Mahāvagga

Great Division

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

Showing entries 301-400 of 2799

SegmentPali BJTSinhala BJT
Pali BJT21. සචෙ පරිවෙණං උක්ලාපං හොති, පරිවෙණං සම්මජ්ජිතබ්බං. සචෙ කොට්ඨකො උක්ලාපො හොති, කොට්ඨකො සම්මජ්ජිතබ්බො. සචෙ උපට්ඨානසාලා උක්ලාපා හොති, උපට්ඨානසාලා සම්මජ්ජිතබ්බා. සචෙ අග්ගිසාලා උක්ලාපා හොති, අග්ගිසාලා සම්මජ්ජිතබ්බා. සචෙ වච්චකුටි උක්ලාපා හොති, වච්චකුටි සම්මජ්ජිතබ්බා. සචෙ පානීයං න හොති, පානීයං උපට්ඨාපෙතබ්බං. සචෙ පරිභොජනීයං න හොති, පරිභොජනීයං උපට්ඨාපෙතබ්බං. සචෙ ආචමනකුම්භියා උදකං න හොති, ආචමනකුම්භියා උදකං ආසිඤ්චිතබ්බං.
Sinhala BJT21. පිරිවෙණ කසළ සහිත වේ නම්, පිරිවෙණ හැමැදිය යුතු ය. ඇතුළුගෙය කසළ සහිත වේ නම්, ඇතුළුගෙය හැමැදිය යුතු ය. උපස්ථානශාලාව කසළ සහිත වේ නම්, උපස්ථානශාලාව හැමැදිය යුතු ය. ගිනිහල් ගෙය කසළ සහිත වේ නම් ගිනිහල් ගෙය හැමැදිය යුතු ය. වැසිකිළිය කසළ සහිත වේ නම්, වැසිකිළිය හැමදිය යුතු ය. පැන් නො වේ නම්, පැන් එළවා තැබිය යුතු ය. පරිභෝගයට සුදුසු දිය නැති නම්, පරිභෝගයට සුදුසු දිය එළවා තැබිය යුතු ය. වැසිකිළිදිය සැළෙහි දිය නැති නම්, වැසිකිළිදියසැළෙහි දිය වක්කළ යුතු ය.
Pali BJT22. සචෙ උපජ්ඣායස්ස අනභිරති උප්පන්නා හොති, සද්ධිවිහාරිකෙන වූපකාසෙතබ්බො. වූපකාසාපෙතබ්බො. ධම්මකථා වාස්ස කාතබ්බා. සචෙ උපජ්ඣායස්ස කුක්කුච්චං උප්පන්නං හොති, සද්ධිවිහාරිකෙන විනොදෙතබ්බං. විනොදාපෙතබ්බං. ධම්මකථා වාස්ස කාතබ්බා. සචෙ උපජ්ඣායස්ස දිට්ඨිගතං උප්පන්නං හොති, සද්ධිවිහාරිකෙන විවෙචෙතබ්බං. විවෙචාපෙතබ්බං. ධම්මකථා වාස්ස කාතබ්බා.
Sinhala BJT22. උපාද්ධ්‍යායයාට සාසනයෙහි නො ඇල්මෙක් උපන්නේ නම්, සද්ධිවිහාරිකයා විසින් උපාද්ධ්‍යායයා අන් තැනකට ගෙණ යා යුතු ය. “තෙරුන් අන් තැනකට ගෙණ යව” යි අන් භික්‍ෂුවකට කිය යුතු ය. උන්වහන්සේට ධර්‍මකථා හෝ කිය යුතු ය. උපාද්ධ්‍යායයාහට කුකුසෙක් උපන්නේ නම්, සද්ධිවිහාරිකයා විසින් එය දුරු කළ යුතු ය. “තෙරුන්ගේ කුකුස හැරලච” යි අන් භික්‍ෂුවකට කිය යුතු ය. උන් වහන්සේට ධර්‍මකථා හෝ කිය යුතු ය. උපාද්ධ්‍යායයාහට මිසදිටුවක් උපන්නේ නම් සද්ධිවිහාරිකයා විසින් එය දුරු කට යුතු ය. අනිකකු ලවා හෝ දුරු කරවිය යුතු ය. උන්වහන්සේට ධර්‍මකථා හෝ කිය යුතු ය.
Pali BJT23. සචෙ උපජ්ඣායො ගරුධම්මං අජ්ඣාපන්නො හොති පරිවාසාරහො, සද්ධිවිහාරිකෙන උස්සුක්කං කාතබ්බං. “කින්ති නු ඛො සඞ්ඝො උපජ්ඣායස්ස පරිවාසං දදෙය්යා?”ති.
Sinhala BJT23. උපාද්ධ්‍යායතෙමේ ගරු ඇවැතට පැමිණියේ පිරිවෙසට සුදුසු වූයේ වේ ද, සද්ධිවිහාරිකයා විසින් “කෙසේ නම් සඞ්ඝ තෙමේ උපාද්ධ්‍යායයා හට පිරිවෙස් දෙන්නේ දැ” යි උත්සාහ කට යුතු ය.
Pali BJT24. සචෙ උපජ්ඣායො මූලාය පටිකස්සනාරහො හොති, සද්ධිවිහාරිකෙන උස්සුක්කං කාතබ්බං: “කින්ති නු ඛො සඞ්ඝො උපජ්ඣායං මූලාය පටිකස්සෙය්යා?”ති.
Sinhala BJT24. උපාද්ධ්‍යායතෙමේ මූලායපටිකස්සනයට (මුල සිට පිරිවෙස් පිරීමට) සුදුසු වූයේ වේ නම්, “කෙසේ නම් සඞ්ඝතෙමේ උපාද්ධ්‍යායයා මුල සිට පිරිවෙස් පිරීමට අදින්නේදැ?” යි සද්ධිවිහාරිකයා විසින් උත්සාහ කට යුතු ය.
Pali BJT25. සචෙ උපජ්ඣායො මානත්තාරහො හොති, සද්ධිවිහාරිකෙන උස්සුක්කං කාතබ්බං: “කින්ති නු ඛො සඞ්ඝො උපජ්ඣායස්ස මානත්තං දදෙය්යා?”ති.
Sinhala BJT25. උපාද්ධ්‍යායතෙමේ මානතට සුදුසු වූයේ නම්, “කෙසේ නම් සඞ්ඝ තෙමේ උපාද්ධ්‍යායයාහට මානත දෙන්නේදැ” යි සද්ධිවිහාරිකයා විසින් උත්සාහ කට යුතු ය.
Pali BJT26. සචෙ උපජ්ඣායො අබ්භානාරහො හොති, සද්ධිවිහාරිකෙන උස්සුක්කං කාතබ්බං: “කින්ති නු ඛො සඞ්ඝො උපජ්ඣායං අබ්භෙය්යා?”ති.
Sinhala BJT26. උපාද්ධ්‍යාය තෙමේ අබ්භානයට සුදුසු වූයේ නම්, “කෙසේ නම් සඞ්ඝ තෙමේ උපාද්ධ්‍යායයා සඞ්ඝයාට ඇතුළත් කරන්නේදැ?” යි උත්සාහ කට යුතු ය.
Pali BJT27. සචෙ සඞ්ඝො උපජ්ඣායස්ස කම්මං කත්තුකාමො හොති. තජ්ජනීයං වා නියස්සං වා පබ්බාජනීයං වා පටිසාරණීයං වා උක්ඛෙපනීයං වා, සද්ධිවිහාරිකෙන උස්සුක්කං කාතබ්බං: “කින්ති නු ඛො සඞ්ඝො උපජ්ඣායස්ස කම්මං න කරෙය්ය ලහුතාය{1} වා පරිණාමෙය්යා?”ති. කතං වා පනස්ස හොති සඞ්ඝෙන කම්මං තජ්ජනීයං වා නියස්සං වා පබ්බාජනීයං වා පටිසාරණීයං වා උක්ඛෙපනීයං වා, සද්ධිවිහාරිකෙන උස්සුක්කං කාතබ්බං: “කින්ති නු ඛො උපජ්ඣායො සම්මා වත්තෙය්ය? ලොමං පාතෙය්ය? නෙත්ථාරං වත්තෙය්ය? සඞ්ඝො තං කම්මං පටිප්පස්සම්භෙය්යා?”ති.
Sinhala BJT27. සඞ්ඝතෙමේ උපාද්ධ්‍යායයාහට තජ්ජනීයකම්මය හෝ නියස්සකම්මය හෝ පබ්බාජනීයකම්මය හෝ පටිසාරණීයකම්මය හෝ උක්ඛේපනීය කම්මය හෝ කරණු කැමැත්තේ නම්, “කෙසේ නම් සඞ්ඝ තෙමේ උපාද්ධ්‍යායයාහට කර්‍ම නො කරන්නේ ද? ලඝුබවට හෝ පෙරළන්නේ දැ?” යි සද්ධිවිහාරිකයා විසින් උත්සාහ කට යුතු ය. “උන්වහන්සේට සඞ්ඝයා විසින් තජ්ජනීයකම්මය හෝ නියස්ස කම්මය හෝ පබ්බාජනීයකම්මය හෝ පටිසාරණීයකම්මය හෝ උක්ඛේපනීයකම්මය හෝ කරණ ලද්දේ හෝ වේ ද, කෙසේ නම් උපාධ්‍යාය තෙමේ මනා කොට පවතින්නේ ද? අනුලොම් වන්නේ ද? නිදොස්බව පිණිස පවතින්නේ ද? සඞ්ඝතෙමේ ඒ කර්‍මය සන්සිදුවන්නේ දැ?” යි සද්ධිවිහාරිකයා විසින් උත්සාහ කට යුතු ය.
Pali BJT28. සචෙ උපජ්ඣායස්ස චීවරං ධොවිතබ්බං හොති, සද්ධිවිහාරිකෙන ධොවිතබ්බං. උස්සුක්කං වා කාතබ්බං: “කින්ති නු ඛො උපජ්ඣායස්ස චීවරං ධොවීයෙථා?”ති. සචෙ උපජ්ඣායස්ස චීවරං කාතබ්බං හොති, සද්ධිවිහාරිකෙන කාතබ්බං. උස්සුක්කං වා කාතබ්බං: “කින්ති නු ඛො උපජ්ඣායස්ස චීවරං කරියෙථා?”ති. සචෙ උපජ්ඣායස්ස රජනං පචිතබ්බං හොති, සද්ධිවිහාරිකෙන පචිතබ්බං. උස්සුක්කං වා කාතබ්බං: “කින්ති නු ඛො උපජ්ඣායස්ස රජනං පචීයෙථා?”ති. සචෙ උපජ්ඣායස්ස චීවරං රජෙතබ්බං{1} හොති, සද්ධිවිහාරිකෙන රජෙතබ්බං. උස්සුක්කං වා කාතබ්බං: “කින්ති නු ඛො උපජ්ඣායස්ස චීවරං රජියෙථා?”ති. චීවරං රජන්තෙන සාධුකං සම්පරිවත්තකං සම්පරිවත්තකං රජෙතබ්බං. න ච අච්ඡින්නෙ ථෙවෙ පක්කමිතබ්බං.
Sinhala BJT28. උපාද්ධ්‍යායයාගේ සිවුර සේදිය යුතු නම්, සද්ධිවිහාරිකයා විසින් සේදිය යුතුය. “කෙසේ නම් උපාද්ධ්‍යායයාගේ සිවුර සෝදනු ලබන්නේ දැ?” යි උත්සාහය හෝ කට යුතු ය. උපාද්ධ්‍යායයාට සිවුරක් කට යුතු නම්, සද්ධිවිහාරිකයා විසින් ඒ කට යුතු ය. “කෙසේ නම් උපාද්ධ්‍යායයාගේ සිවුර කරණු ලබන්නේ දැ?” යි උත්සාහය හෝ කට යුතු ය. උපාද්ධ්‍යායයාට පඬු පිසිය යුතු නම්, සද්ධිවිහාරිකයා විසින් පඬු පිසිය යුතු ය. “කෙසේ නම් උපාද්ධ්‍යායයාහට පඬු පිසනු ලබන්නේදැ?” යි උත්සාහය හෝ කට යුතු ය. උපාද්ධ්‍යායයාගේ සිවුර පඬු පෙවිය යුතු නම්, සද්ධිවිහාරිකයා විසින් පඬු පෙවිය යුතු ය. “කෙසේ නම් උපාද්ධ්‍යායයාගේ සිවුර පඬු පොවනු ලබන්නේදැ” යි උත්සාහය හෝ කටයුතු ය. සිවුර පඬු පොවන්නහු විසින් මනා කොට පෙරළ පෙරළා පඬු පෙවිය යුතු ය. පොද නො සුන් කල්හි (පඬු දිය නො සුන් කල්හි) බැහැර නො යා යුතු යි.
Pali BJT29. න උපජ්ඣායං අනාපුච්ඡා එකච්චස්ස පත්තො දාතබ්බො. න එකච්චස්ස පත්තො පටිග්ගහෙතබ්බො. න එකච්චස්ස චීවරං දාතබ්බං. න එකච්චස්ස චීවරං පටිග්ගහෙතබ්බං. න එකච්චස්ස පරික්ඛාරො දාතබ්බො. න එකච්චස්ස පරික්ඛාරො පටිග්ගහෙතබ්බො. න එකච්චස්ස කෙසා ඡෙත්තබ්බා.{2} න එකච්චෙන කෙසා ඡෙදාපෙතබ්බා. න එකච්චස්ස පරිකම්මං කාතබ්බං. න එකච්චෙන පරිකම්මං කාරාපෙතබ්බං. න එකච්චස්ස වෙය්යාවච්චො{3} කාතබ්බො. න එකච්චෙන වෙය්යාවච්චො කාරාපෙතබ්බො. න එකච්චස්ස පච්ඡාසමණෙන හොතබ්බං. න එකච්චො පච්ඡාසමණො ආදාතබ්බො. න එකච්චස්ස පිණ්ඩපාතො නීහරිතබ්බො. න එකච්චෙන පිණ්ඩපාතො නීහරාපෙතබ්බො.
Sinhala BJT29. උපාද්ධ්‍යායයා නො විචාරා කිසිවෙකුට පාත්‍රය නො දිය යුතු ය. කිසිවෙකුගේ පාත්‍රය නො පිළිගත යුතු ය. කිසිවෙකුට සිවුර නො දිය යුතු ය. කිසිවෙකුගේ සිවුර නො පිළිගත යුතුය. කිසිවෙකුට පිරිකර නො දිය යුතු ය. කිසිවෙකුගේ පිරිකර නො පිළිගත යුතු ය. කිසිවෙකුගේ කෙස් නො කැපිය යුතු ය. කිසිවෙකු ලවා කෙස් නො කැප්පිය යුතු ය. කිසිවෙකුගේ පා මිරිකීම් ආදි වත් නො කට යුතු ය. කිසිවෙකු ලවා වත් නො කරවා ගත යුතුය. කිසිවෙකුට වතාවත් නො කට යුතුය. කිසිවෙකු ලවා වතාවත් නො කරවා ගත යුතු ය. කිසිවෙකුගේ පස්සේ යන මහණකු නො විය යුතු ය. කිසිවෙකු කැටු ව යන මහණකු සේ නො ගත යුතු ය. කිසිවෙකුගේ පිණ්ඩපාතය බැහැර නො කට යුතු ය. කිසිවෙකු ලවා පිණ්ඩපාතය බැහැර නො කරවිය යුතු ය.
Pali BJT30. න උපජ්ඣායං අනාපුච්ඡා ගාමො පවිසිතබ්බො. න සුසානං ගන්තබ්බං. න දිසා පක්කමිතබ්බා. සචෙ උපජ්ඣායො ගිලානො හොති, යාවජීවං උපට්ඨාතබ්බො. වුට්ඨානමස්ස ආගමෙතබ්බන්ති.
Sinhala BJT30. උපාද්ධ්‍යායයා නො විචාරා ගම් නො වැදිය යුතු ය. සොහොනට නො යා යුතු ය. ඒ ඒ දිශාවන්හි නො යා යුතු ය. උපාද්ධ්‍යාය තෙමේ ගිලන් වේ නම්, ජීවත් වනතුරු උපස්ථාන කළ යුතු ය. උන්වහන්සේ ගේ ලෙඩින් නැගී සිටීම බලාපොරොත්තු විය යුතු ය.
Pali BJTඋපජ්ඣායවත්තං නිට්ඨිතං.
Sinhala BJTඋපාද්ධ්‍යාය වත නිමි.
Pali BJT1. උපජ්ඣායෙන භික්ඛවෙ, සද්ධිවිහාරිකම්හි සම්මා වත්තිතබ්බං. තත්රායං සම්මාවත්තනා: “උපජ්ඣායෙන භික්ඛවෙ සද්ධිවිහාරිකො සඞ්ගහෙතබ්බො අනුග්ගහෙතබ්බො උද්දෙසෙන පරිපුච්ඡාය ඔවාදෙන අනුසාසනියා.
Sinhala BJT1. මහණෙනි, උපාද්ධ්‍යායයා සද්ධිවිහාරිකයා කෙරෙහි මනා කොට කොට පැවතිය යුතු ය. එහි මේ මනා කොට පැවැත්ම ය: මහණෙනි, උපාද්ධ්‍යායයා විසින් සද්ධිවිහාරික තෙමේ උදෙසීමෙන් කරුණු විමසීමෙන් අවවාදයෙන් අනුශාසනයෙන් සංග්‍රහ කට යුතු ය. අනුග්‍රහ කට යුතු ය.
Pali BJT2. සචෙ උපජ්ඣායස්ස පත්තො හොති, සද්ධිවිහාරිකස්ස පත්තො න හොති, උපජ්ඣායෙන සද්ධිවිහාරිකස්ස පත්තො දාතබ්බො. උස්සුක්කං වා කාතබ්බං: “කින්ති නු ඛො සද්ධිවිහාරිකස්ස පත්තො උප්පජ්ජියෙථා?”ති.
Sinhala BJT2. උපාද්ධ්‍යායයාහට වැඩිපුර පාත්‍රයක් වේ ද, සද්ධිවිහාරිකයාහට පාත්‍රයක් නො වේ ද, උපාද්ධ්‍යායයා විසින් සද්ධිවිහාරිකයාහට පාත්‍රයක් දිය යුතු ය. “සද්ධිවිහාරිකයාහට පාත්‍රයක් කෙසේ නම් උපදනේ දැ?” යි උත්සාහය හෝ කට යුතු ය.
Pali BJT3. සචෙ උපජ්ඣායස්ස චීවරං හොති, සද්ධිවිහාරිකස්ස චීවරං න හොති, උපජ්ඣායෙන සද්ධිවිහාරිකස්ස චීවරං දාතබ්බං. උස්සුක්කං වා කාතබ්බං: “කින්ති නු ඛො සද්ධිවිහාරිකස්ස චීවරං උප්පජ්ජියෙථා?”ති.
Sinhala BJT3. උපාද්ධ්‍යායාහට වැඩිපුර සිවුරක් වේ ද, සද්ධිවිහාරිකයාහට සිවුරක් නො වේ ද, උපාද්ධද්‍යායයා විසින් සද්ධිවිහාරිකයාහට සිවුරක් දිය යුතු ය. “සද්ධිවිහාරිකයාහට සිවුරක් කෙසේ නම් උපදනේදැ?” යි උත්සාහය හෝ කට යුතු ය.
Pali BJT4. සචෙ උපජ්ඣායස්ස පරික්ඛාරො හොති, සද්ධිවිහාරිකස්ස පරික්ඛාරො න හොති, උපජ්ඣායෙන සද්ධිවිහාරිකස්ස පරික්ඛාරො දාතබ්බො. උස්සුක්කං වා කාතබ්බං: “කින්ති නු ඛො සද්ධිවිහාරිකස්ස පරික්ඛාරො උප්පජ්ජියෙථා?”ති.
Sinhala BJT4. උපාද්ධ්‍යායයාහට වැඩිපුර පරිෂ්කාරයක් වේ ද, සද්ධිවිහාකාරිකයා හට පරිෂ්කාරයක් නො වේ ද, උපාද්ධ්‍යායයා විසින් සද්ධිවිහාරිකයාහට පරිෂ්කාර දිය යුතු ය. “සද්ධිවිහාරිකයාහට පරිෂ්කාරයක් කෙසේ නම් උපදනේ දැ?” යි උත්සාහය හෝ කට යුතු ය.
Pali BJT5. සචෙ සද්ධිවිහාරිකො ගිලානො හොති, කාලස්සෙව වුට්ඨාය දන්තකට්ඨං දාතබ්බං. මුඛොදකං දාතබ්බං. ආසනං පඤ්ඤාපෙතබ්බං සචෙ යාගු හොති, භාජනං ධොවිත්වා යාගු උපනාමෙතබ්බා. යාගුං පීතස්ස උදකං දත්වා භාජනං පටිග්ගහෙත්වා නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන ධොවිත්වා පටිසාමෙතබ්බා. සද්ධිවිහාරිකම්හි වුට්ඨිතෙ ආසනං උද්ධරිතබ්බං. සචෙ සො දෙසො උක්ලාපො හොති, සො දෙසො සම්මජ්ජිතබ්බො.
Sinhala BJT5. සද්ධිවිහාරිකතෙමේ ගිලන් වේ නම්, කලින් ම නැගිට දැහැටි දිය යුතු ය. මුව දෝනා දිය දිය යුතු ය. අසුන් පැණවිය යුතු ය. කැඳ තිබේ නම්, බඳුන සෝදා, කැඳ එළවිය යුතු ය. කැඳ වළඳා සිටියහුට දිය දී බඳුන පිළිගෙණ පාත් කොට මනා කොට නො ගටා සෝදා තැන්පත් කළ යුතු ය. එදෙස කසළ සහිත වේ නම්, එතැන හැමදිය යුතු ය. සද්ධිවිහාරිකයා නැගී සිටි කල්හි ආසනය ඔසවා තැබිය යුතු ය.
Pali BJT6. සචෙ සද්ධිවිහාරිකො ගාමං පවිසිතුකාමො හොති, නිවාසනං දාතබ්බං. පටිනිවාසනං පටිග්ගහෙතබ්බං. කායබන්ධනං දාතබ්බං. සගුණං කත්වා සඞ්ඝාටියො දාතබ්බා. ධොවිත්වා පත්තො සඋදකො දාතබ්බො. එත්තාවතා නිවත්තිස්සතීති ආසනං පඤ්ඤාපෙතබ්බං පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික්ඛිපිතබ්බං. පච්චුග්ගන්ත්වා පත්තචීවරං පටිග්ගහෙතබ්බං. පටිනිවාසනං දාතබ්බං. නිවාසනං පටිග්ගහෙතබ්බං. සචෙ චීවරං සින්නං හොති, මුහුත්තං උණ්හෙ ඔතාපෙතබ්බං. න ච උණ්හෙ චීවරං නිඩ්ඩහිතබ්බං. චීවරං සඞ්ඝරිතබ්බං. චීවරං සඞ්ඝරන්තෙන චතුරඞ්ගුලං කණ්ණං උස්සාදෙත්වා චීවරං සඞ්ඝරිතබ්බං: “මා මජ්ඣෙ භඞ්ගො අහොසී”ති. ඔභොගෙ කායබන්ධනං කාතබ්බං.
Sinhala BJT6. සද්ධිවිහාරිකතෙමේ ගම් වදිනු කැමැත්තේ නම්, අඳනය දිය යුතු ය. ඇඳ තුබූ අඳනය පිළිගත යුතු ය. පටිය දිය යුතු ය. සිවුරු දෙක එක් කොට දිය යුතු ය. සෝදා දිය සහිත වූ පාත්‍රය දිය යුතු ය. මෙපමණකින් (පිඬුසිඟා) නවතින්නේ (පෙරළා එන්නේ) ය යි දැන අසුන් පැණවිය යුතු ය. පා දෝනා දිය පාපුටුව නො සේදූ පා තබන පුවරුව එළවිය යුතු ය. ඉදිරියට ගොස් පාසිවුරු පිළිගත යුතු ය. ඇඳි අඳනය පිළිගත යුතු ය. සිවුර තෙත් වූයේ නම්, මොහොතක් උෂ්ණයෙහි ලා වියලිය යුතු ය. සිවුරු උෂ්ණයෙහි ලා වැඩියක් නො දැවිය යුතු ය. සිවුර නැමිය යුතු ය. සිවුර නමන්නහු විසින් “මැද නො දිරාවා” යි සතරඟුලක් පමණ සිවුරු කොණ උස් කොට සිවුර නැමිය යුතු ය. නැමූ සිවුරෙහි පටිය තැබිය යුතු ය.
Pali BJT7. සචෙ පිණ්ඩපාතො හොති, සද්ධිවිහාරිකො ච භුඤ්ජිතුකාමො හොති, උදකං දත්වා පිණ්ඩපාතො උපනාමෙතබ්බො. සද්ධිවිහාරිකො පානීයෙන පුච්ඡිතබ්බො. භුත්තාවිස්ස උදකං දත්වා පත්තං පටිග්ගහෙත්වා නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන ධොවිත්වා වොදකං කත්වා මුහුත්තං උණ්හෙ ඔතාපෙතබ්බො. න ච උණ්හෙ පත්තො නිඩ්ඩහිතබ්බො.
Sinhala BJT7. පිණ්ඩපාතය වේ නම්, සද්ධිවිහාරික තෙමේත් වළඳනු කැමැත්තේ වේ නම, දිය දී පිණ්ඩපාතය එළවිය යුතු ය. සද්ධිවිහාරික තෙමේ පැනින් විචාළ යුතු ය. වළඳා අවසන් කළහුට දිය දී පාත්‍රය පිළිගෙණ පාත් කොට කිසිවක නො ගටා මනා කොට සෝදා දිය පිසදමා මොහොතක් උෂ්ණයෙහි වියලිය යුතු ය. පාත්‍රය උෂ්ණයෙහි ලා වැඩියක් නො දැවිය යුතු ය.
Pali BJT8. පත්තචීවරං නික්ඛිපිතබ්බං. පත්තං නික්ඛිපන්තෙන එකෙන හත්ථෙන පත්තං ගහෙත්වා එකෙන හත්ථෙන හෙට්ඨා මඤ්චං වා හෙට්ඨාපීඨං වා පරාමසිත්වා පත්තො නික්ඛිපිතබ්බො. න ච අනන්තරහිතාය භූමියා පත්තො නික්ඛිපිතබ්බො. චීවරං නික්ඛිපන්තෙන එකෙන හත්ථෙන චීවරං ගහෙත්වා එකෙන හත්ථෙන චීවරවංසං වා චීවරරජ්ජුං වා පමජ්ජිත්වා පාරතො අන්තං ඔරතො භොගං කත්වා චීවරං නික්ඛිපිතබ්බං.
Sinhala BJT8. පා සිවුරු බහා තැබිය යුතු ය. පාත්‍රය බහා තබන්නහු පිසින් එක් අතකින් පාත්‍රය ගෙණ එක් අතකින් ඇඳ යට හෝ පුටුව යට හෝ අත ගා පාත්‍රය බහා තැබිය යුතු ය. කිසිවක් නො අතුළ බිම පාත්‍රය නො තැබිය යුතු ය. සිවුර බහන්නහු විසින් එක් අතකින් සිවුර ගෙණ එක් අතකින් සිවුර ලන උණදඬුව හෝ සිවුරු ලන රැහැණ හෝ පිරිමැද නුවාව එහාට දරණය මෙහාට තබා සිවුර බැහිය යුතු ය.
Pali BJT9. සද්ධිවිහාරිකම්හි වුට්ඨිතෙ ආසනං උද්ධරිතබ්බං. පාදොදකං පාදපීඨං පාදකඨලිකං පටිසාමෙතබ්බං. සචෙ සො දෙසො උක්ලාපො හොති, සො දෙසො සම්මජ්ජිතබ්බො. සචෙ සද්ධිවිහාරිකො නහායිතුකාමො හොති, නහානං පටියාදෙතබ්බං. සචෙ සීතෙන අත්ථො හොති, සීතං පටියාදෙතබ්බං. සචෙ උණ්හෙන අත්ථො හොති, උණ්හං පටියාදෙතබ්බං.
Sinhala BJT9. සද්ධිවිහාරිකයා නැගී සිටි කල්හි අසුන ඔසවා තැබිය යුතු ය. පා දෝනා දිය පාපුටුව නො සේදූ පා තබන පුවරුව තැන්පත් කටයුතු ය. එදෙස කසළ සහිත වේ නම්, එතැන හැමදිය යුතු ය. සද්ධිවිහාරිකයා නහනු කැමති වේ නම්, නහනු පිළියෙල කළ යුතු ය. සීත දියෙන් ප්‍රයෝජන වේ නම්, සීත දිය පිළියෙල කළ යුතු ය. උණු දියෙන් ප්‍රයෝජන වේ නම්, උණු දිය පිළියෙල කළ යුතු ය.
Pali BJT10. සචෙ සද්ධිවිහාරිකො ජන්තාඝරං පවිසිතුකාමො හොති, චුණ්ණං සන්නෙතබ්බං. මත්තිකා තෙමෙතබ්බා. ජන්තාඝරපීඨං ආදාය ගන්ත්වා ජන්තාඝරපීඨං දත්වා චීවරං පටිග්ගහෙත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. චුණ්ණං දාතබ්බං. මත්තිකා දාතබ්බා. සචෙ උස්සහති, ජන්තාඝරං පවිසිතබ්බං. ජන්තාඝරං පවිසන්තෙන මත්තිකාය මුඛං මක්ඛෙත්වා පුරතො ච පච්ඡතො ච පටිච්ඡාදෙත්වා ජන්තාඝරං පවිසිතබ්බං. න ථෙරෙ භික්ඛූ අනුපඛජ්ජ නිසීදිතබ්බං. න නවා භික්ඛූ ආසනෙන පටිබාහෙතබ්බා. ජන්තාඝරෙ සද්ධිවිහාරිකස්ස පරිකම්මං කාතබ්බං ජන්තාඝරා නික්ඛමන්තෙන ජන්තාඝරපීඨං ආදාය පුරතො ච පච්ඡතො ච පටිච්ඡාදෙත්වා ජන්තාඝරා නික්ඛමිතබ්බං.
Sinhala BJT10. සද්ධිවිහාරික තෙමේ ගිනිහල්ගෙට පිවිසෙනු කැමැත්තේ නම්, නහනසුණු තෙමා පිඬු කළ යුතු ය. නහනමැටි තේමිය යුතු ය. ගිනිහල් ගෙයි පුටුව ගෙණ ගොස් ගිනිහල්ගෙයි පුටුව දී සිවුර පිළිගෙණ පසෙක තැබිය යුතු ය. සුණු දිය යුතු ය. නහනමැටි දිය යුතු ය. හැක්කේ නම් ගිනිහල්ගෙට පිවිසිය යුතු ය. ගිනිහල්ගෙට පිවිසෙන්නහු විසින් නහනමැටියෙන් මුහුණ තවරා ඉදිරිපසින් හා පසුපසින් සිරුර වසා ගිනිහල්ගෙට පිවිසිය යුතු ය. ස්ථවිරභික්‍ෂූන් ගටා නො හිඳිය යුතු ය. නවකභික්‍ෂූන් ආසනයෙන් බැහැර නො කට යුතු ය. ගිනිහල්ගෙයි දී සද්ධිවිහාරිකයාගේ ඇඟ ඉළීම් ඈ වත් කළ යුතු ය. ගිනිහල්ගෙයින් නික්මෙන්නහු විසින් ගිනිහල්ගෙයි පුටුව ගෙණ ඉදිරි පසින් සිරුර වසා ගිනිහල්ගෙයින් නික්මිය යුතු ය.
Pali BJT11. උදකෙපි සද්ධිවිහාරිකස්ස පරිකම්මං කාතබ්බං. නහාතෙන පඨමතරං උත්තරිත්වා අත්තනො ගත්තං වොදකං කත්වා නිවාසෙත්වා සද්ධිවිහාරිකස්ස ගත්තතො උදකං පමජ්ජිතබ්බං. නිවාසනං දාතබ්බං. සඞ්ඝාටි දාතබ්බ. ජන්තාඝරපීඨං ආදාය පඨමතරං ආගන්ත්වා ආසනං පඤ්ඤාපෙතබ්බං පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික්ඛිපිතබ්බං. සද්ධිවිහාරිකො පානීයෙන පුච්ඡිතබ්බො. යස්මිං විහාරෙ සද්ධිවිහාරිකො විහරති, සචෙ සො විහාරො උක්ලාපො හොති, සචෙ උස්සහති සොධෙතබ්බො.
Sinhala BJT11. ජලයෙහි දී ද සද්ධිවිහාරිකයාගේ ඇඟ ඉලීම් ඈ වත් කට යුතුය. නා අවසන් කළහු විසින් පළමු කොට ගොඩ නැඟී තමන්ගේ සිරුරෙහි දිය පිස දමා හැඳ ගෙණ සද්ධිවිහාරිකයාගේ සිරුර පිස දැමිය යුතු ය. අඳනය දිය යුතු ය. සිවුරු දිය යුතු ය. ගිනිහල්ගෙයි පුටුව ගෙණ පළමු කොට අවුත් අසුන පණවා පා දෝනා දිය, පා පුටුව, නො සේදූ පා තබන පුවරුව එළවිය යුතු ය. සද්ධිවිහාරික තෙමේ පැනින් විචාළ යුතු ය. වෙහෙරක සද්ධිවිහාරික තෙමේ වාසය කෙරේ නම්, ඒ වෙහෙර කසළ සහිත නම්, හැක්කේ නම්, පිරිසිදු කළ යුතු ය.
Pali BJT12. විහාරං සොධෙන්තෙන පඨමං පත්තචීවරං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. නිසීදනපච්චත්ථරණං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. භිසිබිම්බොහනං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. මඤ්චො නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන අසංඝට්ටන්තෙන කවාටපිට්ඨං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බො. පීඨං නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන අසංඝට්ටන්තෙන කවාටපිට්ඨං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. මඤ්චපටිපාදකා නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බා.
Sinhala BJT12. වෙහෙර පිරිසිදු කරන්නහු විසින් පළමු කොට පාසිවුරු බැහැරට ගෙණ පසෙක තැබිය යුතු ය. හිඳිනාකඩ හා ඇතිරිල්ල ගෙණ පසෙක තැබිය යුතුය. ගුදිරිය හා කොට්ටය ගෙණ පෙසක තැබිය යුතු ය. ඇඳ පාත් කොට අල්ලා ගෙණ නො ගටමින් දොරබාවෙහි නො හප්පා ඉවත් කොට පසෙක තැබිය යුතු ය. පුටුව පාත් කොට අල්ලා ගෙණ නො ගටමින් දොරබාවෙහි නො හප්පා පසෙක තැබිය යුතු ය. ඇඳපාඅළු ඉවතට ගෙණ පසෙක තැබිය යුතු ය.
Pali BJT13. ඛෙළමල්ලකො නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බො. අපස්සෙනඵලකං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. භුම්මත්ථරණං යථාපඤ්ඤත්තං සල්ලක්ඛෙත්වා නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. සචෙ විහාරෙ සන්තානකං හොති, උල්ලොකා පඨමං ඔහාරෙතබ්බං. ආලොකසන්ධිකණ්ණභාගා පමජ්ජිතබ්බා. සචෙ ගෙරුකපරිකම්මකතා භිත්ති කණ්ණකිතා හොති, චොළකං තෙමෙත්වා පීළෙත්වා පමජ්ජිතබ්බා. සචෙ කාළවණ්ණකතා භූමි කණ්ණකිතා හොති, චොළකං තෙමෙත්වා පීළෙත්වා පමජ්ජිතබ්බා. සචෙ අකතා හොති, භූමි, උදකෙන පරිප්ඵොසෙත්වා සම්මජ්ජිතබ්බා: “මා විහාරො රජෙන ඌහඤ්ඤී”ති.
Sinhala BJT13. කෙළමලාව බැහැර කොට පසෙක තැබිය යුතුය. වැතිර හිඳිනා පුවරුව ඉවතට ගෙණ පසෙක තැබිය යුතු ය. බුමුතුරුණ පණවා තුබූ සැටි සලකා ඉවතට ගෙණ පසෙක තැබිය යුතු ය. විහාරයෙහි (වසන තැන) මකුණු දැල් වේ නම්, පළමු කොට උඩ සිට ඉවත් කළ යුතු ය. ඇතුළත පිටත ජනෙල්කවුළු හා කාමරයෙහි මුළු සතර පිස දැමිය යුතු ය. ගුරුයෙන් පිරියම් කළ බිත්තිය හටගත් පුස් ඇත්නම්, රෙදි කඩක් තෙමා මඳක් මිරිකා පිස දැමිය යුතු ය. ඉදින් කළු පැහැ කළ බිම හටගත් පුස් ඇත්නම්, රෙදි කඩක් තෙමා මඳක් මිරිකා පිස දැමිය යුතු ය. ඉදින් බිම පිරියම් නො කරණලද නම්, දිය ඉස “වෙහෙර දූවිල්ලෙන් කිලිටි නො වේවා” යි හැමැදිය යුතු ය.
Pali BJT14. සඞ්කාරං විචිනිත්වා එකමන්තං ඡඩ්ඩෙතබ්බං. භුම්මත්ථරණං ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා අතිහරිත්වා යථාපඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බං. මඤ්චපටිපාදකා ඔතාපෙත්වා පමජ්ජිත්වා අතිහරිත්වා යථාට්ඨානෙ ඨපෙතබ්බා. මඤ්චො ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන අසංඝට්ටන්තෙන කවාටපිට්ඨං අතිහරිත්වා යථාපඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බො. පීඨං ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන අසංඝට්ටන්තෙන කවාටපිට්ඨං අතිහරිත්වා යථාපඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බං. භිසිබිම්බොහනං ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා අතිහරිත්වා යථාපඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බං. නිසීදනපච්චත්ථරණං ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා අතිහරිත්වා යථාපඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බං. ඛෙළමල්ලකො ඔතාපෙත්වා පමජ්ජිත්වා අතිහරිත්වා යථාට්ඨානෙ ඨපෙතබ්බො. අපස්සෙනඵලකං ඔතාපෙත්වා පමජ්ජිත්වා අතිහරිත්වා යථාට්ඨානෙ ඨපෙතබ්බං.
Sinhala BJT14. කසළ රැස් කොට පසෙක දැමිය යුතු ය. බුමුතුරුණ වියලා ශුද්ධ කොට ගසා දමා ඇතුළට ගෙණවුත් තුබූ පරිදි තැබිය යුතු ය. ඇඳ පාඅළු වියලා පිස දමා ඇතුළට ගෙණවුත් තුබූ තැන තැබිය යුතු ය. ඇඳ වියලා ශුද්ධ කොට ගසා දමා පාත් කොට නො ගටා දොරබාව නො හප්පා ඇතුළට ගෙණවුත් පණවා තුබූ ලෙසින් මනා කොට පැණවිය යුතු ය. පුටුව වියලා ශුද්ධ කොට ගසා දමා පාත් කොට නො ගටා දොරබාව නො හප්පා ඇතුළට ගෙණවුත් පණවා තුබූ ලෙසින් මනා කොට පැණවිය යුතු ය. ගුදිරිය හා කොට්ටය වියලා ශුද්ඬ කොට ගසා දමා ඇතුළට ගෙණවුත් පණවා තුබූ ලෙසින් පැණවිය යුතු ය. හිඳිනාකඩ හා පසතුරුණ වියලා ශුද්ධ කොට ගසා දමා ඇතුළට ගෙණවුත් පණවා තුබූ ලෙසින් පැණවිය යුතු ය. කෙළමලාව වියලා පිස දමා ඇතුළට ගෙණවුත් තුබූ තැන තැබිය යුතු ය. හාන්සිපුවරුව වියලා පිස දමා ඇතුළට ගෙණවුත් තුබූ තැන තැබිය යුතු ය.
Pali BJT15. පත්තචීවරං නික්ඛිපිතබ්බං. පත්තං නික්ඛිපන්තෙන එකෙන හත්ථෙන පත්තං ගහෙත්වා එකෙන හත්ථෙන හෙට්ඨාමඤ්චං වා හෙට්ඨා පීඨං වා පරාමසිත්වා පත්තො නික්ඛිපිතබ්බො. න ච අනන්තරහිතාය භූමියා පත්තො නික්ඛිපිතබ්බො. චීවරං නික්ඛිපන්තෙන එකෙන හත්ථෙන චීවරං ගහෙත්වා එකෙන හත්ථෙන චීවරවංසං වා චීවරරජ්ජුං වා පමජ්ජිත්වා පාරතො අන්තං ඔරතො භොගං කත්වා චීවරං නික්ඛිපිතබ්බං.
Sinhala BJT15. පාසිවුරු බහා තැබිය යුතු ය. පාත්‍රය බහා තබන්නහු විසින් එක් අතකින් පාත්‍රය ගෙණ එක් අතකින් ඇඳ යට හෝ පුටුව යට හෝ අත ගා පාත්‍රය බහා තැබිය යුතු ය. කිසිවක් නො අතුළ බිම පාත්‍රය බහා නො තැබිය යුතු ය. සිවුර බහා තබන්නහු විසින් එක් අතකින් සිවුර ගෙණ එක් අතකින් සිවුරු ලන උණදඬුව හෝ සිවුරු ලන රැහැණ හෝ පිස දමා නුවාව එහාට ද දරණය මෙහාට ද තබා සිවුර බැහිය යුතු ය.
Pali BJT16. සචෙ පුරත්ථිමා සරජා වාතා වායන්ති, පුරත්ථිමා වාතපානා ථකෙතබ්බා. සචෙ පච්ඡිමා සරජා වාතා වායන්ති, පච්ඡිමා වාතපානා ථකෙතබ්බා. සචෙ උත්තරා සරජා වාතා වායන්ති, උත්තරා වාතපානා ථකෙතබ්බා. සචෙ දක්ඛිණා සරජා වාතා වායන්ති, දක්ඛිණා වාතපානා ථකෙතබ්බා. සචෙ සීතකාලො හොති, දිවා වාතපානා විවරිතබ්බා. රත්තිං ථකෙතබ්බා. සචෙ උණ්හකාලො හොති, දිවා වාතපානා ථකෙතබ්බා. රත්තිං විවරිතබ්බා.
Sinhala BJT16. පෙරදිගින් නගිනා දූලි සහිත වූ වාතයෝ හමත් නම්, පෙරදිග වාකවුළු වැසිය යුතු ය. බස්නාහිරින් නගින වාතයෝ දූලි සහිත ව හමත් නම්, බස්නාහිර වාකවුළු වැසිය යුතු ය. උතුරුදිගින් නඟිනා වාතයෝ දූලි සහිත ව හමත් නම්, උතුරු දිග වාකවුළු වැසිය යුතු ය. දකුණුදිගින් නගිනා වාතයෝ දූලි සහිත ව හමත් නම්, දකුණුදිග වාකවුළු වැසිය යුතු ය. ශීතකාලය වේ නම්, දහවල වාකවුළු හැර දැමිය යුතු ය. රාත්‍රියෙහි වැසිය යුතු ය. උෂ්ණකාලය වේ නම්, දහවල වාකවුළු වැසිය යුතු ය. රාත්‍රියෙහි හැර දැමිය යුතු ය.
Pali BJT17. සචෙ පරිවෙණං උක්ලාපං හොති, පරිවෙණං සම්මජ්ජිතබ්බං. සචෙ කොට්ඨකො උක්ලාපො හොති, කොට්ඨකො සම්මජ්ජිතබ්බො. සචෙ උපට්ඨානසාලා උක්ලාපා හොති, උපට්ඨානසාලා සම්මජ්ජිතබ්බා. සචෙ අග්ගිසාලා උක්ලාපා හොති, අග්ගිසාලා සම්මජ්ජිතබ්බා. සචෙ වච්චකුටි උක්ලාපා හොති වච්චකුටි සම්මජ්ජිතබ්බා. සචෙ පානීයං න හොති පානීයං උපට්ඨාපෙතබ්බං. සචෙ පරිභොජනීයං න හොති, පරිභොජනීයං උපට්ඨාපෙතබ්බං. සචෙ ආචමනකුම්භියා උදකං න හොති, ආචමනකුම්භියා උදකං ආසිඤ්චිතබ්බං.
Sinhala BJT17. පිරිවෙණ කසළ සහිත නම්, පිරිවෙණ හැමැදිය යුතු ය. ඇතුළු ගෙය කසළ සහිත නම්, ඇතුළුගෙය හැමැදිය යුතු ය. උපස්ථානශාලාව කසළ සහිත නම්, උපස්ථානශාලාව හැමැදිය යුතු ය. ගිනිහල් ගෙය කසළ සහිත නම්, ගිනිහල්ගෙය හැමැදිය යුතු ය. වැසිකිළිය කසළ සහිත නම්, වැසිකිළිය හැමැදිය යුතු ය. පැන් නො වේ නම්, පැන් එළවා තැබිය යුතු ය. පරිභෝග කටයුතු දිය නො වේ නම්, පරිභෝග කටයුතු දිය එළවා තැබිය යුතු ය. වැසිකිළිදියසැළෙහි දිය නො වේ නම්, වැසිකිළිදියසැළෙහි දිය වක් කළ යුතු ය.
Pali BJT18. සචෙ සද්ධිවිහාරිකස්ස අනභිරති උප්පන්නා හොති, උපජ්ඣායෙන වූපකාසෙතබ්බො. වූපකාසාපෙතබ්බො. ධම්මකථා වාස්ස කාතබ්බා. සචෙ සද්ධිවිහාරිකස්ස කුක්කුච්චං උප්පන්නං හොති, උපජ්ඣායෙන විනොදෙතබ්බං. විනොදාපෙතබ්බං. ධම්මකථා වාස්ස කාතබ්බා. සචෙ සද්ධිවිහාරිකස්ස දිට්ඨිගතං උප්පන්නං හොති, උපජ්ඣායෙන විවෙචෙතබ්බං, විවෙචාපෙතබ්බං. ධම්මකථා වාස්ස කාතබ්බා.
Sinhala BJT18. සද්ධිවිහාරිකයාහට ශාසනයෙහි නො ඇල්මෙක් උපන්නේ නම් උපාද්ධ්‍යායයා විසින් අන් තැනකට ගෙණ යා යුතු ය. අනෙකකු ලවා අන් තැනකට පමුණුවාලිය යුතු ය. ඔහුට ධර්‍මකථා හෝ කියයුතු ය. සද්ධිවිහාරිකයාහට කුකුසෙක් උපන්නේ නම් උපාද්ධ්‍යායයා විසින් එය දුරු කට යුතු ය. අනෙකෙකු ලවා හෝ දුරු කරවිය යුතු ය. ඔහුට ධර්‍මකථා හෝ කිය යුතු ය. සද්ධිවිහාරිකයාහට මිසදිටුවක් උපන්නේ නම්, උපාද්ධ්‍යායයා විසින් එය දුරු කට යුතු ය. අනෙකකු ලවා දුරු කරවිය යුතු ය. ඔහුට ධර්‍මකථාවක් හෝ කිය යුතු ය.
Pali BJT19. සචෙ සද්ධිවිහාරිකො ගරුධම්මං අජ්ඣාපන්නො හොති පරිවාසාරහො, උපජ්ඣායෙන උස්සුක්කං කාතබ්බං: “කින්ති නු ඛො සඞ්ඝො සද්ධිවිහාරිකස්ස පරිවාසං දදෙය්යා?”ති.
Sinhala BJT19. සද්ධිවිහාරිකතෙමේ ගරු ඇවැතට පැමිණියේ පිරිවෙසට සුදුසු වූයේ වේ ද, උපාද්ධ්‍යායයා විසින් “කෙසේ නම් සඞ්ඝතෙමේ සද්ධිවිහාරිකයාහට පිරිවෙස දෙන්නේ දැ?” යි උත්සාහ කට යුතු ය.
Pali BJT20. සචෙ සද්ධිවිහාරිකො මූලායපටිකස්සනාරහො හොති, උපජ්ඣායෙන උස්සුක්කං කාතබ්බං: “කින්ති නු ඛො සඞ්ඝො සද්ධිවිහාරිකං මූලාය පටිකස්සෙය්යා?”ති.
Sinhala BJT20. සද්ධිවිහාරිකතෙමේ මුල සිට පිරිවෙස් පිරීමට සුදුසු වූයේ නම්, උපාද්ධ්‍යායයා විසින් “කෙසේ නම් සඞ්ඝතෙමේ සද්ධිවිහාරිකයා මුලට අදින්නේ දැ?” යි උත්සාහ කටයුතු ය.
Pali BJT21. සචෙ සද්ධිවිහාරිකො මානත්තාරහො හොති, උපජ්ඣායෙන උස්සුක්කං කාතබ්බං: “කින්ති නු ඛො සඞ්ඝො සද්ධිවිහාරිකස්ස මානත්තං දදෙය්යා?”ති.
Sinhala BJT21. සද්ධිවිහාරික තෙමේ මානතට සුදුසු වූයේ නම්, උපාද්ධ්‍යායයා විසින් “කෙසේ නම් සඞ්ඝතෙමේ සද්ධිවිහාරිකයාහට මානත දෙන්නේ දැ?” යි උත්සාහ කට යුතු ය.
Pali BJT22. සචෙ සද්ධිවිහාරිකො අබ්භානාරහො හොති, උපජ්ඣායෙන උස්සුක්කං කාතබ්බං: “කින්ති නු ඛො සඞ්ඝො සද්ධිවිහාරිකං අබ්භෙය්යා?”ති.
Sinhala BJT22. සද්ධිවිහාරික තෙමේ අබ්භානයට සුදුසු වූයේ නම්, උපාද්ධ්‍යායයා විසින් “කෙසේ නම් සඞ්ඝ තෙමේ සද්ධිවිහාරිකයාගේ අබ්හානකම්මය කරන්නේ දැ?” යි උත්සාහ කට යුතු ය.
Pali BJT24. සචෙ සඞ්ඝො සද්ධිවිහාරිකස්ස කම්මං කත්තුකාමො හොති තජ්ජනීයං වා නියස්සං වා පබ්බාජනීයං වා පටිසාරණීයං වා උක්ඛෙපනීයං වා, උපජ්ඣායෙන උස්සුක්කං කාතබ්බං: “කින්ති නු ඛො සඞ්ඝො සද්ධිවිහාරිකස්ස කම්මං න කරෙය්ය. ලහුතාය වා පරිණාමෙය්යා”ති. කතං වා පනස්ස හොති සඞ්ඝෙන කම්මං තජ්ජනීයං වා නියස්සං වා පබ්බාජනීයං වා පටිසාරණීයං වා උක්ඛෙපනීයං වා, උපජ්ඣායෙන උස්සුක්කං කාතබ්බං: “කින්ති නු ඛො සද්ධිවිහාරිකො සම්මා වත්තෙය්ය? ලොමං පාතෙය්ය? නෙත්ථාරං වත්තෙය්ය? සඞ්ඝො තං කම්මං පටිප්පස්සම්භෙය්යා?”ති.
Sinhala BJT24. සඞ්ඝතෙමේ සද්ධිවිහාරිකයාහට තර්‍ජනීයකර්‍මය හෝ නියස්සකර්‍මය හෝ පබ්බාජනීයකර්‍මය හෝ පටිසාරණීයකර්‍මය හෝ උත්ක්‍ෂේපණීය කර්‍මය හෝ කරණු කැමැත්තේ නම් “කෙසේ නම් සඞ්ඝ තෙමේ සද්ධිවිහාරිකයාහට කර්‍ම නො කරන්නේ ද? ලඝු බවට හෝ පෙරළන්නේ දැ?” යි උපාද්ධ්‍යායයා විසින් උත්සාහ කටයුතු ය. සද්ධිවිහාරිකයාහට සඞ්ඝයා තර්‍ජනීයකර්‍මය හෝ නියස්සකර්‍මය හෝ පබ්බාජනීයකර්‍මය හෝ පටිසාරණීයකර්‍මය හෝ උත්ක්‍ෂේපණීයකර්‍මය හෝ කරණ ලද්දේ වේ ද, “කෙසේ සද්ධිවිහාරික තෙමේ මනා කොට පවතින්නේ ද, අනුලොම් වන්නේ ද, නිදොස්බව පිණිස මනා කොට පවතින්නේ ද, සඞ්ඝ තෙමේ ඒ කර්‍මය සන්සිඳුවන්නේ දැ?” යි උපාද්ධ්‍යායයා විසින් උත්සාහ කටයුතු ය.
Pali BJT25. සචෙ සද්ධිවිහාරිකස්ස චීවරං ධොවිතබ්බං හොති, උපජ්ඣායෙන ආචික්ඛිතබ්බං එවං ධොවෙය්යා”ති. උස්සුක්කං වා කාතබ්බං “කින්ති නු ඛො සද්ධිවිහාරිකස්ස චීවරං ධොවියෙථා”ති. සචෙ සද්ධිවිහාරිකස්ස චීවරං කාතබ්බං හොති, උපජ්ඣායෙන ආචික්ඛිතබ්බං “එවං කරෙය්යාසී”ති. උස්සුක්කං වා කාතබ්බං “කින්ති නු ඛො සද්ධිවිහාරිකස්ස චීවරං කරියෙථා”ති. සචෙ සද්ධිවිහාරිකස්ස රජනං පචිතබ්බං හොති, උපජ්ඣායෙන ආචික්ඛිතබ්බං “එවං පචෙය්යාසී”ති. උස්සුක්කං වා කාතබ්බං “කින්ති නු ඛො සද්ධිවිහාරිකස්ස රජනං පචීයෙථා”ති. සචෙ සද්ධිවිහාරිකස්ස චීවරං රජෙතබ්බං හොති, උපජ්ඣායෙන ආචික්ඛිතබ්බං “එවං රජෙය්යා”සීති, උස්සුක්කං වා කාතබ්බං “කින්ති නු ඛො සද්ධිවිහාරිකස්ස චීවරං රජියෙථා”ති. චීවරං රජන්තෙන සාධුකං සම්පරිවත්තකං සම්පරිවත්තකං රජෙතබ්බං. න ච අච්ඡින්නෙ ථෙවෙ පක්කමිතබ්බං. සචෙ සද්ධිවිහාරිකො ගිලානො හොති යාවජීවං උපට්ඨාතබ්බො. වුට්ඨානමස්ස ආගමෙතබ්බන්ති.
Sinhala BJT25. සද්ධිවිහාරිකයාගේ සිවුර සේදිය යුතු නම් උපාද්ධ්‍යායයා විසින් “මෙසේ සෝදන්නෙහි” යි කිය යුතු ය. “සද්ධිවිහාරිකයාගේ සිවුර කෙසේ නම් සෝදනු ලබන්නේ දැ” යි උත්සාහය හෝ කට යුතු ය. සද්ධිවිහාරිකයා හට සිවුරක් කට යුතු නම් උපාද්ධ්‍යායයා විසින් “මෙසේ කරන්නෙහි” යි කිය යුතු ය. “සද්ධිවිහාරිකයාගේ සිවුර කෙසේ නම් කරණු ලබන්නේ දැ” යි උත්සාහයා හෝ කට යුතු ය. සද්ධිවිහාරිකයාහට පඬු පිසිය යුතු නම්, උපාද්ධ්‍යායයා විසින් “මෙසේ පිසන්නෙහි” යි කිය යුතු ය. “සද්ධිවිහාරිකයාහට කෙසේ නම් පඬු පිසනු ලබන්නේ දැ” යි උත්සාහය හෝ කට යුතු ය. සද්ධිවිහාරිකයාගේ සිවුර පඬු පෙවිය යුතු නම්, උපාද්ධ්‍යායයා විසින් “මෙසේ පඬු පොවන්නෙහි”යි කිය යුතු ය. “සද්ධිවිහාරිකයාගේ සිවුර කෙසේ නම් පඬු පොවනු ලබන්නේදැ?” යි උත්සාහය හෝ කට යුතු ය. සිවුර පඬු පොවන්නහු විසින් පෙරළ පෙරළා මනා කොට පඬු පෙවිය යුතු ය. පොද නො සුන් කල්හි බැහැර නො යා යුතු ය. සද්ධිවිහාරික තෙමේ ගිලන් නම්, ජීවත් වන තුරු උවටැන් කළ යුතු ය. සද්ධිවිහාරිකයාගේ රෝගයෙන් නැඟී සිටීම බලාපොරොත්තු විය යුතු ය.
Pali BJTසද්ධිවිහාරිකවත්තං නිට්ඨිතං.
Sinhala BJTසද්ධිවිහාරිකවත නිමි.
Pali BJT1. තෙන ඛො පන සමයෙන සද්ධිවිහාරිකා උපජ්ඣායෙසු න සම්මා වත්තන්ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සද්ධිවිහාරිකා උපජ්ඣායෙසු න සම්මා වත්තිස්සන්තී”ති.
Sinhala BJT1. එකල්හි සද්ධිවිහාරිකයෝ උපාද්ධ්‍යායයන් කෙරෙහි මැනැවින් නො පවත්නෝ ය. අල්පෙච්ඡ වූ යම් ඒ භික්‍ෂූහු වෙත් ද, ඔහු “සද්ධිවිහාරිකයෝ කෙසේ නම් උපාද්ධ්‍යායයන් කෙරෙහි මැනැවින් නොපවතිත් දැයි පහත් කොට සිතත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
Pali BJT2. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “සච්චං කිර භික්ඛවෙ” සද්ධිවිහාරිකා උපජ්ඣායෙසු න සම්මා වත්තන්තී”ති. “සච්චං භගවා” -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ සද්ධිවිහාරිකෙන උපජ්ඣායම්හි න සම්මා වත්තිතබ්බං. යො න සම්මා වත්තෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT2. ඉක්බිති ඒ භික්‍ෂූහු මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ. උන්වහන්සේ “මහණෙනි සද්ධිවිහාරිකයෝ උපාද්ධ්‍යායයන් කෙරෙහි මැනැවින් නො පවතිත් යනු සැබෑ දැ?” යි ඇසූහ. භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය. – පෙ – ගර්‍හා කොට දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, සද්ධිවිහාරිකයා උපාද්ධ්‍යායයා කෙරෙහි මැනැවින් නො පැවතිය යුතු නො වේ. යමෙක් මැනවින් නො පවත්නේ නම් (පැණ වූ වක් නො පුරන්නේ නම්), දුකුළා ඈවැත් වේ” (යයි වදාළ සේක.)
Pali BJTනෙව සම්මා වත්තන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, අසම්මාවත්තන්තං පනාමෙතුං. එවඤ්ච පන භික්ඛවෙ, පනාමෙතබ්බො: “පණාමෙමි ත”න්ති වා “මායිධ පටික්කමී”ති වා “නීහර තෙ පත්තචීවර”න්ති වා “නාහං තයා උපට්ඨාතබ්බො”ති වා කායෙන විඤ්ඤාපෙති. වාචාය විඤ්ඤාපෙති. කායෙන වාචාය විඤ්ඤාපෙති. පනාමිතො හොති සද්ධිවිහාරිකො. න කායෙන විඤ්ඤාපෙති, න වාචාය විඤ්ඤාපෙති, න කායෙන වාචාය විඤ්ඤාපෙති, න පනාමිතො හොති සද්ධිවිහාරිකො.
Sinhala BJT(එහෙත් ඔහු) උපාද්ධ්‍යායවත් මැනැවින් නො පුරත්. භාග්‍යවතුන් වහන්සේට මෙය දැන්වූහ. “මහණෙනි, නො මනා ව පවතින සද්ධිවිහාරිකයා බැහැර කරන්නට අනුදනිමි. “මහණෙනි, සද්ධිවිහාරිකයා බැහැර කළ යුත්තේ මෙසේ ය: “තා බැහැර කරමි” යි හෝ “මෙහි නො පිවිසෙව” යි හෝ “තාගේ පා සිවුරු බැහැරට ගණුව” යි හෝ “තා විසින් මම උපස්ථාන නො කට යුත්තෙමි” යි හෝ කයින් හඟවා ද, වචනයෙන් හඟවා ද, කයින් හා වචනයෙන් හඟවා ද, සද්ධිවිහාරික තෙමේ බැහැර කරණ ලද්දේ වේ. කයින් නො හඟවා ද, වචනයෙන් නො හඟවා ද, කයින් හා වචනයෙන් නොහඟවා ද, එකල්හි සද්ධිවිහාරික තෙමේ බැහැර නො කරණ ලද්දේ වේ.
Pali BJT3. තෙන ඛො පන සමයෙන සද්ධිවිහාරිකා පනාමිතා න ඛමාපෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ ඛමාපෙතු”න්ති. නෙව ඛමාපෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, පනාමිතෙන න ඛමාපෙතබ්බො. යො න ඛමාපෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT3. එකල්හි බැහැර කළ සද්ධිවිහාරිකයෝ උපාද්ධ්‍යායයන් කමා නො කරවත්. භාග්‍යවතුන් වහන්සේට මෙය දැන්වූහ. (උන්වහන්සේ) “මහණෙනි, කමා කරවා ගන්නට අනුදනිම්” යි වදාළ සේක. එහෙත් උපාද්ධ්‍යායයන් කමා නො කරවත්. භාග්‍යවතුන් වහන්සේට මෙය දැන්වූහ. “මහණෙනි, බැහැර කරණ ලද්දහු විසින් කමා නො කරවිය යුතු නො වේ. යමෙක් උපාද්ධ්‍යායයන් කමා නො කරවන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි වදාළසේක.
Pali BJT4. තෙන ඛො පන සමයෙන උපජ්ඣායා ඛමාපියමානා න ඛමන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ඛමිතු”න්ති. නෙව ඛමන්ති. සද්ධිවිහාරිකා පක්කමන්තිපි විබ්භමන්තිපි තිත්ථියෙසුපි සඞ්කමන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, ඛමාපියමානෙන න ඛමිතබ්බං. යො න ඛමෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT4. එකල්හි සද්ධිවිහාරිකයන් විසින් කමා කරවනු ලබන උපාද්ධ්‍යායයෝ කමා නො කරත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, කමා කරන්නට අනුදනිමි” යි වදාළ සේක. එහෙත් උපාද්ධ්‍යායයෝ කමා නො කරත්. සද්ධිවිහාරිකයෝ බැහැර ද යෙති. සිවුරු ද හැර ලත්. අන්‍යතීර්‍ත්‍ථකයන් වෙත ද යෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “කමා කරවනු ලබන්නහු විසින් කමා නො කළ යුතු නො වේ. යමෙක් කමා නො කරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි වදාළසේක.
Pali BJT5. තෙන ඛො පන සමයෙන උපජ්ඣායා සම්මා වත්තන්තං පනාමෙන්ති. අසම්මා වත්තන්තං න පනාමෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ සම්මා වත්තන්තො පනාමෙතබ්බො. යො පනාමෙය්ය, ආපත්ති දුක්කටස්ස. න ච{1} අසම්මාවත්තන්තො න පනාමෙතබ්බො. යො න පනාමෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT5. එකල්හි උපාද්ධ්‍යායයෝ මනා කොට පිළිවෙත් පුරණ සද්ධිවිහාරිකයා බැහැර කෙරෙත්. මනා කොට පිළිවෙත් නො පුරණ සද්ධිවිහාරිකයා බැහැර නො කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. උන්වහන්සේ “මහණෙනි, මනා කොට පිළිවෙත් පුරණ සද්ධිවිහාරික තෙමේ බැහැර නො කළ යුතු ය. යමෙක් බැහැර කරන්නේ නම්, දුකුළා ඇවැත් වේ. මනා කොට පිළිවෙත් නො පුරණ සද්ධිවිහාරික තෙමේ බැහැර නො කට යුතු නො වේ. යමෙක් බැහැර නො කරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි වදාළ සේක.
Pali BJT6. “පඤ්චහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො සද්ධිවිහාරිකො පනාමෙතබ්බො: උපජ්ඣායම්හි නාධිමත්තං පෙමං හොති, නාධිමත්තො පසාදො හොති, නාධිමත්තා හිරි හොති, නාධිමත්තො ගාරවො හොති, නාධිමත්තා භාවනා හොති, ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සද්ධිවිහාරිකො පනාමෙතබ්බො.
Sinhala BJT6. මහණෙනි, කරුණු පසෙකින් යුත් සද්ධිවිහාරික තෙමේ බැහැර කට යුතු ය. උපාද්ධ්‍යායයා කෙරෙහි අධික වූ ප්‍රේමයක් නො වේ ද, අධික වූ පැහැදීමෙක් නො වේ ද, අධික වූ ලජ්ජාවක් නො වේ ද, අධික වූ ගෞරවයක් නො වේ ද, අධික වූ මෛත්‍රී භාවනාවක් (සම්භාවනාවක්) නො වේද, මහණෙනි, මේ කරුණු පසින් යුත් සද්ධිවිහාරික තෙමේ බැහැර කට යුතු ය.
Pali BJT7. පඤ්චහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො සද්ධිවිහාරිකො න පනාමෙතබ්බො. උපජ්ඣායම්හි අධිමත්තං පෙමං හොති, අධිමත්තො පසාදො හොති, අධිමත්තා හිරි හොති, අධිමත්තො ගාරවො හොති, අධිමත්තා භාවනා හොති, ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සද්ධිවිහාරිකො න පනාමෙතබ්බො.
Sinhala BJT7. මහණෙනි, කරුණු පසෙකින් යුත් සද්ධිවිහාරික තෙමේ බැහැර නො කට යුතු ය. උපාද්ධ්‍යායයා කෙරෙහි අධික වූ ප්‍රේමයක් වේ ද, අධික වූ පැහැදීමෙක් වේ ද, අධික වූ ලජ්ජාවක් වේද, අධික වූ ගෞරවයෙක් වේ ද, අධික වූ මෛත්‍රීභාවනාවක් වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් සද්ධිවිහාරික තෙමේ බැහැර නො කට යුතු ය.
Pali BJT8. පඤ්චහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො සද්ධිවිහාරිකො අලං පනාමෙතුං. උපජ්ඣායම්හි නාධිමත්තං පෙමං හොති, නාධිමත්තො පසාදො හොති, නාධිමත්තා හිරි හොති, නාධිමත්තා ගාරවො හොති, නාධිමත්තා භාවනා හොති, ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සද්ධිවිහාරිකො අලං පනාමෙතුං.
Sinhala BJT8. මහණෙනි, කරුණු පසකින් යුත් සද්ධිවිහාරික තෙමේ බැහැර කරන්නට සුදුසු වේ. උපාද්ධ්‍යායයා කෙරෙහි අධික වූ ප්‍රේමයෙක් නො වේ ද, අධික වූ පැහැදීමෙක් නො වේ ද, අධික වූ ලජ්ජාවක් නො වේ ද, අධික වූ ගෞරවයෙක් නො වේ ද, අධික වූ මෛත්‍රී භාවනාවක් නො වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් සද්ධිවිහාරික තෙමේ බැහැර කරන්නට සුදුසු වේ.
Pali BJT9. පඤ්චහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො සද්ධිවිහාරිකො නාලං පනාමෙතුං. උපජ්ඣායම්හි අධිමත්තං පෙමං හොති, අධිමත්තො පසාදො හොති, අධිමත්තා හිරි හොති, අධිමත්තො ගාරවො හොති, අධිමත්තා භාවනා හොති, ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සද්ධිවිහාරිකො නාලං පනාමෙතුං.
Sinhala BJT9. මහණෙනි, කරුණු පසකින් යුත් සද්ධිවිහාරික තෙමේ බැහැර කරන්නට සුදුසු නො වේ. උපාද්ධ්‍යායයා කෙරෙහි අධික වූ ප්‍රේමයෙක් වේ ද අධික වූ පැහැදීමෙක් වේ ද, අධික වූ ලජ්ජාවක් වේ ද, අධික වූ ගෞරවයෙක් වේ ද, අධික වූ මෛත්‍රීභාවනාවක් වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් සද්ධිවිහාරික තෙමේ බැහැර කරන්නට සුදුසු නො වේ.
Pali BJT10. පඤ්චහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතං සද්ධිවිහාරිකං අපනාමෙන්තො උපජ්ඣායො සාතිසාරො හොති, පනාමෙන්තො අනතිසාරො හොති. උපජ්ඣායම්හි නාධිමත්තං පෙමං හොති, නාධිමත්තො පසාදො හොති, නාධිමත්තා හිරි හොති, නාධිමත්තො ගාරවො හොති, නාධිමත්තා භාවනා හොති, ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතං සද්ධිවිහාරිකං අපනාමෙන්තො උපජ්ඣායො සාතිසාරො හොති. පනාමෙන්තො අනතිසාරො හොති.
Sinhala BJT10. මහණෙනි, කරුණු පසකින් යුත් සද්ධිවිහාරිකයා බැහැර නො කරන්නා වූ උපාධ්‍යාය තෙමේ දොස් සහිත වේ. බැහැර කරන්නේ දොස් රහිත වේ. උපාද්ධ්‍යායයා කෙරෙහි අධික වූ ප්‍රේමයෙක් නො වේ ද, අධික වූ පැහැදීමෙක් නො වේ ද, අධික වූ ලජ්ජාවක් නො වේ ද, අධික වූ ගෞරවයෙක් නො වේ ද, අධික වූ මෛත්‍රීභාවනා වක් නො වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් සද්ධිවිහාරිකයා බැහැර නො කරන්නා වූ උපාද්ධ්‍යාය තෙමේ දොස් සහිත වේ. බැහැර කරන්නේ දොස් රහිත වේ.
Pali BJT11. පඤ්චහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතං සද්ධිවිහාරිකං පනාමෙන්තො උපජ්ඣායො සාතිසාරො හොති. අපනාමෙන්තො අනතිසාරො හොති. උපජ්ඣායම්හි අධිමත්තං පෙමං හොති. අධිමත්තො පසාදො හොති, අධිමත්තා හිරි හොති, අධිමත්තො ගාරවො හොති, අධිමත්තා භාවනා හොති, ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතං සද්ධිවිහාරිකං පනාමෙන්තො උපජ්ඣායො සාතිසාරො හොති. අපනාමෙන්තො අනතිසාරො හොතීති.
Sinhala BJT11. මහණෙනි, කරුණු පසකින් යුත් සද්ධිවිහාරිකයා බැහැර කරන්නා වූ උපාද්ධ්‍යාය තෙමේ දොස් සහිත වේ. බැහැර නො කරන්නේ දොස් රහිත වේ. උපාද්ධ්‍යායයා කෙරෙහි අධික වූ ප්‍රේමයෙක් වේ ද, අධික වූ පැහැදීමෙක් වේ ද, අධික වූ ලජ්ජාවක් වේ ද, අධික වූ ගෞරවයෙක් වේ ද, අධික වූ මෛත්‍රීභාවනාවක් වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් සද්ධිවිහාරිකයා බැහැර කරන්නා වූ උපාද්ධ්‍යාය තෙමේ දොස් සහිත වේ. බැහැර නො කරන්නේ දොස් රහිත වේ.
Pali BJT12. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො බ්රාහ්මණො (රාධො නාම) භික්ඛූ උපසඞ්කමිත්වා පබ්බජ්ජං යාචි. තං භික්ඛූ න ඉච්ඡිංසු පබ්බාජෙතුං. සො භික්ඛූසු පබ්බජ්ජං අලභමානො කිසො අහොසි ලූඛො දුබ්බණ්ණො උප්පණ්ඩුප්පණ්ඩුකජාතො ධමනිසන්ථතගත්තො.
Sinhala BJT12. එකල්හි රාධ නම් එක්තරා බමුණෙක් භික්‍ෂූන් වෙත පැමිණ පැවිද්ද ඉල්ලී ය. භික්‍ෂූහු ඔහු පැවිදි කරන්නට නො කැමැති වූහ. හෙතෙමේ භික්‍ෂූන් සමීපයෙහි පැවිද්ද නො ලබන්නේ වෑරුණු සිරුරු ඇත්තේ රළු වූයේ දුර්‍වණ වූයේ ඉතා පඬුවන් සිරුර ඇත්තේ නහර ඉල්පුනු සිරුරු ඇත්තේ වි ය.
Pali BJT13. අද්දසා ඛො භගවා තං බ්රාහ්මණං කිසං ලූඛං දුබ්බණ්ණං උප්පණ්ඩුප්පණ්ඩුකජාතං ධමනිසන්ථතගත්තං. දිස්වාන භික්ඛූ ආමන්තෙසි: “කින්නු ඛො සො භික්ඛවෙ, බ්රාහ්මණො කිසො ලූඛො දුබ්බණ්ණො උප්පණ්ඩුප්පණ්ඩුකජාතො ධමනිසන්ථතගත්තො?”ති. “එසො භන්තෙ, බ්රාහ්මණො භික්ඛූ උපසඞ්කමිත්වා පබ්බජ්ජං යාචි. තං භික්ඛූ න ඉච්ඡිංසු පබ්බාජෙතුං. සො භික්ඛූසු පබ්බජ්ජං අලභමානො කිසො ලූඛො දුබ්බණ්ණො උප්පණ්ඩුප්පණ්ඩුකජාතො ධමනිසන්ථතගත්තො”ති.
Sinhala BJT13. භාග්‍යවතුන් වහන්සේ වෑරුණු සිරුරු ඇති රළු වූ දුර්වර්‍ණ වූ ඉතා පඬුවන් වූ සිරුරු, ඇති නහර ඉල්පුනු සිරුරු ඇති ඒ බමුණා දැක භික්‍ෂූන් අමතා “මහණෙනි, මේ බමුණා වෑරුණේ රළු වූයේ නපුරු පැහැ ඇත්තේ ඉතා පඬුපැහැ ඇත්තේ නහර ඉල්පුනු සිරුරු ඇත්තේ කුමක් නිසා දැ” යි විචාළ සේක. “ස්වාමීනි, මේ බමුණා භික්‍ෂූන් වෙත පැමිණ පැවිද්ද ඉල්ලී ය. භික්‍ෂූහු ඔහු පැවිදි කරන්නට නො කැමැති වූහ. භික්‍ෂූන් වෙතින් පැවිද්ද නො ලබන්නා වූ මේ තෙමේ වෑරුණේ ය. රළු වූයේ ය. දුර්‍වණ වූයේ ය. ඉතා පඬුවන් සිරුරු ඇත්තේ වි ය. නහර ඉල්පුනු සිරුරු ඇත්තේ වී ය” යි භික්‍ෂූහු සැළකළහ.
Pali BJT14. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “කො නු ඛො භික්ඛවෙ, තස්ස බ්රාහ්මණස්ස අධිකාරං සරතී?”ති. එවං වුත්තෙ ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච: “අහං ඛො භන්තෙ තස්ස බ්රාහ්මණස්ස අධිකාරං සරාමී”ති. “කිම්පන ත්වං සාරිපුත්ත, තස්ස බ්රාහ්මණස්ස අධිකාරං සරසී?”ති. “ඉධ මෙ භන්තෙ, සො බ්රාහ්මණො රාජගහෙ පිණ්ඩාය චරන්තස්ස කටච්ඡුභික්ඛං දාපෙසි. ඉමං ඛො අහං භන්තෙ, තස්ස බ්රාහ්මණස්ස අධිකාරං සරාමී”ති. “සාධු! සාධු! සාරිපුත්ත, කතඤ්ඤුනො හි සාරිපුත්ත, සප්පුරිසා කතවෙදිනො. තෙන හි ත්වං සාරිපුත්ත, තං බ්රාහ්මණං පබ්බාජෙහි උපසම්පාදෙහී”ති. “කථාහං භන්තෙ, තං බ්රාහ්මණං පබ්බාජෙමි? උපසම්පාදෙමී?”ති.
Sinhala BJT14. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා “මහණෙනි, මෙහි ඉන්නා කවර භික්‍ෂු නමක් මේ බමුණා කළ සත්කාරයක් ගැණ දනී දැ?” යි (විචාළ සේක.) මෙසේ අසා වදාළ කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ “ස්වාමීනි, මම මේ බමුණා කළ සත්කාරයක් ගැණ දනිමි” යි භාග්‍යවතුන් වහන්සේට දන්වා සිටියේ ය. “ශාරීපුත්‍රය, ඔබ මේ බමුණා කළ කිනම් සත්කාරයක් දන්නහු දැයි උන්වහන්සේ ඇසූහ. “ස්වාමීනි, මේ රජගහනුවර පිඬු සිඟා ගිය මට (එක් දිනෙක) මේ බමුණු තෙමේ සැන්දක් පමණ බත් දෙව්වේ ය. ස්වාමීනි, බමුණා කළ මේ සත්කාරය මම සිහිපත් කරමි” යි කී ය. භාග්‍යවතුන් වහන්සේ “ශාරීපුත්‍රය, ඔබගේ ඒ සිහිපත් කිරීම ඉතා මැනවි. සත්පුරුෂයෝ කළ දේ දන්නෝ ය. කළ දේ ඉතා ප්‍රකට ව දන්නෝ ම ය. ඒ නිසා ඔබ මේ බමුණා පැවිදි කරන්න. උපසම්පදා ත් කරන්නැ” යි වදාළ සේක. ඉක්බිති ස්ථවිර තෙමේ “මම කෙසේ මේ බමුණා පැවිදි කරම් ද? කෙසේ උපසම්පදා කරම් දැ?” යි ඇසී ය.
Pali BJT15. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “යා සා භික්ඛවෙ, මයා තීහි සරණගමනෙහි උපසම්පදා අනුඤ්ඤාතා, තාහං{1} අජ්ජතග්ගෙ පටික්ඛිපාමි. අනුජානාමි භික්ඛවෙ ඤත්තිචතුත්ථෙන කම්මෙන උපසම්පදං.{2} එවඤ්ච පන භික්ඛවෙ, උපසම්පාදෙතබ්බො. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT15. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ ප්‍රථම කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, මා විසින් තුන්සරණ ගමනින් යම් ඒ උපසම්පදාවක් අනුදන්නා ලද ද, ඒ උපසම්පදාව අද පටන් මම ප්‍රතික්‍ෂේප කරමි. ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙන් උපසම්පදා කිරීම අනුදනිමි” යි වදාළ සේක. “මහණෙනි, උපසම්පදා කළ යුත්තේ මෙසේ ය:– ප්‍රතිබල වූ ව්‍යාක්ත වූ භික්‍ෂු නමක් විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුත්තේ ය.
Pali BJT16. “සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො: අයං ඉත්ථන්නාමො ඉත්ථන්නාමස්ස ආයස්මතො උපසම්පදාපෙඛො{3}, යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමං උපසම්පාදෙය්ය. ඉත්ථන්නාමෙන උපජ්ඣායෙන එසා ඤත්ති.
Sinhala BJT16. “ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මෙනම් ඇති මේ තෙමේ මෙ නම් ඇති ආයුෂ්මතුන්ගේ උපසම්පදාපේක්‍ෂකයෙකි. ඉදින් සඞ්ඝයාහට පැමිණි කල් වේ නම් සඞ්ඝ තෙමේ මෙ නම් ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත ව මෙනම් ඇත්තහු උපසම්පදා කරන්නේ ය. මේ දැන්වීම් ය.
Pali BJT17. “සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො: අයං ඉත්ථන්නාමො ඉත්ථන්නාමස්ස ආයස්මතො උපසම්පදාපෙඛො. සඞ්ඝො ඉත්ථන්නාමං උපසම්පාදෙති ඉත්ථන්නාමෙන උපජ්ඣායෙන. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස උපසම්පදා ඉත්ථන්නාමෙන උපජ්ඣායෙන, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJT17. “ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මෙ නම් ඇති මේ තෙමේ මෙ නම් ඇති ආයුෂ්මතුන්ගේ උපසම්පදාපේක්‍ෂකයෙකි. සඞ්ඝ තෙමේ මේ නම් ඇත්තහු මේ නම් ඇති උපාද්ධ්‍යායයා ගෙන් යුක්තව උපසම්පදා කරයි. යම් ආයුෂ්මත් කෙනෙකුන් හට මෙ නම් ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත ව මෙ නම් ඇත්තහුගේ උපසම්පදා තොමෝ රුචි වේ නම්, ඒ ආයුෂ්මත් තෙමේ තූෂ්ණීම්භූත වේවා. යමෙකුට රුචි නො වේ නම්, හෙතෙමේ කියාවා.
Pali BJT18. “දුතියම්පි එතමත්ථං වදාමි: සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො: අයං ඉත්ථන්නාමො ඉත්ථන්නාමස්ස ආයස්මතො උපසම්පදාපෙඛො. සඞ්ඝො ඉත්ථන්නාමං උපසම්පාදෙති, ඉත්ථන්නාමෙන උපජ්ඣායෙන. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස උපසම්පදා ඉත්ථන්නාමෙන උපජ්ඣායෙන, සො තුණ්හස්ස, යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJT18. “දෙවනවර ද මේ කරුණ කියමි. ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මෙ නම් ඇති මේ තෙමේ මෙ නම් ඇති ආයුෂ්මතුන්ගේ උපසම්පදාපේක්‍ෂකයෙකි. සඞ්ඝ තෙමේ මේ නම් ඇත්තහු මෙ නම් ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත ව උපසම්පදා කරයි. යම් ආයුෂ්මත් කෙනෙකුන් හට මෙ නම් ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත ව මෙ නම් ඇත්තහුගේ උපසම්පදා තොමෝ රුචි වේ නම්, හෙතෙමේ තූෂ්ණීම්භූත වේවා. යමකුට රුචි නො වේ නම්, හෙතෙමේ කියාවා.
Pali BJT19. “තතියම්පි එතමත්ථං වදාමි. සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො: අයං ඉත්ථන්නාමො ඉත්ථන්නාමස්ස ආයස්මතො උපසම්පදාපෙඛො. සඞ්ඝො ඉත්ථන්නාමං උපසම්පාදෙති ඉත්ථන්නාමෙන උපජ්ඣායෙන. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස උපසම්පදා ඉත්ථන්නාමෙන උපජ්ඣායෙන, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJT19. “තෙවනවර ද මේ කරුණ කියමි. ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මෙ නම් ඇති හෙරණ තෙමේ ආයුෂ්මත් වූ මෙ නම් ඇති තෙරුන්ගේ උපසම්පදාපේක්‍ෂකයෙකි. සඞ්ඝ තෙමේ මෙ නම් ඇති හෙරණහු මෙ නම් ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත ව උපසම්පදා කරයි. ආයුෂ්මත් වූ යම් ස්ථවිර නමක්හට මෙ නම් ඇති උපාද්ධ්‍යායයා ගෙන් යුක්ත ව මේ නම් ඇති හෙරණහුගේ උපසම්පදා තොමෝ රුචි වේ නම්, හෙතෙමේ තුෂ්ණීම්භූත වේවා. යමකුට රුචි නො වේ නම්, හෙතෙමේ කියාවා.
Pali BJT20. “උපසම්පන්නො සඞ්ඝෙන ඉත්ථන්නාමො ඉත්ථන්නාමෙන උපජ්ඣායෙන. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJT20. “සඞ්ඝයා විසින් මෙ නම් ඇති මෙ තෙමේ මෙ නම් ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත ව උපසපන් කරණ ලද්දේ ය. එය සඞ්ඝයාට රුචි වේ. එබැවින් තුෂ්ණීම්භූත වේ. මේ කරුණ මෙසේ සලකමි.
Pali BJT21. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු උපසම්පන්නසමනන්තරා අනාචාරං ආචරති. භික්ඛූ එවමාහංසු: “මාවුසො, එවරූපං අකාසි. නෙතං කප්පතී”ති. සො එවමාහ: “නෙවාහං ආයස්මන්තෙ යාචිං: ‘උපසම්පාදෙථ ම’න්ති. කිස්ස මං තුම්හෙ අයාචිතං උපසම්පාදිත්ථා”ති?”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ අයාචිතෙන උපසම්පාදෙතබ්බො. යො උපසම්පාදෙය්ය, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ, යාචිතෙන උපසම්පාදෙතුං. එවං ච පන භික්ඛවෙ යාචිතබ්බො: තෙන උපසම්පදාපෙඛෙන සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිම්පග්ගහෙත්වා එවමස්ස වචනීයො: ‘සඞ්ඝං භන්තෙ, උපසම්පදං යාචාමි, උල්ලුම්පතු මං භන්තෙ සඞ්ඝො අනුකම්පං උපාදායා’ති. දුතියම්පි යාචිතබ්බො -පෙ- තතියම්පි යාචිතබ්බො. බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT21. එකල්හි එක්තරා මහණෙක් උපසම්පදාවට අනතුරු ව අනාචාරයෙහි හැසිරෙයි. සෙසු භික්‍ෂූහු “ඇවැත්නි, මෙබන්දක් නො කරව. මේ නො කැප ය” යි කීහ. ඒ මහණ තෙමේ “මම මා උපසපන් කරවු” යි ආයුෂ්මතුන්ගෙන් නො ඉල්ලීමි. මා විසින් නො ඉල්ලූ තමුන්නාන්සේලා කුමකට මා උපසපන් කළහු දැ?” යි ඇසී ය. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළකළහ. “මහණෙනි, සඞ්ඝයා නො ඉල්ලනලදහු විසින් උපසපන් නො කළ යුතු ය. යමෙක් උපසපන් කරන්නේ නම්, දුකුළාදැවැත් වේ. මහණෙනි, ඉල්ලනලදහු උපසපන් කිරීම අනුදනිමි. මහණෙනි, මෙසේ ඉල්ලිය යුතු ය. උපසම්පදාපේක්‍ෂක වූ මහණහු විසින් සඞ්ඝයා වෙත පැමිණ උතුරුසඟසිවුර එකස් කොට පොරවා ගෙණ භික්‍ෂූන්ගේ පා වැඳ උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳ ‘ස්වාමීනි, සඞ්ඝයාගෙන් උපසම්පදාව ඉල්ලමි. ස්වාමීනි, මා කෙරෙහි අනුකම්පා කොට මා සාමණේරභාවයෙන් උදුරා භික්‍ෂුභාවයෙහි පිහිටුවනු මැනවි’ යි මෙසේ කිය යුතු ය. දෙවනවර ද ඉල්ලිය යුතු ය. තෙවනවර ද ඉල්ලිය යුතු ය. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණෙකු විසින් සඞ්ඝයාට මෙසේ දැන්විය යුතු ය:
Pali BJT“සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො: අයං ඉත්ථන්නාමො ඉත්ථන්නාමස්ස ආයස්මතො උපසම්පදාපෙඛො. ඉත්ථන්නාමො සඞ්ඝං උපසම්පදං යාචති ඉත්ථන්නාමෙන උපජ්ඣායෙන. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං උපසම්පාදෙය්ය ඉත්ථන්නාමෙන උපජ්ඣායෙන, එසා ඤත්ති.
Sinhala BJT‘ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මෙ නම් ඇති මෙ තෙමේ මෙ නම් ඇති ආයුෂ්මතුන්ගේ උපසම්පදාපේක්‍ෂක යෙකි. මෙ නම් ඇති මෙ තෙමේ මෙ නම් ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත ව සඞ්ඝයාගෙන් උපසම්පදාව ඉල්ලයි. ඉදින් සඞ්ඝයාහට කල් පැමිණියේ නම්, සඞ්ඝ තෙමේ මෙ නම් ඇත්තහු මේ නම් ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත ව උපසපන් කරන්නේ ය. මේ දැන්වීම යි.
Pali BJT‘සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං ඉත්ථන්නාමො ඉත්ථන්නාමස්ස ආයස්මතො උපසම්පදාපෙඛො. ඉත්ථන්නාමො සඞ්ඝං උපසම්පදං යාචති ඉත්ථන්නාමෙන උපජ්ඣායෙන. සඞ්ඝො ඉත්ථන්නාමං උපසම්පාදෙති ඉත්ථන්නාමෙන උපජ්ඣායෙන. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස උපසම්පදා ඉත්ථන්නාමෙන උපජ්ඣායෙන, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJT‘ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මෙ නම් ඇති මේ තෙමේ මෙ නම් ඇති ආයුෂ්මතුන්ගේ උපසම්පදාපේක්‍ෂකයෙකි. මෙ නම් ඇති හෙරණ තෙමේ මෙ නම් ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත ව සඞ්ඝයාගෙන් උපසම්පදාව ඉල්ලයි. සඞ්ඝ තෙමේ මෙ නම් ඇත්තහු මෙ නම් ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත ව උපසපන් කරයි. යම් ආයුෂ්මත් කෙනකුන්ට මෙ නම් ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත ව මෙ නම් ඇත්තහුගේ උපසම්පදාව රුචි වේ නම්, ඒ ආයුෂ්මත් තෙමේ තුෂ්ණීම්භූත වේවා. යම් ආයුෂ්මත් කෙනකුන්ට රුචි නො වේ නම්, ඒ ආයුෂ්මත් තෙමේ කියාවා.
Pali BJT‘දුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි -පෙ-
Sinhala BJT‘දෙවනවර ද මේ කාරණය කියමි, – පෙ – තෙවනවර ද මේ කාරණය කියමි. –පෙ–
Pali BJT‘උපසම්පන්නො සඞ්ඝෙන ඉත්ථන්නාමො ඉත්ථන්නාමෙන උපජ්ඣායෙන. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJT‘සඞ්ඝයා විසින් මෙ නම් ඇති මෙ තෙමේ මෙ නම් ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත ව උපසපන් කරණ ලද්දේ ය. සඞ්ඝයාහට රුචි වේ. එහෙයින් තුෂ්ණිම්භූත වේ. මෙය මෙසේ සලකමි.
Pali BJT22. තෙන ඛො පන සමයෙන රාජගහෙ පණීතානං භත්තානං භත්තපටිපාටි අට්ඨිතා{1} හොති. අථ ඛො අඤ්ඤතරස්ස බ්රාහ්මණස්ස එතදහොසි: “ඉමෙ ඛො සමණා සක්යපුත්තියා සුඛසීලා සුඛසමාචාරා, සුභොජනානි භුඤ්ජිත්වා නිවාතෙසු සයනෙසු සයන්ති. යන්නූනාහං සමණෙසු සක්යපුත්තියෙසු පබ්බජෙය්ය”න්ති.
Sinhala BJT22. එකල්හි රජගහ නුවර ප්‍රණීත වූ බත් පිළිබඳ බත් පිළිවෙළක් නිති පැවැත්තේවේ. එකල්හි එක්තරා බමුණකුට “මේ ශ්‍රමණශාක්‍යපුත්‍රයෝ සුඛස්වභාව ඇත්තෝ ය. සුව සේ හැසිරීම් ඇත්තෝ ය. මනා බොජුන් වළඳා හුළං නැති තැන්හි වූ යහන්හි හොවිත්. මම ශ්‍රමණශාක්‍යපුත්‍රයන් කෙරෙහි පැවිදි වන්නෙමි නම් යෙහෙකැ” යි සිතෙක් විය.
Pali BJT23. අථ ඛො සො බ්රාහ්මණො භික්ඛූ උපසඞ්කමිත්වා පබ්බජ්ජං යාචි. තං භික්ඛූ පබ්බාජෙසුං උපසම්පාදෙසුං. තස්මිං පබ්බජිතෙ භත්තපටිපාටි ඛීයිත්ථ. භික්ඛූ එවමාහංසු: “එහි’ දානි ආවුසො, පිණ්ඩාය චරිස්සාමා”ති. සො එවමාහ: “නාහං ආවුසො එතංකාරණා පබ්බජිතො පිණ්ඩාය චරිස්සාමී”ති. සචෙ මෙ දස්සථ, භුඤ්ජිස්සාමි. නො චෙ මෙ දස්සථ විබ්භමිස්සාමී”ති. “කිම්පන ත්වං ආවුසො, උදරස්ස කාරණා පබ්බජිතො?”ති. “එවමාවුසො”ති.
Sinhala BJT23. ඉක්බිති එ බමුණු තෙමේ භික්‍ෂූන් කරා ගොස් පැවිද්ද ඉල්ලී ය. භික්‍ෂූහු ඔහු පැවිදි කොට උපසපන් කළහ. ඒ බමුණා පැවිදි වූ කල්හි බත්පිළිවෙළ නැවතුනේ ය. භික්‍ෂූන් “ඇවැත්නි, එව. දන් පිඬු සිඟා යන්නෙමු” යි කී කල්හි හෙතෙමේ “ඇවැත්නි, මම ‘පිඬු සිඟා යන්නෙමි’ යි යන මේ හේතුවෙන් පැවිදි නො වූයෙමි. ඉදින් මට දෙන්නහු නම්, වළඳන්නෙමි. නො දෙන්නහු නම්, සිවුරු හැර යන්නෙමි” යි කීයේ ය. “කිම, ඇවැත්නි, ඔබ බඩ නිසා පැවිදි වූවෝ ද?” “ඇවැත්නි, එසේ ය.”
Pali BJT24. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: කථං හි නාම භික්ඛු එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ උදරස්ස කාරණා පබ්බජිස්සතී”ති. භගවතො{2} එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT24. යම් ඒ මහණහු ආශා නැත්තෝ ද, ඔහු “කෙසේ නම් මහණ, බඩ රැකීමේ බලාපොරොත්තුවෙන් මෙසේ මොනවට දෙසූ සාසනයෙහි පැවිදි වූයේ දැයි අවමන් කෙරෙත්. ගර්‍හා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මේ සැළකළහ.
Pali BJT25. “සච්චං කිර ත්වං භික්ඛු, උදරස්ස කාරණා පබ්බජිතොති?” ති. ““සච්චං භගවා”” විගරහි බුද්ධො භගවා: “කථං හි නාම ත්වං මොඝපුරිස, එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ උදරස්ස කාරණා පබ්බජිස්සසි? නෙතං මොඝපුරිස, අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භීය්යොභාවාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJT25. “සැබෑ ද මහණ, ඔබ බඩ රැකීමේ හේතුවෙන් පැවිදි වූවෝ ද?” “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය.” භාග්‍යවත්බුදුරජානන්වහන්සේ “හිස් පුරුෂය, කෙසේ නම් ඔබ මෙසේ මොනවට දෙසූ සාසනයෙහි බඩ රැකීමේ හේතුවෙන් පැවිදි වූවෝ ද? හිස් පුරුෂය, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ පැහැදුනවුන්ගේ වැඩි පැහැදීම පිණිස හෝ නො පවත්නේ ය” යි ගැරහූ සේක. ගරහා දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක:
Pali BJT26. “අනුජානාමි භික්ඛවෙ උපසම්පාදෙන්තෙන චත්තාරො නිස්සයෙ ආචික්ඛිතුං: ‘පිණ්ඩියාලොපභොජනං නිස්සාය පබ්බජ්ජා, තත්ථ තෙ යාවජීවං උස්සාහො කරණීයො. අතිරෙකලාභො: සඞ්ඝභත්තං උද්දෙසභත්තං නිමන්තනං සලාකභත්තං පක්ඛිකං උපොසථිකං පාටිපදිකං.
Sinhala BJT26. “මහණෙනි, උපසපන් කරන්නහු විසින් නිස්සය සතර මේ ය යි කියාදීම මම නියම කරමි. ‘පැවිද්ද සිඟා ලත් පිඬු බොජුන නිසා ය. තා විසින් දිවි තෙක් ඒ පිණ්ඩියාලෝපභෝජනයෙහි උත්සාහ කට යුතු ය. සඞ්ඝයාට දෙන බත, උදෙසා දෙන බත, ආරාධනා කොට දෙන බත, කුසපත් ලා දෙන බත, පසළොස් දිනකට වරක් දෙන බත, පොහෝ දිනයෙහි දෙන බත, පෑළවීදිනයෙහි දෙන බත, වැඩි ලැබීම් වේ.
Pali BJT“පංසුකූලචීවරං නිස්සාය පබ්බජ්ජා. තත්ථ තෙ යාවජීවං උස්සාහො කරණීයො. අතිරෙකලාභො: ඛොමං කප්පාසිකං කොසෙය්යං කම්බලං සාණං භඞ්ගං.
Sinhala BJT“පැවිද්ද පසුල් සිවුර නිසා ය. තා පිසින් දිවි තෙක් එහි උත්සාහ කට යුතු ය. කොමු, කපු, තිහිරි (පටනූලෙන් කළ පිළි), කම්බිලි, හණ, මිශ්‍ර පිළි වැඩි ලැබීම් වේ.”
Pali BJT“රුක්ඛමූලසෙනාසනං නිස්සාය පබ්බජ්ජා. තත්ථ තෙ යාවජීවං උස්සාහො කරණීයො. අතිරෙකලාභො: විහාරො අඩ්ඪයොගො පාසාදො හම්මියං ගුහා.
Sinhala BJT“පැවිද්ද, රුක්මුල සෙනසුන නිසා ය. තා විසින් දිවි තෙක් එහි උත්සාහ කට යුතු ය. වෙහෙර, ගුරුළු පියාපත් ලෙසින් කළ වහල ඇති ගෙය, සිවුරැස්ගෙය, සඳලු සහිත ගෙය, ලෙන, වැඩි ලැබීම් වේ.”
Pali BJT“පූතිමුත්තභෙසජ්ජං නිස්සාය පබ්බජ්ජා. තත්ථ තෙ යාවජීවං උස්සාහො කරණීයො. අතිරෙකලාභො: සප්පි නවනීතං තෙලං මධු ඵාණිතන්ති.”
Sinhala BJT“පැවිද්ද පුතිමුත්තභේසජ්ජය{*} නිසා ය. තා විසින් දිවි තෙක් එහි උත්සාහ කට යුතු ය. ගිතෙල්, වෙඬරු, තෙල්, මී, උක්හකුරු යන මේ වැඩි ලැබීම් වේ.”
Pali BJTඋපජ්ඣායවත්තභාණවාරං නිට්ඨිතං පඤ්චමං.
Sinhala BJTපස්වන උපාද්ධ්‍යායවත්බණවර නිමි.
Pali BJT1. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො මාණවකො භික්ඛූ උපසඞ්කමිත්වා පබ්බජ්ජං යාචි. තස්ස භික්ඛූ පටිගච්චෙව නිස්සයෙ ආචික්ඛිංසු. සො එවමාහ: “සචෙ මෙ භන්තෙ, පබ්බජිතෙ නිස්සයෙ ආචික්ඛෙය්යාථ, අභිරමෙය්යඤ්වාහං{1}. නදානාහං භන්තෙ, පබ්බජිස්සාමි. ජෙගුච්ඡා මෙ නිස්සයා පටික්කූලා”ති.
Sinhala BJT1. එකල්හි එක්තරා මාණවකයෙක් භික්‍ෂූන් වෙත ගොස් පැවිද්ද ඉල්ලී ය. භික්‍ෂූහු ඔහුට පළමු කොට ම සිවු නිස්සය කීහ. ඒ මහණ තෙමේ “ස්වාමීනි, පැවිදි වූ කල්හි මට සිවු නිස්සය කීහු නම්, මම (පැවිද්දෙහි) කැමති වන්නේ හෝ වෙමි. මම දැන් පැවිදි නො වන්නේනමි. සිවු නිස්සය මා විසින් ගරහන ලද ය. මට පිළිකුල් ය” යි මෙසේ කීයේ ය.
Pali BJT2. භික්ඛු භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, පටිගච්චෙව නිස්සයා ආචික්ඛිතබ්බා. යො ආචික්ඛෙය්ය, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ, උපසම්පන්නසමනන්තරා නිස්සයෙ ආචික්ඛිතු”න්ති.
Sinhala BJT2. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළකළහ. “මහණෙනි, පළමු කොට ම සිවු නිස්සය නො කිය යුතු ය. යම් මහණෙක් කියන්නේ නම්, දුකුළා ඇවැත් වේ. මහණෙනි, උපසම්පදාවට අනතුරු ව සිවු නිස්සය කියන්නට අනුදනිමි.
Pali BJT3. තෙන ඛො පන සමයෙන භික්ඛූ දුවග්ගෙනපි තිවග්ගෙනපි ගණෙන{1} උපසම්පාදෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, ඌනදසවග්ගෙන ගණෙන උපසම්පාදෙතබ්බො. යො උපසම්පාදෙය්ය, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ, දසවග්ගෙන වා අතිරෙකදසවග්ගෙන වා ගණෙන උපසම්පාදෙතු”න්ති .
Sinhala BJT3. එකල්හි භික්‍ෂූහු දෙදෙනෙකුන් වූ ගණයාගෙන් යුක්ත ව ද තිදෙනකුන් වූ ගණයාගෙන් යුක්ත ව ද උපසම්පදා කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළකළහ. “මහණෙනි, දසදෙනකුන්ට අඩු වූ ගණයා විසින් උපසපන් නො කට යුතු ය. යම් මහණෙක් උපසපන් කරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, දසනමක් වූ හෝ දසනමකට වැඩි වූ හෝ ගණයාගෙන් යුක්ත ව උපසපන් කළ යුතු ය” යි අනුදනිමි.
Pali BJT4. තෙන ඛො පන සමයෙන භික්ඛූ එකවස්සාපි දුවස්සාපි සද්ධිවිහාරිකං උපසම්පාදෙන්ති. ආයස්මාපි උපසෙනො වඞ්ගන්තපුත්තො එකවස්සො සද්ධිවිහාරිකං උපසම්පාදෙසි. සො වස්සං වුත්ථො දුවස්සො එකවස්සං සද්ධිවිහාරිකං ආදාය යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. ආචිණ්ණං ඛො පනෙතං බුද්ධානං භගවන්තානං ආගන්තුකෙහි භික්ඛූහි සද්ධිං පටිසම්මොදිතුං.
Sinhala BJT4. එකල්හි උපසපන් වීමෙන් එක්වස් ඇත්තා වූ ද දෙවස් ඇත්තා වූ ද භික්‍ෂූහු සද්ධිවිහාරිකයා උපසපන් කරති. වඞ්ගන්තබැමිණියගේ පුත් වූ ආයුෂ්මත් උපසේන භික්‍ෂු තෙමේ ද උපසපන් වීමෙන් එක් වස් ඇත්තේ සද්ධිවිහාරිකයකු උපසපන් කෙළේ ය. ඒ වඞ්ගන්තපුත්‍ර වූ උපසේන භික්‍ෂු තෙමේ වස් පවාරණය කළේ දෙවස් ඇත්තේ එක්වස් ඇති සද්ධිවිහාරිකයා ගෙණ භාග්‍යවතුන් වහන්සේ කරා ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ පෙසක හුන්නේ ය. භාග්‍යවත් බුදුරජුන්හට ආගන්තුක භික්‍ෂූන් සමග පිළිසඳර කතා කිරීම පුරුදු ම ය.
Pali BJT5. අථ ඛො භගවා ආයස්මන්තං උපසෙනං වඞ්ගන්තපුත්තං එතදවොච: “කච්චි භික්ඛූ ඛමනීයං? කච්චි යාපනීයං? කච්චිත්ථ{2} අප්පකිලමථෙන අද්ධානං ආගතා?”ති{3}. “ඛමනීයං භගවා. යාපනීයං භගවා. අප්පකිලමථෙන මයං භන්තෙ අද්ධානං ආගතා”ති.
Sinhala BJT5. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, කිම ඉරියවු ඉවසිය හැකි ද? කිම දිවි යැපිය හැකි ද? කිම නිදුකින් දික්මග ආවහු දැ” යි වඞ්ගන්තපුත්‍ර වූ ආයුෂ්මත් උපසේන භික්‍ෂුහුගෙන් විචාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැකි ය. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැකි ය. ස්වාමීනි, අපි නිදුකින් දික්මග ආවෙමු” යි හේ කී ය.
Pali BJT6. ජානන්තාපි තථාගතා පුච්ඡන්ති. ජානන්තාපි න පුච්ඡන්ති. කාලං විදිත්වා පුච්ඡන්ති, කාලං විදිත්වා න පුච්ඡන්ති. අත්ථසංහිතං තථාගතා පුච්ඡන්ති. නො අනත්ථසංහිතං. අනත්ථසංහිතෙ සෙතුඝාතො තථාගතානං. ද්වීහි ආකාරෙහි බුද්ධා භගවන්තො භික්ඛූ පටිපුච්ඡන්ති. ධම්මං වා දෙසෙස්සාමි; සාවකානං වා සික්ඛාපදං පඤ්ඤාපෙස්සාමී ති.
Sinhala BJT6. තථාගතවරු දැන ද විචාරත්. දැන ද නො විචාරත්. කල් දැන විචාරත්. කල් දැන නො විචාරත්. තථාගතවරු අර්‍ත්‍ථයෙන් යුක්ත වූවක් නො විචාරත්. අනර්‍ත්‍ථයෙන් යුක්ත වූවක් නො විචාරත්. අනර්‍ත්‍ථසහිතවචනයෙහි තථාගතවරු මාර්‍ගයෙන් හේතු නැසූ සේක. ‘ධර්‍මය හෝ දෙසන්නෙමි. ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද හෝ පණවන්නෙමි යි’ යන දෙ කරුණෙන් භාග්‍යවත් බුදුවරයෝ භික්‍ෂූන් විචාරත්.
Pali BJT7. අථ ඛො භගවා ආයස්මන්තං උපසෙනං වඞ්ගන්තපුත්තං එතදවොච: “කතිවස්සො’සි ත්වං භික්ඛූ?”ති. “දුවස්සො අහං භගවා”ති. අයං පන භික්ඛු කතිවස්සො?”ති. “එකවස්සො භගවා”ති. “කින්තායං භික්ඛු හොතී?”ති “සද්ධිවිහාරිකො මෙ භගවා”ති.
Sinhala BJT7. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “මහණ, කෙතෙක් වස් ඇත්තෙහි දැ” යි වඞ්ගන්තපුත්‍ර වූ ආයුෂ්මත් උපසේන භික්‍ෂුහට මෙය වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, මම දෙවස් ඇත්තෙමි”. “මේ මහණ කෙතෙක් වස් ඇත්තේ ද?” “භාග්‍යවතුන් වහන්ස, එක්වස් ඇත්තේ ය”. “මේ මහණ තට කවරෙක් දැ”යි ඇසූ කල්හි “භාග්‍යවතුන් වහන්ස, මාගේ සද්ධිවිහාරිකයා”යි කී ය.
Pali BJT8. විගරහි බුද්ධො භගවා: “අනනුච්ඡවියං මොඝපුරිස, අනනුලොමිකං අප්පතිරූපං අස්සාමණකං අකප්පියං අකරණීයං. කථං හි නාම ත්වං, මොඝපුරිස, අඤ්ඤෙහි ඔවදියො අනුසාසියො අඤ්ඤං ඔවදිතුං අනුසාසිතුං මඤ්ඤිස්සසි? අතිලහුං ඛො ත්වං මොඝපුරිස, බාහුල්ලාය ආවත්තො, යදිදං ගණබන්ධිකං. නෙතං, මොඝපුරිස, අප්පසන්නානං වා පසාදාය” -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ, ඌනදසවස්සෙන උපසම්පාදෙතබ්බො. යො උපසම්පාදෙය්ය, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ, දසවස්සෙන වා අතිරෙකදසවස්සෙන වා උපසම්පාදෙතු”න්ති.
Sinhala BJT8. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “හිස් පුරුෂය, (තාගේ ක්‍රියාව) නුසුදුසු ය. නො ගැළපෙන්නකි. නො සම වූවෙකි. මහණකමට නො සුදුසු ය. අකැප වූවෙකි. නො කට යුත්තෙකි යි” නින්‍දා කළ සේක. හිස් පුරුෂය, තෝ අනුන් විසින් අවවාද කට යුත්තෙහි ය. අනුසාසනා කටයුත්තෙහි ය. කෙසේ නම් අනිකකුට අවවාද කරන්නට අනුසාසනා කරන්නට සිතූයෙහි ද? හිස් පුරුෂය, යම් මේ පිරිස් බැඳ ගැණීම වූ බහුලභාවයෙක් වේ ද, එයට තෝ ඉතා ඉක්මනට ම වැටුනෙහි ය. හිස් පුරුෂය, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ –පෙ– නො පවතී” යි ගරහා දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, අඩු දස වස් ඇති මහණහු විසින් උපසපන් නො කට යුතු ය. අඩු දස වස් ඇති යම් මහණෙක් උපසපන් කරන්නේ නම්, දුකුළා ඇවැත් වේ. මහණෙනි, දසවස් පිරුණු මහණහු විසින් හෝ වැඩි දසවස් ඇති මහණහු විසින් හෝ උපසම්පදා කරන්නට අනුදනිමි”.
Pali BJT9. තෙන ඛො පන සමයෙන භික්ඛූ “දසවස්සම්හ, දසවස්සම්හා”ති{1} බාලා අබ්යත්තා උපසම්පාදෙන්ති. දිස්සන්ති උපජ්ඣායා බාලා, සද්ධිවිහාරිකා පණ්ඩිතා. දිස්සන්ති උපජ්ඣායා අබ්යත්තා, සද්ධිවිහාරිකා බ්යත්තා. දිස්සන්ති උපජ්ඣායා අප්පස්සුතා, සද්ධිවිහාරිකා බහුස්සුතා. දිස්සන්ති උපජ්ඣායා දුප්පඤ්ඤා, සද්ධිවිහාරිකා පඤ්ඤවන්තො.
Sinhala BJT9. එකල්හි “දසවස් ඇත්තම්හ, දසවස් ඇත්තම්හ” යි අඥාන වූ අව්‍යක්ත වූ භික්‍ෂූහු උපසපන් කෙරෙති. උපාද්ධ්‍යායයෝ අඥ වූවාහු සද්ධිවිහාරිකයෝ පණ්ඩිත වූවාහු දක්නා ලැබෙත්. උපාද්ධ්‍යායයෝ අව්‍යක්ත වූවාහු සද්ධිවිහාරිකයෝ ව්‍යක්ත වූවාහු දක්නා ලැබෙත්. උපාද්ධ්‍යායයෝ අල්පශ්‍රැත වූවාහු සද්ධිවිහාරිකයෝ බහුශ්‍රුත වූවාහු දක්නා ලැබෙත්. උපාද්ධ්‍යායයෝ නුවණ නැත්තාහු සද්ධිවිහාරිකයෝ නුවණ ඇත්තාහු දක්නා ලැබෙත්.
Pali BJT10. අඤ්ඤතරො’පි අඤ්ඤතිත්ථියපුබ්බො උපජ්ඣායෙන සහධම්මිකං වුච්චමානො උපජ්ඣායස්ස වාදං ආරොපෙත්වා තංයෙව තිත්ථායතනං සඞ්කමි.
Sinhala BJT10. පෙර අන්‍යතීර්‍ත්‍ථකයන් කෙරෙහි පැවිදි ව වුසූ එක්තරා මහණෙක් ද උපාද්ධ්‍යායයන් විසින් සහධර්‍මයෙන් කියනු ලබන්නේ උපාද්ධ්‍යායයාහට වාදාරෝපණය කොට ඒ තීර්‍ත්‍ථායතනයට ම ගියේ ය.
Pali BJT11. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති, ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛූ ‘දසවස්සම්හ, දසවස්සම්හා’ති බාලා අබ්යත්තා උපසම්පාදෙස්සන්ති? දිස්සන්ති උපජ්ඣායා බාලා, සද්ධිවිහාරිකා පණ්ඩිතා. දිස්සන්ති උපජ්ඣායා අබ්යත්තා සද්ධිවිහාරිකා බ්යත්තා. දිස්සන්ති උපජ්ඣායා අප්පස්සුතා, සද්ධිවිහාරිකා බහුස්සුතා. දිස්සන්ති උපජ්ඣායා දුප්පඤ්ඤා, සද්ධිවිහාරිකා පඤ්ඤාවන්තො”ති.
Sinhala BJT11. ආශා රහිත වූ යම් ඒ භික්‍ෂූහු වෙත් ද, ඔහු අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්: “කෙසේ නම් ‘භික්‍ෂූහු දස වස් ඇත්තම්හ’ දස වස් ඇත්තම්හ’ යි අඥ වූවාහු අව්‍යක්ත වූවාහු උපසපන් කරන්නාහු ද? උපාද්ධ්‍යායයෝ අඥ වූවාහු සද්ධිවිහාරිකයෝ පණ්ඩිත වූවාහු දක්නා ලැබෙත්. උපාද්ධ්‍යායයෝ අව්‍යක්ත වූවාහු සද්ධිවිහාරිකයෝ ව්‍යක්ත වූවාහු දක්නා ලැබෙත්. උපාද්ධ්‍යායයෝ අල්පශ්‍රැත වූවාහු සද්ධිවිහාරිකයෝ බහුශ්‍රුත වූවාහු දක්නා ලැබෙත්. උපාද්ධ්‍යායයෝ නුවණ නැත්තාහු සද්ධිවිහාරිකයෝ නුවණ ඇත්තාහු දක්නා ලැබෙත්”.
Pali BJT12. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. ““සච්චං කිර භික්ඛවෙ”, භික්ඛූ ‘දසවස්සම්හ දසවස්සම්හා”ති. බාලා අබ්යත්තා උපසම්පාදෙන්ති? දිස්සන්ති උපජ්ඣායා බාලා, සද්ධිවිහාරිකා පණ්ඩිතා? දිස්සන්ති උපජ්ඣායා අබ්යත්තා සද්ධිවිහාරිකා බ්යත්තා? දිස්සන්ති උපජ්ඣායා අප්පස්සුතා, සද්ධිවිහාරිකා බහුස්සුතා? දිස්සන්ති උපජ්ඣායා අප්පස්සුතා, සද්ධිවිහාරිකා බහුස්සුතා? දිස්සන්ති උපජ්ඣායා දුප්පඤ්ඤා, සද්ධිවිහාරිකා පඤ්ඤවන්තො?”ති.
Sinhala BJT12. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය දැන්වූහ. “මහණෙනි, සැබෑ ද? භික්‍ෂූහු ‘දසවස් ඇත්තම්හ’ දසවස් ඇත්තම්හ යි අඥ වූවෝ අව්‍යක්ත වූවෝ උපසපන් කරන්නහු ද? උපාද්ධ්‍යායයෝ අඥ වූවාහු සද්ධිවිහාරිකයෝ පණ්ඩිත වූවාහු දක්නා ලැබෙත් ද? උපාද්ධ්‍යායයෝ අව්‍යක්ත වූවාහු සද්ධිවිහාරිකයෝ ව්‍යක්ත වූවාහු දක්නා ලැබෙත් ද? උපාද්ධ්‍යායයෝ අල්පශ්‍රැත වූවාහු සද්ධිවිහාරිකයෝ බහුශ්‍රුත වූවාහු දක්නා ලැබෙත් ද? උපාද්ධ්‍යායයෝ නුවණ නැත්තාහු සද්ධිවිහාරිකයෝ නුවණ ඇත්තාහු දක්නා ලැබෙත් ද?”
Pali BJT13. “සච්චං භගවා”. විගරහි බුද්ධො භගවා “කථං හි නාම තෙ භික්ඛවෙ, මොඝපුරිසා ‘දසවස්සම්හ දසවස්සම්හා’ති බාලා අබ්යත්තා උපසම්පාදෙස්සන්ති? දිස්සන්ති උපජ්ඣායා බාලා -පෙ- සද්ධිවිහාරිකා පඤ්ඤවන්තො. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ, බාලෙන අබ්යත්තෙන උපසම්පාදෙතබ්බො. යො උපසම්පාදෙය්ය, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන දසවස්සෙන වා අතිරෙකදසවස්සෙන වා උපසම්පාදෙතු”න්ති.
Sinhala BJT13. “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය.” භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “මහණෙනි, කෙසේ නම් ඒ හිස් පුරුෂයෝ ‘දස වස් ඇත්තම්හ, දසවස් ඇත්තම්හ’ යි අඥ වූවාහු අව්‍යක්ත වූවාහු උපසපන් කරත් ද? උපාද්ධ්‍යායයෝ අඥ වූවාහු –පෙ– සද්ධිවිහාරිකයෝ නුවණ ඇත්තාහු දක්නා ලැබෙත් ද? මහණෙනි, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ නො පවතී යි –පෙ– ගැරහූ සේක. ගරහා දැහැමි කතා කොට භික්‍ෂූන් අමතා “මහණෙනි, අඥ වූ අව්‍යක්ත වූ මහණහු විසින් උපසපන් නො කට යුතු ය. යම් මහණෙක් උපසපන් කරන්නේ නම් දුකුළා ඇවැත් වේ. මහණෙනි, ව්‍යක්ත වූ ප්‍රතිබල වූ දස වස් ඇත්තා වූ හෝ වැඩි දස වස් ඇත්තා වූ හෝ මහණහු විසින් උපසපන් කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT14. තෙන ඛො පන සමයෙන භික්ඛූ උපජ්ඣායෙසු පක්කන්තෙසුපි විබ්භන්තෙසුපි කාලඞ්කතෙසුපි පක්ඛසඞ්කන්තෙසුපි අනාචරියකා අනොවදියමානා අනනුසාසියමානා දුන්නිවත්ථා දුප්පාරුතා අනාකප්පසම්පන්නා පිණ්ඩාය චරන්ති.
Sinhala BJT14. එකල්හි භික්‍ෂූහු උපාද්ධ්‍යායයන් බැහැර ගිය කල්හි ද සිවුරු හැර ගිය කල්හි ද කලුරිය කළ කල්හි ද අන්‍යතීර්‍ත්‍ථකපක්‍ෂයකට මාරු වූ කල්හි ද ආචාර්‍ය්‍යයන්ගෙන් තොර වූවෝ අවවාද නො කරණු ලබන්නෝ අනුශාසනා නො කරණු ලබන්නෝ නොමනා සේ හැන්දෝ නොමනා සේ පෙරවූවෝ මහණහුට සුදුසු හැසිරීමෙන් තොර වූවෝ පිඬු සිඟා යෙත්.
Pali BJT15. මනුස්සානං භුඤ්ජමානානං උපරි භොජනෙපි උත්තිට්ඨපත්තං උපනාමෙන්ති. උපරි ඛාදනීයෙපි – උපරි සායනීයෙපි උපරි පානීයෙපි උත්තිට්ඨපත්තං උපනාමෙන්ති. සාමං සූපම්පි ඔදනම්පි විඤ්ඤාපෙත්වා භුඤ්ජන්ති. භත්තග්ගෙපි උච්චාසද්දා මහාසද්දා විහරන්ති.
Sinhala BJT15. අනුභව කරණ මිනිසුන්ගේ බොජුන් මතුයෙහි ද ඉඳුල් පාත්‍රය අල්ලති. කෑම මතුයෙහි ද රස විඳිය යුතු දෙය මතුයෙහි ද පිය යුතු දෙය මතුයෙහි ද ඉඳුල් පාත්‍රය අල්ලති. තුමූ ව්‍යඤ්ජන ද බත් ද විනවා ගෙණ අනුභව කරත්. බොජුන්හලෙහි ද උස් හඬ ඇති ව මහත් හඬ ඇති ව වෙසෙත්.
Pali BJT16. මනුස්සා උජ්ඣායන්ති, ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා දුන්නිවත්ථා දුප්පාරුතා අනාකප්පසම්පන්නා පිණ්ඩාය චරිස්සන්ති? මනුස්සානං භුඤ්ජමානානං උපරි භොජනෙපි උත්තිට්ඨපත්තං උපනාමෙස්සන්ති? උපරි ඛාදනීයෙපි උපරි සායනීයෙපි උපරි පානීයෙපි උත්තිට්ඨපත්තං උපනාමෙස්සන්ති? සාමං සූපම්පි ඔදනම්පි විඤ්ඤාපෙත්වා භුඤ්ජිස්සන්ති? භත්තග්ගෙපි උච්චාසද්දා මහාසද්දා විහරිස්සන්ති සෙය්යථාපි බ්රාහ්මණභොජනෙ?”ති.
Sinhala BJT16. මිනිස්සු “කෙසේ නම් ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයෝ නො මනා සේ හැන්දෝ නො මනා සේ පෙරෙව්වෝ ශ්‍රමණසාරූප්‍යචාරයෙන් තොර වූවෝ පිඬු සිඟා හැසිරෙත් ද? මිනිසුන් අනුභව කරණ කල්හි බොජුන් මතුයෙහි ඉඳුල් පාත්‍රය අල්ලත් ද? කෑම මතුයෙහි ද රස විඳිය යුතු දෙය මතුයෙහි ද පිය යුතු දෙය මතුයෙහි ද ඉඳුල් පාත්‍රය අල්ලත් ද? බ්‍රහ්මණභෝජනයෙහි බමුණන් මෙන් බොජුන්හලෙහි උස් හඬ ඇති ව මහත් හඬ ඇති ව වසත් ද? අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
Pali BJT17. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ-
Sinhala BJT17. භික්‍ෂූහු පහත් කොට සිතන නින්‍දා, කරණ දොස් කියන ඒ මිනිසුන්ගේ කතාව ඇසූහ. ඉක්බිති ඒ භික්‍ෂූහු ඒ වග භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ.
Pali BJT18. “සච්චං කිර භික්ඛවෙ,”-පෙ- “සච්චං භගවා”ති -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ ආචරියං. ආචරියො භික්ඛවෙ, අන්තෙවාසිකම්හි පුත්තචිත්තං උපට්ඨාපෙස්සති. අන්තෙවාසිකො ආචරියම්හි පිතුචිත්තං උපට්ඨාපෙස්සති. එවං තෙ අඤ්ඤමඤ්ඤං සගාරවා සප්පතිස්සා සභාගවුත්තිනො විහරන්තා ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සන්ති.
Sinhala BJT18. “මහණෙනි, සැබෑ ද?” –පෙ– “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය” –පෙ– ගරහා දැහැමි කතා කොට භික්‍ෂූන් අමතා “මහණෙනි, ආචාර්‍ය්‍යයකු අනුදනිමි” යි වදාළ සේක. “මහණෙනි, ආචාර්‍ය්‍යයතෙමේ අතැවැසියා කෙරෙහි පුත්‍රයා ය යන සිත උපදවන්නේ ය. අතැවැසිතෙමේ ආචාර්‍ය්‍යයා කෙරෙහි පියා ය යන සිත උපදවන්නේ ය. මෙසේ ඔහු ගුරුන් සහිත ව පිහිට සහිත ව සමාන පැවතුම් ඇති ව වසන්නෝ මේ සාසනයෙහි වැඩීමට මුල් බැසගැණීමට මහත්බවට පැමිණෙන්නෝය.
Pali BJT19. “අනුජානාමි භික්ඛවෙ, දසවස්සං නිස්සාය වත්ථුං, දසවස්සෙන නිස්සයං දාතුං. එවඤ්ච පන භික්ඛවෙ ආචරියො ගහෙතබ්බො: එකංසං උත්තරාසඞ්ගං කරිත්වා පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: ‘ආචරියො මෙ භන්තෙ, හොහි. ආයස්මතො නිස්සාය වච්ඡාමි. ආචරියො මෙ භන්තෙ, හොහි. ආයස්මතො නිස්සාය වච්ඡාමි. ආචරියො මෙ භන්තෙ, හොහි, ආයස්මතො නිස්සාය වච්ඡාමී’ති. ‘සාහු’වා ‘ලහු’වා ‘ඔපායික’න්ති වා ‘පතිරූප’න්ති වා ‘පාසාදිකෙන සම්පාදෙහී’ති වා කායෙන විඤ්ඤාපෙති, වාචාය විඤ්ඤාපෙති, කායෙන වාචාය විඤ්ඤාපෙති, ගහිතො හොති ආචරියො. න කායෙන විඤ්ඤාපෙති, න වාචාය විඤ්ඤාපෙති, න කායෙන වාචාය විඤ්ඤාපෙති, න ගහිතො හොති ආචරියො.
Sinhala BJT19. “මහණෙනි, දස වස් ඇති ඇදුරෙකු ඇසුරු කොට විසීම ද දසවස් ඇති ඇදුරෙකු විසින් නිස දීම ද අනුදනිමි. මහණෙනි, ආචාර්‍ය්‍ය තෙමේ මෙසේ පත් කර ගත යුත්තේ ය: උතුරුසඟසිවුර එකස් කොට ගෙණ පා වැඳ උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳ ‘ස්වාමීනි, මට ආචාර්‍ය්‍ය වනු මැනවි. මම ආයුෂ්මතුන් වහන්සේ නිසා වසන්නෙමි. ස්වාමීනි, මට ආචාර්‍ය්‍ය වනු මැනවි. මම ආයුෂ්මතුන් වහන්සේ නිසා වසන්නෙමි. ස්වාමීනි, මට ආචාර්‍ය්‍ය වනු මැනවි. මම ආයුෂ්මතුන් වහන්සේ නිසා වසන්නෙමි යි (කිය යුතුය). ආචාර්‍ය්‍ය තෙමේ ‘යහපතැ’ යි හෝ ‘පහසු’ යි හෝ ‘පිළිගත හැකි ය’ යි හෝ ‘සුදුසු’ යි හෝ ‘පහද වන සුලු පිළිවෙතින් සරු වෙව’ යි හෝ කයින් හඟවා ද, වචනයෙන් හඟවා ද, කයින් හා වචනයෙන් හඟවා ද ආචාර්‍ය්‍ය තෙමේ ගන්නා ලද්දේ වේ. කයින් නො හඟවා ද, වචනයෙන් නො හඟවා ද, කයින් හා වචනයෙන් නො හඟවා ද, ආචාර්‍ය්‍ය තෙමේ නො ගන්නා ලද්දේ ය.
Pali BJT20. අන්තෙවාසිකෙන භික්ඛවෙ ආචරියම්හි සම්මා වත්තිතබ්බං. තත්රායං සම්මා වත්තනා:- කාලස්සෙව වුට්ඨාය උපාහනා{1} ඔමුඤ්චිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා දන්තකට්ඨං දාතබ්බං, මුඛොදකං දාතබ්බං, ආසනං පඤ්ඤාපෙතබ්බං. සචෙ යාගු හොති, භාජනං ධොවිත්වා යාගු උපනාමෙතබ්බා. යාගුපීතස්ස උදකං දත්වා භාජනං පටිග්ගහෙත්වා නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන ධොවිත්වා පටිසාමෙතබ්බං.
Sinhala BJT20. “මහණෙනි, අතැවැසියා විසින් ආචාර්‍ය්‍යයා කෙරෙහි මනා කොට පැවතිය යුතු ය. එහි මේ මනා කොට පැවැත්ම ය: උදය කලින් ම නැගිට වහන් මුදා උතුරු සඟසිවුර එකස් කොට දැහැටි දිය යුතු ය. මුව දෝනා දිය දිය යුතු ය. අසුන් පැණවිය යුතු ය. ඉදින් කැඳ තිබේ නම් බඳුන සෝදා කැඳ එළවිය යුතු ය. කැඳ වළඳා අවසන් කොට සිටියහුට දිය පිළිගන්වා බඳුන ගෙණ පාත් කොට නො ගටා මැනැවින් සෝදා තැන්පත් කොට තැබිය යුතු ය.
Pali BJT21. ආචරියම්හි වුට්ඨිතෙ ආසනං උද්ධරිතබ්බං. සචෙ සො දෙසො උක්ලාපො හොති, සො දෙසො සම්මජ්ජිතබ්බො. සචෙ ආචරියො ගාමං පවිසිතුකාමො හොති, නිවාසනං දාතබ්බං, පටිනිවාසනං පටිග්ගහෙතබ්බං, කායබන්ධනං දාතබ්බං. සගුණං කත්වා සඞ්ඝාටියො දාතබ්බා, ධොවිත්වා පත්තො සඋදකො දාතබ්බො. සචෙ ආචරියො පච්ඡාසමණං ආකඞ්ඛති, තිමණ්ඩලං පටිච්ඡාදෙන්තෙන පරිමණ්ඩලං නිවාසෙත්වා කායබන්ධනං බන්ධිත්වා සගුණං කත්වා සඞ්ඝාටියො පාරුපිත්වා ගණ්ඨිකං පටිමුඤ්චිත්වා ධොවිත්වා පත්තං ගහෙත්වා ආචරියස්ස පච්ඡාසමණෙන හොතබ්බං. නාතිදූරෙ ගන්තබ්බං. නාච්චාසන්නෙ ගන්තබ්බං. පත්තපරියාපන්නං පටිග්ගහෙතබ්බං.
Sinhala BJT21. ආචාර්‍ය්‍යයා නැගී සිටි කල්හි අසුන ඔසවා තැබිය යුතු ය. එදෙස කසළ සහිත නම් හැමදිය යුතු ය. ආචාර්‍ය්‍යතෙමේ ගම් වදිනු කැමැත්තේ නම්, අඳනය දිය යුතු ය. ඇඳ තුබූ අඳනය පිළිගත යුතු ය. පටිය දිය යුතු ය. උතුරුසඟසිවුර හා සඟළ සිවුර එක් කොට සිවුරු දිය යුතු ය. සෝදා දිය සහිත පාත්‍රය දිය යුතු ය. ඉදින් ආචාර්‍ය්‍ය තෙමේ පස්සේ යන මහණකු කැමැත්තේ නම් තෙමඬුලු වසන්නහු විසින් පිරිමඬුලු කොට හැඳ පටිය බැඳ උතුරුසඟ හා සඟළ සිවුර එක් කොට පොරොවා ගෙණ ගණ්ඨිය අවුණා පාත්‍රය සෝදා ගෙණ ආචාර්‍ය්‍යහට පස්සේ යන මහණකු විය යුතු ය. ඉතා දුරින් නො යා යුතු ය. ඉතා ලඟින් නො යා යුතු ය. පාත්‍රයෙහි ඉතිරි වූ දෙය පිළිගත යුතු ය.
Pali BJT22. න ආචරියස්ස භණමානස්ස අන්තරන්තරා කථා ඔපාතෙතබ්බා. ආචරියො ආපත්ති සාමන්තා භණමානො නිවාරෙතබ්බො. නිවත්තන්තෙන පඨමතරං ආගන්ත්වා ආසනං පඤ්ඤාපෙතබ්බං පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික්ඛිපිතබ්බං. පච්චුග්ගන්ත්වා පත්තචීවරං පටිග්ගහෙතබ්බං. පටිනිවාසනං දාතබ්බං. නිවාසනං පටිග්ගහෙතබ්බං. සචෙ චීවරං සින්නං හොති, මුහුත්තං උණ්හෙ ඔතාපෙතබ්බං. න ච උණ්හෙ චීවරං නිඩ්ඩහිතබ්බං. චීවරං සඞ්ඝරිතබ්බං. චීවරං සඞ්ඝරන්තෙන චතුරඞ්ගුලං කණ්ණං උස්සාදෙත්වා චීවරං සඞ්ඝරිතබ්බං: ‘මා මජ්ඣෙ භඞ්ගො අහොසී’ති. ඔභොගෙ කායබන්ධනං කාතබ්බං.
Sinhala BJT22. ආචාර්‍ය්‍යයා කතා කරණ කල්හි අතරතුර කතා නො බැහිය යුතු ය. ආචාර්‍ය්‍ය තෙමේ ඇවැත් වියහැකි තරම් වූ වදන් කියන්නේ නම් වැළැක්විය යුතු ය. පිඬු සිඟා නවතින්නහු විසින් පළමු කොට අවුත් අසුන් පැණවිය යුතු ය. පා දෝනා දිය ද පාපුටුව ද නො සේදූ පා තබන පුවරුව ද එළවිය යුතු ය. ඉදිරියට ගොස් පාසිවුරු පිළිගත යුතු ය. කලින් ඇඳ තුබූ අඳනය දිය යුතු ය. ඇඳි අඳනය පිළිගත යුතු ය. සිවුර තෙත් නම්, මොහොතක් උෂ්ණයෙහි ලා වියලිය යුතු ය. සිවුර උෂ්ණයෙහි වැඩියක් නො දැවිය යුතු ය. සිවුර නැමිය යුතු ය. සිවුර නමන්නහු විසින් සතරඟුලක් පමණ සිවුරු කොණ උස් කොට ‘මැද නො බිඳේවා’ යි නැමිය යුතු ය. සිවුරුදරණයෙහි පටිය බහා තැබිය යුතු ය.
Pali BJT23. සචෙ පිණ්ඩපාතො හොති, ආචරියො ච භුඤ්ජිතුකාමො හොති, උදකං දත්වා පිණ්ඩපාතො උපනාමෙතබ්බො. ආචරියො පානීයෙන පුච්ඡිතබ්බො. භුත්තාවිස්ස උදකං දත්වා පත්තං පටිග්ගහෙත්වා නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන ධොවිත්වා වොදකං කත්වා මුහුත්තං උණ්හෙ ඔතාපෙතබ්බො. න ච උණ්හෙ පත්තො නිඩ්ඩහිතබ්බො. පත්තචීවරං නික්ඛිපිතබ්බං. පත්තං නික්ඛිපන්තෙන එකෙන හත්ථෙන පත්තං ගහෙත්වා එකෙන හත්ථෙන හෙට්ඨා මඤ්චං වා හෙට්ඨා පීඨං වා පරාමසිත්වා පත්තො නික්ඛිපිතබ්බො. න ච අනන්තරහිතාය භූමියා පත්තො නික්ඛිපිතබ්බො. චීවරං නික්ඛිපන්තෙන එකෙන හත්ථෙන චීවරං ගහෙත්වා එකෙන හත්ථෙන චීවරවංසං වා චීවරරජ්ජුං වා පමජ්ජිත්වා පාරතො අන්තං ඔරතො භොගං කත්වා චීවරං නික්ඛිපිතබ්බං.
Sinhala BJT23. ඉදින් පිණ්ඩපාතය වේ ද ආචාර්‍ය්‍ය තෙමේත් වළඳනු කැමති වේ නම්, දිය පිළිගන්වා පිණ්ඩපාතය එළවිය යුතු ය. ආචාර්‍ය්‍යයාහට පැන් වුවමනා දැයි පිළිවිසිය යුතු ය. වළඳා අවසන් කළහුට දිය පිළිගන්වා පාත්‍රය පිළිගෙණ පාත් කොට නො ගටා මනා කොට සෝදා දිය පිස දමා මොහොතක් උෂ්ණයෙහි තැබිය යුතු ය. පාත්‍රය උෂ්ණයෙහි ලා වැඩියක් නො දැවිය යුතු ය. පාසිවුරු බහා තැබිය යුතු ය. පාත්‍රය බහා තබන්නහු විසින් එක් අතකින් පාත්‍රය ගෙණ එක් අතකින් ඇඳ යට හෝ පුටුව යට හෝ අත ගා බැලිය යුතු ය. කිසිවක් නො අතුළ බිම පාත්‍රය බහා නො තැබිය යුතු ය. සිවුර බහා තබන්නහු විසින් එක් අතකින් සිවුර ගෙණ එක් අතකින් සිවුරු ලන උණදඬුව හෝ සිවුරු ලන රැහැණ හෝ පිරිමැද පිරිසිදු කොට නුවාව එහාට ද දරණය මෙහාට ද තබා සිවුර බැහිය යුතු ය.
Pali BJT24. ආචරියම්හි වුට්ඨිතෙ ආසනං උද්ධරිතබ්බං. පාදොදකං පාදපීඨං පාදකඨලිකං පටිසාමෙතබ්බං. සචෙ සො දෙසො උක්ලාපො හොති, සො දෙසො සම්මජ්ජිතබ්බො. සචෙ ආචරියො නහායිතුකාමො හොති, නහානං පටියාදෙතබ්බං. සචෙ සීතෙන අත්ථො හොති, සීතං පටියාදෙතබ්බං. සචෙ උණ්හෙන අත්ථො, උණ්හං පටියාදෙතබ්බං.
Sinhala BJT24. ආචාර්‍ය්‍යයා නැගී සිටි කල්හි ආසනය ඔසවා තැබිය යුතු ය. පා දෝනා දිය ද පාපුටුව ද නො සේදූ පා තබන පුවරුව ද තැන්පත් කොට තැබිය යුතු ය. ඉදින් එ දෙස කසළ සහිත නම්, හැමැන්ද යුතු ය. ආචාර්‍ය්‍ය තෙමේ නහනු කැමැත්තේ නම් නහනු පිළියෙල කළ යුතු ය. සිහිල් දියෙන් ප්‍රයෝජන නම්, සිහිල් දිය පිළියෙල කළ යුතු ය. උණු දියෙන් ප්‍රයෝජන නම්, උණු දිය පිළියෙල කළ යුතු ය.
Pali BJT25. සචෙ ආචරියො ජන්තාඝරං පවිසිතුකාමො හොති, චුණ්ණං සන්නෙතබ්බං. මත්තිකා තෙමෙතබ්බා. ජන්තාඝරපීඨං ආදාය ආචරියස්ස පිට්ඨිතො පිට්ඨිතො ගන්ත්වා ජන්තාඝරපීඨං දත්වා චීවරං පටිග්ගහෙත්වා. එකමන්තං නික්ඛිපිතබ්බං. චුණ්ණං දාතබ්බං. මත්තිකා දාතබ්බා. සචෙ උස්සහති, ජන්තාඝරං පවිසිතබ්බං. ජන්තාඝරං පවිසන්තෙන මත්තිකාය මුඛං මක්ඛෙත්වා පුරතො ච පච්ඡතො ච පටිච්ඡාදෙත්වා ජන්තාඝරං පවිසිතබ්බං. න ථෙරෙ භික්ඛූ අනුපඛජ්ජ නිසීදිතබ්බං. න නවා භික්ඛූ ආසනෙන පටිබාහෙතබ්බා. ජන්තාඝරෙ ආචරියස්ස පරිකම්මං කාතබ්බං. ජන්තාඝරා නික්ඛමන්තෙන ජන්තාඝරපීඨං ආදාය පුරතො ච පච්ඡතො ච පටිච්ඡාදෙත්වා ජන්තාඝරා නික්ඛමිතබ්බං.
Sinhala BJT25. ආචාර්‍ය්‍යතෙමේ ගිනිහල්ගෙට පිවිසෙනු කැමැත්තේ නම්, නහනසුණු දියෙන් තෙමා පිඬු කළ යුතු ය. නහනමැටි තේමිය යුතු ය. ගිනිහල්ගෙයි පුටුව ගෙණ ආචාර්‍ය්‍යයන් වහන්සේට පිටු පසින් ගොස් ගිනිහල්ගෙයි පුටුව දී සිවුර පිළිගෙණ පසෙක බහා තැබිය යුතු ය. නහන සුණු දිය යුතු ය. නහනමැටි තේමිය යුතු ය. හැක්කේ නම් ගිනිහල් ගෙට යා යුතු ය. ගිනිහල්ගෙට යන්නහු විසින් මැටියෙන් මූණ තවරා ඉදිරිපසින් හා පසුපසින් සිරුර වසා ගෙණ ගිනිහල්ගෙට පිවිසිය යුතු ය. ස්ථවිරභික්‍ෂූන් ගටා නො හිඳිය යුතු ය. නවකභික්‍ෂූන් ආසනයෙන් බැහැර නො කළ යුතු ය. ගිනිහල්ගෙයි දී ආචාර්‍ය්‍යයාගේ ඇඟ ඉළීම් ඈ වත් කළ යුතු ය. ගිනිහල්ගෙයින් නික්මෙන්නහු විසින් ගිනිහල්ගෙයි පුටුව ගෙණ ඉදිරියෙන් හා පස්සෙන් සිරුර වසා ගෙණ ගිනිහල්ගෙයින් නික්මිය යුතු ය.
Pali BJT26. උදකෙපි ආචරියස්ස පරිකම්මං කාතබ්බං. නහාතෙන පඨමතරං උත්තරිත්වා අත්තනො ගත්තං වොදකං කත්වා නිවාසෙත්වා ආචරියස්ස ගත්තතො උදකං පමජ්ජිතබ්බං. නිවාසනං දාතබ්බං. සඞ්ඝාටි දාතබ්බා. ජන්තාඝරපීඨං ආදාය පඨමතරං ආගන්ත්වා ආසනං පඤ්ඤාපෙතබ්බං පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික්ඛිපිතබ්බං. ආචරියො පානීයෙන පුච්ඡිතබ්බො. සචෙ උද්දිසාපෙතුකාමො හොති, උද්දිසාපෙතබ්බො. සචෙ පරිපුච්ඡිතුකාමො හොති, පරිපුච්ඡිතබ්බො.
Sinhala BJT26. දියෙහි දී ද ආචාර්‍ය්‍යයාගේ ඇඟ ඉලීම් ඈ වත් කළ යුතු ය. නා අවසන් කළහු විසින් පළමු කොට ගොඩ නැගී තමාගේ සිරුරෙහි දිය පිසදමා හැඳ පොරොවා ගෙණ ආචාර්‍ය්‍යයාගේ සිරුරෙහි දිය පිස දැමිය යුතු ය. අඳනය දිය යුතු ය. සඞ්ඝාටිය දිය යුතු ය. ගිනිහල්ගෙයි හිඳිනා පුටුව ගෙණ පළමු කොට අවුත් අසුනක් පැණවිය යුතු ය. පා දෝනා දිය ද පා පුටුව ද නො සේදූ පා තබන පුවරුව ද එළවා තැබිය යුතු ය. ආචාර්‍ය්‍ය තෙමේ පැනින් පිළිවිසිය යුතු ය. උදෙසවා ගණු කැමැත්තේ නම්, උදෙසවා ගත යුතු ය. අරුත් කියවා ගණු කැමැත්තේ නම්, අරුත් කියවා ගත යුතු ය.
Pali BJT27. යස්මිං විහාරෙ ආචරියො විහරති, සචෙ සො විහාරො උක්ලාපො හොති සචෙ උස්සහති, සොධෙතබ්බො. විහාරං සොධෙන්තෙන පඨමං පත්තචීවරං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. නිසීදනපච්චත්ථරණං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. භිසිබිම්බොහනං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. මඤ්චො නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන අසංඝට්ටන්තෙන කවාටපිට්ඨං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බො. පීඨං නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන අසංඝට්ටන්තෙන කවාටපිට්ඨං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. මඤ්චපටිපාදකා නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බා.
Sinhala BJT27. ආචාර්‍ය්‍ය තෙමේ යම් වෙහෙරක වෙසේ නම්, ඒ වෙහෙර කසළ සහිත නම්, හැක්කේ නම්, පිරිසිදු කළ යුතු ය. වෙහෙර පිරිසිදු කරන්නහු විසින් පළමු කොට පාසිවුරු බැහැරට ගෙණ පසෙක තැබිය යුතු ය. හිඳිනාකඩ හා පසතුරුණ බැහැරට ගෙණ පසෙක තැබිය යුතු ය. ගුදිරිය හා කොට්ටය බැහැරට ගෙණ පසෙක තැබිය යුතු ය. ඇඳ පාත් කොට බිම නො ගටා දොරබාව නො හප්පා බැහැරට ගෙණ පසෙක මනා ව තැබිය යුතු ය. පුටුව පාත් කොට බිම නො ගටා දොරබාව නො හප්පා බැහැර කොට පසෙක මනා ව තැබිය යුතු ය. ඇඳපාඅළු බැහැර කොට පසෙක තැබිය යුතු ය.
Pali BJT28. ඛෙළමල්ලකො නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බො. අපස්සෙනඵලකං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. භුම්මත්ථරණං යථාපඤ්ඤත්තං සල්ලක්ඛෙත්වා නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. සචෙ විහාරෙ සන්තානකං හොති, උල්ලොකා පඨමං ඔහාරෙතබ්බං. ආලොකසන්ධිකණ්ණභාගා පමජ්ජිතබ්බා. සචෙ ගෙරුකපරිකම්මකතා භිත්ති කණ්ණකිතා හොති, චොළකං තෙමෙත්වා පීළෙත්වා පමජ්ජිතබ්බා. සචෙ කාළවණ්ණකතා භූමි කණ්ණකිතා හොති, චොළකං තෙමෙත්වා පීළෙත්වා පමජ්ජිතබ්බා. සචෙ අකතා හොති භූමි, උදකෙන පරිප්ඵොසෙත්වා සම්මජ්ජිතබ්බා: “මා විහාරො රජෙන ඌහඤ්ඤී”ති.
Sinhala BJT28. කෙළමලාව බැහැර කොට පසෙක තැබිය යුතු ය. වැතිර හිඳිනා පුවරුව බැහැර කොට පසෙක තැබිය යුතු ය. බුමුතුරුණ පණවා තුබූ සැටි සලකා බලා බැහැර කොට පසෙක තැබිය යුතු ය. වෙහෙරෙහි මකුණුදැල් වේ ද, උඩ සිට ඉවත් කළ යුතු ය. ඇතුළත පිටත ජනෙල් කවුළු හා කාමරයෙහි මුළු සතර පිස දැමිය යුතු ය. ගුරුයෙන් පිරියම් කළ බිත්තිය හටගත් පුස් ඇත් නම්, රෙදිකඩක් තෙමා මඳක් මිරිකා පිස දැමිය යුතු ය. කළු පැහැ කළ බිම හටගත් පුස් ඇත් නම්, රෙදි කඩක් තෙමා මඳක් මිරිකා පිස දැමිය යුතු ය. බිම පිරියම් නො කරණ ලද නම්, “වෙහෙර දූවිල්ලෙන් කිලිටි නො වේවා” යි දිය ඉස පිස දැමිය යුතු ය.
Pali BJT29. සඞ්කාරං විචිනිත්වා එකමන්තං ඡඩ්ඩෙතබ්බං. භුම්මත්ථරණං ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා අතිහරිත්වා යථාපඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බං. මඤ්චපටිපාදකා ඔතාපෙත්වා පමජ්ජිත්වා අතිහරිත්වා යථාට්ඨානෙ ඨපෙතබ්බා. මඤ්චො ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන අසංඝට්ටන්තෙන කවාටපිට්ඨං අතිහරිත්වා යථාපඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බො. පීඨං ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන, අසංඝට්ටන්තෙන කවාටපිට්ඨං අතිහරිත්වා යථාපඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බං. භිසිබිම්බොහනං ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා අතිහරිත්වා යථාපඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බං. නිසීදනපච්චත්ථරණං ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා අතිහරිත්වා යථාපඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බං. ඛෙළමල්ලකො ඔතාපෙත්වා පමජ්ජිත්වා අතිහරිත්වා යථාට්ඨානෙ ඨපෙතබ්බො. අපස්සෙනඵලකං ඔතාපෙත්වා පමජ්ජිත්වා අතිහරිත්වා යථාට්ඨානෙ ඨපෙතබ්බං.
Sinhala BJT29. කසළ එකතු කොට පසෙක හළ යුතු ය. බුමුතුරුණ වියලා පිරිසිදු කොට ගසා දමා ගෙණවුත් පණවා තුබූ ලෙසට පැණවිය යුතු ය. ඇඳපාඅළු වියලා පිරිමැද ගෙණවුත් තුබූ තැන තැබිය යුතු ය. ඇඳ වියලා පිරිසිදු කොට ගසා දමා පාත් කොට බිම නො ගටා දොරබාව නො හප්පා ගෙණවුත් පණවා තුබූ ලෙසට මනා කොට පැණවිය යුතු ය. පුටුව වියලා පිරිසිදු කොට ගසා දමා පාත් කොට බිම නො ගටා දොරබාව නො හප්පා ගෙණවුත් පණවා තුබූ පරිදි පැණවිය යුතු ය. ගුදිරිය හා කොට්ටය වියලා පිරිසිදු කොට ගසා දමා ගෙණවුත් පණවා තුබූ පරිදි පැණවිය යුතු ය. හිඳිනාකඩ හා පසතුරුණ වියලා පිරිසිදු කොට ගසා දමා ගෙණවුත් පණවා තුබූ පරිදි පැණවිය යුතු ය. කෙළමලාව සෝදා වියලා පිරිමැද ගෙණවුත් තුබූ තැන තැබිය යුතු ය. වැතිර හිඳිනා පුවරුව වියලා පිරිමැද ගෙණවුත් තුබූ තැන තැබිය යුතු ය.