Mahāvagga

Great Division

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2601-2700 න් 2799

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT9. එවං වුත්තෙ උක්ඛෙපකා භික්ඛූ උක්ඛිත්තානුවත්තකෙ භික්ඛූ එතදවොචුං: “ආපත්ති එසා ආවුසො. නෙසා අනාපත්ති. ආපන්නො එසො භික්ඛු. නෙසො භික්ඛු අනාපන්නො. උක්ඛිත්තො එසො භික්ඛු. නෙසො භික්ඛු අනුක්ඛිත්තො. ධම්මිකෙන කම්මෙන උක්ඛිත්තො අකුප්පෙන ඨානාරහෙන. මා ඛො තුම්හෙ ආයස්මන්තො එතං උක්ඛිත්තකං භික්ඛුං අනුවත්තිත්ථ, අනුපරිවාරෙථා”ති.
Sinhala BJT9. මෙසේ කී කල්හි උත්ක්‍ෂේපකභික්‍ෂූහු “ඇවැත්නි, මෙය ඇවතකි. මෙය අනාපත්ති නො වේ. මේ මහණ තෙමේ ඇවැත් අවන් ය. මේ මහණ තෙමේ ඇවැතට අවන් නො වූයේ නො වේ. මේ මහණ තෙමේ උත්ක්‍ෂිප්ත ය. මේ මහණ තෙමේ උත්ක්‍ෂිප්ත නො වූයේ නො වේ. අකෝප්‍ය වූ සසුනට ගැළපෙන්නා වූ ධාර්මිකකර්‍මයෙන් උත්ක්‍ෂිප්ත ය. (එහෙයින්) ආයුෂ්මත්හු මේ උත්ක්‍ෂිප්ත භික්‍ෂුහුහට අනුවර්‍තක නො වවු. අනුගමනය නො කරවු” යි උත්ක්‍ෂිප්තානුවර්‍තක භික්‍ෂූන්ට මෙය කීහ.
Pali BJT10. එවම්පි ඛො තෙ උක්ඛිත්තානුවත්තකා භික්ඛූ උක්ඛෙපකෙහි භික්ඛූහි වුච්චමානා තථෙව තං උක්ඛිත්තකං භික්ඛුං අනුවත්තිංසු. අනුපරිවාරෙසුං.
Sinhala BJT10. උත්ක්‍ෂේපකභික්‍ෂූන් විසින් මෙසේත් කියනු ලබන්නා වූ ඒ උත්ක්‍ෂිප්තානුවර්‍තකභික්‍ෂූහු ඒ උත්ක්‍ෂිප්ත වූ මහණහු අනු ව පැවැත්තාහු ය. පිරිවැරූහ.
Pali BJT11. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: “ඉධ භන්තෙ අඤ්ඤතරො භික්ඛු ආපත්තිං ආපන්නො අහොසි. සො තස්සා ආපත්තියා ආපත්තිදිට්ඨි අහොසි. අඤ්ඤෙ භික්ඛූ තස්සා ආපත්තියා අනාපත්තිදිට්ඨිනො අහෙසුං.
Sinhala BJT11. ඒ අතර එක්තරා මහණෙක් තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේ ය. “ස්වාමීනි, මෙහි එක්තරා මහණෙක් ඇවැත් අවන්නේ වේ. හෙතෙමේ ඒ ඇවතෙහි ඇවැත් යි ලබ්ධි ඇත්තේ වී ය. සෙසු භික්‍ෂූහු ඒ ඇවැතෙහි ඇවැත් නැතැ යි ලබ්ධි ඇත්තෝ වූහ.”
Pali BJT12. “සො අපරෙන සමයෙන තස්සා ආපත්තියා අනාපත්තිදිට්ඨි අහොසි. අඤ්ඤෙ භික්ඛූ තස්සා ආපත්තියා ආපත්තිදිට්ඨිනො අහෙසුං.
Sinhala BJT12. “හෙතෙමේ මෑත කාලයෙහි ඒ ඇවතෙහි ඇවැත් නැතැ යි ලබ්ධි ඇත්තේ විය. සෙසු භික්‍ෂූහු ඒ ඇවතෙහි ඇවැත් යි ලබ්ධි ඇත්තෝ වූහ.”
Pali BJT13. “අථ ඛො තෙ භන්තෙ භික්ඛූ තං භික්ඛුං එතදවොචුං: ‘ආපත්තිං ත්වං ආවුසො ආපන්නො. පස්සසෙතං ආපත්ති’න්ති. “නත්ථි මෙ ආවුසො ආපත්ති, යමහං පස්සෙය්ය”න්ති.
Sinhala BJT13. “ස්වාමීනි, අනතුරු ව ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි, තෝ ඇවැතට පැමිණියෙහි ය. තෙල ඇවැත දකුව” යි ඒ මහණහුට මෙය කීහ. ‘මම යම් ඇවැතක් දක්නෙම් ද, මට එබඳු ඇවැතක් නැතැ’ යි (ඒ මහණ කී ය)
Pali BJT14. “අථ ඛො තෙ භන්තෙ භික්ඛූ සාමග්ගිං ලභිත්වා තං භික්ඛුං ආපත්තියා අදස්සනෙ උක්ඛිපිංසු.
Sinhala BJT14. “එවිට ස්වාමීනි, ඒ භික්‍ෂූහු සමගිය ලබා ඒ මහණහු ඇවැත් නො දැක්මෙහි තහනම් කළහ.”
Pali BJT15. “සො ච භන්තෙ භික්ඛු බහුස්සුතො ආගතාගමො ධම්මධරො විනයධරො මාතිකාධරො පණ්ඩිතො ව්යත්තො මෙධාවී ලජ්ජී කුක්කුච්චකො සික්ඛාකාමො.
Sinhala BJT15. “ස්වාමීනි, ඒ භික්‍ෂු තෙමේත් බොහෝ ඇසූපිරූ තැන් ඇත්තේ ය. පුහුණු කළ නිකාය ඇත්තේ ය. ධර්‍මධර ය. විනයධර ය. මාතෘකාධර ය. පණ්ඩිත ය. ව්‍යක්ත ය. නුවණැත්තේ ය. ලජ්ජා ඇත්තේ ය. කුකුස් කරන්නේ ය. හික්මෙනු කැමැත්තේ ය.”
Pali BJT16. “අථ ඛො සො භන්තෙ භික්ඛු සන්දිට්ඨෙ සම්භත්තෙ භික්ඛූ උපසඞ්කමිත්වා එතදවොච: ‘අනාපත්ති එසා ආවුසො, නෙසා ආපත්ති. අනාපන්නොම්හි. නම්හි ආපන්නො. අනුක්ඛිත්තොම්හි. නම්හි උක්ඛිත්තො. අධම්මිකෙනම්හි කම්මෙන උක්ඛිත්තො කුප්පෙන අට්ඨානාරහෙන. හොථ මෙ ආයස්මන්තො ධම්මතො විනයතො පක්ඛා’ති.
Sinhala BJT16. “ස්වාමීනි, ඉක්බිති ඒ භික්‍ෂු තෙමේ දුටු පමණින් මිතුරු වූ ආශ්‍රයයෙන් මිතුරු වූ භික්‍ෂූන් වෙත එළඹ ‘ඇවැත්නි, මෙය අනාපත්ති වේ. මෙය ඇවැත් නො වේ. ඇවැත් අවන් වූයෙම් නො වෙමි. ඇවැතට පැමිණියෙම් නො වෙමි. තහනම් නො කරණ ලද්දෙම් වෙමි. බැහැර කරණ ලද්දෙම් නො වෙමි. කෝප්‍ය වු සසුනට නො ගැළපෙන්නා වූ අධාර්මිකකර්‍මයෙන් තහනම් කරණ ලද්දේ වෙමි. (එහෙයින්) ආයුෂ්මත්හු මට ධර්‍මයෙන් විනයයෙන් පක්‍ෂ වවු’ යි මෙය කී ය.”
Pali BJT17. “අලභි ඛො සො භන්තෙ භික්ඛු සන්දිට්ඨෙ සම්භත්තෙ භික්ඛූ පක්ඛෙ.
Sinhala BJT17. “ස්වාමීනි, ඒ භික්‍ෂු තෙමේ දුටුමිතුරු වූ දැඩි මිතුරු වූ පක්‍ෂ වූ භික්‍ෂූන් ලැබී ය.”
Pali BJT18. “ජානපදානම්පි සන්දිට්ඨානං සම්භත්තානං භික්ඛූනං සන්තිකෙ දූතං පාහෙසි: ‘අනාපත්ති එසා ආවුසො. නෙසා ආපත්ති. අනාපන්නොම්හි. නම්හි ආපන්නො. අනුක්ඛිත්තොම්හි. නම්හි උක්ඛිත්තො. අධම්මිකෙනම්හි කම්මෙන උක්ඛිත්තො කුප්පෙන අට්ඨානාරහෙන. හොන්තු මෙ ආයස්මන්තො ධම්මතො විනයතො පක්ඛා’ති.
Sinhala BJT18. ‘ඇවැත්නි, මෙය අනාපත්ති වේ. මෙය ඇවැත් නො වේ. ඇවැතට නො පැමිණියෙම් වෙමි. ඇවැතට පැමිණියේ නො වෙමි. බැහැර නො කරණ ලද්දේ වෙමි. බැහැර කරණ ලද්දෙම් නො වෙමි. කෝප්‍ය වූ සසුනට නො ගැළපෙන්නා වූ අධාර්මිකකර්‍මයෙන් බැහැර කරණ ලද්දෙම් වෙමි. (එහෙයින්) ආයුෂ්මත්හු මට ධර්‍මයෙන් විනයයෙන් පක්‍ෂ වවු’ යි දනවුවැසි දුටුමිතුරු වූ දැඩිමිතුරු වූ භික්‍ෂූන් වෙත ද දූතයකු යැවී ය.
Pali BJT19. “අලභි ඛො සො භන්තෙ භික්ඛු ජානපදෙපි සන්දිට්ඨෙ සම්භත්තෙ භික්ඛූ පක්ඛෙ.
Sinhala BJT19. “ස්වාමීනි, ඒ භික්‍ෂු තෙමේ දනවුවැසි දුටුමිතුරු වූ දැඩිමිතුරු වූ (තමහට) පක්‍ෂ වූ භික්‍ෂූන් ලැබී ය.”
Pali BJT20. “අථ ඛො තෙ භන්තෙ උක්ඛිත්තානුවත්තකා භික්ඛූ යෙන උක්ඛෙපකා භික්ඛූ තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා උක්ඛෙපකෙ භික්ඛූ එතදවොචුං: ‘අනාපත්ති එසා ආවුසො. නෙසා ආපත්ති. අනාපන්නො එසො භික්ඛු. නෙසො භික්ඛු ආපන්නො. අනුක්ඛිත්තො එසො භික්ඛු. නෙසො භික්ඛු උක්ඛිත්තො. අධම්මිකෙන කම්මෙන උක්ඛිත්තො කුප්පෙන අට්ඨානාරහෙනා’ති.
Sinhala BJT20. “ස්වාමීනි, ඉක්බිති ඒ උත්ක්‍ෂිප්තානුවර්‍තකභික්‍ෂූහු උත්ක්‍ෂේපක භික්‍ෂූන් වෙත ගියහ. ගොස් ‘ඇවැත්නි, මෙය අනාපත්ති වේ. මෙය ඇවැත් නො වේ. මේ භික්‍ෂු තෙමේ ඇවැතට නො පැමිණියේ වේ. මේ භික්‍ෂු තෙමේ පැමිණියේ නො වේ. මේ භික්‍ෂු තෙමේ බැහැර නො කරණ ලද්දේ ය. මේ භික්‍ෂු තෙමේ බැහැර කරණ ලද්දේ නො වේ. කෝප්‍ය වූ සසුනට නො ගැළපෙන්නා වූ අධාර්මිකකර්‍මයෙන් බැහැර කරණ ලද්දේ වේ’ යි උත්ක්‍ෂේපකභික්‍ෂූන්ට මෙය කීහ.
Pali BJT21. “එවං වුත්තෙ තෙ භන්තෙ උක්ඛෙපකා භික්ඛූ උක්ඛිත්තානුවත්තකෙ භික්ඛූ එතදවොචුං: ‘ආපත්ති එසා ආවුසො. නෙසා අනාපත්ති. ආපන්නො එසො භික්ඛු. නෙසො භික්ඛු අනාපන්නො. උක්ඛිත්තො එසො භික්ඛු. නෙසො භික්ඛු අනුක්ඛිත්තො. ධම්මිකෙන කම්මෙන උක්ඛිත්තො අකුප්පෙන ඨානාරහෙන. මා ඛො තුම්හෙ ආයස්මන්තො එතං උක්ඛිත්තකං භික්ඛුං අනුවත්තිත්ථ. අනුපරිවාරෙථා’ති.
Sinhala BJT21. “ස්වාමීනි, මෙසේ කී කල්හි ඒ උත්ක‍්ෂෙපකභික්‍ෂූහු ‘ඇවැත්නි, මෙය ඇවැත් වේ. මෙය අනාපත්ති නො වේ. මේ භික්‍ෂු තෙමේ ඇවැතට පැමිණියේ වේ. මේ භික්‍ෂු තෙමේ නො පැමිණියේ නො වේ. මේ භික්‍ෂු තෙමේ බැහැර කරණ ලද්දේ වේ. මේ භික්‍ෂු තෙමේ බැහැර නො කරණ ලද්දේ නො වේ. අකෝප්‍ය වූ සසුනට ගැළපෙන්නා වූ ධාර්මික කර්‍මයෙන් බැහැර කරණ ලද්දේ වේ. ආයුෂ්මත්නි, තෙපි බැහැර කරණ ලද මේ මහණහුට අනුවර්‍තක නො වවු, අනුගමනය නො කරවු’ යි උත්ක්‍ෂිප්තානුවර්‍තකභික්‍ෂූන්ට කීහ.
Pali BJT22. “එවම්පි ඛො තෙ භන්තෙ උක්ඛිත්තානුවත්තකා භික්ඛූ උක්ඛෙපකෙහි භික්ඛූහි වුච්චමානා තථෙව තං උක්ඛිත්තකං භික්ඛුං අනුවත්තන්ති අනුපරිවාරෙන්තී”ති.
Sinhala BJT22. “ස්වාමීනි, උත්ක්‍ෂේපකභික්‍ෂූන් විසින් මෙසේත් කියනු ලබන්නා වූ උත්ක්‍ෂිප්තානුවර්‍තකභික්‍ෂූහු උත්ක්‍ෂිප්ත වූ ඒ මහණ ඒ ලෙසින් ම පිරිවරත්.”
Pali BJT23. අථ ඛො භගවා “භින්නො භික්ඛුසඞ්ඝො. භින්නො භික්ඛුසඞ්ඝො”ති උට්ඨායාසනා යෙන උක්ඛෙපකා භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි.
Sinhala BJT23. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “භික්‍ෂුසඞ්ඝ තෙමේ බිඳුනේ ය. භික්‍ෂුසඞ්ඝ තෙමේ බිඳුනේ ය” යි හුනස්නෙන් නැගිට උත්ක්‍ෂේපකභික්‍ෂූන් වෙත වැඩිසේක. වැඩ පැණ වූ අසුනෙහි වැඩහුන් සේක.
Pali BJT24. නිසජ්ජ ඛො භගවා උක්ඛෙපකෙ භික්ඛූ එතදවොච: “මා ඛො තුම්හෙ භික්ඛවෙ ‘පටිභාති නො. පටිභාති නො’ති යස්මිං වා තස්මිං වා භික්ඛුං උක්ඛිපිතබ්බං මඤ්ඤිත්ථ.
Sinhala BJT24. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ උත්ක්‍ෂේපකභික්‍ෂූන්ට මෙය වදාළ සේක: “මහණෙනි, තෙපි ‘අපට වැටහෙයි. අපට වැටහේ ය’ යි යම් ඒ කරුණෙක්හි මහණෙක් බැහැර කළ යුතු ය” යි නහමක් සලකවු.
Pali BJT25. ‘ඉධ පන භික්ඛවෙ භික්ඛු ආපත්තිං ආපන්නො හොති. සො තස්සා ආපත්තියා අනාපත්තිදිට්ඨි හොති. අඤ්ඤෙ භික්ඛූ තස්සා ආපත්තියා ආපත්තිදිට්ඨිනො හොන්ති.
Sinhala BJT25. “මහණෙනි, මෙහි මහණෙක් ඇවැතට පැමිණියේ වේ. හෙතෙමේ ඒ ඇවැත ඇවැත් නො වේ ය යි දැකුම් ඇත්තේ වේ. සෙසු භික්‍ෂූහු ඒ ඇවැත ඇවැත් ය යි දැකුම් ඇත්තෝ වෙති.
Pali BJT26. “තෙ චෙ භික්ඛවෙ භික්ඛූ තං භික්ඛුං එවං ජානන්ති. ‘අයං ඛො ආයස්මා බහුස්සුතො ආගතාගමො ධම්මධරො විනයධරො මාතිකාධරො පණ්ඩිතො ව්යත්තො මෙධාවී ලජ්ජී කුක්කුච්චකො සික්ඛාකාමො. සචෙ මයං ඉමං භික්ඛුං ආපත්තියා අදස්සනෙ උක්ඛිපිස්සාම, න මයං ඉමිනා භික්ඛුනා සද්ධිං උපොසථං කරිස්සාම, විනා ඉමිනා භික්ඛුනා උපොසථං කරිස්සාම, භවිස්සති සඞ්ඝස්ස තතොනිදානං භණ්ඩනං කලහො විග්ගහො විවාදො සඞ්ඝභෙදො සඞ්ඝරාජි සඞ්ඝවවත්ථානං සඞ්ඝනානාකරණ’න්ති.
Sinhala BJT26. “මහණෙනි, ඒ භික්‍ෂූහු ඒ මහණහු ගැණ “මේ ආයුෂ්මත් තෙමේ බොහෝ ඇසූපිරූතැන් ඇත්තේ ය. පුහුණු කළ නිකාය ඇත්තේ ය. ධර්‍මධර ය. විනයධර ය. මාතෘකාධර ය. පණ්ඩිත ය. ව්‍යක්ත ය. නුවණැත්තේ ය. ලජ්ජා ඇත්තේ ය. කුකුස් කරන්නේ ය. හික්මෙනු කැමැත්තේ ය. අපි මේ මහණහු ඇවැත් නො දැක්මෙහි බැහැර කරන්නෙමු නම්, අපි මේ මහණහු සමග පොහෝ නො කරන්නෙමු නම්, මේ මහණහු හැර පොහොය කරන්නෙමු නම්, ඒ හේතුවෙන් සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් විවාදයක් සඞ්ඝයාගේ බිඳීමක් සඞ්ඝයාගේ භේදයට ඉරි වැටීමක් සඞ්ඝයා වෙන් කිරීමක් සඞ්ඝයාගේ වෙනස් බවක් වන්නේ ය යි දනිත් ද?”
Pali BJT27. “භෙදගරුකෙහි භික්ඛවෙ භික්ඛූහි න සො භික්ඛු ආපත්තියා අදස්සනෙ උක්ඛිපිතබ්බො.”
Sinhala BJT27. මහණෙනි, බිඳීම බරපතල කොට සලකන භික්‍ෂූන් විසින් ඒ මහණ තෙමේ ඇවැත් නො දැක්මෙහි බැහැර නො කට යුතු ය.
Pali BJT28. “ඉධ පන භික්ඛවෙ භික්ඛු ආපත්තිං ආපන්නො හොති. සො තස්සා ආපත්තියා අනාපත්තිදිට්ඨි හොති. අඤ්ඤෙ භික්ඛූ තස්සා ආපත්තියා ආපත්තිදිට්ඨිනො හොන්ති.
Sinhala BJT28. “මහණෙනි, මෙහි මහණෙක් ඇවතට පැමිණියේ වේ. හෙතෙමේ ඒ ඇවත ඇවැත් නො වෙයි යන දැකුම් ඇත්තේ වේ. සෙසු භික්‍ෂූහු ඒ ඇවත ඇවැත් ය යන ලබ්ධි ඇත්තෝ වෙත්.”
Pali BJT29. “තෙ චෙ භික්ඛවෙ භික්ඛූ තං භික්ඛුං එවං ජානන්ති: ‘අයං ඛො ආයස්මා බහුස්සුතො ආගතාගමො ධම්මධරො විනයධරො මාතිකාධරො පණ්ඩිතො ව්යත්තො මෙධාවී ලජ්ජී කුක්කුච්චකො සික්ඛාකාමො. සචෙ මයං ඉමං භික්ඛුං ආපත්තියා අදස්සනෙ උක්ඛිපිස්සාම, න මයං ඉමිනා භික්ඛුනා සද්ධිං පවාරෙස්සාම. විනා ඉමිනා භික්ඛුනා පවාරෙස්සාම. න මයං ඉමිනා භික්ඛුනා සද්ධිං සඞ්ඝකම්මං කරිස්සාම, විනා ඉමිනා භික්ඛුනා සඞ්ඝකම්මං කරිස්සාම, න මයං ඉමිනා භික්ඛුනා සද්ධිං ආසනෙ නිසීදිස්සාම, විනා ඉමිනා භික්ඛුනා ආසනෙ නිසීදිස්සාම. න මයං ඉමිනා භික්ඛුනා සද්ධිං යාගුපානෙ නිසීදිස්සාම, විනා ඉමිනා භික්ඛුනා යාගුපානෙ නිසීදිස්සාම, න මයං ඉමිනා භික්ඛුනා සද්ධිං භත්තග්ගෙ නිසීදිස්සාම, විනා ඉමිනා භික්ඛුනා භත්තග්ගෙ නිසීදිස්සාම. න මයං ඉමිනා භික්ඛුනා සද්ධිං එකච්ඡන්නෙ වසිස්සාම, විනා ඉමිනා භික්ඛුනා එකච්ඡන්නෙ වසිස්සාම, න මයං ඉමිනා භික්ඛුනා සද්ධිං යථාබුඩ්ඪං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං කරිස්සාම, විනා ඉමිනා භික්ඛුනා යථාවුඩ්ඪං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං කරිස්සාම. භවිස්සති සඞ්ඝස්ස තතොනිදානං භණ්ඩනං කලහො විග්ගහො විවාදො සඞ්ඝභෙදො සඞ්ඝරාජි සඞ්ඝවවත්ථානං සඞ්ඝනානාකරණ’න්ති.
Sinhala BJT29. “මහණෙනි, ඒ භික්‍ෂූහු ඒ මහණහු පිළිබඳ ව ‘මේ ආයුෂ්මත් තෙමේ බොහෝ ඇසූපිරූතැන් ඇත්තේ ය. පුහුණු කළ නිකාය ඇත්තේ ය. ධර්‍මධර ය. විනයධර ය. මාතෘකාධර ය. පණ්ඩිත ය. ව්‍යක්ත ය. නුවණැත්තේ ය. ලජ්ජා ඇත්තේ ය. කුකුස් කරන්නේ ය. හික්මෙනු කැමැත්තේ ය. අපි මේ මහණහු ඇවැත් නො දැක්මෙහි බැහැර කරන්නෙමු නම් අපි මේ මහණහු හා නො පවරන්නෙමු නම්, මේ මහණහු හැර පවරන්නෙමු නම්, අපි මේ මහණහු සමග සඞ්ඝකර්‍ම නො කරන්නෙමු නම්, මේ මහණහු හැර සඞ්ඝකර්‍ම කරන්නෙමු නම්, අපි මේ මහණහු සමග එක් අසුනෙහි නො හිඳින්නෙමු නම්, මේ මහණහු හැර අසුනෙහි හිඳින්නෙමු නම්, අපි මේ මහණහු සමග යාගුපානයෙහි (කැඳ බීමට) නො හිඳින්නෙමු නම්, මේ මහණහු හැර කැඳ බීමට හිඳින්නෙමු නම්, අපි මේ මහණහු සමග බත්හලෙහි නො හිඳින්නෙමු නම්, මේ මහණහු හැර බත්හලෙහි හිඳින්නෙමු නම්, අපි මේ මහණ සමග එක් පියසි ඇති ගෙයි නො වසන්නෙමු නම්, මේ මහණහු හැර එක් පියසි ඇති ගෙයි වසන්නෙමු නම්; අපි මේ මහණහු සමග වැඩිමහල් පිළිවෙළට වැඳීම නැගීසිටීම ඇඳිලි කිරීම සැලකිලි කිරීම (සුදුසු ගෞරවය) නො කරන්නෙමු නම්, මේ මහණ හැර වැඩිමහල් පිළිවෙළට වැඳීම නැගී සිටීම ඇඳිලි කිරීම සැලකිලි කිරීම කරන්නෙමු නම්, ඒ හේතුවෙන් සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් විවාදයක් සඞ්ඝභේදයක් සඞ්ඝරාජියක් සඞ්ඝවවත්‍ථානයක් සඞ්ඝනානාකරණයක් වන්නේ ය’ යි මෙසේ දනිත් ද?”
Pali BJT30. “භෙදගරුකෙහි භික්ඛවෙ භික්ඛූහි න සො භික්ඛු ආපත්තියා අදස්සනෙ උක්ඛිපිතබ්බො”ති.
Sinhala BJT30. “මහණෙනි, සඞ්ඝභේදය බරපතළ කොට සලකන භික්‍ෂූන් විසින් ඒ මහණ තෙමේ ඇවැත් නො දැක්මෙහි නහමක් බැහැර කළ යුතු” යි.
Pali BJT31. අථ ඛො භගවා උක්ඛෙපකානං භික්ඛූනං එතමත්ථං භාසිත්වා උට්ඨායාසනා යෙන උක්ඛිත්තානුවත්තකා භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි.
Sinhala BJT31. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උත්ක්‍ෂේපක භික්‍ෂූන්ට මේ කරුණ වදාරා හුනස්නෙන් නැගිට උත්ක්‍ෂිප්තානුවර්‍තක භික්‍ෂූන් වෙත වැඩි සේක. වැඩ පැණවූ අසුනෙහි හුන්සේක.
Pali BJT32. නිසජ්ජ ඛො භගවා උක්ඛිත්තානුවත්තකෙ භික්ඛූ එතදවොච: “මා ඛො තුම්හෙ භික්ඛවෙ ආපත්තිං ආපජ්ජිත්වා ‘නාම්හ ආපන්නා. නාම්හ ආපන්නා’ති ආපත්තිං{1} න පටිකාතබ්බං මඤ්ඤිත්ථ.
Sinhala BJT32. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ උත්ක්‍ෂිප්තානුවර්‍තක භික්‍ෂූන්ට මෙය වදාළ සේක: “මහණෙනි, තෙපි ඇවැතට පැමිණ ‘නො පැමිණියමෝ වෙමු. පැමිණියමෝ නො වෙමු’ යි ඇවැතට පිළියම් නො කට යුතු ය යි සැලකූවහුය.
Pali BJT33. “ඉධ පන භික්ඛවෙ භික්ඛු ආපත්තිං ආපන්නො හොති. සො තස්සා ආපත්තියා අනාපත්තිදිට්ඨි හොති. අඤ්ඤෙ භික්ඛූ තස්සා ආපත්තියා ආපත්තිදිට්ඨිනො හොන්ති.
Sinhala BJT33. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ ඇවැතට පැමිණියේ වේ. හෙතෙමේ ඒ ඇවැත ඇවැත් නො වෙයි යන ලබ්ධි ඇත්තේ වේ. සෙසු භික්‍ෂූහු ඒ ඇවැත ඇවැත් ය යන ලබ්ධි ඇත්තෝ වෙති.”
Pali BJT34. “සො චෙ භික්ඛවෙ භික්ඛු තෙ භික්ඛූ එවං ජානාති: ‘ඉමෙ ඛො ආයස්මන්තා{2} බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා පණ්ඩිතා ව්යත්තා මෙධාවිනො ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා නාලං මමං වා කාරණා අඤ්ඤෙසං වා කාරණා ඡන්දා දොසා මොහා භයා අගතිං ගන්තුං. සචෙ මං ඉමෙ භික්ඛූ ආපත්තියා අදස්සනෙ උක්ඛිපිස්සන්ති, න මයා සද්ධිං උපොසථං කරිස්සන්ති, විනා මයා උපොසථං කරිස්සන්ති, භවිස්සති සඞ්ඝස්ස තතො නිදානං භණ්ඩනං කලහො විග්ගහො විවාදො සඞ්ඝභෙදො සඞ්ඝරාජි සඞ්ඝවවත්ථානං සඞ්ඝනානාකරණ’න්ති.
Sinhala BJT34. “මහණෙනි, ඒ මහණතෙමේ ඒ මහණුන් ගැණ ‘මේ ආයුෂ්මත්හු බොහෝ ඇසූපිරූතැන් ඇත්තාහ. පුහුණු වූ නිකාය ඇත්තාහ. ධර්‍මධරයහ. විනයධරයහ. මාතෘකාධරයහ. පණ්ඩිතයහ. ව්‍යක්තයහ. නුවණැත්තාහ. ලජ්ජා ඇත්තාහ. කුකුස් කරන්නාහ. හික්මෙනු කැමැත්තාහ. මා නිසා හෝ අනුන් නිසා හෝ ඡන්‍දයෙන් හෝ ද්වේෂයෙන් හෝ මෝහයෙන් හෝ බියෙන් හෝ අගතියට යන්ට සුදුසු නො වෙත්. මේ භික්‍ෂූහු මා ඇවැත් නො දැක්මෙහි බැහැර කරන්නාහු නම්, මා හා පොහොය නො කරන්නාහු නම්, මා හැර පොහොය කරන්නාහු නම්, ඒ හේතුවෙන් සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් විවාදයක් සඞ්ඝභේදයක් සඞ්ඝරාජියක් සඞ්ඝවවත්‍ථානයක් සඞ්ඝනානාකරණයක් වන්නේ ය යි. මෙසේ ද නී ද?”
Pali BJT35. “භෙදගරුකෙන භික්ඛවෙ භික්ඛුනා පරෙසම්පි සද්ධාය{1} සා ආපත්ති දෙසෙතබ්බා.
Sinhala BJT35. “මහණෙනි, බිඳීම බරපතළ කොට සලකන මහණහු විසින් අනුන් පිළිබඳ විශ්වාසයෙන් ද ඒ ඇවැත දෙසිය යුතු ය.”
Pali BJT36. “ඉධ පන භික්ඛවෙ භික්ඛු ආපත්තිං ආපන්නො හොති. සො තස්සා ආපත්තියා අනාපත්තිදිට්ඨි හොති. අඤ්ඤෙ භික්ඛූ තස්සා ආපත්තියා ආපත්තිදිට්ඨිනො හොන්ති.
Sinhala BJT36. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ ඇවැතට පැමිණියේ වේ. හෙතෙමේ ඒ ඇවැත ඇවැත් නො වේ යන ලබ්ධි ඇත්තේ වේ. සෙසු භික්‍ෂූහු ඒ ඇවත ඇවැත් ය යන ලබ්ධි ඇත්තෝ වෙත්.”
Pali BJT37. “සො චෙ භික්ඛවෙ, භික්ඛු තෙ භික්ඛූ එවං ජානාති: ‘ඉමෙ ඛො ආයස්මන්තො බහුස්සුතා. ආගතාගමා. ධම්මධරා. විනයධරා. මාතිකාධරා. පණ්ඩිතා. ව්යත්තා. මෙධාවිනො. ලජ්ජිනො. කුක්කුච්චකා. සික්ඛාකාමා, නාලං මමං වා කාරණා අඤ්ඤෙසං වා කාරණා ඡන්දා දොසා මොහා භයා අගතිං ගන්තුං. සචෙ මං ඉමෙ භික්ඛූ ආපත්තියා අදස්සනෙ උක්ඛිපිස්සන්ති, න මයා සද්ධිං පවාරෙස්සන්ති, විනා මයා පවාරෙස්සන්ති, න මයා සද්ධිං සඞ්ඝකම්මං කරිස්සන්ති, විනා මයා සඞ්ඝකම්මං කරිස්සන්ති, න මයා සද්ධිං ආසනෙ නිසීදිස්සන්ති, විනා මයා ආසනෙ නිසීදිස්සන්ති, න මයා සද්ධිං යාගුපානෙ නිසීදිස්සන්ති, විනා මයා යාගුපානෙ නිසීදිස්සන්ති, න මයා සද්ධිං භත්තග්ගෙ නිසීදිස්සන්ති, විනා මයා භත්තග්ගෙ නිසීදිස්සන්ති, න මයා සද්ධිං එකච්ඡන්නෙ වසිස්සන්ති, විනා මයා එකච්ඡන්නෙ වසිස්සන්ති. න මයා සද්ධිං යථාබුඩ්ඪං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං කරිස්සන්ති, විනා මයා යථාබුඩ්ඪං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං කරිස්සන්ති, භවිස්සති සඞ්ඝස්ස තතො නිදානං භණ්ඩනං කලහො විග්ගහො විවාදො සඞ්ඝභෙදො සඞ්ඝරාජි සඞ්ඝවවත්ථානං සඞ්ඝනානාකරණ’න්ති,
Sinhala BJT37. “මහණෙනි, ඒ මහණ තෙමේ ඒ මහණුන් ගැණ ‘මේ ආයුෂ්මත්හු බොහෝ ඇසූපිරූතැන් ඇත්තාහ. පුහුණු කළ නිකාය ඇත්තාහ. ධර්‍මධරයහ. විනයධරයහ. මාතෘකාධරයහ. පණ්ඩිතයහ. ව්‍යක්තයහ. නුවණැත්තාහ. ලජ්ජා ඇත්තාහ. කුකුස් කරන්නාහ. හික්මෙන්නට කැමැත්තාහ. මා නිසා හෝ අනුන් නිසා හෝ ඡන්‍දයෙන් හෝ ද්වේෂයෙන් හෝ මෝහයෙන් හෝ භයෙන් හෝ අගතියට යන්ට සුදුසු නො වෙත්. මේ භික්‍ෂූහු මා ඇවැත් නො දැක්මෙහි බැහැර කරන්නාහු නම්, මා සමග නො පවරන්නාහු නම්, මා හැර පවරන්නාහු නම්, මා සමග සඞ්ඝකර්‍ම නො කරන්නාහු නම්, මා හැර සඞ්ඝකර්‍ම කරන්නාහු නම්, මා සමග එක් ආසනයෙහි නො හිඳින්නාහු නම්, මා හැර ආසනයෙහි හිඳින්නාහු නම්, මා සමග යාගුපානයෙහි නො හිඳින්නාහු නම්, මා හැර යාගුපානයෙහි හිඳින්නාහු නම්, මා සමග බත්හලෙහි නො හිඳින්නාහු නම්, මා හැර බත්හලෙහි හිඳින්නාහු නම්, මා සමග එක් පියසි ඇති ගෙයි නො වසන්නාහු නම්, මා හැර එක් පියසි ඇති ගෙයි වසන්නාහු නම්, මා සමග වැඩිමහලු පිළිවෙළට වැඳීම නැගීසිටීම ඇඳිලිකිරීම සැලකිලිකිරීම නො කරන්නාහු නම්, මා හැර වැඩිමහලු පිළිවෙළට වැඳීම නැගීසිටීම ඇඳිලිකිරීම සැලකිලිකිරීම කරන්නාහු නම්, ඒ හේතුවෙන් සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් විවාදයක් සඞ්ඝභේදයක් සඞ්ඝරාජියක් සඞ්ඝවවත්‍ථානයක් සඞ්ඝනානාකරණයක් වන්නේ ය’ යි දනී ද?”
Pali BJT38. “භෙදගරුකෙන භික්ඛවෙ, භික්ඛුනා පරෙසම්පි සද්ධාය සා ආපත්ති දෙසෙතබ්බා”ති.
Sinhala BJT38. “මහණෙනි, බිඳීම බරපතළ කොට සලකන මහණහු විසින් අනුන් පිළිබඳ විශ්වාසයෙන් ද ඒ ඇවැත දෙසිය යුතු” යි.
Pali BJT39. අථ ඛො භගවා උක්ඛිත්තානුවත්තකානං භික්ඛූනං එතමත්ථං භාසිත්වා උට්ඨායාසනා පක්කාමි.
Sinhala BJT39. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උත්ක්‍ෂිප්තානුවර්‍තකභික්‍ෂූන්ට මේ කරුණ වදාරා හුනස්නෙන් නැගිට වැඩි සේක.
Pali BJT40. තෙන ඛො පන සමයෙන උක්ඛිත්තානුවත්තකා භික්ඛූ තත්ථෙව අන්තොසීමාය උපොසථං කරොන්ති. සඞ්ඝකම්මං කරොන්ති.
Sinhala BJT40. එකල්හි උත්ක්‍ෂිප්තානුවර්‍තකභික්‍ෂූහු එහි සීමාව තුළ ම පොහොය කෙරෙත්. සඞ්ඝකර්‍ම කෙරෙත්.
Pali BJT41. උක්ඛෙපකා පන භික්ඛූ නිස්සීමං ගන්ත්වා උපොසථං කරොන්ති. සඞ්ඝකම්මං කරොන්ති.
Sinhala BJT41. උත්ක්‍ෂේපකභික්‍ෂූහු සීමාවෙන් බැහරට ගොස් පොහොය කෙරෙත්. සඞ්ඝකර්‍ම කෙරෙත්.
Pali BJT42. අථ ඛො අඤ්ඤතරො උක්ඛෙපකො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: “එතෙ භන්තෙ, උක්ඛිත්තානුවත්තකා භික්ඛූ තත්ථෙව අන්තොසීමාය උපොසථං කරොන්ති. සඞ්ඝකම්මං කරොන්ති. මයං පන භන්තෙ, උක්ඛෙපකා භික්ඛූ නිස්සීමං ගන්ත්වා උපොසථං කරොම. සඞ්ඝකම්මං කරොමා”ති.
Sinhala BJT42. එකල්හි එක්තරා උත්ක්‍ෂේපක වූ මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, මේ උත්ක්‍ෂිප්තානුවර්‍තකභික්‍ෂූහු එහි ම සීමාව තුළ පොහොය කරත්, සඞ්ඝකර්‍ම කරත්. ස්වාමීනි, උත්ක්‍ෂේපකභික්‍ෂූහු වූ අපි සීමාවෙන් බැහැරට ගොස් පොහොය කරමු. සඞ්ඝකර්‍ම කරමු” යි මෙය සැළ කළේ ය.
Pali BJT43. “තෙ චෙ භික්ඛු, උක්ඛිත්තානුවත්තකා භික්ඛූ තත්ථෙව අන්තොසීමාය උපොසථං කරිස්සන්ති, සඞ්ඝකම්මං කරිස්සන්ති, යථා මයා ඤත්ති ච අනුස්සාවණා ච පඤ්ඤත්තා, තෙසං තානි කම්මානි ධම්මිකානි{2} භවිස්සන්ති අකුප්පානි ඨානාරහානි. තුම්හෙ චෙ භික්ඛු උක්ඛෙපකා භික්ඛූ තත්ථෙව අන්තොසීමායං උපොසථං කරිස්සථ, සඞ්ඝකම්මං කරිස්සථ, යථා මයා ඤත්ති අනුස්සාවණා ච පඤ්ඤත්තා, තුම්හාකම්පි තානි කම්මානි ධම්මිකානි භවිස්සන්ති අකුප්පානි ඨානාරහානි. තං කිස්ස හෙතු? නානාසංවාසකා එතෙ{3} භික්ඛූ තුම්හෙහි, තුම්හෙ ච තෙහි නානාසංවාසකා.
Sinhala BJT43. “මහණ, ඒ උත්ක්‍ෂිප්තානුවර්‍තකභික්‍ෂූහු එහි ම සීමාව තුළ මා විසින් පැණ වූ ඤත්තියත් අනුසාවණයත් යම් සේ ද, (එසේ) පොහොය කරන්නාහු නම්, සඞ්ඝකර්‍ම කරන්නාහු නම්, ඔවුන්ගේ ඒ කර්‍මයෝ අකෝප්‍ය ද සසුනට සුදුසු ද ධාර්මික ද වෙති. මහණ, තෙපි උත්ක්‍ෂේපකභික්‍ෂූහු එහි ම සීමාව තුළ මා පැණ වූ ඤත්තියත් අනුසාවණයත් පරිදි පොහොය කරන්නාහු නම්, සඞ්ඝකර්‍ම කරන්නාහු නම්, තොපගේ ද ඒ කර්‍මයෝ අකෝප්‍ය ද සසුනට සුදුසු ද ධාර්මික ද වෙති. කිනම් හේතුවකින් ද? යත්: ඒ භික්‍ෂූහු තොප හා නානාසංවාසක වෙති. තෙපි ද ඔවුන් හා නානාසංවාසක වවු. (එහෙයිනි.)
Pali BJT44. “ද්වෙමා භික්ඛු, නානාසංවාසකභූමියො: අත්තනා වා අත්තානං නානාසංවාසකං කරොති, සමග්ගො වා නං සඞ්ඝො උක්ඛිපති අදස්සනෙ වා අප්පටිකම්මෙ වා අප්පටිනිස්සග්ගෙ වා, ඉමා ඛො භික්ඛු, ද්වෙ නානාසංවාසකභූමියො.
Sinhala BJT44. “මහණ, නානාසංවාසකභූමි දෙකෙකි: තෙමේ හෝ තමා නානාසංවාසක කරයි. සමගි වූ සඞ්ඝ තෙමේ ඇවැත් නො දැක්මෙහි හෝ ඇවැතට පිළියම් නො කිරීමෙහි හෝ ලාමක මිසදිටු අත් නො හැරීමෙහි හෝ ඔහු බැහැර කෙරේ යනුයි. මහණ, මේ නානාසංවාසකභූමි දෙක ය.”
Pali BJT45. “ද්වෙමා භික්ඛු, සමානසංවාසකභූමියො: අත්තනා වා අත්තානං සමානසංවාසං කරොති, සමග්ගො වා නං සඞ්ඝො උක්ඛිත්තං ඔසාරෙති අදස්සනෙ වා අප්පටිකම්මෙ වා අප්පටිනිස්සග්ගෙ වා, ඉමා ඛො භික්ඛු, ද්වෙ සමානසංවාසකභූමියො”ති.
Sinhala BJT45. “මහණ, සමානසංවාසකභූමි දෙකෙකි: තෙමේ හෝ තමන් සමානසංවාසක කෙරෙයි. සමගි වූ සඞ්ඝ තෙමේ හෝ ඇවැත් නො දැක්මෙහි හෝ ඇවැතට පිළියම් නො කිරීමෙහි හෝ ලාමක මිසදිටු අත් නො හැරීමෙහි හෝ බැහැර කරණ ලද්දහු ඇතුළත් කෙරේ යනුයි. මහණ, මේ සමානසංවාසකභූමි දෙක ය” යි.
Pali BJT46. තෙන ඛො පන සමයෙන භික්ඛූ භත්තග්ගෙ අන්තරඝරෙ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං අනනුලොමිකං කායකම්මං වචීකම්මං උපදංසෙන්ති. හත්ථපරාමාසං කරොන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා භත්තග්ගෙ අන්තරඝරෙ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං අනනුලොමිකං කායකම්මං වචීකම්මං උපදංසෙස්සන්ති. හත්ථපරාමාසං කරිස්සන්තී”ති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම භික්ඛූ භත්තග්ගෙ අන්තරඝරෙ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං අනනුලොමිකං කායකම්මං වචීකම්මං උපදංසෙස්සන්ති? හත්ථපරාමාසං කරිස්සන්තී?”ති.
Sinhala BJT46. එකල්හි භික්‍ෂූහු බත්හලෙහි ද ඇතුලු ගම්හි ද හටගත් ඩබර ඇත්තෝ හටගත් කලහ ඇත්තෝ විවාදයට පැමිණියෝ ඔවුනොවුන්ට නො සුදුසු වූ කායකර්‍ම වාක්කර්‍ම දක්වත්. අතින් ගසා ගණිත්. එකල්හි මිනිස්සු “කෙසේ නම් ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ බත්හලෙහි ඇතුලුගමෙහි හටගත් ඩබර ඇත්තෝ හටහත් කලහ ඇත්තෝ විවාදයට පැමිණියෝ ඔවුනොවුන්ට නො සුදුසු වූ කායකර්‍ම වාක්කර්‍ම දක්වත් ද? අතින් ගසා ගණිත්දැ?” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භික්‍ෂූහු අවමන් කරණ නින්‍දා කරණ දොස් කියන ඒ මිනිසුන්ගේ කතාව ඇසූහ. අල්පේච්ඡ වූ යම් ඒ භික්‍ෂූහු වෙත් ද, ඔහු “කෙසේ නම් භික්‍ෂූහු බත්හලෙහි ඇතුලුගමෙහි හටගත් ඩබර ඇත්තෝ හටගත් කලහ ඇත්තෝ විවාදයට පැමිණියෝ ඔවුනොවුන්ට නො සුදුසු වූ කායකර්‍ම වාක්කර්‍ම දක්වත් ද? අතින් ගසා ගණිත් දැ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
Pali BJT47. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං: “සච්චං කිර භික්ඛවෙ,” -පෙ- “සච්චං භගවා” -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “භින්නෙ භික්ඛවෙ, සඞ්ඝෙ අධම්මියමානෙ{1} අසම්මොදිකාය වත්තමානාය{2} ‘එත්තාවතා න අඤ්ඤමඤ්ඤං අනනුලොමිකං කායකම්මං වචීකම්මං උපදංසෙස්සාම, හත්ථපරාමාසං කරිස්සාමා’ති ආසනෙ නිසීදිතබ්බං. භින්නෙ භික්ඛවෙ, සඞ්ඝෙ ධම්මියායමානෙ සම්මොදිකාය වත්තමානාය ආසනන්තරිකාය නිසීදිතබ්බ”න්ති.
Sinhala BJT47. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සැබෑ ද?” -පෙ- “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය”’ -පෙ- ගරහා දැහැමි කතා කොට භික්‍ෂූන් අමතා “මහණෙනි, සඞ්ඝයා බිදුනු කල්හි අධර්‍මකර්‍ම කරණ කල්හි නො සතුට උපදවන ක්‍රියා කරණ කල්හි (සතුටු නො විය හැකි කතා පවත්නා කල්හි) ‘මෙපමණකින්, ඔවුනොවුන්ට අනුලොම් නො වූ කායකර්‍ම වාක්කර්‍ම නො දක්වන්නෙමු. අතින් ගසා නො ගන්නෙමු” යි සමීප ආසනයෙහි නො හිඳිය යුතු ය. මහණෙනි, සඞ්ඝයා බිදුනු කල්හි ධර්‍මකර්‍ම කරණ කල්හි සතුටු විය හැකි කතා පවත්නා කල්හි අසුනක් හැර හිඳිය යුතු ය” යි වදාළ සේක.
Pali BJT48. තෙන ඛො පන සමයෙන භික්ඛූ සඞ්ඝමජ්ඣෙ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති. තෙ න සක්කොන්ති තං අධිකරණං වූපසමෙතුං. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: “ඉධ භන්තෙ, භික්ඛූ සඞ්ඝමජ්ඣෙ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති. තෙ න සක්කොන්ති තං අධිකරණං වූපසමෙතුං. සාධු භන්තෙ භගවා යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා”ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
Sinhala BJT48. එකල්හි භික්‍ෂූහු සඟමැද හටගත් ඩබර ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදයට පැමිණියාහු ඔවුනොවුන්ට මුවසැත්වලින් (වචන නැමැති අඩයටිවලින්) විදිමින් වෙසෙත්. ඔහු ඒ අධිකරණය සන්සිඳවීමට නො හැකිවෙත්. ඒ අතර එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක සිටියේ ය. පසෙක සිටියා වූ ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, මෙහි භික්‍ෂූහු සඟ මැද හටගත් ඩබර ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදයට පැමිණියාහු ඔවුනොවුන්ට මුවසැත්වලින් විදිමින් වෙසෙත්. ඔහු ඒ අධිකරණය සන්සිඳවීමට නො හැකි වෙත්. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා උපදවා ඒ භික්‍ෂූන් වෙතට වඩින සේක් නම්, මැනැවැ” යි සැළ කළේ ය. භාග්‍යවතුන් වහන්සේ තුෂීණිම්භාවයෙන් (එය) ඉවසා වදාළ සේක.
Pali BJT49. අථ ඛො භගවා යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා තෙ භික්ඛූ එතදවොච: “අලං භික්ඛවෙ, මා භණ්ඩනං. මා කලහං. මා විග්ගහං. මා විවාද”න්ති. එවං වුත්තෙ අඤ්ඤතරො අධම්මවාදී භික්ඛු භගවන්තං එතදවොච: “ආගමෙතු භන්තෙ, භගවා ධම්මස්සාමී. අප්පොස්සුක්කො භන්තෙ, භගවා දිට්ඨධම්මසුඛවිහාරං අනුයුත්තො විහරතු. මයමෙතෙන භණ්ඩනෙන කලහෙන විග්ගහෙන විවාදෙන පඤ්ඤායිස්සාමා”ති. දුතියම්පි ඛො භගවා තෙ භික්ඛූ එතදවොච: “අලං භික්ඛවෙ, මා භණ්ඩනං. මා කලහං. මා විග්ගහං. මා විවාද”න්ති. දුතියම්පි ඛො සො අධම්මවාදී භික්ඛු භගවන්තං එතදවොච: “ආගමෙතු භන්තෙ, භගවා ධම්මස්සාමී. අප්පොස්සුක්කො භන්තෙ භගවා දිට්ඨධම්මසුඛවිහාරං අනුයුත්තො විහරතු. මයමෙතෙන භණ්ඩනෙන කලහෙන විග්ගහෙන විවාදෙන පඤ්ඤායිස්සාමා”ති.
Sinhala BJT49. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන් වෙත වැඩිසේක. වැඩ පැණවූ අසුනෙහි වැඩ හුන් සේක. වැඩහිඳ, භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන්ට ‘මහණෙනි, කම් නැත. ඩබර නො කරවු. කලහ නො කරවු. විග්‍රහ (විරුද්ධග්‍රහණ) නො කරවු. විවාද නො කරවු” යි වදාළසේක. මෙසේ වදාළ කල්හි එක්තරා අධර්‍මවාදී මහණෙක් තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, ධර්‍මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ (නිසි කල් එන තෙක්) ඉවසා වදාරණ සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ උත්සාහ රහිත ව මෙලොව සුවපහසුවෙහි එක්වන් යෙදී වසන සේක්වා. අපි මේ ඩබරයෙන් කලහයෙන් විග්‍රහයෙන් විවාදයෙන් ප්‍රකට වන්නෙමු” යි දන්වා සිටියේ ය. දෙවනු ද භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, කම් නැත. ඩබර නො කරවු. කලහ නො කරවු. විග්‍රහ නො කරවු. විවාද නො කරවු” යි වදාළ සේක. දෙවනු ද ඒ අධර්‍මවාදී මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, ධර්‍මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ ඉවසා වදාරණ සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ උත්සාහ රහිත ව මෙලොව සුවපහසුවෙහි එක්වන් යෙදී වසන සේක්වා. අපි මේ ඩබරයෙන් මේ කලහයෙන් මේ විග්‍රහයෙන් මේ විවාදයෙන් ප්‍රකට වන්නෙමු” යි සැළකෙළේ ය.
Pali BJT50. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “භූතපුබ්බං භික්ඛවෙ, බාරාණසියං බ්රහ්මදත්තො නාම කාසිරාජා අහොසි අඩ්ඪො මහද්ධනො මහාභොගො මහබ්බලො මහාවාහනො මහාවිජිතො පරිපුණ්ණ කොසකොට්ඨාගාරො.
Sinhala BJT50. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක: “මහණෙනි, පෙර බරණැස් නුවර ධනයෙන් සමෘද්ධ වු නිදන්ගත මහත් ධන ඇති මහත් උපභෝග පරිභෝගසම්පත් ඇති මහත් බල ඇති මහත් වාහන ඇති මහත් රට ඇති පිරිපුන් කොටුගුල් ඇති බ්‍රහ්මදත්ත නම් කසීරජෙක් වීය.
Pali BJT51. “දීඝිති නාම කොසලරාජා අහොසි දළිද්දො අප්පධනො අප්පභොගො අප්පබලො අප්පවාහනො අප්පවිජිතො අපරිපුණ්ණකොසකොට්ඨාගාරො.
Sinhala BJT51. “එසේම දිළිඳු වූ ස්වල්ප ධන ඇති ස්වල්ප උපභෝග පරිභෝග සම්පත් ඇති ස්වල්ප බල ඇති ස්වල්ප වාහන ඇති ස්වල්ප වූ රට ඇති හිස් වූ කොටුගුල් ඇති දීඝීති නම් කොසොල් රජෙක් වී ය.
Pali BJT52. “අථ ඛො භික්ඛවෙ, බ්රහ්මදත්තො කාසිරාජා චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා දීඝීතිං කොසලරාජානං අබ්භුය්යාසි.
Sinhala BJT52. “මහණෙනි, එකල්හි බ්‍රහ්මදත්ත කසීරජ තෙමේ සිවුරඟසෙන් සන්නද්ධ කොට (යුදට සරසා ගෙණ) දීඝීති කොසොල් රජු කරා යුද පිණිස ගියේ ය.
Pali BJT53. “අස්සොසි ඛො භික්ඛවෙ, දීඝිති කොසලරාජා ‘බ්රහ්මදත්තො කිර කාසිරාජා චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා මමං අබ්භුය්යාතො’ති.
Sinhala BJT53. “දීඝීතිකොසොල් රජතෙමේ බ්‍රහ්මදත්තකසීරජ තෙමේ සිවුරඟසෙන් සරසා ගෙණ මා වෙත යුද පිණිස එන්නේ ල’ යි ඇසී ය.”
Pali BJT54. “අථ ඛො භික්ඛවෙ, දීඝිතිස්ස කොසලරඤ්ඤො එතදහොසි: “බ්රහ්මදත්තො ඛො කාසිරාජා අඩ්ඪො මහද්ධනො මහාභොගො මහබ්බලො මහාවාහනො මහාවිජිතො පරිපුණ්ණකොසකොට්ඨාගාරො. අහම්පනම්හි දළිද්දො අප්පධනො අප්පභොගො අප්පබලො අප්පවාහනො අප්පවිජිතො අපරිපුණ්ණකොසකොට්ඨාගාරො. නාහං පටිබලො බ්රහ්මදත්තෙන කාසිරඤ්ඤා එකසඞ්ඝාතම්පි සහිතුං. යන්නූනාහං පටිගච්චෙව නගරම්හා නිප්පතෙය්ය’න්ති.
Sinhala BJT54. “මහණෙනි, එකල්හි දීඝීති කොසොල් රජුට ‘බ්‍රහ්මදත්තකසීරජ තෙමේ ධනයෙන් සමෘද්ධ ය. නිදන්ගත මහත් ධන ඇත්තේ ය. මහත් උපභෝග පරිභෝගසම්පත් ඇත්තේ ය. මහත්බල ඇත්තේ ය. මහත් වාහන ඇත්තේ ය. මහත් රට ඇත්තේ ය. පරිපූර්‍ණකෝෂකෝෂ්ඨාගාර ඇත්තේ ය. මම දිළිඳු වෙමි. ස්වල්ප ධන ඇත්තෙමි. ස්වල්ප උපභෝග - පරිභෝගසම්පත් ඇත්තෙම් වෙමි. ස්වල්ප බල ඇත්තෙම් වෙමි. ස්වල්ප වාහන ඇත්තෙම් වෙමි. ස්වල්ප රට ඇත්තෙම් වෙමි. අපරිපූර්‍ණකෝෂකෝෂ්ඨාගාර ඇත්තේ වෙමි. එහෙයින් මම බ්‍රහ්මදත්තකසීරජුගෙන් එක යුදපහරකුත් ඉවසන්නට අපොහොසත් වෙමි. මම පළමු කොට ම නුවරින් නික්ම යන්නෙම් නම්, යෙහෙකැ’ යි සිත් විය.”
Pali BJT55. “අථ ඛො භික්ඛවෙ, දීඝිති කොසලරාජා මහෙසිං ආදාය පටිගච්චෙව නගරම්හා නිප්පති.
Sinhala BJT55. “මහණෙනි, ඉක්බිති දීඝීතිකොසොල්රජ තෙමේ මෙහෙසිය ගෙණ කලින් ම නුවරින් නික්ම ගියේ ය.”
Pali BJT56. “අථ ඛො භික්ඛවෙ, බ්රහ්මදත්තො කාසිරාජා දීඝිතිස්ස කොසලරඤ්ඤො බලං ච වාහනං ච ජනපදං ච කොසං ච කොට්ඨාගාරං ච අභිවිජිය අජ්ඣාවසි.{1}
Sinhala BJT56. “මහණෙනි, ඉන් පසු බ්‍රහ්මදත්තකසීරජ තෙමේ දීඝීතිකොසොල් රජුගේ සේනාව ද වාහන ද ජනපදය ද ධනාගාරය ද ධාන්‍යාගාරය ද දිනාගෙණ විසී ය.”
Pali BJT57. අථ ඛො භික්ඛවෙ, දීඝිති කොසලරාජා සපජාපතිකො යෙන බාරාණසී තෙන පක්කාමි. අනුපුබ්බෙන යෙන බාරාණසී තදවසරි. තත්ර සුදං භික්ඛවෙ, දීඝිති කොසලරාජා සපජාපතිකො බාරාණසියං අඤ්ඤතරස්මිං පච්චන්තිමෙ ඔකාසෙ කුම්භකාරනිවෙසනෙ අඤ්ඤාතකවෙසෙන පරිබ්බාජකච්ඡන්නෙන පටිවසති.
Sinhala BJT57. මහණෙනි, අනතුරු ව දිඝීතිකොසොල්රජ තෙමේ බිරිඳ හා එක් ව බරණැසට ගියේ ය. පිළිවෙළින් ගොස් බරණැසට පැමිණියේ ය. මහණෙනි, දීඝීති කොසොල්රජ තෙමේ බිරිඳ හා එක් ව එහි එක්තරා පසල්දෙසක කුඹල්ගෙයක අප්‍රකටවේශයෙන් පිරිවැජියකු සේ වාසය කරයි.
Pali BJT58. අථ ඛො භික්ඛවෙ, දීඝිතිස්ස කොසලරඤ්ඤො මහෙසී න චිරස්සෙව ගබ්භිනී අහොසි. තස්සා එවරූපො දොහළො උප්පන්නො හොති{1}: “ඉච්ඡති සුරියස්ස උග්ගමනකාලෙ චතුරඞ්ගිනිං සෙනං සන්නද්ධං වම්මිතං{2} සුභූමියං{3} ඨිතං පස්සිතුං, ඛග්ගානඤ්ච ධොපනං{4} පාතුං”.
Sinhala BJT58. මහණෙනි, ඉක්බිති දීඝීති කොසොල්රජුගේ මෙහෙසි තොමෝ නොබෝ දිනකින් ම ගැබිනී වූ ය. ඈට මෙබඳු වූ දොළදුකෙක් උපන්නේ වේ: ඉරු උදා වන වේලෙහි යුදඇඳුමෙන් සැරසුනු කවච දැරූ මනා බිම්හි සිටි සිවුරඟසෙන් දැක්මට ද, කඩු සේදූ දිය බොන්නට ද කැමැති වේ.
Pali BJT59. අථ ඛො භික්ඛවෙ, දීඝිතිස්ස කොසලරඤ්ඤො මහෙසී දීඝීතිං කොසලරාජානං එතදවොච: “ගබ්භිනීම්හි දෙව, තස්සා මෙ එවරූපො දොහළො උප්පන්නො: ඉච්ඡාමි සුරියස්ස උග්ගමනකාලෙ චතුරඞ්ගිනිං සෙනං සන්නද්ධං වම්මිකං සුභූමියං ඨිතං පස්සිතුං, ඛග්ගානඤ්ච ධොපනං පාතු”න්ති. “කුතො, දෙවි, අම්හාකං දුග්ගතානං චතුරඞ්ගිනී සෙනා සන්නද්ධා වම්මිතා සුභූමියං ඨිතා. ඛග්ගානඤ්ච ධොපන”න්ති{5}. “සචාහං දෙව, න ලභිස්සාමි, මරිස්සාමී”ති.
Sinhala BJT59. මහණෙනි, ඉක්බිති දීඝීති කොසොල්රජුගේ මෙහෙසි තොමෝ දීඝීති කොසොල්රජුට “දේවයන් වහන්ස, මම ගැබිනී වෙමි. මට මෙබඳු දොළදුකෙක් උපන: ඉරු උදා වන වේලේ යුදඇඳුමෙන් සැරසුනු කවච දැරූ මනා බිම්හි සිටි සිවුරඟසෙන් දැක්මටත් කඩු සේදූ දිය බොන්නටත් කැමැත්තෙමි” යි කීවා ය. “දේවිය, දුප්පත් වූ අපට යුදඇඳුමෙන් සැරසුනු කවච දැරූ මනා බිම්හි සිටි සිවුරඟසෙන් කොයින් ද? කඩු සේදූ දිය කොයින් දැ”යි රජතෙමේ කී ය. “දේවයන් වහන්ස, නො ලබන්නෙම් නම්, මම මැරෙන්නෙමි” යි දේවිය කීවා ය.
Pali BJT60. තෙන ඛො පන සමයෙන, බ්රහ්මදත්තස්ස{6} කාසිරඤ්ඤො පුරොහිතො බ්රාහ්මණො දීඝිතිස්ස කොසලරඤ්ඤො සහායො හොති.
Sinhala BJT60. මහණෙනි, එකල්හි බ්‍රහ්මදත්තකසීරජුගේ පෙරෙවි බමුණු තෙමේ දීඝීති කොසොල්රජුගේ යහළුවෙක් වේ.
Pali BJT61. අථ ඛො භික්ඛවෙ, දීඝිති කොසලරාජා යෙන බ්රහ්මදත්තස්ස කාසිරඤ්ඤො පුරොහිතො බ්රාහ්මණො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා බ්රහ්මදත්තස්ස කාසිරඤ්ඤො පුරොහිතං බ්රාහ්මණං එතදවොච: “සඛීනී{7} තෙ සම්ම ගබ්භිනී. තස්සා එවරූපො දොහළො උප්පන්නො: ඉච්ඡති සුරියස්ස උග්ගමනකාලෙ චතුරඞ්ගිනිං සෙනං සන්නද්ධං වම්මිතං සුභූමියං ඨිතං පස්සිතුං, ඛග්ගානඤ්ච ධොවනං පාතු”න්ති. “තෙන හි දෙව, මයම්පි දෙවිං පස්සාමා”ති.
Sinhala BJT61. මහණෙනි, ඉක්බිති දීඝීති කොසොල්රජ තෙමේ බ්‍රහ්මදත්ත නම් කසීරජුගේ පෙරෙවි බමුණා වෙත ගියේ ය. ගොස් බ්‍රහ්මදත්තකසීරජුගේ පෙරෙවි බමුණාට “යහළුව, ඔබගේ යෙහෙළිය ගැබිනී වූය. ඇයට මෙබඳු දොළදුකෙක් ඉපැද තිබේ: හිරු උදා වන වේලේ යුදඇඳුමෙන් සැරසුනු කවච දැරූ මනා බිම්හි සිටි සිවුරඟසෙන් දැක්මටත් කඩු සේදූ දිය බොන්නටත් කැමැති වේ” යි කීයේ ය. “දේවයන් වහන්ස, එසේ නම්, අපි දු දේවිය දක්නෙමු” යි බමුණු තෙමේ කී ය.
Pali BJT62. අථ ඛො භික්ඛවෙ, දීඝිතිස්ස කොසලරඤ්ඤො මහෙසී යෙන බ්රහ්මදත්තස්ස කාසිරඤ්ඤො පුරොහිතො බ්රාහ්මණො තෙනුපසඞ්කමි. අද්දසා ඛො භික්ඛවෙ, බ්රහ්මදත්තස්ස කාසිරඤ්ඤො පුරොහිතො බ්රාහ්මණො දීඝීතිස්ස කොසලරඤ්ඤො මහෙසිං දූරතොව ආගච්ඡන්තිං. දිස්වාන උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන දීඝීතිස්ස කොසලරඤ්ඤො මහෙසී තෙනඤ්ජලිම්පණාමෙත්වා තික්ඛත්තුං උදානං උදානෙසි: “කොසලරාජා වත භො කුච්ඡිගතො. කොසලරාජා වත භො කුච්ඡිගතො. කොසලරාජා වත භො කුච්ඡිගතො”ති. අවිමනා දෙවී හොහි. ලච්ඡසි සුරියස්ස උග්ගමනකාලෙ චතුරඞ්ගිනිං සෙනං සන්නද්ධං වම්මිතං සුභූමියං ඨිතං පස්සිතුං, ඛග්ගානඤ්ච ධොවනං පාතු”න්ති.
Sinhala BJT62. මහණෙනි, ඉක්බිති දීඝිතිකොසොල්රජුගේ මෙහෙසි තොමෝ බ්‍රහ්මදත්තකසීරජුගේ පෙරෙවි බමුණා වෙත ගියා ය. මහණෙනි, බ්‍රහ්මදත්තකසීරජුගේ පෙරෙවි බමුණු තෙමේ එන්නා වූ දීඝීති කොසොල්රජුගේ මෙහෙසිය දුර දී ම දුටුයේ ය. දැක හුනස්නෙන් නැගිට උතුරුසළුව එකස් කොට දීඝීති කොසොල්රජුගේ මෙහෙසිය දිසාවට ඇඳිලි බැඳ “පින්වත්නි, එකැතින් කොසොල්රජෙක් කුසට පැමිණියේ ය. පින්වත්නි, එකැතින් කොසොල්රජෙක් කුසට පැමිණියේ ය. පින්වත්නි, එකැතින් කොසොල්රජෙක් කුසට පැමිණියේ ය” යි තෙවරක් උදන් ඇනී ය. “දේවිය, දුර්මුඛ නොව. ඉරු උදා වන වේලේ යුද ඇඳුමෙන් සැරසුනු කවච දැරූ මනා බිම්හි සිටි සිවුරඟසෙන් දක්නටත් කඩු සේදූ දිය බොන්නටත් ලබව” යි කීය.
Pali BJT63. අථ ඛො භික්ඛවෙ, බ්රහ්මදත්තස්ස කාසිරඤ්ඤො පුරොහිතො බ්රාහ්මණො යෙන බ්රහ්මදත්තො කාසිරාජා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා බ්රහ්මදත්තං කාසිරාජානං එතදවොච: “තථා දෙව, නිමිත්තානි දිස්සන්ති{8}: සුවෙ සුරියස්ස උග්ගමනකාලෙ චතුරඞ්ගිනී සෙනා සන්නද්ධා වම්මිතා සුභූමියං තිට්ඨතු. ඛග්ගා ච ධොපීයන්තූ”ති.
Sinhala BJT63. මහණෙනි, ඉක්බිති බ්‍රහ්මදත්තකසීරජුගේ පෙරෙවි බමුණු තෙමේ බ්‍රහ්මදත්තකසීරජු වෙත ගියේ ය. ගොස් බ්‍රහ්මදත්තකසීරජුට “දේවයන් වහන්ස, හෙට ඉරු උදා වන වේලේ යුද ඇඳුමෙන් සැරසුනු කවච දැරු සිවුරඟසේනාව මනා බිම්හි සිටීවා. කඩු ද සෝදනු ලැබෙත්වා එබඳු නිමිති දක්නා ලැබෙත් ය” යි මෙසේ කී ය.
Pali BJT64. අථ ඛො භික්ඛවෙ, බ්රහ්මදත්තො කාසිරාජා මනුස්සෙ ආණාපෙසි: “යථා භණෙ, පුරොහිතො බ්රාහ්මණො ආහ, තථා කරොථා”ති.
Sinhala BJT64. මහණෙනි, ඉක්බිති බ්‍රහ්මදත්තකසීරජ තෙමේ “සගයෙනි, පෙරෙවි බමුණා යමක් කියා ද, එය එසේ කරවු” යි මිනිසුන්ට අණ කෙළේ ය.
Pali BJT65. අලභි ඛො භික්ඛවෙ, දීඝිතිස්ස කොසලරඤ්ඤො මහෙසී සුරියස්ස උග්ගමනකාලෙ චතුරඞ්ගිනිං සෙනං සන්නද්ධං වම්මිතං සුභූමියං ඨිතං පස්සිතුං, ඛග්ගානඤ්ච ධොපනං පාතුං.
Sinhala BJT65. මහණෙනි, දීඝීති කොසොල්රජුගේ මෙහෙසි තොමෝ ඉරු උදා වන වේලේ යුදඇඳුමෙන් සැරසුනු කවච දැරූ මනා බිම්හි සිටි සිවුරඟසෙන් දක්නටත් කඩු සේදූ දිය බොන්නටත් ලැබූ ය.
Pali BJT66. අථ ඛො භික්ඛවෙ, දීඝිතිස්ස කොසලරඤ්ඤො මහෙසී තස්ස ගබ්භස්ස පරිපාකමන්වාය පුත්තං විජායි. තස්ස දීඝාවූති නාමං අකංසු. අථ ඛො භික්ඛවෙ, දීඝාවුකුමාරො න චිරස්සෙව විඤ්ඤුතං පාපුණි.
Sinhala BJT66. මහණෙනි, ඉක්බිති දිඝීති කොසොල්රජුගේ මෙහෙසි තොමෝ ඒ ගැබ මේරීමට පැමිණීමෙන් පුතකු වැදූ ය. ඔහුට “දීඝාවු” යි නම් කළහ. මහණෙනි, ඉක්බිති දීඝාවුකුමාර තෙමේ නොබෝ කලකින් ම නුවණැතිබවට පැමිණියේ ය.
Pali BJT67. අථ ඛො භික්ඛවෙ, දීඝිතිස්ස කොසලරඤ්ඤො එතදහොසි: “අයං ඛො බ්රහ්මදත්තො කාසිරාජා බහුනො අම්හාකං අනත්ථස්ස කාරකො. ඉමිනා අම්හාකං බලඤ්ච වාහනඤ්ච ජනපදො ච කොසො ච කොට්ඨාගාරඤ්ච අච්ඡින්නං. සචායං අම්හෙ ජානිස්සති, සබ්බෙව තයො ඝාතාපෙස්සති. යන්නූනාහං දීඝාවුං කුමාරං බහිනගරෙ වාසෙය්ය”න්ති.
Sinhala BJT67. මහණෙනි, ඉක්බිති දිඝීති කොසොල්රජුට “මේ බ්‍රහ්මදත්ත කසී රජ තෙමේ අපට බොහෝ අවැඩ කෙළේ ය. මොහු විසින් අපගේ සේනා ද වාහන ද ජනපදය ද ධනාගාරය ද ධාන්‍යාගාරය ද අසිඳ (පැහැර) ගන්නා ලද්දේ ය. මෙතෙමේ අප දන්නේ නම්, තිදෙනා ම මරවන්නේ ය. එහෙයින් මම දීඝාවු කුමරු නුවරින් පිටත වාසය කරවන්නෙම් නම්, යෙහෙකැ”යි සිත් වීය.
Pali BJT68. අථ ඛො භික්ඛවෙ දීඝිති කොසලරාජා දීඝාවුං කුමාරං බහිනගරෙ වාසෙසි. අථ ඛො භික්ඛවෙ, දීඝාවුකුමාරො බහිනගරෙ පටිවසන්තො න චිරස්සෙව සබ්බසිප්පානි සික්ඛි.
Sinhala BJT68. මහණෙනි, ඉක්බිති දීඝීති කොසොල් රජතෙමේ දීඝාවු කුමරු නුවරින් පිටත වාසය කරවී ය. මහණෙනි, දීඝාවූ කුමාර තෙමේ බිහිනුවර වසන්නේ නොබෝ කලකින් ම සියලු සිප් උගත්තේ ය.
Pali BJT69. තෙන ඛො පන සමයෙන, භික්ඛවෙ, දීඝිතිස්ස කොසලරඤ්ඤො කප්පකො බ්රහ්මදත්තෙ කාසිරඤ්ඤෙ පටිවසති. අද්දසා ඛො භික්ඛවෙ, දීඝිතිස්ස කොසලරඤ්ඤො කප්පකො දීඝීතිං කොසලරාජානං සපජාපතිකං බාරාණසියං අඤ්ඤතරස්මිං පච්චන්තිමෙ ඔකාසෙ කුම්භකාරනිවෙසනෙ අඤ්ඤාතකවෙසෙන පරිබ්බාජකච්ඡන්නෙන පටිවසන්තං. දිස්වාන යෙන බ්රහ්මදත්තො කාසිරාජා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා බ්රහ්මදත්තං කාසිරාජානං එතදවොච: “දීඝිති දෙව, කොසලරාජා සපජාපතිකො බාරාණසියං අඤ්ඤතරස්මිං පච්චන්තිමෙ ඔකාසෙ කුම්භකාරනිවෙසනෙ අඤ්ඤාතකවෙසෙන පරිබ්බාජකච්ඡන්නෙන පටිවසතී”ති.
Sinhala BJT69. මහණෙනි, එකල්හි දීඝීති කොසොල්රජුගේ කරනවෑමි තෙමේ බ්‍රහ්මදත්තකසීරජු වෙත වෙසෙයි. මහණෙනි, දීඝීති කොසොල්රජුගේ කරනවෑමි තෙමේ බරණැස් නුවර එක්තරා පසල්දෙසක කුඹල්කරු ගෙදරක අප්‍රකටවේශයෙන් පිරිවැජියකු සේ බිරිඳ හා එක් ව වසන දීඝීති කොසොල්රජු දුටුයේ ය. දැක බ්‍රහ්මදත්තකසීරජු වෙත ගියේ ය. ගොස් බ්‍රහ්මදත්ත කසීරජුට “දේවයන් වහන්ස, දීඝීති කොසොල්රජ තෙමේ බිරිඳ හා එක් ව බරණැස් නුවර එක්තරා පසල්දෙසක කුඹල්කරුගෙදරක අප්‍රකටවේශයෙන් පිරිවැජියකු සේ වාසය කෙරේ ය”යි දැන්වී ය.
Pali BJT70. අථ ඛො භික්ඛවෙ, බ්රහ්මදත්තො කාසිරාජා මනුස්සෙ ආණාපෙසි: “තෙන හි භණෙ, දීඝීතිං කොසලරාජානං සපජාපතිකං ආනෙථා”ති. “එවං දෙවා”ති ඛො භික්ඛවෙ, තෙ මනුස්සා බ්රහ්මදත්තස්ස කාසිරඤ්ඤො පටිස්සුත්වා දීඝීතිං කොසලරාජානං සපජාපතිකං ආනෙසුං.
Sinhala BJT70. මහණෙනි, එකල්හි බ්‍රහ්මදත්තකසීරජ තෙමේ “කොල, එසේ නම් බිරිඳ සහිත වූ දීඝීති කොසොල්රජු අල්ලා ගෙනෙවු” යි මිනිසුන්ට අණ කෙළේ ය. මහණෙනි, ඒ මිනිස්සු “දේවයන් වහන්ස, එසේ ය” යි බ්‍රහ්මදත්ත කසීරජුට පිළිවදන් දී බිරිඳ සහිත වූ දීඝීති කොසොල්රජු අල්ලා ගෙණ ආහ.
Pali BJT71. අථ ඛො භික්ඛවෙ, බ්රහ්මදත්තො කාසිරාජා මනුස්සෙ ආණාපෙසි: “තෙන හි භණෙ, දීඝීතිං කොසලරාජානං සපජාපතිකං දළ්හාය රජ්ජුයා පච්ඡාබාහං ගාළ්හබන්ධනං බන්ධිත්වා ඛුරමුණ්ඩං කරිත්වා ඛරස්සරෙන පණවෙන රථියා රථියං{1} සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං පරිනෙත්වා දක්ඛිණෙන ද්වාරෙන නික්ඛාමෙත්වා දක්ඛිණතො නගරස්ස චතුධා ඡින්දිත්වා චතුද්දිසා බිලානි නික්ඛිපථා”ති.
Sinhala BJT71. මහණෙනි, අනතුරු ව බ්‍රහ්මදත්තකසීරජ තෙමේ “කොල, එසේ නම් බිරිඳ සහිත වූ දිඝීති කොසොල්රජු දළ රැහනකින් දෙඅත් පිටිතල හයා දැඩි ව බැඳ හිස මුඩු කොට රළුහඬ ඇති වදබෙරහඬින් යුක්ත ව වීථියෙන් වීථියට සිවුමංහන්දියෙන් සිවුමංහන්දියට පමුණුවා දකුණුදිගදොරින් බැහැර කරවා නුවර දකුණුදිග දී සිවුකඩක් කොට සිඳ සිවුදිග කැබැලි බහාලවු”යි මිනිසුන් ඇණවී ය.
Pali BJT72. “එවං දෙවා”ති ඛො භික්ඛවෙ, තෙ මනුස්සා බ්රහ්මදත්තස්ස කාසිරඤ්ඤො පටිස්සුත්වා දීඝීතිං කොසලරාජානං සපජාපතිකං දළ්හාය රජ්ජුයා පච්ඡාබාහං ගාළ්හබන්ධනං බන්ධිත්වා ඛුරමුණ්ඩං කරිත්වා ඛරස්සරෙන පණවෙන රථියා රථියං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං පරිනෙන්ති.
Sinhala BJT72. මහණෙනි, ඒ මිනිස්සු “දේවයන් වහන්ස, එසේ ය” යි බ්‍රහ්මදත්ත කසීරජුට පිළිවදන් දී බිරිඳ සහිත වූ දීඝීති කොසොල්රජු දළ රැහනකින් පිටිතල හයා දැඩි ව බැඳ හිස මුඩු කොට රළුහඬ ඇති වදබෙරයෙන් යුක්ත ව වීථියෙන් වීථියට සිවුමංහන්දියෙන් සිවුමංහන්දියට ගෙණ යෙත්.
Pali BJT73. අථ ඛො භික්ඛවෙ, දීඝාවුස්ස කුමාරස්ස{2} එතදහොසි: “චිරදිට්ඨා ඛො මෙ මාතාපිතරො. යන්නූනාහං මාතාපිතරො පස්සෙය්ය”න්ති.
Sinhala BJT73. මහණෙනි, එකල්හි දීඝාවුකුමාරයාහට “මා විසින් බොහෝ කලකට පෙර මවුපියෝ දක්නා ලදහ. මම මවුපියන් දකින්නෙම් නම්, යෙහෙකැ” යි සිත් වී ය.
Pali BJT74. අථ ඛො භික්ඛවෙ, දීඝාවුකුමාරො බාරාණසිං{1} පවිසිත්වා අද්දස මාතාපිතරො දළ්හාය රජ්ජුයා පච්ඡාබාහං ගාළ්හබන්ධනං බන්ධිත්වා ඛුරමුණ්ඩං කරිත්වා ඛරස්සරෙන පණවෙන රථියා රථියං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං පරිනෙන්තෙ. දිස්වාන යෙන මාතාපිතරො තෙනුපසඞ්කමි.
Sinhala BJT74. මහණෙනි, ඉක්බිති දීඝාවුකුමාර තෙමේ බරණැසට පිවිස දැඩි රැහැනින් පිටිතල හයා දැඩි ව බැඳ හිස මුඩු කොට රළුහඬ ඇති වදබෙරයකින් යුක්ත ව වීථියෙන් වීථියට සිවුමංහන්දියෙන් සිවුමංහන්දියට ගෙණ යන මවු පියන් දුටුයේ ය. දැක මවුපියන් වෙත ගියේ ය.
Pali BJT75. අද්දසා ඛො භික්ඛවෙ, දීඝිති කොසලරාජා දීඝාවුං කුමාරං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන දීඝාවුං කුමාරං එතදවොච: “මා ඛො ත්වං, තාත දීඝාවු, දීඝං පස්ස, මා රස්සං. න හි තාත දීඝාවු, වෙරෙන වෙරා සම්මන්ති. අවෙරෙන හි තාත, දීඝාවු, වෙරා සම්මන්තී”ති.
Sinhala BJT75. මහණෙනි, දීඝීති කොසොල්රජ තෙමේ එන්නා වූ දීඝාවුකුමාරයා දුර දී ම දුටුයේ ය. දැක දීඝාවු කුමාරයාහට “පුත, දීඝාවු, ඔබ ඉක්මන් නො වව. දුර බලව. ලඟ නො බලව. පුත, දීඝාවු, වෛරයෙන් වෛරයෝ නො සන්සිඳෙත් ම ය. පුත, දීඝාවු, අවෛරයෙන් ම වෛරයෝ සන්සිදෙත් මය”යි කී ය.
Pali BJT76. එවං වුත්තෙ භික්ඛවෙ, තෙ මනුස්සා දීඝීතිං කොසලරාජානං එතදවොචුං: “උම්මත්තකො අයං දීඝිති කොසලරාජා විප්පලපති. කො ඉමස්ස දීඝාවු? කං අයං එවමාහ: ‘මා ඛො ත්වං තාත දීඝාවු, දීඝං පස්ස, මා රස්සං. න හි තාත, දීඝාවු, වෙරෙන වෙරා සම්මන්ති, අවෙරෙන හි තාත, දීඝාවු, වෙරා සම්මන්තී?”ති. “නාහං භණෙ, උම්මත්තකො. විප්පලපාමි, අපි ච යො විඤ්ඤූ, සො විභාවෙස්සතී”ති.
Sinhala BJT76. මහණෙනි, මෙසේ කී කල්හි ඒ මිනිස්සු දීඝිති කොසොල්රජුට “මේ දීඝීති කොසොල්රජ තෙමේ උමතු ව නන් දොඩයි. මොහුගේ දීඝාවු කවරෙක් ද? මෙතෙමේ පුත, දීඝාවු, ඉක්මන් නො වව. දුර බලව. ලඟ නො බලව. පුත, දීඝාවු, වෛරයෙන් වෛරයෝ නො සන්සිඳෙත් ම ය. පුත, දීඝාවු, අවෛරයෙන් වෛරයෝ සන්සිඳෙත් මය’යි කවරකුට කියා දැ”යි කීහ. “සගයෙනි, මම උමතු නො වෙමි. නන් නො දොඩමි. වැලි, යමෙක් නුවණැත්තේ නම් හෙතෙමේ සලකන්නේ ය” යි රජ තෙමේ කී ය.
Pali BJT77. දුතියම්පි ඛො භික්ඛවෙ, -පෙ- තතියම්පි ඛො භික්ඛවෙ, දීඝිති කොසලරාජා දීඝාවුං කුමාරං එතදවොච: “මා ඛො ත්වං තාත, දීඝාවු, දීඝං පස්ස, මා රස්සං. න හි තාත දීඝාවු, වෙරෙන වෙරා සම්මන්ති. අවෙරෙන හි තාත, දීඝාවු, වෙරා සම්මන්තී”ති. තතියම්පි ඛො භික්ඛවෙ, තෙ මනුස්සා දීඝීතිං කොසලරාජානං එතදවොචුං: “උම්මත්තකො අයං දීඝිති කොසලරාජා විප්පලපති. කො ඉමස්ස දීඝාවු? කං අයං එවමාහ: මා ඛො ත්වං තාත, දීඝාවු, දීඝං පස්ස මා රස්සං. න හි තාත, දීඝාවු, වෙරෙන වෙරා සම්මන්ති. අවෙරෙන හි තාත, දීඝාවු, වෙරා සම්මන්තී”ති. “නාහං භණෙ, උම්මත්තකො විප්පලපාමි. අපි ච යො විඤ්ඤූ, සො විභාවෙස්සතී”ති.
Sinhala BJT77. දෙවනු ද මහණෙනි, -පෙ- තෙවනු ද මහණෙනි, දිඝීති කොසොල් රජ තෙමේ දීඝාවු කුමාරයාහට “පුත, දීඝාවු, ඔබ ඉක්මන් නො වව, දුර බලව, ලඟ නො බලව, පුත දීඝාවු, වෛරයෙන් වෛරයෝ නො සන්සිඳෙත් ම ය. පුත, දීඝාවු, අවෛරයෙන් වෛරයෝ සන්සිඳෙත් ම ය”යි කී ය. තෙවනු ද මහණෙනි, මිනිස්සු දීඝීතිකොසොල්රජුට “මේ දිඝීති කොසොල් රජ තෙමේ උමතු ව නන් දොඩයි. මොහුගේ දීඝාවු කවරෙක් ද, මෙතෙමේ ‘පුත, දීඝාවු, ඔබ ඉක්මන් නො වව. දුර බලව. ලඟ නො බලව. පුත, දීඝාවු, වෛරයෙන් වෛරයෝ නො සන්සිඳෙත් ම ය. පුත, දීඝාවු, අවෛරයෙන් වෛරයෝ සන්සිඳෙත් ම ය”යි කවරකුට මෙසේ කියා දැ”යි කීහ. “සගයෙනි, මම උමතු නො වෙමි. නන් නො දොඩමි. වැලි, යමෙක් නුවණැත්තේ නම්, හෙතෙමේ සලකන්නේ ය”යි කී ය.
Pali BJT78. අථ ඛො භික්ඛවෙ, තෙ මනුස්සා දීඝීතිං කොසලරාජානං සපජාපතිකං රථියා රථියං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං පරිනෙත්වා දක්ඛිණෙන ද්වාරෙන නික්ඛාමෙත්වා දක්ඛිණතො නගරස්ස චතුධා ඡින්දිත්වා චතුද්දිසා බිලානි නික්ඛිපිත්වා ගුම්බං ඨපෙත්වා පක්කමිංසු.
Sinhala BJT78. මහණෙනි, ඉක්බිති ඒ මිනිස්සු බිරිඳ සහිත වූ දීඝීතිකොසොල්රජු වීථියෙන් වීථියට සිවුමංහන්දියෙන් සිවුමංහන්දියට ගෙණ ගොස් දකුණු දොරින් බැහැර කරවා නුවරට දකුණෙහි සිවු කඩ කොට සිඳ සිවු දිග කැබැලි බහා රැකවල් තබා නික්ම ගියහ.
Pali BJT79. අථ ඛො භික්ඛවෙ, දීඝාවුකුමාරො බාරාණසිං පවිසිත්වා සුරං නීහරිත්වා ගුම්බියෙ පායෙසි. යදා තෙ මත්තා අහෙසුං පතිතා, අථ කට්ඨානි සංකඩ්ඪිත්වා චිතකං කරිත්වා මාතාපිතූනං සරීරං චිතකං ආරොපෙත්වා අග්ගිං දත්වා පඤ්ජලිකො තික්ඛත්තුං චිතකං පදක්ඛිණං අකාසි.
Sinhala BJT79. එකල්හි මහණෙනි, දීඝාවු කුමාර තෙමේ බරණැසට පිවිස සුරා ගෙණවුත් රැකවල සිටියවුන්ට පෙවී ය. යම් විටෙක ඔහු මත් වී වැටුනාහු ද, එවිට දරකඩ රැස් කොට දරසෑයක් කොට මවුපියන්ගේ සිරුරු දරසෑයට නගා ගිනි දල්වා බදැඳිලි ඇත්තේ තෙවරක් සෑය පැදකුණු කෙළේ ය.
Pali BJT80. තෙන ඛො පන සමයෙන භික්ඛවෙ, බ්රහ්මදත්තො කාසිරාජා උපරිපාසාදවරගතො හොති. අද්දසා ඛො භික්ඛවෙ, බ්රහ්මදත්තො කාසිරාජා දීඝාවුං කුමාරං පඤ්ජලිකං තික්ඛත්තුං චිතකං පදක්ඛිණං කරොන්තං. දිස්වානස්ස එතදහොසි: “නිස්සංසයං ඛො සො මනුස්සො දීඝිතිස්ස කොසලරඤ්ඤො ඤාති වා සාලොහිතො වා. අහො මෙ අනත්ථකො{2}. න හි නාම මෙ කොචි ආරොචෙස්සතී”ති.
Sinhala BJT80. මහණෙනි, එවේලෙහි බ්‍රහ්මදත්තකසීරජ තෙමේ පහය මතුමහලට නැගී සිටියේ වේ. මහණෙනි, බ්‍රහ්මදත්තකසීරජ තෙමේ බදැඳිලි ව තෙවරක් සෑය පැදකුණු කරණ දීඝාවු කුමාරයා දුටුයේ ය. දැකීමෙන් ඔහුට “ඒ මිනිසා නිසැකයෙන් ම දීඝීතිකොසොල්ජුගේ නෑයෙක් හෝ සහලේ නෑයෙක් හෝ වන්නේ ය. හා! මට නපුරෙක. කිසිවෙක් මට නො දන්වන්නේ ය”යි මෙසේ සිත් වි ය.
Pali BJT81. අථ ඛො භික්ඛවෙ, දීඝාවුකුමාරො අරඤ්ඤං ගන්ත්වා යාවදත්ථං කන්දිත්වා රොදිත්වා බප්පං පුඤ්ඡිත්වා බාරාණසිං පවිසිත්වා අන්තෙපුරස්ස සාමන්තා හත්ථිසාලං ගන්ත්වා හත්ථාචරියං එතදවොච: “ඉච්ඡාමහං ආචරිය, සිප්පං සික්ඛිතු”න්ති. තෙන හි භණෙ, මාණවක, සික්ඛස්සූ”ති.
Sinhala BJT81. මහණෙනි, අනතුරුව දීඝාවු කුමාර තෙමේ වනයට ගොස් හැකි තාක් විලාප කියා හඬා බාෂ්ප (=කඳුලු) පිස දමා බරණැසට පිවිස ඇතුළුනගරය සමීපයෙහි වූ ඇත්හලට ගොස් ඇතැදුරාට “ඇදුර, මම සිප් ඉගෙණීමට කැමැත්තෙමි”යි කියා සිටියේ ය. “සගය මාණවකය, එසේ නම් උගනුව” යි හෙතෙමේ කී ය.
Pali BJT82. අථ ඛො භික්ඛවෙ, දීඝාවුකුමාරො රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය හත්ථිසාලායං මඤ්ජුනා සරෙන ගායි, වීණඤ්ච වාදෙසි.
Sinhala BJT82. මහණෙනි, ඉක්බිති දීඝාවුකුමාර තෙමේ රෑ අලුයම නැගිට ඇත්හලෙහි මිහිරිහඩින් ගායනා කෙළේ ය. වීණාව ද වැයී ය.
Pali BJT83. අස්සොසි ඛො භික්ඛවෙ, බ්රහ්මදත්තො කාසිරාජා රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය හත්ථිසාලායං මඤ්ජුනා සරෙන ගීතං වීණඤ්ච වාදිතං. සුත්වාන මනුස්සෙ පුච්ඡි: “කො භණෙ, රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය හත්ථිසාලායං මඤ්ජුනා සරෙන ගායි? වීණඤ්ච වාදෙසී?”ති.
Sinhala BJT83. මහණෙනි, බ්‍රහ්මදත්තකසී රජතෙමේ රෑ අලුයම නැගිට ඇත්හලෙහි මිහිරිහඩින් ගැයීම හා වැයූ වෙණහඬ ද ඇසී ය. අසා “සගයෙනි, කවරෙක් රෑ අලුයම නැගිට ඇත්හලෙහි මිහිරිහඩින් ගැයී ද? වෙණ වැයී දැ?”යි මිනිසුන් විචාළේ ය.
Pali BJT84. “අමුකස්ස දෙව, හත්ථාචරියස්ස අන්තෙවාසී මාණවකො රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය හත්ථිසාලායං මඤ්ජුනා සරෙන ගායි, වීණඤ්ච වාදෙසී”ති. තෙන හි භණෙ, තං මාණවකං ආනෙථා”ති. “එවං දෙවා”ති ඛො භික්ඛවෙ, තෙ මනුස්සා බ්රහ්මදත්තස්ස කාසිරඤ්ඤො පටිස්සුත්වා දීඝාවුං කුමාරං ආනෙසුං.
Sinhala BJT84 “දේවයන් වහන්ස, අසවල් ඇතැදුරාගේ අතැවැසි වූ මාණවක තෙමේ රෑ අලුයම නැගිට ඇත්හලෙහි මිහිරිහඩින් ගැයී ය. වීණාව ද වැයී ය”’ යි ඔහු කී හ. “සගයෙනි, එසේ නම් ඒ මාණවකයා ගෙණ එවු”යි රජතෙමේ කී ය. මහණෙනි, ඒ මිනිස්සු “දේවයන් වහන්ස, එසේ ය”යි බ්‍රහ්මදත්ත කසීරජුට පිළිවදන් දී දීඝාවු කුමරු ගෙණ ආහ.
Pali BJT85. “ත්වං භණෙ, මාණවක, රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය හත්ථිසාලායං මඤ්ජුනා සරෙන ගායි. වීණඤ්ච වාදෙසී”ති. “එවං දෙවා”ති. “තෙන හි ත්වං භණෙ, මාණවක, ගායස්සු වීණඤ්ච වාදෙහී”ති. “එවං දෙවා”ති ඛො භික්ඛවෙ, දීඝාවුකුමාරො බ්රහ්මදත්තස්ස කාසිරඤ්ඤො ආරාධනාපෙක්ඛො{1} මඤ්ජුනා සරෙන ගායි. වීණඤ්ච වාදෙසි. “ත්වං භණෙ, මාණවක, මං උපට්ඨහා”ති. “එවං දෙවා”ති ඛො භික්ඛවෙ, දීඝාවුකුමාරො බ්රහ්මදත්තස්ස කාසිරඤ්ඤො පච්චස්සොසි.
Sinhala BJT85. “සගය, මාණවකය, රෑ අලුයම නැගිට ඇත්හලෙහි මිහිරිහඩින් ගායනා කෙළෙහි ද? වෙණ වැයූයෙහි ද?”. “දේවයන් වහන්ස, එසේය”. “සගය, මාණවකය, එසේ නම් ගයව, වෙණ ද වයව”. මහණෙනි, දීඝාවු කුමාර තෙමේ “දේවයන් වහන්ස, එසේ ය”යි බ්‍රහ්මදත්තකසීරජු සතුටු කීරීම බලාපොරොත්තු වන්නේ මිහිරිහඩින් ගැයී ය. වෙණ ද වැයී ය. “සගය, මාණවකය, තෝ මට උවැටන් කරව”. මහණෙනි, දීඝාවු කුමාර තෙමේ “දේවයන් වහන්ස, එසේ ය”යි බ්‍රහ්මදත්තකසීරජුට පිළිවදන් දුන්නේ ය.
Pali BJT86. අථ ඛො භික්ඛවෙ, දීඝාවුකුමාරො බ්රහ්මදත්තස්ස කාසිරඤ්ඤො පුබ්බුට්ඨායී අහොසි පච්ඡා නිපාතී කිඞ්කාරපටිස්සාවී මනාපචාරී පියවාදී.
Sinhala BJT86. මහණෙනි, එතැන් සිට දීඝාවු කුමාර තෙමේ බ්‍රහ්මදත්තකසීරජුට පෙරාතු ව නින්දෙන් නැගී සිටිනුයේ පසු ව නිදන්නේ ‘කුම් කෙරෙම් දැ’යි පිළිවිස කරන්නේ මනාප වූ හැසිරීම් ඇත්තේ පියවදන් කියන්නේ වි ය.
Pali BJT87. අථ ඛො භික්ඛවෙ, බ්රහ්මදත්තො කාසිරාජා දීඝාවුං කුමාරං න චිරස්සෙව අබ්භන්තරිකෙ{2} විස්සාසිකට්ඨානෙ ඨපෙසි.
Sinhala BJT87 මහණෙනි, ඉක්බිති බ්‍රහ්මදත්තකසීරජ තෙමේ දීඝාවු කුමරු නොබෝ කලකින් ම ඇතුළත්හි විශ්වාසිකස්ථානයෙහි තැබී ය.
Pali BJT88. අථ ඛො භික්ඛවෙ, බ්රහ්මදත්තො කාසිරාජා දීඝාවුං කුමාරං එතදවොච: “තෙන හි භණෙ, මාණවක, රථං යොජෙහි. මිගවං ගමිස්සාමා”ති. “එවං දෙවා”ති ඛො භික්ඛවෙ, දීඝාවුකුමාරො බ්රහ්මදත්තස්ස කාසිරඤ්ඤො පටිස්සුත්වා රථං යොජෙත්වා බ්රහ්මදත්තං කාසිරාජානං එතදවොච: “යුත්තො ඛො තෙ දෙව, රථො. යස්සදානි කාලං මඤ්ඤසී”ති.
Sinhala BJT88. මහණෙනි, එකල බ්‍රහ්මදත්තකසීරජ තෙමේ දීඝාවු කුමරුට “සගය, මාණවකය, එසේ නම් රිය යොදව, මුවදඩයමට යන්නෙමු” යි කීයේ ය. මහණෙනි, දීඝාවු කුමාර තෙමේ “දේවයන් වහන්ස, එසේ ය” යි බ්‍රහ්මදත්ත කසීරජුට පිළිවදන් දී රිය යොදා බ්‍රහ්මදත්තකසීරජුට “දේවයන් වහන්ස, යම් ගමනකට සුදුසු කලැ යි සලකන සේක් නම්, ඒ ගමනට නුඹවහන්සේට රිය යොදන ලද්දේ” ය යි කී ය.
Pali BJT89. අථ ඛො භික්ඛවෙ, බ්රහ්මදත්තො කාසිරාජා රථං අභිරුහි. දීඝාවුකුමාරො රථං පෙසෙසි. තථා තථා රථං පෙසෙසි, යථා{3} අඤ්ඤෙනෙව සෙනා අගමාසි, අඤ්ඤෙනෙව රථො.
Sinhala BJT89. මහණෙනි, ඉන් පසු බ්‍රහ්මදත්තකසීරජ තෙමේ රියට නැංගේ ය. දීඝාවු කුමාර තෙමේ රිය පැදවී ය. යම් සේ අන් පසෙකින් සේනාවත් අන් පසෙකින් රියත් ගියේ ද, එලෙසින් රිය පැදවී ය.
Pali BJT90. අථ ඛො භික්ඛවෙ, බ්රහ්මදත්තො කාසිරාජා දූරං ගන්ත්වා දීඝාවුං කුමාරං එතදවොච: තෙන හි භණෙ, මාණවක, රථං මුඤ්චස්සු. කිලන්තොම්හි. නිපජ්ජිස්සාමී”ති.
Sinhala BJT90. මහණෙනි, ඉක්බිති බ්‍රහ්මදත්තකසීරජ තෙමේ දුරක් ගොස් දීඝාවු කුමරුට “සගය, මාණවකය, රිය මුදව. විඩාපත් වීමි. නිදන්නෙමි”යි කීයේ ය.
Pali BJT91. “එවං දෙවා”ති ඛො භික්ඛවෙ, දීඝාවුකුමාරො බ්රහ්මදත්තස්ස කාසි රඤ්ඤො පටිස්සුත්වා රථං මුඤ්චිත්වා පඨවියං පල්ලඞ්කෙන නිසීදි.
Sinhala BJT91. මහණෙනි, දීඝාවු කුමාර තෙමේ “දේවයන් වහන්ස, එසේ ය”යි බ්‍රහ්මදත්තකසීරජුට පිළිවදන් දී රිය මුදා බිම හසරමිණිය ගොතා හුන්නේ ය.
Pali BJT92. අථ ඛො භික්ඛවෙ, බ්රහ්මදත්තො කාසිරාජා දීඝාවුස්ස කුමාරස්ස උච්ඡඞ්ගෙ සීසං කත්වා සෙය්යං කප්පෙසි. තස්ස කිලන්තස්ස මුහුත්තෙනෙව නිද්දා ඔක්කමි.
Sinhala BJT92. මහණෙනි, ඉක්බිති බ්‍රහ්මදත්තකසීරජ තෙමේ දීඝාවු කුමාරයාගේ ඇකයෙහි හිස තබා සයනය කෙළේ ය. වෙහෙසට පත් ව සිටි ඔහුට මොහොතකින් ම නින්ද ගියේ ය.
Pali BJT93. අථ ඛො, භික්ඛවෙ, දීඝාවුස්ස කුමාරස්ස එතදහොසි: “අයං ඛො බ්රහ්මදත්තො කාසිරාජා බහුනො අම්හාකං අනත්ථස්ස කාරකො. ඉමිනා අම්හාකං බලඤ්ච වාහනඤ්ච ජනපදො ච කොසො ච කොට්ඨාගාරඤ්ච අච්ඡින්නං. ඉමිනා ච මෙ මාතාපිතරො හතා. අයඞ්ඛවස්ස කාලො, ය්වාහං වෙරං අප්පෙය්ය”න්ති කොසියා ඛග්ගං නිබ්බාහි.
Sinhala BJT93. මහණෙනි, එකල්හි දීඝාවුකුමාරයාහට මේ සිත් වි ය: “මේ බ්‍රහ්මදත්තකසීරජ තෙමේ අපට බොහෝ අවැඩ කෙළේ ය. මොහු විසින් අපගේ සේනා ද වාහන ද ජනපදය ද ධනාගාරය ද ධාන්‍යාගාරය ද අසිඳ ගන්නා ලද්දේ ය. මොහු විසින් මාගේ මවුපියෝ ද නසන ලදහ. මම පලි ගන්නෙම් නම්, ඊට මේ කාලය”යි. (මෙසේ සිතා) කොපුවෙන් කඩුව ඇද ගත්තේ ය.
Pali BJT94. අථ ඛො භික්ඛවෙ, දීඝාවුස්ස කුමාරස්ස එතදහොසි: “පිතා ඛො මං{1} මරණකාලෙ අවච: ‘මා ඛො ත්වං තාත, දීඝාවු, දීඝං පස්ස, මා රස්සං. න හි තාත, දීඝාවු, වෙරෙන වෙරා සම්මන්ති. අවෙරෙන හි තාත, දීඝාවු, වෙරා සම්මන්තී’ති. න ඛො මෙතං පතිරූපං, ය්වාහං පිතුවචනං අතික්කමෙය්ය”න්ති කොසියා ඛග්ගං පවෙසෙසි.
Sinhala BJT94. මහණෙනි, ඉක්බිති දීඝාවුකුමාරයාහට “මාගේ පියා මැරෙණ වේලෙහි මට ‘පුත, දීඝාවු, ඉක්මන් නො වව. දුර බලව. ලඟ නො බලව. පුත, දීඝාවු, වෛරයෙන් වෛරයෝ නො සන්සිඳෙත් ම ය. පුත, දීඝාවු, අවෛරයෙන් වෛරයෝ සන්සිඳෙත් ම ය”යි කීයේ ය. මම පියාගේ වචනය ඉක්මවන්නෙම් නම්, එය මට සුදුසු නො වේ”යි කඩුව කොපුවෙහි බැහී ය.
Pali BJT95. දුතියම්පි ඛො භික්ඛවෙ, -පෙ- තතියම්පි ඛො භික්ඛවෙ, දීඝාවුස්ස කුමාරස්ස එතදහොසි: “අයං ඛො බ්රහ්මදත්තො කාසිරාජා බහුනො අම්හාකං අනත්ථස්ස කාරකො. ඉමිනො අම්හාකං බලඤ්ච වාහනඤ්ච ජනපදො ච කොසො ච කොට්ඨාගාරඤ්ච අච්ඡින්නං. ඉමිනා ච මෙ මාතාපිතරො හතා. අයඞ්ඛවස්ස කාලො, ය්වාහං වෙරං අප්පෙය්ය”න්ති කොසියා ඛග්ගං නිබ්බාහි. තතියම්පි ඛො භික්ඛවෙ, දීඝාවුස්ස කුමාරස්ස එතදහොසි: “පිතා ඛො මං මරණකාලෙ අවච: ‘මා ඛො ත්වං තාත, දීඝාවු, දීඝං පස්ස. මා රස්සං. න හි තාත, දීඝාවු, වෙරෙන වෙරා සම්මන්ති. අවෙරෙන හි තාත, දීඝාවු, වෙරා සම්මන්තී’ති. න ඛො මෙතං පතිරූපං, ය්වාහං පිතුවචනං අතික්කමෙය්ය”න්ති පුනදෙව කොසියා ඛග්ගං පවෙසෙසි.
Sinhala BJT95. දෙවනු ද මහණෙනි, -පෙ- තෙවනු ද මහණෙනි, දීඝාවු කුමාරයාහට මේ සිත් වි ය: “මේ බ්‍රහ්මදත්ත කසීරජ තෙමේ අපට බොහෝ අවැඩ කෙළේ ය. මොහු විසින් අපගේ සේනා ද වාහන ද ජනපදය ද ධනාගාරය ද ධාන්‍යාගාර ය ද අසිඳ ගන්නා ලද්දේ ය. මොහු විසින් මාගේ මවුපියෝ නසන ලදහ. මම පලි ගන්නෙම් නම්, ඊට මේ කාලය” යි මෙසේ සිතා කඩුව කොපුවෙන් ඇද්දේ ය. තෙවනු ද මහණෙනි, දීඝාවුකුමාරයාහට මේ සිත් වි ය: “මාගේ පියා මැරෙණ වේලේ මට ‘පුත, දීඝාවු, ඉක්මන් නො වව. දුර බලව. ලඟ නො බලව. පුත, දීඝාවු, වෛරයෙන් වෛරයෝ නො සන්සිඳෙත් ම ය. පුත, දීඝාවු, අවෛරයෙන් වෛරයෝ සන්සිඳෙත් ම ය” යි කීයේ ය. මම පියාගේ වචනය ඉක්මවන්නෙම් නම් මට ඒ නො සුදුසු ය”යි මෙසේ සිතා නැවතත් කඩුව කොපුවෙහි බැහී ය.
Pali BJT96. අථ ඛො භික්ඛවෙ, බ්රහ්මදත්තො කාසිරාජා භීතො උබ්බිග්ගො උස්සඞ්කී උත්රස්තො සහසා උට්ඨාසි.
Sinhala BJT96. මහණෙනි, ඒ අතර බ්‍රහ්මදත්තකසීරජ තෙමේ බිය පත් වූයේ තැති ගත්තේ මහත් සැක ඇත්තේ වෙවුලන්නේ වහා නැගී සිටියේ ය.
Pali BJT97. අථ ඛො භික්ඛවෙ, දීඝාවුකුමාරො බ්රහ්මදත්තං කාසිරාජානං එතදවොච: “කිස්ස ත්වං දෙව, භීතො උබ්බිග්ගො උස්සඞ්කී උත්රස්තො සහසා වුට්ඨාසී” ති. “ඉධ මං භණෙ, මාණවක, දීඝිතිස්ස කොසලරඤ්ඤො පුත්තො දීඝාවුකුමාරො සුපින්නතෙන ඛග්ගෙන පරිපාතෙසි. තෙනාහං භීතො උබ්බිග්ගො උස්සඞ්කී උත්රස්තො සහසා වුට්ඨාසි”න්ති.
Sinhala BJT97. මහණෙනි, එකල්හි දීඝාවුකුමාර තෙමේ බ්‍රහ්මදත්ත කසීරජුගෙන් “දේවයන් වහන්ස, බියපත් වූවෙහි තැති ගත්තෙහි සැක ඇත්තෙහි වෙවුලන්නෙහි වහා නැගී සිටියෙහි කුමක් හෙයින් දැ?”යි ඇසී ය. “සගය, මාණවකය, මෙහි දී දීඝීතිකොසොල්රජුගේ පුත් වූ දීඝාවුකුමාර තෙමේ සීනෙන් මා කඩුවෙන් කපා හෙළී ය. එයින් මම බියපත් වීමි. තැති ගත්තෙමි. සැක ඇත්තේ වීමි. සැලුණේ වීමි. වහා නැගී සිටියෙමි”.
Pali BJT98. අථ ඛො භික්ඛවෙ, දීඝාවුකුමාරො වාමෙන හත්ථෙන බ්රහ්මදත්තස්ස කාසිරඤ්ඤො සීසං පරාමසිත්වා දක්ඛිණෙන හත්ථෙන ඛග්ගං නිබ්බාහෙත්වා බ්රහ්මදත්තං කාසිරාජානං එතදවොච: “අහං ඛො සො දෙව, දීඝිතිස්ස කොසලරඤ්ඤො පුත්තො දීඝාවුකුමාරො. බහුනො ත්වං අම්හාකං අනත්ථස්ස කාරකො. තයා අම්හාකං බලඤ්ච වාහනඤ්ච ජනපදො ච කොසො ච කොට්ඨාගාරඤ්ච අච්ඡින්නං. තයා ච මෙ මාතාපිතරො හතා. අයඞ්ඛවස්ස කාලො, ය්වාහං වෙරං අප්පෙය්ය”න්ති.
Sinhala BJT98. මහණෙනි, ඉක්බිති දීඝාවු කුමාර තෙමේ වම්අතින් බ්‍රහ්මදත්ත කසීරජුගේ හිස අල්වා දකුණු අතින් කඩුව ඇද බ්‍රහ්මදත්ත කසීරජුට “දේවයන් වහන්ස, දීඝීතිකොසොල්රජුගේ පුත්‍ර වූ දීඝාවුකුමාරයා මම වෙමි. යුෂ්මතා අපට බොහෝ අවැඩ කෙළෙහි ය. ඔබ විසින් අපගේ සේනා ද වාහන ද ජනපදය ද ධනාගාරය ද ධාන්‍යාගාරය ද අසිඳ ගන්නා ලද්දේ ය. ඔබ විසින් මාගේ මවුපියෝ නසන ලද්දාහ. මම පලි ගන්නෙම් නම්, ඊට මේ කාලය”යි කී ය.
Pali BJT99. අථ ඛො භික්ඛවෙ, බ්රහ්මදත්තො කාසිරාජා දීඝාවුස්ස කුමාරස්ස පාදෙසු සිරසා නිපතිත්වා දීඝාවුං කුමාරං එතදවොච: “ජීවිතං මෙ තාත, දීඝාවු, දෙහි. ජීවිතං මෙ තාත, දීඝාවු, දෙහී”ති. “ක්යාහං උස්සහාමි දෙවස්ස ජීවිතං දාතුං? දෙවො ඛො මෙ ජීවිතං දදෙය්යා”ති. “තෙන හි තාත, දීඝාවු, ත්වංචෙ මෙ ජීවිතං දෙහි. අහඤ්ච තෙ ජීවිතං දම්මී”ති.
Sinhala BJT99. මහණෙනි, එකල්හි බ්‍රහ්මදත්ත කසීරජ තෙමේ දීඝාවුකුමාරයාගේ පාමුල හිසින් වැටී දීඝාවුකුමාරයාහට “පුත, දීඝාවු, මට දිවි දෙව. පුත, දීඝාවු, මට දිවි දෙව”යි කී ය. “කිම, මම දේවයන් වහන්සේට දිවි දීමට උත්සාහ කෙරෙම් ද? දේවයන් වහන්සේ මට දිවි දෙත්වා.” “පුත, දීඝාවු, එසේ නම් තෝ මට දිවි දෙව. මමත් තට දිවි දෙමි”යි රජතෙමේ කී ය.
Pali BJT100. අථ ඛො භික්ඛවෙ, බ්රහ්මදත්තො ච කාසිරාජා දීඝාවු ච කුමාරො අඤ්ඤමඤ්ඤස්ස ජීවිතං අදංසු. පාණිඤ්ච අග්ගහෙසුං. සපථඤ්ච අකංසු අදුභාය.{1}
Sinhala BJT100. මහණෙනි, එකල්හි බ්‍රහ්මදත්ත කසීරජ තෙමේත් දීඝාවුකුමාරයාත් ඔවුනොවුන්ට දිවි දුන්හ. අතින් අත ගත්හ. ද්‍රෝහ නො කරණු සඳහා දිවුළහ.
Pali BJT101. අථ ඛො භික්ඛවෙ, බ්රහ්මදත්තො කාසිරාජා දීඝාවුං කුමාරං එතදවොච: “තෙන හි තාත, දීඝාවු, රථං යොජෙහි. ගමිස්සාමා”ති. “එවං දෙවා”ති ඛො භික්ඛවෙ, දීඝාවුකුමාරො බ්රහ්මදත්තස්ස කාසිරඤ්ඤො පටිස්සුත්වා රථං යොජෙත්වා බ්රහ්මදත්තං කාසිරාජානං එතදවොච: “යුත්තො ඛො තෙ දෙව, රථො. යස්සදානි කාලං මඤ්ඤසී”ති.
Sinhala BJT101. මහණෙනි, අනතුරු ව බ්‍රහ්මදත්ත කසීරජ තෙමේ දීඝාවු කුමාරයාහට “පුත, දීඝාවු, එසේ නම් රිය යොදව. යන්නෙමු”යි කී ය. මහණෙනි, දීඝාවු කුමාර තෙමේ “දේවයන් වහන්ස, එසේ ය”යි බ්‍රහ්මදත්ත කසීරජුට පිළිවදන් දී රිය යොදා බ්‍රහ්මදත්තකසීරජුට “දේවයන් වහන්ස, ඔබවහන්සේට රිය යොදන ලද්දේ ය. දැන් ගමනට කල් දන්නා සේක්වා”යි සැළකෙළේ ය.
Pali BJT102. අථ ඛො භික්ඛවෙ, බ්රහ්මදත්තො කාසිරාජා රථං අභිරුහි. දීඝාවුකුමාරො රථං පෙසෙසි. තථා තථා රථං පෙසෙසි, යථා න චිරස්සෙව සෙනාය සමාගච්ඡි.
Sinhala BJT102. මහණෙනි, ඉක්බිති බ්‍රහ්මදත්තකසීරජ තෙමේ රියට නැංගේ ය. දීඝාවුකුමාර තෙමේ රිය පැදවී ය. නොබෝවේලාවකින් සේනාව හා එක් වන ලෙසට රිය පැදවී ය.
Pali BJT103. අථ ඛො භික්ඛවෙ, බ්රහ්මදත්තො කාසිරාජා බාරාණසිං පවිසිත්වා අමච්චෙ පාරිසජ්ජෙ සන්නිපාතාපෙත්වා එතදවොච: “සචෙ භණෙ, දීඝීතිස්ස කොසලරඤ්ඤො පුත්තං දීඝාවුං කුමාරං පස්සෙය්යාථ, කින්ති නං කරෙය්යාථා”ති.
Sinhala BJT103. මහණෙනි, නැවැත බ්‍රහ්මදත්තකසීරජ තෙමේ බරණැසට පිවිස ඇමැතිපිරිස රැස් කරවා “සගයෙනි, දීඝීතිකොසොල්රජුගේ පුත් වූ දීඝාවු කුමරු දක්නහු නම්, ඔහුට කුමක් කරන්නහු දැ?”යි පිළිවිසී ය.
Pali BJT104. එකච්චෙ එවමාහංසු: “මයං දෙව, හත්ථෙ ඡින්දෙය්යාම. මයං දෙව, පාදෙ ඡින්දෙය්යාම. මයං දෙව, හත්ථපාදෙ ඡින්දෙය්යාම. මයං දෙව, කණ්ණෙ ඡින්දෙය්යාම. මයං දෙව, තාසං ඡින්දෙය්යාම. මයං දෙව, කණ්ණනාසං ඡින්දෙය්යාම. මයං දෙව, සීසං ඡින්දෙය්යාමා”ති.
Sinhala BJT104. ඇතැම් කෙනෙක් “දේවයන් වහන්ස, අපි අත් සිඳින්නෙමු. දේවයන් වහන්ස, අපි පා සිඳින්නෙමු. දේවයන් වහන්ස, අපි අත්පා සිඳින්නෙමු. දේවයන් වහන්ස, අපි කන් සිඳින්නෙමු. දේවයන් වහන්ස, අපි නාසය සිඳින්නෙමු. දේවයන් වහන්ස, අපි කන්නාස් සිඳින්නෙමු. දේවයන් වහන්ස, අපි හිස සිඳින්නෙමු” යි මෙසේ කීහ.
Pali BJT105. “අයං ඛො සො භණෙ, දීඝීතිස්ස කොසලරඤ්ඤො පුත්තො දීඝාවුකුමාරො, නායං ලබ්භා කිඤ්චි කාතුං. ඉමිනා ච මෙ ජීවිතං දින්නං, මයා ච ඉමස්ස ජීවිතං දින්න”න්ති.
Sinhala BJT105. “සගයෙනි, මේ ඒ දීඝීතිකොසොල්රජුගේ පුත් වූ දීඝාවු කුමාරයා ය. මේ තෙමේ කිසි දඬුවමක් කිරීම නො ලබයි. මොහු විසින් මට දිවි දෙන ලද්දේ ය. මා විසිනුත් මොහුට දිවි දෙන ලද්දේ ය.”
Pali BJT106. අථ ඛො භික්ඛවෙ, බ්රහ්මදත්තො කාසිරාජා දීඝාවුං කුමාරං එතදවොච: “යං ඛො තෙ තාත, දීඝාවු, පිතා මරණකාලෙ අවච: ‘මා ඛො ත්වං තාත, දීඝාවු, දීඝං පස්ස. මා රස්සං. න හි තාත, දීඝාවු, වෙරෙන වෙරා සම්මන්ති. අවෙරෙන හි තාත, දීඝාවු, වෙරා සම්මන්තී’ති, කිං තෙ පිතා සන්ධාය අවචා”ති.
Sinhala BJT106. ඉක්බිති මහණෙනි, බ්‍රහ්මදත්ත කසීරජ තෙමේ දීඝාවු කුමාරයාගෙන් “දරුව, දීඝාවු, තාගේ පියා මැරෙණ වේලේ “පුත දීඝාවු, ඉක්මන් නො වව. දුර බලව. ලඟ නො බලව. පුත, දීඝාවු, වෛරයෙන් වෛරයෝ නො සන්සිඳෙත් ම ය. පුත, දීඝාවු, මෛත්‍රියෙන් වෛරයෝ සන්සිඳෙත් ම ය”යි යමක් කීයේ ද, තාගේ පියා කුමක් සඳහා (ඒ) කීයේ දැ”යි ඇසී ය.
Pali BJT107. “යං ඛො මෙ දෙව, පිතා මරණකාලෙ අවච: ‘මා දීඝ’න්ති - මා ‘චිරං වෙරං අකාසී’ති. ඉමං ඛො මෙ දෙව, පිතා මරණකාලෙ අවච ‘මා දීඝ’න්ති. යං ඛො මෙ දෙව, පිතා මරණකාලෙ අවච: ‘මා රස්ස’න්ති - මා ඛිප්පං මිත්තෙහි භිජ්ජිත්ථා’ති. ඉමං ඛො මෙ දෙව, පිතා මරණකාලෙ අවච ‘මා රස්ස’න්ති. යං ඛො මෙ දෙව, පිතා මරණකාලෙ අවච: ‘න හි තාත දීඝාවු, වෙරෙන වෙරා සම්මන්ති. අවෙරෙන හි තාත, දීඝාවු, වෙරා සම්මන්තී’ති - ‘දෙවෙන මෙ මාතාපිතරො හතා’ති. සචාහං දෙවං ජීවිතා වොරොපෙය්යං, යෙ දෙවස්ස අත්ථකාමා, තෙ මං ජීවිතා වොරොපෙය්යුං. යෙ මෙ අත්ථකාමා, තෙ තෙ ජීවිතා වොරොපෙය්යුං. එවං තං වෙරං වෙරෙන න වූපසමෙය්ය. ඉදානි ච පන මෙ දෙවෙන ජීවිතං දින්නං. මයා ච දෙවස්ස ජීවිතං දින්නං. එවං තං වෙරං අවෙරෙන වූපසන්තං. ඉමං ඛො මෙ දෙව, පිතා මරණකාලෙ අවච ‘න හි තාත, දීඝාවු, වෙරෙන වෙරා සම්මන්ති. අවෙරෙන හි තාත දීඝාවු, වෙරා සම්මන්තී’ති.
Sinhala BJT107. “දේවයන් වහන්ස, මාගේ පියා මැරෙණ කල්හි ‘මා දීඝං’ යි යමක් කීයේ ද, (එයින්) ‘බොහෝ කල් වෛර නො කරව’ යනු කීයේ ය. දේවයන් වහන්ස, මාගේ පියා මැරෙණ කල්හි මේ සඳහා ම ‘මා දීඝං’ යනු කීයේ ය. දේවයන් වහන්ස, මාගේ පියා මැරෙණ කල්හි ‘මා රස්සං’ යි යමක් කීයේ ද, (එයින්) ‘වහා මිත්‍රයන් හා නො බිඳෙව’ යනු කීයේ ය. දේවයන් වහන්ස, මාගේ පියා මැරෙණ කල්හි මේ සඳහා ම ‘මා රස්සං’ යනු කීයේ ය. දේවයන් වහන්ස, මාගේ පියා මැරෙණ කල්හි “න හි තාත, දීඝාවු, වේරෙන වෙරා සම්මන්ති. අවෙරෙන හි තාත, දීඝාවු, වෙරා සම්මන්ති” යි යමක් කීයේ ද, (එයින්) ‘දේවයන් වහන්සේ විසින් මාගේ මවුපියෝ නසන ලද්දාහ’යි මම දේවයන් වහන්සේ ජීවිතයෙන් තොර කරන්නෙම් නම්, දේවයන් වහන්සේට වැඩ කැමැති වූ යම් කෙනෙක් වෙත් නම්, ඔහු මා ජීවිතයෙන් තොර කරන්නාහු ය. මට වැඩ කැමැති වූ යම් කෙනෙක් වෙත් නම්, ඔහු ඔවුන් ජීවිතයෙන් තොර කරන්නාහු ය. මෙසේ ඒ වෛරය වෛරයෙන් නො සන්සිඳෙන්නේ ය. දැන් දේවයන් වහන්සේ විසින් මට දිවි දෙන ලද්දේ ය. මා විසිනුත් දේවයන් වහන්සේට දිවි දෙන ලද්දේ ය. මෙසේ ඒ වෛරය අවෛරයෙන් සන්සිඳුනේය’ යනු කීයේ ය. දේවයන් වහන්ස, මාගේ පියා මැරෙණ කල්හි මේ සඳහා ම ‘න හි තාත, දීඝාවු, වේරෙන වෙරා සම්මන්ති. අවෙරෙන හි වෙරා සම්මන්ති’ යනු කීයේ ය.”
Pali BJT108. අථ ඛො භික්ඛවෙ, බ්රහ්මදත්තො කාසිරාජා. “අච්ඡරියං වත භො, අබ්භුතං වත භො, යාව පණ්ඩිතො අයං දීඝාවුකුමාරො යත්ර හි නාම පිතුනො සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානිස්සතී”ති පෙත්තිකං බලඤ්ච වාහනඤ්ච ජනපදඤ්ච කොසඤ්ච කොට්ඨාගාරඤ්ච පටිපාදෙසි. ධීතරඤ්ච අදාසි.
Sinhala BJT108. ඉක්බිති මහණෙනි, බ්‍රහ්මදත්ත කසීරජ තෙමේ “පින්වත්නි, අරුමයකි. පින්වත්නි, පුදුමයකි. යමෙක් පියා විසින් සැකෙවින්, කියූ වචනයෙහි අර්‍ත්‍ථය විස්තරවශයෙන් දන්නේ ද, ඒ මේ දීඝාවුකුමාර තෙමේ අතිශයින් පණ්ඩිත ය”යි පියසතු වූ සේනා ද වාහන ද ජනපදය ද ධනාගාරය ද ධාන්‍යාගාරයද නැවැත දුන්නේ ය. දුව ද දුන්නේ ය.