Mahāvagga

Great Division

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

Showing entries 401-500 of 2799

SegmentPali BJTSinhala BJT
Pali BJT30. පත්තචීවරං නික්ඛිපිතබ්බං. පත්තං නික්ඛිපන්තෙන එකෙන හත්ථෙන පත්තං ගහෙත්වා එකෙන හත්ථෙන හෙට්ඨා මඤ්චං වා හෙට්ඨා පීඨං වා පරාමසිත්වා පත්තො නික්ඛිපිතබ්බො. න ච අනන්තරහිතාය භූමියා පත්තො නික්ඛිපිතබ්බො. චීවරං නික්ඛිපන්තෙන එකෙන හත්ථෙන චීවරං ගහෙත්වා එකෙන හත්ථෙන චීවරවංසං වා චීවරරජ්ජුං වා පමජ්ජිත්වා පාරතො අන්තං ඔරතො භොගං කත්වා චීවරං නික්ඛිපිතබ්බං.
Sinhala BJT30. පා සිවුරු බහා තැබිය යුතු ය. පාත්‍රය බහා තබන්නහු විසින් එක් අතකින් පාත්‍රය ගෙණ එක් අතකින් ඇඳ යට හෝ පුටුව යට හෝ අත ගා පාත්‍රය තැබිය යුතු ය. කිසිවක් නො අතුළ බිම පාත්‍රය නො තැබිය යුතු ය. සිවුර බහා තබන්නහු විසින් එක් අතකින් සිවුර ගෙණ එක් අතකින් සිවුරු ලන උණදඬුව හෝ රැහැණ හෝ පිරිමැද නුවාව එහාට ද දරණය මෙහාට ද තබා සිවුර දැමිය යුතු ය.
Pali BJT31. සචෙ පුරත්ථිමා සරජා වාතා වායන්ති, පුරත්ථිමා වාතපානා ථකෙතබ්බා. සචෙ පච්ඡිමා සරජා වාතා වායන්ති, පච්ඡිමා වාතපානා ථකෙතබ්බා. සචෙ උත්තරා සරජා වාතා වායන්ති, උත්තරා වාතපානා ථකෙතබ්බා. සචෙ දක්ඛිණා සරජා වාතා වායන්ති, දක්ඛිණා වාතපානා ථකෙතබ්බා. සචෙ සීතකාලො හොති, දිවා වාතපානා විවරිතබ්බා, රත්තිං ථකෙතබ්බා. සචෙ උණ්හකාලො හොති දිවා වාතපානා ථකෙතබ්බා රත්තිං විවරිතබ්බා.
Sinhala BJT31. පෙර දිගින් නැගී එන දූලි සහිත වූ වාතයෝ හමත් නම්, පෙරදිග කවුළුදොර වැසිය යුතු ය. බස්නාහිර දිගින් නැග එන වාතයෝ දූලි සහිත ව හමත් නම්, බස්නා හිර කවුළුදෙර වැසිය යුතු ය. උතුරු දිගින් එන වාතයෝ දූලි සහිත ව හමක් නම්, උතුරු දිග කවුළුදොර වැසිය යුතු ය. දකුණු දිගින් එන වාතයෝ දූලි සහිත ව හමත් නම්, දකුණුදිග කවුළුදොර වැසිය යුතු ය. ශීතකාලය වේ නම්, දහවල කවුළුදොර ඇර තැබිය යුතු ය. රාත්‍රියෙහි වැසිය යුතු ය. උෂ්ණ කාලය වේ නම්, දහවල කවුළුදොර වැසිය යුතු ය. රාත්‍රියෙහි ඇර තැබිය යුතු ය.
Pali BJT32. සචෙ පරිවෙණං උක්ලාපං හොති, පරිවෙණං සම්මජ්ජිතබ්බං. සචෙ කොට්ඨකො උක්ලාපො හොති, කොට්ඨකො සම්මජ්ජිතබ්බො. සචෙ උපට්ඨානසාලා උක්ලාපා, හොති, උපට්ඨානසාලා සම්මජ්ජිතබ්බා. සචෙ අග්ගිසාලා උක්ලාපා හොති, අග්ගිසාලා සම්මජ්ජිතබ්බා. සචෙ වච්චකුටි උක්ලාපා හොති, වච්චකුටි සම්මජ්ජිතබ්බා. සචෙ පානීයං න හොති, පානීයං උපට්ඨාපෙතබ්බං. සචෙ පරිභොජනීයං න හොති, පරිභොජනීයං උපට්ඨාපෙතබ්බං. සචෙ ආචමනකුම්භියං උදකං න හොති, ආචමනකුම්භියා උදකං ආසිඤ්චිතබ්බං.
Sinhala BJT32. පිරිවෙණ කසළ සහිත නම්, පිරිවෙණ හැමැදිය යුතු ය. ඇතුළුගෙය කසළ සහිත නම්, ඇතුළුගෙය හැමැදිය යුතු ය. උපස්ථානශාලාව කසළ සහිත නම්, උපස්ථාන ශාලාව හැමැදිය යුතු ය. ගිනිහල්ගෙය කසළ සහිත නම්, ගිනිහල්ගෙය හැමැදිය යුතු ය. වැසිකිළිය කසළ සහිත නම්, වැසිකිළිය හැමැදිය යුතු ය. පැන් නො වේ නම්, පැන් එළවා තැබිය යුතු ය. පරිභෝගයට සුදුසු දිය නො වේ නම්, පරිභෝගයට සුදුසු දිය එළවා තැබිය යුතු ය. වැසිකිළිදියසැළෙහි දිය නො වේ නම්, වැසිකිළිදියසැළෙහි දිය වක්කළ යුතු ය.
Pali BJT33. සචෙ ආචරියස්ස අනභිරති උප්පන්නා හොති, අන්තෙවාසිකෙන වූපකාසෙතබ්බො. වූපකාසාපෙතබ්බො. ධම්මකථා වාස්ස කාතබ්බා. සචෙ ආචරියස්ස කුක්කුච්චං උප්පන්නං හොති, අන්තෙවාසිකෙන, විනොදෙතබ්බං, විනොදාපෙතබ්බං. ධම්මකථා වාස්ස කාතබ්බා. සචෙ ආචරියස්ස දිට්ඨිගතං උප්පන්නං හොති, අන්තෙවාසිකෙන විවෙචෙතබ්බං, විවෙචාපෙතබ්බං. ධම්මකථා වාස්ස කාතබ්බා.
Sinhala BJT33. ආචාර්‍ය්‍යයාහට ශාසනයෙහි නො ඇල්මෙක් උපන්නේ නම්, අතැවැසියා විසින් ආචාර්‍ය්‍යයා අන් තැනකට ගෙණ යා යුතු ය. අනෙකකු ලවා අන් තැනකට පමුණුවාලිය යුතු ය. උන්වහන්සේට ධර්‍මකථා හෝ කිය යුතු ය. ආචාර්‍ය්‍යයාහට කුකුසෙක් උපන්නේ නම්, අතැවැසියා විසින් එය දුරු කළ යුතු ය. “තෙරුන්ගේ කුකුස හැරලව” යි අන් මහණෙකුට කිය යුතු ය. උන්වහන්සේට ධර්‍මකථා හෝ කිය යුතු ය. ආචාර්‍ය්‍යයාහට මිසදිටුවක් උපන්නේ නම්, අතැවැසියා විසින් එය දුරු කට යුතු ය. අනිකකු ලවා හෝ දුරු කරවිය යුතු ය. උන්වහන්සේට ධර්‍මකථා හෝ කිය යුතු ය.
Pali BJT34. සචෙ ආචරියො ගරුධම්මං අජ්ඣාපන්නො හොති, පරිවාසාරහො. අන්තෙවාසිකෙන උස්සුක්කං කාතබ්බං: “කින්ති නු ඛො සඞ්ඝො ආචරියස්ස පරිවාසං දදෙය්යා?”ති.
Sinhala BJT34. ආචාර්‍ය්‍යතෙමේ ගරු ඇවතට පැමිණියේ පිරිවෙසට සුදුසු වූයේ වේ ද, අතැවැසියා විසින් “කෙසේ නම් සඞ්ඝ තෙමේ ආචාර්‍ය්‍යයයාහට පිරිවෙස් දෙන්නේ දැ” යි උත්සාහ කට යුතු ය.
Pali BJT35. සචෙ ආචරියො මූලාය පටිකස්සනාරහො හොති, අන්තෙවාසිකෙන උස්සුක්කං කාතබ්බං: “කින්ති නු ඛො සඞ්ඝො ආචරියං මූලාය පටිකස්සෙය්යා?”ති.
Sinhala BJT35. ආචාර්‍ය්‍යතෙමේ මුල සිට පිරිවෙස් පිරීමට සුදුසු වූයේ නම් අතැවැසියා විසින් කෙසේ නම් සඞ්ඝ තෙමේ ආචාර්‍ය්‍යයා මුලට (මුල සිට පිරිවෙස් පිරීමට) අදින්නේ දැ” යි උත්සාහ කට යුතු ය.
Pali BJT36. සචෙ ආචරියො මානත්තාරහො හොති, අන්තෙවාසිකෙන උස්සුක්කං කාතබ්බං: “කින්ති නු ඛො සඞ්ඝො ආචරියස්ස මානත්තං දදෙය්යා?”ති.
Sinhala BJT36. ආචාර්‍ය්‍යතෙමේ මානතට සුදුසු වූයේ නම්, අතැවැසියා විසින් “කෙසේ නම් සඞ්ඝතෙමේ ආචාර්‍ය්‍යයාහට මානත දෙන්නේ දැ” යි උත්සාහ කට යුතු ය.
Pali BJT37. සචෙ ආචරියො අබ්භානාරහො හොති, අන්තෙවාසිකෙන උස්සුක්කං කාතබ්බං: “කින්ති නු ඛො සඞ්ඝො ආචරියං අබ්භෙය්යා?”ති.
Sinhala BJT37. ආචාර්‍ය්‍යතෙමේ අබ්භානයට සුදුසු වූයේ නම්, අතැවැසියා විසින් “කෙසේ නම් සඞ්ඝ තෙමේ ආචාර්‍ය්‍යයා සඞ්ඝයාට ඇතුළත් කරවන්නේ දැ“යි උත්සාහ කට යුතු ය.
Pali BJT38. සචෙ සඞ්ඝො ආචරියස්ස කම්මං කත්තුකාමො හොති, තජ්ජනීයං වා නියස්සං වා පබ්බාජනීයං වා පටිසාරණීයං වා උක්ඛෙපනීයං වා, අන්තෙවාසිකෙන උස්සුක්කං කාතබ්බං: “කින්ති නු ඛො සඞ්ඝො ආචරියස්ස කම්මං න කරෙය්ය? ලහුතාය වා පරිණාමෙය්යා?”ති. කතං වා පනස්ස හොති සඞ්ඝෙන කම්මං තජ්ජනීයං වා නියස්සං වා පබ්බාජනීයං වා පටිසාරණීයං වා උක්ඛෙපනීයං වා, අන්තෙවාසිකෙන උස්සුක්කං කාතබ්බං: “කින්ති නු ඛො ආචරියො සම්මා වත්තෙය්ය? ලොමං පාතෙය්ය? නෙත්ථාරං වත්තෙය්ය? සඞ්ඝො තං කම්මං පටිප්පස්සම්භෙය්යා?”ති.
Sinhala BJT38. සඞ්ඝ තෙමේ ආචාර්‍ය්‍යයාහට තජ්ජනීයකම්මය හෝ නියස්සකම්මය හා පබ්බාජනීයකම්මය හෝ පටිසාරණීයකම්මය හෝ උක්ඛේපනීයකම්මය හෝ කරණු කැමැත්තේ නම්, “සඞ්ඝතෙමේ කෙසේ නම්, ආචාර්‍ය්‍යයාහට කර්‍ම නො කරන්නේ ද? ලඝු බවට හෝ පෙරළන්නේ දැ” යි අතැවැසියා විසින් උත්සාහ කට යුතු ය. උන්වහන්සේට සඞ්ඝයා විසින් තජ්ජනීයකම්මය හෝ නියස්සකම්මය හෝ පබ්බාජනීයකම්මය හෝ පටිසාරණීයකම්මය හෝ උක්ඛේපනීයකම්මය හෝ කරණ ලද්දේ හෝ වේ ද, “කෙසේ නම් ආචාර්‍ය්‍ය තෙමේ මනා කොට පවතින්නේ ද? භික්‍ෂූන්ට අනුලොම් වන්නේ ද? නිදොස්බව පිණිස මනා කොට පවතින්නේ ද? සඞ්ඝ තෙමේ ඒ කර්‍මය සංසිඳුවන්නේ දැ” යි අතැවැසියා විසින් උත්සාහ කට යුතු ය.
Pali BJT39. සචෙ ආචරියස්ස චීවරං ධොවිතබ්බං හොති, අන්තෙවාසිකෙන ධොවිතබ්බං උස්සුක්කං වා කාතබ්බං: “කින්ති නු ඛො ආචරියස්ස චීවරං ධොවීයෙථා?”ති. සචෙ ආචරියස්ස චීවරං කාතබ්බං හොති, අන්තෙවාසිකෙන කාතබ්බං. උස්සුක්කං වා කාතබ්බං “කින්ති නු ඛො ආචරියස්ස චීවරං කරීයෙථා”ති. සචෙ ආචරියස්ස රජනං පචිතබ්බං හොති, අන්තෙවාසිකෙන පචිතබ්බං. උස්සුක්කං වා කාතබ්බං “කින්ති නු ඛො ආචරියස්ස රජනං පචීයෙථා”ති. සචෙ ආචරියස්ස චීවරං රජෙතබ්බං හොති, අන්තෙවාසිකෙන රජෙතබ්බං. උස්සුක්කං වා කාතබ්බං “කින්ති නු ඛො ආචරියස්ස චීවරං රජියෙථා”ති. චීවරං රජන්තෙන සාධුකං සම්පරිවත්තකං සම්පරිවත්තකං රජෙතබ්බං. න ච අච්ඡින්නෙ ථෙවෙ පක්කමිතබ්බං.
Sinhala BJT39. ආචාර්‍ය්‍යයාගේ සිවුර සේදිය යුතු නම්, අතැවැසියා විසින් සේදිය යුතු ය. “කෙසේ නම් ආචාර්‍ය්‍යයාගේ සිවුර සෝදනු ලබන්නේ දැ” සි උත්සාහය හෝ කටයුතු ය. ආචාර්‍ය්‍යයාහට සිවුරක් කට යුතු නම්, අතැවැසියා විසින් ඒ කටයුතු ය. “කෙසේ නම් ආචාර්‍ය්‍යයාගේ සිවුර කරණු ලබන්නේ දැ” යි උත්සාහය හෝ කට යුතු ය. ආචාර්‍ය්‍යයාහට පඬු පිසිය යුතු නම්, අතැවැසියා විසින් පිසිය යුතු ය. “කෙසේ නම් ආචාර්‍ය්‍යයාහට පඬු පිසනු ලබන්නේ දැ” යි උත්සාහය හෝ කට යුතු ය. ආචාර්‍ය්‍යයාගේ සිවුර පඬු පෙවිය යුතු නම්, අතැවැසියා විසින් පඬු පෙවිය යුතු ය. “කෙසේ නම්, ආචාර්‍ය්‍යයාගේ සිවුර පඬු පොවනු ලබන්නේ දැ” යි උත්සාහය හෝ කට යුතු ය. සිවුර පඬු පොවන්නහු විසින් මනා කොට පෙරළ පෙරළා පඬු පෙවිය යුතු ය. පොද නොසුන්කල්හි බැහැර නො යා යුතුය.
Pali BJT40. න ආචරියං අනාපුච්ඡා එකච්චස්ස පත්තො දාතබ්බො. න එකච්චස්ස පත්තො පටිග්ගහෙතබ්බො. න එකච්චස්ස චීවරං දාතබ්බං. න එකච්චස්ස චීවරං පටිග්ගහෙතබ්බං. න එකච්චස්ස පරික්ඛාරො දාතබ්බො. න එකච්චස්ස පරික්ඛාරො පටිග්ගහෙතබ්බො. න එකච්චස්ස කෙසා ඡෙත්තබ්බා. න එකච්චෙන කෙසා ඡෙදාපෙතබ්බා. න එකච්චස්ස පරිකම්මං කාතබ්බං. න එකච්චෙන පරිකම්මං කාරාපෙතබ්බං. න එකච්චස්ස වෙය්යාවච්චො කාතබ්බො. න එකච්චෙන වෙය්යාවච්චො කාරාපෙතබ්බො. න එකච්චස්ස පච්ඡාසමණෙන හොතබ්බං. න එකච්චො පච්ඡාසමණො ආදාතබ්බො. න එකච්චස්ස පිණ්ඩපාතො නීහරිතබ්බො. න එකච්චෙන පිණ්ඩපාතො නීහරාපෙතබ්බො.
Sinhala BJT40. ආචාර්‍ය්‍යයා නො විචාරා කිසිවෙකුට පාත්‍රය නො දිය යුතු ය. කිසිවෙකුගේ පාත්‍රය නො පිළිගත යුතු ය. කිසිවෙකුට සිවුර නො දිය යුතු ය. කිසිවෙකුගේ සිවුර නො පිළිගත යුතු ය. කිසිවෙකුට පිරිකර නො දිය යුතු ය. කිසිවෙකුගේ පිරිකර නො පිළිගත යුතු ය. කිසිවෙකුගේ කෙස් නො කැපිය යුතු ය. කිසිවෙකු ලවා කෙස් නො කැප්විය යුතු ය. කිසිවෙකුට පා මිරිකීම් ඈ වත් නො කට යුතු ය. කිසිවෙකු ලවා නො කරවා ගත යුතු ය. කිසිවෙකුට වතාවත් නො කට යුතු ය. කිසිවෙකු ලවා වතාවත් නො කරවා ගත යුතු ය. කිසිවෙකුගේ පස්සේ යන මහණකු නො විය යුතු ය. පස්සේ යන කිසි මහණෙක් නො ගත යුතු ය. කිසිවෙකුගේ පිණ්ඩපාතය බැහැර නො කට යුතු ය. කිසිවෙකු ලවා පිණ්ඩපාතය බැහැර නො කරවිය යුතු ය.
Pali BJT41. න ආචරියං අනාපුච්ඡා ගාමො පවිසිතබ්බො. න සුසානං ගන්තබ්බං. න දිසා පක්කමිතබ්බා. සචෙ ආචරියො ගිලානො හොති, යාවජීවං උපට්ඨාතබ්බො, වුට්ඨානමස්ස ආගමෙතබ්බ’න්ති.
Sinhala BJT41. ආචාර්‍ය්‍යයා නො විචාරා ගම් නො වැදිය යුතු ය. සොහොනට නො යා යුතු ය. ඒ ඒ දසාවන්හි නො යා යුතු ය. ආචාර්‍ය්‍ය තෙමේ ගිලන් වේ නම්, ජීවත් වන තුරු උපස්ථාන කළ යුතු ය. උන්වහන්සේගේ ලෙඩින් නැගීසිටීම බලාපොරොත්තු විය යුතු ය.
Pali BJTආචරියවත්තං නිට්ඨිතං.
Sinhala BJTඇදුරුවත නිමි.
Pali BJT1. ආචරියෙන භික්ඛවෙ, අන්තෙවාසිකම්හි සම්මා වත්තිතබ්බං. තත්රායං සම්මා වත්තනා: ආචරියෙන භික්ඛවෙ, අන්තෙවාසිකො සඞ්ගහෙතබ්බො අනුග්ගහෙතබ්බො උද්දෙසෙන පරිපුච්ඡාය ඔවාදෙන අනුසාසනියා.
Sinhala BJT1. මහණෙනි, ආචාර්‍ය්‍යයා අතැවැසියා කෙරෙහි මනා කොට පැවතිය යුතු ය. එහි මේ මනා කොට පැවැත්ම ය: මහණෙනි, ආචාර්‍ය්‍යයා විසින් අතැවැසි තෙමේ උදෙසීමෙන් අනුග්‍රහ කට යුතු ය. කරණු විමසීමෙන් අවවාදයෙන් අනුශාසනායෙන් සංග්‍රහ කට යුතු ය.
Pali BJT2. සචෙ ආචරියස්ස පත්තො හොති, අන්තෙවාසිකස්ස පත්තො න හොති, ආචරියෙන අන්තෙවාසිකස්ස පත්තො දාතබ්බො, උස්සුක්කං වා කාතබ්බං “කින්ති නු ඛො අන්තෙවාසිකස්ස පත්තො උප්පජ්ජියෙථා”ති.
Sinhala BJT2. ආචාර්‍ය්‍යයාහට වැඩි පාත්‍රයෙක් වේ ද, අතැවැසියාහට පාත්‍රයෙක් නො වේ ද, ආචාර්‍ය්‍යයා විසින් අතැවැසියාහට පාත්‍රය දිය යුතු ය. “අතැවැසියාහට පාත්‍රයක් කෙසේ නම් උපදින්නේ දැ” යි උත්සාහය හෝ කට යුතු ය
Pali BJT3. සචෙ ආචරියස්ස චීවරං හොති, අන්තෙවාසිකස්ස චීවරං න හොති, ආචරියෙන අන්තෙවාසිකස්ස චීවරං දාතබ්බං, උස්සුක්කං වා කාතබ්බං: “කින්ති නු ඛො අන්තෙවාසිකස්ස චීවරං උප්පජ්ජියෙථා”ති.
Sinhala BJT3. ආචාර්‍ය්‍යයාහට සිවුරක් වේ ද, අතැවැසියාහට සිවුරක් නො වේ ද, ආචාර්‍ය්‍යයා විසින් අතැවැසියාහට සිවුර දිය යුතු ය. “අතැවැසියාහට සිවුරෙක් කෙසේ නම් උපදනේ දැ” යි උත්සාහය හෝ කට යුතු ය.
Pali BJT4. සචෙ ආචරියස්ස පරික්ඛාරො හොති, අන්තෙවාසිකස්ස පරික්ඛාරො න හොති, අන්තෙවාසිකස්ස පරික්ඛාරො දාතබ්බො. උස්සුක්කං වා කාතබ්බං: “කින්ති නු ඛො අන්තෙවාසිකස්ස පරික්ඛාරො උප්පජ්ජියෙථා”ති.
Sinhala BJT4. ආචාර්‍ය්‍යයාහට පරිෂ්කාරයෙක් වේ ද, අතැවැසියාහට පරිෂ්කාරයෙක් නො වේ ද, ආචාර්‍ය්‍යයා විසින් අතැවැසියාහට පරිෂ්කාර දිය යුතු ය. “අතැවැසියාට පරිෂ්කාරයෙක් කෙසේ නම් උපදයෙන් දැ” යි උත්සාහය හෝ කටයුතු ය.
Pali BJT5. සචෙ අන්තෙවාසිකො ගිලානො හොති, කාලස්සෙව වුට්ඨාය දන්තකට්ඨං දාතබ්බං. මුඛොදකං දාතබ්බං. ආසනං පඤ්ඤාපෙතබ්බං. සචෙ යාගු හොති, භාජනං ධොවිත්වා යාගු උපනාමෙතබ්බා. යාගුපීතස්ස උදකං දත්වා භාජනං පටිග්ගහෙත්වා නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන ධොවිත්වා පටිසාමෙතබ්බං.
Sinhala BJT5. අතැවැසි තෙමේ ගිලන් වේ නම්, කලින් ම නැගිට දැහැටි දිය යුතු ය. මුව දෝනා දිය දිය යුතු ය. අසුන් පැණවිය යුතු ය. ඉදින් කැඳ තිබේ නම්, බඳුන සෝදා කැඳ එළවිය යුතු ය. කැඳ වළඳා සිටිය හුට දිය දී බඳුන පිළිගෙණ පාත් කොට මැනැවින් නො ගටා සෝදා තැන්පත් කළ යුතු ය.
Pali BJT6. අන්තෙවාසිකම්හි වුට්ඨිතෙ ආසනං උද්ධරිතබ්බං. සචෙ සො දෙසො උක්ලාපො හොති, සො දෙසො සම්මජ්ජිතබ්බො. සචෙ අන්තෙවාසිකො ගාමං පවිසිතුකාමො හොති, නිවාසනං දාතබ්බං, පටිනිවාසනං පටිග්ගහෙතබ්බං. කායබන්ධනං දාතබ්බං. සගුණං කත්වා සඞ්ඝාටියො දාතබ්බා. ධොවිත්වා පත්තො සඋදකො දාතබ්බො. “එත්තාවතා නිවත්තිස්සතී”ති ආසනං පඤ්ඤාපෙතබ්බං. පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික්ඛිපිතබ්බං. පච්චුග්ගන්ත්වා පත්තචීවරං පටිග්ගහෙතබ්බං. සචෙ චීවරං සින්නං හොති, මුහුත්තං උණ්හෙ ඔතාපෙතබ්බං. න ච උණ්හෙ චීවරං නිඩ්ඩහිතබ්බං. චීවරං සඞ්ඝරිතබ්බං. චීවරං සඞ්ඝරන්තෙන චතුරඞ්ගුලං කණ්ණං උස්සාදෙත්වා චීවරං සඞ්ඝරිතබ්බං “මා මජ්ඣෙ භඞ්ගො අහොසී”ති. ඔභොගෙ කායබන්ධනං කාතබ්බං.
Sinhala BJT6. අතැවැසියා නැගී සිටි කල්හි ආසනය ඔසවා තැබිය යුතු ය. එ දෙස කසළ සහිත නම්, එ තැන හැමැදිය යුතු ය. අතැවැසි තෙමේ ගම් වදිනු කැමැත්තේ නම්, අඳනය දිය යුතු ය. ඇඳ තුබූ අඳනය පිළිගත යුතු ය. පටිය දිය යුතු ය. සගුණ කොට සිවුරු දිය යුතු ය. සෝදා දිය සහිත වූ පාත්‍රය දිය යුතු ය. “මෙපමණකින් පිඬු සිඟීමෙන් නවතින්නේ ය” යි දැන ආසනය පැණවිය යුතු ය. පා දෝනා දිය ද පාපුටුව ද නො සේදූ පා තබන පුවරුව ද එළවිය යුතු ය. ඉදිරියට ගොස් පා සිවුරු පිළිගත යුතු ය. සිවුර තෙත් නම්, මොහොතක් උෂ්ණයෙහි ලා වියලිය යුතු ය. සිවුර උෂ්ණයෙහි ලා වැඩියක් නො දැවිය යුතු ය. සිවුර නැමිය යුතු ය. සිවුර නමන්නහු විසින් “මැද නො දිරාවා” යි සතරඟුලක් පමණ සිවුරු කොණ උස් කොට සිවුර නැමිය යුතු ය. සිවුරු දරණයෙහි පටිය තැබිය යුතුය.
Pali BJT7. සචෙ පිණ්ඩපාතො හොති අන්තෙවාසිකො ච භුඤ්ජිතුකාමො හොති, උදකං දත්වා පිණ්ඩපාතො උපනාමෙතබ්බො. අන්තෙවාසිකො පානීයෙන පුච්ඡිතබ්බො. භුත්තාවිස්ස උදකං දත්වා පත්තං පටිග්ගහෙත්වා නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන ධොවිත්වා වොදකං කත්වා මුහුත්තං උණ්හෙ ඔතාපෙතබ්බො. න ච උණ්හෙ පත්තො නිඩ්ඩහිතබ්බො.
Sinhala BJT7. ඉදින් පිණ්ඩපාතය වේ ද, අතැවැසිතෙමේත් වළඳනු කැමැත්තේ වේ ද, දිය දී පිණ්ඩපාතය එළවිය යුතු ය. අතැවැසි තෙමේ පැනින් විචාළ යුතු ය. වළඳා අවසන් කළහුට දිය දී පාත්‍රය පිළිගෙණ පාත් කොට නො ගටා මනා කොට සෝදා දිය පිස දමා මොහොතක් උෂ්ණයෙහි ලා වියලිය යුතු ය. පාත්‍රය උෂ්ණයෙහි ලා වැඩියක් නො දැවිය යුතු ය.
Pali BJT8. පත්තචීවරං නික්ඛිපිතබ්බං. පත්තං නික්ඛිපන්තෙන එකෙන හත්ථෙන පත්තං ගහෙත්වා එකෙන හත්ථෙන හෙට්ඨා මඤ්චං වා හෙට්ඨා පීඨං වා පරාමසිත්වා පත්තො නික්ඛිපිතබ්බො. න ච අනන්තරහිතාය භූමියා පත්තො නික්ඛිපිතබ්බො. චීවරං නික්ඛිපන්තෙන එකෙන හත්ථෙන චීවරං ගහෙත්වා එකෙන හත්ථෙන චීවරවංසං වා චීවරරජ්ජුං වා පමජ්ජිත්වා පාරතො අන්තං ඔරතො භොගං කත්වා චීවරං නික්ඛිපිතබ්බං.
Sinhala BJT8. පාසිවුරු බහා තැබිය යුතු ය. පාත්‍රය බහා තබන්නහු විසින් එක් අතකින් පාත්‍රය ගෙණ එක් අතකින් ඇඳ යට හෝ පුටුව යට හෝ අත ගා පාත්‍රය බහා තැබිය යුතු ය. කිසිවක් නො අතුළ බිම පාත්‍රය නො තැබිය යුතු ය. සිවුර බහා තබන්නහු විසින් එක අතකින් සිවුර ගෙණ එක අතකින් සිවුරු ලන උණදඬුව හෝ රැහැණ හෝ පිසදමා නුවාව එහාට ද දරණය මෙහාට ද ලබා සිවුර බහා තැබිය යුතු ය.
Pali BJT9. අන්තෙවාසිකම්හි වුට්ඨිතෙ ආසනං උද්ධරිතබ්බං, පාදොදකං පාදපීඨං පාදකඨලිකං පටිසාමෙතබ්බං. සචෙ සො දෙසො උක්ලාපො හොති, සො දෙසො සම්මජ්ජිතබ්බො. සචෙ අන්තෙවාසිකො නහායිතුකාමො හොති, නහානං පටියාදෙතබ්බං. සචෙ සීතෙන අත්ථො හොති, සීතං පටියාදෙතබ්බං. සචෙ උණ්හෙන අත්ථො හොති, උණ්හං පටියාදෙතබ්බං.
Sinhala BJT9. අතැවැසියා නැගී සිටි කල්හි ආසනය ඔසවා තැබිය යුතු ය. පා දෝනා දිය ද පාපුටුව ද නො සේදූ පා තබන පුවරුව ද තැන්පත් කළ යුතු ය. එ දෙස කසළ සහිත නම්, එ තැන හැමැදිය යුතු ය. අතැවැසියා නානු කැමති නම්, නහනු පිළියෙල කළ යුතු ය. සිහිල් දියෙන් ප්‍රයෝජන නම් සිහිල් දිය පිළියෙල කළ යුතු ය. උණු දියෙන් ප්‍රයෝජන නම් උණු දිය පිළියෙල කළ යුතු ය.
Pali BJT10. සචෙ අන්තෙවාසිකො ජන්තාඝරං පවිසිතුකාමො හොති, චුණ්ණං සන්නෙතබ්බං, මත්තිකා තෙමෙතබ්බා. ජන්තාඝරපීඨං ආදාය ගන්ත්වා ජන්තාඝරපීඨං දත්වා චීවරං පටිග්ගහෙත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. චුණ්ණං දාතබ්බං. මත්තිකා දාතබ්බා. සචෙ උස්සහති ජන්තාඝරං පවිසිතබ්බං. ජන්තාඝරං පවිසන්තෙන මත්තිකාය මුඛං මක්ඛෙත්වා පුරතො ච පච්ඡතො ච පටිච්ඡාදෙත්වා ජන්තාඝරං පවිසිතබ්බං. න ච ථෙරෙ භික්ඛූ අනුපඛජ්ජ නිසීදිතබ්බං, න නවා භික්ඛූ ආසනෙන පටිබාහෙතබ්බා. ජන්තාඝරෙ අන්තෙවාසිකස්ස පරිකම්මං කාතබ්බං. ජන්තාඝරා නික්ඛමන්තෙන ජන්තාඝරපීඨං ආදාය පුරතො ච පච්ඡතො ච පටිච්ඡාදෙත්වා ජන්තාඝරා නික්ඛමිතබ්බං.
Sinhala BJT10. අතැවැසි තෙමේ ගිනිහල්ගෙට යනු කැමැත්තේ නම්, නහන සුණු තෙමා පිඬු කළ යුතු ය. නහනමැටි තේමිය යුතු ය. ගිනිහල්ගෙයි පුටුව ගෙණ ගොස් ගිනිහල්ගෙයි පුටුව දී සිවුර පිළිගෙණ පසෙක තැබිය යුතු ය. නහනසුණු දිය යුතු ය. නහනමැටි දිය යුතු ය. හැක්කේ නම් ගිනිහල්ගෙට පිවිසිය යුතු ය. ගිනිහල්ගෙට පිවිසෙන්නහු විසින් මැටියෙන් මූණ තවරා ඉදිරිපසින් හා පසුපසින් සිරුර වසා ගිනිහල්ගෙට පිවිසිය යුතු ය. ස්ථවිරභික්‍ෂූන් ගටා ද නො හිඳිය යුතු ය. නවක භික්‍ෂූන් ආසනයෙන් බැහැර නො කට යුතු ය. ගිනිහල්ගෙයි දී අතැවැසියාගේ ඇඟ ඉලීම් ඈ වත් කළ යුතු ය. ගිනිහල්ගෙයින් නික්මෙන්නහු විසින් ගිනිහල්ගෙයි පුටුව ගෙණ ඉදිරි පසින් හා පසුපසින් ද සිරුර වසා ගිනිහල්ගෙයින් නික්මිය යුතු ය.
Pali BJT11. උදකෙ’පි අන්තෙවාසිකස්ස පරිකම්මං කාතබ්බං. නහාතෙන පඨමතරං උත්තරිත්වා අත්තනො ගත්තං වොදකං කත්වා නිවාසෙත්වා අන්තෙවාසිකස්ස ගත්තතො උදකං පමජ්ජිතබ්බං. නිවාසනං දාතබ්බං. සඞ්ඝාටි දාතබ්බා. ජන්තාඝරපීඨං ආදාය පඨමතරං ආගන්ත්වා ආසනං පඤ්ඤාපෙතබ්බං. පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික්ඛිපිතබ්බං. අන්තෙවාසිකො පානීයෙන පුච්ඡිතබ්බො.
Sinhala BJT11. ජලයෙහි දී ද අතැවැසියාගේ ඇඟ ඉලීම් ඈ වත් කළ යුතු ය. නා අවසන් කළහු විසින් පළමුකොට ගොඩ නැගී තමන්ගේ සිරුරෙහි දිය පිසදමා හැඳ ගෙණ අතැවැසියාගේ සිරුර පිස දැමිය යුතු ය. අඳනය දිය යුතු ය. සිවුර දිය යුතු ය. ගිනිහල්ගෙයි පුටුව ගෙණ පළමු කොට අවුත් ආසනය පැණවිය යුතු ය. පා දෝනා දිය පාපුටුව නො සේදු පා තබන පුවරුව එළවා තැබිය යුතු ය. අතැවැසි තෙමේ පැනින් විචාළ යුතු ය.
Pali BJT12. යස්මිං විහාරෙ අන්තෙවාසිකො විහරති, සචෙ සො විහාරො උක්ලාපො හොති, සචෙ උස්සහති, සොධෙතබ්බො. විහාරං සොධෙන්තෙන පඨමං පත්තචීවරං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. නිසීදනපච්චත්ථරණං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. භිසිබිම්බොහනං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. මඤ්චො නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන අසංඝට්ටන්තෙන කවාටපිට්ඨං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බො. පීඨං නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන අසංඝට්ටන්තෙන කවාටපිට්ඨං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. මඤ්චපටිපාදකා නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බා. ඛෙළමල්ලකො නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බො. අපස්සෙනඵලකං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. භුම්මත්ථරණං යථාපඤ්ඤත්තං සල්ලක්ඛෙත්වා නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං.
Sinhala BJT12. යම් වෙහෙරක අතැවැසි තෙමේ වෙසේ ද, ඒ වෙහෙර කසළ සහිත වේ නම් හැක්කේ නම් පිරිසිදු කළ යුතු ය. වෙහෙර පිරිසිදු කරන්නහු විසින් පළමු කොට පා සිවුරු බැහැරට ගෙණ පසෙක තැබිය යුතු ය. හිඳිනා කඩ හා පසතුරුණ බැහැර කොට පසෙක තැබිය යුතු ය. ගුදිරිය හා කොට්ටය බැහැර කොට පසෙක තැබිය යුතු ය. ඇඳ පාත් කොට නො ගටා දොරබාව නො හප්පා බැහැර කොට පසෙක මනා කොට තැබිය යුතු ය පුටුව පාත් කොට නො ගටා දොරබාව නො හප්පා පසෙක මනාකොට තැබිය යුතු ය. ඇඳපාඅළු බැහැර කොට පසෙක තැබිය යුතුය. කෙළමලාව පසෙක තැබිය යුතු ය. වැතිර හෝනා පුවරුව බැහැර කොට පසෙක තැබිය යුතු ය. බුමුතුරුණ පණවා තුබූ සැටි සලකා බැහැර කොට පසෙක තැබිය යුතු ය.
Pali BJT13. සචෙ විහාරෙ සන්තානකං හොති, උල්ලොකා පඨමං ඔතාරෙතබ්බං ආලොකසන්ධිකණ්ණභාගා පමජ්ජිතබ්බා. සචෙ ගෙරුකපරිකම්මකතා භිත්ති කණ්ණකිතා හොති, චොළකං තෙමෙත්වා පීළෙත්වා පමජ්ජිතබ්බා. සචෙ කාළවණ්ණකතා භූමි කණ්ණකිතා හොති, චොළකං තෙමෙත්වා පීළෙත්වා පමජ්ජිතබ්බා. සචෙ අකතා හොති භූමි, උදකෙන පරිප්ඵොසෙත්වා සම්මජ්ජිතබ්බා, “මා විහාරො රජෙන ඌහඤ්ඤී”ති. සඞ්කාරං විචිනිත්වා එකමන්තං ඡඩ්ඩෙතබ්බං.
Sinhala BJT13. වෙහෙරෙහි මකුණු දැල් වේ නම් උඩ සිට පළමු කොට ඉවත් කළ යුතු ය. ඇතුළතපිටත ජනෙල්කවුළු හා කාමරයෙහි මුළුසතර පිසදැමිය යුතු ය. ගුරුයෙන් පිරියම් කළ බිත්තිය හටගත් පුස් ඇත්තී නම් රෙදි කඩක් තෙමා මඳක් මිරිකා පිස දැමිය යුතු ය. කළු පැහැ කළ බිම හටහත් පුස් ඇත්තී නම් රෙදි කඩක් තෙමා මඳක් මිරිකා පිස දැමිය යුතු ය. බිම පිරියම් නො කරණ ලද නම් දිය ඉස “වෙහෙර නො කිලිටි වේවා” යි හැමදිය යුතු ය. කසළ රැස් කොට පසෙක ඇමිය යුතු ය.
Pali BJT14. භුම්මත්ථරණං ඔතාපෙත්වා පප්ඵොටෙත්වා අතිහරිත්වා යථා පඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බං. මඤ්චපටිපාදකා ඔතාපෙත්වා පමජ්ජිත්වා අතිහරිත්වා යථාට්ඨානෙ ඨපෙතබ්බා. මඤ්චො ඔතාපෙත්වා සොධෙත්වා නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන අසංඝට්ටන්තෙන කවාටපිට්ඨං අතිහරිත්වා යථාපඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බො. පීඨං ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන අසංඝට්ටන්තෙන කවාටපිට්ඨං අතිහරිත්වා යථාපඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බං. භිසිබිම්බොහනං ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා අතිහරිත්වා යථාපඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බං නිසීදනපච්චත්ථරණං ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා අතිහරිත්වා යථාපඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බං.
Sinhala BJT14. බුමුතුරුණ වියලා ශුද්ධ කොට ගසා දමා ඇතුළට ගෙණවුත් පණවා තුබූ පරිදි තැබිය යුතු ය. ඇඳපාඅළු වියලා පිස දමා ඇතුළට ගෙණවුත් තුබූ තැන තැබිය යුතු ය. ඇඳ වියලා ශුද්ධ කොට ගසා දමා පාත් කොට නො ගටා දොරබාව නො හප්පා ඇතුළට ගෙණවුත් පණවා තුබූ ලෙසින් මනාකොට පැණවිය යුතු ය. පුටුව වියලා ශුද්ධ කොට ගසා දමා පාත්කොට නො ගටා දොරබාව නො හප්පා ඇතුළට ගෙණවුත් පණවා තුබූ ලෙසින් මනා කොට පැණවිය යුතු ය. ගුදිරිය හා කොට්ටය වියලා ශුද්ධ කොට ගසා දමා ඇතුළට ගෙණවුත් පණවා තුබූ ලෙසින් පැණවිය යුතු ය. හිඳිනා කඩ හා පසතුරුණ වියලා ශුද්ධ කොට ගසා දමා ඇතුළට ගෙණවුත් පණවා තුබූ ලෙසින් පැණවිය යුතු ය.
Pali BJT15. ඛෙළමල්ලකො ඔතාපෙත්වා පමජ්ජිත්වා අතිහරිත්වා යථාට්ඨානෙ ඨපෙතබ්බො. අපස්සෙනඵලකං ඔතාපෙත්වා පමජ්ජිත්වා අතිහරිත්වා යථාට්ඨානෙ ඨපෙතබ්බං. පත්තචීවරං නික්ඛිපිතබ්බං. පත්තං නික්ඛිපන්තෙන එකෙන හත්ථෙන පත්තං ගහෙත්වා එකෙන හත්ථෙන හෙට්ඨා මඤ්චං වා හෙට්ඨා පීඨං වා පරාමසිත්වා පත්තො නික්ඛිපිතබ්බො. න ච අනන්තරහිතාය භූමියා පත්තො නික්ඛිපිතබ්බො. චීවරං නික්ඛිපන්තෙන එකෙන හත්ථෙන චීවරං ගහෙත්වා එකෙන හත්ථෙන චීවරවංසං වා චීවරරජ්ජුං වා පමජ්ජිත්වා පාරතො අන්තං ඔරතො භොගං කත්වා චීවරං නික්ඛිපිතබ්බං.
Sinhala BJT15. කෙළමලාව වියලා පිස දමා ඇතුළට ගෙණවුත් තුබූ තැන තැබිය යුතු ය. වැතිරහෝනා පුවරුව වියලා පිස දමා ඇතුළට ගෙණවුත් තුබූ තැන තැබිය යුතු ය. පාසිවුරු බහා තැබිය යුතු ය. පාත්‍රය බහා තබන්නහු විසින් එක් අතකින් පාත්‍රය ගෙණ එක් අතකින් ඇඳ යට හෝ පුටුව යට හෝ අත ගා පාත්‍රය බහා තැබිය යුතු ය. කිසිවක් නො අතුළ බිම පාත්‍රය බහා නො තැබිය යුතු ය. සිවුර බහා තබන්නහු විසින් එක් අතකින් සිවුර ගෙණ එක් අතකින් සිවුරු ලන උණදඬුව හෝ රැහැණ හෝ පිස දමා නුවාව එහාට හා දරණය මෙහාට තබා සිවුර බැහිය යුතු ය.
Pali BJT16. සචෙ පුරත්ථිමා සරජා වාතා වායන්ති, පුරත්ථිමා වාතපානා ථකෙතබ්බා. සචෙ පච්ඡිමා සරජා වාතා වායන්ති, පච්ඡිමා වාතපානා ථකෙතබ්බා. සචෙ උත්තරා සරජා වාතා වායන්ති, උත්තරා වාතපානා ථකෙතබ්බා. සචෙ දක්ඛිණා සරජා වාතා වායන්ති, දක්ඛිණා වාතපානා ථකෙතබ්බා. සචෙ සීතකාලො හොති, දිවා වාතපානා විවරිතබ්බා. රත්තිං ථකෙතබ්බා. සචෙ උණ්හකාලො හොති, දිවා වාතපානා ථකෙතබ්බා. රත්තිං විවරිතබ්බා.
Sinhala BJT16. පෙර දිගින් නගිනා වාතයෝ දූලි සහිත ව හමත් නම්, පෙර දිග වාකවුළු වැසිය යුතු ය. බස්නා හිරින් නැග එන වාතයෝ දූලි සහිත ව හමත් නම්, බස්නා හිර වාකවුළු වැසිය යුතු ය. උතුරු දිගින් නගිනා වාතයෝ දූලි සහිත ව හමත් නම්, උතුරු දිග වාකවුළු වැසිය යුතු ය. දකුණු දිගින් නගිනා වාතයෝ දූලි සහිතව හමත් නම් දකුණු දිග වාකවුළු වැසිය යුතු ය. ශීත කාලය වේ නම්, දහවල වාකවුළු ඇර දැමිය යුතු ය. රාත්‍රියෙහි වැසිය යුතු ය. උෂ්ණකාලය වේ නම්, දහවල වාකවුළු වැසිය යුතු ය. රාත්‍රියෙහි ඇර දැමිය යුතු ය.
Pali BJT17. සචෙ පරිවෙණං උක්ලාපං හොති, පරිවෙණං සම්මජ්ජිතබ්බං. සචෙ කොට්ඨකො උක්ලාපො හොති, කොට්ඨකො සම්මජ්ජිතබ්බො. සචෙ උපට්ඨානසාලා උක්ලාපා හොති, උපට්ඨානසාලා සම්මජ්ජිතබ්බා. සචෙ අග්ගිසාලා උක්ලාපා හොති, අග්ගිසාලා සම්මජ්ජිතබ්බා. සචෙ වච්චකුටි උක්ලාපා හොති, වච්චකුටි සම්මජ්ජිතබ්බා. සචෙ පානීයං න හොති, පානීයං උපට්ඨාපෙතබ්බං. සචෙ පරිභොජනීයං න හොති, පරිභොජනීයං උපට්ඨාපෙතබ්බං. සචෙ ආචමනකුම්භියා උදකං න හොති, ආචමනකුම්භියා උදකං ආසිඤ්චිතබ්බං.
Sinhala BJT17. පිරිවෙණ කසළ සහිත වේ නම්, පිරිවෙණ හැමැදිය යුතු ය. ඇතුළු ගෙය කසළ සහිත වේ නම්, ඇතුළු ගෙය හැමැදිය යුතු ය. උපස්ථානශාලාව කසළ සහිත වේ නම්, උපස්ථානශාලාව හැමැදිය යුතු ය. ගිනිගල් ගෙය කසළ සහිත වේ නම්, ගිනිහල් ගෙය හැමැදිය යුතු ය. වැසිකිළිය කසළ සහිතවේ නම්, වැසිකිළිය හැමැදිය යුතු ය. පැන් නොවේ නම්, පැන් එළවා තැබිය යුතු ය. පරිභෝගයට සුදුසු දිය නො වේ නම්, පරිභෝගයට සුදුසු දිය එළවා තැබිය යුතු ය. වැසිකිළිදියසැළෙහි දිය නො වේ නම්, වැසිකිළිදියසැළෙහි දිය වක් කළ යුතු ය.
Pali BJT18. සචෙ අන්තෙවාසිකස්ස අනභිරති උප්පන්නා හොති, ආචරියෙන වූපකාසෙතබ්බො වූපකාසාපෙතබ්බො ධම්මකථා වාස්ස කාතබ්බා. සචෙ අන්තෙවාසිකස්ස කුක්කුච්චං උප්පන්නං හොති, ආචරියෙන විනොදෙතබ්බං. විනොදාපෙතබ්බං. ධම්මකථා වාස්ස කාතබ්බා. සචෙ අන්තෙවාසිකස්ස දිට්ඨිගතං උප්පන්නං හොති, ආචරියෙන විවෙචෙතබ්බං. විවෙචාපෙතබ්බං. ධම්මකථා වාස්ස කාතබ්බා.
Sinhala BJT18. අතැවැසියාහට ශාසනයෙහි නො ඇල්මෙක් උපන්නේ නම්, ආචාර්‍ය්‍යයා විසින් අන් තැනකට ගෙණ යා යුතු ය. “අනෙකකු ලවා අන් තැනකට පමුණුවා ලිය යුතු ය. ඔහුට ධර්‍මකථා හෝ කිය යුතු ය. අතැවැසියාහට කුකුසෙක් උපන්නේ නම්, ආචාර්‍ය්‍යයා විසින් දුරුකට යුතු ය. “අතැවැසියාගේ කුකුස හැරලව”යි අන් මහණෙකුට කිය යුතු ය. ඔහුට ධර්‍මකථා හෝ කිය යුතු ය. අතැවැසියාහට මිසදිටුවෙක් උපන්නේ නම්, ආචාර්‍ය්‍යයා විසින් දුරුකට යුතු ය. අනිකකු ලවා හෝ එය දුරු කරවිය යුතු ය.
Pali BJT19. සචෙ අන්තෙවාසිකො ගරුධම්මං අජ්ඣාපන්නො හොති, පරිවාසාරහො, ආචරියෙන උස්සුක්කං කාතබ්බං “කින්ති නු ඛො සඞ්ඝො අන්තෙවාසිකස්ස පරිවාසං දදෙය්යා”ති.
Sinhala BJT19. අතැවැසි තෙමේ ගරු ඇවැතට පැමිණියේ පිරිවෙසට සුදුසු වූයේ වේ ද, ආචාර්‍ය්‍යයා විසින් “කෙසේ නම් සඞ්ඝ තෙමේ අතැවැසියා හට පිරිවෙස් දෙන්නේ දැ?” යි උත්සාහ කට යුතු ය.
Pali BJT20. සචෙ අන්තෙවාසිකො මූලාය පටිකස්සනාරහො හොති, ආචරියෙන උස්සුක්කං කාතබ්බං “කින්ති නු ඛො සඞ්ඝො අන්තෙවාසිකං මූලාය පටිකස්සෙය්යාති.
Sinhala BJT20. අතැවැසි තෙමේ මුල සිට පිරිවෙස් පිරීමට සුදුසු වූයේ වේ ද, ආචාර්‍ය්‍යයා විසින් “කෙසේ නම් සඞ්ඝ තෙමේ අතැවැසියා මුලසිට (පිරිවෙස් පිරීමට) අදින්නේ දැ?” යි උත්සාහ කට යුතු ය.
Pali BJT21. සචෙ අන්තෙවාසිකො මානත්තාරහො හොති, ආචරියෙන උස්සුක්කං කාතබ්බං “කින්ති නු ඛො සඞ්ඝො අන්තෙවාසිකස්ස මානත්තං දදෙය්යා”ති.
Sinhala BJT21. අතැවැසි තෙමේ මානතට සුදුසු වූයේ වේ ද, ආචාර්‍ය්‍යයා විසින් කෙසේ නම් සඞ්ඝ තෙමේ අතැවැසියාහට මානත දෙන්නේ දැ?” යි උත්සාහ කට යුතු ය.
Pali BJT22. සචෙ අන්තෙවාසිකො අබ්භානාරහො හොති, ආචරියෙන උස්සුක්කං කාතබ්බං “කින්ති නු ඛො සඞ්ඝො අන්තෙවාසිකං අබ්භෙය්යා”ති.
Sinhala BJT22. අතැවැසි තෙමේ අබ්භානයට සුදුසු වූයේ වේ ද, ආචාර්‍ය්‍යයා විසින් “කෙසේ නම් සඞ්ඝතෙමේ අතැවැසියා සඞ්ඝයාට ඇතුළත් කරන්නේ දැ”? යි උත්සාහ කට යුතු ය.
Pali BJT23. සචෙ සඞ්ඝො අන්තෙවාසිකස්ස කම්මං කත්තුකාමො හොති. තජ්ජනීයං වා නියස්සං වා පබ්බාජනීයං වා පටිසාරණීයං වා උක්ඛෙපනීයං වා, ආචරියෙන උස්සුක්කං කාතබ්බං “කින්ති නු ඛො සඞ්ඝො අන්තෙවාසිකස්ස කම්මං න කරෙය්ය? ලහුතාය වා පරිණාමෙය්යා”?ති. කතං වා පනස්ස හොති සඞ්ඝෙන කම්මං තජ්ජනීයං වා නියස්සං වා පබ්බාජනීයං වා පටිසාරණීයං වා උක්ඛෙපනීයං වා, ආචරියෙන උස්සුක්කං කාතබ්බං “කින්ති නු ඛො අන්තෙවාසිකො සම්මා වත්තෙය්ය? ලොමං පාතෙය්ය? නෙත්ථාරං වත්තෙය්ය? සඞ්ඝො තං කම්මං පටිප්පස්සම්භෙය්යා”?ති.
Sinhala BJT23. සඞ්ඝතෙමේ අතැවැසියාහට තජ්ජනීය කම්මය හෝ නියස්සකම්මය හෝ පබ්බාජනීයකම්මය හෝ පටිසාරණීයකම්මය හෝ උක්ඛේපනීයකම්මය හෝ කරණු කැමැත්තේ වේ ද, ආචාර්‍ය්‍යයා විසින් “කෙසේ නම් සඞ්ඝ තෙමේ අතැවැස්සාහට කර්‍මය නො කරන්නේ ද, ලුහුබවට පෙරළන්නේ දැ”? යි උත්සාහ කටයුතු ය. අතැවැසියාහට සඞ්ඝයා විසින් තජ්ජනීයකම්මය හෝ නියස්සකම්මය හෝ පබ්බාජනීයකම්මය හෝ පටිසාරණීයකම්මය හෝ උක්ඛේපනීය කම්මය හෝ කරණ ලද්දේ හෝ වේ ද, “කෙසේ නම් අතැවැසි තෙමේ මනා කොට පවතින්නේ ද? අනුලොම් වන්නේ ද? නිදොස් බව පිණිස මනා කොට පවතින්නේ ද? සඞ්ඝ තෙමේ ඒ කර්‍මය සන්සිඳුවන්නේ දැ”? යි ආචාර්‍ය්‍යයා විසින් උත්සාහ කටයුතු ය.
Pali BJT24. සචෙ අන්තෙවාසිකස්ස චීවරං ධොවිතබ්බං හොති, ආචරියෙන ආචික්ඛිතබ්බං “එවං ධොවෙය්යාසී”ති. උස්සුක්කං වා කාතබ්බං “කින්ති නු ඛො අන්තෙවාසිකස්ස චීවරං ධොවීයෙථා”ති. සචෙ අන්තෙවාසිකස්ස චීවරං කාතබ්බං හොති, ආචරියෙන ආචික්ඛිතබ්බං “එවං කරෙය්යාසී’ති. උස්සුක්කං වා කාතබ්බං “කින්ති නු ඛො අන්තෙවාසිකස්ස චීවරං කරීයෙථා”ති. සචෙ අන්තෙවාසිකස්ස රජනං පචිතබ්බං හොති, ආචරියෙන ආචික්ඛිතබ්බං “එවං පචෙය්යාසී”ති. උස්සුක්කං වා කාතබ්බං “කින්ති නු ඛො අන්තෙවාසිකස්ස රජනං පචීයෙථා”ති. සචෙ අන්තෙවාසිකස්ස චීවරං රජෙතබ්බං හොති, ආචරියෙන ආචික්ඛිතබ්බං ‘එවං රජෙය්යාසී’ති. උස්සුක්කං වා කාතබ්බං “කින්ති නු ඛො අන්තෙවාසිකස්ස චීවරං රජියෙථා”ති. චීවරං රජන්තෙන සාධුකං සම්පරිවත්තකං සම්පරිවත්තකං රජෙතබ්බං. න ච අච්ඡින්නෙ ථෙවෙ පක්කමිතබ්බං. සචෙ අන්තෙවාසිකො ගිලානො හොති, යාවජීවං උපට්ඨාතබ්බො. වුට්ඨානමස්ස ආගමෙතබ්බන්ති.
Sinhala BJT24. අතැවැසියාගේ සිවුර සේදිය යුතු නම් ආචාර්‍ය්‍යයා විසින් “මෙසේ සෝදන්නෙහි” යි කිය යුතු ය. “අතැවැසියාගේ සිවුර කෙසේ නම් සෝදනු ලබන්නේ දැ” යි උත්සාහය හෝ කට යුතු ය. අතැවැසියා හට සිවුරක් කටයුතු නම් ආචාර්‍ය්‍යයා විසින් “මෙසේ කරන්නෙහි” යි කිය යුතු ය. “අතැවැසියාගේ සිවුර කෙසේ නම් කරණු ලබන්නේ දැ” යි උත්සාහය හෝ කටයුතු ය. අතැවැසියාහට පඬු පිසිය යුතු නම් ආචාර්‍ය්‍යයා විසින් “මෙසේ පිසන්නෙහි” යි කිය යුතු ය. “අතැවැසියා හට කෙසේ නම් පඬු පිසනු ලබන්නේ දැ” යි උත්සාහය හෝ කට යුතු ය. අතැවැසියාගේ සිවුර පඬු පෙවිය යුතු නම් ආචාර්‍ය්‍යයා විසින් මෙසේ පඬු පොවන්නෙහි’ යි කිය යුතු ය. “අතැවැසියාගේ සිවුර කෙසේ නම් පඬු පොවනු ලබන්නේ දැ” යි උත්සාහය හෝ කටයුතු ය. සිවුර පඬු පොවන්නහු විසින් පෙරළ පෙරළා මනා කොට පඬු පෙවිය යුතු ය. පොද නො සුන් කල්හි බැහැර නො යා යුතු ය. අතැවැසි තෙමේ ගිලන් වේ නම් ජීවත් වනතුරු උවැටැන් කළ යුතු ය. අතැවැසියාගේ රෝගයෙන් නැගී සිටීම බලාපොරොත්තු විය යුතු ය.
Pali BJTඅන්තෙවාසිකවත්තං නිට්ඨිතං.
Sinhala BJTඅතැවැසිවත නිමි.
Pali BJT1. තෙන ඛො පන සමයෙන අන්තෙවාසිකා ආචරියෙසු න සම්මා වත්තන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, අන්තෙවාසිකෙන ආචරියම්හි න සම්මා වත්තිතබ්බං. යො න සම්මා වත්තෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති. නෙව සම්මා වත්තන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, අසම්මාවත්තන්තං පනාමෙතුං”. එවඤ්ච පන භික්ඛවෙ, පනාමෙතබ්බො. “පණාමෙමි ත” න්ති වා “මා ඉධ පටික්කමී”ති වා “නීහර තෙ පත්තචීවර”න්ති වා, “නාහං තයා උපට්ඨාතබ්බො”ති වා, කායෙන විඤ්ඤාපෙති, වාචාය විඤ්ඤාපෙති, කායෙන වාචාය විඤ්ඤාපෙති, පනාමිතො හොති අන්තෙවාසිකො. න කායෙන විඤ්ඤාපෙති, න වාචාය විඤ්ඤාපෙති, න කායෙන වාචාය විඤ්ඤාපෙති, න පනාමිතො හොති අන්තෙවාසිකොති.
Sinhala BJT1. එකල්හි අතැවැසියෝ ආචාර්‍ය්‍යයන් වෙත මැනවින් නො පවත්නෝ ය. භාග්‍යවතුන් වහන්සේට මේ බව සැළකළහ. “මහණෙනි, අතැවැසියා ආචාර්‍ය්‍යයා වෙත මැනවින් නො පැවැතිය යුතු නො වේ. යමෙක් මැනවින් නො පවත්නේ නම් දුකුළාඇවැත් වේ ය” යි. මැනවින් නොම පවතිත්. භාග්‍යවතුන් වහන්සේට මේ බව සැළකළහ. මහණෙනි, මැනවින් නො පවතින්නහු බැහැර කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ බැහැර කළ යුතු ය. “තා බැහැර කරමි” යි’ හෝ “මෙහි නො පිවිසෙව” යි හෝ “තාගේ පාසිවුරු බැහැරට ගණුව” යී හෝ “තා විසින් මම උපස්ථාන නො කටයුත්තෙමි” යි හෝ කයින් හඟවා ද වචනයෙන් හඟවා ද කයින් හා වචනයෙන් හඟවා ද අතැවැසි තෙමේ බැහැර කරණ ලදේදේ වේ. කයින් නො හඟවා ද වචනයෙන් නො හඟවා ද කයින් හා වචනයෙන් නො හඟවා ද අතැවැසි තෙමේ බැහැර නො කරණ ලද්දේ වේ ය” යි.
Pali BJT2. තෙන ඛො පන සමයෙන අන්තෙවාසිකා පනාමිතා න ඛමාපෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ඛමාපෙතු”න්ති. නෙව ඛමාපෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, පනාමිතෙන න ඛමාපෙතබ්බො. යො න ඛමාපෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT2. එකල්හි බැහැර කරණලද අතැවැසියෝ (ආචාර්‍ය්‍යයන්) කමා නො කරවත්. භාග්‍යවතුන් වහන්සේට මේ බව සැළකළහ. “මහණෙනි, කමා කරවා ගන්ට අනුදනිමි” යි. එහෙත් ඔහු ආචාර්‍ය්‍යයන් කමා නො කරවත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි බැහැර කරණ ලදහු විසින් කමා නො කර විය යුතු නො වේ. යමෙක් ආචාර්‍ය්‍යයන් කමා නො කරවන්නේ නම් දුකුළා ඇවැත් වේ” යි.
Pali BJT3. තෙන ඛො පන සමයෙන ආචරියා ඛමාපියමානා න ඛමන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ඛමිතු”න්ති. නෙව ඛමන්ති. අන්තෙවාසිකා පක්කමන්තිපි විබ්භමන්තිපි තිත්ථියෙසුපි සඞ්කමන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, ඛමාපියමානෙන න ඛමිතබ්බං. යො න ඛමෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT3. එකල්හි අතැවැසියන් විසින් කමා කරවනු ලබන ආචාර්‍ය්‍යයෝ කමා නො කරත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, කමාකරන්ට අනුදනිමි” යි. ආචාර්‍ය්‍යයෝ කමා නො කරත්. අතැවැසියෝ බැහැර ද යෙති. සිවුරු ද හැර ලත්. අන්‍යතීර්‍ත්‍ථකයන් වෙත ද යෙති. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “කමා කරවනු ලබන්නහු විසින් කමා නො කරවිය යුතු නො වේ. යමෙක් කමා නො කරන්නේ නම් දුකුළා ඇවැත් වේ” යි.
Pali BJT4. තෙන ඛො පන සමයෙන ආචරියා සම්මාවත්තන්තං පනාමෙන්ති, අසම්මා වත්තන්තං න පනාමෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, සම්මා වත්තන්තො පනාමෙතබ්බො. යො පනාමෙය්ය, ආපත්ති දුක්කටස්ස. න ච භික්ඛවෙ, අසම්මා වත්තන්තො න පනාමෙතබ්බො. යො න පනාමෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT4. එකල්හි ආචාර්‍ය්‍යයෝ මනා කොට පිළිවෙත් පුරණ අතැවැසියා බැහැර කෙරෙත්. මනා කොට පිළිවෙත් නො පුරණ අතැවැසියා බැහැර නො කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මනා කොට පිළිවෙත් පුරණ අතැවැසි තෙමේ බැහැර නො කළයුතුය. යමෙක් බැහැර කරන්නේ නම් දුකුළාඇවැත් වේ. මනා කොට පිළිවෙත් නො පුරණ අතැවැසි තෙමේ බැහැර නො කට යුතු නො වේ. යමක් බැහැර නො කරන්නේ නම් දුකුළාඇවැත් වේ” යි.
Pali BJT5. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො අන්තෙවාසිකො පනාමෙතබ්බො. ආචරියම්හි නාධිමත්තං පෙමං හොති, නාධිමත්තො පසාදො හොති, නාධිමත්තා හිරි හොති, නාධිමත්තො ගාරවො හොති, නාධිමත්තා භාවනා හොති. ඉමෙහි ඛො, භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො අන්තෙවාසිකො පනාමෙතබ්බො.
Sinhala BJT5. මහණෙනි, කරුණු පසකින් යුත් අතැවැසිතෙමේ බැහැර කට යුතුය. ආචාර්‍ය්‍යයා කෙරෙහි අධික වූ ගෙහසිතප්‍රේමයෙක් නො වේ ද, අධික වූ පැහැදීමෙක් නො වේ ද, අධික වූ ලජ්ජාවක් නො වන්නී ද, අධික වු ගෞරවයෙක් නො වේ ද, අධික වු මෛත්‍රී භාවනාවක් නො වන්නී ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් අතැවැසි තෙමේ බැහැර කටයුතු ය.
Pali BJT6. පඤ්චහි, භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො අන්තෙවාසිකො න පනාමෙතබ්බො. ආචරියම්හි අධිමත්තං පෙමං හොති, අධිමත්තො පසාදො හොති, අධිමත්තා හිරි හොති, අධිමත්තො ගාරවො හොති, අධිමත්තා භාවනා හොති, ඉමෙහි ඛො, භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො අන්තෙවාසිකො න පනාමෙතබ්බො.
Sinhala BJT6. මහණෙනි, කරණු පසකින් යුත් අතැවැසිතෙමේ බැහැර නො කටයුතු ය ආචාර්‍ය්‍යයා කෙරෙහි අධික වූ ගෙහසිතප්‍රේමයෙක් වේ ද, අධික වූ පැහැදීමෙක් වේ ද, අධික වූ ලජ්ජාවක් වන්නී ද, අධික වූ ගෞරවයෙක් වේ ද, අධික වූ මෛත්‍රී භාවනාවක් වන්නී ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් අතැවැසි තෙමේ බැහැර නො කට යුතු ය.
Pali BJT7. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො අන්තෙවාසිකො අලං පනාමෙතුං. ආචරියම්හි නාධිමත්තං පෙමං හොති, නාධිමත්තො පසාදො හොති, නාධිමත්තා හිරි හොති, නාධිමත්තො ගාරවො හොති, නාධිමත්තා භාවනා හොති. ඉමෙහි ඛො, භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො අන්තෙවාසිකො අලං පනාමෙතුං.
Sinhala BJT7. මහණෙනි, කරුණු පසකින් යුත් අතැවැසිතෙමේ බැහැර කරන්නට සුදුසු වේ. ආචාර්‍ය්‍යයා කෙරෙහි අධික වූ ප්‍රේමයෙක් නො වේ ද, අධික වූ පැහැදීමෙක් නො වේ ද, අධික වූ ලජ්ජාවක් නොවන්නී ද, අධික වූ ගෞරවයෙක් නො වේ ද, අධික වූ මෛත්‍රී භාවනාවක් නො වන්නී ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් අතැවැසි තෙමේ බැහැර කරන්නට සුදුසු වේ.
Pali BJT8. පඤ්චහි, භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො අන්තෙවාසිකො නාලං පනාමෙතුං. ආචරියම්හි අධිමත්තං පෙමං හොති, අධිමත්තො පසාදො හොති, අධිමත්තා හිරි හොති, අධිමත්තො ගාරවො හොති, අධිමත්තා භාවනා හොති, ඉමෙහි ඛො, භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො අන්තෙවාසිකො නාලං පනාමෙතුං.
Sinhala BJT8. “මහණෙනි, කරුණු පසකින් යුත් අතැවැසි තෙමේ බැහැර කරන්නට සුදුසු නො වේ. ආචාර්‍ය්‍යයා කෙරෙහි අධික වූ ප්‍රේමයෙක් වේ ද, අධික වූ පැහැදීමෙක් වේ ද, අධික වූ ලජ්ජාවක් වන්නී ද, අධික වූ ගෞරවයක් වේ ද, අධික වූ මෛත්‍රීභාවනාවක් වන්නී ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් අතැවැසිතෙමේ බැහැර කරන්නට සුදුසු නො වේ.
Pali BJT9. පඤ්චහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතං අන්තෙවාසිකං අපනාමෙන්තො ආචරියො සාතිසාරො හොති. පනාමෙන්තො අනතිසාරො හොති. ආචරියම්හි නාධිමත්තං පෙමං හොති, නාධිමත්තො පසාදො හොති, නාධිමත්තා හිරි හොති, නාධිමත්තො ගාරවො හොති, නාධිමත්තා භාවනා හොති, ඉමෙහි ඛො, භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතං අන්තෙවාසිකං අපනාමෙන්තො ආචරියො සාතිසාරො හොති. පනාමෙන්තො අනතිසාරො හොති.
Sinhala BJT9. මහණෙනි, කරුණු පසකින් යුත් අතැවැසියා බැහැර නො කරන්නා වූ ආචාර්‍ය්‍ය තෙමේ දොස් සහිත වේ. බැහැර කරන්නේ දොස් රහිත වේ. ආචාර්‍ය්‍යයා කෙරෙහි අධික වූ ප්‍රේමයෙක් නො වේ ද, අධික වූ පැහැදීමෙක් නො වේ ද, අධික වූ ලජ්ජාවක් නො වන්නී ද, අධික වූ ගෞරවයක් නො වේ ද, අධික වූ මෛත්‍රී භාවනාවක් නො වන්නී ද, මේ කරුණු පසින් යුත් අතැවැසියා බැහැර නො කරන්නා වූ ආචාර්‍ය්‍ය තෙමේ දොස් සහිත වේ. බැහැර කරන්නේ දොස් රහිත වේ.
Pali BJT10. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතං අන්තෙවාසිකං පනාමෙන්තො ආචරියො සාතිසාරො හොති. අපනාමෙන්තො අනතිසාරො හොති. ආචරියම්හි අධිමත්තං පෙමං හොති. අධිමත්තො පසාදො හොති. අධිමත්තා හිරි හොති, අධිමත්තො ගාරවො හොති, අධිමත්තා භාවනා හොති, ඉමෙහි ඛො, භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතං අන්තෙවාසිකං පනාමෙන්තො ආචරියො සාතිසාරො හොති, අපනාමෙන්තො අනතිසාරො හොතී”ති.
Sinhala BJT10. මහණෙනි, කරුණු පසකින් යුත් අතැවැසියා බැහැර කරන්නා වූ ආචාර්‍ය්‍ය තෙමේ දොස් සහිත වේ. බැහැර නො කරන්නේ දොස් රහිත වේ. ආචාර්‍ය්‍යයා කෙරෙහි අධික වූ ප්‍රේමයෙක් වේ ද, අධික වූ පැහැදීමෙක් වේ ද, අධික වූ ලජ්ජාවක් වන්නී ද, අධික වූ ගෞරවයෙක් වේ ද, අධික වූ මෛත්‍රී භාවනාවක් වන්නී ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් අතැවැසියා බැහැර කරන්නා වූ ආචාර්‍ය්‍ය තෙමේ දොස් සහිත වේ. බැහැර නො කරන්නේ දොස් රහිත වේ.
Pali BJT11. තෙන ඛො පන සමයෙන භික්ඛූ “දසවස්සම්හ, දසවස්සම්හා”ති, බාලා අබ්යත්තා නිස්සයං දෙන්ති. දිස්සන්ති ආචරියා බාලා, අන්තෙවාසිකා පණ්ඩිතා. දිස්සන්ති ආචරියා අබ්යත්තා, අන්තෙවාසිකා බ්යත්තා. දිස්සන්ති ආචරියා අප්පස්සුතා, අන්තෙවාසිකා බහුස්සුතා. දිස්සන්ති ආචරියා දුප්පඤ්ඤා, අන්තෙවාසිකා පඤ්ඤවන්තො.
Sinhala BJT11. එකල්හි “දසවස් ඇත්තම්හ දසවස් ඇත්තම්හ” යි අඥ වූ අව්‍යක්ත වූ භික්‍ෂුහු නිස්සය දෙත්. ආචාර්‍ය්‍යයෝ අඥ වූවාහු අතැවැසියෝ පණ්ඩිත වූවාහු දක්නා ලැබෙත්. ආචාර්‍ය්‍යයෝ අව්‍යක්ත වූවාහු අතැවැසියෝ ව්‍යක්ත වූවාහු දක්නා ලැබෙත්. ආචාර්‍ය්‍යයෝ අල්පශ්‍රැත වූවාහු අතැවැසියෝ බහුශ්‍රුත වූවාහු දක්නා ලැබෙත්. ආචාර්‍ය්‍යයෝ නුවණ නැත්තාහු අතැවැසියෝ නුවණ ඇත්තාහු දක්නා ලැබෙත්.
Pali BJT12. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති, විපාචෙන්ති. “කථං හි නාම භික්ඛූ දසවස්සම්හ දසවස්සම්හා ති බාලා අබ්යත්තා නිස්සයං දස්සන්ති? දිස්සන්ති ආචරියා බාලා, අන්තෙවාසිකා පණ්ඩිතා. දිස්සන්ති ආචරියා අබ්යත්තා, අන්තෙවාසිකා බ්යත්තා. දිස්සන්ති ආචරියා අප්පස්සුතා, අන්තෙවාසිකා බහුස්සුතා. දිස්සන්ති ආචරියා දුප්පඤ්ඤා, අන්තෙවාසිකා පඤ්ඤවන්තො?”ති.
Sinhala BJT12. යම් ඒ භික්‍ෂූහු ආශා රහිත වූවාහු ද ඔහු අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. “කෙසේ නම් භික්‍ෂූහු ‘දස වස් ඇත්තම්හ, දස වස් ඇත්තම්හ’ යි අඥ වූවාහු අව්‍යක්ත වූවාහු නිස්සය දෙත් ද? ආචාර්‍ය්‍යයෝ අඥ වූවාහු අතැවැසියෝ පණ්ඩිත වූවාහු දක්නා ලැබෙත්. ආචාර්‍ය්‍යයෝ අව්‍යක්ත වූවාහු අතැවැසියෝ ව්‍යක්ත වූවාහු දක්නා ලැබෙත්. ආචාර්‍ය්‍යයෝ අල්පශ්‍රැත වූවාහු අතැවැසියෝ බහුශ්‍රුත වූවාහු දක්නා ලැබෙත්. ආචාර්‍ය්‍යයෝ නුවණ නැත්තාහු අතැවැසියෝ නුවණ ඇත්තාහු දක්නා ලැබෙත්.”
Pali BJT13. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “සච්චං කිර භික්ඛවෙ” -පෙ- සච්චං භගවා -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. “න භික්ඛවෙ බාලෙන අබ්යත්තෙන නිස්සයො දාතබ්බො. යො දදෙය්ය, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ, බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන දසවස්සෙන වා අතිරෙකදසවස්සෙන වා නිස්සයං දාතු”න්ති.
Sinhala BJT13. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සැබෑ ද?” –පෙ– භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය. –පෙ– ගරහා දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, අඥ වූ අව්‍යක්ත මහණහු විසින් නිස්සය නො දිය යුතු ය. යම් මහණෙක් නිස්සය දෙන්නේ නම් දුකුළාඇවැත් වේ. “මහණෙනි, දසවස් ඇත්තා වූ හෝ වැඩි දස වස් ඇත්තාවූ හෝ ව්‍යක්තවූ ප්‍රතිබලවූ මහණහු විසින් නිස්සය දෙන්නට අනුදනිමි”යි.
Pali BJTආචරියවත්තභාණවාරං නිට්ඨිතං ඡට්ඨං.
Sinhala BJTසවන ඇදුරුවත්බණවර නිමි.
Pali BJT1. තෙන ඛො පන සමයෙන භික්ඛූ ආචරියුපජ්ඣායෙසු පක්කන්තෙසුපි විබ්භන්තෙසුපි කාලඞ්කතෙසුපි, පක්ඛසඞ්කන්තෙසුපි නිස්සයපටිප්පස්සද්ධි යො න ජානන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “පඤ්චිමා භික්ඛවෙ, නිස්සයපටිප්පස්සද්ධියො උපජ්ඣායම්හා: උපජ්ඣායො පක්කන්තො වා හොති, විබ්භන්තො වා, කාලඞ්කතො වා, පක්ඛසඞ්කන්තො වා, ආණත්තියෙව පඤ්චමී. ඉමා ඛො, භික්ඛවෙ, පඤ්ච නිස්සයපටිප්පස්සද්ධියො උපජ්ඣායම්හා.
Sinhala BJT1. එකල්හි භික්‍ෂූහු ආචාර්‍ය්‍යෝපාධ්‍යායයන් බැහැර ගිය කල්හි ද සිවුරු හැර ගිය කල්හි ද කලුරිය කළ කල්හි ද අන්‍යතීර්‍ත්‍ථකපක්‍ෂයකට මාරු වූ කල්හි ද නිස සන්හිඳීම්* (නිස සන්හිඳෙන සැටි) නො දනිත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, උපාද්ධ්‍යායයා කෙරෙන් නිස සන්හිඳීම් මේ පසෙක් වේ: උපාද්ධ්‍යාය තෙමේ බැහැර ගියේ හෝ වේ ද, සිවුරු හැර ගියේ හෝ වේ ද, කලුරිය කෙළේ හෝ වේ ද, තීර්‍ත්‍ථකපක්‍ෂයකට මාරු වූයේ හෝ වේ ද, යන මේ සතර හා (බැහැරයව’ යි) අණ කිරීම ම පස්වැන්න වේ. මේ පස උපාද්ධ්‍යායයා කෙරෙන් වන නිස සන්හිඳීම් වේ.
Pali BJT2. ඡයිමා භික්ඛවෙ, නිස්සයපටිප්පස්සද්ධියො ආචරියම්හා: ආචරියො පක්කන්තො වා හොති, විබ්භන්තො වා, කාලඞ්කතො වා, පක්ඛසඞ්කන්තො වා, ආණත්තියෙව පඤ්චමී, උපජ්ඣායෙන වා සමොධානගතො හොති. ඉමා ඛො, භික්ඛවෙ, ඡ නිස්සයපටිප්පස්සද්ධියො ආචරියම්හා”.
Sinhala BJT2. මහණෙනි, ආචාර්‍ය්‍යයා කෙරෙන් වන නිස සන්හිඳීම් මේ සයෙකි: ආචාර්‍ය්‍ය තෙමේ බැහැර ගියේ වේ ද, සිවුරු හැර ගියේ වේ ද, කලුරිය කෙළේ හෝ වේ ද, තීර්‍ත්‍ථකපක්‍ෂයකට මාරු වූයේ හෝ වේ ද, මේ සතර අණ කිරීම ම පස්වැන්න වේ. උපාද්ධ්‍යායයා හා එක්වීමට{*} ගියේ හෝ වේ. මේ සය ආචාර්‍ය්‍යයා කෙරෙන් වන නිස සන්හිඳීම් වේ.
Pali BJT3. පඤ්චහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං. න නිස්සයො දාතබ්බො. න සාමණෙරො උපට්ඨාපෙතබ්බො. න අසෙඛෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො හොති, න අසෙඛෙන සමාධික්ඛන්ධෙන සමන්නාගතො හොති, න අසෙඛෙන පඤ්ඤාක්ඛන්ධෙන සමන්නාගතො හොති, න අසෙඛෙන විමුත්තික්ඛන්ධෙන සමන්නාගතො හොති, න අසෙඛෙන විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙන සමන්නාගතො හොති. ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං. න නිස්සයො දාතබ්බො. න සාමණෙරො උපට්ඨාපෙතබ්බො.
Sinhala BJT3. මහණෙනි, කරුණු පසකින් යුක්ත වූ මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය. අසේඛ වූ ශීලක්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, අසේඛ වූ සමාධික්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, අසේඛ වූ පඤ්ඤාක්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, අසේඛ වූ විමුත්තික්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, අසේඛ වූ විමුත්තිඤාණදස්සනක්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුක්ත වූ මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය.
Pali BJT4. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං. නිස්සයො දාතබ්බො. සාමණෙරො උපට්ඨාපෙතබ්බො. අසෙඛෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන සමාධික්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන පඤ්ඤාක්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන විමුත්තික්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙන සමන්නාගතො හොති. ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං. නිස්සයො දාතබ්බො. සාමණෙරො උපට්ඨාපෙතබ්බො.
Sinhala BJT4. මහණෙනි, කරුණු පසකින් යුක්ත වූ මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය. අසේඛ වූ සීලක්ඛන්‍ධයෙන් යුක්ත වේ ද, අසේඛ වූ සමාධික්ඛන්‍ධයෙන් යුක්ත වේ ද, අසේඛ වූ පඤ්ඤාක්ඛන්‍ධයෙන් යුක්ත වේ ද, අසේඛ වූ විමුත්තික්ඛන්‍ධයෙන් යුක්ත වේ ද, අසේඛ වූ විමුත්තිඤාණදස්සනක්ඛන්‍ධයෙන් යුක්ත වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුක්ත වු මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය.
Pali BJT5. අපරෙහිපි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං. න නිස්සයො දාතබ්බො. න සාමණෙරො උපට්ඨාපෙතබ්බො. අත්තනා න අසෙඛෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො හොති, න පරං අසෙඛෙ සීලක්ඛන්ධෙ සමාදපෙතා; අත්තනා න අසෙඛෙන සමාධික්ඛන්ධෙන සමන්නාගතො හොති, න පරං අසෙඛෙ සමාධික්ඛන්ධෙ සමාදපෙතා; අත්තනා න අසෙඛෙන පඤ්ඤාක්ඛන්ධෙන සමන්නාගතො හොති, න පරං අසෙඛෙ පඤ්ඤාක්ඛන්ධෙ සමාදපෙතා; අත්තනා න අසෙඛෙන විමුත්තික්ඛන්ධෙන සමන්නාගතො හොති, න පරං අසෙඛෙ විමුත්තික්ඛන්ධෙ සමාදපෙතා; අත්තනා න අසෙඛෙන විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙන සමන්නාගතො හොති, න පරං අසෙඛෙ විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙ සමාදපෙතා. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං. න නිස්සයො දාතබ්බො. න සාමණෙරො උපට්ඨාපෙතබ්බො.
Sinhala BJT5. මහණෙනි, අනිකුදු කරුණු පසකින් යුක්ත වූ මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය. තෙමේ අසේඛ වූ සීලක්ඛන්‍ධයෙන් යුක්ත නො වූයේ ද, අන්හු අසේඛ වූ සීලක්ඛන්‍ධයෙහි සමාදන් නො කරවන්නේ වේ ද; තෙමේ අසේඛ වූ සමාධික්ඛන්‍ධයෙන් යුක්ත නො වූයේ ද, අන්හු අසේඛ වූ සමාධික්ඛන්‍ධයෙහි සමාදන් නො කරවන්නේ වේ ද; තෙමේ අසේඛ වූ පඤ්ඤාක්ඛන්‍ධයෙන් යුක්ත නො වූයේ ද, අන්හු අසේඛ වූ පඤ්ඤක්ඛන්‍ධයෙහි සමාදන් නො කරවන්නේ වේ ද; තෙමේ අසේඛ වූ විමුත්තික්ඛන්‍ධයෙන් යුක්ත නො වූයේ ද, අන්හු අසේඛ වූ විමුත්තික්ඛන්‍ධයෙහි සමාදන් නො කරවන්නේ මේ ද; තෙමේ අසේඛ වූ විමුත්තිඤාණදස්සනක්ඛන්‍ධයෙන් යුක්ත නො වුයේද, අන්හු අසේඛ වූ විමුත්තිඤාණදස්සනක්ඛන්‍ධයෙහි සමාදන් නො කරවන්නේ වේ ද; මහණෙනි, මේ කරුණු පසින් යුක්ත වූ මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය.
Pali BJT6. පඤ්චහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං. නිස්සයො දාතබ්බො. සාමණෙරො උපට්ඨාපෙතබ්බො. අත්තනා අසෙඛෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො හොති, පරං අසෙඛෙ සීලක්ඛන්ධෙ සමාදපෙතා; අත්තනා අසෙඛෙන සමාධික්ඛන්ධෙන සමන්නාගතො හොති, පරං අසෙඛෙ සමාධික්ඛන්ධෙ සමාදපෙතා; අත්තනා අසෙඛෙන පඤ්ඤාක්ඛන්ධෙන සමන්නාගතො හොති, පරං අසෙඛෙ පඤ්ඤාක්ඛන්ධෙ සමාදපෙතා; අත්තනා අසෙඛෙන විමුත්තික්ඛන්ධෙන සමන්නාගතො හොති, පරං අසෙඛෙ විමුත්තික්ඛන්ධෙ සමාදපෙතා; අත්තනා අසෙඛෙන විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙන සමන්නාගතො හොති, පරං අසෙඛෙ විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙ සමාදපෙතා. ඉමෙහි ඛො, භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං. නිස්සයො දාතබ්බො. සාමණෙරො උපට්ඨාපෙතබ්බො.
Sinhala BJT6. මහණෙනි, කරුණු පසකින් යුතු මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය. තෙමේ අසේඛ වූ සීලක්ඛන්‍ධයෙන් යුක්ත වූයේ ද, අන්හු අසේඛ වූ සීලක්ඛන්‍ධයෙහි සමාදන් කරවන්නේ වේ ද; තෙමේ අසේඛ වූ සමාධික්ඛන්‍ධයෙන් යුක්ත වූයේ ද, අන්හු අසේඛ වූ සමාධික්ඛන්‍ධයෙහි සමාදන් කරවන්නේ වේ ද; තෙමේ අසේඛ වූ පඤ්ඤාක්ඛන්‍ධයෙන් යුක්ත වූයේ ද, අන්හු අසේඛ වූ පඤ්ඤක්ඛන්‍ධයෙහි සමාදන් කරවන්නේ වේ ද; තෙමේ අසේඛ වූ විමුත්තික්ඛන්‍ධයෙන් යුක්ත වූයේ ද, අන්හු අසේඛ වූ විමුත්තික්ඛන්‍ධයෙහි සමාදන් කරවන්නේ වේ ද; තෙමේ අසේඛවු විමුත්තිඤාණදස්සනක්ඛන්‍ධයෙන් යුක්ත වූයේ ද, අන්හු අසේඛ වු විමුත්තිකඤාණදස්සනක්ඛන්‍ධයෙහි සමාදන් කරවන්නේ වේ ද; මහණෙනි, මේ කරුණු පසින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දියයුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය.
Pali BJT7. අපරෙහිපි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං. න නිස්සයො දාතබ්බො. න සාමණෙරො උපට්ඨාපෙතබ්බො. අස්සද්ධො හොති, අහිරිකො හොති, අනොත්තාපී හොති, කුසීතො හොති, මුට්ඨස්සති හොති, ඉමෙහි ඛො, භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං. න නිස්සයො දාතබ්බො. න සාමණෙරො උපට්ඨාපෙතබ්බො.
Sinhala BJT7. මහණෙනි, අනිකුදු කරුණු පසකින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය. ශ්‍රද්ධා නැත්තේ ද, ලජ්ජා නැත්තේ ද, පවට බිය නැත්තේ ද, කුසීතයෙක් ද, මුළා වූ සිහි ඇත්තේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් මහණහු විසින් උපසපන් නො කළයුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය.
Pali BJT8. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං. නිස්සයො දාතබ්බො. සාමණෙරො උපට්ඨාපෙතබ්බො. සද්ධො හොති, හිරිමා හොති, ඔත්තාපී{1} හොති, ආරද්ධවිරියො හොති, උපට්ඨිතසති හොති, ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං. නිස්සයො දාතබ්බො. සාමණෙරො උපට්ඨාපෙතබ්බො.
Sinhala BJT8. මහණෙනි, කරුණු පසකින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය. ශ්‍රද්ධා ඇත්තේ ද, ලජ්ජා ඇත්තේ ද, පවට බිය ඇත්තේ ද, පටන් ගත් වීර්‍ණ්‍යය ඇත්තේ ද, එළඹ සිටි සිහි ඇත්තේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය.
Pali BJT9. අපරෙහිපි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං. න නිස්සයො දාතබ්බො. න සාමණෙරො උපට්ඨාපෙතබ්බො අධිසීලෙ සීලවිපන්නො හොති, අජ්ඣාචාරෙ ආචාරවිපන්නො හොති, අතිදිට්ඨියා දිට්ඨිවිපන්නො හොති, අප්පස්සුතො හොති, දුප්පඤ්ඤො හොති, ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං, න නිස්සයො දාතබ්බො. න සාමණෙරො උපට්ඨාපෙතබ්බො.
Sinhala BJT9. මහණෙනි, අනිකුදු කරුණු පසකින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය. අධිසීලයෙහි සීලවිපත්තියට පැමිණියේ ද, අජ්ඣාචාරයෙහි ආචාරවිපත්තියට පැමිණියේ ද, අන්තග්ගාහිකදිට්ඨි ගැණීමෙන් දිට්ඨිවිපත්තියට පැමිණියේ ද, අල්පශ්‍රැත ද, නුවණ නැත්තේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය.
Pali BJT10. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං. නිස්සයො දාතබ්බො. සාමණෙරො උපට්ඨාපෙතබ්බො. න අධිසීලෙ සීලවිපන්නො හොති, න අජ්ඣාචාරෙ ආචාරවිපන්නො හොති, න අතිදිට්ඨියා දිට්ඨිවිපන්නො හොති, බහුස්සුතො හොති, පඤ්ඤවා හොති, ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං. නිස්සයො දාතබ්බො. සාමණෙරො උපට්ඨාපෙතබ්බො.
Sinhala BJT10. මහණෙනි, කරුණු පසකින් යුත් මහණහු විසින් උපසපන් කළයුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය. අධිසීලයෙහි සීලවිපත්තියට නො පැමිණියේ වේ ද, අජ්ඣාචාරයෙහි ආචාරවිපත්තියට නො පැමිණියේ වේ ද, අන්තග්ගාහිකදිට්ඨි ගැණීමෙන් දිට්ඨිවිපත්තියට නො පැමිණියේ වේ ද, බහුශ්‍රුත වේ ද, නුවණ ඇත්තේ වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය.
Pali BJT11. අපරෙහිපි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං. න නිස්සයො දාතබ්බො. න සාමණෙරො උපට්ඨාපෙතබ්බො. න පටිබලො හොති අන්තෙවාසිං වා සද්ධිවිහාරිං වා ගිලානං උපට්ඨාතුං වා උපට්ඨාපෙතුං වා, අනභිරතිං වූපකාසෙතුං වා වූපකාසාපෙතුං වා, උප්පන්නං කුක්කුච්චං ධම්මතො විනොදෙතුං වා විනොදාපෙතුං වා, ආපත්තිං න ජානාති, ආපත්තියා වුට්ඨානං න ජානාති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං. න නිස්සයො දාතබ්බො. න සාමණෙරො උපට්ඨාපෙතබ්බො.
Sinhala BJT11. මහණෙනි, අනිකුදු කරණු පසකින් යුත් මහණහු විසින් උපසපන් නො කළයුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය. ගිලන් වූ අතැවැසියාට හෝ සද්ධිවිහාරිකයාහට උපස්ථාන කරන්නට හෝ උපස්ථාන කරවන්නට, ශාසනයෙහි නො ඇල්ම දුරු කරන්නට හෝ දුරු කරවන්නට, උපන්නා වූ කුකුස ධර්‍මානුකූලව දුරු කරන්නට හෝ දුරු කරවන්නට පොහොසත් වූයේ නො වේ ද, ඇවැත් නො දනී ද, ඇවැතින් නැගීසිටීම නො දනී ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය.
Pali BJT12. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං. නිස්සයො දාතබ්බො. සාමණෙරො උපට්ඨාපෙතබ්බො. පටිබලො හොති අන්තෙවාසිං වා සද්ධිවිහාරිං වා ගිලානං උපට්ඨාතුං වා උපට්ඨාපෙතුං වා, අනභිරතිං{1} වූපකාසෙතුං වා වූපකාසාපෙතුං වා, උප්පන්නං කුක්කුච්චං ධම්මතො විනොදෙතුං වා විනොදාපෙතුං වා, වා විනොදාපෙතුං වා, ආපත්තිං ජානාති, ආපත්තියා වුට්ඨානං ජානාති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං. නිස්සයො දාතබ්බො. සාමණෙරො උපට්ඨාපෙතබ්බො.
Sinhala BJT12. මහණෙනි, කරුණු පසකින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය. ගිලන් වූ අතැවැසියාහට හෝ සද්ධිවිහාරිකයාහට හෝ උපස්ථාන කරන්නට හෝ උපස්ථාන කරවන්නට, ශාසනයෙහි නො ඇල්ම දුරු කරන්නට හෝ දුර කරවන්නට, උපන්නා වූ කුකුස ධර්‍මානුකූල ව බැහැර කරන්නට හෝ බැහැර කරවන්නට පොහොසත් වූයේ වේ ද, ඇවැත් දනී ද, ඇවතින් නැගීසිටීම දනී ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතුය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය.
Pali BJT13. අපරෙහිපි, භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං, න නිස්සයො දාතබ්බො. න සාමණෙරො උපට්ඨාපෙතබ්බො. න පටිබලො හොති අන්තෙවාසිං වා සද්ධිවිහාරිං වා අභිසමාචාරිකාය සික්ඛාය සික්ඛාපෙතුං, ආදිබ්රහ්මචරියිකාය{2} සික්ඛාය විනෙතුං, අභිධම්මෙ විනෙතුං, අභිවිනයෙ විනෙතුං, උප්පන්නං දිට්ඨිගතං ධම්මතො විවෙචෙතුං, ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං. න නිස්සයො දාතබ්බො. න සාමණෙරො උපට්ඨාපෙතබ්බො.
Sinhala BJT13. මහණෙනි, අනිකුදු කරුණු පසකින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය. අතැවැසියා හෝ සද්ධිවිහාරිකයා හෝ සසුන් පිළිවෙතට සුදුසු ආචාරශික්‍ෂාවෙහි (කඳුවත්හි) හික්මවන්නට, මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදි වූ (උභතෝවිභඞ්ගයට ඇතුළත්) සිකපදයෙහි හික්මවන්නට, අභිධර්‍මයෙහි (නාමරූප පරිච්ඡේදයෙහි) හික්මවන්නට, සියලු විනයපිටකයෙහි හික්මවන්නට, උපන් මිසදිටු ධර්‍මානුකූලව තොර කරන්නට, පොහොසත් වූයේ නො වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය.
Pali BJT14. පඤ්චහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං, නිස්සයො දාතබ්බො. සාමණෙරො උපට්ඨාපෙතබ්බො. පටිබලො හොති අන්තෙවාසිං වා සද්ධිවිහාරිං වා අභිසමාචාරිකාය සික්ඛාය සික්ඛාපෙතුං, ආදිබ්රහ්මචරියිකාය සික්ඛාය විනෙතුං, අභිධම්මෙ විනෙතුං, අභිවිනයෙ විනෙතුං, උප්පන්නං දිට්ඨිගතං ධම්මතො විවෙචෙතුං, ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං. නිස්සයො දාතබ්බො. සාමණෙරො උපට්ඨාපෙතබ්බො.
Sinhala BJT14. මහණෙනි, කරුණු පසකින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය. අතැවැසියා හෝ සද්ධිවිහාරිකයා හෝ සසුන් පිළිවෙතට සුදුසු ආචාරශික්‍ෂාවෙහි හික්මවන්නට, මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදි වූ සිකපදයෙහි හික්මවන්නට, අභිධර්‍මයෙහි හික්මවන්නට, සියලු විනය පිටකයෙහි හික්මවන්නට, උපන් මිසදිටු ධර්‍මානුකූලව තොර කරන්නට, පොහොසත් වූයේ වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය.
Pali BJT15. අපරෙහිපි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං. න නිස්සයො දාතබ්බො. න සාමණෙරො උපට්ඨාපෙතබ්බො. ආපත්තිං න ජානාති. අනාපත්තිං න ජානාති. ලහුකං ආපත්තිං න ජානාති. ගරුකං ආපත්තිං න ජානාති. උභයානි ඛො පනස්ස පාතිමොක්ඛානි විත්ථාරෙ න ස්වාගතානි හොන්ති න සුවිභත්තානි න සුප්පවත්තීනි න සුවිනිච්ඡිතානි සුත්තසො අනුබ්යඤ්ජනසො ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං. න නිස්සයො දාතබ්බො. න සාමණෙරො උපට්ඨාපෙතබ්බො.
Sinhala BJT15. මහණෙනි, අනිකුදු කරුණු පසකින් යුත් මහණහු විසින් උපසපන් නො කළයුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය. ආපත්තිය නො ද නී ද, අනාපත්තිය නො දනී ද, ලහුකාපත්තිය නො දනී ද, ගරුකාපත්තිය නො දනී ද, ඕහට උභයප්‍රාතිමෝක්‍ෂයෝ විස්තර (උභතෝවිභඞ්ග) වශයෙන් මනා සේ අවබෝධ නුවූවාහු වෙත් ද, මාතිකාවිභඞ්ග වශයෙන් මනා සේ බෙදුනාහු නො වෙත් ද, වාචෝද්ගත කිරීම් වශයෙන් මනා සේ නො පවත්නෝ වෙත් ද, මාතිකා වශයෙන් හා විභඞ්ග වශයෙන් මනා කොට විනිශ්චය නො කරණ ලද්දාහු වෙත් ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය.
Pali BJT16. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං. නිස්සයො දාතබ්බො. සාමණෙරො උපට්ඨාපෙතබ්බො. ආපත්තිං ජානාති. අනාපත්තිං ජානාති. ලහුකං ආපත්තිං ජානාති. ගරුකං ආපත්තිං ජානාති. උභයානි ඛො පනස්ස පාතිමොක්ඛානි විත්ථාරෙන ස්වාගතානි හොන්ති. සුවිභත්තානි සුප්පවත්තීනි සුවිනිච්ඡිතානි සුත්තසො අනුබ්යඤ්ජන සො. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං. නිස්සයො දාතබ්බො. සාමණෙරො උපට්ඨාපෙතබ්බො.
Sinhala BJT16. මහණෙනි, කරුණු පසකින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය. ආපත්තිය දනී ද, අනාපත්තිය දනී ද, ලහුකාපත්තිය දනී ද, ගරුකාපත්තිය දනී ද, ඕහට උභයප්‍රාතිමෝක්‍ෂයෝ විස්තර (උභතෝවිභඞ්ග) වශයෙන් මනා සේ අවබෝධ වූවාහු වෙත් ද, මාතිකාවිභඞ්ග වශයෙන් මනා සේ බෙදුනාහු වෙත් ද, වාචෝද්ගත කිරීම් වශයෙන් මනා සේ පවත්නෝ වෙත් ද, මාතිකා වශයෙන් හා විභඞ්ග වශයෙන් මනා කොට විනිශ්චය කරණ ලද්දාහු වෙත් ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් මහණහු විසින් උපසපන් කළයුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය.
Pali BJT17. අපරෙහිපි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං. න නිස්සයො දාතබ්බො. න සාමණෙරො උපට්ඨාපෙතබ්බො. ආපත්තිං න ජානාති. අනාපත්තිං න ජානාති. ලහුකං ආපත්තිං න ජානාති, ගරුකං ආපත්තිං න ජානාති. ඌනදසවස්සො හොති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං. න නිස්සයො දාතබ්බො. න සාමණෙරො උපට්ඨාපෙතබ්බො.
Sinhala BJT17. මහණෙනි, අනිකුදු කරණු පසකින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කර විය යුතු ය. ආපත්තිය නො දනී ද, අනාපත්තිය නො දනී ද, ලහුකාපත්තිය නො දනී ද, ගරුකාපත්තිය නො දනී ද, අඩු දස වස් ඇත්තේ වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් මහණහු විසින් උපසපන් නො කළයුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය.
Pali BJT18. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං. නිස්සයො දාතබ්බො. සාමණෙරො උපට්ඨාපෙතබ්බො. ආපත්තිං ජානාති. අනාපත්තිං ජානාති. ලහුකං ආපත්තිං ජානාති. ගරුකං ආපත්තිං ජානාති. දසවස්සො වා හොති අතිරෙකදසවස්සො වා. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං නිස්සයො දාතබ්බො. සාමණෙරො උපට්ඨාපෙතබ්බො ති.
Sinhala BJT18. මහණෙනි, කරුණු පසකින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය. ආපත්තිය දනී ද, අනාපත්තිය දනී ද, ලහුකාපත්තිය දනී ද, ගරුකාපත්තිය දනී ද, දස වස් ඇත්තේ හෝ වැඩි දසවස් ඇත්තේ හෝ වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය.
Pali BJTඋපසම්පාදෙතබ්බපඤ්චකසොළසවාරං නිට්ඨිතං. {1}
Sinhala BJTඋපසපන්කිරීමේ සුදුසුකම් පස පිළිබඳ සොළොස් වාරය නිමි.
Pali BJT1. ඡහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං. න නිස්සයො දාතබ්බො. න සාමණෙරො උපට්ඨාපෙතබ්බො. න අසෙඛෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො හොති, න අසෙඛෙන සමාධික්ඛන්ධෙන සමන්නාගතො හොති, න අසෙඛෙන පඤ්ඤාක්ඛන්ධෙන සමන්නාගතො හොති, න අසෙඛෙන විමුත්තික්ඛන්ධෙන සමන්නාගතො හොති, න අසෙඛෙන විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙන සමන්නාගතො හොති, ඌනදසවස්සො හොති. ඉමෙහි ඛො භික්ඛවෙ ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං. න නිස්සයො දාතබ්බො. න සාමණෙරො උපට්ඨාපෙතබ්බො.
Sinhala BJT1. මහණෙනි, කරුණු සයකින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය. අසේඛ වූ සීලක්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, අසේඛ වූ සමාධික්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, අසේඛ වූ පඤ්ඤාක්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, අසේඛ වූ විමුත්තික්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, අසේඛ වූ විමුත්තිඤාණදස්සනක්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, අඩු දස වස් ඇත්තේ වේ ද; මහණෙනි, මේ කරුණු සයින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය.
Pali BJT2. ඡහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං. නිස්සයො දාතබ්බො. සාමණෙරො උපට්ඨාපෙතබ්බො. අසෙඛෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන සමාධික්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන පඤ්ඤාක්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන විමුත්තික්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙන සමන්නාගතො හොති. දසවස්සො වා හොති අතිරෙක දසවස්සො වා. ඉමෙහි ඛො භික්ඛවෙ ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං. නිස්සයො දාතබ්බො. සාමණෙරො උපට්ඨාපෙතබ්බො.
Sinhala BJT2. මහණෙනි, කරුණු සයකින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය. අසේඛ වූ සීලක්ඛන්‍ධයෙන් යුක්ත වේ ද, අසේඛ වූ සමාධික්ඛන්‍ධ යෙන් යුක්ත වේ ද, අසේඛ වූ පඤ්ඤාක්ඛන්‍ධයෙන් යුක්ත වේ ද, අසේඛ වූ විමුත්තික්ඛන්‍ධයෙන් යුක්ත වේ ද, අසේඛ වූ විමුත්තිඤාණදස්සනක්ඛන්‍ධයෙන් යුක්ත වේ ද, දස වස් ඇත්තේ හෝ වැඩි දස වස් ඇත්තේ හෝ වේ ද; මහණෙනි, මේ කරුණු සයින් යුත් මහණහු විසින් උපසපන් කළයුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය.
Pali BJT3. අපරෙහිපි භික්ඛවෙ ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං. න නිස්සයො දාතබ්බො. න සාමණෙරො උපට්ඨාපෙතබ්බො. අත්තනා න අසෙඛෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො හොති, න පරං අසෙඛෙ සීලක්ඛන්ධෙ සමාදපෙතා; අත්තනා න අසෙඛෙන සමාධික්ඛන්ධෙන සමන්නාගතො හොති, න පරං අසෙඛෙ සමාධික්ඛන්ධෙ සමාදපෙතා; අත්තනා න අසෙඛෙන පඤ්ඤාක්ඛන්ධෙන සමන්නාගතො හොති, න පරං අසෙඛෙ පඤ්ඤාක්ඛන්ධෙ සමාදපෙතා; අත්තනා න අසෙඛෙන විමුත්තික්ඛන්ධෙන සමන්නාගතො හොති, න පරං අසෙඛෙ විමුත්තික්ඛන්ධෙ සමාදපෙතා; අත්තනා න අසෙඛෙන විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙන සමන්නාගතො හොති, න පරං අසෙඛෙ විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙ සමාදපෙතා; ඌනදසවස්සො හොති. ඉමෙහි ඛො භික්ඛවෙ ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං. න නිස්සයො දාතබ්බො. න සාමණෙරො උපට්ඨාපෙතබ්බො.
Sinhala BJT3. මහණෙනි, අනිකුදු කරණු සයකින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය. තෙමේ අසේඛ වූ සීලක්ඛන්‍ධයෙන් යුක්ත නො වූයේ අන්හු අසේඛ වූ සීලක්ඛන්‍ධයෙහි සමාදන් නො කරවන්නේ වේ ද, තෙමේ අසේඛ වූ සමාධික්ඛන්‍ධයෙන් යුක්ත නො වූයේ අන්හු අසේඛ වූ සමාධික්ඛන්‍ධයෙහි සමාදන් නොකරවන්නේ වේ ද, තෙමේ අසේඛ වූ පඤ්ඤාක්ඛන්‍ධයෙන් යුක්ත නො වූයේ අන්හු අසේඛ වූ පඤ්ඤාක්ඛන්‍ධයෙහි සමාදන් නො කරවන්නේ වේ ද, තෙමේ අසේඛ වූ විමුත්තික්ඛන්‍ධයෙන් යුක්ත නො වූයේ අන්හු අසේඛ වූ විමුත්තික්ඛන්‍ධයෙහි සමාදන් නො කරවන්නේ වේ ද, තෙමේ අසේඛ වූ විමුත්තිඤාණදස්සනක්ඛන්‍ධයෙන් යුක්ත නො වූයේ අන්හු අසේඛ වූ විමුත්තිඤාණදස්සනක්ඛන්‍ධයෙහි සමාදන් නො කරවන්නේ වේ ද, අඩු දස වස් ඇත්තේ වේ ද; මහණෙනි, මේ කරුණු සයින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය.
Pali BJT4. ඡහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං. නිස්සයො දාතබ්බො. සාමණෙරො උපට්ඨාපෙතබ්බො. අත්තනා අසෙඛෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො හොති, පරං අසෙඛෙ සීලක්ඛන්ධෙ සමාදපෙතා; අත්තනා අසෙඛෙන සමාධික්ඛන්ධෙන සමන්නාගතො හොති, පරං අසෙඛෙ සමාධික්ඛන්ධෙ සමාදපෙතා; අත්තනා අසෙඛෙන පඤ්ඤාක්ඛන්ධෙන සමන්නාගතො හොති, පරං අසෙඛෙ පඤ්ඤාක්ඛන්ධෙ සමාදපෙතා; අත්තනා අසෙඛෙන විමුත්තික්ඛන්ධෙන සමන්නාගතො හොති, පරං අසෙඛෙ විමුත්තික්ඛන්ධෙ සමාදපෙතා. අත්තනා අසෙඛෙන විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙන සමන්නාගතො හොති, පරං අසෙඛෙ විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙ සමාදපෙතා, දසවස්සො වා හොති අතිරෙකදසවස්සො වා. ඉමෙහි ඛො භික්ඛවෙ ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං. නිස්සයො දාතබ්බො. සාමණෙරො උපට්ඨාපෙතබ්බො.
Sinhala BJT4. කරුණු සයකින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය. තෙමේ අසේඛ වූ සීලක්ඛන්‍ධයෙන් යුක්ත වූයේ අන්හු අසේඛ වූ සීලක්ඛන්‍ධයෙහි සමාදන් කරවන්නේ ද, තෙමේ අසේඛ වූ සමාධික්ඛන්‍ධයෙන් යුක්ත වූයේ අන්හු අසේඛ වූ සමාධික්ඛන්‍ධයෙහි සමාදන් කරවන්නේ ද, තෙමේ අසේඛ වූ පඤ්ඤාක්ඛන්‍ධයෙන් යුක්ත වූයේ අන්හු අසේඛ වූ පඤ්ඤාක්ඛන්‍ධයෙහි සමාදන් කරවන්නේ ද, තෙමේ අසේඛ වූ විමුත්තික්ඛන්‍ධයෙන් යුක්ත වූයේ අන්හු අසේඛ වූ විමුත්තික්ඛන්‍ධයෙහි සමාදන් කරවන්නේ ද, තෙමේ අසේඛ වූ විමුත්තිඤාණදස්සනක්ඛන්‍ධයෙන් යුක්ත වූයේ අන්හු අසේඛ වූ විමුත්තිඤාණදස්සනක්ඛන්‍ධයෙහි සමාදන් කරවන්නේ ද, දස වස් ඇත්තේ හෝ වැඩි දස වස් ඇත්තේ හෝ වේ ද, මහණෙනි, මේ කරුණු සයින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය.
Pali BJT5. අපරෙහිපි භික්ඛවෙ ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං. න නිස්සයො දාතබ්බො. න සාමණෙරො උපට්ඨාපෙතබ්බො. අස්සද්ධො හොති. අහිරිකො හොති. අනොතප්පී හොති. කුසීතො හොති. මුට්ඨස්සති හොති. ඌනදසවස්සො හොති. ඉමෙහි ඛො භික්ඛවෙ, ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං. න නිස්සයො දාතබ්බො. න සාමණෙරො උපට්ඨාපෙතබ්බො.
Sinhala BJT5. මහණෙනි, අනිකුදු කරණු සයකින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය. ශ්‍රද්ධා නැත්තේ ද, ලජ්ජා නැත්තේ ද, පවට බිය නැත්තේ ද, කුසීත වේ ද, මුළා වූ සිහි ඇත්තේ ද, අඩු දස වස් ඇත්තේ වේ ද; මහණෙනි, මේ කරුණු සයින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතුය.
Pali BJT6. ඡහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං. නිස්සයො දාතබ්බො. සාමණෙරො උපට්ඨාපෙතබ්බො. සද්ධො හොති. හිරිමා හොති. ඔත්තාපී හොති, ආරද්ධවිරියො හොති. උපට්ඨිතසති හොති. දසවස්සො වා හොති අතිරෙක දසවස්සො වා. ඉමෙහි ඛො භික්ඛවෙ ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං. නිස්සයො දාතබ්බො. සාමණෙරො උපට්ඨාපෙතබ්බො.
Sinhala BJT6. මහණෙනි, කරුණු සයකින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය. ශ්‍රද්ධා ඇත්තේ ද, ලජ්ජා ඇත්තේ ද, පවට බිය ඇත්තේ ද, පටන්ගත් වීර්‍ය්‍යය ඇත්තේ ද, එළඹ සිටි සිහි ඇත්තේ ද, දස වස් ඇත්තේ හෝ වැඩි දස වස් ඇත්තේ හෝ වේ ද; මහණෙනි, මේ කරුණු සයින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය.
Pali BJT7. අපරෙහිපි භික්ඛවෙ ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං. න නිස්සයො දාතබ්බො. න සාමණෙරො උපට්ඨාපෙතබ්බො. අධිසීලෙ සීලවිපන්නො හොති. අජ්ඣාචාරෙ ආචාරවිපන්නො හොති. අතිදිට්ඨියා දිට්ඨිවිපන්නො හොති. අප්පස්සුතො හොති. දුප්පඤ්ඤො හොති. ඌනදසවස්සො හොති. ඉමෙහි ඛො භික්ඛවෙ ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං. න නිස්සයො දාතබ්බො. න සාමණෙරො උපට්ඨාපෙතබ්බො.
Sinhala BJT7. මහණෙනි, අනිකුදු කරුණු සයකින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය. අධිසීලයෙහි සීලවිපත්තියට පැමිණියේ වේ ද, අජ්ඣාචාරයෙහි ආචාරවිපත්තියට පැමිණියේ වේ ද, අන්තග්ගාහිකදිට්ඨි ගැණීමෙන් දිට්ඨිවිපත්තියට පැමිණියේ වේ ද, අල්පශ්‍රැත වේ ද, නුවණ නැත්තේ වේ ද; අඩු දසවස් ඇත්තේ වේ ද; මහණෙනි, මේ කරුණු සයින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය.
Pali BJT8. ඡහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං. නිස්සයො දාතබ්බො. සාමණෙරො උපට්ඨාපෙතබ්බො. න අධිසීලෙ සීලවිපන්නො හොති. න අජ්ඣාචාරෙ ආචාරවිපන්නො හොති. න අතිදිට්ඨියා දිට්ඨිවිපන්නො හොති. බහුස්සුතො හොති. පඤ්ඤවා හොති. දසවස්සො වා හොති අතිරෙකදසවස්සො වා. ඉමෙහි ඛො භික්ඛවෙ ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං. නිස්සයො දාතබ්බො. සාමණෙරො උපට්ඨාපෙතබ්බො.
Sinhala BJT8. මහණෙනි, කරුණු සයකින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දි යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතුය. අධිසීලයෙහි සීලවිපත්තියට නො පැමිණියේ වේ ද, අජ්ඣාචාර යෙහි ආචාරවිපත්තියට නො පැමිණියේ වේ ද, අන්තග්ගාහිකදිට්ඨි ගැණීමෙන් දිට්ඨිවිපත්තියට නො පැමිණියේ වේ ද, බහුශ්‍රුත වේ ද, නුවණැත්තේ වේ ද, දස වස් ඇත්තේ හෝ වැඩි දස වස් ඇත්තේ හෝ වේ ද; මහණෙනි, මේ කරුණු සයින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය.
Pali BJT9. අපරෙහිපි භික්ඛවෙ ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං. න නිස්සයො දාතබ්බො. න සාමණෙරො උපට්ඨාපෙතබ්බො. න පටිබලො හොති අන්තෙවාසිං වා සද්ධිවිහාරිං වා ගිලානං උපට්ඨාතුං වා උපට්ඨාපෙතුං වා, අනභිරතං වූපකාසෙතුං වා වූපකාසාපෙතුං වා, උප්පන්නං කුක්කුච්චං ධම්මතො විනොදෙතුං වා විනොදාපෙතුං වා, වා විනොදාපෙතුං වා. ආපත්ති න ජානාති, ආපත්තියා වුට්ඨානං න ජානාති. ඌනදසවස්සො හොති. ඉමෙහි ඛො භික්ඛවෙ ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං. න නිස්සයො දාතබ්බො. න සාමණෙරො උපට්ඨාපෙතබ්බො.
Sinhala BJT9. මහණෙනි, අනිකුදු කරුණු සයකින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය. ගිලන් වූ අතැවැසියාහට හෝ සද්ධිවිහාරිකයාහට හෝ උපස්ථාන කරන්නට හෝ උපස්ථාන කරවන්නට හෝ ශාසනයෙහි නො ඇල්ම බැහැර කරන්නට හෝ බැහැර කරවන්නට හෝ උපන් කුකුස ධර්‍මානුකූලව දුරු කරන්නට හෝ දුරු කරවන්නට හෝ පොහොසත් නො වේ ද, ආපත්තිය නො දනී ද, ආපත්තියෙන් නැගීසිටීම නො දනී ද, අඩු දස වස් ඇත්තේ වේ ද; මහණෙනි, මේ කරුණු සයින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය.
Pali BJT10. ඡහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං. නිස්සයො දාතබ්බො. සාමණෙරො උපට්ඨාපෙතබ්බො. පටිබලො හොති අන්තෙවාසිං වා සද්ධිවිහාරිං වා ගිලානං උපට්ඨාතුං වා උපට්ඨාපෙතුං වා, අනභිරතං වූපකාසෙතුං වා වූපකාසාපෙතුං වා, උප්පන්නං කුක්කුච්චං ධම්මතො විනොදෙතුං වා විනොදාපෙතුං වා, ආපත්තිං ජානාති, ආපත්තියා වුට්ඨානං ජානාති, දසවස්සො වා හොති අතිරෙකදසවස්සො වා. ඉමෙහි ඛො භික්ඛවෙ ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං. නිස්සයො දාතබ්බො. සාමණෙරො උපට්ඨාපෙතබ්බො.
Sinhala BJT10. මහණෙනි, කරුණු සයකින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය. ගිලන් වූ අතැවැසියාහට හෝ සද්ධිවිහාරිකයාහට හෝ උපස්ථාන කරන්නට හෝ උපස්ථාන කරවන්නට, ශාසනයෙහි නො ඇල්ම බැහැර කරන්නට හෝ බැහැර කරවන්නට, උපන් කුකුස ධර්‍මානුකූල ව දුරු කරන්නට හෝ දුරු කරවන්නට, පොහොසත් වේ ද, ආපත්තිය දනී ද, ආපත්තියෙන් නැගී සිටීම දනී ද, දස වස් ඇත්තේ හෝ වැඩි දස වස් ඇත්තේ වේ ද; මහණෙනි, මේ කරුණු සයින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය.
Pali BJT11. අපරෙහිපි භික්ඛවෙ ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං. න නිස්සයො දාතබ්බො. න සාමණෙරො උපට්ඨාපෙතබ්බො. න පටිබලො හොති අන්තෙවාසිං වා සද්ධිවිහාරිං වා අභිසමාචාරිකාය සික්ඛාය සික්ඛාපෙතුං, ආදිබ්රහ්මචරියිකාය සික්ඛාය විනෙතුං, අභිධම්මෙ විනෙතුං, අභිවිනයෙ විනෙතුං, උප්පන්නං දිට්ඨිගතං ධම්මතො විවෙචෙතුං, ඌනදසවස්සො හොති. ඉමෙහි ඛො භික්ඛවෙ ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං. න නිස්සයො දාතබ්බො. න සාමණෙරො උපට්ඨාපෙතබ්බො.
Sinhala BJT11. මහණෙනි, අනිකුදු කරණු සයකින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය. අතැවැසියා හෝ සද්ධිවිහාරිකයා හෝ සසුන් පිළිවෙතට සුදුසු චාරිත්‍රශික්‍ෂාවෙහි හික්මවන්නට, මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදි වූ උභතෝවිභඞ්ගයට ඇතුළත් සිකපදයෙහි හික්මවන්නට, නාමරූප පරිච්ඡේදයෙහි හික්මවන්නට, සියලු විනය පිටකයෙහි හික්මවන්නට, උපන් මිසදිටුව ධර්‍මයෙන් තොර කරන්නට, පොහොසත් වූයේ නො වේ ද, අඩු දස වස් ඇත්තේ වේ ද; මහණෙනි, මේ කරුණු සයින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය.
Pali BJT12. ඡහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං. නිස්සයො දාතබ්බො. සාමණෙරො උපට්ඨාපෙතබ්බො. පටිබලො හොති අන්තෙවාසිං වා සද්ධිවිහාරිං වා අභිසමාචාරිකාය සික්ඛාය සික්ඛාපෙතුං, ආදිබ්රහ්මචරියිකාය සික්ඛාය විනෙතුං, අභිධම්මෙ විනෙතුං, අභිවිනයෙ විනෙතුං, උප්පන්නං දිට්ඨිගතං ධම්මතො විවෙචෙතුං, දසවස්සො වා හොති අතිරෙකදසවස්සො වා. ඉමෙහි ඛො භික්ඛවෙ ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං. නිස්සයො දාතබ්බො. සාමණෙරො උපට්ඨාපෙතබ්බො.
Sinhala BJT12. මහණෙනි, කරුණු සයකින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතුය. අතැවැසියා හෝ සද්ධිවිහාරිකයා හෝ සසුන් පිළිවෙතට සුදුසු වූ චාරිත්‍රශික්‍ෂාවෙහි හික්මවන්නට, මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදී වූ උභතෝවිභඞ්ගයට ඇතුළත් සිකපදයෙහි හික්මවන්නට, නාමරූපපරිච්ඡේදයෙහි හික්මවන්නට සියලු විනය පිටකයෙහි හික්මවන්නට, උපන් මිසදිටුව ධර්‍මානුකූලව තොරකරන්නට, පොහොසත් වූයේ වේ ද, දස වස් ඇත්තේ හෝ වැඩි දස වස් ඇත්තේ වේ ද; මහණෙනි, මේ කරුණු සයින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය.
Pali BJT13. අපරෙහිපි භික්ඛවෙ ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං. න නිස්සයො දාතබ්බො, න සාමණෙරො උපට්ඨාපෙතබ්බො. ආපත්තිං න ජානාති. අනාපත්තිං න ජානාති. ලහුකං ආපත්තිං න ජානාති. ගරුකං ආපත්තිං න ජානාති. උභයානි ඛො පනස්ස පාතිමොක්ඛානි විත්ථාරෙන න ස්වාගතානි හොන්ති න සුවිභත්තානි න සුප්පවත්තීනි න සුවිනිච්ඡිතානි සුත්තසො අනුබ්යඤ්ජනසො. ඌනදසවස්සො හොති. ඉමෙහි ඛො භික්ඛවෙ ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං. න නිස්සයො දාතබ්බො. න සාමණෙරො උපට්ඨාපෙතබ්බො.
Sinhala BJT13. මහණෙනි, අනිකුදු කරණු සයකින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය. ආපත්තිය නො දනී ද, අනාපත්තිය නො දනී ද, ලහුකාපත්තිය නො දනී ද, ගරුකාපත්තිය නො දනී ද, ඕහට උභය ප්‍රාතිමොක්‍ෂයෝ විස්තර (උභතෝවිභඞ්ග) වශයෙන් මනා සේ අවබෝධ වූවාහු නො වෙත් ද, මාතිකා විභඞ්ග වශයෙන් මනා සේ බෙදුනාහු නො වෙත් ද, වාචෝද්ගත කිරීම් වශයෙන් මනා සේ නො පවත්නාහු වෙත් ද, මාතිකා වශයෙන් හා විභඞ්ග වශයෙන් මනා සේ විනිශ්චය නො කරණ ලද්දාහු වෙත් ද, අඩු දස වස් ඇත්තේ වේ ද; මහණෙනි, මේ කරුණු සයින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය.
Pali BJT14. ඡහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං. නිස්සයො දාතබ්බො සාමණෙරො උපට්ඨාපෙතබ්බො. ආපත්තිං ජානාති. අනාපත්තිං ජානාති. ලහුකං ආපත්තිං ජානාති ගරුකං ආපත්තිං ජානාති. උභයානි ඛො පනස්ස පාතිමොක්ඛානි විත්ථාරෙන ස්වාගතානි හොන්ති සුවිභත්තානි සුප්පවත්තීනි සුවිනිච්ඡිතානි සුත්තසො අනුබ්යඤ්ජනසො. දසවස්සො වා හොති අතිරෙකදසවස්සො වා. ඉමෙහි ඛො භික්ඛවෙ, ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං. නිස්සයො දාතබ්බො. සාමණෙරො උපට්ඨාපෙතබ්බො ති.
Sinhala BJT14. මහණෙනි, කරුණු සයකින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය. ආපත්තිය දනී ද අනාපත්තිය දනී ද ලහුකාපත්තිය දනී ද ගරුකාපත්තිය දනී ද ඕහට උභයප්‍රාතිමෝක්‍ෂයෝ විස්තර (උභතෝවිභඞ්ග) වශයෙන් මනා සේ අවබෝධ වෙත් ද, මාතිකාවිභඞ්ග වශයෙන් බෙදුනාහු වෙත් ද, වාචෝද්ගත කිරීම් වශයෙන් මනා සේ පවත්නාහු වෙත් ද, මාතිකා වශයෙන් හා විභඞ්ග වශයෙන් මනා සේ විනිශ්චය කරණ ලද්දාහු වෙත් ද, දස වස් ඇත්තේ හෝ වැඩි දස වස් ඇත්තේ හෝ වේ ද; මහණෙනි, මේ කරුණු සයින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ස්ථාන කරවිය යුතු ය.
Pali BJTඋපසම්පාදෙතබ්බඡක්කචුද්දසවාරං නිට්ඨිතං.
Sinhala BJTඋපසපන් කිරීමෙහි සුදුසුකම් පිළිබඳ තුදුස්වාරය නිමි.
Pali BJT1. තෙන ඛො පන සමයෙන යො සො අඤ්ඤතිත්ථියපුබ්බො උපජ්ඣායෙන සහධම්මිකං වුච්චමානො උපජ්ඣායස්ස වාදං ආරොපෙත්වා තංයෙව තිත්ථායතනං සඞ්කමි. සො පුන පච්චාගන්ත්වා භික්ඛූ උපසම්පදං යාචි. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “යො සො භික්ඛවෙ, අඤ්ඤතිත්ථියපුබ්බො උපජ්ඣායෙන සහධම්මිකං වුච්චමානො උපජ්ඣායස්ස වාදං ආරොපෙත්වා තංයෙව තිත්ථායතනං සඞ්කන්තො, සො ආගතො න උපසම්පාදෙතබ්බො.”
Sinhala BJT1. එකල්හි පෙර අන්‍යතීර්‍ත්‍ථක වූ යම් ඒ මහණෙක් උපාද්ධ්‍යායයා විසින් සිකපදයෙන් කියනු ලබන්නේ උපාද්ධ්‍යායයාහට වාද නගා ඒ තීර්‍ත්‍ථායතනයට ම ගියේ ය. හෙතෙමේ නැවත පෙරළා අවුත් භික්‍ෂූන්ගෙන් උපසම්පදාව ඉල්ලී ය. භික්‍ෂූහු ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැලකළහ. මහණෙනි, පෙර අන්‍යතීර්‍ත්‍ථක වූ යම් ඒ මහණෙක් උපාද්ධ්‍යායයා විසින් සිකපදයෙන් කියනු ලබන්නේ උපාද්ධ්‍යායයාහට වාද නගා ඒ තීර්‍ත්‍ථායතනයට ම ගොස් නැවත ආයේ ද, හෙතෙම උපසපන් නො කටයුතු ය.
Pali BJT2. යො{1} භික්ඛවෙ අඤ්ඤොපි අඤ්ඤතිත්ථියපුබ්බො ඉමස්මිං ධම්මවිනයෙ ආකඞ්ඛති පබ්බජ්ජං ආකඞ්ඛති උපසම්පදං. තස්ස චත්තාරො මාසෙ පරිවාසො දාතබ්බො. එවඤ්ච පන භික්ඛවෙ දාතබ්බො: පඨමං කෙසමස්සුං ඔහාරාපෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදාපෙත්වා එකංසං උත්තරාසඞ්ගං කාරාපෙත්වා භික්ඛූනං පාදෙ වන්දාපෙත්වා උක්කුටිකං නිසීදාපෙත්වා අඤ්ජලිම්පග්ගණ්හාපෙත්වා එවං වදෙහී ති වත්තබ්බො: “බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සඞ්ඝං සරණං ගච්ඡාමි. දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. දුතියම්පි සඞ්ඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සඞ්ඝං සරණං ගච්ඡාමී”ති.
Sinhala BJT2. මහණෙනි, පෙර අන්‍යතීර්‍ත්‍ථක වූ අන් යමෙක් ද මේ ශාසනයෙහි ප්‍රව්‍රජ්‍යාව හා උපසම්පදාව කැමැති වේ නම් ඔහුට සිවුමසක් පිරිවෙස් දිය යුතු ය. මහණෙනි, ඒ දිය යුත්තේ මෙසේ ය: පළමු කොට හිසකේ රැවුල් බැහැර කරවා කසාවත් අන්දවා උතුරු සඟ සිවුර එකස් කරවා භික්‍ෂූන්ගේ පා වන්‍දවා උක්කුටිකයෙන් හින්දවා ඇඳිලි ගන්වා “බුදුන් සරණ කොට යමි. ධර්‍මය සරණ කොට යමි. සඞ්ඝයා සරණ කොට යමි. දෙවනු ද බුදුන් සරණ කොට යමි. දෙවනු ද ධර්‍මය සරණ කොට යමි. දෙවනු ද සඞ්ඝයා සරණ කොට යමි. තෙවනු ද බුදුන් සරණ කොට යමි. තෙවනු ද ධර්‍මය සරණ කොට යමි. තෙවනු ද සඞ්ඝයා සරණ කොට යමි” යි මෙසේ කියව යි කිය යුත්තේ ය.
Pali BJT3. තෙන භික්ඛවෙ අඤ්ඤතිත්ථියපුබ්බෙන සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිම්පග්ගහෙත්වා එවමස්ස වචනීයො. “අහං භන්තෙ, ඉත්ථන්නාමො අඤ්ඤතිත්ථියපුබ්බො ඉමස්මිං ධම්මවිනයෙ ආකඞ්ඛාමි උපසම්පදං. සොහම්භන්තෙ, සඞ්ඝං චත්තාරො මාසෙ පරිවාසං යාචාමී”ති. දුතියම්පි යාචිතබ්බො. තතියම්පි යාචිතබ්බො.
Sinhala BJT3. මහණෙනි, පෙර අන්‍යතීර්‍ත්‍ථක වූ ඔහු විසින් සඞ්ඝයා වෙත පැමිණ උතුරු සඟසිවුර එකස් කොට භික්‍ෂූන්ගේ පා වැඳ උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳ “ස්වාමීනි, මම පෙර මෙ නම් ඇති අන්‍යතීර්‍ත්‍ථකයෙක් වීමි. දැන් මේ ශාසනයෙහි උපසම්පදාව කැමැත්තේ වෙමි. ස්වාමීනි, ඒ මම සිවු මසක් සඞ්ඝයා වෙතින් පිරිවෙස් ඉල්ලමි’ යි මෙසේ කිය යුතු වන්නේය. දෙවනු ද ඉල්ලිය යුතු ය. තෙවනු ද ඉල්ලිය යුතු ය.
Pali BJT4. බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො: සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො. අයං ඉත්ථන්නාමො අඤ්ඤතිත්ථියපුබ්බො ඉමස්මිං ධම්මවිනයෙ ආකඞ්ඛති උපසම්පදං. සො සඞ්ඝං චත්තාරො මාසෙ පරිවාසං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමස්ස අඤ්ඤතිත්ථියපුබ්බස්ස චත්තාරො මාසෙ පරිවාසං දදෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT4. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණෙකු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය. ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. “මෙ නම් ඇති පෙර අන්‍යතීර්‍ත්‍ථක වූ මේ තෙමේ මේ ශාසනයෙහි උපසම්පදාව බලාපොරොත්තු වේ. සඞ්ඝයාගෙන් සිවුමසක් පිරිවෙස් ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ පෙර අන්‍යතීර්‍ත්‍ථක වූ මෙ නම් ඇත්තහුට සිවු මසක් පිරිවෙස් දෙන්නේ ය. මේ දැන්වීම ය.”
Pali BJT5. සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො. අයං ඉත්ථන්නාමො අඤ්ඤතිත්ථියපුබ්බො ඉමස්මිං ධම්මවිනයෙ ආකඞ්ඛති උපසම්පදං. සො සඞ්ඝං චත්තාරො මාසෙ පරිවාසං යාචති. සඞ්ඝො ඉත්ථන්නාමස්ස අඤ්ඤතිත්ථියපුබ්බස්ස චත්තාරො මාසෙ පරිවාසං දෙති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස අඤ්ඤතිත්ථියපුබ්බස්ස චත්තාරො මාසෙ පරිවාසස්ස දානං. සො තුණ්හස්ස. යස්ස න ක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJT5. ස්වාමීනි, සඞ්ඝතෙමේ මා කියන්නක් අසාවා. “මෙ නම් ඇති අන්‍යතීර්‍ත්‍ථක වූ මේ තෙමේ මේ ශාසනයෙහි උපසම්පදාව බලාපොරොත්තු වේ. හෙතෙමේ සඞ්ඝයාගෙන් සිවු මසක් පිරිවෙස් ඉල්ලයි. සඞ්ඝතෙමේ පෙර අන්‍යතීර්‍ත්‍ථක වූ මෙ නම් ඇත්තනුට සිවු මසක් පිරිවෙස් දෙයි. යම් ආයුෂ්මතෙකුට පෙර අන්‍යතීර්‍ත්‍ථක වූ මෙනම් ඇත්තහුට සිවු මසක් පිරිවෙස් දීම රුචි වේ නම් හෙතෙමේ – තුෂ්ණීම්භූත වේවා. යමෙකුට රුචි නො වේ නම් හෙතෙමේ කියාවා.”
Pali BJT6. “දින්නො සඞ්ඝෙන ඉත්ථන්නාමස්ස අඤ්ඤතිත්ථියපුබ්බස්ස චත්තාරො මාසෙ පරිවාසො. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJT6. “සඞ්ඝයා විසින් පෙර අන්‍යතීර්‍ත්‍ථක වූ මෙ නම් ඇත්තහුට සිවු මසක් පිරිවෙස් දෙන ලද්දේ ය. සඞ්ඝයාට රුචි වේ. එහෙයින් තුෂ්ණීම්භූත වේ. මෙය මෙසේ සලකමි” යි.
Pali BJT7. එවං ඛො භික්ඛවෙ, අඤ්ඤතිත්ථියපුබ්බො ආරාධකො හොති එවං අනාරාධකො. කථඤ්ච භික්ඛවෙ, අඤ්ඤතිත්ථියපුබ්බො අනාරාධකො හොති? ඉධ භික්ඛවෙ, අඤ්ඤතිත්ථියපුබ්බො අතිකාලෙන ගාමං පවිසති. අතිදිවා පටික්කමති. එවම්පි භික්ඛවෙ, අඤ්ඤතිත්ථියපුබ්බො අනාරාධකො හොති.
Sinhala BJT7. මහණෙනි, පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ මෙසේ වත් සපයන්නේ (පිරිවෙස්වත පුරන්නේ) වේ. මෙසේ වත් නො සපයන්නේ වේ. මහණෙනි, පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ කෙසේ වත් නො සපයන්නේ වේ ද? මහණෙනි, මෙහි පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ ඉතා කලින් ගමට පිවිසෙයි. ඉතා දහවල් පෙරළා එයි. මහණෙනි, මෙසේ ද පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ වත් නො සපයන්නේ වේ.
Pali BJT8. පුන චපරං භික්ඛවෙ, අඤ්ඤතිත්ථියපුබ්බො වෙසියාගොචරො{1} වා හොති. විධවාගොචරො{2} වා හොති. ථුල්ලකුමාරිකාගොචරො{3} වා හොති. පණ්ඩකගොචරො වා හොති. භික්ඛුනිගොචරො වා හොති. එවම්පි භික්ඛවෙ, අඤ්ඤතිත්ථියපුබ්බො අනාරාධකො හොති.
Sinhala BJT8. මහණෙනි, නැවත ද පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ වෙසඟනන් ඇසුරු කරන්නේ හෝ වේ ද, වැන්දඹු ගැහැණුන් ඇසුරු කරන්නේ හෝ වේ ද, විවාහ නොවී මහලු වූ ගැහැණුන් ඇසුරු කරන්නේ හෝ වේ ද, ලිඞ්ග විකල වූවන් (නපුංසකයන්) ඇසුරු කරන්නේ හෝ වේ ද, මෙහෙණන් ඇසුරු කරන්නේ හෝ වේ ද, මහණෙනි, මෙසේ ද පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ වත් නො සපයන්නේ වේ.
Pali BJT9. පුන චපරං භික්ඛවෙ, අඤ්ඤතිත්ථියපුබ්බො යානි තානි සබ්රහ්මචාරීනං උච්චාවචානි කිඞ්කරණීයානි තත්ථ න දක්ඛො හොති න අනලසො. න තත්රූපායාය වීමංසාය සමන්නාගතො. න අලං කාතුං, න අලං සංවිධාතුං එවම්පි භික්ඛවෙ, අඤ්ඤතිත්ථියපුබ්බො අනාරාධකො හොති.
Sinhala BJT9. මහණෙනි, නැවත ද පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ සබ්‍රහ්මචාරීන් පිළිබඳ කුමක් කෙරෙම් දැ යි පිළිවිස කළයුතු යම් ඒ කුදු මහත් කටයුතු වෙත් ද, ඒ කටයුතුවල දක්‍ෂ නො වේ. උත්‍ථානවීර්‍ය්‍යයෙන් යුක්ත වූයේ නො වේ. ඒ ඒ කටයුතුවල “මෙය මෙසේ කට යුතු ය” යි කෙණෙහි උපන් නුවණින් යුක්ත වූයේ නො වේ. සියතින් කරන්නට සමර්‍ත්‍ථ නො වේ. ස්ථවිර – මධ්‍යම – නවකයන් තුළ උත්සාහය උපදවා සංවිධානය කරන්නට සමර්‍ත්‍ථ නො වේ. මහණෙනි, මෙසේ ද පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ වත් නො සපයන්නේ වේ.
Pali BJT10. පුන චපරං භික්ඛවෙ, අඤ්ඤතිත්ථියපුබ්බො න තිබ්බච්ඡන්දො හොති උද්දෙසෙ පරිපුච්ඡාය, අධිසීලෙ, අධිචිත්තෙ, අධිපඤ්ඤාය. එවම්පි භික්ඛවෙ, අඤ්ඤතිත්ථියපුබ්බො අනාරාධකො හොති.
Sinhala BJT10. මහණෙනි, නැවත ද පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ පෙළ පුහුණු කිරීමෙහි අරුත් ඇසීමෙහි ප්‍රාතිමෝක්‍ෂශීලයෙහි ලෞකිකසමාධිභාවනා වෙහි ලෝකෝත්තරමාර්‍ගභාවනාවෙහි බලවත් කැමැත්ත ඇත්තේ නො වේ. මහණෙනි, පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ මෙසේ ද වත් නො සපයන්නේ වේ.
Pali BJT11. පුන චපරං භික්ඛවෙ, අඤ්ඤතිත්ථියපුබ්බො යස්ස තිත්ථායතනා සඞ්කන්තො හොති, තස්ස සත්ථුනො තස්ස දිට්ඨියා තස්ස ඛන්තියා තස්ස රුචියා තස්ස ආදායස්ස අවණ්ණෙ භඤ්ඤමානෙ කුපිතො හොති අනත්තමනො අනභිරද්ධො. බුද්ධස්ස වා ධම්මස්ස වා සඞ්ඝස්ස වා අවණ්ණෙ භඤ්ඤමානෙ අත්තමනො හොති උදග්ගො අභිරද්ධො. යස්ස වා පන තිත්ථායතනා සඞ්කන්තො හොති, තස්ස සත්ථුනො තස්ස දිට්ඨියා තස්ස ඛන්තියා තස්ස රුචියා තස්ස ආදායස්ස වණ්ණෙ භඤ්ඤමානෙ අත්තමනො හොති උදග්ගො අභිරද්ධො, බුද්ධස්ස වා ධම්මස්ස වා සඞ්ඝස්ස වා වණ්ණෙ භඤ්ඤමානෙ කුපිතො හොති අනත්තමනො අනභිරද්ධො. ඉදං භික්ඛවෙ සඞ්ඝාතනිකං අඤ්ඤතිත්ථියපුබ්බස්ස අනාරාධනීයස්මිං. එවං ඛො භික්ඛවෙ, අඤ්ඤතිත්ථියපුබ්බො අනාරාධකො හොති. එවං අනාරාධකො ඛො භික්ඛවෙ, අඤ්ඤතිත්ථියපුබ්බො ආගතො න උපසම්පාදෙතබ්බො.
Sinhala BJT11. මහණෙනි, නැවත ද පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ යමෙකුගේ තීර්‍ත්‍ථායතනයකින් මෙහි ආයේ වේ ද, ඒ තීර්‍ත්‍ථායතනස්වාමී වූ ශාස්තෘහුගේ ද ඔහු අයත් ලබ්ධියෙහි ද ඔහුගේ කැමැත්තෙහි ද ඔහුගේ රුචියෙහි ද ඔහුගේ දැඩිව ගත් දෘෂ්ටියෙහි ද දොස් කියනු ලබන කල්හි කිපියේ නො සතුටු සිත් ඇත්තේ නො පිරිපුන් අදහස් ඇත්තේ වේ ද, බුදුන්ගේ හෝ ධර්‍මයෙහි හෝ සඞ්ඝයාගේ හෝ දොස් කියනු ලබන කල්හි සතුටු සිත් ඇත්තේ ඔද වැඩි වූයේ පිරිපුන් අදහස් ඇත්තේ වේ ද, යමෙකුගේ තීර්‍ත්‍ථායතනයකින් මෙහි ආයේ වේ ද, ඒ තීර්‍ත්‍ථායතන ස්වාමී වූ ශාස්තෘහුගේ ද ඔහු අයත් ලබ්ධියෙහි ද ඔහු පිළිබඳ කැමැත්තෙහි ද ඔහුගේ රුචියෙහි ද ඔහුගේ දැඩිව ගත් දෘෂ්ටියෙහි ද ගුණ කියන කල්හි සතුටු සිත් ඇත්තෙක් ඔද වැඩි වූයේ පිරිපුන් අදහස් ඇත්තේ වේ ද, බුදුන්ගේ හෝ ධර්‍මයෙහි හෝ සඞ්ඝයාගේ හෝ ගුණ කියනු ලබන කල්හි කිපියේ නො සතුටු සිත් ඇත්තේ නො පිරිපුන් අදහස් ඇත්තේ වේ ද, මහණෙනි, මෙය පෙර අන්‍යතීර්‍ත්‍ථකවූවහුගේ වත් නො පිරීමෙහි ප්‍රධාන ලක්‍ෂණය වේ. මහණෙනි, මෙසේ පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ වත් නො පුරන්නේ වේ. මහණෙනි, මෙසේ වත් නො පුරණ පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ මෙහි ආයේ උපසපන් නො කළ යුතු ය.
Pali BJT12. කථඤ්ච භික්ඛවෙ, අඤ්ඤතිත්ථියපුබ්බො ආරාධකො හොති? ඉධ භික්ඛවෙ, අඤ්ඤතිත්ථියපුබ්බො නාතිකාලෙන ගාමං පවිසති. නාතිදිවා පටික්කමති. එවම්පි භික්ඛවෙ, අඤ්ඤතිත්ථියපුබ්බො ආරාධකො හොති.
Sinhala BJT12. මහණෙනි, පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ කෙසේ වත් පුරන්නෙක් වේ ද? මහණෙනි, මෙහි පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ ඉතා කලින් ගමට නො පිවිසේ. ඉතා දහවල් පෙරළා නො එයි. මහණෙනි, මෙසේ ද පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ වත් පුරන්නෙක් වේ.
Pali BJT13. පුන චපරං භික්ඛවෙ, අඤ්ඤතිත්ථියපුබ්බො න වෙසියාගොචරො හොති. න විධවාගොචරො හොති. න ථුල්ලකුමාරිකාගොචරො හොති. න පණ්ඩකගොචරො හොති. න භික්ඛුනිගොචරො හොති. එවම්පි භික්ඛවෙ අඤ්ඤතිත්ථියපුබ්බො ආරාධකො හොති.
Sinhala BJT13. මහණෙනි, නැවත ද පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ වෙසඟනන් ඇසුරු නො කරන්නේ වේ ද, වැන්දඹු ගැහැණුන් ඇසුරු නො කරන්නේ වේ ද, විවාහ නොවී මහලුවූ ගැහැණුන් ඇසුරු නො කරන්නේ වේ ද, ලිඞ්ගවිකලවූවන් ඇසුරු නො කරන්නේ වේ ද, මෙහෙණන් ඇසුරු නො කරන්නේ වේ ද, මහණෙනි, මෙසේ ද පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ වත් පුරන්නෙක් වේ.
Pali BJT14. පුන චපරං භික්ඛවෙ, අඤ්ඤතිත්ථියපුබ්බො යානි තානි සබ්රහ්මචාරීනං උච්චාවචානි කිඞ්කරණීයානි, තත්ථ දක්ඛො හොති අනලසො. තත්රූපායාය වීමංසාය සමන්නාගතො අලං කාතුං අලං සංවිධාතුං. එවම්පි භික්ඛවෙ අඤ්ඤතිත්ථියපුබ්බො ආරාධකො හොති.
Sinhala BJT14. මහණෙනි, නැවත ද පෙර අන්‍යතීර්‍ත්‍ථකවූයේ සබ්‍රහ්මචාරීන් පිළිබඳ “කුමක් කෙරෙම් දැ” යි පිළිවිස කළ යුතු යම් ඒ කුදු මහත් කටයුතු වේ ද ඒ කටයුතුවල දක්‍ෂ වේ ද, උත්‍ථානවීර්‍ය්‍යයෙන් යුක්ත වූයේ වේ ද, ඒ ඒ කටයුතුවල “මෙය මෙසේ කටයුතු ය, මෙය මෙසේ කටයුතු ය” යි කෙණෙහි උපන් නුවණින් යුක්ත වූයේ වේ ද, සියතින් කරන්නට සමර්‍ත්‍ථ වේ ද; ස්ථවිර – මධ්‍යම – නවකයන් තුළ උත්සාහය උපදවා සංවිධානය කරන්නට සමර්‍ත්‍ථ වේ ද, මහණෙනි, මෙසේ ද පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ වත් පුරන්නෙක් වේ.