන් ය. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ?” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, (ඒ ගිලන් භික්‍ෂුහු විසින්) ඉල්ලනු ලබන, නිස නො ලබන්නාවූ, ගිලානෝපස්ථායක භික්‍ෂූහු විසින් නිස නැති ව වසන්නට අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT6. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අරඤ්ඤෙ විහරති. තස්ස ච තස්මිං සෙනාසනෙ ඵාසු හොති. අථ ඛො තස්ස භික්ඛුනො එතදහොසි: “භගවතා පඤ්ඤත්තං ‘න අනිස්සිතෙන වත්ථබ්බ’න්ති. අහඤ්චම්හි නිස්සයකරණීයො අරඤ්ඤෙ විහරාමි. මය්හඤ්ච ඉමස්මිං සෙනාසනෙ ඵාසු හොති, කථන්නු ඛො මයා පටිපජ්ජිතබ්බ”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ ආරඤ්ඤිකෙන භික්ඛුනා ඵාසුවිහාරං සල්ලක්ඛෙන්තෙන නිස්සයං අලභමානෙන අනිස්සිතෙන වත්ථුං. යදා පතිරූපො නිස්සයදායකො ආගච්ඡිස්සති. තස්ස{5} නිස්සාය වසිස්සාමි”ති.
Sinhala BJT6. එකල්හි එක්තරා මහණෙක් වනයෙහි වසයි. ඔහුට ඒ වනසෙනසුනෙහි විසීම පහසු වේ. එකල්හි ඒ භික්‍ෂුහට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘නිස නැති ව නො විසිය යුතු ය’ යි පණවන ලදී. මමත් නිස කට යුත්තේ වනයෙහි වසම්. මට මේ සෙනසුනෙහි විසීම පහසු ය. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, වනයෙහි වසන නිස නො ලබන භික්‍ෂුහු විසින් ඵාසු විහරණය සලකා ‘යම් විටෙක සුදුසු වූ නිස දෙන්නෙක් එන්නේ නම්, ඔහු නිසා වසන්නෙමි’ යි සිතා නිස නැති ව වසන්නට අනුදනිමි”යි වදාළ සේක.
Pali BJT7. තෙන ඛො පන සමයෙන ආයස්මතො මහාකස්සපස්ස උපසම්පදාපෙඛො හොති. අථ ඛො ආයස්මා මහාකස්සපො ආයස්මතො ආනන්දස්ස සන්තිකෙ දූතං පාහෙසි: “ආගච්ඡතු ආනන්දො, ඉමං අනුස්සාවෙස්ස”තූති.{1} ආයස්මා ආනන්දො එවමාහ: “නාහං උස්සහාමි ථෙරස්ස නාමං ගහෙතුං. ගරු මෙ ථෙරො”ති . භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ගොත්තෙනපි අනුස්සාවෙතු”න්ති.
Sinhala BJT7. එකල්හි ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේට උපසම්පදාපේක්‍ෂකයෙක් වේ. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේගේ සමීපයට “ආනන්‍ද ස්ථවිරතෙමේ (මෙහි) ඒවා. (අවුත්) මේ හෙරණහුට කර්‍මවාක්‍යය අස්වාවා” යි දූතයකු යැවූහ. එවිට ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ “මම ස්ථවිරයන් වහන්සේගේ නම කියන්ට අපොහොසත් වෙමි. ස්ථවිරයන් වහන්සේ මාගේ ගුරුය” යි කීහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ගෝත්‍රයෙන් අස්වන්නට* අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT8. තෙන ඛො පන සමයෙන ආයස්මතො මහාකස්සපස්ස ද්වෙ උපසම්පදාපෙඛා හොන්ති. තෙ විවදන්ති: “අහං පඨමං උපසම්පජ්ජිස්සාමි. අහං පඨමං උපසම්පජ්ජිස්සාමී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ ද්වෙ එකානුස්සාවණෙ{2} කාතු”න්ති.
Sinhala BJT8. එකල්හි ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේට උපසම්පදාපේක්‍ෂකයෝ දෙදෙනෙක් වෙති. “මම පළමු කොට උපසපන් වන්නෙමි. මම පළමු කොට උපසපන් වන්නෙමි” යි ඔහු විවාද කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දෙදෙන එක් අනුසාවණයෙහි උපසපන් කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT9. තෙන ඛො පන සමයෙන සම්බහුලානං ථෙරානං උපසම්පදාපෙඛා හොන්ති. තෙ විවදන්ති: “අහං පඨමං උපසම්පජ්ජිස්සාමි. අහං පඨමං උපසම්පජ්ජිස්සාමී”ති. ථෙරා එවමාහංසු: “හන්ද මයං ආවුසො සබ්බෙව එකානුස්සාවණෙ කරොමා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ ද්වෙ තයො එකානුසාවණෙ කාතුං. තඤ්ච ඛො එකෙන උපජ්ඣායෙන. න ත්වෙව නානුපජ්ඣායෙනා”ති.
Sinhala BJT9. එකල්හි බොහෝ ස්ථවිරයන් වහන්සේලාට උපසම්පදාපේක්‍ෂකයෝ දෙදෙනෙක් වෙති. ඔහු “මම පළමු කොට උපසපන් වන්නෙමි, මම පළමු කොට උපසපන් වන්නෙමි” යි විවාද කෙරෙත්. තෙරහු “ඇවැත්නි, එබැවින් අපි සියලු දෙනා එක් අනුසාවණයෙහි උපසපන් කරමු” යි මෙසේ කීහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දෙ තුන් දෙනා එක් අනුසාවණයෙහි උපසපන් කරන්නට අනුදනිමි. එ ද එක් උපාද්ධ්‍යාය කෙනෙකුන්ගෙන් ය. නානාඋපාද්ධ්‍යායයන්ගෙන් ඒ නො ම කට යුතු ය” යි වදාළ සේක.
Pali BJT10. තෙන ඛො පන සමයෙන ආයස්මා කුමාරකස්සපො ගබ්භවීසො උපසම්පන්නො හොති.{3} අථ ඛො ආයස්මතො කුමාරකස්සපස්ස එතදහොසි: “භගවතා පඤ්ඤත්තං න ඌනවීසතිවස්සො පුග්ගලො උපසම්පාදෙතබ්බො’ති. අහඤ්චම්හි ගබ්භවීසො උපසම්පන්නො. උපසම්පන්නො නු ඛොම්හි? න නු ඛො උපසම්පන්නො?”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “යං භික්ඛවෙ මාතුකුච්ඡිස්මිං පඨමං චිත්තං උප්පන්නං, පඨමං විඤ්ඤාණං පාතුභූතං, තදුපාදාය සාවස්ස ජාති. අනුජානාමි භික්ඛවෙ ගබ්භවීසං උපසම්පාදෙතු”න්ති.
Sinhala BJT10. එකල්හි ආයුෂ්මත් කුමාරකාශ්‍යප ස්ථවිර තෙමේ ගැබෙහි පටන් විසිවස් ඇත්තෙක් උපසපන් වූයේ වේ. ඉක්බිති ආයුෂ්මත් කුමාර කාශ්‍යපස්ථවිරයන් වහන්සේට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘විසිවසින් අඩු පුද්ගල තෙමේ උපසපන් නො කළ යුතු ය’ යි පණවන ලද්දේ ය. මම ගැබෙහි පටන් විසිවස් ඇත්තේ උපසපන් වූයෙම් වෙම්. මම උපසපන් වූයෙමි දෝ? උපසපන් නො වූයෙම් දෝ?” යි සැකයෙක් පහළ වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මවුකුසෙහි යම් පළමු ප්‍රතිසන්‍ධි චිත්තයක් උපන්නේ ද, යම් පළමු ප්‍රතිසන්‍ධිවිඥානයක් වූයේ ද, එතැන් පටන් ඒ ප්‍රතිසන්‍ධිය ම ඔහුගේ උප්පත්තිය යි. මහණෙනි, ගැබෙහි පටන්, විසිවස් ඇත්තහු උපසපන් කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT11. තෙන ඛො පන සමයෙන උපසම්පන්නා දිස්සන්ති කුට්ඨිකාපි ගණ්ඩිකාපි කිලාසිකාපි{4} සොසිකාපි අපමාරිකාපි. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ උපසම්පාදෙන්තෙන තෙරස අන්තරායිකෙ ධම්මෙ පුච්ඡිතුං. එවඤ්ච පන භික්ඛවෙ පුච්ඡිතබ්බො: “සන්ති තෙ එවරූපා ආබාධා – කුට්ඨං? ගණ්ඩො? කිලාසො? සොසො? අපමාරො? මනුස්සොසි? පුරිසොසි? භුජිස්සොසි? අණණොසි? නසි රාජභටො? අනුඤ්ඤාතොසි මාතාපිතූහි? පරිපුණ්ණවීසතිවස්සොසි? පරිපුණ්ණං තෙ පත්තචීවරං? කිංනාමොසි? කො නාමො තෙ උපජ්ඣායො?”ති.
Sinhala BJT11. එකල්හි කුෂ්ඨරෝග ඇත්තෝ ද, ගණ්ඩරොග ඇත්තෝද, කිලාසරෝග ඇත්තෝ ද, ක්‍ෂයරොග ඇත්තෝ ද, මීමැස්මොර ඇත්තෝ ද, උපසපන් වූවාහු දක්නා ලැබෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, උපසපන් කරන්නහු විසින් තෙළෙස් අන්තරායකරධර්‍මයන් විචාරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ විචාළ යුතු ය: ඔබට කුෂ්ඨ – ගණ්ඩ – කිලාස – ක්‍ෂය – මීමැස්මොර යන මෙබඳු ආබාධයෝ වෙත් ද? මිනිසෙක් වෙහි ද? පුරුෂයෙක් වෙහි ද? නිවහල් වෙහි ද? නය නැත්තේ වෙහි ද? රාජභටයෙක් නො වෙහි ද? මවුපියන් විසින් අනුදන්නා ලද්දේ වෙහි ද? පිරිපුන් විසිවස් ඇත්තේ වෙහි ද? ඔබගේ පාසිවුරු සම්පූර්‍ණ වේ ද? (13) කි නම් ඇත්තෙක් වෙහි ද? ඔබගේ උපාද්ධ්‍යාය තෙමේ කි නම් ඇත්තේ ද?”
Pali BJT12. තෙන ඛො පන සමයෙන භික්ඛූ අනනුසිට්ඨෙ උපසම්පදාපෙඛෙ අන්තරායිකෙ ධම්මෙ පුච්ඡන්ති. උපසම්පදාපෙඛා විත්ථායන්ති. මඞ්කූ හොන්ති. න සක්කොන්ති විස්සජ්ජෙතුං. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ පඨමං අනුසාසිත්වා පච්ඡා අන්තරායිකෙ ධම්මෙ පුච්ඡිතු”න්ති. තත්ථෙව සඞ්ඝමජ්ඣෙ අනුසාසන්ති. උපසම්පදාපෙඛා තථෙව විත්ථායන්ති. මඞ්කූ හොන්ති. න සක්කොන්ති විස්සජ්ජෙතුං. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ එකමන්තං අනුසාසිත්වා සඞ්ඝමජ්ඣෙ අන්තරායිකෙ ධම්මෙ පුච්ඡිතුං. එවඤ්ච පන භික්ඛවෙ, අනුසාසිතබ්බො: පඨමං උපජ්ඣං ගාහාපෙතබ්බො. උපජ්ඣං ගාහාපෙත්වා පත්තචීවරං ආචික්ඛිතබ්බං: අයං තෙ පත්තො. අයං සඞ්ඝාටි. අයං උත්තරාසඞ්ගො. අයං අන්තරවාසකො. ගච්ඡ, අමුම්හි ඔකාසෙ තිට්ඨාහී”ති.
Sinhala BJT12. එකල්හි භික්‍ෂූහු අනුශාසනා නො කළ උපසම්පදාපේක්‍ෂකයන් වෙතින් අන්තරායකාරධර්‍මයන් විචාරති. උපසම්පදාපේක්‍ෂකයෝ කලබල වෙති. ලජ්ජිත වෙති. විසඳන්ට (පිළිතුරු දෙන්ට) නො පොහොසත් වෙති. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පළමු ව අනුශාසනා කොට පසු ව අන්තරායකරධර්‍මයන් විචාරන්නට අනුදනිමි” යි වදාළ සේක. එහි ම සඟ මැද අනුශාසනා කෙරෙත්. උපසම්පදාපේක්‍ෂකයෝ එසේ ම කලබල වෙති. මංකු වෙති. පිළිතුරු දෙන්ට අපොහොසත් වෙති. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පසෙකට ගෙණ අනුශාසනා කොට සඟ මැද දී අන්තරායකරධර්‍මයන් විචාරන්නට අනුදනිමි. මහණෙනි, අනුශාසනා කළ යුත්තේ මෙසේ ය: පළමු කොට උපාද්ධ්‍යායයා ගැන්විය යුතු ය. උපාද්ධ්‍යායයෙකු ගන්වා පා සිවුරු කිය යුතු ය: “මේ ඔබගේ පාත්‍ර ය. මේ සඞ්ඝාටි ය. මේ උත්තරාසඞ්ග ය. මේ අන්තරවාසක ය. යව, අසුවල් අවකාසයෙහි සිටුව”.
Pali BJT13. බාලා අබ්යත්තා අනුසාසන්ති. දුරනුසිට්ඨා උපසම්පදාපෙඛා විත්ථායන්ති මඞ්කූ හොන්ති. න සක්කොන්ති, විස්සජ්ජෙතුං. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ බාලෙන අබ්යත්තෙන අනුසාසිතබ්බො. යො අනුසාසෙය්ය, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන අනුසාසිතු”න්ති.
Sinhala BJT13. අඥ වූ අව්‍යක්තයෝ අනුශාසනා කෙරෙත්. වැරදි ලෙසට අනුශාසනා කළ උපසම්පදාපේක්‍ෂකයෝ කලබල වෙති. නො වැටහෙන්නෝ වෙති. විසඳන්ට අපොහොසත් වෙති. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, අඥ වූ අව්‍යක්තයා විසින් අනුශාසනා නො කට යුතු ය. (බාල වූ) යමෙක් අනුශාසනා කරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් අනුශාසනා කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT14. අසම්මතා අනුසාසන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ අසම්මතෙන අනුසාසිතබ්බො. යො අනුසාසෙය්ය, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ සම්මතෙන අනුසාසිතුං. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො: අත්තනා වා{1} අත්තානං සම්මන්නිතබ්බං. පරෙන වා පරො සම්මන්නිතබ්බො.
Sinhala BJT14. සම්මත නො කරණ ලද භික්‍ෂූහු අනුශාසනා කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සම්මත නො කළ භික්‍ෂුනමක් විසින් අනුශාසනා නො කට යුතු ය. යමෙක් අනුශාසනා කරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, සම්මතය ලැබූවහු විසින් අනුශාසනා කරන්නට අනුදනිමි. මහණෙනි, සම්මතය කළ යුත්තේ මෙසේ ය. තමන් විසින් හෝ තමා සම්මත කට යුතු ය. අනිකකු විසින් හෝ අනෙකෙක් සම්මත කට යුතු ය.”
Pali BJT15. කථඤ්ච අත්තනාව අත්තානං සම්මන්නිතබ්බං? බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො: “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො ඉත්ථන්නාමො ඉත්ථන්නාමස්ස ආයස්මතො උපසම්පදාපෙඛො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, අහං ඉත්ථන්නාමං අනුසාසෙය්ය”න්ති. එවං අත්තනා ව අත්තානං සම්මන්නිතබ්බං.
Sinhala BJT15. “තමන් විසින් හෝ තමා සම්මත කළ යුත්තේ කෙසේ ද? ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු ය: ‘සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මෙ නම් ඇත්තේ මෙ නම් ඇති ආයුෂ්මත්හුගේ උපසම්පදාපේක්‍ෂකයා වේ. ඉදින් සඞ්ඝයාහට සුදුසු කල් පැමිණියේ වේ නම්, මම මෙ නම් ඇත්තහුට අනුශාසනා කරන්නෙමි’ යි මෙසේ තමන් විසින් හෝ තමා සම්මත කළ යුතු ය.”
Pali BJT16. කථඤ්ච{2} පරෙන වා පරො සම්මන්නිතබ්බො? බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො: “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉත්ථන්නාමො ඉත්ථන්නාමස්ස ආයස්මතො උපසම්පදාපෙඛො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, ඉත්ථන්නාමො ඉත්ථන්නාමං අනුසාසෙය්යා”ති . එවං පරෙන වා{3} පරො සම්මන්නිතබ්බො.
Sinhala BJT16. “අන්‍යයකු විසින් හෝ අනෙකෙක් සම්මත කළ යුත්තේ කෙසේ ද? ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු ය: ‘සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මෙ නම් ඇත්තේ මෙ නම් ඇති ආයුෂ්මත්හුගේ උපසම්පදාපේක්‍ෂකයා වේ. ඉදින් සඞ්ඝයාහට සුදුසු කල් පැමිණියේ නම්, මෙ නම් ඇත්තේ මෙ නම් ඇත්තනුට අනුශාසනා කරන්නේ ය’ යි අන්‍යයකු විසින් හෝ අනෙකෙක් මෙසේ සම්මත කළ යුතු ය.
Pali BJT17. තෙන සම්මතෙන භික්ඛුනා උපසම්පදාපෙඛො උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො: “සුණසි ඉත්ථන්නාම. අයං තෙ සච්චකාලො, භූතකාලො. යං ජාතං තං සඞ්ඝමජ්ඣෙ පුච්ඡන්තෙ සන්තං අත්ථිති වත්තබ්බං, අසන්තං නත්ථීති වත්තබ්බං. මා ඛො විත්ථාසි. මා ඛො මඞ්කු අහොසි. එවං තං පුච්ඡිස්සන්ති: සන්ති තෙ එවරූපා ආබාධා – කුට්ඨං? ගණ්ඩො? කිලාසො? සොසො? අපමාරො? මනුස්සො’සි? පුරිසො’සි? භුජිස්සො’සි? අනණො’සි? නසි රාජභටො? අනුඤ්ඤාතො’සි මාතාපිතූහි? පරිපුණ්ණවීසතිවස්සො’සි? පරිපුණ්ණං තෙ පත්තචීවරං? කින්නාමො’සි? කො නාමො තෙ උපජ්ඣායො?”ති.
Sinhala BJT17. සම්මතය ලද ඒ භික්‍ෂූහු විසින් (උපසම්පදාපේක්‍ෂකයා වෙතට) ගොස් “මෙ නම් ඇත්ත, අසව. මේ ඔබගේ සත්‍යය කිය යුතු කාලය යි. වූවක් කිය යුතු කාලය යි. සඟ මැද විචාරණ කල්හි වූවක් නම් ඇතැ යි කිය යුතු ය. නො වූවක් නම් නැතැයි කිය යුතු ය. ත්‍රස්ත වූවෙක් නො වන්න. හැකිළෙන්නෙක් නො වන්න. ඔබගෙන් මෙසේ විචාරන්නාහු ය: ඔබට කුෂ්ඨ, ගණ්ඩ, කිලාස, ක්‍ෂය, මීමැස්මොර යන මෙබඳු ආබාධයෝ වෙත් ද? මිනිස් වෙහි ද? පිරිමියෙක් වෙහි ද? නිවහලෙක් වෙහි ද? නය නැත්තෙහි ද? රාජභටයෙක් නො වෙහි ද? මවුපියන් විසින් අනුදන්නා ලද්දේ වෙහි ද? පිරිපුන් විසි වස් ඇත්තෙහි ද? ඔබගේ පාසිවුරු සම්පූර්‍ණ ද? කි නම් ඇත්තෙහි ද? ඔබගේ උපාද්ධ්‍යාය තෙමේ කි නම් ඇත්තේ වේ දැ?’ යි මෙසේ ඇසිය යුතු වන්නේ ය.”
Pali BJT18. එකතො ආගච්ඡන්ති. “න භික්ඛවෙ, එකතො ආගන්තබ්බං. අනුසාසකෙන පඨමතරං ආගන්ත්වා සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT18. (අනුශාසනා කළ භික්‍ෂූහු අනුශිෂ්ට උපසම්පදාපේක්‍ෂකයන් හා එක් ව එති. “මහණෙනි, එක් ව නො ආ යුතු ය අනුශාසකයා පළමු කොට අවුත් සඞ්ඝයාට මෙසේ දැන්විය යුතු ය:
Pali BJT19. “සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො. ඉත්ථන්නාමො ඉත්ථන්නාමස්ස ආයස්මතො උපසම්පදාපෙඛො. අනුසිට්ඨො සො මයා. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, ඉත්ථන්නාමො ආගච්ඡෙය්යා”ති. ආගච්ඡාහී’ති වත්තබ්බො.”
Sinhala BJT19. “සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ නම් ඇත්තේ මෙ නම් ඇති ආයුෂ්මත්හට උපසම්පදාපේක්‍ෂක වේ. මා විසින් හෙ තෙමේ අනුශාසනා කරණ ලද්දේ ය. ඉදින් සඞ්ඝයාට කල් පැමිණියේ නම්, මෙ නම් ඇත්තේ එන්නේ ය. එව යි කිය යුතු ය.”
Pali BJT20. එකංසං උත්තරාසඞ්ගං කාරාපෙත්වා භික්ඛූනං පාදෙ වන්දාපෙත්වා උක්කුටිකං නිසීදාපෙත්වා අඤ්ජලිං පග්ගණ්හාපෙත්වා උපසම්පදං යාචාපෙතබ්බො:
Sinhala BJT20. උතුරුසඟසිවුර එකස් කරවා භික්‍ෂූන්ගේ පා වඳවා උක්කුටිකයෙන් හිඳුවා ඇඳිලි ගන්වා උපසම්පදාව යාච්ඤා කරවිය යුතු ය.
Pali BJT21. “සඞ්ඝං භන්තෙ, උපසම්පදං යාචාමි. උල්ලුම්පතු මං භන්තෙ, සඞ්ඝො අනුකම්පං උපාදාය. දුතියම්පි භන්තෙ, සඞ්ඝං උපසම්පදං යාචාමි. උල්ලුම්පතු මං භන්තෙ, සඞ්ඝො අනුකම්පං උපාදාය. තතියම්පි භන්තෙ, සඞ්ඝං උපසම්පදං යාචාමි. උල්ලුම්පතු මං භන්තෙ, සඞ්ඝො අනුකම්පං උපාදායා”ති.
Sinhala BJT21. “ස්වාමීනි, සඞ්ඝයාගෙන් උපසම්පදාව ඉල්ලමි. අනුකම්පා කොට සඞ්ඝ තෙමේ මා සාමණේරභාවයෙන් උදුරාවා. දෙවනු ව ද ස්වාමීනි, සඞ්ඝයාගෙන් උපසම්පදාව ඉල්ලමි. අනුකම්පා කොට සඞ්ඝ තෙමේ මා සාමණේරභාවයෙන් උදුරාවා. තෙවනු ව ද ස්වාමීනි, සඞ්ඝයාගෙන් උපසම්පදාව ඉල්ලමි, අනුකම්පා කොට සඞ්ඝ තෙමේ මා සාමණේරභාවයෙන් උදුරාවා.”
Pali BJT22. බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො: “සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො. අයං ඉත්ථන්නාමො ඉත්ථන්නාමස්ස ආයස්මතො උපසම්පදාපෙඛො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, අහං ඉත්ථන්නාමං අන්තරායිකෙ ධම්මෙ පුච්ඡෙය්ය”න්ති. ‘සුණසි ඉත්ථන්නාම, අයං තෙ සච්චකාලො. භූතකාලො. යං ජාතං තං පුච්ඡාමි. සන්තං අත්ථිති වත්තබ්බං. අසන්තං නත්ථීති වත්තබ්බං. සන්ති තෙ එවරූපා ආබාධා – කුට්ඨං? ගණ්ඩො? කිලාසො? සොසො? අපමාරො? මනුස්සො’සි? පුරිසො’සි? භුජිස්සො’සි? අනණො’සි? නසි රාජභටො? අනුඤ්ඤාතො’සි මාතාපිතූහි? පරිපුණ්ණවීසතිවස්සො’සි? පරිපුණ්ණං තෙ පත්තචීවරං? කින්නාමො’සි? කො නාමො තෙ උපජ්ඣායො’?ති.
Sinhala BJT22. “ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝයාට මෙසේ දැන්විය යුතු ය. ‘සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මෙ නම් ඇති මෙ තෙමේ මෙ නම් ඇති ආයුෂ්මත්හුගේ උපසම්පදාපේක්‍ෂක වේ. ඉදින් සඞ්ඝයාට පැමිණ කල් ඇත්තේ නම්, මම මෙ නම් ඇත්තාගෙන් අන්තරායකාර ධර්‍මයන් විචාරන්නෙමි. මෙ නම් ඇත්ත, අසව. මේ තාගේ ඇත්ත කිය යුතු කාලය යි. වූවක් කිය යුතු කාලය යි. යමක් වූයේ නම් එය අසමි. වූවක් නම් ඇතැ යි කිය යුතු ය. නො වූවක් නම් නැතැයි කිය යුතු ය. ඔබට කුෂ්ඨ, ගණ්ඩ, කිලාස, ක්‍ෂය, මීමැස්මොර යන මෙබඳු ආබාධයෝ වෙත් ද? මිනිස් වෙහි ද? පිරිමියෙක් වෙහි ද? නිවහලෙක් වෙහි ද? නය නැත්තෙහි ද? රාජභටයෙක් නො වෙහි ද? මවුපියන් විසින් අනුදන්නා ලද්දේ වෙහි ද? පිරිපුන් විසි වස් ඇත්තෙහි ද? ඔබගේ පාසිවුරු සම්පූර්‍ණ ද? කිනම් ඇත්තෙහි ද? ඔබගේ උපාද්ධ්‍යාය තෙමේ කි නම් ඇත්තේ ද?
Pali BJT23. බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො: “සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො. අයං ඉත්ථන්නාමො ඉත්ථන්නාමස්ස ආයස්මතො උපසම්පදාපෙඛො. පරිසුද්ධො අන්තරායිකෙහි ධම්මෙහි. පරිපුණ්ණස්ස පත්තචීවරං. ඉත්ථන්නාමො සඞ්ඝං උපසම්පදං යාචති ඉත්ථන්නාමෙන උපජ්ඣායෙන. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමං උපසම්පාදෙය්ය ඉත්ථන්නාමෙන උපජ්ඣායෙන. එසා ඤත්ති.
Sinhala BJT23. “ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝයාට මෙසේ දැන්විය යුතු ය: ‘සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මෙ නම ඇති මෙ තෙමේ මෙ නම් ඇති ආයුෂ්මත්හට උපසම්පදාපේක්‍ෂක වේ. අන්තරායකරධර්‍මයන් ගෙන් පිරිසිදු ය. මොහුගේ පාසිවුරු සම්පූර්‍ණ ය. මේ නම් ඇත්තේ මෙ නම් ඇත්තහු උපාද්ධ්‍යාය කොට ගෙණ සඞ්ඝයාගෙන් උපසම්පදාව ඉල්ලයි. සඞ්ඝයාට කල් පැමිණියේ නම් සඞ්ඝ තෙමේ මෙ නම් ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත ව මෙ නම් ඇත්තහු උපසපන් කරන්නේ ය. මේ දැන්වීම ය.
Pali BJT24. “සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො. අයං ඉත්ථන්නාමො ඉත්ථන්නාමස්ස ආයස්මතො උපසම්පදාපෙඛො. පරිසුද්ධො අන්තරායිකෙහි ධම්මෙහි පරිපුණ්ණස්ස පත්තචීවරං. ඉත්ථන්නාමො සඞ්ඝං උපසම්පදං යාචති ඉත්ථන්නාමෙන උපජ්ඣායෙන. සඞ්ඝො ඉත්ථන්නාමං උපසම්පාදෙති ඉත්ථන්නාමෙන උපජ්ඣායෙන. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස උපසම්පදා ඉත්ථන්නාමෙන උපජ්ඣායෙන, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.”
Sinhala BJT24. ස්වාමීනි, ‘සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මෙ නම් ඇත්තේ මෙ නම් ඇති ආයුෂ්මත්හට උපසම්පදාපේක්‍ෂක වේ. අන්තරායකරධර්‍මයන්ගෙන් පිරිසිදු ය. මොහුගේ පාසිවුරු සම්පූර්‍ණ ය. මෙ නම් ඇත්තේ මෙ නම් ඇත්තහු උපාද්ධ්‍යාය කොට ගෙණ සඞ්ඝයාගෙන් උපසම්පදාව ඉල්ලයි. සඞ්ඝ තෙමේ මෙ නම් ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත ව මෙ නම් ඇත්තහු උපසපන් කරයි. මෙ නම් ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත ව මෙ නම් ඇත්තහුගේ උපසම්පදාව යම් ආයුෂ්මතෙකුහට රුචි වේ නම්, හෙ තෙමේ නිශ්ශබ්ද වේවා. යමෙකුට රුචි නො වේ නම්, හෙ තෙමේ කියාවා.
Pali BJT25. “දුතියම්පි එතමත්ථං වදාමි. සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො. අයං ඉත්ථන්නාමො ඉත්ථන්නාමස්ස ආයස්මතො උපසම්පදාපෙඛො, පරිසුද්ධො අන්තරායිකෙහි ධම්මෙහි. පරිපුණ්ණස්ස පත්තචීවරං. ඉත්ථන්නාමො සඞ්ඝං උපසම්පදං යාචති ඉත්ථන්නාමෙන උපජ්ඣායෙන. සඞ්ඝො ඉත්ථන්නාමං උපසම්පාදෙති ඉත්ථන්නාමෙන උපජ්ඣායෙන. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස උපසම්පදා ඉත්ථන්නාමෙන උපජ්ඣායෙන, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.”
Sinhala BJT25. “දෙවනුව ද මේ කරුණ කියමි. ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මෙ නම් ඇත්තේ මෙ නම් ඇති ආයුෂ්මත්හට උපසම්පදාපේක්‍ෂක වේ. අන්තරායකරධර්‍මයන්ගෙන් පිරිසිදු ය. මොහුගේ පාසිවුරු සම්පූර්‍ණ ය. මෙ නම් ඇත්තේ මෙ නම් ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත ව සඞ්ඝයාගෙන් උපසම්පදාව ඉල්ලයි. සඞ්ඝ තෙමේ මෙ නම ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත ව මෙ නම් ඇත්තහු උපසපන් කරයි. මෙ නම ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත වූ මෙ නම් ඇත්තහුගේ උපසම්පදාව යම් ආයුෂ්මතෙකුහට රුචි වේ නම්, හෙ තෙමේ නිශ්ශබ්ද වේවා. යමෙකුට රුචි නො වේ නම්, හෙතෙමේ කියාවා.”
Pali BJT26. “තතියම්පි එතමත්ථං වදාමි. සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො. අයං ඉත්ථන්නාමො ඉත්ථන්නාමස්ස ආයස්මතො උපසම්පදාපෙඛො, පරිසුද්ධො අන්තරායිකෙහි ධම්මෙහි, පරිපුණ්ණස්ස පත්තචීවරං. ඉත්ථන්නාමො සඞ්ඝං උපසම්පදං යාචති ඉත්ථන්නාමෙන උපජ්ඣායෙන. සඞ්ඝො ඉත්ථන්නාමං උපසම්පාදෙති ඉත්ථන්නාමෙන උපජ්ඣායෙන. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස උපසම්පදා ඉත්ථන්නාමෙන උපජ්ඣායෙන, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.”
Sinhala BJT26. “තෙවනුව ද මේ කරුණ කියමි. ස්වාමීනි, සඞ්ඝතෙමේ මාගේ වචනය අසාවා. මෙ නම් ඇත්තේ මෙ නම් ඇති ආයුෂ්මත්හුගේ උපසම්පදාපේක්‍ෂකයෙකි. අන්තරායකරධර්‍මයන්ගෙන් පිරිසිදු ය. මොහුගේ පාසිවුරු සම්පූර්‍ණ ය. මෙ නම් ඇත්තේ මෙ නම් ඇති උපාද්‍යායයාගෙන් යුක්ත ව සඞ්ඝයාගෙන් උපසම්පදාව ඉල්ලයි. සඞ්ඝ තෙමේ මෙ නම් ඇත්තහු මෙ නම් ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත ව උපසපන් කරයි. මෙනම් ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත වූ මෙ නම් ඇත්තහුගේ උපසම්පදාව යම් ආයුෂ්මතෙකුහට රුචි වේ නම්, හෙ තෙමේ නිශ්ශබ්ද වේවා. යමෙකුට රුචි නො වේ නම්, හෙතෙමේ කියාවා.”
Pali BJT27. “උපසම්පන්නො සඞ්ඝෙන ඉත්ථන්නාමො ඉත්ථන්නාමෙන උපජ්ඣායෙන. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJT27. “සඞ්ඝයා විසින් මෙ නම් ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත ව මෙ නම් ඇත්තේ උපසපන් කරණ ලද්දේ ය. සඞ්ඝයාට එය රුචි වේ. එහෙයින් තුෂ්ණීම්භූත වේ. මෙය මෙසේ දරමි.”
Pali BJTඋපසම්පදාකම්මං නිට්ඨිතං.
Sinhala BJTඋපසම්පදාකර්‍මය නිමි.
Pali BJT1. තාවදෙව ඡායා මෙතබ්බා. උතුපමාණං ආචික්ඛිතබ්බං. දිවසභාගො ආචික්ඛිතබ්බො. සඞ්ගීති ආචික්ඛිතබ්බා. චත්තාරො නිස්සයා ආචික්ඛිතබ්බා
Sinhala BJT1. උපසපන් කිරීමට අනතුරු ව (උපසපන් වේලාව දැනගැණීමට) පියවර මැනිය යුතු ය. ඍතුප්‍රමාණය කිය යුතු ය. දවස පිළිබඳ පෙරවරු පස්වරු කිය යුතු ය. සඞ්ගීතිය කිය යුතු ය. නිස සතර කිය යුතු ය.
Pali BJT2. පිණ්ඩියාලොපභොජනං නිස්සාය පබ්බජ්ජා. තත්ථ තෙ යාවජීවං උස්සාහො කරණීයො. අතිරෙකලාභො – සඞ්ඝභත්තං, උද්දෙසභත්තං, නිමන්තනං, සලාකභත්තං, පක්ඛිකං, උපොසථිකං, පාටිපදිකං. (1)
Sinhala BJT2. පැවිද්ද සිඟා ලත් බත්පිඬු නිසා ය. තා විසින් දිවි තෙක් ඒ පිණ්ඩියාලෝපභෝජනයෙහි උත්සාහ කට යුතු ය. සඞ්ඝයා පිණිස දෙන බත, උදෙසා දෙන බත, ආරාධනා කොට දෙන බත, කුසපත් හෙළා දෙන බත, පසළොස් දිනකට වරක් දෙන බත, පොහෝදිනයෙහි දෙන බත, පෑළවියෙහි දෙන බත – යන මෙය අතිරේක ලාභය යි. (1)
Pali BJT3. පංසුකූලචීවරං නිස්සාය පබ්බජ්ජා. තත්ථ තෙ යාවජීවං උස්සාහො කරණීයො. අතිරෙකලාභො – ඛොමං, කප්පාසිකං, කොසෙය්යං, කම්බලං, සාණං, භඞ්ගං. (2)
Sinhala BJT3. පැවිද්ද පංසුකූලසිවුර නිසා ය. තා විසින් දිවි තෙක් ඒ පංසු කුලචීවරයෙහි උත්සාහ කට යුතු ය. කොමු, කපු, කෝසෙය්‍ය, කම්බිලි, හණ, මිශ්‍ර පිළී – යන මෙය අතිරේක ලාභය යි. (2)
Pali BJT4. රුක්ඛමූලසෙනාසනං නිස්සාය පබ්බජ්ජා. තත්ථ තෙ යාවජීවං උස්සාහො කරණීයො. අතිරෙකලාභො – විහාරො, අඩ්ඪයොගො, පාසාදො, හම්මියං, ගුහා. (3)
Sinhala BJT4. පැවිද්ද රුක්මුල්සෙනසුන නිසා ය. තා විසින් දිවි තෙක් ඒ රුක්ඛ මූලසෙනාසනයෙහි උත්සාහ කට යුතු ය. වෙහෙර, ගුරුළු පියාපත් වැනි වහල ඇති ගෙය, සිවු රැස් ගෙය, සඳලු සහිත ගෙය, ගුහා – යන මෙය අතිරේක ලාභයි. (3)
Pali BJT5. පූතිමුත්තභෙසජ්ජං නිස්සාය පබ්බජ්ජා. තත්ථ තෙ යාවජීවං උස්සාහො කරණීයො. අතිරෙකලාභො – සප්පි, නවනීතං, තෙලං, මධු, ඵාණිත”න්ති. (4)
Sinhala BJT5. පැවිද්ද ගොමූත්‍ර බෙහෙත් නිසා ය. තා විසින් දිවි තෙක් ඒ පූති මුත්තභේසජ්ජයෙහි උත්සාහ කට යුතු ය. ගිතෙල්, වෙඬරු, තෙල්, මී, උක්සකුරු – යන මෙය අතිරේක ලාභ යි. (4)
Pali BJTචත්තාරො නිස්සයා නිට්ඨිතා.
Sinhala BJTසතර නිස නිමි.
Pali BJT1. තෙන ඛො පන සමයෙන භික්ඛූ අඤ්ඤතරං භික්ඛුං උපසම්පාදෙත්වා එකකං ඔහාය පක්කමිංසු. සො පච්ඡා එකකොව{1} ආගච්ඡන්තො අන්තරාමග්ගෙ පුරාණදුතියිකාය සමාගඤ්ඡි. සා එවමාහ: “කිං දානි පබ්බජිතොසී?” ති.{2} “ආම, පබ්බජිතොම්හි”ති.{3} “දුල්ලභො ඛො පබ්බජිතානං මෙථුනො ධම්මො. එහි, මෙථුනං ධම්මං පතිසෙවා”ති. සො තස්සා මෙථුනං ධම්මං පතිසෙවිත්වා චිරෙන අගමාසි. භික්ඛූ එවමාහංසු: “කිස්ස ත්වං ආවුසො, එවං චිරං අකාසී?”ති. අථ ඛො සො භික්ඛු භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, උපසම්පාදෙත්වා දුතියං දාතුං, චත්තාරි ච අකරණීයානි ආචික්ඛිතුං.”
Sinhala BJT1. එකල්හි භික්‍ෂූහු එක්තරා භික්‍ෂුනමක් උපසපන් කොට තනි ව හැර දමා ගියහ. හෙ තෙමේ පසු ව තනි ව එන්නේ අතරමග දී පෙර බිරිඳට හමු වි ය. ඕතොමෝ “කොහොම ද? දැන් පැවිදි වූයෙහි දැ?” යි ඇසූ ය. “ඔව්. දැන් පැවිදි වූයෙමි”(යි හේ කී ය). “පැවිද්දනට මෛථුන ධර්‍මය ලැබීම පහසු නො වේ. එන්න, මෙවුන්දම් සේවනය කරන්නැ” යි කීවා ය. ඒ භික්‍ෂු තෙමේ ඈ හා මෙවුන්දම් සේවනය කොට බොහෝ වේලාවක් ගෙවා භික්‍ෂූන් වෙත ගියේ ය. එකල්හි භික්‍ෂූහු “ඇවැත්නි, ඔබ කුමක් නිසා බොහෝ කල් ගෙවූවෝ දැ” යි ඇසූහ. එවිට ඒ භික්‍ෂු තෙමේ සියලු කරුණු භික්‍ෂූන්ට සැළකෙළේ ය. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට සැළකළහ. උන්වහන්සේ “මහණෙනි, උපසපන් කොට දෙ වැන්නෙකු දෙන්නට ද, නො කට යුතු කරුණු සතර කියන්නට ද අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT2. උපසම්පන්නෙන භික්ඛුනා මෙථුනො ධම්මො න පතිසෙවිතබ්බො අන්තමසො තිරච්ඡානගතායපි. යො භික්ඛු මෙථුනං ධම්මං පතිසෙවති, අස්සමණො හොති අසක්යපුත්තියො. සෙය්යථාපි නාම පුරිසො සීසච්ඡින්නො අභබ්බො තෙන සරීරබන්ධනෙන ජීවිතුං, එවමෙව භික්ඛු මෙථුනං ධම්මං පතිසෙවිත්වා අස්සමණො හොති අසක්යපුත්තියො. තං තෙ යාවජීවං අකරණීයං. (1)
Sinhala BJT2. උපසපන් මහණහු විසින් යටත් පිරිසෙයින් තිරිසන් ගිය මාගමක හා ද මෙවුන්දම් නො සෙවිය යුතු ය. යම් මහණෙක් මෙවුන්දම් සේවනය කෙරේ නම්, හෙ තෙමේ ශ්‍රමණයෙක් නො වේ. ශාක්‍යපුත්‍රයෙක් නො වේ. හිස් සිඳි පුරුෂයෙක් ඒ ශරීරබන්‍ධනයෙන් ජීවත් වන්නට යම් සේ හැකි නො වේ ද, එ පරිද්දෙන් ම මහණ තෙමේ මෙවුන්දම් සේවනය කිරීම හේතු කොට ශ්‍රමණශාක්‍යපුත්‍රයෙක් නො වේ. තා විසින් ඒ මෙවුන්දම් සේවනය දිවි තෙක් නො කට යුතු ය. (1)
Pali BJT3. උපසම්පන්නෙන භික්ඛුනා අදින්නං ථෙය්යසඞ්ඛාතං න ආදාතබ්බං අන්තමසො තිණසලාකං උපාදාය. යො භික්ඛු පාදං වා පාදාරහං වා අතිරෙකපාදං වා අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියති, අස්සමණො හොති අසක්යපුත්තියො. සෙය්යථාපි නාම පණ්ඩුපලාසො බන්ධනා පමුත්තො අභබ්බො හරිතත්තාය, එවමෙව භික්ඛු පාදං වා පාදාරහං වා අතිරෙකපාදං වා අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියිත්වා අස්සමණො හොති අසක්යපුත්තියො. තං තෙ යාවජීවං අකරණීයං. (2)
Sinhala BJT3. උපසපන් මහණහු විසින් යටත් පිරිසෙයින් තණකූරක් පටන් වූ නොදුන් දෙයක් සොරසිතින් නො ගත යුතු ය. යම් මහණෙක් කහවණු වෙන් සතරෙන් කොටස වූ පාදයක් හෝ පාදයක් අගනා වූ හෝ පාදය කට වැඩි තරම් වූ හෝ නො දුන් දෙයක් සොර සිතින් ගණී ද, හෙතෙමේ ශ්‍රමණයෙක් නො වේ. ශාක්‍යපුත්‍රයෙක් නො වේ. නැට්ටෙන් ගැලවුනු ඉදුනු කොළයක් නිල්වන් වීමට යම් සේ නො සුදුසු වේ ද, එපරිද්දෙන් ම මහණ තෙමේ පාදයක් වූ හෝ පාදයක් අගනා වූ හෝ පාදයකට වැඩි තරම් වූ හෝ නො දුන් දෙයක් සොර සිතින් ගැණීම හේතු කොට ශ්‍රමණශාක්‍යපුත්‍රයෙක් නො වේ. තා විසින් ඒ සොරකම දිවි තෙක් නො කට යුතු ය. (2)
Pali BJT4. උපසම්පන්නෙන භික්ඛුනා සඤ්චිච්ච පාණො ජීවිතා න වොරොපෙතබ්බො, අන්තමසො කුන්ථකිපිල්ලිකං උපාදාය. යො භික්ඛු සඤ්චිච්ච මනුස්සවිග්ගහං ජීවිතා වොරොපෙති අන්තමසො ගබ්භපාතනං උපාදාය, අස්සමණො හොති අසක්යපුත්තියො. සෙය්යථාපි නාම පුථුසිලා ද්වෙධා භින්නා අප්පටිසන්ධිකා හොති, එවමෙව භික්ඛු සඤ්චිච්ච මනුස්සවිග්ගහං ජීවිතා වොරොපෙත්වා අස්සමණො හොති අසක්යපුත්තියො. තං තෙ යාවජීවං අකරණීයං. (3)
Sinhala BJT4. උපසපන් මහණහු විසින් දැන දැන යටත් පිරිසෙයින් කුරුකුහුඹුවෙකු පටන් පණැති සතෙකු ජීවිතයෙන් තොර නො කළ යුතු ය. යම් මහණෙක් දැන දැන යටත් පිරිසෙයින් ගැබ් හෙළීම පටන් මිනිස් සිරුරක් ජීවිතයෙන් තොර කෙරේ ද, හෙ තෙමේ ශ්‍රමණයෙක් නො වේ. ශාක්‍යපුත්‍රයෙක් නො වේ. යම් සේ දෙකට බිඳුනු මහත් ගලෙක් නො ගැළපිය හැකි වේ ද, එ පරිද්දෙන් ම මහණෙක් තෙමේ දැන දැන මිනිස් සිරුරක් ජීවිතයෙන් තොර කිරීම් හේතුවෙන් ශ්‍රමණශාක්‍යපුත්‍රයෙක් නො වේ. තා විසින් එය දිවි තෙක් නො කට යුතු ය. (3)
Pali BJT5. උපසම්පන්නෙන භික්ඛුනා උත්තරිමනුස්සධම්මො න උල්ලපිතබ්බො අන්තමසො සුඤ්ඤාගාරෙ අභිරමාමීති. යො භික්ඛු පාපිච්ඡො ඉච්ඡාපකතො අසන්තං අභූතං උත්තරිමනුස්සධම්මං උල්ලපති ඣානං වා විමොක්ඛං වා සමාධිං වා සමාපත්තිං වා මග්ගං වා ඵලං වා, අස්සමණො හොති අසක්යපුත්තියො. සෙය්යථාපි නාම තාලො මත්ථකච්ඡින්නො අභබ්බො පුන විරූළ්හියා, එවමෙව භික්ඛු පාපිච්ඡො ඉච්ඡාපකතො අසන්තං අභූතං උත්තරිමනුස්සධම්මං උල්ලපිත්වා අස්සමණො හොති අසක්යපුත්තියො. තං තෙ යාවජීවං අකරණීය”න්ති. (4)
Sinhala BJT5. උපසපන් මහණහු විසින් ධ්‍යානාදි උත්තරිමනුෂ්‍යධර්‍මය නො කිය යුතු ය. යටත් පිරිසෙයින් ශුන්‍යාගාරයෙහි ඇලෙමි යි ද නො කිය යුතු ය. යම් මහණෙක් තෙමේ ලාමක ආසා ඇත්තේ ආසාවෙන් මඩනා ලද්දේ විද්‍යමාන නො වූ ධ්‍යානයක් හෝ විමෝක්‍ෂයක් හෝ සමාධියක් හෝ සමාපත්තියක් හෝ මාර්‍ගයක් හෝ ඵලයක් හෝ යන උත්තරිමනුෂ්‍ය ධර්‍මය කියා ද, (හෙ තෙමේ) ශ්‍රමණයෙක් නො වේ. ශාක්‍යපුත්‍රයෙක් නො වේ. කරටිය කපා හළ තල්ගස නැවත හට ගැණිමට යම් සේ සුදුසු නො වේ ද, එ පරිද්දෙන් ම ලාමක ආසා ඇති ආසාවෙන් මැඩුනු ඒ මහණ තෙමේ අවිද්‍යමාන වු උත්තරිමනුෂ්‍යධර්‍මය කියා පෑම හේතු කොට ශ්‍රමණශාක්‍යපුත්‍රයෙක් නො වේ. ‘තා විසින් එය දිවි තෙක් නො කට යුතු ය. (4)
Pali BJTචත්තාරි අකරණීයානි නිට්ඨිතානි.
Sinhala BJTසතර අකරණීයයෝ නිමි.
Pali BJT1. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ආපත්තියා අදස්සනෙ උක්ඛිත්තකො විබ්භමි. සො පුන පච්චාගන්ත්වා භික්ඛූ උපසම්පදං යාචි. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT1. එකල්හි එක්තරා මහණෙක් තෙමේ ඇවැත් නො දැක්මෙහි උත්ක්‍ෂේපණීයකර්‍මය කරණ ලද්දේ සිවුරු හැර ගියේ ය. හෙතෙමේ නැවත පෙරළා අවුත් භික්‍ෂූන්ගෙන් උපසම්පදාව ඉල්ලී ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.
Pali BJT2. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු ආපත්තියා අදස්සනෙ උක්ඛිත්තකො විබ්භමති, සො පුන පච්චාගන්ත්වා භික්ඛූ උපසම්පදං යාචති, සො එවමස්ස වචනීයො: ‘පස්සිස්සසි තං ආපත්ති’න්ති. සචාහං පස්සිස්සාමී ති, පබ්බාජෙතබ්බො. සචාහං න පස්සිස්සාමී ති, න පබ්බාජෙතබ්බො. පබ්බාජෙත්වා වත්තබ්බො: ‘පස්සිස්සසි තං ආපත්ති’න්ති. සචාහං පස්සිස්සාමී ති, උපසම්පාදෙතබ්බො. සචාහං න පස්සිස්සාමී ති, න උපසම්පාදෙතබ්බො. උපසම්පාදෙත්වා වත්තබ්බො: ‘පස්සිස්සසි තං ආපත්ති’න්ති. සචාහං පස්සිස්සාමී ති, ඔසාරෙතබ්බො. සචාහං න පස්සිස්සාමී ති, න ඔසාරෙතබ්බො. ඔසාරෙත්වා වත්තබ්බො: ‘පස්සාහි{1} තං ආපත්ති’න්ති. සචෙ පස්සති, ඉච්චෙතං කුසලං. නො චෙ පස්සති, ලබ්භමානාය සාමග්ගියා පුන උක්ඛිපිතබ්බො. අලබ්භමානාය සාමග්ගියා අනාපත්ති සම්භොගෙ සංවාසෙ.”
Sinhala BJT2. “මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් තෙමේ ඇවැත් නො දැක්මෙහි උත්ක්‍ෂේපණීයකර්‍මය කරණ ලද්දේ සිවුරු හරියි. හෙ තෙමේ නැවත පෙරළා අවුත් භික්‍ෂූන්ගෙන් උපසම්පදාව ඉල්ලයි. එකල්හි ඔහුට ‘ඒ ඇවැත දකින්නෙහි දැ?’ යි කිය යුතු ය. ඉදින් ‘මම දකින්නෙමි’ යි කියා නම්, පැවිදි කළ යුතු ය. ඉදින් ‘මම නො දකින්නෙමි’ යි කියා නම්, පැවිදි නො කළ යුතු ය. පැවිදි කොට ‘ඒ ඇවැත දකින්නෙහි දැ’ යි කිය යුතු ය. ඉදින් ‘මම දකින්නෙමි’ යි කියා නම්, උපසපන් කළ යුතු ය. ඉදින් ‘මම නො දකින්නෙමි’ යි කියා නම්, උපසපන් නො කළ යුතු ය. උපසපන් කොට ‘ඒ ඇවැත දකින්නෙහි දැ’ යි කිය යුතු ය. ඉදින් ‘මම දකින්නෙමි’ යි කියා නම්, (සඟ පිරිසට) ඇතුළත් කර ගත යුතු ය. ‘මම නො දකින්නෙමි’ යි කියා නම්, ඇතුළත් කර නො ගත යුතු ය. ඇතුළත් කොට ‘ඒ ඇවැත දකුව’ යි කිය යුතු ය. ඉදින් දකී නම්, මෙය යහපත් ය. ඉදින් නො දකී නම්, සමගිය ලැබෙන කල නැවත උත්ක්‍ෂේපණීයකර්‍මය කළ යුතු ය. සමගිය නො ලත් කල ප්‍රත්‍යයසම්භෝගයෙහි ද සමාන සංවාසයෙහි ද ඇවැත් නො වේ.”
Pali BJT3. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛිත්තකො විබ්භමති, සො පුන පච්චාගන්ත්වා භික්ඛූ උපසම්පදං යාචති. සො එවමස්ස වචනීයො: ‘පටිකරිස්සසි තං ආපත්ති’න්ති? සචාහං පටිකරිස්සාමී ති, පබ්බාජෙතබ්බො. සචාහං න පටිකරිස්සාමී ති, න පබ්බාජෙතබ්බො. පබ්බාජෙත්වා වත්තබ්බො: ‘පටිකරිස්සසි තං ආපත්ති’න්ති. සචාහං පටිකරිස්සාමී ති, උපසම්පාදෙතබ්බො. සචාහං න පටිකරිස්සාමී ති, න උපසම්පාදෙතබ්බො. උපසම්පාදෙත්වා වත්තබ්බො: ‘පටිකරිස්සසි තං ආපත්ති’න්ති? සචාහං පටිකරිස්සාමී ති, ඔසාරෙතබ්බො. සචාහං න පටිකරිස්සාමී ති, න ඔසාරෙතබ්බො. ඔසාරෙත්වා වත්තබ්බො: ‘පටිකරොහි තං ආපත්ති’න්ති. සචෙ පටිකරොති, ඉච්චෙතං කුසලං. නො චෙ පටිකරොති ලබ්භමානාය සාමග්ගියා පුන උක්ඛිපිතබ්බො. අලබ්භමානාය සාමග්ගියා අනාපත්ති සම්භොගෙ සංවාසෙ.”
Sinhala BJT3. “මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් තෙමේ ඇවැතට පිළියම් නො කිරීමෙහි උත්ක්‍ෂේපණීයකර්‍මය කරණ ලද්දේ සිවුරු හරියි. හෙතෙමේ නැවත පෙරළා අවුත් භික්‍ෂූන්ගෙන් උපසම්පදාව ඉල්ලයි. ඔහුට ‘ඒ ඇවැතට පිළියම් කරන්නෙහි දැ?’ යි මෙසේ කිය යුතු ය. ඉදින් “මම පිළියම් කරන්නෙමි’ යි කියා නම්, පැවිදි කළ යුතු ය. ඉදින් ‘මම පිළියම් නො කරන්නෙමි’ යි කියා නම් පැවිදි නො කළ යුතු ය. පැවිදි කොට ‘ඒ ඇවැතට පිළියම් කරන්නෙහි දැ?’ යි කිය යුතු ය. ඉදින් ‘මම පිළියම් කරන්නෙමි’ යි කියා නම්, උපසපන් කළ යුතු ය. ඉදින් ‘මම පිළියම් නො කරන්නෙමි’ යි කියා නම්, උපසපන් නො කළ යුතු ය. උපසපන් කොට ‘ඒ ඇවැතට පිළියම් කරන්නෙහි දැ’ යි කිය යුතු ය. ඉදින් ‘මම පිළියම් කරන්නෙමි’ යි කියා නම්, (සඟ පිරිසට) ඇතුළත් කළ යුතු ය. ‘ඉදින් මම පිළියම් නො කරන්නෙමි’ යි කියා නම්, ඇතුළත් නො කළ යුතු ය. ඇතුළත් කොට ‘ඒ ඇවැතට පිළියම් කරව’ යි කිය යුතු ය. ඉදින් පිළියම් කෙරේ නම්, මෙය යහපත් ය. පිළියම් නො කෙරේ නම්, සමගිය ලැබෙන කල නැවත උත්ක්‍ෂේපණීයකර්‍මය කළ යුතු ය. සමගිය නො ලැබෙන කල ප්‍රත්‍යයසම්භෝගයෙහි ද සමාන සංවාසයෙහි ද ඇවැත් නො වේ.”
Pali BJT4. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛිත්තකො විබ්භමති, සො පුන පච්චාගන්ත්වා භික්ඛූ උපසම්පදං යාචති, සො එවමස්ස වචනීයො: ‘පටිනිස්සජිස්සසි තං පාපිකං දිට්ඨි’න්ති? සචාහං පටිනිස්සජිස්සාමී ති, පබ්බාජෙතබ්බො. ‘සචාහං න පටිනිස්සජිස්සාමී ති, න පබ්බාජෙතබ්බො. පබ්බාජෙත්වා වත්තබ්බො: ‘පටිනිස්සජිස්සසි තං පාපිකං දිට්ඨි’න්ති. ‘සචාහං පටිනිස්සජිස්සාමී ති, උපසම්පාදෙතබ්බො. සචාහං න පටිනිස්සජිස්සාමී ති, න උපසම්පාදෙතබ්බො. උපසම්පාදෙත්වා වත්තබ්බො: ‘පටිනිස්සජිස්සසි තං පාපිකං දිට්ඨි’න්ති? සචාහං පටිනිස්සජිස්සාමී ති, ඔසාරෙතබ්බො. සචාහං න පටිනිස්සජිස්සාමී ති න ඔසාරෙතබ්බො. ඔසාරෙත්වා වත්තබ්බො: ‘පටිනිස්සජාහි{2} තං පාපිකං දිට්ඨි’න්ති. සචෙ පටිනිස්සජති, ඉච්චෙතං කුසලං. නො චෙ පටිනිස්සජති, ලබ්භමානාය සාමග්ගියා පුන උක්ඛිපිතබ්බො. අලබ්භමානාය සාමග්ගියා අනාපත්ති සම්භොගෙ සංවාසෙ”ති.
Sinhala BJT4. “මහණෙනි, මේ ශාසනයෙහි මහාණෙක් තෙමේ ලාමකදෘෂ්ටිය නො හැරීමෙහි උත්ක්‍ෂේපණීයකර්‍මය කරණ ලද්දේ සිවුරු හරියි. හෙතෙමේ නැවත පෙරළා අවුත් භික්‍ෂූන්ගෙන් උපසම්පදාව ඉල්ලයි. ඔහුට ‘ඒ ලාමකදෘෂ්ටිය හරින්නෙහි දැ?’ යි කිය යුතු ය. ඉදින් ‘මම හරින්නෙමි’යි කියා නම්, පැවිදි කළ යුතු ය. ‘ඉදින් මම නො හරින්නෙමි’ යි කියා නම්, පැවිදි නො කළ යුතු ය. පැවිදි කොට ‘ඒ ලාමකදෘෂ්ටිය හරින්නෙහි දැ?’ යි කිය යුතු ය. ‘ඉදින් මම හරින්නෙමි’ යි කියා නම්, උපසපන් කළ යුතු ය. ඉදින් ‘මම නො හරින්නෙමි’ යි කියා නම් උපසපන් නො කළ යුතු ය. උපසපන් කොට ‘ඒ ලාමකදෘෂ්ටිය දුරු කරන්නෙහි දැ?’ යි කිය යුතු ය. ඉදින් ‘මම දුරුකරන්නෙමි’ යි කියා නම්, (සඟ පිරිසට) ඇතුළත් කළ යුතු ය. ‘මම දුරු නො කරන්නෙමි’ යි කියා නම්, ඇතුළත් නො කළ යුතු ය. ඇතුළත් කොට ‘ඒ ලාමකදෘෂ්ටිය හරුව’ යි කිය යුතු ය. ඉදින් හරින්නේ නම්, යහපත් ය. නො හරින්නේ නම්, සමගිය ලැබෙන කල නැවත උත්ක්‍ෂේපණීයකර්‍මය කළ යුතු ය. සමගිය නො ලැබෙන කල ප්‍රත්‍යසම්භෝගයෙහි ද සමානසංවාසයෙහි ද ඇවැත් නො වේ.”
Pali BJTමහාක්ඛන්ධකො පඨමො.
Sinhala BJTප්‍රථම වූ මහාඛන්‍ධකය නිමි.
Pali BJT1. විනයම්හි මහත්ථෙසු,{1} පෙසලානං සුඛාවහෙ, නිග්ගහානඤ්ච පාපිච්ඡෙ ලජ්ජීනං පග්ගහෙසු ච.
Sinhala BJT1. ප්‍රියශීලි භික්‍ෂූන්ට සැප එළවන්නා වූ, ලාමක ආශා ඇති භික්‍ෂූන්ට නිග්‍රහ කිරීමට කරුණු වූ, ලජ්ජි භික්‍ෂූන්ට රුකුලක් වූ, ත්‍රිවිධ ශාසනය දරන්නා වූ, සියල්ල දත් බුදුරජුන්ට විෂය වූ, අන්‍යයනට විෂය නොවූ, බිය රහිත වූ, මනා කොට පණවන ලද, සැක රහිත වූ, මහත් අර්‍ත්‍ථ ඇති විනය පිටකය ඇති කල්හි ඛන්‍ධක විනයෙහි ද පරිවාර විනයෙහි ද මාතෘකා විනයෙහි ද අරුත් පරිදි කරන්නා වූ දක්‍ෂ පුද්ගල තෙමේ නුවණින් පිළිපදී.
Pali BJTසාසනාධාරණෙ චෙව{2} සබ්බඤ්ඤුජිනගොචරෙ, අනඤ්ඤවිසයෙ ඛෙමෙ සුප්පඤ්ඤත්තෙ අසංසයෙ.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTඛන්ධකෙ විනයෙ චෙව පරිවාරෙ ච මාතිකෙ, යථාත්ථකාරී කුසලො පටිපජ්ජති යොනිසො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT2. යො ගවං න විජානාති, න සො රක්ඛති ගොගණං, එවං සීලං අජානන්තො කිං සො රක්ඛෙය්ය සංවරං?
Sinhala BJT2. යමෙක් (තමාගේ) ගව රැළ (මෙතෙකැ යි) නො දනී ද, හෙතෙමේ ගව සමූහයා නො රකී. එපරිද්දෙන් සීලය නො දන්නා වූ ඒ පුද්ගල තෙමේ කිනම් සංවරයක් රකින්නේ ද?
Pali BJT3. පමුට්ඨම්හි ච{3} සුත්තන්තෙ අභිධම්මෙ ච තාවදෙ, විනයෙ අවිනට්ඨම්හි පුන තිට්ඨති සාසනං.
Sinhala BJT3. සූත්‍රපිටකය පිරිහී ගියත් එසේ ම අභිධර්‍මපිටකය පිරිහී ගියත් විනයපිටකය නො නැසී පවත්නා තාක් ශාසනය පවත්නේ ය.
Pali BJT4. තස්මා සඞ්ගාහණාහෙතු{4} උද්දානං අනුපුබ්බසො, පවක්ඛාමි යථාඤායං සුණොථ{5} මම භාසතො.
Sinhala BJT4. එහෙයින් සඞ්ග්‍රහ කිරීමට හේතු වූ උද්දානය (වස්තුනාමාවලිය) පිළිවෙළින් න්‍යායානුකූලව කියන්නෙමි. කියන්නා වූ මාගේ වචනය අසවු.
Pali BJT5. වත්ථු{6} නිදානං ආපත්ති, නයා පෙය්යාලමෙව ච, දුක්කරං තං අසෙසෙතුං නයතො තං විජානථා ති.
Sinhala BJT5. වස්තු – නිදාන – ආපත්ති – නය – පෙය්‍යාල යන ඒ සියල්ල සම්පූර්‍ණ කොට දැක්වීම දුෂ්කර වේ. ක්‍රමය අනු ව එය දැන ගණිවු.
Pali BJT6. බොධී ච රාජායතනං{7} අජපාලො{8} සහම්පති; බ්රහ්මා ආළාරො උද්දො ච{9} භික්ඛු ච උපකො ඉසි.
Sinhala BJT6. බෝධිකථා ද මුචලින්‍දකථා ද රාජායතනකථා ද අජපාලකථා ද සහම්පතිබ්‍රහ්මායාචනකථා ද ආළාර–කාලාමකථා ද උද්දකරාමපුත්‍රකථා ද පඤ්චවර්‍ගගීයකථා ද උපකාජීවකකථා ද වෙයි.
Pali BJT7. කොණ්ඩඤ්ඤො භද්දියො වප්පො{10} මහානාමො ච අස්සජි, යසො චත්තාරො පඤ්ඤාස{11} සබ්බෙ පෙසෙසි සො දිසා.
Sinhala BJT7. කොණ්ඩඤ්ඤ– භද්දිය– වප්ප– මහානාම– අස්සජී– යස යන ස්ථවිර– කථා ද චස්තුසහායකකථා ද පඤ්ඤාසසහායකකථා ද වෙයි. බුදුරජානන් වහන්සේ මේ සියලු භික්‍ෂූන් දහම් දෙසන්නට ඒ ඒ දිශාවන්හි යැවූහ.
Pali BJT8. වත්ථු මාරෙහි තිංසා ච උරුවෙලං තයො ජටී, අග්යාගාරං මහාරාජා සක්කො බ්රහ්මා ච කෙවලා.{12}
Sinhala BJT8. රත්නත්‍රයශරණගමනකථා ද මාරකථා ද තිංසභද්දවග්ගියගකකථා ද උරුවේල– නදී– ගයාකස්සප ජටිලදමනකථා ද ගිනිහල් ගෙට පිවිසීම ද සතරවරම් මහරජුන්ගේ පැමිණීම ද සක්දෙවිඳුගේ පැමිණීම ද මහා බ්‍රහ්මයාගේ පැමිණීම ද අඟුමගද වැස්සන්ගේ පැමිණීම ද වෙයි.
Pali BJT9. පංසුකූලං පොක්ඛරණී සිලා ච කකුධො සිලා, ජම්බු අම්බො ච ආමලො{13} පාරිපුප්ඵඤ්ච ආහරි.
Sinhala BJT9. පංසුකූලය ලැබීම, පොකුණක් සෑරීම, ගලක් එළවීම, කකුධකථා, සිලාකථා, ජම්බු– අම්බ– ආමලකී– පාරිච්ඡත්තකකථා ද වෙයි.
Pali BJT10. ඵාළියන්තු උජ්ජලන්තු විජ්ඣායන්තු ච කස්සප, නිමුජ්ජන්ති{14} මුඛී මෙඝො ගයා ලට්ඨි ච මාගධො.
Sinhala BJT10. දඬු පැළීම, ගිනි දැල්වීම, ගිනි නිවීම, දියෙහි ගිලීම, නොකල් වැස්ස, ගයාහි විසීම, ලට්ඨිවනයෙහි විසීම, බිම්සරරජු බුදුරජුන් සරණ යෑම ද වෙයි.
Pali BJT11. උපතිස්සො කොලිතො ච අභිඤ්ඤාතා ච පබ්බජුං,{15} දුන්නිවත්ථා පනාමනා කිසො ලූඛො ච බ්රාහ්මණො.
Sinhala BJT11. උපතිස්ස– කෝලිතපරිව්‍රාජක, අභිඥාතපුරුෂ – යන කථා ද වෙයි. මොහු හැමදෙන පැවිදි වූහ. නො සකස් ව හැඳීම – පෙරවීම හා අපනාමනය ද රාධබ්‍රාහ්මණයාගේ පැවිද්ද ද වෙයි.
Pali BJT12. අනාචාරං ආචරති උදරං මාණවො ගණො, වස්සං බාලෙහි පක්කන්තො දසවස්සානි නිස්සයො.
Sinhala BJT12. අනාචාරයෙහි හැසිරෙයි. උදරය නිසා පැවිදිවීම ද මාණවකයකු නිස්සය සතර පිළිකුල් කොට පැවිදි නො වීම ද ගණොපසම්පදාව ද ඌනදසවස්සික වූ භික්‍ෂූන් විසින් සද්ධිවිහාරිකයන් උපසපන් නො කටයුතු බව ද ධර්‍මවිනය නො දත්තන් උපසපන් නො කටයුතු බව හා උපාද්ධ්‍යායයන් බැහැර යෑම ද දසවස් නිස ගැණීම හා නිස දීම ද – වෙයි.
Pali BJT13. න වත්තන්ති පනාමෙතුං, බාලා පස්සද්ධි පඤ්ච ඡ {1}, යො සො අඤ්ඤො ච නග්ගො ච අච්ඡින්නජටිලසාකියො {2}.
Sinhala BJT13. නො මනා පැවැත්ම, අපනාමනය, නො වියත්නිසැදුරු, නිස සන්සිඳුම් පස හා සය, තීර්‍ත්‍ථකයන් වෙතින් ආවුන් උපසපන් නො කිරීම, අන්‍ය තීර්‍ත්‍ථකපරිවාසය, නග්නයනට සිවුරු දීම, භණ්ඩුකර්‍මය, කර්‍මක්‍රියාවාදීන්ගේ පැවිදි උපසම්පදා, අන්‍යතීර්‍ත්‍ථකශාක්‍යයන්ගේ පැවිදි උපසම්පදා යන මේ ද වෙයි.