Mahāvagga

Great Division

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2701-2799 න් 2799

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT109. තෙසං හි නාම භික්ඛවෙ, රාජූනං ආදින්නදණ්ඩානං ආදින්නසත්ථානං එවරූපං ඛන්තිසොරච්චං භවිස්සති. ඉධ ඛො පන තං භික්ඛවෙ, සොභෙථ “යං තුම්හෙ එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ පබ්බජිතා සමානා ඛමා ච භවෙය්යාථ සොරතා චා”ති.
Sinhala BJT109. මහණෙනි, දඬු ගත් අවි ගත් ඒ රජුන්ගේත් මෙබඳු වූ ඉවසීමෙක් හා සුරත බවෙක් වන්නේ ය. මහණෙනි, තෙපි මනා කොට දෙසූ මෙබඳු සසුන්හි පැවිදි වූවහු කමා ඇත්තෝ සුරත වූවෝ වහු නම්, ඒ තෙපි මේ සස්න හොබවන්නහු ය යි වදාළසේක.
Pali BJT110. තතියම්පි ඛො භගවා තෙ භික්ඛූ එතදවොච: “අලං භික්ඛවෙ, මා භණ්ඩනං. මා කලහං. මා විග්ගහං. මා විවාද”න්ති.
Sinhala BJT110. තෙවනු ද භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන්ට “මහණෙනි, වැඩෙක් නැත. ඩබර නො කරවු. කලහ නො කරවු. විග්‍රහ නො කරවු. විවාද නො කරවු”යි වදාළහ.
Pali BJT111. තතියම්පි ඛො සො අධම්මවාදී භික්ඛු භගවන්තං එතදවොච: “ආගමෙතු භන්තෙ, භගවා ධම්මස්සාමි. අප්පොස්සුක්කො භන්තෙ, භගවා දිට්ඨධම්මසුඛ විහාරමනුයුත්තො විහරතු. මයමෙතෙන භණ්ඩනෙන කලහෙන විග්ගහෙන විවාදෙන පඤ්ඤායිස්සාමා”ති.
Sinhala BJT111. තෙවනු ද ඒ අධර්‍මවාදී මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, ධර්‍මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ ඉවසා වදාරණ සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ උත්සාහ රහිත ව සමවත් සුවවිහරණයෙහි යෙදී වෙසෙන සේක්වා. අපි මේ ඩබරයෙන් කලහයෙන් විග්‍රහයෙන් විවාදයෙන් ප්‍රසිද්ධ වන්නෙමු”යි කීයේ ය.
Pali BJT112. අථ ඛො භගවා “පරියාදින්නරූපා ඛො ඉමෙ මොඝපුරිසා. නයිමෙ සුකරා සඤ්ඤාපෙතු”න්ති – උට්ඨායාසනා පක්කාමි.
Sinhala BJT112. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “මේ හිස් පුරුෂයෝ විනාශයට ලංව සිටියාහ. මොහු (කරුණු) හඟවන්නට පහසු වූවෝ නො වෙති. (මොවුන් සන්හිඳුවීම පහසු නො වේ.) යි හුනස්නෙන් නැගිට වැඩි සේක.
Pali BJTදීඝාවුභාණවාරො නිට්ඨිතො පඨමො.
Sinhala BJTපළමු දීඝාවු බණවර නිමියේ ය.
Pali BJT1. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය කොසම්බිං පිණ්ඩාය පාවිසි. කොසම්බියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරං ආදාය සඞ්ඝමජ්ඣෙ ඨිතකොව ඉමා ගාථායො අභාසි:
Sinhala BJT1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පොරොවා පාසිවුරු ගෙණ පිඬු පිණිස කොසඹෑ නුවරට පිවිසිසේක. කොසඹෑනුවර පිඬු පිණිස හැසිර පස්වරු පිණ්ඩපාතයෙන් හැරී ආ සේක් සෙනසුන් තැන්පත් කොට පා සිවුරු ගෙණ සඟමැද සිටිසේක් ම මේ ගාථාවන් වදාළසේක:
Pali BJT2. පුථුසද්දො සමජනො න බාලො කොචි මඤ්ඤථ, සඞ්ඝස්මිං භිජ්ජමානස්මිං, නාඤ්ඤං භිය්යො අමඤ්ඤරුං.
Sinhala BJT2. මේ එක සමාන (කලහකාරී) ජන තෙමේ මහහඬ ඇත්තේ ය. (පණ්ඩිතමානී වූ) ඔවුනතුරෙන් කිසිවෙක් “මම අඥ වෙමි” යි නො සිතී ය. තව ද, සඞ්ඝයා බිඳෙන කල්හි අනෙක් එකෙක් වත් (= “මා නිසා සඞ්ඝයා බිඳේ ය”යි මේ කරුණ) නො සිතී ය.
Pali BJT3. පරිමුට්ඨා පණ්ඩිතාභාසා වාචාගොචරභාණිනො, යාවිච්ඡන්ති මුඛායාමං{1} යෙන නීතා න තං විදූ.
Sinhala BJT3. මුළාසිහි ඇති පණ්ඩිතම්මන්‍ය වූ වචන ම ගෝචර කොට ඇත්තාහු හැකි තාක් මුව අයා (නො නවත්වා) බණනසුලු වෙත් මැයි. (ඔහු) යම් කලහයකින් නීර්‍ලජ්ජභාවයට පමුණුවන ලද්දාහු ද, එය (මෙබඳු දොස් සහිත ය යි) නො දත්හ.
Pali BJT4. අක්කොච්ඡි මං අවධි මං අජිනි මං අහාසි මෙ, යෙ තං{2} උපනය්හන්ති, වෙරං තෙසං න සම්මති.
Sinhala BJT4. “මට ජාත්‍යාදියෙන් ගටා බැන්නේ ය. මා පහළේ ය. මා දිනී ය. මා සතු වස්තුව, පැහැර ගත්තේ ය”යි යම් ගිහි පැවිදි කෙනෙක් ඒ වෛරය සිත බඳිත් ද, ඔවුන්ගේ වෛරය නො සන්සිඳේ.
Pali BJT5. අක්කොච්ඡි මං අවධි මං අජිනි මං අහාසි මෙ, යෙ තං නුපනය්හන්ති වෙරං තෙසූපසම්මති.
Sinhala BJT5. “මට ජාත්‍යාදියෙන් ගටා බැන්නේ ය. මා පහළේ ය. මා දිනී ය. මා සතු දෙය පැහැර ගත්තේ ය”යි යම් ගිහි පැවිදි කෙනෙක් ඒ වෛරය සිත නො බඳිත් ද, ඔවුන්ගේ වෛරය සන්සිඳේ.
Pali BJT6. න හි වෙරෙන වෙරානි සම්මන්තීධ කුදාචනං, අවෙරෙන ච සම්මන්ති එස ධම්මො සනන්තනො.
Sinhala BJT6. මේ සත්ත්‍වලෝකයෙහි කිසි කලකෙත් වෛරයෝ වෛරයෙන් නො සන්සිඳෙත්. අවෛරයෙන් (මෛත්‍රියෙන්) ම සන්සිඳෙත්. අවෛරයෙන් වෛරය සන්සිඳෙයි යන මේ ධර්‍මය පැරණි දහමෙකි.
Pali BJT7. පරෙ ච න විජානන්ති මයමෙත්ථ යමාමසෙ, යෙ ච තත්ථ විජානන්ති තතො සම්මන්ති මෙධගා.
Sinhala BJT7. (පණ්ඩිතයන් හැර) අන්‍ය වූ කලහකාරකජනයෝ මෙහි (සඟමැද) කලහ කරන්නෝ “අපි නැසෙමු (මරු වෙත යමු)” යි නො දනිත්. ඔවුන් අතුරෙහි යම් කෙනෙක් එය දනිත් ද, එයින් කලහයෝ සන්සිඳෙත්.
Pali BJT8. අට්ඨිච්ඡින්නා{3} පාණහරා ගවාස්සධනහාරිනො, රට්ඨං විලුම්පමානානං තෙසම්පි හොති සඞ්ගති. කස්මා තුම්හාක නො සියා?
Sinhala BJT8. (යම්කෙනෙකුන්ගේ මවුපියන්ගේ) ඇට සිඳින ලද ද, (යම් කෙනෙක්) ප්‍රාණය පැහැර ගණිත් (=දිවි තොර කෙරෙත්) ද, ගව - අශ්ව - ධනයන් පැහැර ගන්නා සුලු වෙත් ද, (එබඳු වූ) රට වොලෝ ගන්නා වූ ඒ රජුන්ගේ ද සමගිය වේ. කුමක් හෙයින් තොපගේ සමගිය නො වන්නේ ද?
Pali BJT9. සචෙ ලභෙථ නිපකං සහායං සද්ධිං චරං සාධු විහාරි ධීරං අභිභුය්ය සබ්බානි පරිස්සයානි චරෙය්ය තෙනත්තමනො සතීමා.
Sinhala BJT9. ස්ථානෝචිතප්‍රඥා ඇති සමග හැසිරීමට සුදුසු වූ මනා විහරණ ඇති නුවණැති යහළුවකු ලබන්නේ නම්, ප්‍රකට අප්‍රකට හැම උවදුරු මැඩ ඔහු සමග සතුටු සිත් ඇත්තේ සිහි ඇත්තේ හැසිරෙන්නේ ය.
Pali BJT10.නො චෙ ලභෙථ නිපකං සහායං සද්ධිං චරං සාධු විහාරි ධීරං, රාජාව රට්ඨං විජිතං පහාය එකො චරෙ මාතඞ්ගරඤ්ඤෙව නාගො.
Sinhala BJT10. ස්ථානෝචිතප්‍රඥා ඇති සමග හැසිරීමට සුදුසු වූ මනා විහරණ ඇති ධෘතිසම්පන්න වූ යහළුවකු නො ලබන්නේ නම්, දිනූ රට හැර ගියා වූ (මහාජනක අරින්‍දමාදී) රජුන් මෙන් ද වනයෙහි (=සීලව හෝ පාරිලෙය්‍යක) ශ්‍රේෂ්ඨහස්තියා මෙන් ද එකලා ව හැසිරෙන්නේ ය.
Pali BJT11. එකස්ස චරිතං සෙය්යො නත්ථි බාලෙ සහායතා, එකො චරෙ න ච පාපානි කයිරා අප්පොස්සුක්කො මාතඞ්ගරඤ්ඤෙව නාගොති.
Sinhala BJT11. එකලා වූ වහුගේ හැසිරීම උතුම් ය. අඥයා කෙරෙහි යහළුබවෙක් නැත. වනයෙහි ශ්‍රේෂ්ඨ හස්තියා මෙන් (ගණයා සමග එක් වීමේ) උත්සාහ රහිත ව එකලා ව හැසිරෙන්නේ ය. පව් නො කරන්නේ ය.
Pali BJT12. අථ ඛො භගවා සඞ්ඝමජ්ඣෙ ඨිතකොව ඉමා ගාථායො භාසිත්වා යෙන බාලකලොණකාරගාමො{4} තෙනුපසඞ්කමි.
Sinhala BJT12. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඟ මැද සිටි සේක් ම මේ ගාථාවන් වදාරා බාලකලෝණකාරගමට වැඩි සේක.
Pali BJT13. තෙන ඛො පන සමයෙන ආයස්මා භගු බාලකලොණකගාමෙ විහරති.
Sinhala BJT13. එකල්හි ආයුෂ්මත් භගු ස්ථවිර තෙමේ බාලකලොණකාරගමෙහි වාසය කෙරෙයි.
Pali BJT14. අද්දසා ඛො ආයස්මා භගු භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන ආසනං පඤ්ඤපෙසි. පාදොදකං පාදපීඨං පාදකථලිකං උපනික්ඛිපි. පච්චුග්ගන්ත්වා පත්තචීවරං පටිග්ගහෙසි. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ ඛො භගවා පාදෙ පක්ඛාලෙසි.
Sinhala BJT14. ආයුෂ්මත් භගු ස්ථවිර තෙමේ වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුර දී ම දුටු සේක. දැක අසුනක් පැණවී ය. පාදෝනාදිය පාපුටුව පාපුවරුව එළවා තැබී ය. ඉදිරියට ගොස් පාසිවුරු පිළිගත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ පැණවූ අසුනෙහි වැඩ හුන් සේක. වැඩ හිඳ පා සේදූහ.
Pali BJT15. ආයස්මාපි ඛො භගු භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං භගුං භගවා එතදවොච: “කච්චි භික්ඛු, ඛමනීයං? කච්චි යාපනීයං? කච්චි පිණ්ඩකෙන න කිලමසී”ති. “ඛමනීයං භගවා. යාපනීයං භගවා. න චාහං භන්තෙ පිණ්ඩකෙන කිලමාමී”ති.
Sinhala BJT15. ආයුෂ්මත් භගු ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් භගු තෙරුන්ගෙන් “මහණ, කිම, ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම, ආහාරයෙන් විඩාපත් නො වූයෙහි දැ?”යි අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැකි ය. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැකි ය. ස්වාමීනි, මම ආහාරයෙන් ද වෙහෙසට නො පත් වූයෙමි” යි තෙරහු කී හ.
Pali BJT16. අථ ඛො භගවා ආයස්මන්තං භගුං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා යෙන පාචීනවංසදායො තෙනුපසඞ්කමි.
Sinhala BJT16. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් භගුතෙරුන් දැහැමි කතාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා හුනස්නෙන් නැගිට පාචීනවංස නම් වනයට වැඩි සේක.
Pali BJT17. තෙන ඛො පන සමයෙන ආයස්මා ච අනුරුද්ධො ආයස්මා ච නන්දියො ආයස්මා ච කිම්බිලො{1} පාචීනවංසදායෙ විහරන්ති.
Sinhala BJT17. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේ ද ආයුෂ්මත් නන්‍දිය ස්ථවිර තෙමේ ද ආයුෂ්මත් කිම්බිල ස්ථවිර තෙමේ ද පාචීනවංස මුවවනයෙහි වෙසෙත්.
Pali BJT18. අද්දසා ඛො දායපාලො භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන භගවන්තං එතදවොච: “මා සමණ, එතං දායං පාවිසි. සන්තෙත්ථ තයො කුලපුත්තා අත්තකාමරූපා විහරන්ති. මා තෙසං අඵාසුමකාසී”ති.
Sinhala BJT18. උයන්පල් තෙමේ වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුර දී ම දුටුයේ ය. දැක “ශ්‍රමණය, මේ උයනට නහමක් පිවිසෙව. මෙහි කුලපුත්‍රයෝ තිදෙනෙක් වෙත්. ඔහු තමහට හිත කැමැත්තාහු වෙසෙත්. උන්වහන්සේලාට කරදර නො කළ මැනැවැ”යි කී ය.
Pali BJT19. අස්සොසි ඛො ආයස්මා අනුරුද්ධො දායපාලස්ස භගවතා සද්ධිං මන්තයමානස්ස. සුත්වාන දායපාලං එතදවොච: “මා ආවුසො දායපාල, භගවන්තං වාරෙසි. සත්ථා නො භගවා අනුප්පත්තො”ති.
Sinhala BJT19. ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ හා කතා කරණ උයන්පල්ලාගේ ඒ කතාව ඇසී ය. අසා උයන්පල්ලාට “ඇවැත, උයන්පල්ල, භාග්‍යවතුන් වහන්සේ නො වළකුව, අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ වැඩිසේකැ”යි කී ය.
Pali BJT20. අථ ඛො ආයස්මා අනුරුද්ධො යෙනායස්මා ච නන්දියො ආයස්මා ච කිම්බිලො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ච නන්දියං ආයස්මන්තඤ්ච කිම්බිලං එතදවොච: “අභික්කමථායස්මන්තො. අභික්කමථායස්මන්තො. සත්ථා නො භගවා අනුප්පත්තො”ති.
Sinhala BJT20. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේ ආයුෂ්මත් නන්‍දිය තෙරුන් වෙත ද ආයුෂ්මත් කිම්බිලතෙරුන් වෙත ද ගියේ ය. ගොස් ආයුෂ්මත් නන්‍දිය තෙරුන්ට ද ආයුෂ්මත් කිම්බිල තෙරුන්ට ද “ආයුෂ්මත්නි, මෙහි පැමිණෙවු. ඉදිරියට එවු. අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ වැඩිසේකැ”යි දැන්වී ය.
Pali BJT21. අථ ඛො ආයස්මා ච අනුරුද්ධො ආයස්මා ච නන්දියො ආයස්මා ච කිම්බිලො භගවන්තං පච්චුග්ගන්ත්වා එකො භගවතො පත්තචීවරං පටිග්ගහෙසි. එකො ආසනං පඤ්ඤපෙසි. එකො පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික්ඛිපි. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ පාදෙ{2} පක්ඛාලෙසි.
Sinhala BJT21. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේ ද ආයුෂ්මත් නන්‍දිය ස්ථවිර තෙමේ ද ආයුෂ්මත් කිම්බිල ස්ථවිර තෙමේ ද භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට ගොස් එක් නමක් භාග්‍යවතුන් වහන්සේගේ පාසිවුරු පිළිගත්තේ ය. එක් නමක් අසුන් පැණවී ය. එක් නමක් පාදෝනාදිය පාපුටුව පාපුවරුව එළවා තැබී ය. භාග්‍යවතුන් වහන්සේ පැණවූ අසුනෙහි වැඩ හුන් සේක. වැඩ හිඳ පා සේදූහ.
Pali BJT22. තෙපි ඛො ආයස්මන්තො භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං අනුරුද්ධං භගවා එතදවොච: “කච්චි වො අනුරුද්ධා ඛමනීයං? කච්චි යාපනීයං? කච්චි පිණ්ඩකෙන න කිලමථා”ති.
Sinhala BJT22. ඒ ආයුෂ්මත්හු ද භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ගෙන් “අනුරුද්ධයෙනි, කිම, තොපට ඉවසිය හැකි ද? කිම, යැපිය හැකි ද? කිම, ආහාරයෙන් වෙහෙසට පත් නො වහු දැ?”යි ඇසූහ.
Pali BJT“ඛමනීයං භගවා. යාපනීයං භගවා. න ච මයං භන්තෙ පිණ්ඩකෙන කිලමාමා”ති.
Sinhala BJT“භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැකි ය. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැකි ය. ස්වාමීනි, අපි ආහාරයෙන් වෙහෙසට පත් නො වම්හ.”
Pali BJT“කච්චි පන වො අනුරුද්ධා සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරථා”ති.
Sinhala BJT“අනුරුද්ධයෙනි, කිම තෙපි සමගි ව සතුටු ව විවාද නො කරමින් කිරි හා ජලය සේ හැනී එක් ව සිටියහු ඔවුනොවුන් පියඇසින් බලමින් වසවුද?”
Pali BJT“තග්ඝ මයං, භන්තෙ, සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරාමා”ති.
Sinhala BJT“ස්වාමීනි, එසේ ය. අපි සමගි ව සතුටු ව විවාද නො කරමින් කිරි හා ජලය සේ හැනී එක් ව සිටියමෝ ඔවුනොවුන් පියඇසින් බලමින් වසමු”.
Pali BJT“යථා කථම්පන තුම්හෙ අනුරුද්ධා සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරථා”ති.
Sinhala BJT“අනුරුද්ධයෙනි, තෙපි කෙසේ නම් සමගි ව සතුටු ව විවාද නො කරමින් කිරි හා ජලය සේ හැනී එක් ව සිටියහු ඔවුනොවුන් පියඇසින් බලමින් වසවු ද?”
Pali BJT23. “ඉධ මය්හං භන්තෙ, එවං හොති: ‘ලාභා වත මෙ. සුලද්ධං වත මෙ. යොහං එවරූපෙහි සබ්රහ්මචාරීහි සද්ධිං විහරාමී’ති. තස්ස මය්හං භන්තෙ, ඉමෙසු ආයස්මන්තෙසු මෙත්තං කායකම්මං පච්චුපට්ඨිතං ආවී චෙව රහො ච. මෙත්තං වචීකම්මං -පෙ- මෙත්තං මනොකම්මං පච්චුපට්ඨිතං ආවී චෙව රහො ච. තස්ස මය්හං භන්තෙ, එවං හොති: ‘යන්නූනාහං සකං චිත්තං නික්ඛිපිත්වා ඉමෙසං යෙව ආයස්මන්තානං චිත්තස්ස වසෙන වත්තෙය්ය’න්ති. සො ඛො අහං භන්තෙ, සකං චිත්තං නික්ඛිපිත්වා ඉමෙසං යෙව ආයස්මන්තානං චිත්තස්ස වසෙන වත්තාමි. නානා හි ඛො නො භන්තෙ කායා. එකඤ්ච පන මඤ්ඤෙ චිත්ත”න්ති.
Sinhala BJT23. ‘ස්වාමීනි, මෙහි දී මට ‘යම් මම මෙබඳු වූ සබ්‍රම්සරුන් හා එක් ව වෙසෙම් ද, මට (එය) ලාභයෙකි. මා ලත් යහපත් ලැබීමකැ’යි සිත් වෙයි. ‘ස්වාමීනි, මේ ආයුෂ්මතුන් කෙරෙහි ඒ මාගේ මෛත්‍රීකායකර්‍මය ප්‍රකට වත් අප්‍රකට වත් එළඹ සිටියේ ය. මෛත්‍රීවාක්කර්‍මය -පෙ– මෛත්‍රීමනඃකර්‍මය ප්‍රකට වත් අප්‍රකට වත් එළඹ සිටියේ ය. ස්වාමීනි, ඒ මට ‘මම සිය සිත බහා තබා මේ ආයුෂ්මතුන්ගේ ම සිත් වශයෙන් පවතින්නෙම් නම් යෙහෙකැ’යි සිත් වේ. ස්වාමීනි, ඒ මම සිය සිත බහා තබා මේ ආයුෂ්මතුන්ගේ ම සිත් වශයෙන් පවතිමි. ස්වාමීනි, අපගේ ශරීරයෝ වෙන් ව පවත්නෝ ම වෙති. අපගේ සිත නම් එකක් ම යයි සිතමි.”
Pali BJT24. ආයස්මාපි ඛො නන්දියො -පෙ- ආයස්මාපි ඛො කිම්බිලො භගවන්තං එතදවොච: “මය්හම්පි ඛො භන්තෙ, එවං හොති: ‘ලාභා වත මෙ. සුලද්ධං වත මෙ. යොහං එවරූපෙහි සබ්රහ්මචාරීහි සද්ධිං විහරාමී’ති. තස්ස මය්හං භන්තෙ, ඉමෙසු ආයස්මන්තෙසු මෙත්තං කායකම්මං පච්චුපට්ඨිතං ආවී චෙව රහො ච. මෙත්තං වචීකම්මං -පෙ- මෙත්තං මනොකම්මං පච්චුපට්ඨිතං ආවී චෙව රහො ච. තස්ස මය්හං භන්තෙ, එවං හොති: ‘යන්නූනාහං සකං චිත්තං නික්ඛිපිත්වා ඉමෙසං යෙව ආයස්මන්තානං චිත්තස්ස වසෙන වත්තෙය්ය’න්ති. සො ඛො අහං භන්තෙ, සකං චිත්තං නික්ඛිපිත්වා ඉමෙසං යෙව ආයස්මන්තානං චිත්තස්ස වසෙන වත්තාමි. නානා හි ඛො නො භන්තෙ, කායා, එකඤ්ච පන මඤ්ඤෙ චිත්ත’න්ති. එවං ඛො මයං භන්තෙ, සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරාමා”ති.
Sinhala BJT24. ආයුෂ්මත් නන්‍දිය ස්ථවිර තෙමේ ද -පෙ- ආයුෂ්මත් කිම්බිල ස්ථවිර තෙමේ ද භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, මටත් ‘යම් මම මෙබඳු වූ සබ්‍රම්සරුන් හා එක් ව වෙසෙම් ද, මට (එය) ලාභයෙකි. මා ලත් යහපත් ලැබීමකැ’ යි සිත් වෙයි. ස්වාමීනි, මේ ආයුෂ්මතුන් කෙරෙහි ඒ මාගේ මෛත්‍රීකායකර්‍මය ප්‍රකට වත් අප්‍රකට වත් එළඹ සිටියේ ය. මෛත්‍රීවාක්කර්‍මය -පෙ– මෛත්‍රීමනඃකර්‍මය ප්‍රකට වත් අප්‍රකට වත් එළඹ සිටියේ ය. ස්වාමීනි, ඒ මට ‘මම සිය සිත තබා මේ ආයුෂ්මතුන්ගේ ම සිත් වශයෙන් පවතින්නේනම් නම් යෙහෙකැ’ යි සිත් වේ. ස්වාමීනි, ඒ මම සිය සිත තබා මේ ආයුෂ්මතුන්ගේ ම සිත් වශයෙන් පවතිමි. ස්වාමීනි, අපගේ ශරිරයෝ වෙන් ව පවත්නෝ ම වෙති. අපගේ සිත නම් එකක් ම ය යි සිතමි. ස්වාමීනි, අපි මෙසේ සමගි ව සතුටු ව විවාද නො කරමින් කිරි හා දිය සේ එකතු ව ඔවුනොවුන් පියඇසින් බලමින් වෙසෙමු”.
Pali BJT25. “කච්චි පන වො අනුරුද්ධා, අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරථා?”ති. “තග්ඝ මයං භන්තෙ, අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරාමා”ති.
Sinhala BJT25. “අනුරුද්ධයෙනි, කිම, තෙපි අප්‍රමත්තවූවහු කෙලෙස් තවන වැරැ ඇත්තාහු භාවනාවට යැවූ සිත් ඇත්තහු වසවු ද”? “ස්වාමීනි, එසේය. අපි අප්‍රමත්ත වූවමෝ කෙලෙස් තවන වැර ඇත්තමෝ භාවනාවට යැවූ සිත් ඇත්තමෝ වසන්නෙමු”.
Pali BJT26. “යථා කථම්පන තුම්හෙ අනුරුද්ධා අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරථා?”ති.
Sinhala BJT26. “අනුරුද්ධයෙනි, තෙපි කෙසේ අප්‍රමත්ත වූවාහු කෙලෙස් තවන වැර ඇත්තාහු භාවනාවට යැවූ සිත් ඇත්තාහු වසවු ද?”
Pali BJT27. “ඉධ භන්තෙ, අම්හාකං යො පඨමං ගාමතො පිණ්ඩාය පටික්කමති, සො ආසනං පඤ්ඤපෙති. පාදොදකං පාදපීඨං පාදකථලිකං උපනික්ඛිපති. අවක්කාරපාතිං ධොවිත්වා උපට්ඨාපෙති. පානීයං පරිභොජනීයං උපට්ඨාපෙති. යො පච්ඡා ගාමතො පිණ්ඩාය පටික්කමති, සචෙ හොති භුත්තාවසෙසො, සචෙ ආකඞ්ඛති, භුඤ්ජති. නො චෙ ආකඞ්ඛති, අප්පහරිතෙ වා ඡඩ්ඩෙති. අප්පාණකෙ වා උදකෙ ඔපිලාපෙති. සො ආසනං උද්ධරතී. පාදොදකං පාදපීඨං පාදකඨලිකං පටිසාමෙති. අවක්කාරපාතිං ධොවිත්වා පටිසාමෙති. පානීයං පරිභොජනීයං පටිසාමෙති. භත්තග්ගං සම්මජ්ජති. යො පස්සති පානීයඝටං වා පරිභොජනීයඝටං වා වච්චඝටං වා රිත්තං තුච්ඡං සො උපට්ඨාපෙති. සචස්ස හොති අවිසය්හං, හත්ථවිකාරෙන දුතියං ආමන්තෙත්වා හත්ථවිලඞ්ඝකෙන උපට්ඨාපෙති{1}. නත්වෙව මයං භන්තෙ, තප්පච්චයා වාචං භින්දාම. පඤ්චාහිකං ඛො පන මයං භන්තෙ, සබ්බරත්තියා ධම්මියා කථාය සන්නිසීදාම. එවං ඛො මයං භන්තෙ, අප්පමත්තා, ආතාපිනො පහිතත්තා විහරාමා”ති.
Sinhala BJT27. “ස්වාමීනි, මෙහි අපගෙන් යමෙක් පළමු කොට ගමෙහි පිඬු පිණිස හැසිර පෙරළා ඒ ද, හෙතෙමේ අසුන් පණවයි. පාදෝනාදිය පාපුටුව පා තබන පුවරුව එළවා තබයි. ඉඳුල් ලන බඳුන සෝදා තබයි. පැන් හා පිරිබෝදිය එළවයි. යමෙක් පසු ව ගමෙහි පිඬු සිඟා හැසිර පෙරළා ඒ ද, වළඳා ඉතිරි වූවක් වේ නම්, කැමැත්තේ නම්, වළඳයි. නො කැමැත්තේ නම්, නිල්තණ නැති තැන හෝ බහයි. සතුන් නැති දියෙහි හෝ පා කොට හරියි. හෙතෙමේ අසුන් ඔසොවා තබයි. පාදෝනාදිය පාපුටුව පාපුවරුව තැන්පත් කරයි. ඉඳුල් ලන බඳුන සෝදා තැන්පත් කරයි. පැන් හා පිරිබෝදිය තැන් පත් කරයි. බත්හල හමදියි. යමෙක් සිස් වූ පැන්කළය හෝ පිරිබෝදියකළය හෝ වැසිකිළිදියකළය හෝ දකී ද, හෙතෙමේ එය එළවා තබයි. ඔහුට නො ඉසිලිය හැකි නම් හස්තසංඥාවෙන් දෙවැන්නකු අමතා අත්විලඟුවෙන් එළවා තබයි. ස්වාමීනි, ඒ හේතුවෙන් අපි වචන නො බිඳින්නෙමු. (කතා නො කරන්නෙමු.) ස්වාමීනි, පස් දවසකට වරක් සියලු රෑ දැහැමිකතාවෙන් යුක්ත ව හිඳිමු. ස්වාමීනි, මෙසේ අපි අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව භාවනාවට යැවූ සිත් ඇති ව වාසය කරමු”යි.
Pali BJT28. අථ ඛො භගවා ආයස්මන්තඤ්ච අනුරුද්ධං ආයස්මන්තඤ්ච නන්දියං ආයස්මන්තඤ්ච කිම්බිලං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා යෙන පාරිලෙය්යකං තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන පාරිලෙය්යකං තදවසරි. තත්ර සුදං භගවා පාරිලෙය්යකෙ විහරති රක්ඛිතවනසණ්ඩෙ භද්දසාලමූලෙ.
Sinhala BJT28. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් ද ආයුෂ්මත් නන්‍දිය තෙරුන් ද ආයුෂ්මත් කිම්බිල තෙරුන් ද දැහැමිකතාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා හුනස්නෙන් නැගිට පාරිලෙය්‍යකවනය බලා චාරිකාවෙහි වැඩි සේක. පිළිවෙළින් චාරිකා කරණසේක් පාරිලෙය්‍යකවනයට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි පාරිලෙය්‍යකවනයෙහි රක්ඛිත වනලැහැබෙහි මැනැවින් වැඩුනු මහත් සල් රුකක් මුල වසන සේක.
Pali BJT29. අථ ඛො භගවතො රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “අහං ඛො පුබ්බෙ ආකිණ්ණො න ඵාසු විහාසිං තෙහි කොසම්බකෙහි{1} භික්ඛූහි භණ්ඩනකාරකෙහි කලහකාරකෙහි විවාදකාරකෙහි භස්සකාරකෙහි සඞ්ඝෙ අධිකරණකාරකෙහි. සොම්හි එතරහි එකො අදුතියො සුඛං ඵාසු විහරාමි අඤ්ඤත්රෙව තෙහි කොසම්බකෙහි භික්ඛූහි භණ්ඩනකාරකෙහි කලහකාරකෙහි විවාදකාරකෙහි භස්සකාරකෙහි සඞ්ඝෙ අධිකරණකාරකෙහී”ති.
Sinhala BJT29. ඉක්බිති එකලා ව විවේකයට පැමිණ හුන් භාග්‍යවතුන් වහන්සේගේ සිත්හි “මම පෙර ඩබර කරන්නා වූ කලහ කරන්නා වූ විවාද කරන්නා වූ කලහ උපදවන කතා කරන්නා වූ සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ කොසඹෑ නුවර වැසි භික්‍ෂූන් හා එක් වූයෙම් පහසුවෙන් නො විසූයෙමි. ඒ මම දැන් එකලා වූයෙම් දෙවැන්නෙක් නැත්තෙම් ඩබර කරන්නා වූ කලහ කරන්නා වූ විවාද කරන්නා වූ කලහ උපදවන කතා කරන්නා වූ සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ ඒ කොසඹෑනුවර වැසි භික්‍ෂූන් හැර සුව සේ පහසුවෙන් වෙසෙමි”යි පරිවිතර්‍කයෙක් උපන.
Pali BJT30. අඤ්ඤතරොපි ඛො හත්ථිනාගො ආකිණ්ණො විහරති හත්ථීහි හත්ථිනීහි හත්ථිකලභෙහි හත්ථිච්ඡාපෙහි. ඡින්නග්ගානි චෙව තිණානි ඛාදති. ඔභග්ගොභග්ගඤ්චස්ස සාඛාභඞ්ගං ඛාදන්ති. ආවිලානි ච පානීයානි පිවති. ඔගාහා චස්ස උත්තිණ්ණස්ස{2} හත්ථිනියො කායං උපනිඝංසන්තියො ගච්ඡන්ති.
Sinhala BJT30. එක්තරා මහත් ඇතෙක් ද ඇතුන් හා ඇතිනියන් හා තරුණ ඇතුන් හා ඇත්පැටවුන් හා එක් වූයේ ඔවුන් විසින් සිඳ දැමූ අක් ඇති තණ කයි. ඔහු විසින් (උස් තැනින් බිඳ හෙළු) අතුකැබලි (අනික් ඇත්තු) කත්. කැලඹුනු දිය බොයි. ඇතිනියෝ දියෙහි ගැලීමෙන් නොහොත් තොටින් ගොඩ නැංගා වූ ඔහුගේ සිරුර ගටා යෙත්.
Pali BJT31. අථ ඛො තස්ස හත්ථිනාගස්ස එතදහොසි: “අහං ඛො ආකිණ්ණො විහරාමි හත්ථීහි හත්ථිනීහි හත්ථිකලභෙහි හත්ථිච්ඡාපෙහි. ඡින්නග්ගානි චෙව තිණානි ඛාදාමි. ඔභග්ගොභග්ගඤ්ච මෙ සාඛාභඞ්ගං ඛාදන්ති. ආවිලානි ච පානීයානි පිවාමි. ඔගාහා ච මෙ උත්තිණ්ණස්ස හත්ථිනියො කායං උපනිඝංසන්තියො ගච්ඡන්ති. යන්නූනාහං එකොව ගණස්මා වූපකට්ඨො විහරෙය්ය”න්ති.
Sinhala BJT31. එකල්හි ඒ මහ ඇතුට “මම ඇතුන් හා ඇතිනියන් හා තරුණ ඇතුන් හා ඇත්පැටවුන් හා එක් ව වසමි. (ඔවුන් විසින්) සිඳ දැමූ අග ඇති තණ ද කමි. මා විසින් බිඳි අතු කැබලි ඔහු කත්, කැලඹුනු දිය ද බොමි. දියට බස්නා ඇතිනියෝ දියෙන් ගොඩ වූ මාගේ කය ගටා යෙත්. එහෙයින් මම එකලා ව ම සමූහයාගෙන් වෙන් වූයේ ම වසන්නෙම් නම් යෙහෙකැ”යි සිත් වි ය.
Pali BJT32. අථ ඛො සො හත්ථිනාගො යූථා අපක්කම්ම යෙන පාරිලෙය්යකං රක්ඛිතවනසණ්ඩො භද්දසාලමූලං යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා සොණ්ඩාය භගවතො පානීයං පරිභොජනීයං උපට්ඨාපෙති. අප්පහරිතඤ්ච කරොති.
Sinhala BJT32. ඉක්බිති ඒ මහඇත් තෙමේ රැළෙන් ඉවත් ව පාරිලෙය්‍යකවනයෙහි රක්ඛිත වනලැහැබෙහි විසල්සල්රුක්මුල හුන් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ සොඬින් භාග්‍යවතුන් වහන්සේට පැන් පිරිබෝදිය එළවයි. තණ ද බැහැර කරයි.
Pali BJT33. අථ ඛො තස්ස හත්ථිනාගස්ස එතදහොසි: “අහං ඛො පුබ්බෙ ආකිණ්ණො න ඵාසු විහාසිං හත්ථීහි හත්ථිනීහි හත්ථිකලභෙහි හත්ථිච්ඡාපෙහි. ඡින්නග්ගානි චෙව තිණානි ඛාදිං. ඔභග්ගොභග්ගඤ්ච මෙ සාඛාභඞ්ගං ඛාදිංසු. ආවිලානි ච පානීයානි අපායිං. ඔගාහා ච මෙ උත්තිණ්ණස්ස හත්ථිනියො කායං උපනිඝංසන්තියො අගමංසු. සොම්හි එතරහි එකො අදුතියො සුඛං ඵාසු විහරාමි අඤ්ඤත්රෙව හත්ථීහි හත්ථිනීහි හත්ථිකලභෙහි හත්ථිච්ඡාපෙහී”ති.
Sinhala BJT33. එකල්හි ඒ මහඇතුට “මම පෙර ඇතුන් හා ඇතිනියන් හා තරුණ ඇතුන් හා ඇත්පැටවුන් හා එක් වූයෙම් පහසුවෙන් නො විසීමි. සිඳ දැමූ අක් ඇති තණ ද කෑවෙමි. මා විසින් කඩා දැමූ අතුකැබලි ඔහු කෑහ. කැලඹුනු දිය ද බීමි. දියට බස්නා ඇතින්නෝ දියෙන් ගොඩ වූ මාගේ කය ගටා ගියහ. ඒ මම දැන් එකලා ව දෙවැන්නෙකු නැති ව ඇතුන් ඇතින්නන් තරුණඇතුන් ඇත්පැටවුන් හැර සැප සේ පහසුවෙන් වසමි” යි සිත් වි ය.
Pali BJT34. අථ ඛො භගවා අත්තනො ච පවිවෙකං විදිත්වා තස්ස ච හත්ථිනාගස්ස චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT34. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තමන්වහන්සේගේ පවිවේකය ද දැන ඒ මහඇතුගේ සිතෙහි අදහස ද දැන ඒ වේලෙහි මේ ප්‍රීතිවාක්‍යය පැවැත්වූහ:
Pali BJT“එතං{3} නාගස්ස නාගෙන ඊසාදන්තස්ස හත්ථිනො, සමෙති චිත්තං චිත්තෙන යදෙකො රමතී වනෙ”ති.
Sinhala BJT“යම් හෙයකින් එකලා වූයේ වනයෙහි සිත් අලවා වෙසේ ද, එහෙයින් (ඒ විවේකරතියෙන්) රියඉස් වැනි (හේරිය කඳ මෙන් දික් වූ) දළ ඇති හස්තිනාගයාගේ සිත බුද්ධනාගයාගේ සිත හා සම වේ” යී.
Pali BJT35. අථ ඛො භගවා පාරිලෙය්යකෙ යථාභිරන්තං විහරිත්වා යෙන සාවත්ථි තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන සාවත්ථි තදවසරි. තත්ර සුදං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
Sinhala BJT35. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පාරිලෙය්‍යයකවනයෙහි කැමැති තාක් කල් වාසය කොට සැවැත්නුවර බලා චාරිකාවෙහි වැඩි සේක. පිළිවෙළින් චාරිකාවෙහි වඩිනා සේක් සැවැත්නුවරට වැඩියාහ. භාග්‍යවතුන් වහන්සේ එහි සැවැත්නුවර ජේතවනයෙහි වූ අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.
Pali BJT36. අථ ඛො කොසම්බකා උපාසකා “ඉමෙ ඛො අය්යා කොසම්බකා භික්ඛූ බහුනො අම්හාකං අනත්ථස්ස කාරකා. ඉමෙහි උබ්බාළ්හො භගවා පක්කන්තො. හන්ද මයං අය්යෙ කොසම්බකෙ භික්ඛූ නෙව අභිවාදෙය්යාම, න පච්චුට්ඨෙය්යාම, න අඤ්ජලිකම්මං සාමීචිකම්මං කරෙය්යාම, න සක්කරෙය්යාම, න ගරුං කරෙය්යාම, න මානෙය්යාම, න පූජෙය්යාම{1}, උපගතානම්පි පිණ්ඩකං{2} න දදෙය්යාම{3}, එවං ඉමෙ අම්හෙහි අසක්කරියමානා අගරුකරියමානා අමානියමානා අපූජියමානා අසක්කාරපකතා පක්කමිස්සන්ති වා විබ්භමිස්සන්ති වා භගවන්තං වා පසාදෙස්සන්තී”ති.
Sinhala BJT36. එකල්හි කොසඹෑනුවර වැසි උපාසකයෝ “කොසඹෑනුවර වැසි ආර්‍ය්‍ය වූ මේ භික්‍ෂූහු අපට බොහෝ අවැඩ කළෝ ය. මොවුන් විසින් පෙළනු ලැබූ භාග්‍යවතුන් වහන්සේ වනයට වැඩි සේක. එබැවින් අපි ආර්‍ය්‍ය වූ කොසඹෑනුවර වැසි භික්‍ෂූන් නො වඳින්නෙමු නම්, දැක හුනස්නෙන් නො නැගිටින්නෙමු නම්, ඇඳිලි කිරීම් ගෞරව කිරීම් නො කරන්නෙමු නම්, සත්කාර නො කරන්නෙමු නම්, ගරු නො කරන්නෙමු නම්, බුහුමන් නො කරන්නෙමු නම්, නො පුදන්නෙමු නම්, අප වෙත එළඹියවුන්ට ද ආහාර නො දෙන්නෙමු නම්, මෙසේ අප විසින් සත්කාර නො කරණු ලබන ගරු නො කරණු ලබන බුහුමන් නො කරණු ලබන නො පුදනු ලබන මොහු අසත්කාරයෙන් මැඩුනෝ බැහැර යන්නාහු හෝ වෙති. සිවුරු හරින්නාහු හෝ වෙති. භාග්‍යවතුන් වහන්සේ හෝ පහදවන්නාහු වෙති”යි (සිතූහ.)
Pali BJT37. අථ ඛො කොසම්බකා උපාසකා කොසම්බකෙ භික්ඛූ නෙව අභිවාදෙසුං. න පච්චුට්ඨෙසුං න අඤ්ජලිකම්මං සාමීචිකම්මං අකංසු. න සක්කරිංසු. න ගරුං කරිංසු. න මානෙසුං. න පූජෙසුං. උපගතානම්පි පිණ්ඩකං න අදංසු.
Sinhala BJT37. ඉක්බිති කොසඹෑ නුවර වැසි උපාසකයෝ කොසඹෑනුවර වැසි භික්‍ෂූන් නො වැන්දාහ. දැක හුනස්නෙන් නො නැගිට්ටාහ. ඇඳිලි කිරීම් ගෞරව කිරීම් නො කළහ. සත්කාර නො කළහ. ගරු නො කළහ. බුහුමන් නො කළහ. නො පිදූහ. වෙත පැමිණියවුන්ට ආහාර ද නො දුන්හ.
Pali BJT38. අථ ඛො කොසම්බකා භික්ඛූ කොසම්බකෙහි උපාසකෙහි අසක්කරියමානා අගරුකරියමානා අමානියමානා අපූජියමානා අසක්කාරපකතා එවමාහංසු: “හන්ද මයං ආවුසො, සාවත්ථිං ගන්ත්වා භගවතො සන්තිකෙ ඉමං අධිකරණං වූපසමෙය්යාමා”ති.
Sinhala BJT38. ඉක්බිති කොසඹෑ නුවර වැසි උපාසකයන් විසින් සත්කාර නො කරණු ලබන ගරු නො කරණු ලබන බුහුමන් නො කරණු ලබන නො පුදනු ලබන කොසඹෑනුවර වැසි භික්‍ෂූහු අසත්කාරයෙන් මැඩුනෝ “ඇවැත්නි, එසේ නම්, අපි සැවැත්නුවරට ගොස් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ආරාවුල සන්සිඳුවන්නෙමු”යි මෙසේ කීහ.
Pali BJT39. අථ ඛො කොසම්බකා භික්ඛූ සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරං ආදාය යෙන සාවත්ථි තෙනුපසඞ්කමිංසු.
Sinhala BJT39. අනතුරු ව කොසඹෑනුවර වැසි භික්‍ෂූහු සෙනසුන් තැන්පත් කොට තබා පාසිවුරු ගෙණ සැවැත්නුවරට ගියහ.
Pali BJT40. අස්සොසි ඛො ආයස්මා සාරිපුත්තො “තෙ කිර කොසම්බකා භික්ඛූ භණ්ඩනකාරකා කලහකාරකා විවාදකාරකා භස්සකාරකා සඞ්ඝෙ අධිකරණකාරකා සාවත්ථිං ආගච්ඡන්තී”ති.
Sinhala BJT40. ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ “ඩබර කරන්නා වූ කලහ කරන්නා වූ විවාද කරන්නා වූ කලහ උපදවන කතා කරන්නා වූ සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ ඒ කොසඹෑනුවර වැසි භික්‍ෂූහු සැවැත්නුවරට එත් ල”යි ඇසූහ.
Pali BJT41. අථ ඛො ආයස්මා සාරිපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච: “තෙ කිර භන්තෙ, කොසම්බකා භික්ඛූ භණ්ඩනකාරකා -පෙ- සඞ්ඝෙ අධිකරණකාරකා සාවත්ථිං ආගච්ඡන්ති. කථාහං භන්තෙ, තෙසු භික්ඛූසු පටිපජ්ජාමී”ති. “තෙන හි ත්වං සාරිපුත්ත, යථා ධම්මො තථා තිට්ඨාහී”ති. “කථාහං භන්තෙ, ජානෙය්යං ධම්මං වා අධම්මං වා?”ති.
Sinhala BJT41. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ. පසෙක හුන් ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් “ස්වාමීනි, ඩබරකරු වූ -පෙ– සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නාවූ ඒ කොසඹෑනුවර වැසි භික්‍ෂූහු සැවැත්නුවරට එත් ල. ස්වාමීනි, මම මේ භික්‍ෂූන් කෙරෙහි කෙසේ පිළිපදිම් දැ” යි විචාළහ. “ශාරීපුත්‍රය, එසේ නම් තෙපි ධර්‍මය පරිදි සිටිවු”යි. “ස්වාමීනි, මම (මෙය) ධර්‍මය යි හෝ අධර්‍මය යි හෝ කෙසේ දනිම් ද?”
Pali BJT42. “අට්ඨාරසහි ඛො සාරිපුත්ත, වත්ථූහි අධම්මවාදී ජානිතබ්බො: ඉධ සාරිපුත්ත, භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, අභාසිතං අලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙති, භාසිතං ලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙති, අනාචිණ්ණං තථාගතෙන ආචිණ්ණං තථාගතෙනාති දීපෙති, ආචිණ්ණං තථාගතෙන අනාචිණ්ණං තථාගතෙනාති දීපෙති, අප්පඤ්ඤත්තං තථාගතෙන පඤ්ඤත්තං තථාගතෙනාති දීපෙති, පඤ්ඤත්තං තථාගතෙන අප්පඤ්ඤත්තං තථාගතෙනාති දීපෙති, අනාපත්තිං ආපත්තීති දීපෙති, ආපත්තිං අනාපත්තීති දීපෙති, ලහුකං ආපත්තිං ගරුකා ආපත්තීති දීපෙති, ගරුකං ආපත්තිං ලහුකා ආපත්තීති දීපෙති, සාවසෙසං ආපත්තිං අනවසෙසා ආපත්තීති දීපෙති, අනවසෙසං ආපත්තිං සාවසෙසා ආපත්තීති දීපෙති, දුට්ඨුල්ලං ආපත්තිං අදුට්ඨුල්ලා ආපත්තීති දීපෙති, අදුට්ඨුල්ලං ආපත්තිං දුට්ඨුල්ලා ආපත්තීති දීපෙති, ඉමෙහි ඛො සාරිපුත්ත, අට්ඨාරසහි වත්ථූහි අධම්මවාදී ජානිතබ්බො.
Sinhala BJT42. “ශාරීපුත්‍රය, වස්තු අටළොසකින් අධර්‍මවාදී පුද්ගල තෙමේ දත යුතු ය: ශාරීපුත්‍රය, මෙහි මහණෙක් තෙමේ අධර්‍මය ධර්‍මය යි දක්වයි ද, ධර්‍මය අධර්‍මයයි දක්වයි ද, අවිනය විනය යි දක්වයි ද, විනය අවිනය යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් නො වදාරණලද්ද තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො වදාරණලදැයි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් නො පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලදැයි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො පුරුදු කරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් පණවන ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලදැ යි දක්වයි ද, අනාපත්තිය ආපත්තිය යි දක්වයි ද, ආපත්තිය අනාපත්තිය යි දක්වයි ද, ලහුකාපත්තිය ගරුකාපත්තිය යි දක්වයි ද, ගරුකාපත්තිය ලහුකාපත්තිය යි දක්වයි ද, සාවසේසාපත්තිය අනවසේසාපත්තිය යි දක්වයි ද, අනවසේසාපත්තිය සාවසේසාපත්තිය යි දක්වයි ද, දුට්ඨුල්ලාපත්තිය අදුට්ඨුල්ලාපත්තිය යි දක්වයි ද, අදුට්ඨුල්ලාපත්තිය දුට්ඨුල්ලාපත්තිය යි දක්වයි ද, ශාරීපුත්‍රය, මේ වස්තු අටළොසින් අධර්‍මවාදී පුද්ගල තෙමේ දත යුතු ය.
Pali BJT43. “අට්ඨාරසහි ච ඛො සාරිපුත්ත, වත්ථූහි ධම්මවාදී ජානිතබ්බො: ඉධ සාරිපුත්ත, භික්ඛු අධම්මං අධම්මොති දීපෙති, ධම්මං ධම්මොති දීපෙති, අවිනයං අවිනයොති දීපෙති, විනයං විනයොති දීපෙති, අභාසිතං අලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙති, භාසිතං ලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙති, අනාචිණ්ණං තථාගතෙන අනාචිණ්ණං තථාගතෙනාති දීපෙති, ආචිණ්ණං තථාගතෙන ආචිණ්ණං තථාගතෙනාති දීපෙති, අප්පඤ්ඤත්තං තථාගතෙන අප්පඤ්ඤත්තං තථාගතෙනාති දීපෙති, පඤ්ඤත්තං තථාගතෙන පඤ්ඤත්තං තථාගතෙනාති දීපෙති, අනාපත්තිං අනාපත්තීති දීපෙති, ආපත්තිං ආපත්තීති දීපෙති, ලහුකං ආපත්තිං ලහුකා ආපත්තීති දීපෙති, ගරුකං ආපත්තිං ගරුකා ආපත්තීති දීපෙති, සාවසෙසං ආපත්තිං සාවසෙසා ආපත්තීති දීපෙති, අනවසෙසං ආපත්තිං අනවසෙසා ආපත්තීති දීපෙති, දුට්ඨුල්ලං ආපත්තිං දුට්ඨුල්ලා ආපත්තීති දීපෙති, අදුට්ඨුල්ලං ආපත්තිං අදුට්ඨුල්ලා ආපත්තීති දීපෙති, ඉමෙහි ඛො සාරිපුත්ත, අට්ඨාරසහි වත්ථූහි ධම්මවාදී ජානිතබ්බො”ති.
Sinhala BJT43. “ශාරීපුත්‍රය, වස්තු අටළොසකින් ම ධර්‍මවාදී පුද්ගල තෙමේ දත යුතු ය. ශාරීපුත්‍රය, මෙහි මහණෙක් තෙමේ අධර්‍මය අධර්‍මය යි දක්වයි ද, ධර්‍මය ධර්‍මය යි දක්වයි ද, අවිනය අවිනය යි දක්වයි ද, විනය විනය යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් නො වදාරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො වදාරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් නො පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො පුරුදු කරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් පණවන ලදැයි දක්වයි ද, අනාපත්තිය අනාපත්තිය යි දක්වයි ද, ආපත්තිය ආපත්තිය යි දක්වයි ද, ලහුකාපත්තිය ලහුකාපත්තිය යි දක්වයි ද, ගරුකාපත්තිය ගරුකාපත්තිය යි දක්වයි ද සාවසේසාපත්තිය සාවසේසාපත්තිය යි දක්වයි ද, අනවසේසාපත්තිය අනවසේසාපත්තිය යි දක්වයි ද, දුට්ඨුල්ලාපත්තිය දුට්ඨුල්ලාපත්තිය යි දක්වයි ද, අදුට්ඨුල්ලාපත්තිය අදුට්ඨුල්ලාපත්තියයි දක්වයි ද, ශාරීපුත්‍රය, මේ වස්තු අටළොසින් ධර්‍මවාදී පුද්ගල තෙමේ දත යුතු ය”යි වදාළසේක.
Pali BJT44. අස්සොසි ඛො ආයස්මා මහාමොග්ගල්ලානො “තෙ කිර කොසම්බකා භික්ඛූ භණ්ඩනකාරකා -පෙ- සඞ්ඝෙ අධිකරණකාරකා සාවත්ථිං ආගච්ඡන්තී”ති. -පෙ- අස්සොසි ඛො ආයස්මා මහාකස්සපො -පෙ- අස්සොසි ඛො ආයස්මා මහාකච්චානො -පෙ- අස්සොසි ඛො ආයස්මා මහාකොට්ඨිකො -පෙ- අස්සොසි ඛො ආයස්මා මහාකප්පිනො -පෙ- අස්සොසි ඛො ආයස්මා මහාචුන්දො -පෙ- අස්සොසි ඛො ආයස්මා අනුරුද්ධො -පෙ- අස්සොසි ඛො ආයස්මා රෙවතො -පෙ- අස්සොසි ඛො ආයස්මා උපාලි -පෙ- අස්සොසි ඛො ආයස්මා ආනන්දො -පෙ- අස්සොසි ඛො ආයස්මා රාහුලො ෙ“තෙ කිර කොසම්බකා භික්ඛූ භණ්ඩනකාරකා -පෙ- සඞ්ඝෙ අධිකරණකාරකා සාවත්ථිං ආගච්ඡන්තී”ති.
Sinhala BJT44. ආයුෂ්මත් මහාමෞද්ගල්‍යානස්ථවිරයන් වහන්සේ “ඩබරකරු වූ -පෙ- සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ ඒ කොසඹෑනුවර වැසි භික්‍ෂූහු සැවැත්නුවරට එත් ල” යි ඇසූහ. ආයුෂ්මත් මහාකාශ්‍යපස්ථවිරයන් වහන්සේ -පෙ- ඇසූහ. ආයුෂ්මත් මහාකාත්‍යායනස්ථවිරයන් වහන්සේ -පෙ- ඇසූහ. ආයුෂ්මත් මහාකොට්ඨිතස්ථවිරයන් වහන්සේ -පෙ- ඇසූහ. ආයුෂ්මත් මහාකප්පින ස්ථවිරයන් වහන්සේ -පෙ- ඇසූහ. ආයුෂ්මත් මහාචුන්‍දස්ථවිරයන් වහන්සේ -පෙ- ඇසූහ. ආයුෂ්මත් අනුරුද්ධස්ථවිරයන් වහන්සේ -පෙ– ඇසූහ. ආයුෂ්මත් රේවතස්ථවිරයන් වහන්සේ -පෙ- ඇසූහ. ආයුෂ්මත් උපාලිස්ථවිරයන් වහන්සේ -පෙ- ඇසූහ. ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ -පෙ- ඇසූහ. ආයුෂ්මත් රාහුලස්ථවිරයන් වහන්සේ ඩබරකරුවූ -පෙ– සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ ඒ කොසඹෑ නුවර වැසි භික්‍ෂූහු සැවැත්නුවරට එත් ල”යි ඇසූහ.
Pali BJT45. අථ ඛො ආයස්මා රාහුලො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා රාහුලො භගවන්තං එතදවොච: “තෙ කිර භන්තෙ, කොසම්බකා භික්ඛූ භණ්ඩනකාරකා -පෙ- සඞ්ඝෙ අධිකරණකාරකා සාවත්ථිං ආගච්ඡන්ති. කථාහං භන්තෙ තෙසු භික්ඛූසු පටිපජ්ජාමී?”ති. “තෙන හි ත්වං රාහුල, යථා ධම්මො තථා තිට්ඨාහී”ති. “කථාහං භන්තෙ, ජානෙය්යං ධම්මං වා අධම්මං වා?”ති.
Sinhala BJT45. ඉක්බිති ආයුෂ්මත් රාහුල ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ. පසෙක හුන් ආයුෂ්මත් රාහුල ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් “ස්වාමීනි, ඩබරකරු වූ -පෙ- සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ ඒ කොසඹෑනුවර වැසි භික්‍ෂූහු සැවැත්නුවරට එත් ල. ස්වාමීනි, මම ඒ භික්‍ෂූන් කෙරෙහි කෙසේ පිළිපදිම් දැ”යි විචාළාහු ය. “රාහුලය, එසේ නම් තෝ ධර්‍මය පරිදි සිටුව”. “ස්වාමීනි, මම (මෙය) ධර්‍මය යි හෝ අධර්‍මය යි හෝ කෙසේ දනිම් ද?”
Pali BJT46. “අට්ඨාරසහි ඛො රාහුල, වත්ථූහි අධම්මවාදී ජානිතබ්බො: ඉධ රාහුල භික්ඛු, අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, අභාසිතං අලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙති, භාසිතං ලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙති, අනාචිණ්ණං තථාගතෙන ආචිණ්ණං තථාගතෙනාති දීපෙති, ආචිණ්ණං තථාගතෙන අනාචිණ්ණං තථාගතෙනාති දීපෙති, අප්පඤ්ඤත්තං තථාගතෙන පඤ්ඤත්තං තථාගතෙනාති දීපෙති, පඤ්ඤත්තං තථාගතෙන අප්පඤ්ඤත්තං තථාගතෙනාති දීපෙති, අනාපත්තිං ආපත්තීති දීපෙති, ආපත්තිං අනාපත්තීති දීපෙති, ලහුකං ආපත්තිං ගරුකා ආපත්තීති දීපෙති, ගරුකං ආපත්තිං ලහුකා ආපත්තීති දීපෙති, සාවසෙසං ආපත්තිං අනවසෙසා ආපත්තීති දීපෙති, අනවසෙසං ආපත්තිං සාවසෙසා ආපත්තීති දීපෙති, දුට්ඨුල්ලං ආපත්තිං අදුට්ඨුල්ලා ආපත්තීති දීපෙති, අදුට්ඨුල්ලං ආපත්තිං දුට්ඨුල්ලා ආපත්තීති දීපෙති, ඉමෙහි ඛො රාහුල අට්ඨාරසහි වත්ථූහි අධම්මවාදී ජානිතබ්බො.
Sinhala BJT46. “රාහුලය, වස්තු අටළොසකින් අධර්‍මවාදී පුද්ගල තෙමේ දත යුතු ය: රාහුලය, මෙහි මහණෙක් අධර්‍මය ධර්‍මය යි දක්වයි ද, ධර්‍මය අධර්‍මය යි දක්වයි ද, අවිනය විනය යි දක්වයි ද, විනය අවිනය යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් නො වදාරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො වදාරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් නො පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො පුරුදු කරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් පණවන ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලදැයි දක්වයි ද, අනාපත්තිය ආපත්තිය යි දක්වයි ද, ආපත්තිය අනාපත්තිය යි දක්වයි ද, ලහුකාපත්තිය ගරුකාපත්තිය යි දක්වයි ද, ගරුකාපත්තිය ලහුකාපත්තිය යි දක්වයි ද, සාවසේසාපත්තිය අනවසේසාපත්තිය යි දක්වයි ද, අනවසේසාපත්තිය සාවසේසාපත්තිය යි දක්වයි ද, දුට්ඨුල්ලාපත්තිය අදුට්ඨුල්ලාපත්තිය යි දක්වයි ද, අදුට්ඨුල්ලාපත්තිය, දුට්ඨුල්ලාපත්තිය යි දක්වයි ද, රාහුලය, මේ වස්තු අටළොසින් අධර්‍මවාදී පුද්ගල තෙමේ දත යුතු ය.
Pali BJT47. “අට්ඨාරසහි ච ඛො රාහුල, වත්ථූහි ධම්මවාදී ජානිතබ්බො: ඉධ රාහුල, භික්ඛු අධම්මං අධම්මොති දීපෙති, ධම්මං ධම්මොති දීපෙති, අවිනයං අවිනයොති දීපෙති, විනයං විනයොති දීපෙති, අභාසිතං අලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙති, භාසිතං ලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙති, අනාචිණ්ණං තථාගතෙන අනාචිණ්ණං තථාගතෙනාති දීපෙති, ආචිණ්ණං තථාගතෙන ආචිණ්ණං තථාගතෙනාති දීපෙති, අප්පඤ්ඤත්තං තථාගතෙන අප්පඤ්ඤත්තං තථාගතෙනාති දීපෙති, පඤ්ඤත්තං තථාගතෙන පඤ්ඤත්තං තථාගතෙනාති දීපෙති, අනාපත්තිං අනාපත්තීති දීපෙති, ආපත්තිං ආපත්තීති දීපෙති, ලහුකං ආපත්තිං ලහුකා ආපත්තීති දීපෙති, ගරුකං ආපත්තිං ගරුකා ආපත්තීති දීපෙති, සාවසෙසං ආපත්තිං සාවසෙසා ආපත්තීති දීපෙති, අනවසෙසං ආපත්තිං අනවසෙසා ආපත්තීති දීපෙති, දුට්ඨුල්ලං ආපත්තිං දුට්ඨුල්ලා ආපත්තීති දීපෙති, අදුට්ඨුල්ලං ආපත්තිං අදුට්ඨුල්ලා ආපත්තීති දීපෙති, ඉමෙහි ඛො රාහුල අට්ඨාරසහි වත්ථූහි ධම්මවාදී ජානිතබ්බො”ති.
Sinhala BJT47. “රාහුලය, වස්තු අටළොසකින් ම ධර්‍මවාදී පුද්ගල තෙමේ දත යුතු ය: රාහුලය, මෙහි මහණෙක් තෙමේ අධර්‍මය අධර්‍මය යි දක්වයි ද, ධර්‍මය ධර්‍මය යි දක්වයි ද, අවිනය අවිනය යි දක්වයි ද, විනය විනය යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් නො වදාරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො වදාරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් නො පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො පුරුදු කරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලදැයි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් පණවන ලදැ යි දක්වයි ද, අනාපත්තිය අනාපත්තිය යි දක්වයි ද, ආපත්තිය ආපත්තියයි දක්වයි ද, ලහුකාපත්තිය ලහුකාපත්තිය යි දක්වයි ද, ගරුකාපත්තිය ගරුකාපත්තිය යි දක්වයි ද, සාවසේසාපත්තිය සාවසේසාපත්තිය යි දක්වයි ද, අනවසේසාපත්තිය අනවසේසාපත්තිය යි දක්වයි ද, දුට්ඨුල්ලාපත්තිය දුට්ඨුල්ලාපත්තියයි දක්වයි ද, අදුට්ඨුල්ලාපත්තිය අදුට්ඨුල්ලාපත්තිය යි දක්වයි ද, රාහුලය, මේ වස්තු අටළොසින් ධර්‍මවාදී පුද්ගල තෙමේ දතයුතු ය”.
Pali BJT48. අස්සොසි ඛො මහාපජාපති ගොතමී “තෙ කිර කොසම්බකා භික්ඛූ භණ්ඩනකාරකා කලහකාරකා විවාදකාරකා භස්සකාරකා සඞ්ඝෙ අධිකරණකාරකා සාවත්ථිං ආගච්ඡන්තී”ති.
Sinhala BJT48. මහාපජාපතීගෝතමී තොමෝ “ඩබරකරු වූ කලහකරු වූ විවාදකරු වූ කලහ උපදවන කතා කරන්නා වූ සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ ඒ කොසඹෑනුවර භික්‍ෂූහු සැවැත්නුවරට එත් ල”යි ඇසූ ය.
Pali BJT49. අථ ඛො මහාපජාපතිගොතමී යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො මහාපජාපති ගොතමී භගවන්තං එතදවොච: “තෙ කිර භන්තෙ, කොසම්බකා භික්ඛූ භණ්ඩනකාරකා -පෙ- සඞ්ඝෙ අධිකරණකාරකා සාවත්ථිං ආගච්ඡන්ති. කථාහං භන්තෙ, තෙසු භික්ඛූසු පටිපජ්ජාමී?”ති. “තෙන හි ත්වං ගොතමි, උභයත්ථ ධම්මං සුණ. උභයත්ථ ධම්මං සුත්වා යෙ තත්ථ භික්ඛූ ධම්මවාදිනො තෙසං දිට්ඨිඤ්ච ඛන්තිඤ්ච රුචිඤ්ච ආදායඤ්ච රොචෙහි. යං ච කිඤ්චි භික්ඛුනිසඞ්ඝෙන භික්ඛුසඞ්ඝතො පච්චාසිංසිතබ්බං{1}, සබ්බං තං ධම්මවාදිතොව පච්චාසිංසිතබ්බ”න්ති.
Sinhala BJT49. ඉක්බිති මහාපජාපතීගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියා ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක සිටියා ය. පසෙක සිටියා වූ මහාපජාපතිගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේගෙන් “ස්වාමීනි, ඩබරකරු වූ -පෙ– සඞ්ඝයා වෙත නඩු පවරන්නා වූ ඒ කොසඹෑ නුවර භික්‍ෂූහු සැවැත්නුවරට එත් ල. ස්වාමීනි, මම ඒ භික්‍ෂූන් කෙරෙහි කෙසේ පිළිපදිම් දැ”යි විචළයා ය. “ගෞතමිය, එසේ නම්, ඔබ දෙපක්‍ෂය වෙත ම දහම් අසන්න. දෙපක්‍ෂය වෙත දහම් අසා එහි යම් භික්‍ෂූහු ධර්‍මවාදී වෙත් නම්, ඔවුන්ගේ ලබ්ධිය ද ඉවසීම හෝ හැඟීම ද කැමැත්ත ද ගැණීම ද රුචි කරන්න. භික්‍ෂුණීසඞ්ඝයා විසින් භික්‍ෂුසඞ්ඝයාගෙන් යමක් බලාපොරොත්තු විය යුතු නම්, ඒ සියල්ල ධර්‍මවාදීන් කෙරෙන් ම බලාපොරොත්තු විය යුතු ය.”
Pali BJT50. අස්සොසි ඛො අනාථපිණ්ඩිකො ගහපති “තෙ කිර කොසම්බකා භික්ඛූ භණ්ඩනකාරකා -පෙ- සඞ්ඝෙ අධිකරණකාරකා සාවත්ථිං ආගච්ඡන්තී”ති.
Sinhala BJT50. අනේපිඬුගැහැවි තෙමේ “ඩබරකරු වූ -පෙ- සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ ඒ කොසඹෑ නුවර වැසි භික්‍ෂූහු සැවැත් නුවරට එත් ල” යි ඇසී ය.
Pali BJT51. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො අනාථපිණ්ඩිකො ගහපති භගවන්තං එතදවොච: “තෙ කිර භන්තෙ, කොසම්බකා භික්ඛූ භණ්ඩනකාරකා -පෙ- සඞ්ඝෙ අධිකරණකාරකා සාවත්ථිං ආගච්ඡන්ති. කථාහං භන්තෙ, තෙසු භික්ඛූසු පටිපජ්ජාමී?”ති. “තෙන හි ත්වං ගහපති, උභයත්ථ දානං දෙහි. උභයත්ථ දානං දත්වා උභයත්ථ ධම්මං සුණ. උභයත්ථ ධම්මං සුත්වා යෙ තත්ථ භික්ඛූ ධම්මවාදිනො, තෙසං දිට්ඨිඤ්ච ඛන්තිඤ්ච රුචිඤ්ච ආදායඤ්ච රොචෙහී”ති.
Sinhala BJT51. අනතුරු ව අනේපිඩුගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් අනේපිඩුගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේගෙන් “ස්වාමීනි, ඩබරකරු වූ -පෙ- සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ ඒ කොසඹෑනුවර වැසි භික්‍ෂූහු සැවැත්නුවරට එත් ල. ස්වාමීනි, මම ඒ භික්‍ෂූන් කෙරෙහි කෙසේ පිළිපදිම් දැ”යි විචාළේ ය. “ගැහැවිය, එසේ නම් තොප දෙපක්‍ෂයට ම දන් දෙන්න. දෙපක්‍ෂයට දන් දී දෙපක්‍ෂය වෙත දහම් අසන්න. දෙපක්‍ෂය වෙත දහම් අසා එහි යම් භික්‍ෂූහු ධර්‍මවාදී වෙත් ද, ඔවුන්ගේ ලබ්ධිය ද ඉවසීම හෝ හැඟීම ද කැමැත්ත ද ගැණීම ද රුචි කරන්න”.
Pali BJT52. අස්සොසි ඛො විසාඛා මිගාරමාතා “තෙ කිර කොසම්බකා භික්ඛූ භණ්ඩනකාරකා කලහකාරකා විවාදකාරකා භස්සකාරකා සඞ්ඝෙ අධිකරණකාරකා සාවත්ථිං ආගච්ඡන්තී”ති.
Sinhala BJT52. මෘගාරිමාතෘ වූ විශාඛා තොමෝ “ඩබරකරු වූ කලහකරු වූ විවාදකරු වූ කලහ උපදවන කතා කරන්නා වූ සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ ඒ කොසඹෑනුවර භික්‍ෂූහු සැවැත්නුවරට එත් ල”යි ඇසු ය.
Pali BJT53. අථ ඛො විසාඛා මිගාරමාතා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නා ඛො විසාඛා මිගාරමාතා භගවන්තං එතදවොච: “තෙ කිර භන්තෙ, කොසම්බකා භික්ඛූ භණ්ඩනකාරකා කලහකාරකා විවාදකාරකා භස්සකාරකා සඞ්ඝෙ අධිකරණකාරකා සාවත්ථිං ආගච්ඡන්ති. කථාහං භන්තෙ, තෙසු භික්ඛූසු පටිපජ්ජාමී?”ති. “තෙන හි ත්වං විසාඛෙ, උභයත්ථ දානං දෙහි. උභයත්ථ දානං දත්වා උභයත්ථ ධම්මං සුණ. උභයත්ථ ධම්මං සුත්වා යෙ තත්ථ භික්ඛූ ධම්මවාදිනො, තෙසං දිට්ඨිඤ්ච ඛන්තිඤ්ච රුචිඤ්ච ආදායඤ්ච රොචෙහී”ති.
Sinhala BJT53. ඉක්බිති මෘගාරිමාතෘ වූ විශාඛා තොමෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියා ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නී ය. පසෙක හුන් මෘගාරිමාතෘ වූ විශාඛා තොමෝ භාග්‍යවතුන් වහන්සේගෙන් “ස්වාමීනි, ඩබරකරු වූ කලහකරු වූ විවාදකරු වූ කලහ උපදවන කතා කරන්නා වූ සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ ඒ කොසඹෑනුවර භික්‍ෂූහු සැවැත්නුවරට එත් ල. ස්වාමීනි, මම ඒ භික්‍ෂූන් කෙරෙහි කෙසේ පිළිපදිම් දැ”යි විචාළා ය. “විශාඛාව, එසේ නම් තෙපි දෙපක්‍ෂයට ම දන් දෙවු. දෙපක්‍ෂයට දන් දී දෙපක්‍ෂය වෙත දහම් අසවු. දෙපක්‍ෂය වෙත දහම් අසා එහි යම් භික්‍ෂූහු ධර්‍මවාදී වෙත් නම්, ඔවුන්ගේ ලබ්ධිය ද ඉවසීම ද කැමැත්ත ද ගැණීම ද රුචි කරවු”.
Pali BJT54. අථ ඛො කොසම්බකා භික්ඛූ අනුපුබ්බෙන යෙන සාවත්ථි තදවසරුං.
Sinhala BJT54. එකල්හි කොසඹෑනුවර භික්‍ෂූහු පිළිවෙළින් සැවැත්නුවරට පැමිණියහ.
Pali BJT55. අථ ඛො ආයස්මා සාරිපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච: “තෙ කිර භන්තෙ, කොසම්බකා භික්ඛූ භණ්ඩනකාරකා කලහකාරකා විවාදකාරකා භස්සකාරකා සඞ්ඝෙ අධිකරණකාරකා සාවත්ථිං අනුප්පත්තා. කථන්නු ඛො භන්තෙ, තෙසු භික්ඛූසු සෙනාසනෙ{1} පටිපජ්ජිතබ්බ?”න්ති. “තෙන හි සාරිපුත්ත, විවිත්තං සෙනාසනං දාතබ්බ”න්ති. “සචෙ පන භන්තෙ, විවිත්තං න හොති, කථං පටිපජ්ජිතබ්බ?”න්ති. “තෙන හි සාරිපුත්ත, විවිත්තං කත්වාපි දාතබ්බං. න ත්වෙවාහං සාරිපුත්ත, කෙනචි පරියායෙන වුඩ්ඪතරස්ස භික්ඛුනො සෙනාසනං පටිබාහිතබ්බන්ති, වදාමි. යො පටිබාහෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති. “ආමිසෙ පන භන්තෙ, කථං පටිපජ්ජිතබ්බ?”න්ති. “ආමිසං ඛො සාරිපුත්ත, සබ්බෙසං සමකං භාජෙතබ්බ”න්ති.
Sinhala BJT55. අනතුරු ව ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ. පසෙක හුන් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් “ස්වාමීනි, ඩබරකරු වූ කලහකරු වූ විවාදකරු වූ කලහ උපදවන කතා කරන්නා වූ සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ ඒ කොසඹෑ නුවර භික්‍ෂූහු සැවැත්නුවරට පැමිණියාහු ය. ස්වාමීනි, ඒ භික්‍ෂූන් කෙරෙහි සෙනසුන් දීම කෙසේ කළ යුතු දැ”යි විචාළාහු ය. “ශාරීපුත්‍රය, එසේ නම් විවික්ත සෙනසුනක් දිය යුතු ය”. “ස්වාමීනි, විවික්ත සෙනසුනක් නො වේ නම්, කෙසේ කළ යුතු ද?” “ශාරීපුත්‍රය, එසේ නම් විවික්ත කොට ද දිය යුතු ය. ශාරීපුත්‍රය, මම කිසි ලෙසකින් ඉතා වැඩිහිටි මහණහුට සෙනසුන් වැළැක්විය යුතු ය යි නො කියමි. යමෙක් වළකා නම්, දුකුළා ඇවැත් වේ”. “ස්වාමීනි, ආමිෂයෙහි කෙසේ කළ යුතු ද?” “ශාරීපුත්‍රය, ආමිෂය සියල්ලන්ට සම ව බෙදිය යුතු ය”.
Pali BJT56. අථ ඛො තස්ස උක්ඛිත්තකස්ස භික්ඛුනො ධම්මඤ්ච විනයඤ්ච පච්චවෙක්ඛන්තස්ස එතදහොසි: “ආපත්ති එසා. නෙසා අනාපත්ති. ආපන්නොම්හි. නම්හි අනාපන්නො. උක්ඛිත්තොම්හි. නම්හි අනුක්ඛිත්තො. ධම්මිකෙනම්හි කම්මෙන උක්ඛිත්තො අකුප්පෙන ඨානාරහෙනා”ති.
Sinhala BJT56. ඉක්බිති ධර්‍මය ද විනයය ද ප්‍රත්‍යවේක්‍ෂා කරන්නා වූ ඒ උත්ක්‍ෂිප්ත භික්‍ෂූහුහට “මෝ ඇවැත් ය. මෝ නො ඇවැත් නො වේ. ඇවැතට පැමිණියෙම් වෙමි. නො පැමිණියෙම් නො වෙමි. බැහැර කරණ ලද්දෙම් වෙමි. බැහැර නො කරණ ලද්දෙම් නො වෙමි. අකෝප්‍ය වූ සසුනට ගැළපෙන ධාර්මික කර්‍මයෙන් බැහැර කරණ ලද්දෙම් වෙමි” යි සිත් වි ය.
Pali BJT57. අථ ඛො සො උක්ඛිත්තකො භික්ඛු යෙන උක්ඛිත්තානුවත්තකා භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා උක්ඛිත්තානුවත්තකෙ භික්ඛූ එතදවොච: “ආපත්ති එසා ආවුසො. නෙසා අනාපත්ති. ආපන්නොම්හි. නම්හි අනාපන්නො. උක්ඛිත්තොම්හි. නම්හි අනුක්ඛිත්තො. ධම්මිකෙනම්හි කම්මෙන උක්ඛිත්තො අකුප්පෙන ඨානාරහෙන. එථ, මං ආයස්මන්තො ඔසාරෙථා”ති.
Sinhala BJT57. ඉක්බිති ඒ උත්ක්‍ෂිප්ත භික්‍ෂු තෙමේ උත්ක්‍ෂිප්තානුවර්‍තක භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ උත්ක්‍ෂිප්තානුවර්‍තක භික්‍ෂූන්ට, “ඇවැත්නි, මෝ ඇවැත් ය. මෝ නො ඇවැත් නො වේ. ඇවැතට පැමිණියෙම් වෙමි. ඇවැතට නො පැමිණියෙම් නො වෙමි. බැහැර කරණ ලද්දෙම් වෙමි. බැහැර නො කරණ ලද්දෙම් නො වෙමි. අකෝප්‍ය වූ සසුනට ගැළපෙන ධාර්මික කර්‍මයෙන් බැහැර කරණ ලද්දෙම් වෙමි. එහෙයින් ආයුෂ්මත්හු මා ඇතුළත් කරත්වා”යි කීයේ ය.
Pali BJT58. අථ ඛො තෙ උක්ඛිත්තානුවත්තකා භික්ඛූ තං උක්ඛිත්තකං භික්ඛුං ආදාය යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: “අයං භන්තෙ, උක්ඛිත්තකො භික්ඛු එවමාහ: ‘ආපත්ති එසා, ආවුසො. නෙසා අනාපත්ති. ආපන්නොම්හි. නම්හි අනාපන්නො. උක්ඛිත්තොම්හි. නම්හි අනුක්ඛිත්තො. ධම්මිකෙනම්හි කම්මෙන උක්ඛිත්තො අකුප්පෙන ඨානාරහෙන. එථ, මං ආයස්මන්තො ඔසාරෙථා’ති. කථන්නු ඛො භන්තෙ{2} පටිපජ්ජිතබ්බ?”න්ති. “ආපත්ති එසා භික්ඛවෙ. නෙසා අනාපත්ති. ආපන්නො එසො භික්ඛු. නෙසො භික්ඛු අනාපන්නො. උක්ඛිත්තො එසො භික්ඛු. නෙසො භික්ඛු අනුක්ඛිත්තො. ධම්මිකෙන කම්මෙන උක්ඛිත්තො අකුප්පෙන ඨානාරහෙන. යතො ච ඛො සො භික්ඛවෙ, භික්ඛු ආපන්නො ච, උක්ඛිත්තො ච, පස්සති ච, තෙන හි භික්ඛවෙ, තං භික්ඛුං ඔසාරෙථා”ති.
Sinhala BJT58. එකල්හි ඒ උත්ක්‍ෂිප්තානුවර්‍තක භික්‍ෂූහු ඒ උත්ක්‍ෂිප්ත භික්‍ෂුනම ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ. පසෙක හුන්නා වූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, මේ උත්ක්‍ෂිප්ත භික්‍ෂු තෙමේ ‘ඇවැත්නි, මෝ ඇවැත්ය. මෝ නොඇවැත් නො වේ. ඇවැතට පැමිණියෙම් වෙමි. ඇවැතට නො පැමිණියෙම් නො වෙමි. බැහැර කරණ ලද්දෙම් වෙමි. බැහැර නො කරණ ලද්දෙම් නො වෙමි. අකෝප්‍ය වූ සසුනට ගැළපෙන ධාර්මිකකර්‍මයෙන් බැහැර කරණ ලද්දෙම් වෙමි. එවු, ආයුෂ්මත්හු මා ඇතුළත් කරත්වා’යි මෙසේ කී ය. ස්වාමීනි, කෙසේ පිළිපැදිය යුතු ද?” “මහණෙනි, මෝ ඇවැත් ය. මෝ නොඇවැත් නො වේ. මේ මහණ ඇවැතට පැමිණියේ ය. මේ මහණ ඇවැතට නො පැමිණියේ නො වේ. මේ මහණ බැහැර කරණ ලද්දේ ය. මේ මහණ බැහැර නො කරණ ලද්දේ නො වේ. අකෝප්‍ය වූ සසුනට ගැළපෙන ධාර්මිකකර්‍මයෙන් බැහැර කරණ ලද්දේ ය. මහණෙනි, යම් හෙයකින් ඒ මහණ (ඇවැතට) පැමිණියේ ද, බැහැර කරණ ලද්දේ (ඇවැත) දකී ද, මහණෙනි, එසේ නම් ඒ මහණහු ඇතුළත් කරවු”.
Pali BJT59. අථ ඛො තෙ උක්ඛිත්තානුවත්තකා භික්ඛූ තං උක්ඛිත්තකං භික්ඛුං ඔසාරෙත්වා යෙන උක්ඛෙපකා භික්ඛූ තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා උක්ඛෙපකෙ භික්ඛූ එතදවොචුං: “යස්මිං ආවුසො, වත්ථුස්මිං අහොසි සඞ්ඝස්ස භණ්ඩනං කලහො විග්ගහො විවාදො සඞ්ඝභෙදො සඞ්ඝරාජි සඞ්ඝවවත්ථානං සඞ්ඝනානාකරණං, සො එසො භික්ඛු ආපන්නො ච, උක්ඛිත්තො ච පස්සී ච, ඔසාරිතො ච. හන්ද මයං{1} ආවුසො තස්ස වත්ථුස්ස වූපසමාය සඞ්ඝසාමග්ගිං කරොමා”ති.
Sinhala BJT59. ඉක්බිති ඒ උත්ක්‍ෂිප්තානුවර්‍තකභික්‍ෂූහු ඒ බැහැර කළ මහණහු ඇතුළත් කොට උත්ක්‍ෂේපක භික්‍ෂූන් වෙත ගියහ. ගොස් “ඇවැත්නි, යම් වස්තුවක් නිමිති කොට සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් සඞ්ඝයාගේ බිඳීමක් සඞ්ඝරාජියක් සඞ්ඝවවත්‍ථානයක් සඞ්ඝනානාකරණයක් වී ද, ඒ මේ මහණ ඇවතට පැමිණියේ ද බැහැර කරණ ලද්දේ ද (ඇවැත්) දක්නේ ද වේ. (සඞ්ඝයාට) ඇතුළත් කරණ ලද්දේ ද වේ. ඇවැත්නි, එබැවින් අපි ඒ වස්තුව සන්සිඳවනු පිණිස සඞ්ඝසාමග්‍රිය කරමු”යි උත්ක්‍ෂේපකභික්‍ෂූන්ට කීහ.
Pali BJT60. අථ ඛො තෙ උක්ඛෙපකා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: “තෙ භන්තෙ, උක්ඛිත්තානුවත්තකා භික්ඛූ එවමාහංසු: ‘යස්මිං ආවුසො, වත්ථුස්මිං අහොසි සඞ්ඝස්ස භණ්ඩනං කලහො විග්ගහො විවාදො සඞ්ඝභෙදො සඞ්ඝරාජි සඞ්ඝවවත්ථානං සඞ්ඝනානාකරණං, සො එසො භික්ඛු ආපන්නො ච, උක්ඛිත්තො ච, පස්සි ච, ඔසාරිතො ච. හන්ද මයං ආවුසො, තස්ස වත්ථුස්ස වූපසමාය සඞ්ඝසාමග්ගිං කරොමා’ති. කථං නු ඛො භන්තෙ, පටිපජ්ජිතබ්බ”න්ති. යතො ච ඛො සො භික්ඛවෙ, භික්ඛු ආපන්නො ච, උක්ඛිත්තො ච, පස්සි ච, ඔසාරිතො ච, තෙන හි භික්ඛවෙ, සඞ්ඝො තස්ස වත්ථුස්ස වූපසමාය සඞ්ඝසාමග්ගිං කරොතු. එවඤ්ච පන භික්ඛවෙ, කාතබ්බො: සබ්බෙහෙව එකජ්ඣං සන්නිපතිතබ්බං ගිලානෙහි ච අගිලානෙහි ච. න කෙහිචි ඡන්දො දාතබ්බො. සන්නිපතිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT60. එකල්හි ඒ උත්ක්‍ෂේපකභික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැද පසෙක හුන්හ. පසෙක හුන්නා වූ ඒ උත්ක්‍ෂේපකභික්‍ෂූහු “ස්වාමීනි, ඒ උත්ක්‍ෂිප්තානුවර්‍තක භික්‍ෂූහු ‘ඇවැත්නි, යම් වස්තුවක් නිමිති කොට සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් විවාදයක් සඞ්ඝයාගේ බිඳීමක් සඞ්ඝරාජියක් සඞ්ඝවවත්‍ථානයක් සඞ්ඝනානාකරණයක් වී ද, ඒ මේ මහණ තෙමේ (ඇවැතට) පැමිණියේ ද බැහැර කරණ ලද්දේ ද දක්නේ ද ඇතුළත් කරණ ලද්දේ ද වේ. ඇවැත්නි, එබැවින් අපි ඒ වස්තුව සන්සිඳවනු පිණිස සඞ්ඝසාමග්‍රිය කරමු’යි මෙසේ කීහ. ස්වාමීනි, කෙසේ පිළිපැදිය යුතු දැ”යි භාග්‍යවතුන් වහන්සේගෙන් විචාළාහු ය. “මහණෙනි, යම් හෙයකින් ඒ මහණ (ඇවැතට) පැමිණියේ ද බැහැර කරණ ලද්දේ ද දක්නේ ද ඇතුළත් කරණ ලද්දේ ද, මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ ඒ වස්තුව සන්සිඳවනු පිණිස සඞ්ඝසාමග්‍රිය කෙරේවා. මහණෙනි, මෙසේ කළ යුතු ය: ගිලන් වූ ද නො ගිලන් වූ ද සියල්ලන් ම එක් තැනක රැස් විය යුතු ය. කිසිවකු විසින් ඡන්‍දය නො දිය යුතු ය. රැස් වී ව්‍යක්ත ප්‍රතිබල භික්‍ෂු නමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු ය:
Pali BJT61. ‘සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො. යස්මිං වත්ථුස්මිං අහොසි සඞ්ඝස්ස භණ්ඩනං කලහො විග්ගහො විවාදො සඞ්ඝභෙදො සඞ්ඝරාජි සඞ්ඝවවත්ථානං සඞ්ඝනානාකරණං, සො එසො භික්ඛු ආපන්නො ච, උක්ඛිත්තො ච, පස්සි ච, ඔසාරිතො ච. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො තස්ස වත්ථුස්ස වූපසමාය සඞ්ඝසාමග්ගිං කරෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT61. ‘ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. යම් වස්තුවක් නිමිති කොට සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් විවාදයක් සඞ්ඝයාගේ බිඳීමක් සඞ්ඝරාජියක් සඞ්ඝවවත්‍ථානයක් සඞ්ඝනානාකරණයක් වී ද, ඒ මේ මහණ තෙමේ ඇවැතට පැමිණියේ ද බැහැර කරණ ලද්දේ ද දක්නේ ද ඇතුළත් කරණ ලද්දේ ද වේ. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ ඒ වස්තුව සන්සිඳවනු පිණිස සඞ්ඝසාමග්‍රිය කරන්නේ ය. මේ දැන්වීම ය.
Pali BJT“සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො. යස්මිං වත්ථුස්මිං අහොසි සඞ්ඝස්ස භණ්ඩනං කලහො විග්ගහො විවාදො සඞ්ඝභෙදො සඞ්ඝරාජි සඞ්ඝවවත්ථානං සඞ්ඝනානාකරණං, සො එසො භික්ඛු ආපන්නො ච, උක්ඛිත්තො ච, පස්සි ච, ඔසාරිතො ච. සඞ්ඝො තස්ස වත්ථුස්ස වූපසමාය සඞ්ඝසාමග්ගිං කරොති. යස්සායස්මතො ඛමති තස්ස වත්ථුස්ස වූපසමාය සඞ්ඝසාමග්ගියා කරණං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJT‘ස්වාමීනි, සඞ්ඝතෙමේ මාගේ වචනය අසාවා. යම් වස්තුවක් නිමිති කොට සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් විවාදයක් සඞ්ඝයාගේ බිඳීමක් සඞ්ඝරාජියක් සඞ්ඝවවත්‍ථානයක් සඞ්ඝනානාකරණයක් වී ද, ඒ මේ මහණ තෙමේ ඇවැතට පැමිණියේ ද බැහැර කරණ ලද්දේ ද දක්නේ ද ඇතුළත් කරණ ලද්දේ ද වේ. සඞ්ඝතෙමේ ඒ වස්තුව සන්සිඳවනු පිණිස සඞ්ඝසාමග්‍රිය කරයි. යම් ආයුෂ්මතකුහට ඒ වස්තුව සන්සිඳවනු පිණිස සඞ්ඝසාමග්‍රීකරණය රුචි වේ නම්, හෙතෙමේ නිශ්ශබ්ද වන්නේ ය. යම් ආයුෂ්මතකුහට රුචි නො වේ නම්, හෙතෙමේ කියන්නේ ය.
Pali BJT“කතා සඞ්ඝෙන තස්ස වත්ථුස්ස වූපසමාය සඞ්ඝසාමග්ගි. නිහතා සඞ්ඝරාජි. නිහතො සඞ්ඝභෙදො{2}. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී’ති. තාවදෙව උපොසථො කාතබ්බො. පාතිමොක්ඛං උද්දිසිතබ්බ”න්ති.
Sinhala BJT‘සඞ්ඝයා විසින් ඒ වස්තුව සන්සිඳවීම පිණිස සඞ්ඝසාමග්‍රිය කරණ ලදී. සඞ්ඝරාජීය නසන ලදී. සඞ්ඝභේදය හරණ ලදී. සඞ්ඝයාට (එය) රුචි වේ. එහෙයින් නිශ්ශබ්ද වේ. මෙය මෙසේ දරමි’යි. එකෙණෙහි පොහොය කළ යුතු ය. පාමොක් උදෙසිය යුතු ය”යි වදාළසේක.
Pali BJT62. අථ ඛො ආයස්මා උපාලි යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා උපාලි භගවන්තං එතදවොච: යස්මිං භන්තෙ වත්ථුස්මිං හොති සඞ්ඝස්ස භණ්ඩනං කලහො විග්ගහො විවාදො සඞ්ඝභෙදො සඞ්ඝරාජී සඞ්ඝවවත්ථානං සඞ්ඝනානාකරණං, සඞ්ඝො තං වත්ථුං අවිනිච්ඡිනිත්වා අමූලා මූලං ගන්ත්වා සඞ්ඝසාමග්ගිං කරොති, ධම්මිකා නු ඛො සා භන්තෙ, සඞ්ඝසාමග්ගී?”ති.
Sinhala BJT62. ඉක්බිති ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ. පසෙක හුන්නා වූ ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ “ස්වාමීනි, යම් වස්තුවක් නිමිති කොට සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් විවාදයක් සඞ්ඝයාගේ බිඳීමක් සඞ්ඝරාජියක් සඞ්ඝවවත්‍ථානයක් සඞ්ඝනානාකරණයක් වේ ද, සඞ්ඝතෙමේ ඒ වස්තුව විනිශ්චය නො කොට අමූලයෙන් මුලට ගොස් සඞ්ඝසාමග්‍රිය කෙරේ ද, ස්වාමීනි, ඒ සඞ්ඝසාමග්‍රිය ධාර්මික දැ”යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසූහ.
Pali BJT“යස්මිං උපාලි, වත්ථුස්මිං හොති සඞ්ඝස්ස භණ්ඩනං කලහො විග්ගහො විවාදො සඞ්ඝභෙදො සඞ්ඝරාජි සඞ්ඝවවත්ථානං සඞ්ඝනානාකරණං, සඞ්ඝො තං වත්ථුං අවිනිච්ඡිනිත්වා අමූලා මූලං ගන්ත්වා සඞ්ඝසාමග්ගිං කරොති, අධම්මිකා සා උපාලි, සඞ්ඝසාමග්ගී”ති.
Sinhala BJT“උපාලි, යම් වස්තුවක් නිමිති කොට සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් විවාදයක් සඞ්ඝයාගේ බිඳීමක් සඞ්ඝරාජියක් සඞ්ඝවවත්‍ථානයක් සඞ්ඝනානාකරණයක් වේ ද, සඞ්ඝතෙමේ ඒ වස්තුව විනිශ්චය නො කොට අමූලයෙන් මූලයට ගොස් සඞ්ඝසාමග්‍රිය කෙරේ ද, උපාලි, ඒ සඞ්ඝසාමග්‍රිය අධාර්මික ය”.
Pali BJT“යස්මිං පන, භන්තෙ වත්ථුස්මිං හොති සඞ්ඝස්ස භණ්ඩනං කලහො විග්ගහො විවාදො සඞ්ඝභෙදො සඞ්ඝරාජි සඞ්ඝවවත්ථානං සඞ්ඝනානාකරණං, සඞ්ඝො තං වත්ථුං විනිච්ඡිනිත්වා මූලා මූලං ගන්ත්වා සඞ්ඝසාමග්ගිං කරොති, ධම්මිකා නු ඛො සා භන්තෙ, සඞ්ඝසාමග්ගී”ති?
Sinhala BJT“ස්වාමීනි, යම් වස්තුවක් නිමිති කොට සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් විවාදයක් සඞ්ඝයාගේ බිඳීමක් සඞ්ඝරාජියක් සඞ්ඝවවත්‍ථානයක් සඞ්ඝනානාකරණයක් වේ ද, සඞ්ඝතෙමේ ඒ වස්තුව විනිශ්චය කොට මුලෙන් මුලට ගොස් සඞ්ඝසාමග්‍රිය කෙරේ ද, ස්වාමීනි, ඒ සඞ්ඝසාමග්‍රිය ධාර්මික ද?”.
Pali BJT“යස්මිං, උපාලි, වත්ථුස්මිං හොති සඞ්ඝස්ස භණ්ඩනං කලහො විග්ගහො විවාදො සඞ්ඝභෙදො සඞ්ඝරාජි සඞ්ඝවවත්ථානං සඞ්ඝනානාකරණං, සඞ්ඝො තං වත්ථුං විනිච්ඡිනිත්වා මූලා මූලං ගන්ත්වා සඞ්ඝසාමග්ගිං කරොති, ධම්මිකා සා, උපාලි, සඞ්ඝසාමග්ගී”ති.
Sinhala BJT“උපාලි, යම් වස්තුවක් නිමිති කොට සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් විවාදයක් සඞ්ඝයාගේ බිඳීමක් සඞ්ඝරාජියක් සඞ්ඝවවත්‍ථානයක් සඞ්ඝනානාකරණයක් වේ ද, සඞ්ඝතෙමේ ඒ වස්තුව විනිශ්චය කොට මුලින් මුලට ගොස් සඞ්ඝසාමග්‍රිය කෙරේ ද, උපාලි, ඒ සඞ්ඝසාමග්‍රිය ධාර්මික ය”.
Pali BJT63. “කති නු ඛො භන්තෙ, සඞ්ඝසාමග්ගියො?”ති. “ද්වෙමා උපාලි, සඞ්ඝසාමග්ගියො. අත්ථුපාලි සඞ්ඝසාමග්ගි, අත්ථාපෙතා බ්යඤ්ජනුපෙතා. අත්ථුපාලි, සඞ්ඝසාමග්ගි අත්ථුපෙතා ච ව්යඤ්ජනුපෙතා ච.
Sinhala BJT63. “ස්වාමීනි, සඞ්ඝසාමග්‍රීහු කෙතෙක් ද?”. “උපාලි, මේ සඞ්ඝසාමග්‍රී දෙකෙකි. උපාලි, අර්‍ත්‍ථයෙන් තොර වූ පදයෙන් යුක්ත වූ (නමින් පමණක් වූ) සඞ්ඝසාමග්‍රියක් ඇත. උපාලි, අන්‍වර්‍ත්‍ථ වූත් පදයෙන් යුක්ත වූත් සඞ්ඝසාමග්‍රියක් ඇත.
Pali BJT64. “කතමා ච සා උපාලි, සඞ්ඝසාමග්ගි අත්ථාපෙතා ව්යඤ්ජනූපෙතා? යස්මිං උපාලි, වත්ථුස්මිං හොති සඞ්ඝස්ස භණ්ඩනං කලහො විග්ගහො විවාදො සඞ්ඝභෙදො සඞ්ඝරාජි සඞ්ඝවවත්ථානං සඞ්ඝනානාකරණං, සඞ්ඝො තං වත්ථුං අවිනිච්ඡිනිත්වා අමූලා මූලං ගන්ත්වා සඞ්ඝසාමග්ගිං කරොති, අයං වුච්චති උපාලි, සඞ්ඝසාමග්ගි අත්ථාපෙතා ව්යඤ්ජනුපෙතා.
Sinhala BJT64. “උපාලි, අර්‍ත්‍ථයෙන් තොර වූ පදයෙන් යුක්ත වූ ඒ සඞ්ඝසාමග්‍රිය කවරී ද? උපාලි, යම් වස්තුවක් නිමිති කොට සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් විවාදයක් සඞ්ඝයාගේ බිඳීමක් සඞ්ඝරාජියක් සඞ්ඝවවත්‍ථානයක් සඞ්ඝනානාකරණයක් වේ ද, සඞ්ඝතෙමේ ඒ වස්තුව විනිශ්චය නො කොට අමූලයෙන් මූලයට ගොස් සඞ්ඝසාමග්‍රිය කෙරේ ද, උපාලි, මේ අර්‍ත්‍ථයෙන් තොර වූ පදයෙන් යුක්ත වූ සඞ්ඝසාමග්‍රිය යි කියනු ලැබේ.
Pali BJT65. “කතමා ච සා උපාලි, සඞ්ඝසාමග්ගි අත්ථුපෙතා{1} ච ව්යඤ්ජනුපෙතා ච? යස්මිං උපාලි, වත්ථුස්මිං හොති සඞ්ඝස්ස භණ්ඩනං කලහො විග්ගහො විවාදො සඞ්ඝභෙදො සඞ්ඝරාජි සඞ්ඝවවත්ථානං සඞ්ඝනානාකරණං, සඞ්ඝො තං වත්ථුං විනිච්ඡිනිත්වා මූලා මූලං ගන්ත්වා සඞ්ඝසාමග්ගිං කරොති, අයං වුච්චති, උපාලි, සඞ්ඝසාමග්ගි අත්ථුපෙතා ච ව්යඤ්ජනූපෙතා ච. ඉමා ඛො උපාලි, ද්වෙ සඞ්ඝසාමග්ගියො”ති.
Sinhala BJT65. “උපාලි, අර්‍ත්‍ථයෙන් තොර නො වූ පදයෙන් යුක්ත වූ ඒ සඞ්ඝ සාමග්‍රිය කවරී ද? උපාලි, යම් වස්තුවක් නිමිති කොට සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් විවාදයක් සඞ්ඝයාගේ බිඳීමක් සඞ්ඝරාජියක් සඞ්ඝවවත්‍ථානයක් සඞ්ඝනානාකරණයක් වේ ද, සඞ්ඝතෙමේ ඒ වස්තුව විනිශ්චය කොට මූලයෙන් මූලයට ගොස් සඞ්ඝසාමග්‍රිය කෙරේ ද, උපාලි, මේ අර්‍ත්‍ථයෙන් යුක්ත වූ ද පදයෙන් යුක්ත වූ ද සඞ්ඝසාමග්‍රිය යි කියනු ලැබේ. උපාලි, මේ සඞ්ඝසාමග්‍රී දෙක ය”.’
Pali BJT66. අථ ඛො ආයස්මා උපාලි, උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං ගාථාය අජ්ඣභාසි:-
Sinhala BJT66. ඉක්බිති ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ හුනස්නෙන් නැගිට උතුරුසඟසිවුර එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි කොට භාග්‍යවතුන් වහන්සේට ගාථාවෙන් මෙසේ කීහ:
Pali BJT67. “සඞ්ඝස්ස කිච්චෙසු ච මන්තණාසු ච අත්ථෙසු ජාතෙසු විනිච්ඡයෙසු ච, කථම්පකාරොධ නරො මහත්ථිකො භික්ඛු කථං හොතිධ පග්ගහාරහො”ති.
Sinhala BJT67. “සඞ්ඝයාගේ කර්‍තව්‍යයන්හි ද විනයමන්ත්‍රණයන්හි ද උපන් විනයාර්‍ත්‍ථයන්හි ද ඒ අර්‍ත්‍ථයන් විනිශ්චය කිරීම්හි ද මහත් උපකාර ඇත්තා වූ මිනිස් තෙමේ මේ ශාසනයෙහි කෙබඳු වේ ද? මේ ශාසනයෙහි අනුබල දීමට සුදුසු වූ මහණ තෙමේ කෙබඳු වේ ද?”
Pali BJT68. “අනානුවජ්ජො{1} පඨමෙන සීලතො අවෙක්ඛිතාචාරො සුසංවුතින්ද්රියො, පච්චත්ථිකා නොපවදෙන්ති{2} ධම්මතො න හිස්ස තං හොති වදෙය්යු යෙන නං.
Sinhala BJT68. “පළමු කොට සීලයෙන් උපවාද රහිත වූයේ ‘ආලෝකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති’ යනාදීන් බලාපොරොත්තු වන හැසිරීම් ඇත්තේ මනා කොට හික්මවූ ඉඳුරන් ඇත්තේ වේ ද, ඔහුට පසමිතුරෝ කරුණු වශයෙන් චෝදනා නො කෙරෙත් (දොස් නො කියත්). යම් හෙයකින් ඔහුට කියන්නාහු ද ඔහුට ඒ චෝදනාව නැත්තේ ය.
Pali BJT69. සො තාදිසො සීලවිසුද්ධියා ඨිතො විසාරදො හොති විසය්හ භාසති, නච්ඡම්භති පරිසගතො න වෙධති අත්ථං න හාපෙති අනුය්යුතං භණං.
Sinhala BJT69. එබඳු වූ ශීලවිශුද්ධියෙහි පිහිටියා වු හෙතෙමේ විශාරද වෙයි. අභිභවනය කොට කියයි. පිරිස් මැදට ගියේ තැති නො ගණියි. නො සැලෙයි. අනුදන්නා ලද්දක් කරුණු සහිත ව කියන්නේ අර්‍ත්‍ථය නො නසයි.
Pali BJT70. තථෙව පඤ්හං පරිසාසු පුච්ඡිතො න චෙව පජ්ඣායති න මඞ්කු හොති, සො කාලාගතං{3} බ්යාකරණාරහං වචො රඤ්ජෙති විඤ්ඤූපරිසං විචක්ඛණො.
Sinhala BJT70. එපරිද්දෙන් ම පිරිස් මැද පුළුවුස්නා ලද්දේ සිතිවිලි නො සිතයි. තෙදරහිත නො වේ. මකු නො වේ. කිය යුතු කල්හි පැමිණියා වූ අර්‍ත්‍ථානුලෝම වූ ව්‍යාකරණයට සුදුසු වූ වචන කියන්නා වූ ඒ නුවණැත්තේ නුවණැති පිරිස සතුටු කෙරෙයි.
Pali BJT71. සගාරවො වුඩ්ඪතරෙසු භික්ඛුසු ආචෙරකම්හි ච සකෙ විසාරදො, අලං පමෙතුං පගුණො කථෙතවෙ පච්චත්ථිකානඤ්ච විසන්ධිධිකොවිදො{4}.
Sinhala BJT71. වැඩි මහලු මහණුන් කෙරෙහි ගෞරව සහිත වූයේ වාසය කරයි. ස්වකීය ආචාර්‍ය්‍යවාදයෙහි විශාරද වේ. ඒ ඒ කරුණු නුවණින් ප්‍රමාණ කරන්ට (විනිශ්චය කරන්ට) සමර්‍ත්‍ථ වේ. කිය යුත්තෙහි කළ පරිචය ඇත්තේ වේ. පසමිතුරන් වැරදවූ තැන් දැක්මෙහි දක්‍ෂ වේ.
Pali BJT72. පච්චත්ථිකා යෙන වජන්ති නිග්ගහං මහාජනො සඤ්ඤපනඤ්ච{5} ගච්ඡති, සකඤ්ච ආදායං සමයං{6} න රිඤ්චති සො බ්යාකරං{7} පඤ්හමනූපඝාතිකං.
Sinhala BJT72. යම් වචනයකින් පසමිතුරෝ නිග්‍රහයට යෙත් ද, මහාජන තෙමේ අවබෝධයට යේ ද, හෙතෙමේ හිංසා නො කරන්නා වූ ප්‍රශ්නයන් ප්‍රකාශ කරමින් ස්වකීය ආචාර්‍ය්‍යවාදය වූ ලබ්ධිය සිස් නො කෙරෙයි.
Pali BJT73. දූතෙය්යකම්මෙසු අලං සමුග්ගහො සඞ්ඝස්ස කිච්චෙසු ච ආහුනං යථා, කරං වචො භික්ඛුගණෙන පෙසිතො අහං කරොමීති න තෙන මඤ්ඤති.
Sinhala BJT73. සඞ්ඝයාගේ දූතකර්‍මයන්හි සමර්‍ත්‍ථ වේ. සඞ්ඝයාගේ කෘත්‍යයන්හි ආහුතිපිණ්ඩය (හෝමගින්නෙහි ලු ගිතෙල්) සේ ඉගෙණීම් හෝ පිළිගැණිම් ඇත්තේ වේ. පැවිදි සමූහයා විසින් යවන ලද්දේ සඞ්ඝයාගේ වචන කරමින් ‘මම සඞ්ඝයාගේ කටයුතු කරමි’යි යන හේතුවෙන් තමන් උසස් කොට නො සිතයි.
Pali BJT74. ආපජ්ජතෙ{8} යාවතකෙසු වත්ථුසු ආපත්තියා හොති යථා ච වුට්ඨිති, එතෙ විභඞ්ගා උභයෙස්ස සාගතා ආපත්තිවුට්ඨානපදස්ස කොවිදො.
Sinhala BJT74. යම් පමණ වූ වස්තූන්හි ඇවැතට පැමිණේ ද, යම් ලෙසකින් ඇවැතින් නැගී සිටීම වේ ද, ආපත්තිආපජ්ජන ආපත්තිවුට්ඨාන යන මේ විහඞ්ගයෝ (අර්‍ත්‍ථද්‍යොතකයෝ) දෙදෙන ඔහු විසින් මනා කොට අවබෝධ කරණ ලද්දාහු නු යි ඇවැතින් නැගී සිටීම් කරුණෙහි දක්‍ෂ වේ.
Pali BJT75. නිස්සාරණං ගච්ඡති යානි චාචරං නිස්සාරිතො හොති යථා ච වත්ථුනා{9}, ඔසාරණං තංවුසිතස්ස ජන්තුනො එතම්පි ජානාති විභඞ්ගකොවිදො.
Sinhala BJT75. විභඞ්ගයෙහි දක්‍ෂ වූයේ යම් ඩබර කිරීම් ආදිය කරන්නේ තර්‍ජනීයකර්‍මාදීන්ගේ වශයෙන් බැහැර කිරීමට පැමිණේ ද, යම් ලෙසකින් වස්තුවශයෙන් බැහැර කරණ ලද්දේ වේ ද, ඒ නිස්සාරණයට නියමිත වත් සම්පුර්‍ණර්‍ කළා වූ මහණහුගේ ඇතුළත් කරගැණීම ද දනියි.
Pali BJT76. සගාරවො වුඩ්ඪතරෙසු භික්ඛූසු නවෙසු ථෙරෙසු ච මජ්ඣිමෙසු{10}; මහාජනස්සත්ථචරොධ පණ්ඩිතො සො තාදිසො භික්ඛු ඉධ පග්ගහාරහො”ති.
Sinhala BJT76. මේ ශාසනයෙහි වැඩි මහලු වූ ස්ථවිර භික්‍ෂූන් කෙරෙහි ද නවකයන් කෙරෙහි ද මද්ධ්‍යමයන් කෙරෙහි ද ගෞරව සහිත වූ ද, නුවණැත්තා වූ ද, මහාජනයාගේ වැඩෙහි හැසිරෙන්නා වූ ද, එබඳු වූ මහණ තෙමේ අධිකරණ විනිශ්චය පිණිස ගත යුත්තේ වේ”.
Pali BJTකොසම්බක්ඛන්ධකො නිට්ඨිතො දසමො.
Sinhala BJTදස වැනි වූ කෝසම්බක්ඛන්‍ධකය නිමි.
Pali BJTතස්ස උද්දානං:
Sinhala BJTඑහි උද්දානය (වස්තුනාමාවලිය) මෙසේ ය:
Pali BJT1. කොසම්බියං ජිනවරො විවාදාපත්තිදස්සනෙ, උක්ඛිපෙය්ය{1} යස්මිං තස්මිං සද්ධායාපත්ති දෙසයෙ.
Sinhala BJT1. ශ්‍රේෂ්ඨ වූ සර්‍වඥයන් වහන්සේ කොසඹෑනුවර වැඩ වසන කල්හි විවාදාපත්තිදර්‍ශනයෙහි යම් තම් අවකාශයෙක්හි උක්ඛේපනීයකර්‍මය කෙළේ ය. භේදගරුක පැවිද්දා අනුන් බස් පිළිගෙණ ඇවැත් දෙසන්නේ ය.
Pali BJT2. අන්තොසීමාය{2} තත්ථෙව බාලකඤ්චෙව වංසදා{3}, පාරිලෙය්යඤ්ච{4} සාවත්ථි, සාරිපුත්තො ච කොලිතො.
Sinhala BJT2. එහි සීමාව තුළ උපෝසථාදිවිනයකර්‍ම කරන්නේ ය. බාලකලෝණකාරග්‍රාමය, පාචීනවංසදාය, පාරිලෙය්‍යකවනය, සැවැත්නුවර, සාරිපුත්ත, කෝලිත -
Pali BJT3. මහාකස්සපකච්චානා, කොට්ඨිකො කප්පිනෙනච{5}, මහාචුන්දො ච අනුරුද්ධො රෙවතො උපාලි චුභයෙ{6}.
Sinhala BJT3. මහාකස්සප, මහාකච්චාන, මහාකොට්ඨිත, මහාකප්පින, මහාචුන්‍ද, අනුරුද්ධ, රේවත, උපාලි
Pali BJT4. ආනන්දො රාහුලො චෙව ගොතමී නාථපිණ්ඩිකො, විසාඛා මිගාරමාතා ච{7} .................................................. සෙනාසනං විවිත්තඤ්ච ආමිසං සමකං දදෙ{8}.
Sinhala BJT4. ආනන්‍ද රාහුල දෙනම ද, මහා පජාපතීගෝතමී, අනාථපිණ්ඩික, විශාඛා මෘගාරිමාතෘ ... (යන මොහු වෙත්). විවේකසෙනසුනක් දෙන්නේ ය. ආමිසය සමාන ව දෙන්නේ ය.
Pali BJT5. න කෙහි{9} ඡන්දො දාතබ්බො, උපාලිපරිපුච්ඡිතො, අනානුවජ්ජොධිසීලෙන{10} සාමග්ගී ජිනසාසනෙති.
Sinhala BJT5. කිසිවකු විසින් ඡන්‍දය නො දිය යුතු ය. උපාලි තෙරුන් ප්‍රශ්න විචාරීම; සමගි කරවන මහණ ජිනසසුන්හි අධිශීලයෙන් උපවාද රහිත විය යුතු ය.
Pali BJTමහාවග්ගො සමත්තො.
Sinhala BJTමහවග නිමි.