Mahāvagga

Great Division

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 201-300 න් 2799

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT6. තෙන ඛො පන සමයෙන තෙ ජටිලා අග්ගිං පරිචරිතුකාමා න සක්කොන්ති කට්ඨානි ඵාලෙතුං. අථ ඛො තෙසං ජටිලානං එතදහොසි: “නිස්සංසයං ඛො මහාසමණස්ස ඉද්ධානුභාවො, යථා මයං න සක්කොම කට්ඨානි ඵාලෙතු”න්ති. අථ ඛො භගවා උරුවෙලකස්සපං ජටිලං එතදවොච: “ඵාලීයන්තු කස්සප, කට්ඨානී”ති. “ඵාලියන්තු, මහාසමණා”ති. සකිදෙව පඤ්ච කට්ඨසතානි ඵාලීයිංසු. අථ ඛො උරුවෙලකස්සපස්ස ජටිලස්ස එතදහොසි:– “මහිද්ධිකො ඛො මහාසමණො මහානුභාවො, යත්ර හි නාම කට්ඨානිපි ඵාලීයිස්සන්ති.{1} නත්වෙව ච ඛො අරහා යථා අහ”න්ති.
Sinhala BJT6. එකල්හි ඒ ජටිලයෝ ගිනි පුදනු කැමැත්තාහු දර පළන්ට අපොහොසත් වෙත්. එහෙයින් ඒ ජටිලයන්ට “යම් සේ අපි දර පළන්ට අපොහොසත් වෙමු ද, එය ඒකාන්තයෙන් මහාශ්‍රමණයාගේ ඍද්ධ්‍යනුභාවයක් වේ” යි සිතක් වූයේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යපජටිලයාහට “කාශ්‍යපය, දර පැළේවා දැ?” යි වදාළසේක. ජටිලතෙමේ ද “මහාශ්‍රමණය, දර පැළේවා” යි කී ය. එකවර ම දරකඩ පන්සියයක් පැළී ගියේ ය. ඉක්බිති උරුවේලකාශ්‍යපජටිලයාහට “යමකුගේ අනුභාවයෙන් දර නො පැළෙන්නේ ද, ඒ මහාශ්‍රමණතෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නො වේ මැ” යි සිතක් වූයේ ය.
Pali BJT7. තෙන ඛො පන සමයෙන තෙ ජටිලා අග්ගිං පරිචරිතුකාමා න සක්කොන්ති අග්ගිං ජාලෙතුං. අථ ඛො තෙසං ජටිලානං එතදහොසි: “නිස්සංසයං ඛො මහාසමණස්ස ඉද්ධානුභාවො, යථා මයං න සක්කොම අග්ගිං ජාලෙතු”න්ති. අථ ඛො භගවා උරුවෙලකස්සපං ජටිලං එතදවොච: “උජ්ජාලීයන්තු කස්සප, අග්ගී?”ති. “උජ්ජාලීයන්තු මහාසමණා”ති. සකිදෙව පඤ්ච අග්ගිසතානි උජ්ජලියිංසු. අථ ඛො උරුවෙලකස්සපස්ස ජටිලස්ස එතදහොසි: “මහිද්ධිකො ඛො මහාසමණො මහානුභාවො, යත්ර හි නාම අග්ගීපි උජ්ජලීයිස්සන්ති.{2} නත්වෙව ච ඛො අරහා යථා අහ”න්ති.
Sinhala BJT7. එකල්හි ඒ ජටිලයෝ ගිනි පුදනු කැමැත්තාහු ගිනි දල්වන්නට නො හැකි වෙති. එහෙයින් ඒ ජටිලයන්ට “යම් සේ අපි ගිනි දල්වන්ට නො හැකි වෙමු ද, එය ඒකාන්තයෙන් මහාශ්‍රමණයාගේ ඍද්ධානුභාවයක් වේ ය”යි සිතෙක් වූයේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යප ජටිලයාහට “කාශ්‍යපය, ගිනි දැල්වේවා දැ?” යි වදාළ සේක. “මහාශ්‍රමණය, ගිනි දැල්වේවා”යි ජටිලතෙමේ කී ය. එකවර ම ගිනි පන්සියයක් ඇවිළ ගත්තේ ය. ඉක්බිති උරුවේලකාශ්‍යපජටිලයාහට “යමකුගේ අනුභාවයෙන් ගිනි නො දැල්වෙන්නේ ද, ඒ මහාශ්‍රමණතෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නො වේ මැ” යි සිතක් වූයේ ය.
Pali BJT8. තෙන ඛො පන සමයෙන තෙ ජටිලා අග්ගිං පරිචරිත්වා න සක්කොන්ති අග්ගිං විජ්ඣාපෙතුං. අථ ඛො තෙසං ජටිලානං එතදහොසි: “නිස්සංසයං ඛො මහාසමණස්ස ඉද්ධානුභාවො, යථා මයං න සක්කොම අග්ගිං විජ්ඣාපෙතු”න්ති. අථ ඛො භගවා උරුවෙලකස්සපං ජටිලං එතදවොච: “විජ්ඣායන්තු කස්සප, අග්ගී?”ති. “විජ්ඣායන්තු මහාසමණා”ති. සකිදෙව පඤ්ච අග්ගිසතානි විජ්ඣායිංසු. අථ ඛො උරුවෙලකස්සපස්ස ජටිලස්ස එතදහොසි: “මහිද්ධිකො ඛො මහාසමණො මහානුභාවො, යත්ර හි නාම අග්ගීපි විජ්ඣායිස්සන්ති.{3} නත්වෙව ච ඛො අරහා යථා අහ”න්ති.
Sinhala BJT8. එකල්හි ඒ ජටිලයෝ ගිනි පුදා ගිනි නිවන්නට නො හැකි වෙති. එහෙයින් ඒ ජටිලයන්ට “යම්හෙයකින් අපි ගිනි නිවන්නට නො හැකි වෙමු ද, එය නිසැකයෙන් ම මහාශ්‍රමණයාගේ ඍද්ධ්‍යනුභාවයක් වේ” යි සිතක් වූයේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යපජටිලයාහට “කාශ්‍යපය, ගිනි නිවේවා දැ?”යි වදාළසේක. “මහාශ්‍රමණය, ගිනි නිවේවා” යි ජටිලතෙමේ කී ය. එකවර ම ගිනි පන්සියය නිවී ගියේ ය. ඉක්බිති උරුවේලකාශ්‍යපජටිලයාහට “යමකුගේ අනුභාවයෙන් ගිනි නො නිවෙන්නේ ද, ඒ මහාශ්‍රමණතෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම වේ. එහෙත් මා මෙන් රහත් නොවේ ම ය”යි සිතක් වූයේ ය.
Pali BJT9. තෙන ඛො පන සමයෙන තෙ ජටිලා සීතාසු හෙමන්තිකාසු රත්තීසු අන්තරට්ඨකාසු හිමපාතසමයෙ නජ්ජා නෙරඤ්ජරාය උම්මුජ්ජන්තිපි’ නිමුජ්ජන්තිපි’ උම්මුජ්ජනිමුජ්ජනම්පි කරොන්ති. අථ ඛො භගවා පඤ්චමත්තානි මන්දාමුඛිසතානි අභිනිම්මිනි යත්ථ තෙ ජටිලා උත්තරිත්වා විසීවෙසුං.{4} අථ ඛො තෙසං ජටිලානං එතදහොසි: “නිස්සංසයං ඛො මහාසමණස්ස ඉද්ධානුභාවො, යථායිමා මන්දාමුඛියො නිම්මිතා”ති. අථ ඛො උරුවෙලකස්සපස්ස ජටිලස්ස එතදහොසි: “මහිද්ධිකො ඛො මහාසමණො මහානුභාවො, යත්ර හි නාම තාව බහූ මන්දාමුඛියොපි අභිනිම්මිනිස්සති, නත්වෙව ච ඛො අරහා යථා අහ”න්ති.
Sinhala BJT9. එකල්හි ඒ ජටිලයෝ සීත වූ හේමන්තඍතුව පිළිබඳ වූ නවම් මැදින් දෙ මස අතර අටදිනය වූ රාත්‍රීන්හි හිම වැටෙන කාලයෙහි නේරඤ්ජරානදියෙහි ගැලෙන්නාහු ද වෙති. කිඳෙන්නාහු ද වෙති. ගැලීම හා කිඳීම ද කෙරෙත්. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ ජටිලයෝ ගොඩ නැගී යම් තැනක ගිනි තැප්පාහු ද, එහි පන්සියයක් පමණ ගිනිකබල් මැවූ සේක. එකල්හි ඒ ජටිලයන්ට යම්හෙයකින් මේ ගිනි කබල් මැවුනේ නම් එය නිසැක ව ම මහාශ්‍රමණයාගේ ඍද්ධ්‍යනුභාවයක් වේ” යි සිතක් වූයේ ය. ඉක්බිති උරුවේලකාශ්‍යපජටිලයාහට “යමෙකුගේ අනුභාවයෙන් එපමණ බොහෝ ගිනි කබල් මැවුනේ ද, ඒ මහාශ්‍රමණ තෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නො වේ මැ” යි සිතක් වූයේ ය.
Pali BJT10. තෙන ඛො පන සමයෙන මහා අකාලමෙඝො පාවස්සි.{1} මහා උදකවාහකො සඤ්ජායි. යස්මිං පදෙසෙ භගවා විහරති, සො පදෙසො උදකෙන ඔත්ථටො හොති.{2} අථ ඛො භගවතො එතදහොසි “යන්නූනාහං සමන්තා උදකං උස්සාදෙත්වා{3} මජ්ඣෙ රෙණුගතාය{4} භූමියා චඞ්කමෙය්ය”න්ති. අථ ඛො භගවා සමන්තා උදකං උස්සාදෙත්වා මජ්ඣෙ රෙණුගතාය භූමියා චඞ්කමි. අථ ඛො උරුවෙලකස්සපො ජටිලො “මාහෙව ඛො මහාසමණො උදකෙන වූළ්හො අහොසී”ති නාවාය සම්බහුලෙහි ජටිලෙහි සද්ධිං, යස්මිං පදෙසෙ භගවා විහරති, තං පදෙසං අගමාසි. අද්දසා ඛො උරුවෙලකස්සපො ජටිලො භගවන්තං සමන්තා උදකං උස්සාදෙත්වා මජ්ඣෙ රෙණුගතාය භූමියා චඞ්කමන්තං. දිස්වාන භගවන්තං එතදවොච: “ඉදන්නු ත්වං මහාසමණා”ති, “අයමහමස්මි{5} කස්සපා”ති. භගවා වෙහාසං අබ්භුග්ගන්ත්වා නාවාය පච්චුට්ඨාසි. අථ ඛො උරුවෙලකස්සපස්ස ජටිලස්ස එතදහොසි: “මහිද්ධිකො ඛො මහාසමණො මහානුභාවො, යත්ර හි නාම උදකම්පි නප්පසහිස්සති.{6} නත්වෙව ච ඛො අරහා යථා අහ”න්ති.
Sinhala BJT10. එකල්හි මහත් නොකල්වැස්සක් වැස්සේ ය. එයින් මහත් ජලගැල්මක් හට ගත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ විසූ පෙදෙස දියෙන් යට වී ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට “මම හාත්පස දිය ඉවත් කොට මැද රජසින් ගැවසී ගත් බිම සක්මන් කරන්නෙම් නම් යෙහෙකැ” යි සිතක් හටගත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ හාත්පස දිය ඉවත් කොට මැද රජසින් ගැවසී ගත් බිම සක්මන් කළසේක. එකල්හි උරුවේලකාශ්‍යපජටිල තෙමේ “මහාශ්‍රමණතෙමේ දියෙන් ගසා ගෙණ යන ලද්දේ නො වේවා” යි නැවකින් බොහෝ ජටිලයන් සමග භාග්‍යවතුන් වහන්සේ හුන් පෙදෙසට ගියේ ය. උරුවෙලකාශ්‍යපජටිලතෙමේ හාත්පස දිය ඉවත් කොට මැද රජසින් ගැවසී ගත් බිම සක්මන් කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුටුයේ ය. දැක “මහාශ්‍රමණය, මෙහි නුඹවහන්සේ සිටින සේක් ද?”යි ඇසී ය. “කාශ්‍යපය, මේ මම මෙහි වෙමි” යි උන්වහන්සේ අහසට නැඟී නැවෙහි වැඩ සිටිසේක. එකල්හි උරුවේලකාශ්‍යපජටිලයාහට “යමකු සිටි තැනක් ජලය පවා නො මැඩලන්නේ ද, ඒ මහාශ්‍රමණ තෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම වේ. මහත් අනුභාව ඇත්තේ ම වේ. එහෙත් මා මෙන් රහත් නො වේ මැ” යි සිතක් වූයේ ය.
Pali BJT11. අථ ඛො භගවතො එතදහොසි: “චිරම්පි ඛො ඉමස්ස මොඝපුරිසස්ස එවං භවිස්සති: ‘මහිද්ධිකො ඛො මහාසමණො මහානුභාවො, නත්වෙව ච ඛො අරහා යථා අහ’න්ති; යන්නූනාහං ඉමං ජටිලං සංවෙජෙය්ය”න්ති. අථ ඛො භගවා උරුවෙලකස්සපං ජටිලං එතදවොච: “නෙව ච ඛො ත්වං{7} කස්සප, අරහා. නාපි අරහත්තමග්ගං සමාපන්නො.{8} සාපි තෙ පටිපදා නත්ථි, යාය ත්වං අරහා වා අස්සසි{9} අරහත්තමග්ගං වා සමාපන්නො”ති.
Sinhala BJT11. එකල්හි භාග්‍යවතුන් වහන්සේට “බොහෝ කලක් ම මේ හිස් පුරුෂයාහට ‘මහාශ්‍රමණතෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම ය. (එසේ නමුත්) මා මෙන් රහත් නො වේ මැ’ යි මෙසේ අදහස් වන්නේ ය. මම මේ ජටිලයා සංවේගයට පමුණුවන්නෙම් නම් යෙහෙකැ” යි සිතක් වූයේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යපජටිලයාහට “කාශ්‍යපය, තෝ රහත් නො වෙහි ම ය. රහත්මගට නො පැමිණියෙහි ම ය. තෝ, යම් ප්‍රතිපදාවකින් රහත් හෝ වන්නෙහි ද, රහත්මගට හෝ පැමිණෙහි ද, ඔබට ඒ ප්‍රතිපදාවත් නැතැ” යි වදාළසේක.
Pali BJT12. අථ ඛො උරුවෙලකස්සපො ජටිලො භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවන්තං එතදවොච: “ලභෙය්යාහං භන්තෙ, භගවතො සන්තිකෙ පබ්බජ්ජං ලභෙය්යං උපසම්පද”න්ති. “ත්වං ඛො’සි කස්සප, පඤ්චන්නං ජටිලසතානං නායකො විනායකො අග්ගො පමුඛො පාමොක්ඛො. තෙපි තාව අපලොකෙහි, යථා තෙ මඤ්ඤිස්සන්ති තථා කරිස්සන්තී”ති.
Sinhala BJT12. එකල්හි උරුවේලකාශ්‍යපජටිල තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පාමුල්හි හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදිබව ලබන්නෙමි. උපසම්පදාව ලබන්නෙමි” යි කීයේ ය. “කාශ්‍යපය, තෝ පන්සියයක් ජටිලයන්ට නායක වෙහි. තම ලබ්ධිය ගන්වන්නෙහි. අග්‍ර වෙහි. ප්‍රමුඛ වෙහි. ආචාර්‍ය්‍ය වෙහි. එහෙයින් පළමු කොට ඒ අතැවැසිජටිලයන් ද බලව. (එවිට) ඔහු යම් සේ සිතන්නාහු ද එසේ කරන්නාහු ය” යි, වදාළ සේක.
Pali BJT13. අථ ඛො උරුවෙලකස්සපො ජටිලො යෙන තෙ ජටිලා තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වා තෙ ජටිලෙ එතදවොච: “ඉච්ඡාමහං භො මහාසමණෙ බ්රහ්මචරියං චරිතුං. යථා භවන්තො මඤ්ඤන්ති, තථා කරොන්තූ”ති. “චිරපටිකා මයං භො, මහාසමණෙ අභිප්පසන්නා, සචෙ භවං මහාසමණෙ බ්රහ්මචරියං චරිස්සති, සබ්බෙව මයං මහාසමණෙ බ්රහ්මචරියං චරිස්සාමා”ති.
Sinhala BJT13. ඉක්බිති උරුවේලකාශ්‍යප ජටිලතෙමේ ඒ ජටිලයන් හුන් තැනට ගියේ ය. ගොස් ඒ ජටිලයන්ට “භවත්නි, මම මහාශ්‍රමණයා වෙත බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙන්ට කැමැත්තෙමි. භවත්හු යම් සේ සිතත් ද, එසේ කෙරෙත්වා” යි කී ය. “පින්වත් ගුරුතුමනි, අපි බොහෝ කල් පටන් මහාශ්‍රමණයා කෙරෙහි වෙසෙසින් පැහැදුනෝ වෙමු. ඉදින් පින්වතුන් වහන්සේ මහාශ්‍රමණයා වෙත බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙණසේක් නම්, අපි සියල්ලෝ ම මහාශ්‍රමණයා වෙත බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙන්නෙමු” යි කීහ.
Pali BJT14. අථ ඛො තෙ ජටිලා කෙසමිස්සං ජටාමිස්සං ඛාරිකාජමිස්සං අග්ගිහුත්තමිස්සං උදකෙ පවාහෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවන්තං එතදවොචුං: “ලභෙය්යාම මයං භන්තෙ, භගවතො සන්තිකෙ පබ්බජ්ජං ලභෙය්යාම උපසම්පද”න්ති. “එථ භික්ඛවො”ති භගවා අවොච “ස්වාක්ඛාතො ධම්මො. චරථ බ්රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්තකිරියායා”ති. සාව තෙසං ආයස්මන්තානං උපසම්පදා අහොසි.
Sinhala BJT14. ඉක්බිති ඒ ජටිලයෝ හිසකේ ද ජටාමඬුලු ද තවුස්පිරිකර හා පිරිකරකද ද ගිනි පුදන උපකරණ ද ජලයෙහි පා කොට යවා භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේගේ පාමුල්හි හිසින් වැටී “ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදිබව ලබන්නෙමු. උපසම්පදාව ලබන්නෙමු” යි කීහ. “මහණෙනි, එවු. ධර්‍මය මනා කොට දේශනා කරණ ලද්දේ ය. මනා කොට දුක් කෙළවර කරණු පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙවු” යි වදාළ සේක. ඒ ම ඒ ආයුෂ්මත්වරුන්ට උපසම්පදාව වී ය.
Pali BJT15. අද්දසා ඛො නදීකස්සපො ජටිලො කෙසමිස්සං ජටාමිස්සං ඛාරිකාජමිස්සං අග්ගිහුත්තමිස්සං උදකෙ වුය්හමානෙ. දිස්වානස්ස එතදහොසි: “මා හෙව මෙ භාතුනො උපසග්ගො{1} අහොසී”ති. ජටිලෙ පාහෙසි “ගච්ඡථ මෙ භාතරං ජානාථා”ති. සාමඤ්ච තීහි ජටිලසතෙහි{2} යෙනායස්මා උරුවෙලකස්සපො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං උරුවෙලකස්සපං එතදවොච: “ඉදන්නු ඛො, කස්සප, සෙය්ය”?න්ති. “ආමාවුසො, ඉදං සෙය්ය”න්ති. අථ ඛො තෙ ජටිලා කෙසමිස්සං ජටාමිස්සං ඛාරිකාජමිස්සං අග්ගිහුත්තමිස්සං උදකෙ පවාහෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවන්තං එතදවොචුං: “ලභෙය්යාම මයං භන්තෙ, භගවතො සන්තිකෙ පබ්බජ්ජං ලභෙය්යාම උපසම්පද”න්ති. “එථ භික්ඛවො”ති භගවා අවොච “ස්වාක්ඛාතො ධම්මො චරථ බ්රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්තකිරියායා”ති. සාව තෙසං ආයස්මන්තානං උපසම්පදා අහොසි.
Sinhala BJT15. නදීකාශ්‍යප ජටිලතෙමේ ජලයෙහි පා වී යන හිසකේ ද ජටාමඬුලු ද තවුස්පිරිකරකත් ද ගිනි පුදන උපකරණ ද දුටුයේ ය. දැක ඔහුට “මාගේ සොහොයුරාහට උවදුරක් නො වේවා” යි සිතක් වූයේ ය. “යවු. මාගේ සොහොයුරා ගැණ දැන ගණිවු” යි ජටිලයන් පිටත් කොට හැරියෝ ය. තෙමේ ද තුන්සියයක් ජටිලයන් සමඟ ආයුෂ්මත් උරුවේලකාශ්‍යපයන් වෙතට ගියේ ය. ගොස් ආයුෂ්මත් උරුවෙලකාශ්‍යපයාහට “කාශ්‍යපය, මේ පැවිදිබව (පළමු තවුස්බවට වඩා) උතුම් ද?” යි ඇසී ය. “ඇවැත්නි, එසේ ය. මේ පැවිදිබව උතුම් ය” යි හේ කී ය. ඉක්බිති ඒ ජටිලයෝ හිසකේ ද ජටාමඬුලු ද තවුස්පිරිකර කත් ද ගිනි පුදන උපකරණ ද දියෙහි පා කොට යවා භාග්‍යවතුන් වහන්සේ හුන් තැනට ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේගේ පාමුල්හි හිසින් වැටී “ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදිබව ලබන්නෙමු. උපසම්පදාව ලබන්නෙමු” යි කීහ. “මහණෙනි, එවු. ධර්‍මය මනා කොට දෙසන ලද්දේ ය. මුළුමනින් දුක් කෙළවර කරණු පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙවු” යි වදාළ සේක. ඒ ම ඒ ආයුෂ්මත් වරුන්ට උපසම්පදාව වී ය.
Pali BJT16. අද්දසා ඛො ගයාකස්සපො ජටිලො කෙසමිස්සං ජටාමිස්සං ඛාරිකාජමිස්සං අග්ගිහුත්තමිස්සං උදකෙ වුය්හමානෙ. දිස්වානස්ස එතදහොසි: “මාහෙව මෙ භාතූනං උපස්සග්ගො අහොසී”ති. ජටිලෙ පාහෙසි “ගච්ඡථ මෙ භාතරො ජානාථා”ති. සාමඤ්ච ද්වීහි ජටිලසතෙහි සද්ධිං යෙනායස්මා උරුවෙලකස්සපො, තෙනුපසංකමි උපසඞ්කමිත්වා ආයස්මන්තං උරුවෙලකස්සපං එතදවොච: “ඉදන්නු ඛො කස්සප, සෙය්ය?”න්ති. “ආමාවුසො, ඉදං සෙය්ය”න්ති.
Sinhala BJT16. ගයාකාශ්‍යපජටිලතෙමේ දියෙහි පා වී යන හිසකේ ද ජටාමඬුලු ද තවුස්පිරිකරකත් ද ගිනි පුදන උපකරණ ද දුටුයේ ය. දැක “මාගේ සොහොයුරන්ට උවදුරක් නො වේවා” යි සිතක් වූයේ ය. “යවු. මාගේ සොහොයුරන් ගැණ දැන ගණිවු” යි ජටිලයන් පිටත් කොට හැරියේ ය. තෙමේ ද දෙසියයක් ජටිලයන් සමග ආයුෂ්මත් උරුවේලකාශ්‍යපයන් හුන් තැනට ගියේ ය. ගොස් ආයුෂ්මත් උරුවෙලකාශ්‍යපයාහට “කාශ්‍යපය, මේ පැවිදිබව උතුම් දැ?” යි ඇසී ය. “ඇවැත්නි, එසේ ය. මේ පැවිදිබව උතුම් ය” යි හෙතෙමේ කී ය.
Pali BJT17. අථ ඛො තෙ ජටිලා කෙසමිස්සං ජටාමිස්සං ඛාරිකාජමිස්සං අග්ගිහුත්තමිස්සං උදකෙ පවාහෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවන්තං එතදවොචුං: “ලභෙය්යාම මයං භන්තෙ, භගවතො සන්තිකෙ පබ්බජ්ජං. ලභෙය්යාම උපසම්පද”න්ති. “එථ භික්ඛවො”ති භගවා අවොච “ස්වාක්ඛාතො ධම්මො. චරථ බ්රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්තකිරියායා”ති. සාව තෙසං ආයස්මන්තානං උපසම්පදා අහොසි.
Sinhala BJT17. ඉක්බිති ඒ ජටිලයෝ හිසකේ ද ජටාමඬුලු ද තවුස්පිරිකර කත් ද ගිනි පුදන උපකරණ ද දියෙහි පා කොට යවා භාග්‍යවතුන් වහන්සේ හුන් තැනට ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේගේ පාමුල්හි හිසින් වැටී “ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදිබව ලබන්නෙමු. උපසම්පදාව ලබන්නෙමු” යි කීහ. “මහණෙනි, එවු. ධර්‍මය මනා කොට දේශනා කරණ ලද්දේ ය. මුළුමනින් දුක් කෙළවර කරණු පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙවු” යි වදාළ සේක. ඒ ම ඒ ආයුෂ්මත්වරුන්ට උපසම්පදාව වි ය.
Pali BJTභගවතො අධිට්ඨානෙන පඤ්ච කට්ඨසතානි න ඵාලීයිංසු, ඵාලීයිංසු අග්ගී න උජ්ජලිංසු උජ්ජලිංසු න විජ්ඣායිංසු. විජ්ඣායිංසු පඤ්චමන්දාමුඛීසතානි අභිනිම්මිනි, එතෙන නයෙන අඩ්ඪුඩ්ඪපාටිහාරියසහස්සානි හොන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේගේ ඉටීමෙන් පන්සියයක් දරකඩ නො පැළින. (එසේ ම ඉටීමෙන්) පැළින. ගිනි නො දැල්වුනේ ය. ගිනි දැල්වුනේ ය. නො නිවුනේ ය. නිවුනේ ය. ගිනි කබල් පන්සියයක් මැවූ සේක. මේ පිළිවෙළින් පෙළහර තුන්දහස් පන්සියයක් වෙයි.
Pali BJT18. අථ ඛො භගවා උරුවෙලායං යථාභිරත්තං විහරිත්වා යෙන ගයාසීසං තෙන පක්කාමි මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං භික්ඛුසහස්සෙන සබ්බෙහෙව පුරාණජටිලෙහි. තත්ර සුදං භගවා ගයායං විහරති ගයාසීසෙ සද්ධිං භික්ඛුසහස්සෙන. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJT18. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උරුවෙල්දනව්වෙහි කැමැති තාක් වාසය කොට සියල්ලන් පුරාණජටිලයන් වූ දහසක් පමණ වූ මහත් භික්‍ෂුසඞ්ඝයා සමග ගයාශීර්‍ෂයට වැඩිසේක. එහි භාග්‍යවතුන් වහන්සේ ගයාව සමීපයෙහි වූ ගයාසීසයෙහි භික්‍ෂූන් දහස සමග වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක:
Pali BJT“සබ්බං භික්ඛවෙ, ආදිත්තං. කිඤ්ච භික්ඛවෙ, සබ්බං ආදිත්තං? චක්ඛුං{1} ආදිත්තං. රූපා ආදිත්තා. චක්ඛුවිඤ්ඤාණං ආදිත්තං. චක්ඛුසම්ඵස්සො ආදිත්තො. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උපජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි ආදිත්තං. කෙන ආදිත්තං? රාගග්ගිනා දොසග්ගිනා මොහග්ගිනා ආදිත්තං. ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි ආදිත්ත”න්ති වදාමි.
Sinhala BJT“මහණෙනි, සියල්ල ඇවිළ ගත්තේ ය. මහණෙනි, ඇවිළ ගත් සියල්ල කිම? මහණෙනි, ඇස ඇවිළ ගත්තේ ය. රූපයෝ ඇවිල ගත්හ. චක්ඛුවිඤ්ඤාණය ඇවිළ ගත්තේ ය. චක්ඛුසම්ඵස්සය ඇවිළ ගත්තේ ය. චක්ඛුසම්ඵස්සය හේතුවෙන් යම් සුව දුක් උපේක්‍ෂා වේදනාවක් උපදී ද, එ ද ඇවිළ ගත්තේ ය. කුමකින් ඇවිළ ගත්තේ ද? රාගගින්නෙන් දෝස ගින්නෙන් මෝහගින්නෙන් ඇවිළ ගත්තේ ය. ජාතියෙන් ජරායෙන් මරණයෙන් සෝකයන්ගෙන් විලාපයන්ගෙන් දුක්වලින් දොම්නස්වලින් සිත් තැවුල්වලින් ඇවිළ ගත්තේ ය” යි කියමි.
Pali BJT“සොතං ආදිත්තං. සද්දා ආදිත්තා. -පෙ- ඝානං ආදිත්තං. ගන්ධා ආදිත්තා - ජිව්හා ආදිත්තා. රසා ආදිත්තා. - කායො ආදිත්තො. ඵොට්ඨබ්බා ආදිත්තා - මනො ආදිත්තො. ධම්මා ආදිත්තා. මනොවිඤ්ඤාණං ආදිත්තං. මනොසම්ඵස්සො ආදිත්තො. යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි ආදිත්තං. කෙන ආදිත්තං? රාගග්ගිනා දොසග්ගිනා මොහග්ගිනා ආදිත්තං. ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි ආදිත්ත”න්ති වදාමි. එවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති. රූපෙසුපි නිබ්බින්දති. චක්ඛුවිඤ්ඤාණෙපි නිබ්බින්දති. චක්ඛුසම්ඵස්සෙපි නිබ්බින්දති. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තස්මිම්පි නිබ්බින්දති.
Sinhala BJT“කණ ඇවිළ ගත්තේ ය. ශබ්දයෝ ඇවිළ ගත්තෝ ය. – නැහැය ඇවිළ ගත්තේ ය. ගන්‍ධයෝ ඇවිළ ගත්තෝ ය. – දිව ඇවිළ ගත්තේ ය. රසයෝ ඇවිල ගත්තෝ ය. – කය ඇවිළ ගත්තේ ය. ඵොට්ඨබ්බයෝ ඇවිල ගත්තෝ ය. – මනස ඇවිළ ගත්තේ ය. ධම්මාරම්මණයෝ ඇවිළ ගත්තෝ ය. මනෝවිඤ්ඤාණය ඇවිළ ගත්තේ ය. මනෝසම්ඵස්සය ඇවිළ ගත්තේ ය. මනෝසම්ඵස්සහේතුවෙන් යම් දුක්වූ ද සැපවු ද උපේක්‍ෂා වූ ද වේදනාවක් උපදී ද, එ ද ඇවිළ ගත්තේ ය. කුමකින් ඇවිළ ගත්තේ ද? රාගගින්නෙන් දෝසගින්නෙන් මෝහගින්නෙන් ඇවිළ ගත්තේ ය. ජාතියෙන් ජරායෙන් මරණයෙන් සෝකයන්ගෙන් විලාපයන් ගෙන් දුක්වලින් දොම්නස්වලින් සිත්තැවුල්වලින් ඇවිළ ගත්තේ ය’ යි කියමි. මහණෙනි, මෙසේ නුවණින් දක්නා බහුශ්‍රුත වූ ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ ඇසෙහි ද කළකිරේ. රූපයන්හි ද කළකිරේ. චක්ඛුවිඤ්ඤාණයෙහි ද කළකිරේ. චක්ඛුසම්ඵස්සයෙහි ද කළකිරේ. චක්ඛුසම්ඵස්සහේතුවෙන් යම් දුක් සැප උපේක්‍ෂා වේදනාවක් වේ ද, එහි ද කළකිරේ.
Pali BJT“සොතස්මිම්පි නිබ්බින්දති. සද්දෙසුපි නිබ්බින්දති. - ඝානස්මිම්පි නිබ්බින්දති. ගන්ධෙසුපි නිබ්බින්දති. - ජිව්හායපි නිබ්බින්දති. රසෙසුපි නිබ්බින්දති. - කායස්මිම්පි නිබ්බින්දති. ඵොට්ඨබ්බෙසුපි නිබ්බින්දති. - මනස්මිම්පි නිබ්බින්දති. ධම්මෙසුපි නිබ්බින්දති. - මනොවිඤ්ඤාණෙපි නිබ්බින්දති. මනොසම්ඵස්සෙපි නිබ්බින්දති. යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තස්මිම්පි නිබ්බින්දති, නිබ්බින්දං විරජ්ජති. විරාගා විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති. වුසිතං බ්රහ්මචරියං. කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාතී”ති.
Sinhala BJT“කණෙහි ද කළකිරේ. ශබ්දයන්හි ද කළකිරේ. – නැහැයෙහි ද කළකිරේ. ගන්‍ධයන්හි ද කළකිරේ. – දිවෙහි ද කළකිරේ රසයන්හි ද කළ කිරේ. – කයෙහි ද කළකිරේ. ඵොට්ඨබ්බයන්හි ද කළකිරේ. – මනසෙහි ද කළකිරේ. ධම්මාරම්මණයන්හි ද කළකිරේ. මනෝවිඤ්ඤාණයෙහි ද කළකිරේ. මනෝසම්ඵස්සයෙහි ද කළ කිරේ. මනෝසම්ඵස්සහේතුවෙන් යම් දුක් සැප උපේක්‍ෂා වේදනාවක් උපදී ද, එහි ද කළකිරේ. කළකිරෙන්නේ නො ඇලේ නො ඇලීමෙන් මිදේ. මිදුනු කල්හි මිදුනේ ය යි දක්නා නුවණ වේ. ‘ජාතිය ක්‍ෂය වි ය. මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍ය වැස නිමවන ලද්දේ ය. සිවුමගින් කළ යුතු දෙය කරණ ලද්දේ ය. මේ රහත් බව පිණිස වෙන කළ යුත්තෙක් නැත්තේ ය යි දනියි.”
Pali BJT19. අස්මිඤ්ච පන වෙය්යාකරණස්මිං භඤ්ඤමානෙ තස්ස භික්ඛුසහස්සස්ස අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසු.
Sinhala BJT19. මේ නිර්‍ගාථකසූත්‍රය දෙසනු ලැබූ කල්හි ඒ භික්‍ෂූන් දහසගේ සිත් තෘෂ්ණාදෘෂ්ටිවශයෙන් ගැණීම් රහිත ව ආශ්‍රවයන්ගෙන් මිදී ගියහ.
Pali BJTආදිත්තපරියායං නිට්ඨිතං.
Sinhala BJTආදිත්තපරියාය නිමි.
Pali BJTඋරුවෙලපාටිහාරියං.
Sinhala BJTඋරුවෙල්පෙළහරයි.
Pali BJTතතියභාණවාරං නිට්ඨිතං
Sinhala BJTතෙවන බණවර නිමි.
Pali BJT1. අථ ඛො භගවා ගයාසීසෙ යථාභිරන්තං විහරිත්වා යෙන රාජගහං, තෙන චාරිකං පක්කාමි,මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං භික්ඛුසහස්සෙන සබ්බෙහෙව පුරාණජටිලෙහි. අථ ඛො භගවා අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන රාජගහං, තදවසරි. තත්ර සුදං භගවා රාජගහෙ විහරති ලට්ඨිවනෙ{1} සුප්පතිට්ඨෙ චෙතියෙ. අස්සොසි ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො “සමණො ඛලු භො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො රාජගහං අනුප්පත්තො රාජගහෙ විහරති ලට්ඨිවනෙ සුප්පතිට්ඨෙ චෙතියෙ. තං ඛො පන භගවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා.{2} සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතී”ති.
Sinhala BJT1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ගයාසීසයෙහි කැමැති තාක් වැඩ වාසය කොට සියල්ලන් ම පුරාණජටිලයන් වූ භික්‍ෂූන් දහසක් පමණ වූ මහත් භික්‍ෂුසඞ්ඝයා සමග රජගහනුවර බලා වැඩි සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකා කරණසේක් රජගහනුවරට වැඩ එහි රජගහනුවර සමීපයෙහි වැල්මීලිය වැලඳගත් තල්උයනෙහි සුප්පතිට්ඨචේතිය නම් නුගරුක්මුල්හි වැඩ වසනසේක. මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජ තෙමේ “ශාක්‍යපුත්‍ර වූ ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූ භවත් ශ්‍රමණගෞතමයන් වහන්සේ රජගහනුවරට පැමිණ තල්උයනෙහි සුප්පතිට්ඨචේතිය නම් වූ නුගරුක්මුල්හි වාසය කරණසේක. ගෞතමගෝත්‍රයෙහි උපන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ කලණ වූ කීර්තිඝොෂාච උස් ව නැංගේ ය. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන් අර්‍හත් වනසේක. මේ කාරණයෙන් සම්‍යක්සම්බුද්ධ වන සේක. මේ කාරණයෙන් අෂ්ටවිද්‍යායෙන් හා පසළොස්චරණධර්‍මයෙන් යුක්ත වන සේක. මේ කාරණයෙන් යහපත් ගමන් ඇති සේක. මේ කාරණයෙන් තුන්ලොව දත් සේක. මේ කාරණයෙන් නිරුත්තර වූ පුරුෂයන් දමනය කිරීමෙහි සාරථී වන සේක. මේ කාරණයෙන් දෙවිමිනිසුන්ට ශාස්තෘ වන සේක. මේ කාරණයෙන් බුද්ධ වන සේක. මේ කාරණයෙන් භාග්‍යවත් වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝකය ද මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව ද තම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ සේක. මුල මැද අග යහපත් වූ අරුත් සහිත වූ බ්‍යඤ්ජන සහිත වූ හාත්පසින් සම්පූර්‍ණ වූ ධර්‍මය දේශනා කරණ සේක. පිරිසිදු වූ ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය වදාරණ සේක. එබඳු වූ රහතුන්ගේ දැකීම යහපත් වේ ය” යි ඇසුයේ ය.
Pali BJT2. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො ද්වාදසනහුතෙහි මාගධිකෙහි බ්රාහ්මණගහපතිකෙහි පරිවුතො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. තෙපි ඛො ද්වාදසනහුතා මාගධිකා බ්රාහ්මණගහපතිකා අප්පෙකච්චෙ භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු, අප්පෙකච්චෙ භගවතා සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ භගවතො සන්තිකෙ නාමගොත්තං සාවෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ තුණ්හීභූතා එකමන්තං නිසීදිංසු.
Sinhala BJT2. ඉක්බිති මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාරරජ තෙමේ මගධදෙසවාසී වූ දොළොස් නහුතයක් බ්‍රාහ්මණගෘහපතියන් විසින් පිරිවරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ හුන් තැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක හුන්නේ ය. ඒ මගධදෙසවාසී වූ දොළොස් නහුතයක් බ්‍රාහ්මණගෘහපතියෝ ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු විය යුතු සිත් ඇලවිය යුතු කතා කොට නිමවා පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හුන් දිසාවට ඇඳිලි බැඳ පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි නම්ගොත් අස්වා පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් නිශ්ශබ්ද ව පසෙක හුන් හ.
Pali BJT3. අථ ඛො තෙසං ද්වාදසනහුතානං මාගධිකානං බ්රාහ්මණගහපතිකානං එතදහොසි: “කින්නු ඛො මහාසමණො උරුවෙලකස්සපෙ බ්රහ්මචරියං චරති? උදාහු උරුවෙල කස්සපො මහාසමණෙ බ්රහ්මචරියං චරතී”ති? අථ ඛො භගවා තෙසං ද්වාදසනහුතානං මාගධිකානං බ්රාහ්මණගහපතිකානං චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය ආයස්මන්තං උරුවෙලකස්සපං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJT3. ඉක්බිති ඒ මගධදෙසවාසී වූ දොළොස් නහුතයක් බ්‍රහ්මණගෘහපතියන්ට “කිම, මහාශ්‍රමණතෙමේ උරුවේලකාශ්‍යපයා වෙත බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරේ ද, නොහොත් උරුවේලකාශ්‍යපතෙමේ මහාශ්‍රමණයා වෙත බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරේ ද?” යි සිතක් වූයේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මගධදෙසවාසී වූ දොළොස් නහුතයක් බ්‍රාහ්මණගෘහපතියන්ගේ චිත්තවිතර්‍කය තමන්ගේ සිතින් දැන ආයුෂ්මත් උරුවෙලකාශ්‍යපස්ථවිරයන්හට ගාථාවෙන් (මෙසේ) වදාළ සේක:–
Pali BJT4. “කිමෙව දිස්වා උරුවෙලවාසි පහාසි අග්ගිං කිසකොවදානො, පුච්ඡාමි තං කස්සප එතමත්ථං කථං පහීනං තව අග්ගිහුත්ත’න්ති.
Sinhala BJT4. “තවුසන්ට අවවාද දෙන නොහොත් තමා තවුස් ව සෙස්සන්ට අවවාද දෙන උරුවෙල්වැසි ඔබ කුමක් නම් දැක ගිනි පිදීම දුරු කළා හු ද? කාශ්‍යපය, මේ කරුණ ඔබ අතින් විචාරමි ඔබගේ ගිනි පිදීම කෙසේ ප්‍රහීණ වී ද?”
Pali BJT“රූපෙ ච සද්දෙ ච අථො රසෙ ච කාමිත්ථියො චාභිවදන්ති යඤ්ඤා; එතං මලන්ති උපධීසු ඤත්වා තස්මා න යිට්ඨෙ න හුතෙ අරඤ්ජි”න්ති.
Sinhala BJT“රූප ද ශබ්ද ද රස ද කාන්තාවන් ද ස්පර්‍ශ ද ගන්‍ධ ද යන මේ කාමයෝ යාග කිරීමේ හේතුවෙන් සිදු වෙති යි කියත්. මේ රූපාදිකාමප්‍රභේදය කාමූපධිආදියෙහි කිලුටැයි දැන ගත් හෙයින් මහායාගයෙහි නො ඇලුනෙමි. දවසක් පාසා කටයුතු ගිනි පිදීමෙහි නො ඇලුනෙමි” යි (පිළිවදන් දුන්නේ ය.)
Pali BJT“එත්ථ ච{1} තෙ මනො න රමිත්ථ (කස්සපාති භගවා) රූපෙසු සද්දෙසු අථො රසෙසු, අථ ඛො චරහි දෙවමනුස්සලොකෙ රතො මනො කස්සප බ්රූහි මෙතන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ “කාශ්‍යපය, මේ ලෝකයෙහි රූප කෙරෙහි ද ශබ්ද කෙරෙහි ද රස කෙරෙහි ද තොපගේ සිත නො ඇලුනේ නම්, එකල්හි දිව්‍යමනුෂ්‍ය ලෝකයෙහි කො තැනක දැන් සිත ඇලුනේ ද? යන මෙය කියව” යි (වදාළ සේක.)
Pali BJT“දිස්වා පදං සන්තමනූපධීකං අකිඤ්චනං කාමභවෙ අසත්තං, අනඤ්ඤථාභාවිමනඤ්ඤනෙය්යං තස්මා න යිට්ඨෙ න හුතෙ අරඤ්ජි”න්ති.
Sinhala BJT“කාමභවයෙහි නොඇලුනා වූ ශාන්ත වූ කාමාදිඋපධිරහිත වූ කාමාදිපලිබෝධරහිත වූ ජාතිජරාමරණයන්ගේ අභාවයෙන් වෙනස් වන බවක් නැත්තා වූ තමන් විසින් වැඩූ මඟින් ම පැමිණිය යුතු වූ අනිකකු විසින් නො පැමිණවිය හැකි බැවින් අනඤ්ඤනෙය්‍ය වූ හෙවත් තමන් දියුණු කළ පිළිවෙතින් ම අවබෝධ කළ යුතු වූ නිර්‍වාණපදය දැන ගත් හෙයින් මහායාගයෙහි නො ඇලුනෙමි. දවසක් පාසා කට යුතු ගිනි පිදීමෙහි නො ඇලුනෙමි” යි කී ය.
Pali BJT5. අථ ඛො ආයස්මා උරුවෙලකස්සපො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවන්තං එතදවොච: “සත්ථා මෙ භන්තෙ, භගවා. සාවකො’හමස්මි. සත්ථා මෙ භන්තෙ, භගවා, සාවකො’හමස්මී”ති. අථ ඛො තෙසං ද්වාදසනහුතානං මාගධිකානං බ්රාහ්මණගහපතිකානං එතදහොසි: “උරුවෙලකස්සපො මහාසමණෙ බ්රහ්මචරියං චරතී”ති. අථ ඛො භගවා තෙසං ද්වාදසනහුතානං මාගධිකානං බ්රාහ්මණගහපතිකානං චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය ආනුපුබ්බීකථං කථෙසි. සෙය්යථිදං – දානකථං සීලකථං සග්ගකථං කාමානං ආදීනවං ඔකාරං සඞ්කිලෙසං නෙක්ඛම්මෙ ච ආනිසංසං පකාසෙසි. යදා තෙ භගවා අඤ්ඤාසි කල්ලචිත්තෙ මුදුචිත්තෙ විනීවරණචිත්තෙ උදග්ගචිත්තෙ පසන්නචිත්තෙ, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා, තං පකාසෙසි: දුක්ඛං සමුදයං නිරොධං මග්ගං. සෙය්යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදෙව රජනං පතිගණ්හෙය්ය, එවමෙව එකාදසනහුතානං මාගධිකානං බ්රාහ්මණගහපතිකානං බිම්බිසාරපමුඛානං තස්මිංයෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි: “යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම”න්ති. එකං නහුතං{2} උපාසකත්තං පටිවෙදෙසි.
Sinhala BJT5. එකල්හි ආයුෂ්මත් උරුවේලකාශ්‍යපතෙමේ හුනස්නෙන් නැගිට උතුරුසඟසිවුර එකස් කොට පොරොවා භාග්‍යවතුන් වහන්සේගේ පාමුල්හි හිසින් වැටී “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘ වන සේක. මම ශ්‍රාවකයෙක් වෙමි. භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘ වන සේක. මම ශ්‍රාවකයෙක් වෙමි.” යි කීයේ ය. එකල්හි මගදදනවුවැසි දොළොස් නහුතයක් වූ (එක්ලක්‍ෂවිසිදහසක්) බ්‍රාහ්මණගෘහපතියන්හට “උරුවේල – කාශ්‍යපතෙමේ මහාශ්‍රමණයන් වෙත බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරේ ය” යි සිත් වි ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මගදදනවුවැසි දොළොස්නුහුවක් වූ ඒ බ්‍රාහ්මණගෘහපතියන්ගේ සිත තම සිතින් දැන පිළිවෙළකතාව වදාළසේක. ඒ මෙසේ ය – දානකථාව සීලකථාව ස්වර්‍ගකථාව කාමයන් දුක් සහිතබව ලාමකබව කෙලෙස්බව නෙක්ඛම්මයෙහි අනුසස් ද ප්‍රකාශ කළසේක. යම් කාලෙක භාග්‍යවතුන් වහන්සේ සුදුසු වූ සිත් ඇති මොළොක් සිත් ඇති නීවරණ රහිත සිත් ඇති ඔද වැඩි සිත් ඇති පහන් සික් ඇති ඔවුන් දත්සේක් ද, එකල්හි බුදුවරයන්ගේ ආවේණික වූ යම් ධර්‍මදේශනාවක් වේ ද, දුඃඛසත්‍යය සමුදයසත්‍යය නිරෝධසත්‍යය මාර්‍ගසත්‍යය යන ඒ චතුරාර්‍ය්‍යසත්‍යය දෙසූසේක. පහ වූ කිලුටුඇති පිරිසිදු වූ වස්ත්‍රයක් සායම් අල්ලා ගන්නා සේ බිම්බිසාර රජු ප්‍රමුඛ කොට ඇති මගදදනවුවැසි දොළොස්නුහුවක් බ්‍රාහ්මණගෘහපතියන්ට ඒ ආසනයෙහි දී ම පහ වූ රාගාදිරජස් ඇති පහ වූ කෙලෙස්මල ඇති “යම් – කිසිවක් හටගැණීම ස්වභාවය කොට ඇත්තේ ද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ” යි යන සෝතාපත්තිමග්ගඤාණය උපන්නේ ය. එහි දී එක් නුහුවක් උපාසකභාවය ප්‍රකාශ කෙළේ ය.
Pali BJT6. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො දිට්ඨධම්මො පත්තධම්මො විදිතධම්මො පරියොගාළ්හධම්මො තිණ්ණවිචිකිච්ඡො විගතකථඞ්කථො වෙසාරජ්ජප්පත්තො අපරප්පච්චයො සත්ථුසාසනෙ භගවන්තං එතදවොච: “පුබ්බෙ මෙ භන්තෙ, කුමාරස්ස සතො පඤ්ච අස්සාසකා අහෙසුං. තෙ මෙ එතරහි සමිද්ධා. පුබ්බෙ මෙ භන්තෙ, කුමාරස්ස සතො එතදහොසි: ‘අහො වත මං රජ්ජෙ අභිසිඤ්චෙය්යු’න්ති. අයං ඛො මෙ භන්තෙ, පඨමො අස්සාසකො අහොසි. සො මෙ එතරහි සමිද්ධො. ‘තස්ස ච මෙ විජිතං අරහං සම්මා සම්බුද්ධො ඔක්කමෙය්යා’ති, අයං ඛො මෙ භන්තෙ, දුතියො අස්සාසකො අහොසි. සො මෙ එතරහි සමිද්ධො. ‘තඤ්චාහං භගවන්තං පයිරුපාසෙය්ය’න්ති, අයං ඛො මෙ භන්තෙ, තතියො අස්සාසකො අහොසි. සො මෙ එතරහි සමිද්ධො. ‘සො ච මෙ භගවා ධම්මං දෙසෙය්යා’ති. අයං ඛො මෙ භන්තෙ, චතුත්ථො අස්සාසකො අහොසි, සො මෙ එතරහි සමිද්ධො. ‘තස්ස චාහං භගවතො ධම්මං ආජානෙය්ය’න්ති, අයං ඛො මෙ භන්තෙ, පඤ්චමො අස්සාසකො අහොසි. සො මෙ එතරහි සමිද්ධො. පුබ්බෙ මෙ භන්තෙ, කුමාරස්ස සතො ඉමෙ පඤ්ච අස්සාසකා අහෙසුං. තෙ මෙ එතරහි සමිද්ධා.”
Sinhala BJT6. ඉක්බිති මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාරරජතෙමේ දක්නාලද සිවුසස් දහම් ඇත්තේ පැමිණි සිවුසස්දහම් ඇත්තේ අවබෝධ කළ සිවුසස් දහම් ඇත්තේ බැස ගත් සිවුසස් දහම් ඇත්තේ පහ වූ සැක ඇත්තේ පහ වූ කෙසේ කෙසේ දැ යි පැවැති සැක ඇත්තේ නිර්‍භයභාවයට පැමිණියේ බුදුසසුනෙන් පිටත් අන් පිහිටක් නැත්තේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, පෙර කුමාර වූ මාගේ පැතීම් පසක් වි ය. මාගේ ඒ පැතීම් දැන් සමෘද්ධ වී ය. ස්වාමීනි, පෙර කුමාර වූ මට ‘මා මගධරාජ්‍යයෙහි අභිෂේක කරන්නාහු නම් යෙහෙකැ’ යි මෙබඳු සිතක් උපන. ස්වාමීනි, මේ මට උපන් මුල් පැතීම ය. මාගේ ඒ පැතීම දැන් සමෘද්ධ වූයේ ය. ‘මාගේ විජිතයට රහත් වූ සම්මාසම්බුදුරජානන්වහන්සේ පැමිණෙන්නාහු නම් යෙහෙකැ’ යි සිත් වි ය. ස්වාමීනි, මේ මට උපන් දෙවන පැතීම ය. මාගේ ඒ පැතීම දැන් සමෘද්ධ විය. ‘මම ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹෙන්නෙම් නම් යෙහෙකැ’ යි සිතක් උපන. ස්වාමීනි, මේ මගේ තෙවන පැතීම ය. මාගේ ඒ පැතීම දැන් සමෘද්ධ වී ය. ‘භාග්‍යවතුන් වහන්සේ මට දහම් දෙසනසේක් නම් යෙහෙකැ’ යි සිතක් උපන. ස්වාමීනි, මේ මාගේ සිවුවන පැතීම ය. මාගේ ඒ පැතීම දැන් සමෘද්ධ ය. ‘මම ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මය අවබෝධ කරන්නේනම් නම යෙහෙකැ’ යි සිත් වී ය. ස්වාමීනි, මේ මාගේ පස්වන පැතීම ය. මාගේ ඒ පැතීම දැන් සමෘද්ධ ය. ස්වාමීනි, පෙර කුමාර වූ මට මේ පැතීම් පස වූයේ ය. මාගේ ඒ පැතීම් දැන් සමෘද්ධ වී ය.”
Pali BJT7. “අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ, සෙය්යථාපි භන්තෙ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛන්තී’ති, එවමෙවං භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භන්තෙ, භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච, උපාසකං මං භන්තෙ,{1} භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතං. අධිවාසෙතු ච මෙ භන්තෙ, භගවා ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති . අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
Sinhala BJT7. “ස්වාමීනි, ඉතා යහපත් ය. ස්වාමීනි, ඉතා යහපත් ය. ස්වාමීනි, යටිකුරු කරණ ලද්දක් යම් සේ උඩුකුරු කරන්නේ වේ ද, වැසුනක් යම් සේ විවෘත කරන්නේ වේ ද, මං මුළා වූවහුට යම් සේ මග කියන්නේ වේ ද, ඇස් ඇත්තෝ රූප දක්නාහ යි ගනඳුරෙහි තෙල් පහනක් යම් සේ දරන්නේ වේ ද, එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය ප්‍රකාශ කරණ ලද්දේ ය. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ ද නවලෝකෝත්තර ධර්‍මය ද සඞ්ඝයා ද සරණ කොට යමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගියා වූ මා උපාසකයකු කොට දරණ සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා සමග හෙට මාගේ බත ඉවසන සේක්වා” යි කීයේ ය භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දභාවයෙන් එය ඉවසා වදාළ සේක.
Pali BJT8. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො තස්සා රත්තියා අච්චයෙන පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා භගවතො කාලං ආරොචාපෙසි: “කාලො භන්තෙ, නිට්ඨිතං භත්ත”න්ති. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පාවිසි මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං භික්ඛුසහස්සෙන සබ්බෙහෙව පුරාණජටිලෙහි. තෙන ඛො පන සමයෙන සක්කො දෙවානමින්දො මාණවකවණ්ණං අභිනිම්මිනිත්වා බුද්ධපමුඛස්ස සඞ්ඝස්ස{2} පුරතො පුරතො ගච්ඡති ඉමා ගාථායො ගායමානො.
Sinhala BJT8. ඉක්බිති මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ඒ ඉවසීම දැන හුනස්නෙන් නැඟිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියේ ය. ඉක්බිති මගධාධිපති වූ සේනා ඇති බිම්බිසාර රජතෙමේ ඒ රැය ඉක්ම යෑමෙන් පසු ප්‍රණීත වූ කෑ යුතු දේ බිදිය යුතු දේ පිළියෙල කරවා භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, මේ සුදුසු කාලය යි. බත නිමවී ය” යි කල් දැන්වී ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පොරොවා පා සිවුරු ගෙණ සියල්ලන් ම පුරාණ ජටිලයන් වූ දහසක් පමණ මහත් භික්‍ෂුසඞ්ඝයා සමග රජගහ නුවරට වැඩි සේක. එකල්හි දේවාධිපති වූ ශක්‍රතෙමේ තරුණ මිනිස් වෙසක් මවාගෙණ බුද්ධප්‍රමුඛ භික්‍ෂුසඞ්ඝයාගේ ඉදිරියේ මේ ගාථාවන් කියමින් යයි.
Pali BJT9. “දන්තො දන්තෙහි සහ පුරාණජටිලෙහි විප්පමුත්තො විප්පමුත්තෙහි, සිඞ්ගීනික්ඛසවණ්ණො රාජගහං පාවිසි භගවා.
Sinhala BJT9. “දැමුනු වෙසෙසින් මිදුනු භාග්‍යවතුන් වහන්සේ දඹරන්පැහැ ඇති සේක්, දැමුනු වෙසෙසින් මිදුනු පුරාණජටිලයන් හා රජගහනුවරට වැඩි සේක.
Pali BJT“සන්තො සන්තෙහි සහ පුරාණජටිලෙහි විප්පමුත්තො විප්පමුත්තෙහි, සිඞ්ගීනික්ඛසවණ්ණො රාජගහං පාවිසි භගවා.
Sinhala BJTසංසිඳුනු වෙසෙසින් මිදුනු භාග්‍යවතුන් වහන්සේ දඹරන්පැහැ ඇතිසේක්, සන්හුන් වෙසෙසින් මිදුනු පුරාණජටිලයන් හා රජගහ නුවරට වැඩි සේක.
Pali BJT“මුත්තො මුත්තෙහි සහ පුරාණජටිලෙහි විප්පමුත්තො විප්පමුත්තෙහි, සිඞ්ගීනික්ඛසවණ්ණො රාජගහං පාවිසි භගවා.
Sinhala BJTමිදුනු වෙසෙසින් මිදුනු භාග්‍යවතුන් වහන්සේ දඹරන්පැහැ ඇතිසේක්, මිදුනු වෙසෙසින් මිදුනු පුරාණජටිලයන් හා රජගහ නුවරට වැඩිසේක.
Pali BJTතිණ්ණො තිණ්ණෙහි සහ පුරාණජටිලෙහි විප්පමුත්තො විප්පමුත්තෙහි, සිඞ්ගීනික්ඛසුවණ්ණො රාජගහං පාවිසි භගවා.
Sinhala BJTසසරින් එතෙර වූ වෙසෙසින් මිදුනු භාග්‍යවතුන් වහන්සේ දඹරන්පැහැ ඇතිසේක්, එතෙර වූ වෙසෙසින් මිදුනු පුරාණජටිලයන් හා රජගහ නුවරට වැඩිසේක.
Pali BJTදසවාසො දසබලො දසධම්මවිදූ දසහි චුපෙතො සො දසසතපරිවාරො රාජගහං, පාවිසි භගවා”ති.
Sinhala BJTදසවැදෑරුම් වූ ආර්‍ය්‍යවාසය ඇති දසවැදෑරුම් වූ කායබල ඤාණබල ඇත්තා වූ දස වැදෑරුම් වූ කර්‍මපථ දන්නා වූ දශවිධ අශෛක්‍ෂ්‍යාඞ්ගයන් ගෙන් යුක්ත වූ දහසක් මහරහතුන් පිරිවර කොට ඇති ඒ භාග්‍යවතුන් වහන්සේ රජගහනුවරට වැඩිසේක.”
Pali BJTමනුස්සා සක්කං දෙවානමින්දං පස්සිත්වා එවමාහංසු: “අභිරූපො වතායං මාණවකො. දස්සනීයො වතායං මාණවකො. පාසාදිකො වතායං මාණවකො. කස්ස නු ඛො අයං මාණවකො?”ති. එවං වුත්තෙ සක්කො දෙවානමින්දො තෙ මනුස්සෙ ගාථාය අජ්ඣභාසි:-
Sinhala BJTමිනිස්සු සක්දෙව්රජු දැක මේ තරුණ තෙමේ මනා රූ ඇත්තේ ම ය. මේ තරුණ තෙමේ දැකුම්කලු ම ය. මේ තරුණතෙමේ ප්‍රසාද ජනක ම ය. මේ තරුණතෙමේ කවරකුගේ දැ” යි කීහ. මෙසේ කී කල්හි සක්දෙව්රජතෙමේ මේ ගාථාව කීයේ ය:
Pali BJT“යො ධීරො සබ්බධි දන්තො, සුද්ධො අප්පටිපුග්ගලො; අරහං සුගතො ලොකෙ තස්සාහං පරිචාරකො”ති.
Sinhala BJT“යම් නුවණැත්තෙක් තෙමේ සියලු ස්කන්‍ධායතනයන්හි දැමුනෙන් ද, පිරිසිදු වූයේ ද, අප්‍රතිපුද්ගල වූයේ ද, ලෝකයෙහි රහත් වූයේ ද, යහපත් ගමන් ඇත්තේ ද, මම උන්වහන්සේගේ මෙහෙකරු වෙමි.”
Pali BJT10. අථ ඛො භගවා යෙන රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස නිවෙසනං, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි සද්ධිං භික්ඛුසඞ්ඝෙන. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙත්වා සම්පවාරෙත්වා භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නස්ස ඛො රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස එතදහොසි: “කත්ථ නු ඛො භගවා විහරෙය්ය, යං අස්ස ගාමතො නෙව අතිදූරෙ න අච්චාසන්න{1} ගමනාගමනසම්පන්නං අට්ඨිකානං අට්ඨිකානං මනුස්සානං අභික්කමනීයං දිවා අප්පකිණ්ණං රත්තිං අප්පසද්දං අප්පනිග්ඝොසං විජනවාතං මනුස්සරාහසෙය්යකං පටිසල්ලාන සාරුප්ප”න්ති. අථ ඛො රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස එතදහොසි: “ඉදං ඛො අම්හාකං වෙළුවනං උය්යානං ගාමතො නෙව අතිදූරෙ න අච්චාසන්නෙ ගමනාගමනසම්පන්නං අට්ඨිකානං අට්ඨිකානං මනුස්සානං අභික්කමනීයං දිවා අප්පකිණ්ණං රත්තිං අප්පසද්දං අප්පනිග්ඝොසං විජනවාතං මනුස්සරාහසෙය්යකං පටිසල්ලානසාරුප්පං. යන්නූනාහං වෙළුවනං උය්යානං බුද්ධපමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස දදෙය්ය”න්ති.
Sinhala BJT10. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජහුගේ රජමැදුරට වැඩිසේක. වැඩ පැණ වූ අසුනෙහි භික්‍ෂුසඞ්ඝයා සමග වැඩ හුන්සේක. මගධේශ්වර සේනා ඇති බිම්බිසාර රජතෙමේ බුද්ධප්‍රමුඛ භික්‍ෂුසඞ්ඝයා ප්‍රණීත වූ කෑයුතු දෙයින් හා බිදිය යුතු දෙයින් සියතින් සතප්වා වළඳා නිම වූ පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් පසෙක හුන්නේ ය. පසෙක හුන් මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජුහට ගමට නොදුරු වූ ගමට නො ලං වූ යෑම් ඊමට පහසු වූ බුදුන් වැඳීම හා දහම් ඇසීම ප්‍රයෝජන කොට ඇති මිනිසුන්ට යෑමට පහසු වූ දහවල ජනසමූහයාගේ ගැවසීම් නැත්තා වූ රාත්‍රියෙහි නිහඬ වූ ඝෝෂා රහිත වූ ජනවාතයෙන් තොර වූ මිනිසුන්ගේ රහස්වැඩට සුදුසු වූ කායාදීන්ගේ විවේකයට යෝග්‍ය වූ යම් සෙනසුනක් වන්නේ ද, එබඳු කවර තැනක භාග්‍යවතුන් වහන්සේ වැඩවසන සේක් ද?” යන සිතක් වූයේ ය. මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජහට අපගේ මේ වේළුවන උයන ගමට නො දුරෙහි ය. නො ලං තැන්හි ය. යෑම් ඊමට පහසු වේ. වුව මනා මිනිසුන්ට පහසුවෙන් යා හැකි වේ. දහවල් ගැවසීමෙක් නැත. රාත්‍රියෙහි නිහඬ ය. ඝෝෂා රහිත ය. ජනවාත නැත. මිනිසුන්ගේ රහස්වැඩට සුදුසු වේ. කායවිවේකයට යෝග්‍ය වේ. මම ඒ වේළුවනඋයන බුද්ධප්‍රමුඛභික්‍ෂු සඞ්ඝයා වහන්සේට පුදන්නෙම් නම් යෙහෙකැ” යි සිතක් වූයේ ය.
Pali BJT11. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො සොවණ්ණමයං භිඞ්කාරං ගහෙත්වා භගවතො ඔණොජෙසි: “එතාහං භන්තෙ, වෙළුවනං උය්යානං බුද්ධපමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස දම්මී”ති. පටිග්ගහෙසි භගවා ආරාමං. අථ ඛො භගවා රාජානං මාගධං සෙනියං බිම්බිසාරං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමි. අථ ඛො භගවා එතස්මිං නිදානෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ ආරාම”න්ති.
Sinhala BJT11. ඉක්බිති මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජතෙමේ රන් කෙණ්ඩිය ගෙණ “ස්වාමීනි, මම මේ වේළුවනඋයන බුද්ධප්‍රමුඛ මහා සඞ්ඝයා වහන්සේට දෙමි” යි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි පැන් වක්කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ ආරාමය පිළිගත්සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජු දැහැමි කතාවෙන් මනා කොට කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා හුනස්නෙන් නැගිට වැඩිසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය නිමිති කොට දැහැමි කථාවක් කොට භික්‍ෂූන් ඇමතූසේක: “මහණෙනි, ආරාම පිළිගැණීම අනුදනිමි.”
Pali BJT12. තෙන ඛො පන සමයෙන සඤ්ජයො පරිබ්බාජකො රාජගහෙ පටිවසති මහතියා පරිබ්බාජකපරිසාය සද්ධිං අඩ්ඪතෙය්යෙහි පරිබ්බාජකසතෙහි. තෙන ඛො පන සමයෙන සාරිපුත්තමොග්ගල්ලානා සඤ්ජයෙ පරිබ්බාජකෙ බ්රහ්මචරියං චරන්ති. තෙහි කතිකා කතා හොති: “යො පඨමං අමතං අධිගච්ඡති, සො ඉතරස්ස ආරොචෙතූති. අථ ඛො ආයස්මා අස්සජි පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසි පාසාදිකෙන අභික්කන්තෙන පටික්කන්තෙන ආලොකිතෙන විලොකිතෙන සම්මිඤ්ජිතෙන පසාරිතෙන, ඔක්ඛිත්තචක්ඛූ ඉරියාපථසම්පන්නො.
Sinhala BJT12. ඒ කාලයෙහි සඤ්ජයපරිව්‍රාජක තෙමේ දෙසිය පණසක් පරිව්‍රාජකයන්ගෙන් යුත් මහත් පරිව්‍රාජක පිරිසක් සමග රජගහනුවර වාසය කරයි. එකල්හි ශාරිපුත්‍රමෞද්ගල්‍යායන දෙදෙන සඤ්ජයපරිව්‍රාජකයා වෙත බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙත්. ඔවුන් විසින් යමෙක් පළමු කොට නිර්‍වාණයට පැමිණේ ද, හෙතෙමේ අනිකාහට දන්වා” යි කතිකාවක් කරණ ලදී. ඉක්බිති ආයුෂ්මත් අස්සජි ස්ථවිරතෙමේ පෙරවරුයෙහි හැඳ පොරොවා පා සිවුරු ගෙණ ප්‍රසාදජනක වූ ඉදිරි ගමනින් ආපසු ගමනින් ඉදිරිය බැලීමෙන් හාත්පස බැලීමෙන් අත්පා හැකිළීමෙන් අත්පා දිගු කිරීමෙන් යුක්ත ව යට හෙළූ ඇස් ඇත්තේ යහපත් ඉරියව් වෙන් යුක්ත ව පිඬු පිණිස රජගහනුවරට වැඩියේ ය.
Pali BJT13. අද්දසා ඛො සාරිපුත්තො පරිබ්බාජකො ආයස්මන්තං අස්සජිං රාජගහෙ පිණ්ඩාය චරන්තං පාසාදිකෙන අභික්කන්තෙන පටික්කන්තෙන ආලොකිතෙන විලොකිතෙන සම්මිඤ්ජිතෙන පසාරිතෙන ඔක්ඛිත්තචක්ඛුං ඉරියාපථසම්පන්නං. දිස්වානස්ස එතදහොසි: “යෙ වත ලොකෙ අරහන්තො වා අරහත්තමග්ගං වා සමාපන්නා, අයං තෙසං භික්ඛු අඤ්ඤතරො. යන්නූනාහං ඉමං භික්ඛුං උපසඞ්කමිත්වා පුච්ඡෙය්යං, ‘කං’සි ත්වං ආවුසො, උද්දිස්ස පබ්බජිතො? කො වා තෙ සත්ථා? කස්ස වා ත්වං ධම්මං රොචෙසී?”’ති.
Sinhala BJT13. ශාරීපුත්‍රපරිව්‍රාජක තෙමේ, ප්‍රසාදජනක වූ ඉදිරි ගමනින් ආපසු ගමනින් ඉදිරිය බැලීමෙන් හාත්පස බැලීමෙන් අත්පා හැකිළීමෙන් අත්පා දිගු කිරීමෙන් යුක්ත ව යට හෙළූ ඇස් ඇති ව මනා ඉරියව්වෙන් යුක්ත ව රජගහනුවර පිඬු සිඟා හැසිරෙණ ආයුෂ්මත් අස්සජි තෙරුන් දුටුවේ ය. දැක, ඔහුට “ඒකාන්තයෙන් ලෝකයෙහි යම් කෙනෙක් රහත් වූවාහු හෝ රහත්මගට පිළිපන්නාහු හෝ වෙත් ද, මේ මහණතෙමේ ත් ඔවුන් අතුරෙහි එක්තරා එකෙක. මම මේ මහණහු කරා ගොස් “ඇවැත්නි, නුඹවහන්සේ කවරකු උදෙසා පැවිදිවූවහු ද? නුඹවහන්සේගේ ශාස්තෘතෙමේ කවරෙක් හෝ වේ ද? නුඹවහන්සේ කවරකුගේ ධර්‍මය රුචි කරනසේක් දැ? යි විචාරන්නෙම් නම් යෙහෙකැ” යි සිතක් පහළ වූයේ ය.
Pali BJT14. අථ ඛො සාරිපුත්තස්ස පරිබ්බාජකස්ස එතදහොසි: “අකාලො ඛො ඉමං භික්ඛුං පුච්ඡිතුං, අන්තරඝරං පවිට්ඨො පිණ්ඩාය චරති. යන්නූනාහං ඉමං භික්ඛුං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධෙය්යං. අත්ථිකෙහි උපඤ්ඤාතං මග්ග”න්ති. අථ ඛො ආයස්මා අස්සජි රාජගහෙ පිණ්ඩාය චරිත්වා පිණ්ඩපාතං ආදාය පටික්කමි. අථ ඛො සාරිපුත්තො{1} පරිබ්බාජකො යෙනායස්මා අස්සජි තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා අස්සජිනා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො සාරිපුත්තො පරිබ්බාජකො ආයස්මන්තං අස්සජිං එතදවොච: “විප්පසන්නානි ඛො තෙ, ආවුසො, ඉන්ද්රියානි. පරිසුද්ධො ඡවිවණ්ණො පරියොදාතො. කං’සි ත්වං ආවුසො, උද්දිස්ස පබ්බජිතො? කො වා තෙ සත්ථා? කස්ස වා ත්වං ධම්මං රොචෙසී?”ති.
Sinhala BJT14. ඉක්බිති ශාරීපුත්‍රපරිව්‍රාජකයාහට “මේ මහණහු විචාරන්නට මේ කාලය නො වේ ම ය. ඇතුළුගමට පිවිසියේ පිඬු සිඟා හැසිරේ. මම මේ මහණහු පසුපස්සේ ලුහුබැඳ යන්නෙම් නම් යෙහෙක. එය අර්ත්‍ථීන් විසින් සොයාගන්නා ලද මාර්‍ගය යි. නොහොත් නිවන් සොයන්නන් විසින් මග දැන ගන්නා ලද්දේ ය” යි සිතක් වූයේ ය. ඉක්බිති ආයුෂ්මත් අස්සජි ස්ථවිරතෙමේ රජගහනුවර පිඬු සිඟා හැසිර පිණ්ඩපාතය ගෙණ පෙරළා ගියේ ය. ඉක්බිති ශාරීපුත්‍රපරිව්‍රාජක තෙමේ අස්සජි ස්ථවිරයන් වහන්සේ වෙතට ගියේ ය. ගොස් ආයුෂ්මත් අස්සජි තෙරුන් සමග සතුටු වි ය. සතුටු විය යුතු සිත් ඇලවිය යුතු කතා කොට නිමවා පසෙක සිටියේ ය. පසෙක සිටියා වූ ශාරීපුත්‍රපරිව්‍රාජකතෙමේ ආයුෂ්මත් අස්සජී තෙරුන්ට “ඇවැත්නි, නුඹවහන්සේගේ ඉන්‍ද්‍රියයෝ වෙසෙසින් පහන් වූවෝ ය. පිරිසිදු වූ සිරුරු පැහැය නිර්‍මල වේ. ඇවැත්නි, නුඹවහන්සේ කවරකු උදෙසා පැවිදි වූසේක් ද? නුඹවහන්සේගේ ශාස්තෘ තෙමේ කවරෙක් හෝ වේ ද? කවරක්හුගේ ධර්‍මය රුචි කරනසේක්ද?” යි විචාළේ ය.
Pali BJT15. “අත්ථාවුසො, මහාසමණො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො. තාහං භගවන්තං උද්දිස්ස පබ්බජිතො. සො ච මෙ භගවා සත්ථා. තස්ස චාහං භගවතො ධම්මං රොචෙමී”ති. “කිංවාදී පනායස්මතො සත්ථා කිමක්ඛායී?” “අහං ඛො ආවුසො, නවො අචිරපබ්බජිතො. අධුනාගතො ඉමං ධම්මවිනයං. න තාහං සක්කොමි විත්ථාරෙන ධම්මං දෙසෙතුං. අපි ච තෙ සඞ්ඛිත්තෙන අත්ථං වක්ඛාමී”ති. අථ ඛො සාරිපුත්තො පරිබ්බාජකො “ආයස්මන්තං අස්සජිං එතදවොච: “හොතු ආවුසො –
Sinhala BJT15. (එකල්හි අස්සජිස්ථවිරතෙමේ) “ඇවැත්නි, ශාක්‍යපුත්‍ර වූ ශාක්‍යකුල යෙන් නික්ම පැවිදි වූ මහාශ්‍රමණයෙක් ඇත. මම ඒ භාග්‍යවතුන් උදෙසා පැවිදි වූයෙමි. ඒ භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘ වනසේක. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මය ද මට රුස්නේ” යි කීයේ ය. එවිට ආයුෂ්මතුන් වහන්සේගේ ශාස්තෘන් වහන්සේ කිනම් ලබ්ධි ඇතිසේක් ද? කුමක් කියනසේක්දැ” යි පරිව්‍රාජකතෙමේ (ඇසී ය.) “ඇවැත්නි, මම නවකයෙක් වෙමි. පැවිදි වූ නොබෝකල් ඇත්තේ වෙමි. මේ ශාසනයට අළුත පැමිණියේ වෙමි. එහෙයින් මම ඔබට ධර්‍මය විස්තර වශයෙන් දේශනා කරන්නට අපොහොසත් වෙමි. එතෙකුදු වුවත් ඔබට සැකෙවින් අර්‍ත්‍ථය කියමි”යි අස්සජිස්ථවිරතෙමේ කී ය. ඉක්බිති ශාරීපුත්‍රපරිව්‍රාජකතෙමේ ආයුෂ්මත් අස්සජි තෙරුන්ට “ඇවැත්නි, වේවා–
Pali BJT“අප්පං වා බහුං වා භාසස්සු අත්ථඤ්ඤෙව මෙ බ්රූහි, අත්ථෙනෙව මෙ අත්ථො කිං කාහසි බ්යඤ්ජනං බහු”න්ති.
Sinhala BJT“ස්වල්ප කොට හෝ බොහෝ කොට හෝ වදාරණු මැනවි. මට අර්‍ත්‍ථය ම කියව. මට අර්‍ත්‍ථයෙන් ම ය වැඩ, බොහෝ වචනවලින් ප්‍රයෝජන කිමැ?” යි කීයේ ය.
Pali BJTඅථ ඛො ආයස්මා අස්සජි සාරිපුත්තස්ස පරිබ්බාජකස්ස ඉමං ධම්මපරියායං අභාසි:
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් අස්සජිස්ථවිරතෙමේ ශාරීපුත්‍රපරිව්‍රාජකයාහට මේ ධර්‍මක්‍රමය කී ය:
Pali BJT“යෙ ධම්මා හෙතුප්පභවා තෙසං හෙතුං තථාගතො ආහ, තෙසඤ්ච යො නිරොධො එවංවාදී මහාසමණො”ති.
Sinhala BJT“හේතුවෙන් උපදින යම් ධර්‍මකෙනෙක් වෙත් ද, ඔවුන්ගේ හේතුව තථාගතතෙමේ වදාළේ ය. ඔවුන්ගේ යම් නිරෝධයෙක් වේ ද, එය ද වදාළේ ය. මහාශ්‍රමණතෙමේ මෙබඳුවාද ඇත්තේ ය”යි.
Pali BJTඅථ ඛො සාරිපුත්තස්ස පරිබ්බාජකස්ස ඉමං ධම්මපරියායං සුත්වා විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි: “යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම”න්ති.
Sinhala BJTඉක්බිති ශාරීපුත්‍රපරිව්‍රාජකයාහට මේ ධර්‍මක්‍රමය අසා පහ වූ රාගාදිරජස් ඇති පහ වූ කෙලෙස්මල ඇති “යම් කිසිවක් හටගැණීම ස්වභාවය කොට ඇත්තේ ද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ” යි සෝතාපත්තිමග්ගඤාණය උපන්නේ ය.
Pali BJT“එසෙව ධම්මො යදි තාවදෙව පච්චබ්යථා{1} පදමසොකං, අදිට්ඨං අබ්භතීතං බහුකෙහි කප්පනහුතෙහී”ති.
Sinhala BJTඉදින් මෙ පමණක් වුවත් එය ම ධර්‍මය වේ. (ඔබවහන්සේ) බොහෝ දෙනා විසින් කල්පනහුතයන්හි ද නො දුටු ඉක්මවා ගිය ශෝකරහිත වූ ඒ නිර්‍වාණපදය ප්‍රතිවේධ කළසේක.”
Pali BJT16. අථ ඛො සාරිපුත්තො පරිබ්බාජකො යෙන මොග්ගල්ලානො පරිබ්බාජකො තෙනුපසඞ්කමි. අද්දසා ඛො මොග්ගල්ලානො පරිබ්බාජකො සාරිපුත්තං පරිබ්බාජකං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන සාරිපුත්තං පරිබ්බාජකං එතදවොච: “විප්පසන්නානි ඛො තෙ ආවුසො, ඉන්ද්රියානි. පරිසුද්ධො ඡවිවණ්ණො. පරියොදාතො. කච්චි නු ත්වං{2} ආවුසො, අමතමධිගතො?”ති. “ආමාවුසො, අමතං අධිගතො”ති. “යථා කථම්පන ත්වං ආවුසො, අමතං අධිගතො?”ති. “ඉධාහං ආවුසො, අද්දසං අස්සජිං භික්ඛුං රාජගහෙ පිණ්ඩාය චරන්තං පාසාදිකෙන අභික්කන්තෙන පටික්කන්තෙන ආලොකිතෙන විලොකිතෙන සම්මිඤ්ජිතෙන පසාරිතෙන ඔක්ඛිත්තචක්ඛුං ඉරියාපථසම්පන්නං. දිස්වාන මෙ එතදහොසි: “යෙ වත ලොකෙ අරහන්තො වා අරහත්තමග්ගං වා සමාපන්නා. අයං තෙසං භික්ඛු අඤ්ඤතරො. යන්නූනාහං ඉමං භික්ඛුං උපසඞ්කමිත්වා පුච්ඡෙය්යං: කං’සි ත්වං ආවුසො උද්දිස්ස පබ්බජිතො? කො වා තෙ සත්ථා? කස්ස වා ත්වං ධම්මං රොචෙසී?”’ති. තස්ස මය්හං ආවුසො, එතදහොසි: “අකාලො ඛො ඉමං භික්ඛුං පුච්ඡිතුං, අන්තරඝරං පවිට්ඨො පිණ්ඩාය චරති, යන්නූනාහං ඉමං භික්ඛුං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධෙය්යං අත්ථිකෙහි උපඤ්ඤාතං මග්ග”න්ති.
Sinhala BJT16. ඉක්බිති ශාරීපුත්‍රපරිව්‍රාජකතෙමේ මෞද්ගල්‍යායනපරිව්‍රාජකයා හුන් තැනට ගියේ ය. මෞද්ගල්‍යායනපරිව්‍රාජකතෙමේ එන්නා වූ ශාරීපුත්‍රපරිව්‍රාජකයා දුර දී ම දුටුයේ ය. දැක ශාරීපුත්‍රපරිව්‍රාජකයාහට “ඇවැත්නි, ඔබගේ ඉන්‍ද්‍රියයෝ වෙසෙසින් පහන් වෙති. පිරිසිදු වූ සිරුරු පැහැය අතිශයින් නිර්‍මල වේ. ඇවැත්නි, කිම? නිවණ අවබෝධ කළහු දැ?” යි කීයේ ය. “එසේ ය, ඇවැත්නි, නිවණ අවබෝධ කෙළේ වෙමි” යි (ශාරීපුත්‍රතෙමේ කී ය.) “ඇවැත්නි, යුෂ්මත්හු කෙසේ නිවණ අවබෝධ කළහු දැ?” යි (මෞද්ගල්‍යායනතෙමේ ඇසී ය.) “ඇවැත්නි, මම මෙහි ප්‍රසාදජනක වූ ඉදිරි ගමනින් ආපසු ගමනින් ඉදිරිය බැලීමෙන් හාත්පස බැලීමෙන් අත්පා හැකිළීමෙන් අත්පා දිගුකිරීමෙන් යුක්ත ව යට හෙළූ ඇස් ඇති ව යහපත් ඉරියව්වෙන් යුක්ත ව රජගහනුවර පිඬු සිඟා හැසිරෙණ අස්සජි මහණහු දුටුයෙමි. දැක මට “ඒකාන්තයෙන් ලෝකයෙහි යම් කෙනෙක් රහත් වූවාහු හෝ රහත් මගට පිළිපන්නාහු හෝ වෙත් ද, මේ මහණතෙමේ ත් ඔවුන් අතුරෙහි එක්තරා එකෙක. මම මේ ‘මහණහු කරා ගොස් “ඇවැත්නි, ඔබවහන්සේ කවරකු උදෙසා පැවිදි වූවහු ද? ඔබවහන්සේගේ ශාස්තෘ තෙමේ කවරෙක් හෝ වේ ද? ඔබවහන්සේ කවරකුගේ ධර්‍මය රුචි කරහු ද? යි විචාරන්නෙම් නම් යෙහෙකැ” යි සිතක් උපන්නේ ය. ඇවැත්නි මට “මේ මහණහු විචාරන්ට මේ කාලය නො වේ ම ය. ඇතුළුගමට පිවිසියේ පිඬු සිඟා හැසිරේ. මම මේ මහණහු පසුපස්සේ ලුහුබැඳ යන්නෙම් නම් යෙහෙක. නිවන් සොයන්නන් විසින් මඟ දැන ගන්නා ලද්දේ ය” යි සිතක් වි ය.
Pali BJT17. අථ ඛො ආවුසො, අස්සජි භික්ඛු රාජගහෙ පිණ්ඩාය චරිත්වා පිණ්ඩපාතං ආදාය පටික්කමි. අථඛ්වාහං ආවුසො, යෙන අස්සජි භික්ඛු තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා අස්සජිනා භික්ඛුනා සද්ධිං සම්මොදිං. සම්මොදනීයං කථං සාරනීයං වීතිසාරෙත්වා එකමන්තං අට්ඨාසිං. එකමන්තං ඨිතො ඛො අහං ආවුසො අස්සජිං භික්ඛුං එතදවොචං: “විප්පසන්නානි ඛො තෙ ආවුසො, ඉන්ද්රියානි. පරිසුද්ධො ඡවිවණ්ණො පරියොදාතො. කං’සි ත්වං ආවුසො, උද්දිස්ස පබ්බජිතො? කො වා තෙ සත්ථා? කස්ස වා ත්වං ධම්මං රොචෙසී?”ති.
Sinhala BJT17. ඉක්බිති අස්සජි භික්‍ෂුතෙමේ රජගහනුවර පිඬු සිඟා හැසිර පිණ්ඩපාතය ගෙණ පෙරළා ගියේ ය. ඇවැත්නි, එකල්හි මම අස්සජිභික්‍ෂු වෙතට ගියෙමි. ගොස්, අස්සජිභික්‍ෂුහු සමග සතුටු වීමි. සතුටු විය යුතු වූ සිත් ඇලවිය යුතු වූ කතා කොට නිමවා පසෙක සිටියෙමි. ඇවැත්නි, පසෙක සිටියා වූ මම අස්සජිභික්‍ෂුහුට “ඇවැත්නි, තමුන්නාන්සේගේ ඉන්‍දියයෝ වෙසෙසින් පහන් වෙත් ම ය. පිරිසිදු වූ සිරුරුපැහැය අතිශයින් නිර්‍මල ය. ඇවැත්නි, තමුන්නාන්සේ කවරෙකු උදෙසා පැවිදි වූ සේක් ද? නුඹවහන්සේගේ ශාස්තෘ තෙමේ කවරෙක් හෝ වේ ද? කවරකු ගේ ධර්‍මය රුචි කරණසේ දැ?” යි මෙය ඇසීමි.
Pali BJT“අත්ථාවුසො මහාසමණො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො. තාහං භගවන්තං උද්දිස්ස පබ්බජිතො. සො ච මෙ භගවා සත්ථා. තස්ස චාහං භගවතො ධම්මං රොචෙමී”ති. “කිංවාදී පනායස්මතො සත්ථා? කිමක්ඛායී?”ති. “අහං ඛො ආවුසො, නවො අචිරපබ්බජිතො. අධුනාගතො ඉමං ධම්මවිනයං, න තාහං සක්කොමි විත්ථාරෙන ධම්මං දෙසෙතුං. අපි ච තෙ සඞ්ඛිත්තෙන අත්ථං වක්ඛාමී”ති.{1}
Sinhala BJT(එපිට අස්සජිභික්‍ෂුතෙමේ) “ඇවැත්නි, ශාක්‍යපුත්‍ර වූ ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූ මහාශ්‍රමණයෙක් ඇත්තේ ය. මම ඒ භාග්‍යවතුන් උදෙසා පැවිදි වූයෙමි. ඒ භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘ වනසේක. මම ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මය රුචි කරමි” යි කීයේ ය. “ආයුෂ්මත්හුගේ ශාස්තෘන්වහන්සේ කිනම් ලබ්ධි ඇතිසේක් ද? කුමක් කියන සේක් ද?” යි (මම ඇසීමි.) “ඇවැත්නි, මම නවකයෙක්මි. පැවිදි වූ නොබෝකල් ඇත්තේ වෙමි. මේ ශාසනයට අළුත බැස ගත්තේ වෙමි. (එහෙයින්) මම ඔබට ධර්‍මය විස්තර වශයෙන් දේශනා කරන්නට අපොහොසත් වෙමි. එතෙකුදු වුවත් මම නුඹට සැකෙවින් අර්‍ත්‍ථය කියමි” යි (අස්සජිභික්‍ෂුතෙමේ කී ය.)
Pali BJT“අප්පං වා බහුං වා භාසස්සු අත්ථඤ්ඤෙව මෙ බ්රූහි, අත්ථෙනෙව මෙ අත්ථො කිං කාහසි ව්යඤ්ජනං බහු”න්ති.
Sinhala BJT“ස්වල්ප කොට හෝ බොහෝ කොට හෝ වදාරණු මැනවි. මට අර්‍ත්‍ථය ම කියව. මට අර්‍ත්‍ථයෙන් ම ය වැඩ. බොහෝ වචන වලින් කුමක් කරන්නේ ද?” (මම කීමි).
Pali BJTඅථ ඛො ආවුසො, අස්සජි භික්ඛු{2} ඉමං ධම්මපරියායං අභාසි –
Sinhala BJTඉක්බිති ඇවැත්නි, අස්සජිභික්‍ෂුතෙමේ, ‘හේතුවෙන් උපදින යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, ඔවුන්ගේ හේතුව තථාගතතෙමේ වදාළේ ය. ඔවුන්ගේ යම් නිරෝධයෙක් වේ ද, එය ද වදාළේ ය. මහාශ්‍රමණතෙමේ මෙබඳු වාද ඇත්තේ ය” යි මේ ධර්‍මක්‍රමය කීයේ ය.
Pali BJT“යෙ ධම්මා හෙතුප්පභවා, තෙසං හෙතුං තථාගතො ආහ; තෙසඤ්ච යො නිරොධො, එවංවාදී මහාසමණො”ති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTඅථ ඛො මොග්ගල්ලානස්ස පරිබ්බාජකස්ස ඉමං ධම්මපරියායං සුත්වා විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි: යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්ම”න්ති.
Sinhala BJTඉක්බිති මුගලන්පිරිවැජියාහට මේ ධර්‍මක්‍රමය අසා පහ වූ රාගාදිරජස් ඇති පහ වූ කෙලෙස්මල ඇති “යමක් හටගැණීම ස්වභාවය කොට ඇත්තේ ද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ” යි යන සෝතාපත්තිමග්ගඤාණය උපන්නේ ය.
Pali BJT“එසෙව ධම්මො යදි තාවදෙව පච්චබ්යථා පදමසොකං, අදිට්ඨං අබ්භතීතං බහුකෙහි කප්පනහුතෙහී”ති.
Sinhala BJT“ඉදින් මෙපමණක් ම වුවත් එය ම ධර්‍මය වේ. බොහෝ දෙනා විසින් බොහෝ කල්පනහුතයන්හි ද නො දුටු ඉක්මවා ගිය අසෝක වූ ඒ නිර්‍වාණ පදය (ඔබවහන්සේ) ප්‍රතිවේධ කළසේක.”
Pali BJT18. අථ ඛො මොග්ගල්ලානො පරිබ්බාජකො සාරිපුත්තං පරිබ්බාජකං එතදවොච: “ගච්ඡාම මයං ආවුසො, භගවතො සන්තිකෙ. සො නො භගවා සත්ථා”ති. “ඉමානි ඛො ආවුසො අඩ්ඪතෙය්යානි පරිබ්බාජකසතානි අම්හෙ නිස්සාය අම්හෙ සම්පස්සන්තා ඉධ විහරන්ති. තෙ’පි තාව අපලොකෙම{3} යථා තෙ මඤ්ඤිස්සන්ති, තථා කරිස්සන්තී”ති.
Sinhala BJT18. එකල්හි මුගලන්පිරිවැජිතෙමේ ශාරීපුත්‍රපරිව්‍රාජකයාහට “ඇවැත්නි, අපි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයට යමු. ඒ භාග්‍යවතුන් වහන්සේ අපගේ ශාස්තෘන් වහන්සේ යයි කීයේ ය. ඇවැත්නි, “මේ දෙසියපණසක් පරිව්‍රාජකයෝ අප නිසා අප බලමින් මෙහි වෙසෙති. (එහෙයින්) පළමු කොට ඔවුන් ගැණ ද සොයා බලමු. ඔහු යම් පරිද්දෙකින් සිතන්නෝ ද එසේ කරන්නාහ”යි (සැරියුත් පිරිවැජිතෙම කීයේ ය.)
Pali BJT19. අථ ඛො සාරිපුත්තමොග්ගල්ලානා යෙන තෙ පරිබ්බාජකා, තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා තෙ පරිබ්බාජකෙ එතදවොචුං: “ගච්ඡාම මයං ආවුසො, භගවතො සන්තිකෙ. සො නො භගවා සත්ථා”ති. “මයං ආයස්මන්තෙ නිස්සාය ආයස්මන්තෙ සම්පස්සන්තා ඉධ විහරාම. සචෙ ආයස්මන්තා මහාසමණෙ බ්රහ්මචරියං චරිස්සන්ති, සබ්බෙව මයං මහාසමණෙ බ්රහ්මචරියං චරිස්සාමා”ති.
Sinhala BJT19. ඉක්බිති සැරියුත් මුගලන් දෙදෙන ඒ පරිව්‍රාජකයන් හුන් තැනට ගියහ. ගොස්, ඇවැත්නි, අපි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයට යමු. ඒ භාග්‍යවතුන් වහන්සේ අපගේ ශාස්තෘන් වහන්සේ ය යි කීහ. අපි ආයුෂ්මතුන් නිසා ආයුෂ්මතුන් බලමින් මෙහි වසමු. ඉදින් ආයුෂ්මත්හු මහාශ්‍රමණයන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙන්නාහු ද, අපි සියලු දෙන ම මහාශ්‍රමණයන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙන්නෙමු” යි ඒ පරිව්‍රාජකයෝ කීහ.
Pali BJTඅථ ඛො සාරිපුත්තමොග්ගල්ලානා යෙන සඤ්ජයො පරිබ්බාජකො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා සඤ්ජයං පරිබ්බාජකං එතදවොචුං: “ගච්ඡාම මයං ආවුසො, භගවතො සන්තිකෙ. සො නො භගවා සත්ථා”ති. “අලං ආවුසො, මා ගමිත්ථ, සබ්බෙව තයො ඉමං ගණං පරිහරිස්සාමා”ති.
Sinhala BJTඉක්බිති සැරියුත් මුගලන් දෙදෙන සඤ්ජය පරිව්‍රාජකයා වෙතට ගියහ. ගොස් “ඇවැත්නි, අපි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයට යමු. ඒ භාග්‍යවතුන් වහන්සේ අපගේ ශාස්තෘන් වහන්සේ ය” යි සඤ්ජය පරිව්‍රාජකයාහට කීහ. (එවිට සඤ්ජයතෙමේ) “ඇවැත්නි, කම් නැත. නො යවු. අපි කවුරුත් මේ ගණය පරිහරණය කරන්නෙමු” යි කී ය.
Pali BJTදුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො සාරිපුත්තමොග්ගල්ලානා සඤ්චයං පරිබ්බාජකං එතදවොචුං: “ගච්ඡාම මයං ආවුසො, භගවතො සන්තිකෙ. සො නො භගවා සත්ථා”ති. “අලං, ආවුසො, මා ගමිත්ථ, සබ්බෙව තයො ඉමං ගණං පරිහරිස්සාමා”ති.
Sinhala BJTදෙවනු ද –පෙ– තෙවනු ද සැරියුත් මුගලන් දෙදෙන “ඇවැත්නි, අපි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයට යමු. ඒ භාග්‍යවතුන් වහන්සේ අපගේ ශාස්තෘන් වහන්සේ ය” යි සඤ්ජය පරිව්‍රාජකයාහට කීහ. “ඇවැත්නි කම් නැත. නො යවු. අපි තිදෙන ම මේ ගණය පරිහරණය කරන්නෙමු” යි සඤ්ජය තෙමේ කීයේ ය.
Pali BJT20. අථ ඛො සාරිපුත්තමොග්ගල්ලානා තානි අඩ්ඪතෙය්යානි පරිබ්බාජකසතානි ආදාය යෙන වෙළුවනං තෙනුපසඞ්කමිංසු. සඤ්ජයස්ස පන පරිබ්බාජකස්ස තත්ථෙව උණ්හං ලොහිතං මුඛතො උග්ගඤ්ඡි.
Sinhala BJT20. ඉක්බිති සැරියුත් මුගලන් දෙදෙන ඒ දෙසිය පණසක් පරිව්‍රාජකයන් ගෙණ වේළුවනයට ගියහ. ඒ වේලෙහි සඤ්ජය පරිව්‍රාජකයාගේ මුවින් උණුලේ නැංගේ ය.
Pali BJTඅද්දසා ඛො භගවා සාරිපුත්තමොග්ගල්ලානෙ දූරතොව ආගච්ඡන්තෙ. දිස්වාන භික්ඛූ ආමන්තෙසි: “එතෙ භික්ඛවෙ ද්වෙ සහායා ආගච්ඡන්ති කොලිතො උපතිස්සො ච. එතං මෙ සාවකයුගං භවිස්සති අග්ගං භද්දයුග”න්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ එන්නා වූ ශාරිපුත්‍ර – මෞද්ගල්‍යායනයන් දුර දී ම දුටු සේක. දැක “මහණෙනි, කෝලිතඋපතිස්ස යන මේ යහළුවෝ දෙදෙන මෙහි එත්. මේ දෙදෙන මාගේ ශ්‍රේෂ්ඨ වූ භද්‍රයුග්මය වූ ශ්‍රාවකයුග්මය වන්නේ ය” යි වදාළ සේක.
Pali BJT“ගම්භීරෙ ඤාණවිසයෙ, අනුත්තරෙ උපධිසඞ්ඛයෙ, විමුත්තෙ අප්පත්තෙ වෙළුවනං අථ නෙ සත්ථා බ්යාකාසි.
Sinhala BJT“ඉක්බිති, ගැඹුරු නුවණට විෂය වූ නිරුත්තර වූ නිර්‍වාණයෙහි මිදුනාවූ ඒ ශාරීපුත්‍ර – මෞද්ගල්‍යයනයන් වේළුවනයට නො පැමිණි කල්හි ම ශාස්තෘන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක”:
Pali BJTඑතෙ ද්වෙ සහායකා ආගච්ඡන්ති{1} කොලිතො උපතිස්සො ච; එතං මෙ සාවකයුගං, භවිස්සති අග්ගං භද්දයුගන්ති.
Sinhala BJT“කෝලිත ද උපතිස්ස ද යන මේ යහළුවෝ දෙදෙන මෙහි එත්. මේ යුග්මය මාගේ ශ්‍රේෂ්ඨ භද්‍රයුග්මය වූ ශ්‍රාවකයුග්මය වන්නේ ය.”
Pali BJT21. අථ ඛො සාරිපුත්තමොග්ගල්ලානා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවන්තං එතදවොචුං: “ලභෙය්යාම මයං භන්තෙ, භගවතො සන්තිකෙ පබ්බජ්ජං. ලභෙය්යාම උපසම්පද”න්ති. “එථ භික්ඛවො”ති භගවා අවොච. “ස්වාක්ඛාතො ධම්මො. චරථ බ්රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්තකිරියායා”ති. සාව තෙසං ආයස්මන්තානං උපසම්පදා අහොසි.
Sinhala BJT21. ඉක්බිති සැරියුත් මුගලන් දෙදෙන භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ පාමුල්හි හිසින් වැටී “ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදිබව ලබන්නෙමු. උපසම්පදාව ලබන්නෙමු” යි දැන්වූහ. “එවු; මහණෙනි, ධර්‍මය හොඳින් දේශනා කරණ ලද්දේ ය. හොඳින් දුක් කෙළවර කරණු පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙවු” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ඒ ම ඒ ආයුෂ්මත්වරුන්ට උපසම්පදාව වී ය.
Pali BJT22. තෙන ඛො පන සමයෙන අභිඤ්ඤාතා අභිඤ්ඤාතා මාගධකා කුලපුත්තා භගවති බ්රහ්මචරියං චරන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “අපුත්තකතාය පටිපන්නො සමණො ගොතමො. වෙධබ්යාය පටිපන්නො සමණො ගොතමො. කුලුපච්ඡෙදාය පටිපන්නො සමණො ගොතමො. ඉදානි තෙන{1} ජටිලසහස්සං පබ්බාජිතං. ඉමානි ච අඩ්ඪතෙය්යානි පරිබ්බාජකසතානි සඤ්ජෙය්යානි{2} පබ්බාජිතානි. ඉමෙ ච අභිඤ්ඤාතා අභිඤ්ඤාතා මාගධිකා කුලපුත්තා සමණෙ ගොතමෙ බ්රහ්මචරියං චරන්තී”ති. අපිස්සු භික්ඛූ දිස්වා ඉමාය ගාථාය චොදෙන්ති:-
Sinhala BJT22. එ කල්හි මගදදනවුවැසි ඉතා ප්‍රසිද්ධ වූ කුලපුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේ වෙත බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙත්. එකල්හි මිනිස්සු “ශ්‍රමණගෞතම තෙමේ දරුවන් නැති කිරීම පිණිස පිළිපන්නේ ය. ශ්‍රමණ ගෞතමතෙමේ වැන්දඹුබව පිණිස පිළිපන්නේ ය. ශ්‍රමණ ගෞතමතෙමේ කුල නැසීම පිණිස පිළිපන්නේ ය. දැන් ඔහු විසින් දහසක් ජටිලයෝ පැවිදි කරණ ලදහ. මේ සඤ්ජය පරිව්‍රාජකයාගේ අතැවැසි වූ දෙසියපණසක් පරිව්‍රාජකයෝ පැවිදි කරණ ලදහ. ඉතා ප්‍රසිද්ධ වූ මේ මගදදනවුවැසි කුලපුත්‍රයෝ ද ශ්‍රමණ ගෞතමයා වෙත බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙත්” යි හෙළා දකිත්. ගරහත්. අගුණ පතුරුවත්. භික්‍ෂූන් දැක මේ ගාථාවෙන් චෝදනා ද කරත්:
Pali BJT“ආගතො ඛො මහාසමණො, මාගධානං ගිරිබ්බජං, සබ්බෙ සඤ්ජෙය්යකෙ නෙත්වා{3} කංසු’දානි නයිස්සතී”ති.
Sinhala BJT“මහාශ්‍රමණ තෙමේ සඤ්ජයඅතැවැසි සියල්ලන් තමන් වෙත පමුණුවා ගෙණ මගදදනවුවැස්සන්ගේ ගිරිබ්බජ නම් රජගහ නුවරට ආයේ ය. දැන් කවරකු ගෙණයන්නේ ද?
Pali BJT23. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- න, භික්ඛවෙ, සො සද්දො චිරං භවිස්සති, සත්තාහමෙව භවිස්සති, සත්තාහස්ස අච්චයෙන අන්තරධායිස්සති. තෙන හි, භික්ඛවෙ, යෙ තුම්හෙ ඉමාය ගාථාය චොදෙන්ති –
Sinhala BJT23. භික්‍ෂූහු – මෙසේ හෙළා දකින ගරහන අගුණ කියන මිනිසුන්ගේ ඒ කතාව ඇසූහ. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, ඒ කතාහඬ වැඩි කල් නො පවතින්නේ ය. සතියක් ම ඒ පවතින්නේ ය. සතිය ගෙවී යෑමෙන් පසු අතුරුදහන් වන්නේ ය. එසේ නම් මහණෙනි, යම් කෙනෙක් තොපට මේ ගාථාවෙන් චෝදනා කෙරෙත් නම් –
Pali BJT“ආගතො ඛො මහාසමණො, මාගධානං ගිරිබ්බජං, සබ්බෙ සඤ්ජෙය්යකෙ නෙත්වා කං සු’දානි නයිස්සතී”ති.
Sinhala BJT“මහාශ්‍රමණ තෙමේ සඤ්ජයඅතැවැසි සියල්ලන් තමන් වෙත පමුණුවා ගෙණ මගදදනවුවැස්සන්ගේ ගිරිබ්බජ නම් රජගහ නුවරට ආයේ ය. දැන් කවරකු ගෙණයන්නේ දැ” යි
Pali BJTතෙ තුම්හෙ ඉමාය ගාථාය පටිචොදෙථ:-
Sinhala BJT“තෙපි ද ඒ මිනිසුන්ට මේ ගාථාවෙන් පෙරළා චෝදනා කරවු” යි වදාළසේක –
Pali BJT“නයන්ති වෙ මහාවීරා සද්ධම්මෙන තථාගතා, ධම්මෙන නයමානානං කා උසූයා විජානත”න්ති.
Sinhala BJT“මහත් වීර්‍ය්‍යය ඇති තථාගතවරයෝ ඒකාන්තයෙන් හික්මවිය හැකි ජනයා සගමොක් සැපයට පමුණුවත්. එසේ ධර්‍මයෙන් පමුණුවන කල්හි තතු දන්නන්ගේ කවර දොස් පහළ කිරීමෙක් වේ දැ” යි
Pali BJTතෙන ඛො පන සමයෙන මනුස්සා භික්ඛූ දිස්වා ඉමාය ගාථාය චොදෙන්ති:-
Sinhala BJTඑකල්හි මිනිස්සු භික්‍ෂූන් දැක මේ ගාථාවෙන් චෝදනා කෙරෙත් –
Pali BJT“ආගතො ඛො මහාසමණො, මාගධානං ගිරිබ්බජං, සබ්බෙ සඤ්ජෙය්යකෙ නෙත්වා කං සු’දානි නයිස්සතී”ති.
Sinhala BJT“මහාශ්‍රමණ තෙමේ සඤ්ජයඅතවැසි සියල්ලන් තමන් වෙත පමුණුවා ගෙණ මගදදනවුවැස්සන්ගේ ගිරිබ්බජ නම් රජගහ නුවරට ආයේ ය. දැන් කවරකු ගෙණයන්නේ දැ?” යි
Pali BJTභික්ඛූ තෙ මනුස්සෙ ඉමාය ගාථාය පටිචොදෙන්ති:-
Sinhala BJTභික්‍ෂූහු ඒ මිනිසුන්ට මේ ගාථාවෙන් පෙරළා චෝදනා කරත් –
Pali BJT“නයන්ති වෙ මහාවීරා, සද්ධම්මෙන තථාගතා, ධම්මෙන නයමානානං කා උසූයා විජානත”න්ති.
Sinhala BJT“මහත් වීර්‍ය්‍යය ඇති තථාගතවරයෝ ඒකාන්තයෙන් හික්මවිය හැකි ජනයා සගමොක් සැපයට පමුණුවත්. එසේ ධර්‍මයෙන් පමුණුවන කල්හි තතු දන්නන්ගේ කවර දොස් පහළ කිරීමෙක් වේ දැ” යි
Pali BJT24. මනුස්සා “ධම්මෙන කිර සමණා සක්යපුත්තියා නෙන්ති නො අධම්මෙනා”ති සත්තාහමෙව සො සද්දො අහොසි. සත්තාහස්ස අච්චයෙන අන්තරධායි.
Sinhala BJT24. මිනිස්සු “ශ්‍රමණශාක්‍යපුත්‍රයෝ ධර්‍මයෙන් පමුණුවත් ල. අධර්‍මයෙන් නො පමුණුවත් ල” යී මෙසේ කීහ. ඒ කතාහඬ සතියක් තුළ ම පැවැත්තේ ය. සතිය ගෙවී යෑමෙන් අතුරුදහන් වි ය.
Pali BJTසාරිපුත්තමොග්ගල්ලානපබ්බජ්ජාකථා නිට්ඨිතා.
Sinhala BJTශාරීපුත්‍ර – මෞද්ගල්‍යායන ප්‍රව්‍රජ්‍යාතොමෝ නිමි.
Pali BJTචතුත්ථකභාණවාරං නිට්ඨිතං.
Sinhala BJTසිවුවන බණවර නිමි.
Pali BJT1. තෙන ඛො පන සමයෙන භික්ඛූ අනුපජ්ඣායකා{1} අනොවදියමානා අනනුසාසියමානා දුන්නිවත්ථා දුප්පාරුතා අනාකප්පසම්පන්නා පිණ්ඩාය චරන්ති. මනුස්සානං{2} භුඤ්ජමානානං උපරි භොජනෙපි උත්තිට්ඨපත්තං උපනාමෙන්ති. උපරි ඛාදනීයෙපි උත්තිට්ඨපත්තං උපනාමෙන්ති උපරි සායනීයෙපි උත්තිට්ඨපත්තං උපනාමෙන්ති, උපරි පානීයෙපි උත්තිට්ඨපත්තං උපනාමෙන්ති. සාමං සූපම්පි ඔදනම්පි විඤ්ඤාපෙත්වා භුඤ්ජන්ති. භත්තග්ගෙපි උච්චාසද්දා මහාසද්දා විහරන්ති.
Sinhala BJT1. එකල්හි භික්‍ෂූහු උපාධ්‍යායයන් නැත්තෝ අවවාද නොකරණු ලබන්නෝ අනුශාසනා නො කරණු ලබන්නෝ නො මනා සේ හැන්දෝ නො මනා සේ පෙරෙව්වෝ මහණුන්ට සුදුසු ආචාරයෙන් තොර වූවෝ පිඬු සිඟා යත්. මිනිසුන් අහර ගණිමින් සිටිය දී බොජුන් මතුයෙහි ඉඳුල් පාත්‍රය එළවත්. කෑම මතුයෙහි ඉඳුල් පාත්‍රය එළවත්. රස විඳිය යුතු අහර මතුයෙහි ඉඳුල් පාත්‍රය එළවත්. පිය යුතු දෙය මතුයෙහි ඉඳුල් පාත්‍රය එළවත්. තුමූ සූප ද බත් ද ඉල්ලා ගෙණ වළඳත්. බත් හලෙහි උස් හඬ ඇති ව මහත් හඬ ඇති ව වෙසෙත්.
Pali BJT2. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා දුන්නිවත්ථා දුප්පාරුතා අනාකප්පසම්පන්නා පිණ්ඩාය චරිස්සන්ති? මනුස්සානං භුඤ්ජමානානං, උපරි භොජනෙපි උත්තිට්ඨපත්තං උපනාමෙස්සන්ති? උපරි ඛාදනීයෙපි උත්තිට්ඨපත්තං උපනාමෙස්සන්ති? උපරි සායනීයෙපි උත්තිට්ඨපත්තං? උපනාමෙස්සන්ති? උපරි පානීයෙපි උත්තිට්ඨපත්තං උපනාමෙස්සන්ති? සාමං සූපම්පි ඔදනම්පි විඤ්ඤාපෙත්වා භුඤ්ජිස්සන්ති? භත්තග්ගෙපි උච්චාසද්දා මහාසද්දා විහරිස්සන්ති සෙය්යථාපි බ්රාහ්මණා බ්රාහ්මණභොජනෙ?”ති.
Sinhala BJT2. මිනිස්සු “කෙසේ නම් ශ්‍රමණශාක්‍යපුත්‍රයෝ නො මනා සේ ඇන්දෝ නො මනා සේ පෙරෙව්වෝ මහණුන්ට සුදුසු ආචාරයෙන් තොර වූවෝ පිඬු සිඟා හැසිරෙත් ද? මිනිසුන් අනුභව කරණවිට බොජුන් මතුයෙහි ඉඳුල් පාත්‍රය එළවත් ද? කෑම මතුයෙහි ඉඳුල් පාත්‍රය එළවත් ද? රස විදිය යුතු ආහාර මතුයෙහි ඉඳුල් පාත්‍රය එළවත් ද? පිය යුතු දෙය මතුයෙහි ඉඳුල් පාත්‍රය තබන්නෝද? තුමූ සූප ද බත් ද ඉල්ලා ගෙණ අනුභව කරත් ද? බත්හලෙහි උස් හඬ ඇති ව මහත් හඬ ඇති ව වසත් ද? බමුණු බොජුනෙහි බමුණන් මෙනැ” යි ලාමක කොට සිතත්. ගර්‍හා කෙරෙත්. හැම තැන දොස් කියත්.
Pali BJT3. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා සන්තුට්ඨා ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛූ දුන්නිවත්ථා දුප්පාරුතා අනාකප්පසම්පන්නා පිණ්ඩාය චරිස්සන්ති? මනුස්සානං භුඤ්ජමානානං උපරි භොජනෙපි උත්තිට්ඨපත්තං උපනාමෙස්සන්ති? උපරි ඛාදනීයෙපි උත්තිට්ඨපත්තං උපනාමෙස්සන්ති? උපරි සායනීයෙපි උත්තිට්ඨපත්තං උපනාමෙස්සන්ති? උපරි පානීයෙපි උත්තිට්ඨපත්තං උපනාමෙස්සන්ති? සාමං සූපම්පි ඔදනම්පි විඤ්ඤාපෙත්වා භුඤ්ජිස්සන්ති? භත්තග්ගෙපි උච්චාසද්දා මහාසද්දා විහරිස්සන්තී”?ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT3. භික්‍ෂූහු හෙළා දකින්නා වූ දොස් පහළ කරන්නා වූ ඒ මිනිසුන්ගේ කථාව ඇසුවාහු ය. ආසා රහිත වූ පවට බිය ඇති වරදෙහි කුකුස් ඇති හික්මීම කැමැති යම් ඒ භික්‍ෂූහු වෙත් ද, උන්වහන්සේලා කෙසේ නම් භික්‍ෂූහු නො මනා සේ හැඳ පෙරව මහණුන්ට සුදුසු ආචාරයෙන් තොර වූවෝ පිඬු සිඟා යත් ද? මිනිසුන් අනුභව කරණ විට බොජුන් මතුයෙහි ඉඳුල් පාත්‍රය එළවත් ද? කෑම මතුයෙහි ඉඳුල් පාත්‍රය එළවත් ද? රස විඳිය යුතු ආහාර මතුයෙහි ඉඳුල් පාත්‍රය එළවත් ද? පියයුතු දෙය මතුයෙහි ඉඳුල් පාත්‍රය එළවත් ද? තුමූ සූප ද බත් ද ඉල්ලා ගෙණ අනුභව කරත් ද? බොජුන්හලෙහි ද උස් හඬ ඇති ව මහත් හඬ ඇති ව වසත් දැ”? යි හෙළා දකිත්. ගරහත්. දොස් කියත්, ඉක්බිති ඒ භික්‍ෂූහු මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට දන්වා සිටියහ.
Pali BJT4. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූ පටිපුච්ඡි: ““සච්චං කිර භික්ඛවෙ”, භික්ඛූ දුන්නිවත්ථා දුප්පාරුතා අනාකප්පසම්පන්නා පිණ්ඩාය චරන්ති? මනුස්සානං භුඤ්ජමානානං උපරි භොජනෙපි උත්තිට්ඨපත්තං උපනාමෙන්ති? උපරිඛාදනීයෙපි උත්තිට්ඨපත්තං උපනාමෙන්ති? උපරි සායනීයෙපි උත්තිට්ඨපත්තං උපනාමෙන්ති? උපරි පානීයෙපි උත්තිට්ඨපත්තං උපනාමෙන්ති? සාමං සූපම්පි ඔදනම්පි විඤ්ඤාපෙත්වා භුඤ්ජන්ති? භත්තග්ගෙපි උච්චාසද්දා මහාසද්දා විහරන්තී?”ති.
Sinhala BJT4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි ලා මේ කාරණයෙහි ලා භික්‍ෂුසඞ්ඝයා රැස්කරවා “මහණෙනි, සැබෑද? භික්‍ෂූහු නො මනා ව හැඳ පෙරෙව මහණුන්ට සුදුසු ආචාරයෙන් තොරවූවාහු පිඬු සිඟා යත්ද? මිනිසුන් අනුභව කරණ විට බොජුන් මතුයෙහි ඉඳුල් පාත්‍රය එළවත් ද? කෑම මතුයෙහි ඉඳුල් පාත්‍රය එළවත් ද? රස විඳිය යුතු ආහාර මතුයෙහි ඉඳුල් පාත්‍රය එළවත් ද? පිය යුතු දෙය මතුයෙහි ඉඳුල් පාත්‍රය එළවත් ද? තුමූ සූප ද බත් ද ඉල්ලා ගෙණ අනුභව කරත් ද? බත්හලෙහි ද උස් හඬ ඇති ව මහත් හඬ ඇති ව වසත් දැ?’ යි භික්‍ෂූන් විචාළ සේක.
Pali BJT5. ““සච්චං භගවා””ති.{1} විගරහි බුද්ධො භගවා අනනුච්ඡවියං{2} භික්ඛවෙ තෙසං මොඝපුරිසානං අනනුලොමිකං අප්පතිරූපං අස්සාමණකං අකප්පියං අකරණීයං. කථං හි නාම තෙ භික්ඛවෙ, මොඝපුරිසා දුන්නිවත්ථා දුප්පාරුතා අනාකප්පසම්පන්නා පිණ්ඩාය චරිස්සන්ති? මනුස්සානං භුඤ්ජමානානං උපරි භොජනෙපි උත්තිට්ඨපත්තං උපනාමෙස්සන්ති? උපරි ඛාදනීයෙපි උත්තිට්ඨපත්තං උපනාමෙස්සන්ති. උපරි සායනීයෙපි උත්තිට්ඨපත්තං උපනාමෙස්සන්ති? උපරි පානීයෙපි උත්තිට්ඨපත්තං උපනාමෙස්සන්ති? සාමං සූපම්පි ඔදනම්පි විඤ්ඤාපෙත්වා භුඤ්ජිස්සන්ති? භත්තග්ගෙපි උච්චා සද්දා මහාසද්දා විහරිස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්යොභාවාය. අථ ඛ්වෙතං භික්ඛවෙ අප්පසන්නානං චෙව අප්පසාදාය, පසන්නානඤ්ච එකච්චානං අඤ්ඤථත්තායා”ති.
Sinhala BJT5. “භාග්‍යවතුන් වහන්ස, සැබෑය” යි (ඒ භික්‍ෂූහු සැළකළහ.) භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ “මහණෙනි, ඒ හිස් මිනිසුන් ගේ ක්‍රියාව නුසුදුසු ය. නො ගැළපේ නො සම ය. මහණකමට නුසුදුසු ය. අකැප වූවෙක. නො කට යුත්තෙක. මහණෙනි, නො මනා සේ ඇන්දා වූ නො මනා සේ පෙරෙව්වා වූ සුදුසු ආචාරයෙන් තොර වූ ඒ හිස් මිනිස්සු කෙසේ නම් පිඬු සිඟා හැසිරෙත් ද? මිනිසුන් අහර ගන්නා විට බොජුන් මතුයෙහි ඉඳුල් පාත්‍ර අල්ලත් ද? කෑම මතුයෙහි ඉඳුල් පාත්‍ර අල්ලත් ද? රස විඳිය යුතු දෙය මතුයෙහි ඉඳුල් පාත්‍ර අල්ලත් ද? පිය යුතු දෙය මතුයෙහි ඉඳුල් පාත්‍ර අල්ලත් ද? තුමූ ව්‍යඤ්ජන ද බත් ද ඉල්ලා ගෙණ අනුභව කරත් ද? බත්හලෙහි උස් හඬ ඇති ව මහත් හඬ ඇති ව වසත් ද? මහණෙනි, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ පැහැදුනවුන්ගේ වැඩි පැහැදීම පිණිස හෝ නො වන්නේ ය. මේ වනාහි නො පැහැදුනවුන්ගේ නො පැහැදීම පිණිස ද පැහැදුනු ඇතැමුන්ගේ වෙනස් බව පිණිස ද පවත්නේ ය” යි එයට ගර්‍හා කළ සේක.
Pali BJT6. අථ ඛො භගවා තෙ භික්ඛූ අනෙකපරියායෙන විගරහිත්වා දුභරතාය දුප්පොසතාය මහිච්ඡතාය අසන්තුට්ඨියා{3} සඞ්ගණිකාය කොසජ්ජස්ස අවණ්ණං භාසිත්වා අනෙකපරියායෙන සුභරතාය සුප්පොසතාය අප්පිච්ඡස්ස සන්තුට්ඨස්ස සල්ලෙඛස්ස ධුතස්ස පාසාදිකස්ස අපචයස්ස විරියාරම්භස්ස වණ්ණං භාසිත්වා භික්ඛූනං තදනුච්ඡවිකං තදනුලොමිකං ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJT6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන්ට නොයෙක් අයුරින් ගරහා පරිහරණයට අපහසුබැව්හි පෝෂණයට අපහසුබැව්හි මහත් ආශා ඇති බැව්හි ලද දෙයින් සතුටු නො වීමෙහි සමූහයා කෙරෙහි ඇලීමෙහි කුසීත බැව්හි අගුණ වදාරා පරිහරණයට පහසු බැව්හි පෝෂණයට පහසුබැව්හි අපිස්බැව්හි සතොස්බැව්හි කෙලෙස් ලියාහැරීමෙහි ක්ලේශකම්පනයෙහි ප්‍රසාදජනකකායකර්‍මාදියෙහි කෙලෙස් දුරු කිරීමෙහි පටන් ගත් වීර්‍ය්‍යයෙහි නොයෙක් අයුරින් ගුණ වදාරා භික්‍ෂූන්ට ඊට සුදුසු වූ ඊට අනුලොම් වූ දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතූ සේක:
Pali BJT7. අනුජානාමි, භික්ඛවෙ, උපජ්ඣායං. උපජ්ඣායො භික්ඛවෙ, සද්ධිවිහාරිකම්හි පුත්තචිත්තං උපට්ඨපෙස්සති.{4} සද්ධිවිහාරිකො උපජ්ඣායම්හි පිතුචිත්තං උපට්ඨපෙස්සති. එවං තෙ අඤ්ඤමඤ්ඤං සගාරවා සප්පතිස්සා සභාගවුත්තිනො{5} විහරන්තා ඉමස්මිං ධම්මවිනයෙ වුඩ්ඪිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සන්ති.
Sinhala BJT7. “මහණෙනි, උපාද්ධ්‍යායයකු අනුදනිමි. මහණෙනි උපාද්ධ්‍යාය තෙමේ සද්ධිවිහාරිකයා කෙරෙහි ‘මේ තෙමේ මාගේ පුතු ය’ යි සිත උපද වන්නේ ය. සද්ධිවිහාරික තෙමේ උපාද්ධ්‍යායයා කෙරෙහි “මේ තෙමේ මාගේ පියා” යි සිත උපදවන්නේ ය. මෙසේ ඔහු ගුරුන් සහිත ව පිහිට සහිත ව ගැළපෙන පැවතුම් ඇති ව වසන්නෝ මේ සසුනෙහි වැඩීමට මුල් බැස ගැන්මට මහත් බවට පැමිණෙන්නාහ.”
Pali BJT8. එවඤ්ච පන භික්ඛවෙ, උපජ්ඣායො ගහෙතබ්බො: එකංසං උත්තරාසඞ්ගං කරිත්වා පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: “උපජ්ඣායො මෙ,භන්තෙ, හොහි. උපජ්ඣායො මෙ භන්තෙ, හොහි. උපජ්ඣායො මෙ භන්තෙ, හොහී”ති. ‘සාහූ’ ති වා ‘ලහූ’ ති වා ‘ඔපායික’න්ති වා ‘පතිරූප’න්ති වා ‘පාසාදිකෙන සම්පාදෙහී’ති වා කායෙන විඤ්ඤාපෙති. වාචාය විඤ්ඤාපෙති. කායෙන වාචාය විඤ්ඤාපෙති. ගහිතො හොති උපජ්ඣායො. න කායෙන විඤ්ඤාපෙති, න වාචාය විඤ්ඤාපෙති, න කායෙන වාචාය විඤ්ඤාපෙති න ගහිතො හොති උපජ්ඣායො.
Sinhala BJT8. මහණෙනි, උපාද්ධ්‍යාය තෙමේ මෙසේ පත් කර ගත යුත්තේ ය: උතුරුසඟසිවුර එකස් කොට ගෙණ පා වැඳ උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳ ‘ස්වාමීනි, මට උපාද්ධ්‍යාය වනු මැනවි. ස්වාමීනි, මට උපාද්ධ්‍යාය වනු මැනවි. ස්වාමීනි, මට උපාද්ධ්‍යාය වනු මැනවැ’ යි මෙසේ කිය යුතු ය. උපාද්ධ්‍යාය තෙමේ ‘යහපතැ’ යි හෝ ‘පහසු’ යි හෝ ‘පිළිගත හැකි ය’ යි හෝ ‘සුදුසු’ යි හෝ ‘පහදවනසුලු කායප්‍රයෝග පිළිවෙතින් සරුවෙව’ යි හෝ කයින් විනවා ද, (හඟවා ද) වචනයෙන්, විනවා ද, කයින් හා වචනයෙන් විනවා ද, උපාද්ධ්‍යාය තෙමේ ගන්නා ලද්දේ වේ. කයින් නො විනවා ද, වචනයෙන් නො විනවා ද, කයින් හා වචනයෙන් නො විනවා ද, උපාද්ධ්‍යාය තෙමේ නො ගන්නා ලද්දේ වේ.
Pali BJT9. සද්ධිවිහාරිකෙන භික්ඛවෙ, උපජ්ඣායම්හි සම්මා වත්තිතබ්බං. තත්රායං සම්මා වත්තනා:- කාලස්සෙව වුට්ඨාය උපාහනා ඔමුඤ්චිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා දන්තකට්ඨං දාතබ්බං. මුඛොදකං දාතබ්බං. ආසනං පඤ්ඤාපෙතබ්බං සචෙ යාගු හොති, භාජනං ධොවිත්වා යාගු උපනාමෙතබ්බා. යාගුං පීතස්ස{1} උදකං දත්වා භාජනං පටිග්ගහෙත්වා නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන{2} ධොවිත්වා පටිසාමෙතබ්බං.
Sinhala BJT9. මහණෙනි, සද්ධිවිහාරිකයා විසින් උපාද්ධ්‍යායයා කෙරෙහි මනා කොට පැවැතිය යුතු ය. එහි මේ මනා කොට පැවැත්ම ය: උදය කලින් ම නැගිට වහන් මුදා උතුරුසඟසිවුර එකස් කොට දැහැටි දිය යුතු ය. මුව දෝනා දිය දිය යුතු ය. අසුන් පැණවිය යුතු ය. ඉදින් කැඳ තිබේ නම්, බඳුන සෝදා කැඳ එළවිය යුතු ය. කැඳ වළඳා අවසන් කොට සිටියහුට දිය පිළිගන්වා බඳුන ගෙණ පාත් කොට නො ගටමින් මැනැවින් සෝදා තැන්පත් කොට තැබිය යුතු ය.
Pali BJT10. “උපජ්ඣායම්හි වුට්ඨිතෙ, ආසනං උද්ධරිතබ්බං. සචෙ සො දෙසො උක්ලාපො, හොති සො දෙසො සම්මජ්ජිතබ්බො.” සචෙ උපජ්ඣායො ගාමං පවිසිතුකාමො හොති, නිවාසනං දාතබ්බං. පටිනිවාසනං පටිග්ගහෙතබ්බං. කායබන්ධනං දාතබ්බං. සගුණං කත්වා සඞ්ඝාටියො දාතබ්බා: ධොවිත්වා පත්තො සඋදකො දාතබ්බො. සචෙ උපජ්ඣායො පච්ඡාසමණං ආකඞ්ඛති, තිමණ්ඩලං පටිච්ඡාදෙන්තෙන පරිමණ්ඩලං නිවාසෙත්වා කායබන්ධනං බන්ධිත්වා සගුණං කත්වා සඞ්ඝාටියො පාරුපිත්වා ගණ්ඨිකං පටිමුඤ්චිත්වා ධොවිත්වා පත්තං ගහෙත්වා උපජ්ඣායස්ස පච්ඡාසමණෙන හොතබ්බං. නාතිදූරෙ ගන්තබ්බං. නාච්චාසන්නෙ ගන්තබ්බං. පත්තපරියාපන්නං පටිග්ගහෙතබ්බං.”
Sinhala BJT10. උපාද්ධ්‍යායයා නැගී සිටි කල්හි අසුන ඔසොවා තැබිය යුතු ය. එ දෙස කසළ සහිත වේ නම් හැමදිය යුතු ය. උපාද්ධ්‍යාය තෙමේ ගමට යනු කැමැත්තේ නම් අඳනය දිය යුතු ය. ඇඳ තුබූ අඳනය තමන් පිළිගත යුතු ය. කාබාන (පටිය) දිය යුතු ය. දෙගුණ කොට සඟළ සිවුර දිය යුතුය. සෝදා දිය සහිත පාත්‍රය දිය යුතු ය. උපාධ්‍යාය තෙමේ පසු මහණෙකු කැමැත්තේ නම්, තෙමඬුලු වසා පිරිමඬුලු කොට හැඳ පටිය බැඳ දෙගුණ කොට සඟල සිවුර පොරොවා ගණ්ඨිය අවුණා පාත්‍රය සෝදා ගෙණ උපාද්ධ්‍යායයාහට පසුව යන මහණහු විය යුතු ය. වැඩිදුරින් නො යා යුතු ය. වැඩි ලඟින් නො යා යුතු ය. පාත්‍රයෙහි වූ දෙයක් පිළිගත යුතු ය.
Pali BJT11. “න උපජ්ඣායස්ස භණමානස්ස අන්තරන්තරා කථා ඔපාතෙතබ්බා. උපජ්ඣායො ආපත්තිසාමන්තා භණමානො නිවාරෙතබ්බො. “නිවත්තන්තෙන පඨමතරං ආගන්ත්වා ආසනං පඤ්ඤාපෙතබ්බං. පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික්ඛිපිතබ්බං. පච්චුග්ගන්ත්වා පත්තචීවරං පටිග්ගහෙතබ්බං. පටිනිවාසනං දාතබ්බං. නිවාසනං පටිග්ගහෙතබ්බං. සචෙ චීවරං සින්නං හොති, මුහුත්තං උණ්හෙ ඔතාපෙතබ්බං. න ච උණ්හෙ චීවරං නිඩ්ඩහිතබ්බං.{3} චීවරං සඞ්ඝරිතබ්බං. චීවරං සඞ්ඝරන්තෙන චතුරඞ්ගුලං කණ්ණං උස්සාදෙත්වා චීවරං සඞ්ඝරිතබ්බං. ‘මා මජ්ඣෙ භඞ්ගො අහොසී’ති. ඔභොගෙ කායබන්ධනං කාතබ්බං.”
Sinhala BJT11. උපාද්ධ්‍යායයා කතා කරමින් සිටිය දී අතරතුර කතා නො දැමිය යුතු ය. උපාද්ධ්‍යාය තෙමේ ඇවැත් විය හැකි තරම් වූ වදන් කියන්නේ නම් වැළක්විය යුතු ය. පිඬු සිඟා පෙරළා එන්නහු විසින් පළමු කොට අවුත් අසුන් පැණවිය යුතු ය. පා දෝනා දිය පාපුටුව නො සේදු පා තබන පුවරුව එළවිය යුතු ය. ඉදිරියට ගොස් පාසිවුරු පිළිගත යුතු ය. ඇඳ තුබූ අඳනය දිය යුතු ය. (පිඬු සිඟා යනකල ඇඳි) අඳනය පිළිගත යුතු ය. ඉදින් සිවුර තෙත් නම් මොහොතක් උෂ්ණයෙහි ලා වියලිය යුතු ය. සිවුර උෂ්ණයෙහි (වැඩියක්) නො දැවිය යුතු ය. සිවුර නැමිය යුතු ය. සිවුර නමන්නහු විසින් සතරඟුලක් පමණ සිවුරුකොණ උස් කොට ‘මැද නො බිඳේවා’ යි (සලකා) නැමිය යුතු ය. නැමූ සිවුරේ කාබහන තැබිය යුතු ය.
Pali BJT12. “සචෙ පිණ්ඩපාතො හොති, උපජ්ඣායො ච භුඤ්ජිතුකාමො හොති, උදකං දත්වා පිණ්ඩපාතො උපනාමෙතබ්බො. උපජ්ඣායො පානීයෙන පුච්ඡිතබ්බො. භුත්තාවිස්ස උදකං දත්වා පත්තං පටිග්ගහෙත්වා නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන ධොවිත්වා වොදකං කත්වා මුහුත්තං උණ්හෙ ඔතාපෙතබ්බො. න ච උණ්හෙ පත්තො නිඩ්ඩහිතබ්බො. පත්තචීවරං නික්ඛිපිතබ්බං. පත්තං නික්ඛිපන්තෙන එකෙන හත්ථෙන පත්තං ගහෙත්වා එකෙන හත්ථෙන හෙට්ඨා මඤ්චං වා හෙට්ඨා පීඨං වා පරාමසිත්වා පත්තො නික්ඛිපිතබ්බො. න ච අනන්තරහිතාය භූමියා පත්තො නික්ඛිපිතබ්බො. චීවරං නික්ඛිපන්තෙන එකෙන හත්ථෙන චීවරං ගහෙත්වා එකෙන හත්ථෙන චීවරවංසං වා චීවරරජ්ජුං වා පමජ්ජිත්වා පාරතො අන්තං ඔරතො භොගං කත්වා චීවරං නික්ඛිපිතබ්බං.”
Sinhala BJT12. ඉදින් පිණ්ඩපාතය වේ ද, උපාද්ධ්‍යායතෙමේත් වළඳනු කැමැති වේ නම්, දිය පිළිගන්වා පිණ්ඩපාතය එළවිය යුතු ය. උපාද්ධ්‍යාය තෙමේ පැනින් පිළිවිසිය යුතු ය. වළඳා අවසන් කළහුට දිය පිළිගන්වා පාත්‍රය පිළිගෙණ පාත් කොට නො ගටමින් මනා කොට සෝදා දිය පිස ලා මොහොතක් උෂ්ණයෙහි තැබිය යුතු ය. පාත්‍රය උෂ්ණයෙහි ලා වැඩියක් නො දැවිය යුතු ය. පාසිවුරු බහා තැබිය යුතු ය. පාත්‍රය බහා තබන්නහු විසින් එක් අතකින් පාත්‍රය ගෙණ එක් අතකින් ඇඳ යට හෝ පුටුව යට හෝ අත ගා බැලිය යුතු ය. කිසිවක් නො අතුළ බිම් පාත්‍රය බහා නො තැබිය යුතු ය. සිවුර බහා තබන්නහු විසින් එක් අතකින් සිවුර ගෙණ එක් අතකින් සිවුරු ලන උණදඬුව හෝ සිවුරු ලන රැහැණ හෝ පිරිමැද පිරිසිදු කොට නුවාව එහාට හා දරණය මෑතට නමා සිවුර බහා තැබිය යුතු ය.
Pali BJT13. උපජ්ඣායම්හි වුට්ඨිතෙ ආසනං උද්ධරිතබ්බං. පාදොදකං පාදපීඨං පාදකඨලිකං පටිසාමෙතබ්බං. සචෙ සො දෙසො උක්ලාපො හොති, සො දෙසො සම්මජ්ජිතබ්බො. සචෙ උපජ්ඣායො නහායිතුකාමො හොති, නහානං පටියාදෙතබ්බං. සචෙ සීතෙන අත්ථො හොති, සීතං පටියාදෙතබ්බං. සචෙ උණ්හෙන අත්ථො හොති, උණ්හං පටියාදෙතබ්බං.
Sinhala BJT13. උපාද්ධ්‍යායයා නැඟී සිටි කල්හි ආසනය ඔසොවා තැබිය යුතු ය. පා දෝනා දිය ද පා පුටුව හා නො සේදූ පා තබන පුවරුව ද තැන්පත් කොට තැබිය යුතු ය. ඉදින් එදෙස කසළ සහිත වේ නම්, හැමැන්ද යුතු ය. ඉදින් උපාධ්‍යායතෙමේ නහනු කැමැත්තේ නම්, නහනු පිළියෙල කළ යුතු ය. සිහිල්දියෙන් ප්‍රයෝජන වේ නම්, සිහිල්දිය පිළියෙල කළ යුතු ය. උණුදියෙන් ප්‍රයෝජන වේ නම් උණුදිය පිළියෙල කළ යුතු ය.
Pali BJT14. සචෙ උපජ්ඣායො ජන්තාඝරං පවිසිතුකාමො හොති, චුණ්ණං සන්නෙතබ්බං, මත්තිකා තෙමෙතබ්බා, ජන්තාඝරපීඨං ආදාය උපජ්ඣායස්ස පිට්ඨිතො ගන්ත්වා ජන්තාඝරපීඨං දත්වා චීවරං පටිග්ගහෙත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. චුණ්ණං දාතබ්බං. මත්තිකා දාතබ්බා. සචෙ උස්සහති ජන්තාඝරං පවිසිතබ්බං. ජන්තාඝරං පවිසන්තෙන මත්තිකාය මුඛං මක්ඛෙත්වා පුරතො ච පච්ඡතො ච පටිච්ඡාදෙත්වා ජන්තාඝරං පවිසිතබ්බං. න ථෙරෙ භික්ඛූ අනුපඛජ්ජ නිසීදිතබ්බං. න නවා භික්ඛූ ආසනෙන පටිබාහෙතබ්බා. ජන්තාඝරෙ උපජ්ඣායස්ස පරිකම්මං කාතබ්බං. ජන්තාඝරා නික්ඛමන්තෙන ජන්තාඝරපීඨං ආදාය පුරතො ච පච්ඡතො ච පටිච්ඡාදෙත්වා ජන්තාඝරා නික්ඛමිතබ්බං.
Sinhala BJT14. ඉදින් උපාද්ධ්‍යායතෙමේ (හුමාලයෙන් නාන) ගිනිහල් ගෙට පිවිසෙනු කැමැත්තේ වේ ද, නහනසුණු දියෙන් තෙමා පිඬු කළ යුතු ය. නහනමැටි තේමිය යුතු ය. ගිනිහල්ගෙයි පුටුව ගෙණ උපාධ්‍යායයන් වහන්සේගේ පිටිපසින් ගොස් ගිනිහල්ගෙයි පුටුව දී සිවුර පිළිගෙණ පසෙක බහා තැබිය යුතු ය. නහනසුණු දිය යුතු ය. නහනමැටි තේමිය යුතු ය. හැක්කේ නම් ගිනිහල්ගෙට යා යුතු ය. ගිනිහල් ගෙට යන්නහු විසින් නහනමැටියෙන් මුහුණ තවරා ඉදිරිපසින් හා පසු පසින් ද සිරුර වසා ගෙණ ගිනිහල් මගට පිවිසිය යුතු ය. ස්ථවිරභික්‍ෂූන් ගටා නො හිඳිය යුතු ය. නවක භික්‍ෂූන් අසුනෙන් බැහැර නො කළ යුතු ය. ගිනිහල් ගෙයි උපාධ්‍යායයාගේ (ඇඟ ඉළීම් ආදි) වත් කළ යුතු ය. ගිනිහල්ගෙයින් නික්මෙන්නහු විසින් ගිනිහල්ගෙයි පුටුව ගෙණ ඉදිරි පසින් හා පසුපසින් ද සිරුර වසා ගෙණ ගිනිහල්ගෙයින් නික්මිය යුතු ය.
Pali BJT15. “උදකෙපි උපජ්ඣායස්ස පරිකම්මං කාතබ්බං. නහාතෙන පඨමතරං උත්තරිත්වා අත්තනො ගත්තං වොදකං කත්වා නිවාසෙත්වා උපජ්ඣායස්ස ගත්තතො උදකං පමජ්ජිතබ්බං. නිවාසනං දාතබ්බං. සඞ්ඝාටි දාතබ්බා. ජන්තාඝරපීඨං ආදාය පඨමතරං ආගන්ත්වා ආසනං පඤ්ඤාපෙතබ්බං. පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික්ඛිපිතබ්බං. උපජ්ඣායො පානීයෙන පුච්ඡිතබ්බො. සචෙ උද්දිසාපෙතුකාමො හොති, උද්දිසිතබ්බො. සචෙ පරිපුච්ඡිතුකාමො හොති, පරිපුච්ඡිතබ්බො.
Sinhala BJT15. දියෙහි දී ද උපාද්ධ්‍යායයාගේ (ඇඟ ඉලීම් ආදි) වත් කළ යුතු ය. නා අවසන් කළහු විසින් පළමු කොට ගොඩ නැගී තමාගේ සිරුරෙහි දිය පිස දමා හැඳ පොරොවා ගෙණ උපාධ්‍යායයාගේ සිරුරෙහි දිය පිස දැමිය යුතු ය. අඳනය දිය යුතු ය. සඞ්ඝාටිය දිය යුතු ය. ගිනිහල්ගෙයි හිඳිනා පුටුව ගෙණ පළමු කොට අවුත් අසුනක් පැණවිය යුතු ය. පා දෝනා දිය ද පාපුටුව ද නො සේදු පා තබන පුවරුව ද එළවා තැබිය යුතු ය. උපාද්ධ්‍යායතෙමේ පැනින් පිළිවිසිය යුතු ය. ඉදින් උදෙසවා ගණු කැමැත්තේ නම් උදෙසවා ගත යුතු ය. ඉදින් අරුත් කියවා ගණු කැමැත්තේ නම් අරුත් කියවා ගත යුතු ය.
Pali BJT16. යස්මිං විහාරෙ උපජ්ඣායො විහරති, සචෙ සො විහාරො උක්ලාපො හොති, සචෙ උස්සහති, සොධෙතබ්බො. විහාරං සොධෙන්තෙන පඨමං පත්තචීවරං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. නිසීදනපච්චත්ථරණං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. භිසිබිම්බොහනං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. මඤ්චො නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන අසංඝට්ටෙන්තෙන කවාටපිට්ඨං{1} නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බො. පීඨං නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන, අසංඝට්ටන්තෙන කවාටපිට්ඨං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. මඤ්චපටිපාදකා නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බා.
Sinhala BJT16. උපාද්ධ්‍යායතෙමේ යම් වෙහෙරක වෙසේ නම්, ඒ වෙහෙර කසළ සහිත නම්, පිරිසිදු කිරීමෙහි පොහොසත් නම්, පිරිසිදු කළ යුතු ය. වෙහෙර පිරිසිදු කරන්නහු විසින් පළමු කොට පාසිවුරු බැහැරට ගෙණ පසෙක තැබිය යුතු ය. හිඳිනාකඩ හා පසතුරුණ බැහැරට ගෙණ තැබිය යුතු ය. ගුදිරිය හා කොට්ටය බැහැරට ගෙණ පසෙක තැබිය යුතු ය. ඇඳ පාත් කොට බිම නො උළා දොරබාව නො ගටා බැහැරට ගෙණ පසෙක මනාව තැබිය යුතු ය. පුටුව පාත් කොට බිම නො උළා දොරබාව නො ගටා බැහැර කොට පසෙක මනා ව තැබිය යුතු ය. ඇඳපාඅළු බැහැර කොට පසෙක තැබිය යුතු ය.
Pali BJT17. ඛෙළමල්ලකො නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බො. අපස්සෙනඵලකං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. භුම්මත්ථරණං යථාපඤ්ඤත්තං සල්ලක්ඛෙත්වා නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. සචෙ විහාරෙ සන්තානකං හොති, උල්ලොකා පඨමං ඔහාරෙතබ්බං. ආලොකසන්ධිකණ්ණභාගා පමජ්ජිතබ්බා. සචෙ ගෙරුකපරිකම්මකතා භිත්ති කණ්ණකිතා හොති, චොළකං තෙමෙත්වා පීළෙත්වා පමජ්ජිතබ්බා. සචෙ කාළවණ්ණකතා භූමි කණ්ණකිතා හොති, චොළකං තෙමෙත්වා පීළෙත්වා පමජ්ජිතබ්බා. සචෙ අකතා හොති, භූමි උදකෙන පරිප්ඵොසෙත්වා සම්මජ්ජිතබ්බා: “මා විහාරො රජෙන ඌහඤ්ඤී”ති.
Sinhala BJT17. කෙළමලාව බැහැර කොට පසෙක තැබිය යුතු ය. වැතිර හිඳිනා පුවරුව බැහැර කොට පසෙක තැබිය යුතු ය. බුමුතුරුණ පණවාතුබූ සැටි සලකා බලා බැහැර කොට පසෙක තැබිය යුතු ය. වෙහෙරෙහි මකුණු දැල් වේ නම් පළමු කොට උඩ පටන් ඉවත් කළ යුතු ය. ඇතුළත පිටත ජනෙල්කවුළු හා කාමරයෙහි මුළු සතර පිස දැමිය යුතු ය. ගුරුයෙන් පිරියම් කළ බිත්තිය හටගත් පුස් ඇත් නම් රෙදිකඩක් තෙමා මඳක් මිරිකා පිස දැමිය යුතු ය. කළුපැහැ කළ බිම හටගත් පුස් ඇත් නම් රෙදි කඩක් තෙමා මඳක් මිරිකා පිස දැමිය යුතු ය. බිම පිරියම් නො කරණ ලද නම්, “වෙහෙර දූවිල්ලෙන් කිලිටි නො වේවා”යි දිය ඉස පිස දැමිය යුතු ය.
Pali BJT18. සඞ්කාරං විචිනිත්වා එකමන්තං ඡඩ්ඩෙතබ්බං. භුම්මත්ථරණං ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා අතිහරිත්වා යථාපඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බං. මඤ්චපටිපාදකා ඔතාපෙත්වා පමජ්ජිත්වා අතිහරිත්වා යථාට්ඨානෙ ඨපෙතබ්බා. මඤ්චො ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන අසංඝට්ටන්තෙන කවාටපිට්ඨං අතිහරිත්වා යථාපඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බො. පීඨං ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන අසංඝට්ටන්තෙන කවාටපිට්ඨං අතිහරිත්වා යථාපඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බං භිසිබිම්බොහනං ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා අතිහරිත්වා යථාපඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බං. නිසීදනපච්චත්ථරණං ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා අතිහරිත්වා යථාපඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බං ඛෙළමල්ලකො ඔතාපෙත්වා පමජ්ජිත්වා අතිහරිත්වා යථාට්ඨානෙ ඨපෙතබ්බො. අපස්සෙනඵලකං ඔතාපෙත්වා පමජ්ජිත්වා අතිහරිත්වා යථාට්ඨානෙ ඨපෙතබ්බං.
Sinhala BJT18. කසළ එකතු කොට එකත්පසෙක හළ යුතු ය. බුමුතුරුණ වියලා පිරිසිදු කොට ගසා දමා ගෙණවුත් පණවා තුබූ ලෙසට පැණවිය යුතු ය. ඇඳපාඅළු වියලා පිරිමැද ගෙණවුත් තුබූ තැන තැබිය යුතු ය. ඇඳ වියලා පිරිසිදු කොට ගසා දමා පාත් කොට බිම නො උළන්නහු විසින් දොරබා නො හප්පා ගෙණවුත් පණවා තුබූ ලෙසට මනා කොට පැණවිය යුතු ය. පුටුව වියලා පිරිසිදු කොට ගසා දමා පාත් කොට බිම නො ගටා දොරබා නො හපා ගෙණවුත් පණවා තුබූ පරිදි පැණවිය යුතු ය. ගුදිරිය හා කොට්ටය වියලා පිරිසිදු කොට ගසා දමා ගෙණවුත් පණවා තුබූ පරිදි පැණවිය යුතු ය. හිඳිනාකඩ හා පසතුරුණ වියලා පිරිසිදු කොට ගසා දමා ගෙණවුත් පණවා තුබූ පරිදි පැණවිය යුතු ය. පඩික්කම සෝදා වියලා පිරිමැද ගෙණවුත් තුබූ තැන තැබිය යුතු ය. වැතිර හිඳිනා පුවරුව වියලා පිරිමැද ගෙණවුත් තුබූ තැන තැබිය යුතු ය.
Pali BJT19. පත්තචීවරං නික්ඛිපිතබ්බං. පත්තං නික්ඛිපන්තෙන එකෙන හත්ථෙන පත්තං ගහෙත්වා එකෙන හත්ථෙන හෙට්ඨා මඤ්චං වා හෙට්ඨා පීඨං වා පරාමසිත්වා පත්තො නික්ඛිපිතබ්බො. න ච අනන්තරහිතාය භූමියා පත්තො නික්ඛිපිතබ්බො. චීවරං නික්ඛිපන්තෙන එකෙන හත්ථෙන චීවරං ගහෙත්වා එකෙන හත්ථෙන චීවරවංසං වා චීවරරජ්ජුං වා පමජ්ජිත්වා පාරතො අන්තං ඔරතො භොගං කත්වා චීවරං නික්ඛිපිතබ්බං.
Sinhala BJT19. පාසිවුරු බහා තැබිය යුතු ය. පාත්‍රය තබන්නහු විසින් එක් අතකින් පාත්‍රය ගෙණ එක් අතකින් ඇඳ යට හෝ පුටුව යට හෝ අත ගා පාත්‍රය තැබිය යුතු ය. කිසිවක් නො අතුළ බිම පාත්‍රය නො තැබිය යුතු ය. සිවුර බහා තබන්නහු විසින් එක් අතකින් සිවුර ගෙණ එක් අතකින් සිවුර ලන උණදඬුව හෝ රැහැණ හෝ පිරිමැද නුවාව එහාට හා දරණය මෙහාට තබා සිවුර දැමිය යුතු ය.
Pali BJT20. සචෙ පුරත්ථිමා සරජා වාතා වායන්ති, පුරත්ථිමා වාතපානා ථකෙතබ්බා. සචෙ පච්ඡිමා සරජා වාතා වායන්ති, පච්ඡිමා වාතපානා ථකෙතබ්බා. සචෙ උත්තරා සරජා වාතා වායන්ති, උත්තරා වාතපානා ථකෙතබ්බා. සචෙ දක්ඛිණා සරජා වාතා වායන්ති, දක්ඛිණා වාතපානා ථකෙතබ්බා. සචෙ සීතකාලො හොති, දිවා වාතපානා විවරිතබ්බා. රත්තිං ථකෙතබ්බා. සචෙ උණ්හකාලො හොති, දිවා වාතපානා ථකෙතබ්බා. රත්තිං විවරිතබ්බා.
Sinhala BJT20. ඉදින් පෙරදිගින් නැඟ එන දූලි සහිත වූ වාතයෝ හමත් නම්, පෙරදිග කවුළුදොර වැසිය යුතු ය. බස්නාහිරින් නැඟ එන වාතයෝ දූලි සහිත ව හමත් නම්, බස්නාහිර කවුළුදොර වැසිය යුතු ය. උතුරුදිග හටගත් වාතයෝ දූලි සහිත ව හමත් නම්, උතුරුදිග කවුළු දොර වැසිය යුතු ය. දකුණුදිග හටගත් දූලි සහිත වූ වාතයෝ හමත් නම්, දකුණුදිග කවුළුදොර වැසිය යුතු ය. සීතකාලය වේ නම්, දහවල කවුළුදොර ඇර තැබිය යුතු ය. රාත්‍රියෙහි වැසිය යුතු ය. උෂ්ණකාලය වේ නම්, දහවල කවුළුදොර වැසිය යුතු ය. රාත්‍රියෙහි ඇර තැබිය යුතු ය.