Mahāvagga

Great Division

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 501-600 න් 2799

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT15. පුන චපරං භික්ඛවෙ අඤ්ඤතිත්ථියපුබ්බො තිබ්බච්ඡන්දො හොති උද්දෙසෙ පරිපුච්ඡාය, අධිසීලෙ, අධිචිත්තෙ, අධිපඤ්ඤාය. එවම්පි භික්ඛවෙ, අඤ්ඤතිත්ථියපුබ්බො ආරාධකො හොති.
Sinhala BJT15 මහණෙනි, නැවත ද පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ පෙළ පුහුණු කිරීමෙහි, අරුත් ඇසීමෙහි, ප්‍රාතිමෝක්‍ෂශීලයෙහි, ලෞකිකසමාධිභාවනාවෙහි, ලෝකෝත්තරමාර්‍ගභාවනාවෙහි, බලවත් කැමැත්ත ඇත්තේ වේ ද, මහණෙනි, මෙසේ ද පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ වත් පුරන්නෙක් වේ.
Pali BJT16. පුන චපරං භික්ඛවෙ, අඤ්ඤතිත්ථියපුබ්බො යස්ස තිත්ථායතනා සඞ්කන්තො හොති, තස්ස සත්ථුනො තස්ස දිට්ඨියා තස්ස ඛන්තියා තස්ස රුචියා තස්ස ආදායස්ස අවණ්ණෙ භඤ්ඤමානෙ අත්තමනො හොති උදග්ගො අභිරද්ධො. බුද්ධස්ස වා ධම්මස්ස වා සඞ්ඝස්ස වා අවණ්ණෙ භඤ්ඤමානෙ කුපිතො හොති අනත්තමනො අනභිරද්ධො. යස්ස වා පන තිත්ථායතනා සඞ්කන්තො හොති, තස්ස සත්ථුනො තස්ස දිට්ඨියා තස්ස ඛන්තියා තස්ස රුචියා තස්ස ආදායස්ස වණ්ණෙ භඤ්ඤමානෙ කුපිතො හොති අනත්තමනො අනභිරද්ධො. බුද්ධස්ස වා ධම්මස්ස වා සඞ්ඝස්ස වා වණ්ණෙ භඤ්ඤමානෙ අත්තමනො හොති උදග්ගො අභිරද්ධො. ඉදං භික්ඛවෙ, සඞ්ඝාතනිකං අඤ්ඤතිත්ථියපුබ්බස්ස ආරාධනීයස්මිං. එවම්පි ඛො භික්ඛවෙ, අඤ්ඤතිත්ථියපුබ්බො ආරාධකො හොති. එවං ආරාධකො ඛො, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියපුබ්බො ආගතො උපසම්පාදෙතබ්බො.
Sinhala BJT16. මහණෙනි, නැවත ද පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ යමකුගේ තීර්‍ත්‍ථායතනයකින් මෙහි ආයේ වේ ද, ඒ තීර්‍ත්‍ථායතනස්වාමී වූ ශාස්තෘහුගේ ද ඔහු සතු ලබ්ධියෙහි ද ඔහු ගේ කැමැත්තෙහි ද ඔහුගේ රුචියෙහි ද ඔහුගේ දෘෂ්ටියෙහි ද දොස් කියනු ලබන කල්හි සතුටු සිත් ඇත්තේ ඔද වැඩි වූයේ පිරිපුන් අදහස් ඇත්තේ වේ ද, බුදුන්ගේ හෝ ධර්‍මයෙහි හෝ සඞ්ඝයාගේ හෝ දොස් කියනු ලබන කල්හි කිපියේ නො සතුටුසිත් ඇත්තේ නො පිරිපුන් අදහස් ඇත්තේ වේ ද – යමෙකුගේ තීර්‍ත්‍ථායතනයකින් මෙහි ආයේ වේ ද, ඒ තීර්‍ත්‍ථායතනස්වාමී වූ ශාස්තෘහුගේ ද ඔහු සතු ලබ්ධියෙහි ද ඔහුගේ කැමැත්තෙහි ද ඔහුගේ රුචියෙහි ද ඔහුගේ දැඩිව ගත් දෘෂ්ටියෙහි ද ගුණ කියනු ලබන කල්හි කිපියේ නො සතුටු සිත් ඇත්තේ නො පිරිපුන් අදහස් ඇත්තේ වේ ද, බුදුන්ගේ හෝ ධර්‍මයෙහි හෝ සඞ්ඝයාගේ හෝ ගුණ කියනු ලබන කල්හි සතුටු සිත් ඇත්තේ ඔද වැඩි වූයේ පිරිපුන් අදහස් ඇත්තේ වේ ද, මහණෙනි, මෙය පෙර අන්‍යතීර්‍ත්‍ථකවූවහුගේ වත් පිරීමෙහි ප්‍රධාන ලක්‍ෂණය වේ. මහණෙනි, මෙසේ පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ වත් පුරන්නේ වේ. මහණෙනි, මෙසේ වත් පුරණ පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ ආයේ උපසපන් කළ යුතු ය.
Pali BJT17. සචෙ භික්ඛවෙ, අඤ්ඤතිත්ථියපුබ්බො නග්ගො ආගච්ඡති උපජ්ඣායමූලකං චීවරං පරියෙසිතබ්බං. සචෙ අච්ඡින්නකෙසො ආගච්ඡති සඞ්ඝො අපලොකෙතබ්බො භණ්ඩුකම්මාය. යෙ තෙ භික්ඛවෙ, අග්ගිකා ජටිලකා තෙ ආගතා උපසම්පාදෙතබ්බා. න තෙසං පරිවාසො දාතබ්බො. තං කිස්ස හෙතු. කම්මවාදිනො එතෙ භික්ඛවෙ, කිරියවාදිනො. සචෙ භික්ඛවෙ ජාතියා සාකියො, අඤ්ඤතිත්ථියපුබ්බො ආගච්ඡති, සො ආගතො උපසම්පාදෙතබ්බො. න තස්ස පරිවාසො දාතබ්බො. ඉමාහං භික්ඛවෙ ඤාතීනං ආවෙණිකං පරිහාරං දම්මී’ති.
Sinhala BJT17. මහණෙනි, පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ නග්නව ආයේ නම් උපාද්ධ්‍යායයා මුල් කොට සිවුරු සෙවිය යුතු ය. නො කැපූ හිසකේ ඇතිව පැමිණේ නම් භණ්ඩුකර්‍මය පිණිස සඞ්ඝ තෙමේ දැන්විය යුතු ය. මහණෙනි, යම් ඒ ගිනි පුදන්නෝත් ජටාධරයෝත් වෙත් නම් ආවා වූ ඔහු උපසපන් කළ යුතු ය. ඔවුන්ට පිරිවෙස් නො දිය යුතු ය. ඊට හේතු කිම? මහණෙනි, මොහු කර්‍මවාදීහු ක්‍රියාවාදීහු වෙත්. මහණෙනි, ජාතියෙන් (උත්පත්තියෙන්) ශාක්‍ය වූ පෙර අන්‍යතීර්‍ත්‍ථකවූවෙක් පැමිණේ ද, ආවා වූ හෙතෙමේ උපසපන් කළ යුතු ය. ඔහුට පිරිවෙස් නො දිය යුතු ය. මහණෙනි, මම නෑයන්ට (ඔවුන්ට පමණක්) උරුම වූ මේ පරිහාරය (අනුග්‍රහයක් වශයෙන්) දෙමි.
Pali BJTඅඤ්ඤතිත්ථියපුබ්බකථා නිට්ඨිතා.
Sinhala BJTඅන්‍යතීර්‍ත්‍ථක කථාව නිමි.
Pali BJTසත්තමභාණවාරං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1. තෙන ඛො පන සමයෙන මගධෙසු පඤ්ච ආබාධා උස්සන්නා හොන්ති: කුට්ඨං, ගණ්ඩො, කිලාසො, සොසො, අපමාරො. මනුස්සා පඤ්චහි ආබාධෙහි ඵුට්ඨා ජීවකං කොමාරභච්චං උපසඞ්කමිත්වා එවං වදන්ති:{1} “සාධු නො ආචරිය තිකිච්ඡාහී”ති. “අහමය්යා{2} බහුකිච්චො බහුකරණීයො. රාජා ච මෙ මාගධො සෙනියො බිම්බිසාරො උපට්ඨාතබ්බො, ඉත්ථාගාරං ච, බුද්ධප්පමුඛො ච සඞ්ඝො.{3} නාහං සක්කොමි තිකිච්ඡිතු”න්ති. “සබ්බං සාපතෙය්යං ච තෙ ආචරිය හොතු. මයං ච තෙ දාසා. සාධු නො ආචරිය තිකිච්ඡාහී”ති. “අහමය්යා, බහුකිච්චො බහුකරණීයො. රාජා ච. මෙ මාගධො සෙනියො බිම්බිසාරො උපට්ඨාතබ්බො, ඉත්ථාගාරඤ්ච බුද්ධපමුඛො ච සඞ්ඝො. නාහං සක්කොමි තිකිච්ඡිතු”න්ති.
Sinhala BJT1. එකල්හි මගදදනවුවෙහි කුෂ්ඨ – ගණ්ඩ – කිලාස – ක්‍ෂය අපස්මාර යන පඤ්චාබාධයෝ උත්සන්න වූවාහු වෙත්. මේ ආබාධ පසින් මඬනා ලද මිනිස්සු කෝමාරභච්ච නම් ජීවක වෙදුන් වෙත ගොස් “ආචාර්‍ය්‍යය, අපට පිළියම් කළ මැනවැ” යි. මෙසේ කියති. එකල්හි “ආර්‍ය්‍යයෙනි, මම බොහෝ කටයුතු ඇත්තෙක් වෙමි. බොහෝ කළ යුතු දෑ ඇත්තෙක් වෙමි මා විසින් මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජතෙමේ ද ඒ රජහුගේ අන්තඃපුරය ද බුද්ධප්‍රමුඛසඞ්ඝ තෙමේ ද උපස්ථාන කළ යුතු ය. එහෙයින් මම පිළියම් කිරීමට නො හැක්කේ වෙමි” යි හේ කීයේ ය: “ආචාර්‍ය්‍යය, අපසතු සියලු ධනය ද ඔබට වේවා. අපි ද ඔබට දාසයෝ වෙමු. ඇදුර, අපට පිළියම් කරණ මැනවැ” යි නැවත ද කීහ. “ආර්‍ය්‍යයයෙනි, මම බොහෝ කටයුතු ඇත්තෙක් වෙමි. බොහෝ කළ යුතු දෑ ඇත්තෙක් වෙමි. මා විසින් මගධේශ්වරවූ සේනා ඇති බිම්බිසාර රජතෙමේ ද ඒ රජුගේ අන්තඃපුරය ද බුද්ධප්‍රමුඛසඞ්ඝ තෙමේ ද උපස්ථාන කළ යුතු ය. එහෙයින් මම පිළියම් කරන්නට නො හැක්කේ වෙමි” යී ජීවක තෙමේ කියෝ ය.
Pali BJT2. අථ ඛො තෙසං මනුස්සානං එතදහොසි: “ඉමෙ ඛො සමණා සක්යපුත්තියා සුඛසීලා සුඛසමාචාරා, සුභොජනානි භුඤ්ජිත්වා නිවාතෙසු සයනෙසු සයන්ති. යන්නූන මයං සමණෙසු සක්යපුත්තියෙසු පබ්බජෙය්යාම. තත්ථ භික්ඛූ චෙව උපට්ඨහිස්සන්ති. ජීවකො ච කොමාරභච්චො තිකිච්ඡිස්සතී”ති .
Sinhala BJT2. එකල්හි ඒ මිනිසුන්ට “ශාක්‍යපුත්‍ර වූ මේ ශ්‍රමණයෝ සැපවූ පැවැතුම් ඇත්තෝ ය. පහසු හැසිරීම් ඇත්තෝ ය. මනා බොජුන් වළඳා හුළං නො හමන යහන්හි සයනය කරති. අපි ශාක්‍යපුත්‍රවූ ශ්‍රමණයන් කෙරෙහි පැවිදි වන්නෙමු නම් යෙහෙක. එකල්හි භික්‍ෂූහු ද උපස්ථාන කරන්නෝ ය. කෝමාරභච්ච ජීවක තෙමේ ද පිළියම් කරන්නේ ය” යි සිතෙක් උපන.
Pali BJT3. අථ ඛො තෙ මනුස්සා භික්ඛූ උපසඞ්කමිත්වා පබ්බජ්ජං යාචිංසු. තෙ භික්ඛූ පබ්බාජෙසුං. උපසම්පාදෙසුං. තෙ භික්ඛූ චෙව උපට්ඨහිංසු. ජීවකො ච කොමාරභච්චො තිකිච්ඡි.
Sinhala BJT3. ඉක්බිති එ මිනිස්සු භික්‍ෂූන් කරා ගොස් පැවිද්ද ඉල්ලූහ. භික්‍ෂූහු ඔවුන් පැවිදි කළහ. උපසපන් ද කළහ. භික්‍ෂූහු ද ඔවුන්ට උපස්ථාන කළහ. කෝමාරභච්ච ජීවක තෙමේ ද පිළියම් කෙළේ ය.
Pali BJT4. තෙන ඛො පන සමයෙන භික්ඛූ බහූ ගිලානෙ භික්ඛූ උපට්ඨහන්තා යාචනබහුලා විඤ්ඤත්තිබහුලා විහරන්ති. “ගිලානභත්තං දෙථ ගිලානුපට්ඨාකභත්තං දෙථ. ගිලානභෙසජ්ජං දෙථා”ති. ජීවකොපි කොමාරභච්චො බහූ ගිලානෙ භික්ඛූ තිකිච්ඡන්තො අඤ්ඤතරං රාජකිච්චං පරිහාපෙසි.
Sinhala BJT4. එකල්හි භික්‍ෂූහු බොහෝ ගිලන් මහණුන්ට උපස්ථාන කරන්නෝ “ගිලනුන්ට හිත බත් දෙවු. ගිලානෝපස්ථායකයන්ට බත් දෙවු. ගිලනුන්ට හිත බෙහෙත් දෙවු” යි බොහෝ සේ ඉල්ලමින් බොහෝ සේ විණවමින් වෙසෙති. කොමාරභච්චජීවක තෙමේ ද බොහෝ ගිලන් මහණුන්ට පිළියම් කරන්නේ එක්තරා රාජකාර්‍ය්‍යයක් පිරිහෙලූයේ ය.
Pali BJT5. අඤ්ඤතරො පි පුරිසො පඤ්චහි ආබාධෙහි පුට්ඨො ජීවකං කොමාරභච්චං උපසඞ්කමිත්වා එතදවොච: “සාධු මං ආචරිය තිකිච්ඡාහී”ති. “අහඞ්ඛවය්යො බහුකිච්චො බහුකරණීයො. රාජා ච මෙ මාගධො සෙනියො බිම්බිසාරො උපට්ඨාතබ්බො. ඉත්ථාගාරං ච, බුද්ධප්පමුඛො ච සඞ්ඝො. නාහං සක්කොමි තිකිච්ඡිතු”න්ති. “සබ්බං සාපතෙය්ය ච තෙ ආචරිය හොතු. අහඤ්ච තෙ දාසො. සාධු මං ආචරිය තිකිච්ඡාහී”ති. “අහඞ්ඛවය්යො, බහුකිච්චො බහුකරණීයො, රාජා ච මෙ මාගධො සෙනියො බිම්බිසාරො උපට්ඨාතබ්බො. ඉත්ථාගාරං ච, බුද්ධප්පමුඛො ච සඞ්ඝො. නාහං සක්කොමි තිකිච්ඡිතු”න්ති.
Sinhala BJT5. එකල්හි පඤ්චාබාධයෙන් පෙළුනු එක්තරා පුරුෂයෙක් කෝමාරභච්චජීවකයා වෙතට ගොස් “ඇදුර, මට පිළියම් කරනු මැනවැ” යි කීයේ ය. “ආර්‍ය්‍යය මම බොහෝ කටයුතු ඇත්තෙක් වෙමි. බොහෝ කළයුතු දෑ ඇත්තෙක් වෙමි. මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජ තෙමේ ද ඔහුගේ අන්තඃපුරය ද බුද්ධප්‍රමුඛසඞ්ඝ තෙමේ ද මා විසින් උපස්ථාන කළ යුතු ය. එහෙයින් මම පිළියම් කරන්නට නො හැක්කේ වෙමි” යි කී ය. “ඇදුර, මා සතු සියලු ධනය ද ඔබට වේවා. මම ඔබගේ දාසයෙක් ද වෙමි. ඇදුර, මට පිළියම් කරණු මැනවැ” යි (හෙතෙමේ නැවතත් කී ය.) එවිට ද ජීවක තෙමේ “සගය, මම බොහෝ කටයුතු ඇත්තෙක් වෙමි. බොහෝ කළ යුතු දෑ ඇත්තෙක් වෙමි. මා විසින් මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජ තෙමේ ද ඔහුගේ අන්තඃපුරය ද බුද්ධප්‍රමුඛ සඞ්ඝතෙමේ ද උපස්ථාන කළ යුතු ය මම පිළියම් කිරීමට නො හැක්කේ වෙමි” යි කී ය.
Pali BJT6. අථ ඛො තස්ස පුරිසස්ස එතදහොසි: “ඉමෙ ඛො සමණා සක්යපුත්තියා සුඛසීලා සුඛසමාචාරා, සුභොජනානි භුඤ්ජිත්වා නිවාතෙසු සයනෙසු සයන්ති. යන්නූනාහං සමණෙසු සක්යපුත්තියෙසු පබ්බජෙය්යං. තත්ථ භික්ඛූචෙව උපට්ඨහිස්සන්ති. ජීවකො ච කොමාරභච්චො තිකිච්ඡිස්සති. සොහං{1} අරොගො විබ්භමිස්සාමී”ති.
Sinhala BJT6. එකල්හි ඒ පුරුෂයාහට “මේ ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයෝ සැප වූ පැවැතුම් ඇත්තෝ ය. පහසු හැසිරීම් ඇත්තෝ ය. මනා බොජුන් වළඳා හුළං නොවදින යහන්හි සයනය කෙරෙති. මම ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයන් වෙත පැවිදි වන්නෙම් නම් යහපති. එකල්හි භික්‍ෂූහු ද මට උපස්ථාන කරන්නාහ. කෝමාරභච්වජිවක තෙමේ ත් මට පිළියම් කරන්නේ ය. ඒ මම ලෙඩ නැත්තෙක් ව සිවුරු හරින්නෙම්’ යි සිතෙක් උපන.
Pali BJT7. අථ ඛො සො පුරිසො භික්ඛු උපසඞ්කමිත්වා පබ්බජ්ජං යාචි. තං භික්ඛූ පබ්බාජෙසුං, උපසම්පාදෙසුං. තං භික්ඛූචෙව උපට්ඨහිංසු, ජීවකො ච කොමාරභච්චො තිකිච්ඡි. සො අරොගො විබ්භමි.
Sinhala BJT7. ඉක්බිති ඒ පුරුෂ තෙමේ භික්‍ෂූන් කරා ගොස් පැවිද්ද ඉල්ලී ය. භික්‍ෂූහු ඔහු පැවිදි කළහ. උපසපන් ද කළහ. භික්‍ෂූහු ඔහුට උපස්ථාන ද කළහ. කොමාරභච්චජීවක තෙමේත් ඔහුට පිළියම් කෙළේ ය. හෙතෙමේ නීරොගවූයේ සිවුරු හැර ගියේ ය.
Pali BJT8. අද්දසා ඛො ජීවකො කොමාරභච්චො තං පුරිසං විබ්භන්තං. දිස්වාන තං පුරිසං එතදවොච: “නනු ත්වං අය්ය භික්ඛූසු පබ්බජිතො අහොසී”ති? “එවං ආචරියා”ති. “කිස්ස පන ත්වං අය්යො, එවරූපං අකාසී?”ති.
Sinhala BJT8. එකල්හි ජීවකතෙමේ සිවුරු හැර ගියාවූ ඒ පුරුෂයා දුටුයේ ය. දැක “සගය, ඔබ භික්‍ෂූන් වෙත පැවිදිව සිටියෝ නොවහු දැ?” යි ඔහු ගෙන් ඇසී ය. “ඇදුර, එසේ ය” යි හෙතෙමේ පිළිතුරු දුන්නේ ය. “සගය, මෙබන්දක් කෙළේ කුමක් නිසාද?” යි ඇසී ය.
Pali BJT9. අථ ඛො සො පුරිසො ජීවකස්ස කොමාරභච්චස්ස එතමත්ථං ආරොචෙසි. ජීවකො කොමාරභච්චො උජ්ඣායති ඛීයති විපාචෙති: “කථං හි නාම භදන්තා පඤ්චහි ආබාධෙහි ඵුට්ඨං පබ්බාජෙස්සන්තී”ති.
Sinhala BJT9. එකල්හි ඒ පුරුෂ තෙමේ කෝමාරභච්චජීවකයාහට මේ කරුණ දැන්වී ය. කොමාරභච්චජීවක තෙමේ “කෙසේ නම් ස්වාමීන් වහන්සේලා පඤ්චාබාධයන්ගෙන් පෙළෙන්නකු පැවිදි කරත් දැයි යි අවමන් කරයි. නින්‍දා කරයි. දොස් කියයි.
Pali BJT10. අථ ඛො ජීවකො කොමාරභච්චො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ජීවකො කොමාරභච්චො භගවන්තං එතදවොච: “සාධු භන්තෙ, අය්යා පඤ්චහි ආබාධෙහි ඵුට්ඨං න පබ්බාජෙය්යු”න්ති.
Sinhala BJT10. ඉක්බිති කෝමාරභච්චජිවක තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක හිඳ “ස්වාමීනි, ස්වාමීන් වහන්සේලා පඤ්චාබාධයන්ගෙන් පෙළුනකු පැවිදි නො කරන්නෝ නම් යහපතැ” යි සැළකළේ ය.
Pali BJT11. අථ ඛො භගවා ජීවකං කොමාරභච්චං ධම්මියා කථාය සන්දස්සෙසි. සමාදපෙසි. සමුත්තෙජෙසි. සම්පහංසෙසි. අථ ඛො ජීවකො කොමාරභච්චො භගවතා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJT11. එවිට භාග්‍යවතුන් වහන්සේ කොමාරභච්චජිවකයාහට දැහැමි කතාවෙන් කරණු දැක්වූ සේක. කුසල් දහම්හි සමාදන් කරවූ සේක. කුසල් දහම්හි තියුණු කරවූ සේක. ඇති ගුණයන්ගෙන් සතුටු කරවූ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරුණු දැක්වූ කුසල් දහම්හි සමාදන් කරවූ කුසල් දහම්හි තියුණු කරවූ පැහැදවූ ,කොමාරභච්චජීවක තෙමේ හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියේ ය.
Pali BJT12. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ පඤ්චහි ආබාධෙහි ඵුට්ඨො පබ්බාජෙතබ්බො. යො පබ්බාජෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT12. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණ යෙහි දැහැමි කතා කොට “මහණෙනි, පඤ්චාබාධයන්ගෙන් පෙළුනෙක් පැවිදි නො කළ යුතු ය. යමෙක් පැවිදි කරන්නේ නම් දුකුළාඇවැත් වේ” යි භික්‍ෂූන් ඇමතූ සේක.
Pali BJT13. තෙන ඛො පන සමයෙන රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස පච්චන්තො කුපිතො හොති. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො සෙනානායකෙ මහාමත්තෙ ආණාපෙසි: “ගච්ඡථ භණෙ,{1} පච්චන්තං උච්චිනථා”ති. “එවං දෙවා”ති ඛො සෙනානායකා මහාමත්තා රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස පච්චස්සොසුං.
Sinhala BJT13. එකල්හි මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජුට පසල් දනව්ව කිපියේ වේ. ඉක්බිති මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජ තෙමේ සේනාවන්ට නායක වූ මහඇමතියන්ට “සගයෙනි, යවු, පසල් දනව්ව දියුණු කරවු” (සොරුන් පලවා හැර සොර බියෙන් නැගී බැහැර ගිය ගම්වැස්සන් ගෙන්වා ඔවුන්ට වාසස්ථාන සපයා දී ගොවිකම් ආදිය දියුණු කරවු) යි අණ කෙළේ ය. “දේවයන් වහන්ස, යහපතැ” යි සේනාධිපති මහාමාත්‍යයෝ මගධේශ්වරවූ සේනා ඇති බිම්බිසාර රජුහට පිළිවදන් දුන්හ.
Pali BJT14. අථ ඛො අභිඤ්ඤාතානං අභිඤ්ඤාතානං යොධානං එතදහොසි: “මයං ඛො යුද්ධාභිනන්දිනො ගච්ඡන්තා පාපඤ්ච කරොම.{2} බහුඤ්ච අපුඤ්ඤං පසවාම. කෙන නු ඛො මයං උපායෙන පාපා ච විරමෙය්යාම කල්යාණඤ්ච කරෙය්යාමා”ති.
Sinhala BJT14. එකල්හි ප්‍රසිද්ධ යෝධයන්ට “අපි යුද්‍ධ කිරීමෙහි සතුටු වන්නමෝ පව් ද කරන්නෙමු. බොහෝ අකුසල් ද රැස් කරන්නෙමු. අපි කිනම් උපායකින් පවින් වළකින්නෙමු ද? කුසල් කරන්නෙමු දැ?” යි සිතෙක් උපන්නේ ය.
Pali BJT15. අථ ඛො තෙසං යොධානං එතදහොසි: “ඉමෙ ඛො සමණා සක්යපුත්තියා ධම්මචාරිනො සමචාරිනො බ්රහ්මචාරිනො සච්චවාදිනො සීලවන්තො කල්යාණධම්මා. සචෙ ඛො මයං සමණෙසු සක්යපුත්තියෙසු පබ්බජෙය්යාම එවං මයං පාපා ච විරමෙය්යාම කල්යාණඤ්ච කරෙය්යාමා”ති.
Sinhala BJT15. නැවත ද ඒ යෝධයන්ට “ශාක්‍යපුත්‍ර වූ මේ ශ්‍රමණයෝ දහම්හි හැසිරෙන්නෝ ය. සමව හැසිරෙන්නෝ ය. බ්‍රහ්මචාරී ය. සත්‍යවාදී ය. සිල්වත් ය. යහපත් පැවැතුම් ඇත්තාහ. අපි ත් ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයන් කෙරෙහි පැවිදි වන්නෙමු නම්, පවිනු ත් වළකින්නෙමු. කුසලු ත් කරන්නෙමු” යි සිත් විය.
Pali BJT16. අථ ඛො තෙ යොධා භික්ඛූ උපසඞ්කමිත්වා පබ්බජ්ජං යාචිංසු. තෙ භික්ඛූ පබ්බාජෙසුං, උපසම්පාදෙසුං. සෙනානායකා මහාමත්තා රාජභටෙපුච්ඡිංසු. “කින්නු ඛො භණෙ ඉත්ථන්නාමො ච ඉත්ථන්නාමො ච යොධා න දිස්සන්තී”ති. “ඉත්ථන්නාමො ච ඉත්ථන්නාමො සාමි, යොධා භික්ඛූසු පබ්බජිතා”ති. සෙනානායකා මහාමත්තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා රාජභටං පබ්බාජෙස්සන්තී”ති. සෙනානායකා මහාමත්තා රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT16. ඉක්බිති ඒ යෝධයෝ භික්‍ෂූන් කරා ගොස් පැවිද්ද ඉල්ලූහ. භික්‍ෂූහු ඔවුන් පැවිදි කළහ. උපසපන් කළහ. එකල්හි සේනාධිපති මහාමාත්‍යයෝ “සගයෙනි, මෙ නම් වූ ත් මෙ නම් වූත් යෝධයෝ නො දක්නා ලැබෙත්. එහි හේතු කිමැ?” යි රාජභටයන්ගෙන් විචාළෝ ය. “ස්වාමීනි, මෙ නම් වූ ත් මෙ නම් වූ ත් යෝධයෝ භික්‍ෂූන් වෙත පැවිදි වූහ.”යි ඔහු කීහ. කෙසේ නම් ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයෝ රාජභටයන් පැවිදි කරන්නාහු දැ” යි සේනාධිපති මහාමාත්‍යයෝ අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. ඔහු ඒ බව මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජුට දැන්වූහ.
Pali BJT17. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො වොහාරිකෙ{3} මහාමත්තෙ පුච්ඡි. “යො භණෙ, රාජභටං පබ්බාජෙති, කිං සො පසවතී?”ති. උපජ්ඣායස්ස දෙව, සීසං ඡෙතබ්බං.{4} අනුසාසකස්ස{5} ජිව්හා උද්ධරිතබ්බා. ගණස්ස උපඩ්ඪඵාසුකා භඤ්ජිතබ්බා”ති.
Sinhala BJT17. ඉක්බිති මගධේශ්වරවූ සේනා ඇති බිම්බිසාර රජ තෙමේ “සගයෙනි, යමෙක් රාජ භටයෙකු පැවිදි කෙරේ නම් හෙ තෙමේ කිනම් දඬුවමක් අත්පත් කරගණී දැ?” යි විනිශ්චයකාරක මහාමාත්‍යයන්ගෙන් විචාළේ ය. “දේවයන් වහන්ස, උපාධ්‍යායයාගේ හිස සිඳිය යුතු ය. අනුශාසකයාගේ දිව උදුරා දැමිය යුතු ය. ගණයාගේ අඩක් ඉල ඇට බිඳිය යුතු ය” යි ඔහු කීහ.
Pali BJT18. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො භගවන්තං එතදවොච: “සන්ති, භන්තෙ, රාජානො අස්සද්ධා අප්පසන්නා, තෙ අප්පමත්තකෙනපි{6} භික්ඛූ විහෙඨෙය්යුං. සාධු භන්තෙ අය්යා රාජභටං න පබ්බාජෙය්යු”න්ති.
Sinhala BJT18. එකල්හි මගධේශ්වරවූ සේනා ඇති බිම්බිසාර රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් වැඳ පසෙක හිඳ ස්වාමීනි, ශ්‍රද්ධා නැත්තා වූ සසුන්හි නො පහන් රජහු වෙති. ඒ රජහු ඉතා ටිකකිනිදු භික්‍ෂූන් පෙළන්නාහු ය. ස්වාමීනි, ආර්‍ය්‍යයන් වහන්සේලා රජ භටයෙකු පැවිදි නො කරන්නේ නම් යහපතැ යි” සැළකෙළේ ය.
Pali BJT19. අථ ඛො භගවා රාජානං මාගධං සෙනියං බිම්බිසාරං ධම්මියා කථාය සන්දස්සෙසි. සමාදපෙසි. සමුත්තෙජෙසි. සම්පහංසෙසි. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො භගවතා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJT19. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජු දැහැමි කතාවෙන් කරුණු දැක්වූහ. කුසල් දහම්හි සමාදන් කරවූහ. කුසල් දහම්හි තියුණු කරවූහ. ඇති ගුණයෙන් සතුටු කරවූහ. ඉක්බිති මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ තියුණු කරවන ලද්දේ සතුටු කරවන ලද්දේ හුනස්නෙන් නැගිට වැඳ පැදකුණු කොට ගියේ ය.
Pali BJT20. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ රාජභටො පබ්බාජෙතබ්බො. යො පබ්බාජෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT20. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණ යෙහි දැහැමි කතා කොට “මහණෙනි, රාජභටයෙක් පැවිදි නො කළ යුතු ය. යමෙක් පැවිදි කරන්නේ නම් දුකුළාඇවැත් වේ” යි භික්‍ෂූන් ඇමතූ සේක.
Pali BJT21. තෙන ඛො පන සමයෙන චොරො අඞ්ගුලිමාලො භික්ඛූසු පබ්බජිතො හොති. මනුස්සා පස්සිත්වා උබ්බිජ්ජන්තිපි. උත්තසන්ති පි. පලායන්තිපි. අඤ්ඤෙනපි ගච්ඡන්ති. අඤ්ඤෙනපි මුඛං කරොන්ති. ද්වාරම්පි ථකෙන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා ධජබන්ධං චොරං පබ්බාජෙස්සන්තී”ති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං “න භික්ඛවෙ ධජබන්ධො චොරො පබ්බාජෙතබ්බො. යො පබ්බාජෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT21. එකල්හි අඞ්ගුලිමාල සොර තෙමේ භික්‍ෂූන් වෙත පැවිදි වූයේ වේ. මිනිස්සු දැක බියපත් වෙති. තැති ගණිති. පලා යෙති. අන් මගිනුදු යෙත්. අන් දෙසකට මුහුණ ද හරවත්. දොර වසා ගණිත්. මිනිස්සු “කෙසේ නම් ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයෝ කොඩි බැඳි (ප්‍රකටවූ) සොරහු පැවිදි කරන්නාහු දැ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භික්‍ෂූහු බණින දොඩන දොස් කියන ඒ මිනිසුන්ගේ බස් අසා භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. උන්වහන්සේ “මහණෙනි, කොඩි බැඳි සොර තෙමේ පැවිදි නො කළ යුතු ය. යමෙක් පැවිදි කරන්නේ නම් දුකුළාදැවැත් වේ” යි වදාළ සේක.
Pali BJT22. තෙන ඛො පන සමයෙන රඤ්ඤා මාගධෙන සෙනියෙන බිම්බිසාරෙන අනුඤ්ඤාතං හොති: “යෙ සමණෙසු සක්යපුත්තියෙසු පබ්බජන්ති. න තෙ ලබ්භා කිඤ්චිකාතුං. ස්වාක්ඛාතො ධම්මො චරන්තු බ්රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්තකිරියායා”ති.
Sinhala BJT22. එකල්හි මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජු විසින් “යම් කෙනෙක් ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයන් වෙත පැවිදි වෙත් ද ඔහු කිසි දඬුවමක් කරන්නට නො ලැබිය යුත්තෝ ය. ධර්‍මය මනාකොට දෙසන ලද්දේ ය. මනා කොට දුක් කෙළවර කරන්නට බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙත්වා” යි අනුදන්නා ලද්දේ ය.
Pali BJT23. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො පුරිසො චොරිකං කත්වා කාරාය බද්ධො හොති. සො කාරං භින්දිත්වා පලායිත්වා භික්ඛූසු පබ්බජිතො හොති. මනුස්සා පස්සිත්වා එවමාහංසු. “අයං සො කාරභෙදකො චොරො. හන්ද නං නෙමා”ති. එකච්චෙ එවමාහංසු. “මාය්යා එවං අවචුත්ථ. අනුඤ්ඤාතං රඤ්ඤා මාගධෙන සෙනියෙන බිම්බිසාරෙන යෙ සමණෙසු සක්යපුත්තියෙසු පබ්බජන්ති න තෙ ලබ්භා කිඤ්චි කාතුං. ස්වාක්ඛාතො ධම්මො. චරන්තු බ්රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්තකිරියායා”ති.
Sinhala BJT23. එකල්හි එක්තරා පුරුෂයෙක් සොරකම් කොට සිරගෙයි ලා බඳින ලද්දේ වේ. හෙතෙමේ සිරගෙය බිඳ ගෙණ පලා ගොස් භික්‍ෂූන් වෙත පැවිදි වූයේ ය. මිනිස්සු දැක “මේ තෙමේ ඒ සිර ගෙය බිඳ ගියා වූ සොරා ය. එහෙයින් මූහු අල්ලා ගෙණ යමු” යි කීහ. ඇතැම් කෙතෙක් “මිත්‍රයෙනි, මෙසේ නො කියවු, මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජු විසින් ‘යම් කෙනෙක් ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයන් වෙත පැවිදි වෙත් ද, ඔහු කිසි දඬුවමක් කරන්නට නො ලැබිය යුත්තෝ ය. ධර්‍මය තෙමේ මනා කොට දෙසන ලද්දේ ය. මනා කොට දුක් කෙළවර කරන්නට බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙත්වා’ යි අනුදන්නා ලද්දේ ය” යි මෙසේ කීහ.
Pali BJT24. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “අභයූවරා ඉමෙ සමණා සක්යපුත්තියා. නයිමෙ ලබ්භා කිඤ්චි කාතුං. කථං හි නාම{1} කාරභෙදකං චොරං පබ්බාජෙස්සන්තී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. න භික්ඛවෙ, කාරභෙදකො චොරො පබ්බාජෙතබ්බො. යො පබ්බාජෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT24. මිනිස්සු “ශාක්‍යපුත්‍ර වූ මේ ශ්‍රමණයෝ (රජුගෙන්) ලත් අභය ඇත්තෝ ය. මුන් වහන්සේලා කිසි දඬුවමක් කරන්නට නො ලැබිය යුත්තෝ ය. කෙසේ නම් සිරගේ බිඳ ගිය සොරු පැවිදි කරන්නාහු දැ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සිරගෙය බිඳ ගිය සොර තෙමේ පැවිදි නො කළයුතු ය. යමෙක් පැවිදි කරන්නේ නම් දුකුළා ඇවැත් වේ” යි උන්වහන්සේ වදාළ සේක.
Pali BJT25. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො{1} පුරිසො චොරිකං කත්වා පලායිත්වා භික්ඛූසු පබ්බජිතො හොති. සො ච රඤ්ඤො අන්තෙපුරෙ{2} ලිඛිතො හොති. යත්ථ පස්සිතබ්බො{3} තත්ථ හන්තබ්බො”ති. මනුස්සා එවමාහංසු: “අයං සො ලිඛිතකො චොරො. හන්ද නං හනාමා”ති. එකච්චෙ එවමාහංසු: “මාය්යා එවං අවචුත්ථ. අනුඤ්ඤාතං රඤ්ඤා මාගධෙන සෙනියෙන බිම්බිසාරෙන යෙ සමණෙසු සක්යපුත්තියෙසු පබ්බජන්ති න තෙ ලබ්භා කිඤ්චි කාතුං. ස්වාක්ඛාතො ධම්මො. චරන්තු බ්රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්තකිරියායා”ති.
Sinhala BJT25. එකල්හි එක්තරා පුරුෂයෙක් සොරකම් කොට පලා ගොස් භික්‍ෂූන් වෙත පැවිදි වූයේ ය. හෙතෙමේ ද රජුගේ අන්තඃපුරයෙහි ලියා තබන ලද්දේ වේ: “යම් තැනකදී දැක්ක හැක්කේ ද එතැන්හිදී නැසිය යුත්තේ ය.” කිය යි. මිනිස්සු දැක “මේ ඒ ලියා තුබූ සොරා ය. එබැවින් මූ නසමු” යි කීහ. “සගයෙනි, එසේ නො කියවු. මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජු විසින් ‘යම් කෙනෙක් ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයන් වෙත පැවිදි වෙත් ද ඔහු කිසි දඬුවමක් කරන්නට නො ලැබිය යුත්තෝ ය. ධර්‍මය තෙමේ මනා කොට දෙසන ලද්දේ ය. මනා කොට දුක් කෙළවර කරන්නට බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙත්වා’ යි අනුදන්නා ලද්දේය” යි කීහ.
Pali BJT26. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “අභයූවරා ඉමෙ සමණා සක්යපුත්තියා. නයිමෙ ලබ්භා කිඤ්චි කාතුං. කථං හි නාම ලිඛිතකං චොරං පබ්බාජෙස්සන්තී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ ලිඛිතකො චොරො පබ්බාජෙතබ්බො. යො පබ්බාජෙය්ය ආපත්ති දුක්කටස්සාති.
Sinhala BJT26. මිනිස්සු ශාක්‍යපුත්‍ර වූ “මේ ශ්‍රමණයෝ (රජුගෙන්) ලත් අභය ඇත්තෝ ය. මුන්වහන්සේලා කිසි දඬුවමක් කරන්නට නො ලැබිය යුත්තෝ ය. කෙසේ නම් ලියා තැබූ සොරු පැවිදි කරන්නාහු දැ?” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ලියැවුනු සොර තෙමේ පැවිදි නො කළ යුතු ය. යමෙක් පැවිදි කරන්නේ නම් දුකුළාඇවැත් වේ” යි උන්වහන්සේ වදාළ සේක.
Pali BJT27. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො පුරිසො කසාහතො කතදණ්ඩකම්මො භික්ඛූසු පබ්බජිතො හොති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා කසාහතං කතදණ්ඩකම්මං පබ්බාජෙස්සන්තී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, කසාහතො කතදණ්ඩකම්මො පබ්බාජෙතබ්බො. යො පබ්බාජෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT27. එකල්හි එක්තරා පුරුෂයෙක් කසයෙන් තළන ලද්දේ (එයින්ම) කරණු ලැබූ දඬුවම් ඇත්තේ භික්‍ෂූන් වෙත පැවිදි වූයේ ය. මිනිස්සු කෙසේ නම් ශාක්‍යපුත්‍ර වු ශ්‍රමණයෝ කසයෙන් තළනු ලැබූ කරණලද දඬුවම් ඇත්තනු පැවිදි කරන්නහු දැ?” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත් දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, කසයෙන් තළනු ලැබූ කරණලද දඬුවම් ඇත්තේ පැවිදි නො කළ යුතු ය. යමෙක් පැවිදි කරන්නේ නම් දුකුළාඇවැත් වේ” යි උන්වහන්සේ වදාළ සේක.
Pali BJT28. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො පුරිසො ලක්ඛණාහතො කතදණ්ඩකම්මො භික්ඛූසු පබ්බජිතො හොති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා ලක්ඛණාහතං කතදණ්ඩකම්මං පබ්බාජෙස්සන්තී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ ලක්ඛණාහතො කතදණ්ඩකම්මො පබ්බාජෙතබ්බො. යො පබ්බාජෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT28. එකල්හි සලකුණු තබනු ලැබූ (හංවඩු ගැසීමෙන්) කරණ ලද දඬුවම් ඇති එක්තරා පුරුෂයෙක් භික්‍ෂූන් වෙත පැවිදි වූයේ ය. එකල්හි මිනිස්සු “කෙසේ නම් ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයෝ සලකුණු තබනු ලැබූ කරණ ලද දඬුවම් ඇත්තවුන් පැවිදි කරන්නාහු දැ”යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සලකුණු තැබූ කරණ ලද දඬුවම් ඇත්තේ පැවිදි නො කළ යුතු ය. යමෙක් පැවිදි කරන්නේ නම් දුකුළා ඇවැත් වේ” යි උන්වහන්සේ වදාළ සේක.
Pali BJT29. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො පුරිසො ඉණායිකො පලායිත්වා භික්ඛූසු පබ්බජිතො හොති. ධනියා පස්සිත්වා එවමාහංසු: “අයං සො අම්හාකං ඉණායිකො. හන්දනං නෙමා”ති. එකච්චෙ එවමාහංසු “මාය්යා එවං අවචුත්ථ. අනුඤ්ඤාතං රඤ්ඤා මාගධෙන සෙනියෙන බිම්බිසාරෙන යෙ සමණෙසු සක්යපුත්තියෙසු පබ්බජන්ති න තෙ ලබ්භා කිඤ්චි කාතුං. ස්වාක්ඛාතො ධම්මො චරන්තු බ්රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්තකිරියායා”ති.
Sinhala BJT29. එකල්හි එක්තරා පුරුෂයෙක් නය ගැති වූයේ පලා ගොස් භික්‍ෂූන් වෙත පැවිදි වූයේ ය. ධන හිමියෝ ඔහු දැක “මේ ඒ අපගේ නය ගැතියා ය. එබැවින් මූ ගෙණ යමු” යි කීහ. ඇතැම් කෙනෙක් මිත්‍රයිනි, මෙසේ නො කියවු. මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජු විසින් ‘යම් කෙනෙක් ශාක්‍යපුත්‍රවූ ශ්‍රමණයන් වෙත පැවිදි වෙත් ද ඔහු කිසි දඬුවමක් කරන්නට නො ලැබිය යුත්තේ ය. ධර්‍මය තෙමේ මනා කොට දෙසන ලද්දේ ය. මනා කොට දුක් කෙළවර කරන්නට බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙත්වා’ යි අනුදන්නා ලද්දේ ය”යි මෙසේ කීහ.
Pali BJT30. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “අභයූවරා ඉමෙ සමණා සක්යපුත්තියා. නයිමෙ ලබ්භා කිඤ්චි කාතුං. කථං හි නාම ඉණායිකං පබ්බාජෙස්සන්තී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ ඉණායිකො පබ්බාජෙතබ්බො. යො පබ්බාජෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT30. මිනිස්සු “ශාක්‍යපුත්‍ර වූ මේ ශ්‍රමණයෝ (රජුගෙන්) ලත් අභය ඇත්තෝ ය. මුන්වහන්සේලා කිසි දඬුවමක් කරන්නට නො ලැබිය යුත්තෝ ය. කෙසේ නම් නයගැතියහු පැවිදි කරන්නහු දැ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි නයගැත්තේ පැවිදි නො කළ යුතු ය. යමෙක් පැවිදි කරන්නේ නම් දුකුළාඇවැත් වේ” යි උන්වහන්සේ වදාළ සේක.
Pali BJT31. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො දාසො පලායිත්වා භික්ඛූසු පබ්බජිතො හොති. අයිරකා{1} පස්සිත්වා එවමාහංසු “අයං සො අම්හාකං දාසො. හන්ද නං නෙමා”ති. එකච්චෙ එවමාහංසු: “මාය්යා එවං අවචුත්ථ. අනුඤ්ඤාතං රඤ්ඤා මාගධෙන සෙනියෙන බිම්බිසාරෙන යෙ සමණෙසු සක්යපුත්තියෙසු පබ්බජන්ති න තෙ ලබ්භා කිඤ්චි කාතුං. ස්වාක්ඛාතො ධම්මො. චරන්තු බ්රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්තකිරියායා”ති.
Sinhala BJT31. එකල්හි එක්තරා දාසයෙක් පලා ගොස් භික්‍ෂූන් වෙත පැවිදි වූයේ ය. ස්වාමීහු දැක මේ ඒ අපගේ දාසයා ය, මූ ගෙණ යමු” යි කීහ. ඇතැම් කෙනෙක් “මිත්‍රයෙනි, මෙසේ නො කියවු. මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජු විසින් යම් කෙනෙක් ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයන් වෙත පැවිදි වෙත් ද ඔහු කිසි දඬුවමක් කරන්නට නො ලැබිය යුත්තෝ ය. ධර්‍මය තෙමේ මනා කොට දෙසන ලද්දේ ය. මනා කොට දුක් කෙළවර කරන්නට බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙත්වා යි අනුදන්නා ලද්දේ ය” යි මෙසේ කීහ.
Pali BJT32. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “අභයූවරා ඉමෙ සමණා සක්යපුත්තියා. නයිමෙ ලබ්භා කිඤ්චිකාතුං. “කථං හි නාම දාසං පබ්බාජෙස්සන්තී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ දාසො පබ්බාජෙතබ්බො. යො පබ්බාජෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT32. මිනිස්සු “ශාක්‍යපුත්‍ර වූ මේ ශ්‍රමණයෝ රජුගෙන් ලත් අභය ඇත්තෝ ය. මුන්වහන්සේලා කිසිදඬුවමක් කරන්ට නො ලැබිය යුත්තෝ ය. කෙසේ නම් දාසයා පැවිදි කරන්නාහු දැ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, දාස තෙමේ පැවිදි නොකළ යුතු ය. යමෙක් පැවිදි කරන්නේ නම් දුකුළාඇවැත් වේ’ යි උන්වහන්සේ වදාළ සේක.
Pali BJT33. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො කම්මාරභණ්ඩු මාතාපිතූහි සද්ධිං භණ්ඩිත්වා ආරාමං ගන්ත්වා භික්ඛූසු පබ්බජිතො හොති. අථ ඛො තස්ස කම්මාරභණ්ඩුස්ස මාතාපිතරො තං කම්මාරභණ්ඩුං විචිනන්තා ආරාමං ගන්ත්වා භික්ඛූ පුච්ඡිංසු: “අපි භන්තෙ, එවරූපං දාරකං පස්සෙය්යාථා”ති. භික්ඛූ අජානංයෙව ආහංසු: “න ජානාමා”ති අපස්සංයෙව ආහංසු “න පස්සාමා”ති.
Sinhala BJT33. එකල්හි එක්තරා මුඩු කළ හිස ඇති (කෙස් සිළුපසක් ඇති) තරුණ රන්කරුපුතෙක් මවු පියන් සමග ඩබර කොට ආරාමයට ගොස් භික්‍ෂූන් වෙත පැවිදි වූයේ ය. ඉක්බිති ඒ හිසමුඩු රන්කරු පුතුගේ මවුපියෝ ඒ හිසමුඩු රන්කරු පුතු සොයමින් ආරාමයට ගොස් “ස්වාමීනි, මෙබඳු දරුවකු දුටුවහු දැ?” යි භික්‍ෂූන්ගෙන් විචාළහ. භික්‍ෂූහු නො දන්නෝ ම “නො ද නිමු” යි කීහ. නො දක්නෝ ම “නො දකිමු” යි කීහ.
Pali BJT34. අථ ඛො තස්ස කම්මාරභණ්ඩුස්ස මාතාපිතරො තං කම්මාරභණ්ඩුං විචිනන්තා භික්ඛූසු පබ්බජිතං දිස්වා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “අලජ්ජිනො ඉමෙ සමණා සක්යපුත්තියා දුස්සීලා මුසාවාදිනො. ජානංයෙව ආහංසු න ජානාමාති. පස්සංයෙව ආහංසු න පස්සාමාති. අයං දාරකො භික්ඛූසු පබ්බජිතො”ති.
Sinhala BJT34. ඉක්බිති ඒ කම්මාරභණ්ඩුගේ මවුපියෝ ඒ කම්මාරභණ්ඩු සොයන්නෝ භික්‍ෂූන් වෙත පැවිදිවූවහු දැක “ශාක්‍යපුත්‍ර වූ මේ ශ්‍රමණයෝ ලජ්ජා නැත්තෝ ය. දුශ්ශීලයෝ ය. බොරු කියන්නෝ ය. දන්නක් නො දනිමු යි කීහ. දක්නක් නො දකිමු යි කීහ. මේ දරුතෙමේ භික්‍ෂූන් වෙත පැවිදි වූයේ ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
Pali BJT35. අස්සොසුං ඛො භික්ඛූ තස්ස කම්මාරභණ්ඩුස්ස මාතාපිතුන්නං{2} උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ සඞ්ඝං අපලොකෙතුං භණ්ඩුකම්මායා”ති.
Sinhala BJT35. එකල්හි භික්‍ෂූහු එසේ බණින දොඩන දොස් පවරණ ඒ කම්මාරභණ්ඩුගේ මවුපියන්ගේ ඇණුම් බැණුම් ඇසූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, භණ්ඩුකර්‍මය (හිස කෙස් බෑම) පිණිස සඞ්ඝයා විචාරන්නට අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT36. තෙන ඛො පන සමයෙන රාජගහෙ සත්තරසවග්ගියා දාරකා සහායකා හොන්ති. උපාලිදාරකො තෙසං පාමොක්ඛො හොති. අථ ඛො උපාලිස්ස මාතාපිතුන්නං එතදහොසි: “කෙන නු ඛො උපායෙන උපාලි අම්හාකං අච්චයෙන සුඛඤ්ච ජීවෙය්ය න ච කිලමෙය්යා”ති.
Sinhala BJT36. එකල්හි රජගහනුවර සතළොස් වර්‍ගයේ දරුවෝ යහළුවෝ වෙති. උපාලි දරුතෙමේ ඔවුන්ට ප්‍රධාන වේ. එකල්හි උපාලි දරුගේ මවුපියන්ට “කිනම් උපායයකින් උපාලිතෙමේ අපගේ ඇවෑමෙන් සුවසේ ජීවත් වන්නේ ද ක්ලාන්ත නො වන්නේ දැ” යි සිත් විය.
Pali BJT37. අථ ඛො උපාලිස්ස මාතාපිතූනං එතදහොසි: “සචෙ ඛො උපාලි ලෙඛං සික්ඛෙය්ය, එවං ඛො උපාලි අම්හාකං අච්චයෙන සුඛඤ්ච ජීවෙය්ය න ච කිලමෙය්යා”ති.
Sinhala BJT37. ඉක්බිති උපාලිගේ මවුපියන්ට “උපාලි තෙමේ ලිවීම ඉගෙණ ගන්නේ නම් මෙසේ උපාලි තෙමේ අපගේ ඇවෑමෙන් සුවසේ ජීවත් වන්නේ ය. ක්ලාන්ත ද නො වන්නේ ය” යි සිත් වි ය.
Pali BJT38. අථ ඛො උපාලිස්ස මාතාපිතූනං එතදහොසි: “සචෙ ඛො උපාලි ලෙඛං සික්ඛිස්සති, අංගුලියො දුක්ඛා භවිස්සන්ති. සචෙ ඛො උපාලි ගණනං සික්ඛෙය්ය, එවං ඛො උපාලි අම්හාකං අච්චයෙන සුඛඤ්ච ජීවෙය්ය න ච කිලමෙය්යා”ති.
Sinhala BJT38. නැවත ද උපාලිගේ මවුපියන්ට “උපාලි තෙමේ ලිවීම ඉගෙණ ගන්නේ නම් ඔහුගේ ඇඟිලි පෙළෙන්නේ ය. යම ලෙසකින් උපාලි තෙමේ ගණිතය ඉගෙණ ගන්නේ නම් මෙසේ අපගේ ඇවෑමෙන් සුවසේ ජීවත් වන්නේ ය. ක්ලාන්ත නො වන්නේ ය” යි කල්පනා වි ය.
Pali BJT39. අථ ඛො උපාලිස්ස මාතාපිතූනං එතදහොසි: “සචෙ ඛො උපාලි ගණනං සික්ඛිස්සති, උරස්ස දුක්ඛො භවිස්සති. සචෙ ඛො උපාලි රූපං සික්ඛෙය්ය, එවං ඛො උපාලි අම්හාකං අච්චයෙන සුඛඤ්ච ජීවෙය්ය න ච කිලමෙය්යා”ති.
Sinhala BJT39. ඉක්බිති උපාලිගේ මවුපියන්ට “උපාලි තෙමේ ගණිතය උගන්නේ නම් ඔහුගේ ලය පෙළෙන්නේ ය. යම් ලෙසකින් උපාලි තෙමේ රූප ඇඳීම උගන්නේ නම් මෙසේ උපාලි අපගේ ඇවෑමෙන් සුවසේ ජීවත් වන්නේ ය. ක්ලාන්ත නො වන්නේය” යි අදහස් වි ය.
Pali BJT40. අථ ඛො උපාලිස්ස මාතාපිතුන්නං එතදහොසි: “සචෙ ඛො උපාලි රූපං සික්ඛිස්සති, අක්ඛීනි දුක්ඛා භවිස්සන්ති. “ඉමෙ ඛො සමණා සක්යපුත්තියා සුඛසීලා සුඛසමාචාරා, සුභොජනානි භුඤ්ජිත්වා නිවාතෙසු සයනෙසු සයන්ති. සචෙ ඛො උපාලි සමණෙසු සක්යපුත්තියෙසු පබ්බජෙය්ය, එවං ඛො උපාලි අම්හාකං අච්චයෙන සුඛඤ්ච ජීවෙය්ය, න ච කිලමෙය්යා”ති.
Sinhala BJT40. ඉක්බිති උපාලිගේ මවුපියන්ට “යම් ලෙසකින් උපාලි තෙමේ රූප ඇඳීම උගන්නේ නම් ඔහුගේ ඇස් පෙළෙන්නේ ය. ශාක්‍යපුත්‍ර වූ මේ ශ්‍රමණයෝ සැප වූ පැවැතුම් ඇත්තෝ ය. පහසු වූ හැසිරීම් ඇත්තෝ ය. මනා බොජුන් වළඳා හුළං හැමීම් නැති යහන්හි සයනය කරත්. උපාලි තෙමේ ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයන් වෙත පැවිදි වන්නේ නම් උපාලි අපගේ ඇවෑමෙන් සුවසේ ජීවත් වන්නේ ය. ක්ලාන්ත නො වන්නේ ය.” යි සිතෙක් උපන.
Pali BJT41. අස්සොසි ඛො උපාලි දාරකො මාතාපිතුන්නං ඉමං කථාසල්ලාපං. අථ ඛො උපාලි දාරකො යෙන තෙ දාරකා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ දාරකෙ එතදවොච: “එථ මයං අය්යා සමණෙසු සක්යපුත්තියෙසු පබ්බජිස්සාමා”ති.
Sinhala BJT41. උපාලි දරු තෙමේ මවුපියන්ගේ මේ කතාව අසා ඒ යහළු දරුවන් වෙතට ගොස් ඔවුන්ට “මිත්‍රයෙනි, එවු, අපි ශාක්‍යමුත්‍ර වූ ශ්‍රමණයන් වෙත පැවිදි වන්නෙමු” යි කී ය. “මිත්‍රය, ඔබ පැවිදි වන්නහු නම් අපිත් පැවිදි වන්නෙමු” යි ඔහු කීහ.
Pali BJT42. අථ ඛො තෙ දාරකා එකමෙකස්ස මාතාපිතරො උපසඞ්කමිත්වා එතදවොචුං “අනුජානාථ මං අගාරස්මා අනාගාරියං පබ්බජ්ජායා”ති. අථ ඛො තෙසං දාරකානං මාතාපිතරො “සබ්බෙපි මෙ දාරකා සමානච්ඡන්දා කල්යාණාධිප්පායා”ති අනුජානිංසු. තෙ භික්ඛූ උපසඞ්කමිත්වා පබ්බජ්ජං යාචිංසු. තෙ භික්ඛූ පබ්බාජෙසුං. උපසම්පාදෙසුං. තෙ රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය රොදන්ති, “යාගුං දෙථ. භත්තං දෙථ. ඛාදනීයං දෙථා”ති.
Sinhala BJT42. ඉක්බිති ඒ යහළු දරුවෝ එකිනෙකාගේ මවුපියන් වෙත ගොස් “ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවන්නට මට අවසර දෙවු” යි ඉල්ලා සිටියහ. එකල්හි ඒ යහළු දරුවන්ගේ මවුපියෝ මේ සියලු දරුවෝ ම සම අදහස් ඇත්තාහ. යහපත් අදහස් ඇත්තාහ” යි අවසර දුන්හ. ඔහු භික්‍ෂූන් වෙත ගොස් පැවිද්ද ඉල්ලූහ. භික්‍ෂූහු ඔවුන් පැවිදි කළහ. උපසපන් කළහ. ඔහු රෑ ඉතා අලුයම නැගිට “කැඳ දෙවු, බත් දෙවු, කෑ යුතු දෙයක් දෙවු” යි හඬත්.
Pali BJT43. භික්ඛූ එවමාහංසු “ආගමෙථ ආවුසො යාව{1} රත්ති විභායති. සචෙ යාගු භවිස්සතී. පිවිස්සථ, සචෙ භත්තං භවිස්සති භුඤ්ජිස්සථ, සචෙ ඛාදනීයං භවිස්සති. ඛාදිස්සථ. නො චෙ භවිස්සති යාගු වා{2} භත්තං වා ඛාදනීයං වා පිණ්ඩාය චරිත්වා භුඤ්ජිස්සථා”ති.
Sinhala BJT43. භික්‍ෂූහු “ඇවැත්නි එලි වන තුරු ඉවසවු. කැඳ තිබේ නම් බොවු. බත් තිබේ නම් බුදිවු. කෑ යුතු දෙයක් තිබේ නම් කවු. කැඳ බත් හෝ (වෙන) කෑ යුතු දෙයක් නොවන්නේ නම් පිඬු පිණිස හැසිර බුදිවු”යි කීහ.
Pali BJT44. එවම්පි ඛො තෙ භික්ඛූ භික්ඛූහි වුච්චමානා රොදන්තියෙව “යාගුං දෙථ, භත්තං දෙථ, ඛාදනීයං දෙථා”ති. සෙනාසනං ඌහදන්තිපි උම්මීහන්තිපි.
Sinhala BJT44. මෙසේ ද භික්‍ෂූන් විසින් කියනු ලබන්නා වූ ඒ භික්‍ෂූහු “කැඳ දෙවු. බත් දෙවු. කෑ යුතු දෙයක් දෙවු” යි කියමින් හඬත්. සෙනසුන අසුචි තැවරුණක් ද කෙරෙත්. මූත්‍ර තැවරුණක් ද කෙරෙත්. (සෙනසුන මත මල මූ පහ කෙරෙත්.)
Pali BJT45. අස්සොසි ඛො භගවා රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය දාරක සද්දං. සුත්වාන ආයස්මන්තං ආනන්ද ආමන්තෙසි: “කින්නු ඛො සො ආනන්ද, දාරකසද්දො?”ති.
Sinhala BJT45. රෑ අලුයම නැගී සිටි භාග්‍යවතුන් වහන්සේ ලදරුහඬ අසා ආයුෂ්මත් අනඳතෙරුන් අමතා “ආනන්‍දය, මේ ලදරු හඬ කිමැ?” යි විචාරා වදාළ සේක.
Pali BJT46. අථ ඛො ආයස්මා ආනන්දො භගවතො එතමත්ථං ආරොචෙසි. “සච්චං කිර භික්ඛවෙ” භික්ඛූ ජානං ඌනවීසතිවස්සං පුග්ගලං උපසම්පාදෙන්තී?”ති. “සච්චං භගවා”. විගරහි බුද්ධො භගවා: “කථං හි නාම තෙ භික්ඛවෙ මොඝපුරිසා ජානං ඌනවීසතිවස්සං පුග්ගලං උපසම්පාදෙස්සන්ති. ඌනවීසතිවස්සො, භික්ඛවෙ, පුග්ගලො අක්ඛමො හොති සීතස්ස උණ්හස්ස ජිඝච්ඡාය පිපාසාය, ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං, දුරුත්තානං දුරාගතානං වචනපථානං. උප්පන්නානං සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිප්පානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අනධිවාසකජාතිකො හොති.
Sinhala BJT46. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකළහ. උන්වහන්සේ “මහණෙනි, භික්‍ෂූහු දැන දැන විසිවසින් අඩු පුද්ගලයා උපසපන් කරත් යනු සැබෑ දැ?”යි ඇසූහ. “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය”. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “මහණෙනි, කෙසේ නම් ඒ හිස් පුරුෂයෝ දැන දැන විසිවසින් අඩු පුද්ගලයකු උපසපන් කරත් ද? මහණෙනි, විසිවසින් අඩු පුද්ගල තෙමේ සීත උෂ්ණ බඩ ගිනි පිපාසා මැසි මදුරු අවු සුළං සර්‍ප යන මොවුන්ගේ පහස නො ඉවසන්නේ ය. (ඉවසීමට නො හැක්කේ වේ.) නො මනා සේ කියූ නපුරු වචන නො ඉවසන්නේ ය. සිරුරෙහි හටගත් දුක් වූ තියුණු වූ රළු වූ කටුක වූ අමිහිරි වූ මන නො වඩන්නා වූ පණ නසන්නා වූ වේදනාවන් නො ඉවසන ස්වභාව ඇත්තේ වේ.
Pali BJT47. “වීසතිවස්සො ව ඛො භික්ඛවෙ,{1} පුග්ගලො ඛමො හොති සීතස්ස උණ්හස්ස ජිඝච්ඡාය පිපාසාය, ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං දුරුත්තානං දුරාගතානං වචනපථානං. උප්පන්නානං සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිප්පානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසකජාතිකො හොති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ, ජානං ඌනවීසතිවස්සො පුග්ගලො උපසම්පාදෙතබ්බො. යො උපසම්පාදෙය්ය යථාධම්මො කාරෙතබ්බො”ති.
Sinhala BJT47. “මහණෙනි, විසිවස් ඇත්තා වූ පුද්ගල තෙමේ ම සීත උෂ්ණ බඩගිනි පිපාසා මැසි මදුරු අවු සුළං සර්‍ප යන මොවුන්ගේ පහස ඉවසන්නේ ය. (ඉවසීමට හැක්කේ ය.) නො මනා සේ කියූ නපුරු වචන ඉවසන්නේ ය. සිරුරෙහි හටගත් දුක් වූ තියුණු වූ රළු වූ කටුක වූ අමිහිරි වූ මන නො වඩන්නා වූ පණ නසන්නා වූ වේදනාවන් ඉවසන ස්වභාව ඇත්තේ වේ. මහණෙනි, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස නො වේ.” –පෙ– ගරහා දැහැමිකතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි දැන දැන විසිවසින් අඩු පුද්ගල තෙමේ උපසපන් නො කළ යුතු ය. යමෙක් උපසපන් කරන්නේ නම්, ඇවැත් පරිදි කරවිය යුතු ය”.
Pali BJT48. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරං කුලං අහිවාතක රොගෙන කාලකතං හොති. තස්ස පිතාපුත්තකා සෙසා හොන්ති. තෙ භික්ඛූසු පබ්බජිත්වා එකතො පිණ්ඩාය චරන්ති. අථ ඛො සො දාරකො පිතුනො භික්ඛාය දින්නාය උපධාවිත්වා එතදවොච. “මය්හම්පි තාත, දෙහි මය්හම්පි තාත, දෙහී”ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “අබ්රහ්මචාරිනො ඉමෙ සමණා සක්යපුත්තියා. අයං{2} දාරකො භික්ඛුනියා ජාතො”ති.
Sinhala BJT48. එකල්හි එක්තරා කුලයක් අහිවාතකරෝගයෙන් කලුරිය කෙළේ වෙයි. ඒ කුලයේ පියපුත් දෙදෙන ඉතිරි වූවාහු වෙති. ඔහු භික්‍ෂූන් වෙත පැවිදි ව එකතු ව ම පිඬු සිඟා යති. එකල්හි (පැවිදි වූ) ඒ දරු තෙමේ පියාට ආහාර දුන් කල්හි ලඟට දුව ගොස් “පියාණෙනි, මට ද දෙව. පියාණෙනි, මට ද දෙව” යි කීයේ ය. මිනිස්සු “ශාක්‍යපුත්‍ර වූ මේ ශ්‍රමණයෝ බඹසර නැත්තෝ ය. මේ දරුතෙම මෙහෙණකගෙන් උපන්නේ ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
Pali BJT49. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ ඌනපණ්ණරසවස්සො දාරකො පබ්බාජෙතබ්බො යො පබ්බාජෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT49. භික්‍ෂූහු බණින දොඩන දොස් කියන ඒ මිනිසුන්ගේ බස් අසා භාග්‍යවතුන් වහන්සේට ඒ බව සැළකළහ. උන්වහන්සේ “මහණෙනි, පසළොස්වසින් අඩු දරුවා පැවිදි නො කළ යුතු ය. යමෙක් පැවිදි කරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි වදාළ සේක.
Pali BJT50. තෙන ඛො පන සමයෙන ආයස්මතො ආනන්දස්ස උපට්ඨාකකුලං සද්ධං පසන්නං අහිවාතකරොගෙන කාලකතං හොති. ද්වෙ ච දාරකා සෙසා හොන්ති. තෙ පොරාණකෙන ආචිණ්ණකප්පෙන භික්ඛූ පස්සිත්වා උපධාවන්ති. භික්ඛූ අපසාදෙන්ති. තෙ භික්ඛූහි අපසාදියමානා රොදන්ති.
Sinhala BJT50. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේගේ සැදැහැති පහන් වූ උපස්ථායක කුලයක් අහිවාතකරෝගයෙන් කලුරිය කළේ ය. එහි දරුවෝ දෙදෙනෙක් ඉතිරි වූහ. ඔහු පැරැණි වූ තමන්ට පුරුදු සිරිතින් භික්‍ෂූන් දැක ලඟට දුව යෙත්. භික්‍ෂූහු ඔවුන් බැහැර කරත්. භික්‍ෂූන් විසින් බැහැර කරණු ලබන ඒ දරුවෝ හඬා වැටෙති.
Pali BJT51. අථ ඛො ආයස්මතො ආනන්දස්ස එතදහොසි: “භගවතා පඤ්ඤත්තං ‘න ඌනපණ්ණරසවස්සො දාරකො පබ්බාජෙතබ්බො’ති. ඉමෙ ච දාරකා ඌනපණ්ණරසවස්සා. කෙන නු ඛො උපායෙන ඉමෙ දාරකා න විනස්සෙය්යු”න්ති. අථ ඛො ආයස්මා ආනන්දො භගවතො එතමත්ථං ආරොචෙසි. “උස්සහන්ති පන තෙ ආනන්ද, දාරකා කාකෙ උඩ්ඩාපෙතු?” න්ති.{1} “උස්සහන්ති භගවා”ති. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ, ඌනපණ්ණරසවස්සං දාරකං කාකුඩ්ඩෙපකං පබ්බාජෙතු”න්ති.
Sinhala BJT51. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පසළොස්වසින් අඩු දරු තෙමේ පැවිදි නො කළ යුතුය’ යි පණවන ලද්දේ ය. මේ දරුවෝත් පසළොස්වසට අඩු වයස් ඇත්තෝ ය. කිනම් උපායකින් මේ දරුවෝ නො නැසෙන්නාහු දැ?” යි සිතෙක් උපන. එකල්හි ආයුෂ්මත් වූ ආනන්‍දස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකළහ. එවිට උන්වහන්සේ “ආනන්‍දය, ඒ දරුවෝ කවුඩන් පලවාලීමට හැකි වෙත් දැ?” යි ඇසූහ. “භාග්‍යවතුන්වහන්ස, හැකි වෙත්” යි ආනන්‍දස්ථවිරයන් වහන්සේ පිළිතුරු දුන්හ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් අමතා “මහණෙනි පසළොස්වසින් අඩු වූ කවුඩන් පලවාලීමෙහි පොහොසත් වූ දරුවා පැවිදි කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT52. තෙන ඛො පන සමයෙන ආයස්මතො උපනන්දස්ස සක්යපුත්තස්ස ද්වෙ සාමණෙරා හොන්ති කණ්ටකො ච මහකො ච. තෙ අඤ්ඤමඤ්ඤං දූසෙසුං. භික්ඛූ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සාමණෙරා එවරූපං අනාචාරං ආචරිස්සන්තී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ එකෙන ද්වෙ සාමණෙරා උපට්ඨාපෙතබ්බා. යො උපට්ඨාපෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT52. එකල්හි ආයුෂ්මත් උපනන්‍ද ස්ථවිරයන් වහන්සේට කණ්ටක ය, මහක ය යි සාමණේරයෝ දෙදෙනෙක් වෙති. ඔහු එකිනෙකා දූෂණය කළාහු ය. භික්‍ෂූහු “කෙසේ නම් සාමණේරයෝ මෙබඳු නො සිරිත් කරත් දැයි යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙබව සැළකළහ. “මහණෙනි, එකකු විසින් සාමණේරයෝ දෙදෙනෙක් වෙත තබා ගතයුතු නො වෙත්. යමෙක් තබාගන්නේ නම් දුකුළාඇවැත් වේ” යි වදාළ සේක.
Pali BJT53. තෙන ඛො පන සමයෙන භගවා තත්ථෙව රාජගහෙ වස්සං වසි. තත්ථ හෙමන්තං. තත්ථ ගිම්හං. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “ආහුන්දරිකා සමණානං සක්යපුත්තියානං දිසා අන්ධකාරා. න ඉමෙසං දිසා පක්ඛායන්තී”ති.
Sinhala BJT53. එකල්හි භාග්‍යවතුන් වහන්සේ එහි ම රජගහ නුවර වස් විසූ සේක. හේමන්ත කාලයෙහි ද ග්‍රීෂ්ම කාලයෙහි ද එහි ම විසූ සේක. මිනිස්සු “ශාක්‍යපුත්‍ර වූ මේ ශ්‍රමණයන්ට දිසාවෝ ගැහැටින් සම්බාධයහ. අඳුරු ය. මොවුන්ට දිසාවෝ නො වැටහෙත් (ප්‍රකට නො වෙත්)” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
Pali BJT54. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්ද ආමන්තෙසි: “ගච්ඡානන්ද, අවාපුරණං{2} ආදාය අනුපරිවෙණියං භික්ඛූනං ආරොචෙහි: “ඉච්ඡතාවුසො භගවා දක්ඛිණාගිරිං චාරිකං පක්කමිතුං. යස්සායස්මතො අත්ථො, සො ආගච්ඡතූ”ති. “එවම්භන්තෙ” ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා{3} අවාපුරණං ආදාය අනුපරිවෙණියං භික්ඛූනං ආරොචෙසි. “ඉච්ඡතාවුසො භගවා දක්ඛිණාගිරිං චාරිකං පක්කමිතුං. යස්සායස්මතො අත්ථො, සො ආගච්ඡතූ”ති. භික්ඛූ එවමාහංසු: “භගවතා ආවුසො ආනන්ද, පඤ්ඤත්තං ‘දසවස්සානි නිස්සාය වත්ථුං. දසවස්සෙන නිස්සයං දාතුං. තත්ථ ච නො ගන්තබ්බං භවිස්සති. නිස්සයො ච ගහෙතබ්බො භවිස්සති, ඉත්තරො ච වාසො භවිස්සති, පුන ච පච්චාගන්තබ්බං භවිස්සති. පුන ච නිස්සයො ගහෙතබ්බො භවිස්සති. සචෙ අම්හාකං ආචරියුපජ්ඣායා ගමිස්සන්ති, මයම්පි ගමිස්සාම. නො චෙ අම්හාකං ආචරියුපජ්ඣායා ගමිස්සන්ති, මයම්පි න ගමිස්සාම. ලහුචිත්තකතා නො ආවුසො ආනන්ද, පඤ්ඤායිස්සතී”ති.
Sinhala BJT54. භික්‍ෂූහු බණින දොඩන දොස් පවරණ ඒ මිනිසුන්ගේ බස් අසා මේ බව භාග්‍යවතුන් වහන්සේට සැළකළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ අමතා “ආනන්‍දය, යතුර ගෙණ පිරිවෙණක් පාසා ගොස් භික්‍ෂූන්ට ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ දක්‍ෂිණාගිරියෙහි චාරිකාවට වඩින්නට කැමැති සේක. යම් ආයුෂ්මතෙකුහට (ඒ ගමනින්) වැඩෙක් වේ නම්, හෙතෙමේ ද ඒවා’ යි දන්වාලව” යි වදාළ සේක. “එසේ ය: ස්වාමීනි” යි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේහට පිළිවදන් දී යතුරුමුදුව ගෙණ පිරිවෙණක් පාසා ගොස් භික්‍ෂූන්ට “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ දක්‍ෂිණාගිරියෙහි චාරිකාවට වඩින්නට කැමැති සේක. යම් ආයුෂ්මතෙකුට වැඩෙක් වේ නම්, හෙතෙමේ ඒවා” යි දැන්වූහ. භික්‍ෂූහු “ඇවැත්නි, ආනන්‍දය, භාග්‍යවතුන් වහන්සේ විසින් දසවසක් නිස ගෙණ විසීමට ද දසවස් ඇති මහණහු විසින් නිස දීමට ද නියම කරණ ලද්දේ ය. අප විසින් එහි යා යුතු ද වන්නේ ය. නිස්සය ද ගත යුතු වන්නේ ය. සුලු කලක් විසීමෙක් ද වන්නේ ය. නැවත පෙරළා ආ යුතු ද වන්නේ ය. නැවත නිස්සය ගත යුතු ද වන්නේ ය. (එහෙයින්) අපගේ ආචාර්‍ය්‍යෝපාද්ධ්‍යායයෝත් යන්නෝ නම්, අපි ද යන්නෙමු. අපගේ ආචාර්‍ය්‍යොපාද්ධ්‍යායයෝ නො යන්නෝ නම්, අපි ද නො යන්නෙමු. ඇවැත්නි, ආනන්‍ද ස්ථවිරතුමනි, අපගේ ලඝු සිත් ඇති බවක් පෙණෙන්නේ ය” යි කීහ.
Pali BJT55. අථ ඛො භගවා ඔගණෙන භික්ඛුසඞ්ඝෙන දක්ඛිණාගිරිං චාරිකං පක්කාමි. අථ ඛො භගවා දක්ඛිණාගිරිස්මිං යථාභිරන්තං විහරිත්වා පුනදෙව රාජගහං පච්චාගඤ්ඡි. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “කින්නු ඛො ආනන්ද තථාගතො ඔගණෙන භික්ඛු සඞ්ඝෙන දක්ඛිණාගිරිං චාරිකං පක්කන්තො?”ති. අථ ඛො ආයස්මා ආනන්දො භගවතො එතමත්ථං ආරොචෙසි. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ, බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන පඤ්ච වස්සානි නිස්සාය වත්ථුං. අබ්යත්තෙන යාවජීවං.”
Sinhala BJT55. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අඩු ගණයා ඇති භික්‍ෂුසඞ්ඝයා සමඟ දක්‍ෂිණාගිරියෙහි චාරිකාවට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ දක්‍ෂිණාගිරියෙහි කැමැති තාක් කල් වාසය කොට නැවතත් රජගහ නුවරට පෙරළා වැඩි සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ අමතා “ආනන්‍දය, කුමක් හෙයින් තථාගත තෙමේ අඩු ගණයා ඇති භික්‍ෂුසඞ්ඝයා සමග දක්‍ෂිණාගිරියෙහි චාරිකාවට වැඩියේ දැ?” යි ඇසූහ. එවිට ආනන්‍දස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකළහ. ඉක්බිති උන්වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමිකතා කොට “මහණෙනි, ප්‍රතිබල සම්පන්න වූ ව්‍යක්ත භික්‍ෂූහු විසින් පස්වසක් (උපාද්ධ්‍යායයන් හෝ ආචාර්‍ය්‍යයන්) ඇසුරු කොට වසන්නට ද අව්‍යක්ත භික්‍ෂූහු විසින් දිවි තිබෙන තුරු (උපාද්ධ්‍යායයන් හෝ ආචාර්‍ය්‍යයන්) ඇසුරු කොට වසන්නට ද අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT56. “පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න අනිස්සිතෙන වත්ථබ්බං. න අසෙඛෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො හොති, න අසෙඛෙන සමාධික්ඛන්ධෙන -පෙ- න අසෙඛෙන පඤ්ඤාක්ඛන්ධෙන න අසෙඛෙන විමුත්තික්ඛන්ධෙන - න අසෙඛෙන විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙන සමන්නාගතො හොති, ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න අනිස්සිතෙන වත්ථබ්බං.”
Sinhala BJT56. “මහණෙනි, කරුණු පසකින් යුත් භික්‍ෂූහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට නො විසිය යුතු ය. අසේඛ වු සීලක්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, අසේඛ වූ සමාධික්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, අසේඛ වූ පඤ්ඤාක්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, අසේඛ වූ විමුත්තික්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, අසේඛ වූ විමුත්තිඤාණදස්සනක්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් භික්‍ෂූහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට නො විසිය යුතු ය.”
Pali BJT57. “පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනිස්සිතෙන වත්ථබ්බං. අසෙඛෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන සමාධික්ඛන්ධෙන - අසෙඛෙන පඤ්ඤාක්ඛන්ධෙන - අසෙඛෙන විමුත්තික්ඛන්ධෙන - අසෙඛෙන විමුත්තිඤාණ- දස්සනක්ඛන්ධෙන සමන්නාගතො හොති, ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනිස්සිතෙන වත්ථබ්බං.”
Sinhala BJT57. “මහණෙනි, කරුණු පසකින් යුත් භික්‍ෂූහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට විසිය යුතු ය. අසේඛ වූ සීලක්ඛන්‍ධයෙන් යුක්ත වේ ද, අසේඛ වූ සමාධික්ඛන්‍ධයෙන් – අසේඛ වූ පඤ්ඤාක්ඛන්‍ධයෙන් – අසේඛ වූ විමුත්තික්ඛන්‍ධයෙන් – අසේඛ වූ විමුත්තිඤාණදස්සනක්ඛන්‍ධයෙන් යුක්ත වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් භික්‍ෂූහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට විසිය යුතු ය.”
Pali BJT58. අපරෙහිපි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න අනිස්සිතෙන වත්ථබ්බං. අස්සද්ධො හොති, අහිරිකො හොති, අනොත්තාපී හොති, කුසීතො හොති, මුට්ඨස්සති හොති, ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න අනිස්සිතෙන වත්ථබ්බං.”
Sinhala BJT58. “මහණෙනි, අනිකුදු කරුණු පසකින් යුත් භික්‍ෂූහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට නො විසිය යුතු ය. ශ්‍රද්ධා නැත්තේ ද, ලජ්ජා නැත්තේ ද, පවට බිය නැත්තේ ද, කුසීත ද, මුළා වූ සිහි ඇත්තේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් භික්‍ෂූහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට නො විසිය යුතු ය.”
Pali BJT59. “පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනිස්සිතෙන වත්ථබ්බං. සද්ධො හොති, හිරිමා හොති, ඔත්තාපී හොති, ආරද්ධවිරියො හොති, උපට්ඨිතසති හොති, ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනිස්සිතෙන වත්ථබ්බං.”
Sinhala BJT59. “මහණෙනි, කරුණු පසකින් යුත් භික්‍ෂූහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට විසිය යුතු ය. ශ්‍රද්ධා ඇත්තේ ද, ලජ්ජා ඇත්තේ ද, පවට බිය ඇත්තේ ද, පටන් ගත් වීර්‍ය්‍යය ඇත්තේ ද, එළඹ සිටි සිහි ඇත්තේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් භික්‍ෂූහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට විසිය යුතු ය.”
Pali BJT60. “අපරෙහිපි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න අනිස්සිතෙන වත්ථබ්බං. අධිසීලෙ සීලවිපන්නො හොති, අජ්ඣාචාරෙ ආචාරවිපන්නො හොති, අතිදිට්ඨියා දිට්ඨිවිපන්නො හොති, අප්පස්සුතො හොති, දුප්පඤ්ඤො හොති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න අනිස්සිතෙන වත්ථබ්බං.”
Sinhala BJT60. “මහණෙනි, අනිකුදු කරුණු පසකින් යුත් භික්‍ෂූහු විසින් ඇදුරකු ඇසුරු නො කොට නො විසිය යුතු ය. අධිසීලයෙහි සීලවිපත්තියට පැමිණියේ ද, අජ්ඣාචාරයෙහි ආචාරවිපත්තියට පැමිණියේ ද, අන්තග්ගාහික දිට්ඨි ගැණීමෙන් දිට්ඨිවිපත්තියට පැමිණියේ වේ ද, අල්පශ්‍රැත වේ ද, ප්‍රඥා නැත්තේ වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් භික්‍ෂූහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට නො විසිය යුතු ය.”
Pali BJT61. “පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනිස්සිතෙන වත්ථබ්බං: න අධිසීලෙ සීලවිපන්නො හොති, න අජ්ඣාචාරෙ ආචාරවිපන්නො හොති, න අතිදිට්ඨියා දිට්ඨිවිපන්නො හොති, බහුස්සුතො හොති, පඤ්ඤවා හොති, ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනිස්සිතෙන වත්ථබ්බං.”
Sinhala BJT61. “මහණෙනි, කරුණු පසකින් යුත් භික්‍ෂූහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට විසිය යුතු ය. අධිසීලයෙහි සීලවිපත්තියට නො පැමිණියේ ද, අජ්ඣාචාරයෙහි ආචාරවිපත්තියට නො පැමිණියේ ද, අන්තග්ගාහිකදිට්ඨි ගැණීමෙන් දිට්ඨිවිපත්තියට නො පැමිණියේ ද, බහුශ්‍රුත වේ ද, ප්‍රඥා ඇත්තේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් භික්‍ෂූහු විසින් ඇදුරෙකු ඇසුරු කොට විසිය යුතු ය.”
Pali BJT62. “අපරෙහිපි භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න අනිස්සිතෙන වත්ථබ්බං: ආපත්තිං න ජානාති, අනාපත්තිං න ජානාති, ලහුකං ආපත්තිං න ජානාති, ගරුකං ආපත්තිං න ජානාති, උභයානි ඛො පනස්ස පාතිමොක්ඛානි විත්ථාරෙන න ස්වාගතානි හොන්ති, න සුවිභත්තානි න සුප්පවත්තීනි න සුවිනිච්ඡිතානි සුත්තසො අනුබ්යඤ්ජනසො, ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න අනිස්සිතෙන වත්ථබ්බං.”
Sinhala BJT62. “මහණෙනි, අනිකුදු කරුණු පසකින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට නො විසිය යුතු ය. ආපත්තිය නො ද නී ද, අනාපත්තිය නො දනී ද, ලහුකාපත්තිය නො දනී ද, ගරුකාපත්තිය නො දනී ද, ඔහුට උභයප්‍රාතිමෝක්‍ෂයෝ විස්තර (උභතෝවිභඞ්ග) වශයෙන් මනා සේ අවබෝධ වූවාහු නො වෙත් ද, මාතෘකා–විභඞ්ග වශයෙන් මනා සේ බෙදුනාහු නො වෙත් ද, වාචෝද්ගත කිරීම් වශයෙන් මනා සේ පවත්නාහු නො වෙත් ද, මාතෘකා වශයෙන් හා විභඞ්ග වශයෙන් මනා සේ විනිශ්චය කරණ ලද්දාහු නො වෙත් ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට නො විසිය යුතු ය.”
Pali BJT63. “පඤ්චහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනිස්සිතෙන වත්ථබ්බං: ආපත්තිං ජානාති, අනාපත්තිං ජානාති, ලහුකං ආපත්තිං ජානාති, ගරුකං ආපත්තිං ජානාති, උභයානි ඛො පනස්ස පාතිමොක්ඛානි විත්ථාරෙන ස්වාගතානි හොන්ති, සුවිභත්තානි සුප්පවත්තීනි සුවිනිච්ඡිතානි සුත්තසො අනුබ්යඤ්ජනසො, ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනිස්සිතෙන වත්ථබ්බං.”
Sinhala BJT63. “මහණෙනි, කරුණු පසකින් යුත් භික්‍ෂූහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට විසිය යුතු ය. ආපත්තිය දනී ද, අනාපත්තිය දනී ද, ලහුකාපත්තිය දනී ද, ගරුකාපත්තිය දනී ද, ඔහුට උභය ප්‍රාතිමොක්‍ෂයෝ විස්තර (උභතෝවිභඞ්ග) වශයෙන් මනා සේ අවබෝධ වූවාහු වෙත් ද, මාතෘකාවිභඞ්ග වශයෙන් මනා සේ බෙදුනාහු වෙත් ද, වාචෝද්ගත කිරීම් වශයෙන් මනා සේ පවත්නාහු වෙත් ද, මාතෘකා වශයෙන් හා විභඞ්ග වශයෙන් මනා සේ විනිශ්චය කරණ ලද්දාහු වෙත් ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට විසිය යුතු ය.”
Pali BJT64. “අපරෙහිපි භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න අනිස්සිතෙන වත්ථබ්බං: ආපත්තිං න ජානාති, අනාපත්තිං න ජානාති, ලහුකං ආපත්තිං න ජානාති, ගරුකං ආපත්තිං න ජානාති, ඌනපඤ්චවස්සො හොති, ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න අනිස්සිතෙන වත්ථබ්බං.”
Sinhala BJT64. “මහණෙනි, අනිකුදු කරුණු පසකින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට නො විසිය යුතු ය. ආපත්තිය නො දනී ද, අනාපත්තිය නො දනී ද, ලහුකාපත්තිය නො දනී ද, ගරුකාපත්තිය නො දනී ද, අඩු පස්වස් ඇත්තේ වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට නො විසිය යුතු ය.”
Pali BJT65. “පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනිස්සිතෙන වත්ථබ්බං: ආපත්තිං ජානාති, අනාපත්තිං ජානාති, ලහුකං ආපත්තිං ජානාති, ගරුකං ආපත්තිං ජානාති, පඤ්චවස්සො වා හොති අතිරෙක පඤ්චවස්සො වා, ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනිස්සිතෙන වත්ථබ්බං.”
Sinhala BJT65. “මහණෙනි, කරුණු පසකින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට විසිය යුතු ය. ආපත්තිය දනී ද, අනාපත්තිය දනී ද, ලහුකාපත්තිය දනී ද, ගරුකාපත්තිය දනී ද, පස්වස් ඇත්තේ හෝ පස්වසින් වැඩි වස් ඇත්තේ වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට විසිය යුතු ය.”
Pali BJT66. “ඡහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න අනිස්සිතෙන වත්ථබ්බං: න අසෙඛෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො හොති, න අසෙඛෙන සමාධික්ඛන්ධෙන -පෙ- න අසෙඛෙන පඤ්ඤාක්ඛන්ධෙන -පෙ- න අසෙඛෙන විමුත්තික්ඛන්ධෙන - න අසෙඛෙන විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙන සමන්නාගතො හොති, ඌනපඤ්චවස්සො හොති, ඉමෙහි ඛො භික්ඛවෙ, ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න අනිස්සිතෙන වත්ථබ්බං.”
Sinhala BJT66. “මහණෙනි, කරුණු සයකින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට නො විසිය යුතු ය. අසේඛ වූ සීලක්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, අසේඛ වූ සමාධික්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, අසේඛ වූ පඤ්ඤාක්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, අසේඛ වූ විමුත්තික්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, අසේඛ වූ විමුත්තිඤාණදස්සනක්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, අඩු පස්වස් ඇත්තේ වේ ද, මහණෙනි, මේ කරුණු සයින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට නො විසිය යුතු ය.”
Pali BJT67. “ඡහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනිස්සිතෙන වත්ථබ්බං: අසෙඛෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන සමාධික්ඛන්ධෙන -පෙ- අසෙඛෙන පඤ්ඤාක්ඛන්ධෙන - අසෙඛෙන විමුත්තික්ඛන්ධෙන - අසෙඛෙන විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙන සමන්නාගතො හොති, පඤ්චවස්සො වා හොති අතිරෙකපඤ්චවස්සො වා, ඉමෙහි ඛො භික්ඛවෙ, ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනිස්සිතෙන වත්ථබ්බං.”
Sinhala BJT67. “මහණෙනි, කරුණු සයකින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට විසිය යුතු ය. අසේඛ වූ සීලක්ඛන්‍ධයෙන් යුක්ත වේ ද, අසේඛ වූ සමාධික්ඛන්‍ධයෙන් යුක්ත වේ ද, අසේඛ වූ පඤ්ඤාක්ඛන්‍ධයෙන් යුක්ත වේ ද, අසේඛ වූ විමුත්කික්ඛන්‍ධයෙන් යුක්ත වේ ද, අසේඛ වූ විමුත්තිඤාණදස්සනක්ඛන්‍ධයෙන් යුක්ත වේ ද, පස් වස් ඇත්තේ හෝ පස්වසින් වැඩි වස් ඇත්තේ වේ ද, මහණෙනි, මේ කරුණු සයින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට විසිය යුතු ය.”
Pali BJT68. “අපරෙහිපි භික්ඛවෙ, ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න අනිස්සිතෙන වත්ථබ්බං: අස්සද්ධො හොති, අහිරිකො හොති, අනොත්තාපී හොති, කුසීතො හොති, මුට්ඨස්සති හොති, ඌනපඤ්චවස්සො හොති, ඉමෙහි ඛො භික්ඛවෙ, ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න අනිස්සිතෙන වත්ථබ්බං.”
Sinhala BJT68. “මහණෙනි, අනිකුදු කරුණු සයකින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට නො විසිය යුතු ය. ශ්‍රද්ධා නැත්තේ ද, ලජ්ජා නැත්තේ ද, පවට බිය නැත්තේ ද, කුසීත ද, මුළා වූ සිහි ඇත්තේ වේ ද, අඩු පස්වස් ඇත්තේ වේ ද, මහණෙනි, මේ කරුණු සයින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට නො විසිය යුතු ය.”
Pali BJT69. “ඡහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනිස්සිතෙන වත්ථබ්බං: සද්ධො හොති, හිරිමා හොති, ඔත්තාපී හොති, ආරද්ධවිරියො හොති, උපට්ඨිතස්සති හොති, පඤ්චවස්සො වා හොති, අතිරෙකපඤ්චවස්සො වා, ඉමෙහි ඛො භික්ඛවෙ, ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනිස්සිතෙන වත්ථබ්බං.”
Sinhala BJT69. “මහණෙනි, කරුණු සයකින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට විසිය යුතු ය. ශ්‍රද්ධා ඇත්තේ ද, ලජ්ජා ඇත්තේ ද, පවට බිය ඇත්තේ ද, පටන් ගත් වීර්‍ය්‍යය ඇත්තේ ද, එළඹ සිටි සිහි ඇත්තේ ද, පස්වස් ඇත්තේ හෝ පස්වසින් වැඩි වස් ඇත්තේ වේ ද, මහණෙනි, මේ කරුණු සයින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට විසිය යුතු ය.”
Pali BJT70. “අපරෙහිපි භික්ඛවෙ, ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න අනිස්සිතෙන වත්ථබ්බං: අධිසීලෙ සීලවිපන්නො හොති, අජ්ඣාචාරෙ ආචාරවිපන්නො හොති, අතිදිට්ඨියා දිට්ඨිවිපන්නො හොති, අප්පස්සුතො හොති, දුප්පඤ්ඤො හොති, ඌනපඤ්චවස්සො හොති, ඉමෙහි ඛො භික්ඛවෙ, ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න අනිස්සිතෙන වත්ථබ්බං.”
Sinhala BJT70. “මහණෙනි, අනිකුදු කරුණු සයකින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට නො විසිය යුතු ය. අධිසීලයෙහි සීලවිපත්තියට පැමිණියේ වේ ද, අජ්ඣාචාරයෙහි ආචාරවිපත්තියට පැමිණියේ වේ ද, අන්තග්ගාහිකදිට්ඨි ගැණීමෙන් දිට්ඨිවිපත්තියට පැමිණියේ වේ ද, අල්ප ශ්‍රැත වේ ද, ප්‍රඥා නැත්තේ වේ ද, අඩු පස්වස් ඇත්තේ වේ ද, මහණෙනි, මේ කරුණු සයින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට නො විසිය යුතු ය.”
Pali BJT71. “ඡහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනිස්සිතෙන වත්ථබ්බං: න අධිසීලෙ සීලවිපන්නො හොති, න අජ්ඣාචාරෙ ආචාරවිපන්නො හොති, න අතිදිට්ඨියා දිට්ඨිවිපන්නො හොති, බහුස්සුතො හොති, පඤ්ඤවා හොති, පඤ්චවස්සො වා හොති, අතිරෙකපඤ්චවස්සො වා, ඉමෙහි ඛො භික්ඛවෙ, ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනිස්සිතෙන වත්ථබ්බං.”
Sinhala BJT71. “මහණෙනි, කරුණු සයකින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට විසිය යුතු ය. අධිසීලයෙහි සීලවිපත්තියට නො පැමිණියේ වේ ද, අජ්ඣාචාරයෙහි ආචාරවිපත්තියට නො පැමිණියේ වේ ද, අන්තග්ගාහික දිට්ඨි ගැණීමෙන් දිට්ඨිවිපත්තියට නො පැමිණියේ වේ ද, බහුශ්‍රුත වේ ද ප්‍රඥා ඇත්තේ වේ ද, පස්වස් ඇත්තේ හෝ පස්වසින් වැඩි වස් ඇත්තේ වේ ද, මහණෙනි, මේ කරුණු සයින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට විසිය යුතු ය.”
Pali BJT72. “අපරෙහිපි භික්ඛවෙ, ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න අනිස්සිතෙන වත්ථබ්බං: ආපත්තිං න ජානාති, අනාපත්තිං න ජානාති, ලහුකං ආපත්තිං න ජානාති, ගරුකං ආපත්තිං න ජානාති, උභයානි ඛො පනස්ස පාතිමොක්ඛානි විත්ථාරෙන න ස්වාගතානි හොන්ති, න සුවිභත්තානි න සුප්පවත්තීනි න සුවිනිච්ඡිතානි සුත්තසො අනුබ්යඤ්ජනසො, ඌනපඤ්චවස්සො හොති, ඉමෙහි ඛො භික්ඛවෙ ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න අනිස්සිතෙන වත්ථබ්බං.”
Sinhala BJT72. “මහණෙනි, අනිකුදු කරුණු සයකින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට නො විසිය යුතු ය. ආපත්තිය නො දනී ද, අනාපත්තිය නො දනී ද, ලහුකාපත්තිය නො දනී ද, ගරුකාපත්තිය නො දනී ද, ඔහුට උභය ප්‍රාතිමොක්‍ෂයෝ විස්තර (උභතෝවිභඞ්ග) වශයෙන් මනා සේ අවබෝධ වූවාහු නො වෙත් ද, මාතෘකා–විභඞ්ග වශයෙන් බෙදුනාහු නො වෙත් ද, වාචෝද්ගත කිරීම් වශයෙන් මනා සේ පවත්නාහු නො වෙත් ද, මාතෘකා වශයෙන් හා විභඞ්ග වශයෙන් මනා සේ විනිශ්චය කරණ ලද්දාහු නො වෙත් ද, අඩු පස්වස් ඇත්තේ වේ ද, මහණෙනි, මේ කරුණු සයින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට නො විසිය යුතු ය.”
Pali BJT73. “ඡහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනිස්සිතෙන වත්ථබ්බං: ආපත්තිං ජානාති, අනාපත්තිං ජානාති, ලහුකං ආපත්තිං ජානාති, ගරුකං ආපත්තිං ජානාති, උභයානි ඛො පනස්ස පාතිමොක්ඛානි විත්ථාරෙන ස්වාගතානි හොන්ති, සුවිභත්තානි සුප්පවත්තීනි සුවිනිච්ඡිතානි සුත්තසො අනුබ්යඤ්ජනසො, පඤ්ච වස්සො වා හොති අතිරෙකපඤ්චවස්සො වා, ඉමෙහි ඛො භික්ඛවෙ, ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනිස්සිතෙන වත්ථබ්බන්ති.”
Sinhala BJT73. “මහණෙනි, කරුණු සයකින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට විසිය යුතු ය. ආපත්තිය දනී ද, අනාපත්තිය දනී ද, ලහුකාපත්තිය දනී ද, ගරුකාපත්තිය දනී ද, ඔහුට උභය ප්‍රාතිමොක්‍ෂයෝ විස්තර (උභතෝවිභඞ්ග) වශයෙන් මනා සේ අවබෝධ වූවාහු වෙත් ද, මාතෘකා–විභඞ්ග වශයෙන් මනා සේ බෙදුනාහු වෙත් ද, වාචෝද්ගත කිරීම් වශයෙන් මනා සේ පවත්නාහු වෙත් ද, මාතෘකාවශයෙන් හා විභඞ්ගවශයෙන් මනා සේ විනිශ්චය කරණ ලද්දාහු වෙත් ද, පස්වස් ඇත්තේ හෝ පස්වසින් වැඩි වස් ඇත්තේ වේ ද, මහණෙනි, මේ කරුණු සයින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට විසිය යුතු ය.”
Pali BJTඅභයූවරභාණවාරං නිට්ඨිතො - අට්ඨමං.
Sinhala BJTඅටවන අභයූවරබණවර නිමි.
Pali BJT1. අථ ඛො භගවා රාජගහෙ යථාභිරන්තං විහරිත්වා යෙන කපිලවත්ථු තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන කපිලවත්ථු තදවසරි.
Sinhala BJT1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කැමැතිතාක් කල් වැඩ වාසය කොට කිඹුල්වත් නුවරට වැඩිසේක. පිළිවෙළින් සැරිසරා වඩනා සේක් කිඹුල්වත්නගරයට පැමිණියහ.
Pali BJT2. තත්රසුදං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන සුද්ධොදනස්ස සක්කස්ස නිවෙසනං, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි.
Sinhala BJT2. භාග්‍යවතුන් වහන්සේ එහි ශාක්‍යජනපදයෙහි කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි උන්වහන්සේ පෙරවරුයෙහි හැඳ පොරොවා ගෙණ පාසිවුරු ගෙණ ශුද්ධෝදන ශාක්‍යරජුගේ ප්‍රාසාදයට වැඩිසේක. වැඩ පැණවූ අසුනෙහි වැඩ හුන් සේක.
Pali BJT3. අථ ඛො රාහුලමාතා දෙවී රාහුලකුමාරං{1} එතදවොච: “එසො තෙ රාහුල, පිතා. ගච්ඡස්සු{2}. දායජ්ජං යාචාහී”ති. අථ ඛො රාහුලො කුමාරො යෙන භගවා, තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවතො පුරතො, අට්ඨාසි: “සුඛා තෙ සමණ ඡායා”ති.
Sinhala BJT3. ඉක්බිති රාහුලමාතෘ වූ දේවී තොමෝ රාහුල කුමරුට “රාහුලය, මේ තෙමේ ඔබගේ පියා ය. යව. දායාද්‍ය (උරුමය) ඉල්ලව” යි කිවු ය. එවිට රාහුල කුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා ගොස් උන්වහන්සේගේ ඉදිරියෙහි සිටියේ “ශ්‍රමණය, ඔබගේ සෙවණ මට සැප ය” යි කී ය.
Pali BJT4. අථ ඛො භගවා උට්ඨායාසනා පක්කාමි. අථ ඛො රාහුලො කුමාරො භගවන්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධි: “දායජ්ජං මෙ සමණ දෙහි. දායජ්ජං මෙ සමණ දෙහී”ති. අථ ඛො භගවා ආයස්මන්තං සාරිපුත්තං ආමන්තෙසි: “තෙන හි ත්වං සාරිපුත්ත, රාහුලකුමාරං පබ්බාජෙහී”ති. “කථාහම්භන්තෙ, රාහුලකුමාරං පබ්බාජෙමී?”ති.
Sinhala BJT4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හුනස්නෙන් නැඟිට වැඩිසේක. එවිට රාහුලකුමාර තෙමේ “ශ්‍රමණය, මට දායාද්‍ය දෙව. ශ්‍රමණය, මට දායාද්‍ය දෙව” යි උන්වහන්සේ පිටිපස ලුහුබැඳ ගියේ ය. භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අමතා “ශාරීපුත්‍රය, එසේ නම් රාහුල කුමරු පැවිදි කරව” යි නියම කළ සේක. “ස්වාමීනි, මම කෙසේ රාහුල කුමරු පැවිදි කරම් දැ?” යි උන්වහන්සේ ඇසූහ.
Pali BJT5. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ, තීහි සරණගමනෙහි සාමණෙරපබ්බජ්ජං. එවඤ්ච පන භික්ඛවෙ, පබ්බාජෙතබ්බො: පඨමං කෙසමස්සුං ඔහාරාපෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදාපෙත්වා එකංසං උත්තරාසඞ්ගං කාරාපෙත්වා භික්ඛූනං පාදෙ වන්දාපෙත්වා උක්කුටිකං නිසීදාපෙත්වා අඤ්ජලිම්පග්ගණ්හාපෙත්වා ‘එවං වදෙහි’ති වත්තබ්බො: බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සඞ්ඝං සරණං ගච්ඡාමි. දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. දුතියම්පි සඞ්ඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සඞ්ඝං සරණං ගච්ඡාමී’ති. අනුජානාමි භික්ඛවෙ, ඉමෙහි තීහි සරණගමනෙහි සාමණෙරපබ්බජ්ජ”න්ති.
Sinhala BJT5. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මෙ කාරණයෙහි දැහැමිකතා කොට භික්‍ෂූන් අමතා “මහණෙනි, මම සරණ ගමනයෙන් හෙරණ පැවිද්ද අනුදනිමි. මහණෙනි, මෙසේ පැවිදි කළ යුතු ය. පළමු කොට කෙස් රැවුල් බැහැර කරවා කසාවත් හඳවා උතුරුසඟසිවුර එකස් කරවා භික්‍ෂූන්ගේ පා වඳවා උක්කුටිකයෙන් හිඳුවා ඇඳිලි ගන්වා ‘මෙසේ කියව’ යි කිය යුතු ය. ‘බුදුන් සරණ කොට යෙමි. දහම් සරණ කොට යෙමි. සඟුන් සරණ කොට යෙමි. දෙවනු ද බුදුන් සරණ කොට යෙමි. දෙවනු ද දහම් සරණ කොට යෙමි. දෙවනු ද සඟුන් සරණ කොට යෙමි. තෙවනු ද බුදුන් සරණ කොට යෙමි. තෙවනු ද දහම් සරණ කොට යෙමි. තෙවනු ද සඟුන් සරණ කොට යෙමි’ යි. මහණෙනි, මේ තුන් සරණගමනයෙන් හෙරණ පැවිද්ද අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT6. අථ ඛො ආයස්මා සාරිපුත්තො රාහුලං කුමාරං පබ්බාජෙසි. අථ ඛො සුද්ධොදනො සක්කො යෙන භගවා, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සුද්ධොදනො සක්කො භගවන්තං එතදවොච: “එකාහං භන්තෙ, භගවන්තං වරං යාචාමී”ති. “අතික්කන්තවරා ඛො ගොතම, තථාගතා”ති. “යඤ්ච භන්තෙ, කප්පති යඤ්ච අනවජ්ජ”න්ති. “වදෙහි ගොතමා”ති. “භගවති මෙ භන්තෙ, පබ්බජිතෙ අනප්පකං දුක්ඛං අහොසි. තථා නන්දෙ. අධිමත්තං රාහුලෙ. පුත්තපෙමං භන්තෙ, ඡවිං ඡින්දති. ඡවිං ඡෙත්වා චම්මං ඡින්දති. චම්මං ඡෙත්වා මංසං ඡින්දති. මංසං ඡෙත්වා නහාරුං ඡින්දති. නහාරුං ඡෙත්වා අට්ඨිං ඡින්දති. අට්ඨිං ඡෙත්වා අට්ඨිමිඤ්ජං ආහච්ච තිට්ඨති. සාධු භන්තෙ, අය්යා අනනුඤ්ඤාතං මාතාපිතූහි පුත්තං න පබ්බාජෙය්යු”න්ති.
Sinhala BJT6. එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ රාහුල කුමරු පැවිදි කළහ. ඉක්බිති ශුද්ධෝදන ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා ගොස් වැඳ පසෙක හිඳ “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ අතින් එක් වරයක් ඉල්ලමි” යි සැළකෙළේ ය. එවිට උන්වහන්සේ “ගෞතමය, තථාගතයෝ ඉක්මවූ වර ඇත්තෝ ය” යි වදාළ සේක. “ස්වාමීනි, යම් වරයෙක් කැප වේ ද, යම් වරයෙක් නිදොස් වේ ද, එබඳු වරයක් ඉල්ලමි” යි හේ කීය. එකල්හි “ගෞතමය, කියව”යි වදාළ සේක. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පැවිදි වූ කල්හි මට මහත් දුකෙක් උපන. නන්‍ද කුමරු පැවිදි වූ – කල්හි ද එසේ ම වි ය. රාහුල කුමරු පැවිදි වූ කල්හි එයට වැඩි දුකෙක් වි ය. ස්වාමීනි, පුත්‍රප්‍රේමය සිරුරෙහි සිවිය සිඳි යි. සිවිය සිඳ සම සිඳි යි. සම සිඳ මස් සිඳි යි. මස් සිඳ නහර සිඳි යි. නහර සිඳ ඇට සිඳි යි. ඇට සිඳ ඇටමිදුලු හැපී පැතිර සිටි යි. ස්වාමීනි, ආර්‍ය්‍යයන් වහන්සේලා මවුපියන් විසින් නො අනු දන්නා ලද පුත්‍රයකු පැවිදි නො කරන්නෝ නම් මැනැවැ” යි සැළකෙළේ ය.
Pali BJT7. අථ ඛො භගවා සුද්ධොදනං සක්කං ධම්මියා කථාය සන්දස්සෙසි. සමාදපෙසි. සමුත්තෙජෙසි. සම්පහංසෙසි. අථ ඛො සුද්ධොදනො සක්කො භගවතා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJT7. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ශුද්ධෝදන ශාක්‍යයාට දැහැමි කතා වෙන් මොනවට කරුණු දැක්වූහ. කුසල් දහම්හි සමාදන් කරවූහ. මොනවට තියුණු කරවූහ. මොනවට සතුටු කරවූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට කරුණු දක්වනලද කුසල්දහම්හි සමාදන් කරවන ලද මොනවට තියුණු කරවන ලද මොනවට සතුටු කරවනලද ශුද්ධෝදන ශාක්‍ය තෙමේ හුනස්නෙන් නැඟිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියේ ය.
Pali BJT8. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ අනනුඤ්ඤාතො මාතාපිතූහි පුත්තො පබ්බාජෙතබ්බො. යො පබ්බාජෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමිකතා කොට භික්‍ෂූන් අමතා “මහණෙනි, මවුපියන් විසින් නො අනුදත් පුත්‍ර තෙමේ පැවිදි නො කළ යුතු ය. යමෙක් පැවිදි කරන්නේ නම දුකුළාඇවැත් වේ” යි වදාළ සේක.
Pali BJTරාහුලවත්ථුකථා නිට්ඨිතා.
Sinhala BJTරාහුල වස්තු කථාව නිමි.
Pali BJT1. අථ ඛො භගවා කපිලවත්ථුස්මිං යථාභිරන්තං විහරිත්වා යෙන සාවත්ථි, තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන සාවත්ථි, තදවසරි. තත්ර සුදං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මතො සාරිපුත්තස්ස උපට්ඨාකකුලං ආයස්මතො සාරිපුත්තස්ස සන්තිකෙ දාරකං පාහෙසි: “ඉමං දාරකං ථෙරො පබ්බාජෙතූ”ති.
Sinhala BJT1. භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් පුරයෙහි කැමැති තාක් කල් වැස සැවැත් නුවර බලා වැඩි සේක. පිළිවෙළින් සැරිසරනා වඩනා සේක් සැවැත් නුවරට පැමිණ එහි ජේතවන නම් වූ අනාථපිණ්ඩිකසිටුහුගේ ආරාම යෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ගේ උපස්ථායක කුලයක් “මේ දරුවා ස්ථවිරයන් වහන්සේ පැවිදි කරණ සේක්වා” යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේ වෙතට දරුවකු යැවී ය.
Pali BJT2. අථ ඛො ආයස්මතො සාරිපුත්තස්ස එතදහොසි: “භගවතා පඤ්ඤත්තං ‘න එකෙන ද්වෙ සාමණෙරා උපට්ඨාපෙතබ්බා’ති. අයඤ්ච මෙ රාහුලො සාමණෙරො. කථන්නු ඛො මයා පටිපජ්ජිතබ්බ”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසි. “අනුජානාමි භික්ඛවෙ, බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන එකෙන ද්වෙ සාමණෙරෙ උපට්ඨාපෙතුං. යාවතකෙ වා පන උස්සහති ඔවදිතුං අනුසාසිතුං, තාවතකෙ උපට්ඨාපෙතු”න්ති.
Sinhala BJT2. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘සාමණේරයෝ දෙදෙනෙක් එකෙකු විසින් ලඟ තබා නො ගත යුත්තාහ’ යි පණවන ලද්දේ ය. මේ රාහුල තෙමේ ද මාගේ සාමණේරයෙක් වේ. එහෙයින් මෙහි දී මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ?” යි කල්පනා වි ය. මෙය භාග්‍යවතුන් වහන්සේට සැළකළහ. “මහණෙනි, ප්‍රතිබලසම්පන්න වූ ව්‍යක්ත වූ එක් භික්‍ෂුනමක් විසින් සාමණේරයන් දෙදෙනකුන් තබාගන්නට ද, යම් පමණ සාමණෙරයන්ට අවවාද කරන්නට අනුශාසනා කරන්නට පොහොසත් නම් එපමණ සාමණේරයන් තබා ගන්නට ද අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT3. අථ ඛො සාමණෙරානං එතදහොසි: “කති නු ඛො අම්හාකං සික්ඛාපදානි? කත්ථ ච අම්හෙහි සික්ඛිතබ්බ?”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, සාමණෙරානං දස සික්ඛාපදානි. තෙසු ච සාමණෙරෙහි සික්ඛිතුං. පාණාතිපාතා වෙරමණී, අදින්නාදානා වෙරමණී, අබ්රහ්මචරියා වෙරමණී, මුසාවාදා වෙරමණී, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණී, විකාලභොජනා වෙරමණී, නච්චගීතවාදිතවිසූකදස්සනා වෙරමණී, මාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා වෙරමණී, උච්චාසයනමහාසයනා වෙරමණී, ජාතරූපරජතපටිග්ගහණා වෙරමණී. අනුජානාමි, භික්ඛවෙ, සාමණෙරානං ඉමානි දස සික්ඛාපදානි. ඉමෙසු ච සාමණෙරෙහි සික්ඛිතු”න්ති.
Sinhala BJT3. එකල්හි සාමණෙරයන්ට “අපට කෙතෙක් ශික්‍ෂාපදයෝ වෙත් ද? අප විසින් කිනම් ශික්‍ෂාපදයන්හි හික්මිය යුතු දැ?” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. උන්වහන්සේ “මහණෙනි, සාමණෙරයන්ට ශික්‍ෂාපද දසයක් ද සාමණේරයන් විසින් එහි හික්මෙන්නට ද අනුදනිමි. සතුන් මැරීමෙන් වැළකීම, නුදුන් දෙය ගැණීමෙන් වැළකීම, මෙවුන්දම් සෙවීමෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, මත් වීමට හා පමා වට කරුණු වූ රහමෙර බීමෙන් වැළකීම, විකල්බොජුනෙන් වැළකීම, නැටුම් ගැයුම් වැයුම් විසුළු දැක්මෙන් වැළකීම, මල් හා සුවඳ විලෙවුන් දැරීම අඩු තැන් පිරවීමෙන් සැරසීම අබරණ ලා සැදීම යන මෙයින් වැළකීම, උසසුන්මහස්නෙන් වැළකීම, රන් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළකීම, මහණෙනි, සාමණෙරයන්ට මේ දශශික්‍ෂා පදයන් ද මේ දශශික්‍ෂාපදයන්හි හික්මෙන්නට ද අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT4. තෙන ඛො පන සමයෙන සාමණෙරා භික්ඛූසු අගාරවා අප්පතිස්සා අසභාගවුත්තිකා විහරන්ති. භික්ඛූ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති – “කථං හි නාම සාමණෙරා භික්ඛූසු අගාරවා අප්පතිස්සා අසභාගවුත්තිකා විහරිස්සන්තී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස සාමණෙරස්ස දණ්ඩකම්මං කාතුං: භික්ඛූනං අලාභාය පරිසක්කති, භික්ඛූනං අනත්ථාය පරිසක්කති, භික්ඛූනං අවාසාය පරිසක්කති, භික්ඛූ අක්කොසති පරිභාසති, භික්ඛූ භික්ඛූහි භෙදෙති, අනුජානාමි භික්ඛවෙ, ඉමෙහි පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස සාමණෙරස්ස දණ්ඩකම්මං කාතු”න්ති.
Sinhala BJT4. එකල්හි සාමණේරයෝ භික්‍ෂූන් කෙරෙහි ගෞරව නැත්තෝ යටත් පැවැතුම් නැත්තෝ සභාග පැවැතුම් නැත්තෝ ව වෙසෙති. භික්‍ෂූහු “කෙසේ නම් සාමණේරයෝ භික්‍ෂූන් කෙරෙහි ගෞරව නැත්තෝ යටත් පැවැතුම් නැත්තෝ සභාග පැවැතුම් නැත්තෝ ව වාසය කරත් දැයි” යි අවමන් කෙරෙත්, නින්‍දා කෙරෙත්. දොස් කියත්. මේ බව භාග්‍යවතුන් වහන්සේට සැළකළහ. උන්වහන්සේ “මහණෙනි, කරුණු පසකින් යුත් සාමණේරයාහට දඬුවම් කිරීමට අනුදනිමි. භික්‍ෂූන්ට ලාභ නො ලැබෙන්නට උත්සාහ කෙරේ ද, භික්‍ෂූන්ට උපද්‍රව පිණිස උත්සාහ කෙරේ ද, භික්‍ෂූන්ගේ නො විසීම පිණිස උත්සාහ කෙරේ ද, භික්‍ෂූන්ට ආක්‍රෝශ කෙරේ ද පරිභව කෙරේ ද, කේලාම් කියා භික්‍ෂූන් භික්‍ෂූන් හා බිඳවයි ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් සාමණේරයාහට දඬුවම් කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT5. අථ ඛො භික්ඛූනං එතදහොසි: “කින්නු ඛො දණ්ඩකම්මං කාතබ්බ”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ආවරණං කාතු”න්ති.
Sinhala BJT5. එකල්හි භික්‍ෂූන්ට “කිනම් දඬුවමෙක් කළ යුතු දැ” යි සිත් විය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ‘මෙහි නො පිවිසෙව’ යි වළකන්නට අනුදනිමි.”
Pali BJT6. තෙන ඛො පන සමයෙන භික්ඛූ සාමණෙරානං සබ්බං සඞ්ඝාරාමං ආවරණං කරොන්ති. සාමණෙරා ආරාමං පවිසිතුං අලභමානා පක්කමන්තිපි. විබ්භමන්තිපි. තිත්ථියෙසුපි සඞ්කමන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ සබ්බො සඞ්ඝාරාමො ආවරණං කාතබ්බො. යො කරෙය්ය, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ යත්ථ වා වසති, යත්ථ වා පටික්කමති, තත්ථ ආවරණං කාතු”න්ති.
Sinhala BJT6. එකල්හි භික්‍ෂූහු සාමණෙරයන්ට සියලු සඞ්ඝාරාමය වළකත්. සාමණේරයෝ ආරාමයට පිවිසෙන්නට නො ලබන්නෝ බැහැර ද යෙත්. සිවුරු ද හරිත්. තීර්‍ත්‍ථකයන් වෙත ද යෙත්, භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සියලු සඞ්ඝාරාමය නො වැළකිය යුතු ය. යමෙක් වළකන්නේ නම් දුකුළාඇවැත් වේ. මහණෙනි, යම් තැනක වෙසේ ද, යම් තැනෙක යේ ද, එහි පිවිසීම වළකන්නට අනුදනිමි.”
Pali BJT7. තෙන ඛො පන සමයෙන භික්ඛූ සාමණෙරානං මුඛද්වාරිකං ආහාරං ආවරණං කරොන්ති. මනුස්සා යාගුපානම්පි සඞ්ඝභත්තම්පි කරොන්තා සාමණෙරෙ එවං වදෙන්ති: “එථ භන්තෙ, යාගුං පිවථ. එථ භන්තෙ, භත්තං භුඤ්ජථා”ති. සාමණෙරා එවං වදෙන්ති: “නාවුසො, ලබ්භා. භික්ඛූහි ආවරණං කත”න්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භදන්තා සාමණෙරානං මුඛද්වාරිකං ආහාරං ආවරණං කරිස්සන්තී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, මුඛද්වාරිකො ආහාරො ආවරණං කාතබ්බො. යො කරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT7. එකල්හි භික්‍ෂූහු සාමණෙරයන්ගේ කටට පත් ආහාරය වළකත්. මිනිස්සු කැඳ බීම ද සඟබත් ද කරන්නෝ සාමණෙරයන්ට “ස්වාමීනි, එවු. කැඳ බොවු. ස්වාමීනි, එවු. බත් බුදිවු” යි මෙසේ කියත්. “ඇවැත්නි, (කැඳබත්) නො ලැබිය හැක්කෝ වෙමු. භික්‍ෂූන් විසින් වළක්වන ලද ය” යි සාමණේරයෝ මෙසේ කියත්. මිනිස්සු “කෙසේ නම් ස්වාමීන් වහන්සේලා සාමණෙරයන්ගේ කටට පත් ආහාරය වළකත් දැයි.” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, කටට පත් ආහාරය නො වැළකිය යුතු ය. යමෙක් වළකන්නේ නම්, දුකුළාඇවැත් වේ.
Pali BJTදණ්ඩකම්මවත්ථු නිට්ඨිතං.
Sinhala BJTදඬුවම්වත් නිමි.
Pali BJT1. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ උපජ්ඣායෙ අනාපුච්ඡා සාමණෙරානං ආවරණං කරොන්ති. උපජ්ඣායා ගවෙසන්ති: කථං නු ඛො අම්හාකං සාමණෙරා න දිස්සන්තී?”ති. භික්ඛූ එවමාහංසු: “ඡබ්බග්ගියෙහි ආවුසො, භික්ඛූහි ආවරණං කත”න්ති. උපජ්ඣායා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ අම්හෙ අනාපුච්ඡා අම්හාකං සාමණෙරානං ආවරණං කරිස්සන්තී?”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ උපජ්ඣායෙ අනාපුච්ඡා ආවරණං කාතබ්බං. යො කරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT1. එකල්හි සවග භික්‍ෂූහු උපාද්ධ්‍යායයන් නො විචාරා සාමණේරයන් වළකත්. උපාද්ධ්‍යායයෝ “කුමක් හෙයින් අපගේ සාමණේරයෝ නො දක්නා ලැබෙත් දැ?” යි සොයත්. භික්‍ෂූහු “ඇවැත්නි, සවග භික්‍ෂූන් විසින් වැළකීම කරණ ලදැ” යි කීහ. උපාද්ධ්‍යායයෝ “කෙසේ නම් සවග භික්‍ෂූහු අපගෙන් නො විචාරා අපගේ සාමණේරයන් වළකත් දැයි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, උපාද්ධ්‍යායයන් නො විචාරා වැළකීම නො කළ යුතු ය. යමෙක් වළකන්නේ නම් දුකුළා ඇවැත් වේ.”
Pali BJT2. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ථෙරානං භික්ඛූනං සාමණෙරෙ අපලාළෙන්ති. ථෙරා සාමං දන්තකට්ඨම්පි මුඛොදකම්පි ගණ්හන්තා කිලමන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, අඤ්ඤස්ස පරිසා අපලාළෙතබ්බා. යො අපලාළෙය්ය, ආපත්ති දුක්කටස්සා” ති.
Sinhala BJT2. එකල්හි සවග භික්‍ෂූහු ස්ථවිරභික්‍ෂූන්ගේ සාමණේරයන් සංග්‍රහයෙන් පොලඹවත්. ස්ථවිර භික්‍ෂූහු තුමූ ම දැහැටිත් මුව දෝනා දියත් ගන්නෝ ක්ලාන්ත වෙති. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අනෙකකුගේ පිරිස සංග්‍රහයෙන් නො පෙලඹවිය යුතු ය. යමෙක් පොලඹවන්නේ නම් දුකුළාඇවැත් වේ”යි වදාළ සේක.
Pali BJT3. තෙන ඛො පන සමයෙන ආයස්මතො උපනන්දස්ස සක්යපුත්තස්ස කණ්ටකො නාම සාමණෙරො කණ්ටකිං නාම භික්ඛුනිං දූසෙසි. භික්ඛූ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සාමණෙරො එවරූපං අනාචාරං ආචරිස්සතී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, දසහඞ්ගෙහි සමන්නාගතං සාමණෙරං නාසෙතුං: පාණාතිපාතී හොති, අදින්නාදායී හොති, අබ්රහ්මචාරී හොති, මුසාවාදී හොති, මජ්ජපායී හොති, බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සඞ්ඝස්ස අවණ්ණං භාසති, මිච්ඡාදිට්ඨිකො හොති, භික්ඛුනිදූසකො හොති, අනුජානාමි භික්ඛවෙ, ඉමෙහි දසහඞ්ගෙහි සමන්නාගතං සාමණෙරං නාසෙතු”න්ති.
Sinhala BJT3. එකල්හි ශාක්‍යපුත්‍ර වූ ආයුෂ්මත් උපනන්‍ද ස්ථවිරයන් වහන්සේගේ කණ්ටක නම සාමණේර තෙමේ කණ්ටකී නම් මෙහෙණ දූෂ්‍ය කෙළේ ය. භික්‍ෂූහු “කෙසේ නම් සාමණේරයෝ මෙබඳු නො සිරිත් කරත් දැ යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. මහණෙනි, කරුණු දසයකින් යුත් හෙරණහු නසන්නට (මහණ බැවින් මුදා හරින්නට) අනුදනිමි. “සතුන් මරන්නේ වේ ද, නුදුන් දෙය ගන්නේ වේ ද, ලාමක හැසිරීම් ඇත්තේ වේ ද, බොරු කියන්නේ වේ ද, මත්පැන් බොන්නේ වේ ද, බුදුරදුන්ගේ අගුණ කියා ද, ධර්‍මයෙහි අගුණ කියා ද, සඞ්ඝයාගේ අගුණ කියා ද, මිසදිටු ගත්තේ වේ ද, භික්ඛුණීදූෂක වේ ද – මහණෙනි, මේ කරුණු දසයෙන් යුත් හෙරණහු මහණ බැවින් මුදා හරින්නට අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT4. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො පණ්ඩකො භික්ඛූසු පබ්බජිතො හොති. සො දහරෙ භික්ඛූ උපසඞ්කමිත්වා එවං වදෙති: “එථ, මං ආයස්මන්තො දූසෙථා”ති. භික්ඛූ අපසාදෙන්ති: “නස්ස පණ්ඩක. විනස්ස පණ්ඩක. කො තයා අත්ථො?”ති. සො භික්ඛූහි අපසාදිතො මහන්තෙ මහන්තෙ මුනිගල්ලෙ{1} සාමණෙරෙ උපසඞ්කමිත්වා එවං වදෙති: “එථ මං ආයස්මන්තො{2} දූසෙථා”ති. සාමණෙරා අපසාදෙන්ති: “නස්ස පණ්ඩක. විනස්ස පණ්ඩක. කො තයා අත්ථො?”ති.
Sinhala BJT4. එකල්හි එක්තරා පණ්ඩකයෙක් භික්‍ෂූන් වෙත පැවිදි වූයේ වේ. හෙතෙමේ තරුණ භික්‍ෂූන් වෙත ගොස් “එවු, ආයුෂ්මත්නි, මා දූෂ්‍ය කරවු” යි කියයි. භික්‍ෂූහු “පණ්ඩකය, නැසෙව. පණ්ඩකය, වැනසෙව. තාගෙන් කිනම් වැඩෙක් දැ?” යි ඔහු බැහැර කෙරෙත්. භික්‍ෂූන් විසින් බැහැර කළ හෙතෙමේ තරබාරු සිරුරු ඇති සාමණේරයන් කරා ගොස් “එවු, ආයුෂ්මත්නි, මා දූෂ්‍ය කරවු” යි කියයි. සාමණේරයෝ “පණ්ඩකය, නැසෙව. පණ්ඩකය, වැනසෙව. තාගෙන් කිනම් වැඩෙක් දැ”? යි ඔහු ඉවත් කෙරෙත්.